පාරා 21

උත්ලු මා උහිය

171 පද්‍ය
📖පාරා

පාරා 21

උත්ලු මා උහිය171 පද්‍ය

النملමක්කී
56

فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَن قَالُوا أَخْرِجُوا آلَ لُوطٍ مِّن قَرْيَتِكُمْ ۖ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ

“නුඹලාගේ මෙම නගරයෙන් ලූත්ගේ පිරිස පිටුවහල් කරවු. සැබැවින්ම ඔවුන් පිවිතුරු ජන කොටසකි.” යැයි පවසා සිටීම මිස ඔහුගේ (ප්රතික්ෂේපක) ජනයාගේ පිළිතුර නොවීය.
57

فَأَنجَيْنَاهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ قَدَّرْنَاهَا مِنَ الْغَابِرِينَ

අපි ඔහුගේ බිරිය හැර ඔහුව ද ඔහුගේ පවුලේ සියල්ල ද (ඔහුගේ සමූහයාට අත් වූ විපතින්) මුදවා ගත්තෙමු. විනාශවන්නන් අතරට අපි ඇයව නිර්ණය කළෙමු.
58

وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا ۖ فَسَاءَ مَطَرُ الْمُنذَرِينَ

ඔවුන් මත (ගල්) වර්ෂාවක් වැස්සුවෙමු. (දඬුවම පිළිබඳව) අවවාදයට ලක්වූවන්ගේ වර්ෂාව නපුරු විය. 18
18අල් කුර්ආන් 7:81 හි පාද සටහන සමග බලන්න.
59

قُلِ الْحَمْدُ لِلَّهِ وَسَلَامٌ عَلَىٰ عِبَادِهِ الَّذِينَ اصْطَفَىٰ ۗ آللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ

(නබිවරය) “සියලු පැසසුම් අල්ලාහ් සතුය. (ඉස්ලාමය හා නබිත්වය සඳහා) ඔහු තොරා ගත් ඔහුගේ ගැත්තන් මත සලාම්(ශාන්තිය) හිමි වේවා! ශ්රේෂ්ඨ වන්නේ අල්ලාහ් ද එසේ නැතහොත් ඔවුන් (අල්ලාහ්ට) ආදේශ තබන දෑ දැ”යි විමසවු.
60

أَمَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَأَنزَلَ لَكُم مِّنَ السَّمَاءِ مَاءً فَأَنبَتْنَا بِهِ حَدَائِقَ ذَاتَ بَهْجَةٍ مَّا كَانَ لَكُمْ أَن تُنبِتُوا شَجَرَهَا ۗ أَإِلَـٰهٌ مَّعَ اللَّهِ ۚ بَلْ هُمْ قَوْمٌ يَعْدِلُونَ

එසේ නොමැතිනම් (ශ්රේෂ්ඨ වන්නේ ඔවුන් ආදේශ තබන දෑ ද? නැතහොත්) අහස් හා මිහිතලය මවා නුඹලා හට අහසින් ජලය පහළ කළකෙනා ද? පසුව අපි එමගින් සිත්කලු බවින් හෙබි උයන් හට ගැන්වුයෙමු. එහි ගසක් පවා හට ගැන්වීමට නුඹලාට නොහැකිය. අල්ලාහ් සමග තවත් දෙවියෙකු වී ද? නැත. ඔවුන් (අල්ලාහ්ට වෙනත් අය) සමානයන් තබන පිරිසකි.
61

أَمَّن جَعَلَ الْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَالَهَا أَنْهَارًا وَجَعَلَ لَهَا رَوَاسِيَ وَجَعَلَ بَيْنَ الْبَحْرَيْنِ حَاجِزًا ۗ أَإِلَـٰهٌ مَّعَ اللَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

එසේ නොමැතිනම් (ශ්රේෂ්ඨ වන්නේ ඔවුන් ආදේශ තබන දෑ ද? නැතහොත්) මිහිතලය වාසස්ථානයක් බවට පත් කර ඒවා අතර ගංගාවන් ඇති කර එයට ස්ථීරසාර දෑ(කඳු) ඇති කර මුහුදු දෙක අතර බාධකයක් ඇති කළකෙනා ද? අල්ලාහ් සමග තවත් දෙවියෙකු වී ද? නැත. ඔවුන්ගෙන් බහුතරය (ඒ ගැන) නොදනිති.
62

أَمَّن يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ ۗ أَإِلَـٰهٌ مَّعَ اللَّهِ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ

එසේ නොමැතිනම් (ශ්රේෂ්ඨ වන්නේ ඔවුන් ආදේශ තබන දෑ ද? නැතහොත් අසරණ) පීඩිතයා ඔහුව කැඳ වන විට ඔහුට පිළිතුරු දී නපුර ඉවත් කර නුඹලාව මිහිතලයේ නියෝජිතයන් බවට පත් කරන්නා ද? අල්ලාහ් සමග තවත් දෙවියෙකු වී ද? (නැත.) ස්වල්පයක්මය නුඹලා උපදෙස් ලබනුයේ.
63

أَمَّن يَهْدِيكُمْ فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ وَمَن يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۗ أَإِلَـٰهٌ مَّعَ اللَّهِ ۚ تَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ

එසේ නොමැතිනම් (ශ්රේෂ්ඨ වන්නේ ඔවුන් ආදේශ තබන දෑ ද? නැතහොත්) ගොඩබිමෙහි හා මුහුදෙහි අන්ධකාරයන්හි නුඹලාට මග පෙන්වන්නා ද? තවද තම දයාවට(වර්ෂාවට) පෙරාතුව ශුභාරංචියක් වශයෙන් සුළං (හඹා) යවන්නා ද? අල්ලාහ් සමග තවත් දෙවියෙකු වී ද? (නැත.) ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් අති උත්තරීතරය.
64

أَمَّن يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَمَن يَرْزُقُكُم مِّنَ السَّمَاءِ وَالْأَرْضِ ۗ أَإِلَـٰهٌ مَّعَ اللَّهِ ۚ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ

එසේ නොමැතිනම් (ශ්රේෂ්ඨ වන්නේ ඔවුන් ආදේශ තබන දෑ ද? නැතහොත්) මැවුම (කිසිදු නිදසුනකින් තොරව) උත්පාදනය කර පසුව (මරණින් මතු නැවත නැගිටුවනු ලබන විනිශ්චය දිනයේ) එය(එම මැවීම) පුනරුත්පාදනය කරන්නා ද? තවද අහසින් හා මිහිතලයෙන් නුඹලාට ජීවන සම්පත් ලබා දෙන්නා ද? අල්ලාහ් සමග තවත් දෙවියෙකු වී ද? (නැත.) “නුඹලා (නුඹලාගේ මතයෙහි) සත්යවාදීන්ව සිටියෙහු නම් නුඹලාගේ සාධක ගෙන එවු.” යැයි (නබිවරය, ඔවුනට) පවසවු.
65

قُل لَّا يَعْلَمُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ ۚ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ

“අල්ලාහ් හැර අහස්හි හා මිහිතලයෙහි සිටින කිසිවෙකු ගුප්ත දෑ පිළිබඳව නොදන්නේය.” යැයි (නබිවරය) පවසවු. තමන් කවදා (මරණින් මතු) නැවත නැගිටුවනු ලබන්නේ දැයි ඔවුන් වටහා නොගන්නෝය.
66

بَلِ ادَّارَكَ عِلْمُهُمْ فِي الْآخِرَةِ ۚ بَلْ هُمْ فِي شَكٍّ مِّنْهَا ۖ بَلْ هُم مِّنْهَا عَمُونَ

එහෙත් මතු ලොව පිළිබඳව ඔවුන්ගේ දැනුම අසමත් වී ඇත. නමුත් ඔවුහු ඒ පිළිබඳව සැකයෙහි පසු වෙති. නැත. ඔවුහු ඒ පිළිබඳව අන්ධයෝ වෙති.
67

وَقَالَ الَّذِينَ كَفَرُوا أَإِذَا كُنَّا تُرَابًا وَآبَاؤُنَا أَئِنَّا لَمُخْرَجُونَ

“තවද අප ද අපගේ මුතුන් මිත්තන් ද (මරණයට පත් වී) දූවිලි බවට පත් වූවායින් පසුවද අප (නැවත නැගිට වනු ලැබ) පිට කරනු ලබන්නන් වන්නෙමු දැ?”යි ප්රතික්ෂේප කළවුන් විමසති.
68

لَقَدْ وُعِدْنَا هَـٰذَا نَحْنُ وَآبَاؤُنَا مِن قَبْلُ إِنْ هَـٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ

“අපට ද අපට පෙර අපගේ මුතුන් මිත්තන්ට ද මේ පිළිබඳව ප්රතිඥා දෙනු ලැබීය. මේවා පැරැන්නන්ගේ (මිථ්යා) ප්රබන්ධ මිස නැත.” (යැයි ද ඔවුන් පවසති.)
69

قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ

(නබිවරය,) පවසවු “නුඹලා මිහිතලයේ ගමන් කරවු. තවද වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි (නිරීක්ෂා කර) බලවු.”
70

وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُن فِي ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ

(නබිවරය,) තවද නුඹ ඔවුන් පිළිබඳව දුක් නොවවු. ඔවුන් කරන කුමන්ත්රණ හේතුවෙන් (මානසික) පීඩනයට පත් නොවවු.
71

وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ

තවද “නුඹලා සත්යවාදීන්ව සිටියෙහු නම් මෙම පොරොන්දුව කවදා (පැමිණේ) දැ”යි ඔවුහු විමසති.
72

قُلْ عَسَىٰ أَن يَكُونَ رَدِفَ لَكُم بَعْضُ الَّذِي تَسْتَعْجِلُونَ

(නබිවරය,) “නුඹලා ඉක්මන් කරන මෙන් පතන දෑහි සමහරක් නුඹලාට සමීපයෙන් සිදුවන්නට පුළුවනැ”යි (ඔවුනට) පවසවු.
73

وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ

තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති මිනිසුන් කෙරෙහි වරප්රසාද දායීය. එනමුත් ඔවුන්ගෙන් වැඩි දෙනා කෘතඥ නොවෙති.
74

وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ

තවද ඔවුන්ගේ හදවත් වසං කරන දෑ ද ඔවුන් හෙළිදරව් කරන දෑ ද සැබැවින්ම නුඹගේ පරමාධිපති දන්නේය.
75

وَمَا مِنْ غَائِبَةٍ فِي السَّمَاءِ وَالْأَرْضِ إِلَّا فِي كِتَابٍ مُّبِينٍ

අහස්හි හා මිහිතලයේ කුමන හෝ ගුප්ත දැයක් වුව ද එය (ලව්හුල් මහ්ෆූල් නම්) පැහැදිලි සටහනෙහි මිස නැත.
76

إِنَّ هَـٰذَا الْقُرْآنَ يَقُصُّ عَلَىٰ بَنِي إِسْرَائِيلَ أَكْثَرَ الَّذِي هُمْ فِيهِ يَخْتَلِفُونَ

සැබැවින්ම මෙම අල් කුර්ආනය ඉස්රාඊල්ගේ දරුවන්ට ඔවුන් කවර දෑ පිළිබඳව මතභේද ඇති කරගන්නේ ද එවැනි බොහෝ දෑ පිළිබඳව විස්තර කරන්නේය.
77

وَإِنَّهُ لَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ

තවද සැබැවින්ම එය විශ්වාසිකයින්ට යහ මගක් ද දයාවක් ද වේ.
78

إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُم بِحُكْمِهِ ۚ وَهُوَ الْعَزِيزُ الْعَلِيمُ

සැබැවින්ම නුඹගේ පරමාධිපති ඔවුන් අතර තම යුක්තිය මගින් තීන්දු කරන්නේය. තවද ඔහු අති බලසම්පන්නය සර්වඥය.
79

فَتَوَكَّلْ عَلَى اللَّهِ ۖ إِنَّكَ عَلَى الْحَقِّ الْمُبِينِ

(නබිවරය,) එබැවින් නුඹ අල්ලාහ් කෙරෙහි සියල්ල භාර කරවු. සැබැවින්ම නුඹ පැහැදිලි සත්ය( දහම)යෙහිය.
80

إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَىٰ وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ

සැබැවින්ම නුඹට මළවුන්ව සවන් දෙන්නන් බවට පත් කළ නොහැක. තවද බිහිරි අය පිටුපා හැරී යන විට නුඹට ඔවුන්ව (නුඹගේ) කැඳවුමට සවන් දෙන්නන් බවට පත් කළ නොහැක.
81

وَمَا أَنتَ بِهَادِي الْعُمْيِ عَن ضَلَالَتِهِمْ ۖ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِآيَاتِنَا فَهُم مُّسْلِمُونَ

තවද (සත්යය වෙතින්) අන්ධයින්( වන්නන්)ට ඔවුන්ගේ නොමග යෑමෙන් (මුදවා) නුඹට ඍජූ මග පෙන්විය නොහැක. අපගේ වදන් විශ්වාස කරන්නන්ව හැර (නුඹගේ කැඳවුමට) සවන් දෙන්නන් බවට නුඹට පත් කළ නොහැක. එබැවින් ඔවුන් (අල්ලාහ්ට අවනත වූ) මුස්ලිම්වරුන්ය.
82

وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِّنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ

ඔවුනට එරෙහිව වදන 19 ක්රියාත්මක වූ විට “සැබැවින්ම ජනයා අපගේ වදන්(අල් කුර්ආනය) තරයේ විශ්වාස නොකරන්නන්ව සිටියෝය.” යැයි ඔවුන් සමග කතා කරන ප්රාණියෙකු අපි ඔවුනට මිහිතලයෙන් බිහි කරන්නෙමු.
19මෙම ආයතයෙහි ‘වදන’ යනුවෙන් අදහස් කරන්නේ ලොව අවසන් දිනය ඇති වීමට අල්ලාහ් විසින් පවසන තීන්දු වදනයි. එම දිනය ඇති වූ විට එයට සාධකයක් වශයෙන් එක්තරා සතෙකු බිහි වී මිනිසුන් සමග කතා කර අවසාන හෝරාව මෙය යැයි ඔවුනට දන්වයි.
83

وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ أُمَّةٍ فَوْجًا مِّمَّن يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُونَ

සෑම සමූහයකින්ම අපගේ වදන් අසත්යය කළවුන්ගෙන් (ප්රධානීන්) පිරිසක් අපි එක් රැස් කරන (විනිශ්චය) දින (සිහිපත් කරවු. එදින) ඔවුහු පෙළ ගස්වා රඳවා ගනු ලබන්නෝය.
84

حَتَّىٰ إِذَا جَاءُوا قَالَ أَكَذَّبْتُم بِآيَاتِي وَلَمْ تُحِيطُوا بِهَا عِلْمًا أَمَّاذَا كُنتُمْ تَعْمَلُونَ

කෙතරම්(දුරට)ද යත් ඔවුන් (විනිශ්චය සඳහා) පැමිණි විට නුඹලා මාගේ වදන් පිළිබඳව දැනුමක් නොතිබිය දී ඒවා අසත්යය කළෙහු ද? එසේ නොමැති නම් නුඹලා කරමින් සිටිනුයේ කුමක් දැ?යි (ඔවුන්ගෙන්) ඔහු(අල්ලාහ්) විමසන්නේය.
85

وَوَقَعَ الْقَوْلُ عَلَيْهِم بِمَا ظَلَمُوا فَهُمْ لَا يَنطِقُونَ

තවද ඔවුන් අපරාධ කළ හේතුවෙන් ඔවුනට එරෙහිව (දඬුවමේ) වදන ක්රියාත්මක වන්නේය. එවිට ඔවුහු (ඉන් නිදොස් වීමට සාධක නොමැති හෙයින් කිසිවක්) කතා නොකරති.
86

أَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا اللَّيْلَ لِيَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

ඔවුන් විවේකය ලබනු පිණිස රාත්රිය ද (සියල්ල) දර්ශනය කර ගනු පිණිස දහවල ද සැබැවින්ම අපි ඇති කළ බව ඔවුහු නොදුටුවෝ ද? සැබැවින්ම විශ්වාස කරන පිරිසට මෙහි සංඥාවන් ඇත්තේය.
87

وَيَوْمَ يُنفَخُ فِي الصُّورِ فَفَزِعَ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ إِلَّا مَن شَاءَ اللَّهُ ۚ وَكُلٌّ أَتَوْهُ دَاخِرِينَ

තවද (පරමාන්ත දිනය සඳහා) සූර් පිඹිනු ලබන දින (සිහිපත් කරවු.) එවිට අල්ලාහ් අභිමත කළ අය හැර 20 අහස්හි සිටින අය ද මිහිතලයේ සිටින අය ද (මාරාන්තික) භීතියට පත් වන්නෝය. තවද (විනිශ්චය දින ඔවුන්) සියල්ලෝම යටහත් පහත් ලෙස ඔහු වෙත පැමිණෙති.
20ඇතැම් මලක්වරුන් හැර අනෙක් සියලු මැවීම් මෙම භීති සහගත අවස්ථාවේ දී මරණයට පත් වනු ඇත. එනමුත් මෙම මලක්වරුන් ද මද කලකින් පසු මරණයට පත් වනු ඇත. පසුව විනිශ්චය දිනයේ නැවතත් සියලු මැවීම් විනිශ්චය සඳහා නැගිටුවනු ලබති.
88

