يس

යාසීන්

يس

යාසීන් · Ya-Seen

මක්කී83 පද්‍ය

හැඳින්වීම

මෙම සූරාවෙහි අරමුණ වනුයේ මුළු විශ්වයේ මෙන්ම මිනිසා තුළ පවා පැතිරී ඇති අල්ලාහ්ගේ සාධක හා මැවීම් පිළිබඳව මිනිසාට මතක් කර දීමය. මෙම සූරාවේ* මූලික විෂයපථය වනුයේ අල්ලාහ්ගේ සර්ව බලධාරිත්වය සඳහා තවත් හවුල්කරුවෙකු අවශ්‍යය නොවන බැවින් අනෙක් ව්‍යාජ දෙවිවරුන් සියල්ල අසත්‍යය යැයි මෙම සාධක තුළින් පිළිඹිබු වනු ඇත. එමෙන්ම මරණින් මතු මිනිසාට විනිශ්චය දිනයේ නැවත පණ දී නැගිටු වීම අල්ලාහ්ට අපහසු කරුණක් නොවේ යැයි ද පැහැදිලි කර ඇත. මිනිසා කුමක් විශ්වාස කළ ද එහි යථාර්ථය ඔහුට වැටහෙන්නේ ඔහුගේ මරණින් පසුවය. එවිට ඔහු ප‍්‍රමාද වී හමාරය. නබි මුහම්මද්* තුමාණන් මෙම සත්‍යය මිනිසාට පැහැදිලි කිරීම පිණිස ඔහු අල්ලාහ්ගේ දූතයෙකු වශයෙන් මෙලොවට අල්ලාහ් විසින් එවනු ලැබීය. එහෙයින් කවුරුන් එතුමාව ප‍්‍රතික්ෂේප කරන්නේ ද එවිට හානි වන්නේ තමන්ටමය. මෙය පැහැදිලි කරනු පිණිස ඇතැම් පැරැණි නබිවරුන්ගේ* වෘත්තාන්ත ද මෙම සූරාවෙහි සඳහන් වී ඇත.

1

يس

යා. සීන්. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

وَالْقُرْآنِ الْحَكِيمِ

ප්රඥාවන්ත අල් කුර්ආනය මත දිවුරමින්.
3

إِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ

(අහෝ මුහම්මද්,) සැබැවින්ම නුඹ රසූල්වරුන් අතුරින් කෙනෙකි.
4

عَلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ

(තවද නුඹ) ඍජු මාර්ගයක් මත (සිටින්නෙහි)ය.
5

تَنزِيلَ الْعَزِيزِ الرَّحِيمِ

(මෙම අල් කුර්ආනය) අති බලසම්පන්න කරුණාභරිතයාණන්ගේ පහළ කිරීමකි.
6

لِتُنذِرَ قَوْمًا مَّا أُنذِرَ آبَاؤُهُمْ فَهُمْ غَافِلُونَ

කවරෙකුගේ මුතුන්මිත්තන් අවවාද කරනු නොලැබුවේ ද එවන් වූ පිරිසකට නුඹ අවවාද කරනු පිණිස (මෙය පහළ කළේ)ය. තවද ඔවුන් අනවධානීන්ය.
7

لَقَدْ حَقَّ الْقَوْلُ عَلَىٰ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ

සැබැවින්ම ඔවුන්ගෙන් බහුතරය කෙරෙහි වදන 2 නියම විය. එබැවින් ඔවුහු විශ්වාස නොකරති.
2මෙහි ‘වදන’ යනුවෙන් අදහස් කෙරන්නේ මොවුන්ගේ විශ්වාසය විෂයෙහි අල්ලාහ්ගේ පූර්ව සැලැසුම හෙවත් ‘කලා කද්ර්’ හි සඳහන් වී ඇත් වදනය. එහෙත් මෙසේ ඔවුන් නිරා වැසියන් යැයි ලියනු ලැබූ නිසාවෙන් මොවුන් විශ්වාස නොකරන්නෝය යන අර්ථය නොවේ. මිනිසාට යහපත හෝ අයහපත තෝරා ගැනීමේ හැකියාව අල්ලාහ් ඔවුන්ටම දී ඇත. එනමුත් මොහු කුමක් තෝරා ගනී ද යන දැනුම මොහු එම ක්රියාව කිරීමට පෙර පමණක් නොව මොහුව හා මුළු විශ්වයම මැවීමට පෙරම අල්ලාහ් මැනවින් දන්නේය. එහෙයින් ‘කලා කද්ර්’හි ලියා ඇති දෑ සියල්ල සිදු වනු ඇත යන්න සත්යයය. එනමුත් සියල්ල සිදු වන්නේ එහි ලියා ඇති නිසා යැයි විශ්වාස කිරීම වැරැද්දකි.
8

إِنَّا جَعَلْنَا فِي أَعْنَاقِهِمْ أَغْلَالًا فَهِيَ إِلَى الْأَذْقَانِ فَهُم مُّقْمَحُونَ

සැබැවින්ම අපි ඔවුන්ගේ ගෙලෙහි විලංගු දැමුවෙමු. එය ඔවුන්ගේ නිකට දක්වා පවතී. එබැවින් ඔවුන් හිස් ඉහළට නෙරා ගියවුන්ය.
9

وَجَعَلْنَا مِن بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ

තවද ඔවුනට ඉදිරියෙන් බාධකයක් ද ඔවුන්ගේ පසුපසින් බාධකයක් ද අපි ඇති කළෙමු. තවද (එමගින්) අපි ඔවුන්ව ආවරණය කළෙමු. එබැවින් ඔවුහු (සත්යය හා යහමග) නොබලන්නෝය.
10

وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ

නුඹ ඔවුනට අවවාද කළ ද නුඹ ඔවුනට අවවාද නොකළ ද ඔවුනට (එය) එක හා සමානය. ඔවුහු විශ්වාස නොකරති.
11

إِنَّمَا تُنذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِيَ الرَّحْمَـٰنَ بِالْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ

නුඹ අවවාද කර(එය ප්රයෝජන ව)නුයේම උපදෙස(අල් කුර්ආනය) අනුගමනය කර (අල්ලාහ්ව) නොදකිමින්ම කරුණාභරිතයාණන්ට (අල්ලාහ්ට) බියවන්නන්ට( පමණක්)ය. එබැවින් නුඹ ඔහුට පාප ක්ෂමාවක් ගැන ද ගෞරවාන්විත වේතනයක්(ස්වර්ගය) ගැන ද ශුභාරංචි දන්වවු.
12

إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ ۚ وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ فِي إِمَامٍ مُّبِينٍ

සැබැවින්ම මළවුනට (මතු ලොවෙහි) ජීවය ලබා දෙන්නේ අපමය. තවද (මරණයට පෙර) ඔවුන් පෙරටු කළ දෑ ද ඔවුන්ගේ (ජීවිතයේ කළ කි්රයාවන්හි) පිය සටහන් ද අපි ලියන්නෙමු. සෑම කරුණක්ම පැහැදිලි පුස්තකයක(ආරක්ෂිත ඵලකයක) අපි සටහන් කළෙමු.
13

وَاضْرِبْ لَهُم مَّثَلًا أَصْحَابَ الْقَرْيَةِ إِذْ جَاءَهَا الْمُرْسَلُونَ

(නබිවරය,) නුඹ ඔවුනට(ප්රතික්ෂේපකයින්ට එක්තරා) ගම්වාසීන්( පිරිසක්)ව උපමාවක් ලෙස ගෙන හැර පෙන්වවු, එනම් (එම උපමාව) එහි රසූල්වරුන් පැමිණි අවස්ථාවය. 3
3මෙම රසූල්වරයා හා මෙම ගම්මානය පිළිබඳ වැඩි විස්තර අල් කුර්ආන්හි හෝ හදීස්හි සඳහන් වී නැත. නමුත් මෙය නබි ඊසා තුමා විසින් එක් තරා ගම්මානයකට යවනු ලැබූ ඔහුගේ එක් අනුගාමිකයෙකු යැයි ඇතැම් වාර්තාවන්හි සඳහන් වී ඇති නමුත් ඒ සියල්ල විශ්වාස කළ හැකි වාර්තාවන් නොවේ.
14

