පාරා 25

ඉලෛහි යුරද්දු

175 පද්‍ය
📖පාරා

පාරා 25

ඉලෛහි යුරද්දු175 පද්‍ය

الزمرමක්කී
32

فَمَنْ أَظْلَمُ مِمَّن كَذَبَ عَلَى اللَّهِ وَكَذَّبَ بِالصِّدْقِ إِذْ جَاءَهُ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِّلْكَافِرِينَ

එබැවින් අල්ලාහ් කෙරෙහි අසත්යය ගොතා තවද සත්ය ඔහු වෙත පැමිණි කල්හි එය (ප්රතික්ෂේප කර) අසත්යය කරන්නෙකුට වඩා දැඩි අපරාධකරුවා කවරෙක්ද? (එවැනි) ප්රතික්ෂේප කරන්නන්ට (අවසන්) ලැගුම් ගන්නා ස්ථානයක් නිරයෙහි නොවන්නේද?
33

وَالَّذِي جَاءَ بِالصِّدْقِ وَصَدَّقَ بِهِ ۙ أُولَـٰئِكَ هُمُ الْمُتَّقُونَ

තවද සත්යය රැගෙන පැමිණි අය ද(රසූල්වරයා ද) එය (පිළිගෙන) සත්ය කළ අය ද, ඔවුන්මය බිය භක්තිකයන් වන්නේ.
34

لَهُم مَّا يَشَاءُونَ عِندَ رَبِّهِمْ ۚ ذَٰلِكَ جَزَاءُ الْمُحْسِنِينَ

ඔවුන්ට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් අභිමත කළ දෑ හිමිය. එය යහපත කරන්නන්ගේ ප්රතිඵලය වේ.
35

لِيُكَفِّرَ اللَّهُ عَنْهُمْ أَسْوَأَ الَّذِي عَمِلُوا وَيَجْزِيَهُمْ أَجْرَهُم بِأَحْسَنِ الَّذِي كَانُوا يَعْمَلُونَ

(මෙය) ඔවුන් කළ නරකම දෑ අල්ලාහ් ඔවුන්ගෙන් ක්ෂමා කිරීම පිණිස ද ඔවුන් කරමින් සිටි ඉතා අලංකාර දෑ වෙනුවෙන් ඔවුන්ට ඔවුන්ගේ වේතනය පිරිනැමීම පිණිස ද වේ.
36

أَلَيْسَ اللَّهُ بِكَافٍ عَبْدَهُ ۖ وَيُخَوِّفُونَكَ بِالَّذِينَ مِن دُونِهِ ۚ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ

අල්ලාහ් තම ගැත්තා(ගේ ආරක්ෂාව)ට ප්රමාණවත් නොවූයේද? තවද (නබිවරය, ප්රතික්ෂේපක) ඔවුහු ඔහු(අල්ලාහ්) හැර වෙනත් අය මගින් නුඹව බිය ගන්වන්නෝය. අල්ලාහ් කවරෙකු නොමග යන්නට අත් හරින්නේ ද ඔහුට යහ මග පෙන්වන්නෙකු නොමැත.
37

وَمَن يَهْدِ اللَّهُ فَمَا لَهُ مِن مُّضِلٍّ ۗ أَلَيْسَ اللَّهُ بِعَزِيزٍ ذِي انتِقَامٍ

තවද අල්ලාහ් කවරෙකුව යහමගට රැගෙන යන්නේද ඔහුව නොමග යවන්නෙකු නොමැත. අල්ලාහ් අති බලසම්පන්න ප්රතිදඬුවම් දෙන්නා නොවූයේද?
38

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ ۚ قُلْ أَفَرَأَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ اللَّهِ إِنْ أَرَادَنِيَ اللَّهُ بِضُرٍّ هَلْ هُنَّ كَاشِفَاتُ ضُرِّهِ أَوْ أَرَادَنِي بِرَحْمَةٍ هَلْ هُنَّ مُمْسِكَاتُ رَحْمَتِهِ ۚ قُلْ حَسْبِيَ اللَّهُ ۖ عَلَيْهِ يَتَوَكَّلُ الْمُتَوَكِّلُونَ

(නබිවරය,) ‘අහස් හා මිහිතලය මැව්වේ කවරෙකුදැ?’යි නුඹ (ප්රතික්ෂේපක) ඔවුන්ගෙන් විමසුවේ නම් ‘අල්ලාහ්’ යැයි සැබැවින්ම ඔවුහු පවසන්නෝය. ‘එසේ (පැවසූ) නමුත්, අල්ලාහ් මා හට පීඩාවක් ඇති කිරීමට පැතුවේ නම් අල්ලාහ් හැර නුඹලා කැඳවන දෑ(දෙවිවරුන්) ඔහුගේ (එම) පීඩාව (මාගෙන්) ඉවත් කරන්න(ට හැක්ක)න් ද? නැතහොත් ඔහු(අල්ලාහ්) මා හට කරුණාවක් දැක්වීමට පැතුවේ නම් (ඔහු හැර නුඹලා කැඳවන දෙවිවරුන්) ඔහුගේ (එම) කරුණාව (මාගෙන්) වළක්වන්න(ට හැක්ක)න් ද?’ යැයි නුඹලා අවධානය කරන්නෙහු දැ?යි (නබිවරය, ඔවුන්ට) පවසවු. “අල්ලාහ් මා හට ප්රමාණවත්ය. (සියල්ල) භාරකරන්නන් භාර කරනුයේ ඔහු කෙරෙහිමය.” යැයි (ද) පවසවු.
39

قُلْ يَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ فَسَوْفَ تَعْلَمُونَ

“මාගේ ජනයිනි, නුඹලා නුඹලාගේ තත්ත්වයට අනුව කි්රයා කරවු. සැබැවින්ම මම (අල්ලාහ්ගේ විධානයට අනුව) කි්රයා කරන්නෙක්මි. එබැවින් නුඹලා මතු දැන ගනු ඇත.” යැයි (නබිවරය) පවසවු.
40

مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُّقِيمٌ

තමන්ව නින්දා කරන දඬුවමක් පැමිණ, සදාතනික දඬුවමක් ඔහු කෙරෙහි පහළ වන්නෙකුව (නුඹලා මතු දැන ගනු ඇත.)
41

إِنَّا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ لِلنَّاسِ بِالْحَقِّ ۖ فَمَنِ اهْتَدَىٰ فَلِنَفْسِهِ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَا أَنتَ عَلَيْهِم بِوَكِيلٍ

සැබැවින්ම අපි ජනයින් සඳහා සත්යය සමග වූ ධර්ම පුස්තකය නුඹ වෙත පහළ කළෙමු. එබැවින් කවරෙකු (එමගින්) යහමග ලැබුවේ ද (එහි යහපත) ඔහුටමය. තවද කවරෙකු මුළාවට පත්වන්නේ ද සැබැවින්ම ඔහු මුළාවට පත්(වීමෙන් හානිය ඇති) වන්නේ ඔහුට එරෙහිවමය. (නබිවරය,) නුඹ ඔවුන් කෙරෙහි භාරකරුවෙකු නොවන්නේය.
42

اللَّهُ يَتَوَفَّى الْأَنفُسَ حِينَ مَوْتِهَا وَالَّتِي لَمْ تَمُتْ فِي مَنَامِهَا ۖ فَيُمْسِكُ الَّتِي قَضَىٰ عَلَيْهَا الْمَوْتَ وَيُرْسِلُ الْأُخْرَىٰ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

ආත්මාවන් මරණයට පත් වන මොහොතෙහි ඒවා හා නින්දෙහි මරණයට පත් නොවූ ඒවා අල්ලාහ් අත්පත් කර ගන්නේය. එබැවින් කුම(න ආත්මාව)ක් කෙරෙහි මරණය නියම වූයේද එය ඔහු (තමන් අබියස) රඳවා ගන්නේය. අනෙක (එහි) නියමිත කාලය තෙක් (ජීවත් වීමට) යවන්නේය. සැබැවින්ම ගැඹුරින් සිතන පිරිසට එහි සංඥාවන් ඇත.
43

أَمِ اتَّخَذُوا مِن دُونِ اللَّهِ شُفَعَاءَ ۚ قُلْ أَوَلَوْ كَانُوا لَا يَمْلِكُونَ شَيْئًا وَلَا يَعْقِلُونَ

ඔවුන් (තමන්) වෙනුවෙන් ඇයැදින්නන් ලෙස අල්ලාහ් හැර අන් අයව(දෙවිවරුන්ව) ගත්තේ ද? (නබිවරය,) “ඔවුන් කිසිදු බලයක් දැරිය නොහැකිව හා (කිසිවක්) අවබෝධ කර ගත නොහැකිව සිටිය දීත් ද (ඔබ ඔවුන්ව අයැදින්නන් ලෙස ගන්නේ)?” යැයි පවසවු.
44

قُل لِّلَّهِ الشَّفَاعَةُ جَمِيعًا ۖ لَّهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

‘රෙකමදාරු වීම මුළුමනින්ම සතු වන්නේ අල්ලාහ්ටය. අහස්හි හා මිහිතලයෙහි ආධිපත්යය ද ඔහු සතුය. පසුව නුඹලා ඔහු වෙතම යළි හරවනු ලබන්නෙහු යැ’යි පවසවු.
45

وَإِذَا ذُكِرَ اللَّهُ وَحْدَهُ اشْمَأَزَّتْ قُلُوبُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ ۖ وَإِذَا ذُكِرَ الَّذِينَ مِن دُونِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ

අල්ලාහ්ව පමණක් සඳහන් කරනු ලැබූ කල්හි පරමාන්ත දිනය විශ්වාස නොකරන්නන්ගේ හදවත් පිළිකුලින් හැකිළේ. තවද ඔහු හැර අන් අය(දෙවිවරුන්) පිළිබඳව සඳහන් කරනු ලැබූ කල්හි, එසැණින් ඔවුන් (සතුටින්) ප්රබෝධයට පත් වන්නෝය.
46

قُلِ اللَّهُمَّ فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ أَنتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِي مَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ

(නබිවරය,) “අහස්හි හා මිහිතලයේ නිර්මාතෘ වූ ගුප්ත දෑ හා දෘෂ්යමාන දෑ දන්නා අහෝ අල්ලාහ්! ඔබගේ ගැත්තන් කවර දැයක් කෙරෙහි මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ කෙරෙහි ඔවුනතර නුඹම විනිශ්චය ලබා දෙන්නේ යැ.”යි නුඹ පවසවු.
47

وَلَوْ أَنَّ لِلَّذِينَ ظَلَمُوا مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لَافْتَدَوْا بِهِ مِن سُوءِ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ ۚ وَبَدَا لَهُم مِّنَ اللَّهِ مَا لَمْ يَكُونُوا يَحْتَسِبُونَ

සැබැවින්ම අපරාධ කළවුන් සතුව මිහිතලයේ ඇති සියල්ල හා එය සමග ඒ හා සමානයක් තිබුණ ද (මළවුන්) නැගිටවනු ලබන දින නරක දඬුවම හේතුවෙන් (ඉන් මිදීමට) ඔවුන් ඒවා වන්දියක් වශයෙන් දෙනු ඇත. ඔවුන් නොසිතූ දෑ අල්ලාහ් වෙතින් ඔවුන්ට හෙළිවෙන්නේය.
48

وَبَدَا لَهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

තවද (එදින) ඔවුන් ඉපැයූ දැයෙහි විපාකය ඔවුන්ට හෙළිවනු ඇත. ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ ඔවුන්ව වෙළා ගනු ඇත.
49

فَإِذَا مَسَّ الْإِنسَانَ ضُرٌّ دَعَانَا ثُمَّ إِذَا خَوَّلْنَاهُ نِعْمَةً مِّنَّا قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلَىٰ عِلْمٍ ۚ بَلْ هِيَ فِتْنَةٌ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

මිනිසාට යම් පීඩාවක් ඇති වූයේ නම් ඔහු අපව අයැදින්නේය. පසුව අපගෙන් වූ භාග්යයක් ඔහුට අප දායාද කළේ නම් “සැබැවින්ම එය මට දෙනු ලැබුවේ (මාගේ) දැනුම හේතුවෙන් යැ”යි ඔහු පවසන්නේය. එහෙත් එය පිරික්සුමකි. නමුත් ඔවුන්ගෙන් බහුතරය (ඒ පිළිබඳව) නොදනිති.
50

قَدْ قَالَهَا الَّذِينَ مِن قَبْلِهِمْ فَمَا أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا يَكْسِبُونَ

මොවුන්ට පෙර සිටියවුන් ද එය(මෙන්)ම පවසා ඇත. එහෙත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට (කිසිදු) ඵලක් නොදුන්නේය.
51

فَأَصَابَهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا ۚ وَالَّذِينَ ظَلَمُوا مِنْ هَـٰؤُلَاءِ سَيُصِيبُهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا وَمَا هُم بِمُعْجِزِينَ

එබැවින් ඔවුන්(ට පෙර සිටියවුන් ද තමන්) ඉපැයූ දෑහි දුෂ්ට කම් ඔවුන්ව හසුකර ගත්තේය. මොවුන් අතුරින්ද අපරාධ කළවුන්ව, තමන් ඉපැයූ දැයෙහි විපාකය හසුකර ගනු ඇත. තවද (එම දඬුවමින්) ඔවුන් මිදෙන්නන් නොවෙති.
52

أَوَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

සැබැවින්ම අල්ලාහ් අභිමත කළවුන්ට ජීවන සැපයුම විස්තීර්ණ කරන්නේය. යැයි හා (තවත් සමහරුන්ට එය) සීමා කරන්නේය. යැයි ඔවුන් නොදන්නේද? සැබැවින්ම විශ්වාස කරන පිරිසකට එහි සංඥාවන් ඇත.
53

قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَىٰ أَنفُسِهِمْ لَا تَقْنَطُوا مِن رَّحْمَةِ اللَّهِ ۚ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا ۚ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

(පාපයන්හි යෙදීමෙන්) තමන්ටම වරද කර ගත් මාගේ ගැත්තනී, අල්ලාහ්ගේ කරුණාවෙන් බලාපොරොත්තු සුන් නොවවු. සැබැවින්ම අල්ලාහ් පාපයන් සියල්ල ක්ෂමා කරන්නේය. සැබැවින්ම ඔහුමය අති ක්ෂමාශීලී පරම කරුණාභරිතය.
54

وَأَنِيبُوا إِلَىٰ رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ مِن قَبْلِ أَن يَأْتِيَكُمُ الْعَذَابُ ثُمَّ لَا تُنصَرُونَ

තවද නුඹලාට දඬුවම පැමිණීමට පෙර නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත නැඹුරු වී ඔහුට අවනත වවු. (එසේ නොකළේ නම්) පසුව නුඹලා උදවු කරනු නොලබන්නෝය.
55

وَاتَّبِعُوا أَحْسَنَ مَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُم مِّن قَبْلِ أَن يَأْتِيَكُمُ الْعَذَابُ بَغْتَةً وَأَنتُمْ لَا تَشْعُرُونَ

