الروم

අර්-රූම්

الروم

අර්-රූම් · Ar-Rum

මක්කී60 පද්‍ය

හැඳින්වීම

රෝමානුවන් පර්සියානුවන්ව පරාජය කර ජය ගනු ඇත යන අනාවැකිය මෙම සූරාවෙහි* සඳහන් වී ඇති බැවින් මෙම සූරාවට ‘රූම්’ (රෝමානුවන්) යැයි නම් කරන ලදී. රෝම අධිරාජ්‍යයේ අගනුවර ඇතුළු තවත් බොහෝ පෙදෙස් පර්සියානුවන් විසින් ජය ලැබ පසුව රෝමානුවන් විසින් ඔවුන්ව පරාජය කොට නැවත රෝමය අත්පත් කරනු ඇතැ’යි සිතීමට පවා නොහැකිව තිබුණු අවදියක අල්ලාහ් මෙම අනාවැකිය පහළ කළේය. මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින් මෙන්ම පර්සියානුවන් ද බහු දේවවාදීන්ව සිටි නිසා මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින්ට මොවුන් සම්බන්ධයෙන් අනුකම්පාවක් තිබුණි. එමෙන්ම කිතුණුවන් වූ රෝමානුවන් හා මුස්ලිම්වරුන් අතර භේද තිබුණ ද ඔවුන් දෙපිරිසම ඒක දේවවාදීන්ව සිටි බැවින් මුස්ලිම්වරුන්ට ද මොවුන් සමග යම් දුරකට අනුකම්පාවක් තිබුණි. එබැවින් ප‍්‍රථමයෙන් පර්සියානුවන් ජය ගත් විට මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින් මෙම ජය සතුටින් සැමරුවා මෙන්ම තමන් ද මුස්ලිම්වරුන්ව පරාජයට පත් කරනු ඇත යැයි පවසා මෙය ඒ සඳහා වූ එක් පෙර නිමිත්තක් යැයි ඔවුහු පවසන්නට වූහ. රෝමානුවන් පර්සියානුවන්ව පරාජය කරනු ඇත යන අනාවැකිය මෙම සූරාවේ පහළ වූයේ මෙම අවස්ථාවෙහිය.කෙසේ වෙතත් රෝමානුවන් ජය ගනි යැයි විශ්වාස කිරීමට පවා නොහැකි කාල සීමාවක මෙවන් අනාවැකියක් අල්ලාහ් පහළ කළ බැවින් මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින්ගේ එක් ප‍්‍රධානියකු වන ‘උබෙයි ඉබ්නු හලෆ්’ නම් පුද්ගලයා, මෙම අනාවැකිය සිදු නොවන්නක් යැයි පවසා නබි මුහම්මද්* තුමාණන්ගේ ඉතා සමීප මිතුරෙකු හා එතුමාගේ වියෝවයට පසුව මුස්ලිම්වරුන්ගේ ප‍්‍රථම නායකයා වූ  අබූ බක්ර් නම් සහාබිවරයා* සමග ඔටුවන් සියයකින් ඔට්ටුවක් ඇල්ලුවේය. අබූ බක්ර් තුමා මෙම ඔට්ටුවේ කාල සීමාව අවුරුදු නවයක් බවට පත් කළේය. මන්දයත් මෙම සූරාවෙහි හතර වැනි ආයතයෙහි මෙම ජය අත් වන්නේ වසර කිහිපයක් තුළ යැයි සඳහන් වී ඇත. මේ සඳහා භාවිත වී ඇති අරාබි පදය නම් ‘බිලඃ’ වේ. බිලඃ යනු තුන හා දහය අතර සංඛ්‍යාවන් සඳහා භාවිත වන එක් වචනයකි.අවසාන සමයෙහි අල්ලාහ්ගේ වදන සැබෑ විය. මෙම ආයතය පහළ වී අවුරුදු හතක දී අල්ලාහ් පැවසුවාක් මෙන් රෝමානුවන් පර්සියානුවන්ව පරාජයට පත් කිරීම ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි සත්‍යයකි. මෙම ජයග‍්‍රහණය පිළිබඳව සුභාරංචිය ලද්දේ බද්ර් යුද්ධය සමයෙහිය. මෙය සිදු වූ විට අබූ බක්ර් තුමා සමග ඔට්ටු ඇල්ලූ ‘උබයි ඉබ්නු හලෆ්’ජීවතුන් අතර සිටියේ නැත. එනමුත් ඔහුගේ උරුමක්කාරයින් විසින් අබූ බක්ර් තුමාට ඔටුවන් සියයක් පිරිනමන ලදී. මෙම ඔට්ටුව අල්ලන විට එය තහනම්ව නොතිබුණු නමුත් පසු කලෙක ඔට්ටු ඇල්ලීම ඉස්ලාමයට අනුව තහනම් බැවින් මෙය තම භාවිතයට නොගෙන දන් දෙන මෙන් නබි මුහම්මද් තුමාණන් අබූ බක්ර් තුමාට පැවසුවේය.ඉහත සඳහන් වූ අයුරින් මෙම අනාවැකි පහළ වූයේ රෝමානුවන්ගේ අගනුවර පවා පර්සියානුවන් ජය ගෙන සිටි මොහොතකය. මිනිස් බුද්ධියට අනුව කිසි විටෙක මෙවන් පුවතක් කිසිවෙකු පවසන්නනේ නැත. අතීතය වර්තමාන හා අනාගත සම්බන්ධ  ඕනෑම දෑ අල්ලාහ් මැනවින් දන්නා බැවින් අවුරුදු හතකට පසු කුමක් වේද යන්න පමණක් නොව ඉන් ඔබ්බට කුමක් වේ ද යන්න පැවසීම පවා අල්ලාහ්ට අසීරු දෙයක් නොවේ. අල් කුර්ආනය අල්ලාහ්ගේ වදන් බැවින් විය හැකි දෝ යැයි සැක ඇති දෙය පවා නබි මුහම්මද් තුමාණන් සැක කළේ හෝ එය මිනිසුන්ට දැන්වීමට පැකිළුනේ හෝ නැත. අල් කුර්ආනය නබි මුහම්මද් තුමා විසින් ගොනු කරනු ලැබූවක් හෝ ඔහුගේ අනුමානයෙන් පැවසූ පුස්තකයක් හෝ නොවේ. මෙය මුළු විශ්වයේ මැවුම්කරුවා වන අල්ලාහ්ගෙන් වූ සත්‍යය පණිවිඩයක් යන්නට මෙම සිද්ධිය ඉමහත් සාක්ෂියක් වේ.

