حم
හා මීම්.
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
تَنزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْعَلِيمِ
ධර්ම පුස්තකය(අල් කුර්ආනය) පහළ කිරීම අති බලසම්පන්න සර්වඥ අල්ලාහ් වෙතින්ය.
غَافِرِ الذَّنبِ وَقَابِلِ التَّوْبِ شَدِيدِ الْعِقَابِ ذِي الطَّوْلِ ۖ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ إِلَيْهِ الْمَصِيرُ
(ඔහු) පාපයන් ක්ෂමා කරන්නා, පශ්චාත්තාපය පිළිගන්නා, දඬුවම් දීමෙහි දැඩිව සිටින්නා, දායාදයන් අසීමිතව පිරිනමන්නාය. ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. (සියල්ලන්) අවසානයේ යොමුවන ස්ථානය ඔහු වෙතමය.
مَا يُجَادِلُ فِي آيَاتِ اللَّهِ إِلَّا الَّذِينَ كَفَرُوا فَلَا يَغْرُرْكَ تَقَلُّبُهُمْ فِي الْبِلَادِ
ප්රතික්ෂේප කළවුන් මිස (අන් කිසිවෙක්) අල්ලාහ්ගේ වදන් පිළිබඳව තර්ක නොකරන්නෝමය. එබැවින් ඔවුන් නගරයන්හි (සුඛෝපභෝගීව) සැරිසැරීම නුඹව මුළා නොකළ යුතුයි.
2ප්රතික්ෂේපකයින් ලොවෙහි සුඛෝපභෝගීව ජීවත් වන හෙයින් ඔවුන්ව අල්ලාහ් දඬුවම් නොකරන්නේය යන්නෙන් සිතිය නොයුතු යැයි මෙම ආයතය පැහැදිලි කර ඇත. තවද එයට උදාහරණයක් ලෙස පැරණි සමූහයන් විනාශ කරනු ලැබූ බව ඊළඟ ආයතයෙහි සඳහන් වී ඇත. ඔවුන්ට ද ලොවේ සම්පත් බොහෝමයක් දෙනු ලැබී සුඛෝපභෝගීව ජීවත් වෙමින් සිටි නමුත් අල්ලාහ්ව ඔවුන් ප්රතික්ෂේප කළ හෙයින් ඔවුන්ව විනාශ කරනු ලැබීය.
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَالْأَحْزَابُ مِن بَعْدِهِمْ ۖ وَهَمَّتْ كُلُّ أُمَّةٍ بِرَسُولِهِمْ لِيَأْخُذُوهُ ۖ وَجَادَلُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ فَأَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ
ඔවුන්ට පෙර නූහ්ගේ පිරිස ද ඔවුන්ට(නූහ්ගේ පිරිසට) පසු (පැමිණි) සමූහයන් ද (රසූල්වරුන්ව) අසත්යය කළෝය. (එම) සෑම ප්රජාවක්ම තමන්ගේ රසූල්වරයාව ග්රහණය (කර සිර කිරීමට හා ඝාතනය) කිරීමට අදිටන් කර ගත්තෝය. තවද ඔවුහු අසත්යය පදනම් කර ගෙන එමගින් සත්යය විනාශ කිරීමට තර්ක කළෝය. එබැවින් ඔවුන්ව මම (දඬුවමින්) ග්රහණය කර ගත්තෙමි. මාගේ දඬුවම කෙසේ (දරුණු) වී ද?
وَكَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى الَّذِينَ كَفَرُوا أَنَّهُمْ أَصْحَابُ النَّارِ
‘සැබැවින්ම ඔවුන් නිරයේ සගයින්ය.’ යන නුඹගේ පරමාධිපතිගේ වදන ප්රතික්ෂේප කළවුන් කෙරෙහි සැබෑ වූයේ මෙලෙසය.
الَّذِينَ يَحْمِلُونَ الْعَرْشَ وَمَنْ حَوْلَهُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ آمَنُوا رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَّحْمَةً وَعِلْمًا فَاغْفِرْ لِلَّذِينَ تَابُوا وَاتَّبَعُوا سَبِيلَكَ وَقِهِمْ عَذَابَ الْجَحِيمِ
අර්ෂය උසුලන්නන් ද එය වටා සිටින්නන් ද ඔවුනගේ පරමාධිපතිගේ පැසසුම තුළින් පිවිතුරු කරමින් ඔහුව විශ්වාස කරන්නෝය. තවද ඔවුහු විශ්වාස කළවුන් වෙනුවෙන් පාප ක්ෂමාව ඇයැදින්නෝය. “අපගේ පරමාධිපතියාණනි, ඔබ දයාලු භාවයෙන් හා ඥානයෙන් සියලු දෑ වටලා ගත්තේය. එබැවින් පශ්චාත්තාපයේ යෙදී ඔබගේ මාර්ගය අනුගමනය කරන්නන්ට පාප ක්ෂමාව පිරිනමනු මැනව! තවද නිරයේ දඬුවමින් ඔවුන්ව ආරක්ෂා කරනු මැනව!” (යැයි ඔවුහු අයැදින්නෝය.)
