تَنزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
මෙම ධර්ම පුස්තකය පහළ වූයේ අති බලසම්පන්න සර්ව ප්රඥාවන්ත අල්ලාහ්ගෙන්ය.
إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ فَاعْبُدِ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَ
(නබිවරය), සැබැවින්ම අපි සත්යයෙන් වූ මෙම ධර්ම පුස්තකය නුඹ වෙත පහළ කර ඇත්තෙමු. එබැවින් නුඹ දහමෙහි අල්ලාහ්ට (ඉහ්ලාස් නම්) චිත්ත පාරිශුද්ධියෙන් යුතුව ඔහුටම නමදිවු.
أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ ۚ وَالَّذِينَ اتَّخَذُوا مِن دُونِهِ أَوْلِيَاءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَىٰ إِنَّ اللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِي مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّارٌ
දැන ගනිවු. පිවිතුරු දහම අල්ලාහ්ටම සතුය. තවද ඔහු හැර (අන් අය) භාරකරුවන් (වූ දෙවිවරුන්) ලෙස ගත් අය (පිළිබඳව නම්) ‘ඔවුන් අපව අල්ලාහ් වෙත ඉතා සමීපයට ළඟා කිරීම පිණිස මිස අපි ඔවුන්ව නොනමදින්නෙමු.’ (යැයි ඔවුහු පවසති.) සැබැවින්ම ඔවුහු (දහම පිළිබඳව) කිනම් දෑහි මතභේද ඇති කර ගත්තෝද ඒ පිළිබඳව ඔවුන් අතර අල්ලාහ් විනිශ්චය කරන්නේය. සැබැවින්ම අල්ලාහ් අසත්යයවන්ත දැඩි ප්රතික්ෂේප කරන (කිසිදු) අයෙකුට යහමග නොපෙන්වන්නේය.
لَّوْ أَرَادَ اللَّهُ أَن يَتَّخِذَ وَلَدًا لَّاصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَاءُ ۚ سُبْحَانَهُ ۖ هُوَ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ
අල්ලාහ් (තමාට) දරුවෙකු තෝරා ගැනීමට පැතුවේ නම් හුදෙක් ඔහු මැවූ දැයින් ඔහු අභිමත කළ දෑ තෝරා ගන්නට තිබුණි. (නමුත්) ඔහු අති පාරිශුද්ධය. ඔහුමය බලපරාක්රම ඒකීය වූ අල්ලාහ්.
خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۖ يُكَوِّرُ اللَّيْلَ عَلَى النَّهَارِ وَيُكَوِّرُ النَّهَارَ عَلَى اللَّيْلِ ۖ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُّسَمًّى ۗ أَلَا هُوَ الْعَزِيزُ الْغَفَّارُ
ඔහු අහස් හා මිහිතලය නිසි ලෙස මැව්වේය. ඔහු රාත්රිය දහවලය මත අකුළන්නේය, තවද දහවලය රාත්රිය මත අකුළන්නේය. තවද ඔහු හිරු හා සඳු (තම ආධිපත්යය යටතේ) වසඟ කළේය. (ඉන්) එකිනෙක (එයට) නියම කරනු ලැබූ කාලයක් සඳහා ගමන් කරන්නේය. දැනගනු. ඔහු අති බලසම්පන්නය අති ක්ෂමාශීලීය.-
خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَأَنزَلَ لَكُم مِّنَ الْأَنْعَامِ ثَمَانِيَةَ أَزْوَاجٍ ۚ يَخْلُقُكُمْ فِي بُطُونِ أُمَّهَاتِكُمْ خَلْقًا مِّن بَعْدِ خَلْقٍ فِي ظُلُمَاتٍ ثَلَاثٍ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ۖ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ
ඔහු(අල්ලාහ්) නුඹලාව එකම ආත්මයකින් මැව්වේය. ඔහු (එම ආත්මය මැවීමෙන්) පසුව එයින් එහි කලත්රයාව ද ඇති කළේය. තවද පශු කුලයට අයත් සතුන්ගෙන් යුගළ අටක් නුඹලාට ඔහු පහළ කළේය. අන්ධකාර (පටල) තුනක් තුළ එක් මැවීමකට පසු තවත් මැවීමක් වශයෙන් නුඹලාගේ මව්වරුන්ගේ කුසෙහි ඔහු නුඹලාව මවන්නේය. ඔහුමය අල්ලාහ්, නුඹලාගේ පරමාධිපති. (සමස්ත) ආධිපත්යය ඔහුට හිමිය. ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. එබැවින් කෙසේ නම් නුඹලා (වෙනත් මගකට) හරවනු ලබන්නෙහු ද?
