පාරා 20

අ'මන් හලාක

339 පද්‍ය
📖පාරා

පාරා 20

අ'මන් හලාක339 පද්‍ය

الفرقانමක්කී
21

وَقَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا لَوْلَا أُنزِلَ عَلَيْنَا الْمَلَائِكَةُ أَوْ نَرَىٰ رَبَّنَا ۗ لَقَدِ اسْتَكْبَرُوا فِي أَنفُسِهِمْ وَعَتَوْا عُتُوًّا كَبِيرًا

තවද (නබිවරය, විනිශ්චය දින) අපගේ හමුවීම අපේක්ෂා නොකරන්නන් “(නුඹ රසූල්වරයෙකු බවට සාක්ෂියක් වශයෙන්) අප වෙත මලක්වරුන් පහළ කරනු ලැබිය යුතු නොවේ ද? එසේත් නැතහොත් අපගේ පරමාධිපතිව අප (පිය වී ඇසින්) දැකිය යුතු නොවේ ද?” යැයි පවසනු ඇත. ඔවුහු තමන් පිළිබඳවම උඩඟුකම් පෑහ. තවද මහත් සීමාව ඉක්මවීමකින් ඔවුහු සීමාව ඉක්මවා ගියෝය.
22

يَوْمَ يَرَوْنَ الْمَلَائِكَةَ لَا بُشْرَىٰ يَوْمَئِذٍ لِّلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًا مَّحْجُورًا

ඔවුන් මලක්වරුන්ව දකින දින (සිහිපත් කරවු. එවිට) “වැරදිකරුවන්ට එදින කිසිදු සුබාරංචියක් නැත. තවද (සියලුම සැප පහසුකම්) තහනම් කිරීමකින් (ඔවුනට) බාධා කරනු ලැබීය” යැයි (ප්රතික්ෂේපකයින්ට මලක්වරුන්) පවසති.
23

وَقَدِمْنَا إِلَىٰ مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَّنثُورًا

තවද ඔවුන් (ලෞකික ජීවිතයෙහි) කළ ක්රියාවන් වෙත අපි යොමු වී පසුව එය විහිදුවනු ලැබූ දූවිලි බවට පත් කරන්නෙමු. 3 -
3ප්රතික්ෂේපකයින්ගේ යහ ක්රියාවන්ට කුලිය ඇත්තේ ලොවෙහි දී පමණයි. විනිශ්චය දිනයේ එය සුළඟෙහි විසුරුවා හරින ලද දූවිලි මෙන් ඔවුන්ට කිසි ඵලක් නැති දෙයක් බවට පත් වේ. මන්දයත් සෑම නැමදුමකම හරය වන අල්ලාහ් කෙරෙහි වූ සත්යය විශ්වාසය ඔවුන්ට නොතිබීම හේතුවෙනි.
24

أَصْحَابُ الْجَنَّةِ يَوْمَئِذٍ خَيْرٌ مُّسْتَقَرًّا وَأَحْسَنُ مَقِيلًا

එදින ස්වර්ගවාසීහු වාසස්ථානයෙන් ඉතා ශ්රේෂ්ඨයින් ලෙස ද විවේක ගන්නා ස්ථානයෙන් ඉතා අලංකාර වූවන් ලෙස ද සිටිති.
25

وَيَوْمَ تَشَقَّقُ السَّمَاءُ بِالْغَمَامِ وَنُزِّلَ الْمَلَائِكَةُ تَنزِيلًا

වලාකුළු සමග අහස පැළී මලක්වරුන් ද ප්රවේශයකින් ප්රවේශ කරනු ලබන දින (සිහිපත් කරවු.)
26

الْمُلْكُ يَوْمَئِذٍ الْحَقُّ لِلرَّحْمَـٰنِ ۚ وَكَانَ يَوْمًا عَلَى الْكَافِرِينَ عَسِيرًا

එදින සැබෑ ආධිපත්යය කරුණාභරිතයාණන් (අල්ලාහ්)ටම හිමිය. තවද එ(ම දින)ය ප්රතික්ෂේපකයින්ට අසීරු දිනයක් වන්නේය.
27

وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا

“අහෝ රසූල්වරයා! සමග මා මගක් ගොඩ නගා ගන්නට තිබුණා නම්, අහෝ, මාගේ විනාශය! අහවලාව මිත්රයෙකු ලෙස නොගන්නට තිබුණා නොවේ ද? (අල් කුර්ආනීය) උපදෙස මා වෙත පැමිණි පසුව පවා සැබැවින්ම මොහු මා එයින් නොමග යවා ඇත.” යැයි (තම පාපතර මිතුරා අඟවා) පවසමින් අපරාධකරු තම දෑත් සපා ගන්නා දින (සිහිපත් කරවු.) තවද ෂෙයිතාන් මිනිසාට දැඩි ද්රෝහියෙකු වන්නේය.
28

يَا وَيْلَتَىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا

“අහෝ රසූල්වරයා! සමග මා මගක් ගොඩ නගා ගන්නට තිබුණා නම්, අහෝ, මාගේ විනාශය! අහවලාව මිත්රයෙකු ලෙස නොගන්නට තිබුණා නොවේ ද? (අල් කුර්ආනීය) උපදෙස මා වෙත පැමිණි පසුව පවා සැබැවින්ම මොහු මා එයින් නොමග යවා ඇත.” යැයි (තම පාපතර මිතුරා අඟවා) පවසමින් අපරාධකරු තම දෑත් සපා ගන්නා දින (සිහිපත් කරවු.) තවද ෂෙයිතාන් මිනිසාට දැඩි ද්රෝහියෙකු වන්නේය.
29

لَّقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي ۗ وَكَانَ الشَّيْطَانُ لِلْإِنسَانِ خَذُولًا

“අහෝ රසූල්වරයා! සමග මා මගක් ගොඩ නගා ගන්නට තිබුණා නම්, අහෝ, මාගේ විනාශය! අහවලාව මිත්රයෙකු ලෙස නොගන්නට තිබුණා නොවේ ද? (අල් කුර්ආනීය) උපදෙස මා වෙත පැමිණි පසුව පවා සැබැවින්ම මොහු මා එයින් නොමග යවා ඇත.” යැයි (තම පාපතර මිතුරා අඟවා) පවසමින් අපරාධකරු තම දෑත් සපා ගන්නා දින (සිහිපත් කරවු.) තවද ෂෙයිතාන් මිනිසාට දැඩි ද්රෝහියෙකු වන්නේය.
30

وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِي اتَّخَذُوا هَـٰذَا الْقُرْآنَ مَهْجُورًا

“මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම මාගේ සමූහය මෙම අල් කුර්ආනය අත්හරිනු ලබන්නක් ලෙස ගත්තෝය.” යැයි රසූල්වරයා(මුහම්මද්) පැවසුවේය.
31

وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا مِّنَ الْمُجْرِمِينَ ۗ وَكَفَىٰ بِرَبِّكَ هَادِيًا وَنَصِيرًا

එලෙස අපි සෑම නබිවරයෙකුටම වැරදිකරුවන් වෙතින් සතුරෙකු පත් කර ඇත්තෙමු. තවද නුඹගේ පරමාධිපති මග පෙන්වන්නෙකු වශයෙන් හා උදව්කරුවෙකු වශයෙන් (නුඹට) ප්රමාණවත්ය.
32

وَقَالَ الَّذِينَ كَفَرُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ الْقُرْآنُ جُمْلَةً وَاحِدَةً ۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ ۖ وَرَتَّلْنَاهُ تَرْتِيلًا

“මෙම කුර්ආනය ඔහු කෙරෙහි එකවර පහළ විය යුතු නොවේ දැ?”යි ප්රතික්ෂේප කළවුන් පැවසුවෝය. එලෙස (අපි එය විටින් විට පහළ කළේ) නුඹගේ හදවත එයින් ස්ථාවර කරනු පිණිසය. තවද අපි එය කොටස් වශයෙන් අනුපිළිවෙළට පහළ කළෙමු. 4
4අල් කුර්ආනය කොටස් වශයෙන් ක්රමානුකූලව පහළ වීමෙන් නබි මුහම්මද් තුමාණන්ට ප්රයෝජන රැසක් ඇත් විය. එය එකවර පහළ වී තිබුණේ නම් එම ප්රායෝජන කිසිවක් ඇති නොවන්නට තිබුණි.
33

وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَاكَ بِالْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا

ඔවුන් නුඹ වෙත (විවාදයට පැමිණි කල) කිසිදු උපමාවක් ගෙන එන්නේ නැත, (නමුත්) අපි නුඹ වෙත (එයට) වඩා පැහැදිලි විග්රහයක් හා සත්යයක් (ඔවුන්ට පිළිතුරක් ලෙස) ගෙන පැමිණියා මිස.
34

الَّذِينَ يُحْشَرُونَ عَلَىٰ وُجُوهِهِمْ إِلَىٰ جَهَنَّمَ أُولَـٰئِكَ شَرٌّ مَّكَانًا وَأَضَلُّ سَبِيلًا

නිරය වෙත තම මුණිනතට ඇදගෙන යනු ලබන්නන් නම්, ඔවුන්මය ස්ථානයෙන් ඉතා නරකයින් හා මාර්ගයෙන් ඉතා මුළා වූවන් වන්නෝ.
35

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَا مَعَهُ أَخَاهُ هَارُونَ وَزِيرًا

සැබැවින්ම අපි මූසාට ධර්ම පුස්තකය(තව්රාතය) පිරිනැමුවෙමු. තවද ඔහු සමග ඔහුගේ සහෝදර හාරූන්ව සහකරුවෙකු බවට පත් කළෙමු.
36

فَقُلْنَا اذْهَبَا إِلَى الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا فَدَمَّرْنَاهُمْ تَدْمِيرًا

එවිට “නුඹලා දෙදෙනා අපගේ සාධක අසත්යය කළ පිරිස වෙත යවු.” යැයි අපි පැවසුවෙමු. පසුව (එම පිරිස ඔවුන් දෙදෙනාව අසත්යය කළ බැවින්) අපි ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමුවෙමු.
37

وَقَوْمَ نُوحٍ لَّمَّا كَذَّبُوا الرُّسُلَ أَغْرَقْنَاهُمْ وَجَعَلْنَاهُمْ لِلنَّاسِ آيَةً ۖ وَأَعْتَدْنَا لِلظَّالِمِينَ عَذَابًا أَلِيمًا

තවද නූහ්ගේ ජනයාව ද (සහමුලින්ම විනාශ කර දැමුවෙමු). ඔවුන් රසූල්වරුන්ව බොරු කළ කල්හි අපි ඔවුන්ව ගිල්වූයෙමු. අපි ඔවුන්ව (මතු පැමිණෙන) ජනයාට නටඹුනක් බවට ද පත් කළෙමු. තවද අපරාධකරුවන්ට වේදනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු.
38

وَعَادًا وَثَمُودَ وَأَصْحَابَ الرَّسِّ وَقُرُونًا بَيْنَ ذَٰلِكَ كَثِيرًا

තවද ආද් හා සමූද් ද රස්හි ජනයා 5 ද මේ අතර (කාලයේ) වූ බොහෝ පරම්පාරාවන් ද (සහමුලින්ම විනාශ කර දැමුවෙමු).
5‘රස්’ යනු එක්තරා ළිදකි. ඒ අවට විසූ ජනයාට ‘රස් වැසියන්’ යනුවෙන් හැඳින් වූහ. මොවුන් දේව ප්රතික්ෂේපකයින් වූ බැවින් ද තම නබිවරයාව ඝාතනය කළ බැවින් ද අල්ලාහ්ගේ කෝපයට භාජනය වූ සමූහයකි. නමුත් මොවුන් කුමන නබිවරයාගේ සමූහයා ද යන්න කිසිදු නබි වදනක හෝ අල් කුර්ආනයෙහි සඳහන් වී නොමැත. ඉතිහාස ග්රන්ථයන්හි ඇතැම් වාර්තාවන් වලට අනුව මොවුන් සමූද් ගොත්රිකයින් අල්ලාහ්ගේ දඬුවමට භාජනය වීමෙන් අනතුරුව ඉතිරි වූ උදවිය යනුවෙන් ද සඳහන් වී ඇත.
39

وَكُلًّا ضَرَبْنَا لَهُ الْأَمْثَالَ ۖ وَكُلًّا تَبَّرْنَا تَتْبِيرًا

සෑම සමූහයකටම අපි (පෙර විනාශ කළ අයව) උදාහරණ ලෙස ගෙනහැර පෑවෙමු. (ඔවුන් ඒවා ප්රතික්ෂේප කළ විට) ඔවුන් සෑම කෙනෙකුවම සහමුලින්ම විනාශ කර දැමුවෙමු.
40

وَلَقَدْ أَتَوْا عَلَى الْقَرْيَةِ الَّتِي أُمْطِرَتْ مَطَرَ السَّوْءِ ۚ أَفَلَمْ يَكُونُوا يَرَوْنَهَا ۚ بَلْ كَانُوا لَا يَرْجُونَ نُشُورًا

විනාශකාරී වර්ෂාවක් පතිත කරනු ලැබූ ගම්මානයක් අසලින් (ප්රතික්ෂේපක) ඔවුන් පැමිණියෝය. 6 එවිට ඔවුන් එය නොදුටුවෝ ද? එනමුත් ඔවුන් (මළවුන්) නැවත නැගිටුවනු ලැබීම අපේක්ෂා නොකරන්නන් වූහ.
6මෙයින් අදහස් කරන්නේ ලූත්ගේ වැසියන් පිළිබඳවය. සිරියාවට ව්යාපාර කටයුතු සඳහා ගමන් කරන මක්කා වැසියන්ට ලූත්ගේ වැසියන්ගේ පිළිකුල් ක්රියාවන් හා ඔවුන්ට ඇති වූ දඬුවම ඔවුන්ට දැන ගන්නට ලැබුණි. අල් කුර්ආනය සත්යය යැයි වටහා ගැනීමට ඔවුන්ට මෙය සාධකයක් විය.
41

وَإِذَا رَأَوْكَ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَـٰذَا الَّذِي بَعَثَ اللَّهُ رَسُولًا

(නබිවරය,) ඔවුහු නුඹව දුටු විට “අල්ලාහ් රසූල්වරයෙකු ලෙස එවා ඇත්තේ මොහුව ද? අප අපගේ දෙවිවරුන් කෙරෙහි ස්ථාවරව නොසිටියේ නම් ඔහු අපව ඔවුන්ගෙන් නොමග යැවීමට තැත් කරන්නට තිබුණි.”යැයි (පවසමින්) නුඹව සමච්චලයකට මිස ඔවුහු නොගන්නෝය. (මතු ලොවෙහි පියවි ඇසින්) දඬුවම ඔවුන් දකින විට (ඍජු) මාර්ගයෙන් වඩා මුළා වූවෝ කවුරුන් දැයි ඔවුන් මතු දැන ගනිති.
42

إِن كَادَ لَيُضِلُّنَا عَنْ آلِهَتِنَا لَوْلَا أَن صَبَرْنَا عَلَيْهَا ۚ وَسَوْفَ يَعْلَمُونَ حِينَ يَرَوْنَ الْعَذَابَ مَنْ أَضَلُّ سَبِيلًا

(නබිවරය,) ඔවුහු නුඹව දුටු විට “අල්ලාහ් රසූල්වරයෙකු ලෙස එවා ඇත්තේ මොහුව ද? අප අපගේ දෙවිවරුන් කෙරෙහි ස්ථාවරව නොසිටියේ නම් ඔහු අපව ඔවුන්ගෙන් නොමග යැවීමට තැත් කරන්නට තිබුණි.”යැයි (පවසමින්) නුඹව සමච්චලයකට මිස ඔවුහු නොගන්නෝය. (මතු ලොවෙහි පියවි ඇසින්) දඬුවම ඔවුන් දකින විට (ඍජු) මාර්ගයෙන් වඩා මුළා වූවෝ කවුරුන් දැයි ඔවුන් මතු දැන ගනිති.
43

أَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَـٰهَهُ هَوَاهُ أَفَأَنتَ تَكُونُ عَلَيْهِ وَكِيلًا

(නබිවරය,) තම මනෝ ඉච්ඡාව තමන්ගේ දෙවියෙකු බවට (පත් කර) ගත් අයව නුඹ දුටුවෙහි ද? එසේ නම් නුඹ ඔහු කෙරෙහි (ඔහුව ඉන් වළකාලන) භාරකරුවෙකු වන්නෙහි ද?
44

أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ ۚ إِنْ هُمْ إِلَّا كَالْأَنْعَامِ ۖ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا

නැතහොත් ‘සැබැවින්ම ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් (සත්යය) සවන් දෙනු ඇතැයි හෝ එය වටහා ගනු ඇත.’ යැයි නුඹ සිතන්නෙහි ද? ඔවුන් පශු කුලයට අයත් සතුන් මෙන් මිස නැත. නොඑසේය, (උන්ට වඩා) ඔවුන් (ඍජු) මාර්ගයෙන් ඉතා මුළාවූවන්ය.
45

أَلَمْ تَرَ إِلَىٰ رَبِّكَ كَيْفَ مَدَّ الظِّلَّ وَلَوْ شَاءَ لَجَعَلَهُ سَاكِنًا ثُمَّ جَعَلْنَا الشَّمْسَ عَلَيْهِ دَلِيلًا

නුඹගේ පරමාධිපති (අල්ලාහ්) සෙවණැල්ල දිගු කළේ කෙසේ දැ?යි නුඹ නොදුටුවෙහි ද? ඔහු අභිමත කළේ නම් එය (සදා) නිසෙලව පවතින්නක් බවට පත් කරන්නට තිබුණි. පසුව ඒ සඳහා හිරු සාධකයක් බවට අපි පත් කළෙමු. 7
7සෙවණැල්ල ක්රම ක්රමයෙන් අඩු වැඩි වීම අල්ලාහ්ගේ දායාදයක් වේ. මන්දයත් සැම විටම අඳුරුව තිබුණහොත් සූර්ය රශ්මියෙන් මිනිසාට ලැබෙන නොයෙක් ප්රයෝජන ඔහුට අත් විඳීමට නොහැති වෙයි. එසේම අඳුර නැති වී ගොස් සූර්යයාගේ උෂ්ණත්වය පමණක් වූයේ නම් මිනිසාට එය දරා ගත නොහැකි වනු ඇත. එබැවින් මෙය අල්ලාහ් සමතුලිතතාවකට පත් කර ඇත්තේය.
46

ثُمَّ قَبَضْنَاهُ إِلَيْنَا قَبْضًا يَسِيرًا

ඉන් පසුව එය (කෙටි කරමින්) සැහැල්ලු අන්දමින් අප වෙතට හකුළුවන්නෙමු. 8
8එනම් ඉර උදා වීමට පෙර තිබූ සෙවණැල්ල ඉර උදා වීමෙන් පසු ටිකින් ටික අඩු වීම මෙයින් අදහස් කෙරේ.
47

وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِبَاسًا وَالنَّوْمَ سُبَاتًا وَجَعَلَ النَّهَارَ نُشُورًا

නුඹලාට රාත්රිය වස්ත්රයක් ලෙස හා නින්ද විවේකයක් ලෙස පත් කළේ ද දහවල (නුඹලා ඉපැයීම සඳහා) ක්රියාශීලී බවට පත් කළේ ද ඔහුමය.
48

وَهُوَ الَّذِي أَرْسَلَ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۚ وَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً طَهُورًا

තවද තම දයාවට(වර්ෂාවට) පෙරාතුව ශුභාරංචියක් වශයෙන් සුළං (හඹා) එව්වේ ඔහුමය. 9 තවද අපි අහසින් පිරිසිදු ජලය පහළ කළෙමු.
9දයාව යැයි මෙයින් අදහස් කරන්නේ වර්ෂාවයි. කළු වලාකුළක් සමග සිසිල් සුළඟක් පැමිණීම වර්ෂාවට සලකුණකි.
49

لِّنُحْيِيَ بِهِ بَلْدَةً مَّيْتًا وَنُسْقِيَهُ مِمَّا خَلَقْنَا أَنْعَامًا وَأَنَاسِيَّ كَثِيرًا

අපි (ගහ කොළ නොවැඩුණු) නැසී ගිය ප්රදේශයක් එමගින් ප්රාණවත් කරනු පිණිස ද අප මැවූ දෑ අතුරින් වූ සතුන්ට ද බොහෝ ජනයාට ද එය සැපයීම පිණිස ද වේ.
50

وَلَقَدْ صَرَّفْنَاهُ بَيْنَهُمْ لِيَذَّكَّرُوا فَأَبَىٰ أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا

සැබැවින්ම (එම දායාදයන්) ඔවුන් මෙනෙහි කරනු පිණිස අපි ඔවුන් අතර මෙ(ම ජල)ය (නිර්ණය කොට) බෙදා හැරියෙමු. නමුත් ජනයාගෙන් බොහෝ දෙනා අකෘතඥය මිස (අන් සියල්ලට) පිටුපෑවෝය.
51

وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِي كُلِّ قَرْيَةٍ نَّذِيرًا

තවද (නබිවරය,) අපි අභිමත කළේ නම් සෑම ගම්මානයකටම අවවාද කරන්නෙකු යවා ඇත්තෙමු. 10
10නමුත් එසේ යැවීමට හැකි වුව ද මුළු ලොවැසියන්ටම අවසන් නබිවරයා වශයෙන් නබි මුහම්මද් තුමාව පමණක් පත් කිරීමට හේතුව ඔහුගේ වගකීම විශාල වන තරමට ඔහුගේ කුලිය ද ගෞරවය ද විශාල වන හෙයිනි.
52

فَلَا تُطِعِ الْكَافِرِينَ وَجَاهِدْهُم بِهِ جِهَادًا كَبِيرًا

එබැවින් නුඹ ප්රතික්ෂේපකයින්ට අවනත නොවවු. එ(ම අල් කුර්ආනය )මගින් මහත් කැපවීමකින් ඔවුනට එරෙහිව ප්රයත්නය කරවු.
53

وَهُوَ الَّذِي مَرَجَ الْبَحْرَيْنِ هَـٰذَا عَذْبٌ فُرَاتٌ وَهَـٰذَا مِلْحٌ أُجَاجٌ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًا وَحِجْرًا مَّحْجُورًا

මුහුදු දෙක (සම්බන්ධ කොට) මුදා හැරියේ ඔහුමය. මෙය මිහිරි මිරිදියයි. මෙය ලවණ (සහිත) කරදියයි. තවද ඒ දෙක අතර බාධකයක් හා (මිශ්ර වීම) වළක්වනු ලැබූ ආවරණයක් ඇති කළේය.
54

وَهُوَ الَّذِي خَلَقَ مِنَ الْمَاءِ بَشَرًا فَجَعَلَهُ نَسَبًا وَصِهْرًا ۗ وَكَانَ رَبُّكَ قَدِيرًا

තවද ජලයෙන් මිනිසා මැව්වේ ඔහුමය. පසුව ලේ ඥාතිත්වයක් හා විවාහ ඥාතිත්වයක් ඇත්තෙකු බවට ඔහුව පත් කළේය. තවද නුඹගේ පරමාධිපති අති බලසම්පන්නය.
55

وَيَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَنفَعُهُمْ وَلَا يَضُرُّهُمْ ۗ وَكَانَ الْكَافِرُ عَلَىٰ رَبِّهِ ظَهِيرًا

(එහෙත්) ඔවුන් අල්ලාහ් හැර තමන්ට කිසිදු ප්රයෝජනයක් නොදෙන තමන්ට කිසිදු හානියක් නොකරන දෑ නමදින්නෝය. තවද ප්රතික්ෂේපකයා තම පරමාධිපතිට එරෙහිව (ෂෙයිතාන්ට) උදව් කරන්නෙකු විය.
56

وَمَا أَرْسَلْنَاكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا

තවද (නබිවරය, ජනයාට) ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් මිස අපි නුඹව නොඑව්වෙමු.
57

قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَن شَاءَ أَن يَتَّخِذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا

“තම පරමාධිපති වෙත වූ මග තෝරා ගන්නා කෙනෙකුව හැර (වෙනත්) කිසිදු වේතනයක් එ(ම කර්තව්ය)ය කෙරෙහි මම නුඹලාගෙන් නොඉල්ලමි.” යැයි පවසවු.
58

وَتَوَكَّلْ عَلَى الْحَيِّ الَّذِي لَا يَمُوتُ وَسَبِّحْ بِحَمْدِهِ ۚ وَكَفَىٰ بِهِ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًا

අමරණීය (සදා) ජීවමානයාණන්(අල්ලාහ්) කෙරෙහි (සියල්ල) භාර කරවු. තවද ඔහුගේ පැසසුමෙන් (ඔහුව) පිවිතුරු කරවු. තම ගැත්තන්ගේ පාපයන් පිළිබඳව අභිඥානවන්තයා වශයෙන් ඔහු ප්රමාණවත්ය.
59

الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۚ الرَّحْمَـٰنُ فَاسْأَلْ بِهِ خَبِيرًا

ඔහු කවරෙකුද යත් අහස් හා මිහිතලය ද ඒ දෙක අතර ඇති දෑ ද දින සයකින් මැව්වේය. පසුව ඔහු අර්ෂය මත (ඔහුගේ ගෞරවයට සුදුසු අයුරින්) “ඉස්තිවා” 11 විය. (ඔහු) පරම කරුණාභරිතයාණන්ය. එබැවින් ඔහු ගැන ඥානය ඇත්තන්ගෙන් විමසවු.
11වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:54 හි පාද සටහන බලන්න.
60

وَإِذَا قِيلَ لَهُمُ اسْجُدُوا لِلرَّحْمَـٰنِ قَالُوا وَمَا الرَّحْمَـٰنُ أَنَسْجُدُ لِمَا تَأْمُرُنَا وَزَادَهُمْ نُفُورًا ۩

(නබිවරය,) “පරම කරුණාභරිතයාණන්ට නුඹලා නමදිවු” යැයි (ප්රතික්ෂේපක) ඔවුනට පවසනු ලැබූ විට “පරම කරුණාභරිතයාණන් යනු කුමක්ද? 12 නුඹ අපට අණ කරන දැයට අපි සුජූද් කරන්නෙමු දැ?”යි ඔවුහු විමසුවෝය. එ(ම විධාන)ය ඔවුනට (විශ්වාසය) පිළිකුල් කර ඈත් වීම අධික කළේය. 13
12මක්කාවාසී ප්රතික්ෂේපකයින් ‘අර් රහ්මාන්’ (පරම කරුණාභරිතයාණන්) යන අල්ලාහ්ගේ පරිශුද්ධ නාමය ඔහුට යුතු නාමයක් යැයි පිළිගත්තේ නැත.
13මෙය සුජූද් කළ යුතු වැකියකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:206 හි පාද සටහන බලන්න.
61

تَبَارَكَ الَّذِي جَعَلَ فِي السَّمَاءِ بُرُوجًا وَجَعَلَ فِيهَا سِرَاجًا وَقَمَرًا مُّنِيرًا

අහසෙහි තාරකා මණ්ඩල ඇති කළ තවද එහි පහනක් (වශයෙන් සූර්යයා) ද ආලෝකමත් චන්ද්රයා ද ඇති කළ ඔහු අති උත්කෘෂ්ටය.
62

وَهُوَ الَّذِي جَعَلَ اللَّيْلَ وَالنَّهَارَ خِلْفَةً لِّمَنْ أَرَادَ أَن يَذَّكَّرَ أَوْ أَرَادَ شُكُورًا

තවද මෙනෙහි කරන්නට අපේක්ෂා කළවුනට ද කෘතඥ වීමට අපේක්ෂා කළවුනට ද රාත්රිය හා දහවල පරස්පරානු ගමනෙහි යන්නක් ලෙස ඇති කළේ ඔහුය.
63

وَعِبَادُ الرَّحْمَـٰنِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا

තවද කරුණාභරිතයාණන්ගේ(අල්ලාහ්ගේ) ගැත්තන් නම් ඔවුහු කවරහුද යත් මිහිතලයේ ඔවුන් නිරහංකාරව ගමන් කරන්නන්ය. තවද අඥානයින් ඔවුන් සමග (නුසුදුසු දැයක්) කතා කළේ නම් ඔවුහු සාමයෙන් පිළිතුරු දෙන්නන්ය.
64

وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا

තවද ඔවුහු කවරහුද යත් තම පරමාධිපතිට සුජූද් කරමින් ද (නැමදුම සඳහා) සිට ගනිමින් ද රාත්රිය ගත කරන්නන්ය.
65

وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ ۖ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا

තවද ඔවුහු කවරහුද යත් “අපගේ පරමාධිපතියාණනි, අපගෙන් නිරයේ දඬුවම ඉවත් කරනු මැනව! සැබැවින්ම එහි දඬුවම සදාතනික වූවක්ය. නියත වශයෙන්ම එය, නවාතැනින් හා වාසස්ථානයෙන් ඉතා නපුරුය.” යැයි පවසන්නන්ය.
66

إِنَّهَا سَاءَتْ مُسْتَقَرًّا وَمُقَامًا

තවද ඔවුහු කවරහුද යත් “අපගේ පරමාධිපතියාණනි, අපගෙන් නිරයේ දඬුවම ඉවත් කරනු මැනව! සැබැවින්ම එහි දඬුවම සදාතනික වූවක්ය. නියත වශයෙන්ම එය, නවාතැනින් හා වාසස්ථානයෙන් ඉතා නපුරුය.” යැයි පවසන්නන්ය.
67

وَالَّذِينَ إِذَا أَنفَقُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا وَكَانَ بَيْنَ ذَٰلِكَ قَوَامًا

තවද ඔවුහු කවරහුද යත් වියදම් කරන විට නාස්ති නොකරති. තවද මසුරු ද නොවෙති. තවද එය(වියදම් කිරීම) එම දෙක අතර සමතුලිතව පවති.
68

وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَـٰهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ يَلْقَ أَثَامًا

තවද ඔවුහු කවරහුදයත් අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු නොකැඳවන්නන්ය. තවද ඔවුහු අල්ලාහ් විසින් (මැරීමට) තහනම් කළ ආත්මයක් යුක්තියෙන් මිස ඝාතනය නොකරන්නන්ය. තවද ඔවුහු පරදාර ලිංගික සේවනයෙහි නොයෙදෙන්නන්ය. කවරෙකු එසේ කරන්නේ ද ඔහු පාපයේ වේදනාව හමු වන්නේය.
69

يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ فِيهِ مُهَانًا

(මළවුන්) නැගිටුවනු ලබන දින දඬුවම ඔහුට දෙගුණ කරනු ලැබේ. ඔහු එහි නින්දා සහගතව සදා වෙසෙන්නේය.
70

إِلَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُولَـٰئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا

නමුත් පශ්චාත්තාප වී විශ්වාස කර යහකම් කි්රයාවට නැංවූවන් හැරය. තවද තම පාපකම් යහකම් බවට අල්ලාහ් විසින් පරිවර්තනය කළවුන් ඔවුන්මය. 14 අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
14එනම්, ප්රතික්ෂේපකයෙකු සත්යය දහම පිළිගත්තේ නම් ඔහු එයට පෙර කළා වූ පාපයන් සියල්ල අල්ලාහ් කමා කරනු ඇත.
71

وَمَن تَابَ وَعَمِلَ صَالِحًا فَإِنَّهُ يَتُوبُ إِلَى اللَّهِ مَتَابًا

තවද කවරෙකු පශ්චාත්තාප වී යහකම් කළේ ද සැබැවින්ම ඔහු අල්ලාහ් වෙත (පිළිගනු ලැබූ) පශ්චාත්තාපයකින් යොමු වන්නේය.
72

وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا

තවද ඔවුහු කවරහුද යත් බොරු සාක්ෂීන් නොදරන්නන්ය. තවද ඔවුන් නිෂ්ඵල දෑ අසලින් ගමන් කළ විට (ඉන් වැළකී) ගෞරවයෙන් යුතුව ගමන් කරන්නන්ය.
73

وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا عَلَيْهَا صُمًّا وَعُمْيَانًا

තවද ඔවුහු කවරහුද යත් තම පරමාධිපතිගේ වදන් පිළිබඳව උපදෙස් ලැබූ විට ඒ මත බිහිරන් හා අන්ධයින් ලෙසින් නොවැටෙන්නන්ය.
74

وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا

තවද ඔවුහු කවරහුදයත් “අපගේ පරමාධිපතියාණනි, අපගේ බිරියන්ගෙන් ද අපගේ පරම්පරාවෙන් ද අපට නෙත් පිනවීම පිරිනමනු මැනව! තවද අපව බිය භක්තිකයින්ට මෙහෙයවන්නෙකු බවට පත් කරනු මැනව!” යැයි පවසන්නන්ය. 15
15‘යමෙකුගේ පවුල් වැසියන් සියල්ලන්ම දැහැමියන් බවට පත් වී අල්ලාහ්ට අවනත වන්නන්ව සිටීම දැක ඔවුන්ගෙන් කෙනෙකු අනෙකාට දෙනෙතේ සිසිලක් බවට පත් වනු ඇත. එසේම මෙවන් පවුලෙහි ප්රධානියා බිය බැතියන්ගේ නායකයා බවට පත් වන්නේය.’ යන්න මෙම ප්රාර්ථනයේ අරුතයි.
75

أُولَـٰئِكَ يُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوا وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةً وَسَلَامًا

ඔවුන්මය තමන් (ඍජූ මගෙහි) ඉවසා සිටි හේතුවෙන් (ස්වර්ග) මන්දිරයන් ප්රතිඵල වශයෙන් පිරිනමනු ලබන්නන් වන්නෝ. තවද ඔවුහු එහි සලාමයෙන් හා සුබ පැතුමෙන් පිළිගනු ලබන්නන්ය.
76

خَالِدِينَ فِيهَا ۚ حَسُنَتْ مُسْتَقَرًّا وَمُقَامًا

(ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. එය නවාතැනින් හා වාසස්ථානයෙන් සුන්දරය.
77

قُلْ مَا يَعْبَأُ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ ۖ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًا

“(අල්ලාහ් වෙතින්) නුඹලාගේ ප්රාර්ථනාවන් (පමණක්) නොවී නම් මාගේ පරමාධිපති(අල්ලාහ්) නුඹලා පිළිබඳව සැලකිලිමත් නොවනු ඇත. නමුත් නුඹලා සැබැවින්ම අසත්යය කළෙහුමය. එබැවින් (ඒ සඳහා වූ දඬුවම නුඹලාට) සදා නියම වනු ඇත.” යැයි (නබිවරය,) පවසවු.
الشعراءමක්කී
1

طسم

තා.සීන්.මීම්. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ

මෙය පැහැදිලි ධර්ම පුස්තකයේ වදන්ය.
3

لَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ أَلَّا يَكُونُوا مُؤْمِنِينَ

(නබිවරය,) (ප්රතික්ෂේපක) ඔවුන් විශ්වාසිකයින් බවට පත් නොවීම හේතුවෙන් නුඹ (දුකට පත්වීමෙන්) නුඹවම විනාශ කර ගන්නට යන්නේය.
4

إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّنَ السَّمَاءِ آيَةً فَظَلَّتْ أَعْنَاقُهُمْ لَهَا خَاضِعِينَ

අපි අභිමත කළේ නම් අහසින් සංඥාවක් ඔවුන් කෙරෙහි පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙල පහත්භාවයෙන් යුතුව එය(සංඥාව) වෙත නැමෙන්නේය. 2
2මෙයින් අදහස් කරන්නේ අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් සත්යය දහම අනිවාර්යයෙන් විශ්වාස කරන අන්දමින් ප්රාතිහාර්යයන් නබිවරයා වෙත පහළ කළ හැකි බවය. එසේ ඔහු පහළ කළේ නම් සියල්ලන්ම සිය කැමැත්තකින් තොරව හෝ සත්යය දහම විශ්වාස කරනු ඇත යනුවෙනි. එනමුත් අල්ලාහ් මිනිසාව මවා ඇත්තේ ස්වයංවම ඔහු සත්යය හා අසත්යය වටහා ගෙන එය විශ්වාස කිරීමටය. එබැවින් ඔහුව මේ සඳහා බල කරන කිසිවක් අල්ලාහ් ඇති නොකරන්නේය.
5

وَمَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّنَ الرَّحْمَـٰنِ مُحْدَثٍ إِلَّا كَانُوا عَنْهُ مُعْرِضِينَ

තවද පරම කරුණාභරිත( අල්ලාහ්)ගෙන් කිසිදු නව උපදෙසක් ඔවුන් එය පිටුපාන්නන්ව සිටීමෙන් මිස ඔවුනට පැමිණියේ නැත.
6

فَقَدْ كَذَّبُوا فَسَيَأْتِيهِمْ أَنبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

සැබැවින්ම ඔවුන් (එය) අසත්යය කළෝය. එබැවින් ඔවුන් කුමක් සමච්චල් කරමින් සිටියේ ද එම (දඬුවමේ) පුවත් ඔවුන් වෙත පැමිණෙනු ඇත.
7

أَوَلَمْ يَرَوْا إِلَى الْأَرْضِ كَمْ أَنبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ

මිහිතලය දෙස ඔවුහු නොබැලූවෝ ද? එහි සියලු (සරුසාර වූ) ශ්රේෂ්ඨ (බෝග) වර්ගයන්ගෙන් කොපමණක් අපි හට ගැන්වූයෙමු ද?
8

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

සැබැවින්ම එහි සංඥාවක් ඇත. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාසිකයින් නොවීය.
9

