පාරා 26

හා මීම්

246 පද්‍ය
📖පාරා

පාරා 26

හා මීම්246 පද්‍ය

فصلتමක්කී
47

إِلَيْهِ يُرَدُّ عِلْمُ السَّاعَةِ ۚ وَمَا تَخْرُجُ مِن ثَمَرَاتٍ مِّنْ أَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِ ۚ وَيَوْمَ يُنَادِيهِمْ أَيْنَ شُرَكَائِي قَالُوا آذَنَّاكَ مَا مِنَّا مِن شَهِيدٍ

(ලොව අවසන් වන) හෝරාවේ දැනුම යොමු කරනු ලබන්නේ ඔහු වෙතමය. 12 ඔහුගේ දැනුමෙන් තොරව පලතුරු එහි කෝෂවලින් පිට වන්නේ ද ස්ත්රියක් ගැබ් ගන්නේ ද ප්රසූත කරන්නේ ද නැත. ඔහු(අල්ලාහ්) ‘(නුඹලා මට ආදේශ කළ) මාගේ හවුල්කරුවන් කොහේ දැ?’යි ඔවුන්ව අමතන දින (සිහිපත් කරවු. එවිට) “සැබැවින්ම (ඔබට හවුල්කරුවන් සිටින බවට පවසන) කිසිදු සාක්ෂි කරුවෙකු අප අතුරින් නොමැති බව අපි ඔබට දන්වන්නෙමු” යැයි ඔවුහු පවසති.
12පරමාන්ත දිනය පිළිබඳ සළකුණු හදීස්හි සඳහන් වී ඇති නමුත් එහි නියමිත දිනය දන්නේ අල්ලාහ් පමණි. විශ්වයේ සිදුවන අල්ප දැයෙහි පවා දැනුම ඇති අල්ලාහ්ට පරමාන්ත දිනයේ දැනුම තිබීම යනු නුහුරු දෙයක් නොවේ.
48

وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَدْعُونَ مِن قَبْلُ ۖ وَظَنُّوا مَا لَهُم مِّن مَّحِيصٍ

මෙයට පෙර (ලෞකික ජීවිතයෙහි) ඔවුන් (නැමදුම් කර) ඇයැදිමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වන්නේය. තමන්ට කිසිදු ගැලවුම් මගක් නැතැ’යි ඔවුහු ස්ථීරව දැන ගනිති.
49

لَّا يَسْأَمُ الْإِنسَانُ مِن دُعَاءِ الْخَيْرِ وَإِن مَّسَّهُ الشَّرُّ فَيَئُوسٌ قَنُوطٌ

මිනිසා 13 (මෙලොව) යහපත(ධනය හා වස්තූන්) පැතීමෙන් විඩාවට පත් නොවන්නේය. නමුත් ඔහුව යම් නපුරක් ස්පර්ශ කළේ නම් (එවිට ඔහු) අපේක්ෂා සුන් වූවෙකි. කළකිරීමට පත් වූවෙකි.
13මෙහි මිනිසා යනුවෙන් අදහස් කරන්නේ ප්රතික්ෂේපකයාවය. ප්රතික්ෂේපය නිසා මිනිසාට ඇති විය හැකි අයහ ගුණයන් මෙම ආයතයේ සඳහන් වී ඇත. එනම් ප්රතික්ෂේපය නිසා මිනිසා තණ්හාව ඇත්තෙකු හා ගුණමකුවෙකු වන්නේය.
50

وَلَئِنْ أَذَقْنَاهُ رَحْمَةً مِّنَّا مِن بَعْدِ ضَرَّاءَ مَسَّتْهُ لَيَقُولَنَّ هَـٰذَا لِي وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِن رُّجِعْتُ إِلَىٰ رَبِّي إِنَّ لِي عِندَهُ لَلْحُسْنَىٰ ۚ فَلَنُنَبِّئَنَّ الَّذِينَ كَفَرُوا بِمَا عَمِلُوا وَلَنُذِيقَنَّهُم مِّنْ عَذَابٍ غَلِيظٍ

තවද ඔහුව ස්පර්ශ කළා වූ පීඩාවෙන් පසුව අපගෙන් වූ දයාව අප ඔහුට රස විඳීමට සැලසුවේ නම්, “මෙය මා සතුය. තවද (ලොව අවසන්) හෝරාව සිදුවන්නක් යැයි මම නොසිතමි. (එය සිදු වීමෙන් අනතුරුව) මාගේ පරමාධිපති වෙත නැවත මා යොමු කරවනු ලැබුවේ නම් සැබැවින්ම මට ඔහු අබියස යහපත ඇතැ”යි ඔහු සැබැවින්ම පවසනු ඇත. එබැවින් (විනිශ්චය දින) ප්රතික්ෂේප කළවුනට ඔවුන් කළ දෑ පිළිබඳව සැබැවින්ම අපි දන්වන්නෙමු. තවද සැබැවින්ම අපි ඔවුන්ව දැඩි දඬුවමින් රස විඳීමට සලස්වන්නෙමු.
51

وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنسَانِ أَعْرَضَ وَنَأَىٰ بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ فَذُو دُعَاءٍ عَرِيضٍ

තවද මිනිසාට අප දායාදයන් ප්රදානය කළ විට, (අපව) පිටුපා තම පැත්තට හැරී (අවනත වීමෙන්) දුරස්ව යන්නේය. තවද ඔහුව නපුර ස්පර්ශ කළ විට (ඔහු) දීර්ඝ ප්රාර්ථනා කර( පිහිට පත)න්නෙකු වන්නේය.
52

قُلْ أَرَأَيْتُمْ إِن كَانَ مِنْ عِندِ اللَّهِ ثُمَّ كَفَرْتُم بِهِ مَنْ أَضَلُّ مِمَّنْ هُوَ فِي شِقَاقٍ بَعِيدٍ

(නබිවරය, ප්රතික්ෂේපකයින්ට) පවසවු. “මෙ(ම අල් කුර්ආන)ය අල්ලාහ්ගෙන් (පහළ) වී පසුව නුඹලා එය ප්රතික්ෂේප කළේ නම් (එය පිළිනොගෙන සත්යයෙන්) දුරස් වූ මත භේදයක (නියැළී) සිටින ඔහුට වඩා දැඩි මුළා වූවෙකු කවරෙකු ද යන්න නුඹලා අවධානය කළෙහු ද?”
53

سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

සැබැවින්ම මෙ(ම අල් කුර්ආන)ය සත්යය යන්නෙන් ඔවුනට පැහැදිලි වන තෙක් (මුළු) විශ්වයෙහි ද ඔවුන් තුළ ද අපි අපගේ සංඥාවන් ඔවුනට පෙන්වන්නෙමු. 14 සැබැවින්ම නුඹගේ පරමාධිපති ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නාය යන්න (ඔවුනට) ප්රමාණවත් නොවූයේ ද?
14මෙම ආයතයෙහි අර්ථය අල්ලාහ් මිනිසාට මෙතෙක් පෙන්වා ඇති දෑ පමණක් නොව. මින් මතු බොහෝ සංඥාවන් අල්ලාහ් මිනිසාට පැහැදිලි කරනු ඇත. එහෙයින් මිනිසා විශ්වයේ කරන විද්යාත්මක සොයා ගැනීම් ලොව විනාශ වන තෙක් ඇති වේ යන්නය.
54

أَلَا إِنَّهُمْ فِي مِرْيَةٍ مِّن لِّقَاءِ رَبِّهِمْ ۗ أَلَا إِنَّهُ بِكُلِّ شَيْءٍ مُّحِيطٌ

දැන ගනු! සැබැවින්ම ඔවුහු ඔවුන්ගේ පරමාධිපති මුණගැසීම පිළිබඳව සැකයෙහිය. දැනගනු! සැබැවින්ම ඔහු සියලු දෑ පිළිබඳව සර්ව ප්රකාරයෙන් දැන සිටින්නාය.
الشورىමක්කී
1

حم

හා, මීම්.
2

عسق

අයින්. සීන්. කාෆ්. 1
1මෙම සූරාවේ 1 හා 2 ආයතයන්හි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
3

كَذَٰلِكَ يُوحِي إِلَيْكَ وَإِلَى الَّذِينَ مِن قَبْلِكَ اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ

(නබිවරය,) නුඹ වෙත ද නුඹට පෙර වූ අය වෙත ද ප්රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් වහී (දේව පණිවිඩය) දැන්වූයේ මෙලෙසය.
4

لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

අහස්හි ඇති දෑ ද මිහිතලයේ ඇති දෑ ද ඔහු සතුය. තවද ඔහු අති උත්තරීතරය අති මහත් ය.
5

تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِن فَوْقِهِنَّ ۚ وَالْمَلَائِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَن فِي الْأَرْضِ ۗ أَلَا إِنَّ اللَّهَ هُوَ الْغَفُورُ الرَّحِيمُ

(අල්ලාහ්ගේ අති උත්තරීතරභාවය හේතුවෙන්) ඒවාට ඉහළින් අහස් පැළෙන්නට තැත් කරන්නාක් මෙන්ය. තවද මලක්වරුන් ද තම පරමාධිපතිගේ ප්රශංසාවෙන් සුවිශුද්ධ කරමින් මිහිතලයේ සිටින්නවුනට පාප ක්ෂමාව ඇයැදිති. 2 දැන ගනිවු. සැබැවින්ම අල්ලාහ්, ඔහුමය අති ක්ෂමාශීලී පරම කරුණාභරිත වන්නේ.
22 ) මිනිසා අල්ලාහ්ගේ සර්ව බලධාරිත්වය පිළිබඳව ප්රශංසා නොකළ ද අහසේ සිටින මලක්වරුන් අල්ලාහ්ව ප්රශංසා කරමින් සිටින්නෝය. ඔවුන් කෙතරම්ද යත් අහස පැළී යන තරම් අප්රමාණ සංඛ්යාවක් සිටින බව මෙම ආයතයෙන් අදහස් කරයි.
6

وَالَّذِينَ اتَّخَذُوا مِن دُونِهِ أَوْلِيَاءَ اللَّهُ حَفِيظٌ عَلَيْهِمْ وَمَا أَنتَ عَلَيْهِم بِوَكِيلٍ

තවද ඔහු(අල්ලාහ්) හැර (අන් අය) භාරකරුවන් ලෙස ගත් අය කෙරෙහි ද සුරක්ෂකයා අල්ලාහ් ය. තවද (නබිවරය,) නුඹ ඔවුනට වගකිව යුත්තෙකු නොවන්නේය.
7

وَكَذَٰلِكَ أَوْحَيْنَا إِلَيْكَ قُرْآنًا عَرَبِيًّا لِّتُنذِرَ أُمَّ الْقُرَىٰ وَمَنْ حَوْلَهَا وَتُنذِرَ يَوْمَ الْجَمْعِ لَا رَيْبَ فِيهِ ۚ فَرِيقٌ فِي الْجَنَّةِ وَفَرِيقٌ فِي السَّعِيرِ

තවද (මක්කාව වන නුඹගේ) මාතෘ භූමියට ද ඒ අවට සිටින්නවුනට ද නුඹ අවවාද කරනු පිණිසත් කිසිදු සැකයක් නොමැති (විනිශ්චය සඳහා මැවුම්) රැස් කිරීමේ දිනය පිළිබඳව නුඹ අවවාද කරනු පිණිසත් අපි නුඹට මෙලෙස අරාබි බසින් වූ අල් කුර්ආනය දන්වා සිටියෙමු. (ඔවුන්ගෙන්) පිරිසක් ස්වර්ගයෙහි ද තවත් පිරිසක් නිරයෙහි ද වෙති.
8

وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَهُمْ أُمَّةً وَاحِدَةً وَلَـٰكِن يُدْخِلُ مَن يَشَاءُ فِي رَحْمَتِهِ ۚ وَالظَّالِمُونَ مَا لَهُم مِّن وَلِيٍّ وَلَا نَصِيرٍ

අල්ලාහ් අභිමත කළේ නම්, ඔවුන්ව එකම (දහමක් අනුගමනය කරන) සමූහයක් ලෙස පත් කරන්නට තිබිණ. එනමුත් තමන් අභිමත කරන්නන්ව ඔහුගේ දයාව( යන ඉස්ලාමය)ට ඇතුළු කරයි. තවද (එදින) අපරාධකරුවන් වූ ඔවුනට භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ නැත.
9

أَمِ اتَّخَذُوا مِن دُونِهِ أَوْلِيَاءَ ۖ فَاللَّهُ هُوَ الْوَلِيُّ وَهُوَ يُحْيِي الْمَوْتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

එනමුත් ඔහු හැර වෙනත් භාරකරුවන් ඔවුන් ගත්තෝය. නමුත් අල්ලාහ් වන ඔහුමය භාරකරු වන්නේ. තවද ඔහු මළවුන්හට ජීවය ලබා දෙන්නේය. තවද ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
10

وَمَا اخْتَلَفْتُمْ فِيهِ مِن شَيْءٍ فَحُكْمُهُ إِلَى اللَّهِ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبِّي عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ

“(ඉස්ලාමයෙහි) යම් විෂයක නුඹලා කුමක් පිළිබඳව මතභේද ඇති කර ගත්තෙහු ද එහි තීරණය අල්ලාහ් වෙතය. ඔහුමය මාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු මත සියල්ල මම භාර කළෙමි. තවද ඔහු වෙතම යොමු වෙමි.” (යැයි නබිවරය, පවසවු.)
11

فَاطِرُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا وَمِنَ الْأَنْعَامِ أَزْوَاجًا ۖ يَذْرَؤُكُمْ فِيهِ ۚ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ ۖ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ

(අල්ලාහ්,) අහස් හා මිහිතලයේ නිර්මාපකයාය. ඔහු නුඹලා අතුරින් නුඹලාට යුගළයන් ද පශු කුලයට අයත් සතුන්ගෙන් යුගළයන් ද ඇති කළේය. එහි (යුගළ වශයෙන් මැවීම තුළින්) නුඹලාව ව්යාප්ත කළේය. ඔහු මෙන් කිසිවක් නැත. තවද ඔහු සර්ව ශ්රාවකය සර්ව නිරීක්ෂකය.
12

لَهُ مَقَالِيدُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

අහස්හි හා මිහිතලයේ යතුරු ඔහු සතුය. ඔහු අභිමත කරන අයට (ඇති තරම්) ජීවන සම්පත් විස්තීරණ කරන්නේය. තවද ඔහු (අභිමත කරන අයට) සීමා කරන්නේය. සැබැවින්ම ඔහු සියලු දෑ පිළිබඳව සර්වඥය.
13

شَرَعَ لَكُم مِّنَ الدِّينِ مَا وَصَّىٰ بِهِ نُوحًا وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِ إِبْرَاهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰ ۖ أَنْ أَقِيمُوا الدِّينَ وَلَا تَتَفَرَّقُوا فِيهِ ۚ كَبُرَ عَلَى الْمُشْرِكِينَ مَا تَدْعُوهُمْ إِلَيْهِ ۚ اللَّهُ يَجْتَبِي إِلَيْهِ مَن يَشَاءُ وَيَهْدِي إِلَيْهِ مَن يُنِيبُ

නූහ්ට දහමින් කවර දෙයක් පිළිබඳව ඔහු(අල්ලාහ්) උපදෙස් දුන්නේද එයම නුඹලාට ද ආගමික පිළිවෙත බවට ඔහු පත් කළේය. තවද (එම පිළිවෙත අල්ලාහ් වන) අප නුඹ වෙත වහී පහළ කළ දෑ හා ඉබ්රාහීම්ට ද මූසාට ද ඊසාට ද උපදෙස් දුන් දෑම ය. (එනම්) ‘නුඹලා දහම ස්ථාපිත කරවු. එහි නුඹලා භේදභින්න නොවවු’ යන්නයි. ආදේශ තබන්නන්ව නුඹ කවර දෙයක් වෙත කැඳවන්නෙහි ද එය ඔවුන් කෙරෙහි අසීරුතාවක් විය. අල්ලාහ් අභිමත කළ අයව තමන් වෙත තෝරා ගන්නේය. තවද කවරෙකු (යහමග පතා) යොමු වන්නේ ද ඔහුට (අල්ලාහ්) මග පෙන්වන්නේය.
14

وَمَا تَفَرَّقُوا إِلَّا مِن بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ إِلَىٰ أَجَلٍ مُّسَمًّى لَّقُضِيَ بَيْنَهُمْ ۚ وَإِنَّ الَّذِينَ أُورِثُوا الْكِتَابَ مِن بَعْدِهِمْ لَفِي شَكٍّ مِّنْهُ مُرِيبٍ

තවද (ප්රතික්ෂේපකයින්) තමන්ට දැනුම පැමිණීමෙන් පසුව තමන් අතර වූ ඊර්ෂ්යාවෙන් මිස ඔවුන් භේදභින්න වී නොගියෝය. තවද නියමිත කාලය දක්වා නුඹගේ පරමාධිපතිගෙන් වූ වදනක් පෙරටු නොවූයේ නම්, ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. 3 තවද සැබැවින්ම ඔවුන්ගෙන් පසුව ධර්ම පුස්තකය උරුම කර දෙනු ලැබූවන් එහි සැක පිට සැකයෙහි පසු වෙති.
3මෙම ආයතයෙහි ‘වදනක්’ යන්නෙහි අදහස ‘කලා කද්ර්’ හෙවත් පූර්ව සැලසුම(දෛවය) වේ. මොවුනට දඬුවම විනිශ්චය දිනයෙහි අත්වන බව අල්ලාහ් විසින් ‘කලා කද්ර්’ හි සඳහන් කර ඇත. එනම් මොවුන්ගේ දඬුවම විනිශ්චය දිනයේ අත් වේ යැයි ‘කලා කද්ර්’හි මා සඳහන් කර නොමැත්තේ නම් මොවුන්ට මෙලොවෙහි දීම දඬුවම් නියම කරනු ඇත යන්න මෙම ආයතයේ අදහසයි.
15

