الفرقان

අල්-ෆුර්කාන්

الفرقان

අල්-ෆුර්කාන් · Al-Furqan

මක්කී77 පද්‍ය

හැඳින්වීම

නබි මුහම්මද්* තුමාණන් මක්කාවේ සිටින සමයෙහි මෙම සූරාව* පහළ විය. මෙහි අරමුණ වනුයේ මිනිසා අතර පැතිර ඇති අල්ලාහ්ගේ ආශිර්වාදයන් සිහිපත් කිරීම, බහු දේවවාදය සෑම අන්දමකින්ම වැරදි යැයි ඔප්පු කිරීම හා නබි මුහම්මද් තුමාණන්ගේ දූතත්වය සහ මරණින් මතු ජීවිතය කෙරෙහි ප‍්‍රතික්ෂේපකයින් තුළ තිබූ සැකය නිරවුල් කිරීම යනාදිය වේ. තවද මෙහි අවසානයෙහි දැහැමි පුද්ගලයින්ගේ යහ ගුණාංග කිහිපයක් සඳහන් කර ඇත.

1

تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَىٰ عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا

ලොවැසියන්ට අවවාද කරන්නෙකු වනු පිණිස තම ගැත්තා(මුහම්මද්) කෙරෙහි නිර්ණායකය 1 පහළ කළ ඔහු(අල්ලාහ්) උත්කෘෂ්ටය.
1‘නිර්ණායකය’ යනු මෙම වැකියෙහි සඳහන් වී ඇති ‘ෆුර්කාන්’ යන අරාබි පදයේ පරිවර්තනයයි. මෙය අල් කුර්ආනයට ඇති තවත් නාමයකි. එහි වචනාර්ථය යහපත් හා අයහපත් දෑ වෙන් කර පෙන්වා දෙන්නක් යනුවෙනි.
2

الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُن لَّهُ شَرِيكٌ فِي الْمُلْكِ وَخَلَقَ كُلَّ شَيْءٍ فَقَدَّرَهُ تَقْدِيرًا

ඔහු කවරෙකු ද යත් අහස්හි හා මිහිතලයේ ආධිපත්යය ඔහු සතුය. ඔහු පුතෙකු (දාව) නොගත්තෙකුය. ආධිපත්යයෙහි ඔහුට හවුල්කරුවෙකු නොවීය. සෑම දෙයක්ම මවා පසුව එය සැලැස්මක් සහිතව (මනා ලෙස) සැකසුවෙකුය.
3

وَاتَّخَذُوا مِن دُونِهِ آلِهَةً لَّا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ وَلَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ ضَرًّا وَلَا نَفْعًا وَلَا يَمْلِكُونَ مَوْتًا وَلَا حَيَاةً وَلَا نُشُورًا

තවද ඔවුහු(ප්රතික්ෂේපකයින්, අල්ලාහ් වන) ඔහු හැර (අන් දෑ තම) දෙවියන් වශයෙන් (පත් කර) ගත්තෝය. ඔවුහු කිසිවක් නොමවන්නෝය. ඔවුහුම මවනු ලැබුවෝය. ඔවුන් තමන්ටම කිසිදු හානියක් (වළකාලීමට) හෝ ප්රයෝජනයක් කිරීමට හෝ හැකියාව නොදරන්නෝය. තවද මරණයට පත්කිරීමට හෝ ජීවත් කරවීමට හෝ නැවත නැගිටුවීමට හෝ බලය නොමැත්තෝය.
4

وَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَـٰذَا إِلَّا إِفْكٌ افْتَرَاهُ وَأَعَانَهُ عَلَيْهِ قَوْمٌ آخَرُونَ ۖ فَقَدْ جَاءُوا ظُلْمًا وَزُورًا

“මෙය(අල් කුර්ආනය) මොහු(මුහම්මද්) විසින්ම ගෙතූ බොරුවක් මිස වෙනකක් නොවේ. තවද ඒ කෙරෙහි ඔහුට වෙනත් ජන පිරිසක් උදව් කළෝය.” යැයි ප්රතික්ෂේප කළවුන් පැවසුවෝය. මෙසේ ඔවුහු සැබැවින්ම අපරාධයක් හා අසත්යයක් ගෙන ආවෝය.
5

وَقَالُوا أَسَاطِيرُ الْأَوَّلِينَ اكْتَتَبَهَا فَهِيَ تُمْلَىٰ عَلَيْهِ بُكْرَةً وَأَصِيلًا

“(මේවා මුහම්මද් විසින්) ලියා ගත් පැරැන්නන්ගේ (මිථ්යා) ප්රබන්ධ වේ. උදෑසන හා සවස ඔහු කෙරෙහි මේවා කියවා පෙන්වනු ලැබේ” යැයි ඔවුහු පැවසුවෝය.
6

