الذاريات

අස්-සාරියාත්

الذاريات

අස්-සාරියාත් · Adh-Dhariyat

මක්කී60 පද්‍ය
1

وَالذَّارِيَاتِ ذَرْوًا

දූවිලි විහිදුවන දෑ(සුළං) මත දිවුරමින්.
2

فَالْحَامِلَاتِ وِقْرًا

තවද බර උසුලමින් සිටින දෑ(වැසි වලාකුළු) මත දිවුරමින්.
3

فَالْجَارِيَاتِ يُسْرًا

තවද (මුහුදේ) සැහැල්ලුවෙන් ගමන් කරන දෑ(යාත්රා) මත දිවුරමින්.
4

فَالْمُقَسِّمَاتِ أَمْرًا

තවද මිනිසුන්හට මෙලොව) කරුණු 1 බෙදා වෙන් කර දෙන්නන්(මලක්වරුන්) මත දිවුරමින්.
1මෙහි මෙලොව කරුණු යනු මිනිසාට අවශ්ය වන ජීවන සම්පත් හා වර්ෂාව වැනි දෑය. මේවා අල්ලාහ්ගේ අණ පරිදි මලක්වරුන් විසින් මිනිසාට බෙදා වෙන් කර දෙනු ලබයි.
5

إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ

නුඹලාට ප්රතිඥා දෙනු ලැබූ (සියලු) දෑ සැබෑවක්මය.
6

وَإِنَّ الدِّينَ لَوَاقِعٌ

තවද සැබැවින්ම (ලොවෙහි කළකම් සඳහා) විපාක ප්රදානය සිදුවන්නක්මය.
7

وَالسَّمَاءِ ذَاتِ الْحُبُكِ

(ගමන්) පථයන්ගෙන් යුත් අහස මත දිවුරමින්.
8

إِنَّكُمْ لَفِي قَوْلٍ مُّخْتَلِفٍ

සැබැවින්ම නුඹලා (අල් කුර්ආනය පිළිබඳව) විවිධ ප්රකාශයෙහි (නියැළී) සිටින්නෙහුය.
9

يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ

(යහ මගින් නොමග වෙත) හරවනු ලැබූ කෙනා එයින්(අල් කුර්ආනයෙන්) හරවා යවනු ලබන්නේය.
10

قُتِلَ الْخَرَّاصُونَ

අසත්යය කරන්නන් විනාශයට ලක් වූවෝ වෙති.
11

الَّذِينَ هُمْ فِي غَمْرَةٍ سَاهُونَ

අඥානයෙහි ගිලී නොසැලකිලිමත්ව සිටින්නන් ඔවුන්මය.
12

يَسْأَلُونَ أَيَّانَ يَوْمُ الدِّينِ

“විනිශ්චය දිනය කවදා දැ?”යි (සමච්චලයෙන්) ඔවුහු විමසති.
13

يَوْمَ هُمْ عَلَى النَّارِ يُفْتَنُونَ

(එදින) ඔවුන් නිරා ගින්නෙහි දඬුවම් කරනු ලබන දිනයයි.
14

ذُوقُوا فِتْنَتَكُمْ هَـٰذَا الَّذِي كُنتُم بِهِ تَسْتَعْجِلُونَ

“නුඹලාගේ දඬුවම නුඹලා රස විඳිවු. නුඹලා ඉක්මණින් සිදුවිය යුතු යැයි (සමච්චලයෙන්) පැතූ දෑ මෙයය” (යැයි ඔවුනට පවසනු ලැබේ.)
15

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ

සැබැවින්ම බිය භක්තිකයින් (ස්වර්ග) උයන්හි ද උල්පත්( අසල)හි ද වෙති.
16

آخِذِينَ مَا آتَاهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ

ඔවුන්ගේ පරමාධිපති ඔවුනට ප්රදානය කළ දෑ ලබමින් (සිටිති). සැබැවින්ම ඔවුහු එයට පෙර යහකම් කරන්නන් වූහ.
17