فَلِذَٰلِكَ فَادْعُ ۖ وَاسْتَقِمْ كَمَا أُمِرْتَ ۖ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ ۖ وَقُلْ آمَنتُ بِمَا أَنزَلَ اللَّهُ مِن كِتَابٍ ۖ وَأُمِرْتُ لِأَعْدِلَ بَيْنَكُمُ ۖ اللَّهُ رَبُّنَا وَرَبُّكُمْ ۖ لَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ ۖ لَا حُجَّةَ بَيْنَنَا وَبَيْنَكُمُ ۖ اللَّهُ يَجْمَعُ بَيْنَنَا ۖ وَإِلَيْهِ الْمَصِيرُ

(නබිවරය,) එබැවින් මේ (සත්ය මාර්ගය) වෙතට නුඹ ඇරයුම් කරවු. නුඹට අණ කරනු ලැබු පරිදි ස්ථාවරව සිටිවු. ඔවුන්ගේ මනෝ ආශාවන් නුඹ අනුගමනය නොකරවු. “ධර්ම පුස්තකයෙන් අල්ලාහ් පහළ කළ දෑ මම විශ්වාස කළෙමි. තවද නුඹලා අතර යුක්තිය ඉටු කිරීම පිණිස මට අණ කරනු ලැබ ඇත්තෙමි. තවද අල්ලාහ් අපගේ පරමාධිපතිය. නුඹලාගේ ද පරමාධිපතිය. අපගේ ක්රියාවන් අපටය. නුඹලාගේ ක්රියාවන් නුඹලාටය. අප අතර ද නුඹලා අතර ද කිසිදු තර්කයක් නොමැත. (මතු ලොව) අල්ලාහ් අපව එක්රැස් කරවයි. තවද අවසානයේ යොමු වන ස්ථානය ඔහු වෙතමය” යැයි නුඹ පවසවු.
16

وَالَّذِينَ يُحَاجُّونَ فِي اللَّهِ مِن بَعْدِ مَا اسْتُجِيبَ لَهُ حُجَّتُهُمْ دَاحِضَةٌ عِندَ رَبِّهِمْ وَعَلَيْهِمْ غَضَبٌ وَلَهُمْ عَذَابٌ شَدِيدٌ

තවද අල්ලාහ්ට (අවනත වීමට) ප්රතිචාර දෙනු ලැබූවායින් පසුව කවුරුන් ඔහු පිළිබඳ තර්ක කරන්නේ ද ඔවුන්ගේ තර්කය ඔවුන්ගේ පරමාධිපති අබියස නිෂ්ඵලය. 4 ඔවුන් කෙරෙහි කෝපය ද ඔවුනට දැඩි දඬුවම ද ඇත.
4එනම් විනිශ්චය දිනයේ ප්රතික්ෂේපකයින්ගේ ව්යාජ තර්කය වැරදි යැයි ඔවුන්ටම පැහැදිලි වනු ඇත.
17

اللَّهُ الَّذِي أَنزَلَ الْكِتَابَ بِالْحَقِّ وَالْمِيزَانَ ۗ وَمَا يُدْرِيكَ لَعَلَّ السَّاعَةَ قَرِيبٌ

ධර්ම පුස්තකය(අල් කුර්ආනය) හා (යුක්තිය සඳහා වූ) තුලාව සැබෑ ලෙස පහළ කළේ අල්ලාහ් වන ඔහුමය. තවද එම (ලොව අවසන්) හෝරාව සමීපව තිබිය හැකි බවට නුඹව දැනුවත් කළේ කුමක් ද?
18

يَسْتَعْجِلُ بِهَا الَّذِينَ لَا يُؤْمِنُونَ بِهَا ۖ وَالَّذِينَ آمَنُوا مُشْفِقُونَ مِنْهَا وَيَعْلَمُونَ أَنَّهَا الْحَقُّ ۗ أَلَا إِنَّ الَّذِينَ يُمَارُونَ فِي السَّاعَةِ لَفِي ضَلَالٍ بَعِيدٍ

එය විශ්වාස නොකරන්නවුන් ඒ( මතු ලොව) පිළිබඳව ඉක්මන් වෙති. තවද විශ්වාස කළවුන් ඒ පිළිබඳව බියවන්නන් වෙති. තවද සැබැවින්ම එය සත්යය යැයි ඔවුහු දනිති. දැන ගනිවු, සැබැවින්ම එම (ලොව අවසන්) හෝරාව පිළිබඳව තර්ක කරන්නවුන් අන්ත නොමගෙහි පසු වෙති.
19

اللَّهُ لَطِيفٌ بِعِبَادِهِ يَرْزُقُ مَن يَشَاءُ ۖ وَهُوَ الْقَوِيُّ الْعَزِيزُ

අල්ලාහ් තම ගැත්තන් සමග මෘදු ලෙස කටයුතු කරන්නාය. ඔහු අභිමත කළ අයට ජීවන සම්පත් ලබා දෙන්නේය. තවද ඔහු මහා ශක්තිවන්තය අති බලසම්පන්නය.
20

مَن كَانَ يُرِيدُ حَرْثَ الْآخِرَةِ نَزِدْ لَهُ فِي حَرْثِهِ ۖ وَمَن كَانَ يُرِيدُ حَرْثَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِن نَّصِيبٍ

කවරෙකු මතු ලොව අස්වැන්න අපේක්ෂා කරන්නේ ද ඔහුගේ අස්වැන්නෙහි අපි ඔහුට අධික කරන්නෙමු. තවද කවරෙකු මෙලොව අස්වැන්න අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් දෙන්නෙමු. නමුත් මතු ලොවෙහි ඔහුට කිසිදු කොටසක් නොමැත.
21

أَمْ لَهُمْ شُرَكَاءُ شَرَعُوا لَهُم مِّنَ الدِّينِ مَا لَمْ يَأْذَن بِهِ اللَّهُ ۚ وَلَوْلَا كَلِمَةُ الْفَصْلِ لَقُضِيَ بَيْنَهُمْ ۗ وَإِنَّ الظَّالِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ

එසේ නැතහොත් අල්ලාහ් කවර දෙයක් පිළිබඳව අනුමැතිය ලබා නොදුන්නේ ද එවැන්නක් දහමෙහි පිළිවෙතක් බවට පත් කරන හවුල්කරුවන් ඔවුනට වෙත් ද? තීරණාත්මක (දඬුවමේ) වදන නොවූයේ නම් 5 ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද සැබැවින්ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
5වැඩි විස්තර සඳහා 42:14 යන ආයතයන්හි පාද සටහන බලන්න.
22

تَرَى الظَّالِمِينَ مُشْفِقِينَ مِمَّا كَسَبُوا وَهُوَ وَاقِعٌ بِهِمْ ۗ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي رَوْضَاتِ الْجَنَّاتِ ۖ لَهُم مَّا يَشَاءُونَ عِندَ رَبِّهِمْ ۚ ذَٰلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ

(එදින) අපරාධකරුවන් වූ ඔවුන් තමන් ඉපැයූ දැයින් බියවන්නන් ලෙස නුඹ දකිනු ඇත. තවද එය(විපාකය) ඔවුනට සිදුවන්නේමය. තවද විශ්වාස කර යහකම් කළවුන් ස්වර්ග මල් උයන්හිය. ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අසල ඔවුන් පතන දෑ ඇත. මහත් භාග්යය වන්නේ එයමය.
23

ذَٰلِكَ الَّذِي يُبَشِّرُ اللَّهُ عِبَادَهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۗ قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ ۗ وَمَن يَقْتَرِفْ حَسَنَةً نَّزِدْ لَهُ فِيهَا حُسْنًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ شَكُورٌ

විශ්වාස කොට යහකම් කළ තම ගැත්තන්ට අල්ලාහ් පවසන ශුභාරංචිය එයයි. (නබිවරය) “ඥාතිත්වයේ සෙනෙහස මිස ඒ වෙනුවෙන් කිසිදු කුලියක් නුඹලාගෙන් මම නොඉල්ලමි” යැයි පවසවු. 6 කවරෙකු (යම්) කුසලක් උපයන්නේ ද එහි යහපත ඔහුට අපි අධික කර දෙන්නෙමු. 7 සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය තුතිය අගය කර( ප්රතිඵල දෙ)න්නාය.
6“ඥාතිත්වයේ සෙනෙහස” යනුවෙන් අදහස් කරන්නේ නබි මුහම්මද් තුමාණන් බොහෝ අරාබිවරුන්ගේ ඥාතියෙකු වූහ. ඥාතීන්ට ගරු කිරීම, ඔවුන්ව ආරක්ෂා කිරීම, ඔවුන්ව විශ්වාස කිරීම අරාබිවරුන්ගේ සිරිතකි. ඒ අනුව මෙම ආයතයේ අර්ථය ‘මාගේ දූත මෙහෙයුමට ඔබගෙන් මා කිසිදු කුලියක් නොඉල්ලමි. එනමුත් මා ඔබගේ ඥාතියෙකු බැවින් ඔබ අන් ඥාතීන්ට පෙන්වන සෙනෙහස හෝ මා හට පෙන්වන්න’ යනුවෙනි.
7යහ ක්රියා කළවුන්ට ඔවුන්ගේ යහ ක්රියාවට දෙනු ලැබිය යුතු ප්රතිඵලයට වඩා අධිකව අල්ලාහ් ඔවුනට පිරිනමන්නේය.
24

أَمْ يَقُولُونَ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا ۖ فَإِن يَشَإِ اللَّهُ يَخْتِمْ عَلَىٰ قَلْبِكَ ۗ وَيَمْحُ اللَّهُ الْبَاطِلَ وَيُحِقُّ الْحَقَّ بِكَلِمَاتِهِ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

නැතහොත් “මොහු(නබිවරයා) අල්ලාහ් කෙරෙහි අසත්යය ගෙතුවේ යැයි ඔවුන් පවසන්නේ ද?” එබැවින් (නබිවරය) අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔහු නුඹගේ හදවතට මුද්රා තබනු ඇත. 8 තවද අල්ලාහ් (ඔවුන් පැවසූ එම) අසත්යය මකා දමා ඔහුගේ වදන් (නියෝගයන්) තුළින් සත්යය තහවුරු කරන්නේය. සැබැවින්ම ඔහු හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥය.
88 ) අකුරු නොදත් කෙනෙකු විසින් මෙම අල් කුර්ආනය දන්වනු ලැබීම එය අල්ලාහ් වෙතින් පැමිණි එකක් යන්නට මහත් වූ ප්රාතිහාර්යයකි. ව්යාජ දූතයකුගෙන් ප්රාතිහාර්යයක් අල්ලාහ් කිසි විටෙක ඇති නොකරයි. එහෙයින් නබි මුහම්මද් තුමාණන් ව්යාජ දූතයෙකු නම් අල්ලාහ් ඔහුගේ සිතට මුද්රාවක් දමා ඔහු මෙම අල් කුර්ආනය කියවන්නට හෝ ඉඩ නොතබනු ඇත යන්න මෙම ආයතයෙහි අර්ථයයි.
25

وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَعْفُو عَنِ السَّيِّئَاتِ وَيَعْلَمُ مَا تَفْعَلُونَ

තවද තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගෙන අයහකම් වලට සමාව දෙන්නේ ඔහුමය. තවද ඔහු නුඹලා කරන දෑ පිළිබඳව දන්නේය.
26

وَيَسْتَجِيبُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَيَزِيدُهُم مِّن فَضْلِهِ ۚ وَالْكَافِرُونَ لَهُمْ عَذَابٌ شَدِيدٌ

තවද විශ්වාස කොට යහකම් කළවුනට (ඔවුන්ගේ ප්රාර්ථනාවට) ඔහු (අල්ලාහ්) පිළිතුරු දෙන්නේය. තවද තම ආශිර්වාදයෙන් ඔවුනට අධික කරන්නේය. තවද ප්රතික්ෂේපකයින් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත.
27

وَلَوْ بَسَطَ اللَّهُ الرِّزْقَ لِعِبَادِهِ لَبَغَوْا فِي الْأَرْضِ وَلَـٰكِن يُنَزِّلُ بِقَدَرٍ مَّا يَشَاءُ ۚ إِنَّهُ بِعِبَادِهِ خَبِيرٌ بَصِيرٌ

අල්ලාහ් තම ගැත්තන්ට ජීවන සම්පත් (එක වරම මුළුමනින්) විස්තීර්ණ කළේ නම්, ඔවුන් මිහිතලයේ සීමාව ඉක්මවා යනු ඇත. එනමුත් තමන් අභිමත කළ දෑ ප්රමාණයෙන් යුතුව පහළ කරන්නේය. සැබැවින්ම ඔහු තම ගැත්තන් පිළිබඳව අභිඥානවන්තය සර්ව නිරීක්ෂකය.
28

وَهُوَ الَّذِي يُنَزِّلُ الْغَيْثَ مِن بَعْدِ مَا قَنَطُوا وَيَنشُرُ رَحْمَتَهُ ۚ وَهُوَ الْوَلِيُّ الْحَمِيدُ

(වර්ෂාව පහළ වීම පිළිබඳව) ඔවුන් අපේක්ෂාභංග වීමෙන් පසුව වර්ෂාව පතිත කරන්නේ ඔහුමය. තවද ඔහු තම කරුණාව පතුරවන්නේය. තවද ඔහු භාරකරුය ප්රශංසාලාභීය.
29

وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَابَّةٍ ۚ وَهُوَ عَلَىٰ جَمْعِهِمْ إِذَا يَشَاءُ قَدِيرٌ

තවද අහස් හා මිහිතලයේ මැවීම් ද ඒ දෙකෙහි ජීවීන් ව්යාප්ත කිරීම ද ඔහුගේ සංඥාවන් අතුරින්ය. තවද ඔහු අභිමත කරන විට ඔවුන්ව එක්රැස් කිරීමට ඔහු ශක්තිවන්තය.
30

وَمَا أَصَابَكُم مِّن مُّصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُو عَن كَثِيرٍ

කවර දුර්භාග්යයක් නුඹලාට ඇති වූයේ ද එය නුඹලාගේ අත් ඉපැයූ දෑ හේතුවෙනි. නමුත් ඔහු(අල්ලාහ්) බොහෝ දෑ නොසලකා හරින්නේය.
31

وَمَا أَنتُم بِمُعْجِزِينَ فِي الْأَرْضِ ۖ وَمَا لَكُم مِّن دُونِ اللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ

නුඹලා මිහිතලයේ (අල්ලාහ්ව) පරාජය කරන්නන් නොවන්නෙහුය. නුඹලාට අල්ලාහ් හැර භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ නොමැත.
32

وَمِنْ آيَاتِهِ الْجَوَارِ فِي الْبَحْرِ كَالْأَعْلَامِ

තවද මුහුදෙහි කඳු මෙන් වූ යාත්රික නැව් ඔහුගේ සංඥාවන් අතුරිනි.
33

إِن يَشَأْ يُسْكِنِ الرِّيحَ فَيَظْلَلْنَ رَوَاكِدَ عَلَىٰ ظَهْرِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ

ඔහු අභිමත කරන්නේ නම් සුළඟ නිසල කරනු ඇත. එවිට ඒ (මුහුද) මතු පිට (ඒවා චලනය නොවී) රැඳෙනු ඇත. සැබැවින්ම මෙහි දැඩි ඉවසිලිවන්ත හා අති කෘතවේදී සෑම කෙනෙකුටම සංඥා ඇත.
34

أَوْ يُوبِقْهُنَّ بِمَا كَسَبُوا وَيَعْفُ عَن كَثِيرٍ

නැතහොත් ඔවුන් ඉපැයූ (පාපකාරී) දෑ හේතුවෙන් ඒවා (මුහුදුබත් කර) විනාශ කරනු ඇත. තවද ඔහු බොහෝ දෑ නොසලකා හරිනු ඇත.
35

وَيَعْلَمَ الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِنَا مَا لَهُم مِّن مَّحِيصٍ

තවද අපගේ සංඥාවන් (විෂයයෙ)හි තර්ක කරන්නන් (අල්ලාහ්ගේ දඬුවමින්) තමන්ට කිසිඳු ගැලවුම් මගක් නැතැ’යි දැන ගනු ඇත.
36

فَمَا أُوتِيتُم مِّن شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَمَا عِندَ اللَّهِ خَيْرٌ وَأَبْقَىٰ لِلَّذِينَ آمَنُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ

එබැවින් කවර දෙයක් නුඹලාට දෙනු ලැබුවේද ඒවා මෙලොව ජීවිතයේ (තාවකාලික) වින්දනයකි. නමුත් විශ්වාස කර තම පරමාධිපති කෙරෙහි (සියල්ල) භාර කළවුනට අල්ලාහ් අබියස ඇති දෑ යහපතකි. සදා පවතින්නකි.
37

وَالَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ وَإِذَا مَا غَضِبُوا هُمْ يَغْفِرُونَ

තවද ඔවුහු මහා පාපයන් හා අශික්ෂිත දැයින් වැළකෙති. තවද ඔවුහු කෝපයට පත් වූ විට සමාව දෙන්නන් වෙති.
38

وَالَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَمْرُهُمْ شُورَىٰ بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ

තවද ඔවුන් තම පරමාධිපතිට ප්රතිචාර දක්වා සලාතය ස්ථාපිත කොට ඔවුන්ගේ කරුණු ඔවුන් අතර සාකච්ඡා කරන්නන් ද වෙති. තවද අපි ඔවුනට ලබා දුන් දැයින් ඔවුහු වියදම් කරති.
39

وَالَّذِينَ إِذَا أَصَابَهُمُ الْبَغْيُ هُمْ يَنتَصِرُونَ

තවද තමන්ට අපරාධයක් සිදු වූ විට ඔවුහු (සම ප්රතිදඬුවම් තුළින්) යුක්තිය පතති.
40

وَجَزَاءُ سَيِّئَةٍ سَيِّئَةٌ مِّثْلُهَا ۖ فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُ عَلَى اللَّهِ ۚ إِنَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ

හානියක ප්රතිඵලය එවැනිම හානියකි. කවරෙකු සමාව දී සම්මුතියකට එළැඹෙන්නේ ද ඔහුගේ වේතනය අල්ලාහ් කෙරෙහිය. සැබැවින්ම ඔහු අපරාධකරුවන්ව පි්රිය නොකරයි.
41

وَلَمَنِ انتَصَرَ بَعْدَ ظُلْمِهِ فَأُولَـٰئِكَ مَا عَلَيْهِم مِّن سَبِيلٍ

තමන්ට සිදු වූ අපරාධයකට පසුව කවරෙකු (සමප්රතිචාරය තුළින්) යුක්තිය ලබන්නේ ද ඔවුන් කෙරෙහි කිසිදු වරදක් නොමැත.
42

إِنَّمَا السَّبِيلُ عَلَى الَّذِينَ يَظْلِمُونَ النَّاسَ وَيَبْغُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ ۚ أُولَـٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ

සැබැවින්ම වරදක් ඇත්තේ ජනයාට අපරාධ කර යුක්තියෙන් තොරව මිහිතලයේ සීමාව ඉක්මවා යන්නන්ටය. වේදනීය දඬුවම ඇත්තේ ඔවුනටමය.
43

وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنْ عَزْمِ الْأُمُورِ

තවද කවරෙකු ඉවසිලිමත් වී සමාව දුන්නේ ද සැබැවින්ම එය ස්ථීර කරුණු අතුරින්ය. 9
9ෂරීආ පිළිවෙත අනුව අපරාධයකට සම ප්රතිදඬුවම් කිරීමේ අයිතිය තිබුණ ද එවන් අවස්ථාවන්හි දී ඉවසිලිවන්තව සමාව දීම උසස් ක්රියාවක් ලෙස සැලකේ. එබැවින් මෙම ආයතයේ ස්ථීර කරුණ වශයෙන් අදහස් කරනුයේ මෙම උසස් ක්රියාවයි. සමස්තයක් වශයෙන් ෂරීආ පිළිවෙත ශ්රේෂ්ඨ මානුෂීය අගයන් මත ගොඩ නැගී ඇති බව මෙයින් පැහැදිලි වේ.
44

وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِن وَلِيٍّ مِّن بَعْدِهِ ۗ وَتَرَى الظَّالِمِينَ لَمَّا رَأَوُا الْعَذَابَ يَقُولُونَ هَلْ إِلَىٰ مَرَدٍّ مِّن سَبِيلٍ

තවද අල්ලාහ් කවරෙකු නොමග යවන්නේ ද එවිට ඔහුගෙන්(අල්ලාහ්ගෙන්) පසුව වෙනත් කිසිදු භාරකරුවෙකු ඔහුට නැත. (නබිවරය) අපරාධ කළවුන් දඬුවම දුටු කල්හි (මෙලොවට) හැරී යෑමේ මගක් ඇති දැ’යි ඔවුන් විමසනු නුඹ දකිනු ඇත.
45

وَتَرَاهُمْ يُعْرَضُونَ عَلَيْهَا خَاشِعِينَ مِنَ الذُّلِّ يَنظُرُونَ مِن طَرْفٍ خَفِيٍّ ۗ وَقَالَ الَّذِينَ آمَنُوا إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ ۗ أَلَا إِنَّ الظَّالِمِينَ فِي عَذَابٍ مُّقِيمٍ

තවද (නිරා ගින්නට) ඔවුන් නිරාවරණය වූ විට අසරණ භාවයෙන් බියට පත් වූවන් ලෙසින් ඇස් කොනින් බලනු ඔබ දකිනු ඇත. “සැබැවින්ම අලාභවන්තයින් වන්නේ (මළවුන්) නැගිටුවනු ලබන දින තමන්ටත් තම පවුලටත් අලාභ හානි කර ගත්තවුන්මය” යැයි විශ්වාස කළවුන් පවසති. දැන ගනු, සැබැවින්ම අපරාධකරුවන් ස්ථාවර දඬුවමෙහිය.
46

وَمَا كَانَ لَهُم مِّنْ أَوْلِيَاءَ يَنصُرُونَهُم مِّن دُونِ اللَّهِ ۗ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِن سَبِيلٍ

තවද අල්ලාහ් හැර ඔවුනට උදව් කරන භාරකරුවන් කිසිවෙකු ඔවුනට නොමැත. තවද අල්ලාහ් කවරෙකුව නොමග හැරියේ ද ඔහුට කිසිදු මගක් නැත.
47

اسْتَجِيبُوا لِرَبِّكُم مِّن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لَّا مَرَدَّ لَهُ مِنَ اللَّهِ ۚ مَا لَكُم مِّن مَّلْجَإٍ يَوْمَئِذٍ وَمَا لَكُم مِّن نَّكِيرٍ

අල්ලාහ්ගෙන් එහි කිසිදු හැරීමක් නොමැති දිනයක් පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිපති(ගේ කැඳවුම)ට ප්රතිචාර දක්වවු. එදින නුඹලාට සැඟවීමට ස්ථානයක් නොමැත. තවද නුඹලාට (නුඹලාගේ පාපයන්ට හෝ දඬුවමට) කිසිඳු පිටුපෑමක් නැත.
48

فَإِنْ أَعْرَضُوا فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا ۖ إِنْ عَلَيْكَ إِلَّا الْبَلَاغُ ۗ وَإِنَّا إِذَا أَذَقْنَا الْإِنسَانَ مِنَّا رَحْمَةً فَرِحَ بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ الْإِنسَانَ كَفُورٌ

(නබිවරය,) ඔවුන් පිටුපෑවේ නම් එවිට නුඹව ඔවුනට ආරක්ෂකයෙකු ලෙස අපි නොඑව්වෙමු. (දේව පණිවිඩය) දැනුම් දීම මිස (බල කිරීම කෙරෙහි කිසිදු වගකීමක්) නුඹ කෙරෙහි නැත. සැබැවින්ම අපගෙන් වූ ආශිර්වාදයෙන් මිනිසාට භුක්ති විඳින්නට අප සැලැස්වූයේ නම් ඔහු එමගින් සතුටු වන්නේය. ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් නපුරක් අත් වූයේ නම් එවිට සැබැවින්ම මිනිසා ගුණමකුවෙකු වෙයි.
49

لِّلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ يَخْلُقُ مَا يَشَاءُ ۚ يَهَبُ لِمَن يَشَاءُ إِنَاثًا وَيَهَبُ لِمَن يَشَاءُ الذُّكُورَ

අහස් හි හා මිහිතලයේ ආධිපත්යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන දෑ මවන්නේය. ඔහු අභිමත කරන අයට ගැහැනු( දරුව)න් තිළිණ කරයි. ඔහු අභිමත කරන අයට පිරිමි(දරුව)න් තිළිණ කරයි.
50

أَوْ يُزَوِّجُهُمْ ذُكْرَانًا وَإِنَاثًا ۖ وَيَجْعَلُ مَن يَشَاءُ عَقِيمًا ۚ إِنَّهُ عَلِيمٌ قَدِيرٌ

එසේ නොමැතිනම් පිරිමින් හා ගැහැනුන් වශයෙන් ඔවුනට ලබා දෙයි. ඔහු අභිමත කරන අයව වඳ බවට පත් කරයි. සැබැවින්ම ඔහු සර්ව ඥානීය සර්ව ශක්තිවන්තය.
51

وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ اللَّهُ إِلَّا وَحْيًا أَوْ مِن وَرَاءِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًا فَيُوحِيَ بِإِذْنِهِ مَا يَشَاءُ ۚ إِنَّهُ عَلِيٌّ حَكِيمٌ

වහී මගින් හෝ තිරයක පිටුපසින් සිට හෝ (මලක්වරුන් අතුරින්) දූතයෙකු යැවීමෙන් හෝ මිස අල්ලාහ් තමන් සමග කතා කිරීමට කිසිඳු මිනිසෙකුට (මගක්) නොවීය. ඔහු තමන් අභිමත කරන දෑ ඔහුගේ අනුමැතියෙන් වහී (ලෙස) පහළ කරයි. සැබැවින්ම ඔහු උත්තරීතරය සර්ව ප්රඥාවන්තය.
52

وَكَذَٰلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِّنْ أَمْرِنَا ۚ مَا كُنتَ تَدْرِي مَا الْكِتَابُ وَلَا الْإِيمَانُ وَلَـٰكِن جَعَلْنَاهُ نُورًا نَّهْدِي بِهِ مَن نَّشَاءُ مِنْ عِبَادِنَا ۚ وَإِنَّكَ لَتَهْدِي إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ

මෙලෙස අපගේ නියෝගයෙන් වූ ප්රාණය(අල් කුර්ආනය) අපි නුඹ වෙත හෙළිදරව් කළෙමු. ධර්ම පුස්තකය කුමක්ද යන්න හෝ ඊමානය(විශ්වාසය) කුමක් ද යන්න හෝ නුඹ දැන නොසිටියෙහිය. නමුත් අපගේ ගැත්තන් අතුරින් අප අභිමත කරන අයට එය(ධර්ම පුස්තකය) ආලෝකයක් බවට පත් කොට එමගින් යහමග පෙන්වන්නෙමු. සැබැවින්ම (නබිවරය,) නුඹ ඍජු මාර්ගය වෙත මග පෙන්වන්නෙහිමය.
53

صِرَاطِ اللَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ أَلَا إِلَى اللَّهِ تَصِيرُ الْأُمُورُ

(එය) අහස්හි හා මිහිතලයේ දෑ කවරෙකු සතු වන්නේ ද එම අල්ලාහ්ගේ මාර්ගයයි. දැන ගනු. සියලු කරුණු යොමු වන්නේ අල්ලාහ් වෙතමය.
الزخرفමක්කී
1

حم

හා මීම්. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

وَالْكِتَابِ الْمُبِينِ

පැහැදිලි ධර්ම පුස්තකය(අල් කුර්ආනය) මත දිවුරමින්.
3

إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ

නුඹලා අවබෝධ කර ගනු පිණිස සැබැවින්ම අපි එය(අල් කුර්ආනය) අරාබියෙන් පාරායනය කරන්නක් බවට පත් කළෙමු.
4

وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ

තවද සැබැවින්ම උත්තරීතර ප්රඥාවෙන් යුත් මෙ(ම අල් කුර්ආන)ය අප අබියස ඇති මාතෘ පුස්තකයෙහි 2 ඇත.
2මෙහි ‘මාතෘ පුස්තකය’ යනු අල්ලාහ් අබියස ඇති ‘ලව්හුල් මහ්ෆූල්’ නම් සුරක්ෂිත සටහන් ඵලකයයි. වැඩි විස්තර සඳහා අරාබි පද මාලාව බලන්න.
5

أَفَنَضْرِبُ عَنكُمُ الذِّكْرَ صَفْحًا أَن كُنتُمْ قَوْمًا مُّسْرِفِينَ

(ප්රතික්ෂේපක) නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක්ව සිටින හෙයින් අප මෙම උපදෙස(අල් කුර්ආනය) නුඹලාගෙන් වළක්වා ගන්නෙමු ද?
6

وَكَمْ أَرْسَلْنَا مِن نَّبِيٍّ فِي الْأَوَّلِينَ

තවද පෙර විසූවන් අතරට කොපමණ නබිවරුන් අපි එව්වෙමු ද?
7

وَمَا يَأْتِيهِم مِّن نَّبِيٍّ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

තවද කවර නබිවරයෙකු ඔවුන් වෙත පැමිණිය ද ඔවුන් ඔහුව සමච්චල් කරමින් සිටියා මිස නැත.
8

فَأَهْلَكْنَا أَشَدَّ مِنْهُم بَطْشًا وَمَضَىٰ مَثَلُ الْأَوَّلِينَ

එබැවින් ඔවුනට වඩා බලවත් අය අපි දැඩි ග්රහණයකින් විනාශ කළෙමු. තවද පෙර විසූවන්ගේ උපමාව ගෙවී ගොස් හමාරය.
9

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِيزُ الْعَلِيمُ

තවද “අහස් හා මිහිතලය මැව්වේ කවුරුන් දැ?”යි ඔවුන්ගෙන් නුඹ විමසුවේ නම් “සැබැවින්ම ඒවා මැව්වේ අති බලසම්පන්න සර්වඥයාණන් (අල්ලාහ්)යැ”යි ඔවුහු පවසති.
10

الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ

ඔහු නුඹලාට මිහිතලය යහනාවක් බවට පත් කළේය. තවද (ගමනාන්තය දක්වා) නුඹලා මග ලබා ගනු පිණිස නුඹලාට එහි මාර්ගයන් ද ඇති කළේය.
11

وَالَّذِي نَزَّلَ مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَنشَرْنَا بِهِ بَلْدَةً مَّيْتًا ۚ كَذَٰلِكَ تُخْرَجُونَ

තවද ඔහු අහසින් ප්රමාණාත්මකව ජලය පහළ කළේය. පසුව එමගින් අපි (ගහ කොළ නොවැඩුණු) නැසී ගිය ප්රදේශයක් ප්රාණවත් කළෙමු. මෙලෙසය (විනිශ්චය දින මළවුන්) නුඹලා පිට කරනු ලබනුයේ.
12

وَالَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ الْفُلْكِ وَالْأَنْعَامِ مَا تَرْكَبُونَ

තවද සියලු (දෑහි) යුගලයන් මැව්වේ ඔහුමය. තවද නැව් හා සතුන් මගින් නුඹලා ප්රවාහනය කරන දෑ ඇති කළේ ඔහුමය. 3
3මෙම ආයතයන් දෙකෙන් ප්රවාහන ක්රම දෙකක් පිළිබඳව සඳහන් වේ. පළමුව අල්ලාහ් විසින් ඍජුවම මැවූ ඔටුවන් අශ්වයින් බූරුවන් වැනි පශු කුලයට අයත් සතුන් අදහස් කෙරෙන අතර දෙවනුව අල්ලාහ් විසින් මවන ලද අමුද්රව්ය භාවිත කරමින් අල්ලාහ් විසින් මිනිසාට දෙන ලද බුද්ධිය උපයෝගී කර ගනිමින් ඔහු විසින් නිර්මාණය කරන ලද නැව්, ගුවන් යානා හා වාහන ආදිය අදහස් කෙරේ. මෙම ප්රවාහන ක්රම දෙකම අල්ලාහ්ගේ නිර්මාණයන් බැවින් මේවා හි ගමන් කරන විට මෙම ප්රාර්ථනාව උසුරීම ඉස්ලාමීය පිළිවෙතක් වේ.
13

لِتَسْتَوُوا عَلَىٰ ظُهُورِهِ ثُمَّ تَذْكُرُوا نِعْمَةَ رَبِّكُمْ إِذَا اسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَـٰذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ

(එය) නුඹලා (ගමන් කිරීම සඳහා) එහි පිට මත නැග අසුන් ගනු පිණිස ද පසුව නුඹලා ඒ මත නැග අසුන් ගත් විට නුඹලා “අපට මෙය වසඟ කර දුන් ඔහු සුවිශුද්ධය. අපි මේ සඳහා හැකියාව ඇත්තන් නොවූයෙමු. තවද සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙත හැරෙන්නන් වන්නෙමු” යැයි පවසමින් නුඹලාගේ පරමාධිපතිගේ දායාදයන් සිහිපත් කරනු පිණිස ද වේ.
14

وَإِنَّا إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ

(එය) නුඹලා (ගමන් කිරීම සඳහා) එහි පිට මත නැග අසුන් ගනු පිණිස ද පසුව නුඹලා ඒ මත නැග අසුන් ගත් විට නුඹලා “අපට මෙය වසඟ කර දුන් ඔහු සුවිශුද්ධය. අපි මේ සඳහා හැකියාව ඇත්තන් නොවූයෙමු. තවද සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙත හැරෙන්නන් වන්නෙමු” යැයි පවසමින් නුඹලාගේ පරමාධිපතිගේ දායාදයන් සිහිපත් කරනු පිණිස ද වේ.
15

