ص ۚ وَالْقُرْآنِ ذِي الذِّكْرِ
සාද් , (ගෞරවනීය) උපදෙස් වලින් යුත් (මෙම) අල් කුර්ආනය මත දිවුරමින්.
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
بَلِ الَّذِينَ كَفَرُوا فِي عِزَّةٍ وَشِقَاقٍ
නමුත් ප්රතික්ෂේප කළවුන් ගර්වයෙහි ද මතභේදයෙහි ද වේ.
كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ فَنَادَوا وَّلَاتَ حِينَ مَنَاصٍ
මොවුනට පෙර කොපමණ පරපුරක් අපි විනාශ කළෙමු ද? (එම වේලාව, ඔවුන්ට) මිදීමේ වේලාවක්ව නොතිබිය දී ඔවුහු (උදව් පතා හඬ නගා) ඇමතූහ.
وَعَجِبُوا أَن جَاءَهُم مُّنذِرٌ مِّنْهُمْ ۖ وَقَالَ الْكَافِرُونَ هَـٰذَا سَاحِرٌ كَذَّابٌ
තවද මොවුන් අතුරින්ම අවවාද කරන්නෙකු(මුහම්මද්) මොවුන් වෙත පැමිණීම පිළිබඳව මොවුහු විස්මයට පත් වූවෝය. තවද “මොහු හූනියම්කරුවෙකි, මහා බොරුකාරයෙකි” යැයි (එම) ප්රතික්ෂේපකයින් පැවසුවෝය.
أَجَعَلَ الْآلِهَةَ إِلَـٰهًا وَاحِدًا ۖ إِنَّ هَـٰذَا لَشَيْءٌ عُجَابٌ
“(අප නමදින) දෙවිවරුන්ව එකම දෙවියෙකු ලෙස ඔහු පත් (නො)කළේ ද? සැබැවින්ම මෙය ඉතා විශ්මය ජනක කරුණකි.” (යැයි ද ඔවුහු පැවසුවෝය.)
وَانطَلَقَ الْمَلَأُ مِنْهُمْ أَنِ امْشُوا وَاصْبِرُوا عَلَىٰ آلِهَتِكُمْ ۖ إِنَّ هَـٰذَا لَشَيْءٌ يُرَادُ
“නුඹලා (නබිවරයාගෙන් ඈත් වී නුඹලාගේ දෙවිවරුන් වෙත) යවු. තවද නුඹලාගේ දෙවිවරුන්(ට නැමදීමේ) විෂයෙහි ඉවසීමෙන් කටයුතු කරවු. සැබැවින්ම මෙය(නබිවරයාගේ කැඳවීම, ස්වකීය ප්රතිලාභයක් සඳහා) අපේක්ෂා කරනු ලබන කරුණකි. (අප) අවසන් (ලෙස විශ්වාස කර පිළිපැද්දා වූ) පිළිවෙතෙහි මේ පිළිබඳව අපි අසා නැත්තෙමු. මෙය ගෙතීමක් මිස නැතැ”යි ඔවුහු අතුරින් ප්රධානීහු (පවසමින්) ගියෝය.
مَا سَمِعْنَا بِهَـٰذَا فِي الْمِلَّةِ الْآخِرَةِ إِنْ هَـٰذَا إِلَّا اخْتِلَاقٌ
“නුඹලා (නබිවරයාගෙන් ඈත් වී නුඹලාගේ දෙවිවරුන් වෙත) යවු. තවද නුඹලාගේ දෙවිවරුන්(ට නැමදීමේ) විෂයෙහි ඉවසීමෙන් කටයුතු කරවු. සැබැවින්ම මෙය(නබිවරයාගේ කැඳවීම, ස්වකීය ප්රතිලාභයක් සඳහා) අපේක්ෂා කරනු ලබන කරුණකි. (අප) අවසන් (ලෙස විශ්වාස කර පිළිපැද්දා වූ) පිළිවෙතෙහි මේ පිළිබඳව අපි අසා නැත්තෙමු. මෙය ගෙතීමක් මිස නැතැ”යි ඔවුහු අතුරින් ප්රධානීහු (පවසමින්) ගියෝය.
