وَالطُّورِ
තූර්(කන්ද) මත දිවුරමින්.
1’තූර්’ යනු සුර්යානි භාෂා පදයකි. එහි අර්ථය කන්ද වන අතර මෙම ආයතයෙහි සඳහන් වන්නේ නබි මූසා තුමාණන් අල්ලාහ් සමග කථා කළ ස්ථානයයි.
وَكِتَابٍ مَّسْطُورٍ
තවද දිග හරින ලද ලේඛනයෙහි ලියන ලද ග්රන්ථය මත දිවුරමින්.
2දිග හරින ලද ලේඛනය නම් ලව්හුල් මහ්ෆූල් නම් ඵලකය වේ. ලියන ලද ග්රන්ථය යනු අල් කුර්ආනය ඇතුළුව අල්ලාහ් විසින් පහළ කරන ලද දේව ග්රන්ථ හෝ සෑම පුද්ගලයෙකුම ලොවෙහි කරන්නා වූ ක්රියා සටහන් ලේඛනය වේ.
فِي رَقٍّ مَّنشُورٍ
තවද දිග හරින ලද ලේඛනයෙහි ලියන ලද ග්රන්ථය මත දිවුරමින්.
وَالْبَيْتِ الْمَعْمُورِ
තවද බයිතුල් මඃමූර් මත දිවුරමින්.
3‘බයිතුල් මඃමූර්’ යනු කඃබාවට ඍජුව ඉහළ අහසේ ඇති මලක්වරුන් නැමදුම් කරන ස්ථානයකි.
وَالسَّقْفِ الْمَرْفُوعِ
තවද ඔසවන ලද (අහස් )වියන මත දිවුරමින්.
وَالْبَحْرِ الْمَسْجُورِ
(ඇවිළී) උතුරනු ලැබූ මුහුද මත දිවුරමින්.
4වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 81:6 වැනි ආයතයට අදාළ පාද සටහන බලන්න.
إِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ
සැබැවින්ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම සිදුවන්නේමය.
مَّا لَهُ مِن دَافِعٍ
එය වළක්වන්නෙකු නැත.
يَوْمَ تَمُورُ السَّمَاءُ مَوْرًا
අහස (කම්පනය වී) දැඩි භ්රමණයකින් භ්රමණය වන දින.
وَتَسِيرُ الْجِبَالُ سَيْرًا
තවද කඳු (තිබූ තැනින්) දැඩි ඉවත් වීමකින් ඉවත් වී යනු ඇත.
فَوَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
එවිට එදින අසත්යය කරන්නන්ට විනාශය අත් වනු ඇත!
الَّذِينَ هُمْ فِي خَوْضٍ يَلْعَبُونَ
ඔවුන් නිෂ්ඵල දෑහි(කතාවන්හි) ගිලී කෙළිලොල් කරමින් සිටිති.
يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا
නිරා ගින්නට දැඩි තල්ලු කිරීමකින් තල්ලු කරනු ලබන දින.
هَـٰذِهِ النَّارُ الَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ
“මෙය නුඹලා කවර දෙයක් අසත්ය කරමින් සිටියෙහු ද එම (නිරා) ගින්නයි.
أَفَسِحْرٌ هَـٰذَا أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ
එබැවින් හූනියමක් ද මෙය. නැතහොත් නුඹලා (එය) නිරීක්ෂණය නොකරන්නෙහි ද?
اصْلَوْهَا فَاصْبِرُوا أَوْ لَا تَصْبِرُوا سَوَاءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ
එහි නුඹලා පිවිස දැවෙවු. එවිට ඉවසා දරා ගනිවු. නැතහොත් ඉවසා දරා නොගනිවු. (ඒ දෙකම) නුඹලාට එක හා සමානය. නුඹලාට ප්රතිඵල දෙනු ලබනුයේ (ලොවෙහි) නුඹලා කරමින් සිටි දැයටමය.” (යැයි ඔවුනට පවසනු ලැබේ.)