1

الم

අලිෆ්,ලාම්,මීම්. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

غُلِبَتِ الرُّومُ

රෝමවරු (අරාබිකරයට) සමීප භූමියෙහි 2 පරාජය කරනු ලැබුවෝය. ඔවුහු ඔවුන්ගේ පරාජයෙන් පසු මතු ජයග්රහණය කරන්නෝය.
2අරාබිකරයට සමීප භූමිය යනුවෙන් අදහස් කරන්නේ සිරියාවයි.
3

فِي أَدْنَى الْأَرْضِ وَهُم مِّن بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ

රෝමවරු (අරාබිකරයට) සමීප භූමියෙහි 2 පරාජය කරනු ලැබුවෝය. ඔවුහු ඔවුන්ගේ පරාජයෙන් පසු මතු ජයග්රහණය කරන්නෝය.
4

فِي بِضْعِ سِنِينَ ۗ لِلَّهِ الْأَمْرُ مِن قَبْلُ وَمِن بَعْدُ ۚ وَيَوْمَئِذٍ يَفْرَحُ الْمُؤْمِنُونَ

වසර කිහිපයක් තුළ දී (ජයග්රහණය කරන්නෝය). පෙර හා පසු (සියලු) කරුණු අල්ලාහ්(ගේ දැනුම) සතුය. තවද එදින විශ්වාසිකයින් සතුටු වන්නෝය.
5

بِنَصْرِ اللَّهِ ۚ يَنصُرُ مَن يَشَاءُ ۖ وَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

අල්ලාහ්ගේ උපකාරයෙන් ඔහු අභිමත කරන අයට උපකාර කරන්නේය. තවද ඔහු අති බලසම්පන්නය පරම කරුණාභරිතය.
6

وَعْدَ اللَّهِ ۖ لَا يُخْلِفُ اللَّهُ وَعْدَهُ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

(මෙම උපකාරය) අල්ලාහ්ගේ ප්රතිඥාවක් වශයෙනි. අල්ලාහ් තම ප්රතිඥාව කඩ නොකරන්නේය. එනමුත් බොහෝ ජනයා (මේ බව) නොදනිති.
7

يَعْلَمُونَ ظَاهِرًا مِّنَ الْحَيَاةِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ

(මක්කාවාසී ප්රතික්ෂේපක) ඔවුන් මෙලොව ජීවිතයේ බාහිරය දනිති. (නමුත්) ඔවුන්මය මතු ලොව පිළිබඳව අනවධානීන් වන්නේ.
8

أَوَلَمْ يَتَفَكَّرُوا فِي أَنفُسِهِم ۗ مَّا خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَأَجَلٍ مُّسَمًّى ۗ وَإِنَّ كَثِيرًا مِّنَ النَّاسِ بِلِقَاءِ رَبِّهِمْ لَكَافِرُونَ

