පාරා 22

ව මන් යක්නුත්

178 පද්‍ය
📖පාරා

පාරා 22

ව මන් යක්නුත්178 පද්‍ය

العنكبوتමක්කී
46

وَلَا تُجَادِلُوا أَهْلَ الْكِتَابِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ ۖ وَقُولُوا آمَنَّا بِالَّذِي أُنزِلَ إِلَيْنَا وَأُنزِلَ إِلَيْكُمْ وَإِلَـٰهُنَا وَإِلَـٰهُكُمْ وَاحِدٌ وَنَحْنُ لَهُ مُسْلِمُونَ

තවද පුස්තකය ලත් අය අතුරින් (නුඹලාට) අපරාධ කළවුන් සමග හැර සෙසු අය සමග ඉතා යහපත් අයුරින් මිස තර්ක නොකරවු. (එහෙත් ඔවුන් අතුරින් නුඹලා සමග යහ අයුරින් ඇසුරු කරන්නන් තර්ක කළේ නම්) “අප වෙත පහළ කරනු ලැබූ දෑ (වන අල් කුර්ආනය) ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ (වන තව්රාතය හා ඉන්ජීලය) ද අපි විශ්වාස කළෙමු. තවද නුඹලාගේ දෙවියන් හා අපගේ දෙවියන් (වන අල්ලාහ්) ඒකීයය. තවද අපි ඔහුටම අවනතවන්නන් වන්නෙමු” යැයි නුඹලා පවසවු.
47

وَكَذَٰلِكَ أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ ۚ فَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يُؤْمِنُونَ بِهِ ۖ وَمِنْ هَـٰؤُلَاءِ مَن يُؤْمِنُ بِهِ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الْكَافِرُونَ

තවද එ(ම පුස්තකයන් පහළ කළ )ලෙස අපි නුඹ වෙත ද පුස්තකය(අල් කුර්ආනය) පහළ කළෙමු. අප කවරෙකුට (තව්රාත් නම්) පුස්තකය දායාද කළේ ද ඔවුන්(ගෙන් සමහරු) එ(ම අල් කුර්ආන)ය විශ්වාස කරති. (පුස්තකය පහළ කරනු නොලැබූ) ඔවුන් අතුරින් ද එය විශ්වාස කරන අය සිටිති. ප්රතික්ෂේපකයින් මිස (වෙනත් කිසිවෙකු) අපගේ වදන් ප්රතික්ෂේප නොකරන්නෝය.
48

وَمَا كُنتَ تَتْلُو مِن قَبْلِهِ مِن كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ ۖ إِذًا لَّارْتَابَ الْمُبْطِلُونَ

(නබිවරය,) එ(ම කුර්ආන)යට පෙර වෙන කිසිදු පුස්තකයකින් නුඹ පාරායනා කරන්නෙකු නොවීය. තවද නුඹ නුඹගේ දකුණතින් එය ලියන්නෙකු ද නොවීය. එසේ වී නම් (දහම් ලත් ජනයා හා ආදේශකයින් අතුරින්) නිෂ්ඵල වූවන් (අල් කුර්ආනය නුඹගේ ස්ව නිර්මාණයක් බව) සැක කරන්නට තිබිණ. 17
17නබි මුහම්මද් තුමාණන් සාක්ෂරතාව නොදත් ‘උම්මි’ නබිවරයකු වන බව පෙර පහළ වූ දහම්හි සඳහන් වී ඇත. නබි මුහම්මද් තුමාණන් ලියන්නට හෝ කියවන්නට හැකි පුද්ගලයෙකු වී නම් ඔවුන්ගේ දහම් වල සඳහන් පරිදි එතුමා නබිවරයෙකු වීම පිළිබඳව ඔවුන් තුළ සැක මතු කරන්නට ඉඩ තිබුණි. එබැවින් එය තහවුරු කරමින් මෙලෙස අල්ලාහ් පවසා ඇත.
49

بَلْ هُوَ آيَاتٌ بَيِّنَاتٌ فِي صُدُورِ الَّذِينَ أُوتُوا الْعِلْمَ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الظَّالِمُونَ

නමුත් එය ඥානය දෙනු ලැබූවන්ගේ හදවත් තුළ පවතින පැහැදිලි වදන් වේ. අපරාධකාරයින් මිස (වෙනත් කිසිවෙකු) අපගේ වදන් පිළි නොගන්නෝය.
50

وَقَالُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ آيَاتٌ مِّن رَّبِّهِ ۖ قُلْ إِنَّمَا الْآيَاتُ عِندَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُّبِينٌ

තවද “මොහුට මොහුගේ පරමාධිපතිගෙන් සංඥාවන් පහළ කරනු නොලැබියේ මන්දැ?”යි ඔවුහු විමසුවෝය. (නබිවරය) “සංඥාවන් ඇත්තේ අල්ලාහ් අබියසමය. සැබැවින්ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණි” යැයි පවසවු.
51

أَوَلَمْ يَكْفِهِمْ أَنَّا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ يُتْلَىٰ عَلَيْهِمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَرَحْمَةً وَذِكْرَىٰ لِقَوْمٍ يُؤْمِنُونَ

සැබැවින්ම ඔවුන් කෙරෙහි පාරායනා කරනු ලබන පුස්තකය අපි නුඹ වෙත පහළ කිරීම ඔවුනට ප්රමාණවත් නොවූයේ ද? සැබැවින්ම විශ්වාස කරන ජනයාට මෙහි දයාවක් හා උපදෙසක් ඇත.
52

قُلْ كَفَىٰ بِاللَّهِ بَيْنِي وَبَيْنَكُمْ شَهِيدًا ۖ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَالَّذِينَ آمَنُوا بِالْبَاطِلِ وَكَفَرُوا بِاللَّهِ أُولَـٰئِكَ هُمُ الْخَاسِرُونَ

(නබිවරය) “මා අතර ද නුඹලා අතර ද සාක්ෂිකරුවෙකු ලෙස අල්ලාහ් ප්රමාණවත්ය. අහස්හි හා මිහිතලයේ ඇති දෑ ඔහු දන්නේය. තවද අසත්යය විශ්වාස කර අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්, ඔවුන්මය අලාභවන්තයින් වන්නේ.” යැයි පවසවු.
53

وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ ۚ وَلَوْلَا أَجَلٌ مُّسَمًّى لَّجَاءَهُمُ الْعَذَابُ وَلَيَأْتِيَنَّهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

තවද දඬුවම ඉක්මන් කරන මෙන් ඔවුහු නුඹගෙන් පතන්නෝය. (දඬුවම සඳහා) කාලය නියමිත නොවී නම් එම දඬුවම ඔවුන් වෙත පැමිණෙන්නට තිබිණ. ඔවුන් නොහැඟ සිටිය දී ඔවුන් වෙත අනපේක්ෂිතව (දඬුවම) පැමිණෙනු ඇත.
54

يَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ

දඬුවම ඉක්මන් කරන මෙන් ඔවුහු නුඹගෙන් පතන්නෝය. තවද සැබැවින්ම නිරය ප්රතික්ෂේපකයින්ව වෙළා ගන්නක්ය.
55

يَوْمَ يَغْشَاهُمُ الْعَذَابُ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِمْ وَيَقُولُ ذُوقُوا مَا كُنتُمْ تَعْمَلُونَ

ඔවුනට ඉහළින් ද ඔවුන්ගේ පාද වලට යටින් ද ඔවුන්ව දඬුවම ආවරණය කරන්නා වූ දිනයෙහිය. තවද “නුඹලා කරමින් සිටි දෑ (හි ප්රතිඵල) රස විඳිනු”යි (මලක්වරයෙකු) පවසන්නේය.
56

يَا عِبَادِيَ الَّذِينَ آمَنُوا إِنَّ أَرْضِي وَاسِعَةٌ فَإِيَّايَ فَاعْبُدُونِ

විශ්වාස කළ මාගේ ගැත්තනි, සැබැවින්ම මාගේ මිහිතලය විශාලය. තවද මට පමණක් නමදිවු. 18
18මුස්ලිම්වරුන් හිංසා පීඩාවට ලක් වී ඉස්ලාම් ආගම පිළිපැදිය නොහැකි ස්ථානයක සිටියේ නම් එම ස්ථානයෙන් සංක්රමණය කළ හැකි යැයි මෙහි සඳහන් වී ඇත.
57

كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۖ ثُمَّ إِلَيْنَا تُرْجَعُونَ

සෑම ආත්මයක්ම මරණයේ රස විඳින්නන් වෙති. පසුව නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය.
58

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُبَوِّئَنَّهُم مِّنَ الْجَنَّةِ غُرَفًا تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ نِعْمَ أَجْرُ الْعَامِلِينَ

තවද විශ්වාස කර යහකම් කළවුන් නම් අපි ඔවුන්ව (ස්වර්ග) උයනෙහි වූ මාළිගයක එහි සදාතනිකයෝ ලෙස පදිංචි කරවන්නෙමු. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (අවනත වී) යහකම් කළවුන්ගේ ප්රතිඵල යහපත් විය.
59

الَّذِينَ صَبَرُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ

(ඔවුහු) කවරුන්ද යත් (පීඩාවන්) ඉවසා ගන්නන්ය. තම පරමාධිපති කෙරෙහිම (සියල්ල) භාර කරන්නන්ය.
60

وَكَأَيِّن مِّن دَابَّةٍ لَّا تَحْمِلُ رِزْقَهَا اللَّهُ يَرْزُقُهَا وَإِيَّاكُمْ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

කෙතරම්දෝ ජීවීන් තම ජීවන සම්පත් නොඋසුලති. ඒවාට ද නුඹලාට ද ජීවන පෝෂණය ලබා දෙන්නේ අල්ලාහ්මය. තවද ඔහු සර්ව ශ්රාවකය සර්වඥය.
61

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ

“අහස් හා මිහිතලය මවා හිරු හා සඳු වසඟ කර දුන්නේ කවුරුන් දැ?”යි නුඹ (ප්රතික්ෂේපක) ඔවුන්ගෙන් විමසුවේ නම් සැබැවින්ම ඔවුන් “අල්ලාහ්” යැයි පවසති. එසේ නම් ඔවුන් (අල්ලාහ් නොවන බව) වෙනතකට යොමු කරනු ලබනුයේ මන්ද?
62

اللَّهُ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ لَهُ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කළවුන්ට ජීවන සම්පත් විස්තීරණය කරන්නේය. තවද (ඔහු අභිමත කළේ නම්) ඔහුට සීමා කරන්නේය. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥය.
63

وَلَئِن سَأَلْتَهُم مَّن نَّزَّلَ مِنَ السَّمَاءِ مَاءً فَأَحْيَا بِهِ الْأَرْضَ مِن بَعْدِ مَوْتِهَا لَيَقُولُنَّ اللَّهُ ۚ قُلِ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ

තවද “අහසින් ජලය පහළ කර මිහිතලය (වියළී) නැසී ගිය පසු එ(ම වැසි ජලය )මගින් එය ජීවමාන කරනුයේ කවුරුන් දැ?”යි නුඹ ඔවුන්ගෙන් විමසුවේ නම්, සැබැවින්ම ඔවුහු “අල්ලාහ්” යැයි පවසති. (නබිවරය) “සියලු පැසසුම් අල්ලාහ්ටමය” යැයි පවසවු. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) අවබෝධ කර නොගනිති.
64

وَمَا هَـٰذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَهْوٌ وَلَعِبٌ ۚ وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ

තවද මෙම ලෞකික ජීවිතය පුහු විනෝදයක් හා කෙළිදෙළක් මිස නැත. තවද සැබැවින්ම මතු ලොව නිවහන එයමය (සැබෑ) ජීවිතය වන්නේ. (මේ පිළිබඳව) ඔවුහු දැන සිටියේ නම් (මතු ලොව ජීවිතයට ප්රමුඛත්වය දෙනු ඇත.)
65

فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ

ඔවුන් නැවෙහි යාත්රා කරන විට ඔවුන් දහමෙහි අල්ලාහ්ට චිත්ත පාරිශුද්ධියෙන් යුතුව ඔහුව අයැදිති. ඔවුන්ව ආරක්ෂිතව ගොඩබිමට ගෙන ආ කල්හි, එවිගස ඔවුන් (අල්ලාහ්ට) ආදේශ තබති.
66

لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ وَلِيَتَمَتَّعُوا ۖ فَسَوْفَ يَعْلَمُونَ

අපි ඔවුන්ට දායාද කළ දැයට අකෘතවේදී වෙත්වා! තවද (ප්රතික්ෂේපයෙහිම) නියැළෙත්වා! පසුව ඔවුහු (එහි විපාකය) මතු දැන ගන්නෝය.
67

أَوَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا حَرَمًا آمِنًا وَيُتَخَطَّفُ النَّاسُ مِنْ حَوْلِهِمْ ۚ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ اللَّهِ يَكْفُرُونَ

ඔවුන් අවට ඇති (ගම්මානයන්හි) ජනයා(ගේ වස්තූන් සතුරන් විසින්) පැහැර ගෙන යනු ලබන විට අභයදායී පාරිශුද්ධ ස්ථානයක් සැබැවින්ම අපි (ඔවුනට) ඇති කළ බව ඔවුන් නොදුටුවෝ ද? 19 ඔවුන් අල්ලාහ්ගේ භාග්යයන්ට අකෘතවේදී වෙමින් නිෂ්ඵල දෑ විශ්වාස කරන්නෙහු ද?
19අරාබිවරුන් අතර විවිධ ගෝත්රිකයින් සිටියෝය. මේ අතුරින් මක්කාවේ සිටියේ කුරෙයිෂ් ගෝත්රිකයින්ය. අනෙක් සියලු අරාබිවරුන්ම මංකොල්ල කරුවන්ගෙන් පීඩාවට ලක් වූවෝය. එහෙත් කුරෙයිෂ්වරුන්ට මෙවන් අපහසුතාවක් ඇති වූයේ නැත. මොවුන්ට අරාබිකරයේ තිබුණු ගෞරවය මෙයට හේතු වූයේය. මෙම භාග්යය දුන් අල්ලාහ්ට කෘතඥ වන මෙන් අල්ලාහ් මෙම ආයතයෙන් පවසා ඇත.
68

وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِالْحَقِّ لَمَّا جَاءَهُ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِّلْكَافِرِينَ

අල්ලාහ් පිළිබඳව බොරු ගොතන හෝ තමා වෙත සත්යය පැමිණි කල්හි එය ප්රතික්ෂේප කරන අයට වඩා මහත් අපරාධකරුවා කවරෙක් ද? ප්රතික්ෂේපකයින්ට නිරයෙහි වාසස්ථානයක් නොතිබේ ද?
69

وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا ۚ وَإِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنِينَ

තවද අපගේ විෂයෙහි ප්රයත්න කරන්නන් නම් ඔවුන්ව සැබැවින්ම අප අපගේ මාර්ග වෙත යොමු කරන්නෙමු. 20 තවද සැබැවින්ම අල්ලාහ් යහපත කරන්නන් සමග සිටියි.
20යමෙකු පිරිසුදු සිතින් යහ පුද්ගලයෙකු වීමට ආගමික වතාවන්හි ප්රයත්නයේ යෙදී වෑයම් කළේ නම් අල්ලාහ් ඔහුට යහමග ලැබීමට උදව් කරනු ඇත යැයි මෙම ආයතය පැහැදිලි කර ඇති අතර මෙම ප්රයත්නය ‘ජිහාද් බිල් යද්’ හෙවත් දෑතින් කරන්නා වූ ප්රයත්නය හා ‘ජිහාද් බින් නෆ්ස්’ එනම් ‘තම චෛතසිකය සමග කරන්නා වූ ප්රයත්නය’ ලෙස හැදින්වේ. (වැඩි විස්තර සඳහා 2 : 218 පාද සටහන සමග බලන්න).
الرومමක්කී
1

الم

අලිෆ්,ලාම්,මීම්. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

غُلِبَتِ الرُّومُ

රෝමවරු (අරාබිකරයට) සමීප භූමියෙහි 2 පරාජය කරනු ලැබුවෝය. ඔවුහු ඔවුන්ගේ පරාජයෙන් පසු මතු ජයග්රහණය කරන්නෝය.
2අරාබිකරයට සමීප භූමිය යනුවෙන් අදහස් කරන්නේ සිරියාවයි.
3

فِي أَدْنَى الْأَرْضِ وَهُم مِّن بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ

රෝමවරු (අරාබිකරයට) සමීප භූමියෙහි 2 පරාජය කරනු ලැබුවෝය. ඔවුහු ඔවුන්ගේ පරාජයෙන් පසු මතු ජයග්රහණය කරන්නෝය.
4

فِي بِضْعِ سِنِينَ ۗ لِلَّهِ الْأَمْرُ مِن قَبْلُ وَمِن بَعْدُ ۚ وَيَوْمَئِذٍ يَفْرَحُ الْمُؤْمِنُونَ

වසර කිහිපයක් තුළ දී (ජයග්රහණය කරන්නෝය). පෙර හා පසු (සියලු) කරුණු අල්ලාහ්(ගේ දැනුම) සතුය. තවද එදින විශ්වාසිකයින් සතුටු වන්නෝය.
5

بِنَصْرِ اللَّهِ ۚ يَنصُرُ مَن يَشَاءُ ۖ وَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

අල්ලාහ්ගේ උපකාරයෙන් ඔහු අභිමත කරන අයට උපකාර කරන්නේය. තවද ඔහු අති බලසම්පන්නය පරම කරුණාභරිතය.
6

وَعْدَ اللَّهِ ۖ لَا يُخْلِفُ اللَّهُ وَعْدَهُ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

(මෙම උපකාරය) අල්ලාහ්ගේ ප්රතිඥාවක් වශයෙනි. අල්ලාහ් තම ප්රතිඥාව කඩ නොකරන්නේය. එනමුත් බොහෝ ජනයා (මේ බව) නොදනිති.
7

يَعْلَمُونَ ظَاهِرًا مِّنَ الْحَيَاةِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ

(මක්කාවාසී ප්රතික්ෂේපක) ඔවුන් මෙලොව ජීවිතයේ බාහිරය දනිති. (නමුත්) ඔවුන්මය මතු ලොව පිළිබඳව අනවධානීන් වන්නේ.
8

أَوَلَمْ يَتَفَكَّرُوا فِي أَنفُسِهِم ۗ مَّا خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَأَجَلٍ مُّسَمًّى ۗ وَإِنَّ كَثِيرًا مِّنَ النَّاسِ بِلِقَاءِ رَبِّهِمْ لَكَافِرُونَ

ඔවුහු තමන් තුළම (තමන් පිළිබඳව) ගැඹුරින් සිතා නොබැලුවෙහු ද? අහස් ද මිහිතලය ද ඒ දෙක අතර ඇති දෑ ද සත්යයෙන් යුතුව හා නියමිත කලකට මිස ඔහු නොමැව්වේය. 3 තවද සැබැවින්ම ජනයා අතුරින් බොහෝ (ප්රතික්ෂේපක) අය තම පරමාධිපතිගේ හමුවීම ප්රතික්ෂේප කරන්නන් වෙති.
3අල්ලාහ් විසින් මවා ඇති සියලු දැයට නියමිත කාලයක් පත් කර ඇත. මරණින් පසුව ස්වර්ගය හෝ නිරය ලබා දී නිරන්තර ජීවිතයක් අල්ලාහ් ඇති කිරීමට එක් කාරණාවක් නම් අල්ලාහ්ගේ යුක්තිය පිහිටු වීමය. එනම් යම් පුද්ගලයෙකු ඝාතනයක් කළේ නම් ඔහුට ඒ සඳහා දඬුවම් වශයෙන් මරණ දඬුවම ලබා දුන්නේ නම් ඝාතන බොහෝමයක් කළ විට ද ඔහුට මෙම දඬුවම ම දීම යනු යම් අන්දමකින් යුක්තිය ඉටු කර ඇත යැයි පැවසිය හැකි වුව ද එහි යුක්තිය පරිපූර්ණ ලෙස ඉටු කර නැත. මෙසේ සෑම යහ හෝ අයහ ක්රියාවන්ට එක්තරා අන්දමකින් මෙලොවෙදී යුක්තිය ඉටු කිරීමට හැකි වුව ද එය පරිපූර්ණ ලෙස ඉටු කිරීමට හැකි වන්නේ විනිශ්චය දිනයේ පමණි. එහි දී සෑම කෙනෙකුම ලොවේ තමා කළ ක්රියාවන්ට අදාළ ප්රතිඵලය ලබනු ඇත.
9

أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً وَأَثَارُوا الْأَرْضَ وَعَمَرُوهَا أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَاءَتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ ۖ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَـٰكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ

ඔවුන් මිහිතලයෙහි ගමන් කර ඔවුනට පෙර විසූවන්ගේ 4 අවසානය කෙසේ වූයේ දැයි නොදුටුවේ ද? (පෙර විසූ) ඔවුන් මොවුන්ට වඩා ශක්තියෙන් දැඩි වූවන් වූහ. තවද ඔවුහු මිහිතලය (කෘෂිකාර්මික කටයුතු සඳහා) සකස් කළෝය. තවද මොවුන් එය වැඩි දියුණු කළාට වඩා ඔවුහු එය වැඩි දියුණු කළෝය. තවද ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත පැහැදිලි සාධකයන් ගෙන ආහ. එබැවින් අල්ලාහ් ඔවුනට අපරාධ කරන්නෙකු නොවීය. නමුත් ඔවුහු තමන්ටම අපරාධ කර ගන්නන් වූහ.
4‘ඔවුනට පෙර විසූවන්’ යනු ආද් හා සමූද් වැනි පෙර ජීවත් වූ ප්රජාවන්ය.
10

ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاءُوا السُّوأَىٰ أَن كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِئُونَ

පසුව අල්ලාහ්ගේ වදන් අසත්යය කළ හෙයින් ද ඔවුන් එය සමච්චල් කරමින් සිටි හෙයින් ද නරකය කළවුන්ගේ අවසානය නරකක්ම විය.
11

اللَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

අල්ලාහ් (මිනිස්) මැවීම (කිසිදු පූර්ව නිදසුනකින් තොරව) උත්පාදනය කළේය. පසුව (මරණින් මතු නැවත නැගිටුවන ලබන විනිශ්චය දිනයේ) ඔහු එය(එම මැවීම) පුනරුත්පාදනය කරන්නේය. පසුව නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.
12

وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُبْلِسُ الْمُجْرِمُونَ

(ලොව අවසන්) හෝරාව ඇති වන (විනිශ්චය) දින වැරදිකරුවන් අපේක්ෂා සුන් වූවන් බවට පත් වන්නෝය.
13

وَلَمْ يَكُن لَّهُم مِّن شُرَكَائِهِمْ شُفَعَاءُ وَكَانُوا بِشُرَكَائِهِمْ كَافِرِينَ

ඔවුන්ගේ හවුල්කරුවන්(දෙවිවරුන්) අතුරින් (කිසිවෙක්) රෙකමදාරුවන් වශයෙන් නොවන්නෝය. තවද ඔවුන් තමන්ගේ හවුල්කරුවන්ව ප්රතික්ෂේප කරන්නන් වෙති.
14

وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَتَفَرَّقُونَ

(ලොව අවසන්) හෝරාව ඇති වන (විනිශ්චය) දින එදින ඔවුහු (විශ්වාසිකයින්ගෙන්) වෙන්වන්නෝය.
15

فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَهُمْ فِي رَوْضَةٍ يُحْبَرُونَ

විශ්වාස කර යහකම් කළවුන් පිළිබඳව (සඳහන් කරන්නේ) නම් ඔවුහුමය (ස්වර්ග) උයනක සතුටු කරවනු ලබන්නෝ.
16

وَأَمَّا الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا وَلِقَاءِ الْآخِرَةِ فَأُولَـٰئِكَ فِي الْعَذَابِ مُحْضَرُونَ

ප්රතික්ෂේප කර අපගේ වදන් හා මතු ලොවේ හමුවීම අසත්යය කළවුන් පිළිබඳව (සඳහන් කරන්නේ) නම් ඔවුහුමය දඬුවම වෙත ඉදිරිපත් කරනු ලබන්නෝ.
17

فَسُبْحَانَ اللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ

සවස් කාලයට නුඹලා එළඹෙන විට ද උදෑසන කාලයට එළඹෙන විට ද අල්ලාහ්ව පිවිතුරු කරවු.
18

وَلَهُ الْحَمْدُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَعَشِيًّا وَحِينَ تُظْهِرُونَ

තවද අහස්හි හා මිහිතලයෙහි සියලු පැසසුම් ඔහු(අල්ලාහ්) සතුය. තවද පස්වරුවේ ද දහවල් කාලයට නුඹලා එළඹෙන විට ද (ඔහුව පිවිතුරු කරවු).
19

يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَيُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ وَكَذَٰلِكَ تُخْرَجُونَ

ඔහු මළ දැයින් ජීවී දෑ පිට කරන්නේය. තවද ජීවී දැයින් මළ දෑ පිට කරන්නේය. තවද ඔහු භූමිය (වියළී) නැසී ගිය පසු එය ප්රාණවත් කරන්නේය. තවද මෙලෙසය නුඹලාව (මිනී වළවල් තුළින්) පිට කරනු ලබන්නේ.
20

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ إِذَا أَنتُم بَشَرٌ تَنتَشِرُونَ

තවද ඔහු පසින් නුඹලාව මවා පසුව එසැණින් නුඹලා විසිර යන්නා වූ මිනිසුන් බවට නුඹලා පත්වීම ඔහුගේ සංඥාවන් අතුරිනි.
21

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

තවද නුඹලා සහකාරියන් තුළින් සැනසුම ලබනු පිණිස නුඹලා වෙනුවෙන් නුඹලා අතුරින්ම ඔවුන්ව මවා නුඹලා අතර ආදරයක් හා කරුණාවක් ඇති කිරීම ද ඔහුගේ සංඥාවන් අතුරිනි. සැබැවින්ම ගැඹුරින් සිතා බලන පිරිසකට මෙහි සංඥාවන් ඇත.
22

وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّلْعَالِمِينَ

තවද අහස් හා මිහිතලය මැවීම ද නුඹලාගේ දිවවල් (වලින් පිටවන භාෂාවන්) හා නුඹලාගේ වර්ණ වෙනස් වීම ද ඔහුගේ සංඥාවන් අතුරිනි. සැබැවින්ම මෙහි දැනුම ඇත්තන්ට සංඥාවන් ඇත.
23

وَمِنْ آيَاتِهِ مَنَامُكُم بِاللَّيْلِ وَالنَّهَارِ وَابْتِغَاؤُكُم مِّن فَضْلِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَسْمَعُونَ

තවද රාත්රියෙහි හා දහවලෙහි නුඹලාගේ නින්ද ද, ඔහුගේ වරප්රසාදයන් (දහවලෙහි) නුඹලා සොයා යෑම ද ඔහුගේ සංඥාවන් අතුරිනි. සැබැවින්ම සවන් දෙන පිරිසකට මෙහි සංඥාවන් ඇත.
24

وَمِنْ آيَاتِهِ يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ السَّمَاءِ مَاءً فَيُحْيِي بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ

(මගීන්ට වර්ෂාව ඇති වී ගමනට බාධාවක් ඇති වේ යන) බිය ගන්වන්නක්ව හා (වර්ෂාව අවශ්ය වූවන්හට) බලාපොරොත්තු ඇති කරවන්නක්ව අකුණු ගැසීම නුඹලාට ඔහු පෙන්වීම ද භූමිය (වියළී) නැසී ගිය පසු අහසින් ජලය පහළ කර පසුව එමගින් එය ප්රාණවත් කිරීම ද ඔහුගේ සංඥාවන් අතුරිනි. සැබැවින්ම එහි අවබෝධ කරන පිරිසකට සංඥාවන් ඇත.
25

وَمِنْ آيَاتِهِ أَن تَقُومَ السَّمَاءُ وَالْأَرْضُ بِأَمْرِهِ ۚ ثُمَّ إِذَا دَعَاكُمْ دَعْوَةً مِّنَ الْأَرْضِ إِذَا أَنتُمْ تَخْرُجُونَ

තවද අහස හා මිහිතලය ඔහුගේ නියෝගය පරිදි ස්ථාපිත වීම ද ඔහුගේ සංඥාවන් අතුරිනි. පසුව නුඹලාව මිහිතලයෙන් (හොරණෑ හඬෙන් වූ) කැඳවුමකින් ඔහු කැඳවූයේ නම් එසැණින් නුඹලා (මිනී වළවල් වලින්) පිට වන්නෙහුය.
26

وَلَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ كُلٌّ لَّهُ قَانِتُونَ

අහස්හි හා මිහිතලයෙහි සිටින්නන් (සියල්ල) ඔහු සතුය. සියල්ලන්ම ඔහුට අවනත වන්නන්ය.
27

وَهُوَ الَّذِي يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهْوَنُ عَلَيْهِ ۚ وَلَهُ الْمَثَلُ الْأَعْلَىٰ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

තවද (මිනිස්) මැවීම (කිසිදු පූර්ව නිදසුනකින් තොරව) උත්පාදනය කර පසුව (මරණින් මතු නැවත නැගිටුවන ලබන දිනයේ) එය(එම මැවීම) පුනරුත්පාදනය කරන්නා ඔහුමය. තවද එය ඔහු කෙරෙහි ඉතා පහසු( කටයුත්තක් වි)ය. තවද අහස්හි හා මිහිතලයෙහි උසස්ම වර්ණනාව (වන ඒකීයත්වය) ඔහු සතුය. තවද ඔහු අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
28

ضَرَبَ لَكُم مَّثَلًا مِّنْ أَنفُسِكُمْ ۖ هَل لَّكُم مِّن مَّا مَلَكَتْ أَيْمَانُكُم مِّن شُرَكَاءَ فِي مَا رَزَقْنَاكُمْ فَأَنتُمْ فِيهِ سَوَاءٌ تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنفُسَكُمْ ۚ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْقِلُونَ

(ජනයිනි,) නුඹලා අතුරින්ම ඔහු(අල්ලාහ්) නුඹලාට උපමාවක් ගෙන හැර පෙන්වන්නේය. (එනම්) අපි නුඹලාට දුන් දෑ(සම්පත්) විෂයෙහි නුඹලාගේ දකුණත හිමි කර ගත් අය(වහල්) අතුරින් හවුල්කරුවන් නුඹලාට සිටින්නේ ද? තවද එම (නුඹලාගේ සම්පත් අයිති කර ගැනීමේ) විෂයෙහි නුඹලා (එම වහලුන්ට) සමාන වන්නේද? (තවද) නුඹලා නුඹලා(මෙන් වූ වහල් නොවන අය)ටම බිය වන්නා සේ (එම වහලුන් වූ) ඔවුනට නුඹලා බිය වන්නේ ද? 5 අවබෝධ කර ගන්නා පිරිසකට අපි සංඥාවන් විග්රහ කරනුයේ මෙලෙසය.
5එනම් මිනිසුන් තමන්ගේ දේපළෙහි තම වහලුන්ට සම අයිතීන් ඇත යැයි පවසන්නට ප්රිය කරන්නේ නැත. එබැවින් අල්ලාහ්ගේ මැවීමේ ක්රියාවලියට ඔහුගේ ගැත්තන් වන මිනිසාව ඔහුගේ හවුල්කරුවන් යැයි පැවසීම එයටත් වඩා නුසුදුසු දෙයක් යැයි මෙම ආයතය සඳහන් කරයි.
29

بَلِ اتَّبَعَ الَّذِينَ ظَلَمُوا أَهْوَاءَهُم بِغَيْرِ عِلْمٍ ۖ فَمَن يَهْدِي مَنْ أَضَلَّ اللَّهُ ۖ وَمَا لَهُم مِّن نَّاصِرِينَ

නමුත් (අල්ලාහ්ට ආදේශ කිරීම මගින් තමන්ටම) අපරාධ කළවුන් කිසිදු දැනුමකින් තොරව ඔවුන්ගේ මනෝ ඉච්ඡාවන් අනුගමනය කළෝය. එබැවින් අල්ලාහ් කවරෙකුව නොමඟ යන්නට ඉඩ හැරියේ ද ඔහුට (යහ)මග පෙන්වන්නේ කවරෙකු ද? තවද ඔවුනට (දඬුවමෙහි දී) උදව් කරන්නන්ගෙන් කිසිවෙකු නැත.
30