1පශු කුලයට අයත් සතුන් යනු ඔටුවන්, ගවයින්, එළුවන් හා බැටළුවන් වැනි සතුන්ය. මෙම ආයතයෙහි මෙම සතුන් හා උන්ගේ ගැහැනු වර්ගයා පිළිබඳව ද සඳහන් වී ඇත. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 6:149 බලන්න. තවද අල්ලාහ් මෙම සතුන්ව අනුභවයට තහනම් නොකර සිටිය ද එකල මක්කාවෙහි විසූ මිථ්යා දෘෂ්ටිකයින් මෙම සතුන්ගෙන් සමහරක් අනුභවයට තහනම් සතුන් යනුවෙන් හැඳින්වූහ. මෙම සතුන් කිසිවක් තහනමට ලක් නොවූ සතුන් බව අල්ලාහ් මෙම ආයතයේ සඳහන් කරයි.
إِن تَكْفُرُوا فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنكُمْ ۖ وَلَا يَرْضَىٰ لِعِبَادِهِ الْكُفْرَ ۖ وَإِن تَشْكُرُوا يَرْضَهُ لَكُمْ ۗ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۗ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
නුඹලා ප්රතික්ෂේප කළේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් නුඹලාගෙන් සර්ව සම්පූර්ණය. තවද (කෙසේ වෙතත්) ඔහුගේ ගැත්තන්ගෙන් ප්රතික්ෂේපය ඔහු පි්රය නොකරන්නේය. නුඹලා කෘතවේදී වන්නේ නම් නුඹලා වෙනුවෙන් ඔහු එ(ම කෘතවේදීත්ව)ය පි්රය කරන්නේය. තවද (තම පාපයේ) බර උසුලන්නෙකු වෙනකෙනෙකුගේ (පාපයේ) බර නොඋසුලන්නේය. පසුව, නුඹලාගේ නැවත යොමු වන ස්ථානය නුඹලාගේ පරමාධිපති වෙතය. එවිට නුඹලා (මෙලොව) කරමින් සිටි දෑ (සියල්ල) පිළිබඳව ඔහු නුඹලාට දන්වන්නේය. සැබැවින්ම ඔහු සිත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥය.
وَإِذَا مَسَّ الْإِنسَانَ ضُرٌّ دَعَا رَبَّهُ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُ نِعْمَةً مِّنْهُ نَسِيَ مَا كَانَ يَدْعُو إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّهِ أَندَادًا لِّيُضِلَّ عَن سَبِيلِهِ ۚ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا ۖ إِنَّكَ مِنْ أَصْحَابِ النَّارِ
තවද යම් පීඩාවක් මිනිසෙකුව ස්පර්ශ කළේ නම් ඔහුගේ පරමාධිපති වෙත නැඹුරුවෙමින් ඔහුව (පමණක්) කැඳවන්නේය. පසුව (අල්ලාහ්) ඔහුගෙන් වූ භාග්යයක් ඔහුට දායාද කළේ නම් එයට පෙර ඔහුව(අල්ලාහ්ව) කුමක් සඳහා කැඳවමින් සිටියේ ද එය ඔහු අමතක කරයි. තවද ඔහු අල්ලාහ්ට සමගාමීන් පත් කරයි. (මන්දයත්) ඔහුගේ(අල්ලාහ්ගේ) මාර්ගයෙන් (ජනයින්ව) මුළා කරනු පිණිසය. (එබැවින්) “නුඹ නුඹගේ ප්රතික්ෂේපය මගින් සුළු කලකට සතුටු විඳිවු. සැබැවින්ම නුඹ (නිරා) ගින්නේ සගයින් අතුරින්යැ”යි (නබිවරය,) පවසවු.
أَمَّنْ هُوَ قَانِتٌ آنَاءَ اللَّيْلِ سَاجِدًا وَقَائِمًا يَحْذَرُ الْآخِرَةَ وَيَرْجُو رَحْمَةَ رَبِّهِ ۗ قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ
කවරෙකු පරමාන්ත දිනය කෙරෙහි බියවෙමින් ද ඔහුගේ පරමාධිපති ගේ දයාලු භාවය අපේක්ෂාවෙන් ද රාත්රි කාලයෙහි අවදි වී සුජූද් කරමින් හා සිටගනිමින් නැමදුම් කරන්නේද ඔහු (එසේ නොකරන ප්රතික්ෂේපකයා හා සමානවේ)ද? (එබැවින්) “දැනුම ඇත්තන් හා දැනුම නැත්තන් සමාන වන්නේදැ?”යි (නබිවරය) පවසවු. සැබැවින්ම උපදෙස් ලබන්නේ නුවණැත්තන්මය.
