පාරා 28

කද් සමිඈල්ලාහු

399 පද්‍ය
📖පාරා

පාරා 28

කද් සමිඈල්ලාහු399 පද්‍ය

الذارياتමක්කී
31

قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ

“අහෝ දූතවරුනි, නුඹලාගේ (පැමිණීමේ) අරමුණ කුමක් දැ?”යි ඔහු(ඉබ්රාහීම්) ඇසුවේය.
32

قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ

“සැබැවින්ම අපි වැරදිකාර සමූහයක් 5 වෙත එවනු ලැබුවෙමු”යි ඔවුහු පැවසූහ.
5මෙහි වැරදිකාර සමූහය යනු නබි ලූත් තුමාණන්ගේ ජනයින්ය.
33

لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِّن طِينٍ

(එසේ එවනු ලැබුවේ) සීමාව ඉක්මවූවන් වෙනුවෙන් නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තැබූ 6 මැටියෙන් වූ ගල් ඔවුන් මත අපි හෙළනු පිණිසය.
6වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 11: 82-83 හි පාද සටහන බලන්න.
34

مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ

(එසේ එවනු ලැබුවේ) සීමාව ඉක්මවූවන් වෙනුවෙන් නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තැබූ 6 මැටියෙන් වූ ගල් ඔවුන් මත අපි හෙළනු පිණිසය.
35

فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ الْمُؤْمِنِينَ

තවද අපි එහි සිටි විශ්වාසිකයින්ව (දඬුවමෙන් ආරක්ෂා වනු පිණිස) පිටමං කළෙමු.
36

فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِّنَ الْمُسْلِمِينَ

නමුත් අපි එහි මුස්ලිම්වරුන්ගේ එක් නිවසක් හැර (වෙනත් කිසිදු මුස්ලිම් නිවසක්) නොදුටුවෙමු.
37

وَتَرَكْنَا فِيهَا آيَةً لِّلَّذِينَ يَخَافُونَ الْعَذَابَ الْأَلِيمَ

වේදනීය දඬුවම ගැන බියවන්නන්ට අපි එහි සංඥාවක් 7 අතහැර තැබුවෙමු.
7මෙහි සංඥාවක් යනු පලස්තීනයේ ඇති ‘මළ මුහුද’ යනුවෙන් සඳහන් වී ඇත. මෙහි නබි ලූත් තුමාණන්ගේ සමූහයා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් දඬුවමට ලක් වූහ.
38

وَفِي مُوسَىٰ إِذْ أَرْسَلْنَاهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَانٍ مُّبِينٍ

මූසා(ගේ ඉතිහාසය) තුළ ද පැහැදිලි සාධක සමග ඔහුව ෆිර්අවුන් වෙත අපි යැවූ කල්හි (ද මෙවන් සංඥාවක් තැබුවෙමු.)
39

فَتَوَلَّىٰ بِرُكْنِهِ وَقَالَ سَاحِرٌ أَوْ مَجْنُونٌ

තවද ඔහු(ෆිර්අවුන්) තමාගේ ප්රධානීන් සමග (මොහුට) පිටුපා “(මොහු) හූනියම්කරුවෙකි, උන්මත්තකයෙකි” යැයි පැවසුවේය.
40

فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ وَهُوَ مُلِيمٌ

එබැවින් ඔහු හා ඔහුගේ සේනාව අපි ග්රහණය කළෙමු. තවද ඔහු දොස් පවරනු ලැබූවෙකුව සිටිය දී අපි ඔවුන්ව මුහුදෙහි හෙළුවෙමු.
41

وَفِي عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ الرِّيحَ الْعَقِيمَ

තවද ආද් (සමූහයේ ඉතිහාසය) තුළ ද ඔවුන් වෙත අපි අඵල සුළඟ යැවූ කල්හි (ද මෙවන් සංඥාවක් තැබුවෙමු.)
42

مَا تَذَرُ مِن شَيْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَالرَّمِيمِ

එය(සුළඟ) කවර දෙයක් මත හැමුවේද එය දිරාපත් (වී සුනුවිසුනු) වූවක් සේ පත් කර මිස අත හැර දැමුවේ නැත.
43

وَفِي ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا حَتَّىٰ حِينٍ

තවද සමූද් (සමූහයේ ඉතිහාසය) තුළ ද “නියමිත කාලයක් දක්වා නුඹලා භුක්ති විදිවු” යැයි ඔවුනට පවසනු ලැබූ කල්හි (ද මෙවන් සංඥාවක් තැබුවෙමු.)
44

فَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ وَهُمْ يَنظُرُونَ

එවිට ඔවුහු තමන්ගේ පරමාධිපතිගේ අණට එරෙහිව සීමාව ඉක්මවා ගියහ. ඔවුන් බලා සිටියදීම (භයානක) ගිගුරුම් හඬ ඔවුන්ව ග්රහණය කළේය.
45

فَمَا اسْتَطَاعُوا مِن قِيَامٍ وَمَا كَانُوا مُنتَصِرِينَ

එවිට ඔවුන් නැගිට සීටීමට ද හැකියාවක් නොලැබුවෝය. තවද ඔවුන් තමන්ටම (උදව් කර ගනිමින්) ආරක්ෂා කර ගන්නන් ද නොවූහ.
46

وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ

තවද මීට පෙර නූහ්ගේ සමූහය (ද අපි විනාශ කළෙමු.) සැබැවින්ම ඔවුහු පාපතර සමූහයක් වූහ 8 .
8අල් කුර්ආන් 7:59-79 හි මෙම සිද්ධිය සඳහන් වී ඇත.
47

وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ

තවද අහස, අපි එය (අපගේ) ශක්තියෙන් ගොඩ නැගුවෙමු. තවද සැබැවින්ම අපි (එය) ප්රසාරණය කරන්නන් වෙමු. 9
9මෙහි වචනාර්ථය අනුව ‘අල්ලාහ් අහස තව තවත් විශාල කරන්නේය’ යැයි අදහස් කෙරේ. ‘අහස කෙරෙහි අප මහා ශක්තිය ඇත්තන්ය’ යනුවෙන් ඇතැම් විද්වතුන් මෙම ආයතය පරිවර්තනය කර ඇත.
48

وَالْأَرْضَ فَرَشْنَاهَا فَنِعْمَ الْمَاهِدُونَ

තවද මිහිතලය, අපි එය (යහනාවක් ලෙස) ඇතිරුවෙමු. අතුරන්නන් (අතුරින් අප) උතුම් විය.
49

وَمِن كُلِّ شَيْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ

නුඹලා මෙනෙහි කරනු පිණිස සෑම දෙයකින්ම අපි ජෝඩු වශයෙන් මැව්වෙමු.
50

فَفِرُّوا إِلَى اللَّهِ ۖ إِنِّي لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ

එබැවින් අල්ලාහ් දෙසට ශීඝ්රයෙන් යවු. 10 (නබිවරය,) සැබැවින්ම මම නුඹලාට ඔහුගෙන් වූ පැහැදිලි අවවාද කරන්නෙක් වෙමි. (යැයි ප්රතික්ෂේපකයින්ට පවසවු.)
10මෙම ආයතයේ අදහස වනුයේ පාපය කරන්නන් අල්ලාහ්ට අවනත වී ඔහුව නැමදුම් කිරීම තුළින් ඔහු කළ පාපයේ දඬුවමින් ඔහුට මිදිය හැකිය යන්නයි.
51

وَلَا تَجْعَلُوا مَعَ اللَّهِ إِلَـٰهًا آخَرَ ۖ إِنِّي لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ

තවද නුඹලා අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු පත් නොකරවු. සැබැවින්ම මම නුඹලාට ඔහුගෙන් වූ පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.
52

كَذَٰلِكَ مَا أَتَى الَّذِينَ مِن قَبْلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُوا سَاحِرٌ أَوْ مَجْنُونٌ

එ(ම ප්රතික්ෂේපකයින් නුඹට හූනියම්කරුවා නැතහොත් උන්මත්තකයා යැයි පැවසූ )ලෙසම මොවුනට පෙර වූවන් වෙත කවර රසූල්වරයෙකු පැමිණිය ද “(ඔහු) හූනියම්කරුවෙකි නැතහොත් උන්මත්තයෙකි” යැයි ඔවුන් පැවසූවා මිස නැත.
53

أَتَوَاصَوْا بِهِ ۚ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ

මේ (කියමන) පිළිබඳව ඔවුන් එකිනෙකා (ප්රජාවෙන් ප්රජාවට) උපදෙස් දෙමින් පැමිණියෙහු ද? (නැත) නමුත් ඔවුහු සීමාව ඉක්මවා ගිය පිරිසකි.
54

فَتَوَلَّ عَنْهُمْ فَمَا أَنتَ بِمَلُومٍ

එබැවින් (නබිවරය,) ඔවුන්ගෙන් නුඹ බැහැර වවු. එහෙත් (ඔවුන් ගැන) නුඹ දොස් පවරනු ලබන්නෙකු නොවේ.
55

وَذَكِّرْ فَإِنَّ الذِّكْرَىٰ تَنفَعُ الْمُؤْمِنِينَ

තවද නුඹ අනුශාසනා කරවු. එවිට සැබැවින්ම එම අනුශාසනය විශ්වාසිකයින්ට ප්රයෝජනවත් වනු ඇත.
56

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

ජින් වර්ගයා හා මනුෂ්ය වර්ගයා මා නැමදුම් කිරීමට මිස නොමැව්වෙමි.
57

مَا أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ وَمَا أُرِيدُ أَن يُطْعِمُونِ

ඔවුන්ගෙන් මම කිසිඳු සම්පතක් අපේක්ෂා නොකරමි. තවද ඔවුන් මා පෝෂණය කළ යුතු යැයි ද මම අපේක්ෂා නොකරමි.
58

إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ

(නබිවරය පවසවු) “සැබැවින්ම අල්ලාහ්, ඔහුමය පෝෂකයා. ස්ථීර බලය ඇත්තා.”
59

فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا ذَنُوبًا مِّثْلَ ذَنُوبِ أَصْحَابِهِمْ فَلَا يَسْتَعْجِلُونِ

සැබැවින්ම අපරාධ කළවුනට (ඔවුනට පෙර වූ) ඔවුන්ගේ සගයින්ගේ (දඬුවමින්) කොටසක් මෙන් කොටසක් හිමිය. 11 එබැවින් ඔවුහු (එය) මාගෙන් ඉක්මන් කරන මෙන් නොපැතිය යුතුය.
11තමන්ට අවවාද කරනු ලැබූ දඬුවම දැකීමෙන් පසුව තමන් විශ්වාස කරන්නන් විය හැක යැයි පවසමින් එම දඬුවම ඉතා ශීඝ්රයෙන් ගෙන එන මෙන් මක්කාවාසී ප්රතික්ෂේපකයින් සරදමින් පැවසුවෝය. මෙම ආයතය පහළ වූයේ එයට පිළිතුරක් වශයෙනි. මෙම ආයතයෙන් පවසන්නේ අල්ලාහ්ගේ සිරිත අනුව ඔහු සෑම පුද්ගලයින්ටම සත්ය වටහා ගැනීම පිණිස කාල සීමාවක් දෙන්නේය. ඔවුන් එම කාල සීමාව තුළ සත්යය වටහා නොගත් විට ඔවුන්ට දඬුවම් කරන්නේය. පැරැන්නන් සියල්ලන්ටම කල් දීම හා පසුව දඬුවම් කිරීම යන දෙකම සිදු වී ඇත. එලෙසින්ම මක්කාවාසී ප්රතික්ෂේපකයින්ට ද එම වාර දෙකම ඇති වනු ඇත යැයි මෙම ආයතයෙහි සඳහන් වී ඇත.
60

فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِن يَوْمِهِمُ الَّذِي يُوعَدُونَ

ප්රතික්ෂේප කළවුනට ප්රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ (විනිශ්චය) දිනයෙහි විනාශය ඇත් වේ.
الطورමක්කී
1

وَالطُّورِ

තූර්(කන්ද) 1 මත දිවුරමින්.
1’තූර්’ යනු සුර්යානි භාෂා පදයකි. එහි අර්ථය කන්ද වන අතර මෙම ආයතයෙහි සඳහන් වන්නේ නබි මූසා තුමාණන් අල්ලාහ් සමග කථා කළ ස්ථානයයි.
2

وَكِتَابٍ مَّسْطُورٍ

තවද දිග හරින ලද ලේඛනයෙහි ලියන ලද ග්රන්ථය 2 මත දිවුරමින්.
2දිග හරින ලද ලේඛනය නම් ලව්හුල් මහ්ෆූල් නම් ඵලකය වේ. ලියන ලද ග්රන්ථය යනු අල් කුර්ආනය ඇතුළුව අල්ලාහ් විසින් පහළ කරන ලද දේව ග්රන්ථ හෝ සෑම පුද්ගලයෙකුම ලොවෙහි කරන්නා වූ ක්රියා සටහන් ලේඛනය වේ.
3

فِي رَقٍّ مَّنشُورٍ

තවද දිග හරින ලද ලේඛනයෙහි ලියන ලද ග්රන්ථය 2 මත දිවුරමින්.
4

وَالْبَيْتِ الْمَعْمُورِ

තවද බයිතුල් මඃමූර් 3 මත දිවුරමින්.
3‘බයිතුල් මඃමූර්’ යනු කඃබාවට ඍජුව ඉහළ අහසේ ඇති මලක්වරුන් නැමදුම් කරන ස්ථානයකි.
5

وَالسَّقْفِ الْمَرْفُوعِ

තවද ඔසවන ලද (අහස් )වියන මත දිවුරමින්.
6

وَالْبَحْرِ الْمَسْجُورِ

(ඇවිළී) උතුරනු ලැබූ මුහුද මත දිවුරමින්. 4
4වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 81:6 වැනි ආයතයට අදාළ පාද සටහන බලන්න.
7

إِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ

සැබැවින්ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම සිදුවන්නේමය.
8

مَّا لَهُ مِن دَافِعٍ

එය වළක්වන්නෙකු නැත.
9

يَوْمَ تَمُورُ السَّمَاءُ مَوْرًا

අහස (කම්පනය වී) දැඩි භ්රමණයකින් භ්රමණය වන දින.
10

وَتَسِيرُ الْجِبَالُ سَيْرًا

තවද කඳු (තිබූ තැනින්) දැඩි ඉවත් වීමකින් ඉවත් වී යනු ඇත.
11

فَوَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

එවිට එදින අසත්යය කරන්නන්ට විනාශය අත් වනු ඇත!
12

الَّذِينَ هُمْ فِي خَوْضٍ يَلْعَبُونَ

ඔවුන් නිෂ්ඵල දෑහි(කතාවන්හි) ගිලී කෙළිලොල් කරමින් සිටිති.
13

يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا

නිරා ගින්නට දැඩි තල්ලු කිරීමකින් තල්ලු කරනු ලබන දින.
14

هَـٰذِهِ النَّارُ الَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ

“මෙය නුඹලා කවර දෙයක් අසත්ය කරමින් සිටියෙහු ද එම (නිරා) ගින්නයි.
15

أَفَسِحْرٌ هَـٰذَا أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ

එබැවින් හූනියමක් ද මෙය. නැතහොත් නුඹලා (එය) නිරීක්ෂණය නොකරන්නෙහි ද?
16

اصْلَوْهَا فَاصْبِرُوا أَوْ لَا تَصْبِرُوا سَوَاءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ

එහි නුඹලා පිවිස දැවෙවු. එවිට ඉවසා දරා ගනිවු. නැතහොත් ඉවසා දරා නොගනිවු. (ඒ දෙකම) නුඹලාට එක හා සමානය. නුඹලාට ප්රතිඵල දෙනු ලබනුයේ (ලොවෙහි) නුඹලා කරමින් සිටි දැයටමය.” (යැයි ඔවුනට පවසනු ලැබේ.)
17

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَعِيمٍ

සැබැවින්ම බිය භක්තිකයින් ඔවුන්ගේ පරමාධිපති ඔවුනට ප්රදානය කළ දෑ ප්රීතියෙන් භුක්ති විඳිමින් (ස්වර්ග) උයන්හි හා පූර්ණ සොම්නසෙහි වෙති. තවද ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ව නිරයේ දඬුවමින් ආරක්ෂා කළේය.
18

فَاكِهِينَ بِمَا آتَاهُمْ رَبُّهُمْ وَوَقَاهُمْ رَبُّهُمْ عَذَابَ الْجَحِيمِ

සැබැවින්ම බිය භක්තිකයින් ඔවුන්ගේ පරමාධිපති ඔවුනට ප්රදානය කළ දෑ ප්රීතියෙන් භුක්ති විඳිමින් (ස්වර්ග) උයන්හි හා පූර්ණ සොම්නසෙහි වෙති. තවද ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ව නිරයේ දඬුවමින් ආරක්ෂා කළේය.
19

كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنتُمْ تَعْمَلُونَ

‘(ලෞකික ජීවිතයේ) නුඹලා කරමින් සිටි දෑ හේතුවෙන් පෙළට තබන ලද කවිච්චි වල ඇල වී සිටිමින් නුඹලා ප්රීතියෙන් අනුභව කරවු. පානය කරවු’ (යැයි ස්වර්ගයෙහි දී පවසනු ලැබේ.) තවද අපි ඔවුනට හූරුන්ඊන් 5 විවාහ කර දෙන්නෙමු.
5දැකුම්කලු නෙත් පින වන පබසර කැලුම් දිවෙන නෙතින් යුත් ස්වර්ග කන්යාවන්.
20

مُتَّكِئِينَ عَلَىٰ سُرُرٍ مَّصْفُوفَةٍ ۖ وَزَوَّجْنَاهُم بِحُورٍ عِينٍ

‘(ලෞකික ජීවිතයේ) නුඹලා කරමින් සිටි දෑ හේතුවෙන් පෙළට තබන ලද කවිච්චි වල ඇල වී සිටිමින් නුඹලා ප්රීතියෙන් අනුභව කරවු. පානය කරවු’ (යැයි ස්වර්ගයෙහි දී පවසනු ලැබේ.) තවද අපි ඔවුනට හූරුන්ඊන් 5 විවාහ කර දෙන්නෙමු.
21

وَالَّذِينَ آمَنُوا وَاتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَانٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَا أَلَتْنَاهُم مِّنْ عَمَلِهِم مِّن شَيْءٍ ۚ كُلُّ امْرِئٍ بِمَا كَسَبَ رَهِينٌ