قُلْ أَنزَلَهُ الَّذِي يَعْلَمُ السِّرَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ إِنَّهُ كَانَ غَفُورًا رَّحِيمًا

(නබිවරය) “අහස්හි හා මිහිතලයේ රහස් දන්නා වන ඔහුමය(අල්ලාහ්මය) මෙය පහළ කළේ” යැයි පවසවු. සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලීය මහා කරුණාභරිතය.
7

وَقَالُوا مَالِ هَـٰذَا الرَّسُولِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِي فِي الْأَسْوَاقِ ۙ لَوْلَا أُنزِلَ إِلَيْهِ مَلَكٌ فَيَكُونَ مَعَهُ نَذِيرًا

“මෙම රසූල්වරයාට කුමක් සිදුවී ද? මොහු ආහාර අනුභව කරන්නේය. තවද කඩ වීදීන්හි සැරිසරන්නේය. මොහු වෙතට මලක්වරයෙකු පහළ කරනු ලැබිය යුතු නොවේ ද? එවිට මොහු සමග ඔහු ද අවවාද කරන්නෙකු විය හැකිය.
8

أَوْ يُلْقَىٰ إِلَيْهِ كَنزٌ أَوْ تَكُونُ لَهُ جَنَّةٌ يَأْكُلُ مِنْهَا ۚ وَقَالَ الظَّالِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَّسْحُورًا

“එසේ නොමැතිනම් ඔහු වෙත නිධානයක් (අහසින්) දමනු ලැබිය යුතු නොවේ ද? එසේත් නොමැති නම් ඔහුට උයනක් තිබිය යුතු නොවේ ද? එයින් ඔහු අනුභව කරනු ඇත.” තවද “නුඹලා අනුගමනය කරනුයේ හූනියමට ලක් වූ මිනිසෙකු මිස නැතැ”යි අපරාධකරුවෝ පැවසුවෝය.
9

انظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثَالَ فَضَلُّوا فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا

ඔවුහු නුඹට උපමාවන් ගෙන හැර පානුයේ කෙසේ දැ?යි නිරීක්ෂා කර බලවු. තවද ඔවුන් නොමග ගියෝය. එබැවින් ඔවුහු (යහ)මග ලබන්නට ශක්තිය නොදරන්නෝය.
10

تَبَارَكَ الَّذِي إِن شَاءَ جَعَلَ لَكَ خَيْرًا مِّن ذَٰلِكَ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ وَيَجْعَل لَّكَ قُصُورًا

කවරෙකු අභිමත කළේ නම් (ප්රතික්ෂේපකයින් පවසන) ඒවාට වඩා යහපත් දෑ වන (ස්වර්ග) උයන් නුඹට අත්කර දෙන්නේද ඔහු(අල්ලාහ්) භාග්ය සම්පන්නය. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. තවද ඔහු නුඹට (එහි) මාලිගාවන් ද අත් කර දෙන්නේය. 2
2එනම් අල්ලාහ් විසින් නබි මුහම්මද් තුමාණන්ට විශාල වතු හෝ මාලිගාවන් නොදීම එය අල්ලාහ්ට නොහැකි ක්රියාවක් යන අර්ථය නොවේ. එනමුත් අල්ලාහ්ට ඔවුන් ඉල්ලා සිටින දැයට වඩා අධිකව දීමට ද ශක්තිය ඇත. අල්ලාහ් මෙලොවෙහි ඔහුට ලෝ වස්තූන් ලබා නොදී ඇත්තේ විනිශ්චය දිනයේ ඔහුට තවත් අධිකව ආශිර්වාද කිරීම පිණිසය. ප්රතික්ෂේපකයින් විනිශ්චය දිනය අවිශ්වාස කරන බැවින් මෙවන් දෑ පිළිගැනීම යනු ඔවුන්ගේ සිතුවිල්ලට දුරස්ථ වූවකි.
11

بَلْ كَذَّبُوا بِالسَّاعَةِ ۖ وَأَعْتَدْنَا لِمَن كَذَّبَ بِالسَّاعَةِ سَعِيرًا

එනමුත් ඔවුහු (ලොව අවසන්) හෝරාව අසත්යය කළෝය. (ලොව අවසන්) හෝරාව අසත්යය කළවුනට අපි ‘සඊර්’ (නැමැති නිරය) සූදානම් කොට ඇත්තෙමු.
12