නුඹලා නොහැඟෙන්නන්ව සිටියදී අනපේක්ෂිතව නුඹලාට දඬුවම පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ ඉතා අලංකාර දෑ(අල් කුර්ආනය) නුඹලා අනුගමනය කරවු.
56

أَن تَقُولَ نَفْسٌ يَا حَسْرَتَىٰ عَلَىٰ مَا فَرَّطتُ فِي جَنبِ اللَّهِ وَإِن كُنتُ لَمِنَ السَّاخِرِينَ

“අල්ලාහ්ගේ විෂයෙහි මා කළ අඩුපාඩු කෙරෙහි ද (අන් අයට) සමච්චල් කළවුන්ගෙන් කෙනෙකු වීමෙහි ද ඇති වූ අහෝ මාගේ කනගාටුව!” යැයි (කිසිදු) කෙනෙක් (පසුතැවිල්ලෙන්) නොපවසනු පිණිස ද,
57

أَوْ تَقُولَ لَوْ أَنَّ اللَّهَ هَدَانِي لَكُنتُ مِنَ الْمُتَّقِينَ

නැතහොත් ‘සැබැවින්ම අල්ලාහ් මට යහමග පෙන්වා තිබුණේ නම් මම ද බිය භක්තිකයන්ගෙන් (කෙනෙකු) වී ඇත්තෙමි.’ යැයි ඔහු නොපවසනු පිණිස ද
58

أَوْ تَقُولَ حِينَ تَرَى الْعَذَابَ لَوْ أَنَّ لِي كَرَّةً فَأَكُونَ مِنَ الْمُحْسِنِينَ

නැතහොත් දඬුවම ඔහු දකින කල්හි “සැබැවින්ම මට (මිහිතලය වෙත) නැවත හැරී යන්නට තිබුනේ නම් මම යහකම් කරන්නන්ගෙන් කෙනෙකු වී ඇත්තෙමි” යැයි ඔහු පවසනු පිණිස ද (අවවාදයන් අපි ඔවුනට ගෙන හැර පෑවෙමු)
59

بَلَىٰ قَدْ جَاءَتْكَ آيَاتِي فَكَذَّبْتَ بِهَا وَاسْتَكْبَرْتَ وَكُنتَ مِنَ الْكَافِرِينَ

එසේ නොව, සැබැවින්ම මාගේ වදන් නුඹ වෙත පැමිණියේය. එහෙත් නුඹ ඒවා අසත්ය කොට උඩඟුකම් පා ප්රතික්ෂේපකයින්ගෙන් කෙනෙකු වූයේය.
60

وَيَوْمَ الْقِيَامَةِ تَرَى الَّذِينَ كَذَبُوا عَلَى اللَّهِ وُجُوهُهُم مُّسْوَدَّةٌ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِّلْمُتَكَبِّرِينَ

තවද (මළවුන්) නැගිටවනු ලබන දින අල්ලාහ්ට එරෙහිව අසත්යය ප්රකාශ කළ ඔවුන්ගේ මුහුණු කළු පැහැ වී තිබෙනු නුඹ දකිනු ඇත. (එවැනි) උඩඟුකම් පාන්නන්ට අවසන් වාසස්ථානයක් නිරයෙහි නොවන්නේ ද!
61

وَيُنَجِّي اللَّهُ الَّذِينَ اتَّقَوْا بِمَفَازَتِهِمْ لَا يَمَسُّهُمُ السُّوءُ وَلَا هُمْ يَحْزَنُونَ

තවද බිය භක්තිකයින්ව අල්ලාහ් ඔවුන්ගේ (මෙලොව යහකම් තුළින් ඇති කර ගත්) ජයග්රහණය හේතුවෙන් (නිරයෙන්) ආරක්ෂා කරන්නේය. (එබැවින්) අයහපත ඔවුන්ව ස්පර්ශ නොකරයි. තවද ඔවුහු දුකට පත් නොවන්නෝය.
62

اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ

අල්ලාහ් සියලු දෑහි මැවුම්කරුය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරුවාය.-
63

لَّهُ مَقَالِيدُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ أُولَـٰئِكَ هُمُ الْخَاسِرُونَ

අහස්හි හා මිහිතලයෙහි යතුරු ඔහු සතුය. 7 තවද කවුරුන් අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළේද ඔවුන්මය අලාභවන්තයින් වන්නේ.
7මෙහි අහස්හි හා මිහිතලයෙහි යතුරු යනුවෙන් අදහස් වන්නේ වැසි හා භෝග යනාදියයි.
64

قُلْ أَفَغَيْرَ اللَّهِ تَأْمُرُونِّي أَعْبُدُ أَيُّهَا الْجَاهِلُونَ

(නබිවරය) පවසවු “අඥානයිනි, එසේ නම් අල්ලාහ් නොවන අන් කෙනෙකුට නමදින ලෙස නුඹලා මට විධානය කරන්නේ ද?”
65

وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِن قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ

සැබැවින්ම නුඹ වෙත ද නුඹට පෙර සිටියවුන් වෙත ද වහී (දේව පණිවිඩ) පහළ කරනු ලැබීය. (එනම්) ‘නුඹ (අල්ලාහ්ට කිසිවක්) ආදේශ කළේ නම් නුඹගේ යහ කි්රයා නිෂ්ඵල වන්නේමය. තවද නුඹ අලාභවන්තයින්ගෙන් කෙනෙකු වන්නේමය.’ (යන්නයි.)
66

بَلِ اللَّهَ فَاعْبُدْ وَكُن مِّنَ الشَّاكِرِينَ

එබැවින් නුඹ අල්ලාහ්ටම නැමදුම් කරවු. තවද නුඹ කෘතවේදීන්ගෙන් කෙනෙක් වවු.
67

وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَاوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

ඔවුන් අල්ලාහ්ට අගය කළ යුතු අයුරින් ඔහුව(අල්ලාහ්ව) අගය කොට නොසැලකූහ. (මළවුන්) නැගිටවනු ලබන දින මුළු මිහිතලයම ඔහුගේ(අල්ලාහ්ගේ) ආධිපත්යයෙහිය. තවද අහස් ඔහුගේ ශක්තිය මගින් හකුළනු ලැබූවකි. තවද ඔවුන් ආදේශ කරන දැයට වඩා ඔහු පිවිතුරු හා අති උත්තරීතරය.
68

وَنُفِخَ فِي الصُّورِ فَصَعِقَ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ إِلَّا مَن شَاءَ اللَّهُ ۖ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَىٰ فَإِذَا هُمْ قِيَامٌ يَنظُرُونَ

තවද (එදින) සූර් (නම් හොරණෑව) පිඹිනු ලැබේ. එවිට අල්ලාහ් අභිමත කළ අය හැර 8 අහස්හි සිටින්නන් ද මිහිතලයෙහි සිටින්නන් ද සිහි මුර්ඡාවට පත් වන්නෝය. ඉන්පසුව (විනිශ්චය දින සඳහා) නැවත වරක් එය(හොරණෑව) පිඹිනු ලැබේ. එවිගස ඔවුහු නැගිට (තමාට සිදු වීමට යන දේ පිළිබඳව දෙගිඩියාවෙන්) බලා සිටින්නෝය.
8“අල්ලාහ් අභිමත කළ අය හැර” යනුවෙන් අදහස් කරන්නේ ඇතැම් මලක්වරුන් පිළිබඳවය.
69

وَأَشْرَقَتِ الْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ الْكِتَابُ وَجِيءَ بِالنَّبِيِّينَ وَالشُّهَدَاءِ وَقُضِيَ بَيْنَهُم بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ

(එදින) මිහිතලය තම පරමාධිපතිගේ ආලෝකයෙන් බැබළෙයි. තවද කි්රයා ලේඛනය (ඔවුන් ඉදිරියේ විනිශ්චය සඳහා) තබනු ලැබේ. නබිවරුන් ද සාක්ෂි දරන්නන් ද 9 ගෙන එනු ලැබේ. තවද ඔවුන් අතර යුක්තිගරුකව විනිශ්චය කරනු ලැබේ. ඔවුහු අපරාධ කරනු ද නොලබන්නෝය.
9මෙහි සාක්ෂි දරන්නන් යනු නබි මුහම්මද් තුමාගේ ප්රජාවයි. ඔවුහු පෙර නබිවරුන් තමන් සතු වගකීම ඉටු කළ බවට අල් කුර්ආනය තුළින් සාක්ෂි දරන්නෝය.
70

وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُوَ أَعْلَمُ بِمَا يَفْعَلُونَ

තවද සෑම ආත්මාවකටම තමන් කළ දෑ සඳහා (ඵල විපාක) පරිපූර්ණව ගෙවනු ලැබේ. තවද ඔවුන් කරන දෑ පිළිබඳව ඔහු මැනවින් දන්නාය.
71

وَسِيقَ الَّذِينَ كَفَرُوا إِلَىٰ جَهَنَّمَ زُمَرًا ۖ حَتَّىٰ إِذَا جَاءُوهَا فُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَتْلُونَ عَلَيْكُمْ آيَاتِ رَبِّكُمْ وَيُنذِرُونَكُمْ لِقَاءَ يَوْمِكُمْ هَـٰذَا ۚ قَالُوا بَلَىٰ وَلَـٰكِنْ حَقَّتْ كَلِمَةُ الْعَذَابِ عَلَى الْكَافِرِينَ

ප්රතික්ෂේප කළවුන්ව නිරය වෙත කණ්ඩායම් වශයෙන් (ඇද)ගෙන යනු ලැබේ. කෙතරම් (දුරට) ද යත් ඔවුන් එය වෙත පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. එහි දොරටු පාලකයන් ඔවුන්ට “නුඹලාගේ පරමාධිපතිගේ වදන් නුඹලාට පාරායනා කර පෙන්වන තවද (දඬුවම) මුණගැසෙන නුඹලාගේ මෙම දිනය පිළිබඳව නුඹලාට අවවාද කරන නුඹලා අතුරින් වූ රසූල්වරුන් නුඹලා වෙත නොපැමිණියේ දැ?”යි විමසන්නෝය. (එවිට) “එසේ( රසූල්වරුන් අප වෙත පැමිණියෝ)ය, එනමුත් (අප එය පිළිනොගත් හෙයින්) ප්රතික්ෂේපකයින් (වන අප) කෙරෙහි දඬුවමේ වදන ස්ථිර විය.” යැයි ඔවුහු පවසන්නෝය.
72

قِيلَ ادْخُلُوا أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ

“නුඹලා එහි සදාතනිකයින් ලෙස නිරයේ දොරටු වලින් ඇතුළු වවු. එබැවින් උඬඟු වූවන්ගේ වාසස්ථානය කෙතරම් නින්දනීය ද?” යැයි (ඔවුනට) පවසනු ලැබේ.-
73

وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا ۖ حَتَّىٰ إِذَا جَاءُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ

තමන්ගේ පරමාධිපතිට බිය භක්තිමත් වූවන්ව ස්වර්ගය වෙත කණ්ඩායම් වශයෙන් ගෙන යනු ලැබේ. කෙතරම් (දුරට)දයත් (ඔවුන් වෙනුවෙන්) එහි දොරටු විවෘත කරනු ලැබ තිබිය දී ඔවුහු එය වෙත පැමිණෙන්නෝය. (එවිට) එහි දොරටු පාලකයන් “නුඹලා කෙරෙහි ‘සලාමය’(ශාන්තිය) අත් වේවා! නුඹලා පාරිශුද්ධ විය. එබැවින් නුඹලා එහි සදාතනිකයින් ලෙස ඇතුළු වවු.” යැයි ඔවුනට පවසන්නෝය.
74

وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي صَدَقَنَا وَعْدَهُ وَأَوْرَثَنَا الْأَرْضَ نَتَبَوَّأُ مِنَ الْجَنَّةِ حَيْثُ نَشَاءُ ۖ فَنِعْمَ أَجْرُ الْعَامِلِينَ

“තමන්ගේ ප්රතිඥාව අපට සැබෑ කළ අල්ලාහ්ටම සියලු පැසසුම් හිමිය. ඔහු (ස්වර්ග) භූමිය අපට උරුම කර දුන්නේය. (එබැවින්) ස්වර්ගයෙහි අප අභිමත කළ තැනක වෙසෙන්නට හැකිය. එබැවින් (යහ)කි්රයා කරන්නන්ගේ වේතනය කෙතරම් යහපත් ද?” යැයි ඔවුහු පවසන්නෝය.
75

وَتَرَى الْمَلَائِكَةَ حَافِّينَ مِنْ حَوْلِ الْعَرْشِ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ ۖ وَقُضِيَ بَيْنَهُم بِالْحَقِّ وَقِيلَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

තවද මලක්වරුන්ව තම පරමාධිපතිගේ පැසසුම තුළින් (ඔහුව) පිවිතුරු කර අර්ෂය වටා රොක්වන්නන් ලෙස නුඹ දකින්නේය. තවද ඔවුන්(සියලු මැවීම්) අතර යුක්තිගරුකව විනිශ්චය කරනු ලැබේ. තවද “සියලු පැසසුම් සමස්ත විශ්වයේ පරමාධිපති අල්ලාහ් සතු යැ”යි පවසනු ලැබේ.
غافرමක්කී
1

حم

හා මීම්. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

تَنزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْعَلِيمِ

ධර්ම පුස්තකය(අල් කුර්ආනය) පහළ කිරීම අති බලසම්පන්න සර්වඥ අල්ලාහ් වෙතින්ය.
3

غَافِرِ الذَّنبِ وَقَابِلِ التَّوْبِ شَدِيدِ الْعِقَابِ ذِي الطَّوْلِ ۖ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ إِلَيْهِ الْمَصِيرُ

(ඔහු) පාපයන් ක්ෂමා කරන්නා, පශ්චාත්තාපය පිළිගන්නා, දඬුවම් දීමෙහි දැඩිව සිටින්නා, දායාදයන් අසීමිතව පිරිනමන්නාය. ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. (සියල්ලන්) අවසානයේ යොමුවන ස්ථානය ඔහු වෙතමය.
4

مَا يُجَادِلُ فِي آيَاتِ اللَّهِ إِلَّا الَّذِينَ كَفَرُوا فَلَا يَغْرُرْكَ تَقَلُّبُهُمْ فِي الْبِلَادِ

ප්රතික්ෂේප කළවුන් මිස (අන් කිසිවෙක්) අල්ලාහ්ගේ වදන් පිළිබඳව තර්ක නොකරන්නෝමය. එබැවින් ඔවුන් නගරයන්හි (සුඛෝපභෝගීව) සැරිසැරීම නුඹව මුළා නොකළ යුතුයි. 2
2ප්රතික්ෂේපකයින් ලොවෙහි සුඛෝපභෝගීව ජීවත් වන හෙයින් ඔවුන්ව අල්ලාහ් දඬුවම් නොකරන්නේය යන්නෙන් සිතිය නොයුතු යැයි මෙම ආයතය පැහැදිලි කර ඇත. තවද එයට උදාහරණයක් ලෙස පැරණි සමූහයන් විනාශ කරනු ලැබූ බව ඊළඟ ආයතයෙහි සඳහන් වී ඇත. ඔවුන්ට ද ලොවේ සම්පත් බොහෝමයක් දෙනු ලැබී සුඛෝපභෝගීව ජීවත් වෙමින් සිටි නමුත් අල්ලාහ්ව ඔවුන් ප්රතික්ෂේප කළ හෙයින් ඔවුන්ව විනාශ කරනු ලැබීය.
5

