طه
තා, හා.
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
مَا أَنزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَىٰ
(නබිවරය,) නුඹ අපහසුතාවට පත් වනු පිණිස අපි අල් කුර්ආනය නුඹ කෙරෙහි පහළ නොකළෙමු.
إِلَّا تَذْكِرَةً لِّمَن يَخْشَىٰ
(අල්ලාහ්ට) බිය වන්නන්ට මෙනෙහි කිරීමක් වශයෙන් මිස (අපි එය පහළ නොකළෙමු).
تَنزِيلًا مِّمَّنْ خَلَقَ الْأَرْضَ وَالسَّمَاوَاتِ الْعُلَى
(මෙම අල් කුර්ආනය) මිහිතලය හා උස් අහස් මැවූ කෙනා( වන අල්ලාහ්)ගෙන් වූ පහළ කිරීමක් වශයෙනි.
الرَّحْمَـٰنُ عَلَى الْعَرْشِ اسْتَوَىٰ
කරුණාභරිතයාණන් (වන අල්ලාහ්) අර්ෂය මත (ඔහුගේ ගෞරවයට සුදුසු අයුරින්) “ඉස්තිවා” විය.
2වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:54 හි පාද සටහන බලන්න.
لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ الثَّرَىٰ
අහස්හි ඇති දෑ ද මිහිතලයෙහි ඇති දෑ ද ඒ දෙක අතර ඇති දෑ ද (පොළොවෙහි ඇති) පසට යටින් ඇති දෑ ද ඔහුට හිමිය.
وَإِن تَجْهَرْ بِالْقَوْلِ فَإِنَّهُ يَعْلَمُ السِّرَّ وَأَخْفَى
(නබිවරය,) නුඹ (නුඹගේ) ප්රකාශය හඬ නගා පැවසුව ද සැබැවින්ම අල්ලාහ් රහස්ය දෑ හා ඊටත් වඩා සැඟවුණු දෑ දන්නේය.
3මෙහි ‘රහස්යය’ යනුවෙන් සඳහන් කරන්නේ යමෙකු සිතන දැයයි. ‘ඊටත් වඩා සැඟවුණු’ යැයි සඳහන් කරන්නේ ඔහු සිතීමට පෙර තත්ත්වයයි.
اللَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ
අල්ලාහ්, ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. ඔහුට අලංකාර නාමයන් ඇත.
وَهَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ
මූසාගේ වෘත්තාන්තය නුඹ වෙත පැමිණියේ ද?
إِذْ رَأَىٰ نَارًا فَقَالَ لِأَهْلِهِ امْكُثُوا إِنِّي آنَسْتُ نَارًا لَّعَلِّي آتِيكُم مِّنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى النَّارِ هُدًى
ඔහු(මූසා) ගින්නක් දුටු විට තම පවුලට “නුඹලා රැඳී සිටිවු. සැබැවින්ම මම ගින්නක් දුටුවෙමි. එයින් නුඹලාට ගිනි මැලයක් මා ගෙන එන්නට හැකිය. නැතහොත් එම ගින්න මගින් මා මාර්ගයක් ලබා ගන්නට හැකි යැයි ඔහු පැවසුවේය.
4මෙය නබි මූසා තුමාණන් ප්රසූත වේදනාවෙන් පෙළෙන තම බිරිය සමග ‘මද්යන්’ දේශයේ සිට ‘ඊජිප්තුව’ කරා යන මග දී සිදු වූවකි.
فَلَمَّا أَتَاهَا نُودِيَ يَا مُوسَىٰ
එබැවින් ඔහු එහි පැමිණි කල්හි ‘අහෝ මූසා’ යැයි අමතනු ලැබුවේය.
إِنِّي أَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَيْكَ ۖ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى
“සැබැවින්ම මම නුඹගේ පරමාධිපතිය. එබැවින් නුඹගේ පාවහන් යුගල ගලවවු. සැබැවින්ම නුඹ ‘තුවා’ නම් පරිශුද්ධ මිටියාවතෙහිය.
