الْحَمْدُ لِلَّهِ الَّذِي أَنزَلَ عَلَىٰ عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَل لَّهُ عِوَجًا ۜ
සියලු පැසසුම් තම ගැත්තා කෙරෙහි ධර්ම පුස්තකය(අල් කුර්ආනය) පහළ කළ අල්ලාහ් සතුය. ඔහු එහි (මත භේදයන්ගෙන් හෝ අඩුපාඩු වලින්) කිසිදු ඇදයක් නොතැබුවේය.
قَيِّمًا لِّيُنذِرَ بَأْسًا شَدِيدًا مِّن لَّدُنْهُ وَيُبَشِّرَ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًا
ඔහු වෙතින් වූ දැඩි දඬුවමක් පිළිබඳව අවවාද කරනු පිණිස ද යහකම් ක්රියාවට නංවන විශ්වාසිකයින්ට ‘ඔවුනට යහ වේතනයක්(ස්වර්ගයක්) ඇතැ’යි ශුභාරංචි පවසනු පිණිස ද ඍජූ වූවක් ලෙස (අල් කුර්ආනය පත් කළේය)ය.
مَّاكِثِينَ فِيهِ أَبَدًا
(ඔවුන්) එ(ම ස්වර්ගයෙ)හි සදාකල් රැදෙන්නන් ලෙස (සිටින්නෝ)ය.
وَيُنذِرَ الَّذِينَ قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا
තවද “අල්ලාහ් පුතෙකු ගත්තේ යැ”යි පැවසූවන්ට අවවාද කිරීම පිණිස (ද එය ඔහු පහළ කළේ)ය.
مَّا لَهُم بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ ۚ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ ۚ إِن يَقُولُونَ إِلَّا كَذِبًا
ඔවුනට හා ඔවුන්ගේ මුතුන්මිත්තන්ට ඒ පිළිබඳව කිසිදු දැනුමක් නැත. ඔවුන්ගේ මුවින් පිට වන වදන බරපතළ විය. ඔවුහු අසත්යය මිස නොපවසන්නෝය.
فَلَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ عَلَىٰ آثَارِهِمْ إِن لَّمْ يُؤْمِنُوا بِهَـٰذَا الْحَدِيثِ أَسَفًا
(නබිවරය,) මෙම පණිවිඩය(අල් කුර්ආනය) ඔවුහු විශ්වාස නොකළේ නම් (ඔවුන් පිළිබඳව නුඹ) දුකෙන් ඔවුන්ගේ පියසටහන් මත නුඹ නුඹවම විනාශ කර ගන්නට යන්නේය.
إِنَّا جَعَلْنَا مَا عَلَى الْأَرْضِ زِينَةً لَّهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا
ඔවුන් අතුරින් ක්රියාවෙන් වඩාත් යහපත් වන්නේ කවුරුන්දැ’යි අපි පිරික්සනු පිණිස සැබැවින්ම මිහිතලය මත ඇති දෑ අපි එ(ම මිහිතල)යට අලංකාරයක් බවට පත් කළෙමු.
وَإِنَّا لَجَاعِلُونَ مَا عَلَيْهَا صَعِيدًا جُرُزًا
තවද සැබැවින්ම අපි ඒ මත ඇති දැය (වියළි ගිය) නිසරු භූමියක් ලෙස පත් කරන්නන් වන්නෙමු.
أَمْ حَسِبْتَ أَنَّ أَصْحَابَ الْكَهْفِ وَالرَّقِيمِ كَانُوا مِنْ آيَاتِنَا عَجَبًا
ලෙණෙහි හා ශිලා ලේඛනයෙහි වැසියන් අපගේ සංඥාවන් අතුරින් පුදුමාකාර( අය)ව සිටියේ යැයි නුඹ සිතන්නෙහි ද?
1ලෙණට ඇතුළු වූ පිරිස පිළිබඳ සාරාංශය මෙයයි. එකල සිටි රජු මෙම තරුණයින් පිරිස අල්ලාහ්ට ආදේශ තැබිය යුතු යැයි බල කළේය. එබැවින් මෙම තරුණයින් මොහුගෙන් ආරක්ෂා වීමට නගර සීමාවෙහි වූ ලෙණකට තම සුනඛයා සමග ඇතුළු වූවෝය. එහිදි ඔවුනට නින්දක් ඇති විය. මොවුන්ගේ නින්ද අවුරුදු ගණනාවක් දක්වා දීර්ඝ වූ අතර ඔවුන්ගේ ජීවිතයට කිසිදු හානියක් නොවීය. මෙලෙස මෙම කාලවකවානුව පරම්පරාවන් ගණනාවක් දක්වා ගත වී තිබුණි. පසු කලෙක දැහැමි පුද්ගලයෙකු රටේ පාලකයා ලෙස පත් විය. මෙම සමයෙහි නින්දෙන් අවදි වූ ඔවුන් මහා කුසගින්නක් ඇති වී ඔවුන්ගෙන් අයෙකු ආහාර මිල දී ගැනීමට තමන් අතර ඇති කාසි ගෙන කඩ වීදියට ගියේය. මෙම පුරාණ කාසි දැක ඔවුන්ගේ වෘත්තාන්තය වටහා ගත් නගරවාසීන් මොවුන් සැඟවුණු තරුණයින් යැයි හඳුනා ගත් හෙයින් මොවුනට ගෞරව කළෝය. මන්දයත් මෙවන් දැහැමි තරුණයින් පිරිසකගේ වෘත්තාන්තය පිළිබඳව පරම්පරා ගණනාවක් තිස්සේ ජනප්රවාදයේ පැතිරී තිබුණු හෙයිනි. මොවුන් මරණයට පත් වීමෙන් පසු එම ස්ථානය අසළ ජනයා මස්ජිදයක් තැනුවෝය. ක්රිස්තියානින්ගේ වාර්තාවන්හි මොවුන් පිළිබඳව ‘නිදා සිටින්නන් හත්දෙනා’ යැයි සඳහන් වී ඇත.
