سُورَةٌ أَنزَلْنَاهَا وَفَرَضْنَاهَا وَأَنزَلْنَا فِيهَا آيَاتٍ بَيِّنَاتٍ لَّعَلَّكُمْ تَذَكَّرُونَ
(මෙය) සූරාවකි. අපි මෙය පහළ කළෙමු. තවද මෙය(මෙහි ඇති නීති රීතීන්) අපි නියම කළෙමු. තවද නුඹලා මෙනෙහි කරනු පිණිස මෙහි අපි පැහැදිලි වදන් පහළ කළෙමු.
الزَّانِيَةُ وَالزَّانِي فَاجْلِدُوا كُلَّ وَاحِدٍ مِّنْهُمَا مِائَةَ جَلْدَةٍ ۖ وَلَا تَأْخُذْكُم بِهِمَا رَأْفَةٌ فِي دِينِ اللَّهِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۖ وَلْيَشْهَدْ عَذَابَهُمَا طَائِفَةٌ مِّنَ الْمُؤْمِنِينَ
පරපුරුෂ සේවනයෙහි යෙදෙන (අවිවාහක) ස්ති්රයට ද පරදාර සේවනයෙහි යෙදන (අවිවාහක) පිරිමියාට ද ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුටම කස පහර සියයක් බැගින් පහර දෙවු. තවද නුඹලා අල්ලාහ්ව ද අවසන් දිනය ද විශ්වාස කරන්නන්ව සිටියෙහු නම් අල්ලාහ්ගේ දහම් විෂයෙහි ඔවුන් දෙදෙනා කෙරෙහි අනුකම්පාව නුඹලාව ග්රහණය නොකළ යුතුය. තවද ඔවුන් දෙදෙනාගේ දඬුවම විශ්වාසිකයින්ගෙන් පිරිසක් (සාක්ෂිකරුවන් ලෙස) බලා සිටිය යුතුය.
الزَّانِي لَا يَنكِحُ إِلَّا زَانِيَةً أَوْ مُشْرِكَةً وَالزَّانِيَةُ لَا يَنكِحُهَا إِلَّا زَانٍ أَوْ مُشْرِكٌ ۚ وَحُرِّمَ ذَٰلِكَ عَلَى الْمُؤْمِنِينَ
පරදාර සේවනයෙහි යෙදෙන පිරිමියා පරපුරුෂ සේවනයෙහි යෙදෙන ස්ති්රයක් හෝ ආදේශ තබන ස්ති්රයක් (සමග) මිස විවාහ නොවනු ඇත. තවද පරපුරුෂ සේවනයෙහි යෙදෙන ස්ති්රය පරදාර සේවනයෙහි යෙදෙන පිරිමියෙක් හෝ ආදේශ තබන පිරිමියෙක් (සමග) මිස විවාහ නොවනු ඇත. තවද එය විශ්වාසිකයින් කෙරෙහි තහනම් කරනු ලැබීය.
1මෙයින් අදහස් කරන්නේ දුරාචාරයේ යෙදෙන්නන් සමග විවාහ වීම මුඃමින්වරුන්ට නුසුදුසු බවය. තම සාහකයා තෝරා ගැනීමේ දී සිල්වත් බව සැලකිය යුතු යැයි හදීසයන්හි සඳහන් වී ඇත.
وَالَّذِينَ يَرْمُونَ الْمُحْصَنَاتِ ثُمَّ لَمْ يَأْتُوا بِأَرْبَعَةِ شُهَدَاءَ فَاجْلِدُوهُمْ ثَمَانِينَ جَلْدَةً وَلَا تَقْبَلُوا لَهُمْ شَهَادَةً أَبَدًا ۚ وَأُولَـٰئِكَ هُمُ الْفَاسِقُونَ
තවද කවුරුන් පතිවත් කාන්තාවන්ට (පරපුරුෂ) චෝදනාවක් එල්ල කර පසුව (ඒ සඳහා) සාක්ෂිකරුවන් හතර දෙනෙක් ඔවුන් නොගෙනාවේද ඔවුනට නුඹ කසපහර අසූවක් පහර දෙවු. තවද නුඹලා ඔවුන්ගෙන් (කිසිදු) සාක්ෂියක් කිසිවිටෙකත් පිළිනොගනිවු. තවද ඔවුන්මය පාපතරයින් වන්නෝ.
إِلَّا الَّذِينَ تَابُوا مِن بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
(නමුත්) එයට පසු පශ්චාත්තාපයේ නියැළී තමන්ව සංශෝධනය කර ගත් අය හැර. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
وَالَّذِينَ يَرْمُونَ أَزْوَاجَهُمْ وَلَمْ يَكُن لَّهُمْ شُهَدَاءُ إِلَّا أَنفُسُهُمْ فَشَهَادَةُ أَحَدِهِمْ أَرْبَعُ شَهَادَاتٍ بِاللَّهِ ۙ إِنَّهُ لَمِنَ الصَّادِقِينَ
කවුරුන් තමන් හැර වෙනත් සාක්ෂිකරුවන් තමන්ට නොවූ තත්ත්වයේ තම භාර්යාවන්ට (පරපුරුෂ සේවනයෙහි යෙදුණු බවට) චෝදනාවක් එල්ල කරන්නේ ද ඔවුන්ගෙන් කෙනෙකුගේ සාක්ෂිය වනුයේ ‘තමන් සත්යවන්තයින් අතුරින් කෙනෙකු’ යැයි අල්ලාහ් මත දිවුරා සිව් වරක් සාක්ෂි දැරීමය.
2මෙහි සඳහන් වන්නේ යම් ස්වාමිපුරුෂයෙකු තම බිරිය දුරාචාරයේ යෙදුණු බවට චෝදනා කර පසුව ඔහුට මේ සඳහා ඔහු හැර වෙනත් කිසිදු සාක්ෂිකරුවෙකු නොමැති අවස්ථාව ගැනය. මෙම ආයතයෙන් පැහැදිලි කරන්නේ මෙම අවස්ථාවේ දී චෝදනා කළ තම ස්වාමිපුරුෂයාව අධිකරණයට ගෙන ඉහත වැකියෙහි සඳහන් වී ඇති පරිදි දිවුරුම් කිරීමට ඉල්ලා සිටීමේ අයිතිය බිරියට ඇත. මොහු මෙසේ දිවුරුම් කිරීමට ප්රතික්ෂේප කරන්නේ නම් එයින් අදහස් වන්නේ මොහු බොරු චෝදනා කර ඇති බවය. එවිට හතර වන ආයතයෙහි සඳහන් වී ඇති පරිදි අසත්යය චෝදනා කිරීමේ දඬුවම මොහුට අත් විය යුතුය. එනමුත් මොහු මෙම දිවුරුම කළේ නම් එවිට මොහුගේ බිරිය තමන්ගේ නිර්දෝෂීභාවය පිළිබඳව දිවුරුම් කළ යුතුය. එසේ දිවුරුම් කිරීමට ඇය ප්රතික්ෂේප කරන්නේ නම් එයින් අදහස් වන්නේ ඇය දුරාචාරයේ යෙදී ඇති බවය. ඒ අනුව දුරාචාරයේ යෙදීමේ දඬුවම ඇයට අත් විය යුතුයි. එනමුත් ඇය ද දිවුරුම් කළේ නම් එවිට ඔවුන් දෙදෙනාට අධිකරණය විසින් එම යුවළගේ කැමැත්ත පරිදි දික්කසාදය නියම කරනු ලබයි. මෙසේ අධිකරණය විසින් දික්කසාද කරනු ලබන මෙම නීති මාලාවට ‘ලිආන්’ යැයි ඉස්ලාමීය ව්යවහාරයෙන් හැඳින්වේ.
وَالْخَامِسَةُ أَنَّ لَعْنَتَ اللَّهِ عَلَيْهِ إِن كَانَ مِنَ الْكَاذِبِينَ
පස්වැන්න ‘තමන් බොරුකාරයින් අතුරින් වී නම් තමන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය ඇති වේවා යන්න(ඔහු දිවුරීම)ය.-
وَيَدْرَأُ عَنْهَا الْعَذَابَ أَن تَشْهَدَ أَرْبَعَ شَهَادَاتٍ بِاللَّهِ ۙ إِنَّهُ لَمِنَ الْكَاذِبِينَ
තවද (එම භාර්යාව තමන් වෙත එල්ල වූ චෝදනාව ප්රතික්ෂේප කරමින්) ‘සැබැවින්ම ඔහු(තම සැමියා) බොරුකාරයින් අතුරින් කෙනෙකු’ යැයි ඇය අල්ලාහ් මත දිවුරා සිව් වරක් සාක්ෂි දැරීම (ඇය කෙරෙහි නියම වූ) දඬුවම ඇයගෙන් වළක්වාලන්නේය.