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

එබැවින් (නබිවරය, ආදේශයෙන් තොර) පිවිතුරුභාවයෙන් නුඹගේ මුහුණ දහම වෙත ස්ථාපිත කරවු. ඔහු(අල්ලාහ්) මිනිසාව කුමක් කෙරෙහි මැව්වේ ද එයමය (ඔහු කෙරෙහි වූ) අල්ලාහ්ගේ ස්වභාවික දහම (වන ඉස්ලාම් දහම) වන්නේ.අල්ලාහ්ගේ මැවීමෙහි වෙනස් කිරීමක් නොමැත. 6 එයයි ඍජූ දහම වන්නේ. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.
6ස්වභාවයෙන්ම මිනිසා තම මැවුම්කරුවාට අවනත වීම යන ගුණාංගය සමග අල්ලාහ් විසින් මවනු ලැබී ඇත යැයි මෙම ආයතය පැහැදිලි කරයි. මිනිසාගේ ජීවිතයේ එක් අවස්ථාවක හෝ මෙම සත්යය වටහා ගත හැකි අවස්ථාවක් උදා වේ. එම සත්යය වටහා ගෙන එය සිතින් පිළිගත හොත් ඔහු ජය ලබනු ඇත. එසේ නොමැතිව උඩඟුකම හෝ මුරණ්ඩුභාවය වැනි යම් කාරණාවකින් කවුරුන් එය ප්රතික්ෂේප කර නොතකා හරින්නේ ද ඔහු පාඩුව ඇති කර ගන්නේ තමාටමය.
31

مُنِيبِينَ إِلَيْهِ وَاتَّقُوهُ وَأَقِيمُوا الصَّلَاةَ وَلَا تَكُونُوا مِنَ الْمُشْرِكِينَ

ඔහු වෙතටම නැඹුරුවන්නන් ලෙස (නුඹගේ මුහුණ දහම වෙත ස්ථාපිත කරවු). තවද ඔහුට බිය භක්තිමත් වවු. තවද සලාතය ස්ථාපිත කරවු. තවද ආදේශ තබන්නන් අතුරින් තමන්ගේ දහම බෙදා වෙන් කර ගෙන (විවිධ) කණ්ඩායම් බවට පත්වූවන්ව නුඹලා නොවවු. සෑම කණ්ඩායමක්ම තමන් අබියස ඇති දෑ පිළිබඳව සතුටු වන්නෝය.
32

مِنَ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا ۖ كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ

ඔහු වෙතටම නැඹුරුවන්නන් ලෙස (නුඹගේ මුහුණ දහම වෙත ස්ථාපිත කරවු). තවද ඔහුට බිය භක්තිමත් වවු. තවද සලාතය ස්ථාපිත කරවු. තවද ආදේශ තබන්නන් අතුරින් තමන්ගේ දහම බෙදා වෙන් කර ගෙන (විවිධ) කණ්ඩායම් බවට පත්වූවන්ව නුඹලා නොවවු. සෑම කණ්ඩායමක්ම තමන් අබියස ඇති දෑ පිළිබඳව සතුටු වන්නෝය.
33

وَإِذَا مَسَّ النَّاسَ ضُرٌّ دَعَوْا رَبَّهُم مُّنِيبِينَ إِلَيْهِ ثُمَّ إِذَا أَذَاقَهُم مِّنْهُ رَحْمَةً إِذَا فَرِيقٌ مِّنْهُم بِرَبِّهِمْ يُشْرِكُونَ

තවද මිනිසුන්ව යම් පීඩාවක් ස්පර්ශ කළ විට ඔවුන් තමන්ගේ පරමාධිපති වෙත නැඹුරු වෙමින් ඔහුට ප්රාර්ථනා කරන්නෝය. පසුව ඔහුගෙන් වූ දයාවක් ඔවුනට රස විඳීමට සැලැස් වූ විට එසැණින් ඔවුන් අතුරින් පිරිසක් තම පරමාධිපතිට ආදේශ කරන්නෝය.
34

لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ ۚ فَتَمَتَّعُوا فَسَوْفَ تَعْلَمُونَ

අපි ඔවුනට දුන් දෑ සඳහා ඔවුන් ප්රතික්ෂේප කරනු පිණිස(ආදේශ කරන්නෝ)ය. එබැවින් (ප්රතික්ෂේපකයිනි,) නුඹලා (මද කලකට) සතුටු විඳිවු. පසුව නුඹලා (විඳින සතුටෙහි ප්රතිඵල) මතු දැනගන්නෙහුය.
35

أَمْ أَنزَلْنَا عَلَيْهِمْ سُلْطَانًا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُوا بِهِ يُشْرِكُونَ

නැතහොත් අපි ඔවුන් මත (යම්) සාධකයක්(ධර්ම පුස්තකයක්) පහළ කර එ(ම ධර්ම පුස්තක)ය ඔවුන් කවර දෙයක් ආදේශ කරමින් සිටියේ ද එවැන්නක් පිළිබඳව කතා කරන්නේද? (කිසි විටෙක නැත.)
36

وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوا بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ

තවද අප මිනිසුන්ට (යම්) දයාවක් රස විඳීමට සැලැස්වූයේ නම් එමගින් ඔවුහු සතුටු වන්නෝය. තවද ඔවුනට ඔවුන්ගේ අත් පෙරකළ කම් හේතුවෙන් යම් නපුරක් අත් වූයේ නම් එසැණින් ඔවුහු (අපගේ දයාවෙන්) අපේක්ෂා සුන් වූවන් වන්නෝය.
37

أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

සැබැවින්ම අල්ලාහ් අභිමත කළ අයට ජීවන සැපයුම් විස්තීරණය කරන බව ද (ඔහු අභිමත කළ අයට එය) සීමා කරන බව ද ඔවුන් නොදුටුවෝ ද? සැබැවින්ම මෙහි විශ්වාස කරන පිරිසකට සංඥාවන් ඇත.
38

فَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ ۚ ذَٰلِكَ خَيْرٌ لِّلَّذِينَ يُرِيدُونَ وَجْهَ اللَّهِ ۖ وَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ

එබැවින් ඥාතියාට ඔහුගේ උරුමය දෙවු. තවද දුගියාට ද මගියාට ද (ඔවුන්ගේ උරුමයන් දෙවු). එය අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නන්ට යහපතකි. තවද ඔවුන්මය ජය ලද්දෝ.
39

وَمَا آتَيْتُم مِّن رِّبًا لِّيَرْبُوَ فِي أَمْوَالِ النَّاسِ فَلَا يَرْبُو عِندَ اللَّهِ ۖ وَمَا آتَيْتُم مِّن زَكَاةٍ تُرِيدُونَ وَجْهَ اللَّهِ فَأُولَـٰئِكَ هُمُ الْمُضْعِفُونَ

තවද මිනිසුන්ගේ වස්තූන්හි වර්ධනය ඇති කර ගැනීම පිණිස පොලී වශයෙන් නුඹලා ලබා දුන් දෑ අල්ලාහ් අබියස වර්ධනය නොවන්නේය. තවද අල්ලාහ්ගේ තෘප්තිය නුඹලා අපේක්ෂාවෙන් නුඹලා zසකාතය වශයෙන් ලබා දුන්නේ නම් එවිට ඔවුහුමය (තම වස්තූන්) ගුණ කර ගන්නන් වන්නේ.
40

اللَّهُ الَّذِي خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۖ هَلْ مِن شُرَكَائِكُم مَّن يَفْعَلُ مِن ذَٰلِكُم مِّن شَيْءٍ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

අල්ලාහ්මය නුඹලාව මැව්වේ. පසුව ඔහු නුඹලාට ජීවන සැපයුම් ලබා දුන්නේය. පසුව නුඹලාව මරණයට පත් කරන්නේය. පසුව නුඹලාට (විනිශ්චය දිනයෙහි) ජීවය ලබා දෙන්නේය. මෙවන් දැයින් යමක් හෝ කරන නුඹලාගේ ආදේශ කරුවන්ගෙන් කිසිවෙකු සිටිත් ද? ඔවුන් ආදේශ තබන දෑ වලින් අල්ලාහ් පිවිතුරුය අති උත්තරීතරය.
41

ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ لِيُذِيقَهُم بَعْضَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ

මිනිසුන්ගේ අත් උපයා ගත් දෑ හේතුවෙන් ඔවුන් කළ දැයින් සමහරක් ඔවුනට විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්යසන ඇති විය. (මෙසේ ව්යසන ඇති වීමෙන්) ඔවුන් නැවත (යහමගට) යොමු වන්නට හැක්කේය. 7 -
7ලොවේ ඇති වන ව්යසනයන්ට හේතුව මිනිසුන්ගේ පාපයන්ය. මෙසේ අල්ලාහ් ඇති කරන්නේ මිනිසුන්ට එක් අවවාදයක් ලෙස යැයි මෙම ආයතය පැහැදිලි කර ඇත.
42

قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلُ ۚ كَانَ أَكْثَرُهُم مُّشْرِكِينَ

(නබිවරය, ප්රතික්ෂේපකයින්ට) පවසවු “නුඹලා මිහිතලයෙහි සැරිසරවු. තවද පෙර විසූවන්ගේ අවසානය කෙසේ වී දැ’යි (නිරීක්ෂා කර) බලවු. ඔවුන්ගෙන් බොහෝ දෙනා ආදේශ තැබූවන් වූහ.”
43

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ الْقَيِّمِ مِن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لَّا مَرَدَّ لَهُ مِنَ اللَّهِ ۖ يَوْمَئِذٍ يَصَّدَّعُونَ

අල්ලාහ්ගෙන් වැළැක්විය නොහැකි දිනයක්, එය පැමිණීමට පෙර ඍජු දහම වෙතට නුඹගේ මුහුණ ස්ථාපිත කරවු. එ(ම විනිශ්චය)දින ඔවුන් (විනිශ්චයෙන් පසු ස්වර්ගය හා නිරය වෙත) වෙන් කරනු ලබන්නෝය.
44

مَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ ۖ وَمَنْ عَمِلَ صَالِحًا فَلِأَنفُسِهِمْ يَمْهَدُونَ

කවරෙකු ප්රතික්ෂේප කළේ ද ඔහුගේ ප්රතික්ෂේපය ඔහුට එරෙහිවමය. කවරෙකු යහකම් කළේ ද ඔවුන් තමන් වෙනුවෙන්ම (ස්වර්ගයෙහි නවාතැන්) සකස් කර ගන්නෝය.
45

لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِن فَضْلِهِ ۚ إِنَّهُ لَا يُحِبُّ الْكَافِرِينَ

(මෙය) විශ්වාස කර යහකම් කළවුනට ඔහු(අල්ලාහ්) ඔහුගේ වරප්රසාදයෙන් ප්රතිඵල දෙනු පිණිසය. සැබැවින්ම ඔහු ප්රතික්ෂේපකයින්ව ප්රිය නොකරන්නේය.
46

وَمِنْ آيَاتِهِ أَن يُرْسِلَ الرِّيَاحَ مُبَشِّرَاتٍ وَلِيُذِيقَكُم مِّن رَّحْمَتِهِ وَلِتَجْرِيَ الْفُلْكُ بِأَمْرِهِ وَلِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

තවද ඔහුගේ(අල්ලාහ්ගේ) දයාවෙන් නුඹලාට රස විඳීමට සලස්වනු පිණිස ද තම අණ පරිදි නැව් යාත්රා කරනු පිණිස ද ඔහුගේ වරප්රසාදයන් නුඹලා සොයනු පිණිස ද (වර්ෂාව පිළිබඳව) ශුභාරංචි පවසන්නක් ලෙස සුළං එවීම ද ඔහුගේ(අල්ලාහ්ගේ) සංඥාවන් අතුරිනි. තවද (මෙමගින්) නුඹලා කෘතඥ වීමට හැක්කේය.
47

وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَاءُوهُم بِالْبَيِّنَاتِ فَانتَقَمْنَا مِنَ الَّذِينَ أَجْرَمُوا ۖ وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ

තවද (නබිවරය) සැබැවින්ම අපි නුඹට පෙර වූ රසූල්වරුන්ව ඔවුන්ගේ පිරිස වෙත එව්වෙමු. එවිට මොවුන් වෙත පැහැදිලි සාධක ඔවුහු(රසූල්වරුන්) රැගෙන ආවෝය. (එනමුත් මොවුහු රසූල්වරුන්ව අසත්යය කරමින් වැරදි කළෝය.) එබැවින් වැරදිකළවුන්ගෙන් අපි පළිගත්තෙමු. තවද විශ්වාසිකයින්ට උදව් කිරීම අප කෙරෙහි වගකීමක් විය.
48

اللَّهُ الَّذِي يُرْسِلُ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَيَبْسُطُهُ فِي السَّمَاءِ كَيْفَ يَشَاءُ وَيَجْعَلُهُ كِسَفًا فَتَرَى الْوَدْقَ يَخْرُجُ مِنْ خِلَالِهِ ۖ فَإِذَا أَصَابَ بِهِ مَن يَشَاءُ مِنْ عِبَادِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ

අල්ලාහ්, ඔහුමය සුළං එවනුයේ. පසුව ඒවා(එම සුළං තැනින් තැනට වැසි) වලාකුළු ගෙන යයි. පසුව ඔහු අභිමත කරන පරිදි ඔහු අහසෙහි ඒවා(වලාකුළු) විසුරුවාහරීයි. තවද ඔහු ඒවා කැබලි බවට පත් කරන්නේය. පසුව ඒවා අතරින් පිටවන වර්ෂාව නුඹ දකින්නෙහිය. තම ගැත්තන් අතුරින් තමා අභිමත කරන අයට එය ලැබුණු විට එසැණින් ඔවුහු සතුටු වන්නෝය.
49

وَإِن كَانُوا مِن قَبْلِ أَن يُنَزَّلَ عَلَيْهِم مِّن قَبْلِهِ لَمُبْلِسِينَ

තවද ඔවුන් මීට පෙර (එනම්) ඔවුහු කෙරෙහි (වර්ෂාව) පහළ කරනු ලැබීමට පෙර ඔවුන් බලාපොරොත්තු සුන් වූවන්ව සිටියෝය.
50

فَانظُرْ إِلَىٰ آثَارِ رَحْمَتِ اللَّهِ كَيْفَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ ذَٰلِكَ لَمُحْيِي الْمَوْتَىٰ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

එබැවින් අල්ලාහ්ගේ දයාවෙහි සලකුණු දෙස (නිරීක්ෂා කර) බලවු. ඔහු භූමිය (වියළී) නැසී ගිය පසු එය ප්රාණවත් කරන්නේ කෙසේ ද? සැබැවින්ම ඔහු මළවුන්ට ජීවය දෙන්නාය. තවද ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
51

وَلَئِنْ أَرْسَلْنَا رِيحًا فَرَأَوْهُ مُصْفَرًّا لَّظَلُّوا مِن بَعْدِهِ يَكْفُرُونَ

තවද අපි (වියළි සුළඟක් එවා (එමගින්) එය(අස්වැනු) කහ පැහැයෙන් (වීම) ඔවුහු දුටුවේ නම් ඉන් පසුව ඔවුහු (අල්ලාහ්ව හා වර්ෂාවේ භාග්යය) ප්රතික්ෂේප කරන්නන් බවට පත් වන්නෝමය.
52

فَإِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَىٰ وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ

එබැවින් (නබිවරය,) සැබැවින්ම නුඹට මළවුන්ව සවන් දෙන්නන් බවට පත් කළ නොහැක. තවද බිහිරි අය පිටුපා හැරී යන විට නුඹට ඔවුන්ව කැඳවුමට සවන් දෙන්නන් බවට පත් කළ නොහැක.
53

وَمَا أَنتَ بِهَادِ الْعُمْيِ عَن ضَلَالَتِهِمْ ۖ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِآيَاتِنَا فَهُم مُّسْلِمُونَ

තවද (ප්රතික්ෂේපය මගින් අන්ධවූ) අන්ධයින්ට ඔවුන්ගේ මුළාවෙන් (ඔවුන්ට) යහ මග පෙන්වන්නෙකුව නුඹ නොවන්නේය. අපගේ (අල් කුර්ආන්) වදන් විශ්වාස කරන්නන්ට හැර නුඹට (අන් අයව එය පිළිගෙන) සවන් දෙන්නන් බවට පත් කළ නොහැක. එබැවින් (අපගේ වදන් විශ්වාස කරන) ඔවුන් (අල්ලාහ්ට අවනත වූ) මුස්ලිම්වරුන්ය.
54