3මෙහි ‘අර්ෂය උසුලන්නන් හා එය වටා සිටින්නන්’ යනුවෙන් අදහස් කරනුයේ මලක්වරුන්වය.
رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدتَّهُمْ وَمَن صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ ۚ إِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ
“තවද අපගේ පරමාධිපතියාණනි, ඔබ ඔවුන්ට ප්රතිඥා කළ ‘අද්න්’ (නමැති ස්වර්ග) උයන් තුළට ඔවුන්ව හා ඔවුන්ගේ පියවරුන්ගෙන් ද ඔවුන්ගේ බිරියන්ගෙන් ද ඔවුන්ගේ පරපුරෙන් ද කවුරුන් (විශ්වාස කර) යහකම් කළේද ඔවුන්ව ඇතුළු කරනු මැනව. සැබැවින්ම ඔබමය අති බල සම්පන්න සර්ව ප්රඥාවන්ත වන්නේ.
وَقِهِمُ السَّيِّئَاتِ ۚ وَمَن تَقِ السَّيِّئَاتِ يَوْمَئِذٍ فَقَدْ رَحِمْتَهُ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
තවද දුෂ්ටකම් වලින් ඔවුන්ව අරක්ෂා කරනු මැන. එ(ම විනිශ්චය )දින කවරෙකුව ඔබ දුෂ්ටකම් වලින් ආරක්ෂා කරන්නේ ද (එය) සැබැවින්ම ඔබ ඔහුට කරුණාව දක්වා ඇති (හෙයින්ම)ය. තවද මහත් වූ ජයග්රහණය එයමය.”
إِنَّ الَّذِينَ كَفَرُوا يُنَادَوْنَ لَمَقْتُ اللَّهِ أَكْبَرُ مِن مَّقْتِكُمْ أَنفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى الْإِيمَانِ فَتَكْفُرُونَ
සැබැවින්ම ප්රතික්ෂේප කළවුන්ට “(නුඹලාට දඬුවම නියම වූ විට) නුඹලා නුඹලාවම පිළිකුල් කර ගැනීමට වඩා නුඹලා විශ්වාසය වෙත කැඳවනු ලැබ (එය) ප්රතික්ෂේප කළ කල්හි (නුඹලා කෙරෙහි) අල්ලාහ් පිළිකුල් කිරීම ඉතා දරුණුය.” යැයි (එදින මලක්වරුන් විසින්) නිවේදනය කරනු ලැබේ.
قَالُوا رَبَّنَا أَمَتَّنَا اثْنَتَيْنِ وَأَحْيَيْتَنَا اثْنَتَيْنِ فَاعْتَرَفْنَا بِذُنُوبِنَا فَهَلْ إِلَىٰ خُرُوجٍ مِّن سَبِيلٍ
(එයට ප්රතික්ෂේපකයින් වන) ඔවුන් “අපගේ පරමාධිපතියාණනි, ඔබ දෙවරක් අප මරණයට පත් කළේය. තවද දෙවරක් ඔබ අපට ප්රාණය ලබා දුන්නේය. තවද අපි අපගේ පාපයන් පිළිගත්තෙමු. එබැවින් (දඬුවමින්) පිට වීමට මගක් ඇත්දැ?”යි පවසන්නෝය.
4මරණයන් දෙක යනු මිනිසා උපත ලැබීමට පෙර ඔහු සිටි තත්ත්වය හා ලොවෙහි ජීවිතය අවසානයේ ඔහුට ඇති වන මරණයයි. දෙවරක් ප්රාණය ලබා දීම යනු ලොවේ ජීවිතය හා මරණින් මතු ජීවිතයයි.
ذَٰلِكُم بِأَنَّهُ إِذَا دُعِيَ اللَّهُ وَحْدَهُ كَفَرْتُمْ ۖ وَإِن يُشْرَكْ بِهِ تُؤْمِنُوا ۚ فَالْحُكْمُ لِلَّهِ الْعَلِيِّ الْكَبِيرِ
(මගක් නැත. මක්නිසාද යත්) එය(එම දඬුවම) අල්ලාහ්ව පමණක් (පිරිසක් විසින් ඒකීයත්වයෙන්) කැඳවනු ලැබූ කල්හි නුඹලා (එම ඒකීයත්වය) ප්රතික්ෂේප කළ හේතුවෙන් ද ඔහුට ආදේශ කරනු ලැබූ කල්හි (එම ආදේශය) නුඹලා විශ්වාස කළ හේතුවෙන් ද වේ. එබැවින් අති උත්තරීතර, අති ශ්රේෂ්ඨ අල්ලාහ්ට විනිශ්චය හිමිය.
