الصافات

අස්-සාෆ්ෆාත්

الصافات

අස්-සාෆ්ෆාත් · As-Saffat

මක්කී182 පද්‍ය

හැඳින්වීම

මෙම සූරාවෙහි* විශේෂයෙන් සඳහන් වන්නේ ‘මලක්වරුන් අල්ලාහ්ගේ දූවරුන්’ යැයි මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින්ගේ ව්‍යාජ විශ්වාසය පිළිබඳවය. මලක්වරුන් පිළිබඳව සඳහන් කරමින් මෙම සූරාව ආරම්භ වීමට හේතුව එම කාරණාවම විය හැකිය. විනිශ්චය දිනයේ දර්ශනයන් මෙම සූරාවෙහි පැහැදිලිවම දක්වා ඇත. සතුරන් කොපමණ ශක්තිමත්ව සිටිය ද සත්‍යය ආගම පැතිරෙන බව හා මෙලොවෙහි මෙන්ම විනිශ්චය දිනයේ ද අවාසනාවන්ත ඉරණමක් ඔවුන්ට ඇති වනු ඇත යැයි ප‍්‍රතික්ෂේපකයින් අවවාද කරනු ලැබ ඇත. එය තව තවත් පැහැදිලි කිරීම පිණිස නූහ්,* මූසා,* ලූත්,* ඉල්යාස්* සහ යූනුස්* වැනි නබිවරුන්ගේ* වෘත්තාන්ත සංක්ෂිප්තව ද නබි ඉබ්රාහීම්* තුමාණන් සිය දරුවා වන නබි ඉස්මාඊල් තුමාණන්ව* කැප කිරීමට සූදානම් වූ වෘත්තාන්තය මදක් පුළුල්ව ද මෙම සූරාවේ අන්තර්ගත වී ඇත.

1

وَالصَّافَّاتِ صَفًّا

පෙළකට පෙළගැසෙමින් සිටින්නන් (වන මලක්වරුන්) මත දිවුරමින්.
2

فَالزَّاجِرَاتِ زَجْرًا

තවද (වලාකුළු) දැඩි ලෙස ඇදගෙන යන්නන් (වන මලක්වරුන්) මත දිවුරමින්.
3

فَالتَّالِيَاتِ ذِكْرًا

තවද උපදෙස (වන අල් කුර්ආනය) පාරායනා කරමින් සිටින්නන් (වන මලක්වරුන්) මත දිවුරමින්. 1
1මොවුන් අල්ලාහ්ගේ අණ ඉටු කිරීම සඳහා අහසෙහි පෙළ ගැසී සිටියි. මොවුන් ෂෙයිතාන් ළඟා වීම වළක්වමින් සිටියි. මේ බව මෙම සූරාවේ ආයාත් 7, 8, 9 හා 10 හි සඳහන් වී ඇත. එපමණක් නොව ඔවුහු සෑම විටම අල්ලාහ්ව මෙනෙහි කිරීමෙහි නියැළි සිටිති. මුස්ලිම්වරුන්ට අල්ලාහ් නොවන අන් කිසි කෙනෙකු හෝ අන් කිසි දෙයක් මත දිවුරීමට අනුමැතිය නැත. එනමුත් අල් කුර්ආන්හි ඇතැම් ස්ථාන වල අල්ලාහ් විසින් යම් යම් දේවල් මත දිවුරා ඇත. මන්දයත් අල්ලාහ්ට වඩා උසස් යමක් නොමැති හෙයින් හා යම් දෙයක උසස් බව හෝ අත්යවශ්යය බව පෙන්නුම් කිරීම පිණිස අල්ලාහ් එසේ කර ඇත්තේය.
4

إِنَّ إِلَـٰهَكُمْ لَوَاحِدٌ

(ප්රතික්ෂේපකයිනි, නුඹලා බහු දේවත්වය විශ්වාස කළද) සැබැවින්ම නුඹලාගේ (සැබෑ) දෙවියන් ඒකීය (අල්ලාහ්)ය.
5

رَّبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَارِقِ

(ඔහු) අහස්හි ද මිහිතලයෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය, තවද සූර්යයා උදා වන (සියලු) ස්ථානයන්හි ද පරමාධිපතිය.
6

إِنَّا زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِ

සැබැවින්ම අප (මිහිතලයට) සමීප වූ අහස අලංකාරයෙන් එනම් තාරකා වලින් අලංකාරමත් කළෙමු.
7

وَحِفْظًا مِّن كُلِّ شَيْطَانٍ مَّارِدٍ

තවද (ඒවා අපි ඇති කළේ) අවනත නොවන සෑම ෂෙයිතාන්වරුන්ගෙන්ම) ආරක්ෂාවක් වශයෙනි.
8

لَّا يَسَّمَّعُونَ إِلَى الْمَلَإِ الْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ

(එබැවින්) ඔවුන්ට උත්තරීතර (මලක්වරුන්) පිරිස වෙත සවන් දිය නොහැකිය. තවද පලවා හැරීම පිණිස සෑම පැතිකඩකින්ම ඔවුහු ප්රහාරයට ලක් වෙති. ඔවුනට සදාතනික දඬුවමක් ද ඇත.
9

دُحُورًا ۖ وَلَهُمْ عَذَابٌ وَاصِبٌ

(එබැවින්) ඔවුන්ට උත්තරීතර (මලක්වරුන්) පිරිස වෙත සවන් දිය නොහැකිය. තවද පලවා හැරීම පිණිස සෑම පැතිකඩකින්ම ඔවුහු ප්රහාරයට ලක් වෙති. ඔවුනට සදාතනික දඬුවමක් ද ඇත.
10

إِلَّا مَنْ خَطِفَ الْخَطْفَةَ فَأَتْبَعَهُ شِهَابٌ ثَاقِبٌ

(නමුත් මලක්වරුන් කතා කරන දැයින්) යම් දෑ සොරෙන් පැහැර ගන්නා (ෂෙයිතාන්) මිස (අන් අයට උත්තරීතර පිරිස වෙත සවන් දිය නොහැකිය.) එවිගස ඔහුව සිදුරු කරන්නා වූ ගිනි අඟුරු ලුහුබඳින්නේය. 2
2මෙම සිද්ධියෙහි පරිපූර්ණ විස්තරය සඳහා අල් කුර්ආන් 15:18 හා එහි පාද සටහන බලන්න.
11

فَاسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَا ۚ إِنَّا خَلَقْنَاهُم مِّن طِينٍ لَّازِبٍ

(නබිවරය, අපගේ) “මැවුම්හි බලවත් වන්නේ (ප්රතික්ෂේපක) ඔවුන් ද නැතහොත් අපි මැවූ (අහස්, මිහිතල හා මලක්වරුන් වැනි) අය දැ?” යි නුඹ ඔවුන්ගෙන් විමසවු. සැබැවින්ම අපි ඇලෙන සුළු මැටියෙන් ඔවුන්ව මැව්වෙමු.
12

بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ

එනමුත් (ඔවුන් නුඹව අසත්යය කිරීම පිළිබඳව) නුඹ මවිතයට පත්වන්නෙහිය. තවද ඔවුහු (මරණින් මතු ලොව පිළිබඳව නුඹට) සමච්චල් කරති.
13

وَإِذَا ذُكِّرُوا لَا يَذْكُرُونَ

ඔවුනට (කුර්ආනය මගින්) උපදෙස් දෙනු ලැබූ විට ඔවුහු උපදෙස් නොලබති.
14

وَإِذَا رَأَوْا آيَةً يَسْتَسْخِرُونَ

තවද ඔවුහු (අල්ලාහ්ගේ කිසියම්) සංඥාවක් දුටු විට සමච්චල් කරන්නට තැත් කරති.
15

وَقَالُوا إِنْ هَـٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌ

තවද “මෙය පැහැදිලි හූනියමක් මිස නැතැ”යි ඔවුහු පවසති.
16

أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ

“අප මරණයට පත් වී දූවිලි හා ඇටකටු බවට පත් වූවායින් පසුවත් සැබැවින්ම අපව හා පෙර විසූ අපගේ මුතුන්මිත්තන්ව නැවත නැගිටවනු ලබන්නේ දැ?” (යි ඔවුහු විමසති.)
17

