පාරා 17

ඉක්තරබ

381 පද්‍ය
📖පාරා

පාරා 17

ඉක්තරබ381 පද්‍ය

الكهفමක්කී
75

قَالَ أَلَمْ أَقُل لَّكَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِيَ صَبْرًا

“සැබැවින්ම නුඹ මා සමග ඉවසීමෙන් සිටිය නොහැක්කේම යැයි මා නුඹට නොපැවසුවෙම් දැ?”යි ඔහු පැවසුවේය.
76

قَالَ إِن سَأَلْتُكَ عَن شَيْءٍ بَعْدَهَا فَلَا تُصَاحِبْنِي ۖ قَدْ بَلَغْتَ مِن لَّدُنِّي عُذْرًا

“මින් පසු මා යමක් නුඹෙන් විමසා සිටියෙහි නම් නුඹ මා සමග සම්බන්ධකම් නොපවත්වවු. නුඹ නිදහසට කරුණක් මාගෙන් ලබා ගත්තෙහි යැ”යි ඔහු(මූසා) පැවසුවේය.
77

فَانطَلَقَا حَتَّىٰ إِذَا أَتَيَا أَهْلَ قَرْيَةٍ اسْتَطْعَمَا أَهْلَهَا فَأَبَوْا أَن يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارًا يُرِيدُ أَن يَنقَضَّ فَأَقَامَهُ ۖ قَالَ لَوْ شِئْتَ لَاتَّخَذْتَ عَلَيْهِ أَجْرًا

පසුව ඔවුන් දෙදෙනා (එක්තරා) ගමක වැසියන් වෙත පැමිණ එහි වැසියන්ගෙන් ආහාර පතන තෙක් ඔවුන් දෙදෙනා (නැවතත්) ගමන් කළෝය. එ(සේ ඔවුන්ගෙන් ආහාර පැතූ )විට ඔවුන් දෙදෙනාට සංග්රහ කිරීමට ඔවුහු ප්රතික්ෂේප කළෝය. එවිට ඔවුන් දෙදෙනා එහි කඩා වැටෙන්නට තිබෙන තාප්පයක් දුටුවෝය. එබැවින් ඔහු එය (කෙළින් ) සැකසුවේය. (එයට) ඔහු(මූසා) “නුඹ අභිමත කළේ නම් මේ වෙනුවෙන් කුලියක් ලබා ගන්නට තිබුණෙහි යැ”යි පැවසුවේය.
78

قَالَ هَـٰذَا فِرَاقُ بَيْنِي وَبَيْنِكَ ۚ سَأُنَبِّئُكَ بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِع عَّلَيْهِ صَبْرًا

“මෙය මා අතර හා නුඹ අතර වෙන්වීමයි. නුඹට කවර දෙයක් කෙරෙහි ඉවසීමෙන් සිටිය නොහැකි වූයේ ද එහි විවරණය මා නුඹට දන්වන්නෙමි.”යැයි ඔහු පැවසුවේය.
79

أَمَّا السَّفِينَةُ فَكَانَتْ لِمَسَاكِينَ يَعْمَلُونَ فِي الْبَحْرِ فَأَرَدتُّ أَنْ أَعِيبَهَا وَكَانَ وَرَاءَهُم مَّلِكٌ يَأْخُذُ كُلَّ سَفِينَةٍ غَصْبًا

“(එම) නැව පිළිබඳව (සඳහන් කරන්නේ) නම් එය මුහුදෙහි සේවය කරමින් සිටින දිළින්ඳන් සතු වූවක් විය. ඔවුනට ඉදිරිපසින් (අඩු පාඩුවක් නොමැති) සෑම නැවක්ම බලහත්කාරයෙන් (පැහැර) ගන්නා රජෙකු (එගොඩින්) විය. එබැවින් එය මම පළුදු කිරීමට අපේක්ෂා කළෙමි.
80

وَأَمَّا الْغُلَامُ فَكَانَ أَبَوَاهُ مُؤْمِنَيْنِ فَخَشِينَا أَن يُرْهِقَهُمَا طُغْيَانًا وَكُفْرًا

තවද (එම) කොලුවා පිළිබඳව (සඳහන් කරන්නේ) නම්, ඔහුගේ දෙමාපියන් විශ්වාසිකයින් දෙදෙනෙකු වූහ. එබැවින් ඔහු මොවුන් දෙදෙනාව සීමාව ඉක්මවා යෑමට හා ප්රතික්ෂේපය කරවීමට බලපෑම් ඇති කරනු ඇතැ’යි අපි බිය වූයෙමු.
81

فَأَرَدْنَا أَن يُبْدِلَهُمَا رَبُّهُمَا خَيْرًا مِّنْهُ زَكَاةً وَأَقْرَبَ رُحْمًا

තවද ඔවුන් දෙදෙනාගේ පරමාධිපති ඔහුට වඩා පිවිතුරින් ශ්රේෂ්ඨ හා දයාවෙන් ඉතා සමීප වූ කෙනෙකුව ඔවුන් දෙදෙනාට (ඔහු වෙනුවට) පරිවර්තනය කර දෙනු ඇතැයි අපි අපේක්ෂා කළෙමු.
82

وَأَمَّا الْجِدَارُ فَكَانَ لِغُلَامَيْنِ يَتِيمَيْنِ فِي الْمَدِينَةِ وَكَانَ تَحْتَهُ كَنزٌ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَالِحًا فَأَرَادَ رَبُّكَ أَن يَبْلُغَا أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنزَهُمَا رَحْمَةً مِّن رَّبِّكَ ۚ وَمَا فَعَلْتُهُ عَنْ أَمْرِي ۚ ذَٰلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِع عَّلَيْهِ صَبْرًا

තවද (එම) තාප්පය පිළිබඳව (සඳහන් කරන්නේ) නම් එ(ම තාප්ප)ය නගරයෙහි අනාථ දරුවන් දෙදෙනෙකු සතු වූවකි. තවද එයට යටින් ඔවුන් දෙදෙනා සතු නිධානයක් විය. තවද ඔවුන් දෙදෙනාගේ පියා දැහැමියෙකු විය. එබැවින් (ඔවුන් කෙරෙහි) නුඹගේ පරමාධිපතිගෙන් වූ දයාවක් වශයෙන් ඔවුන් දෙදෙනා මේරූ වයස ඉක්මවීමට ද (ඉන් පසුව) ඔවුන් දෙදෙනාගේ නිධානය පිට කරවන්නට ද නුඹගේ පරමාධිපති අපේක්ෂා කළේය. තවද මේවා මාගේ කැමැත්ත අනුව මම නොකළෙමි. මෙය නුඹට කවර දෙයක් කෙරෙහි ඉවසීමෙන් සිටිය නොහැකි වූයේ ද එහි විවරණයයි. 15
15මෙම සිදුවීමෙන් අප පැහැදිලි කර ගත යුතු කරුණක් ඇත. එනම් ඉස්ලාමයට අනුව කිසිවෙකුට කුමන හේතුවකින් හෝ අන් අයගේ දේපළ හානි කිරීමට හා මිනිස් ජීවිතයක් ඝාතනය කිරීමට අනුමැතිය නැත. මෙම හේතුවෙන් හලිර් තුමාණන් මෙලෙස හැසිරෙන විට නබි මූසා තුමාණන්ට නිහඬව සිටීමට නොහැකි විය. නමුත් මෙයින් මතු වන ගැටලුව නම් මෙවන් දැයක් කිරීමට හලිර් තුමාණන් කෙසේ අනුමැතිය ලද්දේ ද යන්නය. මෙහි පිළිතුර වටහා ගැනීම සඳහා 60 වන වැකියේ පාද සටහනෙහි සඳහන් වී ඇති අයුරින් මෙම ගමනට වූ හේතුව අප වටහා ගත යුතුය. මෙම සිදුවීම නබි මූසා තුමාණන් සියලු දැනුමෙන් පරිපූර්ණ නොවූයෙකු බව ද ඕනෑම විටෙක තමන්ට වඩා උසස් අයෙකු සිටිය හැකි යැයි ඉගැන්වීම පිණිස මිස මෙය පොදු ආදර්ශයක් ලැබිය යුතු සිදුවීමක් නොවේ.
83

وَيَسْأَلُونَكَ عَن ذِي الْقَرْنَيْنِ ۖ قُلْ سَأَتْلُو عَلَيْكُم مِّنْهُ ذِكْرًا

(නබිවරය,) zසුල්කර්නයින් 16 පිළිබඳව නුඹගෙන් ඔවුහු විමසන්නෝය. නුඹ පවසවු “නුඹලාට ඔහු ගැන සඳහන් කිරීමක් ලෙස මම පාරායනය කර( පෙන්ව)න්නෙමි”.
16මෙම වචනයෙහි පදානුගත අරුත ‘අං දෙකක් ඇත්තා’ හෝ ‘සියවස් දෙකක් හිමියා’ යනුවෙන්ය. කිනම් කරුණක් හේතුවෙන් මෙම නාමයෙන් මොහුව හඳුන්වා ඇත්තේ දැ’යි අල් කුර්ආනයෙහි සඳහන් වී නැත. ඉතිහාසයෙහි සඳහන් අයුරින් බැබිලෝනියාවෙන් ඉස්රාඊල් ජනයාව පිටුවහල් කළ පර්සියානු රජු මොහු යැයි සඳහන් වී ඇත. තවද මොහු පෘථිවියෙහි නැගෙනහිර හා බස්නාහිර අන්තයටම ගමන් කළ බව හා අවසානයේ දී උතුරෙහි කෙළවරටම ගමන් කළ බව සඳහන් වී ඇත.
84

إِنَّا مَكَّنَّا لَهُ فِي الْأَرْضِ وَآتَيْنَاهُ مِن كُلِّ شَيْءٍ سَبَبًا

සැබැවින්ම අපි ඔහුට මිහිතලයෙහි ආධිපත්යය ලබා දුන්නෙමු. තවද සෑම කරුණකින්ම මගක් අපි ඔහුට ලබා දුන්නෙමු.
85

فَأَتْبَعَ سَبَبًا

එබැවින් ඔහු හිරු අවරට යන ස්ථානයට ළඟා වන තෙක් ඔහු (ඉන්) එක් මගක් අනුගමනය කළේය. එ(සේ හිරු අවරට යන )විට මඩ වගුරින් වූ උල්පතක් තුළට එය අවරට යනු (සේ) දුටුවේය. 17 තවද ඒ අසල (ප්රතික්ෂේපිත) පිරිසක් දුටුවේය. “අහෝ zසුල්කර්නයින්! නුඹ (ඔවුනට) දඬුවම් කරන්නේ ද? නැතහොත් නුඹ ඔවුන් අතරෙහි යහපත( ඉටු කිරීම)ක් ගන්නේ දැ?”යි අපි පැවසුවෙමු. 18
17එනම් මොහු නැගෙනහිර පෙදෙසෙහි අවසාන කෙළවරටම ගමන් කළ හෙයින් ඈත මඩ ගොහොරුවක් දුටු අතර හිරු බැස යන විට හිරු මඩ ගොහොරුව තුළට කිඳා බසින්නාක් මෙන් දුටුවේය.
18මෙම zසුල්කර්නයින් රජු දේව ප්රතික්ෂේපකයින් විසූ ප්රදේශයක් ආක්රමණය කළේය. එහි විසූ පාපතරයින්ට දඬුවම් කිරීම හෝ නිදහස් කිරීම තමාගේ අභිමතය පරිදි ඉටු කරන්නැ’යි අල්ලාහ් අණ කළේය.
86

حَتَّىٰ إِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِي عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِندَهَا قَوْمًا ۗ قُلْنَا يَا ذَا الْقَرْنَيْنِ إِمَّا أَن تُعَذِّبَ وَإِمَّا أَن تَتَّخِذَ فِيهِمْ حُسْنًا

එබැවින් ඔහු හිරු අවරට යන ස්ථානයට ළඟා වන තෙක් ඔහු (ඉන්) එක් මගක් අනුගමනය කළේය. එ(සේ හිරු අවරට යන )විට මඩ වගුරින් වූ උල්පතක් තුළට එය අවරට යනු (සේ) දුටුවේය. 17 තවද ඒ අසල (ප්රතික්ෂේපිත) පිරිසක් දුටුවේය. “අහෝ zසුල්කර්නයින්! නුඹ (ඔවුනට) දඬුවම් කරන්නේ ද? නැතහොත් නුඹ ඔවුන් අතරෙහි යහපත( ඉටු කිරීම)ක් ගන්නේ දැ?”යි අපි පැවසුවෙමු. 18
87

قَالَ أَمَّا مَن ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهُ ثُمَّ يُرَدُّ إِلَىٰ رَبِّهِ فَيُعَذِّبُهُ عَذَابًا نُّكْرًا

(එයට) ඔහු(zසුල්කර්නයින්) “අපරාධ කළ කෙනා පිළිබඳව (සඳහන් කරන්නේ) නම් අපි ඔහුට දඬුවම් කරන්නෙමු. පසුව තම පරමාධිපති වෙත ඔහුව හරවනු ලබන්නේය. එවිට ඔහු(පරමාධිපති) ඔහුට දරුණු දඬුවමකින් දඬුවම් කරනු ඇත.” යැයි පැවසුවේය.
88

وَأَمَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَلَهُ جَزَاءً الْحُسْنَىٰ ۖ وَسَنَقُولُ لَهُ مِنْ أَمْرِنَا يُسْرًا

තවද “විශ්වාස කර යහකම් කළ කෙනා පිළිබඳව (සඳහන් කරන්නේ) නම් ඔහුට යහපත(ස්වර්ගය) ප්රතිඵලයක් ලෙස හිමි වේ. තවද අපගේ නියෝගයෙන් පහසු දෑ අපි ඔහුට පවසන්නෙමු.” (යැයි ද ඔහු පැවසුවේය.)
89

ثُمَّ أَتْبَعَ سَبَبًا

පසුව ඔහු හිරු උදා වන ස්ථානයට ළඟා වන තෙක් ඔහු (තවත්) මගක් අනුගමනය කළේය. එ(සේ හිරු උදා වන )විට පිරිසක් මත එය උදා වනු දුටුවේය. ඔවුනට අපි එයින් (ආරක්ෂා වීමට වස්ත්රයන්ගෙන් හෝ නිවෙස් වලින්) කිසිදු ආවරණයක් ඇති නොකළෙමු. 19
19මෙයින් අදහස් කරන්නේ සූර්යය රශ්මියෙන් ආරක්ෂා වීමට නිවෙස් නොමැති පුද්ගලයින් පිළිබඳවය.
90

حَتَّىٰ إِذَا بَلَغَ مَطْلِعَ الشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلَىٰ قَوْمٍ لَّمْ نَجْعَل لَّهُم مِّن دُونِهَا سِتْرًا

පසුව ඔහු හිරු උදා වන ස්ථානයට ළඟා වන තෙක් ඔහු (තවත්) මගක් අනුගමනය කළේය. එ(සේ හිරු උදා වන )විට පිරිසක් මත එය උදා වනු දුටුවේය. ඔවුනට අපි එයින් (ආරක්ෂා වීමට වස්ත්රයන්ගෙන් හෝ නිවෙස් වලින්) කිසිදු ආවරණයක් ඇති නොකළෙමු. 19
91

كَذَٰلِكَ وَقَدْ أَحَطْنَا بِمَا لَدَيْهِ خُبْرًا

මෙලෙස ඔහු අබියස ඇති දෑ පිළිබඳව දැනුමෙන් අපි වටලා සිටියෙමු.
92

ثُمَّ أَتْبَعَ سَبَبًا

පසුව ඔහු කඳු දෙක අතරට ළඟා වන තෙක් ඔහු (තවත්) මගක් අනුගමනය කළේය. එ(සේ කඳු දෙක අතරට ළඟා වූ )විට (ඔහුගේ) කිසිදු වදනක් අවබෝධ කර ගැනීමට හැකියාවක් නොදරන පිරිසක් ඒ දෙක අසල ඔහු දුටුවේය.
93

حَتَّىٰ إِذَا بَلَغَ بَيْنَ السَّدَّيْنِ وَجَدَ مِن دُونِهِمَا قَوْمًا لَّا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًا

පසුව ඔහු කඳු දෙක අතරට ළඟා වන තෙක් ඔහු (තවත්) මගක් අනුගමනය කළේය. එ(සේ කඳු දෙක අතරට ළඟා වූ )විට (ඔහුගේ) කිසිදු වදනක් අවබෝධ කර ගැනීමට හැකියාවක් නොදරන පිරිසක් ඒ දෙක අසල ඔහු දුටුවේය.
94

قَالُوا يَا ذَا الْقَرْنَيْنِ إِنَّ يَأْجُوجَ وَمَأْجُوجَ مُفْسِدُونَ فِي الْأَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلَىٰ أَن تَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُمْ سَدًّا

“අහෝ zසුල්කර්නයින්! සැබැවින්ම යඃජූජ් හා මඃජූජ් 20 මිහිතලයෙහි කලහකම් කරන්නෝ වෙති. එබැවින් අප හා ඔවුන් අතර නුඹ බාධකයක් ඇති කරනු පිණිස අපි නුඹ වෙනුවෙන් වේතනයක් ඇති කරන්න දැ?”යි ඔවුහු පැවසුවෝය.
20‘යඃජූජ් මඃජූජ්’ යනු මෙම කඳු දෙකට එපිටින් සිටි අශිෂ්ට ගෝත්රිකයින් පිරිසකි. මොවුන් මෙම කඳු අතර ජීවත් වන ශිෂ්ටාචාර ජනයාට හිරිහැර කරන්නට වූහ. එබැවින් මෙම ‘යඃජූජ් මඃජූජ්’ පිරිසව මෙම කඳු අතර පවුරක් තනා සිර කර දමන්නැ’යි zසුල්කර්නයින් රජුට ජනයා පැවසුවෝය. මොවුන් මේ සඳහා zසුල්කර්නයින් රජුට කුලියක් පිරිනමනවා යැයි පැවසුව ද ඔහු එය පිළිගැනීමට ප්රතික්ෂේප කළ අතර මෙම ව්යාපෘතිය කිරීමට සේවකයින් පමණක් ලැබිය යුතු යැයි ඔහු පැවසුවේය. මෙය පිහිටා ඇත්තේ උතුරු කෙළවරෙහිය. මෙවැනිම හේතූන් මත විවිධ කාල වකවානුවන්හි උතුරුදිග රටවල්හි මහා පවුරු තනා ඇති බව ඉතිහාසයේ සඳහන් වී ඇත.
95

قَالَ مَا مَكَّنِّي فِيهِ رَبِّي خَيْرٌ فَأَعِينُونِي بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا

“මාගේ පරමාධිපති (ධනයෙන් හා වස්තුවෙන්) කවර විෂයක මා ස්ථාපිත කර ඇත්තේ ද එය (නුඹලා දෙන වේතනයට වඩා මට) ශ්රේෂ්ඨය. එබැවින් නුඹලා මට (මිනිස්) බලයෙන් උපකාර කරවු. නුඹලා අතර හා ඔවුන් අතර පවුරක් මා ඇති කරන්නෙමි.”
96

آتُونِي زُبَرَ الْحَدِيدِ ۖ حَتَّىٰ إِذَا سَاوَىٰ بَيْنَ الصَّدَفَيْنِ قَالَ انفُخُوا ۖ حَتَّىٰ إِذَا جَعَلَهُ نَارًا قَالَ آتُونِي أُفْرِغْ عَلَيْهِ قِطْرًا

“නුඹලා මා වෙත (විශාල) යකඩ දඬු ගෙන එවු.” (යැයි ඔහු පැවසුවේය.) කඳු දෙක අතර ඔහු (යකඩ වලින් පුරවා) සමතුලිත කරන තෙක් (ඔහු පැවසූ පරිදි ඔවුන් යකඩ ගෙන ආවෝ)ය. එවිට එය ඔහු ගින්නක් බවට පත් කරන තුරු “නුඹලා පිඹිවු” යැයි ඔහු පැවසුවේය. (තවද) “නුඹලා උණු කළ තඹ මා වෙත ගෙන එවු. එය මත මම වක්කරන්නෙමි.” යැයි ද ඔහු පැවසුවේය.
97

فَمَا اسْطَاعُوا أَن يَظْهَرُوهُ وَمَا اسْتَطَاعُوا لَهُ نَقْبًا

එබැවින් (යඃජූජ් මඃජූජ් නම්) ඔවුන් එයින් පිටවීමට හැකියාව නොලැබුවෝය. තවද එහි සිදුරු ඇති කිරීමට ද හැකියාව නොලැබුවෝය.
98

قَالَ هَـٰذَا رَحْمَةٌ مِّن رَّبِّي ۖ فَإِذَا جَاءَ وَعْدُ رَبِّي جَعَلَهُ دَكَّاءَ ۖ وَكَانَ وَعْدُ رَبِّي حَقًّا

“මෙය මාගේ පරමාධිපතිගෙන් වූ දයාවකි. එබැවින් (යඃජූජ් මඃජූජ්වරු පිට විය යුතු යැයි) මාගේ පරමාධිපතිගේ ප්රතිඥාව පැමිණි විට එය ඔහු සමතලා කර දමනු ඇත. 21 තවද මාගේ පරමාධිපතිගේ ප්රතිඥාව සත්යයක් විය.” යැයි ඔහු පැවසුවේය.
21අල් කුර්ආන් විවරණයකට අනුව මෙහි ‘ප්රතිඥාව’ යනුවෙන් අදහස් කරන්නේ විනිශ්චය දිනය පිළිබඳවයි. එබැවින් මෙම විවරණයට අනුව මෙම මහා පවුර විනාශ වන්නේ ලොව අවසන් දිනයෙහිය. එහෙත් ඇතැමුන්ගේ විවරණයන්ට අනුව මෙහි ‘ප්රතිඥාව’ යනු විනිශ්චය දිනය නොවන බවය. එහෙයින් මෙම පවුර විනාශ වන්නේ අල්ලාහ් නියම කළ දිනයෙහි වන අතර එය ලොව අවසන් දිනට පෙර වුවද සිදු විය හැකි යන්න මොවුන්ගේ අදහසයි.
99

وَتَرَكْنَا بَعْضَهُمْ يَوْمَئِذٍ يَمُوجُ فِي بَعْضٍ ۖ وَنُفِخَ فِي الصُّورِ فَجَمَعْنَاهُمْ جَمْعًا

එදින ඔවුන්ගෙන් සමහරෙකුව තවත් සමහරෙකු අතර (රළ ගසන්නාක් මෙන්) ගැටෙන්නට අපි අත හැර දමන්නෙමු. තවද (එදින) සූර් (නම් හොරණෑව) පිඹිනු ලැබේ. එවිට අපි ඔවුන්( සියල්ලන්)ව එක් රැස් කිරීමක්ව එක් රැස් කරන්නෙමු.
100

وَعَرَضْنَا جَهَنَّمَ يَوْمَئِذٍ لِّلْكَافِرِينَ عَرْضًا

තවද එදින අපි ප්රතික්ෂේපකයින්ට නිරය දර්ශණය කිරීමකින් ඉදිරිපත් කරන්නෙමු.
101

الَّذِينَ كَانَتْ أَعْيُنُهُمْ فِي غِطَاءٍ عَن ذِكْرِي وَكَانُوا لَا يَسْتَطِيعُونَ سَمْعًا

(ඔවුන්) කවුරුන්ද යත් මාගේ මෙනෙහි කිරීමෙන්(අල් කුර්ආනයෙන්) ඔවුන්ගේ ඇස් තිරයක් තුළ විය. තවද ඔවුන් ශ්රවණය කිරීමට හැකියාවක් නොලබන්නන් වූවෝය.
102

أَفَحَسِبَ الَّذِينَ كَفَرُوا أَن يَتَّخِذُوا عِبَادِي مِن دُونِي أَوْلِيَاءَ ۚ إِنَّا أَعْتَدْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ نُزُلًا

ප්රතික්ෂේප කළවුන් මා හැර (තමන්) ආරක්ෂකයින් ලෙස මාගේ ගැත්තන්ව පත් කර ගැනීමට සිතන්නෝ ද? සැබැවින්ම අපි නිරය ප්රතික්ෂේපකයින්ට සංග්රහයක් වශයෙන් සූදානම් කළෙමු.
103

قُلْ هَلْ نُنَبِّئُكُم بِالْأَخْسَرِينَ أَعْمَالًا

(නබිවරය, තමන්ගේ) ක්රියාවන්ගෙන් අලාභහානියට පත් වූවන් පිළිබඳව අපි නුඹලාට දැනුම් දෙන්නදැ’යි විමසවු.
104

الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا

(ඔවුන්) කවුරුන්ද යත් මෙලොව ජීවිතයෙහි ඔවුන්ගේ උත්සාහයන් නිෂ්ඵල විය. තවද ඔවුන් ක්රියාවෙන් යහපත කරමින් සිටින බව සිතති.
105

أُولَـٰئِكَ الَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ وَلِقَائِهِ فَحَبِطَتْ أَعْمَالُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ الْقِيَامَةِ وَزْنًا

ඔවුහුමය තම පරමාධිපතිගේ සංඥාවන් හා (විනිශ්චය දින) ඔහුගේ හමුවීම ප්රතික්ෂේප කළවුන් වන්නෝ. එබැවින් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල විය. තවද (මළවුන්) නැගිටුවනු ලබන දින ඔවුන්(ගේ ක්රියාවන්) සඳහා කිසිදු අගයක් අපි නියම නොකරන්නෙමු.
106

ذَٰلِكَ جَزَاؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوا وَاتَّخَذُوا آيَاتِي وَرُسُلِي هُزُوًا

ඔවුන් ප්රතික්ෂේප කර මාගේ සංඥාවන් හා මාගේ රසූල්වරුන්ව සමච්චලයක් ලෙස ගත් හේතුවෙන් මෙය ඔවුන්ගේ ප්රතිවිපාකයයි. (එනම්) නිරයයි.
107

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَانَتْ لَهُمْ جَنَّاتُ الْفِرْدَوْسِ نُزُلًا

සැබැවින්ම කවුරුන් විශ්වාස කර යහකම් කළේ ද ඔවුනට සංග්රහයක් ලෙස ෆිර්දවුස් (නම් ස්වර්ග) උයන් විය.
108

خَالِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلًا

එහි ඔවුන් සදාතනිකයෝ වෙති. ඔවුහු එයින් හැරී( පැමිණී)මට ප්රිය නොකරති.
109

قُل لَّوْ كَانَ الْبَحْرُ مِدَادًا لِّكَلِمَاتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَاتُ رَبِّي وَلَوْ جِئْنَا بِمِثْلِهِ مَدَدًا

(නබිවරය,) නුඹ පවසවු. “මාගේ පරමාධිපතිගේ (මහිමය පිළිබඳ) වදන් (ලිවීම) සඳහා මහ මුහුද තීන්ත වුව ද මාගේ පරමාධිපතිගේ (මහිමය පිළිබඳ) වදන් (ලියා) අවසන් කිරීමට පෙර මහ මුහුද අවසන් වන්නේය. තවද අප එය(මහ මුහුද) මෙන් අතිරික්තව ගෙන ආවද (එය ද අවසන් වන්නේය).”
110

قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِّثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَـٰهُكُمْ إِلَـٰهٌ وَاحِدٌ ۖ فَمَن كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا

(නබිවරය,) නුඹ පවසවු “සැබැවින්ම මම නුඹලා මෙන් මිනිසෙක්මය. මා වෙත වහී (නම් දේව පණිවිඩය) පහළ කරනු ලබනුයේ ‘නුඹලාගේ (සැබෑ) දෙවියන් එකම දෙවියෙකු (වන අල්ලාහ්)’ යන්නෙන්ය. එබැවින් කවරෙකු තම පරමාධිපතිගේ හමුවීම අපේක්ෂා කරමින් සිටියේ ද ඔහු යහකම් ක්රියාවට නංවත්වා! තවද ඔහු තම පරමාධිපතිට නැමදුම් කිරීමෙහි කිසිවෙකුව ආදේශ නොකරත්වා!
مريمමක්කී
1