وَجَعَلُوا لَهُ مِنْ عِبَادِهِ جُزْءًا ۚ إِنَّ الْإِنسَانَ لَكَفُورٌ مُّبِينٌ

නමුත් (මිථ්යා දෘෂ්ටිකයින් වන) ඔවුහු ඔහුගේ(අල්ලාහ්ගේ) ගැත්තන්ගෙන් කොටසක් (වන මලක්වරුන්ව), ඔහු(ගෙන් කොටසක් බව)ට ආරෝපණය කළෝය. 4 සැබැවින්ම මිනිසා පැහැදිලි ගුණමකුවෙකි.
4මෙම ආයතය ඉස්ලාමීය ප්රතිපත්තියට පටහැණි කරුණු තුනකට පිළිතුරක් ලෙස පහළ වී ඇත. පළමුවැන්න අල් කුර්ආනය පහළ කරනු ලැබූ යුගයේ ජීවත් ව සිටි මිථ්යා දෘෂ්ටිකයන් මලක්වරුන්ව අල්ලාහ්ගේ සංයුතියෙන් කොටසක් වූ ඔහුගේ දියණියන් බවට වැරදි ප්රකාශයක් කරමින් සිටියෝය. දෙවැන්න එම මිථ්යා දෘෂ්ටිකයන් දියණියන් පිළිකුල් කළ ද අල්ලාහ්ට දියණියන් ඇති බවට සමච්චල් කරමින් සිටියෝය. තෙවැන්න මෙසේ මලක්වරුන් දියණියන් යැයි පැවසීම මගින් මලක්වරුන් ස්තී්ර පාර්ශවයට අයත් බව සඳහන් කර ඇත. නමුත් ඔවුන් එසේ නොවේ.
16

أَمِ اتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍ وَأَصْفَاكُم بِالْبَنِينَ

එසේ නම් ඔහු මැවූ දැයින් ගැහැනු දරුවන් ඔහු ගනිමින් නුඹලාට පිරිමි දරුවන් තෝරා දුන්නේ ද!
17

وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحْمَـٰنِ مَثَلًا ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ

තවද ඔවුන්ගෙන් කෙනෙකු මහා කරුණාභරිතයාණන්ට උපමා කළ දෑ(ගැහැනු දරුවන් තමාට උපත ලැබීම) පිළිබඳව තමාට ශුභාරංචි දෙනු ලැබු විට ඔහු දුකට පත්ව ඔහුගේ මුහුණ කළු පැහැ වනු ඇත.
18

أَوَمَن يُنَشَّأُ فِي الْحِلْيَةِ وَهُوَ فِي الْخِصَامِ غَيْرُ مُبِينٍ

එසේ නම් කවුරුන් ආභරණ වලින් (අලංකාර කර) වඩනු ලබන හා විවාදයෙහි කරුණු පැහැදිලිව ප්රකාශ කළ නොහැකි තත්ත්වයේ සිටින ඔවුන්ව ද (එනම් ගැහැනු දරුවන්ව ද? අල්ලාහ් දරුවන් ලෙස ගත යුත්තේ).
19

وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَـٰنِ إِنَاثًا ۚ أَشَهِدُوا خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَادَتُهُمْ وَيُسْأَلُونَ

තවද මහා කරුණාභරිතයාණන්ගේ ගැත්තන් වන මලක්වරුන්ව ගැහැනුන් ලෙස ඔවුහු සැලකූහ. ඔවුන්ව(මලක්වරුන්ව) මවනු ලැබීම ඔවුහු බලා සිටියෝ ද? ඔවුන්ගේ (මේ අසත්යය) සාක්ෂිය සටහන් කරනු ලැබ ඔවුන් (විනිශ්චය දිනයෙහි))විමසනු ලබන්නෝය.
20

وَقَالُوا لَوْ شَاءَ الرَّحْمَـٰنُ مَا عَبَدْنَاهُم ۗ مَّا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ

“මහා කරුණාභරිතයාණන් (වන අල්ලාහ්) අභිමත කළේ නම් අප ඔවුන්ව නොනමදින්නට තිබුණ” යැයි ඔවුහු පැවසූහ. මේ පිළිබඳව කිසිදු දැනුමක් ඔවුනට(ආදේශකයින්ට) නැත. ඔවුන් (අනුමාන කරන) බොරු ගොතන්නන් මිස නැත.
21

أَمْ آتَيْنَاهُمْ كِتَابًا مِّن قَبْلِهِ فَهُم بِهِ مُسْتَمْسِكُونَ

එසේ නොමැති නම්, අප ඔවුනට මෙ(ම අල් කුර්ආන)යට පෙර ධර්ම පුස්තකයක් පිරිනැමුවෙමු ද? පසුව ඔවුන් (මලක්වරුන්ව නැමදීමට සාක්ෂියක් ලෙස) එය ග්රහණය කර ගත්තන් වූයේ ද?
22

بَلْ قَالُوا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِم مُّهْتَدُونَ

නොඑසේය. “සැබැවින්ම අපි අපගේ මුතුන් මිත්තන් එක් පිළිවෙතක සිටිනු දුටුවෙමු. තවද සැබැවින්ම අපි ඔවුන්ගේ පිය සටහන් මත මග පෙන්වනු ලැබූවන් වන්නෙමු” යැයි ඔවුහු පැවසූහ.
23

وَكَذَٰلِكَ مَا أَرْسَلْنَا مِن قَبْلِكَ فِي قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِم مُّقْتَدُونَ

තවද මෙලෙසමය, නුඹට පෙර යම් නගරයක ප්රධානීන් “සැබැවින්ම අපි අපගේ මුතුන් මිත්තන් එක් පිළිවෙතක සිටිනු දුටුවෙමු. තවද සැබැවින්ම අපි ඔවුන්ගේ පිය සටහන් පිළිපදින්නන් වෙමු” යැයි පැවසුවා මිස අවවාද කරන්නෙකු(නබිවරයෙකු) අපි එහි නොයැව්වෙමු.
24

قَالَ أَوَلَوْ جِئْتُكُم بِأَهْدَىٰ مِمَّا وَجَدتُّمْ عَلَيْهِ آبَاءَكُمْ ۖ قَالُوا إِنَّا بِمَا أُرْسِلْتُم بِهِ كَافِرُونَ

“නුඹලාගේ මුතුන් මිත්තන් කවර දෙයක් මත සිටිනු නුඹලා දුටුවේද එයට වඩා යහ මගක් නුඹලා වෙත මම ගෙන ආවත් (නුඹලා පෙර වූ දැයම පිළිපදින්නේ) ද?”යැයි ඔහු විමසුවේය. “කවර දෙයක් සමග නුඹලා එවනු ලැබුවේද සැබැවින්ම අපි එය ප්රතික්ෂේප කරන්නන් වන්නෙමු” යැයි ඔවුහු පැවසූහ.
25

فَانتَقَمْنَا مِنْهُمْ ۖ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ

එබැවින් අපි (දඬුවම් කර) ඔවුන්ගෙන් පළිගත්තෙමු. එම නිසා (අපගේ රසූල්වරුන්ව)අසත්යය කරන්නන්ගේ අවසානය කෙසේ වී දැ?යි නුඹලා බලවු.
26

وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاءٌ مِّمَّا تَعْبُدُونَ

“මාව මැවූ (අල්ලාහ් වන) ඔහු හැර සැබැවින්ම මම නුඹලා නමදින දැයින් නිදොස් වෙමි. එබැවින් සැබැවින්ම ඔහු මට මග පෙන්වනු ඇතැ”යි ඉබ්රාහීම් තම පියාට ද තම ජනයාට ද පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
27

إِلَّا الَّذِي فَطَرَنِي فَإِنَّهُ سَيَهْدِينِ

“මාව මැවූ (අල්ලාහ් වන) ඔහු හැර සැබැවින්ම මම නුඹලා නමදින දැයින් නිදොස් වෙමි. එබැවින් සැබැවින්ම ඔහු මට මග පෙන්වනු ඇතැ”යි ඉබ්රාහීම් තම පියාට ද තම ජනයාට ද පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
28

وَجَعَلَهَا كَلِمَةً بَاقِيَةً فِي عَقِبِهِ لَعَلَّهُمْ يَرْجِعُونَ

ඔවුන් (ඉබ්රාහීම්ගේ පිළිවෙතට) නැවත යොමු වනු පිණිස ඔහු(අල්ලාහ්) ඔහුගේ පරපුරට සදාතනික ප්රකාශයක් බවට (ඔහු පැවසූ) එ(ම ප්රකාශ)ය පත් කළේය.
29

بَلْ مَتَّعْتُ هَـٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّىٰ جَاءَهُمُ الْحَقُّ وَرَسُولٌ مُّبِينٌ

නමුත් ඔවුන් වෙත සත්යය(අල් කුර්ආනය) ද පැහැදිලි කරන රසූල්වරයා ද පැමිණෙන තෙක් ඔවුන්ට හා ඔවුන්ගේ මුතුන් මිත්තන්ට මම ප්රීතියෙන් භුක්ති විඳීමට සැලසුවෙමි.
30

وَلَمَّا جَاءَهُمُ الْحَقُّ قَالُوا هَـٰذَا سِحْرٌ وَإِنَّا بِهِ كَافِرُونَ

(නමුත්) සත්යය ඔවුන් වෙත පැමිණි විට “මෙය හූනියමකි. තවද සැබැවින්ම අපි මෙය ප්රතික්ෂේප කරන්නන් වෙමු.” යැයි ඔවුහු පැවසුවෝය.
31

وَقَالُوا لَوْلَا نُزِّلَ هَـٰذَا الْقُرْآنُ عَلَىٰ رَجُلٍ مِّنَ الْقَرْيَتَيْنِ عَظِيمٍ

මෙම අල් කුර්ආනය දෙනුවරින් ශ්රේෂ්ඨ පුද්ගලයෙකුට පහළ කරනු ලැබිය යුතු නොවේ දැ’යි ඔවුහු විමසූහ. 5
5මෙයින් අදහස් කෙරෙන්නේ මක්කා සහ තාඉෆ් යන නගරයන් දෙකය.
32

أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَ ۚ نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ۚ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِّيَتَّخِذَ بَعْضُهُم بَعْضًا سُخْرِيًّا ۗ وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ

නුඹගේ පරමාධිපතිගේ කරුණාව (වූ නබිත්වය) බෙදා දෙන්නේ ඔවුන් ද? මෙලොව ජීවිතයේ ඔවුන්ගේ ජීවන පහසුකම් ඔවුන් අතර බෙදා දුන්නේ අපමය. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුව (අවශ්යතාවන් සඳහා) වසඟ කර ගනු පිණිස අපි ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා තරාතිරම් වලින් උසස් කළෙමු. තවද ඔවුන් (මෙලොව) රැස් කරන දෑට වඩා නුඹේ පරමාධිපතිගේ දයාව අති ශ්රේෂ්ඨය. 6
6මෙහි කරුණාව යන වචනයෙහි අදහස නබිත්වයයි. මෙම වැකියෙන් පවසන්නේ අල්ලාහ්ගේ බැල්මෙන් කිසිදු වටිනාකමක් නැති මෙලොවේ සම්පත් මැවුම් අතර බෙදා දීම පවා මිනිසුනට යුතු හෝ හැකි කාර්යයක්ව නොතිබිය දී මේ සියල්ලට වඩා ඉතා උතුම් වූ නබිත්වය කවුරුන්ට ලබා දිය යුත්තේ යන්නෙහි මොවුන් කුමක් කිව හැක්කේ ද යනුවෙනි.
33

وَلَوْلَا أَن يَكُونَ النَّاسُ أُمَّةً وَاحِدَةً لَّجَعَلْنَا لِمَن يَكْفُرُ بِالرَّحْمَـٰنِ لِبُيُوتِهِمْ سُقُفًا مِّن فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ

(ප්රතික්ෂේපකයින්ට අප කළ දායාදය දැක ප්රතික්ෂේප නොකළ අනෙකුත්) ජනයා (ප්රතික්ෂේපිත) එකම සමූහයක් ලෙස වීමක් නොවන්නේ නම් කරුණාභරිතයාණන් (වන අල්ලාහ්)ව ප්රතික්ෂේප කරන අයට ඔවුන්ගේ නිවෙස් හි වහල් ද ඔවුන් නැග යන පිය ගැටපෙළ ද රිදියෙන් අපට සලස්වන්නට තිබුණි.
34

وَلِبُيُوتِهِمْ أَبْوَابًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِئُونَ

තවද ඔවුන්ගේ නිවෙස්හි දොරවල් හා ඔවුන් හාන්සි වන ඇදන් ද (රිදියෙන් අපට සලස්වන්නට තිබුණි.)
35

وَزُخْرُفًا ۚ وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۚ وَالْآخِرَةُ عِندَ رَبِّكَ لِلْمُتَّقِينَ

(එපමණක් නොව, මේ සියල්ල) රන් අලංකරණ වලින් වුවද (අපට සලස්වන්නට තිබුණි.) මේවා සියල්ල මෙලොව ජීවිතයේ (තාවකාලික) භුක්ති විඳීමක් මිස නැත. තවද බිය භක්තිකයින්ට නුඹගේ පරමාධිපති අබියස මතු ලොව (සදාතනික සම්පත්) ඇත්තේය. 7
7ලොවේ සම්පත් අල්ලාහ්ගේ ඉදිරියේ අල්ප දෙයක් වශයෙන් වුවද ප්රතික්ෂේපකයින්ට පවා එය සීමිතව දෙනු ලැබ ඇත. මන්දයත් ඔවුනට මෙම වටිනාකමක් නොමැති ලෞකික වස්තූන් බෙහෙවින් පිරිනැමුවේ නම් දුර්වල ඊමාන් හෙවත් දේව විශ්වාසය ඇත්තෝ එම වස්තූන් වලට ආකර්ෂණය වී ඔවුන් ද ප්රතික්ෂේපකයින් විය හැකි නිසාවෙනි. මෙම කාරාණාව නොමැති නම් ප්රතික්ෂේපකයින්ට ඉහත ආයත්හි සඳහන් වී ඇති අයුරින් අසීමිතව අල්ලාහ් පිරිනමන්නට තිබිණ. මෙම ආයතය තුළින් පැහැදිලි වන තවත් කරුණක් නම් ලොවේ වස්තූන්ට කිසිදු වටිනාකමක් නැති බව සහ එසේ එහි වටිනා කමක් තිබේ නම් එය අධිකව ලබන්නන් වනුයේ අල්ලාහ්ගේ දූතයින් වේ යන්නයි. මෙය ද ප්රතික්ෂේපකයින්ගේ තර්කයට පිළිතුරකි.
36

وَمَن يَعْشُ عَن ذِكْرِ الرَّحْمَـٰنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ

කවරෙකු කරුණාභරිතයාණන්ගේ උපදෙස(අල් කුර්ආනය) පිටුපාන්නේද අපි ඔහුට ෂෙයිතාන් කෙනෙකු නියම කරන්නෙමු. එබැවින් ඔහු ඔහුට සමීපතයෙකු වෙයි.
37

وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ السَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ

තවද ඔවුන් තමන් යහ මග ලද්දන් යැයි අනුමාන කරමින් සිටිය දී සැබැවින්ම ඔවුහු(ෂෙයිතාන්වරුන්) ඔවුන්ව (යහ) මාර්ගයෙන් වළක්වති.
38

حَتَّىٰ إِذَا جَاءَنَا قَالَ يَا لَيْتَ بَيْنِي وَبَيْنَكَ بُعْدَ الْمَشْرِقَيْنِ فَبِئْسَ الْقَرِينُ

අවසානයේ ඔහු (විනිශ්චය දින) අප වෙත පැමිණ (ෂෙයිතාන් දෙස බලා) “අහෝ! මා අතර හා නුඹ අතර බටහිර වල් දෙකක් තරම් වූ දුරක් තිබුණේ නම් (මැනවි.) (නුඹ මට) නපුරු මිතුරෙකි.” යැයි පවසයි.
39

وَلَن يَنفَعَكُمُ الْيَوْمَ إِذ ظَّلَمْتُمْ أَنَّكُمْ فِي الْعَذَابِ مُشْتَرِكُونَ

නුඹලා අපරාධ කළ හෙයින් නුඹලා දඬුවමෙහි හවුල්කරුවන් වීම එදින නුඹලාට කිසිදු ප්රයෝජනයක් ඇති නොකරන්නේමය. 8
8පාපතරයින් බොහෝ දෙනෙකු නිරයේ දඬුවම් විඳිනු ඇත. ලොවෙහි අපහසුතාවක සිටිය දී එකිනෙකා තමන් අතර සැනසිලි වදන් පවසා ගැනීම තුළින් ඔවුන්ගේ සිතට මද සැනසිල්ලක් දැනේ. නමුත් නිරයේ ඔවුන් එකට සිටිය ද ඔවුන් එකිනෙකා අතර සැනසිලි වදන් පවසා නොගන්නා අතර එසේ සැනසිලි වදන් පවසා ගත්තත් එයින් කිසිදු ප්රයෝජනයක් අත් කර නොගනී. යන්න මෙම ආයතයේ අරුතයි.
40

أَفَأَنتَ تُسْمِعُ الصُّمَّ أَوْ تَهْدِي الْعُمْيَ وَمَن كَانَ فِي ضَلَالٍ مُّبِينٍ

එබැවින් (නබිවරය,) නුඹ බිහිරාට අසන්නට සලස්වන්නෙහි ද? නැතහොත් අන්ධයාට හා පැහැදිලි නොමගෙහි සිටින්නාට මග පෙන්වන්නෙහි ද?
41

فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُم مُّنتَقِمُونَ

පසුව අප (ප්රතික්ෂේපකයින්ට දඬුවම් කිරීමට පෙර) නුඹව (මරණයට පත් කර මෙලොවින්) ඉවත් කරන්නේ නම් එවිට සැබැවින්ම අපි ඔවුන්ගෙන් (මතු ලොව) පළිගන්නන් වන්නෙමු.
42

