الشورى

අශ්-ශූරා

الشورى

අශ්-ශූරා · Ash-Shura

මක්කී53 පද්‍ය

හැඳින්වීම

[1]) මෙම සූරාවේ* 1 හා 2 ආයතයන්හි* වැඩි විස්තර සඳහා අල් කුර්ආන් <a href="#" onclick="go2Ayath(2,1);">2:1</a> ආයතයේ පාද සටහන බලන්න.[2]) මිනිසා අල්ලාහ්ගේ සර්ව බලධාරිත්වය පිළිබඳව ප‍්‍රශංසා නොකළ ද අහසේ සිටින මලක්වරුන් අල්ලාහ්ව ප‍්‍රශංසා කරමින් සිටින්නෝය. ඔවුන් කෙතරම්ද යත් අහස පැළී යන තරම් අප‍්‍රමාණ සංඛ්‍යාවක් සිටින බව මෙම ආයතයෙන් අදහස් කරයි.[3]) මෙම ආයතයෙහි ‘වදනක්’ යන්නෙහි අදහස ‘කලා කද්ර්’* හෙවත් පූර්ව සැලසුම(දෛවය) වේ. මොවුනට දඬුවම විනිශ්චය දිනයෙහි අත්වන බව අල්ලාහ් විසින් ‘කලා කද්ර්’ හි සඳහන් කර ඇත. එනම් මොවුන්ගේ දඬුවම විනිශ්චය දිනයේ අත් වේ යැයි ‘කලා කද්ර්’හි මා සඳහන් කර නොමැත්තේ නම් මොවුන්ට මෙලොවෙහි දීම දඬුවම් නියම කරනු ඇත යන්න මෙම ආයතයේ අදහසයි.[4]) එනම් විනිශ්චය දිනයේ ප‍්‍රතික්ෂේපකයින්ගේ ව්‍යාජ තර්කය වැරදි යැයි ඔවුන්ටම පැහැදිලි වනු ඇත.[5]) වැඩි විස්තර සඳහා 42 : 14 යන ආයතයන්හි පාද සටහන බලන්න.[6]) “ඥාතිත්වයේ සෙනෙහස” යනුවෙන් අදහස් කරන්නේ නබි මුහම්මද්* තුමාණන් බොහෝ අරාබිවරුන්ගේ ඥාතියෙකු වූහ. ඥාතීන්ට ගරු කිරීම, ඔවුන්ව ආරක්ෂා කිරීම, ඔවුන්ව විශ්වාස කිරීම අරාබිවරුන්ගේ සිරිතකි. ඒ අනුව මෙම ආයතයේ අර්ථය ‘මාගේ දූත මෙහෙයුමට ඔබගෙන් මා කිසිදු කුලියක් නොඉල්ලමි. එනමුත් මා ඔබගේ ඥාතියෙකු බැවින් ඔබ අන් ඥාතීන්ට පෙන්වන සෙනෙහස හෝ මා හට පෙන්වන්න’ යනුවෙනි.[7]) යහ ක‍්‍රියා කළවුන්ට ඔවුන්ගේ යහ ක‍්‍රියාවට දෙනු ලැබිය යුතු ප‍්‍රතිඵලයට වඩා අධිකව අල්ලාහ් ඔවුනට පිරිනමන්නේය.[8]) අකුරු නොදත් කෙනෙකු විසින් මෙම අල් කුර්ආනය දන්වනු ලැබීම එය අල්ලාහ් වෙතින් පැමිණි එකක් යන්නට මහත් වූ ප‍්‍රාතිහාර්යයකි. ව්‍යාජ දූතයකුගෙන් ප‍්‍රාතිහාර්යයක් අල්ලාහ් කිසි විටෙක ඇති නොකරයි. එහෙයින් නබි මුහම්මද්* තුමාණන් ව්‍යාජ දූතයෙකු නම් අල්ලාහ් ඔහුගේ සිතට මුද්‍රාවක් දමා ඔහු මෙම අල් කුර්ආනය කියවන්නට හෝ ඉඩ නොතබනු ඇත යන්න මෙම ආයතයෙහි අර්ථයයි.[9]) ෂරීආ පිළිවෙත අනුව අපරාධයකට සම ප‍්‍රතිදඬුවම් කිරීමේ අයිතිය තිබුණ ද එවන් අවස්ථාවන්හි දී ඉවසිලිවන්තව සමාව දීම උසස් ක‍්‍රියාවක් ලෙස සැලකේ. එබැවින් මෙම ආයතයේ ස්ථීර කරුණ වශයෙන් අදහස් කරනුයේ මෙම උසස් ක‍්‍රියාවයි. සමස්තයක් වශයෙන් ෂරීආ පිළිවෙත ශ්‍රේෂ්ඨ මානුෂීය අගයන් මත ගොඩ නැගී ඇති බව මෙයින් පැහැදිලි වේ.