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَالْأَحْزَابُ مِن بَعْدِهِمْ ۖ وَهَمَّتْ كُلُّ أُمَّةٍ بِرَسُولِهِمْ لِيَأْخُذُوهُ ۖ وَجَادَلُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ فَأَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ

ඔවුන්ට පෙර නූහ්ගේ පිරිස ද ඔවුන්ට(නූහ්ගේ පිරිසට) පසු (පැමිණි) සමූහයන් ද (රසූල්වරුන්ව) අසත්යය කළෝය. (එම) සෑම ප්රජාවක්ම තමන්ගේ රසූල්වරයාව ග්රහණය (කර සිර කිරීමට හා ඝාතනය) කිරීමට අදිටන් කර ගත්තෝය. තවද ඔවුහු අසත්යය පදනම් කර ගෙන එමගින් සත්යය විනාශ කිරීමට තර්ක කළෝය. එබැවින් ඔවුන්ව මම (දඬුවමින්) ග්රහණය කර ගත්තෙමි. මාගේ දඬුවම කෙසේ (දරුණු) වී ද?
6

وَكَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى الَّذِينَ كَفَرُوا أَنَّهُمْ أَصْحَابُ النَّارِ

‘සැබැවින්ම ඔවුන් නිරයේ සගයින්ය.’ යන නුඹගේ පරමාධිපතිගේ වදන ප්රතික්ෂේප කළවුන් කෙරෙහි සැබෑ වූයේ මෙලෙසය.
7

الَّذِينَ يَحْمِلُونَ الْعَرْشَ وَمَنْ حَوْلَهُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ آمَنُوا رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَّحْمَةً وَعِلْمًا فَاغْفِرْ لِلَّذِينَ تَابُوا وَاتَّبَعُوا سَبِيلَكَ وَقِهِمْ عَذَابَ الْجَحِيمِ

අර්ෂය උසුලන්නන් ද එය වටා සිටින්නන් 3 ද ඔවුනගේ පරමාධිපතිගේ පැසසුම තුළින් පිවිතුරු කරමින් ඔහුව විශ්වාස කරන්නෝය. තවද ඔවුහු විශ්වාස කළවුන් වෙනුවෙන් පාප ක්ෂමාව ඇයැදින්නෝය. “අපගේ පරමාධිපතියාණනි, ඔබ දයාලු භාවයෙන් හා ඥානයෙන් සියලු දෑ වටලා ගත්තේය. එබැවින් පශ්චාත්තාපයේ යෙදී ඔබගේ මාර්ගය අනුගමනය කරන්නන්ට පාප ක්ෂමාව පිරිනමනු මැනව! තවද නිරයේ දඬුවමින් ඔවුන්ව ආරක්ෂා කරනු මැනව!” (යැයි ඔවුහු අයැදින්නෝය.)
3මෙහි ‘අර්ෂය උසුලන්නන් හා එය වටා සිටින්නන්’ යනුවෙන් අදහස් කරනුයේ මලක්වරුන්වය.
8

رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدتَّهُمْ وَمَن صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ ۚ إِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ

“තවද අපගේ පරමාධිපතියාණනි, ඔබ ඔවුන්ට ප්රතිඥා කළ ‘අද්න්’ (නමැති ස්වර්ග) උයන් තුළට ඔවුන්ව හා ඔවුන්ගේ පියවරුන්ගෙන් ද ඔවුන්ගේ බිරියන්ගෙන් ද ඔවුන්ගේ පරපුරෙන් ද කවුරුන් (විශ්වාස කර) යහකම් කළේද ඔවුන්ව ඇතුළු කරනු මැනව. සැබැවින්ම ඔබමය අති බල සම්පන්න සර්ව ප්රඥාවන්ත වන්නේ.
9

وَقِهِمُ السَّيِّئَاتِ ۚ وَمَن تَقِ السَّيِّئَاتِ يَوْمَئِذٍ فَقَدْ رَحِمْتَهُ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

තවද දුෂ්ටකම් වලින් ඔවුන්ව අරක්ෂා කරනු මැන. එ(ම විනිශ්චය )දින කවරෙකුව ඔබ දුෂ්ටකම් වලින් ආරක්ෂා කරන්නේ ද (එය) සැබැවින්ම ඔබ ඔහුට කරුණාව දක්වා ඇති (හෙයින්ම)ය. තවද මහත් වූ ජයග්රහණය එයමය.”
10

إِنَّ الَّذِينَ كَفَرُوا يُنَادَوْنَ لَمَقْتُ اللَّهِ أَكْبَرُ مِن مَّقْتِكُمْ أَنفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى الْإِيمَانِ فَتَكْفُرُونَ

සැබැවින්ම ප්රතික්ෂේප කළවුන්ට “(නුඹලාට දඬුවම නියම වූ විට) නුඹලා නුඹලාවම පිළිකුල් කර ගැනීමට වඩා නුඹලා විශ්වාසය වෙත කැඳවනු ලැබ (එය) ප්රතික්ෂේප කළ කල්හි (නුඹලා කෙරෙහි) අල්ලාහ් පිළිකුල් කිරීම ඉතා දරුණුය.” යැයි (එදින මලක්වරුන් විසින්) නිවේදනය කරනු ලැබේ.
11

قَالُوا رَبَّنَا أَمَتَّنَا اثْنَتَيْنِ وَأَحْيَيْتَنَا اثْنَتَيْنِ فَاعْتَرَفْنَا بِذُنُوبِنَا فَهَلْ إِلَىٰ خُرُوجٍ مِّن سَبِيلٍ

(එයට ප්රතික්ෂේපකයින් වන) ඔවුන් “අපගේ පරමාධිපතියාණනි, ඔබ දෙවරක් අප මරණයට පත් කළේය. තවද දෙවරක් ඔබ අපට ප්රාණය ලබා දුන්නේය. 4 තවද අපි අපගේ පාපයන් පිළිගත්තෙමු. එබැවින් (දඬුවමින්) පිට වීමට මගක් ඇත්දැ?”යි පවසන්නෝය.
4මරණයන් දෙක යනු මිනිසා උපත ලැබීමට පෙර ඔහු සිටි තත්ත්වය හා ලොවෙහි ජීවිතය අවසානයේ ඔහුට ඇති වන මරණයයි. දෙවරක් ප්රාණය ලබා දීම යනු ලොවේ ජීවිතය හා මරණින් මතු ජීවිතයයි.
12

ذَٰلِكُم بِأَنَّهُ إِذَا دُعِيَ اللَّهُ وَحْدَهُ كَفَرْتُمْ ۖ وَإِن يُشْرَكْ بِهِ تُؤْمِنُوا ۚ فَالْحُكْمُ لِلَّهِ الْعَلِيِّ الْكَبِيرِ

(මගක් නැත. මක්නිසාද යත්) එය(එම දඬුවම) අල්ලාහ්ව පමණක් (පිරිසක් විසින් ඒකීයත්වයෙන්) කැඳවනු ලැබූ කල්හි නුඹලා (එම ඒකීයත්වය) ප්රතික්ෂේප කළ හේතුවෙන් ද ඔහුට ආදේශ කරනු ලැබූ කල්හි (එම ආදේශය) නුඹලා විශ්වාස කළ හේතුවෙන් ද වේ. එබැවින් අති උත්තරීතර, අති ශ්රේෂ්ඨ අල්ලාහ්ට විනිශ්චය හිමිය.
13

هُوَ الَّذِي يُرِيكُمْ آيَاتِهِ وَيُنَزِّلُ لَكُم مِّنَ السَّمَاءِ رِزْقًا ۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ

ඔහුගේ සංඥාවන් නුඹලාට (ගෙන හැර) පෙන්වන්නේ ද අහසේ සිට නුඹලාට සම්පත් පහළ කරන්නේ ද ඔහුමය. තවද (අල්ලාහ් වෙත) නැඹුරුවන්නන් මිස (අන් අය මේ පිළිබඳව) මෙනෙහි කරන්නේ නැත.
14

فَادْعُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

එබැවින් ප්රතික්ෂේපකයින් පිළිකුල් කළ ද දහම් ක්රියාවන් ඔහු වෙනුවෙන් (වීම සඳහා ඉහ්ලාස් නම්) චිත්ත පාරිශුද්ධිය ඇත්තන් ලෙස නුඹලා අල්ලාහ්ව කැඳවවු.
15

رَفِيعُ الدَّرَجَاتِ ذُو الْعَرْشِ يُلْقِي الرُّوحَ مِنْ أَمْرِهِ عَلَىٰ مَن يَشَاءُ مِنْ عِبَادِهِ لِيُنذِرَ يَوْمَ التَّلَاقِ

(ඔහු) තරාතිරමින් ඉතා උසස්ය, අර්ෂයේ හිමිකරුය. ඔහු තම ගැත්තන් අතුරින් තමා අභිමත කළ අය (වන නබිවරුන්) කෙරෙහි තම විධානයට අනුව රූහ් 5 පහළ කරන්නේය. (එය ඔහුව) හමුවන දිනය පිළිබඳව අවවාද කරනු පිණිසය.
5මෙම ආයතයේ ‘රූහ්’ නම් පදය මගින් අදහස් වන්නේ නබිවරුන්ට පහළ කරනු ලැබූ දේව පණිවිඩයයි.
16

يَوْمَ هُم بَارِزُونَ ۖ لَا يَخْفَىٰ عَلَى اللَّهِ مِنْهُمْ شَيْءٌ ۚ لِّمَنِ الْمُلْكُ الْيَوْمَ ۖ لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ

එදින ඔවුන් (සොහොන් වලින්) පිට වන්නන්ය. ඔවුන්ගෙන් කිසිම දැයක් අල්ලාහ්ට සැඟවෙන්නේ නැත. “අද දින ආධිපත්යය කවුරුන්හට හිමි ද?” (යන්නෙන් අල්ලාහ් විසින්ම විමසා) “ඒකීය වූ බල පරාක්රමයෙන් යුත් අල්ලාහ්ට (පමණක්) හිමිය.” (යැයි ඔහුම පිළිතුරු දෙන්නේය.)
17

الْيَوْمَ تُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ ۚ لَا ظُلْمَ الْيَوْمَ ۚ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ

අද දින සෑම ආත්මාවකටම තමන් ඉපැයූ දැයින් ඵල විපාක පිරිනමනු ලැබේ. කිසිඳු අපරාධයක් අද දින නොමැත. සැබැවින්ම අල්ලාහ් ගණනය(විනිශ්චය) කිරීමෙහි අති ශීඝ්රය.
18

وَأَنذِرْهُمْ يَوْمَ الْآزِفَةِ إِذِ الْقُلُوبُ لَدَى الْحَنَاجِرِ كَاظِمِينَ ۚ مَا لِلظَّالِمِينَ مِنْ حَمِيمٍ وَلَا شَفِيعٍ يُطَاعُ

තවද (නබිවරය,) සමීප වන (පරමාන්ත) දිනය පිළිබඳව නුඹ ඔවුනට අවවාද කරවු. එකල්හි හදවත් උගුරු දඬු අබියස හිර වී පවතී. අපරාධකරුවන්ට මිතුරෙකු හෝ පිළිගනු ලැබූ රෙකමදාරුවෙකු හෝ නොමැත.
19

يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَمَا تُخْفِي الصُّدُورُ

ඔහු(අල්ලාහ්) නෙත් හි වංචාවන් ද හදවත් සැඟ වූ දෑ ද දන්නේය.
20

وَاللَّهُ يَقْضِي بِالْحَقِّ ۖ وَالَّذِينَ يَدْعُونَ مِن دُونِهِ لَا يَقْضُونَ بِشَيْءٍ ۗ إِنَّ اللَّهَ هُوَ السَّمِيعُ الْبَصِيرُ

අල්ලාහ් සත්යයෙන් යුතුව විනිශ්චය කරන්නේය. තවද ඔහු හැර ඔවුන් කවුරුන් (දෙවිවරුන් ලෙස) කැඳවන්නේ ද ඔවුන් කිසිදු විනිශ්චයක් නොකරන්නෝය. සැබැවින්ම අල්ලාහ්, ඔහුමය සර්ව ශ්රාවක සර්ව සුපරික්ෂාකාරී වන්නේ.
21

أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ كَانُوا مِن قَبْلِهِمْ ۚ كَانُوا هُمْ أَشَدَّ مِنْهُمْ قُوَّةً وَآثَارًا فِي الْأَرْضِ فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ وَمَا كَانَ لَهُم مِّنَ اللَّهِ مِن وَاقٍ

ඔවුහු මිහිතලයෙහි ගමන් කර ඔවුනට පෙර විසූවන්ගේ 6 අවසානය කෙසේ වූයේ දැ’යි නොදුටුවෝ ද? ඔවුහු(පෙර වූවන්) මොවුන්ට වඩා ශක්තියෙන් හා මිහිතලයෙහි සනිටුහන් තැබීමෙන් දැඩි වූවන් වූහ. (නමුත්) ඔවුන්ගේ පාපයන් හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව ග්රහණය කළේය. තවද අල්ලාහ්(ගේ දඬුවම) වෙතින් ඔවුන්ව ආරක්ෂා කරන්නෙකු ඔවුන්ට නොවීය.
6‘ඔවුනට පෙර විසූවන්’ යනු ආද් හා සමූද් වැනි සමූහයන් ය.
22

ذَٰلِكَ بِأَنَّهُمْ كَانَت تَّأْتِيهِمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ فَكَفَرُوا فَأَخَذَهُمُ اللَّهُ ۚ إِنَّهُ قَوِيٌّ شَدِيدُ الْعِقَابِ

එය(එම දඬුවම පිළිබඳව), සැබැවින්ම ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත පැහැදිලි සාධකයන් ගෙන ආ නමුත් ඔවුන් (එය) ප්රතික්ෂේප කළ හේතුවෙනි. එබැවින් අල්ලාහ් ඔවුන්ව ග්රහණය කළේය. සැබැවින්ම ඔහු සර්ව ශක්ති සම්පන්නය දඬුවම් දීමෙහි දැඩිය.
23

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا وَسُلْطَانٍ مُّبِينٍ

සැබැවින්ම අපි මූසාව අපගේ සංඥාවන් හා පැහැදිලි සාධකයක් සමග ෆිර්අවුන්, හාමාන් හා කාරූන් 7 වෙත යැව්වෙමු. එවිට ඔවුහු “(මොහු) හූනියම්කරුවෙකි, මහා බොරුකාරයෙකි” යැයි පැවසුවෝය.
7හාමාන් නැමැත්තා ෆිර්අවුන්ගේ ඇමතිවරයෙකි. ‘කාරූන්’ යනු ෆිර්අවුන් විසින් ඉස්රාඊල්වරුන්ගේ නායකයා ලෙස පත් කළ පුද්ගලයාය. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 28:76-82 බලන්න.
24