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَعِيمٍ
සැබැවින්ම බිය භක්තිකයින් ඔවුන්ගේ පරමාධිපති ඔවුනට ප්රදානය කළ දෑ ප්රීතියෙන් භුක්ති විඳිමින් (ස්වර්ග) උයන්හි හා පූර්ණ සොම්නසෙහි වෙති. තවද ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ව නිරයේ දඬුවමින් ආරක්ෂා කළේය.
فَاكِهِينَ بِمَا آتَاهُمْ رَبُّهُمْ وَوَقَاهُمْ رَبُّهُمْ عَذَابَ الْجَحِيمِ
සැබැවින්ම බිය භක්තිකයින් ඔවුන්ගේ පරමාධිපති ඔවුනට ප්රදානය කළ දෑ ප්රීතියෙන් භුක්ති විඳිමින් (ස්වර්ග) උයන්හි හා පූර්ණ සොම්නසෙහි වෙති. තවද ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ව නිරයේ දඬුවමින් ආරක්ෂා කළේය.
كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنتُمْ تَعْمَلُونَ
‘(ලෞකික ජීවිතයේ) නුඹලා කරමින් සිටි දෑ හේතුවෙන් පෙළට තබන ලද කවිච්චි වල ඇල වී සිටිමින් නුඹලා ප්රීතියෙන් අනුභව කරවු. පානය කරවු’ (යැයි ස්වර්ගයෙහි දී පවසනු ලැබේ.) තවද අපි ඔවුනට හූරුන්ඊන් විවාහ කර දෙන්නෙමු.
5දැකුම්කලු නෙත් පින වන පබසර කැලුම් දිවෙන නෙතින් යුත් ස්වර්ග කන්යාවන්.
مُتَّكِئِينَ عَلَىٰ سُرُرٍ مَّصْفُوفَةٍ ۖ وَزَوَّجْنَاهُم بِحُورٍ عِينٍ
‘(ලෞකික ජීවිතයේ) නුඹලා කරමින් සිටි දෑ හේතුවෙන් පෙළට තබන ලද කවිච්චි වල ඇල වී සිටිමින් නුඹලා ප්රීතියෙන් අනුභව කරවු. පානය කරවු’ (යැයි ස්වර්ගයෙහි දී පවසනු ලැබේ.) තවද අපි ඔවුනට හූරුන්ඊන් විවාහ කර දෙන්නෙමු.
وَالَّذِينَ آمَنُوا وَاتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَانٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَا أَلَتْنَاهُم مِّنْ عَمَلِهِم مِّن شَيْءٍ ۚ كُلُّ امْرِئٍ بِمَا كَسَبَ رَهِينٌ
තවද විශ්වාස කළවුන් ද විශ්වාසයෙන් ඔවුන්ව අනුගමනය කළ ඔවුන්ගේ පරපුර ද, අප ඔවුන්ව ඔවුන්ගේ පරපුර සමග එකතු කරන්නෙමු. තවද ඔවුන්ගේ ක්රියාවෙන් කිසිවක් අපි ඔවුනට අඩු නොකරන්නෙමු. සෑම කෙනෙකුම තමන් උපයා ගත් දෑට ඇපය.
6සිල්වත් කෙනෙකුගේ දරුවන් අල්ලාහ්ව විශ්වාස කර නමුත් ස්වර්ගයේ තම පියාගේ උසස් තත්වයන්ට යන තරම් යහ ක්රියා ඔහු කර නොතිබුණ ද අල්ලාහ් තම කරුණාවෙන් ඔහුව තම පියාගේ තත්වයට උසස් කරන්නේය. එනමුත් පියාගේ කුලියෙන් කිසිවක් අඩු කරනු නොලැබේ. මෙම වැකියේ අවසානයේ දී ‘සෑම කෙනෙකුම තමා කළ දෑට ඇපය’ යැයි ද සඳහන් වී ඇත. එනම් සිල්වත් පියෙකුගේ කුසලෙහි ප්රයෝජනය තම පුත්රයාට ලැබෙන්නාක් මෙන් ඔහුගේ පාපයේ විපාකය ද ඔහුට හිමිවේදෝ යන වැරදි වැටහීම තුරන් කිරීම පිණිස එසේ සඳහන් වී ඇත.