وَتَرَى الْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَهِيَ تَمُرُّ مَرَّ السَّحَابِ ۚ صُنْعَ اللَّهِ الَّذِي أَتْقَنَ كُلَّ شَيْءٍ ۚ إِنَّهُ خَبِيرٌ بِمَا تَفْعَلُونَ

නුඹ ඝන ද්රව්යයක් ලෙස සිතමින් කඳු දකින්නෙහිය. (නමුත්) එය වලාකුළු ගමන් කරන්නාක් මෙන් ගමන් කරනු ඇත. (මෙය) සෑම දෙයක්ම ස්ථාවර ලෙස කළ අල්ලාහ්ගේ ක්රියාවය. සැබැවින්ම නුඹලා කරන දෑ පිළිබඳව ඔහු අභිඥානවන්තය.
89

مَن جَاءَ بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِّنْهَا وَهُم مِّن فَزَعٍ يَوْمَئِذٍ آمِنُونَ

කවරෙකු යහපතක් ගෙන ආවේ ද එවිට (එහි වේතනය සඳහා) ඊට වඩා ශ්රේෂ්ඨ දෑ ඔහුට ඇත. තවද එදින ඔවුහු තිගැස්සීමෙන් අභයදායීන් වෙති.
90

وَمَن جَاءَ بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ

කවරෙකු නරකය(අයහපත) ගෙන ආවේ ද ඔවුන්ගේ මුහුණු මුණිනත හරවා නිරයෙහි දමනු ලබන්නේය. නුඹලා කරමින් සිටි දෑට මිස (වෙනත් කිසිවක්) ප්රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෙහු ද? (යන්නෙන් අවමානයට පත් කිරීමට මෙන් ඔවුන්ගෙන් විමසනු ලැබේ.)
91

إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هَـٰذِهِ الْبَلْدَةِ الَّذِي حَرَّمَهَا وَلَهُ كُلُّ شَيْءٍ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ

සැබැවින්ම මා අණ කරනු ලැබුවේ මෙම (මක්කා) නගරය පාරිශුද්ධ කළ මෙහි පරමාධිපතිට මා නැමදුම් කිරීම සඳහාමය. තවද සියලු දෑ ඔහුටමය. තවද (අවනත වූ) මුස්ලිම්වරුන්ගෙන් කෙනෙකු වීමට ද මා අල් කුර්ආනය (ඔවුනට) පාරායනා කර පෙන්වීමට ද මා අණ කරනු ලැබුවෙමි. (යැයි නබිවරය පවසවු.) එබැවින් කවරෙකු යහමග ලැබුවේ ද ඔහු යහමග ලබනුයේ තමන් වෙනුවෙන්මය. තවද කවරෙකු නොමග ගියේ ද එවිට “මම (ඔවුනට) අවවාද කරන්නන්ගෙන් කෙනෙකු වන්නේමය” යන්නෙන් ද පවසවු.
92

وَأَنْ أَتْلُوَ الْقُرْآنَ ۖ فَمَنِ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ ۖ وَمَن ضَلَّ فَقُلْ إِنَّمَا أَنَا مِنَ الْمُنذِرِينَ

සැබැවින්ම මා අණ කරනු ලැබුවේ මෙම (මක්කා) නගරය පාරිශුද්ධ කළ මෙහි පරමාධිපතිට මා නැමදුම් කිරීම සඳහාමය. තවද සියලු දෑ ඔහුටමය. තවද (අවනත වූ) මුස්ලිම්වරුන්ගෙන් කෙනෙකු වීමට ද මා අල් කුර්ආනය (ඔවුනට) පාරායනා කර පෙන්වීමට ද මා අණ කරනු ලැබුවෙමි. (යැයි නබිවරය පවසවු.) එබැවින් කවරෙකු යහමග ලැබුවේ ද ඔහු යහමග ලබනුයේ තමන් වෙනුවෙන්මය. තවද කවරෙකු නොමග ගියේ ද එවිට “මම (ඔවුනට) අවවාද කරන්නන්ගෙන් කෙනෙකු වන්නේමය” යන්නෙන් ද පවසවු.
93

وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

(නබිවරය) “සියලු පැසසුම් අල්ලාහ් සතුය. ඔහු ඔහුගේ සාධක නුඹලාට මතු පෙන්වන්නේය. එවිට නුඹලා එය දැන ගනු ඇත.” යැයි ද පවසවු. තවද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව නුඹගේ පරමාධිපති අනවධානියෙකු නොවන්නේය.
القصصමක්කී
1

طسم

තා,සීන්,මීම්. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ

මෙය පැහැදිලි ධර්ම පුස්තකයේ වදන්ය.
3

نَتْلُو عَلَيْكَ مِن نَّبَإِ مُوسَىٰ وَفِرْعَوْنَ بِالْحَقِّ لِقَوْمٍ يُؤْمِنُونَ

(නබිවරය,) විශ්වාස කරන පිරිසක් වෙනුවෙන් මූසා හා ෆිර්අවුන්ගේ පුවතෙන් (කොටසක්) සත්යයෙන් යුතුව නුඹ වෙත පාරායනය කර (පෙන්ව)න්නෙමු.
4

إِنَّ فِرْعَوْنَ عَلَا فِي الْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًا يَسْتَضْعِفُ طَائِفَةً مِّنْهُمْ يُذَبِّحُ أَبْنَاءَهُمْ وَيَسْتَحْيِي نِسَاءَهُمْ ۚ إِنَّهُ كَانَ مِنَ الْمُفْسِدِينَ

සැබැවින්ම ෆිර්අවුන් මිහිතලයෙහි ගර්වයට පත් විය. තවද ඔහු එහි වැසියන්ව විවිධ කණ්ඩායම් බවට පත් කර තිබුණේය. එනම් ඔවුන් අතුරින් එක් පිරිසක් ඔහු දුර්වලත්වයට පත් (කර හිංසා) කර තිබුණේය. ඔවුන්ගේ පුතුන් මරා දමමින් ඔවුන්ගේ ස්ත්රීන් (පමණක්) ජීවත් වන්නට ඉඩ හරිමින් සිටියේය. සැබැවින්ම ඔහු කලහකාරීන්ගෙන් කෙනෙකු විය.
5

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ

තවද මිහිතලයෙහි දුර්වල වූවන් කෙරෙහි අපි උපකාර කර ඔවුන්ව නායකයින් බවට පත් කර ඔවුන්ව (පාලන බලයට) උරුමක්කාරයින් බවට පත් කරන්නට අපි අදහස් කළෙමු.
6

وَنُمَكِّنَ لَهُمْ فِي الْأَرْضِ وَنُرِيَ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا مِنْهُم مَّا كَانُوا يَحْذَرُونَ

තවද අපි ඔවුනට මිහිතලයෙහි (කොටසක) බලය පිහිටුවීමට සලස්වා ෆිර්අවුන්ට ද හාමාන්ට ද ඔවුන් දෙදෙනාගේ සේනාවන්ට ද ඔවුන්(මූසා හා ඔහුගේ පිරිස) අතුරින් කුමන දැයක් කෙරෙහි ඔවුන් බිය වෙමින් සිටියේ ද එය(තම රාජ්යය අහිමි වීම පිළිබඳව) ගෙනහැර පෑමට ද (අපි අදහස් කළෙමු). 2
2‘හාමාන්’ නැමැත්තා ෆිර්අවුන්ගේ ප්රධාන මන්ත්රීවරයකි. කුරිරු ෆිර්අවුන්ගේ රාජධානිය ඉස්රාඊලීය පිරිමි දරුවෙකුගේ අතින් විනාශ වනු ඇත යැයි මොහුට ශාස්ත්රකරුවන් පැවසුවෝය. මෙයට බිය වූ ෆිරඅවුන් ඉස්රාඊල්වරුනට ඉපදෙන සෑම පිරිමි දරුවෙකුවම ඝාතනය කිරීමට අණ කළේය. නමුත් ෆිර්අවුන්ට ඉතා බලවත් රාජධානියක් තිබී ඒ සියල්ල භාවිත කළ ද ඔහුට එය වළක්වා තම බලය ආරක්ෂා කිරීමට නොහැකි විය.
7

وَأَوْحَيْنَا إِلَىٰ أُمِّ مُوسَىٰ أَنْ أَرْضِعِيهِ ۖ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِي الْيَمِّ وَلَا تَخَافِي وَلَا تَحْزَنِي ۖ إِنَّا رَادُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ الْمُرْسَلِينَ

(මූසා ඉපදුනු විට) අපි මූසාගේ මවට “නුඹ මොහුට(මූසාට) මව්කිරි පොවවු. මොහු(ව ෆිර්අවුන් ඝතනය කිරීම) පිළිබඳව නුඹ බිය වූයේ නම් මොහුව ගඟහි දමවු. තවද (මොහුව ගඟට දැමීම පිළිබඳව) නුඹ බිය නොවවු. තවද දුකට ද පත් නොවවු. සැබැවින්ම අපි නුඹ වෙත මොහුව නැවත ලබා දෙන්නන් වන්නෙමු. තවද මොහුව රසූල්වරුන්ගෙන් (කෙනෙකු බවට) පත් කරන්නන් වන්නෙමු” යැයි වහී පහළ කළෙමු. 3
3මෙම සිද්ධිය මදක් විස්තරාත්මකව අල් කුර්ආන් 20:38-39 හි සඳහන් වී ඇත.
8

فَالْتَقَطَهُ آلُ فِرْعَوْنَ لِيَكُونَ لَهُمْ عَدُوًّا وَحَزَنًا ۗ إِنَّ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا كَانُوا خَاطِئِينَ

(මූසාව පෙට්ටියක දමා ගඟහි දැමූ පසු) ෆිර්අවුන්ගේ නිවැසියෝ මොහුව අහුලා ගත්තෝය. (එලෙස සිදු වූයේ) මොහු (අනාගතයේ) ඔවුනට සතුරෙකු වශයෙන් ද දුකක් වශයෙන් ද වනු පිණිසය. සැබැවින්ම ෆිර්අවුන් ද හාමාන් ද ඔවුන් දෙදෙනාගේ සේනාවන් ද වරදක් කර ගත්තවුන් වූහ.
9

وَقَالَتِ امْرَأَتُ فِرْعَوْنَ قُرَّتُ عَيْنٍ لِّي وَلَكَ ۖ لَا تَقْتُلُوهُ عَسَىٰ أَن يَنفَعَنَا أَوْ نَتَّخِذَهُ وَلَدًا وَهُمْ لَا يَشْعُرُونَ

තවද ෆිර්අවුන්ගේ බිරිය (ෆිර්අවුන්ට) “(මොහු) මට හා නුඹට දෙනෙත් පිණවන්නකි. නුඹලා මොහුව ඝාතනය නොකරවු. මොහු අපට ප්රයෝජනවත් විය හැකිය. නැතහොත් මොහුව අපි දරුවෙකු ලෙස (හදාවඩා) ගත හැකිය.” යැයි පැවසුවාය. තවද ඔවුන් (තමන්ට අනාගතයේ කුමක් සිදුවේ දැයි) වටහා නොගත්තන් ලෙස (මොහුව අහුලා ගත්තෝ)ය.
10

وَأَصْبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَارِغًا ۖ إِن كَادَتْ لَتُبْدِي بِهِ لَوْلَا أَن رَّبَطْنَا عَلَىٰ قَلْبِهَا لِتَكُونَ مِنَ الْمُؤْمِنِينَ

තවද මූසාගේ මවගේ හදවත (මූසා පිළිබඳව තිබූ ශෝකය හේතුවෙන් අන් සියළු දැයින්) හිස් විය. ඇයගේ හදවත අපි බලවත් නොකළේ නම් ඇය මොහු පිළිබඳව (සත්යය) හෙළි කරන්නට තිබිණ. (අප මෙසේ බලවත් කළේ) ඇය විශ්වාසිකයින් අතුරින් කෙනෙකු වනු පිණිසය.
11

وَقَالَتْ لِأُخْتِهِ قُصِّيهِ ۖ فَبَصُرَتْ بِهِ عَن جُنُبٍ وَهُمْ لَا يَشْعُرُونَ

තවද ඇය මොහුගේ සහෝදරියට “නුඹ (මූසාගේ තොරතුරු සොයා) මොහුව ලුහුබැඳ යවු” යැයි කීවාය. එවිට ඔවුන් නොදැන සිටිය දී ඇය (යම්)දුරක සිට මොහුව නිරීක්ෂණය කළාය.
12

وَحَرَّمْنَا عَلَيْهِ الْمَرَاضِعَ مِن قَبْلُ فَقَالَتْ هَلْ أَدُلُّكُمْ عَلَىٰ أَهْلِ بَيْتٍ يَكْفُلُونَهُ لَكُمْ وَهُمْ لَهُ نَاصِحُونَ

තවද අපි පෙර සිටම මොහු කෙරෙහි කිරි මව්වරුන්(ගෙන් කිරි බීම) වැළැක්වූයෙමු. එබැවින් (මූසාගේ සහෝදරිය වන) ඇය (ෆිර්අවුන්ගේ පිරිසට) “මොහුව නුඹලා වෙනුවෙන් (භාරගෙන) හදා වඩා ගන්නා, තවද මොහුව ඔවුන් රැක බලා ගන්නා නිවැසියෙකු ගැන නුඹලාට මා දැනුම් දෙන්න ද?” යැයි කීවාය.
13

فَرَدَدْنَاهُ إِلَىٰ أُمِّهِ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَلِتَعْلَمَ أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

එබැවින් (මූසාගේ මව වූ) ඇයගේ දෑස් පිනවනු පිණිස ද ඇය දුකට පත් නොවනු පිණිස ද අල්ලාහ්ගේ ප්රතිඥාව සත්යය යැයි ඇය දැන ගනු පිණිස ද මොහුගේ(මූසාගේ) මව වෙත අපි මොහුව නැවත ලබා දුන්නෙමු. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනා (මේ ගැන) නොදනිති.
14

وَلَمَّا بَلَغَ أَشُدَّهُ وَاسْتَوَىٰ آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ

තවද මොහුගේ(මූසාගේ) වැඩිවියට මොහු එළැඹ (ජීවිතයේ) පරිණතභාවයට පත් වූ විට මොහුට අපි ප්රඥාව ද දැනුම ද ලබා දුනිමු. අපි යහපත කරන්නන්ට ප්රතිඵල ලබා දෙනුයේ මෙලෙසය.
15

وَدَخَلَ الْمَدِينَةَ عَلَىٰ حِينِ غَفْلَةٍ مِّنْ أَهْلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلَانِ هَـٰذَا مِن شِيعَتِهِ وَهَـٰذَا مِنْ عَدُوِّهِ ۖ فَاسْتَغَاثَهُ الَّذِي مِن شِيعَتِهِ عَلَى الَّذِي مِنْ عَدُوِّهِ فَوَكَزَهُ مُوسَىٰ فَقَضَىٰ عَلَيْهِ ۖ قَالَ هَـٰذَا مِنْ عَمَلِ الشَّيْطَانِ ۖ إِنَّهُ عَدُوٌّ مُّضِلٌّ مُّبِينٌ

තවද එම නගර වැසියන් අනවධානීන්ව සිටි මොහොතක මොහු නරගයට පිවිසියේය. 4 එවිට එහි මිනිසුන් දෙදෙනෙකු එකිනෙකා රණ්ඩු කරමින් සිටිනු මොහු දුටුවේය. (එයින් කෙනෙකු වන) ඔහු මොහුගේ(මූසාගේ) කණ්ඩායමෙන්( කෙනෙක්)ය. තවද (අනෙකා වන) ඔහු තම සතුරන්ගෙන්( වූ ෆිර්අවුන්ගේ පිරිසෙහි කෙනෙක්)ය. එවිට තම කණ්ඩායමෙන් වූ කෙනා තම සතුරාගෙන් වූ කෙනාට එරෙහිව මොහුගෙන්(මූසාගෙන්) උදව් පැතුවේය. එවිගස මූසා (සතුරාගෙන් වූ කෙනා වන) ඔහුට පහර දුන්නේය. එසැණින් ඔහු කෙරෙහි මරණය ඇති විය. “මෙය ෂෙයිතාන්ගේ ක්රියාව අතුරිනි. සැබැවින්ම ඔහු පැහැදිලි නොමග යවන සතුරෙකි” යැයි මොහු(මූසා පසුතැවිල්ලෙන්) පැවසුවේය.
4මෙය නගර වැසියන් අඩ නින්දේ සිටින මධ්යාහ්න වේලාවක විය හැකිය. එබැවින් මෙම සිද්ධිය ඇසින් දුටු කිසිවෙකු නොසිටියෝය.
16