1

حم

හා, මීම්.
2

عسق

අයින්. සීන්. කාෆ්. 1
1මෙම සූරාවේ 1 හා 2 ආයතයන්හි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
3

كَذَٰلِكَ يُوحِي إِلَيْكَ وَإِلَى الَّذِينَ مِن قَبْلِكَ اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ

(නබිවරය,) නුඹ වෙත ද නුඹට පෙර වූ අය වෙත ද ප්රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් වහී (දේව පණිවිඩය) දැන්වූයේ මෙලෙසය.
4

لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

අහස්හි ඇති දෑ ද මිහිතලයේ ඇති දෑ ද ඔහු සතුය. තවද ඔහු අති උත්තරීතරය අති මහත් ය.
5

تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِن فَوْقِهِنَّ ۚ وَالْمَلَائِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَن فِي الْأَرْضِ ۗ أَلَا إِنَّ اللَّهَ هُوَ الْغَفُورُ الرَّحِيمُ

(අල්ලාහ්ගේ අති උත්තරීතරභාවය හේතුවෙන්) ඒවාට ඉහළින් අහස් පැළෙන්නට තැත් කරන්නාක් මෙන්ය. තවද මලක්වරුන් ද තම පරමාධිපතිගේ ප්රශංසාවෙන් සුවිශුද්ධ කරමින් මිහිතලයේ සිටින්නවුනට පාප ක්ෂමාව ඇයැදිති. 2 දැන ගනිවු. සැබැවින්ම අල්ලාහ්, ඔහුමය අති ක්ෂමාශීලී පරම කරුණාභරිත වන්නේ.
22 ) මිනිසා අල්ලාහ්ගේ සර්ව බලධාරිත්වය පිළිබඳව ප්රශංසා නොකළ ද අහසේ සිටින මලක්වරුන් අල්ලාහ්ව ප්රශංසා කරමින් සිටින්නෝය. ඔවුන් කෙතරම්ද යත් අහස පැළී යන තරම් අප්රමාණ සංඛ්යාවක් සිටින බව මෙම ආයතයෙන් අදහස් කරයි.
6

وَالَّذِينَ اتَّخَذُوا مِن دُونِهِ أَوْلِيَاءَ اللَّهُ حَفِيظٌ عَلَيْهِمْ وَمَا أَنتَ عَلَيْهِم بِوَكِيلٍ

තවද ඔහු(අල්ලාහ්) හැර (අන් අය) භාරකරුවන් ලෙස ගත් අය කෙරෙහි ද සුරක්ෂකයා අල්ලාහ් ය. තවද (නබිවරය,) නුඹ ඔවුනට වගකිව යුත්තෙකු නොවන්නේය.
7

وَكَذَٰلِكَ أَوْحَيْنَا إِلَيْكَ قُرْآنًا عَرَبِيًّا لِّتُنذِرَ أُمَّ الْقُرَىٰ وَمَنْ حَوْلَهَا وَتُنذِرَ يَوْمَ الْجَمْعِ لَا رَيْبَ فِيهِ ۚ فَرِيقٌ فِي الْجَنَّةِ وَفَرِيقٌ فِي السَّعِيرِ

තවද (මක්කාව වන නුඹගේ) මාතෘ භූමියට ද ඒ අවට සිටින්නවුනට ද නුඹ අවවාද කරනු පිණිසත් කිසිදු සැකයක් නොමැති (විනිශ්චය සඳහා මැවුම්) රැස් කිරීමේ දිනය පිළිබඳව නුඹ අවවාද කරනු පිණිසත් අපි නුඹට මෙලෙස අරාබි බසින් වූ අල් කුර්ආනය දන්වා සිටියෙමු. (ඔවුන්ගෙන්) පිරිසක් ස්වර්ගයෙහි ද තවත් පිරිසක් නිරයෙහි ද වෙති.
8

وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَهُمْ أُمَّةً وَاحِدَةً وَلَـٰكِن يُدْخِلُ مَن يَشَاءُ فِي رَحْمَتِهِ ۚ وَالظَّالِمُونَ مَا لَهُم مِّن وَلِيٍّ وَلَا نَصِيرٍ

අල්ලාහ් අභිමත කළේ නම්, ඔවුන්ව එකම (දහමක් අනුගමනය කරන) සමූහයක් ලෙස පත් කරන්නට තිබිණ. එනමුත් තමන් අභිමත කරන්නන්ව ඔහුගේ දයාව( යන ඉස්ලාමය)ට ඇතුළු කරයි. තවද (එදින) අපරාධකරුවන් වූ ඔවුනට භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ නැත.
9

أَمِ اتَّخَذُوا مِن دُونِهِ أَوْلِيَاءَ ۖ فَاللَّهُ هُوَ الْوَلِيُّ وَهُوَ يُحْيِي الْمَوْتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

එනමුත් ඔහු හැර වෙනත් භාරකරුවන් ඔවුන් ගත්තෝය. නමුත් අල්ලාහ් වන ඔහුමය භාරකරු වන්නේ. තවද ඔහු මළවුන්හට ජීවය ලබා දෙන්නේය. තවද ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
10

وَمَا اخْتَلَفْتُمْ فِيهِ مِن شَيْءٍ فَحُكْمُهُ إِلَى اللَّهِ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبِّي عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ

“(ඉස්ලාමයෙහි) යම් විෂයක නුඹලා කුමක් පිළිබඳව මතභේද ඇති කර ගත්තෙහු ද එහි තීරණය අල්ලාහ් වෙතය. ඔහුමය මාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු මත සියල්ල මම භාර කළෙමි. තවද ඔහු වෙතම යොමු වෙමි.” (යැයි නබිවරය, පවසවු.)
11

فَاطِرُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا وَمِنَ الْأَنْعَامِ أَزْوَاجًا ۖ يَذْرَؤُكُمْ فِيهِ ۚ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ ۖ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ

(අල්ලාහ්,) අහස් හා මිහිතලයේ නිර්මාපකයාය. ඔහු නුඹලා අතුරින් නුඹලාට යුගළයන් ද පශු කුලයට අයත් සතුන්ගෙන් යුගළයන් ද ඇති කළේය. එහි (යුගළ වශයෙන් මැවීම තුළින්) නුඹලාව ව්යාප්ත කළේය. ඔහු මෙන් කිසිවක් නැත. තවද ඔහු සර්ව ශ්රාවකය සර්ව නිරීක්ෂකය.
12

لَهُ مَقَالِيدُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

අහස්හි හා මිහිතලයේ යතුරු ඔහු සතුය. ඔහු අභිමත කරන අයට (ඇති තරම්) ජීවන සම්පත් විස්තීරණ කරන්නේය. තවද ඔහු (අභිමත කරන අයට) සීමා කරන්නේය. සැබැවින්ම ඔහු සියලු දෑ පිළිබඳව සර්වඥය.
13

شَرَعَ لَكُم مِّنَ الدِّينِ مَا وَصَّىٰ بِهِ نُوحًا وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِ إِبْرَاهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰ ۖ أَنْ أَقِيمُوا الدِّينَ وَلَا تَتَفَرَّقُوا فِيهِ ۚ كَبُرَ عَلَى الْمُشْرِكِينَ مَا تَدْعُوهُمْ إِلَيْهِ ۚ اللَّهُ يَجْتَبِي إِلَيْهِ مَن يَشَاءُ وَيَهْدِي إِلَيْهِ مَن يُنِيبُ

නූහ්ට දහමින් කවර දෙයක් පිළිබඳව ඔහු(අල්ලාහ්) උපදෙස් දුන්නේද එයම නුඹලාට ද ආගමික පිළිවෙත බවට ඔහු පත් කළේය. තවද (එම පිළිවෙත අල්ලාහ් වන) අප නුඹ වෙත වහී පහළ කළ දෑ හා ඉබ්රාහීම්ට ද මූසාට ද ඊසාට ද උපදෙස් දුන් දෑම ය. (එනම්) ‘නුඹලා දහම ස්ථාපිත කරවු. එහි නුඹලා භේදභින්න නොවවු’ යන්නයි. ආදේශ තබන්නන්ව නුඹ කවර දෙයක් වෙත කැඳවන්නෙහි ද එය ඔවුන් කෙරෙහි අසීරුතාවක් විය. අල්ලාහ් අභිමත කළ අයව තමන් වෙත තෝරා ගන්නේය. තවද කවරෙකු (යහමග පතා) යොමු වන්නේ ද ඔහුට (අල්ලාහ්) මග පෙන්වන්නේය.
14

وَمَا تَفَرَّقُوا إِلَّا مِن بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ إِلَىٰ أَجَلٍ مُّسَمًّى لَّقُضِيَ بَيْنَهُمْ ۚ وَإِنَّ الَّذِينَ أُورِثُوا الْكِتَابَ مِن بَعْدِهِمْ لَفِي شَكٍّ مِّنْهُ مُرِيبٍ

තවද (ප්රතික්ෂේපකයින්) තමන්ට දැනුම පැමිණීමෙන් පසුව තමන් අතර වූ ඊර්ෂ්යාවෙන් මිස ඔවුන් භේදභින්න වී නොගියෝය. තවද නියමිත කාලය දක්වා නුඹගේ පරමාධිපතිගෙන් වූ වදනක් පෙරටු නොවූයේ නම්, ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. 3 තවද සැබැවින්ම ඔවුන්ගෙන් පසුව ධර්ම පුස්තකය උරුම කර දෙනු ලැබූවන් එහි සැක පිට සැකයෙහි පසු වෙති.
3මෙම ආයතයෙහි ‘වදනක්’ යන්නෙහි අදහස ‘කලා කද්ර්’ හෙවත් පූර්ව සැලසුම(දෛවය) වේ. මොවුනට දඬුවම විනිශ්චය දිනයෙහි අත්වන බව අල්ලාහ් විසින් ‘කලා කද්ර්’ හි සඳහන් කර ඇත. එනම් මොවුන්ගේ දඬුවම විනිශ්චය දිනයේ අත් වේ යැයි ‘කලා කද්ර්’හි මා සඳහන් කර නොමැත්තේ නම් මොවුන්ට මෙලොවෙහි දීම දඬුවම් නියම කරනු ඇත යන්න මෙම ආයතයේ අදහසයි.
15