أَأُنزِلَ عَلَيْهِ الذِّكْرُ مِن بَيْنِنَا ۚ بَلْ هُمْ فِي شَكٍّ مِّن ذِكْرِي ۖ بَل لَّمَّا يَذُوقُوا عَذَابِ
“අප අතුරින් උපදෙස(අල් කුර්ආනය) පහළ කරනු ලැබුවේ මොහු මත ද?” (යැයි ද ඔවුහු පැවසූහ.) එසේ නොව, ඔවුන් මාගේ උපදෙස පිළිබඳව සැකයෙහිය. කෙසේ වෙතත් මොවුන් මාගේ දඬුවම (තවමත්) රස විඳ නැත.
أَمْ عِندَهُمْ خَزَائِنُ رَحْمَةِ رَبِّكَ الْعَزِيزِ الْوَهَّابِ
එසේ නැතහොත් අති බලසම්පන්න මහා පරිත්යාගශීලී නුඹගේ පරමාධිතිගේ කරුණාවෙහි ධන සම්භාරය(නබිත්වය) ඔවුන් අබියස ද?
2මෙම ආයතය නබිත්වය සඳහා නබි මුහම්මද් තුමාණන්ව තෝරා ගනු ලැබුවේ මන්ද යන ඔවුන්ගේ ප්රශ්නයට පිළිතුරකි. මෙහි අදහස වනුයේ අල්ලාහ්ගේ අධීක්ෂණයට අනුව කිසිදු වටිනාකමක් නොමැති ලොවේ සම්පත් පවා මිනිසුන්ගේ උරුමයේ නොතිබිය දී මේ සියල්ලට වඩා ඉතා උතුම් වූ නබිත්වය කවුරුන්ට ලබා දිය යුත්තේ ද යන්නෙහි මොවුන්ට කුමක් කිව හැක්කේ ද? යනුවෙනි.
أَمْ لَهُم مُّلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ فَلْيَرْتَقُوا فِي الْأَسْبَابِ
එසේ නොමැති නම් අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්යය ඔවුන් සතුව ද? එසේ (ඔවුන් සතුව) නම් ඔවුන් (අහස දෙසට වූ) මාර්ගයන්හි නැග යත්වා! (එහි ගොස් ඔවුන්ට කැමති කෙනෙකුව නබිත්වයට තෝරා ගනිත්වා!)
جُندٌ مَّا هُنَالِكَ مَهْزُومٌ مِّنَ الْأَحْزَابِ
(ඔවුන්) සේනාංකයන් අතුරින් වූ පරාජයට පත් කරනු ලැබූ මෙහි(මක්කාවෙහි) සිටින නීච සේනාවකි.
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَفِرْعَوْنُ ذُو الْأَوْتَادِ
ඔවුනට පෙර නූහ්ගේ ජනයා ද ආද් ද උල් රිටි හිමි ෆිර්අවුන් ද සමූද් ද ලූත්ගේ ජනයා ද වනරොදෙහි වැසියෝ (ෂුඅයිබ්ගේ පිරිස) ද (රසූල්වරුන්ව) අසත්යය කළෝය. ඔවුන්මය එම (පරාජිත) සේනාංකයන් වන්නේ.
3‘උල් රිටි හිමි’ යනුවෙන් ෆිර්අවුන් හඳුන්වනු ලැබුවේ මොහු මිනිසුන්ව ‘උල් රිටි’ භාවිතයෙන් දඬුවම් කළ බැවිනි.
وَثَمُودُ وَقَوْمُ لُوطٍ وَأَصْحَابُ الْأَيْكَةِ ۚ أُولَـٰئِكَ الْأَحْزَابُ
ඔවුනට පෙර නූහ්ගේ ජනයා ද ආද් ද උල් රිටි හිමි ෆිර්අවුන් ද සමූද් ද ලූත්ගේ ජනයා ද වනරොදෙහි වැසියෝ (ෂුඅයිබ්ගේ පිරිස) ද (රසූල්වරුන්ව) අසත්යය කළෝය. ඔවුන්මය එම (පරාජිත) සේනාංකයන් වන්නේ.
