يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ ۚ إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيمٌ
ජනයිනි, නුඹලාගේ පරමාධිපතිට බිය භක්තිමත් වවු. සැබැවින්ම (ලොව අවසන්) හෝරාවේ කම්පනය මහත් වූ දෙයකි.
يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَىٰ وَمَا هُم بِسُكَارَىٰ وَلَـٰكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ
නුඹ එය දකින දින සෑම කිරි දෙන ස්ති්රයක්ම තමන් කිරි පෙවූ අය(දරුවන්) ගැන අමතක කරනු ඇත. තවද ගැබ් ගත් සෑම ස්ති්රයක්ම ඇයගේ ගැබ ප්රසූත කරනු ඇත. තවද නුඹ ජනයින්ව, ඔවුන් මත් බවින් නොවූවන්ව සිටිය දී මත් වූවන් ලෙස දකිනු ඇත. එනමුත් අල්ලාහ්ගේ දඬුවම (ඉතා) දැඩිය.
وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّبِعُ كُلَّ شَيْطَانٍ مَّرِيدٍ
ජනයා අතුරින් කිසිදු දැනුමකින් තොරව අල්ලාහ්ගේ විෂයෙහි තර්ක කරන අය ද සෑම කැරලිකාර ෂෙයිතාන්වරයෙකුවම අනුගමනය කරන අය ද වෙති.
كُتِبَ عَلَيْهِ أَنَّهُ مَن تَوَلَّاهُ فَأَنَّهُ يُضِلُّهُ وَيَهْدِيهِ إِلَىٰ عَذَابِ السَّعِيرِ
කවරෙකු ඔහුව(ෂෙයිතාන්ව මිතුරෙකු ලෙස ගෙන) අනුගමනය කරන්නේද ඔහු(ෂෙයිතාන්) මොහුව නොමග යවනු ඇතැ’යි ද ඇවිලෙන ගින්නේ වේදනාව වෙත මොහුට මග පෙන්වනු ඇතැ’යි ද ඔහු(ෂෙයිතාන්) කෙරෙහි නියම කරන ලදී.
يَا أَيُّهَا النَّاسُ إِن كُنتُمْ فِي رَيْبٍ مِّنَ الْبَعْثِ فَإِنَّا خَلَقْنَاكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِن مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِّنُبَيِّنَ لَكُمْ ۚ وَنُقِرُّ فِي الْأَرْحَامِ مَا نَشَاءُ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ ۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰ أَرْذَلِ الْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِن بَعْدِ عِلْمٍ شَيْئًا ۚ وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ وَأَنبَتَتْ مِن كُلِّ زَوْجٍ بَهِيجٍ
ජනයිනි, නුඹලා (විනිශ්චය දිනයෙහි නැවත) නැගිටවනු ලැබීම පිළිබඳව සැකයෙහි සිටියෙහු නම් එවිට (නුඹලා සිතා බලවු.) සැබැවින්ම අපි (අපගේ ශක්තිය) නුඹලාට පැහැදිලි කිරීමක් ලෙස අපි නුඹලාව පසින් ද පසුව ශුක්ර ධාතුවකින් ද පසුව (ඇලෙන සුලු) ලේ කැටියකින් ද පසුව ස්වරූපයක් දෙනු ලැබූ හෝ ස්වරූපයක් දෙනු නොලැබූ මස් කැබැල්ලකින් ද මැව්වෙමු. (ඒවා අතුරින්) අපි අභිමත කරන අයව නියමිත කාලයක් දක්වා ගර්භාශයන්හි රඳවන්නෙමු. පසුව නුඹලාව ළදරුවෙකු ලෙස (මව් කුසින්) බැහැර කරවන්නෙමු. පසුව නුඹලාගේ මේරූ වයස නුඹලා ඉක්මවීම පිණිස (අපි නුඹලාව වර්ධනය කළෙමු). තවද නුඹලා අතුරින් (මේරූ වයසට පෙර) මරණයට පත් වන අය වෙති. තවද නුඹලා අතුරින් (යමක් පිළිබඳව) දැනු(මක් තිබී)මෙන් පසු කිසිවක් නොදන්නා පරිදි වීම පිණිස දුක්ඛිත (වූ මහලු) වයස දක්වා හරවනු ලබන අය ද වෙති. තවද නුඹ භූමිය වියළිව දකින්නෙහිය. පසුව ඒ මත ජලය අපි පහළ කළ විට එ(ම භූමි)ය සරු වී වැඩී සෑම අලංකාර වර්ගයකින්ම (බවභෝග) හට ගන්වයි.
ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّهُ يُحْيِي الْمَوْتَىٰ وَأَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
එය (මක්නිසාද යත්) අල්ලාහ්, ඔහුමය සත්යය වන හේතුවෙන් ද තවද ඔහු මළවුන්ට ජීවය දෙන හේතුවෙන් ද තවද සැබැවින්ම ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්න හේතුවෙන් ද වේ.
