الشعراء

අශ්-ශුඅරා

الشعراء

අශ්-ශුඅරා · Ash-Shu'ara

මක්කී227 පද්‍ය

හැඳින්වීම

ඉබ්නු අබ්බාස් තුමාණන්ගේ වාර්තාවට අනුව මෙම සූරාව* පහළ වූයේ 56 වන සූරා අල් වාකිආවට පසුවය. මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින් මුරණ්ඩුකමින් නබි මුහම්මද්* තුමාණන්ව ප‍්‍රතික්ෂේප කර ඔවුන් සිතන පතන සෑම ප‍්‍රාතිහාර්යයක්ම තමන්ට පෙන්වන මෙන් සමච්චලයෙන් ඔහු ගෙන් ඉල්ලා සිටියෝය. මොවුන්ගේ මෙම මුරණ්ඩුකම කෙරෙහි බෙහෙවින් ශෝකයට පත් වූ නබි මුහම්මද් තුමාණන්ට සැනසීමක් වශයෙන් හා ඔවුන් විවිධාකාර ප‍්‍රාතිහාර්යයන් ඉල්ලා සිටීම මගින් කරන සමච්චලයට පිළිතුරක් වශයෙන් මෙම සූරාව පහළ වූයේය. සත්‍යයේ මග සොයන සියලු දෙනාටම මැවුම්කරුවෙකු සිටීම පිළිබඳව හා එහි මැවුම්කරු වන අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිබඳව සනාථ කරන බොහෝ සාධකයන් මුළු විශ්වයේම පැතිරී තිබෙන බැවින් එවන් මැවුම් කිහිපයක් පිළිබඳව මෙම සූරාවේ උපුටා දක්වා ඇත.මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින් මෙන් ඔවුනට පෙර සමූහයා ද සමච්චලයෙන් අල්ලාහ්ගේ ප‍්‍රාතිහාර්යයන් ඉල්ලා සිට පසුව ඔවුන් ඇසූ ප‍්‍රාතිහාර්යයන් ඔවුන්ට ලැබුව ද එය ඔවුන් ප‍්‍රතික්ෂේප කළ හෙයින් ඔවුන් විනාශ වූ වෘත්තාන්තයන් මෙම සූරාවෙහි සඳහන් වී ඇත.මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ව ශාස්ත‍්‍රකරුවෙකු, හූනියම්කරුවෙකු හා කවියෙකු යැයි ආමන්ත‍්‍රණ කරන්නට වූහ. මෙසේ කිරීම නුසුදුසු යැයි මෙම සූරාවෙහි අවසන් කොටසෙහි පැහැදිලි කර ඇත. මේ යටතේ පොදුවේ කවියන්ගේ ගතිගුණ කිහිපයක් ද 224 වන වැකියෙහි සඳහන් වී ඇත. මෙම හේතුවෙන් මෙම සූරාවට ‘කවියෝ’ යැයි නම් තබන ලදී.

1

طسم

තා.සීන්.මීම්. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ

මෙය පැහැදිලි ධර්ම පුස්තකයේ වදන්ය.
3

لَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ أَلَّا يَكُونُوا مُؤْمِنِينَ

(නබිවරය,) (ප්රතික්ෂේපක) ඔවුන් විශ්වාසිකයින් බවට පත් නොවීම හේතුවෙන් නුඹ (දුකට පත්වීමෙන්) නුඹවම විනාශ කර ගන්නට යන්නේය.
4

إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّنَ السَّمَاءِ آيَةً فَظَلَّتْ أَعْنَاقُهُمْ لَهَا خَاضِعِينَ

අපි අභිමත කළේ නම් අහසින් සංඥාවක් ඔවුන් කෙරෙහි පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙල පහත්භාවයෙන් යුතුව එය(සංඥාව) වෙත නැමෙන්නේය. 2
2මෙයින් අදහස් කරන්නේ අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් සත්යය දහම අනිවාර්යයෙන් විශ්වාස කරන අන්දමින් ප්රාතිහාර්යයන් නබිවරයා වෙත පහළ කළ හැකි බවය. එසේ ඔහු පහළ කළේ නම් සියල්ලන්ම සිය කැමැත්තකින් තොරව හෝ සත්යය දහම විශ්වාස කරනු ඇත යනුවෙනි. එනමුත් අල්ලාහ් මිනිසාව මවා ඇත්තේ ස්වයංවම ඔහු සත්යය හා අසත්යය වටහා ගෙන එය විශ්වාස කිරීමටය. එබැවින් ඔහුව මේ සඳහා බල කරන කිසිවක් අල්ලාහ් ඇති නොකරන්නේය.
5

وَمَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّنَ الرَّحْمَـٰنِ مُحْدَثٍ إِلَّا كَانُوا عَنْهُ مُعْرِضِينَ

තවද පරම කරුණාභරිත( අල්ලාහ්)ගෙන් කිසිදු නව උපදෙසක් ඔවුන් එය පිටුපාන්නන්ව සිටීමෙන් මිස ඔවුනට පැමිණියේ නැත.
6

فَقَدْ كَذَّبُوا فَسَيَأْتِيهِمْ أَنبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

සැබැවින්ම ඔවුන් (එය) අසත්යය කළෝය. එබැවින් ඔවුන් කුමක් සමච්චල් කරමින් සිටියේ ද එම (දඬුවමේ) පුවත් ඔවුන් වෙත පැමිණෙනු ඇත.
7

أَوَلَمْ يَرَوْا إِلَى الْأَرْضِ كَمْ أَنبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ

මිහිතලය දෙස ඔවුහු නොබැලූවෝ ද? එහි සියලු (සරුසාර වූ) ශ්රේෂ්ඨ (බෝග) වර්ගයන්ගෙන් කොපමණක් අපි හට ගැන්වූයෙමු ද?
8

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

සැබැවින්ම එහි සංඥාවක් ඇත. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාසිකයින් නොවීය.
9

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති, ඔහුමය අති බලසම්පන්න පරම කරුණාභරිත වන්නේ.
10

وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰ أَنِ ائْتِ الْقَوْمَ الظَّالِمِينَ

නුඹගේ පරමාධිපති “අපරාධකාර පිරිස වෙත යවු” යැයි (පවසා) මූසාව කැඳවූ අවස්ථාව (සිහිපත් කරවු).
11

قَوْمَ فِرْعَوْنَ ۚ أَلَا يَتَّقُونَ

“(එනම්) ෆිර්අවුන්ගේ පිරිස වෙත (යවු). ඔවුන් (අල්ලාහ්ට) බිය භක්තිමත් නොවන්නේද?”
12

قَالَ رَبِّ إِنِّي أَخَافُ أَن يُكَذِّبُونِ

(එයට) ඔහු(මූසා මෙසේ) පැවසුවේය.) “මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔවුන් මාව අසත්ය කරති යැයි මම බිය වන්නෙමි.
13

وَيَضِيقُ صَدْرِي وَلَا يَنطَلِقُ لِسَانِي فَأَرْسِلْ إِلَىٰ هَارُونَ

තවද (එසේ ඔවුන් මාගේ වදන් අසත්ය කළේ නම්) මාගේ සිත පටු වන්නේය. මාගේ දිව (කතා කිරීමට) චතුර නොවන්නේය. එබැවින් (මා සමග එන මෙන්) හාරූන් වෙත (දේව පණිවිඩය) යවවු.
14

وَلَهُمْ عَلَيَّ ذَنبٌ فَأَخَافُ أَن يَقْتُلُونِ

තවද ඔවුනට මා කෙරෙහි වැරැද්දක් (සඳහා වූ පළිගැනීමක්) ඇත. 3 එබැවින් ඔවුන් මා ඝාතනය කරති යැයි මම බිය වන්නෙමි.”
3මෙහි ‘වැරැද්දක්’ යනුවෙන් අදහස් කරන්නේ නබි මූසා තුමාණන් වැරදීමකින් ෆිර්අවුන්ගේ පිරිසේ කෙනෙකු ඝාතනය කිරීමය. මෙම වෘත්තාන්තය අල් කුර්ආන් 28:14-15 හි සඳහන් වී ඇත.
15