هُوَ الَّذِي يُرِيكُمْ آيَاتِهِ وَيُنَزِّلُ لَكُم مِّنَ السَّمَاءِ رِزْقًا ۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ
ඔහුගේ සංඥාවන් නුඹලාට (ගෙන හැර) පෙන්වන්නේ ද අහසේ සිට නුඹලාට සම්පත් පහළ කරන්නේ ද ඔහුමය. තවද (අල්ලාහ් වෙත) නැඹුරුවන්නන් මිස (අන් අය මේ පිළිබඳව) මෙනෙහි කරන්නේ නැත.
فَادْعُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
එබැවින් ප්රතික්ෂේපකයින් පිළිකුල් කළ ද දහම් ක්රියාවන් ඔහු වෙනුවෙන් (වීම සඳහා ඉහ්ලාස් නම්) චිත්ත පාරිශුද්ධිය ඇත්තන් ලෙස නුඹලා අල්ලාහ්ව කැඳවවු.
رَفِيعُ الدَّرَجَاتِ ذُو الْعَرْشِ يُلْقِي الرُّوحَ مِنْ أَمْرِهِ عَلَىٰ مَن يَشَاءُ مِنْ عِبَادِهِ لِيُنذِرَ يَوْمَ التَّلَاقِ
(ඔහු) තරාතිරමින් ඉතා උසස්ය, අර්ෂයේ හිමිකරුය. ඔහු තම ගැත්තන් අතුරින් තමා අභිමත කළ අය (වන නබිවරුන්) කෙරෙහි තම විධානයට අනුව රූහ් පහළ කරන්නේය. (එය ඔහුව) හමුවන දිනය පිළිබඳව අවවාද කරනු පිණිසය.
5මෙම ආයතයේ ‘රූහ්’ නම් පදය මගින් අදහස් වන්නේ නබිවරුන්ට පහළ කරනු ලැබූ දේව පණිවිඩයයි.
يَوْمَ هُم بَارِزُونَ ۖ لَا يَخْفَىٰ عَلَى اللَّهِ مِنْهُمْ شَيْءٌ ۚ لِّمَنِ الْمُلْكُ الْيَوْمَ ۖ لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ
එදින ඔවුන් (සොහොන් වලින්) පිට වන්නන්ය. ඔවුන්ගෙන් කිසිම දැයක් අල්ලාහ්ට සැඟවෙන්නේ නැත. “අද දින ආධිපත්යය කවුරුන්හට හිමි ද?” (යන්නෙන් අල්ලාහ් විසින්ම විමසා) “ඒකීය වූ බල පරාක්රමයෙන් යුත් අල්ලාහ්ට (පමණක්) හිමිය.” (යැයි ඔහුම පිළිතුරු දෙන්නේය.)
الْيَوْمَ تُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ ۚ لَا ظُلْمَ الْيَوْمَ ۚ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
අද දින සෑම ආත්මාවකටම තමන් ඉපැයූ දැයින් ඵල විපාක පිරිනමනු ලැබේ. කිසිඳු අපරාධයක් අද දින නොමැත. සැබැවින්ම අල්ලාහ් ගණනය(විනිශ්චය) කිරීමෙහි අති ශීඝ්රය.
وَأَنذِرْهُمْ يَوْمَ الْآزِفَةِ إِذِ الْقُلُوبُ لَدَى الْحَنَاجِرِ كَاظِمِينَ ۚ مَا لِلظَّالِمِينَ مِنْ حَمِيمٍ وَلَا شَفِيعٍ يُطَاعُ
තවද (නබිවරය,) සමීප වන (පරමාන්ත) දිනය පිළිබඳව නුඹ ඔවුනට අවවාද කරවු. එකල්හි හදවත් උගුරු දඬු අබියස හිර වී පවතී. අපරාධකරුවන්ට මිතුරෙකු හෝ පිළිගනු ලැබූ රෙකමදාරුවෙකු හෝ නොමැත.
يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَمَا تُخْفِي الصُّدُورُ
ඔහු(අල්ලාහ්) නෙත් හි වංචාවන් ද හදවත් සැඟ වූ දෑ ද දන්නේය.