اللَّهُ الَّذِي خَلَقَكُم مِّن ضَعْفٍ ثُمَّ جَعَلَ مِن بَعْدِ ضَعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِن بَعْدِ قُوَّةٍ ضَعْفًا وَشَيْبَةً ۚ يَخْلُقُ مَا يَشَاءُ ۖ وَهُوَ الْعَلِيمُ الْقَدِيرُ

අල්ලාහ්මය නුඹලාව දුබල දැයකින්(ශුක්රාණුව) මැව්වේ. ඉන්පසුව ඔහු දුබලත්වයට(ළදරු වියට) පසු බලවත්භාවයට(තරුණ වියට) පත් කළේය. පසුව බලවත්භාවයට පසු (යළි) දුබලත්වයට හා මහලු වියට ද පත් කළේය. ඔහු අභිමත කරන දෑ මවන්නේය. තවද ඔහු සර්වඥය අති බලසම්පන්නය.
55

وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُقْسِمُ الْمُجْرِمُونَ مَا لَبِثُوا غَيْرَ سَاعَةٍ ۚ كَذَٰلِكَ كَانُوا يُؤْفَكُونَ

තවද (ලොව අවසන්) හෝරාව ඇති වන (විනිශ්චය) දින දී වැරදිකරුවන් ඔවුන් (මිනී වළෙහි) හෝරාවක් මිස රැඳී නොසිටි බවට (අසත්යය ලෙස) දිවුරා පවසති. මෙලෙස(ම ලෞකික ජීවිතයෙහි ද) ඔවුහු (සත්යයෙන් වෙනතකට) හරවනු ලබමින් සිටියහ.
56

وَقَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَالْإِيمَانَ لَقَدْ لَبِثْتُمْ فِي كِتَابِ اللَّهِ إِلَىٰ يَوْمِ الْبَعْثِ ۖ فَهَـٰذَا يَوْمُ الْبَعْثِ وَلَـٰكِنَّكُمْ كُنتُمْ لَا تَعْلَمُونَ

තවද දැනුම හා විශ්වාසය පිරිනමනු ලැබූවන් “අල්ලාහ්ගේ ලේඛනයට අනුව නැගිටුවනු ලබන (විනිශ්චය) දිනතෙක් නුඹලා රැඳී සිටියෙහුය. එබැවින් මෙයයි (එම) නැගිටුවනු ලබන (විනිශ්චය) දිනය. නමුත් නුඹලා (මේ බව) නොදැන සිටින්නන් වූහ” යැයි (වැරදිකරුවන් දෙස) පවසති.
57

فَيَوْمَئِذٍ لَّا يَنفَعُ الَّذِينَ ظَلَمُوا مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ

එබැවින් එදින අපරාධ කළවුන්ට තමන්ගේ නිදහසට කරුණු දැක්වීම පලක් නොවන්නේය. (අල්ලාහ්ව) තෘප්තියට පත් කරන මෙන් ඔවුන්ගෙන් ආයාචනා ද කරනු නොලබති.
58

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِي هَـٰذَا الْقُرْآنِ مِن كُلِّ مَثَلٍ ۚ وَلَئِن جِئْتَهُم بِآيَةٍ لَّيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ أَنتُمْ إِلَّا مُبْطِلُونَ

තවද සැබැවින්ම අපි ජනයින්ට මෙම අල් කුර්ආනයෙහි සෑම (ආකාරයේ) උපමාවකින්ම ගෙන හැර පෑවෙමු. තවද (නබිවරය,) නුඹ ඔවුන් වෙත සංඥාවක් ගෙන ගිය ද සැබැවින්ම ප්රතික්ෂේප කළවුන් “නුඹලා අසත්යය ඇති කළවුන් මිස නැතැ”යි පවසති.
59

كَذَٰلِكَ يَطْبَعُ اللَّهُ عَلَىٰ قُلُوبِ الَّذِينَ لَا يَعْلَمُونَ

මෙලෙසය (අල්ලාහ්ගේ ඒකීයත්වය) නොදැන සිටින්නන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තබනුයේ. 8
8ඔවුන් කවුරුන්ද යත් සත්යය දැන ගැනීමට ආශා නොකළවුන් හා එය ප්රතික්ෂේප කළවුන්ය.
60

فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ وَلَا يَسْتَخِفَّنَّكَ الَّذِينَ لَا يُوقِنُونَ

එබැවින් (නබිවරය, නුඹට ඇති වන පීඩාවන්) නුඹ ඉවසවු. සැබැවින්ම (නුඹට ඇති වීමට තිබෙන ජයග්රහණය පිළිබඳව) අල්ලාහ්ගේ ප්රතිඥාව සැබෑය. තවද (නුඹ ඉවසීමෙන් සිටීම පිළිබඳව) තරයේ විශ්වාස නොකරන්නන් නුඹව සුළු කොට සිතිය නොයුතුය.
لقمانමක්කී
1

الم

අලිෆ්,ලාම්,මීම්. 1
1මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 හි පාද සටහන බලන්න.
2

تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ

මේවා ප්රඥාවන්ත ධර්ම පුස්තකයේ වදන්ය.
3

هُدًى وَرَحْمَةً لِّلْمُحْسِنِينَ

(එය) සැදැහැමියන්ට මග පෙන්වන්නක් හා දයාවක් වශයෙනි.
4

الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُم بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ

ඔවුහු සලාතය ස්ථාපිත කරති. zසකාතය ද දෙති. තවද ඔවුහුමය පරමාන්ත( දින)ය තරයේ විශ්වාස කරන්නන් වන්නේ.
5

أُولَـٰئِكَ عَلَىٰ هُدًى مِّن رَّبِّهِمْ ۖ وَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ

ඔවුහු තම පරමාධිපතිගෙන් වූ ඍජූ මගෙහිය. තවද සැබැවින්ම ඔවුහුමය ජය ලද්දෝ.
6

وَمِنَ النَّاسِ مَن يَشْتَرِي لَهْوَ الْحَدِيثِ لِيُضِلَّ عَن سَبِيلِ اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّخِذَهَا هُزُوًا ۚ أُولَـٰئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ

(දහම පිළිබඳව) කිසිදු දැනුමකින් තොරව අල්ලාහ්ගේ මාර්ගයෙන් (අන් මිනිසුන්ව) මුළා කිරීමට පුහු වදන් මිලට ගන්නන් ද ඒවා සමච්චලයට ගන්නන් ද මිනිසුන් අතර සිටිති. 2 ඔවුහුමය නින්දනීය දඬුවම ලබන්නන් වන්නේ.
2මෙයින් අදහස් කරන්නේ ‘නද්ර් ඉබ්නු හාරිස්’ නම් මක්කාවාසී ප්රතික්ෂේපකයින්ගේ කෙනෙකු යැයි වාර්තා වේ. මිනිසුන්ව අල් කුර්ආනය සවන් දීමෙන් වැළැකවීම සඳහා පිට රටින් රසවත් කථා පොත් මිල දී ගෙන එය ඔවුන්ට මොහු කියවා පෙන්වන්නට විය. “(අන් මිනිසුන්ව) මුළා කිරීමට පුහු වදන් මිලට ගන්නන්” යනුවෙන් අදහස් කරන්නේ ද මෙයයි.
7

وَإِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا وَلَّىٰ مُسْتَكْبِرًا كَأَن لَّمْ يَسْمَعْهَا كَأَنَّ فِي أُذُنَيْهِ وَقْرًا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ

තවද අපගේ වදන් ඔහු කෙරෙහි පාරායනය කරනු ලැබූ විට තමන්ට එය නොඇසුනාක් මෙන් තම දෙකන් හි ඇබයක් ඇත්තන් මෙන් උඩඟුවෙන් හැරී යන්නේය. එබැවින් වේදනීය දඬුවම පිළිබඳව ඔහුට ශුභාරංචි පවසවු.
8

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتُ النَّعِيمِ

සැබැවින්ම විශ්වාස කර යහකම් කළවුන් ඔවුනටය පූර්ණ සොම්නසින් යුත් (ස්වර්ග) උයන් ඇත්තේ.
9

خَالِدِينَ فِيهَا ۖ وَعْدَ اللَّهِ حَقًّا ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

(ඔවුහු) එහි සදාතනිකයින් වෙති. (එය ඔවුනට පොරොන්දු වූ) අල්ලාහ්ගේ සැබෑ ප්රතිඥාවක් වශයෙනි. තවද ඔහු අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
10

خَلَقَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِن كُلِّ دَابَّةٍ ۚ وَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَنبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ

ඔහු නුඹලා දකිමින් සිටින, ආධාරක රහිත වූ අහස් මැව්වේය. තවද මිහිතලය නුඹලා සමග නොසෙලවීමට එහි ස්ථිරසාර දෑ(කඳු) ඇති කළේය. තවද ඔහු එහි සෑම ජීවියෙකුම ව්යාප්ත කළේය. තවද අපි අහසින් ජලය පහළ කොට අලංකාර සෑම වර්ගයක්ම එහි හට ගැන්වූයෙමු.
11

هَـٰذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِن دُونِهِ ۚ بَلِ الظَّالِمُونَ فِي ضَلَالٍ مُّبِينٍ

(ප්රතික්ෂේපකයිනි,) මේවා අල්ලාහ්ගේ මැවීම්ය. එබැවින් ඔහු නොවන (වෙනත්) අය නිර්මාණය කළ දෑ (ඇත්නම් ඒවා) කුමක් දැයි මට පෙන්වවු. නමුත් අපරාධකරුවන් පැහැදිලි මුළාවෙහිය.
12

وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ ۚ وَمَن يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ ۖ وَمَن كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ

සැබැවින්ම අපි ලුක්මාන්ට ප්රඥාව පිරිනැමුවෙමු. 3 (එබැවින්) “නුඹ අල්ලාහ්ට කෘතඥවන්න”(යැයි පැවසුවෙමු). තවද කවරෙකු (අල්ලාහ්ට) කෘතඥ වන්නේ ද ඔහු කෘතඥ වන්නේ තමන්ටමය. තවද කවරෙකු අකෘතවේදී වන්නේ ද එවිට (දැන ගනු.) සැබැවින්ම අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය ප්රශංසාලාභීය.
3බොහෝ විද්වතුන්ගේ මතය වන්නේ ‘ලුක්මාන්’ නැමැත්තා නබිවරයෙක් හෝ රසූල්වරයෙකු නොවේ යන්නයි. එනමුත් අල්ලාහ් විසින් මොහුට මැනවින් ප්රඥාව පිරිනමන ලදි. එමෙන්ම මොහු ඉතා බිය බැති පුද්ගලයෙකුව සිටියේය. ඇතැම් වාර්තාවල මොහු නබි ‘අයියූබ්’ තුමාගේ මුනුපුරා යැයි සඳහන් වී ඇත. ‘නුඹ අල්ලාහ්ට කෘතඥවන්න’(යැයි පැවසුවෙමු).” යනුවෙන් අදහස් කෙරන්නේ නබිවරුන්ට දෙනු ලබන වහී පණිවිඩය මොහුට දෙනු ලැබී ඇත යනුවෙන් නොවේ. මෙය මොහුට දන්වනු ලැබුවේ ‘ඉල්හාම්’ නම් නබිවරයෙකුට හෝ නබිවරයෙකු නොවන ඕනෑම කෙනෙකුගේ සිතට අල්ලාහ් විසින් දමනු ලබන සත්යය දිව්යමය සිතුවිල්ලක් තුළිනි.
13

وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ ۖ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

ලුක්මාන් තම පුතුන්ට උපදෙස් දෙමින් “මාගේ පුතණුවනි, අල්ලාහ්ට ආදේශ නොතබන්න. සැබැවින්ම ආදේශ තැබීම මහත් අපරාධයකි”. යැයි පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
14

وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ حَمَلَتْهُ أُمُّهُ وَهْنًا عَلَىٰ وَهْنٍ وَفِصَالُهُ فِي عَامَيْنِ أَنِ اشْكُرْ لِي وَلِوَالِدَيْكَ إِلَيَّ الْمَصِيرُ

තවද අපි මිනිසාට ඔහුගේ දෙමාපියන් පිළිබඳව උපදෙස් කළෙමු. ඔහුව ඔහුගේ මෑණියන් දුෂ්කරතාව පිට දුෂ්කරතාවකින් ඉසිලුවාය. ඔහුගේ කිරි වැරීමේ කාලය වසර දෙකකින්ය. (එබැවින්) “මට ද නුඹගේ දෙමාපියන්ට ද කෘතඥ වවු. (නුඹලා) නැවත යොමු වන ස්ථානය ඇත්තේ මා වෙතමය.
15

وَإِن جَاهَدَاكَ عَلَىٰ أَن تُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا ۖ وَصَاحِبْهُمَا فِي الدُّنْيَا مَعْرُوفًا ۖ وَاتَّبِعْ سَبِيلَ مَنْ أَنَابَ إِلَيَّ ۚ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

නුඹට දැනුමක් නොමැති යමක්(දෙවියෙක්ව) මා හට ආදේශ තබන්නැ’යි ඔවුන් දෙදෙනා නුඹට බල කරන්නේ නම් (එවන් කටයුත්තක දී) ඔවුන් දෙදෙනාට අවනත නොවවු. මෙලොවෙහි ඔවුන් සමඟ යහ අයුරින් ඇසුරු කරවු. කවරෙකු මා වෙත නැඹුරු වූයේ ද ඔහුගේ 4 මග පිළිපදිවු. පසුව නුඹලාගේ නැවත පැමිණීම මා වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව නුඹලාට මා දන්වන්නෙමි.” (යැයි අපි මිනිසාට පැවසුවෙමු.)
44 ) මෙහි අදහස වන්නේ ‘නබි මුහම්මද් තුමාණන්ය.’.
16

يَا بُنَيَّ إِنَّهَا إِن تَكُ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ فَتَكُن فِي صَخْرَةٍ أَوْ فِي السَّمَاوَاتِ أَوْ فِي الْأَرْضِ يَأْتِ بِهَا اللَّهُ ۚ إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ

(තවද ලුක්මාන් තම පුතුට මෙසේ පැවසුවේය.) මාගේ පුතණුවනි, “එය( එනම්, නුඹ කළ යහ හෝ අයහ) අබ ඇටයක තරම් වී එය ගල් පර්වතයක් තුළ හෝ අහස්හි හෝ මිහිතලයේ හෝ වුව ද එය අල්ලාහ් (විනිශ්චය සඳහා) ගෙන එන්නේමය. සැබැවින්ම අල්ලාහ් අනුඥානවන්තය අභිඥානවන්තය.”
17

يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنكَرِ وَاصْبِرْ عَلَىٰ مَا أَصَابَكَ ۖ إِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ الْأُمُورِ

මාගේ පුතණුවනි, “සලාතය ස්ථාපිත කරවු. (සෙස්සන්ට) යහපත අණ කරවු. අයහපතින් වළක්වාලවු. (එවිට) නුඹට අත් වන දෑ කෙරෙහි ඉවසවු. සැබැවින්ම ඒවා (ප්රතිඵල ලබන) ස්ථීරසාර කරුණු අතුරිනි.”
18

وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا ۖ إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ

“තවද මිනිසුන්ගෙන් නුඹගේ කම්මුල (අහංකාරයෙන්) හරවා නොගනිවු. මිහිතලයේ උඩඟු ලීලාවෙන් නොඇවිදිවු. සැබැවින්ම අල්ලාහ් ගර්වයෙන් යුතුව පුරසාරම් දොඩන්නන්ව ප්රිය නොකරන්නේය.”
19

وَاقْصِدْ فِي مَشْيِكَ وَاغْضُضْ مِن صَوْتِكَ ۚ إِنَّ أَنكَرَ الْأَصْوَاتِ لَصَوْتُ الْحَمِيرِ

“තවද නුඹගේ ඇවිදීමෙහි (විනීතව) මධ්යස්ථ වවු. නුඹගේ හඬ අවම කර ගනිවු. සැබැවින්ම හඬ අතුරින් ඉතා පිළිකුල් සහගත වන්නේ බූරුවන්ගේ හඬයි.”
20

أَلَمْ تَرَوْا أَنَّ اللَّهَ سَخَّرَ لَكُم مَّا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنَةً ۗ وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُّنِيرٍ

අහස්හි ඇති දෑ හා මිහිතලයෙහි ඇති දෑ සැබැවින්ම අල්ලාහ් නුඹලාට වසඟ කර දී ඇති බව ද තම දායාදයන් නුඹලාට බාහිරව ද අධ්යාත්මිකව ද පරිපූර්ණ කොට ඇති බව ද නුඹලා නොදුටුවෙහු ද? එහෙත් (තමන් පවසන දෑ පිළිබඳව) කිසිදු දැනුමකින් තොරව ද (රසූල්වරයෙකුගේ) මග පෙන්වීමකින් තොරව ද ආලෝකමත් ධර්ම පුස්තකයකින් තොරව ද අල්ලාහ් පිළිබඳව තර්ක කරන්නන් මිනිසුන් අතර වෙති.
21

وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا ۚ أَوَلَوْ كَانَ الشَّيْطَانُ يَدْعُوهُمْ إِلَىٰ عَذَابِ السَّعِيرِ

“නුඹලා අල්ලාහ් පහළ කළ දෑ පිළිපදිවු” යැයි ඔවුනට කියනු ලැබූ විට “නැත. අපගේ මුතුන්මිත්තන් කවර දෙයක් මත (සිටිනු) අපි දුටුවෙමුද එය අපි පිළිපදින්නෙමු” යැයි පැවසුවෝය. “ෂෙයිතාන් ඔවුන්ව ඇවිළෙන ගින්නේ දඬුවම වෙත කැඳවමින් සිටියදීත් (නුඹලා මුතුන්මිත්තන්ව පිළිපදින්නේ ද? යන්නෙන් විමසනු ලැබේ.)
22

وَمَن يُسْلِمْ وَجْهَهُ إِلَى اللَّهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ ۗ وَإِلَى اللَّهِ عَاقِبَةُ الْأُمُورِ

කවරෙකු සැදැහැමියෙකු ලෙස තම මුහුණ අල්ලාහ්ට අවනත කරවන්නේ ද ඔහු ස්ථීර කඹයක් දැඩිව අල්ලා ගත්තේමය. තවද (සියලු) කරුණු වල අවසානය අල්ලාහ් වෙතමය.
23

وَمَن كَفَرَ فَلَا يَحْزُنكَ كُفْرُهُ ۚ إِلَيْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُم بِمَا عَمِلُوا ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

තවද කවරෙකු ප්රතික්ෂේප කරන්නේ ද ඔහුගේ ප්රතික්ෂේපය නුඹව දුකට පත් නොකළ යුතුය. (මන්දයත්) ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙතය. එවිට ඔවුන් කළ දෑ පිළිබඳව අපි ඔවුනට දන්වන්නෙමු. සැබැවින්ම අල්ලාහ් හදවත්හි ඇති දෑ පිළිබඳව සර්වඥය.
24

نُمَتِّعُهُمْ قَلِيلًا ثُمَّ نَضْطَرُّهُمْ إِلَىٰ عَذَابٍ غَلِيظٍ

ඔවුනට (මෙලොවෙහි) ස්වල්ප කාලයක් භුක්ති විඳින්නට සලස්වන්නෙමු. පසුව ඔවුන්ව (මතු ලොවෙහි) දැඩි වේදනාවට හෙළා දමන්නෙමු.
25

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ ۚ قُلِ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

(නබිවරය) “අහස් හා මිහිතලය මැව්වේ කවුරුන්දැ”යි නුඹ ඔවුන්ගෙන් විමසුවේ නම් “අල්ලාහ්” යැයි සැබැවින්ම ඔවුහු පවසන්නෝය. “සියලු ප්රශංසා අල්ලාහ් (පමණක්) සතුය” යැයි පවසවු. නමුත් ඔවුන්ගෙන් බහුතරය (ඒ බව) නොදන්නෝය.
26

لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ إِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

අහස්හි හා මිහිතලයේ ඇති (සියලු) දෑ අල්ලාහ් සතුය. සැබැවින්ම අල්ලාහ්, ඔහුමය සර්ව පොහොසත් ප්රශංසාලාභී වන්නේ.
27

وَلَوْ أَنَّمَا فِي الْأَرْضِ مِن شَجَرَةٍ أَقْلَامٌ وَالْبَحْرُ يَمُدُّهُ مِن بَعْدِهِ سَبْعَةُ أَبْحُرٍ مَّا نَفِدَتْ كَلِمَاتُ اللَّهِ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ

සැබැවින්ම මිහිතලයේ ඇති ගස් පන්හිඳ වල් වශයෙන් ද මහ මුහුද ඉන් පසු තවත් මුහුදු හතක් එයට (තීන්ත වශයෙන්) උදව් කළ ද අල්ලාහ්ගේ (මහිමය හා දායාදයන් පිළිබඳ) වදන් (ලියා) අවසන් නොවන්නේය. සැබැවින්ම අල්ලාහ් අති බලසම්පන්නය ප්රඥාවන්තය.
28

مَّا خَلْقُكُمْ وَلَا بَعْثُكُمْ إِلَّا كَنَفْسٍ وَاحِدَةٍ ۗ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

නුඹලා (සියල්ලන්වම) මැවීම හා නුඹලාව (මළවුන්) යළි නැගිටුවීම (අල්ලාහ්ට) එකම ආත්මයක් (මැවීම හා යළි නැගිටුවීම) මෙන් මිස නැත. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්රාවකය සර්ව සුපරික්ෂාකාරීය.
29

أَلَمْ تَرَ أَنَّ اللَّهَ يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي إِلَىٰ أَجَلٍ مُّسَمًّى وَأَنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

සැබැවින්ම අල්ලාහ් රාත්රිය දහවලෙහි ඇතුළු කරන බව ද දහවල රාත්රියෙහි ඇතුළු කරන බව ද හිරු හා චන්ද්රයා ඒවා සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරන්නක්ව ඔහු (තම ආධිපත්යය යටතේ) වසඟ කළ බව ද අල්ලාහ් නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව අභිඥානවන්ත බව ද නුඹ නොදුටුවෙහි ද?
30

ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ

ඒවා (මෙලෙස සිදු වනුයේ) අල්ලාහ්, ඔහුමය සත්යය වන බැවින් ද ඔවුන් ඔහු හැර කැඳවන දෑ නිෂ්ඵල බැවින් ද අල්ලාහ් ඔහුමය උත්තරීතර අති ශ්රේෂ්ඨ වන බැවින් ද (නුඹලා දැන ගැනීම සඳහා) වේ.
31

أَلَمْ تَرَ أَنَّ الْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِنِعْمَتِ اللَّهِ لِيُرِيَكُم مِّنْ آيَاتِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ

අල්ලාහ්ගේ සංඥා නුඹලාට පෙන්වනු පිණිස සැබැවින්ම ඔහුගේ භාග්යයෙන් මුහුදෙහි නැව් යාත්රා කරනු නුඹ නොදුටුවෙහි ද? සැබැවින්ම එහි කෘතඥ පූර්වක දැඩි ඉවසිලිවන්ත සෑම කෙනෙකුටම ආදර්ශයන් ඇත.
32

وَإِذَا غَشِيَهُم مَّوْجٌ كَالظُّلَلِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ فَمِنْهُم مُّقْتَصِدٌ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا كُلُّ خَتَّارٍ كَفُورٍ

උඩු වියන් මෙන් රළ ඔවුන්ව(ප්රතික්ෂේපකයින්ව) වසා ගත් විට ඔවුන් දහමෙහි අල්ලාහ්ට චිත්ත පාරිශුද්ධියෙන් යුතුව ඔහුව අයැදිති. ගොඩ බිමට ඔවුන්ව ආරක්ෂා සහිතව ගෙන ආ විට (ඊමානය හා ප්රතික්ෂේපය අතර) මධ්යස්ථව කටයුතු කරන්නන් ද (තම ප්රතික්ෂේපයේම නියැළෙන්නන් ද) ඔවුන් අතුරින් සිටිති. 5 තවද ගුණමකු මහා වංචනිකයින් මිස (වෙනත් කිසිවෙකු) අපගේ සංඥා ප්රතික්ෂේප නොකරන්නේය.
55 ) මක්කාවාසී ප්රතික්ෂේපකයින් අතුරින් ඇතැමුන් සත්යය විශ්වාසය කර ඇතැම් විට ඒවා ප්රතික්ෂේපය කළවුන් ලෙස සිටියෝය.
33

يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ وَاخْشَوْا يَوْمًا لَّا يَجْزِي وَالِدٌ عَن وَلَدِهِ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَن وَالِدِهِ شَيْئًا ۚ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُم بِاللَّهِ الْغَرُورُ

මිනිසුනි, නුඹලාගේ පරමාධිපතිට බිය භක්තිමත් වවු. තවද කිසිදු පියෙකු තම පුතුට යම් ප්රයෝජනයක් කිරීමට නොහැකි හා කිසිදු පුතෙකු තම පියාට යම් ප්රයෝජනයක් කරන්නෙකු විය නොහැකි (විනිශ්ච) දිනයකට බිය වවු. සැබැවින්ම අල්ලාහ්ගේ ප්රතිඥාව සැබෑවකි. එබැවින් සැබැවින්ම මෙලොව ජීවිතය නුඹලාව රවටා නොදැමිය යුතුය. තවද රවටන්නා(ෂෙයිතාන්) ද අල්ලාහ් පිළිබඳව නුඹලාව නොරැවටිය යුතුය.
34

إِنَّ اللَّهَ عِندَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ ۖ وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا ۖ وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

සැබැවින්ම (ලොව අවසන්) හෝරාවෙහි ඥානය ඇත්තේ අල්ලාහ් අබියසමය. තවද ඔහු වර්ෂාව පතිත කරවන්නේය. තවද ඔහු ගර්භාෂයන්හි ඇති දෑ දන්නේය. කිසිදු ආත්මාවක් එය හෙට දින උපයන්නේ කුමක් දැ’යි නොදන්නේය. කිසිදු ආත්මාවක් කවර භූමියක එය මරණයට පත් වන්නේ දැ’යි නොදන්නේය. සැබැවින්ම අල්ලාහ් සර්වඥය අභිඥානවන්තය.
السجدةමක්කී
1

الم

අලිෆ්,ලාම්,මීම්. 1
11 ) මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 හි පාද සටහන බලන්න.
2

تَنزِيلُ الْكِتَابِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ الْعَالَمِينَ

(මෙම) ධර්ම පුස්තකය පහළ කිරීම එහි කිසිදු සැකයක් නොමැතිව විශ්වයන්ගේ පරමාධිපතිගෙන් වූවකි.
3

أَمْ يَقُولُونَ افْتَرَاهُ ۚ بَلْ هُوَ الْحَقُّ مِن رَّبِّكَ لِتُنذِرَ قَوْمًا مَّا أَتَاهُم مِّن نَّذِيرٍ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَهْتَدُونَ

එහෙත් ‘ඔහු(මුහම්මද්) එය ගෙතුවේ’ යැයි (ප්රතික්ෂේපක) ඔවුහු පවසන්නෝ ද? (එසේ) නැත. නුඹට පෙර කිසිදු අවවාදකරන්නෙකු නොපැමිණි පිරිසකට නුඹ අවවාද කරනු පිණිස මෙය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්යයකි. (එමගින්) ඔවුන් යහමග ලැබිය හැකිය.
4

اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ مَا لَكُم مِّن دُونِهِ مِن وَلِيٍّ وَلَا شَفِيعٍ ۚ أَفَلَا تَتَذَكَّرُونَ

අල්ලාහ්, ඔහුමය අහස් හා මිහිතලය ද ඒ දෙක අතර ඇති දෑ ද දින සයකින් මැව්වේ. පසුව ඔහු අර්ෂය මත (ඔහුගේ ගෞරවයට සුදුසු අයුරින්) “ඉස්තිවා” 2 විය. ඔහු හැර කිසිදු භාරකරුවෙකු හෝ (නුඹලා වෙනුවෙන්) ඇයැද සිටින්නෙකු හෝ නුඹලාට නොමැත. (ඒ පිළිබඳව) නුඹලා සිහිපත් නොකරන්නෙහු ද?
2වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:54 හි පාද සටහන බලන්න.
5

يُدَبِّرُ الْأَمْرَ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ أَلْفَ سَنَةٍ مِّمَّا تَعُدُّونَ

ඔහු අහසේ සිට මිහිතලය දක්වා (සෑම) කරුණ(ක්ම) සැලසුම් කරන්නේය. 3 පසුව (ලොවෙහි) නුඹලා ගණනය කරන දෑ අනුව අවුරුදු දහසක තරම් (දීර්ඝ) වන (එක්) දිනක එය (එනම් සැලසුම් කරන ලද එම කරුණු) ඔහු වෙත නැගී යන්නේය. 4
33 ) අහස් හා පොළොව පාලනය කිරීම සඳහා අල්ලාහ්ට හවුල්කරුවන් සිටින බව බහු දේවවාදීන් විශ්වාස කළෝය. මෙම වැකියෙන් පෙන්නුම් කරන්නේ අල්ලාහ්ට එසේ කිසි අවශ්යතාවක් නොමැති බවයි.
44 ) මෙහි සඳහන් වී ඇති දින ගනනෙහි විවරණය අල් කුර්ආන් 70:4 හි පාද සටහනෙහි සඳහන් වී ඇත. තවද මෙහි “ඔහු වෙත නැගී යන්නේය” යනු සියලු කරුණු විනිශ්චය දිනයෙහි දී නැවත අල්ලාහ් වෙත යොමු වන්නේය යන අදහසයි.
6

ذَٰلِكَ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَزِيزُ الرَّحِيمُ

ඔහු අදෘශ්යමාන දෑ හා දෘශ්යමාන දෑ දන්නාය. අති බලසම්පන්නය පරම කරුණාභරිතය.
7

الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ ۖ وَبَدَأَ خَلْقَ الْإِنسَانِ مِن طِينٍ

ඔහු තමන් මැවූ සියල්ල අලංකාරමත් කළේය. තවද ඔහු මිනිසාගේ(ආදම්ගේ) මැවීම (පෙර නිදසුනකින් තොරව) මැටියෙන් උත්පාදනය කළේය.
8

ثُمَّ جَعَلَ نَسْلَهُ مِن سُلَالَةٍ مِّن مَّاءٍ مَّهِينٍ

පසුව තුච්ඡ ජලයෙන් යුත් සාරයකින්(ශුක්රාණු බිදුවෙන්) ඔහුගේ(ආදම්ග) පරපුර (වන මිනිස් සමූහයාව) ඔහු ඇති කළේය.
9

ثُمَّ سَوَّاهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِ ۖ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَّا تَشْكُرُونَ

පසුව ඔහු(අල්ලාහ්) ඔහුව නිසි අයුරින් හැඩ ගන්වා ඔහු(ආදම්) තුළ තම ‘රූහ’යෙන් පිඹුවේය. 5 තවද ඔහු නුඹලාට ශ්රවණ ද දෘෂ්ටි ද හදවත් ද ඇති කළේය. (නමුත්) ඉතා ස්වල්පයකි නුඹලා කෘතවේදි වනුයේ.
5වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 15:29 හි පාද සටහන බලන්න.
10

وَقَالُوا أَإِذَا ضَلَلْنَا فِي الْأَرْضِ أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ ۚ بَلْ هُم بِلِقَاءِ رَبِّهِمْ كَافِرُونَ

“මිහිතලයේ අපි (මරණයට පත් වී) නැති වී ගිය පසු සැබැවින්ම අපි (නැවත) නව මැවුමක (නැගිට) වන්නෙමු දැ?”යි ඔවුහු විමසුවෝය. එහෙත් (ඇත්තෙන්ම) ඔවුහු තම පරමාධිපතිගේ හමුවීම ප්රතික්ෂේප කරන්නන් වූහ.
11

قُلْ يَتَوَفَّاكُم مَّلَكُ الْمَوْتِ الَّذِي وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ

(නබිවරය,) නුඹලා කෙරෙහි පවරන ලද මරණයට භාර මලක්වරයා නුඹලාව මරණයට පත් කරන්නේය. පසුව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහුය.” යැයි පවසවු.
12

وَلَوْ تَرَىٰ إِذِ الْمُجْرِمُونَ نَاكِسُو رُءُوسِهِمْ عِندَ رَبِّهِمْ رَبَّنَا أَبْصَرْنَا وَسَمِعْنَا فَارْجِعْنَا نَعْمَلْ صَالِحًا إِنَّا مُوقِنُونَ