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති, ඔහුමය අති බලසම්පන්න පරම කරුණාභරිත වන්නේ.
10

وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰ أَنِ ائْتِ الْقَوْمَ الظَّالِمِينَ

නුඹගේ පරමාධිපති “අපරාධකාර පිරිස වෙත යවු” යැයි (පවසා) මූසාව කැඳවූ අවස්ථාව (සිහිපත් කරවු).
11

قَوْمَ فِرْعَوْنَ ۚ أَلَا يَتَّقُونَ

“(එනම්) ෆිර්අවුන්ගේ පිරිස වෙත (යවු). ඔවුන් (අල්ලාහ්ට) බිය භක්තිමත් නොවන්නේද?”
12

قَالَ رَبِّ إِنِّي أَخَافُ أَن يُكَذِّبُونِ

(එයට) ඔහු(මූසා මෙසේ) පැවසුවේය.) “මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔවුන් මාව අසත්ය කරති යැයි මම බිය වන්නෙමි.
13

وَيَضِيقُ صَدْرِي وَلَا يَنطَلِقُ لِسَانِي فَأَرْسِلْ إِلَىٰ هَارُونَ

තවද (එසේ ඔවුන් මාගේ වදන් අසත්ය කළේ නම්) මාගේ සිත පටු වන්නේය. මාගේ දිව (කතා කිරීමට) චතුර නොවන්නේය. එබැවින් (මා සමග එන මෙන්) හාරූන් වෙත (දේව පණිවිඩය) යවවු.
14

وَلَهُمْ عَلَيَّ ذَنبٌ فَأَخَافُ أَن يَقْتُلُونِ

තවද ඔවුනට මා කෙරෙහි වැරැද්දක් (සඳහා වූ පළිගැනීමක්) ඇත. 3 එබැවින් ඔවුන් මා ඝාතනය කරති යැයි මම බිය වන්නෙමි.”
3මෙහි ‘වැරැද්දක්’ යනුවෙන් අදහස් කරන්නේ නබි මූසා තුමාණන් වැරදීමකින් ෆිර්අවුන්ගේ පිරිසේ කෙනෙකු ඝාතනය කිරීමය. මෙම වෘත්තාන්තය අල් කුර්ආන් 28:14-15 හි සඳහන් වී ඇත.
15

قَالَ كَلَّا ۖ فَاذْهَبَا بِآيَاتِنَا ۖ إِنَّا مَعَكُم مُّسْتَمِعُونَ

(එයට) ඔහු(අල්ලාහ් මෙසේ) පැවසුවේය “එසේ (නුඹලා සිතන පරිදි) නොව නුඹලා දෙදෙනා අපගේ සංඥාවන් රැගෙන යවු. සැබැවින්ම අපි නුඹලා සමග (සියල්ල) සවන් දෙන්නන් වන්නෙමු.
16

فَأْتِيَا فِرْعَوْنَ فَقُولَا إِنَّا رَسُولُ رَبِّ الْعَالَمِينَ

තවද නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් “සැබැවින්ම අපි සමස්ත විශ්වයේ පරමාධිපතිගේ රසූල්වරයා යැ”යි පවසවු.
17

أَنْ أَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ

“ඉස්රාඊල්ගේ දරුවන්ව නුඹ අප සමග යවවු.” (යැයි ද ෆිර්අවුන්ට පවසවු.)”
18

قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ

(මූසා හා හාරූන් ෆිර්අවුන් වෙත ගිය අවස්ථාවේ දී) ඔහු(ෆිර්අවුන් මූසාට) “අපි නුඹව අප අතර දරුවෙකු ලෙස හදා වඩා නොගත්තෙමු ද? තවද නුඹගේ ජීවිත කාලයේ වසර ගණනාවක් නුඹ අප අතර රැඳී සිටියේය.” යැයි පැවසුවේය.
19

وَفَعَلْتَ فَعْلَتَكَ الَّتِي فَعَلْتَ وَأَنتَ مِنَ الْكَافِرِينَ

“නුඹ කළ නුඹගේ (ඝාතන) කි්රයාව ද නුඹ (සිදු) කළේය. තවද නුඹ (අපගේ උපහාරයන්) ප්රතික්ෂේප කරන්නන් අතුරින් විය.” (යැයි ද ෆිර්අවුන් පැවසුවේය.)
20

قَالَ فَعَلْتُهَا إِذًا وَأَنَا مِنَ الضَّالِّينَ

(එයට) ඔහු(මූසා මෙසේ) පැවසුවේය “එම අවස්ථාවේදී මම (එම වැරැද්ද පිළිබඳව නොදැනුවත් වූ) මුළාවූවන්ගෙන් කෙනෙකුව සිටියදී එය මම කළෙමි.
21

فَفَرَرْتُ مِنكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِي رَبِّي حُكْمًا وَجَعَلَنِي مِنَ الْمُرْسَلِينَ

එවිට මම නුඹලාට බිය වූ කල්හි මම නුඹලාගෙන් පලා ගියෙමි. පසුව මාගේ පරමාධිපති මා හට ප්රඥාවක්(නබිත්වය) ප්රදානය කළේය. තවද ඔහු මාව රසූල්වරුන් අතුරින් (කෙනෙකුව) පත් කළේය.
22

وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَيَّ أَنْ عَبَّدتَّ بَنِي إِسْرَائِيلَ

තවද ඉස්රාඊල්ගේ දරුවන්ව නුඹ(ගේ) වහල්භාවයට පත් කිරීම, එය මා හට නුඹ දායාදයක් ලෙස පිරිනැමූ භාග්යයක්(ද?).
23

قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ الْعَالَمِينَ

“විශ්වයේ පරමාධිපති යනු කුමක්දැ?”යි ෆිර්අවුන් විමසුවේය.
24

قَالَ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِن كُنتُم مُّوقِنِينَ

“නුඹලා ස්ථීර ලෙස විශ්වාස කරන්නන් වූයේ නම් (ඔහු) අහස් හි ද මිහිතලයෙහි ද ඒ දෙක අතර වූ දෑහි ද පරමාධිපතියැ”යි ඔහු(මූසා) පැවසුවේය.
25

قَالَ لِمَنْ حَوْلَهُ أَلَا تَسْتَمِعُونَ

තමා වටා සිටියවුන්ට “නුඹලා සවන් නොදුන්නෙහිදැ?”යි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
26

قَالَ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ

“(අල්ලාහ්) නුඹලාගේ පරමාධිපති ද පෙර වූ නුඹලාගේ මුතුන් මිත්තන්ගේ පරමාධිපති ද වේ.” යැයි ඔහු(මූසා) පැවසුවේය.
27

قَالَ إِنَّ رَسُولَكُمُ الَّذِي أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌ

“(ජනයිනි!) සැබැවින්ම නුඹලා වෙත එවනු ලැබූ නුඹලාගේ රසූල්වරයා උන්මත්තකයෙකු යැ”යි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
28

قَالَ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَيْنَهُمَا ۖ إِن كُنتُمْ تَعْقِلُونَ

“නුඹලා අවබෝධ කරගන්නන් වූයේ නම් (ඔහු) නැගෙනහිරෙහි ද බටහිරෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතියැ”යි ඔහු(මූසා) පැවසුවේය.
29

قَالَ لَئِنِ اتَّخَذْتَ إِلَـٰهًا غَيْرِي لَأَجْعَلَنَّكَ مِنَ الْمَسْجُونِينَ

“නුඹ මා මිස (වෙනත් කෙනෙකුව) දෙවියෙකුව ගත්තේ නම් සැබැවින්ම මම නුඹව සිර කරනු ලැබූවන් අතුරින් (කෙනෙකු බවට) පත් කරන්නෙමි.” යැයි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
30

قَالَ أَوَلَوْ جِئْتُكَ بِشَيْءٍ مُّبِينٍ

“මා පැහැදිලි කරුණක්(සංඥාවක්) ඔබ වෙත ගෙන ආ කල්හි(ද ඔබ මෙසේ කරන්නේ)දැ?”යි ඔහු(මූසා) විමසුවේය.
31

قَالَ فَأْتِ بِهِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ

“නුඹ සත්යවාදීන් අතුරින් (කෙනෙකු) වූයේ නම් නුඹ එය ගෙන එවු” යැයි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
32

فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُّبِينٌ

එවිට ඔහු(මූසා) තමාගේ සැරයටිය බිම හෙළීය. එසැණින් එය පැහැදිලි (මහා) සර්පයෙකු විය.
33

وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاءُ لِلنَّاظِرِينَ

තවද ඔහු ඔහුගේ අත (උඩු ඇඳුම් සාක්කුව තුළින්) පිටතට ගත්තේය. එසැණින් එය බලන්නන්ට (ආලෝකමත් වූ) සුදු(වන්ව දිස්) විය.
34

قَالَ لِلْمَلَإِ حَوْلَهُ إِنَّ هَـٰذَا لَسَاحِرٌ عَلِيمٌ

තමන් වටා සිටි ප්රධානීන්ට “සැබැවින්ම මොහු දැනුමැති හූනියම්කරුවෙකි” යැයි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
35

يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِ فَمَاذَا تَأْمُرُونَ

“(මූසා) තම හූනියම මගින් නුඹලාගේ දේශයෙන් නුඹලාව පිටමං කරන්නට ඔහු අපේක්ෂා කරන්නේය. එබැවින් (මේ පිළිබඳව) නුඹලා කුමක් අදහස් කරන්නේ ද?” (යැයි ෆිර්අවුන් ප්රධානීන්ගෙන් විමසුවේය.)
36

قَالُوا أَرْجِهْ وَأَخَاهُ وَابْعَثْ فِي الْمَدَائِنِ حَاشِرِينَ

(එයට) ඔවුහු (මෙසේ) පැවසුවෝය. “ඔහුට හා ඔහුගේ සහෝදරයාට කල් දෙවු. තවද නගරයන්හි (සිටින හූනියම්කරුවන්ව රැස් කරනු පිණිස) රැස් කරන්නන්ව යවවු.
37

يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍ

(එවිට) ඔවුහු දැනුමැති අති දක්ෂ සියලු හූනියම්කරුවන්ව ඔබ වෙත ගෙන එනු ඇත.”
38

فَجُمِعَ السَّحَرَةُ لِمِيقَاتِ يَوْمٍ مَّعْلُومٍ

එබැවින් නියමිත දිනයක නියම වූ වේලාවක (සියලු) හූනියම්කරුවන්වම රැස් කරනු ලැබූහ.
39

وَقِيلَ لِلنَّاسِ هَلْ أَنتُم مُّجْتَمِعُونَ

තවද “නුඹලා (එම දිනයෙහි) රැස්වන්නේ දැ?”යි ජනයින්ට පවසනු ලැබීය.
40

لَعَلَّنَا نَتَّبِعُ السَّحَرَةَ إِن كَانُوا هُمُ الْغَالِبِينَ

“ඔවුන් (මූසාව) අබිබවායන්නන් වූයේ නම් අප හූනියම්කරුවන්ව අනුගමනය කිරීමට පුළුවණ.” (යැයි ද පවසනු ලැබීය.)
41

فَلَمَّا جَاءَ السَّحَرَةُ قَالُوا لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ الْغَالِبِينَ

හූනියම්කරුවෝ (ෆිර්අවුන් වෙත) පැමිණි කල්හි “සැබැවින්ම අපි (මූසාව) අබිබවා යන්නන් වූයේ නම් අපට වේතනයක් තිබේදැ?”යි ඔවුහු ෆිර්අවුන්ගෙන් විමසුවෝය.
42

قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًا لَّمِنَ الْمُقَرَّبِينَ

“එසේය. එවිට සැබැවින්ම නුඹලා (මා හට) සමීපතයින් අතුරින් යැ”යි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
43

قَالَ لَهُم مُّوسَىٰ أَلْقُوا مَا أَنتُم مُّلْقُونَ

“නුඹලා පහත හෙළන දෑ පහත හෙළවු” යැයි මූසා ඔවුනට(හූනියම්කරුවන්ට) පැවසුවේය.
44

فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الْغَالِبُونَ

එවිට ඔවුන් ඔවුන්ගේ කඹයන් ද ඔවුන්ගේ සැරයටියන් ද පහත හෙළීය. තවද “ෆිර්අවුන්ගේ ගෞරවය මත දිවුරා සැබැවින්ම අපි අබිබවා යන්නන් යැ”යි ඔවුහු පැවසුවෝය.
45

فَأَلْقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ

එවිට මූසා තමාගේ සැරයටිය පහත හෙළීය. එසැණින් එය(සර්පයෙකු වී) ඔවුන් මිථ්යාවෙන් කළ දෑ ගිල දැමීය.
46

فَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ

එවිට හූනියම්කරුවන් (අල්ලාහ්ට) සුජූද් කරන්නන්ව ඇද වැටෙන්නට වූහ.
47

قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ

“මූසා හා හාරූන්ගේ පරමාධිපති වන සමස්ත විශ්වයේ පරමාධිපතිව අපි විශ්වාස කළෙමු” යැයි ඔවුහු පැවසූහ.
48

رَبِّ مُوسَىٰ وَهَارُونَ

“මූසා හා හාරූන්ගේ පරමාධිපති වන සමස්ත විශ්වයේ පරමාධිපතිව අපි විශ්වාස කළෙමු” යැයි ඔවුහු පැවසූහ.
49

قَالَ آمَنتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ ۚ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ

(එයට) ඔහු(ෆිර්අවුන්) “මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහුව විශ්වාස කළෙහුය. සැබැවින්ම ඔහු(මූසා) නුඹලාට හූනියම ඉගැන් වූ නුඹලාගේ ප්රධානියාය. එබැවින් (මෙහි ප්රතිවිපාකය) නුඹලා මතු දැන ගනු ඇත. නුඹලාගේ අත් හා නුඹලාගේ පාද (එකිනෙකට) විරුද්ධ පැති වලින් සැබැවින්ම මම කපා දමන්නෙමි. තවද සැබැවින්ම මම නුඹලා සියල්ලෝම කුරුසයේ (තබා ඇණ) ගසන්නෙමි” යැයි පැවසුවේය.
50

قَالُوا لَا ضَيْرَ ۖ إِنَّا إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ

“(එයින් අපට) කිසිදු හානියක් නැත, සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙත හැරෙන්නන් යැ”යි ඔවුහු පැවසුවෝය.
51

إِنَّا نَطْمَعُ أَن يَغْفِرَ لَنَا رَبُّنَا خَطَايَانَا أَن كُنَّا أَوَّلَ الْمُؤْمِنِينَ

“අපි විශ්වාසිකයින්ගෙන් ආරම්භකයන් වීම හේතුවෙන් අපගේ පාපයන් අපගේ පරමාධිපති අපට ක්ෂමා කිරීම සැබැවින්ම අපි අපේක්ෂා කරන්නෙමු.” (යැයි ද ඔවුහු පැවසුවෝය.)
52

وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَسْرِ بِعِبَادِي إِنَّكُم مُّتَّبَعُونَ

“මාගේ ගැත්තන් සමග නුඹ රාත්රියෙහි (පිටව) යවු. සැබැවින්ම නුඹලා ලුහුබඳිනු ලබන්නන් යැ”යි මූසා වෙත අපි වහී(දේව පණිවිඩ) පහළ කළෙමු. 4
4ෆිර්අවුන්ගේ වහල් බවින් ඉස්රාඊල්ගේ දරුවන්ව නිදහස් කිරීම පිණිස ඔවුන්ව ඊජිප්තුවෙන් පිටමං කර යවන මෙන් අල්ලාහ් නබි මූසා තුමාණන්ට අණ කළේය.
53

فَأَرْسَلَ فِرْعَوْنُ فِي الْمَدَائِنِ حَاشِرِينَ

පසුව ෆිර්අවුන් නගරයන්හි (සිටින ජනයින්ව රැස් කරනු පිණිස) රැස් කරන්නන්ව යැව්වේය.
54

إِنَّ هَـٰؤُلَاءِ لَشِرْذِمَةٌ قَلِيلُونَ

“සැබැවින්ම (මූසාගේ පිරිස වන) මොවුන් සුළුතරයින් වූ පිරිසකි.
55

وَإِنَّهُمْ لَنَا لَغَائِظُونَ

සැබැවින්ම ඔවුන් අපව කෝපයට පත් කරන්නන්ය.
56

وَإِنَّا لَجَمِيعٌ حَاذِرُونَ

සැබැවින්ම අපි (ආයුධ වලින් සන්නද්ධ) අවධානී වූ කණ්ඩායමක් වෙමු.” (යැයි ෆිර්අවුන් පැවසුවේය.)
57

فَأَخْرَجْنَاهُم مِّن جَنَّاتٍ وَعُيُونٍ

පසුව අපි ඔවුන්ව(ෆිර්අවුන් හා ඔහුගේ පිරිස) උයන් වලින් ද උල්පත් වලින් ද ධන සම්භාරයන් වලින් ද ගෞරවනීය ස්ථානයකින් ද බැහැර කළෙමු. 5
5මින් අදහස් වන්නේ නබි මූසා තුමාණන්ව හා ඔහුගේ ජනයින්ව ෆිර්අවුන් ලුහුබැඳ යෑම සඳහා පිටවීම තුළින් ෆිර්අවුන්ට අවසානයේ දී සිදු වූයේ තමාගේ රාජධානිය අහිමි කර ගැනීමය. ඔහු නබි මූසා තුමාණන්ව ලුහුබැඳ නොගියේ නම් ඔහුට තම රාජධානිය අහිමි නොවන්නට තිබුණි. සත්ය විශ්වාසිකයින්ව සතර වටින්ම ෆිර්අවුන් විසින් කොටු කරනු ලදී. එසේ කිරීම බාහිරව බැලූ කල එය ඔවුන්ට ඇති වූ උවදුරක් මෙන් පෙනුණ ද අවසානයේ දී එය කුරිරු ෆිර්අවුන්ගේ විනාශයට හා විශ්වාසිකයින්ගේ ජයග්රහණයට අවස්ථාවක් විය.
58

وَكُنُوزٍ وَمَقَامٍ كَرِيمٍ

පසුව අපි ඔවුන්ව(ෆිර්අවුන් හා ඔහුගේ පිරිස) උයන් වලින් ද උල්පත් වලින් ද ධන සම්භාරයන් වලින් ද ගෞරවනීය ස්ථානයකින් ද බැහැර කළෙමු. 5
59

كَذَٰلِكَ وَأَوْرَثْنَاهَا بَنِي إِسْرَائِيلَ

(අප ඔවුන්ව බැහැර කළේ) මෙලෙසය. තවද අපි ඒවා ඉස්රාඊල්ගේ දරුවන්ට උරුම කර දුන්නෙමු. 6
6මෙහි අදහස ෆිර්අවුන් හා ඔහුගේ ජනයා විසින් අත්හරිනු ලැබූ එම වස්තූන් මොවුන් උරුම කර ගත්තෝය යන්න නොවේ. මන්දයත් මොවුන් ෆිර්අවුන්ගේ විනාශයට පසු නැවත ඊජිප්තුවට පැමිණියේ නැත. එනමුත් මෙයින් අදහස් කරන්නේ ෆිර්අවුන් හා ඔහුගේ ජනයාට දෙනු ලැබූ සම්පත් මෙන් මොවුන්ට ද දෙනු ලැබුවේය යන්නයි.
60