كهيعص

කාෆ්. හා. යා. අයින්. සාද් 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهُ زَكَرِيَّا

(මෙය) නුඹගේ පරමාධිපති ඔහුගේ ගැත්තෙකු වන zසකරිය්යාට දැක් වූ දයාව මෙනෙහි කිරීමකි.
3

إِذْ نَادَىٰ رَبَّهُ نِدَاءً خَفِيًّا

ඔහු තම පරමාධිපතිව රහස්යයව අමතා සිටි අවස්ථාවෙහිය.
4

قَالَ رَبِّ إِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا وَلَمْ أَكُن بِدُعَائِكَ رَبِّ شَقِيًّا

“මාගේ පරමාධිපතියාණනි, මා(ගේ ශරීරය) තුළ අස්ථි දුර්වල වී ඇත. මාගේ හිස පැසුණු කෙස් රොදින් විහිදී ඇත. තවද මාගේ පරමාධිපතියාණනි, නුඹගෙන් ප්රාර්ථනා කිරීමෙන් මා කිසිවිටෙක අභාග්යවන්තයෙකු නොවූයෙමි.
5

وَإِنِّي خِفْتُ الْمَوَالِيَ مِن وَرَائِي وَكَانَتِ امْرَأَتِي عَاقِرًا فَهَبْ لِي مِن لَّدُنكَ وَلِيًّا

තවද සැබැවින්ම මම මගෙන් පසුව වූ භාරකරුවන් (නොමැතිකම) පිළිබඳව බියට පත් වෙමි. 2 තවද මාගේ බිරිය (දරුවන් නොලත්) වඳ කාන්තාවකි. එබැවින් මට උරුමකම් පාන්නා වු ද තවද යඃකූබ්ගේ පරපුරට ද උරුමකම් පාන්නා වු ද උරුමකාර( පුත්ර)යෙකු නුඹ වෙතින්ම මා හට පිරිනමනු මැනව! තවද ඔහුව තෘප්තියට ලක් වූවෙකු බවට පත් කරනු මැනව!” යැයි ඔහු යැදියේය.
2මෙහි අදහස මොහුට ඥාතීන් නොසිටියා නොව. එහෙත් නබිත්වය උරුම වීමට තරම් සිල්වත් අයෙකු නොසිටි හෙයින් මොහු මෙලෙස ප්රාර්ථනා කරන්නට විය.
6

يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ ۖ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا

තවද සැබැවින්ම මම මගෙන් පසුව වූ භාරකරුවන් (නොමැතිකම) පිළිබඳව බියට පත් වෙමි. 2 තවද මාගේ බිරිය (දරුවන් නොලත්) වඳ කාන්තාවකි. එබැවින් මට උරුමකම් පාන්නා වු ද තවද යඃකූබ්ගේ පරපුරට ද උරුමකම් පාන්නා වු ද උරුමකාර( පුත්ර)යෙකු නුඹ වෙතින්ම මා හට පිරිනමනු මැනව! තවද ඔහුව තෘප්තියට ලක් වූවෙකු බවට පත් කරනු මැනව!” යැයි ඔහු යැදියේය.
7

يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَىٰ لَمْ نَجْعَل لَّهُ مِن قَبْلُ سَمِيًّا

“අහෝ zසකරිය්යා! ‘යහ්යා’ නමැති පුතෙකු පිළිබඳව අපි නුඹට ශුභාරංචි පවසන්නෙමු. මීට පෙර එම නාමය ඇත්තෙකු පත් නොකළෙමු.” (යැයි අල්ලාහ් ඔහුට ප්රතිචාර දැක්විය.)
8

قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَكَانَتِ امْرَأَتِي عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِيًّا

“මාගේ පරමාධිපතියාණනි, මාගේ බිරිය වඳ කතක් වී මා මහලු වියේ අවාසනයට එළැඹ සිටිය දී කෙසේ නම් මට දරුවෙකු වේවි දැ?”යි ඔහු පැවසුවේය.-
9

قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْئًا

‘(කරුණ) එලෙසමය. “එය මට පහසු කාර්යයකි. නුඹ කිසිවක් නොවී සිටිය දී මීට පෙර මා නුඹව මැව්වෙමි” යන්නෙන් ඔබගේ පරමාධිපති පැවසුවේ යැ’යි ඔහු(ජිබ්රීල්) පැවසුවේය.
10

قَالَ رَبِّ اجْعَل لِّي آيَةً ۚ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا

“මාගේ පරමාධිපතියාණනි, (දරුවා පිළිබඳව) මා වෙත සාධකයක් ඇති කරනු මැනව!” යැයි ඔහු පැවසුවේය. (එයට) “නුඹගේ සාධකය වනුයේ නුඹ නිරෝගීව සිටිය ද ජනයා සමග රාත්රීන් තුනක් කතා කළ නොහැකි වීමය.” යන්නෙන් (පරමාධිපති) පැවසුවේය.
11

فَخَرَجَ عَلَىٰ قَوْمِهِ مِنَ الْمِحْرَابِ فَأَوْحَىٰ إِلَيْهِمْ أَن سَبِّحُوا بُكْرَةً وَعَشِيًّا

මිහ්රාබ්( නම් නැමදුම් ස්ථානයෙ)හි සිට ඔහුගේ පිරිස වෙත පිටත්ව පැමිණ උදෑසන සහ සවස (අල්ලාහ්ව) පිවිතුරු කරනු.” යැයි ඔවුන් වෙත සංඥා කළේය. 3
3වැඩි විස්තර සඳහා 3:41 හි පාද සටහන බලන්න.
12

يَا يَحْيَىٰ خُذِ الْكِتَابَ بِقُوَّةٍ ۖ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا

(පසුව එම දරුවා උපත ලැබීමෙන් අනතුරුව අල්ලාහ් ඔහුව අමතා) “අහෝ යහ්යා! මෙම ධර්ම පුස්තකය(තව්රාතය) බලවත් ලෙස ග්රහණය කර ගනිවු.” (යැයි පැවසුවේය.) තවද අපි ඔහුට කුඩා අවදියේම ප්රඥාව පිරිනැමුවෙමු.
13

وَحَنَانًا مِّن لَّدُنَّا وَزَكَاةً ۖ وَكَانَ تَقِيًّا

තවද අපගෙන් වූ සෙනෙහස ද පිවිතුරුත්වය ද (පිරිනැමුවෙමු). ඔහු බිය භක්තිකයෙකු හා තම දෙමාපියන්ට උපස්ථාන කරන්නෙකු ද විය. තවද ඔහු දැඩි භාවයෙන් යුක්තයෙකු (හෝ) අකීකරුවන්නෙකු නොවීය.
14

وَبَرًّا بِوَالِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّا

තවද අපගෙන් වූ සෙනෙහස ද පිවිතුරුත්වය ද (පිරිනැමුවෙමු). ඔහු බිය භක්තිකයෙකු හා තම දෙමාපියන්ට උපස්ථාන කරන්නෙකු ද විය. තවද ඔහු දැඩි භාවයෙන් යුක්තයෙකු (හෝ) අකීකරුවන්නෙකු නොවීය.
15

وَسَلَامٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّا

ඔහු උපන් දිනහි ද ඔහු මරණයට පත් වන දිනහි ද ඔහු ජීවීව (මළවුන්) නැවත නැගිටුවනු ලබන දිනහි ද ඔහු කෙරෙහි සලාම්(ශාන්තිය) හිමි වේවා!
16

وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا

තවද (අල් කුර්ආන්) ධර්ම පුස්තකයෙහි මර්යම් පිළිබඳව සිහිපත් කරවු. ඇය තම පිරිසෙන් වෙන් වී නැගෙනහිර පෙදෙසක හුදකලාවෙහි පසු වූ අවස්ථාව පිළිබඳවය.
17

فَاتَّخَذَتْ مِن دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَا إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا

ඇය ඔවුන්ගෙන් වෙන්ව තිරයක් (එල්වා) ගත්තාය. එවිට (ජිබ්රීල් නම්) අපගේ (පිවිතුරු) ආත්මය අපි ඇය වෙත එව්වෙමු. එවිට ඔහු ඇයට පූර්ණ මිනිසෙකු ලෙස නිරූපණය විය.
18

قَالَتْ إِنِّي أَعُوذُ بِالرَّحْمَـٰنِ مِنكَ إِن كُنتَ تَقِيًّا

“නුඹ බිය භක්තිකයෙකු නම් නුඹ(ගේ උවදුර) වෙතින් සැබැවින්ම මම කරුණාභරිතයාණන්ගෙන් ආරක්ෂාව පතමි” යැයි ඇය පැවසුවාය. 4
4ඇය වෙත පැමිණි ඔහු ජිබ්රීල් තුමාණන් බව නොදැන මිනිසෙකු යැයි සිතා ඇය මෙලෙස අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කළාය.
19

قَالَ إِنَّمَا أَنَا رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَامًا زَكِيًّا

“සැබැවින්ම මම නුඹට පිවිතුරු දරුවෙකු ප්රදානය කිරීම සඳහා (පැමිණි) නුඹගේ පරමාධිපතිගේ දූතයෙකු වෙමි.” යැයි ඔහු පැවසුවේය.
20

قَالَتْ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ وَلَمْ أَكُ بَغِيًّا

“කිසිදු පිරිමියෙකු මා ස්පර්ශ කර නොතිබිය දී එමෙන්ම දුෂ්චරිතයක්ව මා නොසිටිය දී මට කෙසේ නම් දරුවෙකු වේදැ?”යි ඇය පැවසුවාය.
21

قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٌ ۖ وَلِنَجْعَلَهُ آيَةً لِّلنَّاسِ وَرَحْمَةً مِّنَّا ۚ وَكَانَ أَمْرًا مَّقْضِيًّا

‘(කරුණ) එලෙසමය. “එය මට පහසු කාර්යයකි. (අප ඔහුව බිහි කරනුයේ අප කෙරෙහි) ජනයාට සාධකයක් ලෙස ද අපගෙන් වූ දයාවක් ලෙස ද අපි ඔහුව පත් කරනු පිණිසය. තවද එය තීරණය කරනු ලැබූ කරුණක් විය.” යන්නෙන් ඔබගේ පරමාධිපති පැවසුවේයැ’යි ඔහු(ජිබ්රීල්) පැවසුවේය.
22

فَحَمَلَتْهُ فَانتَبَذَتْ بِهِ مَكَانًا قَصِيًّا

එවිට ඇය ඔහුව (මව් කුසෙහි) පිළිසිඳ ගත්තාය. ඒ සමග ඇය දුර පෙදෙසකට හුදකලාවෙහි වෙන්ව ගියාය.
23

فَأَجَاءَهَا الْمَخَاضُ إِلَىٰ جِذْعِ النَّخْلَةِ قَالَتْ يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَـٰذَا وَكُنتُ نَسْيًا مَّنسِيًّا

ප්රසූත වේදනාව ඇයව ඉඳි කඳක් වෙතට ගෙන ආවේය. “අහෝ, මීට පෙර මා මරණයට පත්ව මුළුමණින්ම අමතක කරනු ලැබූවෙකු බවට පත් වූවා නම්,” යැයි ඇය (වේදනාවෙන්)පැවසුවාය.
24

فَنَادَاهَا مِن تَحْتِهَا أَلَّا تَحْزَنِي قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّا

ඇයට පහළ (ස්ථානය)ක සිට ඇයව ඔහු(ජිබ්රීල් මෙසේ) ඇමතීය. “නුඹ දුක් නොවවු. නුඹගේ පරමාධිපති නුඹට පහළින් උල්පතක් ඇති කර ඇත. තවද ඉඳි කඳ නුඹ දෙසට සොලවවු. නුඹ වෙත නැවුම් පලතුරු එය හෙළනු ඇත. එබැවින් නුඹ (ඒවා) අනුභව කොට පානය කොට (තම පුත් උපත ලැබීමෙන්) නෙත් සිසිල් කර ගනිවු.මිනිසුන් අතුරින් කිසිවෙකු නුඹ දුටුවේ නම් ‘කරුණාභරිතයා වෙනුවෙන් මා (නිහඬ) උපවාසයක් භාර වුණෙමි. එබැවින් අද දින කිසිදු මිනිසෙකු සමග මා කතා නොකරන්නෙමි’යි පවසවු.”
25

وَهُزِّي إِلَيْكِ بِجِذْعِ النَّخْلَةِ تُسَاقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا

ඇයට පහළ (ස්ථානය)ක සිට ඇයව ඔහු(ජිබ්රීල් මෙසේ) ඇමතීය. “නුඹ දුක් නොවවු. නුඹගේ පරමාධිපති නුඹට පහළින් උල්පතක් ඇති කර ඇත. තවද ඉඳි කඳ නුඹ දෙසට සොලවවු. නුඹ වෙත නැවුම් පලතුරු එය හෙළනු ඇත. එබැවින් නුඹ (ඒවා) අනුභව කොට පානය කොට (තම පුත් උපත ලැබීමෙන්) නෙත් සිසිල් කර ගනිවු.මිනිසුන් අතුරින් කිසිවෙකු නුඹ දුටුවේ නම් ‘කරුණාභරිතයා වෙනුවෙන් මා (නිහඬ) උපවාසයක් භාර වුණෙමි. එබැවින් අද දින කිසිදු මිනිසෙකු සමග මා කතා නොකරන්නෙමි’යි පවසවු.”
26

فَكُلِي وَاشْرَبِي وَقَرِّي عَيْنًا ۖ فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَـٰنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنسِيًّا

ඇයට පහළ (ස්ථානය)ක සිට ඇයව ඔහු(ජිබ්රීල් මෙසේ) ඇමතීය. “නුඹ දුක් නොවවු. නුඹගේ පරමාධිපති නුඹට පහළින් උල්පතක් ඇති කර ඇත. තවද ඉඳි කඳ නුඹ දෙසට සොලවවු. නුඹ වෙත නැවුම් පලතුරු එය හෙළනු ඇත. එබැවින් නුඹ (ඒවා) අනුභව කොට පානය කොට (තම පුත් උපත ලැබීමෙන්) නෙත් සිසිල් කර ගනිවු.මිනිසුන් අතුරින් කිසිවෙකු නුඹ දුටුවේ නම් ‘කරුණාභරිතයා වෙනුවෙන් මා (නිහඬ) උපවාසයක් භාර වුණෙමි. එබැවින් අද දින කිසිදු මිනිසෙකු සමග මා කතා නොකරන්නෙමි’යි පවසවු.”
27

فَأَتَتْ بِهِ قَوْمَهَا تَحْمِلُهُ ۖ قَالُوا يَا مَرْيَمُ لَقَدْ جِئْتِ شَيْئًا فَرِيًّا

ඔහුව(දරුවාව) උසුලාගෙන ඇය ඇගේ ජනයා වෙත පැමිණියාය. (එවිට) “අහෝ මර්යම්! සැබැවින්ම නුඹ මහා පිළිකුලක් ගෙන ආවෙහිය. අහෝ හාරූන්ගේ සහෝදරිය! 5 නුඹගේ පියා නරක මිනිසෙකු නොවීය. එමෙන්ම නුඹගේ මව ද දුෂ්චරිතය ඇත්තියක් නොවූවාය.” යැයි ඔවුහු පැවසුවෝය.
5මෙහි සඳහන් හාරූන් මූසා තුමාණන්ගේ සොහොයුරා වන හාරූන් තුමාණන් නොව. මොහු මර්යම් තුමියගේ සොහොයුරෙකි.
28

يَا أُخْتَ هَارُونَ مَا كَانَ أَبُوكِ امْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا

ඔහුව(දරුවාව) උසුලාගෙන ඇය ඇගේ ජනයා වෙත පැමිණියාය. (එවිට) “අහෝ මර්යම්! සැබැවින්ම නුඹ මහා පිළිකුලක් ගෙන ආවෙහිය. අහෝ හාරූන්ගේ සහෝදරිය! 5 නුඹගේ පියා නරක මිනිසෙකු නොවීය. එමෙන්ම නුඹගේ මව ද දුෂ්චරිතය ඇත්තියක් නොවූවාය.” යැයි ඔවුහු පැවසුවෝය.
29

فَأَشَارَتْ إِلَيْهِ ۖ قَالُوا كَيْفَ نُكَلِّمُ مَن كَانَ فِي الْمَهْدِ صَبِيًّا

එවිට ඇය ඔහු(දරුවා) දෙසට සංඥා කළාය. “කුඩා දරුවෙකුව තොටිල්ලට වී සිටින්නෙකු සමග අපි කතා කරන්නේ කෙසේ දැ”?යි ඔවුහු විමසා සිටියෝය.
30

قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا

(එවිට) ඔහු (මෙසේ) පැවසුවේය. “සැබැවින්ම මම අල්ලාහ්ගේ ගැත්තෙකු වෙමි. ඔහු මා හට ධර්ම පුස්තකය පිරිනමා මා නබිවරයෙකු බවට ද පත් කර ඇත.
31

وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنتُ وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا

තවද මා කොතැනක සිටියත් අභිවෘද්ධිමත් කෙනෙකු බවට පත් කර ඇත. තවද මා ජීවත්ව සිටින තාක් කල් සලාතය හා zසකාතය (ඉටු කිරීම) පිළිබඳව මා හට අණ කර ඇත.
32

وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا

තවද මාගේ මෑණියන්ට උපස්ථාන කරන්නෙකු ලෙස ද (පත් කර ඇත). ඔහු(අල්ලාහ්) මා දැඩිභාවයෙන් යුක්තයෙකු (හෝ) අභාග්යවන්තයෙකු බවට පත් නොකළේය.
33

وَالسَّلَامُ عَلَيَّ يَوْمَ وُلِدتُّ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّا

තවද මා උපන් දිනහි ද මා මරණයට පත් වන දිනහි ද මා ජීවීව (මළවුන්) නැවත නැගිටුවනු ලබන දිනහි ද මා කෙරෙහි සලාම්(ශාන්තිය) හිමි වේවා!”
34

ذَٰلِكَ عِيسَى ابْنُ مَرْيَمَ ۚ قَوْلَ الْحَقِّ الَّذِي فِيهِ يَمْتَرُونَ

ඔහුය මර්යම්ගේ පුත් ඊසා. ඔවුන් කුමක් විෂයෙහි වාද කරමින් සිටියේ ද එම සත්යයේ වදන (මෙය)යි.
35

مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٍ ۖ سُبْحَانَهُ ۚ إِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ

කිසිදු දරුවෙකු (පුතෙකු ලෙස) ගැනීම අල්ලාහ්ට (අවශ්යතාවක්) නොවීය. ඔහු අති පිවිතුරුය. ඔහු යමක් තීන්දු කළ විට එයට ඔහු පවසනුයේ “වනු” යන්නෙනි. එවිට එය සිදු වනු ඇත.
36

وَإِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ ۚ هَـٰذَا صِرَاطٌ مُّسْتَقِيمٌ

“සැබැවින්ම අල්ලාහ් මාගේ පරමාධිපති හා නුඹලාගේ ද පරමාධිපතිය. එබැවින් නුඹලා ඔහුට (පමණක්) නමදිවු. මෙය ඍජු මාර්ගයයි.” (යන්නෙන් ඔහු පැවසුවේය.)
37

فَاخْتَلَفَ الْأَحْزَابُ مِن بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِن مَّشْهَدِ يَوْمٍ عَظِيمٍ

(යුදෙව් හා කිතුනු) කණ්ඩායම් ඔවුන් අතර (ඔහු පිළිබඳව) මතභේද ඇති කර ගත්තෝය. 6 ඉමහත් දිනය පැමිණීමෙන් විනාශය ප්රතික්ෂේප කළවුන්ටය.
6මෙයින් හඟවන්නේ ඊසා(ජේසුස්) තුමාණන් පිළිබඳව මිනිසුන් අතර පැතිරී ඇති මිථ්යා මතභේද පිළිබඳවය.
38

أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا ۖ لَـٰكِنِ الظَّالِمُونَ الْيَوْمَ فِي ضَلَالٍ مُّبِينٍ

ඔවුන් අප වෙත පැමිණෙන දින ඔවුන්ගේ ශ්රවණයේ තරම කෙතරම් ද! එසේම ඔවුන්ගේ බැල්මේ තරම කෙතරම් ද! නමුත් අද දින අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහිය.
39

وَأَنذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُضِيَ الْأَمْرُ وَهُمْ فِي غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ

(දඬුවම සඳහා) කරුණ තීන්දු කරනු ලැබූ විට (අපරාධකරුවන්) දුකට පත් වන දිනය ගැන ඔවුනට අවවාද කරවු. තවද ඔවුන් (ලොවෙහි ඒ පිළිබඳව) අනවධානයෙහි සිටියෝය. තවද ඔවුන් විශ්වාස නොකරමින් සිටියෝය.
40

إِنَّا نَحْنُ نَرِثُ الْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ

සැබැවින්ම අපමය මිහිතලය හා එය මත වූවන් උරුමකර ගනුයේ. තවද ඔවුන් නැවත පැමිණෙනුයේ අප වෙතමය.
41

وَاذْكُرْ فِي الْكِتَابِ إِبْرَاهِيمَ ۚ إِنَّهُ كَانَ صِدِّيقًا نَّبِيًّا

තවද (අල් කුර්ආන්) ධර්ම පුස්තකයෙහි ඉබ්රාහීම් පිළිබඳව ද සිහිපත් කරවු. සැබැවින්ම ඔහු ඉතා සත්යවාදීයෙකු (හා) නබිවරයෙකු විය.
42

إِذْ قَالَ لِأَبِيهِ يَا أَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِي عَنكَ شَيْئًا

“මාගේ පියාණනි, (කිසිවකට) සවන් දිය නොහැකි (කිසිවක් දෙස) බැලිය නොහැකි නුඹට කිසිදු ප්රයෝජනයක් කළ නොහැකි දෑ ඔබ නමදිනුයේ මන් දැ?”යි ඔහු තම පියාගෙන් විමසා සිටි අවස්ථාව පිළිබඳවය.
43

يَا أَبَتِ إِنِّي قَدْ جَاءَنِي مِنَ الْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَاتَّبِعْنِي أَهْدِكَ صِرَاطًا سَوِيًّا

(තවද ඉබ්රාහීම් තම පියා අමතා) “මාගේ පියාණනි, දැනුමෙන් ඔබ වෙත නොපැමිණි දෑ සැබැවින්ම මා වෙත පැමිණ ඇත. එබැවින් නුඹ මා පිළිපදිවු. මා නුඹට නිවැරදි මග පෙන්වා දෙමි.”
44

يَا أَبَتِ لَا تَعْبُدِ الشَّيْطَانَ ۖ إِنَّ الشَّيْطَانَ كَانَ لِلرَّحْمَـٰنِ عَصِيًّا

“අහෝ මාගේ පියාණනි, ඔබ ෂෙයිතාන්ට නැමදුම් නොකරන්න. සැබැවින්ම ෂෙයිතාන් පරම කරුණාභරිතයාණන්ට අකීකරුවෙකු විය.”
45

يَا أَبَتِ إِنِّي أَخَافُ أَن يَمَسَّكَ عَذَابٌ مِّنَ الرَّحْمَـٰنِ فَتَكُونَ لِلشَّيْطَانِ وَلِيًّا

“අහෝ මාගේ පියාණනි, කරුණාභරිතයාණන් වෙතින් දඬුවමක් ඔබට ස්පර්ශ වී ඔබ ෂෙයිතාන්ගේ මිතුරෙකු වීම පිළිබඳව මම බිය වන්නෙමි.” (යනුවෙන් ද පැවසීය.)
46

قَالَ أَرَاغِبٌ أَنتَ عَنْ آلِهَتِي يَا إِبْرَاهِيمُ ۖ لَئِن لَّمْ تَنتَهِ لَأَرْجُمَنَّكَ ۖ وَاهْجُرْنِي مَلِيًّا

(එවිට) “අහෝ ඉබ්රාහීම් නුඹ මාගේ දෙවිවරුන් පිළිකුල් කරන්නෙක් ද? නුඹ (එසේ කිරීමෙන්) නොවැළකුණේ නම් සැබැවින්ම නුඹට ගල් ගසන්නෙමි. දිගු කලක් මගෙන් වෙන් වී සිටිවු.” යැයි ඔහු(ගේ පියා වන ආzසර්) පැවසුවේය.
47

قَالَ سَلَامٌ عَلَيْكَ ۖ سَأَسْتَغْفِرُ لَكَ رَبِّي ۖ إِنَّهُ كَانَ بِي حَفِيًّا

“ඔබට ශාන්තියයි! ඔබ වෙනුවෙන් මා මාගේ පරමාධිපතිගෙන් සමාව මතු අයැදින්නෙමි. සැබැවින්ම ඔහු මා ගැන පැහැදීමක් ඇත්තෙකු විය. තවද නුඹලාගෙන් ද අල්ලාහ් හැර නුඹලා නමදින දැයින් ද මම ඉවත් වන්නෙමි. තවද මම මාගේ පරමාධිපතිගෙන් ප්රාර්ථනා කරන්නෙමි. (එවිට) මාගේ පරමාධිපතිගෙන් ප්රාර්ථනා කිරීමෙන් මා අභාග්යවන්තයෙකු නොවන්නට පුළුවනැ.”යි ඔහු පැවසුවේය.
48

وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِن دُونِ اللَّهِ وَأَدْعُو رَبِّي عَسَىٰ أَلَّا أَكُونَ بِدُعَاءِ رَبِّي شَقِيًّا

“ඔබට ශාන්තියයි! ඔබ වෙනුවෙන් මා මාගේ පරමාධිපතිගෙන් සමාව මතු අයැදින්නෙමි. සැබැවින්ම ඔහු මා ගැන පැහැදීමක් ඇත්තෙකු විය. තවද නුඹලාගෙන් ද අල්ලාහ් හැර නුඹලා නමදින දැයින් ද මම ඉවත් වන්නෙමි. තවද මම මාගේ පරමාධිපතිගෙන් ප්රාර්ථනා කරන්නෙමි. (එවිට) මාගේ පරමාධිපතිගෙන් ප්රාර්ථනා කිරීමෙන් මා අභාග්යවන්තයෙකු නොවන්නට පුළුවනැ.”යි ඔහු පැවසුවේය.
49

فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ اللَّهِ وَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ ۖ وَكُلًّا جَعَلْنَا نَبِيًّا

ඔවුන්ගෙන් හා අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටින දැයින් ඔහු ඉවත් වී (දේශාන්තරණය කර) ගිය කල්හි අපි ඔහුට ඉස්හාක්වද (ඔහුගේ පරපුරෙන්) යඃකූබ්වද ප්රදානය කළෙමු. තවද සියල්ලන්වම අපි නබිවරුන් වශයෙන් පත් කළෙමු.
50

وَوَهَبْنَا لَهُم مِّن رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا

තවද අපි ඔවුනට අපගේ දයාවෙන් (සම්පත්) ප්රදානය කළෙමු. තවද අපි ඔවුනට උසස් ප්රශංසාව ද ඇති කළෙමු.
51

وَاذْكُرْ فِي الْكِتَابِ مُوسَىٰ ۚ إِنَّهُ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَّبِيًّا

තවද (අල් කුර්ආන්) ධර්ම පුස්තකයෙහි මූසා පිළිබඳව ද මෙනෙහි කරවු. සැබැවින්ම ඔහු (අල්ලාහ් විසින්) තෝරා ගනු ලැබූවෙකු විය. තවද රසූල්වරයෙකු ද නබිවරයෙකු ද විය.
52

وَنَادَيْنَاهُ مِن جَانِبِ الطُّورِ الْأَيْمَنِ وَقَرَّبْنَاهُ نَجِيًّا

තූර්( කන්දෙ)හි දකුණු දෙසින් අපි ඔහුව ඇමතුවෙමු. තවද (අප සමග) කතා කරන්නෙකු ලෙස අපි ඔහුව සමීප කළෙමු.
53