قُلْ يَا عِبَادِ الَّذِينَ آمَنُوا اتَّقُوا رَبَّكُمْ ۚ لِلَّذِينَ أَحْسَنُوا فِي هَـٰذِهِ الدُّنْيَا حَسَنَةٌ ۗ وَأَرْضُ اللَّهِ وَاسِعَةٌ ۗ إِنَّمَا يُوَفَّى الصَّابِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍ
“විශ්වාස කළ මාගේ ගැත්තනි, නුඹලාගේ පරමාධිපතිට බිය භක්තිමත් වවු” යැයි (නබිවරය,) පවසවු. මෙලොවෙහි යහපත කරන්නන්ට (ප්රතිඵලයක් වශයෙන්) යහපතක් ඇත. තවද අල්ලාහ්ගේ භූමිය පුළුල්ය. සැබැවින්ම ඉවසිලිවන්තයින්ට ඔවුන්ගේ වේතනය ගණනයකින් තොරව පරිපූර්ණ ලෙස පිරිනමනු ලබන්නේමය.
2මෙය ප්රතික්ෂේපකයින්ගෙන් හිංසාවට ලක් වූ මක්කා වැසියන්ට මිහිතලයේ තමන්ට නිදහසේ තම දහම පිළිපැදීමට හැකි ඕනෑම ස්ථානයකට යා හැකි බව හඟවන්නා වූ ආයතයකි.
قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَ
(නබිවරය,) පවසවු “සැබැවින්ම දහමෙහි අල්ලාහ්ට (ඉහ්ලාස් නම්) චිත්ත පාරිශුද්ධියෙන් යුතුව ඔහුටම නැමදුම් කරන ලෙස මම අණ කරනු ලැබුවෙමි.
وَأُمِرْتُ لِأَنْ أَكُونَ أَوَّلَ الْمُسْلِمِينَ
තවද, (අල්ලාහ්ට) අවනත වන්නන්ගෙන් මා ප්රථමයා වන ලෙස ද මම අණ කරනු ලැබුවෙමි.”
قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ
(නබිවරය,) පවසවු “මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් සැබැවින්ම දරුණු වූ දිනයෙහි දඬුවමට මම බිය වෙමි”
قُلِ اللَّهَ أَعْبُدُ مُخْلِصًا لَّهُ دِينِي
(නබිවරය,) පවසවු “මාගේ දහමෙහි අල්ලාහ්ට චිත්ත පාරිශුද්ධියෙන් ඔහුටම නැමදුම් කරන්නෙමි”
فَاعْبُدُوا مَا شِئْتُم مِّن دُونِهِ ۗ قُلْ إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ ۗ أَلَا ذَٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ
එබැවින් ඔහු හැර නුඹලා අභිමත කළ දෑ නුඹලා නැමදුම් කරවු. (නබිවරය,) පවසවු “සැබැවින්ම අලාභවන්තයින් වන්නේ (මළවුන්) නැගිටවනු ලබන දිනයෙහි තමන්ට හා තමන්ගේ පවුලේ අයට අලාභ හානි කර ගත්තන්ය. දැන ගනු, පැහැදිලි අලාභය එයයි.”
لَهُم مِّن فَوْقِهِمْ ظُلَلٌ مِّنَ النَّارِ وَمِن تَحْتِهِمْ ظُلَلٌ ۚ ذَٰلِكَ يُخَوِّفُ اللَّهُ بِهِ عِبَادَهُ ۚ يَا عِبَادِ فَاتَّقُونِ
ඔවුනට ඉහළින් ගින්නෙන් වූ වියන් ඔවුන්ට ඇත. තවද ඔවුනට පහළින් ද (ගින්නෙන් වූ) වියන් ඇත. එයමය අල්ලාහ් එමගින් ඔහුගේ ගැත්තන්ට බිය ගන්වන්නේ. “මාගේ ගැත්තනි, එබැවින් නුඹලා මට බිය භක්තිමත් වවු.”
وَالَّذِينَ اجْتَنَبُوا الطَّاغُوتَ أَن يَعْبُدُوهَا وَأَنَابُوا إِلَى اللَّهِ لَهُمُ الْبُشْرَىٰ ۚ فَبَشِّرْ عِبَادِ
කවුරුන් ‘තාඝූත්’ (ෂෙයිතාන්වරුන් හා පිළිම) නැමදීමෙන් වැළකී අල්ලාහ් වෙත නැඹුරු වන්නේද ඔවුනට සුබාරංචිය හිමිය. එබැවින් මාගේ ගැත්තන්ට සුබාරංචි පවසවු.
