يَا أَيُّهَا النَّبِيُّ اتَّقِ اللَّهَ وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
නබිවරය, අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද ප්රතික්ෂේපකයින්ව හා ආත්ම වංචනිකයන්ව අනුගමනය නොකරවු. සැබැවින්ම අල්ලාහ් සර්වඥ, සර්ව ප්රඥාවන්ත විය.
وَاتَّبِعْ مَا يُوحَىٰ إِلَيْكَ مِن رَّبِّكَ ۚ إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
තවද නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත දේව පණිවිඩ ලෙස පහළ කරනු ලැබූ දෑ(අල් කුර්ආනය) නුඹ අනුගමනය කරවු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්තයා විය.
وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا
තවද නුඹ අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කරවු. භාරකරුවෙකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත් විය.
مَّا جَعَلَ اللَّهُ لِرَجُلٍ مِّن قَلْبَيْنِ فِي جَوْفِهِ ۚ وَمَا جَعَلَ أَزْوَاجَكُمُ اللَّائِي تُظَاهِرُونَ مِنْهُنَّ أُمَّهَاتِكُمْ ۚ وَمَا جَعَلَ أَدْعِيَاءَكُمْ أَبْنَاءَكُمْ ۚ ذَٰلِكُمْ قَوْلُكُم بِأَفْوَاهِكُمْ ۖ وَاللَّهُ يَقُولُ الْحَقَّ وَهُوَ يَهْدِي السَّبِيلَ
අල්ලාහ් මිනිසෙකුට ඔහුගේ අභ්යන්තරයෙහි හදවත් දෙකක් ඇති නොකළේය. තවද නුඹලාගේ බිරින්දෑවරුන් අතුරින් නුඹලා කවුරුන්හට (‘නුඹ මාගේ මවගේ පිට මෙන් සමාන’ යැයි පවසා) ලිහාර් කරන්නේ ද ඔවුන්ව නුඹලාගේ මෑණියන් බවට ඔහු(අල්ලාහ්) පත් නොකළේය. තවද (නුඹලා දරුකමට) හදාවඩා ගත් නුඹලාගේ දරුවන්ව නුඹලාගේ(ම) පුතුන් බවට ඔහු පත් නොකළේය. මේවා (හුදෙක්) නුඹලාගේ මුවින් (පිට වන්නා) වූ නුඹලාගේ ප්රකාශය වේ. තවද අල්ලාහ් සත්යය ප්රකාශ කරන්නේය. තවද (ඍජු)මග පෙන්වනුයේ ඔහුමය.
11 ) මෙම ආයතයෙන් අරාබිවරුන් අතර තිබූ වැරදි වැටහීම් තුනක් ප්රතික්ෂේප කර ඇත. පළමුවැන්න අරාබිවරුන් තමන් අතර ඉතා උගතෙකු සිටියේ නම් ඔහුට හදවත් දෙකක් ඇති බව ඔවුහු විශ්වාස කළෝය. දෙවැන්න කෙනකු තම බිරියව සියමවට උපමා කර පැවසීම හෙවත් ‘ලිහාර්’ කළහොත් ඇය තමාගේ මවට සමාන යැයි අරාබිවරුන් සිතා පසුව එම ස්ත්රියව දික්කසාද කළෝය. මෙහි වැඩි විස්තර අල් කුර්ආන් 58:2 , 3 , 4 යන ආයතයන්හි සඳහන් වී ඇත. තුන්වැන්න තමන් විසින් හාදා වඩා ගනු ලැබූ පුත්රයා තමාගේම පුතෙකු යැයි සෑම අන්දමකින්ම ඔවුහු සැලකුවෝය.
ادْعُوهُمْ لِآبَائِهِمْ هُوَ أَقْسَطُ عِندَ اللَّهِ ۚ فَإِن لَّمْ تَعْلَمُوا آبَاءَهُمْ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَمَوَالِيكُمْ ۚ وَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ فِيمَا أَخْطَأْتُم بِهِ وَلَـٰكِن مَّا تَعَمَّدَتْ قُلُوبُكُمْ ۚ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا
නුඹලා ඔවුන්ව(දරුකමට හදා වඩාගත් දරුවන්ව) ඔවුන්ගේ(ම) පියවරුන්(ගේ නම්) සමග (වාසගම ලෙස සම්බන්ධ කර) අමතවු. එයමය අල්ලාහ් අබියස ඉතා යුක්තිගරුක වන්නේ. තවද නුඹලා ඔවුන්ගේ පියවරුන්ව නොදන්නේ නම් එවිට (ඔවුන්) දහමෙහි නුඹලාගේ සහෝදරයන් ද මිත්රයන් ද වන්නෝය. තවද එ(සේ ඇමතීමෙ)හි නුඹලා වැරදීමකින් කළ දෑහි නුඹලාට පාපයක් නොමැත. නමුත් නුඹලාගේ හදවත් ඕනෑකමින් සිදු කළ දෑහි (මිස)ය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී පරම කරුණාභරිත විය.
النَّبِيُّ أَوْلَىٰ بِالْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ ۖ وَأَزْوَاجُهُ أُمَّهَاتُهُمْ ۗ وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ مِنَ الْمُؤْمِنِينَ وَالْمُهَاجِرِينَ إِلَّا أَن تَفْعَلُوا إِلَىٰ أَوْلِيَائِكُم مَّعْرُوفًا ۚ كَانَ ذَٰلِكَ فِي الْكِتَابِ مَسْطُورًا
නබිවරයා විශ්වාසිකයින් තුළ ඔවුන්ගේ ආත්මයන්ට වඩා ඉතා උතුම් (වි)ය. තවද ඔහුගේ භාර්යාවන් ඔවුන්ගේ(විශ්වාසිකයින්ගේ) මෑණිවරුන්ය. තවද අල්ලාහ්ගේ ධර්ම පුස්තකයෙහි (තීරණයට අනුව අනෙකුත්) විශ්වාසිකයින් හා දේශාන්තරණය කළවුන්ට වඩා ලේ ඥාතීන්, ඔවුන් සමහරුන් සමහරුන්ට (දේපළ උරුමකම් පෑමෙහි) ඉතා සුදුසුකම් ඇත්තන්ය. (නමුත්) නුඹලාගේ සමීපතයින්ට නුඹලා (අවසන් කැමැත්ත පරිදි) යහපතක් කරන්නේ නම් මිස. එය පුස්තකයෙහි(ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයෙහි) ලේඛනගත කරනු ලැබූවක් විය.