أَوْ نُرِيَنَّكَ الَّذِي وَعَدْنَاهُمْ فَإِنَّا عَلَيْهِم مُّقْتَدِرُونَ

නැතහොත් අප ඔවුනට ප්රතිඥා දුන් දෑ(දඬුවම) සැබැවින්ම අපි නුඹට (මෙලොවෙහිම ගෙන හැර) පෙන්වන්නෙමු. මන්දයත් සැබැවින්ම අපි ඔවුන් කෙරෙහි (දඬුවම් කිරීමට) ශක්තිය දරන්නන් වන්නෙමු. 9
9මෙය නබි මුහම්මද් තුමාණන්ට එක් සැනසිලි ආයතයකි. එනම් ඔහුගේ වගකීම අල්ලාහ්ගේ පණිවිඩය මිනිසාට සැල කර සිටීම මිස ඔවුන් එය පිළිගැනීම හෝ ප්රතික්ෂේප කිරීම ඔහුගේ භාරයේ ඇති දෙයක් නොවේ. තවද කවුරුන් උඩඟුකමින් ප්රතික්ෂේප කරන්නේ ද ඔවුනට නබි මුහම්මද් තුමාණන් ජීවතුන් අතර සිටිය දී හෝ ඔහුගේ නික්ම යාමෙන් පසුව හෝ අල්ලාහ් දඬුවම් පමුණුවනු ඇත.
43

فَاسْتَمْسِكْ بِالَّذِي أُوحِيَ إِلَيْكَ ۖ إِنَّكَ عَلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ

එබැවින් නුඹ වෙත වහී ලෙස පහළ කරනු ලැබූ දෑ ග්රහණය කර ගනිවු. සැබැවින්ම නුඹ ඍජු මාර්ගයෙහිය.
44

وَإِنَّهُ لَذِكْرٌ لَّكَ وَلِقَوْمِكَ ۖ وَسَوْفَ تُسْأَلُونَ

තවද සැබැවින්ම මෙය නුඹ ද නුඹගේ පිරිසට ද (ගෞරවය කරන) උපදෙසකි. නුඹලා (එය නිසි ලෙස අනුගමනය කළා දැ?යි) මතු ප්රශ්න කරනු ලබනු ඇත.
45

وَاسْأَلْ مَنْ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رُّسُلِنَا أَجَعَلْنَا مِن دُونِ الرَّحْمَـٰنِ آلِهَةً يُعْبَدُونَ

(නබිවරය,) කරුණා භරිතයාණන්(අල්ලාහ්) හැර නැමදුම් කරනු ලබන වෙනත් දෙවිවරුන් අපි පත් කළෙමු දැ?යි නුඹට පෙර අප යැවූ අපගේ රසූල්වරුන්ගෙන් නුඹ විමසවු. 10
10මෙම ආයතයේ නබි මුහම්මද් තුමාට ‘පෙර වූ රසූල්වරුන්ගෙන් විමසවු’ යැයි පවසා ඇත්තේ ‘ඉස්රා රාති්රයේ’ සියලු නබිවරුන්ව හමු වූ මොහොතේ විමසීම පිළිබඳවය. ‘ඉස්රා රාති්රය’ පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 17:1 ආයතයේ පාද සටහන බලන්න.
46

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ الْعَالَمِينَ

සැබැවින්ම අපගේ සංඥාවන් ලබා දී මූසාව අපි ෆිර්අවුන් හා ඔහුගේ ප්රධානීන් වෙත එව්වෙමු. එවිට “සැබැවින්ම මම විශ්වයේ පරමාධිපතිගේ රසූල්වරයා වෙමි” යැයි ඔහු පැවසුවේය.
47

فَلَمَّا جَاءَهُم بِآيَاتِنَا إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ

අපගේ සංඥාවන් ඔවුන් වෙත ඔහු ගෙන ආ විගස ඒ හේතුවෙන් ඔවුහු සිනාසුණෝය.
48

وَمَا نُرِيهِم مِّنْ آيَةٍ إِلَّا هِيَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَاهُم بِالْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ

කිසිදු සංඥාවක්, එයට පෙර (අප ගෙනහැර පෑවා) වූ දැයට(සංඥාවට) වඩා ප්රබල වූවක්ව මිස ඔවුනට අප ගෙන හැර පෑවේ නැත. ඔවුන් නැවත (සත්යය වෙත) යොමු වනු පිණිස අපි ඔවුන්ව දඬුවමින් ග්රහණය කළෙමු.
49

وَقَالُوا يَا أَيُّهَ السَّاحِرُ ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهْتَدُونَ

(එවිට) ඔවුහු (මූසාට) “හූනියම්කරුව! (නුඹව අප විශ්වාස කළේ නම් අපගේ දඬුවම ඉවත් කරන බවට) නුඹගේ පරමාධිපති නුඹත් සමඟ කළ ගිවිසුමට අනුව අප වෙනුවෙන් ප්රාර්ථනා කරවු. (එසේ කළේ නම්) සැබැවින්ම අපි යහමග ලබන්නන් වන්නෙමු” යැයි පැවසුවෝය.
50

فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الْعَذَابَ إِذَا هُمْ يَنكُثُونَ

(මූසාගේ ප්රාර්ථනාවෙන් පසුව) ඔවුන්ගෙන් අප දඬුවම ඉවත් කළ විට ඔවුන් (තමන්ගේ පොරොන්දුව) කඩ කළෝය.
51

وَنَادَىٰ فِرْعَوْنُ فِي قَوْمِهِ قَالَ يَا قَوْمِ أَلَيْسَ لِي مُلْكُ مِصْرَ وَهَـٰذِهِ الْأَنْهَارُ تَجْرِي مِن تَحْتِي ۖ أَفَلَا تُبْصِرُونَ

ෆිර්අවුන් තම ජනයා අමතා මෙසේ පැවසීය. “මාගේ ජනයිනි, ඊජිප්තු රාජ්යයේ පාලන බලය මා සතු නොවේ ද? තවද මෙම ගංගාවෝ මට පහළින් ගලා බසිති. නුඹලා (එය) අවධානය නොකළෙහු ද?
52

أَمْ أَنَا خَيْرٌ مِّنْ هَـٰذَا الَّذِي هُوَ مَهِينٌ وَلَا يَكَادُ يُبِينُ

මෙම නීච හා පැහැදිලිව කතා කළ නොහැකි ඔහුට(මූසාට) වඩා මම ශ්රේෂ්ඨ නොවන්නෙම් ද?
53

فَلَوْلَا أُلْقِيَ عَلَيْهِ أَسْوِرَةٌ مِّن ذَهَبٍ أَوْ جَاءَ مَعَهُ الْمَلَائِكَةُ مُقْتَرِنِينَ

(මොහු රසූල්වරයෙක් නම්) රනින් වූ වළලු මොහුට දෙනු ලැබිය යුතු නොවේ ද? එසේ නොමැති නම් මොහු සමග මලක්වරුන් සාහකයන් ලෙස පැමිණිය යුතු නොවේ ද?” 11
11එකල රජවරුන් තවත් රජවරයෙකු වෙත දූතයෙකු යවන්නේ නම් ඔහුට රනින් වූ වළලු දී ඔහු සමග තවත් සාහකයන් යැවීම සිරිතක් විය. නබි මූසා තුමා ද අල්ලාහ්ගේ දූතයෙක් නම් ඔහු ද මෙලෙස රනින් වූ වළලු දෙනු ලැබ අල්ලාහ්ගේ මලක්වරුන් සමග පැමිණිය යුතු නොවේ දැ?යි ෆිර්අවුන් සමච්චල් කළේය.
54

فَاسْتَخَفَّ قَوْمَهُ فَأَطَاعُوهُ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ

ඔහු තම ජනයාව (රවටමින්) අඥානයින් බවට පත් කළේය. එබැවින් ඔවුහු ඔහුට(ෆිර්අවුන්ට) අවනත වූවෝය. සැබැවින්ම ඔවුන් පාපතර පිරිසක් වූහ.
55

فَلَمَّا آسَفُونَا انتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ

ඔවුහු අප(ගේ නබිවරයා)ව කෝපයට පත් කළ විට ඔවුන්ගෙන් අපි පළිගත්තෙමු. එබැවින් ඔවුන් සියල්ලන්වම අපි ගිල්වූයෙමු.
56

فَجَعَلْنَاهُمْ سَلَفًا وَمَثَلًا لِّلْآخِرِينَ

එබැවින් අපි ඔවුන්ව (විනාශ වී) ඉකුත් වූවන් බවට හා පසු පැමිණෙන්නන්ට උදාහරණයක් බවට පත් කළෙමු.
57

وَلَمَّا ضُرِبَ ابْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ

(නබිවරය,) මර්යම්ගේ පුත් (ඊසාව ඔහුගේ ජනයා දෙවි කෙනෙකු ලෙස ගැනීම) පිළිබඳව උපමා වශයෙන් පවසනු ලැබූ විගස නුඹගේ ජනයා ඒ පිළිබඳව (සමච්චල් කරමින්) සිනාසුණෝය.
58

وَقَالُوا أَآلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ ۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًا ۚ بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ

තවද අපගේ දෙවිවරුන් ශ්රේෂ්ඨ ද? නැතහොත් ඔහු(ඊසා ශ්රේෂ්ඨ) ද? යනුවෙන් ඔවුහු ඇසුවෝය. 12 වාදයක් වශයෙන් මිස ඔවුහු නුඹට මෙය උපමා නොකළෝය. ඇත්තෙන්ම ඔවුන් වාද කරන පිරිසකි.
12“සැබැවින්ම නුඹලා ද අල්ලාහ් හැර නුඹලා නමදින දෑ(ව්යාජ දෙවිවරුන්) ද නිරයේ ඉන්ධන වන්නේය.”(අල් කුර්ආන් 21:98 ) යන වැකිය පහළ වූ විට “ඊසා තුමාටද මිනිසුන් නැමදූ හෙයින් ඔහු ද නිරයට ඇතුළු වනු ඇත.” යැයි ඇතැම් මක්කාවාසී ප්රතික්ෂේපකයින් සමච්චලයෙන් පැවසුවෝය. ඇත්තෙන්ම මෙම තර්කය වැරදිය. මන්දයත් මෙම ආයතයේ යථාර්ථය කවුරුන් තමන්ව නමදින මෙන් අණ කළේ ද ඔවුන් පමණි. එසේ බැලූ කළ ඊසා තුමා කිසිවිටෙක හෝ තමාව නමදින මෙන් පවසා නැත. එහෙයින් ඔහුව මෙම වැකියේ සම්න්ධ කර තර්ක කිරීම නිෂ්ඵල තර්කයකි.
59

إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَاهُ مَثَلًا لِّبَنِي إِسْرَائِيلَ

ඔහු(ඊසා) අප (නබිත්වය) දායාද කළ හා ඉස්රාඊල්ගේ දරුවන්ට උපමාවක් ලෙස 13 පත් කළ ගැත්තකු මිස නැත.
13මෙහි උපමාව යනුවෙන් අදහස් වන්නේ මර්යම්ගේ පුත් නබි ඊසා(ජේසුස්) තුමාව පියෙකු නොමැතිව පතිවත් මවකගෙන් මෙලොවට බිහි කිරීමේ අල්ලාහ්ගේ බලය පෙන්නුම් කිරීමේ ප්රාතිහාර්යය යි.
60

وَلَوْ نَشَاءُ لَجَعَلْنَا مِنكُم مَّلَائِكَةً فِي الْأَرْضِ يَخْلُفُونَ

තවද අපි අභිමත කරන්නේ නම් නුඹලා තුළින්ම මලක්වරුන්ව මිහිතලයෙහි (නුඹලා වෙනුවෙන්) ප්රතිස්ථාපනය කරන්නන් ලෙස පත් කර ඇත්තෙමු. 14
14නබි ඊසා තුමා පියෙකු නොමැතිව උපන් හෙයින් ඔහුව දෙවියෙකු යැයි යුදෙව්වන් සැලකුවෝය. ඕනෑම දූතයෙකුගේ නබිත්වය තහවුරු කිරීම පිණිස ඔවුන්ට මුඃජිzසා හෙවත් ප්රාතිහාර්යයන් ලබා දීම අල්ලාහ්ගේ පිළිවෙතකි. ඒ අයුරින් ඊසා තුමා පියෙකු නොමැතිව උපත ලැබීම ඔහුගේ මුඃජිzසා හෙවත් ප්රාතිහාර්යයක් පමණි. නබි ආදම් තුමා මව්පියන් දෙදෙනාම නොමැතිව උපත ලැබීම මෙයටත් වඩා ඉමහත් ප්රාතිහාර්යයකි. ඔහු ද අල්ලාහ්ගේ එක් දූතයෙකු පමණී. මෙම ආයතයෙන් පවසන්නේ ඒ සියල්ල අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් බව හා ඔහු අභිමත කළේ නම් මෙයටත් වඩා ඉමහත් ලෙස මිනිසාගෙන් මලක්වරුන්ව උපදවන්නට සැලසුම් කළ ද එය ඔහුගේ ප්රාතිහාර්යයක් මිස අන් කිසිවක් නොවන බවයි.
61

وَإِنَّهُ لَعِلْمٌ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَاتَّبِعُونِ ۚ هَـٰذَا صِرَاطٌ مُّسْتَقِيمٌ

තවද සැබැවින්ම ඔහු(ඊසා නැවත පැමීණීම) එම හෝරාව(පරමාන්ත දිනය) පිළිබඳව වූ සලකුණකි. 15 එබැවින් ඒ පිළිබඳව කිසිසේත්ම නුඹලා සැක නොකරවු. තවද මා(ගේ විධානයන්) පිළිපදිවු. ඍජු මාර්ගය මෙයයි.
15පරමාන්ත දිනය සමීප වන විට නබි ඊසා තුමා ලොවට නැවත පැමිණේ. එහෙයින් ඔහු පරමාන්ත දිනයේ පෙර නිමිත්තකි.
62

وَلَا يَصُدَّنَّكُمُ الشَّيْطَانُ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

ෂෙයිතාන් (ඍජු මගින්) නුඹලාව වැළැක්විය නොයුතුමය. සැබැවින්ම ඔහු නුඹලාට පැහැදිලි සතුරෙකි.
63

وَلَمَّا جَاءَ عِيسَىٰ بِالْبَيِّنَاتِ قَالَ قَدْ جِئْتُكُم بِالْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعْضَ الَّذِي تَخْتَلِفُونَ فِيهِ ۖ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

ඊසා පැහැදිලි සාධක ගෙන ආ විට “සැබැවින්ම මම නුඹලාට ප්රඥාව රැගෙන නුඹලා කවර දෙයක් තුළ මතභේද ඇති කර ගත්තේද ඉන් සමහරක් 16 මම නුඹලාට පැහැදිලි කරනු පිණිස නුඹලා වෙත ආවෙමි. එබැවින් නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. මටම අවනත වවු.” යැයි ඔහු පැවසුවේය.
16ඉස්රාඊල්ගේ දරුවන් අතර බොහෝ මතභේද තිබුණි. නමුත් මෙහි ‘ඇතැම් මතභේද’ යනුවෙන් අදහස් වන්නේ ඔවුන් තව්රාතය වෙනස් කිරීම තුළින් ඔවුන් අතර ඇති වූ මතභේදයන් පිළිබඳවය.
64

إِنَّ اللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ ۚ هَـٰذَا صِرَاطٌ مُّسْتَقِيمٌ

සැබැවින්ම අල්ලාහ්මය මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපති වන්නේ. එබැවින් නුඹලා ඔහුට නැමදුම් කරවු. ඍජු මාර්ගය මෙයයි.
65

فَاخْتَلَفَ الْأَحْزَابُ مِن بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِّلَّذِينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ

එවිට (ඉස්රාඊල්ගේ දරුවන්ගෙන් විවිධ) කණ්ඩායම්, ඔවුන් අතර (ඊසා පිළිබඳව) මත භේද ඇති කර ගත්තෝය. එබැවින් අපරාධ කළවුනට වේදනාත්මක දිනයේ දඬුවම හේතුවෙන් විනාශයයි!
66

هَلْ يَنظُرُونَ إِلَّا السَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

ඔවුන් නොහැඟෙන්නන්ව සිටිය දී අනපේක්ෂිතව (ලොව අවසන්) හෝරාව ඔවුනට පැමිණීම මිස (වෙනත් කිසිවක්) ඔවුන් බලාපොරොත්තු වන්නෝ ද?
67

الْأَخِلَّاءُ يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا الْمُتَّقِينَ

(මෙලොව පාපකම්හි) මිතුරන් එදින ඔවුන්ගෙන් සමහරෙකු තවත් සමහරෙකුගේ සතුරන් වෙති. නමුත් බිය භක්තිකයින් මිස.
68

يَا عِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ الْيَوْمَ وَلَا أَنتُمْ تَحْزَنُونَ

(එදින) “අපගේ සාධක විශ්වාස කර අවනත වන්නන්ව සිටියා වූ මාගේ ගැත්තනි, අද දින නුඹලාට කිසිදු බියක් නැත. නුඹලා දුකට පත් වන්නේ ද නැත.
69

الَّذِينَ آمَنُوا بِآيَاتِنَا وَكَانُوا مُسْلِمِينَ

(එදින) “අපගේ සාධක විශ්වාස කර අවනත වන්නන්ව සිටියා වූ මාගේ ගැත්තනි, අද දින නුඹලාට කිසිදු බියක් නැත. නුඹලා දුකට පත් වන්නේ ද නැත.
70

ادْخُلُوا الْجَنَّةَ أَنتُمْ وَأَزْوَاجُكُمْ تُحْبَرُونَ

නුඹලා හා නුඹලාගේ භාර්යාවන් ප්රීති ප්රමෝදයෙන් ස්වර්ගයට පිවිසෙවු.” (යැයි අල්ලාහ් ප්රකාශ කරයි.)
71

