الم
අලිෆ්.ලාම්.මීම්.
1මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 හි පාද සටහන බලන්න.
أَحَسِبَ النَّاسُ أَن يُتْرَكُوا أَن يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ
(නබිවරය,) මිනිසුන් “අපි විශ්වාස කළෙමු” යැයි පැවසූ හේතුවෙන් (පමණක් ඔවුන් අල්ලාහ්ගේ) පිරික්සුමට ලක් කරනු නොලැබ අත හැර දමනු ඇතැ’යි ඔවුන් සිතන්නේ ද?
وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ
සැබැවින්ම ඔවුනට පෙර සිටියවුන්ව ද අපි පිරික්සුමට ලක් කළෙමු. සැබැවින්ම (විශ්වාසය පිළිබඳව) සත්යය පැවසූවන්ව අල්ලාහ් මැනවින් දන්නේය. තවද අසත්යවාදීන්ව ද අල්ලාහ් මැනවින් දන්නේය.
أَمْ حَسِبَ الَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ أَن يَسْبِقُونَا ۚ سَاءَ مَا يَحْكُمُونَ
එහෙත් නපුරුකම් කළවුන් අපව (දඬුවමින්) අබිබවා යන්නේ යැයි සිතන්නේ ද? ඔවුන් තීන්දු කරන දේ නපුරු විය.
مَن كَانَ يَرْجُو لِقَاءَ اللَّهِ فَإِنَّ أَجَلَ اللَّهِ لَآتٍ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
කවරෙකු අල්ලාහ්ගේ හමුවීම අපේක්ෂා කරමින් සිටින්නේ ද? (ඔහු ඒ සඳහා සූදානම් විය යුතුය. මන්දයත්) සැබැවින්ම (ඒ සඳහා වූ) අල්ලාහ්ගේ කාල වේලාව පැමිණෙන්නක්ය. තවද ඔහු සර්ව ශ්රාවකය සර්වඥය.
وَمَن جَاهَدَ فَإِنَّمَا يُجَاهِدُ لِنَفْسِهِ ۚ إِنَّ اللَّهَ لَغَنِيٌّ عَنِ الْعَالَمِينَ
තවද කවරෙකු (තම දහමෙහි) වෙහෙස දරන්නේ ද ඔහු වෙහෙස දරන්නේ ඔහු වෙනුවෙන්මය. සැබැවින්ම අල්ලාහ් සමස්ත විශ්වයාගෙන් සර්ව පොහොසත්ය.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَنَجْزِيَنَّهُمْ أَحْسَنَ الَّذِي كَانُوا يَعْمَلُونَ
තවද විශ්වාස කොට යහකම් කළවුන් නම් සැබැවින්ම අපි ඔවුන්ගේ වැරදි ශෝධනය කරන්නෙමු. තවද ඔවුන් කරමින් සිටි ඉතා යහ දැය සඳහා සැබැවින්ම අපි ඔවුනට ප්රතිඵල ලබා දෙන්නෙමු.
وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ حُسْنًا ۖ وَإِن جَاهَدَاكَ لِتُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا ۚ إِلَيَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ
තවද තම දෙමාපියන්ට යහපත කරන මෙන් අපි මිනිසාට උපදෙස් කළෙමු. නුඹට දැනුමක් නොමැති යමක්(දෙවියෙක්ව) මා හට ආදේශ තබන්නැ’යි ඔවුන් දෙදෙනා නුඹට බල කරන්නේ නම් (එවන් කටයුත්තක දී) ඔවුන් දෙදෙනාට අවනත නොවවු. නුඹලාගේ නැවත පැමිණීම මා වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව නුඹලාට මා දන්වන්නෙමි.
2මෙම ආයතය පහළ වූයේ සඃද් ඉබ්නු අබී වක්කාස් තුමාණන් පසුබිම් කරගෙනය. එනම් ඔහු ඉස්ලාමය වැලඳ ගත් විට ඔහුගේ මව එයට එකඟ නොවී ඔහුට බාධා කළාය. තවද ඔහු ඉස්ලාමය අත් හරින තුරු ආහාර අනුභව නොකරනවා යැයි ඇය පැවසුවාය. තම මවට ගරු කරන සඃද් තුමාණන්ට මෙය ශෝකයක් හා ව්යාකූල තත්ත්වයක් ගෙන එන්නක් විය. මේ පිළිබඳව ඔහු නබි මුහම්මද් තුමාණන්ට පැවසූ මොහොතේ දී මෙම ආයතය පහළ වූයේ යැයි නොයෙකුත් වාර්තාවන්හි සඳහන් වී ඇත. එනම් අල්ලාහ්ට අකීකරු වන කරුණක පමණක් දෙමාපියන්ට අවනත විය යුතු නොවේ යැයි මෙම ආයතය මගින් පැහැදිලි කර ඇත.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُدْخِلَنَّهُمْ فِي الصَّالِحِينَ
තවද විශ්වාස කොට යහකම් කළවුන් නම් සැබැවින්ම අපි ඔවුන්ව (ස්වර්ගයෙහි) දැහැමියන් අතරට ඇතුළත් කරන්නෙමු.
وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللَّهِ فَإِذَا أُوذِيَ فِي اللَّهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللَّهِ وَلَئِن جَاءَ نَصْرٌ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ ۚ أَوَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِمَا فِي صُدُورِ الْعَالَمِينَ
(නබිවරය,) “අපි අල්ලාහ්ව විශ්වාස කළෙමු” යැයි පවසන්නන් ද මිනිසුන් අතුරින් වෙති. (නමුත්) අල්ලාහ්ගේ (දහම) විෂයෙහි ඔවුන් හිංසාවට ලක් වන විට (ඇති වන්නා වූ) මිනිසුන්ගේ ව්යසනය(හිරිහැරය) අල්ලාහ්ගේ දඬුවමක් බව සිතති. තවද නුඹගේ පරමාධිපතිගෙන් උදව් උපකාර (විශ්වාසික නුඹලාහට) පැමිණියේ නම් “සැබැවින්ම නුඹලා සමගම අපි සිටියෙමු” යැයි ඔවුහු පවසන්නෝමය. සියලු ලෝ වැසියන්ගේ හදවත්හි ඇති දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නා නොවේ ද?
3මෙයින් අදහස් කරන්නේ ආත්ම වංචනිකයින් හෙවත් මුනාෆික්වරුන් පිළිබඳව යැයි ඇතැම් අල් කුර්ආන් විග්රාහයකයින් පවසා ඇත. එනම් මුස්ලිම්වරුන්ට යම් යහපතක් ඇති වුවහොත් එහි වාසිය තමන්ට ද ලැබිය යුතු බැවින් මොවුන් මුස්ලිම්වරුන් සමග සිටින්නෝය. එහෙත් මුස්ලිම්වරුන්ට යම් අයහපත් තත්ත්වයක් ඇති වූ විට ඔවුන් එය ඉවසා දරා නොගන්නෝය.
4එනම් මෙම ආත්ම වංචනිකයින්ගේ හදවත්හි ඇත්තේ සත්යය විශ්වාසය ද නැතහොත් කුහක බව ද යන්න අල්ලාහ් මනාව දන්නා බවයි.
وَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ آمَنُوا وَلَيَعْلَمَنَّ الْمُنَافِقِينَ
සැබැවින්ම විශ්වාස කළවුන්ව අල්ලාහ් මැනවින් දන්නේය. තවද කුහකයින්ව ද අල්ලාහ් මැනවින් දන්නේය.
وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا اتَّبِعُوا سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَايَاكُمْ وَمَا هُم بِحَامِلِينَ مِنْ خَطَايَاهُم مِّن شَيْءٍ ۖ إِنَّهُمْ لَكَاذِبُونَ
“අපගේ මාර්ගය නුඹලා පිළිපදිවු. තවද නුඹලාගේ පාපයන් අපි උසුලන්නෙමු” යැයි ප්රතික්ෂේප කළවුන් විශ්වාස කළවුනට පවසති. (නමුත්) මොවුන්ගේ පාපයන් කිසිවක් (ප්රතික්ෂේපක) ඔවුන් උසුලන්නන් නොවෙති. සැබැවින්ම ඔවුන් අසත්යය පවසන්නන්මය.
وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًا مَّعَ أَثْقَالِهِمْ ۖ وَلَيُسْأَلُنَّ يَوْمَ الْقِيَامَةِ عَمَّا كَانُوا يَفْتَرُونَ
සැබැවින්ම ඔවුන් තම (පාපයන්හි) බර ද තවද තම (පාපයන්හි) බර සමග තවත් බර ද උසුලන්නෝමය. ඔවුන් (බොරු) ගොතමින් සිටි දෑ පිළිබඳව (මළවුන්) නැගිටුවනු ලබන දින සැබැවින්ම ඔවුන් විමසනු ලබන්නෝමය.
5කෙනෙකු පාපයක නියැළුනේ නම් ඔහු එම පවෙහි බර මරණින් පසු උසුලනු ඇති අතර මොහු හේතුවෙන් වෙනත් අයෙකු පාපයක නියැළී ඇත්තේ නම් එම පවෙහි කොටසක් ද මොහු ඉසිලිය යුතුය. මෙම ආයතයෙහි “තවත් බර ද” යනුවෙන් අදහස් කරන්නේ මෙයයි.
