පාරා 18

කද් අෆ්ලහ

196 පද්‍ය
📖පාරා

පාරා 18

කද් අෆ්ලහ196 පද්‍ය

الحجමදීනී
1

يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ ۚ إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيمٌ

ජනයිනි, නුඹලාගේ පරමාධිපතිට බිය භක්තිමත් වවු. සැබැවින්ම (ලොව අවසන්) හෝරාවේ කම්පනය මහත් වූ දෙයකි.
2

يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَىٰ وَمَا هُم بِسُكَارَىٰ وَلَـٰكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ

නුඹ එය දකින දින සෑම කිරි දෙන ස්ති්රයක්ම තමන් කිරි පෙවූ අය(දරුවන්) ගැන අමතක කරනු ඇත. තවද ගැබ් ගත් සෑම ස්ති්රයක්ම ඇයගේ ගැබ ප්රසූත කරනු ඇත. තවද නුඹ ජනයින්ව, ඔවුන් මත් බවින් නොවූවන්ව සිටිය දී මත් වූවන් ලෙස දකිනු ඇත. එනමුත් අල්ලාහ්ගේ දඬුවම (ඉතා) දැඩිය.
3

وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّبِعُ كُلَّ شَيْطَانٍ مَّرِيدٍ

ජනයා අතුරින් කිසිදු දැනුමකින් තොරව අල්ලාහ්ගේ විෂයෙහි තර්ක කරන අය ද සෑම කැරලිකාර ෂෙයිතාන්වරයෙකුවම අනුගමනය කරන අය ද වෙති.
4

كُتِبَ عَلَيْهِ أَنَّهُ مَن تَوَلَّاهُ فَأَنَّهُ يُضِلُّهُ وَيَهْدِيهِ إِلَىٰ عَذَابِ السَّعِيرِ

කවරෙකු ඔහුව(ෂෙයිතාන්ව මිතුරෙකු ලෙස ගෙන) අනුගමනය කරන්නේද ඔහු(ෂෙයිතාන්) මොහුව නොමග යවනු ඇතැ’යි ද ඇවිලෙන ගින්නේ වේදනාව වෙත මොහුට මග පෙන්වනු ඇතැ’යි ද ඔහු(ෂෙයිතාන්) කෙරෙහි නියම කරන ලදී.
5

يَا أَيُّهَا النَّاسُ إِن كُنتُمْ فِي رَيْبٍ مِّنَ الْبَعْثِ فَإِنَّا خَلَقْنَاكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِن مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِّنُبَيِّنَ لَكُمْ ۚ وَنُقِرُّ فِي الْأَرْحَامِ مَا نَشَاءُ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ ۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰ أَرْذَلِ الْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِن بَعْدِ عِلْمٍ شَيْئًا ۚ وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ وَأَنبَتَتْ مِن كُلِّ زَوْجٍ بَهِيجٍ

ජනයිනි, නුඹලා (විනිශ්චය දිනයෙහි නැවත) නැගිටවනු ලැබීම පිළිබඳව සැකයෙහි සිටියෙහු නම් එවිට (නුඹලා සිතා බලවු.) සැබැවින්ම අපි (අපගේ ශක්තිය) නුඹලාට පැහැදිලි කිරීමක් ලෙස අපි නුඹලාව පසින් ද පසුව ශුක්ර ධාතුවකින් ද පසුව (ඇලෙන සුලු) ලේ කැටියකින් ද පසුව ස්වරූපයක් දෙනු ලැබූ හෝ ස්වරූපයක් දෙනු නොලැබූ මස් කැබැල්ලකින් ද මැව්වෙමු. (ඒවා අතුරින්) අපි අභිමත කරන අයව නියමිත කාලයක් දක්වා ගර්භාශයන්හි රඳවන්නෙමු. පසුව නුඹලාව ළදරුවෙකු ලෙස (මව් කුසින්) බැහැර කරවන්නෙමු. පසුව නුඹලාගේ මේරූ වයස නුඹලා ඉක්මවීම පිණිස (අපි නුඹලාව වර්ධනය කළෙමු). තවද නුඹලා අතුරින් (මේරූ වයසට පෙර) මරණයට පත් වන අය වෙති. තවද නුඹලා අතුරින් (යමක් පිළිබඳව) දැනු(මක් තිබී)මෙන් පසු කිසිවක් නොදන්නා පරිදි වීම පිණිස දුක්ඛිත (වූ මහලු) වයස දක්වා හරවනු ලබන අය ද වෙති. තවද නුඹ භූමිය වියළිව දකින්නෙහිය. පසුව ඒ මත ජලය අපි පහළ කළ විට එ(ම භූමි)ය සරු වී වැඩී සෑම අලංකාර වර්ගයකින්ම (බවභෝග) හට ගන්වයි.
6

ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّهُ يُحْيِي الْمَوْتَىٰ وَأَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

එය (මක්නිසාද යත්) අල්ලාහ්, ඔහුමය සත්යය වන හේතුවෙන් ද තවද ඔහු මළවුන්ට ජීවය දෙන හේතුවෙන් ද තවද සැබැවින්ම ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්න හේතුවෙන් ද වේ.
7

وَأَنَّ السَّاعَةَ آتِيَةٌ لَّا رَيْبَ فِيهَا وَأَنَّ اللَّهَ يَبْعَثُ مَن فِي الْقُبُورِ

තවද සැබැවින්ම (ලොව අවසන්) හෝරාව පැමිණෙන්නකි. එහි කිසිදු සැකයක් නැත. තවද සැබැවින්ම අල්ලාහ් (එදින) මිනීවළවල්හි සිටින අයව නැගිටුවන්නේය.
8

وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُّنِيرٍ

අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයින්ව) නොමග යැවීම පිණිස (උඩඟුකමින්) තම ගෙල හරවා ගනිමින් (කිසිදු) දැනුමකින් හෝ මග පෙන්වීමකින් හෝ ආලෝකය දෙන්නා වූ ලේඛනයකින් හෝ තොරව අල්ලාහ්ගේ විෂයෙහි තර්ක කරන අය ද ජනයින් අතුරින් වෙති. මෙලොවෙහි ඔහුට නින්දාවකි. තවද අපි ඔහුව (මළවුන්) නැගිටුවනු ලබන දින ඇවිලෙන ගින්නේ දඬුවම රස විඳීමට සලස්වන්නෙමු.
9

ثَانِيَ عِطْفِهِ لِيُضِلَّ عَن سَبِيلِ اللَّهِ ۖ لَهُ فِي الدُّنْيَا خِزْيٌ ۖ وَنُذِيقُهُ يَوْمَ الْقِيَامَةِ عَذَابَ الْحَرِيقِ

අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයින්ව) නොමග යැවීම පිණිස (උඩඟුකමින්) තම ගෙල හරවා ගනිමින් (කිසිදු) දැනුමකින් හෝ මග පෙන්වීමකින් හෝ ආලෝකය දෙන්නා වූ ලේඛනයකින් හෝ තොරව අල්ලාහ්ගේ විෂයෙහි තර්ක කරන අය ද ජනයින් අතුරින් වෙති. මෙලොවෙහි ඔහුට නින්දාවකි. තවද අපි ඔහුව (මළවුන්) නැගිටුවනු ලබන දින ඇවිලෙන ගින්නේ දඬුවම රස විඳීමට සලස්වන්නෙමු.
10

ذَٰلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيدِ

“මෙය නුඹගේ දෑත් පෙරටු කළ දෑ හේතුවෙන් ද අල්ලාහ් (තම) ගැත්තන්ට අපරාධ කරන්නෙකු නොවන හේතුවෙන් ද වේ.” (යැයි ඔහුට පවසනු ලැබේ.)
11

وَمِنَ النَّاسِ مَن يَعْبُدُ اللَّهَ عَلَىٰ حَرْفٍ ۖ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ ۖ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انقَلَبَ عَلَىٰ وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ۚ ذَٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ

(තම දහමේ එක්) මායිමක් මත (සිට) අල්ලාහ්ව (සැකයෙන් යුතුව) නමදින අය ද ජනයින් අතුරින් වෙති. එබැවින් ඔහුට යම් යහපතක් ඇති වූ විට එමගින් ඔහු සැනසුමට පත් වන්නේය. තවද ඔහුට යම් පිරික්සුමක් ඇති වූ විට ඔහු (ප්රතික්ෂේපය වන) තම (සත්යය) මුහුණ මත හැරෙන්නේය. 1 මෙලොවෙහි ද මතු ලොවෙහි ද ඔහු අලාභ වින්දේය. එයමය පැහැදිලි අලාභය වන්නේ.
1ඇතැම් උදවිය ඉස්ලාමය පිළිබඳව පරිපූර්ණ අවබෝධයකින් තොරව ඉස්ලාමය වැලඳ ගත්තෝය. එහෙත් ඔවුනට ඉස්ලාමයෙන් පසුව යම් ආර්ථික දියුණුවක් අත් වූයේ නම් ඔවුහු සතුටු වන්නෝය. එසේම ඔවුනට ආර්ථිකයේ යම් නොදියුණු තත්ත්වයක් අත් වූයේ නම් ඔවුහු අසතුටට පත් වී ඉස්ලාමයට දොස් පවරන්නට වූහ.
12

يَدْعُو مِن دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُ وَمَا لَا يَنفَعُهُ ۚ ذَٰلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ

අල්ලාහ් හැර තමන්ට කිසිදු හානියක් නොකරන තමන්ට කිසිදු ප්රයෝජනයක් නොදෙන දෑ ඔහු කැඳවන්නේය. එයමය අන්ත මුළාව වන්නේ.
13

يَدْعُو لَمَن ضَرُّهُ أَقْرَبُ مِن نَّفْعِهِ ۚ لَبِئْسَ الْمَوْلَىٰ وَلَبِئْسَ الْعَشِيرُ

තම ප්රයෝජනයට වඩා තම හානිය ඉතා සමීපයෙන් ඇති අයව ඔහු කැඳවන්නේය. (ඔහුගේ) ආරක්ෂකයා කෙතරම් නින්දනීය ද? තවද සහයකයා කෙතරම් නින්දනීය ද?
14

إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۚ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ

සැබැවින්ම අල්ලාහ් විශ්වාස කර යහකම් කළවුන්ව (ස්වර්ග) උයන් වලට ඇතුළු කරන්නේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. සැබැවින්ම අල්ලාහ් තමා අපේක්ෂා කරන දෑ කරන්නේය.
15

مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى السَّمَاءِ ثُمَّ لْيَقْطَعْ فَلْيَنظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُ مَا يَغِيظُ

මෙලොවෙහි හා මතු ලොවෙහි අල්ලාහ් ඔහුට(රසූල්වරයාට) උදව් නොකරන්නේම යැයි කවරෙකු (කෝපයෙන් යුතුව) සිතමින් සිටින්නේ ද ඔහු කඹයක් අහසට දිගු කර පසුව (එයින් ඉහළට නැග අල්ලාහ්ගෙන් රසූල්වරයාට පැමිණෙන උදව්ව) කපා දමත්වා. ඔහුගේ කුමන්ත්රණය කුමක් (ඔහුට) කෝපය ඇති කරන්නේ ද එය ඉවත් කරනු ඇත් දැ’යි ඔහු බලත්වා. 2
2ඇතැම් උදවිය නබි මුහම්මද් තුමාණන්ට වහී දේව පණිවිඩය නැවතිය යුතු යැයි සිතා නොයෙකුත් උත්සහයන් දරුවෝය. ඔවුන්ගේ මෙම කුමන්ත්රණය ඉටු වීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ අල්ලාහ්ගේ උදව්වෙන් මොහු දුරස්ථ වනු ඇත යන්නය. මොහු අල්ලාහ් සමග ඍජූ සබඳතාවක් ඇති දූතයෙකු හෙයින් අල්ලාහ්ගේ උදව්ව ලබමින්ම සිටියි යැයි මෙම ආයතයෙන් පෙන්වා දෙයි. එසේ අල්ලාහ් සමග ඇති සබඳතාව බිඳ දැමීමට උත්සාහ දරන්නේ නම් ඔවුන් කළ යුතු එකම විකල්පය වනුයේ ඉහත ආයතයෙහි සඳහන් පරිදි උත්සාහ දැරීම යැයි අල්ලාහ් ඔවුනට සමච්චලයෙන් පවසයි.
16

وَكَذَٰلِكَ أَنزَلْنَاهُ آيَاتٍ بَيِّنَاتٍ وَأَنَّ اللَّهَ يَهْدِي مَن يُرِيدُ

මෙලෙස පැහැදිලි වදන් ලෙස අපි මෙ(ම අල් කුර්ආන)ය පහළ කළෙමු. තවද සැබැවින්ම අල්ලාහ් අපේක්ෂා කරන්නන්ව යහමගට යොමු කරන්නේය.
17

إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئِينَ وَالنَّصَارَىٰ وَالْمَجُوسَ وَالَّذِينَ أَشْرَكُوا إِنَّ اللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

සැබැවින්ම විශ්වාස කළවුන් ද යුදෙව්වූවන් ද සාබිඊන්වරුන් ද 3 කිතුනුවන් ද මජූස්වරුන් ද 4 (අල්ලාහ්ට තවත් දෙයක්) ආදේශ කළවුන් ද වන ඔවුන් අතර (මළවුන්) නැගිටුවනු ලබන දින අල්ලාහ් විනිශ්චය කරන්නේය. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නාය.
3අල් කුර්ආන් 2 : 62 ආයතයේ 25 වැනි පාද සටහන බලන්න.
4‘මජූස්වරුන්’ යනු අග්නි වන්දනා කරුවන්ය.
18

أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَسْجُدُ لَهُ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ وَالشَّمْسُ وَالْقَمَرُ وَالنُّجُومُ وَالْجِبَالُ وَالشَّجَرُ وَالدَّوَابُّ وَكَثِيرٌ مِّنَ النَّاسِ ۖ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ الْعَذَابُ ۗ وَمَن يُهِنِ اللَّهُ فَمَا لَهُ مِن مُّكْرِمٍ ۚ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يَشَاءُ ۩