أَوَآبَاؤُنَا الْأَوَّلُونَ

“අප මරණයට පත් වී දූවිලි හා ඇටකටු බවට පත් වූවායින් පසුවත් සැබැවින්ම අපව හා පෙර විසූ අපගේ මුතුන්මිත්තන්ව නැවත නැගිටවනු ලබන්නේ දැ?” (යි ඔවුහු විමසති.)
18

قُلْ نَعَمْ وَأَنتُمْ دَاخِرُونَ

(නබිවරය,) පවසවු “එසේය නුඹලා අවමන් වූවන් ලෙස (නැවත නැගිටවනු ලබන්නෝ)ය.”
19

فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ فَإِذَا هُمْ يَنظُرُونَ

එසේනම් එය(දෙවන හොරණෑ හඬ) එකම එක මහා හඬක්මය. එවිට ඔවුහු (ප්රතික්ෂේප කළ එම විනිශ්චය දිනය) දකින්නෝය.
20

وَقَالُوا يَا وَيْلَنَا هَـٰذَا يَوْمُ الدِّينِ

තවද “අහෝ අප හට වූ විනාශය! මෙයමය විපාක ප්රදාන දිනය” යැයි ඔවුහු පවසති.
21

هَـٰذَا يَوْمُ الْفَصْلِ الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ

“නුඹලා කවර දෙයක් අසත්යය කරමින් සිටියෙහු ද (එහි) අවසන් තීරණය ලබා දෙන එම (විනිශ්චය) දිනය මෙයමය”. (යැයි ඔවුනට පවසනු ලැබේ.)
22

احْشُرُوا الَّذِينَ ظَلَمُوا وَأَزْوَاجَهُمْ وَمَا كَانُوا يَعْبُدُونَ

“(ආදේශ කරමින් තමන්ටම) අපරාධ කළවුන්ව ද ඔවුන්ගේ සහකරුවන්ව ද අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි දෑ ද නුඹලා එක්රැස් කරවු. තවද නුඹලා ඔවුනට නිරයේ මාර්ගය වෙත මග පෙන්වවු.
23

مِن دُونِ اللَّهِ فَاهْدُوهُمْ إِلَىٰ صِرَاطِ الْجَحِيمِ

“(ආදේශ කරමින් තමන්ටම) අපරාධ කළවුන්ව ද ඔවුන්ගේ සහකරුවන්ව ද අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි දෑ ද නුඹලා එක්රැස් කරවු. තවද නුඹලා ඔවුනට නිරයේ මාර්ගය වෙත මග පෙන්වවු.
24

وَقِفُوهُمْ ۖ إِنَّهُم مَّسْئُولُونَ

තවද ඔවුන් විමසනු ලැබීම පිණිස ඔවුන්ව රඳවා තබවු.” (යැයි අල්ලාහ් මලක්වරුන්ට පවසයි.)
25

مَا لَكُمْ لَا تَنَاصَرُونَ

“නුඹලා එකිනෙකාට උදව් නොකරන්නට නුඹලාට කුමක් වී ද?” (යැයි ඔවුන්ට සමච්චලයට මෙන් පවසනු ලැබේ.)
26

بَلْ هُمُ الْيَوْمَ مُسْتَسْلِمُونَ

නැත, අද දින ඔවුන් (සියල්ලෝම අල්ලාහ්ට) යටත් වූවන්ය.
27

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ

ඔවුන්ගෙන් සමහරු(අනුගාමිකයින්) තවත් සමහරු(ප්රධානීන් හා ෂෙයිතාන්වරුන්) වෙත මුහුණලා සිට එකිනෙකා විමසා (දොස් නගා)ගන්නෝය.
28