وَالْخَامِسَةَ أَنَّ غَضَبَ اللَّهِ عَلَيْهَا إِن كَانَ مِنَ الصَّادِقِينَ
තවද පස්වැන්න ලෙස ‘ඔහු සත්යවාදීන්ගෙන් කෙනෙකු නම් ඇය කෙරෙහි අල්ලාහ්ගේ ශාපය ඇති වේවා’ යන්න (ඇය දිවුරීම)ය.
وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّهَ تَوَّابٌ حَكِيمٌ
නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ භාග්යය හා ඔහුගේ කරුණාව නොවන්නේ නම් (නුඹලාට දඬුවම නියම වීමට තිබුණි). තවද සැබැවින්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නාය සර්ව ප්රඥාවන්තය.
إِنَّ الَّذِينَ جَاءُوا بِالْإِفْكِ عُصْبَةٌ مِّنكُمْ ۚ لَا تَحْسَبُوهُ شَرًّا لَّكُم ۖ بَلْ هُوَ خَيْرٌ لَّكُمْ ۚ لِكُلِّ امْرِئٍ مِّنْهُم مَّا اكْتَسَبَ مِنَ الْإِثْمِ ۚ وَالَّذِي تَوَلَّىٰ كِبْرَهُ مِنْهُمْ لَهُ عَذَابٌ عَظِيمٌ
(විශ්වාසිකයිනි,) සැබැවින්ම (ආයිෂා තුමිය පිළිබඳව) අවලාදය ගෙන ආ අය නුඹලා අතුරින් වූ පිරිසකි. එය නුඹලාට අයහපතක් යැයි නොසිතවු. නමුත් එය නුඹලාට යහපතක්ය. (අවලාදය ගෙන ආ) ඔවුන් අතුරින් සෑම කෙනෙකුටම පාපයෙන් තමන් උපයා ගත් දෑ ඇත. තවද ඔවුන් අතුරින් කවරෙකු එහි විශාල දායකත්වයක් භාරගත්තේ ද ඔහුට මහත් වූ දඬුවමක් ඇත.
311 වැනි වැකියේ සිට 20 දක්වා වූ වැකි වලින් සඳහන් කරනුයේ නබි මුහම්මද් තුමාණන්ගේ භාර්යාව වෙත නැගූ අභූත චෝදනාවට පිළිතුරුය. මුස්ලිම්වරුන් ‘බනූ මුස්තලක්’ ගෝත්රිකයින්ට එරෙහිව මෙහෙය වූ යුද්ධයට සහභාගී වී නැවත පැමිණෙන විට ආයිෂා තුමිය අතරමං වූවාය. එවිට ඇය කැටුවා ගෙන ආ සෆ්වාන් තුමාණන් හා එතුමිය අතර අයථා සම්බන්ධතාවක් පැවති බවට ආත්ම වංචනික නායක අබ්දුල්ලාහ් බින් උබෙයි බින් සලූල් විසින් අභූත චෝදනාවක් ඇවිළ වූහ. ඇතැම් මුස්ලිම්වරුන් ද සැබෑ තත්ත්වය නොදැන එලෙසින්ම විශ්වාස කළෝය. එබැවින් මෙම ආයතය මගින් අල්ලාහ් සැබෑ තත්ත්වය හෙළිදරව් කර එම චෝදනාවෙන් ඇයව නිදොස් කොට නිදහස් කළේය.
لَّوْلَا إِذْ سَمِعْتُمُوهُ ظَنَّ الْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بِأَنفُسِهِمْ خَيْرًا وَقَالُوا هَـٰذَا إِفْكٌ مُّبِينٌ
එ(ම අවලාද)යට නුඹලා සවන් දුන් විට විශ්වාසිකයින් හා විශ්වාසික කාන්තාවන් තම තමන් පිළිබඳවම යහපත් මතයන් ඇති කර ගෙන “මෙය පැහැදිලි අවලාදයක්” යැයි පවසා සිටිය යුතු නොවේ ද?-
لَّوْلَا جَاءُوا عَلَيْهِ بِأَرْبَعَةِ شُهَدَاءَ ۚ فَإِذْ لَمْ يَأْتُوا بِالشُّهَدَاءِ فَأُولَـٰئِكَ عِندَ اللَّهِ هُمُ الْكَاذِبُونَ
ඒ වෙනුවෙන් සාක්ෂිකරුවන් හතරක් (අවලාදය පැවසූ) ඔවුන් ගෙන ආ යුතු නොවේ ද? (නමුත්) එසේ ඔවුන් සාක්ෂිකරුවන් නොගෙනා කල්හි ඔවුන්මය අල්ලාහ් අබියස බොරුකාරයින් වන්නේ.
وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ لَمَسَّكُمْ فِي مَا أَفَضْتُمْ فِيهِ عَذَابٌ عَظِيمٌ
තවද මෙලොවෙහි හා මතු ලොවෙහි නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ භාග්යය හා ඔහුගේ කරුණාව නොවන්නේ නම් කවර දැයෙහි නුඹලා (අවලාද නගමින්) යෙදී සිටියේ ද ඒ සඳහා වූ මහත් දඬුවමක් නුඹලාව ස්පර්ශ කරනු ඇත.
إِذْ تَلَقَّوْنَهُ بِأَلْسِنَتِكُمْ وَتَقُولُونَ بِأَفْوَاهِكُم مَّا لَيْسَ لَكُم بِهِ عِلْمٌ وَتَحْسَبُونَهُ هَيِّنًا وَهُوَ عِندَ اللَّهِ عَظِيمٌ
නුඹලාගේ දිවවල් එය (එකිනෙකාගෙන්) ලබාගත් අවස්ථාවේ දී නුඹලාට ඒ ගැන කිසිදු දැනුමක් නොමැතිව නුඹලාගේ මුවින් පවසමින් සිටියෙහුය. එය අල්ලාහ් අබිසය ඉතා බරපතළව තිබිය දී නුඹලා එය සැහැල්ලුවෙන් සිතමින් සිටියෙහුය.
وَلَوْلَا إِذْ سَمِعْتُمُوهُ قُلْتُم مَّا يَكُونُ لَنَا أَن نَّتَكَلَّمَ بِهَـٰذَا سُبْحَانَكَ هَـٰذَا بُهْتَانٌ عَظِيمٌ
තවද එ(ම අවලාද)යට නුඹලා සවන් දුන් විට “මේ ගැන අපි කතා කිරීම අපට සුදුසු නොවන්නකි. (අහෝ අල්ලාහ්,) නුඹ පිවිතුරුය. මෙය මහත් වූ අපවාදයකි” යැයි නුඹලා පවසා සිටිය යුතු නොවේ ද?
يَعِظُكُمُ اللَّهُ أَن تَعُودُوا لِمِثْلِهِ أَبَدًا إِن كُنتُم مُّؤْمِنِينَ
නුඹලා විශ්වාසිකයින්ව සිටියෙහු නම් කිසිවිටෙක මෙවැන්නක් වෙත නැවත යොමු නොවන මෙන් අල්ලාහ් නුඹලාට උපදෙස් දෙන්නේය.
وَيُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ ۚ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
තවද අල්ලාහ් නුඹලාට (එම) වදන් පැහැදිලි කරන්නේය. තවද අල්ලාහ් සර්වඥය සර්ව ප්රඥාවන්තය.
إِنَّ الَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَاللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ
සැබැවින්ම විශ්වාස කළවුන් අතර අලජ්ජිත දෑ ව්යාප්ත විය යුතු යැයි ප්රිය කරන්නන් (වන) ඔවුනට මෙලොවෙහි හා මතු ලොවෙහි වේදනීය දඬුවමක් ඇත. තවද අල්ලාහ් (සියලු දෑ) දන්නේය. තවද නුඹලා නොදන්නෙහුය.
وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّهَ رَءُوفٌ رَّحِيمٌ
තවද නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ භාග්යය හා ඔහුගේ කරුණාව නොවන්නේ නම් (නුඹලාට දඬුවම නියම වීමට තිබුණි). තවද සැබැවින්ම අල්ලාහ් සානුකම්පිතය පරම කරුණාභරිතය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ وَمَن يَتَّبِعْ خُطُوَاتِ الشَّيْطَانِ فَإِنَّهُ يَأْمُرُ بِالْفَحْشَاءِ وَالْمُنكَرِ ۚ وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ مَا زَكَىٰ مِنكُم مِّنْ أَحَدٍ أَبَدًا وَلَـٰكِنَّ اللَّهَ يُزَكِّي مَن يَشَاءُ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
විශ්වාස කළවුනි, ෂෙයිතාන්ගේ පියසටහන් නුඹලා අනුගමනය නොකරවු. තවද කවරෙකු ෂෙයිතාන්ගේ පියසටහන් අනුගමනය කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු(ෂෙයිතාන්) අලජ්ජිත දෑ හා පිළිකුල් සහගත දෑ විධානය කරන්නේය. තවද නුඹලා වෙත අල්ලාහ්ගේ භාග්යය ද ඔහුගේ කරුණාව ද නොවන්නේ නම් නුඹලා අතුරින් කිසිවෙකු කිසිවිටෙක පිවිතුරු නොවන්නේය. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයව පිවිතුරු කරන්නේය. තවද අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥය.