අල්ලාහ්, ඔහුට අහස්හි සිටින අය ද මිහිතලයෙහි සිටින අය ද හිරු ද සඳු ද තරු ද කඳු ද ගස් ද ජීවීන් ද මිනිසුන් අතුරින් බොහෝ දෙනෙකු ද සුජූද් කරන බව නුඹ නොදුටුවෙහි ද? තවත් (ප්රතික්ෂේපකයින්) බොහෝ දෙනෙකු, ඔවුන් කෙරෙහි දඬුවම නියම විය. තවද අල්ලාහ් කවරෙකුව අවමන් කළේ ද ඔහුට ගෞරවය ලබා දෙන්නෙකු නැත. සැබැවින්ම අල්ලාහ් අභිමත කරන දෑ කරන්නේය. 5
5මෙය සුජූද් කළ යුතු ආයතයකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:206 හි පාද සටහන බලන්න.
19

هَـٰذَانِ خَصْمَانِ اخْتَصَمُوا فِي رَبِّهِمْ ۖ فَالَّذِينَ كَفَرُوا قُطِّعَتْ لَهُمْ ثِيَابٌ مِّن نَّارٍ يُصَبُّ مِن فَوْقِ رُءُوسِهِمُ الْحَمِيمُ

(විශ්වාසිකයින් හා ප්රතික්ෂේපකයින් වන) මොවුන් දෙදෙනා තම පරමාධිපතිගේ විෂයෙහි තර්ක කළ තාර්කිකයන් දෙදෙනෙකි. එබැවින් ප්රතික්ෂේප කළවුන්, (නිරයෙහි) ඔවුනට ගින්නෙන් වූ වස්ත්රයක් කපා වෙන් කර තබනු ලැබීය. ඔවුන්ගේ හිසට උඩින් (උතුරන) උණු ජලය වක් කරනු ලැබේ.
20

يُصْهَرُ بِهِ مَا فِي بُطُونِهِمْ وَالْجُلُودُ

එමගින් ඔවුන්ගේ කුස තුළ ඇති දෑ ද (ඔවුන්ගේ) හම් ද (උණු වී) දිය වනු ඇත.
21

وَلَهُم مَّقَامِعُ مِنْ حَدِيدٍ

තවද යකඩින් වූ යෂ්ටි (පහර) ඔවුන් වෙනුවෙන් ඇත.
22

كُلَّمَا أَرَادُوا أَن يَخْرُجُوا مِنْهَا مِنْ غَمٍّ أُعِيدُوا فِيهَا وَذُوقُوا عَذَابَ الْحَرِيقِ

දුකින් එයින්(නිරයෙන්) ඔවුන් බැහැරවන්නට සිතූ සෑම මොහොතකම ඔවුන්ව එහි නැවත යොමු කරනු ලැබ “තවද නුඹලා ඇවිලෙන ගින්නේ දඬුවම රස විඳිවු.” (යැයි පවසනු ලැබේ.)
23

إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَلُؤْلُؤًا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ

සැබැවින්ම අල්ලාහ් විශ්වාස කර යහකම් කළවුන්ව (ස්වර්ග) උයන් වලට ඇතුළු කරන්නේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. රනින් වූ වළලු වලින් ද මුතු ද ඔවුනට එහි පලඳවනු ලැබේ. තවද එහි ඔවුන්ගේ වස්ත්රය සේද(වලින් යුක්ත)ය.
24

وَهُدُوا إِلَى الطَّيِّبِ مِنَ الْقَوْلِ وَهُدُوا إِلَىٰ صِرَاطِ الْحَمِيدِ

තවද ඔවුහු (දේව විශ්වාසයට අයත්) වදන වන යහ දෑ වෙත මග පෙන්වනු ලැබූහ. තවද ඔවුහු සර්ව ප්රශංසාලාභී( අල්ලාහ්)ගේ මාර්ගය වෙත මග පෙන්වනු ලැබූහ.
25

إِنَّ الَّذِينَ كَفَرُوا وَيَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ وَالْمَسْجِدِ الْحَرَامِ الَّذِي جَعَلْنَاهُ لِلنَّاسِ سَوَاءً الْعَاكِفُ فِيهِ وَالْبَادِ ۚ وَمَن يُرِدْ فِيهِ بِإِلْحَادٍ بِظُلْمٍ نُّذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍ

සැබැවින්ම ප්රතික්ෂේප කර අල්ලාහ්ගේ මාර්ගයෙන් ද මිනිසුන් වෙනුවෙන් අපි එ(ම මස්ජිදුල් හරාම)ය පත් කර එහි නේවාසිකව හා ආගන්තුකව සිටින අයට 6 එක සමානව තිබෙන්නා වූ (මක්කාවේ දේවස්ථානය වූ) මස්ජිදුල් හරාමයෙන් ද වළක්වන අයට (අපගේ දඬුවම ඇත්තේ)ය. තවද කවරෙකු එහි අපරාධයක් මගින් (අසත්යය වෙත) නැඹුරු වීමට අපේක්ෂා කරන්නේ ද ඔහුට වේදනීය දඬුවමක් රස විඳීමට සලස්වන්නෙමු.
6‘මස්ජිදුල් හරමය’ නැමැති දේවස්ථානය කිසිවෙකුගේ හෝ පෞද්ගලික ස්ථානයක් නොව. සෑම මුස්ලිම්වරයෙකුටම මෙහි එක සමාන අයිතිවාසිකමක් ඇත. එබැවින් මක්කාවේ වෙසෙන්නන්ට ද විදේශිකයින්ට ද එහි සමාන අයිතිවාසිකමක් ඇත යනුවෙන් මෙයින් අදහස් වේ.
26

وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَن لَّا تُشْرِكْ بِي شَيْئًا وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ

(නබිවරය, අපගේ) නිවසේ ස්ථානය(කඃබාව) අපි ඉබ්රාහීම්ට පවරා “මට කිසිවකින් ආදේශ නොතබවු. තවාෆ් (නම් කඃබාව වටා ප්රදක්ෂිණ) කරන්නන් සඳහා ද (සලාතය සඳහා) සිටගෙන සිටින්නන් සඳහා ද රුකූඃ කරන්නන් සඳහා ද සුජූද් කරන්නන් සඳහා ද මාගේ නිවස නුඹ පවිත්ර කරවු” (යැයි පවසූ) අවස්ථාව (නුඹ සිහිපත් කරවු.)
27

وَأَذِّن فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَىٰ كُلِّ ضَامِرٍ يَأْتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٍ

තවද (අල්ලාහ් ඉබ්රාහීම්ට මෙසේ පැවසුවේය) “නුඹ ජනයා අතර හජ් පිළිබඳව නිවේදනය කරවු. ඔවුහු නුඹ වෙත ඇවිදිමින් ද සෑම දුර බැහැර මාර්ගයකින්ම පැමිණෙන්නා වූ සෑම (වර්ගයකම) කැහැටු ඔටුවන් මත ද පැමිණෙති.
28

لِّيَشْهَدُوا مَنَافِعَ لَهُمْ وَيَذْكُرُوا اسْمَ اللَّهِ فِي أَيَّامٍ مَّعْلُومَاتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّن بَهِيمَةِ الْأَنْعَامِ ۖ فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْبَائِسَ الْفَقِيرَ

(මෙලොව හා මතු ලොව) ඔවුන් සතු ප්රයෝජනයන් ඔවුන් දැක ගනු පිණිස ද පශු කුලයට අයත් සතුන්ගෙන් ඔහු(අල්ලාහ්) ඔවුනට (ආහාරය සඳහා) පිරිනැමූ දෑ වෙනුවෙන් (නියමිත වූ,) දැන ගනු ලැබූ දිනයන්හි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිස ද (ඔවුන් පැමිණෙන්නෝ)ය. එබැවින් නුඹලා එයින් අනුභව කරවු. තවද දුක් විඳින දිළින්දන්ටත් (එයින්) ආහාර ලබා දෙවු.”
29

ثُمَّ لْيَقْضُوا تَفَثَهُمْ وَلْيُوفُوا نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ

පසුව ඔවුන් තමන්ගේ අපිරිසුදු දෑ ඉවත් කර ගත යුතුය. 7 ඔවුන් තමන්ගේ භාරයන් ඉටු කළ යුතුය. තවද ඔවුන් අති පූර්ව නිවස තවාෆ් (නම් කඃබාව ප්රදක්ෂිණ) කළ යුතුය.
7‘පසුව ඔවුන් තමන්ගේ අපිරිසුදු දෑ ඉවත් කර ගත යුතුය.’ යනුවෙන් අදහස් කරන්නේ හජ් වන්දනාව අවසන් කිරීම සඳහා හිස බූ ගා ඉහ්රාම් නැමැති තත්ත්වයෙන් මිදිය යුතුය යන අරුතයි.
30

ذَٰلِكَ وَمَن يُعَظِّمْ حُرُمَاتِ اللَّهِ فَهُوَ خَيْرٌ لَّهُ عِندَ رَبِّهِ ۗ وَأُحِلَّتْ لَكُمُ الْأَنْعَامُ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ ۖ فَاجْتَنِبُوا الرِّجْسَ مِنَ الْأَوْثَانِ وَاجْتَنِبُوا قَوْلَ الزُّورِ

(ජනයින්ට අල්ලාහ් නියෝගය කරනුයේ) මෙයයි. අල්ලාහ්ගේ ගෞරවනීය දෑ කවරෙකු ගරු කරන්නේද එය ඔහුගේ පරමාධිපති අබියස ඔහුට යහපත් වන්නේය. තවද නුඹලා කෙරෙහි (අල් කුර්ආනයෙන්) පාරායනය කර පෙන්වනු ලැබූ දෑ හැර 8 පශු කුලයට අයත් සතුන් නුඹලාට අනුමත කරන ලදී. එබැවින් නුඹලා පිළිමයන් වන අපිරිසිදු දැයින් වැළකෙවු. තවද අසත්ය වදනින් ද වැළකෙවු.
8මෙහි ‘පාරායනය කර පෙන්වනු ලැබූ දෑ’ පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 5:3 වැනි ආයතය බලන්න.
31

حُنَفَاءَ لِلَّهِ غَيْرَ مُشْرِكِينَ بِهِ ۚ وَمَن يُشْرِكْ بِاللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ السَّمَاءِ فَتَخْطَفُهُ الطَّيْرُ أَوْ تَهْوِي بِهِ الرِّيحُ فِي مَكَانٍ سَحِيقٍ

අල්ලාහ්ට නැඹුරුවෙමින් (කිසිවක්) ඔහුට ආදේශ නොකරන්නන් ලෙස (නුඹලා සිටිය යුතු)ය. තවද කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද ඔහු අහසින් වැටී පක්ෂීන් ඔහුව ඩැහැගෙන ගිය අයෙකු මෙන් හෝ සුළඟ ඔහුව ඈත ප්රදේශයකට ගෙන ගිය අයෙකු මෙන් වන්නේය. 9
9“කවුරුන් ‘ඊමාන්’ නම් විශ්වාසික උසස් තත්ත්වයෙන් බැහැර වී කුෆ්ර් නම් ප්රතික්ෂේපයට වැටෙන්නේ ද මොහුව ෂෙයිතාන් අතික්රමණය කර අල්ලාහ්ගෙන් දුරස්ථ කරනු ඇත. නැතහොත් මොහුගේ මනෝඉච්ඡාව මගින් මොහු අල්ලාහ්ගෙන් දුරස්ථ කරනු ලැබේ” යන්න මෙම ආයතයෙහි අදහසයි.
32

ذَٰلِكَ وَمَن يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِن تَقْوَى الْقُلُوبِ

(ජනයින්ට අල්ලාහ් නියෝගය කරනුයේ) මෙයයි. කවරෙකු අල්ලාහ්ට අයත් (දහමෙහි) සලකුණු ගරු කරන්නේද සැබැවින්ම එය හදවත්හි (ඇති) බිය භක්තිමත්භාවයෙනි.
33

لَكُمْ فِيهَا مَنَافِعُ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ثُمَّ مَحِلُّهَا إِلَى الْبَيْتِ الْعَتِيقِ

නුඹලාට එ(ම පශු කුලයට අයත් සතුන්)හි නියම කරනු ලැබූ කාලයක් දක්වා ප්රයෝජනයන් ඇත. පසුව උන්ගේ කැප කිරීමේ ස්ථානය (කඃබාව නම්) ඉතා පූර්ව නිවස වෙතය.-
34

وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا لِّيَذْكُرُوا اسْمَ اللَّهِ عَلَىٰ مَا رَزَقَهُم مِّن بَهِيمَةِ الْأَنْعَامِ ۗ فَإِلَـٰهُكُمْ إِلَـٰهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُوا ۗ وَبَشِّرِ الْمُخْبِتِينَ

පශු කුලයට අයත් සතුන්ගෙන් ඔහු(අල්ලාහ්) ඔවුනට (ආහාරය සඳහා) පිරිනැමූ දෑ වෙනුවෙන් අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිස සෑම ප්රජාවකටම (ආගමික) පිළිවෙතක් ලෙස අපි (එම කැපකිරීම) පත් කළෙමු. තවද නුඹලාගේ දෙවියන් එකම දෙවියන්ය. එබැවින් නුඹලා ඔහුට අවනත වවු. (නබිවරය, අවනත වී) යටහත්ව කටයුතු කරන්නන්ට ශූභාරංචි දෙවු.
35

الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَالصَّابِرِينَ عَلَىٰ مَا أَصَابَهُمْ وَالْمُقِيمِي الصَّلَاةِ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ

ඔවුහු කවුරුන්ද යත් අල්ලාහ්ව මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තැති ගන්නන්ය. තවද (පිරික්සුමෙන්) ඔවුන්ට අත්වන දෑ කෙරෙහි ඉවසා දරා ගන්නන්ය. තවද සලාතය ස්ථාපිත කරන්නන්ය. තවද අපි ඔවුනට පිරිනැමූ දැයින් (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කරන්නන්ය.
36

وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُم مِّن شَعَائِرِ اللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ ۖ فَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهَا صَوَافَّ ۖ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْقَانِعَ وَالْمُعْتَرَّ ۚ كَذَٰلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

තවද ඔටුවන්, අපි උන්ව නුඹලාට අල්ලාහ්ගේ සලකුණු බවට පත් කළෙමු. නුඹලාට ඒවායෙහි යහපතක් ඇත. එබැවින් (උන්ව කැප කිරීම සඳහා) පෙළට ගස්වා තිබිය දී උන් කෙරෙහි නුඹලා අල්ලාහ්ගේ නාමය සිහිපත් කරවු. (උන්ව කැප කිරීමෙන් පසු) උන්ගේ (ඉළ ඇට) පෙදෙස් වැටුණු විට නුඹලා ඉන් අනුභව කරවු. තවද සෑහීමට පත්වන්නාට හා අවශ්යතාව ඇත්තාට 10 (ඒවායින්) ආහාර (වශයෙන්) ලබා දෙවු. මෙලෙසය නුඹලා කෘතඥ වනු පිණිස අපි ඒවා නුඹලාට වසඟ කර දුන්නේ.
10“සෑහීමට පත්වන්නා” යනු තමන්ට අවශ්යතාවක් තිබිය දී වුවද අන් අයගෙන් අත නොපා සිටින්නාය. “අවශ්යතාව ඇත්තා” යනු තමන්ට අවශ්යතාව ඇති අතර අන් අයගෙන් උදව් බලාපොරොත්තු වන්නාය.
37