إِذْ أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا إِنَّا إِلَيْكُم مُّرْسَلُونَ

ඔවුන් වෙත අපි රසූල්වරුන් දෙදෙනෙකු එවූ කල්හි ඔවුහු ඔවුන් දෙදෙනාව අසත්යය කළෝය. පසුව අප තුන්වැන්නෙකු (යවා ඔහු) මගින් (ඔවුන් දෙදෙනාව) බලවත් කළෙමු. එවිට “සැබැවින්ම අපි නුඹලා වෙත එවනු ලැබූවන් වෙමු”යි ඔවුහු(එම රසූල්වරුන්) ප්රකාශ කළෝය.
15

قَالُوا مَا أَنتُمْ إِلَّا بَشَرٌ مِّثْلُنَا وَمَا أَنزَلَ الرَّحْمَـٰنُ مِن شَيْءٍ إِنْ أَنتُمْ إِلَّا تَكْذِبُونَ

(එයට) ඔවුන්(ගම්වාසීන්) “නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත, තවද කරුණාභරිතයාණන් (වන අල්ලාහ්) කිසිවක් පහළ නොකළේය, නුඹලා අසත්යය පවසන්නන් මිස නැතැ”යි පැවසුවෝය.
16

قَالُوا رَبُّنَا يَعْلَمُ إِنَّا إِلَيْكُمْ لَمُرْسَلُونَ

(එයට) ඔවුහු(නබිවරුන්) “සැබැවින්ම අපි නුඹලා වෙත එවනු ලැබූවන්(රසූල්වරුන්) බව අපගේ පරමාධිපති දන්නේ යැ”යි පැවසූහ.
17

وَمَا عَلَيْنَا إِلَّا الْبَلَاغُ الْمُبِينُ

“තවද (නුඹලාට) පැහැදිලි වූ දැනුම් දීමක් මිස අප කෙරෙහි වෙනත් (වගකීම්) කිසිවක් නැතැ”(යි ද නබිවරුන් පැවසූහ.)
18

قَالُوا إِنَّا تَطَيَّرْنَا بِكُمْ ۖ لَئِن لَّمْ تَنتَهُوا لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٌ

(එයට) ඔවුන්(ගම්වාසීන්) “සැබැවින්ම අපි නුඹලාව අසුබයක් ලෙස සලකන්නෙමු. නුඹලා (මෙයින්) නොවැළකුනේ නම් සැබැවින්ම අපි නුඹලාව ගල් ගසා මරන්නෙමු. තවද අපගෙන් වූ වේදනීය දඬුවමක් සැබැවින්ම නුඹලාව ස්පර්ශ කරනු ඇතැ”යි පැවසුවෝය.
19

قَالُوا طَائِرُكُم مَّعَكُمْ ۚ أَئِن ذُكِّرْتُم ۚ بَلْ أَنتُمْ قَوْمٌ مُّسْرِفُونَ

(එයට) ඔවුහු(නබිවරුන්) “නුඹලාගේ අසුබය නුඹලා සමගය. නුඹලාට උපදෙස් දෙනු ලැබූවත් ද? (නුඹලා අපව අසුබ යැයි පවසනුයේ.) කෙසේ නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසකි.” යැයි පැවසූහ.
20

وَجَاءَ مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَىٰ قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ

තවද එම නගරයේ කෙළවරක සිට මිනිසෙකු වේගයෙන් පැමිණ 4 (මෙසේ) පැවසුවේය. “මාගේ ජනයිනි, නුඹලා (මෙම) රසූල්වරුන්ව පිළිපදිවු.
4මොහු එම සමූහයා අතර සිටි පුද්ගලයෙකි. මොහු එකල සිටි රසූල්වරුන්ව විශ්වාස කර තම ජනයින්ට ද විශ්වාස කරන මෙන් පැවසුවේය. එනමුත් මොහුව එම ජනයින් ඝාතනය කළෝය. මෙම සූරාවෙහි 26 වන ආයතයෙහි මොහුට ස්වර්ගය සඳහා සුබාරංචි ලැබූ බව සඳහන්ව ඇත.
21

اتَّبِعُوا مَن لَّا يَسْأَلُكُمْ أَجْرًا وَهُم مُّهْتَدُونَ

(එනම්) නුඹලාගෙන් කිසිදු කුලියක් නොඅයැදින අයව(රසූල්වරුන්ව) නුඹලා පිළිපදිවු. තවද ඔවුන් යහමග ලැබූවන්ය.
22

وَمَا لِيَ لَا أَعْبُدُ الَّذِي فَطَرَنِي وَإِلَيْهِ تُرْجَعُونَ

තවද මා මැවූ ඔහුව(අල්ලාහ්ව) මා නොනැමද සිටීමට මට කුමක් වී ද? තවද ඔහු වෙතමය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.
23

أَأَتَّخِذُ مِن دُونِهِ آلِهَةً إِن يُرِدْنِ الرَّحْمَـٰنُ بِضُرٍّ لَّا تُغْنِ عَنِّي شَفَاعَتُهُمْ شَيْئًا وَلَا يُنقِذُونِ

කරුණාභරිතයාණන්, (අල්ලාහ්) යම් නපුරක් මා හට අභිමත කරන්නේ නම් ඔවුන්ගේ මැදිහත් වීම මාහට කිසිදු ප්රයෝජනයක් ඇති නොකරන්නා වූ තවද මා ආරක්ෂා නොකරන්නා වූ දෙවිවරුන්ව මම ඔහු(අල්ලාහ්) හැර (නැමදීමට) ගන්නෙම් ද?
24

إِنِّي إِذًا لَّفِي ضَلَالٍ مُّبِينٍ

(එසේ ව්යාජ දෙවිවරුන්ව මා නැමදුම් කළේ නම්) එවිට සැබැවින්ම මම පැහැදිලි නොමගෙහිය.
25

إِنِّي آمَنتُ بِرَبِّكُمْ فَاسْمَعُونِ

සැබැවින්ම මම නුඹලාගේ පරමාධිපතිව(අල්ලාහ්ව) විශ්වාස කළෙමි. එබැවින් නුඹලා මට සවන් දෙවු.”
26

قِيلَ ادْخُلِ الْجَنَّةَ ۖ قَالَ يَا لَيْتَ قَوْمِي يَعْلَمُونَ

(ඉන් පසුව එම ජනයින් ඔහුව ඝාතනය කළෝය. එවිට) “නුඹ (ස්වර්ග) උයනට ඇතුළු වවු” යැයි (ඔහුට) පවසනු ලැබීය. (ඔහු ස්වර්ගයට ඇතුළු වූ පසු) “අහෝ! මාගේ පරමාධිපති මට සමාව දී තිබීම පිළිබඳව ද මා ගෞරවනීය අයගෙන් කෙනෙකු බවට පත් කර තිබීම පිළිබඳව ද මාගේ ජනයින් දැනගත්තේ නම්.” යැයි ඔහු පැවසුවේය.
27

بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ الْمُكْرَمِينَ

(ඉන් පසුව එම ජනයින් ඔහුව ඝාතනය කළෝය. එවිට) “නුඹ (ස්වර්ග) උයනට ඇතුළු වවු” යැයි (ඔහුට) පවසනු ලැබීය. (ඔහු ස්වර්ගයට ඇතුළු වූ පසු) “අහෝ! මාගේ පරමාධිපති මට සමාව දී තිබීම පිළිබඳව ද මා ගෞරවනීය අයගෙන් කෙනෙකු බවට පත් කර තිබීම පිළිබඳව ද මාගේ ජනයින් දැනගත්තේ නම්.” යැයි ඔහු පැවසුවේය.
28