ඔවුහු තමන් තුළම (තමන් පිළිබඳව) ගැඹුරින් සිතා නොබැලුවෙහු ද? අහස් ද මිහිතලය ද ඒ දෙක අතර ඇති දෑ ද සත්යයෙන් යුතුව හා නියමිත කලකට මිස ඔහු නොමැව්වේය. 3 තවද සැබැවින්ම ජනයා අතුරින් බොහෝ (ප්රතික්ෂේපක) අය තම පරමාධිපතිගේ හමුවීම ප්රතික්ෂේප කරන්නන් වෙති.
3අල්ලාහ් විසින් මවා ඇති සියලු දැයට නියමිත කාලයක් පත් කර ඇත. මරණින් පසුව ස්වර්ගය හෝ නිරය ලබා දී නිරන්තර ජීවිතයක් අල්ලාහ් ඇති කිරීමට එක් කාරණාවක් නම් අල්ලාහ්ගේ යුක්තිය පිහිටු වීමය. එනම් යම් පුද්ගලයෙකු ඝාතනයක් කළේ නම් ඔහුට ඒ සඳහා දඬුවම් වශයෙන් මරණ දඬුවම ලබා දුන්නේ නම් ඝාතන බොහෝමයක් කළ විට ද ඔහුට මෙම දඬුවම ම දීම යනු යම් අන්දමකින් යුක්තිය ඉටු කර ඇත යැයි පැවසිය හැකි වුව ද එහි යුක්තිය පරිපූර්ණ ලෙස ඉටු කර නැත. මෙසේ සෑම යහ හෝ අයහ ක්රියාවන්ට එක්තරා අන්දමකින් මෙලොවෙදී යුක්තිය ඉටු කිරීමට හැකි වුව ද එය පරිපූර්ණ ලෙස ඉටු කිරීමට හැකි වන්නේ විනිශ්චය දිනයේ පමණි. එහි දී සෑම කෙනෙකුම ලොවේ තමා කළ ක්රියාවන්ට අදාළ ප්රතිඵලය ලබනු ඇත.
9

أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً وَأَثَارُوا الْأَرْضَ وَعَمَرُوهَا أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَاءَتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ ۖ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَـٰكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ

ඔවුන් මිහිතලයෙහි ගමන් කර ඔවුනට පෙර විසූවන්ගේ 4 අවසානය කෙසේ වූයේ දැයි නොදුටුවේ ද? (පෙර විසූ) ඔවුන් මොවුන්ට වඩා ශක්තියෙන් දැඩි වූවන් වූහ. තවද ඔවුහු මිහිතලය (කෘෂිකාර්මික කටයුතු සඳහා) සකස් කළෝය. තවද මොවුන් එය වැඩි දියුණු කළාට වඩා ඔවුහු එය වැඩි දියුණු කළෝය. තවද ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත පැහැදිලි සාධකයන් ගෙන ආහ. එබැවින් අල්ලාහ් ඔවුනට අපරාධ කරන්නෙකු නොවීය. නමුත් ඔවුහු තමන්ටම අපරාධ කර ගන්නන් වූහ.
4‘ඔවුනට පෙර විසූවන්’ යනු ආද් හා සමූද් වැනි පෙර ජීවත් වූ ප්රජාවන්ය.
10

ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاءُوا السُّوأَىٰ أَن كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِئُونَ

පසුව අල්ලාහ්ගේ වදන් අසත්යය කළ හෙයින් ද ඔවුන් එය සමච්චල් කරමින් සිටි හෙයින් ද නරකය කළවුන්ගේ අවසානය නරකක්ම විය.
11

اللَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

අල්ලාහ් (මිනිස්) මැවීම (කිසිදු පූර්ව නිදසුනකින් තොරව) උත්පාදනය කළේය. පසුව (මරණින් මතු නැවත නැගිටුවන ලබන විනිශ්චය දිනයේ) ඔහු එය(එම මැවීම) පුනරුත්පාදනය කරන්නේය. පසුව නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.
12

وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُبْلِسُ الْمُجْرِمُونَ

(ලොව අවසන්) හෝරාව ඇති වන (විනිශ්චය) දින වැරදිකරුවන් අපේක්ෂා සුන් වූවන් බවට පත් වන්නෝය.
13

وَلَمْ يَكُن لَّهُم مِّن شُرَكَائِهِمْ شُفَعَاءُ وَكَانُوا بِشُرَكَائِهِمْ كَافِرِينَ

ඔවුන්ගේ හවුල්කරුවන්(දෙවිවරුන්) අතුරින් (කිසිවෙක්) රෙකමදාරුවන් වශයෙන් නොවන්නෝය. තවද ඔවුන් තමන්ගේ හවුල්කරුවන්ව ප්රතික්ෂේප කරන්නන් වෙති.
14

وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَتَفَرَّقُونَ

(ලොව අවසන්) හෝරාව ඇති වන (විනිශ්චය) දින එදින ඔවුහු (විශ්වාසිකයින්ගෙන්) වෙන්වන්නෝය.
15

فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَهُمْ فِي رَوْضَةٍ يُحْبَرُونَ