قَالَ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي فَغَفَرَ لَهُ ۚ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

“මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම මම මා හටම අපරාධ කර ගත්තෙමි. එබැවින් මා ක්ෂමා කරනු මැනව!” යැයි මොහු පැවසුවේය. එවිට ඔහු(අල්ලාහ්) මොහුට ක්ෂමාව දුන්නේය. 5 සැබැවින්ම ඔහුමය අති ක්ෂමාශීලී පරම කරුණාභරිත වන්නේ.
5නබි මූසා තුමාණන් මෙම මිසර දේශයේ වැසියාව ඝාතනය කිරීමට අදිටන් කර ඔහුට පහර දුන්නේ නැත. එනමුත් මොහු එම පහරින් මරණයට පත් වීම ආශ්චර්යය සිදුවීමකි. මෙම සිදුවීම නබි මූසා තුමාගේ නබිත්වයට පෙර සිදු වූ සිදුවීමකි.
17

قَالَ رَبِّ بِمَا أَنْعَمْتَ عَلَيَّ فَلَنْ أَكُونَ ظَهِيرًا لِّلْمُجْرِمِينَ

“මාගේ පරමාධිපතියාණනි, නුඹ මට (සමාව දී) ආශිර්වාද කිරීම හේතුවෙන් මා වැරදිකරුවන්ට උදව්කරුවෙකු ලෙස කිසිවිටෙක නොවන්නෙමි” යැයි ඔහු පැවසුවේය.
18

فَأَصْبَحَ فِي الْمَدِينَةِ خَائِفًا يَتَرَقَّبُ فَإِذَا الَّذِي اسْتَنصَرَهُ بِالْأَمْسِ يَسْتَصْرِخُهُ ۚ قَالَ لَهُ مُوسَىٰ إِنَّكَ لَغَوِيٌّ مُّبِينٌ

එවිට (පසු දින) උදෑසන මොහු(මූසා) එම නගරයෙහි (තමාට කුමක් වේ යැයි) බියට පත්වූවෙකු ලෙස නිරීක්ෂා කරන්නෙකුව සිටියේය. එවිට පෙර දින ඔහුගෙන් උදව් පැතූ කෙනා (තවත් සතුරෙකුට එරෙහිව නැවතත් උදව් පතා) ඔහුට හඬ නැගුවේය. “සැබැවින්ම නුඹ පැහැදිලි නොමග ගිය කෙනෙකි” යැයි මූසා ඔහුට පැවසුවේය.
19

فَلَمَّا أَنْ أَرَادَ أَن يَبْطِشَ بِالَّذِي هُوَ عَدُوٌّ لَّهُمَا قَالَ يَا مُوسَىٰ أَتُرِيدُ أَن تَقْتُلَنِي كَمَا قَتَلْتَ نَفْسًا بِالْأَمْسِ ۖ إِن تُرِيدُ إِلَّا أَن تَكُونَ جَبَّارًا فِي الْأَرْضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ الْمُصْلِحِينَ

දෙදෙනාටම සතුරෙකු වූ ඔහුව අල්ලා ගැනීමට මොහු(මූසා) අපේක්ෂා කළ විට (උදවු පැතූ) ඔහු “අහෝ මූසා! පෙර දින නුඹ ආත්මයක් මරා දැමුවා සේ මා මරා දමන්නට නුඹ අපේක්ෂා කරන්නේ ද? 6 නුඹ මිහිතලයෙහි ආධිපත්යයක් දරන්නට මිස වෙනකක් අපේක්ෂා නොකරන්නෙහිය. තවද නුඹ සංශෝධිතයින් අතුරින් කෙනෙකු වීමට ද අපේක්ෂා නොකරන්නෙහිය.” යැයි පැවසුවේය.
6මිසර වැසියා ඉස්රාඊල්වරයාට පහර දීමෙන් වැළැක්වීමට නබි මූසා තුමාණන් උත්සහ කළේය. එනමුත් ඉස්රාඊල්වරයාව ඔහුගේ කලහකාරී ක්රියාවෙහි නබි මූසා තුමාණන් දුටුවේය. එවිට පෙර දින කළ සිද්ධිය අද මා හට සිදු කරනු ඇත යැයි ඉස්රාඊල්වරයා සිතා පෙර දින සිදු වූ සිද්ධිය ඔහු හෙළි කළේය.
20

وَجَاءَ رَجُلٌ مِّنْ أَقْصَى الْمَدِينَةِ يَسْعَىٰ قَالَ يَا مُوسَىٰ إِنَّ الْمَلَأَ يَأْتَمِرُونَ بِكَ لِيَقْتُلُوكَ فَاخْرُجْ إِنِّي لَكَ مِنَ النَّاصِحِينَ

තවද නගරයේ කෙළවරක සිට (යහපත්) මිනිසෙකු වේගයෙන් පැමිණ (මෙසේ) පැවසුවේය. “අහෝ මූසා, සැබැවින්ම (ෆිර්අවුන්ගේ පිරිසෙහි) ප්රධානීන් නුඹව ඝාතනය කිරීම පිණිස නුඹ පිළිබඳව සාකච්ඡා කරමින් සිටිති. එබැවින් නුඹ (මෙම නගරයෙන්) පිටත්ව යවු. සැබැවින්ම මම නුඹට යහපත පතන්නන්ගෙන් කෙනෙකු වෙමි.”
21

فَخَرَجَ مِنْهَا خَائِفًا يَتَرَقَّبُ ۖ قَالَ رَبِّ نَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ

එබැවින් (තමාට කුමක් වේ දැයි) බියට පත්වූවෙකු ලෙස නිරීක්ෂා කරන්නෙකුව එයින් මොහු පිටත් විය. “මාගේ පරමාධිපතියාණනි, අපරාධකාර පිරිසගෙන් මා ආරක්ෂා කරනු මැනව!” යැයි මොහු පැවසුවේය.
22

وَلَمَّا تَوَجَّهَ تِلْقَاءَ مَدْيَنَ قَالَ عَسَىٰ رَبِّي أَن يَهْدِيَنِي سَوَاءَ السَّبِيلِ

මොහු මද්යන් (නගරය) දෙසට මුහුණ ලා පිටත්වූ කල්හි “මාගේ පරමාධිපති මා ඍජු මාර්ගය( වෙත)ට මග පෙන්වනු ඇත” යැයි මොහු (අපේක්ෂාවෙන් යුතුව) පැවසුවේය.
23

وَلَمَّا وَرَدَ مَاءَ مَدْيَنَ وَجَدَ عَلَيْهِ أُمَّةً مِّنَ النَّاسِ يَسْقُونَ وَوَجَدَ مِن دُونِهِمُ امْرَأَتَيْنِ تَذُودَانِ ۖ قَالَ مَا خَطْبُكُمَا ۖ قَالَتَا لَا نَسْقِي حَتَّىٰ يُصْدِرَ الرِّعَاءُ ۖ وَأَبُونَا شَيْخٌ كَبِيرٌ

තවද මද්යන්හි (ළිඳක් ලෙස තිබූ) ජලාශ්රිතය වෙත ඔහු පැමිණි කල්හි ජනයින් අතුරින් (ඔවුන්ගේ සතුන්ට) ජලය පොවන (විශාල) පිරිසක් මොහු දුටුවේය. තවද ඔවුන්ගෙන් බැහැරව (තම සතුන් ළිඳ අසලට නොයන සේ) රඳවා ගනිමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මොහු දුටුවේය. (එවිට) මොහු(මූසා) “නුඹලා දෙදෙනා( ජලය නොගෙන සිටින නුඹලා)ගේ කාරණාව කුමක්දැ?”යි විමසීය. (එයට) ඔවුන් දෙදෙනා “(අනෙක්) එඩේරන් පිටත් වන තෙක් අපට (අපගේ සතුන්ට) ජලය පෙවිය නොහැක. තවද අපගේ පියාණන් ඉතා වයසට පත් වයෝවෘද්ධයෙකි” යැයි පැවසුවෝය.
24

فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰ إِلَى الظِّلِّ فَقَالَ رَبِّ إِنِّي لِمَا أَنزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ

එබැවින් මොහු(මූසා) ඔවුන් දෙදෙනා(ගේ සතුන්)ට ජලය පෙව්වේය. පසුව මොහු හෙවණ වෙතට යොමු වී “මාගේ පරමාධිපතියාණනි, නුඹ මා වෙත පහළ කරන යහ දෑ(ආහාර පාන) වෙත සැබැවින්ම මම අවශ්යතාව ඇත්තෙකු වෙමි” යැයි මොහු පැවසුවේය.
25

فَجَاءَتْهُ إِحْدَاهُمَا تَمْشِي عَلَى اسْتِحْيَاءٍ قَالَتْ إِنَّ أَبِي يَدْعُوكَ لِيَجْزِيَكَ أَجْرَ مَا سَقَيْتَ لَنَا ۚ فَلَمَّا جَاءَهُ وَقَصَّ عَلَيْهِ الْقَصَصَ قَالَ لَا تَخَفْ ۖ نَجَوْتَ مِنَ الْقَوْمِ الظَّالِمِينَ

(ස්වල්ප වේලාවකට පසු) ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් ඔහු වෙතට ලැජ්ජාවෙන් යුතුව ඇවිදවිත් “නුඹ අපට ජලය ලබා දීමෙහි කුලිය නුඹට ප්රතිඵල වශයෙන් ලබා දීම පිණිස සැබැවින්ම මාගේ පියාණන් නුඹව කැඳවන්නේය.” යැයි ඇය පැවසුවාය. පසුව මොහු (ඇයගේ පියා වන) ඔහු වෙත පැමිණි කල්හි (තම) වෘත්තාන්තය ඔහු වෙත පැවසුවේය. (එයට) ඔහු (මූසාට) “නුඹ බිය නොවවු. අපරාධකාර පිරිසගෙන් නුඹ ආරක්ෂාව ලැබුවෙහිය” යැයි පැවසුවේය.
26

قَالَتْ إِحْدَاهُمَا يَا أَبَتِ اسْتَأْجِرْهُ ۖ إِنَّ خَيْرَ مَنِ اسْتَأْجَرْتَ الْقَوِيُّ الْأَمِينُ

ඔවුන්(ස්තී්රන්) දෙදෙනාගෙන් කෙනෙක් “මාගේ පියාණනි, මොහු කුලීකරුවෙකු බවට පත් කර ගන්න. සැබැවින් ඔබ කුලීකරුවෙකු බවට පත් කරගන්නන් අතුරින් ශ්රේෂ්ඨ වන්නේ බලවත් වූ විශ්වාසවන්තයාය.” යැයි පැවසුවාය.
27

قَالَ إِنِّي أُرِيدُ أَنْ أُنكِحَكَ إِحْدَى ابْنَتَيَّ هَاتَيْنِ عَلَىٰ أَن تَأْجُرَنِي ثَمَانِيَ حِجَجٍ ۖ فَإِنْ أَتْمَمْتَ عَشْرًا فَمِنْ عِندِكَ ۖ وَمَا أُرِيدُ أَنْ أَشُقَّ عَلَيْكَ ۚ سَتَجِدُنِي إِن شَاءَ اللَّهُ مِنَ الصَّالِحِينَ

“වසර අටක් මා වෙත කුළී වැඩ කර දී(මේ පදන)ම මත මේ මාගේ දියණියන් දෙදෙනාගෙන් කෙනෙකුව මා නුඹට සරණපාවා දීමට මම සැබැවින්ම අපේක්ෂා කරමි. තවද (එය වසර) දහයක් (දක්වා දීර්ඝ කර) සම්පූර්ණ කළේ නම් එවිට (එය නුඹගේ එකඟත්වය මත) නුඹ වෙතින්ය. තවද මා නුඹ කෙරෙහි පීඩා කිරීමට අපේක්ෂා නොකරමි. අල්ලාහ් අභිමත කළේ නම් නුඹ මාව දැහැමියන්ගෙන් කෙනෙකු ලෙස දකිනු ඇත” යැයි ඔහු(ඔවුන්ගේ පියා) පැවසුවේය.
28

قَالَ ذَٰلِكَ بَيْنِي وَبَيْنَكَ ۖ أَيَّمَا الْأَجَلَيْنِ قَضَيْتُ فَلَا عُدْوَانَ عَلَيَّ ۖ وَاللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌ

(එයට) “මෙය මා හා නුඹ අතර (සිදුවී ඇත්තේ)ය. (එබැවින්) කාල පරිච්ඡේදයන් දෙකින් කුමක් මා ඉටු කළ ද එය මට එරෙහිව අයුක්තියක් නොවේ. තවද අපි පවසන දැයට අල්ලාහ් භාරකරු වන්නේය” යැයි මොහු(මූසා) පැවසුවේය.
29

فَلَمَّا قَضَىٰ مُوسَى الْأَجَلَ وَسَارَ بِأَهْلِهِ آنَسَ مِن جَانِبِ الطُّورِ نَارًا قَالَ لِأَهْلِهِ امْكُثُوا إِنِّي آنَسْتُ نَارًا لَّعَلِّي آتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ جَذْوَةٍ مِّنَ النَّارِ لَعَلَّكُمْ تَصْطَلُونَ

එබැවින් මූසා එම කාල පරිච්ඡේදය සම්පූර්ණ කර තම පවුල සමග (මද්යන් දේශයේ සිට තම මුල් නගරය කරා රාත්රියේ) ගමන් කළ කල්හි තූර් (නම් කන්ද 7 ) දෙසින් ගින්නක් දුටුවේය. මොහු තම පවුලට “(මෙහි) රැඳී සිටිවු. සැබැවින්ම මම ගින්නක් දුටුවෙමි. 8 මට නුඹලා වෙත එයින් පුවතක් හෝ නුඹලා උණුසුම තපින්නට (හැකි වන පරිදි) ගිනි මැළයක් හෝ ගෙන එන්නට හැක්කේය” යැයි පැවසුවේය.
7වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 95:2 බලන්න.
8නබි මූසා තුමාණන්ගේ බිරිය ප්රසූත වේදනාවෙන් පෙළී සිටියාය. මොවුන් දෙදෙනා ‘සීනායි’ කාන්තාරයේ සිටි එම අවස්ථාව ඉතා ශීත රාත්රියක් විය. මෙම සීතලයෙන් තමන්ව හා තම බිරියව ආරක්ෂා කිරීමට මොහුට ගිනි මැලයක් අවශ්ය විය.
30

فَلَمَّا أَتَاهَا نُودِيَ مِن شَاطِئِ الْوَادِ الْأَيْمَنِ فِي الْبُقْعَةِ الْمُبَارَكَةِ مِنَ الشَّجَرَةِ أَن يَا مُوسَىٰ إِنِّي أَنَا اللَّهُ رَبُّ الْعَالَمِينَ

පසුව ඔහු එහි පැමිණි කල්හි භාග්යලත් ස්ථානයෙහි දකුණු පස නිම්නය දෙසින් පිහිටි ගසකින් “අහෝ මූසා, සැබැවින්ම මමය අල්ලාහ්. සමස්ත විශ්වයේ පරමාධිපති” යැයි අමතනු ලැබීය.
31

وَأَنْ أَلْقِ عَصَاكَ ۖ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْ ۚ يَا مُوسَىٰ أَقْبِلْ وَلَا تَخَفْ ۖ إِنَّكَ مِنَ الْآمِنِينَ

තවද “නුඹ නුඹගේ සැරයටිය (බිම) දමවු.” (යැයි ද පවසනු ලැබීය.) ඔහු එය සර්පයෙකු මෙන් නළියනු දුටු විට ඔහු පසුබැස පසුපස නොබලා හැරී දිව්වේය. “අහෝ මූසා, නුඹ ඉදිරියට එවු. තවද බිය නොවවු. සැබැවින්ම නුඹ අභයලාභීන් අතුරිනි.” (යැයි ද පවසනු ලැබීය.)
32

اسْلُكْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ وَاضْمُمْ إِلَيْكَ جَنَاحَكَ مِنَ الرَّهْبِ ۖ فَذَانِكَ بُرْهَانَانِ مِن رَّبِّكَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ

“(මූසා) නුඹ නුඹගේ (උඩු ඇඳුම්) සාක්කුව තුළට නුඹගේ (දකුණු) අත ඇතුළු කරවු. එය කිසිදු නරක( රෝගය)කින් තොරව සුදුවන්ව පිට වන්නේය. තවද බියෙන් (මිදීමට) නුඹ වෙත නුඹගේ බාහුව එක් කර ගනිවු. 9 මේ දෙක ෆිර්අවුන් හා ඔහුගේ ප්රධානීන් වෙත (ගෙන හැර පෙන්වීමට) වූ නුඹගේ පරමාධිපතිගෙන් වූ සාධක දෙකකි. සැබැවින්ම ඔවුන් පාපතර පිරිසක් වූහ.
9නබි මූසා තුමාණන්ගේ සැරයටිය නයෙකු ලෙස වෙනස් වී තම අත සුදු වර්ණයෙන් දිස් වූ විට මොහුට යම් බියක් දැනුණි. මෙවිට මොහුගේ බිය නැති කිරීම පිණිස මොහුගේ අත කිහිල්ලෙහි යට තබන මෙන් අල්ලාහ් මෙතුමාට අණ කළේය. ඔහු බිය වූ සෑම අවස්ථාවක දීම මෙසේ කර තම බිය තුරන් කළ යුතු යැයි ඔහුට අණ කරන ලදී.
33