يُطَافُ عَلَيْهِم بِصِحَافٍ مِّن ذَهَبٍ وَأَكْوَابٍ ۖ وَفِيهَا مَا تَشْتَهِيهِ الْأَنفُسُ وَتَلَذُّ الْأَعْيُنُ ۖ وَأَنتُمْ فِيهَا خَالِدُونَ

රනින් වූ පාත්ර ද ගුරුලේත්තු ද ඔවුන් වටා ගෙන යනු ලැබේ. තවද නෙත් පිනවන සිත් සතුටු කරවන දෑ එහි ඇත. තවද නුඹලා එහි සදාතනිකයෝ වෙති.
72

وَتِلْكَ الْجَنَّةُ الَّتِي أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ

නුඹලා කරමින් සිටී (යහ) දෑ හේතුවෙන් නුඹලාට උරුම කරනු ලැබූ ස්වර්ගය එයයි.
73

لَكُمْ فِيهَا فَاكِهَةٌ كَثِيرَةٌ مِّنْهَا تَأْكُلُونَ

නුඹලා අනුභව කරන බොහෝ පලතුරු නුඹලාට එහි ඇත.
74

إِنَّ الْمُجْرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَالِدُونَ

(එහෙත්) සැබැවින්ම (පාපතර) වැරදිකරුවන් නිරයේ දඬුවමෙහි සදාතනිකයින්ය.
75

لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ

ඔවුන්ගෙන් (දඬුවම) ලිහිල් කරනු නොලැබේ. තවද ඔවුන් එහි අපේක්ෂා භංගතයින්ය.
76

وَمَا ظَلَمْنَاهُمْ وَلَـٰكِن كَانُوا هُمُ الظَّالِمِينَ

තවද අපි ඔවුනට අපරාධ නොකළෙමු. එනමුත් ඔවුන්මය අපරාධකරුවන්ව සිටියේ.
77

وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُم مَّاكِثُونَ

ඔවුහු (නිරයේ භාරකාර මලක්වරයා) අමතා “ඕ මාලික්! නුඹේ පරමාධිපති අප කෙරෙහි (මරණය) තීරණය(ක් ලෙස) ලබා දෙත්වා!’ යැයි පවසති. (නමුත්) සැබැවින්ම නුඹලා (මෙහිම) රැඳී සිටින්නන් යැ’යි ඔහු පවසයි.
78

لَقَدْ جِئْنَاكُم بِالْحَقِّ وَلَـٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَارِهُونَ

‘සැබැවින්ම අපි නුඹලා වෙත සත්යය ගෙන ආවෙමු. එනමුත් නුඹලාගෙන් බහුතරය සත්යය පිළිකුල් කළවුන් යැ’(යි ඔවුනට පවසනු ලැබේ.)
79

أَمْ أَبْرَمُوا أَمْرًا فَإِنَّا مُبْرِمُونَ

(නබිවරය, ඔබට විරුද්ධව) ඔවුන් යම් කරුණක් කුමන්ත්රණ කරන්නෝ ද? එසේ නම් සැබැවින්ම අපි ද (එයට විරුද්ධව) සැලසුම් කරන්නන් වෙමු.
80

أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَاهُم ۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ

නැතහොත් සැබැවින්ම අපි ඔවුන්ගේ රහස්යයන් හා ඔවුන්ගේ රහස්ය සාකච්ඡාවන් සවන් නොදෙන්නෙමු යැයි ඔවුහු සිතන්නෝ ද? එසේ නොව (සියල්ල) සටහන් කරන අපගේ දූතයෝ(මලක්වරුන්) ඔවුන් අතර වෙති.
81

قُلْ إِن كَانَ لِلرَّحْمَـٰنِ وَلَدٌ فَأَنَا أَوَّلُ الْعَابِدِينَ

(නබිවරය,) පවසවු “කරුණාභාරිතයාණන්ට පුතෙකු වෙත් නම් එවිට (ඔහුව) නැමදුම් කරන්නන්ගෙන් පළමුවැන්නා මම වෙමි.” 17
17මෙම ආයතය ‘අල්ලාහ්ට පුතෙකු නැත’ යන්න ප්රතික්ෂේප කිරීම පිණිස නබි මුහම්මද් තුමාණන් උපකල්පිතව පැවසූ ප්රකාශයකි. සිදු විය නොහැකි දෑ උදාහරණයට භාවිත කිරීම අල් කුර්ආනයේ බොහෝ ස්ථානයන්හි දැක ගත හැකිය. අල් කුර්ආන් 7:40 හි මෙසේ සඳහන් වී ඇත. “තවද ඉඳිකටු සිදුරෙන් ඔටුවෙකු ඇතුළු වන තෙක් ස්වර්ගයට ඔවුහු නොපිවිසෙති.” මෙයින් අදහස් කරන්නේ ඔවුන් කිසි විටෙක ස්වර්ගයට නොපිවිසෙන බවයි. මෙලෙසම ඉහත ආයතයෙහි අදහස අල්ලාහ්ට පුතෙකු වීම කිසිවිටෙක සිදු විය නොහැකි දෙයක් යනුවෙනි.
82

سُبْحَانَ رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ

අහස් හි හා මිහිතලයේ පරමාධිපති වූ අර්ෂ්හි පරමාධිපති ඔවුන් වර්ණනා කරන (අසත්යය) දැයින් පිවිතුරුය.
83

فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ

එහෙයින් ඔවුනට ප්රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු අර්ථ ශුන්ය කතාවන්හි නියැළීමට හා කෙළිලොල්හි නිරත වීමට ඔවුන්ව නුඹ අත් හැර දමවු.
84

وَهُوَ الَّذِي فِي السَّمَاءِ إِلَـٰهٌ وَفِي الْأَرْضِ إِلَـٰهٌ ۚ وَهُوَ الْحَكِيمُ الْعَلِيمُ

අහසෙහි නැමදුමට සුදුස්සා ද මිහිතලයෙහි නැමදුමට සුදුස්සා ද ඔහුමය. තවද ඔහු සර්ව ප්රඥාවන්තය සර්වඥය.
85

وَتَبَارَكَ الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُ عِلْمُ السَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ

තවද අහස්හි ද මිහිතලයෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්යය හිමි ඔහු උත්කෘෂ්ටය. (ලොව අවසන්) හෝරාවෙහි ඥානය ඇත්තේ ඔහු අබියසය. තවද නුඹලා (මරණින් මතු) නැවත යොමු කරනු ලබන්නේ ඔහු වෙතමය.
86

وَلَا يَمْلِكُ الَّذِينَ يَدْعُونَ مِن دُونِهِ الشَّفَاعَةَ إِلَّا مَن شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ

තවද ඔහු(අල්ලාහ්) හැර ඔවුහු කවරෙකු (දෙවිවරුන් ලෙස) කැඳවන්නෝද ඔවුන් (තව කෙනෙකු වෙනුවෙන්) රෙකමදාරු වීමට හැකියාව නොලබන්නෝය. නමුත් තමන් (කළ සාක්ෂියෙහි යථාර්ථය) දැන සිටියදී සත්යය කෙරෙහි සාක්ෂි පැවසූ අය මිස. 18
18ප්රතික්ෂේප කළවුන් කවරෙකුව තම දෙවිවරුන් ලෙස පත් කර ගත්තේද ඔවුන්ට එම ප්රතික්ෂේපකයින් වෙනුවෙන් අයැදීමට කිසිදු හැකියාවක් නැත. තවද එලෙස නැමදීමට ලක් වූවන් අතුරින් කවුරුන් වංචනික භාවයෙන් තොරව අල්ලාහ්ගේ ඒකීයත්වය විශ්වාස කර එය සාක්ෂි දැරුවේද ඔවුන්ට අල්ලාහ්ව පමණක් විශ්වාස කළ අය වෙනුවෙන් අයැදීමේ හැකියාව ඇත. උදාහරණ ලෙස නබි උzසෙයිර් තුමා, නබි ඊසා(ජේසු) තුමා හා මලක්වරුන්ව දැක්විය හැක.
87

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ

(නබිවරය,) ඔවුන්ව(එම ව්යාජ දෙවිවරුන්ව) මැව්වේ කවරෙකු දැ?’යි නුඹ (ප්රතික්ෂේපක) ඔවුන්ගෙන් විමසුවේ නම් ‘අල්ලාහ්’ යැයි සැබැවින්ම ඔවුහු පවසන්නෝය. එසේ නම් (අල්ලාහ්ව පමණක් නැමදීමෙන්) ඔවුන් හරවනු ලබනුයේ කොහිට ද?
88

وَقِيلِهِ يَا رَبِّ إِنَّ هَـٰؤُلَاءِ قَوْمٌ لَّا يُؤْمِنُونَ

(විනිශ්චය දින) “මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම මොවුන් විශ්වාස නොකරන පිරිසකි” යන ඔහුගේ(නබිවරයාගේ) ප්රකාශය (අල්ලාහ් දන්නේය).
89

فَاصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَامٌ ۚ فَسَوْفَ يَعْلَمُونَ

එබැවින් (නබිවරය, ඔවුන්ට) නුඹ සලාම් යැයි පවසා ඔවුන්ව නොසලකා හරිවු. එවිට ඔවුන් මතු(ලොව) දැන ගනු ඇත.
الدخانමක්කී
1

حم

හා, මීම්. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

وَالْكِتَابِ الْمُبِينِ

පැහැදිලි ධර්ම පුස්තකය(අල් කුර්ආනය) මත දිවුරමින්.
3

إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةٍ مُّبَارَكَةٍ ۚ إِنَّا كُنَّا مُنذِرِينَ

සැබැවින්ම අපි එය භාග්යමත් රාත්රියක පහළ කළෙමු. සැබැවින්ම අපි (එමගින්) අවවාද කරන්නන් වූයෙමු.
4

فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ

තීක්ෂණාත්මක සෑම කරුණක්ම අපගෙන්ම වූ නියෝගයක් අනුව එ(ම රාත්රියෙ)හි නිර්ණය කරනු ලැබේ. 2 (එමෙන්ම) සැබැවින්ම අපි (රසූල්වරුන්ව) එවන්නන්ව ද සිටියෙමු.
2මෙහි සඳහන් වී ඇති රාත්රිය නම් ‘ලයිලතුල් කද්ර්’ රාත්රියයි. එය ඉස්ලාමීය චන්ද්ර මාසයන්ට අනුව රමළාන් මස උදා වනු ඇත. අවුරුද්දක කාලයක් තුළ දී සිදු වන සියලු කරුණු එක් එක් මලක්වරුන්ගේ භාරයට අල්ලාහ් විසින් දෙනු ලබන්නේ මෙම රාත්රියෙහිය.
5

أَمْرًا مِّنْ عِندِنَا ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ

තීක්ෂණාත්මක සෑම කරුණක්ම අපගෙන්ම වූ නියෝගයක් අනුව එ(ම රාත්රියෙ)හි නිර්ණය කරනු ලැබේ. 2 (එමෙන්ම) සැබැවින්ම අපි (රසූල්වරුන්ව) එවන්නන්ව ද සිටියෙමු.
6

رَحْمَةً مِّن رَّبِّكَ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ

(මෙය) නුඹගේ පරමාධිපතිගෙන් වූ දයාවක් වශයෙනි. සැබැවින්ම ඔහු සර්ව ශ්රාවකය සර්වඥය.
7

رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِن كُنتُم مُّوقِنِينَ

නුඹලා ස්ථීර ලෙස විශ්වාසිකයින් නම් අහස්හි ද මිහිතලයෙහි ද ඒ දෙක අතර වූ දෑහි ද පරමාධිපති (ඔහු)ය.
8

لَا إِلَـٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ

ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔහු ජීවය දෙන්නේය. තවද මරණයට පත් කරන්නේය. (ඔහු) නුඹලාගේ පරමාධිපති ද පෙර විසූ නුඹලාගේ මුතුන් මිත්තන්ගේ පරමාධිපති ද වේ.
9

بَلْ هُمْ فِي شَكٍّ يَلْعَبُونَ

නමුත් (ප්රතික්ෂේපක) ඔවුන් (විනිශ්චය දිනය පිළිබඳව) සැකයෙහි (ගිලී) කෙළිලොල් කරමින් සිටිති.
10

فَارْتَقِبْ يَوْمَ تَأْتِي السَّمَاءُ بِدُخَانٍ مُّبِينٍ

එබැවින් (නබිවරය,) අහස පැහැදිලි දුමාරය ගෙන එන දිනය අපේක්ෂා කරවු.
11

يَغْشَى النَّاسَ ۖ هَـٰذَا عَذَابٌ أَلِيمٌ

එය ජනයාව ආවරණය කරයි. මෙය වේදනීය දඬුවමකි. 3
3ආයත් අංක දහයෙහි සඳහන් වී ඇති ‘අහස දුමාරය ගෙන එන දිනය’ යන්නෙහි අදහස ප්රතික්ෂේපකයින් නියඟයෙන් පීඩා විඳි හෙයින් කුසගින්නෙන් අහස දුමාරයක් මෙන් ඔවුනට පෙනුණි. මෙම ආයතයේ ‘දඬුවම’ යනුවෙන් අදහස් කරනුයේ ඔවුනට ඇති වූ නියඟයයි.
12

رَّبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ إِنَّا مُؤْمِنُونَ

(එම දඬුවම ඔවුන් වෙත පැමිණියේය. එවිට ඔවුන්) “අපගේ පරමාධිපතියාණනි, මෙම දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! සැබැවින්ම අපි විශ්වාසිකයින් වන්නෙමු” (යැයි පැවසුවෝය).
13

أَنَّىٰ لَهُمُ الذِّكْرَىٰ وَقَدْ جَاءَهُمْ رَسُولٌ مُّبِينٌ

පැහැදිලි කරන රසූල්වරයෙකු ඔවුන් වෙත පැමිණ (මෙම දඬුවම පිළිබඳව අවවාද කර) හමාර වී තිබිය දී (නැවත) උපදෙස් කිරීම ඔවුනට කෙසේ (ප්රයෝජන) වන්නේ ද!
14

ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَّجْنُونٌ

(දඬුවම පැමිණි) පසුව ද ඔවුන් (අතුරින් සමහරුන්) ඔහුගෙන්(රසූල්වරයාගෙන්) පිටුපා ගොස් “(ඔහු වෙන කෙනෙකු විසින් කුර්ආනය) උගන්වනු ලැබූ උන්මත්තකයෙකි” යැයි පැවසුවෝය.
15

إِنَّا كَاشِفُو الْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَائِدُونَ

සැබැවින්ම අපි (එම) දඬුවම ස්වල්ප( කාල)යකට ඉවත් කරන්නන් වන්නෙමු. (ඉන්පසුව ද) සැබැවින්ම නුඹලා (පෙර තත්ත්වයටම) නැවත හැරෙන්නන් (වන්නෙහු)ය.
16

يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَىٰ إِنَّا مُنتَقِمُونَ

(එබැවින්) අපි දැඩි ග්රහණයකින් ග්රහණය කරන දින(බද්ර් යුද දින) 4 සැබැවින්ම අපි පළිගන්නන් වන්නෙමු.
4බද්ර් යුද්ධය පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 3:123 ආයතයේ පාද සටහන බලන්න.
17

وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَاءَهُمْ رَسُولٌ كَرِيمٌ

තවද මොවුනට පෙර ෆිර්අවුන්ගේ පිරිස ද අපි පිරික්සුමට ලක් කළෙමු. ඔවුන් වෙතට ද ගෞරවනීය රසූල්වරයෙකු (වන මූසා) පැමිණියේය.
18

أَنْ أَدُّوا إِلَيَّ عِبَادَ اللَّهِ ۖ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

(ඔහු ෆිර්අවුන් හා පිරිස අමතා මෙසේ පැවසුවේය.) “අල්ලාහ්ගේ ගැත්තන්ව (ඉස්රාඊල්ගේ දරුවන්ව) මා වෙත භාර දෙවු. 5 සැබැවින්ම මම නුඹලාට විශ්වාසනීය රසූල්වරයෙක් වෙමි.
5වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:103-141 , 10:90 , 20:78 හා 26:63 යන ආයතයන් බලන්න.
19

وَأَن لَّا تَعْلُوا عَلَى اللَّهِ ۖ إِنِّي آتِيكُم بِسُلْطَانٍ مُّبِينٍ

තවද නුඹලා අල්ලාහ්ට එරෙහිව ගර්වයට පත් නොවවු. සැබැවින්ම මම නුඹලාට පැහැදිලි සාධකයක් ගෙන ආවෙමි.
20

وَإِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ أَن تَرْجُمُونِ

තවද නුඹලා මට ගල් ගසා ඝාතනය කිරීමෙන් මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපති( වන අල්ලාහ්)ගෙන් මම සැබැවින්ම රැකවරණය පතමි. 6
6නබි මූසා තුමා ෆිර්අවුන්ට හා ඔහුගේ පිරිසට පැහැදිලි සාධකයන් ගෙන හැර දැක්වූ අවස්ථාවේදී ඔවුහු එය පිළිනොගෙන නබි මූසා තුමාට ගල් ගසා මරණ බවට තර්ජන එල්ල කළෝය. එවිට නබි මූසා තුමා අල්ලාහ් අබියස ආරක්ෂාව පතා මෙලෙස ප්රාර්ථනා කළේය.
21

وَإِن لَّمْ تُؤْمِنُوا لِي فَاعْتَزِلُونِ

නුඹලා මා විශ්වාස නොකළේ නම් නුඹලා මා (හිංසා නොකර) අත හැර යවු.”
22

فَدَعَا رَبَّهُ أَنَّ هَـٰؤُلَاءِ قَوْمٌ مُّجْرِمُونَ

පසුව (ඔහු ඔවුන්ගේ විෂයෙහි කලකිරුණු විට) “සැබැවින්ම මොවුන් වැරදිකාර පිරිසක් (හෙයින් මොවුන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව!” යැයි ඔහු තම පරමාධිපති වෙත ප්රාර්ථනා කළේය.
23