තවද විශ්වාස කළවුන් ද විශ්වාසයෙන් ඔවුන්ව අනුගමනය කළ ඔවුන්ගේ පරපුර ද, අප ඔවුන්ව ඔවුන්ගේ පරපුර සමග එකතු කරන්නෙමු. තවද ඔවුන්ගේ ක්රියාවෙන් කිසිවක් අපි ඔවුනට අඩු නොකරන්නෙමු. 6 සෑම කෙනෙකුම තමන් උපයා ගත් දෑට ඇපය.
6සිල්වත් කෙනෙකුගේ දරුවන් අල්ලාහ්ව විශ්වාස කර නමුත් ස්වර්ගයේ තම පියාගේ උසස් තත්වයන්ට යන තරම් යහ ක්රියා ඔහු කර නොතිබුණ ද අල්ලාහ් තම කරුණාවෙන් ඔහුව තම පියාගේ තත්වයට උසස් කරන්නේය. එනමුත් පියාගේ කුලියෙන් කිසිවක් අඩු කරනු නොලැබේ. මෙම වැකියේ අවසානයේ දී ‘සෑම කෙනෙකුම තමා කළ දෑට ඇපය’ යැයි ද සඳහන් වී ඇත. එනම් සිල්වත් පියෙකුගේ කුසලෙහි ප්රයෝජනය තම පුත්රයාට ලැබෙන්නාක් මෙන් ඔහුගේ පාපයේ විපාකය ද ඔහුට හිමිවේදෝ යන වැරදි වැටහීම තුරන් කිරීම පිණිස එසේ සඳහන් වී ඇත.
22

وَأَمْدَدْنَاهُم بِفَاكِهَةٍ وَلَحْمٍ مِّمَّا يَشْتَهُونَ

තවද පලතුරු වලින්ද මාංශ වලින් ද ඔවුන් රුචි කරන දෑ ඔවුනට අපි සපයන්නෙමු.
23

يَتَنَازَعُونَ فِيهَا كَأْسًا لَّا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ

එහි ඔවුන් එකිනෙකා (මිතුරුකමින් මිදි පැන්) ගුරුලේත්තු උදුරා ගනිති. එහි අනවශ්ය කතා ද නැත. (එමෙන්ම) පාපය ඇති කරවන්නක් ද නැත.
24

وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُونٌ

ඔවුනට හිමි උපස්ථායික කොලුවන් ඔවුන් වටා එන්නෝය. සැබැවින්ම ඔවුන් (බෙලිකටු තුළ) සඟවනු ලැබූ මුතු මෙන් වෙති.
25

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ

තවද ඔවුන් එකිනෙකා (මෙලොව ජීවිතය පිළිබඳව) විමසා ගනිමින් ඔවුන්ගෙන් සමහරු තවත් සමහරුන්ව මුණ ගැසෙති.
26

قَالُوا إِنَّا كُنَّا قَبْلُ فِي أَهْلِنَا مُشْفِقِينَ

“සැබැවින්ම අපි මීට පෙර අපගේ පවුලෙහි (සිටියදී අල්ලාහ්ගේ දඬුවම පිළිබඳව) බියට පත්වන්නන්ව සිටියෙමු.” යැයි ඔවුහු පවසති.
27

فَمَنَّ اللَّهُ عَلَيْنَا وَوَقَانَا عَذَابَ السَّمُومِ

“එවිට අල්ලාහ් අප හට (පාපක්ෂමාව) දායාද කළේය. තවද දැඩි ගින්නේ දඬුවමින් අපව ඔහු ආරක්ෂා කළේය.
28

إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُ هُوَ الْبَرُّ الرَّحِيمُ

සැබැවින්ම අපි මීට පෙර ඔහුගෙන් අයැදිමින් සිටියෙමු. සැබැවින්ම ඔහුමය පරම කරුණාභරිත ත්යාගශීලී වන්නේ.” (යැයි ද ඔවුහු පවසති.)
29

فَذَكِّرْ فَمَا أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ

එබැවින් (නබිවරය,) නුඹ සිහිපත් කරවු. නුඹගේ පරමාධිපතිගේ භාග්යය හේතුවෙන් නුඹ හූනියම්කරුවෙකු හෝ උන්මත්තයෙකු නොවන්නෙහිය.
30

أَمْ يَقُولُونَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهِ رَيْبَ الْمَنُونِ

නැතහොත් “(මොහු) කවියෙකි. මොහුට කාලයාගේ මරණය සිදු වේ යැයි අපි බලාපොරෙත්තු වන්නෙමු”යි ඔවුහු පවසන්නෙහු ද? 7
7“කවියන් තම මරණින් පසුව ඔවුන් හා සම්බන්ධ සියළු තොරතුරු මැකී ගියාක් මෙන් නබි මුහම්මද් තුමාණන් එක් කවියෙකු හෙයින් මොහු මරණයට පත් වූ පසුව ද මොහුගේ දූත මෙහෙයුම මැකී යනු ඇත. මොහුගේ මරණින්ම මොහු අසත්යයට පත් වනු ඇත. එහෙයින් ඒ සඳහා අප කිසිදු උත්සහයක් දැරිය යුතු නොවේ යැයි කුරෙයිෂිවරුන්ගේ ඇතැම් නායකයින් කතාබහ කර ගත්තෝය. මෙම වැකිය පහළ වූයේ මෙම සිදධිය සම්බන්ධයෙන් යැයි ‘සුයූතී’ නම් විද්වතෙකුගේ ග්රන්ථයක සඳහන් වී ඇත.
31

قُلْ تَرَبَّصُوا فَإِنِّي مَعَكُم مِّنَ الْمُتَرَبِّصِينَ

“(මාගේ මරණය) නුඹලා බලාපොරොත්තු වවු. සැබැවින්ම නුඹලා සමග මම ද (නුඹලාට ඇති වන දඬුවම) බලාපොරොත්තුවන්නන්ගෙන් කෙනෙකි.” යැයි (නබිවරය,) පවසවු.
32

أَمْ تَأْمُرُهُمْ أَحْلَامُهُم بِهَـٰذَا ۚ أَمْ هُمْ قَوْمٌ طَاغُونَ

මෙය (පැවසීම)ට ඔවුන්ගේ බුද්ධිය ඔවුනට අනුබල දෙන්නේ ද? නැතහොත් ඔවුන් සීමාව ඉක්ම වූ පිරිසක් ද? 8
8මෙම කෙටි වාක්යය වලින් විරුද්ධවාදීන්ගේ සමස්ත ප්රචාරක කටයුතු පිළිබඳව හෙළිදරව් කොට පහර දී ඇත. කෙටියෙන් පැවසුවහොත් තර්කය මෙසේය. කුරෛෂිවරුන්ගේ ප්රධානීහු සහ වැඩිහිටියන් තමන් ඉතා බුද්ධිමතුන් බව පෙන්වූහ. එහෙත් කවියෙකු නොවන්නෙකුට කවියෙකු කීමත් ප්රකට ප්රඥාවන්ත පුද්ගලයෙකුට උන්මත්තකයෙකු යැයි කීමත් පේන නොකියන්නෙකු පේන කියන්නෙකු ලෙස හංවඩු ගැසීමත් ඔවුන්ගේ බුද්ධිය අනුමත කරනවා ද? යන්නය. එමෙන්ම ඔවුන් හේතු පදනම් කර ගෙන මේ මත ප්රකාශ කරන්නේ නම් ඔවුන් එකවරම සියලු ආකාර වල එකිනෙකට පටහැණි මතයන් පළ නොකර එක මතයක් පමණක් පළ කර යුතුව තිබුණී. එසේ හෙයින් එකම හා සමාන පුද්ගලයා එකවර කෙසේ නම් කවියෙකු, උන්මත්තකයෙකු සහ පේන කියන්නෙකු විය හැක්කේ ද?.
33

أَمْ يَقُولُونَ تَقَوَّلَهُ ۚ بَل لَّا يُؤْمِنُونَ

නැතහොත් “ඔහු මෙය(අල් කුර්ආනය) ගෙතුවේ යැ”යි ඔවුහු පවසන්නෙහු ද? නමුත් ඔවුහු (මෙය) විශ්වාස නොකරති.
34

فَلْيَأْتُوا بِحَدِيثٍ مِّثْلِهِ إِن كَانُوا صَادِقِينَ

එබැවින් ඔවුන් සත්යවන්තයින් වන්නේ නම්, මෙවන් වදනක් ඔවුන් ගෙනෙත්වා. 9
9ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ගේ දූතත්වය ප්රතික්ෂේප කිරීම සාධාරණ කිරීමට ඔවුන් පැවසූ කාරණාවන් කිහිපයක් අල් කුර්ආන්හි සඳහන් වී ඇත. මෙම අල් කුර්ආන් ග්රන්ථය අල්ලාහ් විසින් නිර්මාණය කරනු ලැබූවක් නොව නබි මුහම්මද් වන ඔහුමය මෙය නිර්මාණය කර ඇත්තේ යැයි පැවසීම ඔවුන්ගේ ප්රථම තර්කය විය. මෙම වැකිය එයට පිළිතුරකි. එනම් එය එසේ ඔවුන් පවසන්නාක් මෙන් නම් ‘මෙම අල් කුර්ආනය වැන්නක් ඔබ ද නිර්මාණය කරන්න’ යන ඔහුගේ අභියෝගය ඔවුන් පිළිගෙන තිබිය යුතුයි. එනමුත් ඔවුන් කිසි කෙනෙකු මෙම අභියෝගයට ඉදිරිපත් නොවූහ. අල් කුර්ආනය මිනිසාගේ නිර්මාණයක් නොවේ යන්නට මෙය විශාල සාධකයකි.
35

أَمْ خُلِقُوا مِنْ غَيْرِ شَيْءٍ أَمْ هُمُ الْخَالِقُونَ

නැතහොත් ඔවුහු කිසිවකින් තොරව මවනු ලැබුවේ ද? එසේ නැතහොත් ඔවුන්ම මැවුම්කරුවන් ද?
36

أَمْ خَلَقُوا السَّمَاوَاتِ وَالْأَرْضَ ۚ بَل لَّا يُوقِنُونَ

නැතහොත් ඔවුහු අහස් හා මිහිතලය මැව්වේ ද? නැත. ඔවුහු ස්ථීර ලෙස විශ්වාස නොකරති.
37

أَمْ عِندَهُمْ خَزَائِنُ رَبِّكَ أَمْ هُمُ الْمُصَيْطِرُونَ

නැතහොත් නුඹගේ පරමාධිපතිගේ ධන සම්භාරය ඔවුන් අබියස ද? එසේ නැතහොත් ඔවුහුම ආධිපත්යය දරන්නන් ද? 10
10ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ගේ නබිත්වය අසත්යය කිරීමට ඉදිරිපත් කළ තවත් තර්කයකට පිළිතුරක් වශයෙන් මෙම ආයතය පහළ වී ඇත. එම තර්කය නම් ‘මොහුට වඩා උසස් කෙනෙකුට නබිත්වය දෙනු නොලැබී මොහුට එය දෙනු ලැබුවේ මන් ද?’ යැයි ඔවුන් පැවසීම වේ. නබිත්වය දීමේ කාර්යය අල්ලාහ්ට පමණක් ආවේණික කරුණක් මිස අන් අයට එය තීන්දු කළ නොහැක යැයි මෙම ආයතය පවසා ඇත. මොහුට වඩා උසස් අයට මෙය දෙනු ලැබිය යුතුයි යැයි පවසන්නන්ගේ දැනුම අල්ලාහ්ගේ දැනුම ඉදිරියේ අල්පයකි. එහෙයින් නබිත්වයට සුදුස්සා කවුරුන් දැ’යි තීරණය කළ යුත්තේ අල්ලාහ්ය. මොවුන්ට ඒ හා සම්බන්ධ කිසි දැනුමක් හෝ ශක්තියක් හෝ නැත යැයි මෙම ආයතයෙන් අදහස් කෙරේ.
38

أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَانٍ مُّبِينٍ

නැතහොත් ඔවුන් එහි(ඉණිමගෙහි අහසට නැග රහස්) සවන් දීමට (හැකි) ඉණිමගක් ඔවුනට තිබේ ද? එසේ නම් ඔවුන්ගෙන් සවන් දෙන්නා පැහැදිලි සාධකයක් ගෙනෙත්වා! 11
11නබි මුහම්මද් තුමාණන්ගේ නබිත්වය අසත්ය කිරීමට ඔවුන් ගෙන ආ සියලු කාර්යයන් තර්කාන්විතව වැරදි යැයි ඔප්පු වූ බැවින් ඔවුන්ට ඉදිරිපත් කළ හැකි එකම තර්කය නම් ඔවුන් අල්ලාහ්ගෙන් ඍජූවම මෙය අසත්යය යැයි දැන ගත්තෝය යැයි බොරුවට පැවසීම පමණී.
39

أَمْ لَهُ الْبَنَاتُ وَلَكُمُ الْبَنُونَ

නැතහොත් ඔහුට(අල්ලාහ්ට) ගැහැනු දරුවන් හා නුඹලාට (පමණක්) පිරිමි දරුවන් ද?
40

أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ

නැතහොත් (නබිවරය,) නුඹ ඔවුන්ගෙන් කුලියක් ඇසුවෙහි ද? එබැවින් ඔවුන් ණය බරින් උසුලනු ලැබූවන් ද?
41

أَمْ عِندَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ

නැතහොත් ඔවුන් අබියස ගුප්ත දැනුම තිබේ ද? තවද ඔවුන් (එය) ලියා තබන්නේ ද?
42

أَمْ يُرِيدُونَ كَيْدًا ۖ فَالَّذِينَ كَفَرُوا هُمُ الْمَكِيدُونَ

නැතහොත් ඔවුන් (නබිවරයාට) කුමන්ත්රණයක් කිරීමට අපේක්ෂා කරන්නේ ද? කවරෙකු ප්රතික්ෂේප කළේ ද ඔවුහුමය කුමන්ත්රණයට ගොදුරු වූවෝ.
43

أَمْ لَهُمْ إِلَـٰهٌ غَيْرُ اللَّهِ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ

නැතහොත් ඔවුනට අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු සිටිත් ද? ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් පිවිතුරුය.
44

وَإِن يَرَوْا كِسْفًا مِّنَ السَّمَاءِ سَاقِطًا يَقُولُوا سَحَابٌ مَّرْكُومٌ

“අහසින් කැබැල්ලක් (කඩා) වැටෙනු (පැහැදිලිව) ඔවුන් දුටුව ද එය එකිනෙකට ඇමුණුනු (ඝණ) වලාකුළු” යැයි ඔවුහු පවසති. 12
12නබි මුහම්මද් තුමාණන්ව විශ්වාස කිරීමට නම් ඔහු අහසින් ගල් කැටයක් පහළ කළ යුතු යැයි මක්කාවාසී ප්රතික්ෂේපකයින් ඉල්ලා සිටියෝය. එසේ ඔවුන් ඇසූ පරිදි එය සිදු වුවද එය ඔවුන් සරදමට ගන්නවා මිස විශ්වාස කරන්නේ නැත යැයි මෙම ආයතයෙන් අදහස් වනු ඇත.
45

فَذَرْهُمْ حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي فِيهِ يُصْعَقُونَ

කුමන දිනක ඔවුනට (මරණය නම්) කම්පනය ඇති කරනු ලබන්නේ ද ඔවුන්ගේ එම දිනය ඔවුන් හමු වන තෙක් නුඹ ඔවුන්ව අත හැර දමවු.
46

يَوْمَ لَا يُغْنِي عَنْهُمْ كَيْدُهُمْ شَيْئًا وَلَا هُمْ يُنصَرُونَ

(එම දිනය නම්) ඔවුනට ඔවුන්ගේ කුමන්ත්රණය කිසිඳු ප්රයෝජනයක් නොදෙන දිනයයි. තවද (එදින) ඔවුන් උදව් ද කරනු නොලබති.
47

وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا عَذَابًا دُونَ ذَٰلِكَ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

සැබැවින්ම අපරාධ කළවුනට එයට පෙර ද දඬුවමක් ඇත. 13 නමුත් ඔවුන්ගෙන් බහුතරය (ඒ බව) නොදනිති.
13මෙහි දඬුවම ලෙස විග්රහ කරනුයේ මෙලොව අපරාධකරුවන් වන මක්කා වැසියන් බද්ර් යුද්ධයේ මුහුණ පෑ පීඩාවයි.
48

وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ

තවද (නබිවරය,) නුඹගේ පරමාධිපතිගේ තීරණය (පැමිණෙන) තෙක් ඉවසා සිටිවු. මන්දයත් සැබැවින්ම නුඹ අපගේ අධීක්ෂණය යටතේය. තවද නුඹ (නැමදුම සඳහා) නැගී සිටින මොහොතේ නුඹගේ පරමාධිපතිගේ ප්රශංසාවෙන් (ඔහුව) පිවිතුරු කරවු.
49

وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَارَ النُّجُومِ

තවද රාත්රියෙහි (කොටසක) ද තරු අවරට යන මෙහොතෙහි ද ඔහුව පිවිතුරු කරවු.
النجمමක්කී
1

وَالنَّجْمِ إِذَا هَوَىٰ

තාරකාව මත දිවුරමින්. එය අවරට ගිය විට. 1
1තාරකාවන්ට ආවේණික වන ලක්ෂණයන් දෙකක් ඇත. පළමුවැන්න එය කිසි විටෙක එහි මාර්ගය වරදවා නොයන්නේය. දෙවැන්න මුහුදේ හා කාන්තාරයේ ගමන් කරන්නන්ට එය මග පෙන්වන්නේය. එමෙන්ම නබි මුහම්මද් තුමාණන් ද නොමග නොයන අතර ඔහු අන් අයට ද මග පෙන්වන්නේය. මගියන් තාරකා මැකී යන්නට පෙර එයින් ප්රයෝජන ගත යුතු මෙන් මෙතුමාණන්ගෙන් ද ප්රයෝජන ගත යුතුය යන්න මෙහි අදහසයි.
2

مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ

නුඹලාගේ සගයා 2 (වන මුහම්මද් ඍජු මාර්ගයෙන්) නොමග ගියේ නැත. ඔහු මුළා වූයේ ද නැත.
2මෙහි ‘නුඹගේ සගයා’ යැයි නබි මුහම්මද් තුමාණන්ට පවසා ඇත. නබි මුහම්මද් තුමාණන්ට නබිත්වය ලැබීමට පෙර ද මක්කා වැසියන් අතර අවුරුදු හතළියක් සිටි හෙයින් ඔහුගේ ජීවිතයේ සෑම අවස්ථාවක දීම ඔහුගේ ගුණාංග කෙසේ තිබුණා දැ?යි ඔවුහු දැන සිටියෝය. ඔහු බොරු පැවසීම හෝ යම් වැරැද්දක් කිරීම ඔවුන් කිසි විටෙක දැක නැත. මොහුව ඔවුන් ආමන්ත්රණය කරන්නේ ද ‘සත්යවන්තයා’ හා ‘විශ්වාසවන්තයා’ යනුවෙනි. එහෙත් එම පුද්ගලයා අල්ලාහ්ගේ පුවත ප්රචාරය කරන විට එය ඔවුන් පිළිකුල් කරන හේතුවෙන් ඔහුව අසත්යය කරන්නේ කෙසේ ද? යන්නෙන් ප්රශ්න කර ඇත. මෙම යෙදුමෙන් නබිතුමාණන්ව අමතා ඇත්තේ මෙය හැඟවීමටයි.
3