3‘තාගූත්’ යන්නෙහි වචනාර්ථය කැරලිකරු යන්නයි. මෙයින් අදහස් කරන්නේ ෂෙයිතාන් හා ප්රතික්ෂේපකයින් විසින් නැමදුම් කරනු ලැබූ පිළිමයන්ය.
الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ ۚ أُولَـٰئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ ۖ وَأُولَـٰئِكَ هُمْ أُولُو الْأَلْبَابِ
ඔවුන් (කවුරුන්ද යත් අල්ලාහ්ගේ) වදනට සවන් දී පසුව එහි යහ දෑ අනුගමනය කරන්නන්ය. අල්ලාහ් යහමග පෙන්වූවන් ඔවුන්මය. නුවණැත්තන් ද ඔවුන්මය.
4මෙහි ‘යහ දෑ’ යන්නෙන් අදහස් වන්නේ එකිනෙකාට අත් වූ යහපත් දෑ.
أَفَمَنْ حَقَّ عَلَيْهِ كَلِمَةُ الْعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِي النَّارِ
එබැවින් දඬුවමේ වචනය තමන් කෙරෙහි නියම වූ ඔහු (දඬුවමින් මිදුණෙකු මෙන් වන්නේ) ද? එවිට නිරයෙහි සිටින ඔහුව මුදවා ගන්නේ නුඹ ද?
لَـٰكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ غُرَفٌ مِّن فَوْقِهَا غُرَفٌ مَّبْنِيَّةٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ وَعْدَ اللَّهِ ۖ لَا يُخْلِفُ اللَّهُ الْمِيعَادَ
එනමුත්, ඔවුන්ගේ පරමාධිපාතිට කවරෙකු බිය භක්තිමත් වන්නේද ඔවුනට කාමර ඇත. එවාට ඉහළින් (ද) තනන ලද කාමර ඇත. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (මෙය) අල්ලාහ්ගේ ප්රතිඥාවක් වශයෙනි. අල්ලාහ් ප්රතිඥාව වෙනස් නොකරන්නේය.
أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَسَلَكَهُ يَنَابِيعَ فِي الْأَرْضِ ثُمَّ يُخْرِجُ بِهِ زَرْعًا مُّخْتَلِفًا أَلْوَانُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ يَجْعَلُهُ حُطَامًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ
සැබැවින්ම අල්ලාහ් අහසින් (වැසි) ජලය පහළ කොට එය මිහිතලය තුළට උල්පත් ලෙස කා වැදීමට සලස්වා පසුව විවිධ වර්ණයන්( හා වර්ගයන්)ගෙන් යුත් ගොයම් එමගින් පිට කිරීම නුඹ නුදුටුවෙහිද? පසුව ඒවා වියළෙනු ඇත. එවිට එය කහ පැහැ බවට පත් වනු නුඹ දකින්නෙහිය. පසුව ඔහු(අල්ලාහ්) එය (දිරා ගිය) පිදුරු බවට පත් කරන්නේය. සැබැවින්ම එහි නුවණැත්තන්ට උපදෙසක් ඇත.
أَفَمَن شَرَحَ اللَّهُ صَدْرَهُ لِلْإِسْلَامِ فَهُوَ عَلَىٰ نُورٍ مِّن رَّبِّهِ ۚ فَوَيْلٌ لِّلْقَاسِيَةِ قُلُوبُهُم مِّن ذِكْرِ اللَّهِ ۚ أُولَـٰئِكَ فِي ضَلَالٍ مُّبِينٍ
ඉස්ලාමය සඳහා කවරෙකුගේ හදවත අල්ලාහ් විවෘත කළේද ඔහු (හදවත දැඩි වූ කෙනෙකු හා සම විය හැකි) ද? එබැවින් ඔහු තම පරමාධිපතිගෙන් වූ ආලෝකය මත ය. එබැවින් අල්ලාහ්ව මෙනෙහි කිරීමට (එරෙහිව) ඔවුන්ගේ සිත් දැඩිවූවන්ට විනාශය ඇති වේවා! ඔවුන් පැහැදිලි වූ මුළාවෙහිය.
اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُّتَشَابِهًا مَّثَانِيَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَىٰ ذِكْرِ اللَّهِ ۚ ذَٰلِكَ هُدَى اللَّهِ يَهْدِي بِهِ مَن يَشَاءُ ۚ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ
අල්ලාහ් ඉතා අලංකාර උපදේශයක් (එනම්) එකිනෙකට (පටහැණි නොවූ) එකඟතාවෙන් යුත් නැවත නැවත සඳහන් කරන (දෑ අඩංගු) ග්රන්ථයක් පහළ කර ඇත. එයින් ඔවුන්ගේ පරමාධිපතිට බියවන්නන්ගේ චර්ම(යේ රෝම) වෙව්ලන්නේය. පසුව ඔවුන්ගේ චර්ම ද හදවත් ද අල්ලාහ්ව මෙනෙහි කිරීම පිණිස මෘදු වන්නේය. මෙය අල්ලාහ්ගේ මග පෙන්වීමයි. ඔහු අභිමත කරන්නන්ව එමගින් ඔහු ඍජු මගට රැගෙන යන්නේය. අල්ලාහ් කවරෙකු නොමග යන්නට අත් හරින්නේ ද ඔහුට යහමග පෙන්වන්නෙකු නොමැත.
أَفَمَن يَتَّقِي بِوَجْهِهِ سُوءَ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ ۚ وَقِيلَ لِلظَّالِمِينَ ذُوقُوا مَا كُنتُمْ تَكْسِبُونَ
(මළවුන්) නැගිටවනු ලබන දින නරකම දඬුවම තම මුහුණෙන් හෝ ආරක්ෂා කිරීමට තැත් කරන ඔහු (දඬුවමින් සම්පූර්ණයෙන් ආරක්ෂා වූවෙකුට සමාන වේ)ද? තවද “නුඹලා උපයමින් සිටි (නරක) දැය රස විඳිවු.” යැයි අපරාධකරුවන්ට පවසනු ලැබේ.
5මෙම ආයතයෙන් නිරා වැසියන්ගේ භයානක තත්ත්වය පැහැදිලි කර ඇත. එනම් යමෙකු තමාව ආරක්ෂා කිරීමට සිය දෑත භාවිත කිරීම සාමාන්යය දෙයකි. එනමුත් නිරා වැසියන්ගේ අත් ඔවුන්ගේ පිටු පසින් බැඳ දමනු ලබන හෙයින් ඔවුන්ට තම දෑත් පවා භාවිත කළ නොහැකි වී කිසිවක් කර ගත නොහැකිව තම මුහුණෙන් හෝ තමාව ආරක්ෂා කිරීමට තැත් කරති.
كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَاهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ
ඔවුන්ට පෙර සිටියවුන් (රසූල්වරුන්ව) අසත්යය කළෝය. එබැවින් ඔවුන් නොහැඟූ ආකාරයෙන් ඔවුන් වෙත දඬුවම පැමිණියේය.
فَأَذَاقَهُمُ اللَّهُ الْخِزْيَ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ
පසුව අල්ලාහ් ඔවුනට අවමානය මෙලොව ජීවිතයෙහි රස විඳීමට සැලසුවේය. තවද සැබැවින්ම ඔවුන් දැන සිටියේ නම් මතු ලොව දඬුවම (මෙයට වඩා) ඉතා විශාලය.
وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِي هَـٰذَا الْقُرْآنِ مِن كُلِّ مَثَلٍ لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ
තවද සැබැවින්ම අපි ජනයින්ට මෙම කුර්ආනයෙහි සෑම (ආකාරයේ) උපමාවක් මගින්ම ඔවුන් උපදෙස් ලබා ගනු පිණිස ගෙන හැර පෑවෙමු.
قُرْآنًا عَرَبِيًّا غَيْرَ ذِي عِوَجٍ لَّعَلَّهُمْ يَتَّقُونَ
ඔවුන් බිය භක්තිමත් වනු පිණිස (එය සත්යයෙන් අසත්යයට) නම්ය නොවු අරාබි බසින් වූ කුර්ආනයක් ලෙසය.
ضَرَبَ اللَّهُ مَثَلًا رَّجُلًا فِيهِ شُرَكَاءُ مُتَشَاكِسُونَ وَرَجُلًا سَلَمًا لِّرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ
(තමන් අතර) කලහකාරකම් කරන හවුල්කරුවන් පිරිසකට අයිති (වහල්) මිනිසෙක් හා එක් මිනිසෙකුටම පමණක් අයිති තවත් (වහල්) මිනිසෙක් පිළිබඳව අල්ලාහ් උපමා කළේය. උපමාවෙන් ඔවුන් දෙදෙනා සමාන වේද? (නැත), සියලු පැසසුම් අල්ලාහ් සතුය. නමුත් ඔවුන්ගෙන් බහුතරය (එම සත්යය පිළිබඳව) නොදනිති.-
6බොහෝ දෙනෙකුට හිමි වහලෙකු සෑම විටම ව්යාකූල තත්ත්වයේ සිටියි. මන්දයත් ඔහු සිය ස්වාමීන් සියලු දෙනාටම අවනත විය යුතුයි. බොහෝ විට ස්වාමීන්ගේ විධාන එකිනෙක පැටලෙනු ඇත. එසේම බහු දේවවාදියා ද සෑම විටම ව්යාකූල තත්ත්වයේ සිටියි. තමන් යම් දෙයක් කරනවා ද නොකරවා ද යන මෙවන් නොසන්සුන්තාවක් ඇති වනු ඇත. මෙයින් පැහැදිලි වන්නේ බහු දේවවාදය කිසිසේත්ම ප්රායෝගික නොවන බවය.