وَأَنَا اخْتَرْتُكَ فَاسْتَمِعْ لِمَا يُوحَىٰ
තවද මම නුඹව (නබිත්වය සඳහා) තෝරා ගත්තෙමි. එබැවින් වහී (දේව පණිවිඩ ලෙස) පහළ කරනු ලබන දෑට නුඹ සවන් දෙවු.
إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَـٰهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي
සැබැවින්ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවියෙකු නොමැත. එබැවින් නුඹ මා නමදිවු. මා මෙනෙහි කරනු පිණිස සලාතය ස්ථාපිත කරවු.
إِنَّ السَّاعَةَ آتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا تَسْعَىٰ
සැබැවින්ම (ලොව අවසන්) හෝරාව පැමිණෙන්නකි. සෑම ආත්මයක්ම තමන් උත්සහ කරන දෑ අනුව ප්රතිඵල දෙනු ලබනු පිණිස එය(අවසන් හෝරාව) මා සඟවා තබා ඇත්තෙමි.
فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَن لَّا يُؤْمِنُ بِهَا وَاتَّبَعَ هَوَاهُ فَتَرْدَىٰ
එය(අවසන් හෝරාව) විශ්වාස නොකර තම මනෝ ඉච්ඡාව අනුගමනය කළ අය එ(ම විශ්වාස)යෙන් නුඹව නොවැළැක්විය යුතුය. එසේ (නුඹ කළේ) නම් නුඹ විනාශයට පත් වනු ඇත.” (යැයි අල්ලාහ් පවසා)
وَمَا تِلْكَ بِيَمِينِكَ يَا مُوسَىٰ
“අහෝ මූසා! නුඹගේ දකුණතෙහි ඇත්තේ කුමක් දැ?”(යි ඇසුවේය.)
قَالَ هِيَ عَصَايَ أَتَوَكَّأُ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَآرِبُ أُخْرَىٰ
“එය මාගේ සැරයටියයි. (ඇතැම් විට) මම ඒ මත හාන්සි වන්නෙමි. තවද (ඇතැම් විට) එමගින් මා මාගේ එළුවන් සඳහා (අතු කොළ) කඩා දෙමි. තවද එහි මට වෙනත් භාවිතයන් ද ඇතැ”(යි මූසාපැවසුවේය.)
قَالَ أَلْقِهَا يَا مُوسَىٰ
“අහෝ මූසා! නුඹ එය (බිම) දමවු” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.-
فَأَلْقَاهَا فَإِذَا هِيَ حَيَّةٌ تَسْعَىٰ
එවිට ඔහු එය (බිම) දැමුවේය. එසැණින් එය වේගයෙන් ගමන් කරන සර්පයෙකු විය.
قَالَ خُذْهَا وَلَا تَخَفْ ۖ سَنُعِيدُهَا سِيرَتَهَا الْأُولَىٰ
“එය අල්ලා ගනිවු. තවද නුඹ බිය නොවවු. අපි එය එහි පෙර ස්වභාවයටම නැවත පත් කරන්නෙමු.
وَاضْمُمْ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ آيَةً أُخْرَىٰ
තවද නුඹගේ අත නුඹගේ (බාහුව යටින් වූ කිහිල්ල) පැත්තට එක් කර ගනිවු. තවත් සාධකයක් ලෙස එ(ම අත්ල)ය කිසිදු නරක( රෝගය)කින් තොරව සුදුවන්ව (දිලිසෙමින්) පිට වන්නේය.
لِنُرِيَكَ مِنْ آيَاتِنَا الْكُبْرَى
(මෙය) අපගේ මහත් වූ සාධකයන් අතුරින් නුඹට අපි ගෙන හැර පෙන්වනු පිණිසය.
اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ
“නුඹ ෆිර්අවුන් වෙත යවු. සැබැවින්ම ඔහු සීමාව ඉක්ම වීය.” (යැයි අල්ලාහ් පැවසුවේය.)
قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي
(එවිට) ඔහු (මූසා මෙසේ) පැවසුවේය. “මාගේ පරමාධිපතියාණනි, මාගේ හදවත මා වෙනුවෙන් විවෘත කරනු මැනව.