وَأَنَّ السَّاعَةَ آتِيَةٌ لَّا رَيْبَ فِيهَا وَأَنَّ اللَّهَ يَبْعَثُ مَن فِي الْقُبُورِ
තවද සැබැවින්ම (ලොව අවසන්) හෝරාව පැමිණෙන්නකි. එහි කිසිදු සැකයක් නැත. තවද සැබැවින්ම අල්ලාහ් (එදින) මිනීවළවල්හි සිටින අයව නැගිටුවන්නේය.
وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُّنِيرٍ
අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයින්ව) නොමග යැවීම පිණිස (උඩඟුකමින්) තම ගෙල හරවා ගනිමින් (කිසිදු) දැනුමකින් හෝ මග පෙන්වීමකින් හෝ ආලෝකය දෙන්නා වූ ලේඛනයකින් හෝ තොරව අල්ලාහ්ගේ විෂයෙහි තර්ක කරන අය ද ජනයින් අතුරින් වෙති. මෙලොවෙහි ඔහුට නින්දාවකි. තවද අපි ඔහුව (මළවුන්) නැගිටුවනු ලබන දින ඇවිලෙන ගින්නේ දඬුවම රස විඳීමට සලස්වන්නෙමු.
ثَانِيَ عِطْفِهِ لِيُضِلَّ عَن سَبِيلِ اللَّهِ ۖ لَهُ فِي الدُّنْيَا خِزْيٌ ۖ وَنُذِيقُهُ يَوْمَ الْقِيَامَةِ عَذَابَ الْحَرِيقِ
අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයින්ව) නොමග යැවීම පිණිස (උඩඟුකමින්) තම ගෙල හරවා ගනිමින් (කිසිදු) දැනුමකින් හෝ මග පෙන්වීමකින් හෝ ආලෝකය දෙන්නා වූ ලේඛනයකින් හෝ තොරව අල්ලාහ්ගේ විෂයෙහි තර්ක කරන අය ද ජනයින් අතුරින් වෙති. මෙලොවෙහි ඔහුට නින්දාවකි. තවද අපි ඔහුව (මළවුන්) නැගිටුවනු ලබන දින ඇවිලෙන ගින්නේ දඬුවම රස විඳීමට සලස්වන්නෙමු.
ذَٰلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيدِ
“මෙය නුඹගේ දෑත් පෙරටු කළ දෑ හේතුවෙන් ද අල්ලාහ් (තම) ගැත්තන්ට අපරාධ කරන්නෙකු නොවන හේතුවෙන් ද වේ.” (යැයි ඔහුට පවසනු ලැබේ.)
وَمِنَ النَّاسِ مَن يَعْبُدُ اللَّهَ عَلَىٰ حَرْفٍ ۖ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ ۖ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انقَلَبَ عَلَىٰ وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ۚ ذَٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ
(තම දහමේ එක්) මායිමක් මත (සිට) අල්ලාහ්ව (සැකයෙන් යුතුව) නමදින අය ද ජනයින් අතුරින් වෙති. එබැවින් ඔහුට යම් යහපතක් ඇති වූ විට එමගින් ඔහු සැනසුමට පත් වන්නේය. තවද ඔහුට යම් පිරික්සුමක් ඇති වූ විට ඔහු (ප්රතික්ෂේපය වන) තම (සත්යය) මුහුණ මත හැරෙන්නේය. මෙලොවෙහි ද මතු ලොවෙහි ද ඔහු අලාභ වින්දේය. එයමය පැහැදිලි අලාභය වන්නේ.
1ඇතැම් උදවිය ඉස්ලාමය පිළිබඳව පරිපූර්ණ අවබෝධයකින් තොරව ඉස්ලාමය වැලඳ ගත්තෝය. එහෙත් ඔවුනට ඉස්ලාමයෙන් පසුව යම් ආර්ථික දියුණුවක් අත් වූයේ නම් ඔවුහු සතුටු වන්නෝය. එසේම ඔවුනට ආර්ථිකයේ යම් නොදියුණු තත්ත්වයක් අත් වූයේ නම් ඔවුහු අසතුටට පත් වී ඉස්ලාමයට දොස් පවරන්නට වූහ.
يَدْعُو مِن دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُ وَمَا لَا يَنفَعُهُ ۚ ذَٰلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ
අල්ලාහ් හැර තමන්ට කිසිදු හානියක් නොකරන තමන්ට කිසිදු ප්රයෝජනයක් නොදෙන දෑ ඔහු කැඳවන්නේය. එයමය අන්ත මුළාව වන්නේ.
