وَالنَّجْمِ إِذَا هَوَىٰ
තාරකාව මත දිවුරමින්. එය අවරට ගිය විට.
1තාරකාවන්ට ආවේණික වන ලක්ෂණයන් දෙකක් ඇත. පළමුවැන්න එය කිසි විටෙක එහි මාර්ගය වරදවා නොයන්නේය. දෙවැන්න මුහුදේ හා කාන්තාරයේ ගමන් කරන්නන්ට එය මග පෙන්වන්නේය. එමෙන්ම නබි මුහම්මද් තුමාණන් ද නොමග නොයන අතර ඔහු අන් අයට ද මග පෙන්වන්නේය. මගියන් තාරකා මැකී යන්නට පෙර එයින් ප්රයෝජන ගත යුතු මෙන් මෙතුමාණන්ගෙන් ද ප්රයෝජන ගත යුතුය යන්න මෙහි අදහසයි.
مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ
නුඹලාගේ සගයා (වන මුහම්මද් ඍජු මාර්ගයෙන්) නොමග ගියේ නැත. ඔහු මුළා වූයේ ද නැත.
2මෙහි ‘නුඹගේ සගයා’ යැයි නබි මුහම්මද් තුමාණන්ට පවසා ඇත. නබි මුහම්මද් තුමාණන්ට නබිත්වය ලැබීමට පෙර ද මක්කා වැසියන් අතර අවුරුදු හතළියක් සිටි හෙයින් ඔහුගේ ජීවිතයේ සෑම අවස්ථාවක දීම ඔහුගේ ගුණාංග කෙසේ තිබුණා දැ?යි ඔවුහු දැන සිටියෝය. ඔහු බොරු පැවසීම හෝ යම් වැරැද්දක් කිරීම ඔවුන් කිසි විටෙක දැක නැත. මොහුව ඔවුන් ආමන්ත්රණය කරන්නේ ද ‘සත්යවන්තයා’ හා ‘විශ්වාසවන්තයා’ යනුවෙනි. එහෙත් එම පුද්ගලයා අල්ලාහ්ගේ පුවත ප්රචාරය කරන විට එය ඔවුන් පිළිකුල් කරන හේතුවෙන් ඔහුව අසත්යය කරන්නේ කෙසේ ද? යන්නෙන් ප්රශ්න කර ඇත. මෙම යෙදුමෙන් නබිතුමාණන්ව අමතා ඇත්තේ මෙය හැඟවීමටයි.
وَمَا يَنطِقُ عَنِ الْهَوَىٰ
ඔහු (තම) මනෝ ඉච්ඡාවට අනුව කතා නොකරයි.
إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ
(ඔහු කතා කරන) එය පහළ කරනු ලබන වහී (දේව පණිවිඩයක්) මිස නැත.
عَلَّمَهُ شَدِيدُ الْقُوَىٰ
දැඩි ශක්තිවන්තයා (වන ජිබ්රීල් එය) ඔහුට ඉගැන්වූයේය.
ذُو مِرَّةٍ فَاسْتَوَىٰ
(ජිබිරීල් අලංකාරයෙන් යුත්) තේජසින් හෙබි අයෙකි. තවද ඔහු ඉහළ ක්ෂිතිජයෙහි සිටියදී ඔහු (ඔහුගේ සැබෑ ස්වරූපයෙන්ම) ස්ථාපිත විය.