وَوَهَبْنَا لَهُ مِن رَّحْمَتِنَا أَخَاهُ هَارُونَ نَبِيًّا

තවද අපගේ දයාවෙන් ඔහුගේ සහෝදර හාරූන්ව නබිවරයෙකු වශයෙන් අපි ඔහුට ප්රදානය කළෙමු.
54

وَاذْكُرْ فِي الْكِتَابِ إِسْمَاعِيلَ ۚ إِنَّهُ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُولًا نَّبِيًّا

තවද (අල් කුර්ආන්) ධර්ම පුස්තකයෙහි ඉස්මාඊල් පිළිබඳව ද සිහිපත් කරවු. සැබැවින්ම ඔහු (දුන්) ප්රතිඥාව ඉටු කරන්නෙකු විය. තවද ඔහු රසූල්වරයෙකු ද නබිවරයෙකු ද විය.
55

وَكَانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلَاةِ وَالزَّكَاةِ وَكَانَ عِندَ رَبِّهِ مَرْضِيًّا

තවද ඔහු තම පවුලට සලාතය හා zසකාතය (ඉටු කිරීම) පිළිබඳව අණ කරන්නෙකුව සිටියේය. තවද ඔහු තම පරමාධිපති අබියස තෘප්තියට පත්වූවෙකුව සිටියේය.
56

وَاذْكُرْ فِي الْكِتَابِ إِدْرِيسَ ۚ إِنَّهُ كَانَ صِدِّيقًا نَّبِيًّا

තවද (අල් කුර්ආන්) ධර්ම පුස්තකයෙහි ඉද්රීස් පිළිබඳව ද සිහිපත් කරවු. සැබැවින්ම ඔහු මහත් සත්යවාදියෙකු ද නබිවරයෙකු ද විය.
57

وَرَفَعْنَاهُ مَكَانًا عَلِيًّا

තවද අපි ඔහුව (තරාතිරමෙන්) උසස් ස්ථානයකට නංවාලීමු.
58

أُولَـٰئِكَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ مِن ذُرِّيَّةِ آدَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِن ذُرِّيَّةِ إِبْرَاهِيمَ وَإِسْرَائِيلَ وَمِمَّنْ هَدَيْنَا وَاجْتَبَيْنَا ۚ إِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُ الرَّحْمَـٰنِ خَرُّوا سُجَّدًا وَبُكِيًّا ۩

ආදම්ගේ පරපුරෙන් ද නූහ් සමග අපි (යාත්රාවෙහි) ඉසිලු අයගෙන් ද ඉබ්රාහීම් හා ඉස්රාඊල්ගේ පරපුරෙන් ද අප යහ මග පෙන්වා තෝරා ගත් අයගෙන් ද වූ නබිවරුන් අතුරින් තමන් කෙරෙහි අල්ලාහ් ආශිර්වාද කළවුන් මොවුන්මය. තවද ඔවුන් කෙරෙහි කරුණාභරිතයාණන්ගේ වදන් පාරායනය කරනු ලැබූ විට අඬා වැළපෙමින් සුජූද් කරමින් වැටෙණු ඇත. 7
7මෙය සුජූද් කළ යුතු ආයතයකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:206 හි පාද සටහන බලන්න.
59

فَخَلَفَ مِن بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ ۖ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا

ඔවුනට පසු සලාතය පැහැර හරින තවද (නරක) ආශාවන් අනුගමනය කරන පරම්පරාවක් පැමිණියේය. එබැවින් ඔවුන් ‘ගයි’ (නම් නිරයේ මිටියාවත) මුණ ගැසෙනු ඇත.
60

إِلَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَأُولَـٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْئًا

නමුත් පශ්චාත්තාප වී විශ්වාස කොට යහකම් කළවුන් හැර. එබැවින් ඔවුහු ස්වර්ගයට පිවිසෙන්නෝය. ඔවුහු සුළුවකින් හෝ අපරාධ කරනු නොලබන්නෝය.
61

جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدَ الرَّحْمَـٰنُ عِبَادَهُ بِالْغَيْبِ ۚ إِنَّهُ كَانَ وَعْدُهُ مَأْتِيًّا

(ඒවා), ගුප්තව තිබිය දී කරුණාභරිතයාණන් තම ගැත්තන්ට ප්රතිඥා දුන් සදාතනික (ස්වර්ග) උයන්ය. සැබැවින්ම කරුණ නම් ඔහුගේ ප්රතිඥාව ඉටු වන්නක්ය.
62

لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا إِلَّا سَلَامًا ۖ وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةً وَعَشِيًّا

එහි සලාම්(ශාන්තිය) මිස කිසිදු නිෂ්ඵල වදනක් නොඅසන්නෝය. ඔවුනට එහි උදෑසන හා සවස සැප සම්පත් ඇත.
63

تِلْكَ الْجَنَّةُ الَّتِي نُورِثُ مِنْ عِبَادِنَا مَن كَانَ تَقِيًّا

එය අපගේ ගැත්තන් අතුරින් බිය භක්තිමත්ව සිටියවුන්ට අප උරුම කර දෙන ස්වර්ගයයි.
64

وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ ۖ لَهُ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَٰلِكَ ۚ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا

“(නබිවරය,) නුඹගේ පරමාධිපතිගේ නියෝගයෙන් හැර අපි පහළ නොවන්නෙමු. 8 අප ඉදිරියේ(මතුලොව) ඇති දෑ ද අපට පසුපසින් ඇති(මෙලොව) දෑ ද ඒවා අතර ඇති දෑ ද ඔහු සතුය. තවද නුඹගේ පරමාධිපති අමතක කර දමන්නෙකු නොවීය.” (යැයි ජිබ්රීල් ඇමතීය.)
8නබි මුහම්මද් තුමාණන් ජිබ්රීල් තුමාණන්ට විටින් විට තමන් වෙත පැමිණෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී මෙම වැකිය ඊට පිළිතුරක් ලෙස පහළ විය.
65

رَّبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا فَاعْبُدْهُ وَاصْطَبِرْ لِعِبَادَتِهِ ۚ هَلْ تَعْلَمُ لَهُ سَمِيًّا

(අල්ලාහ්) අහස්හි හා මිහිතලයෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය. එබැවින් නුඹ ඔහුට (පමණක්) නැමදුම් කරවු. ඔහුට නැමදුම් කිරීමෙහි ඉවසීමෙන් සිටිවු. ඔහුට නාමයෙහි සමාන අයෙකු නුඹ දන්නෙහි ද?
66

وَيَقُولُ الْإِنسَانُ أَإِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا

තවද “මා මරණයට පත් වූ පසුවත් (මළවුන්) ජීවමානව නැවත මා පිට කරනු ලබන්නේ දැ?”යි මිනිසා පවසයි.
67

أَوَلَا يَذْكُرُ الْإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْئًا

මීට පෙර කිසිවක්ව නොසිටිය දී සැබැවින්ම අපි ඔහුව මැවූ බව මිනිසා මෙනෙහි නොකරන්නේ ද?
68

فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَالشَّيَاطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا

නුඹගේ පරමාධිපතිගේ නාමයෙන්, සැබැවින්ම ඔවුන් හා ෂෙයිතාන්වරුන්ව අපි එක් රැස් කර පසුව සැබැවින්ම ඔවුන්ව අපි නිරය වටා දණින් ගෙන එන්නෙමු.-
69

ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى الرَّحْمَـٰنِ عِتِيًّا

පසුව සෑම කණ්ඩායමකින්ම, ඔවුන් අතුරින් කවුරුන් පරම කරුණාභරිතයාණන්ට පිටුපෑමෙන් ඉතා දැඩිව සිටියේ ද සැබැවින්ම අපි ඔවුන්ව (දඬුවමට) මුලිනුපුටා ගන්නෙමු.
70

ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِالَّذِينَ هُمْ أَوْلَىٰ بِهَا صِلِيًّا

පසුව එහි පිවිස දැවීමට ඉතා සුදුස්සන් පිළිබඳව මැනවින් දන්නේ අපමය.
71

وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا ۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتْمًا مَّقْضِيًّا

නුඹලා අතුරින් කිසිවෙකු (හෝ) එයට 9 අවතීර්ණවන්නෙකු මිස නැත. මෙය නුඹගේ පරමාධිපති මත වූ ස්ථීර තීන්දුවක් විය.
9මෙයින් අදහස් කරන්නේ නිරයෙන් එතෙර වී ස්වර්ගයට පිවිසිය හැකි පාලමක් පිළිබඳවය. ප්රතික්ෂේපකයින් හා පාපතරයින් ඉන් නිරයට වැටෙන අතර දැහැමියන් එයින් එතෙර වී ස්වර්ගයට පිවිසෙනු ඇත.
72

ثُمَّ نُنَجِّي الَّذِينَ اتَّقَوا وَّنَذَرُ الظَّالِمِينَ فِيهَا جِثِيًّا

පසුව අපි බිය බැතිමත් වූවන්ව මුදවා ගන්නෙමු. තවද අපි අපරාධකරුවන්ව එහි දණින් සිටින්නන් ලෙස අත් හරින්නෙමු.
73

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَيُّ الْفَرِيقَيْنِ خَيْرٌ مَّقَامًا وَأَحْسَنُ نَدِيًّا

(ලොවෙහිදී) අපගේ වදන් පැහැදිලිව ඔවුන් වෙත පාරායනය කරනු ලැබූ කල්හි “(අප) දෙපිරිස අතුරින් නිලයෙන් ඉතා ශ්රේෂ්ඨයින් හා සභාවෙන් ඉතා අලංකාර වූවන් වන්නේ කවුරුන් දැ?”යි ප්රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන්ට පවසා සිටියෝය. 10
10ධනවත් ප්රතික්ෂේපකයින් “අපගේ විශ්වාසයන් නුඹලාගේ විශ්වාසයට වඩා අල්ලාහ් පිළිගත් හෙයින් ඔහු අපව නුඹලාට වඩා පොහොසත් කර ඇත” යැයි විශ්වාසිකයින් සමග තර්ක කළෝය. එහෙත් මෙම වැකියෙන් පැහැදිලි කරන්නේ ලෞකික වස්තූන් අල්ලාහ් තමන්ව ප්රිය කරන හෙයින් පිරිනැමූවක් නොවන බවත් මේවා පිරිනැමීම අල්ලාහ්ගේ පිරික්සුමක් බවත්ය.
74

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَحْسَنُ أَثَاثًا وَرِئْيًا

ඔවුනට පෙර මෙවලමින් හා පෙනුමෙන් ඉතා උසස් වූ පරම්පරාවන් අතුරින් කොපමණක් අපි විනාශ කළෙමු ද?
75

قُلْ مَن كَانَ فِي الضَّلَالَةِ فَلْيَمْدُدْ لَهُ الرَّحْمَـٰنُ مَدًّا ۚ حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ إِمَّا الْعَذَابَ وَإِمَّا السَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّ مَّكَانًا وَأَضْعَفُ جُندًا

(නබිවරය,) “කවරෙකු නොමග වී ද ඔහුට කරුණාභරිතයාණන් (අවකාශය) දීර්ඝ කිරීමකින් දීර්ඝ කරන්නේය. කෙතරම් (දුරට)දයත් ඔවුනට ප්රතිඥා දෙනු ලැබූ දෑ වන දඬුවම හෝ (ලොව අවසන්) හෝරාව ඔවුන් දකින තුරුය. එවිට නිලයෙන් ඉතා නපුරු හා සේනාංකයෙන් ඉතා දුර්වල කවරෙකු දැ?යි ඔවුන් මතු දැන ගන්නෝය.” යැයි පවසවු.
76

وَيَزِيدُ اللَّهُ الَّذِينَ اهْتَدَوْا هُدًى ۗ وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ مَّرَدًّا

තවද යහමග ලැබූවන්ට අල්ලාහ් යහමග අධික කරන්නේය. නිතැතිව පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස තිළිණයෙන් ශ්රේෂ්ඨය. තවද නැවත යොමු වන ස්ථානයෙන් ද ශ්රේෂ්ඨය.
77

أَفَرَأَيْتَ الَّذِي كَفَرَ بِآيَاتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًا وَوَلَدًا

(නබිවරය,) අපගේ වදන් ප්රතික්ෂේප කොට “සැබැවින්ම මට ධනය ද දරුවන් ද පිරිනමනු ලැබේ” යැයි පැවසූ අයව නුඹ දුටුවෙහි ද? 11
11‘ආස් ඉබ්නු වායිල්’ නැමැති දරුණු මක්කාවාසී ප්රතික්ෂේපකයා ‘හබ්බාබ් ඉබ්නු අරත්’ නැමැති සහාබිවරයාට ණයක් වී සිටීය. මෙම ණය පියවන මෙන් ඔහුගෙන් විමසූ කල ‘නුඹ මුහම්මද්ගේ දහම ප්රතික්ෂේප කළේ නම් මා නුඹට දිය යුතු ණය ගෙවන්නෙමි’ යැයි ආස් නැමැත්තා පැවසුවේය. ඊට ඔහු ‘නුඹ මරණයට පත් වී නැවත උපත ලැබූවත් මා මෙසේ නොකරන්නෙමි’ යැයි පිළිතුරු දුන්නේය. එවිට ඔහු ‘මා මරණයට පත් වී ඊළඟ ආත්මයෙහි මීටත් වඩා ධනවත් වනු ඇත. එහෙයින් මා එවිට නුඹගේ ණය පිය වන්නෙමි’ යැයි ආස් නැමැත්තා පැවසුවේය.
78

أَطَّلَعَ الْغَيْبَ أَمِ اتَّخَذَ عِندَ الرَّحْمَـٰنِ عَهْدًا

ඔහු (එසේ පැවසීමට) ගුප්ත දෑ එබී බැලුවේ ද? එසේත් නොමැති නම්, කරුණාභරිතයාණන් වෙතින් ගිවිසුමක් ගත්තේ ද?
79

كَلَّا ۚ سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُ مِنَ الْعَذَابِ مَدًّا

එසේ නොව, ඔහු පවසන දෑ අපි ලේඛනය කරන්නෙමු. තවද අපි ඔහුට අධික ලෙස දඬුවම අධික කරන්නෙමු.
80

وَنَرِثُهُ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا

තවද ඔහු පවසන දේ අපි ඔහුගෙන් උරුම කර ගන්නෙමු. තවද ඔහු (විනිශ්චය දින දී) අප වෙත තනිවම පැමිණෙන්නේය.
81

وَاتَّخَذُوا مِن دُونِ اللَّهِ آلِهَةً لِّيَكُونُوا لَهُمْ عِزًّا

තවද ඔවුහු (අල්ලාහ්ගේ දඬුවමින් මිදීමට) තමන්ට බලයක් වනු පිණිස අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් ගත්තෝය.
82

كَلَّا ۚ سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا

එසේ නොව. ඔවුහු(මිථ්යා දෙවිවරුන්, තමන්ට) ඔවුන් නැමදුම් කිරීම මතු ප්රතික්ෂේප කොට ඔවුහු ඔවුනට විරුද්ධ වන්නෝය.
83

أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا

අපි ෂෙයිතාන්වරුන්ව ප්රතික්ෂේපකයින් වෙත (පාපය කරා) දැඩි පෙලඹවීමකින් ඔවුන්ව පොලඹවන්නන් ලෙස එවා සිටි බව නුඹ නොදුටුවෙහි ද?
84

فَلَا تَعْجَلْ عَلَيْهِمْ ۖ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا

එබැවින් ඔවුන් කෙරෙහි (දඬුවම් පැමිණිය යුතු යැයි) නුඹ ඉක්මන් නොවවු. සැබැවින්ම ඔවුන්(ගේ ජීවිතය) සඳහා අපි ගණන් කරනුයේ (නියමිත දින) ගණනක් පමණකි. 12
12මුස්ලිම්වරුන්ට හිරිහැර කරන ප්රතික්ෂේපකයින්ට අල්ලාහ් දඬුවම් නොකර අතහැර තිබීම පිළිබඳව ඔවුන් පසුතැවිල්ලට පත් නොවිය යුතුය. මන්දයත් අල්ලාහ් සියලු දැයට නියමිත කාල පරාසයක් නියම කර ඇති හෙයිනි.
85

يَوْمَ نَحْشُرُ الْمُتَّقِينَ إِلَى الرَّحْمَـٰنِ وَفْدًا

බිය භක්තිකයින්ව කරුණාභරිතයාණන් වෙත කණ්ඩායමක් වශයෙන් (ගෞරවාන්විතව) අප රැස් කර වැරදිකරුවන්ව නිරය වෙත පිපාසිකයින් ලෙස අප ඇදගෙන යන දින (සිහිපත් කරවු.)
86

وَنَسُوقُ الْمُجْرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرْدًا

බිය භක්තිකයින්ව කරුණාභරිතයාණන් වෙත කණ්ඩායමක් වශයෙන් (ගෞරවාන්විතව) අප රැස් කර වැරදිකරුවන්ව නිරය වෙත පිපාසිකයින් ලෙස අප ඇදගෙන යන දින (සිහිපත් කරවු.)
87

لَّا يَمْلِكُونَ الشَّفَاعَةَ إِلَّا مَنِ اتَّخَذَ عِندَ الرَّحْمَـٰنِ عَهْدًا

කරුණාභරිතයාණන් අබියස ගිවිසුමක් ගත් අය හැර (එදින අන් අය වෙනුවෙන්) රෙකමදාරු වීමේ හිමිකම ඔවුන් නොලදති.
88

وَقَالُوا اتَّخَذَ الرَّحْمَـٰنُ وَلَدًا

තවද “කරුණාභරිතයාණන් (තමන්ට) පුතෙකු ගත්තේය” යැයි (යුදෙව්, කිතුණු) ඔවුහු පැවසුවෝය.
89

لَّقَدْ جِئْتُمْ شَيْئًا إِدًّا

සැබැවින්ම නුඹලා මහත් පිළිකුල් දැයක්(ප්රකාශයක්) ගෙන ආවෙහුය.
90

تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنشَقُّ الْأَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا

එ(ම ප්රකාශ)යෙන් අහස් බිඳී මහපොළොව ද පැළී කඳු සුනු විසුනු වී වැටෙන්නට තරම් විය.
91

أَن دَعَوْا لِلرَّحْمَـٰنِ وَلَدًا

(එය) “කරුණාභරිතයාණන්ට පුතෙකු ඇතැ”යි ඔවුහු වාද කළ හේතුවෙනි.
92

وَمَا يَنبَغِي لِلرَّحْمَـٰنِ أَن يَتَّخِذَ وَلَدًا

පුතෙකු ගැනීම (අල්ලාහ් වන) කරුණාභරිතයාණන්ට කිසිදු අවශ්යතාවක් නොවීය.
93

إِن كُلُّ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَـٰنِ عَبْدًا

අහස්හි හා මිහිතලයේ සිටින සෑම කෙනෙකුම කරුණාභරිතයාණන් වෙත ගැත්තන් ලෙස පැමිණෙන්නන් මිස නැත.
94

لَّقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا

සැබැවින්ම ඔහු ඔවුන්ව සටහන් කර ඇත. තවද නියමිත ගණනයකින් ගණන් කර ද ඇත.
95

وَكُلُّهُمْ آتِيهِ يَوْمَ الْقِيَامَةِ فَرْدًا

තවද ඔවුන් සියල්ලෝම මළවුන් නැගිටුවනු ලබන දින තනිවම පැමිණෙන්නෝය.
96

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَـٰنُ وُدًّا

සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් නම් (අල්ලාහ් වන) කරුණාභරිතයාණන් ඔවුනට සෙනෙහස ඇති කරවන්නේය.
97

فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ الْمُتَّقِينَ وَتُنذِرَ بِهِ قَوْمًا لُّدًّا

(නබිවරය,) නුඹගේ දිවෙන් 13 අපි එ(ම අල් කුර්ආන)ය පහසු කළේ බිය භක්තිකයින්ට එමගින් නුඹ ශුභාරංචි පවසනු පිණිස ද මුරණ්ඩු පිරිසකට එමගින් නුඹ අවවාද කරනු පිණිස ද වේ.
13මෙහි දී අදහස් වනුයේ අල් කුර්ආනයේ භාෂාව අරාබි භාෂාව යනුවෙනි. එය ඔවුන් කතා කරන භාෂාවය. එබැවින් එම භාෂාවෙන් අල් කුර්ආනය පහළ වූ හෙයින් නබි මුහම්මද් තුමාණන්ට ජනයා වෙත අනුශාසනා කිරීමටත් අවවාද කිරීමටත් පහසු වූ බවය.
98

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُم مِّنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزًا

තවද ඔවුනට පෙර වූ (ප්රතික්ෂේපක) පරම්පරාවන් කොපමණක් අපි විනාශ කර ඇත්තෙමු ද? ඔවුන්ගෙන් කිසිවෙකු පිළිබඳවත් නුඹට හැගෙන්නේ ද? එසේ නොමැති නම් කෙඳිරි ගෑමකට හෝ නුඹ සවන් දෙන්නෙහි ද?
طهමක්කී
1

طه

තා, හා. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

مَا أَنزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَىٰ

(නබිවරය,) නුඹ අපහසුතාවට පත් වනු පිණිස අපි අල් කුර්ආනය නුඹ කෙරෙහි පහළ නොකළෙමු.
3

إِلَّا تَذْكِرَةً لِّمَن يَخْشَىٰ

(අල්ලාහ්ට) බිය වන්නන්ට මෙනෙහි කිරීමක් වශයෙන් මිස (අපි එය පහළ නොකළෙමු).
4

تَنزِيلًا مِّمَّنْ خَلَقَ الْأَرْضَ وَالسَّمَاوَاتِ الْعُلَى

(මෙම අල් කුර්ආනය) මිහිතලය හා උස් අහස් මැවූ කෙනා( වන අල්ලාහ්)ගෙන් වූ පහළ කිරීමක් වශයෙනි.
5

الرَّحْمَـٰنُ عَلَى الْعَرْشِ اسْتَوَىٰ

කරුණාභරිතයාණන් (වන අල්ලාහ්) අර්ෂය මත (ඔහුගේ ගෞරවයට සුදුසු අයුරින්) “ඉස්තිවා” 2 විය.
2වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:54 හි පාද සටහන බලන්න.
6

لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ الثَّرَىٰ

අහස්හි ඇති දෑ ද මිහිතලයෙහි ඇති දෑ ද ඒ දෙක අතර ඇති දෑ ද (පොළොවෙහි ඇති) පසට යටින් ඇති දෑ ද ඔහුට හිමිය.
7

وَإِن تَجْهَرْ بِالْقَوْلِ فَإِنَّهُ يَعْلَمُ السِّرَّ وَأَخْفَى

(නබිවරය,) නුඹ (නුඹගේ) ප්රකාශය හඬ නගා පැවසුව ද සැබැවින්ම අල්ලාහ් රහස්ය දෑ හා ඊටත් වඩා සැඟවුණු දෑ දන්නේය. 3
3මෙහි ‘රහස්යය’ යනුවෙන් සඳහන් කරන්නේ යමෙකු සිතන දැයයි. ‘ඊටත් වඩා සැඟවුණු’ යැයි සඳහන් කරන්නේ ඔහු සිතීමට පෙර තත්ත්වයයි.
8

اللَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ

අල්ලාහ්, ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. ඔහුට අලංකාර නාමයන් ඇත.
9

وَهَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ

මූසාගේ වෘත්තාන්තය නුඹ වෙත පැමිණියේ ද?
10

إِذْ رَأَىٰ نَارًا فَقَالَ لِأَهْلِهِ امْكُثُوا إِنِّي آنَسْتُ نَارًا لَّعَلِّي آتِيكُم مِّنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى النَّارِ هُدًى

ඔහු(මූසා) ගින්නක් දුටු විට තම පවුලට “නුඹලා රැඳී සිටිවු. සැබැවින්ම මම ගින්නක් දුටුවෙමි. එයින් නුඹලාට ගිනි මැලයක් මා ගෙන එන්නට හැකිය. නැතහොත් එම ගින්න මගින් මා මාර්ගයක් ලබා ගන්නට හැකි යැයි ඔහු පැවසුවේය. 4
4මෙය නබි මූසා තුමාණන් ප්රසූත වේදනාවෙන් පෙළෙන තම බිරිය සමග ‘මද්යන්’ දේශයේ සිට ‘ඊජිප්තුව’ කරා යන මග දී සිදු වූවකි.
11

فَلَمَّا أَتَاهَا نُودِيَ يَا مُوسَىٰ

එබැවින් ඔහු එහි පැමිණි කල්හි ‘අහෝ මූසා’ යැයි අමතනු ලැබුවේය.
12

إِنِّي أَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَيْكَ ۖ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى

“සැබැවින්ම මම නුඹගේ පරමාධිපතිය. එබැවින් නුඹගේ පාවහන් යුගල ගලවවු. සැබැවින්ම නුඹ ‘තුවා’ නම් පරිශුද්ධ මිටියාවතෙහිය.
13

وَأَنَا اخْتَرْتُكَ فَاسْتَمِعْ لِمَا يُوحَىٰ

තවද මම නුඹව (නබිත්වය සඳහා) තෝරා ගත්තෙමි. එබැවින් වහී (දේව පණිවිඩ ලෙස) පහළ කරනු ලබන දෑට නුඹ සවන් දෙවු.
14

إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَـٰهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي

සැබැවින්ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවියෙකු නොමැත. එබැවින් නුඹ මා නමදිවු. මා මෙනෙහි කරනු පිණිස සලාතය ස්ථාපිත කරවු.
15

إِنَّ السَّاعَةَ آتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا تَسْعَىٰ

සැබැවින්ම (ලොව අවසන්) හෝරාව පැමිණෙන්නකි. සෑම ආත්මයක්ම තමන් උත්සහ කරන දෑ අනුව ප්රතිඵල දෙනු ලබනු පිණිස එය(අවසන් හෝරාව) මා සඟවා තබා ඇත්තෙමි.
16

فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَن لَّا يُؤْمِنُ بِهَا وَاتَّبَعَ هَوَاهُ فَتَرْدَىٰ

එය(අවසන් හෝරාව) විශ්වාස නොකර තම මනෝ ඉච්ඡාව අනුගමනය කළ අය එ(ම විශ්වාස)යෙන් නුඹව නොවැළැක්විය යුතුය. එසේ (නුඹ කළේ) නම් නුඹ විනාශයට පත් වනු ඇත.” (යැයි අල්ලාහ් පවසා)
17

وَمَا تِلْكَ بِيَمِينِكَ يَا مُوسَىٰ

“අහෝ මූසා! නුඹගේ දකුණතෙහි ඇත්තේ කුමක් දැ?”(යි ඇසුවේය.)
18

قَالَ هِيَ عَصَايَ أَتَوَكَّأُ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَآرِبُ أُخْرَىٰ

“එය මාගේ සැරයටියයි. (ඇතැම් විට) මම ඒ මත හාන්සි වන්නෙමි. තවද (ඇතැම් විට) එමගින් මා මාගේ එළුවන් සඳහා (අතු කොළ) කඩා දෙමි. තවද එහි මට වෙනත් භාවිතයන් ද ඇතැ”(යි මූසාපැවසුවේය.)
19

قَالَ أَلْقِهَا يَا مُوسَىٰ

“අහෝ මූසා! නුඹ එය (බිම) දමවු” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.-
20

فَأَلْقَاهَا فَإِذَا هِيَ حَيَّةٌ تَسْعَىٰ

එවිට ඔහු එය (බිම) දැමුවේය. එසැණින් එය වේගයෙන් ගමන් කරන සර්පයෙකු විය.
21

قَالَ خُذْهَا وَلَا تَخَفْ ۖ سَنُعِيدُهَا سِيرَتَهَا الْأُولَىٰ

“එය අල්ලා ගනිවු. තවද නුඹ බිය නොවවු. අපි එය එහි පෙර ස්වභාවයටම නැවත පත් කරන්නෙමු.
22

وَاضْمُمْ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ آيَةً أُخْرَىٰ

තවද නුඹගේ අත නුඹගේ (බාහුව යටින් වූ කිහිල්ල) පැත්තට එක් කර ගනිවු. තවත් සාධකයක් ලෙස එ(ම අත්ල)ය කිසිදු නරක( රෝගය)කින් තොරව සුදුවන්ව (දිලිසෙමින්) පිට වන්නේය.
23