لَن يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَـٰكِن يَنَالُهُ التَّقْوَىٰ مِنكُمْ ۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللَّهَ عَلَىٰ مَا هَدَاكُمْ ۗ وَبَشِّرِ الْمُحْسِنِينَ

උන්ගේ මාංශ ද උන්ගේ රුධිරය ද අල්ලාහ් වෙත ළඟා නොවන්නේමය. නමුත් නුඹලා අතුරින් වූ බිය භක්තිමත්භාවය ඔහු වෙත ළඟා වන්නේය. මෙලෙසය නුඹලාට අල්ලාහ් යහමග පෙන් වූ බැවින් ඔහුව (අල්ලාහු අක්බර් යැයි පවසමින්) ශ්රේෂ්ඨත්වයට පත් කරනු පිණිස නුඹලාට ඔහු ඒවා වසඟ කර දුන්නේ. තවද (නබිවරය,) නුඹ යහපත කරන්නන්ට ශුභාරංචි දෙවු.-
38

إِنَّ اللَّهَ يُدَافِعُ عَنِ الَّذِينَ آمَنُوا ۗ إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍ كَفُورٍ

සැබැවින්ම අල්ලාහ් විශ්වාස කළවුන්ව (ප්රතික්ෂේපකයින්ගේ හිංසාවෙන්) ආරක්ෂා කරන්නේය. සැබැවින්ම අල්ලාහ් සියලු අකෘතඥ ද්රෝහීන්ව ප්රිය නොකරන්නේය.
39

أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا ۚ وَإِنَّ اللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ

(ප්රතික්ෂේපකයින් කවුරුන් සමග සටන් කළේද එම) සටන් කිරීමට ලක් වූවන් හට ඔවුන් අපරාධයට ලක් වූ හේතුවෙන් (සටන් වැදීමට) අනුමැතිය දෙන ලදී. තවද සැබැවින්ම අල්ලාහ් ඔවුන්ට (ජයග්රහණය පිණිස) උදව් කිරීම කෙරෙහි අති බලසම්පන්නය.
40

الَّذِينَ أُخْرِجُوا مِن دِيَارِهِم بِغَيْرِ حَقٍّ إِلَّا أَن يَقُولُوا رَبُّنَا اللَّهُ ۗ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا ۗ وَلَيَنصُرَنَّ اللَّهُ مَن يَنصُرُهُ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ

(ඔවුන්) කවුරුන්ද යත් “අපගේ පරමාධිපති අල්ලාහ්ය” යැයි ඔවුන් පැවසීම හේතුවෙන්ම කිසිදු යුක්තියකින් තොරව ඔවුන්ගේ නිවෙස් වලින් ඔවුන්ව බැහැර කරනු ලැබූවන්ය. අල්ලාහ් ජනයින්ව, (එනම්) ඔවුන්ගෙන් (අපරාධකරන්නන්) සමහරෙකුව තවත් සමහරෙකු (සටන් කිරීම) මගින් නොවැළැක් වූයේ නම් අල්ලාහ්ගේ නාමය අධික ලෙස මෙනෙහි කරනු ලබන ආශ්රමයන් ද (කිතුනු) දේවස්ථාන ද (යුදෙව්වන්ගේ) සම්මුති ශාලා ද මස්ජිදයන් ද කඩා දමනු ලබන්නට තිබිණ. 11 අල්ලාහ් තමන්(ගේ දහම)ට උදව් කරනන්නාට සැබැවින්ම උදව් කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් සර්ව ශක්ති සම්පන්නය අති බලසම්පන්නය.
11මිථ්යා විශ්වාසිකයින් සෑම අවස්ථාවක දීම සැබෑ දහම අදහන්නන්ට හිරිහැර කරන්නට වූහ. මොවුන්ට එරෙහි වීමට අල්ලාහ් මෙම ආයතය මගින් අනුමත කොට ඇත. මෙවැනි අනුමැතියක් නොදී තිබුණා නම් ඕනෑම දේවස්ථානයක් විනාශ වන්නට තිබිණ.
41

الَّذِينَ إِن مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنكَرِ ۗ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ

(ඔවුහු) කවුරුන්ද යත් අපි ඔවුනට මිහිතලයෙහි ආධිපත්යය ලබා දුන්නේ නම් ඔවුන් සලාතය ස්ථාපිත කර zසකාතය ද පිරිනමා (ජනයාට) යහපත අණ කර අයහපතින් වළක්වන්නෝය. තවද (සියලු) කරුණු වල අවසානය අල්ලාහ්ට හිමිය.
42

وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَثَمُودُ

(නබිවරය, ප්රතික්ෂේපිත) ඔවුහු නුඹව අසත්යය කරන්නේ නම් (එය අලුත් දෙයක් නොවේ. මන්දයත්) සැබැවින්ම ඔවුනට පෙර වූ නූහ්ගේ ජනයා ද ආද් (සමූහයා) ද සමූද් (සමූහයා) ද (ඔවුන්ගේ නබිවරුන්ව) අසත්යය කළෝය.
43

وَقَوْمُ إِبْرَاهِيمَ وَقَوْمُ لُوطٍ

තවද ඉබ්රාහීම්ගේ ජනයා ද ලූත්ගේ ජනයා ද (අසත්යය කළෝය.)
44

وَأَصْحَابُ مَدْيَنَ ۖ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَافِرِينَ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ

තවද මද්යන් වැසියන් ද (අසත්ය කළෝය.) තවද මූසා ද අසත්යය කරනු ලැබීය. එබැවින් මම ප්රතික්ෂේපකයින්ට අවකාශයක් දුන්නෙමි. පසුව ඔවුන්ව මම (දඬුවමින්) ග්රහණය කළෙමි. එවිට මාගේ (දඬුවමින් වූ) නින්දාව කෙසේ වී ද!
45

فَكَأَيِّن مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا وَهِيَ ظَالِمَةٌ فَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئْرٍ مُّعَطَّلَةٍ وَقَصْرٍ مَّشِيدٍ

කොපමණ ගම්මානයන් ඒවා (එහි සිටින ජනයින් විසින්) අපරාධ කරමින් තිබිය දී අපි විනාශ කර දැමුවෙමු ද? එබැවින් ඒවා ඒවායෙහි වහලයන් මත කඩා වැටී (විනාශ වී) තිබුණේය. තවද අත හැර දමන ලද ළිං මත ද උසට තැනූ මන්දිරයන් මත ද (කඩා වැටී විනාශ වී තිබුණේ)ය.
46

أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا ۖ فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَـٰكِن تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ

ඔවුහු මිහිතලයේ ගමන් නොකළෝද? එබැවින් ඔවුනට අවබෝධය කරගන්නා හදවත් ද සවන් දෙන කන් ද ඇති වීමට තිබුණි. සැබැවින්ම එම විෂය නම් (ඔවුන්ගේ) නෙත් අන්ධ නොවී තිබුණි. නමුත් අන්ධ වූයේ ළය තුළ ඇති හදවත්ය.
47

وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَلَن يُخْلِفَ اللَّهُ وَعْدَهُ ۚ وَإِنَّ يَوْمًا عِندَ رَبِّكَ كَأَلْفِ سَنَةٍ مِّمَّا تَعُدُّونَ

තවද දඬුවම ඉක්මන් කරනු’යි ඔවුහු නුඹගෙන් පතන්නෝය. තවද අල්ලාහ් තම ප්රතිඥාව කඩ නොකරන්නේමය. තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති අබියස වූ දිනක් නුඹලා ගණන් කරන දැයින්(දින ගණනින්) වසර දහසක් මෙනි.
48

وَكَأَيِّن مِّن قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِيَ ظَالِمَةٌ ثُمَّ أَخَذْتُهَا وَإِلَيَّ الْمَصِيرُ

කොපමණ ගම්මානයන් ඒවා(හි සිටින ජනයින් විසින්) අපරාධ කරමින් තිබිය දී මම ඒවා(යෙහි සිටින වැසියන්)ට අවකාශයක් දුන්නෙම් ද? පසුව මම ඒවා (දඬුවමින්) ග්රහණය කළෙමි. තවද (ඔවුන්) අවසානයෙහි යොමු වන ස්ථානය මා වෙතමය.
49

قُلْ يَا أَيُّهَا النَّاسُ إِنَّمَا أَنَا لَكُمْ نَذِيرٌ مُّبِينٌ

(නබිවරය,) පවසවු “ජනයිනි, සැබැවින්ම මම නුඹලාට පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.”
50

فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

එබැවින් විශ්වාස කර යහකම් කළවුන්, ඔවුනට පාප ක්ෂමාව ද ගෞරවනීය සම්පතක් ද හිමිය.
51

وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَـٰئِكَ أَصْحَابُ الْجَحِيمِ

තවද අපගේ වදන් විෂයෙහි (නබිවරයාව) නොහැකියාවට පත් කරන්නට තැත් කළ ඔවුහුමය නිරයේ සගයින් වන්නේ.
52

وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِيٍّ إِلَّا إِذَا تَمَنَّىٰ أَلْقَى الشَّيْطَانُ فِي أُمْنِيَّتِهِ فَيَنسَخُ اللَّهُ مَا يُلْقِي الشَّيْطَانُ ثُمَّ يُحْكِمُ اللَّهُ آيَاتِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ

(නබිවරය,) නුඹට පෙර කිසිදු රසූල්වරයෙකු හෝ නබිවරයෙකු හෝ ඔහු (අල්ලාහ්ගේ වදන්) පාරායනය කරන විට ෂෙයිතාන් ඔහුගේ පාරායනය පිළිබඳව (දුබල සිත් ඇත්තවුන් තුළ වැරදි අදහස්) දමනවාක් මිස අපි නොඑව්වෙමු. එවිට ෂෙයිතාන් දමන දෑ අල්ලාහ් නිෂ්ඵල කර පසුව ඔහුගේ වදන් (විශ්වාසිකයින්ගේ සිත් තුළ) ස්ථාපිත කරන්නේය. තවද අල්ලාහ් සර්වඥය සර්ව ප්රඥාවන්තය.
53

لِّيَجْعَلَ مَا يُلْقِي الشَّيْطَانُ فِتْنَةً لِّلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَالْقَاسِيَةِ قُلُوبُهُمْ ۗ وَإِنَّ الظَّالِمِينَ لَفِي شِقَاقٍ بَعِيدٍ

(මේ සියල්ල අල්ලාහ් සිදු කරනුයේ) ෂෙයිතාන් දමන දෑ කවුරුන්ගේ හදවත්හි ව්යාධියක් ඇත්තේද (ආත්ම වංචනික) ඔවුනට හා කවුරුන්ගේ හදවත් දැඩි වූයේද (ප්රතික්ෂේපක) ඔවුන්ට පිරික්සුමක් ඔහු(අල්ලාහ්) ඇති කරනු පිණිසය. තවද සැබැවින්ම අපරාධකරුවෝ (ඔවුනතර) අන්ත අසම්මුතියෙහි වෙති.
54

وَلِيَعْلَمَ الَّذِينَ أُوتُوا الْعِلْمَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّكَ فَيُؤْمِنُوا بِهِ فَتُخْبِتَ لَهُ قُلُوبُهُمْ ۗ وَإِنَّ اللَّهَ لَهَادِ الَّذِينَ آمَنُوا إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ

තවද දැනුම දෙනු ලැබූවන් ‘එ(ම අල් කුර්ආන)ය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්යයක්’ බව දැන එය විශ්වාස කර ඔවුන්ගේ හදවත් එයට (අවනත වී) යටහත් වනු පිණිස ද වේ. තවද සැබැවින්ම අල්ලාහ් ඍජු මාර්ගය වෙත විශ්වාස කළවුන්ගේ මග පෙන්වන්නාය.
55

وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا فِي مِرْيَةٍ مِّنْهُ حَتَّىٰ تَأْتِيَهُمُ السَّاعَةُ بَغْتَةً أَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيمٍ

තවද ඔවුන් වෙත (ලොව අවසන්) හෝරාව අනපේක්ෂිතව පැමිණෙන තුරු හෝ (කිසිදු යහපතක් නොමැති) නිෂ්ඵල දිනයක දඬුවම පැමිණෙන තුරු හෝ ප්රතික්ෂේප කළවුන් එ(ම අල් කුර්ආන)ය ගැන සැකයෙහිම පසු වෙති.-
56

الْمُلْكُ يَوْمَئِذٍ لِّلَّهِ يَحْكُمُ بَيْنَهُمْ ۚ فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي جَنَّاتِ النَّعِيمِ

එදින ආධිපත්යය අල්ලාහ්ටම හිමිය. ඔහු ඔවුන් අතර විනිශ්චය කරන්නේය. එබැවින් විශ්වාස කර යහකම් කළවුන් පූර්ණ සොම්නසින් යුත් (ස්වර්ග) උයන්හි ය.
57

وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا فَأُولَـٰئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ

තවද ප්රතික්ෂේප කර අපගේ වදන් අසත්යය කළවුන්, ඔවුන්මය තමන්ට නින්දනීය දඬුවමක් ඇත්තවුන් වන්නේ.
58

وَالَّذِينَ هَاجَرُوا فِي سَبِيلِ اللَّهِ ثُمَّ قُتِلُوا أَوْ مَاتُوا لَيَرْزُقَنَّهُمُ اللَّهُ رِزْقًا حَسَنًا ۚ وَإِنَّ اللَّهَ لَهُوَ خَيْرُ الرَّازِقِينَ

කවුරුන් අල්ලාහ්ගේ මාර්ගයේ දේශාන්තරණය කර පසුව ඔවුන් ඝාතනය කරනු ලබන්නේ හෝ මරණයට හෝ පත්වන්නේද ඔවුනට (ස්වර්ගයෙහි) යහ සම්පතක් අල්ලාහ් පිරිනමන්නේමය. තවද සැබැවින්ම අල්ලාහ් සම්පත් පිරිනමන්නන්ගෙන් ඉතා ශ්රේෂ්ඨයාය.
59