22 ) මුස්ලිම්වරුන් මක්කාවෙන් මදීනාවට දේශාන්තරණය කර ගිය අවස්ථාවේ ඔවුන්ගේ ඥාතීන් අතුරින් ඉස්ලාමය වැලඳගත් හා ඉස්ලාමය වැලඳ නොගත් බොහෝ පිරිසක් මක්කාවේම රැඳී සිටි හෙයින් දේශාන්තරණය කළ මොවුන්ට මදීනාවේ කිසිදු ඥතියෙකු නොසිටියේය. එබැවින් මොවුන් අතර හා මොවුන්ට උදව් කළ මදීනා වැසියන් අතර නබි මුහම්මද් තුමාණන් සහෝදරත්වයේ බැඳීම ඇති කළේය. මෙම නිසා ඔවුන් එකිනෙකා අතර සෙනෙහසක් ඇති වූවා මෙන්ම මොවුන්ගේ උරුමක්කාරයින් බවට ද පත් වූහ. එහෙත් දේශාන්තරණය කළවුන්ගේ බොහෝ ඥාතීන් ඉස්ලාමය වැලඳ මදීනාවට පැමිණි පසුව දේශාන්තරණය මගින් ඇති වූ සහෝදරත්වයට වඩා ලේ ඥාතීත්වයට ප්රමුඛතා දිය යුතු යැයි මෙම අල් කුර්ආන් ආයතය පැහැදිලි කර ඇත. එහෙයින් උරුමක්කාරයින් විය හැක්කේ ලේ ඥාතීන් පමණි යැයි පවසා පෙර තිබූ නීතිය අවලංගු කරන ලදී.
3වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 4:11 ආයතයට අදාළ පාද සටහන බලන්න.
وَإِذْ أَخَذْنَا مِنَ النَّبِيِّينَ مِيثَاقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَاهِيمَ وَمُوسَىٰ وَعِيسَى ابْنِ مَرْيَمَ ۖ وَأَخَذْنَا مِنْهُم مِّيثَاقًا غَلِيظًا
අපි නබිවරුන්ගෙන් ඔවුන්ගේ ප්රතිඥාව ගත් අවස්ථාව (සිහිපත් කරවු). තවද (නබිවරය,) නුඹගෙන් ද නූහ්ගෙන් ද ඉබ්රාහීම්ගෙන් ද මූසාගෙන් ද මර්යම්ගේ පුත් ඊසාගෙන් ද (ඔවුන්ගේ ප්රතිඥාව ගත් අවස්ථාව සිහිපත් කරවු). තවද අපි ඔවුන්ගෙන් ස්ථිර වූ ප්රතිඥාවක් ගත්තෙමු.
4මෙහි ‘ප්රතිඥාව’ යනුවෙන් අදහස් කරන්නේ සියලු නබිවරුන් හා ඔවුන්ගේ අනුගාමිකයින් අල්ලාහ්ගේ විධානයට අවනත විය යුතු යැයි ඔවුන්ගෙන් ගනු ලැබූ පොරොන්දුවයි.
لِّيَسْأَلَ الصَّادِقِينَ عَن صِدْقِهِمْ ۚ وَأَعَدَّ لِلْكَافِرِينَ عَذَابًا أَلِيمًا
(නබිවරුන් වන) සත්යවන්තයින්ගෙන් ඔවුන්ගේ සත්යය(නබිත්වය) පිළිබඳව ඔහු(අල්ලාහ් විනිශ්චය දින) විමසනු පිණිස( ප්රතිඥා ගත්තේ)ය. තවද ප්රතික්ෂේපකයින්ට ඔහු වේදනීය දඬුවමක් සූදානම් කර ඇත.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَاءَتْكُمْ جُنُودٌ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا وَجُنُودًا لَّمْ تَرَوْهَا ۚ وَكَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا
විශ්වාස කළවුනි, (සතුරු) සේනාංකයන් නුඹලා වෙත (පහර දීමට) පැමිණි අවස්ථාවේ නුඹලා කෙරෙහි අල්ලාහ්( කළ ඔහු)ගේ භාග්යය සිහිපත් කරවු. එවිට (දැඩි) සුළඟක් ද නුඹලා නොදුටු (මලක්වරුන්ගේ) සේනාංකයන් ද ඔවුන් කෙරෙහි අපි යැව්වෙමු. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව සුපරික්ෂාකාරී විය.
5මෙයින් පෙන්නුම් කෙරෙන්නේ අහ්zසාබ් සටන සිදු වූ අවස්ථාව පිළිබඳවය. මෙහි කුඩා විස්තරයක් මෙම සූරාවේ හැඳින්වීමෙහි සඳහන් වී ඇත. මක්කාවාසී ප්රතික්ෂේපකයින්ගේ විවිධ සේනාවන්හි ආක්රමණය මුස්ලිම්වරුන්ට දින ගණනාවක් දක්වා තිබුණි. එබැවින් මුස්ලිම්වරුන්ට දරුණු ගැහැටක් ඇති විය. අවසානයේ දී ආක්රමණිකයින්ට අල්ලාහ් දැඩි සුළඟක් යවා ඔවුන් පලා යන්නට සිදු කළේය.
إِذْ جَاءُوكُم مِّن فَوْقِكُمْ وَمِنْ أَسْفَلَ مِنكُمْ وَإِذْ زَاغَتِ الْأَبْصَارُ وَبَلَغَتِ الْقُلُوبُ الْحَنَاجِرَ وَتَظُنُّونَ بِاللَّهِ الظُّنُونَا
නුඹලාට ඉහළින් ද නුඹලාට පහළින් ද ඔවුන් නුඹලා වෙත පැමිණි අවස්ථාව ද (බියෙන්) බැල්ම (සතුරන් වෙත) යොමු වී හදවත් උගුරු දණ්ඩ දක්වා පැමිණි අවස්ථාව ද අල්ලාහ් පිළිබඳව නුඹලා (විවිධ) සිතුවිලි සිතමින් සිටි අවස්ථාව ද (සිහිපත් කරවු).
هُنَالِكَ ابْتُلِيَ الْمُؤْمِنُونَ وَزُلْزِلُوا زِلْزَالًا شَدِيدًا
එහිදී විශ්වාසිකයින්ව පිරික්සුමට ලක් කොට ඔවුහු දැඩි කම්පනයකින් කම්පනයට පත් කරනු ලැබූහ.
وَإِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ مَّا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ إِلَّا غُرُورًا
ආත්ම වංචනිකයන් හා තම හදවත්හි ව්යාධියක් ඇත්තවුන් “අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා රැවටීමක් මිස (අන් කිසිවක්) අපට ප්රතිඥා නොදුන්නෝයැ”යි පැවසූ අවස්ථාව ද (සිහිපත් කරවු).
6මෙහි ආයතයන් අංක 12 සිට 21 දක්වා යුද බිමේ ආත්ම වංචනිකයින් හා යුදෙව්වන්ගේ ස්ථාවරය පිළිබඳව සඳහන් වී ඇත.