قَالَ رَبِّ إِنِّي قَتَلْتُ مِنْهُمْ نَفْسًا فَأَخَافُ أَن يَقْتُلُونِ

“මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔවුන්(ෆිර්අවුන්ගේ පිරිස) අතුරින් කෙනෙකුව මම ඝාතනය කළෙමි. එබැවින් ඔවුන් මා ඝාතනය කරනු ඇතැයි මම බිය වෙමි” යැයි මොහු (මූසා) පැවසුවේය.
34

وَأَخِي هَارُونُ هُوَ أَفْصَحُ مِنِّي لِسَانًا فَأَرْسِلْهُ مَعِيَ رِدْءًا يُصَدِّقُنِي ۖ إِنِّي أَخَافُ أَن يُكَذِّبُونِ

“තවද මාගේ සහෝදර හාරූන් මට වඩා ඔහු කතිකාවෙන් චතුරය. එබැවින් මා තහවුරු කරන උදව්කරුවෙකු ලෙස මා සමඟ ඔහුව එවනු මැනව! සැබැවින්ම ඔවුන් මා අසත්යය කරතැ’යි මම බිය වෙමි.” (යැයි ද මූසා පැවසුවේය.)
35

قَالَ سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَنَجْعَلُ لَكُمَا سُلْطَانًا فَلَا يَصِلُونَ إِلَيْكُمَا ۚ بِآيَاتِنَا أَنتُمَا وَمَنِ اتَّبَعَكُمَا الْغَالِبُونَ

“නුඹගේ සහෝදරයා මගින් නුඹගේ බාහුව අපි ශක්තිමත් කරන්නෙමු. තවද නුඹලා දෙදෙනාට (ශක්තිමත්) සාධකයක් ලබා දෙන්නෙමු. එබැවින් අපගේ සංඥාවන් 10 හේතුවෙන් ඔවුන් නුඹලා දෙදෙනා වෙත (හානියක් පමුණු වීමට) සමීප නොවන්නෝය. නුඹලා දෙදෙනා හා නුඹලා දෙදෙනාව අනුගමනය කළ අය (ජයග්රහණය ලබා) අබිබවා යන්නන්ය.” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
10මෙයින් අදහස් කරන්නේ නබි මූසා තුමාණන්ට සහ නබි හාරූන් තුමාණන්ට දෙනු ලැබ ඇති අල්ලාහ්ගේ වරම් හේතුවෙන් මොවුන්ට මොවුන්ගේ සතුරන්ගෙන් කිසිදු හානියක් ඇති නොවේ යන්නය.
36

فَلَمَّا جَاءَهُم مُّوسَىٰ بِآيَاتِنَا بَيِّنَاتٍ قَالُوا مَا هَـٰذَا إِلَّا سِحْرٌ مُّفْتَرًى وَمَا سَمِعْنَا بِهَـٰذَا فِي آبَائِنَا الْأَوَّلِينَ

එබැවින් මූසා අපගේ පැහැදිලි සංඥාවන් ඔවුන්(ෆිර්අවුන් හා ඔහුගේ පිරිස) වෙත ගෙන ආ කල්හි “මෙය ගොතන ලද හූනියමක් මිස නැත. තවද අපගේ පෙර මුතුන්මිත්තන් තුළ මේ (අයුරින් වූ දහමක්) පිළිබඳව අපි අසා නැත්තෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
37

وَقَالَ مُوسَىٰ رَبِّي أَعْلَمُ بِمَن جَاءَ بِالْهُدَىٰ مِنْ عِندِهِ وَمَن تَكُونُ لَهُ عَاقِبَةُ الدَّارِ ۖ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ

“මාගේ පරමාධිපති තමාගෙන් යහමග ගෙන ආවේ කවුරුන් ද යන්න හා කවරෙකු කෙරෙහි (ස්වර්ග) නිවහනේ (යහපත්) අවසානයක් 11 ඇත්තේ ද යන්න මැනවින් දන්නාය. සැබැවින්ම අපරාධකරුවෝ ජය නොලබති.” යැයි මූසා පැවසුවේය.
11ඉහත පරිවර්තනයට අනුව “(යහපත්) අවසානය” යනුවෙන් අදහස් කරන්නේ ස්වර්ගය වුව ද එයට තවත් අර්ථයක් ද ඇත. එනම් නබි මූසා තුමාණන්ට ෆිර්අවුන්ව පරාජය කරමින් අත් වූ ජයග්රහණය පිළිබඳවය.
38

وَقَالَ فِرْعَوْنُ يَا أَيُّهَا الْمَلَأُ مَا عَلِمْتُ لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرِي فَأَوْقِدْ لِي يَا هَامَانُ عَلَى الطِّينِ فَاجْعَل لِّي صَرْحًا لَّعَلِّي أَطَّلِعُ إِلَىٰ إِلَـٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُ مِنَ الْكَاذِبِينَ

තවද ෆිර්අවුන් “ප්රධානියනි, මා හැර වෙනත් (කිසිදු) දෙවියෙකු නුඹලාට ඇතැ’යි මම නොදනිමි. එබැවින් අහෝ හාමාන්, මා වෙනුවෙන් මැටි මත ගිනි අවුළවා (එයින් ගල් තනා) මා වෙනුවෙන් උස් කුලුනක් තනවු. (එවිට) මූසාගේ දෙවියන්ව මා එබී බැලිය හැක්කේය. තවද සැබැවින්ම මොහු(මූසා) අසත්යවන්තයින්ගෙන් කෙනෙකු යැයි මම සිතන්නෙමි” යැයි ප්රකාශ කළේය.
39

وَاسْتَكْبَرَ هُوَ وَجُنُودُهُ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَظَنُّوا أَنَّهُمْ إِلَيْنَا لَا يُرْجَعُونَ

තවද ඔහු(ෆිර්අවුන්) හා ඔහුගේ සේනාවන් මිහිතලයෙහි යුක්තියෙන් තොරව උඩඟුකම් පෑවෝය. තවද සැබැවින්ම ඔවුන් අප වෙත නැවත යොමු කරනු නොලබති යැයි ඔවුහු සිතුවෝය.
40

فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ ۖ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الظَّالِمِينَ

එබැවින් අපි ඔහු හා ඔහුගේ සේනාවන් ග්රහණය කළෙමු. තවද අපි ඔවුන්ව මුහුදේ විසි කළෙමු. 12 එබැවින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැ?යි (නබිවරය,) නුඹ බලවු.
12වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 10:90 හා 26:63 බලන්න.
41

وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى النَّارِ ۖ وَيَوْمَ الْقِيَامَةِ لَا يُنصَرُونَ

ඔවුන්ව අපි නිරය වෙත (ජනයින්ව) කැඳවන ප්රධානීන් බවට පත් කළෙමු. තවද (මළවුන්) නැගිටුවනු ලබන දින ඔවුන් උදව් කරනු නොලබන්නෝය.
42

وَأَتْبَعْنَاهُمْ فِي هَـٰذِهِ الدُّنْيَا لَعْنَةً ۖ وَيَوْمَ الْقِيَامَةِ هُم مِّنَ الْمَقْبُوحِينَ

තවද අපි මෙලොවෙහි ශාපයක් ඔවුන් ලුහු බැඳ යෑමට සැලැස්වූයෙමු. තවද (මළවුන්) නැගිටුවනු ලබන දිනයෙහි ඔවුන් අවමන් වූවන් අතුරින් වනු ඇත.
43

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ مِن بَعْدِ مَا أَهْلَكْنَا الْقُرُونَ الْأُولَىٰ بَصَائِرَ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةً لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ

මුල් පරම්පරාවන් 13 අපි විනාශ කිරීමෙන් පසුව මිනිසුන්ට පැහැදිලි කිරීම් ලෙස ද යහමගක් ලෙස ද දයාවක් ලෙස ද ඔවුන්(ෆිර්අවුන් හා ඔහුගේ පිරිස) සිහි කරනු පිණිස සැබැවින්ම අපි මූසාට ධර්ම පුස්තකය ලබා දුන්නෙමු.
13මෙයින් අදහස් වන්නේ ආද් ජනයා, සමූද් ජනයා හා නබි නූහ් තුමාණන්ගේ ප්රජාව වේ.
44

وَمَا كُنتَ بِجَانِبِ الْغَرْبِيِّ إِذْ قَضَيْنَا إِلَىٰ مُوسَى الْأَمْرَ وَمَا كُنتَ مِنَ الشَّاهِدِينَ

තවද (නබිවරය,) අපි මූසාට (නබිත්වය යන) කරුණ පැවරූ අවස්ථාවේ නුඹ බටහිර දෙසින් (තූර් කන්ද අසල) නොසිටියෙහිය. තවද නුඹ (එහි) සහභාගී වූවන් අතුරින් ද නොවූයෙහිය.
45

وَلَـٰكِنَّا أَنشَأْنَا قُرُونًا فَتَطَاوَلَ عَلَيْهِمُ الْعُمُرُ ۚ وَمَا كُنتَ ثَاوِيًا فِي أَهْلِ مَدْيَنَ تَتْلُو عَلَيْهِمْ آيَاتِنَا وَلَـٰكِنَّا كُنَّا مُرْسِلِينَ

එනමුත් අපි (මූසාට පසු) පරම්පරාවන් ඇති කළෙමු. තවද ඔවුන් මත කාලය දීර්ඝ (වී බොහෝ යුගයන් පසු) විය. (එබැවින් ඔවුන් අල්ලාහ්ව අමතක කළෝය.) (නබිවරය, එම යුගයේ) නුඹ අපගේ වදන් ඔවුන් කෙරෙහි පාරායනා කරමින් මද්යන්වාසීන් අතරෙහි නුඹ ජීවත් නොවූයෙහිය. නමුත් අපි (එම පරම්පරාවන් කෙරෙහි රසූල්වරුන්) එවන්නන් වූයෙමු.
46

وَمَا كُنتَ بِجَانِبِ الطُّورِ إِذْ نَادَيْنَا وَلَـٰكِن رَّحْمَةً مِّن رَّبِّكَ لِتُنذِرَ قَوْمًا مَّا أَتَاهُم مِّن نَّذِيرٍ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

තවද අපි (මූසාව) ඇමතූ අවස්ථාවේ (නබිවරය,) නුඹ තූර් (කන්ද) දෙසින් ද නොසිටියෙහිය. එනමුත් (නුඹව එවනු ලැබුයේ) නුඹට පෙර තමන්ට අවවාද කරන්නෙකු නොපැමිණි පිරිසක් වෙත නුඹ අවවාද කරනු පිණිස ද ඔවුන් මෙනෙහි කරනු පිණිස ද නුඹගේ පරමාධිපතිගේ දයාවක් වශයෙනි. 14
14මෙහි නබි මුහම්මද් තුමාණන් නබි මූසා තුමාණන් සමග නොසිටියේ යැයි සඳහන් වීමෙන් අදහස් වන්නේ නබි මුහම්මද් තුමාණන් පෙර වූ නබිවරුන්ගේ වෘත්තාන්ත පැවසීමේ දැනුම අල්ලාහ්ගෙන් ලද බවට සාක්ෂියක් වශයෙනි.
47

وَلَوْلَا أَن تُصِيبَهُم مُّصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَيَقُولُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ

(ප්රතික්ෂේපක) ඔවුන්ගේ අත් පෙරටු කළ දෑ හේතුවෙන් ඔවුනට දුර්භාග්යයක් සිදු වී ඔවුන් “අපගේ පරමාධිපතියාණනි, අප වෙත නුඹ රසූල්වරයෙකු නොඑව්වේ මන්ද? එසේ (යැව්වේ) නම් අපි නුඹගේ වදන් පිළිපදින්නට තිබුණි. තවද විශ්වාසිකයින් අතුරින් වන්නට ද තිබුණි” යැයි ඔවුන් පවසන්නන්ව නොසිටියේ නම් (රසූල්වරයෙකු නොයවා ඔවුනට දඬුවම ඉක්මන් කරන්නට තිබුණි).
48

فَلَمَّا جَاءَهُمُ الْحَقُّ مِنْ عِندِنَا قَالُوا لَوْلَا أُوتِيَ مِثْلَ مَا أُوتِيَ مُوسَىٰ ۚ أَوَلَمْ يَكْفُرُوا بِمَا أُوتِيَ مُوسَىٰ مِن قَبْلُ ۖ قَالُوا سِحْرَانِ تَظَاهَرَا وَقَالُوا إِنَّا بِكُلٍّ كَافِرُونَ

(නමුත්) අපගෙන් ඔවුනට සත්යය(නබිවරයා) පැමිණි කල්හි “මූසාට දෙනු ලැබුවාක් මෙන් (ප්රාතිහාර්යයන්) මොහුට ද දෙනු ලැබිය යුතු නොවේ ද?” යැයි පැවසුවෝය. මීට පෙර ඔවුන් මූසාට දෙනු ලැබූ දෑ(තව්රාතය) ප්රතික්ෂේප නොකළේ ද? 15 තවද ඔවුහු හූනියම් දෙක එකිනෙකට අනුග්රාහිකය”යැයි (අල් කුර්ආනය හා තව්රාතය ගළපා) පැවසුවෝය. තවද ඔවුහු “සැබැවින්ම අපි (මෙම) සියල්ලම ප්රතික්ෂේප කරන්නන් වන්නෙමු” යැයි ද පැවසුවෝය.
15අල් කුර්ආනය ක්රමානුකූළව කඩින් කඩ පහළ නොවී නබි මූසා තුමාට දෙනු ලැබූ තව්රාතය මෙන් එකවරම මුළුමනින්ම පහළ විය යුතු යැයි මක්කාවාසී ප්රතික්ෂේපකයින් පැවසුවෝය. කෙසේ වෙතත් ඔවුන් තව්රාතය ද විශ්වාස නොකළ බැවින් ඔවුන්ගේ මෙම චෝදනාව ද අර්ථ ශුණ්යය.
49

قُلْ فَأْتُوا بِكِتَابٍ مِّنْ عِندِ اللَّهِ هُوَ أَهْدَىٰ مِنْهُمَا أَتَّبِعْهُ إِن كُنتُمْ صَادِقِينَ

(නබිවරය, ඔවුනට) පවසවු. “නුඹලා සත්යවාදීන්ව සිටියෙහු නම් ඒ දෙකට වඩා යහමග පෙන්වන ධර්ම පුස්තකයක් අල්ලාහ් අබියසින් ගෙන එවු. එය මා අනුගමනය කරමි.”
50

فَإِن لَّمْ يَسْتَجِيبُوا لَكَ فَاعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَاءَهُمْ ۚ وَمَنْ أَضَلُّ مِمَّنِ اتَّبَعَ هَوَاهُ بِغَيْرِ هُدًى مِّنَ اللَّهِ ۚ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

එබැවින් ඔවුන් නුඹට පිළිතුරු නොදුන්නේ නම් එවිට ඔවුන් පිළිපදිනුයේ ඔවුන්ගේ මනෝ ඉච්ඡාවන් යැයි නුඹ දැන ගනිවු. තවද අල්ලාහ්ගෙන් වූ යහමගින් තොර තම මනෝ ඉච්ඡාව පිළිපදින්නාට වඩා නොමග වූ අය කවරෙකු ද? සැබැවින්ම අපරාධකාර පිරිසට අල්ලාහ් යහමග පෙන්වන්නේ නැත.
51

وَلَقَدْ وَصَّلْنَا لَهُمُ الْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

තවද ඔවුන් මෙනෙහි කරනු පිණිස (අපගේ අල් කුර්ආන්) ප්රකාශය සැබැවින්ම අපි ඔවුනට ලැබෙන්නට සැලැස්වූයෙමු.
52

الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ مِن قَبْلِهِ هُم بِهِ يُؤْمِنُونَ

මීට පෙර අපි කවරෙකුට ධර්ම පුස්තකය පිරිනැමුවේ ද ඔවුන් මෙ(ම අල් කුර්ආන)ය විශ්වාස කරන්නෝය. 16
16මෙයින් අදහස් කරන්නේ ඉස්ලාමය වැළඳ ගත් ඇතැම් යුදෙව්වන් හා කිතුනුවන් වෙති.
53

وَإِذَا يُتْلَىٰ عَلَيْهِمْ قَالُوا آمَنَّا بِهِ إِنَّهُ الْحَقُّ مِن رَّبِّنَا إِنَّا كُنَّا مِن قَبْلِهِ مُسْلِمِينَ

