පාරා 24

ෆමන් අස්ලමු

357 පද්‍ය
📖පාරා

පාරා 24

ෆමන් අස්ලමු357 පද්‍ය

يسමක්කී
28

وَمَا أَنزَلْنَا عَلَىٰ قَوْمِهِ مِن بَعْدِهِ مِن جُندٍ مِّنَ السَّمَاءِ وَمَا كُنَّا مُنزِلِينَ

තවද ඔහුගෙ( මරණයෙ)න් පසුව ඔහුගේ ජනයින්ට අපි අහසින් කිසිදු සේනාවක් පහළ නොකළෙමු. තවද (එසේ) අපි පහළ කරන්නන් වශයෙන් ද නොවන්නෙමු. 5
5එනම් මොවුන්ව විනාශ කිරීමට අල්ලාහ්ට මලක්වරුන්ගේ සේනාවක් යැවීමේ අවශ්යතාවක් නොවීය. එහෙත් ඔවුන්ව විනාශ කරනු ලැබුයේ එක් හඬකින් පමණි.
29

إِن كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ خَامِدُونَ

එ(ම දණ්ඩන)ය එකම එක හඬක් මිස නොවීය. එවිට ඔවුන් මළවුන් බවට පත් වූහ.
30

يَا حَسْرَةً عَلَى الْعِبَادِ ۚ مَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

අහෝ! ගැත්තන් කෙරෙහි වූ විනාශය. ඔවුන් වෙත කිසිදු රසූල්වරයෙකු පැමිණියේ නැත. (නමුත්) ඔවුන් ඔහුව සමච්චල් කරමින් සිටියා මිස.
31

أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ الْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ

ඔවුනට පෙර (විසූ) පරම්පරාවන් අතුරින් කොතෙක් (මෙවන් පරම්පරාවන්) අපි විනාශ කළෙමු දැ’යි ඔවුන්(ප්රතික්ෂේපකයින්) නොදුටුවෝ ද? සැබැවින්ම (විනාශ වූ) ඔවුන් (ප්රතික්ෂේපක) මොවුන් වෙත නැවත හැරී නොඑති.
32

وَإِن كُلٌّ لَّمَّا جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ

තවද සැබැවින්ම සියලු දෙනාම අප අබියස එක් රැස් කරනු ලැබ (විනිශ්චය සඳහා) ඉදිරිපත් කරනු ලබන්නන් වෙති.
33

وَآيَةٌ لَّهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ

තවද නැසී ගිය භූමිය (ප්රතික්ෂේපක) ඔවුන්ට සංඥාවකි. අපි එය ප්රාණවත් කළෙමු. තවද අපි එයින් ධාන්ය පිට කළෙමු. එබැවින් ඔවුන් එයින් අනුභව කරති.
34

وَجَعَلْنَا فِيهَا جَنَّاتٍ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ وَفَجَّرْنَا فِيهَا مِنَ الْعُيُونِ

තවද අපි එ(ම භූමියෙ)හි ඉඳි හා මිදි වලින් යුත් උයන් ඇති කළෙමු. තවද අපි එහි උල්පත් වලින් (ජලය) පුපුරුවා හැරියෙමු.
35

لِيَأْكُلُوا مِن ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ

(මෙසේ අපි ඇති කළේ) එහි පලතුරු ඔවුන් අනුභව කරනු පිණිසය. තවද ඔවුන්ගේ දෑත් (මගින්) එය ඇති නොකළේය. එබැවින් ඔවුන් කෘතවේදී නොවන්නෝ ද?
36

سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنبِتُ الْأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ

මිහිතලය හටගන්වන දෑ අතුරින් ද ඔවුන්(මිනිසුන්) අතුරින් ද ඔවුන් නොදන්නා දෑ අතුරින් ද ඒවා සියල්ල ජෝඩු (වශයෙන්) මැව්වා වූ ඔහු(අල්ලාහ්) අති පිවිතුරුය. 6
6ගස් කොළන් ආදිය පවා යුගල වශයෙන් ඇති බව මෙම ආයතයෙන් අදහස් වෙයි. කිසිදු විද්යාඥයෙකු විසින් සොයා ගෙන නොතිබූ මෙම ආශ්චර්යය වසර 1400 කට පෙරම නබි මුහම්මද් තුමාණන් හෙළිදරව් කර ඇත. මෙයින් අප කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. පළමුවැන්න මෙවන් විද්යාත්මක දෑ දැන් වූ එම නබි මුහම්මද් තුමාණන් අකුරු නොදත් අනක්ෂර පුද්ගලයෙකි. දෙවැන්න මෙය දන්වනු ලැබූ කාලය තාක්ෂණික වශයෙන් ඉතා නොදියුණු කාල පරාසයකය. මෙම කරුණු දෙක පිළිබඳව සැලකූ විට මෙම අල් කුර්ආනය කිසිසේත්ම මිනිසා විසින් ලියනු හෝ උගන්වනු ලැබූවක් නොවේ යන්න පැහැදිලි වේ. එහෙයින් මෙම අල් කුර්ආනය අල්ලාහ්ගේ වදන් බව පහසුවෙන් දැන ගත හැකිය. ඇත්තෙන්ම මෙය විස්මයට පත් විය යුතු කරුණක් ද නොවේ. මැවුම්කරුවාට තමා මැවූ දැය කෙසේ තිබේ ද යන්නෙහි දැනුම තිබීම සාමාන්යය විෂයකි.
37

وَآيَةٌ لَّهُمُ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُم مُّظْلِمُونَ

තවද රාත්රිය ඔවුනට සංඥාවකි. අපි එයින් දහවල ඉවත් කරන්නෙමු. එවිට ඔවුහු අඳුරෙහි වන්නෝ වෙති.
38

وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَّهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ

තවද සූර්යයා එයට හිමි නියමිත ස්ථානය වෙත ගමන් කරයි. මෙය අති බලසම්පන්න සර්වඥයාණන්ගේ නියමයයි.
39

وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ

අපි චන්ද්රයාට එය (දීප්තියෙන් අඩු, වක්ර, තුනී වූ) පැරණි ඉඳි අත්තක් මෙන් නැවත පත් වන තෙක් (නොයෙකුත්) ස්ථානයන් නියම කළෙමු. 7
7මෙයින් අදහස් වන්නේ චන්ද්ර මාසය තුළ චන්ද්රයාගේ පිහිටීම පිළිබඳවයි.
40

لَا الشَّمْسُ يَنبَغِي لَهَا أَن تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ ۚ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ

සූර්යයා, එය චන්ද්රයාට ළඟා වීමට හෝ රාත්රිය දහවල පෙරටු කිරීමට හෝ නොහැක. තවද (අහස් වියනේ ඇති ග්රහයන්) සියල්ල (ඒවාට හිමි) කක්ෂයක පාවෙ(මින් ගමන් කර)න්නේය.
41

وَآيَةٌ لَّهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِي الْفُلْكِ الْمَشْحُونِ

තවද පටවනු ලැබූ නැවෙහි අපි ඔවුන්ගේ පරපුර ඉසිලීම ද ඔවුනට සංඥාවකි. 8
8මෙහි ‘පරපුර’ යනුවෙන් අදහස් කරන්නේ දරුවන් පිළිබඳවය. ඇතැම් අරාබිවරුන් තම දරු මල්ලන් සමග විදෙස් ව්යාපාරය සඳහා යෑමට නැවෙන් යාත්රා කළෝය.
42

وَخَلَقْنَا لَهُم مِّن مِّثْلِهِ مَا يَرْكَبُونَ

තවද අපි ඔවුන් ප්රවාහනය කරන එවැනි දෑ ඔවුන් වෙනුවෙන්ම මැව්වෙමු. 9
9මෙහි ‘එවැනි දෑ’ යනු මුහුදෙහි ගමන් කරන යාත්රාවන්ය. නමුත් මෙහි අදහසට අර්ථ කිහිපයක් දැක්විය හැකි අතර ඉන් එකක් ඔටුවා දැක්විය හැක. මන්දයත් අරාබිවරුන් ඔටුවන්ට කාන්තාරයේ නැව යැයි පවසන්නෝය. තවද මෙහි අදහස නැව් වලට සමානව තිබෙන සබ්මැරීනය වැනි දෑ විය හැකිය. තවත් නූතන විද්වතුන් මෙහි අදහස් කරන්නේ ගුවන් යානාවන් යැයි ද පවසති.
43

وَإِن نَّشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنقَذُونَ

තවද අපි අභිමත කළේ නම් ඔවුන්ව අපි ගිල්වන්නෙමු. එවිට ඔවුන්ට කිසිදු උදවුකරුවෙකු නොවන්නේය. තවද ඔවුහු ආරක්ෂා කරනු නොලබන්නෝය.
44

إِلَّا رَحْمَةً مِّنَّا وَمَتَاعًا إِلَىٰ حِينٍ

තවද අපගෙන් වූ දයාවක් වශයෙන් හා (ස්වල්ප) කලකට භුක්ති විඳීමක් වශයෙන් මිසය (අපි ඔවුන්ව නොගිල්වා ආරක්ෂා කළේ).
45

وَإِذَا قِيلَ لَهُمُ اتَّقُوا مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ

නුඹලා කරුණාව ලබනු පිණිස නුඹලාට ඉදිරියෙන් ඇති දැයට(මෙලොව දඬුවමට) ද නුඹලාට පසු පසින් ඇති දැයට(මතු ලොව දඬුවමට) ද බියවවු යැයි ඔවුනට පවසනු ලැබූ විට (එය ඔවුහු පිටුපෑවෝ)ය.
46

وَمَا تَأْتِيهِم مِّنْ آيَةٍ مِّنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ

තවද ඔවුන්ගේ පරමාධිපතිගේ සංඥා අතුරින් (යම්) සංඥාවක්, ඔවුන් එය ප්රතික්ෂේප කරන්නන්ව සිටියා මිස ඔවුන් වෙත පැමිණියේ නැත.
47

وَإِذَا قِيلَ لَهُمْ أَنفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَن لَّوْ يَشَاءُ اللَّهُ أَطْعَمَهُ إِنْ أَنتُمْ إِلَّا فِي ضَلَالٍ مُّبِينٍ

තවද “අල්ලාහ් නුඹලාට සැපයූ දැයින් නුඹලා වියදම් කරවු” යැයි ඔවුනට(ප්රතික්ෂේපකයින්ට) පවසනු ලැබූ කල්හි (එම) ප්රතික්ෂේප කළවුන් විශ්වාස කළවුනට “අපි කෙනෙකුට ආහාර සැපයිය යුතුද? අල්ලාහ් අභිමත කළේ නම් තමා(ම) ඔහුට ආහාර සපයනු ඇත. නුඹලා පැහැදිලි නොමගෙහි මිස නැත.” යැයි (සමච්චලයෙන්) පැවසුවෝය.
48

وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ

තවද “නුඹලා සත්යවන්තයින් වන්නේ නම් මෙම ප්රතිඥාව(විනිශ්චය දිනය සිදු වනුයේ) කවදා දැ?”යි (ප්රතික්ෂේපකයින් වන) ඔවුහු විමසති.
49

مَا يَنظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ

ඔවුන් තර්ක කරමින් සිටිය දී එය ඔවුන්ව ග්රහණය කරන එකම එක (මහා හොරණෑ) හඬක් මිස ඔවුන් බලාපොරොත්තු නොවන්නෝය.
50

فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَا إِلَىٰ أَهْلِهِمْ يَرْجِعُونَ

එබැවින් ඔවුන් (වසීඅත් නම්) අවසන් කැමැත්ත ප්රකාශ කිරීමට ද ඔවුන්ගේ පවුල වෙත ඔවුන් නැවත හැරී යෑමට ද හැකියාවක් නොලබ(මින් මරණයට පත් ව)න්නෝය.
51

وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُم مِّنَ الْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنسِلُونَ

තවද සූර් (නම් හොරණෑව දෙවන වරට) පිඹිනු ලැබේ. එවිට ඔවුන් මිනී වළවල් වලින් (නැගිට) තමන්ගේ පරමාධිපති වෙතට ශීඝ්රයෙන් පිටව යති.
52

قَالُوا يَا وَيْلَنَا مَن بَعَثَنَا مِن مَّرْقَدِنَا ۜ ۗ هَـٰذَا مَا وَعَدَ الرَّحْمَـٰنُ وَصَدَقَ الْمُرْسَلُونَ

“අහෝ අපගේ විනාශය! අපගේ නිදන ස්ථානයෙන් අපව අවදි කළේ කවුරුන් දැ?”යි ඔවුහු විමසති. “මෙය කරුණාභරිතයාණන් ප්රතිඥා දුන් හා රසූල්වරුන් (ඒ පිළිබඳව) සත්යය පැවසූ දෑ වේ.”
53

إِن كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ

එය(හොරණෑ හඬ) එකම එක මහා හඬක් මිස නොවීය. එවිගස ඔවුන් සියලු දෙනාම අප අබියස (විනිශ්චය සඳහා) ඉදිරිපත් කරනු ලබන්නෝය.
54

فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ

එබැවින් අද දින(විනිශ්චය දින) කිසිම ආත්මයකට කිසිදු අපරාධයක් කරනු නොලැබේ. තවද නුඹලා කරමින් සිටි දැයට මිස නුඹලාට ප්රතිඵල දෙනු නොලබන්නෙහුය.
55

إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ

සැබැවින්ම අද දින ස්වර්ග සගයෝ (ස්වර්ග උයන් තුළ තම) කාර්යයෙහි සතුටුවන්නන් වෙති.
56

هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِئُونَ

ඔවුන් හා ඔවුන්ගේ භාර්යාවන් සෙවණැලිහි උස් කවිච්චියන් මත හාන්සිවන්නන් වෙති.
57

لَهُمْ فِيهَا فَاكِهَةٌ وَلَهُم مَّا يَدَّعُونَ

එහි ඔවුනට පලතුරු ද ඔවුන් (පතමින්) අයැදින දෑ ද ඔවුනට ඇත.
58

سَلَامٌ قَوْلًا مِّن رَّبٍّ رَّحِيمٍ

(තවද එහි ඔවුනට) කරුණාභරිත පරමාධිපතිගෙන් වූ ප්රකාශයක් ලෙස ‘සලාමය’ (ශාන්තිය අත් වේවා යැයි පවසනු) ඇත.
59

وَامْتَازُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ

තවද “අපරාධකරුවනි, අද දින නුඹලා (විශ්වාසිකයින්ගෙන්) වෙන්ව යවු.” (යැයි ප්රතික්ෂේපකයින්ට පවසනු ලැබේ.)
60

أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَن لَّا تَعْبُدُوا الشَّيْطَانَ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

“ආදම්ගේ දරුවනි, ෂෙයිතාන්ව නුඹලා නොනමදිවු. (මන්දයත්) සැබැවින්ම ඔහු නුඹලාට පැහැදිලි සතුරෙකි. තවද නුඹලා (අල්ලාහ් වන) මාව(ම) නමදිවු. (මන්දයත්) මෙයයි ඍජුමග වන්නේ” යැයි නුඹලාට මම විධානය නොකළෙම් ද?
61

وَأَنِ اعْبُدُونِي ۚ هَـٰذَا صِرَاطٌ مُّسْتَقِيمٌ

“ආදම්ගේ දරුවනි, ෂෙයිතාන්ව නුඹලා නොනමදිවු. (මන්දයත්) සැබැවින්ම ඔහු නුඹලාට පැහැදිලි සතුරෙකි. තවද නුඹලා (අල්ලාහ් වන) මාව(ම) නමදිවු. (මන්දයත්) මෙයයි ඍජුමග වන්නේ” යැයි නුඹලාට මම විධානය නොකළෙම් ද?
62

وَلَقَدْ أَضَلَّ مِنكُمْ جِبِلًّا كَثِيرًا ۖ أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ

තවද සැබැවින්ම නුඹලා අතුරින් බොහෝ පිරිස් ඔහු(ෂෙයිතාන්) නොමග යැව්වේය. එබැවින් (ඒ බව) නුඹලා අවබෝධ කරන්නන් නොවූයේ ද?
63

هَـٰذِهِ جَهَنَّمُ الَّتِي كُنتُمْ تُوعَدُونَ

නුඹලාට අවවාද කරනු ලබමින් සිටි නිරය මෙයයි.
64

اصْلَوْهَا الْيَوْمَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

නුඹලා (සත්යය) ප්රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් අද දින නුඹලා එහි පිවිස දැවෙවු.
65

الْيَوْمَ نَخْتِمُ عَلَىٰ أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُم بِمَا كَانُوا يَكْسِبُونَ

අද දින අපි ඔවුන්ගේ මුඛයන් මත මුද්රා තබන්නෙමු. තවද ඔවුන්ගේ අත් අප වෙත කතා කරයි. ඔවුන් උපයමින් සිටි දෑ පිළිබඳව ඔවුන්ගේ පාද ද සාක්ෂි දරයි.
66

وَلَوْ نَشَاءُ لَطَمَسْنَا عَلَىٰ أَعْيُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ فَأَنَّىٰ يُبْصِرُونَ

තවද අපි අභිමත කළේ නම් (මෙලොවෙහි) ඔවුන්ගේ දෑස් (හි ආලෝකය) ඉවත් (කර අන්ධ) කර ඇත්තෙමු. පසුව ඔවුහු (පුරුදු පරිදි) මාර්ගයහි ශීඝ්රයෙන් පෙරටු වන්නෝය. නමුත් ඔවුහු(ගේ අන්ධභාවය හේතුවෙන්) කෙසේ නම් දකින්නෙහු ද?
67

وَلَوْ نَشَاءُ لَمَسَخْنَاهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ

තවද අපි අභිමත කළේ නම් ඔවුන්ගේ ස්ථානයේම ඔවුන්ව (සත්වයෙකු මෙන් හෝ ගල් පර්වතයක් මෙන්) විරූපී කර ඇත්තෙමු. පසුව ඔවුහු (ඉදිරියට) ගමන් කිරීමට ද නැවත හැරී ඒමට ද හැකියාව නොලබන්නෝය.
68

وَمَن نُّعَمِّرْهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ ۖ أَفَلَا يَعْقِلُونَ

තවද අපි කවරෙකුට දීර්ඝායුෂ ලබා දුන්නේ ද අපි ඔහුව (ඔහුගේ) මැවීමෙහි (තත්ත්වයෙන් තත්ත්වයට) ප්රතිවර්තනය කරන්නෙමු. 10 එබැවින් (මේ බව) ඔවුහු අවබෝධ කර නොගන්නෙහු ද?
10එනම් කෙනෙකු මහලු වියට පත්වන විට ඔහු බාල වියේ සිටි අයුරින් නැවත දුර්වල තත්ත්වයට පත් වන්නේය.
69

وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنبَغِي لَهُ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْآنٌ مُّبِينٌ

අපි ඔහුට(නබිවරයාට) කවි නොඉගැන්වූයෙමු. එය ඔහුට සුදුසු ද නැත. 11 මෙ(ම අල් කුර්ආන)ය උපදෙසක් ද පැහැදිලි වූ පාරායනය කරන්නක් ද මිස නැත.
11අල් කුර්ආනය නබි මුහම්මද් තුමාණන් විසින් ගොතන ලද කවි පෙළක් යැයි මක්කා වාසී ප්රතික්ෂේපකයින් පැවසුවෝය. මෙම ආයතය මගින් එම තර්කය හෙළා දකියි. එනම් නබිත්වය ලැබීමට පෙර අවුරුදු හතළිහක් නබි මුහම්මද් තුමාණන් ඔවුන් අතර සාමාන්ය මිනිසෙකු ලෙස සිටියේය. මෙම අල් කුර්ආනය අල්ලාහ්ගේ වචනයක් නොමැතිව ඔහු විසින් ගෙතූ කවි නම් මෙයට පෙර ද මොහු කවි ගොතා තිබිය යුතුය. නමුත් එසේ කිසිවක් සිදු වී නැත. මෙවන් චෝදනාවක් එනු ඇතැයි දන්නා අල්ලාහ් බොහෝ අරාබිවරුන් කවි පවසන්නන්ව සිටියදීත් නබි මුහම්මද් තුමාණන්ව මුල සිටම මෙයින් දුරස් කර තැබුවේය.
70

لِّيُنذِرَ مَن كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ

(මෙය) කවරෙකු ජීවත්ව සිටින්නේ ද ඔහුට ඔහු(නබිවරයා) අවවාද කරනු පිණිස ද ප්රතික්ෂේපකයින් කෙරෙහි (දඬුවමේ) වදන නියම වනු පිණිස ද වේ.
71

أَوَلَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُم مِّمَّا عَمِلَتْ أَيْدِينَا أَنْعَامًا فَهُمْ لَهَا مَالِكُونَ

අප නිර්මාණය කළ දැයින් 12 සැබැවින්ම අපි ඔවුන් වෙනුවෙන් පශු කුලයට අයත් සතුන්ව මවා පසුව ඔවුන් ඒවාට අයිතිකරුවන් වීම ඔවුහු නොදුටුවෝ ද?
12මෙම ආයතයෙහි “අප නිර්මාණය කළ දැයින්” යනු අල්ලාහ් කිසිවෙකුගේ කිසිදු උපකාරයකින් තොරව සියල්ල මැව්වේය යන්නයි.
72

وَذَلَّلْنَاهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ

තවද අපි ඒවා ඔවුනට යටහත් කළෙමු. එබැවින් ඒවා අතුරින් (සමහරක් ඔවුන් ගමන් බිමන් යන) ඔවුන්ගේ වාහන වේ. තවද ඒවා අතුරින් (සමහරක්) ඔවුහු අනුභව කරති.
73

وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ ۖ أَفَلَا يَشْكُرُونَ

තවද ඒවායෙහි ඔවුනට (තවත්) ප්රයෝජන ද පානයන් 13 ද ඇත. එබැවින් ඔවුහු කෘතවේදී නොවන්නෝ ද?
13පානය යන පරිවර්තනයෙහි අරාබි පදය ‘මෂාරිබ්’ වේ. මෙයට තවත් අර්ථයක් ඇත. එනම් පානය සඳහා භාවිත කරන භාජනය යන්නය. පළමු අර්ථය අනුව එය පශු කුලයට අයත් සතුන්ගෙන් ගන්නා කිරි යනුවෙන් අදහස් කෙරේ. දෙවැනි අර්ථය අනුව එම සතුන්ගේ හමෙන් සාදන ලද භාජනයන් යැයි අදහස් කෙරේ.
74

وَاتَّخَذُوا مِن دُونِ اللَّهِ آلِهَةً لَّعَلَّهُمْ يُنصَرُونَ

තවද (ප්රතික්ෂේපක) මොවුන් උදව් ලබනු පිණිස අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන්ව මොවුන් (නැමදීමට) ගත්තෝය.
75

لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُندٌ مُّحْضَرُونَ

ඔවුහු(ව්යාජ දෙවිවරුන්) මොවුනට උදව් කිරීමට හැකියාව නොලබන්නෝය. තවද (ප්රතික්ෂේපක) මොවුන් ඔවුන්(දෙවිවරුන්) වෙනුවෙන් (ඔවුන් සමග නිරයට) ඉදිරිපත් කරනු ලබන සේනාවක්ය.
76

فَلَا يَحْزُنكَ قَوْلُهُمْ ۘ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ

එබැවින් (නබිවරය) ඔවුන්ගේ (අසත්යය) ප්රකාශය නුඹව දුකට පත් නොකළ යුතුය. ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද සැබැවින්ම අපි දනිමු.
77

أَوَلَمْ يَرَ الْإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ

සැබැවින්ම අපි ඔහුව(මිනිසාව) ශුක්රාණු( බිඳු)වකින් මැවූ බව මිනිසා නොදුටුවේ ද? එහෙත් සැණින් ඔහු (අපට එරෙහිව) පැහැදිලි තර්ක කරන්නෙකි. 14
14මෙම ආයතයේ සිට මෙම සූරාවේ අවසානය දක්වා නබි මුහම්මද් තුමාගේ කාලයේ සිදු වූ එක්තරා සිදුවීමක් මුල් කොට ගෙන පහළ වූවකි. එනම් එකල මක්කාවෙහි සිටි ප්රතික්ෂේපකයෙකු වන උබෙයි ඉබ්නු හලෆ් තමාගේ දෑතේ දිරා ගිය ඇට කටුවක් රැගෙන නබි මුහම්මද් තුමාණන් වෙත පැමිණ ඔහුගේ දෑතින් එය කුඩු කර එය සුළඟේ පා කර යැව්වේය. පසුව ඔහු “අහෝ මුහම්මද් මෙසේ මා කුඩු කළ දිරා ගිය ඇට කටුව අල්ලාහ් නැවත නැගිටුවයි යනුවෙන් ඔබ විශ්වාස කරන්නේ දැ?”යි ඇසුවේය. එයට එතුමානන් “එසේය, අල්ලාහ් නුඹව ද මරණයට පත් කරන්නේය. පසුව නැගිටුවන්නේය. ඉන් පසුව නුඹව නිරයට ද ඇතුළු කරන්නේ යැ.”යි පැවසුවේය.
78

وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ ۖ قَالَ مَن يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ

ඔහු(මිනිසා) අපට උදාහරණ ඉදිරිපත් කරන්නේය. තවද ඔහු තමා මවනු ලැබීම පිළිබඳව අමතක කළේය. “ඇටකටු දිරා ගිය තත්ත්වයේ ඒවාට පණ දෙන්නේ කවරෙකු දැ?”යි ඔහු විමසන්නේය.
79

قُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ

(නබිවරය,) පවසවු “මුල් වරට එය නිර්මාණය කළ ඔහුම(අල්ලාහ්ම) එයට පණ දෙන්නේය. තවද ඔහු සෑම මැවීමක් පිළිබඳව සර්වඥය.”
80

الَّذِي جَعَلَ لَكُم مِّنَ الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَإِذَا أَنتُم مِّنْهُ تُوقِدُونَ

ඔහු නුඹලාට කොළ පැහැ (සරුසාර) ගසින් ගින්දර ඇති කළේය. 15 එවිට නුඹලා එයින් (ගිනි) දල් වන්නෙහුය.
15මෙයින් අර්ථවත් වන්නේ අරාබි කරයේ දක්නට ලබන ‘මරක් සහ ඉෆාර්’ නම් එක්තරා ගස් වර්ගයන් දෙකකි. මෙම ගස් දෙකෙහි අතු එකිනෙක ඇතිල්ලෙන විට ගිනි ඇවිළෙන්නේය.
81

أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِقَادِرٍ عَلَىٰ أَن يَخْلُقَ مِثْلَهُم ۚ بَلَىٰ وَهُوَ الْخَلَّاقُ الْعَلِيمُ

අහස් හා මිහිතලය මැවූ ඔහු මොවුන් මෙන් අය මැවීමට ශක්තිවන්තයෙකු නොවන්නේ ද? (නො)එසේය, සර්වඥ මහා මැවුම්කරුවා ඔහුමය.
82

إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَن يَقُولَ لَهُ كُن فَيَكُونُ

ඔහු යමක් (මැවීමට) සිතුවේ නම් ඔහුගේ ක්රියාමාර්ගය වනුයේම එයට “කුන්”(වනු) යැයි පැවසීමය. එවිගස එය සිදු වනු ඇත.
83

فَسُبْحَانَ الَّذِي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ

එබැවින් කවරෙකුගේ අතෙහි සෑම 16 දැයකම ආධිපත්යය ඇත්තේ ද ඔහු පිවිතුරුය. තවද ඔහු වෙතම නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහුය.
16මෙම ආයතයෙහි “කවරෙකුගේ අතෙහි සෑම දැයකම ආධිපත්යය” යනු සෑම දැයකම ආධිපත්යය අල්ලාහ්ගේ පාලනයට නතුව යැයි පෙන්නුම් කිරීම සඳහා මෙම පද යෙදුම භාවිත වී ඇතැ’යි අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත.
الصافاتමක්කී
1

وَالصَّافَّاتِ صَفًّا

පෙළකට පෙළගැසෙමින් සිටින්නන් (වන මලක්වරුන්) මත දිවුරමින්.
2

فَالزَّاجِرَاتِ زَجْرًا

තවද (වලාකුළු) දැඩි ලෙස ඇදගෙන යන්නන් (වන මලක්වරුන්) මත දිවුරමින්.
3

فَالتَّالِيَاتِ ذِكْرًا

තවද උපදෙස (වන අල් කුර්ආනය) පාරායනා කරමින් සිටින්නන් (වන මලක්වරුන්) මත දිවුරමින්. 1
1මොවුන් අල්ලාහ්ගේ අණ ඉටු කිරීම සඳහා අහසෙහි පෙළ ගැසී සිටියි. මොවුන් ෂෙයිතාන් ළඟා වීම වළක්වමින් සිටියි. මේ බව මෙම සූරාවේ ආයාත් 7, 8, 9 හා 10 හි සඳහන් වී ඇත. එපමණක් නොව ඔවුහු සෑම විටම අල්ලාහ්ව මෙනෙහි කිරීමෙහි නියැළි සිටිති. මුස්ලිම්වරුන්ට අල්ලාහ් නොවන අන් කිසි කෙනෙකු හෝ අන් කිසි දෙයක් මත දිවුරීමට අනුමැතිය නැත. එනමුත් අල් කුර්ආන්හි ඇතැම් ස්ථාන වල අල්ලාහ් විසින් යම් යම් දේවල් මත දිවුරා ඇත. මන්දයත් අල්ලාහ්ට වඩා උසස් යමක් නොමැති හෙයින් හා යම් දෙයක උසස් බව හෝ අත්යවශ්යය බව පෙන්නුම් කිරීම පිණිස අල්ලාහ් එසේ කර ඇත්තේය.
4

إِنَّ إِلَـٰهَكُمْ لَوَاحِدٌ

(ප්රතික්ෂේපකයිනි, නුඹලා බහු දේවත්වය විශ්වාස කළද) සැබැවින්ම නුඹලාගේ (සැබෑ) දෙවියන් ඒකීය (අල්ලාහ්)ය.
5

رَّبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَارِقِ

(ඔහු) අහස්හි ද මිහිතලයෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය, තවද සූර්යයා උදා වන (සියලු) ස්ථානයන්හි ද පරමාධිපතිය.
6

إِنَّا زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِ

සැබැවින්ම අප (මිහිතලයට) සමීප වූ අහස අලංකාරයෙන් එනම් තාරකා වලින් අලංකාරමත් කළෙමු.
7

وَحِفْظًا مِّن كُلِّ شَيْطَانٍ مَّارِدٍ

තවද (ඒවා අපි ඇති කළේ) අවනත නොවන සෑම ෂෙයිතාන්වරුන්ගෙන්ම) ආරක්ෂාවක් වශයෙනි.
8

لَّا يَسَّمَّعُونَ إِلَى الْمَلَإِ الْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ

(එබැවින්) ඔවුන්ට උත්තරීතර (මලක්වරුන්) පිරිස වෙත සවන් දිය නොහැකිය. තවද පලවා හැරීම පිණිස සෑම පැතිකඩකින්ම ඔවුහු ප්රහාරයට ලක් වෙති. ඔවුනට සදාතනික දඬුවමක් ද ඇත.
9

دُحُورًا ۖ وَلَهُمْ عَذَابٌ وَاصِبٌ

(එබැවින්) ඔවුන්ට උත්තරීතර (මලක්වරුන්) පිරිස වෙත සවන් දිය නොහැකිය. තවද පලවා හැරීම පිණිස සෑම පැතිකඩකින්ම ඔවුහු ප්රහාරයට ලක් වෙති. ඔවුනට සදාතනික දඬුවමක් ද ඇත.
10

إِلَّا مَنْ خَطِفَ الْخَطْفَةَ فَأَتْبَعَهُ شِهَابٌ ثَاقِبٌ

(නමුත් මලක්වරුන් කතා කරන දැයින්) යම් දෑ සොරෙන් පැහැර ගන්නා (ෂෙයිතාන්) මිස (අන් අයට උත්තරීතර පිරිස වෙත සවන් දිය නොහැකිය.) එවිගස ඔහුව සිදුරු කරන්නා වූ ගිනි අඟුරු ලුහුබඳින්නේය. 2
2මෙම සිද්ධියෙහි පරිපූර්ණ විස්තරය සඳහා අල් කුර්ආන් 15:18 හා එහි පාද සටහන බලන්න.
11

فَاسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَا ۚ إِنَّا خَلَقْنَاهُم مِّن طِينٍ لَّازِبٍ

(නබිවරය, අපගේ) “මැවුම්හි බලවත් වන්නේ (ප්රතික්ෂේපක) ඔවුන් ද නැතහොත් අපි මැවූ (අහස්, මිහිතල හා මලක්වරුන් වැනි) අය දැ?” යි නුඹ ඔවුන්ගෙන් විමසවු. සැබැවින්ම අපි ඇලෙන සුළු මැටියෙන් ඔවුන්ව මැව්වෙමු.
12

بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ

එනමුත් (ඔවුන් නුඹව අසත්යය කිරීම පිළිබඳව) නුඹ මවිතයට පත්වන්නෙහිය. තවද ඔවුහු (මරණින් මතු ලොව පිළිබඳව නුඹට) සමච්චල් කරති.
13

وَإِذَا ذُكِّرُوا لَا يَذْكُرُونَ

ඔවුනට (කුර්ආනය මගින්) උපදෙස් දෙනු ලැබූ විට ඔවුහු උපදෙස් නොලබති.
14

وَإِذَا رَأَوْا آيَةً يَسْتَسْخِرُونَ

තවද ඔවුහු (අල්ලාහ්ගේ කිසියම්) සංඥාවක් දුටු විට සමච්චල් කරන්නට තැත් කරති.
15

وَقَالُوا إِنْ هَـٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌ

තවද “මෙය පැහැදිලි හූනියමක් මිස නැතැ”යි ඔවුහු පවසති.
16

أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ

“අප මරණයට පත් වී දූවිලි හා ඇටකටු බවට පත් වූවායින් පසුවත් සැබැවින්ම අපව හා පෙර විසූ අපගේ මුතුන්මිත්තන්ව නැවත නැගිටවනු ලබන්නේ දැ?” (යි ඔවුහු විමසති.)
17

أَوَآبَاؤُنَا الْأَوَّلُونَ

“අප මරණයට පත් වී දූවිලි හා ඇටකටු බවට පත් වූවායින් පසුවත් සැබැවින්ම අපව හා පෙර විසූ අපගේ මුතුන්මිත්තන්ව නැවත නැගිටවනු ලබන්නේ දැ?” (යි ඔවුහු විමසති.)
18

قُلْ نَعَمْ وَأَنتُمْ دَاخِرُونَ

(නබිවරය,) පවසවු “එසේය නුඹලා අවමන් වූවන් ලෙස (නැවත නැගිටවනු ලබන්නෝ)ය.”
19

فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ فَإِذَا هُمْ يَنظُرُونَ

එසේනම් එය(දෙවන හොරණෑ හඬ) එකම එක මහා හඬක්මය. එවිට ඔවුහු (ප්රතික්ෂේප කළ එම විනිශ්චය දිනය) දකින්නෝය.
20

وَقَالُوا يَا وَيْلَنَا هَـٰذَا يَوْمُ الدِّينِ

තවද “අහෝ අප හට වූ විනාශය! මෙයමය විපාක ප්රදාන දිනය” යැයි ඔවුහු පවසති.
21

هَـٰذَا يَوْمُ الْفَصْلِ الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ

“නුඹලා කවර දෙයක් අසත්යය කරමින් සිටියෙහු ද (එහි) අවසන් තීරණය ලබා දෙන එම (විනිශ්චය) දිනය මෙයමය”. (යැයි ඔවුනට පවසනු ලැබේ.)
22

احْشُرُوا الَّذِينَ ظَلَمُوا وَأَزْوَاجَهُمْ وَمَا كَانُوا يَعْبُدُونَ

“(ආදේශ කරමින් තමන්ටම) අපරාධ කළවුන්ව ද ඔවුන්ගේ සහකරුවන්ව ද අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි දෑ ද නුඹලා එක්රැස් කරවු. තවද නුඹලා ඔවුනට නිරයේ මාර්ගය වෙත මග පෙන්වවු.
23

مِن دُونِ اللَّهِ فَاهْدُوهُمْ إِلَىٰ صِرَاطِ الْجَحِيمِ

“(ආදේශ කරමින් තමන්ටම) අපරාධ කළවුන්ව ද ඔවුන්ගේ සහකරුවන්ව ද අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි දෑ ද නුඹලා එක්රැස් කරවු. තවද නුඹලා ඔවුනට නිරයේ මාර්ගය වෙත මග පෙන්වවු.
24

وَقِفُوهُمْ ۖ إِنَّهُم مَّسْئُولُونَ

තවද ඔවුන් විමසනු ලැබීම පිණිස ඔවුන්ව රඳවා තබවු.” (යැයි අල්ලාහ් මලක්වරුන්ට පවසයි.)
25

مَا لَكُمْ لَا تَنَاصَرُونَ

“නුඹලා එකිනෙකාට උදව් නොකරන්නට නුඹලාට කුමක් වී ද?” (යැයි ඔවුන්ට සමච්චලයට මෙන් පවසනු ලැබේ.)
26

بَلْ هُمُ الْيَوْمَ مُسْتَسْلِمُونَ

නැත, අද දින ඔවුන් (සියල්ලෝම අල්ලාහ්ට) යටත් වූවන්ය.
27

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ

ඔවුන්ගෙන් සමහරු(අනුගාමිකයින්) තවත් සමහරු(ප්රධානීන් හා ෂෙයිතාන්වරුන්) වෙත මුහුණලා සිට එකිනෙකා විමසා (දොස් නගා)ගන්නෝය.
28

قَالُوا إِنَّكُمْ كُنتُمْ تَأْتُونَنَا عَنِ الْيَمِينِ

“සැබැවින්ම නුඹලා අප වෙතට දකුණු දෙසින් පැමිණෙමින් 3 (අපව නොමග යවමින්) සිටියෙහු යැ”යි ඔවුහු(අනුගාමිකයින්) පවසති.
3මෙහි දී ‘දකුණු දෙසින් පැමිණීම’ යනු නුඹලාගේ බලයෙන් අපව යහපත් දෑ කිරීමෙන් වළක්වා ඉස්ලාමය පිළිගැනීමෙන් වෙනතකට යොමු කර වැරදි ආකාරයට පාලනය කරමින් අපව නොමග යැවීමට පැමිණීයෝය යන්නය.
29

قَالُوا بَل لَّمْ تَكُونُوا مُؤْمِنِينَ

“එසේ නොව, විශ්වාසිකයින්ව නොසිටියේ නුඹලාම යැ”යි ඔවුහු(ප්රධානීන්) පිළිතුරු දෙති.
30

وَمَا كَانَ لَنَا عَلَيْكُم مِّن سُلْطَانٍ ۖ بَلْ كُنتُمْ قَوْمًا طَاغِينَ

“තවද නුඹලා කෙරෙහි අපට කිසිදු ආධිපත්යයක් නොවීය. නමුත් නුඹලා (අප මෙන්) සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.” (යැයි ද ප්රධානීහු පවසති.)
31

فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَا ۖ إِنَّا لَذَائِقُونَ

“එබැවින් අපගේ පරමාධිපති( අල්ලාහ්)ගේ (දඬුවමේ) වදන අප මත නියම විය. සැබැවින්ම අප ද (දඬුවම) රස විඳින්නන්මය.”
32

فَأَغْوَيْنَاكُمْ إِنَّا كُنَّا غَاوِينَ

“තවද අපි නුඹලාව නොමග යැව්වෙමු. සැබැවින්ම අපි ද නොමග ගියවුන්ව සිටියෙමු.” (යැයි ද ප්රධානීහු පවසති.)
33

فَإِنَّهُمْ يَوْمَئِذٍ فِي الْعَذَابِ مُشْتَرِكُونَ

(නබිවරය, දැනගනු) සැබැවින්ම එදින ඔවුන් (දෙපිරිසම) දඬුවමේ හවුල්කරුවන්ය.
34

إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ

සැබැවින්ම අපි වරදකරුවන් සමග කටයුතු කරන්නේ එලෙසය.
35

إِنَّهُمْ كَانُوا إِذَا قِيلَ لَهُمْ لَا إِلَـٰهَ إِلَّا اللَّهُ يَسْتَكْبِرُونَ

“අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැත” (යන්නෙන් පවසනු) යැයි (නබිවරයා විසින්) ඔවුනට කියනු ලැබූ විට සැබැවින්ම ඔවුන් (පිටුපා) උඬඟුකම්පාමින් “කවියෙකු (හා) උමතුවෙකු වෙනුවෙන් සැබැවින්ම අපගේ දෙවියන් අපි අත හැර දමන්නන් වන්නෙමු දැ”යි ඔවුහු පවසමින් සිටියෙහුය.
36

وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُو آلِهَتِنَا لِشَاعِرٍ مَّجْنُونٍ

“අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැත” (යන්නෙන් පවසනු) යැයි (නබිවරයා විසින්) ඔවුනට කියනු ලැබූ විට සැබැවින්ම ඔවුන් (පිටුපා) උඬඟුකම්පාමින් “කවියෙකු (හා) උමතුවෙකු වෙනුවෙන් සැබැවින්ම අපගේ දෙවියන් අපි අත හැර දමන්නන් වන්නෙමු දැ”යි ඔවුහු පවසමින් සිටියෙහුය.
37

بَلْ جَاءَ بِالْحَقِّ وَصَدَّقَ الْمُرْسَلِينَ

එසේ (ඔහු උමතුවෙකු හෝ කවියෙකු) නොව, ඔහු සත්යය (දහම) සමග පැමිණියේය. තවද (පෙර) රසූල්වරුන්ව ද ඔහු සත්යය කළේය.
38