وَإِذْ قَالَت طَّائِفَةٌ مِّنْهُمْ يَا أَهْلَ يَثْرِبَ لَا مُقَامَ لَكُمْ فَارْجِعُوا ۚ وَيَسْتَأْذِنُ فَرِيقٌ مِّنْهُمُ النَّبِيَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوْرَةٌ وَمَا هِيَ بِعَوْرَةٍ ۖ إِن يُرِيدُونَ إِلَّا فِرَارًا
තවද ඔවුන් අතුරින් පිරිසක් “යස්රිබ්(මදීනා) වැසියනි, නුඹලාට (මෙහි) රැඳී සිටීමට ස්ථානයක් නොමැත. එබැවින් නුඹලා නැවත හැරී යවු.” යැයි පැවසූ අවස්ථාව (සිහිපත් කරවු). තවද ඔවුන් අතුරින් පිරිසක් “සැබැවින්ම අපගේ නිවෙස් අනාරක්ෂිත යැ”යි පවසා නබි තුමාණන්ගෙන් (යුද පිටියෙන් නැවත හැරී යෑමට) අනුමැතිය පතමින් සිටියෝය. (එනමුත්) ඒවා අනාරක්ෂිතව නොමැත. ඔවුන් (එමගින් යුද බිමෙන්) පලා යෑම මිස නොපතන්නෝය.
7නිමාවක් තිබේ යැයි බලාපොරොත්තුවක් හෝ තැබිය නොහැකි තරමට මක්කාවාසී ප්රතික්ෂේපකයින්ගේ ආක්රමණය තිබුණු විට අහ්zසාබ් සටන ජය ගනු ඇත යැයි නබි මුහම්මද් තුමාණන් විසින් කරනු ලැබූ පොරොන්දුව අසත්යය යැයි මුස්ලිම්වරුන් අතර සිටි ආත්ම වංචනිකයින් පවසන්නට වූහ. තවද සටනට සහභාගි වූ මුස්ලිම්වරුන් හැරී යා යුතු යැයි ද ඔවුහු පැවසුවෝය.
وَلَوْ دُخِلَتْ عَلَيْهِم مِّنْ أَقْطَارِهَا ثُمَّ سُئِلُوا الْفِتْنَةَ لَآتَوْهَا وَمَا تَلَبَّثُوا بِهَا إِلَّا يَسِيرًا
තවද එ(ම මදීනාවෙ)හි සෑම දිශාවකින්ම ඔවුන්(ආත්ම වංචනිකයන්) වෙත (සතුරු සේනාංකයන්) පිවිසෙනු ලැබ පසුව ඔවුන්ගෙන් (මුස්ලිම්වරුන්ට විරුද්ධව) ව්යසන ඇති කරලීමට ඉල්ලා සිටිනු ලැබුවේ නම් ඔවුහු එය කරන්නෝමය. තවද ඔවුන් මද( වේලාව)ක් මිස එහි(නිවෙස්හි ආරක්ෂාව සඳහා) රැඳී නොසිටින්නෝය.
وَلَقَدْ كَانُوا عَاهَدُوا اللَّهَ مِن قَبْلُ لَا يُوَلُّونَ الْأَدْبَارَ ۚ وَكَانَ عَهْدُ اللَّهِ مَسْئُولًا
තවද (සතුරන්ට පිටුපා) පසුපස හැරී (පලා) නොයන බව ඔවුන්(ආත්ම වංචනිකයන්) මීට පෙර සැබැවින්ම අල්ලාහ්ට ප්රතිඥා දෙන්නන් විය. තවද අල්ලාහ්ට දුන් ප්රතිඥාව (විනිශ්චය දින) ප්රශ්න කරනු ලබන්නක් වේ.
8‘ප්රශ්න කරනු ලබන්නක් විය’ යනු අල්ලාහ්ට කළ පොරොන්දුව කෙසේ ඉටු කර ඇත්තේ දැ’යි සියලු දෙනාගෙන්ම විනිශ්චය දිනයේ ප්රශ්න කරනු ලබයි.
قُل لَّن يَنفَعَكُمُ الْفِرَارُ إِن فَرَرْتُم مِّنَ الْمَوْتِ أَوِ الْقَتْلِ وَإِذًا لَّا تُمَتَّعُونَ إِلَّا قَلِيلًا
(නබිවරය, ආත්ම වංචනිකයන්ට) පවසවු “නුඹලා මරණයෙන් හෝ ඝාතන(යට බි)යෙන් පලා යන්නේ නම් (එසේ) පලා යෑම නුඹලාට ඵලක් නොදෙන්නේමය. (එසේ පලා ගියේ නම්) එවිට (ජීවිතයෙහි ඉතිරිව ඇති) ස්වල්ප( කාල)යක් මිස නුඹලා වින්දනය නොලබන්නෝය.”
قُلْ مَن ذَا الَّذِي يَعْصِمُكُم مِّنَ اللَّهِ إِنْ أَرَادَ بِكُمْ سُوءًا أَوْ أَرَادَ بِكُمْ رَحْمَةً ۚ وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا
(නබිවරය,) නුඹ පවසවු “ඔහු(අල්ලාහ්) නුඹලාට අයහපතක් (කිරීමට) පැතුවේ නම් හෝ නුඹලාට කරුණාවක් (දැක්වීමට) පැතුවේ නම් නුඹලාව අල්ලාහ්ගෙන් වළක්වන්නා කවුරුන් ද? තවද අල්ලාහ් හැර ඔවුනට භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු ඔවුහු නොලබන්නෝය.”
قَدْ يَعْلَمُ اللَّهُ الْمُعَوِّقِينَ مِنكُمْ وَالْقَائِلِينَ لِإِخْوَانِهِمْ هَلُمَّ إِلَيْنَا ۖ وَلَا يَأْتُونَ الْبَأْسَ إِلَّا قَلِيلًا
නුඹලා අතුරින් (යුද්ධයට යෑමෙන්) වළක්වන්නන්ව ද තමන්ගේ සහෝදරයින්ට “(මුස්ලිම්වරුන් සමග නොගොස්) අප වෙත පැමිණෙවු” යැයි පවසන්නන්ව ද අල්ලාහ් මැනවින් දන්නේය. තවද (ආත්ම වංචනිකයින්ගෙන්) ස්වල්ප දෙනෙකු මිස යුද්ධයට නොපැමිණෙන්නෝය.
أَشِحَّةً عَلَيْكُمْ ۖ فَإِذَا جَاءَ الْخَوْفُ رَأَيْتَهُمْ يَنظُرُونَ إِلَيْكَ تَدُورُ أَعْيُنُهُمْ كَالَّذِي يُغْشَىٰ عَلَيْهِ مِنَ الْمَوْتِ ۖ فَإِذَا ذَهَبَ الْخَوْفُ سَلَقُوكُم بِأَلْسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى الْخَيْرِ ۚ أُولَـٰئِكَ لَمْ يُؤْمِنُوا فَأَحْبَطَ اللَّهُ أَعْمَالَهُمْ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا
(එසේ ඔවුන් යුද්ධයට පැමිණෙන්නේ) නුඹලා කෙරෙහි මසුරුකම් පා( නුඹලාගේ ගනීමත් නම් යුද්ධයෙන් ලැබූ වස්තූන් රැස් කර ග)න්නන් ලෙසය. තවද (ඔවුන්ට සතුරන් කෙරෙහි) බිය පැමිණි කල්හි මරණය හේතුවෙන් සිහිමුර්ඡා වූවෙකු සේ ඔවුන්ගේ දෑස් කැරකෙමින් ඔවුන් නුඹ දෙස බලන්නන් ලෙස නුඹ ඔවුන්ව දකින්නෙහිය. පසුව (ඔවුන් වෙතින්) බිය පහ වූ කල්හි යහ දෑ(යුද්ධයෙන් ලැබූ වස්තූන්) කෙරෙහි මසුරුකමින් යුතුව තියුණු දිවවල් වලින් (පවසන ලද වදන් වලින්) නුඹලාව රිදවන්නෝය.ඔවුන් (සැබෑ ලෙස) විශ්වාස නොකළෝය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ (යහ) කි්රයාවන් නිෂ්ඵල කළේය. තවද එය අල්ලාහ් කෙරෙහි පහසු (කටයුත්තක්) විය.
