පාරා 30

අම්මා යතසාඅලූන

995 පද්‍ය
الملكමක්කී
1

تَبَارَكَ الَّذِي بِيَدِهِ الْمُلْكُ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

කවරෙකුගේ අතෙහි 1 ආධිපත්යය ඇත්තේ ද ඔහු අති උත්කෘෂ්ටය. තවද ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 36:83 හි පාද සටහන බලන්න.
2

الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۚ وَهُوَ الْعَزِيزُ الْغَفُورُ

ඔහු නුඹලාව, නුඹලා අතුරින් කවරෙකු ක්රියාවෙන් උතුම් ද යන්න පිරික්සනු පිණිස ඔහු මරණය හා ජීවිතය නිර්මාණය කළේය. තවද ඔහු අති බලසම්පන්නය අති ක්ෂමාශීලීය.
3

الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا ۖ مَّا تَرَىٰ فِي خَلْقِ الرَّحْمَـٰنِ مِن تَفَاوُتٍ ۖ فَارْجِعِ الْبَصَرَ هَلْ تَرَىٰ مِن فُطُورٍ

ඔහු අහස් හත එක උඩ එක නිර්මාණය කළේය. පරම කරුණාභරිතයාගේ මැවීම්හි පරස්පරභාවයක් නුඹ නොදකින්නෙහිය. එහෙයින් නුඹගේ බැල්ම නැවත යොමු කරවු. (එහි) කිසියම් පැල්මක් නුඹ දකින්නෙහි ද? (
4

ثُمَّ ارْجِعِ الْبَصَرَ كَرَّتَيْنِ يَنقَلِبْ إِلَيْكَ الْبَصَرُ خَاسِئًا وَهُوَ حَسِيرٌ

4) පසුව ද (නුඹගේ) බැල්ම දෙවතාවක් යොමු කරවු. (නුඹගේ) බැල්ම වෙහෙසට පත් වූ තත්ත්වයෙන් අවමානයෙන් යුතුව නුඹ වෙතම නැවත හැරී එන්නේය.
5

وَلَقَدْ زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَجَعَلْنَاهَا رُجُومًا لِّلشَّيَاطِينِ ۖ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِيرِ

සැබැවින්ම අප (මිහිතලයට) සමීප වූ අහස, පහන්(තාරුකාවන්) මගින් අලංකාර කර ඇත්තෙමු. අප ඒවා ෂෙයිතාන්වරුන්ට විසි කරනු ලබන දෑ ලෙස නිර්මාණය කර ඇත්තෙමු. 2 ඔවුනට දලු ලා ඇවිළෙන ගින්නෙහි දඬුවම අපි සකස් කර ඇත්තෙමු.
2වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 15:18 වැනි ආයතය බලන්න.
6

وَلِلَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ ۖ وَبِئْسَ الْمَصِيرُ

තම පරමාධිපතිව ප්රතික්ෂේප කළවුන්ට නිරයේ දඬුවම ඇත. (ඔවුහු) අවසානයේ යොමු වන ස්ථානය කෙතරම් නින්දනීය ද,
7

إِذَا أُلْقُوا فِيهَا سَمِعُوا لَهَا شَهِيقًا وَهِيَ تَفُورُ

එහි ඔවුන් විසි කරනු ලබන විට පිළිකුල් හඬක් ඔවුහු ශ්රවණය කරති. තවද එය උතුරා නටමින් පවතී.
8

تَكَادُ تَمَيَّزُ مِنَ الْغَيْظِ ۖ كُلَّمَا أُلْقِيَ فِيهَا فَوْجٌ سَأَلَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ نَذِيرٌ

එය කෝපයෙන් පිපිරී යාමට තැත් කරයි. එහි කණ්ඩායමක් විසිකරනු ලබන සෑම විටකම “(නබිවරුන් අතුරින්) අවවාද කරන්නෙකු නුඹලා වෙත නොපැමිණියේ දැ?”යි (නිරයේ) භාරකරුවෝ එහි ඔවුන්ගෙන් විමසති.
9

قَالُوا بَلَىٰ قَدْ جَاءَنَا نَذِيرٌ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ اللَّهُ مِن شَيْءٍ إِنْ أَنتُمْ إِلَّا فِي ضَلَالٍ كَبِيرٍ

“එසේ නොව අවවාද කරන්නා සැබැවින්ම අප වෙත පැමිණියේය. නමුත් අපි (එම අවවාද කරන රසූල්වරුන්ව) අසත්යය කළෙමු. තවද ‘අල්ලාහ් කිසිවක් පහළ කළේ නැත. තවද නුඹලා මහත් මුළාවෙහි මිස (අන් කිසිවක) නැතැ’යි අපි (ඔවුනට) පැවසුවෙමු” යැයි ඔවුහු පවසති.
10

وَقَالُوا لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِي أَصْحَابِ السَّعِيرِ

තවද “අප සවන් දුන්නේ නම් හෝ අවබෝධ කරගත්තේ නම් හෝ අපි දලු ලා ඇවිළෙන ගින්නේ සගයින් නොවෙමු” යැයි ද ඔවුහු පවසති.
11

فَاعْتَرَفُوا بِذَنبِهِمْ فَسُحْقًا لِّأَصْحَابِ السَّعِيرِ

එබැවින් ඔවුහු තමන්ගේ පාපයන් පිළිගනිති. එහෙයින් දලු ලා ඇවිළෙන ගින්නේ සගයින් (අල්ලාහ්ගේ කරුණාවෙන්) දුරස් ය!
12

إِنَّ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالْغَيْبِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ

සැබැවින්ම දෑසට නොපෙනෙන ඔවුන්ගේ පරමාධිපතිට බියවන්නන් හට සමාව ද මහත් වේතනයක් ද ඇත.
13

وَأَسِرُّوا قَوْلَكُمْ أَوِ اجْهَرُوا بِهِ ۖ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

නුඹලාගේ ප්රකාශය රහසිගතව කළ ද නැතහොත් ප්රසිද්ධියේ කළ ද සැබැවින්ම ඔහු සිත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥය.
14

أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ

ඔහු අති සියුම් ඥානීව හා අභිඥානවන්තව සිටිය දී (සියල්ල) නිර්මාණය කළ ඔහු (නුඹලාගේ රහස්) නොදන්නේ ද?
15

هُوَ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولًا فَامْشُوا فِي مَنَاكِبِهَا وَكُلُوا مِن رِّزْقِهِ ۖ وَإِلَيْهِ النُّشُورُ

මිහිතලය නුඹලාට යටත් ලෙස සකස් කළේ ඔහුමය. එබැවින් නුඹලා එහි(මිහිතලයෙහි) ප්රදේශයන්හි ගමන් කරවු. තවද ඔහුගේ ආහාරයෙන් අනුභව කරවු. තවද (අවසානයේ නුඹලාව) එක්රැස් කරනු ලබනුයේ ඔහු වෙතමය.-
16

أَأَمِنتُم مَّن فِي السَّمَاءِ أَن يَخْسِفَ بِكُمُ الْأَرْضَ فَإِذَا هِيَ تَمُورُ

කවරෙකුගේ ආධිපත්යය අහසේ තිබෙන්නේ ද ඔහු නුඹලාව පොළොවට ගිල්වීම පිළිබඳව නුඹලා නිර්භයව සිටින්නෙහු ද? එසැණින් එය දෙදරා යනු ඇත.
17

أَمْ أَمِنتُم مَّن فِي السَّمَاءِ أَن يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ۖ فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ

එසේ නොමැති නම් කවරෙකු අහසේ සිටින්නේ ද ඔහු නුඹලා වෙත ගල් සහිත කුණාටුවක් යැවීම පිළිබඳව නුඹලා නිර්භයව සිටින්නෙහු ද? එවිට මාගේ අවවාදය කෙලෙස දැ?යි නුඹලා දැන ගනු ඇත.
18

وَلَقَدْ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ

තවද (මක්කා වාසීන් ප්රතික්ෂේපකයින් වන) ඔවුනට පෙර වූවන් ද සැබැවින්ම අසත්ය කළෝය. එවිට මාගේ (දඬුවමින් වූ) නින්දාව කෙසේ වී ද? 3
3මක්කා වැසියන්ට පෙර ජීවත් වූ ආද් සමූද් වැනි ජනයා තම නබිවරුන්ව ප්රතික්ෂේප කළ බැවින් අල්ලාහ් ඔවුන්ව විවිධ ව්යසනයන් මගින් විනාශයට පත් කළේය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඇති වුණු විනාශය පිළිබඳව ප්රතික්ෂේපිත මක්කා වැසියන්ට ද එසේ අසත්යය කරන සෙසු අයට ද මතක් කර දී අවවාද කරන්නේය.
19

أَوَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ فَوْقَهُمْ صَافَّاتٍ وَيَقْبِضْنَ ۚ مَا يُمْسِكُهُنَّ إِلَّا الرَّحْمَـٰنُ ۚ إِنَّهُ بِكُلِّ شَيْءٍ بَصِيرٌ

පියාපත් විහිදුවමින් ද හකුළුවමින් ද ඔවුනට ඉහළින් පියාඹන පක්ෂීන් ඔවුහු නොදුටුවෝ ද? පරම කරුණාභරිත (අල්ලාහ්) හැර (අන් කිසිවෙකු) උන්ව රඳවා ගෙන නොමැත. සැබැවින්ම ඔහු සියලු දෑ පිළිබඳව සුපරික්ෂාකාරීය.
20

أَمَّنْ هَـٰذَا الَّذِي هُوَ جُندٌ لَّكُمْ يَنصُرُكُم مِّن دُونِ الرَّحْمَـٰنِ ۚ إِنِ الْكَافِرُونَ إِلَّا فِي غُرُورٍ

පරම කරුණාභරිත (අල්ලාහ්) හැර නුඹලාට උදව් කිරීමට නුඹලා වෙනුවෙන් වූ සේනාවක් සිටී ද?ප්රතික්ෂේපකයින් මුළාවෙහි මිස (අන් කිසිවක) නොමැත.
21

أَمَّنْ هَـٰذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ ۚ بَل لَّجُّوا فِي عُتُوٍّ وَنُفُورٍ

නමුත් ඔහු තම ජීවන සම්පත් (මිනිසාට) අත්හිට වූයේ නම් නුඹලාට ජීවනෝපාය සපයන්නේ කවරෙකු ද? නමුත් උඩඟුකමෙහි ද (සත්යයෙන්) දුරස්ව යෑමෙහි ද ඔවුහු නියැළී සිටින්නෝය.
22

أَفَمَن يَمْشِي مُكِبًّا عَلَىٰ وَجْهِهِ أَهْدَىٰ أَمَّن يَمْشِي سَوِيًّا عَلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ

එහෙයින් යහමගෙහි සිටින්නේ තම මුණින් වැටී ගමන් කරන්නා ද? එසේත් නොමැති නම්, නිසි මගෙහි ඍජුව ගමන් කරන්නා ද?-
23

قُلْ هُوَ الَّذِي أَنشَأَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۖ قَلِيلًا مَّا تَشْكُرُونَ

“නුඹලාව නිර්මාණය කර නුඹලාට ශ්රවණ ද දෘෂ්ටි ද හදවත් ද ඇති කළේ ඔහුමය. නුඹලා කෘතඥ වනුයේ අල්ප මාත්රයකි” යැයි (නබිවරය,) පවසවු.
24

قُلْ هُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ

“නුඹලාව මිහිතලයේ අධික ලෙසින් ව්යාප්ත කළේ ඔහුමය. තවද නුඹලාව (අවසානයේ) එක්රැස් කරනු ලබනුයේ ඔහු වෙතමය” යැයි පවසවු.
25

وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ

තවද “නුඹලා සත්යවන්තයින් වන්නේ නම් මෙම ප්රතිඥාව (සිදු වනුයේ) කවදා දැ?”යි (ප්රතික්ෂේපකයින් වන) ඔවුහු විමසති.
26

قُلْ إِنَّمَا الْعِلْمُ عِندَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُّبِينٌ

“සැබැවින්ම දැනුම අල්ලාහ් සතුය. තවද සැබැවින්ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණි” යැයි (නබිවරය,) නුඹ පවසවු.
27

فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيئَتْ وُجُوهُ الَّذِينَ كَفَرُوا وَقِيلَ هَـٰذَا الَّذِي كُنتُم بِهِ تَدَّعُونَ

නමුත් ඔවුන් එය (ප්රතිඥාව) ඉතා සමීපයෙන් දකින විට ප්රතික්ෂේපකයින්ගේ මුහුණු අසීරුතාවට පත් වනු ඇත. තවද “නුඹලා කවර දෙයක් පිළිබඳව තර්ක කරමින් සිටියේ ද එය මෙයයි” යැයි (ඔවුනට) පවසනු ලැබේ.
28

قُلْ أَرَأَيْتُمْ إِنْ أَهْلَكَنِيَ اللَّهُ وَمَن مَّعِيَ أَوْ رَحِمَنَا فَمَن يُجِيرُ الْكَافِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ

(නුඹලා ප්රිය කරන පරිදි) “මා හා මා සමග වූවන් අල්ලාහ් විනාශ කළේ නම් හෝ (අප ප්රිය කරන පරිදි) අපහට ඔහු කරුණාව දැක්වූයේ නම් හෝ (කෙසේ වෙතත්) වේදනීය දඬුවමින් ප්රතික්ෂේප කරන්නන් ආරක්ෂා කරනුයේ කවරෙකු දැ?යි නුඹලා සිතා (නො)බැලුවෙහු දැ?”යි පවසවු.
29

قُلْ هُوَ الرَّحْمَـٰنُ آمَنَّا بِهِ وَعَلَيْهِ تَوَكَّلْنَا ۖ فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِي ضَلَالٍ مُّبِينٍ

“ඔහු පරම කරුණාභරිතය. අපි ඔහුවම විශ්වාස කළෙමු. තවද අපි ඔහු වෙතම (සියල්ල) භාර කළෙමු. එබැවින් පැහැදිලි මුළාවෙහි සිටින්නේ කවරෙකු දැ?යි නුඹලා මතු දැන ගන්නෙහු යැ”යි පවසවු.
30

قُلْ أَرَأَيْتُمْ إِنْ أَصْبَحَ مَاؤُكُمْ غَوْرًا فَمَن يَأْتِيكُم بِمَاءٍ مَّعِينٍ

“නුඹලාගේ ජලය සිඳී ගියේ නම් එවිට උණන ජලය නුඹලා වෙත ගෙන එනුයේ කවරෙකු ද යන්න නුඹලා සිතා (නො)බැලුවෙහු දැ?”යි පවසවු.
القلمමක්කී
1

ن ۚ وَالْقَلَمِ وَمَا يَسْطُرُونَ

නූන්. 1 පෑන මත ද ඔවුන් සටහන් කරන දෑ මත ද දිවුරමින්.
1වැඩි විස්තර සඳහා සූරා අල් බකරා හි 2:1 වැනි පාද සටහන බලන්න.
2

مَا أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ

(නබිවරය,) නුඹ නුඹගේ පරමාධිපතිගේ භාග්යය හේතුවෙන් උන්මත්තකයෙකු නොවේ. 2
2මිථ්යාදෘෂ්ටික අරාබීහු නබි මුහම්මද් තුමාණන් උන්මත්තකයෙකු බව පවසා සිටියහ. එයට පිළිතුරු වශයෙන් අල්ලාහ් පෑන හා ඔවුන් සටහන් කරන දෑ මත දිවුරා ඔහු උන්මත්තකයෙකු නොවන බවට ඔහු මත පහළ වූ අනුශාසනා සියල්ල ඉතා බලවත් සාධකයන් ලෙස ගෙන හැර දක්වා ඇත. කෙසේ නමුත් ඔහු කියවීමට හෝ ලිවීමට හෝ පෑන පිළිබඳව කිසිවක් නොදැන සිටිය දී ඔහු උන්මත්තකයෙකු නම් මෙවැනි අනුශාසනාවක් කිසිවිටෙක සිදු කළ නොහැකිය.
3

وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ

සැබැවින්ම නුඹට අවසන් නොවන ප්රතිඵලයක් ඇත.
4

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

තවද සැබැවින්ම නුඹ අතිශ්රේෂ්ඨ ගුණාංගයන් මතය.
5

فَسَتُبْصِرُ وَيُبْصِرُونَ

නුඹලා අතුරින් කවරෙකු (බුද්ධිමය) ව්යාකූලත්වයේ සිටින්නේ දැ?යි සැබැවින්ම නුඹ මතු දකිනු ඇත. තවද ඔවුන් ද දකිනු ඇත.
6

بِأَييِّكُمُ الْمَفْتُونُ

නුඹලා අතුරින් කවරෙකු (බුද්ධිමය) ව්යාකූලත්වයේ සිටින්නේ දැ?යි සැබැවින්ම නුඹ මතු දකිනු ඇත. තවද ඔවුන් ද දකිනු ඇත.
7

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ

සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් නොමග ගිය අය පිළිබඳව මැනවින් දන්නාය. තවද ඔහු යහමග ලැබූ අය ගැන ද මැනවින් දන්නාය.
8

فَلَا تُطِعِ الْمُكَذِّبِينَ

එබැවින් අසත්යය කරන්නන්ට නුඹ අවනත නොවවු.
9

وَدُّوا لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ

නුඹ (ඔවුනට) ලිහිලක් දුන්නේ නම්, එවිට ඔවුන් ද නුඹට ලිහිලක් දෙන්නට ප්රිය කරති. 3
3මෙහි සඳහන් කරනුයේ අතැම් මිථ්යාදෘෂ්ටිකයින්ගේ වැරදි යෝජනාවයි. එනම් මුහම්මද් තුමාණන් තම ප්රචාරය නතර කළේ නම් ඔවුන් ද එතුමාණන්ට එරෙහිව ක්රියාත්මක කරන විරෝධය නතර කරන බවය.
10

وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ

තවද අධික ලෙස දිවුරන නින්දිත කිසිවෙකුට නුඹ අවනත නොවවු.
11

هَمَّازٍ مَّشَّاءٍ بِنَمِيمٍ

අධික ලෙස කේලාම් කියන, අධික ලෙස ඕපාදූප කියමින් ඇවිදින,
12

مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ

අධික ලෙස යහපත වළක්වන, සීමාව ඉක්මවා යන, අධික ලෙස පාපයන් කරන,
13

عُتُلٍّ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ

දරුණු සිතක් ඇති, එයට අමතරව අපකීර්තියට ලක් වූ (ඔහුට නුඹ අවනත නොවවු).
14

أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ

ධනය හා පිරිමි දරුවන් හි අයෙකු වූ නිසාවෙන්ම (ඔහුට නුඹ අවනත නොවවු).
15

إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ

ඔහු වෙත අපගේ වදන් පාරායනා කරනු ලබන විට ‘(මේවා) පෙර විසූ අයගේ වෘත්තාන්තය’ යැයි ඔහු පවසන්නේය.
16

سَنَسِمُهُ عَلَى الْخُرْطُومِ

අපි මතුවට ඔහුට හොම්බ මත කැලැලක් ඇති කරන්නෙමු. 4
411 වන ආයතයේ සිට 16 වැනි ආයතය දක්වා සඳහන් කරනුයේ වලීද් ඉබ්නු මුගයිරා පිළිබඳවය. ඔහු ඇතැම් දුෂ්චරිතයන්ගෙන් ප්රසිද්ධියට පත්ව සිටියේය. අල්ලාහ් මතුවට ඔහුගේ හොම්බ මත කැළලක් ඇති කරන බව හෙළිදරව් කළේය. ඒ අනුව පසු කාලයේ සිදු වූ බද්ර් නම් යුද්ධයේ දී ඔහුගේ නාසයට කඩු පහර වැදී එහි සලකුණ ඔහුගේ මරණය දක්වාම තිබිණ. මෙයින් මෙහි සඳහන් වූ මිනිසා වලීද් ඉබ්නු මුගීරා බව සනාථ විය.
17

إِنَّا بَلَوْنَاهُمْ كَمَا بَلَوْنَا أَصْحَابَ الْجَنَّةِ إِذْ أَقْسَمُوا لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ

උද්යානයේ හිමිකරුවන් අප පිරික්සුවාක් මෙන් 5 (මක්කා වැසියන් වන) මොවුන්ව ද සැබැවින්ම අපි පිරික්සුවෙමු. “උදෑසන අපි අස්වනු නෙළා ගනිමු”යි ඔවුන් දිවුරා ප්රකාශ කළ කල්හි.
5මෙහි සඳහන් ‘උද්යානයේ වැසියන්’ යනු යෙමන් දේශයේ ‘සනා’ නම් ස්ථානයට සමීපයෙන් පිහිටා ඇති අදටත් පවතින ‘දර්වාන්’ නම් ප්රදේශයේ ජීවත් වූ පිරිසකි. මොවුන්ගේ පියා එක් අවංක මිනිසෙක් විය. තම උද්යානයෙන් ඔහු අස්වනු හා පල නෙළා ගත් විට එයින් විශාල ප්රමාණයක් දුගී දුප්පතුන්ට පිරිනැමුවේය. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ දරුවන් එයට උරුමකම් පෑවෝය. ඔවුන් තමන් වෙත නැවත නොලැබී යන පරිදි අස්වැන්නෙන් විශාල ප්රමාණයක් දන් දුන් තම පියා නූගතයෙකු යැයි සිතා අස්වනු නෙළන අවස්ථාවේ දී කිසිදු දුගී දුප්පතෙකු උද්යානයට නොපිවිසිය යුතු යැයි තීරණය කළෝය. අල්ලාහ් මහා ගින්නකින් මුළු උද්යානයම විනාශ කළේය. මෙලෙසම මක්කා වැසියන්ව ද අවුරුදු ගණනාවක සාගින්නෙන් අල්ලාහ් පිරික්සුවේය.
18

وَلَا يَسْتَثْنُونَ

එවිට ඔවුහු (‘ඉන්ෂා අල්ලාහ්’ යැයි පවසමින්) වෙන් කර නොපැවසූහ.
19

فَطَافَ عَلَيْهَا طَائِفٌ مِّن رَّبِّكَ وَهُمْ نَائِمُونَ

එබැවින් ඔවුන් නිදා සිටියදී එය(උද්යානය) නුඹගේ පරමාධිපතිගෙන් වූ වැටලීමක් වටලා ගත්තේය.
20

فَأَصْبَحَتْ كَالصَّرِيمِ

එහෙයින් උදෑසනෙහි එය (ඝනඳුර මෙන් කළු පැහැති අළු බවට පත් වී) නෙළන ලද දෑ මෙන් විය.
21

فَتَنَادَوْا مُصْبِحِينَ

එබැවින් උදෑසන ඇති වූ කල්හි ඔවුහු එකිනෙකා කැඳවා ගත්හ.-
22

أَنِ اغْدُوا عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَارِمِينَ

“නුඹලා අස්වනු නෙළන්නන් වන්නේ නම් උදෑසනින්ම නුඹලාගේ කෙත කරා එවු” යැයි (එකිනෙකා කැඳවා ගත්හ.)
23

فَانطَلَقُوا وَهُمْ يَتَخَافَتُونَ

“අද දින නුඹලා කෙරෙහි කිසිදු දුගියෙකු එයට ඇතුළු නොවිය යුතු යැ”යි ඔවුන් එකිනෙකා අතර කසුකුසු ගාමින් ගියහ.
24

أَن لَّا يَدْخُلَنَّهَا الْيَوْمَ عَلَيْكُم مِّسْكِينٌ

“අද දින නුඹලා කෙරෙහි කිසිදු දුගියෙකු එයට ඇතුළු නොවිය යුතු යැ”යි ඔවුන් එකිනෙකා අතර කසුකුසු ගාමින් ගියහ.
25

وَغَدَوْا عَلَىٰ حَرْدٍ قَادِرِينَ

(දුගියන් වළකාලීමට හා අස්වනු නෙළා ගැනීමට) ශක්තිය ඇත්තවුන් ලෙස බලවත් අධිෂ්ඨානයෙන් යුතුව ඔවුහු උදෑසන පිටත් වී ගියහ.
26

فَلَمَّا رَأَوْهَا قَالُوا إِنَّا لَضَالُّونَ

නමුත් ඔවුහු එය දුටු විට “සැබැවින්ම අප මංමුළා වී ඇතැ”යි පැවසූහ.
27

بَلْ نَحْنُ مَحْرُومُونَ

(පසුව ඔවුන් මෙම කෙත තමන්ගේම යැයි වටහා ගත් නමුත් තම අස්වැන්න විනාශ කරනු ලැබ තිබුණි. එබැවින් ඔවුහු) “එසේ නොව, (අස්වැනු නෙළීමෙන්) අප වළකනු ලැබූවන් වූයෙමු” (යැයි පැවසූහ.)
28

قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُل لَّكُمْ لَوْلَا تُسَبِّحُونَ

‘මම නුඹලාට නොකීවෙම් ද? (දැනුදු) නුඹලා අල්ලාහ්ව පිවිතුරු නොකළ යුත්තේ මන් දැ?යි ඔවුන් අතුරින් මධ්යස්ථව කටයුතු කරන්නෙකු පැවසීය.
29

قَالُوا سُبْحَانَ رَبِّنَا إِنَّا كُنَّا ظَالِمِينَ

“අපගේ පරමාධිපති පිවිතුරුය. සැබැවින්ම අපි අපරාධකාරයින් වූයෙමු” යැයි ඔවුහු පැවසූහ.
30

فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَلَاوَمُونَ

පසුව ඔවුන් සමහරෙකු තවත් සමහරෙකු කෙරෙහි මුහුණලා සිට දොස් නගන්නෝය.
31

قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا طَاغِينَ

(අවසානයේ) “අහෝ අපහට වූ විනාශය. සැබැවින්ම අපි සීමාව ඉක්මවූවන් වූයෙමු” යැයි ඔවුහු පැවසූහ.
32

عَسَىٰ رَبُّنَا أَن يُبْدِلَنَا خَيْرًا مِّنْهَا إِنَّا إِلَىٰ رَبِّنَا رَاغِبُونَ

අපගේ පරමාධිපති ඒ වෙනුවට එයට වඩා යහපතක් අපහට දෙන්නට පුළුවන. සැබැවින්ම අපගේ පරමාධිපති වෙත අපි අපේක්ෂා කරන්නන් වෙමු” (යැයි පැවසූහ.) 6
6ඉමාම් බගවී විසින් වාර්තා කරන ලද ඇතැම් වාර්තාවන් අනුව ඔවුන් සැබෑ ලෙසින්ම පාප ක්ෂමාවෙහි නිරත වූ විට පෙර තිබූ උද්යානයට වඩා යහපත් උද්යානයක් අල්ලාහ් ඔවුනට ආශිර්වාද කළේය යැයි සඳහන් වී ඇත.
33

كَذَٰلِكَ الْعَذَابُ ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ

මෙලෙසය (මෙලොව) දඬුවම වන්නේ. තවද මතු ලොව දඬුවම අති මහත්ය. ඔවුන් දැන සිටියේ නම්!
34

إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّاتِ النَّعِيمِ

සැබැවින්ම බියභක්තිකයින් හට, ඔවුන්ගේ පරමාධිපති අබියස පරම සොම්නසින් යුත් ස්වර්ගයන් ඇත.
35

أَفَنَجْعَلُ الْمُسْلِمِينَ كَالْمُجْرِمِينَ

එහෙයින් වැරදි කරන්නන්(ව පත් කළාක්) මෙන් අල්ලාහ්ට අවනතවන්නන්ව අපි පත් කරන්නෙමු ද? (එසේ නොකරන්නෙමු.)
36

مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ

නුඹලාට කුමක් වූයේ ද? නුඹලා කෙසේ නම් තීරණය කරන්නෙහු ද?
37

أَمْ لَكُمْ كِتَابٌ فِيهِ تَدْرُسُونَ

නැතහොත් නුඹලා එහි අධ්යයනය කරන ධර්ම පුස්තකයක් නුඹලා සතුව තිබේ ද?
38

إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ

නුඹලා තෝරා ගන්නා දෑ සැබැවින්ම නුඹලාට එ(ම විනිශ්චය දිනයෙ)හි හිමි වනු ඇත. 7
7මිථ්යාදෘෂ්ටිකයින් ‘මරණින් මතු ජීවිතයක් ඇත්නම් තමන් එම ජීවිතයෙහි ද සියලු ගණයේ සැප භුක්ති විඳිනු ඇත’ යැයි ප්රකාශ කරමින් සිටියහ. එම ප්රකාශයට පිළිතුරක් වශයෙන් නුඹලා තෝරා ගන්නා මාර්ගය අනුවම නුඹලාට ප්රතිඵල ලැබෙනු ඇතැ’යි අවවාද කර ඇත.
39

أَمْ لَكُمْ أَيْمَانٌ عَلَيْنَا بَالِغَةٌ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۙ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ

නැතහොත් ‘නුඹලා තීරණය කරන දෑ සැබැවින්ම නුඹලාට හිමිවනු ඇත’ යන්නට (මළවුන්) නැගිටුවනු ලබන දිනය දක්වා පවතින අප සමග වූ ගිවිසුමක් නුඹලා සතුව තිබේ ද?
40

سَلْهُمْ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ

“ඒ කෙරෙහි ඔවුන් අතුරින් වගකීම් දරන්නා කවුරුන් ද” යන්න (නබිවරය,) ඔවුන්ගෙන් විමසවු.
41

أَمْ لَهُمْ شُرَكَاءُ فَلْيَأْتُوا بِشُرَكَائِهِمْ إِن كَانُوا صَادِقِينَ

නැතහොත් ඔවුනට හවුල්කරුවන් සිටිත් ද? එසේනම් ඔවුන් සත්යවාදීන්ව සිටියේ නම් තමන්ගේ හවුල්කරුවන් කැටුව පැමිණෙත්වා!
42

يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ

“සාක්” 8 නිරාවරණය කරනු ලැබ සුජූද් කිරීම පිණිස ඔවුන්ව කැඳවනු ලබන දින (සිහිපත් කරවු.) ඔවුහු (ඒ සඳහා) හැකියාව නොලබති.-
8“සාක්” නැමැති අරාබි පදයේ පදානුගත අර්ථය “කෙණ්ඩය” යන්නයි. අල් කුර්ආන් විවරණකරුවන් මේ සම්බන්ධව අදහස් දෙකක් පළ කර ඇත. පළමුවැන්න දැඩි ආතතියකින් පසුවන කෙනෙකුට භාවිත කරන අරාබි භාෂා වාග් චාතූර්යය ‘කෙණ්ඩය නිරාවරණය වීම’ යන්නය. මෙයින් අදහස් කරනුයේ මළවුන් නැගිටුවනු ලබන දිනයේ ප්රතික්ෂේපකයින් මුහුණ දෙන භයානක තත්ත්වය නිරූපණය කිරීම පිණිසය. දෙවැන්න අල්ලාහ්ගේ කෙණ්ඩය නිරාවණය වීම යන අදහසයි. එදින ඔහුගේ කෙණ්ඩය ජනයා සුජූද් කරනු පිණිස නිරාවරණය වනු ඇත. එදින හා සම්බන්ධ සිදුවීම බුහාරි හා මුස්ලිම් නම් හදීස් ග්රන්ථයන්හි හදීසයක(නබි වදනක) සඳහන් වී ඇත. එනම් “(මළවුන්) නැගිටුවනු ලබන දින අල්ලාහ් තම කෙණ්ඩය හෙළි කරනු ඇත...” මෙය එක්තරා අල්ලාහ්ගේ විශේෂණයකි. මෙයට යම් කිසි සම්බන්ධකමක් හේතුවෙන් කෙණ්ඩය යනුවෙන් පවසා ඇත. උදාහරණයක් ලෙස බැලූ කල අල් කුර්ආනයෙහි ‘අත’ යන පදය පැමිණ තිබෙන්නාක් මෙන් වේ. මෙවන් අදහස් සහිත දෑට ‘මුතෂාබිහාත්’ (චින්තනයට ගෝචර නොවන(අචින්තෙය්ය) යනුවෙන් පවසනු ලැබේ. ඉහත හදීසය සම්බන්ධයෙහි තවත් මෙසේ සඳහන් වේ. එනම් “(අල්ලාහ්ගේ) එම ප්රභාවය හෙළි වීම දුටු විට විශ්වාසික පිරිමි හා කාන්තාවන් සියල්ල සුජූදයෙහි වැටෙති. එනමුත් ලොවෙහි අන් අයට පෙන්වීම සඳහා හා අන් අයගෙන් ප්රශංසා ලැබීම සදහා සුජූද් කළවුන් එවිට සුජූද් කරන්නට යන විට ඔහුගේ පිට පෙදෙස (සුජූද් කළ නොහැකි අයුරින්) එකම තට්ටුවක් මෙන් පත් වේ.” (උපුටා ගැනීම : මආරිෆුල් කුර්ආන්, කතෘ : මුෆ්තී මුහම්මද් ෂෆීඃ උස්මානී).
43

خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۖ وَقَدْ كَانُوا يُدْعَوْنَ إِلَى السُّجُودِ وَهُمْ سَالِمُونَ

ඔවුන්ගේ බැල්ම පහත හෙළූ තත්ත්වයේ අවමානය ඔවුන් වෙළා ගනු ඇත. සැබැවින්ම ඔවුන් යහපත් තත්ත්වයක සිටිය දී (මෙලොව) සුජූද් කිරීම පිණිස කැඳවනු ලබන්නන්ව සිටියහ.
44

فَذَرْنِي وَمَن يُكَذِّبُ بِهَـٰذَا الْحَدِيثِ ۖ سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ

එබැවින් (නබිවරය,) මේ පුවත (අල් කුර්ආනය) අසත්යය කරන්නන්ව (අල්ලාහ් වන) මා සමග අත්හරිවු. ඔවුන් නොදන්නා පරිදි ඔවුන් පියවරෙන් පියවර (විනාශය කරා) ගෙන යන්නෙමු.
45

وَأُمْلِي لَهُمْ ۚ إِنَّ كَيْدِي مَتِينٌ

මම ඔවුනට අවකාශය ලබා දෙන්නෙමි. මාගේ සැලැස්ම ඉතා ස්ථිරය.
46

أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ

නැතහොත් නුඹ ඔවුන්ගෙන් කිිසියම් වේතනයක් ඉල්ලා සිටින්නේ ද? එමගින් ඔවුන් ණයෙන් බරිත වූවෝ ද?
47

أَمْ عِندَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ

නැතහොත් ගුප්ත(වූ ඥාන)ය ඔවුන් වෙත තිබෙන්නේ ද? ඔවුන් (එය) සටහන් කරන්නෙහු ද?
48

فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ الْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ

එහෙයින්, නුඹ නුඹගේ පරමාධිපතිගේ විනිශ්චය පිළිබඳව ඉවසිලිමත් වවු. (නබිවරය,) නුඹ මත්ස්යාගේ සගයා (යූනුස්) මෙන් නොවවු. ඔහු (මත්ස්යාගේ කුසෙහි) පීඩාවට පත් වී සිටිය දී ඔහු (අල්ලාහ්ව) ඇමතූ අවස්ථාව සිහිපත් කරවු.
49

لَّوْلَا أَن تَدَارَكَهُ نِعْمَةٌ مِّن رَّبِّهِ لَنُبِذَ بِالْعَرَاءِ وَهُوَ مَذْمُومٌ

ඔහුගේ පරමාධිපති වෙතින් ඔහු වෙත (නිඃමත්)දායාදයක් පහළ නොවූයේ නම් ඔහු අවමානයට ලක් වූවෙකු ලෙස එළියට විසි කරනු ලබනු ඇත.
50

فَاجْتَبَاهُ رَبُّهُ فَجَعَلَهُ مِنَ الصَّالِحِينَ

එබැවින් ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා ගත්තේය. තවද ඔහුව දැහැමියන් අතුරින් ඔහු පත් කළේය.
51

وَإِن يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَجْنُونٌ

සැබැවින්ම ප්රතික්ෂේප කළවුන් මෙම උපදේශය (අල් කුර්ආනය) සවන් දීමේ දී තමන්ගේ බැල්මෙන් නුඹ ලිස්ස වීමට තැත් කරන්නේය. තවද “මොහු සැබැවින්ම උන්මත්තයෙකු යැ”යි ඔවුහු පවසන්නෝය.
52

وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ

එය ලෝ වැසියන්ට උපදේශයක් මිස නැත.
الحاقةමක්කී
1

الْحَاقَّةُ

අල් හාක්කා (නියත සිදුවීම)
2

مَا الْحَاقَّةُ

අල් හාක්කා යනු කුමක් ද?
3

وَمَا أَدْرَاكَ مَا الْحَاقَّةُ

‘අල් හාක්කා’ යනු කුමක් දැ?යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
4

كَذَّبَتْ ثَمُودُ وَعَادٌ بِالْقَارِعَةِ

සමූද් හා ආද් ප්රජාවන් 1 කම්පනයට පත් වන (එම නියත) සිදුවීම අසත්යය කළහ.
1සමූද් යනු පෙර පැමිණි නබිවරයෙකු වූ නබි සාලිහ් තුමාණන්ගේ ප්රජාවය. ආද් යනු පෙර පැමිණි තවත් නබිවරයෙකු වූ නබි හූද් තුමාණන්ගේ ප්රජාවය.
5

فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا بِالطَّاغِيَةِ

එබැවින් සමූද් ප්රජාව නම් සීමාවන් ඉක්මවා ගිය මහා හඬකින් ඔවුන් විනාශයට පත් කරවනු ලැබූහ.
6

وَأَمَّا عَادٌ فَأُهْلِكُوا بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ

එමෙන්ම ආද් ප්රජාව පිළිබඳව (සඳහන් කරන්නේ) නම් ඔවුහුදැඩි (මොර හඬකින් යුත්) සීත කුණාටුවකින් විනාශයට පත් කරවනු ලැබූහ.
7

سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَانِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى الْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ

එය රාත්රී හතක් හා දහවල් අටක් ඔවුන් කෙරෙහි ඔහු(අල්ලාහ්) අඛණ්ඩව ක්රියාත්මක කෙරෙව්වේය. එම ප්රජාව එහි වැටුණු බොල් ඉඳි කඳන් මෙන් වැටී සිටිනු නුඹ දකිනු ඇත.
8

فَهَلْ تَرَىٰ لَهُم مِّن بَاقِيَةٍ

එබැවින් (නබිවරය,) ඔවුන්ගෙන් ඉතිරි වූ කිසිවෙකු නුඹ දකින්නෙහි ද?
9

وَجَاءَ فِرْعَوْنُ وَمَن قَبْلَهُ وَالْمُؤْتَفِكَاتُ بِالْخَاطِئَةِ

ෆිර්අවුන් ද ඔහුට පෙර සිටියවුන් ද උඩු යටිකුරුව පෙරළනු ලැබූ ප්රදේශයන්ට 2 අයත් (ලූත්) නබිවරයාගේ අය ද පාප ක්රියාවන් සමඟ පැමිණියහ.
2උඩු යටිකුරු පෙරළන ලැබූ ප්රදේශයන් යනු නබි ලූත් තුමාණන්ගේ ප්රජාව විනාශ කරනු ලැබූ ප්රදේශයන්ය. එය සොඩම් හා අමුරා යනුවෙන් හඳුන්වනු ලැබේ.
10

فَعَصَوْا رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَّابِيَةً

තවද ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ රසූල්වරයාට පිටුපෑහ. එබැවින් ඉතා දැඩි ග්රහණයකින් ඔහු(පරමාධිපති) ඔවුන්ව ග්රහණය කළේය.-
11

إِنَّا لَمَّا طَغَى الْمَاءُ حَمَلْنَاكُمْ فِي الْجَارِيَةِ

(නූහ් නබිවරයාගේ සමයේ) ජලය පිටාර ගැලූ විට, නුඹලාව අපි නැවෙහි ඉසිලීමු. 3
3නබි නූහ් තුමාණන්ගේ ප්රජාව සීමාව ඉක්මවා ගිය හේතුවෙන් අහසින් වැගිරුණු හා මිහිතලයෙන් පිටාර ගැලූ මහා ජල ගැල්මකින් ඔවුන් විනාශයට පත් කරනු ලැබීය.
12

لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ

නුඹලාට අප එය පාඩමක් ලෙස පත් කිරීම පිණිස ද ධාරණය කරන්නා වූ කන එ(ම ඉතිහාස)ය ධාරණය කිරීම පිණිස ද (අපි එසේ කළෙමු.)
13

فَإِذَا نُفِخَ فِي الصُّورِ نَفْخَةٌ وَاحِدَةٌ

සූර් නම් හොරණෑව එක් පිඹුමකින් පිඹිනු ලබන විට.
14

وَحُمِلَتِ الْأَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَاحِدَةً

මහ පොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක දැඩි ලෙස එක්වරකින් සුනුවිසුණු කරනු ලබන විට,
15

فَيَوْمَئِذٍ وَقَعَتِ الْوَاقِعَةُ

එදින සිදුවීම සිදුවනු ඇත. 4
4‘එදින සිදුවීම’ යනු මළවුන් නැගිටුවනු ලබන දින සිදුවන සිදුවීමය.
16

وَانشَقَّتِ السَّمَاءُ فَهِيَ يَوْمَئِذٍ وَاهِيَةٌ

අහස පැළී යනු ඇත. එවිට එය එදින බලහීනව පවතී.
17

وَالْمَلَكُ عَلَىٰ أَرْجَائِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ

මලක්වරුන් එහි(අහසෙහි) පැති වල සිටිති. එදින නුඹගේ පරමාධිපතිගේ අර්ෂය (මලක්වරුන්) අට දෙනෙකු තමන්ට ඉහළින් උසුලා ගෙන සිටිති.
18

يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنكُمْ خَافِيَةٌ

එදින නුඹලා (විනිශ්චය සඳහා) ඉදිරිපත් කරනු ලබන්නෙහුය. සැඟවුණු කිසිවක් (එදින) නුඹලාගෙන් නොසැඟ වේ.
19

فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَيَقُولُ هَاؤُمُ اقْرَءُوا كِتَابِيَهْ

එවිට කවරෙකුගේ සුරතෙහි තම කි්රයා ලේඛනය පිරිනමනු ලබන්නේ ද ඔහු පිළිබඳව නම්, ඔහු “මෙන්න මාගේ පොත කියවවු. තවද සැබැවින්ම මම මාගේ ගණනය නිසැකවම මුණගැසෙනු ඇතැයි (මෙලොවෙහි) ස්ථිරවම දැන සිටියෙමි” යැයි (ඔහුගේ සගයින්ට) පවසයි.
20

إِنِّي ظَنَنتُ أَنِّي مُلَاقٍ حِسَابِيَهْ

එවිට කවරෙකුගේ සුරතෙහි තම කි්රයා ලේඛනය පිරිනමනු ලබන්නේ ද ඔහු පිළිබඳව නම්, ඔහු “මෙන්න මාගේ පොත කියවවු. තවද සැබැවින්ම මම මාගේ ගණනය නිසැකවම මුණගැසෙනු ඇතැයි (මෙලොවෙහි) ස්ථිරවම දැන සිටියෙමි” යැයි (ඔහුගේ සගයින්ට) පවසයි.
21

فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ

එබැවින් ඔහු තෘප්තිමත් ජීවිතයකය.
22

فِي جَنَّةٍ عَالِيَةٍ

උසස් වූ (ස්වර්ග) උයනෙහිය.
23

قُطُوفُهَا دَانِيَةٌ

එහි (පලතුරු) පොකුරු සමීපව ඇත.
24

كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا أَسْلَفْتُمْ فِي الْأَيَّامِ الْخَالِيَةِ

(මෙලොව ජීවිතයේ) ගත වූ දිනයන්හි නුඹලා පෙරටු කළ දෑ හේතුවෙන් “නුඹලා ප්රීතියෙන් අනුභව කරවු. තවද පානය කරවු.” (යැයි පවසනු ලැබේ.)-
25

وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيَهْ

තවද කවරෙකුගේ වමතෙහි තම කි්රයා ලේඛනය පිරිනමනු ලබන්නේ ද ඔහු පිළිබඳව නම් ඔහු මෙසේ පවසයි. “අහෝ! මට මාගේ ලේඛනය පිරිනමනු නොලැබුවා නම්,
26

وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ

මාගේ ගණනය කුමක් දැ’යි මා නොදැන සිටියා නම්
27

يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ

අහෝ! එය(මරණය) මාගේ අවසන් තීන්දුව වූවා නම්!
28

مَا أَغْنَىٰ عَنِّي مَالِيَهْ ۜ

මාගේ ධනය මට (කිසිම) ප්රයෝජනයක් ගෙන නොදුන්නේය.
29

هَلَكَ عَنِّي سُلْطَانِيَهْ

මාගේ බලය මා වෙතින් විනාශ වී ගියේය.”
30

خُذُوهُ فَغُلُّوهُ

(එවිට) “ඔහුව ග්රහණය කරවු. ඔහුට විලංගු ද දමවු.
31

ثُمَّ الْجَحِيمَ صَلُّوهُ

පසුව ඔහුව නිරා ගින්නෙහි (ඇතුළු කර) දවාලවු.
32

ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَاسْلُكُوهُ

පසුව දිග රියන් හැත්තෑවක් වූ දම්වැලක් තුළ ඔහුව (ඇද)බැඳ දමවු” (යැයි මලක්වරුන්ට අණ කරනු ලැබේ.)
33

إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ الْعَظِيمِ

සැබැවින්ම ඔහු අති මහත් වූ අල්ලාහ්ව විශ්වාස කරන්නෙකු නොවීය.
34

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ

තවද දිළින්දන්ට ආහාර සැපයීම පිණිස ඔහු (අන් අය) දිරි නොගැන්වීය.
35

فَلَيْسَ لَهُ الْيَوْمَ هَاهُنَا حَمِيمٌ

එබැවින් ඔහුට අද දින කිසිම සමීපතයෙකු මෙහි නොමැත.
36

وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ

තවද සැරව හැර වෙනත් ආහාරක් ද නොමැත.
37

لَّا يَأْكُلُهُ إِلَّا الْخَاطِئُونَ

(පාපකාරී) වැරදි ක්රියා කළවුන් මිස(අන් කිසිවෙකු) එය අනුභව නොකරනු ඇත.
38

فَلَا أُقْسِمُ بِمَا تُبْصِرُونَ

නුඹලා බලනා දෑ මත මම දිවුරමි.
39

وَمَا لَا تُبْصِرُونَ

තවද නුඹලා නොබලනා දෑ මත ද (දිවුරමි.)
40

إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ

සැබැවින්ම එය(අල් කුර්ආනය) ගෞරවාන්විත වූ දූතයෙකුගේ වදනය.
41

وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَّا تُؤْمِنُونَ

තවද එය කවියෙකුගේ වදනක් නොවේ. (නමුත් මෙයින්) අල්පයකි නුඹලා විශ්වාස කරනුයේ.
42

وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ

(එය) ශාස්ත්රකරුවෙකුගේ වදනක් ද නොවේ. (නමුත්) අල්පයකි නුඹලා මෙනෙහි කරනුයේ.
43

تَنزِيلٌ مِّن رَّبِّ الْعَالَمِينَ

(එය) ලෝ වැසියන්ගේ පරමාධිපතිගෙන් පහළ කරන ලද්දකි.
44

وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ

ඔහු(නබිවරයා) අප කෙරෙහි ඇතැම් වදන් ගොතා පැවසුවේ නම්,
45

لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ

ඔහුව අපි සුරතින් ග්රහණය කරන්නෙමු.-
46

ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ

පසුව ඔහුගේ ජීව ධමනිය කපා දමන්නෙමු.
47

فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ

එබැවින් (අප ඔහුට දඬුවම් කිරීමට සිතුවේ නම්) නුඹලා අතුරින් කිසිවෙකු (එයින්) ඔහුව වළක්වන්නන් නොවන්නෝය.
48

وَإِنَّهُ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِينَ

සැබැවින්ම එය(අල් කුර්ආනය) බිය භක්තිකයින්ට මෙනෙහි කරන්නකි.
49

وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ

නුඹලා අතුරින් (එය) අසත්යය කරන්නන් සිටින බව සැබැවින්ම අපි දන්නෙමු.
50

وَإِنَّهُ لَحَسْرَةٌ عَلَى الْكَافِرِينَ

සැබැවින්ම එය ප්රතික්ෂේප කළවුන්ට දැඩි පසුතැවිල්ලකි.
51

وَإِنَّهُ لَحَقُّ الْيَقِينِ

සැබැවින්ම එය ස්ථීර වූ සත්යයකි.
52

فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ

එබැවින් අති මහත් වූ නුඹගේ පරමාධිපතිගේ නාමය තස්බීහ්(සුවිශුද්ධ) කරවු.
المعارجමක්කී
1

سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ

සිදුවීමට (නියමිතව) ඇති දඬුවම පිළිබඳව විමසන්නෙකු විමසුවේය.
2

لِّلْكَافِرِينَ لَيْسَ لَهُ دَافِعٌ

ප්රතික්ෂේපකයින්ට එය(දඬුවම) වළක්වන්නෙකු නැත.
3

مِّنَ اللَّهِ ذِي الْمَعَارِجِ

(එය) මආරිජ්(අරෝහණ තලයන්)හි 1 හිමිකරු වන අල්ලාහ් වෙතිනි.
1‘මාආරිජ්’ යන්නට නිශ්චිත අදහසක් ලබා දිය නොහැකි අතර ඇතැම් විවරණකරුවන් එය අදහස් දක්වනුයේ අහස් තල යනුවෙනී. අල්ලාහ්ව හමුවීමට මලක්වරුන් මෙම අහස් තලයන් තරණය කරති. තවත් විවරණකරුවන් එය තරාතිරම් වලින් යුක්ත, භාග්යයන්ගෙන් යුක්ත හා සම්පත් වලින් යුක්ත යන අර්ථයන් ද ගෙන හැර දක්වති.
4

تَعْرُجُ الْمَلَائِكَةُ وَالرُّوحُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ

(එනම්) මලක්වරුන් හා රූහ්(ජිබ්රීල්) ඔහු වෙත ආරෝහණය වෙති. (එය) එක් දිනක(සිදුවන්නක්)ය. එහි(කාල) ප්රමාණය වසර පනස් දහසකි. 2
2මෙම වැකියේ සඳහන් වී ඇති දිනයට විවරණ දෙකක් ඇත. එනම් මෙහි කියැවී ඇති දිනය නම් විනිශ්චය දිනයයි. එදින එක් දිනයක් ලොවේ අවුරුදු පනස් දහසකට සමාන වේ. අල් කුර්ආන් 32:5 යන වැකියෙහි විනිශ්චය දිනයේ එක් දිනයක් ලොවේ අවුරුදු දහසකට සමාන යැයි ද සඳහන් වී ඇත. මෙසේ දෙආකාරයට සඳහන් වී ඇත්තේ එය එකිනෙකාගේ පාපයට අනුව වෙනස් වන හෙයිනි. එනම් සාමාන්යය පාපතරයින්ට එය අවුරුදු දහසක් වශයෙන් ද මහා පාපතරයින්ට අවුරුදු පනස් දහසක් වශයෙන් ද හැඟෙනු ඇත. තවත් විවරණයකට අනුව මෙම වැකිය පහළ වී ඇත්තේ ප්රතික්ෂේපකයින්ට පිළිතුරක් වශයෙනි. එනම් ඔවුහු අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කර පසුව ඔවුන්ට අල්ලාහ් අවවාද කර ඇති දඬුවම කවදා පැමිණෙන්නේ දැ?යි සමච්චලයෙන් ඇසුවෝය. එබැවින් එම දඬුවම නියමිත දිනයේ පැමිණෙන නමුත් එය ඔබගේ ගණනය අනුව අවුරුදු දහසක් හෝ පනස් දහසක් විය හැකිය යැයි අල්ලාහ් ඔවුන්ට පිළිතුරු දී ඇත.
5

فَاصْبِرْ صَبْرًا جَمِيلًا

එබැවින් (නබිවරය,) නුඹ අලංකාර වූ ඉවසීමකින් ඉවසවු.
6

إِنَّهُمْ يَرَوْنَهُ بَعِيدًا

සැබැවින්ම ඔවුහු එය(දඬුවම) දුරස්ථව දකිති.
7

وَنَرَاهُ قَرِيبًا

(නමුත්) අපි එය සමීපව දකින්නෙමු.
8

يَوْمَ تَكُونُ السَّمَاءُ كَالْمُهْلِ

එදින (ලෝදියේ ස්වභාවයෙන් යුත්) බොර තෙල් මෙන් අහස පත් වනු ඇත.
9

وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ

තවද කැබැළි වූ ලෝම මෙන් කඳු පත් වනු ඇත.
10

وَلَا يَسْأَلُ حَمِيمٌ حَمِيمًا

මිතුරෙකු තවත් මිතුරෙකු පිළිබඳව (කිසිවක්) නොවිමසයි.-
11

يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ

ඔවුනොවුන්ව එකිනෙකාට පෙන්වනු ලබයි. තම පුත්රයින්ව වන්දි වශයෙන් දී එදින දඬුවමෙන් මිදෙන්නට ඇත්නම් යැයි වැරදිකරුවා ආශා කරයි.
12

وَصَاحِبَتِهِ وَأَخِيهِ

තවද තම භාර්යාව ද තම සහෝදරයාව ද
13

وَفَصِيلَتِهِ الَّتِي تُؤْوِيهِ

තමන්ට රැකවරණය ලබා දුන් තම ඥාතියාව ද
14

وَمَن فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ

තවද මිහිතලයේ සිටිනා සියල්ලන්ව ද (වන්දි වශයෙන් දී) ඉන්පසුව එය තමන්ව මුදවා ගන්නේ නම්! (යැයි ඔහු ආශා කරයි.)
15

كَلَّا ۖ إِنَّهَا لَظَىٰ

(නියත වශයෙන්ම) එසේ නොව සැබැවින්ම එය ‘ලළා’ (නම් ඇවිලෙන ගිනි දැල් වලින් සමන්විත නිරය) වේ.
16

نَزَّاعَةً لِّلشَّوَىٰ

එය දැඩි ලෙස (ශරීරයේ) මතුපිට සම ගලවන්නක් වේ.
17

تَدْعُو مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ

කවරෙකු (සත්යයට) පිටුපා හැරී ගියේ ද ඔහුව එය(ලළා නම් නිරය) කැඳවන්නේය.
18

وَجَمَعَ فَأَوْعَىٰ

තවද කවරෙකු (ධනය) රැස්කොට (අනුන්හට නොදී) ගොඩ ගසා ගෙන සිටියේ ද ඔහුව ද (නිරය කැඳවන්නේය).
19

إِنَّ الْإِنسَانَ خُلِقَ هَلُوعًا

සැබැවින්ම මිනිසා දැඩි අධෛර්යය වන්තයෙකුව මවනු ලැබුවේය.
20

إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا

නපුරක් ඔහුව ස්පර්ශ කළ විට (ඔහු) නොඉවසිලිවන්තය.
21

وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا

යහපතක් ඔහුව ස්පර්ශ කළ විට (ඔහු අල්ලාහ් වෙනුවෙන් වියදම් නොකර) වළකා ගන්නෙකුය.
22

إِلَّا الْمُصَلِّينَ

සලාතය ඉටුකරන්නන් හැර.
23

الَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَائِمُونَ

ඔවුහු කවුරුන්ද යත් ඔවුන්ගේ සලාතයන්හි අඛණ්ඩව නියැළෙන්නෝ වෙති.
24

وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌ

තවද ඔවුහු කවුරුන්ද යත් ඔවුන්ගේ ධනයෙහි නියම වූ උරුමයක් ඇත.
25

لِّلسَّائِلِ وَالْمَحْرُومِ

(එනම්) අයැදින්නාට ද (අයැදීමෙන්) වැළකෙන්නාට ද (උරුමයක් ඇත.)
26

وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ

තවද ඔවුහු කවුරුන්ද යත් විපාක ප්රදාන දිනය සත්යය කරන්නන් වෙති.
27

وَالَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ

තවද ඔවුහු කවුරුන් ද යත් ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවමින් බියවන්නන් වෙති.
28

إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ

සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම අභයදායී නොවේ.
29

وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ

තවද ඔවුන් කවුරුන්දයත් ඔවුන්ගේ ලිංගික අවයවයන් ආරක්ෂා කර ගන්නන් වෙති.-
30

إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ

(නමුත්) තම භාර්යාවන් කෙරෙහි හෝ තම දකුණත හිමි කරගත් අය(වහලියන්) කෙරෙහි හෝ මිස. 3 සැබැවින්ම ඔවුහු දොස් පවරනු ලබන්නන් නොවේ. 4
3වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 4:3 හි පාද සටහන් සමග බලන්න.
4වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 23:6 හි පාද සටහන බලන්න.
31

فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَـٰئِكَ هُمُ الْعَادُونَ

නමුත් කවරෙකු ඉන් ඔබ්බට (ලිංගික ආස්වාදයක්) සොයන්නේ ද එවිට ඔවුහුමය සීමාව ඉක්ම වූවන් වන්නේ.
32

وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ

තවද ඔවුහු කවුරුන්ද යත් ඔවුන්ගේ අමානාත්(විශ්වාස කර පවරන ලද දෑ) හා ඔවුන්ගේ ප්රතිඥාවන් ප්රවේශම් කරන්නන් වෙති.
33

وَالَّذِينَ هُم بِشَهَادَاتِهِمْ قَائِمُونَ

තවද ඔවුහු කවුරුන්ද යත් ඔවුන්ගේ සාක්ෂීන් (අවංකව) ඉටු කරන්නන් වෙති.
34

وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ

තවද ඔවුහු කවුරුන්ද යත් ඔවුන්ගේ සලාතය ආරක්ෂා කරන්නන් වෙති.
35

أُولَـٰئِكَ فِي جَنَّاتٍ مُّكْرَمُونَ

ඔවුහු ස්වර්ග උයන්හි ගෞරව කරනු ලබන්නන් වෙති.
36

فَمَالِ الَّذِينَ كَفَرُوا قِبَلَكَ مُهْطِعِينَ

එබැවින් (නබිවරය,) නුඹ වෙතට (බෙලි දිගු කර) වේගයෙන් දිව එන ප්රතික්ෂේප කළවුනට සිදු වූයේ කුමක් ද?
37

عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ عِزِينَ

ඔවුහු (නුඹේ) දකුණු හා වම් දෙසින් කණ්ඩායම් වශයෙන් (පැමිණෙති.)
38

أَيَطْمَعُ كُلُّ امْرِئٍ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍ

භාග්යය සම්පන්න වූ ස්වර්ගයට ඇතුළු කරනු ලැබීම ඔවුන් අතුරින් සෑම පුද්ගලයෙකුම අපේක්ෂා කරන්නේ ද? 5
5මුස්ලිම්වරුන්ව සමච්චල් කරමින් ද ඉස්ලාමීය ප්රතිපත්තීන් ප්රතික්ෂේප කරමින් ද විශේෂයෙන්ම නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කරමින් ද නබි මුහම්මද් තුමාණන් වෙත පැමිණියහ. එසේ නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කරමින් සිටිය දීම ඔවුන් ස්වර්ගයට පිවිසීමට ද අපේක්ෂා කරති. එයට පිළිතුරක් වශයෙන් මෙම වැකිය පිහිටා ඇත.
39

كَلَّا ۖ إِنَّا خَلَقْنَاهُم مِّمَّا يَعْلَمُونَ

එසේ(සිදුවන්නක්) නොව සැබැවින්ම අපි ඔවුන් දන්නා දැයින් ඔවුන්ව මැව්වෙමු. 6
6සැබැවින්ම ඔවුන් දන්නා දැයින් මවනු ලැබුවේය යන්නෙන් අදහස් කරනුයේ මිනිසාගේ මැවීමට මූලික වන ශුක්ර ධාතුව පිළිබඳවයි. එය ආරම්භයේ ජීවීව පැවතුණ ද එයට ආත්මයක් නොවීය. එලෙස ආත්මයක් රහිත ශුක්රාණුවෙන් මිනිසා මැවූ අල්ලාහ්ට ඔවුන් මිය ගිය පසු නැවත නැගිටුවීමට කෙසේ නම් නොහැකි වේ ද?.
40

فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ

එහෙයින් නැගෙනහිරයන්හි හා බටහිරයන්හි පරමාධිපති මත දිවුරමි. සැබැවින්ම අපි ශක්තිවන්තයෝ වෙමු.-
41

عَلَىٰ أَن نُّبَدِّلَ خَيْرًا مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ

ඔවුනට වඩා ශ්රේෂ්ඨ අය ඔවුන් වෙනුවෙන් ගෙන ඒමට (අපි ශක්තිවන්තයෝ වෙමු.) අපි (මොවුන් විසින්) අබිබවනු ලබන්නන් නොවෙමු.
42

فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ

එහෙයින් ඔවුනට ප්රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමුවන තුරු අර්ථ ශුන්ය කතාවන්හි නියැළීමට හා කෙළිලොල්හි නිරත වීමට ඔවුන්ව නුඹ අත්හැර දමවු.
43

يَوْمَ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ

පිළිම වෙත ඔවුන් යන්නා සේ ඔවුහු මිනීවළවල් වලින් වේගයෙන් පිටතට එන දින
44

خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۚ ذَٰلِكَ الْيَوْمُ الَّذِي كَانُوا يُوعَدُونَ

ඔවුන්ගේ බැල්ම පහත්ව තිබිය දී අවමානය ඔවුන්ව වෙළා ගනී. ඔවුනට ප්රතිඥා දෙනු ලැබූ දිනය එයයි.
نوحමක්කී
1

إِنَّا أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ أَنْ أَنذِرْ قَوْمَكَ مِن قَبْلِ أَن يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌ

”නුඹ නුඹගේ සමූහයට වේදනීය දඬුවම ඔවුනට පැමිණීමට පෙර අවවාද කරවැ”යි සැබැවින්ම අපි නූහ්ව ඔහුගේ සමූහය වෙත යැව්වෙමු.
2

قَالَ يَا قَوْمِ إِنِّي لَكُمْ نَذِيرٌ مُّبِينٌ

“මාගේ සමූහයිනි, සැබැවින්ම මා නුඹලාට පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි” යැයි ඔහු පැවසුවේය.
3

أَنِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ وَأَطِيعُونِ

නුඹලා අල්ලාහ්ට ගැති කම් කරවු. ඔහුට බිය භක්තිමත් වවු. තවද මට අවනත වවු.
4

يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ۚ إِنَّ أَجَلَ اللَّهِ إِذَا جَاءَ لَا يُؤَخَّرُ ۖ لَوْ كُنتُمْ تَعْلَمُونَ

(එමගින්) නුඹලාගේ පාපයන් නුඹලාට ඔහු කමා කරයි. තවද නියම කරනු ලැබූ කාලයක් දක්වා නුඹලාව ප්රමාද කරයි. සැබැවින්ම අල්ලාහ් නියම කළ කාලය(මරණය) පැමිණි විට එය ප්රමාද කරනු නොලබයි. නුඹලා දැන සිටින්නෙහු නම්.
5

قَالَ رَبِّ إِنِّي دَعَوْتُ قَوْمِي لَيْلًا وَنَهَارًا

“මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම මම මාගේ සමූහය රාත්රියෙහි හා දහවලෙහි (ඔබ වෙතට) ඇරයුම් කළෙමි.
6

فَلَمْ يَزِدْهُمْ دُعَائِي إِلَّا فِرَارًا

(සත්යයෙන්) පලා යෑම මිස මාගේ ඇරයුම ඔවුනට අන් කිසිවක් වැඩි කළේ නැත.
7

وَإِنِّي كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا أَصَابِعَهُمْ فِي آذَانِهِمْ وَاسْتَغْشَوْا ثِيَابَهُمْ وَأَصَرُّوا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا

ඔවුනට නුඹ සමාව දීම පිණිස සැබැවින්ම මා ඔවුන්ට ඇරයුම් කළ සෑම විටකම ඔවුහු ඔවුන්ගේ ඇඟිලි ඔවුන්ගේ කන් තුළ තබා ගත්හ. තවද ඔවුන්ගේ වස්ත්රයෙන් (ඔවුන්ගේ මුහුණු) ආවරණය කර ගත්හ. මුරණ්ඩුකම් පෑහ. උඩඟුවෙන් උඩඟුවට පත් වූහ.
8

ثُمَّ إِنِّي دَعَوْتُهُمْ جِهَارًا

පසුව ද සැබැවින්ම මම ඔවුන්ව හඬ නඟා ඇරයුම් කළෙමි.
9

ثُمَّ إِنِّي أَعْلَنتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًا

පසුව සැබැවින්ම ඔවුනට මා ප්රසිද්ධියේ ප්රකාශ කළෙමි. තවද ඉතා රහසිගතව ඇරයුම් කළෙමි.
10

فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا

එබැවින් නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව ඇයැදිවු. සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලීය” යැයි පැවසුවෙමි.-
11

يُرْسِلِ السَّمَاءَ عَلَيْكُم مِّدْرَارًا

එවිට ඔහු නුඹලා වෙත අහසින් (වර්ෂාව අවශ්යය පරිදි) අධිකව පහළ කරන්නේය.
12

وَيُمْدِدْكُم بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَل لَّكُمْ جَنَّاتٍ وَيَجْعَل لَّكُمْ أَنْهَارًا

ධනයෙන් ද පිරිමි දරුවන්ගෙන් ද ඔහු නුඹලාට අධිකව පිරිනමන්නේය. නුඹලාට වතු යායන්(වගාවන්) ඇති කරන්නේය. නුඹලාට ගංගා ද ඇති කරන්නේය.
13

مَّا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًا

අල්ලාහ්ට හිමි ගාම්භීරත්වය නුඹලා අගය නොකර සිටීමට නුඹලාට කුමක් සිදු වී ද?
14

وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا

සැබැවින්ම ඔහු නුඹලාව විවිධ අදියරයන්ගෙන් මැව්වේය.
15

أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا

තට්ටු වශයෙන් වූ අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේ දැ’යි නුඹලා නොදුටුවෙහි ද?
16

وَجَعَلَ الْقَمَرَ فِيهِنَّ نُورًا وَجَعَلَ الشَّمْسَ سِرَاجًا

තවද ඒවායෙහි චන්ද්රයා ආලෝකයක් බවට පත් කර, තවද සූර්යයා පහනක් බවට පත් කළේ (කෙසේ දැ’යි නුඹලා නොදුටුවෙහි ද?)
17

وَاللَّهُ أَنبَتَكُم مِّنَ الْأَرْضِ نَبَاتًا

අල්ලාහ්, සැබැවින්ම නුඹලාව මිහිතලයෙන් වැඩෙන්නට සැලැස්සුවේය. 1
1මෙහි මිනිසා බිහිවීමේ මුල් අවධිය ගැන සඳහන් වනවා විය හැක. ලොවෙහි මුල්ම මිනිසා නබි ආදම් තුමාණන් පස් මගින් නිර්මාණය කරනු ලැබුවේය. එසේ නොමැති නම් මිනිසාගේ උපතෙහි මුල් අදියර සඳහන් වනවා විය හැක. එනම් මිනිසාගේ මුල් අදියරය ශුක්රාණුවයි. එය වැඩෙන්නට සාධක වනුයේ පොළොවෙන් ලබා ගන්නා ආහාරයයි.
18

ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجًا

පසුව ඔහු එයටම නුඹලාව හරවා යවන්නේය. තවද සැබැවින්ම ඔහු නුඹලාව (එයින් මළවුන් නැගිටුවනු ලබන දිනයේ) පිට කරන්නේය.
19

وَاللَّهُ جَعَلَ لَكُمُ الْأَرْضَ بِسَاطًا

තවද අල්ලාහ් නුඹලාට මිහිතලය විස්තීරණය කළේය.
20

لِّتَسْلُكُوا مِنْهَا سُبُلًا فِجَاجًا

එහි පුළුල් මාර්ගයන්හි නුඹලා ගමන් කරනු පිණිස.
21

قَالَ نُوحٌ رَّبِّ إِنَّهُمْ عَصَوْنِي وَاتَّبَعُوا مَن لَّمْ يَزِدْهُ مَالُهُ وَوَلَدُهُ إِلَّا خَسَارًا

(21) “මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔවුහු මට පිටුපෑහ. කවරෙකුගේ ධනය හා ඔහුගේ දරුවන් අලාභය මිස අන් කිසිවක් ඔහුට වැඩි නොකළේ ද එවැනි අයව මොවුහු පිළිපැද්දෝ යැ’යි නූහ් පැවසුවේය.
22

وَمَكَرُوا مَكْرًا كُبَّارًا

ඉමහත් වූ කුමන්ත්රණයකින් ඔවුහු කුමන්ත්රණ කළහ.-
23

وَقَالُوا لَا تَذَرُنَّ آلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا

‘නුඹලා නුඹලාගේ දෙවිවරු කිසිවිටක අත් නොහරිවු. තවද ‘වද්’ ද ‘සුවාඃ’ ද ‘යගූස්’ ද ‘යඌක්’ ද ‘නස්ර්’ ද කිසිවිටක අත් නොහරිවු යැයි ඔවුහු කීහ. 2
2මෙම ආයතයේ සඳහන් “වද්, සුවාඃ, යගූස්, යඌක්, නස්ර්” යන උදවිය එකල ජීවත් වූ දැහැමි පුද්ගලයින්ය. මොවුන්ගේ මරණයෙන් පසු මොවුන් මතක් කරනු පිණිස මොවුන්ගේ පිළිම ඉදි කරන ලදී. පසු කාලයේ එම පිළිම වන්දනාමානයට ලක් විය.
24

وَقَدْ أَضَلُّوا كَثِيرًا ۖ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا ضَلَالًا

බොහෝ අයව සැබැවින්ම ඔවුහු මුළාවට පත් කළහ. එහෙයින් අපරාධකාරයින්ට මුළාව මිස (පරමාධිපතියාණනි, වෙන කිසිවක්) වැඩි නොකරනු මැනව (යැයි නූහ් ප්රාර්ථනා කළේය.) 3
3නබි නූහ් තුමාණන් තම සමාජයට අවුරුදු 950 ක කාලයක් නබිත්වයේ මෙහෙය ඉටු කළ ද ඔවුන් තමන් සිදු කළ පාපයන්ගෙන් නොමිදුණෝය. එහෙයින් එතුමා මෙලෙස ප්රාර්ථනා කළේය. එම ප්රාර්ථනාව පිළිගත් අල්ලාහ් ඔවුන්ව මහා ජල ගැල්මකින් විනාශයට පත් කළේය.
25

مِّمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا نَارًا فَلَمْ يَجِدُوا لَهُم مِّن دُونِ اللَّهِ أَنصَارًا

ඔවුන්ගේ පාපතර වැරදි හේතුවෙන් ඔවුන් ගිල්වනු ලැබ (පසුව) නිරයට ද ඇතුළු කරවනු ලැබූහ. ඔවුහු තමන් වෙනුවෙන් අල්ලාහ් හැර වෙනත් උදව්කරුවන් ලබා නොගත්හ.
26

وَقَالَ نُوحٌ رَّبِّ لَا تَذَرْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا

තවද ‘මාගේ පරමාධිපතියාණනි, මිහිතලයේ ප්රතික්ෂේපකයින් අතුරින් කිසිඳු නිවැසියෙකු හෝ (ජීවත්වීමට) අත නොහරිනු මැනවැ’යි නූහ් (නබිවරයා) පැවසූහ.
27

إِنَّكَ إِن تَذَرْهُمْ يُضِلُّوا عِبَادَكَ وَلَا يَلِدُوا إِلَّا فَاجِرًا كَفَّارًا

සැබැවින්ම ඔබ ඔවුන්ව (ජීවත් වීමට) අතහැරියේ නම් ඔවුහු ඔබගේ ගැත්තන්ව මුළාකර දමති. පාපකාරී දැඩි ප්රතික්ෂේපකයින් හැර වෙනත් කිසිවෙකු ඔවුහු බිහි නොකරති.
28

رَّبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَن دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًا

මාගේ පරමාධිපතියාණනි, මට ද මාගේ දෙමාපියන්ට ද විශ්වාසිකයෙකු සේ මාගේ නිවසට ඇතුළු වූවන්ට ද තවද විශ්වාසිකයින්ට ද විශ්වාසික කාන්තාවන්ට ද සමාව දෙනු මැනව! එහෙයින් අපරාධකාරයින්ට විනාශය මිස (වෙන කිසිවක්) ඔබ වැඩි නොකරනු මැනව! (යැයි නූහ් නබිවරයා පැවසූහ).
الجنමක්කී
1

قُلْ أُوحِيَ إِلَيَّ أَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِّنَ الْجِنِّ فَقَالُوا إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا

ජින්වරුන්ගෙන් 1 පිරිසක් (කුර්ආන් පාරායනයට) සවන් දී “අපි සැබැවින්ම විස්මය ජනක කුර්ආනයකට සවන් දුනිමු” යැයි ඔවුන් (තම සමූහයාට) පැවසූ බව මට වහී පහළ කරනු ලැබ ඇතැ’යි (නබිවරය,) පවසවු.
1‘ජින්වරුන්’ යනු මිනිසුන්ට පෙර සිටම ජීවත් වූ ජන කොටසකි. ඔවුන් ගිනි ජාලාවෙන් මවනු ලැබූ අතර දැහැමියන් ද දුෂ්ටයින් ද ඔවුන් අතර වෙති. ෂෙයිතාන්, ඉබ්ලීස්, යක්ෂ, පෙරේත යනුවෙන් හැඳින්වෙන නපුරු බලවේගයන් සියල්ල මෙම වර්ගයට අයත්ය. මොවුන් මිනිස් ලොවට විවිධ බලපෑම් සිදු කරයි. ඇතැම් ජනයා ඔවුන් උපයෝගී කරමින් පේන බැලීම, අනාවැකි ඵල කිරීම, ශාස්ත්ර බැලීම වැනි මිථ්යා මත තුළින් මිනිසා නොමග යවති. ජින්වරුන්ගේ ක්රියා කලාපයන් ඊළග වැකි තුළින් අවබෝධ කර ගනිමු.
2

يَهْدِي إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ ۖ وَلَن نُّشْرِكَ بِرَبِّنَا أَحَدًا

“එය ඍජූ මාර්ගය වෙත මග පෙන්වයි. එබැවින් ‘අපි එය විශ්වාස කළෙමු. අපි අපගේ පරමාධිපති සමග කිසිවෙක් කිසිවිටෙක ආදේශ නොතබමු.
3

وَأَنَّهُ تَعَالَىٰ جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَلَا وَلَدًا

සැබැවින්ම අපගේ පරමාධිපතිගේ කීර්තිය උත්තරීතරය. ඔහු සහකාරියක් හෝ පුතෙක් හෝ නොගත්තේය.
4

وَأَنَّهُ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى اللَّهِ شَطَطًا

සැබැවින්ම අපගෙන් වූ අඥානයා අල්ලාහ්ට දැඩි ලෙස අවලාද කියමින් සිටියේය.
5

وَأَنَّا ظَنَنَّا أَن لَّن تَقُولَ الْإِنسُ وَالْجِنُّ عَلَى اللَّهِ كَذِبًا

‘මිනිසුන් හා ජින්වරුන් අල්ලාහ් පිළිබඳව අසත්යය ප්රකාශ කරන්නේම නැතැ’යි සැබැවින්ම අපි සිතා සිටියෙමු.
6

وَأَنَّهُ كَانَ رِجَالٌ مِّنَ الْإِنسِ يَعُوذُونَ بِرِجَالٍ مِّنَ الْجِنِّ فَزَادُوهُمْ رَهَقًا

මිනිස් වර්ගයා අතුරින් (ඇතැම්) පිරිමින් ජින් වර්ගයා අතුරින් (ඇතැම්) පිරිමින්ගෙන් රැකවරණය පතමින් සිටියෝය. එබැවින් ඔවුහු(මිනිස් වර්ගයා) ඔවුනට(ජින් වර්ගයාට) උඩගුකම අධික කළේය. 2 -
2මෙහි යොදා ඇති උඩඟුකම යන පදයට අදාළ අරාබි පදය ‘රහක්’ යන පදයයි. මෙම පදයට නොයෙකුත් අර්ථ ඇති අතර ඉන් සමහරක් නම්, උඩඟුකම, උද්දච්චකම, අනර්ථකම, කලහකාරීත්වය යනාදිය වේ.
7

وَأَنَّهُمْ ظَنُّوا كَمَا ظَنَنتُمْ أَن لَّن يَبْعَثَ اللَّهُ أَحَدًا

‘අල්ලාහ් කිසිවෙකු (විනිශ්චය සඳහා) නැවත නැගිටුවන්නේම නැතැ’යි (මිනිස් වර්ගයා වන) නුඹලා සිතුවා සේම සැබැවින්ම (ජින් වර්ගයා වන) ඔවුහු ද සිතුවෝය.
8

وَأَنَّا لَمَسْنَا السَّمَاءَ فَوَجَدْنَاهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا

සැබැවින්ම අපි අහසට ළඟා වූයෙමු. එය බලවත් රැකවලූන් හා අග්නිජාල වලින්(උල්කා වලින්) පුරවා තිබෙනු අපි දුටුවෙමු.
9

وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ ۖ فَمَن يَسْتَمِعِ الْآنَ يَجِدْ لَهُ شِهَابًا رَّصَدًا

සැබැවින්ම අප එහි වූ ස්ථානයන්හි සවන් දීමට වාඩි වී සිටියෙමු. එනමුත් දැන් කවරෙකු සවන් දෙන්නේ ද ඔහු තමන්ව ඉලක්ක කරමින් ඇති අග්නිජාලයක්(උල්කාපාතයක්) දැක ගනු ඇත. 3
3වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 67 වැනි පරිච්ඡේදයේ පළමුවැනි පාද සටහන බලන්න.
10

وَأَنَّا لَا نَدْرِي أَشَرٌّ أُرِيدَ بِمَن فِي الْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا

මිහිතලයෙහි සිටින්නන් හට හානිය අපේක්ෂා කරනු ලැබුවේ ද නැතහොත් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්හට ඍජූ මග අපේක්ෂා කළේ දැ’යි සැබැවින්ම අපි නොදන්නෙමු. 4
4කිසියම් ජන සමූහයකට නබිවරයෙකු පහළ කරනු ලැබූ විට එහි කරුණු දෙකකින් එකක් සිදු විය හැක. ජනයා ඔහුව විශ්වාස කර ඔහුට අවනත වූයේ නම් අල්ලාහ්ගෙන් ආශිර්වාද හිමි වන්නේය. නමුත් ඔහුට පිටුපෑවේ නම් මෙලොව හෝ මතු ලොව හෝ දඬුවමට ලක් වන්නේය. එබැවින් ජින්වරුන් පවසා සිටිනුයේ මෙම තත්ත්වයන් දෙක අතුරින් නබි මුහම්මද් තුමාගේ ජනයාට කුමක් සිදුවේ දැ’යි අපි නොදන්නෙමු යන්නය. ඊට හේතුව අහසෙහි රැකවලුන් හා අග්නි ජාලාවන් සපිරුණු සීමාවක් ඇත. ජින්වරුන්ට ඒ තුළින් පිවිසීමට නොහැකි වුව ද එම සීමාව අසලින් වාඩි වී ලොවෙහි කටයුතු සම්බන්ධයෙන් කෙරෙන මලක්වරුන්ගේ කතා බහට සවන් දීමේ අවකාශය තිබිණ. නමුත් නබි මුහම්මද් තුමාණන්ගේ සම්ප්රාප්තියෙන් පසුව එලෙස සවන් දීමේ ස්ථානයන් තමන්ට අහිමි වූ බව ද දැන් එසේ සවන් දෙන්නේ නම් තමන්ට ප්රහාර එල්ල වන බව ද මෙයින් පවසා සිටියි.
11

وَأَنَّا مِنَّا الصَّالِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَ ۖ كُنَّا طَرَائِقَ قِدَدًا

සැබැවින්ම අප අතර සැදැහැවන්තයෝ සිටිති. තවද අප අතර එසේ නොවූවන් ද සිටිති. අපි (වාද වලින් බෙදුනු) විවිධාකාර මාර්ග වලට අයත් වූවන් ලෙස සිටියෙමු.
12

وَأَنَّا ظَنَنَّا أَن لَّن نُّعْجِزَ اللَّهَ فِي الْأَرْضِ وَلَن نُّعْجِزَهُ هَرَبًا

අපට මිහිතලයේ කිසිවිටක අල්ලාහ්ව නොහැකියාවට පත් කළ නොහැකි බව ද පලා යාමෙන් කිසිවිටක ඔහුව නොහැකියාවට පත් කළ නොහැකි බව ද සැබැවින්ම අපි (දැන්) ස්ථීර ලෙස නිශ්චය කර ගත්තෙමු.-
13

وَأَنَّا لَمَّا سَمِعْنَا الْهُدَىٰ آمَنَّا بِهِ ۖ فَمَن يُؤْمِن بِرَبِّهِ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًا

සැබැවින්ම අප මාර්ගෝපදේශයට (අල් කුර්ආනයට) සවන් දුන් කල්හි එය අපි විශ්වාස කළෙමු. කවරෙකු තම පරමාධිපති විශ්වාස කරන්නේ ද ඔහුට අඩු වීමක් ගැන හෝ අසාධාරණයක් සිදු වීම ගැන හෝ බිය නොවෙයි.
14

وَأَنَّا مِنَّا الْمُسْلِمُونَ وَمِنَّا الْقَاسِطُونَ ۖ فَمَنْ أَسْلَمَ فَأُولَـٰئِكَ تَحَرَّوْا رَشَدًا

සැබැවින්ම අප අතර මුස්ලිම්වරුන් ද අප අතර (සත්යයෙන්) නොමග ගිය අය ද සිටිති. කවරෙකු අවනත වන්නේ ද ඔවුහු ඍජු මග තෝරා ගත්තෝය.
15

وَأَمَّا الْقَاسِطُونَ فَكَانُوا لِجَهَنَّمَ حَطَبًا

නොමග ගියවුන්, ඔවුහු නිරය සඳහා වූ ඉන්ධන මෙන් පත් වූහ.
16

وَأَن لَّوِ اسْتَقَامُوا عَلَى الطَّرِيقَةِ لَأَسْقَيْنَاهُم مَّاءً غَدَقًا

ඔවුහු (ඍජු) මගෙහි ස්ථාවරව සිටියේ නම් අධික (වැසි) ජලය ඔවුන් හට අපි සපයන්නෙමු. 5
5මෙහිදී ජලය සැපයීම යනු ජීවිතයට අවශ්ය සියලු ජීවන සම්පත් සැපයීමයි.
17

لِّنَفْتِنَهُمْ فِيهِ ۚ وَمَن يُعْرِضْ عَن ذِكْرِ رَبِّهِ يَسْلُكْهُ عَذَابًا صَعَدًا

(එසේ අප සපයනුයේ) ඔවුන්ව එහි අපි පිරික්සනු පිණිසය. කවරෙකු තම පරමාධිපතිව මෙනෙහි කිරීමෙන් වැළකෙන්නේ ද ඔහුව ඔහු(අල්ලාහ්) වැරයෙන් ඇද දැඩි දඬුවම වෙත ඇතුළු කරන්නේය.
18

وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا

සැබැවින්ම මස්ජිදයන් අල්ලාහ් සතුය. එබැවින් (එහි දී) අල්ලාහ් සමග කිසිවකු නොකැඳවවු.” (යැයි ද මට වහී පහළ කරනු ලැබීය’ යැයි පවසවු.)
19

وَأَنَّهُ لَمَّا قَامَ عَبْدُ اللَّهِ يَدْعُوهُ كَادُوا يَكُونُونَ عَلَيْهِ لِبَدًا

අල්ලාහ්ගේ ගැත්තා(මුහම්මද්) ඔහුව(අල්ලාහ්ව) අයැදීම පිණිස සිට ගත් විට (එය ඇසීමේ දැඩි ආශාව හේතුවෙන්) එතුමා මත ඔවුහු පොර බඳිමින් රොක් වූහ.
20

قُلْ إِنَّمَا أَدْعُو رَبِّي وَلَا أُشْرِكُ بِهِ أَحَدًا

‘සැබැවින්ම මා ඇයැදිනුයේ මාගේ පරමාධිපතිවය. ඔහුට කිසිවෙක් ආදේශ නොකරමි’ යනුවෙන් (නබිවරය,) පවසවු.
21

قُلْ إِنِّي لَا أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا

‘සැබැවින්ම නුඹලාට කිසිඳු හානියක් කිරීමේ හෝ යහමග වෙත රැගෙන ඒමේ හැකියාව හෝ මා සතු නොවන්නේය’ යැයි පවසවු.
22

قُلْ إِنِّي لَن يُجِيرَنِي مِنَ اللَّهِ أَحَدٌ وَلَنْ أَجِدَ مِن دُونِهِ مُلْتَحَدًا

‘සැබැවින්ම අල්ලාහ්ගෙන් මා බේරා ගැනීමට කිසිවෙකුට නොහැක්කේමය. ඔහුගෙන් තොර මා හට කිසිඳු පිළිසරණක් ද ලබා ගත නොහැක්කේමය’ යැයි (නබිවරය,) පවසවු.
23

إِلَّا بَلَاغًا مِّنَ اللَّهِ وَرِسَالَاتِهِ ۚ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَدًا

කෙසේ නමුත් (මට කළ හැක්කේ) අල්ලාහ්ගෙන් (වූ නියෝගයන්) දැනුම් දීම හා ඔහුගේ දූත මෙහෙවරයන් (ඉටු කිරීම) පමණි. කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට පිටුපාන්නේ ද එවිට සැබැවින්ම ඔහුට නිරා ගින්නය, නිරන්තරයෙන්ම (ඔවුන්) එහි සදාතනිකයින් වෙති.
24

حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا

ඔවුනට පොරොන්දු දෙනු ලැබූ දෑ(දඬුවම) ඔවුන් දකින තුරු (ප්රතික්ෂේපයේ නියැළී සිටිති.) එවිට උපකාර කරන්නන් අතුරින් (උපකාර ලබන්නට) ඉතා දුර්වලයා කවුරුන් දැ’යි ද සංඛ්යාවෙන් අඩු කවුරුන් දැ’යි ද ඔවුහු දැන ගනිති.
25

قُلْ إِنْ أَدْرِي أَقَرِيبٌ مَّا تُوعَدُونَ أَمْ يَجْعَلُ لَهُ رَبِّي أَمَدًا

‘නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ(දඬුවම) සමීපයෙන් ද? නැතහොත් එය මගේ පරමාධිපති දුරස්ථව තබා ඇත්තේ ද? යන්න මම නොදනිමි’ යැයි (නබිවරය,) පවසවු.
26

عَالِمُ الْغَيْبِ فَلَا يُظْهِرُ عَلَىٰ غَيْبِهِ أَحَدًا

(ඔහු) ගුප්ත දෑ පිළිබඳව සර්වඥය. එබැවින් ඔහුගේ ගුප්ත දෑ පිළිබඳව රසූල්වරුන් අතුරින් ඔහු තෝරා ගත් අයට මිස (අන්) කිසිවකුට හෙළිදරව් නොකරන්නේය. සැබැවින්ම ඔහු ඔහුට(එම රසූල්වරයාට) ඉදිරියෙන් හා පසු පසින් ආරක්ෂකයින් පත් කරන්නේය.
27

إِلَّا مَنِ ارْتَضَىٰ مِن رَّسُولٍ فَإِنَّهُ يَسْلُكُ مِن بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ رَصَدًا

(ඔහු) ගුප්ත දෑ පිළිබඳව සර්වඥය. එබැවින් ඔහුගේ ගුප්ත දෑ පිළිබඳව රසූල්වරුන් අතුරින් ඔහු තෝරා ගත් අයට මිස (අන්) කිසිවකුට හෙළිදරව් නොකරන්නේය. සැබැවින්ම ඔහු ඔහුට(එම රසූල්වරයාට) ඉදිරියෙන් හා පසු පසින් ආරක්ෂකයින් පත් කරන්නේය.
28

لِّيَعْلَمَ أَن قَدْ أَبْلَغُوا رِسَالَاتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَىٰ كُلَّ شَيْءٍ عَدَدًا

ඔවුන්ගේ පරමාධිපතිගේ දූත පණිවිඩයන් (නිසි ලෙස) දන්වා සිටියේ ද යැයි දැන ගැනීම පිණිසය. තවද ඔවුන් අතර ඇති දෑ ඔහු සර්ව ප්රකාරයෙන් දන්නේය. තවද ඔහු සෑම දෙයක්ම ගණනය කර දැන ඇත්තේය.
المزملමක්කී
1

يَا أَيُّهَا الْمُزَّمِّلُ

(පොරෝණයකින්) පොරවා ගත් තැනැත්තාණනි, 1
1මෙයට සිද්ධීන් දෙකක් මුල් වූ බව සඳහන් වේ. පළමුවැන්න. අල්ලාහ්ගේ දූත නබි මුහම්මද් තුමාණන් හිරා නම් ගුහාවෙහි අල්ලාහ්ව සිහිපත් කරමින් සිටිය දී පළමු වරට එතුමාණන්ට වහී නම් දේව පණිවිඩ පහළවන්නට පටන් ගත්තේය. තමන්ට ලැබුණු මෙම අසාමාන්යය දේව පණිවිඩය හා එය රැගෙන ආ ජිබ්රීල් නම් මලක්වරයා දුටු එතුමාණෝ තිගැස්සී බියෙන් එම ගුහාවෙන් පිටතට පැමිණ වේගයෙන් තම නිවස බලා පිටත්ව ගොස් තම බිරිය වන කදීජා තුමියට පොරෝණයකින් පොරවන්නැ’යි ඉල්ලා සිටියහ. දෙවැන්න. මක්කාවාසීහු නබි මුහම්මද් තුමාණන්ට ‘මිත්රත්වය වෙන් කරන හූනියම් කරුවෙකු’යි චෝදනා කළෝය. එය ඇසූ එතුමාණෝ දුකට පත්ව පොරෝණයකින් පොරවා ගෙන සිටියහ. මෙම අවස්ථාවන්හි එසේ පොරවා ගෙන සිටි එතුමාණන්ට ‘පොරවා ගෙන සිටින්නාණනි’ යනුවෙන් අල්ලාහ් ඉතා ආදරයෙන් ආමන්ත්රණය කොට පහත සඳහන් කරුණු විස්තර කළේය.
2

قُمِ اللَّيْلَ إِلَّا قَلِيلًا

(නැමදුම පිණිස) රාත්රියේ නැගිට සිටිවු. (එයින්) ස්වල්පයක් මිස.
3

نِّصْفَهُ أَوِ انقُصْ مِنْهُ قَلِيلًا

(එනම්) එයින් අඩකි. නැතහොත් එයින්(එම අඩ කාලයෙන්) ස්වල්පයක් අඩු කර ගනිවු.
4

أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا

එසේත් නැතිනම් එයට වඩා (කාලය) අධික කර ගනිවු. 2 අල් කුර්ආනය නිසි අයුරින් කියවවු.
2රාත්රියෙන් අඩක් යනුවෙන් අදහස් කරනුයේ රාත්රියේ අවසන් භාගය යන්නයි. ‘ඉන් ස්වල්පයක් අඩු කර ගනු’ යනුවෙන් අදහස් කරනුයේ රාත්රියේ අවසන් භාගයෙන් අඩක ප්රමාණයක් යන්නය. ‘එයට වඩා අධික කර ගනු’ යනුවෙන් අදහස් කරනුයේ අවසන් භාගයෙන් අඩකට වඩා අධික කර ගනු යන්නය. මෙය රාත්රී සලාතය අදහස් කරයි. නබි මුහම්මද් තුමාණන් තම හැකියාවට අනුව මෙම කාල ප්රභේදයන්හි සලාතය නිරත වන මෙන් අල්ලාහ් නියෝග කළේය. එතුමාණන් ද එහි අඛණ්ඩව නිරත වූහ. එය සාමාන්යය මුස්ලිම්වරුන්ට අනිවාර්යය දෙයක් නොවන්නේය.
5