وَمَا يَنطِقُ عَنِ الْهَوَىٰ

ඔහු (තම) මනෝ ඉච්ඡාවට අනුව කතා නොකරයි.
4

إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ

(ඔහු කතා කරන) එය පහළ කරනු ලබන වහී (දේව පණිවිඩයක්) මිස නැත.
5

عَلَّمَهُ شَدِيدُ الْقُوَىٰ

දැඩි ශක්තිවන්තයා (වන ජිබ්රීල් එය) ඔහුට ඉගැන්වූයේය.
6

ذُو مِرَّةٍ فَاسْتَوَىٰ

(ජිබිරීල් අලංකාරයෙන් යුත්) තේජසින් හෙබි අයෙකි. තවද ඔහු ඉහළ ක්ෂිතිජයෙහි සිටියදී ඔහු (ඔහුගේ සැබෑ ස්වරූපයෙන්ම) ස්ථාපිත විය. 3
3මෙහි සඳහන් වී ඇත්තේ නබි මුහම්මද් තුමාණන්ට වහී පණිවිඩය රැගෙන ආ මලක්වරුන්ගේ නායකයා වන ජිබ්රීල් තුමා පිළිබඳවයි. අල්ලාහ්ගෙන් වහී පණිවිඩය මොහු ගෙන එන විට ෂෙයිතාන්ට යම් උවදුරු කළ හැකි යැයි ඇතැම් ප්රතික්ෂේපකයින් තර්ක කළෝය. ඔහු ෂෙයිතාන්ගේ උවදුරු වලට හසු විය හැකි දුර්වල කෙනෙකු නොවේ යැයි මෙම වැකිය මගින් ඔවුන්ගේ තර්කයට පිළිතුරු දී ඇත. මක්කාවාසී ප්රතික්ෂේපකයින්ගෙන් එල්ල වූ තවත් චෝදනාවක් නම් ජිබ්රීල් තුමා නබි මුහම්මද් තුමාණන් වෙත වහී පණිවිඩය ගෙන ඒමේ දී මිනිස් ස්වරූපයකින් පැමිණි හෙයින් ඔහු මලක්වරයෙකු නොවේ යැයි පැවසීමයි. මෙයට පිළිතුරු වශයෙන් නබි මුහම්මද් තුමාණන් ජිබ්රීල් තුමාව ඔහුගේ සත්ය ස්වරූපයෙන් දෙවතාවක් දැක ඇති බව අල් කුර්ආනය මගින් තහවුරු වනු ඇත. මෙම සූරාවෙහි ආයත් අංක 6-7 හි පෙන්නුම් කරන්නේ මෙයින් පළමුවැනි අවස්ථාව යැයි ද ඇතැම් වාර්තාවන්හි සඳහන් වී ඇත. ‘මුස්නද් අහ්මද්’ නම් ග්රන්ථයෙහි මෙසේ සඳහන් වී ඇත. ‘නැගෙනහිර ක්ෂිතිජයෙහි ඔහු නබි මුහම්මද් තුමාණන් ඉදිරියේ දිස් වී ඔහුගේ විශාල පිහාටු විහිද වීමෙන් මුළු ක්ෂිතිජයම වැසීය. ‘තිර්මිදී’ නම් ග්රන්ථයේ මෙසේ සඳහන් වී ඇත. ‘මොහුගේ සත්ය ස්වරූපය දුටු නබි මුහම්මද් තුමාණන්ට බියක් දැනුනි’. තවද ‘බුහාරි’ නම් ග්රන්ථයේ මෙසේ සඳහන් වී ඇත. ‘ඔහු බියට පත් වූ විට ජිබ්රීල් තුමා මිනිස් ස්වරූපයෙන් පැමිණ නබි තුමාව සැනසුවේය.’ ඉහත සඳහන් සියලු වාර්තා මගින් පෙන්නුම් කරන්නේ පළමු වන හමුවීම පිළිබඳවය. මෙම සූරාවෙහි 13-16 දක්වා වූ ආයාත් මගින් සඳහන් වන්නේ දෙවැනි හමු වීම පිළිබඳවය.
7

وَهُوَ بِالْأُفُقِ الْأَعْلَىٰ

(ජිබිරීල් අලංකාරයෙන් යුත්) තේජසින් හෙබි අයෙකි. තවද ඔහු ඉහළ ක්ෂිතිජයෙහි සිටියදී ඔහු (ඔහුගේ සැබෑ ස්වරූපයෙන්ම) ස්ථාපිත විය. 3
8

ثُمَّ دَنَا فَتَدَلَّىٰ

පසුව ඔහු (රසූල්වරයාට) සමීප වී (එයින්) බැස්සේය.
9

فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ

එ(ම සමීප)ය දුනු දෙකක තරමක් 4 හෝ ඊටත් වඩා සමීප විය.
4අරාබිවරුන්ගෙන් දෙදෙනෙකු සාම ගිවිසුම් කරගන්නා විට ඔවුන් දෙදෙනාම තම දුනු ළං කර පෙන්වීම ඔවුන්ගේ සිරිතක් විය. මෙසේ කරන විට එම දුනු දෙකම එක දුන්නක් ලෙස පෙනේ. මෙම ආයතයෙහි මෙම උදාහරණය භාවිත කර ඇත්තේ සමීප වීමේ අර්ථය පැහැදිලි කිරීමටය.
10

فَأَوْحَىٰ إِلَىٰ عَبْدِهِ مَا أَوْحَىٰ

ඔහු(අල්ලාහ් විසින් ජිබ්රීල්ට) කුමන වහී(දේව පණිවිඩය) හෙළිදරව් කළේ ද එය තමාගේ ගැත්තාට පහළ කළේය.
11

مَا كَذَبَ الْفُؤَادُ مَا رَأَىٰ

ඔහු දුටු දෑ(ජිබ්රීල්ව ඔහුගේ) හදවත අසත්යය නොකළේය.
12

أَفَتُمَارُونَهُ عَلَىٰ مَا يَرَىٰ

ඔහු දුටු දෑ පිළිබඳව ඔහු සමග නුඹලා වාද කරන්නෙහු ද?
13

وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَىٰ

සැබැවින්ම ඔහුව(ජිබ්රීල්ව) තවත් වාරයක් (සැබෑ ස්වරූපයෙන්ම) ඔහු(මුහම්මද්) දුටුවේය.
14

عِندَ سِدْرَةِ الْمُنتَهَىٰ

(එය) සිද්රතුල් මුන්තහාහි 5 ය.
5මෙහි සඳහන් වී ඇත්තේ නබි මුහම්මද් තුමාණන් ජිබ්රීල් තුමාණන් සමග මිඃරාජ් නම් අහස් යාත්රා කළ සිදුවීමය. ‘සිද්රතුල් මුන්තහා’ යනු අහස් අන්තයේ අර්ෂයට දකුණින් පිහිටා ඇති ගසකි. ඉන් ඔබ්බට ඇති දෑ පිළිබඳව අල්ලාහ් හැර කිසිදු මලක්වරයෙකුට හෝ නබිවරයෙකුට හෝ වෙනත් කිසිවෙකුට හෝ දැනුමක් නොමැත.
15

عِندَهَا جَنَّةُ الْمَأْوَىٰ

ජන්නතුල් මඃවා (නම් ලැගුම් ගන්නා ස්වර්ග උයන) ඇත්තේ ඒ(සිද්රතුල් මුන්තහා) අසලය.
16

إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَىٰ

ආවරණය කරන දෑ සිද්රාව (නම් ගස) ආවරණය කළ විට 6
6‘සිද්රා’ නැමැති ගසෙහි ආවරණයේ අලංකාරය වර්ණනා කිරීමට වර්ණනාවන් නොමැති බැවින් අල්ලාහ් එය ආවරණය කරන දැයකින් ආවරණය කර ඇති බවට පවසා ඇත.
17

مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَىٰ

(රසූල්වරයාගේ) බැල්ම නොසැලිණ. තවද එය සීමාව ඉක්ම නොවීය.
18

لَقَدْ رَأَىٰ مِنْ آيَاتِ رَبِّهِ الْكُبْرَىٰ

සැබැවින්ම තම පරමාධිපතිගේ මහත් වූ සංඥාවන්ගෙන් (සමහරක් ද) ඔහු දුටුවේය.
19

أَفَرَأَيْتُمُ اللَّاتَ وَالْعُزَّىٰ

‘ලාත්’ හා ‘උzස්zසා’ව නුඹලා දුටුවේ ද?
20

وَمَنَاةَ الثَّالِثَةَ الْأُخْرَىٰ

තවකෙකු වන තුන්වැන්නා වූ ‘මනාත්’ 7 ව ද (නුඹලා දුටුවේ ද?)
7‘ලාත්’,’උzස්zසා’ හා ‘මනාත්’ යනු අරාබි මිථ්යා දෘෂ්ටිකයින් වැඳුම් පිදුම් කළ ප්රධාන පිළිම තුනක නාමයන් වේ.
21

أَلَكُمُ الذَّكَرُ وَلَهُ الْأُنثَىٰ

නුඹලාට පිරිමින් ද (අල්ලාහ් වන) ඔහුට ස්ත්රීන් ද 8
8මෙසේ ඔවුන් ප්රකාශ කරන්නට හේතු වූයේ ඔවුන්ගේ පවුල තුළ ගැහැනු දරුවෙකු උපත ලැබුවා නම් එය අවමානය ගෙන දෙන්නක් වශයෙන් සැලකූ අතර පිරිමි දරුවන් උපත ලැබුවේ නම් එය උදාර දෙයක් යැයි සැලකුවෝය. එබැවින් එම ප්රතිමා හා මලක්වරුන් අල්ලාහ්ගේ දියණියන් ලෙස ඔවුන් සැලකූහ.
22

تِلْكَ إِذًا قِسْمَةٌ ضِيزَىٰ

එසේ නම් එය අසාධාරණ බෙදීමකි.
23

إِنْ هِيَ إِلَّا أَسْمَاءٌ سَمَّيْتُمُوهَا أَنتُمْ وَآبَاؤُكُم مَّا أَنزَلَ اللَّهُ بِهَا مِن سُلْطَانٍ ۚ إِن يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَمَا تَهْوَى الْأَنفُسُ ۖ وَلَقَدْ جَاءَهُم مِّن رَّبِّهِمُ الْهُدَىٰ

ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් නම් කළ නාමයන් මිස නැත. ඒවා( දෙවිවරුන් බව)ට කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුනට යහමග පැමිණ තිබියදීත් ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස (වෙනෙකක්) අනුගමනය නොකරති.
24

أَمْ لِلْإِنسَانِ مَا تَمَنَّىٰ

නැතහොත් (ප්රතික්ෂේපක) මිනිසාට තමා පැතූ දෑ හිමි වේ ද? 9
9මිථ්යා දෘෂ්ටිකයින් මෙම පිළිමයන් තමන් හා අල්ලාහ් අතර මැදිහත්කරුවන් ලෙස කි්රයාකරන බවට විශ්වාස කළෝය. මෙම ආයතයෙහි ‘පැතූ දෑ’ යනුවෙන් අදහස් කරනුයේ මෙයයි. මෙම ආයතයෙහි ඔවුන්ගේ එම විශ්වාසය පුහු බලාපොරොත්තුවක් බව සඳහන් කර ඇත.
25

فَلِلَّهِ الْآخِرَةُ وَالْأُولَىٰ

(නැත.) මක්නිසාද යත් මතු ලොව හා මෙලොව අල්ලාහ්ටම හිමි ය.
26

وَكَم مِّن مَّلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِن بَعْدِ أَن يَأْذَنَ اللَّهُ لِمَن يَشَاءُ وَيَرْضَىٰ

අහස්හි කෙතරම් මලක්වරුන් වෙත් ද? ඔවුන්ගේ මැදිහත් වීම (වුවද) අල්ලාහ් අභිමත කළ අයට හා ඔහු තෘප්තියට පත් අය සඳහා අනුමැතිය දීමෙන් පසුව මිස (අන් කිසිවිටෙක) කිසිඳු ප්රයෝජනයක් නොදෙන්නේය.
27

إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ لَيُسَمُّونَ الْمَلَائِكَةَ تَسْمِيَةَ الْأُنثَىٰ

සැබැවින්ම මතු ලොව පිළිබඳව විශ්වාස නොකරන්නන් මලක්වරුන්ට ස්ත්රී නාමයෙන් නම් කරති.
28

وَمَا لَهُم بِهِ مِنْ عِلْمٍ ۖ إِن يَتَّبِعُونَ إِلَّا الظَّنَّ ۖ وَإِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا

තවද ඒ පිළිබඳව ඔවුනට (කිසිඳු) දැනුමක් නැත. ඔවුන් අනුමානය මිස (වෙනකක්) අනුගමනය නොකරති. තවද සැබැවින්ම අනුමානය සත්ය( විෂ)යෙහි කිසිදු ප්රයෝජනයක් ලබා නොදෙන්නේය.
29

فَأَعْرِضْ عَن مَّن تَوَلَّىٰ عَن ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا الْحَيَاةَ الدُّنْيَا

එබැවින් (නබිවරය,) කවරෙකු අපගේ උපදෙස පිටුපා යන්නේ ද තවද මෙලොව ජීවිතය මිස (අන් කිසිවක්) අපේක්ෂා නොකරන්නේ ද ඔහු පිළිබඳව නොසලකා හරිවු.
30

ذَٰلِكَ مَبْلَغُهُم مِّنَ الْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِمَنِ اهْتَدَىٰ

එය ඔවුන්ගේ දැනුමේ අවසානයයි. සැබැවින්ම නුඹගේ පරමාධිපති, ඔහු තම මාර්ගයෙන් මුළා වූයේ කවරෙකු දැයි මැනවින් දන්නාය. තවද යහමග ලැබුවේ කවරෙකු දැයි ද ඔහු මැනවින් දන්නාය.
31

وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ لِيَجْزِيَ الَّذِينَ أَسَاءُوا بِمَا عَمِلُوا وَيَجْزِيَ الَّذِينَ أَحْسَنُوا بِالْحُسْنَى

තවද අහස්හි ඇති දෑ ද මිහිතලයෙහි ඇති දෑ ද අල්ලාහ් සතුය. (එබැවින්) නපුරුකම් කළවුනට ඔවුන් කළ දෑ හේතුවෙන් ඔහු ප්රතිවිපාක දෙනු පිණිසය. තවද යහ දෑ කළවුනට ඔහු යහ ප්රතිඵල දෙනු පිණිසය.
32

الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنشَأَكُم مِّنَ الْأَرْضِ وَإِذْ أَنتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ ۖ فَلَا تُزَكُّوا أَنفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَىٰ

(ඔවුන්) කවුරුන්දයත් (පාපයන්ගෙන්) අල්ප දෑ හැර මහා පාපයන්ගෙන් හා අශික්ෂිත දෑ වලින් වැළකෙන්නන්ය. 10 සැබැවින්ම නුඹගේ පරමාධිපති සමාව දීමෙහි අති මහත්ය. මිහිතලයෙන් නුඹලාව ඔහු නිර්මාණය කළ අවස්ථාවේ සිටම හා නුඹලාගේ මව්වරුන්ගේ කුස තුළ කලලයන් ලෙස නුඹලා සිටින අවස්ථාවේ සිටම ඔහු නුඹලා පිළිබඳව මැනවින් දන්නාය. එබැවින් නුඹලා නුඹලාවම (ශුද්ධවන්තයින් යැයි) පිවිතුරු කර නොගනිවු. බිය භක්තිකයින් කවුරුන්දැ?’යි ඔහු මැනවින් දන්නාය.
10මෙම ආයතයෙහි සඳහන් වී ඇති වචනය නම් ‘ලමම්’ වේ. එනම් නොසැලකිල්ලෙන් කෙනෙකු විසින් කරනු ලබන පාපයක් හෝ පසුතැවිල්ලෙන් කරන පාපයක් හෝ වේ.
33

أَفَرَأَيْتَ الَّذِي تَوَلَّىٰ

(නබිවරය,) කවරෙකු (සත්යයෙන්) පිටුපාන්නේ ද ඔහුව නුඹ දුටුවෙහි ද?
34

وَأَعْطَىٰ قَلِيلًا وَأَكْدَىٰ

ඔහු ස්වල්පයක් ලබා දී වළකා ගත්තේය. 11
11එක් වාර්තාවක සඳහන් වී ඇති අයුරින් මෙයින් අදහස් කරන්නේ ‘වලීද්’ නමින් ප්රචලිත පුද්ගලයකු පිළිබඳවය. ඔහු ඉස්ලාමයට නැඹුරු වනු දුටු ඔහුගේ ඇතැම් ප්රතික්ෂේපක මිතුරන් මේ ගැන ඔහුගෙන් විමසුවෝය. අල්ලාහ්ගේ සත්යය මග පිළි නොගතහොත් අල්ලාහ් ඔහුව දඬුවම් කරනු ඇත යැයි බියෙන් ඔහු ඉස්ලාමය වැලඳ ගන්නට පතන්නේ යැයි ඔහු පිළිතුරු දුන්නේය. අල්ලාහ්ගේ දඬුවම වෙනුවෙන් තමන්ට මුදල් වන්දි වශයෙන් දුන්නේ නම් එම දඬුවම තමන් බාර ගන්නා මෙන් ඔහුගේ මිතුරන් මොහුට පැවසුවෝය. එය පිළිගත් වලීද් කෙටි කලක් ඔවුන්ට මුදල් දී පසුව එය නවතා ගත්තේය.
35

أَعِندَهُ عِلْمُ الْغَيْبِ فَهُوَ يَرَىٰ

(ඔහු විශ්වාස කළ දෑ සත්ය යැයි) ඔහු දකින්නට ඔහු අබියස ගුප්ත දෑ පිළිබඳව ඥානය තිබෙන්නේ ද?
36

أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِي صُحُفِ مُوسَىٰ

නැතහොත් (අල්ලාහ්ගේ නියෝගයන්) සම්පූර්ණයෙන්ම ඉටු කළ ඉබ්රාහීම්ගේ හා තවද මූසාගේ ලේඛනයන්හි ඇති දෑ පිළිබඳව ඔහුට දැනුම් දෙනු නොලැබුවේ ද?
37

وَإِبْرَاهِيمَ الَّذِي وَفَّىٰ

නැතහොත් (අල්ලාහ්ගේ නියෝගයන්) සම්පූර්ණයෙන්ම ඉටු කළ ඉබ්රාහීම්ගේ හා තවද මූසාගේ ලේඛනයන්හි ඇති දෑ පිළිබඳව ඔහුට දැනුම් දෙනු නොලැබුවේ ද?
38

أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ

(එනම් තම පාපයේ) බර උසුලන්නෙකු වෙනෙකෙකුගේ (පාපයේ) බර නොඋසුලන්නේය.
39

وَأَن لَّيْسَ لِلْإِنسَانِ إِلَّا مَا سَعَىٰ

තවද මිනිසාට ඔහු වෑයම් කළ දෑ හැර වෙනෙකක් නැත.
40

وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرَىٰ

තවද ඔහුගේ වෑයම මතු දක්නට ලැබේ.
41

ثُمَّ يُجْزَاهُ الْجَزَاءَ الْأَوْفَىٰ

පසුව පූර්ණවත් ප්රතිඵල ඔහුට ප්රතිඵල වශයෙන් දෙනු ලබන්නේය.
42

وَأَنَّ إِلَىٰ رَبِّكَ الْمُنتَهَىٰ

තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති වෙතමය (සියල්ලන්ගේ) අවසානය ඇත්තේ.
43

وَأَنَّهُ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ

තවද සැබැවින්ම සිනස්වන්නේ ද හඬවන්නේ ද ඔහුමය.
44

وَأَنَّهُ هُوَ أَمَاتَ وَأَحْيَا

තවද සැබැවින්ම මරණයට පත් කරන්නේ ද ජීවය ලබා දෙන්නේ ද ඔහුමය.
45

وَأَنَّهُ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنثَىٰ

තවද සැබැවින්ම ඔහු ස්ත්රී පුරුෂ යුගල මැව්වේ.
46

مِن نُّطْفَةٍ إِذَا تُمْنَىٰ

ශුක්රාණු බිඳුවෙන්ය. එය (ගර්භාෂය තුළට) විමෝචනය කරනු ලැබූ අවස්ථාවෙහිය.
47

وَأَنَّ عَلَيْهِ النَّشْأَةَ الْأُخْرَىٰ

තවද (විනිශ්චය දින) සැබැවින්ම මතු නිර්මාණය ද ඔහු කෙරෙහිය.
48

وَأَنَّهُ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ

තවද සැබැවින්ම පොහොසත් කරවන්නේ ද තෘප්තියට පත් කරවන්නේ ද ඔහුමය.
49

وَأَنَّهُ هُوَ رَبُّ الشِّعْرَىٰ

තවද සැබැවින්ම ෂිඃරාවෙහි 12 පරමාධිපති ද ඔහුමය.
12‘ෂිඃරා’ යනු එකල මිථ්යා දෘෂ්ටිකයින් දෙවියන් යැයි සැලකූ තරුවකි. එය දෙවියන් නොවන බව පෙන්වා දෙමින් එහි නිර්මාතෘ හා පරමාධිපති අල්ලාහ් යැයි මෙයින් විග්රහ කෙරෙයි.
50

وَأَنَّهُ أَهْلَكَ عَادًا الْأُولَىٰ

තවද සැබැවින්ම ඔහු පෙර විසූ ආද් ජනයා විනාශ කළේය.
51

وَثَمُودَ فَمَا أَبْقَىٰ

තවද සමූද් ජනයා ද (ඔහු විනාශ කළේය). තවද ඔහු (ඔවුන්ගෙන් කිසිවෙකු හෝ) ඉතිරි කළේ නැත.
52

وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَىٰ

තවද මීට පෙර විසූ නුහ්ගේ ජනයාව ද (ඔහු විනාශ කළේය). සැබැවින්ම ඔවුහු වඩාත් අපරාධකරන්නන් ලෙස හා වඩාත් සීමාව ඉක්මවා යන්නන් ලෙස සිටියහ.
53

وَالْمُؤْتَفِكَةَ أَهْوَىٰ

තවද උඩු යටිකුරු කරනු ලැබූ (ලූත්ගේ) නගරයන් ද ඔහු (ඔසවා) පහත හෙළුවේය.
54

فَغَشَّاهَا مَا غَشَّىٰ

එවිට ආවරණය කළ දැයින්(ගල් වලින්) ඔහු ඒවා(එම නගරයන්) ආවරණය කළේය. 13
13මෙම නගර කනපිට පෙරළනු ලැබූයේ භූමි කම්පාවක් මගින්ය. මෙයින් විස්තර කරනුයේ භූමි කම්පාවේ භයානකත්වය හා එයට පසුව ඇති වූ ධාරාණිපාත වර්ෂාව පිළිබඳවය.
55

فَبِأَيِّ آلَاءِ رَبِّكَ تَتَمَارَىٰ

එබැවින් නුඹගේ පරමාධිපතිගේ කවර භාග්යයක් පිළිබඳව ද නුඹ සැක කරනුයේ.
56

هَـٰذَا نَذِيرٌ مِّنَ النُّذُرِ الْأُولَىٰ

මොහු(මුහම්මද්) පෙර අවවාද කරන්නන් අතුරින් වූ (එවැනිම) අවවාද කරන්නෙකි.
57

أَزِفَتِ الْآزِفَةُ

සමීප වන්නා වූ දෑ(විනිශ්චය දිනය) සමීප විය.
58

لَيْسَ لَهَا مِن دُونِ اللَّهِ كَاشِفَةٌ

අල්ලාහ් හැර එය අනාවරණය කරන්නෙකු නැත.
59

أَفَمِنْ هَـٰذَا الْحَدِيثِ تَعْجَبُونَ

එවිට මෙම පුවතෙන් නුඹලා මවිතයට පත් වන්නෙහු ද?
60

وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ

තවද නුඹලා නොසැලකිමත්ව සිටිමින් නොහඬා සිනාසෙන්නෙහු ද?
61

وَأَنتُمْ سَامِدُونَ

තවද නුඹලා නොසැලකිමත්ව සිටිමින් නොහඬා සිනාසෙන්නෙහු ද?
62

فَاسْجُدُوا لِلَّهِ وَاعْبُدُوا ۩

එබැවින් නුඹලා අල්ලාහ්ට සුජූද් කරවු. තවද නමදිවු. 14
14මෙය සුජූද් කළ යුතු ආයතයකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:206 හි පාද සටහන බලන්න.
القمرමක්කී
1

اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ

(ලොව අවසන්) හෝරාව සමීප විය. තවද චන්ද්රයා ද පැළී ගියේය. 1
1මක්කාවෙහි සිටි මිථ්යා දෘෂ්ටිකයින්තමන්ට ප්රාතිහාර්යයක් පෙන්වන ලෙස නබි මුහම්මද් තුමාණන්ගෙන් ඉල්ලා සිටියේය. එවිට ඔහු අල්ලාහ්ගෙන් අයැදීමෙන් අනතුරුව චන්ද්රයා දෙකට පැළී යෑම ඔවුනට පෙන්වූයේය. මෙය නබි තුමාණන්ට අල්ලාහ් විසින් ලබා දුන් ප්රාතිහාර්යයන් තුළින් එකකි. නමුත් ඔවුහු එය පිළිනොගෙන එය හූනියමක් යැයි පැවසුවෝය. එකල මක්කාවෙන් දුරස්ථව විසූ අයද මෙම ප්රාතිහාර්යය දුටු බවට සහතික කර ඇත.
2

وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُّسْتَمِرٌّ

තවද ඔවුහු සංඥාවක් දුටු විට (එයට) ඔවුන් පිටුපා “අනිත්ය වූ හූනියමක්” යැයි පවසති.
3

وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ

තවද ඔවුහු අසත්යය කර, ඔවුන්ගේ මනෝ ඉච්ඡාවන් අනුගමනය කළහ. නමුත් සෑම කරුණක්ම (එහි නියමිත කාලය පැමිණි විට) නිරවුල් වන්නකි.
4

وَلَقَدْ جَاءَهُم مِّنَ الْأَنبَاءِ مَا فِيهِ مُزْدَجَرٌ

සැබැවින්ම ඔවුන් වෙත (අතීතයේ සිදු වූ) පුවත් අතුරින් එහි ඇති අවවාද කර වළක්වාලන දෑ(පුවත්) පැමිණ ඇත.
5

حِكْمَةٌ بَالِغَةٌ ۖ فَمَا تُغْنِ النُّذُرُ

(එය) පරිපූර්ණ ප්රඥාවකි. නමුත් අවවාද කරන දෑ (ඔවුනට) ප්රයෝජනයක් නොදෙන්නේය.
6

فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ الدَّاعِ إِلَىٰ شَيْءٍ نُّكُرٍ

එබැවින් (නබිවරය,) ඔවුන්ව නුඹ නොසලකා හරිවු. (හදවත්) පිළිකුල් කරන කරුණක් (වන විනිශ්චය) වෙත කැඳවන්නෙකු කැඳවන දින,
7

خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُّنتَشِرٌ

ඔවුන්ගේ බැල්ම (අවමානයෙන්) පහත හෙළී තිබියදී ඔවුන් පැතිර සිටින පළගැටියන් මෙන් කැඳවන්නා දෙසට ශීඝ්රයෙන් පැමිණෙන්නන් ලෙස මිනී වළවල් වලින් එළියට එනු ඇත. (එදින) ප්රතික්ෂේපකයින් “මෙය දුෂ්කර දිනයකි” යැයි පවසනු ඇත.
8

مُّهْطِعِينَ إِلَى الدَّاعِ ۖ يَقُولُ الْكَافِرُونَ هَـٰذَا يَوْمٌ عَسِرٌ

ඔවුන්ගේ බැල්ම (අවමානයෙන්) පහත හෙළී තිබියදී ඔවුන් පැතිර සිටින පළගැටියන් මෙන් කැඳවන්නා දෙසට ශීඝ්රයෙන් පැමිණෙන්නන් ලෙස මිනී වළවල් වලින් එළියට එනු ඇත. (එදින) ප්රතික්ෂේපකයින් “මෙය දුෂ්කර දිනයකි” යැයි පවසනු ඇත.
9

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ

ඔවුනට පෙර නුහ්ගේ ජනයා අසත්යය කළෝය. එනම් ඔවුන් අපගේ ගැත්තාව(නූහ්ව) අසත්යය කොට (ඔහුට) “උන්මත්තකයා” යැයි පැවසුවෝය. තවද ඔහු තර්ජනය කරනු ලැබුවේය.
10

فَدَعَا رَبَّهُ أَنِّي مَغْلُوبٌ فَانتَصِرْ

එවිට ඔහු තම පරමාධිපතිගෙන් “සැබැවින්ම මා (ප්රතික්ෂේපකයින් විසින්) ඉක්මවනු ලැබුවෙමි. එබැවින් (ඔවුනට එරෙහිව මා හට) උදව් කරනු මැනව!” යැයි ඇයැද සිටියේය.
11

فَفَتَحْنَا أَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُّنْهَمِرٍ

පසුව අපි ඇදහැලෙන (ධාරානිපාත වැසි) ජලය මගින් අහස් දොරටු විවෘත කළෙමු.
12

وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاءُ عَلَىٰ أَمْرٍ قَدْ قُدِرَ

තවද අපි මිහිතලය උල්පත් වලින් පුපුරුවා හැරියෙමු. නියම කරනු ලැබූ කරුණක් සඳහා (වැසි හා උල්පත්) ජලය (එකිනෙකට) හමු විය.
13

وَحَمَلْنَاهُ عَلَىٰ ذَاتِ أَلْوَاحٍ وَدُسُرٍ

තවද ලෑලි හා ඇණ සහිත දැයෙහි(නැවෙහි) අපි ඔහුව නැංවූයෙමු.
14

تَجْرِي بِأَعْيُنِنَا جَزَاءً لِّمَن كَانَ كُفِرَ

එය අපගේ අධීක්ෂණය යටතේ යාත්රා කළේය. (මෙසේ අප සිදු කළේ) ප්රතික්ෂේපයට ලක් වූ තැනැත්තා(නූහ්) සඳහා වූ ප්රතිඵලයක් ලෙසය.
15

وَلَقَد تَّرَكْنَاهَا آيَةً فَهَلْ مِن مُّدَّكِرٍ

තවද සැබැවින්ම අපි එය(එම නැව) සංඥාවක් ලෙස අත හැර තැබුවෙමු. එබැවින් (එයින්) උපදෙස් ලබන්නෙක් සිටිත් ද?
16

فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ

එබැවින් මාගේ දඬුවම හා අවවාද කෙසේ වී ද?
17

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ

තවද සැබැවින්ම උපදෙස් ලබනු පිණිස අල් කුර්ආනය අපි පහසු කර ඇත්තෙමු. එබැවින් (එයින්) උපදෙස් ලබන්නෙක් සිටිත් ද?
18

كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ

ආද් (ජනයා ද එය) අසත්යය කළෝ ය. එබැවින් මාගේ දඬුවම හා අවවාද කෙසේ වී ද?
19

إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي يَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّ

සැබැවින්ම අපි ඔවුන් වෙත නිරන්තර දුර්භාග්ය 2 දිනයක දැඩි සුළි සුළඟක් එව්වෙමු.
2මෙහි ‘නිරන්තර දුර්භාග්යය’ යනු ඔවුන්ට ඇති වූ දඬුවම මරණයෙන් අවසන් නොවන අතර එය ඔවුන්ගේ මිනීවළ වල් හි ද ඉන්පසු ඇති නිරයෙ හි ද පවතී යන්නයි.
20

تَنزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُّنقَعِرٍ

එය මිනිසුන්ව උදුරා විසි කළේය. සැබැවින්ම ඔවුහු මුලිනුදුරන ලද ඉඳි ගස් කඳන් මෙන් වූහ.
21

فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ

එබැවින් මාගේ දඬුවම හා අවවාද කෙසේ වී ද?
22

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ

තවද සැබැවින්ම උපදෙස් ලබනු පිණිස අල් කුර්ආනය අපි පහසු කර ඇත්තෙමු. එබැවින් (එයින්) උපදෙස් ලබන්නෙක් සිටිත් ද?
23

كَذَّبَتْ ثَمُودُ بِالنُّذُرِ

සමූද් 3 (ජනයා ද) අවවාද කරන්නන්ව(රසූල්වරුන්ව) අසත්යය කළෝය.
3වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 91:13 පාද සටහන බලන්න.
24

فَقَالُوا أَبَشَرًا مِّنَّا وَاحِدًا نَّتَّبِعُهُ إِنَّا إِذًا لَّفِي ضَلَالٍ وَسُعُرٍ

එබැවින් “අපි අනුගමනය කළ යුත්තේ අපගෙන්ම වූ එක් මිනිසෙකුව ද? 4 එසේ නම් සැබැවින්ම අපි මුළාවෙහි ද උමතුවෙහි ද පසුවන්නෙමු” යැයි ඔවුහු පැවසූහ.
4මෙහි මිනිසෙක් යනුවෙන් ආමන්ත්රණය වන්නේ නබි සාලිහ් තුමාණන්ය.
25

أَأُلْقِيَ الذِّكْرُ عَلَيْهِ مِن بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ

“අප අතුරින් ඔහු කෙරෙහි ද උපදෙස පහළ කරනු ලැබුවේ? නැත, ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.” (යැයි ද පැවසූහ.)
26

سَيَعْلَمُونَ غَدًا مَّنِ الْكَذَّابُ الْأَشِرُ

ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවරෙකු දැ’යි හෙට දින ඔවුහු දැන ගනු ඇත.
27

إِنَّا مُرْسِلُو النَّاقَةِ فِتْنَةً لَّهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ

සැබැවින්ම ඔවුනට පරීක්ෂණයක් ලෙස අපි ඔටුදෙන (ඔවුන් වෙත) යවන්නෙමු. 5 එබැවින් (සාලිහ්,) නුඹ ඔවුන්ව බලා සිටිවු. තවද ඉවසිල්ලෙන් සිටිවු.
5මෙම සිදුවීම පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:73 හි පාද සටහන බලන්න.
28

وَنَبِّئْهُمْ أَنَّ الْمَاءَ قِسْمَةٌ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍ مُّحْتَضَرٌ

තවද ‘ජලය ඔවුන් (හා ඔටුදෙන) අතර බෙදා දී ඇත. එකිනෙකාගේ (ජලය) පානය කිරීමේ අයිතිය (වතාවෙන් වතාවට) පැමිණීම (ස්ථාපිත) විය යුතුය’. යැයි ඔවුනට දන්වවු.
29

فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ

පසුව ඔවුහු (ඔටුදෙන ඝාතනය කිරීම සඳහා) ඔවුන්ගේ සගයා කැඳෙව්වෝය. එබැවින් ඔහු (එම) වගකීම ගෙන (උගේ) ගෙල සිඳ දැමුවේය.
30

فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ

එබැවින් මාගේ දඬුවම හා අවවාද කෙසේ වී ද?
31

إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَاحِدَةً فَكَانُوا كَهَشِيمِ الْمُحْتَظِرِ

සැබැවින්ම අපි ඔවුන් වෙත එක් (භයානක) මොර දීමේ හඬක් එව්වෙමු. එසැණින් ඔවුන් සත්ව ගාලක වියළි ඉපනැලි මෙන් පත් වූහ.
32

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ

තවද සැබැවින්ම උපදෙස් ලබනු පිණිස අල් කුර්ආනය අපි පහසු කළෙමු. එබැවින් (එයින්) උපදෙස් ලබන්නෙක් සිටිත් ද?
33

كَذَّبَتْ قَوْمُ لُوطٍ بِالنُّذُرِ

ලූත්ගේ ජනයා (ද) අවවාද කරන්නන්ව(රසූල්වරුන්ව) අසත්යය කළෝය.
34

إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّا آلَ لُوطٍ ۖ نَّجَّيْنَاهُم بِسَحَرٍ

සැබැවින්ම අපි (ප්රතික්ෂේප කළ) ඔවුනට ගල් වර්ෂාවක් එව්වෙමු. (නමුත්) ලූත්ගේ පවුල(ට) හැර, අපි මොවුන්ව සහර් වේලාවෙහි 6 මුදවා ගත්තෙමු.
6අල් කුර්ආන් 51:18 හි පාද සටහන බලන්න.
35

نِّعْمَةً مِّنْ عِندِنَا ۚ كَذَٰلِكَ نَجْزِي مَن شَكَرَ

(එය) අපගෙන් වූ දායාදයක් වශයෙනි. කෘතවේදීවන්නාට මෙලෙසය අප ප්රතිඵල ලබා දෙනුයේ.
36

وَلَقَدْ أَنذَرَهُم بَطْشَتَنَا فَتَمَارَوْا بِالنُّذُرِ

අපගේ ග්රහණය පිළිබඳව ඔහු ඔවුන්ට අවවාද කළේය. නමුත් ඔවුහු අවවාදය පිළිබඳව එකිනෙකා අතර තර්ක කර ගත්හ.
37

وَلَقَدْ رَاوَدُوهُ عَن ضَيْفِهِ فَطَمَسْنَا أَعْيُنَهُمْ فَذُوقُوا عَذَابِي وَنُذُرِ