وَاللَّهُ يَقْضِي بِالْحَقِّ ۖ وَالَّذِينَ يَدْعُونَ مِن دُونِهِ لَا يَقْضُونَ بِشَيْءٍ ۗ إِنَّ اللَّهَ هُوَ السَّمِيعُ الْبَصِيرُ
අල්ලාහ් සත්යයෙන් යුතුව විනිශ්චය කරන්නේය. තවද ඔහු හැර ඔවුන් කවුරුන් (දෙවිවරුන් ලෙස) කැඳවන්නේ ද ඔවුන් කිසිදු විනිශ්චයක් නොකරන්නෝය. සැබැවින්ම අල්ලාහ්, ඔහුමය සර්ව ශ්රාවක සර්ව සුපරික්ෂාකාරී වන්නේ.
أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ كَانُوا مِن قَبْلِهِمْ ۚ كَانُوا هُمْ أَشَدَّ مِنْهُمْ قُوَّةً وَآثَارًا فِي الْأَرْضِ فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ وَمَا كَانَ لَهُم مِّنَ اللَّهِ مِن وَاقٍ
ඔවුහු මිහිතලයෙහි ගමන් කර ඔවුනට පෙර විසූවන්ගේ අවසානය කෙසේ වූයේ දැ’යි නොදුටුවෝ ද? ඔවුහු(පෙර වූවන්) මොවුන්ට වඩා ශක්තියෙන් හා මිහිතලයෙහි සනිටුහන් තැබීමෙන් දැඩි වූවන් වූහ. (නමුත්) ඔවුන්ගේ පාපයන් හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව ග්රහණය කළේය. තවද අල්ලාහ්(ගේ දඬුවම) වෙතින් ඔවුන්ව ආරක්ෂා කරන්නෙකු ඔවුන්ට නොවීය.
6‘ඔවුනට පෙර විසූවන්’ යනු ආද් හා සමූද් වැනි සමූහයන් ය.
ذَٰلِكَ بِأَنَّهُمْ كَانَت تَّأْتِيهِمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ فَكَفَرُوا فَأَخَذَهُمُ اللَّهُ ۚ إِنَّهُ قَوِيٌّ شَدِيدُ الْعِقَابِ
එය(එම දඬුවම පිළිබඳව), සැබැවින්ම ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත පැහැදිලි සාධකයන් ගෙන ආ නමුත් ඔවුන් (එය) ප්රතික්ෂේප කළ හේතුවෙනි. එබැවින් අල්ලාහ් ඔවුන්ව ග්රහණය කළේය. සැබැවින්ම ඔහු සර්ව ශක්ති සම්පන්නය දඬුවම් දීමෙහි දැඩිය.
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا وَسُلْطَانٍ مُّبِينٍ
සැබැවින්ම අපි මූසාව අපගේ සංඥාවන් හා පැහැදිලි සාධකයක් සමග ෆිර්අවුන්, හාමාන් හා කාරූන් වෙත යැව්වෙමු. එවිට ඔවුහු “(මොහු) හූනියම්කරුවෙකි, මහා බොරුකාරයෙකි” යැයි පැවසුවෝය.
7හාමාන් නැමැත්තා ෆිර්අවුන්ගේ ඇමතිවරයෙකි. ‘කාරූන්’ යනු ෆිර්අවුන් විසින් ඉස්රාඊල්වරුන්ගේ නායකයා ලෙස පත් කළ පුද්ගලයාය. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 28:76-82 බලන්න.
إِلَىٰ فِرْعَوْنَ وَهَامَانَ وَقَارُونَ فَقَالُوا سَاحِرٌ كَذَّابٌ
සැබැවින්ම අපි මූසාව අපගේ සංඥාවන් හා පැහැදිලි සාධකයක් සමග ෆිර්අවුන්, හාමාන් හා කාරූන් වෙත යැව්වෙමු. එවිට ඔවුහු “(මොහු) හූනියම්කරුවෙකි, මහා බොරුකාරයෙකි” යැයි පැවසුවෝය.
فَلَمَّا جَاءَهُم بِالْحَقِّ مِنْ عِندِنَا قَالُوا اقْتُلُوا أَبْنَاءَ الَّذِينَ آمَنُوا مَعَهُ وَاسْتَحْيُوا نِسَاءَهُمْ ۚ وَمَا كَيْدُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ
තවද අපගෙන් වූ සත්යය ඔහු(මූසා) ඔවුන් වෙත ගෙන ආ කල්හි “ඔහු සමග කවුරුන් (අල්ලාහ්ව) විශ්වාස කළේද ඔවුන්ගේ පුතුන්ව මරා දමවු. තවද ඔවුන්ගේ ස්ත්රීන්ව ජීවත් වීමට ඉඩ හරිවු.” යැයි ඔවුහු පැවසුවෝය. ප්රතික්ෂේප කළවුන්ගේ කුමන්ත්රණය නිෂ්ඵලයෙහි මිස නොවේ.