إِلَىٰ فِرْعَوْنَ وَهَامَانَ وَقَارُونَ فَقَالُوا سَاحِرٌ كَذَّابٌ

සැබැවින්ම අපි මූසාව අපගේ සංඥාවන් හා පැහැදිලි සාධකයක් සමග ෆිර්අවුන්, හාමාන් හා කාරූන් 7 වෙත යැව්වෙමු. එවිට ඔවුහු “(මොහු) හූනියම්කරුවෙකි, මහා බොරුකාරයෙකි” යැයි පැවසුවෝය.
25

فَلَمَّا جَاءَهُم بِالْحَقِّ مِنْ عِندِنَا قَالُوا اقْتُلُوا أَبْنَاءَ الَّذِينَ آمَنُوا مَعَهُ وَاسْتَحْيُوا نِسَاءَهُمْ ۚ وَمَا كَيْدُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ

තවද අපගෙන් වූ සත්යය ඔහු(මූසා) ඔවුන් වෙත ගෙන ආ කල්හි “ඔහු සමග කවුරුන් (අල්ලාහ්ව) විශ්වාස කළේද ඔවුන්ගේ පුතුන්ව මරා දමවු. තවද ඔවුන්ගේ ස්ත්රීන්ව ජීවත් වීමට ඉඩ හරිවු.” යැයි ඔවුහු පැවසුවෝය. ප්රතික්ෂේප කළවුන්ගේ කුමන්ත්රණය නිෂ්ඵලයෙහි මිස නොවේ.
26

وَقَالَ فِرْعَوْنُ ذَرُونِي أَقْتُلْ مُوسَىٰ وَلْيَدْعُ رَبَّهُ ۖ إِنِّي أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمْ أَوْ أَن يُظْهِرَ فِي الْأَرْضِ الْفَسَادَ

තවද ෆිර්අවුන් “මා මූසාව ඝාතනය කිරීමට නුඹලා මාව අත හරිවු. තවද ඔහු ඔහුගේ පරමාධිපතිව කැඳවා ගනිත්වා. ඔහු නුඹලාගේ දහම වෙනස් කරනු ඇත. නැතහොත් මිහිතලයෙහි කලහකම් සිදු කරනු ඇත යැයි සැබැවින්ම මම බිය වන්නෙමි.” යැයි පැවසුවේය.
27

وَقَالَ مُوسَىٰ إِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٍ لَّا يُؤْمِنُ بِيَوْمِ الْحِسَابِ

තවද මූසා “ගණනය කරනු ලබන (විනිශ්චය) දිනය විශ්වාස නොකරන සෑම උඩඟු වූවෙකු වෙතින්ම මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපතිගෙන් සැබැවින්ම මම ආරක්ෂාව පැතුවෙමි.” යැයි පැවසුවේය.
28

وَقَالَ رَجُلٌ مُّؤْمِنٌ مِّنْ آلِ فِرْعَوْنَ يَكْتُمُ إِيمَانَهُ أَتَقْتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّيَ اللَّهُ وَقَدْ جَاءَكُم بِالْبَيِّنَاتِ مِن رَّبِّكُمْ ۖ وَإِن يَكُ كَاذِبًا فَعَلَيْهِ كَذِبُهُ ۖ وَإِن يَكُ صَادِقًا يُصِبْكُم بَعْضُ الَّذِي يَعِدُكُمْ ۖ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ

තවද ෆිර්අවුන්ගේ පවුලෙන් තම විශ්වාසය සඟවා ගත් විශ්වාස කළ අයෙකු (මෙසේ) පැවසුවේය. “සැබැවින්ම මිනිසෙකු නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සංඥාවන් නුඹලා වෙත ගෙනැවිත් සිටිය දී ‘මාගේ පරමාධිපති අල්ලාහ්’ යැයි පවසන හේතුවෙන් ඔහුව නුඹලා ඝාතනය කරන්නේ ද?ඔහු අසත්ය වන්තයෙකු නම් ඔහුගේ අසත්යය ඔහු කෙරෙහි(විනාශය)මය. ඔහු සත්ය වන්තයෙකු නම් ඔහු නුඹලාට ප්රතිඥා දුන් (දඬුවමින්) සමහරක් නුඹලාට අත් වන්නේමය. කවරෙකු සීමාව ඉක්මවන්නෙකු, බොරු පවසන්නෙකු වන්නේද ඔහුට සැබැවින්ම අල්ලාහ් යහමග නොපෙන්වන්නේමය.”
29

يَا قَوْمِ لَكُمُ الْمُلْكُ الْيَوْمَ ظَاهِرِينَ فِي الْأَرْضِ فَمَن يَنصُرُنَا مِن بَأْسِ اللَّهِ إِن جَاءَنَا ۚ قَالَ فِرْعَوْنُ مَا أُرِيكُمْ إِلَّا مَا أَرَىٰ وَمَا أَهْدِيكُمْ إِلَّا سَبِيلَ الرَّشَادِ

“මාගේ ජනයිනි, මිහිතලයෙහි ජයග්රාහිකයන් ලෙස අද දින ආධිපත්යය නුඹලාට හිමිය. අල්ලාහ්ගේ දඬුවම අප වෙත පැමිණියේ නම් එයින් අපව ආරක්ෂා කරන්නේ කවුරුන්දැ?”(යි ද පැවසුවේය. එවිට) ෆිර්අවුන් “මා දකින දෑ මිස මම නුඹලාට නොපෙන්වන්නෙමි. තවද ඍජුමග මිස නුඹලාට මා මග පෙන්වන්නේ නැත.” යැයි පැවසුවේය.
30

وَقَالَ الَّذِي آمَنَ يَا قَوْمِ إِنِّي أَخَافُ عَلَيْكُم مِّثْلَ يَوْمِ الْأَحْزَابِ

තවද (එම) විශ්වාස කළ තැනැත්තා “මාගේ ජනයිනි (පෙර විසූ ප්රතික්ෂේපක) සේනාංකයන්ගේ (දඬුවම් ඇති වූ) දින මෙන් නුඹලා කෙරෙහි (ද ඇති වනු ඇතැ’යි) සැබැවින්ම මම බිය වන්නෙමි.” යැයි පැවසුවේය.
31

مِثْلَ دَأْبِ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَالَّذِينَ مِن بَعْدِهِمْ ۚ وَمَا اللَّهُ يُرِيدُ ظُلْمًا لِّلْعِبَادِ

(එය නම්) නූහ්ගේ පිරිසගේ ද ආද්වරුන්ගේ ද සමූද්වරුන්ගේ ද ඔවුන්ට පසු සිටියවුන්ගේ ද ඉරණම මෙන් වේ. තවද අල්ලාහ් ගැත්තන්ට අසාධාරණය නොපතන්නේය.
32

وَيَا قَوْمِ إِنِّي أَخَافُ عَلَيْكُمْ يَوْمَ التَّنَادِ

තවද ‘මාගේ ජනයිනි, එකිනෙකා කැඳවා ගන්නා දින පිළිබඳව සැබැවින්ම නුඹලා කෙරෙහි මම බිය වන්නෙමි.
33

يَوْمَ تُوَلُّونَ مُدْبِرِينَ مَا لَكُم مِّنَ اللَّهِ مِنْ عَاصِمٍ ۗ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ

(එනම්) අල්ලාහ්(ගේ දඬුවම) වෙතින් නුඹලාව ආරක්ෂා කරන්නෙකු නොමැතිව සිටින විට නුඹලා පිටුපාමින් පලා යන දිනයයි. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට යහමග පෙන්වන්නෙකු නොමැත.
34

وَلَقَدْ جَاءَكُمْ يُوسُفُ مِن قَبْلُ بِالْبَيِّنَاتِ فَمَا زِلْتُمْ فِي شَكٍّ مِّمَّا جَاءَكُم بِهِ ۖ حَتَّىٰ إِذَا هَلَكَ قُلْتُمْ لَن يَبْعَثَ اللَّهُ مِن بَعْدِهِ رَسُولًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ هُوَ مُسْرِفٌ مُّرْتَابٌ

තවද සැබැවින්ම ඔහුට(මූසාට) පෙර යූසුෆ් පැහැදිලි සාක්ෂි සමග නුඹලා වෙත පැමිණ සිටියේය. ඔහු නුඹලා වෙත රැගෙන ආ දෑ පිළිබඳව සැකයෙහිම නුඹලා පසු වූවෝය. කෙතරම් (දුරට)දයත් ඔහු මරණයට පත් වූ විට “ඔහුට පසුව රසූල්වරයෙකු අල්ලාහ් නොයවන්නේම යැ”යි නුඹලා පවසන තුරුය. එලෙසය සීමාව ඉක්මවන්නන්ව, සැකයෙහි සිටින්නන්ව අල්ලාහ් නොමග යවනුයේ.
35

الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ بِغَيْرِ سُلْطَانٍ أَتَاهُمْ ۖ كَبُرَ مَقْتًا عِندَ اللَّهِ وَعِندَ الَّذِينَ آمَنُوا ۚ كَذَٰلِكَ يَطْبَعُ اللَّهُ عَلَىٰ كُلِّ قَلْبِ مُتَكَبِّرٍ جَبَّارٍ

(ඔවුන්) තමන් වෙත පැමිණි සාධකයකින් තොරව අල්ලාහ්ගේ ආයතයන් විෂයෙහි තර්ක කරන්නන්ය. එය(එසේ තර්ක කිරීම) අල්ලාහ් අබියස ද විශ්වාස කළවුන් අබියස ද පිළිකුලෙන් ඉමහත් විය. එලෙසය අල්ලාහ් සියලු උඩඟු බලගතුවූවන්ගේ හදවත් හි මුද්රා තබනුයේ.
36

وَقَالَ فِرْعَوْنُ يَا هَامَانُ ابْنِ لِي صَرْحًا لَّعَلِّي أَبْلُغُ الْأَسْبَابَ

“අහෝ හාමාන්, නුඹ මා වෙනුවෙන් එක් උස් කුලුනක් තනවු. (එයින්) මට මාර්ගයන් වෙත ළඟා විය හැක.” යැයි ෆිර්අවුන් පැවසුවේය.
37

أَسْبَابَ السَّمَاوَاتِ فَأَطَّلِعَ إِلَىٰ إِلَـٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُ كَاذِبًا ۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرْعَوْنَ سُوءُ عَمَلِهِ وَصُدَّ عَنِ السَّبِيلِ ۚ وَمَا كَيْدُ فِرْعَوْنَ إِلَّا فِي تَبَابٍ

(එනම්) “අහස්හි මාර්ගයන් වෙත (ළඟා විය හැක.) එවිට මම මූසාගේ දෙවියන්ව එබිකම් කර බලන්නෙමි. තවද සැබැවින්ම ඔහු(මූසා) අසත්යවන්තයෙක් යැයි මම සිතන්නෙමි.” (යැයි ඔහු පැවසුවේය.) මෙලෙසය ෆිර්අවුන්ට ඔහුගේ නරක කි්රයා අලංකාර කරනු ලැබ ඔහුව (ඍජු) මාර්ගයෙන් වළක්වනු ලැබුයේ. ෆිර්අවුන්ගේ කුමන්ත්රණය නිෂ්ඵලයෙහි මිස නැත.
38

وَقَالَ الَّذِي آمَنَ يَا قَوْمِ اتَّبِعُونِ أَهْدِكُمْ سَبِيلَ الرَّشَادِ

තවද විශ්වාස කළ (එම) තැනැත්තා (මෙසේ) පැවසුවේය. “මාගේ ජනයිනි, මා අනුගමනය කරවු. මම නුඹලාට ඍජු මාර්ගය වෙත මග පෙන්වන්නෙමි.
39

يَا قَوْمِ إِنَّمَا هَـٰذِهِ الْحَيَاةُ الدُّنْيَا مَتَاعٌ وَإِنَّ الْآخِرَةَ هِيَ دَارُ الْقَرَارِ

මාගේ ජනයිනි, සැබැවින්ම මෙම ලෞකික ජීවිතය (අනිත්ය) වින්දනයක්මය. තවද සැබැවින්ම මතු ලොව, එය නිත්ය වාසස්ථානයක්මය.
40

مَنْ عَمِلَ سَيِّئَةً فَلَا يُجْزَىٰ إِلَّا مِثْلَهَا ۖ وَمَنْ عَمِلَ صَالِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَـٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍ

කවරෙකු දුෂ්ට කි්රයාවක් කළේ ද එය මෙන්ම මිස ඵල විපාක දෙනු නොලැබේ. තවද පිරිමියෙකු හෝ ස්ති්රයක අතුරින් කවරෙකු විශ්වාසිකයෙකු ලෙස යහ කි්රයාවක් කළේ ද ඔවුහු (ස්වර්ග) උයනට ඇතුළු වන්නෝය, එහි ගණනයකින් තොරව සම්පත් පිරිනමනු ලබන්නෝය.
41

وَيَا قَوْمِ مَا لِي أَدْعُوكُمْ إِلَى النَّجَاةِ وَتَدْعُونَنِي إِلَى النَّارِ

තවද මාගේ ජනයිනි, මට කිමද? (නිරයෙන්) මුදවා ගැනීමට මම නුඹලාව කැඳවන්නෙමි. තවද නුඹලා මා (නිරා) ගින්න වෙත කැඳවන්නෙහුය.
42

تَدْعُونَنِي لِأَكْفُرَ بِاللَّهِ وَأُشْرِكَ بِهِ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ وَأَنَا أَدْعُوكُمْ إِلَى الْعَزِيزِ الْغَفَّارِ

අති බලසම්පන්න අති ක්ෂමාශීලී (අල්ලාහ්) වෙත මම නුඹලාව කැඳවමින් සිටිය දී මා අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමට හා මට කුමක් ගැන දැනුමක් නැත්තේද එය ඔහුට මා ආදේශ කිරීමට නුඹලා මාව කැඳවන්නෙහුය.
43

لَا جَرَمَ أَنَّمَا تَدْعُونَنِي إِلَيْهِ لَيْسَ لَهُ دَعْوَةٌ فِي الدُّنْيَا وَلَا فِي الْآخِرَةِ وَأَنَّ مَرَدَّنَا إِلَى اللَّهِ وَأَنَّ الْمُسْرِفِينَ هُمْ أَصْحَابُ النَّارِ

සැබැවින්ම කුමක් වෙත නුඹලා මා කැඳවන්නේද එයට(දෙවිවරුන්ට) මෙලොවෙහි ද මතු ලොවෙහි ද කැඳවනු ලැබීමට (ද එයට පිළිතුරු දීමට ද) කිසිදු සුදුසුකමක් නොමැත. සැබැවින්ම අපගේ නැවත හැරී යෑමේ ස්ථානය අල්ලාහ් වෙතය. තවද සැබැවින්ම සීමාව ඉක්මවූවන්, ඔවුන්මය නිරයේ සගයින් වන්නේ.
44