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ
සැබැවින්ම අපි නූහ්ව ඔහුගේ ජනයා වෙත එව්වෙමු. ඔහු වසර දහසකින් වසර පනහක් හැර (එනම් වසර නවසිය පනහක්) ඔවුන් අතරෙහි රැඳී සිටියේය. ඔවුන් අපරාධකරුවන්ව සිටිය දී මහා ජල ගැල්මක් ඔවුන්ව හසු කර ගත්තේය.
6මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 11:25-48 , 23:23-29 යන ආයතයන් බලන්න.
فَأَنجَيْنَاهُ وَأَصْحَابَ السَّفِينَةِ وَجَعَلْنَاهَا آيَةً لِّلْعَالَمِينَ
එබැවින් ඔහුව ද (ඔහුව විශ්වාස කළ) නැවෙහි සගයින්ව ද අපි (එම මහා ජල ගැල්මෙන්) ආරක්ෂා කළෙමු. මෙය ලෝවැසියන්ට සංඥාවක් බවට පත් කළෙමු.
وَإِبْرَاهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ ۖ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
තවද ඉබ්රාහීම්ව ද (ඔහුගේ ජනයා වෙත අපි එව්වෙමු.) ඔහු තම ජනයාට (මෙසේ) පැවසූ අවස්ථාව (සිහිපත් කරවු). “නුඹලා අල්ලාහ්ව නමදිවු. තවද ඔහුට බිය භක්තිමත් වවු. (පිළිරූ වන්දනයට වඩා අල්ලාහ්ව පමණක් නැමදීම සත්යය හා උසස් බව) නුඹලා දන්නෙහු නම් එය නුඹලාට යහපත් වන්නේය.
إِنَّمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ أَوْثَانًا وَتَخْلُقُونَ إِفْكًا ۚ إِنَّ الَّذِينَ تَعْبُدُونَ مِن دُونِ اللَّهِ لَا يَمْلِكُونَ لَكُمْ رِزْقًا فَابْتَغُوا عِندَ اللَّهِ الرِّزْقَ وَاعْبُدُوهُ وَاشْكُرُوا لَهُ ۖ إِلَيْهِ تُرْجَعُونَ
සැබැවින්ම නුඹලා අල්ලාහ් හැර නමදිනුයේ පිළිරූ වලටමය. තවද (ඒවා අල්ලාහ්ගේ සමානයන් බවට) නුඹලා අසත්යයක් මවා ගන්නෙහුය. සැබැවින්ම අල්ලාහ් හැර නුඹලා නමදින අය (පිළිබඳව) නම් ඔවුහු නුඹලාට ජීවන සම්පත් සැපයීමට හිමිකමක් නොදරන්නෝය. එබැවින් නුඹලා අල්ලාහ් අබියසම ජීවන සම්පත් සොයවු. තවද නුඹලා ඔහුට නැමදුම් කරවු. තවද නුඹලා ඔහුට කෘතඥ වවු. (මන්දයත් මරණින් පසු) නුඹලා නැවත හරවනු ලබනුයේ ඔහු වෙතමය.
وَإِن تُكَذِّبُوا فَقَدْ كَذَّبَ أُمَمٌ مِّن قَبْلِكُمْ ۖ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ
(ප්රතික්ෂේපකයිනි,) තවද නුඹලා (මා) අසත්යය කරන්නේ නම් (එයින් මා හට කිසිදු ආපදාවක් නැත. මන්දයත්) නුඹලාට පෙර වූ සමූහයන් ද (තම රසූල්වරුන්ව) අසත්යය කළෝය. තවද (දේව පණිවිඩය) පැහැදිලි වූ ප්රචාරය කිරීම මිස රසූල්වරයා කෙරෙහි වෙනත් (වගකීම්) කිසිවක් නොමැත.”
أَوَلَمْ يَرَوْا كَيْفَ يُبْدِئُ اللَّهُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ
අල්ලාහ් (විසින්) මැවුම් කවර අයුරින් (පෙර නිදසුනකින් තොරව) උත්පාදනය කළේ දැයි ඔවුන් නුදුටුවේ ද? අනතුරුව (මරණින් පසු නැවත නැගිටු වන දිනයෙහි) ඔහු ඒවා පුනරුත්පාදනය කරන්නේය. සැබැවින්ම එය අල්ලාහ් කෙරෙහි පහසු කාර්යයකි.
قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ۚ ثُمَّ اللَّهُ يُنشِئُ النَّشْأَةَ الْآخِرَةَ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
(නබිවරය,) “මිහිතලයේ නුඹලා සැරිසරවු. ඔහු මැවුම් (පෙර නිදසුනකින් තොරව) උත්පාදනය (කර පෙර විසූවන්ව මරණයට පත්) කළේ කෙසේ දැ’යි නිරීක්ෂා කර බලවු. අනතුරුව අල්ලාහ් තවත් නිර්මාණයක් නිර්මාණය කරන්නේය. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්න” යැයි පවසවු.