لِنُرِيَكَ مِنْ آيَاتِنَا الْكُبْرَى

(මෙය) අපගේ මහත් වූ සාධකයන් අතුරින් නුඹට අපි ගෙන හැර පෙන්වනු පිණිසය.
24

اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ

“නුඹ ෆිර්අවුන් වෙත යවු. සැබැවින්ම ඔහු සීමාව ඉක්ම වීය.” (යැයි අල්ලාහ් පැවසුවේය.)
25

قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي

(එවිට) ඔහු (මූසා මෙසේ) පැවසුවේය. “මාගේ පරමාධිපතියාණනි, මාගේ හදවත මා වෙනුවෙන් විවෘත කරනු මැනව.
26

وَيَسِّرْ لِي أَمْرِي

තවද මාගේ කටයුත්ත මට පහසු කර දෙනු මැනව!
27

وَاحْلُلْ عُقْدَةً مِّن لِّسَانِي

මාගේ දිවෙන් ගැටය ලිහිල් කරනු මැනව! 5
5නබි මූසා තුමාණන් කුඩා වියේ දී තම දිව පිලිස්සුනු හෙයින් ඔහුගේ කතා ශෛලිය ගොත විය. අල් කුර්ආන් 43:52 ආයතයෙහි පරිදි “මෙම නීච හා පැහැදිලිව කතා කළ නොහැකි ඔහුට(මූසාට) වඩා මම ශ්රේෂ්ඨ නොවන්නෙම් ද?” යනුවෙන් ෆිර්අවුන් පැවසුවේ මොහුගේ මෙම ගොතභාවය නිසාය.
28

يَفْقَهُوا قَوْلِي

(එවිට) ඔවුහු මාගේ ප්රකාශය අවබෝධ කර ගනු ඇත.
29

وَاجْعَل لِّي وَزِيرًا مِّنْ أَهْلِي

තවද මාගේ පවුලෙන් මට සහකරුවෙකු පත් කරනු මැනව!
30

هَارُونَ أَخِي

(එනම්) මාගේ සහෝදර හාරූන්ව (පත් කරනු මැනව!)
31

اشْدُدْ بِهِ أَزْرِي

ඔහු මගින් මාගේ පිට කොන්ද ශක්තිමත් කරනු මැනව!
32

وَأَشْرِكْهُ فِي أَمْرِي

තවද මාගේ කටයුත්තෙහි ඔහුව ද හවුල් කරනු මැනව!
33

كَيْ نُسَبِّحَكَ كَثِيرًا

(මේ සියල්ල) අපි නුඹව අධික ලෙස පිවිතුරු කරනු පිණිසය.
34

وَنَذْكُرَكَ كَثِيرًا

තවද අපි නුඹව අධික ලෙස මෙනෙහි කරනු පිණිස ද ය.
35

إِنَّكَ كُنتَ بِنَا بَصِيرًا

සැබැවින්ම නුඹ අප පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීව සිටියෙහිය.”
36

قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَىٰ

“අහෝ මූසා! නුඹගේ ඉල්ලීම දෙනු ලැබ ඇතැ”යි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
37

وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰ

තවද සැබැවින්ම අපි (මීට පෙර) තවත් වතාවක් නුඹ කෙරෙහි උපකාර කර ඇත්තෙමු.
38

إِذْ أَوْحَيْنَا إِلَىٰ أُمِّكَ مَا يُوحَىٰ

වහී පහළ කරනු ලැබිය යුතු දෑ නුඹගේ මව වෙත අපි පහළ කළ කල්හි (ද අපි උපකාර කළෙමු). 6
6‘වහී’ යන පදයේ පදානුගත අරුත ‘රහස්යය පුවත’ යන අදහසයි. මෙම ගණයට අයත් වහී යන්න නබිවරුන්ට පමණක් ආවේණික වූවක් නොවය. මන්දයත් සතුන්ට පවා අල්ලාහ් එම පදය භාවිත කොට ඇත. අල් කුර්ආන් 16 : 68 හි මී මැස්සාට ද වහී දැන් වූ බව සඳහන් වී ඇත. මෙවන් වහී ගණයට ‘ඉල්හාම්’ නම් ‘අල්ලාහ්ගෙන් පහළ වන හැඟීම්’ යැයි පැවසිය හැකිය. එබැවින් මෙහි වහී යන්නෙහි අරුත නබිවරුන්ට පහළ වූවා වූ මෙන් වහී දේව පණිවිඩයන් නොව. නබිවරුන් නොවන අල්ලාහ්ගේ යහ ගැත්තන්ට ද මෙම ‘ඉල්හාම්’ නම් හැඟීම් ඇති විය හැකිය. එහෙයින් ඔහුට හැඟුණු දැය ඉස්ලාමයේ යම් අංශයක් යැයි සැලකිය නොහැක. එපමණක් නොව ඔහුට හැඟුණු දැය අන් අයට දැන්වීම උචිත නොවන්නේය. එහෙත් නබිවරුන්ට පහළ වන වහී තම සමූහයාට ගෙන හැර පෑම ඔවුන්ට අනිවාර්යය වූ කටයුත්තකි.
39

أَنِ اقْذِفِيهِ فِي التَّابُوتِ فَاقْذِفِيهِ فِي الْيَمِّ فَلْيُلْقِهِ الْيَمُّ بِالسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِّي وَعَدُوٌّ لَّهُ ۚ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِّنِّي وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِي

(එනම් ළදරු වියේ සිටි) මොහුව පෙට්ටිය තුළට බහා එය ගඟහි දමවු. 7 එවිට ගඟ එ(ම පෙට්ටි)ය ඉවුරට ගොඩ දමයි. මාගේ සතුරා ද ඔහුගේ සතුරා ද (වන ෆිර්අවුන්) එය ගනු ඇත. තවද (දුටුවන් ප්රිය කරන පරිදි මූසා වන) නුඹ කෙරෙහි මාගෙන් වූ සෙනෙහසක් පෑවෙමි. තවද නුඹ මාගේ අධීක්ෂණය යටතේ වැඩෙනු පිණිස ද වේ.
7වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 28:4-13 දක්වා බලන්න.
40

إِذْ تَمْشِي أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَن يَكْفُلُهُ ۖ فَرَجَعْنَاكَ إِلَىٰ أُمِّكَ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ ۚ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَاكَ مِنَ الْغَمِّ وَفَتَنَّاكَ فُتُونًا ۚ فَلَبِثْتَ سِنِينَ فِي أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍ يَا مُوسَىٰ

(අහෝ මූසා!) නුඹගේ සහෝදරිය (ෆිර්අවුන්ගේ පවුල වෙත නුඹව සොයමින්) ගමන් කළ අවස්ථාව (සිහිපත් කරවු). පසුව ඇය (ඔවුන්ට) “මොහුව හදාවඩා ගන්නා කෙනෙක්(මවක්) පිළිබඳව මා නුඹලාට දන්වන්න දැ?”යි පවසා සිටියාය. එවිට අපි නුඹගේ මව වෙත ඇයගේ දෑස් පිනවීම පිණිස ද ඇය දුක් නොවනු පිණිස ද නැවත නුඹව ලබා දුන්නෙමු. තවද නුඹ ප්රාණයක් ඝාතනය කළෙහිය. එවිට අපි නුඹව දුකින් මුදවා ගත්තෙමු. 8 තවද අපි නුඹව (මහත්) පිරික්සුමකින් පිරික්සුම් කළෙමු. තවද මද්යන් වැසියන් සමග වසර ගණනාවක් නුඹ රැඳී සිටියෙහිය. (මේ සියල්ලටම) පසුව අහෝ මූසා! නුඹ (අප) සැලසුම් කළ වේලාවට අනුව (මෙහි) පැමිණියේය.
8මෙම සිදුවීමෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 28:15-28 දක්වා බලන්න.
41

وَاصْطَنَعْتُكَ لِنَفْسِي

“මා(ගේ දූත මෙහෙවර) වෙනුවෙන් නුඹව මා තෝරා ගත්තෙමි.
42

اذْهَبْ أَنتَ وَأَخُوكَ بِآيَاتِي وَلَا تَنِيَا فِي ذِكْرِي

නුඹ ද නුඹගේ සහෝදරයා ද මාගේ සංඥාවන් සමග යවු. මා සිහිපත් කිරීමෙහි නුඹ දෙපළ දුර්වල නොවවු.
43

اذْهَبَا إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ

නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත යවු. සැබැවින්ම ඔහු සීමාව ඉක්ම වීය.
44

فَقُولَا لَهُ قَوْلًا لَّيِّنًا لَّعَلَّهُ يَتَذَكَّرُ أَوْ يَخْشَىٰ

එබැවින් නුඹලා දෙදෙනා මෘදු වදනින් ඔහු සමග කතා කරවු. ඔහු (එමගින්) උපදෙස් ලබන්නට හෝ බියවන්නට පුළුවන.” 9 (යැයි අල්ලාහ් පැවසුවේය.)
9ෆිර්අවුන් කිසිවිටෙක මොවුන්ගේ ඇරයුම පිළි නොගන්නා බවට අල්ලාහ් දැන සිටියද මෙලෙස අල්ලාහ් පැවසීමට හේතුව මොවුන් දෙදෙනාට තම ඇරයුම කෙරෙහි තහවුරුභාවයක් ඇති වීම පිණිසය. එසේම තමන්ගේ ඇරයුමට ලක්වන්නා කෙතරම් කුරිරු වුව ද මෘදු වදනින් ඇරයුම් කළ යුතු බවත් දැඩි පරුෂ වචන භාවිත නොකළ යුතු බවත් අල්ලාහ් මෙහි අණ කරයි.
45

قَالَا رَبَّنَا إِنَّنَا نَخَافُ أَن يَفْرُطَ عَلَيْنَا أَوْ أَن يَطْغَىٰ

“අපගේ පරමාධිපතියාණනි, ඔහු අපට එරෙහිව (හිංසා කිරීමට) ඉක්මන් වනු ඇතැ’යි හෝ සීමාව ඉක්මවා කටයුතු කරනු ඇතැ’යි සැබැවින්ම අපි බිය වන්නෙමු.” යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය.
46

قَالَ لَا تَخَافَا ۖ إِنَّنِي مَعَكُمَا أَسْمَعُ وَأَرَىٰ

“නුඹලා දෙදෙනා බිය නොවවු. සැබැවින්ම මම නුඹලා දෙදෙනා සමග සිටිමි. 10 (තවද ෆිර්අවුන් පවසන දෑ) මම සවන් දෙන්නෙමි. තවද (ඔහු කරන දෑ) මම බලන්නෙමි.” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
10මෙම ආයතයෙහි “මම නුඹලා දෙදෙනා සමග සිටිමි” යනු අල්ලාහ්ගේ උපකාරය ඔබ දෙදෙනාට හිමියි යන අදහසයි යනුවෙන් අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත.
47

فَأْتِيَاهُ فَقُولَا إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ وَلَا تُعَذِّبْهُمْ ۖ قَدْ جِئْنَاكَ بِآيَةٍ مِّن رَّبِّكَ ۖ وَالسَّلَامُ عَلَىٰ مَنِ اتَّبَعَ الْهُدَىٰ

පසුව නුඹලා දෙදෙනා ඔහු වෙත යවු. (එහි ගොස්) “සැබැවින්ම අප දෙදෙනා නුඹගේ පරමාධිපතිගේ රසූල්වරුන්ය. එබැවින් අප සමග ඉස්රාඊල්ගේ දරුවන්ව යවවු. තවද නුඹ ඔවුනට දඬුවම් නොකරවු. සැබැවින්ම අපි නුඹගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් නුඹ වෙත ගෙන ආවෙමු. තවද යහ මග අනුගමනය කළවුන් කෙරෙහි සලාම්(ශාන්ති)ය අත් වේවා!” යැයි නුඹලා දෙදෙනා පවසවු.
48

إِنَّا قَدْ أُوحِيَ إِلَيْنَا أَنَّ الْعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ

“අසත්යය කර පිටුපා ගියවුන් කෙරෙහි සැබැවින්ම දඬුවම ඇතැ”යි අප වෙත වහී (දේව පණිවිඩ) පහළ කරනු ලැබ ඇත. (යැයි ද පවසවු.)
49

قَالَ فَمَن رَّبُّكُمَا يَا مُوسَىٰ

“අහෝ මූසා! නුඹලා දෙදෙනාගේ පරමාධිපති කවුරුන්දැ?”යි ඔහු(ෆිර්අවුන්) විමසුවේය.
50

قَالَ رَبُّنَا الَّذِي أَعْطَىٰ كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَىٰ

“අපගේ පරමාධිපති සෑම වස්තුවකටම එයට නියමිත ස්වභාවය ලබා දී පසුව මග පෙන්වා දුන් කෙනා යැ”යි ඔහු(මුසා) පැවසුවේය.
51

قَالَ فَمَا بَالُ الْقُرُونِ الْأُولَىٰ

“එසේ නම් මුල් පරම්පරාවන්ගේ තත්ත්වය කුමක් දැ?”යි 11 ඔහු විමසුවේය.
11“අසත්යය කර පිටුපා ගියවුන් කෙරෙහි සැබැවින්ම දඬුවම ඇත” යැයි නබි මූසා තුමාණන් පැවසූ කියමනට විරුද්ධව ෆිර්අවුන් මෙම පැනය නබි මූසා තුමාණන්ගෙන් විමසුවේය. එනම් පෙර අකටයුතුකම් කළ සෑම අයෙකුටම අල්ලාහ් දඬුවම් කර ඇත්තේ ද? යනුවෙන්ය. මෙහි දැනුම ඇත්තේ අල්ලාහ් අබියස යැයි වැකි අංක 52 හි සඳහන්ව ඇත.
52

قَالَ عِلْمُهَا عِندَ رَبِّي فِي كِتَابٍ ۖ لَّا يَضِلُّ رَبِّي وَلَا يَنسَى

“ඒ පිළිබඳව දැනුම මාගේ පරමාධිපති අබියස ලේඛනයකය. මාගේ පරමාධිපතිට වරදින්නේ නැත. තවද ඔහු අමතක කරන්නේ ද නැත.
53

الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًا وَأَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ أَزْوَاجًا مِّن نَّبَاتٍ شَتَّىٰ

(ඔහු) කවුරුන්ද යත් නුඹලාට මිහිතලය (තොටිල්ලක් මෙන්) යහනාවක් බවට පත් කළේය. තවද ඔහු නුඹලාට එහි (ගමන් කිරීම පිණිස) මාර්ගයන් ඇති කළේය. ඔහු අහසින් (වැසි) ජලය පහළ කළේය. එමගින් විවිධාකාර බෝග වගාවන් යුගල වශයෙන් අපි පිට කළෙමු. 12
12මෙම ආයතයෙහි ආරම්භයෙහි අල්ලාහ් තමාව සඳහන් කරන විට ප්රථම පුරුෂ වචනයෙන් පවසා ඇති අතර පසුව උත්තම පුරුෂයට පෙරළා ඇත. අරාබි සාහිත්යයට අනුව මෙසේ කිරීම එම ආයතය තහවුරු කිරීමට හා වාක්යය අලංකාර කිරීමට භාවිත කෙරේ. මෙය ‘ඉල්තිෆාත්’ යනුවෙන් හැඳින්වේ. මෙලෙස අල් කුර්ආන්හි බොහෝ ස්ථානයන්හි සඳහන් වී ඇත.
54

كُلُوا وَارْعَوْا أَنْعَامَكُمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّأُولِي النُّهَىٰ

නුඹලා (එයින්) අනුභව කරවු. තවද නුඹලාගේ පශු කුලයට අයත් සතුන්ට ද තණ බුදින්නට දෙවු. සැබැවින්ම එහි බුද්ධිය ඇත්තවුන්ට සංඥාවන් ඇත.
55

مِنْهَا خَلَقْنَاكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَىٰ

එයින්(පොළොවේ ඇති පස් වලින්) අපි නුඹලාව මැව්වෙමු. තවද අප නුඹලාව නැවත එහි යොමු කරන්නෙමු. තවද අපි තවත් වතාවක් නුඹලාව එයින් (විනිශ්චය දිනයෙහි) පිට කරන්නෙමු.
56

وَلَقَدْ أَرَيْنَاهُ آيَاتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ

අපගේ සංඥාවන් සියල්ල අපි ඔහුට(ෆිර්අවුන්ට) පෙන්වූයෙමු. නමුත් ඔහු (ඒවා) අසත්යය කර (අල්ලාහ්ට) පිටුපෑවේය.
57

قَالَ أَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ أَرْضِنَا بِسِحْرِكَ يَا مُوسَىٰ

“අහෝ මූසා! නුඹගේ හූනියම මගින් අපගේ භූමියෙන් නුඹ අපව පිටුවහල් කරන්නට ද නුඹ අප වෙත පැමිණියේ?” යැයි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
58

فَلَنَأْتِيَنَّكَ بِسِحْرٍ مِّثْلِهِ فَاجْعَلْ بَيْنَنَا وَبَيْنَكَ مَوْعِدًا لَّا نُخْلِفُهُ نَحْنُ وَلَا أَنتَ مَكَانًا سُوًى

“එවිට සැබැවින්ම මෙවැනිම හූනියමක් අප ද නුඹ වෙත ගෙන එන්නෙමු. එබැවින් අප ද නුඹ ද එය කඩ නොකරන මධ්යස්ථ වූ ස්ථානයක අප අතර ද නුඹ අතර ද නියම( කරන ලද දින)යක් පත් කර ගනිවු.” (යැයි ද ෆිර්අවුන් පැවසුවේය.)
59

قَالَ مَوْعِدُكُمْ يَوْمُ الزِّينَةِ وَأَن يُحْشَرَ النَّاسُ ضُحًى

“නුඹලාගේ නියම( කරන ලද දින)ය (අවුරුදු දිනය වන) අලංකාරමත් දිනයයි. තවද (එහි) මිනිසුන් සියල්ල පෙරවරුවේ රැස් කරනු ලැබේ.” යැයි ඔහු(මූසා) පැවසුවේය.
60

فَتَوَلَّىٰ فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُ ثُمَّ أَتَىٰ

පසුව ෆිර්අවුන් හැරී ගොස් ඔහුගේ කුමන්ත්රණ (කළ හූනියම්කරුවන්) එක් රැස් කර පසුව (මූසා වෙත) පැමිණියේය.
61

قَالَ لَهُم مُّوسَىٰ وَيْلَكُمْ لَا تَفْتَرُوا عَلَى اللَّهِ كَذِبًا فَيُسْحِتَكُم بِعَذَابٍ ۖ وَقَدْ خَابَ مَنِ افْتَرَىٰ

(හූනියම්කරුවන් එක් රැස් වූ පසු) මූසා ඔවුනට “නුඹලාට විනාශය අත් වේවා! අල්ලාහ්ට එරෙහිව නුඹලා බොරුවක් නොගොතවු. එසේ (නුඹලා ගෙතුවේ) නම් ඔහු නුඹලාව දඬුවමකින් විනාශ කර දමනු ඇත. තවද බොරු ගෙතූවන් අලාභයට පත් විය” යැයි පැවසුවේය.
62

فَتَنَازَعُوا أَمْرَهُم بَيْنَهُمْ وَأَسَرُّوا النَّجْوَىٰ

එවිට (හූනියම්කාර) ඔවුන් අතර ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් ඔවුන් මතභේද ඇති කර ගත්තෝය. තවද ඔවුන් (එම මතභේද සම්බන්ධ) රහස් සාකච්ඡාව සඟවා ගත්තෝය.
63

قَالُوا إِنْ هَـٰذَانِ لَسَاحِرَانِ يُرِيدَانِ أَن يُخْرِجَاكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ الْمُثْلَىٰ

“සැබැවින්ම මොවුන් දෙදෙනා හූනියම්කරුවන්ය. ඔවුන් දෙදෙනාගේ හූනියම මගින් නුඹලාගේ භූමියෙන් නුඹලාව පිටුවහල් කිරීමට ද නුඹලාගේ ශ්රේෂ්ඨ මාර්ගයෙන්(දහමෙන්) නුඹලාව පහ කිරීමට ද මොවුන් අපේක්ෂා කරන්නෝය.” යැයි ඔවුහු(හූනියම්කරුවන් තමන් අතරම) පැවසුවෝය.
64

فَأَجْمِعُوا كَيْدَكُمْ ثُمَّ ائْتُوا صَفًّا ۚ وَقَدْ أَفْلَحَ الْيَوْمَ مَنِ اسْتَعْلَىٰ

“එබැවින් නුඹලා නුඹලාගේ කුමන්ත්රණ (කළ හූනියම්) එක් රැස් කරවු. පසුව නුඹලා පේළියකට පැමිණෙවු. අබිබවා යන්නන් සැබැවින්ම ජයග්රහණය ලබන්නෝය.” (මූසා පැවසුවේය.)
65

قَالُوا يَا مُوسَىٰ إِمَّا أَن تُلْقِيَ وَإِمَّا أَن نَّكُونَ أَوَّلَ مَنْ أَلْقَىٰ

අහෝ මූසා, නුඹ (නුඹගේ සැරයටිය) දමන්නෙහි ද? නැතහොත් දමන්නන්ගෙන් ප්රමුඛයෝ අපි වන්නෙමු දැ?යි ඔවුහු විමසුවෝය.
66

قَالَ بَلْ أَلْقُوا ۖ فَإِذَا حِبَالُهُمْ وَعِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِن سِحْرِهِمْ أَنَّهَا تَسْعَىٰ

නැත. නුඹලා (ප්රථමයෙන් බිම) දමවු. යැයි ඔහු පැවසුවේය. එසැණින් ඔවුන්ගේ ලණු හා ඔවුන්ගේ සැරයටියන් ඔවුන්ගේ හූනියමින් ඒවා (සර්පයන් මෙන්) දඟලනු ඔහුට මවා පෙන්වනු ලැබීය.
67

فَأَوْجَسَ فِي نَفْسِهِ خِيفَةً مُّوسَىٰ

එවිට මූසාට තමන් තුළ බියක් ඇති විය.
68

قُلْنَا لَا تَخَفْ إِنَّكَ أَنتَ الْأَعْلَىٰ

“නුඹ බිය නොවවු. සැබැවින්ම (ඔවුන්ට වඩා) නුඹ උසස් කෙනෙකි” යැයි අපි පැවසුවෙමු.
69

وَأَلْقِ مَا فِي يَمِينِكَ تَلْقَفْ مَا صَنَعُوا ۖ إِنَّمَا صَنَعُوا كَيْدُ سَاحِرٍ ۖ وَلَا يُفْلِحُ السَّاحِرُ حَيْثُ أَتَىٰ

“තවද නුඹගේ දකුණතෙහි ඇති දෑ(සැරයටිය බිම) දමවු. එය (සර්පයෙකු වී) ඔවුන් (හූනියමින්) කළ දෑ ගිල දමනු ඇත. සැබැවින්ම ඔවුන් කළේ හූනියම්කරුවෙකුගේ කුමන්ත්රණයයි. කොතැනක සිට පැමිණියත් හූනියම්කරුවා ජයග්රහණය නොලබන්නේය.” (යැයි ද අපි පැවසුවෙමු.)
70

فَأُلْقِيَ السَّحَرَةُ سُجَّدًا قَالُوا آمَنَّا بِرَبِّ هَارُونَ وَمُوسَىٰ

එවිට හූනියම්කරුවන් (සත්යය මගින් අල්ලාහ්ට) සුජූද් කරන්නන්ව ඇද වැටෙන්නට ලක් වී “හාරූන් හා මූසාගේ පරමාධිපතිව අපි විශ්වාස කළෙමු” යැයි පැවසුවෝය.
71

قَالَ آمَنتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ ۖ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَا أَشَدُّ عَذَابًا وَأَبْقَىٰ

(එයට) ඔහු(ෆිර්අවුන්) “මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහුව(මූසාව) විශ්වාස කළෙහුය. සැබැවින්ම ඔහු නුඹලාට හූනියම ඉගැන් වූ නුඹලාගේ ප්රධානියාය. එබැවින් නුඹලාගේ අත් හා නුඹලාගේ පාද (එකිනෙකට) විරුද්ධ පැති වලින් සැබැවින්ම මම කපා දමන්නෙමි. තවද සැබැවින්ම නුඹලාව ඉඳි කඳන්හි කුරුසයේ (තබා ඇණ) ගසන්නෙමි. තවද අප අතුරින් දඬුවම් දීමෙන් ඉතා දැඩි 13 හා නිරතුරුව රැඳී සිටින්නා කවරෙකු දැ’යි නුඹලා සැබැවින්ම දැන ගන්නෙහුය” යැයි පැවසුවේය.
13ෆිර්අවුන් මෙයින් අදහස් කළේ අල්ලාහ්ගේ දඬුවම හා මාගේ දඬුවම අතර ඉතා දරුණු කවරෙකු ද? යන්නය.
72

قَالُوا لَن نُّؤْثِرَكَ عَلَىٰ مَا جَاءَنَا مِنَ الْبَيِّنَاتِ وَالَّذِي فَطَرَنَا ۖ فَاقْضِ مَا أَنتَ قَاضٍ ۖ إِنَّمَا تَقْضِي هَـٰذِهِ الْحَيَاةَ الدُّنْيَا

“පැහැදිලි සාධක අතුරින් අප වෙත පැමිණ ඇති දෑට ද අපව මැවූ කෙනාට(අල්ලාහ්ට) ද වඩා නුඹට අප ප්රමුඛත්වයක් නොදෙන්නේමය. එබැවින් නුඹ තීරණය කරන දෙයක් තීරණය කරවු. නුඹ තීරණය කරනුයේ මෙලොව ජීවිතයෙහි පමණක් යැ”යි ඔවුහු(හූනියම්කරුවෝ) පැවසුවෝය.
73

إِنَّا آمَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَايَانَا وَمَا أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ السِّحْرِ ۗ وَاللَّهُ خَيْرٌ وَأَبْقَىٰ

“අපගේ වැරදි වලට ද හූනියමෙන් නුඹ අපට කුමක් බල කර සිටියේ ද එයට ද ඔහු සමාව දෙනු පිණිස අපි අපගේ පරමාධිපති( අල්ලාහ්)ව විශ්වාස කළෙමු. තවද අල්ලාහ් අතිශ්රේෂ්ඨය සදා පවතින්නාය.” (යැයි ද ඔවුන් පැවසුවෝය.)
74

إِنَّهُ مَن يَأْتِ رَبَّهُ مُجْرِمًا فَإِنَّ لَهُ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ

කවරෙකු වැරදි කරන්නෙකුව තම පරමාධිපති වෙත පැමිණෙන්නේද සැබැවින්ම ඔහුට නිරය ඇත. එහි ඔහු මරණයට පත් නොවන්නේය. තවද (නිසි ජීවිතයක් ද) ජීවත් නොවන්නේය.
75

وَمَن يَأْتِهِ مُؤْمِنًا قَدْ عَمِلَ الصَّالِحَاتِ فَأُولَـٰئِكَ لَهُمُ الدَّرَجَاتُ الْعُلَىٰ

තවද කවරෙකු යහකම් කර විශ්වාසිකයෙකුව ඔහු වෙත පැමිණෙන්නේද ඔවුන්මය තමන්ට උසස් තරාතිරම් ලැබූවෝ වන්නේ.
76

جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَاءُ مَن تَزَكَّىٰ

(ඔවුන්ට) අද්න් නම් (ස්වර්ග) උයන් ඇත. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. එය තමන්ව පවිත්ර කර ගත්තවුන්ගේ ප්රතිඵලයයි.
77

وَلَقَدْ أَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَسْرِ بِعِبَادِي فَاضْرِبْ لَهُمْ طَرِيقًا فِي الْبَحْرِ يَبَسًا لَّا تَخَافُ دَرَكًا وَلَا تَخْشَىٰ