إِنَّكَ مَيِّتٌ وَإِنَّهُم مَّيِّتُونَ
(නබිවරය,) සැබැවින්ම නුඹ මරණයට පත්වන්නෙකි. තවද සැබැවින්ම ඔවුන්ද මරණයට පත් වන්නන්ය.
ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ عِندَ رَبِّكُمْ تَخْتَصِمُونَ
පසුව සැබැවින්ම නුඹලා (මළවුන්) නැගිටවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස තර්ක ඉදිරිපත් කරන්නෝය.
فَمَنْ أَظْلَمُ مِمَّن كَذَبَ عَلَى اللَّهِ وَكَذَّبَ بِالصِّدْقِ إِذْ جَاءَهُ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِّلْكَافِرِينَ
එබැවින් අල්ලාහ් කෙරෙහි අසත්යය ගොතා තවද සත්ය ඔහු වෙත පැමිණි කල්හි එය (ප්රතික්ෂේප කර) අසත්යය කරන්නෙකුට වඩා දැඩි අපරාධකරුවා කවරෙක්ද? (එවැනි) ප්රතික්ෂේප කරන්නන්ට (අවසන්) ලැගුම් ගන්නා ස්ථානයක් නිරයෙහි නොවන්නේද?
وَالَّذِي جَاءَ بِالصِّدْقِ وَصَدَّقَ بِهِ ۙ أُولَـٰئِكَ هُمُ الْمُتَّقُونَ
තවද සත්යය රැගෙන පැමිණි අය ද(රසූල්වරයා ද) එය (පිළිගෙන) සත්ය කළ අය ද, ඔවුන්මය බිය භක්තිකයන් වන්නේ.
لَهُم مَّا يَشَاءُونَ عِندَ رَبِّهِمْ ۚ ذَٰلِكَ جَزَاءُ الْمُحْسِنِينَ
ඔවුන්ට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් අභිමත කළ දෑ හිමිය. එය යහපත කරන්නන්ගේ ප්රතිඵලය වේ.
لِيُكَفِّرَ اللَّهُ عَنْهُمْ أَسْوَأَ الَّذِي عَمِلُوا وَيَجْزِيَهُمْ أَجْرَهُم بِأَحْسَنِ الَّذِي كَانُوا يَعْمَلُونَ
(මෙය) ඔවුන් කළ නරකම දෑ අල්ලාහ් ඔවුන්ගෙන් ක්ෂමා කිරීම පිණිස ද ඔවුන් කරමින් සිටි ඉතා අලංකාර දෑ වෙනුවෙන් ඔවුන්ට ඔවුන්ගේ වේතනය පිරිනැමීම පිණිස ද වේ.
أَلَيْسَ اللَّهُ بِكَافٍ عَبْدَهُ ۖ وَيُخَوِّفُونَكَ بِالَّذِينَ مِن دُونِهِ ۚ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ
අල්ලාහ් තම ගැත්තා(ගේ ආරක්ෂාව)ට ප්රමාණවත් නොවූයේද? තවද (නබිවරය, ප්රතික්ෂේපක) ඔවුහු ඔහු(අල්ලාහ්) හැර වෙනත් අය මගින් නුඹව බිය ගන්වන්නෝය. අල්ලාහ් කවරෙකු නොමග යන්නට අත් හරින්නේ ද ඔහුට යහ මග පෙන්වන්නෙකු නොමැත.
وَمَن يَهْدِ اللَّهُ فَمَا لَهُ مِن مُّضِلٍّ ۗ أَلَيْسَ اللَّهُ بِعَزِيزٍ ذِي انتِقَامٍ
තවද අල්ලාහ් කවරෙකුව යහමගට රැගෙන යන්නේද ඔහුව නොමග යවන්නෙකු නොමැත. අල්ලාහ් අති බලසම්පන්න ප්රතිදඬුවම් දෙන්නා නොවූයේද?