قَالُوا إِنَّكُمْ كُنتُمْ تَأْتُونَنَا عَنِ الْيَمِينِ

“සැබැවින්ම නුඹලා අප වෙතට දකුණු දෙසින් පැමිණෙමින් 3 (අපව නොමග යවමින්) සිටියෙහු යැ”යි ඔවුහු(අනුගාමිකයින්) පවසති.
3මෙහි දී ‘දකුණු දෙසින් පැමිණීම’ යනු නුඹලාගේ බලයෙන් අපව යහපත් දෑ කිරීමෙන් වළක්වා ඉස්ලාමය පිළිගැනීමෙන් වෙනතකට යොමු කර වැරදි ආකාරයට පාලනය කරමින් අපව නොමග යැවීමට පැමිණීයෝය යන්නය.
29

قَالُوا بَل لَّمْ تَكُونُوا مُؤْمِنِينَ

“එසේ නොව, විශ්වාසිකයින්ව නොසිටියේ නුඹලාම යැ”යි ඔවුහු(ප්රධානීන්) පිළිතුරු දෙති.
30

وَمَا كَانَ لَنَا عَلَيْكُم مِّن سُلْطَانٍ ۖ بَلْ كُنتُمْ قَوْمًا طَاغِينَ

“තවද නුඹලා කෙරෙහි අපට කිසිදු ආධිපත්යයක් නොවීය. නමුත් නුඹලා (අප මෙන්) සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.” (යැයි ද ප්රධානීහු පවසති.)
31

فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَا ۖ إِنَّا لَذَائِقُونَ

“එබැවින් අපගේ පරමාධිපති( අල්ලාහ්)ගේ (දඬුවමේ) වදන අප මත නියම විය. සැබැවින්ම අප ද (දඬුවම) රස විඳින්නන්මය.”
32

فَأَغْوَيْنَاكُمْ إِنَّا كُنَّا غَاوِينَ

“තවද අපි නුඹලාව නොමග යැව්වෙමු. සැබැවින්ම අපි ද නොමග ගියවුන්ව සිටියෙමු.” (යැයි ද ප්රධානීහු පවසති.)
33

فَإِنَّهُمْ يَوْمَئِذٍ فِي الْعَذَابِ مُشْتَرِكُونَ

(නබිවරය, දැනගනු) සැබැවින්ම එදින ඔවුන් (දෙපිරිසම) දඬුවමේ හවුල්කරුවන්ය.
34

إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ

සැබැවින්ම අපි වරදකරුවන් සමග කටයුතු කරන්නේ එලෙසය.
35

إِنَّهُمْ كَانُوا إِذَا قِيلَ لَهُمْ لَا إِلَـٰهَ إِلَّا اللَّهُ يَسْتَكْبِرُونَ

“අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැත” (යන්නෙන් පවසනු) යැයි (නබිවරයා විසින්) ඔවුනට කියනු ලැබූ විට සැබැවින්ම ඔවුන් (පිටුපා) උඬඟුකම්පාමින් “කවියෙකු (හා) උමතුවෙකු වෙනුවෙන් සැබැවින්ම අපගේ දෙවියන් අපි අත හැර දමන්නන් වන්නෙමු දැ”යි ඔවුහු පවසමින් සිටියෙහුය.
36

وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُو آلِهَتِنَا لِشَاعِرٍ مَّجْنُونٍ

“අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැත” (යන්නෙන් පවසනු) යැයි (නබිවරයා විසින්) ඔවුනට කියනු ලැබූ විට සැබැවින්ම ඔවුන් (පිටුපා) උඬඟුකම්පාමින් “කවියෙකු (හා) උමතුවෙකු වෙනුවෙන් සැබැවින්ම අපගේ දෙවියන් අපි අත හැර දමන්නන් වන්නෙමු දැ”යි ඔවුහු පවසමින් සිටියෙහුය.
37