9මෙම ආයතය එක් කෝණයකින් බැලූ කල ආත්ම වංචනිකයින්ගේ බියගුලු බව පවසා ඇති අතර වෙනත් කෝණයකින් බැලූ කල වස්තූන් කෙරෙහි ඔවුන්ට ඇති කෑදර කම පැහැදිලි වනු ඇත. සතුරන්ගේ දැඩි ප්රහාරයට ලක් වේ යැයි ඔවුනට සැකයක් ඇති වූ විට මරණය සමීප වූවෙකු බියෙන් තැති ගන්නාක් මෙන් මොවුන් තැති ගන්නෝය. එනමුත් සතුරන්ගෙන් ජය ලැබී ‘ගනීමත් වස්තූන්’ ලැබුණු විට ඔවුන් මුස්ලිම්වරුන්ට දොස් පවරමින් සටන ජය ලැබුවේ තමන්ගේ උදව්වෙන් යැයි පවසා තමන්ට ද ‘ගනීමත් වස්තුවෙන්’ කොටසක් ඇතැ’යි මොවුහු පවසන්නට වූහ.
10එනම් සියලු යහ ක්රියාවන්ට විනිශ්චය දිනයේ පරිපූර්ණ ප්රතිඵල දෙනු ලබන්නේ විශ්වාසය සහ පිරිසුදු චේතනාව සමග ඒවා ඉටු වුවහොත් පමණි. එහෙත් ආත්ම වංචනිකයින් ඇතැම් යහ කි්රයා කළ ද එහි කිසිම විශ්වාසයක් හෝ පිරිසුදු චේතනාවක් නැති හෙයින් විනිශ්චය දිනයේ ඔවුන්ගේ යහ ක්රියාවන් ඔවුනට කිසිදු ඵලක් ඇති නොකරයි. තවද ඒවා නිෂ්ඵල වනු ඇත.
يَحْسَبُونَ الْأَحْزَابَ لَمْ يَذْهَبُوا ۖ وَإِن يَأْتِ الْأَحْزَابُ يَوَدُّوا لَوْ أَنَّهُم بَادُونَ فِي الْأَعْرَابِ يَسْأَلُونَ عَنْ أَنبَائِكُمْ ۖ وَلَوْ كَانُوا فِيكُم مَّا قَاتَلُوا إِلَّا قَلِيلًا
(සතුරු) සේනාංකයන් (යුද්ධය අවසන් වී නැවත හැරී ගිය පසු ද තවමත් හැරී) නොගියේ යැයි ඔවුන්(ආත්ම වංචනිකයින්) සිතන්නෝය. (සතුරු) සේනාංකයන් (යළි යුද බිමට) පැමිණෙන්නේ නම් ඔවුන්(ආත්ම වංචනිකයින් යුද්ධයට නොගොස්) ගම්බද අරාබිවරුන් අතර නැවතී සිට (අන් අයගෙන් යුද බිමේ සිදුවන) නුඹලාගේ පුවත් පිළිබඳව විමසීමට ආශා කරන්නෝය. තවද ඔවුන් නුඹලා අතර සිටිය ද සුළු වශයෙන් මිස යුද නොකරන්නෝය.
لَّقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا
සැබැවින්ම අල්ලාහ්ගේ රසූල්වරයා තුළ නුඹලාට අලංකාරවත් ආදර්ශයක් ඇත. එනම් (එය ඇත්තේ) අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද අපේක්ෂා කොට අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කරන්නන්ටය.
11අහ්zසාබ් සටනේ ආත්ම වංචනිකයින් සටනින් පලා යාමට අදහස් කළ අවස්ථාවෙහි නබි මුහම්මද් තුමාණන් සටනෙහි බිය නොවී ස්ථාවරව සිටියහ. තවද එතුමාණන් සතුරන්ට එරෙහිව සටනෙහි කටයුතු කළ අන්දම ආත්ම වංචනිකයින්ට ආදර්ශයක් විය. කෙසේ වෙතත් මෙම ආයතයේ ගැඹුරු අර්ථය නම් සෑම කාලයක දීම සෑම ස්ථානයක දීම මුස්ලිම්වරුන්ට නබි මුහම්මද් තුමාණන් තුළින් ආදර්ශයක් ඇති අතර එය පිළිපැදිය යුතු යන්නයි.
وَلَمَّا رَأَى الْمُؤْمِنُونَ الْأَحْزَابَ قَالُوا هَـٰذَا مَا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ وَصَدَقَ اللَّهُ وَرَسُولُهُ ۚ وَمَا زَادَهُمْ إِلَّا إِيمَانًا وَتَسْلِيمًا
විශ්වාසවන්තයින් (සතුරු) සේනාංකයන් දුටු කල්හි “අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා අපහට ප්රතිඥා දුන් දෑ මෙයයි. තවද අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද සත්යය පැවසුවේ යැ”යි ඔවුහු පැවසුවෝය. තවද විශ්වාසය හා අවනතභාවය මිස එය ඔවුනට (අන් කිසි දැයක්) අධික නොකළේය.
مِّنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُم مَّن قَضَىٰ نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ ۖ وَمَا بَدَّلُوا تَبْدِيلًا
තමන් කුමක් කෙරෙහි අල්ලාහ්ට ගිවිසුම් කළේද එය සත්යය කළ පිරිමින් (සමහරක්) විශ්වාසවන්තයින් අතුරින් වෙති. එබැවින් ඔවුන් අතුරින් තමන්ගේ ගිවිසුම(අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීම) ඉටු කළවුන් ද වෙති. තවද ඔවුන් අතුරින් (එම දිවි පිදීම) බලාපොරොත්තුවන්නන් ද වෙති. තවද ඔවුන් (තමන්ගේ ගිවිසුමෙහි කිසිදු) වෙනස් කිරීමක් වෙනස් නොකළෝමය.
12සහාබිවරුන් සියල්ලන්ම අල්ලාහ්ගේ සත්යය දහම ආරක්ෂා කිරීමට තම ආත්මය පවා පුද කිරීමට සුදානමින් සිටියෝය. ඔවුන්ගෙන් ඇතැමුන්ට පිළිගත හැකි කාරණාවන් නිසා බද්ර් සටනට සහභාගි වීමට නොහැකි විය. එහෙත් තවත් සටනක් සිදු වූයේ නම් එහිදී හෝ අල්ලාහ් වෙනුවෙන් ප්රයත්නය කළ යුතු යැයි ඔවුහු ඉතා උනන්දුවෙන් බලාපොරොත්තු වෙමින් සිටියෝය.