إِن كُلٌّ إِلَّا كَذَّبَ الرُّسُلَ فَحَقَّ عِقَابِ
(ඔවුන්) සැවොම රසූල්වරුන්ව අසත්යය කළා මිස නැත. එබැවින් මාගේ දඬුවම (ඔවුන් කෙරෙහි) නියම විය.
وَمَا يَنظُرُ هَـٰؤُلَاءِ إِلَّا صَيْحَةً وَاحِدَةً مَّا لَهَا مِن فَوَاقٍ
කිසිදු අවකාශයක් නොලබන එකම එක හඬක් මිස ඔවුහු අපේක්ෂා නොකරන්නෝය.
4එනම් මළවුන් කෙරෙන් නැගිටවනු ලබීම සඳහා පිඹිනු ලබන හොරණෑ හඬයි.
وَقَالُوا رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبْلَ يَوْمِ الْحِسَابِ
“අපගේ පරමාධිපතියාණනි, ගණනය කරනු ලබන (විනිශ්චය) දිනයට පෙර (කි්රයා ලේඛනයේ) අපගේ කොටස අපට (දැක ගනු පිණිස) ඉක්මණින් දෙනු මැනව”යි ඔවුහු (සමච්චලයෙන්) පැවසුවෝය.
اصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاذْكُرْ عَبْدَنَا دَاوُودَ ذَا الْأَيْدِ ۖ إِنَّهُ أَوَّابٌ
(නබිවරය) ඔවුන් පවසන දෑ කෙරෙහි ඉවසීමෙන් සිටිවු. තවද ශක්තියෙන් යුත් අපගේ ගැත්තා වන දාවූද් පිළිබඳව සිහිපත් කරවු. සැබැවින්ම ඔහු (අපගේ තෘප්තිය පතා අප වෙත) අධිකව හැරෙන්නෙකු විය.
إِنَّا سَخَّرْنَا الْجِبَالَ مَعَهُ يُسَبِّحْنَ بِالْعَشِيِّ وَالْإِشْرَاقِ
සවස සහ උදෑසන ඔහු සමග (අල්ලාහ්ව) පිවිතුරු කරන්නක් ලෙස කඳු අපි (ඔහුට) වසඟ කර දුනිමු.
وَالطَّيْرَ مَحْشُورَةً ۖ كُلٌّ لَّهُ أَوَّابٌ
තවද රංචු වශයෙන් පක්ෂීන් ද (අපි ඔහුට වසඟ කර දුනිමු.) සියල්ල ඔහු(අල්ලාහ්) වෙත (ඔහුව පිවිතුරු කරමින්) අධිකව හැරෙන්නන්ය.
5මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 21:79 වන ආයතය හා එහි පාද සටහන බලන්න.
وَشَدَدْنَا مُلْكَهُ وَآتَيْنَاهُ الْحِكْمَةَ وَفَصْلَ الْخِطَابِ
තවද ඔහුගේ රාජ්යය අපි බලවත් කළෙමු. අපි (ඔහුට) ප්රඥාව ද කතාවේ පැහැදිලිතාව ද ලබා දුනිමු.
وَهَلْ أَتَاكَ نَبَأُ الْخَصْمِ إِذْ تَسَوَّرُوا الْمِحْرَابَ
පැමිණිලිකරුවන් මිහ්රාබ් බිත්තියට උඩින් පැමිණි අවස්ථාවේ (පැමිණිලි කළ) ඔවුන්ගේ (එම) පුවත නුඹ වෙත පැමිණියේ ද?
6මෙහි ‘මිහ්රාබය’ යනු නබි දාවූද් තුමාණන්ගේ නැමදුම් ස්ථානයයි.
7මෙහි 21 සිට 24 දක්වා ඇති ආයතයන්හි සඳහන් වී ඇත්තේ නබි දාවූද් තුමාණන්ගේ එක් වැරැද්දක් ඔහුට වටහා දීම පිණිස ඇති වූ සිද්ධියකි. එනම් දෙදෙනෙකු ඔවුන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළෝය. මෙම පැමිණිල්ලෙන් ඔහු තමන් විසින් අතීතයේ සිදු වූ වරදක් වටහා ගෙන ඒ සඳහා ඔහු පාපොච්චාරණය කළේය. මොහුගෙන් වූ වරද කුමක් ද යන්න පිළිබඳව විශ්වාස කළ හැකි කිසිදු වාර්තාවක් නැත. අල් කුර්ආන් හා හදීස් අනුව ඔහු විසින් කළ පාපය විශාල පාපයක් නොවන්නේය. නබිවරුන් විසින් පාපයන් සිදු විය හැකි ද නොහැකි ද යන්නෙහි සුළු විස්තරයක් අල් කුර්ආන් 48:2 හි පාද සටහනෙහි සඳහන් වී ඇත.