فَأَتْبَعُوهُم مُّشْرِقِينَ

හිරු උදා වන විට ඔවුන්(ෆිර්අවුන් හා ඔහුගේ පිරිස) ඔවුන්ව(ඉස්රාඊල්ගේ දරුවන්ව) ලුහු බැන්දෝය.
61

فَلَمَّا تَرَاءَى الْجَمْعَانِ قَالَ أَصْحَابُ مُوسَىٰ إِنَّا لَمُدْرَكُونَ

තවද (මෙම) කණ්ඩායම් දෙක එකිනෙකා දුටු කල්හි “සැබැවින්ම අපි (ෆිර්අවුන්ගේ කණ්ඩායමට) හසු වූවන් යැ”යි මූසාගේ සගයින් පැවසුවෝය.
62

قَالَ كَلَّا ۖ إِنَّ مَعِيَ رَبِّي سَيَهْدِينِ

“එසේ නොව සැබැවින්ම මාගේ පරමාධිපති (අල්ලාහ්) මා සමගය. ඔහු මට මග පෙන්වනු ඇතැ”යි ඔහු(මූසා) පැවසුවේය.
63

فَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنِ اضْرِب بِّعَصَاكَ الْبَحْرَ ۖ فَانفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِيمِ

එවිට අපි මූසාට “නුඹගේ සැරයටියෙන් මුහුදට ගසවු” යැයි වහී(දේව පණිවිඩය) පහළ කළෙමු. එ(සේ ඔහු මුහුදට ගැසූ)විට එය (කොටස් දොළහකට) පැළී වෙන් විය. තවද සෑම කොටසක්ම මහත් පර්වතයක් මෙන් විය.
64

وَأَزْلَفْنَا ثَمَّ الْآخَرِينَ

තවද (ලුහුබැඳ පැමිණි) අනෙක් අයව ද එතැනට අපි සමීප කළෙමු.
65

وَأَنجَيْنَا مُوسَىٰ وَمَن مَّعَهُ أَجْمَعِينَ

තවද මූසාව ද ඔහු සමග සිටියවුන් සියල්ලන්ව ද අපි ආරක්ෂා කළෙමු.
66

ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ

පසුව (ලුහුබැඳ පැමිණි) අනෙක් අයව අපි (මුහුදේ) ගිල්වූයෙමු.
67

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

සැබැවින්ම එහි සංඥාවක් ඇත. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාසිකයින් නොවීය.
68

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති, ඔහුමය අති බලසම්පන්න පරම කරුණාභරිත වන්නේ.
69

وَاتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَاهِيمَ

(ප්රතික්ෂේපිත) ඔවුන් කෙරෙහි ඉබ්රාහීම්ගේ පුවත පාරායනය කර පෙන්වවු.
70

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا تَعْبُدُونَ

ඔහු තම පියාට ද තම ජනයාට ද “නුඹලා නමදිනුයේ කුමක් දැ?”යි විමසූ විට
71

قَالُوا نَعْبُدُ أَصْنَامًا فَنَظَلُّ لَهَا عَاكِفِينَ

“අපි පිළිම වලට නමදින්නෙමු. තවද ඒවා(ට නැමදුම් කිරීම) කෙරෙහි අපි (ස්ථාවරව) රැඳී සිටින්නන් වෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
72

قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ

(එයට) ඔහු(ඉබ්රාහීම් මෙසේ) විමසුවේය “නුඹලා අයැදින විට ඔවුන් නුඹලාට සවන් දෙන්නේ ද?
73

أَوْ يَنفَعُونَكُمْ أَوْ يَضُرُّونَ

නැතහොත් නුඹලාට ඔවුන් ප්රයෝජනයක් සිදු කරන්නෝ ද? එසේත් නැතහොත් හානියක් සිදු කරන්නෝ ද?”
74

قَالُوا بَلْ وَجَدْنَا آبَاءَنَا كَذَٰلِكَ يَفْعَلُونَ

“(නැත.) එනමුත් අපගේ මුතුන් මිත්තන් මෙලෙස කරනු අපි දුටුවෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
75

قَالَ أَفَرَأَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَ

ඔහු(ඉබ්රාහීම් මෙසේ) පැවසුවේය “නුඹලා ද නුඹලාගේ පැරණි මුතුන් මිත්තන් ද නමදිමින් සිටි දෑ නුඹලා (නිරීක්ෂා කර) බැලුවෙහි ද?
76

أَنتُمْ وَآبَاؤُكُمُ الْأَقْدَمُونَ

ඔහු(ඉබ්රාහීම් මෙසේ) පැවසුවේය “නුඹලා ද නුඹලාගේ පැරණි මුතුන් මිත්තන් ද නමදිමින් සිටි දෑ නුඹලා (නිරීක්ෂා කර) බැලුවෙහි ද?
77

فَإِنَّهُمْ عَدُوٌّ لِّي إِلَّا رَبَّ الْعَالَمِينَ

සැබැවින්ම ඔවුන් මට සතුරන්ය. (එබැවින් මම ඔවුන්ව නොනමදිමි. නමුත්) සමස්ත විශ්වයේ පරමාධිපති (අල්ලාහ්) මිස.
78

الَّذِي خَلَقَنِي فَهُوَ يَهْدِينِ

ඔහු කවරෙකුද යත් මාව මවා පසුව ඔහු මට (යහ)මග පෙන්වන්නේය.
79

وَالَّذِي هُوَ يُطْعِمُنِي وَيَسْقِينِ

තවද ඔහු මට ආහාර සපයන්නේය. තවද මට පානය ද සපයන්නේය.
80

وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ

මා අසනීප වූ විට ඔහු මට සුවය දෙන්නේය.
81

وَالَّذِي يُمِيتُنِي ثُمَّ يُحْيِينِ

තවද ඔහු මාව (මෙලොවෙහි) මරණයට පත් කරන්නේය. පසුව (මතු ලොවෙහි) මට යළි ජීවය දෙන්නේය.
82

وَالَّذِي أَطْمَعُ أَن يَغْفِرَ لِي خَطِيئَتِي يَوْمَ الدِّينِ

තවද ඔහු විපාක ප්රදාන දිනයේ මාගේ වැරදි වලට මට සමාව දෙනු ඇතැයි මා ආශා කරන්නෙමි.”
83

رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ

(තවද ඉබ්රාහීම් මෙසේ අයැද සිටියේය) “මාගේ පරමාධිපතියාණනි, මට ප්රඥාවක් තිළිණ කරනු මැනව! තවද (ස්වර්ගයෙහි) සැදැහැමියන් සමග මා එක් කරනු මැනව!
84

وَاجْعَل لِّي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ

තවද (මට) පසුව පැමිණෙන්නන් අතර මට (කීර්තිමත් වූ) සත්ය වර්ණනාවක් ඇති කරනු මැනව!
85

وَاجْعَلْنِي مِن وَرَثَةِ جَنَّةِ النَّعِيمِ

තවද පූර්ණ සොම්නසින් යුත් ස්වර්ගයේ උරුමක්කරුවන් අතුරින් මා පත් කරනු මැනව!.
86

وَاغْفِرْ لِأَبِي إِنَّهُ كَانَ مِنَ الضَّالِّينَ

තවද මාගේ පියාණන්ට සමාව (දී යහමග ලබා) දෙනු මැනව! සැබැවින්ම ඔහු මුළාවූවන් අතුරින් විය.
87

وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ

තවද නැවත නැගිටුවනු ලබන (විනිශ්චය) දිනයේ මා අවමානයට පත් නොකරනු මැනව!
88

يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ

එදින ශාන්තිමත් (පිවිතුරු) හදවතකින් අල්ලාහ් වෙත පැමිණෙන්නන්ට හැර කිසිදු ධනයක් හෝ පිරිමි දරුවන් හෝ ප්රයෝජනවත් නොවන්නෝය.”
89

إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ

එදින ශාන්තිමත් (පිවිතුරු) හදවතකින් අල්ලාහ් වෙත පැමිණෙන්නන්ට හැර කිසිදු ධනයක් හෝ පිරිමි දරුවන් හෝ ප්රයෝජනවත් නොවන්නෝය.”
90

وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ

තවද බිය භක්තිකයින්ට (ස්වර්ග) උයන සමීප කරනු ලැබේ.
91

وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ

තවද (සීමාව ඉක්මවමින්) නොමග ගියවුන්ට නිරය නිරාවරණය කරනු ලැබේ.
92

وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَ

තවද “අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටි දෑ(පිළිම) කොහිද? ඔවුන් නුඹලාට උදව් කරන්නේ ද? නැතහොත් ඔවුන් තමන්ටම උදව් කර ගන්නේ දැ?”යි ඔවුනට පවසනු ලැබේ.
93

مِن دُونِ اللَّهِ هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَ

තවද “අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටි දෑ(පිළිම) කොහිද? ඔවුන් නුඹලාට උදව් කරන්නේ ද? නැතහොත් ඔවුන් තමන්ටම උදව් කර ගන්නේ දැ?”යි ඔවුනට පවසනු ලැබේ.
94

فَكُبْكِبُوا فِيهَا هُمْ وَالْغَاوُونَ

එබැවින් ඔවුන්ව ද (සීමාව ඉක්මවමින්) නොමග ගියවුන් ද ඉබ්ලීස්ගේ සේනාවන් ද යන සියල්ලෝම එ(ම නිරයෙ)හි මුණින් අතට තල්ලු කරනු ලබන්නෝය.
95

وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ

එබැවින් ඔවුන්ව ද (සීමාව ඉක්මවමින්) නොමග ගියවුන් ද ඉබ්ලීස්ගේ සේනාවන් ද යන සියල්ලෝම එ(ම නිරයෙ)හි මුණින් අතට තල්ලු කරනු ලබන්නෝය.
96

قَالُوا وَهُمْ فِيهَا يَخْتَصِمُونَ

ඔවුහු (තමන් දෙවිවරුන් ලෙස පත් කළවුන් සමග) එ(ම නිරයෙ)හි තර්ක කරමින් “අල්ලාහ් මත දිවුරමින් සමස්ත විශ්වයේ පරමාධිපති සමග අපි නුඹලාව සමාන කළ අවස්ථාවේ දී සැබැවින්ම අපි පැහැදිලි නොමෙඟහි සිටියෙමු” යැයි ඔවුහු පවසති.
97

تَاللَّهِ إِن كُنَّا لَفِي ضَلَالٍ مُّبِينٍ

ඔවුහු (තමන් දෙවිවරුන් ලෙස පත් කළවුන් සමග) එ(ම නිරයෙ)හි තර්ක කරමින් “අල්ලාහ් මත දිවුරමින් සමස්ත විශ්වයේ පරමාධිපති සමග අපි නුඹලාව සමාන කළ අවස්ථාවේ දී සැබැවින්ම අපි පැහැදිලි නොමෙඟහි සිටියෙමු” යැයි ඔවුහු පවසති.
98

إِذْ نُسَوِّيكُم بِرَبِّ الْعَالَمِينَ

ඔවුහු (තමන් දෙවිවරුන් ලෙස පත් කළවුන් සමග) එ(ම නිරයෙ)හි තර්ක කරමින් “අල්ලාහ් මත දිවුරමින් සමස්ත විශ්වයේ පරමාධිපති සමග අපි නුඹලාව සමාන කළ අවස්ථාවේ දී සැබැවින්ම අපි පැහැදිලි නොමෙඟහි සිටියෙමු” යැයි ඔවුහු පවසති.
99

وَمَا أَضَلَّنَا إِلَّا الْمُجْرِمُونَ

තවද (මෙම) වැරදිකරුවන් මිස (වෙනත් කිසිවෙකු) අපව නොමග නොයැව්වෝය.
100

فَمَا لَنَا مِن شَافِعِينَ

එබැවින් අපි වෙනුවෙන් අයැද සිටින්නන් කිසිවෙකු නැත.
101

وَلَا صَدِيقٍ حَمِيمٍ

තවද සමීප මිතුරෙකු ද නැත.
102

فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ

සැබැවින්ම අපට (මිහිතලය වෙත) නැවත හැරී යෑමක් ඇත්නම් එවිට අපි විශ්වාසිකයින් අතුරින් වන්නෙමු.” (යැයි ඔවුහු පවසති)
103

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

සැබැවින්ම එහි සංඥාවක් ඇත. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාසිකයින් නොවීය.
104

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති, ඔහුමය අති බලසම්පන්න පරම කරුණාභරිත වන්නේ.
105

كَذَّبَتْ قَوْمُ نُوحٍ الْمُرْسَلِينَ

නූහ්ගේ ජනයාට ඔවුන්ගේ සහෝදර නූහ් “නුඹලා බිය භක්තිමත් නොවන්නෙහු දැ?”යි පැවසූ අවස්ථාවේ දී ඔවුන් රසූල්වරුන්ව අසත්යය කළෝය.
106

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ

නූහ්ගේ ජනයාට ඔවුන්ගේ සහෝදර නූහ් “නුඹලා බිය භක්තිමත් නොවන්නෙහු දැ?”යි පැවසූ අවස්ථාවේ දී ඔවුන් රසූල්වරුන්ව අසත්යය කළෝය.
107

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

“සැබැවින්ම මම නුඹලාට විශ්වාසනීය රසූල්වරයෙකු වෙමි.
108

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

එබැවින් නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද නුඹලා මට අවනත වවු.
109

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ

තවද ඒ සඳහා කිසිදු වේතනයක් මම නුඹලාගෙන් නොඅයැදිමි. මාගේ වේතනය සමස්ත විශ්වයේ පරමාධිපති කෙරෙහි මිස නැත.
110

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

එබැවින් නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද නුඹලා මට අවනත වවු.” (යැයි ද නූහ් පැවසුවේය.)
111

قَالُوا أَنُؤْمِنُ لَكَ وَاتَّبَعَكَ الْأَرْذَلُونَ

“(බලහීන වූ) නීචයින් නුඹව අනුගමනය කරමින් සිටිය දී අපි නුඹව විශ්වාස කරන්නෙමු දැ?”යි ඔවුහු පැවසුවෝය.
112

قَالَ وَمَا عِلْمِي بِمَا كَانُوا يَعْمَلُونَ

(එයට) ඔහු (මෙසේ) පැවසුවේය “ඔවුන්(එම නීචයින් මෙලොව) කරමින් සිටින දෑ පිළිබඳව 7 කවර දැනුමක් මට ඇත්තේ ද?
7නීචයින් යනුවෙන් මෙහි සඳහන් වන්නන් එකල සිටි දුප්පත් බලහීන වූ පහත් උදවියයි. මෙහි ඔවුන්ගේ ලෞකික ජීවිතයේ තත්ත්වය පිළිබඳව නබි නූහ් තුමාණන්ට වගකීමක් නැති බවත් එතුමාගේ වගකීම වන්නේ ඔවුන් තුළ දේව විශ්වාසය ඇති කිරීම බවත් පැහැදිලි කරයි.
113

إِنْ حِسَابُهُمْ إِلَّا عَلَىٰ رَبِّي ۖ لَوْ تَشْعُرُونَ

“(විනිශ්චය දිනයේ) ඔවුන්ගේ (කි්රයා සටහන්) ගණනය කිරීම මාගේ පරමාධිපති කෙරෙහි මිස නැත. නුඹලා (ඒ ගැන) වටහා ගන්නෙහු නම් (ඔවුන් පිළිබඳව නුඹලා පහත් කොට කතා නොකරන්නෙහුය).
114

وَمَا أَنَا بِطَارِدِ الْمُؤْمِنِينَ

තවද මා විශ්වාසිකයින්ව (කිසිවිටෙක) පලවා හරින්නෙකු ද නොවෙමි.
115

إِنْ أَنَا إِلَّا نَذِيرٌ مُّبِينٌ

මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැත.”
116

قَالُوا لَئِن لَّمْ تَنتَهِ يَا نُوحُ لَتَكُونَنَّ مِنَ الْمَرْجُومِينَ

“අහෝ නූහ්! නුඹ (අපව අල්ලාහ් වෙත කැඳවීමෙන්) නොවැළකෙන්නෙහි නම් සැබැවින්ම නුඹ ගල් ගසනු ලබන්නන් අතුරින් (කෙනෙකු) වන්නෙහියැ”යි ඔවුහු පැවසුවෝය.
117

قَالَ رَبِّ إِنَّ قَوْمِي كَذَّبُونِ

(එයට) ඔහු(නූහ් මෙසේ) පැවසුවේය “මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම මාගේ ජනයා මා අසත්යය කළෝය.
118

فَافْتَحْ بَيْنِي وَبَيْنَهُمْ فَتْحًا وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ الْمُؤْمِنِينَ

එබැවින් මා හා ඔවුන් අතර තීන්දුවකින් තීන්දු දෙනු මැනව! තවද මා හා මා සමග වූ විශ්වාසිකයින්ව (නුඹගේ දඬුවමින්) ආරක්ෂා කරනු මැනව!”
119

فَأَنجَيْنَاهُ وَمَن مَّعَهُ فِي الْفُلْكِ الْمَشْحُونِ

එබැවින් අපි පටවනු ලැබූ නැවෙහි (නැංවීමෙන්) ඔහු හා ඔහු සමග සිටියවුන්ව(විශ්වාසිකයින් සියල්ලන්වම) ආරක්ෂා කළෙමු. 8
8නබි නූහ් තුමාණන්ගේ කතා පුවත පිළිබඳව වැඩි විස්තර සඳහා. අල් කුර්ආන් 11:8 , 11:25-49 දක්වා ආයතයන් බලන්න.
120

ثُمَّ أَغْرَقْنَا بَعْدُ الْبَاقِينَ

පසුව ඉතිරිව ඇත්තන්ව එයට පසු අපි ගිල්වූයෙමු.
121

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

සැබැවින්ම එහි සංඥාවක් ඇත. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාසිකයින් නොවීය.
122

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති, ඔහුමය අති බලසම්පන්න පරම කරුණාභරිත වන්නේ.
123

كَذَّبَتْ عَادٌ الْمُرْسَلِينَ

ඔවුන්ගේ සහෝදර හූද් “නුඹලා බිය භක්තිමත් නොවන්නෙහු දැ?”යි ආද්( සමූහයා)ට පැවසූ අවස්ථාවේ දී ඔවුන් රසූල්වරුන්ව අසත්යය කළෝය.
124