තවද සැබැවින්ම මූසා වෙත අපි වහී (දේව පණිවිඩ) පහළ කළෙමු. එනම් “මාගේ ගැත්තන් සමග නුඹ රාත්රියෙහි (පිටව) යවු. තවද (නුඹගේ සැරයටියෙන් මුහුදට ගසා එය දෙබෑ කර) මුහුදෙහි වියළි මාවතක් ඔවුන් වෙනුවෙන් සලස්වා දෙවු. (ෆිර්අවුන්ට) හසුවීම ගැන තැති නොගනිවු. තවද (ගිලීම පිළිබඳව) බිය ද නොවවු.”-
78

فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِ فَغَشِيَهُم مِّنَ الْيَمِّ مَا غَشِيَهُمْ

එවිට ෆිර්අවුන් තම සේනාව සමග ඔවුන්ව ලුහුබැඳ ගියේය. ඔවුන්ව ආවරණය කරන දෑ(මුහුදු රළ) ඔවුන්ව මුහුදෙහි (ගිල්වා) ආවරණය කළේය. 14
14ෆිර්අවුන්, නබි මූසා තුමාණන් හා ඔහුගේ අනුගාමික බනූ ඉස්රාඊල්වරුන් ලුහුබැඳ යන විට නබි මූසා තුමාණන් ඇතුළු පිරිසට කරකියා ගත නොහැකි තත්ත්වයක් උදා විය. එවිට අල්ලාහ්ගේ නියෝගය පරිදි මුහුදට තම සැරයටියෙන් ගැසූ විගස මුහුද වෙන් වී තෙතමනයෙන් තොර වූ මාවත් දොළොසක් මතු විය. නබි මූසා තුමාණන් හා ඔහුගේ පිරිස එම මාර්ගයෙන් ගමන් කළෝය. පසුව ලුහුබැඳ ගිය ෆිර්අවුන් ද ඔහුගේ සේනාවද ඒ මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටිය දී වෙන් වූ ජලය නැවත එක් වී ඔහු හා ඔහුගේ සේනාව ජලයෙන් ගිල ආවරණය කර දැමුවේය.
79

وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُ وَمَا هَدَىٰ

තවද ෆිර්අවුන් ඔහුගේ ජනයා නොමග යැවීය. තවද ඔහු (ඔවුන්ව) යහමග නොයැවීය.
80

يَا بَنِي إِسْرَائِيلَ قَدْ أَنجَيْنَاكُم مِّنْ عَدُوِّكُمْ وَوَاعَدْنَاكُمْ جَانِبَ الطُّورِ الْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَىٰ

ඉස්රාඊල්ගේ දරුවනි, සැබැවින්ම අපි නුඹලාගේ සතුරාගෙන් නුඹලාව මුදවා ගත්තෙමු. තවද තූර්( කන්දෙ)හි දකුණු පෙදෙස(හි දී) අපි නුඹලාට (තව්රාත් ධර්ම පුස්තකය) නියම කළෙමු. තවද නුඹලාට අපි ‘මන්නු’ ද ‘සල්වා’ ද පහළ කළෙමු. 15
15මෙය ස්වර්ගයෙන් බහා ලූ ආහාරයකි. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:57 අදාළ පාද සටහන බලන්න.
81

كُلُوا مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَلَا تَطْغَوْا فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِي ۖ وَمَن يَحْلِلْ عَلَيْهِ غَضَبِي فَقَدْ هَوَىٰ

අපි නුඹලාට පිරි නැමූ දැයින් යහ දෑ නුඹලා අනුභව කරවු. තවද එහි නුඹලා සීමාව ඉක්මවා නොයවු. එසේ (නුඹලා සීමාව ඉක්ම වූයේ) නම් මාගේ කෝපය නුඹලා කෙරෙහි පහළ වනු ඇත. කවරෙකු කෙරෙහි මාගේ කෝපය නියම වූයේ ද ඔහු (නිරයේ) ඇද වැටුණේය.
82

وَإِنِّي لَغَفَّارٌ لِّمَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدَىٰ

කවරෙකු පශ්චාත්තාප වී විශ්වාස කර, යහකම් කර පසුව (මරණය දක්වා) යහමග සිටියේ ද සැබැවින්ම මම ඔහුට අති ක්ෂමාශීලීය.
83

وَمَا أَعْجَلَكَ عَن قَوْمِكَ يَا مُوسَىٰ

අහෝ මූසා! නුඹ (තූර් කන්ද දෙසට) නුඹගේ ජනයා(ට පෙර ඔවුන්) වෙතින් ඉක්මණින් පැමිණියේ කුමක් සඳහා ද? 16
16තව්රාතය පිරිනැමීම සඳහා අල්ලාහ් නබි මූසා තුමාණන්ට යම් පිරිසක් සමග පැමිණෙන මෙන් අණ කළේය. එහෙත් නබි මූසා තුමාණන් අල්ලාහ් සමග තනිව කථා කිරීමට ඇති දැඩි ආශාව හෙයින් මොහු තම ජනයාට පෙරම පැමිණියේය. ඔවුන් පොරොන්දු වූ අයුරින් තමා පිටුපසින් පැමිණෙයි යැයි නබි මූසා තුමාණන් සිතුවේය. එනමුත් ‘සාමිරී’ නැමැත්තාගේ ව්යසනයට ලක් වී ඔවුනතර භේදභින්න වූ හෙයින් එම පිරිසට නබි මූසා තුමාණන් වෙත සේන්දු වීමට නොහැකි විය.
84

قَالَ هُمْ أُولَاءِ عَلَىٰ أَثَرِي وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَىٰ

“ඔවුහු මාගේ පිටුපසින් මා සමීපයෙහිම වෙති. මාගේ පරමාධිපතියාණනි, මා නුඹ වෙත ඉක්මණින් පැමිණියේ නුඹ තෘප්තියට පත් වනු පිණිසයැ”යි ඔහු(මූසා) පැවසුවේය.
85

قَالَ فَإِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِن بَعْدِكَ وَأَضَلَّهُمُ السَّامِرِيُّ

“එවිට සැබැවින්ම අපි නුඹ( ඔවුන්ව අත හැර ගියා)ට පසු නුඹගේ ජනයාව පිරික්සුමට ලක් කළෙමු. තවද සාමිරී 17 ඔවුන්ව නොමග යැවීය. යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
17‘සාමිරී’ යනු ඉස්රාඊල් වැසියන් සමග සිටි ආත්ම වංචනිකයෙකි. මොහු ව්යාජ වසු පැටවෙකු නිර්මාණය කර එමගින් ජනයා අතර ව්යාකූලත්වයක් ඇති කර මෙයයි නුඹලාගේ දෙවියන් යැයි පැවසුවේය.
86

فَرَجَعَ مُوسَىٰ إِلَىٰ قَوْمِهِ غَضْبَانَ أَسِفًا ۚ قَالَ يَا قَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا ۚ أَفَطَالَ عَلَيْكُمُ الْعَهْدُ أَمْ أَرَدتُّمْ أَن يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِّن رَّبِّكُمْ فَأَخْلَفْتُم مَّوْعِدِي

එබැවින් මූසා තම ජනයා වෙත කෝපයෙන් හා දුකින් නැවත පැමිණියේය. “මාගේ ජනයිනි, නුඹලාගේ පරමාධිපති යහ ප්රතිඥාවක් ලෙස නුඹලාට ප්රතිඥාවක් නොදුන්නේ ද? නුඹලා කෙරෙහි (මා වෙන් වී ගිය) කාලය දීර්ඝ වූයේ ද? 18 නැතහොත් නුඹලාගේ පරමාධිපතිගෙන් වූ කෝපය නුඹලා කෙරෙහි පහළ වීම නුඹලා අපේක්ෂා කරන්නේ ද? තවද නුඹලා (මට දුන්) මාගේ ප්රතිඥාව කඩ කළෙහි ද?” 19 යැයි ඔහු පැවසුවේය.
18මෙහි අල්ලාහ්ගේ ප්රතිඥාව යනු අල්ලාහ් ඔවුනට තව්රාත් ග්රන්ථය පිරිනමනවා යන්නෙන් පැවසූ ප්රතිඥාවයි. නබි මූසා තුමාණන් අපට පැවසූ පරිදි ප්රතිඥාව ඉටු නොකර එම ස්ථානයේ සම්මුඛ නොවී සිටීමට හේතුව ඔහු තම පරමාධිපති අල්ලාහ් පිළිබඳව ව්යාකූලත්වයේ සිටින බව නොවේ දැ?යි පවසා සාමිරී නැමැත්තා තම ජනයා අතර ව්යසනකාරී තත්ත්වයක් ඇති කළේය.
19මෙහි ප්රතිඥාව යනු ඔවුන් නබි මූසා තුමාණන් සමග තූර් නැමැති කන්දට පැමිණෙන බව පැවසූ ප්රතිඥාවයි.
87

قَالُوا مَا أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَـٰكِنَّا حُمِّلْنَا أَوْزَارًا مِّن زِينَةِ الْقَوْمِ فَقَذَفْنَاهَا فَكَذَٰلِكَ أَلْقَى السَّامِرِيُّ

(එයට) ඔවුන් “අපගේ කැමැත්තෙන් නුඹට දුන් ප්රතිඥාව අපි කඩ නොකළෙමු. එනමුත් ජනයාගේ අලංකාරයන්ගෙන් වූ (ආභරණ) බරක් අප වෙත පටවනු ලැබීය. 20 එබැවින් අපි ඒවා (ගින්නට) විසි කළෙමු. එලෙසම සාමිරී ද දැමුවේය.” යැයි පැවසුවෝය.
20ඉස්රාඊල් දරුවන් අබියස ආභරණ බොහෝමයක් තිබිණ. ඒවා නුඹලා අබියස නොතබා විසි කරන මෙන් නබි හාරූන් තුමා පැවසූ හෙයින් ඔවුන් ඒවා සියල්ලම විසි කළෝය. මෙලෙස විසි කරනු ලැබූ ආභරණ ගෙන ව්යාජ වසු පැටවෙකු අඹා ගැනීමට සාමිරී නැමැත්තාට හැකි විය. මෙම සිදුවීම සම්බන්ධව අල් කුර්ආනයේ සඳහන්ව ඇත්තේ මෙපමණකි. එහෙත් ඇතැම් දුර්වල වාර්තාවන්ට අනුව මෙම ආභරණ ස්වදේශීය ඊජිප්තුකයින්ගෙන් උරුම කර ගත් ආභරණ යනුවෙන් ද, ෆිර්අවුන් සහ ඔහුගේ පිරිස මුහුදු බත් වන විට ඔවුන්ගෙන් පැහැර ගත් ආභරණ යනුවෙන් ද සඳහන් වී ඇත. ඒවා අන් සතු වස්තූන් හෙයින් හාරූන් තුමා විසි කරන මෙන් පැවසූ බව ද සඳහන් වී ඇත.
88

فَأَخْرَجَ لَهُمْ عِجْلًا جَسَدًا لَّهُ خُوَارٌ فَقَالُوا هَـٰذَا إِلَـٰهُكُمْ وَإِلَـٰهُ مُوسَىٰ فَنَسِيَ

පසුව ඔහු ශරීරයකින් යුත් වසු පැටවෙකු ඔවුන්ට හෙළි කළේය. එයට (නිරර්ථක) හඬක් තිබුණි. එවිට (සාමිරීව හා ඔහුව අනුගමනය කළ) ඔවුහු “මෙය නුඹලාගේ දෙවියන්ය. තවද මූසාගේ ද දෙවියන්ය. (මේ බව) ඔහුට(මූසාට) අමතක වී ඇත.” යැයි පැවසුවෝය.
89

أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّا وَلَا نَفْعًا

ඌ(වසු පැටවා) ඔවුනට (පිළිතුරු වශයෙන්) කිසිදු වදනක් නැවත නොදෙන බව ද ඌ ඔවුනට (කිසිදු) හානියක් හෝ ප්රයෝජනයක් කිරීමට (කිසිදු) හැකියාවක් නොමැති බව ද ඔවුන් නොදුටුවෝ ද?
90

وَلَقَدْ قَالَ لَهُمْ هَارُونُ مِن قَبْلُ يَا قَوْمِ إِنَّمَا فُتِنتُم بِهِ ۖ وَإِنَّ رَبَّكُمُ الرَّحْمَـٰنُ فَاتَّبِعُونِي وَأَطِيعُوا أَمْرِي

මෙයට(මූසා නැවත පැමිණීමට) පෙර හාරූන් ඔවුනට “මාගේ ජනයිනි, නුඹලා මෙම( වසු පැටියා ම)ගින් පිරික්සුමට ලක් වී ඇත. තවද සැබැවින්ම නුඹලාගේ පරමාධිපති කරුණාභරිතයාණන් (අල්ලාහ්)ය. එබැවින් මා අනුගමනය කරවු. තවද මාගේ අණට අවනත වවු” යැයි පැවසුවේය. 21
21වර්තමාන බයිබලයෙහි සඳහන් පරිදි දැයට පටහැණිව නබි හාරූන් තුමාණන් වසු පැටවාව නැමදුම් කිරීමට මිනිසුනට උදව් කළ බවට අල් කුර්ආනයේ කිසිදු ස්ථානයක සඳහන් වී නැත. තවද මොහු මෙලෙස නොපැවසුවා යන්නට හේතූන් දෙකක් ඇත. පළමු වැන්න මොහු නබිවරයෙකි. නබිවරයෙකු මෙවැනි දැයකට අණ කිරීම සැබැවින්ම ඇදහිය නොහැකි දැයකි. දෙවැන්න මෙම වසු පැටවාව නැමදූ උදවියගේ දඬුවම වූයේ ඔවුනතර එකිනෙකා මරා ගැනීමය. එහෙත් හාරූන් තුමාණන් කිසිවෙකු මැරුවේ ද නැත. මොහු ඝාතනයට ලක් වූයේ ද නැත. එසේ ඔහු කර ඇත්නම් මෙම දඬුවමේ හිමිකමට පළමු වැන්නා මොහු විය හැක. මෙයින් අදහස් වන්නේ මොහු මෙලෙස අණ නොකළ බවයි.
91

قَالُوا لَن نَّبْرَحَ عَلَيْهِ عَاكِفِينَ حَتَّىٰ يَرْجِعَ إِلَيْنَا مُوسَىٰ

“අප වෙත මූසා නැවත පැමිණෙන තුරු අපි එ(ම වසුපැටවා ඇදහීමෙ)හි රැඳී සිටිමින්ම පසුවන්නෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
92

قَالَ يَا هَارُونُ مَا مَنَعَكَ إِذْ رَأَيْتَهُمْ ضَلُّوا

(මූසා නැවත පැමිණ) “අහෝ හාරූන්! ඔවුන් නොමග යනු නුඹ දුටු කල්හි නුඹ මා අනුගමනය නොකර සිටීමට නුඹව වළවක්වා දැමුවේ කුමක් ද? එවිට නුඹ මාගේ අණට පිටුපෑවෙහි දැ?”යි ඔහු විමසුවේය.
93

أَلَّا تَتَّبِعَنِ ۖ أَفَعَصَيْتَ أَمْرِي

(මූසා නැවත පැමිණ) “අහෝ හාරූන්! ඔවුන් නොමග යනු නුඹ දුටු කල්හි නුඹ මා අනුගමනය නොකර සිටීමට නුඹව වළවක්වා දැමුවේ කුමක් ද? එවිට නුඹ මාගේ අණට පිටුපෑවෙහි දැ?”යි ඔහු විමසුවේය.
94

قَالَ يَا ابْنَ أُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِي وَلَا بِرَأْسِي ۖ إِنِّي خَشِيتُ أَن تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِي إِسْرَائِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِي

“මාගේ මවගේ පුතණුවනි, මාගේ රැවුලෙන් හා මාගේ හිසෙන් නොඅල්ලවු. ඉස්රාඊල්ගේ දරුවන් අතර නුඹ භේදභින්න ඇති කළෙහිය. තවද මාගේ වචනය (පැමිණෙන තුරු) නුඹ බලාපොරොත්තුවෙන් නොසිටියේය.’ යැයි නුඹ (මට) පැවසීම පිළිබඳව මම බිය වූයෙමි” යැයි ඔහු(හාරූන්) පැවසුවේය.
95

قَالَ فَمَا خَطْبُكَ يَا سَامِرِيُّ

අහෝ සාමිරී! (නුඹ කළ දෑ පිළිබඳව) නුඹගේ විෂය කුමක් දැ?යි ඔහු(මූසා) විමසුවේය.
96

قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا بِهِ فَقَبَضْتُ قَبْضَةً مِّنْ أَثَرِ الرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَٰلِكَ سَوَّلَتْ لِي نَفْسِي

(එයට) ඔහු(සාමිරී) “කවර දෙයක් ඔවුන් නොදුටුවේ ද එය මම දුටුවෙමි. එබැවින් දූතයාගේ (පා) අඩියෙන් (වැලි) අහුරක් අහුලා ගත්තෙමි. පසුව මම එය (ආභරණින් ඇඹූ වසු පැටවා මත) විසි කළෙමි. 22 මෙලෙසය මාගේ ආත්මය මා පෙලඹුවේ” යැයි පැවසුවේය.
22බොහෝ අල් කුර්ආන් විවරණයන්ට අනුව මෙහි සඳහන් දූතයා යනු ජිබ්රීල් තුමාණන්ය. ඔහු ඉස්රාඊල්වරුන්ට උදව් කිරීමට පැමිණි අවස්ථාවේ අශ්වාරෝහකයෙකු මෙන් පැමිණියේය. ඔවුන් නොදුටු දෙයක් තමා දුටු බව සාමිරී නැමැත්තා පවසන්නේ ජිබ්රීල් තුමාණන් පැමිණි අශ්වයාගේ පාදයට වදින පසෙහි එක්තරා ජීවයක් තිබෙනු දුටු බවයි. ඔහු මෙයින් පිඩක් ගෙන තමා විසින් සාදනු ලැබූ ව්යාජ වසු පැටවා මත විසි කළ විට එම වස්සා ශබ්ද නගන්නට විය. තවත් අයගේ විවරණයන්ට අනුව සාමිරී නිදහසට කරුණක් වශයෙන් මෙලෙස ඔහු බොරුවට පැවසූ බව ද සඳහන් වේ. එමෙන්ම මෙලෙස වස්සාගෙන් පිට වූ ශබ්දය සුළග වේගයෙන් හැමීම හේතුවෙන් ව්යාජ වස්සාගේ සිදුරු වලින් පිට වන විට ඇති වූ ශබ්දයක් යැයි ද සඳහන් වේ.
97

قَالَ فَاذْهَبْ فَإِنَّ لَكَ فِي الْحَيَاةِ أَن تَقُولَ لَا مِسَاسَ ۖ وَإِنَّ لَكَ مَوْعِدًا لَّن تُخْلَفَهُ ۖ وَانظُرْ إِلَىٰ إِلَـٰهِكَ الَّذِي ظَلْتَ عَلَيْهِ عَاكِفًا ۖ لَّنُحَرِّقَنَّهُ ثُمَّ لَنَنسِفَنَّهُ فِي الْيَمِّ نَسْفًا

“නුඹ (අප අතුරින් පිටව) යවු. එවිට සැබැවින්ම නුඹට ජීවිතයෙහි (දඬුවම ලෙස) ඇත්තේ “ස්පර්ශ නොකරනු” 23 යැයි පැවසීමය. තවද සැබැවින්ම නුඹට (දඬුවම පිළිබඳව වූ) ප්රතිඥාවක් ද ඇත. එ(ම ප්රතිඥාවෙ)හි නුඹට වෙනස්කම් කරනු නොලබයි. තවද නුඹ කවර දෙයක් මත (විශ්වාසයෙහි) රැඳී සිටියෙහි ද එම නුඹේ (මිථ්යා) දෙවියන් දෙස බලවු. සැබැවින්ම අපි එය පුලුස්සා දමන්නෙමු. පසුව සැබැවින්ම අපි එය විහිදුවාලීමකින් මුහුදෙහි විහිදුවාලන්නෙමු” යැයි ඔහු(මූසා) පැවසුවේය.
23සාමිරී නැමැත්තා කළ වරද සඳහා ඔහුට මෙලොව ජීවිතයෙහි ලැබුණු දඬුවම වූයේ ඔහු යමෙක් ස්පර්ශ කළ විට හෝ යමෙකු ඔහුව ස්පර්ශ කළ විට දෙදෙනාට උණ ගැනීමය. එබැවින් ඔහු දකින මුණ ගැහෙන සෑම කෙනෙකුට කියා සිටියේ තමන්ව ස්පර්ශ නොකරන ලෙසය.
98

إِنَّمَا إِلَـٰهُكُمُ اللَّهُ الَّذِي لَا إِلَـٰهَ إِلَّا هُوَ ۚ وَسِعَ كُلَّ شَيْءٍ عِلْمًا

“නුඹලාගේ දෙවියන් වනුයේ අල්ලාහ්මය. ඔහු කවරෙකු ද යත් ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. ඔහු සෑම දෙයක්ම දැනුමෙන් වටලාගන්නේය.” (යැයි ද මූසා පැවසුවේය.)
99

كَذَٰلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنبَاءِ مَا قَدْ سَبَقَ ۚ وَقَدْ آتَيْنَاكَ مِن لَّدُنَّا ذِكْرًا

(නබිවරය,) මෙලෙස පෙරටු වී ගිය පුවත් අතුරින් අපි නුඹ වෙත වෘත්තාන්තයන් පවසන්නෙමු. තවද සැබැවින්ම අප වෙතින් වූ උපදේශයක්(අල් කුර්ආනය) නුඹට අපි පිරිනැමුවෙමු.
100

مَّنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُ يَحْمِلُ يَوْمَ الْقِيَامَةِ وِزْرًا

කවරෙකු එයින් පිටුපා ගියේද එවිට සැබැවින්ම ඔහු (මළවුන්) නැගිටුවනු ලබන දින (පාපයේ) බරක් උසුලනු ඇත.
101

خَالِدِينَ فِيهِ ۖ وَسَاءَ لَهُمْ يَوْمَ الْقِيَامَةِ حِمْلًا

(ඔවුහු) එ(ම පාපයේ බරින් යුත් දඬුවමෙ)හි සදාතනිකයෝ වෙති. තවද (මළවුන්) නැගිටුවනු ලබන දින (එම පාපයේ බර) ඉසිලීමෙන් ඔවුනට නපුරු විය.
102

يَوْمَ يُنفَخُ فِي الصُّورِ ۚ وَنَحْشُرُ الْمُجْرِمِينَ يَوْمَئِذٍ زُرْقًا

එදින ‘සූර්’ (නම් හොරණෑව) පිඹිනු ලැබේ. තවද එදින අපි වැරදිකරුවන්ව (ඔවුන්ගේ) ඇස් (බියෙන්) නිල්වන් වූවන්ව එක් රැස් කරන්නෙමු.
103

يَتَخَافَتُونَ بَيْنَهُمْ إِن لَّبِثْتُمْ إِلَّا عَشْرًا

“නුඹලා (මිනී වළෙහි දින) දහයක් මිස රැඳී නොසිටියෙහුය” යැයි ඔවුන් අතර එකිනෙකා රහසින් කතා කර ගන්නෝය.
104

نَّحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِن لَّبِثْتُمْ إِلَّا يَوْمًا

“නුඹලා දිනයක් මිස (එහි) රැඳී නොසිටියෙහුය” යැයි ඔවුන් අතුරින් (දැනුම නම්) මාර්ගයෙන් ශ්රේෂ්ඨ වූවන් පවසා සිටි කල්හි ඔවුන් පැවසූ දෑ පිළිබඳව අපි මැනවින් දන්නෝ වෙමු. 24
24විනිශ්චය දිනය විශ්වාස නොකළ ප්රතික්ෂේපකයින් ලොව අවසන් දිනයෙහි භයානකත්වය නිසා තමන්ගේ ලෞකික ජීවිතය හා සොහොන් ජීවිතය ඉතා කෙටිය යනුවෙන් සිතනු ඇත. ඇතැමුන් එය දින දහයක් යැයි සිතන අතර බුද්ධිමතුන් එය එක් දිනක් තරම් කෙටි යැයි සිතනු ඇත.
105

وَيَسْأَلُونَكَ عَنِ الْجِبَالِ فَقُلْ يَنسِفُهَا رَبِّي نَسْفًا

(නබිවරය,) කඳු පිළිබඳව නුඹගෙන් ඔවුහු විමසන්නෝය. 25 “මාගේ පරමාධිපති ඒවා සුනුවිසුනු කිරීමකින් විහිදුවා හරිනු ඇතැ”යි නුඹ පවසවු.
25සියලු ජනයාව මහ්ෂර් නම් පිටියෙහි එක් රොක් කරනු ලබයි යැයි නබි මුහම්මද් තුමා පැවසූ විට කඳු වලට කුමක් වන්නේ දැ’යි ප්රතික්ෂේපකයින් සමච්චලයට මෙන් ඔහුගෙන් විමසුවේය. එයට පිළිතුරක් වශයෙන් මෙම වැකිය පහළ විය.
106

فَيَذَرُهَا قَاعًا صَفْصَفًا

පසුව ඔහු එ(ම භූමි)ය හිස් තැනිතලාවක් බවට අත හැර දමන්නේය.
107

لَّا تَرَىٰ فِيهَا عِوَجًا وَلَا أَمْتًا

නුඹ එහි කිසිදු ඇදයක් හෝ බෑවුමක් නොදකින්නෙහිය.
108

يَوْمَئِذٍ يَتَّبِعُونَ الدَّاعِيَ لَا عِوَجَ لَهُ ۖ وَخَشَعَتِ الْأَصْوَاتُ لِلرَّحْمَـٰنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًا

එහි ඔවුහු එදින කිසිදු හැරවීමකින් තොරව (සූර් නම් හොරණෑව මගින්) අමතන්නාව අනුගමනය කරන්නෝය. කරුණාභරිතයාණන්ට(අල්ලාහ්ට බියෙන්) ශබ්දයන් නිහඬ වනු ඇත. පා හඬ හැර (වෙනත් කිසිවකට) නුඹ සවන් නොදෙන්නේය.
109

يَوْمَئِذٍ لَّا تَنفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَـٰنُ وَرَضِيَ لَهُ قَوْلًا

එදින කවරෙකුට කරුණාභරිතයාණන් අනුමැතිය දී වදනින් ඔහු වෙනුවෙන් තෘප්තිමත් වුයේද ඔහු හැර (වෙනත් කිසිවෙකු) රෙකමදාරු වීම ප්රයෝජනවත් නොවන්නේය.
110

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِ عِلْمًا

ඔවුනට ඉදිරියෙන් හා ඔවුන්ට පසුපසින් ඇති දෑ ඔහු (මැනවින්) දන්නේය. (ඔවුන්ගේ) දැනුමෙන් ඔවුහු ඔහු පිළිබඳව පරිග්රහණය කර නොගනිති.
111

وَعَنَتِ الْوُجُوهُ لِلْحَيِّ الْقَيُّومِ ۖ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا

තවද (එදින) සදා ජීවමාන, සර්ව පෝෂකයාණන්ට (ඉදිරියේ ඔවුන්ගේ) මුහුණු යටහත් පහත් වනු ඇත. තවද කවරෙකු (අල්ලාහ්ට ආදේශ කිරීම යන) අපරාධය උසුලා ගත්තේ ද ඔහු ආලාභයට පත් විය.
112

وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا يَخَافُ ظُلْمًا وَلَا هَضْمًا

කවරෙකු විශ්වාසවන්තයෙකු ලෙස යහකම් අතුරින් කි්රයාවට නංවන්නේද එවිට ඔහු (තමන්ට) කිසිදු අසාධාරණයක් හෝ (තම වේතනයන්හි) අඩුවක් ගැන බිය නොවන්නේය.
113

وَكَذَٰلِكَ أَنزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ مِنَ الْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا

තවද ඔවුහු බිය භක්තිමත් වනු පිණිස ද නැතහොත් ඔවුනට මෙනෙහි කිරීමක් ඇති කරනු පිණිස ද මෙලෙස මෙ(ම අල් කුර්ආන)ය අරාබි බසින් වූ පාරායනය කරන්නක් ලෙස අපි පහළ කළෙමු. තවද අපි එහි අවවාදයන් සමහරක් ද පැහැදිලි කළෙමු.
114

فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ۗ وَلَا تَعْجَلْ بِالْقُرْآنِ مِن قَبْلِ أَن يُقْضَىٰ إِلَيْكَ وَحْيُهُ ۖ وَقُل رَّبِّ زِدْنِي عِلْمًا

තවද සත්යය අධිපති වන අල්ලාහ් අති උත්තරීතරය. (නබිවරය,) නුඹ වෙත ඔහුගේ වහී (දේව පණිවිඩ) පහළ කර අවසන් කරනු ලැබීමට පෙර අල් කුර්ආනය (පාරායනය කිරීම) පිළිබඳව නුඹ ඉක්මන් නොවවු. 26 තවද නුඹ “මාගේ පරමාධිපතියාණනි, මට දැනුම වර්ධනය කර දෙනු මැනවයි” පවසවු.
26නබි මුහම්මද් තුමාණන්ට වහී පහළ වන විට එය තමන්ට අමතක වේ යැයි බියෙන් නැවත නැවත පවසා වනපොත් කර ගැනීමට ඔහු උත්සාහ කළේය. මෙලෙස පාඩම් කිරීම සඳහා මෙවන් අපහසුතාවක් දැරීම අනවශ්යය බව මෙම වැකියෙන් පැහැදිලි කර ඇත. මන්දයත් එය ඔහුට අමතක නොකිරීම අල්ලාහ් සතු වගකීමකි. ( 75:16 , 87:6 ) යන වාක්යයන් බලන්න.
115

وَلَقَدْ عَهِدْنَا إِلَىٰ آدَمَ مِن قَبْلُ فَنَسِيَ وَلَمْ نَجِدْ لَهُ عَزْمًا

සැබැවින්ම අපි මෙයට පෙර ආදම් වෙතින් ප්රතිඥාවක් 27 ගත්තෙමු. නමුත් ඔහු අමතක කළේය. තවද අපි ඔහු තුළ (අධිෂ්ඨාන පූර්වක) ස්ථාවරභාවයක් නොදුටුවෙමු.
27අල්ලාහ් විසින් තහනම් කරන ලද ගසින් අනුභව නොකරන්නැ’යි අල්ලාහ් ඔහුගෙන් ප්රතිඥාවක් ගත්තේය.
116

وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَىٰ

“ආදම්ට සුජූද් කරවු” යැයි අප මලක්වරුන්ට පැවසූ අවස්ථාව (සිහිපත් කරවු). ඉබ්ලීස් හැර ඔවුහු (සියල්ලෝම) සුජූද් කළහ. ඔහු(ඉබ්ලීස්) පිටුපෑවේය.
117

فَقُلْنَا يَا آدَمُ إِنَّ هَـٰذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَىٰ

එවිට අපි “අහෝ ආදම්! සැබැවින්ම මොහු(ඉබ්ලීස්) නුඹගේ ද නුඹගේ බිරියගේ ද සතුරාය. එබැවින් නුඹලා දෙදෙනාව මොහු ස්වර්ගයෙන් බැහැර නොකළ යුතුය. එසේ (කළේ) නම් නුඹ පීඩාවට පත් වන්නෙහි යැ”යි පැවසුවෙමු.-
118

إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَىٰ

“සැබැවින්ම එ(ම ස්වර්ගයෙ)හි නුඹට කුසගිනි ඇති නොවේ. තවද නුඹ නිර්වස්ත්ර ද නොවන්නේය.
119

وَأَنَّكَ لَا تَظْمَأُ فِيهَا وَلَا تَضْحَىٰ

තවද සැබැවින්ම නුඹ එහි පිපාසයෙන් නොපෙළෙන්නේය. තවද නුඹ හිරු රශ්මියෙන් ද නොපෙළෙන්නේය.” (යැයි ද අපි පැවසුවෙමු.)
120

فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَىٰ

එවිට ෂෙයිතාන් ඔහු වෙත (නපුරු) සිතුවිලි ඇති කළේය. “අහෝ ආදම්! සදාතනික (ජීවිතයක් ගෙන දෙන) ගස පිළිබඳව ද විනාශ නොවන රාජ්යයක් පිළිබඳව ද මම නුඹට දන්වන්න දැ?”යි ඔහු පැවසුවේය.
121

فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ ۚ وَعَصَىٰ آدَمُ رَبَّهُ فَغَوَىٰ

එවිට ඔවුන් දෙදෙනා එයින්(එම ගසින්) අනුභව කළෝය. එවිට ඔවුන් දෙදෙනාගේ රහසඟ ඔවුන් දෙදෙනාට හෙළි විය. ස්වර්ගයේ (ගස්) කොළ වලින් ඔවුන් දෙදෙනා මත ආවරණය කර ගැනීමට පටන් ගත්තෝය. තවද ආදම් තම පරමාධිපතිට පිටු පැවේය. එබැවින් ඔහු මුළා වුයේය. 28
28මෙම සූරාවෙහි ආයත් අංක 115 හි නබි ආදම් තුමාණන් අමතක කළ බව අල්ලාහ් පවසා ඇත. මෙම අමතක කිරීම කුමක් සම්බන්ධව ද යන්න අරුත් දෙකක් ඇත. එනම් එම ගසෙන් අනුභව කිරීම තහනම් කළ බව අමතක කිරීම හා ෂෙයිතාන් මිනිසාට පරම සතුරෙකු බව අමතක කිරීමයි. කෙසේ වෙතත් මෙය පිටුපෑමක් හා පාපයක් විය නොහැක. මන්දයත් අමතක වීම යනු මිනිසාගේ ශක්තියෙන් පරිබාහිර ලක්ෂණයක් හෙයිනි. නමුත් මෙම වැකියෙහි නබි ආදම් තුමාණන් පිටු පෑවේය යැයි පවසා ඇත. මන්දයත් නබිත්වය යන උසස් තත්ත්වයකට මෙවැනි කුඩා දෙයක් වුව ද එය පාපයක් යැයි සැලකෙන බැවිනි.
122

ثُمَّ اجْتَبَاهُ رَبُّهُ فَتَابَ عَلَيْهِ وَهَدَىٰ

පසුව ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා ගත්තේය. තවද ඔහුගේ පශ්චාත්තාපය පිළිගෙන යහමග පෙන්වීය.
123

قَالَ اهْبِطَا مِنْهَا جَمِيعًا ۖ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَىٰ

“නුඹලා දෙදෙනාම එක්ව මෙතැනින්(ස්වර්ගයෙන් මිහිතලයට) බසිවු. නුඹලාගේ සමහරෙකු තවත් සමහරෙකුට සතුරුය. මගෙන් නුඹලාට මග පෙන්වීමක් ආ කල්හි කවුරුන් මගේ මග පෙන්වීම අනුගමනය කරන්නේද ඔහු මුළා නොවන්නේය. තවද පීඩාවට පත් නොවන්නේය.” යැයි ඔහු(අල්ලාහ් ආදම්ට හා ඔහුගේ බිරියට) පැවසුවේය.
124

وَمَنْ أَعْرَضَ عَن ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَىٰ

තවද කවරෙකු මාගේ උපදෙසින්(අල් කුර්ආනයෙන්) පිටුපෑවේද එවිට සැබැවින්ම ඔහුට දුෂ්කර ජීවිතයක් ඇත. තවද (මළවුන්) නැගිටුවනු ලබන දින අපි ඔහුව අන්ධයෙකු ලෙස නැගිටු වන්නෙමු. 29
29මෙම අන්ධභාවය තාවකාලිකය. එවිට පාපතරයින් තමන්ට අත් වන දඬුවම දැක ගනු ඇත.
125

قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَىٰ وَقَدْ كُنتُ بَصِيرًا

“මාගේ පරමාධිපතියාණනි, මා (ලෞකික ජීවිතයෙහි) පෙනුම ඇත්තෙකුව සිටියෙමි. (අද දින) ඔබ මා අන්ධයෙකු ලෙස නැගිටවූයේ මන් දැ?”යි ඔහු විමසන්නේය.
126

قَالَ كَذَٰلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا ۖ وَكَذَٰلِكَ الْيَوْمَ تُنسَىٰ

“මෙලෙසය. නුඹ වෙත අපගේ සංඥාවන් පැමිණියේය. එහෙත් නුඹ එය අමතක කර දැමුවෙහිය. එලෙසම අද දින නුඹව අමතක කරනු ලැබ ඇතැ”යි ඔහු(අල්ලාහ්) පවසන්නේය.
127

وَكَذَٰلِكَ نَجْزِي مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِن بِآيَاتِ رَبِّهِ ۚ وَلَعَذَابُ الْآخِرَةِ أَشَدُّ وَأَبْقَىٰ

තවද තම පරමාධිපතිගේ සංඥාවන් විශ්වාස නොකරමින් සීමාව ඉක්මවා කටයුතු කළවුනට අපි ප්රතිවිපාක දෙනුයේ මෙලෙසය. මතුලොව දඬුවම ඉතා දැඩිය සදා පවතින්නකි.
128

أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّأُولِي النُّهَىٰ

මොවුනට පෙර වූ (ප්රතික්ෂේපක) පරම්පරාවන් අතුරින් කොපමණදෝ අපි විනාශ කර තිබීම මොවුනට මග පෙන්වූයේ නැති ද? (විනාශ වූ) ඔවුන්ගේ වාසස්ථානයන්හි (කිසිදු අවබෝධයකින් තොරව) මොවුන් ඇවිද යන්නෝය. සැබැවින්ම එහි බුද්ධිය ඇත්තවුන්ට සංඥාවන් ඇත.
129

وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَكَانَ لِزَامًا وَأَجَلٌ مُّسَمًّى

නුඹගේ පරමාධිපතිගෙන් වූ වදනක් හා නියම කරන ලද කාලයක් පෙරටු නොවූයේ නම් එ(ම විනාශ)ය අනිවාර්යයෙන්ම සිදු වන්නේමය.
130

فَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ۖ وَمِنْ آنَاءِ اللَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ النَّهَارِ لَعَلَّكَ تَرْضَىٰ

එහෙයින් (නබිවරය,) නුඹ ඔවුන් පවසන දෑ කෙරෙහි ඉවසිලිමත් වවු. තවද හිරු උදාවීමට පෙර ද එය බැස යෑමට පෙර ද නුඹගේ පරමාධිපතිගේ ප්රශංසාවෙන් (ඔහුව) පිවිතුරු කරවු. තවද රාත්රී වේලාවන්හි ද දහවලෙහි කෙළවරයන්හි ද (ඔහුව) පිවිතුරු කරවු. 30 නුඹ තෘප්තියට පත් විය හැක්කේය.
30මෙහි ‘හිරු උදාවීමට පෙර’ යනු සුබ්හ් සලාතය ද එය ‘අවරට යෑමට පෙර’ යනු අසර් සලාතය ද ‘රාත්රී වේලාවන්හි’ යනු මග්රිබ් හා ඉෂා සලාතයන් ද ‘දහවල්හි කෙළවරයන්’ යනු උදෑසන අවසානය හා දහවල් ආරම්භයේ පිහිටා ඇති ලුහර් සලාතය ද බව නබිවදනට අනුකූලව විග්රහ කෙරේ. මෙම අවස්ථාවන් වල අල්ලාහ්ට සලාතය ඉටු කර ඔහුව පිවිතුරු කිරීම සෑම මුස්ලිම්වරයෙකුගේම වගකීම වන්නේය.
131

وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِّنْهُمْ زَهْرَةَ الْحَيَاةِ الدُّنْيَا لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَىٰ

තවද ඔවුන් අතුරින් වූ ඇතැම් වාර්ගිකයන්ට ඔවුන්ව අපි එහි පිරික්සුම් කිරීම පිණිස මෙලොව ජීවිතයේ අලංකාරයෙන් කුමක් අපි භුක්ති වීඳීමට සලස්වා ඇත්තෙමුද ඒවා වෙත නුඹගේ දෑස් දිගු නොකරවු. තවද නුඹගේ පරමාධිපතිගේ සම්පත් ඉතා ශ්රේෂ්ඨය. එය සදා පවතින්නකි.
132

وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْهَا ۖ لَا نَسْأَلُكَ رِزْقًا ۖ نَّحْنُ نَرْزُقُكَ ۗ وَالْعَاقِبَةُ لِلتَّقْوَىٰ

තවද (නබිවරය,) සලාතය (ස්ථාපිත කිරීම) පිළිබඳව නුඹ නුඹගේ පවුලට අණ කරවු. තවද නුඹ ද එහි (ඉවසීමෙන්) ස්ථිරව සිටිවු. අපි නුඹෙන් ජීවන සම්පත් නොඅයැදින්නෙමු. අපිම නුඹලාට ජීවන සම්පත් පිරිනමන්නෙමු. තවද (යහපත්) අවසානය බිය භක්තිමත්භාවයටය.
133

وَقَالُوا لَوْلَا يَأْتِينَا بِآيَةٍ مِّن رَّبِّهِ ۚ أَوَلَمْ تَأْتِهِم بَيِّنَةُ مَا فِي الصُّحُفِ الْأُولَىٰ

“ඔහුගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් අප වෙත ඔහු ගෙන ආ යුතු නොවේ දැ?”යි (ප්රතික්ෂේපක) ඔවුහු විමසන්නෝය. පෙර (රසූල්වරුන්ගේ) ලේඛනයන්හි ඇති පැහැදිලි සාධක ඔවුන් වෙත නොපැමිණියේ ද? 31
31අල් කුර්ආනය සත්යයයි යන්නට හුදෙක් අල් කුර්ආනයම සාධකයක් ලෙස පවතී. එනම් අල්ලාහ් විසින් පහළ කළා වූ සියලු පෙර ධර්ම පුස්තකයන්හි සාරංශය ඇතුළුව අකුරු නොදත් නබි මුහම්මද් තුමාණන්ට මෙම අල් කුර්ආනය පහළ වී තිබීමයි.
134

وَلَوْ أَنَّا أَهْلَكْنَاهُم بِعَذَابٍ مِّن قَبْلِهِ لَقَالُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ مِن قَبْلِ أَن نَّذِلَّ وَنَخْزَىٰ

සැබැවින්ම ඔහු(ගේ පැමිණිම)ට (එනම් රසූල්වරයාගේ පැමිණිමට) පෙරම දඬුවමකින් ඔවුන්ව අපි විනාශ කළේ නම් “අපගේ පරමාධිපතියාණනි, අප වෙත රසූල්වරයෙකු එවා තිබිය යුතු නොවේ ද? එවිට අපි නීච බවට පත් වීමට ද අවමානයට පත්වීමට ද පෙර නුඹගේ සාධක පිළිපදින්නට තිබුණි” යැයි ඔවුන් පවසනු ඇත.
135

قُلْ كُلٌّ مُّتَرَبِّصٌ فَتَرَبَّصُوا ۖ فَسَتَعْلَمُونَ مَنْ أَصْحَابُ الصِّرَاطِ السَّوِيِّ وَمَنِ اهْتَدَىٰ

(නබිවරය,) නුඹ පවසවු. “සියල්ලෝම (විනිශ්චය දින කුමක් සිදුවේදැ’යි) බලාපොරොත්තුවෙන් සිටින්නන්ය. එබැවින් නුඹලා ද බලාපොරොත්තුවෙන් සිටිවු. ඍජු මාර්ගයේ සගයින් කවුරුන් දැ?යි ද යහමග ගියවුන් කවුරුන් දැ?යි ද නුඹලා මතු දැන ගනු ඇත.”
الأنبياءමක්කී
1

اقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِي غَفْلَةٍ مُّعْرِضُونَ

(ප්රතික්ෂේපක) ජනයා වෙත තමන්ගේ විනිශ්චය සමීප විය. (එහෙත්) ඔවුහු පිටුපාමින් අනවධානයෙහි පසු වෙති.
2

مَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا اسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ

ඔවුන්ගේ පරමාධිපතිගෙන් නව උපදේශයක් ඔවුන් වෙත නොපැමිණියහ. (නමුත්) ඔවුන් කෙළිලොල් කරමින් එයට සවන් දුන්නා මිස.
3

لَاهِيَةً قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا النَّجْوَى الَّذِينَ ظَلَمُوا هَلْ هَـٰذَا إِلَّا بَشَرٌ مِّثْلُكُمْ ۖ أَفَتَأْتُونَ السِّحْرَ وَأَنتُمْ تُبْصِرُونَ

ඔවුන්ගේ හදවත් අනවධානයෙන්ය. “මොහු(මුහම්මද්) නුඹලා මෙන් මිනිසෙකු මිස නොවේ ද? (ඔහු හූනියම්කරුවෙකු බව) නුඹලා දකිමින් සිටිය දීම හූනියම වෙත නුඹලා පැමිණෙන්නෙහු ද?” යැයි අපරාධ කළවුන් වන ඔවුහු එම රහස් සාකච්ඡාව සඟවා තබා ගත්තෝය. 1
1මෙහි හූනියම වෙත පැමිණීම යනු නබි මුහම්මද් තුමාණන් දෙසූ දෑ හූනියමක් යැයි සැලකූ අපරාධකරුවන් ජනයා දෙස බලා නුඹලා හූනියම්කරුගේ හූනියම පිළිපදින්නෙහු දැ?යි එකිනෙකා අතර රහසින් විමසා ගත්තෝය.
4

قَالَ رَبِّي يَعْلَمُ الْقَوْلَ فِي السَّمَاءِ وَالْأَرْضِ ۖ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

“මාගේ පරමාධිපති අහසෙහි හා මිහිතලයෙහි (සියලු)වදන් මැනවින් දන්නේය. තවද ඔහු සර්ව ශ්රාවකය සර්වඥය.” යැයි ඔහු පැවසුවේය.
5

بَلْ قَالُوا أَضْغَاثُ أَحْلَامٍ بَلِ افْتَرَاهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِآيَةٍ كَمَا أُرْسِلَ الْأَوَّلُونَ

නමුත් “(මේවා) ව්යාකූල සිහිනයන්ය. නැත. මෙය ඔහු ගෙතුවේය. නැත. ඔහු කවියෙකි. එසේ නම් පැරැන්නන්ට එවනු ලැබුවාක් මෙන් සාධකයක් ඔහු අප වෙත ද ගෙනෙත්වා!” යැයි ඔවුහු පැවසුවෝය.
6

مَا آمَنَتْ قَبْلَهُم مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا ۖ أَفَهُمْ يُؤْمِنُونَ

ඔවුනට පෙර අපි විනාශ කළ කිසිදු ග්රාමයක් (අපගේ සාධක) විශ්වාස නොකළෝය. එසේ නම් මොවුන් විශ්වාස කරනු ඇත් ද?-
7

وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًا نُّوحِي إِلَيْهِمْ ۖ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ

තවද අපි වහී(දේව පණිවිඩය) පහළ කළා වූ පිරිමින් මිස (අන් කිසිවෙකු) නුඹට පෙර (රසූල්වරයෙකු ලෙස) නොඑව්වෙමු. (ඒ පිළිබඳව) නුඹලා නොදැන සිටියෙහු නම් දැනුම ඇත්තන්ගෙන් විමසවු. 2
2මෙම ආයතයෙහි “දැනුම ඇත්තන්” යනුවෙන් අදහස් කරනුයේ ධර්ම පුස්තකයන් පිරිනමනු ලැබූ යුදෙව් හා කිතුනුවන් පිළිබඳවය. අල්ලාහ් දේව ග්රන්ථ පහළ කළා යන විශ්වාසය මක්කාවාසී ප්රතික්ෂේපකයින් ප්රතික්ෂේප කළෝය. මෙම ආයතයෙන් “නුඹලා එසේ සැකයෙන් ප්රතික්ෂේප කරන්නේ නම් යුදෙව් හා කිතුනුවන්ගෙන් විමසනු” යැයි පවසා ඇත.
8

وَمَا جَعَلْنَاهُمْ جَسَدًا لَّا يَأْكُلُونَ الطَّعَامَ وَمَا كَانُوا خَالِدِينَ

තවද ආහාර අනුභව නොකරන ශරීර බවට අපි ඔවුන්ව පත් නොකළෙමු. ඔවුහු (ලොවෙහි) සදාතනිකයින් ද නොවූහ.
9

ثُمَّ صَدَقْنَاهُمُ الْوَعْدَ فَأَنجَيْنَاهُمْ وَمَن نَّشَاءُ وَأَهْلَكْنَا الْمُسْرِفِينَ

පසුව අපි (ප්රතික්ෂේපකයින් පිළිබඳව) ඔවුනට (දුන් විනාශයේ) ප්රතිඥාව සැබෑ කරවා පසුව ඔවුන්ව(නබිවරුන්ව) ද අප අභිමත කළවුන්ව ද මුදවා ගතිමු. තවද අපි සීමාව ඉක්මවා ගියවුන්ව විනාශ කළෙමු. 3
3මෙම ආයතය පහළ වූයේ ‘මෙම නබිවරයා ආහාර අනුභව කරන්නේය. තවද කඩවීදීන්හි සැරිසරන්නේය’ යැයි ප්රතික්ෂේපකයින් අඩු පාඩු පැවසූ කල්හිය.
10

لَقَدْ أَنزَلْنَا إِلَيْكُمْ كِتَابًا فِيهِ ذِكْرُكُمْ ۖ أَفَلَا تَعْقِلُونَ

සැබැවින්ම අපි නුඹලා වෙත නුඹලාගේ (පැසසුම අඩංගු) උපදෙස ඇතුළු ධර්ම පුස්තකයක්(අල් කුර්ආනය) පහළ කළෙමු. (ඒ පිළිබඳව) නුඹලා අවබෝධ කර නොගන්නෙහු ද?
11

وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍ كَانَتْ ظَالِمَةً وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا آخَرِينَ

තවද අපරාධ කරමින් සිටි ගම්මානයන් කොපමණක් අපි විනාශ කළෙමු ද? ඉන් පසුව අපි වෙනත් පිරිසක් (එහි) බිහි කළෙමු.
12

فَلَمَّا أَحَسُّوا بَأْسَنَا إِذَا هُم مِّنْهَا يَرْكُضُونَ

අපගේ දඬුවම පිළිබඳව ඔවුන්ට හැඟුණු කල්හි ඔවුහු එයින් පලා යන්නෝය.
13

لَا تَرْكُضُوا وَارْجِعُوا إِلَىٰ مَا أُتْرِفْتُمْ فِيهِ وَمَسَاكِنِكُمْ لَعَلَّكُمْ تُسْأَلُونَ

“නුඹලා පලා නොයවු. නුඹලාට සුඛෝපභෝගිත්වය පිරිනමනු ලැබූ දෑ වෙතත්, තවද නුඹලාගේ වාසස්ථාන වෙතත් නුඹලා විමසනු ලබනු පිණිස 4 නුඹලා නැවත හැරී යනු.” (යැයි ඔවුනට සමච්චලයට මෙන් පවසනු ලැබේ.)-
4එනම් නුඹලා තම සුඛෝපභෝගිත්වය භුක්ති විඳිමින් සිටිය දී තම සේවකයින් නුඹලාට ආවතේව කිරීමට විමසමින් සිටියෝය. එබැවින් අල්ලාහ්ගේ දඬුවම පැමිණි කල නුඹලා ඉන් ඉවත් වී පලා නොයා නුඹලා සුපුරුදු පරිදි කාලය ගත කරවු. එවිට නුඹලාගේ සේවකයින් පුරුදු පරිදි නුඹලාට ආවතේව කිරීමට විමසනු ඇත යැයි මෙහි අල්ලාහ් සමච්චලයට මෙන් පවසා ඇත.
14

قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ

“අහෝ අපගේ විනාශය! සැබැවින්ම අපි අපරාධකරුවන්ව සිටියෙමු.” යැයි (ප්රතික්ෂේපක) ඔවුහු (මොර දෙමින්) පැවසුවෝය.
15

فَمَا زَالَت تِّلْكَ دَعْوَاهُمْ حَتَّىٰ جَعَلْنَاهُمْ حَصِيدًا خَامِدِينَ

නෙළනු ලැබූ අස්වැන්නක් මෙන් පිලිස්සී ගිය( මළ)වුන් බවට ඔවුන්ව අපි පත් කරන තෙක් එය ඔවුන්ගේ මොර දීමක් ලෙස පැවතීය.
16

وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ

අහස ද මිහිතලය ද ඒ දෙක අතර ඇති දෑ ද අපි කෙළිලොල් කරන්නන් ලෙස නොමැව්වෙමු.
17

لَوْ أَرَدْنَا أَن نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنَاهُ مِن لَّدُنَّا إِن كُنَّا فَاعِلِينَ

අපි පුහු විනෝදයක් ලබන්නට අපේක්ෂා කළේ නම් එය අප අබියසින්ම ගෙන ඇත්තෙමු. (නමුත්) අපි (එසේ) කරන්නන් නොවූයෙමු.
18

بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَى الْبَاطِلِ فَيَدْمَغُهُ فَإِذَا هُوَ زَاهِقٌ ۚ وَلَكُمُ الْوَيْلُ مِمَّا تَصِفُونَ

එසේ නොව අපි සත්යය අසත්යය මත හෙළන්නෙමු. තවද එ(ම අසත්ය)ය විනාශ කර දමන්නේය. එවිට එ(ම අසත්ය)ය පහ වී යන්නකි. (ප්රතික්ෂේපකයිනි, අල්ලාහ්ට) නුඹලා වර්ණනා කරන (මිථ්යා) දෑ හේතුවෙන් නුඹලාට විනාශයයි.
19

وَلَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَنْ عِندَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَ

අහස්හි හා මිහිතලයේ සිටින්නන් ඔහු සතුය. ඔහු අබියස සිටිනවුන් ඔහුට නැමදුම් කිරීමට අහංකාර නොවන්නෝය. තවද උදාසීන ද නොවන්නෝය.
20

يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَ

ඔවුහු රාත්රියෙහි හා දහවලෙහි (අල්ලාහ්ව) පිවිතුරු කරන්නෝය. ඔවුහු වෙහෙසට පත් නොවන්නෝය.
21

أَمِ اتَّخَذُوا آلِهَةً مِّنَ الْأَرْضِ هُمْ يُنشِرُونَ

නැතහොත් මොවුන් මිහිතලයෙන් දෙවියන් ගත්තෝ ද? ඔවුහු (මළවුන්) නැගිටවන්නෝ ද?
22

لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ

(අහස් හා මිහිතලය යන) ඒ දෙකෙහි අල්ලාහ් හැර වෙනත් දෙවියන් වෙත්නම් ඒ දෙකම අක්රමික වනු ඇත. 5 එබැවින්ම අර්ෂ්හි පරමාධිපති වන අල්ලාහ් ඔවුන් වර්ණනා කරන (මිථ්යා) දැයින් පිවිතුරුය.
5මෙය බහු දේවවාදීන්ගේ තර්කයකට පිළිතුරකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 17 : 42 හි පාද සටහන බලන්න.
23

لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ

ඔහු(අල්ලාහ්) කරන දෑ පිළිබඳව ප්රශ්න කරනු නොලබන්නේය. නමුත් ඔවුහු ප්රශ්න කරනු ලබන්නෝය.
24

أَمِ اتَّخَذُوا مِن دُونِهِ آلِهَةً ۖ قُلْ هَاتُوا بُرْهَانَكُمْ ۖ هَـٰذَا ذِكْرُ مَن مَّعِيَ وَذِكْرُ مَن قَبْلِي ۗ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ الْحَقَّ ۖ فَهُم مُّعْرِضُونَ