يَدْعُو لَمَن ضَرُّهُ أَقْرَبُ مِن نَّفْعِهِ ۚ لَبِئْسَ الْمَوْلَىٰ وَلَبِئْسَ الْعَشِيرُ
තම ප්රයෝජනයට වඩා තම හානිය ඉතා සමීපයෙන් ඇති අයව ඔහු කැඳවන්නේය. (ඔහුගේ) ආරක්ෂකයා කෙතරම් නින්දනීය ද? තවද සහයකයා කෙතරම් නින්දනීය ද?
إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۚ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ
සැබැවින්ම අල්ලාහ් විශ්වාස කර යහකම් කළවුන්ව (ස්වර්ග) උයන් වලට ඇතුළු කරන්නේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. සැබැවින්ම අල්ලාහ් තමා අපේක්ෂා කරන දෑ කරන්නේය.
مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى السَّمَاءِ ثُمَّ لْيَقْطَعْ فَلْيَنظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُ مَا يَغِيظُ
මෙලොවෙහි හා මතු ලොවෙහි අල්ලාහ් ඔහුට(රසූල්වරයාට) උදව් නොකරන්නේම යැයි කවරෙකු (කෝපයෙන් යුතුව) සිතමින් සිටින්නේ ද ඔහු කඹයක් අහසට දිගු කර පසුව (එයින් ඉහළට නැග අල්ලාහ්ගෙන් රසූල්වරයාට පැමිණෙන උදව්ව) කපා දමත්වා. ඔහුගේ කුමන්ත්රණය කුමක් (ඔහුට) කෝපය ඇති කරන්නේ ද එය ඉවත් කරනු ඇත් දැ’යි ඔහු බලත්වා.
2ඇතැම් උදවිය නබි මුහම්මද් තුමාණන්ට වහී දේව පණිවිඩය නැවතිය යුතු යැයි සිතා නොයෙකුත් උත්සහයන් දරුවෝය. ඔවුන්ගේ මෙම කුමන්ත්රණය ඉටු වීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ අල්ලාහ්ගේ උදව්වෙන් මොහු දුරස්ථ වනු ඇත යන්නය. මොහු අල්ලාහ් සමග ඍජූ සබඳතාවක් ඇති දූතයෙකු හෙයින් අල්ලාහ්ගේ උදව්ව ලබමින්ම සිටියි යැයි මෙම ආයතයෙන් පෙන්වා දෙයි. එසේ අල්ලාහ් සමග ඇති සබඳතාව බිඳ දැමීමට උත්සාහ දරන්නේ නම් ඔවුන් කළ යුතු එකම විකල්පය වනුයේ ඉහත ආයතයෙහි සඳහන් පරිදි උත්සාහ දැරීම යැයි අල්ලාහ් ඔවුනට සමච්චලයෙන් පවසයි.
وَكَذَٰلِكَ أَنزَلْنَاهُ آيَاتٍ بَيِّنَاتٍ وَأَنَّ اللَّهَ يَهْدِي مَن يُرِيدُ
මෙලෙස පැහැදිලි වදන් ලෙස අපි මෙ(ම අල් කුර්ආන)ය පහළ කළෙමු. තවද සැබැවින්ම අල්ලාහ් අපේක්ෂා කරන්නන්ව යහමගට යොමු කරන්නේය.
إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئِينَ وَالنَّصَارَىٰ وَالْمَجُوسَ وَالَّذِينَ أَشْرَكُوا إِنَّ اللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ
සැබැවින්ම විශ්වාස කළවුන් ද යුදෙව්වූවන් ද සාබිඊන්වරුන් ද කිතුනුවන් ද මජූස්වරුන් ද (අල්ලාහ්ට තවත් දෙයක්) ආදේශ කළවුන් ද වන ඔවුන් අතර (මළවුන්) නැගිටුවනු ලබන දින අල්ලාහ් විනිශ්චය කරන්නේය. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නාය.
3අල් කුර්ආන් 2 : 62 ආයතයේ 25 වැනි පාද සටහන බලන්න.
4‘මජූස්වරුන්’ යනු අග්නි වන්දනා කරුවන්ය.
أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَسْجُدُ لَهُ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ وَالشَّمْسُ وَالْقَمَرُ وَالنُّجُومُ وَالْجِبَالُ وَالشَّجَرُ وَالدَّوَابُّ وَكَثِيرٌ مِّنَ النَّاسِ ۖ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ الْعَذَابُ ۗ وَمَن يُهِنِ اللَّهُ فَمَا لَهُ مِن مُّكْرِمٍ ۚ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يَشَاءُ ۩
අල්ලාහ්, ඔහුට අහස්හි සිටින අය ද මිහිතලයෙහි සිටින අය ද හිරු ද සඳු ද තරු ද කඳු ද ගස් ද ජීවීන් ද මිනිසුන් අතුරින් බොහෝ දෙනෙකු ද සුජූද් කරන බව නුඹ නොදුටුවෙහි ද? තවත් (ප්රතික්ෂේපකයින්) බොහෝ දෙනෙකු, ඔවුන් කෙරෙහි දඬුවම නියම විය. තවද අල්ලාහ් කවරෙකුව අවමන් කළේ ද ඔහුට ගෞරවය ලබා දෙන්නෙකු නැත. සැබැවින්ම අල්ලාහ් අභිමත කරන දෑ කරන්නේය.