وَأَمْدَدْنَاهُم بِفَاكِهَةٍ وَلَحْمٍ مِّمَّا يَشْتَهُونَ
තවද පලතුරු වලින්ද මාංශ වලින් ද ඔවුන් රුචි කරන දෑ ඔවුනට අපි සපයන්නෙමු.
يَتَنَازَعُونَ فِيهَا كَأْسًا لَّا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ
එහි ඔවුන් එකිනෙකා (මිතුරුකමින් මිදි පැන්) ගුරුලේත්තු උදුරා ගනිති. එහි අනවශ්ය කතා ද නැත. (එමෙන්ම) පාපය ඇති කරවන්නක් ද නැත.
وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُونٌ
ඔවුනට හිමි උපස්ථායික කොලුවන් ඔවුන් වටා එන්නෝය. සැබැවින්ම ඔවුන් (බෙලිකටු තුළ) සඟවනු ලැබූ මුතු මෙන් වෙති.
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ
තවද ඔවුන් එකිනෙකා (මෙලොව ජීවිතය පිළිබඳව) විමසා ගනිමින් ඔවුන්ගෙන් සමහරු තවත් සමහරුන්ව මුණ ගැසෙති.
قَالُوا إِنَّا كُنَّا قَبْلُ فِي أَهْلِنَا مُشْفِقِينَ
“සැබැවින්ම අපි මීට පෙර අපගේ පවුලෙහි (සිටියදී අල්ලාහ්ගේ දඬුවම පිළිබඳව) බියට පත්වන්නන්ව සිටියෙමු.” යැයි ඔවුහු පවසති.
فَمَنَّ اللَّهُ عَلَيْنَا وَوَقَانَا عَذَابَ السَّمُومِ
“එවිට අල්ලාහ් අප හට (පාපක්ෂමාව) දායාද කළේය. තවද දැඩි ගින්නේ දඬුවමින් අපව ඔහු ආරක්ෂා කළේය.
إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُ هُوَ الْبَرُّ الرَّحِيمُ
සැබැවින්ම අපි මීට පෙර ඔහුගෙන් අයැදිමින් සිටියෙමු. සැබැවින්ම ඔහුමය පරම කරුණාභරිත ත්යාගශීලී වන්නේ.” (යැයි ද ඔවුහු පවසති.)
فَذَكِّرْ فَمَا أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ
එබැවින් (නබිවරය,) නුඹ සිහිපත් කරවු. නුඹගේ පරමාධිපතිගේ භාග්යය හේතුවෙන් නුඹ හූනියම්කරුවෙකු හෝ උන්මත්තයෙකු නොවන්නෙහිය.
أَمْ يَقُولُونَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهِ رَيْبَ الْمَنُونِ
නැතහොත් “(මොහු) කවියෙකි. මොහුට කාලයාගේ මරණය සිදු වේ යැයි අපි බලාපොරෙත්තු වන්නෙමු”යි ඔවුහු පවසන්නෙහු ද?
7“කවියන් තම මරණින් පසුව ඔවුන් හා සම්බන්ධ සියළු තොරතුරු මැකී ගියාක් මෙන් නබි මුහම්මද් තුමාණන් එක් කවියෙකු හෙයින් මොහු මරණයට පත් වූ පසුව ද මොහුගේ දූත මෙහෙයුම මැකී යනු ඇත. මොහුගේ මරණින්ම මොහු අසත්යයට පත් වනු ඇත. එහෙයින් ඒ සඳහා අප කිසිදු උත්සහයක් දැරිය යුතු නොවේ යැයි කුරෙයිෂිවරුන්ගේ ඇතැම් නායකයින් කතාබහ කර ගත්තෝය. මෙම වැකිය පහළ වූයේ මෙම සිදධිය සම්බන්ධයෙන් යැයි ‘සුයූතී’ නම් විද්වතෙකුගේ ග්රන්ථයක සඳහන් වී ඇත.