එසේ නැතහොත් ඔවුන් ඔහු හැර වෙනත් (අය) දෙවියන් (ලෙස පත් කර) ගත්තේ ද? (නබිවරය,) “නුඹලා නුඹලාගේ සාධක රැගෙන එවු. මෙය මා සමග වූවන්ගේ අනුශාසනය හා මට පෙර වූවන්ගේ අනුශාසනය” යැයි පවසවු. 6 නමුත් ඔවුන්ගෙන් බහුතරය සත්යය නොදන්නෝය. එබැවින් ඔවුහු පිටුපාන්නන්ය.
6සැබෑවටම දෙවියෙකු සිටිනවා යැයි විශ්වාස කළ හැක්කේ දේව ග්රන්ථයක් මුල් කරගෙන පමණි. එනමුත් කිසිදු දේව ග්රන්ථයක අල්ලාහ් හැර දෙවියෙකු පිළිබඳව සඳහන් වී නොමැත යන්නෙන් මෙහි අදහස් වේ.
25

وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَـٰهَ إِلَّا أَنَا فَاعْبُدُونِ

“සැබැවින්ම මා හැර වෙනත් දෙවියෙකු නොමැත. එබැවින් නුඹලා මට (පමණක්) නැමදුම් කරවු” යැයි අපි වහී පහළ කොට මිස නුඹට පෙර කිසිදු රසූල්වරයෙකු අපි නොඑව්වෙමු.
26

وَقَالُوا اتَّخَذَ الرَّحْمَـٰنُ وَلَدًا ۗ سُبْحَانَهُ ۚ بَلْ عِبَادٌ مُّكْرَمُونَ

තවද “පරම කරුණාභරිතයාණන් දරුවෙකු (ලෙස මලක්වරුන්ව) ගත්තේය” යැයි ඔවුහු පවසා සිටියෝය. ඔහු පිවිතුරුය. එසේ නොව (මලක්වරුන්) ගෞරවයට පාත්ර වූ ගැත්තන්ය. 7
7මක්කාවාසී ප්රතික්ෂේපකයින් මලක්වරුන් අල්ලාහ්ගේ දරුවන් යැයි විශ්වාස කළෝය. නමුත් මෙම ආයතයෙන් එම විශ්වාසය අසත්යය යැයි අනාවරණය කර ඇත.
27

لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِهِ يَعْمَلُونَ

වදනකින් වුව ද ඔවුහු ඔහුට(අල්ලාහ්ට) පෙරටු නොවන්නෝය. තවද ඔවුහු ඔහුගේ නියෝගය අනුවම ක්රියා කරන්නෝය.
28

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ارْتَضَىٰ وَهُم مِّنْ خَشْيَتِهِ مُشْفِقُونَ

ඔවුන් අතර ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු මැනවින් දන්නේය. තවද ඔහු(අල්ලාහ්) තෘප්තිමත් වූ අයට හැර වෙන කිසිවෙකු වෙනුවෙන් ඔවුහු මැදිහත් නොවන්නෝය. තවද ඔවුහු ඔහුගේ බියෙන් තැතිගනිමින් පසුවෙති.
29

وَمَن يَقُلْ مِنْهُمْ إِنِّي إِلَـٰهٌ مِّن دُونِهِ فَذَٰلِكَ نَجْزِيهِ جَهَنَّمَ ۚ كَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ

තවද “සැබැවින්ම ඔහු නොව මමය දෙවියන්” යැයි (මලක්වරුන්ව වන) ඔවුන් අතුරින් කවරෙකු පවසන්නේද එබැවින් ඔහුට අපි නිරය ප්රතිවිපාක වශයෙන් ලබා දෙන්නෙමු. එලෙසමය අපි අපරාධකරුවන්ට ප්රතිවිපාක දෙනුයේ.
30

أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا ۖ وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ

අහස් හා මිහිතලය එකිනෙකට බැඳී තිබී පසුව අපි ඒ දෙක වෙන් කළ බව ද 8 ප්රාණය ඇති සෑම දෙයක්ම අපි ජලයෙන් ඇති කළ බව ද ප්රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? ඔවුහු විශ්වාස නොකරන්නෝ ද?
8“අහස් හා මිහිතලය එකිනෙකට බැඳී තිබී පසුව අපි ඒ දෙක වෙන් කළ බව” යන ආයතය වෙනත් ආකාරයකින් ද පරිවර්තනය කළ හැක. එනම් “අහස් හා මිහිතලය වැසී තිබුණි. පසුව අපි එම දෙක විවෘත කළෙමු” යනුවෙන්ය. එහි විවරණය නම් විශ්වය මැවූ ප්රාරම්භක අවදියෙහි අහසින් වර්ෂාව ඇති නොවූ අතර මිහිතලයෙන් කිසිදු ශාකයක් ද හට ගත්තේ නැත. පසුව අල්ලාහ් අහසින් වර්ෂාව ඇති වීමට ද මිහිතලයෙන් ශාක හට ගැනීමට ද විවෘත කළේය. නමුත් ඉහත මුල් පරිවර්තනයට අනුව මින් අදහස් කරන්නේ අහස් හා පොළොව එකිනෙකට බැඳී තිබූ එම අවස්ථාව පිළිබඳවය. පසුව අල්ලාහ් විසින් ඒ දෙක වෙන් කරන ලදී. තවද මෙයින් අදහස් වන්නේ “මහා පිපිරුම්වාදය” යන්න විශ්වාස කළ හැකිය යන්නය. මෑත කාලයේ දී හෙළිදරව් වූ මෙවන් සත්යයන් විද්යාවන් නොදියුණු කාල වකවානුවක අකුරු නුගත් අයෙකු විසින් මෙම සත්යය මෙලොවට හෙළි කර ඇත්තේ නම් එම අල් කුර්ආනය විශ්වයේ සැබෑ මැවුම්කරුගේ දේව ග්රන්ථයක් යන්න කෙසේ සැක මතු විය හැක්කේ ද?.
31

وَجَعَلْنَا فِي الْأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًا سُبُلًا لَّعَلَّهُمْ يَهْتَدُونَ

තවද මිහිතලය ඔවුන් සමග කම්පා නොවීමට අපි එහි ස්ථීරසාර දෑ(කඳු) ඇති කළෙමු. තවද ඔවුන් මඟ හඳුනා ගත හැකි පිණිස මං මාවත් ද පිහිටෙව්වෙමු.
32

وَجَعَلْنَا السَّمَاءَ سَقْفًا مَّحْفُوظًا ۖ وَهُمْ عَنْ آيَاتِهَا مُعْرِضُونَ

තවද අහස ආරක්ෂිත වියනක් බවට පත් කළෙමු. නමුත් ඔවුහු එහි සාධකයන් පිළිබඳව පිටුපාන්නන් වෙති.
33

وَهُوَ الَّذِي خَلَقَ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ

රාත්රිය හා දහවල ද හිරු හා සඳු ද මැව්වේ ඔහුමය. (ඒවා) සියල්ලක්ම (ඒවාට නියමිත) කක්ෂය තුළ පිහිනා යති.
34

وَمَا جَعَلْنَا لِبَشَرٍ مِّن قَبْلِكَ الْخُلْدَ ۖ أَفَإِن مِّتَّ فَهُمُ الْخَالِدُونَ

තවද නුඹට පෙර වූ කිසිදු මිනිසෙකුට අපි සදාතනිකත්වය අත් නොකළෙමු. (නබිවරය,) නුඹ මරණයට පත් වූයේ නම් (ප්රතික්ෂේපක) ඔවුන් සදාතනිකයෝ වන්නේ ද?
35

كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۗ وَنَبْلُوكُم بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً ۖ وَإِلَيْنَا تُرْجَعُونَ

සෑම ආත්මයක්ම මරණය භුක්ති විදින්නකි. තවද විභාගයක් වශයෙන් යහපත හා අයහපත මගින් නුඹලාව අපි පිරික්සුමට ලක් කරන්නෙමු. තවද නුඹලා නැවත පැමිණෙන්නේ අප වෙතමය.
36

وَإِذَا رَآكَ الَّذِينَ كَفَرُوا إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَـٰذَا الَّذِي يَذْكُرُ آلِهَتَكُمْ وَهُم بِذِكْرِ الرَّحْمَـٰنِ هُمْ كَافِرُونَ

තවද (නබිවරය,) නුඹව ප්රතික්ෂේප කළවුන් දුටු විට “නුඹලාගේ දෙවියන් පිළිබඳව (අඩුපාඩු) පවසන්නා මොහු ද? යන්නෙන් (පවසා ගනිමින්) ඔවුහු නුඹව සමච්චලයට මිස නොගන්නෝය. මොවුන්මය පරම කරුණාභරිතයාණන්ව සිහිපත් කිරීම ප්රතික්ෂේප කළවුන් වන්නේ.
37

خُلِقَ الْإِنسَانُ مِنْ عَجَلٍ ۚ سَأُرِيكُمْ آيَاتِي فَلَا تَسْتَعْجِلُونِ

මිනිසා ඉක්මන් ගුණයෙන් යුතුව මවනු ලැබුවේය. 9 මාගේ සාධකයන් මම නුඹලාට මතු පෙන්වා දෙමි. එබැවින් නුඹලා (දඬුවම) ඉක්මන් කරන මෙන් මා වෙතින් නොපතවු.
9ප්රතික්ෂේපකයින් අල්ලාහ්ගේ අවවාදයට ලක් වූ සෑම විටෙකම නබි මුහම්මද් තුමාණන්ගෙන් අපගේ දඬුවම තවමත් නාවේ මන්දැ?යි සමච්චලයට මෙන් අසන්නෝය. තවද දඬුවම් කිරීමට එතුමාණන්ට කිසිදු අයිතියක් නොමැති බව මෙම ආයතයෙන් පෙන්වා දෙයි.
38

وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ

(නබිවරය,) “නුඹලා සත්යවාදීන්ව සිටියෙහු නම් මෙම පොරොන්දුව කවදා (සිදු වන්නේ) දැ?”යි (පවසනු යන්නෙන් නුඹගෙන්) ඔවුහු විමසන්නෝය.
39

لَوْ يَعْلَمُ الَّذِينَ كَفَرُوا حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ النَّارَ وَلَا عَن ظُهُورِهِمْ وَلَا هُمْ يُنصَرُونَ

(නිරයේ) ගින්න තමන්ගේ මුහුණු වලින් ද තමන්ගේ පිට කොඳු වලින් ද වළක්වා ගත නොහැකි තවද තමන් උදව් කරනු නොලබන මොහොත ප්රතික්ෂේප කළවුන් දන්නේ නම් (ඔවුන් එසේ ප්රකාශ නොකරනු ඇත).
40

بَلْ تَأْتِيهِم بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنظَرُونَ

එසේ නොව එය(ලොව අවසන් මොහොත) ඔවුන් වෙත අනපේක්ෂිතව පැමිණ ඔවුන්ව තිගැස්සුමට ලක් කරවයි. එවිට එය වළක්වාලන්නට ඔවුහු ශක්තිය නොදරන්නෝය. තවද ඔවුහු අවකාශය ද දෙනු නොලබන්නෝය.
41

وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

(නබිවරය,) සැබැවින්ම නුඹට පෙර ද රසූල්වරුන් (තම සමූහයා විසින්) සමච්චලයට ලක් කරනු ලැබීය. එබැවින් ඔවුන්ට(රසූල්වරුන්ට) සමච්චල් කළවුන්ව ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ (වන දඬුවම) වටලා ගත්තේය.
42

قُلْ مَن يَكْلَؤُكُم بِاللَّيْلِ وَالنَّهَارِ مِنَ الرَّحْمَـٰنِ ۗ بَلْ هُمْ عَن ذِكْرِ رَبِّهِم مُّعْرِضُونَ

(නබිවරය,) “රාත්රියෙහි ද දහවලෙහි ද කරුණාභරිතයාණන්ගෙන් (දඬුවම පහළ වූයේ නම් එයින්) නුඹලාව ආරක්ෂා කරනුයේ කවරෙකු දැ?”යි අසවු. නමුත් ඔවුන් තම පරමාධිපතිව මෙනෙහි කිරීමෙන් පිටුපාන්නන් වෙති.-
43

أَمْ لَهُمْ آلِهَةٌ تَمْنَعُهُم مِّن دُونِنَا ۚ لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنفُسِهِمْ وَلَا هُم مِّنَّا يُصْحَبُونَ

නැතහොත් ඔවුන්ව (දඬුවමින්) වළක්වාලන අප හැර ඔවුනට (වෙනත්) දෙවිවරුන් සිටී ද? ඔවුහු තමන්ටම උදව් කර ගැනීමට පවා ශක්තිය නොදරන්නෝය. තවද (ප්රතික්ෂේපක) ඔවුහු අපගෙන් (වූ දඬුවමින්) ආරක්ෂා කරනු නොලබන්නෝය.
44

بَلْ مَتَّعْنَا هَـٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ الْعُمُرُ ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِي الْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ أَفَهُمُ الْغَالِبُونَ

නමුත් ඔවුන්ටත් ඔවුන්ගේ මුතුන් මිත්තන්ටත් තමන් වෙත ආයු කාලය දීර්ඝ වන තුරු අපි භුක්ති විඳීමට සැලැස්සුවෙමු. අපි මිහිතලය එහි පැතිකඩ වලින් ඛාදනය කරමින් පැමිණෙන බව ඔවුහු නොදකින්නෝ ද? එසේනම් ඔවුන් (අපව) අබිබවා යන්නන් ද? 10
10වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 13:41 හි පාද සටහන බලන්න.
45

قُلْ إِنَّمَا أُنذِرُكُم بِالْوَحْيِ ۚ وَلَا يَسْمَعُ الصُّمُّ الدُّعَاءَ إِذَا مَا يُنذَرُونَ

(නබිවරය,) “මම නුඹලාට අවවාද කරනුයේ වහී (දේව පණිවිඩය) මගිනි” යැයි පවසවු. එහෙත් බිහිරන් අවවාද කරනු ලබන විට (එම) කැඳවුමට සවන් නොදෙන්නෝය.
46

وَلَئِن مَّسَّتْهُمْ نَفْحَةٌ مِّنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ

තවද නුඹගේ පරමාධිපතිගේ දඬුවමින් ස්වල්පයක් හෝ ඔවුනට ස්පර්ශ වූයේ නම් “අහෝ අපගේ විනාශය! අපි අපරාධකාරයින්ව සිටියෙමු” යැයි සැබැවින්ම ඔවුන් පවසනු ඇත.
47

وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا ۖ وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَاسِبِينَ

(මළවුන්) නැගිටුවනු ලබන දින අපි සාධාරණීය තුලාවන් (මගින් විනිශ්චය) තබන්නෙමු. එබැවින් කිසිදු ආත්මයක් මඳක් හෝ අපරාධයකට ලක් කරනු නොලැබේ. එය අබ ඇටයක තරම් වුව ද අපි එය ගෙන එන්නෙමු. ගණනය කරන්නන් වශයෙන් අප ප්රමාණවත්ය.
48

وَلَقَدْ آتَيْنَا مُوسَىٰ وَهَارُونَ الْفُرْقَانَ وَضِيَاءً وَذِكْرًا لِّلْمُتَّقِينَ

සැබැවින්ම අපි මූසාට හා හාරූන්ට (හොඳ නරක වෙන් කර දක්වන) නිර්ණායකය ද ආලෝකයක් ද බිය භක්තිකයින් සඳහා උපදේශයක් ද පිරිනැමුවෙමු.-
49

الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالْغَيْبِ وَهُم مِّنَ السَّاعَةِ مُشْفِقُونَ

ඔවුහු කවරහුද යත් ආදෘෂශ්යව සිටිය දී 11 තම පරමාධිපතිට බිය වන්නෝය. තවද ඔවුන් (ලොව අවසන්) හෝරාව පිළිබඳව බියෙන් තැතිගන්නන් වෙති.
11මෙහි ආදෘශ්යව සිටීම යන්නට ‘ඔවුන් අල්ලාහ්ව නොදැක සිටීම’ හෝ ‘ඔවුන් හුදකලාවේ සිටීම’ යන අදහස් දෙකක් ඇත.
50

وَهَـٰذَا ذِكْرٌ مُّبَارَكٌ أَنزَلْنَاهُ ۚ أَفَأَنتُمْ لَهُ مُنكِرُونَ

මෙ(ම අල් කුර්ආන)ය අපි පහළ කළා වූ භාග්යමත් උපදෙසකි. එසේ තිබියදීත් නුඹලා මෙය ප්රතික්ෂේප කරන්නන් වන්නෝ ද?
51

وَلَقَدْ آتَيْنَا إِبْرَاهِيمَ رُشْدَهُ مِن قَبْلُ وَكُنَّا بِهِ عَالِمِينَ

තවද සැබැවින්ම අපි මීට පෙර ඉබ්රාහීම්ට ඔහුගේ යහමග පිරිනැමුවෙමු. තවද අපි ඔහු(ගේ සුදුසුකම) පිළිබඳව දැන සිටින්නන් වූයෙමු.
52

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا هَـٰذِهِ التَّمَاثِيلُ الَّتِي أَنتُمْ لَهَا عَاكِفُونَ

‘නුඹලා (නැමදුමෙහි) රැඳී සිටින මෙම ප්රතිමාවන් කුමක් දැ?’යි ඔහු තම පියාගෙන් ද තම ජනයාගෙන් ද විමසූ අවස්ථාව (සිහිපත් කරවු).
53

قَالُوا وَجَدْنَا آبَاءَنَا لَهَا عَابِدِينَ

“අපගේ මුතුන් මිත්තන් ඒවාට නමදිමින් සිටිනු අපි දුටුවෙමු”යි ඔවුහු පැවසුවෝය.
54

قَالَ لَقَدْ كُنتُمْ أَنتُمْ وَآبَاؤُكُمْ فِي ضَلَالٍ مُّبِينٍ

“සැබැවින්ම නුඹලා ද නුඹලාගේ මුතුන් මිත්තන් ද පැහැදිලි නොමගෙහි සිටියෝයැ”යි ඔහු පැවසුවේය.
55

قَالُوا أَجِئْتَنَا بِالْحَقِّ أَمْ أَنتَ مِنَ اللَّاعِبِينَ

“නුඹ අප වෙත සත්යය (පවසා)ගෙන ආවෙහි ද? එසේත් නැතහොත් නුඹ සෙල්ලම් කරන්නන් අතුරින් දැ?”යි ඔවුහු පැවසුවෝය.
56

قَالَ بَل رَّبُّكُمْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ الَّذِي فَطَرَهُنَّ وَأَنَا عَلَىٰ ذَٰلِكُم مِّنَ الشَّاهِدِينَ

“නමුත් නුඹලාගේ පරමාධිපති වනුයේ අහස් හා මිහිතලයෙහි පරමාධිපති (අල්ලාහ්)ය. ඔහු ඒවා මැව්වේය. තවද මම ඒ කෙරෙහි සාක්ෂි දරන්නන් අතුරිනි. අල්ලාහ් මත දිවුරමි. සැබැවින්ම මම නුඹලා හැරී ගිය පසු නුඹලාගේ පිළිම වලට උපක්රමයක් යොදන්නෙමි.” යැයි ඔහු(ඉබ්රාහීම්) පැවසුවේය. 12 -
12ජනයින් තම ආගමික උත්සවය සැමරීමට ගමින් පිට වන විට ඔවුන්ගේ පිළිම කඩන බවට නබි ඉබ්රාහීම් තුමාණන් සිතා ගත්තේය. අල් කුර්ආන් 37:83-94 දක්වා සඳහන් වී ඇති අයුරින් ජනයින් නබි ඉබ්රාහීම් තුමාණන්ව ද එම උත්සවයට කැඳවුවෝය. එනමුත් ඔහු සහභාගි නොවීය. පසුව ඔවුහු ගමින් පිට වූ කල පිළිම කිහිපයක් කඩා එහි විශාල පිළිමය මෙසේ කඩා දැමූ බව ජනයාට පැවසීය. නබි ඉබ්රාහීම් තුමා මෙහිදී බොරුවක් පවසා තිබුණ ද ඔහුගේ චේතනාව වූයේ ජනයාට සත්යය අවබෝධ කර දීමය.
57

وَتَاللَّهِ لَأَكِيدَنَّ أَصْنَامَكُم بَعْدَ أَن تُوَلُّوا مُدْبِرِينَ

“නමුත් නුඹලාගේ පරමාධිපති වනුයේ අහස් හා මිහිතලයෙහි පරමාධිපති (අල්ලාහ්)ය. ඔහු ඒවා මැව්වේය. තවද මම ඒ කෙරෙහි සාක්ෂි දරන්නන් අතුරිනි. අල්ලාහ් මත දිවුරමි. සැබැවින්ම මම නුඹලා හැරී ගිය පසු නුඹලාගේ පිළිම වලට උපක්රමයක් යොදන්නෙමි.” යැයි ඔහු(ඉබ්රාහීම්) පැවසුවේය. 12 -
58

فَجَعَلَهُمْ جُذَاذًا إِلَّا كَبِيرًا لَّهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ

නමුත් ඔවුන් සතු ප්රධාන (පිළිම)ය හැර (අනෙක්) ඒවා කැබලි බවට පත් කළේය. (එසේ කළේ) ඔවුහු ඒ වෙත නැවත පැමිණෙනු පිණිසය.
59

قَالُوا مَن فَعَلَ هَـٰذَا بِآلِهَتِنَا إِنَّهُ لَمِنَ الظَّالِمِينَ

“අපගේ දෙවිවරුන්ට මෙ(ම අපරාධ)ය කළේ කවුරුන් ද? සැබැවින්ම ඔහු අපරාධකරුවන් අතුරිනි” යැයි ඔවුහු පැවසුවෝය.
60

قَالُوا سَمِعْنَا فَتًى يَذْكُرُهُمْ يُقَالُ لَهُ إِبْرَاهِيمُ

“තරුණයෙකු ඒවා පිළිබඳව (දොස්) කතා නැගීම අපි අසා ඇත්තෙමු. ඔහුට ඉබ්රාහීම් යැයි පවසනු ලැබේ” යැයි (පිරිසක්) පැවසුවෝය.
61

قَالُوا فَأْتُوا بِهِ عَلَىٰ أَعْيُنِ النَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ

“එසේ නම් මිනිසුන් දකිනු පිණිස ඔවුන්ගේ දෑස් ඉදිරියට ඔහුව ගෙන එනු” යැයි ඔවුහු පැවසුවෝය.
62

قَالُوا أَأَنتَ فَعَلْتَ هَـٰذَا بِآلِهَتِنَا يَا إِبْرَاهِيمُ

“අහෝ ඉබ්රාහීම්! අපගේ දෙවිවරුන්ට මෙසේ කළේ ඔබ දැ?”යි ඔවුහු විමසුවෝය.
63

قَالَ بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هَـٰذَا فَاسْأَلُوهُمْ إِن كَانُوا يَنطِقُونَ

“නැත. එය කළේ ඒවායෙහි ප්රධානියා වන මෙ(ම පිළිමය)ය. එබැවින් ඒවා කතා කරන්නේ නම් ඒවාගෙන් අසා ගනිවු.” යැයි ඔහු පැවසුවේය.
64

فَرَجَعُوا إِلَىٰ أَنفُسِهِمْ فَقَالُوا إِنَّكُمْ أَنتُمُ الظَّالِمُونَ

එවිට ඔවුහු තමන් දෙසටම හැරී “සැබැවින්ම නුඹලාමය අපරාධකරුවෝ” යැයි ඔවුහු පවසා ගත්තෝය.
65

ثُمَّ نُكِسُوا عَلَىٰ رُءُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَـٰؤُلَاءِ يَنطِقُونَ

පසුව ඔවුන්ගේ හිස් අවුල් වියවුල් බවට පත් වී “මේවා කතා නොකරන බව සැබැවින්ම නුඹ දන්නෙහිය.” (යැයි ඉබ්රාහීම්ට පැවසුවෝය.)
66

قَالَ أَفَتَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَنفَعُكُمْ شَيْئًا وَلَا يَضُرُّكُمْ

“එසේ නම් අල්ලාහ් හැර නුඹලාට කිසිදු ප්රයෝජනයක් හෝ හානියක් හෝ කළ නොහැකි දෑ නුඹලා නමදින්නෙහු ද? නුඹලාට ද අල්ලාහ් හැර නුඹලා නමදින දැයට ද නින්දාවකි. නුඹලා අවබෝධ කර නොගන්නෙහු දැ?”යි ඔහු විමසුවේය.
67

أُفٍّ لَّكُمْ وَلِمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ ۖ أَفَلَا تَعْقِلُونَ

“එසේ නම් අල්ලාහ් හැර නුඹලාට කිසිදු ප්රයෝජනයක් හෝ හානියක් හෝ කළ නොහැකි දෑ නුඹලා නමදින්නෙහු ද? නුඹලාට ද අල්ලාහ් හැර නුඹලා නමදින දැයට ද නින්දාවකි. නුඹලා අවබෝධ කර නොගන්නෙහු දැ?”යි ඔහු විමසුවේය.
68

قَالُوا حَرِّقُوهُ وَانصُرُوا آلِهَتَكُمْ إِن كُنتُمْ فَاعِلِينَ

“නුඹලා (මොහුට දඬුවම්) කරන්නන්ව සිටින්නේ නම් නුඹලා මොහුව පුලුස්සා දමා නුඹලාගේ දෙවිවරුන්ට උපකාර කරවු” යැයි ඔවුහු පැවසුවෝය.
69

قُلْنَا يَا نَارُ كُونِي بَرْدًا وَسَلَامًا عَلَىٰ إِبْرَاهِيمَ

“අහෝ ගින්න! නුඹ ඉබ්රාහීම් කෙරෙහි සිසිල් හා ශාන්තිමත් වවු” යැයි පැවසුවෙමු.
70

وَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَخْسَرِينَ

ඔහුට කුමන්ත්රණයක් කිරීමට ඔවුහු අපේක්ෂා කළෝය. නමුත් (ඔවුන්ගේ කුමන්ත්රණය නිෂ්ඵල කිරීමෙන්) ඔවුන්ව අපි අලාභීන් බවට පත් කළෙමු.-
71

وَنَجَّيْنَاهُ وَلُوطًا إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا لِلْعَالَمِينَ

තවද ඔහුව හා ලූත්ව (තම තමන්ගේ සමූහයේ ව්යසනයෙන්) අපි මුදවා ලොවැසියන්ටම අභිවෘද්ධිමත් කළ ප්රදේශයකට ආරක්ෂිතව ගෙන ආවෙමු. 13
13නබි ඉබ්රාහීම් තුමාණන් ඉරාක් දේශයේ උපත ලැබුවේය. ඔහුට නබිත්වය ලැබීමෙන් පසු අල්ලාහ් විසින් එකල පාලනය කළ ‘නුම්රූද්’ නම් රජු වෙත නබිවරයෙකු වශයෙන් ඔහුව සත්යය කරා කැඳවීමට යවනු ලැබීය. මොහු පිළිම කැඩූ හෙයින් නුම්රූද් මොහුව ගින්නෙහි දමා පිලිස්සූ අතර එයින් කිසිදු බලපෑමක් නබි ඉබ්රාහීම් තුමාණන්ට ඇති වූයේ නැත. පසුව එතුමාට ‘සිරියාව’ කරා සංක්රමණය කරන මෙන් අල්ලාහ් අණ කළේය.
72

وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ نَافِلَةً ۖ وَكُلًّا جَعَلْنَا صَالِحِينَ

තවද අපි ඔහුට ඉස්හාක්ව ද අමතරව (ඔහුගේ පරපුරෙන්) යඃකූබ්ව ද ප්රදානය කළෙමු. ඔවුන් සියල්ලන්ම දැහැමියන් බවට ද පත් කළෙමු.
73

وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَا إِلَيْهِمْ فِعْلَ الْخَيْرَاتِ وَإِقَامَ الصَّلَاةِ وَإِيتَاءَ الزَّكَاةِ ۖ وَكَانُوا لَنَا عَابِدِينَ

අපගේ අණ පරිදි යහමග පෙන්වන නායකයින් බවට අපි ඔවුන්ව පත් කළෙමු. තවද යහ දෑ කරන මෙන් ද සලාතය ස්ථාපිත කරන මෙන් ද zසකාතය පිරිනමන මෙන් ද (අණ කරමින්) ඔවුන් වෙත අපි වහී (දේව පණිවිඩය) පහළ කළෙමු. තවද ඔවුහු අපව පමණක් නමදින්නන් වූහ.
74