إِنَّا سَنُلْقِي عَلَيْكَ قَوْلًا ثَقِيلًا

සැබැවින්ම අපි ඉතා බරැති වදනක් ඔබ මත දමන්නෙමු.
6

إِنَّ نَاشِئَةَ اللَّيْلِ هِيَ أَشَدُّ وَطْئًا وَأَقْوَمُ قِيلًا

සැබැවින්ම රාත්රියෙහි (නැමදුම සඳහා) අවදි වීම එය සිතට දැඩි පාලනයකි. තවද (පාරායනය කරන) වදන (අවබෝධ කර ගැනීම)ට වඩා උචිතය.
7

إِنَّ لَكَ فِي النَّهَارِ سَبْحًا طَوِيلًا

සැබැවින්ම නුඹට දහවල් කාලයේ දීර්ඝ කාර්යයන් ඇත්තේය.
8

وَاذْكُرِ اسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًا

නුඹගේ පරමාධිතිගේ නාමය මෙනෙහි කරවු. තවද (අවංක) බැතිමත්භාවයෙන් ඔහු වෙතම බිය භක්තිමත් වවු.
9

رَّبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ لَا إِلَـٰهَ إِلَّا هُوَ فَاتَّخِذْهُ وَكِيلًا

(ඔහු) නැගෙනහිරෙහි හා බටහිරෙහි හිමිකරු ය. ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. එබැවින් ඔහුවම භාරකරුවකු වශයෙන් ගනිවු.
10

وَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاهْجُرْهُمْ هَجْرًا جَمِيلًا

(ප්රතික්ෂේප කළ) ඔවුන් පවසන දෑ පිළිබඳව නුඹ ඉවසිලිමත් වවු. අලංකාර වෙන්වීමකින් නුඹ ඔවුන්ගෙන් වෙන් වී සිටිවු.
11

وَذَرْنِي وَالْمُكَذِّبِينَ أُولِي النَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلًا

(නබිවරය,) සම්පත් හිමි අසත්යය කළවුන් සමග (ඔවුන් පිළිබඳව කටයුතු කිරීම සඳහා) මා අත හැර දමවු. ඔවුනට සුළු අවකාශයක් ලබා දෙවු.
12

إِنَّ لَدَيْنَا أَنكَالًا وَجَحِيمًا

සැබැවින්ම (ඔවුන් සඳහා) විලංගු ද නිරය ද අප සතුව ඇත.
13

وَطَعَامًا ذَا غُصَّةٍ وَعَذَابًا أَلِيمًا

තවද (නිරයෙහි) උගුර හිර කරන ආහාර ද වේදනීය දඬුවම ද (අප සතුව ඇත.)
14

يَوْمَ تَرْجُفُ الْأَرْضُ وَالْجِبَالُ وَكَانَتِ الْجِبَالُ كَثِيبًا مَّهِيلًا

පොළොව හා කඳු කම්පනය වන දිනයෙහි කඳු හැලෙන්නා වූ වැලි ගොඩ වල් බවට පත් වන්නේය.
15

إِنَّا أَرْسَلْنَا إِلَيْكُمْ رَسُولًا شَاهِدًا عَلَيْكُمْ كَمَا أَرْسَلْنَا إِلَىٰ فِرْعَوْنَ رَسُولًا

සැබැවින්ම අපි ෆිර්අවුන් වෙත රසූල්වරයෙකු යැවූ අයුරින්ම නුඹලා පිළිබඳව සාක්ෂි දරන රසූල්වරයෙකු නුඹලා වෙත ද යැව්වෙමු.
16

فَعَصَىٰ فِرْعَوْنُ الرَّسُولَ فَأَخَذْنَاهُ أَخْذًا وَبِيلًا

නමුත් ෆිර්අවුන් එම රසූල්වරයාට පිටුපෑවේය. එබැවින් අපි ඔහුව දැඩි ග්රහණයකින් ග්රහණය කළෙමු.
17

فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ الْوِلْدَانَ شِيبًا

නුඹලා ප්රතික්ෂේප කළේ නම් දරුවන්ගේ කෙස් (මහල්ලන්ගේ මෙන්) පැහැ ගන්වන (විනිශ්චය) දිනයෙහි නුඹලා ආරක්ෂා වනුයේ කෙසේ ද?
18

السَّمَاءُ مُنفَطِرٌ بِهِ ۚ كَانَ وَعْدُهُ مَفْعُولًا

එ(දිනයෙ)හි අහස පැළී යන්නේය. ඔහු(අල්ලාහ්)ගේ ප්රතිඥාව (ස්ථීර වශයෙන්ම) සිදු වන්නකි.
19

إِنَّ هَـٰذِهِ تَذْكِرَةٌ ۖ فَمَن شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا

සැබැවින්ම මෙය උපදෙසකි. කවරෙකු අභිමත කරන්නේ ද ඔහු තම පරමාධිපති වෙත වූ මාවත ගනිත්වා!
20

إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِن ثُلُثَيِ اللَّيْلِ وَنِصْفَهُ وَثُلُثَهُ وَطَائِفَةٌ مِّنَ الَّذِينَ مَعَكَ ۚ وَاللَّهُ يُقَدِّرُ اللَّيْلَ وَالنَّهَارَ ۚ عَلِمَ أَن لَّن تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ ۖ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ ۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرْضَىٰ ۙ وَآخَرُونَ يَضْرِبُونَ فِي الْأَرْضِ يَبْتَغُونَ مِن فَضْلِ اللَّهِ ۙ وَآخَرُونَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ ۖ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنْهُ ۚ وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا ۚ وَمَا تُقَدِّمُوا لِأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ اللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا ۚ وَاسْتَغْفِرُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

සැබැවින්ම නුඹ ද නුඹ සමග සිටින්නන් අතුරින් පිරිසක් ද (විටක) රාත්රියෙන් තුනෙන් දෙකකට වඩා අඩුවෙන් හෝ (විටක) ඉන් අඩක හෝ (විටක) ඉන් තුනෙන් එකක හෝ (රාති්රයේ නැමදුම සඳහා) නැගිට සිටින බව සැබැවින්ම නුඹගේ පරමාධිපති දන්නේය. තවද අල්ලාහ් රාත්රිය හා දහවල නිර්ණය කරන්නේය. නුඹලාට එය (අඛණ්ඩව) ගණනය කළ නොහැක්කේම යැයි ඔහු දැන සිටියේය. එබැවින් නුඹලා වෙනුවෙන් ඔහු පශ්චාත්තාපය පිළිගත්තේය. එබැවින් අල් කුර්ආනයෙන් (නුඹලාට හැකි) පහසු දෑ කියවවු. නුඹලා අතර රෝගීන් සිටිය හැකි බව ද තවත් සමහරෙකු අල්ලාහ්ගේ වරප්රසාදයන් සොයමින් මහ පොළොවේ සැරිසරමින් සිටිය හැකි බව ද තවත් සමහරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරමින් සිටිය හැකි බව ද ඔහු(අල්ලාහ්) දැන සිටියේය. එබැවින් නුඹලා එයින් (අල් කුර්ආනයෙන් නුඹලාට හැකි) පහසු දෑ කියවවු. සලාතය ස්ථාපිත කරවු. තවද zසකාතය පිරිනමවු. අල්ලාහ්ට අලංකාරවත් ණයක් ලබා දෙවු. 3 යහ දැයින් නුඹලා වෙනුවෙන් පෙරටු කළ දෑ අල්ලාහ් අබියස එය යහපතක් ලෙස ද ප්රතිඵලයෙන් අති මහඟු ලෙස ද නුඹලා ලබා ගන්නේය. තවද නුඹලා අල්ලාහ්ගෙන් සමාව ඇයැද සිටිවු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
3අල්ලාහ්ට අලංකාර ණයක් ලබා දෙනු යනු අල්ලාහ් වෙනුවෙන් කිසිඳු පැකිළීමකින් තොරව වියදම් කිරීම යන්නයි. පොදුවේ ණය යනුවෙන් අදහස් කෙරෙනුයේ ණයක් වශයෙන් යමක් ලබා ගත්තෙකු නැවත ලබා දීම ඔහු කෙරෙහි පැවරෙන වගකීමක් ලෙසිනි. එබැවින් අප අල්ලාහ් වෙනුවෙන් පිරිනමන දානමානයන් ණයක් වශයෙන් භාරගෙන මතුලොව එය සදහා කුළියක් සම්පූර්ණයෙන්ම නැවත ලැබෙන අතර ඊට අමතරව ද වරප්රසාදයන් අධික ලෙස ලැබෙනු ඇත.
المدثرමක්කී
1

يَا أَيُّهَا الْمُدَّثِّرُ

(තැති ගත් තත්ත්වයේ වස්ත්රයකින්) පොරවා ගත් තැනැත්තාණනි, 1
1අල් කුර්ආන් 73:1 වැනි ආයතයට අදාළ පාද සටහන බලන්න.
2

قُمْ فَأَنذِرْ

නුඹ නැගිටිවු. තවද අවවාද කරවු.
3

وَرَبَّكَ فَكَبِّرْ

තවද නුඹගේ පරමාධිපතිගේ ශ්රේෂ්ඨත්වය ප්රකාශ කරවු.
4

وَثِيَابَكَ فَطَهِّرْ

තවද නුඹගේ වස්ත්රයන් පවිත්ර කරවු. 2
2මින් අදහස් වන්නේ කායික හා මානසික පවිත්රතාව පිළිබඳවයි.
5

وَالرُّجْزَ فَاهْجُرْ

තවද අශික්ෂිත දැයින් වැළකී සිටිවු. 3
3අශික්ෂිත දෑ යන අදහස ගෙන දෙන අරාබි පදය ‘අර් රුජ්zස්’ වේ. රුජ්zස් යන භාෂාමය අදහස බාහිර අපවිත්ර දැයින් පිවිතුරු වීමය. නමුත් බොහෝ විවරණකරුවන්ගේ අදහස වනුයේ අභ්යන්තරයේ සිදු වන චිත්ත පාරිශුද්ධිය පිළිබඳව යන්නයි. එනම් බහු දේව වන්දනාවෙන් හා පිළිම වන්දනාවෙන් තම සිත දුරස් කර වැළකී සිටින මෙන්ය.
6

وَلَا تَمْنُن تَسْتَكْثِرُ

තවද අධිකව (ප්රතිඋපකාර) ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් (පමණක් කිසිවෙකුට) උපකාර නොකරවු.
7

وَلِرَبِّكَ فَاصْبِرْ

තවද නුඹගේ පරමාධිපති වෙනුවෙන් ඉවසිලිමත් වවු. 4
4මෙය අල් කුර්ආනයේ දෙවනුව පහළ වූ ආයතයන්ය. නබි මුහම්මද් තුමාණන්ගේ මුල් කාලයේ මිථ්යා දෘෂ්ටිකයින් විසින් සිදු කරන ලද බොහෝ හිංසාවන්ට එතුමාණෝ ලක් වූහ. එකල ආත්මාරක්ෂාවට පවා ප්රතිප්රහාර එල්ල කිරීම තහනම්ව පැවතිණි. එබැවින් අල්ලාහ් වෙනුවෙන් ඉවසිලිමත්ව සිටින්නැ’යි මෙම ආයතය පවසා සිටියි.
8

فَإِذَا نُقِرَ فِي النَّاقُورِ

එබැවින් හොරණෑවෙන් පිඹිනු ලබන විට
9

فَذَٰلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ

එදින එය අසීරු දිනයකි.
10

عَلَى الْكَافِرِينَ غَيْرُ يَسِيرٍ

(එය) ප්රතික්ෂේපකයින්හට පහසු නොවන්නකි.
11

ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا

(නබිවරය,) තනිකඩයෙකු ලෙස මා මැවූ කෙනා සමග (කටයුතු කිරීම සඳහා) මා අත හැර දමවු. 5
511-26 දක්වා වූ වැකි වලීද් ඉබ්නු මුගීරා සම්බන්ධයෙන් පහළ වූවකි. ඔහු මක්කාවේ විසූ ප්රකට ධනවතෙකි. ආරම්භයේ ඔහු කිසිදු ඥාතියෙකු හෝ සම්පතක් හෝ නොතිබූ තනිකඩ පුද්ගලයෙක් විය. පසුව අල්ලාහ්ගේ ආශිර්වාදය තුළින් ඔහුට අසමසම දරු සම්පත හා ධන සම්පත පිරිනමන ලදී. එබැවින් මක්කා වැසියන් ඔහුට ‘වහීද්’ (අසමසම පුද්ගලයෙකු) යැයි හැඳින් වූහ. පරිවර්තනයේ වහීද් යන වචනය ‘තනිව’ යනුවෙන් දී ඇතැත් එය අසමසම යන අදහස ද ගෙන දෙන්නේය.
12

وَجَعَلْتُ لَهُ مَالًا مَّمْدُودًا

තවද ව්යාප්ත වන සම්පත ඔහුට මම ඇති කළෙමි.-
13

وَبَنِينَ شُهُودًا

තවද (ඔහු) ඉදිරියේ සිටින පිරිමි දරුවන් ද (ඔහුට මම ඇති කළෙමි.)
14

وَمَهَّدتُّ لَهُ تَمْهِيدًا

තවද ඔහු සඳහා (බලය හා ගෞරවය ඇතුළු සියලු දෑ) දැඩි ලෙස ව්යාප්ත කළෙමි.
15

ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ

ඉන් පසුව ද මා ඔහුට තවත් අධික කළ යුතු යැයි ඔහු ආශා කරයි.
16

كَلَّا ۖ إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا

කෙදිනකවත් නැත. සැබැවින්ම ඔහු අපගේ වදන් පිළිබඳව (ප්රතික්ෂේප කිරීමෙහි) දැඩි හිතුවක්කාරයෙක් විය.
17

سَأُرْهِقُهُ صَعُودًا

සඌද් කන්ද තරණය කරන්නට මම බල කරන්නෙමි. 6
6‘සඌද්’ යනු නිරයේ ඇති දැඩි උෂ්ණත්වයෙන් යුත් ගල් කන්දකි.
18

إِنَّهُ فَكَّرَ وَقَدَّرَ

සැබැවින්ම ඔහු කල්පනා කළේය. තවද (ව්යාජ අනුමානයක්) සැලසුම් කළේය. 7
718 සිට 25 දක්වා වූ ආයත් වල පසුබිම පහත සඳහන් පරිදිය. නබි මුහම්මද් තුමාගේ ඒක දේව ප්රචාරය හේතුවෙන් මක්කා වාසීහු වැල නොකැඩී ඉස්ලාමය වැලඳ ගත්හ. එබැවින් හජ් උත්සව සමයේ මක්කාවට පැමිණෙන විදේශකයින් පවා මෙතුමාගේ දේශනාවට සවන් දී ඉස්ලාමය වැලඳ ගනු ඇතැයි යන බිය මක්කා ප්රතික්ෂේපකයින් අතර හට ගැනිණ. මේ ගැන සාකච්ඡා කිරීම සඳහා ඔවුහු රහසිගතව රැස්වූහ. එහි දී විවිධ යෝජනා ඉදිරිපත් කරන ලදි. ඒ අතුරින් වලීද් ඉබ්නු මුගීරා නැමැත්තා නබි මුහම්මද් තුමාණන්ගේ පවිත්රභාවය අවබෝධ කර ගෙන සිටිය ද මෙසේ ප්රකාශ කර සිටීය. ‘ඉස්ලාමය පිළිගත් අය පැරණි ආගම පිළිපදින්නා වූ ඥාතීන්ගෙන් වෙන්ව යති. එහෙයින් මෙම ක්රියාව හූනියම්කරුවෙකුගේ ක්රියාවට සමානය. එහෙයින් මොහු හූනියම්කරුවෙකු යැයි අප සියල්ල ඒකමතිකව පවසන්නේ නම් මොහුගේ දේශනාවන් ව්යර්ථ කළ හැකිය යන එකඟතාවට පැමිණියේය. අල්ලාහ් මෙම අදහස ඉදිරිපත් කළ වලීද් ඉබ්නු මුගීරාගේ හැසිරීම ඉදිරිපත් කරමින් ඔහුට ශාප කළේය.
19

فَقُتِلَ كَيْفَ قَدَّرَ

එහෙයින් (තම ව්යාජ අනුමානය) කෙසේ සැලසුම් කළේ ද ඒ අයුරින්ම ඔහුට මරණය අත්වේවා!
20

ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ

නැවතත්, (තම ව්යාජ අනුමානය) කෙසේ සැළසුම් කළේ ද ඒ අයුරින්ම ඔහුට මරණය අත්වේවා!
21

ثُمَّ نَظَرَ

පසුව ඔහු (ඔහු අවට අය දෙස) බැලූවේය.
22

ثُمَّ عَبَسَ وَبَسَرَ

අනතුරුව ඔහුගේ මුහුණ රැලි ගැසී දුර්මුඛ විය.
23

ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ

පසුව ඔහු (සත්ය විශ්වාසය) පිටුපා උඩඟු වූයේය.
24

فَقَالَ إِنْ هَـٰذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ

එබැවින් මෙසේ කීය. ‘මෙය බලපෑම් ඇති කරන හූනියමක් මිස නැත.
25

إِنْ هَـٰذَا إِلَّا قَوْلُ الْبَشَرِ

තවද මෙය මිනිස් වදනක් මිස (වෙනකක්) නොවේ.’
26

سَأُصْلِيهِ سَقَرَ

මා ඔහුව සකර් නම් නිරයට ඇතුළු කර( දවාල)න්නෙමි.
27

وَمَا أَدْرَاكَ مَا سَقَرُ

සකර් යනු කුමක්දැ’යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
28

لَا تُبْقِي وَلَا تَذَرُ

එය (කිසිවෙක්) ඉතිරි නොකරන්නේය. තවද (කිසිවෙක්) අත හැර නොදමන්නේය.
29

لَوَّاحَةٌ لِّلْبَشَرِ

එය හම පුලුස්සා දමන්නකි.
30

عَلَيْهَا تِسْعَةَ عَشَرَ

ඒ මත (මලක්වරුන්) දහනව දෙනෙකු සිටිති.-
31

وَمَا جَعَلْنَا أَصْحَابَ النَّارِ إِلَّا مَلَائِكَةً ۙ وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِّلَّذِينَ كَفَرُوا لِيَسْتَيْقِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَيَزْدَادَ الَّذِينَ آمَنُوا إِيمَانًا ۙ وَلَا يَرْتَابَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْمُؤْمِنُونَ ۙ وَلِيَقُولَ الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَالْكَافِرُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَـٰذَا مَثَلًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَن يَشَاءُ وَيَهْدِي مَن يَشَاءُ ۚ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ ۚ وَمَا هِيَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ

මලක්වරුන් මිස (අන් කිසිවෙකු) නිරයේ භාරකරුවන් ලෙස අපි පත් නොකළෙමු. 8 තවද ප්රතික්ෂේප කළවුනට ඔවුන්ගේ සංඛ්යාව පිරික්සුමක් ලෙස මිස අපි ඇති නොකළෙමු. ධර්ම පුස්තකය පිරිනමනු ලැබූවන් (අල් කුර්ආනය පිළිබඳව) විශ්වාසයෙහි ස්ථීර වීම පිණිස ද 9 විශ්වාස කළවුන් විශ්වාසය වර්ධනය කරනු පිණිස ද ධර්ම පුස්තකය පිරිනමනු ලැබූවන් හා විශ්වාසවන්තයින් (ඒ පිළිබඳව) සැක නොසීතීම පිණිස ද කවරෙකුගේ සිතෙහි රෝග ඇත්තේ ද ඔවුන් හා ප්රතික්ෂේපකයින් ‘මෙමගින් උපමාවක් වශයෙන් (ගෙන හැර පෑමෙන්) අල්ලාහ් අපේක්ෂා කළේ කුමක්දැ?යි පැවසීම පිණිස ද (මෙලෙස අපි කළෙමු.) මෙලෙසය අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යන්නට ඉඩ හරිනුයේ. තවද තමන් අභිමත කරන අයට යහමග සොයාගන්නට ඉඩ සලස්වනුයේ. නුඹගේ පරමාධිපතිගේ සේනාවන් ඔහු හැර (අන් කිසිවෙකු) නොදනිති. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
8මෙම ආයතය එක්තරා අයුරකින් දේව ප්රතික්ෂේපකයින්ට වූ අභියෝගයකි. ඔවුන් අතර සිට අබුල් අසද් නමැත්තා තමන්ගේ කායික බලය පෙන්වීම පිණිස 19 දෙනෙකු වුව ද මට මැඩ පැවැත්විය හැකි යැයි පවසා සිටීය. එම ප්රකාශයට පිරික්සුමක් වශයෙන් මෙම ආයතය පිහිටා ඇත.
9අල් කුර්ආනයට පෙර පහළ වූ තව්රාතයෙහි(Thorah) පවා දහ නව දෙනෙකු පිළිබඳව මේ අයුරින්ම සඳහන් වී තිබිණ. එහෙයින් ඉස්ලාමය පිළිබඳ විශ්වාසය වඩාත් තහවුරු කර ගැනීමට මෙම ආයතය ඔවුනට රුකුලක් විය.
32

كَلَّا وَالْقَمَرِ

ඇත්තෙන්ම සඳ මත දිවුරමින්.
33

وَاللَّيْلِ إِذْ أَدْبَرَ

තවද රාත්රිය පසු පසට යන විට එය මත දිවුරමින්.
34

وَالصُّبْحِ إِذَا أَسْفَرَ

උදෑසන කහ පැහැ ගන්වන විට එය මත දිවුරමින්.
35

إِنَّهَا لَإِحْدَى الْكُبَرِ

සැබැවින්ම එය(සකර් නම් නිරය) මහා විශාල දැයින් එකක් වන්නේය.
36

نَذِيرًا لِّلْبَشَرِ

(එය) මිනිස් වර්ගයාට අවවාදයකි.
37

لِمَن شَاءَ مِنكُمْ أَن يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ

නුඹලා අතුරින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු (යහ ක්රියාවන්හි) පෙරමුණ ගත හැක. නැතහොත් (එය ප්රතික්ෂේප කර) පසු බැසිය හැක.-
38

كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ

සෑම ආත්මයක්ම තමන් උපයා ගත් දේවල් සඳහා (නිරයෙහි) රඳවා ගනු ලැබේ.
39

إِلَّا أَصْحَابَ الْيَمِينِ

(එනමුත්) දකුණු පස සගයින් හැරය. 10
10දකුණු පස සගයින් යනු තම ක්රියා ලේඛනය දකුණු අතට පිරිනමනු ලැබූ අයයි. (අල් කුර්ආන් 68:19 සිට බලන්න).
40

فِي جَنَّاتٍ يَتَسَاءَلُونَ

වැරදිකරුවන් පිළිබඳව ඔවුහු(දකුණු පස සගයෝ) විමසා ගනිමින් ස්වර්ගයන්හි වෙති.
41

عَنِ الْمُجْرِمِينَ

වැරදිකරුවන් පිළිබඳව ඔවුහු(දකුණු පස සගයෝ) විමසා ගනිමින් ස්වර්ගයන්හි වෙති.
42

مَا سَلَكَكُمْ فِي سَقَرَ

(එනම්) ‘සකර්හි නුඹලාව ඇද දැමුවේ කුමක් ද?’
43

قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ

(එයට) ‘අප සලාතය ස්ථාපිත කරන්නන් අතුරින් නොවීමු’ යැයි ඔවුහු පවසති.
44

وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ

‘තවද අපි දිළින්ඳන්ට ආහාර සපයන්නන් නොවීමු.
45

وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ

තවද අපි (සත්යයට විරුද්ධ ක්රියාවන්හි) ගිලී සිටි අය සමග ගිලෙමින් සිටියෙමු.
46

وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ

තවද අපි විනිශ්චය දිනය පිළිබඳව අසත්යය කරමින් සිටියෙමු.
47

حَتَّىٰ أَتَانَا الْيَقِينُ

(මරණය නම්) නිශ්චිත දෑ අප වෙත පැමිණෙන තුරු’ (මෙලෙසම අපි සිටියෙමුයි පවසති.)
48

فَمَا تَنفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ

එබැවින් (ඔවුන්) වෙනුවෙන් ඇයැදි සිටින්නන්ගේ 11 අයැදීම ඔවුනට (කිසිඳු) ප්රයෝජනයක් නොවන්නේය.
11විනිශ්චය දිනයේ තව කෙනෙකු වෙනුවෙන් අයැද සිටින්නන් යනු මලක්වරුන්, නබිවරුන් හා දැහැමියන් යන්නයි.
49

فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِينَ

උපදෙස පිටුපාන්නන් වීමට ඔවුනට කුමක් සිදු වීද?
50

كَأَنَّهُمْ حُمُرٌ مُّسْتَنفِرَةٌ

(ඔවුන්) සිංහයාගෙන් (බේරී) පලා දුවන කැලෑ බූරුවන් මෙනි.
51

فَرَّتْ مِن قَسْوَرَةٍ

(ඔවුන්) සිංහයාගෙන් (බේරී) පලා දුවන කැලෑ බූරුවන් මෙනි.
52

بَلْ يُرِيدُ كُلُّ امْرِئٍ مِّنْهُمْ أَن يُؤْتَىٰ صُحُفًا مُّنَشَّرَةً

නමුත් ඔවුන් අතුරින් සෑම කෙනෙකුම තමන්හට දිගු හරිනු ලැබූ (දිව්යමය) ලේඛනයන් පිරිනමනු ලැබිය යුතු යැයි අපේක්ෂා කරති.-
53

كَلَّا ۖ بَل لَّا يَخَافُونَ الْآخِرَةَ

එසේ (ඔවුන් සිතන පරිදි) නොව. නමුත් ඔවුහු මතුලොව පිළිබඳව බිය නොවෙති.
54

كَلَّا إِنَّهُ تَذْكِرَةٌ

ඇත්තෙන්ම, මෙය උපදෙසකි.
55

فَمَن شَاءَ ذَكَرَهُ

කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එය මෙනෙහි කර(උපදෙස් ලබ)ත්වා!
56

وَمَا يَذْكُرُونَ إِلَّا أَن يَشَاءَ اللَّهُ ۚ هُوَ أَهْلُ التَّقْوَىٰ وَأَهْلُ الْمَغْفِرَةِ

(නමුත්) අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු මෙනෙහි නොකරති. ඔහු(අල්ලාහ්)ය බිය භක්තිය(පෑම)ට සුදුස්සා තවද සමාව(දීම)ට හිමිය.
القيامةමක්කී
1

لَا أُقْسِمُ بِيَوْمِ الْقِيَامَةِ

(මළවුන්) නැගිටුවන දිනය මත මම දිවුරමි.
2

وَلَا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ

(එම දිනය සත්යයක් යැයි) අධික ලෙස (තමන්ටම) අවලාද කර ගන්නා ආත්මාව මත මම දිවුරමි.
3

أَيَحْسَبُ الْإِنسَانُ أَلَّن نَّجْمَعَ عِظَامَهُ

මිනිසා (මරණයෙන් පසු) තම අස්ථීන් නැවත කිසිවිටක අපි එක්රැස් නොකරන්නෙමු යැයි සිතන්නේ ද?
4

بَلَىٰ قَادِرِينَ عَلَىٰ أَن نُّسَوِّيَ بَنَانَهُ

එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු (පවා මනා ලෙස) අප (නැවත) සැකසීමට ශක්තිය ඇත්තෝ වෙමු. 1
1ඇඟිලි තුඩුහි රේඛාවන් මිනිසාගෙන් මිනිසාට වෙනස්ය. ඇතැම් විට ඇතැම් ශරීර අවයවයන් සමානව පැවතුණ ද ඇඟිලි තුඩු රේඛාවන් එසේ නොවන්නේය. මළවුන් නැගිටුවනු ලබන දිනයේ ඇඟිලි තුඩු පවා මනා ලෙස එලෙසින්ම නැවත සැකසනු ඇතැයි අදහස් කරන මෙම ආයතය මිනිසාගේ අනන්යතාව ආරක්ෂා කරමින් සෑම මිනිසෙකුව ඔවුනොවුන්ගේ සැබෑ නිර්මාණයෙන් අවදි කිරීමට තරම් අල්ලාහ් බලවත්ය. මෙවැනි නූතන විද්යාත්මක කරුණක් වර්ෂ 1400 කට පෙර පැවසිය හැක්කේ එය නිර්මාණය කළ සර්ව බලධාරියාට පමණි.
5

بَلْ يُرِيدُ الْإِنسَانُ لِيَفْجُرَ أَمَامَهُ

නමුත් මිනිසා ඔහු ඉදිරි(අනාගත)යේ දී වැරදි කිරීමට අපේක්ෂා කරයි.
6

يَسْأَلُ أَيَّانَ يَوْمُ الْقِيَامَةِ

(මළවුන්) නැගිටුවනු ලබන දිනය කවදා දැ’යි (සමච්චලයෙන් යුතුව) ඔහු විමසයි.
7

فَإِذَا بَرِقَ الْبَصَرُ

එබැවින් බැල්ම තැති ගන්නා විට
8

وَخَسَفَ الْقَمَرُ

තවද චන්ද්රයා අඳුරු වී යන විට
9

وَجُمِعَ الشَّمْسُ وَالْقَمَرُ

තවද සූර්යයා හා චන්ද්රයා එක් කරනු ලැබූ විට
10

يَقُولُ الْإِنسَانُ يَوْمَئِذٍ أَيْنَ الْمَفَرُّ

’පලා යා හැකි ස්ථානයක් කොහේ ඇත් දැ?’යි එදින මිනිසා විමසයි.
11

كَلَّا لَا وَزَرَ

එසේ නොව (එහි) මිදෙන්නට කිසිඳු ස්ථානයක් නොවන්නේය.
12

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ

එදින ස්ථිර වූ නවාතැන නුඹගේ පරමාධිපති වෙතය.
13

يُنَبَّأُ الْإِنسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ

එදින මිනිසාට ඔහු පෙරටු කළ දෑ හා පසු කළ දෑ (හැර දමා ආ දෑ) පිළිබඳව දැනුම් දෙනු ලබන්නේය.-
14

بَلِ الْإِنسَانُ عَلَىٰ نَفْسِهِ بَصِيرَةٌ

නමුත් මිනිසා තම නිදහසට කරුණු (පැහැදිලිව) ඉදිරිපත් කළ ද ඔහු ඔහුටම එරෙහිව සාක්ෂියක් වන්නේය.
15

وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُ

නමුත් මිනිසා තම නිදහසට කරුණු (පැහැදිලිව) ඉදිරිපත් කළ ද ඔහු ඔහුටම එරෙහිව සාක්ෂියක් වන්නේය.
16

لَا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ

(නබිවරය,) එය(අල් කුර්ආනය) ඉක්මන් (කර ධාරණය) කිරීම පිණිස නුඹගේ දිව මේ සඳහා නොසොලවවු. 2
2ජිබ්රීල් තුමාණන් අල් කුර්ආනයෙන් කොටසක් ගෙනැවිත් නබි මුහම්මද් තුමාණන් ඉදිරියේ ගෙන හැර පෑ විට තමන්ට අමතක වී යනු ඇතැයි යන බියෙන් ජිබ්රීල් තුමාණෝ කියූ පරිදිම එතුමා පවසන්නට පටන් ගත්හ. මෙසේ කළ හේතුවෙන් එතුමාණන්ට එහි අසීරුකම හා දුෂ්කරතාව වැඩි විය. එබැවින් අල්ලාහ් 17-19 දක්වා වූ ආයතයන් වලින් එය පාරායනය කරවීම ද එය තම මතකයේ තැබීම ද එය විග්රහ කිරීම ද අල්ලාහ්ගේ වගකීමක් යැයි පවසා එතුමාණන්ව සනසා ඇත.
17

إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ

සැබැවින්ම එය (සිතෙහි එක්රැස් කර) තැන්පත් කිරීම ද එය පාරායනා කරවීම ද අප කෙරෙහි (වූ වගකීමක්) වන්නේය.
18

فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ

එබැවින් එය අප පාරායනා කළ විට එම පාරායනය නුඹ අනුගමනය කරවු.
19

ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُ

පසුව සැබැවින්ම එය පැහැදිලි කිරීම ද අප කෙරෙහි (වූ වගකීමක්) වන්නේය.
20

كَلَّا بَلْ تُحِبُّونَ الْعَاجِلَةَ

(කියාමත් දිනයේ නැගිටුවනු ලැබීම පදනම් රහිත දෙයක් බව නුඹලා සිතන පරිදි) නොව නමුත් නුඹලා මෙලොව ජීවිතය පි්රය කරන්නෙහුය.
21

وَتَذَرُونَ الْآخِرَةَ

තවද නුඹලා මතු ලොව නොසලකා හරින්නෙහුය.
22

وُجُوهٌ يَوْمَئِذٍ نَّاضِرَةٌ

එදින (ඇතැම්) මුහුණු තම පරමාධිපති දෙස බලමින් දීප්තියෙන් පවතී.
23

إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ

එදින (ඇතැම්) මුහුණු තම පරමාධිපති දෙස බලමින් දීප්තියෙන් පවතී.
24

وَوُجُوهٌ يَوْمَئِذٍ بَاسِرَةٌ

එදින තවත් (ඇතැම්) මුහුණු (ශෝකයෙන්) කළු මැල වී පවතී.
25

تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌ

(මන්දයත්) කොන්ද බිඳ දමන දරුණු විපත්තිය ඒවාට සිදුවනු ඇතැ’යි ස්ථිර ලෙස විශ්වාස කරන බැවිනි.
26

كَلَّا إِذَا بَلَغَتِ التَّرَاقِيَ

(මෙලොව ජීවිතය සදාතනික යැයි තමන් සිතන පරිදි) නොව, ප්රාණය උගුරු දණ්ඩට ළඟා වූ විට
27

وَقِيلَ مَنْ ۜ رَاقٍ

(සුවය පතා) මතුරන්නා කවරෙකු දැ’යි විමසනු ලැබූ විට, 3 -
3කිසියම් පුද්ගලයෙකු මරණාසන්න මොහොතේ සිටිය දී ඔහුගේ ඥාතීන් හා මිතුරන් මන්ත්රකරුවෙකු ලවා මතුරන්නට සැලැස්වීම එකල අරාබිවරුන්ගේ සිරිතක් විය. එමගින් ඔහුට ප්රාණාරක්ෂාව ලැබෙනු ඇතැ’යි ඔවුහු සිතූහ. නමුත් එසේ මතුරන්නෙකු සිටිය ද එම ප්රාණය කිසිදු ප්රමාදයකින් තොරව ගන්නා බව මෙයින් අල්ලාහ් අවධාරණය කරයි.
28

وَظَنَّ أَنَّهُ الْفِرَاقُ

සැබැවින්ම එයමය (මෙලොවින්) වෙන්වීම යැයි ඔහු ස්ථීර කර ගන්නේය.
29

وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ

කෙණ්ඩය කෙණ්ඩයත් සමග පැටලෙනු ඇත. 4
4‘කෙණ්ඩය කෙණ්ඩය සමග පැටලෙනු ඇත’ යන්නෙන් අදහස් කරනුයේ මිනිසාගේ මරණාසන්න මොහොතේ ඇතිවන භයානක අවස්ථාවයි.
30

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمَسَاقُ

එදිනය නුඹගේ පරමාධිපති වෙත (නුඹලා) ඇදගෙන යනු ලබනුයේ.
31

فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ

තවද ඔහු සත්යය පිළිගත්තේ ද නැත. සලාතය ඉටු කළේ ද නැත.
32

وَلَـٰكِن كَذَّبَ وَتَوَلَّىٰ

එනමුත් ඔහු (අල් කුර්ආනය) අසත්යය කළේය. පිටුපෑවේය.
33

ثُمَّ ذَهَبَ إِلَىٰ أَهْلِهِ يَتَمَطَّىٰ

ඉන් පසුව ඔහු තම පවුල දෙසට ගර්වයෙන් යුතුව ගියේය.
34

أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ

නුඹට විනාශයය. නැවත (නුඹට) විනාශයමය.
35

ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ

ඉන් පසුව ද නුඹට විනාශයය. නැවත (නුඹට) විනාශයමය.
36

أَيَحْسَبُ الْإِنسَانُ أَن يُتْرَكَ سُدًى

මිනිසා (කිසිදු විනිශ්චයකින් තොරව) ඔහුව නිකරුණේ අතහරිනු ලබන්නේ යැයි සිතන්නේ ද?
37

أَلَمْ يَكُ نُطْفَةً مِّن مَّنِيٍّ يُمْنَىٰ

ඔහු (ගර්භාෂය තුළට) හලන ලද ශුක්රාණු බිඳක් ලෙස නොසිටියේ ද?
38

ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ

පසුව ඔහු (ගර්භාෂයේ එල්ලී ඇති) ලේ කැටියක් මෙන් සිටියේ ය. පසුව (අල්ලාහ් ඔහුව) මවා (අංග සම්පූර්ණව) සැකසුවේය.
39

فَجَعَلَ مِنْهُ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنثَىٰ

පසුව ඔහුගෙන් පුරුෂ හා ස්ත්රී යුගලය ඇති කළේය.
40

أَلَيْسَ ذَٰلِكَ بِقَادِرٍ عَلَىٰ أَن يُحْيِيَ الْمَوْتَىٰ

මරණයට පත් වූවන්ට ප්රාණය දීමට (සැලසුම් සහගතව මැවූ අල්ලාහ් වන) මොහු ශක්තිය ඇත්තෙකු නොවෙන්නේ ද?
الإنسانමදීනී
1

هَلْ أَتَىٰ عَلَى الْإِنسَانِ حِينٌ مِّنَ الدَّهْرِ لَمْ يَكُن شَيْئًا مَّذْكُورًا

සඳහන් කරනු ලබන (තරමට වටිනා) දෙයක් ලෙස මිනිසා නොසිටි කාල පරිච්ඡේදයක් ඔහුට (නො)පැමිණියේ ද?
2

إِنَّا خَلَقْنَا الْإِنسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا

සැබැවින්ම අපි මිනිසාව පිරික්සීම සඳහා (ස්ත්රී පුරුෂ) මිශ්රිත ඉන්ද්රියෙන් මැවුවෙමු. පසුව අපි ඔහුට ශ්රවණය ද දෘෂ්ටිය ද ඇති කළෙමු.
3

إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا

සැබැවින්ම ඔහුට අපි මග පෙන්වූයෙමු. (ඔහු) කෘතවේදියෙකුව හෝ ගුණමකුවෙකුව හෝ විය හැක.
4

إِنَّا أَعْتَدْنَا لِلْكَافِرِينَ سَلَاسِلَ وَأَغْلَالًا وَسَعِيرًا

සැබැවින්ම අපි ප්රතික්ෂේපකයින්ට දම්වැල් ද ගෙල විලංගු ද ඇවිළෙන (නිරා) ගින්න ද සූදානම් කර ඇත්තෙමු.
5

إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا

සැබැවින්ම සැදැහැමියන් ගුරුලේත්තුවෙන් පානය කරති. එහි මිශ්රණය කාෆූරයෙන් වේ.
6

عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا

(එය) උල්පතකි. අල්ලාහ්ගේ ගැත්තන් එයින් පානය කරති. ඔවුහු එය (තමන් කැමති ස්ථානයකින්) පිරී උතුරන්නට සලස්වති. 1
1මෙය ස්වර්ග වැසියන්ට ලබා දෙන විශේෂ බලයකි. ඔවුන් කැමති පරිදි කැමති ස්ථානයකින් පිරී උතුරවාලන්නට හැකියාව ලබති.
7

يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا

ඔවුහු (කවරහු ද යත් මෙලොවෙහි) භාරයන් ඉටු කරන්නෝය. තවද නපුර ව්යාප්ත වන්නා වූ දිනයකට ඔවුහු බිය වන්නෝය.
8

وَيُطْعِمُونَ الطَّعَامَ عَلَىٰ حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا

ඔවුහු ආහාරය කෙරෙහි ප්රිය මනාපයක් තිබුණ ද (අල්ලාහ් කෙරෙහි වූ ආදරය හේතුවෙන්) දුගියාට ද අනාථයාට ද සිරකරුවාට ද ඒවා සපයන්නෝය.
9

إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاءً وَلَا شُكُورًا

”අප නුඹලාට ආහාර සපයනුයේ අල්ලාහ්ගේ මුහුණ(තෘප්තිය) වෙනුවෙන්මය. නුඹලාගෙන් කිසිඳු ප්රතිලාභයක් හෝ කිසිදු කෘතඥතාවක් හෝ අපේක්ෂා නොකරන්නෙමු.-
10

إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا

සැබැවින්ම අපගේ පරමාධිපති අබියසින් වූ (මුහුණු) අඳුරු වන දුෂ්ට දිනයක් පිළිබඳව අපි බිය වන්නෙමු” (යැයි ඔවුහු පවසති.)
11

فَوَقَاهُمُ اللَّهُ شَرَّ ذَٰلِكَ الْيَوْمِ وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُورًا

එබැවින් එදින හානියෙන් ඔවුන්ව අල්ලාහ් ආරක්ෂා කර, පිබිදීම ද සතුට ද ඔවුන්ව හමුවීමට සලස්වන්නේය.
12

وَجَزَاهُم بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا

ඔවුන් ඉවසා සිටි හෙයින් ඔවුන්ගේ ප්රතිඵල වනුයේ ස්වර්ගය හා සේද වස්ත්ර ය.
13

مُّتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ ۖ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا

එහි ඔවුහු උස් කවිච්චියන්හි හාන්සි වන්නන්ව සිටිති. එහි දී ඔවුන් සූර්ය රශ්මිය ද අධික සීතල ද නොදකින්නෝය.
14

وَدَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا

ඒවායෙහි (ගස්වල) සෙවණැලි ඔවුන්ට සමීපව පවතී. ඒවායෙහි (පලතුරු) පොකුරු ඔවුනට (පහසුවෙන් නෙළා ගැනීමට) අවනත කර දෙනු ලැබේ.
15

وَيُطَافُ عَلَيْهِم بِآنِيَةٍ مِّن فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَا

රිදියෙන් වූ භාජන ද පළිඟු වලින් සමන්විත බඳුන් ද ඔවුන් වටා ගෙන එනු ලැබේ.
16

قَوَارِيرَ مِن فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا

(ඒවා) රිදියෙන් වූ පළිඟු වලින්ය. ඒවා ප්රමාණයට අනුව ඔවුනට සකසා දෙන්නෝය. 2
2රිදියෙන් වූ පළිඟු වලින් යනු එම භාජනය රිදියෙන් වුව ද පළිඟු මෙන් විනිවිඳ පෙනෙන දිලිසෙන ස්වභාවයකින් පවතී. එහි ඔවුනට පානය සඳහා නියමිත ප්රමාණයට සකසා දෙනු ලැබේ. පානය කරන විට මදි වීමක් හෝ පානය කිරීමට නොහැකියාවක් හෝ පානය කරන්නාට ඇති නොවේ.
17

وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا

එහි(ස්වර්ගයෙහි) ඔවුන්ට ගුරුලේත්තුවෙන් පානය සඳහා සපයනු ලැබේ. එහි මිශ්රණය ඉඟුරු වලින් යුක්ත වේ.
18

عَيْنًا فِيهَا تُسَمَّىٰ سَلْسَبِيلًا

එය (ලබා ගනුයේ) ‘සල්සබීල්’ යනුවෙන් නම් කරනු ලැබූ එහි ඇති උල්පතකිනි.
19

وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُّخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَّنثُورًا

සදා දරු වියෙහි පසු වන දරුවන් ඔවුන් වටා පැමිණෙති. නුඹ ඔවුන් දුටු විට විහිදුනු මුතු යැයි ඔවුන් පිළිබඳව නුඹ සිතන්නෙහිය.
20

وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًا وَمُلْكًا كَبِيرًا

තවද ඔබ බැලූ විට එහි (සෑම ස්ථානයකම) පූර්ණ සොම්නස ද (අල්ලාහ්ගේ) මහා ආධිපත්යය ද දකිනු ඇත.
21

عَالِيَهُمْ ثِيَابُ سُندُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ ۖ وَحُلُّوا أَسَاوِرَ مِن فِضَّةٍ وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا

(ස්වර්ගවාසීන් වන) ඔවුන් මත සිනිඳු කොළ පැහැති සේද වස්ත්ර ද ඝණ සේද වස්ත්ර ද ඇත. ඔවුනට රිදියෙන් වූ වළලු පලඳවනු ලැබේ. තවද ඔවුනට ඔවුන්ගේ පරමාධිපති පිරිසිදු පානය පොවන්නේය.
22

إِنَّ هَـٰذَا كَانَ لَكُمْ جَزَاءً وَكَانَ سَعْيُكُم مَّشْكُورًا

‘සැබැවින්ම මෙය නුඹලාට ප්රතිඵලයක් වශයෙනි. තවද නුඹලාගේ උත්සාහය අගය කරන්නක් විය.’
23

إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ الْقُرْآنَ تَنزِيلًا

(නබිවරය,) සැබැවින්ම අපිමය නුඹ වෙත අල් කුර්ආනය කොටස් වශයෙන් පහළ කළේ.
24

فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ آثِمًا أَوْ كَفُورًا

එබැවින් නුඹගේ පරමාධිපතිගේ නීතියට නුඹ ඉවසිලිමත් වවු. තවද නුඹ (මක්කාවාසීන් වන) ඔවුන් අතුරින් කිසිඳු පාපිෂ්ඨයෙකුට හෝ අධික ලෙස ප්රතික්ෂේප කරන්නෙකුට හෝ අවනත නොවවු.
25

وَاذْكُرِ اسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًا

තවද නුඹගේ පරමාධිපතිගේ නාමය උදෑසන හා සවස මෙනෙහි කරවු.
26

وَمِنَ اللَّيْلِ فَاسْجُدْ لَهُ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا

තවද රාත්රියෙන් කොටසක් ඔබ ඔහුට සුජූද් කරවු. තවද ඔහුව රාත්රියෙහි දීර්ඝව පිවිතුරු කරවු.
27