إِنَّكُمْ لَذَائِقُو الْعَذَابِ الْأَلِيمِ

සැබැවින්ම නුඹලා වේදනීය දඬුවම රස විඳින්නන්මය.
39

وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ

තවද නුඹලා (ලොවෙහි) කරමින් සිටි දෑ (සඳහා) මිස නුඹලාට පලවිපාක දෙනු නොලබන්නෙහුය.
40

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ

(නමුත් විශ්වාස කොට අවනත වීම සඳහා) තෝරා ගනු ලැබූ අල්ලාහ්ගේ ගැත්තන් හැරය.
41

أُولَـٰئِكَ لَهُمْ رِزْقٌ مَّعْلُومٌ

ඔවුහු පූර්ණ සොම්නසින් වූ (ස්වර්ග) උයන්හි ගෞරවයට පාත්ර වූවන් ලෙස නියමිත ආහාර වන පලතුරු හිමි වූවන්ය.
42

فَوَاكِهُ ۖ وَهُم مُّكْرَمُونَ

ඔවුහු පූර්ණ සොම්නසින් වූ (ස්වර්ග) උයන්හි ගෞරවයට පාත්ර වූවන් ලෙස නියමිත ආහාර වන පලතුරු හිමි වූවන්ය.
43

فِي جَنَّاتِ النَّعِيمِ

ඔවුහු පූර්ණ සොම්නසින් වූ (ස්වර්ග) උයන්හි ගෞරවයට පාත්ර වූවන් ලෙස නියමිත ආහාර වන පලතුරු හිමි වූවන්ය.
44

عَلَىٰ سُرُرٍ مُّتَقَابِلِينَ

(එවිට ඔවුහු) කවිච්චි මත එකිනෙකා මුහුණට මුහුණලා සිටිති.
45

يُطَافُ عَلَيْهِم بِكَأْسٍ مِّن مَّعِينٍ

ගලා යන අමෘතයෙන් (පුරවන) ලද ගුරුලේත්තු ඔවුන් වටා ගෙන එනු ලැබේ.
46

بَيْضَاءَ لَذَّةٍ لِّلشَّارِبِينَ

(එය) සුදු පැහැතිය. පානය කරන්නන්ට ප්රණීතය.
47

لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ

එ(ම අමෘතයෙ)හි කිසිදු හිසරදයක් නොමැත. තවද ඔවුන් එයින් මත් නොවෙති.
48

وَعِندَهُمْ قَاصِرَاتُ الطَّرْفِ عِينٌ

තවද අලංකාර දිගු නෙත් ඇති සංවර බැල්මෙන් යුත් කන්යාවන් ද ඔවුන් අබියස සිටිති.
49

كَأَنَّهُنَّ بَيْضٌ مَّكْنُونٌ

මෙ(ම කන්යා)වුන් (සිවියෙන්) සැඟවුණු (බිත්තර) මදය මෙන්ය. 4
4මෙම ආයතයෙහි ස්වර්ග කන්යාවන්ව බිත්තර මදයකට උපමා කළ හේතුව නම් ඔවුන්ව තම සහකරු වෙනුවෙන් සුරැකී ඇති අන්දම පෙන්වා දීමටත් එහි මෘදු බව හා වර්ණය සැලකිල්ලට ගෙන ඔවුන් දෙනෙතට ඉතා දැකුම්කලු බව පෙන්වා දීමටත්ය.
50

فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ

(ස්වර්ගවාසී) ඔවුන්ගෙන් සමහරෙකු තවත් සමහරෙකු වෙතට යොමු වී (තම ලෞකික ජීවිතය පිළිබඳව) විමසා ගන්නෝය.
51

قَالَ قَائِلٌ مِّنْهُمْ إِنِّي كَانَ لِي قَرِينٌ

ඔවුන් අතුරින් අයෙකු (මෙසේ) පැවසීය “සැබැවින්ම මට මිතුරෙකු සිටියේය.
52

يَقُولُ أَإِنَّكَ لَمِنَ الْمُصَدِّقِينَ

ඔහු ‘සැබැවින්ම නුඹත් (විනිශ්චය දිනය) සත්යය කරන්නන් අතුරින් කෙනෙකු ද? අප මරණයට පත්ව ඇටකටු හා පස් බවට පත් වූ විට අප ඵල විපාක දෙනු ලබන්නෙමු ද?’ යැයි (මා හට) පවසමින් සිටියේය.”
53

أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَدِينُونَ

ඔහු ‘සැබැවින්ම නුඹත් (විනිශ්චය දිනය) සත්යය කරන්නන් අතුරින් කෙනෙකු ද? අප මරණයට පත්ව ඇටකටු හා පස් බවට පත් වූ විට අප ඵල විපාක දෙනු ලබන්නෙමු ද?’ යැයි (මා හට) පවසමින් සිටියේය.”
54

قَالَ هَلْ أَنتُم مُّطَّلِعُونَ

“නුඹලා (ද එම මිතුරාව) එබී බලන්නේ දැ”යි ඔහු විමසීය.
55

فَاطَّلَعَ فَرَآهُ فِي سَوَاءِ الْجَحِيمِ

පසුව ඔහු එබී බැලුවේය. එවිට ඔහු(මිතුරා) නිරය මධ්යයේ සිටිනු ඔහු දුටුවේය.
56

قَالَ تَاللَّهِ إِن كِدتَّ لَتُرْدِينِ

“අල්ලාහ් මත දිවුරමින්, සැබැවින්ම නුඹ මා (නිරයෙහි) හෙළන්නට තැත් කළෙහිය. මාගේ පරමාධිපතිගේ භාග්යය (මා හට) නොවූයේ නම් (නිරයට) ඉදිරිපත් කරනු ලබන්නන්ගෙන් කෙනෙකු වශයෙන් මම ද වන්නට තිබුණි.” යැයි ඔහු (නිරාවාසී මිතුරා අමතා) පැවසුවේය. 5
5මෙහි සඳහන් පුද්ගලයන් දෙදෙනාගේ මෙලොව ජීවිතය පිළිබඳව අල් කුර්ආන් 18:32-44 යන ආයාවන් මගින් ද විස්තර කොට ඇත.
57

وَلَوْلَا نِعْمَةُ رَبِّي لَكُنتُ مِنَ الْمُحْضَرِينَ

“අල්ලාහ් මත දිවුරමින්, සැබැවින්ම නුඹ මා (නිරයෙහි) හෙළන්නට තැත් කළෙහිය. මාගේ පරමාධිපතිගේ භාග්යය (මා හට) නොවූයේ නම් (නිරයට) ඉදිරිපත් කරනු ලබන්නන්ගෙන් කෙනෙකු වශයෙන් මම ද වන්නට තිබුණි.” යැයි ඔහු (නිරාවාසී මිතුරා අමතා) පැවසුවේය. 5
58

أَفَمَا نَحْنُ بِمَيِّتِينَ

(පසුව ස්වර්ග හා නිරා වාසීන් අමතා ‘මින් පසු නුඹලාට මරණය අහිමිය’ යනුවෙන් අමතනු ලැබේ.) “(එසේ නම්) අපගේ මුල්(ලොවෙහි) මරණය හැර අප මරණයට පත්වන්නන් නොවන්නෙමු ද! තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවෙමු ද!” (යැයි එම ස්වර්ගවාසියා සතුටින් පවසනු ඇත.)
59

إِلَّا مَوْتَتَنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ

(පසුව ස්වර්ග හා නිරා වාසීන් අමතා ‘මින් පසු නුඹලාට මරණය අහිමිය’ යනුවෙන් අමතනු ලැබේ.) “(එසේ නම්) අපගේ මුල්(ලොවෙහි) මරණය හැර අප මරණයට පත්වන්නන් නොවන්නෙමු ද! තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවෙමු ද!” (යැයි එම ස්වර්ගවාසියා සතුටින් පවසනු ඇත.)
60

إِنَّ هَـٰذَا لَهُوَ الْفَوْزُ الْعَظِيمُ

සැබැවින්ම මෙයමය ඉමහත් ජයග්රහණය වන්නේ.
61

لِمِثْلِ هَـٰذَا فَلْيَعْمَلِ الْعَامِلُونَ

එබැවින් ක්රියා කරන්නන් මෙවන් (ජයග්රාහී) දෑ සඳහාම (මෙලොවෙහි) ක්රියා කරත්වා!
62

أَذَٰلِكَ خَيْرٌ نُّزُلًا أَمْ شَجَرَةُ الزَّقُّومِ

සංග්රහයෙන් ශ්රේෂ්ඨ එය ද? නැතහොත් zසක්කූම් නම් ගස ද? 6
6‘zසක්කූම්’ යනු අරාබිකරයේ කාන්තාර වල දක්නට තිබෙන එක් තිත්ත ගසකි. මෙය ‘නිරා වැසියන්ගේ ආහාර වනු ඇත’ යැයි අල් කුර්ආනයේ සඳහන් වූ විට ගින්නෙහි කෙසේ නම් ගස් හට ගන්නේ දැ’යි මක්කාවාසී ප්රතික්ෂේපකයින් පවසා මෙය විහිළුවකට ගත්තෝය. 63 වන ආයතයෙහි මෙය දඬුවමක් මෙන්ම පිරික්සුමක් යැයි සඳහන් වී ඇත්තේ එම නිසාය. එමෙන්ම ආයතයන් 64 හා 65 හි එය ලොවේ ඇති සාමාන්ය ගස් මෙන් නොවන බව පැහැදිලි කර ඇත.
63

إِنَّا جَعَلْنَاهَا فِتْنَةً لِّلظَّالِمِينَ

සැබැවින්ම අපි අපරාධකරුවන්ට පිරික්සුමක් ලෙස එය(zසක්කූම් ගස) පත් කළෙමු.
64

إِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِي أَصْلِ الْجَحِيمِ

සැබැවින්ම එය නිරය පතුලෙහි වැඩෙන ගසකි.
65

طَلْعُهَا كَأَنَّهُ رُءُوسُ الشَّيَاطِينِ

සැබැවින්ම එහි ඵල, එය ෂෙයිතාන්වරුන්ගේ හිස් මෙන්ය.
66

فَإِنَّهُمْ لَآكِلُونَ مِنْهَا فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ

තවද සැබැවින්ම (ප්රතික්ෂේපක) ඔවුන් එයින් අනුභව කර එයින්ම කුස පුරවා ගන්නන්ය.
67

ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًا مِّنْ حَمِيمٍ

පසුව ඊට අමතරව ඔවුනට උතුරන පානයෙන් මිශ්රණයක් ද ඇත්තේමය.
68

ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى الْجَحِيمِ

ඉන්පසුව සැබැවින්ම ඔවුන්ගේ නැවත යොමු වීම නිරය වෙතමය.
69

إِنَّهُمْ أَلْفَوْا آبَاءَهُمْ ضَالِّينَ

මන්දයත් සැබැවින්ම (ලොවෙහි දී) ඔවුහු තම මුතුන් මිත්තන්ව නොමග ගියවුන් ලෙස දුටුවෝය.
70

فَهُمْ عَلَىٰ آثَارِهِمْ يُهْرَعُونَ

(එනමුත්) මොවුහු ඔවුන්ගේ පියසටහන් මත (අනුගමනය කිරීමෙහි) යුහුසුලු වෙමින් සිටියෝය.
71

وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ الْأَوَّلِينَ

සැබැවින්ම පැරැන්නන්ගෙන් බොහෝමයක් ද මොවුනට පෙර නොමග ගොස් ඇත.
72

وَلَقَدْ أَرْسَلْنَا فِيهِم مُّنذِرِينَ

සැබැවින්ම අපි ඔවුන් අතර ද අවවාද කරන්නන්(රසූල්වරුන්ව) යවා ඇත්තෙමු.
73

فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنذَرِينَ

(විශ්වාස කොට අවනත වීම සඳහා) තෝරා ගනු ලැබූ අල්ලාහ්ගේ ගැත්තන් හැර අවවාදයට ලක් වූවන්ගේ (නින්දනීය) අවසානය කෙසේ වී දැ?යි නුඹලා බලවු.
74

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ

(විශ්වාස කොට අවනත වීම සඳහා) තෝරා ගනු ලැබූ අල්ලාහ්ගේ ගැත්තන් හැර අවවාදයට ලක් වූවන්ගේ (නින්දනීය) අවසානය කෙසේ වී දැ?යි නුඹලා බලවු.
75

وَلَقَدْ نَادَانَا نُوحٌ فَلَنِعْمَ الْمُجِيبُونَ

සැබැවින්ම නූහ් අපව(අල්ලාහ්ව) ඇමතීය. එවිට (අපි) ප්රතිචාර දක්වන්නන් අතුරින් ඉතා උතුම්ය.
76

وَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ

තවද අපි ඔහුව ද ඔහුගේ පවුල 7 ද මහා විපතින් 8 ආරක්ෂා කළෙමු.
7මෙහි “ඔහුගේ පවුල” යන්නෙන් අදහස් කෙරෙනුයේ නබි නූහ් තුමාව විශ්වාස කොට අනුගමනය කළ උදවියයි.
8එය මහා ගංවතුරක් වන අතර වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 11:36-44 දක්වා බලන්න.
77

وَجَعَلْنَا ذُرِّيَّتَهُ هُمُ الْبَاقِينَ

පසුව අපි ඔහුගේ පරපුර 9 පමණක් ඉතිරි වූවන් බවට පත් කළෙමු.
9එම ගංවතුර ගැල්මෙන් අනතුරුව ගොඩට බැසි උදවිය අතුරින් නබි නූහ් තුමාගේ පවුලෙන් පමණක් මතු පරපුර හට ගැනිණ.
78

وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ

තවද අපි මතු පැමිණෙන්නන් අතරෙහි ඔහු පිළිබඳව (යහ පැසසුම්) ඉතිරි කළෙමු.
79

سَلَامٌ عَلَىٰ نُوحٍ فِي الْعَالَمِينَ

ලෝකවාසීන් අතුරින් නූහ් කෙරෙහි සලාම්(ශාන්තිය) අත්වේවා!
80

إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ

සැබැවින්ම මෙලෙසය අපි යහපත කරන්නන්ට ප්රතිඵල ලබා දෙනුයේ.
81

إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ

සැබැවින්ම ඔහු අපගේ විශ්වාසවන්ත ගැත්තන් අතුරින් විය.
82

ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ

පසුව අපි (ඔහුව ප්රතික්ෂේප කළ) අන් අයව (දියේ) ගිල්වූයෙමු.
83

وَإِنَّ مِن شِيعَتِهِ لَإِبْرَاهِيمَ

සැබැවින්ම ඉබ්රාහීම් ඔහුගේම අනුගාමිකයින්ගෙන් කෙනෙකි.
84

إِذْ جَاءَ رَبَّهُ بِقَلْبٍ سَلِيمٍ

ශාන්තිමත් (පිවිතුරු) හදවතින් තම පරමාධිපති වෙත ඔහු(ඉබ්රාහීම්) පැමිණි අවස්ථාව (සිහිපත් කරවු).
85

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَاذَا تَعْبُدُونَ

එකල්හි “නුඹලා නමදිනුයේ කුමක් දැ’යි ඔහු තම පියාට ද තම සමූහයාට ද පැවසුවේය.
86

أَئِفْكًا آلِهَةً دُونَ اللَّهِ تُرِيدُونَ

(එවිට) ‘අල්ලාහ් හැර මිථ්යාවත් දෙවිවරුන් නුඹලා පතන්නේ ද?
87

فَمَا ظَنُّكُم بِرَبِّ الْعَالَمِينَ

එසේ නම් විශ්වයේ පරමාධිපති පිළිබඳව නුඹලාගේ සිතුවිල්ල කුමක් දැ”?(යි ද ඔහු තම පියාගෙන් ද තම සමූහයාගෙන් ද විමසුවේය.)
88

فَنَظَرَ نَظْرَةً فِي النُّجُومِ

පසුව (ඉබ්රාහීම්ව තම සමූහයා උත්සවයකට කැඳ වූ අවස්ථාවේ) ඔහු (කල්පනා කරමින්) තරු දෙස බැල්මක් යොමු කළේය.
89

فَقَالَ إِنِّي سَقِيمٌ

එවිගස ඔහු “සැබැවින්ම මම අසනීපයෙන් සිටින්නෙමි” යැයි පැවසුවේය. 10
10නබි ඉබ්රාහීම් තුමාගේ ජනයින් උත්සව දිනයක් සැමරීම සඳහා මොහුව කැඳෙව්වෝය. එනමුත් මොවුන් උත්සවය සමරන විට මොවුන් වැඳුම් පිදුම් කරන පිළිමයන්ට කිසිදු ශක්තියක් නැත යන්න වටහා දීමට අධිෂ්ඨානශීලීව සිටියේය. මෙම සිද්ධිය අල් කුර්ආන් 21 : 51 - 63 හි සඳහන් වී ඇත. ඇත්තෙන්ම මොහුට එම අවස්ථාවේ යම් අසනීප තත්ත්වයක් තිබෙන්නට පුළුවන. කෙසේ වෙතත් මොහු උත්සවයට සහභාගී නොවීමට මූලික හේතුව වූයේ මෙම පිළිමයන් කඩා ඔවුන්ට සත්යය වටහා දිය යුතුය යන චේතනාව මිස ඔහු අසනීපයෙන් සිටීම නොවේ.
90

فَتَوَلَّوْا عَنْهُ مُدْبِرِينَ

එබැවින් ඔවුහු ඔහුව මග හැර හැරී ගියෝය.
91

فَرَاغَ إِلَىٰ آلِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ

එවිට ඔවුන්ගේ දෙවිවරුන්(පිළිම) වෙත ඔහු රහසිගතව ගොස් (නුඹලා අබියස ඇති ආහාර) “නුඹලා අනුභව නොකරන්නෙහු ද? නුඹලා කතා නොකර සිටීමට නුඹලාට කුමක් වී ද?”යැයි ඇසීය.
92

مَا لَكُمْ لَا تَنطِقُونَ

එවිට ඔවුන්ගේ දෙවිවරුන්(පිළිම) වෙත ඔහු රහසිගතව ගොස් (නුඹලා අබියස ඇති ආහාර) “නුඹලා අනුභව නොකරන්නෙහු ද? නුඹලා කතා නොකර සිටීමට නුඹලාට කුමක් වී ද?”යැයි ඇසීය.
93

فَرَاغَ عَلَيْهِمْ ضَرْبًا بِالْيَمِينِ

පසුව ඔහු ඒවාට දකුණතින් (දැඩි) පහරක් එල්ල කළේය.
94

فَأَقْبَلُوا إِلَيْهِ يَزِفُّونَ

පසුව (එය ආරංචි වී) ඔහු වෙත ඔවුහු(සමූහයා) ශීඝ්රයෙන් පැමිණියෝය.
95

قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ

“නුඹලාව ද නුඹලා අඹමින් සිටි දැය ද අල්ලාහ් මවා තිබිය දී නුඹලා(ගේ දෑතින්ම) නෙළළූ දෑ නුඹලා නමදින්නෙහු දැ”යි ඔහු විමසුවේය.
96

وَاللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ

“නුඹලාව ද නුඹලා අඹමින් සිටි දැය ද අල්ලාහ් මවා තිබිය දී නුඹලා(ගේ දෑතින්ම) නෙළළූ දෑ නුඹලා නමදින්නෙහු දැ”යි ඔහු විමසුවේය.
97

قَالُوا ابْنُوا لَهُ بُنْيَانًا فَأَلْقُوهُ فِي الْجَحِيمِ

(ඔවුන් කෝප වී) “මොහු වෙනුවෙන් (පෝරණුවක් මෙන්) ගොඩනැගිල්ලක් තනවු. පසුව ඔහුව (එහි) දැවෙන ගින්නෙහි හෙළවු.” යැයි ඔවුහු පැවසුවෝය.
98

فَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَسْفَلِينَ

තවද ඔහුට කුමන්ත්රණයක් කිරීමට ඔවුහු අපේක්ෂා කළෝය. නමුත් (ඔවුන්ගේ කුමන්ත්රණය නිෂ්ඵල කිරීමෙන්) ඔවුන්ව අපි අධමයින් බවට පත් කළෙමු. 11
11නබි ඉබ්රාහීම් තුමාව මහා ගින්නට විසි කළ විට ගින්නට සිසිල් වන ලෙස අණ කර ඔහුව අල්ලාහ් ආරක්ෂා කළ බව අල් කුර්ආන් 21:69 වි සඳහන් වී ඇත.
99

وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهْدِينِ

(ඔහු ගින්නෙන් ආරක්ෂා වූ) පසුව “සැබැවින්ම මම (දේශාන්තරණය කර) මාගේ පරමාධිපති (විධානය කළ ස්ථානය) වෙත යන්නෙමි. 12 ඔහු මට මග පෙන්වනු ඇත. මාගේ පරමාධිපතියාණනි, දැහැමියන්ගෙන් (පුතෙකු) මට ප්රදානය කරනු මැනව!” යැයි ඔහු(ඉබ්රාහීම්) පැවසුවේය.
12එනම් ඔහු අල්ලාහ්ගේ අණ පරිදි ඉරාක් දේශයේ සිට සිරියාව කරා දේශාන්තරණය කරන්නට සූදානම් විය.
100