قَالَ كَلَّا ۖ فَاذْهَبَا بِآيَاتِنَا ۖ إِنَّا مَعَكُم مُّسْتَمِعُونَ

(එයට) ඔහු(අල්ලාහ් මෙසේ) පැවසුවේය “එසේ (නුඹලා සිතන පරිදි) නොව නුඹලා දෙදෙනා අපගේ සංඥාවන් රැගෙන යවු. සැබැවින්ම අපි නුඹලා සමග (සියල්ල) සවන් දෙන්නන් වන්නෙමු.
16

فَأْتِيَا فِرْعَوْنَ فَقُولَا إِنَّا رَسُولُ رَبِّ الْعَالَمِينَ

තවද නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් “සැබැවින්ම අපි සමස්ත විශ්වයේ පරමාධිපතිගේ රසූල්වරයා යැ”යි පවසවු.
17

أَنْ أَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ

“ඉස්රාඊල්ගේ දරුවන්ව නුඹ අප සමග යවවු.” (යැයි ද ෆිර්අවුන්ට පවසවු.)”
18

قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ

(මූසා හා හාරූන් ෆිර්අවුන් වෙත ගිය අවස්ථාවේ දී) ඔහු(ෆිර්අවුන් මූසාට) “අපි නුඹව අප අතර දරුවෙකු ලෙස හදා වඩා නොගත්තෙමු ද? තවද නුඹගේ ජීවිත කාලයේ වසර ගණනාවක් නුඹ අප අතර රැඳී සිටියේය.” යැයි පැවසුවේය.
19

وَفَعَلْتَ فَعْلَتَكَ الَّتِي فَعَلْتَ وَأَنتَ مِنَ الْكَافِرِينَ

“නුඹ කළ නුඹගේ (ඝාතන) කි්රයාව ද නුඹ (සිදු) කළේය. තවද නුඹ (අපගේ උපහාරයන්) ප්රතික්ෂේප කරන්නන් අතුරින් විය.” (යැයි ද ෆිර්අවුන් පැවසුවේය.)
20

قَالَ فَعَلْتُهَا إِذًا وَأَنَا مِنَ الضَّالِّينَ

(එයට) ඔහු(මූසා මෙසේ) පැවසුවේය “එම අවස්ථාවේදී මම (එම වැරැද්ද පිළිබඳව නොදැනුවත් වූ) මුළාවූවන්ගෙන් කෙනෙකුව සිටියදී එය මම කළෙමි.
21

فَفَرَرْتُ مِنكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِي رَبِّي حُكْمًا وَجَعَلَنِي مِنَ الْمُرْسَلِينَ

එවිට මම නුඹලාට බිය වූ කල්හි මම නුඹලාගෙන් පලා ගියෙමි. පසුව මාගේ පරමාධිපති මා හට ප්රඥාවක්(නබිත්වය) ප්රදානය කළේය. තවද ඔහු මාව රසූල්වරුන් අතුරින් (කෙනෙකුව) පත් කළේය.
22

وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَيَّ أَنْ عَبَّدتَّ بَنِي إِسْرَائِيلَ

තවද ඉස්රාඊල්ගේ දරුවන්ව නුඹ(ගේ) වහල්භාවයට පත් කිරීම, එය මා හට නුඹ දායාදයක් ලෙස පිරිනැමූ භාග්යයක්(ද?).
23

قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ الْعَالَمِينَ

“විශ්වයේ පරමාධිපති යනු කුමක්දැ?”යි ෆිර්අවුන් විමසුවේය.
24

قَالَ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِن كُنتُم مُّوقِنِينَ

“නුඹලා ස්ථීර ලෙස විශ්වාස කරන්නන් වූයේ නම් (ඔහු) අහස් හි ද මිහිතලයෙහි ද ඒ දෙක අතර වූ දෑහි ද පරමාධිපතියැ”යි ඔහු(මූසා) පැවසුවේය.
25

قَالَ لِمَنْ حَوْلَهُ أَلَا تَسْتَمِعُونَ

තමා වටා සිටියවුන්ට “නුඹලා සවන් නොදුන්නෙහිදැ?”යි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
26