إِنَّ هَـٰؤُلَاءِ يُحِبُّونَ الْعَاجِلَةَ وَيَذَرُونَ وَرَاءَهُمْ يَوْمًا ثَقِيلًا

සැබැවින්ම මොවුන් ඉක්මන් දෑ(විනාශ වන මෙලොව) ප්රිය කරති. තවද ඔවුනට පසුපසින් ඇති බැ?රුම් (කියාමත්) දිනය (පිළිබඳව නොසලකා) හැර දමති.
28

نَّحْنُ خَلَقْنَاهُمْ وَشَدَدْنَا أَسْرَهُمْ ۖ وَإِذَا شِئْنَا بَدَّلْنَا أَمْثَالَهُمْ تَبْدِيلًا

අපි ඔවුන් මවා ඔවුන්ගේ (ශරීර) අවයවයන් ශක්තිමත්ව සැකසුවෙමු. අපි අභිමත කළේ නම් ඔවුන් මෙන් (වෙනත්) අයව ඔවුන් වෙනුවට පූර්ණ ආදේශනයකින් ආදේශනය කරන්නෙමු.
29

إِنَّ هَـٰذِهِ تَذْكِرَةٌ ۖ فَمَن شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا

සැබැවින්ම මෙය උපදේශයකි. එබැවින් කවරෙකු අභිමත කළේ ද ඔහු තම පරමාධිපති කෙරෙහි වූ මග තෝරා ගනු ඇත.
30

وَمَا تَشَاءُونَ إِلَّا أَن يَشَاءَ اللَّهُ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا

තවද අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා අභිමත නොකරන්නෙහුය. 3 සැබැවින්ම අල්ලාහ් සර්වඥය. සර්ව ප්රඥාවන්තය.
3අල්ලාහ්ගේ අභිමතයෙන් මිස කිසිවෙකු අදිටන් කරන කිසිවක් සිදු කිරීමට කිසිදු බලයක් නොමැත. නමුත් ඔහු යම් යහපත් ක්රියාවක් කිරීමට අදිටන් කළේ නම් ඒ වෙනුවෙන් අල්ලාහ්ගේ භාග්යය නියත වශයෙන්ම පවතින්නේය. එබැවින් තමන් අදිටන් කරන දෙයක් තමන්ගේ ස්වහැකියාවෙන් සිදුවන්නක් යැයි නොසිතිය යුතු අතර එය අල්ලාහ්ගෙන් ලැබුණු භාග්යයක් යැයි වටහා ගත යුතුය.
31

يُدْخِلُ مَن يَشَاءُ فِي رَحْمَتِهِ ۚ وَالظَّالِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًا

කවරෙකුව ඔහු අභිමත කරන්නේ ද ඔහුව තම දයාවෙහි ඔහු ඇතුළු කරවන්නේය. තවද අපරාධකරුවන් වන ඔවුනට ඔහු වේදනීය දඬුවමක් සූදානම් කර ඇත.
المرسلاتමක්කී
1

وَالْمُرْسَلَاتِ عُرْفًا

එකකට පසු තවෙකක් ලෙස එවන ලද දෑ(සුළං) මත දිවුරමින්.
2

فَالْعَاصِفَاتِ عَصْفًا

තවද දැඩි ලෙස හමන දෑ මත ද
3

وَالنَّاشِرَاتِ نَشْرًا

තවද විහිදී පැතිර යන දෑ(වලාකුළු) මත ද
4

فَالْفَارِقَاتِ فَرْقًا

තවද(සත්යය හා අසත්යය අතර)වෙන් කරවන දෑ(මලක්වරුන්) මත ද
5

فَالْمُلْقِيَاتِ ذِكْرًا

තවද නිදහසට කරුණු දැක්විය නොහැක්කක් වශයෙන් හෝ අවවාදයක් වශයෙන් හෝ උපදේශනයන් ගෙන හැර පාන්නන්(මලක්වරුන්) මත ද (දිවුරමින්).
6

عُذْرًا أَوْ نُذْرًا

තවද නිදහසට කරුණු දැක්විය නොහැක්කක් වශයෙන් හෝ අවවාදයක් වශයෙන් හෝ උපදේශනයන් ගෙන හැර පාන්නන්(මලක්වරුන්) මත ද (දිවුරමින්).
7

إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ

සැබැවින්ම නුඹලාට ප්රතිඥා දෙනු ලැබූ දෑ සිදුවන්නේමය.
8

فَإِذَا النُّجُومُ طُمِسَتْ

තවද තරු (එහි ආලෝකය) නැති කරනු ලබන විට,
9

وَإِذَا السَّمَاءُ فُرِجَتْ

අහස පළනු ලබන විට
10

وَإِذَا الْجِبَالُ نُسِفَتْ

කඳු (තිබූ තැනින්) විසුරුවනු ලබන විට
11

وَإِذَا الرُّسُلُ أُقِّتَتْ

දූතවරුන්ට නියමිත වේලාවකට එක්රැස් කරනු ලැබූ විට
12

لِأَيِّ يَوْمٍ أُجِّلَتْ

කවර දිනයක් සඳහා මේවා ප්රමාද කරනු ලැබුවේ ද?
13

لِيَوْمِ الْفَصْلِ

අවසන් තීරණය ලබා දෙන දිනයක් සඳහාය.
14

وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ

අවසන් තීරණය ලබා දෙන දිනය කුමක් දැ’යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
15

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

එදින අසත්යය කරන්නන්ට ඛේදය අත්වේවා!
16

أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ

(ඔවුනට) පෙර විසූවන් අපි විනාශ නොකළෙමු ද?
17

ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ

පසුව අපි පසු විසූවන්ට ද (පෙර විසූවනට ලබා දුන් දඬුවම) අනුගමනය කළෙමු.
18

كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ

වැරදිකරුවන් සමග අප ක්රියා කරනුයේ මෙලෙසය.
19

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

අසත්යය කරන්නන්ට එදින ඛේදය අත්වේවා!
20

أَلَمْ نَخْلُقكُّم مِّن مَّاءٍ مَّهِينٍ

අපි නුඹලාව නොවටිනා අල්ප ජලයකින් (ශුක්රාණුවෙන්) නොමැව්වෙමු ද?
21

فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَّكِينٍ

පසුව නියමිත (දින) ප්රමාණයක් දක්වා සුරක්ෂිත ස්ථානයක (ගර්භාෂයේ) අපි එය තැන්පත් කළෙමු.
22

إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ

පසුව නියමිත (දින) ප්රමාණයක් දක්වා සුරක්ෂිත ස්ථානයක (ගර්භාෂයේ) අපි එය තැන්පත් කළෙමු.
23

فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ

පසුව අපි (එය) සැකසුවෙමු. සකසන්නන්ගෙන් අපි යහපත් වුණෙමු.
24

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

අසත්යය කරන්නන්ට එදින ඛේදය අත්වේවා!
25

أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا

ජීවත් වන දෑ ද මළ දෑ ද ග්රහණය කරන්නක් ලෙස මිහිතලය අපි පත් නොකළෙම් ද?
26

أَحْيَاءً وَأَمْوَاتًا

ජීවත් වන දෑ ද මළ දෑ ද ග්රහණය කරන්නක් ලෙස මිහිතලය අපි පත් නොකළෙම් ද?
27

وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُم مَّاءً فُرَاتًا

එහි අපි උස් ලෙස සවිකළ දෑ (කඳු) නිර්මාණය කළෙමු. තවද මිහිරි පානය නුඹලාට අපි සැපයුවෙමු.
28

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

එදින අසත්යය කරන්නන්ට ඛේදය අත්වේවා.
29

انطَلِقُوا إِلَىٰ مَا كُنتُم بِهِ تُكَذِّبُونَ

(එදින ඔවුනට මෙසේ පවසනු ලැබේ.) නුඹලා කවර දෙයක් පිළිබඳව අසත්යය කළේ ද එය වෙත නුඹලා ගමන් කරවු.
30

انطَلِقُوا إِلَىٰ ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ

කොටස් තුනකින් යුත් (නිරයේ දුමෙන් වූ) සෙවණ දෙස නුඹලා ගමන් කරවු.
31

لَّا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ

එය අධික සෙවණක් ලබා දෙන්නක් ද දළු ලා ඇවිළෙන ගින්නෙන් ආරක්ෂා කරන්නක් ද නොවේ.
32

إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ

සැබැවින්ම එය (එම නිරය) මාලිගාව හා සමාන වූ (විශාල) ගිනි දළු විසි කරයි.
33

كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ

සැබැවින්ම එය කහ පැහැති ඔටුවන් මෙන්ය.
34

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

එදින අසත්යය කරන්නන්ට ඛේදය අත්වේවා!
35

هَـٰذَا يَوْمُ لَا يَنطِقُونَ

මෙය ඔවුහු කතා නොකරන දිනයකි.
36

وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ

නිදහසට කරුණු දැක්වීම සඳහා ඔවුනට අවසර දෙනු නොලැබේ.
37

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

එදින අසත්යය කරන්නන්ට ඛේදය අත්වේවා!
38

هَـٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ

මෙය (අසත්යයෙන් සත්යය වෙන් කර) අවසන් තීරණය ලබා දෙන දිනයයි. නුඹලාව ද පෙර විසූවන් ද (එදින) අපි එක්රැස් කර ඇත්තෙමු.
39

فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ

නුඹලාට (එයින් මිදීමට) උපාය මාර්ගයක් තිබේ නම් නුඹලා මට එරෙහිව (එම) උපාය මාර්ගය යොදවවු.
40

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

එදින අසත්යය කරන්නන්ට ඛේදය අත්වේවා.
41

إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ

සැබැවින්ම බිය භක්තිකයින් සෙවණැලිහි ද උල්පත් (අසල)හි ද සිටිති.
42

وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ

ඔවුන් ප්රිය කරන්නා වූ පලතුරු (භුක්ති විඳීමෙ)හි ද (සිටිති).
43

كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنتُمْ تَعْمَلُونَ

(මෙලොව ජීවිතයේ) නුඹලා කරමින් සිටි දෑ හේතු කොට ගෙන නුඹලා ප්රීතියෙන් අනුභව කරවු. පානය කරවු.’ (යැයි පවසනු ලැබේ.)
44

إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ

සැබැවින්ම අප යහපත කරන්නන්ට මෙලෙසය ප්රතිඵල ලබා දෙනුයේ.
45

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

අසත්යය කරන්නන්ට එදින ඛේදය අත්වේවා!
46

كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ

නුඹලා සුළු කලකට අනුභව කරවු, සැප විඳිවු. සැබැවින්ම නුඹලා වැරදිකරුවන්ය.
47

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

අසත්යය කරන්නන්ට එදින ඛේදය අත්වේවා!
48

وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ

ඔවුනට රුකූඃ ඉටු කරවැ’යි පවසනු ලැබූ විට ඔවුන් රුකූඃ ඉටු නොකරති.
49

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

අසත්යය කරන්නන්ට එදින ඛේදය අත්වේවා!
50

فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ

එබැවින් මෙයට (කුර්ආනයට) පසු කවර පුවතක් ද මොවුන් විශ්වාස කරනුයේ?
النبأමක්කී
1

عَمَّ يَتَسَاءَلُونَ

ඔවුහු එකිනෙකා අතර විමසනුයේ කුමක් පිළිබඳව ද?
2

عَنِ النَّبَإِ الْعَظِيمِ

කවර විෂයක් කෙරෙහි ඔවුහු මතභේද ඇත්තවුන් ලෙස සිටියේ ද එම මහඟු පුවත (වන මළවුන් නැගිටවනු ලබන දිනය) පිළිබඳව ය. 1
1මළවුන් යළි නැගිටු වන සිද්ධිය පිළිබඳව මෙහි සඳහන් වේ. කෙනෙක් මරණයෙන් පසු දූවිලි බවට පත් වූවායින් පසුව ඔහුව යළි නැගිටුවන්නට කිසිවෙකුට නොහැකි බව මිථ්යාදෘෂ්ටිකයින් තරයේ විශ්වාස කළහ. විශ්වයේ නිර්මාතෘ වන අල්ලාහ්ට මෙවැනි දෙයක් සිදු කිරීම අපහසු නොවන බව මෙහි සඳහන් වැකි සනාථ කරයි. කිසිවක් නොමැතිව විශ්වය නිර්මාණය කළ අල්ලාහ්ට මිය ගිය මිනිසාව යළි නැගිටුවීමට කිසිදු අපහසුතාවක් නැත.
3

الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَ

කවර විෂයක් කෙරෙහි ඔවුහු මතභේද ඇත්තවුන් ලෙස සිටියේ ද එම මහඟු පුවත (වන මළවුන් නැගිටවනු ලබන දිනය) පිළිබඳව ය. 1
4

كَلَّا سَيَعْلَمُونَ

නියත වශයෙන්ම ඔවුහු මතු දැන ගනු ඇත.
5

ثُمَّ كَلَّا سَيَعْلَمُونَ

පසුව, නියත වශයෙන්ම ඔවුහු මතු දැන ගනු ඇත.
6

أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًا

මිහිතලය යහනාවක් ලෙස හා කඳු කූඤ්ඤ ලෙස අපි නිර්මාණය නොකළෙමු ද?
7

وَالْجِبَالَ أَوْتَادًا

මිහිතලය යහනාවක් ලෙස හා කඳු කූඤ්ඤ ලෙස අපි නිර්මාණය නොකළෙමු ද?
8

وَخَلَقْنَاكُمْ أَزْوَاجًا

තවද අපි නුඹලාව යුගල ලෙස මැව්වෙමු.
9

وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا

අපි නුඹලාගේ නින්ද විවේකයක් ලෙස ඇති කළෙමු.
10

وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا

තවද අපි රාත්රිය ආවරණයක් ලෙස ඇති කළෙමු.
11

وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا

තවද අපි දහවල ජීවනෝපාය(මාර්ගය)ක් ලෙස ඇති කළෙමු.
12

وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا

තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් වූ (අහස්) හතක් තැනුවෙමු.
13

وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا

තවද අපි තාප දීප්තියෙන් යුත් පහනක් (සූර්යයා) නිර්මාණය කළෙමු.
14

وَأَنزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا

තවද වැහි වලාකුළු වලින් අධිකව හැලෙන්නා වූ ජලය අපි පහළ කළෙමු.
15

لِّنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا

එමගින් අප ධාන්ය හා හරිත දෑ පිට කිරීම පිණිසය.
16

وَجَنَّاتٍ أَلْفَافًا

තවද (ගහ කොළ) එකිනෙක වෙළී වැඩුණු උයන් ද (පිට කිරීම පිණිසය.)
17

إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا

සැබැවින්ම විනිශ්චය දිනය නිශ්චිත වූ කාලයක වේ.-
18

يَوْمَ يُنفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا

එදින ‘සූර්’ (නම් හොරණෑව) පිඹිනු ලැබේ. එවිට නුඹලා සමූහයන් වශයෙන් පැමිණෙනු ඇත.
19

وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا

තවද අහස විවෘත කරනු ලැබේ. එවිට එය දොරටු ලෙස පත්වනු ඇත.
20

وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا

තවද කඳු ඉවත් කරනු ලැබේ. එවිට එය මිරිඟුවක් ලෙස පත් වනු ඇත.
21

إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا

සැබැවින්ම නිරය පහර දීමට අපේක්ෂාවෙන් සිටින්නකි.
22

لِّلطَّاغِينَ مَآبًا

(එය) සීමාව ඉක්මවා ගියවුන් ලැගුම් ගන්නා ස්ථානයකි.
23

لَّابِثِينَ فِيهَا أَحْقَابًا

ඔවුහු එහි (නිමක් නොමැතිව) සදාතනිකව රැඳෙන්නන් වෙති.
24

لَّا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا

ඔවුහු එහි සිසිලක් හෝ පානයක් හෝ රස නොවිඳිති.
25

إِلَّا حَمِيمًا وَغَسَّاقًا

(නමුත්) උතුරා නටන ජලය හා සැරව හැර.
26

جَزَاءً وِفَاقًا

(මේවා තමන් කළ ක්රියාවන්ට) සුදුසු ප්රතිඵල වශයෙනි.
27

إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا

සැබැවින්ම ඔවුහු (තමන් කළ ක්රියාවන්ට) ගිණුම් (විමසීමක්) අපේක්ෂා නොකර සිටියෝය.
28

وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًا

තවද අපගේ වදන් දැඩි අසත්යය කිරීමකින් අසත්යය කළෝය.
29

وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا

තවද (ඔවුන්ගේ ක්රියාවන් අතුරින්) සෑම දෙයක්ම සැබැවින්ම අපි ඒවා ලිඛිතව ගණනය කර තැබුවෙමු.
30

فَذُوقُوا فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا

එබැවින් රස විඳිවු. දඬුවම මිස අපි නුඹලාට (වෙනත් කිසිවක්) වැඩි නොකරන්නෙමු.
31

إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا

සැබැවින්ම බිය භක්තිකයින්ට ජයග්රාහී ස්ථානයක් ඇත.
32

حَدَائِقَ وَأَعْنَابًا

උයන් ද (විවිධ රසැති) මිදි ද
33

وَكَوَاعِبَ أَتْرَابًا

තවද ඉදිරියට නෙරා ආ පියයුරු වලින් යුත් සම වයසැත්තියන් ද
34

وَكَأْسًا دِهَاقًا

තවද (අමෘතයෙන්) පිරුණු ගුරුලේත්තු ද ඇත.
35

لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا

නිෂ්ඵල දෑ හෝ අසත්යය දෑ හෝ ඔවුහු එහි සවන් නොදෙති.
36

جَزَاءً مِّن رَّبِّكَ عَطَاءً حِسَابًا

(මේවා නුඹ කළ ක්රියාවන් සඳහා) නිසි ගිණුම්කරණයකින් යුත් පිරිනැමීමක් වශයෙන් නුඹගේ පරමාධිපතිගෙන් වූ වේතනයකි.-
37

رَّبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمَـٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا

අහස් හා මිහිතලයෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති වූ පරම කරුණාභරිතයාණන්ගෙන් (වූ වේතනයක් වශයෙන්)ය. (මළවුන් නැගිටුවනු ලබන දින) ඔහුව ඇමතීමට කිසිවෙකු බලයක් නොලබති.
38

يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَـٰنُ وَقَالَ صَوَابًا

රූහ් (නැමැති ජිබ්රීල්) 2 හා මලක්වරුන් (දේව දූතයින්) පෙළ ගැසී නැගී සිටින දින, පරම කරුණාභරිතයා (වූ අල්ලාහ්) කවරෙකුට අවසර දුන්නේ ද ඔහු හැර කිසිවෙකු කථා නොකරති. තවද (අවසර දුන්) ඔහු නිවැරදි දෑ කථා කරන්නේය.
2මෙහි ‘රූහ්’ ලෙස මලක්වරුන්ගේ නායක ජිබ්රිල් තුමාණන්ව සඳහන් කෙරේ. ඔහුගේ වැදගත්කම හේතුවෙන් ඔහුව අන් මලක්වරුන්ගෙන් වෙන් කර සඳහන් කර ඇත. ‘රූහ්’ යන පදයට ‘ජීවය’ යන අර්ථය ද තිබේ.
39

ذَٰلِكَ الْيَوْمُ الْحَقُّ ۖ فَمَن شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ مَآبًا

එය සත්ය දිනයකි. එබැවින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු තම පරමාධිපති වෙත වූ ලැගුම් ගන්නා ස්ථානය (මෙලොවෙහිදී තෝරා) ගනිත්වා!
40

إِنَّا أَنذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنتُ تُرَابًا

සමීප දඬුවමක් පිළිබඳව සැබැවින්ම අපි නුඹලාට අවවාද කළෙමු. මිනිසා තම දෑත් පෙරටු කර ගත් දෑ දැක බලා ගන්නා දින ”අහෝ! මා (මෙලොව) දූවිලි බවට පත් වූයෙම් නම්” යැයි ප්රතික්ෂේපකයා පවසනු ඇත.
النازعاتමක්කී
1

وَالنَّازِعَاتِ غَرْقًا

(ප්රතික්ෂේපකයින්ගේ ප්රාණය) දැඩි ලෙස ඩැහැගන්නන් (වන මලක්වරු) මත දිවුරමින්. 1
1සර්ව බලධාරි අල්ලාහ්ට තම වදන් සනාථ කිරීම සඳහා කිසිවක් මත දිවුරීමට කිසිදු අවශ්යතාවක් නොමැති වුවද අල් කුර්ආනය විවිධාකාර දිවුරීම් සඳහන් කොට ඇත්තේ යම් කරුණක වැදගත්කම ඒත්තු ගැන්වීමේ අරමුණින් හා වාග් ශෛලියේ අලංකාරය උදෙසාත් ය.
2

وَالنَّاشِطَاتِ نَشْطًا

තවද (විශ්වාසිකයින්ගේ ප්රාණය) මෘදු ලෙස ගලවා ගන්නන් (වන මලක්වරු) මත දිවුරමින්.
3

وَالسَّابِحَاتِ سَبْحًا

තවද (අල්ලාහ්ගේ අණ රැගෙන) පාවෙමින් පහළ වන (විශ්වාසිකයින්ගේ ප්රාණය ස්වර්ගය වෙත ඉදිරියට ගෙන යාමට) තරගයකින් තරග වදින (අල්ලාහ්ගේ අණ පරිදි සියලු) කරුණු සැකසුම් කරන්නන් (වන මලක්වරු) මත දිවුරමින්.
4

فَالسَّابِقَاتِ سَبْقًا

තවද (අල්ලාහ්ගේ අණ රැගෙන) පාවෙමින් පහළ වන (විශ්වාසිකයින්ගේ ප්රාණය ස්වර්ගය වෙත ඉදිරියට ගෙන යාමට) තරගයකින් තරග වදින (අල්ලාහ්ගේ අණ පරිදි සියලු) කරුණු සැකසුම් කරන්නන් (වන මලක්වරු) මත දිවුරමින්.
5

فَالْمُدَبِّرَاتِ أَمْرًا

තවද (අල්ලාහ්ගේ අණ රැගෙන) පාවෙමින් පහළ වන (විශ්වාසිකයින්ගේ ප්රාණය ස්වර්ගය වෙත ඉදිරියට ගෙන යාමට) තරගයකින් තරග වදින (අල්ලාහ්ගේ අණ පරිදි සියලු) කරුණු සැකසුම් කරන්නන් (වන මලක්වරු) මත දිවුරමින්.
6

يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ

(පළමු හොරණෑව පිඹීමෙන්) මහා කම්පනය සිදු වන දින.
7

تَتْبَعُهَا الرَّادِفَةُ

අනෙක(දෙවන හොරණෑව පිඹීම) එය පසුපසින් පැමිණෙයි. 2
2ලෝක අවසාන දිනයේ ප්රථම හොරණෑව පිඹින විට මවන ලද ජීවී සියලු දෑ මරණයට පත් වන අතර අජීවී සියලු දෑ විනාශයට පත් වන්නේය. දෙවන හොරණෑව පිඹින විට මරණයට ලක් වූ සියලු ජීවීහු යළි නැගිටවනු ලබන්නෝය.
8

قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ

එදින (ප්රතික්ෂේපකයින්ගේ) හදවත් සැලෙමින් පවතී.
9

أَبْصَارُهَا خَاشِعَةٌ

ඔවුන්ගේ බැල්ම (අවමානයෙන්) පහළට හෙළී තිබේ.
10

يَقُولُونَ أَإِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ

”සැබැවින්ම අප පෙර (ජීවත් වූ) තත්ත්වයටම ගෙන එනු ලබන්නෙමු දැ?”යි ඔවුහු පවසති.
11

أَإِذَا كُنَّا عِظَامًا نَّخِرَةً

දිරා ගිය ඇටකටු බවට අප පත් වූ කල්හි ද?
12

قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ

”එවිට එය අලාභදායී නැවත හැරී යාමක් යැ”යි ඔවුහු පවසති. 3 -
3මෙය මළවුන් යළි නැගිටවනු ලබන දිනය ගැන සමච්චල් කිරීම සඳහා ප්රතික්ෂේපකයින් කළ ප්රකාශයකි.
13

فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ

හුදෙක් එය එක් හඬක් පමණි.
14

فَإِذَا هُم بِالسَّاهِرَةِ

එසැණින් ඔවුහු (එක් රැස් කරනු ලබන මහ්ෂර් නම්) තැනිතලාව මත වෙති.
15

هَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ

(නබිවරය,) නුඹ වෙත මූසාගේ පුවත පැමිණියේ ද?
16

إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى

‘තුවා’ නම් පාරිශුද්ධ මිටියාවතෙහි ඔහුගේ පරමාධිපති ඔහුව ඇමතූ විට,
17

اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ

නුඹ ෆිර්අවුන් 4 වෙත යවු. සැබැවින්ම ඔහු සීමාව ඉක්ම වීය.
4පෙර යුගයේ ඊජිප්තුව පාලනය කළ රජවරු හැඳින්වූයේ ‘ෆිර්අවුන්’ යන නමිනි. මෙම ආයතයේ සඳහන් ෆිර්අවුන් නැමැත්තා නබි මූසා තුමාණන් මුහුණ දුන් රජුය.
18

فَقُلْ هَل لَّكَ إِلَىٰ أَن تَزَكَّىٰ

තවද ”නුඹව පවිත්ර කර ගැනීමට නුඹට (කැමැත්තක්) ඇත් දැ?”යි (ෆිර්අවුන්ගෙන්) විමසවු.
19

وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ

එමෙන්ම නුඹගේ පරමාධිපති වෙත මම නුඹට මග පෙන්වමි. එවිට නුඹ (අල්ලාහ්ට) බියවනු ඇත(යැයි මූසා පැවසුවේය).
20

فَأَرَاهُ الْآيَةَ الْكُبْرَىٰ

පසුව, ඔහු(මූසා) ඔහුට මහත් වූ සංඥාව 5 ගෙන හැර පෑවේය.
5මෙහි ‘මහත් වූ සංඥාව’ යනු නබි මූසා තුමාණන්ට අල්ලාහ් පිරිනැමූ ප්රාතිහාර්යයන් අතුරින් අත දීප්තියෙන් බැබලීම හා සැරයටියේ ප්රාතිහාර්යය.
21

فَكَذَّبَ وَعَصَىٰ

නමුත් ඔහු(ෆිර්අවුන්) අසත්යය කොට පිටු පෑවේය.
22

ثُمَّ أَدْبَرَ يَسْعَىٰ

ඉන් පසුව ඔහු පසුපස හැරී, (කූට) උත්සාහයන්හි නිරත වූයේය.
23

فَحَشَرَ فَنَادَىٰ

තවද ඔහු (තම පිරිස) එක් රැස් කර හඬ නගා ඇමතුවේය.
24

فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ

පසුව ”මා නුඹලාගේ උත්තරීතර පරමාධිපති යැ”යි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
25

فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَىٰ

එබැවින් මතු ලොව හා මෙලොව ආදර්ශමත් දඬුවමක් ලෙස අල්ලාහ් ඔහුව ග්රහණය කළේය. 6
6මෙහි ‘ග්රහණය කළේය’ යනුවෙන් අදහස් කරනුයේ ෆිර්අවුන්ව ජලයේ ගිල්වා මරණයට පත් කිරීම ද මතු ලොව නිරයේ දඬුවමට හසු කර ගැනීම ද වේ.
26

إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَىٰ

සැබැවින්ම කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහුට මෙහි පාඩමක් ඇත.
27

أَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ ۚ بَنَاهَا

මවනු ලැබූ දැයින් ඉතා අසීරු නුඹලා ද? නැතහොත් අහස ද? ඔහු එය තැනුවේය. 7
7මෙම ප්රශ්නයට පිළිතුර ඉතා පහසුය. අහස් හා මිහිතලය මැවීම මිනිසාගේ මැවීමට වඩා දුෂ්කරය. අහස් හා මිහිතලය නිර්මාණය කළ අල්ලාහ්ට මිනිසාව නැවත නිර්මාණය කිරීමට නොහැකි ද? සැබැවින්ම සියල්ලෙහි නිර්මාතෘ ඔහුමය.
28

رَفَعَ سَمْكَهَا فَسَوَّاهَا

එහි වියන ඔසවා පසුව නිසියාකාරව එය සකස් කළේය.-
29

وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَا

තවද එහි රාත්රිය අඳුරු කර, එහි (දහවල්) ආලෝකය හෙළි කළේය.
30

وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا

ඉන් පසුව මිහිතලය (ජීවත් වීමට සුදුසු අයුරින්) ව්යාප්ත කළේය.
31

أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَا

එයින් එහි ජලය ද එහි තණ බිම් ද හෙළි කළේය.
32

وَالْجِبَالَ أَرْسَاهَا

තවද කඳු (මිහිතලයෙහි) ස්ථාවර ලෙස ඔහු ස්ථාපිත කළේය. 8
8අල් කුර්ආන් 78:6 හා 7 වැනි ආයතයන්ට අදාළ පාද සටහන බලන්න.
33

مَتَاعًا لَّكُمْ وَلِأَنْعَامِكُمْ

(මේ සියල්ල) නුඹලාට ද නුඹලාගේ පශු කුලයට අයත් සතුන්ට ද භුක්ති විඳීමක් වශයෙනි.
34

فَإِذَا جَاءَتِ الطَّامَّةُ الْكُبْرَىٰ

නමුත් අති මහත් ව්යසනය (එනම් ලොව අවසානය) පැමිණි විට
35

يَوْمَ يَتَذَكَّرُ الْإِنسَانُ مَا سَعَىٰ

මිනිසා තමන් වෙහෙසෙමින් කළ දෑ එදින සිහිපත් කරයි.
36

وَبُرِّزَتِ الْجَحِيمُ لِمَن يَرَىٰ

තවද දකින්නන් සැමට නිරා ගින්න නිරාවරණය කරනු ලබයි.
37

فَأَمَّا مَن طَغَىٰ

එබැවින් සීමාව ඉක්මවා ගොස් (මතු ලොවට වඩා ඉහළින්) මෙලොව ජීවිතය තෝරා ගත්තෙකු පිළිබඳව (සඳහන් කරන්නේ) නම්,
38

وَآثَرَ الْحَيَاةَ الدُّنْيَا

එබැවින් සීමාව ඉක්මවා ගොස් (මතු ලොවට වඩා ඉහළින්) මෙලොව ජීවිතය තෝරා ගත්තෙකු පිළිබඳව (සඳහන් කරන්නේ) නම්,
39

فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَىٰ

සැබැවින්ම නිරයමය (ඔවුන්) ලැගුම් ගන්නා ස්ථානය වන්නේ.
40

وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰ

තවද තම පරමාධිපති ඉදිරියේ සිට ගැනීමට බිය වී මනෝ ඉච්ඡුාවන්ගෙන් (තම) ආත්මය වළක්වන්නා පිළිබඳව (සඳහන් කරන්නේ) නම්
41

فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰ

සැබැවින්ම (ස්වර්ග) උයනමය (ඔවුන්) ලැගුම් ගන්නා ස්ථානය වන්නේ.
42

يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا

(නබිවරය,) ඔවුහු නුඹගෙන් (ලොව අවසන්) හෝරාව පිළිබඳව ”එය කෙදිනක සිදු වන්නේදැ?”යි විමසති.
43

فِيمَ أَنتَ مِن ذِكْرَاهَا

ඒ පිළිබඳව සඳහන් කිරීමට නුඹ කවර දැයෙහි (එනම් කවර දැනුමෙහි) සිටින්නෙහි ද?
44

إِلَىٰ رَبِّكَ مُنتَهَاهَا

එහි අවසන් දැනුම නුඹගේ පරමාධිපති වෙතය.
45

إِنَّمَا أَنتَ مُنذِرُ مَن يَخْشَاهَا

කවරෙකු එය පිළිබඳව බිය වන්නේද හුදෙක් නුඹ ඔහුට අවවාද කරන්නෙකු පමණය.
46

كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَا

සැබැවින්ම ඔවුහු එය දකින දින (මෙලොවෙහි) පස්වරුවක හෝ පෙරවරුවක (එනම් මද වේලාවක්) මිස රැඳී නොසිටියාක් මෙන් (ඔවුනට හැගෙනු) ඇත.
عبسමක්කී
1

عَبَسَ وَتَوَلَّىٰ

ඔහු (අප්රසාදයෙන්) ඇහි බැමි අකුළා වෙනතකට හැරුණේය. 1
1දිනක් නබි මුහම්මද් තුමාණන් මක්කාවේ කුරෙයිෂ් ගෝත්රික නායකයින් සමග ඉස්ලාමය පිළිබඳව ඔවුන්ට අවබෝධය ඇති කර දී එය ඔවුන් පිළිගනු ඇත යන අරමුණින් සාකච්ඡාවක යෙදී සිටියහ. එම අවස්ථාවේ අබ්දුල්ලාහ් ඉබ්නු උම්මි මක්තූම් නම් අන්ධ සහාබිවරයා එතැනට පැමිණ ප්රශ්න කිහිපයක් නැගුවේය. නබි මුහම්මද් තුමාණන් ඉස්ලාමය පිළිබඳව දේශනා කරමින් සිටි හේතුවෙන් ඔහු නැගූ ප්රශ්න වලට අවධානය යොමු නොකළහ. එමෙන්ම මෙලෙස බාධා කිරීම සම්බන්ධයෙන් එතුමාගේ අප්රසාදය එතුමාණන්ගේ මුහුණේ ඉරියව් මගින් පෙන්නුම් කළහ. නබි මුහම්මද් තුමාණන් කුරෙයිෂ් නායකයින් සමග දිගින් දිගටම සාකච්ඡාවෙහි යෙදුණහ. එවිට මෙම සූරාවෙහි 1 සිට 12 දක්වා ආයතයන් පහළ කරනු ලැබීය. මෙහි දී නබි මුහම්මද් තුමාණන් අබ්දුල්ලාහ් ඉබ්නු උම්මි මක්තූම් සමග කටයුතු කළ ආකාරය පිළිබඳව අල්ලාහ් අනුමත නොකළ බව පෙන්නුම් කරයි. මේ සම්බන්ධව පහත සඳහන් කරුණු සැලකිල්ලට ගත හැක. අබ්දුල්ලාහ් ඉබ්නු උම්මි මක්තූම් තුමාණන් ඒ වන විට මුස්ලිම්වරයෙක්ව සිටියේය. එම නිසා වෙනත් වේලාවක ඔහුගේ ප්රශ්න වලට පිළිතුරු දිය හැකි බව නබි මුහම්මද් තුමාණන් සිතුවා විය හැක. කුරෙයිෂ් නායකයින් එක විට හමුවීම අපහසු කරුණකි. එමනිසා ලැබූ අවස්ථාවෙන් උපරිම ප්රයෝජන ගෙන ඔවුන්ට ඉස්ලාමය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට එතුමා සිතුවා විය හැක. මෙම සිද්ධිය සම්බන්ධ ආයතයෙන් නබි මුහම්මද් තුමාණන්ට උපදෙස් දෙකක් දෙන ලදී. පළමුව අබ්දුල්ලාහ් ඉබ්නු උම්මි මක්තූම් තුමාණන්ගේ අන්ධභාවය නිසා නබි මුහම්මද් තුමාණන් කරමින් සිටි වැදගත් සාකච්ඡාවට බාධා කිරීමේ වරදට ඔහුට පිළිගත හැකි නිදහසට කරුණු තිබුණි. එබැවින් ඉදිරියේ සිටින්නේ කවුරුන් ද සාකච්ඡාවේ වැදගත්කම කුමක් ද යන දෑ ඔහු නොදැන සිටියේය. මෙම ඌනතාව නිසා ඔහුට සමාවක් දිය යුතුව තිබූ අතර ඔහුට වචනයෙන් හෝ මුහුණේ ඉරියව් වලින් හෝ අප්රසාදය දැක්වීමෙන් දොස් පැවරිය නොහැකි බව ද උපදෙස් දෙන ලදී. දෙවනුව ඉස්ලාමය ගැන කිසිදු තැකීමක් නොමැති අයට උපදෙස් දීමට වඩා අවංකවම සත්යය සොයන පිරිසට ප්රමුඛත්වය දිය යුතු බව උපදෙස් දෙන ලදී.
2

أَن جَاءَهُ الْأَعْمَىٰ

අන්ධ මිනිසා ඔහු වෙත පැමිණි හේතුවෙනි.
3

وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّىٰ

තවද (නබිවරය, අන්ධ මිනිසා ගැන) නුඹව දැනුවත් කළේ කුමක් ද? ඔහු පවිත්ර වන්නට ඉඩ ඇත. 2
2මෙහි දී අන්ධ මිනිසා පිළිබඳව නොසැලකිලිමත් වීමට හේතුව ඔහු ඉස්ලාමිකයෙකු ලෙස පවිත්ර වී ඇතැයි නබි මුහම්මද් තුමාණන් සිතූ නිසා විය හැක. එයට පිළිතුරු වශයෙන් ‘නබිවරය, ඔහුගේ පිරිසිදු භාවය ගැන ඔබව දැනුවත් කළේ කවර කරුණක් ද?’ යන අදහසින් මෙම ප්රශ්නය මෙහි දී අල්ලාහ් නබි මුහම්මද් තුමාණන්ගෙන් විමසා ඇත.
4

أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ الذِّكْرَىٰ

නැතහොත් ඔහු උපදෙස් ලබන්නට ඉඩ ඇත. තවද එම උපදෙස ඔහුට ප්රයෝජනවත් වන්නට හැක.
5

أَمَّا مَنِ اسْتَغْنَىٰ

(දහම දැන ගැනීමට) අවශ්යතාවකින් තොරව සිටින්නා පිළිබඳව (සඳහන් කරන්නේ) නම්
6

فَأَنتَ لَهُ تَصَدَّىٰ

නුඹ ඔහු වෙත අවධානය යොමු කරන්නෙහිය.
7

وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ

ඔහු පවිත්ර නොවූවත් නුඹ කෙරෙහි (වගකීමක්) නැත.
8

وَأَمَّا مَن جَاءَكَ يَسْعَىٰ

තවද නුඹ වෙත (අල්ලාහ්ට) බිය වී (දහම දැන ගැනීමට) උනන්දුවෙන් විගස පැමිණි අයෙකු පිළිබඳව (සඳහන් කරන්නේ) නම්
9

وَهُوَ يَخْشَىٰ

තවද නුඹ වෙත (අල්ලාහ්ට) බිය වී (දහම දැන ගැනීමට) උනන්දුවෙන් විගස පැමිණි අයෙකු පිළිබඳව (සඳහන් කරන්නේ) නම්
10

فَأَنتَ عَنْهُ تَلَهَّىٰ

ඔහු පිළිබඳව නුඹ නොසලකා හැරියෙහිය.
11

كَلَّا إِنَّهَا تَذْكِرَةٌ

එසේ නො(කර)ව, සැබැවින්ම මෙ(ම අල් කුර්ආන)ය උපදේශයකි.
12

فَمَن شَاءَ ذَكَرَهُ

එබැවින් කවරෙකු අභිමත කරන්නේද ඔහු එය අවධානයට යොමු කරනු ඇත.
13

فِي صُحُفٍ مُّكَرَّمَةٍ

(එය) ගෞරවය කරනු ලැබූ (දිව්යමය) ලේඛනයන් හි (සටහන් ව තිබුණි.)
14

مَّرْفُوعَةٍ مُّطَهَّرَةٍ

(එම ලේඛනය) උසස් කරනු ලැබ පවිත්ර කරනු ලැබූවකි.
15

بِأَيْدِي سَفَرَةٍ

(එය) ලේඛකයින් (වන මලක්වරුන්ගේ) දෑත්හි විය.
16

كِرَامٍ بَرَرَةٍ

(ඔවුහු) ගෞරවයට පාත්ර වූ යහපත් අයයි.
17

قُتِلَ الْإِنسَانُ مَا أَكْفَرَهُ

(ප්රතික්ෂේප කළ) මිනිසා ශාප කරනු ලැබීය. 3 ඔහු කෙතරම් ගුණමකු ද?
3මෙය පොදුවේ අල් කුර්ආනයේ පණිවිඩය ප්රතික්ෂේප කරන්නන්ට අදාළ වේ.
18

مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ

කුමන දෙයකින් ඔහුව ඔහු(අල්ලාහ්) මැව්වේ ද?
19

مِن نُّطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ

ඔහුව ශුක්රාණුවකින් මවා (මව් කුසෙහි) ඔහුව නිසි අයුරින් සැලසුම් කළේය.
20

ثُمَّ السَّبِيلَ يَسَّرَهُ

පසුව (මව් කුසෙන් පිටවීමේ) මග ඔහුට පහසු කළේය. 4
4මෙයින් අදහස් කෙරෙනුයේ මවගේ ගර්භාෂයේ සිට දරුවෙකු ඉතාමත් පටු මාර්ගයකින් මෙලොවට පහසුවෙන් ප්රසූත වීමේ ආශ්චර්යය පිළිබඳවය.
21

ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ

පසුව ඔහුව මරණයට පත් කළේය. ඉන් පසුව ඔහුව වළ දැමුවේය.
22

ثُمَّ إِذَا شَاءَ أَنشَرَهُ

පසුව ඔහු(අල්ලාහ්) අභිමත කළ විට ඔහුව යළි නැගිටුවන්නේය.
23

كَلَّا لَمَّا يَقْضِ مَا أَمَرَهُ

නැත, සැබැවින්ම (අල්ලාහ්) ඔහුට අණ කළ දෑ ඔහු තවමත් ඉටු කළේ නැත.
24

فَلْيَنظُرِ الْإِنسَانُ إِلَىٰ طَعَامِهِ

එබැවින් මිනිසා තම ආහාරය දෙස අවධානයෙන් බලත්වා!
25

أَنَّا صَبَبْنَا الْمَاءَ صَبًّا

සැබැවින්ම අපි ජලය අධික වැගිරීමකින් වැගිරෙව්වෙමු.
26

ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا

පසුව මිහිතලය (එහි පැළෑටි හට ගැන්වීම පිණිස කුඩා) පැල්මකින් පැළුවෙමු.
27

فَأَنبَتْنَا فِيهَا حَبًّا

එවිට එහි බීජ හට ගැන්වූයෙමු.
28

وَعِنَبًا وَقَضْبًا

තවද මිදි හා බෝග වගාවන් ද
29

وَزَيْتُونًا وَنَخْلًا

ඔලිව් හා ඉඳි ගස් ද
30

وَحَدَائِقَ غُلْبًا

(ගහ කොළ වලින් පිරුණු) ඝන වතු ද
31

وَفَاكِهَةً وَأَبًّا

පලතුරු වර්ග හා තෘණ ද (හට ගැන් වූයෙමු).
32

مَّتَاعًا لَّكُمْ وَلِأَنْعَامِكُمْ

(මේ සියල්ල) නුඹලාට ද නුඹලාගේ පශු කුලයට අයත් සතුන්ට ද භුක්ති විඳීමක් වශයෙනි.
33

فَإِذَا جَاءَتِ الصَّاخَّةُ

එබැවින් බිහිරි කරවන (භයානක හොරණෑ) හඬ පැමිණි විට 5
5මෙයින් අදහස් වනුයේ ලොව අවසන් දිනයේ පිඹිනු ලබන හොරණෑ හඬය. එයත් සමගම ව්යසනයන් බොහෝමයක් සිදු වෙයි.
34

يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ

එදින මිනිසා තම සහෝදරයාගෙන් පලා යයි.
35

وَأُمِّهِ وَأَبِيهِ

තවද තම මවගෙන් හා තම පියාගෙන් ද
36

وَصَاحِبَتِهِ وَبَنِيهِ

තම භාර්යාවගෙන් හා තම දරුවන්ගෙන් ද (පලා යයි.)
37

لِكُلِّ امْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ

එදින ඔවුන් අතුරින් සෑම කෙනෙකුටම ඔහුව (අන් අය පිළිබඳව) සැලකිලිමත් නොකරවන භයානක කරුණක් ඇත.
38

وُجُوهٌ يَوْمَئِذٍ مُّسْفِرَةٌ

එදින (සමහරුන්ගේ) මුහුණු දීප්තිමත්ව පවතී.
39

ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ

(එම මුහුණු) සිනාමුසුව හා ප්රීතියට පත්ව තිබේ.
40

وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ

තවත් (සමහරුන්ගේ) මුහුණු එදින ඒවා මත දූවිලිය.
41

تَرْهَقُهَا قَتَرَةٌ

අඳුර ඒවා වෙළා ගනී.
42

أُولَـٰئِكَ هُمُ الْكَفَرَةُ الْفَجَرَةُ

ඔවුන්මය පාපතර ප්රතික්ෂේපකයින් වන්නේ.
التكويرමක්කී
1

إِذَا الشَّمْسُ كُوِّرَتْ

හිරු අකුළනු ලැබූ විට 1
1මෙහි දී ‘තක්වීර්’ යන අරාබි පදයට භාෂාමය අර්ථය ‘ඇකිළීම’ යන්නය. නමුත් මෙය කෙසේ සිදු වන්නේ දැයි අපට නිශ්චිතව උපකල්පනය කළ නොහැක. යම් ක්රියාවලියක සමාප්තියට ද මෙම වචනය භාවිත කෙරේ. මේ අනුව අල් කුර්ආන් විවරණකරුවන් සූර්යය තාපය හා ආලෝකය යම් කලක නිවී යන බව පවසා ඇත. මෙසේ නිවී යෑම හිරු ඇකිළෙන්නාක් මෙන් පවතින්නට පුළුවන. නූතන විද්යාව ද මේ පිළිබඳව සමාන අදහසක් ඉදිරිපත් කර ඇත.
2