لَيُدْخِلَنَّهُم مُّدْخَلًا يَرْضَوْنَهُ ۗ وَإِنَّ اللَّهَ لَعَلِيمٌ حَلِيمٌ

ඔවුන් එයින් තෘප්තියට පත් වන (ස්වර්ගයෙහි) පිවිසුමක් තුළට සැබැවින්ම ඔවුන්ව ඔහු ඇතුළත් කරන්නේමය. තවද සැබැවින්ම අල්ලාහ් සර්වඥය දැඩි ඉවසිලිවන්තය.
60

ذَٰلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِ ثُمَّ بُغِيَ عَلَيْهِ لَيَنصُرَنَّهُ اللَّهُ ۗ إِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ

(අල්ලාහ්ගේ විනිශ්චය වන්නේ) මෙයයි. කවරෙකු තමන්ට හිංසා කරනු ලැබූවාක් මෙන්ම (ප්රති දඬුවමක් ලෙස) හිංසා කර ඉන් පසුව තමන්ට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කරනු ලැබුවේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට උදව් කරන්නේය. සැබැවින්ම අල්ලාහ් ක්ෂමාව පිරිනමන්නාය අති ක්ෂමාශීලීය. 12
12අපරාධයට ලක් වූවන්ට අල්ලාහ්ගේ උපකාරය ඔවුන්ගේ ඉවසීම මත සීමා වී නැත. එනම් අපරාධයට ලක් වූ අයට අපරාධකරුගෙන් පළිගැනීමට ඉස්ලාමයෙන් අනුමැතිය දී ඇත. එසේ ඔහු පළිගත්තත් නැතත් අල්ලාහ්ගේ උපකාරය රඳා පවතින්නේ අපරාධයට ලක් වූවන් කෙරෙහිය. කෙසේ වෙතත් සෑම විටෙකම ඉවසා සමාව දෙන මෙන් ඉස්ලාමයෙන් දිරිගන්වයි.
61

ذَٰلِكَ بِأَنَّ اللَّهَ يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَأَنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

මෙ(ම උපකාර)ය අල්ලාහ් රාත්රිය දහවලෙහි ඇතුළු කරවන හේතුවෙන් ද දහවල රාත්රියෙහි ඇතුළු කරවන හේතුවෙන් ද වේ. තවද අල්ලාහ් සර්ව ශ්රාවකය සර්ව සුපරික්ෂාකාරී වන හේතුවෙන් ද වේ.
62

ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِ هُوَ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ

මෙය අල්ලාහ්, ඔහුමය සත්යය වන බැවින් ද ඔවුන් ඔහු හැර කැඳවන දෑ එය නිෂ්ඵල බැවින් ද අල්ලාහ්, ඔහුමය අති උත්තරීතර අති ශ්රේෂ්ඨ වන බැවින් ද වේ.-
63

أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَتُصْبِحُ الْأَرْضُ مُخْضَرَّةً ۗ إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ

සැබැවින්ම අල්ලාහ් අහසින් (වැසි) ජලය පහළ කර එමගින් මිහිතලය සරුසාරවත් වීම නුඹ නොදුටුවෙහිද? සැබැවින්ම අල්ලාහ් අති සියුම් ඥානීය. අභිඥානවන්තය.
64

لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَإِنَّ اللَّهَ لَهُوَ الْغَنِيُّ الْحَمِيدُ

අහස්හි ඇති දෑ ද මිහිතලයෙහි ඇති දෑ ද ඔහු සතුය. තවද සැබැවින්ම අල්ලාහ්, ඔහුමය සර්ව සම්පූර්ණ. සර්ව ප්රශංසාලාභී වන්නේ.
65

أَلَمْ تَرَ أَنَّ اللَّهَ سَخَّرَ لَكُم مَّا فِي الْأَرْضِ وَالْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِأَمْرِهِ وَيُمْسِكُ السَّمَاءَ أَن تَقَعَ عَلَى الْأَرْضِ إِلَّا بِإِذْنِهِ ۗ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ رَّحِيمٌ

අල්ලාහ් මිහිතලයෙහි ඇති දෑ ද ඔහුගේ විධානයට අනුව මුහුදෙහි යාත්රා කරන නැව් ද නුඹලාට වසඟ කළ බව නුඹ නොදුටුවෙහි ද? තවද තමන්ගේ අනුමැතියෙන් තොර අහස මිහිතලය මත වැටීමෙන් ඔහු වළක්වා ගන්නේය. සැබැවින්ම අල්ලාහ් ජනයින් කෙරෙහි දයානුකම්පිතය පරම කරුණාභරිතය.
66

وَهُوَ الَّذِي أَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۗ إِنَّ الْإِنسَانَ لَكَفُورٌ

තවද ඔහුමය නුඹලාට ජීවය ලබා දුන්නේ. පසුව ඔහු නුඹලාව මරණයට පත් කරන්නේය. පසුව ඔහු නුඹලාට (මතු ලොවෙහි නැවත) ජීවය ලබා දෙන්නේය. සැබැවින්ම මිනිසා ගුණමකුවෙකි.
67

لِّكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا هُمْ نَاسِكُوهُ ۖ فَلَا يُنَازِعُنَّكَ فِي الْأَمْرِ ۚ وَادْعُ إِلَىٰ رَبِّكَ ۖ إِنَّكَ لَعَلَىٰ هُدًى مُّسْتَقِيمٍ

සෑම සමූහයකටම ඔවුන් එය පිළිපදින (ආගමික) පිළිවෙතක් අපි පත් කළෙමු. එබැවින් (නබිවරය, මෙම) කරුණ පිළිබඳව ඔවුන් නුඹ සමග තර්ක නොකළ යුතුය. තවද නුඹ නුඹගේ පරමාධිපති වෙත (ඔවුන්ව) කැඳවවු. සැබැවින්ම නුඹ ඍජු මග පෙන්වීම මතය.
68

وَإِن جَادَلُوكَ فَقُلِ اللَّهُ أَعْلَمُ بِمَا تَعْمَلُونَ

ඔවුහු නුඹ සමග තර්ක කළේ නම් එවිට “නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නා යැ”යි නුඹ පවසවු.
69

اللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

නුඹලා කවර දෙයක් කෙරෙහි මතභේද ඇති කර ගනිමින් සිටියේද එය කෙරෙහි අල්ලාහ් (මළවුන්) නැගිටුවනු ලබන දින නුඹලා අතර විනිශ්චය ලබා දෙන්නේය.
70

أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاءِ وَالْأَرْضِ ۗ إِنَّ ذَٰلِكَ فِي كِتَابٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ

අල්ලාහ් අහසෙහි හා මිහිතලයෙහි ඇති දෑ (සියල්ල පිළිබඳව) දන්නා බව නුඹ නොදන්නෙහි ද? සැබැවින්ම එය (ලව්හුල් මහ්ෆූල් හෙවත් සටහන්) ලේඛනයක (සටහන් වී) ඇත. සැබැවින්ම මෙය අල්ලාහ් කෙරෙහි පහසු කටයුත්තකි.
71

وَيَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَا لَيْسَ لَهُم بِهِ عِلْمٌ ۗ وَمَا لِلظَّالِمِينَ مِن نَّصِيرٍ

ඔවුහු අල්ලාහ් හැර, කුමක් සඳහා ඔහු(අල්ලාහ්) සාධකයක් පහළ නොකළේද එය ද කුමක් පිළිබඳව ඔවුනට දැනුමක් නොමැත්තේ ද එය ද නමදින්නෝය. තවද අපරාධකරුවන්ට කිසිදු උදව්කරුවෙකු නැත.
72

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ تَعْرِفُ فِي وُجُوهِ الَّذِينَ كَفَرُوا الْمُنكَرَ ۖ يَكَادُونَ يَسْطُونَ بِالَّذِينَ يَتْلُونَ عَلَيْهِمْ آيَاتِنَا ۗ قُلْ أَفَأُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَٰلِكُمُ ۗ النَّارُ وَعَدَهَا اللَّهُ الَّذِينَ كَفَرُوا ۖ وَبِئْسَ الْمَصِيرُ

තවද (ලොවෙහි) ඔවුන් වෙත අපගේ (අල් කුර්ආන්) වදන් පැහැදිලිව පාරායනා කරනු ලබන විට ප්රතික්ෂේප කළවුන්ගේ මුහුණු වල පිළිකුල්භාවය නුඹ වටහා ගන්නෙහිය. අපගේ වදන් ඔවුන් කෙරෙහි පාරායනා කරන්නන්ට පහර දීමට තැත් කරන්නෝය. (නබිවරය) පවසවු. “එබැවින් එයට වඩා නපුරු දෙයක් මා නුඹලාට දන්වන්නද? (එය නිරා) ගින්නය. අල්ලාහ් ප්රතික්ෂේප කළවුනට එය ප්රතිඥා දී ඇත. තවද (ඔවුහු) අවසානයේ යොමු වන ස්ථානය කෙතරම් නින්දනීය ද!”
73

يَا أَيُّهَا النَّاسُ ضُرِبَ مَثَلٌ فَاسْتَمِعُوا لَهُ ۚ إِنَّ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللَّهِ لَن يَخْلُقُوا ذُبَابًا وَلَوِ اجْتَمَعُوا لَهُ ۖ وَإِن يَسْلُبْهُمُ الذُّبَابُ شَيْئًا لَّا يَسْتَنقِذُوهُ مِنْهُ ۚ ضَعُفَ الطَّالِبُ وَالْمَطْلُوبُ

ජනයිනි, උපමාවක් ගෙන හැර පෙන්වන ලදී. එබැවින් නුඹලා එයට සවන් දෙවු. සැබැවින්ම අල්ලාහ් හැර නුඹලා අයැදින්නන්, ඔවුන් (සියල්ලෝම) එය(මැස්සෙකු මැවීම) සඳහා එක්රැස් වුව ද මැස්සෙකු (පවා) මැවිය නොහැක්කේමය. තවද මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේ නම් ඔවුන් එය ඌගෙන් නැවත ලබා නොගන්නෝය. (මෙලෙස අල්ලාහ් හැර අන් අයගෙන්) පතන්නා(නමදින්නා) ද පතනු ලබන්නා(නැමදීමට ලක් වන්නා) ද බලහීන විය.
74

مَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ

ඔවුන් අල්ලාහ්ට අගය කළ යුතු අයුරින් ඔහුව(අල්ලාහ්ව) අගය කොට නොසැලකූහ. සැබැවින්ම අල්ලාහ් සර්ව ශක්ති සම්පන්නය අති බලසම්පන්නය.
75

اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

අල්ලාහ් මලක්වරුන් අතුරින් ද මිනිසුන් අතුරින් ද දූතයින්ව තෝරා ගන්නේය. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්රාවකය සර්ව සුපරික්ෂාකාරීය.
76

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۗ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ

ඔවුන්ට ඉදිරියෙන් හා ඔවුන්ට පසුපසින් ඇති දෑ ඔහු දන්නේය. තවද (සියලු) කරුණු නැවත යොමු කරනු ලබන්නේ අල්ලාහ් වෙතය.
77

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ارْكَعُوا وَاسْجُدُوا وَاعْبُدُوا رَبَّكُمْ وَافْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ ۩

විශ්වාස කළවුනි, නුඹලා ජයග්රහණය ලබනු පිණිස නුඹලා රුකූඃ කරවු. තවද සුජූද් කරවු. තවද නුඹලාගේ පරමාධිපතිව නමදිවු. තවද යහකම් කරවු. 13
13මෙය සුජූද් හි ආයතයකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:206 හි පාද සටහන බලන්න.
78

وَجَاهِدُوا فِي اللَّهِ حَقَّ جِهَادِهِ ۚ هُوَ اجْتَبَاكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ ۚ مِّلَّةَ أَبِيكُمْ إِبْرَاهِيمَ ۚ هُوَ سَمَّاكُمُ الْمُسْلِمِينَ مِن قَبْلُ وَفِي هَـٰذَا لِيَكُونَ الرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ ۚ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَاعْتَصِمُوا بِاللَّهِ هُوَ مَوْلَاكُمْ ۖ فَنِعْمَ الْمَوْلَىٰ وَنِعْمَ النَّصِيرُ

නුඹලා අල්ලාහ්ගේ විෂයෙහි ප්රයත්නය කළ යුතු අයුරින් ප්රයත්නය කරවු. ඔහු නුඹලාව (ඔහුගේ දහම වෙනුවෙන්) තෝරා ගත්තේය. තවද දහමෙහි ඔහු නුඹලා කෙරෙහි කිසිදු අපහසුතාවක් ඇති නොකළේය. (එය) නුඹලාගේ පියා වන ඉබ්රාහීම්ගේ පිළිවෙත (මෙන්)ය. මීට පෙර ද මෙ(ම අල් කුර්ආනයෙ)හි ද නුඹලාට මුස්ලිම්වරුන් යැයි නම් කළේ ඔහු( අල්ලාහ්)ය. (මන්දයත්) රසූල්වරයා නුඹලා කෙරෙහි සාක්ෂිකරුවෙකු වනු පිණිස ද නුඹලා ජනයා කෙරෙහි සාක්ෂිකරුවන් වනු පිණිස ද වේ. එබැවින් නුඹලා සලාතය ස්ථාපිත කරවු. තවද නුඹලා zසකාතය පිරිනමවු. තවද අල්ලාහ්ව(ඔහුගේ දහම) තදින් ග්රහණය කර ගනිවු. ඔහු නුඹලාගේ භාරකරුය. එබැවින් (ඔහු) භාරකරුවා වශයෙන් ඉතා උතුම් විය. තවද උදව්කරුවා වශයෙන් ඉතා උතුම් විය.
المؤمنونමක්කී
1

قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ

සැබැවින්ම විශ්වාසිකයෝ ජයග්රහණය ලැබූවෝය.
2

الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ

ඔවුහු කවරහුද යත් තම සලාතයෙහි (අල්ලාහ්ට) බියෙන් නැඹුරු වන්නන් වෙති.
3

وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ

තවද ඔවුහු නිෂ්ඵල දැයින් වැළකෙන්නන් වෙති.
4

وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ

තවද ඔවුහු zසකාතය 1 පිරිනමන්නන් වෙති.
1zසකාත් යන අරාබි පදයට අරුත දෙකක් ඇත. පළමුවැන්න තම ධනයෙන් නියම කරන ලද පිරිසකට පිරිනමන ලද එක්තරා දන්දීමකි. දෙවැන්න චිත්ත පාරිශුද්ධියයි. මෙම අදහස් දෙකම මෙම වැකියට අදාළ වන බව විද්වතුන්ගේ මතය වේ.
5

وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ

තවද ඔවුන් කවරහුදයත් ඔවුන්ගේ ලිංගික අවයවයන් ආරක්ෂා කර ගන්නන් වෙති.
6

إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ

(නමුත්) තම භාර්යාවන් කෙරෙහි හෝ තම දකුණත හිමි කර ගත් අය(වහලියන්) කෙරෙහි හෝ මිස. 2 එබැවින් සැබැවින්ම ඔවුහු දොස් පවරනු ලබන්නන් නොවේ. 3
2වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 4:3 හි පාද සටහන් සමග බලන්න.
3ඉස්ලාමය වහල්භාවය දිරි නොගන්වන අතර අතීතයේ වහල්භාවය ඉතා සාමාන්යය විෂයක් වශයෙන් පැවතුණි. ඔවුන් පිළිබඳව කිසිදු නීතිරීති පද්ධතියක් නොතිබුණි. ඔවුන්ව සතුන් හා සමාන තත්ත්වයක තබා බැලීය. එහෙත් ඉස්ලාමය තුළින් මෙම විකෘති තත්ත්වයෙන් ඔවුන්ව මුදවා ගැනීම පිණිස ඔවුන් පිළිබඳව නිසි නීති රීති පද්ධතියක් හඳුන්වා දී ඇත. ඒ අනුව මෙහි තමන් සතු අවිවාහක වහලිය සමග පමණක් ලිංගික ඇසුරුකම් පවත්වා ගැනීම තහනමක් නොමැති බව අවධාරණය කෙරේ.
7

فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَـٰئِكَ هُمُ الْعَادُونَ

නමුත් කවරෙකු ඉන් ඔබ්බට (ලිංගික ආස්වාදයක්) සොයන්නේ ද එවිට ඔවුහුමය සීමාව ඉක්ම වූවන් වන්නේ.
8

وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ

තවද ඔවුහු කවුරුන්ද යත් ඔවුන්ගේ අමානාත්(විශ්වාස කර පවරන ලද දෑ) හා ඔවුන්ගේ ප්රතිඥාවන් ප්රවේශම් කරන්නන් වෙති.
9

وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَوَاتِهِمْ يُحَافِظُونَ

තවද ඔවුහු කවුරුන්ද යත් ඔවුන්ගේ සලාතයන් ආරක්ෂා කරන්නන් වෙති.
10

أُولَـٰئِكَ هُمُ الْوَارِثُونَ

ඔවුහුමය ෆිර්දව්ස් (නම් ස්වර්ගය) උරුමකර ගන්නා උරුමක්කරුවන් වන්නෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
11

الَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ

ඔවුහුමය ෆිර්දව්ස් (නම් ස්වර්ගය) උරුමකර ගන්නා උරුමක්කරුවන් වන්නෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
12

وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِن سُلَالَةٍ مِّن طِينٍ

තවද සැබැවින්ම අපි මැටියෙන් යුත් සාරයෙන් මිනිසාව මැව්වෙමු. 4
4මෙහි මිනිසා යනුවෙන් හඳුන්වා ඇත්තේ මුල් මිනිසා වන ආදම් තුමාණන් පිළිබඳවයි.
13

ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَّكِينٍ

පසුව අපි ආරක්ෂක ස්ථානයෙහි(ගර්භාශයෙහි) ශුක්ර ධාතුවක් ලෙස ඔහුව පත් කළෙමු.
14

ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنشَأْنَاهُ خَلْقًا آخَرَ ۚ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ

පසුව අපි ශුක්ර ධාතුව (ඇලෙනසුලු) ලේ කැටියක් බවට මවා පසුව ලේ කැටිය මස් කැබැල්ලක් බවට මවා පසුව මස් කැබැල්ල අස්ථි බවට මවා පසුව අපි එම අස්ථි මාංශයෙන් පැලඳුවෙමු. පසුව වෙනත් මැවුමක් බවට අපි එය නිර්මාණය කළෙමු. නිර්මාපකයින් අතුරින් ඉතා අලංකාර අල්ලාහ් අති උත්කෘෂ්ට විය.
15

ثُمَّ إِنَّكُم بَعْدَ ذَٰلِكَ لَمَيِّتُونَ

පසුව සැබැවින්ම නුඹලා මින් පසු මරණයට පත් වන්නෝ වෙති.
16

ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ

පසුව සැබැවින්ම නුඹලා (මළවුන්) නැගිටුවනු ලබන දින අවදි කරවනු ලබන්නන්ය.
17

وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَائِقَ وَمَا كُنَّا عَنِ الْخَلْقِ غَافِلِينَ

තවද සැබැවින්ම අපි නුඹලාට ඉහළින් මාර්ගයන්(අහස්) සතක් මවා ඇත්තෙමු. තවද මැවුම් ගැන අපි අනවධානීන් ලෙස නොසිටින්නෙමු.
18

وَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَسْكَنَّاهُ فِي الْأَرْضِ ۖ وَإِنَّا عَلَىٰ ذَهَابٍ بِهِ لَقَادِرُونَ

අපි අහසින් ප්රමාණ කොට ජලය පහළ කළෙමු. පසුව එය මිහිතලයේ අපි තැන්පත් කළෙමු. සැබැවින්ම අපි එය ඉවත් කිරීමටද ශක්තිය දරන්නන් වෙමු.
19

فَأَنشَأْنَا لَكُم بِهِ جَنَّاتٍ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ لَّكُمْ فِيهَا فَوَاكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ

පසුව එමගින් අපි නුඹලාට ඉඳි හා මිදි වතු හට ගැන්වූයෙමු. ඒවායෙහි නුඹලාට බොහෝ පලතුරු ද ඇත. තවද ඒවායින් නුඹලා අනුභව කරන්නෙහුය.
20

وَشَجَرَةً تَخْرُجُ مِن طُورِ سَيْنَاءَ تَنبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِّلْآكِلِينَ

‘තූර් සිනායි’හි 5 පැළවෙන, තෙල් හා අනුභව කරන්නන්ට අභිරුචිය වඩන්නා වූ ගසක් ද (හට ගැන්වුයෙමු).
5එනම් සීනායි නැමැති ප්රදේශයේ පිහිටි කන්දක් වේ.
21

وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً ۖ نُّسْقِيكُم مِّمَّا فِي بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَافِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ

තවද සැබැවින්ම නුඹලාට පශු කුලයට අයත් සතුන් තුළ ආදර්ශයක් ඇත. උන්ගේ උදරයන්හි ඇති දැයින් අපි නුඹලාට (කිරි) පානය සපයන්නෙමු. තවද උන්ගෙන් නුඹලාට බොහෝ ප්රයෝජන ඇත. තවද උන්ගෙන් නුඹලා අනුභව කරන්නෙහුය.
22

وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ

තවද උන් මත ද නැව් මතද නුඹලාව උසුලනු ලබන්නෙහුය.
23

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ

තවද සැබැවින්ම අපි නූහ්ව ඔහුගේ ජනයා වෙත එව්වෙමු. එවිට ඔහු “මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට (පමණක්) නැමදුම් කරවු. ඔහු හැර වෙනත් දෙවියෙකු නුඹලාට නැත. නුඹලා (අල්ලාහ්ට) බිය භක්තිමත් නොවන්නෙහු දැ?”යි විමසුවේය.
24

فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِن قَوْمِهِ مَا هَـٰذَا إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَاءَ اللَّهُ لَأَنزَلَ مَلَائِكَةً مَّا سَمِعْنَا بِهَـٰذَا فِي آبَائِنَا الْأَوَّلِينَ

ඔහුගේ ජනයා අතුරින් ප්රතික්ෂේප කළ ප්රධානීහු “මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස නැත. නුඹලාට වඩා ශ්රේෂ්ඨ වන්නට මොහු අපේක්ෂා කරන්නේය. අල්ලාහ් (රසූල්වරයෙකු එවීමට) අභිමත කළේ නම් මලක්වරයෙකු පහළ කරන්නට තිබිණ. මෙවැනි දෙයක් පිළිබඳව අපගේ පෙර විසූ මුතුන්මිත්තන්ගෙන් අපි අසා නැත්තෙමු. මොහු උමතුභාවය ඇති මිනිසෙකු මිස නැත. එබැවින් මොහුට (කුමක් වන්නේ දැ’යි) ස්වල්ප කාලයක් දක්වා නුඹලා බලා සිටිවු.” යැයි පැවසුවෝය.
25

إِنْ هُوَ إِلَّا رَجُلٌ بِهِ جِنَّةٌ فَتَرَبَّصُوا بِهِ حَتَّىٰ حِينٍ

ඔහුගේ ජනයා අතුරින් ප්රතික්ෂේප කළ ප්රධානීහු “මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස නැත. නුඹලාට වඩා ශ්රේෂ්ඨ වන්නට මොහු අපේක්ෂා කරන්නේය. අල්ලාහ් (රසූල්වරයෙකු එවීමට) අභිමත කළේ නම් මලක්වරයෙකු පහළ කරන්නට තිබිණ. මෙවැනි දෙයක් පිළිබඳව අපගේ පෙර විසූ මුතුන්මිත්තන්ගෙන් අපි අසා නැත්තෙමු. මොහු උමතුභාවය ඇති මිනිසෙකු මිස නැත. එබැවින් මොහුට (කුමක් වන්නේ දැ’යි) ස්වල්ප කාලයක් දක්වා නුඹලා බලා සිටිවු.” යැයි පැවසුවෝය.
26

قَالَ رَبِّ انصُرْنِي بِمَا كَذَّبُونِ

“මාගේ පරමාධිපතියාණනි, ඔවුන් මා අසත්යය කළ හේතුවෙන් මට උදව් කරනු මැනව!” යැයි ඔහු(නූහ්) පැවසුවේය.
27

فَأَوْحَيْنَا إِلَيْهِ أَنِ اصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ ۙ فَاسْلُكْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ الْقَوْلُ مِنْهُمْ ۖ وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۖ إِنَّهُم مُّغْرَقُونَ

එබැවින් අපි “අපගේ අධීක්ෂණය යටතේ ද අපගේ වහී(දේව පණිවිඩය) පරිදි ද නැව සාදවු.’ ‘අපගේ (දඬුවම පිළිබඳ) නියෝගය පැමිණ ලිපෙන් ජලය උනන්නට ගත් විට සෑම (සත්ව) වර්ගයකින්ම ජෝඩු බැගින් ද (නුඹගේ පවුලේ උදවිය වන) ඔවුන් අතුරින් කවරෙකු කෙරෙහි (දඬුවමේ) වදන පෙරටු වූයේ ද ඔවුන් හැර නුඹගේ පවුලේ (අන්) උදවිය ද එහි නංවා ගනිවු. අපරාධ කළවුන් පිළිබඳව මා සමග කතා නොකරවු. (මන්දයත්) සැබැවින්ම ඔවුන් ගිල්වනු ලබන්නන්ය.’ 6 තවද ‘නුඹ හා නුඹ සමග වූවන් නැවෙහි ලැගුම් ගත් විට “අපරාධකාර ජනයාගෙන් අපව මුදවා ගත් අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමිය.” යැයි ඇයැදිවු. තවද (නුඹලා ගොඩට බසින විට) “මාගේ පරමාධිපතියාණනි අභිවෘද්ධිමත් ස්ථානයක මා ගොඩ බස්වනු මැනව! තවද නුඹ නවාතැන් ලබා දෙන්නන් අතුරින් ඉතා ශ්රේෂ්ඨය.’ යැයි ද ඇයැදිවු.” යන්නෙන් ඔහුට වහී පහළ කළෙමු.
6නබි නූහ් තුමාණන් හා ඔහුගේ ජනයා පිළිබඳව අල් කුර්ආනයේ 11 : 25-49 දක්වා සඳහන් වී ඇත. තවද 71 වන සූරාවේ ද සඳහන් වී ඇත.
28

فَإِذَا اسْتَوَيْتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى الْفُلْكِ فَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي نَجَّانَا مِنَ الْقَوْمِ الظَّالِمِينَ

එබැවින් අපි “අපගේ අධීක්ෂණය යටතේ ද අපගේ වහී(දේව පණිවිඩය) පරිදි ද නැව සාදවු.’ ‘අපගේ (දඬුවම පිළිබඳ) නියෝගය පැමිණ ලිපෙන් ජලය උනන්නට ගත් විට සෑම (සත්ව) වර්ගයකින්ම ජෝඩු බැගින් ද (නුඹගේ පවුලේ උදවිය වන) ඔවුන් අතුරින් කවරෙකු කෙරෙහි (දඬුවමේ) වදන පෙරටු වූයේ ද ඔවුන් හැර නුඹගේ පවුලේ (අන්) උදවිය ද එහි නංවා ගනිවු. අපරාධ කළවුන් පිළිබඳව මා සමග කතා නොකරවු. (මන්දයත්) සැබැවින්ම ඔවුන් ගිල්වනු ලබන්නන්ය.’ 6 තවද ‘නුඹ හා නුඹ සමග වූවන් නැවෙහි ලැගුම් ගත් විට “අපරාධකාර ජනයාගෙන් අපව මුදවා ගත් අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමිය.” යැයි ඇයැදිවු. තවද (නුඹලා ගොඩට බසින විට) “මාගේ පරමාධිපතියාණනි අභිවෘද්ධිමත් ස්ථානයක මා ගොඩ බස්වනු මැනව! තවද නුඹ නවාතැන් ලබා දෙන්නන් අතුරින් ඉතා ශ්රේෂ්ඨය.’ යැයි ද ඇයැදිවු.” යන්නෙන් ඔහුට වහී පහළ කළෙමු.
29