بَلْ جَاءَ بِالْحَقِّ وَصَدَّقَ الْمُرْسَلِينَ

එසේ (ඔහු උමතුවෙකු හෝ කවියෙකු) නොව, ඔහු සත්යය (දහම) සමග පැමිණියේය. තවද (පෙර) රසූල්වරුන්ව ද ඔහු සත්යය කළේය.
38

إِنَّكُمْ لَذَائِقُو الْعَذَابِ الْأَلِيمِ

සැබැවින්ම නුඹලා වේදනීය දඬුවම රස විඳින්නන්මය.
39

وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ

තවද නුඹලා (ලොවෙහි) කරමින් සිටි දෑ (සඳහා) මිස නුඹලාට පලවිපාක දෙනු නොලබන්නෙහුය.
40

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ

(නමුත් විශ්වාස කොට අවනත වීම සඳහා) තෝරා ගනු ලැබූ අල්ලාහ්ගේ ගැත්තන් හැරය.
41

أُولَـٰئِكَ لَهُمْ رِزْقٌ مَّعْلُومٌ

ඔවුහු පූර්ණ සොම්නසින් වූ (ස්වර්ග) උයන්හි ගෞරවයට පාත්ර වූවන් ලෙස නියමිත ආහාර වන පලතුරු හිමි වූවන්ය.
42

فَوَاكِهُ ۖ وَهُم مُّكْرَمُونَ

ඔවුහු පූර්ණ සොම්නසින් වූ (ස්වර්ග) උයන්හි ගෞරවයට පාත්ර වූවන් ලෙස නියමිත ආහාර වන පලතුරු හිමි වූවන්ය.
43

فِي جَنَّاتِ النَّعِيمِ

ඔවුහු පූර්ණ සොම්නසින් වූ (ස්වර්ග) උයන්හි ගෞරවයට පාත්ර වූවන් ලෙස නියමිත ආහාර වන පලතුරු හිමි වූවන්ය.
44

عَلَىٰ سُرُرٍ مُّتَقَابِلِينَ

(එවිට ඔවුහු) කවිච්චි මත එකිනෙකා මුහුණට මුහුණලා සිටිති.
45

يُطَافُ عَلَيْهِم بِكَأْسٍ مِّن مَّعِينٍ

ගලා යන අමෘතයෙන් (පුරවන) ලද ගුරුලේත්තු ඔවුන් වටා ගෙන එනු ලැබේ.
46

بَيْضَاءَ لَذَّةٍ لِّلشَّارِبِينَ

(එය) සුදු පැහැතිය. පානය කරන්නන්ට ප්රණීතය.
47

لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ

එ(ම අමෘතයෙ)හි කිසිදු හිසරදයක් නොමැත. තවද ඔවුන් එයින් මත් නොවෙති.
48

وَعِندَهُمْ قَاصِرَاتُ الطَّرْفِ عِينٌ

තවද අලංකාර දිගු නෙත් ඇති සංවර බැල්මෙන් යුත් කන්යාවන් ද ඔවුන් අබියස සිටිති.
49

كَأَنَّهُنَّ بَيْضٌ مَّكْنُونٌ

මෙ(ම කන්යා)වුන් (සිවියෙන්) සැඟවුණු (බිත්තර) මදය මෙන්ය. 4
4මෙම ආයතයෙහි ස්වර්ග කන්යාවන්ව බිත්තර මදයකට උපමා කළ හේතුව නම් ඔවුන්ව තම සහකරු වෙනුවෙන් සුරැකී ඇති අන්දම පෙන්වා දීමටත් එහි මෘදු බව හා වර්ණය සැලකිල්ලට ගෙන ඔවුන් දෙනෙතට ඉතා දැකුම්කලු බව පෙන්වා දීමටත්ය.
50

فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ

(ස්වර්ගවාසී) ඔවුන්ගෙන් සමහරෙකු තවත් සමහරෙකු වෙතට යොමු වී (තම ලෞකික ජීවිතය පිළිබඳව) විමසා ගන්නෝය.