وَمَا أَنزَلْنَا عَلَىٰ قَوْمِهِ مِن بَعْدِهِ مِن جُندٍ مِّنَ السَّمَاءِ وَمَا كُنَّا مُنزِلِينَ

තවද ඔහුගෙ( මරණයෙ)න් පසුව ඔහුගේ ජනයින්ට අපි අහසින් කිසිදු සේනාවක් පහළ නොකළෙමු. තවද (එසේ) අපි පහළ කරන්නන් වශයෙන් ද නොවන්නෙමු. 5
5එනම් මොවුන්ව විනාශ කිරීමට අල්ලාහ්ට මලක්වරුන්ගේ සේනාවක් යැවීමේ අවශ්යතාවක් නොවීය. එහෙත් ඔවුන්ව විනාශ කරනු ලැබුයේ එක් හඬකින් පමණි.
29

إِن كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ خَامِدُونَ

එ(ම දණ්ඩන)ය එකම එක හඬක් මිස නොවීය. එවිට ඔවුන් මළවුන් බවට පත් වූහ.
30

يَا حَسْرَةً عَلَى الْعِبَادِ ۚ مَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

අහෝ! ගැත්තන් කෙරෙහි වූ විනාශය. ඔවුන් වෙත කිසිදු රසූල්වරයෙකු පැමිණියේ නැත. (නමුත්) ඔවුන් ඔහුව සමච්චල් කරමින් සිටියා මිස.
31

أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ الْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ

ඔවුනට පෙර (විසූ) පරම්පරාවන් අතුරින් කොතෙක් (මෙවන් පරම්පරාවන්) අපි විනාශ කළෙමු දැ’යි ඔවුන්(ප්රතික්ෂේපකයින්) නොදුටුවෝ ද? සැබැවින්ම (විනාශ වූ) ඔවුන් (ප්රතික්ෂේපක) මොවුන් වෙත නැවත හැරී නොඑති.
32

وَإِن كُلٌّ لَّمَّا جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ

තවද සැබැවින්ම සියලු දෙනාම අප අබියස එක් රැස් කරනු ලැබ (විනිශ්චය සඳහා) ඉදිරිපත් කරනු ලබන්නන් වෙති.
33

وَآيَةٌ لَّهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ

තවද නැසී ගිය භූමිය (ප්රතික්ෂේපක) ඔවුන්ට සංඥාවකි. අපි එය ප්රාණවත් කළෙමු. තවද අපි එයින් ධාන්ය පිට කළෙමු. එබැවින් ඔවුන් එයින් අනුභව කරති.
34

وَجَعَلْنَا فِيهَا جَنَّاتٍ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ وَفَجَّرْنَا فِيهَا مِنَ الْعُيُونِ

තවද අපි එ(ම භූමියෙ)හි ඉඳි හා මිදි වලින් යුත් උයන් ඇති කළෙමු. තවද අපි එහි උල්පත් වලින් (ජලය) පුපුරුවා හැරියෙමු.
35

لِيَأْكُلُوا مِن ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ

(මෙසේ අපි ඇති කළේ) එහි පලතුරු ඔවුන් අනුභව කරනු පිණිසය. තවද ඔවුන්ගේ දෑත් (මගින්) එය ඇති නොකළේය. එබැවින් ඔවුන් කෘතවේදී නොවන්නෝ ද?
36

سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنبِتُ الْأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ

මිහිතලය හටගන්වන දෑ අතුරින් ද ඔවුන්(මිනිසුන්) අතුරින් ද ඔවුන් නොදන්නා දෑ අතුරින් ද ඒවා සියල්ල ජෝඩු (වශයෙන්) මැව්වා වූ ඔහු(අල්ලාහ්) අති පිවිතුරුය. 6
6ගස් කොළන් ආදිය පවා යුගල වශයෙන් ඇති බව මෙම ආයතයෙන් අදහස් වෙයි. කිසිදු විද්යාඥයෙකු විසින් සොයා ගෙන නොතිබූ මෙම ආශ්චර්යය වසර 1400 කට පෙරම නබි මුහම්මද් තුමාණන් හෙළිදරව් කර ඇත. මෙයින් අප කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. පළමුවැන්න මෙවන් විද්යාත්මක දෑ දැන් වූ එම නබි මුහම්මද් තුමාණන් අකුරු නොදත් අනක්ෂර පුද්ගලයෙකි. දෙවැන්න මෙය දන්වනු ලැබූ කාලය තාක්ෂණික වශයෙන් ඉතා නොදියුණු කාල පරාසයකය. මෙම කරුණු දෙක පිළිබඳව සැලකූ විට මෙම අල් කුර්ආනය කිසිසේත්ම මිනිසා විසින් ලියනු හෝ උගන්වනු ලැබූවක් නොවේ යන්න පැහැදිලි වේ. එහෙයින් මෙම අල් කුර්ආනය අල්ලාහ්ගේ වදන් බව පහසුවෙන් දැන ගත හැකිය. ඇත්තෙන්ම මෙය විස්මයට පත් විය යුතු කරුණක් ද නොවේ. මැවුම්කරුවාට තමා මැවූ දැය කෙසේ තිබේ ද යන්නෙහි දැනුම තිබීම සාමාන්යය විෂයකි.
37

وَآيَةٌ لَّهُمُ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُم مُّظْلِمُونَ

තවද රාත්රිය ඔවුනට සංඥාවකි. අපි එයින් දහවල ඉවත් කරන්නෙමු. එවිට ඔවුහු අඳුරෙහි වන්නෝ වෙති.
38

وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَّهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ

තවද සූර්යයා එයට හිමි නියමිත ස්ථානය වෙත ගමන් කරයි. මෙය අති බලසම්පන්න සර්වඥයාණන්ගේ නියමයයි.
39

وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ

අපි චන්ද්රයාට එය (දීප්තියෙන් අඩු, වක්ර, තුනී වූ) පැරණි ඉඳි අත්තක් මෙන් නැවත පත් වන තෙක් (නොයෙකුත්) ස්ථානයන් නියම කළෙමු. 7
7මෙයින් අදහස් වන්නේ චන්ද්ර මාසය තුළ චන්ද්රයාගේ පිහිටීම පිළිබඳවයි.
40

لَا الشَّمْسُ يَنبَغِي لَهَا أَن تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ ۚ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ

සූර්යයා, එය චන්ද්රයාට ළඟා වීමට හෝ රාත්රිය දහවල පෙරටු කිරීමට හෝ නොහැක. තවද (අහස් වියනේ ඇති ග්රහයන්) සියල්ල (ඒවාට හිමි) කක්ෂයක පාවෙ(මින් ගමන් කර)න්නේය.
41

وَآيَةٌ لَّهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِي الْفُلْكِ الْمَشْحُونِ

තවද පටවනු ලැබූ නැවෙහි අපි ඔවුන්ගේ පරපුර ඉසිලීම ද ඔවුනට සංඥාවකි. 8
8මෙහි ‘පරපුර’ යනුවෙන් අදහස් කරන්නේ දරුවන් පිළිබඳවය. ඇතැම් අරාබිවරුන් තම දරු මල්ලන් සමග විදෙස් ව්යාපාරය සඳහා යෑමට නැවෙන් යාත්රා කළෝය.
42

وَخَلَقْنَا لَهُم مِّن مِّثْلِهِ مَا يَرْكَبُونَ

තවද අපි ඔවුන් ප්රවාහනය කරන එවැනි දෑ ඔවුන් වෙනුවෙන්ම මැව්වෙමු. 9
9මෙහි ‘එවැනි දෑ’ යනු මුහුදෙහි ගමන් කරන යාත්රාවන්ය. නමුත් මෙහි අදහසට අර්ථ කිහිපයක් දැක්විය හැකි අතර ඉන් එකක් ඔටුවා දැක්විය හැක. මන්දයත් අරාබිවරුන් ඔටුවන්ට කාන්තාරයේ නැව යැයි පවසන්නෝය. තවද මෙහි අදහස නැව් වලට සමානව තිබෙන සබ්මැරීනය වැනි දෑ විය හැකිය. තවත් නූතන විද්වතුන් මෙහි අදහස් කරන්නේ ගුවන් යානාවන් යැයි ද පවසති.
43