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَ

ඔවුන්ගේ සහෝදර හූද් “නුඹලා බිය භක්තිමත් නොවන්නෙහු දැ?”යි ආද්( සමූහයා)ට පැවසූ අවස්ථාවේ දී ඔවුන් රසූල්වරුන්ව අසත්යය කළෝය.
125

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

“සැබැවින්ම මම නුඹලාට විශ්වාසනීය රසූල්වරයෙකු වෙමි.
126

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

එබැවින් නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද නුඹලා මට අවනත වවු.
127

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ

තවද ඒ සඳහා කිසිදු වේතනයක් මම නුඹලාගෙන් නොඅයැදිමි. මාගේ වේතනය සමස්ත විශ්වයේ පරමාධිපති කෙරෙහි මිස නැත.
128

أَتَبْنُونَ بِكُلِّ رِيعٍ آيَةً تَعْبَثُونَ

සෑම උස් ස්ථානයකම නුඹලා (අරමුණකින් තොරව) නිෂ්ඵල දෑ කරන්නන්ව සලකුණක් ඉදි කරන්නෙහු ද? 9
9ඔවුන් ශක්තිමත් පිරිසකි. තම ශක්තිය අනුන්ට පෙන්වීම පිණිස සෑම උස් කඳු වැටියකම තමන්ගේ දෑතින් මොවුන් යම් යම් දෑ තනන්නට වූහ.
129

وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَ

නුඹලා සදාතනිකයින් (ලෙස ජීවත්වන්නන්) මෙන් මසානිඃ(නිර්මාණයන්) 10 (ඉදි කර) ගන්නෙහු ද?
10මෙම ආයතයෙහි සඳහන් ‘මසානිඃ’ යන අරාබි පදයට අර්ථ බොහෝමයක් ඇත. කලාත්මකව හා නිර්මාණශීලිව තනන ලද ඉදිකිරීම් යන අර්ථය මෙන්ම මාලිගාවන් යන අර්ථය ද මෙයට ඇත. මෙයින් වටහා ගත යුතු කරුණක් නම් මෙහි විවේචනය කර ඇත්තේ ඔවුන්ගේ මෙම ගොඩනැගිල්ලට නොවේ. එනමුත් කුමන කාරණාවක් නිසා මේවා තනනු ලැබුවා ද යන්න විවේචනයට ලක් වී ඇත. එනම් ඔවුන්ට අල්ලාහ් විසින් දෙනු ලැබූ ශක්තිය හා සම්පත් නිසා ඔවුන් උඩඟු වී ඔවුන්ට මරණයක් ඇති නොවේ යනුවෙන් හා විනිශ්චය දින යැයි කිසිවක් නොවේ යැයි මොවුහු වැරදියට විශ්වාස කළෝය. එබැවින් තමන්ට නිරන්තරයෙන් ජීවත් විය හැකි මාලිගා මන්දිරයන් තැනිය යුතු යැයි මොවුන් ගොඩනැගිල්ලක් ඉදි කළෝය. මෙම නිසා ලොවේ සෑම අන්දමකින්ම සියලු සැප සම්පත් ලබා ගැනීමට මොවුන් තැත් කළෝය. මෙමගින් මොවුන් සදාචාරය නොතකා හැරිය බැවින් ඔවුන් දුගීන්ට අපරාධ කරන්නන් වූහ. මොවුන්ගේ උඩඟුකම විවේචනය කොට වැකි 130 හි “තවද නුඹලා (කෙනෙකුව) ග්රහණය කරන විට (කිසිදු කරුණාවකින් තොරව) බලගතු වූවන් ලෙස නුඹලා ග්රහණය කරන්නෙහුය” යනුවෙන් අදහස් කරන්නේ මොවුන්ගේ මෙම සාපරාධී කි්රයාවය.
130

وَإِذَا بَطَشْتُم بَطَشْتُمْ جَبَّارِينَ

තවද නුඹලා (කෙනෙකුව) ග්රහණය කරන විට (කිසිදු කරුණාවකින් තොරව) බලගතු වූවන් ලෙස නුඹලා ග්රහණය කරන්නෙහුය.
131

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

එබැවින් නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද නුඹලා මට අවනත වවු.
132

وَاتَّقُوا الَّذِي أَمَدَّكُم بِمَا تَعْلَمُونَ

නුඹලා දන්නා දැයින් නුඹලාට උපකාර කළ කෙනාට(අල්ලාහ්ට) බිය භක්තිමත් වවු.
133

أَمَدَّكُم بِأَنْعَامٍ وَبَنِينَ

ඔහු නුඹලාට පශු කුලයට අයත් සතුන් මගින් ද පිරිමි දරුවන්ගෙන් ද උයන් වලින් ද උල්පත් වලින් ද උපකාර කළේය.
134

وَجَنَّاتٍ وَعُيُونٍ

ඔහු නුඹලාට පශු කුලයට අයත් සතුන් මගින් ද පිරිමි දරුවන්ගෙන් ද උයන් වලින් ද උල්පත් වලින් ද උපකාර කළේය.
135

إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ

සැබැවින්ම මම නුඹලා කෙරෙහි මහත් වූ දිනයක දඬුවම (පිළිබඳව) බිය වන්නෙමි.” (යැයි ද හූද් පැවසුවේය.)
136

قَالُوا سَوَاءٌ عَلَيْنَا أَوَعَظْتَ أَمْ لَمْ تَكُن مِّنَ الْوَاعِظِينَ

(එයට) ඔවුහු (මෙසේ) පැවසුවෝය “නුඹ (අපට) උපදෙස් කළ ද නැතහොත් උපදෙස් කරන්නන් අතුරින් නොවුව ද (එය) අප කෙරෙහි එක සමානය.
137

إِنْ هَـٰذَا إِلَّا خُلُقُ الْأَوَّلِينَ

මෙය(මෙසේ උපදෙස් කිරීම) පෙර වූවන්ගේ සිරිතක්ව මිස නැත.
138

وَمَا نَحْنُ بِمُعَذَّبِينَ

තවද අපි දඬුවමට ලක්වන්නන් නොවෙමු.”
139

فَكَذَّبُوهُ فَأَهْلَكْنَاهُمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

ඔවුන්(ආද් සමූහය) ඔහුව(හූද්ව) අසත්යය කළෝය. එබැවින් අපි ඔවුන්ව විනාශ කළෙමු. 11 සැබැවින්ම එහි සංඥාවක් ඇත. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාසිකයින් නොවීය.
11අල් කුර්ආන් 7:65-72 හි පාද සටහන් සමග බලන්න.
140

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති, ඔහුමය අති බලසම්පන්න පරම කරුණාභරිත වන්නේ.
141

كَذَّبَتْ ثَمُودُ الْمُرْسَلِينَ

ඔවුන්ගේ සහෝදර සාලිහ් “නුඹලා බිය භක්තිමත් නොවන්නෙහු දැ?”යි සමූද් (සමූහයා)ට පැවසූ අවස්ථාවේ දී ඔවුන් රසූල්වරුන්ව අසත්යය කළෝය. 12
12වැඩි විස්තර සඳහා 7:73 හි පාද සටහන බලන්න.
142

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَالِحٌ أَلَا تَتَّقُونَ

ඔවුන්ගේ සහෝදර සාලිහ් “නුඹලා බිය භක්තිමත් නොවන්නෙහු දැ?”යි සමූද් (සමූහයා)ට පැවසූ අවස්ථාවේ දී ඔවුන් රසූල්වරුන්ව අසත්යය කළෝය. 12
143

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

“සැබැවින්ම මම නුඹලාට විශ්වාසනීය රසූල්වරයෙකු වෙමි.
144

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

එබැවින් නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද නුඹලා මට අවනත වවු.
145

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ

තවද ඒ සඳහා කිසිදු වේතනයක් මම නුඹලාගෙන් නොඅයැදිමි. මාගේ වේතනය සමස්ත විශ්වයේ පරමාධිපති කෙරෙහි මිස නැත.
146

أَتُتْرَكُونَ فِي مَا هَاهُنَا آمِنِينَ

(මරණයෙන් හා දඬුවමින්) ආරක්ෂා වූවන් ලෙස මෙ(ලොවෙ)හි ඇති (භාග්යවන්ත) දෑ තුළ නුඹලා අත් හරිනු ලබන්නේ ද?
147

فِي جَنَّاتٍ وَعُيُونٍ

(එනම්) උයන් ද උල්පත් ද ගොවිබිම් ද එහි වලු පැසී ඇති ඉඳි ගස් ද අතරෙහි (ආරක්ෂා වූවන්ව නුඹලා අත් හරිනු ලබන්නේද?)
148

وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌ

(එනම්) උයන් ද උල්පත් ද ගොවිබිම් ද එහි වලු පැසී ඇති ඉඳි ගස් ද අතරෙහි (ආරක්ෂා වූවන්ව නුඹලා අත් හරිනු ලබන්නේද?)
149

وَتَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا فَارِهِينَ

තවද නුඹලා (උඩඟු වූ) දක්ෂයින් ලෙස කඳු අතරින් නිවෙස් අඹා තනන්නෝය.
150

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

එබැවින් නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද නුඹලා මට අවනත වවු.
151

وَلَا تُطِيعُوا أَمْرَ الْمُسْرِفِينَ

තවද සීමාව ඉක්මවූවන්ගේ විධානයට නුඹලා අවනත නොවවු.
152

الَّذِينَ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ

(ඔවුන්) මිහිතලයෙහි කලහකම් ඇති කරන්නන්ය. තවද (ඔවුන්ගේ කි්රයාවන්) සංශෝධනය නොකරන්නන්ය.” (යැයි ද සාලිහ් පැවසුවේය.)
153

قَالُوا إِنَّمَا أَنتَ مِنَ الْمُسَحَّرِينَ

(එයට) ඔවුහු (මෙසේ) පැවසුවෝය “සැබැවින්ම නුඹ හූනියමට ලක් වූවන් අතුරින්මය.
154

مَا أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا فَأْتِ بِآيَةٍ إِن كُنتَ مِنَ الصَّادِقِينَ

නුඹ අප මෙන් මිනිසෙකු මිස නැත. එබැවින් නුඹ සත්යවන්තයින් අතුරින් වූයේ නම් සංඥාවක් ගෙන එවු.”
155

قَالَ هَـٰذِهِ نَاقَةٌ لَّهَا شِرْبٌ وَلَكُمْ شِرْبُ يَوْمٍ مَّعْلُومٍ

“මෙය ඔටුදෙනකි. 13 ඌට (නියම කළ දිනකට ජලය) පානය කිරීමක් ද නුඹලාට නියම කළ දිනකට (ජලය) පානය කිරීමක් ද (වෙන් කර) ඇතැ”යි ඔහු(සාලිහ්) පැවසුවේය.
13වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 91:13 ආයතයේ පාද සටහන බලන්න.
156

وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍ

“තවද නුඹලා ඌව නරකයකින්(හානියකින්) ස්පර්ශ නොකරවු. (එසේ කළේ නම්) එවිට මහත් වූ දිනයක දඬුවම නුඹලාව ග්රහණය කර ගන්නේය.” (යැයි ද ඔහු පැවසුවේය.)
157

فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَ

පසුව ඔවුහු (උගේ ගෙල සිඳ දමා) ඌව ඝාතනය කළෝය. එබැවින් ඔවුහු පසුතැවිලි වූවන් බවට පත් වූවෝය.
158

فَأَخَذَهُمُ الْعَذَابُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

එබැවින් දඬුවම ඔවුන්ව ග්රහණය කර ගත්තේය. 14 සැබැවින්ම එහි සංඥාවක් ඇත. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාසිකයින් නොවීය.
14අල් කුර්ආන් 7:73-79 හි පාද සටහන් සමග බලන්න.
159

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති, ඔහුමය අති බලසම්පන්න පරම කරුණාභරිත වන්නේ.
160

كَذَّبَتْ قَوْمُ لُوطٍ الْمُرْسَلِينَ

ලූත්ගේ සමූහයාට ඔවුන්ගේ සහෝදර ලූත් “නුඹලා බිය භක්තිමත් නොවන්නෙහු දැ?”යි පැවසූ අවස්ථාවේ දී ඔවුන් රසූල්වරුන්ව අසත්යය කළෝය.
161

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ

ලූත්ගේ සමූහයාට ඔවුන්ගේ සහෝදර ලූත් “නුඹලා බිය භක්තිමත් නොවන්නෙහු දැ?”යි පැවසූ අවස්ථාවේ දී ඔවුන් රසූල්වරුන්ව අසත්යය කළෝය.
162

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

“සැබැවින්ම මම නුඹලාට විශ්වාසනීය රසූල්වරයෙකු වෙමි.
163

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

එබැවින් නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද නුඹලා මට අවනත වවු.
164

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ

තවද ඒ සඳහා කිසිදු වේතනයක් මම නුඹලාගෙන් නොඇයැදිමි. මාගේ වේතනය සමස්ත විශ්වයේ පරමාධිපති කෙරෙහි මිස නැත.
165

أَتَأْتُونَ الذُّكْرَانَ مِنَ الْعَالَمِينَ

ලෝවැසියන් අතුරින් පිරිමින් වෙත නුඹලා (සමලිංගික සේවනය සඳහා) පැමිණෙන්නේද? 15
15නබි ලූත් තුමාණන්ගේ ජනයා තුළ අල්ලාහ් අපි්රය කරන භයානක පාපයක් විය. එනම් ඔවුන් සමලිංගික සේවනයේ යෙදුණෝය. මෙම ආයතයෙන් හඳුන්වන්නේ එම සිද්ධියයි.
166

وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُم مِّنْ أَزْوَاجِكُم ۚ بَلْ أَنتُمْ قَوْمٌ عَادُونَ

තවද නුඹලාගේ පරමාධිපති නුඹලා වෙනුවෙන් නුඹලාගේ භාර්යාවන් අතුරින් කවරෙකුව මැව්වේ ද ඔවුන්ව නුඹලා අතහරින්නෝය. එනමුත් නුඹලා සීමාව ඉක්මවූ පිරිසකි.” (යැයි ද ලූත් පැවසුවේය.)
167

قَالُوا لَئِن لَّمْ تَنتَهِ يَا لُوطُ لَتَكُونَنَّ مِنَ الْمُخْرَجِينَ

“අහෝ ලූත්! නුඹ (අපව අල්ලාහ් වෙත කැඳවීමෙන්) නොවැළකෙන්නෙහි නම් සැබැවින්ම නුඹ පිටුවහල් කරනු ලබන අය අතුරින් (කෙනෙකු) වන්නෙහි යැ”යි ඔවුහු පැවසුවෝය.
168

قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ الْقَالِينَ

“සැබැවින්ම මම නුඹලාගේ ක්රියාව පිළිබඳව පිළිකුල් කරන්නන් අතුරින් වෙමි.” යැයි ඔහු පැවසුවේය.
169

رَبِّ نَجِّنِي وَأَهْلِي مِمَّا يَعْمَلُونَ

“මාගේ පරමාධිපතියාණනි, ඔවුහු කරමින් සිටින (අශික්ෂිත) දැයින් මා හා මාගේ පවුල ආරක්ෂා කරනු මැනව!” (යැයි ද ඔහු පැවසුවේය.)
170

فَنَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ

එබැවින් ඔහුව ද ඔහුගේ පවුලේ සියල්ල ද (ඔහුගේ සමූහයට ඇති වූ විපතින්) අපි මුදවා ගත්තෙමු.
171

إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَ

(නමුත් විනාශ වන්නට සිටි අය වන) ඉතිරි වූවන් අතරෙහි සිටි මැහැල්ලිය 16 හැර.
16මෙහි මැහැල්ලිය යන්නෙන් අදහස් කෙරෙනුයේ නබි ලූත් තුමාගේ බිරියයි. ඇය ඔහුගේ පවුලේ සාමාජිකාවක වුවද සමලිංගිකයින්ට එම පාපයෙහි යෙදීමට උදව් කළ හෙයින් ඇයද මෙම දඬුවමට භාජනය විය.
172

ثُمَّ دَمَّرْنَا الْآخَرِينَ

පසුව අනෙක් අයව (මුළුමණින්ම) අපි විනාශ කර දැමුවෙමු.
173

وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا ۖ فَسَاءَ مَطَرُ الْمُنذَرِينَ

තවද ඔවුන් කෙරෙහි (දරුණු ගල්) වර්ෂාවක් වැස්සුවෙමු. එබැවින් අවවාදයට ලක්වූවන්ගේ වර්ෂාව නපුරු විය. 17
17අල් කුර්ආන් 7:80-84 හි පාද සටහන් සමග බලන්න.
174

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

සැබැවින්ම එහි සංඥාවක් ඇත. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාසිකයින් නොවීය.
175

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති, ඔහුමය අති බලසම්පන්න පරම කරුණාභරිත වන්නේ.
176

كَذَّبَ أَصْحَابُ الْأَيْكَةِ الْمُرْسَلِينَ

“නුඹලා බිය භක්තිමත් නොවන්නෙහු දැ?”යි ෂුඅයිබ් ‘අයිකා’ වැසියන්ට 18 පැවසූ අවස්ථාවේ දී ඔවුන් රසූල්වරුන්ව අසත්යය කළෝය.
18‘නබි ෂුඅයිබ්’ තුමාණන් මද්යන් වැසියන්ට යවනු ලැබු නබිවරයෙකු යැයි අල් කුර්ආන් 7:85 හි සඳහන් වී ඇති අතර මෙහි ඔහුගේ වැසියන්ට ‘අයිකා වැසියන්’ යැයි සඳහන් වී ඇත. මද්යන් හා අයිකා යනු එකම ජාතියට අයත් නම් දෙකක් යන්න ඇතැම් අල් කුර්ආන් විද්වතුන්ගේ මතයයි. තවත් ඇතැමුන් මෙම දෙකම එකම සමූහයේ ගෝත්ර දෙකක නම් යැයි අදහස් කරන්නෝය. කෙසේ වෙතත් නබි ෂුඅයිබ් තුමා අයිකා හා මද්යන් වැසියන්ට යවනු ලැබූ නබිවරයාය. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 11 : 87-94 , 26:117 හා අල් කුර්ආන් 29:36 හි පාද සටහන සමග බලන්න.
177

إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ

“නුඹලා බිය භක්තිමත් නොවන්නෙහු දැ?”යි ෂුඅයිබ් ‘අයිකා’ වැසියන්ට 18 පැවසූ අවස්ථාවේ දී ඔවුන් රසූල්වරුන්ව අසත්යය කළෝය.
178

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

“සැබැවින්ම මම නුඹලාට විශ්වාසනීය රසූල්වරයෙකු වෙමි.
179

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

එබැවින් නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද නුඹලා මට අවනත වවු.
180

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ

තවද ඒ සඳහා කිසිදු වේතනයක් මම නුඹලාගෙන් නොඇයැදිමි. මාගේ වේතනය සමස්ත විශ්වයේ පරමාධිපති කෙරෙහි මිස නැත.
181