رَبِّ هَبْ لِي مِنَ الصَّالِحِينَ

(ඔහු ගින්නෙන් ආරක්ෂා වූ) පසුව “සැබැවින්ම මම (දේශාන්තරණය කර) මාගේ පරමාධිපති (විධානය කළ ස්ථානය) වෙත යන්නෙමි. 12 ඔහු මට මග පෙන්වනු ඇත. මාගේ පරමාධිපතියාණනි, දැහැමියන්ගෙන් (පුතෙකු) මට ප්රදානය කරනු මැනව!” යැයි ඔහු(ඉබ්රාහීම්) පැවසුවේය.
101

فَبَشَّرْنَاهُ بِغُلَامٍ حَلِيمٍ

එබැවින් ඉවසිලිවන්ත දරුවෙකු පිළිබඳව අපි ඔහුට ශුභාරංචි පැවසුවෙමු. 13
13මෙම දරුවා නබි ඉස්මාඊල් තුමාණන්ය.
102

فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنِّي أَرَىٰ فِي الْمَنَامِ أَنِّي أَذْبَحُكَ فَانظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِي إِن شَاءَ اللَّهُ مِنَ الصَّابِرِينَ

ඔහු සමගම ඔහු(පුතු වන ඉස්මාඊල්) වෙහෙස වීමේ වයස එළඹූ විට, “මාගේ පුතණුවනි, ‘මම නුඹගේ ගෙල සිඳින්නෙමි’ යන්නෙන් සැබැවින්ම මම සිහිනයෙහි දුටුවෙමි. එබැවින් (මේ පිළිබඳව) ඔබ අදහස් කරන්නේ කුමක් දැයි කල්පනා කරවු” යැයි ඔහු විමසුවේය. “මාගේ පියාණනි, ඔබට අණ කරනු ලැබූ දෑ ඔබ ඉටු කරන්න. අල්ලාහ් අභිමත කළේ නම් ඉවසිලිවන්තයින්ගෙන් කෙනෙකුව ඔබ මා ලබනු ඇතැ”යි ඔහු පැවසුවේය.
103

فَلَمَّا أَسْلَمَا وَتَلَّهُ لِلْجَبِينِ

(අල්ලාහ්ගේ විධානයට) ඔවුන් දෙදෙනාම අවනත වී ඔහු(ඉබ්රාහීම්) (ඔහුගේ ගෙල සිඳීම සඳහා) ඔහුව මුණින් අතට තැබූ කල්හි (ඔවුන් දෙදෙනාගේ ස්ථීර චේතනාව ඉස්මතු විය). “අහෝ ඉබ්රාහීම්, සැබැවින්ම නුඹ සිහිනය සැබෑ කළෙහිය. සැබැවින්ම අප යහපත කරන්නන්ට මෙලෙසය ප්රතිඵල ලබා දෙනුයේ.” යැයි අපි ඔහුව ඇමතුවෙමු.
104

وَنَادَيْنَاهُ أَن يَا إِبْرَاهِيمُ

(අල්ලාහ්ගේ විධානයට) ඔවුන් දෙදෙනාම අවනත වී ඔහු(ඉබ්රාහීම්) (ඔහුගේ ගෙල සිඳීම සඳහා) ඔහුව මුණින් අතට තැබූ කල්හි (ඔවුන් දෙදෙනාගේ ස්ථීර චේතනාව ඉස්මතු විය). “අහෝ ඉබ්රාහීම්, සැබැවින්ම නුඹ සිහිනය සැබෑ කළෙහිය. සැබැවින්ම අප යහපත කරන්නන්ට මෙලෙසය ප්රතිඵල ලබා දෙනුයේ.” යැයි අපි ඔහුව ඇමතුවෙමු.
105

قَدْ صَدَّقْتَ الرُّؤْيَا ۚ إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ

(අල්ලාහ්ගේ විධානයට) ඔවුන් දෙදෙනාම අවනත වී ඔහු(ඉබ්රාහීම්) (ඔහුගේ ගෙල සිඳීම සඳහා) ඔහුව මුණින් අතට තැබූ කල්හි (ඔවුන් දෙදෙනාගේ ස්ථීර චේතනාව ඉස්මතු විය). “අහෝ ඉබ්රාහීම්, සැබැවින්ම නුඹ සිහිනය සැබෑ කළෙහිය. සැබැවින්ම අප යහපත කරන්නන්ට මෙලෙසය ප්රතිඵල ලබා දෙනුයේ.” යැයි අපි ඔහුව ඇමතුවෙමු.
106

إِنَّ هَـٰذَا لَهُوَ الْبَلَاءُ الْمُبِينُ

සැබැවින්ම මෙයමය පැහැදිලි පිරික්සුම වන්නේ.
107

وَفَدَيْنَاهُ بِذِبْحٍ عَظِيمٍ

තවද ඔහු(ඉස්මාඊල්) වෙනුවට ඉමහත් කැපයක්(බැටළුවෙක්) මගින් 14 අපි පියවූයෙමු.
14නබි ඉබ්රාහීම් තුමාණන් සිහිනයෙහි දුටු ආකාරයෙන් සිය පුත්රයාව කපා බිලි දීමට සියල්ල සූදානම් කර බිලි දීමට සැරසෙන මොහොතේ අල්ලාහ් විසින් එය වළකා ඔවුනට කැප කිරීම සඳහා එක් එළුවෙකු දෙනු ලැබීය. පසුව නබි ඉබ්රාහීම් තුමාණන් එම සත්වයාව බිලිදෙන ලදී. මෙම සිදුවීම් මාලාව සිහිපත් කිරීම පිණිස හජ් උත්සවය සැමරීම ආගමානුගත වී ඇත.
108

وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ

තවද අපි මතු පැමිණෙන්නන් අතරෙහි ඔහු පිළිබඳව (ප්රශංසනීය ස්මරණයන්) ඉතිරි කර තැබුවෙමු.
109

سَلَامٌ عَلَىٰ إِبْرَاهِيمَ

ඉබ්රාහීම් කෙරෙහි සලාම්(ශාන්තිය) හිමි වේවා!
110

كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ

අපි යහපත කරන්නන්ට මෙලෙසය ප්රතිඵල ලබා දෙනුයේ.
111

إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ

සැබැවින්ම ඔහු අපගේ විශ්වාසවන්ත ගැත්තන් අතුරින් විය.
112

وَبَشَّرْنَاهُ بِإِسْحَاقَ نَبِيًّا مِّنَ الصَّالِحِينَ

තවද අපි ඔහුට දැහැමියන් අතුරින් වූ නබිවරයෙකු ලෙස (ඔහුගේ පුත්) ඉස්හාක් පිළිබඳව ශුභාරංචි පැවසුවෙමු.
113

وَبَارَكْنَا عَلَيْهِ وَعَلَىٰ إِسْحَاقَ ۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَظَالِمٌ لِّنَفْسِهِ مُبِينٌ

තවද අපි ඔහු කෙරෙහි හා ඉස්හාක් කෙරෙහි අභිවෘද්ධිය ලබා දුනිමු. ඔවුන් දෙදෙනාගේ පරපුරින් යහපත් අය ද පැහැදිලි ලෙස තමන්ටම අපරාධ කර ගත් අය ද සිටිති.
114

وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَارُونَ

අපි සැබැවින්ම මූසාට ද හාරූන්ට ද දායාදය පිරිනැමුවෙමු.
115

وَنَجَّيْنَاهُمَا وَقَوْمَهُمَا مِنَ الْكَرْبِ الْعَظِيمِ

තවද අපි ඔවුන් දෙදෙනාව ද ඔවුන් දෙදෙනාගේ ජනයාව ද මහා විපතින් මුදවා ගත්තෙමු.
116

وَنَصَرْنَاهُمْ فَكَانُوا هُمُ الْغَالِبِينَ

තවද අපි ඔවුනට උදව් කළෙමු. එබැවින් ඔවුහු අබිබවා යන( ජයග්රාහික)වුන් බවට පත් වූහ.
117

وَآتَيْنَاهُمَا الْكِتَابَ الْمُسْتَبِينَ

තවද අපි ඔවුන් දෙදෙනාට පැහැදිලි ධර්ම පුස්තකය(තව්රාතය) පිරිනැමුවෙමු.
118

وَهَدَيْنَاهُمَا الصِّرَاطَ الْمُسْتَقِيمَ

තවද අපි ඔවුන් දෙදෙනාව ඍජු මාර්ගයට යොමු කළෙමු.
119

وَتَرَكْنَا عَلَيْهِمَا فِي الْآخِرِينَ

තවද අපි මතු පැමිණෙන්නන් අතරෙහි ඔවුන් දෙදෙනා පිළිබඳව (ප්රශංසනීය ස්මරණයන්) ඉතිරි කර තැබුවෙමු.
120

سَلَامٌ عَلَىٰ مُوسَىٰ وَهَارُونَ

මූසා හා හාරූන් කෙරෙහි සලාම්(ශාන්තිය) හිමි වේවා!-
121

إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ

සැබැවින්ම අප යහපත කරන්නන්ට මෙලෙසය ප්රතිඵල ලබා දෙනුයේ.
122

إِنَّهُمَا مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ

සැබැවින්ම ඔවුන් දෙදෙනා අපගේ විශ්වාසවන්ත ගැත්තන් අතුරින් වූහ.
123

وَإِنَّ إِلْيَاسَ لَمِنَ الْمُرْسَلِينَ

සැබැවින්ම ඉල්යාස් ද රසූල්වරුන්ගෙන් කෙනෙකි.
124

إِذْ قَالَ لِقَوْمِهِ أَلَا تَتَّقُونَ

ඔහු තම සමූහයාට “නුඹලා බිය භක්තිමත් නොවන්නෙහු ද? නුඹලාගේ පරමාධිපති ද පෙර විසූ නුඹලාගේ මුතුන් මිත්තන්ගේ පරමාධිපති ද වූ මැවුම්කරුවන්ගෙන් ඉතා අලංකාර මැවුම්කරුවා වන අල්ලාහ්ව අත හැර දමා බඃල් 15 (නැමැති පිළිමය)ට නුඹලා ඇයැදින්නෙහු දැ’යි ඔහු විමසූ අවස්ථාව (සිහිපත් කරවු).
15‘බඃල්’ යනු ඔවුන් නමදිමින් සිටී පිළිමෙහි නාමයයි.
125

أَتَدْعُونَ بَعْلًا وَتَذَرُونَ أَحْسَنَ الْخَالِقِينَ

ඔහු තම සමූහයාට “නුඹලා බිය භක්තිමත් නොවන්නෙහු ද? නුඹලාගේ පරමාධිපති ද පෙර විසූ නුඹලාගේ මුතුන් මිත්තන්ගේ පරමාධිපති ද වූ මැවුම්කරුවන්ගෙන් ඉතා අලංකාර මැවුම්කරුවා වන අල්ලාහ්ව අත හැර දමා බඃල් 15 (නැමැති පිළිමය)ට නුඹලා ඇයැදින්නෙහු දැ’යි ඔහු විමසූ අවස්ථාව (සිහිපත් කරවු).
126

اللَّهَ رَبَّكُمْ وَرَبَّ آبَائِكُمُ الْأَوَّلِينَ

ඔහු තම සමූහයාට “නුඹලා බිය භක්තිමත් නොවන්නෙහු ද? නුඹලාගේ පරමාධිපති ද පෙර විසූ නුඹලාගේ මුතුන් මිත්තන්ගේ පරමාධිපති ද වූ මැවුම්කරුවන්ගෙන් ඉතා අලංකාර මැවුම්කරුවා වන අල්ලාහ්ව අත හැර දමා බඃල් 15 (නැමැති පිළිමය)ට නුඹලා ඇයැදින්නෙහු දැ’යි ඔහු විමසූ අවස්ථාව (සිහිපත් කරවු).
127

فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ

එවිට ඔවුහු ඔහුව අසත්ය කළෝය. එබැවින් (විශ්වාස කොට අවනත වීම සඳහා) තෝරා ගනු ලැබූ අල්ලාහ්ගේ ගැත්තන් හැර සැබැවින්ම ඔවුන් (සියල්ලෝම නිරයට) ඉදිරිපත් කරනු ලබන්නන්ය.
128

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ

එවිට ඔවුහු ඔහුව අසත්ය කළෝය. එබැවින් (විශ්වාස කොට අවනත වීම සඳහා) තෝරා ගනු ලැබූ අල්ලාහ්ගේ ගැත්තන් හැර සැබැවින්ම ඔවුන් (සියල්ලෝම නිරයට) ඉදිරිපත් කරනු ලබන්නන්ය.
129

وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ

තවද අපි මතු පැමිණෙන්නන් අතරෙහි ඔහු පිළිබඳව (ප්රශංසනීය ස්මරණයන්) ඉතිරි කර තැබුවෙමු.
130

سَلَامٌ عَلَىٰ إِلْ يَاسِينَ

ඉල්යාසීන් 16 කෙරෙහි ශාන්තිය හිමි වේවා!
16මෙහි සඳහන් ‘ඉල්යාසීන්’ යනු පෙර ආයාවන්හි සඳහන් ‘ඉල්යාස්’ තුමා පමණක් අදහස් කරනු ලබන අතර ‘ඔහු හා ඔහුගේ අනුගාමිකයින්’ දෙපිරිසම ලෙස තවත් මතයක් ද ඇත.
131

إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ

සැබැවින්ම අප යහපත කරන්නන්ට මෙලෙසය ප්රතිඵල ලබා දෙනුයේ.
132

إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ

සැබැවින්ම ඔහු අපගේ විශ්වාසවන්ත ගැත්තන් අතුරින් වූහ.
133

وَإِنَّ لُوطًا لَّمِنَ الْمُرْسَلِينَ

සැබැවින්ම ලූත් ද රසූල්වරුන්ගෙන් කෙනෙකි.
134

إِذْ نَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ

ඔහුව ද ඔහුගේ පවුලේ සියල්ල ද (ඔහුගේ සමූහයට ඇති වූ විපතින්) අපි මුදවා ගත් අවස්ථාව (සිහිපත් කරවු). (නමුත් විනාශ වන්නට සිටි අය වන) ඉතිරි වූවන් අතරෙහි සිටි මැහැල්ලිය 17 හැර
17මෙහි මැහැල්ලිය යන්නෙන් අදහස් කෙරෙනුයේ ලූත් තුමාගේ බිරියයි. ඇය ඔහුගේ පවුලේ සාමාජිකයෙකු වුවද සමලිංගිකයින්ට එම පාපයෙහි යෙදීමට උදව් කළ හෙයින් ඇයද මෙම දඬුවමට භාජනය විය.
135

إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَ

ඔහුව ද ඔහුගේ පවුලේ සියල්ල ද (ඔහුගේ සමූහයට ඇති වූ විපතින්) අපි මුදවා ගත් අවස්ථාව (සිහිපත් කරවු). (නමුත් විනාශ වන්නට සිටි අය වන) ඉතිරි වූවන් අතරෙහි සිටි මැහැල්ලිය 17 හැර
136

ثُمَّ دَمَّرْنَا الْآخَرِينَ

ඉන්පසුව අපි සෙස්සන්ව මුළුමණින්ම විනාශ කළෙමු.
137

وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِم مُّصْبِحِينَ

සැබැවින්ම නුඹලා උදෑසන ද රාත්රියෙහි ද 18 ඔවුන්ව (විනාශ කළ පෙදෙස්) පසු කරමින් යන්නෙහුය. එබැවින් (ඔවුන්ගේ ඉරණම පිළිබඳව) නුඹලා අවබෝධ කර නොගන්නෙහු ද?
18මොවුන්ගේ වෘත්තාන්තය අල් කුර්ආන් 7:80 සහ 11:69-82 11 : 69 - 82 හි සඳහන් වී ඇත.
138

وَبِاللَّيْلِ ۗ أَفَلَا تَعْقِلُونَ

සැබැවින්ම නුඹලා උදෑසන ද රාත්රියෙහි ද 18 ඔවුන්ව (විනාශ කළ පෙදෙස්) පසු කරමින් යන්නෙහුය. එබැවින් (ඔවුන්ගේ ඉරණම පිළිබඳව) නුඹලා අවබෝධ කර නොගන්නෙහු ද?
139

وَإِنَّ يُونُسَ لَمِنَ الْمُرْسَلِينَ

සැබැවින්ම යූනුස් ද රසූල්වරුන්ගෙන් කෙනෙකි. 19
19නබි යූනුස් තුමා තමාව ප්රතික්ෂේප කළ සමූහයාට අල්ලාහ්ගේ දඬුවම පැමිණෙන බවට දුන් ප්රතිඥාව ඉටු නොවී ප්රමාද වූ හෙයින් සමූහයා ඔහුව බොරු කාරයෙකු යැයි ඇමතූහ. ඊට ඔවුන් සමග කෝප වූ ඔහු අල්ලාහ්ගේ විධානය පැමිණිමට පෙරම වෙනත් පෙදෙසකට යාමට තැත් කර නැවකට ද ගොඩ විය. එය යාත්රා කළ ද මහ මුහුද මැද දී එය නැවතුණි. නැවියන්ගේ විශ්වාසය පරිදි මෙහි වැරදිකරුවෙකු සිටින හෙයින් මෙසේ නැව මහ මුහුද මැද නතර වීමට හේතු වී ඇත. එබැවින් ඔහුව හඳුනා ගෙන මුහුදට විසි කිරීම සඳහා ඔවුහු කුසපත් ඇද්දෝය. එමගින් යූනුස් තුමාව හසු වී ඔවුහු ඔහුව මුහුදට විසි කළෝය. (මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 21:88 වැනි ආයතය බලන්න.).
140

إِذْ أَبَقَ إِلَى الْفُلْكِ الْمَشْحُونِ

(භාණ්ඩ) පටවන ලද නැව වෙත ඔහු පලා ගිය අවස්ථාව (සිහිපත් කරවු).
141

فَسَاهَمَ فَكَانَ مِنَ الْمُدْحَضِينَ

ඔහු (නැවියන් අතර) කුසපත් ඇදීමෙහි යෙදුණේය. එවිට ඔහු පරාජයට පත් වූවන්ගෙන් කෙනෙකු විය.
142

فَالْتَقَمَهُ الْحُوتُ وَهُوَ مُلِيمٌ

එවිට ඔහු (තමාවම) අවලාදයට ලක් කරමින් සිටිය දී මත්සයා ඔහුව ගිල දැමුවේය.
143

فَلَوْلَا أَنَّهُ كَانَ مِنَ الْمُسَبِّحِينَ

එබැවින් ඔහු (අල්ලාහ්ව) තස්බීහ්(සුවිශුද්ධ) 20 කරන්නන් අතුරින් නොවූයේ නම් (මළවුන්) නැගිටුවනු ලබන දින තෙක් උගේ උදරයෙහි රැඳෙන්නට තිබුණි.
20එම තස්බීහය නම් ‘ලා ඉලාහ ඉල්ලා අන්ත සුබ්හානක ඉන්නී කුන්තු මිනල්ලාලිමීන්’ යන තස්බීහයයි.
144

لَلَبِثَ فِي بَطْنِهِ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

එබැවින් ඔහු (අල්ලාහ්ව) තස්බීහ්(සුවිශුද්ධ) 20 කරන්නන් අතුරින් නොවූයේ නම් (මළවුන්) නැගිටුවනු ලබන දින තෙක් උගේ උදරයෙහි රැඳෙන්නට තිබුණි.
145

فَنَبَذْنَاهُ بِالْعَرَاءِ وَهُوَ سَقِيمٌ

පසුව ඔහු රෝගීව සිටිය දී ඔහුව අපි එළිමහනක පහ කළෙමු.
146

وَأَنبَتْنَا عَلَيْهِ شَجَرَةً مِّن يَقْطِينٍ

තවද අපි ඔහු කෙරෙහි (සෙවණ ලබනු පිණිස) “යක්තීන්” නම් වට්ටක්කා ගසක් හට ගැන්වුයෙමු. 21
21“ඉන්පසුව ඔහුට තම සමූහයා වෙතට යන මෙන් අල්ලාහ් විධානය කළේය. දිනක් මොහු යම් ස්ථානයකදී තම සමූහයේ එඩේරෙකු දුටුවේය. එතුමා තම සමූහයා පිළිබඳව ඔහුගෙන් විමසූ විට ඔවුහු තම රසූල්වරයා බලාපොරොත්තුවෙන් සිටින බවට පිළිතුරු දුන්හ. එවිට ඔවුහු බලාපොරොත්තුවෙන් සිටින නබි යූනුස් තුමා බව ඔහුට පැවසීය. ඔහු එය පිළිනොගෙන ඊට සාධක විමසූ විට ඔහු හමු වූ එම ස්ථානය හා එහි ගස් කොළං ඊට සාක්ෂියක් වනු ඇත යන්නෙන් එඩේරාට පිළිතුරු දුන්නේය. පසුව එඩේරා සමූහයා වෙත පැමිණ තමා නබි යූනුස් හමු වූ බවත් ඔහුගේ විස්තරයත් පැහැඳිලි කළේය. එවිට ගම්වාසීන් විශ්වාස නොකර ඔහුට දඬුවම් කිරීමට තැත් කළෝය. එවිට ඔහු නබි යූනුස් තුමා හමු වූ ස්ථානය වෙත ඔවුන්ව කැඳවා එම ස්ථානයෙන් විමසූ විට එම ස්ථානය හා එහි ගස් කොළං මොහු නබි යූනුස් තුමා හමු වූ බව සාක්ෂි දැරූහ. පසුව නබි යූනුස් තුමා ඔහුගේ ගමට පිවිසීය. එවිට ගම්වාසී සියල්ලෝම නබි යූනුස් තුමා නබිවරයෙකු වශයෙන් පිළිගෙන විශ්වාසිකයින් බවට පත් වූහ.” යන්නෙන් නොයෙකුත් අල් කුර්ආන් විවරණයන්හි සඳහන් වී ඇත.
147

