اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ
(ලොව අවසන්) හෝරාව සමීප විය. තවද චන්ද්රයා ද පැළී ගියේය.
1මක්කාවෙහි සිටි මිථ්යා දෘෂ්ටිකයින්තමන්ට ප්රාතිහාර්යයක් පෙන්වන ලෙස නබි මුහම්මද් තුමාණන්ගෙන් ඉල්ලා සිටියේය. එවිට ඔහු අල්ලාහ්ගෙන් අයැදීමෙන් අනතුරුව චන්ද්රයා දෙකට පැළී යෑම ඔවුනට පෙන්වූයේය. මෙය නබි තුමාණන්ට අල්ලාහ් විසින් ලබා දුන් ප්රාතිහාර්යයන් තුළින් එකකි. නමුත් ඔවුහු එය පිළිනොගෙන එය හූනියමක් යැයි පැවසුවෝය. එකල මක්කාවෙන් දුරස්ථව විසූ අයද මෙම ප්රාතිහාර්යය දුටු බවට සහතික කර ඇත.
وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُّسْتَمِرٌّ
තවද ඔවුහු සංඥාවක් දුටු විට (එයට) ඔවුන් පිටුපා “අනිත්ය වූ හූනියමක්” යැයි පවසති.
وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ
තවද ඔවුහු අසත්යය කර, ඔවුන්ගේ මනෝ ඉච්ඡාවන් අනුගමනය කළහ. නමුත් සෑම කරුණක්ම (එහි නියමිත කාලය පැමිණි විට) නිරවුල් වන්නකි.
وَلَقَدْ جَاءَهُم مِّنَ الْأَنبَاءِ مَا فِيهِ مُزْدَجَرٌ
සැබැවින්ම ඔවුන් වෙත (අතීතයේ සිදු වූ) පුවත් අතුරින් එහි ඇති අවවාද කර වළක්වාලන දෑ(පුවත්) පැමිණ ඇත.
حِكْمَةٌ بَالِغَةٌ ۖ فَمَا تُغْنِ النُّذُرُ
(එය) පරිපූර්ණ ප්රඥාවකි. නමුත් අවවාද කරන දෑ (ඔවුනට) ප්රයෝජනයක් නොදෙන්නේය.
فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ الدَّاعِ إِلَىٰ شَيْءٍ نُّكُرٍ
එබැවින් (නබිවරය,) ඔවුන්ව නුඹ නොසලකා හරිවු. (හදවත්) පිළිකුල් කරන කරුණක් (වන විනිශ්චය) වෙත කැඳවන්නෙකු කැඳවන දින,
خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُّنتَشِرٌ
ඔවුන්ගේ බැල්ම (අවමානයෙන්) පහත හෙළී තිබියදී ඔවුන් පැතිර සිටින පළගැටියන් මෙන් කැඳවන්නා දෙසට ශීඝ්රයෙන් පැමිණෙන්නන් ලෙස මිනී වළවල් වලින් එළියට එනු ඇත. (එදින) ප්රතික්ෂේපකයින් “මෙය දුෂ්කර දිනයකි” යැයි පවසනු ඇත.
مُّهْطِعِينَ إِلَى الدَّاعِ ۖ يَقُولُ الْكَافِرُونَ هَـٰذَا يَوْمٌ عَسِرٌ
ඔවුන්ගේ බැල්ම (අවමානයෙන්) පහත හෙළී තිබියදී ඔවුන් පැතිර සිටින පළගැටියන් මෙන් කැඳවන්නා දෙසට ශීඝ්රයෙන් පැමිණෙන්නන් ලෙස මිනී වළවල් වලින් එළියට එනු ඇත. (එදින) ප්රතික්ෂේපකයින් “මෙය දුෂ්කර දිනයකි” යැයි පවසනු ඇත.
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ
ඔවුනට පෙර නුහ්ගේ ජනයා අසත්යය කළෝය. එනම් ඔවුන් අපගේ ගැත්තාව(නූහ්ව) අසත්යය කොට (ඔහුට) “උන්මත්තකයා” යැයි පැවසුවෝය. තවද ඔහු තර්ජනය කරනු ලැබුවේය.