قَالَ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ

“(අල්ලාහ්) නුඹලාගේ පරමාධිපති ද පෙර වූ නුඹලාගේ මුතුන් මිත්තන්ගේ පරමාධිපති ද වේ.” යැයි ඔහු(මූසා) පැවසුවේය.
27

قَالَ إِنَّ رَسُولَكُمُ الَّذِي أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌ

“(ජනයිනි!) සැබැවින්ම නුඹලා වෙත එවනු ලැබූ නුඹලාගේ රසූල්වරයා උන්මත්තකයෙකු යැ”යි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
28

قَالَ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَيْنَهُمَا ۖ إِن كُنتُمْ تَعْقِلُونَ

“නුඹලා අවබෝධ කරගන්නන් වූයේ නම් (ඔහු) නැගෙනහිරෙහි ද බටහිරෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතියැ”යි ඔහු(මූසා) පැවසුවේය.
29

قَالَ لَئِنِ اتَّخَذْتَ إِلَـٰهًا غَيْرِي لَأَجْعَلَنَّكَ مِنَ الْمَسْجُونِينَ

“නුඹ මා මිස (වෙනත් කෙනෙකුව) දෙවියෙකුව ගත්තේ නම් සැබැවින්ම මම නුඹව සිර කරනු ලැබූවන් අතුරින් (කෙනෙකු බවට) පත් කරන්නෙමි.” යැයි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
30

قَالَ أَوَلَوْ جِئْتُكَ بِشَيْءٍ مُّبِينٍ

“මා පැහැදිලි කරුණක්(සංඥාවක්) ඔබ වෙත ගෙන ආ කල්හි(ද ඔබ මෙසේ කරන්නේ)දැ?”යි ඔහු(මූසා) විමසුවේය.
31

قَالَ فَأْتِ بِهِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ

“නුඹ සත්යවාදීන් අතුරින් (කෙනෙකු) වූයේ නම් නුඹ එය ගෙන එවු” යැයි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
32

فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُّبِينٌ

එවිට ඔහු(මූසා) තමාගේ සැරයටිය බිම හෙළීය. එසැණින් එය පැහැදිලි (මහා) සර්පයෙකු විය.
33

وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاءُ لِلنَّاظِرِينَ

තවද ඔහු ඔහුගේ අත (උඩු ඇඳුම් සාක්කුව තුළින්) පිටතට ගත්තේය. එසැණින් එය බලන්නන්ට (ආලෝකමත් වූ) සුදු(වන්ව දිස්) විය.
34

قَالَ لِلْمَلَإِ حَوْلَهُ إِنَّ هَـٰذَا لَسَاحِرٌ عَلِيمٌ

තමන් වටා සිටි ප්රධානීන්ට “සැබැවින්ම මොහු දැනුමැති හූනියම්කරුවෙකි” යැයි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
35

يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِ فَمَاذَا تَأْمُرُونَ

“(මූසා) තම හූනියම මගින් නුඹලාගේ දේශයෙන් නුඹලාව පිටමං කරන්නට ඔහු අපේක්ෂා කරන්නේය. එබැවින් (මේ පිළිබඳව) නුඹලා කුමක් අදහස් කරන්නේ ද?” (යැයි ෆිර්අවුන් ප්රධානීන්ගෙන් විමසුවේය.)
36

قَالُوا أَرْجِهْ وَأَخَاهُ وَابْعَثْ فِي الْمَدَائِنِ حَاشِرِينَ

(එයට) ඔවුහු (මෙසේ) පැවසුවෝය. “ඔහුට හා ඔහුගේ සහෝදරයාට කල් දෙවු. තවද නගරයන්හි (සිටින හූනියම්කරුවන්ව රැස් කරනු පිණිස) රැස් කරන්නන්ව යවවු.
37

يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍ

(එවිට) ඔවුහු දැනුමැති අති දක්ෂ සියලු හූනියම්කරුවන්ව ඔබ වෙත ගෙන එනු ඇත.”
38

فَجُمِعَ السَّحَرَةُ لِمِيقَاتِ يَوْمٍ مَّعْلُومٍ

එබැවින් නියමිත දිනයක නියම වූ වේලාවක (සියලු) හූනියම්කරුවන්වම රැස් කරනු ලැබූහ.
39

وَقِيلَ لِلنَّاسِ هَلْ أَنتُم مُّجْتَمِعُونَ

තවද “නුඹලා (එම දිනයෙහි) රැස්වන්නේ දැ?”යි ජනයින්ට පවසනු ලැබීය.
40

لَعَلَّنَا نَتَّبِعُ السَّحَرَةَ إِن كَانُوا هُمُ الْغَالِبِينَ

“ඔවුන් (මූසාව) අබිබවායන්නන් වූයේ නම් අප හූනියම්කරුවන්ව අනුගමනය කිරීමට පුළුවණ.” (යැයි ද පවසනු ලැබීය.)
41

فَلَمَّا جَاءَ السَّحَرَةُ قَالُوا لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ الْغَالِبِينَ

හූනියම්කරුවෝ (ෆිර්අවුන් වෙත) පැමිණි කල්හි “සැබැවින්ම අපි (මූසාව) අබිබවා යන්නන් වූයේ නම් අපට වේතනයක් තිබේදැ?”යි ඔවුහු ෆිර්අවුන්ගෙන් විමසුවෝය.
42

قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًا لَّمِنَ الْمُقَرَّبِينَ

“එසේය. එවිට සැබැවින්ම නුඹලා (මා හට) සමීපතයින් අතුරින් යැ”යි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
43

قَالَ لَهُم مُّوسَىٰ أَلْقُوا مَا أَنتُم مُّلْقُونَ

“නුඹලා පහත හෙළන දෑ පහත හෙළවු” යැයි මූසා ඔවුනට(හූනියම්කරුවන්ට) පැවසුවේය.
44

فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الْغَالِبُونَ

එවිට ඔවුන් ඔවුන්ගේ කඹයන් ද ඔවුන්ගේ සැරයටියන් ද පහත හෙළීය. තවද “ෆිර්අවුන්ගේ ගෞරවය මත දිවුරා සැබැවින්ම අපි අබිබවා යන්නන් යැ”යි ඔවුහු පැවසුවෝය.
45

فَأَلْقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ

එවිට මූසා තමාගේ සැරයටිය පහත හෙළීය. එසැණින් එය(සර්පයෙකු වී) ඔවුන් මිථ්යාවෙන් කළ දෑ ගිල දැමීය.
46

فَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ

එවිට හූනියම්කරුවන් (අල්ලාහ්ට) සුජූද් කරන්නන්ව ඇද වැටෙන්නට වූහ.
47

قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ

“මූසා හා හාරූන්ගේ පරමාධිපති වන සමස්ත විශ්වයේ පරමාධිපතිව අපි විශ්වාස කළෙමු” යැයි ඔවුහු පැවසූහ.
48

رَبِّ مُوسَىٰ وَهَارُونَ

“මූසා හා හාරූන්ගේ පරමාධිපති වන සමස්ත විශ්වයේ පරමාධිපතිව අපි විශ්වාස කළෙමු” යැයි ඔවුහු පැවසූහ.
49

قَالَ آمَنتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ ۚ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ

(එයට) ඔහු(ෆිර්අවුන්) “මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහුව විශ්වාස කළෙහුය. සැබැවින්ම ඔහු(මූසා) නුඹලාට හූනියම ඉගැන් වූ නුඹලාගේ ප්රධානියාය. එබැවින් (මෙහි ප්රතිවිපාකය) නුඹලා මතු දැන ගනු ඇත. නුඹලාගේ අත් හා නුඹලාගේ පාද (එකිනෙකට) විරුද්ධ පැති වලින් සැබැවින්ම මම කපා දමන්නෙමි. තවද සැබැවින්ම මම නුඹලා සියල්ලෝම කුරුසයේ (තබා ඇණ) ගසන්නෙමි” යැයි පැවසුවේය.
50

قَالُوا لَا ضَيْرَ ۖ إِنَّا إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ

“(එයින් අපට) කිසිදු හානියක් නැත, සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙත හැරෙන්නන් යැ”යි ඔවුහු පැවසුවෝය.