إِذْ دَخَلُوا عَلَىٰ دَاوُودَ فَفَزِعَ مِنْهُمْ ۖ قَالُوا لَا تَخَفْ ۖ خَصْمَانِ بَغَىٰ بَعْضُنَا عَلَىٰ بَعْضٍ فَاحْكُم بَيْنَنَا بِالْحَقِّ وَلَا تُشْطِطْ وَاهْدِنَا إِلَىٰ سَوَاءِ الصِّرَاطِ
දාවූද් වෙත ඔවුන් ඇතුළු වී ඔහු ඔවුන් පිළිබඳව තිගැස්සීමට පත් වූ කල්හි “නුඹ බිය නොවවු. (අපි) පැමිණිලිකරුවන් දෙදෙනෙකි. අපගෙන් කෙනෙකු අනෙකාට අපරාධ කොට ඇත. එබැවින් අප අතර යුක්තිගරුකව තීන්දු ලබා දෙවු. තවද පක්ෂපාතී නොවවු. ඍජුමග වෙත අපට මඟ පෙන්වවු” යැයි ඔවුහු පැවසුවෝය.
إِنَّ هَـٰذَا أَخِي لَهُ تِسْعٌ وَتِسْعُونَ نَعْجَةً وَلِيَ نَعْجَةٌ وَاحِدَةٌ فَقَالَ أَكْفِلْنِيهَا وَعَزَّنِي فِي الْخِطَابِ
“සැබැවින්ම මොහු මාගේ සහෝදරයාය. බැටළු දෙනුන් අනූ නවයක් මොහු සතුය. මා සතුව ඇත්තේ එකම එක බැටළු දෙනකි. “එය ද මාගේ භාරයේ තබන්නැ”යි මොහු පවසා තර්ක කිරීමෙහි මොහු මා අබිබවා ගියේය.” (යැයි දෙදෙනාගෙන් කෙනෙකු පැවසුවේය.)
قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلَىٰ نِعَاجِهِ ۖ وَإِنَّ كَثِيرًا مِّنَ الْخُلَطَاءِ لَيَبْغِي بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَقَلِيلٌ مَّا هُمْ ۗ وَظَنَّ دَاوُودُ أَنَّمَا فَتَنَّاهُ فَاسْتَغْفَرَ رَبَّهُ وَخَرَّ رَاكِعًا وَأَنَابَ ۩
“ඔහුගේ බැටළු දෙනුන් සමග නුඹගේ බැටළු දෙන (එක් කරන්නැ’යි කළ) ඉල්ලීමෙන් සැබැවින්ම නුඹට ඔහු අසාධාරණයක් කර ඇත. තවද සැබැවින්ම හවුල්කරුවන්ගෙන් බොහෝ දෙනා ඔවුන්ගෙන් සමහරුන් තවත් සමහරු කෙරෙහි අපරාධ කරන්නෝය. (නමුත්) විශ්වාස කොට යහකම් කළ අය මිස, මොවුන් ඉතා ස්වල්ප දෙනෙකි” යැයි ඔහු(දාවූද්) පැවසුවේය. තවද (මෙම සිදුවීම තුළින්) අපි ඔහුව පරීක්ෂණයට පත් කර ඇත්තෙමු යැයි දාවූද් වටහා ගත්තේය. එබැවින් ඔහු තම පරමාධිපතිගෙන් සමාව ඇයැද දණින් වැටුණේය. තවද ඔහු (අල්ලාහ් වෙත පශ්චාත්තාප වී) හැරුනේය.