إِذَا رَأَتْهُم مِّن مَّكَانٍ بَعِيدٍ سَمِعُوا لَهَا تَغَيُّظًا وَزَفِيرًا

එ(ම නිර)ය ඔවුන්ව දුර ස්ථානයක සිට දුටු විට ඔවුහු එ(ම නිරයෙ)හි කෝපාවිෂ්ට හඬකට හා දරුණු හඬකට සවන් දෙනු ඇත.
13

وَإِذَا أُلْقُوا مِنْهَا مَكَانًا ضَيِّقًا مُّقَرَّنِينَ دَعَوْا هُنَالِكَ ثُبُورًا

ඔවුන්ව විලංගු දමනු ලැබ එයින් තෙරපුම් සහගත ස්ථානයකට දමනු ලැබූ විට එහි ඔවුන් (වේදනාව හේතුවෙන් මාරාන්තික) විනාශය අයැද සිටිනු ඇත.
14

لَّا تَدْعُوا الْيَوْمَ ثُبُورًا وَاحِدًا وَادْعُوا ثُبُورًا كَثِيرًا

“අද දින නුඹලා එක් විනාශයක් පමණක් අයැද නොසිටිවු. (නමුත්) නුඹලා විනාශයන් බොහෝමයක් ඇයැද සිටිවු.” (යනුවෙන් ඔවුනට පවසනු ලැබේ.)
15

قُلْ أَذَٰلِكَ خَيْرٌ أَمْ جَنَّةُ الْخُلْدِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۚ كَانَتْ لَهُمْ جَزَاءً وَمَصِيرًا

(නබිවරය,) “ශ්රේෂ්ඨ වන්නේ එය ද? නැතහොත් බිය භක්තිකයින්ට පොරොන්දු දෙනු ලැබූ සදාතනික (ස්වර්ග) උයන දැ?”යි (ඔවුන්ගෙන්) විමසවු. එය (බිය භක්තිකයින් වන) ඔවුනට ප්රතිඵලයක් හා අවසානයෙහි යොමු වන ස්ථානයක් වශයෙන් වන්නේය.
16

لَّهُمْ فِيهَا مَا يَشَاءُونَ خَالِدِينَ ۚ كَانَ عَلَىٰ رَبِّكَ وَعْدًا مَّسْئُولًا

සදාතනිකයින් ලෙස ඔවුනට තමන් අභිමත කරන දෑ එ(ම සවර්ගයෙ)හි ඇත. එය නුඹගේ පරමාධිපති වෙතින් (ඔවුන් විසින්) ආයාචනා කරනු ලැබූ ප්රතිඥාවක් විය.
17

وَيَوْمَ يَحْشُرُهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ اللَّهِ فَيَقُولُ أَأَنتُمْ أَضْلَلْتُمْ عِبَادِي هَـٰؤُلَاءِ أَمْ هُمْ ضَلُّوا السَّبِيلَ

(ප්රතික්ෂේපක) ඔවුන් හා අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටී දෑ ඔහු(අල්ලාහ්) එක් රැස් කර “මාගේ මෙම ගැත්තන්ව මුළා කළේ නුඹලා ද? එසේත් නැතහොත් ඔවුන්ම මුළාවට පත් වූවෝ දැ?”යි ඔහු (ඔවුන් වන්දනා කළ දෑ අමතා) විමසා සිටින දින (සිහිපත් කරවු).
18

قَالُوا سُبْحَانَكَ مَا كَانَ يَنبَغِي لَنَا أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنْ أَوْلِيَاءَ وَلَـٰكِن مَّتَّعْتَهُمْ وَآبَاءَهُمْ حَتَّىٰ نَسُوا الذِّكْرَ وَكَانُوا قَوْمًا بُورًا

“නුඹ අති පිවිතුරුය. නුඹ හැර (දෙවිවරුන් ලෙස) වෙනත් භාරකරුවන් (පත් කර) ගන්නට අපට (කිසිදු) අවශ්යතාවක් නොවීය. (එසේ නම් අපව නමදින ලෙස කෙසේ නම් ඔවුනට අපි විධානය කරන්නෙමු ද?) නමුත් නුඹ ඔවුන්ට ද ඔවුන්ගේ මුතුන්මිත්තන්ට ද (නුඹව) මෙනෙහි කිරීම අමතක වන තරමට සම්පත් ලබා දුන්නෙහිය. තවද ඔවුහු විනාශ වී යන පිරිසක් බවට පත් වූහ” යැයි (නැමදුමට ලක්වූවෝ) පවසන්නෝය.-
19

فَقَدْ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًا وَلَا نَصْرًا ۚ وَمَن يَظْلِم مِّنكُمْ نُذِقْهُ عَذَابًا كَبِيرًا