වරදකරුවන් තම පරමාධිපති අබියස “අපගේ පරමාධිපතියාණනි, අපි (සත්යය) දුටුවෙමු. තවද අපි (සත්යය) ඇසුවෙමු. එබැවින් අපව (ලොවට) නැවත යවනු මැනව. අපි යහකම් කරන්නෙමු. සැබැවින්ම අපි තරයේ විශ්වාස කරන්නන් වන්නෙමු” යැයි (පවසමින්) තම හිස් නමා සිටින අවස්ථාවෙහි නුඹ (ඔවුන්ව) දුටුවේ නම් (පහත් දැයක් ලෙස එය නුඹ දැක ගනු ඇත.)
13

وَلَوْ شِئْنَا لَآتَيْنَا كُلَّ نَفْسٍ هُدَاهَا وَلَـٰكِنْ حَقَّ الْقَوْلُ مِنِّي لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ

අප අභිමත කළේ නම් සෑම ආත්මයකටම එහි යහ මග පිරිනමන්නට තිබුණි. නමුත් “(පාපතර) මිනිසුන් හා ජින්වරුන් සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමි” යන මාගෙන් වූ වදන ස්ථිර විය. 6
66 ) මෙයින් සංඥා කරන්නේ නබි ආදම් තුමාණන්ව අල්ලාහ් මවා ඔහුට සුජූද් කරන මෙන් සියල්ලන්ට අණ කළ විට එය ෂෙයිතාන් ප්රතික්ෂේප කළ අවස්ථාවෙහි අල්ලාහ් ෂෙයිතාන්ට කී වදනයි. එය අල් කුර්ආන් 38:85 හි මෙසේ සඳහන් වී ඇත. “සැබැවින්ම නුඹගෙන් ද ඔවුන් අතුරින් නුඹව අනුගමනය කරන සියලු දෙනාගෙන් ද මම නිරය පුරවන්නෙමි.” එනම් අල්ලාහ්ට සියලු මිනිසුන්ව ඔහුට බලෙන් හෝ අවනත කරවීමේ ශක්තිය තිබුණ ද ඔහු එසේ නොකළේ මිනිසාට අවනත වීම හෝ අකීකරු වීම යන කරුණු දෙක අතුරින් එකක් තෝරා ගැනීමේ සිය කැමැත්ත පිරිනමා ඇති නිසාය. තවද අල්ලාහ් විසින් මිනිසාව බලෙන් අවනත කරවීමට සැලැස් වූයේ නම් පිරිසිදු ගැත්තන් තෝරා ගැනීම යන මෙලොව නිර්මාණයේ අරමුණ බැහැර වනු ඇත.
14

فَذُوقُوا بِمَا نَسِيتُمْ لِقَاءَ يَوْمِكُمْ هَـٰذَا إِنَّا نَسِينَاكُمْ ۖ وَذُوقُوا عَذَابَ الْخُلْدِ بِمَا كُنتُمْ تَعْمَلُونَ

නුඹලාගේ මෙදින මුණගැසීම නුඹලා අමතක කළ හේතුවෙන් නුඹලා (දැන් දඬුවම) රස විඳිවු. (අද දින) සැබැවින්ම අප ද නුඹලාව අතහැර දැමුවෙමු. 7 තවද නුඹලා කරමින් සිටි දෑ හේතුවෙන් සදාතනික දඬුවම රස විඳිවු. (යැයි ඔවුනට පවසනු ලැබේ.)
7“මුණගැසීම නුඹලා අමතක කළ හේතුවෙන්” යනු ප්රතික්ෂේපකයින් අල්ලාහ්ට අවනත නොවී ලොව අවසන් විනිශ්චය දින පිළිබඳව විශ්වාස නොකොට අල්ලාහ්ව නැමදුම් කිරීමෙන් වැළකී සිටියෝය යන්නයි. “අප ද නුඹලාව අතහැර දැමුවෙමු.” යනු ‘ඔවුන් අල්ලාහ්ට පිටුපෑ හෙයින් අල්ලාහ් ද ඔවුන්ව දරුණු වේදනාවෙහි අත්හරිනු ඇත’ යනුවෙන් අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත. මෙම ආයතය අරාබි වාගලංකාරයට අනුව ‘මුෂාකලා’ ගණයට අයත් ආයතයන් කිහිපයකින් එකකි. මුෂාකලා යනු “එක් විෂයක් යම් පාර්ශවයක් හා සම්බන්ධව සඳහන් වී ඇති අවස්ථාවක දී එම විෂය හා පාර්ශවය සැළකිල්ලට ගෙන එහි සැබෑ භාෂාමය අර්ථය හැර යථාර්ථයෙන් අර්ථවත් වන්නා වූ අරුත ගෙන ඒම වේ.” මෙම ආයතයෙහි “අමතක කිරීම” යන පදයට අදාළ අරාබි පදය වන “නිස්යාන්” යන පදය අරාබි වාගලංකාරයට අනුව අල්ලාහ් හා මැවුම යන දෙපාර්ශවයටම භාවිත වී තිබුණ ද දෙපාර්ශවයට දෙආකාරයක අරුත ගෙන දේ. එහෙයින් අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි ‘අප ද නුඹලාව අමතක කළෙමු’ යන පරිවර්තනයට ‘මුෂාකලා’ යන නීතිය අනුව “එබැවින් ඔහු ද ඔවුන්ව (දඬුවමෙහි) අතහැරියේය” යැයි අරුත දැක් වේ.
15

إِنَّمَا يُؤْمِنُ بِآيَاتِنَا الَّذِينَ إِذَا ذُكِّرُوا بِهَا خَرُّوا سُجَّدًا وَسَبَّحُوا بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ ۩

අපගේ වදන් විශ්වාස කරනුයේ ඒවායින් උපදෙස් ලැබූ විට සුජූද් කරන්නන් ලෙස වැටී උඩඟු නොවූවන් ලෙස තම පරමාධිපතිගේ ප්රශංසාවෙන් (ඔහුව) පිවිතුරු කරන්නන්ය. 8
8මෙය සුජූද් කළ යුතු ආයතයකි. මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:206 හි පාද සටහන බලන්න.
16

تَتَجَافَىٰ جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ

(රාත්රී නැමදුම සඳහා) ඔවුන්ගේ ඉලපත් නිදි යහනින් ඉවත්ව පවතියි. ඔවුහු බියෙන් හා අපේක්ෂාවෙන් තමන්ගේ පරමාධිපතිව අයැදිමින් සිටිති. තවද අපි ඔවුනට දුන් දැයින් වියදම් කරති.
17

فَلَا تَعْلَمُ نَفْسٌ مَّا أُخْفِيَ لَهُم مِّن قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ

ඔවුන් කරමින් සිටි දෑ සඳහා ප්රතිඵලයක් වශයෙන් ඔවුන් සඳහා (ස්වර්ගයේ) සඟවා ඇති නෙතට දැකුම් කලු දෑ කිසිදු ආත්මයක් නොදන්නේය.
18

أَفَمَن كَانَ مُؤْمِنًا كَمَن كَانَ فَاسِقًا ۚ لَّا يَسْتَوُونَ

කවුරුන් විශ්වාසිකයෙකුව සිටින්නේ ද ඔහු පාපියෙකුව සිටින්නෙකු මෙන් වන්නේ ද? ඔවුන් එක සමාන නොවෙති.
19

أَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ جَنَّاتُ الْمَأْوَىٰ نُزُلًا بِمَا كَانُوا يَعْمَلُونَ

විශ්වාස කර යහකම් කළවුන් පිළිබඳව (සඳහන් කරන්නේ) නම් ඔවුනට ඔවුන් කරමින් සිටි (යහ) දෑ හේතුවෙන් සංග්රහයක් වශයෙන් ලැඟුම් ගන්නා (ස්වර්ග) උයන් ඇත්තේය.
20

وَأَمَّا الَّذِينَ فَسَقُوا فَمَأْوَاهُمُ النَّارُ ۖ كُلَّمَا أَرَادُوا أَن يَخْرُجُوا مِنْهَا أُعِيدُوا فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا عَذَابَ النَّارِ الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ

තවද පාපකම් කළවුන් පිළිබඳව (සඳහන් කරන්නේ) නම් ඔවුන්ගේ ලැඟුම් ස්ථානය (නිරයේ) ගින්නය. එයින් ඔවුන් බැහැර වන්නට සිතූ සෑම මොහොතකම ඔවුන්ව එහි නැවත යොමු කරනු ලැබ “නුඹලා අසත්යය කරමින් සිටි නිරයේ වේදනාව රස විඳිවු” යැයි ඔවුනට කියනු ලැබේ.
21

وَلَنُذِيقَنَّهُم مِّنَ الْعَذَابِ الْأَدْنَىٰ دُونَ الْعَذَابِ الْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ

ඔවුන් (පශ්චාත්තාප වී සත්යය වෙත) නැවත නැඹුරු වනු පිණිස (මතු ලොව) ඉමහත් දඬුවමට පෙර (ලොවෙහි) අල්ප දඬුවමින් රස විඳින්නට සලස්වන්නෙමු.
22

وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِآيَاتِ رَبِّهِ ثُمَّ أَعْرَضَ عَنْهَا ۚ إِنَّا مِنَ الْمُجْرِمِينَ مُنتَقِمُونَ

තවද තම පරමාධිපතිගේ වදන් මගින් උපදෙස් ලැබ පසුව එයින් පිටුපා යන්නාට වඩා අපරාධකරුවා කවරෙකු ද? සැබැවින්ම අපි වරදකරුවන්ගෙන් පළිගන්නන් වන්නෙමු. 9
99 ) වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 4:56 ආයතයට අදාළ පාද සටහන බලන්න.
23

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَلَا تَكُن فِي مِرْيَةٍ مِّن لِّقَائِهِ ۖ وَجَعَلْنَاهُ هُدًى لِّبَنِي إِسْرَائِيلَ

(නබිවරය,) සැබැවින්ම අපි මූසාට ධර්ම පුස්තකය ප්රදානය කළෙමු. (නුඹ හා) ඔහුගේ හමුව පිළිබඳව නුඹ සැකයේ පසු නොවවු. 10 තවද අපි ඔහුව ඉස්රාඊල්ගේ දරුවනට මග පෙන්වන්නෙකු ලෙස පත් කළෙමු.
1010 ) ‘මිඃරාජ්’ යන අහස් ගමනේ දී නබි මුහම්මද් තුමාණන් නබි මූසා තුමාණන්ව හමු වන බවට අල්ලාහ් ප්රතිඥා දී තිබුණි. මෙම ආයතය පහළ වූයේ මිඃරාජ් ගමන යාමට පෙරය.
24

وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا ۖ وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ

තවද ඔවුන් අපගේ වදන් තරයේ විශ්වාස කරමින් (ප්රතික්ෂේපකයින්ගේ හිංසා පීඩා) ඉවසා සිටිය දී අපගේ නියෝගයන්ට අනුව මග පෙන්වන නායකයින් ඔවුන් අතුරින් අපි පත් කළෙමු.
25

إِنَّ رَبَّكَ هُوَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ

සැබැවින්ම නුඹගේ පරමාධිපති, ඔවුන් කවර දෙයක් විෂයෙහි මතභේද ඇති කර ගනිමින් සිටියේ ද එම විෂයෙහි (මළවුන්) නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අතර ඔහු විනිශ්චය කරන්නේය.
26

أَوَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ ۖ أَفَلَا يَسْمَعُونَ

මොවුනට පෙර වූ (ප්රතික්ෂේපක) පරම්පරාවන් කොපමණක් අපි විනාශ කර තිබීම මොවුනට මග පෙන්වූයේ නැති ද? (විනාශ වූ) ඔවුන්ගේ වාසස්ථානයන්හි (කිසිදු අවබෝධයකින් තොරව) මොවුහු ඇවිද යන්නෝය. සැබැවින්ම එහි සංඥා ඇත. එබැවින් ඔවුහු සවන් යොමු නොකරන්නෝ ද?
27

أَوَلَمْ يَرَوْا أَنَّا نَسُوقُ الْمَاءَ إِلَى الْأَرْضِ الْجُرُزِ فَنُخْرِجُ بِهِ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَامُهُمْ وَأَنفُسُهُمْ ۖ أَفَلَا يُبْصِرُونَ

වියළී ගිය භූමියට ජලය ගෙන යන්නේ අපම බව ඔවුන් නොදන්නේ ද? පසුව එයින් අපි ඔවුන් ද ඔවුන්ගේ පශු කුලයට අයත් සතුන් ද අනුභව කරන වගාවන් පිට කරන්නෙමු. (මේ පිළිබඳව) ඔවුන් සුපරික්ෂාකාරී නොවන්නෝ ද?
28

وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا الْفَتْحُ إِن كُنتُمْ صَادِقِينَ

තවද “නුඹලා සත්යවාදීන්ව සිටියෙහු නම් මෙම විනිශ්චය කවදා දැ”යි (ප්රතික්ෂේපක) ඔවුහු (නුඹගෙන්) විමසන්නෝය.
29

قُلْ يَوْمَ الْفَتْحِ لَا يَنفَعُ الَّذِينَ كَفَرُوا إِيمَانُهُمْ وَلَا هُمْ يُنظَرُونَ

(නබිවරය,) “ප්රතික්ෂේප කළවුනට විනිශ්චය දිනයේ දී ඔවුන් විශ්වාස කිරීම ප්රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු අවකාශය දෙනු නොලබන්නෝය.” යැයි (ඔවුනට) පවසවු.
30

فَأَعْرِضْ عَنْهُمْ وَانتَظِرْ إِنَّهُم مُّنتَظِرُونَ

එබැවින් නුඹ ඔවුන්ව නොසලකා හරිවු. තවද (ඔවුනට හිමි දඬුවම) නුඹ බලාපොරොත්තු වවු. සැබැවින්ම ඔවුන් ද (නුඹ විනාශ වේ යැයි) බලාපොරොත්තු වන්නන්ය.
الأحزابමදීනී
1

يَا أَيُّهَا النَّبِيُّ اتَّقِ اللَّهَ وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا

නබිවරය, අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද ප්රතික්ෂේපකයින්ව හා ආත්ම වංචනිකයන්ව අනුගමනය නොකරවු. සැබැවින්ම අල්ලාහ් සර්වඥ, සර්ව ප්රඥාවන්ත විය.
2

وَاتَّبِعْ مَا يُوحَىٰ إِلَيْكَ مِن رَّبِّكَ ۚ إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

තවද නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත දේව පණිවිඩ ලෙස පහළ කරනු ලැබූ දෑ(අල් කුර්ආනය) නුඹ අනුගමනය කරවු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්තයා විය.
3

وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا

තවද නුඹ අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කරවු. භාරකරුවෙකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත් විය.
4

مَّا جَعَلَ اللَّهُ لِرَجُلٍ مِّن قَلْبَيْنِ فِي جَوْفِهِ ۚ وَمَا جَعَلَ أَزْوَاجَكُمُ اللَّائِي تُظَاهِرُونَ مِنْهُنَّ أُمَّهَاتِكُمْ ۚ وَمَا جَعَلَ أَدْعِيَاءَكُمْ أَبْنَاءَكُمْ ۚ ذَٰلِكُمْ قَوْلُكُم بِأَفْوَاهِكُمْ ۖ وَاللَّهُ يَقُولُ الْحَقَّ وَهُوَ يَهْدِي السَّبِيلَ

අල්ලාහ් මිනිසෙකුට ඔහුගේ අභ්යන්තරයෙහි හදවත් දෙකක් ඇති නොකළේය. තවද නුඹලාගේ බිරින්දෑවරුන් අතුරින් නුඹලා කවුරුන්හට (‘නුඹ මාගේ මවගේ පිට මෙන් සමාන’ යැයි පවසා) ලිහාර් කරන්නේ ද ඔවුන්ව නුඹලාගේ මෑණියන් බවට ඔහු(අල්ලාහ්) පත් නොකළේය. තවද (නුඹලා දරුකමට) හදාවඩා ගත් නුඹලාගේ දරුවන්ව නුඹලාගේ(ම) පුතුන් බවට ඔහු පත් නොකළේය. 1 මේවා (හුදෙක්) නුඹලාගේ මුවින් (පිට වන්නා) වූ නුඹලාගේ ප්රකාශය වේ. තවද අල්ලාහ් සත්යය ප්රකාශ කරන්නේය. තවද (ඍජු)මග පෙන්වනුයේ ඔහුමය.
11 ) මෙම ආයතයෙන් අරාබිවරුන් අතර තිබූ වැරදි වැටහීම් තුනක් ප්රතික්ෂේප කර ඇත. පළමුවැන්න අරාබිවරුන් තමන් අතර ඉතා උගතෙකු සිටියේ නම් ඔහුට හදවත් දෙකක් ඇති බව ඔවුහු විශ්වාස කළෝය. දෙවැන්න කෙනකු තම බිරියව සියමවට උපමා කර පැවසීම හෙවත් ‘ලිහාර්’ කළහොත් ඇය තමාගේ මවට සමාන යැයි අරාබිවරුන් සිතා පසුව එම ස්ත්රියව දික්කසාද කළෝය. මෙහි වැඩි විස්තර අල් කුර්ආන් 58:2 , 3 , 4 යන ආයතයන්හි සඳහන් වී ඇත. තුන්වැන්න තමන් විසින් හාදා වඩා ගනු ලැබූ පුත්රයා තමාගේම පුතෙකු යැයි සෑම අන්දමකින්ම ඔවුහු සැලකුවෝය.
5