8මෙම බැටළුවන් හා සම්බන්ධ සිදුවීමෙන් ආදර්ශයක් ලැබූ නබි දාවුද් තුමාණන් මීට පෙර ඔහු විසින් අත් වූ මෙවැනිම අත් වැරැද්දක් පිළිබඳව පසුතැවිල්ලට පත් වී ඒ සඳහා පාප ක්ෂමාවේ අයැදින්නට විය.
9මෙය සුජූද් කළ යුතු ආයතයකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:206 හි පාද සටහන බලන්න.
فَغَفَرْنَا لَهُ ذَٰلِكَ ۖ وَإِنَّ لَهُ عِندَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ
එබැවින් අපි ඔහුට එය(එම අත්වැරැද්ද) කමා කළෙමු. තවද සැබැවින්ම ඔහුට අප අබියස සමීපතාව ද අලංකාර නැවත යොමු වන ස්ථානයක් ද ඇත.
يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ فَاحْكُم بَيْنَ النَّاسِ بِالْحَقِّ وَلَا تَتَّبِعِ الْهَوَىٰ فَيُضِلَّكَ عَن سَبِيلِ اللَّهِ ۚ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ
අහෝ දාවූද්, සැබැවින්ම අපි නුඹව මිහිතලයෙහි නියෝජිතයෙකු බවට පත් කළෙමු. එබැවින් නුඹ මිනිසුන් අතර යුක්තිගරුකව තීන්දු ලබා දෙවු. තවද මනෝ ඉච්ඡාව පිළිනොපදිවු. එසේ (නුඹ පිළිපැද්දේ) නම් එය නුඹව අල්ලාහ්ගේ මාර්ගයෙන් මුළා කරන්නේය. සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගයෙන් මුළාවූවන් ගණනය කරනු ලබන (විනිශ්චය) දිනය ඔවුන් අමතක කළ හේතුවෙන් ඔවුනට දැඩි දඬුවමක් ඇත.
وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلًا ۚ ذَٰلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا ۚ فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ
අහස ද මිහිතලය ද ඒ දෙක අතර ඇති දෑ ද නිෂ්ඵල දැයක් ලෙස අපි නොමැව්වෙමු. එය(නිෂ්ඵල යැයි සිතීම) ප්රතික්ෂේප කළවුන්ගේ අනුමානයයි. එබැවින් ප්රතික්ෂේප කළවුනට (හිමිවන්නේ නිරා) ගින්නෙන් වූ විනාශයයි.
أَمْ نَجْعَلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَالْمُفْسِدِينَ فِي الْأَرْضِ أَمْ نَجْعَلُ الْمُتَّقِينَ كَالْفُجَّارِ
(ප්රතික්ෂේපකයින් සිතන පරිදි) විශ්වාස කර යහකම් කළවුන්ව මිහිතලයෙහි කලහකාරීන් මෙන් අපි පත් කරන්නෙමු ද? නැතහොත් බිය භක්තිකයින්ව පාපතරයින් මෙන් අපි පත් කරන්නෙමු ද?
كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِّيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُولُو الْأَلْبَابِ
(නබිවරය, මෙය) භාග්යමත් ධර්ම පුස්තකයකි. ඔවුන් එහි වදන් වටහා ගනු පිණිස ද නුවණැත්තන් (එමගින්) උපදෙස් ලබනු පිණිස ද නුඹ වෙත අපි එය පහළ කර ඇත්තෙමු.
وَوَهَبْنَا لِدَاوُودَ سُلَيْمَانَ ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ
දාවූද්ට සුලෙයිමාන්ව අපි (දරුවෙකු ලෙස) තිළිණ කළෙමු. (අල්ලාහ්ගේ) එම ගැත්තා(සුලෙයිමාන්) යහපත් විය. සැබැවින්ම ඔහු (අල්ලාහ් වෙත) අධිකව හැරෙන්නෙකි.
إِذْ عُرِضَ عَلَيْهِ بِالْعَشِيِّ الصَّافِنَاتُ الْجِيَادُ
පාදයක් ඔසවා පාද තුනෙන් සිටගෙන දිවීමට සූදානමින් සිටින අධිවේගී අශ්වයින් ඔහු(සුලෙයිමාන්) ඉදිරියේ සවස් වරුවේ ගෙනහැර දක්වනු ලැබූ අවස්ථාව (සිහිපත් කරවු).