وَلُوطًا آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا وَنَجَّيْنَاهُ مِنَ الْقَرْيَةِ الَّتِي كَانَت تَّعْمَلُ الْخَبَائِثَ ۗ إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَاسِقِينَ

තවද අපි ලූත්ට දැනුම ද විනිශ්චය (කිරීමේ නුවණ) ද පිරිනැමුවෙමු. අප්රසන්න දෑ කරමින් සිටි ග්රාම වාසීන්ගෙන් අපි ඔහුව මුදවා ගතිමු. 14 සැබැවින්ම ඔවුහු පාපතර නරක පිරිසක්ව සිටියහ.
14මෙහි ‘අප්රසන්න’ යනුවෙන් හඳුන්වා ඇත්තේ සමලිංගික සේවනයෙහි යෙදීම පිළිබඳවය. වැඩි විස්තර සඳහා 11 : 69 - 83 දක්වා ආයතයන් එහි පාද සටහන් සමග බලන්න.
75

وَأَدْخَلْنَاهُ فِي رَحْمَتِنَا ۖ إِنَّهُ مِنَ الصَّالِحِينَ

තවද අපි ඔහුව අපගේ කරුණාවෙහි ඇතුළත් කළෙමු. සැබැවින්ම ඔහු දැහැමියන් අතුරිනි.
76

وَنُوحًا إِذْ نَادَىٰ مِن قَبْلُ فَاسْتَجَبْنَا لَهُ فَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ

තවද නූහ්ව (සිහිපත් කරවු). මීට පෙර ඔහු (අපව) ඇමතූ අවස්ථාව පිළිබඳවය. එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. පසුව අපි ඔහුව ද ඔහුගේ (නැවෙහි වූ) පවුල ද මහා ව්යසනයෙන් මුදවා ගත්තෙමු.-
77

وَنَصَرْنَاهُ مِنَ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ

අපගේ වදන් බොරු කළා වූ පිරිසෙන් අපි (ඔහුව මුදවා) ඔහුට උදව් කළෙමු. සැබැවින්ම ඔවුහු නරක පිරිසක්ව සිටියහ. එබැවින් අපි ඔවුන් සියල්ලන්ම ගිල්වූයෙමු. 15
15වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 11 : 25 - 48 දක්වා බලන්න.
78

وَدَاوُودَ وَسُلَيْمَانَ إِذْ يَحْكُمَانِ فِي الْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ الْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَاهِدِينَ

තවද දාවූද් හා සුලෙයිමාන්ව ද (සිහිපත් කරවු). පිරිසකගේ එළුවෙකු (යමෙකුගේ) ගොවිපළෙහි තණ බුදින්නට ගිය කල්හි ඔවුන් දෙදෙනා ඒ පිළිබඳව විනිශ්චය කළ අවස්ථාව පිළිබඳවය. ඔවුන්ගේ විනිශ්චයට සාක්ෂිකරුවන් වශයෙන් අපි වූයෙමු.
79

فَفَهَّمْنَاهَا سُلَيْمَانَ ۚ وَكُلًّا آتَيْنَا حُكْمًا وَعِلْمًا ۚ وَسَخَّرْنَا مَعَ دَاوُودَ الْجِبَالَ يُسَبِّحْنَ وَالطَّيْرَ ۚ وَكُنَّا فَاعِلِينَ

සුලෙයිමාන්ට අපි එ(ම විනිශ්ච)ය අවබෝධ කර දුනිමු. 16 ඔවුන් දෙපළටම අපි දැනුම ද විනිශ්චය (කිරීමේ නුවණ) ද පිරිනැමුවෙමු. තවද දාවූද් සමග (අල්ලාහ්ව) පිවිතුරු කරන්නක් ලෙස කඳු ද පක්ෂීන් ද අපි (ඔහුට) වසඟ කර දුනිමු. 17 තවද (එසේ) කරන්නන් වූයේ අපමය.
16ඇතැම් උදවියගේ එළුවන් අන් අයගේ කුඹුරු යායන්ට ඇතුළු වී ඒවා විනාශ කරන්නට වූහ. එම අවස්ථාවේ දී කුඹුරු අයිතිකරුවන්ට අත් වූ අලාභය වෙනුවට මෙම එළුවන්ව දී එය පිය විය යුතු යැයි නබි දාවූද් තුමාණන් තීන්දු දුන්නේය. මන්දයත් මෙම එළුවන්ගේ හා විනාශ වූ අස්වැන්නෙහි වටිනාකම සමානව තිබූ හෙයිනි. නමුත් ඔහුගේ පුත් නබි සුලෙයිමාන් තුමාණන් එම එළු හිමියාට කුඹුර භාර දී නැවත බීජ වපුරා දෙන මෙන් ද එතෙක් තම එළුවන් කුඹුරු හිමියාට භාර දී ඔහු එයින් ප්රයෝජන ලැබීමට සලස් වන ලෙස තීන්දු දෙන මෙන් අදහසක් තම පියාට පැවසුවේය. පසුව නබි දාවූද් තුමාණන් මෙම අදහස පිළිගෙන එලෙස තීන්දු දුන්නේය.
17නබි දාවූද් තුමාණන් අල්ලාහ්ව මෙනෙහි කරන විට ඔහු සමග කඳු සහ පක්ෂීන් ද අල්ලාහ්ව මෙනෙහි කිරීම ඔහු ලද ප්රාතිහාර්යයක් විය.
80

وَعَلَّمْنَاهُ صَنْعَةَ لَبُوسٍ لَّكُمْ لِتُحْصِنَكُم مِّن بَأْسِكُمْ ۖ فَهَلْ أَنتُمْ شَاكِرُونَ

තවද නුඹලාගේ යුද්ධයන්හි නුඹලාව ආරක්ෂා කරනු පිණිස නුඹලා සඳහා සන්නාහ(යුධ ඇඳුම්) තැනීමට අපි ඔහුට ඉගැන්වුයෙමු. එබැවින් නුඹලා කෘතවේදීන් වන්නෙහු ද?-
81

وَلِسُلَيْمَانَ الرِّيحَ عَاصِفَةً تَجْرِي بِأَمْرِهِ إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا ۚ وَكُنَّا بِكُلِّ شَيْءٍ عَالِمِينَ

තවද සුලෙයිමාන්ට අපි සැඩ සුළඟ (වසඟ කර දුනිමු). එය අපි අභිවෘද්ධිමත් කළ දේශය වෙත ඔහුගේ අණ පරිදි හමා යන්නේය. 18 තවද අපි සියලු දෑ පිළිබඳව දැනුමැත්තන් වූයෙමු.
18මෙහි ‘දේශය’ යන්නෙන් අදහස් කරනුයේ සිරියා දේශයයි. අල් කුර්ආනයේ නොයෙක් ස්ථානයන්හි නබි සුලෙයිමාන් තුමාණන්ට සුළඟ වසඟ කර දුන් බව සඳහන් වී ඇත. එබැවින් කෙටි කාලයක් තුළ දී දුරස්ථ ස්ථානයක් කරා යාමට සුළඟ උපකාරී වූ බව අල් කුර්ආන් 34:12 හි සඳහන් වී ඇත. මොහු කුමක් ආධාරයෙන් ගමන් කළේ ද යන්න අල් කුර්ආනයේ හා සනාථ වූ කිසිදු වාර්තාවක සඳහන් වී නොමැත. එහෙත් ඇතැම් විද්වතුන් මොහු තම සිංහාසනයෙහි ගමන් කළ බව අදහස් දක්වති. මෙය අල්ලාහ් විසින් ඔහුට පිරි නැමූ ප්රාතිහාර්යයකි.
82

وَمِنَ الشَّيَاطِينِ مَن يَغُوصُونَ لَهُ وَيَعْمَلُونَ عَمَلًا دُونَ ذَٰلِكَ ۖ وَكُنَّا لَهُمْ حَافِظِينَ

ෂෙයිතාන්වරුන් අතුරින් ඔහු වෙනුවෙන් කිමිඳුම් කරන්නන් ද ඒ හැර වෙනත් ක්රියාවන් කරනවුන් ද (අපි ඔහුට වසඟ කර දුනිමු). තවද අපි ඔවුන්ව නිරීක්ෂණය කරන්නන් වූයෙමු.
83

وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنتَ أَرْحَمُ الرَّاحِمِينَ

තවද අයියූබ්වද (සිහිපත් කරවු). “ඔබ කරුණාවන්තයින් අතුරින් මහා කරුණාභරිතයාණන්ව සිටිය දී මා වෙත පීඩාව වැලඳී ඇත.”යැයි ඔහු තම රබ්(පරමාධිපති)ගෙන් කන්නලව් කළ අවස්ථාව පිළිබඳවය.
84

فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِن ضُرٍّ ۖ وَآتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنْ عِندِنَا وَذِكْرَىٰ لِلْعَابِدِينَ

එවිට අපි ඔහුට ප්රතිචාර දැක්වුයෙමු. ඔහුට වැලඳී ඇති පීඩාව 19 අපි ඉවත් කළෙමු. අපගෙන් වූ දයාවක් වශයෙන් හා නැමදුම් කරන්නන්ට ආදර්ශයක් වශයෙන් ඔහුගේ පවුල හා ඔවුන් සමග වූ ඔවුන් වැනි අයව අපි ඔහුට පිරිනැමුවෙමු. 20
19මෙහි පීඩාව යනුවෙන් අදහස් කොට ඇත්තේ නබි අයියූබ් තුමාණන්ට වැලඳුණු රෝගයක් පිළිබඳවයි. මෙම රෝගය පිළිබඳව අල් කුර්ආනයෙහි පැහැඳිලිව සඳහන් වී නොමැති අතර ඇතැම් ඉතිහාසාඥයින්ගේ වාර්තාවන්ට අනුව එතුමන්ට සමේ රෝගයක් වැලඳුණු බව සඳහන් වී ඇත.
20මෙහි “ඔවුන් සමග වූ ඔවුන් මෙන් අයව” යන ආයතයෙන් අදහස් කරන්නේ ඔහු පවුලේ උදවිය නැවත ඔහු වෙත පැමිණි අතර පසුව ඔහුට තවත් දරුවන් හා මුනුපුරන් ලැබ මොහුගේ පරම්පරාව විශාල විය යන්නයි.
85

وَإِسْمَاعِيلَ وَإِدْرِيسَ وَذَا الْكِفْلِ ۖ كُلٌّ مِّنَ الصَّابِرِينَ

තවද ඉස්මාඊල්ව ද ඉද්රීස්ව ද zදුල් කිෆ්ල්ව 21 ද (සිහිපත් කරවු. මොවුන්) සියල්ලෝම ඉවසිලිවන්තයින් අතුරිනි.-
21මොහු ඉස්රාඊල් පරපුරට අයත් පුද්ගලයෙකි. ඇතැම් වාර්තාවන්ට අනුව මොහු නබිවරයෙකු යැයි ද සඳහන් වී ඇත.
86

وَأَدْخَلْنَاهُمْ فِي رَحْمَتِنَا ۖ إِنَّهُم مِّنَ الصَّالِحِينَ

((86) තවද අපි ඔවුන්ව අපගේ දයාවට අවතීර්ණ කළෙමු. සැබැවින්ම ඔවුන් සැදැහැමියන් අතුරිනි.
87

وَذَا النُّونِ إِذ ذَّهَبَ مُغَاضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَىٰ فِي الظُّلُمَاتِ أَن لَّا إِلَـٰهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ

තවද දුන් නූන් (හෙවත් යූනුස්) ද (සිහිපත් කරවු). ඔහු (ජනයා සමග) කෝප වී ගිය අවස්ථාව පිළිබඳවය. එවිට ඔහු “තමන් කෙරෙහි (දඬුවම් කිරීමට) අපි(අල්ලාහ්) බලවත් නොවන්නෙමු”යි සිතුවේය. (මත්ස්ය කුසෙහි) අන්ධකාරයන්හි 22 සිට “ලා ඉලාහ ඉල්ලා අන්ත සුබ්හානක ඉන්නී කුන්තු මිනල් ලාළිමීන්” 23 යැයි ඔහු කන්නලව් කළේය.
22අන්ධකාරයන් යනු මත්ස්ය කුසෙහි අඳුර, ගැඹුරු මුහුදේ අඳුර හා රාත්රි අඳුර යන්නයි.
23මෙම අරාබි වාක්යයේ අරුත නම් “නැමදුමට සුදුස්සා ඔබ හැර වෙනත් දෙවියෙකු නැත. ඔබ පිවිතුරුය. සැබැවින්ම මම අපරාධකරුවන්ගෙන් කෙනෙකු වූයෙමි” යන්නය.
88

فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ ۚ وَكَذَٰلِكَ نُنجِي الْمُؤْمِنِينَ

එබැවින් අපි ඔහුට ප්රතිචාර දක්වා ඔහුව අපි දුකින් මිදෙව්වෙමු. එලෙසය විශ්වාසිකයින්ව අපි (විපතින්) මුදවන්නේ. 24
24වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 37:139-148 හා 10:196-198 දක්වා ආයාවන් එහි පාද සටහන් සමග බලන්න.
89

وَزَكَرِيَّا إِذْ نَادَىٰ رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنتَ خَيْرُ الْوَارِثِينَ

තවද zසකරිය්යාව ද (සිහිපත් කරවු). “මාගේ පරමාධිපතියාණනි, නුඹ උරුමකරුවන් අතුරින් ශ්රේෂ්ඨව සිටිය දී නුඹ මා තනිව අත හැර නොදමවු” යැයි ඔහු තම පරමාධිපතිගෙන් කන්නලව් කළ අවස්ථාව පිළිබඳවය. 25
25වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 3:38-41 සහ 13:2-15 දක්වා බලන්න.
90

فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَىٰ وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ ۚ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا ۖ وَكَانُوا لَنَا خَاشِعِينَ

එබැවින් අපි ඔහුට ප්රතිචාර දැක්වුයෙමු. තවද අපි ඔහුට යහ්යාව ප්රදානය කළෙමු. තවද අපි ඔහුට ඔහුගේ බිරිය (දරු සම්පත බිහි කිරීමට) සුදුසු බවට පත් කළෙමු. (මන්දයත්) සැබැවින්ම ඔවුන් යහ දෑ කිරීමෙහි යුහුසුලු වී කැමැත්තෙන් හා බියෙන් අපව ඇයැදින්නන් වූහ. තවද ඔවුහු අපට බියෙන් නැඹුරුවන්නන් ද වූහ.
91

وَالَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلْنَاهَا وَابْنَهَا آيَةً لِّلْعَالَمِينَ

තවද තම රහසඟ ආරක්ෂා කර ගත් ඇයව 26 ද (සිහිපත් කරවු). තවද ඇය තුළ අපගේ රූහයෙන් අපි පිඹුවෙමු. 27 ඇය හා ඇයගේ දරුවා විශ්ව වාසීන්ට සංඥාවක් බවට පත් කළෙමු.
26මෙහි “ඇය” මර්යම් තුමිය වන අතර “ඇය හා ඇයගේ දරුවා” යනු මරියම් තුමිය හා ඇයගේ පුත් නබි ඊසා තුමාය.
27මින් අදහස් වන්නේ අල්ලාහ් විසින් මවා ඇති ප්රාණය ජිබ්රීල් නම් මලක්වරයා ආධාරයෙන් ඇය වෙතට පිඹුවේය යන්නයි. එහෙත් සියලු ජීවින්ට අල්ලාහ් වෙතින් ප්රාණය පිරිනමන අතර මෙම ආයතයෙහි “අපගේ රූහයෙන්” යැයි විශේෂාංගයෙන් සඳහන් කිරීමට හේතුව මෙම ප්රාණය හිමි නබි ඊසා තුමාණන්ගේ ගෞරවය නිරූපණය කිරීම සඳහාය. යැයි ජලාලයින් නම් අල් කුර්ආන් විවරණ ග්රන්ථයෙහි සඳහන් වී ඇත.
92

إِنَّ هَـٰذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ

සැබැවින්ම මෙ(ම ඉස්ලාම)ය එකම දහමක් ලෙස නුඹලාගේ දහමය. තවද මම නුඹලාගේ පරමාධිපතිය. එබැවින් නුඹලා මා (පමණක්) නමදිවු.
93

وَتَقَطَّعُوا أَمْرَهُم بَيْنَهُمْ ۖ كُلٌّ إِلَيْنَا رَاجِعُونَ

නමුත් (ප්රතික්ෂේපක) ඔවුහු තම (දහම්) කරුණුහි භේදභින්න වූවෝය. සියල්ලෝම අප වෙතම නැවත යොමුවන්නන්ය.
94

فَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِ وَإِنَّا لَهُ كَاتِبُونَ

එබැවින් කවරෙකු තමන් විශ්වාසිකයෙකුව සිටිය දී යහකම් අතුරින් (කිසිවක්) ක්රියාවට නංවන්නේ ද ඔහුගේ උත්සාහයට ප්රතික්ෂේපකත්වයක් නැත. තවද සැබැවින්ම අපි ඒවා ලේඛනගත කරන්නන් වෙමු.
95

وَحَرَامٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَاهَا أَنَّهُمْ لَا يَرْجِعُونَ

අප විනාශ කළා වූ ගම්මානය(න්හි වැසියන්)ට, ඔවුහු (ලොවට) නැවත පැමිණීම තහනම්ය. 28
28මිනිසා මරණයට පත් වීමෙන් අනතුරුව නැවත යහ ක්රියා කිරීමට ලොවට පැමිණිය නොහැක. ඔහුගේ ඊළග අදියරය විනිශ්චය දිනයයි. විනිශ්චය දිනයේ ප්රධානතම පෙර නිමිත්තක් වනුයේ යඃජූජ්, මඃජූජ්ගේ පැමිණීමය.
96

حَتَّىٰ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٍ يَنسِلُونَ

කෙතරම් (දුරට)දයත් අවසානයේ යඃජූජ් හා මඃජූජ් 29 බැහැර කරනු ලබන තුරුය. ඔවුහු සෑම උස් පෙදෙසක සිටම ශීඝ්රයෙන් එති.-
29‘යඃජූජ් හා මඃජූජ්’ පැමිණීම යනු ලොව අවසානයේ පෙර නිමිති අතුරින් ප්රධානතම පෙර නිමිත්තකි. එනම් ඔවුන්ගේ පැමිණීමෙන් පසුව ලෝක අවසානය සිදුවීම යන්නය. තවද වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 18:94 හි ආයතය පාද සටහන් සමග බලන්න.
97

وَاقْتَرَبَ الْوَعْدُ الْحَقُّ فَإِذَا هِيَ شَاخِصَةٌ أَبْصَارُ الَّذِينَ كَفَرُوا يَا وَيْلَنَا قَدْ كُنَّا فِي غَفْلَةٍ مِّنْ هَـٰذَا بَلْ كُنَّا ظَالِمِينَ

(එසේ වන්නේ නම්, ලොව අවසානය පිළිබඳව) සැබෑ ප්රතිඥාව සමීප විය. එවිට ප්රතික්ෂේප කළවුන්ගේ බැල්ම තුෂ්නිම්භූතව පවතී. “අහෝ අපගේ විනාශය! සැබැවින්ම අපි මේ ගැන අනවධානයෙහි පසු වූයෙමු. තවද අපි අපරාධකරුවන් වූයෙමු.” (යැයි ඔවුහු පවසා ගනිති.)
98

إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَارِدُونَ

සැබැවින්ම නුඹලා ද අල්ලාහ් හැර නුඹලා නමදින දෑ(ව්යාජ දෙවිවරු) ද නිරයේ ඉන්ධන වන්නේය. 30 නුඹලා එහි පිවිසෙන්නන්ය.
30තමන්ට නැමදුම් කරන මෙන් පැවසූ අය හා ඔවුන්ව නැමදූ අය යන සියල්ලෝම නිරයට සතු අය වන්නෝය. එලෙසම ඔවුන් නැමදූ පිළිමයන් නිරයේ ඉන්ධන වන්නේය. එහෙත් පාපතරයින් විසින් නමදිනු ලැබූ නබි ඊසා තුමාණන් හා උzසෙයිර් තුමාණන් යන අය නිරයට අයත් නොවන්නෝය. මන්දයත් තමන්ව නමදින මෙන් ඔවුන් ජනයාට පැවසුවේ නැත. තවද මෙම ආයතය පිළිබඳව වැඩි විස්තර අල් කුර්ආන් 4:56 ආයතයට අදාළ පාද සටහන බලන්න.
99

لَوْ كَانَ هَـٰؤُلَاءِ آلِهَةً مَّا وَرَدُوهَا ۖ وَكُلٌّ فِيهَا خَالِدُونَ

ඔවුන් දෙවිවරුන්ව සිටියේ නම් ඔවුහු එහි නොපිවිසෙන්නෝය. සියල්ලෝම එ(ම නිරයෙ)හි සදාතනිකයින්ය.
100

لَهُمْ فِيهَا زَفِيرٌ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ

එහි ඔවුනට (අප්රසන්න) මහා හඬකි. තවද (ඒ හේතුවෙන් වෙනත් කිසිවක්) ඔවුහු එහි සවන් නොදෙන්නෝය.
101

إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا الْحُسْنَىٰ أُولَـٰئِكَ عَنْهَا مُبْعَدُونَ

සැබැවින්ම අපගෙන් වූ යහපත පෙරටු වූවන්, ඔවුන්මය එයින් (නිරයෙන්) දුරස් කරනු ලබන්නන් වනුයේ.
102

لَا يَسْمَعُونَ حَسِيسَهَا ۖ وَهُمْ فِي مَا اشْتَهَتْ أَنفُسُهُمْ خَالِدُونَ

(ස්වර්ගවාසී) ඔවුහු එ(ම නිරයෙ)හි හඬ නොඅසන්නෝය. (ඔවුහු) තම ආත්මාවන් ප්රිය කළ දෑහි සදාතනිකයින් වෙති.
103

لَا يَحْزُنُهُمُ الْفَزَعُ الْأَكْبَرُ وَتَتَلَقَّاهُمُ الْمَلَائِكَةُ هَـٰذَا يَوْمُكُمُ الَّذِي كُنتُمْ تُوعَدُونَ

(නිරයට පමුණුවන) මහත් වූ බිය ඔවුනට දුක ඇති නොකරන්නේය. “මෙය නුඹලාට පොරොන්දු දෙනු ලබමින් සිටි නුඹලාගේ දිනයයි” යනුවෙන් (පවසමින්) මලක්වරුන් ඔවුන්ව පිළිගන්නෝය.
104

يَوْمَ نَطْوِي السَّمَاءَ كَطَيِّ السِّجِلِّ لِلْكُتُبِ ۚ كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُّعِيدُهُ ۚ وَعْدًا عَلَيْنَا ۚ إِنَّا كُنَّا فَاعِلِينَ

වාර්තා සඳහා පත්රිකාවන් ඔතනවාක් සේ අපි අහස ඔතන දින මුල් මැවීම අපි උත්පාදනය කළා සේ මෙන් අපි එය නැවත උත්පාදනය කරන්නෙමු. (එය අප විසින්ම) අප කෙරෙහි වූ පොරොන්දුවක් වශයෙනි. සැබැවින්ම අපි (එසේ) කරන්නන්මය.-
105

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

තවද අපි (ලව්හුල් මහ්ෆූල් හෙවත් සටහන් ඵලකයේ) සඳහන් කිරීමෙන් පසු “සැබැවින්ම මිහිතලය 31 මාගේ දැහැමි ගැත්තන්ට උරුම වනු ඇතැ”යි zසබූර්හි 32 සටහන් කළෙමු.
31මෙහි මිහිතලය යන්නෙන් අදහස් කරන්නේ මෙලොව නොව ස්වර්ග භූමිය පිළිබඳවය. මෙම අරුත සනාථ කිරීමක් වශයෙන් අල් කුර්ආන් 39 : 74 හි “තමන්ගේ ප්රතිඥාව අපට සැබෑ කළ අල්ලාහ්ටම සියලු පැසසුම් හිමිය. ඔහු (ස්වර්ග) භූමිය අපට උරුම කර දුන්නේය.” යැයි සඳහන් වී ඇත. තවද මෙම ආයතය ස්වර්ගවාසීන්ගේ කියමනක් හෙයින් මෙහි භූමිය යනු ස්වර්ග භූමිය යැයි තවදුරටත් සනාථ වේ.
32‘zසබූර්’ යනු නබි දාවූද් තුමාණන්ට අල්ලාහ් විසින් පහළ කළා වූ ධර්ම පුස්තකය පමණක් ලෙස ද නබිවරුන්ට අල්ලාහ් විසින් පහළ කළා වූ සියලු ධර්ම පුස්තක ලෙස ද විවිධ අදහස් සඳහන් වී ඇත.
106

إِنَّ فِي هَـٰذَا لَبَلَاغًا لِّقَوْمٍ عَابِدِينَ

නැමදුම් කරන පිරිසට (ස්වර්ගයට පිවිසීමට) ප්රමාණවත් උපදෙසක් සැබැවින්ම මෙ(ම අල් කුර්ආනයෙ)හි ඇත.
107

وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ

තවද (නබිවරය,) සමස්ත විශ්වයන්ට දයාලුවක් වශයෙන් මිස අපි නුඹව (නබිවරයෙකු වශයෙන්) නොඑව්වෙමු.
108

قُلْ إِنَّمَا يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَـٰهُكُمْ إِلَـٰهٌ وَاحِدٌ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ

“සැබැවින්ම මා වෙත වහී පහළ කරනු ලබනුයේ නුඹලාගේ (සැබෑ) දෙවියන් එකම දෙවියෙකු (වන අල්ලාහ්) යන්නය. එබැවින් නුඹලා (ඔහුට) අවනතවන්නන් වන්නේ දැ?”යි පවසවු.
109

فَإِن تَوَلَّوْا فَقُلْ آذَنتُكُمْ عَلَىٰ سَوَاءٍ ۖ وَإِنْ أَدْرِي أَقَرِيبٌ أَم بَعِيدٌ مَّا تُوعَدُونَ

ඔවුන් පිටුපෑවාහු නම් එවිට “මා නුඹලාට එක හා සමානව දැනුම් දුන්නෙමි. නුඹලාට පොරොන්දු දෙනු ලබන දෑ(ලොව අවසානය) සමීපයෙන් ද? නැතහොත් දුරින් දැ?යි මම නොදනිමි” යැයි නුඹ පවසවු.
110

إِنَّهُ يَعْلَمُ الْجَهْرَ مِنَ الْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ

“සැබැවින්ම (නුඹලා) වදනින් හෙළි කරන දෑ ඔහු දන්නේය. තවද ඔහු නුඹලා වසන් කරන දෑ ද දන්නේය.”-
111

وَإِنْ أَدْرِي لَعَلَّهُ فِتْنَةٌ لَّكُمْ وَمَتَاعٌ إِلَىٰ حِينٍ

“තවද මෙය නුඹලාට ව්යසනයක් හා මද කලකට භුක්ති විඳීමක් දැ?යි මම නොදනිමි” 33 (යැයි පවසවු).
33මෙම ආයතයේ අරුත නම් පාපතරයින්ට පැමිණිය යුතු දඬුවම ප්රමාද වීමට හේතුව කුමක්දැ’ යි එතුමාණන් නොදන්නා අතර ඇතැම් විට නුඹලාගේ පාපය තවත් වැඩි වී නුඹලාට යුතු දඬුවම වැඩි වීමට කාරණාවක් විය හැකිය යැයි එතුමාණන් පැවසූහ.
112

قَالَ رَبِّ احْكُم بِالْحَقِّ ۗ وَرَبُّنَا الرَّحْمَـٰنُ الْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ

“මාගේ පරමාධිපතියාණනි, සාධාරණීයව විනිශ්චය කරනු මැනව!” අපගේ පරමාධිපති කරුණාභරිතයාණන්ය. නුඹලා (ව්යාජ) වර්ණනා කරන දෑට විරුද්ධව උදව් පතනු ලබන්නාය. යැයි ඔහු පැවසුවේය.