(පසුව අල්ලාහ් ප්රතික්ෂේප කළවුන්ව අමතා) “නමුත් නුඹලා පවසන දෑ පිළිබඳව (නුඹලා නැමදුම් කළ) ඔවුහු නුඹලාවම අසත්යය කළෝය. එබැවින් (දඬුවම) වළකාලීමට හෝ (ඒ සඳහා) උදව් ලැබීමට හෝ නුඹලා ශක්තිය නොදරන්නෙහුය.” (යැයි පවසන්නේය.) තවද නුඹලා අතුරින් කවරෙකු නොමග වී ද ඔහුට මහත් දඬුවම රස විදින්නට සලස්වන්නෙමු.
20

وَمَا أَرْسَلْنَا قَبْلَكَ مِنَ الْمُرْسَلِينَ إِلَّا إِنَّهُمْ لَيَأْكُلُونَ الطَّعَامَ وَيَمْشُونَ فِي الْأَسْوَاقِ ۗ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً أَتَصْبِرُونَ ۗ وَكَانَ رَبُّكَ بَصِيرًا

(නබිවරය,) ආහාර අනුභව කරන්නන් හා කඩ වීදීන්හි සැරිසරන්නන් වශයෙන් මිස රසූල්වරුන් අතුරින් (කිසිවෙකු) නුඹට පෙර අපි නොයැව්වෙමු. නුඹලාගෙන් සමහරෙකු තවත් සමහරෙකුට පිරික්සුමක් ලෙස පත් කළෙමු. (එවිට එම පිරික්සුම අබියස) නුඹලා ඉවසීමෙන් සිටින්නෙහු ද? තවද නුඹගේ පරමාධිපති සර්ව නිරීක්ෂකයෙකු විය.
21

وَقَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا لَوْلَا أُنزِلَ عَلَيْنَا الْمَلَائِكَةُ أَوْ نَرَىٰ رَبَّنَا ۗ لَقَدِ اسْتَكْبَرُوا فِي أَنفُسِهِمْ وَعَتَوْا عُتُوًّا كَبِيرًا

තවද (නබිවරය, විනිශ්චය දින) අපගේ හමුවීම අපේක්ෂා නොකරන්නන් “(නුඹ රසූල්වරයෙකු බවට සාක්ෂියක් වශයෙන්) අප වෙත මලක්වරුන් පහළ කරනු ලැබිය යුතු නොවේ ද? එසේත් නැතහොත් අපගේ පරමාධිපතිව අප (පිය වී ඇසින්) දැකිය යුතු නොවේ ද?” යැයි පවසනු ඇත. ඔවුහු තමන් පිළිබඳවම උඩඟුකම් පෑහ. තවද මහත් සීමාව ඉක්මවීමකින් ඔවුහු සීමාව ඉක්මවා ගියෝය.
22

يَوْمَ يَرَوْنَ الْمَلَائِكَةَ لَا بُشْرَىٰ يَوْمَئِذٍ لِّلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًا مَّحْجُورًا

ඔවුන් මලක්වරුන්ව දකින දින (සිහිපත් කරවු. එවිට) “වැරදිකරුවන්ට එදින කිසිදු සුබාරංචියක් නැත. තවද (සියලුම සැප පහසුකම්) තහනම් කිරීමකින් (ඔවුනට) බාධා කරනු ලැබීය” යැයි (ප්රතික්ෂේපකයින්ට මලක්වරුන්) පවසති.
23

وَقَدِمْنَا إِلَىٰ مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَّنثُورًا

තවද ඔවුන් (ලෞකික ජීවිතයෙහි) කළ ක්රියාවන් වෙත අපි යොමු වී පසුව එය විහිදුවනු ලැබූ දූවිලි බවට පත් කරන්නෙමු. 3 -
3ප්රතික්ෂේපකයින්ගේ යහ ක්රියාවන්ට කුලිය ඇත්තේ ලොවෙහි දී පමණයි. විනිශ්චය දිනයේ එය සුළඟෙහි විසුරුවා හරින ලද දූවිලි මෙන් ඔවුන්ට කිසි ඵලක් නැති දෙයක් බවට පත් වේ. මන්දයත් සෑම නැමදුමකම හරය වන අල්ලාහ් කෙරෙහි වූ සත්යය විශ්වාසය ඔවුන්ට නොතිබීම හේතුවෙනි.
24

أَصْحَابُ الْجَنَّةِ يَوْمَئِذٍ خَيْرٌ مُّسْتَقَرًّا وَأَحْسَنُ مَقِيلًا

එදින ස්වර්ගවාසීහු වාසස්ථානයෙන් ඉතා ශ්රේෂ්ඨයින් ලෙස ද විවේක ගන්නා ස්ථානයෙන් ඉතා අලංකාර වූවන් ලෙස ද සිටිති.
25