فَقَالَ إِنِّي أَحْبَبْتُ حُبَّ الْخَيْرِ عَن ذِكْرِ رَبِّي حَتَّىٰ تَوَارَتْ بِالْحِجَابِ
එවිට (ඒවා නැරඹීමෙන් අස්ර් වරුවේ සලාතය අත පසු විය.) “සැබැවින්ම මම එය(සූර්යයා) තිරය(මෙන් ඇති කඳු වල)ට සැඟවෙන තුරු මාගේ පරමාධිපති සිහිපත් කිරීමට වඩා යහපත් දෑ(අශ්වයින්) ඉතා ප්රිය කළෙමි” යැයි ඔහු (පසුතැවිලි වෙමින්) පැවසුවේය.
10යුද්ධය සඳහා තමා සතු අශ්වයින්ව ගෙන හැර පෙන්වන ලෙස නබි සුලෙයිමාන් තුමා තම සේවකයන්ට අණ කළේය. ලුහර් සලාතයෙන් පසුව මේවා නැරඹීමේ නියැළී සිටි එතුමාට අස්ර් වරුවේ සලාතය ඉටු කිරීමට මතක් වූ කල සූර්යයා බැස ගොස් අස්ර් වරුවේ සලාතයේ වේලාව අවසන් වූ බව දැන ගත් එතුමා පසුතැවිලි වී වහාම ගොස් අස්ර් වරුවේ සලාතය ඉටු කළේය. මෙය 30 වැනි ආයතයේ එතුමා අල්ලාහ් වෙත අධිකව හැරෙන්නා යන්නට කදිම නිදසුනක් වේ.
رُدُّوهَا عَلَيَّ ۖ فَطَفِقَ مَسْحًا بِالسُّوقِ وَالْأَعْنَاقِ
“ඒවා මා වෙතට නැවත ගෙන එවු.” (යැයි පවසා උන්ගේ) පාද ද බෙලි ද පිරිමදින්නට පටන් ගත්තේය.
وَلَقَدْ فَتَنَّا سُلَيْمَانَ وَأَلْقَيْنَا عَلَىٰ كُرْسِيِّهِ جَسَدًا ثُمَّ أَنَابَ
තවද සැබැවින්ම සුලෙයිමාන්ව අපි පරීක්ෂණයට ලක් කළෙමු. ඔහුගේ සිහසුන මත දේහයක් දැමුවෙමු. පසුව ඔහු (අප වෙතට) නැඹුරු වූයේය.
11නබි සුලෙයිමාන් තුමාණන්ගෙන් වූ වරදක් නිසා අල්ලාහ් ඔහුව ඔහුගේ රාජධානියෙන් බැහැර කර ඔහුව පිරික්සුමට ලක් කළ බව මෙම ආයතයෙන් අදහස් කරයි. මෙම පිරික්සුමෙන් පසුව ඔහු පෙරටත් වඩා අල්ලාහ් වෙත අධිකව නැඹුරු වූවෙකු විය.
قَالَ رَبِّ اغْفِرْ لِي وَهَبْ لِي مُلْكًا لَّا يَنبَغِي لِأَحَدٍ مِّن بَعْدِي ۖ إِنَّكَ أَنتَ الْوَهَّابُ
“මාගේ පරමාධිපතියාණනි, මට පාප ක්ෂමාව දෙනු මැනව! මගෙන් පසුව කිසිවෙකුට නොලැබෙන රාජ්යයක් මට තිළිණ කරනු මැනව! සැබැවින්ම නුඹමය මහා පරිත්යාගශීලී වන්නේ.” යැයි ඔහු (ප්රාර්ථනා කරමින්) පැවසුවේය.
فَسَخَّرْنَا لَهُ الرِّيحَ تَجْرِي بِأَمْرِهِ رُخَاءً حَيْثُ أَصَابَ
එවිට අපි ඔහුට සුළඟ වසඟ කර දුන්නෙමු. එය(සුළඟ) ඔහුගේ නියෝගයට අනුව ඔහු කැමති තැනකට සැහැල්ලුවෙන් ගමන් කළේය.
12වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 21:81 හා එහි පාද සටහන බලන්න.