2“ශිලා ලේඛනයෙහි” යන වචනයෙහි අරාබි පදානුගත අරුත “රකීම්” වේ. එනම් මොවුන් සත් දෙනාගේ නාමයන් ලියා ලෙණෙහි දොරටුවේ එල්ලා තිබුණි.
إِذْ أَوَى الْفِتْيَةُ إِلَى الْكَهْفِ فَقَالُوا رَبَّنَا آتِنَا مِن لَّدُنكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا
තරුණයින් ලෙණ වෙත (සරණ සොයා) ලැගුම් ගත් කල්හි “අපගේ පරමාධිපතියාණනි, නුඹ වෙතින් වූ දයාව අපට පිරිනමනු මැනව! තවද අපගේ විෂයයෙහි අපට නිසි මගක් සකස් කර දෙනු මැනව!” යැයි ඔවුහු පැවසුවෝය.
فَضَرَبْنَا عَلَىٰ آذَانِهِمْ فِي الْكَهْفِ سِنِينَ عَدَدًا
වසර ගණනාවක් ලෙණෙහි දී අපි ඔවුන්ගේ කන් මත ආවරණය (කර නින්දක් ඇති) කළෙමු.
ثُمَّ بَعَثْنَاهُمْ لِنَعْلَمَ أَيُّ الْحِزْبَيْنِ أَحْصَىٰ لِمَا لَبِثُوا أَمَدًا
පසුව ඔවුන් ලෙණෙහි) රැඳී සිටි කාලය (පිළිබඳව මත භේදයෙහි සිටි) දෙපිරිසෙන් කවුරුන් මැනවින් ගණනය කරන්නේ දැ’යි අපි දැන ගනු පිණිස අපි ඔවුන්ව (නින්දෙන්) අවදි කළෙමු.
3පිරිසක් මොවුන් එක් දිනක් නිදා ගත් බව පැවසූ අතර අනෙක් පිරිස මොවුන් නිදා ගත් දින ගණන පිළිබඳව දැනුම ඇත්තේ අල්ලාහ්ට යැයි පැවසුවෝය.
نَّحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُم بِالْحَقِّ ۚ إِنَّهُمْ فِتْيَةٌ آمَنُوا بِرَبِّهِمْ وَزِدْنَاهُمْ هُدًى
(නබිවරය,) සත්යයෙන් යුතුව ඔවුන්ගේ පුවත නුඹ කෙරෙහි අපි පවසන්නෙමු. සැබැවින්ම ඔවුන් තම පරමාධිපතිව විශ්වාස කළ තරුණයින්ය. තවද අපි ඔවුන්ගේ යහ මග වර්ධනය කළෙමු.-
وَرَبَطْنَا عَلَىٰ قُلُوبِهِمْ إِذْ قَامُوا فَقَالُوا رَبُّنَا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ لَن نَّدْعُوَ مِن دُونِهِ إِلَـٰهًا ۖ لَّقَدْ قُلْنَا إِذًا شَطَطًا
තවද ඔවුහු (ඔවුන්ගේ කෲර රජු ඉදිරියේ) නැගිට සිට “අපගේ පරමාධිපති අහස්හි හා මිහිතලයේ පරමාධිපතිය. ඔහු හැර වෙනත් දෙවියෙකු (කිසි විටෙක) අප නොකැඳවන්නේමය. (එසේ කැඳවූයේ නම්) එවිට අපි (සත්යයෙන්) සීමාව ඉක්මවා ගිය දෑ පැවසුවෙමු” යැයි ඔවුන් පැවසූ කල්හි අපි ඔවුන්ගේ හදවත් (සත්යය පැවසීමෙහි) ශක්තිමත් කළෙමු.
هَـٰؤُلَاءِ قَوْمُنَا اتَّخَذُوا مِن دُونِهِ آلِهَةً ۖ لَّوْلَا يَأْتُونَ عَلَيْهِم بِسُلْطَانٍ بَيِّنٍ ۖ فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا
(තවද එම තරුණයින්) “අපගේ ජනයා වන මොවුන් ඔහු(අල්ලාහ්) හැර වෙනත් දෙවිවරුන් (නැමදීමට) ගත්තෝය. ඔවුන්(ව නැමදීම) සඳහා පැහැදිලි සාධකයක් ඔවුන් ගෙන ආ යුතු නොවේ ද? අල්ලාහ් කෙරෙහි අසත්යය ගොතන්නාට වඩා දැඩි අපරාධකරුවා කවරෙක් ද?