7අල්ලාහ්ට විනිශ්චය සඳහා මිනිසාට නැවතත් පණ දිය නොහැකි යැයි ප්රතික්ෂේපකයින් තර්ක කළෝය. මෙම ආයතයෙන් පවසන්නේ විශ්වය ඇතුළු සියලු මැවුම් පෙර නිදසුනකින් තොරව උත්පාදනය කළ අල්ලාහ්ට මිනිසාට විනිශ්චය සඳහා නැවත ප්රාණය දීම එයටත් වඩා පහසු දෙයක් බවය.
يُعَذِّبُ مَن يَشَاءُ وَيَرْحَمُ مَن يَشَاءُ ۖ وَإِلَيْهِ تُقْلَبُونَ
තමන් අභිමත කරන්නාට ඔහු දඬුවම් දෙන්නේය. තමන් අභිමත කරන්නාට ඔහු කරුණාව දක්වන්නේය. තවද ඔහු වෙතය නුඹලා නැවත පෙරළා එනු ලබනුයේ.
وَمَا أَنتُم بِمُعْجِزِينَ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ ۖ وَمَا لَكُم مِّن دُونِ اللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ
(ප්රතික්ෂේපකයිනි,) මිහිතලයේ ද අහසේ ද නුඹලා (අල්ලාහ්ව පරාජය කර ඔහුව) නොහැකියාවට පත් කරන්නන් නොවන්නෙහුය. තවද අල්ලාහ් හැර නුඹලාට උදවුකරුවෙකු ද භාරකරුවෙකු ද නොමැත.
وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ وَلِقَائِهِ أُولَـٰئِكَ يَئِسُوا مِن رَّحْمَتِي وَأُولَـٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
තවද අල්ලාහ්ගේ වදන් හා (මරණින් මතුව) ඔහුව හමුවීම ප්රතික්ෂේප කළවුන් නම් ඔවුන් (එදින) මාගේ දයාව පිළිබඳව අපේක්ෂාභංග වූවෝය. තවද ඔවුන්මය වේදනීය දඬුවමක් ඇත්තන් වන්නේ.
فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَن قَالُوا اقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنجَاهُ اللَّهُ مِنَ النَّارِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ
(ඉබ්රාහීම් අල්ලාහ් වෙත කැඳවන විට කෝප වූ) ඔහුගේ ජනයාගේ පිළිතුර ‘මොහුව මරා දමවු’ නැතහොත් ‘මොහුව පුලුස්සා දමවු’ යැයි ඔවුන් පවසා සිටීම මිස නොවීය. එබැවින් අල්ලාහ් ඔහුව (ඔවුන් මෙළ වූ) ගින්නෙන් ආරක්ෂා කළේය. සැබැවින්ම මෙහි විශ්වාස කරන පිරිසට සංඥා ඇත.
8වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 21:51-70 බලන්න.
وَقَالَ إِنَّمَا اتَّخَذْتُم مِّن دُونِ اللَّهِ أَوْثَانًا مَّوَدَّةَ بَيْنِكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ ثُمَّ يَوْمَ الْقِيَامَةِ يَكْفُرُ بَعْضُكُم بِبَعْضٍ وَيَلْعَنُ بَعْضُكُم بَعْضًا وَمَأْوَاكُمُ النَّارُ وَمَا لَكُم مِّن نَّاصِرِينَ
තවද “මෙලොව ජීවිතයේ අල්ලාහ් හැර වෙනත් පිළිම (දෙවිවරුන් ලෙස) නුඹලා තෝරා ගත්තේ නුඹලා (එකිනෙකා) අතර වූ ප්රියත්වය හේතුවෙන්මය. පසුව (මළවුන්) නැගිටුවනු ලබන දින නුඹලාගෙන් සමහරුන් තවත් සමහරුන්ව ප්රතික්ෂේප කරති. නුඹලාගෙන් සමහරුන් තවත් සමහරුන්ට ශාප ද කරති. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්නයි. තවද නුඹලාට උදව්කරුවන්ගෙන් කිසිවෙකු නොමැත.” යැයි ඔහු(ඉබ්රාහීම්) පැවසුවේය.
9ඇතැම් මිනිසුන් සත්ය දහම වටහා ගනිමින් සිටිය ද තම පවුලේ උදවිය හා මිත්රයින් වැනි අයගේ බලපෑම නිසා ඔවුන් එම සත්ය නොතකා හැර තමන් ප්රිය කරන අයගේ විශ්වාසය වැරදි යැයි පැහැදිලි වුවද ඔවුහු එයම විශ්වාස කරන්නෝය. මෙම ආයතයෙන් පෙන්නුම් කරන්නේ මෙවන් අය පිළිබඳවයි.