فَسَتَذْكُرُونَ مَا أَقُولُ لَكُمْ ۚ وَأُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ ۚ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ

නුඹලාට මා පවසන දෑ නුඹලා මතු මෙනෙහි කරනු ඇත. මාගේ (සියලු) කරුණු අල්ලාහ් වෙත භාර කරන්නෙමි. 8 සැබැවින්ම අල්ලාහ් ගැත්තන් පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.” (යැයි ඔහු පැවසුවේය.)
8මෙම ආයතයෙහි “මාගේ (සියලු) කරුණු අල්ලාහ් වෙත භාර කරන්නෙමි.” යන්නෙන් විශ්වාස කළ එම පුද්ගලයා කීමට හේතුව ෆිර්අවුන්ගේ පිරිස ඔහුව ඝාතනය කිරීමට තැත් කළ හේතුවෙනි. එබැවින් ඔහුව අල්ලාහ් ආරක්ෂා කළ බව මින් මතු ආයාවෙන් සනාථ කොට ඇත.
45

فَوَقَاهُ اللَّهُ سَيِّئَاتِ مَا مَكَرُوا ۖ وَحَاقَ بِآلِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ

එබැවින් ඔවුන් කුමන්ත්රණ කළ දෑ හි දුෂ්ටකම් වලින් අල්ලාහ් ඔහුව ආරක්ෂා කළේය. තවද දඬුවමේ නරකය(විනාශය) ෆිර්අවුන්ගේ පිරිසව වෙළාගත්තේය.
46

النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا ۖ وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ

(නිරා) ගින්න, උදෑසනද සවසද එය වෙත ඔවුන්ව ඉදිරිපත් කරනු ලබන්නෝය. 9 තවද (ලොව අවසන්) හෝරාව ඇති වන (විනිශ්චය) දින ‘දරුණු දඬුවම වෙත ෆිර්අවුන්ගේ පිරිසව නුඹලා ඇතුළු කරවු.’ (යැයි මලක්වරුන්ට විධානය කරනු ලැබේ.)
9මෙසේ ඔවුන්ට නිරය ඉදිරිපත් කරනු ලබන්නේ ‘බර්zසක්’ යනුවෙන් හඳුන්වන මරණය හා විනිශ්චය දිනය අතර ඇති කාලයෙහිය.
47

وَإِذْ يَتَحَاجُّونَ فِي النَّارِ فَيَقُولُ الضُّعَفَاءُ لِلَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا نَصِيبًا مِّنَ النَّارِ

ඔවුහු(ප්රතික්ෂේපකයින්, නිරා) ගින්නෙහි එකිනෙකා තර්ක කරන අවස්ථාව (සිහිපත් කරවු) එවිට “සැබැවින්ම අපි නුඹලාව අනුගමනය කරන්නන් වූයෙමු. එබැවින් නිරයේ (දඬුවමින්) කොටසක් හෝ නුඹලා අපගෙන් ඉවත් කරන්නන්දැ?”යි දුබලයින් උඩඟුවූවන්ට පවසන්නෝය.
48

قَالَ الَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُلٌّ فِيهَا إِنَّ اللَّهَ قَدْ حَكَمَ بَيْنَ الْعِبَادِ

“සැබැවින්ම අපි සියල්ලෝම මෙ(ම නිරයෙ)හිය. සැබැවින්ම අල්ලාහ් (තම) ගැත්තන් අතර විනිශ්චය කළේයැ.”යි උඩඟුවූවන් පවසන්නෝය.
49

وَقَالَ الَّذِينَ فِي النَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ادْعُوا رَبَّكُمْ يُخَفِّفْ عَنَّا يَوْمًا مِّنَ الْعَذَابِ

“අප වෙනුවෙන් දඬුවමින් දිනක් හෝ ලිහිල් කරන මෙන් නුඹලාගේ පරමාධිපතිගෙන් ඇයැදිවු.” යැයි නිරයෙහි පාලකයින්ට (නිරා) ගින්නෙහි සිටින්නන් පවසන්නෝය.
50

قَالُوا أَوَلَمْ تَكُ تَأْتِيكُمْ رُسُلُكُم بِالْبَيِّنَاتِ ۖ قَالُوا بَلَىٰ ۚ قَالُوا فَادْعُوا ۗ وَمَا دُعَاءُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ

‘පැහැදිලි සාධකයන් සමග නුඹලාගේ රසූල්වරුන් නුඹලා වෙත නොපැමිණියෙහිදැ?’යි ඔවුන්(නිරයෙහි පාලකයින්) විමසන්නෝය. “එසේ( පැමිණියෝ)යැ”යි ඔවුහු පවසන්නෝය. “එසේ නම් නුඹලාම අයැදිවු.”යැයි ඔවුහු(නිරයෙහි පාලකයින්) පවසන්නෝය. තවද ප්රතික්ෂේපකයින්ගේ (මතු ලොවෙහි) ඇයැදීම නිෂ්ඵලයෙහි මිස නොමැත.
51

إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ

සැබැවින්ම අපි අපගේ රසූල්වරුන්ට ද විශ්වාස කළවුන්ට ද මෙලොව ජීවිතයෙහි හා සාක්ෂි ස්ථාපිත වන (විනිශ්චය) දිනයෙහි උදවු කරන්නෙමු.)
52

يَوْمَ لَا يَنفَعُ الظَّالِمِينَ مَعْذِرَتُهُمْ ۖ وَلَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ

(එදින) අපරාධකරුවන්ට තමන්ගේ නිදහසට කරුණු දැක්වීම ඵලක් නොවන දිනයයි. තවද ඔවුනට ශාපය හිමිය. තවද වාසස්ථානයේ නරකය ඔවුනට හිමිය.
53

وَلَقَدْ آتَيْنَا مُوسَى الْهُدَىٰ وَأَوْرَثْنَا بَنِي إِسْرَائِيلَ الْكِتَابَ

සැබැවින්ම අපි මූසාට යහ මග(තව්රාත් නම් ධර්ම පුස්තකය) පිරිනැමුවෙමු. තවද අපි ඉස්රාඊල්ගේ දරුවන්ට (එම) ධර්ම පුස්තකය උරුමකර දුන්නෙමු.
54

هُدًى وَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ

(එම ධර්ම පුස්තකය) නුවණැත්තන්ට මග පෙන්වීමක් හා උපදෙසක් වශයෙනි.
55

فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَاسْتَغْفِرْ لِذَنبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِالْعَشِيِّ وَالْإِبْكَارِ

එබැවින් (නබිවරය, නුඹට ඇති වන පීඩාවන්) නුඹ ඉවසවු. සැබැවින්ම (නුඹට ඇති වීමට තිබෙන ජයග්රහණය පිළිබඳව) අල්ලාහ්ගේ ප්රතිඥාව සත්යය. 10 තවද නුඹගේ පාපයන් සඳහා ක්ෂමාව ඇයැදිවු. 11 තවද සැඳෑවෙහි හා උදෑසන නුඹගේ පරමාධිපතිගේ පැසසුමෙන් පිවිතුරු කරවු.
10මීට පෙර ආයතයන්හි සඳහන් පරිදි නබි මූසා තුමාට ඇති වූ පීඩාවන් හා ඉන් පසුව ඔහුට හා ඉස්රාඊල්ගේ දරුවන්ට අල්ලාහ් උදවු කළ අන්දම ආදර්ශයක් ලෙස ගෙන හැර දක්වමින් නබි මුහම්මද් තුමාට මක්කාවේ සිටි ප්රතික්ෂේපකයින්ගේ පීඩාවන් ඉවසන ලෙස අණ කර අල්ලාහ්ගේ උදව්ව හා ජයග්රහණය ඔහුට ලැබෙන බවට ප්රතිඥා දී ඇත.
11සෑම නබිවරයෙකුම අල්ලාහ් විසින් පාපයෙන් ආරක්ෂා කරනු ලැබූවන් වන අතර මෙහි නබි මුහම්මද් තුමාණන්ට පව් සමාව ඇයැදින ලෙස අල්ලාහ් විධානය කොට ඇත්තේ තම ප්රජාවට ආදර්ශයක් වනු හෙයිනි.
56

إِنَّ الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ بِغَيْرِ سُلْطَانٍ أَتَاهُمْ ۙ إِن فِي صُدُورِهِمْ إِلَّا كِبْرٌ مَّا هُم بِبَالِغِيهِ ۚ فَاسْتَعِذْ بِاللَّهِ ۖ إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ

සැබැවින්ම කවුරුන් තමන් වෙත පැමිණි සාධකයකින් තොරව අල්ලාහ්ගේ ආයතයන් විෂයෙහි තර්ක කරන්නේද ඔවුන්ගේ හදවත්හි ඔවුනට ළඟා විය නොහැකි උඩඟුකමක් මිස නොමැත. එබැවින් (ප්රතික්ෂේපකයින්ගේ දුෂ්ටකම් වෙතින්) අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයැදිවු. සැබැවින්ම ඔහුමය සර්ව ශ්රාවක සර්ව සුපරික්ෂාකාරී වන්නේ.
57

لَخَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ أَكْبَرُ مِنْ خَلْقِ النَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

සැබැවින්ම අහස් හා මිහිතලය මැවීම මිනිසාව මැවීමට වඩා අති මහත්ය. එනමුත් මිනිසුන් අතුරින් බොහෝ දෙනා (ඒ පිළිබඳව) නොදනිති.
58

وَمَا يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَلَا الْمُسِيءُ ۚ قَلِيلًا مَّا تَتَذَكَّرُونَ

තවද අන්ධයා හා පෙනුම ඇත්තා සම නොවන්නේය. තවද විශ්වාස කර යහකම් කළවුන් හා දුෂ්ටකම් කරන්නා ද (සම නොවන්නෝය.) අල්ප ප්රමාණයෙකි නුඹලා මෙනෙහි කරනුයේ.
59

إِنَّ السَّاعَةَ لَآتِيَةٌ لَّا رَيْبَ فِيهَا وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ

සැබැවින්ම (ලොව අවසන් වන) හෝරාව පැමිණෙන්නක්මය. එහි කිසිදු සැකයක් නොමැත. එනමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකු (එය) විශ්වාස නොකරන්නෝය.
60

وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ ۚ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ

තවද “නුඹලා මාගෙන් අයැදිවු. මම නුඹලාට පිළිතුරු දෙන්නෙමි. සැබැවින්ම කවුරුන් මට (අවනත වී) නැමදුම් කිරීමට එරෙහිව උඩඟුවන්නේ ද ඔවුන් නින්දිත ලෙස නිරයට ඇතුලු වනු ඇතැ.”යි නුඹලාගේ පරමාධිපති පැවසුවේය.
61

اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ

අල්ලාහ්, ඔහු නුඹලාහට රාති්රය එහි විවේක ගනු පිණිස ද දහවල නැරඹීම පිණිස ද ඇති කළේය. සැබැවින්ම අල්ලාහ් ජනයින්හට භාග්යය පිරිනමන්නෙකි. එනමුත් මිනිසුන් බොහෝ දෙනා (අල්ලාහ්ට) කෘතවේදී නොවෙති.
62

ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ خَالِقُ كُلِّ شَيْءٍ لَّا إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ

ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්, සියලු දැයෙහි මැවුම්කරුය. ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. එබැවින් කෙසේ නම් නුඹලා (යහ මගින්) හරවනු ලබන්නෙහු ද?
63

كَذَٰلِكَ يُؤْفَكُ الَّذِينَ كَانُوا بِآيَاتِ اللَّهِ يَجْحَدُونَ

අල්ලාහ්ගේ වදන් පිටුපාමින් සිටියවුන් (යහ මගින්) හරවනු ලබන්නේ එලෙසමය.
64

اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ قَرَارًا وَالسَّمَاءَ بِنَاءً وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ وَرَزَقَكُم مِّنَ الطَّيِّبَاتِ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ ۖ فَتَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ

අල්ලාහ්, ඔහු නුඹලා වාසය කිරීම පිණිස මිහිතලය ද උඩු වියනක් ලෙස අහස ද ඇති කළේය. තවද නුඹලාව හැඩ ගන්වා පසුව නුඹලාගේ හැඩ රුව අලංකාර කළේය. තවද ඔහු නුඹලාට පිරිසිදු දැයින් ජීවන සම්පත් ලබා දුන්නේය. ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. එබැවින් සමස්ත විශ්වයේ පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය.
65

هُوَ الْحَيُّ لَا إِلَـٰهَ إِلَّا هُوَ فَادْعُوهُ مُخْلِصِينَ لَهُ الدِّينَ ۗ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

ඔහු සදා ජීවමානය, ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. එබැවින් දහම් ක්රියාවන් ඔහු වෙනුවෙන් (වීම සඳහා ඉඃහ්ලාස් නම්) චිත්ත පාරිශුද්ධිය ඇත්තන් ලෙස නුඹලා ඔහුව කැඳවවු. සියලු පැසසුම් සමස්ත විශ්වයේ පරමාධිපති වන අල්ලාහ් සතුය.
66

قُلْ إِنِّي نُهِيتُ أَنْ أَعْبُدَ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللَّهِ لَمَّا جَاءَنِيَ الْبَيِّنَاتُ مِن رَّبِّي وَأُمِرْتُ أَنْ أُسْلِمَ لِرَبِّ الْعَالَمِينَ

‘මාගේ පරමාධිපති( වන අල්ලාහ්)ගෙන් පැහැදිලි සාධකයන් මා වෙත පැමිණි කල්හි අල්ලාහ් හැර නුඹලා අයැදින්නන්ව මා නැමදීම සැබැවින්ම මට තහනම් කරනු ලැබුණි. තවද සමස්ත විශ්වයේ පරමාධිපතිට අවනත වන ලෙස මම විධානය කරනු ලැබුවෙමි.’ යැයි (නබිවරය,) පවසවු.
67

هُوَ الَّذِي خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ يُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ ثُمَّ لِتَكُونُوا شُيُوخًا ۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبْلُ ۖ وَلِتَبْلُغُوا أَجَلًا مُّسَمًّى وَلَعَلَّكُمْ تَعْقِلُونَ

නුඹලාව පස් වලින් ද පසුව ශුක්රාණුවෙන් ද ඉන් පසුව ලේ කැටියෙන් ද මැව්වේ ඔහුමය. පසුව ඔහු ළදරුවෙකු ලෙස නුඹලාව පිට කරන්නේය. පසුව නුඹලාගේ මේරූ වයස ඉක්මවීම පිණිස හා පසුව මහල්ලන් වීම පිණිස (ඔහු නුඹලාව වර්ධනය කළේ)ය. තවද (එයට) පෙර මරණයට පත්වන්නන් ද නුඹලා අතුරින් වෙති. (මෙසේ ඔහු කළේ) නියමිත කලක් වෙත (මරණය වෙත) නුඹලා ළඟා වීම පිණිස ද නුඹලා අවබෝධ කර ගනු පිණිස ද වේ.
68

هُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ ۖ فَإِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ

ඔහුමය ජීවය ලබා දෙන්නා. තවද මරණයට පත් කරන්නා. ඔහු යමක් තීරණය කළ විට ඔහු එයට ‘කුන්’ (වනු) යැයි පැවසූ වහාම එය සිදු වනු ඇත.
69

أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ أَنَّىٰ يُصْرَفُونَ

අල්ලාහ්ගේ වදන්හි තර්ක කරන්නන්ව නුඹ නොදුටුවෙහිද? (ඔවුන්ගේ මනෝ ඉච්චාව හේතුවෙන්) ඔවුහු කෙසේ (යහ මගින්) හරවනු ලබන්නෝද!
70

الَّذِينَ كَذَّبُوا بِالْكِتَابِ وَبِمَا أَرْسَلْنَا بِهِ رُسُلَنَا ۖ فَسَوْفَ يَعْلَمُونَ

ඔවුන් කවුරුන්ද යත් ධර්ම පුස්තකය(අල් කුර්ආනය) හා අපි අපගේ රසූල්වරුන්ව කුමක් සමග යැව්වෙමු ද එය 12 අසත්යය කළවුන්ය. (ඒ පිළිබඳව) ඔවුන් මතු දැන ගනු ඇත.
12මෙහි ‘අපගේ රසූල්වරුන්ව කුමක් සමග යැව්වෙමු ද එය’ යන්නෙන් අදහස් වන්නේ ඔවුන්ට පිරිනමන ලද ධර්ම පුස්තකයන්, ඒකදේව විශ්වාසය හා මරණින් මතු නැවත නැගිටවනු ලැබීම වැනි මූලික ප්රතිපත්තීන්ය.
71

إِذِ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ وَالسَّلَاسِلُ يُسْحَبُونَ

ඔවුන්ගේ ගෙලෙහි විලංගු හා දම්වැල් දමනු ලබන කල්හි (ඔවුන් දැන ගනු ඇත.) ඔවුන්ව උතුරන ජලයෙහි ඇදගෙන එනු ලැබේ. පසුව ගින්නෙහි ඔවුන්ව මොළවනු ලැබේ.
72

فِي الْحَمِيمِ ثُمَّ فِي النَّارِ يُسْجَرُونَ

ඔවුන්ගේ ගෙලෙහි විලංගු හා දම්වැල් දමනු ලබන කල්හි (ඔවුන් දැන ගනු ඇත.) ඔවුන්ව උතුරන ජලයෙහි ඇදගෙන එනු ලැබේ. පසුව ගින්නෙහි ඔවුන්ව මොළවනු ලැබේ.
73

ثُمَّ قِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تُشْرِكُونَ

පසුව ඔවුන්ගෙන් “අල්ලාහ් හැර නුඹලා ආදේශ කරමින් සිටි දෑ කොහේදැ?”යි විමසනු ලැබේ. “ඔවුන් අපගෙන් මුළා වී ගියෝය.නමුත් මීට පෙර අපි කිසිවක් 13 කැඳවමින් නොසිටියෙමු”යි ඔවුහු (මුසාවක්) පවසන්නෝය. එලෙසය ප්රතික්ෂේපකයින්ව අල්ලාහ් මුළාවට පත් කරනුයේ.
13“නමුත් මීට පෙර අපි කිසිවක් කැඳවමින් නොසිටියෙමු” යන්නනෙහි අර්ථ දෙකක් ඇත. පළමු වැන්න, ඔවුන් කුමක් කැඳවමින් සිටියෝ ද එය කිසි ඵලක් නැනි දෙයක් හෙයින් ඔවුන් මෙසේ පවසන්නට හැකිය. දෙවැන්න, විනිශ්චය දිනයේ පවා ඔවුන් තමන් ප්රතික්ෂේප කරමින් සිටි බව පිළි නොගනී යන්නයි. මෙම අර්ථය මෙන් අල් කුර්ආන් 6:23 ආයතයෙහි මෙසේ සඳහන් වී ඇත. “(එදින) ‘අපගේ පරමාධිපති වන අල්ලාහ් මත දිවුරමින් සැබැවින්ම අපි ආදේශ තබන්නන් නොවීමු’ යැයි ඔවුහු පවසනු මිස ඔවුන්ට (අන්) පිළිතුරක් නොවනු ඇත.”.
74

مِن دُونِ اللَّهِ ۖ قَالُوا ضَلُّوا عَنَّا بَل لَّمْ نَكُن نَّدْعُو مِن قَبْلُ شَيْئًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ الْكَافِرِينَ

පසුව ඔවුන්ගෙන් “අල්ලාහ් හැර නුඹලා ආදේශ කරමින් සිටි දෑ කොහේදැ?”යි විමසනු ලැබේ. “ඔවුන් අපගෙන් මුළා වී ගියෝය.නමුත් මීට පෙර අපි කිසිවක් 13 කැඳවමින් නොසිටියෙමු”යි ඔවුහු (මුසාවක්) පවසන්නෝය. එලෙසය ප්රතික්ෂේපකයින්ව අල්ලාහ් මුළාවට පත් කරනුයේ.
75

ذَٰلِكُم بِمَا كُنتُمْ تَفْرَحُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنتُمْ تَمْرَحُونَ

“එය(එම දඬුවම), නුඹලා මිහිතලයෙහි නිරවද්යයෙන් තොරව සතුටුවෙමින් සිටි හේතුවෙන් ද ගර්වයෙන් සිටි හේතුවෙන් ද වේ.
76

ادْخُلُوا أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ

නුඹලා නිරයේ සදාතනිකයින් ලෙස එහි දොරටු වලින් ඇතුලු වවු. එබැවින් උඬඟුවූවන්ගේ වාසස්ථානය කෙතරම් නින්දනීය ද!” (යැයි පවසනු ලැබේ.)
77

فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۚ فَإِمَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا يُرْجَعُونَ

එබැවින් (නබිවරය) නුඹ ඉවසවු. සැබැවින්ම අල්ලාහ්ගේ ප්රතිඥාව සත්යය. අපි ඔවුනට ප්රතිඥා දුන් දැයින් සමහරක් (මෙලොවෙහිම) නුඹට (ගෙනහැර) පෙන්වන්නෙමු. නැතහොත් (ඔවුන් දඬුවමට ලක් වීමට පෙර) සැබැවින්ම අපි නුඹව මරණයට පත් කරන්නෙමු. (කෙසේ නමුත්) පසුව ඔවුන් යළි පමුණුවනු ලබන්නේ අප වෙතමය.
78

وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِّن قَبْلِكَ مِنْهُم مَّن قَصَصْنَا عَلَيْكَ وَمِنْهُم مَّن لَّمْ نَقْصُصْ عَلَيْكَ ۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ فَإِذَا جَاءَ أَمْرُ اللَّهِ قُضِيَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُونَ

තවද සැබැවින්ම නුඹට පෙර රසූල්වරුන්ව අපි යැව්වෙමු. ඔවුන් අතුරින් අපි නුඹට වෘත්තාන්ත පැවසූ අය ද වෙති. තවද ඔවුන් අතුරින් අපි නුඹට වෘත්තාන්ත නොපැවසූ අය ද වෙති. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව (කිසිදු) සංඥාවක් හෝ රැගෙන ඒමට (කිසිම) රසූල්වරයෙකුට (අයිතියක්) නොමැත. 14 එබැවින් අල්ලාහ්ගේ විධානය පැමිණියේ නම් යුක්තිගරුක ලෙස විනිශ්චය කරනු ලැබේ. අසත්යය කළවුන් එම මොහොතේ දී අලාභ විඳින්නෝය.
14තමාගේ කැමැත්ත අනුව ප්රාතිහාර්යයන් පෙන්වන මෙන් මක්කාවාසී ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ගෙන් ඉල්ලන්නට වූහ. අල්ලාහ්ගේ උදව්වෙන් හා අනුමැතියෙන් තොරව නබිවරුන්ට ප්රාතිහාර්යයන් පෙන්විය නොහැකි යැයි මෙම ආයතය පවසයි. එමෙන්ම මෙම ප්රතික්ෂේපකයින්ට බොහෝ ප්රාතිහාර්යයන් පෙන්වනු ලැබී ඇති නමුත් ඔවුන් විශ්වාස නොකළ බැවින් ඔවුන් ඉල්ලා සිටින සෑම විටම තවත් ප්රාතිහාර්යයන් පෙන්වීමේ කිසි ඵලක් නැත.
79

اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ الْأَنْعَامَ لِتَرْكَبُوا مِنْهَا وَمِنْهَا تَأْكُلُونَ

අල්ලාහ්, ඔහු නුඹලාට පශු කුලයට අයත් සතුන්ව ඒවා මත ගමන් කරනු පිණිස පත් කළේය. තවද ඒවා අතුරින් නුඹලා අනුභව කරන්නෝය.
80

وَلَكُمْ فِيهَا مَنَافِعُ وَلِتَبْلُغُوا عَلَيْهَا حَاجَةً فِي صُدُورِكُمْ وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ

ඒවායෙහි නුඹලාට (වෙනත්) ප්රයෝජන ද ඇත. තවද නුඹලාගේ හදවත්හි ඇති (ඇතැම්) අවශ්යතා එමගින් සපුරා ගනු පිණිස (ඒවා පත් කළේ)ය. ඒවා මත ද නැව් මත ද නුඹලා උසුලා ගෙන යනු ලබන්නෝය.
81

وَيُرِيكُمْ آيَاتِهِ فَأَيَّ آيَاتِ اللَّهِ تُنكِرُونَ

ඔහුගේ සංඥාවන් ඔහු නුඹලාට ගෙනහැර දක්වන්නේය. එබැවින් අල්ලාහ්ගේ කවර සංඥාවන්ද නුඹලා ප්රතික්ෂේප කරනුයේ?
82

أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَانُوا أَكْثَرَ مِنْهُمْ وَأَشَدَّ قُوَّةً وَآثَارًا فِي الْأَرْضِ فَمَا أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا يَكْسِبُونَ

ඔවුහු මිහිතලයෙහි ගමන් කර ඔවුනට පෙර විසූවන්ගේ 15 අවසානය කෙසේ වූයේ දැ’යි නොදුටුවෝ ද? ඔවුන්(පෙර වූවන්) මොවුන්ට වඩා (සංඛ්යාවෙන්) අධිකව ද ශක්තියෙන් හා මිහිතලයෙහි සනිටුහන් තැබීමෙන් දැඩිව ද සිටියෝය. ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට (කිසිදු) ඵලක් නොදුන්නේය.
15වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 40:21 ආයතයේ පාද සටහන බලන්න.
83

فَلَمَّا جَاءَتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ فَرِحُوا بِمَا عِندَهُم مِّنَ الْعِلْمِ وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

ඔවුන්ගේ රසූල්වරුන් පැහැදිලි සාධකයන් සමග (ප්රතික්ෂේපක) ඔවුහු වෙත පැමිණි කල්හි ඔවුහු(රසූල්වරුන්) සතුව ඇති දැනුම පිළිබඳව (ප්රතික්ෂේපක) ඔවුන් (සමච්චල් කරමින්) සතුටු වූවෝය. තවද ඔවුහු කුමක් සමච්චල් කරමින් සිටියෝද එය (සඳහා වූ දඬුවම) ඔවුන්ව වෙළා ගත්තේය.
84

فَلَمَّا رَأَوْا بَأْسَنَا قَالُوا آمَنَّا بِاللَّهِ وَحْدَهُ وَكَفَرْنَا بِمَا كُنَّا بِهِ مُشْرِكِينَ

අපගේ දඬුවම (ප්රතික්ෂේපක) ඔවුන් දුටු කල්හි “අපි අල්ලාහ්ව පමණක් විශ්වාස කරන්නෙමු. තවද අපි කුමක් ආදේශ කරන්නන්ව සිටියෙමුද ඒවා අපි ප්රතික්ෂේප කරන්නෙමු.”යි ඔවුහු පැවසුවෝය.
85

فَلَمْ يَكُ يَنفَعُهُمْ إِيمَانُهُمْ لَمَّا رَأَوْا بَأْسَنَا ۖ سُنَّتَ اللَّهِ الَّتِي قَدْ خَلَتْ فِي عِبَادِهِ ۖ وَخَسِرَ هُنَالِكَ الْكَافِرُونَ

(නමුත්) අපගේ දඬුවම ඔවුන් දුටු කල්හි (එම අවස්ථාවේ ඔවුන්ට ඇති වූ) ඔවුන්ගේ විශ්වාසය ඔවුන්ට ප්රයෝජන දෙන්නක් නොවීය. (මෙය) අල්ලාහ්ගේ පිළිවෙතක් ලෙස ඔහුගේ ගැත්තන්ගේ විෂයෙහි පෙර ස්ථාපිත වූවකි. ප්රතික්ෂේපකයින් එම මොහොතේදී අලාභ විඳින්නෝය.
فصلتමක්කී
1

حم

හා මීම්. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

تَنزِيلٌ مِّنَ الرَّحْمَـٰنِ الرَّحِيمِ

(මෙම ධර්ම පුස්තකය) සැමට කරුණාභරිත පරම කරුණාභරිතයාණන් වෙතින් පහළ කිරීමකි.
3

كِتَابٌ فُصِّلَتْ آيَاتُهُ قُرْآنًا عَرَبِيًّا لِّقَوْمٍ يَعْلَمُونَ

(මෙය) දැනගන්නා වූ පිරිසට අරාබි බසින් වූ පාරායනය කරන්නක් ලෙස එහි වදන් පැහැදිලි කරනු ලැබූ ධර්ම පුස්තකයකි.
4

بَشِيرًا وَنَذِيرًا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ

(තවද මෙය) ශුභාරංචියක් ලෙස ද අවවාදයක් ලෙස ද වේ. එහෙත් ඔවුන්ගෙන් බහුතරය (එයට) පිටුපෑවෝය. එබැවින් ඔවුහු ශ්රවණය නොකරන්නෝය.
5

وَقَالُوا قُلُوبُنَا فِي أَكِنَّةٍ مِّمَّا تَدْعُونَا إِلَيْهِ وَفِي آذَانِنَا وَقْرٌ وَمِن بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ فَاعْمَلْ إِنَّنَا عَامِلُونَ

තවද “නුඹ අපව කවර දෙයක් වෙත කැඳවන්නෙහි ද එ(ම විශ්වාස)යට එරෙහිව අපගේ හදවත් ආවරණයෙහිය. අපගේ කන් තුළ අගුලක් ද අප හා ඔබ අතර බාධකයක් ද ඇත. එබැවින් නුඹ (නුඹගේ මාර්ගයෙහි) ක්රියා කරවු. සැබැවින්ම අප (අපගේ මාර්ගයෙහි) ක්රියා කරන්නන් වෙමු.” යැයි ඔවුහු පැවසූහ.
6

قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِّثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَـٰهُكُمْ إِلَـٰهٌ وَاحِدٌ فَاسْتَقِيمُوا إِلَيْهِ وَاسْتَغْفِرُوهُ ۗ وَوَيْلٌ لِّلْمُشْرِكِينَ

(නබිවරය,) නුඹ පවසවු “මම නුඹලා මෙන් මිනිසෙකුමය. නුඹලාගේ දෙවියන් එකම දෙවියෙකු බව මා හට වහී(දේව පණිවිඩ) පහළ කරනු ලැබ ඇත. එබැවින් නුඹලා ඔහු(ට අවනත වීම) වෙත ස්ථිරව සිටිවු. තවද නුඹලා ඔහුගෙන් පාප ක්ෂමාව අයැදිවු. තවද ආදේශ කරන්නන්ට විනාශයකි.
7

الَّذِينَ لَا يُؤْتُونَ الزَّكَاةَ وَهُم بِالْآخِرَةِ هُمْ كَافِرُونَ

ඔවුහු කවුරුන් ද යත් zසකාතය නොදෙන්නන් වෙති. තවද ඔවුහු අවසාන දිනය පිළිබඳව ප්රතික්ෂේප කරන්නන් වෙති.”
8

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ

සැබැවින්ම කවුරුන් විශ්වාස කර යහකම් කළේ ද ඔවුනට අඛණ්ඩ වේතනයක් ඇත.
9

قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُ أَندَادًا ۚ ذَٰلِكَ رَبُّ الْعَالَمِينَ

(නබිවරය,) නුඹ පවසවු “දින දෙකක් තුළ මිහිතලය මැවූ කෙනාව(අල්ලාහ්ව) නුඹලා ප්රතික්ෂේප කර නුඹලා ඔහුට සමගාමීන් ඇති කරන්නේ ද? විශ්වයේ පරමාධිපති ඔහුමය.
10

وَجَعَلَ فِيهَا رَوَاسِيَ مِن فَوْقِهَا وَبَارَكَ فِيهَا وَقَدَّرَ فِيهَا أَقْوَاتَهَا فِي أَرْبَعَةِ أَيَّامٍ سَوَاءً لِّلسَّائِلِينَ

ඔහු එ(ම මිහිතලයෙ)හි එය ඉහළින් කඳු මුදුන් ඇති කළේය. තවද ඔහු එහි අභිවෘද්ධිය ඇති කර එහි දින හතරක් තුළ ඒවායේ බවභෝග නිර්ණය කළේය. (ඒවා) ඇයැදින්නන්ට ද (නොඅයැදින්නන්ට ද) එකසේමය. 2
2එනම් ලෞකික ජීවිතයේ දී ප්රතික්ෂේපක හෝ අල්ලාහ්ව විශ්වාස කළ සියල්ලන්ටම භේදයකින් තොරව ලොවේ සම්පත් පිරිනමනු ලැබේ.
11

ثُمَّ اسْتَوَىٰ إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ائْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ

පසුව අහස දෙසට එය දුමක්ව තිබිය දී ඔහු(අල්ලාහ්) අවධානය යොමු කොට එයට ද මිහිතලයට ද “නුඹ දෙපළ (එනම් අහස හා මිහිතලය) කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ (මට අවනත වීම පිණිස) පැමිණෙවු” යැයි පැවසුවේය. ඒ දෙපළ “ඔබට අවනතවන්නන්ව අපි පැමිණියෙමු” යැයි පැවසූහ.
12

فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَىٰ فِي كُلِّ سَمَاءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ

පසුව ඔහු අහස් හතක් ලෙස දින දෙකක් තුළ ඒවා සකස් කර, සෑම අහස්තලයෙහි( සිටින මලක්වරුන්ට)ම ඒවාට අයත් නියමයන් දැනුම් දුන්නේය. තවද අප (මිහිතලයට) සමීප වූ අහස, පහන්(තාරකා) මගින් අලංකාර කර ඇත්තෙමු. තවද (අපි එම තාරකා ඇති කළේ අහසට) ආරක්ෂාවක් ලෙසය. 3 මෙය අති බලසම්පන්න සර්වඥයාණන්ගේ නියමයයි.”
3ෂෙයිතාන්ගෙන් අහස කෙසේ ආරක්ෂා කරනු ලැබුවේ ද යන්න අල් කුර්ආන් 15:17-18 එහි පාද සටහන් සමග සඳහන් වී ඇත.
13

فَإِنْ أَعْرَضُوا فَقُلْ أَنذَرْتُكُمْ صَاعِقَةً مِّثْلَ صَاعِقَةِ عَادٍ وَثَمُودَ

එබැවින් ඔවුන් පිටුපෑවෙහු නම්, එවිට ආද් හා සමූද්ගේ හෙණ හඬ(දඬුවම) මෙන් හෙණ හඬක්(දඬුවමක්) පිළිබඳව නුඹලාට මම අවවාද කරමි” යැයි (නබිවරය,) පවසවු.
14

إِذْ جَاءَتْهُمُ الرُّسُلُ مِن بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۖ قَالُوا لَوْ شَاءَ رَبُّنَا لَأَنزَلَ مَلَائِكَةً فَإِنَّا بِمَا أُرْسِلْتُم بِهِ كَافِرُونَ

අල්ලාහ් හැර නුඹලා (වෙනත් කිසිවෙකුට) නැමදුම් නොකරන ලෙස (පවසමින්) ඔවුන්ට ඉදිරියෙන් හා ඔවුන්ට පසුපසින් ඔවුන් වෙත රසූල්වරුන් පැමිණි විට, “අපගේ පරමාධිපති (අප අතරට රසූල්වරයෙකු යැවීමට) අභිමත කළේ නම්, මලක්වරුන් පහළ කර( යව)න්නට තිබුණි. එබැවින් කවර දෙයක් සමග නුඹලා එවනු ලැබුවේ ද සැබැවින්ම අපි (එය) ප්රතික්ෂේප කරන්නන් වන්නෙමු” යැයි ඔවුහු පැවසූහ.
15

فَأَمَّا عَادٌ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَقَالُوا مَنْ أَشَدُّ مِنَّا قُوَّةً ۖ أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةً ۖ وَكَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ

එබැවින් ආද් සමූහයා පිළිබඳව (සඳහන් කරන්නේ) නම්, ඔවුහු කිසිදු නිරවද්යයෙන් තොරව මිහිතලයේ උඬඟුකම් පෑහ. තවද “බලයෙන් අපට වඩා දැඩි වූවන් කවුරුන් දැ?”යි ඔවුහු පැවසූහ. සැබැවින්ම ඔවුන්ව මැවූ අල්ලාහ් ඔවුනට වඩා බලයෙන් දැඩි බව ඔවුහු නොදුටුවෝ ද? තවද ඔවුහු අපගේ සංඥාවන් ප්රතික්ෂේප කරමින් සිටියහ.
16

فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي أَيَّامٍ نَّحِسَاتٍ لِّنُذِيقَهُمْ عَذَابَ الْخِزْيِ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَخْزَىٰ ۖ وَهُمْ لَا يُنصَرُونَ

එබැවින් මෙලොව ජීවිතයෙහි අවමානයේ දඬුවම අපි ඔවුනට භුක්ති විඳවනු පිණිස (ඔවුන්ට) අවාසනාවන්ත වූ දිනයන්හි දැඩි (මොර හඬකින් යුත්) සීත කුණාටුවක් ඔවුන් වෙත අපි යැව්වෙමු. සැබැවින්ම මතුලොව දඬුවම (මෙයට වඩා) දැඩි අවමානයකි. තවද ඔවුන් උදව් කරනු නොලබති.
17

وَأَمَّا ثَمُودُ فَهَدَيْنَاهُمْ فَاسْتَحَبُّوا الْعَمَىٰ عَلَى الْهُدَىٰ فَأَخَذَتْهُمْ صَاعِقَةُ الْعَذَابِ الْهُونِ بِمَا كَانُوا يَكْسِبُونَ

තවද සමූද් සමූහයා පිළිබඳව (සඳහන් කරන්නේ) නම්, ඔවුනට අපි මග පෙන්වූයෙමු. (නමුත්) ඔවුන් යහමගට වඩා (ප්රතික්ෂේපයෙන් යුත්) අන්ධභාවය (පි්රය කර) තෝරා ගත්තෝය. එබැවින් ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් නින්දනීය දඬුවමේ මහා හඬ ඔවුන්ව ග්රහණය කළේය.
18

وَنَجَّيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ

තවද විශ්වාස කර බිය භක්තියෙන් සිටියවුන්ව අපි ආරක්ෂා කළෙමු.
19

وَيَوْمَ يُحْشَرُ أَعْدَاءُ اللَّهِ إِلَى النَّارِ فَهُمْ يُوزَعُونَ

අල්ලාහ්ගේ සතුරන්(ප්රතික්ෂේපකයින්, නිරා) ගින්න වෙත එක් රැස් කරනු ලබන (විනිශ්චය) දින (නුඹ සිහිපත් කරවු). එවිට ඔවුහු (සියලු ප්රතික්ෂේපකයින් පැමිණෙන තුරු) රඳවා තබනු ලබන්නෙහුය.
20

حَتَّىٰ إِذَا مَا جَاءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَارُهُمْ وَجُلُودُهُم بِمَا كَانُوا يَعْمَلُونَ

කෙතරම් (දුරට) ද යත් ඔවුහු ඒ වෙත පැමිණි වහාම ඔවුන්ගේ ශ්රවණ ද ඔවුන්ගේ දෘෂ්ටි ද ඔවුන්ගේ චර්ම(ශාරීරික අවයවයන්) ද ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව ඔවුනට එරෙහිව සාක්ෂි දරති.
21

وَقَالُوا لِجُلُودِهِمْ لِمَ شَهِدتُّمْ عَلَيْنَا ۖ قَالُوا أَنطَقَنَا اللَّهُ الَّذِي أَنطَقَ كُلَّ شَيْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ

“අපට එරෙහිව නුඹලා සාක්ෂි දරනුයේ මන්දැ?”යි ඔවුහු තමන්ගේ චර්මයන්ගෙන් විමසනු ඇත. “සෑම දෙයක්ම කතා කරවන්නා වූ අල්ලාහ් අපව කතා කිරීමට සැලැස්වූවේය” යැයි ඒවා පවසති. නුඹලාව ප්රථම වරට මැව්වේ ඔහුමය. ඔහු වෙතමය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.
22

وَمَا كُنتُمْ تَسْتَتِرُونَ أَن يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَا أَبْصَارُكُمْ وَلَا جُلُودُكُمْ وَلَـٰكِن ظَنَنتُمْ أَنَّ اللَّهَ لَا يَعْلَمُ كَثِيرًا مِّمَّا تَعْمَلُونَ

නුඹලාගේ සවන් හෝ නුඹලාගේ දෘෂ්ටි හෝ නුඹලාගේ චර්ම නුඹලාට එරෙහිව සාක්ෂි දැරීමෙන් (ආරක්ෂා වීමට පාප කි්රයාවන් කරන අවස්ථාවේ දී) නුඹලා (ඒවායින්) සැඟවෙන්නන්ව නොසිටියෙහුය. එනමුත් නුඹලා කරන දැයින් බොහෝමයක් සැබැවින්ම අල්ලාහ් නොදන්නේ යැයි නුඹලා සිතූහ. 4
4එකල ජනයා තමන් බාහිරව කරන දෑ පමණක් අල්ලාහ්ගේ දැනුමට ගෝචර වන අතර තමන් අභ්යන්තරයෙන් කරන්නා වූ ක්රියාවන් අල්ලාහ් නොදනී යන මිථ්යා මතයක සිටියෝය. එබැවින් ඊට පිළිතුරු වශයෙන් විනිශ්චය දින දී පාපතරයින්ගේ අවයවයන් තමන්ටම එරෙහිව සාක්ෂි දරනු ඇත. යැයි මෙම වැකිය පැහැදිලි කර ඇත.
23

وَذَٰلِكُمْ ظَنُّكُمُ الَّذِي ظَنَنتُم بِرَبِّكُمْ أَرْدَاكُمْ فَأَصْبَحْتُم مِّنَ الْخَاسِرِينَ

නුඹලාගේ පරමාධිපති පිළිබඳව නුඹලා සිතූ නුඹලාගේ එම (වැරදි) සිතුවිල්ල නුඹලාව විනාශ කර දැමීය. එබැවින් නුඹලා අලාභවන්තයින් අතුරින් විය.
24

فَإِن يَصْبِرُوا فَالنَّارُ مَثْوًى لَّهُمْ ۖ وَإِن يَسْتَعْتِبُوا فَمَا هُم مِّنَ الْمُعْتَبِينَ

ඔවුන් (දඬුවම) ඉවසුව ද, (නොඉවසුව ද) ඔවුන්ගේ නවාතැන නිරයයි. ඔවුන් (අල්ලාහ්ගේ) තෘප්තිය පැතුව ද ඔවුන් තෘප්තිය ලැබූවන් අතුරින් නොවෙති.
25

وَقَيَّضْنَا لَهُمْ قُرَنَاءَ فَزَيَّنُوا لَهُم مَّا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ الْجِنِّ وَالْإِنسِ ۖ إِنَّهُمْ كَانُوا خَاسِرِينَ

තවද අපි මොවුනට (ලෞකික ජීවිතයෙහි ෂෙයිතාන්වරුන් හා මිනිසුන් අතුරින්) සමීපතයින් නියම කළෙමු. (මෙම සමීපත) ඔවුන් මොවුහු අතර තිබෙන දෑ ද මොවුනට පසුව ඇති දෑ ද මොවුනට අලංකාර කර පෙන්වූහ. 5 තවද ජින්වරුන් හා මිනිසුන් අතුරින් මොවුනට පෙර ඉකුත් වී ගිය ප්රජාවන්( කෙරෙ)හි (වූ දඬුවමේ) වදන මොවුහු කෙරෙහි ද නියම විය. සැබැවින්ම මොවුහු අලාභවන්තයින් වූහ.
5මෙම ආයතයෙහි ‘මොවුන් අතර තිබෙන දෑ’ යනුවෙන් අදහස් කරන්නේ මොවුන් ලොවෙහි කරමින් සිටි පාපකාරී දෑය. ‘මොවුන්ට පසුව ඇති දෑ’ යනුවෙන් අදහස් කරන්නේ මොවුන් මතුලොව නැතැයි පවසන නැවත නැගිටුවීම හා විනිශ්චය වැනි දෑය.
26

وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَسْمَعُوا لِهَـٰذَا الْقُرْآنِ وَالْغَوْا فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ

තවද “මෙම අල් කුර්ආනයට නුඹලා සවන් නොදෙවු. තවද නුඹලා (පාරායනයෙහි) අබිබවා යනු පිණිස එහි (බාධා ඇති කරවන) නිෂ්ඵල ක්රියාවන් කරවු” යැයි ප්රතික්ෂේප කළවුන් පැවසූහ. 6
6නබි මුහම්මද් තුමාණන් අල් කුර්ආනය පාරායනය කරන විට එකල සිටි ඇතැම් ප්රතික්ෂේපකයින් ඉස්ලාමය වැලඳගත් හේතුවෙන් තවත් සමහරෙක් ඔහුගේ එම පාරායනය නොඇසෙන පරිදි ශබ්ද නගමින් බාධා ඇති වන ආකාරයේ කි්රයාවන්හි නියැළූහ.
27