كَانُوا قَلِيلًا مِّنَ اللَّيْلِ مَا يَهْجَعُونَ

ඔවුහු රාත්රියේ ස්වල්පයක් පමණ නිදන්නන් වූහ.
18

وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ

තවද ඔවුන් ‘සහර්’ වේලාවෙහි 2 පාප ක්ෂමාව ඇයැදිති.
2‘සහර්’ වේලාව යනු අලුයමට පෙර ඇති හෝරා කිහිපයකි.
19

وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِّلسَّائِلِ وَالْمَحْرُومِ

තවද (ඔවුන් වෙතින්) යාචනය කරන්නාට ද (යාචනයෙන්) වැළකෙන්නාට ද ඔවුන්ගේ සම්පත්හි උරුමයක් ඇත. 3
3එනම් ඔහු බිය භක්තිකයෙකු හෙයින් ඔහුගෙන් අවශ්යතාව ඇත්තවුනට යාචක වුව ද යාචක නොවූව ද දන් දෙන්නේය යන අදහස මෙයින් පැහැදිලි කෙරේ.
20

وَفِي الْأَرْضِ آيَاتٌ لِّلْمُوقِنِينَ

තවද තිරසාරව විශ්වාස කරන්නන්ට මිහිතලයෙහි සංඥාවන් ඇත.
21

وَفِي أَنفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ

තවද නුඹලා තුළ ද (සංඥාවන් ඇත.) නුඹලා (එය) නිරීක්ෂණය නොකරන්නෙහු ද?
22

وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ

තවද නුඹලාගේ ජීවන සම්පත හා නුඹලාට ප්රතිඥා දෙනු ලැබූ දෑ අහසෙහි ඇත.
23

فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِّثْلَ مَا أَنَّكُمْ تَنطِقُونَ

අහසෙහි හා මිහිතලයෙහි පරමාධිපති මත දිවුරමින්, නුඹලා (යමක් කතා කළේ නම් නිසැකව නුඹලාගේ) කතා කිරීම (සත්යය වූවක්) මෙන් සැබැවින්ම (නුඹලාට ප්රතිඥා දෙනු ලැබූ) එය ද සත්යයකි.
24

هَلْ أَتَاكَ حَدِيثُ ضَيْفِ إِبْرَاهِيمَ الْمُكْرَمِينَ

(නබිවරය,) ඉබ්රාහීම්ගේ ගෞරවනීය ආගන්තුක( මිනිස් රූපයෙන් පැමිණි මලක්වර)යින් පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේ ද? 4
4මෙම පුවත පිළිබඳ වැඩි විස්තර සඳහා අල් කුර්ආන් ( 11:69-83 ) දක්වා ආයතයන් බලන්න.
25

إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ قَوْمٌ مُّنكَرُونَ

(ඉබ්රාහීම් වන) ඔහු වෙත ඔවුහු පිවිසි විට “සලාම්(ශාන්තිය) අත් වේවා!” යැයි පැවසූහ. ඔහු (ද) “සලාම්(ශාන්තිය නුඹලාට)අත් වේවා! (නුඹලා) නාඳුනන පිරිසකි” යැයි පැවසීය.
26

فَرَاغَ إِلَىٰ أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍ

පසුව (රහසින් එතැනින්) ගැල වී තම පවුල වෙත ගොස් පුෂ්ටිමත් වසු පැටවෙකු (පිස) ගෙන ආවේය.
27

فَقَرَّبَهُ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ

පසුව ඔවුන් වෙත එය සමීප කර (තැබුවේය. නමුත් ඔවුහු මලක්වරුන් හෙයින් අනුභව නොකර වැළකී සිටියෝය. එවිට) “නුඹලා අනුභව නොකරන්නෙහු දැ?”යි ඔහු විමසුවේය.
28

فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَامٍ عَلِيمٍ

එවිට ඔවුන් පිළිබඳව ඔහු බියට පත් විය. ඔවුහු “නුඹ බියපත් නොවවු” යැයි පැවසූහ. තවද ඔවුන් ඔහුට නැණවත් පුතෙකු පිළිබඳ ශුභාරංචි දැන්වූහ.
29