وَيَوْمَ تَشَقَّقُ السَّمَاءُ بِالْغَمَامِ وَنُزِّلَ الْمَلَائِكَةُ تَنزِيلًا

වලාකුළු සමග අහස පැළී මලක්වරුන් ද ප්රවේශයකින් ප්රවේශ කරනු ලබන දින (සිහිපත් කරවු.)
26

الْمُلْكُ يَوْمَئِذٍ الْحَقُّ لِلرَّحْمَـٰنِ ۚ وَكَانَ يَوْمًا عَلَى الْكَافِرِينَ عَسِيرًا

එදින සැබෑ ආධිපත්යය කරුණාභරිතයාණන් (අල්ලාහ්)ටම හිමිය. තවද එ(ම දින)ය ප්රතික්ෂේපකයින්ට අසීරු දිනයක් වන්නේය.
27

وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا

“අහෝ රසූල්වරයා! සමග මා මගක් ගොඩ නගා ගන්නට තිබුණා නම්, අහෝ, මාගේ විනාශය! අහවලාව මිත්රයෙකු ලෙස නොගන්නට තිබුණා නොවේ ද? (අල් කුර්ආනීය) උපදෙස මා වෙත පැමිණි පසුව පවා සැබැවින්ම මොහු මා එයින් නොමග යවා ඇත.” යැයි (තම පාපතර මිතුරා අඟවා) පවසමින් අපරාධකරු තම දෑත් සපා ගන්නා දින (සිහිපත් කරවු.) තවද ෂෙයිතාන් මිනිසාට දැඩි ද්රෝහියෙකු වන්නේය.
28

يَا وَيْلَتَىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا

“අහෝ රසූල්වරයා! සමග මා මගක් ගොඩ නගා ගන්නට තිබුණා නම්, අහෝ, මාගේ විනාශය! අහවලාව මිත්රයෙකු ලෙස නොගන්නට තිබුණා නොවේ ද? (අල් කුර්ආනීය) උපදෙස මා වෙත පැමිණි පසුව පවා සැබැවින්ම මොහු මා එයින් නොමග යවා ඇත.” යැයි (තම පාපතර මිතුරා අඟවා) පවසමින් අපරාධකරු තම දෑත් සපා ගන්නා දින (සිහිපත් කරවු.) තවද ෂෙයිතාන් මිනිසාට දැඩි ද්රෝහියෙකු වන්නේය.
29

لَّقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي ۗ وَكَانَ الشَّيْطَانُ لِلْإِنسَانِ خَذُولًا

“අහෝ රසූල්වරයා! සමග මා මගක් ගොඩ නගා ගන්නට තිබුණා නම්, අහෝ, මාගේ විනාශය! අහවලාව මිත්රයෙකු ලෙස නොගන්නට තිබුණා නොවේ ද? (අල් කුර්ආනීය) උපදෙස මා වෙත පැමිණි පසුව පවා සැබැවින්ම මොහු මා එයින් නොමග යවා ඇත.” යැයි (තම පාපතර මිතුරා අඟවා) පවසමින් අපරාධකරු තම දෑත් සපා ගන්නා දින (සිහිපත් කරවු.) තවද ෂෙයිතාන් මිනිසාට දැඩි ද්රෝහියෙකු වන්නේය.
30

وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِي اتَّخَذُوا هَـٰذَا الْقُرْآنَ مَهْجُورًا

“මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම මාගේ සමූහය මෙම අල් කුර්ආනය අත්හරිනු ලබන්නක් ලෙස ගත්තෝය.” යැයි රසූල්වරයා(මුහම්මද්) පැවසුවේය.
31

وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا مِّنَ الْمُجْرِمِينَ ۗ وَكَفَىٰ بِرَبِّكَ هَادِيًا وَنَصِيرًا

එලෙස අපි සෑම නබිවරයෙකුටම වැරදිකරුවන් වෙතින් සතුරෙකු පත් කර ඇත්තෙමු. තවද නුඹගේ පරමාධිපති මග පෙන්වන්නෙකු වශයෙන් හා උදව්කරුවෙකු වශයෙන් (නුඹට) ප්රමාණවත්ය.
32

وَقَالَ الَّذِينَ كَفَرُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ الْقُرْآنُ جُمْلَةً وَاحِدَةً ۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ ۖ وَرَتَّلْنَاهُ تَرْتِيلًا