وَإِذِ اعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُوا إِلَى الْكَهْفِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحْمَتِهِ وَيُهَيِّئْ لَكُم مِّنْ أَمْرِكُم مِّرْفَقًا
“(ප්රතික්ෂේපක) ඔවුන්ගෙන් හා අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි දැයින් නුඹලා වෙන් වූ කල්හි නුඹලා ලෙණ වෙත පිවිසෙවු” (යැයි ද එකිනෙකාට පවසා ගත්තෝය). නුඹලාගේ පරමාධිපති තම දයාවෙන් නුඹලා වෙත විසුරුවාලයි. තවද නුඹලාගේ විෂය නුඹලාට මෘදු ලෙස පත් කරවයි.
وَتَرَى الشَّمْسَ إِذَا طَلَعَت تَّزَاوَرُ عَن كَهْفِهِمْ ذَاتَ الْيَمِينِ وَإِذَا غَرَبَت تَّقْرِضُهُمْ ذَاتَ الشِّمَالِ وَهُمْ فِي فَجْوَةٍ مِّنْهُ ۚ ذَٰلِكَ مِنْ آيَاتِ اللَّهِ ۗ مَن يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِ ۖ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُ وَلِيًّا مُّرْشِدًا
හිරු උදාවන විට එය ඔවුන්ගේ ලෙණින් දකුණු දෙසට යොමුවීම ද එය අවරට යන විට ඔවුන්ව වම්පසින් පසුකර යෑම ද නුඹ (එම මොහොතෙහි සිටියේ නම්) දකින්නෙහිය. තවද ඔවුහු එයින් (මධ්යස්ථයේ වූ) විශාල හිඩැසක (හාන්සි වී) සිටියෝය. එය අල්ලාහ්ගේ සංඥාවන් අතුරිනි. අල්ලාහ් කවරෙකුට යහමග පෙන් වූයේද ඔහු යහමග ලැබූවෙකි. තවද ඔහු කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේද එවිට ඔහුට මග පෙන්වන උදවුකරුවෙකු නුඹ නොලබන්නේමය.
4මොවුන් ලෙණෙහි නිදා සිටියේ හිරු උදා වන විට හෝ බැස යන විට හිරු රැස් නොවදින ආකාරයෙනි. මෙලෙස අල්ලාහ් පත් කළේ මොවුන්ගේ ශරීරයන් ආරක්ෂා කිරීම සඳහාය.
وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌ ۚ وَنُقَلِّبُهُمْ ذَاتَ الْيَمِينِ وَذَاتَ الشِّمَالِ ۖ وَكَلْبُهُم بَاسِطٌ ذِرَاعَيْهِ بِالْوَصِيدِ ۚ لَوِ اطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا
තවද ඔවුන් නිදමින් සිටිය දී ඔවුන් අවදිව සිටින්නේ යැයි නුඹ සිතන්නේය. අපි ඔවුන්ව දකුණු පසට හා වම් පසට පෙරළුවෙමු. තවද ඔවුන්ගේ සුනඛයා උගේ දෙපා දිගු හරිමින් (ලෙණෙහි) මිදුලෙහි (වැතිරී) සිටියි. ඔවුන් දෙස නුඹ එබී බැලුවේ නම් (එම දර්ශනය දැක) නුඹ ඔවුන්ගෙන් හැරී පලා යනු ඇත. නුඹ ඔවුන් පිළිබඳව බියෙන් පිරෙනු ඇත.
وَكَذَٰلِكَ بَعَثْنَاهُمْ لِيَتَسَاءَلُوا بَيْنَهُمْ ۚ قَالَ قَائِلٌ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ ۖ قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ ۚ قَالُوا رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَابْعَثُوا أَحَدَكُم بِوَرِقِكُمْ هَـٰذِهِ إِلَى الْمَدِينَةِ فَلْيَنظُرْ أَيُّهَا أَزْكَىٰ طَعَامًا فَلْيَأْتِكُم بِرِزْقٍ مِّنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا
ඔවුනොවුන් අතර විමසා ගනු පිණිස අපි ඔවුන්ව අවදි කළේ මෙලෙසය. ‘නුඹලා කොපමණ කලක් (මෙහි) රැඳී සිටියෙහු දැ’යි ඔවුන්ගෙන් කෙනෙකු විමසා සිටියේය. “අපි දිනක් හෝ දිනකින් (යම්) කොටසක් රැඳී සිටියෙමු’ යැයි ඔවුහු පැවසුවෝය. නුඹලා රැඳී සිටි කාලය පිළිබඳව මැනවින් දන්නේ නුඹලාගේ පරමාධිපති යැ”යි ඔවුහු පැවසුවෝය. “එබැවින් නුඹලාගේ මෙම රිදී (කාසිය) සමග නුඹලාගෙන් කෙනෙකුව නගරයට යවවු. එයින් කුමක් ආහාරයෙන් ඉතා පිරිසිදු දැ’යි ඔහු නිරීක්ෂණය කළ යුතුය. පසුව එයින් නුඹලාට ආහාරය ගෙන ආ යුතුය. තවද ඔහු (නගර වැසියන් සමග) මෘදුව හැසිරිය යුතුය. නුඹලා පිළිබඳව කිසිවෙකුට ඔහු නොහැඟවිය යුතුය.”