قُلْ تَرَبَّصُوا فَإِنِّي مَعَكُم مِّنَ الْمُتَرَبِّصِينَ
“(මාගේ මරණය) නුඹලා බලාපොරොත්තු වවු. සැබැවින්ම නුඹලා සමග මම ද (නුඹලාට ඇති වන දඬුවම) බලාපොරොත්තුවන්නන්ගෙන් කෙනෙකි.” යැයි (නබිවරය,) පවසවු.
أَمْ تَأْمُرُهُمْ أَحْلَامُهُم بِهَـٰذَا ۚ أَمْ هُمْ قَوْمٌ طَاغُونَ
මෙය (පැවසීම)ට ඔවුන්ගේ බුද්ධිය ඔවුනට අනුබල දෙන්නේ ද? නැතහොත් ඔවුන් සීමාව ඉක්ම වූ පිරිසක් ද?
8මෙම කෙටි වාක්යය වලින් විරුද්ධවාදීන්ගේ සමස්ත ප්රචාරක කටයුතු පිළිබඳව හෙළිදරව් කොට පහර දී ඇත. කෙටියෙන් පැවසුවහොත් තර්කය මෙසේය. කුරෛෂිවරුන්ගේ ප්රධානීහු සහ වැඩිහිටියන් තමන් ඉතා බුද්ධිමතුන් බව පෙන්වූහ. එහෙත් කවියෙකු නොවන්නෙකුට කවියෙකු කීමත් ප්රකට ප්රඥාවන්ත පුද්ගලයෙකුට උන්මත්තකයෙකු යැයි කීමත් පේන නොකියන්නෙකු පේන කියන්නෙකු ලෙස හංවඩු ගැසීමත් ඔවුන්ගේ බුද්ධිය අනුමත කරනවා ද? යන්නය. එමෙන්ම ඔවුන් හේතු පදනම් කර ගෙන මේ මත ප්රකාශ කරන්නේ නම් ඔවුන් එකවරම සියලු ආකාර වල එකිනෙකට පටහැණි මතයන් පළ නොකර එක මතයක් පමණක් පළ කර යුතුව තිබුණී. එසේ හෙයින් එකම හා සමාන පුද්ගලයා එකවර කෙසේ නම් කවියෙකු, උන්මත්තකයෙකු සහ පේන කියන්නෙකු විය හැක්කේ ද?.
أَمْ يَقُولُونَ تَقَوَّلَهُ ۚ بَل لَّا يُؤْمِنُونَ
නැතහොත් “ඔහු මෙය(අල් කුර්ආනය) ගෙතුවේ යැ”යි ඔවුහු පවසන්නෙහු ද? නමුත් ඔවුහු (මෙය) විශ්වාස නොකරති.
فَلْيَأْتُوا بِحَدِيثٍ مِّثْلِهِ إِن كَانُوا صَادِقِينَ
එබැවින් ඔවුන් සත්යවන්තයින් වන්නේ නම්, මෙවන් වදනක් ඔවුන් ගෙනෙත්වා.
9ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ගේ දූතත්වය ප්රතික්ෂේප කිරීම සාධාරණ කිරීමට ඔවුන් පැවසූ කාරණාවන් කිහිපයක් අල් කුර්ආන්හි සඳහන් වී ඇත. මෙම අල් කුර්ආන් ග්රන්ථය අල්ලාහ් විසින් නිර්මාණය කරනු ලැබූවක් නොව නබි මුහම්මද් වන ඔහුමය මෙය නිර්මාණය කර ඇත්තේ යැයි පැවසීම ඔවුන්ගේ ප්රථම තර්කය විය. මෙම වැකිය එයට පිළිතුරකි. එනම් එය එසේ ඔවුන් පවසන්නාක් මෙන් නම් ‘මෙම අල් කුර්ආනය වැන්නක් ඔබ ද නිර්මාණය කරන්න’ යන ඔහුගේ අභියෝගය ඔවුන් පිළිගෙන තිබිය යුතුයි. එනමුත් ඔවුන් කිසි කෙනෙකු මෙම අභියෝගයට ඉදිරිපත් නොවූහ. අල් කුර්ආනය මිනිසාගේ නිර්මාණයක් නොවේ යන්නට මෙය විශාල සාධකයකි.