وَقَالَ فِرْعَوْنُ ذَرُونِي أَقْتُلْ مُوسَىٰ وَلْيَدْعُ رَبَّهُ ۖ إِنِّي أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمْ أَوْ أَن يُظْهِرَ فِي الْأَرْضِ الْفَسَادَ
තවද ෆිර්අවුන් “මා මූසාව ඝාතනය කිරීමට නුඹලා මාව අත හරිවු. තවද ඔහු ඔහුගේ පරමාධිපතිව කැඳවා ගනිත්වා. ඔහු නුඹලාගේ දහම වෙනස් කරනු ඇත. නැතහොත් මිහිතලයෙහි කලහකම් සිදු කරනු ඇත යැයි සැබැවින්ම මම බිය වන්නෙමි.” යැයි පැවසුවේය.
وَقَالَ مُوسَىٰ إِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٍ لَّا يُؤْمِنُ بِيَوْمِ الْحِسَابِ
තවද මූසා “ගණනය කරනු ලබන (විනිශ්චය) දිනය විශ්වාස නොකරන සෑම උඩඟු වූවෙකු වෙතින්ම මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපතිගෙන් සැබැවින්ම මම ආරක්ෂාව පැතුවෙමි.” යැයි පැවසුවේය.
وَقَالَ رَجُلٌ مُّؤْمِنٌ مِّنْ آلِ فِرْعَوْنَ يَكْتُمُ إِيمَانَهُ أَتَقْتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّيَ اللَّهُ وَقَدْ جَاءَكُم بِالْبَيِّنَاتِ مِن رَّبِّكُمْ ۖ وَإِن يَكُ كَاذِبًا فَعَلَيْهِ كَذِبُهُ ۖ وَإِن يَكُ صَادِقًا يُصِبْكُم بَعْضُ الَّذِي يَعِدُكُمْ ۖ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ
තවද ෆිර්අවුන්ගේ පවුලෙන් තම විශ්වාසය සඟවා ගත් විශ්වාස කළ අයෙකු (මෙසේ) පැවසුවේය. “සැබැවින්ම මිනිසෙකු නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සංඥාවන් නුඹලා වෙත ගෙනැවිත් සිටිය දී ‘මාගේ පරමාධිපති අල්ලාහ්’ යැයි පවසන හේතුවෙන් ඔහුව නුඹලා ඝාතනය කරන්නේ ද?ඔහු අසත්ය වන්තයෙකු නම් ඔහුගේ අසත්යය ඔහු කෙරෙහි(විනාශය)මය. ඔහු සත්ය වන්තයෙකු නම් ඔහු නුඹලාට ප්රතිඥා දුන් (දඬුවමින්) සමහරක් නුඹලාට අත් වන්නේමය. කවරෙකු සීමාව ඉක්මවන්නෙකු, බොරු පවසන්නෙකු වන්නේද ඔහුට සැබැවින්ම අල්ලාහ් යහමග නොපෙන්වන්නේමය.”
يَا قَوْمِ لَكُمُ الْمُلْكُ الْيَوْمَ ظَاهِرِينَ فِي الْأَرْضِ فَمَن يَنصُرُنَا مِن بَأْسِ اللَّهِ إِن جَاءَنَا ۚ قَالَ فِرْعَوْنُ مَا أُرِيكُمْ إِلَّا مَا أَرَىٰ وَمَا أَهْدِيكُمْ إِلَّا سَبِيلَ الرَّشَادِ
“මාගේ ජනයිනි, මිහිතලයෙහි ජයග්රාහිකයන් ලෙස අද දින ආධිපත්යය නුඹලාට හිමිය. අල්ලාහ්ගේ දඬුවම අප වෙත පැමිණියේ නම් එයින් අපව ආරක්ෂා කරන්නේ කවුරුන්දැ?”(යි ද පැවසුවේය. එවිට) ෆිර්අවුන් “මා දකින දෑ මිස මම නුඹලාට නොපෙන්වන්නෙමි. තවද ඍජුමග මිස නුඹලාට මා මග පෙන්වන්නේ නැත.” යැයි පැවසුවේය.
وَقَالَ الَّذِي آمَنَ يَا قَوْمِ إِنِّي أَخَافُ عَلَيْكُم مِّثْلَ يَوْمِ الْأَحْزَابِ
තවද (එම) විශ්වාස කළ තැනැත්තා “මාගේ ජනයිනි (පෙර විසූ ප්රතික්ෂේපක) සේනාංකයන්ගේ (දඬුවම් ඇති වූ) දින මෙන් නුඹලා කෙරෙහි (ද ඇති වනු ඇතැ’යි) සැබැවින්ම මම බිය වන්නෙමි.” යැයි පැවසුවේය.