فَلِذَٰلِكَ فَادْعُ ۖ وَاسْتَقِمْ كَمَا أُمِرْتَ ۖ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ ۖ وَقُلْ آمَنتُ بِمَا أَنزَلَ اللَّهُ مِن كِتَابٍ ۖ وَأُمِرْتُ لِأَعْدِلَ بَيْنَكُمُ ۖ اللَّهُ رَبُّنَا وَرَبُّكُمْ ۖ لَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ ۖ لَا حُجَّةَ بَيْنَنَا وَبَيْنَكُمُ ۖ اللَّهُ يَجْمَعُ بَيْنَنَا ۖ وَإِلَيْهِ الْمَصِيرُ

(නබිවරය,) එබැවින් මේ (සත්ය මාර්ගය) වෙතට නුඹ ඇරයුම් කරවු. නුඹට අණ කරනු ලැබු පරිදි ස්ථාවරව සිටිවු. ඔවුන්ගේ මනෝ ආශාවන් නුඹ අනුගමනය නොකරවු. “ධර්ම පුස්තකයෙන් අල්ලාහ් පහළ කළ දෑ මම විශ්වාස කළෙමි. තවද නුඹලා අතර යුක්තිය ඉටු කිරීම පිණිස මට අණ කරනු ලැබ ඇත්තෙමි. තවද අල්ලාහ් අපගේ පරමාධිපතිය. නුඹලාගේ ද පරමාධිපතිය. අපගේ ක්රියාවන් අපටය. නුඹලාගේ ක්රියාවන් නුඹලාටය. අප අතර ද නුඹලා අතර ද කිසිදු තර්කයක් නොමැත. (මතු ලොව) අල්ලාහ් අපව එක්රැස් කරවයි. තවද අවසානයේ යොමු වන ස්ථානය ඔහු වෙතමය” යැයි නුඹ පවසවු.
16

وَالَّذِينَ يُحَاجُّونَ فِي اللَّهِ مِن بَعْدِ مَا اسْتُجِيبَ لَهُ حُجَّتُهُمْ دَاحِضَةٌ عِندَ رَبِّهِمْ وَعَلَيْهِمْ غَضَبٌ وَلَهُمْ عَذَابٌ شَدِيدٌ

තවද අල්ලාහ්ට (අවනත වීමට) ප්රතිචාර දෙනු ලැබූවායින් පසුව කවුරුන් ඔහු පිළිබඳ තර්ක කරන්නේ ද ඔවුන්ගේ තර්කය ඔවුන්ගේ පරමාධිපති අබියස නිෂ්ඵලය. 4 ඔවුන් කෙරෙහි කෝපය ද ඔවුනට දැඩි දඬුවම ද ඇත.
4එනම් විනිශ්චය දිනයේ ප්රතික්ෂේපකයින්ගේ ව්යාජ තර්කය වැරදි යැයි ඔවුන්ටම පැහැදිලි වනු ඇත.
17

اللَّهُ الَّذِي أَنزَلَ الْكِتَابَ بِالْحَقِّ وَالْمِيزَانَ ۗ وَمَا يُدْرِيكَ لَعَلَّ السَّاعَةَ قَرِيبٌ

ධර්ම පුස්තකය(අල් කුර්ආනය) හා (යුක්තිය සඳහා වූ) තුලාව සැබෑ ලෙස පහළ කළේ අල්ලාහ් වන ඔහුමය. තවද එම (ලොව අවසන්) හෝරාව සමීපව තිබිය හැකි බවට නුඹව දැනුවත් කළේ කුමක් ද?
18

يَسْتَعْجِلُ بِهَا الَّذِينَ لَا يُؤْمِنُونَ بِهَا ۖ وَالَّذِينَ آمَنُوا مُشْفِقُونَ مِنْهَا وَيَعْلَمُونَ أَنَّهَا الْحَقُّ ۗ أَلَا إِنَّ الَّذِينَ يُمَارُونَ فِي السَّاعَةِ لَفِي ضَلَالٍ بَعِيدٍ

එය විශ්වාස නොකරන්නවුන් ඒ( මතු ලොව) පිළිබඳව ඉක්මන් වෙති. තවද විශ්වාස කළවුන් ඒ පිළිබඳව බියවන්නන් වෙති. තවද සැබැවින්ම එය සත්යය යැයි ඔවුහු දනිති. දැන ගනිවු, සැබැවින්ම එම (ලොව අවසන්) හෝරාව පිළිබඳව තර්ක කරන්නවුන් අන්ත නොමගෙහි පසු වෙති.
19

اللَّهُ لَطِيفٌ بِعِبَادِهِ يَرْزُقُ مَن يَشَاءُ ۖ وَهُوَ الْقَوِيُّ الْعَزِيزُ

අල්ලාහ් තම ගැත්තන් සමග මෘදු ලෙස කටයුතු කරන්නාය. ඔහු අභිමත කළ අයට ජීවන සම්පත් ලබා දෙන්නේය. තවද ඔහු මහා ශක්තිවන්තය අති බලසම්පන්නය.
20

مَن كَانَ يُرِيدُ حَرْثَ الْآخِرَةِ نَزِدْ لَهُ فِي حَرْثِهِ ۖ وَمَن كَانَ يُرِيدُ حَرْثَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِن نَّصِيبٍ