فَدَعَا رَبَّهُ أَنِّي مَغْلُوبٌ فَانتَصِرْ
එවිට ඔහු තම පරමාධිපතිගෙන් “සැබැවින්ම මා (ප්රතික්ෂේපකයින් විසින්) ඉක්මවනු ලැබුවෙමි. එබැවින් (ඔවුනට එරෙහිව මා හට) උදව් කරනු මැනව!” යැයි ඇයැද සිටියේය.
فَفَتَحْنَا أَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُّنْهَمِرٍ
පසුව අපි ඇදහැලෙන (ධාරානිපාත වැසි) ජලය මගින් අහස් දොරටු විවෘත කළෙමු.
وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاءُ عَلَىٰ أَمْرٍ قَدْ قُدِرَ
තවද අපි මිහිතලය උල්පත් වලින් පුපුරුවා හැරියෙමු. නියම කරනු ලැබූ කරුණක් සඳහා (වැසි හා උල්පත්) ජලය (එකිනෙකට) හමු විය.
وَحَمَلْنَاهُ عَلَىٰ ذَاتِ أَلْوَاحٍ وَدُسُرٍ
තවද ලෑලි හා ඇණ සහිත දැයෙහි(නැවෙහි) අපි ඔහුව නැංවූයෙමු.
تَجْرِي بِأَعْيُنِنَا جَزَاءً لِّمَن كَانَ كُفِرَ
එය අපගේ අධීක්ෂණය යටතේ යාත්රා කළේය. (මෙසේ අප සිදු කළේ) ප්රතික්ෂේපයට ලක් වූ තැනැත්තා(නූහ්) සඳහා වූ ප්රතිඵලයක් ලෙසය.
وَلَقَد تَّرَكْنَاهَا آيَةً فَهَلْ مِن مُّدَّكِرٍ
තවද සැබැවින්ම අපි එය(එම නැව) සංඥාවක් ලෙස අත හැර තැබුවෙමු. එබැවින් (එයින්) උපදෙස් ලබන්නෙක් සිටිත් ද?
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ
එබැවින් මාගේ දඬුවම හා අවවාද කෙසේ වී ද?
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
තවද සැබැවින්ම උපදෙස් ලබනු පිණිස අල් කුර්ආනය අපි පහසු කර ඇත්තෙමු. එබැවින් (එයින්) උපදෙස් ලබන්නෙක් සිටිත් ද?
كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ
ආද් (ජනයා ද එය) අසත්යය කළෝ ය. එබැවින් මාගේ දඬුවම හා අවවාද කෙසේ වී ද?
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي يَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّ
සැබැවින්ම අපි ඔවුන් වෙත නිරන්තර දුර්භාග්ය දිනයක දැඩි සුළි සුළඟක් එව්වෙමු.
2මෙහි ‘නිරන්තර දුර්භාග්යය’ යනු ඔවුන්ට ඇති වූ දඬුවම මරණයෙන් අවසන් නොවන අතර එය ඔවුන්ගේ මිනීවළ වල් හි ද ඉන්පසු ඇති නිරයෙ හි ද පවතී යන්නයි.
تَنزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُّنقَعِرٍ
එය මිනිසුන්ව උදුරා විසි කළේය. සැබැවින්ම ඔවුහු මුලිනුදුරන ලද ඉඳි ගස් කඳන් මෙන් වූහ.
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ
එබැවින් මාගේ දඬුවම හා අවවාද කෙසේ වී ද?
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
තවද සැබැවින්ම උපදෙස් ලබනු පිණිස අල් කුර්ආනය අපි පහසු කර ඇත්තෙමු. එබැවින් (එයින්) උපදෙස් ලබන්නෙක් සිටිත් ද?
كَذَّبَتْ ثَمُودُ بِالنُّذُرِ
සමූද් (ජනයා ද) අවවාද කරන්නන්ව(රසූල්වරුන්ව) අසත්යය කළෝය.
3වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 91:13 පාද සටහන බලන්න.
فَقَالُوا أَبَشَرًا مِّنَّا وَاحِدًا نَّتَّبِعُهُ إِنَّا إِذًا لَّفِي ضَلَالٍ وَسُعُرٍ
එබැවින් “අපි අනුගමනය කළ යුත්තේ අපගෙන්ම වූ එක් මිනිසෙකුව ද? එසේ නම් සැබැවින්ම අපි මුළාවෙහි ද උමතුවෙහි ද පසුවන්නෙමු” යැයි ඔවුහු පැවසූහ.