وَلَا يَأْتَلِ أُولُو الْفَضْلِ مِنكُمْ وَالسَّعَةِ أَن يُؤْتُوا أُولِي الْقُرْبَىٰ وَالْمَسَاكِينَ وَالْمُهَاجِرِينَ فِي سَبِيلِ اللَّهِ ۖ وَلْيَعْفُوا وَلْيَصْفَحُوا ۗ أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
(අල්ලාහ්ගෙන් වූ) වරප්රසාදයන් හා වත්පොහොසත්කම් ඇත්තවුන් සමීප ඥාතීන්ට ද දිළින්ඳන්ට ද අල්ලාහ්ගේ මාර්ගයේ දේශාන්තරණය කරන්නන්ට ද (උදව් උපකාර) ලබා නොදෙන බවට දිවුරා නොසිටිය යුතුය. තවද (ඔවුනට) සමාව දී (නොසලකා) අත් හැරිය යුතුය. අල්ලාහ් නුඹලාට සමාව දිය යුතු යැයි නුඹලා ප්රිය නොකරන්නෙහු ද? තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
4ආයිෂා තුමියට එරෙහිව කරනු ලැබූ අසත්යය චෝදනාව ආත්ම වංචනිකයින්ගෙන් ආරම්භ වූවක්ව තිබුණ ද ඇතැම් සත්යය මුස්ලිම්වරුන් ද නගරයෙහි පැතිරී ගිය මෙම පුවත විශ්වාස කර ආත්ම වංචනිකයින්ගේ උගුලට ගොදුරු විය. ප්රථම කලීෆා වන අබූ බක්ර් තුමාණන්ගේ දේපළෙන් සහන ලබමින් සිටි ‘මිස්තහ් ඉබ්නු උස්මාන්’ නම් දිළිඳු සහාබිවරයා ද ඒ අතුරින් කෙනෙකි. තම දියණිය වන ආයිෂා තුමියට බොරු චෝදනා කිරීමෙහි මෙම දිළිඳු සහාබිවරයා ද සම්බන්ධ වී ඇති බව දැන ගත් අබූ බක්ර් තුමාණන් මින් පසු ඔහුට කිසිදු උදව් උපකාරයක් නොකරන බවට දිවුරුම් කළේය. මෙම සූරාවෙහි 22 වන ආයතයෙන් පවසා ඇත්තේ අබූ බක්ර් තුමාණන් තමන් කළ මෙම දිවුරුම කඩ කළ යුතු බවය. මන්දයත් එම දිළිඳු සහාබිවරයා මෙම බොරු චෝදනාව විශ්වාස කළේ වැරදි වැටහීමකින් මිස ආත්ම වංචනිකයින් මෙන් වැරදි අධිෂ්ඨානයකින් නොවේ. එබැවින් තම වැරැද්ද පිළිගෙන එයින් පාපෝච්චාරණය කරන්නාට සමාව දිය යුතු යැයි මෙම ආයතයෙන් පවසා ඇත.
إِنَّ الَّذِينَ يَرْمُونَ الْمُحْصَنَاتِ الْغَافِلَاتِ الْمُؤْمِنَاتِ لُعِنُوا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
සැබැවින්ම පතිවත රකින (අලජ්ජිත දෑ සිතෙහි ධාරණය කිරීමෙහි) අනවධානීව සිටින විශ්වාසික කාන්තාවන්ට (පරපුරුෂ) චෝදනාවක් එල්ල කරන අය මෙලොවෙහි හා මතු ලොවෙහි ශාප කරනු ලැබුවෝය. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.
يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُم بِمَا كَانُوا يَعْمَلُونَ
ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව ඔවුන්ගේ දිවවල් ද ඔවුන්ගේ අත් ද ඔවුන්ගේ පාද ද ඔවුනට එරෙහිව සාක්ෂි දරන (විනිශ්චය) දින (ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.)
يَوْمَئِذٍ يُوَفِّيهِمُ اللَّهُ دِينَهُمُ الْحَقَّ وَيَعْلَمُونَ أَنَّ اللَّهَ هُوَ الْحَقُّ الْمُبِينُ
එදින අල්ලාහ් ඔවුනට ඔවුන්ගේ සත්ය ප්රතිඵල පරිපූර්ණ කරන්නේය. තවද ඔවුහු ‘සැබැවින්ම අල්ලාහ් ඔහුමය පැහැදිලි සත්යය වන්නේ’ යැයි දැන ගන්නෝය.
الْخَبِيثَاتُ لِلْخَبِيثِينَ وَالْخَبِيثُونَ لِلْخَبِيثَاتِ ۖ وَالطَّيِّبَاتُ لِلطَّيِّبِينَ وَالطَّيِّبُونَ لِلطَّيِّبَاتِ ۚ أُولَـٰئِكَ مُبَرَّءُونَ مِمَّا يَقُولُونَ ۖ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
(කි්රයාවෙන් හා වචනයෙන්) අශීලාචාර කාන්තාවන් අශීලාචාර පිරිමින්ට ද අශීලාචාර පිරිමින් අශීලාචාර කාන්තාවන්ට ද ශීලාචාර කාන්තාවන් ශීලාචාර පිරිමින්ට ද ශීලාචාර පිරිමින් ශීලාචාර කාන්තාවන්ට ද (සුදුස්සන්) වෙති. (අශීලාචාර) ඔවුන් පවසන දැයින් (ශීලාචාර) මොවුන් නිදොස් වූවන්ය. මොවුනට පාප ක්ෂමාව ද ගෞරවනීය සම්පතක් ද ඇත.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتًا غَيْرَ بُيُوتِكُمْ حَتَّىٰ تَسْتَأْنِسُوا وَتُسَلِّمُوا عَلَىٰ أَهْلِهَا ۚ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ
විශ්වාස කළවුනි, නුඹලාගේ නිවෙස් නොවන (වෙනත්) නිවෙස් වලට නුඹලා (ඔවුන්ගෙන්) අවසර පතා එම නිවැසියන්ට සලාම් පවසන තෙක් ඇතුළු නොවවු. නුඹලා මෙනෙහි කරනු පිණිස එය නුඹලාට යහපතක් වේ.
5එනම් ‘අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහූ’ යැයි පැතීමය.
فَإِن لَّمْ تَجِدُوا فِيهَا أَحَدًا فَلَا تَدْخُلُوهَا حَتَّىٰ يُؤْذَنَ لَكُمْ ۖ وَإِن قِيلَ لَكُمُ ارْجِعُوا فَارْجِعُوا ۖ هُوَ أَزْكَىٰ لَكُمْ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ
තවද එහි නුඹලා කිසිවෙකු නොදුටුවේ නම් නුඹලාට අවසර දෙනු ලබන තෙක් එහි නුඹලා ඇතුළු නොවවු. තවද “නුඹලා නැවත හැරී යවු” යැයි නුඹලාට පවසනු ලැබුවේ නම් එවිට නුඹලා හැරී යවු. එය නුඹලාට ඉතා පිවිතුරුය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්වඥය.
لَّيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَدْخُلُوا بُيُوتًا غَيْرَ مَسْكُونَةٍ فِيهَا مَتَاعٌ لَّكُمْ ۚ وَاللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ
(ජන) වාසයක් නොමැති වූ ද එහි නුඹලා සතු භාණ්ඩ ඇත්තා වූ ද නිවෙස් වලට ඇතුළු වීම නුඹලා කෙරෙහි වරදක් නැත. තවද නුඹලා හෙළි කරන දෑ ද නුඹලා වසන් කරන දෑ ද අල්ලාහ් දන්නේය.
6යම් නිවසක මිනිසුන් නොසිටිය ද එයට පවා නිවැසියන්ගේ අනුමැතියෙන් තොරව ඇතුළු වීම තහනම්ය. එහෙත් මෙහි සඳහන් කර ඇත්තේ ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් පරිහරණය කළ හැකි පොදු ස්ථානයන් පිළිබඳවය.
قُل لِّلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ۚ ذَٰلِكَ أَزْكَىٰ لَهُمْ ۗ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ
(නබිවරය!) විශ්වාසිකයින්ට (බැලීමට තහනම් දැයින්) තමන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද තමන්ගේ ලිංගික අවයව (පාපයන්ගෙන්) ආරක්ෂා කරගන්නා මෙන් ද පවසවු. එය ඔවුනට ඉතාමත් පිවිතුරුය. සැබැවින්ම අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව අභිඥානවන්තය.