وَقُل رَّبِّ أَنزِلْنِي مُنزَلًا مُّبَارَكًا وَأَنتَ خَيْرُ الْمُنزِلِينَ

එබැවින් අපි “අපගේ අධීක්ෂණය යටතේ ද අපගේ වහී(දේව පණිවිඩය) පරිදි ද නැව සාදවු.’ ‘අපගේ (දඬුවම පිළිබඳ) නියෝගය පැමිණ ලිපෙන් ජලය උනන්නට ගත් විට සෑම (සත්ව) වර්ගයකින්ම ජෝඩු බැගින් ද (නුඹගේ පවුලේ උදවිය වන) ඔවුන් අතුරින් කවරෙකු කෙරෙහි (දඬුවමේ) වදන පෙරටු වූයේ ද ඔවුන් හැර නුඹගේ පවුලේ (අන්) උදවිය ද එහි නංවා ගනිවු. අපරාධ කළවුන් පිළිබඳව මා සමග කතා නොකරවු. (මන්දයත්) සැබැවින්ම ඔවුන් ගිල්වනු ලබන්නන්ය.’ 6 තවද ‘නුඹ හා නුඹ සමග වූවන් නැවෙහි ලැගුම් ගත් විට “අපරාධකාර ජනයාගෙන් අපව මුදවා ගත් අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමිය.” යැයි ඇයැදිවු. තවද (නුඹලා ගොඩට බසින විට) “මාගේ පරමාධිපතියාණනි අභිවෘද්ධිමත් ස්ථානයක මා ගොඩ බස්වනු මැනව! තවද නුඹ නවාතැන් ලබා දෙන්නන් අතුරින් ඉතා ශ්රේෂ්ඨය.’ යැයි ද ඇයැදිවු.” යන්නෙන් ඔහුට වහී පහළ කළෙමු.
30

إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ وَإِن كُنَّا لَمُبْتَلِينَ

සැබැවින්ම මෙහි සංඥාවන් ඇත. තවද සැබැවින්ම අපි (නුඹලාව සදා) පිරික්සන්නන් වන්නෙමු.
31

ثُمَّ أَنشَأْنَا مِن بَعْدِهِمْ قَرْنًا آخَرِينَ

අනතුරුව ඔවුන්ගෙන් පසු අපි තවත් පරම්පරාවක් බිහි කළෙමු.
32

فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًا مِّنْهُمْ أَنِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ

තවද අපි “නුඹලා අල්ලාහ්ට (පමණක්) නැමදුම් කරවු. ඔහු හැර වෙනත් දෙවියෙකු නුඹලාට නැත. නුඹලා (අල්ලාහ්ට) බිය භක්තිමත් නොවන්නෙහු දැ?”යි (පවසා) ඔවුන් අතුරින් වූ රසූල්වරයෙකු ඔවුන් අතරට එව්වෙමු.
33

وَقَالَ الْمَلَأُ مِن قَوْمِهِ الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِلِقَاءِ الْآخِرَةِ وَأَتْرَفْنَاهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا مَا هَـٰذَا إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ

ඔහුගේ ජනයා අතුරින් ප්රතික්ෂේප කළ පරමාන්ත දිනය හමු වීම පිළිබඳව අසත්යය කළ තවද අපි මෙලොව ජීවිතයෙහි සැපවත් ජීවිතක් ලබා දුන් ප්රධානීහු “මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස නැත. කවර දැයින් නුඹලා අනුභව කරන්නේ ද ඒවායින් ඔහු ද අනුභව කරන්නේය. නුඹලා පානය කරන දැයින් ඔහු ද පානය කරන්නේය.” යැයි පැවසූහ.
34

وَلَئِنْ أَطَعْتُم بَشَرًا مِّثْلَكُمْ إِنَّكُمْ إِذًا لَّخَاسِرُونَ

“තවද නුඹලා වැනි මිනිසෙකුට නුඹලා අවනත වූයෙහු නම් එවිට සැබැවින්ම නුඹලා අලාභවන්තයින්මය.”
35

أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنتُمْ تُرَابًا وَعِظَامًا أَنَّكُم مُّخْرَجُونَ

“සැබැවින්ම නුඹලා මරණයට පත් වී දූවිලි හා ඇටකටු බවට පත් වූවායින් පසුවත් නුඹලා (නැවත නැගිට වනු ලැබ) පිට කරනු ලබන්නන් වන බවට ඔහු නුඹලාට ප්රතිඥා දෙන්නේ ද?”
36

هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ

“නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ(දඬුවම) දුරස්ථ විය. දුරස්ථ විය.”
37

إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ

“මෙය අපගේ ලෞකික ජීවිතය මිස නැත. (එහි) අපි මරණයට පත් වන්නෙමු. තවද ජීවත් වන්නෙමු. නමුත් අපි (මරණින් මතු) නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.”
38

إِنْ هُوَ إِلَّا رَجُلٌ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا وَمَا نَحْنُ لَهُ بِمُؤْمِنِينَ

“මොහු අල්ලාහ් කෙරෙහි අසත්යය ගොතන මිනිසෙකු මිස නැත. තවද අපි ඔහුව විශ්වාස කරන්නන් නොවන්නෙමු.” (යැයි ද ඔවුහු පැවසුවෝය.)
39

قَالَ رَبِّ انصُرْنِي بِمَا كَذَّبُونِ

“මාගේ පරමාධිපතියාණනි, ඔවුන් මා අසත්යය කළ හේතුවෙන් මට උදව් කරනු මැනව!” යැයි ඔහු(රසූල්වරයා) පැවසුවේය.
40

قَالَ عَمَّا قَلِيلٍ لَّيُصْبِحُنَّ نَادِمِينَ

“සැබැවින්ම (ප්රතික්ෂේපක) ඔවුන් ස්වල්ප කලකින් (තම ප්රතික්ෂේපය පිළිබඳව) පසුතැවිලි වන්නන් වනු ඇතැ”යි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
41

فَأَخَذَتْهُمُ الصَّيْحَةُ بِالْحَقِّ فَجَعَلْنَاهُمْ غُثَاءً ۚ فَبُعْدًا لِّلْقَوْمِ الظَّالِمِينَ

එබැවින් සත්යවශයෙන්ම මහා හඬ ඔවුන්ව ග්රහණය කළේය. එවිට අපි ඔවුන්ව වියළි ඉපනැලි බවට පත් කළෙමු. එබැවින් අපරාධකාර ජනයා (අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරස්ථය.
42

ثُمَّ أَنشَأْنَا مِن بَعْدِهِمْ قُرُونًا آخَرِينَ

ඉන් පසුව ඔවුන්ගෙන් පසු අපි තවත් පරම්පරාවන් බිහි කළෙමු.
43

مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ

කිසිදු ජන සමූහයක් ඔවුන්ගේ (මරණය සඳහා) නියමිත කාලය පෙරටු නොකරන්නෝය. තවද (එයට) ප්රමාද ද නොවන්නෝය.
44

ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَىٰ ۖ كُلَّ مَا جَاءَ أُمَّةً رَّسُولُهَا كَذَّبُوهُ ۚ فَأَتْبَعْنَا بَعْضَهُم بَعْضًا وَجَعَلْنَاهُمْ أَحَادِيثَ ۚ فَبُعْدًا لِّقَوْمٍ لَّا يُؤْمِنُونَ

පසුව අපි අපගේ රසූල්වරුන් අනුපිළිවෙළින් එව්වෙමු. සමූහයක් වෙත ඔවුන්ගේ රසූල්වරයා පැමිණි සෑම අවස්ථාවකම ඔවුහු ඔහුව අසත්යය කළෝය. එහෙයින් අපි ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට පසුව අනුපිළිවෙළින් (දඬුවම් විඳින්නට) සැලැස්වූයෙමු. තවද අපි ඔවුන්ව (මතු ජනයින් අතර කතා බහට ලක් වන) කථා වස්තූන් බවට පත් කළෙමු. විශ්වාස නොකරන ජනයා (අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරස්ථය.
45

ثُمَّ أَرْسَلْنَا مُوسَىٰ وَأَخَاهُ هَارُونَ بِآيَاتِنَا وَسُلْطَانٍ مُّبِينٍ

පසුව අපි ෆිර්අවුන් හා ඔහුගේ ප්රධානීන් වෙත මූසාව හා ඔහුගේ සහෝදර හාරූන්ව අපගේ වදන් හා පැහැදිලි සාධක සමග යැව්වෙමු. නමුත් ඔවුහු උඩඟු වූවෝය. තවද ඔවුහු ගර්විත පිරිසක් වූවෝය.
46

إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا عَالِينَ

පසුව අපි ෆිර්අවුන් හා ඔහුගේ ප්රධානීන් වෙත මූසාව හා ඔහුගේ සහෝදර හාරූන්ව අපගේ වදන් හා පැහැදිලි සාධක සමග යැව්වෙමු. නමුත් ඔවුහු උඩඟු වූවෝය. තවද ඔවුහු ගර්විත පිරිසක් වූවෝය.
47

فَقَالُوا أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَابِدُونَ

“ඔවුන් දෙදෙනාගේ ජනයා අපට වහලුන්ව සිටිය දී අප වැනි මිනිසුන් දෙදෙනෙකු (වන එම දෙදෙනාවම) අපි (තම රසූල්වරුන් වශයෙන්) විශ්වාස කරන්නෙමු දැ?”යි ඔවුහු පැවසුවෝය.
48

فَكَذَّبُوهُمَا فَكَانُوا مِنَ الْمُهْلَكِينَ

එවිට ඔවුහු ඔවුන් දෙදෙනාව අසත්යය කළෝය. එබැවින් ඔවුහු (දඬුවමින්) විනාශ වන්නන් අතුරින් වූහ.
49

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ لَعَلَّهُمْ يَهْتَدُونَ

පසුව ඔවුන්(ඉස්රාඊල්ගේ දරුවන්) යහමග ලබනු පිණිස සැබැවින්ම අපි මූසාට ධර්ම පුස්තකය පිරිනැමුවෙමු.
50

وَجَعَلْنَا ابْنَ مَرْيَمَ وَأُمَّهُ آيَةً وَآوَيْنَاهُمَا إِلَىٰ رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِينٍ

තවද අපි මර්යම්ගේ පුතණුවන් හා ඔහුගේ මව සංඥාවක් බවට පත් කළෙමු. තවද උල්පත් සහිත වාසයට සුදුසු උස් බිමක අපි ඔවුන් දෙදෙනාට රැකවරණය දුන්නෙමු. 7
7නබි ඊසා තුමාණන් උපත ලද ‘බෙත්ලෙහෙම්’ නගරය පාලනය කළ රජුට මර්යම් තුමිය හා කුඩා දරු නබි ඊසා තුමාණන් සමග වෛරයක් තිබිණ. එබැවින් මර්යම් තුමියට තම දරු නබි ඊසා තුමාණන්ව ආරක්ෂා කිරීමට ආරක්ෂිත ස්ථානයක් කරා යෑමට සිදු විය. පසුව ඇයට වාසය කිරීමට ප්රමාණවත් දිය උල්පතක් අසල පලතුරු ඇති ස්ථානයක් හමු වී ඇය එහි වාසය කළාය. මෙම ස්ථානය කුමක් දැ’යි යන්න ඉතිහාසඥයින් අතර මතභේද පවතී.
51

يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا ۖ إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ

අහෝ රසූල්වරුනි! නුඹලා යහ දැයින් අනුභව කරවු. තවද යහකම් කරවු. සැබැවින්ම මම නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව සර්වඥය.
52

وَإِنَّ هَـٰذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاتَّقُونِ

තවද සැබැවින්ම මෙ(ම ඉස්ලාම)ය එකම දහමක් ලෙස වූ නුඹලාගේ දහමය. තවද මම නුඹලාගේ පරමාධිපතිය. එබැවින් නුඹලා මට (පමණක්) බිය භක්තිමත් වවු.
53

فَتَقَطَّعُوا أَمْرَهُم بَيْنَهُمْ زُبُرًا ۖ كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ

නමුත් ඔවුහු(ප්රතික්ෂේපකයින්) තමන් අතර නොයෙකුත් කණ්ඩායම් ලෙස තම (දහම්) කරුණුහි භේදභින්න වූවෝය. සෑම කණ්ඩායමක්ම ඔවුන් සතු දෑ පිළිබඳව (ගර්විතව) සතුටු වන්නන්ය.
54

فَذَرْهُمْ فِي غَمْرَتِهِمْ حَتَّىٰ حِينٍ

එබැවින් (ඔවුන්ගේ මරණය දක්වා) කාලයකට ඔවුන්ගේ මුළාවෙහිම ඔවුන්ව නුඹ අත හැර දමවු.
55

أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِ مِن مَّالٍ وَبَنِينَ

අප ඔවුනට ධනයෙන් හා දරුවන්ගෙන් පිරිනැමුවේ යහ දැයෙහි ඔවුනට ඉක්මන් කිරීමක් වශයෙන් යැයි ඔවුහු සිතන්නෙහු ද? නැත. ඔවුහු (එහි සත්යතාව) වටහා නොගන්නෝය. 8
8ලොව අවසන් දිනය විශ්වාස නොකළ ධනවත් ප්රතික්ෂේපකයින් තමන් යහමගෙහි හෙයින් අල්ලාහ් අපට මෙවන් දායාදයක් පිරිනමා ඇත යැයි ද එසේ ලොව අවසානයක් ඇත්නම් අප එහි දී පවා ජය ලබනු ඇත යැයි ද පවසන්නට වූහ. මෙම විශ්වාසය අසත්යය යැයි මෙම වැකියෙන් පෙන්වා දෙයි. මන්දයත් මිනිසාට අත් වන සියලු තත්ත්වයන් ඔවුන්ට පිරික්සුමක් වන හෙයින්ය. ලෞකික සම්පත් ඕනෑම මිනිසෙකුට අල්ලාහ් පිරිනමන අතර ඒවා ලැබීම තමන් දැහැමියන් යන අරුත නොවේ.
56

نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ ۚ بَل لَّا يَشْعُرُونَ

අප ඔවුනට ධනයෙන් හා දරුවන්ගෙන් පිරිනැමුවේ යහ දැයෙහි ඔවුනට ඉක්මන් කිරීමක් වශයෙන් යැයි ඔවුහු සිතන්නෙහු ද? නැත. ඔවුහු (එහි සත්යතාව) වටහා නොගන්නෝය. 8
57

إِنَّ الَّذِينَ هُم مِّنْ خَشْيَةِ رَبِّهِم مُّشْفِقُونَ

සැබැවින්ම තම පරමාධිපති කෙරෙහි වූ බියෙන් තැති ගනිමින් සිටින
58

وَالَّذِينَ هُم بِآيَاتِ رَبِّهِمْ يُؤْمِنُونَ

තවද තම පරමාධිපතිගේ වදන් විශ්වාස කරන
59

وَالَّذِينَ هُم بِرَبِّهِمْ لَا يُشْرِكُونَ

තවද තම පරමාධිපතිට (අන් දෑ) ආදේශ නොතබන
60

وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوا وَّقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَىٰ رَبِّهِمْ رَاجِعُونَ