وَيَسِّرْ لِي أَمْرِي
තවද මාගේ කටයුත්ත මට පහසු කර දෙනු මැනව!
وَاحْلُلْ عُقْدَةً مِّن لِّسَانِي
මාගේ දිවෙන් ගැටය ලිහිල් කරනු මැනව!
5නබි මූසා තුමාණන් කුඩා වියේ දී තම දිව පිලිස්සුනු හෙයින් ඔහුගේ කතා ශෛලිය ගොත විය. අල් කුර්ආන් 43:52 ආයතයෙහි පරිදි “මෙම නීච හා පැහැදිලිව කතා කළ නොහැකි ඔහුට(මූසාට) වඩා මම ශ්රේෂ්ඨ නොවන්නෙම් ද?” යනුවෙන් ෆිර්අවුන් පැවසුවේ මොහුගේ මෙම ගොතභාවය නිසාය.
يَفْقَهُوا قَوْلِي
(එවිට) ඔවුහු මාගේ ප්රකාශය අවබෝධ කර ගනු ඇත.
وَاجْعَل لِّي وَزِيرًا مِّنْ أَهْلِي
තවද මාගේ පවුලෙන් මට සහකරුවෙකු පත් කරනු මැනව!
هَارُونَ أَخِي
(එනම්) මාගේ සහෝදර හාරූන්ව (පත් කරනු මැනව!)
اشْدُدْ بِهِ أَزْرِي
ඔහු මගින් මාගේ පිට කොන්ද ශක්තිමත් කරනු මැනව!
وَأَشْرِكْهُ فِي أَمْرِي
තවද මාගේ කටයුත්තෙහි ඔහුව ද හවුල් කරනු මැනව!
كَيْ نُسَبِّحَكَ كَثِيرًا
(මේ සියල්ල) අපි නුඹව අධික ලෙස පිවිතුරු කරනු පිණිසය.
وَنَذْكُرَكَ كَثِيرًا
තවද අපි නුඹව අධික ලෙස මෙනෙහි කරනු පිණිස ද ය.
إِنَّكَ كُنتَ بِنَا بَصِيرًا
සැබැවින්ම නුඹ අප පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීව සිටියෙහිය.”
قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَىٰ
“අහෝ මූසා! නුඹගේ ඉල්ලීම දෙනු ලැබ ඇතැ”යි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰ
තවද සැබැවින්ම අපි (මීට පෙර) තවත් වතාවක් නුඹ කෙරෙහි උපකාර කර ඇත්තෙමු.
إِذْ أَوْحَيْنَا إِلَىٰ أُمِّكَ مَا يُوحَىٰ
වහී පහළ කරනු ලැබිය යුතු දෑ නුඹගේ මව වෙත අපි පහළ කළ කල්හි (ද අපි උපකාර කළෙමු).
6‘වහී’ යන පදයේ පදානුගත අරුත ‘රහස්යය පුවත’ යන අදහසයි. මෙම ගණයට අයත් වහී යන්න නබිවරුන්ට පමණක් ආවේණික වූවක් නොවය. මන්දයත් සතුන්ට පවා අල්ලාහ් එම පදය භාවිත කොට ඇත. අල් කුර්ආන් 16 : 68 හි මී මැස්සාට ද වහී දැන් වූ බව සඳහන් වී ඇත. මෙවන් වහී ගණයට ‘ඉල්හාම්’ නම් ‘අල්ලාහ්ගෙන් පහළ වන හැඟීම්’ යැයි පැවසිය හැකිය. එබැවින් මෙහි වහී යන්නෙහි අරුත නබිවරුන්ට පහළ වූවා වූ මෙන් වහී දේව පණිවිඩයන් නොව. නබිවරුන් නොවන අල්ලාහ්ගේ යහ ගැත්තන්ට ද මෙම ‘ඉල්හාම්’ නම් හැඟීම් ඇති විය හැකිය. එහෙයින් ඔහුට හැඟුණු දැය ඉස්ලාමයේ යම් අංශයක් යැයි සැලකිය නොහැක. එපමණක් නොව ඔහුට හැඟුණු දැය අන් අයට දැන්වීම උචිත නොවන්නේය. එහෙත් නබිවරුන්ට පහළ වන වහී තම සමූහයාට ගෙන හැර පෑම ඔවුන්ට අනිවාර්යය වූ කටයුත්තකි.