فَآمَنَ لَهُ لُوطٌ ۘ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَىٰ رَبِّي ۖ إِنَّهُ هُوَ الْعَزِيزُ الْحَكِيمُ
(අල්ලාහ් ඉබ්රාහීම්ව ගින්නෙන් ආරක්ෂා කළ අවස්ථාවෙහි ඔහුව ලූත් දුටුවේය.) එවිට ලූත් ඔහුව විශ්වාස කළේය. “සැබැවින්ම මම මාගේ පරමාධිපති වෙත දේශාන්තරණය කරන්නෙකු වෙමි. සැබැවින්ම ඔහුමය අති බලසම්පන්න සර්ව ප්රඥාවන්ත වන්නේ” යැයි ඔහු(ඉබ්රාහීම්) පැවසුවේය.
وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِ النُّبُوَّةَ وَالْكِتَابَ وَآتَيْنَاهُ أَجْرَهُ فِي الدُّنْيَا ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ
තවද අපි ඔහුට ඉස්හාක්ව ද යඃකූබ්ව ද ප්රදානය කළෙමු. ඔහුගේ(ඉබ්රාහීම්ගේ) පරපුරෙහි නබිත්වය ද පුස්තකය ද අපි ඇති කළෙමු. තවද ඔහුගේ වේතනය මෙලොවෙහි අපි ඔහුට ලබා දුනිමු. තවද සැබැවින්ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතුරිනි.
وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ إِنَّكُمْ لَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنْ أَحَدٍ مِّنَ الْعَالَمِينَ
තවද ලූත්ව ද (ඔහුගේ ජනයා වෙත අපි එව්වෙමු.) “සැබැවින්ම නුඹලාට පෙර ලෝවැසියන් කිසිවෙකු නොකළ අශික්ෂිත දෑ නුඹලා කරන්නෙහුය.” යැයි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
10වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:80-84 සහ 11 : 69-82 බලන්න.
أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ وَتَقْطَعُونَ السَّبِيلَ وَتَأْتُونَ فِي نَادِيكُمُ الْمُنكَرَ ۖ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَن قَالُوا ائْتِنَا بِعَذَابِ اللَّهِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ
(එමෙන්ම) “මාර්ගය අවහිර කරමින් (සමලිංගික සේවනය සඳහා) පිරිමින් වෙත සැබැවින්ම නුඹලා පැමිණෙන්නෙහු ද? තවද නුඹලා තම සභාවෙහි පිළිකුල් සහගත දෑහි යෙදෙන්නෙහු ද?” (යැයි ද ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරවු) එවිට ඔවුහු (ලූත් අමතා) “නුඹ සත්යවාදීන් අතුරින් නම් අප වෙත අල්ලාහ්ගේ දඬුවම ගෙන එනු”යි පවසා සිටීම මිස ඔහුගේ ජනයාගේ පිළිතුර නොවීය.
قَالَ رَبِّ انصُرْنِي عَلَى الْقَوْمِ الْمُفْسِدِينَ
“මාගේ පරමාධිපතියාණනි, කලහකාරී ජනයාට එරෙහිව මට උදවු කරනු මැනව”යි ඔහු පැවසුවේය.
وَلَمَّا جَاءَتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَىٰ قَالُوا إِنَّا مُهْلِكُو أَهْلِ هَـٰذِهِ الْقَرْيَةِ ۖ إِنَّ أَهْلَهَا كَانُوا ظَالِمِينَ
අපගේ දූතයින් (වන මලක්වරුන්) ශුභාරංචි සමග ඉබ්රාහීම් වෙත පැමිණි කල්හි “සැබැවින්ම අපි මෙම නගරයේ වැසියන් විනාශ කරන්නන් වන්නෙමු. මන්දයත් සැබැවින්ම මෙහි වැසියන් අපරාධකරුවන් වූහ” යැයි ඔවුහු (ලූත්ගේ ගම්වාසින්ව අඟවා ඉබ්රාහීම්ට) පැවසුවෝය.
11මෙහි ශුභාරංචි යනුවෙන් අදහස් කරනුයේ මෙම සූරාවේ 27 වන ආයතයෙහි සඳහන් පරිදි නබි ඉබ්රාහීම් තුමාට නබි ඉස්හාක් නැමැති දරුවකු උපත ලබන ආරංචියයි.
قَالَ إِنَّ فِيهَا لُوطًا ۚ قَالُوا نَحْنُ أَعْلَمُ بِمَن فِيهَا ۖ لَنُنَجِّيَنَّهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ كَانَتْ مِنَ الْغَابِرِينَ
“සැබැවින්ම එහි ලූත් ද සිටින්නේය” යැයි ඔහු (ඉබ්රාහීම්) පැවසුවේය. (එවිට) ඔවුහු “එහි කවරෙකු සිටින්නේ දැ’යි අපි මැනවින් දනිමු. සැබැවින්ම ඔහුගේ බිරිය හැර ඔහුව ද ඔහුගේ පවුල ද (ඔහුගේ සමූහයට ඇති වන විපතින්) අපි මුදවා ගන්නෙමු. ඇය (විනාශය සඳහා) ඉතිරිවූවන් අතුරින් වූවාය.