فَأَقْبَلَتِ امْرَأَتُهُ فِي صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ

එවිගස ඔහුගේ බිරිය (විස්මිතව) ශබ්ද නගමින් ඉදිරියට පැමිණ තම (ඇඟිල්ලෙන්) මුහුණට ගසා “මා (හට කෙසේ දරුවෙකු වී ද මා) වඳ මැහැල්ලියකි” යැයි පැවසුවාය.
30

قَالُوا كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُ هُوَ الْحَكِيمُ الْعَلِيمُ

“එලෙසය නුඹගේ පරමාධිපති පැවසුවේ” යැයි ඔවුහු පැවසූහ. සැබැවින්ම සර්ව ප්රඥාවන්ත සර්වඥ ඔහුමය.
31

قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ

“අහෝ දූතවරුනි, නුඹලාගේ (පැමිණීමේ) අරමුණ කුමක් දැ?”යි ඔහු(ඉබ්රාහීම්) ඇසුවේය.
32

قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ

“සැබැවින්ම අපි වැරදිකාර සමූහයක් 5 වෙත එවනු ලැබුවෙමු”යි ඔවුහු පැවසූහ.
5මෙහි වැරදිකාර සමූහය යනු නබි ලූත් තුමාණන්ගේ ජනයින්ය.
33

لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِّن طِينٍ

(එසේ එවනු ලැබුවේ) සීමාව ඉක්මවූවන් වෙනුවෙන් නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තැබූ 6 මැටියෙන් වූ ගල් ඔවුන් මත අපි හෙළනු පිණිසය.
6වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 11: 82-83 හි පාද සටහන බලන්න.
34

مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ

(එසේ එවනු ලැබුවේ) සීමාව ඉක්මවූවන් වෙනුවෙන් නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තැබූ 6 මැටියෙන් වූ ගල් ඔවුන් මත අපි හෙළනු පිණිසය.
35

فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ الْمُؤْمِنِينَ

තවද අපි එහි සිටි විශ්වාසිකයින්ව (දඬුවමෙන් ආරක්ෂා වනු පිණිස) පිටමං කළෙමු.
36

فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِّنَ الْمُسْلِمِينَ

නමුත් අපි එහි මුස්ලිම්වරුන්ගේ එක් නිවසක් හැර (වෙනත් කිසිදු මුස්ලිම් නිවසක්) නොදුටුවෙමු.
37

وَتَرَكْنَا فِيهَا آيَةً لِّلَّذِينَ يَخَافُونَ الْعَذَابَ الْأَلِيمَ

වේදනීය දඬුවම ගැන බියවන්නන්ට අපි එහි සංඥාවක් 7 අතහැර තැබුවෙමු.
7මෙහි සංඥාවක් යනු පලස්තීනයේ ඇති ‘මළ මුහුද’ යනුවෙන් සඳහන් වී ඇත. මෙහි නබි ලූත් තුමාණන්ගේ සමූහයා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් දඬුවමට ලක් වූහ.
38

وَفِي مُوسَىٰ إِذْ أَرْسَلْنَاهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَانٍ مُّبِينٍ

මූසා(ගේ ඉතිහාසය) තුළ ද පැහැදිලි සාධක සමග ඔහුව ෆිර්අවුන් වෙත අපි යැවූ කල්හි (ද මෙවන් සංඥාවක් තැබුවෙමු.)
39

فَتَوَلَّىٰ بِرُكْنِهِ وَقَالَ سَاحِرٌ أَوْ مَجْنُونٌ

තවද ඔහු(ෆිර්අවුන්) තමාගේ ප්රධානීන් සමග (මොහුට) පිටුපා “(මොහු) හූනියම්කරුවෙකි, උන්මත්තකයෙකි” යැයි පැවසුවේය.
40

فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ وَهُوَ مُلِيمٌ

එබැවින් ඔහු හා ඔහුගේ සේනාව අපි ග්රහණය කළෙමු. තවද ඔහු දොස් පවරනු ලැබූවෙකුව සිටිය දී අපි ඔවුන්ව මුහුදෙහි හෙළුවෙමු.
41