إِنَّهُمْ إِن يَظْهَرُوا عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِي مِلَّتِهِمْ وَلَن تُفْلِحُوا إِذًا أَبَدًا
සැබැවින්ම ඔවුන්(නගර වැසියන්), නුඹලා පිළිබඳව හෙළිදරව් කර ගත්තේ නම් නුඹලාට ඔවුන් ගල් ගස(මින් මරා දම)නු ඇත. නැතහොත් ඔවුන්ගේ පිළිවෙතට නුඹලාව නැවත යොමු කරනු ඇත. එවිට කිසිවිටෙක නුඹලා ජයග්රහණය නොලබන්නෙහුමය.
وَكَذَٰلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوا أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَأَنَّ السَّاعَةَ لَا رَيْبَ فِيهَا إِذْ يَتَنَازَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْ ۖ فَقَالُوا ابْنُوا عَلَيْهِم بُنْيَانًا ۖ رَّبُّهُمْ أَعْلَمُ بِهِمْ ۚ قَالَ الَّذِينَ غَلَبُوا عَلَىٰ أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِم مَّسْجِدًا
සැබැවින්ම අල්ලාහ්ගේ පොරොන්දුව සැබෑවක් බව ද (ලොව අවසන්) හෝරාව, එහි කිසිදු සැකයක් නොමැති බව ද ඔවුන්(නගර වැසියන්) දැන ගනු පිණිස ඔවුන්(ලෙණෙහි වැසියන්) පිළිබඳව අපි (නගර වැසියන්ට) හෙළි කළේ මෙලෙසය. ඔවුන්ගේ(ලෙණෙහි වැසියන්ගේ) කරුණ පිළිබඳව ඔවුන් අතර මතභේද ඇති කර ගත් කල්හි ඔවුහු(නගරයෙහි සිටි ප්රතික්ෂේපකයින්) “ඔවුන් කෙරෙහි (ආවරණය වන පරිදි) ගොඩනැගිල්ලක් තනවු. තවද ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳව මැනවින් දන්නා යැ”යි පැවසුවෝය. තවද ඔවුන්ගේ කරුණ පිළිබඳව අබිබවා ගිය( විශ්වාස කළ)වුන් “සැබැවින්ම අපි ඔවුන් අසල මස්ජිදයක් (ඉදි කර) ගනිමු” යැයි පැවසුවෝය.
5මෙයින් අදහස් වන්නේ මෙම තරුණයින්ව නින්දට යොමු කර දීර්ඝ කලකට පසු කිසිදු වෙනස්වීමකින් තොරව නින්දෙන් නැවත අවදි කරවූ අල්ලාහ්ට ජනයාව මරණින් මතු නැවත නැගිටු වීමට අපහසු කාර්යයක් නොවන බවයි. මොවුන් අවදි වූ සමයෙහි නගරය පාලනය කරමින් සිටි රජු මරණින් මතු විනිශ්චය දිනය විශ්වාස කරන ඒක දේවවාදියෙකු විය. එහෙත් නගර වැසියන් එම මරණින් මතු විනිශ්චය දිනය විශ්වාස නොකරන්නන් වූහ. රජු මෙම ජනයාගේ අවිශ්වාසය කෙරෙහි පසුතැවිල්ලට පත් වී අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරමින් සිටීය. ලෙණෙහි තරුණයින්ගේ හෙළිවීම සිදුවූයේ ද මෙම සමයෙහිය. පසුව නගර වැසියන් සත්යය හෙළි වී සියල්ලන්ම විශ්වාසිකයින් බවට පත් වූහ.
سَيَقُولُونَ ثَلَاثَةٌ رَّابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًا بِالْغَيْبِ ۖ وَيَقُولُونَ سَبْعَةٌ وَثَامِنُهُمْ كَلْبُهُمْ ۚ قُل رَّبِّي أَعْلَمُ بِعِدَّتِهِم مَّا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌ ۗ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَاءً ظَاهِرًا وَلَا تَسْتَفْتِ فِيهِم مِّنْهُمْ أَحَدًا
(ලෙණෙහි වැසියන්ගේ ගණනය පිළිබඳව මතභේද ඇති කර ගත් අවස්ථාවෙහි) “(ඔවුන්) තිදෙනෙකි. ඔවුන්ගෙන් සිව්වැන්නා ඔවුන්ගේ සුනඛයා යැ”යි ඔවුන්(ගෙන් සමහරුන්) පවසන්නෝය. තවද “(ඔවුන්) පස් දෙනෙකි. ඔවුන්ගෙන් සයවැන්නා ඔවුන්ගේ සුනඛයා යැ”යි ගුප්ත දෑ උපකල්පනය කරමින් ඔවුන්(ගෙන් තවත් සමහරු) පවසන්නෝය. තවද (ඔවුන්) හත් දෙනෙකි. ඔවුන්ගෙන් අට වැන්නා ඔවුන්ගේ සුනඛයායැ”යි (තවත් සමහරු) පවසන්නෝය. (නබිවරය,) පවසවු. “ඔවුන්ගේ සංඛ්යාව ගැන මැනවින් දන්නා මාගේ පරමාධිපතිය. ස්වල්ප දෙනෙකු හැර ඔවුන් ගැන නොදන්නෝය. එබැවින් ඔවුන්ගේ විෂයෙහි (අල් කුර්ආනයෙහි) හෙළි කළ තර්කයකින් මිස තර්ක නොකරවු. තවද ඔවුන්ගේ විෂයෙහි ඔවුන් කිසිවෙකුගෙන් අදහස් නොවිමසවු.”