أَوْفُوا الْكَيْلَ وَلَا تَكُونُوا مِنَ الْمُخْسِرِينَ

නුඹලා (යමක් මැන දෙන විට) මිනුම් සම්පූර්ණ කරවු. තවද නුඹලා (එහි අඩුපාඩු කම් කර අන් අයට) අලාභ කරන්නන් අතුරින් නොවවු.
182

وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ

තවද නුඹලා ඍජු තුලාවකින් කිරවු.
183

وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ

තවද නුඹලා ජනයාට ඔවුන්ගේ භාණ්ඩ (නියමිත ප්රමාණයට වඩා) අඩු නොකරවු. තවද නුඹලා මිහිතලයෙහි කලහකාරකම් පතුරුවමින් සීමාව ඉක්මවා නොයවු.
184

وَاتَّقُوا الَّذِي خَلَقَكُمْ وَالْجِبِلَّةَ الْأَوَّلِينَ

තවද නුඹලාව ද (නුඹලාට) පෙර මැවීම් (වන නුඹලාගේ පරපුර) ද මැවූ කෙනාට(අල්ලාහ්ට) බිය භක්තිමත් වවු.” (යැයි ද ෂුඅයිබ් පැවසුවේය.)
185

قَالُوا إِنَّمَا أَنتَ مِنَ الْمُسَحَّرِينَ

(එයට) ඔවුහු (මෙසේ) පැවසුවෝය “සැබැවින්ම නුඹ හූනියමට ලක් වූවන් අතුරින්මය.
186

وَمَا أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ الْكَاذِبِينَ

තවද නුඹ අප මෙන් මිනිසෙකු මිස නැත. තවද නුඹ අසත්යවන්තයින් අතුරින් (කෙනෙක්) යැයි සැබැවින්ම අපි සිතන්නෙමු.
187

فَأَسْقِطْ عَلَيْنَا كِسَفًا مِّنَ السَّمَاءِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ

එබැවින් නුඹ සත්යවන්තයින් අතුරින් (කෙනෙකු) වන්නේ නම් අහසින් කැබැල්ලක් අප වෙත හෙළවු.”
188

قَالَ رَبِّي أَعْلَمُ بِمَا تَعْمَلُونَ

(එයට) “නුඹලා කරන දෑ පිළිබඳව මාගේ පරමාධිපති මැනවින් දන්නේ යැ”යි ඔහු පැවසුවේය.
189

فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ الظُّلَّةِ ۚ إِنَّهُ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ

ඔවුහු(අයිකා වැසියන්) ඔහුව(ෂුඅයිබ්ව) අසත්යය කළෝය. එබැවින් (අඳුරු වලාකුළෙන්) හෙවණ ලද දිනයේ 19 දඬුවම ඔවුන්ව ග්රහණය කර ගත්තේය. සැබැවින්ම එය මහත් වූ දිනයක දඬුවම විය.
19මෙම පාපතරයින්ට දෙනු ලැබූ දඬුවම කුමක්දැ’යි අල් කුර්ආන්හි සඳහන් වී නැත. උෂ්ණ කාලගුණයක් ඔවුන්ට ඇති වී තිබෙන විට වැහි වලාකුළක් පවනක් සමග ඔවුන් වෙත පැමිණෙනු ඔවුන් දැක සියල්ල සතුටින් එය දෙස ශීඝ්රයෙන් පැමිණියෝය. ඔවුන් සියල්ල එම වළාකුල යට එක් රැස් වූ විට එය ගින්නක් බවට පත් වී ඔවුන්ව පුලුස්සා දැම්මේය යැයි ඇතැම් වාර්තාවන්හි සඳහන් වී ඇත. මෙම වාර්තාවට අනුව “හෙවණ ලද දිනයේ දඬුවම” යනුවෙන් අදහස් කරන්නේ මෙම දඬුවමයි. කෙසේ වෙතත් මෙම වාර්තාවෙහි තහවුරුතාවේ බලහීනත්වයක් තිබෙන බැවින් අපට කිසිවක් නිත්යව පැවසිය නොහැකිය.
190

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

සැබැවින්ම එහි සංඥාවක් ඇත. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාසිකයින් නොවීය.
191

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති, ඔහුමය අති බලසම්පන්න පරම කරුණාභරිත වන්නේ.
192

وَإِنَّهُ لَتَنزِيلُ رَبِّ الْعَالَمِينَ

සැබැවින්ම මෙ(ම අල් කුර්ආන)ය සමස්ත විශ්වයේ පරමාධිපතිගේ පහළ කිරීමකි.
193

نَزَلَ بِهِ الرُّوحُ الْأَمِينُ

(නබිවරය) නුඹ අවවාද කරන්නන් අතුරින් වනු පිණිස පැහැදිලි අරාබි බසින් නුඹගේ හදවත මත එ(ම අල් කුර්ආන)ය රැගෙන විශ්වාසනීය රූහ් (වන ජිබ්රීල්) 20 පහළ විය.
20වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 97:4 ආයතයේ පාද සටහන බලන්න.
194

عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنذِرِينَ

(නබිවරය) නුඹ අවවාද කරන්නන් අතුරින් වනු පිණිස පැහැදිලි අරාබි බසින් නුඹගේ හදවත මත එ(ම අල් කුර්ආන)ය රැගෙන විශ්වාසනීය රූහ් (වන ජිබ්රීල්) 20 පහළ විය.
195

بِلِسَانٍ عَرَبِيٍّ مُّبِينٍ

(නබිවරය) නුඹ අවවාද කරන්නන් අතුරින් වනු පිණිස පැහැදිලි අරාබි බසින් නුඹගේ හදවත මත එ(ම අල් කුර්ආන)ය රැගෙන විශ්වාසනීය රූහ් (වන ජිබ්රීල්) 20 පහළ විය.
196

وَإِنَّهُ لَفِي زُبُرِ الْأَوَّلِينَ

තවද සැබැවින්ම මෙය පෙරවූවන්ගේ ධර්ම පුස්තකයන්හි (සඳහන්ව) තිබුණි. 21
21අල් කුර්ආනයේ මූලික ඉගැන්වීම වන අල්ලාහ්ගේ ඒකදේවත්වය හා විනිශ්චය දිනය වැනි විශ්වාසය හා සම්බන්ධ දෑ පැරණි ධර්ම පුස්තකයන්හි ද සඳහන් වී තිබුණි. “තවද සැබැවින්ම මෙය” යනුවෙන් අදහස් කරන්නේ මෙම ඉගැනුමයි. එසේත් නොමැතිනම් ‘මෙම අල් කුර්ආන් හා අවසාන දූතයා මුහම්මද් තුමාණන් වේ’ යන පුවත ඇතැම් පැරණි දේව ග්රන්ථයන්හි සඳහන් වී ඇති බැවින් මෙයින් අදහස් වන්නේ අල් කුර්ආන් හා අවාසාන නබිවරයා පිළිබඳව වූ විස්තර විය හැකිය.
197

أَوَلَمْ يَكُن لَّهُمْ آيَةً أَن يَعْلَمَهُ عُلَمَاءُ بَنِي إِسْرَائِيلَ

ඉස්රාඊල්ගේ දරුවන්ගේ දැනුම ඇත්තන් මෙය (සත්යය යැයි) දැන සිටීම ඔවුනට (ප්රමාණවත්) සාධකයක් නොවූයේ ද? 22
22මක්කාවාසී ප්රතික්ෂේපකයින්ට දේව ග්රන්ථ කිසිවක් පිළිබඳව දැනුමක් තිබුණේ නැත. එනමුත් අල් කුර්ආන්හි මූලික ඉගැනුම් තමන්ගේ දේව ග්රන්ථයේ ඉගැනුමට සමාන යැයි බොහෝ කිතුනුවන් හා යුදෙව්වන් පවසා සිටියෝය. එපමණක් නොව ඔවුන් අතුරින් ඇතැමුන් ඔවුන්ගේ දේව ග්රන්ථයෙහි අවසාන දූතයකු පැමිණෙන බව අනාවැකි සඳහන් වී ඇති අතර එයින් අදහස් කරන්නේ නබි මුහම්මද් තුමා යැයි ද පැවසුවෝය.
198

وَلَوْ نَزَّلْنَاهُ عَلَىٰ بَعْضِ الْأَعْجَمِينَ

තවද අරාබි නොවන සමහරුන් කෙරෙහි අපි මෙය පහළ කර පසුව ඔහු(නබිවරයා) එය ඔවුනට පාරායනා කළේ නම් ඔවුහු එය පිළිබඳව විශ්වාසිකයින් නොවන්නෝය.
199

فَقَرَأَهُ عَلَيْهِم مَّا كَانُوا بِهِ مُؤْمِنِينَ

තවද අරාබි නොවන සමහරුන් කෙරෙහි අපි මෙය පහළ කර පසුව ඔහු(නබිවරයා) එය ඔවුනට පාරායනා කළේ නම් ඔවුහු එය පිළිබඳව විශ්වාසිකයින් නොවන්නෝය.
200

كَذَٰلِكَ سَلَكْنَاهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ

අපි එය වැරදිකරුවන්ගේ හදවත් තුළ ප්රවිෂ්ට කළේ මෙලෙසය. 23
23අල් කුර්ආනය නබි මුහම්මද් තුමාණන්ට පහළ නොවී අරාබි නොවන්නෙකු වෙත පහළ කරනු ලැබ තිබුණේ නම් එහි ආශ්චර්යභාවය තව තවත් අධික වන්නට තිබිණ. එසේ වුවද පාපතර මුරණ්ඩුකාරයින් එය කිසිවිටෙක විශ්වාස කරන්නේ නැත. ඔවුන්ගේ අහංකාර කමින් හා පාප කි්රයාවන් හේතුවෙන් අල් කුර්ආනය මගින් ඔවුන්ගේ හදවත්හි අල්ලාහ් කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැත.
201

لَا يُؤْمِنُونَ بِهِ حَتَّىٰ يَرَوُا الْعَذَابَ الْأَلِيمَ

ඔවුන් වේදනීය දඬුවම දකින තුරු එය විශ්වාස නොකරන්නෝය.
202

فَيَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

එවිට ඔවුන් නොහැඟෙන්නන්ව සිටිය දී එය(එම දඬුවම) අනපේක්ෂිතව ඔවුන් වෙත පැමිණෙනු ඇත.
203

فَيَقُولُوا هَلْ نَحْنُ مُنظَرُونَ

තවද ඔවුහු “අපි අවකාශ දෙනු ලැබූවන් වන්නෙමු දැ?”යි පවසන්නෝය.
204

أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ

(මීට පෙර ඔවුන් දඬුවම ඉක්මන් කරන මෙන් සමච්චලයෙන් පැවසුවා සේ) එවිට ඔවුන් අපගේ දඬුවම ඉක්මන් කරන මෙන් පතනුයේ ද?
205

أَفَرَأَيْتَ إِن مَّتَّعْنَاهُمْ سِنِينَ

අපි ඔවුනට වසර ගණනාවක් (මෙලොව ජීවිතය) භුක්ති විඳීමට සලස්වා පසුව ඔවුනට ප්රතිඥා දෙනු ලැබූ දෑ(දඬුවම) පැමිණියේ නම් ඔවුන් භුක්ති විඳිනු ලබමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවන බව නුඹ අවධානය කළෙහි ද?
206

ثُمَّ جَاءَهُم مَّا كَانُوا يُوعَدُونَ

අපි ඔවුනට වසර ගණනාවක් (මෙලොව ජීවිතය) භුක්ති විඳීමට සලස්වා පසුව ඔවුනට ප්රතිඥා දෙනු ලැබූ දෑ(දඬුවම) පැමිණියේ නම් ඔවුන් භුක්ති විඳිනු ලබමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවන බව නුඹ අවධානය කළෙහි ද?
207

مَا أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا يُمَتَّعُونَ

අපි ඔවුනට වසර ගණනාවක් (මෙලොව ජීවිතය) භුක්ති විඳීමට සලස්වා පසුව ඔවුනට ප්රතිඥා දෙනු ලැබූ දෑ(දඬුවම) පැමිණියේ නම් ඔවුන් භුක්ති විඳිනු ලබමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවන බව නුඹ අවධානය කළෙහි ද?
208

وَمَا أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ

කිසිදු ගම්මානයක්, අවවාද කරන්නන් උපදෙස් කිරීම පිණිස එයට (පැමිණ) සිටියා මිස අපි විනාශ නොකළෙමු. තවද අපි (කිසිවෙකුට) අපරාධ කරන්නන් නොවීමු.
209

ذِكْرَىٰ وَمَا كُنَّا ظَالِمِينَ

කිසිදු ගම්මානයක්, අවවාද කරන්නන් උපදෙස් කිරීම පිණිස එයට (පැමිණ) සිටියා මිස අපි විනාශ නොකළෙමු. තවද අපි (කිසිවෙකුට) අපරාධ කරන්නන් නොවීමු.
210

وَمَا تَنَزَّلَتْ بِهِ الشَّيَاطِينُ

ෂෙයිතාන්වරුන් මෙ(ම කුර්ආන)ය රැගෙන පහළ වූයේ නැත. 24
24නබි මුහම්මද් තුමාණන් ෂෙයිතාන්ගෙන් පුවත් ලබන හූනියම්කරුවෙකු යැයි පවසන උදවියට පිළිතුරක් වශයෙන් මෙම වැකිය පහළ වූයේය.
211

وَمَا يَنبَغِي لَهُمْ وَمَا يَسْتَطِيعُونَ

තවද එය ඔවුනට සුදුසු නොවීය. ඔවුන් (එයට) ශක්ති දරන්නේ ද නැත.
212

إِنَّهُمْ عَنِ السَّمْعِ لَمَعْزُولُونَ

සැබැවින්ම (දේව පණිවිඩය පහළ වන අවස්ථාවේ දී) ඔවුන් (එය) සවන් දීමෙන් වළක්වනු ලැබූවන්ය.
213

فَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَـٰهًا آخَرَ فَتَكُونَ مِنَ الْمُعَذَّبِينَ

එබැවින් නුඹ අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු නොකැඳවවු. එසේ (කැඳවූයේ) නම් නුඹ දඬුවම් කරනු ලබන්නන් අතුරින් වන්නෙහිය.
214

وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ

තවද (නබිවරය,) නුඹ නුඹගේ සමීප ඥාතීන්ට අවවාද කරවු.
215

وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ

තවද විශ්වාසිකයන් අතුරින් නුඹව අනුගමනය කරන්නන්ට නුඹගේ පියාපත්(දයාව) හෙළවු.
216

فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّي بَرِيءٌ مِّمَّا تَعْمَلُونَ

එබැවින් ඔවුන්(සමීප ඥාතීන්) නුඹට පිටුපෑවේ නම් එවිට නුඹ “සැබැවින්ම මම නුඹලා (පිටුපා) කරන දැයින් නිදොස් වෙමි” යැයි පවසවු.
217

وَتَوَكَّلْ عَلَى الْعَزِيزِ الرَّحِيمِ

තවද නුඹ අති බලසම්පන්න පරම කරුණාභරිතයාණන් (වන අල්ලාහ්) වෙත (සියල්ල) භාර කරවු.
218

الَّذِي يَرَاكَ حِينَ تَقُومُ

(ඔහු) කවුරුන්දයත් නුඹ (සලාතය සඳහා) සිට ගන්නා මොහොතේ දී නුඹව දකින්නේය.
219

وَتَقَلُّبَكَ فِي السَّاجِدِينَ

තවද සුජූද්(සලාතය) කරන්නන් අතර (විවිධ ඉරියව් සඳහා කරන) නුඹගේ චලනය ද (ඔහු දකින්නේය).
220

إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ

සැබැවින්ම සර්ව ශ්රාවක සර්වඥ ඔහුමය.
221

هَلْ أُنَبِّئُكُمْ عَلَىٰ مَن تَنَزَّلُ الشَّيَاطِينُ

ෂෙයිතාන්වරුන් පහළ වන්නේ කවරෙකු කෙරෙහි දැයි මම නුඹලාට දැනුම් දෙන්න ද?
222

تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٍ

සෑම (බොරු) ගොතන පාපතරයෙකු කෙරෙහිම ඔහු පහළ වන්නේය.
223

يُلْقُونَ السَّمْعَ وَأَكْثَرُهُمْ كَاذِبُونَ

ඔවුන් සවන් දුන් දෑ (පාපතරයින්ගේ සවනට ද) දමන්නෝය. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනා අසත්යවන්තයින්ය.
224

وَالشُّعَرَاءُ يَتَّبِعُهُمُ الْغَاوُونَ

කවියන් (පිළිබඳව නම්) ඔවුන්ව (සීමාව ඉක්මවමින්) නොමග ගියවුන් අනුගමනය කරන්නෝය. 25
25නබි මුහම්මද් තුමාණන් කවියෙකු යනුවෙන් ද අල් කුර්ආනයේ කවි සඳහන්ව ඇතැ’යි ද මක්කාවාසී ප්රතික්ෂේපකයින්ගේ ව්යාජ තර්කයට පිළිතුරක් වශයෙන් මෙම වැකිය පහළ විය.
225

أَلَمْ تَرَ أَنَّهُمْ فِي كُلِّ وَادٍ يَهِيمُونَ

සැබැවින්ම ඔවුන් සෑම මිටියාවතකම (සීමාව ඉක්මවමින්) සැරිසරනු නුඹ නොදුටුවෙහි ද?
226

وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ

තවද සැබැවින්ම ඔවුන් නොකරන දෑ පවසන්නෝය. 26
26“සෑම මිටියාවතකම (සීමාව ඉක්මවමින්) සැරිසරනු” යනුවෙන් අදහස් කරන්නේ, කවියන් තම කවි පෙළ සකසා ගැනීම පිණිස මනඃකල්පිතව ඕනෑම දැයක් පැවසීමයි. “ඔවුන් නොකරන දෑ පවසන්නෝය” යන පදයෙහි අර්ථය නම් කවියන් තමන්ගේ ධෛර්ය හා ත්යාගශීලීභාවය ගැන ගර්වයෙන් තම කවියෙහි කියාපෑමය.
227

إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَذَكَرُوا اللَّهَ كَثِيرًا وَانتَصَرُوا مِن بَعْدِ مَا ظُلِمُوا ۗ وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنقَلَبٍ يَنقَلِبُونَ

(නමුත් කවියන් අතුරින්) විශ්වාස කර යහකම් කර අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කර තමන් අපාරාධ කරනු ලැබුවායින් පසු (මුස්ලිම්වරුන්ව) ආරක්ෂා කළවුන් හැර. 27 තවද අපරාධ කළවුන් ඔවුන් කවර හැරී යන ස්ථානයකට හැරී යන්නේ දැ?යි මතු දැන ගනු ඇත.
27මෙම ආයතයෙහි පොදුවේ කවියන්ගේ ගුණාංග පැහැදිලි කිරීමෙන් පසුව, කවුරුන්ගේ කවි තමන්ව යහපත් ක්රියාවෙන් නොවළක්වා තවද මුස්ලිම්වරුන්ට හා අල් කුර්ආනයට එරෙහිව කවි පවසන්නන්ගේ කවිවලට විරුද්ධ වන්නේද එම යහ කවියන් පිළිබඳව මෙම වැකියෙන් පෙන්වා දෙයි.
النملමක්කී
1