3මෙහි සඳහන් වී ඇත්තේ නබි මුහම්මද් තුමාණන්ට වහී පණිවිඩය රැගෙන ආ මලක්වරුන්ගේ නායකයා වන ජිබ්රීල් තුමා පිළිබඳවයි. අල්ලාහ්ගෙන් වහී පණිවිඩය මොහු ගෙන එන විට ෂෙයිතාන්ට යම් උවදුරු කළ හැකි යැයි ඇතැම් ප්රතික්ෂේපකයින් තර්ක කළෝය. ඔහු ෂෙයිතාන්ගේ උවදුරු වලට හසු විය හැකි දුර්වල කෙනෙකු නොවේ යැයි මෙම වැකිය මගින් ඔවුන්ගේ තර්කයට පිළිතුරු දී ඇත. මක්කාවාසී ප්රතික්ෂේපකයින්ගෙන් එල්ල වූ තවත් චෝදනාවක් නම් ජිබ්රීල් තුමා නබි මුහම්මද් තුමාණන් වෙත වහී පණිවිඩය ගෙන ඒමේ දී මිනිස් ස්වරූපයකින් පැමිණි හෙයින් ඔහු මලක්වරයෙකු නොවේ යැයි පැවසීමයි. මෙයට පිළිතුරු වශයෙන් නබි මුහම්මද් තුමාණන් ජිබ්රීල් තුමාව ඔහුගේ සත්ය ස්වරූපයෙන් දෙවතාවක් දැක ඇති බව අල් කුර්ආනය මගින් තහවුරු වනු ඇත. මෙම සූරාවෙහි ආයත් අංක 6-7 හි පෙන්නුම් කරන්නේ මෙයින් පළමුවැනි අවස්ථාව යැයි ද ඇතැම් වාර්තාවන්හි සඳහන් වී ඇත. ‘මුස්නද් අහ්මද්’ නම් ග්රන්ථයෙහි මෙසේ සඳහන් වී ඇත. ‘නැගෙනහිර ක්ෂිතිජයෙහි ඔහු නබි මුහම්මද් තුමාණන් ඉදිරියේ දිස් වී ඔහුගේ විශාල පිහාටු විහිද වීමෙන් මුළු ක්ෂිතිජයම වැසීය. ‘තිර්මිදී’ නම් ග්රන්ථයේ මෙසේ සඳහන් වී ඇත. ‘මොහුගේ සත්ය ස්වරූපය දුටු නබි මුහම්මද් තුමාණන්ට බියක් දැනුනි’. තවද ‘බුහාරි’ නම් ග්රන්ථයේ මෙසේ සඳහන් වී ඇත. ‘ඔහු බියට පත් වූ විට ජිබ්රීල් තුමා මිනිස් ස්වරූපයෙන් පැමිණ නබි තුමාව සැනසුවේය.’ ඉහත සඳහන් සියලු වාර්තා මගින් පෙන්නුම් කරන්නේ පළමු වන හමුවීම පිළිබඳවය. මෙම සූරාවෙහි 13-16 දක්වා වූ ආයාත් මගින් සඳහන් වන්නේ දෙවැනි හමු වීම පිළිබඳවය.
وَهُوَ بِالْأُفُقِ الْأَعْلَىٰ
(ජිබිරීල් අලංකාරයෙන් යුත්) තේජසින් හෙබි අයෙකි. තවද ඔහු ඉහළ ක්ෂිතිජයෙහි සිටියදී ඔහු (ඔහුගේ සැබෑ ස්වරූපයෙන්ම) ස්ථාපිත විය.
ثُمَّ دَنَا فَتَدَلَّىٰ
පසුව ඔහු (රසූල්වරයාට) සමීප වී (එයින්) බැස්සේය.
فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ
එ(ම සමීප)ය දුනු දෙකක තරමක් හෝ ඊටත් වඩා සමීප විය.
4අරාබිවරුන්ගෙන් දෙදෙනෙකු සාම ගිවිසුම් කරගන්නා විට ඔවුන් දෙදෙනාම තම දුනු ළං කර පෙන්වීම ඔවුන්ගේ සිරිතක් විය. මෙසේ කරන විට එම දුනු දෙකම එක දුන්නක් ලෙස පෙනේ. මෙම ආයතයෙහි මෙම උදාහරණය භාවිත කර ඇත්තේ සමීප වීමේ අර්ථය පැහැදිලි කිරීමටය.
فَأَوْحَىٰ إِلَىٰ عَبْدِهِ مَا أَوْحَىٰ
ඔහු(අල්ලාහ් විසින් ජිබ්රීල්ට) කුමන වහී(දේව පණිවිඩය) හෙළිදරව් කළේ ද එය තමාගේ ගැත්තාට පහළ කළේය.