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ ۚ قُلْ أَفَرَأَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ اللَّهِ إِنْ أَرَادَنِيَ اللَّهُ بِضُرٍّ هَلْ هُنَّ كَاشِفَاتُ ضُرِّهِ أَوْ أَرَادَنِي بِرَحْمَةٍ هَلْ هُنَّ مُمْسِكَاتُ رَحْمَتِهِ ۚ قُلْ حَسْبِيَ اللَّهُ ۖ عَلَيْهِ يَتَوَكَّلُ الْمُتَوَكِّلُونَ
(නබිවරය,) ‘අහස් හා මිහිතලය මැව්වේ කවරෙකුදැ?’යි නුඹ (ප්රතික්ෂේපක) ඔවුන්ගෙන් විමසුවේ නම් ‘අල්ලාහ්’ යැයි සැබැවින්ම ඔවුහු පවසන්නෝය. ‘එසේ (පැවසූ) නමුත්, අල්ලාහ් මා හට පීඩාවක් ඇති කිරීමට පැතුවේ නම් අල්ලාහ් හැර නුඹලා කැඳවන දෑ(දෙවිවරුන්) ඔහුගේ (එම) පීඩාව (මාගෙන්) ඉවත් කරන්න(ට හැක්ක)න් ද? නැතහොත් ඔහු(අල්ලාහ්) මා හට කරුණාවක් දැක්වීමට පැතුවේ නම් (ඔහු හැර නුඹලා කැඳවන දෙවිවරුන්) ඔහුගේ (එම) කරුණාව (මාගෙන්) වළක්වන්න(ට හැක්ක)න් ද?’ යැයි නුඹලා අවධානය කරන්නෙහු දැ?යි (නබිවරය, ඔවුන්ට) පවසවු. “අල්ලාහ් මා හට ප්රමාණවත්ය. (සියල්ල) භාරකරන්නන් භාර කරනුයේ ඔහු කෙරෙහිමය.” යැයි (ද) පවසවු.
قُلْ يَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ فَسَوْفَ تَعْلَمُونَ
“මාගේ ජනයිනි, නුඹලා නුඹලාගේ තත්ත්වයට අනුව කි්රයා කරවු. සැබැවින්ම මම (අල්ලාහ්ගේ විධානයට අනුව) කි්රයා කරන්නෙක්මි. එබැවින් නුඹලා මතු දැන ගනු ඇත.” යැයි (නබිවරය) පවසවු.
مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُّقِيمٌ
තමන්ව නින්දා කරන දඬුවමක් පැමිණ, සදාතනික දඬුවමක් ඔහු කෙරෙහි පහළ වන්නෙකුව (නුඹලා මතු දැන ගනු ඇත.)
إِنَّا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ لِلنَّاسِ بِالْحَقِّ ۖ فَمَنِ اهْتَدَىٰ فَلِنَفْسِهِ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَا أَنتَ عَلَيْهِم بِوَكِيلٍ
සැබැවින්ම අපි ජනයින් සඳහා සත්යය සමග වූ ධර්ම පුස්තකය නුඹ වෙත පහළ කළෙමු. එබැවින් කවරෙකු (එමගින්) යහමග ලැබුවේ ද (එහි යහපත) ඔහුටමය. තවද කවරෙකු මුළාවට පත්වන්නේ ද සැබැවින්ම ඔහු මුළාවට පත්(වීමෙන් හානිය ඇති) වන්නේ ඔහුට එරෙහිවමය. (නබිවරය,) නුඹ ඔවුන් කෙරෙහි භාරකරුවෙකු නොවන්නේය.
اللَّهُ يَتَوَفَّى الْأَنفُسَ حِينَ مَوْتِهَا وَالَّتِي لَمْ تَمُتْ فِي مَنَامِهَا ۖ فَيُمْسِكُ الَّتِي قَضَىٰ عَلَيْهَا الْمَوْتَ وَيُرْسِلُ الْأُخْرَىٰ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ
ආත්මාවන් මරණයට පත් වන මොහොතෙහි ඒවා හා නින්දෙහි මරණයට පත් නොවූ ඒවා අල්ලාහ් අත්පත් කර ගන්නේය. එබැවින් කුම(න ආත්මාව)ක් කෙරෙහි මරණය නියම වූයේද එය ඔහු (තමන් අබියස) රඳවා ගන්නේය. අනෙක (එහි) නියමිත කාලය තෙක් (ජීවත් වීමට) යවන්නේය. සැබැවින්ම ගැඹුරින් සිතන පිරිසට එහි සංඥාවන් ඇත.