وَلَمَّا أَن جَاءَتْ رُسُلُنَا لُوطًا سِيءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالُوا لَا تَخَفْ وَلَا تَحْزَنْ ۖ إِنَّا مُنَجُّوكَ وَأَهْلَكَ إِلَّا امْرَأَتَكَ كَانَتْ مِنَ الْغَابِرِينَ
තවද අපගේ දූතවරුන්(මලක්වරුන්) ලූත් වෙත පැමිණි කල්හි ඔවුන්(ගේ පැමිණීම) උදෙසා ඔහු දුකට පත් විය. තවද ඔවුන් (සමග ද තම සමූහයා මෙම අශික්ෂිත ක්රියාව කිරීමට තැත් කරති යන බිය) හේතුවෙන් ඔහු (තම) හදවතින් අපහසුතාවට පත් වුණේය. එවිට (මලක්වරුන් ඔහු අමතා) “නුඹ බිය නොවවු. තවද දුක් නොවවු. සැබැවින්ම අපි නුඹගේ බිරිය හැර නුඹව ද නුඹගේ පවුල ද (නුඹගේ සමූහයට ඇති වන විපතින්) අපි මුදවා ගන්නන් වන්නෙමු. ඇය (විනාශය සඳහා) ඉතිරිවූවන් අතුරින් වූවාය.” යැයි පැවසුවෝය.
12නබි ලූත් තුමාණන් වෙත අලංකාර තැරුණයින්ගේ ස්වරූපයෙන් මලක්වරුන් පැමිණ සිටියෝය. තම සමූහයා ඇබ්බැහි වී සිටි පාපය පිළිබඳව දැන සිටි නබි ලූත් තුමාණන් මෙම මලක්වරුන් සමග ද ඔවුන් පාප කර්මය ඉටු කිරීමට තැත් කරනු ඇතැ’යි සිතා මොහු දුකට පත් වූයේය.
إِنَّا مُنزِلُونَ عَلَىٰ أَهْلِ هَـٰذِهِ الْقَرْيَةِ رِجْزًا مِّنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ
“සැබැවින්ම අපි මෙම ගම්වැසියන් පාපකම් කරමින් සිටි හේතුවෙන් ඔවුන් කෙරෙහි අහසින් දඬුවමක් පහළ කරන්නන් වන්නෙමු.” (යැයි ද ඔවුහු පැවසුවෝය.)
وَلَقَد تَّرَكْنَا مِنْهَا آيَةً بَيِّنَةً لِّقَوْمٍ يَعْقِلُونَ
සැබැවින්ම අවබෝධ කරන ජනයාට ඒවා අතුරින් පැහැදිලි නටඹුන් අපි අතහැර දැමුවෙමු.
وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ وَارْجُوا الْيَوْمَ الْآخِرَ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ
තවද මද්යන් (වාසීන්) වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව ද (අපි යැව්වෙමු.) එවිට “මාගේ ජනයනි, නුඹලා අල්ලාහ්ව (පමණක්) නැමදුම් කරවු. තවද අවසන් දිනය (කෙරෙහි බිය වෙමින් එය) බලාපොරොත්තු වවු. තවද මිහිතලයෙහි කලහකාරකම් පතුරුවමින් සීමාව ඉක්මවා නොයවු.” යනුවෙන් ඔහු පැවසුවේය.
فَكَذَّبُوهُ فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ
එවිට ඔවුහු ඔහුව අසත්යය කළෝය. එබැවින් ඔවුන්ව භූමිකම්පාව ග්රහණය කළේය. තවද ඔවුන් ඔවුන්ගේ නිවෙස් තුළම දණින් වැටී (මිය ගිය තත්ත්වයේ) වූහ.
13වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:85 බලන්න.
وَعَادًا وَثَمُودَ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَاكِنِهِمْ ۖ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ وَكَانُوا مُسْتَبْصِرِينَ
තවද ආද් හා සමූද් (ජනයා)ව ද (අපි විනාශ කළෙමු.) තවද ඔවුන්ගේ ජනාවාස වලින් නුඹලාට (ඒ බව) පැහැදිලි වන්නේය. ෂෙයිතාන් ඔවුන්ගේ (වැරදි) ක්රියාවන් ඔවුනට අලංකාර කර පෙන්වා ඔවුන් ඥානවන්තයින්ව සිටිය දී ඔවුන්ව ඔහු (නිවැරදි) මාර්ගයෙන් වැළැක්වීය.
14වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:65-79 බලන්න.