وَإِذَا النُّجُومُ انكَدَرَتْ

තවද තරු විසිරී හැළුණු විට
3

وَإِذَا الْجِبَالُ سُيِّرَتْ

තවද කඳු ඉවත් කරනු ලැබූ විට.
4

وَإِذَا الْعِشَارُ عُطِّلَتْ

තවද ගැබ් කාලය පූර්ණ වූ ඔටු දෙනුන් අත හැර දමනු ලැබූ විට. 2
2අරාබිකරයේ ඔටු දෙන වටිනා සම්පතක් ලෙස සැලකේ. ඌ මාස දහයක කාලයක් ගැබ් ගෙන සිට පැටවෙකු බිහි කිරීම අයිතිකරුට මහත් සතුට ගෙන දෙන පුවතකි. එමනිසා අයිතිකරු එම සතාව ඉතා ප්රවේශමෙන් ආරක්ෂා කරයි. අති භයානක අවස්ථාවක හැර ඒ සතාව නොසලකා හරින්නට කිසිවිටෙක අයිතිකරු කටයුතු නොකරයි. අති බියකරු වූ අවසන් දිනය පැමිණි විට එවැනි ඔටු දෙනුන් පවා අත හැර දමනු ලබන බව මෙයින් අදහස් වේ.
5

وَإِذَا الْوُحُوشُ حُشِرَتْ

තවද වන සතුන් එක් රැස් කරනු ලැබූ විට. 3
3වන සතුන් පවා තමන් අතර තිබෙන වර්ග භේදය නොතකා එම දිනයේ බිහිසුනු තත්ත්වය හේතුවෙන් එක් රැස් වන බව මෙයින් අදහස් වේ.
6

وَإِذَا الْبِحَارُ سُجِّرَتْ

තවද මුහුදු (උතුරා ගොස්) ඇවිළනු ලැබූ විට 4
4‘තස්ජීර්’ යන අරාබි පදයට ‘ගිනි මෙළවීම’ හෝ ‘ගිනි ඇවිළීම’ යන අර්ථයන් ඇත. මෙම ආයතයට අනුව මුහුද උතුරා ගොස් පසුව එය ගින්නක් බවට පත් වන බව ඉස්ලාමීය විද්වතුන් අදහස් පළ කර ඇත. මෙම සූරාවේ 1 සිට 6 දක්වා ආයතයන්හි ප්රථම හොරණෑව පිඹිනු ලබන අවස්ථාවේ ඇති වන සිදුවීම් පිළිබඳව සඳහන් වී ඇති අතර ඉන් පසුව ඇති ආයතයන්හි දෙවන හොරණෑව පිඹිණු ලබන අවස්ථාවේ ඇති වන සිදුවීම් පිළිබඳව සඳහන් කරයි.
7

وَإِذَا النُّفُوسُ زُوِّجَتْ

තවද ආත්මයන් සම්බන්ධ කරනු ලැබූ විට. 5
5මෙම ආයතය පිළිබඳව විවිධ මත ඇත. ඒ අතුරින් මතු ලොවෙහි ආත්මයන් ශරීරයන් සමග සම්බන්ධ වීම එක් අදහසකි. තවත් අදහසක් නම් යහපත් අය යහපත් අය සමගත් අයහපත් අය අයහපත් අය සමග සම්බන්ධ වීමය.
8

وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ

තවද පණ පිටින් වළලනු ලැබූ දැරියගෙන් ඇයව කුමන පාපයක් සඳහා ඝාතනය කරනු ලැබුවේ දැ?යි ප්රශ්න කරනු ලැබූ විට. 6
6ගැහැනු දරුවෙකුගේ උපත නබිත්වයට පෙර අරාබි සමාජයේ ඇතැම් ගෝත්රිකයින් සැලකුවේ ශාපයට හා ලැජ්ජාවට හේතුවක් ලෙසිනි. එබැවින් ගැහැනු දරුවෙකු ඉපදුනු විට ඇයව පණ පිටින් වළලා දැමීම ඔවුන්ගේ සිරිතක් විය. මෙම සිරිත ඉස්ලාමය මුළුමණින්ම අහෝසි කළේය. මෙම ආයතයේ ප්රශ්නය අසනු ලබන්නේ දැරියගෙන් වුව ද සැබැවින්ම එම ප්රශ්නය යොමු වනුයේ එම දරුවා විනාශ කිරීමේ පාපය සිදු කළ පියාටය.
9

بِأَيِّ ذَنبٍ قُتِلَتْ

තවද පණ පිටින් වළලනු ලැබූ දැරියගෙන් ඇයව කුමන පාපයක් සඳහා ඝාතනය කරනු ලැබුවේ දැ?යි ප්රශ්න කරනු ලැබූ විට. 6
10

وَإِذَا الصُّحُفُ نُشِرَتْ

තවද (ක්රියාවන් පිළිබඳ) සටහන් ලේඛන දිගු හරිනු ලැබූ විට 7
7මෙලොව ජීවිතයේ සියලු ක්රියාවන් මලක්වරුන් විසින් සටහන් කරනු ලැබේ. එම සටහන් ලේඛන මතු ලොවෙහි දිගු හැර පෙන්වීම පිළිබඳවය මෙහි සඳහන් වන්නේ.
11

وَإِذَا السَّمَاءُ كُشِطَتْ

තවද අහස ඉවත් කරනු ලැබූ විට
12

وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ

තවද නිරා ගින්න මොළවනු ලැබූ විට
13

وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ

තවද (ස්වර්ග) උයන (එයට හිමි අය වෙත) සමීප කරනු ලැබූ විට
14

عَلِمَتْ نَفْسٌ مَّا أَحْضَرَتْ

සෑම ආත්මයක්ම තමන් ගෙන ආ (යහ හා අයහ) දෑ පිළිබඳව දැන ගනිති.
15

فَلَا أُقْسِمُ بِالْخُنَّسِ

දිව යමින් නොපෙනී හීන වී යන තාරකා මත මම දිවුරමි,
16

الْجَوَارِ الْكُنَّسِ

දිව යමින් නොපෙනී හීන වී යන තාරකා මත මම දිවුරමි,
17

وَاللَّيْلِ إِذَا عَسْعَسَ

තවද රාත්රිය බැස යන විට එය මත ද
18

وَالصُّبْحِ إِذَا تَنَفَّسَ

උදෑසන ශ්වසනය කරන (අයුරින් ආලෝකය විහිදුවන) විට එය මත ද (දිවුරමි.)
19

إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ

සැබැවින්ම මෙය ගෞරවනීය දූතයකුගේ වචනයයි, 8
8මෙහි දී අදහස් වනුයේ ගෞරවනීය දූතයා වන ජිබ්රීල් තුමාණන් අල්ලාහ්ගේ වදන් නබි මුහම්මද් තුමාණන් වෙත පාරායනය කර පෙන් වූ වගයි. එනම් අල් කුර්ආනයයි.
20

ذِي قُوَّةٍ عِندَ ذِي الْعَرْشِ مَكِينٍ

(ඔහු) බලයෙන් යුක්තය. අර්ෂ්හි 9 හිමිකරු අබියස උසස් ස්ථානයක් ඇත්තෙකි.
9‘අර්ෂ්’ යනු රජ කෙනෙකුට හිමි සිංහාසනයයි. අල්ලාහ්ගේ අර්ෂය අති විශාල අති මහත් උත්තරීතරය. එය ඔහු මැවූ විශාලතම නිර්මාණයන් අතුරින් එකක් වන අතර එය මිනිසා විසින් උපකල්පනය කළ නොහැක්කකි.
21

مُّطَاعٍ ثَمَّ أَمِينٍ

එහි(අහසෙහි හා මිහිතලයෙහි - මලක්වරුන් විසින්) අවනතයට ලක් වූ (ඔහු) විශ්වාසනීය අයෙකි. 10
10මලක්වරුන් අතුරින් ප්රධානියා වන්නේ ජිබ්රීල් තුමාණන්ය. අහසෙහි හා මිහිතලයේ මලක්වරුන් සියල්ලෝම ඔහුට අවනත වී ක්රියා කරනු ඇත යන්න මෙහි අදහසයි.
22

وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ

(මක්කා වැසියනි,) නුඹලාගේ සගයා (වන මුහම්මද්) උන්මත්තකයෙකු නොවේ.-
23

وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ

සැබැවින්ම ඔහු(මුහම්මද්) පැහැදිලි ක්ෂිතිජයෙහි ඔහුව(ජිබ්රීල්ව) දුටුවේය. 11
11ජිබ්රීල් තුමාණන් නබි මුහම්මද් තුමාණන් ඉදිරියේ බොහෝ විට මිනිස් ස්වරූපයෙන් දිස් විය. නමුත් එතුමාණන් ඉදිරියේ දෙවතාවක් ඔහුගේ සැබෑ ස්වරූපයෙන් දිස් වූ අතර මෙහි සඳහන් කර ඇත්තේ ඉන් එක් අවස්ථාවකි.
24

وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ

තවද ගුප්ත දෑ (හෙළි කිරීම) කෙරෙහි ඔහු ලෝභියෙකු නොවේ. 12
12ශාස්ත්රකරුවන් තමන්ට ගුප්ත දෑ පිළිබඳව දැනුම ඇති බවට බොරු පවසා ඒ ගැන හෙළි කිරීමට මුදල් අය කරති. අරාබිකරයේ ඇතැම් මිථ්යා දෘෂ්ටිකයින් නබි මුහම්මද් තුමාණන්ව ද එවැනි ශාස්ත්රකරුවෙකු බවට චෝදනා නැගුවෝය. එහෙත් මුදල් අය කර බොරු පවසන ශාස්ත්රකරුවන් මෙන් නොව ජිබ්රීල් මලක්වරයාගේ මාර්ගයෙන් ගුප්ත දෑ පිළිබඳව දැන නබි මුහම්මද් තුමාණන් ඒවා සියලු ජනයාට පැවසූ අතර ඒ සඳහා කිසිදු අය කිරීමක් නොකළේය. මෙලෙස කටයුතු කිරීම එතුමා ශාස්ත්රකරුවෙකු නොවන බව තහවුරු කරයි.
25

وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَّجِيمٍ

තවද මෙය (ස්වර්ගයෙන්) පලවා හරිනු ලැබූ ෂෙයිතාන්ගේ වචනයක් ද නොවේ. 13
13ඇතැමුන් නබි මුහම්මද් තුමාණන්ට දේව පණිවිඩ ගෙන ආවේ ෂෙයිතාන් බව චෝදනා නැගූහ. මෙම ආයතය එයට පිළිතුරු දෙමින් එතුමාණන්ට දේව පණිවිඩ ගෙන ආවේ ජිබ්රීල් තුමාණන් බව පැහැදිලිව ප්රකාශ කර ඇත.
26

فَأَيْنَ تَذْهَبُونَ

(ජනයිනි,) එබැවින් නුඹලා කොහි යන්නෙහු ද?
27

إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ

සමස්ත ලෝකයන්ටම 14 මෙය(අල් කුර්ආනය) උපදෙසක් මිස (අන් කිසිවක්) නැත.
14පෙළපතෙහි භාවිත කර ඇති නිවැරදි වචනය ‘ආලමීන්’ය. එය ‘ආලම්’ යන යෙදුමෙහි බහු වචනයයි. මෙය ජීවී අජීවි සියලු දෑ අන්තර්ගත ලොවක් යන අදහස ගෙන දෙයි. උදාහරණයක් වශයෙන් අහස්, මිහිතලය, හිරු, සඳු, තරු, සුළං, වැසි, මලක්වරුන්, ජින්වරුන්, සත්වයින්, පැළෑටි, ඛනිජ සම්පත් ඇතුළු මිනිසාව ද සඳහන් කළ හැක. මෙයට සාපේක්ෂිතව යෙදීමට සිංහල වචනයක් නොමැති බැවින් එය ලෝකයන් ලෙස මෙහි පරිවර්තනය කර ඇත.
28

لِمَن شَاءَ مِنكُمْ أَن يَسْتَقِيمَ

එනම් නුඹලාගෙන් කවරෙකු ඍජු මාර්ගය සෙවීමට අභිමත කරන්නේ ද ඔහුටය (මෙය උපදෙසක් වන්නේ).
29

وَمَا تَشَاءُونَ إِلَّا أَن يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ

සමස්ත ලෝකයන්ටම පරමාධිපති වූ අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලාට (කිසිවක් කිරීමට) සිතිය නොහැක.
الانفطارමක්කී
1

إِذَا السَّمَاءُ انفَطَرَتْ

අහස පැළී ගිය විට.
2

وَإِذَا الْكَوَاكِبُ انتَثَرَتْ

තවද තරු හැළී විසිරුණු විට.
3

وَإِذَا الْبِحَارُ فُجِّرَتْ

තවද මුහුදු පුපුරවනු ලැබූ විට 1
1විස්තර සඳහා අල් කුර්ආන් 81:6 වැනි ආයතයට අදාළ පාද සටහන බලන්න.
4

وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ

තවද මිනිවළ වල් උඩු යටිකුරු කර පෙරළා දමනු ලැබූ විට. 2
2ඉහත සඳහන් දෑ ලොව අවසන් දිනයේ සිදු වන සිදුවීම්ය. ඉන් මත්තට සිදු වන දෑ ඉදිරි වදන් වලින් පැහැදිලි වන්නේය.
5

عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ

(සෑම) ආත්මයක්(ම) තමන් පෙරටු කළ දෑ හා අතපසු කළ දෑ දැන ගනු ඇත. 3
3‘පෙරටු කළ දෑ’ යනු කෙනෙක් මරණින් මතු ජීවිතය සඳහා මෙලොව ජීවිතයේ දී අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා කළ යහ කි්රයාවන්ය. ‘අත පසු කළ දෑ’ යනු මෙලොව ජීවිතයේ කෙනෙකු ඉටු නොකළා වූ වගකීම්ය.
6

يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ

අහෝ මිනිස, ත්යාගශීලී වූ නුඹගේ පරමාධිපති පිළිබඳව නුඹව රවටා දැමුවේ කුමක් ද?
7

الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ

ඔහු කවරෙකු ද යත් නුඹව මවා පසුව නුඹව නිසි අයුරින් හැඩ ගස්වා පසුව නුඹව නිසි ලෙස සැකසුවේය.
8

فِي أَيِّ صُورَةٍ مَّا شَاءَ رَكَّبَكَ

කවර හැඩයක් ඔහු අභිමත කළේ ද ඒ අයුරින්ම නුඹව පිළියෙල කළේය.
9

كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِ

නැත, එහෙත් නුඹලා විනිශ්චය(දින)ය අසත්යය කරන්නෙහුය. 4
46 වැනි ආයතයේ සඳහන් ප්රශ්නයට පිළිතුරක් වශයෙන් 9 වැනි ආයතයේ ‘නැත’ යන යෙදුමෙන් පිළිතුරු ලබා දී ඇත. එනම් නුඹව කිසිවෙකු පරමාධිපති පිළිබඳව රවටා දැමිය නොයුතුය යන්නයි. තවද විනිශ්චය දිනය යනු මිනිසා මෙලොව ජීවිතයේ කළ ක්රියාවන් පිළිබඳව මතු ලොවෙහි විනිශ්චයට ලක් වන දිනයයි.
10

وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ

තවද සැබැවින්ම නුඹලා මත ආරක්ෂකයින් වෙති.-
11

كِرَامًا كَاتِبِينَ

ගෞරවයට පාත්ර වූ (ඔවුහු නුඹලාගේ සියලු කටයුතු) සටහන් කරන්නන් වෙති. 5
5මෙහි සඳහන් වන්නේ සෑම මිනිසෙකු වෙතම ඔහුගේ මෙලොව ක්රියාවන් සටහන් කරනු පිණිස පත් කරන ලද මලක්වරුන් ගැනය.
12

يَعْلَمُونَ مَا تَفْعَلُونَ

නුඹලා කරන (සියලු) දෑ ඔවුහු දනිති.
13

إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ

සැබැවින්ම දැහැමියන් (ස්වර්ගයෙහි) පූර්ණ සොම්නසෙහි වෙති.
14

وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ

තවද සැබැවින්ම පාපතරයින් නිරයෙහි වෙති.
15

يَصْلَوْنَهَا يَوْمَ الدِّينِ

විනිශ්චය දින ඔවුහු එහි පිවිස දැවෙති.
16

وَمَا هُمْ عَنْهَا بِغَائِبِينَ

තවද ඔවුහු එයින් ඉවත්ව යන්නන් නොවෙති.
17

وَمَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ

තවද විනිශ්චය දිනය කුමක් ද යන්න නුඹව දැනුවත් කළේ කුමක් ද?
18

ثُمَّ مَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ

පසුවද, විනිශ්චය දිනය කුමක් ද යන්න නුඹව දැනුවත් කළේ කුමක් ද?
19

يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَيْئًا ۖ وَالْأَمْرُ يَوْمَئِذٍ لِّلَّهِ

(එය) කිසිදු ආත්මයක් තවත් ආත්මයකට කිසිවක් කිරීමට බලයක් නොලබන දිනයකි. තවද එදින විධානය අල්ලාහ්(ට පමණක්) සතු වෙයි. 6
6අල්ලාහ්ගේ අණ හා බලය විශ්වයේ සෑම තැනකම බල පැවැත්වෙන අතර මෙලොව බලධාරීන් තම සමාජයේ පාලන බලයට හිමිකම් කියන නමුත් එය අල්ලාහ්ගේ බලයට යටත් වූවක් වන්නේය. එහෙත් විනිශ්චය දිනයේ මෙවැනි ලෝක බලධාරීන්ගේ බලයන් පවා අහෝසි වී යන අතර එදින සම්පූර්ණ වශයෙන්ම බල පැවැත්වෙන්නේ අල්ලාහ්ගේ විධානය හා බලය පමණි.
المطففينමක්කී
1

وَيْلٌ لِّلْمُطَفِّفِينَ

(කිරුම් මිනුම්හි) වංචා කරන්නන්ට විනාශය 1 අත් වේවා!
1මෙහි ‘විනාශය’ යන්නට භාවිත කර ඇති ‘වයිල්’ යන අරාබි යෙදුමට අර්ථ කිහිපයක් ඇති අතර දැඩි දඬුවම, නිරයේ සැරව හා රුධිරයෙන් පිරි මිටියාවත, විනාශය හා ඛේදය යන්න ඉන් සමහරකි.
2

الَّذِينَ إِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ

ඔවුහු ජනයින්ගෙන් (යම් දෙයක්) මැන ලබා ගන්නා විට පූර්ණ ලෙස ලබා ගනිති.
3

وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ

තවද ඔවුහු ඔවුනට මැන දෙන විට හෝ ඔවුනට කිරා දෙන විට හෝ අඩු කරති. 2
2මෙහි කිරුම් මිනුම් පිළිබඳව ඍජුව සඳහන් වී ඇති නමුත් එහි පොදු සම්මතය නම්, ජනයින් අතර හැසිරීමේ දී තත්ත්වයන් දෙකක් භාවිත කිරීම වැළැක්වීමය. එනම් තමන්ට අනුමත නොවන යමක් අන් අයට සිදු නොකළ යුතු බව මෙහි සඳහන් වී ඇත.
4

أَلَا يَظُنُّ أُولَـٰئِكَ أَنَّهُم مَّبْعُوثُونَ

සැබැවින්ම ඔවුන් මහත් වූ දිනයක (මළවුන්) නැගිටුවනු ලබනු ඇතැයි ඔවුහු නොසිතන්නෝ ද?
5

لِيَوْمٍ عَظِيمٍ

සැබැවින්ම ඔවුන් මහත් වූ දිනයක (මළවුන්) නැගිටුවනු ලබනු ඇතැයි ඔවුහු නොසිතන්නෝ ද?
6

يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ

එදින ජනයා සමස්ත ලෝකයන්හි පරමාධිපති අබියස නැගී සිටිති.
7

كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍ

එසේ නොව, (ඔවුන් එසේ හැසිරිය නොයුතුය.) සැබැවින්ම පාපතරයින්ගේ වාර්තාව ‘සිජ්ජීන්’හිය. 3
3සිජ්ජීන් යන පදයෙහි අර්ථය බන්ධනාගාරයයි. නමුත් මෙහි දී මරණය හා විනිශ්චය දිනය අතරතුර කාලයේ අභාග්යවන්ත ජනයාගේ ආත්ම හා මෙලොව කි්රයාවන් හි වාර්තා තැන්පත් කර තබන ස්ථානය සිජ්ජීන් යනුවෙන් අල් කුර්ආනය සඳහන් කරයි.
8

وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ

තවද ‘සිජ්ජීන්’ යනු කුමක් දැ’යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
9

كِتَابٌ مَّرْقُومٌ

(එය) ලියා නිම කරනු ලැබූ වාර්තාවකි.
10

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

අසත්යය කරන්නවුනට එදින විනාශය අත් වේවා!
11

الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ

ඔවුන් කවුරුන්ද යත් විනිශ්චය දිනය අසත්යය කරන්නන්ය.
12

وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ

තවද සීමාව ඉක්ම වූ සෑම පාපතරයෙකුම හැර අන් කිසිවෙකු එය අසත්යය නොකරති.
13

إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ

ඔහු වෙත අපගේ වදන් පාරායනා කරනු ලබන විට ‘(මේවා) පෙර විසූ අයගේ වෘත්තාන්ත යැ’යි ඔහු පවසන්නේය.
14

كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا يَكْسِبُونَ

එසේ (ඔහු සිතන පරිදි) නොව, එහෙත් ඔවුන් උපයමින් සිටි (පාපතර) දැයින් ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත.
15

كَلَّا إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوبُونَ

එසේ (ඔහු සිතන පරිදි) නොව, සැබැවින්ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් (ඔහුව දැකීමේ භාග්යයෙන්) ආවරණය කරනු ලැබූවන් වෙති.
16

ثُمَّ إِنَّهُمْ لَصَالُو الْجَحِيمِ

පසුව සැබැවින්ම ඔවුහු නිරයට පිවිස දැවෙන්නන් වෙති.
17

ثُمَّ يُقَالُ هَـٰذَا الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ

පසුව ‘නුඹලා අසත්යය කරමින් සිටි දෑ මෙයමය’ යැයි කියනු ලැබේ.
18

كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ

එසේ නොව, සැබැවින්ම දැහැමියන්ගේ වාර්තාව ‘ඉල්ලිය්යූන්’හිය. 4
4‘ඉල්ලිය්යූන්’ යනු උස් වාසස්ථානයන්ය. මෙය මරණය හා විනිශ්චය දිනය අතර කාලය තුළ දැහැමියන්ගේ ආත්ම හා ඔවුන්ගේ මෙලොව කි්රයාවන්හි වාර්තා තැන්පත් කර තබන ස්ථානයයි.
19

وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ

තවද ‘ඉල්ලිය්යූන්’ යනු කුමක් දැයි නුඹව දැනුවත් කළේ කුමක් ද?
20

كِتَابٌ مَّرْقُومٌ

(එය) ලියා නිම කරනු ලැබූ වාර්තාවකි.
21

يَشْهَدُهُ الْمُقَرَّبُونَ

(අල්ලාහ්ට) සමීපතයින් (වන මලක්වරුන්) එයට සාක්ෂි දරති.
22

إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ

සැබැවින්ම දැහැමියන් පූර්ණ සොම්නසෙහි වෙති.
23

عَلَى الْأَرَائِكِ يَنظُرُونَ

(අලංකාර කරන ලද) උස් කවිච්චි මත සිට නරඹමින් සිටිති.
24

تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ

සොම්නසෙහි ප්රභාව ඔවුන්ගේ මුහුණු වල නුඹ හඳුනා ගන්නෙහිය.
25

يُسْقَوْنَ مِن رَّحِيقٍ مَّخْتُومٍ

මුද්රා තබන ලද අමෘතයෙන් ඔවුනට පානය සඳහා සපයනු ලැබේ.
26

خِتَامُهُ مِسْكٌ ۚ وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ

එහි මුද්රාව කස්තූරිය. තවද එ(හි සොම්නස් ලබා ගැනී)ම විෂයෙහි තරග කරන්නන් තරග කරත්වා.
27

وَمِزَاجُهُ مِن تَسْنِيمٍ

එහි මිශ්රණය තස්නීමයෙන්ය.
28

عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ

(එය ස්වර්ගයේ) උල්පතකි. (අල්ලාහ්ට) සමීපතයින් (වූ ස්වර්ගවාසීන් පමණක්) එයින් පානය කරන්නෝය.
29

إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُوا مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَ

සැබැවින්ම වැරදි කළවුන්, විශ්වාස කළවුනට (මෙලොවෙහි) සිනාසෙමින් සිටියෝය.
30

وَإِذَا مَرُّوا بِهِمْ يَتَغَامَزُونَ

තවද ඔවුහු ඔවුන් අසලින් යන විට ඇස් කොණින් (සමච්චල් කරමින්) ඔවුනොවුන් අතර ඉඟි කර ගනිති.
31

وَإِذَا انقَلَبُوا إِلَىٰ أَهْلِهِمُ انقَلَبُوا فَكِهِينَ

තවද (එම වැරදිකරුවන් වන) ඔවුහු තම පවුල් වෙත නැවත හැරී යන විට (ඔවුනට කළ සමච්චලය පිළිබඳව) සතුටු විඳිමින් හැරී ගියෝය.
32

وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَـٰؤُلَاءِ لَضَالُّونَ

තවද ඔවුහු (විශ්වාසිකයින් වන) ඔවුන්ව දුටු විට, ‘සැබැවින්ම ඔවුහු නොමග ගියවුන් යැයි’ පවසති.
33

وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ

(විශ්වාසිකයන් වන) ඔවුන් කෙරෙහි ආරක්ෂකයින් ලෙස (අල්ලාහ් විසින්) මොවුන්ව එවනු ලැබුවේ නැත.
34

فَالْيَوْمَ الَّذِينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ

එබැවින් (විනිශ්චය දිනය වූ) අද දින විශ්වාස කළවුන් ප්රතික්ෂේපකයින්ට සිනාසෙති.
35

عَلَى الْأَرَائِكِ يَنظُرُونَ

තමන් කරමින් සිටි දෑ සඳහා ප්රතික්ෂේපකයින්ට ප්රතිවිපාක දෙනු ලැබුවේ දැ’යි (එදින විශ්වාසිකයන් වන) ඔවුහු (අලංකාර කරන ලද) උස් කවිච්චි මත සිට නරඹමින් සිටිති.
36

هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوا يَفْعَلُونَ

තමන් කරමින් සිටි දෑ සඳහා ප්රතික්ෂේපකයින්ට ප්රතිවිපාක දෙනු ලැබුවේ දැ’යි (එදින විශ්වාසිකයන් වන) ඔවුහු (අලංකාර කරන ලද) උස් කවිච්චි මත සිට නරඹමින් සිටිති.
الانشقاقමක්කී
1

إِذَا السَّمَاءُ انشَقَّتْ

(පරමාන්ත දිනයේ දී) අහස පැළී විවර වූ විට
2

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ

තවද එය තම පරමාධිපතිගේ අණට සවන් දුන්නේය. තවද (එය) එහි යුතුකමක්ම විය.
3

وَإِذَا الْأَرْضُ مُدَّتْ

තවද මිහිතලය දිගු හරිනු ලැබූ විට. 1
1පරමාන්ත දිනයේ දී පළමු මිනිසා සිට අවසාන මිනිසා දක්වා සියලු දෙනාටම නැගිට සිටීම සඳහා මිහිතලය රබර් හෝ හම් මෙන් විශාලව දිග ඇද විහිදනු ලබන බව නබි මුහම්මද් තුමාණන්ගේ ප්රකාශයක් ‘හාකිම්’ නම් ග්රන්ථයේ සඳහන් වී ඇත.
4

وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ

'(4) තවද එතුළ ඇති දෑ එය පිටත දමා හිස් වූ විට. 2
2මෙම ආයතයට වළ දමනු ලැබූ සියලු පිරිමින් හා ස්තී්රන් පමණක් නොව පොළොව තුළ ඇති ඛනිජ වර්ග ද ඇතුළත්ය.
5

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ

තම පරමාධිපතිගේ අණට සවන් දුන්නේය. තවද (එය) එහි යුතුකමක්ම විය. (එවිට ඔවුන් කළ කී දෑ හි ප්රතිඵල හමු වනු ඇත.)
6

يَا أَيُّهَا الْإِنسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ

අහෝ මිනිස, සැබැවින්ම නුඹ නුඹගේ පරමාධිපති වෙත යෑමට (තම ක්රියාවන්හි) දැඩි වෙහෙසකින් වෙහෙස දැරිය යුත්තෙකි. එවිට (නුඹගේ ක්රියාවන් සමග) ඔහුව හමු වනු ඇත.
7

فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ

තම වාර්තාව තම දකුණතට දෙනු ලැබු අය පිළිබඳව (සඳහන් කරන්නේ) නම්
8

فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا

ඔහු පහසු ගිණුම් බැලීමකින් විමසුමකට ලක් වනු ඇත.
9

وَيَنقَلِبُ إِلَىٰ أَهْلِهِ مَسْرُورًا

පසුව තම ජනයා වෙත ඔහු සතුටින් හැරී යන්නේය.
10

وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاءَ ظَهْرِهِ

තම වාර්තාව තම පිටු පසින් (වමතෙහි) දෙනු ලැබූ අය පිළිබඳව (සඳහන් කරන්නේ) නම් 3
3ප්රතික්ෂේප කළවුන්ගේ වාර්තාව ඔවුන්ගේ වමතෙහි දෙන බව අල් කුර්ආනයෙහි බොහෝ ස්ථානයන් හි සඳහන්ව ඇත. ඔවුන් වමතෙහි සගයින් ලෙස අල් කුර්ආන් 90:19 වැකිය හඳුන්වා දී ඇත්තේ ද මේ හේතුවෙනි. මෙම ආයතය මේ හා සමාන වෙනත් ආයත් සමග සම්බන්ධ කර බැලූ විට එසේ වමතට ලබා දෙනුයේ ඔවුන්ගේ පිටු පසින් බව අදහස් කරයි.
11

فَسَوْفَ يَدْعُو ثُبُورًا

ඔහු විනාශය(මරණය) අයැදිනු ඇත.
12

وَيَصْلَىٰ سَعِيرًا

තවද ඇවිළෙන ගින්නෙහි පිවිස දැවෙනු ඇත.-
13

إِنَّهُ كَانَ فِي أَهْلِهِ مَسْرُورًا

සැබැවින්ම ඔහු (ලොවෙහි ජීවත්ව සිටිය දී) තම ජනයා අතර සතුටින් සිටියේය.
14

إِنَّهُ ظَنَّ أَن لَّن يَحُورَ

සැබැවින්ම ඔහු (අල්ලාහ් වෙතට) කිසිවිටෙක නැවත හැරී නොයනු ඇතැයි සිතුවේය.
15

بَلَىٰ إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًا

නොඑසේය, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව (නිරතුරුවම) නිරීක්ෂණය කරන්නෙකු විය.
16

فَلَا أُقْسِمُ بِالشَّفَقِ

එබැවින් ගොම්මන් මන්දාලෝකය මත මම දිවුරමි.
17

وَاللَّيْلِ وَمَا وَسَقَ

තවද රාත්රිය මත ද එය (විසින්) ආවරණය කළ දෑ මත ද දිවුරමින්
18

وَالْقَمَرِ إِذَا اتَّسَقَ

තවද චන්ද්රයා පූර්ණ වූ විට එය මත දිවුරමින්,
19

لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍ

සැබැවින්ම නුඹලා (මෙලොවෙහි ද මතු ලොවෙහි ද) පියවරින් පියවරට නැග යන්නෙහුය. 4
4හය වන ආයතයෙහි සඳහන් පරිදි සෑම කෙනෙක්ම තම ජීවිතයෙහි යහපත් හෝ අයහපත් මාර්ගයන්හි වෙහෙසෙති. මිනිසා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට මෙලොව ජීවිතයෙහි පමණක් නොව මරණයෙන් පසුවද සංක්රමණය කරන බව මෙම ආයතය සඳහන් කරයි. මෙලොව භෞතික පැවැත්මේ සිට මරණයෙන් පසු ‘බර්zසක්’ නම් ආධ්යාත්මික පැවැත්මට ඔහු සංක්රමණය වෙයි. විනිශ්චය දිනයේ යළි නැගිටවනු ලැබේ. අවසානයේ ඔහු ස්වර්ගයට හෝ නිරයට පිවිසෙයි. මෙහි දී පහත් තත්ත්වයේ සිට ඉහළ තත්ත්වය දක්වා විවිධ තරාතිරම් ඔහු පසු කරයි. මෙම තත්ත්වය තහවුරු කරනු පිණිස දෛනිකව වෙනස් වන චන්ද්රයා හා රාත්රි කාලය මත දිවුරා මෙසේ පවසා ඇත.
20

فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ

එබැවින් ඔවුන් විශ්වාස නොකර සිටීමට ඔවුනට කුමක් වීද?
21

وَإِذَا قُرِئَ عَلَيْهِمُ الْقُرْآنُ لَا يَسْجُدُونَ ۩

ඔවුනට අල් කුර්ආනය පාරායනය කරනු ලැබු විට ඔවුහු සුජූද් 5 නොකරති.
5මෙය සුජූද් හි ආයතයකි. ශුද්ධ වූ අල් කුර්ආනයේ මෙවැනි ආයතයන් 14 ක් ඇත. මෙය ද ඉන් එකකි. මෙවැනි ආයතයක් අරාබි බසින් කියවූ විට හෝ සවන් දුන් විට සුජූද් කිරීම සුන්නත් වේ. මෙම සුජූද් කිරීමේ පිළිවෙත පිළිබඳ ඉස්ලාමීය නීති ග්රන්ථ වල සඳහන් වේ.
22

بَلِ الَّذِينَ كَفَرُوا يُكَذِّبُونَ

එමෙන්ම ප්රතික්ෂේප කළවුන් (ඉස්ලාමීය ඉගැන්වීම්) අසත්යය කරති.
23

وَاللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ

ඔවුන් රැස් කරන දෑ අල්ලාහ් මැනවින් දන්නාය. 6
6මිනිසා මෙලොව ජීවිතයේ කරන සියලු කි්රයා ඔහුට පක්ෂව හෝ විරුද්ධව රැස් කර තබා ඇත. ඔහු යහ කි්රයා කළේ නම් එය ඔහුට යහඵල ගෙන දෙන අතර ඔහු අයහ කි්රයා කළේ නම් එහි ප්රතිවිපාක භුක්ති විඳීමට සිදුවන්නේ ද ඔහුටමය.
24

فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ

එබැවින් වේදනීය දඬුවමක් පිළිබඳව ඔවුනට ශුභාරංචි පවසවු.
25

إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ

නමුත් (අල්ලාහ්ව) විශ්වාස කර යහකම් කළවුනට හැරය. (මෙසේ අල්ලාහ් විශ්වාස කළ) ඔවුනට අඛණ්ඩ ප්රතිඵල ඇත. 7
7කෙනෙකුට ලැබිය යුතු ප්රතිඵල කිසිවිටක ඔහුගෙන් අත්හිටවනු නොලැබේ. එමෙන්ම මෙලොවෙහි වාරයට ලැබෙන පලතුරු ඵලදාව මෙන් නොව ස්වර්ගයෙහි ඔහුගේ යහකම්හි ප්රතිඵල අඛණ්ඩව පිරිනමනු ඇත.
البروجමක්කී
1

وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ

තාරකා මණ්ඩල වලින් යුත් අහස 1 මත දිවුරමින්.
1පෙළපොතෙහි සඳහන් අරාබි පදය ‘බුරූජ්’ය මෙම වචනය විවිධාකාර අර්ථයන්ගෙන් යුක්ත නමුත් තාරකා යන අර්ථය ද ගැබ්ව ඇත. මෙම අර්ථය මුල් කර ගනිමින් මෙහි අපි ‘තාරකා මණ්ඩලය’ යනුවෙන් අර්ථකථනය කර ඇත්තෙමු.
2

وَالْيَوْمِ الْمَوْعُودِ

තවද ප්රතිඥා දෙනු ලැබූ (විනිශ්චය) දිනය මත දිවුරමින්.
3

وَشَاهِدٍ وَمَشْهُودٍ

තවද සහභාගි වන දැය හා සහභාගි කරවනු ලබන දැය මත දිවුරමින්. 2
2‘සහභාගි වන දැය’ යන්නට සිකුරාදා දිනය යනුවෙන් ද ‘සහභාගි කරවනු ලබන දැය’ යන්නට හජ් වතාවන් හි යෙදෙන්නන් දුල් හිජ්ජා මස 9 වන දින අරෆා නම් පිටියට රැස්වීම යනුවෙන් ද බොහෝ අල් කුර්ආන් විද්වතුන් අර්ථ දක්වා ඇත. සිකුරාදා දින ජනයා තම ප්රදේශයේ එක් රැස් වන අතර අරෆා දින ඒ උදෙසා එතැනට ගමන් කළ යුතුව තිබේ. මේ පිළිබඳව වෙනත් අර්ථ දැක්වීම්ද සෙසු විද්වතුන් විසින් පවසා ඇත.
4

قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ

අගලෙහි සගයින් 3 ශාප කරනු ලැබූහ.
3මෙම ආයතයේ සිට සඳහන් සිද්ධිය නබි ඊසා තුමාණන් සහ නබි මුහම්මද් තුමාණන් අතර කාලයේ සිදුවූවකි. මේ ගැන නබි මුහම්මද් තුමාණන් පැවසූ හදීසයකට අනුව මෙසේය. දිනක් එතුමාණෝ මෙසේ ප්රකාශ කළහ. නුඹලාට පෙර සිටි සමූහයක හූනියම්කරුවෙකුගෙන් උපදෙස් ලබා ගන්නා රජ කෙනෙකු සිටියේය. එම හූනියම්කරු මහලු වියට පත්ව ඇති බැවින් ඔහු තම රජු අමතා ‘සැබැවින්ම මා මහලු වියට පත්ව ඇත්තෙමි. ඔබ මා වෙත කොලුවෙකු එව්වේ නම් ඔහුට මෙම හූනියම් ශාස්ත්රය ඉගැන්විය හැක’ යැයි පැවසූ විට රජු ද කොලුවෙකු තෝරා ඔහු වෙත යැව්වේය. මෙම කොලුවා යන එන අතරමග ආගමික උත්තමයෙකුගේ සභාවක් තිබුණි. ඊට සහභාගි වූ එම කොලුවා ඔහුගේ කථාවෙන් පුදුමයට පත් විය. කොලුවා හූනියම්කරු වෙත යන අතරවාරයේ උත්තමයාගේ සභාවට සහභාගී වී ප්රමාද වී යෑමට ද සිරිතක් කර ගත්තේය. ඒ හේතුවෙන් හූනියම්කරු කොලුවාට දඬුවම් කළේය. මේ පිළිබඳව කොලුවා උත්තමයාට පැවසූ විට ”නුඹ හූනියම්කරු වෙත ප්රමාද වී යාමට බිය වූයේ නම් නිවසේ කටයුත්තකට ප්රමාද වූ බව ද නුඹ නිවැසියන් වෙත ප්රමාද වී යාමට බිය වූයේ නම් හූනියම්කරුගේ කටයුත්තකට ප්රමාද වූ බව ද පවසන්නැ”යි ඔහු උපදෙස් දුන්නේය. දිනක් විශාල සතෙකු මිනිසුනට බාධා කරමින් විය. මෙය දුටු කොලුවා ”මා අද දින හූනියම්කරු ශ්රේෂ්ඨ ද? නැතහොත් ආගමික උත්තමයා ශ්රේෂ්ඨ දැ?යි දැන ගන්නෙමි”යි පවසා ගලක් ගෙන ”අහෝ අල්ලාහ්, මෙම උත්තමයාගේ ක්රියාව හූනියම්කරුගේ ක්රියාවට වඩා නුඹට පි්රයමනාප නම් මිනිසුනට මාර්ගයේ ගමන් කිරීමට හැකි වන අයුරින් මෙම සතාව මරා දමනු මැනව”යි ප්රාර්ථනා කොට ඌ වෙත එම ගල විසි කළේය. මින් එම සතා මරණයට පත් වූ අතර මිනිසුන් ද එතැනින් ගමන් කළහ. පසුව එම කොලුවා උත්තමයා වෙත පැමිණ සිදු වූ දෑ පිළිබඳව පැවසූ අවස්ථාවේ ”අහෝ පුතණුවනි, නුඹ අද දින මටත් වඩා උසස් කෙනෙකි. මා නුඹ කෙරෙන් බලාපොරොත්තු වූ දෑ නුඹ හිමි කරගෙන තිබේ. සැබැවින්ම නුඹ පිරික්සුමට ලක් වනු ඇත. එසේ නුඹ පිරික්සුමට ලක් වූයේ නම් මා පාවා නොදෙන්නැ”යි පැවසුවේය. කොලුවා ලාදුරු කුෂ්ට රෝග වැනි විවිධ රෝග සුව කළේය. මෙය ආරංචි වූ රාජ්ය සභාවේ අන්ධ සභිකයෙකු බොහෝ තෑගි බෝග සමඟ කොලුවා වෙත පැමිණ ”නුඹ මට දෑසේ පෙනුම ලබා දුන්නේ නම් මෙම ත්යාග සියල්ල නුඹට හිමිය” යනුවෙන් පැවසුවේය. එවිට එම කොලුවා ‘මා කිසිවෙකු සුව නොකරන්නෙමි. සැබැවින්ම සුව කරනුයේ අල්ලාහ්මය. නුඹ අල්ලාහ්ව විශ්වාස කළේ නම්, මා නුඹගේ නිරෝගිභාවය සඳහා අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන්නෙමි’යි පැවසුවේය. පසුව ඔහු අල්ලාහ්ව විශ්වාස කළ පසු ඔහුට සුවය ලැබුණි පසුව ඔහු පුරුදු පරිදි රාජ්ය සභාවේ අසුන් ගත් අවස්ථාවේ ඔහුව දුටු රජතුමා ”නුඹට දෑසේ පෙනුම ලැබුනේ කෙසේදැ”යි විමසූ විට ”මාගේ පරමාධිපතිගෙනි” යැයි සභිකයා පිළිතුරු දුන්නේය. එවිට රජතුමා ‘නුඹට මා හැර වෙනත් පරමාධිපතියෙකු සිටීදැ’යි ඇසූ විට සභිකයා ”අල්ලාහ් මාගේ හා නුඹගේ පරමාධිපතිය” යන්නෙන් පිළිතුරු දුන්නේය. එවිට කෝපයට පත් රජතුමා ඔහුව අල්ලාගෙන කොලුවා ගැන හෙළි කරන තෙක් වද හිංසාවට ලක් කළේය. වහාම කොලුවාව රජ මාලිගයට ගෙන් වූ රජතුමා ”පුතණුවනි, අන්ධයින් ලාදුරු කුෂ්ට රෝගීන් සුව කරන තරමට නුඔගේ හූනියම බලවත් වූයේදැ”යි ප්රශ්න කළේය. එවිට එම කොලුවා ‘මා කිසිවෙකු සුව නොකරන්නෙමි සැබැවින්ම සුව කරනුයේ අල්ලාහ්ය’ යැයි පිළිතුරු දුන්නේය. එවිට කෝපයට පත් රජතුමා ඔහුව අල්ලාගෙන උත්තමයා ගැන හෙළි කරන තෙක් වද හිංසාවට ලක් කළේය. වහාම උත්තමයාව රජ මාලිගයට ගෙන් වූ රජතුමා ”නුඹේ දහමෙන් නුඹ ඉවත් වන්නැ”යි අණ කළේය. උත්තමයා එය ප්රතික්ෂේප කළ බැවින් ඔහුව කියතක් වැනි උපකරණයක තබා හිස දෙකඩ වන සේ කපා හෙළීය.පසුව සභිකයාව ගෙන්වූ රජතුමා ”නුඹේ දහමෙන් නුඹ ඉවත් වන්නැ”යි අණ කළේය. ඔහු ද එය ප්රතික්ෂේප කළ බැවින් ඔහුව කියතක් වැනි උපකරණයක තබා හිස දෙකඩ වන සේ කපා හෙළීය. පසුව කොලුවාව ගෙන්වූ රජතුමා ‘නුඹේ දහමෙන් නුඹ ඉවත් වන්නැ’යි අණ කළේය. ඔහු ද එය ප්රතික්ෂේප කළේය. වහාම රජු රාජ්ය සේවකයින් පිරිසක් කැඳවා (ජනයාට නොපෙනෙන සේ) මොහුව එක්තරා කන්දකට කැඳවා ගොස් ඔහු තම දහමෙන් ඉවත් වන්නේ නම්, ආපසු කැඳවා ගෙන එන ලෙසත් ඔහු ප්රතික්ෂේප කළේ නම් පහළට තල්ලු කර දමන ලෙසත් නියෝග කර යැවීය. පසුව ඔවුන් කොලුවාව කැඳවා කඳු මුදුනට ගිය නමුත් ඔහු ”මාගේ පරමාධිපතියාණෙනි, නුඹ කැමැති අයුරින් මා බේරා ගනු මැනව”යි ප්රාර්ථනා කළේය. එවිට කන්ද කම්පනයට පත් වී රාජ්ය සේවකයින් පිරිස බිමට ඇද වැටුණෝය. කොලුවා පමණක් ඇවිද රජ වාසල වෙත පැමිණියේය. එවිට ඔහුව දුටු රජතුමා ”නුඹ සමග ගිය පිරිසට නුඹ කුමක් කළේ දැ?”යි විමසූ විට ”අල්ලාහ් ඔවුන්ගෙන් මා අරක්ෂා කළේය”යැයි කොලුවා පිළිතුරු දුන්නේය. පසුව තවත් රාජ්ය සේවකයින් පිරිසක් කැඳවා ‘ඔහුව නැවකින් මුහුද මැදට ගෙන ගොස්, ඔහු තම දහමෙන් ඉවත් වන්නේ නම් ආපසු කැඳවා ගෙන එන ලෙසත් ඔහු ප්රතික්ෂේප කළේ නම්, මුහුදට තල්ලු කරන ලෙසත් නියෝග කර යැවූහ. පසුව ඔවුන් කොලුවාව කැඳවා මුහුද මැදට ගිය නමුත් ඔහු ‘මාගේ පරමාධිපතියාණෙනි, නුඹ කැමැති අයුරින් මා බේරා ගනු මැනව’යි ප්රාර්ථනා කළේය. එවිට රාජ්ය සේවකයින් සමග නැව ගිලුනු අතර කොලුවා පමණක් රජ වාසල වෙත පැමිණියේය. එවිට ඔහුව දුටු රජතුමා ”නුඹ සමග ගිය පිරිසට නුඹ කුමක් කළේ දැ?”යි විමසූ විට ”අල්ලාහ් ඔවුන්ගෙන් මා අරක්ෂා කළේය”යැයි කොලුවා පිළිතුරු දුන්නේය. එවිට කොලුවා රජතුමා අමතා ”මා නුඹට පවසන දෑ නුඹ ඉටු කරන තෙක් මා ඝාතනය කළ නොහැක” ”එසේ නම් ඒ කුමක්දැ?”යි රජතුමා ඇසීය. ”නුඹ රට වැසියන් සියලු දෙනා එක් ස්ථානයකට කැඳවා එහි මධ්යයෙහි ඉඳි ගස් කඳක් සිටුවා පසුව මාගේ කොපුවෙන් ඊයක් ගෙන දුන්නෙහි තබා ඉලක්ක කොට ‘බිස්මිල්ලාහි රබ්බිල් ගුලාම්’ (මෙම කොලුවාගේ පරමාධිපතිගේ නාමයෙන්) යැයි පවසා මට විදින්නැ”යි පැවසුවේය. රජු ද එලෙසම ඉටු කළේය. එවිට එම ඊය කොලුවාගේ නළලෙහි පැත්තක ඇනුණු අතර ඔහු එතැනට අත තබා ගෙන මරණයට පත් විය. මෙය දුටු ජනයා ‘අපි මෙම කොලුවාගේ පරමාධිපතිව විශ්වාස කරන්නෙමු’යි පැවසුවෝය. එම අවස්ථාවේ පිරිසක් පැමිණ, ”රජතුමණි, මිනිසුන් අල්ලාහ්ව පිළිගනියි යැයි ඔබ බිය වෙමින් සිටි දෑ සිදු වී ඇත.” යනුවෙන් පැවසුවේය. ඊට කෝපයට පත් රජු සෑම මංසන්ධියකම වළවල් හාරා එහි ගිනි මොළවා ඔවුන් එම දහමෙන් ඉවත් නොවන්නේ නම් ගිනි මැළයට දමන මෙන් නියෝග පැනවීය. රාජ්ය සේවකයින් නියෝගය එලෙසම ඉටු කළෝය. අවසානයේ ළදරුවෙකු උසුලා ගත් කාන්තාවක් එයට පැනීමට තැති ගනිමින් පසු වූවාය. එවිට එම ළදරුවා ”මෑණියනි, සැබැවින්ම නුඹ සත්යයෙහි සිටින්නෙහිය. එබැවින් ඉවසිලිවන්ත වන්නැ”යි පැවසීය. පසුව මෙම සූරාවේ සඳහන් පරිදි අල්ලාහ් විශ්වාසිකයන්ට මොවුන් විසින් සිදු කළ මෙම සාපරාධි ක්රියාවට පිළිතුරු වශයෙන් අගල්හි ඇවිළුනු ගින්න ඉන් පිටතට ඇදී ගොස් අවට සිටි එම අපරාධකරුවන්ව විනාශයට පත් කළේය.
5