وَالشَّيَاطِينَ كُلَّ بَنَّاءٍ وَغَوَّاصٍ
ෂෙයිතාන්වරුන් වන සියලු ගොඩනැගිලි තනන්නන් ද (මුතු සොයමින්) කිමිදෙන්නන් ද විලංගු දමන ලද සෙසු අය ද (අපි ඔහුට වසඟ කර දුනිමු.)
13වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 34:13-14 යන ආයතයන් බලන්න.
وَآخَرِينَ مُقَرَّنِينَ فِي الْأَصْفَادِ
ෂෙයිතාන්වරුන් වන සියලු ගොඩනැගිලි තනන්නන් ද (මුතු සොයමින්) කිමිදෙන්නන් ද විලංගු දමන ලද සෙසු අය ද (අපි ඔහුට වසඟ කර දුනිමු.)
هَـٰذَا عَطَاؤُنَا فَامْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ
මෙය අපගේ දීමනාවය. එබැවින් (ඒ පිළිබඳව) ගණනය කරනු ලැබීමකින් තොරව නුඹ පිරිනමවු. නැතහොත් (එය) රඳවා තබා ගනිවු.
وَإِنَّ لَهُ عِندَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ
තවද සැබැවින්ම ඔහුට අප අබියස සමීපතාව ද අලංකාර (ස්වර්ගයෙහි) නැවත යොමු වන ස්ථානයක් ද ඇත.
وَاذْكُرْ عَبْدَنَا أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الشَّيْطَانُ بِنُصْبٍ وَعَذَابٍ
තවද අපගේ ගැත්තා වන අයියූබ් පිළිබඳව සිහිපත් කරවු. එකල්හි ඔහු තම පරමාධිපති අමතා “සැබැවින්ම පීඩාවෙන් හා වේදනාවෙන් ෂෙයිතාන් මා ස්පර්ශ කර ඇතැ”යි ප්රකාශ කළේය.
ارْكُضْ بِرِجْلِكَ ۖ هَـٰذَا مُغْتَسَلٌ بَارِدٌ وَشَرَابٌ
නුඹගේ පාදයෙන් (මිහිතලයට) ගසවු. (යැයි ඔහුට පවසන ලදි. එවිට ඔහු ගැසුවේය. එසැණින් මිහිතලයෙන් ජලය ගලන්නට විය.) මෙය සිසිල් ස්නානය කරන ස්ථානයක් ද පානයක් ද වන්නේය. (යැයි ද ඔහුට පවසන ලදි.)
14අල් කුර්ආන් 21:84 හි සඳහන් වී ඇති අයුරින් නබි අය්යූබ් තුමාණන්ට රෝගයක් වැලඳුනි. එවිට ඔහුගේ නිවැසියන් බොහෝ දෙනෙකු ඔහුව අත හැර ගියෝය. පසුව තම රෝගය සුව කරන මෙන් මොහු අල්ලාහ්ගෙන් ප්රර්ථනා කළේය. එහෙයින් තම පාදය පොළොවට ගසන මෙන් අල්ලාහ් ඔහුට අණ කළේය. ඔහු එසේ කළ විට එතැනින් සිසිල් ජලය සහිත උල්පතක් පැළී ආ අතර ඔහු අණ කරනු ලැබූ ආකාරයෙන් එම ජලයෙන් ස්නානය කර එයින් පානය කළ විට තම රෝගය පරිපූර්ණයෙන්ම සුව විය. පසුව ඔහුගේ පවුලේ උදවිය මොහු වෙත නැවත පැමිණියෝය.
وَوَهَبْنَا لَهُ أَهْلَهُ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنَّا وَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ
තවද ඔහුට ඔහුගේ පවුලේ අය ද ඔවුන් සමග ඔවුන් වැනි තවත් අය ද අපගෙන් වූ දයාවක් ලෙස හා නුවණැත්තන්ට සිහිපත් කිරීමක් ලෙස අපි (නැවත) තිළිණ කළෙමු.