مَا كَذَبَ الْفُؤَادُ مَا رَأَىٰ
ඔහු දුටු දෑ(ජිබ්රීල්ව ඔහුගේ) හදවත අසත්යය නොකළේය.
أَفَتُمَارُونَهُ عَلَىٰ مَا يَرَىٰ
ඔහු දුටු දෑ පිළිබඳව ඔහු සමග නුඹලා වාද කරන්නෙහු ද?
وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَىٰ
සැබැවින්ම ඔහුව(ජිබ්රීල්ව) තවත් වාරයක් (සැබෑ ස්වරූපයෙන්ම) ඔහු(මුහම්මද්) දුටුවේය.
عِندَ سِدْرَةِ الْمُنتَهَىٰ
(එය) සිද්රතුල් මුන්තහාහි ය.
5මෙහි සඳහන් වී ඇත්තේ නබි මුහම්මද් තුමාණන් ජිබ්රීල් තුමාණන් සමග මිඃරාජ් නම් අහස් යාත්රා කළ සිදුවීමය. ‘සිද්රතුල් මුන්තහා’ යනු අහස් අන්තයේ අර්ෂයට දකුණින් පිහිටා ඇති ගසකි. ඉන් ඔබ්බට ඇති දෑ පිළිබඳව අල්ලාහ් හැර කිසිදු මලක්වරයෙකුට හෝ නබිවරයෙකුට හෝ වෙනත් කිසිවෙකුට හෝ දැනුමක් නොමැත.
عِندَهَا جَنَّةُ الْمَأْوَىٰ
ජන්නතුල් මඃවා (නම් ලැගුම් ගන්නා ස්වර්ග උයන) ඇත්තේ ඒ(සිද්රතුල් මුන්තහා) අසලය.
إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَىٰ
ආවරණය කරන දෑ සිද්රාව (නම් ගස) ආවරණය කළ විට
6‘සිද්රා’ නැමැති ගසෙහි ආවරණයේ අලංකාරය වර්ණනා කිරීමට වර්ණනාවන් නොමැති බැවින් අල්ලාහ් එය ආවරණය කරන දැයකින් ආවරණය කර ඇති බවට පවසා ඇත.
مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَىٰ
(රසූල්වරයාගේ) බැල්ම නොසැලිණ. තවද එය සීමාව ඉක්ම නොවීය.
لَقَدْ رَأَىٰ مِنْ آيَاتِ رَبِّهِ الْكُبْرَىٰ
සැබැවින්ම තම පරමාධිපතිගේ මහත් වූ සංඥාවන්ගෙන් (සමහරක් ද) ඔහු දුටුවේය.
أَفَرَأَيْتُمُ اللَّاتَ وَالْعُزَّىٰ
‘ලාත්’ හා ‘උzස්zසා’ව නුඹලා දුටුවේ ද?
وَمَنَاةَ الثَّالِثَةَ الْأُخْرَىٰ
තවකෙකු වන තුන්වැන්නා වූ ‘මනාත්’ ව ද (නුඹලා දුටුවේ ද?)
7‘ලාත්’,’උzස්zසා’ හා ‘මනාත්’ යනු අරාබි මිථ්යා දෘෂ්ටිකයින් වැඳුම් පිදුම් කළ ප්රධාන පිළිම තුනක නාමයන් වේ.
أَلَكُمُ الذَّكَرُ وَلَهُ الْأُنثَىٰ
නුඹලාට පිරිමින් ද (අල්ලාහ් වන) ඔහුට ස්ත්රීන් ද
8මෙසේ ඔවුන් ප්රකාශ කරන්නට හේතු වූයේ ඔවුන්ගේ පවුල තුළ ගැහැනු දරුවෙකු උපත ලැබුවා නම් එය අවමානය ගෙන දෙන්නක් වශයෙන් සැලකූ අතර පිරිමි දරුවන් උපත ලැබුවේ නම් එය උදාර දෙයක් යැයි සැලකුවෝය. එබැවින් එම ප්රතිමා හා මලක්වරුන් අල්ලාහ්ගේ දියණියන් ලෙස ඔවුන් සැලකූහ.