مِثْلَ دَأْبِ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَالَّذِينَ مِن بَعْدِهِمْ ۚ وَمَا اللَّهُ يُرِيدُ ظُلْمًا لِّلْعِبَادِ
(එය නම්) නූහ්ගේ පිරිසගේ ද ආද්වරුන්ගේ ද සමූද්වරුන්ගේ ද ඔවුන්ට පසු සිටියවුන්ගේ ද ඉරණම මෙන් වේ. තවද අල්ලාහ් ගැත්තන්ට අසාධාරණය නොපතන්නේය.
وَيَا قَوْمِ إِنِّي أَخَافُ عَلَيْكُمْ يَوْمَ التَّنَادِ
තවද ‘මාගේ ජනයිනි, එකිනෙකා කැඳවා ගන්නා දින පිළිබඳව සැබැවින්ම නුඹලා කෙරෙහි මම බිය වන්නෙමි.
يَوْمَ تُوَلُّونَ مُدْبِرِينَ مَا لَكُم مِّنَ اللَّهِ مِنْ عَاصِمٍ ۗ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ
(එනම්) අල්ලාහ්(ගේ දඬුවම) වෙතින් නුඹලාව ආරක්ෂා කරන්නෙකු නොමැතිව සිටින විට නුඹලා පිටුපාමින් පලා යන දිනයයි. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට යහමග පෙන්වන්නෙකු නොමැත.
وَلَقَدْ جَاءَكُمْ يُوسُفُ مِن قَبْلُ بِالْبَيِّنَاتِ فَمَا زِلْتُمْ فِي شَكٍّ مِّمَّا جَاءَكُم بِهِ ۖ حَتَّىٰ إِذَا هَلَكَ قُلْتُمْ لَن يَبْعَثَ اللَّهُ مِن بَعْدِهِ رَسُولًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ هُوَ مُسْرِفٌ مُّرْتَابٌ
තවද සැබැවින්ම ඔහුට(මූසාට) පෙර යූසුෆ් පැහැදිලි සාක්ෂි සමග නුඹලා වෙත පැමිණ සිටියේය. ඔහු නුඹලා වෙත රැගෙන ආ දෑ පිළිබඳව සැකයෙහිම නුඹලා පසු වූවෝය. කෙතරම් (දුරට)දයත් ඔහු මරණයට පත් වූ විට “ඔහුට පසුව රසූල්වරයෙකු අල්ලාහ් නොයවන්නේම යැ”යි නුඹලා පවසන තුරුය. එලෙසය සීමාව ඉක්මවන්නන්ව, සැකයෙහි සිටින්නන්ව අල්ලාහ් නොමග යවනුයේ.
الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ بِغَيْرِ سُلْطَانٍ أَتَاهُمْ ۖ كَبُرَ مَقْتًا عِندَ اللَّهِ وَعِندَ الَّذِينَ آمَنُوا ۚ كَذَٰلِكَ يَطْبَعُ اللَّهُ عَلَىٰ كُلِّ قَلْبِ مُتَكَبِّرٍ جَبَّارٍ
(ඔවුන්) තමන් වෙත පැමිණි සාධකයකින් තොරව අල්ලාහ්ගේ ආයතයන් විෂයෙහි තර්ක කරන්නන්ය. එය(එසේ තර්ක කිරීම) අල්ලාහ් අබියස ද විශ්වාස කළවුන් අබියස ද පිළිකුලෙන් ඉමහත් විය. එලෙසය අල්ලාහ් සියලු උඩඟු බලගතුවූවන්ගේ හදවත් හි මුද්රා තබනුයේ.
وَقَالَ فِرْعَوْنُ يَا هَامَانُ ابْنِ لِي صَرْحًا لَّعَلِّي أَبْلُغُ الْأَسْبَابَ
“අහෝ හාමාන්, නුඹ මා වෙනුවෙන් එක් උස් කුලුනක් තනවු. (එයින්) මට මාර්ගයන් වෙත ළඟා විය හැක.” යැයි ෆිර්අවුන් පැවසුවේය.