විශ්වාස කර යහකම් කළවුන් පිළිබඳව (සඳහන් කරන්නේ) නම් ඔවුහුමය (ස්වර්ග) උයනක සතුටු කරවනු ලබන්නෝ.
16

وَأَمَّا الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا وَلِقَاءِ الْآخِرَةِ فَأُولَـٰئِكَ فِي الْعَذَابِ مُحْضَرُونَ

ප්රතික්ෂේප කර අපගේ වදන් හා මතු ලොවේ හමුවීම අසත්යය කළවුන් පිළිබඳව (සඳහන් කරන්නේ) නම් ඔවුහුමය දඬුවම වෙත ඉදිරිපත් කරනු ලබන්නෝ.
17

فَسُبْحَانَ اللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ

සවස් කාලයට නුඹලා එළඹෙන විට ද උදෑසන කාලයට එළඹෙන විට ද අල්ලාහ්ව පිවිතුරු කරවු.
18

وَلَهُ الْحَمْدُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَعَشِيًّا وَحِينَ تُظْهِرُونَ

තවද අහස්හි හා මිහිතලයෙහි සියලු පැසසුම් ඔහු(අල්ලාහ්) සතුය. තවද පස්වරුවේ ද දහවල් කාලයට නුඹලා එළඹෙන විට ද (ඔහුව පිවිතුරු කරවු).
19

يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَيُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ وَكَذَٰلِكَ تُخْرَجُونَ

ඔහු මළ දැයින් ජීවී දෑ පිට කරන්නේය. තවද ජීවී දැයින් මළ දෑ පිට කරන්නේය. තවද ඔහු භූමිය (වියළී) නැසී ගිය පසු එය ප්රාණවත් කරන්නේය. තවද මෙලෙසය නුඹලාව (මිනී වළවල් තුළින්) පිට කරනු ලබන්නේ.
20

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ إِذَا أَنتُم بَشَرٌ تَنتَشِرُونَ

තවද ඔහු පසින් නුඹලාව මවා පසුව එසැණින් නුඹලා විසිර යන්නා වූ මිනිසුන් බවට නුඹලා පත්වීම ඔහුගේ සංඥාවන් අතුරිනි.
21

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

තවද නුඹලා සහකාරියන් තුළින් සැනසුම ලබනු පිණිස නුඹලා වෙනුවෙන් නුඹලා අතුරින්ම ඔවුන්ව මවා නුඹලා අතර ආදරයක් හා කරුණාවක් ඇති කිරීම ද ඔහුගේ සංඥාවන් අතුරිනි. සැබැවින්ම ගැඹුරින් සිතා බලන පිරිසකට මෙහි සංඥාවන් ඇත.
22

وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّلْعَالِمِينَ

තවද අහස් හා මිහිතලය මැවීම ද නුඹලාගේ දිවවල් (වලින් පිටවන භාෂාවන්) හා නුඹලාගේ වර්ණ වෙනස් වීම ද ඔහුගේ සංඥාවන් අතුරිනි. සැබැවින්ම මෙහි දැනුම ඇත්තන්ට සංඥාවන් ඇත.
23

وَمِنْ آيَاتِهِ مَنَامُكُم بِاللَّيْلِ وَالنَّهَارِ وَابْتِغَاؤُكُم مِّن فَضْلِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَسْمَعُونَ

තවද රාත්රියෙහි හා දහවලෙහි නුඹලාගේ නින්ද ද, ඔහුගේ වරප්රසාදයන් (දහවලෙහි) නුඹලා සොයා යෑම ද ඔහුගේ සංඥාවන් අතුරිනි. සැබැවින්ම සවන් දෙන පිරිසකට මෙහි සංඥාවන් ඇත.
24

وَمِنْ آيَاتِهِ يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ السَّمَاءِ مَاءً فَيُحْيِي بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ

(මගීන්ට වර්ෂාව ඇති වී ගමනට බාධාවක් ඇති වේ යන) බිය ගන්වන්නක්ව හා (වර්ෂාව අවශ්ය වූවන්හට) බලාපොරොත්තු ඇති කරවන්නක්ව අකුණු ගැසීම නුඹලාට ඔහු පෙන්වීම ද භූමිය (වියළී) නැසී ගිය පසු අහසින් ජලය පහළ කර පසුව එමගින් එය ප්රාණවත් කිරීම ද ඔහුගේ සංඥාවන් අතුරිනි. සැබැවින්ම එහි අවබෝධ කරන පිරිසකට සංඥාවන් ඇත.
25

وَمِنْ آيَاتِهِ أَن تَقُومَ السَّمَاءُ وَالْأَرْضُ بِأَمْرِهِ ۚ ثُمَّ إِذَا دَعَاكُمْ دَعْوَةً مِّنَ الْأَرْضِ إِذَا أَنتُمْ تَخْرُجُونَ