فَأَسْرِ بِعِبَادِي لَيْلًا إِنَّكُم مُّتَّبَعُونَ

(එවිට අල්ලාහ් ඔහුගේ ප්රාර්ථනාව පිළිගත්තේය.) “එබැවින් නුඹ මාගේ ගැත්තන්ව රාත්රියෙහි කැටුව යවු. සැබැවින්ම නුඹලා (ෆිර්අවුන් විසින්) ලුහුබඳිනු ලබන්නන් යැ”(යි පැවසුවේය.) 7
7මුහුද එතර කිරීම පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 26:52-68 දක්වා ඇති ආයතයන් බලන්න.
24

وَاتْرُكِ الْبَحْرَ رَهْوًا ۖ إِنَّهُمْ جُندٌ مُّغْرَقُونَ

තවද (ඔවුන් මුහුද එතර කළ පසු මූසා දෙබෑ වූ මුහුද එක් කිරීමට පැතූ විට) “මුහුද දෙබෑ වී නිශ්චල වූ තත්ත්වයේම අත හැර දමවු. සැබැවින්ම ඔවුන් ගිලෙන සේනාවකි.” (යැයි අල්ලාහ් පවසා ඔවුන්ව ගිල් වූයේය.)
25

كَمْ تَرَكُوا مِن جَنَّاتٍ وَعُيُونٍ

ඔවුන්(ෆිර්අවුන් හා ඔහුගේ සමූහය) කෙතරම් නම් උයන්, උල්පත්, ගොවිබිම්, ගෞරවනීය ස්ථාන, හා තමන් භුක්ති විඳිමින් සිටි සුඛෝපභෝගී සම්පත් අත හැර ගියෝ ද
26

وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ

ඔවුන්(ෆිර්අවුන් හා ඔහුගේ සමූහය) කෙතරම් නම් උයන්, උල්පත්, ගොවිබිම්, ගෞරවනීය ස්ථාන, හා තමන් භුක්ති විඳිමින් සිටි සුඛෝපභෝගී සම්පත් අත හැර ගියෝ ද
27

وَنَعْمَةٍ كَانُوا فِيهَا فَاكِهِينَ

ඔවුන්(ෆිර්අවුන් හා ඔහුගේ සමූහය) කෙතරම් නම් උයන්, උල්පත්, ගොවිබිම්, ගෞරවනීය ස්ථාන, හා තමන් භුක්ති විඳිමින් සිටි සුඛෝපභෝගී සම්පත් අත හැර ගියෝ ද
28

كَذَٰلِكَ ۖ وَأَوْرَثْنَاهَا قَوْمًا آخَرِينَ

(ඔවුන්ගේ අවසානය ඇති වූයේ) මෙලෙසය ඒවා අපි තවත් පිරිසකට උරුම කර දුන්නෙමු.
29

فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاءُ وَالْأَرْضُ وَمَا كَانُوا مُنظَرِينَ

ඔවුන් වෙනුවෙන් අහස හා මිහිතලය හඬා වැලපුණේ නැත. තවද (ගිල්වනු ලැබූ අවස්ථාවේ දී) ඔවුනට අවකාශය දෙනු ලැබූවන්ව නොසිටියෝය.
30

وَلَقَدْ نَجَّيْنَا بَنِي إِسْرَائِيلَ مِنَ الْعَذَابِ الْمُهِينِ

සැබැවින්ම අපි ඉස්රාඊල්ගේ දරුවන්ව අවමානය ගෙන දෙන දඬුවමින් එනම් ෆිර්අවුන්ගෙන් මුදවා ගත්තෙමු. සැබැවින්ම ඔහු සීමාව ඉක්මවා යන්නන් අතුරින් වූ ගර්වාන්විතයෙකු විය.
31

مِن فِرْعَوْنَ ۚ إِنَّهُ كَانَ عَالِيًا مِّنَ الْمُسْرِفِينَ

සැබැවින්ම අපි ඉස්රාඊල්ගේ දරුවන්ව අවමානය ගෙන දෙන දඬුවමින් එනම් ෆිර්අවුන්ගෙන් මුදවා ගත්තෙමු. සැබැවින්ම ඔහු සීමාව ඉක්මවා යන්නන් අතුරින් වූ ගර්වාන්විතයෙකු විය.
32

وَلَقَدِ اخْتَرْنَاهُمْ عَلَىٰ عِلْمٍ عَلَى الْعَالَمِينَ

සැබැවින්ම ලෝවැසියන්ට ඉහළින් අපි (ඉස්රාඊල්ගේ දරුවන්ගෙන් වූ) ඔවුන්(ගෙන් සමහරුන්)ව දැනුවත්වම 8 (නබිත්වය සඳහා) තෝරා ගත්තෙමු.
8ඔවුන්ව තෝරා ගැනීමට හේතුව එසමයෙහි අල්ලාහ්ව විශ්වාස කළවුන් ලෙස සිටියේ ඔවුන් පමණී.
33

وَآتَيْنَاهُم مِّنَ الْآيَاتِ مَا فِيهِ بَلَاءٌ مُّبِينٌ

තවද පැහැදිලි පරීක්ෂාවන් ඇති සාධකයන් අපි ඔවුන්ට පිරිනැමුවෙමු.
34

إِنَّ هَـٰؤُلَاءِ لَيَقُولُونَ

සැබැවින්ම (ප්රතික්ෂේපක) ඔවුහු මෙසේ පවසති.
35

إِنْ هِيَ إِلَّا مَوْتَتُنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُنشَرِينَ

“අපගේ මුල් මරණය මිස (අපට මතු ලොව සම්බන්ධ) වෙනත් කිසිවක් නැත. තවද අපි නැවත නැගිටවනු ලබන්නන් ද නොවෙමු,
36

فَأْتُوا بِآبَائِنَا إِن كُنتُمْ صَادِقِينَ

එබැවින් (නැවත නැගිටවනු ලැබේ යැයි පැවසීමෙහි) නුඹලා සත්යවාදීන් නම් අපගේ මුතුන් මිත්තන්ව (නැවත) ගෙන එවු.”
37

أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَالَّذِينَ مِن قَبْلِهِمْ ۚ أَهْلَكْنَاهُمْ ۖ إِنَّهُمْ كَانُوا مُجْرِمِينَ

(නබිවරය,) මොවුන් ශ්රේෂ්ට ද? එසේ නොමැති නම් තුබ්බඃගේ 9 ජනයා හා ඔවුනට පෙර විසූවන් (ශ්රේෂ්ඨ) ද? අපි ඔවුන්ව ද විනාශ කළෙමු. සැබැවින්ම ඔවුහු වැරදිකරුවන් වූවෝය.
9‘තුබ්බඃ’ යනු හිම්යර් ගෝති්රක රජෙකි. තවද ඔහු නබිවරයෙකු හෝ දැහැමි පුද්ගලයෙකු යනුවෙන් ද සඳහන් වී ඇත.
38

وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ

අහස් ද මිහිතලය ද ඒ දෙක අතර ඇති දෑ ද අපි කෙළිලොල් කරන්නන් ලෙස නොමැව්වෙමු.
39

مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

අපි සත්යය සඳහා මිස ඒ දෙක නොමැව්වෙමු. එනමුත් ඔවුන්ගෙන් බහුතරය (ඒ බව) නොදනිති.
40

إِنَّ يَوْمَ الْفَصْلِ مِيقَاتُهُمْ أَجْمَعِينَ

සැබැවින්ම විනිශ්චය දිනය ඔවුන් සියලු දෙනාගේම (නැවත හැරීමට වූ) නියමිත වේලාවය.
41

يَوْمَ لَا يُغْنِي مَوْلًى عَن مَّوْلًى شَيْئًا وَلَا هُمْ يُنصَرُونَ

එදින බැඳියාව ඇත්තෙකු තවත් බැඳියාව ඇත්තෙකුට කිසිදු ප්රයෝජනයක් ඇති නොකරන්නේය. තවද ඔවුහු උදවු කරනු නොලබන්නෝය.
42

إِلَّا مَن رَّحِمَ اللَّهُ ۚ إِنَّهُ هُوَ الْعَزِيزُ الرَّحِيمُ

(නමුත්) අල්ලාහ් කරුණාව දැක් වූ අය මිස. සැබැවින්ම ඔහු අති බලසම්පන්නය කරුණාභරිතය.
43

إِنَّ شَجَرَتَ الزَّقُّومِ

සැබැවින්ම zසක්කූම් නම් (කටු) ගස,
44

طَعَامُ الْأَثِيمِ

පාපතරයින්ගේ ආහාරය වේ.
45

كَالْمُهْلِ يَغْلِي فِي الْبُطُونِ

(එය) දිය කරනු ලැබූ තඹ මෙන් ය. එය දැඩිව උණු වී නටන ජලය මෙන් කුස තුළ නටයි.
46

كَغَلْيِ الْحَمِيمِ

(එය) දිය කරනු ලැබූ තඹ මෙන් ය. එය දැඩිව උණු වී නටන ජලය මෙන් කුස තුළ නටයි.
47

خُذُوهُ فَاعْتِلُوهُ إِلَىٰ سَوَاءِ الْجَحِيمِ

“ඔහුව නුඹලා අල්ලාගෙන නිරයේ මධ්යයට ඇද ගෙන යවු.
48

ثُمَّ صُبُّوا فَوْقَ رَأْسِهِ مِنْ عَذَابِ الْحَمِيمِ

පසුව නුඹලා ඔහුගේ හිස මතට උණු ජලයෙහි දඬුවම වක් කරවු.” (යැයි මලක්වරුන්ට පවසනු ලැබේ.)
49

ذُقْ إِنَّكَ أَنتَ الْعَزِيزُ الْكَرِيمُ

“(මෙම වේදනාව) නුඹ රස විඳිවු. සැබැවින්ම නුඹ බලවත් ගෞරවාන්විත කෙනෙකි.” (යැයි සමච්චලයෙන් පවසනු ලැබේ.) 10
10මෙය විනිශ්චය දිනදී පාපතරයින්ට අපහාසාත්මකව පවසනු ලබන කියමනකි.
50

إِنَّ هَـٰذَا مَا كُنتُم بِهِ تَمْتَرُونَ

නුඹලා කවර දෙයක් පිළිබඳව සැක කරමින් සිටියේ ද සැබැවින්ම මෙයයි එය.
51

إِنَّ الْمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٍ

සැබැවින්ම බිය භක්තිකයින් අභයදායී ස්ථානයෙහි ය.
52

فِي جَنَّاتٍ وَعُيُونٍ

(එනම් ස්වර්ග) උයන්හි හා උල්පත් (අසල)හි ය.
53

يَلْبَسُونَ مِن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَقَابِلِينَ

ඔවුන් සිනිඳු හා ඝන පට ඇඳුමින් සැරසී එකිනෙකා මුහුණලා සිටිති.
54

كَذَٰلِكَ وَزَوَّجْنَاهُم بِحُورٍ عِينٍ

(අපි සූදානම් කර ඇත්තේ) එසේය. තවද අපි හූරුන් ඊන් (නම් ස්වර්ග කන්යාවන්ව) ඔවුනට විවාහ කර දෙන්නෙමු.
55

يَدْعُونَ فِيهَا بِكُلِّ فَاكِهَةٍ آمِنِينَ

ඔවුන් (පැකිලීමකින් තොර) අභයදායීව සෑම පලතුරක්ම එහි (ගෙන එන මෙන්) කැඳවති.
56

لَا يَذُوقُونَ فِيهَا الْمَوْتَ إِلَّا الْمَوْتَةَ الْأُولَىٰ ۖ وَوَقَاهُمْ عَذَابَ الْجَحِيمِ

ඔවුන් (මෙලොව විඳි) මුල් මරණය මිස එහි (වෙනත්) මරණයක් නොවිඳිති. ඔහු(අල්ලාහ්) නිරයේ දඬුවමින් ඔවුන්ව ආරක්ෂා කරයි.
57

فَضْلًا مِّن رَّبِّكَ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

(එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ වරප්රසාදයක් වශයෙනි. මහත් වූ ජයග්රහණය එයමය.
58

فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

(නබිවරය) මෙ(ම අල් කුර්ආන)ය අප නුඹගේ දිවෙන්(භාෂාවෙන් එය තේරුම් කර දීමට) පහසු කරනුයේ ඔවුන්(ප්රතික්ෂේපකයින්) මෙනෙහි කරනු පිණිසමය.
59

فَارْتَقِبْ إِنَّهُم مُّرْتَقِبُونَ

නුඹ (ඔවුන්ගේ විනාශය) බලාපොරොත්තුවෙන් සිටිවු. සැබැවින්ම ඔවුන් ද (නුඹගේ මරණය) බලාපොරොත්තු වන්නන් වෙති.
الجاثيةමක්කී
1

حم

හා, මීම්. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

تَنزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ

ධර්ම පුස්තකය පහළ කිරීම අති බලසම්පන්න සර්ව ප්රඥාවන්ත අල්ලාහ් වෙතින්ය.
3

إِنَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ لَآيَاتٍ لِّلْمُؤْمِنِينَ

සැබැවින්ම අහස්හි ද මිහිතලයෙහි ද විශ්වාසිකයින්ට සංඥාවන් ඇත.
4

وَفِي خَلْقِكُمْ وَمَا يَبُثُّ مِن دَابَّةٍ آيَاتٌ لِّقَوْمٍ يُوقِنُونَ

නුඹලාව මැවීම තුළ ද (මෙලොවෙහි) ජීවීන් ව්යාප්ත කිරීම තුළ ද තරයේ විශ්වාස කරන පිරිසට සංඥාවන් ඇත.
5

وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا أَنزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِن رِّزْقٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفِ الرِّيَاحِ آيَاتٌ لِّقَوْمٍ يَعْقِلُونَ

තවද රාත්රිය හා දහවල මාරුවීමෙහි ද අල්ලාහ් අහසින් සම්පත්(වර්ෂාව) පහළ කිරීමෙහි හා මිහිතලය නැසී ගිය පසුව එ(ම වර්ෂාව )මගින් ඔහු එය ජීවමාන කිරීමෙහි ද (විවිධ දිශාවන් වෙත) සුළඟ හැරවීමෙහි ද අවබෝධ කරන පිරිසට සංඥාවන් ඇත.
6

تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ ۖ فَبِأَيِّ حَدِيثٍ بَعْدَ اللَّهِ وَآيَاتِهِ يُؤْمِنُونَ

(නබිවරය,) ඒවා අල්ලාහ්ගේ වදන් ය. අපි එය නුඹට සත්යය ලෙස පරායනය කර පෙන්වන්නෙමු. එබැවින් අල්ලාහ්ට හා ඔහුගේ වදන් වලට (පිටු පෑ) පසු ඔවුන් කවර වදනක් නම් විශ්වාස කරන්නෝ ද?
7

وَيْلٌ لِّكُلِّ أَفَّاكٍ أَثِيمٍ

සෑම පාපතර (බොරු) ගොතන්නෙකුටම විනාශය අත් වේවා.
8

يَسْمَعُ آيَاتِ اللَّهِ تُتْلَىٰ عَلَيْهِ ثُمَّ يُصِرُّ مُسْتَكْبِرًا كَأَن لَّمْ يَسْمَعْهَا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ

ඔහු තමන් වෙත පාරායනය කරන ලද අල්ලාහ්ගේ වදන් ශ්රවණය කරන්නේය. පසුව එය නොඇසුනාක් මෙන් උඬඟුවෙන් මුරණ්ඩු වන්නේය. එබැවින් නුඹ වේදනීය දඬුවම පිළිබඳව ඔහුට ශුභාරංචි පවසවු.
9

وَإِذَا عَلِمَ مِنْ آيَاتِنَا شَيْئًا اتَّخَذَهَا هُزُوًا ۚ أُولَـٰئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ

අපගේ වදන් වලින් කිසිවක් හෝ ඔහු දැනගත්තේ නම් ඔහු එය සරදමක් ලෙස ගන්නේය. නින්දනීය දඬුවම ඔවුන්ටමය.
10

مِّن وَرَائِهِمْ جَهَنَّمُ ۖ وَلَا يُغْنِي عَنْهُم مَّا كَسَبُوا شَيْئًا وَلَا مَا اتَّخَذُوا مِن دُونِ اللَّهِ أَوْلِيَاءَ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

ඔවුනට ඉදිරියෙන් නිරයයි. ඔවුන් ඉපැයූ දෑ ද අල්ලාහ් හැර භාරකරුවන් ලෙස ඔවුන් ගත්තා වූ දෑ ද කිසිඳු ප්රයෝජනයක් ඔවුනට ඇති නොකරන්නේය. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.
11

هَـٰذَا هُدًى ۖ وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ لَهُمْ عَذَابٌ مِّن رِّجْزٍ أَلِيمٌ

මෙය(අල් කුර්ආනය) යහමගය. කවුරුන් තම පරමාධිපතිගේ ආයාත් ප්රතික්ෂේප කළේද ඔවුනට අෂික්ශිතයෙන් යුත් වේදනීය දඬුවමක් ඇත.
12

اللَّهُ الَّذِي سَخَّرَ لَكُمُ الْبَحْرَ لِتَجْرِيَ الْفُلْكُ فِيهِ بِأَمْرِهِ وَلِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