5මෙය සුජූද් කළ යුතු ආයතයකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:206 හි පාද සටහන බලන්න.
هَـٰذَانِ خَصْمَانِ اخْتَصَمُوا فِي رَبِّهِمْ ۖ فَالَّذِينَ كَفَرُوا قُطِّعَتْ لَهُمْ ثِيَابٌ مِّن نَّارٍ يُصَبُّ مِن فَوْقِ رُءُوسِهِمُ الْحَمِيمُ
(විශ්වාසිකයින් හා ප්රතික්ෂේපකයින් වන) මොවුන් දෙදෙනා තම පරමාධිපතිගේ විෂයෙහි තර්ක කළ තාර්කිකයන් දෙදෙනෙකි. එබැවින් ප්රතික්ෂේප කළවුන්, (නිරයෙහි) ඔවුනට ගින්නෙන් වූ වස්ත්රයක් කපා වෙන් කර තබනු ලැබීය. ඔවුන්ගේ හිසට උඩින් (උතුරන) උණු ජලය වක් කරනු ලැබේ.
يُصْهَرُ بِهِ مَا فِي بُطُونِهِمْ وَالْجُلُودُ
එමගින් ඔවුන්ගේ කුස තුළ ඇති දෑ ද (ඔවුන්ගේ) හම් ද (උණු වී) දිය වනු ඇත.
وَلَهُم مَّقَامِعُ مِنْ حَدِيدٍ
තවද යකඩින් වූ යෂ්ටි (පහර) ඔවුන් වෙනුවෙන් ඇත.
كُلَّمَا أَرَادُوا أَن يَخْرُجُوا مِنْهَا مِنْ غَمٍّ أُعِيدُوا فِيهَا وَذُوقُوا عَذَابَ الْحَرِيقِ
දුකින් එයින්(නිරයෙන්) ඔවුන් බැහැරවන්නට සිතූ සෑම මොහොතකම ඔවුන්ව එහි නැවත යොමු කරනු ලැබ “තවද නුඹලා ඇවිලෙන ගින්නේ දඬුවම රස විඳිවු.” (යැයි පවසනු ලැබේ.)
إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَلُؤْلُؤًا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ
සැබැවින්ම අල්ලාහ් විශ්වාස කර යහකම් කළවුන්ව (ස්වර්ග) උයන් වලට ඇතුළු කරන්නේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. රනින් වූ වළලු වලින් ද මුතු ද ඔවුනට එහි පලඳවනු ලැබේ. තවද එහි ඔවුන්ගේ වස්ත්රය සේද(වලින් යුක්ත)ය.
وَهُدُوا إِلَى الطَّيِّبِ مِنَ الْقَوْلِ وَهُدُوا إِلَىٰ صِرَاطِ الْحَمِيدِ
තවද ඔවුහු (දේව විශ්වාසයට අයත්) වදන වන යහ දෑ වෙත මග පෙන්වනු ලැබූහ. තවද ඔවුහු සර්ව ප්රශංසාලාභී( අල්ලාහ්)ගේ මාර්ගය වෙත මග පෙන්වනු ලැබූහ.
إِنَّ الَّذِينَ كَفَرُوا وَيَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ وَالْمَسْجِدِ الْحَرَامِ الَّذِي جَعَلْنَاهُ لِلنَّاسِ سَوَاءً الْعَاكِفُ فِيهِ وَالْبَادِ ۚ وَمَن يُرِدْ فِيهِ بِإِلْحَادٍ بِظُلْمٍ نُّذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍ
සැබැවින්ම ප්රතික්ෂේප කර අල්ලාහ්ගේ මාර්ගයෙන් ද මිනිසුන් වෙනුවෙන් අපි එ(ම මස්ජිදුල් හරාම)ය පත් කර එහි නේවාසිකව හා ආගන්තුකව සිටින අයට එක සමානව තිබෙන්නා වූ (මක්කාවේ දේවස්ථානය වූ) මස්ජිදුල් හරාමයෙන් ද වළක්වන අයට (අපගේ දඬුවම ඇත්තේ)ය. තවද කවරෙකු එහි අපරාධයක් මගින් (අසත්යය වෙත) නැඹුරු වීමට අපේක්ෂා කරන්නේ ද ඔහුට වේදනීය දඬුවමක් රස විඳීමට සලස්වන්නෙමු.