කවරෙකු මතු ලොව අස්වැන්න අපේක්ෂා කරන්නේ ද ඔහුගේ අස්වැන්නෙහි අපි ඔහුට අධික කරන්නෙමු. තවද කවරෙකු මෙලොව අස්වැන්න අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් දෙන්නෙමු. නමුත් මතු ලොවෙහි ඔහුට කිසිදු කොටසක් නොමැත.
21

أَمْ لَهُمْ شُرَكَاءُ شَرَعُوا لَهُم مِّنَ الدِّينِ مَا لَمْ يَأْذَن بِهِ اللَّهُ ۚ وَلَوْلَا كَلِمَةُ الْفَصْلِ لَقُضِيَ بَيْنَهُمْ ۗ وَإِنَّ الظَّالِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ

එසේ නැතහොත් අල්ලාහ් කවර දෙයක් පිළිබඳව අනුමැතිය ලබා නොදුන්නේ ද එවැන්නක් දහමෙහි පිළිවෙතක් බවට පත් කරන හවුල්කරුවන් ඔවුනට වෙත් ද? තීරණාත්මක (දඬුවමේ) වදන නොවූයේ නම් 5 ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද සැබැවින්ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
5වැඩි විස්තර සඳහා 42:14 යන ආයතයන්හි පාද සටහන බලන්න.
22

تَرَى الظَّالِمِينَ مُشْفِقِينَ مِمَّا كَسَبُوا وَهُوَ وَاقِعٌ بِهِمْ ۗ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي رَوْضَاتِ الْجَنَّاتِ ۖ لَهُم مَّا يَشَاءُونَ عِندَ رَبِّهِمْ ۚ ذَٰلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ

(එදින) අපරාධකරුවන් වූ ඔවුන් තමන් ඉපැයූ දැයින් බියවන්නන් ලෙස නුඹ දකිනු ඇත. තවද එය(විපාකය) ඔවුනට සිදුවන්නේමය. තවද විශ්වාස කර යහකම් කළවුන් ස්වර්ග මල් උයන්හිය. ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අසල ඔවුන් පතන දෑ ඇත. මහත් භාග්යය වන්නේ එයමය.
23

ذَٰلِكَ الَّذِي يُبَشِّرُ اللَّهُ عِبَادَهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۗ قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ ۗ وَمَن يَقْتَرِفْ حَسَنَةً نَّزِدْ لَهُ فِيهَا حُسْنًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ شَكُورٌ

විශ්වාස කොට යහකම් කළ තම ගැත්තන්ට අල්ලාහ් පවසන ශුභාරංචිය එයයි. (නබිවරය) “ඥාතිත්වයේ සෙනෙහස මිස ඒ වෙනුවෙන් කිසිදු කුලියක් නුඹලාගෙන් මම නොඉල්ලමි” යැයි පවසවු. 6 කවරෙකු (යම්) කුසලක් උපයන්නේ ද එහි යහපත ඔහුට අපි අධික කර දෙන්නෙමු. 7 සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය තුතිය අගය කර( ප්රතිඵල දෙ)න්නාය.
6“ඥාතිත්වයේ සෙනෙහස” යනුවෙන් අදහස් කරන්නේ නබි මුහම්මද් තුමාණන් බොහෝ අරාබිවරුන්ගේ ඥාතියෙකු වූහ. ඥාතීන්ට ගරු කිරීම, ඔවුන්ව ආරක්ෂා කිරීම, ඔවුන්ව විශ්වාස කිරීම අරාබිවරුන්ගේ සිරිතකි. ඒ අනුව මෙම ආයතයේ අර්ථය ‘මාගේ දූත මෙහෙයුමට ඔබගෙන් මා කිසිදු කුලියක් නොඉල්ලමි. එනමුත් මා ඔබගේ ඥාතියෙකු බැවින් ඔබ අන් ඥාතීන්ට පෙන්වන සෙනෙහස හෝ මා හට පෙන්වන්න’ යනුවෙනි.
7යහ ක්රියා කළවුන්ට ඔවුන්ගේ යහ ක්රියාවට දෙනු ලැබිය යුතු ප්රතිඵලයට වඩා අධිකව අල්ලාහ් ඔවුනට පිරිනමන්නේය.
24

أَمْ يَقُولُونَ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا ۖ فَإِن يَشَإِ اللَّهُ يَخْتِمْ عَلَىٰ قَلْبِكَ ۗ وَيَمْحُ اللَّهُ الْبَاطِلَ وَيُحِقُّ الْحَقَّ بِكَلِمَاتِهِ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