أَنِ اقْذِفِيهِ فِي التَّابُوتِ فَاقْذِفِيهِ فِي الْيَمِّ فَلْيُلْقِهِ الْيَمُّ بِالسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِّي وَعَدُوٌّ لَّهُ ۚ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِّنِّي وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِي
(එනම් ළදරු වියේ සිටි) මොහුව පෙට්ටිය තුළට බහා එය ගඟහි දමවු. එවිට ගඟ එ(ම පෙට්ටි)ය ඉවුරට ගොඩ දමයි. මාගේ සතුරා ද ඔහුගේ සතුරා ද (වන ෆිර්අවුන්) එය ගනු ඇත. තවද (දුටුවන් ප්රිය කරන පරිදි මූසා වන) නුඹ කෙරෙහි මාගෙන් වූ සෙනෙහසක් පෑවෙමි. තවද නුඹ මාගේ අධීක්ෂණය යටතේ වැඩෙනු පිණිස ද වේ.
7වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 28:4-13 දක්වා බලන්න.
إِذْ تَمْشِي أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَن يَكْفُلُهُ ۖ فَرَجَعْنَاكَ إِلَىٰ أُمِّكَ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ ۚ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَاكَ مِنَ الْغَمِّ وَفَتَنَّاكَ فُتُونًا ۚ فَلَبِثْتَ سِنِينَ فِي أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍ يَا مُوسَىٰ
(අහෝ මූසා!) නුඹගේ සහෝදරිය (ෆිර්අවුන්ගේ පවුල වෙත නුඹව සොයමින්) ගමන් කළ අවස්ථාව (සිහිපත් කරවු). පසුව ඇය (ඔවුන්ට) “මොහුව හදාවඩා ගන්නා කෙනෙක්(මවක්) පිළිබඳව මා නුඹලාට දන්වන්න දැ?”යි පවසා සිටියාය. එවිට අපි නුඹගේ මව වෙත ඇයගේ දෑස් පිනවීම පිණිස ද ඇය දුක් නොවනු පිණිස ද නැවත නුඹව ලබා දුන්නෙමු. තවද නුඹ ප්රාණයක් ඝාතනය කළෙහිය. එවිට අපි නුඹව දුකින් මුදවා ගත්තෙමු. තවද අපි නුඹව (මහත්) පිරික්සුමකින් පිරික්සුම් කළෙමු. තවද මද්යන් වැසියන් සමග වසර ගණනාවක් නුඹ රැඳී සිටියෙහිය. (මේ සියල්ලටම) පසුව අහෝ මූසා! නුඹ (අප) සැලසුම් කළ වේලාවට අනුව (මෙහි) පැමිණියේය.
8මෙම සිදුවීමෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 28:15-28 දක්වා බලන්න.
وَاصْطَنَعْتُكَ لِنَفْسِي
“මා(ගේ දූත මෙහෙවර) වෙනුවෙන් නුඹව මා තෝරා ගත්තෙමි.
اذْهَبْ أَنتَ وَأَخُوكَ بِآيَاتِي وَلَا تَنِيَا فِي ذِكْرِي
නුඹ ද නුඹගේ සහෝදරයා ද මාගේ සංඥාවන් සමග යවු. මා සිහිපත් කිරීමෙහි නුඹ දෙපළ දුර්වල නොවවු.
اذْهَبَا إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ
නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත යවු. සැබැවින්ම ඔහු සීමාව ඉක්ම වීය.
فَقُولَا لَهُ قَوْلًا لَّيِّنًا لَّعَلَّهُ يَتَذَكَّرُ أَوْ يَخْشَىٰ
එබැවින් නුඹලා දෙදෙනා මෘදු වදනින් ඔහු සමග කතා කරවු. ඔහු (එමගින්) උපදෙස් ලබන්නට හෝ බියවන්නට පුළුවන.” (යැයි අල්ලාහ් පැවසුවේය.)