ادْعُوهُمْ لِآبَائِهِمْ هُوَ أَقْسَطُ عِندَ اللَّهِ ۚ فَإِن لَّمْ تَعْلَمُوا آبَاءَهُمْ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَمَوَالِيكُمْ ۚ وَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ فِيمَا أَخْطَأْتُم بِهِ وَلَـٰكِن مَّا تَعَمَّدَتْ قُلُوبُكُمْ ۚ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا

නුඹලා ඔවුන්ව(දරුකමට හදා වඩාගත් දරුවන්ව) ඔවුන්ගේ(ම) පියවරුන්(ගේ නම්) සමග (වාසගම ලෙස සම්බන්ධ කර) අමතවු. එයමය අල්ලාහ් අබියස ඉතා යුක්තිගරුක වන්නේ. තවද නුඹලා ඔවුන්ගේ පියවරුන්ව නොදන්නේ නම් එවිට (ඔවුන්) දහමෙහි නුඹලාගේ සහෝදරයන් ද මිත්රයන් ද වන්නෝය. තවද එ(සේ ඇමතීමෙ)හි නුඹලා වැරදීමකින් කළ දෑහි නුඹලාට පාපයක් නොමැත. නමුත් නුඹලාගේ හදවත් ඕනෑකමින් සිදු කළ දෑහි (මිස)ය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී පරම කරුණාභරිත විය.
6

النَّبِيُّ أَوْلَىٰ بِالْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ ۖ وَأَزْوَاجُهُ أُمَّهَاتُهُمْ ۗ وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ مِنَ الْمُؤْمِنِينَ وَالْمُهَاجِرِينَ إِلَّا أَن تَفْعَلُوا إِلَىٰ أَوْلِيَائِكُم مَّعْرُوفًا ۚ كَانَ ذَٰلِكَ فِي الْكِتَابِ مَسْطُورًا

නබිවරයා විශ්වාසිකයින් තුළ ඔවුන්ගේ ආත්මයන්ට වඩා ඉතා උතුම් (වි)ය. තවද ඔහුගේ භාර්යාවන් ඔවුන්ගේ(විශ්වාසිකයින්ගේ) මෑණිවරුන්ය. තවද අල්ලාහ්ගේ ධර්ම පුස්තකයෙහි (තීරණයට අනුව අනෙකුත්) විශ්වාසිකයින් හා දේශාන්තරණය කළවුන්ට වඩා ලේ ඥාතීන්, ඔවුන් සමහරුන් සමහරුන්ට (දේපළ උරුමකම් පෑමෙහි) ඉතා සුදුසුකම් ඇත්තන්ය. 2 (නමුත්) නුඹලාගේ සමීපතයින්ට නුඹලා (අවසන් කැමැත්ත පරිදි) 3 යහපතක් කරන්නේ නම් මිස. එය පුස්තකයෙහි(ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයෙහි) ලේඛනගත කරනු ලැබූවක් විය.
22 ) මුස්ලිම්වරුන් මක්කාවෙන් මදීනාවට දේශාන්තරණය කර ගිය අවස්ථාවේ ඔවුන්ගේ ඥාතීන් අතුරින් ඉස්ලාමය වැලඳගත් හා ඉස්ලාමය වැලඳ නොගත් බොහෝ පිරිසක් මක්කාවේම රැඳී සිටි හෙයින් දේශාන්තරණය කළ මොවුන්ට මදීනාවේ කිසිදු ඥතියෙකු නොසිටියේය. එබැවින් මොවුන් අතර හා මොවුන්ට උදව් කළ මදීනා වැසියන් අතර නබි මුහම්මද් තුමාණන් සහෝදරත්වයේ බැඳීම ඇති කළේය. මෙම නිසා ඔවුන් එකිනෙකා අතර සෙනෙහසක් ඇති වූවා මෙන්ම මොවුන්ගේ උරුමක්කාරයින් බවට ද පත් වූහ. එහෙත් දේශාන්තරණය කළවුන්ගේ බොහෝ ඥාතීන් ඉස්ලාමය වැලඳ මදීනාවට පැමිණි පසුව දේශාන්තරණය මගින් ඇති වූ සහෝදරත්වයට වඩා ලේ ඥාතීත්වයට ප්රමුඛතා දිය යුතු යැයි මෙම අල් කුර්ආන් ආයතය පැහැදිලි කර ඇත. එහෙයින් උරුමක්කාරයින් විය හැක්කේ ලේ ඥාතීන් පමණි යැයි පවසා පෙර තිබූ නීතිය අවලංගු කරන ලදී.
3වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 4:11 ආයතයට අදාළ පාද සටහන බලන්න.
7

وَإِذْ أَخَذْنَا مِنَ النَّبِيِّينَ مِيثَاقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَاهِيمَ وَمُوسَىٰ وَعِيسَى ابْنِ مَرْيَمَ ۖ وَأَخَذْنَا مِنْهُم مِّيثَاقًا غَلِيظًا

අපි නබිවරුන්ගෙන් ඔවුන්ගේ ප්රතිඥාව ගත් අවස්ථාව (සිහිපත් කරවු). තවද (නබිවරය,) නුඹගෙන් ද නූහ්ගෙන් ද ඉබ්රාහීම්ගෙන් ද මූසාගෙන් ද මර්යම්ගේ පුත් ඊසාගෙන් ද (ඔවුන්ගේ ප්රතිඥාව ගත් අවස්ථාව සිහිපත් කරවු). තවද අපි ඔවුන්ගෙන් ස්ථිර වූ ප්රතිඥාවක් ගත්තෙමු. 4
4මෙහි ‘ප්රතිඥාව’ යනුවෙන් අදහස් කරන්නේ සියලු නබිවරුන් හා ඔවුන්ගේ අනුගාමිකයින් අල්ලාහ්ගේ විධානයට අවනත විය යුතු යැයි ඔවුන්ගෙන් ගනු ලැබූ පොරොන්දුවයි.
8

لِّيَسْأَلَ الصَّادِقِينَ عَن صِدْقِهِمْ ۚ وَأَعَدَّ لِلْكَافِرِينَ عَذَابًا أَلِيمًا

(නබිවරුන් වන) සත්යවන්තයින්ගෙන් ඔවුන්ගේ සත්යය(නබිත්වය) පිළිබඳව ඔහු(අල්ලාහ් විනිශ්චය දින) විමසනු පිණිස( ප්රතිඥා ගත්තේ)ය. තවද ප්රතික්ෂේපකයින්ට ඔහු වේදනීය දඬුවමක් සූදානම් කර ඇත.
9

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَاءَتْكُمْ جُنُودٌ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا وَجُنُودًا لَّمْ تَرَوْهَا ۚ وَكَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا

විශ්වාස කළවුනි, (සතුරු) සේනාංකයන් නුඹලා වෙත (පහර දීමට) පැමිණි අවස්ථාවේ නුඹලා කෙරෙහි අල්ලාහ්( කළ ඔහු)ගේ භාග්යය සිහිපත් කරවු. එවිට (දැඩි) සුළඟක් 5 ද නුඹලා නොදුටු (මලක්වරුන්ගේ) සේනාංකයන් ද ඔවුන් කෙරෙහි අපි යැව්වෙමු. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව සුපරික්ෂාකාරී විය.
5මෙයින් පෙන්නුම් කෙරෙන්නේ අහ්zසාබ් සටන සිදු වූ අවස්ථාව පිළිබඳවය. මෙහි කුඩා විස්තරයක් මෙම සූරාවේ හැඳින්වීමෙහි සඳහන් වී ඇත. මක්කාවාසී ප්රතික්ෂේපකයින්ගේ විවිධ සේනාවන්හි ආක්රමණය මුස්ලිම්වරුන්ට දින ගණනාවක් දක්වා තිබුණි. එබැවින් මුස්ලිම්වරුන්ට දරුණු ගැහැටක් ඇති විය. අවසානයේ දී ආක්රමණිකයින්ට අල්ලාහ් දැඩි සුළඟක් යවා ඔවුන් පලා යන්නට සිදු කළේය.
10

إِذْ جَاءُوكُم مِّن فَوْقِكُمْ وَمِنْ أَسْفَلَ مِنكُمْ وَإِذْ زَاغَتِ الْأَبْصَارُ وَبَلَغَتِ الْقُلُوبُ الْحَنَاجِرَ وَتَظُنُّونَ بِاللَّهِ الظُّنُونَا

නුඹලාට ඉහළින් ද නුඹලාට පහළින් ද ඔවුන් නුඹලා වෙත පැමිණි අවස්ථාව ද (බියෙන්) බැල්ම (සතුරන් වෙත) යොමු වී හදවත් උගුරු දණ්ඩ දක්වා පැමිණි අවස්ථාව ද අල්ලාහ් පිළිබඳව නුඹලා (විවිධ) සිතුවිලි සිතමින් සිටි අවස්ථාව ද (සිහිපත් කරවු).
11

هُنَالِكَ ابْتُلِيَ الْمُؤْمِنُونَ وَزُلْزِلُوا زِلْزَالًا شَدِيدًا

එහිදී විශ්වාසිකයින්ව පිරික්සුමට ලක් කොට ඔවුහු දැඩි කම්පනයකින් කම්පනයට පත් කරනු ලැබූහ.
12

وَإِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ مَّا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ إِلَّا غُرُورًا

ආත්ම වංචනිකයන් හා තම හදවත්හි ව්යාධියක් ඇත්තවුන් “අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා රැවටීමක් මිස (අන් කිසිවක්) අපට ප්රතිඥා නොදුන්නෝයැ”යි පැවසූ අවස්ථාව ද (සිහිපත් කරවු). 6
6මෙහි ආයතයන් අංක 12 සිට 21 දක්වා යුද බිමේ ආත්ම වංචනිකයින් හා යුදෙව්වන්ගේ ස්ථාවරය පිළිබඳව සඳහන් වී ඇත.
13

وَإِذْ قَالَت طَّائِفَةٌ مِّنْهُمْ يَا أَهْلَ يَثْرِبَ لَا مُقَامَ لَكُمْ فَارْجِعُوا ۚ وَيَسْتَأْذِنُ فَرِيقٌ مِّنْهُمُ النَّبِيَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوْرَةٌ وَمَا هِيَ بِعَوْرَةٍ ۖ إِن يُرِيدُونَ إِلَّا فِرَارًا

තවද ඔවුන් අතුරින් පිරිසක් “යස්රිබ්(මදීනා) වැසියනි, නුඹලාට (මෙහි) රැඳී සිටීමට ස්ථානයක් නොමැත. එබැවින් නුඹලා නැවත හැරී යවු.” යැයි පැවසූ 7 අවස්ථාව (සිහිපත් කරවු). තවද ඔවුන් අතුරින් පිරිසක් “සැබැවින්ම අපගේ නිවෙස් අනාරක්ෂිත යැ”යි පවසා නබි තුමාණන්ගෙන් (යුද පිටියෙන් නැවත හැරී යෑමට) අනුමැතිය පතමින් සිටියෝය. (එනමුත්) ඒවා අනාරක්ෂිතව නොමැත. ඔවුන් (එමගින් යුද බිමෙන්) පලා යෑම මිස නොපතන්නෝය.
7නිමාවක් තිබේ යැයි බලාපොරොත්තුවක් හෝ තැබිය නොහැකි තරමට මක්කාවාසී ප්රතික්ෂේපකයින්ගේ ආක්රමණය තිබුණු විට අහ්zසාබ් සටන ජය ගනු ඇත යැයි නබි මුහම්මද් තුමාණන් විසින් කරනු ලැබූ පොරොන්දුව අසත්යය යැයි මුස්ලිම්වරුන් අතර සිටි ආත්ම වංචනිකයින් පවසන්නට වූහ. තවද සටනට සහභාගි වූ මුස්ලිම්වරුන් හැරී යා යුතු යැයි ද ඔවුහු පැවසුවෝය.
14

وَلَوْ دُخِلَتْ عَلَيْهِم مِّنْ أَقْطَارِهَا ثُمَّ سُئِلُوا الْفِتْنَةَ لَآتَوْهَا وَمَا تَلَبَّثُوا بِهَا إِلَّا يَسِيرًا

තවද එ(ම මදීනාවෙ)හි සෑම දිශාවකින්ම ඔවුන්(ආත්ම වංචනිකයන්) වෙත (සතුරු සේනාංකයන්) පිවිසෙනු ලැබ පසුව ඔවුන්ගෙන් (මුස්ලිම්වරුන්ට විරුද්ධව) ව්යසන ඇති කරලීමට ඉල්ලා සිටිනු ලැබුවේ නම් ඔවුහු එය කරන්නෝමය. තවද ඔවුන් මද( වේලාව)ක් මිස එහි(නිවෙස්හි ආරක්ෂාව සඳහා) රැඳී නොසිටින්නෝය.
15

وَلَقَدْ كَانُوا عَاهَدُوا اللَّهَ مِن قَبْلُ لَا يُوَلُّونَ الْأَدْبَارَ ۚ وَكَانَ عَهْدُ اللَّهِ مَسْئُولًا

තවද (සතුරන්ට පිටුපා) පසුපස හැරී (පලා) නොයන බව ඔවුන්(ආත්ම වංචනිකයන්) මීට පෙර සැබැවින්ම අල්ලාහ්ට ප්රතිඥා දෙන්නන් විය. තවද අල්ලාහ්ට දුන් ප්රතිඥාව (විනිශ්චය දින) ප්රශ්න කරනු ලබන්නක් වේ. 8
8‘ප්රශ්න කරනු ලබන්නක් විය’ යනු අල්ලාහ්ට කළ පොරොන්දුව කෙසේ ඉටු කර ඇත්තේ දැ’යි සියලු දෙනාගෙන්ම විනිශ්චය දිනයේ ප්රශ්න කරනු ලබයි.
16

قُل لَّن يَنفَعَكُمُ الْفِرَارُ إِن فَرَرْتُم مِّنَ الْمَوْتِ أَوِ الْقَتْلِ وَإِذًا لَّا تُمَتَّعُونَ إِلَّا قَلِيلًا

(නබිවරය, ආත්ම වංචනිකයන්ට) පවසවු “නුඹලා මරණයෙන් හෝ ඝාතන(යට බි)යෙන් පලා යන්නේ නම් (එසේ) පලා යෑම නුඹලාට ඵලක් නොදෙන්නේමය. (එසේ පලා ගියේ නම්) එවිට (ජීවිතයෙහි ඉතිරිව ඇති) ස්වල්ප( කාල)යක් මිස නුඹලා වින්දනය නොලබන්නෝය.”
17

قُلْ مَن ذَا الَّذِي يَعْصِمُكُم مِّنَ اللَّهِ إِنْ أَرَادَ بِكُمْ سُوءًا أَوْ أَرَادَ بِكُمْ رَحْمَةً ۚ وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا

(නබිවරය,) නුඹ පවසවු “ඔහු(අල්ලාහ්) නුඹලාට අයහපතක් (කිරීමට) පැතුවේ නම් හෝ නුඹලාට කරුණාවක් (දැක්වීමට) පැතුවේ නම් නුඹලාව අල්ලාහ්ගෙන් වළක්වන්නා කවුරුන් ද? තවද අල්ලාහ් හැර ඔවුනට භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු ඔවුහු නොලබන්නෝය.”
18

قَدْ يَعْلَمُ اللَّهُ الْمُعَوِّقِينَ مِنكُمْ وَالْقَائِلِينَ لِإِخْوَانِهِمْ هَلُمَّ إِلَيْنَا ۖ وَلَا يَأْتُونَ الْبَأْسَ إِلَّا قَلِيلًا