තවද අහස හා මිහිතලය ඔහුගේ නියෝගය පරිදි ස්ථාපිත වීම ද ඔහුගේ සංඥාවන් අතුරිනි. පසුව නුඹලාව මිහිතලයෙන් (හොරණෑ හඬෙන් වූ) කැඳවුමකින් ඔහු කැඳවූයේ නම් එසැණින් නුඹලා (මිනී වළවල් වලින්) පිට වන්නෙහුය.
26

وَلَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ كُلٌّ لَّهُ قَانِتُونَ

අහස්හි හා මිහිතලයෙහි සිටින්නන් (සියල්ල) ඔහු සතුය. සියල්ලන්ම ඔහුට අවනත වන්නන්ය.
27

وَهُوَ الَّذِي يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهْوَنُ عَلَيْهِ ۚ وَلَهُ الْمَثَلُ الْأَعْلَىٰ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

තවද (මිනිස්) මැවීම (කිසිදු පූර්ව නිදසුනකින් තොරව) උත්පාදනය කර පසුව (මරණින් මතු නැවත නැගිටුවන ලබන දිනයේ) එය(එම මැවීම) පුනරුත්පාදනය කරන්නා ඔහුමය. තවද එය ඔහු කෙරෙහි ඉතා පහසු( කටයුත්තක් වි)ය. තවද අහස්හි හා මිහිතලයෙහි උසස්ම වර්ණනාව (වන ඒකීයත්වය) ඔහු සතුය. තවද ඔහු අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
28

ضَرَبَ لَكُم مَّثَلًا مِّنْ أَنفُسِكُمْ ۖ هَل لَّكُم مِّن مَّا مَلَكَتْ أَيْمَانُكُم مِّن شُرَكَاءَ فِي مَا رَزَقْنَاكُمْ فَأَنتُمْ فِيهِ سَوَاءٌ تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنفُسَكُمْ ۚ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْقِلُونَ

(ජනයිනි,) නුඹලා අතුරින්ම ඔහු(අල්ලාහ්) නුඹලාට උපමාවක් ගෙන හැර පෙන්වන්නේය. (එනම්) අපි නුඹලාට දුන් දෑ(සම්පත්) විෂයෙහි නුඹලාගේ දකුණත හිමි කර ගත් අය(වහල්) අතුරින් හවුල්කරුවන් නුඹලාට සිටින්නේ ද? තවද එම (නුඹලාගේ සම්පත් අයිති කර ගැනීමේ) විෂයෙහි නුඹලා (එම වහලුන්ට) සමාන වන්නේද? (තවද) නුඹලා නුඹලා(මෙන් වූ වහල් නොවන අය)ටම බිය වන්නා සේ (එම වහලුන් වූ) ඔවුනට නුඹලා බිය වන්නේ ද? 5 අවබෝධ කර ගන්නා පිරිසකට අපි සංඥාවන් විග්රහ කරනුයේ මෙලෙසය.
5එනම් මිනිසුන් තමන්ගේ දේපළෙහි තම වහලුන්ට සම අයිතීන් ඇත යැයි පවසන්නට ප්රිය කරන්නේ නැත. එබැවින් අල්ලාහ්ගේ මැවීමේ ක්රියාවලියට ඔහුගේ ගැත්තන් වන මිනිසාව ඔහුගේ හවුල්කරුවන් යැයි පැවසීම එයටත් වඩා නුසුදුසු දෙයක් යැයි මෙම ආයතය සඳහන් කරයි.
29

بَلِ اتَّبَعَ الَّذِينَ ظَلَمُوا أَهْوَاءَهُم بِغَيْرِ عِلْمٍ ۖ فَمَن يَهْدِي مَنْ أَضَلَّ اللَّهُ ۖ وَمَا لَهُم مِّن نَّاصِرِينَ

නමුත් (අල්ලාහ්ට ආදේශ කිරීම මගින් තමන්ටම) අපරාධ කළවුන් කිසිදු දැනුමකින් තොරව ඔවුන්ගේ මනෝ ඉච්ඡාවන් අනුගමනය කළෝය. එබැවින් අල්ලාහ් කවරෙකුව නොමඟ යන්නට ඉඩ හැරියේ ද ඔහුට (යහ)මග පෙන්වන්නේ කවරෙකු ද? තවද ඔවුනට (දඬුවමෙහි දී) උදව් කරන්නන්ගෙන් කිසිවෙකු නැත.
30