සැබැවින්ම ඔහුගේ ආගන්තුකයින්ව (කාමයේ වරදට) ඔහුගෙන් ඔවුන් බලයෙන් ඉල්ලා සිටියෝය. එසැණින් අපි ඔවුන්ගේ දෑස් අන්ධ කළෙමු. 7 එබැවින් (දැන්) “මාගේ දඬුවම හා මාගේ අවවාද නුඹලා රස විඳිවු.” (යැයි අපි ඔවුනට පැවසුවෙමු.)
7මෙම සිදුවීම පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 11:69-86 යන ආයතයන් බලන්න.
38

وَلَقَدْ صَبَّحَهُم بُكْرَةً عَذَابٌ مُّسْتَقِرٌّ

සැබැවින්ම නිත්ය දඬුවම ඔවුන්ව අලුයමෙහි ග්රහණය කර ගත්තේය.
39

فَذُوقُوا عَذَابِي وَنُذُرِ

එබැවින් මාගේ දඬුවම හා මාගේ අවවාද නුඹලා රස විඳිවු.
40

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ

තවද සැබැවින්ම උපදෙස් ලබනු පිණිස අල් කුර්ආනය අපි පහසු කළෙමු. එබැවින් (එයින්) උපදෙස් ලබන්නෙක් සිටිත් ද?
41

وَلَقَدْ جَاءَ آلَ فِرْعَوْنَ النُّذُرُ

තවද සැබැවින්ම ෆිර්අවුන්ගේ පිරිසට ද අවවාද කරන්නන් (වන රසූල්වරුන්) පැමිණියේය.
42

كَذَّبُوا بِآيَاتِنَا كُلِّهَا فَأَخَذْنَاهُمْ أَخْذَ عَزِيزٍ مُّقْتَدِرٍ

(නමුත්) අපගේ සංඥාවන් සියල්ලම ඔවුන් අසත්යය කළෝය. එබැවින් සර්ව බලසම්පන්න. සර්ව බලධාරියෙකුගේ ග්රහණයක් වශයෙන් ඔවුන්ව අපි ග්රහණය කළෙමු.
43

أَكُفَّارُكُمْ خَيْرٌ مِّنْ أُولَـٰئِكُمْ أَمْ لَكُم بَرَاءَةٌ فِي الزُّبُرِ

ඔවුනට වඩා නුඹලාගේ ප්රතික්ෂේපකයෝ ශ්රේෂ්ඨ ද? නැතහොත් (පෙර) ධර්ම පුස්තකයන්හි නුඹලාට (දඬුවමින්) මිදීමක් (ප්රකාශ වී) තිබේ ද?
44

أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُّنتَصِرٌ

එසේ නොමැතිනම් “අපි උපකාර ලබන (ජයග්රාහී) පිරිසක් වන්නෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?
45

سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ

මෙම පිරිස මතු පරාජය කරනු ලබති. තවද ඔවුහු පසුපස හැරී පලා යති. 8
8මෙහි සඳහන් වන්නේ කුරෙයිෂ් ගෝත්රයේ ඇතැම් ප්රතික්ෂේපක ප්රගතීන් පරාජයට පත් වේ යන අනාවැකියයි. බද්ර් සටනේදී මෙහි සත්යතාව හෙළි විය.
46

بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ

නමුත් (ලොව අවසන් වන) එම හෝරාව ඔවුනට ප්රතිඥා දෙනු ලැබූවකි. එම හෝරාව දැඩි ඛේද ජනකය. එමෙන්ම ඉතා තිත්තය.
47

إِنَّ الْمُجْرِمِينَ فِي ضَلَالٍ وَسُعُرٍ

සැබැවින්ම වැරදිකරුවන් මුළාවෙහි හා උමතුවෙහිය.
48

يَوْمَ يُسْحَبُونَ فِي النَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا مَسَّ سَقَرَ

මුණින් අතට ඔවුන්ව නිරයට ඇදගෙන යනු ලබන දින “නිරයේ පහස විඳිවු” (යැයි ඔවුනට පවසනු ලැබේ.)
49

إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ

සැබැවින්ම සෑම දෙයක්ම (පූර්ව සැලසුම් කළ) ප්රමාණයට අනුව අපි ඒවා මවා ඇත්තෙමු.
50

وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ

තවද අපගේ නියෝගය (කි්රයාත්මක වීම) ඇසිපිය ගසන්නාක් මෙන් (ක්ෂණිකව සිදු වන) එකක් මිස නැත.
51

وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍ

තවද (මක්කා වැසියනි,) සැබැවින්ම නුඹලා මෙන් වූවන් (මීට පෙර ද) අපි විනාශ කළෙමු. එබැවින් (එයින්) උපදෙස් ලබන්නෙක් සිටිත් ද?
52

وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ

තවද ඔවුන් කළ සෑම දෙයක්ම (ක්රියා) සටහන් ලේඛනයන්හිය.
53

وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُّسْتَطَرٌ

තවද සෑම කුඩා හා විශාල දෙයක්ම (එහි) සටහන් කරනු ලැබ ඇත.
54

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ

සැබැවින්ම බිය භක්තිකයින් (ස්වර්ග) උයන්හි හා ගංගාවන් (අසල)හිය.
55

فِي مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍ مُّقْتَدِرٍ

සර්ව බලධාරී වූ අධිපති(අල්ලාහ්) අබියස ඇති සත්යය අසුනෙහිය.
الرحمنමදීනී
1

الرَّحْمَـٰنُ

සැමට කරුණාභරිත
2

عَلَّمَ الْقُرْآنَ

ඔහු අල් කුර්ආනය ඉගැන්නුවේය.
3

خَلَقَ الْإِنسَانَ

ඔහු මිනිසා මැව්වේය.
4

عَلَّمَهُ الْبَيَانَ

ඔහු පැහැදිලි කතාව ඔහුට(මිනිසාට) ඉගැන්නුවේය.
5

الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ

හිරු හා සඳු (ගමන් කරනුයේ නිශ්චිත) ගණනයකට අනුවය.
6

وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ

තවද ලියවැල් හා ගස් ඔහුට සුජූද් කරති. 1
1මෙම ආයතයේ ලියවැල් යනුවෙන් සඳහන් වන අරාබි පදය ‘නජ්ම්’ නම් වේ. මෙය පොදුවේ භාවිත කරනුයේ තාරකාවට හා වැල් වශයෙන් වැඩෙන ශාකයන් වලටය. මෙහි මෙම අර්ථ දෙකම භාවිත කළ හැකි වුවද බොහෝ අර්ථ විවරණයන්හි ලියවැල් යන අර්ථය භාවිත වී ඇත. මෙහි සුජූද් යනුවෙන් අදහස් වනුයේ මේවා අල්ලාහ්ගේ නියෝගයන්ට යටත්ව තම ස්වභාවය පිහිටුවා ගැනීමයි.
7

وَالسَّمَاءَ رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ

තවද අහස ඔහු එය එසෙව්වේය. තවද තුලාව ඔහු ස්ථාපනය කළේය,
8

أَلَّا تَطْغَوْا فِي الْمِيزَانِ

නුඹලා තුලාවෙහි සීමාව ඉක්මවා නොයනු පිණිසය. 2
2මෙහි ‘තුලාව’ යන පදයෙන් සමතුලිතභාවය, යුක්තිය හා සාධාරණත්වය අර්ථවත් වේ. මෙම ගුණාංගයන් මිනිස් ජීවිතයේ ඇති විය යුතු යැයි මෙම ආයතය මගින් අවධාරණය කෙරේ.
9

وَأَقِيمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيزَانَ

තවද නුඹලා සාධාරණ ලෙස කිරුම් ස්ථාපිත කරවු. තවද නුඹලා තුලාවෙහි අඩු නොකරවු.
10

وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ

තවද මිහිතලය, ජීවීන් වෙනුවෙන් එය ස්ථාපනය කළේය.
11

فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ الْأَكْمَامِ

එහි පලතුරු ද (වලු බර) කෝෂ වලින් යුත් ඉඳි ගස් ද ඇත.
12

وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانُ

තවද පොතු සහිත ධාන්ය ද සුවඳැති මල් ද (ඇත.)
13

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
14

خَلَقَ الْإِنسَانَ مِن صَلْصَالٍ كَالْفَخَّارِ

මැටි බඳුනක් මෙන් හඬ ඇති වියළි මැටියෙන් මිනිසාව(ආදම්ව) මැව්වේය.-
15

وَخَلَقَ الْجَانَّ مِن مَّارِجٍ مِّن نَّارٍ

තවද දුම රහිත ගිනි ජාලාවෙන් ජින්ව(ජින්වරුන්ගේ පියාව) මැව්වේය.
16

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
17

رَبُّ الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ

හිරු නැගෙන දෙදිශාවෙහි හා හිරු බසින දෙදිශාවෙහි 3 පරමාධිපති (ඔහුම)ය.
3නැගෙනහිර හා බස්නාහිර දිශා දෙක යනු ශීත හා උෂ්ණ කාල දෙකෙහි දී හිරු උදා වීම හා බැස යෑමේ වෙනස් වීමේ කරුණයි.
18

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
19

مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ

ඔහු මුහුදු දෙක එකිනෙක මුණගැසෙන්නට සැලැස්සුවේය.
20

بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ

ඒ දෙක අතර එකිනෙක ඉක්මවා නොයන බාධකයක් ඇත. 4
4මුහුදෙහි ඝනත්වයෙහි බලපෑම හේතුවෙන් එකිනෙක මුසු නොවන කොටස් මෙයින් අදහස් වේ.
21

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
22

يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ

ඒ දෙක අතුරින් (වටිනා) මුතු හා පබළු පිට වෙයි.
23

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
24

وَلَهُ الْجَوَارِ الْمُنشَآتُ فِي الْبَحْرِ كَالْأَعْلَامِ

මුහුදෙහි කඳු මෙන් උස් වූ යාත්රාවන් ඔහු සතුය.
25

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
26

كُلُّ مَنْ عَلَيْهَا فَانٍ

එ(ම මිහිතලයෙ)හි ඇති සෑම දෙයක්ම විනාශ වී යන්නේය.
27

وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ

තවද ගෞරවය හා කීර්තිය හිමි නුඹගේ පරමාධිපතිගේ ‘වජ්හ’ය 5 සදා පවතියි.
5වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 28:88 හි පාද සටහන බලන්න.
28

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දේපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
29

يَسْأَلُهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ

අහස්හි හා මිහිතලයේ සිටින්නවුන් (තම අවශ්යතාවන්) ඔහුගෙන් අයැද සිටිති. සෑම දිනකම ඔහු කාර්යයෙහි (නිරතව) සිටියි.
30

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
31

سَنَفْرُغُ لَكُمْ أَيُّهَ الثَّقَلَانِ

අහෝ! (මිනිස් හා ජින්) දෙවර්ගයනි, (විනිශ්චය සඳහා) නුඹලා වෙනුවෙන් අපි (කාලය) වෙන් කර ගන්නෙමු.
32

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දේපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
33

يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانفُذُوا ۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَانٍ

ජින් හා මිනිස් සමූහයනි, අහස්හි හා මිහිතලයෙහි සීමා පථ තරණය කිරීමට නුඹලාට හැකි වේ නම් තරණය කරවු. නමුත් (අල්ලාහ්ගේ) බලපරාක්රමයෙන් මිස නුඹලා තරණය නොකරන්නෙහුය. 6
6මෙම ආයතයේ වැදගත්ම අදහස වනුයේ කිසිවෙකුට අල්ලාහ්ගේ නිරීක්ෂණයෙන් මිදිය නොහැකි බවයි. හේතුව විශ්වයේ සම්පූර්ණ පාලනය අල්ලාහ් සතුව ඇති බැවිනි. එහෙයින් ඔහුගේ පාලනයෙන් ඔබ්බට යාමට කිසිවෙකුට නොහැක.
34

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දේපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
35

يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِّن نَّارٍ وَنُحَاسٌ فَلَا تَنتَصِرَانِ

නුඹලා දෙවර්ගය වෙත (එදින) ගිනි ජාලාවක් හා දුමක් එවනු ලැබේ. එවිට නුඹලා දෙවර්ගයම (ඉන් මිදීමට) උපකාර නොලබන්නෝය.
36

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
37

فَإِذَا انشَقَّتِ السَّمَاءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ

පසුව අහස පැළී විවර වූ විට තෙල් මෙන් රෝස වනු ඇත. 7
7මෙහි තෙල් යනුවෙන් පරිවර්තනය කර තිබුණ ද එයට හම යන තේරුම ද ඇත.
38

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
39

فَيَوْمَئِذٍ لَّا يُسْأَلُ عَن ذَنبِهِ إِنسٌ وَلَا جَانٌّ

පසුව එදින කිසිදු මිනිසෙකුගෙන් හෝ ජින්වරයෙකුගෙන් හෝ ඔහුගේ පාපය පිළිබඳව ප්රශ්න කරනු නොලබයි. 8
8මෙම ආයතයෙහි ඔවුන්ගේ පාපයන් පිළිබඳව ඔවුන්ගෙන් කිසිඳු ප්රශ්නයක් අසනු ලබන්නේ නැත යැයි පවසා ඇත. අල් කුර්ආන් 15:92 හි පාපයන් පිළිබඳව ඔවුන්ගෙන් ප්රශ්න අසනු ලබන බව සඳහන් වී ඇත. එනම් ‘ඔවුහු අසනු ලබන්නෝය’ යනු ප්රශ්න අසනු ලබන එම මොහොතේ දීම මුළුමනින්ම පාපයන් පිළිබඳව ප්රශ්න විමසා තීන්දු දීමෙන් අනතුරුව ඔවුන්ගෙන් පාපයන් පිළිබඳව කිසිඳු ප්රශ්නයක් අසනු නොලැබේ යන්නය. එහෙයින් මෙහි ඔවුන් අසනු නොලැබේ යනුවෙන් පවසා ඇත්තේ ඔවුන්ගේ තීරණය දීමෙන් පසුවය.
40

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
41

يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ

(මලක්වරුන් විසින්) වැරදිකරුවන්ව ඔවුන්ගේ සලකුණු මගින් හඳුනා ගනු ලබති. තවද නළල් කෙස් හා පාද වලින් ග්රහණය කරනු ලබයි.
42

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
43

هَـٰذِهِ جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا الْمُجْرِمُونَ

”වැරදිකරුවන් කවර දෙයක් පිළිබඳව අසත්යය කළේ ද මෙය එම නිරයයි.” (යැයි ඔවුනට පවසනු ලැබේ.)
44

يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ آنٍ

ඔවුන් එය හා දැඩිව උතුරන උණු ජලය අතර කැරකෙති.
45

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද? 9
9අල්ලාහ්ගේ දායාදයන් පවසන අවස්ථාවේ දී දඬුවම් පිළිබඳව සඳහන් කිරීමට හේතූන් දෙකක් ඇත. පළමුවැන්න ජින්වරුන් හා මිනිසුන් නිරයෙන් ආරක්ෂා වීම පිණිස විනිශ්චය දිනයේ අත් විය හැකි දඬුවම් පිළිබඳව ලොවේදීම ඔවුන්ව දැනුවත් කිරීමය. එය අල්ලාහ්ගේ දායාදයකි. දෙවැන්න මෙසේ ඔවුන්ට නිරයේ විස්තර පැහැදිලි කිරීම තුළින් ඔවුන් තමන්ට දෙනු ලැබූ දායාදයන්ට කෘතඥ වනු ඇත යන්නය.
46

وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ

තවද කවරෙකු තම පරමාධිපති ඉදිරියේ සිට ගැනීම පිළිබඳව බිය වන්නේ ද ඔහුට (ස්වර්ග) උයන් දෙකක් ඇත.
47

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
48

ذَوَاتَا أَفْنَانٍ

ඒ දෙක (විහිදුණු) අතු වලින් යුක්තය.
49

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
50

فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ

ඒ දෙකෙහි ගලා බසින උල්පත් දෙකක් ඇත.
51

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
52

فِيهِمَا مِن كُلِّ فَاكِهَةٍ زَوْجَانِ

ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගයක් ඇත.
53

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
54

مُتَّكِئِينَ عَلَىٰ فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَقٍ ۚ وَجَنَى الْجَنَّتَيْنِ دَانٍ

ඔවුන් ඇතිරිලි මත හාන්සි වී සිටිති. එහි ඇතුළාන්තය(ම) ඉස්තබරක් (නම් පට රෙදි) වලින් යුක්තය. එම ස්වර්ග දෙකෙහි පලතුරු (අතට) සමීපව තිබේ.
55

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
56

فِيهِنَّ قَاصِرَاتُ الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ

ඒවායෙහි සංවර බැල්මෙන් යුත් කන්යාවන් වෙති. 10 (ස්වර්ගවාසීන් වන) ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්වරයෙකු ඔවුන්ව ස්පර්ශ කර නැත.
10එනම් ඔවුන්ගේ මුළු අවධානයම තම ස්වාමි පුරුෂයා වෙත යොමු වී තිබෙන අතර අන් අයට මොවුහු ආකර්ෂණය ද නොවන්නෝය.
57

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
58

كَأَنَّهُنَّ الْيَاقُوتُ وَالْمَرْجَانُ

ඔවුන් රක්ත මාණික්යය හා හිරිගල් බඳුය.
59

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
60

هَلْ جَزَاءُ الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ

යහපතට යහපත මිස වෙනත් ප්රතිඵලයක් ඇත් ද?
61

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දේපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
62

وَمِن دُونِهِمَا جَنَّتَانِ

තවද (තවත් බිය භක්තික පිරිසකට) මේ දෙක හැර තවත් (ස්වර්ග) උයන් දෙකක් තිබේ.
63

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
64

مُدْهَامَّتَانِ

ඒ දෙක තද කොළ පැහැතිය.
65

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
66

فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ

ඒ දෙකෙහි උතුරා හැළෙන උල්පත් දෙකක් ඇත.
67

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
68

فِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ

ඒ දෙකෙහි පලතුරු ද ඉඳි ගස් ද දෙළුම් ද ඇත.
69

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
70

فِيهِنَّ خَيْرَاتٌ حِسَانٌ

ඒවායෙහි ඉතා අලංකාර යහපත් ස්ත්රීන් වෙති.
71

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
72

حُورٌ مَّقْصُورَاتٌ فِي الْخِيَامِ

(ඔවුන්) මණ්ඩපයන්හි ආරක්ෂිතව තබා ඇති හූර් නම් (ස්වර්ග) කන්යාවන්ය.
73

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
74

لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ

(ස්වර්ගවාසීන් වන) ඔවුනට පෙර කිසිඳු මිනිසෙකු හෝ ජින්වරයෙකු ඔවුන්ව ස්පර්ශ කර නැත.
75

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
76

مُتَّكِئِينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِيٍّ حِسَانٍ

(මෙම ස්වර්ගවාසීන්) කොළ පැහැති මෙට්ට මත ද අතිශය අලංකාර ඇතිරිලි මත ද හාන්සි වී සිටිති.
77

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එබැවින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙපල අසත්යය කරනුයේ නුඹලාගේ පරමාධිපතිගේ කවර භාග්යයක් ද?
78