තවද සැබැවින්ම තම පරමාධිපති වෙතට නැවත යොමු වන්නන් බවට තම හදවත් බියට පත්ව ඔවුනට පිරිනැමූ දෙයින් පිරිනමනවුන් නම් 9
9‘ඔවුනට පිරිනැමූ දෙයින් පිරිනමනවුන්’ යන අල් කුර්ආන් පාඨයේ ඍජූ අරුත දන්දීම පිළිබඳව වුව ද අරාබි වාග් චාතූර්යයට අනුව මෙම වැකියට සියලු යහක්රියා අන්තර්ගත වේ. තවද සැබෑ විශ්වාසිකයින් තමන්ගේ යහ ක්රියා හේතුවෙන් ආඩම්බරයට පත් නොවනු ඇත යැයි ද මෙම වැකියෙන් අදහස් වී ඇත.
61

أُولَـٰئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ

ඔවුහුමය යහකම්හි (තරඟ වදිමින්) යුහුසුලු වන්නෝ. තවද ඔවුහු එයට ප්රමුඛ වන්නන් වෙති.
62

وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَلَدَيْنَا كِتَابٌ يَنطِقُ بِالْحَقِّ ۚ وَهُمْ لَا يُظْلَمُونَ

තවද කිසිදු ආත්මයකට එහි ශක්තියට අනුව මිස (කිසිවක්) අපි නොපවරන්නෙමු. (ඔවුන්ගේ ක්රියා පිළිබඳව) සත්යය කතා කරන පුස්තකයක් 10 අප හමුවේ ඇත. තවද ඔවුහු අපාරධ කරනු නොලබන්නෝය.
10මෙහි පුස්තකය යනු මිනිසාගේ යහ අයහ ක්රියාවන් සටහන් කරනු ලබන ක්රියා ලේඛනයයි.
63

بَلْ قُلُوبُهُمْ فِي غَمْرَةٍ مِّنْ هَـٰذَا وَلَهُمْ أَعْمَالٌ مِّن دُونِ ذَٰلِكَ هُمْ لَهَا عَامِلُونَ

නමුත් (ප්රතික්ෂේපක) ඔවුන්ගේ හදවත් මේ (පුස්තකය) පිළිබඳව අඥානයෙහි ය. තවද ඔවුනට මේවා නොවන වෙනත් (පාප) ක්රියාවන් ද ඇත. ඔවුහු ඒවා ක්රියා කරන්නන්ය. 11
11එනම් පාපතරයින්ගේ පාපයන් යනු ඒක දේවත්වය ප්රතික්ෂේප කිරීම හා විනිශ්චය දිනය ප්රතික්ෂේප කිරීම පමණක් නොවන බව මෙහි අදහසයි.
64

حَتَّىٰ إِذَا أَخَذْنَا مُتْرَفِيهِم بِالْعَذَابِ إِذَا هُمْ يَجْأَرُونَ

(එසේ ඔවුන් ක්රියා කරන්නේ) අපි ඔවුන්ගේ පොහොසතුන්ව දඬුවමින් ග්රහණය කරන තෙක්ය. එවිට ඔවුහු විලාප නගන්නෝය.
65

لَا تَجْأَرُوا الْيَوْمَ ۖ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ

(එවිට) “අද දින නුඹලා විලාප නොදෙවු. (මන්දයත්) නුඹලා අපගෙන් (මිදීමට) උදව් නොලබන්නෙහුමය.
66

قَدْ كَانَتْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُمْ عَلَىٰ أَعْقَابِكُمْ تَنكِصُونَ

සැබැවින්ම මාගේ වදන් නුඹලා වෙත පාරායනා කරනු ලැබීය. නමුත් නුඹලා (පිටුපා) නුඹලාගේ විළුඹු මත හැරී යන්නන්ව සිටියෙහුය.
67

مُسْتَكْبِرِينَ بِهِ سَامِرًا تَهْجُرُونَ

එය පිළිබඳව 12 උඩඟු වූවන් ලෙස (අල් කුර්ආනය පිළිබඳව) රාත්රියෙහි කතා කරමින් දොස් නගමින්( සිටියෙහු)ය.” (යැයි ඔවුනට පවසනු ලැබේ.)
12ප්රතික්ෂේපකයින් මක්කා නගරයෙහි පිහිටි ‘බයිතුල් හරම්’ නැමැති මස්ජිදය තමන් භාරයේ පැවති හෙයින් මහත් ආඩම්බරයෙන් පසු වූහ. තවද ඔවුහු රාත්රියෙහි එහි රැස් වී අල් කුර්ආනය පිළිබඳව දොස් පවසමින් සිටියෝය.
68

أَفَلَمْ يَدَّبَّرُوا الْقَوْلَ أَمْ جَاءَهُم مَّا لَمْ يَأْتِ آبَاءَهُمُ الْأَوَّلِينَ

(අල්ලාහ්ගේ) වදන ඔවුන් අවබෝධයට නොගත්තේ ද? එසේ නොමැති නම් පෙර විසූ ඔවුන්ගේ මුතුන්මිත්තන්ට නොපැමිණි දෑ ඔවුන් වෙත පැමිණියේ ද? 13
13ඉස්ලාම් දහම නබි මුහම්මද් තුමාණන්ගෙන් ප්රාරම්භ වූවක් නොවේ. මෙම දහම අල්ලාහ් විවිධ නබිවරුන්ට කාලයාගේ ඇවෑමට අනුව පහළ කොට ඇත. එබැවින් නබි මුහම්මද් තුමාණන් මෙම පණිවිඩයම රැගෙන ආ අවසාන නබිවරයාය.
69

أَمْ لَمْ يَعْرِفُوا رَسُولَهُمْ فَهُمْ لَهُ مُنكِرُونَ

එසේ නොමැති නම් ඔවුහු ඔවුන්ගේ රසූල්වරයාව නොහඳුනන්නෝ ද? (මෙලෙසය) ඔවුහු ඔහුව ප්රතික්ෂේප කරනුයේ.
70

أَمْ يَقُولُونَ بِهِ جِنَّةٌ ۚ بَلْ جَاءَهُم بِالْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَارِهُونَ

එසේ නොමැති නම් ඔහු තුළ උමතුවක් ඇතැයි ඔවුහු පවසන්නෝ ද? නැත. ඔහු ඔවුන් වෙත සත්යය (අල් කුර්ආනය) ගෙන ආවේය. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනා සත්යය පිළිකුල් කරන්නන්ය.
71

وَلَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءَهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ وَمَن فِيهِنَّ ۚ بَلْ أَتَيْنَاهُم بِذِكْرِهِمْ فَهُمْ عَن ذِكْرِهِم مُّعْرِضُونَ

සත්යය (අල් කුර්ආනය) ඔවුන්ගේ ආශාවන් 14 අනුව වූයේ නම් අහස් හා මිහිතලය ද එහි සිටින්නන් ද අක්රමික වනු ඇත. එසේ නොව ඔවුන්ගේ (පැසසුම අඩංගු අල් කුර්ආනය නැමැති) උපදෙස 15 අපි ඔවුනට පිරිනැමුවෙමු. නමුත් ඔවුහු ඔවුන්ගේ උපදෙසෙන් වැළකෙන්නන්ය.
14මෙහි ඔවුන් යනු මිථ්යා දෙවිවරුන් වේ.
15මෙහි පැසසුම වනාහි සැබෑ නබිවරුන් පිළිබඳව අල් කුර්ආනයේ සඳහන් පැසසුම් වේ.
72

أَمْ تَسْأَلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَيْرٌ ۖ وَهُوَ خَيْرُ الرَّازِقِينَ

නැතහොත් (නබිවරය,) ඔවුන්ගෙන් වේතනයක් නුඹ ඉල්ලා සිටියෙහි ද? එසේ නම් නුඹගේ පරමාධිපතිගේ වේතනය ශ්රේෂ්ඨය. තවද ඔහු පෝෂණය කරන්නන්ගෙන් ශ්රේෂ්ඨය.
73

وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ

තවද සැබැවින්ම නුඹ ඔවුන්ව ඍජු මාර්ගය වෙත කැදවන්නෙහි ය.
74

وَإِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ عَنِ الصِّرَاطِ لَنَاكِبُونَ

තවද සැබැවින්ම පරමාන්ත දිනය විශ්වාස නොකරනවුන් එම මාර්ගයෙන් හැරෙන්නන්මය.
75

وَلَوْ رَحِمْنَاهُمْ وَكَشَفْنَا مَا بِهِم مِّن ضُرٍّ لَّلَجُّوا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ

අපි ඔවුනට දයාව පෙන්වා ඔවුනට (ඇති) වූ දුෂ්කරතාවය 16 අපි ඉවත් කළේ නම් ඔවුන්ගේ මුළාවෙහිම ඔවුන් ව්යාකූලව ගිලී සිටිනු ඇත.
16නබි මුහම්මද් තුමාණන් නබිවරයෙකු ලෙස පහළ වීමෙන් පසුව වර්ෂ කිහිපයක් තිස්සේ දිගින් දිගටම මක්කා දේශය වෙළා ගෙන පැවති ඉඩෝරය පිළිබඳව මෙහි සඳහන් කෙරේ.
76

وَلَقَدْ أَخَذْنَاهُم بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ

තවද සැබැවින්ම අපි ඔවුන්ව දඬුවමින් ග්රහණය කළෙමු. නමුත් ඔවුහු තම පරමාධිපතිට යටත් නොවූවෝය. තවද ඔවුන් බැගෑපත් වී නොඇයැදියෝය. 17
17වතාවක් මක්කා වැසියන් දරුණු ඉඩෝරයකට මුහුණ දුන්නෝය. මෙම ඉඩෝරය ඉවත් කිරීමට අල්ලාහ්ගෙන් අයැද සිටින මෙන් නබි මුහම්මද් තුමාණන්ගෙන් ඔවුහු ඉල්ලා සිටියෝය. එසේ ඉවත් වූයේ නම් තමන් ඉස්ලාමය වැලඳ ගන්නා බව ද පැවසුවෝය. පසුව නබි මුහම්මද් තුමාණන් අල්ලාහ්ගෙන් අයැද සිට ඉඩෝරය ඉවත් වූ විට දී ඔවුහු කළ පොරොන්දුව කඩ කළෝය.
77

حَتَّىٰ إِذَا فَتَحْنَا عَلَيْهِم بَابًا ذَا عَذَابٍ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ

කෙතරම්දයත් දැඩි දඬුවමින් යුත් දොරටුව අපි ඔවුන් වෙත විවෘත කළ විට එසැණින් ඔවුහු එහි අපේක්ෂා සුන් වූවන් බවට පත්වන්නෝය.
78

وَهُوَ الَّذِي أَنشَأَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَّا تَشْكُرُونَ

නුඹලාට ශ්රවණ ද දෘෂ්ටි ද හදවත් ද බිහි කළේ ඔහුමය. නුඹලා (අල්ලාහ්ට) කෘතවේදී වනුයේ ඉතා ස්වල්පයකි.
79

وَهُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ

තවද නුඹලාව මිහිතලයෙහි ව්යාප්ත කළේ ඔහුමය. තවද නුඹලාව (මරණින් මතු) එක් රැස් කරනු ලබනුයේ ඔහු වෙතමය.
80

وَهُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ وَلَهُ اخْتِلَافُ اللَّيْلِ وَالنَّهَارِ ۚ أَفَلَا تَعْقِلُونَ

ජීවය ලබා දෙන්නේ ද මරණයට පත් කරන්නේ ද ඔහුමය. රාත්රිය හා දහවලෙහි පරස්පරානු ගමන ද ඔහු සතුය. එබැවින් නුඹලා (ඒ ගැන) වටහා නොගන්නෙහු ද?
81

بَلْ قَالُوا مِثْلَ مَا قَالَ الْأَوَّلُونَ

නැත. පැරැන්නන් පැවසූ දෑ මෙන් ඔවුහු ද පැවසුවෝය.
82

قَالُوا أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ

“අප මරණයට පත් වී දූවිලි හා ඇටකටු බවට පත් වූවායින් පසුවත් සැබැවින්ම අපි (මළවුන්) නැගිටුවනු ලබන්නන් වන්නෙමු දැ?”යි ඔවුහු පැවසුවෝය.
83

لَقَدْ وُعِدْنَا نَحْنُ وَآبَاؤُنَا هَـٰذَا مِن قَبْلُ إِنْ هَـٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ

අපට ද අපට පෙර අපගේ මුතුන් මිත්තන්ට ද මේ පිළිබඳව ප්රතිඥා දෙනු ලැබීය. මේවා පැරැන්නන්ගේ (මිථ්යා) ප්රබන්ධ මිස නැත.
84

قُل لِّمَنِ الْأَرْضُ وَمَن فِيهَا إِن كُنتُمْ تَعْلَمُونَ

(නබිවරය) “නුඹලා දැන සිටියෙහු නම් මිහිතලය ද එහි ඇති අය ද සතු වන්නේ කවරෙකුට දැ?යි විමසවු.
85

سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَذَكَّرُونَ

“අල්ලාහ් සතුය” යැයි ඔවුන් පවසනු ඇත. “එසේ නම් නුඹලා මෙනෙහි නොකරන්නෙහු දැ?”යි විමසවු.
86

قُلْ مَن رَّبُّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبُّ الْعَرْشِ الْعَظِيمِ

“අහස් සතෙහි පරමාධිපති හා මහත් වූ අර්ෂ්හි පරමාධිපති කවුරුන් දැ?”යි විමසවු.
87

سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَتَّقُونَ

“(මේවා සියල්ල සතු වන්නේ) අල්ලාහ්ට” යැයි ඔවුහු පවසනු ඇත. “එසේ නම් නුඹලා බිය භක්තිමත් නොවන්නෙහු දැ?”යි විමසවු.
88

قُلْ مَن بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِن كُنتُمْ تَعْلَمُونَ

“නුඹලා දැන සිටින්නෙහු නම් ඔහු(අල්ලාහ්) ආරක්ෂා කරන්නෙකුව හා ඔහුව ඉක්මවා ආරක්ෂාව (කිසිවෙකුට) සැපයිය නොහැකිව සිටිය දී සියලු දෑහි ආධිපත්යය කවරෙකු සතු වන්නේ දැ?යි විමසවු.
89

سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ فَأَنَّىٰ تُسْحَرُونَ

“අල්ලාහ් සතුය” යැයි ඔවුහු පවසනු ඇත. “එසේ නම් නුඹලා (සත්යයෙන්) රවටනු ලැබුයේ කෙසේ දැ?”යි විමසවු.
90