وَإِن نَّشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنقَذُونَ

තවද අපි අභිමත කළේ නම් ඔවුන්ව අපි ගිල්වන්නෙමු. එවිට ඔවුන්ට කිසිදු උදවුකරුවෙකු නොවන්නේය. තවද ඔවුහු ආරක්ෂා කරනු නොලබන්නෝය.
44

إِلَّا رَحْمَةً مِّنَّا وَمَتَاعًا إِلَىٰ حِينٍ

තවද අපගෙන් වූ දයාවක් වශයෙන් හා (ස්වල්ප) කලකට භුක්ති විඳීමක් වශයෙන් මිසය (අපි ඔවුන්ව නොගිල්වා ආරක්ෂා කළේ).
45

وَإِذَا قِيلَ لَهُمُ اتَّقُوا مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ

නුඹලා කරුණාව ලබනු පිණිස නුඹලාට ඉදිරියෙන් ඇති දැයට(මෙලොව දඬුවමට) ද නුඹලාට පසු පසින් ඇති දැයට(මතු ලොව දඬුවමට) ද බියවවු යැයි ඔවුනට පවසනු ලැබූ විට (එය ඔවුහු පිටුපෑවෝ)ය.
46

وَمَا تَأْتِيهِم مِّنْ آيَةٍ مِّنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ

තවද ඔවුන්ගේ පරමාධිපතිගේ සංඥා අතුරින් (යම්) සංඥාවක්, ඔවුන් එය ප්රතික්ෂේප කරන්නන්ව සිටියා මිස ඔවුන් වෙත පැමිණියේ නැත.
47

وَإِذَا قِيلَ لَهُمْ أَنفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَن لَّوْ يَشَاءُ اللَّهُ أَطْعَمَهُ إِنْ أَنتُمْ إِلَّا فِي ضَلَالٍ مُّبِينٍ

තවද “අල්ලාහ් නුඹලාට සැපයූ දැයින් නුඹලා වියදම් කරවු” යැයි ඔවුනට(ප්රතික්ෂේපකයින්ට) පවසනු ලැබූ කල්හි (එම) ප්රතික්ෂේප කළවුන් විශ්වාස කළවුනට “අපි කෙනෙකුට ආහාර සැපයිය යුතුද? අල්ලාහ් අභිමත කළේ නම් තමා(ම) ඔහුට ආහාර සපයනු ඇත. නුඹලා පැහැදිලි නොමගෙහි මිස නැත.” යැයි (සමච්චලයෙන්) පැවසුවෝය.
48

وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ

තවද “නුඹලා සත්යවන්තයින් වන්නේ නම් මෙම ප්රතිඥාව(විනිශ්චය දිනය සිදු වනුයේ) කවදා දැ?”යි (ප්රතික්ෂේපකයින් වන) ඔවුහු විමසති.
49

مَا يَنظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ

ඔවුන් තර්ක කරමින් සිටිය දී එය ඔවුන්ව ග්රහණය කරන එකම එක (මහා හොරණෑ) හඬක් මිස ඔවුන් බලාපොරොත්තු නොවන්නෝය.
50

فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَا إِلَىٰ أَهْلِهِمْ يَرْجِعُونَ

එබැවින් ඔවුන් (වසීඅත් නම්) අවසන් කැමැත්ත ප්රකාශ කිරීමට ද ඔවුන්ගේ පවුල වෙත ඔවුන් නැවත හැරී යෑමට ද හැකියාවක් නොලබ(මින් මරණයට පත් ව)න්නෝය.