وَفِي عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ الرِّيحَ الْعَقِيمَ

තවද ආද් (සමූහයේ ඉතිහාසය) තුළ ද ඔවුන් වෙත අපි අඵල සුළඟ යැවූ කල්හි (ද මෙවන් සංඥාවක් තැබුවෙමු.)
42

مَا تَذَرُ مِن شَيْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَالرَّمِيمِ

එය(සුළඟ) කවර දෙයක් මත හැමුවේද එය දිරාපත් (වී සුනුවිසුනු) වූවක් සේ පත් කර මිස අත හැර දැමුවේ නැත.
43

وَفِي ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا حَتَّىٰ حِينٍ

තවද සමූද් (සමූහයේ ඉතිහාසය) තුළ ද “නියමිත කාලයක් දක්වා නුඹලා භුක්ති විදිවු” යැයි ඔවුනට පවසනු ලැබූ කල්හි (ද මෙවන් සංඥාවක් තැබුවෙමු.)
44

فَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ وَهُمْ يَنظُرُونَ

එවිට ඔවුහු තමන්ගේ පරමාධිපතිගේ අණට එරෙහිව සීමාව ඉක්මවා ගියහ. ඔවුන් බලා සිටියදීම (භයානක) ගිගුරුම් හඬ ඔවුන්ව ග්රහණය කළේය.
45

فَمَا اسْتَطَاعُوا مِن قِيَامٍ وَمَا كَانُوا مُنتَصِرِينَ

එවිට ඔවුන් නැගිට සීටීමට ද හැකියාවක් නොලැබුවෝය. තවද ඔවුන් තමන්ටම (උදව් කර ගනිමින්) ආරක්ෂා කර ගන්නන් ද නොවූහ.
46

وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ

තවද මීට පෙර නූහ්ගේ සමූහය (ද අපි විනාශ කළෙමු.) සැබැවින්ම ඔවුහු පාපතර සමූහයක් වූහ 8 .
8අල් කුර්ආන් 7:59-79 හි මෙම සිද්ධිය සඳහන් වී ඇත.
47

وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ

තවද අහස, අපි එය (අපගේ) ශක්තියෙන් ගොඩ නැගුවෙමු. තවද සැබැවින්ම අපි (එය) ප්රසාරණය කරන්නන් වෙමු. 9
9මෙහි වචනාර්ථය අනුව ‘අල්ලාහ් අහස තව තවත් විශාල කරන්නේය’ යැයි අදහස් කෙරේ. ‘අහස කෙරෙහි අප මහා ශක්තිය ඇත්තන්ය’ යනුවෙන් ඇතැම් විද්වතුන් මෙම ආයතය පරිවර්තනය කර ඇත.
48

وَالْأَرْضَ فَرَشْنَاهَا فَنِعْمَ الْمَاهِدُونَ

තවද මිහිතලය, අපි එය (යහනාවක් ලෙස) ඇතිරුවෙමු. අතුරන්නන් (අතුරින් අප) උතුම් විය.
49

وَمِن كُلِّ شَيْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ

නුඹලා මෙනෙහි කරනු පිණිස සෑම දෙයකින්ම අපි ජෝඩු වශයෙන් මැව්වෙමු.
50

فَفِرُّوا إِلَى اللَّهِ ۖ إِنِّي لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ

එබැවින් අල්ලාහ් දෙසට ශීඝ්රයෙන් යවු. 10 (නබිවරය,) සැබැවින්ම මම නුඹලාට ඔහුගෙන් වූ පැහැදිලි අවවාද කරන්නෙක් වෙමි. (යැයි ප්රතික්ෂේපකයින්ට පවසවු.)
10මෙම ආයතයේ අදහස වනුයේ පාපය කරන්නන් අල්ලාහ්ට අවනත වී ඔහුව නැමදුම් කිරීම තුළින් ඔහු කළ පාපයේ දඬුවමින් ඔහුට මිදිය හැකිය යන්නයි.