بَلْ أَتَيْنَاهُم بِالْحَقِّ وَإِنَّهُمْ لَكَاذِبُونَ

නමුත් අපි ඔවුන් වෙත සත්යය ගෙන ආවෙමු. එහෙත් සැබැවින්ම ඔවුහු (ඒ පිළිබඳව) අසත්යය පවසන්නෝය.
91

مَا اتَّخَذَ اللَّهُ مِن وَلَدٍ وَمَا كَانَ مَعَهُ مِنْ إِلَـٰهٍ ۚ إِذًا لَّذَهَبَ كُلُّ إِلَـٰهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ

අල්ලාහ් පුතෙකු නොගත්තේය. තවද ඔහු සමග (කිසිදු) දෙවියෙකු ද නොවීය. එසේනම් සෑම දෙවියෙකුම තමන් මැවූ දෑ රැගෙන යනු ඇත. තවද ඔවුන්ගෙන් සමහරෙකු සමහරෙකුට වඩා ආක්රමණශීලී වනු ඇත. ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.
92

عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

(ඔහු) ගුප්ත දෑ ද දෘශ්යමාන දෑ ද මැනවින් දන්නාය. තවද ඔවුන් ආදේශ තබන දැයින් ඔහු උත්තරීතරය.
93

قُل رَّبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ

(නබිවරය) “මාගේ පරමාධිපතියාණනි, ඔවුනට (දඬුවම පිළිබඳව) ප්රතිඥා දෙනු ලබන දෑ ඔබ මා වෙත පෙන්වන්නේ නම් එවිට මාගේ පරමාධිපතියාණනි, අපරාධකාර ජනයා අතරෙහි මා පත් නොකරනු මැනව.” යැයි පවසවු.
94

رَبِّ فَلَا تَجْعَلْنِي فِي الْقَوْمِ الظَّالِمِينَ

(නබිවරය) “මාගේ පරමාධිපතියාණනි, ඔවුනට (දඬුවම පිළිබඳව) ප්රතිඥා දෙනු ලබන දෑ ඔබ මා වෙත පෙන්වන්නේ නම් එවිට මාගේ පරමාධිපතියාණනි, අපරාධකාර ජනයා අතරෙහි මා පත් නොකරනු මැනව.” යැයි පවසවු.
95

وَإِنَّا عَلَىٰ أَن نُّرِيَكَ مَا نَعِدُهُمْ لَقَادِرُونَ

තවද සැබැවින්ම අපි ඔවුනට ප්රතිඥා දුන් දැය නුඹට පෙන්වන්නට ශක්තිය ඇත්තන්මය.
96

ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ ۚ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ

කුමන දෙයක් වඩා යහපත් වන්නේ ද එමගින් අයහපත ඉවත් කරවු. ඔවුන් වර්ණනා කරන දෑ පිළිබඳව අප මැනවින් දන්නෙමු.
97

وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ

තවද “මාගේ පරමාධිපතියාණනි, ෂෙයිතානුන්ගේ පෙලඹවීම් වලින් මා ඔබගෙන් ආරක්ෂාව පතමි. තවද මාගේ පරමාධිපතියාණනි, උන් මා වෙත පැමිණීමෙන් ද මා ඔබගෙන් ආරක්ෂාව පතමි.” යැයි (නබිවරය) පවසවු.
98

وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحْضُرُونِ

තවද “මාගේ පරමාධිපතියාණනි, ෂෙයිතානුන්ගේ පෙලඹවීම් වලින් මා ඔබගෙන් ආරක්ෂාව පතමි. තවද මාගේ පරමාධිපතියාණනි, උන් මා වෙත පැමිණීමෙන් ද මා ඔබගෙන් ආරක්ෂාව පතමි.” යැයි (නබිවරය) පවසවු.
99

حَتَّىٰ إِذَا جَاءَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ

(ප්රතික්ෂේපක) ඔවුන්ගෙන් කෙනෙකුට මරණය පැමිණි කල්හි “(එවිට) මාගේ පරමාධිපතියාණනි, මා අත හැර පැමිණි දෑහි යහකම් කිරීමට හැකි වනු පිණිස මා නැවත (ලොවට) යවනු මැනව!” යැයි ඔහු පවසනු ඇත. එසේ නොවනු ඇත. සැබැවින්ම එය ඔහු පවසන (පුහු) වදනක් පමණි. නමුත් (මරණින් පසු) ඔවුනට ඉදිරියෙන් (මළවුන්) නැවත නැගිටුවනු ලබන දින තෙක් (ලොවට නැවත පැමිණිය නොහැකි) බාධකයක් ඇත. 18
18‘බාධකයක්’ යන පදයේ අරාබි අරුත ‘බර්zසක්’ යන පදයයි. මෙහි වචනාර්ථය බාධකය යනුවෙන් හඳුන්වනු ලැබුව ද මෙම වැකියට අනුව අරුත නම් කෙනෙකුගේ මරණය හා විනිශ්චය දිනය අතර කාලයයි. මෙම වැකියෙන් පැහැදිලි කරන්නේ පාපතරයින් තම මරණයෙන් පසු නැවත මෙලොවට පැමිණීමට ප්රිය කරන බවයි. එහෙත් මෙම ‘බර්zසක්’ නැමැති තත්ත්වයට පැමිණිමෙන් පසු නැවත ලොවට පැමිණීමට කිසිදු හැකියාවක් නොමැත.
100

لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ ۚ كَلَّا ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا ۖ وَمِن وَرَائِهِم بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

(ප්රතික්ෂේපක) ඔවුන්ගෙන් කෙනෙකුට මරණය පැමිණි කල්හි “(එවිට) මාගේ පරමාධිපතියාණනි, මා අත හැර පැමිණි දෑහි යහකම් කිරීමට හැකි වනු පිණිස මා නැවත (ලොවට) යවනු මැනව!” යැයි ඔහු පවසනු ඇත. එසේ නොවනු ඇත. සැබැවින්ම එය ඔහු පවසන (පුහු) වදනක් පමණි. නමුත් (මරණින් පසු) ඔවුනට ඉදිරියෙන් (මළවුන්) නැවත නැගිටුවනු ලබන දින තෙක් (ලොවට නැවත පැමිණිය නොහැකි) බාධකයක් ඇත. 18
101

فَإِذَا نُفِخَ فِي الصُّورِ فَلَا أَنسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَاءَلُونَ

(පරමාන්ත දිනය සඳහා) සූර් පිඹිනු ලැබූ විට එදින ඔවුන් අතර ඥාති සබඳතාවන් නොමැත. තවද ඔවුහු එකිනෙකා (තොරතුරු) විමසා නොගන්නෝය. 19
19දුක සැප විමසා ගැනීම සමීප ඥාතීන් අතර ඇති සාමාන්යය පුරුද්දකි. එහෙත් විනිශ්චය දිනයේ ඇති ව්යාකූල තත්ත්වය හේතුවෙන් සියල්ලන් තමා ගැන පමණක් කල්පනා කිරීම මිස අන් අය පිළිබඳව විමසා ගැනීමට සිතුවිල්ලක් පවා ඇති වන්නේ නැත.
102

فَمَن ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ

එබැවින් කවරෙකුගේ තුලාව (යහ ක්රියා මගින්) බරින් වැඩි වූයේ ද එවිට ඔවුන්මය ජයග්රාහකයින් වන්නේ.
103

وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَـٰئِكَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فِي جَهَنَّمَ خَالِدُونَ

තවද කවරෙකුගේ තුලාව බරින් සැහැල්ලු වූයේ ද ඔවුන්මය තම ආත්මාවන්ට අලාභහානි කර ගත් නිරයේ සදාතනිකයින් වන්නේ.
104

تَلْفَحُ وُجُوهَهُمُ النَّارُ وَهُمْ فِيهَا كَالِحُونَ

(නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු දවාලනු ඇත. තවද ඔවුහු එහි තොල් විකෘති වූවන් වෙති.
105

أَلَمْ تَكُنْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُم بِهَا تُكَذِّبُونَ

“මාගේ වදන් නුඹලා වෙත පාරායනා කරනු නොලැබුවේ ද? නුඹලා එය අසත්යය කරමින් නොසිටියෙහු ද?”(යැයි ඔවුනට පවසනු ලැබේ.
106

قَالُوا رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًا ضَالِّينَ

(එවිට) “අපගේ පරමාධිපතියාණනි, අපගේ අභාග්යවන්තකම අපව ඉක්මවා ගොස් ඇත. තවද අපි නොමග ගිය පිරිසක් වූයෙමු. අපගේ පරමාධිපතියාණනි, එයින්(නිරයෙන්) අපව බැහැර කරනු මැනව. පසුව අප (ප්රතික්ෂේපය වෙත) නැවත හැරී ගියේ නම් සැබැවින්ම අපි (සැබෑ) අපරාධකරුවන් වන්නෙමු.” යැයි ඔවුහු පවසති.
107

رَبَّنَا أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَالِمُونَ

(එවිට) “අපගේ පරමාධිපතියාණනි, අපගේ අභාග්යවන්තකම අපව ඉක්මවා ගොස් ඇත. තවද අපි නොමග ගිය පිරිසක් වූයෙමු. අපගේ පරමාධිපතියාණනි, එයින්(නිරයෙන්) අපව බැහැර කරනු මැනව. පසුව අප (ප්රතික්ෂේපය වෙත) නැවත හැරී ගියේ නම් සැබැවින්ම අපි (සැබෑ) අපරාධකරුවන් වන්නෙමු.” යැයි ඔවුහු පවසති.
108

قَالَ اخْسَئُوا فِيهَا وَلَا تُكَلِّمُونِ

“නුඹලා එහිම නින්දිත වවු. තවද නුඹලා මා සමග කතා නොකරවු.” යැයි ඔහු පවසයි.
109

إِنَّهُ كَانَ فَرِيقٌ مِّنْ عِبَادِي يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَأَنتَ خَيْرُ الرَّاحِمِينَ

මාගේ ගැත්තන් අතුරින් “අපගේ පරමාධිපතියාණනි, අපි විශ්වාස කළෙමු. එබැවින් අපට පාප ක්ෂමාව දෙනු මැනව! තවද අපට කරුණාව දක්වනු මැනව! තවද නුඹ කරුණාවන්තයින්ගෙන් අති ශ්රේෂ්ඨය.” යැයි පවසන පිරිසක් සිටියේය.
110

فَاتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّىٰ أَنسَوْكُمْ ذِكْرِي وَكُنتُم مِّنْهُمْ تَضْحَكُونَ

“එහෙත් මා සිහිපත් කිරීම ඔවුන් නුඹලාට අමතක කරවන තෙක් 20 නුඹලා ඔවුන්ව සරදමට ගත්තෙහුය. තවද නුඹලා ඔවුන් පිළිබඳව (සමච්චලයට) සිනහවෙමින් සිටියෝය.”
20මෙම ආයතයෙහි අදහස නම් ප්රතික්ෂේපකයින් මුඃමින්වරුන්ව සමච්චලයට ගනිමින් කාලය ගත කළ හේතුවෙන් ඔවුන්ට පරමාධිපති අල්ලාහ්ව සිහිපත් කිරීම අමතක විය. එබැවින් ප්රතික්ෂේපකයින්ට අල්ලාහ්ව සිහිපත් කිරීම අමතක වීමට හේතු වූයේ මුඃමින්වරුන් හෙයින් අල්ලාහ් මෙම ආයතයෙහි මුඃමින්වරුන් ප්රතික්ෂේපකයින්ට අල්ලාහ්ව සිහිපත් කිරීම අමතක කර වූ බව සඳහන් කොට ඇත.
111

إِنِّي جَزَيْتُهُمُ الْيَوْمَ بِمَا صَبَرُوا أَنَّهُمْ هُمُ الْفَائِزُونَ

“ඔවුන් ඉවසා සිටි හේතුවෙන් සැබැවින්ම මම අද දින ඔවුනට ප්රතිඵල පිරිනමන්නෙමි. ඔවුන්මය ජයග්රාහකයින් වන්නේ.” (යැයි ඔවුනට ඔහු පවසයි.)
112

قَالَ كَمْ لَبِثْتُمْ فِي الْأَرْضِ عَدَدَ سِنِينَ

කොපමණ වසර ගණනාවක් මිහිතලයේ නුඹලා රැඳී සිටියෙහු දැ?යි ඔහු විමසයි.
113

قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ فَاسْأَلِ الْعَادِّينَ

අපි දිනක් හෝ දිනකින් ස්වල්ප(කාල)යක් රැඳී සිටියෙමු. එබැවින් ගණන් කරන්නන්ගෙන් 21 විමසවු.-
21මෙහි ගණන් කරන්නන් යනු මිනිසුන්ගේ යහ අයහ ක්රියා සටහන් කරන මලක්වරුන්ය.
114

قَالَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًا ۖ لَّوْ أَنَّكُمْ كُنتُمْ تَعْلَمُونَ

නුඹලා ස්වල්ප(කාල)යක් මිස රැඳී නොසිටියෙහුය. (මේ පිළිබඳව) නුඹලා දැන සිටියා නම් යැයි ඔහු පවසයි.
115

أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ

‘අපි නුඹලාව නිෂ්ඵල ලෙසින් මවා ඇත්තෙමු’ යැයි ද ‘නුඹලා අප වෙත නැවත නොපැමිණෙනු ඇතැ’යි ද නුඹලා සිතන්නෙහු ද?
116

فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ۖ لَا إِلَـٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْكَرِيمِ

තවද සත්යය අධිපති වන අල්ලාහ් අති උත්තරීතරය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. (ඔහු) ගෞරවනීය අර්ෂ්හි පරමාධිපතිය.
117

وَمَن يَدْعُ مَعَ اللَّهِ إِلَـٰهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِندَ رَبِّهِ ۚ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ

තවද කවරෙකු තමන්ට කිසිදු සාධකයක් නොමැති වෙනත් දෙවියෙකු අල්ලාහ් සමග අයැදින්නේ ද සැබැවින්ම ඔහුගේ විනිශ්චය ඔහුගේ පරමාධිපති අබියසමය. සැබැවින්ම ප්රතික්ෂේපකයින් ජයග්රහණයට පත් නොවන්නේය.
118

وَقُل رَّبِّ اغْفِرْ وَارْحَمْ وَأَنتَ خَيْرُ الرَّاحِمِينَ

තවද “(නබිවරය,) මාගේ පරමාධිපතියාණනි, (මා හට) පාප ක්ෂමාව පිරිනමනු මැනව! තවද කරුණාව දක්වනු මැනව! තවද නුඹ කරුණාවන්තයින්ගෙන් අති ශ්රේෂ්ඨය.” යැයි පවසවු.