لِّيَجْزِيَ اللَّهُ الصَّادِقِينَ بِصِدْقِهِمْ وَيُعَذِّبَ الْمُنَافِقِينَ إِن شَاءَ أَوْ يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا
(මේ සියල්ල සිදු වූයේ) සත්යවන්තයින්ට තමන්ගේ සත්යය වෙනුවෙන් අල්ලාහ් ප්රතිඵල පිරිනැමීම පිණිස හා ආත්ම වංචනිකයින්ට ඔහු අභිමත කළේ නම් දඬුවම් දීම පිණිස හෝ ඔවුන් කෙරෙහි පශ්චාත්තාපය පිළිගැනීම පිණිස හෝ වේ. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලී පරම කරුණාභරිත විය.
وَرَدَّ اللَّهُ الَّذِينَ كَفَرُوا بِغَيْظِهِمْ لَمْ يَنَالُوا خَيْرًا ۚ وَكَفَى اللَّهُ الْمُؤْمِنِينَ الْقِتَالَ ۚ وَكَانَ اللَّهُ قَوِيًّا عَزِيزًا
ප්රතික්ෂේප කළවුන්ව ඔවුන්ගේ කෝපය සමගම යහපතක් ඔවුහු නොලැබූවන්ව (යුද පිටියෙන්) අල්ලාහ් ආපසු හරවා යැව්වේය. තවද යුද්ධයෙහි විශ්වාසිකයින්ට (ජය ලබා දීමට) අල්ලාහ් ප්රමාණවත් විය. තවද අල්ලාහ් සර්ව ශක්තිසම්පන්න අති බලසම්පන්න විය.
وَأَنزَلَ الَّذِينَ ظَاهَرُوهُم مِّنْ أَهْلِ الْكِتَابِ مِن صَيَاصِيهِمْ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ فَرِيقًا تَقْتُلُونَ وَتَأْسِرُونَ فَرِيقًا
ධර්ම පුස්තකය ලත් (යුදෙව්) අය අතුරින් ඔවුන්ට(ප්රතික්ෂේපකයින්ට) පිටුබල දුන් අයව ඔවුන්ගේ බලකොටු වලින් ඔහු(අල්ලාහ්) බැහැර කළේය. තවද ඔවුන්ගේ හදවත් තුළ ඔහු (නුඹලා පිළිබඳව) භීතිය ඇති කළේය. (එබැවින්) නුඹලා (ඔවුන්ගෙන්) පිරිසක් ඝාතනය කළෝය. තවත් පිරිසක් සිරගත කළෝය.
وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَارَهُمْ وَأَمْوَالَهُمْ وَأَرْضًا لَّمْ تَطَئُوهَا ۚ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرًا
තවද ඔවුන්ගේ භූමිය ද ඔවුන්ගේ නිවෙස් ද ඔවුන්ගේ වස්තූන් ද නුඹලා පය නොතැබූ භූමියක් ද ඔහු(අල්ලාහ්) නුඹලාට උරුම කර දුන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්න විය.
1313 ) මෙම ආයතය හා මීට පෙර ආයතයෙන් අදහස් කරන්නේ මුස්ලිම්වරුන් සමග සාම ගිවිසුම් කර එය කඩ කළ ‘බනූ කුරෙයිලා’ නම් යුදෙව් ගෝත්රයක් පිළිබඳවය. ‘හන්දක්’ නැමැති සටනින් පසුව තමන්ට වංචා කළ මෙම යුදෙව්වන් සමග සටනක් ඇති විය. තවද “නුඹලා පය නොතැබූ භූමියක් ද ඔහු(අල්ලාහ්) නුඹලාට උරුම කර දුන්නේය” යනුවෙන් අදහස් කරන්නේ මුස්ලිම්වරුන්ට අනාගතයෙහි තවත් ජයග්රහණ අත් වේ යන අදහසයි.
يَا أَيُّهَا النَّبِيُّ قُل لِّأَزْوَاجِكَ إِن كُنتُنَّ تُرِدْنَ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا فَتَعَالَيْنَ أُمَتِّعْكُنَّ وَأُسَرِّحْكُنَّ سَرَاحًا جَمِيلًا
නබිවරය, නුඹගේ භාර්යාවන්ට (මෙසේ) පවසවු “නුඹලා මෙලොව ජීවිතය ද එහි අලංකාරය ද අපේක්ෂා කරන්නන්ව සිටින්නේ නම් එවිට නුඹලා පැමිණෙවු. මම නුඹලාගේ යැපීම් දීමනා ලබා දෙන්නෙමි. තවද මම නුඹලාව අලංකාර මුදවා හැරීමකින් (දික්කසාද කර) මුදවා හරින්නෙමි.”
14‘හයිබර්’ නැමැති යුද්ධයෙන් ජයග්රහණය අත් වීමෙන් පසුව මුස්ලිම්වරුන්ගේ ආර්ථිකය දියුණු විය. එබැවින් තමන්ගේ ජීවන දීමනාව අධික කරන මෙන් නබි මුහම්මද් තුමාණන්ගේ බිරින්දෑවරුන් එතුමාගෙන් ඉල්ලා සිටියෝය. මොවුන්ගේ මෙම ඉල්ලීමෙහි කිසි වරදක් නොතිබුණ ද නබි මුහම්මද් තුමාණන්ගේ බිරින්දෑවරුන් යන මෙම උසස් පදවිය ලද මොවුන් සාමාන්යය ස්ත්රීන් මෙන් ලෝ වස්තූන් පි්රය කිරීම ඔවුන්ට එතරම් නුසුදුසුය. එබැවින් මොවුන් ලෞකික වස්තූන් පි්රය කරන්නේ නම් නබි මුහම්මද් තුමාණන්ගේ බිරිය යන උසස් පදවිය අත හැර ඔවුන් ප්රිය කළ දෑ ඔවුන්ට ලබා ගත හැකි යැයි ද එසේ ඔවුන්ට එම උසස් පදවිය තබා ගත යුතු නම් තමන්ට ඇති දැයින් ඔවුන් ප්රමාණවත් කර ගත යුතු යැයි ද මෙම ආයතයෙන් අවධාරණය කරයි. මෙම ආයතය ඔවුන් දැන ගත් පසු ඔවුන් ලෞකික වස්තූන්ට වඩා නබි මුහම්මද් තුමාණන් සමග සිටීම තෝරා ගත් බව හදීසයන්හි සනාථ වී ඇත.
وَإِن كُنتُنَّ تُرِدْنَ اللَّهَ وَرَسُولَهُ وَالدَّارَ الْآخِرَةَ فَإِنَّ اللَّهَ أَعَدَّ لِلْمُحْسِنَاتِ مِنكُنَّ أَجْرًا عَظِيمًا
(නමුත්) “නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරයාව ද අවසන් වාසස්ථානය(ස්වර්ගය) ද අපේක්ෂා කරන්නන්ව සිටින්නේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් නුඹලා අතුරින් යහපත් ඇත්තියන්ට මහත් වූ වේතනයක් සූදානම් කර ඇත්තේය.