طس ۚ تِلْكَ آيَاتُ الْقُرْآنِ وَكِتَابٍ مُّبِينٍ

තා.සීන් 1 . ඒවා 2 අල් කුර්ආනයෙහි හා (සත්යය හා අසත්යය) පැහැදිලි (කරන්නා වූ) ධර්ම පුස්තකයෙහි වදන්ය.
1මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 හි පාද සටහන බලන්න.
2මෙහි ‘ඒවා’ යනුවෙන් අදහස් වී ඇත්තේ මෙම සූරාවෙහි අන්තර්ගත ආයතයන්ය. තවද (සත්යය හා අසත්යය) පැහැදිලි (කරන්නා වූ) ධර්ම පුස්තකය යනුවෙන් සඳහන් වී ඇත්තේද අල් කුර්ආනයම ය.
2

هُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ

(මෙය) විශ්වාසිකයින්ට යහ මගක් හා ශුභාරංචියකි.
3

الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُم بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ

ඔවුන් කවරුන්දයත් සලාතය) ස්ථිරවම ඉටු කර zසකාත් ලබා දෙන්නන් වෙති. තවද ඔවුන් පරමාන්ත දිනය පිළිබඳව තරයේ විශ්වාස කරන්නන්ය.
4

إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَالَهُمْ فَهُمْ يَعْمَهُونَ

සැබැවින්ම පරමාන්ත දිනය පිළිබඳව විශ්වාස නොකරන්නන් නම් ඔවුනට තම ක්රියාවන් අපි අලංකාර කර පෙන්වුයෙමු. එබැවින් ඔවුහු ව්යාකූලත්වයේ පසු වෙති.
5

أُولَـٰئِكَ الَّذِينَ لَهُمْ سُوءُ الْعَذَابِ وَهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ

ඔවුන්මය නපුරු දඬුවම හිමි වූවන් වනුයේ. පරමාන්ත දිනයේ අලාභවන්තයින් වන්නේ ද ඔවුන්මය.
6

وَإِنَّكَ لَتُلَقَّى الْقُرْآنَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ

තවද (නබිවරය,) සැබැවින්ම නුඹ සර්වඥ සර්ව ප්රඥාවන්තයා (වන අල්ලාහ්) වෙතින්ය අල් කුර්ආනය දෙනු ලබනුයේ.
7

إِذْ قَالَ مُوسَىٰ لِأَهْلِهِ إِنِّي آنَسْتُ نَارًا سَآتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ آتِيكُم بِشِهَابٍ قَبَسٍ لَّعَلَّكُمْ تَصْطَلُونَ

“සැබැවින්ම මම ගින්නක් දිටිමි. එයින් මා නුඹලාට පණිවිඩයක් ගෙන එමි. එසේ නොමැති නම් උණුසුම තපින්නට ගිනි මැලයක් ගෙන එමි.” යැයි මූසා තම පවුලට පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
8

فَلَمَّا جَاءَهَا نُودِيَ أَن بُورِكَ مَن فِي النَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَالَمِينَ

ඔහු ඒ වෙත පැමිණි විට “ගින්න අසල සිටින්නා(මූසා) ද ඒ අවට සිටින්නන්(මලක්වරුන්) ද භාග්යමත් විය. 3 තවද සමස්ත විශ්වයන්හි පරමාධිපති වන අල්ලාහ් සුවිශුද්ධය” යැයි අමතනු ලැබීය.
3එනම් මොහු සොයමින් පැමිණි ගින්න තිබුණේ අල්ලාහ්ගේ ආශිර්වාදයට ලක් වූ ස්ථානකය. මන්දයත් එම ස්ථානය මොහුට නබිත්වය ලබා දීමට අල්ලාහ් විසින් තෝරා ගනු ලැබූ ස්ථානයක් වූ බැවිනි.
9

يَا مُوسَىٰ إِنَّهُ أَنَا اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ

“අහෝ මූසා, සැබැවින්ම එම කරුණ නම් අති බලසම්පන්න සර්ව ප්රඥාවන්ත අල්ලාහ් මම වෙමි.”
10

وَأَلْقِ عَصَاكَ ۚ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْ ۚ يَا مُوسَىٰ لَا تَخَفْ إِنِّي لَا يَخَافُ لَدَيَّ الْمُرْسَلُونَ

තවද “නුඹ නුඹගේ සැරයටිය (බිම) දමවු.” (යැයි ද අමතනු ලැබීය.) ඔහු එය (බිම දැමූ කල්හි) සර්පයෙකු මෙන් නළියනු දුටු විට ඔහු පසුබැස පසුපස නොබලා හැරී දිව්වේය. (එවිට) “අහෝ මූසා! නුඹ බිය නොවවු. සැබැවින්ම මම (කවරෙකුදයත්) රසූල්වරුන් මා ඉදිරියේ බිය නොවන්නෝය.”
11

إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًا بَعْدَ سُوءٍ فَإِنِّي غَفُورٌ رَّحِيمٌ

“තවද අපරාධ කර පාපකමට අනතුරුව (එය පාපෝච්චාරණය මගින්) යහපතක් බවට ප්රතිස්ථාපනය කර ගත් අය ද (බිය නොවන්නෝය). 4 එබැවින් සැබැවින්ම මම අති ක්ෂමාශීලීය පරමා කරුණාභරිතය.
4නබි මූසා තුමාණන් බිය වන්නට ඇත්තේ ඔහු විසින් මිසර වැසියකු ඝාතනයට ලක් වූ හෙයිනි. එබැවින් මෙම බිය තුරන් කිරීමට අල්ලාහ් මෙම ආයතයේ “පාපකම් කර ඒ සඳහා පාපෝච්චාරණය කරන්නා පාපකම් නොකළ කෙනෙකු හා සමානය” යනුවෙන් අදහස් කර ඇත. එබැවින් මෙහි ඔහුට බිය වීමට හේතුවක් නොවීය. මන්දයත් ඔහු කළ එම පාපය සඳහා ඔහු පාපෝච්චාරණය කර තිබුණි.
12

وَأَدْخِلْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ ۖ فِي تِسْعِ آيَاتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ

තවද (මූසා) නුඹ තම (කමිස) සාක්කුව තුළට නුඹගේ අත ඇතුළු කරවු. එය කිසිදු නරක( රෝගය)කින් තොරව සුදුවන්ව පිට වන්නේය. (මෙය නුඹ) ෆිර්අවුන් හා ඔහුගේ පිරිස වෙත (ගොස් ගෙන හැර පෙන්වන්නා) වූ සාධක නවයෙහිය. සැබැවින්ම ඔවුහු පාපතර පිරිසක් වූහ.” (යැයි ද අමතනු ලැබීය.)
13

فَلَمَّا جَاءَتْهُمْ آيَاتُنَا مُبْصِرَةً قَالُوا هَـٰذَا سِحْرٌ مُّبِينٌ

අපගේ සාධකයන් පැහැදිලිවම ඔවුන් වෙත පැමිණි විට “මෙය පැහැදිලි හූනියමකි.” යැයි ඔවුහු පැවසුවෝය.
14

وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا ۚ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ

ඔවුන්ගේ ආත්මාවන් එය තරයේ විශ්වාස කර තිබුණ ද අපරාධිතව හා උඩඟුකමින් එය පිටුපෑහ. එබැවින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි (නබිවරය) නුඹ නිරීක්ෂා කර බලවු.
15

وَلَقَدْ آتَيْنَا دَاوُودَ وَسُلَيْمَانَ عِلْمًا ۖ وَقَالَا الْحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٍ مِّنْ عِبَادِهِ الْمُؤْمِنِينَ

දාවූද්ට ද සුලෙයිමාන්ට ද අපි ඥානය ප්රදානය කළෙමු. “අල්ලාහ්ගේ විශ්වාසවන්ත ගැත්තන් අතුරින් බොහෝ දෙනාට වඩා අපව උසස් කළ ඔහුටම සියලු ප්රශංසා හිමියැ”යි ඔවුන් දෙදෙනා පැවසුවෝය.
16

وَوَرِثَ سُلَيْمَانُ دَاوُودَ ۖ وَقَالَ يَا أَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنطِقَ الطَّيْرِ وَأُوتِينَا مِن كُلِّ شَيْءٍ ۖ إِنَّ هَـٰذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ

සුලෙයිමාන් දාවූද්ට උරුමකම් පෑහ. 5 “ජනයිනි, පක්ෂීන්ගේ භාෂාව අපට උගන්වනු ලැබී ඇත. තවද සියලු දෑ ද අපහට පිරිනමනු ලැබී ඇත. සැබැවින්ම මෙයමය පැහැදිලි භාග්යය වනුයේ” යැයි ඔහු(සුලෙයිමාන්) පැවසුවේය.
5මෙම ආයතයෙහි ‘උරුමකම් පෑවේය’ යනු නබි දාවූද් තුමාණන් අත හැර ගිය ධනය හෝ දේපළ නොවේ. එනමුත් නබි සුලෙයිමාන් තුමාණන් නබි දාවූද් තුමාණන්ගෙන් උරුම කර ගත්තේ ඔහුගේ නබිත්වයයි. මන්දයත් නබි වදනක මෙසේ සඳහන් වී ඇත ‘නබිවරුන් අතහැර ගිය දේපළ පෙළපත් උරුම දේපළ බවට පත් නොවේ. එනමුත් එය සදකා වස්තූන් වේ’. එබැවින් මෙහි උරුම කර ගත්තේ තම පියාගේ දැනුම හා ඔහුගේ නබිත්වය මිස ඔහුගේ දේපළ නොවේ.
17

وَحُشِرَ لِسُلَيْمَانَ جُنُودُهُ مِنَ الْجِنِّ وَالْإِنسِ وَالطَّيْرِ فَهُمْ يُوزَعُونَ

සුලෙයිමාන් වෙනුවෙන් ජින්වරුන්ගෙන් ද මිනිසුන්ගෙන් ද පක්ෂීන්ගෙන් ද යුත් තම සේනාව එක් රැස් කරනු ලැබ ඔවුන් පෙළ ගස්වා හරින ලදී.
18

حَتَّىٰ إِذَا أَتَوْا عَلَىٰ وَادِ النَّمْلِ قَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَانُ وَجُنُودُهُ وَهُمْ لَا يَشْعُرُونَ

ඔවුන් කුහුඹුවන්ගේ නිම්නය තෙක් පැමිණි විට කිහිඹියෙකු (තම කුහුඹුවන් අමතා) “කුහුඹුවනි, නුඹලාගේ වාසස්ථාන වෙත පිවිසෙවු. සුලෙයිමාන් හා ඔහුගේ සේනාවන්, ඔවුන් නොදැනුවත්ව නුඹලාව පාගා නොදැමිය යුතුයැ”යි පැවසීය.
19

فَتَبَسَّمَ ضَاحِكًا مِّن قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَىٰ وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ

එවිට උගේ ප්රකාශයෙන් ඔහු (පුදුම වී) මදහසකින් සිනාසී “මාගේ පරමාධිපතියාණනි, මා වෙත ද මාගේ දෙමාපියන් වෙත ද නුඹ පිරිනැමූ නුඹගේ භාග්යයන් සඳහා මම කෘතවේදී වීමට ද කවර ක්රියාවකින් නුඹ තෘප්තියට පත් වන්නේ ද එවැනි දැහැමි ක්රියාවක් කිරීමට ද මට ප්රඥාව ලබා දෙනු මැනව. තවද නුඹගේ දයාව හේතු කොට ගෙන නුඹගේ දැහැමි ගැත්තන් අතරෙහි නුඹ මා ඇතුළත් කරනු මැනව!” යැයි පැවසුවේය. 6
6මෙම සූරාවෙහි 16 වන ආයතයෙහි සඳහන් වී ඇති අයුරින් නබි සුලෙයිමාන් තුමාණන්ට සතුන්ගේ භාෂාව වටහා ගැනීමේ හැකියාව ඔහු ලද ප්රාතිහාර්යයකි. මෙතුමා ගමන් කරමින් සිටි මාවත කුහුඹුවන්ගෙන් පිරී තිබුණි. එහිදී එක් කුහුඹුවෙකු අනෙක් කුහුඹුවන්ට අවවාද කරනු ඇසූ නබි සුලෙයිමාන් තුමාණන්ට අල්ලාහ් තමන්ට කර ඇති දායාදයන් මතක් වී ඒ සඳහා අල්ලාහ්ට ඔහු ස්තුති පුද කළේය.
20

وَتَفَقَّدَ الطَّيْرَ فَقَالَ مَا لِيَ لَا أَرَى الْهُدْهُدَ أَمْ كَانَ مِنَ الْغَائِبِينَ

ඔහු පක්ෂීන්ව සෝදිසි කළේය. (හුද්හුද් 7 පක්ෂියා එහි නොවීය.) එවිට “හුද්හුද්ව මා නොදකිනුයේ මන්ද? නැතහොත් ඌ නොපැමිණියවුන් අතුරින් වී දැ”යි ඔහු විමසුවේය.
7එනම් එක්තරා පක්ෂී විශේෂයකි.
21

لَأُعَذِّبَنَّهُ عَذَابًا شَدِيدًا أَوْ لَأَذْبَحَنَّهُ أَوْ لَيَأْتِيَنِّي بِسُلْطَانٍ مُّبِينٍ

“සැබැවින්ම මම ඌට දැඩි දඬුවමකින් දඬුවම් කරන්නෙමි. එසේ නොමැති නම් සැබැවින්ම මා ඌව කපා දමන්නෙමි. එසේ නොමැති(ව නිදොස් වීමට) නම් ඌ මා වෙත පැහැදිලි සාධකයක් ගෙන ආ යුතුමය” (යැයි ඔහු පැවසුවේය.)
22

فَمَكَثَ غَيْرَ بَعِيدٍ فَقَالَ أَحَطتُ بِمَا لَمْ تُحِطْ بِهِ وَجِئْتُكَ مِن سَبَإٍ بِنَبَإٍ يَقِينٍ

(පසුව) ඌ (නුදුරින් පැමිණ) මඳ වේලාවක් රැඳී සිටියේය. පසුව “නුඹ(ගේ ඥානයෙන්) පරිග්රහණය නොකළ දෙයක් මම පරිග්රහණය කළෙමි. සබඃ (නගරයේ) සිට නිසැක පණිවිඩයක් නුඹ වෙත මම ගෙන ආවෙමි.” 8 යැයි ඌ පැවසුවේය.
8සබඃ වැසියන් පිළිබඳව අල් කුර්ආන් 34:15 හි පාද සටහනෙහි සඳහන් වී ඇත. එහි රැජිනගේ නම ‘බිල්කීස්’ වේ. නබි සුලෙයිමාන් තුමාණන්ට මෙම සබඃ නම් නගරය නොදැන සිටියා නොවේ. නමුත් මෙහි ‘හුද්හුද්’ නම් පක්ෂියා ගෙන ආ පණිවිඩය නම් එහි සිටී වැසියන් පිළිබඳවය.
23

إِنِّي وَجَدتُّ امْرَأَةً تَمْلِكُهُمْ وَأُوتِيَتْ مِن كُلِّ شَيْءٍ وَلَهَا عَرْشٌ عَظِيمٌ

(“එම පුවත කුමක් දැ?”යි හුද්හුද්ගෙන් සුලෙයිමාන් විමසූ විට) “සැබැවින්ම මම (සබඃ වැසියන් වන) ඔවුන්ව පාලනය කරන්නා වූ ස්ත්රීයක් දුටුවෙමි. ඇයට සියලු දැයින්ම පිරිනමනු ලැබී ඇත. ඇයට විශාල රාජාසනයක් ද ඇත.
24

وَجَدتُّهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِن دُونِ اللَّهِ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ

ඇය හා ඇයගේ පිරිස අල්ලාහ් හැර හිරුට නමදිනු මම දුටුවෙමි. තවද ෂෙයිතාන් ඔවුනට ඔවුන්ගේ (නිෂ්ඵල) ක්රියාවන් අලංකාර කර පෙන්වා ඇත. (නිවැරදි) මාර්ගයෙන් ඔවුන්ව ඔහු වළක්වා ඇත. එබැවින් ඔවුන් යහමග නොලබන්නෝය.
25

أَلَّا يَسْجُدُوا لِلَّهِ الَّذِي يُخْرِجُ الْخَبْءَ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَيَعْلَمُ مَا تُخْفُونَ وَمَا تُعْلِنُونَ

(එනම්) අහස්හි හා මිහිතලයේ සැඟවී ඇති දෑ පිට කරන්නා වූ 9 ද නුඹලා සඟවන දෑ හා නුඹලා හෙළිදරව් කරන දෑ (මැනවින්) දන්නා වූ ද අල්ලාහ්ට ඔවුන් සුජූද් නොකරන්නෝය” (යැයි ඌ පැවසුවේය).
9මෙහි අහස්හි සැඟවී ඇති දෑ යනු වර්ෂාවක් නොමැතිව තිබෙන අවස්ථාවේ වර්ෂාව ඇති වීම ද මහපොළොවේ සැඟවී ඇති දෑ යනු වියළි පොළොවෙහි කිසිවක් නොතිබූ තත්ත්වයේ හට ගැනෙන්නා වූ ගහකොළ පැළෑටි ආදියයි.
26

اللَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ ۩

අල්ලාහ්, ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නැත. (ඔහු) මහත් වූ අර්ෂ්හි පරමාධිපතිය. 10
10මෙය සුජූද් කළ යුතු ආයතයකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:206 හි පාද සටහන බලන්න.
27

قَالَ سَنَنظُرُ أَصَدَقْتَ أَمْ كُنتَ مِنَ الْكَاذِبِينَ

(එවිට) ඔහු(සුලෙයිමාන් හුද්හුද්ට මෙසේ) පැවසුවේය. “නුඹ සත්යය පැවසුවේ ද නැතහොත් නුඹ අසත්යය පවසන්නන් අතුරින් දැ’යි අපි මතු (නිරීක්ෂා කර) බලන්නෙමු.
28

اذْهَب بِّكِتَابِي هَـٰذَا فَأَلْقِهْ إِلَيْهِمْ ثُمَّ تَوَلَّ عَنْهُمْ فَانظُرْ مَاذَا يَرْجِعُونَ

මාගේ මෙම ලිපිය රැගෙන ගොස් ඔවුන් වෙත එය දමවු. පසුව ඔවුන් වෙතින් හැරී ඔවුන් කුමන ප්රතිචාරයක් දක්වන්නේ දැයි (නිරීක්ෂා කර) බලවු."
29