وَقُل لِّلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا ۖ وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّ ۖ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُولِي الْإِرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَىٰ عَوْرَاتِ النِّسَاءِ ۖ وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِن زِينَتِهِنَّ ۚ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَ الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ
තවද (නබිවරය,) විශ්වාසික කාන්තාවන්ට (බැලීමට තහනම් දැයින්) තමන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද තමන්ගේ ලිංගික අවයව (පාපයන්ගෙන්) ආරක්ෂා කරගන්නා මෙන් ද තමන්ගේ අලංකාරයන් එයින් එළිපිට පෙනෙන දෑ හැර (සෙසු දෑ) හෙළි නොකරන මෙන් ද තම හිස් ආවරණ මගින් තමන්ගේ ළය පෙදෙස් ද ආවරණය කරන මෙන් දතමන්ගේ ස්වාමි පුරුෂයින්ට ද තමන්ගේ පියවරුන්ට ද තම ස්වාමි පුරුෂයින්ගේ පියවරුන්ට ද තම පිරිමි දරුවන්ට ද තම ස්වාමි පුරුෂයින්ගේ පිරිමි දරුවන්ට ද තම සහෝදරයින්ට ද තම සහෝදරයින්ගේ පිරිමි දරුවන්ට ද තම සහෝදරියන්ගේ පිරිමි දරුවන්ට ද තම කාන්තාවන්ට ද තම දකුණත හිමි කරගත් අයට(වහලුන්ට) ද පිරිමින් අතුරින් කාමාශාවෙන් තොර වූ උපස්ථායකයින්ට ද කාන්තාවන්ගේ රහසඟ පිළිබඳව පැහැදීමක් නොමැති පිරිමි දරුවන්ට ද මිස (වෙනත් කිසිවෙකුට) තම අලංකාරය හෙළි නොදක්වන මෙන් ද ඔවුන් සඟවා ඇති ඔවුන්ගේ අලංකාර දෑ (අන් අය විසින්) දැනගනු ලබන ආකාරයට තම පාද නොගසන මෙන් ද පවසවු. තවද අහෝ විශ්වාසිකයිනි, නුඹලා ජයග්රහණය ලබනු පිණිස නුඹලා සියල්ලෝම අල්ලාහ් වෙත පශ්චාත්තාප වී යොමු වවු.
7ස්ත්රීන් සාමාන්යයෙන් ආභරණ වලින් අලංකාර කර ගන්නා අවයවයන් ආවරණය කළ යුතු යැයි ඉස්ලාමයේ ආගමානුගත වී ඇත. එනමුත් අවස්ථාවන් දෙකක දී මෙම තහනම ඉවත් වේ. පළමු වැන්න ඔවුන් දෛනික කාර්යයන්හි නියැළි සිටිය දී ඉච්ඡාවක් නොඉපදවන අයුරින් හෙළි වන අවයවයන්ය. ‘එයින් එළිපිට පෙනෙන දෑ හැර’ යන අල් කුර්ආන් පාඨයෙන් අදහස් කරන්නේ මෙයයි. මෙම අවයවයන් අත්ලයන් හා මුහුණ බව නබිවදන් හි සඳහන්ව ඇත. කෙසේ වෙතත් සාමාන්යය අවස්ථාවන්හි තම හිස් ආවරණය පහළට හෙළීමෙන් අන්යය පිරිමින්ගෙන් මුහුණ ආවරණය කර ගත යුතු යැයි ඉස්ලාමය අවධාරණය කරයි. මේ බව අල් කුර්ආන් 33 : 59 වන ආයතයෙහි සඳහන් වී ඇත. කෙසේ නමුත් සාක්ෂියකට ඉදිරිපත් වීම, ආරක්ෂක හේතූන්, වෛද්ය පරික්ෂණ වැනි මුහුණ නොපෙන්වා සිටීමට කිසිදු විකල්පයක් නොමැති ඕනෑම අවස්ථාවකදී මුහුණ පෙන්වීම වරදක් නැත.
8මෙහි තම කාන්තාවන් යනු මුස්ලිම් කාන්තාවන් ය.
وَأَنكِحُوا الْأَيَامَىٰ مِنكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ ۚ إِن يَكُونُوا فُقَرَاءَ يُغْنِهِمُ اللَّهُ مِن فَضْلِهِ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
නුඹලා අතුරින් වූ අවිවාහකයින්ව ද නුඹලාගේ වහලුන් හා නුඹලාගේ වහලියන් අතුරින් සැදැහැමියන්ව ද නුඹලා විවාහ කර දෙවු. ඔවුන් දුගියන් වන්නේ නම් අල්ලාහ් ඔහුගේ භාග්යයෙන් ඔවුන්ව පොහොසත් කරනු ඇත. තවද අල්ලාහ් සර්ව ව්යාපකය සර්වඥය.
وَلْيَسْتَعْفِفِ الَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّىٰ يُغْنِيَهُمُ اللَّهُ مِن فَضْلِهِ ۗ وَالَّذِينَ يَبْتَغُونَ الْكِتَابَ مِمَّا مَلَكَتْ أَيْمَانُكُمْ فَكَاتِبُوهُمْ إِنْ عَلِمْتُمْ فِيهِمْ خَيْرًا ۖ وَآتُوهُم مِّن مَّالِ اللَّهِ الَّذِي آتَاكُمْ ۚ وَلَا تُكْرِهُوا فَتَيَاتِكُمْ عَلَى الْبِغَاءِ إِنْ أَرَدْنَ تَحَصُّنًا لِّتَبْتَغُوا عَرَضَ الْحَيَاةِ الدُّنْيَا ۚ وَمَن يُكْرِههُّنَّ فَإِنَّ اللَّهَ مِن بَعْدِ إِكْرَاهِهِنَّ غَفُورٌ رَّحِيمٌ
තවද විවාහ වීමට හැකියාව නොලබන්නන් අල්ලාහ් තම භාග්යයෙන් ඔවුන්ව පොහොසත් කරන තෙක් පතිවත රැකිය යුතුය. තවද නුඹලාගේ දකුණත හිමි කර ගත් (වහල්) අය අතුරින් (නිදහස් වීමට) ලියවිල්ලක් පතන්නන්, නුඹලා ඔවුන්ගේ විෂයෙහි යහපතක් ඇති බව දන්නෙහු නම් ඔවුනට (ඔවුන්ගේ නිදහස) ලිඛිතව ලබා දෙවු. තවද නුඹලාට ඔහු(අල්ලාහ්) කුමක් පිරිනැමුවේ ද එම අල්ලාහ්ගේ ධනයෙන් ඔවුනට නුඹලා පිරිනමවු. තවද නුඹලාගේ වහලියන් (තමන්ගේ) පතිවත (රැක ගැනීමට) අපේක්ෂා කරන්නේ නම් නුඹලා මෙලොව ජීවිතයේ සම්පත් සෙවීම පිණිස ඔවුන්ව දුරාචාරයට බල නොකරවු. තවද කවරෙකු ඔවුන්ව (දුරාචාරයට) බල කරන්නේ ද එවිට සැබැවින්ම අල්ලාහ් ඔවුන්(වහලියන්) බල කිරීමට ලක් වූ පසු (එම වහලියන් කෙරෙහි) අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
9වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 47:4 හි පාද සටහන් සමග බලන්න.
10මෙයින් අදහස් කරන්නේ ‘කිතාබා’ හෙවත් වහලා සහ තම වහල්හිමියා අතර ඇති වන එක්තරා ගිවිසුමකි. එනම් යම් වහලෙකු යම් කිසි මුදල් ප්රමාණයක් තම වහල්හිමියාට ගෙව්වේ නම් ඔහුව වහල්හිමියා විසින් නිදහස් කළ යුතුය යන ගිවිසුමයි. මෙවන් ගිවිසුම් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබුයේ නම් වහල්හිමියා එය පිළිගත යුතු අතර අනෙක් මුස්ලිම්වරුන්ට ද ගිවිසුමෙහි සඳහන් වී ඇති මුදල ගෙවීම් විෂයෙහි වහලාට උදව් කළ යුතු බව මෙම වැකිය උපදෙස් කර ඇත.
11වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 4:3 හි පාද සටහන් සමග බලන්න.
12යම් වහල්හිමියෙකු තම වහල් ස්ත්රීයව දුරාචාරයේ යෙදීමට බල කර ඇය එයින් ගැලවීමට තැත් කළ පසුව ද එවන් පවක් සිදු වූයේ නම් අල්ලාහ් ඇයව ක්ෂමා කරනු ඇති අතර මෙම පාපය අයත් වන්නේ ඇයව බල කළ ඇයගේ වහල්හිමියාටය.