وَخُذْ بِيَدِكَ ضِغْثًا فَاضْرِب بِّهِ وَلَا تَحْنَثْ ۗ إِنَّا وَجَدْنَاهُ صَابِرًا ۚ نِّعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ
තවද “නුඹගේ දෑතින් තණකොළ මිටියක් ගෙන එමගින් ගසවු. තවද දිවුරුම කඩ නොකරවු” (යැයි ඔහුට අපි පැවසුවෙමු.) සැබැවින්ම ඔහුව ඉවසිලිවන්තයෙකු ලෙස අපි දුටුවෙමු. (අල්ලාහ්ගේ) එම ගැත්තා(අයියූබ්) යහපත් විය. සැබැවින්ම ඔහු (අල්ලාහ් වෙත) අධිකව හැරෙන්නෙකි.
15නබි අයියූබ් තුමාණන්ගේ බිරිය ඔහු අසනීපව සිටින විට අල්ලාහ් ප්රිය නොකරන කි්රයාවක් ඇය කළ හෙයින් ඔහුට සනීප වීමෙන් පසුව තම බිරියට රිටි පහර සියයක් ගසන බව ඔහු දිවුරුමක් කළේය. කෙසේ වුවද තමන් අසනීපයෙන් සිටි සමයෙහි තමන්ව මුළු පවුලම අත් හැර ගිය විටත් සනීප වෙන තෙක් තමා සමීපයේම සිට රැක බලා ගත් සිය බිරියට දිවුරුම් කළ එම දඬුවම කිරීමට නබි අයියූබ් තුමාණන් මදක් පසුබට විය. මෙතුමා දිවුරුම කඩ නොකිරීම පිණිස ද ඔහුගේ බිරියට එය අපහසු නොවීම පිණිස ද අල්ලාහ් මෙම ආයතයෙහි එම දිවුරුම ඉෂ්ට කිරීමේ ක්රියාව සැහැල්ලු කළේය. එනම් කුඩා රිටි සියයක් එකට බැඳ එමගින් තම බිරියට වරක් ගසන මෙන් අල්ලාහ් ඔහුට අණ කළේය.
وَاذْكُرْ عِبَادَنَا إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ أُولِي الْأَيْدِي وَالْأَبْصَارِ
තවද (නබිවරය,) ශක්තිය හා (දහම පිළිබඳව) දැක්ම ඇත්තන් වූ ඉබ්රාහීම්, ඉස්හාක් හා යඃකූබ් යන අපගේ ගැත්තන්ව සිහිපත් කරවු.
إِنَّا أَخْلَصْنَاهُم بِخَالِصَةٍ ذِكْرَى الدَّارِ
සැබැවින්ම (මතු ලොව) නිවහන සිහිපත් කිරීම (ජනයාව දහම වෙත ඇරයුම් කිරීම හා ජනයාව පශ්චාත්තප කරළීම)ට පමණක් ඔවුන්ව අපි සුවිශේෂීව තෝරා ගත්තෙමු.
وَإِنَّهُمْ عِندَنَا لَمِنَ الْمُصْطَفَيْنَ الْأَخْيَارِ
තවද සැබැවින්ම ඔවුන් අප අබියස තෝරා ගනු ලැබූ ශ්රේෂ්ඨ අය අතුරින් වූහ.
وَاذْكُرْ إِسْمَاعِيلَ وَالْيَسَعَ وَذَا الْكِفْلِ ۖ وَكُلٌّ مِّنَ الْأَخْيَارِ
තවද ඉස්මාඊල්, අල්යසඃ හා zදුල් කිෆ්ල් යන අයව ද සිහිපත් කරවු. (මොවුන්) සියල්ලෝම ශ්රේෂ්ඨයින් අතුරින් වූහ.
هَـٰذَا ذِكْرٌ ۚ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَآبٍ
මෙ(ම කුර්ආන)ය (පෙර සිදුවීම්) මෙනෙහි කිරීමකි. තවද සැබැවින්ම බිය භක්තිකයින්ට අලංකාර නැවත යොමු වන ස්ථානයක් ඇත.
جَنَّاتِ عَدْنٍ مُّفَتَّحَةً لَّهُمُ الْأَبْوَابُ
(එය) ඔවුන් වෙනුවෙන් දොරටු විවෘත කරනු ලැබූ සදාතනික (ස්වර්ග) උයන්ය.