“මෙම කුර්ආනය ඔහු කෙරෙහි එකවර පහළ විය යුතු නොවේ දැ?”යි ප්රතික්ෂේප කළවුන් පැවසුවෝය. එලෙස (අපි එය විටින් විට පහළ කළේ) නුඹගේ හදවත එයින් ස්ථාවර කරනු පිණිසය. තවද අපි එය කොටස් වශයෙන් අනුපිළිවෙළට පහළ කළෙමු. 4
4අල් කුර්ආනය කොටස් වශයෙන් ක්රමානුකූලව පහළ වීමෙන් නබි මුහම්මද් තුමාණන්ට ප්රයෝජන රැසක් ඇත් විය. එය එකවර පහළ වී තිබුණේ නම් එම ප්රායෝජන කිසිවක් ඇති නොවන්නට තිබුණි.
33

وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَاكَ بِالْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا

ඔවුන් නුඹ වෙත (විවාදයට පැමිණි කල) කිසිදු උපමාවක් ගෙන එන්නේ නැත, (නමුත්) අපි නුඹ වෙත (එයට) වඩා පැහැදිලි විග්රහයක් හා සත්යයක් (ඔවුන්ට පිළිතුරක් ලෙස) ගෙන පැමිණියා මිස.
34

الَّذِينَ يُحْشَرُونَ عَلَىٰ وُجُوهِهِمْ إِلَىٰ جَهَنَّمَ أُولَـٰئِكَ شَرٌّ مَّكَانًا وَأَضَلُّ سَبِيلًا

නිරය වෙත තම මුණිනතට ඇදගෙන යනු ලබන්නන් නම්, ඔවුන්මය ස්ථානයෙන් ඉතා නරකයින් හා මාර්ගයෙන් ඉතා මුළා වූවන් වන්නෝ.
35

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَا مَعَهُ أَخَاهُ هَارُونَ وَزِيرًا

සැබැවින්ම අපි මූසාට ධර්ම පුස්තකය(තව්රාතය) පිරිනැමුවෙමු. තවද ඔහු සමග ඔහුගේ සහෝදර හාරූන්ව සහකරුවෙකු බවට පත් කළෙමු.
36

فَقُلْنَا اذْهَبَا إِلَى الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا فَدَمَّرْنَاهُمْ تَدْمِيرًا

එවිට “නුඹලා දෙදෙනා අපගේ සාධක අසත්යය කළ පිරිස වෙත යවු.” යැයි අපි පැවසුවෙමු. පසුව (එම පිරිස ඔවුන් දෙදෙනාව අසත්යය කළ බැවින්) අපි ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමුවෙමු.
37

وَقَوْمَ نُوحٍ لَّمَّا كَذَّبُوا الرُّسُلَ أَغْرَقْنَاهُمْ وَجَعَلْنَاهُمْ لِلنَّاسِ آيَةً ۖ وَأَعْتَدْنَا لِلظَّالِمِينَ عَذَابًا أَلِيمًا

තවද නූහ්ගේ ජනයාව ද (සහමුලින්ම විනාශ කර දැමුවෙමු). ඔවුන් රසූල්වරුන්ව බොරු කළ කල්හි අපි ඔවුන්ව ගිල්වූයෙමු. අපි ඔවුන්ව (මතු පැමිණෙන) ජනයාට නටඹුනක් බවට ද පත් කළෙමු. තවද අපරාධකරුවන්ට වේදනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු.
38

وَعَادًا وَثَمُودَ وَأَصْحَابَ الرَّسِّ وَقُرُونًا بَيْنَ ذَٰلِكَ كَثِيرًا

තවද ආද් හා සමූද් ද රස්හි ජනයා 5 ද මේ අතර (කාලයේ) වූ බොහෝ පරම්පාරාවන් ද (සහමුලින්ම විනාශ කර දැමුවෙමු).
5‘රස්’ යනු එක්තරා ළිදකි. ඒ අවට විසූ ජනයාට ‘රස් වැසියන්’ යනුවෙන් හැඳින් වූහ. මොවුන් දේව ප්රතික්ෂේපකයින් වූ බැවින් ද තම නබිවරයාව ඝාතනය කළ බැවින් ද අල්ලාහ්ගේ කෝපයට භාජනය වූ සමූහයකි. නමුත් මොවුන් කුමන නබිවරයාගේ සමූහයා ද යන්න කිසිදු නබි වදනක හෝ අල් කුර්ආනයෙහි සඳහන් වී නොමැත. ඉතිහාස ග්රන්ථයන්හි ඇතැම් වාර්තාවන් වලට අනුව මොවුන් සමූද් ගොත්රිකයින් අල්ලාහ්ගේ දඬුවමට භාජනය වීමෙන් අනතුරුව ඉතිරි වූ උදවිය යනුවෙන් ද සඳහන් වී ඇත.
39