තවද ඔවුන් කෙරෙහි මෙ(ම අල් කුර්ආන)ය පාරායනා කර පෙන්වනු ලැබූ විට “මෙය අපි විශ්වාස කළෙමු. සැබැවින්ම මෙය අපගේ පරමාධිපතිගෙන් වූ සත්යයයි. සැබැවින්ම මෙ(ම අල් කුර්ආන)යට පෙර ද අපි (අවනත වූ) මුස්ලිම්වරුන් ලෙස සිටියෙමු.” යැයි ඔවුහු පැවසුවෝය.
54

أُولَـٰئِكَ يُؤْتَوْنَ أَجْرَهُم مَّرَّتَيْنِ بِمَا صَبَرُوا وَيَدْرَءُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ

ඔවුහු ඉවසා සිටි හෙයින් ද 17 යහපතින් අයහපත වළක්වා ගත් හෙයින් ද ඔවුනට අපි ලබා දුන් දැයින් වියදම් කළ හෙයින් ද ඔවුන්මය, ඔවුන්ගේ වේතනය දෙවරක් දෙනු ලබන්නෝ වන්නේ.
17‘සබ්ර්’ යන අරාබි පදය “ඉවසීම” යැයි පරිවර්තනය කළ ද එම අරාබි පදයට ගැඹුරු අර්ථයන් ඇත. එනම් ‘සබ්ර්’ යනු අසීරු අවස්ථාවක දී තම අපහසුතාව ඉවසා දරා ගැනීමට පමණක් සීමා වූ වචනයක් නොවේ. එනමුත් අල්ලාහ් තහනම් කළ දෑ තමාට ප්රියජනක වුව ද අල්ලාහ් වෙනුවෙන් එයින් වැළකී සිටීමට හා අල්ලාහ් විසින් අනිවාර්යය කරන ලද දෑ තමාට අපහසු වුව ද එය පරිපූර්ණයෙන්ම ඉටු කිරීමට ද මෙම ‘සබ්ර්’ යන වචනය භාවිත වේ.
55

وَإِذَا سَمِعُوا اللَّغْوَ أَعْرَضُوا عَنْهُ وَقَالُوا لَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ سَلَامٌ عَلَيْكُمْ لَا نَبْتَغِي الْجَاهِلِينَ

තවද ඔවුන් නිෂ්ඵල දෙයකට සවන් දුන් විට එයින් ඔවුහු පිටුපෑවෝය. තවද “අපට අපගේ ක්රියාවන්ය. නුඹලාට නුඹලාගේ ක්රියාවන්ය. නුඹලාට සලාම් 18 අත්වේවා! අඥානයින්ව අපි ප්රිය නොකරන්නෙමු.” යැයි ඔවුහු පැවසුවෝය.
18‘සලාම්’ යන වචනයට අර්ථ දෙකක් ඇත. පළමුවැන්න ශාන්තිය අත් වේවා! යැයි ප්රාර්ථනා කිරීමට භාවිත වේ. දෙවැන්න කෙනෙකුගෙන් දුරස් වීමට හෝ ඔහුගේ ක්රියාවන් මග හැරීමට භාවිත වන වචනයකි. මෙම ස්ථානයේ භාවිත වී ඇත්තේ මෙම දෙවැනි අර්ථයයි.
56

إِنَّكَ لَا تَهْدِي مَنْ أَحْبَبْتَ وَلَـٰكِنَّ اللَّهَ يَهْدِي مَن يَشَاءُ ۚ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ

(නබිවරය,) සැබැවින්ම නුඹ ප්රිය කරන කෙනෙකුට නුඹට යහ මගට යොමු කළ නොහැක. 19 නමුත් අල්ලාහ් තමන් අභිමත කළ අය යහමගට යොමු කරන්නේය. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳව මැනවින් දන්නාය.
19නබි මුහම්මද් තුමාණන් තම පියාගේ සොහොයුරා වන අබූ තාලිබ්ව ඔහුගේ මරණාසන්නයේ දී ඉස්ලාමයට කැඳ වූ මොහොතෙහි මෙම ආයතය පහළ වූ බව ඇතැම් වාර්තා වල සඳහන් වී ඇත.
57

وَقَالُوا إِن نَّتَّبِعِ الْهُدَىٰ مَعَكَ نُتَخَطَّفْ مِنْ أَرْضِنَا ۚ أَوَلَمْ نُمَكِّن لَّهُمْ حَرَمًا آمِنًا يُجْبَىٰ إِلَيْهِ ثَمَرَاتُ كُلِّ شَيْءٍ رِّزْقًا مِّن لَّدُنَّا وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

තවද “අපි නුඹ සමග යහමග පිළිපදින්නේ නම් අපගේ භූමියෙන් අප පලවා හරිනු ලබන්නෙමු.” යැයි ඔවුහු පැවසුවෝය. 20 අප වෙතින් වූ ජීවන සම්පතක් ලෙස පලතුරු වලින් සෑම දැයක්ම ඒ වෙත ගෙන එනු ලබන අභයදායී පාරිශුද්ධ භූමියක් ඔවුනට අපි (වාසය කිරීම සඳහා) සලස්වා නොදුන්නෙමු ද? නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (මේ පිළිබඳව) නොදනිති.
20නබි මුහම්මද් තුමාණන්ගේ ඇරයුම සත්යය යැයි වටහා ගත් ඇතැම් මක්කාවාසී කුරෙයිෂ් වංශිකයින් ඔහු තමන්ගේ නබිවරයා යැයි පිළිගැනීමට පි්රය නොකළෝය. මොවුන් සත්යය නොපිළිපැදීමට හේතු වූයේ ‘තමන්ට ඇති ගෞරවය අහිමි වී අන් මිනිසුන්ගේ විවේචනයට ලක් වී තම නගරයෙන් පිට කරනු ලබයි දෝ’ යන්නෙන් මොවුන් බිය වීමය. මෙම සූරාවෙහි 56-60 දක්වා ඇති ආයතයන්හි අල්ලාහ් මොවුනට පිළිතුරුක් වශයෙන් කාරණා තුනක් පවසා ඇත. පළමු වැන්න සත්යය මොවුන් පිළි නොගෙන සිටිය දී මොවුන්ට ගෞරවය ලබා දුන් අල්ලාහ්ට ඔහුව විශ්වාස කළ විට එම ගෞරවය ආරක්ෂා කිරීම නොහැකි ක්රියාවක් නොවේ යන්නය. දෙවැන්න නම් අල්ලාහ්ට අකීකරු වූ බොහෝ පැරැන්නන්ව අල්ලාහ් දඬුවම් කර ඇති බැවින් මොවුන් අන් මිනිසුන්ට බිය වීමට වඩා අල්ලාහ්ට බිය වීම උචිතයි යනුවෙන් සඳහන් වී ඇත. තුන්වැන්න එසේ මොවුන්ට යම් දෙයක් අන් මිනිසුන්ගෙන් ඇති වුව ද එය තාවකාලිකය. මරණින් මතු ඔහු නිරන්තර ජයග්රහකයෙකු වන්නා සේ මෙම තාවකාලික අපහසුතාවට බිය වී සත්යය පිළිනොගෙන මරණයට පත් වූවේ නම් ඔහු නිරන්තර දඬුවම විදින්නට සිදු වේ යැයි පැහැදිලි කර ඇත.
58

وَكَمْ أَهْلَكْنَا مِن قَرْيَةٍ بَطِرَتْ مَعِيشَتَهَا ۖ فَتِلْكَ مَسَاكِنُهُمْ لَمْ تُسْكَن مِّن بَعْدِهِمْ إِلَّا قَلِيلًا ۖ وَكُنَّا نَحْنُ الْوَارِثِينَ

තවද තම ජීවන වත්කම්හි උඩඟුකම් පෑ කෙතරම් ගම්මාන අපි විනාශ කර ඇත්තෙමු ද? එබැවින් ඒවා ඔවුන්ගේ වාසස්ථානයන් ය. ඔවුන්ගෙන් පසු (මගීන් ලෙස පැමිණෙන) ස්වල්ප දෙනෙකුට හැර ඒවා වාසස්ථානයක් නොකරනු ලැබූහ. තවද අපි (ඒවාට) උරුමක්කාරයින් වූයෙමු.
59

وَمَا كَانَ رَبُّكَ مُهْلِكَ الْقُرَىٰ حَتَّىٰ يَبْعَثَ فِي أُمِّهَا رَسُولًا يَتْلُو عَلَيْهِمْ آيَاتِنَا ۚ وَمَا كُنَّا مُهْلِكِي الْقُرَىٰ إِلَّا وَأَهْلُهَا ظَالِمُونَ

තවද නුඹගේ පරමාධිපති (කිසිදු) නගරයන් එහි අගනුවරට ඔවුන් කෙරෙහි අපගේ වදන් පාරායනා කර පෙන්වන රසූල්වරයෙකු යවන තෙක් විනාශ කරන්නෙකු නොවීය. තවද (කිසිදු) නගරයන් එහි වැසියන් අපරාධකරුවන්ව සිටියෙහු නම් මිස විනාශ කරන්නන්ව අපි නොසිටියෙමු.
60

وَمَا أُوتِيتُم مِّن شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَزِينَتُهَا ۚ وَمَا عِندَ اللَّهِ خَيْرٌ وَأَبْقَىٰ ۚ أَفَلَا تَعْقِلُونَ

තවද කවර දෙයක් නුඹලාට දෙනු ලැබුවේද ඒවා මෙලොව ජීවිතයේ (තාවකාලික) වින්දනය හා එහි අලංකාරයයි. තවද අල්ලාහ් අබියස ඇති දෑ යහපතක් හා සදා පවතින්නකි. එබැවින් නුඹලා වටහා නොගන්නෙහු ද?
61

أَفَمَن وَعَدْنَاهُ وَعْدًا حَسَنًا فَهُوَ لَاقِيهِ كَمَن مَّتَّعْنَاهُ مَتَاعَ الْحَيَاةِ الدُّنْيَا ثُمَّ هُوَ يَوْمَ الْقِيَامَةِ مِنَ الْمُحْضَرِينَ

අප කෙනෙකුට (මෙලොවෙහි) යහපත් ප්රතිඥාවක් දී එය (විනිශ්චය දින) මුණ ගැසීමට සිටින්නෙකු වන ඔහු, මෙලොව ජීවිතයේ වින්දනය අපි භුක්ති විදීමට සලස්වා පසුව ඔහු (මළවුන්) නැගිටුවනු ලබන දින (දඬුවම සඳහා) ඉදිරිපත් කරනු ලබන්නන් අතුරින් වූ (අනෙක්) කෙනා මෙන් ද?
62

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنتُمْ تَزْعُمُونَ

තවද ඔහු(අල්ලාහ්, ආදේශක) ඔවුන්ව අමතන දින “නුඹලා තරයේ විශ්වාස කරමින් සිටි මා( හට ආදේශ කළ නුඹලා)ගේ (දේව)හවුල්කරුවන් කොහේදැ?”යි විමසන්නේය.
63

قَالَ الَّذِينَ حَقَّ عَلَيْهِمُ الْقَوْلُ رَبَّنَا هَـٰؤُلَاءِ الَّذِينَ أَغْوَيْنَا أَغْوَيْنَاهُمْ كَمَا غَوَيْنَا ۖ تَبَرَّأْنَا إِلَيْكَ ۖ مَا كَانُوا إِيَّانَا يَعْبُدُونَ

(එවිට) තමන් කෙරෙහි (දඬුවමේ) වදන නියම වූවන් (වන ප්රධානීන් තම අනුගාමිකයින්ව පෙන්වා) “අපගේ පරමාධිපතියාණනි, ඔවුන්වමය අප මුළා කළවුන් වන්නේ. අප මුළා වූවාක් මෙන්ම ඔවුන්ව ද අපි මුළා කළෙමු. අපි ඔබ වෙතම (ඔවුන්ගෙන්) නිදොස් වී සිටින්නෙමු. (එනම්) ඔවුහු අපව නමදින්නන් ලෙස නොවූහ” යැයි පවසති. 21
21ලොවෙහි දී අන් මිනිසුන්ව නොමග යැවූ නායකයින් විනිශ්චය දිනයේ ඔවුන් තම අනුගාමිකයින්ගේ සතුරන් වනු ඇත.
64

وَقِيلَ ادْعُوا شُرَكَاءَكُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَرَأَوُا الْعَذَابَ ۚ لَوْ أَنَّهُمْ كَانُوا يَهْتَدُونَ

තවද “(නුඹලා අල්ලාහ්ට ආදේශ කළ) නුඹලාගේ හවුල්කරුවන්ව කැඳවවු” යැයි (ඔවුන්ට) පවසනු ලැබේ. එවිට ඔවුහු ඔවුන්ව කැදවති. නමුත් ඔවුහු(හවුල්කරුවන්) ඔවුනට පිළිතුරු නොදෙති. තවද ඔවුහු (තමන්ට හිමි) දඬුවම දකිති. ඔවුන් යහමග ලබන්නන් විය යුතු නොවේද?
65

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ مَاذَا أَجَبْتُمُ الْمُرْسَلِينَ

තවද ඔහු(අල්ලාහ්, ආදේශක) ඔවුන්ව අමතන දින “නුඹලා රසූල්වරුන්ට කවර පිළිතුරක් දුන්නෙහුදැ?”යි විමසන්නේය.
66

فَعَمِيَتْ عَلَيْهِمُ الْأَنبَاءُ يَوْمَئِذٍ فَهُمْ لَا يَتَسَاءَلُونَ

එවිට එදින (ඔවුන් දිය යුතු පිළිතුරෙහි) තොරතුරු ඔවුන් කෙරෙහි නොපෙනී යනු ඇත. එබැවින් ඔවුහු එකිනෙකා (ඒ පිළිබඳව) විමසා නොගන්නෝය.
67

فَأَمَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَعَسَىٰ أَن يَكُونَ مِنَ الْمُفْلِحِينَ

පශ්චාත්තාප කර විශ්වාස කර යහකම් කළ අය පිළිබඳව (සඳහන් කරන්නේ) නම් ඔහු ජයග්රාහකියන් අතුරින් (කෙනෙකු) විය හැක්කේය.
68

وَرَبُّكَ يَخْلُقُ مَا يَشَاءُ وَيَخْتَارُ ۗ مَا كَانَ لَهُمُ الْخِيَرَةُ ۚ سُبْحَانَ اللَّهِ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

තවද නුඹගේ පරමාධිපති තමා අභිමත කරන දෑ මවන්නේය. තවද ඔහු (නබිත්වය) සඳහා තමා අභිමත කළ අය) තෝරා ගන්නේය. (අදේශක) ඔවුනට කිසිදු තෝරා ගැනීමක් (සඳහා වූ අයිතියක්) නොමැත. අල්ලාහ් පිවිතුරුය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු අති උත්තරීතරය.
69

وَرَبُّكَ يَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ

තවද ඔවුන්ගේ හදවත් සඟවන දෑ ද ඔවුන් (ප්රකාශයෙන්) හෙළි කරන දෑ ද නුඹගේ පරමාධිපති දන්නේය.
70

وَهُوَ اللَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ لَهُ الْحَمْدُ فِي الْأُولَىٰ وَالْآخِرَةِ ۖ وَلَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ

තවද ඔහුමය අල්ලාහ්. ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නැත. ආරම්භයෙහි(මෙලොවෙහි) හා අවසානයෙහි(මතු ලොවෙහි) පැසසුම් ඔහු සතුය. තීන්දුව ද ඔහු සතුය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතටමය.
71

قُلْ أَرَأَيْتُمْ إِن جَعَلَ اللَّهُ عَلَيْكُمُ اللَّيْلَ سَرْمَدًا إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَنْ إِلَـٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُم بِضِيَاءٍ ۖ أَفَلَا تَسْمَعُونَ

(නබිවරය,) පවසවු “නුඹලා අවධානය කළෙහු ද? (එනම් මළවුන්) නැගිටුවනු ලබන දින දක්වා අල්ලාහ් නුඹලා කෙරෙහි රාත්රිය අඛණ්ඩව ඇති කළේ නම් අල්ලාහ් හැර නුඹලා වෙත ආලෝකය ගෙන එන දෙවියන් කවුරුන් ද? එබැවින් නුඹලා සවන් යොමු නොකරන්නේ ද?
72

قُلْ أَرَأَيْتُمْ إِن جَعَلَ اللَّهُ عَلَيْكُمُ النَّهَارَ سَرْمَدًا إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَنْ إِلَـٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُم بِلَيْلٍ تَسْكُنُونَ فِيهِ ۖ أَفَلَا تُبْصِرُونَ

(නබිවරය) පවසවු “නුඹලා අවධානය කළෙහු ද? (එනම් මළවුන්) නැගිටුවනු ලබන දින දක්වා අල්ලාහ් නුඹලා කෙරෙහි දහවල අඛණ්ඩව ඇති කළේ නම් අල්ලාහ් හැර නුඹලා වෙත නුඹලා එහි විවේක ගන්නා රාත්රිය ගෙන එන දෙවියන් කවුරුන් ද? එබැවින් නුඹලා (නිරීක්ෂා කර) නොබැලුවෙහු ද?
73