وَلَقَدْ أَنزَلْنَا إِلَيْكُمْ آيَاتٍ مُّبَيِّنَاتٍ وَمَثَلًا مِّنَ الَّذِينَ خَلَوْا مِن قَبْلِكُمْ وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ
සැබැවින්ම අපි නුඹලා වෙත පැහැදිලි වදන් ද නුඹලාට පෙර ඉකුත් වූවන්ගෙන් උපමාවක් ද බිය භක්තිකයන්ට උපදෙසක් ද පහළ කර ඇත්තෙමු.
اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ ۖ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ ۖ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِن شَجَرَةٍ مُّبَارَكَةٍ زَيْتُونَةٍ لَّا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ ۚ نُّورٌ عَلَىٰ نُورٍ ۗ يَهْدِي اللَّهُ لِنُورِهِ مَن يَشَاءُ ۚ وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
අල්ලාහ් අහස්හි හා මිහිතලයෙහි ආලෝකයයි. ඔහු විහිදුවන ආලෝකයට උපමාව පහනක් ඇති (පහන්) කොතක් මෙනි. එම පහන (පළිඟුවක් මෙන් වූ) වීදුරුවක් තුළය. (එම) වීදුරුව ප්රභාවත් තාරුකාවක් මෙනි. අභිවෘද්ධිමත් ඔලිව් ගසින් (වූ තෙලින්) එය දැල්වෙනු ඇත.(එය) නැගෙනහිරට ද බටහිරට ද අයත් වූවක් නොවෙයි. ගින්නක් එය ස්පර්ශ නොකළ ද එහි තෙල (ආලෝකයෙන්) දීප්තිය ගෙන දෙන්නට (මෙන්) තැත් කරයි. (එනම් එය) ආලෝකයක් මත ආලෝකයක් වේ. අල්ලාහ් තමන් අභිමත කරන අයට තම ආලෝකය වෙත මග පෙන්වන්නේය. තවද අල්ලාහ් (මෙලෙස) මිනිස්සුන්ට උපමාවන් ගෙන හැර පෙන්වන්නේය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥය.
13මෙම ආයතයෙහි සඳහන් ‘අල්ලාහ් අහස්හි හා මිහිතලයෙහි ආලෝකයයි’ යනු හිරු හා සඳු මාර්ගයෙන් අහසට හා මිහිතලයට ආලෝකය විහිදුවන්නේ අල්ලාහ් යන්නයි.
14මෙයින් අදහස් කෙරෙන්නේ නැගෙනහිර හා බටහිර දිශා දෙකෙන්ම හිරු රශ්මිය ලබන ඔලිව් ගස් පිළිබඳවය. එක් දිශාවකින් පමණක් හිරු රශ්මිය ලබන ඔලිව් ගසෙහි තෙලට වඩා දිශා දෙකෙන්ම හිරු රශ්මිය ලබන ඔලිව් ගසෙහි තෙල ඉතා පිරිසිදුය.
15මෙම ආයතයෙහි ‘තම ආලෝකය’ යනු ඉස්ලාම් දහමයි.
فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ
(අල්ලාහ්ගේ) නිවෙස්හි (නැමදුම් මගින්) එය උසස් කරවනු ලැබීමත් එහි තම නාමය මෙනෙහි කරනු ලැබීමත් අල්ලාහ් අනුමත කර ඇත. වෙළඳාම හෝ ව්යාපාරය අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ද සලාතය ස්ථාපිත කිරීමෙන් ද zසකාතය ගෙවීමෙන් ද ඔවුන්ව වෙනතකට යොමු නොකරන්නා වූ පිරිමින් ඔහුව උදෑසන හා සවස එහි පිවිතුරු කරති. ඔවුන් දිනයකට බිය වෙති. එ(ම දිනයෙ)හි හදවත් හා බැල්ම (බියෙන් නොයෙක් ආකාරයට) පෙරළෙන්නේය.
رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ ۙ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ
(අල්ලාහ්ගේ) නිවෙස්හි (නැමදුම් මගින්) එය උසස් කරවනු ලැබීමත් එහි තම නාමය මෙනෙහි කරනු ලැබීමත් අල්ලාහ් අනුමත කර ඇත. වෙළඳාම හෝ ව්යාපාරය අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ද සලාතය ස්ථාපිත කිරීමෙන් ද zසකාතය ගෙවීමෙන් ද ඔවුන්ව වෙනතකට යොමු නොකරන්නා වූ පිරිමින් ඔහුව උදෑසන හා සවස එහි පිවිතුරු කරති. ඔවුන් දිනයකට බිය වෙති. එ(ම දිනයෙ)හි හදවත් හා බැල්ම (බියෙන් නොයෙක් ආකාරයට) පෙරළෙන්නේය.
لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا عَمِلُوا وَيَزِيدَهُم مِّن فَضْلِهِ ۗ وَاللَّهُ يَرْزُقُ مَن يَشَاءُ بِغَيْرِ حِسَابٍ
ඔවුන් කළ දෑට ඉතා යහපත් දෑ අල්ලාහ් ඔවුනට පිරිනමනු පිණිස ද ඔහුගේ භාග්යයෙන් ඔවුනට අධික කරනු පිණිස ද (ඔවුන් අල්ලාහ්ව පිවිතුරු කරන්නෝ)ය. තවද අල්ලාහ් අභිමත කරන්නන්ට කිසිදු ගණනයකින් තොරව සම්පත් සපයන්නේය.
وَالَّذِينَ كَفَرُوا أَعْمَالُهُمْ كَسَرَابٍ بِقِيعَةٍ يَحْسَبُهُ الظَّمْآنُ مَاءً حَتَّىٰ إِذَا جَاءَهُ لَمْ يَجِدْهُ شَيْئًا وَوَجَدَ اللَّهَ عِندَهُ فَوَفَّاهُ حِسَابَهُ ۗ وَاللَّهُ سَرِيعُ الْحِسَابِ
ප්රතික්ෂේප කළවුන් (වන) ඔවුන්ගේ ක්රියාවන් තැනිතලාවක මිරිඟුවක් මෙනි. පිපාසිකයා එය ජලය යැයි සිතයි. කෙතරම් (දුරට)ද යත් ඔහු එය වෙත පැමිණි විට එය ඔහු කිසිවක් ලෙස නොලබන්නේය. තවද ඔහු එය අබියස අල්ලාහ්(ගේ ප්රතිඥා)ව දකියි. එවිට ඔහු(අල්ලාහ්) මොහුගේ ගිණුම මොහුට පරිපූර්ණ කරන්නේය. තවද අල්ලාහ් ගණනය (විනිශ්චය කිරීමෙහි) ඉක්මන් කරන්නාය.
أَوْ كَظُلُمَاتٍ فِي بَحْرٍ لُّجِّيٍّ يَغْشَاهُ مَوْجٌ مِّن فَوْقِهِ مَوْجٌ مِّن فَوْقِهِ سَحَابٌ ۚ ظُلُمَاتٌ بَعْضُهَا فَوْقَ بَعْضٍ إِذَا أَخْرَجَ يَدَهُ لَمْ يَكَدْ يَرَاهَا ۗ وَمَن لَّمْ يَجْعَلِ اللَّهُ لَهُ نُورًا فَمَا لَهُ مِن نُّورٍ
නැතහොත් (ඔවුන්ගේ කි්රයාවන්) ගැඹුරු සමූද්රයෙහි ඇති අන්ධකාරයන් මෙනි. රැල්ලක් එ(ම සමූද්ර)ය ආවරණය කරයි. එයට(එම රැල්ලට) ඉහළින් (තවත්) රැල්ලකි. එයටත් ඉහළින් වලාකුළකි. (මෙසේ) බොහෝ අන්ධකාරයන්ය. ඉන් සමහරක් තවත් සමහරකට ඉහළිනි. ඔහු තම අත (එහි) හෙළි කළ විට එය දකින්නට (පවා) නොහැකි තරම් ය. තවද අල්ලාහ් කවරෙකුට ආලෝකයක් ඇති නොකළේ ද එවිට ඔහුට කිසිදු ආලෝකයක් නොමැත.
أَلَمْ تَرَ أَنَّ اللَّهَ يُسَبِّحُ لَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَالطَّيْرُ صَافَّاتٍ ۖ كُلٌّ قَدْ عَلِمَ صَلَاتَهُ وَتَسْبِيحَهُ ۗ وَاللَّهُ عَلِيمٌ بِمَا يَفْعَلُونَ
සැබැවින්ම අල්ලාහ්, ඔහුව අහස්හි හා මිහිතලයෙහි සිටින්නන් (සියල්ල) ද පක්ෂීන් පියාපත් විහිදුවමින් ද පිවිතුරු කරන බව නුඹ නොදුටුවෙහි ද? සැබැවින්ම (ඔවුන්) සියල්ලන්ම තම(න් අල්ලාහ් වෙනුවෙන් ඉටු කළ යුතු) නැමදුම ද තම(න් අල්ලාහ්ට කළ යුතු) පිවිතුරු කිරීම ද දන්නේය. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව සර්වඥය.
وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَإِلَى اللَّهِ الْمَصِيرُ
තවද අහස්හි හා මිහිතලයෙහි ආධිපත්යය අල්ලාහ් සතුය. තවද අවසානයෙහි යොමු වන ස්ථානය අල්ලාහ් වෙතය.
أَلَمْ تَرَ أَنَّ اللَّهَ يُزْجِي سَحَابًا ثُمَّ يُؤَلِّفُ بَيْنَهُ ثُمَّ يَجْعَلُهُ رُكَامًا فَتَرَى الْوَدْقَ يَخْرُجُ مِنْ خِلَالِهِ وَيُنَزِّلُ مِنَ السَّمَاءِ مِن جِبَالٍ فِيهَا مِن بَرَدٍ فَيُصِيبُ بِهِ مَن يَشَاءُ وَيَصْرِفُهُ عَن مَّن يَشَاءُ ۖ يَكَادُ سَنَا بَرْقِهِ يَذْهَبُ بِالْأَبْصَارِ
සැබැවින්ම අල්ලාහ් වලාකුළු සෙමෙන් ඇද පසුව ඒවා (එකිනෙක) අතර සම්බන්ධ කර පසුව එය (එකක් මත එකක්) රැස් කරන බව නුඹ නොදුටුවෙහි ද? පසුව ඒවා අතරින් පිට වන වර්ෂාව නුඹ දකින්නෙහිය. තවද අහසින් එනම් එහි ඇති (වලාකුළු වලින් වූ) කඳු වලින් ඔහු හිම කැට පහළ කරන්නේය. එවිට ඔහු අභිමත කරන අයට එමගින් (දුර්භාග්යයක්) ඇති කරන්නේය. තවද ඔහු අභිමත කරන අයගෙන් එ(ම හිම කැට මගින් ඇති වන දුර්භාග්ය)ය හරවා යවන්නේය. එහි අකුණු එළිය (ඔවුන්ගේ දෑසේ) බැල්ම ඉවත් කරන්නට යන්නාක් මෙනි.
يُقَلِّبُ اللَّهُ اللَّيْلَ وَالنَّهَارَ ۚ إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِّأُولِي الْأَبْصَارِ
අල්ලාහ් රාත්රිය හා දහවල (මාරුවෙන් මාරුවට) පරිවර්තනය කරන්නේය. සැබැවින්ම දෘෂ්ටිය ඇත්තන්ට එහි පාඩමක් ඇත.-
وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِّن مَّاءٍ ۖ فَمِنْهُم مَّن يَمْشِي عَلَىٰ بَطْنِهِ وَمِنْهُم مَّن يَمْشِي عَلَىٰ رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِي عَلَىٰ أَرْبَعٍ ۚ يَخْلُقُ اللَّهُ مَا يَشَاءُ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
තවද අල්ලාහ් සෑම ප්රාණියෙකුම ජලයෙන්(ධාතු වලින්) මවා ඇත. උන් අතුරින් තම උදරයෙන් ගමන් කරන්නන් වෙති. තවද උන් අතුරින් තම දෙපයින් ගමන් කරන්නන් ද වෙති. තවද උන් අතුරින් තම සිව්පයින් ගමන් කරන්නන් ද වෙති. අල්ලාහ් තමන් අභිමත කරන දෑ මවන්නේය. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
لَّقَدْ أَنزَلْنَا آيَاتٍ مُّبَيِّنَاتٍ ۚ وَاللَّهُ يَهْدِي مَن يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ
සැබැවින්ම අපි පැහැදිලි කරවන වදන් පහළ කළෙමු. තවද අල්ලාහ් තමා කවරෙකුට අභිමත කරන්නේද ඔහුට ඍජු මාර්ගය කරා මග පෙන්වයි.
وَيَقُولُونَ آمَنَّا بِاللَّهِ وَبِالرَّسُولِ وَأَطَعْنَا ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌ مِّنْهُم مِّن بَعْدِ ذَٰلِكَ ۚ وَمَا أُولَـٰئِكَ بِالْمُؤْمِنِينَ
“අපි අල්ලාහ්ව හා රසූල්වරයාව විශ්වාස කරන්නෙමු. තවද අපි අවනත වූයෙමු” යැයි ඔවුහු(ආත්ම වංචනිකයින්) පවසති. පසුව ඔවුන් අතුරින් පිරිසක් එයට පසුව ද පිටුපා යන්නෝය. තවද ඔවුහු විශ්වාසිකයින් නොවෙති.
وَإِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ إِذَا فَرِيقٌ مِّنْهُم مُّعْرِضُونَ
තවද ඔවුන් අතර විනිශ්චය කරනු පිණිස අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා වෙත ඔවුන්ව කැඳවනු ලැබූවේ නම් එසැණින් ඔවුන් අතුරින් පිරිසක් පිටුපාන්නන් වූහ.
16දිනක් ‘බිෂ්ර්’ නැමැති ආත්ම වංචනිකයා හා යුදෙව්වෙකු අතර තර්කයක් ඇති විය. මෙහි වැරදිකරු යුදෙව්වා විය. එබැවින් නබි මුහම්මද් තුමාණන් වෙත පැමිණියේ නම් සාධාරණයක් ඉටු වනු ඇතැයි යන චේතනාවෙන් මොහු නබි මුහම්මද් තුමා වෙත පැමිණිලි කිරීමට සිතීය. එනමුත් ආත්ම වංචනිකයා තමන් නබි මුහම්මද් තුමා වෙත ගියේ නම් අවාසියක් වනු ඇත. එහෙයින් තමන්ට වාසියක් අත් වනු ඇත යන චේතනාවෙන් තම ආත්ම වංචනික නායකයා වන ‘කඅබ් ඉබ්නු අෂ්රෆ්’ වෙත යාමට සිතීය.
وَإِن يَكُن لَّهُمُ الْحَقُّ يَأْتُوا إِلَيْهِ مُذْعِنِينَ
තවද සත්යය ඔවුනට (පක්ෂව) වූයේ නම් ඔහු(රසූල්වරයා) වෙත ඔවුහු අවනතවූවන්ව පැමිණෙන්නෝය.
أَفِي قُلُوبِهِم مَّرَضٌ أَمِ ارْتَابُوا أَمْ يَخَافُونَ أَن يَحِيفَ اللَّهُ عَلَيْهِمْ وَرَسُولُهُ ۚ بَلْ أُولَـٰئِكَ هُمُ الظَّالِمُونَ
ඔවුන්ගේ හදවත් තුළ ව්යාධියක් ද? නැතහොත් ඔවුන් සැකයේ පසුවන්නෝ ද? එසේත් නැතහොත් අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා ඔවුන් කෙරෙහි අයුක්තියක් ඉටු කරනු ඇතැයි ඔවුහු බිය වන්නෝ ද? එසේ නොව, අපරාධකරුවෝ ඔවුන්මය.
إِنَّمَا كَانَ قَوْلَ الْمُؤْمِنِينَ إِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ أَن يَقُولُوا سَمِعْنَا وَأَطَعْنَا ۚ وَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ
ඔවුන් අතර විනිශ්චය කරනු පිණිස අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා වෙත විශ්වාසවන්තයින්ව කැඳවනු ලැබූවේ නම් ඔවුන්ගේ ප්රකාශය වූයේම “අපි සවන් දුනිමු. තවද අපි අවනත වූයෙමු” යැයි පැවසීමය. තවද ජයග්රාහකයෝ ඔවුන්මය.
وَمَن يُطِعِ اللَّهَ وَرَسُولَهُ وَيَخْشَ اللَّهَ وَيَتَّقْهِ فَأُولَـٰئِكَ هُمُ الْفَائِزُونَ
තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට අවනත වී අල්ලාහ්ට බිය වී (අවනත වීම තුළින්) ඔහුට බිය භක්තිමත් වන්නේ ද එවිට විජයග්රාහකයෝ ඔවුන්මය.
وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِنْ أَمَرْتَهُمْ لَيَخْرُجُنَّ ۖ قُل لَّا تُقْسِمُوا ۖ طَاعَةٌ مَّعْرُوفَةٌ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
තවද (නබිවරය) නුඹ ඔවුන්ට(ආත්ම වංචනිකයින්ට අල්ලාහ්ගේ මාර්ගයේ පිටත් වන මෙන්) විධානය කළේ නම් සැබැවින්ම තමන් පිටත්ව යන බවට ඔවුන්ගේ ස්ථාවර දිවුරුම් වලින් ඔවුහු අල්ලාහ් මත දිවුරති. (නබිවරය,) නුඹ පවසවු. “නුඹලා නොදිවුරවු. (නුඹලාගේ අවනත වීම) දැන ගනු ලැබූ අවනත වීමකි. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව අභිඥානවන්තය.”
قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ ۖ فَإِن تَوَلَّوْا فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُم مَّا حُمِّلْتُمْ ۖ وَإِن تُطِيعُوهُ تَهْتَدُوا ۚ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ
(නබිවරය,) නුඹ පවසවු. “නුඹලා අල්ලාහ්ට අවනත වවු. තවද රසූල්වරයාට ද අවනත වවු. (නමුත්) නුඹලා පිටුපෑවෙහු නම් ඔහු(රසූල්වරයා) කෙරෙහි (වගකීම) වනුයේම ඔහු මත පටවන ලද දෑ (වන දහම ප්රචාරය කිරීම)ය. නුඹලා කෙරෙහි (වගකීම) වනුයේ නුඹලා මත පටවනු ලද දෑ (වන අවනත වීම)ය. තවද නුඹලා ඔහුට(රසූල්වරයාට) අවනත වන්නෙහු නම් නුඹලා යහමග ලබන්නෙහුය. රසූල්වරයා කෙරෙහි පැහැදිලි වූ ප්රචාරය කිරීම මිස (වෙනත් වගකීමක්) නැත.”
وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَىٰ لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا ۚ يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا ۚ وَمَن كَفَرَ بَعْدَ ذَٰلِكَ فَأُولَـٰئِكَ هُمُ الْفَاسِقُونَ
අල්ලාහ් නුඹලා අතුරින් විශ්වාස කර යහකම් කළවුනට ප්රතිඥා දුන්නේය. (එනම්) ‘මිහිතලයෙහි ඔවුනට පෙර වූවන්ට ඔහු නියෝජිතභාවය ලබා දුන්නාක් මෙන් සැබැවින්ම ඔවුනට ද ඔහු නියෝජිතභාවය ලබා දෙන්නේය. තවද ඔවුන් වෙනුවෙන් ඔහු(අල්ලාහ්) පිළිගත් ඔවුන්ගේ දහම ඔවුනට (පිළිපැදීමට) සැබැවින්ම ඔහු ස්ථාපිත කරන්නේය. තවද (ඔවුන්ට ඇති වූ) ඔවුන්ගේ බියෙන් පසුව සුරක්ෂිතභාවයට සැබැවින්ම ඔහු ඔවුන්ව පරිවර්තනය කරන්නේය. ඔවුන් මට කිසිවකින් ආදේශ නොකර මාවම නමදින්(නා තුරු ඔවුන් මෙම ප්රතිඥාව ලබන්)නෝය. තවද එයට පසුව කවරෙකු ප්රතික්ෂේප කළේ ද එවිට ඔවුන්මය පාපතරයින් වන්නේ.
وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا الرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ
නුඹලා කරුණාවට ලක් වනු පිණිස නුඹලා සලාතය ස්ථාපිත කරවු. තවද zසකාතය ලබා දෙවු. තවද රසූල්රවයාට අවනත වවු.
لَا تَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا مُعْجِزِينَ فِي الْأَرْضِ ۚ وَمَأْوَاهُمُ النَّارُ ۖ وَلَبِئْسَ الْمَصِيرُ
ප්රතික්ෂේප කළවුන් මිහිතලයෙහි (අල්ලාහ්ගේ දඬුවමින්) මිදෙන්නන් යැයි නුඹ නොසිතවු. තවද ඔවුන්ගේ ලැඟුම් ගන්නා ස්ථානය (නිරා) ගින්නයි. (ඔවුහු) අවසානයේ යොමු වන ස්ථානය කෙතරම් නින්දනීය ද!
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لِيَسْتَأْذِنكُمُ الَّذِينَ مَلَكَتْ أَيْمَانُكُمْ وَالَّذِينَ لَمْ يَبْلُغُوا الْحُلُمَ مِنكُمْ ثَلَاثَ مَرَّاتٍ ۚ مِّن قَبْلِ صَلَاةِ الْفَجْرِ وَحِينَ تَضَعُونَ ثِيَابَكُم مِّنَ الظَّهِيرَةِ وَمِن بَعْدِ صَلَاةِ الْعِشَاءِ ۚ ثَلَاثُ عَوْرَاتٍ لَّكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ وَلَا عَلَيْهِمْ جُنَاحٌ بَعْدَهُنَّ ۚ طَوَّافُونَ عَلَيْكُم بَعْضُكُمْ عَلَىٰ بَعْضٍ ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
විශ්වාස කළවුනි, නුඹලාගේ දකුණත හිමි කර ගත් අය(වහලුන්) හා නුඹලා අතුරින් වැඩිවියට පත් නොවූ( කුඩා දරු)වන් වාර තුනක (දී නුඹලා වෙත ඇතුළු වීම සම්බන්ධයෙන්) නුඹලාගෙන් අවසර පැතිය යුතු වේ. (එම වේලාවන් නම්) ෆජ්ර් සලාතයට පෙර ද දහවල් කාලයේ නුඹලාගේ වස්ත්ර ගලවා තබන මෙහොතේ ද ඉෂා සලාතයෙන් පසු ද වේ.(මේ අවස්ථා) නුඹලාට පෞද්ගලික වූ (වේලාවන්) තුනකි. මේවායින් පසුව (ඇති වේලාවන්හි) නුඹලා කෙරෙහි ද ඔවුන් කෙරෙහි ද වරදක් නැත. (ඔවුන්) නුඹලා වටා නිතර පැමිණෙන්නන්ය. (මන්දයත්) නුඹලාගෙන් සමහරෙකු තවත් සමහරෙකු වෙත( නිතර හමුවන්නන්)ය. අල්ලාහ් නුඹලාට වදන් පැහැදිලි කරනුයේ මෙලෙසය. තවද අල්ලාහ් සර්වඥය සර්ව ප්රඥාවන්තය.
17යමෙකු අන් නිවසකට අනුමැතියෙන් තොරව ඇතුළු විය නොයුතු බව මෙම සූරාවෙහි 27 වන ආයතයෙහි සඳහන් වී ඇත. එහෙත් මෙම ආයතයෙන් පැහැදිලි කරනුයේ නිවසේ සිටින කුඩා දරුවන් හා වහලුන් පවා මෙහි සඳහන් වී ඇති අවස්ථාවන් හි අනුමැතියෙන් තොරව කාමරයට ඇතුළු නොවිය යුතු බවය.
وَإِذَا بَلَغَ الْأَطْفَالُ مِنكُمُ الْحُلُمَ فَلْيَسْتَأْذِنُوا كَمَا اسْتَأْذَنَ الَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
තවද නුඹලා අතුරින් දරුවන් වැඩිවියට පත් වූ විට ඔවුනට පෙර වූවන්(වැඩිහිටියන්) අවසර පැතුවාක් මෙන් ඔවුන් ද (සෑම වේලාවකම) අවසර පැතිය යුතුයි. අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ මෙලෙසය. තවද අල්ලාහ් සර්වඥය සර්ව ප්රඥාවන්තය.
وَالْقَوَاعِدُ مِنَ النِّسَاءِ اللَّاتِي لَا يَرْجُونَ نِكَاحًا فَلَيْسَ عَلَيْهِنَّ جُنَاحٌ أَن يَضَعْنَ ثِيَابَهُنَّ غَيْرَ مُتَبَرِّجَاتٍ بِزِينَةٍ ۖ وَأَن يَسْتَعْفِفْنَ خَيْرٌ لَّهُنَّ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
තවද විවාහයක් අපේක්ෂා නොකරන කාන්තාවන් අතුරින් වූ මැහැල්ලියන් අලංකාරය ඉස්මතු නොකරන ලෙස තම (බාහිර) ඇඳුම ගලවා තැබීම ඔවුන් කෙරෙහි වරදක් නැත. (නමුත්) ඔවුන් විළිබිය රැකීම ඔවුනට යහපතකි. තවද අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥය.