6මෙම ලෙණෙහි කොපමණ දෙනෙක් රැඳුණා ද? යන්නෙහි විවිධ මත භේදයන් ඔවුන් අතර තිබුණි. නමුත් මෙම ප්රශ්නය විසඳීම වෙනුවට අල් කුර්ආනය විසින් ප්රධාන මූලධර්මයක් මෙහිදී නියම කොට ඇත. එනම් ප්රායෝගික ප්රයෝජනයක් ලබා නොදෙන්නාවූ විෂයන්හි මතභේද ඇති කර තමන්ගේ කාලය හා ශක්තිය මේ ආකාරයෙන් අපතේ නොයැවිය යුතු යන්නය.
وَلَا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَٰلِكَ غَدًا
තවද “සැබැවින්ම මම හෙට දින එය කරන්නෙක් වෙමි” යැයි කිසියම් දෙයක් සඳහා සැබැවින්ම නුඹ නොපවසවු.
إِلَّا أَن يَشَاءَ اللَّهُ ۚ وَاذْكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَىٰ أَن يَهْدِيَنِ رَبِّي لِأَقْرَبَ مِنْ هَـٰذَا رَشَدًا
(නමුත්) අල්ලාහ් අභිමත කළා නම් මිස (එනම් ‘ඉන්ෂා අල්ලාහ්’ යැයි පවසවු.) තවද නුඹට අමතක වූයේ නම් නුඹගේ පරමාධිපතිව මෙනෙහි කරවු. (නබිවරය,) “මාගේ පරමාධිපති මෙයට වඩා සමීපයෙන් මා හට නිසි මග පෙන්වන්නට හැක්කේ යැ”යි ද පවසවු.
7මක්කා වැසියන් නබි මුහම්මද් තුමාණන්ගෙන් ලෙණෙහි විසූ තරුණයින් පිළිබඳව විමසූ විට ‘ඉන්ෂා අල්ලාහ්’(අල්ලාහ් අභිමත කළේ නම්) යන්නෙන් නොපවසා ‘එය මම හෙට දන්වන්නෙමි’ යැයි පැවසීම සම්බන්ධයෙන් මෙම ආයතය පහළ විය. මතුවට වීමට ඇති යමක් පවසන විට ‘ඉන්ෂා අල්ලාහ්’ යන්නෙන් අල්ලාහ් මෙනෙහි කර පැවසීම වඩා උචිත ක්රියාවකි. මන්දයත් එම ක්රියාව සිදුවේ ද? නොවේ ද? යන්නහි දැනුම ඇත්තේ අල්ලාහ්ට පමණි.
وَلَبِثُوا فِي كَهْفِهِمْ ثَلَاثَ مِائَةٍ سِنِينَ وَازْدَادُوا تِسْعًا
ඔවුන් ඔවුන්ගේ ලෙණෙහි වසර තුන් සියයක් රැඳී සිටියෝය. තවත් (වසර) නවයක් අධික කර ගත්තෝය.
8සූර්ය වර්ෂය අනුව ලෙණ් වැසියන් ලෙණෙහි රැඳී සිටියේ වර්ෂ 300 ක කාලයකි. නමුත් චන්ද්ර වර්ෂය අනුව ඔවුන් රැඳී සිටි කාලය අවුරුදු 309 කි. චන්ද්ර වර්ෂයක් සූර්ය වර්ෂයට වඩා දින 11 කින් අඩුය. දින 11 වර්ෂ 300 කින් ගුණ කර එය 365 න් බෙදූ විට ලැබෙන පිළිතුර වර්ෂ 9 කි.
قُلِ اللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا ۖ لَهُ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ أَبْصِرْ بِهِ وَأَسْمِعْ ۚ مَا لَهُم مِّن دُونِهِ مِن وَلِيٍّ وَلَا يُشْرِكُ فِي حُكْمِهِ أَحَدًا
(නබිවරය,) නුඹ පවසවු. “ඔවුන් රැඳී සිටි කාලය පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නාය. අහස්හි හා මිහිතලයෙහි ගුප්ත දෑ ඔහු සතුය. ඔහු (මේ සියල්ල) කෙතරම් නිරීක්ෂණය කරන්නා ද! තවද ඔහු (මේ සියල්ල) කෙතරම් සවන් දෙන්නා ද! ඔහු හැර ඔවුනට(ජනයාට) කිසිදු උදව්කරුවෙකු නොමැත. තවද ඔහුගේ තීරණයෙහි කිසිවෙකු ඔහු හවුල් කර නොගනියි.”
وَاتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِن كِتَابِ رَبِّكَ ۖ لَا مُبَدِّلَ لِكَلِمَاتِهِ وَلَن تَجِدَ مِن دُونِهِ مُلْتَحَدًا
(නබිවරය,) නුඹගේ පරමාධිපතිගේ ධර්ම පුස්තකයෙන් නුඹ වෙත වහී (දේව පණිවිඩ) පහළ කරනු ලැබූ දෑ පාරායනා කර( පෙන්ව)වු. ඔහුගේ වදන් වෙනස් කරන්නෙකු නැත. ඔහු හැර වෙනත් පිහිට පතන ස්ථානයක් නුඹ නොලබන්නේමය.
وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُم بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ ۖ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَن ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا
තවද තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් උදේ සහ සවස ඔහුව කැඳවන්නන් සමග නුඹගේ ආත්මය ඉවසිලිවන්තව තබා ගනිවු. තවද නුඹ මෙලොව ජීවිතයේ අලංකාරය අපේක්ෂාවෙන් නුඹගේ දෑස් ඔවුන්ගෙන් නොහරවවු. තවද අපව මෙනෙහි කිරීමෙන් කවරෙකුගේ හදවත අපි අනවධානය කළෙමු ද තවද ඔහු තම මනෝ ඉච්ඡාව අනුගමනය කර ඔහුගේ කරුණ සීමාව ඉක්මවා යන්නක් වූයේද ඔහුට අවනත නොවවු.
9මක්කාවේ විසූ ප්රභූ ප්රතික්ෂේකයින් නබි මුහම්මද් තුමාණන් දේශනා කරන ස්ථානයේ සිටින දිළිඳු සහාබිවරුන්ව බැහැර කරන මෙන් ඉල්ලා සිටියෝය. මන්දයත් මෙවන් උදවිය සිටින හෙයින් මොවුන් නබි මුහම්මද් තුමාණන්ගේ සභාවට පැමිණිමට අප්රියත්වයක් දැක්වූවෝය. මොවුන් ඉල්ලා සිටි පරිදි කිරීමට කිසිදු අනුමැතියක් නොමැති බව මෙම ආයතයෙන් පෙන්වා දෙයි.
وَقُلِ الْحَقُّ مِن رَّبِّكُمْ ۖ فَمَن شَاءَ فَلْيُؤْمِن وَمَن شَاءَ فَلْيَكْفُرْ ۚ إِنَّا أَعْتَدْنَا لِلظَّالِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا ۚ وَإِن يَسْتَغِيثُوا يُغَاثُوا بِمَاءٍ كَالْمُهْلِ يَشْوِي الْوُجُوهَ ۚ بِئْسَ الشَّرَابُ وَسَاءَتْ مُرْتَفَقًا
තවද (නබිවරය,) නුඹ පවසවු. “සත්යය නුඹලාගේ පරමාධිපතිගෙන්ය. එබැවින් කවරෙකු අභිමත කළේද ඔහු විශ්වාස කරත්වා! තවද කවරෙකු අභිමත කළේද ඔහු ප්රතික්ෂේප කරත්වා! සැබැවින්ම අපි අපරාධකරුවන්ට (නිරා) ගින්න සූදානම් කළෙමු. එ(ම නිරයෙ)හි බැමි ඔවුන්ව වටලා ගනු ඇත. තවද ඔවුන් (ජලය ඉල්ලමින්) උදව් පැතුවේ නම් මුහුණු පුලුස්සන්නා වූ දිය කරනු ලැබූ තඹ මෙන් දියරයකින් (පොවා) උදව් කරනු ලැබේ. (එම) පානය කෙතරම් නින්දනීය ද! තවද (ඔවුන්) ලැඟුම් ගන්නා ස්ථානය නරකක් විය.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًا
සැබැවින්ම කවුරුන් විශ්වාස කර යහකම් කළේ ද සැබැවින්ම අප ක්රියාවෙන් යහකම් කළ අයගේ වේතනය නිෂ්ඵල නොකරන්නෙමු.
أُولَـٰئِكَ لَهُمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهِمُ الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَيَلْبَسُونَ ثِيَابًا خُضْرًا مِّن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ ۚ نِعْمَ الثَّوَابُ وَحَسُنَتْ مُرْتَفَقًا
ඔවුන්ටමය අද්න් නම් (ස්වර්ග) උයන් හිමි වන්නේ. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. රනින් වූ වළලු ඔවුනට එහි පලඳවනු ලැබේ. තවද ඔවුන් සේද හා ඝණ සේද වලින් වූ කොළ පැහැති වස්ත්ර ඇඳ එහි උස් කවිච්චියන්හි හාන්සිවන්නන්ව සිටිති. (එම) තිළිණය ඉතා උතුම් විය. තවද (ඔවුන්) ලැඟුම් ගන්නා ස්ථානය ද යහපත් විය.
وَاضْرِبْ لَهُم مَّثَلًا رَّجُلَيْنِ جَعَلْنَا لِأَحَدِهِمَا جَنَّتَيْنِ مِنْ أَعْنَابٍ وَحَفَفْنَاهُمَا بِنَخْلٍ وَجَعَلْنَا بَيْنَهُمَا زَرْعًا
මිනිසුන් දෙදෙනෙකු පිළිබඳව උපමාවක් ඔවුනට ඉදිරිපත් කරවු. ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුට මිදි වලින් යුත් උයන් දෙකක් අපි ඇති කළෙමු. තවද ඉඳි ගස් වලින් ඒ දෙක අපි වට කළෙමු. තවද ඒ දෙක අතර අපි බෝග ඇති කළෙමු.
كِلْتَا الْجَنَّتَيْنِ آتَتْ أُكُلَهَا وَلَمْ تَظْلِم مِّنْهُ شَيْئًا ۚ وَفَجَّرْنَا خِلَالَهُمَا نَهَرًا
මෙම උයන් දෙක, ඒවායෙහි ඵලදාව ඇති කළේය. තවද ඉන් කිසිවකින් අඩු නොකළේය. ඒ දෙක අතර අපි ගංගාවක් ගලා යෑමට සැලැස්වූයෙමු.