4මෙහි මිනිසෙක් යනුවෙන් ආමන්ත්රණය වන්නේ නබි සාලිහ් තුමාණන්ය.
أَأُلْقِيَ الذِّكْرُ عَلَيْهِ مِن بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ
“අප අතුරින් ඔහු කෙරෙහි ද උපදෙස පහළ කරනු ලැබුවේ? නැත, ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.” (යැයි ද පැවසූහ.)
سَيَعْلَمُونَ غَدًا مَّنِ الْكَذَّابُ الْأَشِرُ
ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවරෙකු දැ’යි හෙට දින ඔවුහු දැන ගනු ඇත.
إِنَّا مُرْسِلُو النَّاقَةِ فِتْنَةً لَّهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ
සැබැවින්ම ඔවුනට පරීක්ෂණයක් ලෙස අපි ඔටුදෙන (ඔවුන් වෙත) යවන්නෙමු. එබැවින් (සාලිහ්,) නුඹ ඔවුන්ව බලා සිටිවු. තවද ඉවසිල්ලෙන් සිටිවු.
5මෙම සිදුවීම පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:73 හි පාද සටහන බලන්න.
وَنَبِّئْهُمْ أَنَّ الْمَاءَ قِسْمَةٌ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍ مُّحْتَضَرٌ
තවද ‘ජලය ඔවුන් (හා ඔටුදෙන) අතර බෙදා දී ඇත. එකිනෙකාගේ (ජලය) පානය කිරීමේ අයිතිය (වතාවෙන් වතාවට) පැමිණීම (ස්ථාපිත) විය යුතුය’. යැයි ඔවුනට දන්වවු.
فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ
පසුව ඔවුහු (ඔටුදෙන ඝාතනය කිරීම සඳහා) ඔවුන්ගේ සගයා කැඳෙව්වෝය. එබැවින් ඔහු (එම) වගකීම ගෙන (උගේ) ගෙල සිඳ දැමුවේය.
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ
එබැවින් මාගේ දඬුවම හා අවවාද කෙසේ වී ද?
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَاحِدَةً فَكَانُوا كَهَشِيمِ الْمُحْتَظِرِ
සැබැවින්ම අපි ඔවුන් වෙත එක් (භයානක) මොර දීමේ හඬක් එව්වෙමු. එසැණින් ඔවුන් සත්ව ගාලක වියළි ඉපනැලි මෙන් පත් වූහ.
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
තවද සැබැවින්ම උපදෙස් ලබනු පිණිස අල් කුර්ආනය අපි පහසු කළෙමු. එබැවින් (එයින්) උපදෙස් ලබන්නෙක් සිටිත් ද?
كَذَّبَتْ قَوْمُ لُوطٍ بِالنُّذُرِ
ලූත්ගේ ජනයා (ද) අවවාද කරන්නන්ව(රසූල්වරුන්ව) අසත්යය කළෝය.
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّا آلَ لُوطٍ ۖ نَّجَّيْنَاهُم بِسَحَرٍ
සැබැවින්ම අපි (ප්රතික්ෂේප කළ) ඔවුනට ගල් වර්ෂාවක් එව්වෙමු. (නමුත්) ලූත්ගේ පවුල(ට) හැර, අපි මොවුන්ව සහර් වේලාවෙහි මුදවා ගත්තෙමු.
6අල් කුර්ආන් 51:18 හි පාද සටහන බලන්න.
نِّعْمَةً مِّنْ عِندِنَا ۚ كَذَٰلِكَ نَجْزِي مَن شَكَرَ
(එය) අපගෙන් වූ දායාදයක් වශයෙනි. කෘතවේදීවන්නාට මෙලෙසය අප ප්රතිඵල ලබා දෙනුයේ.
وَلَقَدْ أَنذَرَهُم بَطْشَتَنَا فَتَمَارَوْا بِالنُّذُرِ
අපගේ ග්රහණය පිළිබඳව ඔහු ඔවුන්ට අවවාද කළේය. නමුත් ඔවුහු අවවාදය පිළිබඳව එකිනෙකා අතර තර්ක කර ගත්හ.