وَأَرْسَلْنَاهُ إِلَىٰ مِائَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ

අපි ඔහුව රසූල්වරයෙකු වශයෙන් සිය දහසක් (ජනයින්) වෙත එව්වෙමු. නැත. ඊටත් වැඩි දෙනෙකු වෙතය.
148

فَآمَنُوا فَمَتَّعْنَاهُمْ إِلَىٰ حِينٍ

පසුව ඔවුහු (දහම) විශ්වාස කළෝය. එබැවින් අපි ඔවුන්ට (දඬුවමින් තොර මරණය දක්වා) නියමිත කලකට අවකාශය දුනිමු.
149

فَاسْتَفْتِهِمْ أَلِرَبِّكَ الْبَنَاتُ وَلَهُمُ الْبَنُونَ

(නබිවරය) නුඹගේ පරමාධිපතිට ගැහැනු දරුවන් වී නුඹලාට පිරිමි දරුවන් ද? නැතහොත් (ප්රතික්ෂේපක) ඔවුන් (ඉදිරියේ) පෙනී සිටිය දීම මලක්වරුන්ව අපි ස්ත්රීන් වශයෙන් මැව්වෙමු ද? යැයි නුඹ ඔවුන්ගෙන් විමසවු. 22
22මලක්වරුන් අල්ලාහ්ගේ දූවරුන් යන ඔවුන්ගේ ව්යාජ විශ්වාසය මෙම ආයතයෙන් ප්රකික්ෂේප කර ඇත.
150

أَمْ خَلَقْنَا الْمَلَائِكَةَ إِنَاثًا وَهُمْ شَاهِدُونَ

(නබිවරය) නුඹගේ පරමාධිපතිට ගැහැනු දරුවන් වී නුඹලාට පිරිමි දරුවන් ද? නැතහොත් (ප්රතික්ෂේපක) ඔවුන් (ඉදිරියේ) පෙනී සිටිය දීම මලක්වරුන්ව අපි ස්ත්රීන් වශයෙන් මැව්වෙමු ද? යැයි නුඹ ඔවුන්ගෙන් විමසවු. 22
151

أَلَا إِنَّهُم مِّنْ إِفْكِهِمْ لَيَقُولُونَ

දැන ගනිවු. සැබැවින්ම ඔවුහු “අල්ලාහ් දරුවෙකු ජනිත කළේය” යැයි ඔවුන්ගේ බොරු ගෙතුම් වලින් පවසති. තවද සැබැවින්ම ඔවුන් අසත්යවාදීන්මය.
152

وَلَدَ اللَّهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ

දැන ගනිවු. සැබැවින්ම ඔවුහු “අල්ලාහ් දරුවෙකු ජනිත කළේය” යැයි ඔවුන්ගේ බොරු ගෙතුම් වලින් පවසති. තවද සැබැවින්ම ඔවුන් අසත්යවාදීන්මය.
153

أَصْطَفَى الْبَنَاتِ عَلَى الْبَنِينَ

පිරිමි දරුවන්ට වඩා ගැහැනු දරුවන්ව ඔහු තෝරා ගත්තේ දැ? (යි ද ඔවුහු විමසති.)
154

مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ

(එසේ විමසීමට) නුඹලාට කුමක් සිදු වී ද? නුඹලා කෙසේ (එලෙස) තීන්දු කරන්නෙහු ද?
155

أَفَلَا تَذَكَّرُونَ

එබැවින් නුඹලා නොසිතන්නෙහු ද?
156

أَمْ لَكُمْ سُلْطَانٌ مُّبِينٌ

එසේ නොමැති නම් (අල්ලාහ්ට දරුවන් සිටී යැයි) නුඹලාට පැහැදිලි සාධක තිබේ ද?
157

فَأْتُوا بِكِتَابِكُمْ إِن كُنتُمْ صَادِقِينَ

නුඹලා සත්යවාදීන්ව සිටින්නේ නම් නුඹලාගේ ධර්ම පුස්තකය ගෙන එවු.
158

وَجَعَلُوا بَيْنَهُ وَبَيْنَ الْجِنَّةِ نَسَبًا ۚ وَلَقَدْ عَلِمَتِ الْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ

(ප්රතික්ෂේපක) ඔවුහු ඔහු(අල්ලාහ්) අතරත් ජින්වරුන් අතරත් (මිථ්යා) ඥාතිත්වයක් නිර්මාණය කළෝය. 23 තවද සැබැවින්ම (මෙසේ පැවසූ) ඔවුන් (නිරයට) ඉදිරිපත් කරනු ලබන්නන් බව ජින්වරුන්ම දැන සිටියේමය.
23ඇතැම් ප්රතික්ෂේපකයින් ෂෙයිතාන් අල්ලාහ්ගේ සොහොයුරෙකු යැයි පැවසුවෝය. එනම් අල්ලාහ් යහ දැයෙහි මැවුම්කරුවා හා ෂෙයිතාන් නරක දැයෙහි මැවුම් කරුවා යැයි ඔවුහු විශ්වාස කළෝය. මේ සියල්ල මෙම ආයතයෙන් ප්රතික්ෂේප කරනු ලැබ ඇත.
159

سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ

ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.
160

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ

(විශ්වාස කොට අවනත වීම සඳහා) තෝරාගනු ලැබූ අල්ලාහ්ගේ ගැත්තන් හැර (අන් අය මෙසේ මිථ්යා ඥාතිත්වයක් නිර්මාණය කළෝ)ය. 24
24එනම් සත්ය විශ්වාසිකයින් අල්ලාහ්ව වර්ණනා කරනුයේ ඔහුට සුදුසු ලක්ෂණ ආරෝපණය කිරීමෙන්ය. එහෙයින් එහි කිසි වරදක් නැත.
161

فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ

සැබැවින්ම නුඹලා හා නුඹලා නැමදුම් කරන දැයට නිරයේ පිවිස දැවෙන අයව හැර වෙනත් කිසිවෙකුව ඔහුගෙන්(අල්ලාහ්ගෙන්) මුළා කළ නොහැකිය.
162

مَا أَنتُمْ عَلَيْهِ بِفَاتِنِينَ

සැබැවින්ම නුඹලා හා නුඹලා නැමදුම් කරන දැයට නිරයේ පිවිස දැවෙන අයව හැර වෙනත් කිසිවෙකුව ඔහුගෙන්(අල්ලාහ්ගෙන්) මුළා කළ නොහැකිය.
163

إِلَّا مَنْ هُوَ صَالِ الْجَحِيمِ

සැබැවින්ම නුඹලා හා නුඹලා නැමදුම් කරන දැයට නිරයේ පිවිස දැවෙන අයව හැර වෙනත් කිසිවෙකුව ඔහුගෙන්(අල්ලාහ්ගෙන්) මුළා කළ නොහැකිය.
164

وَمَا مِنَّا إِلَّا لَهُ مَقَامٌ مَّعْلُومٌ

“තවද (අහසෙහි නැමදුම් කිරීමට) තමන්ට නියමිත ස්ථානයක් ඇතිව මිස අප අතුරින් කිසිවෙකු(මලක්වරයෙකු) නැත. තවද සැබැවින්ම අපමය (නැමදුම සඳහා) පෙළගැසෙන්නන් වන්නේ. තවද සැබැවින්ම අපමය (අල්ලාහ්ව) පිවිතුරු කරන්නන් වන්නේ.” (යැයි ජිබ්රීල් නබිවරයාට පැවසුවේය.)
165

وَإِنَّا لَنَحْنُ الصَّافُّونَ

“තවද (අහසෙහි නැමදුම් කිරීමට) තමන්ට නියමිත ස්ථානයක් ඇතිව මිස අප අතුරින් කිසිවෙකු(මලක්වරයෙකු) නැත. තවද සැබැවින්ම අපමය (නැමදුම සඳහා) පෙළගැසෙන්නන් වන්නේ. තවද සැබැවින්ම අපමය (අල්ලාහ්ව) පිවිතුරු කරන්නන් වන්නේ.” (යැයි ජිබ්රීල් නබිවරයාට පැවසුවේය.)
166

وَإِنَّا لَنَحْنُ الْمُسَبِّحُونَ

“තවද (අහසෙහි නැමදුම් කිරීමට) තමන්ට නියමිත ස්ථානයක් ඇතිව මිස අප අතුරින් කිසිවෙකු(මලක්වරයෙකු) නැත. තවද සැබැවින්ම අපමය (නැමදුම සඳහා) පෙළගැසෙන්නන් වන්නේ. තවද සැබැවින්ම අපමය (අල්ලාහ්ව) පිවිතුරු කරන්නන් වන්නේ.” (යැයි ජිබ්රීල් නබිවරයාට පැවසුවේය.)
167

وَإِن كَانُوا لَيَقُولُونَ

“සැබැවින්ම පැරැන්නන්ගෙන් යම් උපදෙසක්(ධර්ම පුස්තකයක්) අප හමුවේ ඇත්නම් අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි” යැයි (ප්රතික්ෂේපක) ඔවුහු (අඥාන යුගයෙහි) පවසමින් සිටියහ. 25
25යුදෙව්වන්ට හා කිතුනුවන්ට පිරිනමනු ලැබුවාක් මෙන් තමන්ට ද අල්ලාහ් වෙතින් ධර්ම පුස්තකයක් යවනු ලැබුවහොත් එය අනුගමනය කර යහ ගැත්තන් විය හැක යැයි ඇතැම් අරාබිවරුන් අඥාන යුගයේ පවසමින් සිටියෝය. එනමුත් නබි මුහම්මද් තුමාණන්ට අල් කුර්ආනය පිරිනමනු ලැබූ විට එය ඔවුහු ප්රතික්ෂේප කළෝය.
168

لَوْ أَنَّ عِندَنَا ذِكْرًا مِّنَ الْأَوَّلِينَ

“සැබැවින්ම පැරැන්නන්ගෙන් යම් උපදෙසක්(ධර්ම පුස්තකයක්) අප හමුවේ ඇත්නම් අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි” යැයි (ප්රතික්ෂේපක) ඔවුහු (අඥාන යුගයෙහි) පවසමින් සිටියහ. 25
169

لَكُنَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ

“සැබැවින්ම පැරැන්නන්ගෙන් යම් උපදෙසක්(ධර්ම පුස්තකයක්) අප හමුවේ ඇත්නම් අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි” යැයි (ප්රතික්ෂේපක) ඔවුහු (අඥාන යුගයෙහි) පවසමින් සිටියහ. 25
170

فَكَفَرُوا بِهِ ۖ فَسَوْفَ يَعْلَمُونَ

එහෙත් (අල් කුර්ආනය පහළ වූ විට) ඔවුන් එය ප්රතික්ෂේප කළෝය. එබැවින් ඔවුහු (තම විපාකය) මතු දැන ගන්නෝය.
171

وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا الْمُرْسَلِينَ

සැබැවින්ම රසූල්වරුන් වන අපගේ ගැත්තන්හට අපගේ (ජයග්රහණයේ) වදන පෙරටු වී ඇත.
172

إِنَّهُمْ لَهُمُ الْمَنصُورُونَ

එනම් සැබැවින්ම ඔවුන්මය උදව් කරනු ලබන්නන් වන්නේ.
173

وَإِنَّ جُندَنَا لَهُمُ الْغَالِبُونَ

තවද සැබැවින්ම අපගේ සේනාවමය ජයග්රාහකයින් වන්නේ.
174

فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ

(නබිවරය) මද කලකට (ප්රතික්ෂේපක) ඔවුන්ගෙන් නුඹ ඉවත්ව සිටිවු.
175

وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ

තවද නුඹ ඔවුන් පිළිබඳව නිරීක්ෂණයෙන් සිටිවු. ඔවුන් ද (තමන්ට වන දඬුවම) දකිනු ඇත.
176

أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ

ඔවුහු අපගේ දඬුවම ඉක්මන් වන ලෙස පතන්නෝ ද?
177

فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَاءَ صَبَاحُ الْمُنذَرِينَ

එය(දඬුවම) ඔවුන්ගේ මිදුලේ පහළ වූයේ නම්, අවවාදයට ලක් වූවන්ගේ උදෑසන නපුරු වන්නේය.
178

وَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ

(නබිවරය) මද කලකට (ප්රතික්ෂේපක) ඔවුන්ගෙන් නුඹ ඉවත්ව සිටිවු.
179

وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ

තවද නුඹ නිරීක්ෂණයෙන් සිටිවු. ඔවුන් ද (තමන්ට වන දඬුවම) දකිනු ඇත.
180

سُبْحَانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَ

ඔවුන් වර්ණනා කරන දැයින් බලපරාක්රමයේ හිමියන් වන නුඹගේ පරමාධිපති සුවිශුද්ධය.
181

وَسَلَامٌ عَلَى الْمُرْسَلِينَ

තවද රසූල්වරුන් කෙරෙහි ශාන්තිය හිමි වේවා!
182

وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

තවද සියලු පැසසුම් සමස්ත විශ්වයේ පරමාධිපති වන අල්ලාහ් සතුය.
صමක්කී
1

ص ۚ وَالْقُرْآنِ ذِي الذِّكْرِ

සාද් 1 , (ගෞරවනීය) උපදෙස් වලින් යුත් (මෙම) අල් කුර්ආනය මත දිවුරමින්.
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

بَلِ الَّذِينَ كَفَرُوا فِي عِزَّةٍ وَشِقَاقٍ

නමුත් ප්රතික්ෂේප කළවුන් ගර්වයෙහි ද මතභේදයෙහි ද වේ.
3

كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ فَنَادَوا وَّلَاتَ حِينَ مَنَاصٍ

මොවුනට පෙර කොපමණ පරපුරක් අපි විනාශ කළෙමු ද? (එම වේලාව, ඔවුන්ට) මිදීමේ වේලාවක්ව නොතිබිය දී ඔවුහු (උදව් පතා හඬ නගා) ඇමතූහ.
4

وَعَجِبُوا أَن جَاءَهُم مُّنذِرٌ مِّنْهُمْ ۖ وَقَالَ الْكَافِرُونَ هَـٰذَا سَاحِرٌ كَذَّابٌ

තවද මොවුන් අතුරින්ම අවවාද කරන්නෙකු(මුහම්මද්) මොවුන් වෙත පැමිණීම පිළිබඳව මොවුහු විස්මයට පත් වූවෝය. තවද “මොහු හූනියම්කරුවෙකි, මහා බොරුකාරයෙකි” යැයි (එම) ප්රතික්ෂේපකයින් පැවසුවෝය.
5

أَجَعَلَ الْآلِهَةَ إِلَـٰهًا وَاحِدًا ۖ إِنَّ هَـٰذَا لَشَيْءٌ عُجَابٌ

“(අප නමදින) දෙවිවරුන්ව එකම දෙවියෙකු ලෙස ඔහු පත් (නො)කළේ ද? සැබැවින්ම මෙය ඉතා විශ්මය ජනක කරුණකි.” (යැයි ද ඔවුහු පැවසුවෝය.)
6

وَانطَلَقَ الْمَلَأُ مِنْهُمْ أَنِ امْشُوا وَاصْبِرُوا عَلَىٰ آلِهَتِكُمْ ۖ إِنَّ هَـٰذَا لَشَيْءٌ يُرَادُ

“නුඹලා (නබිවරයාගෙන් ඈත් වී නුඹලාගේ දෙවිවරුන් වෙත) යවු. තවද නුඹලාගේ දෙවිවරුන්(ට නැමදීමේ) විෂයෙහි ඉවසීමෙන් කටයුතු කරවු. සැබැවින්ම මෙය(නබිවරයාගේ කැඳවීම, ස්වකීය ප්රතිලාභයක් සඳහා) අපේක්ෂා කරනු ලබන කරුණකි. (අප) අවසන් (ලෙස විශ්වාස කර පිළිපැද්දා වූ) පිළිවෙතෙහි මේ පිළිබඳව අපි අසා නැත්තෙමු. මෙය ගෙතීමක් මිස නැතැ”යි ඔවුහු අතුරින් ප්රධානීහු (පවසමින්) ගියෝය.
7

مَا سَمِعْنَا بِهَـٰذَا فِي الْمِلَّةِ الْآخِرَةِ إِنْ هَـٰذَا إِلَّا اخْتِلَاقٌ

“නුඹලා (නබිවරයාගෙන් ඈත් වී නුඹලාගේ දෙවිවරුන් වෙත) යවු. තවද නුඹලාගේ දෙවිවරුන්(ට නැමදීමේ) විෂයෙහි ඉවසීමෙන් කටයුතු කරවු. සැබැවින්ම මෙය(නබිවරයාගේ කැඳවීම, ස්වකීය ප්රතිලාභයක් සඳහා) අපේක්ෂා කරනු ලබන කරුණකි. (අප) අවසන් (ලෙස විශ්වාස කර පිළිපැද්දා වූ) පිළිවෙතෙහි මේ පිළිබඳව අපි අසා නැත්තෙමු. මෙය ගෙතීමක් මිස නැතැ”යි ඔවුහු අතුරින් ප්රධානීහු (පවසමින්) ගියෝය.
8

أَأُنزِلَ عَلَيْهِ الذِّكْرُ مِن بَيْنِنَا ۚ بَلْ هُمْ فِي شَكٍّ مِّن ذِكْرِي ۖ بَل لَّمَّا يَذُوقُوا عَذَابِ

“අප අතුරින් උපදෙස(අල් කුර්ආනය) පහළ කරනු ලැබුවේ මොහු මත ද?” (යැයි ද ඔවුහු පැවසූහ.) එසේ නොව, ඔවුන් මාගේ උපදෙස පිළිබඳව සැකයෙහිය. කෙසේ වෙතත් මොවුන් මාගේ දඬුවම (තවමත්) රස විඳ නැත.
9

أَمْ عِندَهُمْ خَزَائِنُ رَحْمَةِ رَبِّكَ الْعَزِيزِ الْوَهَّابِ

එසේ නැතහොත් අති බලසම්පන්න මහා පරිත්යාගශීලී නුඹගේ පරමාධිතිගේ කරුණාවෙහි ධන සම්භාරය(නබිත්වය) ඔවුන් අබියස ද? 2
2මෙම ආයතය නබිත්වය සඳහා නබි මුහම්මද් තුමාණන්ව තෝරා ගනු ලැබුවේ මන්ද යන ඔවුන්ගේ ප්රශ්නයට පිළිතුරකි. මෙහි අදහස වනුයේ අල්ලාහ්ගේ අධීක්ෂණයට අනුව කිසිදු වටිනාකමක් නොමැති ලොවේ සම්පත් පවා මිනිසුන්ගේ උරුමයේ නොතිබිය දී මේ සියල්ලට වඩා ඉතා උතුම් වූ නබිත්වය කවුරුන්ට ලබා දිය යුත්තේ ද යන්නෙහි මොවුන්ට කුමක් කිව හැක්කේ ද? යනුවෙනි.
10

أَمْ لَهُم مُّلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ فَلْيَرْتَقُوا فِي الْأَسْبَابِ

එසේ නොමැති නම් අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්යය ඔවුන් සතුව ද? එසේ (ඔවුන් සතුව) නම් ඔවුන් (අහස දෙසට වූ) මාර්ගයන්හි නැග යත්වා! (එහි ගොස් ඔවුන්ට කැමති කෙනෙකුව නබිත්වයට තෝරා ගනිත්වා!)
11

جُندٌ مَّا هُنَالِكَ مَهْزُومٌ مِّنَ الْأَحْزَابِ

(ඔවුන්) සේනාංකයන් අතුරින් වූ පරාජයට පත් කරනු ලැබූ මෙහි(මක්කාවෙහි) සිටින නීච සේනාවකි.
12

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَفِرْعَوْنُ ذُو الْأَوْتَادِ