أَمِ اتَّخَذُوا مِن دُونِ اللَّهِ شُفَعَاءَ ۚ قُلْ أَوَلَوْ كَانُوا لَا يَمْلِكُونَ شَيْئًا وَلَا يَعْقِلُونَ
ඔවුන් (තමන්) වෙනුවෙන් ඇයැදින්නන් ලෙස අල්ලාහ් හැර අන් අයව(දෙවිවරුන්ව) ගත්තේ ද? (නබිවරය,) “ඔවුන් කිසිදු බලයක් දැරිය නොහැකිව හා (කිසිවක්) අවබෝධ කර ගත නොහැකිව සිටිය දීත් ද (ඔබ ඔවුන්ව අයැදින්නන් ලෙස ගන්නේ)?” යැයි පවසවු.
قُل لِّلَّهِ الشَّفَاعَةُ جَمِيعًا ۖ لَّهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ
‘රෙකමදාරු වීම මුළුමනින්ම සතු වන්නේ අල්ලාහ්ටය. අහස්හි හා මිහිතලයෙහි ආධිපත්යය ද ඔහු සතුය. පසුව නුඹලා ඔහු වෙතම යළි හරවනු ලබන්නෙහු යැ’යි පවසවු.
وَإِذَا ذُكِرَ اللَّهُ وَحْدَهُ اشْمَأَزَّتْ قُلُوبُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ ۖ وَإِذَا ذُكِرَ الَّذِينَ مِن دُونِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ
අල්ලාහ්ව පමණක් සඳහන් කරනු ලැබූ කල්හි පරමාන්ත දිනය විශ්වාස නොකරන්නන්ගේ හදවත් පිළිකුලින් හැකිළේ. තවද ඔහු හැර අන් අය(දෙවිවරුන්) පිළිබඳව සඳහන් කරනු ලැබූ කල්හි, එසැණින් ඔවුන් (සතුටින්) ප්රබෝධයට පත් වන්නෝය.
قُلِ اللَّهُمَّ فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ أَنتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِي مَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
(නබිවරය,) “අහස්හි හා මිහිතලයේ නිර්මාතෘ වූ ගුප්ත දෑ හා දෘෂ්යමාන දෑ දන්නා අහෝ අල්ලාහ්! ඔබගේ ගැත්තන් කවර දැයක් කෙරෙහි මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ කෙරෙහි ඔවුනතර නුඹම විනිශ්චය ලබා දෙන්නේ යැ.”යි නුඹ පවසවු.
وَلَوْ أَنَّ لِلَّذِينَ ظَلَمُوا مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لَافْتَدَوْا بِهِ مِن سُوءِ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ ۚ وَبَدَا لَهُم مِّنَ اللَّهِ مَا لَمْ يَكُونُوا يَحْتَسِبُونَ
සැබැවින්ම අපරාධ කළවුන් සතුව මිහිතලයේ ඇති සියල්ල හා එය සමග ඒ හා සමානයක් තිබුණ ද (මළවුන්) නැගිටවනු ලබන දින නරක දඬුවම හේතුවෙන් (ඉන් මිදීමට) ඔවුන් ඒවා වන්දියක් වශයෙන් දෙනු ඇත. ඔවුන් නොසිතූ දෑ අල්ලාහ් වෙතින් ඔවුන්ට හෙළිවෙන්නේය.
وَبَدَا لَهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
තවද (එදින) ඔවුන් ඉපැයූ දැයෙහි විපාකය ඔවුන්ට හෙළිවනු ඇත. ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ ඔවුන්ව වෙළා ගනු ඇත.
فَإِذَا مَسَّ الْإِنسَانَ ضُرٌّ دَعَانَا ثُمَّ إِذَا خَوَّلْنَاهُ نِعْمَةً مِّنَّا قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلَىٰ عِلْمٍ ۚ بَلْ هِيَ فِتْنَةٌ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
මිනිසාට යම් පීඩාවක් ඇති වූයේ නම් ඔහු අපව අයැදින්නේය. පසුව අපගෙන් වූ භාග්යයක් ඔහුට අප දායාද කළේ නම් “සැබැවින්ම එය මට දෙනු ලැබුවේ (මාගේ) දැනුම හේතුවෙන් යැ”යි ඔහු පවසන්නේය. එහෙත් එය පිරික්සුමකි. නමුත් ඔවුන්ගෙන් බහුතරය (ඒ පිළිබඳව) නොදනිති.
قَدْ قَالَهَا الَّذِينَ مِن قَبْلِهِمْ فَمَا أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا يَكْسِبُونَ
මොවුන්ට පෙර සිටියවුන් ද එය(මෙන්)ම පවසා ඇත. එහෙත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට (කිසිදු) ඵලක් නොදුන්නේය.