تِلْكَ إِذًا قِسْمَةٌ ضِيزَىٰ
එසේ නම් එය අසාධාරණ බෙදීමකි.
إِنْ هِيَ إِلَّا أَسْمَاءٌ سَمَّيْتُمُوهَا أَنتُمْ وَآبَاؤُكُم مَّا أَنزَلَ اللَّهُ بِهَا مِن سُلْطَانٍ ۚ إِن يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَمَا تَهْوَى الْأَنفُسُ ۖ وَلَقَدْ جَاءَهُم مِّن رَّبِّهِمُ الْهُدَىٰ
ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් නම් කළ නාමයන් මිස නැත. ඒවා( දෙවිවරුන් බව)ට කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුනට යහමග පැමිණ තිබියදීත් ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස (වෙනෙකක්) අනුගමනය නොකරති.
أَمْ لِلْإِنسَانِ مَا تَمَنَّىٰ
නැතහොත් (ප්රතික්ෂේපක) මිනිසාට තමා පැතූ දෑ හිමි වේ ද?
9මිථ්යා දෘෂ්ටිකයින් මෙම පිළිමයන් තමන් හා අල්ලාහ් අතර මැදිහත්කරුවන් ලෙස කි්රයාකරන බවට විශ්වාස කළෝය. මෙම ආයතයෙහි ‘පැතූ දෑ’ යනුවෙන් අදහස් කරනුයේ මෙයයි. මෙම ආයතයෙහි ඔවුන්ගේ එම විශ්වාසය පුහු බලාපොරොත්තුවක් බව සඳහන් කර ඇත.
فَلِلَّهِ الْآخِرَةُ وَالْأُولَىٰ
(නැත.) මක්නිසාද යත් මතු ලොව හා මෙලොව අල්ලාහ්ටම හිමි ය.
وَكَم مِّن مَّلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِن بَعْدِ أَن يَأْذَنَ اللَّهُ لِمَن يَشَاءُ وَيَرْضَىٰ
අහස්හි කෙතරම් මලක්වරුන් වෙත් ද? ඔවුන්ගේ මැදිහත් වීම (වුවද) අල්ලාහ් අභිමත කළ අයට හා ඔහු තෘප්තියට පත් අය සඳහා අනුමැතිය දීමෙන් පසුව මිස (අන් කිසිවිටෙක) කිසිඳු ප්රයෝජනයක් නොදෙන්නේය.
إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ لَيُسَمُّونَ الْمَلَائِكَةَ تَسْمِيَةَ الْأُنثَىٰ
සැබැවින්ම මතු ලොව පිළිබඳව විශ්වාස නොකරන්නන් මලක්වරුන්ට ස්ත්රී නාමයෙන් නම් කරති.
وَمَا لَهُم بِهِ مِنْ عِلْمٍ ۖ إِن يَتَّبِعُونَ إِلَّا الظَّنَّ ۖ وَإِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا
තවද ඒ පිළිබඳව ඔවුනට (කිසිඳු) දැනුමක් නැත. ඔවුන් අනුමානය මිස (වෙනකක්) අනුගමනය නොකරති. තවද සැබැවින්ම අනුමානය සත්ය( විෂ)යෙහි කිසිදු ප්රයෝජනයක් ලබා නොදෙන්නේය.
فَأَعْرِضْ عَن مَّن تَوَلَّىٰ عَن ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا الْحَيَاةَ الدُّنْيَا
එබැවින් (නබිවරය,) කවරෙකු අපගේ උපදෙස පිටුපා යන්නේ ද තවද මෙලොව ජීවිතය මිස (අන් කිසිවක්) අපේක්ෂා නොකරන්නේ ද ඔහු පිළිබඳව නොසලකා හරිවු.