أَسْبَابَ السَّمَاوَاتِ فَأَطَّلِعَ إِلَىٰ إِلَـٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُ كَاذِبًا ۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرْعَوْنَ سُوءُ عَمَلِهِ وَصُدَّ عَنِ السَّبِيلِ ۚ وَمَا كَيْدُ فِرْعَوْنَ إِلَّا فِي تَبَابٍ
(එනම්) “අහස්හි මාර්ගයන් වෙත (ළඟා විය හැක.) එවිට මම මූසාගේ දෙවියන්ව එබිකම් කර බලන්නෙමි. තවද සැබැවින්ම ඔහු(මූසා) අසත්යවන්තයෙක් යැයි මම සිතන්නෙමි.” (යැයි ඔහු පැවසුවේය.) මෙලෙසය ෆිර්අවුන්ට ඔහුගේ නරක කි්රයා අලංකාර කරනු ලැබ ඔහුව (ඍජු) මාර්ගයෙන් වළක්වනු ලැබුයේ. ෆිර්අවුන්ගේ කුමන්ත්රණය නිෂ්ඵලයෙහි මිස නැත.
وَقَالَ الَّذِي آمَنَ يَا قَوْمِ اتَّبِعُونِ أَهْدِكُمْ سَبِيلَ الرَّشَادِ
තවද විශ්වාස කළ (එම) තැනැත්තා (මෙසේ) පැවසුවේය. “මාගේ ජනයිනි, මා අනුගමනය කරවු. මම නුඹලාට ඍජු මාර්ගය වෙත මග පෙන්වන්නෙමි.
يَا قَوْمِ إِنَّمَا هَـٰذِهِ الْحَيَاةُ الدُّنْيَا مَتَاعٌ وَإِنَّ الْآخِرَةَ هِيَ دَارُ الْقَرَارِ
මාගේ ජනයිනි, සැබැවින්ම මෙම ලෞකික ජීවිතය (අනිත්ය) වින්දනයක්මය. තවද සැබැවින්ම මතු ලොව, එය නිත්ය වාසස්ථානයක්මය.
مَنْ عَمِلَ سَيِّئَةً فَلَا يُجْزَىٰ إِلَّا مِثْلَهَا ۖ وَمَنْ عَمِلَ صَالِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَـٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍ
කවරෙකු දුෂ්ට කි්රයාවක් කළේ ද එය මෙන්ම මිස ඵල විපාක දෙනු නොලැබේ. තවද පිරිමියෙකු හෝ ස්ති්රයක අතුරින් කවරෙකු විශ්වාසිකයෙකු ලෙස යහ කි්රයාවක් කළේ ද ඔවුහු (ස්වර්ග) උයනට ඇතුළු වන්නෝය, එහි ගණනයකින් තොරව සම්පත් පිරිනමනු ලබන්නෝය.
وَيَا قَوْمِ مَا لِي أَدْعُوكُمْ إِلَى النَّجَاةِ وَتَدْعُونَنِي إِلَى النَّارِ
තවද මාගේ ජනයිනි, මට කිමද? (නිරයෙන්) මුදවා ගැනීමට මම නුඹලාව කැඳවන්නෙමි. තවද නුඹලා මා (නිරා) ගින්න වෙත කැඳවන්නෙහුය.
تَدْعُونَنِي لِأَكْفُرَ بِاللَّهِ وَأُشْرِكَ بِهِ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ وَأَنَا أَدْعُوكُمْ إِلَى الْعَزِيزِ الْغَفَّارِ
අති බලසම්පන්න අති ක්ෂමාශීලී (අල්ලාහ්) වෙත මම නුඹලාව කැඳවමින් සිටිය දී මා අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමට හා මට කුමක් ගැන දැනුමක් නැත්තේද එය ඔහුට මා ආදේශ කිරීමට නුඹලා මාව කැඳවන්නෙහුය.
لَا جَرَمَ أَنَّمَا تَدْعُونَنِي إِلَيْهِ لَيْسَ لَهُ دَعْوَةٌ فِي الدُّنْيَا وَلَا فِي الْآخِرَةِ وَأَنَّ مَرَدَّنَا إِلَى اللَّهِ وَأَنَّ الْمُسْرِفِينَ هُمْ أَصْحَابُ النَّارِ
සැබැවින්ම කුමක් වෙත නුඹලා මා කැඳවන්නේද එයට(දෙවිවරුන්ට) මෙලොවෙහි ද මතු ලොවෙහි ද කැඳවනු ලැබීමට (ද එයට පිළිතුරු දීමට ද) කිසිදු සුදුසුකමක් නොමැත. සැබැවින්ම අපගේ නැවත හැරී යෑමේ ස්ථානය අල්ලාහ් වෙතය. තවද සැබැවින්ම සීමාව ඉක්මවූවන්, ඔවුන්මය නිරයේ සගයින් වන්නේ.
فَسَتَذْكُرُونَ مَا أَقُولُ لَكُمْ ۚ وَأُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ ۚ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ
නුඹලාට මා පවසන දෑ නුඹලා මතු මෙනෙහි කරනු ඇත. මාගේ (සියලු) කරුණු අල්ලාහ් වෙත භාර කරන්නෙමි. සැබැවින්ම අල්ලාහ් ගැත්තන් පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.” (යැයි ඔහු පැවසුවේය.)