النَّارِ ذَاتِ الْوَقُودِ

(එය) ඉන්ධන වලින් යුක්ත ගින්නකි.
6

إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ

(රජු හා සේවකයින් වන) ඔවුන් ඒ අසල ඉඳගෙන සිටිය දී
7

وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ

තවද ඔවුහු විශ්වාසිකයින්ට එරෙහිව කරමින් සිටි දෑ නරඹන්නන් වූහ.
8

وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَن يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ

අති බලසම්පන්න වූ සර්ව ප්රශංසා හිමි අල්ලාහ්ව විශ්වාස කළ හේතුවෙන් මිස ඔවුහු ඔවුනට දඬුවම් නොකළහ.
9

الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

ඔහු කවරෙකු ද යත් අහස්හි හා මිහිතලයෙහි ආධිපත්යයේ හිමිකරුය. එමෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නාය.
10

إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ

සැබැවින්ම කවුරුන් විශ්වාසිකයන්ව හා විශ්වාසික කාන්තාවන්ව පීඩාවට පත් කර පසුව (ඒ පිළිබඳව) පශ්චාත්තාප නොවූයේ ද ඔවුනට නිරයේ දඬුවම ඇත. තවද ඔවුනට ඇවිළෙන ගින්නේ දඬුවම ද ඇත.
11

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيرُ

තවද සැබැවින්ම කවුරුන් විශ්වාස කර යහකම් කළේ ද ඔවුනට (ස්වර්ග) උයන් ඇත. ඊට පහළින් ගංගාවෝ ගළා බසිති. එයයි මහත් වූ ජයග්රහණය.
12

إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ

සැබැවින්ම නුඹගේ පරමාධිපතිගේ ග්රහණය ඉතා දැඩිය.
13

إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ

සැබැවින්ම (පෙර නිදසුනකින් තොරව සියල්ල) උත්පාදනය කරන්නේ ඔහුමය. තවද (ඔහු මරණින් පසු නැවත නැගිටුවන දිනයේ) පුනරුත්පාදනය කරන්නේය.
14

وَهُوَ الْغَفُورُ الْوَدُودُ

තවද ඔහු අති ක්ෂමාශීලීය අති සෙනෙහෙවන්තය.
15

ذُو الْعَرْشِ الْمَجِيدُ

අර්ෂ්හි 4 අති කීර්තිමත් හිමිකරුය.
4අල් කුර්ආන් 81:20 ආයතයට අදාළ පාද සටහන බලන්න.
16

فَعَّالٌ لِّمَا يُرِيدُ

ඔහු සිතන දෑ එලෙසින්ම කරන්නාය.
17

هَلْ أَتَاكَ حَدِيثُ الْجُنُودِ

ෆිර්අවුන් හා සමූද් සේනාවන් පිළිබඳ පුවත (නබිවරය) නුඹ වෙත පැමිණ තිබේ ද?
18

فِرْعَوْنَ وَثَمُودَ

ෆිර්අවුන් හා සමූද් සේනාවන් පිළිබඳ පුවත (නබිවරය) නුඹ වෙත පැමිණ තිබේ ද?
19

بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍ

නමුත් ප්රතික්ෂේප කළවුන් අසත්යය කිරීමෙහි(පසු වි)ය.
20

وَاللَّهُ مِن وَرَائِهِم مُّحِيطٌ

අල්ලාහ් ඔවුන්ගේ පසු පසින් සිට සර්ව ප්රකාරයෙන්ම ග්රහණය කරන්නාය.
21

بَلْ هُوَ قُرْآنٌ مَّجِيدٌ

ඇත්තෙන්ම මෙය අති කීර්තිමත් කුර්ආනයයි.
22

فِي لَوْحٍ مَّحْفُوظٍ

(එය) ‘ලව්හුල් මහ්ෆූල්’ (නම් ආරක්ෂිත ඵලකයෙ)හිය. 5
5එය අල්ලාහ් අබියස වූ ආරක්ෂිත ඵලකයකි. භෞතික හා පාරභෞතික සියලු දෑ අල්ලාහ් විසින් මැවීමට පෙර ඉන් මත්තට සිදු වන්නා වූ සියලු කරුණු එම ඵලකයෙහි අල්ලාහ් විසින් සටහන් කර ඇත.
الطارقමක්කී
1

وَالسَّمَاءِ وَالطَّارِقِ

අහස හා ‘තාරික්’ මත දිවුරමින්
2

وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ

‘තාරික්’ යනු කුමක් දැ’යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
3

النَّجْمُ الثَّاقِبُ

එය (අඳුර) පසාරු කරන (ආලෝකයෙන් යුත්) තාරකාවයි. 1
1මෙම ආයතයේ සඳහන් මෙවැනි තාරකා අහස් තලයේ නිතර ඇති මුත් ඒවා දෑසට දර්ශනය වන්නේ රාත්රී කාලයන් හි පමණකි. මෙලෙස කෙනෙකු කරන්නා වූ සියලු ක්රියාවන් ඊළඟ වදනෙහි ‘ආරක්ෂකයින්’ ලෙස නම් කරනු ලැබූ මලක්වරුන් විසින් සටහන් කර ආරක්ෂා කර තබනු ලබන අතර එය දැකිය හැකි වන්නේ විනිශ්චය දිනයේ දී පමණය යන යථාර්ථය මෙහි සැඟවී ඇති බව මින් අදහස් කෙරේ.
4

إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ

කිසිදු ආත්මයක් නොමැත ඒ මත ආරක්ෂකයෙකු නොමැතිව.
5

فَلْيَنظُرِ الْإِنسَانُ مِمَّ خُلِقَ

එබැවින් (තමා) කුමකින් මවන ලද්දේ දැ’යි මිනිසා (සිතා) බලත්වා!
6

خُلِقَ مِن مَّاءٍ دَافِقٍ

විදිනා දියරයකින් ඔහුව මවන ලද්දේය.
7

يَخْرُجُ مِن بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ

(එය) කොඳු ඇට පෙළ හා ඉළ ඇට අතුරින් පිට වේ.
8

إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌ

සැබැවින්ම ඔහු(අල්ලාහ්) ඔහුව (මතු ලොවෙහි) නැවත ගෙන්වා ගැනීමට ශක්තිවන්තයාය.
9

يَوْمَ تُبْلَى السَّرَائِرُ

රහස්යය දෑ පිරික්සනු ලබන දින. 2
2කිසිවෙකුට නොදැන රහසිගතව කෙනෙක් යම් කි්රයාවක නිරත විය හැකි නමුත් විනිශ්චය දිනයේ ඒවා සියල්ල සවිස්තරාත්මකව විවෘත කර තබනු ලැබේ.
10

فَمَا لَهُ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ

එවිට ඔහුට (දඬුවමින් මිදීමට කිසිදු) ශක්තියක් නැත. තවද උදව්කරුවෙකු ද නැත.
11

وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ

තවද (වර්ෂාව) නැවත (නැවත) ලබා දෙන අහස මත දිවුරමින්.
12

وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ

තවද (පැළෑටි හට ගැනීම පිණිස) පැළී විවෘත වන්නා වූ මිහිතලය මත දිවුරමින්.
13

إِنَّهُ لَقَوْلٌ فَصْلٌ

සැබැවින්ම එය(අල් කුර්ආනය සත්යය හා අසත්යය) වෙන් කර දක්වන (පැහැදිලි) වචනයකි.
14

وَمَا هُوَ بِالْهَزْلِ

තවද එය සරදමක් නොවේ.
15

إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا

සැබැවින්ම (දේව ප්රතික්ෂේපකයින් වන) ඔවුහු කූට උපායක් සැලසුම් කරති.
16

وَأَكِيدُ كَيْدًا

තවද මම(අල්ලාහ්) ද සැලසුමක් සැලසුම් කරන්නෙමි. 3
3වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 8:30 පාද සටහන් බලන්න.
17

فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا

එබැවින් ප්රතික්ෂේපකයින්ට අවකාශයක් ලබා දෙවු. ස්වල්ප කලකට අවකාශයක් ඔවුනට ලබා දෙවු. 4
4මෙලොව ජීවිතයේ ප්රතික්ෂේපකයින්ට අවකාශයක් දෙනු ලබන අතර ඔවුනට එම කාලය තුළ නිශ්චිත දඬුවමක් නොමැත. නමුත් දඬුවම සඳහා වූ නිශ්චිත කාලය පැමිණි විට මෙලොවෙහි හෝ මතු ලොවෙහි ඔවුන් එම දඬුවමින් ග්රහණය කර ගනු ලැබේ. එබැවින් ඔවුන් මෙලොව කවර කුමන්ත්රණයක් කළද අවසානයේ අල්ලාහ්ගේ සැලැස්ම ජය ගන්නේය.
الأعلىමක්කී
1

سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى

අති උත්කෘෂ්ට වූ නුඹගේ පරමාධිපතිගේ නාමය (පවසා ඔහුව) පිවිතුරු කරවු.
2

الَّذِي خَلَقَ فَسَوَّىٰ

(සියල්ල) මවා පසුව (මනා ලෙස) සැකසුවේ ඔහුමය.
3

وَالَّذِي قَدَّرَ فَهَدَىٰ

තවද (ඒවා) නිර්ණය කර පසුව මග පෙන්වූයේ ද ඔහුමය. 1
1මෙහි අදහස අල්ලාහ් විශ්වයේ සියලු දෑ ප්රමාණාත්මක හැකියාවන් සහිතව නිර්මාණය කර ඇති බවයි. පසුව ඔහු ඒවාට ලබා දුන් හැකියාවේ ක්ෂේත්රයන්හි කි්රයාත්මක වීමට අවශ්ය මග පෙන්වීම හා සැලසුම ද ලබා දුන්නේය. මෙවැනි මග පෙන්වීම් තුළින් සතුන් ගස් කොළ වලාකුළු ගංගා තාරකා හා ග්රහ වස්තු යනාදී සියලු දෑ තම අරමුණ ඉටු කරනුයේ කෙසේදැ’යි හඳුනා ගන්නේය.
4

وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ

තවද තණ බිම් පිට කළේ ඔහුමය.
5

فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ

පසුව එය වියැළුණු දුඹුරු පැහැති ඉපනැලි බවට පත් කළේය. 2
2මෙම ක්රියාවලියෙන් අදහස් කරනුයේ මෙලොව කිසිවක් ගුණයෙන් හෝ පැවැත්මෙන් සදාකාලික නොවන අතර ඒ සියල්ල තමන්ට නියමිත කාලය අවසන් වූ පසු විනාශයට ලක් විය යුතු බවය.
6

سَنُقْرِئُكَ فَلَا تَنسَىٰ

(නබිවරය,) අපි නුඹව (අල් කුර්ආනය) පාරායනා කිරීමට සලස්වන්නෙමු. එවිට නුඹ (එය) අමතක නොකරන්නෙහිය.
7

إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ

එනමුත් අල්ලාහ් අභිමත කළ දෑ හැර. 3 සැබැවින්ම ඔහු ප්රකට දෑ හා සැඟවුණු දෑ ගැන දන්නේය.
3‘අල්ලාහ් අභිමත කළ දෑ හැර’ යනු අල්ලාහ් යම් දෙයක් අල් කුර්ආනයේ නිෂ්ප්රභ කිරීමට අභිමත කළේ නම් එය නබිවරයාට අමතක කරවන්නේය. ඒ අනුව නිශ්චිත වදනකින් ඉදිරිපත් වන අදහසක් කි්රයාත්මක කිරීම හෝ නිෂ්ප්රභ කිරීම අල්ලාහ්ගේ අභිමතය පරිදි සිදුවන්නක් බව මෙයින් අදහස් වේ. මේ පිළිබඳව අල් කුර්ආන් 2:106 මෙසේ ප්රකාශ කරයි. “කිසියම් ආයතයක් (වදනක්) අප නිෂ්ප්රභ කරන විට එසේ නොමැති නම් ඒවා අමතක කරවන විට ඊට වඩා යහපත් දෙයක් හෝ ඊට සමාන දෙයක් හෝ අපි ගෙන එන්නෙමු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්න බව නුඹලා නොදන්නෙහු ද?”.
8

وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ

පහසු දෑ වෙත අපි නුඹව පහසු කරවන්නෙමු. 4
4‘පහසු දෑ’ යනු අල්ලාහ්ගේ දිව්යමය නීතිය වන ෂරීආ නම් ඉස්ලාමීය නීතියයි. ෂරීආ නීතිය ඉතාමත් පහසු එකක් වන අතර එය අනුගමනය කිරීමට හා ජනයාට පැහැදිලි කර දීමට අල්ලාහ් නබි මුහම්මද් තුමාණන්ට පහසු කර ඇත.
9

فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَىٰ

එබැවින් උපදෙස් දීම ප්රයෝජනවත් වේ නම්, උපදෙස් කරවු. 5
5අල් කුර්ආනයේ 51:55 වැනි ආයතයෙහි ‘තවද නුඹ උපදෙස් කරවු. එබැවින් විශ්වාසිකයින්ට සැබැවින්ම උපදෙස් ලබා දීම ප්රයෝජනවත් වනු ඇත’ යනුවෙන් සඳහන් වී ඇත. ඒ අනුව උපදෙස් ලබා දීම විශ්වාසිකයින්ට ප්රයෝජනවත් වන බව තහවුරු වේ. මෙම ආයතයන්ට අනුව ඔබගේ උපදෙස ප්රයෝජනවත් වේවි යන අපේක්ෂාවෙන් උපදෙස් ලබා දිය යුතු බව ද අවධාරණය කරයි.
10

سَيَذَّكَّرُ مَن يَخْشَىٰ

කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු උපදෙස් ලබනු ඇත.
11

وَيَتَجَنَّبُهَا الْأَشْقَى

තවද මහා අභාග්යවන්තයා එයින් වැළකී සිටියි.
12

الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ

ඔහු (නිරයේ) මහා ගින්නෙහි පිවිස දැවෙන්නෙකි.
13

ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ

අනතුරුව ඔහු එහි මරණයට පත් නොවන්නේය. තවද (නිසි ජීවිතයක් ද) ජීවත් නොවන්නේය.
14

قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ

කවරෙකු (උපදෙස් ලබා) තමන්ව පවිත්ර කර ගත්තේ ද සැබැවින්ම ඔහු ජයග්රහණය කළේය.
15

وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ

තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසුව සලාතය ඉටු කළේය.
16

بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا

නමුත් නුඹලා ලෞකික ජීවිතයට ප්රමුඛත්වයක් දක්වන්නෙහුය.
17

وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ

(ලෞකික ජීවිතයට වඩා) මතුලොවශ්රේෂ්ඨය. තවද එය සදාතනිකය.
18

إِنَّ هَـٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ

සැබැවින්ම මෙය පෙර (පහළ වූ) ලේඛනයන්හි ද ඇත.
19

صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ

(එනම් අල්ලාහ් පහළ කරනු ලැබූ) ඉබ්රාහීම්ගේ හා මූසාගේ ලේඛනයන්හිය.
الغاشيةමක්කී
1

هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ

සියල්ල ආවරණය කරන්නා වූ සිදුවීම පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේ ද?
2

وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ

එදින (ඇතැම්) මුහුණු අවමානයෙන් පසු වෙයි.
3

عَامِلَةٌ نَّاصِبَةٌ

වෙහෙස වී විඩාපත්ව (පසු වෙයි.)
4

تَصْلَىٰ نَارًا حَامِيَةً

ඔවුන් අධික උෂ්ණත්වයෙන් යුත් ගින්නෙහි පිවිස දැවෙයි.
5

تُسْقَىٰ مِنْ عَيْنٍ آنِيَةٍ

නටන උණු දිය උල්පත් වලින් පොවනු ලබයි.
6

لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ

කටු සහිත ශාකයකින් මිස ඔවුනට (එහි අන්) ආහාරයක් නොමැත.
7

لَّا يُسْمِنُ وَلَا يُغْنِي مِن جُوعٍ

එය ශරීරය නොවඩවයි. තවද කුසගින්න ද නොදුරලයි.
8

وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ

තවද එදින (ඇතැම්) මුහුණු සතුටින් පසු වෙයි.
9

لِّسَعْيِهَا رَاضِيَةٌ

උසස් වූ (ස්වර්ග) උයනෙහි (මිහිතලය මත කළ) තමන්ගේ වෑයම් පිළිබඳව තෘප්තියෙන් (පසු වෙයි.)
10

فِي جَنَّةٍ عَالِيَةٍ

උසස් වූ (ස්වර්ග) උයනෙහි (මිහිතලය මත කළ) තමන්ගේ වෑයම් පිළිබඳව තෘප්තියෙන් (පසු වෙයි.)
11

لَّا تَسْمَعُ فِيهَا لَاغِيَةً

එහි අනවශ්ය දෑ ශ්රවණය නොකරයි.
12

فِيهَا عَيْنٌ جَارِيَةٌ

එහි ගලා බසිනා උල්පතකි.
13

فِيهَا سُرُرٌ مَّرْفُوعَةٌ

එහි උස් කරනු ලැබූ කවිච්චි ද
14

وَأَكْوَابٌ مَّوْضُوعَةٌ

(පැන් සඳහා) තබන ලද ගුරුලේත්තු ද
15

وَنَمَارِقُ مَصْفُوفَةٌ

පෙළට තබන ලද කොට්ට ද
16

وَزَرَابِيُّ مَبْثُوثَةٌ

එළන ලද පලස් ද ඇත.
17

أَفَلَا يَنظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ

එබැවින් ඔටුවන් කෙසේ නිර්මාණය කරනු ලැබුවේ දැ’යි ඔවුහු නිරීක්ෂණය නොකරන්නෝ ද? 1
1ඔටුවා සත්ව ලෝකයේ විස්මිත නිර්මාණයකි. කාන්තාරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවන තත්ත්වයේ අවම වශයෙන් දින අටක් පමණ ජලය හා ආහාර නොමැතිව ජීවිතය රැක ගැනීමේ හැකියාව ඌට ඇත. ජලය ලීටර 130 ක් හා කි.ග්රෑම්. 30 ත් 50 ත් අතර දිනකට ආහාර ගැනීමේ හැකියාව ද ඌට ඇත. කාන්තාර පරිසරයට ඔරොත්තු දෙන අයුරින් හිස, නාස් පුඩු, දෙකන් හා ඇහිබැමි පිහිටා තිබීමත් කාන්තාරයේ තද උණුසුමට මෙන්ම ශීත ඍතුවේ තද සීතලට ඔරොත්තු දිය හැකි අයුරින් සම, රෝම, මොල්ලිය හා පාදයන් පිහිටා තිබීමත් විශේෂයෙන්ම කුර හා දණහිස් පෙදෙස් දැඩි උෂ්ණත්වයට ඔරොත්තු දෙන අයුරින් පිහිටා තිබීමත් සැබැවින්ම මවිතකරය. පරිසරයට ක්රමයෙන් හැඩ ගැසීමේ පරිණාමවාදී සංකල්පයට අනුව මෙම මවිතකර සැකසුම කිසිසේත්ම සිදු විය නොහැක. ඊට හේතුව ඔටුවාගේ වර්තමාන පිහිටීමේ කිසිදු අඩුවක් තිබී ක්රමයෙන් පරිණාම වීමේ අවස්ථාවක් ඇති වූයේ නම් කාන්තාරයේ කටුක පරිසරයට ඔරොත්තු දීමේ හැකියාව ඌට කෙලෙසවත් නොලැබෙන බැවිනි. ඔටුවා දැනට ඇති පරිපූර්ණත්වය සහිතවම මිහිතලය මත විශ්ව නිර්මාතෘ විසින් නිර්මාණය කර ඇති බව මෙයින් සනාථ වන සත්යයකි. මිනිසාට වඩා විශාල සතෙකු වුව ද මිනිසා ඔටුවා පාලනය කරන අතර මෙවැනි සතෙකු මිනිසාට හිමි කර දුන් සර්ව බලධාරී කරුණාභරිත අල්ලාහ්ට ඔවුන් කෙතරම් කෘතඥ විය යුතු ද? යනුවෙන් මෙම ආයතය අවධාරණය කරන්නේය.
18

وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ

තවද අහස කෙසේ ඔසවනු ලැබුවේ දැ?යි ද
19

وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ

කඳු කෙසේ සිටවනු ලැබුවේ දැ?යි ද
20

وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ

මිහිතලය කෙසේ ව්යාප්ත කරනු ලැබුවේ දැ?යි ද (ඔවුහු නිරීක්ෂණය නොකරන්නෝ ද?)
21

فَذَكِّرْ إِنَّمَا أَنتَ مُذَكِّرٌ

එබැවින් (නබිවරය,) නුඹ උපදෙස් දෙවු. සැබැවින්ම නුඹ හුදෙක් උපදෙස් දෙන්නෙකු පමණය.
22

لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ

ඔවුන් කෙරෙහි නුඹ බල කරන්නෙකු නොවේ.
23

إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ

(නමුත්) කවරෙකු (සීමාව ඉක්මවා ගොස්) පිටුපා (අල්ලාහ්ව) ප්රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි හැර.
24

فَيُعَذِّبُهُ اللَّهُ الْعَذَابَ الْأَكْبَرَ

එවිට අල්ලාහ් (ප්රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරයි.
25

إِنَّ إِلَيْنَا إِيَابَهُمْ

සැබැවින්ම (මරණින් මතු) ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙතමය.
26

ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم

පසුව ඔවුන්(කළ ක්රියාවන්)ගේ ගණන් බැලීම සැබැවින්ම අප කෙරෙහිමය.
الفجرමක්කී
1

وَالْفَجْرِ

අලුයම මත දිවුරමින්.
2

وَلَيَالٍ عَشْرٍ

තවද රාත්රි දහය මත දිවුරමින්. 1
1මෙය ඉස්ලාමීය දින දර්ශනයේ 12 වැනි මාසය වන zදුල් හිජ්ජා මාසයට අයත් අධික කුසල් ලැබිය හැකි මුල් රාති්ර 10 බව බොහෝ ඉස්ලාමීය විද්වතුන් අදහස් දක්වති. මෙම කාලය තුළ එක් දිනක් උපවාස ශීලයේ යෙදීම සම්පූර්ණ වසරම උපවාස ශීලයේ යෙදීම හා සමාන වේ. මෙහි එක් රාත්රියක නැමදුම ලයිලතුල් කද්ර් (වැඩි විස්තර සඳහා 97 වැනි සූරාව බලන්න) රැයෙහි කරන නැමදුම හා සමාන වන්නේය.
3

وَالشَّفْعِ وَالْوَتْرِ

තවද ඉරට්ටේ හා ඔත්තේ මත දිවුරමින්. 2
2මෙහි ඔත්තේ යනුවෙන් සඳහන් වී ඇත්තේ zදුල් හිජ්ජා මස නව වන දිනය වන අරෆා දිනය බව ද ඉරට්ටේ යනුවෙන් සඳහන් වී ඇත්තේ zදුල් හිජ්ජා මස දහ වන දිනය වන හජ් උත්සව දිනය බව ද හදීසයක සඳහන් වේ. මෙම දිනයන් මත අල්ලාහ් දිවුරා ඇත්තේ එම දිනයන්හි වැදගත්කම ගෙන හැර දැක්වීම පිණිසය.
4

وَاللَّيْلِ إِذَا يَسْرِ

තවද රාත්රිය ගෙවී යන විට එය මත දිවුරමින්.
5

هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِّذِي حِجْرٍ

බුද්ධිය ඇත්තාට ඒවායෙහි (ප්රමාණවත්) දිවුරුමක් (නො)තිබේ ද?
6

أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ

නුඹේ පරමාධිපති ආද් (සමූහයා) සමග කටයුතු කළ ආකාරය නුඹ නොදුටුවෙහි ද?
7

إِرَمَ ذَاتِ الْعِمَادِ

(ඔවුන්) කුලුනු මෙන් (උසින් හා ශක්තියෙන්) වූ ඉරම් වැසියෝය. 3
3‘ඉරම්’ යනු ‘ආද්’ සමූහයා පැවත ආ පරම්පරාවක නාමයයි. මෙය අල් කුර්ආනයෙහි ‘ආදනිල් ඌලා’ හෙවත් ‘මුල් ආද් වැසියන්’ ලෙස 53:50 වැනි ආයතයේ සඳහන් වී ඇත. ඇතැම් අල් කුර්ආන් විවරණකරුවන් ‘ඉරම්’ යනු නගරයක් යැයි විග්රහ කර ඇත. මොවුහු ඉතා බල සම්පන්න ජන සමූහයක් වූහ. ‘හූද්’ නම් නබිවරයාව ප්රතික්ෂේප කළ හේතුවෙන් චණ්ඩ මාරුතයකින් මොවුන්ව විනාශ කරන ලදී.
8

الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ

ඔවුන් මෙන් වූවන්ව (වෙනත්) ප්රදේශ වල මවනු නොලැබුවේය.
9

وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ

තවද (කුරා නම්) මිටියාවතෙහි ගල් පර්වත (නිවෙස් ලෙස) නෙළූ සමූද් සමූහයා සමග ද 4
4‘සාලිහ්’ නම් නබිවරයාට එරෙහිව කි්රයා කළ හේතුවෙන් ‘සමූද්’ ජනයාව මහා භූමි කම්පනයකින් විනාශ කරන ලදී. මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:65-78 දක්වා කියවන්න.
10

وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِ

(මිනිසුන් බැඳ වධ හිංසා කිරීම සඳහා තැනූ) උල් රිටි හිමි ෆිර්අවුන් සමග ද (නුඹේ පරමාධිපති කටයුතු කළ ආකාරය නුඹ නොදුටුවෙහි ද?) 5
5ෆිර්අවුන් තමාට එරෙහි වූවන්ව උල් රිටි හතරක අත් කකුල් බැඳ තබා අමානුෂික ලෙස වධ හිංසා දීමෙන් මරණයට පත් කළේය. එබැවින් ඔහුට ‘උල් රිටි හිමි මිනිසා’ යැයි නම් කරනු ලැබීය. ෆිර්අවුන් - 79:17 පාද සටහන බලන්න.
11

الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ

මොවුහු (ලොවෙහි විවිධ) දේශයන්හි සීමාව ඉක්මවා ගියවුන්ය.
12

فَأَكْثَرُوا فِيهَا الْفَسَادَ

තවද එහි ඔවුහු කලහකම් අධිකව කළෝය.
13

فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ

එබැවින් නුඹගේ පරමාධිපති දඬුවමේ කසය ඔවුන් මත හෙළීය.
14

إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ

සැබැවින්ම නුඹේ පරමාධිපති සදා විපරමින් සිටියි.
15

فَأَمَّا الْإِنسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ

තවද මිනිසා පිළිබඳව (සඳහන් කරන්නේ) නම් ඔහුගේ පරමාධිපති ඔහුව පරීක්ෂාවට ලක් කර එනම් ඔහුට ගෞරවය ලබා දී ඔහුට දායාදයන් ප්රදානය කළ කල්හි ”මාගේ පරමාධිපති මා ගෞරවයට පත් කළේය” යැයි ඔහු පවසයි.
16

وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ

නමුත් ඔහු(අල්ලාහ්) ඔහුව පරීක්ෂාවට ලක් කර එනම් ඔහුට ඔහුගේ ජීවන සැපයුම් සීමා කළ විට ”මාගේ පරමාධිපති මා අවමානයට පත් කළේ යැ”යි පවසයි.
17

كَلَّا ۖ بَل لَّا تُكْرِمُونَ الْيَتِيمَ

එසේ නොව, (නුඹලාට අල්ලාහ් දායාදයන් පිරිනමා ඇති) නමුත් නුඹලා අනාථයාට (කාරුණිකව හා ත්යාගශීලීව) ගෞරව නොකරන්නෙහුය.
18

وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ

තවද දිළිඳුන්ට ආහාර ලබා දීම කෙරෙහි නුඹලා එකිනෙකා දිරි නොගන්වන්නෙහුය.
19

وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَّمًّا

තවද පරපුරෙන් උරුම වූ දේපළ (අතුරින් නුඹලාට අනුමත දෑ කුමක්දැ’යි නොසලකා) නුඹලා දැඩි ලෙස කා දමන්නෙහුය.
20

وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا

තවද නුඹලා ධනය දැඩි ඇල්මකින් ඇලුම් කරන්නෙහුය.
21

كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا

එසේ නොව, පොළොව කැබලි වලට සුනුවිසුනු කරනු ලැබූ කල්හි
22

وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا

නුඹගේ පරමාධිපතිගේ විධානය පැමිණෙනු ඇත. තවද මලක්වරු ද පෙළින් පෙළට සිටිති.
23

وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنسَانُ وَأَنَّىٰ لَهُ الذِّكْرَىٰ

තවද එදින නිරය (දර්ශනයට ඇද) ගෙන එනු ලබන්නේය. මිනිසා (තමා කළ දෑ) එදින සිහිපත් කරයි. නමුත් එය සිහිපත් කිරීමෙන් ඔහුට කුම(න ඵල)ක් ද?-
24

يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي

”අහෝ, මාගේ (මතු ලොව) ජීවිතය වෙනුවෙන් මා (යහකම්) පෙරටු කර ඇත්නම්” යැයි ඔහු (පසුතැවිල්ලෙන්) පවසයි.
25

فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ

එබැවින් ඔහු(අල්ලාහ්) එදින දඬුවම් කරන්නාක් මෙන් අන් කිසිවෙකු දඬුවම් නොකරයි.
26

وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ

ඔහු විලංගු දමන්නාක් මෙන් අන් කිසිවෙකු විලංගු නොදමයි.
27

يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ

(අල්ලාහ්ට අවනත වී යහකම් කළවුනට) අහෝ සැනසුමට පත් ආත්මය, (යැයි අමතනු ලැබේ.)
28

ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً

(නුඹ) තෘප්තිමත් වී (අල්ලාහ්ගේ) තෘප්තියට ද ලක්වෙමින් නුඹ නුඹගේ පරමාධිපති වෙත හැරී එවු. 6
6විශ්වාසිකයෙකුගේ යහ කි්රයාවන් අල්ලාහ්ගේ තෘප්තිය දිනා ගැනීමට හේතු වන අතර ඔහු ද තමන් ගනු ලබන තිළිණයන් පිළිබඳව සම්පූර්ණ තෘප්තියට පත් වන බව නිසැකය.
29

فَادْخُلِي فِي عِبَادِي

එබැවින් මාගේ (යහ) ගැත්තන් අතරට නුඹ ඇතුළු වවු.
30

وَادْخُلِي جَنَّتِي

මාගේ ස්වර්ගයට නුඹ ඇතුළු වවු.
البلدමක්කී
1

لَا أُقْسِمُ بِهَـٰذَا الْبَلَدِ

මෙම (මක්කා) නගරය මත දිවුරමි.
2

وَأَنتَ حِلٌّ بِهَـٰذَا الْبَلَدِ

(නබිවරය,) නුඹ මෙම නගරයෙහි ස්වාධීනයෙකු වන්නෙහිය. 1
1එවකට මක්කා නගරය තුළ සතුරන් සමග සටන් කිරීමට නබි මුහම්මද් තුමාණන්ට අල්ලාහ්ගේ අනුමැතිය නොවීය. නමුත් ඉදිරි කාලයේ දී එසේ සටන් කිරීමට අවසර දෙනු ලබන අවස්ථාවක් පැමිණෙනු ඇතැයි යන්න මෙහි අර්ථයයි. මක්කා ජය ගත් දිනයේ එක් දිනකට පමණක් සටන් කිරීමට නබි මුහම්මද් තුමාණන්ට අනුමත දෙන ලද නමුත් කිසිදු ලේ වැගිරීමකින් තොරව මක්කාව ජය ගන්නට එතුමාට හැකි විය. වෙනත් විවරණයක ‘මෙම මක්කා නගරයේ නබිවරය, නුඹව ඝාතනය කිරීම අනුමත දෙයක් ලෙස ඔවුහු සැලකුවෝය. මේ අනුව මිථ්යාදෘෂ්ටිකයින් මක්කා සීමාව තුළ සිව්පාවෙක් පවා ඝාතනය කිරීම තහනම් කළ නමුත් නබිවරයාව ඝාතනය කරන්නට ඔවුහු කුමන්ත්රණ කළහ. මෙවැනි කුමන්ත්රණ මැද අල්ලාහ් අවසාන විජයග්රහණය නබි මුහම්මද් තුමාණන්ට දෙන බව ද දැන් මුහුණ පා ඇති දුෂ්කරතාවන් සියල්ල තාවකාලික බවද පවසා එතුමාණන්ගේ සිතට මෙම ආයතයෙන් සහනයක් දෙන ලද බවය. තුන්වන විවරණය ඉතා පහසු එකකි. ‘හිල්’ යන අරාබි පදයට වාසස්ථානය යන අර්ථය වේ. එනම් නබි මුහම්මද් තුමාණන් ඔබ මේ නගරයේ වාසය කරන හෙයින් එය මත දිවුරා පවසමි යැයි අල්ලාහ් සඳහන් කරයි.
3

وَوَالِدٍ وَمَا وَلَدَ

තවද පියා(ආදම්) හා ඔහු ජනිත කළ අය මත ද (දිවුරමි). 2
2ප්රථම මිනිසා වන නබි ආදම් තුමාණන් හා ඔහුගේ පරපුර මෙයින් අදහස් කෙරේ.
4

لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي كَبَدٍ

සැබැවින්ම අපි මිනිසාව දැඩි පරිශ්රමයක් තුළ (ජීවත් වන්නෙකු ලෙස) මැව්වෙමු. 3
3මිහිතලයේ කිසිවෙකුට සැප සම්පන්නව සහ සුඛෝපභෝගීව සදාකාලිකව ජීවත් විය නොහැකි බව මෙම වාක්යයෙන් අදහස් කෙරේ. මිනිසා මවනු ලැබුවේ බලවත් පරිශ්රමයන් තුළ ජීවත් වීමටය. නමුත් තමන් විඳින පරිශ්රමයන් මෙලොව ජීවනෝපාය සඳහා පමණක් නොව මතුලොව සැප සම්පන්න ජීවිතයක් සඳහා ද වේ. ඔහු ප්රශ්න වලට ඉවසීමෙන් මුහුණු දිය යුත්තේ එම නිසාය. මක්කා නුවර මුස්ලිම්වරුන් එහි ජීවත් වූ සෙසු ජනයාගෙන් මහත් පීඩාවට ලක් වූ හෙයින් මෙලොව ජීවිතයේ ස්වභාවය මතක් කර ඒවා ඉවසීමෙන් දරා ගන්නා ලෙස ඔවුන්ට මෙයින් සිහි ගන්වනු ලැබේ.
5

أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌ

ඔහු වෙත කිසිවෙකුට බලය යෙදිය නොහැක්කේම යැයි ඔහු සිතන්නේ ද?-
6

يَقُولُ أَهْلَكْتُ مَالًا لُّبَدًا

‘බහුල ලෙස සම්පත් වියදම් කළෙමි’ යැයි ඔහු (ආඩම්බරයෙන්) පවසයි. 4
4මෙයින් අදහස් කරනුයේ ලෝකයාට පෙන්වීම පිණිස යහපත් චේතනාවකින් තොරව ධනවතුන් විසින් ආඩම්බරව වියදම් කිරීමය. මෙවැනි ධනවතුන් මුළු විශ්වයම තමන්ට අයත් බව ද තමන්ට කිසිදු හානියක් සිදු නොවන බව ද පුරසාරම් දොඩති.
7

أَيَحْسَبُ أَن لَّمْ يَرَهُ أَحَدٌ

කිසිවෙකු ඔහුව නොදුටුවේ යැයි ඔහු සිතන්නේ ද?
8

أَلَمْ نَجْعَل لَّهُ عَيْنَيْنِ

අපි ඔහුට දෙනෙත් ඇති නොකළෙමු ද?
9

وَلِسَانًا وَشَفَتَيْنِ

තවද දිව හා දෙතොල් ද (ඇති නොකළෙමු ද?).
10

وَهَدَيْنَاهُ النَّجْدَيْنِ

තවද අපි (යහ හා අයහ) මාර්ග දෙක ඔහුට පෙන්වා දුන්නෙමු.
11

فَلَا اقْتَحَمَ الْعَقَبَةَ

‘අකබා’ (ප්රපාතය මෙතෙක්) ඔහු තරණය නොකළේය. 5
5‘අකබා’ යන්නෙහි අර්ථය නැගීමට දුෂ්කර කඳු මාර්ගයකි. මෙම ආයතයට පසුව ඇති ආයතයන්ට අනුව මෙහි එය භාවිත කර ඇත්තේ දුෂ්කරතාවෙන් යුත් යහපත් කි්රයා ගෙන හැර පෑමටය. එය දුෂ්කර ලෙස පෙණුන ද එයින් මතු ලොවට ඉමහත් ප්රයෝජන ඇති බවය.
12

وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ

තවද ‘අකබා’ යනු කුමක් දැ’යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
13

فَكُّ رَقَبَةٍ

(එය) වහලෙකු නිදහස් කිරීමය. 6
6වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 47:4 පාද සටහන් සමග බලන්න.
14

أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ

නැතහොත් සාගින්නෙන් පෙළෙන දිනක ආහාර සැපයීමය.
15

يَتِيمًا ذَا مَقْرَبَةٍ

(එනම්) ඥාතී වූ අනාථයෙකුට හෝ
16

أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ

පොළොවෙහි වැතිරී සිටින දුප්පතෙකුට 7 (හෝ ආහාර සැපයීමය.)
7අන්ත දිළිඳුකම හා කුසගින්න පෙන්වා දීම සඳහා ‘පොළොවේ වැතිරී සිටින’ යන යෙදුම අරාබිවරුන් භාවිත කරයි.
17

ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ

පසුව (අල්ලාහ්ව) විශ්වාස කර ඉවසීම පිළිබඳව එකිනෙකාට උපදෙස් දී කරුණාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතුරින් ඔහු විය.
18

أُولَـٰئِكَ أَصْحَابُ الْمَيْمَنَةِ

ඔවුන්මය දකුණතෙහි (වාර්තා පොත දෙනු ලැබූ) සගයින් වන්නෝ.
19

وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ الْمَشْأَمَةِ

කවුරුන් අපගේ වදන් ප්රතික්ෂේප කළේද, ඔවුන්මය වමතෙහි (වාර්තා පොත දෙනු ලැබූ) සගයින් වන්නෝ.
20

عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌ

ඔවුන්ව (මුළුමණින්ම) වසා ගත් ගින්නක් ඇත.
الشمسමක්කී
1

وَالشَّمْسِ وَضُحَاهَا

සූර්යයා මත හා එහි දීප්තිය මත දිවුරමින්.
2

وَالْقَمَرِ إِذَا تَلَاهَا

තවද චන්ද්රයා මත දිවුරමින්. එය එයට(සූර්යයාට) පසුපසින් පැමිණි විට.
3

وَالنَّهَارِ إِذَا جَلَّاهَا

තවද දහවල මත දිවුරමින්. එය එහි(සූර්යයාහි) දීප්තිය හෙළි කරන විට.
4

وَاللَّيْلِ إِذَا يَغْشَاهَا

තවද රාත්රිය මත දිවුරමින්. එය එය(සූර්යයා) ආවරණය කරන විට. 1
13 හා 4 වැනි ආයත් වලින් සඳහන් කරන ‘හෙළි වීම’ හා ‘ආවරණය වීම’ යන ක්රියාවලිය සූර්යයා හා සම්බන්ධ බව පෙන්වුව ද වෙනත් විවරණ අනුව එම ක්රියාවලිය මිහිතලය හා සම්බන්ධ බව සඳහන් වේ. 5 සිට 8 දක්වා වූ ආයතයන්හි ‘ඔහු’ යන යෙදුමෙන් අඟවන්නේ අල්ලාහ්ය.
5

وَالسَّمَاءِ وَمَا بَنَاهَا

තවද අහස මත හා එය තැනූ ඔහු මත දිවුරමින්.
6

وَالْأَرْضِ وَمَا طَحَاهَا

තවද මිහිතලය මත හා එය ව්යාප්ත කළ ඔහු මත දිවුරමින්.
7

وَنَفْسٍ وَمَا سَوَّاهَا

තවද ආත්මය මත හා එය නිසි ලෙස සකස් කළ ඔහු මත දිවුරමින්.
8

فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا

පසුව ඔහු එ(ම ආත්මයෙ)හි දුෂ්ටභාවය හා එහි බිය භක්තිය (වෙන් කර හඳුනා ගැනීමේ හැකියාව) එයට කාවැද්දුවේය. 2
2සෑම පුද්ගලයෙකුටම අල්ලාහ් යහපතක් හෝ අයහපතක් කිරීමේ හැකියාව ස්වභාවිකව ලබා දී ඇත. යහපතක් කිරීමේ හැකියාව ඔහු උපයෝගි කළේ නම් ඔහු තමන්ව පිවිතුරු කර මෙලොව පරීක්ෂණයන්ගෙන් සමත් වනු ඇත. එසේ නොවී අයහපත් හැඟීම් වලට වහල් වී කටයුතු කළේ නම් ඔහු එම පරීක්ෂණයන්ගෙන් අසමත් වී එහි දඬුවමට ලක් වනු ඇත.
9

قَدْ أَفْلَحَ مَن زَكَّاهَا

කවරෙකු එය(ආත්මය) පිවිතුරු කළේ ද ඔහු සැබැවින්ම ජයග්රහණය කළේය.
10

وَقَدْ خَابَ مَن دَسَّاهَا

තවද කවරෙකු එය දූෂිත කර ගත්තේ ද සැබැවින්ම ඔහු පාඩු වින්දේය.
11

كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا

සමූද් ජනයා ඔවුන්ගේ සීමාව ඉක්මවා යෑම හේතුවෙන් (තම නබිවරයාව) අසත්ය කළෝය.
12

إِذِ انبَعَثَ أَشْقَاهَا

ඔවුන්ගෙන් මහත් අභාග්යවන්තයා වේගයෙන් නැගී සිටි විට.-
13

فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا

අල්ලාහ්ගේ ඔටු දෙන(ට හිංසා කිරීම) හා උගේ පානය (වළක්වාලීම) පිළිබඳව (අවවාදයෙන් සිටින්නැ’යි) අල්ලාහ්ගේ රසූල්වරයා ඔවුනට පැවසුවේය. 3
3නබි සාලිහ් නම් නබිවරයාගේ ප්රජාව සමූද්වරුය. මෙම නබිවරයාගේ සත්යභාවය තහවුරු කිරීම පිණිස එම ජනයා එතුමාගෙන් සාධකයක් ගෙන එන මෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව අල්ලාහ් නබි සාලිහ් තුමාණන්ගේ ප්රජාවට සාධකයක් හා පරීක්ෂණයක් ලෙස ඔවුන්ගේ ඉල්ලීම පරිදි ගල් පර්වතයක් දෙබෑ කර ගම් වැසියන් සියල්ලට කිරි දෙන ඔටු දෙනක් මතු කළේය. එම ඔටු දෙනගේ අයිතීන් පිළිබඳව අල්ලාහ් ජනයාට නිශ්චිත උපදෙස් ලබා දී තිබූ අතර එම ප්රජාව විසින් එම උපදෙස් කඩ කරන ලදී. ජනයාට හා ඔටුවාට ජලය පානය සඳහා වූ පොදු ස්ථානයක් විය. එයින් දිනක් ජලය පානය කිරීමේ අයිතිය එම වැසියන්ට ද දිනක එහි අයිතිය ඔටු දෙනට ද හිමි කර දී තිබුණි. නමුත් මෙම උපදෙස් කඩ කරමින් ඔවුන් සීමාව ඉක්මවා ගොස් ඌට ජලය පානය කිරීමට ඉඩ නොදී අවසානයේ උගේ ගෙල කපා ඝාතනය කළහ.
14