ඔහුගේ අණ පරිදි මුහුදෙහි නැව් යාත්රා කිරීමට ද ඔහුගේ වරප්රසාදයන් 2 නුඹලා සෙවීමට ද නුඹලා කෘතඥ වීමට ද නුඹලාට එය(මහ මුහුද) වසඟ කර දුන්නේ අල්ලාහ්මය.
2“වරප්රසාදය” යනුවෙන් අල් කුර්ආනයේ බොහෝ ස්ථානයන්හි වෙළදාම හා ව්යාපාරය යන අරුත ගන්වා ඇත.
13

وَسَخَّرَ لَكُم مَّا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ جَمِيعًا مِّنْهُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

ඔහු වෙතින් අහස්හි ඇති දෑ හා මිහිතලයේ ඇති දෑ සියල්ල නුඹලාට ඔහු වසඟ කර දුන්නේය. සිතා බලන පිරිසට මෙහි සංඥාවන් ඇත.
14

قُل لِّلَّذِينَ آمَنُوا يَغْفِرُوا لِلَّذِينَ لَا يَرْجُونَ أَيَّامَ اللَّهِ لِيَجْزِيَ قَوْمًا بِمَا كَانُوا يَكْسِبُونَ

(නබිවරය,) අල්ලාහ්ගේ (දඬුවම් දීමේ) දිනයන් 3 අපේක්ෂා නොකරන්නන්ට සමාව දෙන මෙන් විශ්වාස කළවුනට පවසවු. මන්දයත් ඔහු(අල්ලාහ් එම විශ්වාස කළ) පිරිසට තමන් (සමාව දීම තුළින්) උපයමින් සිටි දෑ සඳහා ප්රතිඵල දෙනු පිණිසය.
3“අල්ලාහ්ගේ (දඬුවම් දීමේ) දිනයන්” යන්නෙහි අදහස විනිශ්චය දිනයයි. එනම් ප්රතික්ෂේපකයින් මුස්ලිම්වරුන්ට එරෙහිව කරන දෑ ඔවුන් නොතකා ඔවුන්ව සමා කළ යුතුය යනුවෙනි. මන්දයත් අල්ලාහ් පවා සමාව දීම ප්රිය කරන්නේය. එමෙන්ම මෙම ත්යාගශීලී ගතිගුණ පෙන්නුම් කිරීමෙන් ඔවුන් සත්යය පිළිපැදීමට කාරණාවක් විය හැකිය. තවද යමෙකු පවක් හෝ වැරැද්දක් කළේ නම්, ලොවෙහි එයට දඬුවම් ලැබුව ද නොලැබුව ද විනිශ්චය දිනයේ ඔහු අල්ලාහ්ගේ දඬුවමට භාජනය වනු ඇත. ප්රතික්ෂේපකයෙකු අල්ලාහ් සහ ඔහුගේ දූත නබි මුහම්මද් තුමාණන්ට අපහාස කිරීම උමර් තුමා සවන් දී පසුව කෝපයට පත් ව ඔහුට ප්රහාර එල්ල කිරීම පිණිස සූදානම් වූ විට මෙම වැකිය පහළ වූයේ යැයි අල් කුර්ආන් විග්රහයකයින්ගේ මතයයි.
15

مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ ۖ وَمَنْ أَسَاءَ فَعَلَيْهَا ۖ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ

කවරෙකු යහකම් කළේ ද එය (ප්රයෝජනවත් වන්නේ) තමාටමය. කවරෙකු නපුරුකම් කළේ ද එය තමාට එරෙහිවමය. පසුව නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත නැවත ගෙන එනු ලබන්නෙහුය.
16

وَلَقَدْ آتَيْنَا بَنِي إِسْرَائِيلَ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى الْعَالَمِينَ

සැබැවින්ම අපි ඉස්රාඊල්ගේ දරුවන්ට ධර්ම පුස්තකය ද නීතිමය දැනුම ද නබිත්වය ද පිරිනැමුවෙමු. තවද අපි ඔවුනට පිරිසිදු දැයින් ජීවන සම්පත් ලබා දුන්නෙමු. තවද ලෝවැසියන් අතුරින් අපි ඔවුන්ව ශ්රේෂ්ඨමත් කළෙමු.
17

وَآتَيْنَاهُم بَيِّنَاتٍ مِّنَ الْأَمْرِ ۖ فَمَا اخْتَلَفُوا إِلَّا مِن بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۚ إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ

අපි ඔවුනට මෙම (ආගමික) කරුණ පිළිබඳව පැහැදිලි සාධකයන් දුන්නෙමු. පසුව ඔවුනට ඥානය පැමිණීමෙන් පසුව තමන් අතර වූ ඊර්ෂ්යාව හේතුවෙන් මිස ඔවුන් මතභේද ඇති කර ගත්තේ නැත. ඔවුන් මතභේද ඇති කරගෙන සිටි දෑ පිළිබඳව (මළවුන්) නැගිටුවනු ලබන දින සැබැවින්ම නුඹගේ පරමාධිපති ඔවුන් අතර තීන්දු දෙන්නේය.
18

ثُمَّ جَعَلْنَاكَ عَلَىٰ شَرِيعَةٍ مِّنَ الْأَمْرِ فَاتَّبِعْهَا وَلَا تَتَّبِعْ أَهْوَاءَ الَّذِينَ لَا يَعْلَمُونَ

(නබිවරය,) පසුව එම (ආගමික) කරුණෙන් වූ පිළිවෙතක් 4 මත නුඹව අපි පත් කළෙමු. එබැවින් එය පිළිපදිවු. තවද නොදන්නා අයගේ මනෝ ඉච්ඡාවන් පිළි නොපදිවු.
4“ශරීආ” යන අරාබි පදයේ වචනාර්ථය මගක් හෝ පිළිවෙතක් යන්නයි. එහි ඉස්ලාමීය ව්යවහාර අර්ථය ‘නබිවරයෙකු විසින් තම අනුගාමිකයින්ට පවරනු ලැබූ ආගමික නීති රීතීන්ය’. මෙම ආයතයෙහි සඳහන් වී ඇත්තේ නබි මුහම්මද් තුමාණන්ට පවරනු ලැබූ නීති රීතීන් අනෙක් නබිවරුන්ට පවරනු ලැබූ නීති රීතීන් මෙන් නොවේ යන්නයි. එහෙයින් නබි මුහම්මද් තුමාණන්ගේ අනුගාමිකයින් පිළිපැදිය යුත්තේ එතුමාණන්ගේ පිළිවෙතයි.
19

إِنَّهُمْ لَن يُغْنُوا عَنكَ مِنَ اللَّهِ شَيْئًا ۚ وَإِنَّ الظَّالِمِينَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۖ وَاللَّهُ وَلِيُّ الْمُتَّقِينَ

(එසේ පිළිපැද්දේ නම්) සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට එරෙහිව කිසිවකින් නුඹව ආරක්ෂා නොකරන්නෝය. තවද සැබැවින්ම අපරාධකරුවන් ඔවුන්ගෙන් සමහරෙකු තවත් සමහරෙකුගේ ආරක්ෂකයන්ය. බිය භක්තිකයින්ගේ ආරක්ෂකයා අල්ලාහ්ය.
20

هَـٰذَا بَصَائِرُ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةٌ لِّقَوْمٍ يُوقِنُونَ

මෙ(ම අල් කුර්ආන)ය මිනිසුන්ට පැහැදිලි කිරීම් වන්නේය. තවද තරයේ විශ්වාස කරන අයට යහමගක් ද ආශිර්වාදයක් ද වන්නේය.
21

أَمْ حَسِبَ الَّذِينَ اجْتَرَحُوا السَّيِّئَاتِ أَن نَّجْعَلَهُمْ كَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَوَاءً مَّحْيَاهُمْ وَمَمَاتُهُمْ ۚ سَاءَ مَا يَحْكُمُونَ

විශ්වාස කොට යහකම් කළවුන්(ව ස්වර්ගවාසීන් කළාක්) මෙන් අපි ඔවුන්ව ද පත් කරනු ඇතැ’යි පාපකම් කළවුන් සිතන්නෝ ද? ඔවුන් ජීවත්වීමත් ඔවුන් මරණයට පත්වීමත් එක හා සමානය. මොවුන් (මෙසේ ස්වර්ගවාසීන් යැයි) තීන්දු ගත් දෑ නපුරු විය. 5
5ලෞකික ජීවිතයේ දී යහපත් හා අයහපත් උදවිය කෙසේ වුව ද විනිශ්චය දිනයේ ඔවුන් එක හා සමාන නොවෙති. ලොවෙහි සීමාව ඉක්මවමින් අපරාධයන්හි නියැළී සිටි පාපතරයින් එයට යුතු දඩුවම් විඳිනු ඇත. එහෙයින් ඔවුන් ලොවෙහිම විමසිලිමත්ව ක්රියා කළ යුතුය.
22

وَخَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ وَلِتُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ

අල්ලාහ් සත්යයෙන් යුතුව අහස් හා මිහිතලය මැව්වේය. මන්දයත් සෑම කෙනෙකුටම ඔවුන් ඉපැයූ දෑ සඳහා ප්රතිඵල දෙනු ලැබීම පිණිසය. ඔවුන් අපරාධ කරනු නොලබන්නෝය.
23

أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَـٰهَهُ هَوَاهُ وَأَضَلَّهُ اللَّهُ عَلَىٰ عِلْمٍ وَخَتَمَ عَلَىٰ سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَىٰ بَصَرِهِ غِشَاوَةً فَمَن يَهْدِيهِ مِن بَعْدِ اللَّهِ ۚ أَفَلَا تَذَكَّرُونَ

තම මනෝ ඉච්ඡාවන් තම දෙවියන් බවට ගත් පුද්ගලයාව නුඹ දුටුවෙහි ද? (ඔහු යහමග නොලබන්නෙකි යැයි) අල්ලාහ් දැනුවත්ව ඔහුව නොමගෙහි අත් හැරියේය. ඔහුගේ ශ්රවණයෙහි ද ඔහුගේ සිතෙහි ද අල්ලාහ් මුද්රා තැබුවේය. තවද ඔහුගේ බැල්මෙහි ආවරණයක් ඇති කළේය. එබැවින් අල්ලාහ්( ඔහුව නොමග අත් හැරියා)ට පසුව ඔහුට මග පෙන්වනුයේ කවුරුන් ද? නුඹලා (මේ පිළිබඳව) මෙනෙහි නොකරන්නෙහු ද?
24

وَقَالُوا مَا هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُهْلِكُنَا إِلَّا الدَّهْرُ ۚ وَمَا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَظُنُّونَ

“මෙය අපගේ ලෞකික ජීවිතය මිස නැත. (එහි) අපි මරණයට පත්වන්නෙමු. තවද ජීවත් වන්නෙමු. කාලය මිස වෙන කිසිවක් අපව විනාශ නොකරන්නේයැ”යි ඔවුහු පැවසුවෝය. තවද ඒ පිළිබඳව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුන් අනුමාන කරන්නන් මිස නැත.
25

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ مَّا كَانَ حُجَّتَهُمْ إِلَّا أَن قَالُوا ائْتُوا بِآبَائِنَا إِن كُنتُمْ صَادِقِينَ

අපගේ වදන් ඔවුන්ට පැහැදිලිව පාරායනය කරනු ලැබූ කල්හි, “නුඹලා සත්යවාදීන් නම් අපගේ මුතුන් මිත්තන්ව (නැවත) ගෙන එනු” යැයි කීම මිස ඔවුන්ගේ තර්කය නොවීය.
26

قُلِ اللَّهُ يُحْيِيكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يَجْمَعُكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

(නබිවරය) “නුඹලාට ජීවය දෙන්නේ ද පසුව නුඹලාව මරණයට පත් කරන්නේ ද ඉන් පසුව කිසිදු සැකයක් නොමැති (මළවුන්) නැගිටුවනු ලබන දින නුඹලාව එක්රැස් කරන්නේ ද අල්ලාහ් යැ”යි නුඹ පවසවු. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.
27

وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَخْسَرُ الْمُبْطِلُونَ

තවද අහස්හි හා මිහිතලයෙහි ආධිපත්යය අල්ලාහ් සතුය. කවර දින (ලොව අවසන්) හෝරාව ඇති වන්නේද එදින අසත්යය කළවුන් අලාභයට පත්වන්නෝය.
28

وَتَرَىٰ كُلَّ أُمَّةٍ جَاثِيَةً ۚ كُلُّ أُمَّةٍ تُدْعَىٰ إِلَىٰ كِتَابِهَا الْيَوْمَ تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ

(එදින විනිශ්චය සඳහා) සෑම ප්රජාවක්ම දණින් සිටිනු නුඹ දකිනු ඇත. සෑම ප්රජාවක්ම තමන්ගේ සටහන් පුස්තකය වෙත කැඳවනු ලබයි. “නුඹලා කරමින් සිටි දෑ වෙනුවෙන් අද දින නුඹලාට ප්රතිඵල දෙනු ලබන්නෝය.” (යැයි ඔවුනට පවසනු ලැබේ.)
29

هَـٰذَا كِتَابُنَا يَنطِقُ عَلَيْكُم بِالْحَقِّ ۚ إِنَّا كُنَّا نَسْتَنسِخُ مَا كُنتُمْ تَعْمَلُونَ

“මෙය නුඹලා පිළිබඳව සත්යය පවසන අපගේ පුස්තකයයි. සැබැවින්ම අපි නුඹලා කරමින් සිටි දෑ සටහන් කරමින් සිටියෙමු.” (යැයි ද ඔවුනට පවසනු ලැබේ.)
30

فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَيُدْخِلُهُمْ رَبُّهُمْ فِي رَحْمَتِهِ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْمُبِينُ

විශ්වාස කොට යහකම් කළවුන් පිළිබඳව (සඳහන් කරන්නේ) නම් ඔවුන්ව ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ ආශිර්වාදයෙහි ඇතුළු කරන්නේය. පැහැදිලි ජයග්රහණය එයමය.
31

وَأَمَّا الَّذِينَ كَفَرُوا أَفَلَمْ تَكُنْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَاسْتَكْبَرْتُمْ وَكُنتُمْ قَوْمًا مُّجْرِمِينَ

ප්රතික්ෂේප කළවුන් පිළිබඳව (සඳහන් කරන්නේ) නම්, “මාගේ වදන් නුඹලාට පාරායනය කරනු නොලැබුවේ ද? නමුත් නුඹලා උඩඟුකම් පෑහ. නුඹලා වැරදි කරන පිරිසක්ව සිටියෙහු ය.” (යැයි ඔවුනට පවසනු ලැබේ.)
32

وَإِذَا قِيلَ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَالسَّاعَةُ لَا رَيْبَ فِيهَا قُلْتُم مَّا نَدْرِي مَا السَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنًّا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ

“සැබැවින්ම අල්ලාහ්ගේ පොරොන්දුව සැබෑවකි. තවද එම (ලොව අවසන්) හෝරාව පිළිබඳව කිසිදු සැකයක් නැත” යැයි (නුඹලාට) කියනු ලැබූ විට. “එම (ලොව අවසන්) හෝරාව කුමක් දැ’යි අපි නොදනිමු. අපි අනුමානය කරන්නන් මිස නැත. තවද අපි තරයේ විශ්වාස කරන්නන් ද නොවෙමු” යැයි නුඹලා පැවසුවෙහුය.
33

وَبَدَا لَهُمْ سَيِّئَاتُ مَا عَمِلُوا وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

ඔවුන් කළ දෑ හි නපුර ඔවුනට හෙළි විය. ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ(දඬුවම) ඔවුන්ව වෙළා ගත්තේය.
34

وَقِيلَ الْيَوْمَ نَنسَاكُمْ كَمَا نَسِيتُمْ لِقَاءَ يَوْمِكُمْ هَـٰذَا وَمَأْوَاكُمُ النَّارُ وَمَا لَكُم مِّن نَّاصِرِينَ

“නුඹලාගේ මෙදින හමුවීම නුඹලා අමතක කළාක් මෙන් මෙදින අපි නුඹලාව ද අමතක කරන්නෙමු. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්නයි. තවද නුඹලාට උදව්කරුවන් කිසිවෙකු නැත” යැයි (ඔවුනට) එදින කියනු ලැබේ.
35

ذَٰلِكُم بِأَنَّكُمُ اتَّخَذْتُمْ آيَاتِ اللَّهِ هُزُوًا وَغَرَّتْكُمُ الْحَيَاةُ الدُّنْيَا ۚ فَالْيَوْمَ لَا يُخْرَجُونَ مِنْهَا وَلَا هُمْ يُسْتَعْتَبُونَ

මෙය(දඬුවම), නුඹලා අල්ලාහ්ගේ වදන් සරදමකට ගෙන මෙලොව ජීවිතය නුඹලාව රවටා දැමීම හේතුවෙනි. එබැවින් එදින ඔවුන් එයින් බැහැර කරනු නොලැබේ. තවද (අල්ලාහ්ව) තෘප්තියට පත් කරන මෙන් ඔවුන්ගෙන් ආයාචනා කරනු නොලබති.
36

فَلِلَّهِ الْحَمْدُ رَبِّ السَّمَاوَاتِ وَرَبِّ الْأَرْضِ رَبِّ الْعَالَمِينَ

අහස්හි පරමාධිපති වූ ද මිහිතලයේ පරමාධිපති වූ ද විශ්වයේ පරමාධිපති වූ අල්ලාහ්ටමය සියලු ප්රශංසා හිමි වන්නේ.
37

وَلَهُ الْكِبْرِيَاءُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

අහස්හි හා මිහිතලයේ ඉමහත් ආඩම්බරය ඔහුටම හිමිය. ඔහු අති බලසම්පන්නය සර්වප්රඥාවන්තය.