وَقَارُونَ وَفِرْعَوْنَ وَهَامَانَ ۖ وَلَقَدْ جَاءَهُم مُّوسَىٰ بِالْبَيِّنَاتِ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ وَمَا كَانُوا سَابِقِينَ
තවද කාරූන්, ෆිර්අවුන් හා හාමාන්ව ද (අපි විනාශ කළෙමු.) ඔවුන් වෙත මූසා පැහැදිලි සාධක රැගෙන ආවේය. නමුත් ඔවුහු මිහිතලයේ උඩඟු වූවෝය. තවද ඔවුන් (අල්ලාහ්ගේ දඬුවම) අබිබවන්නන් නොවූවෝය.
15වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 28:76-82 බලන්න.
فَكُلًّا أَخَذْنَا بِذَنبِهِ ۖ فَمِنْهُم مَّنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا وَمِنْهُم مَّنْ أَخَذَتْهُ الصَّيْحَةُ وَمِنْهُم مَّنْ خَسَفْنَا بِهِ الْأَرْضَ وَمِنْهُم مَّنْ أَغْرَقْنَا ۚ وَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَـٰكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ
සෑම කෙනෙකුවම තමන්ගේ පාපය හේතුවෙන් ග්රහණය කළෙමු. එබැවින් ඔවුන් අතුරින් සමහරුන් වෙත ගල් සුළඟක් එව්වෙමු. තවද ඔවුන් අතුරින් තවත් සමහරුන්ව මහා හඬ ග්රහණය කළේය. තවද ඔවුන් අතුරින් තවත් සමහරුන් මිහිතලයට කිඳා බැස්සුවෙමු. තවද ඔවුන් අතුරින් තවත් සමහරුන්ව (ජලයේ) ගිල් වූයෙමු. අල්ලාහ් ඔවුනට අපරාධ කරන්නෙකු නොවීය. නමුත් ඔවුහු තමන්ටම අපරාධකර ගන්නන් වූහ.
مَثَلُ الَّذِينَ اتَّخَذُوا مِن دُونِ اللَّهِ أَوْلِيَاءَ كَمَثَلِ الْعَنكَبُوتِ اتَّخَذَتْ بَيْتًا ۖ وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنكَبُوتِ ۖ لَوْ كَانُوا يَعْلَمُونَ
අල්ලාහ් හැර (පිළිමයන් තම) භාරකරුවන් ලෙස ගත්තවුනට උපමාව මකුළුවෙකු මෙනි. ඇය(එම මකුළුවා) නිවසක් තනා ගත්තාය. සැබැවින්ම නිවෙස් වලින් ඉතා දුර්වලම නිවස වනුයේ මකුළුවාගේ නිවසයි. (ඒ බව) ඔවුන් දැන සිටියා නම්, (එසේ පිළිමයන්ට නැමදුම් නොකරනු ඇත.)
16මෙහි මකුළුවා මිනිසා ලෙසටත් මකුළු දැල ඔවුන් වන්දනා මාන කරන පිළිම ලෙසටත් උපමා කොට ඇත. මන්දයත් මකුළු දැල ඉතා දුර්වල හෙයින් තමාට යම් ආපදාවකින් මිදීමට නොහැක.
إِنَّ اللَّهَ يَعْلَمُ مَا يَدْعُونَ مِن دُونِهِ مِن شَيْءٍ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
සැබැවින්ම අල්ලාහ්, ඔහුගෙන් තොරව ඔවුන් (නැමදුම් කර) අයැදින සෑම දෙයක් පිළිබඳවම දන්නේය. තවද ඔහු අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ ۖ وَمَا يَعْقِلُهَا إِلَّا الْعَالِمُونَ
මෙම උපමාවන් ජනයාහට අපි ගෙන හැර පාන්නෙමු. තවද ඥානවන්තයින් හැර (වෙනත් කිසිවෙකු) ඒවා අවබෝධ කර නොගනිති.
خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّلْمُؤْمِنِينَ
අල්ලාහ්(ව පමණක් නැමදිය යුතුය යන) සත්යය (කරුණ) සඳහා අහස් හා මිහිතලය මැව්වේය. සැබැවින්ම එහි විශ්වාසිකයින්ට සංඥා ඇත.
اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ ۖ إِنَّ الصَّلَاةَ تَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ ۗ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ ۗ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ
(නබිවරය,) පුස්තකයෙන්(අල් කුර්ආනයෙන්) නුඹ වෙත වහී (දේව පණිවිඩ) පහළ කරනු ලැබූ දෑ පාරායනා කර(පෙන්ව)වු. සලාතය ද ස්ථාපිත කරවු. (මන්දයත්) සැබැවින්ම සලාතය අලජ්ජිත හා පිළිකුල් සහගත දැයින් වළකාලන්නේය. අල්ලාහ්ව මෙනෙහි කිරීම අති ශ්රේෂ්ඨය. තවද නුඹලා කරන දෑ අල්ලාහ් දන්නේය.