وَمِن رَّحْمَتِهِ جَعَلَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ لِتَسْكُنُوا فِيهِ وَلِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

ඔහු තම දයාවෙන් රාත්රිය හා දහවල නුඹලා එහි විවේක ගනු පිණිස ද ඔහුගේ වරප්රසාද 22 නුඹලා සො(යා )යනු පිණිස ද නුඹලාට ඇති කළේය. එවිට නුඹලා කෘතවේදී විය හැක්කේය.
22‘වරප්රසාද’ යන වචනය අල් කුර්ආනයේ බොහෝ ස්ථානයන්හි භාවිත වී ඇත. මෙයින් අදහස් කරන්නේ අල්ලාහ් විසින් අනුමත කරන ලද ව්යාපාර හා ආර්ථික ක්රියාවලීන්ය.
74

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنتُمْ تَزْعُمُونَ

තවද ඔහු(අල්ලාහ් ආදේශක) ඔවුන්ව අමතන දින “නුඹලා තරයේ විශ්වාස කරමින් සිටි මා(හට හවුල් කළ නුඹලා)ගේ හවුල්කරුවන් කොහේදැ?”යි ඔහු විමසන්නේය.
75

وَنَزَعْنَا مِن كُلِّ أُمَّةٍ شَهِيدًا فَقُلْنَا هَاتُوا بُرْهَانَكُمْ فَعَلِمُوا أَنَّ الْحَقَّ لِلَّهِ وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَفْتَرُونَ

තවද (එදින) සෑම ප්රජාවකින්ම සාක්ෂි කරුවෙකු( වන ඔවුන්ගේ නබිවරයා)ව අපි (එම ප්රජාවන්ගෙන්) පිට කරන්නෙමු. පසුව “(නුඹලා ප්රතික්ෂේප කිරීමට ඉදිරිපත් කළ) නුඹලාගේ සාධක ගෙන එවු” යැයි අපි (එම ජනයින්ට) පවසන්නෙමු. එවිට සැබැවින්ම සත්යය අල්ලාහ් සතු යැයි ඔවුහු දැනගනිති. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළාවී යන්නේය.
76

إِنَّ قَارُونَ كَانَ مِن قَوْمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيْهِمْ ۖ وَآتَيْنَاهُ مِنَ الْكُنُوزِ مَا إِنَّ مَفَاتِحَهُ لَتَنُوءُ بِالْعُصْبَةِ أُولِي الْقُوَّةِ إِذْ قَالَ لَهُ قَوْمُهُ لَا تَفْرَحْ ۖ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْفَرِحِينَ

සැබැවින්ම කාරූන් මූසාගේ සමූහයෙන් කෙනෙකු විය. 23 ඔහු ඔවුන්ට එරෙහිව සීමාව ඉක්මවා ගියේය. තවද අපි ඔහුට සැබැවින්ම එ(ම ධන සම්භාරයෙ)හි යතුරු (ඉසිලීමට) ශක්ති සම්පන්න පිරිසකට පවා බරක් වූ ධන සම්භාරයන් ලබා දුනිමු. ඔහුට ඔහුගේ පිරිස “නුඹ (අහංකාරකමින්) සතුටු නොවවු. සැබැවින්ම අල්ලාහ් (අහංකාරකමින්) සතුටුවන්නන්ව පි්රිය නොකරන්නේ යැ”යි පැවසූ අවස්ථාව (නබිවරය, සිහිපත් කරවු.)
23කාරූන් යනු නබි මූසා තුමාණන්ගේ ඥාති සහෝදරයෙකි. මොහුගේ නම බයිබලයේ ‘කෝරාහ්’ යැයි සඳහන් වී ඇත. ෆිර්අවුන් මොහුව ඉස්රාඊල්ගේ දරුවන්ගේ නායකයා බවට පත් කළේය. එනමුත් නබි මූසා තුමාණන්ට නබිත්වය ලැබීමෙන් පසුව ඉස්රාඊල්ගේ දරුවන් නබි මූසා තුමාව අනුගමනය කළ හෙයින් මෙය දුටු කාරූන්ට නබි මූසා තුමා සමග ඊර්ෂ්යාවක් ඇති විය. මොහු ඉස්රාඊල්ගේ දරුවන්ගේ ධනවත්ම පුද්ගලයාය. කෙතරම්දයත් මොහුගේ භාණ්ඩාගාරයන්හි යතුරු ඉසිලීමට ශක්තිමත් මිනිසුන් කිහිප දෙනෙකු අවශ්ය වන තරමට මොහුගේ භාණ්ඩාගාරය විශාලව තිබුණි.
77

وَابْتَغِ فِيمَا آتَاكَ اللَّهُ الدَّارَ الْآخِرَةَ ۖ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا ۖ وَأَحْسِن كَمَا أَحْسَنَ اللَّهُ إِلَيْكَ ۖ وَلَا تَبْغِ الْفَسَادَ فِي الْأَرْضِ ۖ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُفْسِدِينَ

“තවද අල්ලාහ් නුඹට දායාද කළ දැයින් (අල්ලාහ් වෙනුවෙන් දන් දී) නුඹ මතු ලොව නිවහන සොයවු. තවද මෙලොවේ (මතු ලොව වෙනුවෙන් කළ යුතු යහකි්රයා අතුරින්) නුඹගේ කොටස අමතක නොකරවු. තවද අල්ලාහ් නුඹ වෙත යහපත ඉටු කළාක් මෙන් නුඹ ද යහපත ඉටු කරවු. තවද නුඹ මිහිතලයෙහි කලහකම් කිරීමට නොපතවු. සැබැවින්ම අල්ලාහ් කලහකම් කරන්නන්ව ප්රිය නොකරන්නේය.” (යැයි ද ඔහුගේ පිරිස පැවසුවෝය.)
78

قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلَىٰ عِلْمٍ عِندِي ۚ أَوَلَمْ يَعْلَمْ أَنَّ اللَّهَ قَدْ أَهْلَكَ مِن قَبْلِهِ مِنَ الْقُرُونِ مَنْ هُوَ أَشَدُّ مِنْهُ قُوَّةً وَأَكْثَرُ جَمْعًا ۚ وَلَا يُسْأَلُ عَن ذُنُوبِهِمُ الْمُجْرِمُونَ

“මෙ(ම ධන සම්භාර)ය මට දෙනු ලැබුවේම මා වෙතින් වූ (මාගේ) ඥානය හේතුවෙනි” යැයි ඔහු(කාරූන්) පැවසුවේය. සැබැවින්ම අල්ලාහ් පරම්පරාවන් අතුරින් ඔහුට පෙර ඔහුට වඩා ශක්තියෙන් දැඩි වූ ද (ධනය හා පිරිස්) රැස් කිරීමෙන් අධික වූ ද අය විනාශ කර ඇති බව ඔහු නොදන්නේ ද? තවද වැරදිකරුවන් ඔවුන්ගේ පාපයන් පිළිබඳව විමසනු නොලබන්නෝය. 24
24විනිශ්චය දිනයේ මිනිසුන් අල්ලාහ්ගේ ප්රශ්න විමසුමට ලක් වීම නිසැකය. එනමුත් මෙම ආයතයෙහි “වැරදිකරුවන් ඔවුන්ගේ පාපයන් පිළිබඳව විමසනු නොලබන්නෝය” යැයි සඳහන් වී ඇත. එනම් ප්රශ්න විමසීම යන ක්රියාව කාරණා කිහිපයක් සඳහා භාවිත වේ. ‘නොදන්නා දෙයක් දැන ගැනීම පිණිස’ හෝ ‘අපැහැදිලි සැඟවුණු දෙයක් පරීක්ෂණය කිරීම පිණිස’ විමසනු ලැබීමය. මෙම ආයතයෙන් අදහස් වන්නේ පාපතරයින්ගේ පාපයන් පිළිබඳව මැනවින් දන්නා අල්ලාහ් ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳව ඔවුන්ගෙන් විමසීමට කිසිදු අවශ්යතාවක් නොමැති අතර විනිශ්චය දිනයේ පාපතරයින්ගෙන් ප්රශ්න කරනු ලැබීම මෙම ඝණයට අයත් ප්රශ්න විමසීමක් නොවන බවයි. එනමුත් අල්ලාහ් මිනිසාව ප්රශ්න විමසුමට ලක් කරනුයේ සියල්ලන්ටම තම තමන් කළ වරද වටහා දීම පිණිසය.
79

فَخَرَجَ عَلَىٰ قَوْمِهِ فِي زِينَتِهِ ۖ قَالَ الَّذِينَ يُرِيدُونَ الْحَيَاةَ الدُّنْيَا يَا لَيْتَ لَنَا مِثْلَ مَا أُوتِيَ قَارُونُ إِنَّهُ لَذُو حَظٍّ عَظِيمٍ

එවිට (වරක්) ඔහු තම අලංකාරයෙන් තම පිරිස වෙත පිටත්ව පැමිණියේය. මෙලොව ජීවිතය අපේක්ෂා කළවුන් “අහෝ! කාරූන්ට දෙනු ලැබුවාක් මෙන් අපට ද (දෙනු ලැබ) ඇත්නම් (කෙතරම් අගනේ ද) සැබැවින්ම ඔහු මහත් වූ භාග්යවන්තයෙකි” යැයි පැවසුවෝය.
80

وَقَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَيْلَكُمْ ثَوَابُ اللَّهِ خَيْرٌ لِّمَنْ آمَنَ وَعَمِلَ صَالِحًا وَلَا يُلَقَّاهَا إِلَّا الصَّابِرُونَ

(එයට) ඥානය දෙනු ලැබූවන් “නුඹලාට විනාශයයි. (නමුත්) විශ්වාස කර යහකම් කළවුනට අල්ලාහ්ගේ තිළිණය යහපත්ය. තවද ඉවසිලිවන්තයින් හැර (වෙනත් කිසිවෙකුට) එය දෙනු නොලබන්නේය” යැයි පැවසුවෝය.
81

فَخَسَفْنَا بِهِ وَبِدَارِهِ الْأَرْضَ فَمَا كَانَ لَهُ مِن فِئَةٍ يَنصُرُونَهُ مِن دُونِ اللَّهِ وَمَا كَانَ مِنَ الْمُنتَصِرِينَ

එබැවින් අපි ඔහුව හා ඔහුගේ නිවස පොළොවට කිඳා බැස්සුවෙමු. 25 එවිට අල්ලාහ් හැර ඔහුට උදව් කරන වෙනත් පිරිසක් ඔහුට නොවීය. තවද ඔහු තමාව ආරක්ෂා කරගන්නන් අතුරින් ද නොවීය.
25මොහු ධනවතෙකු බවට බයිබලයේ සඳහන් වී නැත. එනමුත් මොහුව අවසානයේ දී පොළොවෙහි ගිල්වීමට හේතු වූයේ නබි මූසා හා නබි හාරූන් තුමාණන් පිළිබඳව මොහු ඊර්ෂ්යා වීම යැයි සඳහන් වී ඇත.
82

وَأَصْبَحَ الَّذِينَ تَمَنَّوْا مَكَانَهُ بِالْأَمْسِ يَقُولُونَ وَيْكَأَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ ۖ لَوْلَا أَن مَّنَّ اللَّهُ عَلَيْنَا لَخَسَفَ بِنَا ۖ وَيْكَأَنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ

තවද පෙර දින ඔහුගේ ස්ථානයට ආශා කළවුන් “අහෝ! අල්ලාහ් තම ගැත්තන් අතුරින් අභිමත කරන්නන්ට ජීවන සැපයුම් විස්තීර්ණය කරන්නේය. තවද (ඔහු අභිමත කරන අයට) සීමා කරන්නේය. අල්ලාහ් අප කෙරෙහි උපකාර නොකළේ නම් ඔහු අපව (ද) කිඳා බස්වන්නට තිබිණ. අහෝ! ප්රතික්ෂේප කළවුන් ජයග්රහණය නොලබන්නෝය” යැයි පවසන්නන් බවට පත් වූහ.
83

تِلْكَ الدَّارُ الْآخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فِي الْأَرْضِ وَلَا فَسَادًا ۚ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ

එම මතු ලොව (ස්වර්ග) නිවහන එය මිහිතලයෙහි උඩඟුකම් ද කලහකාරීකම් ද අපේක්ෂා නොකරන්නන්ට අපි ඇති කළෙමු. තවද (ප්රශංසනීය) අවසානය බිය භක්තිකයින්ටය.
84

مَن جَاءَ بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِّنْهَا ۖ وَمَن جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَى الَّذِينَ عَمِلُوا السَّيِّئَاتِ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ

කවරෙකු යහපත ගෙන එන්නේ ද ඔහුට එයට වඩා ශ්රේෂ්ඨ දෑ ඇත. තවද කවරෙකු අයහපත ගෙන එන්නේ ද එවිට අයහපත් දෑ කළවුන්ට ඔවුන් කරමින් සිටි දෑ මිස ප්රතිවිපාක දෙනු නොලබන්නෝය.
85

إِنَّ الَّذِي فَرَضَ عَلَيْكَ الْقُرْآنَ لَرَادُّكَ إِلَىٰ مَعَادٍ ۚ قُل رَّبِّي أَعْلَمُ مَن جَاءَ بِالْهُدَىٰ وَمَنْ هُوَ فِي ضَلَالٍ مُّبِينٍ

(නබිවරය,) සැබැවින්ම නුඹ කෙරෙහි අල් කුර්ආනය (හා එහි නීතිරීති) නියම කළ කෙනා( වන අල්ලාහ්)ම නුඹව පැමිණි ස්ථානයට(මක්කාවට) නැවත යොමු කරන්නාය. 26 “මාගේ පරමාධිපති කවරෙකු යහමග ගෙන ආවේ ද කවරෙකු පැහැදිලි මුළාවෙහි සිටින්නේ ද යන්න මැනවින් දන්නායැ”යි (නබිවරය,) නුඹ පවසවු.
26මෙම ආයතය පහළ වූයේ නබි මුහම්මද් තුමාණන් මක්කා නගරය අත හැර මදීනාවට දේශාන්තරණය කළ විටය. තමන්ව මක්කා නගරය ජයග්රහණය ලැබුවෙකු ලෙස නැවත මක්කාවට හරවනු ඇත යැයි මෙම අවස්ථාවේ දී අල්ලාහ් නබි මුහම්මද් තුමාණන්ට පොරොන්දු දුන්නේය.
86

وَمَا كُنتَ تَرْجُو أَن يُلْقَىٰ إِلَيْكَ الْكِتَابُ إِلَّا رَحْمَةً مِّن رَّبِّكَ ۖ فَلَا تَكُونَنَّ ظَهِيرًا لِّلْكَافِرِينَ

තවද (මෙම) ධර්ම පුස්තකය(අල් කුර්ආනය) නුඹ වෙත දෙනු ලැබේ යැයි නුඹ අපේක්ෂා කරන්නෙකු නොවීය. නමුත් (එය දෙනු ලැබුවේ) නුඹගේ පරමාධිපතිගෙන් වූ දයාවක් වශයෙනි. එබැවින් කිසිවිටෙක නුඹ ප්රතික්ෂේපකයින්ට උදව් කරන්නෙකු නොවවු.
87

وَلَا يَصُدُّنَّكَ عَنْ آيَاتِ اللَّهِ بَعْدَ إِذْ أُنزِلَتْ إِلَيْكَ ۖ وَادْعُ إِلَىٰ رَبِّكَ ۖ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ

තවද අල්ලාහ්ගේ වදන්, ඒවා නුඹ වෙත පහළ කරනු ලැබුවායින් පසු එයින් නුඹව ඔවුන් වැළැක්විය නොයුතුය. තවද නුඹගේ පරමාධිපති වෙත කැඳවවු. තවද නුඹ ආදේශ තබන්නන් අතුරින් නොවවු.
88

وَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَـٰهًا آخَرَ ۘ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۚ كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ ۚ لَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ

තවද අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු නුඹ නොකැඳවවු. ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. ඔහුගේ ‘වජ්හ’ය 27 හැර අන් සියලු දෑ විනාශ වන දෑය. තීන්දුව ඔහු සතුය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතටමය.
27මෙම ආයතය ‘මුතෂාබිහාත්’ චින්තනයට ගෝචර නොවන(අචින්තෙය්ය) ගණයට අයත් ආයතයන් කිහිපයකින් එකකි. “වජ්හ්” යන අරාබි පදය බොහෝ අවස්ථාවන්හි පොදුවේ වාග් චාතූර්යයට අනුව ‘මුහුණ’ යන්නෙන් භාවිත කරනු ලැබේ. නමුත් මෙම ආයතයට අදාළ නිසි පරිපූර්ණ අරුත අල්ලාහ් පමණක් දනියි. මන්දයත් අල්ලාහ් කිසිදු මැවුමකින් නිදර්ශනය කළ නොහැකි සුවිශුද්ධයකි. ඇතැම් අල් කුර්ආන් විවරණකරුවන් එම ආයතයට කිසිදු විවරණයකින් තොරව ඒ අයුරින්ම විශ්වාස කිරීම උචිත යැයි ද ඇතැම් විවරණකරුවන් ‘අල්ලාහ් පමණක් සදා සිටීයි යනුවෙන් පෙන්නුම් කිරීම සඳහා මෙම පද යෙදුම භාවිත වී ඇත’ යැයි ද අදහස් දක්වති.
العنكبوتමක්කී
1