تَبَارَكَ اسْمُ رَبِّكَ ذِي الْجَلَالِ وَالْإِكْرَامِ

ගෞරවය හා කීර්තිය හිමි නුඹගේ පරමාධිපතිගේ නාමය භාග්යමත් විය.
الواقعةමක්කී
1

إِذَا وَقَعَتِ الْوَاقِعَةُ

නියත සිද්ධිය (එනම් විනිශ්චය දිනය) සිදු වන විට
2

لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ

එ(ම සිද්ධි)ය සිදුවීම අසත්යය කරන කිසිවක් නැත.
3

خَافِضَةٌ رَّافِعَةٌ

(එය ඇතැමුන්ව) පහත් කරන්නකි. (තවත් සමහරුන්ව) උසස් කරන්නකි.
4

إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا

මිහිතලය දරුණු සෙලවීමකින් සොලවනු ලැබූ විට
5

وَبُسَّتِ الْجِبَالُ بَسًّا

තවද කඳු, කැබලි ලෙස කුඩු කරනු ලැබූ විට
6

فَكَانَتْ هَبَاءً مُّنبَثًّا

ඒවා (සුළගේ) විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.
7

وَكُنتُمْ أَزْوَاجًا ثَلَاثَةً

තවද නුඹලා වර්ග තුනකට (බෙදී වෙන්)වනු ඇත. 1
1මෙම පිරිස් තුන අතුරින් දෙපිරිසක්ම විශ්වාසිකයින්ය. ප්රථම පිරිස තම ක්රියා ලේඛන දකුනතට දෙනු ලබන්නන්ය. දෙවැනි පිරිස නම් වැකි අංක 10 හි සඳහන් පරිදි නබිවරුන් හා ඔවුන්ගේ උතුම් අනුගාමිකයින් හා අල්ලාහ්ට ඉතා ප්රියජනක උසස් ඝනයේ විශ්වාසිකයින් වෙති. තෙවන පිරිස නම් තම ක්රියා ලේඛනය වමතට දෙනු ලබන්නවුන් වෙති. මෙම සූරාවේ 41 වැනි ආයතයේ ද මොවුන් පිළිබඳව සඳහන් වී ඇත. එනම් මොවුන් නිරා වැසියන් වන ප්රතික්ෂේපකයින්ය.
8

فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِ

එබැවින් (ප්රථම වර්ගය අස්හාබුල් මයිමනා නම්) දකුණු පස සගයින්ය. දකුණු පස සගයින් කෙතරම් (වාසනාවන්ත) ද?
9

وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِ

තවද (දෙවන වර්ගය අස්හාබුල් මෂ්අමා හෙවත්) වම් පස සගයින්ය. වම් පස සගයින් කෙතරම් (අවාසනාවන්ත) ද?
10

وَالسَّابِقُونَ السَّابِقُونَ

තවද (තුන්වන වර්ගය වන අස් සාබිකූන් හෙවත් දැහැමි ක්රියාවන්හි) ප්රමුඛයින්, (ස්වර්ගයට පිවිසීමේදී) ප්රමුඛයින්මය.
11

أُولَـٰئِكَ الْمُقَرَّبُونَ

ඔවුන්මය (අල්ලාහ්ගේ) සමීපත්වය (ආශිර්වාදයක් ලෙස) ලැබුණවුන් වන්නේ.
12

فِي جَنَّاتِ النَّعِيمِ

(ඔවුන්) පූර්ණ සොම්නසින් යුත් (ස්වර්ග) උයන්හිය.
13

ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ

පෙර විසූවන්ගෙන් විශාල පිරිසක් ද
14

وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ

තවද පසු වෙසෙන්නන්ගෙන් සුළු පිරිසක් ද 2
2අල්ලාහ්ට ඉතා සමීපතයින් අධිකව සිටින්නේ නව පරපුරට වඩා පැරණි පරපුරෙහිය. මන්දයත් ඔවුන්ගේ සිල්වත් බව බෙහෙවින් තිබුණු හෙයිනි.
15

عَلَىٰ سُرُرٍ مَّوْضُونَةٍ

(ඔවුන් රන් හා මුතු මැණික් වලින්) ගෙත්තම් කරන ලද ඇඳන් මත (සිටිමින්),
16

مُّتَّكِئِينَ عَلَيْهَا مُتَقَابِلِينَ

එකිනෙකා මුහුණලා ඒ මත හාන්සි වී සිටිති.
17

يَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُّخَلَّدُونَ

අමරණීය (නොවෙනස් වන) දරුවන් ඔවුන් වටා සැරිසරති.
18

بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِّن مَّعِينٍ

(පිරිසිදු) මදු (උල්පත්) වලින් යුත් කුසලාන ද කෙණ්ඩි හා ගුරුලේත්තු ද (එම දරුවන්) සමග වෙති.
19

لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ

එයින් ඔවුන් හිසරදයට ලක් නොවන්නෝය. තවද මත් බවටද පත් නොවන්නෝය.
20

وَفَاكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ

තවද ඔවුන් (ප්රිය කර) තෝරා ගන්නා පලතුරු සමග ද
21

وَلَحْمِ طَيْرٍ مِّمَّا يَشْتَهُونَ

තවද ඔවුන් ආශා කරන පක්ෂි මාංශ සමග ද (එම දරුවන් සැරිසරති.)
22

وَحُورٌ عِينٌ

තවද (ඔවුන්ට) ‘හූරුන් ඊන්’ කන්යාවන් ද ඇත.
23

كَأَمْثَالِ اللُّؤْلُؤِ الْمَكْنُونِ

(ඔවුන් සිප්පි තුළ) සඟවනු ලැබූ මුතු මෙන් වෙති.
24

جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ

(මෙය) ඔවුන් කරමින් සිටි දෑ වෙනුවෙන් වූ ප්රතිඵලයක් වශයෙනි.
25

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا

ඔවුන් එහි අනවශ්ය කථා හෝ පාපය ඇති කරවන්නක් හෝ ශ්රවණය නොකරති.
26

إِلَّا قِيلًا سَلَامًا سَلَامًا

‘සලාම් සලාම්’ යන (ශාන්ති) කියමන හැර.
27

وَأَصْحَابُ الْيَمِينِ مَا أَصْحَابُ الْيَمِينِ

තවද (ඔවුන්) දකුණු පස සගයින්ය, දකුණු පස සගයින් කෙතරම් (වාසනාවන්ත)ද?
28

فِي سِدْرٍ مَّخْضُودٍ

(ඔවුන්) කටු රහිත මසන් ගස් අතරෙහි වෙති.
29

وَطَلْحٍ مَّنضُودٍ

තවද ඇවරි ස්තර වලින් යුත් කෙසෙල් ගස් අතර ද
30

وَظِلٍّ مَّمْدُودٍ

(පැතිරුණු) දීර්ඝ සෙවණැල්ලෙහි ද
31

وَمَاءٍ مَّسْكُوبٍ

ඇදහැලෙන ජලය අසලහි ද
32

وَفَاكِهَةٍ كَثِيرَةٍ

තවද (අවාරයෙන්) හිග නොවන හා තහනම් නොකරන ලද අධික පලතුරු අසල ද
33

لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ

තවද (අවාරයෙන්) හිග නොවන හා තහනම් නොකරන ලද අධික පලතුරු අසල ද
34

وَفُرُشٍ مَّرْفُوعَةٍ

තවද ඔසවන ලද ඇඳන් හිද වෙති.
35

إِنَّا أَنشَأْنَاهُنَّ إِنشَاءً

සැබැවින්ම අපමය ඔවුන්ව(‘හූරුන් ඊන්’වරුන්ව) (නව) නිර්මාණයකින් නිර්මාණය කළේ.
36

فَجَعَلْنَاهُنَّ أَبْكَارًا

තවද ඔවුන්ව අපි කන්යාවන් බවට පත් කළෙමු.
37

عُرُبًا أَتْرَابًا

(තම ස්වාමි පුරුෂයින්ට) සෙනෙහෙවන්තියන් හා (ඔවුන්ට) සමවයසැතියන් (බවට ද පත් කළෙමු.)
38

لِّأَصْحَابِ الْيَمِينِ

(මේ සියල්ල) දකුණු පස සගයින් සඳහාය.
39

ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ

(ඔවුන්) පෙර විසූවන්ගෙන් විශාල පිරිසක්ව ද
40

وَثُلَّةٌ مِّنَ الْآخِرِينَ

තවද පසු වෙසෙන්නන්ගෙන් විශාල පිරිසක්ව ද (වෙති.)
41

وَأَصْحَابُ الشِّمَالِ مَا أَصْحَابُ الشِّمَالِ

තවද වම් පස සගයින්ය, වම් පස සගයින් කෙතරම් (අවාසනාවන්ත)ද?
42

فِي سَمُومٍ وَحَمِيمٍ

(ඔවුන්) දැවෙන සුළං ජාලාවෙහි හා නටා උතුරන ජලයෙහිය.
43

وَظِلٍّ مِّن يَحْمُومٍ

තවද (ඔවුන්) සිසිලක් හෝ සුන්දරත්වයක් හෝ නැති දැවෙන කළු දුමක සෙවණෙහි ද (සිටිති.)
44

لَّا بَارِدٍ وَلَا كَرِيمٍ

තවද (ඔවුන්) සිසිලක් හෝ සුන්දරත්වයක් හෝ නැති දැවෙන කළු දුමක සෙවණෙහි ද (සිටිති.)
45

إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ

සැබැවින්ම ඔවුන් එයට පෙර (මෙලොවෙහි) සුඛෝපභෝගීව සිටියහ.
46

وَكَانُوا يُصِرُّونَ عَلَى الْحِنثِ الْعَظِيمِ

තවද මහා පාපයෙහි නොකඩවා සිටියවුන් වූහ.
47

وَكَانُوا يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ

”අප මරණයට පත් වී දූවිලි හා ඇටකටු බවට පත් වූවායින් පසුවද සැබැවින්ම අපි හා පෙර විසූ අපගේ මුතුන්මිත්තන් නැවත නැගිටුවනු ලබන්නෙමු දැ?”යි ඔවුහු පවසන්නන්ව සිටියහ.
48

أَوَآبَاؤُنَا الْأَوَّلُونَ

”අප මරණයට පත් වී දූවිලි හා ඇටකටු බවට පත් වූවායින් පසුවද සැබැවින්ම අපි හා පෙර විසූ අපගේ මුතුන්මිත්තන් නැවත නැගිටුවනු ලබන්නෙමු දැ?”යි ඔවුහු පවසන්නන්ව සිටියහ.
49

قُلْ إِنَّ الْأَوَّلِينَ وَالْآخِرِينَ

(නබිවරය) පවසවු. සැබැවින්ම පෙර විසූවන් ද පසු වෙසෙන්නන් ද
50

لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَاتِ يَوْمٍ مَّعْلُومٍ

නියමිත දිනයෙහි නියම කළ වේලාවට එක් රැස් කරනු ලබන්නෝය.
51

ثُمَّ إِنَّكُمْ أَيُّهَا الضَّالُّونَ الْمُكَذِّبُونَ

පසුව, අහෝ! නොමග ගිය අසත්යය කරන්නන් වන නුඹලා
52

لَآكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ

(නිරයේ ඇති තිත්ත රසැති) zසක්කූම් 3 නම් ගසෙන් අනුභව කරන්නන් වනු ඇත.
3‘zසක්කූම්’ යනු නිරයේ ඇති ගසකි. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා 37:62 හා 44:43 හි බලන්න.
53

فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ

තවද එයින් කුස පුරවා ගන්නන් ද වනු ඇත.-
54

فَشَارِبُونَ عَلَيْهِ مِنَ الْحَمِيمِ

පසුව එ(ම zසක්කූම් නම් ආහාර)යට ඉහළින් උතුරන උණු ජලය ද පානය කරන්නන් වනු ඇත.
55

فَشَارِبُونَ شُرْبَ الْهِيمِ

තවද දැඩි පිපාසිත (රෝගයෙන් පෙළෙන) ඔටුවකුගේ පානය මෙන් පානය කරන්නන්ය.
56

هَـٰذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِ

විනිශ්චය දින ඔවුන්ගේ ආගන්තුක සංග්රහය මෙය වේ.
57

نَحْنُ خَلَقْنَاكُمْ فَلَوْلَا تُصَدِّقُونَ

අපමය නුඹලාව මැව්වේ. එබැවින් නුඹලා (විනිශ්චය දිනයේ නැවත නැගිටවනු ලැබීම) සත්ය නොකරනුයේ මන් ද?
58

أَفَرَأَيْتُم مَّا تُمْنُونَ

නුඹලා (ගර්භාෂය තුළට) මෝචනය කරන දෑ(ශුක්රාණු) නුඹලා දුටුවෙහි ද?
59

أَأَنتُمْ تَخْلُقُونَهُ أَمْ نَحْنُ الْخَالِقُونَ

එය නුඹලා මැව්වේ ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවන් වන්නේ අප ද?
60

نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ

නුඹලා අතර මරණ(යෙහි කාල)ය අප නිර්ණය කළෙමු. නුඹලා වැනි අය (නුඹලා වෙනුවට) ප්රතිස්ථාපනය කරවීමට ද නුඹලා නොදන්නා අයුරින් (තවත් ස්වරූපයකින්) නැවත නුඹලාව නිර්මාණය කිරීමට ද අපි හැකියාව නොලද්දන් නොවෙමු.
61

عَلَىٰ أَن نُّبَدِّلَ أَمْثَالَكُمْ وَنُنشِئَكُمْ فِي مَا لَا تَعْلَمُونَ

නුඹලා අතර මරණ(යෙහි කාල)ය අප නිර්ණය කළෙමු. නුඹලා වැනි අය (නුඹලා වෙනුවට) ප්රතිස්ථාපනය කරවීමට ද නුඹලා නොදන්නා අයුරින් (තවත් ස්වරූපයකින්) නැවත නුඹලාව නිර්මාණය කිරීමට ද අපි හැකියාව නොලද්දන් නොවෙමු.
62

وَلَقَدْ عَلِمْتُمُ النَّشْأَةَ الْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ

තවද සැබැවින්ම (මිනිසාගේ) ප්රථම නිර්මාණය පිළිබඳව නුඹලා දන්නෙහුය. 4 එබැවින් නුඹලා අවධානය නොකරනුයේ මන් ද?
4මෙයින් අදහස් කෙරෙනුයේ අල්ලාහ් අභිමත කළේ නම් ඔබගේ ස්වරූපය විකෘති කොට ඔබගේ ස්ථානයට තවත් කෙනෙකු මැවීමට හැකිය යන්නයි. අල්ප දැයකින් ඔබව මැවූ අල්ලාහ්ට ඔබගේ ස්වරූපය විකෘති කිරීම සුළු දෙයක් යන්න අල්ලාහ් මෙයින් හඟවා ඇත.
63

أَفَرَأَيْتُم مَّا تَحْرُثُونَ

එබැවින් නුඹලා වපුරන දෑ දුටුවෙහු ද?
64

أَأَنتُمْ تَزْرَعُونَهُ أَمْ نَحْنُ الزَّارِعُونَ

එය නුඹලා වැඩෙන්නට සලස්වන්නේ ද? නැතහොත් (එය) වැඩෙන්නට සලස්වන්නන් වන්නේ අප ද?
65

لَوْ نَشَاءُ لَجَعَلْنَاهُ حُطَامًا فَظَلْتُمْ تَفَكَّهُونَ

අප අභිමත කළේ නම් එය අප පුහු බවට පත් කරන්නට තිබිණි. එවිට නුඹලා විස්මයෙන් පසු වනු ඇත.
66

إِنَّا لَمُغْرَمُونَ

(පසුව) “සැබැවින්ම අපි ණය ගැතියන් වූයෙමු.
67

بَلْ نَحْنُ مَحْرُومُونَ

එසේ නොව, (අස්වැන්නෙන්) අප වළකනු ලැබූවන් වූයෙමු.” (යැයි නුඹලා පවසන්නෝය.)-
68

أَفَرَأَيْتُمُ الْمَاءَ الَّذِي تَشْرَبُونَ

තවද නුඹලා පානය කරන ජලය නුඹලා දුටුවෙහු ද?
69

أَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ الْمُزْنِ أَمْ نَحْنُ الْمُنزِلُونَ

එය වලාකුළින් පහළ කළේ නුඹලා ද? නැතහොත් (එය) පහළ කරන්නන් වන්නේ අප ද?
70

لَوْ نَشَاءُ جَعَلْنَاهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ

අප අභිමත කළේ නම් එය අප (දැඩි) ලවණ බවට පත් කරන්නට තිබිණි. එබැවින් නුඹලා කෘතවේදී නොවනුයේ මන් ද?
71

أَفَرَأَيْتُمُ النَّارَ الَّتِي تُورُونَ

නුඹලා මොළවන ගින්න දුටුවෙහු ද?
72

أَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَا أَمْ نَحْنُ الْمُنشِئُونَ

එහි ශාකය උත්පාදනය කළේ නුඹලා ද? 5 නැතහොත් (එහි) උත්පාදනය කරන්නන් වන්නේ අප ද?
536:80 යන ආයතයෙහි සඳහන් පරිදි මෙහි දී පවසන්නේ මාර්ක් (Markh) සහ ඉෆාර් (Ifar) නැමැති අරාබිකරයේ වැවෙන ගස් වර්ග දෙකකි. මෙම ගස් දෙකෙහි අතු එකිනෙක ගැටීම තුළින් සුලභව ගිනි ඇවිළිය හැකිය.
73

نَحْنُ جَعَلْنَاهَا تَذْكِرَةً وَمَتَاعًا لِّلْمُقْوِينَ

එය අපි (අපගේ අසීමිත බලය හා නිරයේ ගින්න) සිහි කිරීමක් වශයෙන් ද කාන්තාරයේ ගමන් කරන්නන්ට ප්රයෝජනයක් බවට ද පත් කළෙමු.
74

فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ

එබැවින් මහත් වූ නුඹගේ පරමාධිපතිගේ නාමය පිවිතුරු කරවු.
75

فَلَا أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ

එබැවින් තරු පිහිටන ස්ථාන මත දිවුරමි.
76

وَإِنَّهُ لَقَسَمٌ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ

තවද නුඹලා දැන සිටින්නෙහු නම් සැබැවින්ම මෙය මහත් වූ දිවුරුමකි.
77

إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ

සැබැවින්ම මෙය ගෞරවනීය කුර්ආනයයි.
78

فِي كِتَابٍ مَّكْنُونٍ

(එය ලව්හුල් මහ්ෆූල් නම්) ආරක්ෂා කරන ලද ලේඛනයෙහිය. 6
6වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 85:22 ආයතයේ පාද සටහන බලන්න.
79