8මෙම ආයතයෙහි “මාගේ (සියලු) කරුණු අල්ලාහ් වෙත භාර කරන්නෙමි.” යන්නෙන් විශ්වාස කළ එම පුද්ගලයා කීමට හේතුව ෆිර්අවුන්ගේ පිරිස ඔහුව ඝාතනය කිරීමට තැත් කළ හේතුවෙනි. එබැවින් ඔහුව අල්ලාහ් ආරක්ෂා කළ බව මින් මතු ආයාවෙන් සනාථ කොට ඇත.
فَوَقَاهُ اللَّهُ سَيِّئَاتِ مَا مَكَرُوا ۖ وَحَاقَ بِآلِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ
එබැවින් ඔවුන් කුමන්ත්රණ කළ දෑ හි දුෂ්ටකම් වලින් අල්ලාහ් ඔහුව ආරක්ෂා කළේය. තවද දඬුවමේ නරකය(විනාශය) ෆිර්අවුන්ගේ පිරිසව වෙළාගත්තේය.
النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا ۖ وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ
(නිරා) ගින්න, උදෑසනද සවසද එය වෙත ඔවුන්ව ඉදිරිපත් කරනු ලබන්නෝය. තවද (ලොව අවසන්) හෝරාව ඇති වන (විනිශ්චය) දින ‘දරුණු දඬුවම වෙත ෆිර්අවුන්ගේ පිරිසව නුඹලා ඇතුළු කරවු.’ (යැයි මලක්වරුන්ට විධානය කරනු ලැබේ.)
9මෙසේ ඔවුන්ට නිරය ඉදිරිපත් කරනු ලබන්නේ ‘බර්zසක්’ යනුවෙන් හඳුන්වන මරණය හා විනිශ්චය දිනය අතර ඇති කාලයෙහිය.
وَإِذْ يَتَحَاجُّونَ فِي النَّارِ فَيَقُولُ الضُّعَفَاءُ لِلَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا نَصِيبًا مِّنَ النَّارِ
ඔවුහු(ප්රතික්ෂේපකයින්, නිරා) ගින්නෙහි එකිනෙකා තර්ක කරන අවස්ථාව (සිහිපත් කරවු) එවිට “සැබැවින්ම අපි නුඹලාව අනුගමනය කරන්නන් වූයෙමු. එබැවින් නිරයේ (දඬුවමින්) කොටසක් හෝ නුඹලා අපගෙන් ඉවත් කරන්නන්දැ?”යි දුබලයින් උඩඟුවූවන්ට පවසන්නෝය.
قَالَ الَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُلٌّ فِيهَا إِنَّ اللَّهَ قَدْ حَكَمَ بَيْنَ الْعِبَادِ
“සැබැවින්ම අපි සියල්ලෝම මෙ(ම නිරයෙ)හිය. සැබැවින්ම අල්ලාහ් (තම) ගැත්තන් අතර විනිශ්චය කළේයැ.”යි උඩඟුවූවන් පවසන්නෝය.
وَقَالَ الَّذِينَ فِي النَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ادْعُوا رَبَّكُمْ يُخَفِّفْ عَنَّا يَوْمًا مِّنَ الْعَذَابِ
“අප වෙනුවෙන් දඬුවමින් දිනක් හෝ ලිහිල් කරන මෙන් නුඹලාගේ පරමාධිපතිගෙන් ඇයැදිවු.” යැයි නිරයෙහි පාලකයින්ට (නිරා) ගින්නෙහි සිටින්නන් පවසන්නෝය.
قَالُوا أَوَلَمْ تَكُ تَأْتِيكُمْ رُسُلُكُم بِالْبَيِّنَاتِ ۖ قَالُوا بَلَىٰ ۚ قَالُوا فَادْعُوا ۗ وَمَا دُعَاءُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ
‘පැහැදිලි සාධකයන් සමග නුඹලාගේ රසූල්වරුන් නුඹලා වෙත නොපැමිණියෙහිදැ?’යි ඔවුන්(නිරයෙහි පාලකයින්) විමසන්නෝය. “එසේ( පැමිණියෝ)යැ”යි ඔවුහු පවසන්නෝය. “එසේ නම් නුඹලාම අයැදිවු.”යැයි ඔවුහු(නිරයෙහි පාලකයින්) පවසන්නෝය. තවද ප්රතික්ෂේපකයින්ගේ (මතු ලොවෙහි) ඇයැදීම නිෂ්ඵලයෙහි මිස නොමැත.