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

එබැවින් (නබිවරය, ආදේශයෙන් තොර) පිවිතුරුභාවයෙන් නුඹගේ මුහුණ දහම වෙත ස්ථාපිත කරවු. ඔහු(අල්ලාහ්) මිනිසාව කුමක් කෙරෙහි මැව්වේ ද එයමය (ඔහු කෙරෙහි වූ) අල්ලාහ්ගේ ස්වභාවික දහම (වන ඉස්ලාම් දහම) වන්නේ.අල්ලාහ්ගේ මැවීමෙහි වෙනස් කිරීමක් නොමැත. 6 එයයි ඍජූ දහම වන්නේ. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.
6ස්වභාවයෙන්ම මිනිසා තම මැවුම්කරුවාට අවනත වීම යන ගුණාංගය සමග අල්ලාහ් විසින් මවනු ලැබී ඇත යැයි මෙම ආයතය පැහැදිලි කරයි. මිනිසාගේ ජීවිතයේ එක් අවස්ථාවක හෝ මෙම සත්යය වටහා ගත හැකි අවස්ථාවක් උදා වේ. එම සත්යය වටහා ගෙන එය සිතින් පිළිගත හොත් ඔහු ජය ලබනු ඇත. එසේ නොමැතිව උඩඟුකම හෝ මුරණ්ඩුභාවය වැනි යම් කාරණාවකින් කවුරුන් එය ප්රතික්ෂේප කර නොතකා හරින්නේ ද ඔහු පාඩුව ඇති කර ගන්නේ තමාටමය.
31

مُنِيبِينَ إِلَيْهِ وَاتَّقُوهُ وَأَقِيمُوا الصَّلَاةَ وَلَا تَكُونُوا مِنَ الْمُشْرِكِينَ

ඔහු වෙතටම නැඹුරුවන්නන් ලෙස (නුඹගේ මුහුණ දහම වෙත ස්ථාපිත කරවු). තවද ඔහුට බිය භක්තිමත් වවු. තවද සලාතය ස්ථාපිත කරවු. තවද ආදේශ තබන්නන් අතුරින් තමන්ගේ දහම බෙදා වෙන් කර ගෙන (විවිධ) කණ්ඩායම් බවට පත්වූවන්ව නුඹලා නොවවු. සෑම කණ්ඩායමක්ම තමන් අබියස ඇති දෑ පිළිබඳව සතුටු වන්නෝය.
32

مِنَ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا ۖ كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ

ඔහු වෙතටම නැඹුරුවන්නන් ලෙස (නුඹගේ මුහුණ දහම වෙත ස්ථාපිත කරවු). තවද ඔහුට බිය භක්තිමත් වවු. තවද සලාතය ස්ථාපිත කරවු. තවද ආදේශ තබන්නන් අතුරින් තමන්ගේ දහම බෙදා වෙන් කර ගෙන (විවිධ) කණ්ඩායම් බවට පත්වූවන්ව නුඹලා නොවවු. සෑම කණ්ඩායමක්ම තමන් අබියස ඇති දෑ පිළිබඳව සතුටු වන්නෝය.
33

وَإِذَا مَسَّ النَّاسَ ضُرٌّ دَعَوْا رَبَّهُم مُّنِيبِينَ إِلَيْهِ ثُمَّ إِذَا أَذَاقَهُم مِّنْهُ رَحْمَةً إِذَا فَرِيقٌ مِّنْهُم بِرَبِّهِمْ يُشْرِكُونَ

තවද මිනිසුන්ව යම් පීඩාවක් ස්පර්ශ කළ විට ඔවුන් තමන්ගේ පරමාධිපති වෙත නැඹුරු වෙමින් ඔහුට ප්රාර්ථනා කරන්නෝය. පසුව ඔහුගෙන් වූ දයාවක් ඔවුනට රස විඳීමට සැලැස් වූ විට එසැණින් ඔවුන් අතුරින් පිරිසක් තම පරමාධිපතිට ආදේශ කරන්නෝය.
34

لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ ۚ فَتَمَتَّعُوا فَسَوْفَ تَعْلَمُونَ

අපි ඔවුනට දුන් දෑ සඳහා ඔවුන් ප්රතික්ෂේප කරනු පිණිස(ආදේශ කරන්නෝ)ය. එබැවින් (ප්රතික්ෂේපකයිනි,) නුඹලා (මද කලකට) සතුටු විඳිවු. පසුව නුඹලා (විඳින සතුටෙහි ප්රතිඵල) මතු දැනගන්නෙහුය.
35

أَمْ أَنزَلْنَا عَلَيْهِمْ سُلْطَانًا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُوا بِهِ يُشْرِكُونَ

නැතහොත් අපි ඔවුන් මත (යම්) සාධකයක්(ධර්ම පුස්තකයක්) පහළ කර එ(ම ධර්ම පුස්තක)ය ඔවුන් කවර දෙයක් ආදේශ කරමින් සිටියේ ද එවැන්නක් පිළිබඳව කතා කරන්නේද? (කිසි විටෙක නැත.)
36

وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوا بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ

තවද අප මිනිසුන්ට (යම්) දයාවක් රස විඳීමට සැලැස්වූයේ නම් එමගින් ඔවුහු සතුටු වන්නෝය. තවද ඔවුනට ඔවුන්ගේ අත් පෙරකළ කම් හේතුවෙන් යම් නපුරක් අත් වූයේ නම් එසැණින් ඔවුහු (අපගේ දයාවෙන්) අපේක්ෂා සුන් වූවන් වන්නෝය.
37

أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

සැබැවින්ම අල්ලාහ් අභිමත කළ අයට ජීවන සැපයුම් විස්තීරණය කරන බව ද (ඔහු අභිමත කළ අයට එය) සීමා කරන බව ද ඔවුන් නොදුටුවෝ ද? සැබැවින්ම මෙහි විශ්වාස කරන පිරිසකට සංඥාවන් ඇත.
38

فَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ ۚ ذَٰلِكَ خَيْرٌ لِّلَّذِينَ يُرِيدُونَ وَجْهَ اللَّهِ ۖ وَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ

එබැවින් ඥාතියාට ඔහුගේ උරුමය දෙවු. තවද දුගියාට ද මගියාට ද (ඔවුන්ගේ උරුමයන් දෙවු). එය අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නන්ට යහපතකි. තවද ඔවුන්මය ජය ලද්දෝ.
39

وَمَا آتَيْتُم مِّن رِّبًا لِّيَرْبُوَ فِي أَمْوَالِ النَّاسِ فَلَا يَرْبُو عِندَ اللَّهِ ۖ وَمَا آتَيْتُم مِّن زَكَاةٍ تُرِيدُونَ وَجْهَ اللَّهِ فَأُولَـٰئِكَ هُمُ الْمُضْعِفُونَ

තවද මිනිසුන්ගේ වස්තූන්හි වර්ධනය ඇති කර ගැනීම පිණිස පොලී වශයෙන් නුඹලා ලබා දුන් දෑ අල්ලාහ් අබියස වර්ධනය නොවන්නේය. තවද අල්ලාහ්ගේ තෘප්තිය නුඹලා අපේක්ෂාවෙන් නුඹලා zසකාතය වශයෙන් ලබා දුන්නේ නම් එවිට ඔවුහුමය (තම වස්තූන්) ගුණ කර ගන්නන් වන්නේ.
40

اللَّهُ الَّذِي خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۖ هَلْ مِن شُرَكَائِكُم مَّن يَفْعَلُ مِن ذَٰلِكُم مِّن شَيْءٍ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

අල්ලාහ්මය නුඹලාව මැව්වේ. පසුව ඔහු නුඹලාට ජීවන සැපයුම් ලබා දුන්නේය. පසුව නුඹලාව මරණයට පත් කරන්නේය. පසුව නුඹලාට (විනිශ්චය දිනයෙහි) ජීවය ලබා දෙන්නේය. මෙවන් දැයින් යමක් හෝ කරන නුඹලාගේ ආදේශ කරුවන්ගෙන් කිසිවෙකු සිටිත් ද? ඔවුන් ආදේශ තබන දෑ වලින් අල්ලාහ් පිවිතුරුය අති උත්තරීතරය.
41

ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ لِيُذِيقَهُم بَعْضَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ

මිනිසුන්ගේ අත් උපයා ගත් දෑ හේතුවෙන් ඔවුන් කළ දැයින් සමහරක් ඔවුනට විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්යසන ඇති විය. (මෙසේ ව්යසන ඇති වීමෙන්) ඔවුන් නැවත (යහමගට) යොමු වන්නට හැක්කේය. 7 -
7ලොවේ ඇති වන ව්යසනයන්ට හේතුව මිනිසුන්ගේ පාපයන්ය. මෙසේ අල්ලාහ් ඇති කරන්නේ මිනිසුන්ට එක් අවවාදයක් ලෙස යැයි මෙම ආයතය පැහැදිලි කර ඇත.
42

قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلُ ۚ كَانَ أَكْثَرُهُم مُّشْرِكِينَ

(නබිවරය, ප්රතික්ෂේපකයින්ට) පවසවු “නුඹලා මිහිතලයෙහි සැරිසරවු. තවද පෙර විසූවන්ගේ අවසානය කෙසේ වී දැ’යි (නිරීක්ෂා කර) බලවු. ඔවුන්ගෙන් බොහෝ දෙනා ආදේශ තැබූවන් වූහ.”
43

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ الْقَيِّمِ مِن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لَّا مَرَدَّ لَهُ مِنَ اللَّهِ ۖ يَوْمَئِذٍ يَصَّدَّعُونَ

අල්ලාහ්ගෙන් වැළැක්විය නොහැකි දිනයක්, එය පැමිණීමට පෙර ඍජු දහම වෙතට නුඹගේ මුහුණ ස්ථාපිත කරවු. එ(ම විනිශ්චය)දින ඔවුන් (විනිශ්චයෙන් පසු ස්වර්ගය හා නිරය වෙත) වෙන් කරනු ලබන්නෝය.
44

مَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ ۖ وَمَنْ عَمِلَ صَالِحًا فَلِأَنفُسِهِمْ يَمْهَدُونَ

කවරෙකු ප්රතික්ෂේප කළේ ද ඔහුගේ ප්රතික්ෂේපය ඔහුට එරෙහිවමය. කවරෙකු යහකම් කළේ ද ඔවුන් තමන් වෙනුවෙන්ම (ස්වර්ගයෙහි නවාතැන්) සකස් කර ගන්නෝය.
45

لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِن فَضْلِهِ ۚ إِنَّهُ لَا يُحِبُّ الْكَافِرِينَ

(මෙය) විශ්වාස කර යහකම් කළවුනට ඔහු(අල්ලාහ්) ඔහුගේ වරප්රසාදයෙන් ප්රතිඵල දෙනු පිණිසය. සැබැවින්ම ඔහු ප්රතික්ෂේපකයින්ව ප්රිය නොකරන්නේය.
46

وَمِنْ آيَاتِهِ أَن يُرْسِلَ الرِّيَاحَ مُبَشِّرَاتٍ وَلِيُذِيقَكُم مِّن رَّحْمَتِهِ وَلِتَجْرِيَ الْفُلْكُ بِأَمْرِهِ وَلِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

තවද ඔහුගේ(අල්ලාහ්ගේ) දයාවෙන් නුඹලාට රස විඳීමට සලස්වනු පිණිස ද තම අණ පරිදි නැව් යාත්රා කරනු පිණිස ද ඔහුගේ වරප්රසාදයන් නුඹලා සොයනු පිණිස ද (වර්ෂාව පිළිබඳව) ශුභාරංචි පවසන්නක් ලෙස සුළං එවීම ද ඔහුගේ(අල්ලාහ්ගේ) සංඥාවන් අතුරිනි. තවද (මෙමගින්) නුඹලා කෘතඥ වීමට හැක්කේය.
47

وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَاءُوهُم بِالْبَيِّنَاتِ فَانتَقَمْنَا مِنَ الَّذِينَ أَجْرَمُوا ۖ وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ

තවද (නබිවරය) සැබැවින්ම අපි නුඹට පෙර වූ රසූල්වරුන්ව ඔවුන්ගේ පිරිස වෙත එව්වෙමු. එවිට මොවුන් වෙත පැහැදිලි සාධක ඔවුහු(රසූල්වරුන්) රැගෙන ආවෝය. (එනමුත් මොවුහු රසූල්වරුන්ව අසත්යය කරමින් වැරදි කළෝය.) එබැවින් වැරදිකළවුන්ගෙන් අපි පළිගත්තෙමු. තවද විශ්වාසිකයින්ට උදව් කිරීම අප කෙරෙහි වගකීමක් විය.
48

اللَّهُ الَّذِي يُرْسِلُ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَيَبْسُطُهُ فِي السَّمَاءِ كَيْفَ يَشَاءُ وَيَجْعَلُهُ كِسَفًا فَتَرَى الْوَدْقَ يَخْرُجُ مِنْ خِلَالِهِ ۖ فَإِذَا أَصَابَ بِهِ مَن يَشَاءُ مِنْ عِبَادِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ

අල්ලාහ්, ඔහුමය සුළං එවනුයේ. පසුව ඒවා(එම සුළං තැනින් තැනට වැසි) වලාකුළු ගෙන යයි. පසුව ඔහු අභිමත කරන පරිදි ඔහු අහසෙහි ඒවා(වලාකුළු) විසුරුවාහරීයි. තවද ඔහු ඒවා කැබලි බවට පත් කරන්නේය. පසුව ඒවා අතරින් පිටවන වර්ෂාව නුඹ දකින්නෙහිය. තම ගැත්තන් අතුරින් තමා අභිමත කරන අයට එය ලැබුණු විට එසැණින් ඔවුහු සතුටු වන්නෝය.
49

وَإِن كَانُوا مِن قَبْلِ أَن يُنَزَّلَ عَلَيْهِم مِّن قَبْلِهِ لَمُبْلِسِينَ

තවද ඔවුන් මීට පෙර (එනම්) ඔවුහු කෙරෙහි (වර්ෂාව) පහළ කරනු ලැබීමට පෙර ඔවුන් බලාපොරොත්තු සුන් වූවන්ව සිටියෝය.
50

فَانظُرْ إِلَىٰ آثَارِ رَحْمَتِ اللَّهِ كَيْفَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ ذَٰلِكَ لَمُحْيِي الْمَوْتَىٰ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

එබැවින් අල්ලාහ්ගේ දයාවෙහි සලකුණු දෙස (නිරීක්ෂා කර) බලවු. ඔහු භූමිය (වියළී) නැසී ගිය පසු එය ප්රාණවත් කරන්නේ කෙසේ ද? සැබැවින්ම ඔහු මළවුන්ට ජීවය දෙන්නාය. තවද ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.