ඔවුනට පෙර නූහ්ගේ ජනයා ද ආද් ද උල් රිටි හිමි 3 ෆිර්අවුන් ද සමූද් ද ලූත්ගේ ජනයා ද වනරොදෙහි වැසියෝ (ෂුඅයිබ්ගේ පිරිස) ද (රසූල්වරුන්ව) අසත්යය කළෝය. ඔවුන්මය එම (පරාජිත) සේනාංකයන් වන්නේ.
3‘උල් රිටි හිමි’ යනුවෙන් ෆිර්අවුන් හඳුන්වනු ලැබුවේ මොහු මිනිසුන්ව ‘උල් රිටි’ භාවිතයෙන් දඬුවම් කළ බැවිනි.
13

وَثَمُودُ وَقَوْمُ لُوطٍ وَأَصْحَابُ الْأَيْكَةِ ۚ أُولَـٰئِكَ الْأَحْزَابُ

ඔවුනට පෙර නූහ්ගේ ජනයා ද ආද් ද උල් රිටි හිමි 3 ෆිර්අවුන් ද සමූද් ද ලූත්ගේ ජනයා ද වනරොදෙහි වැසියෝ (ෂුඅයිබ්ගේ පිරිස) ද (රසූල්වරුන්ව) අසත්යය කළෝය. ඔවුන්මය එම (පරාජිත) සේනාංකයන් වන්නේ.
14

إِن كُلٌّ إِلَّا كَذَّبَ الرُّسُلَ فَحَقَّ عِقَابِ

(ඔවුන්) සැවොම රසූල්වරුන්ව අසත්යය කළා මිස නැත. එබැවින් මාගේ දඬුවම (ඔවුන් කෙරෙහි) නියම විය.
15

وَمَا يَنظُرُ هَـٰؤُلَاءِ إِلَّا صَيْحَةً وَاحِدَةً مَّا لَهَا مِن فَوَاقٍ

කිසිදු අවකාශයක් නොලබන එකම එක හඬක් 4 මිස ඔවුහු අපේක්ෂා නොකරන්නෝය.
4එනම් මළවුන් කෙරෙන් නැගිටවනු ලබීම සඳහා පිඹිනු ලබන හොරණෑ හඬයි.
16

وَقَالُوا رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبْلَ يَوْمِ الْحِسَابِ

“අපගේ පරමාධිපතියාණනි, ගණනය කරනු ලබන (විනිශ්චය) දිනයට පෙර (කි්රයා ලේඛනයේ) අපගේ කොටස අපට (දැක ගනු පිණිස) ඉක්මණින් දෙනු මැනව”යි ඔවුහු (සමච්චලයෙන්) පැවසුවෝය.
17

اصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاذْكُرْ عَبْدَنَا دَاوُودَ ذَا الْأَيْدِ ۖ إِنَّهُ أَوَّابٌ

(නබිවරය) ඔවුන් පවසන දෑ කෙරෙහි ඉවසීමෙන් සිටිවු. තවද ශක්තියෙන් යුත් අපගේ ගැත්තා වන දාවූද් පිළිබඳව සිහිපත් කරවු. සැබැවින්ම ඔහු (අපගේ තෘප්තිය පතා අප වෙත) අධිකව හැරෙන්නෙකු විය.
18

إِنَّا سَخَّرْنَا الْجِبَالَ مَعَهُ يُسَبِّحْنَ بِالْعَشِيِّ وَالْإِشْرَاقِ

සවස සහ උදෑසන ඔහු සමග (අල්ලාහ්ව) පිවිතුරු කරන්නක් ලෙස කඳු අපි (ඔහුට) වසඟ කර දුනිමු.
19

وَالطَّيْرَ مَحْشُورَةً ۖ كُلٌّ لَّهُ أَوَّابٌ

තවද රංචු වශයෙන් පක්ෂීන් ද (අපි ඔහුට වසඟ කර දුනිමු.) සියල්ල ඔහු(අල්ලාහ්) වෙත (ඔහුව පිවිතුරු කරමින්) අධිකව හැරෙන්නන්ය. 5
5මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 21:79 වන ආයතය හා එහි පාද සටහන බලන්න.
20

وَشَدَدْنَا مُلْكَهُ وَآتَيْنَاهُ الْحِكْمَةَ وَفَصْلَ الْخِطَابِ

තවද ඔහුගේ රාජ්යය අපි බලවත් කළෙමු. අපි (ඔහුට) ප්රඥාව ද කතාවේ පැහැදිලිතාව ද ලබා දුනිමු.
21

وَهَلْ أَتَاكَ نَبَأُ الْخَصْمِ إِذْ تَسَوَّرُوا الْمِحْرَابَ

පැමිණිලිකරුවන් මිහ්රාබ් 6 බිත්තියට උඩින් පැමිණි අවස්ථාවේ (පැමිණිලි කළ) ඔවුන්ගේ (එම) පුවත 7 නුඹ වෙත පැමිණියේ ද?
6මෙහි ‘මිහ්රාබය’ යනු නබි දාවූද් තුමාණන්ගේ නැමදුම් ස්ථානයයි.
7මෙහි 21 සිට 24 දක්වා ඇති ආයතයන්හි සඳහන් වී ඇත්තේ නබි දාවූද් තුමාණන්ගේ එක් වැරැද්දක් ඔහුට වටහා දීම පිණිස ඇති වූ සිද්ධියකි. එනම් දෙදෙනෙකු ඔවුන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළෝය. මෙම පැමිණිල්ලෙන් ඔහු තමන් විසින් අතීතයේ සිදු වූ වරදක් වටහා ගෙන ඒ සඳහා ඔහු පාපොච්චාරණය කළේය. මොහුගෙන් වූ වරද කුමක් ද යන්න පිළිබඳව විශ්වාස කළ හැකි කිසිදු වාර්තාවක් නැත. අල් කුර්ආන් හා හදීස් අනුව ඔහු විසින් කළ පාපය විශාල පාපයක් නොවන්නේය. නබිවරුන් විසින් පාපයන් සිදු විය හැකි ද නොහැකි ද යන්නෙහි සුළු විස්තරයක් අල් කුර්ආන් 48:2 හි පාද සටහනෙහි සඳහන් වී ඇත.
22

إِذْ دَخَلُوا عَلَىٰ دَاوُودَ فَفَزِعَ مِنْهُمْ ۖ قَالُوا لَا تَخَفْ ۖ خَصْمَانِ بَغَىٰ بَعْضُنَا عَلَىٰ بَعْضٍ فَاحْكُم بَيْنَنَا بِالْحَقِّ وَلَا تُشْطِطْ وَاهْدِنَا إِلَىٰ سَوَاءِ الصِّرَاطِ

දාවූද් වෙත ඔවුන් ඇතුළු වී ඔහු ඔවුන් පිළිබඳව තිගැස්සීමට පත් වූ කල්හි “නුඹ බිය නොවවු. (අපි) පැමිණිලිකරුවන් දෙදෙනෙකි. අපගෙන් කෙනෙකු අනෙකාට අපරාධ කොට ඇත. එබැවින් අප අතර යුක්තිගරුකව තීන්දු ලබා දෙවු. තවද පක්ෂපාතී නොවවු. ඍජුමග වෙත අපට මඟ පෙන්වවු” යැයි ඔවුහු පැවසුවෝය.
23

إِنَّ هَـٰذَا أَخِي لَهُ تِسْعٌ وَتِسْعُونَ نَعْجَةً وَلِيَ نَعْجَةٌ وَاحِدَةٌ فَقَالَ أَكْفِلْنِيهَا وَعَزَّنِي فِي الْخِطَابِ

“සැබැවින්ම මොහු මාගේ සහෝදරයාය. බැටළු දෙනුන් අනූ නවයක් මොහු සතුය. මා සතුව ඇත්තේ එකම එක බැටළු දෙනකි. “එය ද මාගේ භාරයේ තබන්නැ”යි මොහු පවසා තර්ක කිරීමෙහි මොහු මා අබිබවා ගියේය.” (යැයි දෙදෙනාගෙන් කෙනෙකු පැවසුවේය.)
24

قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلَىٰ نِعَاجِهِ ۖ وَإِنَّ كَثِيرًا مِّنَ الْخُلَطَاءِ لَيَبْغِي بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَقَلِيلٌ مَّا هُمْ ۗ وَظَنَّ دَاوُودُ أَنَّمَا فَتَنَّاهُ فَاسْتَغْفَرَ رَبَّهُ وَخَرَّ رَاكِعًا وَأَنَابَ ۩

“ඔහුගේ බැටළු දෙනුන් සමග නුඹගේ බැටළු දෙන (එක් කරන්නැ’යි කළ) ඉල්ලීමෙන් සැබැවින්ම නුඹට ඔහු අසාධාරණයක් කර ඇත. තවද සැබැවින්ම හවුල්කරුවන්ගෙන් බොහෝ දෙනා ඔවුන්ගෙන් සමහරුන් තවත් සමහරු කෙරෙහි අපරාධ කරන්නෝය. (නමුත්) විශ්වාස කොට යහකම් කළ අය මිස, මොවුන් ඉතා ස්වල්ප දෙනෙකි” යැයි ඔහු(දාවූද්) පැවසුවේය. තවද (මෙම සිදුවීම තුළින්) අපි ඔහුව පරීක්ෂණයට පත් කර ඇත්තෙමු 8 යැයි දාවූද් වටහා ගත්තේය. එබැවින් ඔහු තම පරමාධිපතිගෙන් සමාව ඇයැද දණින් වැටුණේය. 9 තවද ඔහු (අල්ලාහ් වෙත පශ්චාත්තාප වී) හැරුනේය.
8මෙම බැටළුවන් හා සම්බන්ධ සිදුවීමෙන් ආදර්ශයක් ලැබූ නබි දාවුද් තුමාණන් මීට පෙර ඔහු විසින් අත් වූ මෙවැනිම අත් වැරැද්දක් පිළිබඳව පසුතැවිල්ලට පත් වී ඒ සඳහා පාප ක්ෂමාවේ අයැදින්නට විය.
9මෙය සුජූද් කළ යුතු ආයතයකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:206 හි පාද සටහන බලන්න.
25

فَغَفَرْنَا لَهُ ذَٰلِكَ ۖ وَإِنَّ لَهُ عِندَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ

එබැවින් අපි ඔහුට එය(එම අත්වැරැද්ද) කමා කළෙමු. තවද සැබැවින්ම ඔහුට අප අබියස සමීපතාව ද අලංකාර නැවත යොමු වන ස්ථානයක් ද ඇත.
26

يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ فَاحْكُم بَيْنَ النَّاسِ بِالْحَقِّ وَلَا تَتَّبِعِ الْهَوَىٰ فَيُضِلَّكَ عَن سَبِيلِ اللَّهِ ۚ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ

අහෝ දාවූද්, සැබැවින්ම අපි නුඹව මිහිතලයෙහි නියෝජිතයෙකු බවට පත් කළෙමු. එබැවින් නුඹ මිනිසුන් අතර යුක්තිගරුකව තීන්දු ලබා දෙවු. තවද මනෝ ඉච්ඡාව පිළිනොපදිවු. එසේ (නුඹ පිළිපැද්දේ) නම් එය නුඹව අල්ලාහ්ගේ මාර්ගයෙන් මුළා කරන්නේය. සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගයෙන් මුළාවූවන් ගණනය කරනු ලබන (විනිශ්චය) දිනය ඔවුන් අමතක කළ හේතුවෙන් ඔවුනට දැඩි දඬුවමක් ඇත.
27

وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلًا ۚ ذَٰلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا ۚ فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ

අහස ද මිහිතලය ද ඒ දෙක අතර ඇති දෑ ද නිෂ්ඵල දැයක් ලෙස අපි නොමැව්වෙමු. එය(නිෂ්ඵල යැයි සිතීම) ප්රතික්ෂේප කළවුන්ගේ අනුමානයයි. එබැවින් ප්රතික්ෂේප කළවුනට (හිමිවන්නේ නිරා) ගින්නෙන් වූ විනාශයයි.
28

أَمْ نَجْعَلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَالْمُفْسِدِينَ فِي الْأَرْضِ أَمْ نَجْعَلُ الْمُتَّقِينَ كَالْفُجَّارِ

(ප්රතික්ෂේපකයින් සිතන පරිදි) විශ්වාස කර යහකම් කළවුන්ව මිහිතලයෙහි කලහකාරීන් මෙන් අපි පත් කරන්නෙමු ද? නැතහොත් බිය භක්තිකයින්ව පාපතරයින් මෙන් අපි පත් කරන්නෙමු ද?
29

كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِّيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُولُو الْأَلْبَابِ

(නබිවරය, මෙය) භාග්යමත් ධර්ම පුස්තකයකි. ඔවුන් එහි වදන් වටහා ගනු පිණිස ද නුවණැත්තන් (එමගින්) උපදෙස් ලබනු පිණිස ද නුඹ වෙත අපි එය පහළ කර ඇත්තෙමු.
30

وَوَهَبْنَا لِدَاوُودَ سُلَيْمَانَ ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ

දාවූද්ට සුලෙයිමාන්ව අපි (දරුවෙකු ලෙස) තිළිණ කළෙමු. (අල්ලාහ්ගේ) එම ගැත්තා(සුලෙයිමාන්) යහපත් විය. සැබැවින්ම ඔහු (අල්ලාහ් වෙත) අධිකව හැරෙන්නෙකි.
31

إِذْ عُرِضَ عَلَيْهِ بِالْعَشِيِّ الصَّافِنَاتُ الْجِيَادُ

පාදයක් ඔසවා පාද තුනෙන් සිටගෙන දිවීමට සූදානමින් සිටින අධිවේගී අශ්වයින් ඔහු(සුලෙයිමාන්) ඉදිරියේ සවස් වරුවේ ගෙනහැර දක්වනු ලැබූ අවස්ථාව (සිහිපත් කරවු).
32

فَقَالَ إِنِّي أَحْبَبْتُ حُبَّ الْخَيْرِ عَن ذِكْرِ رَبِّي حَتَّىٰ تَوَارَتْ بِالْحِجَابِ

එවිට (ඒවා නැරඹීමෙන් අස්ර් වරුවේ සලාතය අත පසු විය.) “සැබැවින්ම මම එය(සූර්යයා) තිරය(මෙන් ඇති කඳු වල)ට සැඟවෙන තුරු මාගේ පරමාධිපති සිහිපත් කිරීමට වඩා යහපත් දෑ(අශ්වයින්) ඉතා ප්රිය කළෙමි” යැයි ඔහු (පසුතැවිලි වෙමින්) පැවසුවේය. 10
10යුද්ධය සඳහා තමා සතු අශ්වයින්ව ගෙන හැර පෙන්වන ලෙස නබි සුලෙයිමාන් තුමා තම සේවකයන්ට අණ කළේය. ලුහර් සලාතයෙන් පසුව මේවා නැරඹීමේ නියැළී සිටි එතුමාට අස්ර් වරුවේ සලාතය ඉටු කිරීමට මතක් වූ කල සූර්යයා බැස ගොස් අස්ර් වරුවේ සලාතයේ වේලාව අවසන් වූ බව දැන ගත් එතුමා පසුතැවිලි වී වහාම ගොස් අස්ර් වරුවේ සලාතය ඉටු කළේය. මෙය 30 වැනි ආයතයේ එතුමා අල්ලාහ් වෙත අධිකව හැරෙන්නා යන්නට කදිම නිදසුනක් වේ.
33

رُدُّوهَا عَلَيَّ ۖ فَطَفِقَ مَسْحًا بِالسُّوقِ وَالْأَعْنَاقِ

“ඒවා මා වෙතට නැවත ගෙන එවු.” (යැයි පවසා උන්ගේ) පාද ද බෙලි ද පිරිමදින්නට පටන් ගත්තේය.
34

وَلَقَدْ فَتَنَّا سُلَيْمَانَ وَأَلْقَيْنَا عَلَىٰ كُرْسِيِّهِ جَسَدًا ثُمَّ أَنَابَ

තවද සැබැවින්ම සුලෙයිමාන්ව අපි පරීක්ෂණයට ලක් කළෙමු. ඔහුගේ සිහසුන මත දේහයක් දැමුවෙමු. පසුව ඔහු (අප වෙතට) නැඹුරු වූයේය. 11
11නබි සුලෙයිමාන් තුමාණන්ගෙන් වූ වරදක් නිසා අල්ලාහ් ඔහුව ඔහුගේ රාජධානියෙන් බැහැර කර ඔහුව පිරික්සුමට ලක් කළ බව මෙම ආයතයෙන් අදහස් කරයි. මෙම පිරික්සුමෙන් පසුව ඔහු පෙරටත් වඩා අල්ලාහ් වෙත අධිකව නැඹුරු වූවෙකු විය.
35

قَالَ رَبِّ اغْفِرْ لِي وَهَبْ لِي مُلْكًا لَّا يَنبَغِي لِأَحَدٍ مِّن بَعْدِي ۖ إِنَّكَ أَنتَ الْوَهَّابُ

“මාගේ පරමාධිපතියාණනි, මට පාප ක්ෂමාව දෙනු මැනව! මගෙන් පසුව කිසිවෙකුට නොලැබෙන රාජ්යයක් මට තිළිණ කරනු මැනව! සැබැවින්ම නුඹමය මහා පරිත්යාගශීලී වන්නේ.” යැයි ඔහු (ප්රාර්ථනා කරමින්) පැවසුවේය.
36

فَسَخَّرْنَا لَهُ الرِّيحَ تَجْرِي بِأَمْرِهِ رُخَاءً حَيْثُ أَصَابَ

එවිට අපි ඔහුට සුළඟ වසඟ කර දුන්නෙමු. එය(සුළඟ) ඔහුගේ නියෝගයට අනුව ඔහු කැමති තැනකට සැහැල්ලුවෙන් ගමන් කළේය. 12
12වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 21:81 හා එහි පාද සටහන බලන්න.
37

وَالشَّيَاطِينَ كُلَّ بَنَّاءٍ وَغَوَّاصٍ

ෂෙයිතාන්වරුන් වන සියලු ගොඩනැගිලි තනන්නන් ද (මුතු සොයමින්) කිමිදෙන්නන් ද විලංගු දමන ලද සෙසු අය ද 13 (අපි ඔහුට වසඟ කර දුනිමු.)
13වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 34:13-14 යන ආයතයන් බලන්න.
38

وَآخَرِينَ مُقَرَّنِينَ فِي الْأَصْفَادِ

ෂෙයිතාන්වරුන් වන සියලු ගොඩනැගිලි තනන්නන් ද (මුතු සොයමින්) කිමිදෙන්නන් ද විලංගු දමන ලද සෙසු අය ද 13 (අපි ඔහුට වසඟ කර දුනිමු.)
39

هَـٰذَا عَطَاؤُنَا فَامْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ

මෙය අපගේ දීමනාවය. එබැවින් (ඒ පිළිබඳව) ගණනය කරනු ලැබීමකින් තොරව නුඹ පිරිනමවු. නැතහොත් (එය) රඳවා තබා ගනිවු.
40

وَإِنَّ لَهُ عِندَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ

තවද සැබැවින්ම ඔහුට අප අබියස සමීපතාව ද අලංකාර (ස්වර්ගයෙහි) නැවත යොමු වන ස්ථානයක් ද ඇත.
41

وَاذْكُرْ عَبْدَنَا أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الشَّيْطَانُ بِنُصْبٍ وَعَذَابٍ

තවද අපගේ ගැත්තා වන අයියූබ් පිළිබඳව සිහිපත් කරවු. එකල්හි ඔහු තම පරමාධිපති අමතා “සැබැවින්ම පීඩාවෙන් හා වේදනාවෙන් ෂෙයිතාන් මා ස්පර්ශ කර ඇතැ”යි ප්රකාශ කළේය.
42

ارْكُضْ بِرِجْلِكَ ۖ هَـٰذَا مُغْتَسَلٌ بَارِدٌ وَشَرَابٌ

නුඹගේ පාදයෙන් (මිහිතලයට) ගසවු. (යැයි ඔහුට පවසන ලදි. එවිට ඔහු ගැසුවේය. එසැණින් මිහිතලයෙන් ජලය ගලන්නට විය.) මෙය සිසිල් ස්නානය කරන ස්ථානයක් ද පානයක් ද වන්නේය. (යැයි ද ඔහුට පවසන ලදි.) 14
14අල් කුර්ආන් 21:84 හි සඳහන් වී ඇති අයුරින් නබි අය්යූබ් තුමාණන්ට රෝගයක් වැලඳුනි. එවිට ඔහුගේ නිවැසියන් බොහෝ දෙනෙකු ඔහුව අත හැර ගියෝය. පසුව තම රෝගය සුව කරන මෙන් මොහු අල්ලාහ්ගෙන් ප්රර්ථනා කළේය. එහෙයින් තම පාදය පොළොවට ගසන මෙන් අල්ලාහ් ඔහුට අණ කළේය. ඔහු එසේ කළ විට එතැනින් සිසිල් ජලය සහිත උල්පතක් පැළී ආ අතර ඔහු අණ කරනු ලැබූ ආකාරයෙන් එම ජලයෙන් ස්නානය කර එයින් පානය කළ විට තම රෝගය පරිපූර්ණයෙන්ම සුව විය. පසුව ඔහුගේ පවුලේ උදවිය මොහු වෙත නැවත පැමිණියෝය.
43