ذَٰلِكَ مَبْلَغُهُم مِّنَ الْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِمَنِ اهْتَدَىٰ
එය ඔවුන්ගේ දැනුමේ අවසානයයි. සැබැවින්ම නුඹගේ පරමාධිපති, ඔහු තම මාර්ගයෙන් මුළා වූයේ කවරෙකු දැයි මැනවින් දන්නාය. තවද යහමග ලැබුවේ කවරෙකු දැයි ද ඔහු මැනවින් දන්නාය.
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ لِيَجْزِيَ الَّذِينَ أَسَاءُوا بِمَا عَمِلُوا وَيَجْزِيَ الَّذِينَ أَحْسَنُوا بِالْحُسْنَى
තවද අහස්හි ඇති දෑ ද මිහිතලයෙහි ඇති දෑ ද අල්ලාහ් සතුය. (එබැවින්) නපුරුකම් කළවුනට ඔවුන් කළ දෑ හේතුවෙන් ඔහු ප්රතිවිපාක දෙනු පිණිසය. තවද යහ දෑ කළවුනට ඔහු යහ ප්රතිඵල දෙනු පිණිසය.
الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنشَأَكُم مِّنَ الْأَرْضِ وَإِذْ أَنتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ ۖ فَلَا تُزَكُّوا أَنفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَىٰ
(ඔවුන්) කවුරුන්දයත් (පාපයන්ගෙන්) අල්ප දෑ හැර මහා පාපයන්ගෙන් හා අශික්ෂිත දෑ වලින් වැළකෙන්නන්ය. සැබැවින්ම නුඹගේ පරමාධිපති සමාව දීමෙහි අති මහත්ය. මිහිතලයෙන් නුඹලාව ඔහු නිර්මාණය කළ අවස්ථාවේ සිටම හා නුඹලාගේ මව්වරුන්ගේ කුස තුළ කලලයන් ලෙස නුඹලා සිටින අවස්ථාවේ සිටම ඔහු නුඹලා පිළිබඳව මැනවින් දන්නාය. එබැවින් නුඹලා නුඹලාවම (ශුද්ධවන්තයින් යැයි) පිවිතුරු කර නොගනිවු. බිය භක්තිකයින් කවුරුන්දැ?’යි ඔහු මැනවින් දන්නාය.
10මෙම ආයතයෙහි සඳහන් වී ඇති වචනය නම් ‘ලමම්’ වේ. එනම් නොසැලකිල්ලෙන් කෙනෙකු විසින් කරනු ලබන පාපයක් හෝ පසුතැවිල්ලෙන් කරන පාපයක් හෝ වේ.
أَفَرَأَيْتَ الَّذِي تَوَلَّىٰ
(නබිවරය,) කවරෙකු (සත්යයෙන්) පිටුපාන්නේ ද ඔහුව නුඹ දුටුවෙහි ද?
وَأَعْطَىٰ قَلِيلًا وَأَكْدَىٰ
ඔහු ස්වල්පයක් ලබා දී වළකා ගත්තේය.
11එක් වාර්තාවක සඳහන් වී ඇති අයුරින් මෙයින් අදහස් කරන්නේ ‘වලීද්’ නමින් ප්රචලිත පුද්ගලයකු පිළිබඳවය. ඔහු ඉස්ලාමයට නැඹුරු වනු දුටු ඔහුගේ ඇතැම් ප්රතික්ෂේපක මිතුරන් මේ ගැන ඔහුගෙන් විමසුවෝය. අල්ලාහ්ගේ සත්යය මග පිළි නොගතහොත් අල්ලාහ් ඔහුව දඬුවම් කරනු ඇත යැයි බියෙන් ඔහු ඉස්ලාමය වැලඳ ගන්නට පතන්නේ යැයි ඔහු පිළිතුරු දුන්නේය. අල්ලාහ්ගේ දඬුවම වෙනුවෙන් තමන්ට මුදල් වන්දි වශයෙන් දුන්නේ නම් එම දඬුවම තමන් බාර ගන්නා මෙන් ඔහුගේ මිතුරන් මොහුට පැවසුවෝය. එය පිළිගත් වලීද් කෙටි කලක් ඔවුන්ට මුදල් දී පසුව එය නවතා ගත්තේය.