6‘මස්ජිදුල් හරමය’ නැමැති දේවස්ථානය කිසිවෙකුගේ හෝ පෞද්ගලික ස්ථානයක් නොව. සෑම මුස්ලිම්වරයෙකුටම මෙහි එක සමාන අයිතිවාසිකමක් ඇත. එබැවින් මක්කාවේ වෙසෙන්නන්ට ද විදේශිකයින්ට ද එහි සමාන අයිතිවාසිකමක් ඇත යනුවෙන් මෙයින් අදහස් වේ.
وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَن لَّا تُشْرِكْ بِي شَيْئًا وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ
(නබිවරය, අපගේ) නිවසේ ස්ථානය(කඃබාව) අපි ඉබ්රාහීම්ට පවරා “මට කිසිවකින් ආදේශ නොතබවු. තවාෆ් (නම් කඃබාව වටා ප්රදක්ෂිණ) කරන්නන් සඳහා ද (සලාතය සඳහා) සිටගෙන සිටින්නන් සඳහා ද රුකූඃ කරන්නන් සඳහා ද සුජූද් කරන්නන් සඳහා ද මාගේ නිවස නුඹ පවිත්ර කරවු” (යැයි පවසූ) අවස්ථාව (නුඹ සිහිපත් කරවු.)
وَأَذِّن فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَىٰ كُلِّ ضَامِرٍ يَأْتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٍ
තවද (අල්ලාහ් ඉබ්රාහීම්ට මෙසේ පැවසුවේය) “නුඹ ජනයා අතර හජ් පිළිබඳව නිවේදනය කරවු. ඔවුහු නුඹ වෙත ඇවිදිමින් ද සෑම දුර බැහැර මාර්ගයකින්ම පැමිණෙන්නා වූ සෑම (වර්ගයකම) කැහැටු ඔටුවන් මත ද පැමිණෙති.
لِّيَشْهَدُوا مَنَافِعَ لَهُمْ وَيَذْكُرُوا اسْمَ اللَّهِ فِي أَيَّامٍ مَّعْلُومَاتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّن بَهِيمَةِ الْأَنْعَامِ ۖ فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْبَائِسَ الْفَقِيرَ
(මෙලොව හා මතු ලොව) ඔවුන් සතු ප්රයෝජනයන් ඔවුන් දැක ගනු පිණිස ද පශු කුලයට අයත් සතුන්ගෙන් ඔහු(අල්ලාහ්) ඔවුනට (ආහාරය සඳහා) පිරිනැමූ දෑ වෙනුවෙන් (නියමිත වූ,) දැන ගනු ලැබූ දිනයන්හි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිස ද (ඔවුන් පැමිණෙන්නෝ)ය. එබැවින් නුඹලා එයින් අනුභව කරවු. තවද දුක් විඳින දිළින්දන්ටත් (එයින්) ආහාර ලබා දෙවු.”
ثُمَّ لْيَقْضُوا تَفَثَهُمْ وَلْيُوفُوا نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ
පසුව ඔවුන් තමන්ගේ අපිරිසුදු දෑ ඉවත් කර ගත යුතුය. ඔවුන් තමන්ගේ භාරයන් ඉටු කළ යුතුය. තවද ඔවුන් අති පූර්ව නිවස තවාෆ් (නම් කඃබාව ප්රදක්ෂිණ) කළ යුතුය.
7‘පසුව ඔවුන් තමන්ගේ අපිරිසුදු දෑ ඉවත් කර ගත යුතුය.’ යනුවෙන් අදහස් කරන්නේ හජ් වන්දනාව අවසන් කිරීම සඳහා හිස බූ ගා ඉහ්රාම් නැමැති තත්ත්වයෙන් මිදිය යුතුය යන අරුතයි.
ذَٰلِكَ وَمَن يُعَظِّمْ حُرُمَاتِ اللَّهِ فَهُوَ خَيْرٌ لَّهُ عِندَ رَبِّهِ ۗ وَأُحِلَّتْ لَكُمُ الْأَنْعَامُ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ ۖ فَاجْتَنِبُوا الرِّجْسَ مِنَ الْأَوْثَانِ وَاجْتَنِبُوا قَوْلَ الزُّورِ
(ජනයින්ට අල්ලාහ් නියෝගය කරනුයේ) මෙයයි. අල්ලාහ්ගේ ගෞරවනීය දෑ කවරෙකු ගරු කරන්නේද එය ඔහුගේ පරමාධිපති අබියස ඔහුට යහපත් වන්නේය. තවද නුඹලා කෙරෙහි (අල් කුර්ආනයෙන්) පාරායනය කර පෙන්වනු ලැබූ දෑ හැර පශු කුලයට අයත් සතුන් නුඹලාට අනුමත කරන ලදී. එබැවින් නුඹලා පිළිමයන් වන අපිරිසිදු දැයින් වැළකෙවු. තවද අසත්ය වදනින් ද වැළකෙවු.