لَّا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ

පරිශුද්ධවන්තයින් මිස (වෙනත් කිසිවෙකු) එය(අල් කුර්ආනය) ස්පර්ශ නොකරති.
80

تَنزِيلٌ مِّن رَّبِّ الْعَالَمِينَ

(එය) විශ්වයේ පරමාධිපතිගෙන් පහළ වූවකි.
81

أَفَبِهَـٰذَا الْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ

නුඹලා නොසැලකිලිවන්තයින් ලෙස සිටිනුයේ මෙම අනුශාසනය පිළිබඳව ද?
82

وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ

තවද නුඹලා අසත්යය කිරීම නුඹලාගේ ජීවනෝපාය ලෙස පත් කරන්නෙහු ද? 7
7මක්කාවෙහි විසූ ඇතැම් ප්රතික්ෂේපකයින් ඉස්ලාම් දහම සත්ය යැයි වටහා ගත් නමුත් ‘එය වැලඳ ගැනීම නිසා තමන්ට ලැබෙමින් තිබෙන ඇතැම් ප්රයෝජන හා ලාභයන් අහිමි වනු ඇත’ යැයි සිතා ඔවුන් ඉස්ලාමය වැලඳ නොගත්තෝය. එනම් තම දිවිපෙවෙතේ සාධකයක් වශයෙන් ඔවුන් ප්රතික්ෂේපය තෝරා ගෙන ඇත. යැයි මෙම වැකියෙන් අදහස් කෙරෙයි. තවද ජීවන සම්පත් අල්ලාහ් සතුව තිබිය දී ඔබ ඔවුනට කෘතඥ නොවිය යුතුය යන්න මෙම වැකියේ යථාර්ථයයි.
83

فَلَوْلَا إِذَا بَلَغَتِ الْحُلْقُومَ

(මරණයට පත්වන්නාගේ) එ(ම ප්රාණ)ය උගුරු දණ්ඩ දක්වා ළං වූ කල්හි
84

وَأَنتُمْ حِينَئِذٍ تَنظُرُونَ

එම අවස්ථාවෙහි නුඹලා ද බලා සිටින්නෙහුය.
85

وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَـٰكِن لَّا تُبْصِرُونَ

තවද ඔහු වෙත ඉතා සමීපව සිටින්නේ නුඹලාට වඩා අපමය. 8 නමුත් නුඹලා (එය) නොදකින්නෙහුය.
8වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:186 හි පාද සටහන බලන්න.
86

فَلَوْلَا إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ

එසේම නුඹලා (විනිශ්චය දිනයේ) ප්රතිඵල ලබා ගැනීමට ලක් නොවන්නන් වූයේ නම්
87

تَرْجِعُونَهَا إِن كُنتُمْ صَادِقِينَ

නුඹලා (මෙසේ පවසන දැයෙහි) සත්යවාදීන් වන්නෙහු නම් එය(ප්රාණය) නැවත ගෙන්වා ගන්නට තිබිණ. 9
9‘මරණයට පත් වූ කෙනෙකුව අපට නැවත ලොවට කැඳවිය නොහැකි මෙන් අල්ලාහ්ට ද මිනිසාට මරණින් මතු ජීවිතයක් ඇති කළ නොහැක’ යැයි ඔවුහු තර්ක කළෝය. මෙසේ මොවුන් පැවසීම තුළින් හැගෙන්නේ ජීවිතය සහ මරණය තමන් අබියස වූ දෙයක් යනුවෙනි. මෙසේ මෙම කරුණු දෙක ඔබගේ පාලනයට නතුව තිබේ නම් ඔබ අතුරින් මරණයට පත් වූ කෙනෙකුව ඔබ නැවත ලොවට කැඳවා පෙන්විය යුතු යැයි මෙම වැකිය අවධාරණය කරයි.
88

فَأَمَّا إِن كَانَ مِنَ الْمُقَرَّبِينَ

එබැවින් ඔහු (අල්ලාහ්ගේ) සමීපත්වය (ආශිර්වාදයක් ලෙස) ලැබුණවුන්ගෙන් කෙනෙකු වූයේ නම්
89

فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ

එවිට (ඔහුට) සැප පහසුව ද, සුවඳ ද පූර්ණ සොම්නසින් යුත් උයන් ද ඇත.
90

وَأَمَّا إِن كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ

තවද ඔහු දකුණු පස සගයින්ගෙන් කෙනෙකු වී නම්-
91

فَسَلَامٌ لَّكَ مِنْ أَصْحَابِ الْيَمِينِ

එවිට දකුණු පස සගයින්ගෙන් වූ (හෙයින්) නුඹට සලාම්(ශාන්තිය) ඇති වේවා!
92

وَأَمَّا إِن كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ

තවද ඔහු නොමග ගිය අසත්යය කරන්නන්ගෙන් කෙනෙකු වී නම්
93

فَنُزُلٌ مِّنْ حَمِيمٍ

එවිට (ඔහුට) උතුරන උණු ජලයෙන් වූ සංග්රහයක් ඇත.
94

وَتَصْلِيَةُ جَحِيمٍ

තවද නිරයට පිවිස දැවීමක් ද ඇත.
95

إِنَّ هَـٰذَا لَهُوَ حَقُّ الْيَقِينِ

සැබැවින්ම මෙයමය ස්ථීර වූ සත්යය වනුයේ.
96

فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ

එබැවින් මහත් වූ නුඹගේ පරමාධිපතිගේ නාමය පිවිතුරු කරවු.
الحديدමදීනී
1

سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ්ව පිවිතුරු කරති. ඔහු අති බල සම්පන්නය සර්ව ප්රඥාවන්තය.
2

لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يُحْيِي وَيُمِيتُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

අහස්හි හා මිහිතලයෙහි ආධිපත්යය ඔහුට හිමිය. ඔහු ජීවය දෙන්නේය. තවද මරණයට පත් කරන්නේය. තවද ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
3

هُوَ الْأَوَّلُ وَالْآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ ۖ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

ඔහුමය ප්රථමයා ද අවසානයා ද බාහිරයා ද අභ්යන්තරයා 1 ද වන්නේ. තවද ඔහු සියලූ දෑ පිළිබඳව සර්වඥය.
1ඔහු ප්රථමයා හා අවසානයා යනු ඔහුට ආරම්භයක් හෝ අවසානයක් ඇත යන අර්ථය නොවේ. ඔහුට පෙර කිසිවක් නැත. තවද ඔහුට පසුව ද කිසිවක් නැත යන අර්ථයයි. ඔහු බාහිරයා යනු සෑම මැවුමක්ම පෙන්නුම් කරන්නේ මැවුම්කරුවෙකු සිටිනවා යනුවෙනි. මැවුම්කරුවා සිටිනවා යන්න බාහිරව පැහැදිලි විෂයක් වුවද ඔහු අභ්යන්තරයාය. මන්දයත් ඔහුගේ ස්වරූපය කෙසේ දැයි කිසිවෙකුට නොදන්නා හෙයිනි.
4

هُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۚ يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا ۖ وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنتُمْ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

දින සයකින් අහස් හා මිහිතලය මැව්වේ ඔහුමය. පසුව ඔහු අර්ෂය මත (ඔහුගේ ගෞරවයට සුදුසු අයුරින්) “ඉස්තිවා” 2 විය. මිහිතලයට පිවිසෙන දෑ ද ඉන් බැහැර වන දෑ ද අහසින් පහළ වන දෑ ද එයට ඉහළ යන දෑ ද ඔහු දන්නේය. තවද නුඹලා කොහේ සිටිය ද ඔහු නුඹලා සමගය. 3 තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.
2වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:54 හි පාද සටහන බලන්න.
3වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:186 හි පාද සටහන බලන්න.
5

لَّهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ

අහස්හි හා මිහිතලයෙහි ආධිපත්යය ඔහුට හිමිය. තවද (සියලු) කරුණු නැවත යොමු කරනු ලබන්නේ අල්ලාහ් වෙතය.
6

يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ ۚ وَهُوَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

ඔහු රාත්රිය දහවලෙහි ඇතුළු කරවන්නේය. තවද දහවල රාත්රියෙහි ඇතුළු කරවන්නේය. තවද ඔහු හදවත්හි ඇති දෑ පිළිබඳව සර්වඥය.
7

آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَأَنفِقُوا مِمَّا جَعَلَكُم مُّسْتَخْلَفِينَ فِيهِ ۖ فَالَّذِينَ آمَنُوا مِنكُمْ وَأَنفَقُوا لَهُمْ أَجْرٌ كَبِيرٌ

අල්ලාහ්ව හා ඔහුගේ රසූල්වරයාව විශ්වාස කරවු. තවද කවර දැයෙහි(ධනයෙහි) ඔහු නුඹලාව නියෝජිතයින් 4 බවට පත් කළේ ද එයින් නුඹලා වියදම් කරවු. එබැවින් නුඹලා අතුරින් විශ්වාස කළවුන් හා (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කළවුන්( වන), ඔවුනට මහත් වූ ප්රතිඵලයක් ඇත.
4නියෝජිතයා යන අර්ථයේ අරාබි පදය ‘මුස්තක්ලිෆ්’ වේ. එනම් ලොවේ වස්තූන් මිනිසා පරිහරණය කළ ද එහි සත්ය හිමිකරු අල්ලාහ් වේ. ඔහු තම වස්තූන් වියදම් කිරීමට මිනිසාව නියෝජිතයා බවට පත් කර ඇත. එහෙයින් දන් දීම විෂයෙහි ඔහු මසුරුකම් පෑමට අවශ්යතාවයක් නැත. ‘මුස්තක්ලිෆ්’ යන වචනයේ තවත් අර්ථයක් නම් අනුප්රාප්තිකයා යන්නයි. එනම් අද කෙනෙකුට හිමිව තිබෙන දෙය දිනක තවත් කෙනෙකුට හිමිව තිබුණි. තවත් දිනක වෙනත් කෙනෙකුට හිමි වනු ඇත. එහෙයින් මෙම හිමිකම නිරන්තර නොවන හෙයින් අවශ්යය දැයට වියදම් කරන විෂයේ යුහුසුලු විය යුතුය.
8

وَمَا لَكُمْ لَا تُؤْمِنُونَ بِاللَّهِ ۙ وَالرَّسُولُ يَدْعُوكُمْ لِتُؤْمِنُوا بِرَبِّكُمْ وَقَدْ أَخَذَ مِيثَاقَكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

නුඹලා (සැබෑ) විශ්වාසවන්තයින් වන්නේ නම්, නුඹලාගේ පරමාධිපතිව විශ්වාස කරනු පිණිස රසූල්වරයා නුඹලාව කැඳවමින් සිටිය දී ද නුඹලාගෙන් ඔහු(අල්ලාහ්) ප්රතිඥාව 5 ගෙන සිටිය දී ද අල්ලාහ්ව විශ්වාස නොකර සිටීමට නුඹලාට කුමක් වී ද?
5මිනිසා මෙලොවට බිහි වීමට පෙර සියලු ප්රාණයන් යම් ස්ථානයක රැඳී සිටියහ. එම ස්ථානයට ආලමුල් අර්වාහ් යන්නෙන් හැඳින්වේ. එහිදී අල්ලාහ් මා නුඹලාගේ පරමාධිපති නොවේ දැ?යි ප්රාණයන්ගෙන් විමසීය. එවිට එම ප්රාණයන් නැත. ඔබමය අපගේ පරමාධිපති යැයි ප්රතිඥා දුන්නේය.
9

هُوَ الَّذِي يُنَزِّلُ عَلَىٰ عَبْدِهِ آيَاتٍ بَيِّنَاتٍ لِّيُخْرِجَكُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَإِنَّ اللَّهَ بِكُمْ لَرَءُوفٌ رَّحِيمٌ

නුඹලාව අඳුරේ සිට ආලෝකය කරා පිටතට ගෙන ඒම පිණිස තම ගැත්තා(මුහම්මද්) කෙරෙහි පැහැදිලි ආයතයන් පහළ කළේ ඔහුමය. තවද සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි සානුකම්පිතය මහා කරුණාභරිතය.
10

وَمَا لَكُمْ أَلَّا تُنفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ لَا يَسْتَوِي مِنكُم مَّنْ أَنفَقَ مِن قَبْلِ الْفَتْحِ وَقَاتَلَ ۚ أُولَـٰئِكَ أَعْظَمُ دَرَجَةً مِّنَ الَّذِينَ أَنفَقُوا مِن بَعْدُ وَقَاتَلُوا ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَىٰ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

තවද අහස්හි හා මිහිතලයේ උරුමය අල්ලාහ් සතුව තිබිය දී අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා වියදම් නොකර සිටීමට නුඹලාට කුමක් වී ද? (මක්කා) ජයග්රහණයට පෙර වියදම් කර සටන් කළවුන් නුඹලා අතුරින් (කිසිවෙකුට) සම නොවන්නේය. (මක්කා ජයග්රහණයට) පසුව වියදම් කර සටන් කළවුන්ට වඩා ඔවුන් තරාතිරමින් අති මහත්ය. තවද (ඔවුන් දෙපිරිසගෙන්) එකිනෙකාට අල්ලාහ් යහපත (ප්රතිඵලයක් ලෙස) ප්රතිඥා දුන්නේය. 6 තවද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්තය.
6මක්කා ජය ලැබීමට පෙර මුස්ලිම්වරුන් බොහෝ අපහසුතාවන්ට මුහුණ දුන්නෝය. එහෙයින් මක්කා ජය ලැබීමෙන් පසුව අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම හා අල්ලාහ්ගේ මාර්ගයේ වෑයම් කිරීමේ අවශ්යතාවට වඩා එහි අවශ්යතාව දැඩි ලෙස තිබුණේ මක්කා ජය ලැබීමට පෙර සමයේය.
11

مَّن ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ وَلَهُ أَجْرٌ كَرِيمٌ

කවරෙකු අලංකාර ණයක් 7 අල්ලාහ්ට ණයක් ලෙස ලබා දෙන්නේ ද එවිට ඔහු(අල්ලාහ්) ඔහුට එය ප්රගුණ කරන්නේය. තවද ඔහුට ගෞරවනීය ප්රතිඵලයක් ලැබෙනු ඇත.
7අල්ලාහ්ගේ ණය යනු අල්ලාහ්ගේ මාර්ගයේ දන් දීමයි. මෙම වැකියේ ණය යන වචනය භාවිත කිරීමේ අදහස නම් කෙනෙකුට ණයක් දුන්නේ නම් ඔහු එය නැවත හරවා දිය යුතුය. එසේම අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කළේ නම් අල්ලාහ් එය ඔහුට විනිශ්චය දිනයේ දෙගුණ කර හරවා දෙන්නේය යන අරුතයි.
12

يَوْمَ تَرَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ يَسْعَىٰ نُورُهُم بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِم بُشْرَاكُمُ الْيَوْمَ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

(නබිවරය,) නුඹ විශ්වාසිකයින්ව හා විශ්වාසික කාන්තාවන්ව දකින (එම විනිශ්චය) දින ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරිපිට ද ඔවුන්ගේ (කි්රයා ලේඛන මගින්) දකුණු අත් වලට ශීඝ්රයෙන් ගමන් කරයි. “අද දින නුඹලාගේ ශුභාරංචිය වන්නේ (ස්වර්ග) උයන්ය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. එයමය ඉමහත් ජයග්රහණය වන්නේ” (යැයි ඔවුන්ට පවසනු ලැබේ.)
13

يَوْمَ يَقُولُ الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ لِلَّذِينَ آمَنُوا انظُرُونَا نَقْتَبِسْ مِن نُّورِكُمْ قِيلَ ارْجِعُوا وَرَاءَكُمْ فَالْتَمِسُوا نُورًا فَضُرِبَ بَيْنَهُم بِسُورٍ لَّهُ بَابٌ بَاطِنُهُ فِيهِ الرَّحْمَةُ وَظَاهِرُهُ مِن قِبَلِهِ الْعَذَابُ

ආත්ම වංචනික පුරුෂයින් හා ආත්ම වංචනික ස්ත්රීන් “අප වෙනුවෙන් නුඹලා බලා සිටිවු. (මන්දයත්) නුඹලාගේ ආලෝකයෙන් ස්වල්පයක් අපට ද ලබා ගත හැක” 8 යැයි විශ්වාස කළවුන්ට පවසන දින “නුඹලාගේ පසුපසට හැරී ගොස් ආලෝකය සොයවු” යැයි (ඔවුනට) පවසනු ලැබේ. එවිට ඔවුන් අතර දොරක් ඇති බිත්තියක් පිහිටුවනු ලැබේ. (විශ්වාසිකයින් සිටින) එහි ඇතුළාන්තය කරුණාවය. එහි බාහිර දෙසින් දඬුවමය.
8විනිශ්චය දිනයේ මිනිසුන් සියලු දෙනාම අඳුරෙහි සිටිති. ඔවුන්ව ස්වර්ගය කරා ගෙන යන්නේ මෙම ආලෝකයයි. එකිනෙකාගේ යහ ක්රියාව අනුව එහි දීප්තිය අඩු හෝ වැඩි වනු ඇත. ආත්ම වංචනිකයින් මුස්ලිම්වරුන් මෙන් රගපෑ නිසා ඔවුන්ට ද සුළු ආලෝකයක් දෙනු ලැබ සුළු මොහොතකින් එය නිවී යන බව ඇතැම් දැනුම් දීම් මගින් වාර්තා වී ඇත.
14

يُنَادُونَهُمْ أَلَمْ نَكُن مَّعَكُمْ ۖ قَالُوا بَلَىٰ وَلَـٰكِنَّكُمْ فَتَنتُمْ أَنفُسَكُمْ وَتَرَبَّصْتُمْ وَارْتَبْتُمْ وَغَرَّتْكُمُ الْأَمَانِيُّ حَتَّىٰ جَاءَ أَمْرُ اللَّهِ وَغَرَّكُم بِاللَّهِ الْغَرُورُ

ඔවුහු(ආත්ම වංචනිකයින්) “අපි නුඹලා සමග නොසිටියෙමු දැ”යි ඔවුන්ව(විශ්වාසිකයින්ව) අමතති. “එසේය, එනමුත් නුඹලා නුඹලාවම (පාප කි්රයා මගින්) දුෂ්ට මගකට යොමු කර ගත්තෝය. තවද (විශ්වාසිකයින්ට අයහපතක් සිදු වනු ඇතැයි) නුඹලා බලාපොරොත්තුවෙන් සිටියෙහුය, තවද (ඉස්ලාමය පිළිබඳව) සැකයෙන් පසු වූවෝය. තවද අල්ලාහ්ගේ නියෝගය(මරණය) පැමිණෙන තෙක් ආත්මාශාවන් නුඹලාව රවටා දැමුවේය. තවද රවටන්නා (වූ ෂෙයිතාන්) නුඹලාව අල්ලාහ් පිළිබඳව රවටා දැමුවේය.” යැයි ඔවුන්(විශ්වාසිකයින්) පවසති.
15

فَالْيَوْمَ لَا يُؤْخَذُ مِنكُمْ فِدْيَةٌ وَلَا مِنَ الَّذِينَ كَفَرُوا ۚ مَأْوَاكُمُ النَّارُ ۖ هِيَ مَوْلَاكُمْ ۖ وَبِئْسَ الْمَصِيرُ