وَوَهَبْنَا لَهُ أَهْلَهُ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنَّا وَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ

තවද ඔහුට ඔහුගේ පවුලේ අය ද ඔවුන් සමග ඔවුන් වැනි තවත් අය ද අපගෙන් වූ දයාවක් ලෙස හා නුවණැත්තන්ට සිහිපත් කිරීමක් ලෙස අපි (නැවත) තිළිණ කළෙමු.
44

وَخُذْ بِيَدِكَ ضِغْثًا فَاضْرِب بِّهِ وَلَا تَحْنَثْ ۗ إِنَّا وَجَدْنَاهُ صَابِرًا ۚ نِّعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ

තවද “නුඹගේ දෑතින් තණකොළ මිටියක් ගෙන එමගින් ගසවු. තවද දිවුරුම කඩ නොකරවු” 15 (යැයි ඔහුට අපි පැවසුවෙමු.) සැබැවින්ම ඔහුව ඉවසිලිවන්තයෙකු ලෙස අපි දුටුවෙමු. (අල්ලාහ්ගේ) එම ගැත්තා(අයියූබ්) යහපත් විය. සැබැවින්ම ඔහු (අල්ලාහ් වෙත) අධිකව හැරෙන්නෙකි.
15නබි අයියූබ් තුමාණන්ගේ බිරිය ඔහු අසනීපව සිටින විට අල්ලාහ් ප්රිය නොකරන කි්රයාවක් ඇය කළ හෙයින් ඔහුට සනීප වීමෙන් පසුව තම බිරියට රිටි පහර සියයක් ගසන බව ඔහු දිවුරුමක් කළේය. කෙසේ වුවද තමන් අසනීපයෙන් සිටි සමයෙහි තමන්ව මුළු පවුලම අත් හැර ගිය විටත් සනීප වෙන තෙක් තමා සමීපයේම සිට රැක බලා ගත් සිය බිරියට දිවුරුම් කළ එම දඬුවම කිරීමට නබි අයියූබ් තුමාණන් මදක් පසුබට විය. මෙතුමා දිවුරුම කඩ නොකිරීම පිණිස ද ඔහුගේ බිරියට එය අපහසු නොවීම පිණිස ද අල්ලාහ් මෙම ආයතයෙහි එම දිවුරුම ඉෂ්ට කිරීමේ ක්රියාව සැහැල්ලු කළේය. එනම් කුඩා රිටි සියයක් එකට බැඳ එමගින් තම බිරියට වරක් ගසන මෙන් අල්ලාහ් ඔහුට අණ කළේය.
45

وَاذْكُرْ عِبَادَنَا إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ أُولِي الْأَيْدِي وَالْأَبْصَارِ

තවද (නබිවරය,) ශක්තිය හා (දහම පිළිබඳව) දැක්ම ඇත්තන් වූ ඉබ්රාහීම්, ඉස්හාක් හා යඃකූබ් යන අපගේ ගැත්තන්ව සිහිපත් කරවු.
46

إِنَّا أَخْلَصْنَاهُم بِخَالِصَةٍ ذِكْرَى الدَّارِ

සැබැවින්ම (මතු ලොව) නිවහන සිහිපත් කිරීම (ජනයාව දහම වෙත ඇරයුම් කිරීම හා ජනයාව පශ්චාත්තප කරළීම)ට පමණක් ඔවුන්ව අපි සුවිශේෂීව තෝරා ගත්තෙමු.
47

وَإِنَّهُمْ عِندَنَا لَمِنَ الْمُصْطَفَيْنَ الْأَخْيَارِ

තවද සැබැවින්ම ඔවුන් අප අබියස තෝරා ගනු ලැබූ ශ්රේෂ්ඨ අය අතුරින් වූහ.
48

وَاذْكُرْ إِسْمَاعِيلَ وَالْيَسَعَ وَذَا الْكِفْلِ ۖ وَكُلٌّ مِّنَ الْأَخْيَارِ

තවද ඉස්මාඊල්, අල්යසඃ හා zදුල් කිෆ්ල් යන අයව ද සිහිපත් කරවු. (මොවුන්) සියල්ලෝම ශ්රේෂ්ඨයින් අතුරින් වූහ.
49

هَـٰذَا ذِكْرٌ ۚ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَآبٍ

මෙ(ම කුර්ආන)ය (පෙර සිදුවීම්) මෙනෙහි කිරීමකි. තවද සැබැවින්ම බිය භක්තිකයින්ට අලංකාර නැවත යොමු වන ස්ථානයක් ඇත.
50

جَنَّاتِ عَدْنٍ مُّفَتَّحَةً لَّهُمُ الْأَبْوَابُ

(එය) ඔවුන් වෙනුවෙන් දොරටු විවෘත කරනු ලැබූ සදාතනික (ස්වර්ග) උයන්ය.
51

مُتَّكِئِينَ فِيهَا يَدْعُونَ فِيهَا بِفَاكِهَةٍ كَثِيرَةٍ وَشَرَابٍ

එහි (ඇති කවිච්චි මත) හාන්සි වෙමින් බොහෝ පලතුරු ද පානයන් ද එහි (ගෙන එන මෙන්) කැඳවමින් සිටිති.
52

وَعِندَهُمْ قَاصِرَاتُ الطَّرْفِ أَتْرَابٌ

තවද සම වයසැති සංවර බැල්මෙන් යුත් කන්යාවන් ද ඔවුන් අබියස සිටිති.
53

هَـٰذَا مَا تُوعَدُونَ لِيَوْمِ الْحِسَابِ

මෙය ගණනය කරනු ලබන (විනිශ්චය) දිනය සඳහා නුඹලාට ප්රතිඥා දෙනු ලැබූ දෑය.
54

إِنَّ هَـٰذَا لَرِزْقُنَا مَا لَهُ مِن نَّفَادٍ

සැබැවින්ම මෙය අපගේ දායාදයයි. එයට නිමාවක් නොමැත.
55

هَـٰذَا ۚ وَإِنَّ لِلطَّاغِينَ لَشَرَّ مَآبٍ

මෙය (විශ්වාසිකයින්ට හිමි දායාදය)යි. (නමුත්) සැබැවින්ම සීමාව ඉක්මවා ගියවුනට නරක නැවත යොමු වන ස්ථානයක් ඇත.
56

جَهَنَّمَ يَصْلَوْنَهَا فَبِئْسَ الْمِهَادُ

(එය) ඔවුන් එහි පිවිස දැවෙන්නා වූ නිරයයි. එබැවින් (ඔවුන්ගේ) නවාතැන නපුරු විය.
57

هَـٰذَا فَلْيَذُوقُوهُ حَمِيمٌ وَغَسَّاقٌ

මෙය(දඬුවම) රත් වී උතුරන උණු ජලය ද සැරව ද වේ. ඔවුන් එය රස විඳිත්වා.
58

وَآخَرُ مِن شَكْلِهِ أَزْوَاجٌ

තවද එම ස්වරූපයෙන් වෙනත් විවිධ (දඬුවම්) වර්ග ද ඇත.
59

هَـٰذَا فَوْجٌ مُّقْتَحِمٌ مَّعَكُمْ ۖ لَا مَرْحَبًا بِهِمْ ۚ إِنَّهُمْ صَالُو النَّارِ

(නායකයින්ගේ පසුපසින් අනුගාමිකයින් නිරය වෙත පිවිසෙන විට) “මොවුන් නුඹලා සමග එකතු වන පිරිසකි.” (යැයි නායකයින්ට පවසනු ලැබේ. එවිට එම නායකයින්) “ඔවුනට කිසිදු පිළිගැනීමක් නැත. සැබැවින්ම ඔවුන් (නිරා) ගින්නට පිවිස දැවෙන්නන් වෙති.” (යැයි පවසති.)
60

قَالُوا بَلْ أَنتُمْ لَا مَرْحَبًا بِكُمْ ۖ أَنتُمْ قَدَّمْتُمُوهُ لَنَا ۖ فَبِئْسَ الْقَرَارُ

(එවිට අනුගාමිකයින් නායකයින් අමතා) “එසේ නොව, නුඹලාට ද කිසිදු පිළිගැනීමක් නැත. අප වෙත මෙ(ම දේව ප්රතික්ෂේප)ය ඉදිරිපත් කළේ නුඹලාමය. එබැවින් (මෙම) නවාතැන(නිරය නුඹලාට ද) නපුරු විය.” යැයි ඔවුහු පවසති.
61

قَالُوا رَبَّنَا مَن قَدَّمَ لَنَا هَـٰذَا فَزِدْهُ عَذَابًا ضِعْفًا فِي النَّارِ

“අපගේ පරමාධිපතියාණනි, කවරෙකු මෙය අපට ඉදිරිපත් කළේ ද ඔහුට (නිරා) ගින්නෙහි දෙගුණ වූ දඬුවම අධික කර දෙනු මැනව”යැයි ද ඔවුහු පවසති.
62

وَقَالُوا مَا لَنَا لَا نَرَىٰ رِجَالًا كُنَّا نَعُدُّهُم مِّنَ الْأَشْرَارِ

(ප්රතික්ෂේපක) ඔවුහු (මෙසේ) පවසති. “අපට කුමක් වී ද? නපුරු අය යැයි (ලොවෙහි) අප සිතමින් සිටි (විශ්වාසික) මිනිසුන්ව (මෙම නිරයෙහි) අපි නොදකින්නෙමු.
63

أَتَّخَذْنَاهُمْ سِخْرِيًّا أَمْ زَاغَتْ عَنْهُمُ الْأَبْصَارُ

ඔවුන්ව අපි සමච්චලයට අයත් වූවන් ලෙස ගත්තෙමු ද? නැතහොත් නම් ඔවුන් (මෙහි සිටියද ඔවුන්) වෙතින් (අපගේ) බැල්ම ඉවත් වූයේ ද?
64

إِنَّ ذَٰلِكَ لَحَقٌّ تَخَاصُمُ أَهْلِ النَّارِ

සැබැවින්ම නිරයේ වැසියන් තර්ක කරන මෙය සත්යයකි.
65

قُلْ إِنَّمَا أَنَا مُنذِرٌ ۖ وَمَا مِنْ إِلَـٰهٍ إِلَّا اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ

(නබිවරය,) පවසවු. “මා අවවාද කරන්නෙකුම ය. ඒකීය වූ බල පරාක්රමයෙන් යුත් අල්ලාහ් හැර වෙනත් කිසිදු දෙවියෙකු නැත.
66

رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الْعَزِيزُ الْغَفَّارُ

(ඔහු) අහස්හි ද මිහිතලයෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය. අති බලසම්පන්න අති ක්ෂමාශීලීය.”
67

قُلْ هُوَ نَبَأٌ عَظِيمٌ

(නබිවරය,) පවසවු “මෙ(ම අල් කුර්ආන)ය මහත් වූ පුවතකි.
68

أَنتُمْ عَنْهُ مُعْرِضُونَ

නුඹලා එයින් පිටුපා යන්නන්ය.
69

مَا كَانَ لِيَ مِنْ عِلْمٍ بِالْمَلَإِ الْأَعْلَىٰ إِذْ يَخْتَصِمُونَ

(මම රසූල්වරයෙකු නොවූයේ නම් ආදම්ව මවනු ලැබීම පිළිබඳව මලක්වරුන් වන) උත්තරීතර පිරිස වාද කරමින් සිටින අවස්ථාවේ දී (සිදු වූ) ඔවුන්(ගේ එම සිදුවීම) පිළිබඳව කිසිදු දැනුමක් මට නොවීමට තිබුණි.
70

إِن يُوحَىٰ إِلَيَّ إِلَّا أَنَّمَا أَنَا نَذِيرٌ مُّبِينٌ

සැබැවින්ම මම පැහැදිලි අවවාද කරන්නෙකු යනුවෙන් මිස (අන් කිසිවක්) මා වෙත දේව පණිවිඩ (ලෙස) පහළ කරනු නොලැබීය.”
71

إِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِّن طِينٍ

“සැබැවින්ම මම මිනිසෙකුව(ආදම්ව) මැටියෙන් මවන්නෙමි.” යැයි නුඹගේ පරමාධිපති මලක්වරුන්ට පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
72

فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ

තවද මම ඔහුව නිසි අයුරින් හැඩ ගස්වා මාගේ ‘රූහ’යෙන් 16 ඔහු තුළ මම පිඹූ විට, “නුඹලා ඔහුට සුජූද් කරන්නන් ලෙස වැටෙවු.” (යැයි අල්ලාහ් මලක්වරුන්ට පැවසුවේය.)
16වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 15:29 හි පාද සටහන බලන්න.
73

فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ

එවිට මලක්වරුන් සියල්ලෝම සුජූද් කළෝය.
74

إِلَّا إِبْلِيسَ اسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ

ඉබ්ලීස් හැර. ඔහු උඩඟු වූයේය. ඔහු (එමගින්) ප්රතික්ෂේපකයින්ගෙන් කෙනෙකු විය.
75

قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَن تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَيَّ ۖ أَسْتَكْبَرْتَ أَمْ كُنتَ مِنَ الْعَالِينَ

“අහෝ ඉබ්ලීස්, මා මැවූ 17 දෑට නුඹ සුජූද් කිරීමට නුඹව වැළැක්වූයේ කුමක් ද? නුඹ උඩඟු වූවෙහි ද? නැතහොත් උසස් අය අතුරින් කෙනෙකු වූවෙහි දැ?”යි ඔහු(අල්ලාහ්) විමසුවේය.
17සියලු මැවීම් අල්ලාහ් විසින්ම මවනු ලැබ ඇති අතර නබි ආදම් තුමාව ඔහු විසින්ම මවනු ලැබ ඇතැ’යි මෙහි සඳහන් වී ඇත්තේ නබි ආදම් තුමාව ගෞරවය කිරීම පිණිසය යනුවෙන් අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත.
76

قَالَ أَنَا خَيْرٌ مِّنْهُ ۖ خَلَقْتَنِي مِن نَّارٍ وَخَلَقْتَهُ مِن طِينٍ

“මම ඔහුට වඩා ශ්රේෂ්ඨය. (ඇයිදයත්) ඔබ මා මැව්වේ ගින්නෙනි. ඔබ ඔහුව මැව්වේ මැටියෙනි” යැයි ඔහු(ඉබ්ලීස්) පැවසුවේය.
77

قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ

“මෙයින්(අහසින්) බැහැරව යවු. තවද සැබැවින්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි.
78

وَإِنَّ عَلَيْكَ لَعْنَتِي إِلَىٰ يَوْمِ الدِّينِ

තවද විපාක ප්රදාන දිනය දක්වා මාගේ ශාපය සැබැවින්ම නුඹ කෙරෙහිය.
79

قَالَ رَبِّ فَأَنظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

“මාගේ පරමාධිපතියාණනි, එබැවින් ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය දක්වා මට (ජීවත්වීමට) අවකාශය ලබා දෙවු” යැයි ඔහු(ඉබ්ලීස්) පැවසුවේය.
80

قَالَ فَإِنَّكَ مِنَ الْمُنظَرِينَ

“එසේ නම් සැබැවින්ම නියම කරන ලද කාලය 18 දක්වා නුඹ (ජීවත් වීමට) අවාකාශය ලැබූවන් අතුරින් යැ”යි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
18මෙහි ‘නියම කරන ලද කාලය’ යනු පළමුවැනි හොරණෑව පිඹින තුරුය.
81

إِلَىٰ يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ

“එසේ නම් සැබැවින්ම නියම කරන ලද කාලය 18 දක්වා නුඹ (ජීවත් වීමට) අවාකාශය ලැබූවන් අතුරින් යැ”යි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
82

قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ

ඔබේ ගෞරවය මත දිවුරා සැබැවින්ම මම ඔවුන්(ආදම් හා ඔහුගේ දරුවන්) සියල්ලන්වම මුළා කරන්නෙමි. (නමුත්) ඔවුන් අතුරින් (ඔබ විසින්) තෝරා ගනු ලැබූ ඔබගේ ගැත්තන් මිස.” යැයි ඔහු(ඉබ්ලීස්) පැවසුවේය.
83

إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ

ඔබේ ගෞරවය මත දිවුරා සැබැවින්ම මම ඔවුන්(ආදම් හා ඔහුගේ දරුවන්) සියල්ලන්වම මුළා කරන්නෙමි. (නමුත්) ඔවුන් අතුරින් (ඔබ විසින්) තෝරා ගනු ලැබූ ඔබගේ ගැත්තන් මිස.” යැයි ඔහු(ඉබ්ලීස්) පැවසුවේය.
84

قَالَ فَالْحَقُّ وَالْحَقَّ أَقُولُ

“එබැවින් (මා) සත්යයි. තවද මම ප්රකාශ කරනුයේ සත්යයමයැ”යි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
85

لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ

“සැබැවින්ම නුඹගෙන් ද ඔවුන් අතුරින් නුඹව අනුගමනය කරන සියලු දෙනාගෙන් ද මම නිරය පුරවන්නෙමි.” (යැයි ද අල්ලාහ් පැවසුවේය.)
86

قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ وَمَا أَنَا مِنَ الْمُتَكَلِّفِينَ

(නබිවරය,) පවසවු “(ජනයිනි,) මෙ(ම අල් කුර්ආන)ය සඳහා කිසිදු කුලියක් මම නුඹලාගෙන් නොඅයැදින්නෙමි. තවද මම (අසත්යය) ගොතන්නන් අතුරින් ද නොවෙමි”
87

إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ

මෙ(ම අල් කුර්ආන)ය ලෝ වැසියන්ට උපදේශයක් මිස නැත.
88

وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِينٍ

තවද මද කලකට 19 පසුව මෙහි (සත්ය) පුවත නුඹලා සැබැවින්ම දැන ගන්නෙහිමය.
19මෙහි ‘මද කලකට පසු’ යන ආයතයෙහි අදහස් දෙකක් ගැබ් වී ඇත. 1) විශ්වාසිකයින්ගේ කෝණයෙන් ‘මද කලකට පසු’ යනු ඔවුන් විශ්වාස කිරීමෙන් පසු යන අදහස වේ. 2) ප්රතික්ෂේපකයින්ගේ කෝණයෙන් ‘මද කලකට පසු’ යනු මරණින් පසු යන අදහස වේ.
الزمرමක්කී
1

تَنزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ

මෙම ධර්ම පුස්තකය පහළ වූයේ අති බලසම්පන්න සර්ව ප්රඥාවන්ත අල්ලාහ්ගෙන්ය.
2

إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ فَاعْبُدِ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَ

(නබිවරය), සැබැවින්ම අපි සත්යයෙන් වූ මෙම ධර්ම පුස්තකය නුඹ වෙත පහළ කර ඇත්තෙමු. එබැවින් නුඹ දහමෙහි අල්ලාහ්ට (ඉහ්ලාස් නම්) චිත්ත පාරිශුද්ධියෙන් යුතුව ඔහුටම නමදිවු.
3

أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ ۚ وَالَّذِينَ اتَّخَذُوا مِن دُونِهِ أَوْلِيَاءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَىٰ إِنَّ اللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِي مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّارٌ

දැන ගනිවු. පිවිතුරු දහම අල්ලාහ්ටම සතුය. තවද ඔහු හැර (අන් අය) භාරකරුවන් (වූ දෙවිවරුන්) ලෙස ගත් අය (පිළිබඳව නම්) ‘ඔවුන් අපව අල්ලාහ් වෙත ඉතා සමීපයට ළඟා කිරීම පිණිස මිස අපි ඔවුන්ව නොනමදින්නෙමු.’ (යැයි ඔවුහු පවසති.) සැබැවින්ම ඔවුහු (දහම පිළිබඳව) කිනම් දෑහි මතභේද ඇති කර ගත්තෝද ඒ පිළිබඳව ඔවුන් අතර අල්ලාහ් විනිශ්චය කරන්නේය. සැබැවින්ම අල්ලාහ් අසත්යයවන්ත දැඩි ප්රතික්ෂේප කරන (කිසිදු) අයෙකුට යහමග නොපෙන්වන්නේය.
4

لَّوْ أَرَادَ اللَّهُ أَن يَتَّخِذَ وَلَدًا لَّاصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَاءُ ۚ سُبْحَانَهُ ۖ هُوَ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ

අල්ලාහ් (තමාට) දරුවෙකු තෝරා ගැනීමට පැතුවේ නම් හුදෙක් ඔහු මැවූ දැයින් ඔහු අභිමත කළ දෑ තෝරා ගන්නට තිබුණි. (නමුත්) ඔහු අති පාරිශුද්ධය. ඔහුමය බලපරාක්රම ඒකීය වූ අල්ලාහ්.
5

خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۖ يُكَوِّرُ اللَّيْلَ عَلَى النَّهَارِ وَيُكَوِّرُ النَّهَارَ عَلَى اللَّيْلِ ۖ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُّسَمًّى ۗ أَلَا هُوَ الْعَزِيزُ الْغَفَّارُ