9ෆිර්අවුන් කිසිවිටෙක මොවුන්ගේ ඇරයුම පිළි නොගන්නා බවට අල්ලාහ් දැන සිටියද මෙලෙස අල්ලාහ් පැවසීමට හේතුව මොවුන් දෙදෙනාට තම ඇරයුම කෙරෙහි තහවුරුභාවයක් ඇති වීම පිණිසය. එසේම තමන්ගේ ඇරයුමට ලක්වන්නා කෙතරම් කුරිරු වුව ද මෘදු වදනින් ඇරයුම් කළ යුතු බවත් දැඩි පරුෂ වචන භාවිත නොකළ යුතු බවත් අල්ලාහ් මෙහි අණ කරයි.
قَالَا رَبَّنَا إِنَّنَا نَخَافُ أَن يَفْرُطَ عَلَيْنَا أَوْ أَن يَطْغَىٰ
“අපගේ පරමාධිපතියාණනි, ඔහු අපට එරෙහිව (හිංසා කිරීමට) ඉක්මන් වනු ඇතැ’යි හෝ සීමාව ඉක්මවා කටයුතු කරනු ඇතැ’යි සැබැවින්ම අපි බිය වන්නෙමු.” යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය.
قَالَ لَا تَخَافَا ۖ إِنَّنِي مَعَكُمَا أَسْمَعُ وَأَرَىٰ
“නුඹලා දෙදෙනා බිය නොවවු. සැබැවින්ම මම නුඹලා දෙදෙනා සමග සිටිමි. (තවද ෆිර්අවුන් පවසන දෑ) මම සවන් දෙන්නෙමි. තවද (ඔහු කරන දෑ) මම බලන්නෙමි.” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
10මෙම ආයතයෙහි “මම නුඹලා දෙදෙනා සමග සිටිමි” යනු අල්ලාහ්ගේ උපකාරය ඔබ දෙදෙනාට හිමියි යන අදහසයි යනුවෙන් අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත.
فَأْتِيَاهُ فَقُولَا إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ وَلَا تُعَذِّبْهُمْ ۖ قَدْ جِئْنَاكَ بِآيَةٍ مِّن رَّبِّكَ ۖ وَالسَّلَامُ عَلَىٰ مَنِ اتَّبَعَ الْهُدَىٰ
පසුව නුඹලා දෙදෙනා ඔහු වෙත යවු. (එහි ගොස්) “සැබැවින්ම අප දෙදෙනා නුඹගේ පරමාධිපතිගේ රසූල්වරුන්ය. එබැවින් අප සමග ඉස්රාඊල්ගේ දරුවන්ව යවවු. තවද නුඹ ඔවුනට දඬුවම් නොකරවු. සැබැවින්ම අපි නුඹගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් නුඹ වෙත ගෙන ආවෙමු. තවද යහ මග අනුගමනය කළවුන් කෙරෙහි සලාම්(ශාන්ති)ය අත් වේවා!” යැයි නුඹලා දෙදෙනා පවසවු.
إِنَّا قَدْ أُوحِيَ إِلَيْنَا أَنَّ الْعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ
“අසත්යය කර පිටුපා ගියවුන් කෙරෙහි සැබැවින්ම දඬුවම ඇතැ”යි අප වෙත වහී (දේව පණිවිඩ) පහළ කරනු ලැබ ඇත. (යැයි ද පවසවු.)
قَالَ فَمَن رَّبُّكُمَا يَا مُوسَىٰ
“අහෝ මූසා! නුඹලා දෙදෙනාගේ පරමාධිපති කවුරුන්දැ?”යි ඔහු(ෆිර්අවුන්) විමසුවේය.
قَالَ رَبُّنَا الَّذِي أَعْطَىٰ كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَىٰ
“අපගේ පරමාධිපති සෑම වස්තුවකටම එයට නියමිත ස්වභාවය ලබා දී පසුව මග පෙන්වා දුන් කෙනා යැ”යි ඔහු(මුසා) පැවසුවේය.