وَكَانَ لَهُ ثَمَرٌ فَقَالَ لِصَاحِبِهِ وَهُوَ يُحَاوِرُهُ أَنَا أَكْثَرُ مِنكَ مَالًا وَأَعَزُّ نَفَرًا
තවද ඔහුට (වතු දෙකත් සමග වෙනත්) පලතුරු ද විය. එබැවින් ඔහු තම සගයාට ඔහු සමග කතා කරමින් සිටිය දී “නුඹට වඩා මා ධනයෙන් අධිකය. තවද මිනිස් බලයෙන් ද බලවත් යැ”යි ඔහු පැවසුවේය.
وَدَخَلَ جَنَّتَهُ وَهُوَ ظَالِمٌ لِّنَفْسِهِ قَالَ مَا أَظُنُّ أَن تَبِيدَ هَـٰذِهِ أَبَدًا
තවද ඔහු (උඩඟුකමින් හා අල්ලාහ්ට ගුණමකු වූවෙකුව) තමන්ටම අපරාධ කර ගත් තත්ත්වයේ තම උයනට පිවිසීය. “මෙය කිසිවිටෙක විනාශ වනු ඇතැ’යි මම නොසිතමි” යැයි ඔහු පැවසුවේය.
وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِن رُّدِدتُّ إِلَىٰ رَبِّي لَأَجِدَنَّ خَيْرًا مِّنْهَا مُنقَلَبًا
තවද (ලොව අවසන්) හෝරාව ඇති වන බව ද මම නොසිතමි. (එසේ) මාගේ පරමාධිපති වෙත මා නැවත ගෙන යනු ලැබුවේ නම් නැවත යොමුවන ස්ථානයෙන් මීට වඩා යහපත් දැයක් සැබැවින්ම මම ලබන්නෙමි.
قَالَ لَهُ صَاحِبُهُ وَهُوَ يُحَاوِرُهُ أَكَفَرْتَ بِالَّذِي خَلَقَكَ مِن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ سَوَّاكَ رَجُلًا
(එවිට දෙදෙනාගෙන් අනෙකා වන) ඔහු තම සගයාට ඔහු සමග කතා කරමින් සිටිය දී “නුඹව පසින් ද පසුව ශුක්ර ධාතුවකින් ද මවා පසුව නුඹව මිනිසෙකු ලෙස (නිසි අයුරින්) හැඩ ගැස්වූ ඔහුව නුඹ ප්රතික්ෂේප කළෙහි දැ?”යි ඔහුට පැවසුවේය.
لَّـٰكِنَّا هُوَ اللَّهُ رَبِّي وَلَا أُشْرِكُ بِرَبِّي أَحَدًا
“නමුත් මට නම් අල්ලාහ් වන ඔහුය මාගේ පරමාධිපති. තවද මම මාගේ පරමාධිපතිට කිසිවෙකුව ආදේශ නොතබමි.
وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ ۚ إِن تَرَنِ أَنَا أَقَلَّ مِنكَ مَالًا وَوَلَدًا
තවද නුඹගේ උයනට නුඹ ඇතුළු වූ කල්හි ‘මාෂා අල්ලාහ් ලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහ්’ (සියල්ල අල්ලාහ් අභිමත කළ පරිදිය. අල්ලාහ්ගෙන් තොර කිසිදු බලයක් නැත) යැයි පැවසිය යුතු නොවේ ද? මම දරුවන්ගෙන් ද ධනයෙන් ද නුඹට වඩා අඩු බව නුඹ දුටුව ද
فَعَسَىٰ رَبِّي أَن يُؤْتِيَنِ خَيْرًا مِّن جَنَّتِكَ وَيُرْسِلَ عَلَيْهَا حُسْبَانًا مِّنَ السَّمَاءِ فَتُصْبِحَ صَعِيدًا زَلَقًا
මාගේ පරමාධිපති නුඹගේ උයනට වඩා ශ්රේෂ්ඨ දෙයක් මා වෙත පිරිනමා එය(නුඹගේ උයන) වෙත අහසින් අකුණු (වලින් වූ දඬුවම්) යැවීමට හැක්කේය. එවිට එය (කිසිවක් නොවැඩෙන) වඳ භූමියක් බවට පත් විය හැක.
أَوْ يُصْبِحَ مَاؤُهَا غَوْرًا فَلَن تَسْتَطِيعَ لَهُ طَلَبًا
එසේත් නොමැතිනම් එහි ජලය සිඳී යන්නක් බවට පත් විය හැක. එවිට එය සොයා ගැනීමට නුඹ හැකියාව නොලබන්නේමය.” (යැයි ද ඔහු පැවසුවේය.)
وَأُحِيطَ بِثَمَرِهِ فَأَصْبَحَ يُقَلِّبُ كَفَّيْهِ عَلَىٰ مَا أَنفَقَ فِيهَا وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُشْرِكْ بِرَبِّي أَحَدًا
තවද ඔහුගේ ඵලදාව (විනාශයෙන්) වටලනු ලැබීය. එහි වහල මත එය කඩා වැටුණු තත්ත්වයේ එහි ඔහු වියදම් කළ දෑ කෙරෙහි (දුක් වෙමින්) තම දෙඅත්ල (එකිනෙක මිරිකමින්) පෙරළන්නට විය. තවද ඔහු “අහෝ! මම මාගේ පරමාධිපතිට මා කිසිවෙකු ආදේශ නොතැබුවේ නම්” යැයි පැවසුවේය.