الم

අලිෆ්.ලාම්.මීම්. 1
1මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 හි පාද සටහන බලන්න.
2

أَحَسِبَ النَّاسُ أَن يُتْرَكُوا أَن يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ

(නබිවරය,) මිනිසුන් “අපි විශ්වාස කළෙමු” යැයි පැවසූ හේතුවෙන් (පමණක් ඔවුන් අල්ලාහ්ගේ) පිරික්සුමට ලක් කරනු නොලැබ අත හැර දමනු ඇතැ’යි ඔවුන් සිතන්නේ ද?
3

وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ

සැබැවින්ම ඔවුනට පෙර සිටියවුන්ව ද අපි පිරික්සුමට ලක් කළෙමු. සැබැවින්ම (විශ්වාසය පිළිබඳව) සත්යය පැවසූවන්ව අල්ලාහ් මැනවින් දන්නේය. තවද අසත්යවාදීන්ව ද අල්ලාහ් මැනවින් දන්නේය.
4

أَمْ حَسِبَ الَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ أَن يَسْبِقُونَا ۚ سَاءَ مَا يَحْكُمُونَ

එහෙත් නපුරුකම් කළවුන් අපව (දඬුවමින්) අබිබවා යන්නේ යැයි සිතන්නේ ද? ඔවුන් තීන්දු කරන දේ නපුරු විය.
5

مَن كَانَ يَرْجُو لِقَاءَ اللَّهِ فَإِنَّ أَجَلَ اللَّهِ لَآتٍ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

කවරෙකු අල්ලාහ්ගේ හමුවීම අපේක්ෂා කරමින් සිටින්නේ ද? (ඔහු ඒ සඳහා සූදානම් විය යුතුය. මන්දයත්) සැබැවින්ම (ඒ සඳහා වූ) අල්ලාහ්ගේ කාල වේලාව පැමිණෙන්නක්ය. තවද ඔහු සර්ව ශ්රාවකය සර්වඥය.
6

وَمَن جَاهَدَ فَإِنَّمَا يُجَاهِدُ لِنَفْسِهِ ۚ إِنَّ اللَّهَ لَغَنِيٌّ عَنِ الْعَالَمِينَ

තවද කවරෙකු (තම දහමෙහි) වෙහෙස දරන්නේ ද ඔහු වෙහෙස දරන්නේ ඔහු වෙනුවෙන්මය. සැබැවින්ම අල්ලාහ් සමස්ත විශ්වයාගෙන් සර්ව පොහොසත්ය.
7

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَنَجْزِيَنَّهُمْ أَحْسَنَ الَّذِي كَانُوا يَعْمَلُونَ

තවද විශ්වාස කොට යහකම් කළවුන් නම් සැබැවින්ම අපි ඔවුන්ගේ වැරදි ශෝධනය කරන්නෙමු. තවද ඔවුන් කරමින් සිටි ඉතා යහ දැය සඳහා සැබැවින්ම අපි ඔවුනට ප්රතිඵල ලබා දෙන්නෙමු.
8

وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ حُسْنًا ۖ وَإِن جَاهَدَاكَ لِتُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا ۚ إِلَيَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

තවද තම දෙමාපියන්ට යහපත කරන මෙන් අපි මිනිසාට උපදෙස් කළෙමු. නුඹට දැනුමක් නොමැති යමක්(දෙවියෙක්ව) මා හට ආදේශ තබන්නැ’යි ඔවුන් දෙදෙනා නුඹට බල කරන්නේ නම් (එවන් කටයුත්තක දී) ඔවුන් දෙදෙනාට අවනත නොවවු. 2 නුඹලාගේ නැවත පැමිණීම මා වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව නුඹලාට මා දන්වන්නෙමි.
2මෙම ආයතය පහළ වූයේ සඃද් ඉබ්නු අබී වක්කාස් තුමාණන් පසුබිම් කරගෙනය. එනම් ඔහු ඉස්ලාමය වැලඳ ගත් විට ඔහුගේ මව එයට එකඟ නොවී ඔහුට බාධා කළාය. තවද ඔහු ඉස්ලාමය අත් හරින තුරු ආහාර අනුභව නොකරනවා යැයි ඇය පැවසුවාය. තම මවට ගරු කරන සඃද් තුමාණන්ට මෙය ශෝකයක් හා ව්යාකූල තත්ත්වයක් ගෙන එන්නක් විය. මේ පිළිබඳව ඔහු නබි මුහම්මද් තුමාණන්ට පැවසූ මොහොතේ දී මෙම ආයතය පහළ වූයේ යැයි නොයෙකුත් වාර්තාවන්හි සඳහන් වී ඇත. එනම් අල්ලාහ්ට අකීකරු වන කරුණක පමණක් දෙමාපියන්ට අවනත විය යුතු නොවේ යැයි මෙම ආයතය මගින් පැහැදිලි කර ඇත.
9

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُدْخِلَنَّهُمْ فِي الصَّالِحِينَ

තවද විශ්වාස කොට යහකම් කළවුන් නම් සැබැවින්ම අපි ඔවුන්ව (ස්වර්ගයෙහි) දැහැමියන් අතරට ඇතුළත් කරන්නෙමු.
10

وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللَّهِ فَإِذَا أُوذِيَ فِي اللَّهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللَّهِ وَلَئِن جَاءَ نَصْرٌ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ ۚ أَوَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِمَا فِي صُدُورِ الْعَالَمِينَ

(නබිවරය,) “අපි අල්ලාහ්ව විශ්වාස කළෙමු” යැයි පවසන්නන් ද මිනිසුන් අතුරින් වෙති. (නමුත්) අල්ලාහ්ගේ (දහම) විෂයෙහි ඔවුන් හිංසාවට ලක් වන විට (ඇති වන්නා වූ) මිනිසුන්ගේ ව්යසනය(හිරිහැරය) අල්ලාහ්ගේ දඬුවමක් බව සිතති. තවද නුඹගේ පරමාධිපතිගෙන් උදව් උපකාර (විශ්වාසික නුඹලාහට) පැමිණියේ නම් “සැබැවින්ම නුඹලා සමගම අපි සිටියෙමු” යැයි ඔවුහු පවසන්නෝමය. 3 සියලු ලෝ වැසියන්ගේ හදවත්හි ඇති දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නා නොවේ ද? 4
3මෙයින් අදහස් කරන්නේ ආත්ම වංචනිකයින් හෙවත් මුනාෆික්වරුන් පිළිබඳව යැයි ඇතැම් අල් කුර්ආන් විග්රාහයකයින් පවසා ඇත. එනම් මුස්ලිම්වරුන්ට යම් යහපතක් ඇති වුවහොත් එහි වාසිය තමන්ට ද ලැබිය යුතු බැවින් මොවුන් මුස්ලිම්වරුන් සමග සිටින්නෝය. එහෙත් මුස්ලිම්වරුන්ට යම් අයහපත් තත්ත්වයක් ඇති වූ විට ඔවුන් එය ඉවසා දරා නොගන්නෝය.
4එනම් මෙම ආත්ම වංචනිකයින්ගේ හදවත්හි ඇත්තේ සත්යය විශ්වාසය ද නැතහොත් කුහක බව ද යන්න අල්ලාහ් මනාව දන්නා බවයි.
11

وَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ آمَنُوا وَلَيَعْلَمَنَّ الْمُنَافِقِينَ

සැබැවින්ම විශ්වාස කළවුන්ව අල්ලාහ් මැනවින් දන්නේය. තවද කුහකයින්ව ද අල්ලාහ් මැනවින් දන්නේය.
12

وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا اتَّبِعُوا سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَايَاكُمْ وَمَا هُم بِحَامِلِينَ مِنْ خَطَايَاهُم مِّن شَيْءٍ ۖ إِنَّهُمْ لَكَاذِبُونَ

“අපගේ මාර්ගය නුඹලා පිළිපදිවු. තවද නුඹලාගේ පාපයන් අපි උසුලන්නෙමු” යැයි ප්රතික්ෂේප කළවුන් විශ්වාස කළවුනට පවසති. (නමුත්) මොවුන්ගේ පාපයන් කිසිවක් (ප්රතික්ෂේපක) ඔවුන් උසුලන්නන් නොවෙති. සැබැවින්ම ඔවුන් අසත්යය පවසන්නන්මය.
13

وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًا مَّعَ أَثْقَالِهِمْ ۖ وَلَيُسْأَلُنَّ يَوْمَ الْقِيَامَةِ عَمَّا كَانُوا يَفْتَرُونَ

සැබැවින්ම ඔවුන් තම (පාපයන්හි) බර ද තවද තම (පාපයන්හි) බර සමග තවත් බර ද උසුලන්නෝමය. ඔවුන් (බොරු) ගොතමින් සිටි දෑ පිළිබඳව (මළවුන්) නැගිටුවනු ලබන දින සැබැවින්ම ඔවුන් විමසනු ලබන්නෝමය. 5
5කෙනෙකු පාපයක නියැළුනේ නම් ඔහු එම පවෙහි බර මරණින් පසු උසුලනු ඇති අතර මොහු හේතුවෙන් වෙනත් අයෙකු පාපයක නියැළී ඇත්තේ නම් එම පවෙහි කොටසක් ද මොහු ඉසිලිය යුතුය. මෙම ආයතයෙහි “තවත් බර ද” යනුවෙන් අදහස් කරන්නේ මෙයයි.
14

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ

සැබැවින්ම අපි නූහ්ව ඔහුගේ ජනයා වෙත එව්වෙමු. ඔහු වසර දහසකින් වසර පනහක් හැර (එනම් වසර නවසිය පනහක්) ඔවුන් අතරෙහි රැඳී සිටියේය. ඔවුන් අපරාධකරුවන්ව සිටිය දී මහා ජල ගැල්මක් ඔවුන්ව හසු කර ගත්තේය. 6
6මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 11:25-48 , 23:23-29 යන ආයතයන් බලන්න.
15

فَأَنجَيْنَاهُ وَأَصْحَابَ السَّفِينَةِ وَجَعَلْنَاهَا آيَةً لِّلْعَالَمِينَ

එබැවින් ඔහුව ද (ඔහුව විශ්වාස කළ) නැවෙහි සගයින්ව ද අපි (එම මහා ජල ගැල්මෙන්) ආරක්ෂා කළෙමු. මෙය ලෝවැසියන්ට සංඥාවක් බවට පත් කළෙමු.
16

وَإِبْرَاهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ ۖ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

තවද ඉබ්රාහීම්ව ද (ඔහුගේ ජනයා වෙත අපි එව්වෙමු.) ඔහු තම ජනයාට (මෙසේ) පැවසූ අවස්ථාව (සිහිපත් කරවු). “නුඹලා අල්ලාහ්ව නමදිවු. තවද ඔහුට බිය භක්තිමත් වවු. (පිළිරූ වන්දනයට වඩා අල්ලාහ්ව පමණක් නැමදීම සත්යය හා උසස් බව) නුඹලා දන්නෙහු නම් එය නුඹලාට යහපත් වන්නේය.
17

إِنَّمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ أَوْثَانًا وَتَخْلُقُونَ إِفْكًا ۚ إِنَّ الَّذِينَ تَعْبُدُونَ مِن دُونِ اللَّهِ لَا يَمْلِكُونَ لَكُمْ رِزْقًا فَابْتَغُوا عِندَ اللَّهِ الرِّزْقَ وَاعْبُدُوهُ وَاشْكُرُوا لَهُ ۖ إِلَيْهِ تُرْجَعُونَ

සැබැවින්ම නුඹලා අල්ලාහ් හැර නමදිනුයේ පිළිරූ වලටමය. තවද (ඒවා අල්ලාහ්ගේ සමානයන් බවට) නුඹලා අසත්යයක් මවා ගන්නෙහුය. සැබැවින්ම අල්ලාහ් හැර නුඹලා නමදින අය (පිළිබඳව) නම් ඔවුහු නුඹලාට ජීවන සම්පත් සැපයීමට හිමිකමක් නොදරන්නෝය. එබැවින් නුඹලා අල්ලාහ් අබියසම ජීවන සම්පත් සොයවු. තවද නුඹලා ඔහුට නැමදුම් කරවු. තවද නුඹලා ඔහුට කෘතඥ වවු. (මන්දයත් මරණින් පසු) නුඹලා නැවත හරවනු ලබනුයේ ඔහු වෙතමය.
18

وَإِن تُكَذِّبُوا فَقَدْ كَذَّبَ أُمَمٌ مِّن قَبْلِكُمْ ۖ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ

(ප්රතික්ෂේපකයිනි,) තවද නුඹලා (මා) අසත්යය කරන්නේ නම් (එයින් මා හට කිසිදු ආපදාවක් නැත. මන්දයත්) නුඹලාට පෙර වූ සමූහයන් ද (තම රසූල්වරුන්ව) අසත්යය කළෝය. තවද (දේව පණිවිඩය) පැහැදිලි වූ ප්රචාරය කිරීම මිස රසූල්වරයා කෙරෙහි වෙනත් (වගකීම්) කිසිවක් නොමැත.”
19

أَوَلَمْ يَرَوْا كَيْفَ يُبْدِئُ اللَّهُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ

අල්ලාහ් (විසින්) මැවුම් කවර අයුරින් (පෙර නිදසුනකින් තොරව) උත්පාදනය කළේ දැයි ඔවුන් නුදුටුවේ ද? අනතුරුව (මරණින් පසු නැවත නැගිටු වන දිනයෙහි) ඔහු ඒවා පුනරුත්පාදනය කරන්නේය. සැබැවින්ම එය අල්ලාහ් කෙරෙහි පහසු කාර්යයකි.
20

قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ۚ ثُمَّ اللَّهُ يُنشِئُ النَّشْأَةَ الْآخِرَةَ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

(නබිවරය,) “මිහිතලයේ නුඹලා සැරිසරවු. ඔහු මැවුම් (පෙර නිදසුනකින් තොරව) උත්පාදනය (කර පෙර විසූවන්ව මරණයට පත්) කළේ කෙසේ දැ’යි නිරීක්ෂා කර බලවු. අනතුරුව අල්ලාහ් තවත් නිර්මාණයක් නිර්මාණය කරන්නේය. 7 සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්න” යැයි පවසවු.
7අල්ලාහ්ට විනිශ්චය සඳහා මිනිසාට නැවතත් පණ දිය නොහැකි යැයි ප්රතික්ෂේපකයින් තර්ක කළෝය. මෙම ආයතයෙන් පවසන්නේ විශ්වය ඇතුළු සියලු මැවුම් පෙර නිදසුනකින් තොරව උත්පාදනය කළ අල්ලාහ්ට මිනිසාට විනිශ්චය සඳහා නැවත ප්රාණය දීම එයටත් වඩා පහසු දෙයක් බවය.
21

يُعَذِّبُ مَن يَشَاءُ وَيَرْحَمُ مَن يَشَاءُ ۖ وَإِلَيْهِ تُقْلَبُونَ

තමන් අභිමත කරන්නාට ඔහු දඬුවම් දෙන්නේය. තමන් අභිමත කරන්නාට ඔහු කරුණාව දක්වන්නේය. තවද ඔහු වෙතය නුඹලා නැවත පෙරළා එනු ලබනුයේ.
22

وَمَا أَنتُم بِمُعْجِزِينَ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ ۖ وَمَا لَكُم مِّن دُونِ اللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ

(ප්රතික්ෂේපකයිනි,) මිහිතලයේ ද අහසේ ද නුඹලා (අල්ලාහ්ව පරාජය කර ඔහුව) නොහැකියාවට පත් කරන්නන් නොවන්නෙහුය. තවද අල්ලාහ් හැර නුඹලාට උදවුකරුවෙකු ද භාරකරුවෙකු ද නොමැත.
23

وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ وَلِقَائِهِ أُولَـٰئِكَ يَئِسُوا مِن رَّحْمَتِي وَأُولَـٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ

තවද අල්ලාහ්ගේ වදන් හා (මරණින් මතුව) ඔහුව හමුවීම ප්රතික්ෂේප කළවුන් නම් ඔවුන් (එදින) මාගේ දයාව පිළිබඳව අපේක්ෂාභංග වූවෝය. තවද ඔවුන්මය වේදනීය දඬුවමක් ඇත්තන් වන්නේ.
24

فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَن قَالُوا اقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنجَاهُ اللَّهُ مِنَ النَّارِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