8මෙහි ‘පාරායනය කර පෙන්වනු ලැබූ දෑ’ පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 5:3 වැනි ආයතය බලන්න.
حُنَفَاءَ لِلَّهِ غَيْرَ مُشْرِكِينَ بِهِ ۚ وَمَن يُشْرِكْ بِاللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ السَّمَاءِ فَتَخْطَفُهُ الطَّيْرُ أَوْ تَهْوِي بِهِ الرِّيحُ فِي مَكَانٍ سَحِيقٍ
අල්ලාහ්ට නැඹුරුවෙමින් (කිසිවක්) ඔහුට ආදේශ නොකරන්නන් ලෙස (නුඹලා සිටිය යුතු)ය. තවද කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද ඔහු අහසින් වැටී පක්ෂීන් ඔහුව ඩැහැගෙන ගිය අයෙකු මෙන් හෝ සුළඟ ඔහුව ඈත ප්රදේශයකට ගෙන ගිය අයෙකු මෙන් වන්නේය.
9“කවුරුන් ‘ඊමාන්’ නම් විශ්වාසික උසස් තත්ත්වයෙන් බැහැර වී කුෆ්ර් නම් ප්රතික්ෂේපයට වැටෙන්නේ ද මොහුව ෂෙයිතාන් අතික්රමණය කර අල්ලාහ්ගෙන් දුරස්ථ කරනු ඇත. නැතහොත් මොහුගේ මනෝඉච්ඡාව මගින් මොහු අල්ලාහ්ගෙන් දුරස්ථ කරනු ලැබේ” යන්න මෙම ආයතයෙහි අදහසයි.
ذَٰلِكَ وَمَن يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِن تَقْوَى الْقُلُوبِ
(ජනයින්ට අල්ලාහ් නියෝගය කරනුයේ) මෙයයි. කවරෙකු අල්ලාහ්ට අයත් (දහමෙහි) සලකුණු ගරු කරන්නේද සැබැවින්ම එය හදවත්හි (ඇති) බිය භක්තිමත්භාවයෙනි.
لَكُمْ فِيهَا مَنَافِعُ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ثُمَّ مَحِلُّهَا إِلَى الْبَيْتِ الْعَتِيقِ
නුඹලාට එ(ම පශු කුලයට අයත් සතුන්)හි නියම කරනු ලැබූ කාලයක් දක්වා ප්රයෝජනයන් ඇත. පසුව උන්ගේ කැප කිරීමේ ස්ථානය (කඃබාව නම්) ඉතා පූර්ව නිවස වෙතය.-
وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا لِّيَذْكُرُوا اسْمَ اللَّهِ عَلَىٰ مَا رَزَقَهُم مِّن بَهِيمَةِ الْأَنْعَامِ ۗ فَإِلَـٰهُكُمْ إِلَـٰهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُوا ۗ وَبَشِّرِ الْمُخْبِتِينَ
පශු කුලයට අයත් සතුන්ගෙන් ඔහු(අල්ලාහ්) ඔවුනට (ආහාරය සඳහා) පිරිනැමූ දෑ වෙනුවෙන් අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිස සෑම ප්රජාවකටම (ආගමික) පිළිවෙතක් ලෙස අපි (එම කැපකිරීම) පත් කළෙමු. තවද නුඹලාගේ දෙවියන් එකම දෙවියන්ය. එබැවින් නුඹලා ඔහුට අවනත වවු. (නබිවරය, අවනත වී) යටහත්ව කටයුතු කරන්නන්ට ශූභාරංචි දෙවු.
الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَالصَّابِرِينَ عَلَىٰ مَا أَصَابَهُمْ وَالْمُقِيمِي الصَّلَاةِ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ
ඔවුහු කවුරුන්ද යත් අල්ලාහ්ව මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තැති ගන්නන්ය. තවද (පිරික්සුමෙන්) ඔවුන්ට අත්වන දෑ කෙරෙහි ඉවසා දරා ගන්නන්ය. තවද සලාතය ස්ථාපිත කරන්නන්ය. තවද අපි ඔවුනට පිරිනැමූ දැයින් (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කරන්නන්ය.
وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُم مِّن شَعَائِرِ اللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ ۖ فَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهَا صَوَافَّ ۖ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْقَانِعَ وَالْمُعْتَرَّ ۚ كَذَٰلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
තවද ඔටුවන්, අපි උන්ව නුඹලාට අල්ලාහ්ගේ සලකුණු බවට පත් කළෙමු. නුඹලාට ඒවායෙහි යහපතක් ඇත. එබැවින් (උන්ව කැප කිරීම සඳහා) පෙළට ගස්වා තිබිය දී උන් කෙරෙහි නුඹලා අල්ලාහ්ගේ නාමය සිහිපත් කරවු. (උන්ව කැප කිරීමෙන් පසු) උන්ගේ (ඉළ ඇට) පෙදෙස් වැටුණු විට නුඹලා ඉන් අනුභව කරවු. තවද සෑහීමට පත්වන්නාට හා අවශ්යතාව ඇත්තාට (ඒවායින්) ආහාර (වශයෙන්) ලබා දෙවු. මෙලෙසය නුඹලා කෘතඥ වනු පිණිස අපි ඒවා නුඹලාට වසඟ කර දුන්නේ.