أَعِندَهُ عِلْمُ الْغَيْبِ فَهُوَ يَرَىٰ
(ඔහු විශ්වාස කළ දෑ සත්ය යැයි) ඔහු දකින්නට ඔහු අබියස ගුප්ත දෑ පිළිබඳව ඥානය තිබෙන්නේ ද?
أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِي صُحُفِ مُوسَىٰ
නැතහොත් (අල්ලාහ්ගේ නියෝගයන්) සම්පූර්ණයෙන්ම ඉටු කළ ඉබ්රාහීම්ගේ හා තවද මූසාගේ ලේඛනයන්හි ඇති දෑ පිළිබඳව ඔහුට දැනුම් දෙනු නොලැබුවේ ද?
وَإِبْرَاهِيمَ الَّذِي وَفَّىٰ
නැතහොත් (අල්ලාහ්ගේ නියෝගයන්) සම්පූර්ණයෙන්ම ඉටු කළ ඉබ්රාහීම්ගේ හා තවද මූසාගේ ලේඛනයන්හි ඇති දෑ පිළිබඳව ඔහුට දැනුම් දෙනු නොලැබුවේ ද?
أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ
(එනම් තම පාපයේ) බර උසුලන්නෙකු වෙනෙකෙකුගේ (පාපයේ) බර නොඋසුලන්නේය.
وَأَن لَّيْسَ لِلْإِنسَانِ إِلَّا مَا سَعَىٰ
තවද මිනිසාට ඔහු වෑයම් කළ දෑ හැර වෙනෙකක් නැත.
وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرَىٰ
තවද ඔහුගේ වෑයම මතු දක්නට ලැබේ.
ثُمَّ يُجْزَاهُ الْجَزَاءَ الْأَوْفَىٰ
පසුව පූර්ණවත් ප්රතිඵල ඔහුට ප්රතිඵල වශයෙන් දෙනු ලබන්නේය.
وَأَنَّ إِلَىٰ رَبِّكَ الْمُنتَهَىٰ
තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති වෙතමය (සියල්ලන්ගේ) අවසානය ඇත්තේ.
وَأَنَّهُ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ
තවද සැබැවින්ම සිනස්වන්නේ ද හඬවන්නේ ද ඔහුමය.
وَأَنَّهُ هُوَ أَمَاتَ وَأَحْيَا
තවද සැබැවින්ම මරණයට පත් කරන්නේ ද ජීවය ලබා දෙන්නේ ද ඔහුමය.
وَأَنَّهُ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنثَىٰ
තවද සැබැවින්ම ඔහු ස්ත්රී පුරුෂ යුගල මැව්වේ.
مِن نُّطْفَةٍ إِذَا تُمْنَىٰ
ශුක්රාණු බිඳුවෙන්ය. එය (ගර්භාෂය තුළට) විමෝචනය කරනු ලැබූ අවස්ථාවෙහිය.
وَأَنَّ عَلَيْهِ النَّشْأَةَ الْأُخْرَىٰ
තවද (විනිශ්චය දින) සැබැවින්ම මතු නිර්මාණය ද ඔහු කෙරෙහිය.
وَأَنَّهُ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ
තවද සැබැවින්ම පොහොසත් කරවන්නේ ද තෘප්තියට පත් කරවන්නේ ද ඔහුමය.
وَأَنَّهُ هُوَ رَبُّ الشِّعْرَىٰ
තවද සැබැවින්ම ෂිඃරාවෙහි පරමාධිපති ද ඔහුමය.
12‘ෂිඃරා’ යනු එකල මිථ්යා දෘෂ්ටිකයින් දෙවියන් යැයි සැලකූ තරුවකි. එය දෙවියන් නොවන බව පෙන්වා දෙමින් එහි නිර්මාතෘ හා පරමාධිපති අල්ලාහ් යැයි මෙයින් විග්රහ කෙරෙයි.
وَأَنَّهُ أَهْلَكَ عَادًا الْأُولَىٰ
තවද සැබැවින්ම ඔහු පෙර විසූ ආද් ජනයා විනාශ කළේය.