أَمْ خُلِقُوا مِنْ غَيْرِ شَيْءٍ أَمْ هُمُ الْخَالِقُونَ
නැතහොත් ඔවුහු කිසිවකින් තොරව මවනු ලැබුවේ ද? එසේ නැතහොත් ඔවුන්ම මැවුම්කරුවන් ද?
أَمْ خَلَقُوا السَّمَاوَاتِ وَالْأَرْضَ ۚ بَل لَّا يُوقِنُونَ
නැතහොත් ඔවුහු අහස් හා මිහිතලය මැව්වේ ද? නැත. ඔවුහු ස්ථීර ලෙස විශ්වාස නොකරති.
أَمْ عِندَهُمْ خَزَائِنُ رَبِّكَ أَمْ هُمُ الْمُصَيْطِرُونَ
නැතහොත් නුඹගේ පරමාධිපතිගේ ධන සම්භාරය ඔවුන් අබියස ද? එසේ නැතහොත් ඔවුහුම ආධිපත්යය දරන්නන් ද?
10ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ගේ නබිත්වය අසත්යය කිරීමට ඉදිරිපත් කළ තවත් තර්කයකට පිළිතුරක් වශයෙන් මෙම ආයතය පහළ වී ඇත. එම තර්කය නම් ‘මොහුට වඩා උසස් කෙනෙකුට නබිත්වය දෙනු නොලැබී මොහුට එය දෙනු ලැබුවේ මන් ද?’ යැයි ඔවුන් පැවසීම වේ. නබිත්වය දීමේ කාර්යය අල්ලාහ්ට පමණක් ආවේණික කරුණක් මිස අන් අයට එය තීන්දු කළ නොහැක යැයි මෙම ආයතය පවසා ඇත. මොහුට වඩා උසස් අයට මෙය දෙනු ලැබිය යුතුයි යැයි පවසන්නන්ගේ දැනුම අල්ලාහ්ගේ දැනුම ඉදිරියේ අල්පයකි. එහෙයින් නබිත්වයට සුදුස්සා කවුරුන් දැ’යි තීරණය කළ යුත්තේ අල්ලාහ්ය. මොවුන්ට ඒ හා සම්බන්ධ කිසි දැනුමක් හෝ ශක්තියක් හෝ නැත යැයි මෙම ආයතයෙන් අදහස් කෙරේ.
أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَانٍ مُّبِينٍ
නැතහොත් ඔවුන් එහි(ඉණිමගෙහි අහසට නැග රහස්) සවන් දීමට (හැකි) ඉණිමගක් ඔවුනට තිබේ ද? එසේ නම් ඔවුන්ගෙන් සවන් දෙන්නා පැහැදිලි සාධකයක් ගෙනෙත්වා!
11නබි මුහම්මද් තුමාණන්ගේ නබිත්වය අසත්ය කිරීමට ඔවුන් ගෙන ආ සියලු කාර්යයන් තර්කාන්විතව වැරදි යැයි ඔප්පු වූ බැවින් ඔවුන්ට ඉදිරිපත් කළ හැකි එකම තර්කය නම් ඔවුන් අල්ලාහ්ගෙන් ඍජූවම මෙය අසත්යය යැයි දැන ගත්තෝය යැයි බොරුවට පැවසීම පමණී.
أَمْ لَهُ الْبَنَاتُ وَلَكُمُ الْبَنُونَ
නැතහොත් ඔහුට(අල්ලාහ්ට) ගැහැනු දරුවන් හා නුඹලාට (පමණක්) පිරිමි දරුවන් ද?
أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ
නැතහොත් (නබිවරය,) නුඹ ඔවුන්ගෙන් කුලියක් ඇසුවෙහි ද? එබැවින් ඔවුන් ණය බරින් උසුලනු ලැබූවන් ද?
أَمْ عِندَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ
නැතහොත් ඔවුන් අබියස ගුප්ත දැනුම තිබේ ද? තවද ඔවුන් (එය) ලියා තබන්නේ ද?
أَمْ يُرِيدُونَ كَيْدًا ۖ فَالَّذِينَ كَفَرُوا هُمُ الْمَكِيدُونَ
නැතහොත් ඔවුන් (නබිවරයාට) කුමන්ත්රණයක් කිරීමට අපේක්ෂා කරන්නේ ද? කවරෙකු ප්රතික්ෂේප කළේ ද ඔවුහුමය කුමන්ත්රණයට ගොදුරු වූවෝ.
أَمْ لَهُمْ إِلَـٰهٌ غَيْرُ اللَّهِ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ
නැතහොත් ඔවුනට අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු සිටිත් ද? ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් පිවිතුරුය.
وَإِن يَرَوْا كِسْفًا مِّنَ السَّمَاءِ سَاقِطًا يَقُولُوا سَحَابٌ مَّرْكُومٌ
“අහසින් කැබැල්ලක් (කඩා) වැටෙනු (පැහැදිලිව) ඔවුන් දුටුව ද එය එකිනෙකට ඇමුණුනු (ඝණ) වලාකුළු” යැයි ඔවුහු පවසති.
12නබි මුහම්මද් තුමාණන්ව විශ්වාස කිරීමට නම් ඔහු අහසින් ගල් කැටයක් පහළ කළ යුතු යැයි මක්කාවාසී ප්රතික්ෂේපකයින් ඉල්ලා සිටියෝය. එසේ ඔවුන් ඇසූ පරිදි එය සිදු වුවද එය ඔවුන් සරදමට ගන්නවා මිස විශ්වාස කරන්නේ නැත යැයි මෙම ආයතයෙන් අදහස් වනු ඇත.
فَذَرْهُمْ حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي فِيهِ يُصْعَقُونَ
කුමන දිනක ඔවුනට (මරණය නම්) කම්පනය ඇති කරනු ලබන්නේ ද ඔවුන්ගේ එම දිනය ඔවුන් හමු වන තෙක් නුඹ ඔවුන්ව අත හැර දමවු.
يَوْمَ لَا يُغْنِي عَنْهُمْ كَيْدُهُمْ شَيْئًا وَلَا هُمْ يُنصَرُونَ
(එම දිනය නම්) ඔවුනට ඔවුන්ගේ කුමන්ත්රණය කිසිඳු ප්රයෝජනයක් නොදෙන දිනයයි. තවද (එදින) ඔවුන් උදව් ද කරනු නොලබති.
وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا عَذَابًا دُونَ ذَٰلِكَ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
සැබැවින්ම අපරාධ කළවුනට එයට පෙර ද දඬුවමක් ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරය (ඒ බව) නොදනිති.
13මෙහි දඬුවම ලෙස විග්රහ කරනුයේ මෙලොව අපරාධකරුවන් වන මක්කා වැසියන් බද්ර් යුද්ධයේ මුහුණ පෑ පීඩාවයි.
وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ
තවද (නබිවරය,) නුඹගේ පරමාධිපතිගේ තීරණය (පැමිණෙන) තෙක් ඉවසා සිටිවු. මන්දයත් සැබැවින්ම නුඹ අපගේ අධීක්ෂණය යටතේය. තවද නුඹ (නැමදුම සඳහා) නැගී සිටින මොහොතේ නුඹගේ පරමාධිපතිගේ ප්රශංසාවෙන් (ඔහුව) පිවිතුරු කරවු.
وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَارَ النُّجُومِ
තවද රාත්රියෙහි (කොටසක) ද තරු අවරට යන මෙහොතෙහි ද ඔහුව පිවිතුරු කරවු.