وَلَا تُجَادِلُوا أَهْلَ الْكِتَابِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ ۖ وَقُولُوا آمَنَّا بِالَّذِي أُنزِلَ إِلَيْنَا وَأُنزِلَ إِلَيْكُمْ وَإِلَـٰهُنَا وَإِلَـٰهُكُمْ وَاحِدٌ وَنَحْنُ لَهُ مُسْلِمُونَ
තවද පුස්තකය ලත් අය අතුරින් (නුඹලාට) අපරාධ කළවුන් සමග හැර සෙසු අය සමග ඉතා යහපත් අයුරින් මිස තර්ක නොකරවු. (එහෙත් ඔවුන් අතුරින් නුඹලා සමග යහ අයුරින් ඇසුරු කරන්නන් තර්ක කළේ නම්) “අප වෙත පහළ කරනු ලැබූ දෑ (වන අල් කුර්ආනය) ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ (වන තව්රාතය හා ඉන්ජීලය) ද අපි විශ්වාස කළෙමු. තවද නුඹලාගේ දෙවියන් හා අපගේ දෙවියන් (වන අල්ලාහ්) ඒකීයය. තවද අපි ඔහුටම අවනතවන්නන් වන්නෙමු” යැයි නුඹලා පවසවු.
وَكَذَٰلِكَ أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ ۚ فَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يُؤْمِنُونَ بِهِ ۖ وَمِنْ هَـٰؤُلَاءِ مَن يُؤْمِنُ بِهِ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الْكَافِرُونَ
තවද එ(ම පුස්තකයන් පහළ කළ )ලෙස අපි නුඹ වෙත ද පුස්තකය(අල් කුර්ආනය) පහළ කළෙමු. අප කවරෙකුට (තව්රාත් නම්) පුස්තකය දායාද කළේ ද ඔවුන්(ගෙන් සමහරු) එ(ම අල් කුර්ආන)ය විශ්වාස කරති. (පුස්තකය පහළ කරනු නොලැබූ) ඔවුන් අතුරින් ද එය විශ්වාස කරන අය සිටිති. ප්රතික්ෂේපකයින් මිස (වෙනත් කිසිවෙකු) අපගේ වදන් ප්රතික්ෂේප නොකරන්නෝය.
وَمَا كُنتَ تَتْلُو مِن قَبْلِهِ مِن كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ ۖ إِذًا لَّارْتَابَ الْمُبْطِلُونَ
(නබිවරය,) එ(ම කුර්ආන)යට පෙර වෙන කිසිදු පුස්තකයකින් නුඹ පාරායනා කරන්නෙකු නොවීය. තවද නුඹ නුඹගේ දකුණතින් එය ලියන්නෙකු ද නොවීය. එසේ වී නම් (දහම් ලත් ජනයා හා ආදේශකයින් අතුරින්) නිෂ්ඵල වූවන් (අල් කුර්ආනය නුඹගේ ස්ව නිර්මාණයක් බව) සැක කරන්නට තිබිණ.
17නබි මුහම්මද් තුමාණන් සාක්ෂරතාව නොදත් ‘උම්මි’ නබිවරයකු වන බව පෙර පහළ වූ දහම්හි සඳහන් වී ඇත. නබි මුහම්මද් තුමාණන් ලියන්නට හෝ කියවන්නට හැකි පුද්ගලයෙකු වී නම් ඔවුන්ගේ දහම් වල සඳහන් පරිදි එතුමා නබිවරයෙකු වීම පිළිබඳව ඔවුන් තුළ සැක මතු කරන්නට ඉඩ තිබුණි. එබැවින් එය තහවුරු කරමින් මෙලෙස අල්ලාහ් පවසා ඇත.
بَلْ هُوَ آيَاتٌ بَيِّنَاتٌ فِي صُدُورِ الَّذِينَ أُوتُوا الْعِلْمَ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الظَّالِمُونَ
නමුත් එය ඥානය දෙනු ලැබූවන්ගේ හදවත් තුළ පවතින පැහැදිලි වදන් වේ. අපරාධකාරයින් මිස (වෙනත් කිසිවෙකු) අපගේ වදන් පිළි නොගන්නෝය.
وَقَالُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ آيَاتٌ مِّن رَّبِّهِ ۖ قُلْ إِنَّمَا الْآيَاتُ عِندَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُّبِينٌ
තවද “මොහුට මොහුගේ පරමාධිපතිගෙන් සංඥාවන් පහළ කරනු නොලැබියේ මන්දැ?”යි ඔවුහු විමසුවෝය. (නබිවරය) “සංඥාවන් ඇත්තේ අල්ලාහ් අබියසමය. සැබැවින්ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණි” යැයි පවසවු.