එබැවින් අද දින නුඹලාගෙන් ද ප්රතික්ෂේප කළවුන්ගෙන් ද වන්දියක් (පිළි)ගනු නොලැබේ. නුඹලාගේ ලැගුම් ගන්නා ස්ථානය නිරා ගින්නයි. එයමය නුඹලාට සුදුසු ස්ථානය වන්නේ. තවද (නුඹලා) අවසානයේ යොමු වන ස්ථානය කෙතරම් නින්දනීය ද!
16

أَلَمْ يَأْنِ لِلَّذِينَ آمَنُوا أَن تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللَّهِ وَمَا نَزَلَ مِنَ الْحَقِّ وَلَا يَكُونُوا كَالَّذِينَ أُوتُوا الْكِتَابَ مِن قَبْلُ فَطَالَ عَلَيْهِمُ الْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ ۖ وَكَثِيرٌ مِّنْهُمْ فَاسِقُونَ

විශ්වාස කළවුනට අල්ලාහ්ව සිහිපත් කිරීම සඳහා ද සත්යයෙන් පහළ වූ දැය(අල් කුර්ආනය) සඳහා ද ඔවුන්ගේ හදවත් (බියෙන්) යටහත් පහත් වීමට හා (මොවුන්ට) පෙර විසූ ධර්ම පුස්තකය පිරිනමනු ලැබූවන් මෙන් මොවුන් ද නොවීමට වේලාව නොපැමිණියේ ද? නමුත් (තමන් වෙනුවෙන් පශ්චාත්තාපය නොකළ) කාලය ඔවුන් කෙරෙහි දිගු විය. එබැවින් ඔවුන්ගේ හදවත් දැඩි විය. තවද ඔවුන්ගෙන් බහුතරය පාපතරයින්ය. 9
9මෙම ආයතය ඉස්ලාමය වැලඳ ගෙන ඒ අනුව ක්රියා නොකරන්නන්ට අවවාදයකි. මොවුන්ට ‘යුදෙව්වන් හා කිතුනුවන් මෙන් නොවන්න’ යැයි පවසා ඇත්තේ ‘යුදෙව්වන් හා කිතුනුවන් තම ධර්ම පුස්තකය විශ්වාස කළ ද ඔවුන් ඒ අනුව කි්රයා නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ හදවත් ඝන වී අවසානයේ දී ධර්ම පුස්තකය විකෘති කිරීම වැනි මහා පාපයන් කිරීමට ද ඔවුන් පසු බැස්සේ නැති හෙයිනි.
17

اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ

නුඹලා දැන ගනිවු. (එනම්) මිහිතලය නැසී ගිය පසු සැබැවින්ම අල්ලාහ් එයට (නැවත) ජීවය ලබා දෙන්නේය. නුඹලා අවබෝධ කර ගනු පිණිස සැබැවින්ම අපි නුඹලාට සංඥාවන් පැහැදිලි කළෙමු. 10
10මෙම ආයතයේ අදහස වනුයේ මිය ගිය පොළොවට ප්රාණය දී එය සරුසාරවත් කරන්නාක් මෙන් විශ්වාසිකයාගේ පාපයන් කොතරම් වුව ද එය අල්ලාහ්ගේ ක්ෂාමව මගින් මකා තම හදවත ප්රාණවත් කිරීම නොහැකි කාර්යයක් නොවේ යන්නයි.
18

إِنَّ الْمُصَّدِّقِينَ وَالْمُصَّدِّقَاتِ وَأَقْرَضُوا اللَّهَ قَرْضًا حَسَنًا يُضَاعَفُ لَهُمْ وَلَهُمْ أَجْرٌ كَرِيمٌ

සැබැවින්ම දානපතියන්ට ද දානපතිනියන්ට ද අල්ලාහ්ට අලංකාර ණයක් ලබා දුන්නන් හට ද එය ඔවුනට ප්රගුණ කරනු ලැබේ. තවද ඔවුනට ගෞරවනීය ප්රතිඵලයක් ඇත.
19

وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ أُولَـٰئِكَ هُمُ الصِّدِّيقُونَ ۖ وَالشُّهَدَاءُ عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ ۖ وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَـٰئِكَ أَصْحَابُ الْجَحِيمِ

තවද අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරුන්ව ද විශ්වාස කළවුන් වන ඔවුන්මය සත්යවන්තයින් වන්නේ. තවද (ඔවුන්මය) ඔවුන්ගේ පරමාධිපති අබියස ‘ෂහීද්වරුන්’ 11 වන්නේ. ඔවුනට ඔවුන්ගේ ප්රතිඵල ද ඔවුන්ගේ ආලෝකය ද ඇත. තවද කවුරුන් ප්රතික්ෂේප කර අපගේ වදන් අසත්යය කළේද ඔවුන්මය නිරයේ සගයින් වන්නේ.
11මෙහි ෂහීද්වරුන් යන වචනයට ‘අල්ලාහ් වෙනුවෙන් දිවි පිදූවන්’ යන අර්ථය ද ‘සාක්ෂි දරන්නන්’ යන අර්ථය ද ඇත.
20

اعْلَمُوا أَنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَزِينَةٌ وَتَفَاخُرٌ بَيْنَكُمْ وَتَكَاثُرٌ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ ۖ كَمَثَلِ غَيْثٍ أَعْجَبَ الْكُفَّارَ نَبَاتُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ يَكُونُ حُطَامًا ۖ وَفِي الْآخِرَةِ عَذَابٌ شَدِيدٌ وَمَغْفِرَةٌ مِّنَ اللَّهِ وَرِضْوَانٌ ۚ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ

නුඹලා දැන ගනිවු. මෙලොව ජීවිතය කී්රඩනයකි, විනෝදයකි, ශෝභාලංකාරයකි, නුඹලා එකිනෙකා අතර ආඩම්බරකම් පාන්නකි, සම්පත් හා දරුවන් වැඩි කිරීමේ තරගකාරිත්වයකි. 12 (මේ සියල්ල) වර්ෂාවක් බඳුය. (එනම් එම වර්ෂාවෙන්) එහි පැළෑටි (වැඩීම) ගොවියන්ව සතුටින් පිනවයි. පසුව එය වියළෙනු ඇත. එවිට එය කහ පැහැ බවට පත් වනු නුඹ දකින්නෙහිය. පසුව එය (දිරා ගිය) පිදුරු බවට පත් වන්නේය. තවද මතුලොවෙහි (පාපතරයින්ට) දැඩි දඬුවමක් ඇත. (සැදැහැමියන්ට) අල්ලාහ්ගෙන් වූ සමාවක් ද තෘප්තියක් ද ඇත. තවද මෙලොව ජීවිතය රවටාලන වින්දනයක් මිස (අන් කිසිවක්) නැත.
12මෙහිදී මිනිස් ජීවිතයේ විවිධ අවස්ථාවන් පිළිබඳව සඳහන් වී ඇත. ඔහු තම බාල වියේ සෙල්ලම් භාණ්ඩ වලට ඇබ්බැහි වී සිටි අතර තම තරුණ වියේ දී තම අලංකාරය පෙන්වීමට වැඩි ඇල්මක් දක්වමින් සිටි. එසේම ඔහු පරිණත වීමෙන් පසුව තම වස්තූන් හා පරම්පරාව පෙන්වා ශ්රේෂ්ඨත්වය පෙන්නුම් කිරීමෙහි නියැළෙති. එක් සමයක ප්රියජනක හා ප්රයෝජනවත්ව තිබූ දෙයක් තවත් සමයක එය ඵලක් නොමැති දෙයක් වනු ඇත. එය තමාට ප්රියජනක දෙයක්ව තිබුණි යැයි සිතා ඔහු සිනහ ද වන්නේය. එමෙන්ම තම මරණින් පසු ඔහු අල්ලාහ්ගේ දායාදයන් දැකීමෙන් ලොවෙහි තිබූ තමන්ගේ දේපළ සියල්ල අල්ප දෙයක් යැයි ඔහු වටහා ගනු ඇත.
21

سَابِقُوا إِلَىٰ مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا كَعَرْضِ السَّمَاءِ وَالْأَرْضِ أُعِدَّتْ لِلَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ ۚ ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සමාව හා (ස්වර්ග) උයන වෙත එකිනෙකා සමග තරඟකාරීව ඉදිරියට යවු. එහි පළල අහස හා මිහිතලයෙහි පළල මෙන්ය. මෙය අල්ලාහ්ව ද ඔහුගේ දූතයින්ව ද විශ්වාස කළවුනට සූදානම් කරන ලද්දකි. එය (ඔවුන් වෙනුවෙන් වූ) අල්ලාහ්ගේ භාග්යයයි, ඔහු අභිමත කරන අයට ඔහු එය පිරිනමන්නේය. තවද අල්ලාහ් ඉමහත් වූ භාග්යයෙහි හිමිකරුය.
22

مَا أَصَابَ مِن مُّصِيبَةٍ فِي الْأَرْضِ وَلَا فِي أَنفُسِكُمْ إِلَّا فِي كِتَابٍ مِّن قَبْلِ أَن نَّبْرَأَهَا ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ

කිසිදු ව්යසනයක් අපි එය ඇති කරන්නට පෙර ධර්ම පුස්තකයේ 13 සඳහන්ව මිස මිහිතලයේ හෝ නුඹලා අතර හෝ සිදුවන්නේ නැත. සැබැවින්ම මෙය අල්ලාහ් කෙරෙහි පහසු කටයුත්තකි.
13මෙහි ‘ධර්ම පුස්තකය’ යනු ලව්හුල් මහ්ෆූල් නම් ඵලකය වේ. එහි වැඩි විස්තර අරාබි පද මාලාවේ සඳහන්ව ඇත.
23

لِّكَيْلَا تَأْسَوْا عَلَىٰ مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ ۗ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ

නුඹලාට මග හැරුණු දෑ කෙරෙහි දොම්නස් නොවනු පිණිස ද ඔහු නුඹලාට දුන් දෑ පිළිබඳව (දැඩි ලෙස) සතුටු (වී උඩගු) නොවනු පිණිස ද (සියල්ල ධර්ම පුස්තකයේ සඳහන් වී ඇත.) 14 තවද පුරසාරම් දොඩමින් උඩඟුකම්පාන කිසිවෙකුව අල්ලාහ් ප්රිය නොකරන්නේය.
14‘තක්දීර්’ නම් දෛවය විශ්වාස කළ මුඃමින්වරයෙකු තමාට යම් දෙයක් අහිමි වුවහොත් ඒ වෙනුවෙන් පසුතැවිල්ලට පත් වන්නේ ද නැතහොත් යම් දෙයක් තුළින් ගර්වයට පත් වන්නේ ද නැත. එහෙයින් ඔහු සෑම අවස්ථාවක දීම් අල්ලාහ්ගේ සිහිකල්පනාවෙන්ම සිටිනු ඇත.
24

الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ ۗ وَمَن يَتَوَلَّ فَإِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

ඔවුන් කවුරුන්ද යත් (තමන්) මසුරුකම් පා මිනිසුන්ට මසුරුකම විධානය කරන්නන් වේ. කවරෙකු පිටුපාන්නේ ද සැබැවින්ම අල්ලාහ්මය (අවශ්යතාවකින් තොර වූ) සර්ව සම්පූර්ණ හා සර්ව ප්රශංසා හිමිකරු වන්නේ.
25

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ ۖ وَأَنزَلْنَا الْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَافِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ اللَّهُ مَن يَنصُرُهُ وَرُسُلَهُ بِالْغَيْبِ ۚ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ

සැබැවින්ම අපි අපගේ රසූල්වරුන්ව පැහැදිලි සාධකයන් සමග එව්වෙමු. තවද මිනිසුන් යුක්තිය ස්ථාපිත කිරීම පිණිස ඔවුන් සමග ධර්ම පුස්තකය ද තුලාව 15 ද අපි පහළ කළෙමු. තවද අපි යකඩ පහළ කළෙමු. එහි දැඩි ශක්තියක් ද මිනිසාට ප්රයෝජන ද ඇත. තවද අල්ලාහ්, තමන්ට හා තම රසූල්වරුන්ට (අල්ලාහ්ව) නොදුටු තත්ත්වයේ උදවු කරන්නා කවරෙකු දැ’යි දැන ගැනීම පිණිස ද (මේවා අපි පහළ කළෙමු.) සැබැවින්ම අල්ලාහ් සර්ව ශක්ති සම්පන්නය සර්ව බලධාරීය.
15මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 55:8 හි ආයතයේ පාද සටහන බලන්න.
26

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا وَإِبْرَاهِيمَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِمَا النُّبُوَّةَ وَالْكِتَابَ ۖ فَمِنْهُم مُّهْتَدٍ ۖ وَكَثِيرٌ مِّنْهُمْ فَاسِقُونَ

තවද සැබැවින්ම අපි නූහ්ව හා ඉබ්රාහීම්ව (රසූල්වරුන් ලෙස) යැව්වෙමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරෙහි (අල්ලාහ්ගෙන් වූ) නබිත්වය හා ධර්ම පුස්තකය (ලැබූවන්) ඇති කළෙමු. එබැවින් ඔවුන්(එම පරපුර) අතුරින් යහමග ලැබූ අය ද වේ. තවද ඔවුන්ගෙන් බහුතරය පාපතරයින්ය.
27

ثُمَّ قَفَّيْنَا عَلَىٰ آثَارِهِم بِرُسُلِنَا وَقَفَّيْنَا بِعِيسَى ابْنِ مَرْيَمَ وَآتَيْنَاهُ الْإِنجِيلَ وَجَعَلْنَا فِي قُلُوبِ الَّذِينَ اتَّبَعُوهُ رَأْفَةً وَرَحْمَةً وَرَهْبَانِيَّةً ابْتَدَعُوهَا مَا كَتَبْنَاهَا عَلَيْهِمْ إِلَّا ابْتِغَاءَ رِضْوَانِ اللَّهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَايَتِهَا ۖ فَآتَيْنَا الَّذِينَ آمَنُوا مِنْهُمْ أَجْرَهُمْ ۖ وَكَثِيرٌ مِّنْهُمْ فَاسِقُونَ

පසුව ඔවුන්ගේ පියවර මත (අනුගමනය කරමින්) අපගේ රසූල්වරුන්ව අනුපිළිවෙළට අපි යැව්වෙමු. තවද මර්යම්ගේ පුත් ඊසාව ද අනුපිළිවෙළට අපි යැව්වෙමු. තවද ඔහුට අපි ඉන්ජීලය පිරිනැමුවෙමු. තවද ඔහුව අනුගමනය කළවුන්ගේ හදවත් තුළ සෙනෙහස ද කරුණාව ද අපි ඇති කළෙමු. තවද තාපස ජීවිතය ඔවුහු අලුතින් ආරම්භ කළෝය. අපි ඔවුනට එය නියම නොකළෙමු. (නමුත්) අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස (ඔවුන් එසේ නොකළෝ)ය.පසුව ඔවුන් එය පිළිපැදිය යුතු අයුරින් පිළිනොපැද්දෝය. 16 එබැවින් ඔවුන් අතුරින් විශ්වාස කළවුන්ට ඔවුන්ගේ ප්රතිඵල අපි ලබා දුන්නෙමු. තවද ඔවුන් අතුරින් බොහෝ දෙනා පාපතරයින්ය.
16‘රහ්බානියියත්’ යන අරාබි වචනයේ අර්ථය ‘තාපස’ ජීවිතයක් ගත කිරීම යන්නයි. එනම් අල්ලාහ්ගේ තෘප්තිය ලබා ගත හැක්කේ විවාහ නොකර රසවත් ආහාර අනුභවයෙන් වැළකී මිනිසුන්ගෙන් හුදකලා වී ගත කරන ජීවිතයෙන් පමණී යන්න එක් දර්ශනයකි. මෙය අල්ලාහ් විසින් අනුමත කළ දෙයක් නොවේ යැයි මෙහි පැහැදිලි කර ඇත.
28

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَآمِنُوا بِرَسُولِهِ يُؤْتِكُمْ كِفْلَيْنِ مِن رَّحْمَتِهِ وَيَجْعَل لَّكُمْ نُورًا تَمْشُونَ بِهِ وَيَغْفِرْ لَكُمْ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද ඔහුගේ රසූල්වරයාව ද විශ්වාස කරවු. (එවිට) ඔහුගේ කරුණාවෙන් (වූ වේතනයන්) දෙකොටසක් නුඹලාට දෙන්නේය. තවද නුඹලාට ආලෝකයක් ද ඔහු ඇති කරන්නේය. එමගින් නුඹලා ගමන් කරන්නෝය. තවද නුඹලාට සමාව ද දෙන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
29

لِّئَلَّا يَعْلَمَ أَهْلُ الْكِتَابِ أَلَّا يَقْدِرُونَ عَلَىٰ شَيْءٍ مِّن فَضْلِ اللَّهِ ۙ وَأَنَّ الْفَضْلَ بِيَدِ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

(එසේ නුඹලාට කරනුයේ) අල්ලාහ්ගේ භාග්යයෙන් කිසිවක් කෙරෙහි තමන් පාලන කිරීමේ හැකියාව නොලබන බවට ධර්ම පුස්තක ලද්දන් දැන ගනු පිණිස ය. තවද සැබැවින්ම භාග්යය අල්ලාහ්ගේ අතෙහිය. ඔහු අභිමත කරන අයට ඔහු එය පිරිනමන්නේය. 17 තවද අල්ලාහ් ඉමහත් වූ භාග්යයෙහි හිමිකරු (යනුවෙන් ද දැන ගනු පිණිස)ය.
17මෙහි භාග්යය යනුවෙන් සඳහන් කිරීමෙහි අදහස් දෙකක් ඇත. පළමු අදහස නම් නබිත්වය ලබා දීමේ භාග්යයයි. එනම් යුදෙව්වන් හා කිතුනුවන් අවසාන දූතයා තමන්ගේ පරම්පරාවෙන් පැමිණිය යුතු යැයි බලාපොරොත්තු වී සිටි නමුත් එය අරාබිවරුන්ගෙන් පැමිණීමෙන් පසු ඊර්ෂ්යාව හේතුවෙන් ඔහුව විශ්වාස නොකළෝය. එහෙයින් මෙය අල්ලාහ්ට යුතු දෙයක් නිසා ඊර්ෂ්යා විය යුතු කරුණක් නොවේ යැයි අල්ලාහ් උපදෙස් කර ඇත. දෙවැනි අදහස නම් ක්ෂමා කිරීමේ භාග්යයයි. එනම් තම අනුගාමිකයින්ව ක්ෂමා කිරීම කිතුනු පියවරුන්ගේ සිරිතක් වී තිබුණි. මෙම ක්රියාව මෙම ආයතය මගින් ප්රතික්ෂේප කර ඇත.