يَا نِسَاءَ النَّبِيِّ مَن يَأْتِ مِنكُنَّ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ يُضَاعَفْ لَهَا الْعَذَابُ ضِعْفَيْنِ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا
නබිවරයාගේ භාර්යාවනි, නුඹලා අතුරින් කවරෙකු ප්රකට (පාපකාරී) අශික්ෂිත දැයක යෙදෙන්නේද ඇයට දඬුවම දෙගුණයකින් ගුණ කරනු ලබන්නේය. තවද එය අල්ලාහ් කෙරෙහි පහසු (කටයුත්තක්) විය.
وَمَن يَقْنُتْ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِ وَتَعْمَلْ صَالِحًا نُّؤْتِهَا أَجْرَهَا مَرَّتَيْنِ وَأَعْتَدْنَا لَهَا رِزْقًا كَرِيمًا
තවද නුඹලා අතුරින් කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට කීකරු වී යහ ක්රියාවන් කරන්නේද ඇයට ඇයගේ වේතනය අපි දෙවරක් පිරිනමන්නෙමු. තවද අපි ඇයට ගෞරවනීය සම්පතක් (ස්වර්ගයෙහි) සූදානම් කර ඇත්තෙමු.
يَا نِسَاءَ النَّبِيِّ لَسْتُنَّ كَأَحَدٍ مِّنَ النِّسَاءِ ۚ إِنِ اتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلًا مَّعْرُوفًا
නබිවරයාගේ භාර්යාවනි, නුඹලා (අනෙක්) ස්තී්රන් අතුරින් කිසිම කෙනෙකු මෙන් නොවන්නෝය. නුඹලා බිය භක්තිමත් වන්නේ නම් (අන්ය පිරිමින් සමග) කතා කිරීමෙහි මිහිරි නොවවු. මක්නිසාද යත් කවරෙකුගේ සිතෙහි (නරක සිතුවිලි වලින් යුත්) ව්යාධියක් ඇත්තේද ඔහුට (එමගින් නුඹලා කෙරෙහි) ආශාවක් ඇති (විය හැකි) වන්නේය. තවද නුඹලා (මිහිරි බවින් තොර අවශ්ය වූ ප්රමාණයට) නියමිත වදනින් කතා කරවු.
وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَىٰ ۖ وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
තවද නුඹලා (අනවශ්ය ලෙස නොසැරිසරා) නුඹලාගේ නිවෙස් තුළ රැඳී සිටිවු. තවද ආරම්භ අඥාන යුගයේ (ස්තී්රන්) අලංකාරය හෙළි කළ ආකාරයෙන් නුඹලා (නුඹලාගේ) අලංකාරය හෙළි නොකරවු. තවද සලාතය ස්ථිරවම ඉටු කරවු. තවද zසකාතය දෙවු. තවද අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට අවනත වවු. (නබිවරයාගේ) නිවැසියනි, සැබැවින්ම අල්ලාහ් අපේක්ෂා කරන්නේම (පාපයේ) කිලිට නුඹලාගෙන් ඉවත් කිරීමට හා නුඹලාව (පාපයෙන් ඉවත් කර) පිවිතුරු කිරීමකින් පිවිතුරු කිරීමටය.
15මෙම ආයතයෙහි සඳහන් ‘(නබිවරයාගේ) නිවැසියන්’ යන පදයට අදාළ අරාබි පදය වන ‘අහ්ලුල් බයිත්’ යනු අරාබි පදයන් දෙකකික් සමන්විත කිමනකි. ‘අහ්ල්’ නම් පළමු පදයට භාෂාමය අර්ථය අනුව බොහෝ අර්ථයන් තිබුණ ද එය යම් පුද්ගලයෙකු වෙත සම්බන්ධ කළ විට “ඔහුගේ බිරිය, පවුලේ උදවිය, සමීප ඥාතීන්” යන අර්ථයන් ගෙන දේ. එබැවින් එම පදය ‘බයිත්’ නම් පදය වෙත සම්බන්ධ කළ විට ‘නිවැසියන්’ යන අර්ථය ගෙන දේ. ඉස්ලාමීය ව්යවහාරයෙහි අහ්ලුස් සුන්නා වල් ජමාඅත්වරුන්ගේ විග්රහය හා තීන්දුව අනුව “අහ්ලු බයිතින් නබි” හෙවත් “නබි මුහම්මද් තුමාණන්ගේ නිවැසියන්” යනු කවුරුන්හට zසකාතය ලබා ගැනීම හරාම්(තහනම්) කරනු ලැබ තිබේ ද ඔවුන්ය. මේ අනුව භාෂාමය හා ව්යවහාරමය අර්ථය දෙස බැලූ කල නබි මුහම්මද් තුමාණන්ගේ පිවිතුරු බිරින්දෑවරුන්, එතුමාණන්ගේ දරු මුණුබුරන් හා ඔවුන්ගේ පරපුරෙන් පැවතෙන්නන් සහ එතුමාණන්ගේ සමීප ඥාතීන් යන අය ‘අහ්ලු බයිතින් නබි’ යන පදය තුළ අඩංගු වන බව තහවුරු වේ. ‘අහ්ල්’ නම් පදය කෙනෙකුගේ බිරියට භාවිත කිරීම, අරාබි භාෂාමය අර්ථය පමණක් නොවන අතර ශුද්ධ වූ අල් කුර්ආනයෙහි ද ඇතැම් නබිවරුන් හා පුද්ගලයින්ගේ බිරින්දෑවරුන් පිළිබඳව සඳහන් වන විට ඔවුනට එම පදය යොදා ගෙන ඇත. නබි ඉබ්රාහීම් තුමාණන්ගේ බිරියට දරුවෙකු ලැබෙන්නට යන බවට සුභාරංචි පැවසීම සඳහා මලක්වරුන් ඔහු වෙත පැමිණි කල ඇය අමතා, “قالوا أتعجبين من أمر الله رحمت الله وبركاته عليكم أهل البيت إنه حميد مجيد“ “අල්ලාහ්ගේ අණ පිළිබඳව නුඹ පුදුමයට පත්වන්නී ද? අහ්ලුල් බයිත්වරුනි(ඉබ්රාහීම්ගේ නිවැසියනි), අල්ලාහ්ගේ දයාව ද ඔහුගේ අභිවෘද්ධිය ද නුඹලා කෙරෙහි අත්වේවා.” (අල් කුර්ආන් 11:73 ) යැයි පැවසූ සිදුවීම මෙයට සාධකයක් ලෙස ගෙනහැර දැක්විය හැකිය. එපමණක් නොව නබි මුහම්මද් තුමාණන්ගේ පිවිතුරු බිරින්දෑවරුන්ට ද අල්ලාහ් මෙම පදය යොදා ආමන්ත්රණය කොට