නැතහොත් “මොහු(නබිවරයා) අල්ලාහ් කෙරෙහි අසත්යය ගෙතුවේ යැයි ඔවුන් පවසන්නේ ද?” එබැවින් (නබිවරය) අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔහු නුඹගේ හදවතට මුද්රා තබනු ඇත. 8 තවද අල්ලාහ් (ඔවුන් පැවසූ එම) අසත්යය මකා දමා ඔහුගේ වදන් (නියෝගයන්) තුළින් සත්යය තහවුරු කරන්නේය. සැබැවින්ම ඔහු හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥය.
88 ) අකුරු නොදත් කෙනෙකු විසින් මෙම අල් කුර්ආනය දන්වනු ලැබීම එය අල්ලාහ් වෙතින් පැමිණි එකක් යන්නට මහත් වූ ප්රාතිහාර්යයකි. ව්යාජ දූතයකුගෙන් ප්රාතිහාර්යයක් අල්ලාහ් කිසි විටෙක ඇති නොකරයි. එහෙයින් නබි මුහම්මද් තුමාණන් ව්යාජ දූතයෙකු නම් අල්ලාහ් ඔහුගේ සිතට මුද්රාවක් දමා ඔහු මෙම අල් කුර්ආනය කියවන්නට හෝ ඉඩ නොතබනු ඇත යන්න මෙම ආයතයෙහි අර්ථයයි.
25

وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَعْفُو عَنِ السَّيِّئَاتِ وَيَعْلَمُ مَا تَفْعَلُونَ

තවද තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගෙන අයහකම් වලට සමාව දෙන්නේ ඔහුමය. තවද ඔහු නුඹලා කරන දෑ පිළිබඳව දන්නේය.
26

وَيَسْتَجِيبُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَيَزِيدُهُم مِّن فَضْلِهِ ۚ وَالْكَافِرُونَ لَهُمْ عَذَابٌ شَدِيدٌ

තවද විශ්වාස කොට යහකම් කළවුනට (ඔවුන්ගේ ප්රාර්ථනාවට) ඔහු (අල්ලාහ්) පිළිතුරු දෙන්නේය. තවද තම ආශිර්වාදයෙන් ඔවුනට අධික කරන්නේය. තවද ප්රතික්ෂේපකයින් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත.
27

وَلَوْ بَسَطَ اللَّهُ الرِّزْقَ لِعِبَادِهِ لَبَغَوْا فِي الْأَرْضِ وَلَـٰكِن يُنَزِّلُ بِقَدَرٍ مَّا يَشَاءُ ۚ إِنَّهُ بِعِبَادِهِ خَبِيرٌ بَصِيرٌ

අල්ලාහ් තම ගැත්තන්ට ජීවන සම්පත් (එක වරම මුළුමනින්) විස්තීර්ණ කළේ නම්, ඔවුන් මිහිතලයේ සීමාව ඉක්මවා යනු ඇත. එනමුත් තමන් අභිමත කළ දෑ ප්රමාණයෙන් යුතුව පහළ කරන්නේය. සැබැවින්ම ඔහු තම ගැත්තන් පිළිබඳව අභිඥානවන්තය සර්ව නිරීක්ෂකය.
28

وَهُوَ الَّذِي يُنَزِّلُ الْغَيْثَ مِن بَعْدِ مَا قَنَطُوا وَيَنشُرُ رَحْمَتَهُ ۚ وَهُوَ الْوَلِيُّ الْحَمِيدُ

(වර්ෂාව පහළ වීම පිළිබඳව) ඔවුන් අපේක්ෂාභංග වීමෙන් පසුව වර්ෂාව පතිත කරන්නේ ඔහුමය. තවද ඔහු තම කරුණාව පතුරවන්නේය. තවද ඔහු භාරකරුය ප්රශංසාලාභීය.
29

وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَابَّةٍ ۚ وَهُوَ عَلَىٰ جَمْعِهِمْ إِذَا يَشَاءُ قَدِيرٌ

තවද අහස් හා මිහිතලයේ මැවීම් ද ඒ දෙකෙහි ජීවීන් ව්යාප්ත කිරීම ද ඔහුගේ සංඥාවන් අතුරින්ය. තවද ඔහු අභිමත කරන විට ඔවුන්ව එක්රැස් කිරීමට ඔහු ශක්තිවන්තය.
30

وَمَا أَصَابَكُم مِّن مُّصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُو عَن كَثِيرٍ

කවර දුර්භාග්යයක් නුඹලාට ඇති වූයේ ද එය නුඹලාගේ අත් ඉපැයූ දෑ හේතුවෙනි. නමුත් ඔහු(අල්ලාහ්) බොහෝ දෑ නොසලකා හරින්නේය.
31

وَمَا أَنتُم بِمُعْجِزِينَ فِي الْأَرْضِ ۖ وَمَا لَكُم مِّن دُونِ اللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ

නුඹලා මිහිතලයේ (අල්ලාහ්ව) පරාජය කරන්නන් නොවන්නෙහුය. නුඹලාට අල්ලාහ් හැර භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ නොමැත.
32

وَمِنْ آيَاتِهِ الْجَوَارِ فِي الْبَحْرِ كَالْأَعْلَامِ

තවද මුහුදෙහි කඳු මෙන් වූ යාත්රික නැව් ඔහුගේ සංඥාවන් අතුරිනි.
33

إِن يَشَأْ يُسْكِنِ الرِّيحَ فَيَظْلَلْنَ رَوَاكِدَ عَلَىٰ ظَهْرِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ

ඔහු අභිමත කරන්නේ නම් සුළඟ නිසල කරනු ඇත. එවිට ඒ (මුහුද) මතු පිට (ඒවා චලනය නොවී) රැඳෙනු ඇත. සැබැවින්ම මෙහි දැඩි ඉවසිලිවන්ත හා අති කෘතවේදී සෑම කෙනෙකුටම සංඥා ඇත.
34