(ඉබ්රාහීම් අල්ලාහ් වෙත කැඳවන විට කෝප වූ) ඔහුගේ ජනයාගේ පිළිතුර ‘මොහුව මරා දමවු’ නැතහොත් ‘මොහුව පුලුස්සා දමවු’ යැයි ඔවුන් පවසා සිටීම මිස නොවීය. එබැවින් අල්ලාහ් ඔහුව (ඔවුන් මෙළ වූ) ගින්නෙන් ආරක්ෂා කළේය. 8 සැබැවින්ම මෙහි විශ්වාස කරන පිරිසට සංඥා ඇත.
8වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 21:51-70 බලන්න.
25

وَقَالَ إِنَّمَا اتَّخَذْتُم مِّن دُونِ اللَّهِ أَوْثَانًا مَّوَدَّةَ بَيْنِكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ ثُمَّ يَوْمَ الْقِيَامَةِ يَكْفُرُ بَعْضُكُم بِبَعْضٍ وَيَلْعَنُ بَعْضُكُم بَعْضًا وَمَأْوَاكُمُ النَّارُ وَمَا لَكُم مِّن نَّاصِرِينَ

තවද “මෙලොව ජීවිතයේ අල්ලාහ් හැර වෙනත් පිළිම (දෙවිවරුන් ලෙස) නුඹලා තෝරා ගත්තේ නුඹලා (එකිනෙකා) අතර වූ ප්රියත්වය හේතුවෙන්මය. 9 පසුව (මළවුන්) නැගිටුවනු ලබන දින නුඹලාගෙන් සමහරුන් තවත් සමහරුන්ව ප්රතික්ෂේප කරති. නුඹලාගෙන් සමහරුන් තවත් සමහරුන්ට ශාප ද කරති. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්නයි. තවද නුඹලාට උදව්කරුවන්ගෙන් කිසිවෙකු නොමැත.” යැයි ඔහු(ඉබ්රාහීම්) පැවසුවේය.
9ඇතැම් මිනිසුන් සත්ය දහම වටහා ගනිමින් සිටිය ද තම පවුලේ උදවිය හා මිත්රයින් වැනි අයගේ බලපෑම නිසා ඔවුන් එම සත්ය නොතකා හැර තමන් ප්රිය කරන අයගේ විශ්වාසය වැරදි යැයි පැහැදිලි වුවද ඔවුහු එයම විශ්වාස කරන්නෝය. මෙම ආයතයෙන් පෙන්නුම් කරන්නේ මෙවන් අය පිළිබඳවයි.
26

فَآمَنَ لَهُ لُوطٌ ۘ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَىٰ رَبِّي ۖ إِنَّهُ هُوَ الْعَزِيزُ الْحَكِيمُ

(අල්ලාහ් ඉබ්රාහීම්ව ගින්නෙන් ආරක්ෂා කළ අවස්ථාවෙහි ඔහුව ලූත් දුටුවේය.) එවිට ලූත් ඔහුව විශ්වාස කළේය. “සැබැවින්ම මම මාගේ පරමාධිපති වෙත දේශාන්තරණය කරන්නෙකු වෙමි. සැබැවින්ම ඔහුමය අති බලසම්පන්න සර්ව ප්රඥාවන්ත වන්නේ” යැයි ඔහු(ඉබ්රාහීම්) පැවසුවේය.
27

وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِ النُّبُوَّةَ وَالْكِتَابَ وَآتَيْنَاهُ أَجْرَهُ فِي الدُّنْيَا ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ

තවද අපි ඔහුට ඉස්හාක්ව ද යඃකූබ්ව ද ප්රදානය කළෙමු. ඔහුගේ(ඉබ්රාහීම්ගේ) පරපුරෙහි නබිත්වය ද පුස්තකය ද අපි ඇති කළෙමු. තවද ඔහුගේ වේතනය මෙලොවෙහි අපි ඔහුට ලබා දුනිමු. තවද සැබැවින්ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතුරිනි.
28

وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ إِنَّكُمْ لَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنْ أَحَدٍ مِّنَ الْعَالَمِينَ

තවද ලූත්ව ද (ඔහුගේ ජනයා වෙත අපි එව්වෙමු.) “සැබැවින්ම නුඹලාට පෙර ලෝවැසියන් කිසිවෙකු නොකළ අශික්ෂිත දෑ නුඹලා කරන්නෙහුය.” යැයි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව (සිහිපත් කරවු). 10
10වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:80-84 සහ 11 : 69-82 බලන්න.
29

أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ وَتَقْطَعُونَ السَّبِيلَ وَتَأْتُونَ فِي نَادِيكُمُ الْمُنكَرَ ۖ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَن قَالُوا ائْتِنَا بِعَذَابِ اللَّهِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ

(එමෙන්ම) “මාර්ගය අවහිර කරමින් (සමලිංගික සේවනය සඳහා) පිරිමින් වෙත සැබැවින්ම නුඹලා පැමිණෙන්නෙහු ද? තවද නුඹලා තම සභාවෙහි පිළිකුල් සහගත දෑහි යෙදෙන්නෙහු ද?” (යැයි ද ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරවු) එවිට ඔවුහු (ලූත් අමතා) “නුඹ සත්යවාදීන් අතුරින් නම් අප වෙත අල්ලාහ්ගේ දඬුවම ගෙන එනු”යි පවසා සිටීම මිස ඔහුගේ ජනයාගේ පිළිතුර නොවීය.
30

قَالَ رَبِّ انصُرْنِي عَلَى الْقَوْمِ الْمُفْسِدِينَ

“මාගේ පරමාධිපතියාණනි, කලහකාරී ජනයාට එරෙහිව මට උදවු කරනු මැනව”යි ඔහු පැවසුවේය.
31

وَلَمَّا جَاءَتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَىٰ قَالُوا إِنَّا مُهْلِكُو أَهْلِ هَـٰذِهِ الْقَرْيَةِ ۖ إِنَّ أَهْلَهَا كَانُوا ظَالِمِينَ

අපගේ දූතයින් (වන මලක්වරුන්) ශුභාරංචි 11 සමග ඉබ්රාහීම් වෙත පැමිණි කල්හි “සැබැවින්ම අපි මෙම නගරයේ වැසියන් විනාශ කරන්නන් වන්නෙමු. මන්දයත් සැබැවින්ම මෙහි වැසියන් අපරාධකරුවන් වූහ” යැයි ඔවුහු (ලූත්ගේ ගම්වාසින්ව අඟවා ඉබ්රාහීම්ට) පැවසුවෝය.
11මෙහි ශුභාරංචි යනුවෙන් අදහස් කරනුයේ මෙම සූරාවේ 27 වන ආයතයෙහි සඳහන් පරිදි නබි ඉබ්රාහීම් තුමාට නබි ඉස්හාක් නැමැති දරුවකු උපත ලබන ආරංචියයි.
32

قَالَ إِنَّ فِيهَا لُوطًا ۚ قَالُوا نَحْنُ أَعْلَمُ بِمَن فِيهَا ۖ لَنُنَجِّيَنَّهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ كَانَتْ مِنَ الْغَابِرِينَ

“සැබැවින්ම එහි ලූත් ද සිටින්නේය” යැයි ඔහු (ඉබ්රාහීම්) පැවසුවේය. (එවිට) ඔවුහු “එහි කවරෙකු සිටින්නේ දැ’යි අපි මැනවින් දනිමු. සැබැවින්ම ඔහුගේ බිරිය හැර ඔහුව ද ඔහුගේ පවුල ද (ඔහුගේ සමූහයට ඇති වන විපතින්) අපි මුදවා ගන්නෙමු. ඇය (විනාශය සඳහා) ඉතිරිවූවන් අතුරින් වූවාය.
33

وَلَمَّا أَن جَاءَتْ رُسُلُنَا لُوطًا سِيءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالُوا لَا تَخَفْ وَلَا تَحْزَنْ ۖ إِنَّا مُنَجُّوكَ وَأَهْلَكَ إِلَّا امْرَأَتَكَ كَانَتْ مِنَ الْغَابِرِينَ

තවද අපගේ දූතවරුන්(මලක්වරුන්) ලූත් වෙත පැමිණි කල්හි ඔවුන්(ගේ පැමිණීම) උදෙසා ඔහු දුකට පත් විය. තවද ඔවුන් (සමග ද තම සමූහයා මෙම අශික්ෂිත ක්රියාව කිරීමට තැත් කරති යන බිය) හේතුවෙන් ඔහු (තම) හදවතින් අපහසුතාවට පත් වුණේය. 12 එවිට (මලක්වරුන් ඔහු අමතා) “නුඹ බිය නොවවු. තවද දුක් නොවවු. සැබැවින්ම අපි නුඹගේ බිරිය හැර නුඹව ද නුඹගේ පවුල ද (නුඹගේ සමූහයට ඇති වන විපතින්) අපි මුදවා ගන්නන් වන්නෙමු. ඇය (විනාශය සඳහා) ඉතිරිවූවන් අතුරින් වූවාය.” යැයි පැවසුවෝය.
12නබි ලූත් තුමාණන් වෙත අලංකාර තැරුණයින්ගේ ස්වරූපයෙන් මලක්වරුන් පැමිණ සිටියෝය. තම සමූහයා ඇබ්බැහි වී සිටි පාපය පිළිබඳව දැන සිටි නබි ලූත් තුමාණන් මෙම මලක්වරුන් සමග ද ඔවුන් පාප කර්මය ඉටු කිරීමට තැත් කරනු ඇතැ’යි සිතා මොහු දුකට පත් වූයේය.
34

إِنَّا مُنزِلُونَ عَلَىٰ أَهْلِ هَـٰذِهِ الْقَرْيَةِ رِجْزًا مِّنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ

“සැබැවින්ම අපි මෙම ගම්වැසියන් පාපකම් කරමින් සිටි හේතුවෙන් ඔවුන් කෙරෙහි අහසින් දඬුවමක් පහළ කරන්නන් වන්නෙමු.” (යැයි ද ඔවුහු පැවසුවෝය.)
35

وَلَقَد تَّرَكْنَا مِنْهَا آيَةً بَيِّنَةً لِّقَوْمٍ يَعْقِلُونَ

සැබැවින්ම අවබෝධ කරන ජනයාට ඒවා අතුරින් පැහැදිලි නටඹුන් අපි අතහැර දැමුවෙමු.
36

وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ وَارْجُوا الْيَوْمَ الْآخِرَ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ

තවද මද්යන් (වාසීන්) වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව ද (අපි යැව්වෙමු.) එවිට “මාගේ ජනයනි, නුඹලා අල්ලාහ්ව (පමණක්) නැමදුම් කරවු. තවද අවසන් දිනය (කෙරෙහි බිය වෙමින් එය) බලාපොරොත්තු වවු. තවද මිහිතලයෙහි කලහකාරකම් පතුරුවමින් සීමාව ඉක්මවා නොයවු.” යනුවෙන් ඔහු පැවසුවේය.
37

فَكَذَّبُوهُ فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ

එවිට ඔවුහු ඔහුව අසත්යය කළෝය. එබැවින් ඔවුන්ව භූමිකම්පාව ග්රහණය කළේය. තවද ඔවුන් ඔවුන්ගේ නිවෙස් තුළම දණින් වැටී (මිය ගිය තත්ත්වයේ) වූහ. 13
13වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:85 බලන්න.
38

وَعَادًا وَثَمُودَ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَاكِنِهِمْ ۖ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ وَكَانُوا مُسْتَبْصِرِينَ

තවද ආද් හා සමූද් (ජනයා)ව ද (අපි විනාශ කළෙමු.) 14 තවද ඔවුන්ගේ ජනාවාස වලින් නුඹලාට (ඒ බව) පැහැදිලි වන්නේය. ෂෙයිතාන් ඔවුන්ගේ (වැරදි) ක්රියාවන් ඔවුනට අලංකාර කර පෙන්වා ඔවුන් ඥානවන්තයින්ව සිටිය දී ඔවුන්ව ඔහු (නිවැරදි) මාර්ගයෙන් වැළැක්වීය.
14වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:65-79 බලන්න.
39

وَقَارُونَ وَفِرْعَوْنَ وَهَامَانَ ۖ وَلَقَدْ جَاءَهُم مُّوسَىٰ بِالْبَيِّنَاتِ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ وَمَا كَانُوا سَابِقِينَ

තවද කාරූන්, ෆිර්අවුන් හා හාමාන්ව ද (අපි විනාශ කළෙමු.) 15 ඔවුන් වෙත මූසා පැහැදිලි සාධක රැගෙන ආවේය. නමුත් ඔවුහු මිහිතලයේ උඩඟු වූවෝය. තවද ඔවුන් (අල්ලාහ්ගේ දඬුවම) අබිබවන්නන් නොවූවෝය.
15වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 28:76-82 බලන්න.
40

فَكُلًّا أَخَذْنَا بِذَنبِهِ ۖ فَمِنْهُم مَّنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا وَمِنْهُم مَّنْ أَخَذَتْهُ الصَّيْحَةُ وَمِنْهُم مَّنْ خَسَفْنَا بِهِ الْأَرْضَ وَمِنْهُم مَّنْ أَغْرَقْنَا ۚ وَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَـٰكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ

සෑම කෙනෙකුවම තමන්ගේ පාපය හේතුවෙන් ග්රහණය කළෙමු. එබැවින් ඔවුන් අතුරින් සමහරුන් වෙත ගල් සුළඟක් එව්වෙමු. තවද ඔවුන් අතුරින් තවත් සමහරුන්ව මහා හඬ ග්රහණය කළේය. තවද ඔවුන් අතුරින් තවත් සමහරුන් මිහිතලයට කිඳා බැස්සුවෙමු. තවද ඔවුන් අතුරින් තවත් සමහරුන්ව (ජලයේ) ගිල් වූයෙමු. අල්ලාහ් ඔවුනට අපරාධ කරන්නෙකු නොවීය. නමුත් ඔවුහු තමන්ටම අපරාධකර ගන්නන් වූහ.
41

مَثَلُ الَّذِينَ اتَّخَذُوا مِن دُونِ اللَّهِ أَوْلِيَاءَ كَمَثَلِ الْعَنكَبُوتِ اتَّخَذَتْ بَيْتًا ۖ وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنكَبُوتِ ۖ لَوْ كَانُوا يَعْلَمُونَ

අල්ලාහ් හැර (පිළිමයන් තම) භාරකරුවන් ලෙස ගත්තවුනට උපමාව මකුළුවෙකු මෙනි. 16 ඇය(එම මකුළුවා) නිවසක් තනා ගත්තාය. සැබැවින්ම නිවෙස් වලින් ඉතා දුර්වලම නිවස වනුයේ මකුළුවාගේ නිවසයි. (ඒ බව) ඔවුන් දැන සිටියා නම්, (එසේ පිළිමයන්ට නැමදුම් නොකරනු ඇත.)
16මෙහි මකුළුවා මිනිසා ලෙසටත් මකුළු දැල ඔවුන් වන්දනා මාන කරන පිළිම ලෙසටත් උපමා කොට ඇත. මන්දයත් මකුළු දැල ඉතා දුර්වල හෙයින් තමාට යම් ආපදාවකින් මිදීමට නොහැක.
42

إِنَّ اللَّهَ يَعْلَمُ مَا يَدْعُونَ مِن دُونِهِ مِن شَيْءٍ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

සැබැවින්ම අල්ලාහ්, ඔහුගෙන් තොරව ඔවුන් (නැමදුම් කර) අයැදින සෑම දෙයක් පිළිබඳවම දන්නේය. තවද ඔහු අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
43

وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ ۖ وَمَا يَعْقِلُهَا إِلَّا الْعَالِمُونَ

මෙම උපමාවන් ජනයාහට අපි ගෙන හැර පාන්නෙමු. තවද ඥානවන්තයින් හැර (වෙනත් කිසිවෙකු) ඒවා අවබෝධ කර නොගනිති.
44

خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّلْمُؤْمِنِينَ

අල්ලාහ්(ව පමණක් නැමදිය යුතුය යන) සත්යය (කරුණ) සඳහා අහස් හා මිහිතලය මැව්වේය. සැබැවින්ම එහි විශ්වාසිකයින්ට සංඥා ඇත.
45

اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ ۖ إِنَّ الصَّلَاةَ تَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ ۗ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ ۗ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ

(නබිවරය,) පුස්තකයෙන්(අල් කුර්ආනයෙන්) නුඹ වෙත වහී (දේව පණිවිඩ) පහළ කරනු ලැබූ දෑ පාරායනා කර(පෙන්ව)වු. සලාතය ද ස්ථාපිත කරවු. (මන්දයත්) සැබැවින්ම සලාතය අලජ්ජිත හා පිළිකුල් සහගත දැයින් වළකාලන්නේය. අල්ලාහ්ව මෙනෙහි කිරීම අති ශ්රේෂ්ඨය. තවද නුඹලා කරන දෑ අල්ලාහ් දන්නේය.