فَلَنُذِيقَنَّ الَّذِينَ كَفَرُوا عَذَابًا شَدِيدًا وَلَنَجْزِيَنَّهُمْ أَسْوَأَ الَّذِي كَانُوا يَعْمَلُونَ

සැබැවින්ම අපි ප්රතික්ෂේප කළවුනට දැඩි දඬුවමක් විඳින්නට සලස්වන්නෙමු. තවද ඔවුන් කරමින් සිටි දෑහි ඉතා නරකය සඳහා සැබැවින්ම අපි ඔවුනට ප්රතිවිපාක ලබා දෙන්නෙමු.
28

ذَٰلِكَ جَزَاءُ أَعْدَاءِ اللَّهِ النَّارُ ۖ لَهُمْ فِيهَا دَارُ الْخُلْدِ ۖ جَزَاءً بِمَا كَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ

එය අල්ලාහ්ගේ සතුරන්ගේ ප්රතිවිපාකයයි. එනම් නිරයයි. එහි ඔවුනට සදාතනික නිවහන හිමිය. 7 (එය) ඔවුන් අපගේ වදන් ප්රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් වූ ප්රතිවිපාකයක් වශයෙනි.
7මෙම ආයතය හා මෙයට පෙර ඇති ආයතයේ වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 4:56 ආයතයට අදාළ පාද සටහන බලන්න.
29

وَقَالَ الَّذِينَ كَفَرُوا رَبَّنَا أَرِنَا اللَّذَيْنِ أَضَلَّانَا مِنَ الْجِنِّ وَالْإِنسِ نَجْعَلْهُمَا تَحْتَ أَقْدَامِنَا لِيَكُونَا مِنَ الْأَسْفَلِينَ

“අපගේ පරමාධිපතියාණනි, ජින් හා මිනිසුන් අතුරින් අපව මුළා කළ දෙදෙනාව 8 අපට පෙන්වනු මැනව! ඔවුන් දෙදෙනා පහත් වූවන්ගෙන් වනු පිණිස අපගේ පාද වලට පහළින් ඔවුන් දෙදෙනාව අපි පත් කරන්නෙමු” යැයි ප්රතික්ෂේප කළවුන් (නිරය තුළ දී) පවසන්නෝය.
8මෙහි ‘දෙදෙනා’ යනු ජින්වරුන් අතුරින් ෂෙයිතාන් ද මිනිසුන් අතුරින් නබි ආදම් තුමාණන්ගේ පුතෙකු වන කාබිල් ද වේ. මක්නිසාදයත් ෂෙයිතාන් මුල්ම ප්රතික්ෂේපයට හා කාබිල් මහා පාපයක් වන ඝාතනයට ප්රථමයෙකු ලෙස යොමු වූ හේතුවෙනි.
30

إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنتُمْ تُوعَدُونَ

සැබැවින්ම “අපගේ පරමාධිපති අල්ලාහ්” යැයි (විශ්වාසයෙන් යුතුව) පවසා පසුව (එහි) ස්ථිරව සිටියවුන් (පිළිබඳව නම්) මලක්වරුන් ඔවුන් වෙත (මරණාසන්න මොහොතේ දී මෙලෙස පවසමින්) පහළ වෙති. “නුඹලා බිය නොවවු. තවද නුඹලා දුක් නොවවු. නුඹලාට ප්රතිඥා දෙනු ලබමින් සිටි (ස්වර්ග) උයන පිළිබඳව නුඹලා ශුභාරංචි ලබා ගනිවු.
31

نَحْنُ أَوْلِيَاؤُكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۖ وَلَكُمْ فِيهَا مَا تَشْتَهِي أَنفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَ

මෙලොව ජීවිතයෙහි ද මතු ලොවෙහි ද අපි නුඹලාගේ භාරකරුවන්ය. තවද නුඹලාගේ ආත්මාවන් ආශා කරන දෑ නුඹලාට එ(ම ස්වර්ගයෙ)හි ඇත. තවද නුඹලා (පතමින්) අයැදින දෑ ද නුඹලාට එහි ඇත.
32

نُزُلًا مِّنْ غَفُورٍ رَّحِيمٍ

(මේවා සියල්ල) අති ක්ෂමාශීලී පරම කරුණාභරිතයාණන් ගෙන් වූ සංග්රහයක් වශයෙනි.”
33

وَمَنْ أَحْسَنُ قَوْلًا مِّمَّن دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ

තවද කවරෙකු අල්ලාහ් වෙත (ජනයින්ව) කැඳවා යහකම් කර “සැබැවින්ම මම (අල්ලාහ්ට) අවනතවන්නන් අතුරින් කෙනෙකු” යැයි පවසන්නේ ද ඔහුට වඩා ප්රකාශයෙන් ඉතා අලංකාරවන්නා කවරෙක් ද?
34

وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ۚ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ

තවද යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) ඉතා යහපත් දැයින් (අයහපත) වළක්වවු. එ(සේ කළ )විට නුඹ අතර හා කවරෙකු අතර සතුරුකමක් ඇත්තේ ද ඔහු සැබැවින්ම සමීපතම මිතුරෙකු මෙන්( වන්නේ)ය.
35

وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍ

ඉවසන්නන්ට මිස මෙ(ම යහපත් ගතිගුණ)ය දෙනු නොලැබේ. තවද මහත් වූ භාග්ය හිමි අයට මිස ද මෙය දෙනු නොලැබේ.
36

وَإِمَّا يَنزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ ۖ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ

තවද සැබැවින්ම ෂෙයිතාන්ගෙන් වූ පෙලඹීමක් නුඹව පෙලඹ වූයේ නම් එවිගස අල්ලාහ් වෙතින් (ෂෙයිතාන්ගේ උවදුරින්) ආරක්ෂාව පතවු. සැබැවින්ම ඔහුමය සර්ව ශ්රාවකය සර්වඥය.
37

وَمِنْ آيَاتِهِ اللَّيْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرُ ۚ لَا تَسْجُدُوا لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَاسْجُدُوا لِلَّهِ الَّذِي خَلَقَهُنَّ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ

රාත්රිය ද දහවල ද හිරු ද සඳු ද ඔහුගේ සංඥාවන් අතුරිනි. නුඹලා හිරුට හෝ සඳුට සුජූද් නොකරවු. නුඹලා අල්ලාහ්වම නමදිමින් සිටින්නෙහු නම් මේවා මැව්වා වූ ඔහුවම නුඹලා සුජූද් කරවු.
38

فَإِنِ اسْتَكْبَرُوا فَالَّذِينَ عِندَ رَبِّكَ يُسَبِّحُونَ لَهُ بِاللَّيْلِ وَالنَّهَارِ وَهُمْ لَا يَسْأَمُونَ ۩

පසුව ද (නබිවරය,) ඔවුන් උඩඟුකම් පාන්නේ නම් (ඔවුන්ව අත හැර දමවු. මන්දයත්) නුඹගේ පරමාධිපති අබියස වූවන්(මලක්වරුන්, ඔවුන් මෙන් නොව) රාත්රියෙහි ද දහවලෙහි ද ඔහුව(අල්ලාහ්ව) පිවිතුරු කරති. තවද ඔවුන් වෙහෙසට පත් නොවෙති. 9
9මෙය සුජූද් කළ යුතු ආයතයකි. මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:206 හි පාද සටහන බලන්න.
39

وَمِنْ آيَاتِهِ أَنَّكَ تَرَى الْأَرْضَ خَاشِعَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ ۚ إِنَّ الَّذِي أَحْيَاهَا لَمُحْيِي الْمَوْتَىٰ ۚ إِنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

සැබැවින්ම මිහිතලය වියළිව (තිබෙනු) නුඹ දැකීම ද ඔහුගේ සංඥාවන් අතුරිනි. අපි ඒ මත ජලය පහළ කළේ නම් එ(ම මිහිතල)ය ප්රාණවත් වී වැඩෙන්නේය. සැබැවින්ම එ(ම මිහිතල)ය ජීවමාන කරන්නා මරණයට පත්වූවන්ව ද ජීවමාන කරන්නාය. සැබැවින්ම ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
40

إِنَّ الَّذِينَ يُلْحِدُونَ فِي آيَاتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَا ۗ أَفَمَن يُلْقَىٰ فِي النَّارِ خَيْرٌ أَم مَّن يَأْتِي آمِنًا يَوْمَ الْقِيَامَةِ ۚ اعْمَلُوا مَا شِئْتُمْ ۖ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

සැබැවින්ම අපගේ වදන් විෂයෙහි ප්රතික්ෂේප කරන්නන් අපගෙන්(දඬුවමින්) නොසැඟවෙති. එබැවින් ශ්රේෂ්ඨ වන්නේ නිරයට හෙළනු ලබන්නා ද එසේ නොමැතිනම් (මළවුන්) නැගිටුවනු ලබන දින අභය ලාභීව පැමිණෙන්නා ද? (එබැවින්) නුඹලා අභිමත කළ දෑ කරවු. සැබැවින්ම ඔහු නුඹලා කරන දෑ පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.
41

إِنَّ الَّذِينَ كَفَرُوا بِالذِّكْرِ لَمَّا جَاءَهُمْ ۖ وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ

සැබැවින්ම උපදේශය(අල් කුර්ආනය) ඔවුනට පැමිණි විට එය ප්රතික්ෂේප කළවුන් (අපගේ දඬුවමින් නොසැඟ වෙන්නෝය). තවද සැබැවින්ම මෙය ගෞරවනීය ධර්ම පුස්තකයකි.
42

لَّا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ ۖ تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ

එ(ම අල් කුර්ආන)යට පෙර හෝ එයට පසුව හෝ (එය අවලංගු කරන) නිෂ්ඵල දෙයක් එය වෙත නොපැමිණෙයි. (මෙය) ප්රඥාවන්ත ප්රශංසාලාභීයාගෙන් පහළ කරනු ලැබූවකි.
43

مَّا يُقَالُ لَكَ إِلَّا مَا قَدْ قِيلَ لِلرُّسُلِ مِن قَبْلِكَ ۚ إِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ وَذُو عِقَابٍ أَلِيمٍ

සැබැවින්ම නුඹට පෙර වූ රසූල්වරුන්ට පවසනු ලැබූ දෑ මිස නුඹට පවසනු ලබන්නේ නැත. සැබැවින්ම නුඹගේ පරමාධිපති ක්ෂමාවෙහි හිමිය. තවද වේදනීය දඬුවමේ හිමිය.
44

وَلَوْ جَعَلْنَاهُ قُرْآنًا أَعْجَمِيًّا لَّقَالُوا لَوْلَا فُصِّلَتْ آيَاتُهُ ۖ أَأَعْجَمِيٌّ وَعَرَبِيٌّ ۗ قُلْ هُوَ لِلَّذِينَ آمَنُوا هُدًى وَشِفَاءٌ ۖ وَالَّذِينَ لَا يُؤْمِنُونَ فِي آذَانِهِمْ وَقْرٌ وَهُوَ عَلَيْهِمْ عَمًى ۚ أُولَـٰئِكَ يُنَادَوْنَ مِن مَّكَانٍ بَعِيدٍ

මෙය (අරාබි නොවන) අන් බසකින් වූ කුර්ආනයක් ලෙස අප පත් කර තිබුණේ නම්, ඔවුන් (මෙසේ) විමසනු ඇත. “මෙහි වදන් (අරාබි බසින්) පැහැදිලි කරනු ලැබිය යුතු නොවේ ද? (එමෙන්ම කුර්ආනය අරාබි නොවන) අන් බසක් හා (එය ගෙන ආ නබිවරයා) අරාබිවරයෙක් (වන්නේ කෙසේ)ද?” 10 (නබිවරය,) “එය විශ්වාස කළවුනට යහමගක් හා සුවයකි” යැයි පවසවු. තවද විශ්වාස නොකරන්නන් (පිළිබඳව නම්), ඔවුන්ගේ කන් තුළ අගුලකි. තවද ඔවුන් කෙරෙහි මෙය අන්ධභාවයකි. තවද ඈත ස්ථානයක සිට කැඳවනු ලබන්නෝ ඔවුන්ය. 11
10ඇතැම් ප්රතික්ෂේපකයින් අල් කුර්ආනයේ ඇතැම් කොටස් අරාබි නොවන බසකින් පහළ වන්නට තිබුණී යැයි පැවසුවෝය. එයට පිළිතුරක් වශයෙන් මෙම වැකිය පහළ වූයේය. එනම් මෙය අරාබි නොවන බසකින් පහළ කළහොත් එවිට මෙය අරාබි බසින් පහළ විය යුතුයි යැයි පවසනු ඇත. මොවුන්ගේ ව්යාජ තර්කයට නිමාවක් නැත. යැයි මෙම වැකිය පැහැදිලි කරයි.
11මොවුන් අල් කුර්ආන් විෂයෙහි අන්ධයන් මෙන් හා බිහිරන් මෙන් සිටි හේතුවෙන් ඈත සිට කැඳවනු ලබන්නන්ට කෙසේ ශ්රවණය කිරීමට නොහැකි ද එමෙන්ම ඔවුන්ට ද අල් කුර්ආනය තේරුම් ගැනීමට හෝ පිළිගැනීමට නොහැකි විය. එම නිසා මෙම ආයතයෙහි “ඈත ස්ථානයක සිට කැඳවනු ලබන්නෝ ඔවුන්ය” යන්නෙන් ඔවුන් පිළිබඳව සඳහන් වී ඇත.
45

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَاخْتُلِفَ فِيهِ ۗ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِيَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِي شَكٍّ مِّنْهُ مُرِيبٍ

සැබැවින්ම අපි මූසාට ධර්ම පුස්තකය පිරිනැමුවෙමු. ඒ පිළිබඳව ද (අල් කුර්ආනය මෙන්ම) මතභේද හට ගැනිණ. (‘ඔවුන්ට හිමි දඬුවම විනිශ්චය දිනයෙහි ඇත’ යන්නෙන්) නුඹගේ පරමාධිපතිගෙන් වූ වදනක් පෙරටු නොවූයේ නම්, ඔවුන් අතර (දඬුවම මෙලොවෙහිම) තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද සැබැවින්ම මොවුන් එහි දැඩි සැකයෙහිම පසු වෙති.
46

مَّنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ ۖ وَمَنْ أَسَاءَ فَعَلَيْهَا ۗ وَمَا رَبُّكَ بِظَلَّامٍ لِّلْعَبِيدِ

කවරෙකු යහකම් කළේ ද එය ඔහුටමය. කවරෙකු පාපකම් කළේ ද එය ඔහුට එරෙහිවමය. නුඹගේ පරමාධිපති (තම) ගැත්තන්ට කිසිසේත් අපරාධ කරන්නෙකු නොවේ.