لَّيْسَ عَلَى الْأَعْمَىٰ حَرَجٌ وَلَا عَلَى الْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى الْمَرِيضِ حَرَجٌ وَلَا عَلَىٰ أَنفُسِكُمْ أَن تَأْكُلُوا مِن بُيُوتِكُمْ أَوْ بُيُوتِ آبَائِكُمْ أَوْ بُيُوتِ أُمَّهَاتِكُمْ أَوْ بُيُوتِ إِخْوَانِكُمْ أَوْ بُيُوتِ أَخَوَاتِكُمْ أَوْ بُيُوتِ أَعْمَامِكُمْ أَوْ بُيُوتِ عَمَّاتِكُمْ أَوْ بُيُوتِ أَخْوَالِكُمْ أَوْ بُيُوتِ خَالَاتِكُمْ أَوْ مَا مَلَكْتُم مَّفَاتِحَهُ أَوْ صَدِيقِكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَأْكُلُوا جَمِيعًا أَوْ أَشْتَاتًا ۚ فَإِذَا دَخَلْتُم بُيُوتًا فَسَلِّمُوا عَلَىٰ أَنفُسِكُمْ تَحِيَّةً مِّنْ عِندِ اللَّهِ مُبَارَكَةً طَيِّبَةً ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ
නුඹලාගේ නිවෙස් වලින් ද නුඹලාගේ පියවරුන්ගේ නිවෙස් වලින් ද නුඹලාගේ මව්වරුන්ගේ නිවෙස් වලින් ද නුඹලාගේ සහෝදරයින්ගේ නිවෙස්වලින් ද නුඹලාගේ සහෝදරියන්ගේ නිවෙස්වලින් ද නුඹලාගේ පිය පාර්ශවයේ සහෝදරයන්ගේ නිවෙස් වලින් ද නුඹලාගේ පිය පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස් වලින් ද නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරයන්ගේ නිවෙස් වලින් ද නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස් වලින් ද කවරෙකුගේ යතුරු නුඹලා සතු කර ගත්තේ ද ඒවා(එම නිවෙස්) වලින් ද නුඹලාගේ මිත්රයින්ගෙ( නිවෙස් වලි)න් ද නුඹලා අනුභව කිරීම නුඹලා කෙරෙහි වරදක් නැත.අන්ධයින් කෙරෙහි ද වරදක් නැත. ආබාධිතයින් කෙරෙහි ද වරදක් නැත. රෝගීන් කෙරෙහි ද වරදක් නැත. නුඹලා සියල්ල එක් වී හෝ වෙන් වෙන්ව අනුභව කිරීම ද නුඹලා කෙරෙහි වරදක් නැත. තවද නුඹලා නිවෙස් වලට ඇතුළු වූයේ නම් අල්ලාහ් අබියසින් වූ යහපත් අභිවෘද්ධිමත් පැතුමක් ලෙස නුඹලා නුඹලා අතරෙහි සලාම් පවසවු. නුඹලා අවබෝධ කර ගනු පිණිස අල්ලාහ් නුඹලාට වදන් පැහැදිලි කරනුයේ මෙලෙසය.
18ඇතැම් ආබාධිත මුස්ලිම්වරුන් නිරෝගී පුද්ගලයින් සමග ආහාර අනුභව කිරීමට පසුබට වූහ. එලෙසම ආබාධිත මුස්ලිම්වරුන් සමග ආහාර අනුභව කිරීමෙන් ඔවුන්ට අවාසියක් ඇති වනු ඇතැයි සිතා නිරෝගී පුද්ගලයින් ද ඔවුන් සමග ආහාර අනුභව කිරීමට පසුබට වූහ. මෙවන් පසුබට වීමක් අනවශ්ය බව මෙම අල් කුර්ආන් ආයතය අපට මග පෙන්වයි.
19ඇතැම් සහාබිවරුන් අල්ලාහ්ගේ මාර්ගයේ යන විට එම ගමනට සහභාගි නොවන ආබාධිත සහාබිවරුන්ට තම නිවෙස්හි යතුරු භාර දී නිවසේ ඇති ආහාර අනුභව කිරීමට ද අනුමැතිය දුන්නෝය. නමුත් මොවුන්ට අවශ්යය වූ අවස්ථාවක දී පවා පරෙස්සම් වීම පිණිස කිසිවක් අනුභව නොකරන්නෝය. මෙම වැකියෙන් අදහස් කෙරෙන්නේ නිවැසියන් අනුමැතිය දුන්නේ නම් ඉන් අනුභව කිරීම වරදක් නොවන බවය.
إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ وَإِذَا كَانُوا مَعَهُ عَلَىٰ أَمْرٍ جَامِعٍ لَّمْ يَذْهَبُوا حَتَّىٰ يَسْتَأْذِنُوهُ ۚ إِنَّ الَّذِينَ يَسْتَأْذِنُونَكَ أُولَـٰئِكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ ۚ فَإِذَا اسْتَأْذَنُوكَ لِبَعْضِ شَأْنِهِمْ فَأْذَن لِّمَن شِئْتَ مِنْهُمْ وَاسْتَغْفِرْ لَهُمُ اللَّهَ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
සැබැවින්ම අල්ලාහ්ව හා ඔහුගේ රසූල්වරයාව විශ්වාස කළවුන්මය (සැබෑ) විශ්වාසවන්තයින් වන්නෝ. තවද ඔවුන් පොදු කරුණක් මත ඔහු(රසූල්වරයා) සමග සිටියේ නම් ඔහුගෙන් ඔවුන් අවසර පතන තෙක් ඔවුහු (එයින්) නොයන්නෝමය. සැබැවින්ම කවුරුන් නුඹගෙන් අවසර පතන්නේද ඔවුන්මය අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාව විශ්වාස කරන්නන් වන්නේ.එබැවින් ඔවුන්ගේ ඇතැම් කටයුතු සඳහා ඔවුන් නුඹගෙන් අවසර පැතුවේ නම් ඔවුන් අතුරින් නුඹ අභිමත කළ අයට අවසර දෙවු. තවද නුඹ ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව ඇයැදිවු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
20‘හන්දක්’ සටනින් මදීනා නගරය ආරක්ෂා කිරීම සඳහා සහාබිවරුන් සියල්ලෝම අගල් කැපීමෙහි නියැළී සිටියෝය. මෙම අවස්ථාවේ දී අපහසු තත්ත්වය දුටු ආත්ම වංචනිකයින් නබි මුහම්මද් තුමාණන්ගේ කිසිදු අනුමැතියකින් තොරව එම ස්ථානයෙන් බියෙන් පිට වී ගියෝය. නමුත් සැබෑ මුස්ලිම්වරුන් වැළකිය නොහැකි අවශ්යතාවක් සඳහා වුව ද නබි මුහම්මද් තුමාණන්ගේ අනුමැතියෙන් පමණක් පිටත් වී ගියෝය. මෙය සැබෑ මුස්ලිම්වරුන් හා ආත්ම වංචනිකයින්ගේ වෙනස කුමක් ද යන්න පැහැදිලි වන කරුණකි.
لَّا تَجْعَلُوا دُعَاءَ الرَّسُولِ بَيْنَكُمْ كَدُعَاءِ بَعْضِكُم بَعْضًا ۚ قَدْ يَعْلَمُ اللَّهُ الَّذِينَ يَتَسَلَّلُونَ مِنكُمْ لِوَاذًا ۚ فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَن تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ
නුඹලාගෙන් සමහරෙක් තවත් සමහරෙකු අමතන්නා මෙන් නුඹලා අතර රසූල්වරයාව ඇමතීම නොකරවු. නුඹලා අතුරින් (අන් අයට) සැඟ වී ලිස්සී (රසූල්වරයාව මග හැර) යන්නන් ගැන අල්ලාහ් මැනවින් දන්නේය. එබැවින් කවුරුන් ඔහුගේ(රසූල්වරයාගේ) නියෝගයට විරුද්ධව කටයුතු කරන්නේද ඔවුනට පිරික්සුමක් ඇති වීම පිළිබඳව හෝ ඔවුනට වේදනීය දඬුවමක් ඇති වීම පිළිබඳව ප්රවේශම් වෙත්වා!
21නබි මුහම්මද් තුමාණන්ව ආමන්ත්රණය කිරීමේ ආචාරය මෙම ආයතයෙන් පැහැදිලි කර ඇත. එනම් අන් අයව ඔවුන්ගේ නමින් ආමන්ත්රණය කරන මෙන් නබි මුහම්මද් තුමාණන්ව ද ඔහුගේ නමින් ආමන්ත්රණය නොකර ඔහුගේ ගෞරවනීය නාමය වන අල්ලාහ්ගේ රසූල්වරයා යැයි ආමන්ත්රණය කරන මෙන්ය.
أَلَا إِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قَدْ يَعْلَمُ مَا أَنتُمْ عَلَيْهِ وَيَوْمَ يُرْجَعُونَ إِلَيْهِ فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
දැන ගනිවු. සැබැවින්ම අහස්හි හා මිහිතලයෙහි ඇති (සියලු) දෑ අල්ලාහ් සතුය. නුඹලා (විශ්වාසයේ හෝ ආත්ම වංචනිකභාවයේ) කවර දෙයක් මත සිටින්නෙහු ද එය අල්ලාහ් මැනවින් දන්නේය. ඔහු වෙතට ඔවුන් යොමු කරවනු ලබන (විනිශ්චය) දින ඔවුන් කළ දෑ පිළිබඳව ඔහු ඔවුනට දැනුම් දෙන්නේය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥය.