يَا أَيُّهَا الْمُدَّثِّرُ
(තැති ගත් තත්ත්වයේ වස්ත්රයකින්) පොරවා ගත් තැනැත්තාණනි,
1අල් කුර්ආන් 73:1 වැනි ආයතයට අදාළ පාද සටහන බලන්න.
قُمْ فَأَنذِرْ
නුඹ නැගිටිවු. තවද අවවාද කරවු.
وَرَبَّكَ فَكَبِّرْ
තවද නුඹගේ පරමාධිපතිගේ ශ්රේෂ්ඨත්වය ප්රකාශ කරවු.
وَثِيَابَكَ فَطَهِّرْ
තවද නුඹගේ වස්ත්රයන් පවිත්ර කරවු.
2මින් අදහස් වන්නේ කායික හා මානසික පවිත්රතාව පිළිබඳවයි.
وَالرُّجْزَ فَاهْجُرْ
තවද අශික්ෂිත දැයින් වැළකී සිටිවු.
3අශික්ෂිත දෑ යන අදහස ගෙන දෙන අරාබි පදය ‘අර් රුජ්zස්’ වේ. රුජ්zස් යන භාෂාමය අදහස බාහිර අපවිත්ර දැයින් පිවිතුරු වීමය. නමුත් බොහෝ විවරණකරුවන්ගේ අදහස වනුයේ අභ්යන්තරයේ සිදු වන චිත්ත පාරිශුද්ධිය පිළිබඳව යන්නයි. එනම් බහු දේව වන්දනාවෙන් හා පිළිම වන්දනාවෙන් තම සිත දුරස් කර වැළකී සිටින මෙන්ය.
وَلَا تَمْنُن تَسْتَكْثِرُ
තවද අධිකව (ප්රතිඋපකාර) ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් (පමණක් කිසිවෙකුට) උපකාර නොකරවු.
وَلِرَبِّكَ فَاصْبِرْ
තවද නුඹගේ පරමාධිපති වෙනුවෙන් ඉවසිලිමත් වවු.
4මෙය අල් කුර්ආනයේ දෙවනුව පහළ වූ ආයතයන්ය. නබි මුහම්මද් තුමාණන්ගේ මුල් කාලයේ මිථ්යා දෘෂ්ටිකයින් විසින් සිදු කරන ලද බොහෝ හිංසාවන්ට එතුමාණෝ ලක් වූහ. එකල ආත්මාරක්ෂාවට පවා ප්රතිප්රහාර එල්ල කිරීම තහනම්ව පැවතිණි. එබැවින් අල්ලාහ් වෙනුවෙන් ඉවසිලිමත්ව සිටින්නැ’යි මෙම ආයතය පවසා සිටියි.
فَإِذَا نُقِرَ فِي النَّاقُورِ
එබැවින් හොරණෑවෙන් පිඹිනු ලබන විට
فَذَٰلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ
එදින එය අසීරු දිනයකි.
عَلَى الْكَافِرِينَ غَيْرُ يَسِيرٍ
(එය) ප්රතික්ෂේපකයින්හට පහසු නොවන්නකි.
ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا
(නබිවරය,) තනිකඩයෙකු ලෙස මා මැවූ කෙනා සමග (කටයුතු කිරීම සඳහා) මා අත හැර දමවු.
511-26 දක්වා වූ වැකි වලීද් ඉබ්නු මුගීරා සම්බන්ධයෙන් පහළ වූවකි. ඔහු මක්කාවේ විසූ ප්රකට ධනවතෙකි. ආරම්භයේ ඔහු කිසිදු ඥාතියෙකු හෝ සම්පතක් හෝ නොතිබූ තනිකඩ පුද්ගලයෙක් විය. පසුව අල්ලාහ්ගේ ආශිර්වාදය තුළින් ඔහුට අසමසම දරු සම්පත හා ධන සම්පත පිරිනමන ලදී. එබැවින් මක්කා වැසියන් ඔහුට ‘වහීද්’ (අසමසම පුද්ගලයෙකු) යැයි හැඳින් වූහ. පරිවර්තනයේ වහීද් යන වචනය ‘තනිව’ යනුවෙන් දී ඇතැත් එය අසමසම යන අදහස ද ගෙන දෙන්නේය.
وَجَعَلْتُ لَهُ مَالًا مَّمْدُودًا
තවද ව්යාප්ත වන සම්පත ඔහුට මම ඇති කළෙමි.-
وَبَنِينَ شُهُودًا
තවද (ඔහු) ඉදිරියේ සිටින පිරිමි දරුවන් ද (ඔහුට මම ඇති කළෙමි.)
وَمَهَّدتُّ لَهُ تَمْهِيدًا
තවද ඔහු සඳහා (බලය හා ගෞරවය ඇතුළු සියලු දෑ) දැඩි ලෙස ව්යාප්ත කළෙමි.
ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ
ඉන් පසුව ද මා ඔහුට තවත් අධික කළ යුතු යැයි ඔහු ආශා කරයි.
كَلَّا ۖ إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا
කෙදිනකවත් නැත. සැබැවින්ම ඔහු අපගේ වදන් පිළිබඳව (ප්රතික්ෂේප කිරීමෙහි) දැඩි හිතුවක්කාරයෙක් විය.
سَأُرْهِقُهُ صَعُودًا
සඌද් කන්ද තරණය කරන්නට මම බල කරන්නෙමි.
6‘සඌද්’ යනු නිරයේ ඇති දැඩි උෂ්ණත්වයෙන් යුත් ගල් කන්දකි.
إِنَّهُ فَكَّرَ وَقَدَّرَ
සැබැවින්ම ඔහු කල්පනා කළේය. තවද (ව්යාජ අනුමානයක්) සැලසුම් කළේය.
718 සිට 25 දක්වා වූ ආයත් වල පසුබිම පහත සඳහන් පරිදිය. නබි මුහම්මද් තුමාගේ ඒක දේව ප්රචාරය හේතුවෙන් මක්කා වාසීහු වැල නොකැඩී ඉස්ලාමය වැලඳ ගත්හ. එබැවින් හජ් උත්සව සමයේ මක්කාවට පැමිණෙන විදේශකයින් පවා මෙතුමාගේ දේශනාවට සවන් දී ඉස්ලාමය වැලඳ ගනු ඇතැයි යන බිය මක්කා ප්රතික්ෂේපකයින් අතර හට ගැනිණ. මේ ගැන සාකච්ඡා කිරීම සඳහා ඔවුහු රහසිගතව රැස්වූහ. එහි දී විවිධ යෝජනා ඉදිරිපත් කරන ලදි. ඒ අතුරින් වලීද් ඉබ්නු මුගීරා නැමැත්තා නබි මුහම්මද් තුමාණන්ගේ පවිත්රභාවය අවබෝධ කර ගෙන සිටිය ද මෙසේ ප්රකාශ කර සිටීය. ‘ඉස්ලාමය පිළිගත් අය පැරණි ආගම පිළිපදින්නා වූ ඥාතීන්ගෙන් වෙන්ව යති. එහෙයින් මෙම ක්රියාව හූනියම්කරුවෙකුගේ ක්රියාවට සමානය. එහෙයින් මොහු හූනියම්කරුවෙකු යැයි අප සියල්ල ඒකමතිකව පවසන්නේ නම් මොහුගේ දේශනාවන් ව්යර්ථ කළ හැකිය යන එකඟතාවට පැමිණියේය. අල්ලාහ් මෙම අදහස ඉදිරිපත් කළ වලීද් ඉබ්නු මුගීරාගේ හැසිරීම ඉදිරිපත් කරමින් ඔහුට ශාප කළේය.
فَقُتِلَ كَيْفَ قَدَّرَ
එහෙයින් (තම ව්යාජ අනුමානය) කෙසේ සැලසුම් කළේ ද ඒ අයුරින්ම ඔහුට මරණය අත්වේවා!
ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ
නැවතත්, (තම ව්යාජ අනුමානය) කෙසේ සැළසුම් කළේ ද ඒ අයුරින්ම ඔහුට මරණය අත්වේවා!
ثُمَّ نَظَرَ
පසුව ඔහු (ඔහු අවට අය දෙස) බැලූවේය.
ثُمَّ عَبَسَ وَبَسَرَ
අනතුරුව ඔහුගේ මුහුණ රැලි ගැසී දුර්මුඛ විය.
ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ
පසුව ඔහු (සත්ය විශ්වාසය) පිටුපා උඩඟු වූයේය.
فَقَالَ إِنْ هَـٰذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ
එබැවින් මෙසේ කීය. ‘මෙය බලපෑම් ඇති කරන හූනියමක් මිස නැත.
إِنْ هَـٰذَا إِلَّا قَوْلُ الْبَشَرِ
තවද මෙය මිනිස් වදනක් මිස (වෙනකක්) නොවේ.’
سَأُصْلِيهِ سَقَرَ
මා ඔහුව සකර් නම් නිරයට ඇතුළු කර( දවාල)න්නෙමි.
وَمَا أَدْرَاكَ مَا سَقَرُ
සකර් යනු කුමක්දැ’යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
لَا تُبْقِي وَلَا تَذَرُ
එය (කිසිවෙක්) ඉතිරි නොකරන්නේය. තවද (කිසිවෙක්) අත හැර නොදමන්නේය.
لَوَّاحَةٌ لِّلْبَشَرِ
එය හම පුලුස්සා දමන්නකි.
عَلَيْهَا تِسْعَةَ عَشَرَ
ඒ මත (මලක්වරුන්) දහනව දෙනෙකු සිටිති.-
وَمَا جَعَلْنَا أَصْحَابَ النَّارِ إِلَّا مَلَائِكَةً ۙ وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِّلَّذِينَ كَفَرُوا لِيَسْتَيْقِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَيَزْدَادَ الَّذِينَ آمَنُوا إِيمَانًا ۙ وَلَا يَرْتَابَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْمُؤْمِنُونَ ۙ وَلِيَقُولَ الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَالْكَافِرُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَـٰذَا مَثَلًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَن يَشَاءُ وَيَهْدِي مَن يَشَاءُ ۚ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ ۚ وَمَا هِيَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ
මලක්වරුන් මිස (අන් කිසිවෙකු) නිරයේ භාරකරුවන් ලෙස අපි පත් නොකළෙමු. තවද ප්රතික්ෂේප කළවුනට ඔවුන්ගේ සංඛ්යාව පිරික්සුමක් ලෙස මිස අපි ඇති නොකළෙමු. ධර්ම පුස්තකය පිරිනමනු ලැබූවන් (අල් කුර්ආනය පිළිබඳව) විශ්වාසයෙහි ස්ථීර වීම පිණිස ද විශ්වාස කළවුන් විශ්වාසය වර්ධනය කරනු පිණිස ද ධර්ම පුස්තකය පිරිනමනු ලැබූවන් හා විශ්වාසවන්තයින් (ඒ පිළිබඳව) සැක නොසීතීම පිණිස ද කවරෙකුගේ සිතෙහි රෝග ඇත්තේ ද ඔවුන් හා ප්රතික්ෂේපකයින් ‘මෙමගින් උපමාවක් වශයෙන් (ගෙන හැර පෑමෙන්) අල්ලාහ් අපේක්ෂා කළේ කුමක්දැ?යි පැවසීම පිණිස ද (මෙලෙස අපි කළෙමු.) මෙලෙසය අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යන්නට ඉඩ හරිනුයේ. තවද තමන් අභිමත කරන අයට යහමග සොයාගන්නට ඉඩ සලස්වනුයේ. නුඹගේ පරමාධිපතිගේ සේනාවන් ඔහු හැර (අන් කිසිවෙකු) නොදනිති. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
8මෙම ආයතය එක්තරා අයුරකින් දේව ප්රතික්ෂේපකයින්ට වූ අභියෝගයකි. ඔවුන් අතර සිට අබුල් අසද් නමැත්තා තමන්ගේ කායික බලය පෙන්වීම පිණිස 19 දෙනෙකු වුව ද මට මැඩ පැවැත්විය හැකි යැයි පවසා සිටීය. එම ප්රකාශයට පිරික්සුමක් වශයෙන් මෙම ආයතය පිහිටා ඇත.
9අල් කුර්ආනයට පෙර පහළ වූ තව්රාතයෙහි(Thorah) පවා දහ නව දෙනෙකු පිළිබඳව මේ අයුරින්ම සඳහන් වී තිබිණ. එහෙයින් ඉස්ලාමය පිළිබඳ විශ්වාසය වඩාත් තහවුරු කර ගැනීමට මෙම ආයතය ඔවුනට රුකුලක් විය.
كَلَّا وَالْقَمَرِ
ඇත්තෙන්ම සඳ මත දිවුරමින්.
وَاللَّيْلِ إِذْ أَدْبَرَ
තවද රාත්රිය පසු පසට යන විට එය මත දිවුරමින්.
وَالصُّبْحِ إِذَا أَسْفَرَ
උදෑසන කහ පැහැ ගන්වන විට එය මත දිවුරමින්.
إِنَّهَا لَإِحْدَى الْكُبَرِ
සැබැවින්ම එය(සකර් නම් නිරය) මහා විශාල දැයින් එකක් වන්නේය.
نَذِيرًا لِّلْبَشَرِ
(එය) මිනිස් වර්ගයාට අවවාදයකි.
لِمَن شَاءَ مِنكُمْ أَن يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ
නුඹලා අතුරින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු (යහ ක්රියාවන්හි) පෙරමුණ ගත හැක. නැතහොත් (එය ප්රතික්ෂේප කර) පසු බැසිය හැක.-
كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ
සෑම ආත්මයක්ම තමන් උපයා ගත් දේවල් සඳහා (නිරයෙහි) රඳවා ගනු ලැබේ.
إِلَّا أَصْحَابَ الْيَمِينِ
(එනමුත්) දකුණු පස සගයින් හැරය.
10දකුණු පස සගයින් යනු තම ක්රියා ලේඛනය දකුණු අතට පිරිනමනු ලැබූ අයයි. (අල් කුර්ආන් 68:19 සිට බලන්න).
فِي جَنَّاتٍ يَتَسَاءَلُونَ
වැරදිකරුවන් පිළිබඳව ඔවුහු(දකුණු පස සගයෝ) විමසා ගනිමින් ස්වර්ගයන්හි වෙති.
عَنِ الْمُجْرِمِينَ
වැරදිකරුවන් පිළිබඳව ඔවුහු(දකුණු පස සගයෝ) විමසා ගනිමින් ස්වර්ගයන්හි වෙති.
مَا سَلَكَكُمْ فِي سَقَرَ
(එනම්) ‘සකර්හි නුඹලාව ඇද දැමුවේ කුමක් ද?’
قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ
(එයට) ‘අප සලාතය ස්ථාපිත කරන්නන් අතුරින් නොවීමු’ යැයි ඔවුහු පවසති.
وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ
‘තවද අපි දිළින්ඳන්ට ආහාර සපයන්නන් නොවීමු.
وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ
තවද අපි (සත්යයට විරුද්ධ ක්රියාවන්හි) ගිලී සිටි අය සමග ගිලෙමින් සිටියෙමු.
وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ
තවද අපි විනිශ්චය දිනය පිළිබඳව අසත්යය කරමින් සිටියෙමු.
حَتَّىٰ أَتَانَا الْيَقِينُ
(මරණය නම්) නිශ්චිත දෑ අප වෙත පැමිණෙන තුරු’ (මෙලෙසම අපි සිටියෙමුයි පවසති.)
فَمَا تَنفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ
එබැවින් (ඔවුන්) වෙනුවෙන් ඇයැදි සිටින්නන්ගේ අයැදීම ඔවුනට (කිසිඳු) ප්රයෝජනයක් නොවන්නේය.
11විනිශ්චය දිනයේ තව කෙනෙකු වෙනුවෙන් අයැද සිටින්නන් යනු මලක්වරුන්, නබිවරුන් හා දැහැමියන් යන්නයි.
فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِينَ
උපදෙස පිටුපාන්නන් වීමට ඔවුනට කුමක් සිදු වීද?
كَأَنَّهُمْ حُمُرٌ مُّسْتَنفِرَةٌ
(ඔවුන්) සිංහයාගෙන් (බේරී) පලා දුවන කැලෑ බූරුවන් මෙනි.