أَوْ يُوبِقْهُنَّ بِمَا كَسَبُوا وَيَعْفُ عَن كَثِيرٍ

නැතහොත් ඔවුන් ඉපැයූ (පාපකාරී) දෑ හේතුවෙන් ඒවා (මුහුදුබත් කර) විනාශ කරනු ඇත. තවද ඔහු බොහෝ දෑ නොසලකා හරිනු ඇත.
35

وَيَعْلَمَ الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِنَا مَا لَهُم مِّن مَّحِيصٍ

තවද අපගේ සංඥාවන් (විෂයයෙ)හි තර්ක කරන්නන් (අල්ලාහ්ගේ දඬුවමින්) තමන්ට කිසිඳු ගැලවුම් මගක් නැතැ’යි දැන ගනු ඇත.
36

فَمَا أُوتِيتُم مِّن شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَمَا عِندَ اللَّهِ خَيْرٌ وَأَبْقَىٰ لِلَّذِينَ آمَنُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ

එබැවින් කවර දෙයක් නුඹලාට දෙනු ලැබුවේද ඒවා මෙලොව ජීවිතයේ (තාවකාලික) වින්දනයකි. නමුත් විශ්වාස කර තම පරමාධිපති කෙරෙහි (සියල්ල) භාර කළවුනට අල්ලාහ් අබියස ඇති දෑ යහපතකි. සදා පවතින්නකි.
37

وَالَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ وَإِذَا مَا غَضِبُوا هُمْ يَغْفِرُونَ

තවද ඔවුහු මහා පාපයන් හා අශික්ෂිත දැයින් වැළකෙති. තවද ඔවුහු කෝපයට පත් වූ විට සමාව දෙන්නන් වෙති.
38

وَالَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَمْرُهُمْ شُورَىٰ بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ

තවද ඔවුන් තම පරමාධිපතිට ප්රතිචාර දක්වා සලාතය ස්ථාපිත කොට ඔවුන්ගේ කරුණු ඔවුන් අතර සාකච්ඡා කරන්නන් ද වෙති. තවද අපි ඔවුනට ලබා දුන් දැයින් ඔවුහු වියදම් කරති.
39

وَالَّذِينَ إِذَا أَصَابَهُمُ الْبَغْيُ هُمْ يَنتَصِرُونَ

තවද තමන්ට අපරාධයක් සිදු වූ විට ඔවුහු (සම ප්රතිදඬුවම් තුළින්) යුක්තිය පතති.
40

وَجَزَاءُ سَيِّئَةٍ سَيِّئَةٌ مِّثْلُهَا ۖ فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُ عَلَى اللَّهِ ۚ إِنَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ

හානියක ප්රතිඵලය එවැනිම හානියකි. කවරෙකු සමාව දී සම්මුතියකට එළැඹෙන්නේ ද ඔහුගේ වේතනය අල්ලාහ් කෙරෙහිය. සැබැවින්ම ඔහු අපරාධකරුවන්ව පි්රිය නොකරයි.
41

وَلَمَنِ انتَصَرَ بَعْدَ ظُلْمِهِ فَأُولَـٰئِكَ مَا عَلَيْهِم مِّن سَبِيلٍ

තමන්ට සිදු වූ අපරාධයකට පසුව කවරෙකු (සමප්රතිචාරය තුළින්) යුක්තිය ලබන්නේ ද ඔවුන් කෙරෙහි කිසිදු වරදක් නොමැත.
42

إِنَّمَا السَّبِيلُ عَلَى الَّذِينَ يَظْلِمُونَ النَّاسَ وَيَبْغُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ ۚ أُولَـٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ

සැබැවින්ම වරදක් ඇත්තේ ජනයාට අපරාධ කර යුක්තියෙන් තොරව මිහිතලයේ සීමාව ඉක්මවා යන්නන්ටය. වේදනීය දඬුවම ඇත්තේ ඔවුනටමය.
43

وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنْ عَزْمِ الْأُمُورِ

තවද කවරෙකු ඉවසිලිමත් වී සමාව දුන්නේ ද සැබැවින්ම එය ස්ථීර කරුණු අතුරින්ය. 9
9ෂරීආ පිළිවෙත අනුව අපරාධයකට සම ප්රතිදඬුවම් කිරීමේ අයිතිය තිබුණ ද එවන් අවස්ථාවන්හි දී ඉවසිලිවන්තව සමාව දීම උසස් ක්රියාවක් ලෙස සැලකේ. එබැවින් මෙම ආයතයේ ස්ථීර කරුණ වශයෙන් අදහස් කරනුයේ මෙම උසස් ක්රියාවයි. සමස්තයක් වශයෙන් ෂරීආ පිළිවෙත ශ්රේෂ්ඨ මානුෂීය අගයන් මත ගොඩ නැගී ඇති බව මෙයින් පැහැදිලි වේ.
44

وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِن وَلِيٍّ مِّن بَعْدِهِ ۗ وَتَرَى الظَّالِمِينَ لَمَّا رَأَوُا الْعَذَابَ يَقُولُونَ هَلْ إِلَىٰ مَرَدٍّ مِّن سَبِيلٍ

තවද අල්ලාහ් කවරෙකු නොමග යවන්නේ ද එවිට ඔහුගෙන්(අල්ලාහ්ගෙන්) පසුව වෙනත් කිසිදු භාරකරුවෙකු ඔහුට නැත. (නබිවරය) අපරාධ කළවුන් දඬුවම දුටු කල්හි (මෙලොවට) හැරී යෑමේ මගක් ඇති දැ’යි ඔවුන් විමසනු නුඹ දකිනු ඇත.
45

وَتَرَاهُمْ يُعْرَضُونَ عَلَيْهَا خَاشِعِينَ مِنَ الذُّلِّ يَنظُرُونَ مِن طَرْفٍ خَفِيٍّ ۗ وَقَالَ الَّذِينَ آمَنُوا إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ ۗ أَلَا إِنَّ الظَّالِمِينَ فِي عَذَابٍ مُّقِيمٍ

තවද (නිරා ගින්නට) ඔවුන් නිරාවරණය වූ විට අසරණ භාවයෙන් බියට පත් වූවන් ලෙසින් ඇස් කොනින් බලනු ඔබ දකිනු ඇත. “සැබැවින්ම අලාභවන්තයින් වන්නේ (මළවුන්) නැගිටුවනු ලබන දින තමන්ටත් තම පවුලටත් අලාභ හානි කර ගත්තවුන්මය” යැයි විශ්වාස කළවුන් පවසති. දැන ගනු, සැබැවින්ම අපරාධකරුවන් ස්ථාවර දඬුවමෙහිය.
46

وَمَا كَانَ لَهُم مِّنْ أَوْلِيَاءَ يَنصُرُونَهُم مِّن دُونِ اللَّهِ ۗ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِن سَبِيلٍ

තවද අල්ලාහ් හැර ඔවුනට උදව් කරන භාරකරුවන් කිසිවෙකු ඔවුනට නොමැත. තවද අල්ලාහ් කවරෙකුව නොමග හැරියේ ද ඔහුට කිසිදු මගක් නැත.
47

اسْتَجِيبُوا لِرَبِّكُم مِّن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لَّا مَرَدَّ لَهُ مِنَ اللَّهِ ۚ مَا لَكُم مِّن مَّلْجَإٍ يَوْمَئِذٍ وَمَا لَكُم مِّن نَّكِيرٍ

අල්ලාහ්ගෙන් එහි කිසිදු හැරීමක් නොමැති දිනයක් පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිපති(ගේ කැඳවුම)ට ප්රතිචාර දක්වවු. එදින නුඹලාට සැඟවීමට ස්ථානයක් නොමැත. තවද නුඹලාට (නුඹලාගේ පාපයන්ට හෝ දඬුවමට) කිසිඳු පිටුපෑමක් නැත.
48

فَإِنْ أَعْرَضُوا فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا ۖ إِنْ عَلَيْكَ إِلَّا الْبَلَاغُ ۗ وَإِنَّا إِذَا أَذَقْنَا الْإِنسَانَ مِنَّا رَحْمَةً فَرِحَ بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ الْإِنسَانَ كَفُورٌ

(නබිවරය,) ඔවුන් පිටුපෑවේ නම් එවිට නුඹව ඔවුනට ආරක්ෂකයෙකු ලෙස අපි නොඑව්වෙමු. (දේව පණිවිඩය) දැනුම් දීම මිස (බල කිරීම කෙරෙහි කිසිදු වගකීමක්) නුඹ කෙරෙහි නැත. සැබැවින්ම අපගෙන් වූ ආශිර්වාදයෙන් මිනිසාට භුක්ති විඳින්නට අප සැලැස්වූයේ නම් ඔහු එමගින් සතුටු වන්නේය. ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් නපුරක් අත් වූයේ නම් එවිට සැබැවින්ම මිනිසා ගුණමකුවෙකු වෙයි.
49

لِّلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ يَخْلُقُ مَا يَشَاءُ ۚ يَهَبُ لِمَن يَشَاءُ إِنَاثًا وَيَهَبُ لِمَن يَشَاءُ الذُّكُورَ

අහස් හි හා මිහිතලයේ ආධිපත්යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන දෑ මවන්නේය. ඔහු අභිමත කරන අයට ගැහැනු( දරුව)න් තිළිණ කරයි. ඔහු අභිමත කරන අයට පිරිමි(දරුව)න් තිළිණ කරයි.
50

أَوْ يُزَوِّجُهُمْ ذُكْرَانًا وَإِنَاثًا ۖ وَيَجْعَلُ مَن يَشَاءُ عَقِيمًا ۚ إِنَّهُ عَلِيمٌ قَدِيرٌ

එසේ නොමැතිනම් පිරිමින් හා ගැහැනුන් වශයෙන් ඔවුනට ලබා දෙයි. ඔහු අභිමත කරන අයව වඳ බවට පත් කරයි. සැබැවින්ම ඔහු සර්ව ඥානීය සර්ව ශක්තිවන්තය.