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنبِهِمْ فَسَوَّاهَا

එහෙත් ඔවුහු ඔහුව අසත්යය කර උගේ ගෙල සිඳ දැමුවෝය. එබැවින් ඔවුන්ගේ (එම) පාප ක්රියාව හේතුවෙන් ඔවුන්ගේ පරමාධිපති ඔවුන් මත විනාශය පහළ කර (සියල්ලන් අතර) එය(එම දඬුවම) සම කළේය.
15

وَلَا يَخَافُ عُقْبَاهَا

තවද එහි ප්රතිවිපාකය පිළිබඳව ඔහු(අල්ලාහ්) බිය නොවන්නේය. 4
4මෙහි අදහස් කරනුයේ දඬුවම් ලබා දීම ගැන අල්ලාහ් බිය නොවන බවය. හේතුව අල්ලාහ්ගේ ක්රියාවන් පිළිබඳව ප්රශ්න කිරීමට කිසිදු අයිතියක් කිසිවෙකුට නොමැත. ඔහු පරම යුක්ති ගරුකය. ක්රියාවන් පිළිබඳව ප්රශ්න කරනු ලබනුයේ ඔහුගේ ගැත්තන් වන අපගෙන්ය. (අල් කුර්ආන් 21:23 වැනි වැකිය බලන්න.).
الليلමක්කී
1

وَاللَّيْلِ إِذَا يَغْشَىٰ

රාත්රිය (අන්ධකාරයෙන්) ආවරණය කරන විට එය මත දිවුරමින්.
2

وَالنَّهَارِ إِذَا تَجَلَّىٰ

තවද දහවල නිරාවරණය වී (ආලෝකයෙන්) දිස්වෙන විට එය මත දිවුරමින්.
3

وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنثَىٰ

තවද පුරුෂයාව හා ස්ත්රියව මැවූ (අල්ලාහ් වන) ඔහු මත දිවුරමින්.
4

إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ

සැබැවින්ම නුඹලාගේ ප්රයත්නයන් විවිධාකාරය.
5

فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ

එබැවින් (අන් අයට තම ධනය) පිරිනමා බිය භක්තිමත් වී උතුම් දෑ(දහම) සත්යය කළ අය පිළිබඳව (සඳහන් කරන්නේ) නම්,
6

وَصَدَّقَ بِالْحُسْنَىٰ

එබැවින් (අන් අයට තම ධනය) පිරිනමා බිය භක්තිමත් වී උතුම් දෑ(දහම) සත්යය කළ අය පිළිබඳව (සඳහන් කරන්නේ) නම්,
7

فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ

ඔහු සඳහා (ස්වර්ගයේ) අතිශය (සැප) පහසු දෑ වෙත අපි (මග) පහසු කරන්නෙමු. 1
1යමෙකු යහපත සඳහා තම උත්සාහයන් උපයෝගි කරන්නේ නම් ඔහුගේ අනිකුත් යහ කි්රයාවන් ඉටු කිරීමට අල්ලාහ් පහසු කරන අතර ඒ හේතුවෙන් ස්වර්ගයේ උතුම් ස්ථානයක් ඔහු හිමි කර ගැනීමට පහසු වන බව ආයත් අංක 5, 6 හා 7 හි පෙන්නුම් කරයි. එමෙන්ම ආයත් අංක 8 සහ 9 හි සඳහන් පරිදි ඔහු අකුසල් කි්රයා සඳහා තම හැකියාව උපයෝගී කරන්නේ නම් ආයත් 10 හි සඳහන් පරිදි නිරයේ ගින්නේ දරුණුතම ස්ථානය කරා යෑමට අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත.
8

وَأَمَّا مَن بَخِلَ وَاسْتَغْنَىٰ

තවද මසුරු වී, තමා ස්වයංපෝෂිත යැයි සිතා, උතුම් දෑ(දහම) අසත්යය කළ අය පිළිබඳව (සඳහන් කරන්නේ) නම්
9

وَكَذَّبَ بِالْحُسْنَىٰ

තවද මසුරු වී, තමා ස්වයංපෝෂිත යැයි සිතා, උතුම් දෑ(දහම) අසත්යය කළ අය පිළිබඳව (සඳහන් කරන්නේ) නම්
10

فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰ

ඔහු සඳහා (නිරයේ) අති දුෂ්කර දෑ වෙත අපි (මග) පහසු කරන්නෙමු.
11

وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّىٰ

ඔහු (නිරයෙහි) ඇද වැටෙනා කල්හි ඔහුගේ ධනය ඔහුට (කිසිදු) ඵලක් නොදෙන්නේය.
12

إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ

සැබැවින්ම යහමග පෙන්වීම අප මතය. 2
2සැබැවින්ම යහමග පෙන්වීම අප මතය යන්නෙන් අදහස් කරනුයේ ලෝවැසියන් සියල්ලට මග පෙන්වනුයේ අල්ලාහ් බවය. නමුත් එමගින් ඔවුන් යහමග යෑම හෝ නොමග යෑම මිනිසාගේ තෝරා ගැනීම මත රැඳී ඇත. ඔහුගේ තෝරා ගැනීම අනුව ඵල විපාක විඳින්නට ද සිදු වනු ඇත.
13

وَإِنَّ لَنَا لَلْآخِرَةَ وَالْأُولَىٰ

තවද සැබැවින්ම අවසානය (හෙවත් මතු ලොව) හා ආරම්භය (හෙවත් මෙලොව) අප සතුය.
14

فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ

එබැවින් ඇවිළෙන ගින්න පිළිබඳව මම නුඹලාට අවවාද කළෙමි.-
15

لَا يَصْلَاهَا إِلَّا الْأَشْقَى

මහත් අභාග්යවන්තයා මිස අන් කිසිවෙකු එහි පිවිස නොඇවිළෙයි.
16

الَّذِي كَذَّبَ وَتَوَلَّىٰ

(ඔහු) කවරෙකුද යත් අසත්යය කර පිටුපෑවෙකුය.
17

وَسَيُجَنَّبُهَا الْأَتْقَى

තවද අතිමහත් බිය භක්තිකයා එයින්(නිරයෙන්) වළක්වනු ලබනු ඇත.
18

الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّىٰ

ඔහු කවරෙකු ද යත් තම ධනය පිරිනමා (ආත්ම) පාරිශුද්ධිය ඇති කර ගත් අයෙකි. 3
3මෙම ආයතයෙන් අදහස් වන්නේ පරිත්යාගයන් මගින් කෙනෙකු අයහපත් දැයින් පිරිසිදු වන බවය. එනම් ඔහුගේ පෙර පාපයන්ට සමාව ලැබ ඔහුගේ චෛතසිකයෙහි මතු වන පාපකාරී හැඟීම් වලට එරෙහිව ඔහු ශක්තිමත් වන බවය. මෙහි මූලික කොන්දේසිය වනුයේ තමන් කරන්නා වූ පරිත්යාගයන් අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා අවංක චේතනාවෙන් ඉටු කිරීම හා තමන් තුළ පාරිශුද්ධභාවය ඇති කර ගැනීමය. ඉස්ලාමය පිළිගත් වහලූන් නිදහස් කිරීම සඳහා අබු බක්ර් තුමාණන් තම ධනය විශාල වශයෙන් වැය කිරීම සම්බන්ධව මෙම වැකිය පහළ වූ බව ඇතැම් විද්වත්හු අදහස් කරති.
19

وَمَا لِأَحَدٍ عِندَهُ مِن نِّعْمَةٍ تُجْزَىٰ

ප්රතිඋපකාරයක් ලෙස දෙනු ලැබීමට කිසිවෙකුගේ කිසිදු දායාදයක් ඔහු සතුව නොමැත. 4
4මෙහි පවසනු ලබනුයේ අබූ බක්ර් තුමාණන් පිළිබඳ වූ සිද්ධියකි. ඉස්ලාමයේ මුල් අවදියේ බිලාල් තුමාණන් ද වධ හිංසාවන්ට ගොදුරු වූ වහලෙකි. එවිට අබූ බක්ර් තුමාණන් මුදල් ගෙවා අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඔහුව වහල්භාවයෙන් නිදහස් කර ගත්හ. එය දුටු දේව ප්රතික්ෂේපකයින් බිලාල් තුමා එතුමාණන්ට කළ යම් උපකාරයක් හේතුවෙන් අබූ බක්ර් තුමාණන් ප්රතිඋපකාරයක් ලෙස ඔහුව නිදහස් කළ බව පැවසුවෝය. මෙයට පිළිතුරක් වශයෙන් අල්ලාහ් මෙම ආයතය පහළ කළේය.
20

إِلَّا ابْتِغَاءَ وَجْهِ رَبِّهِ الْأَعْلَىٰ

නමුත් අති උත්තරීතර වූ තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් (පරිත්යාග කරන දැයට) මිස. 5
5අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් කරන්නා වූ පරිත්යාගයන්ට පමණක් නියම කුසල් හිමි වන බව මෙම ආයතයෙන් ප්රකාශ වේ.
21

وَلَسَوْفَ يَرْضَىٰ

තවද ඔහු(අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා පරිත්යාග කරන්නා) මතුවට තෘප්තිමත් වනු ඇත.
الضحىමක්කී
1

وَالضُّحَىٰ

පෙරවරු (ආලෝකය) මත දිවුරමින්.
2

وَاللَّيْلِ إِذَا سَجَىٰ

තවද රාත්රිය (නිසංසලව) අඳුරින් ආවරණය කර ගන්නා විට එය මත දිවුරමින්.
3

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ

(නබිවරය,) නුඹගේ පරමාධිපති නුඹව අත් හැරියේ නැත. පිළිකුල් කළේ ද නැත. 1
1ඉස්ලාමයේ මුල් අවදියේ අල් කුර්ආන් වැකි නබි මුහම්මද් තුමාණන්ට පහළ වෙමින් තිබුණි. පසුව එසේ පහළ වීම මද කලකට ප්රමාද විය. එතුමාගේ සතුරන්, විශේෂයෙන් අබු ලහබ්ගේ බිරිය වන උම්මු ජමීල්, නබි මුහම්මද් තුමාණන් කෙරෙහි අල්ලාහ් කෝපයට පත්ව එතුමාණන්ව අත හැර දැමු බවට ඇනුම් පද කියන්නට පටන් ගත්තාය. මෙයට ප්රතිචාරයක් ලෙස මෙම වැකිය පහළ විය.
4

وَلَلْآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْأُولَىٰ

තවද සැබැවින්ම මතු ලොව මෙලොවට වඩා නුඹට යහපත්ය.
5

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ

තවද නුඹගේ පරමාධිපති නුඹට නියත වශයෙන්ම (බොහෝ දෑ) පිරිනමනු ඇත. එවිට නුඹ (එමගින්) තෘප්තිමත් වනු ඇත. 2
2මෙම ආයතය නබි මුහම්මද් තුමාණන්ට දෙනු ලැබූ ශුභාරංචියකි. එය සියලු මුස්ලිම් ජනයාට ද අති සතුටුදායක පණිවිඩයක් විය. හේතුව තම අනුගාමිකයින් සියලු දෙනාම නිරා ගින්නෙන් බැහැර කරන තුරු තමා තෘප්තියට පත් නොවන බව එතුමාණන් ප්රකාශ කර ඇති බැවිනි. එනම් මෙම ප්රකාශය අනුව මුස්ලිම්වරුන් සියල්ල කෙදිනක හෝ නිශ්චිතවම ස්වර්ගයට ඇතුළු වී එමගින් එතුමාණෝ තෘප්තියට පත් වන බව අදහස් කෙරේ.
6

أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ

අනාථයෙකු ලෙස නුඹව ඔහු නොලැබුවේ ද? පසුව ඔහු පිළිසරණක් දුන්නේය.
7

وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ

තවද (දැහැමි) මග නොදන්නෙකු ලෙස නුඹව ඔහු දැක පසුව ඔහු (නුඹට) දැහැමි මග පෙන් වූයේය.
8

وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ

තවද දිළින්ඳෙකු ලෙස නුඹව ඔහු දැක පසුව ඔහු ස්වයංපෝෂිත කෙනෙකු බවට පත් කළේය.
9

فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ

එබැවින් අනාථයාව පීඩාවට පත් නොකරවු.
10

وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ

තවද යාචකයාව පලවා නොහරිවු.
11

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ

තවද නුඹගේ පරමාධිපතිගේ දායාදය පිළිබඳව (අනුන් කෙරෙහි) දැනුම් දෙවු. 3
3අල්ලාහ්ගෙන් ලැබූ දායාදයන් අන් අයට දන්වා සිටීම ඒවා පිරිනැමූ අල්ලාහ්ට කෘතවේදී වීමේ මාර්ගයකි.
الشرحමක්කී
1

أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ

(නබිවරය,) නුඹට නුඹගේ සිත අපි පුළුල් නොකළෙමු ද? 1
1යමක් කෙරෙහි කෙනෙක් ලබන තෘප්තිය සතුට හා ඒ ගැන වැටහීම පිළිබඳව පැහැදිලි කිරීමට අරාබි භාෂාවෙන් ‘ෂරහ්’ හෝ ‘ඉන්ෂිරාහ්’ යනුවෙන් සඳහන් කරනු ලැබේ. මෙයින් නිරූපණය වන තවත් අර්ථයක් නම් කෙනෙකුගේ හදවත තුළ තිබෙන පුළුල් දැනුමය. මෙහි දී නබි මුහම්මද් තුමාණන්ට අල්ලාහ් විසින් පිරිනැමූ දැනුම, බුද්ධිය හා සාමයෙන් පිරුණු හදවත ගැන ද සතුරන්ගෙන් එතුමා මුහුණ දුන් විවිධ ප්රශ්න ඉදිරියේ නොසැලී සිටි ආකාරය ද සඳහන් කෙරේ.
2

وَوَضَعْنَا عَنكَ وِزْرَكَ

තවද නුඹගේ බර නුඹගෙන් ඉවත් කර තැබුවෙමු.
3

الَّذِي أَنقَضَ ظَهْرَكَ

එය නුඹේ පිටකොන්ද පෙළමින් තිබිණ. 2
2නබි මුහම්මද් තුමාණන් හට ප්රථම වරට අල් කුර්ආන් ආයතයන් ලැබී එතුමාණන් කෙරෙහි අන් අය ඉස්ලාමයට ඇරයුම් කිරීමේ භාරදූර කාර්ය පවරනු ලැබු විට, එහි වගකීම අති මහත් යැයි එතුමාණෝ බිය වූහ. එම අවස්ථාවේ අල්ලාහ් එතුමාගේ හදවතට සැනසුමක් ඇති කළ බව මෙම ආයතයෙන් සඳහන් වෙයි.
4

وَرَفَعْنَا لَكَ ذِكْرَكَ

තවද නුඹට නුඹගේ කීර්තිය අපි උසස් කළෙමු. 3
3නබි මුහම්මද් තුමාණන්ගේ නාමය අල්ලාහ්ගේ නාමය සමග උච්චාරණය කිරීමේ අවස්ථා කිහිපයකින් එතුමාණන්ගේ කීර්තිය උසස් කිරීම සනාථ කරයි. නිදසුන් වශයෙන් සලාතය සඳහා කැඳවීමේ ‘අදාන්’ හා ‘ඉකාමත්’ පෙන්වා දිය හැක.
5

فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا

එබැවින් සැබැවින්ම දුෂ්කරතාව සමග පහසුව (බැඳී) ඇත. 4
4නබි මුහම්මද් තුමාණන් මුහුණ දුන් සියලු පීඩාවන්, අවසානයේ ඉවත්ව යන බවට වූ ශුභාරංචිය එතුමාට දෙනු ලැබුවේ මෙසේය. එයට අමතරව පීඩාවන් හා දුක් කම්කටොලු වලට ලක් වන සෑම කෙනෙක්ම ඉවසීමෙන් යුතුව අල්ලාහ්ගෙන් උපකාරය හා සහනය පැතුවේ නම් සැබැවින්ම තමන් අභිමත කරන මොහොතේ උපකාර ලැබෙන බව අල්ලාහ් සනාථ කරයි.
6

إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا

සැබැවින්ම දුෂ්කරතාව සමග පහසුව (බැඳී) ඇත.
7

فَإِذَا فَرَغْتَ فَانصَبْ

එබැවින් (නුඹගේ සමූහ සේවාවන්) අවසන් කළේ නම් (නැමදුම් කටයුතු සඳහා) නැගී සිටිවු. 5
5ඉස්ලාමය වෙනුවෙන් සිදු කරන සේවාවන්හි එනම් දේශනා කිරීම හෝ මුස්ලිම්වරුන්ට ආරක්ෂාව සැලසීම වැනි බාහිර සමූහ සේවාවන්හි නියැළීමෙන් පසු අල්ලාහ් වෙත හැරී අතිරේක නැමදුම්හි පුද්ගලිකව නිරත වන මෙන් නබි මුහම්මද් තුමාණන්ට මින් පවසා ඇත. එම අතිරේක නැමදුම් තුළින් අල්ලාහ් කෙරෙහි වූ එතුමාගේ සම්බන්ධතාව තව තවත් ශක්තිමත් විය. රාති්ර කාලයේ දීර්ඝ වේලාවක් එතුමා අතිරේක සලාතයේ නිරත වීමට හේතුව මෙයයි. එබැවින් බාහිර සමූහ සේවාවන් හි නියැළෙන කෙනෙකු එම සේවාවන් නිම කළ පසු තම පරමාධිපති වෙත හැරී අවංකව පුද්ගලිකව නැමදුම් කිරීම කිසිවිටෙක අමතක නොකළ යුතුය. මෙහි දී අනිවාර්යය සලාතය පිළිබඳව සඳහන් නොවේ. එය ඊට නියමිත වේලාවෙහිම ඉටු කළ යුතුය.
8

وَإِلَىٰ رَبِّكَ فَارْغَب

තවද නුඹගේ පරමාධිපති වෙත උද්යෝගයෙන් යොමු වවු.
التينමක්කී
1

وَالتِّينِ وَالزَّيْتُونِ

අත්තික්කා හා ඔලිව් මත දිවුරමින්.
2

وَطُورِ سِينِينَ

තවද ‘තූර් සිනායි’ හි කන්ද මත දිවුරමින්.
3

وَهَـٰذَا الْبَلَدِ الْأَمِينِ

තවද අභයදායී මෙම (මක්කා) නගරය මත දිවුරමින්. 1
1මෙහි මුල් ආයතයන් දෙකෙහි විවිධ නබිවරුන් තම වගකීම ඉටු කළ පාරිශුද්ධ ස්ථාන තුනක් මත අල්ලාහ් දිවුරා ඇත. පළමුවන වාක්යයෙහි සඳහන් ‘අත්තික්කා’ සහ ‘ඔලිව්’ අධිකව වැවෙන පලස්තීනය ගැන සඳහන් කරයි. එහි නොයෙකුත් නබිවරු සත්ය දහම දේශනා කර ඇත. විශේෂයෙන් එය ඊසා  තුමාණන් විසූ ප්රදේශය විය. එමෙන්ම ‘තූර් සිනා’ නම් කඳු ප්රදේශය නබි මූසා  තුමාණන්ට තව්රාතය පහළ කරනු ලැබූ ප්රදේශය විය. අභයදායී නගරය හෙවත් සාමකාමී නගරය ලෙස හඳුන්වනු ලබනුයේ මක්කා නගරයයි. මෙම නගර සීමාව තුළ කිසිදු මිනිසෙකු හෝ සතෙකු මැරීම තහනම් බව පෙන්වා දී ඇත. මෙම ස්ථානයන් සඳහන් කිරීමෙන් අදහස් කරනුයේ, මෙම නබිවරුන් සියලු දෙනා ගෙන ආ පණිවිඩය එකම පණිවිඩයක් බවය. මේ පිළිබඳව සංක්ෂිප්තව පසු ආයතයන්හි පැහැදිලි වෙයි.
4

لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ

සැබැවින්ම අලංකාර සංයුතියකින් අපි මිනිසා මැව්වෙමු.
5

ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ

පසුව ඔහුව පහත් වූවන්ගෙන් ඉතා පහත් වූවෙකු බවට පත් කළෙමු. 2
2මෙම ආයතයට අදහස් කිහිපයක් ඇත. පළමුවැන්න, කායිකව හා මානසිකව ඉතාමත් අලංකාර ලෙස මිනිසා මවනු ලැබුවේය. එහෙත් මහලු වියට ළඟා වීමත් සමග ඔහුගේ අලංකාරය හා ශක්තිය අහිමි වී දුබල තත්ත්වයකට පත් වන්නේය. දෙවැන්න, සදාචාරාත්මක පිරිහීමෙන් ඔහු ඉතා නීච තත්ත්වයකට පත් වීමය. තුන්වැන්න, මෙලොව ඔහු කළ පාප ක්රියාවන් හේතුවෙන් ඉතා පහත් තත්ත්වයකින් නිරයට පිවිසීමය.
6

إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ

(නමුත්) විශ්වාස කර යහකම් කළවුන් හැර. මොවුනට අඛණ්ඩ වේතන ඇත. 3 -
3මෙම ආයතයෙන් අදහස් කරනුයේ කෙනෙකු ලොවෙහි කවර තත්ත්වයක පසු වුව ද ඔහු මෙලොව අල්ලාහ්ව විශ්වාස කර යහකම් කරන්නේ නම් මරණින් මතු ජීවිතයේ ඔහුගේ යහ කි්රයාවන් සඳහා ත්යාග හා ගෞරවය පිරිනමනු ලබන බවය.
7

فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ

මින් පසුව ද විනිශ්චය පිළිබඳව නුඹව අසත්යය කළ හැක්කේ කවර දැයකට ද?
8

أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ

විනිශ්චයකරුවන් අතුරින් අති ශ්රේෂ්ඨ විනිශ්චයකරු අල්ලාහ් නොවේ ද? 4
4මෙම ආයතය කියවන තැනැත්තා ‘බලා වඅන අලා දාලික මිනෂ් ෂාහිදීන්’ (නොඑසේය, මම එයට සාක්ෂි දරන්නන් අතුරින් වෙමි) යනුවෙන් පැවසිය යුතු බවට හදීස්හි සඳහන් වී ඇත.
العلقමක්කී
1

اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ

1) (සියලු දෑ) මැවූ නුඹේ පරමාධිපතිගේ නාමයෙන් නුඹ කියවවු.
2

خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ

ලේ කැටියෙන් 1 මිනිසාව මැව්වේය.
1‘අලක්’ යන අරාබි යෙදුමට ඇලී ඇති දැය, කූඩැල්ලා යන තේරුම් ද ඇත. මිනිසාගේ ආරම්භ අවදිය ශුක්රාණු හා ඩිම්බ එක් වී කූඩැල්ලෙකුගේ ස්වරූපයෙන් ගර්භාෂයේ එල්ලෙමින් පවතින බව කලල විද්යාඥයින් විසින් සොයා ගෙන ඇත.
3

اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ

නුඹ කියවවු. තවද නුඹගේ පරමාධිපති මහත් පරිත්යාගශීලීය.
4

الَّذِي عَلَّمَ بِالْقَلَمِ

ඔහු පෑන මගින් දැනුම බෙදා දුන්නේය.
5

عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ

මිනිසාට නොදන්නා දෑ ඔහු ඉගැන්වූයේය. 2
2පළමු වැනි ආයතයේ සිට පස් වැනි ආයතය දක්වා වූ වැකි නබි මුහම්මද් තුමාණන්ට ප්රථමයෙන්ම පහළ කරනු ලැබූ අල් කුර්ආන් ආයතයන් වේ. නබිත්වය ලබන්නට පෙර වූ කාලයේ එතුමාණෝ හුදකලාවේ ‘හිරා’ නම් ගල් ලෙනෙහි නැමදුම් කිරීමට පුරුදු වී සිටියහ. එතුමා ගල් ලෙනෙහි සිටින විට දිනක් දේව දූතයින්ගේ නායකයා වූ ජිබ්රීල් තුමා පෙනී සිට එතුමාට ‘කියවනු’ යැයි අණ කළේය. අකුරු කියවන්නට නොදන්නා නබි තුමාණෝ ‘මම කියවීමට නොදන්නෙමි’ යැයි පිළිතුරු දුන්හ. ජීබ්රීල් තුමා මෙලෙස තුන් වතාවක් ඉල්ලා සිටීමෙන් පසුව මෙම මුල් ආයත් පහ එතුමාණන්ට කියා දුන්නේය. මෙම මුල් වැකි තුළින් අනාගතයේ අල් කුර්ආනය පාරායනය කළ යුත්තේ කෙසේ ද යන්න මුහම්මද් තුමාණන්ට උගන්වනු ලැබුණි. එනම් අල් කුර්ආනය පාරායනය කරන සෑම විටකම අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කළ යුතු බවට උපදෙස් දෙන ලදී. එමෙන්ම දේව විශ්වාසයක් නොමැති ජන කොටසකට සත්ය දහම උගන්වන මහඟු කි්රයාවක යෙදෙන විට නිතර අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කළ යුතු අතර ඔහුගේ උදව් කෙරෙහි විශ්වාසය ද තැබිය යුතුය. දේව ප්රතික්ෂේපකයින් අතර සත්ය දහම ඉදිරිපත් කරන්නේ කෙසේදැයි නබි මුහම්මද් තුමාණන්ගේ සිත් තුළ බියක් පැවතුණු බැවින් දැනුම ලබා දීම අල්ලාහ්ගේ කාර්යයක් බව 3 හා 4 වැනි ආයාත් මගින් පවසා එතුමාට සැනසිල්ලක් ලබා දුන්නේය. ලිවීමෙහි හා දැනුම ලබා දීමෙහි උපකරණයක් ලෙස පෑන මැව්වේ අල්ලාහ්ය. ඒ හැර දැනුම ලබා දීමේ හැකියාව එයට නැත. පෑනේ භාවිතයෙන් තොරව අල්ලාහ් අභිමත කරන අයට අභිමත දෑ උගන්වන්නට ඔහු ශක්තිය ඇත්තාය. එබැවින් නබි මුහම්මද් තුමාගේ කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීම සඳහා අවශ්ය දැනුම සැබැවින්ම ඔහු ලබා දෙන්නේමය.
6

كَلَّا إِنَّ الْإِنسَانَ لَيَطْغَىٰ

එහෙත් සැබැවින්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේය.-
7

أَن رَّآهُ اسْتَغْنَىٰ

(මක්නිසාදයත්) තමන්ව අවශ්යතාවන්ගෙන් තොර වූ (කෙනෙකු) යැයි සිතන හෙයිනි. 3
3නබි මුහම්මද් තුමාණන්ට ‘වහී’ පහළ වූ මුල් අවධියේ ඉස්ලාමයේ පරම සතුරෙකු වු අබු ජහ්ල් එතුමාණන්ට සලාතය ඉටු කිරීමට මහත් සේ බාධා සිදු කළේය. තවද එතුමා නැමදුම් කරනු දුටුවහොත් එතුමාගේ ගෙල පාගන බව ද උඩඟුවෙන් පැවසුවේය. 6 සිට 18 දක්වා වූ ආයතයන් මේ සම්බන්ධව පහළ කරන ලදී. මෙම ආයතයන් පහළ වූ පසුබිම කෙසේ වෙතත් මෙහි අඩංගු ඉගැන්වීම මෙසේ හැසිරෙන ඕනෑම කෙනෙකුට අදාළ වන්නේය. මිනිසා තම මැවුම්කරුවා අමතක කර ඔහුගේ උපකාරයන්ගෙන් තමන් ස්වාධීන යැයි සිතන විට හා ඔහු කරන සියල්ල අල්ලාහ් සෑම විටම බලා සිටින බවත් අල්ලාහ් වෙතම ආපසු හැරී යා යුතු බවත් අමතක කරන විට ඔහු තම සියලූ සීමාවන් ඉක්මවා යයි.
8

إِنَّ إِلَىٰ رَبِّكَ الرُّجْعَىٰ

සැබැවින්ම (මරණයෙන් පසු) නැවත හැරී යෑම නුඹගේ පරමාධිපති වෙතමය.
9

أَرَأَيْتَ الَّذِي يَنْهَىٰ

සලාතයේ යෙදී සිටින විට (අල්ලාහ්ගේ) ගැත්තෙකුව(මුහම්මද්ව) වළක්වන ඔහුව(අබූ ජහල්ව) නුඹ අවධානය කළෙහි ද?
10

عَبْدًا إِذَا صَلَّىٰ

සලාතයේ යෙදී සිටින විට (අල්ලාහ්ගේ) ගැත්තෙකුව(මුහම්මද්ව) වළක්වන ඔහුව(අබූ ජහල්ව) නුඹ අවධානය කළෙහි ද?
11

أَرَأَيْتَ إِن كَانَ عَلَى الْهُدَىٰ

ඔහු යහමග සිටින්නේ නම් හෝ බිය භක්තිය අණ කරන්නේ නම් හෝ (ඒ පිළිබඳව) නුඹ කුමක් පවසන්නෙහි ද?
12

أَوْ أَمَرَ بِالتَّقْوَىٰ

ඔහු යහමග සිටින්නේ නම් හෝ බිය භක්තිය අණ කරන්නේ නම් හෝ (ඒ පිළිබඳව) නුඹ කුමක් පවසන්නෙහි ද?
13

أَرَأَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰ

ඔහු අසත්යය කර පිටුපාන්නේ නම් (ඒ පිළිබඳව ද) නුඹ කුමක් පවසන්නෙහි ද?
14

أَلَمْ يَعْلَم بِأَنَّ اللَّهَ يَرَىٰ

සැබැවින්ම අල්ලාහ් (සියල්ල) දකින බව ඔහු නොදන්නේ ද?
15

كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ

එසේ නොව, ඔහු (එයින්) වැළකී නොසිටියේ නම් සැබැවින්ම නළල් කෙස් රොදින් ඇදගෙන යන්නෙමු.
16

نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ

(එය) අසත්ය කරන්නාවූ ද වැරදි කරන්නාවූ ද නළල් කෙස් රොදය.
17

فَلْيَدْعُ نَادِيَهُ

එවිට ඔහු තමාගේ සභා මඩුල්ල කැඳවා ගනිත්වා,
18

سَنَدْعُ الزَّبَانِيَةَ

අපි zසබානියා( නම් නිරයේ දඬුවම් දෙන මලක්)වරුන් කැඳවන්නෙමු. 4
4නබි මුහම්මද් තුමාණන් කඃබාවෙහි නැමදුම් කරමින් සිටියදී බාධා කළ අබු ජහ්ල් තම සභා මඩුල්ල අති විශාල බවත් ඔවුන්ව නුඹට එරෙහිව කැඳවන බවත් තර්ජන කළේය. මෙම ආයතය ඔහුගේ තර්ජනයට පිළිතුරකි.
19

كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِب ۩

එහෙත් (අබූ ජහ්ල් වන) ඔහුට අවනත නොවවු. තවද (අල්ලාහ්ට) සුජූද් කර, සමීප වවු. 5
5මෙය සුජූද් (නළල පොළොව මත තබා නැමදුම්) කළ යුතු ආයතයකි. සුජූද් කිරීමේ ඉරියව්ව මෙලොව ජීවිතයෙහි කෙනෙකු අල්ලාහ් සමග වඩාත්ම සමීපව සිටින අවස්ථාවයි.
القدرමක්කී
1

إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ

සැබැවින්ම අපි එය(අල් කුර්ආනය) කද්ර් 1 රාත්රියෙහි පහළ කළෙමු. 2
1‘කද්ර්’ යන්නට අර්ථ බොහෝමයක් ඇත. ඉන් සමහරක් නම් ඉරණම, තීන්දුව, කීර්තිය, බලගතු, මහිමය, උත්තරීතරභාවය යන්නයි.
2මෙම රාත්රිය රමළාන් මස අවසන් දින දහයේ කවර හෝ ඔත්තේ දිනයක පිහිටා ඇති බව හදීසයන්හි සඳහන් වී ඇත. මෙම රාති්රයෙහි ඉටු කරන නැමදුම් අධික කුසල් වලින් යුක්ත වන අතර එය සාමාන්ය මාස දහසක ඉටු කරන නැමදුමට වඩා අධික කුසල් ගෙන දෙන බව ආයත් අංක 3 හි සඳහන් වේ. අල් කුර්ආනය පහළ විම මෙවන් රාති්රයක සිදු විය. සම්පූර්ණ අල් කුර්ආනය ‘ලව්හුල් මහ්ෆූල්’ නම් අල්ලාහ් අබියස වූ ආරක්ෂිත ඵලකයේ සිට පළමුවන (එනම් පහළ) අහසේ මලක්වරුන් වෙතට පහළ වුයේ මෙම රාති්රයේ බවට ද අදහසක් ඇත. ඊට පසුව කොටස් වශයෙන් ක්රමානුකූලව නබි මුහම්මද් තුමාණන් වෙතට අවුරුදු 23 ක කාලයක් පුරා පහළ කරන ලදී.
2

وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ

කද්ර් රාත්රිය යනු කුමක් දැ’යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
3

لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ

කද්ර් රාත්රිය මාස දහසකට වඩා උතුම්ය.
4

تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ

මලක්වරුන් හා රූහ් (වන ජිබ්රීල්) තම පරමාධිපතිගේ අවසරයෙන් සියලු කරුණු සමග එහි(මිහිතලයෙහි) පහළ වෙති. 3
3මෙහි ‘රූහ්’ යනු ජිබ්රීල් තුමාණන්ය. ඔහු මලක්වරුන් සමග පහළ වන බව මෙයින් අදහස් කෙරෙයි. ‘සියලූ කරුණු’ යන්නෙන් අදහස් කරනුයේ ලබන වසර තුළ අල්ලාහ්ගේ අභිමතය මත සිදු විය යුතු සියලූ දෑය. ඒවා මලක්වරුන් එලෙසම ඉටු කරන බව මෙහි සඳහන් වේ.
5

سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ

සලාම්(ශාන්තිය), එය අරුණෝදය උදා වන තුරු පවතී.
البينةමදීනී
1

لَمْ يَكُنِ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ مُنفَكِّينَ حَتَّىٰ تَأْتِيَهُمُ الْبَيِّنَةُ

ධර්ම පුස්තකය ලත් ජනයින් හා ආදේශකයින් 1 අතුරින් වූ ප්රතික්ෂේපකයෝ තමන් වෙත පැහැදිලි සාධකය පැමිණෙන තුරු (තම වැරදි විශ්වාසයන්ගෙන්) ඉවත්වන්නන් නොවූහ.
1ධර්ම පුස්තක ලත් ජනයා යනු අල් කුර්ආනයට පෙර පහළ වූ තව්රාත්, ඉන්ජීල් වැනි ධර්ම පුස්තක ලැබූ ජනයාය. මෙහි ආදේශකයින් යනුවෙන් අදහස් කරනුයේ අල්ලාහ් වෙනුවට වෙනත් දෙවිවරුන් තබා ආදේශ තැබූ එකල ජීවත් වූ අරාබිවරුන්ය. නමුත් මෙය අරාබි ආදේශකයින්ට පමණක් අදාළ නොවන අතර පොදුවේ ආදේශකයින් සියල්ල අදහස් කෙරෙයි.
2

رَسُولٌ مِّنَ اللَّهِ يَتْلُو صُحُفًا مُّطَهَّرَةً

(එම සාධකය නම්) පවිත්ර වූ ලේඛනයන් පාරායනය කරන අල්ලාහ්ගෙන් වූ රසූල්වරයෙකි.
3

فِيهَا كُتُبٌ قَيِّمَةٌ

එ(ම ලේඛනයන්)හි ඍජු ලිඛිත දෑ ඇත.
4

وَمَا تَفَرَّقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِن بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَةُ

තව ඔවුන් වෙත පැහැදිලි සාධකය පැමිණි පසුව මිස ධර්ම පුස්තකය ලත් අය බෙදීම් ඇති කර නොගත්තෝය. 2
2යුදෙව්වන් සහ කිතුනුවන් අවසන් කාලයෙහි රසූල්වරයෙකු පැමිණීමට නියමිත බව දැන සිටි අතර නබි මුහම්මද් තුමා නබිවරයෙකු ලෙස පැමිණි අවස්ථාවේ එතුමා තම ඉස්රාඊල් ජාතියට අයත් නොවු එකම හේතුවෙන් එතුමාව ප්රතික්ෂේප කළෝය. ඔවුන්ගේ මෙම ප්රතිපත්තිය කිසිදු නබිවරයෙකුව පිළිනොගත් නූගත් මිථ්යා දෘෂ්ටික අරාබිවරුන්ට වඩා ඉතා පහත් විය. බහු දේවවාදීන්ගෙන් ධර්ම පුස්තක ලත් ජනයා වන යුදෙව්වන් හා කිතුනුවන් වෙන් කර සඳහන් කර ඇත්තේ මේ නිසාය.
5

وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ ۚ وَذَٰلِكَ دِينُ الْقَيِّمَةِ

දහම් ක්රියාවන්හි (ඉඃහ්ලාස් නම්) චිත්ත පාරිශුද්ධියෙන් යුතුව (අයහ මගින් යහ මගට) නැඹුරු වෙමින් අල්ලාහ්ව නැමදීමට ද සලාතය ස්ථාපිත කිරීමට ද zසකාත්දීමට ද මිස ඔවුහු අණ කරනු නොලැබුවෝය. මෙයයි ඍජු දහම වනුයේ.
6

إِنَّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۚ أُولَـٰئِكَ هُمْ شَرُّ الْبَرِيَّةِ

සැබැවින්ම ධර්ම පුස්තකය ලත් ජනයින් හා ආදේශකයින් අතුරින් වූ ප්රතික්ෂේපකයෝ නිරා ගින්නෙහිය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුහුමය මැවීම් අතුරින් දුෂ්ටයින් වන්නෝ.
7

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَـٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ

සැබැවින්ම විශ්වාස කර යහකම් කළවුන් වන ඔවුහුමය මැවීම් අතුරින් ශ්රේෂ්ඨයින් වන්නෝ.
8

جَزَاؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ رَّضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ۚ ذَٰلِكَ لِمَنْ خَشِيَ رَبَّهُ

ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ ප්රතිඵලය වනුයේ ‘අද්න්’ නම් ස්වර්ග උයන්ය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. නිරන්තරයෙන්ම (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. ඔවුන් පිළිබඳව අල්ලාහ් තෘප්තියට පත් විය. ඔවුහු ද ඔහු පිළිබඳව තෘප්තියට පත් වූහ. එය කවුරුන් තම පරමාධිපතිට බිය වූයේ ද ඔවුන්ටය.
الزلزلةමදීනී
1

إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا

මිහිතලය එහි දැඩි කම්පනයකින් (අවසන්) කම්පනයට පත් කරනු ලැබූ විට
2

وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا

තවද මිහිතලය එහි බර බැහැර කළ විට. 1
1‘මිහිතලයේ බර’ යනු ඒ තුළ අන්තර්ගතව ඇති සම්පත් හා එහි වළලනු ලැබූවන්ය. එදින මෙම සම්පත් කෙරෙහි කිසිවෙකුගේ අවධානය යොමු නොවෙයි. එයට හේතුව එදින මේ කිසිවකට කිසිදු වටිනාකමක් නොමැති හෙයිනි. මෙලොව මිනිස් ඝාතන කළ කෙනෙක් ”මම මිනිස් ඝාතන කළේ මේ වෙනුවෙන් දැ”යි ද මෙලොව ඥාතී සම්බන්ධතා බිඳ දැමු කෙනෙක් ”මම නෑකම බිඳ දැමුවේ මේවා වෙනුවෙන් දැ”යි ද යනුවෙන් නොයෙක් ප්රශ්න විමසා ගන්නා බව ‘මුස්ලිම්’ නම් හදීස් ග්රන්ථයෙහි සඳහන් වේ.
3

وَقَالَ الْإِنسَانُ مَا لَهَا

තවද ”මෙයට කුමක් සිදු වූයේ දැ”යි මිනිසා පවසයි.
4

يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا

එදින එය තම පුවත් ප්රකාශ කරයි. 2
2විනිශ්චය දිනයේ මිනිසා කළකම් පිළිබඳව ඔහුගේ ශරීර අවයවයන් හා සෙසු මැවීම් සාක්ෂි පවසනු ඇත. ඒ අනුව මිහිතලය ඒ මත සෑම පිරිමියෙක් හා සෑම ස්ති්රයක් සිදු කළ සියලු කි්රයා ගැන සාක්ෂි දරන බව නබි මුහම්මද් තුමාණන් පැහැදිලි කළ හදීසයක් ‘තිර්මිදී’ නම් ග්රන්ථයේ සඳහන්ව ඇත.
5

بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا

(මක්නිසාද යත්) නුඹගේ පරමාධිපති එයට නියෝග කළ හෙයිනි.
6

يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْ

එදින ඔවුන්ගේ ක්රියාවන්(හි ප්රතිඵල) පෙන්වනු ලබනු පිණිස කණ්ඩායම් වශයෙන් මිනිසුන් නික්ම යති.
7

فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ

එබැවින් කවරෙකු අණු ප්රමාණයක තරම් යහපතක් සිදු කරන්නේ ද ඔහු එය දැක ගනී.
8

وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ

තවද කවරෙකු අණු ප්රමාණයක තරම් අයහපතක් සිදු කරන්නේ ද ඔහු එය(ද) දැක ගනී.
العادياتමක්කී
1

وَالْعَادِيَاتِ ضَبْحًا

මහ හඬින් හුස්ම පිට කර වේගයෙන් දිව යන්නෝ මත දිවුරමින්. 1
11 සිට 5 දක්වා වූ ආයතයන් යුද්ධයේ දී යොදා ගන්නා විවිධ වර්ගයට අයත් අශ්වයින් මත දිවුරා ප්රකාශ කරයි. එවැනි ශක්තිමත් හා වේගවත් අශ්වයින් පවා මිනිසාගේ පාලනය යටතට අල්ලාහ් නතු කර දුන් නමුත් මිනිසා ඒ සඳහා කිසිදු කෘතඥතාවක් නොදක්වන ගුණ මකුවෙක් බව මෙයින් පෙන්වා දෙයි.
2

فَالْمُورِيَاتِ قَدْحًا

එවිට (ගල් මත කුර ගැටීමෙන්) ගිනි පුපුරු ඇති කරන්නෝ මත ද
3

فَالْمُغِيرَاتِ صُبْحًا

එවිට උදෑසනයෙහි ආක්රමණය කරන්නෝ මත ද (දිවුරමින්)
4

فَأَثَرْنَ بِهِ نَقْعًا

එවිට උන් එහි දූවිලි වලා නංවමින්
5

فَوَسَطْنَ بِهِ جَمْعًا

සාමුහිකව (සතුරන්) මැදට අවතීරණය වෙයි.
6

إِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ

සැබැවින්ම මිනිසා තම පරමාධිපතිට ගුණ මකුවෙකුමය.
7

وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ

තවද සැබැවින්ම ඔහු ඒ සඳහා සාක්ෂිකරුවෙකුමය.
8

وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ

තවද සැබැවින්ම ඔහු වස්තු ඇල්මෙහි ඉතා දැඩිය.
9

أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ

නමුත් මිනී වළවල් තුළ ඇති දෑ බැහැර කරනු ලබන අවස්ථාව (තුළ කුමක් සිදු වේ දැයි) ඔහු නොදන්නේ ද?
10

وَحُصِّلَ مَا فِي الصُّدُورِ

තවද සිත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන අවස්ථාව (තුළ කුමක් සිදු වේ දැයි) ද (ඔහු නොදන්නේ ද?) 2
2මිනිසාගේ හදවත් තුළ සඟවා තැබූ සියලු චේතනාවන් විනිශ්චය දිනයේ හෙළිදරවු කරනු ලැබේ. නිදසුනක් වශයෙන් කෙනෙක් අල්ලාහ් වෙනුවෙන් තොරව ලෞකික අපේක්ෂාවෙන් සමාජයට පෙන්වීම පිණිස යම් යහපතක් කළේ නම් ඔහුගේ එම ක්රියාවෙහි චේතනාව එදින හෙළි දරවු කරනු ලැබේ.
11

إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌ

සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපති එදින ඔවුන් පිළිබඳව අභිඥානවන්තය.
القارعةමක්කී
1

الْقَارِعَةُ

කම්පනය ඇති කරන්නා වූ සිද්ධිය.
2

مَا الْقَارِعَةُ

කම්පනය ඇති කරන්නා වූ සිද්ධිය යනු කුමක් ද?
3

وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ

කම්පනය ඇති කරන්නා වූ සිද්ධිය යනු කුමක් දැයි නුඹව දැනුවත් කළේ කුමක් ද?
4

يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ

එදින ජනයින් සීසීකඩ විසිරී ගිය මේරුන් මෙන් වෙති.
5

وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنفُوشِ

තවද කඳු පීරනු ලැබූ ලෝම මෙන් පත් වනු ඇත.
6

فَأَمَّا مَن ثَقُلَتْ مَوَازِينُهُ

එබැවින් (යහ ක්රියාවන්ගෙන්) තම තුලාවන් බරින් වැඩි වූ අය පිළිබඳව (සඳහන් කරන්නේ) නම්
7

فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ

ඔහු තෘප්තිමත් ජීවිතයෙහිය.
8

وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ

තවද තම තුලාවන් බරින් සැහැල්ලු වූ අය පිළිබඳව (සඳහන් කරන්නේ) නම්
9

فَأُمُّهُ هَاوِيَةٌ

ඔහුගේ වාසස්ථානය ‘හාවියා’ය.
10

وَمَا أَدْرَاكَ مَا هِيَهْ

එය කුමක් දැයි නුඹව දැනුවත් කළේ කුමක් ද?
11

نَارٌ حَامِيَةٌ

(එය දැඩි උෂ්ණත්වයකින්) දැල්වෙන ගින්නකි.
التكاثرමක්කී
1

أَلْهَاكُمُ التَّكَاثُرُ

(ලෞකික සම්පත්) තරගකාරී ලෙස අධික කර ගැනීම (අල්ලාහ්ට අවනත වීමෙන්) නුඹලාව වෙනතකට යොමු කර ඇත.
2

حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ

(එය) නුඹලා මිනී වළවල් හමු වන තුරුය.
3

كَلَّا سَوْفَ تَعْلَمُونَ

එසේ (නුඹලා සිතන පරිදි) නොව නුඹලා මතු දැන ගනු ඇත.
4

ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ

පසුව එසේ (නුඹලා සිතන පරිදි) නොව නුඹලා මතු දැන ගනු ඇත.
5

كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ

(ඇත්තෙන්ම) නැත, තිරසාර දැනුමෙන් නුඹලා (එය) දැන ගන්නෙහු නම්
6

لَتَرَوُنَّ الْجَحِيمَ

සැබැවින්ම නුඹලා නිරය දකින්නෙහුය.
7

ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ

එවිට සැබැවින්ම නුඹලා එය තිරසාර (පියවී) ඇසින් දකින්නෙහුය.
8

ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ

පසුව (ලෞකික ජීවිතයේ ලැබූ) සියලු සැප සම්පත් පිළිබඳව සැබැවින්ම එදින නුඹලා විමසනු ලබන්නෙහුය.
العصرමක්කී
1

وَالْعَصْرِ

කාලය මත දිවුරමින්.
2

إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ

සැබැවින්ම මිනිසා අලාභයෙහිය. 1
1කෙනෙකුගේ ජීවිතයේ සම්පත් අතුරින් ඉතා වටිනාම සම්පත කාලයයි. 3 වැනි ආයතයෙහි සඳහන් ගුණාංග හතර නොමැති කෙනෙකු මෙම වටිනා සම්පත විනාශ කර ගත් බව ද ඔහු අලාභය හැර වෙන කිසිවක් උපයා ගෙන නැති බව ද සඳහන් වේ.
3

إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ

(නමුත්) විශ්වාස කළාවූ ද යහකම් කළාවූ ද සත්යය පිළිබඳව එකිනෙකාට උපදෙස් දුන්නා වූ ද ඉවසීම 2 පිළිබඳව එකිනෙකාට උපදෙස් දුන්නා වූ ද අය හැර.
2මෙහි ‘සබ්ර්’ යන අරාබි වචනයට නිවැරදි අර්ථය ගෙන දෙන තනි වචනයක් අනෙක් භාෂාවන්හි නොමැති හෙයින් ඊට සමීප අර්ථයක් ඇති ‘ඉවසීම’ යන වචනය යොදා ගෙන ඇත. අල් කුර්ආන් වචන භාවිතයෙහි ඉවසීම යන අර්ථයට වඩා පුළුල් අර්ථයක් ‘සබ්ර්’ යන වචනයෙහි ගැබ්ව ඇත. ඒ අනුව විශේෂයෙන් එයට කරුණු තුනක් අඩංගු වෙයි. 1. තම වගකීම ඉටු කිරීමෙහි අචලව සිටීම, 2. පාපයන් කිරීමෙන් සහමුලින්ම වැළකී සිටීම, 3. සියලු දුෂ්කරතා ඉවසීමෙන් දරා ගැනීම.
الهمزةමක්කී
1

وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ

(නැති තැන) නුගුණ කියන හා (ඇති තැන) අවමන් කරන සෑම කෙනෙකුටම විනාශය අත්වේවා! 1
1‘හුමzසා’ යනු කෙනෙක් නැති තැන ඔහු ගැන නුගුණ කීම වන අතර ‘ලුමzසා’ යනු කෙනෙක් සිටිනා තැන ඔහුගේ මුහුණට ඇනුම් පද කීම, සමච්චල් කිරීම සහ බැණ වැදීම වේ. තවත් විග්රහයකට අනුව ‘හුමzසා’ යනු කේලාම් කීම යනුවෙන් ද ‘ලුමzසා’ යනු ඇස් කොණින් සමච්චල් කිරීම යනුවෙන් ද සඳහන් වී ඇත. මක්කාවේ ජීවත් වූ මිථ්යා දෘෂ්ටිකයෝ මෙම පාපයන් නබි මුහම්මද් තුමාණන්ට එරෙහිව සිදු කළෝය. මෙම ආයතය ඔවුනට අනතුරු අඟවන අතර අපට ද එවැනි පාපයන් හි නොයෙදෙන ලෙස අවවාද කරයි.
2

الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ

ඔහු කවරෙකු ද යත් ධනය රැස් කර එය ගණන් කරමින් සිටින්නාය. 2
2ධනය උපයන්නට පමණක් තම කාලය වැය කරන නමුත් ඒවා දිළින්දන් අතර බෙදා දීම හෝ අල්ලාහ් වෙනුවෙන් වියදම් කිරීම යන තම වගකීම ඉටු නොකරන මක්කාවේ ධනවත් පුද්ගලයෙක් පිළිබඳව මෙම ආයතය සඳහන් කරයි. නමුත් මෙය පොදුවේ සෑම කෙනෙකුටම අදාළ ආයතයකි.
3

يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ

ඔහුගේ ධනය ඔහුව සදාතනික කරනු ඇතැයි ඔහු සිතන්නේය.
4

كَلَّا ۖ لَيُنبَذَنَّ فِي الْحُطَمَةِ

එසේ (ඔහු සිතන පරිදි) නොව සැබැවින්ම ‘හුතමා’හි ඔහු හෙළනු ලබන්නේය.
5

وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ

තවද ‘හුතමා’ යනු කුමක් දැයි නුඹව දැනුවත් කළේ කුමක් ද?
6

نَارُ اللَّهِ الْمُوقَدَةُ

(එය නිරයෙහි) මොළවනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය.
7

الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ

එය හදවත් වෙත එබිකම් කරන්නකි.
8

إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ

සැබැවින්ම එය ඔවුන් වෙළා ගනු ලබන්නකි.
9

فِي عَمَدٍ مُّمَدَّدَةٍ

(එය) පුළුල් වූ කුලූනුහිය.
الفيلමක්කී
1

أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ

ඇත් සේනාව සමග නුඹගේ පරමාධිපති කටයුතු කළ ආකාරය කෙසේ දැයි නුඹ නොදුටුවෙහි ද? 1
1යෙමන් රාජ්යයේ කිතුනු පාලකයෙකු වූ අබ්රහා රජු පිළිබඳව මෙහි සඳහන් වේ. මක්කාවේ පිහිටි අල්ලාහ්ව නැමදීම සඳහා ස්ථාපිත කරන ලද මුල් ගෘහය වන කඃබාව වෙත යන වන්දනාකරුවන් තමන්ගේ දේශය වෙත ගෙන්වා ගැනීමේ අරමුණින් ඔහු අලංකාරවත් විශාල දේවස්ථානයක් යෙමන් දේශයෙහි නිර්මාණය කළේය. තම ජනතාව කඃබාව වෙත යෑම වළක්වා ඒ වෙනුවට මෙම දේවස්ථානය වන්දනා කළ යුතු යැයි ඔහු ජනයාට අණ කළේය. මේ ගැන කෝප වූ කුරෙයිෂ් ගෝත්රයට අයත් අයෙකු එම දේවස්ථානය තුළට ගොස් එහි අපවිත්ර කළ අතර තවත් පිරිසක් එහි කොටසකට ගිනි තැබුවෝය. මෙයින් අධික කෝපයට පත් අබ්රහා රජු මෙයට පළි ගැනීමක් වශයෙන් මක්කාවේ කඃබාව විනාශ කර සමතලා කරන බවට දිවුරා සිටියේය. මේ අරමුණ ඉටු කිරීමට විශාල සේනාවක් රැස් කර ඉතියෝපියාවේ අධිරාජයා වන නේගස් විසින් සපයන ලද ඇතුන් සමග මෙහෙයුම දියත් කළේය. ඔවුන් ‘හිජාස්’ ප්රදේශය පසු කරමින් යන විට තමාට හරස් වු ගෝත්ර කිහිපයක්ම පරාජයට පත් කර මක්කාව අසල ‘මග්මාස්’ නම් ස්ථානයේ තාවකාලිකව ලැගුම් ගත්තේය. නබි මුහම්මද් තුමාගේ සීයා වන අබ්දුල් මුත්තලිබ් එකල මක්කා වැසියන්ගේ ප්රධානියා විය. ශුද්ධ වූ කඃබාව ආරක්ෂා කරන ලෙස ඔහු කඃබා දොරටුව මත අත තබා සර්ව බලධාරි අල්ලාහ්ගෙන් බැගෑපත්ව අයැද සිටියේය. පසු දින උදෑසන අබ්රහා රජු කඃබාව දෙසට සේනාව මෙහෙය වූ නමුත් ඇතුන් ඒ දෙසට ගමන් කිරීමෙන් වැළකුණි. ඒ අවස්ථාවේ මුහුද දෙසින් කුඩා කුරුලූ රංචුවක් තම හොටෙහි හා පාද වල පරිප්පු ඇට ප්රමාණයේ කුඩා ගල් කැට තුන බැගින් රැගෙන ආවෝය. එම කුරුලූ රංචුව පියාඹා ගොස් එම ගල් කැට අබ්රහා රජුගේ සේනාව මත හෙළුවෝය. එවිට සෙබළුන්ගේ සිරුරු සිදුරු වී විනාශ විය. මහත් භීතියට පත් ඇත් සේනාව එතැනින් පලා ගියෝය. ඔවුන්ගෙන් විශාල පිරිසක් එම ස්ථානයේම මරණයට පත් වූහ. ඉතිරි පිරිස ආපසු හැරී යන අතරමග මරණයට පත් වූහ. අබ්රහා රජු ද ඔහුගේ සිරුර පුරා විෂ පැතිරී දරුණු රෝගයකට ගොදුරු වී යෙමනයේ ඉතාමත් දුක්ඛිත ලෙස මරණයට පත් විය. නබි මුහම්මද් තුමාණන් උපත ලැබුවේ ද මෙම සිද්ධිය සිදු වූ වර්ෂයේය. මෙම සූරාවෙහි සඳහන් එම සිද්ධිය කරුණු දෙකක් පෙන්වා දෙයි. පළමුව අල්ලාහ්ට එරෙහිව කි්රයා කරන්නන්ට අල්ලාහ් දඬුවම් දෙන්නේ කෙසේ දැ’යි මක්කා වාසින්ට පෙන්වීමය. දෙවනුව එතරම් විශාල සේනාවකින් වුවද ඔවුන් ආරක්ෂාව ලැබුවේ අල්ලාහ්ට පමණක් නැමදුම ඉටු කිරීම සඳහා ස්ථාපිත කළ කඃබාවේ භාග්යය හේතුවෙනි. මෙම නිවස ස්ථාපිත කිරීමේ මූලික අරමුණ වන අල්ලාහ්ව නැමදීමට පටහැණිව ක්රියා කරන්නේ නම් ඔවුහු කිසිදු අනුකම්පාවක් ලැබීමට සුදුස්සන් නොවෙති.
2

أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ

ඔවුන්ගේ කූට උපක්රමය ඔහු ශූන්යභාවයට පත් නොකළේ ද?
3

وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ

තවද පුළුස්සන ලද (මැටි වලින්) වූ ගල් ඔවුන් මත එල්ල කරන පක්ෂීන් රංචු වශයෙන් ඔවුන් වෙත ඔහු යැව්වේය.
4

تَرْمِيهِم بِحِجَارَةٍ مِّن سِجِّيلٍ

තවද පුළුස්සන ලද (මැටි වලින්) වූ ගල් ඔවුන් මත එල්ල කරන පක්ෂීන් රංචු වශයෙන් ඔවුන් වෙත ඔහු යැව්වේය.
5

فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍ

එවිට විකා දමන ලද පිදුරු මෙන් ඔවුන්ව ඔහු පත් කළේය.
قريشමක්කී
1

لِإِيلَافِ قُرَيْشٍ

(අල්ලාහ්) කුරෙයිෂ්වරුන් වෙත හුරු පුරුද්ද ඇති කිරීම හේතුවෙන් එනම් ඔවුනට (ආරක්ෂාකාරීව) ශීත හා ග්රීෂ්ම ඍතුවන්හි තවලමේ යෑමේ හුරු පුරුද්ද ඇති කිරීම හේතුවෙන් මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා! 1
1ඉස්ලාමයට පෙර යුගයේ ගෝත්රයන් අතර සටන්, කොල්ලකෑම් හා අමානුෂික ඝාතන වැනි මහත් විනාශකාරී ක්රියාවන් මුළු මහත් අරාබි දේශය පුරාවටම පැතිරී තිබුණි. දේශයකින් තවත් දේශයකට හා ස්ථානයකින් තවත් ස්ථානයකට ගමන් කරන අය නිතර සතුරන්ගේ හා කොල්ලකරුවන්ගේ පහරදීම් වලට ලක් වූහ. මෙවැනි තත්ත්වයකට පත් නොවී කුරෙයිෂ් ගෝත්රිකයින්ගේ තවලම ග්රීෂ්ම ඍතුවේ දී සිරියාවට ද ශීත ඍතුවේ දී යෙමන් දේශයට ද ආරක්ෂා සහිතව ගමන් කළහ. කුරෙයිෂ්වරුන් මක්කාවේ ශුද්ධ වූ කඃබාවෙහි භාරකරුවන් ලෙස සිටීම මුළු මහත් අරාබි දේශයම පිළිගත් හේතුවෙන් ඔවුන්ගේ වාණිජ ගමනාගමනයට කිසිදු අනතුරක් සිදු නොකළහ. එබැවින් ඔවුන්ගේ ආරක්ෂාවට හා ආර්ථික සමෘද්ධියට ප්රධාන හේතුව කඃබාව විය. ඔවුන් ශුද්ධ කඃබාවේ භාරකරුවන් වශයෙන් කටයුතු කළ එකම හේතුවෙන් ඔවුන් ආශීර්වාද ලැබූ ජනතාවක් බවට පත්ව සිටි වග අල්ලාහ් ඔවුන්ට මෙම සූරාවෙන් මතක් කර දෙයි. තවදුරටත් මෙම වාසනාවන්ත තත්ත්වයේ සිටිනා ඔවුන් අල්ලාහ්ට කෘතඥ පූර්වකව අවනත විය යුතු අතර අල්ලාහ් හැර අන් කිසිවෙකුට හෝ කිසිවකට නැමදුම් නොකළ යුතු බව ද අවධාරණය කෙරෙයි.
2

إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ

(අල්ලාහ්) කුරෙයිෂ්වරුන් වෙත හුරු පුරුද්ද ඇති කිරීම හේතුවෙන් එනම් ඔවුනට (ආරක්ෂාකාරීව) ශීත හා ග්රීෂ්ම ඍතුවන්හි තවලමේ යෑමේ හුරු පුරුද්ද ඇති කිරීම හේතුවෙන් මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා! 1
3

فَلْيَعْبُدُوا رَبَّ هَـٰذَا الْبَيْتِ

(අල්ලාහ්) කුරෙයිෂ්වරුන් වෙත හුරු පුරුද්ද ඇති කිරීම හේතුවෙන් එනම් ඔවුනට (ආරක්ෂාකාරීව) ශීත හා ග්රීෂ්ම ඍතුවන්හි තවලමේ යෑමේ හුරු පුරුද්ද ඇති කිරීම හේතුවෙන් මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා! 1
4

الَّذِي أَطْعَمَهُم مِّن جُوعٍ وَآمَنَهُم مِّنْ خَوْفٍ

කුසගින්නෙන් පෙළුණු ඔවුන්ට ඔහු ආහාර සැපයූවේය. තවද බියෙන් වෙළුණු ඔවුන්ට ඔහු ආරක්ෂාව සැලසුවේය.
الماعونමක්කී
1

أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ

විනිශ්චය (දිනය) අසත්යය කරන්නා නුඹ දුටුවෙහි ද?
2

فَذَٰلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ

එබැවින් ඔහුමය අනාථයාව පලවා හරින්නා.
3

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ

තවද ඔහු දුප්පතුන්ට ආහාර සැපයීම ගැන දිරි නොගන්වයි. 1
1ඇතැම් වාර්තාවන් හි සඳහන් පරිදි දැඩි ප්රතික්ෂේපකයකු වන ආස් ඉබ්න් වාඉල් නම් මසුරු පුද්ගලයා පිළිබඳව මෙම සූරාව පහළ වී ඇත. සියල්ලන්ටම අදාළ වන මෙම ආයතයන් එනම් අනාථයින් පලවා හැරීම හා අවශ්යතාවෙන් පෙළෙන උදවියට ආහාර සැපයීමෙන් වැළකී සිටීම වැනි පාප කි්රයාවන් අල්ලාහ්ගෙන් ප්රතිඵල බලාපොරොත්තු වන මුස්ලිම්වරයෙකුට නොගැලපෙන බව මෙහි පෙන්වා දී ඇත.
4

فَوَيْلٌ لِّلْمُصَلِّينَ

එබැවින් සලාතය ඉටු කරන්නන් කෙරෙහි විනාශය අත් වේවා!
5

الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ

ඔවුන්ගේ සලාතය පිළිබඳව නොසැලකිලිමත්ව සිටින්නෝ ඔවුහුමය. 2
2නොසැලකිලිමත්කම හේතුවෙන් සලාතය ඉටු නොකිරීම සහ එසේ ඉටු කළත් එයට අදාළ නීති රීති හරියාකාරව අනුගමනය නොකිරීම වැනි කි්රයාවන් මෙම ආයතය මගින් අවධාරණය කරයි.
6

الَّذِينَ هُمْ يُرَاءُونَ

(තම ක්රියාවන් පිළිබඳව අන් අයට) උජාරුපාන්නෝ ඔවුන්මය.
7

وَيَمْنَعُونَ الْمَاعُونَ

තවද ඔවුහු අල්ප වස්තු (පවා පිරිනැමීම) ප්රතික්ෂේප කරති. 3
3මෙහි ‘අල්ප වස්තූන්’ සඳහා භාවිත කර ඇති අරාබි යෙදුම ‘මාඌන්’ ය. එනම් අතමාරුවට ගන්නා හැළිවළං, ලුණු ස්වල්පයක් සීනි ස්වල්පයක් වැනි අල්ප දෑ වේ. කෙනෙක් මෙවැනි අල්ප දෑ සඳහා උවමනාවක් දක්වන්නේ නම් එය ඔහුගේ අසරණ තත්ත්වය පෙන්වන අතර ඒවා හිමි කෙනෙක් කිසිදු භේදයකින් තොරව උපකාරයක් වශයෙන් ඒවා පිරිනැමීම ඔහුගේ යුතුකමකි. කිසිදු අවස්ථාවක දී එවැනි ඉල්ලීමක් ප්රතික්ෂේප කිරීම කාරුණික කි්රයාවක් නොවන්නේය. තවද මෙම සූරාවෙහි ‘මාඌන්’ යන පදය, zසකාතය ගැන සඳහන් කරන බව අලී  තුමාණෝ අදහස් කරයි. එනම්, කෙනෙකුගේ සමස්ත ධනයෙන් zසකාතය වශයෙන් දෙනු ලබන්නේ ඉතාමත් සුළු කොටසක්ය.
الكوثرමක්කී
1

إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ

1 සැබැවින්ම අපි ‘කව්සර’ ය නුඹට පිරිනැමුවෙමු. 2
1අල් කුර්ආනයේ ඉතා කුඩාම සූරාව මෙයයි.
2‘කව්සර්’ යන වදනේ භාෂාමය අර්ථය ‘අධික වූ හොඳ දෑ’ ය. තවද එය ස්වර්ගයේ තිබෙන දිය තටාකයක් බව ද එහි ජලය නබි මුහම්මද් තුමාණන් යටතේ පවරන ලද්දක් බව ද අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබන්නන්ට පමණක් එතුමා එයින් පානය සඳහා බෙදා දෙන බව ද හදීසයක සඳහන් වී ඇත. එහෙයින් මෙම අර්ථ දෙක මගින් පැහැදිලි වන්නේ අල්ලාහ් ඔහුගේ නබිවරයාට අධික වූ හොඳ දෑ හා ස්වර්ග නදිය පිරිනමන බවය.
2

فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ

එබැවින් නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කරවු. තවද (සතුන්) කැප කරවු. 3
3මෙම ආයතයෙන් අදහස් කරන්නේ නබි මුහම්මද් තුමාණන්ට පිරිනමන ලද දායාදයන් වෙනුවෙන් කෘතවේදී වනු පිණිස අල්ලාහ්ට අධික ලෙස නැමදුම් කරන ලෙසය. විශේෂයෙන් සලාතය ඉටු කිරීම මගින් ද සතුන් කුර්බාන් දීම මගින් ද එම නැමදුම ඉටු කරන මෙන් අල්ලාහ් අණ කර ඇත.
3

إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ

සැබැවින්ම නුඹගේ සතුරා වන ඔහුය (සියලු යහපත් දැයින්) කපා හරිනු ලද්දා. 4
4නබි මුහම්මද් තුමාණන්ට උපන් පිරිමි දරුවන් වැඩිකල් ජීවත් නොවු හේතුවෙන් ආස් ඉබ්නු වාඉල් වැනි ඇතැම් ප්රතික්ෂේපකයින් එතුමාට ‘අබ්තර්’ යන යෙදුම පරපුරක් නොමැත්තා යන අදහසින් ඇමතුවෝය. එතුමාට පසුව පිරිමි දරු පරම්පරාවක් නොමැති හෙයින් දහම් ප්රචාරය එතුමා සමගම අවසාන වන බව ද පැවසුවෝය. නබි මුහම්මද් තුමාණන් සහ එතුමාගේ දහම් ප්රචාරය අවසන් නොවී සදාකල් පවතින බව ද ‘අබ්තර්’ බවට පත් වනුයේ එතුමාගේ සතුරාම බවද ඉන් පසු ඔහුව කිසිවෙක් සිහිපත් නොකරන අතර ඔහු පිළිබඳව කිසිඳු යහපත් සිතුවිල්ලක් කිසිවෙකුට ඇති නොවන බවද මෙම ආයතයෙන් පිළිතුරු දෙයි.
الكافرونමක්කී
1

قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ

(නබිවරය,) නුඹ පවසවු. ”(සමස්ත) ප්රතික්ෂේපකයිනි,
2

لَا أَعْبُدُ مَا تَعْبُدُونَ

නුඹලා නමදින දෑ මම නොනමදිමි.
3

وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ

තවද මා නමදින දෑ නුඹලා නමදින්නෝ නොවන්නෙහුය. 1
1මිථ්යාදෘෂ්ටිකයින් පිරිසක් තමන් දැනට නැමදුම් කරන ඔවුන්ගේ දෙවිවරුන් සමග අල්ලාහ්ට ද නැමදුම් කිරීමට තමන් සූදානම් බව ද ඒ වෙනුවට නබි මුහම්මද් තුමාණන් ද අල්ලාහ් සමග ඔවුන්ගේ දෙවිවරුන්ට නැමදුම් කළ යුතු බව ද එමගින් දෙපිරිස අතර පොදු එකඟතාවක් ගොඩ නැගිය හැකි වන බව ද යෝජනා කළෝය. එම අවස්ථාවේ මෙම යෝජනාව ප්රතික්ෂේප කරමින් මෙම සූරාව පහළ විය. වැරදි මතයක් පදනම් කර ගත් කිසිදු සම්මුතියකට කිසිවෙකු එළැඹිය නොයුතු බව මෙහි පැහැදිලිව ප්රකාශ කරන ලදී. තවද අනිකුත් ව්යාජ දෙවිවරුන්ට නැමදුම් කරන අතර අල්ලාහ්ට ද නැමදුම් කරන බව ඔවුන් පවසන්නේ මුසාවක් බවද පැහැදිලි කරන ලදී. ‘මා නමදින දෑ නුඹලා නමදින්නෝ නොවන්නෙහුය’ යන ආයතය අල්ලාහ්ව නැමදීමේ දී අන් සියලු දැයින් බැහැර වී ඔහුට පමණක් නැමදිය යුතුයි යන්න පැහැදිලි කරයි. මිථ්යාදෘෂ්ටික අරාබිවරුන් අල්ලාහ්ට නැමදුම් කරන නමුත් අල්ලාහ් සමග වෙනත් දෙවිවරු ආදේශ කරන හෙයින් එය අල්ලාහ්ට පමණක් කරන නැමදුමක් බවට පත් වන්නේ නැත.
4

وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ

තවද නුඹලා නැමදූ දෑ මම (ඉදිරියේ දී පවා) නමදින්නෙකු නොවෙමි, 2
2ප්රතික්ෂේපකයින්ගේ පිළිගත නොහැකි යෝජනාවට නබි මුහම්මද් තුමාණන් තත්කාලීනව ද ඉදිරියේදී ද කිසිසේම එකඟ නොවන බව මෙම සූරාව තහවුරු කරයි.
5

وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ

තවද මා නමදින දෑ නුඹලා නමදින්නෝ නොවන්නෙහුය.
6

لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ

නුඹලාට නුඹලාගේ දහමය, මට මාගේ දහමය.” 3
3මෙම ආයතය ඔවුන්ගේ ව්යාජ විශ්වාසය තුළ කි්රයා කිරීමට ඔවුන්ට දුන් අනුමැතියක් නොවන නමුත් ඔවුන් යෝජනා කළ එකඟතාව පිළිගත නොහැකි බව ද ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔවුන් වගකිව යුතු බව ද මාගේ කි්රයාවන් සඳහා මා වගකිව යුතු බව ද අර්ථවත් වෙයි.
النصرමදීනී
1

إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ

1) (නබිවරය,) අල්ලාහ්ගේ උපකාරය හා ජයග්රහණය පැමිණි කල්හි
2

وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا

තවද අල්ලාහ්ගේ දහම තුළට මිනිසුන් කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකිනු ඇත.
3

فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ ۚ إِنَّهُ كَانَ تَوَّابًا

එවිට නුඹගේ පරමාධිපතිව ප්රශංසා කිරීමෙන් පිවිතුරු කරවු. තවද ඔහුගෙන් සමාව ඇයැදිවු. සැබැවින්ම ඔහු පශ්චාත්තාපය නිරතුරුව පිළිගන්නා වේ. 1
1අල් කුර්ආනයට අර්ථ විවරණ කරන බොහෝ දෙනෙකුගේ මතයට අනුව මක්කා ජයග්රහණයට මද කාලයකට පෙර මෙම සූරාව පහළ විය. මක්කාව ජයග්රහණය කරන බව ද අරාබි ගෝත්ර විශාල සංඛ්යාවක් ඉස්ලාමයට පිවිසෙන බව ද වූ ශුභාරංචිය මෙම සූරාව තුළින් පෙන්වා දෙන අතර නබි මුහම්මද් තුමාණන්ගේ දූත මෙහෙය මෙයින් සම්පූර්ණ වන බව ද පෙන්වා දෙයි. එබැවින් අධික ලෙස අල්ලාහ් ට තස්බීහ් (සුබ්හානල්ලාහ් -අල්ලාහ් පිවිතුරුය- යැයි පැවසීම) තහ්මීද් (අල්හම්දු ලිල්ලාහ් -සියලූ පැසසුම් අල්ලාහ් සතුය- යැයි පැවසීම) සහ ඉස්තිග්ෆාර් (සමාව අයැදීම) කරන ලෙස ද අල්ලාහ් අණ කරයි. ඒ සමගම නබි මුහම්මද් තුමාණන්ගේ අවසාන මොහොත ළඟා වූ බව ද මෙම සූරාව තුළින් අඟවනු ලැබෙයි. මෙම සූරා ව පහළ වුවායින් පසුව නබි මුහම්මද් තුමාණන් සලාතයෙහි රුකූ හා සුජූද් අවස්ථාවන්හි නිතරම ‘සුබ්හානකල්ලාහුම්ම ව බිහම්දික අල්ලාහුම්මග්ෆිර්ලී’ (අහෝ අල්ලාහ්, ඔබ පිවිතුරුය. ඔබව ප්රශංසා කරමි. මට සමාව දෙනු මැනව) යනුවෙන් පැවසු බව ආයිෂා තුමිය වාර්තා කර ඇත. තවද ඕනෑම කාර්යයක් ඉටු කිරීමෙන් පසු සෑම විටම තස්බීහ්, තහ්මීද් සහ ඉස්තිග්ෆාර් පවසා අල්ලාහ් වෙතට යොමු විය යුතු බව සෑම මුස්ලිම්වරයෙකුම දැන සිටිය යුතුය.
المسدමක්කී
1

تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ

අබූ ලහබ්ගේ දෑත් විනාශයට පත් වේවා! ඔහු ද විනාශයට පත් වේවා! 1
1අබු ලහබ් නමැත්තා නබි මුහම්මද් තුමාණන්ගේ මහප්පා කෙනෙකි. අල් කුර්ආන් 26:214 මගින් තම ගෝත්රයට ඉස්ලාමය කරා ඇරයුම් කරන ලෙස නියෝගය ලැබු විට නබි මුහම්මද් තුමා ‘සෆා’ නම් කන්ද මත නැග එම යුගයේ සතුරු උවදුරක් පිළිබඳව අනතුරු අඟවන ආකාරයෙන් තම ගෝති්රක ජනතාවට ඇරයුම් කළේය. සියලු දෙනාම එතැනට රැස් වූ පසු ”නුඹලාට පහර දීම සඳහා සතුරු සේනාවක් සූදානම් වන බව මා පැවසුවේ නම් නුඹලා එය විශ්වාස කරන්නෙහු ද?” යනුවෙන් විමසුවේය. ඔවුන් සියලු දෙනාම එයට ‘එසේය’ යැයි පිළිතුරු දුන්නෝය. එවිට නබි මුහම්මද් තුමාණන් (නුඹලා පිළිම නැමදුමෙහි තවදුරටත් නිරත වන්නේ නම්) ‘මම බලවත් වේදනාකාරී දඬුවමක් ගැන දැන්වීමට නුඹලා වෙත එවනු ලැබු අවවාදකරුවෙක්මි’ යැයි පැවසුවේය. එවිට අබු ලහබ් ‘නුඹ විනාශයට පත්වේවා! අප මෙතැනට රැස් කළේ මෙය පවසන්න දැ?’යි බැණ වැදුණේය. මෙම සිදුවීම පසුබිම් කර ගෙන මෙම සූරාව පහළ විය.
2

مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ وَمَا كَسَبَ

ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් නොවීය. 2
2මරණයෙන් පසු වේදනාවක් ඇති බව සත්යය නම් තමා ආරක්ෂා කරගන්නට තමාට ඕනෑ තරම් දරුවන් ද ධනය ද තිබෙන බව අබු ලහබ් අහංකාරයෙන් පැවසුවේය. ඔහුගේ මෙම අහංකාර ප්රකාශයට පිළිතුරක් වශයෙන් මෙම ආයතය පහළ විය.
3

سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ

ඔහු දලූ ලා ඇවිළෙන ගින්නට පිවිස දැවෙනු ඇත.
4

وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ

දර උසුලන්නියක් වූ ඔහුගේ (දුෂ්ට) බිරිය ද (දැවෙනු ඇත). 3
3අබු ලහබ්ගේ බිරිය උම්මු ජමීල්ය. තම සැමියා මෙන් ඇය ද නබි මුහම්මද් තුමාණන්ගේ පරම සැතිරියකි. ඇය කැලෑවෙන් කටු සහිත අතු රැස් කර ගෙනැවිත් නබි මුහම්මද් තුමාණන් ඇවිදින මාර්ගයේ අතුරා තබයි. ඇයට ‘දර උසුලන්නිය’ යන කියමන යෙදුණේ මේ නිසාය. තවත් විචාරකයින් පවසන ආකාරයට ජනතාව අතර බොරු කේලාම් කියා භේදය හා සතුරුකම සිදු කරන අයට අරාබි බසින් ‘දර උසුලන්නා’ යනුවෙන් ව්යවහාර වී ඇත. ඇය ද නබි මුහම්මද් තුමාණන්ට එරෙහිව කේලාම් කියමින් එතුමාට එරෙහිව ද්වේෂය ඇති කරන්නට හේතු වුවාය. මෙහි ඇයව ‘දුෂ්ට බිරිය’ යනුවෙන් සඳහන් කර ඇත්තේ මේ හේතුවෙනි.
5

فِي جِيدِهَا حَبْلٌ مِّن مَّسَدٍ

ඇයගේ ගෙලෙහි කෙඳි වලින් ඇඹරූ කඹය(ක් මෙන් වූ යකඩ දම්වැල)කි. 4
4මතු නැගිටුවනු ලබන දිනයේ මෙම කාන්තාව නැගිටුවනු ලබන්නේ මේ ආකාරයෙනි.
الإخلاصමක්කී
1

قُلْ هُوَ اللَّهُ أَحَدٌ

(නබිවරය,) පවසවු. ”සැබෑ විෂයය නම් අල්ලාහ් ඒකීය ය. 1
1අරාබිකරයේ එකල විසූ යුදෙව්, කිතුනු හා මිථ්යා දෘෂ්ටික අරාබිවරුන් අතුරින් බහුතරයකට පිවිතුරු ඒක දේව විශ්වාසය ගැන අවබෝධයක් නොතිබුණි. මිථ්යා දෘෂ්ටික අරාබිවරුන් නොයෙකුත් දෙවි දේවතාවන් උපකල්පනය කර ගත්තෝය. එමෙන්ම මලක්වරුන් අල්ලාහ්ගේ දූ වරුන් ලෙස සැලකුවෝය. කිතුනු භක්තිකයන් දේවත්වය ‘ත්රිත්වයක්’ ලෙස සැලකූහ. නබි ඊසා(ජේසුස්) තුමාණන් දෙවියන්ගේ පුත්රයෙක් බව විශ්වාස කළෝය. යුදෙව්වෝ ‘නබි උzසෙයිර්’ තුමාණන් අල්ලාහ්ගේ පුත්රයා බව විශ්වාස කළෝය. නබි මුහම්මද් තුමාණෝ සැබෑ ඒක දේවත්වය ගැන පවසා අල්ලාහ්ට පමණක් නමදින ලෙස ඔවුනට ආරාධනා කළ විට ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අල්ලාහ් ගැන සම්පූර්ණ විස්තර සපයන මෙන් ඉල්ලා සිටියෝය. එයට පිළිතුරු වශයෙන් මෙම සූරාව පහළ කරන ලදී. ඉතාමත් කෙටියෙන් සංක්ෂිප්තව අලංකාරව ඔවුන්ගේ සියලු සැක දුරු කරන අයුරින් පහළ කළ මෙම සූරාව කිසිදු භාෂාවකට පරිවර්තනය කළ නොහැකි ලෙස ගැඹුරු අර්ථයකින් යුක්තය. එහි ‘තව්හීද්’ නම් ඒක දේවත්වය පැහැදිලි කරන හේතුවෙන් මෙම සූරාව අල් කුර්ආනයෙන් තුනෙන් කොටසක් ලෙස හඳුන්වන බව හදීස්හි සඳහන්ව ඇත. මෙය පාරායනය කරන්නෙකුට අල් කුර්ආනයෙන් තුනෙන් කොටසක් පාරායනය කරන කුසල් ද හිමි වනු ඇත.
2

اللَّهُ الصَّمَدُ

අල්ලාහ් (සෙසු අය විසින්) සදා සරණ පතනු ලබන්නා වූ ද (කිසිදු) අවශ්යතාවක් රහිත වූ ද අයෙකි. 2
2මෙම ආයතයේ ‘සමද්’ නම් අරාබි පදයට ‘කිසිදු උදව්වක් අවශ්ය නොමැති නමුත් ඔහුගේ උදව් සියල්ලන්ටම අවශ්යය අයෙකි’ යන අර්ථය වේ. විශ්වයේ තම කාර්යය ඉටු කර ගැනීමට අල්ලාහ්ට කුඩා දේව හවුල්කරුවන් සිටිනා බව මිථ්යාදෘෂ්ටික අරාබිවරුන් විශ්වාස කළහ. මෙම ආයතය එවැනි තත්ත්වයක් නොමැති බවද අල්ලාහ්ට කිසිවකගේ උදව් අවශ්ය නොමැති බව ද තහවුරු කරයි. තව දෙයකින් උපකාර පතන කෙනෙක් දෙවි කෙනෙක් වීමට කිසිදු සුදුසුකමක් නොමැති බව ද තවදුරටත් මෙයින් සනාථ කෙරේ.
3

لَمْ يَلِدْ وَلَمْ يُولَدْ

ඔහු කිසිවෙකු ජනිත නොකළේය. ඔහු කිසිවෙකුගෙන් ජනිත කරනු ද නොලැබුවේය.
4

وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ

තවද ඔහුට සමාන කිසිවෙකු නොවූයේමය.
الفلقමක්කී
1

قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ

1 (නබිවරය,) පවසවු. ”අරුණෝදය හිමි පරමාධිපතිගෙන් මම රැකවරණය පතමි.
1‘අල් ෆලක්’ (113) හා ‘අන් නාස්’ (114) නම් සූරාවන් දෙකම මක්කී සූරාවක් ද? නැතිනම් මදනී සූරාවක් ද? යන්නෙහි ඉස්ලාමීය විද්වතුන් අතර මතභේද තිබුණද මෙම සූරා දෙකම මදනී සූරා යන මතය සාධක තුළින් ප්රබල ප්රකාශයකි. මෙම මතය දරන්නන්ගේ ප්රධාන සාධකය වනුයේ එම සූරාවන් දෙක නබි මුහම්මද් තුමාණන්ට යුදෙව්වෙකු කළ හූනියමෙන් එතුමාණන් මිදීමට ද අනෙකුත් හූනියම් හා සියලු උවදුරු වලින් ආරක්ෂා වීමට ද පාරායනා කිරීම සඳහා පහළ වූ බව තහවුරු කරන එතුමාණන්ගේ ප්රකාශයන් හා ක්රියාවලීන් වේ. “අද රාත්රියෙහි පහළ වූ ආයතයන් ඔබ නොදුටුවෙහිද? ඒවා මෙන් කිසි විටෙක දකිනු නොලැබීය (ඒවා නම්) ‘කුල් අඌදු බිරබ්බිල් ෆලක්’ හා ‘කුල් අඌදු බිරබ්බින් නාස්’ යැයි නබි මුහම්මද් තුමාණෝ පැවසූ බව උක්බත් ඉබ්නු ආමිර් තුමාණන් වාර්තා කරයි. තවත් වාර්තාවක ”මා හට පැවසූහ” යැයි ද වාර්තා කර ඇත. (ග්රන්ථය : මුස්ලිම්) “නබි මුහම්මද් තුමාණෝ ජින්වරුන්ගේ උවදුරු වලින් හා මිනිසුන්ගේ ඇස්වහ වලින් අල්ලාහ් අබියස ආරක්ෂා පතමින් සිටියහ. ‘මුඅව්විදතාන්’ (නැමැති මෙම සූරා දෙකම) පහළ වූ පසු එම දෙකම (තමන් අල්ලාහ් අබියස ආරක්ෂා පැතීමට පාරායනයක් ලෙස) ගෙන ඒ හැර (තමන් පාරායනා කරමින් සිටි) අන් සියල්ල අත හැර දැමූහ.” යැයි අබූ සඊද් අල් කුද්රි තුමාණන් වාර්තා කරයි. (ග්රන්ථය : තිර්මිදි) “ඒවා මෙන් කිසි විටෙක දකිනු නොලැබීය” යනුවෙන් පළමු වැනි හදීසයෙහි පවසා ඇත. එනම් එම සූරාවන් දෙකම මීට පෙර පහළ වී නොතිබුණු බව පැහැදිලි වන්නේය. එම හදීසය වාර්තා කරන සහාබිවරයා වන උක්බත් ඉබ්නු ආමිර් තුමාණන් නබි මුහම්මද් තුමාණන් මදීනාවට දේශාන්තරණය කළ පසු ඉස්ලාමය වැලඳගත් සහාබිවරුන්ගෙන් කෙනෙකි. තවද මොහු ‘අහ්ල් අස්සුෆ්ෆා’ වරුන්ගෙන් ද කෙනෙකි. දෙවන හදීසය වාර්තා කරන සහාබිවරයා වන අබූ සඊද් අල් කුද්රි තුමාණෝ මදීනාවාසීන් වන අන්සාරි සහාබිවරුන්ගෙන් කෙනෙකි. නබි මුහම්මද් තුමාණෝ මදීනාවට දේශාන්තරණය කර පැමිණි විට මොහු කුඩා වියෙහි සිටි බව සඳහන්ව ඇත. මෙම කරුණු සියල්ල දෙස බැලූ කල මෙම සූරාවන් දෙකම මදනී සූරාවන් බව පැහැදිලිවම සනාථ වන්නේය.
2

مِن شَرِّ مَا خَلَقَ

ඔහු නිර්මාණය කළ දෑහි නපුරෙන් ද 2
2අල් කුර්ආනයේ අන්තර්ගතව ඇති අවසාන සූරා දෙක නබි මුහම්මද් තුමාණන්ට සහ එතුමාව පිළිපදින්නන්ට හූනියම්කරුවන්ගේ ද අදෘශ්යමාන නපුරු බලවේගයන්ගේ ද මිනිසුන් අතර සිටිනා සතුරන්ගේ ද හානියෙන් ආරක්ෂාව පතන්නේ කෙසේ දැ’යි පෙන්වා දෙනු පිණිස පහළ කරන ලදී. යුදෙව්වන් පිරිසක් නබි මුහම්මද් තුමාණන්ට හූනියම් කළෝය. එතුමාණන් නබිවරයෙක් වශයෙන් භාර ගත් වගකීම ඉටු කිරීමේ කාර්යයට අල්ලාහ්ගේ අසීමිත ආරක්ෂාව තිබූ හේතුවෙන් එයට කිසිදු බලවේගයකින් කිසිදු හානියක් හෝ බාධාවක් හෝ කිරීමට නොහැකි විය. නමුත් යුදෙව්වන් කළ හූනියම් හේතුවෙන් එතුමාට සුළු අසනීපයක් ඇති විය. එම අවස්ථාවේ මෙම සූරා දෙක පහළ කරනු ලැබ, ඒවා පාරායනය කිරීමෙන් නබි මුහම්මද් තුමාණන්ට සුවය ලැබුණි. ඉන් පසුව සෑම රාති්රයකම නින්දට පෙර එතුමාණෝ මෙම සූරා දෙක පාරායනය කළහ. එතුමාගේ ජීවිතයේ මෙවැනි විවිධ අවස්ථාවන් හි වූ සිදුවීම් සැබැවින්ම මුළු මිනිස් සංහතියටම මග පෙන්වීමක් වශයෙනි. මෙවැනි පුරුදු අප ජීවිතයට ගෙන, හානිදායක දැයින් ආරක්ෂා වීමට අප ද වග බලා ගත යුතුය.
3

وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ

ඝනාන්ධකාරය පිවිසෙන විට රාත්රියේ නපුරෙන් ද, 3
3බහුතරයක් හූනියම්කරුවන් හූනියම් කරනුයේ රාති්ර වේලාවන්හිය. එමෙන්ම දුෂ්ට ජීවීන් මිනිසුන්ට අයහපතක් සිදු කිරීමට බැහැරව යන්නේ ද මේ වේලාවන්හිය.
4

وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ

ගැට මත (මතුරා) පිඹින්නියන්ගේ නපුරෙන් ද 4
4මෙය හූනියම්කරුවන්ගේ එක් පිළිවෙතකි. විශේෂයෙන් හූනියම් කරන ස්ත්රීන් මෙලෙස කරති. එබැවින් මෙහි ඇති යෙදුම ස්ත්රී ලිංග නාමයෙන් භාවිත කර ඇත.
5

وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ

ඊර්ෂ්යා කරන විට, ඊර්ෂ්යා කරන්නාගේ නපුරෙන් ද (මම රැකවරණය පතමි)” 5
5කෙනෙකුට එරෙහිව හූනියම් කිරීමට මූලික හේතුව වන්නේ ඊර්ෂ්යාවයි. එපමණක් නොව එම ඊර්ෂ්යාව හේතුවෙන්ම නොයෙකුත් ආකාරයේ හානි සිදු කිරීමට ද පෙලඹෙන්නෝය. ඒ හේතුවෙන් මේ පිළිබඳව විශේෂයෙන් සඳහන් කර තිබේ.
الناسමක්කී
1

قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ

1 (නබිවරය,) පවසවු. මිනිසුන්ගේ පරමාධිපතිගෙන් මම රැකවරණය පතමි.
1මෙහි විවිරණය සඳහා අල් කුර්ආන් 113 වන සූරාවෙහි පළමු පාද සටහන බලන්න.
2

مَلِكِ النَّاسِ

(ඔහු) මිනිසුන්ගේ අධිපතිය,
3

إِلَـٰهِ النَّاسِ

මිනිසුන්ගේ දෙවියාය.
4

مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ

(අල්ලාහ්ව සිහිපත් කරන විට) පසු බසින්නා වූ සැක සිතුවිලි කොඳුරන්නාගේ 2 නපුරෙන් (මම රැකවරණය පතමි.)
2‘කොඳුරන්නා’ ලෙස මෙහි සඳහන් කෙරෙන්නේ සිත් තුළ නපුරු සිතුවිලි හා චකිතය ඇති කරන ෂෙයිතාන් ගැනය. අල්ලාහ්ගේ නාමය සිහි කළ විගස ෂෙයිතාන් පසුබැස එතැනින් ඉවත් වන්නේය.
5

الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ

මොහු කවරෙකුද යත් මිනිසුන්ගේ සිත් වල සැක සිතුවිලි කොඳුරන්නෙකි.
6

مِنَ الْجِنَّةِ وَالنَّاسِ

(මෙවැන්නෝ) ජින්වරුන් හා මිනිසුන් අතුරින් වෙති. 3
3මින් අදහස් කෙරෙන්නේ මිනිසුන්ගෙන් පවා මෙවැනි අයහපත් සිතුවිලි වක්ර මාර්ගයෙන් සිදු විය හැකි බවය. මෙවැනි අයගේ හානියෙන් ද අල්ලාහ් වෙතින් රැකවරණය පැතීම ඉතා වැදගත්ය.