ඔහු අහස් හා මිහිතලය නිසි ලෙස මැව්වේය. ඔහු රාත්රිය දහවලය මත අකුළන්නේය, තවද දහවලය රාත්රිය මත අකුළන්නේය. තවද ඔහු හිරු හා සඳු (තම ආධිපත්යය යටතේ) වසඟ කළේය. (ඉන්) එකිනෙක (එයට) නියම කරනු ලැබූ කාලයක් සඳහා ගමන් කරන්නේය. දැනගනු. ඔහු අති බලසම්පන්නය අති ක්ෂමාශීලීය.-
6

خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَأَنزَلَ لَكُم مِّنَ الْأَنْعَامِ ثَمَانِيَةَ أَزْوَاجٍ ۚ يَخْلُقُكُمْ فِي بُطُونِ أُمَّهَاتِكُمْ خَلْقًا مِّن بَعْدِ خَلْقٍ فِي ظُلُمَاتٍ ثَلَاثٍ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ۖ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ

ඔහු(අල්ලාහ්) නුඹලාව එකම ආත්මයකින් මැව්වේය. ඔහු (එම ආත්මය මැවීමෙන්) පසුව එයින් එහි කලත්රයාව ද ඇති කළේය. තවද පශු කුලයට අයත් සතුන්ගෙන් යුගළ අටක් නුඹලාට ඔහු පහළ කළේය. 1 අන්ධකාර (පටල) තුනක් තුළ එක් මැවීමකට පසු තවත් මැවීමක් වශයෙන් නුඹලාගේ මව්වරුන්ගේ කුසෙහි ඔහු නුඹලාව මවන්නේය. ඔහුමය අල්ලාහ්, නුඹලාගේ පරමාධිපති. (සමස්ත) ආධිපත්යය ඔහුට හිමිය. ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. එබැවින් කෙසේ නම් නුඹලා (වෙනත් මගකට) හරවනු ලබන්නෙහු ද?
1පශු කුලයට අයත් සතුන් යනු ඔටුවන්, ගවයින්, එළුවන් හා බැටළුවන් වැනි සතුන්ය. මෙම ආයතයෙහි මෙම සතුන් හා උන්ගේ ගැහැනු වර්ගයා පිළිබඳව ද සඳහන් වී ඇත. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 6:149 බලන්න. තවද අල්ලාහ් මෙම සතුන්ව අනුභවයට තහනම් නොකර සිටිය ද එකල මක්කාවෙහි විසූ මිථ්යා දෘෂ්ටිකයින් මෙම සතුන්ගෙන් සමහරක් අනුභවයට තහනම් සතුන් යනුවෙන් හැඳින්වූහ. මෙම සතුන් කිසිවක් තහනමට ලක් නොවූ සතුන් බව අල්ලාහ් මෙම ආයතයේ සඳහන් කරයි.
7

إِن تَكْفُرُوا فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنكُمْ ۖ وَلَا يَرْضَىٰ لِعِبَادِهِ الْكُفْرَ ۖ وَإِن تَشْكُرُوا يَرْضَهُ لَكُمْ ۗ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۗ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

නුඹලා ප්රතික්ෂේප කළේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් නුඹලාගෙන් සර්ව සම්පූර්ණය. තවද (කෙසේ වෙතත්) ඔහුගේ ගැත්තන්ගෙන් ප්රතික්ෂේපය ඔහු පි්රය නොකරන්නේය. නුඹලා කෘතවේදී වන්නේ නම් නුඹලා වෙනුවෙන් ඔහු එ(ම කෘතවේදීත්ව)ය පි්රය කරන්නේය. තවද (තම පාපයේ) බර උසුලන්නෙකු වෙනකෙනෙකුගේ (පාපයේ) බර නොඋසුලන්නේය. පසුව, නුඹලාගේ නැවත යොමු වන ස්ථානය නුඹලාගේ පරමාධිපති වෙතය. එවිට නුඹලා (මෙලොව) කරමින් සිටි දෑ (සියල්ල) පිළිබඳව ඔහු නුඹලාට දන්වන්නේය. සැබැවින්ම ඔහු සිත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥය.
8

وَإِذَا مَسَّ الْإِنسَانَ ضُرٌّ دَعَا رَبَّهُ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُ نِعْمَةً مِّنْهُ نَسِيَ مَا كَانَ يَدْعُو إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّهِ أَندَادًا لِّيُضِلَّ عَن سَبِيلِهِ ۚ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا ۖ إِنَّكَ مِنْ أَصْحَابِ النَّارِ

තවද යම් පීඩාවක් මිනිසෙකුව ස්පර්ශ කළේ නම් ඔහුගේ පරමාධිපති වෙත නැඹුරුවෙමින් ඔහුව (පමණක්) කැඳවන්නේය. පසුව (අල්ලාහ්) ඔහුගෙන් වූ භාග්යයක් ඔහුට දායාද කළේ නම් එයට පෙර ඔහුව(අල්ලාහ්ව) කුමක් සඳහා කැඳවමින් සිටියේ ද එය ඔහු අමතක කරයි. තවද ඔහු අල්ලාහ්ට සමගාමීන් පත් කරයි. (මන්දයත්) ඔහුගේ(අල්ලාහ්ගේ) මාර්ගයෙන් (ජනයින්ව) මුළා කරනු පිණිසය. (එබැවින්) “නුඹ නුඹගේ ප්රතික්ෂේපය මගින් සුළු කලකට සතුටු විඳිවු. සැබැවින්ම නුඹ (නිරා) ගින්නේ සගයින් අතුරින්යැ”යි (නබිවරය,) පවසවු.
9

أَمَّنْ هُوَ قَانِتٌ آنَاءَ اللَّيْلِ سَاجِدًا وَقَائِمًا يَحْذَرُ الْآخِرَةَ وَيَرْجُو رَحْمَةَ رَبِّهِ ۗ قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ

කවරෙකු පරමාන්ත දිනය කෙරෙහි බියවෙමින් ද ඔහුගේ පරමාධිපති ගේ දයාලු භාවය අපේක්ෂාවෙන් ද රාත්රි කාලයෙහි අවදි වී සුජූද් කරමින් හා සිටගනිමින් නැමදුම් කරන්නේද ඔහු (එසේ නොකරන ප්රතික්ෂේපකයා හා සමානවේ)ද? (එබැවින්) “දැනුම ඇත්තන් හා දැනුම නැත්තන් සමාන වන්නේදැ?”යි (නබිවරය) පවසවු. සැබැවින්ම උපදෙස් ලබන්නේ නුවණැත්තන්මය.
10

قُلْ يَا عِبَادِ الَّذِينَ آمَنُوا اتَّقُوا رَبَّكُمْ ۚ لِلَّذِينَ أَحْسَنُوا فِي هَـٰذِهِ الدُّنْيَا حَسَنَةٌ ۗ وَأَرْضُ اللَّهِ وَاسِعَةٌ ۗ إِنَّمَا يُوَفَّى الصَّابِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍ

“විශ්වාස කළ මාගේ ගැත්තනි, නුඹලාගේ පරමාධිපතිට බිය භක්තිමත් වවු” යැයි (නබිවරය,) පවසවු. මෙලොවෙහි යහපත කරන්නන්ට (ප්රතිඵලයක් වශයෙන්) යහපතක් ඇත. තවද අල්ලාහ්ගේ භූමිය පුළුල්ය. 2 සැබැවින්ම ඉවසිලිවන්තයින්ට ඔවුන්ගේ වේතනය ගණනයකින් තොරව පරිපූර්ණ ලෙස පිරිනමනු ලබන්නේමය.
2මෙය ප්රතික්ෂේපකයින්ගෙන් හිංසාවට ලක් වූ මක්කා වැසියන්ට මිහිතලයේ තමන්ට නිදහසේ තම දහම පිළිපැදීමට හැකි ඕනෑම ස්ථානයකට යා හැකි බව හඟවන්නා වූ ආයතයකි.
11

قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَ

(නබිවරය,) පවසවු “සැබැවින්ම දහමෙහි අල්ලාහ්ට (ඉහ්ලාස් නම්) චිත්ත පාරිශුද්ධියෙන් යුතුව ඔහුටම නැමදුම් කරන ලෙස මම අණ කරනු ලැබුවෙමි.
12

وَأُمِرْتُ لِأَنْ أَكُونَ أَوَّلَ الْمُسْلِمِينَ

තවද, (අල්ලාහ්ට) අවනත වන්නන්ගෙන් මා ප්රථමයා වන ලෙස ද මම අණ කරනු ලැබුවෙමි.”
13

قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ

(නබිවරය,) පවසවු “මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් සැබැවින්ම දරුණු වූ දිනයෙහි දඬුවමට මම බිය වෙමි”
14

قُلِ اللَّهَ أَعْبُدُ مُخْلِصًا لَّهُ دِينِي

(නබිවරය,) පවසවු “මාගේ දහමෙහි අල්ලාහ්ට චිත්ත පාරිශුද්ධියෙන් ඔහුටම නැමදුම් කරන්නෙමි”
15

فَاعْبُدُوا مَا شِئْتُم مِّن دُونِهِ ۗ قُلْ إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ ۗ أَلَا ذَٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ

එබැවින් ඔහු හැර නුඹලා අභිමත කළ දෑ නුඹලා නැමදුම් කරවු. (නබිවරය,) පවසවු “සැබැවින්ම අලාභවන්තයින් වන්නේ (මළවුන්) නැගිටවනු ලබන දිනයෙහි තමන්ට හා තමන්ගේ පවුලේ අයට අලාභ හානි කර ගත්තන්ය. දැන ගනු, පැහැදිලි අලාභය එයයි.”
16

لَهُم مِّن فَوْقِهِمْ ظُلَلٌ مِّنَ النَّارِ وَمِن تَحْتِهِمْ ظُلَلٌ ۚ ذَٰلِكَ يُخَوِّفُ اللَّهُ بِهِ عِبَادَهُ ۚ يَا عِبَادِ فَاتَّقُونِ

ඔවුනට ඉහළින් ගින්නෙන් වූ වියන් ඔවුන්ට ඇත. තවද ඔවුනට පහළින් ද (ගින්නෙන් වූ) වියන් ඇත. එයමය අල්ලාහ් එමගින් ඔහුගේ ගැත්තන්ට බිය ගන්වන්නේ. “මාගේ ගැත්තනි, එබැවින් නුඹලා මට බිය භක්තිමත් වවු.”
17

وَالَّذِينَ اجْتَنَبُوا الطَّاغُوتَ أَن يَعْبُدُوهَا وَأَنَابُوا إِلَى اللَّهِ لَهُمُ الْبُشْرَىٰ ۚ فَبَشِّرْ عِبَادِ

කවුරුන් ‘තාඝූත්’ 3 (ෂෙයිතාන්වරුන් හා පිළිම) නැමදීමෙන් වැළකී අල්ලාහ් වෙත නැඹුරු වන්නේද ඔවුනට සුබාරංචිය හිමිය. එබැවින් මාගේ ගැත්තන්ට සුබාරංචි පවසවු.
3‘තාගූත්’ යන්නෙහි වචනාර්ථය කැරලිකරු යන්නයි. මෙයින් අදහස් කරන්නේ ෂෙයිතාන් හා ප්රතික්ෂේපකයින් විසින් නැමදුම් කරනු ලැබූ පිළිමයන්ය.
18

الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ ۚ أُولَـٰئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ ۖ وَأُولَـٰئِكَ هُمْ أُولُو الْأَلْبَابِ

ඔවුන් (කවුරුන්ද යත් අල්ලාහ්ගේ) වදනට සවන් දී පසුව එහි යහ දෑ 4 අනුගමනය කරන්නන්ය. අල්ලාහ් යහමග පෙන්වූවන් ඔවුන්මය. නුවණැත්තන් ද ඔවුන්මය.
4මෙහි ‘යහ දෑ’ යන්නෙන් අදහස් වන්නේ එකිනෙකාට අත් වූ යහපත් දෑ.
19

أَفَمَنْ حَقَّ عَلَيْهِ كَلِمَةُ الْعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِي النَّارِ

එබැවින් දඬුවමේ වචනය තමන් කෙරෙහි නියම වූ ඔහු (දඬුවමින් මිදුණෙකු මෙන් වන්නේ) ද? එවිට නිරයෙහි සිටින ඔහුව මුදවා ගන්නේ නුඹ ද?
20

لَـٰكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ غُرَفٌ مِّن فَوْقِهَا غُرَفٌ مَّبْنِيَّةٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ وَعْدَ اللَّهِ ۖ لَا يُخْلِفُ اللَّهُ الْمِيعَادَ

එනමුත්, ඔවුන්ගේ පරමාධිපාතිට කවරෙකු බිය භක්තිමත් වන්නේද ඔවුනට කාමර ඇත. එවාට ඉහළින් (ද) තනන ලද කාමර ඇත. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (මෙය) අල්ලාහ්ගේ ප්රතිඥාවක් වශයෙනි. අල්ලාහ් ප්රතිඥාව වෙනස් නොකරන්නේය.
21

أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَسَلَكَهُ يَنَابِيعَ فِي الْأَرْضِ ثُمَّ يُخْرِجُ بِهِ زَرْعًا مُّخْتَلِفًا أَلْوَانُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ يَجْعَلُهُ حُطَامًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ

සැබැවින්ම අල්ලාහ් අහසින් (වැසි) ජලය පහළ කොට එය මිහිතලය තුළට උල්පත් ලෙස කා වැදීමට සලස්වා පසුව විවිධ වර්ණයන්( හා වර්ගයන්)ගෙන් යුත් ගොයම් එමගින් පිට කිරීම නුඹ නුදුටුවෙහිද? පසුව ඒවා වියළෙනු ඇත. එවිට එය කහ පැහැ බවට පත් වනු නුඹ දකින්නෙහිය. පසුව ඔහු(අල්ලාහ්) එය (දිරා ගිය) පිදුරු බවට පත් කරන්නේය. සැබැවින්ම එහි නුවණැත්තන්ට උපදෙසක් ඇත.
22

أَفَمَن شَرَحَ اللَّهُ صَدْرَهُ لِلْإِسْلَامِ فَهُوَ عَلَىٰ نُورٍ مِّن رَّبِّهِ ۚ فَوَيْلٌ لِّلْقَاسِيَةِ قُلُوبُهُم مِّن ذِكْرِ اللَّهِ ۚ أُولَـٰئِكَ فِي ضَلَالٍ مُّبِينٍ

ඉස්ලාමය සඳහා කවරෙකුගේ හදවත අල්ලාහ් විවෘත කළේද ඔහු (හදවත දැඩි වූ කෙනෙකු හා සම විය හැකි) ද? එබැවින් ඔහු තම පරමාධිපතිගෙන් වූ ආලෝකය මත ය. එබැවින් අල්ලාහ්ව මෙනෙහි කිරීමට (එරෙහිව) ඔවුන්ගේ සිත් දැඩිවූවන්ට විනාශය ඇති වේවා! ඔවුන් පැහැදිලි වූ මුළාවෙහිය.
23

اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُّتَشَابِهًا مَّثَانِيَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَىٰ ذِكْرِ اللَّهِ ۚ ذَٰلِكَ هُدَى اللَّهِ يَهْدِي بِهِ مَن يَشَاءُ ۚ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ

අල්ලාහ් ඉතා අලංකාර උපදේශයක් (එනම්) එකිනෙකට (පටහැණි නොවූ) එකඟතාවෙන් යුත් නැවත නැවත සඳහන් කරන (දෑ අඩංගු) ග්රන්ථයක් පහළ කර ඇත. එයින් ඔවුන්ගේ පරමාධිපතිට බියවන්නන්ගේ චර්ම(යේ රෝම) වෙව්ලන්නේය. පසුව ඔවුන්ගේ චර්ම ද හදවත් ද අල්ලාහ්ව මෙනෙහි කිරීම පිණිස මෘදු වන්නේය. මෙය අල්ලාහ්ගේ මග පෙන්වීමයි. ඔහු අභිමත කරන්නන්ව එමගින් ඔහු ඍජු මගට රැගෙන යන්නේය. අල්ලාහ් කවරෙකු නොමග යන්නට අත් හරින්නේ ද ඔහුට යහමග පෙන්වන්නෙකු නොමැත.
24

أَفَمَن يَتَّقِي بِوَجْهِهِ سُوءَ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ ۚ وَقِيلَ لِلظَّالِمِينَ ذُوقُوا مَا كُنتُمْ تَكْسِبُونَ

(මළවුන්) නැගිටවනු ලබන දින නරකම දඬුවම තම මුහුණෙන් 5 හෝ ආරක්ෂා කිරීමට තැත් කරන ඔහු (දඬුවමින් සම්පූර්ණයෙන් ආරක්ෂා වූවෙකුට සමාන වේ)ද? තවද “නුඹලා උපයමින් සිටි (නරක) දැය රස විඳිවු.” යැයි අපරාධකරුවන්ට පවසනු ලැබේ.
5මෙම ආයතයෙන් නිරා වැසියන්ගේ භයානක තත්ත්වය පැහැදිලි කර ඇත. එනම් යමෙකු තමාව ආරක්ෂා කිරීමට සිය දෑත භාවිත කිරීම සාමාන්යය දෙයකි. එනමුත් නිරා වැසියන්ගේ අත් ඔවුන්ගේ පිටු පසින් බැඳ දමනු ලබන හෙයින් ඔවුන්ට තම දෑත් පවා භාවිත කළ නොහැකි වී කිසිවක් කර ගත නොහැකිව තම මුහුණෙන් හෝ තමාව ආරක්ෂා කිරීමට තැත් කරති.
25

كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَاهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ

ඔවුන්ට පෙර සිටියවුන් (රසූල්වරුන්ව) අසත්යය කළෝය. එබැවින් ඔවුන් නොහැඟූ ආකාරයෙන් ඔවුන් වෙත දඬුවම පැමිණියේය.
26

فَأَذَاقَهُمُ اللَّهُ الْخِزْيَ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ

පසුව අල්ලාහ් ඔවුනට අවමානය මෙලොව ජීවිතයෙහි රස විඳීමට සැලසුවේය. තවද සැබැවින්ම ඔවුන් දැන සිටියේ නම් මතු ලොව දඬුවම (මෙයට වඩා) ඉතා විශාලය.
27

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِي هَـٰذَا الْقُرْآنِ مِن كُلِّ مَثَلٍ لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ

තවද සැබැවින්ම අපි ජනයින්ට මෙම කුර්ආනයෙහි සෑම (ආකාරයේ) උපමාවක් මගින්ම ඔවුන් උපදෙස් ලබා ගනු පිණිස ගෙන හැර පෑවෙමු.
28

قُرْآنًا عَرَبِيًّا غَيْرَ ذِي عِوَجٍ لَّعَلَّهُمْ يَتَّقُونَ

ඔවුන් බිය භක්තිමත් වනු පිණිස (එය සත්යයෙන් අසත්යයට) නම්ය නොවු අරාබි බසින් වූ කුර්ආනයක් ලෙසය.
29

ضَرَبَ اللَّهُ مَثَلًا رَّجُلًا فِيهِ شُرَكَاءُ مُتَشَاكِسُونَ وَرَجُلًا سَلَمًا لِّرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

(තමන් අතර) කලහකාරකම් කරන හවුල්කරුවන් පිරිසකට අයිති (වහල්) මිනිසෙක් හා එක් මිනිසෙකුටම පමණක් අයිති තවත් (වහල්) මිනිසෙක් පිළිබඳව අල්ලාහ් උපමා කළේය. උපමාවෙන් ඔවුන් දෙදෙනා සමාන වේද? 6 (නැත), සියලු පැසසුම් අල්ලාහ් සතුය. නමුත් ඔවුන්ගෙන් බහුතරය (එම සත්යය පිළිබඳව) නොදනිති.-
6බොහෝ දෙනෙකුට හිමි වහලෙකු සෑම විටම ව්යාකූල තත්ත්වයේ සිටියි. මන්දයත් ඔහු සිය ස්වාමීන් සියලු දෙනාටම අවනත විය යුතුයි. බොහෝ විට ස්වාමීන්ගේ විධාන එකිනෙක පැටලෙනු ඇත. එසේම බහු දේවවාදියා ද සෑම විටම ව්යාකූල තත්ත්වයේ සිටියි. තමන් යම් දෙයක් කරනවා ද නොකරවා ද යන මෙවන් නොසන්සුන්තාවක් ඇති වනු ඇත. මෙයින් පැහැදිලි වන්නේ බහු දේවවාදය කිසිසේත්ම ප්රායෝගික නොවන බවය.
30

إِنَّكَ مَيِّتٌ وَإِنَّهُم مَّيِّتُونَ

(නබිවරය,) සැබැවින්ම නුඹ මරණයට පත්වන්නෙකි. තවද සැබැවින්ම ඔවුන්ද මරණයට පත් වන්නන්ය.
31

ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ عِندَ رَبِّكُمْ تَخْتَصِمُونَ

පසුව සැබැවින්ම නුඹලා (මළවුන්) නැගිටවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස තර්ක ඉදිරිපත් කරන්නෝය.