وَلَقَدْ رَاوَدُوهُ عَن ضَيْفِهِ فَطَمَسْنَا أَعْيُنَهُمْ فَذُوقُوا عَذَابِي وَنُذُرِ
සැබැවින්ම ඔහුගේ ආගන්තුකයින්ව (කාමයේ වරදට) ඔහුගෙන් ඔවුන් බලයෙන් ඉල්ලා සිටියෝය. එසැණින් අපි ඔවුන්ගේ දෑස් අන්ධ කළෙමු. එබැවින් (දැන්) “මාගේ දඬුවම හා මාගේ අවවාද නුඹලා රස විඳිවු.” (යැයි අපි ඔවුනට පැවසුවෙමු.)
7මෙම සිදුවීම පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 11:69-86 යන ආයතයන් බලන්න.
وَلَقَدْ صَبَّحَهُم بُكْرَةً عَذَابٌ مُّسْتَقِرٌّ
සැබැවින්ම නිත්ය දඬුවම ඔවුන්ව අලුයමෙහි ග්රහණය කර ගත්තේය.
فَذُوقُوا عَذَابِي وَنُذُرِ
එබැවින් මාගේ දඬුවම හා මාගේ අවවාද නුඹලා රස විඳිවු.
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
තවද සැබැවින්ම උපදෙස් ලබනු පිණිස අල් කුර්ආනය අපි පහසු කළෙමු. එබැවින් (එයින්) උපදෙස් ලබන්නෙක් සිටිත් ද?
وَلَقَدْ جَاءَ آلَ فِرْعَوْنَ النُّذُرُ
තවද සැබැවින්ම ෆිර්අවුන්ගේ පිරිසට ද අවවාද කරන්නන් (වන රසූල්වරුන්) පැමිණියේය.
كَذَّبُوا بِآيَاتِنَا كُلِّهَا فَأَخَذْنَاهُمْ أَخْذَ عَزِيزٍ مُّقْتَدِرٍ
(නමුත්) අපගේ සංඥාවන් සියල්ලම ඔවුන් අසත්යය කළෝය. එබැවින් සර්ව බලසම්පන්න. සර්ව බලධාරියෙකුගේ ග්රහණයක් වශයෙන් ඔවුන්ව අපි ග්රහණය කළෙමු.
أَكُفَّارُكُمْ خَيْرٌ مِّنْ أُولَـٰئِكُمْ أَمْ لَكُم بَرَاءَةٌ فِي الزُّبُرِ
ඔවුනට වඩා නුඹලාගේ ප්රතික්ෂේපකයෝ ශ්රේෂ්ඨ ද? නැතහොත් (පෙර) ධර්ම පුස්තකයන්හි නුඹලාට (දඬුවමින්) මිදීමක් (ප්රකාශ වී) තිබේ ද?
أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُّنتَصِرٌ
එසේ නොමැතිනම් “අපි උපකාර ලබන (ජයග්රාහී) පිරිසක් වන්නෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?
سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ
මෙම පිරිස මතු පරාජය කරනු ලබති. තවද ඔවුහු පසුපස හැරී පලා යති.
8මෙහි සඳහන් වන්නේ කුරෙයිෂ් ගෝත්රයේ ඇතැම් ප්රතික්ෂේපක ප්රගතීන් පරාජයට පත් වේ යන අනාවැකියයි. බද්ර් සටනේදී මෙහි සත්යතාව හෙළි විය.
بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ
නමුත් (ලොව අවසන් වන) එම හෝරාව ඔවුනට ප්රතිඥා දෙනු ලැබූවකි. එම හෝරාව දැඩි ඛේද ජනකය. එමෙන්ම ඉතා තිත්තය.
إِنَّ الْمُجْرِمِينَ فِي ضَلَالٍ وَسُعُرٍ
සැබැවින්ම වැරදිකරුවන් මුළාවෙහි හා උමතුවෙහිය.
يَوْمَ يُسْحَبُونَ فِي النَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا مَسَّ سَقَرَ
මුණින් අතට ඔවුන්ව නිරයට ඇදගෙන යනු ලබන දින “නිරයේ පහස විඳිවු” (යැයි ඔවුනට පවසනු ලැබේ.)
إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ
සැබැවින්ම සෑම දෙයක්ම (පූර්ව සැලසුම් කළ) ප්රමාණයට අනුව අපි ඒවා මවා ඇත්තෙමු.
وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ
තවද අපගේ නියෝගය (කි්රයාත්මක වීම) ඇසිපිය ගසන්නාක් මෙන් (ක්ෂණිකව සිදු වන) එකක් මිස නැත.