10“සෑහීමට පත්වන්නා” යනු තමන්ට අවශ්යතාවක් තිබිය දී වුවද අන් අයගෙන් අත නොපා සිටින්නාය. “අවශ්යතාව ඇත්තා” යනු තමන්ට අවශ්යතාව ඇති අතර අන් අයගෙන් උදව් බලාපොරොත්තු වන්නාය.
لَن يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَـٰكِن يَنَالُهُ التَّقْوَىٰ مِنكُمْ ۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللَّهَ عَلَىٰ مَا هَدَاكُمْ ۗ وَبَشِّرِ الْمُحْسِنِينَ
උන්ගේ මාංශ ද උන්ගේ රුධිරය ද අල්ලාහ් වෙත ළඟා නොවන්නේමය. නමුත් නුඹලා අතුරින් වූ බිය භක්තිමත්භාවය ඔහු වෙත ළඟා වන්නේය. මෙලෙසය නුඹලාට අල්ලාහ් යහමග පෙන් වූ බැවින් ඔහුව (අල්ලාහු අක්බර් යැයි පවසමින්) ශ්රේෂ්ඨත්වයට පත් කරනු පිණිස නුඹලාට ඔහු ඒවා වසඟ කර දුන්නේ. තවද (නබිවරය,) නුඹ යහපත කරන්නන්ට ශුභාරංචි දෙවු.-
إِنَّ اللَّهَ يُدَافِعُ عَنِ الَّذِينَ آمَنُوا ۗ إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍ كَفُورٍ
සැබැවින්ම අල්ලාහ් විශ්වාස කළවුන්ව (ප්රතික්ෂේපකයින්ගේ හිංසාවෙන්) ආරක්ෂා කරන්නේය. සැබැවින්ම අල්ලාහ් සියලු අකෘතඥ ද්රෝහීන්ව ප්රිය නොකරන්නේය.
أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا ۚ وَإِنَّ اللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ
(ප්රතික්ෂේපකයින් කවුරුන් සමග සටන් කළේද එම) සටන් කිරීමට ලක් වූවන් හට ඔවුන් අපරාධයට ලක් වූ හේතුවෙන් (සටන් වැදීමට) අනුමැතිය දෙන ලදී. තවද සැබැවින්ම අල්ලාහ් ඔවුන්ට (ජයග්රහණය පිණිස) උදව් කිරීම කෙරෙහි අති බලසම්පන්නය.
الَّذِينَ أُخْرِجُوا مِن دِيَارِهِم بِغَيْرِ حَقٍّ إِلَّا أَن يَقُولُوا رَبُّنَا اللَّهُ ۗ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا ۗ وَلَيَنصُرَنَّ اللَّهُ مَن يَنصُرُهُ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ
(ඔවුන්) කවුරුන්ද යත් “අපගේ පරමාධිපති අල්ලාහ්ය” යැයි ඔවුන් පැවසීම හේතුවෙන්ම කිසිදු යුක්තියකින් තොරව ඔවුන්ගේ නිවෙස් වලින් ඔවුන්ව බැහැර කරනු ලැබූවන්ය. අල්ලාහ් ජනයින්ව, (එනම්) ඔවුන්ගෙන් (අපරාධකරන්නන්) සමහරෙකුව තවත් සමහරෙකු (සටන් කිරීම) මගින් නොවැළැක් වූයේ නම් අල්ලාහ්ගේ නාමය අධික ලෙස මෙනෙහි කරනු ලබන ආශ්රමයන් ද (කිතුනු) දේවස්ථාන ද (යුදෙව්වන්ගේ) සම්මුති ශාලා ද මස්ජිදයන් ද කඩා දමනු ලබන්නට තිබිණ. අල්ලාහ් තමන්(ගේ දහම)ට උදව් කරනන්නාට සැබැවින්ම උදව් කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් සර්ව ශක්ති සම්පන්නය අති බලසම්පන්නය.
11මිථ්යා විශ්වාසිකයින් සෑම අවස්ථාවක දීම සැබෑ දහම අදහන්නන්ට හිරිහැර කරන්නට වූහ. මොවුන්ට එරෙහි වීමට අල්ලාහ් මෙම ආයතය මගින් අනුමත කොට ඇත. මෙවැනි අනුමැතියක් නොදී තිබුණා නම් ඕනෑම දේවස්ථානයක් විනාශ වන්නට තිබිණ.
الَّذِينَ إِن مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنكَرِ ۗ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ
(ඔවුහු) කවුරුන්ද යත් අපි ඔවුනට මිහිතලයෙහි ආධිපත්යය ලබා දුන්නේ නම් ඔවුන් සලාතය ස්ථාපිත කර zසකාතය ද පිරිනමා (ජනයාට) යහපත අණ කර අයහපතින් වළක්වන්නෝය. තවද (සියලු) කරුණු වල අවසානය අල්ලාහ්ට හිමිය.
وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَثَمُودُ
(නබිවරය, ප්රතික්ෂේපිත) ඔවුහු නුඹව අසත්යය කරන්නේ නම් (එය අලුත් දෙයක් නොවේ. මන්දයත්) සැබැවින්ම ඔවුනට පෙර වූ නූහ්ගේ ජනයා ද ආද් (සමූහයා) ද සමූද් (සමූහයා) ද (ඔවුන්ගේ නබිවරුන්ව) අසත්යය කළෝය.
وَقَوْمُ إِبْرَاهِيمَ وَقَوْمُ لُوطٍ
තවද ඉබ්රාහීම්ගේ ජනයා ද ලූත්ගේ ජනයා ද (අසත්යය කළෝය.)
وَأَصْحَابُ مَدْيَنَ ۖ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَافِرِينَ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ
තවද මද්යන් වැසියන් ද (අසත්ය කළෝය.) තවද මූසා ද අසත්යය කරනු ලැබීය. එබැවින් මම ප්රතික්ෂේපකයින්ට අවකාශයක් දුන්නෙමි. පසුව ඔවුන්ව මම (දඬුවමින්) ග්රහණය කළෙමි. එවිට මාගේ (දඬුවමින් වූ) නින්දාව කෙසේ වී ද!
فَكَأَيِّن مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا وَهِيَ ظَالِمَةٌ فَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئْرٍ مُّعَطَّلَةٍ وَقَصْرٍ مَّشِيدٍ
කොපමණ ගම්මානයන් ඒවා (එහි සිටින ජනයින් විසින්) අපරාධ කරමින් තිබිය දී අපි විනාශ කර දැමුවෙමු ද? එබැවින් ඒවා ඒවායෙහි වහලයන් මත කඩා වැටී (විනාශ වී) තිබුණේය. තවද අත හැර දමන ලද ළිං මත ද උසට තැනූ මන්දිරයන් මත ද (කඩා වැටී විනාශ වී තිබුණේ)ය.
أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا ۖ فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَـٰكِن تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ
ඔවුහු මිහිතලයේ ගමන් නොකළෝද? එබැවින් ඔවුනට අවබෝධය කරගන්නා හදවත් ද සවන් දෙන කන් ද ඇති වීමට තිබුණි. සැබැවින්ම එම විෂය නම් (ඔවුන්ගේ) නෙත් අන්ධ නොවී තිබුණි. නමුත් අන්ධ වූයේ ළය තුළ ඇති හදවත්ය.
وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَلَن يُخْلِفَ اللَّهُ وَعْدَهُ ۚ وَإِنَّ يَوْمًا عِندَ رَبِّكَ كَأَلْفِ سَنَةٍ مِّمَّا تَعُدُّونَ
තවද දඬුවම ඉක්මන් කරනු’යි ඔවුහු නුඹගෙන් පතන්නෝය. තවද අල්ලාහ් තම ප්රතිඥාව කඩ නොකරන්නේමය. තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති අබියස වූ දිනක් නුඹලා ගණන් කරන දැයින්(දින ගණනින්) වසර දහසක් මෙනි.
وَكَأَيِّن مِّن قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِيَ ظَالِمَةٌ ثُمَّ أَخَذْتُهَا وَإِلَيَّ الْمَصِيرُ
කොපමණ ගම්මානයන් ඒවා(හි සිටින ජනයින් විසින්) අපරාධ කරමින් තිබිය දී මම ඒවා(යෙහි සිටින වැසියන්)ට අවකාශයක් දුන්නෙම් ද? පසුව මම ඒවා (දඬුවමින්) ග්රහණය කළෙමි. තවද (ඔවුන්) අවසානයෙහි යොමු වන ස්ථානය මා වෙතමය.
قُلْ يَا أَيُّهَا النَّاسُ إِنَّمَا أَنَا لَكُمْ نَذِيرٌ مُّبِينٌ
(නබිවරය,) පවසවු “ජනයිනි, සැබැවින්ම මම නුඹලාට පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.”
فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
එබැවින් විශ්වාස කර යහකම් කළවුන්, ඔවුනට පාප ක්ෂමාව ද ගෞරවනීය සම්පතක් ද හිමිය.