وَكُلًّا ضَرَبْنَا لَهُ الْأَمْثَالَ ۖ وَكُلًّا تَبَّرْنَا تَتْبِيرًا

සෑම සමූහයකටම අපි (පෙර විනාශ කළ අයව) උදාහරණ ලෙස ගෙනහැර පෑවෙමු. (ඔවුන් ඒවා ප්රතික්ෂේප කළ විට) ඔවුන් සෑම කෙනෙකුවම සහමුලින්ම විනාශ කර දැමුවෙමු.
40

وَلَقَدْ أَتَوْا عَلَى الْقَرْيَةِ الَّتِي أُمْطِرَتْ مَطَرَ السَّوْءِ ۚ أَفَلَمْ يَكُونُوا يَرَوْنَهَا ۚ بَلْ كَانُوا لَا يَرْجُونَ نُشُورًا

විනාශකාරී වර්ෂාවක් පතිත කරනු ලැබූ ගම්මානයක් අසලින් (ප්රතික්ෂේපක) ඔවුන් පැමිණියෝය. 6 එවිට ඔවුන් එය නොදුටුවෝ ද? එනමුත් ඔවුන් (මළවුන්) නැවත නැගිටුවනු ලැබීම අපේක්ෂා නොකරන්නන් වූහ.
6මෙයින් අදහස් කරන්නේ ලූත්ගේ වැසියන් පිළිබඳවය. සිරියාවට ව්යාපාර කටයුතු සඳහා ගමන් කරන මක්කා වැසියන්ට ලූත්ගේ වැසියන්ගේ පිළිකුල් ක්රියාවන් හා ඔවුන්ට ඇති වූ දඬුවම ඔවුන්ට දැන ගන්නට ලැබුණි. අල් කුර්ආනය සත්යය යැයි වටහා ගැනීමට ඔවුන්ට මෙය සාධකයක් විය.
41

وَإِذَا رَأَوْكَ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَـٰذَا الَّذِي بَعَثَ اللَّهُ رَسُولًا

(නබිවරය,) ඔවුහු නුඹව දුටු විට “අල්ලාහ් රසූල්වරයෙකු ලෙස එවා ඇත්තේ මොහුව ද? අප අපගේ දෙවිවරුන් කෙරෙහි ස්ථාවරව නොසිටියේ නම් ඔහු අපව ඔවුන්ගෙන් නොමග යැවීමට තැත් කරන්නට තිබුණි.”යැයි (පවසමින්) නුඹව සමච්චලයකට මිස ඔවුහු නොගන්නෝය. (මතු ලොවෙහි පියවි ඇසින්) දඬුවම ඔවුන් දකින විට (ඍජු) මාර්ගයෙන් වඩා මුළා වූවෝ කවුරුන් දැයි ඔවුන් මතු දැන ගනිති.
42

إِن كَادَ لَيُضِلُّنَا عَنْ آلِهَتِنَا لَوْلَا أَن صَبَرْنَا عَلَيْهَا ۚ وَسَوْفَ يَعْلَمُونَ حِينَ يَرَوْنَ الْعَذَابَ مَنْ أَضَلُّ سَبِيلًا

(නබිවරය,) ඔවුහු නුඹව දුටු විට “අල්ලාහ් රසූල්වරයෙකු ලෙස එවා ඇත්තේ මොහුව ද? අප අපගේ දෙවිවරුන් කෙරෙහි ස්ථාවරව නොසිටියේ නම් ඔහු අපව ඔවුන්ගෙන් නොමග යැවීමට තැත් කරන්නට තිබුණි.”යැයි (පවසමින්) නුඹව සමච්චලයකට මිස ඔවුහු නොගන්නෝය. (මතු ලොවෙහි පියවි ඇසින්) දඬුවම ඔවුන් දකින විට (ඍජු) මාර්ගයෙන් වඩා මුළා වූවෝ කවුරුන් දැයි ඔවුන් මතු දැන ගනිති.
43

أَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَـٰهَهُ هَوَاهُ أَفَأَنتَ تَكُونُ عَلَيْهِ وَكِيلًا

(නබිවරය,) තම මනෝ ඉච්ඡාව තමන්ගේ දෙවියෙකු බවට (පත් කර) ගත් අයව නුඹ දුටුවෙහි ද? එසේ නම් නුඹ ඔහු කෙරෙහි (ඔහුව ඉන් වළකාලන) භාරකරුවෙකු වන්නෙහි ද?
44

أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ ۚ إِنْ هُمْ إِلَّا كَالْأَنْعَامِ ۖ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا

නැතහොත් ‘සැබැවින්ම ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් (සත්යය) සවන් දෙනු ඇතැයි හෝ එය වටහා ගනු ඇත.’ යැයි නුඹ සිතන්නෙහි ද? ඔවුන් පශු කුලයට අයත් සතුන් මෙන් මිස නැත. නොඑසේය, (උන්ට වඩා) ඔවුන් (ඍජු) මාර්ගයෙන් ඉතා මුළාවූවන්ය.
45

أَلَمْ تَرَ إِلَىٰ رَبِّكَ كَيْفَ مَدَّ الظِّلَّ وَلَوْ شَاءَ لَجَعَلَهُ سَاكِنًا ثُمَّ جَعَلْنَا الشَّمْسَ عَلَيْهِ دَلِيلًا

නුඹගේ පරමාධිපති (අල්ලාහ්) සෙවණැල්ල දිගු කළේ කෙසේ දැ?යි නුඹ නොදුටුවෙහි ද? ඔහු අභිමත කළේ නම් එය (සදා) නිසෙලව පවතින්නක් බවට පත් කරන්නට තිබුණි. පසුව ඒ සඳහා හිරු සාධකයක් බවට අපි පත් කළෙමු. 7
7සෙවණැල්ල ක්රම ක්රමයෙන් අඩු වැඩි වීම අල්ලාහ්ගේ දායාදයක් වේ. මන්දයත් සැම විටම අඳුරුව තිබුණහොත් සූර්ය රශ්මියෙන් මිනිසාට ලැබෙන නොයෙක් ප්රයෝජන ඔහුට අත් විඳීමට නොහැති වෙයි. එසේම අඳුර නැති වී ගොස් සූර්යයාගේ උෂ්ණත්වය පමණක් වූයේ නම් මිනිසාට එය දරා ගත නොහැකි වනු ඇත. එබැවින් මෙය අල්ලාහ් සමතුලිතතාවකට පත් කර ඇත්තේය.
46

ثُمَّ قَبَضْنَاهُ إِلَيْنَا قَبْضًا يَسِيرًا

ඉන් පසුව එය (කෙටි කරමින්) සැහැල්ලු අන්දමින් අප වෙතට හකුළුවන්නෙමු. 8
8එනම් ඉර උදා වීමට පෙර තිබූ සෙවණැල්ල ඉර උදා වීමෙන් පසු ටිකින් ටික අඩු වීම මෙයින් අදහස් කෙරේ.
47

وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِبَاسًا وَالنَّوْمَ سُبَاتًا وَجَعَلَ النَّهَارَ نُشُورًا

නුඹලාට රාත්රිය වස්ත්රයක් ලෙස හා නින්ද විවේකයක් ලෙස පත් කළේ ද දහවල (නුඹලා ඉපැයීම සඳහා) ක්රියාශීලී බවට පත් කළේ ද ඔහුමය.
48

وَهُوَ الَّذِي أَرْسَلَ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۚ وَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً طَهُورًا

තවද තම දයාවට(වර්ෂාවට) පෙරාතුව ශුභාරංචියක් වශයෙන් සුළං (හඹා) එව්වේ ඔහුමය. 9 තවද අපි අහසින් පිරිසිදු ජලය පහළ කළෙමු.
9දයාව යැයි මෙයින් අදහස් කරන්නේ වර්ෂාවයි. කළු වලාකුළක් සමග සිසිල් සුළඟක් පැමිණීම වර්ෂාවට සලකුණකි.
49

لِّنُحْيِيَ بِهِ بَلْدَةً مَّيْتًا وَنُسْقِيَهُ مِمَّا خَلَقْنَا أَنْعَامًا وَأَنَاسِيَّ كَثِيرًا

අපි (ගහ කොළ නොවැඩුණු) නැසී ගිය ප්රදේශයක් එමගින් ප්රාණවත් කරනු පිණිස ද අප මැවූ දෑ අතුරින් වූ සතුන්ට ද බොහෝ ජනයාට ද එය සැපයීම පිණිස ද වේ.
50

وَلَقَدْ صَرَّفْنَاهُ بَيْنَهُمْ لِيَذَّكَّرُوا فَأَبَىٰ أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا

සැබැවින්ම (එම දායාදයන්) ඔවුන් මෙනෙහි කරනු පිණිස අපි ඔවුන් අතර මෙ(ම ජල)ය (නිර්ණය කොට) බෙදා හැරියෙමු. නමුත් ජනයාගෙන් බොහෝ දෙනා අකෘතඥය මිස (අන් සියල්ලට) පිටුපෑවෝය.