නුඹලා අතුරින් (යුද්ධයට යෑමෙන්) වළක්වන්නන්ව ද තමන්ගේ සහෝදරයින්ට “(මුස්ලිම්වරුන් සමග නොගොස්) අප වෙත පැමිණෙවු” යැයි පවසන්නන්ව ද අල්ලාහ් මැනවින් දන්නේය. තවද (ආත්ම වංචනිකයින්ගෙන්) ස්වල්ප දෙනෙකු මිස යුද්ධයට නොපැමිණෙන්නෝය.
19

أَشِحَّةً عَلَيْكُمْ ۖ فَإِذَا جَاءَ الْخَوْفُ رَأَيْتَهُمْ يَنظُرُونَ إِلَيْكَ تَدُورُ أَعْيُنُهُمْ كَالَّذِي يُغْشَىٰ عَلَيْهِ مِنَ الْمَوْتِ ۖ فَإِذَا ذَهَبَ الْخَوْفُ سَلَقُوكُم بِأَلْسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى الْخَيْرِ ۚ أُولَـٰئِكَ لَمْ يُؤْمِنُوا فَأَحْبَطَ اللَّهُ أَعْمَالَهُمْ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا

(එසේ ඔවුන් යුද්ධයට පැමිණෙන්නේ) නුඹලා කෙරෙහි මසුරුකම් පා( නුඹලාගේ ගනීමත් නම් යුද්ධයෙන් ලැබූ වස්තූන් රැස් කර ග)න්නන් ලෙසය. 9 තවද (ඔවුන්ට සතුරන් කෙරෙහි) බිය පැමිණි කල්හි මරණය හේතුවෙන් සිහිමුර්ඡා වූවෙකු සේ ඔවුන්ගේ දෑස් කැරකෙමින් ඔවුන් නුඹ දෙස බලන්නන් ලෙස නුඹ ඔවුන්ව දකින්නෙහිය. පසුව (ඔවුන් වෙතින්) බිය පහ වූ කල්හි යහ දෑ(යුද්ධයෙන් ලැබූ වස්තූන්) කෙරෙහි මසුරුකමින් යුතුව තියුණු දිවවල් වලින් (පවසන ලද වදන් වලින්) නුඹලාව රිදවන්නෝය.ඔවුන් (සැබෑ ලෙස) විශ්වාස නොකළෝය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ (යහ) කි්රයාවන් නිෂ්ඵල කළේය. 10 තවද එය අල්ලාහ් කෙරෙහි පහසු (කටයුත්තක්) විය.
9මෙම ආයතය එක් කෝණයකින් බැලූ කල ආත්ම වංචනිකයින්ගේ බියගුලු බව පවසා ඇති අතර වෙනත් කෝණයකින් බැලූ කල වස්තූන් කෙරෙහි ඔවුන්ට ඇති කෑදර කම පැහැදිලි වනු ඇත. සතුරන්ගේ දැඩි ප්රහාරයට ලක් වේ යැයි ඔවුනට සැකයක් ඇති වූ විට මරණය සමීප වූවෙකු බියෙන් තැති ගන්නාක් මෙන් මොවුන් තැති ගන්නෝය. එනමුත් සතුරන්ගෙන් ජය ලැබී ‘ගනීමත් වස්තූන්’ ලැබුණු විට ඔවුන් මුස්ලිම්වරුන්ට දොස් පවරමින් සටන ජය ලැබුවේ තමන්ගේ උදව්වෙන් යැයි පවසා තමන්ට ද ‘ගනීමත් වස්තුවෙන්’ කොටසක් ඇතැ’යි මොවුහු පවසන්නට වූහ.
10එනම් සියලු යහ ක්රියාවන්ට විනිශ්චය දිනයේ පරිපූර්ණ ප්රතිඵල දෙනු ලබන්නේ විශ්වාසය සහ පිරිසුදු චේතනාව සමග ඒවා ඉටු වුවහොත් පමණි. එහෙත් ආත්ම වංචනිකයින් ඇතැම් යහ කි්රයා කළ ද එහි කිසිම විශ්වාසයක් හෝ පිරිසුදු චේතනාවක් නැති හෙයින් විනිශ්චය දිනයේ ඔවුන්ගේ යහ ක්රියාවන් ඔවුනට කිසිදු ඵලක් ඇති නොකරයි. තවද ඒවා නිෂ්ඵල වනු ඇත.
20

يَحْسَبُونَ الْأَحْزَابَ لَمْ يَذْهَبُوا ۖ وَإِن يَأْتِ الْأَحْزَابُ يَوَدُّوا لَوْ أَنَّهُم بَادُونَ فِي الْأَعْرَابِ يَسْأَلُونَ عَنْ أَنبَائِكُمْ ۖ وَلَوْ كَانُوا فِيكُم مَّا قَاتَلُوا إِلَّا قَلِيلًا

(සතුරු) සේනාංකයන් (යුද්ධය අවසන් වී නැවත හැරී ගිය පසු ද තවමත් හැරී) නොගියේ යැයි ඔවුන්(ආත්ම වංචනිකයින්) සිතන්නෝය. (සතුරු) සේනාංකයන් (යළි යුද බිමට) පැමිණෙන්නේ නම් ඔවුන්(ආත්ම වංචනිකයින් යුද්ධයට නොගොස්) ගම්බද අරාබිවරුන් අතර නැවතී සිට (අන් අයගෙන් යුද බිමේ සිදුවන) නුඹලාගේ පුවත් පිළිබඳව විමසීමට ආශා කරන්නෝය. තවද ඔවුන් නුඹලා අතර සිටිය ද සුළු වශයෙන් මිස යුද නොකරන්නෝය.
21

لَّقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا

සැබැවින්ම අල්ලාහ්ගේ රසූල්වරයා තුළ නුඹලාට අලංකාරවත් ආදර්ශයක් ඇත. එනම් (එය ඇත්තේ) අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද අපේක්ෂා කොට අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කරන්නන්ටය. 11
11අහ්zසාබ් සටනේ ආත්ම වංචනිකයින් සටනින් පලා යාමට අදහස් කළ අවස්ථාවෙහි නබි මුහම්මද් තුමාණන් සටනෙහි බිය නොවී ස්ථාවරව සිටියහ. තවද එතුමාණන් සතුරන්ට එරෙහිව සටනෙහි කටයුතු කළ අන්දම ආත්ම වංචනිකයින්ට ආදර්ශයක් විය. කෙසේ වෙතත් මෙම ආයතයේ ගැඹුරු අර්ථය නම් සෑම කාලයක දීම සෑම ස්ථානයක දීම මුස්ලිම්වරුන්ට නබි මුහම්මද් තුමාණන් තුළින් ආදර්ශයක් ඇති අතර එය පිළිපැදිය යුතු යන්නයි.
22

وَلَمَّا رَأَى الْمُؤْمِنُونَ الْأَحْزَابَ قَالُوا هَـٰذَا مَا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ وَصَدَقَ اللَّهُ وَرَسُولُهُ ۚ وَمَا زَادَهُمْ إِلَّا إِيمَانًا وَتَسْلِيمًا

විශ්වාසවන්තයින් (සතුරු) සේනාංකයන් දුටු කල්හි “අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා අපහට ප්රතිඥා දුන් දෑ මෙයයි. තවද අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද සත්යය පැවසුවේ යැ”යි ඔවුහු පැවසුවෝය. තවද විශ්වාසය හා අවනතභාවය මිස එය ඔවුනට (අන් කිසි දැයක්) අධික නොකළේය.
23

مِّنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُم مَّن قَضَىٰ نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ ۖ وَمَا بَدَّلُوا تَبْدِيلًا

තමන් කුමක් කෙරෙහි අල්ලාහ්ට ගිවිසුම් කළේද එය සත්යය කළ පිරිමින් (සමහරක්) විශ්වාසවන්තයින් අතුරින් වෙති. එබැවින් ඔවුන් අතුරින් තමන්ගේ ගිවිසුම(අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීම) ඉටු කළවුන් ද වෙති. තවද ඔවුන් අතුරින් (එම දිවි පිදීම) බලාපොරොත්තුවන්නන් ද වෙති. තවද ඔවුන් (තමන්ගේ ගිවිසුමෙහි කිසිදු) වෙනස් කිරීමක් වෙනස් නොකළෝමය. 12
12සහාබිවරුන් සියල්ලන්ම අල්ලාහ්ගේ සත්යය දහම ආරක්ෂා කිරීමට තම ආත්මය පවා පුද කිරීමට සුදානමින් සිටියෝය. ඔවුන්ගෙන් ඇතැමුන්ට පිළිගත හැකි කාරණාවන් නිසා බද්ර් සටනට සහභාගි වීමට නොහැකි විය. එහෙත් තවත් සටනක් සිදු වූයේ නම් එහිදී හෝ අල්ලාහ් වෙනුවෙන් ප්රයත්නය කළ යුතු යැයි ඔවුහු ඉතා උනන්දුවෙන් බලාපොරොත්තු වෙමින් සිටියෝය.
24

لِّيَجْزِيَ اللَّهُ الصَّادِقِينَ بِصِدْقِهِمْ وَيُعَذِّبَ الْمُنَافِقِينَ إِن شَاءَ أَوْ يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا

(මේ සියල්ල සිදු වූයේ) සත්යවන්තයින්ට තමන්ගේ සත්යය වෙනුවෙන් අල්ලාහ් ප්රතිඵල පිරිනැමීම පිණිස හා ආත්ම වංචනිකයින්ට ඔහු අභිමත කළේ නම් දඬුවම් දීම පිණිස හෝ ඔවුන් කෙරෙහි පශ්චාත්තාපය පිළිගැනීම පිණිස හෝ වේ. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලී පරම කරුණාභරිත විය.
25

وَرَدَّ اللَّهُ الَّذِينَ كَفَرُوا بِغَيْظِهِمْ لَمْ يَنَالُوا خَيْرًا ۚ وَكَفَى اللَّهُ الْمُؤْمِنِينَ الْقِتَالَ ۚ وَكَانَ اللَّهُ قَوِيًّا عَزِيزًا

ප්රතික්ෂේප කළවුන්ව ඔවුන්ගේ කෝපය සමගම යහපතක් ඔවුහු නොලැබූවන්ව (යුද පිටියෙන්) අල්ලාහ් ආපසු හරවා යැව්වේය. තවද යුද්ධයෙහි විශ්වාසිකයින්ට (ජය ලබා දීමට) අල්ලාහ් ප්රමාණවත් විය. තවද අල්ලාහ් සර්ව ශක්තිසම්පන්න අති බලසම්පන්න විය.
26

وَأَنزَلَ الَّذِينَ ظَاهَرُوهُم مِّنْ أَهْلِ الْكِتَابِ مِن صَيَاصِيهِمْ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ فَرِيقًا تَقْتُلُونَ وَتَأْسِرُونَ فَرِيقًا

ධර්ම පුස්තකය ලත් (යුදෙව්) අය අතුරින් ඔවුන්ට(ප්රතික්ෂේපකයින්ට) පිටුබල දුන් අයව ඔවුන්ගේ බලකොටු වලින් ඔහු(අල්ලාහ්) බැහැර කළේය. තවද ඔවුන්ගේ හදවත් තුළ ඔහු (නුඹලා පිළිබඳව) භීතිය ඇති කළේය. (එබැවින්) නුඹලා (ඔවුන්ගෙන්) පිරිසක් ඝාතනය කළෝය. තවත් පිරිසක් සිරගත කළෝය.
27

وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَارَهُمْ وَأَمْوَالَهُمْ وَأَرْضًا لَّمْ تَطَئُوهَا ۚ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرًا

තවද ඔවුන්ගේ භූමිය ද ඔවුන්ගේ නිවෙස් ද ඔවුන්ගේ වස්තූන් ද නුඹලා පය නොතැබූ භූමියක් ද ඔහු(අල්ලාහ්) නුඹලාට උරුම කර දුන්නේය. 13 තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්න විය.
1313 ) මෙම ආයතය හා මීට පෙර ආයතයෙන් අදහස් කරන්නේ මුස්ලිම්වරුන් සමග සාම ගිවිසුම් කර එය කඩ කළ ‘බනූ කුරෙයිලා’ නම් යුදෙව් ගෝත්රයක් පිළිබඳවය. ‘හන්දක්’ නැමැති සටනින් පසුව තමන්ට වංචා කළ මෙම යුදෙව්වන් සමග සටනක් ඇති විය. තවද “නුඹලා පය නොතැබූ භූමියක් ද ඔහු(අල්ලාහ්) නුඹලාට උරුම කර දුන්නේය” යනුවෙන් අදහස් කරන්නේ මුස්ලිම්වරුන්ට අනාගතයෙහි තවත් ජයග්රහණ අත් වේ යන අදහසයි.
28

يَا أَيُّهَا النَّبِيُّ قُل لِّأَزْوَاجِكَ إِن كُنتُنَّ تُرِدْنَ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا فَتَعَالَيْنَ أُمَتِّعْكُنَّ وَأُسَرِّحْكُنَّ سَرَاحًا جَمِيلًا

නබිවරය, නුඹගේ භාර්යාවන්ට (මෙසේ) පවසවු “නුඹලා මෙලොව ජීවිතය ද එහි අලංකාරය ද අපේක්ෂා කරන්නන්ව සිටින්නේ නම් එවිට නුඹලා පැමිණෙවු. මම නුඹලාගේ යැපීම් දීමනා ලබා දෙන්නෙමි. තවද මම නුඹලාව අලංකාර මුදවා හැරීමකින් (දික්කසාද කර) මුදවා හරින්නෙමි.” 14
14‘හයිබර්’ නැමැති යුද්ධයෙන් ජයග්රහණය අත් වීමෙන් පසුව මුස්ලිම්වරුන්ගේ ආර්ථිකය දියුණු විය. එබැවින් තමන්ගේ ජීවන දීමනාව අධික කරන මෙන් නබි මුහම්මද් තුමාණන්ගේ බිරින්දෑවරුන් එතුමාගෙන් ඉල්ලා සිටියෝය. මොවුන්ගේ මෙම ඉල්ලීමෙහි කිසි වරදක් නොතිබුණ ද නබි මුහම්මද් තුමාණන්ගේ බිරින්දෑවරුන් යන මෙම උසස් පදවිය ලද මොවුන් සාමාන්යය ස්ත්රීන් මෙන් ලෝ වස්තූන් පි්රය කිරීම ඔවුන්ට එතරම් නුසුදුසුය. එබැවින් මොවුන් ලෞකික වස්තූන් පි්රය කරන්නේ නම් නබි මුහම්මද් තුමාණන්ගේ බිරිය යන උසස් පදවිය අත හැර ඔවුන් ප්රිය කළ දෑ ඔවුන්ට ලබා ගත හැකි යැයි ද එසේ ඔවුන්ට එම උසස් පදවිය තබා ගත යුතු නම් තමන්ට ඇති දැයින් ඔවුන් ප්රමාණවත් කර ගත යුතු යැයි ද මෙම ආයතයෙන් අවධාරණය කරයි. මෙම ආයතය ඔවුන් දැන ගත් පසු ඔවුන් ලෞකික වස්තූන්ට වඩා නබි මුහම්මද් තුමාණන් සමග සිටීම තෝරා ගත් බව හදීසයන්හි සනාථ වී ඇත.
29

وَإِن كُنتُنَّ تُرِدْنَ اللَّهَ وَرَسُولَهُ وَالدَّارَ الْآخِرَةَ فَإِنَّ اللَّهَ أَعَدَّ لِلْمُحْسِنَاتِ مِنكُنَّ أَجْرًا عَظِيمًا

(නමුත්) “නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරයාව ද අවසන් වාසස්ථානය(ස්වර්ගය) ද අපේක්ෂා කරන්නන්ව සිටින්නේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් නුඹලා අතුරින් යහපත් ඇත්තියන්ට මහත් වූ වේතනයක් සූදානම් කර ඇත්තේය.
30

يَا نِسَاءَ النَّبِيِّ مَن يَأْتِ مِنكُنَّ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ يُضَاعَفْ لَهَا الْعَذَابُ ضِعْفَيْنِ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا

නබිවරයාගේ භාර්යාවනි, නුඹලා අතුරින් කවරෙකු ප්රකට (පාපකාරී) අශික්ෂිත දැයක යෙදෙන්නේද ඇයට දඬුවම දෙගුණයකින් ගුණ කරනු ලබන්නේය. තවද එය අල්ලාහ් කෙරෙහි පහසු (කටයුත්තක්) විය.