قَالَتْ يَا أَيُّهَا الْمَلَأُ إِنِّي أُلْقِيَ إِلَيَّ كِتَابٌ كَرِيمٌ

(හුද්හුද්ගේ ලිපිය ලැබූ සැණින් ඇය තම අමාත්යවරුන් අමතා) “ප්රධානියනි, මා වෙත උතුම් ලිපියක් හෙළනු ලැබීය” යැයි ඇය පැවසුවාය.
30

إِنَّهُ مِن سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ

“සැබැවින්ම එය සුලෙයිමාන්ගෙන්ය. සැබැවින්ම එ(ම ලිපි)ය ‘සැමට කරුණාභරිත පරම කරුණාභරිත අල්ලාහ්ගේ නාමයෙනි...
31

أَلَّا تَعْلُوا عَلَيَّ وَأْتُونِي مُسْلِمِينَ

තවද නුඹලා මා ඉක්මවා නොයවු. තවද අවනතවන්නන් ලෙස මා වෙත පැමිණෙවු’. (යැයි සඳහන්ව තිබුණි.)”
32

قَالَتْ يَا أَيُّهَا الْمَلَأُ أَفْتُونِي فِي أَمْرِي مَا كُنتُ قَاطِعَةً أَمْرًا حَتَّىٰ تَشْهَدُونِ

“ප්රධානියනි, මාගේ විෂයෙහි මා වෙත තීරණය ලබා දෙවු. නුඹලා (අදහස් ප්රකාශ කිරීමට) පෙනී සිටින තෙක් කිසිදු කරුණක් මා තීරණය කරන්නෙකු නොවෙමි.” යැයි ඇය කීවාය.
33

قَالُوا نَحْنُ أُولُو قُوَّةٍ وَأُولُو بَأْسٍ شَدِيدٍ وَالْأَمْرُ إِلَيْكِ فَانظُرِي مَاذَا تَأْمُرِينَ

“අපි බලයෙන් යුක්ත ද දැඩි සටන්කාමීන් ද වෙමු. එම කරුණ (තීරණය ගැනීමේ අයිතිය) ඔබ සතුය. එබැවින් ඔබ කුමක් අණ කර(න්නට තීරණය කර)න්නේ දැයි ඔබ නිරීක්ෂා කර බලවු.” යැයි ඔවුහු කීවෝය.
34

قَالَتْ إِنَّ الْمُلُوكَ إِذَا دَخَلُوا قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوا أَعِزَّةَ أَهْلِهَا أَذِلَّةً ۖ وَكَذَٰلِكَ يَفْعَلُونَ

“සැබැවින්ම රජවරුන් ගමකට ඇතුළු වූ විට එය විනාශ කරති. එහි වැසියන්ගෙන් ගෞරවනීය අය අවමන් අය බවට පත් කරති. එලෙසම ඔවුන් (අපට ද) කරන්නෝය.” යැයි ඇය පැවසුවාය.
35

وَإِنِّي مُرْسِلَةٌ إِلَيْهِم بِهَدِيَّةٍ فَنَاظِرَةٌ بِمَ يَرْجِعُ الْمُرْسَلُونَ

“තවද සැබැවින්ම මම ත්යාගයක් ඔවුන් වෙත යවන්නෙමි. පසුව (මාගේ රාජ්ය) දූතයින් නැවත ගෙන එන්නේ කුම(න ප්රතිචාරය)ක් දැයි අපේක්ෂාවෙන් සිටින්නෙමි.” (යැයි ද කීවාය.)
36

فَلَمَّا جَاءَ سُلَيْمَانَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍ فَمَا آتَانِيَ اللَّهُ خَيْرٌ مِّمَّا آتَاكُم بَلْ أَنتُم بِهَدِيَّتِكُمْ تَفْرَحُونَ

සුලෙයිමාන් වෙත (දූත කණ්ඩායම) පැමිණි විට “නුඹලා ධනය මා වෙත දික් කරන්නෙහු ද? අල්ලාහ් නුඹලාට දායාද කළ දෑයට වඩා මට දායාද කළ දෑ ශ්රේෂ්ඨය. නමුත් නුඹලාගේ ත්යාගයෙන් ගර්වයට පත් වන්නෝ නුඹලාමය.” යැයි ඔහු කීවේය.
37

ارْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُم بِجُنُودٍ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخْرِجَنَّهُم مِّنْهَا أَذِلَّةً وَهُمْ صَاغِرُونَ

“ඔවුන් වෙත නැවත හැරී යනු. ඔවුනට මුහුණ දිය නොහැකි සේනාවන් සමග අපි සැබැවින්ම ඔවුන් වෙත පැමිණෙන්නෙමු. ඔවුන් නීචයින් ලෙස අවමානයට පත් වූවන් වශයෙන් (සබඃ නගරය වන) එයින් අපි ඔවුන්ව බැහැර කරන්නෙමු.” (යැයි ද සුලෙයිමාන් කීවේය.)
38

قَالَ يَا أَيُّهَا الْمَلَأُ أَيُّكُمْ يَأْتِينِي بِعَرْشِهَا قَبْلَ أَن يَأْتُونِي مُسْلِمِينَ

(සුලෙයිමාන් තම අමාත්යවරුන් අමතා) “ප්රධානියනි, ඔවුන් මා වෙත අවනතවන්නන් ලෙස පැමිණීමට පෙර ඇයගේ රාජාසනය නුඹලාගෙන් කවරෙකු මා වෙත ගෙන එන්නේ දැ”යි ඔහු විමසුවේය. 11
11බිල්කීස් රැජින විසින් නබි සුලෙයිමාන් තුමාණන් වෙත යවනු ලැබූ දූතයා නැවත ඇය වෙත පැමිණ නබි සුලෙයිමාන් තුමාණන් පිළිබඳව දුටු හා ඇසූ සියලු දෑ ඇයට දැන්වුයේය. නබි සුලෙයිමාන් තුමාණන්ව මුණගැසීමට අදිටන් කළ බිල්කීස් රැජින තම නගරය අත හැර ඔහු වෙත පිටත් විය. මෙය දැන ගත් නබි සුලෙයිමාන් තුමාණන් ඇයට තවත් ප්රතිහාර්යයක් පෙන්වීම පිණිස ඇය මොවුන් වෙත පැමිණෙන්ට පෙර ඇයගේ රාජාසනය රැගෙන එන මෙන් ඔහු අණ කළේය.
39

قَالَ عِفْرِيتٌ مِّنَ الْجِنِّ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن تَقُومَ مِن مَّقَامِكَ ۖ وَإِنِّي عَلَيْهِ لَقَوِيٌّ أَمِينٌ

“නුඹගේ ස්ථානයෙන් 12 නුඹ නැගිටීමට පෙර එය නුඹ වෙත මම ගෙන එන්නෙමි. තවද සැබැවින්ම මම ඒ කෙරෙහි විශ්වාසවන්ත ශක්තිවන්තයෙක්මි.” යැයි ජින්වරුන් අතුරින් බලවතෙකු පැවසුවේය.
12එම අවස්ථාවේදි නබි සුලෙයිමාන් තම රාජ්ය සභාවෙහි අසුන්ගෙන සිටියේය. සාමාන්යයෙන් ඔහු එම ස්ථානයෙහි අඩ දිනක් පමණ ගත කිරීම ඔහුගේ දෛනික පුරුද්ද විය. එබැවින් එම ජින්වරයා එසේ පිළිතුරු දීමට ඉඩ ඇති බව විද්වතුන්ගේ මතයයි.
40

قَالَ الَّذِي عِندَهُ عِلْمٌ مِّنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ ۚ فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِندَهُ قَالَ هَـٰذَا مِن فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ ۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ ۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ

“නුඹගේ බැල්ම නුඹ වෙත හෙළීමට පෙර 13 මා එය නුඹ වෙත ගෙන එන්නෙමි.” යැයි පුස්තකයෙහි දැනුමැති අයෙකු පැවසුවේය. 14 එසැණින් තමන් ඉදිරියේ එය තිබෙනු දුටු ඔහු(සුලෙයිමාන්) “මෙය මාගේ පරමාධිපතිගේ වරප්රසාදයෙනි. (එය) මා කෘතවේදී වන්නේ ද නැතහොත් අකෘතවේදී වන්නේ දැ’යි පරීක්ෂා කරනු පිණිස (අල්ලාහ් ප්රදානය කළේය). තවද කවරෙකු කෘතඥ වන්නේ ද ඔහු කෘතඥ වන්නේ තමන්ටමය. තවද කවරෙකු අකෘතවේදී වන්නේ ද එවිට (දැන ගනු). සැබැවින්ම මාගේ පරමාධිපති අවශ්යතාවන්ගෙන් තොරය ගෞරවනීයය.” යැයි ඔහු පැවසුවේය.
13“නුඹගේ බැල්ම නුඹ වෙත හෙළීමට පෙර” යනු ඔහු එක් ස්ථානයක් බලමින් සිට එක වරම තවත් ස්ථානයක් වෙත හදිසි බැල්මක් හෙළන කාලය තුළය.
14මෙම පුද්ගලයා කවුරුන් දැ’යි අල් කුර්ආන්හි සඳහන් වී නැත. මෙවන් ශක්තියක් අල්ලාහ් විසින් දෙනු ලැබූ නබි සුලෙයිමාන් තුමාණන්ගේ යහපත් අනුගාමිකයෙකු විය හැකිය. මොහු ‘ආසිෆ් බින් බර්කියා’ නම් නබි සුලෙයිමාන් තුමාණන්ගේ සිල්වත් අනුගාමිකයෙකු යැයි ඇතැම් වාර්තා වල සඳහන් වී ඇත.
41

قَالَ نَكِّرُوا لَهَا عَرْشَهَا نَنظُرْ أَتَهْتَدِي أَمْ تَكُونُ مِنَ الَّذِينَ لَا يَهْتَدُونَ

“ඇයට ඇයගේ රාජාසනය (හඳුනා ගත නොහැකි අයුරින්) වෙනස් කරවු. ඇය (එය) හඳුනා ගන්නේ ද එසේ නැතහොත් නොහඳුනන්නන් අතුරින් වන්නේ දැයි අපි (නිරීක්ෂා කර) බලමු.” යැයි ඔහු පැවසුවේය.
42

فَلَمَّا جَاءَتْ قِيلَ أَهَـٰكَذَا عَرْشُكِ ۖ قَالَتْ كَأَنَّهُ هُوَ ۚ وَأُوتِينَا الْعِلْمَ مِن قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ

ඇය පැමිණි කල්හි “ඔබගේ රාජාසනයත් මෙවැන්නක් දැ?”යි අසන ලදී. “මෙය එය මෙන්මය. එ(ම ප්රාතිහාර්ය)යට පෙරම අපට ඥානය දෙනු ලැබීය. තවද අපි (නුඹට) අවනතවන්නන් වූයෙමු.” යැයි ඇය පැවසුවාය. 15
15‘එ(ම ප්රාතිහාර්ය)යට පෙරම අපට ඥානය දෙනු ලැබීය’ යනුවෙන් පැවසීමෙන් ඇය අදහස් කරන්නේ නබි සුලෙයිමාන් තුමාණන් සත්යය නබිවරයකු යන්න වටහා ගැනීමට ප්රමාණවත් සාධක මෙයට පෙරම ඇය දුටු බවය.
43

وَصَدَّهَا مَا كَانَت تَّعْبُدُ مِن دُونِ اللَّهِ ۖ إِنَّهَا كَانَتْ مِن قَوْمٍ كَافِرِينَ

තවද අල්ලාහ් හැර ඇය නමදිමින් සිටි දැය ඇයව (අල්ලාහ්ව නැමදුම් කිරීමෙන්) වළකාලීය. සැබැවින්ම ඇය ප්රතික්ෂේප කළ පිරිසක් අතුරින් සිටියාය.
44

قِيلَ لَهَا ادْخُلِي الصَّرْحَ ۖ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةً وَكَشَفَتْ عَن سَاقَيْهَا ۚ قَالَ إِنَّهُ صَرْحٌ مُّمَرَّدٌ مِّن قَوَارِيرَ ۗ قَالَتْ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي وَأَسْلَمْتُ مَعَ سُلَيْمَانَ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

“මාලිගයට පිවිසෙවු” යැයි ඇයට පවසන ලදී. එ(ම මාලිග)ය දුටු කල්හි එය ජල තටාකයක් යැයි ඇය සිතා තම (වස්ත්රය ද ඔසවා) කෙණ්ඩය විවෘත කළාය. “සැබැවින්ම මෙය (ජල තටාකයක් මෙන් වූ) පළිඟු වලින් අල්ලන ලද මාලිගයකි.” යැයි ඔහු (ඇයට) පැවසුවේය. (පසුව ඔහු ඇයට ඉස්ලාමය පිළිබඳව පැහැදිලි කළ අවස්ථාවේ) “මාගේ පරමාධිපතියාණනි, මා මා කෙරෙහිම අපරාධ කර ගත්තෙමි. සුලෙයිමාන් සමග මම ද සමස්ත විශ්වයන්හි පරාමාධිපති වූ අල්ලාහ්ට අවනත වූයෙමි.” යැයි ඇය පැවසුවාය.
45

وَلَقَدْ أَرْسَلْنَا إِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَالِحًا أَنِ اعْبُدُوا اللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ

“අල්ලාහ්ට (පමණක්) නැමදුම් කරවු” යැයි (පවසා) සමූද්වරුන් වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ්ව අපි එව්වෙමු. එවිට ඔවුහු දෙපිරිසක් වශයෙන් වාද කරමින් සිටියෝය.
46

قَالَ يَا قَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ ۖ لَوْلَا تَسْتَغْفِرُونَ اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

මාගේ ජනයිනි, නුඹලා යහපතට(ක්ෂමාවට) පෙර අයහපත(දඬුවම) ඉක්මන් කරන මෙන් පතනුයේ මන් ද? නුඹලා දයාව ලබනු පිණිස අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව අයැදිය යුතු නොවේ ද” යැයි ඔහු පැවසුවේය.
47

قَالُوا اطَّيَّرْنَا بِكَ وَبِمَن مَّعَكَ ۚ قَالَ طَائِرُكُمْ عِندَ اللَّهِ ۖ بَلْ أَنتُمْ قَوْمٌ تُفْتَنُونَ

“නුඹ හා නුඹ සමග වූවන් අපි අසුබයක් ලෙස සලකන්නෙමු.” යැයි ඔවුහු පැවසූහ. (නැත) “නුඹලාගේ අසුබය අල්ලාහ් අබියසින්ය. නමුත් නුඹලා (සුබ හා අසුබ දැයින්) පිරික්සුමට ලක් කරනු ලබන පිරිසකි” ඔහු (සාලිහ්) පැවසූවේය.
48

وَكَانَ فِي الْمَدِينَةِ تِسْعَةُ رَهْطٍ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ

මිහිතලයේ කලහකම් කරන යහකම් නොකරන නව දෙනෙකු 16 එම නගරයේ විසූහ.
16එම නව දෙනා නම් එහි වාසය කළ ප්රභූවරුන්ගේ පුතුන් පිරිසකි.
49

قَالُوا تَقَاسَمُوا بِاللَّهِ لَنُبَيِّتَنَّهُ وَأَهْلَهُ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِ مَا شَهِدْنَا مَهْلِكَ أَهْلِهِ وَإِنَّا لَصَادِقُونَ

“ඔහු(සාලිහ්) හා ඔහුගේ පවුල අපි රාත්රියෙහි මරා දමමු. යනුවෙන් ද පසුව “අපි ඔහුගේ පවුල විනාශයට පත් වීම අපි නොදුටුවෙමු. තවද සැබැවින්ම අපි සත්යවාදීන් වන්නෙමු.” යැයි ඔහුගේ භාරකරු වෙත පවසමු. යනුවෙන් ද අල්ලාහ් මත එකිනෙකා දිවුරා ගනිමු.” යැයි ඔවුහු පැවසුවෝය.
50

وَمَكَرُوا مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ

ඔවුහු (මෙසේ මහා) කූට උපායක් කුමන්ත්රණ කළෝය. ඔවුන් නොදැන සිටිය දී අපි ද සැලසුමක් සැලසුම් කළෙමු. 17
17නබි සාලිහ් තුමාට ප්රාතිහාර්යයක් ලෙස ලබා දුන් ඔටුදෙන ඝාතනයට ලක් කිරීමෙන් පසුව මෙම නව දෙනා නබි සාලිහ් තුමාණන්ව ද ඝාතනය කිරීමට කුමන්ත්රණ කළෝය. නමුත් මොවුන් තම කුමන්ත්රණය ක්රියාත්මක කිරීමට පෙරම අල්ලාහ් මොවුන්ව විනාශ කර දැම්මේය. ඇතැම් අල් කුර්ආන් විග්රාහයකයින්ට අනුව මොවුන් විනාශයට ලක් වූයේ තමන් මත වැටුණු එක් විශාල ගලකට යට වීමෙන් යැයි ද තවත් විග්රාහයකයින්ට අනුව මොවුන් විනාශයට ලක් වූයේ මුළු සමූහයටම පැමිණි පොදු දඬුවමෙන් යැයි ද විවිධ මත ඇත.
51

فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَاهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ

(නබිවරය) ඔවුන්ගේ කුමන්ත්රණයේ (නින්දනීය) අවසානය කෙසේ වී දැ?යි නුඹ බලවු. සැබැවින්ම අපි ඔවුන්ව ද ඔවුන්ගේ පිරිස ද සියල්ලන්වම සහමුලින්ම විනාශ කර දැමුවෙමු.
52

فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةً بِمَا ظَلَمُوا ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّقَوْمٍ يَعْلَمُونَ

ඒවා ඔවුන්ගේ නිවෙස්ය. ඔවුන් අපරාධ කළ හේතුවෙන් පාළු(වට පත්වි)ය. සැබැවින්ම මෙහි අවබෝධ කරගන්නා ජනයාට සංඥාවක් ඇත.
53

وَأَنجَيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ

විශ්වාස කර බිය භක්තිමත් වූවන්ව අපි (ඔහුගේ සමූහයාට අත් වූ විපතින්) මුදවා ගතිමු.
54

وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ وَأَنتُمْ تُبْصِرُونَ

තවද ලූත්ව ද (තම සමූහයා වෙත අපි එව්වෙමු.) “නුඹලා (එකිනෙකා) බලා සිටියදීම අශික්ෂිත දෑ(සමලිංගික සේවනය) නුඹලා කරන්නෙහු දැ”යි ඔහු තම පිරිසට පැවසූ අවස්ථාව (සිහිපත් කරවු.)
55

أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِّن دُونِ النِّسَاءِ ۚ بَلْ أَنتُمْ قَوْمٌ تَجْهَلُونَ

“සැබැවින්ම නුඹලා ස්ත්රීන් අත හැර දමා කාමයෙන් පිරිමින් වෙත යන්නෙහු ද? නුඹලා අඥාන පිරිසකි.”