وَلَمْ تَكُن لَّهُ فِئَةٌ يَنصُرُونَهُ مِن دُونِ اللَّهِ وَمَا كَانَ مُنتَصِرًا
අල්ලාහ් හැර ඔහුට උදව් කරන පිරිසක් ඔහුට නොවීය. තවද ඔහු තමන්ටම (උදව් කර ගනිමින්) ආරක්ෂා කර ගන්නෙකු ද නොවීය.
هُنَالِكَ الْوَلَايَةُ لِلَّهِ الْحَقِّ ۚ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًا
එහි දී ආරක්ෂා කිරීමේ බලය සත්යය වූ අල්ලාහ්ටම හිමිය. ඔහු තිළිණ පිරිනැමීමෙන් ඉතා ශ්රේෂ්ඨය. (ප්රතිඵල දීමට) තීරණය කිරීමෙන් ද ඉතා ශ්රේෂ්ඨය.
وَاضْرِبْ لَهُم مَّثَلَ الْحَيَاةِ الدُّنْيَا كَمَاءٍ أَنزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ الرِّيَاحُ ۗ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ مُّقْتَدِرًا
(නබිවරය,) නුඹ මෙලොව ජීවිතයේ උපමාව ඔවුනට(ජනයාට) ඉදිරිපත් කරවු. එය අහසින් අපි පහළ කරන ජලය මෙනි. එවිට මිහිතලයේ බෝග වගාවන් සමග එය මිශ්ර විය. පසුව එය සුළඟින් විසුරුවා හරින වියළි ඉපනැලි බවට පත් විය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්න විය.
الْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلًا
ධනය ද පුතුන් ද මෙලොව ජීවිතයේ අලංකාරයන්ය. තවද නිතැතින් පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස තිළිණයෙන් ඉතා ශ්රේෂ්ඨය. තවද යහ අපේක්ෂාවෙන් ද ඉතා ශ්රේෂ්ඨය.
وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَى الْأَرْضَ بَارِزَةً وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا
(නබිවරය,) අප කඳු (තිබූ තැනින් තවත් තැනකට) ගමන් කරවන දින (නුඹ සිහිපත් කරවු. එදින)නුඹ මිහිතලය (හිස්ව) හෙළි වූ තැනිතලාවක් බවට දකින්නෙහිය. තවද අපි ඔවුන්ව(ජනයින්ව) එක් රැස් කරන්නෙමු. එවිට අපි ඔවුන් අතුරින් කිසිවෙකුවත් අත හැර නොදමන්නෙමු.
وَعُرِضُوا عَلَىٰ رَبِّكَ صَفًّا لَّقَدْ جِئْتُمُونَا كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ ۚ بَلْ زَعَمْتُمْ أَلَّن نَّجْعَلَ لَكُم مَّوْعِدًا
තවද නුඹගේ පරමාධිපති ඉදිරියේ ඔවුන්ව පෙළ ගස්වා ඉදිරිපත් කරනු ලබන්නෝය. “මුල් වරට අපි නුඹලාව මැව්වා මෙන්ම සැබැවින්ම අප වෙත (නැවත) නුඹලා පැමිණ ඇත. නමුත් අපි නුඹලාට නියම( කරන ලද දින)යක් පත් නොකරන්නේම යැයි නුඹලා තරයේ සිතා සිටියෙහු” (යැයි ඔවුනට පවසනු ඇත.)
وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَـٰذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا ۚ وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا ۗ وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا
තවද (ඔවුන්ගේ ක්රියා) ලේඛනය (ඔවුන් ඉදිරියේ) තබනු ලැබේ. එවිට එහි ඇති දෑ හේතුවෙන් වැරදිකරුවන් බියෙන් සිටිනු නුඹ දකින්නෙහිය. තවද “අහෝ අපගේ විනාශය! මෙම ලේඛනයට කුමක් වීද? කුඩා (දැයක්) හෝ විශාල (දැයක්) ඒවා ගණන් (කර සටහන්) කර මිස අතහැර නොමැත” යැයි ඔවුහු පවසන්නෝය. තවද ඔවුහු කළ දෑ (තමන් ඉදිරියේ) ඉදිරිපත් කරන්නක්ව ඔවුන් දකින්නෝය. තවද නුඹගේ පරමාධිපති කිසිවෙකුට අපරාධ නොකරන්නේය.
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ ۗ أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاءَ مِن دُونِي وَهُمْ لَكُمْ عَدُوٌّ ۚ بِئْسَ لِلظَّالِمِينَ بَدَلًا
“ආදම්ට සුජූද් කරවු” යැයි අප මලක්වරුන්ට පැවසූ අවස්ථාව (සිහිපත් කරවු). ඉබ්ලීස් හැර ඔවුහු (සියල්ලෝම) සුජූද් කළහ. ඔහු(ඉබ්ලීස්) ජින්වරුන්ගෙන් කෙනෙකු විය. එබැවින් තම පරමාධිපතිගේ අණ උල්ලංඝනය කළේය. ඔවුන් නුඹලාට සතුරන්ව සිටියදී නුඹලා මා හැර ඔහු හා ඔහුගේ පරපුර මිතුරන් ලෙස ගන්නෙහු ද? අපරාධකරුවන්ට (අල්ලාහ්ට පිටුපා ඔවුන් කළ) ආදේශකය නපුරු විය.
10වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:34 හි පාද සටහන් බලන්න.