ඇත. “إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا” “අහ්ලුල් බයිතිවරුනි, (නබිවරයාගේ නිවැසියනි), සැබැවින්ම අල්ලාහ් අපේක්ෂා කරනුයේ (පාපයේ) කිලිට නුඹලාගෙන් ඉවත් කිරීමට හා නුඹලාව (පාපයෙන් ඉවත් කර) පිවිතුරු කිරීමකින් පිවිතුරු කිරීමටය.” (අල් කුර්ආන් 33:33 ) යන මෙම ආයතය ද මෙයට සාධකයක් ලෙස ගෙනහැර දැක්විය හැකිය. මෙහි අහ්ලුල් බයිත්(නිවැසියනි,) යන වචනය පළමුවැනි ආයතයෙහි අල්ලාහ් විසින් නබි ඉබ්රාහීම් තුමාණන්ගේ බිරියට ද දෙවන ආයතයෙහි නබි මුහම්මද් තුමාණන්ගේ පිවිතුරු බිරින්දෑවරුන්ට ද යොදා ඇති බව පැහැදිලි වන්නේය. එබැවින් නබි මුහම්මද් තුමාණන්ගේ පිවිතුරු බිරින්දෑවරුන් ද ‘අහ්ලුල් බයිත්’ නම් පදය තුළ ඇතුළත් වන බව සමස්ත මුස්ලිම්වරුන්ගේ ප්රධාන ‘අකීදා’ හෙවත් ප්රතිපත්තියකි. ‘නබි මුහම්මද් තුමාණන් කෙරෙහි සෙනෙහස පෑම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යය වනවාක් මෙන්ම එතුමාණන්ගේ පිවිතුරු බිරින්දෑවරුන් ඇතුළු සෑම විශ්වාසික අහ්ලුල් බයිත්වරුන් කෙරෙහි ද සෙනෙහස පෑම අනිවාර්යය වේ’ යන්න අහ්ලුස් සුන්නා වල් ජමාආවරුන්ගේ ප්රතිපත්තිය වේ. එහෙයින් නබි මුහම්මද් තුමාණන්ගේ පිවිතුරු බිරින්දෑවරුන් ද ‘අහ්ලුල් බයිත්වරුන්’ යැයි පිළි නොගැනීම ඉහත සඳහන් ඉස්ලාමීය ප්රතිපත්තිය ප්රතික්ෂේප කිරීමකි. එමෙන්ම ‘ඔවුන් ඇතුළු අනෙකුත් අහ්ලුල් බයිත්වරුන් ප්රතික්ෂේප කිරීම, ඔවුනට බැණ වැදීම, අපහාස කිරීම, නොසැලකිලිමත්ව හැසිරීම හා ඔවුන්ගෙන් ඇතැමුන්ව නබිත්වයට හා දේවත්වයට සම්බන්ධ කිරීම වැනි සීමාව ඉක්මවා ක්රියා කිරීම අල් කුර්ආන් හා හදීසයන් මත පදනම් වූ ඉස්ලාමීය ප්රතිපත්තීන් වලට සහමුලින්ම පටහැණි වූවක්’ යන්න සියල්ලන්ම අවබෝධ කර ගත යුතු වැදගත් කරුණක් වන්නේය.
وَاذْكُرْنَ مَا يُتْلَىٰ فِي بُيُوتِكُنَّ مِنْ آيَاتِ اللَّهِ وَالْحِكْمَةِ ۚ إِنَّ اللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا
අල්ලාහ්ගේ වදන් වලින් ද ප්රඥාවෙන් ද නුඹලාගේ නිවෙස්හි පාරායනය කරනු ලබන දෑ නුඹලා මෙනෙහි කරවු. සැබැවින්ම අල්ලාහ් අති සියුම් ඥානී, අභිඥානවන්ත විය.
إِنَّ الْمُسْلِمِينَ وَالْمُسْلِمَاتِ وَالْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَالْقَانِتِينَ وَالْقَانِتَاتِ وَالصَّادِقِينَ وَالصَّادِقَاتِ وَالصَّابِرِينَ وَالصَّابِرَاتِ وَالْخَاشِعِينَ وَالْخَاشِعَاتِ وَالْمُتَصَدِّقِينَ وَالْمُتَصَدِّقَاتِ وَالصَّائِمِينَ وَالصَّائِمَاتِ وَالْحَافِظِينَ فُرُوجَهُمْ وَالْحَافِظَاتِ وَالذَّاكِرِينَ اللَّهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللَّهُ لَهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا
සැබැවින්ම මුස්ලිම්වරුන් හා මුස්ලිම්වරියන් ද විශ්වාසිකයින් හා විශ්වාසික කාන්තාවන් ද කීකරුවන්නන් හා කීකරුවන්නියන් ද සත්යවන්තයින් හා සත්යවන්තියන් ද ඉවසිලිවන්තයින් හා ඉවසිලිවන්තියන් ද බියෙන් නැඹුරුවන්නන් හා බියෙන් නැඹුරුවන්නියන් ද දානපතියන් හා දානපතිනියන් ද උපවාසයේ නියැළෙන්නන් හා උපවාසයේ නියැළෙන්නියන් ද තම රහසඟ ආරක්ෂා කරන්නන් හා අරක්ෂා කරන්නියන් ද අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් ද, අල්ලාහ් ඔවුනට පාපක්ෂමාව හා ඉමහත් වේතනයක් සූදානම් කොට ඇත.
16අල් කුර්ආනීය වාග් ශෛලියට අනුව පොදුවේ පුරුෂ ලිංග පද භාවිත වුවද එහි ස්ති්රන් ද අඩංගු වේ. නමුත් ස්ත්රීන්වද සුවිශේෂීව සඳහන් විය යුතු යැයි ඇතැම් සහාබිවරියන් පි්රය කළහ. මෙම ආයතය පහළ වූයේ එයට අනුකූලවය.
وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ ۗ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُّبِينًا
අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද යම් කරුණක් තීන්දු කළේ නම් (කිසිදු) විශ්වාසිකයෙකුට හෝ (කිසිදු) විශ්වාසික කාන්තාවකට ඔවුන්ගේ කරුණෙහි මොවුන්ට (තම) මනාපය යොදා ගැනීමට අයිතියක් නොවීය. තවද කවරෙකු අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද පිටුපාන්නේ ද සැබැවින්ම ඔහු පැහැදිලි මුළාවක මුළා වන්නේය.
وَإِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللَّهَ وَتُخْفِي فِي نَفْسِكَ مَا اللَّهُ مُبْدِيهِ وَتَخْشَى النَّاسَ وَاللَّهُ أَحَقُّ أَن تَخْشَاهُ ۖ فَلَمَّا قَضَىٰ زَيْدٌ مِّنْهَا وَطَرًا زَوَّجْنَاكَهَا لِكَيْ لَا يَكُونَ عَلَى الْمُؤْمِنِينَ حَرَجٌ فِي أَزْوَاجِ أَدْعِيَائِهِمْ إِذَا قَضَوْا مِنْهُنَّ وَطَرًا ۚ وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا
තවද (නබිවරය,) අල්ලාහ් කවරෙකුට (ඉස්ලාමය මගින්) භාග්යය පිරිනැමුවේ ද තවද නුඹ (වහල්භාවයෙන් නිදහස් කිරීම මගින්) ඔහුට භාග්යය පිරිනැමුවේ ද ඔහුට(zසෙයිද්ට) නුඹ (මෙසේ) පැවසූ අවස්ථාව (සිහිපත් කරවු. එනම්) “නුඹ නුඹගේ භාර්යාව (දික්කසාද නොකර) නුඹ වෙත රඳවා ගනිවු, තවද අල්ලාහ්ට බිය භක්තිමත් වවු.” තවද අල්ලාහ් කුමක් හෙළිදරව් කිරීමට ඇත්තේද එය (එනම් zසෙයිද් තම භාර්යාව දික්කසාද කළ පසු නුඹ ඇයව විවාහ කළ යුතුයි යන අල්ලාහ්ගේ තීරණය) නුඹ නුඹ තුළම සඟවා ගෙන සිටියේය. තවද නුඹ බිය වීමට ඉතා සුදුස්සා අල්ලාහ්ව සිටිය දී (ජනයින් මේ පිළිබඳව දොස් පවරයි යැයි) නුඹ ජනයින්ට බිය වන්නෙහිය. එබැවින් zසෙයිද් (විවාහ ජීවිතයේ) අවශ්යතාවන් වලින් ඇයගෙන් (දික්කසාද වී) මිදුනු කල්හි ඇයව අපි ඔබහට විවාහ කර දුන්නෙමු. (මන්දයත්) දරුකමට හදා වඩාගත් තමන්ගේ දරුවන් (විවාහ ජීවිතයේ) අවශ්යතාවන් වලින් තම භාර්යාවන්ගෙන් (දික්කසාද වී) මිදුනු කල්හි ඔවුන්ගේ(එම භාර්යාවන්ගේ) විෂයෙහි (ඔවුන්ව විවාහ කර ගැනීම) විශ්වාසිකයින්හට වරදක් නොවීම පිණිසය. තවද අල්ලාහ්ගේ නියෝගය සිදු කරනු ලබන්නේමය.
1717 ) මෙයින් අදහස් කරන්නේ මක්කාවාසී ප්රතික්ෂේපකයෙකුගේ භාරයේ වහලෙකු ලෙස සිටි zසෙයිද් ඉබ්නු හාරිසා තුමාණන් නම් සහාබිවරයා පිළිබඳවය. ඔහු ඉස්ලාමය වැලඳ ගත් පසු නබි මුහම්මද් තුමාණන් ඔහුව නිදහස් කර තමාගේ පුතෙකු ලෙස හදා වඩා ගත්තේය. නබි මුහම්මද් තුමාණන්ගේ ඥාතියෙකු වන zසෙයිනබ් තුමියව ඔහුට විවාහ කර දුන්නේය. එනමුත් ඔවුන් දෙදෙනාගේ විවාහ බන්ධනය යම් කාරණාවක් නිසා දිගු කලක් පැවතුණේ නැත. පසුව ඔහු ඇයව දික්කසාද කිරීමට සිතුවේය. එසේම මොහු දික්කසාද කළ විට ඇයව විවාහ කර ගන්නා මෙන් අල්ලාහ් නබි මුහම්මද් තුමාණන්ට අණ කරන ලදී. zසෙයිද් තුමාණන් ඇයව දික්කසාද කිරීම පිළිබඳව නබි මුහම්මද් තුමාට දැන්වූ විට තමාට අල්ලාහ් අණ කළ දෑ ගැන ඔහුට නොපවසා ඇය සමග ජීවත් වන මෙන් නබි මුහම්මද් තුමාණන් උපදෙස් කළේය. නබි මුහම්මද් තුමාණන් මෙසේ කිරීමට හේතු වූයේ අරාබිවරුන් තමන් විසින් හදා වඩා ගත් පුතාගේ බිරිය විවාහ කිරීම වැරදි යැයි සිතීමය. එහෙයින් නබි මුහම්මද් තුමාණන් zසෙයිනබ් තුමියව විවාහ කළේ නම් ඔහු විවේචනයට ලක් වේ යැයි ඔහු සිතුවේය. “තවද නුඹ බිය වීමට ඉතා සුදුස්සා අල්ලාහ්ව සිටිය දී (ජනයින් මේ පිළිබඳව දොස් නගයි යැයි) නුඹ ජනයින්ට බිය වන්නෙහිය” යන ආයතයෙන් අදහස් කරන්නේ ද මෙයයි. කෙසේ වෙතත් නබි මුහම්මද් තුමාණන් මෙහිදී අල්ලාහ්ගේ අණ වසන් කිරීමට තැත් කළා යනුවෙන් අදහස් කළ නොහැකිය. මන්දයත් ඔහු ඇයව විවාහ කිරීමට අණ කරනු ලැබුවේ ඇය දික්කසාද කරනු ලැබූ විට පමණී. එබැවින් ඇය zසෙයිද් තුමා විසින් දික්කසාද කරනු නොලැබිය යුතු යැයි ඔහු පැතුවේය. මෙම ආයතයෙන් පසුව zසෙයිද් තුමාට ඇයව දික්කසාද කිරීමට අනුමැතිය දී පසුව නබි මුහම්මද් තුමාණන් ඇයව විවාහ කර ගත්තේය.
مَّا كَانَ عَلَى النَّبِيِّ مِنْ حَرَجٍ فِيمَا فَرَضَ اللَّهُ لَهُ ۖ سُنَّةَ اللَّهِ فِي الَّذِينَ خَلَوْا مِن قَبْلُ ۚ وَكَانَ أَمْرُ اللَّهِ قَدَرًا مَّقْدُورًا
නබිවරයා) කෙරෙහි තමාට අල්ලාහ් නියම කළ දෑ (කිරීමෙ)හි කිසිදු වරදක් නැත. (මෙයට) පෙර වාසය කර ගියවුන්ගේ(නබිවරුන්ගේ) විෂයෙහි අල්ලාහ්ගේ පිළිවෙතක් වශයෙනි. තවද අල්ලාහ්ගේ නියෝගය නිර්ණය කරනු ලැබූ (පූර්ව) නිර්ණයකි.
الَّذِينَ يُبَلِّغُونَ رِسَالَاتِ اللَّهِ وَيَخْشَوْنَهُ وَلَا يَخْشَوْنَ أَحَدًا إِلَّا اللَّهَ ۗ وَكَفَىٰ بِاللَّهِ حَسِيبًا
(පෙර වාසය කර ගියවුන් වන) ඔවුහු අල්ලාහ්ගේ දූත මෙහෙවරයන් ප්රචාරය කර ඔහුට බිය වන්නන්ය. තවද අල්ලාහ් හැර වෙනත් කිසිවෙකුට ඔවුහු බිය නොවෙති. තවද (සියල්ලන්ගෙන් ඔවුන්ගේ කි්රයාවන්) ගණනය කිරීමට අල්ලාහ් ප්රමාණවත් විය.
مَّا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَـٰكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ ۗ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا
මුහම්මද් නුඹලාගේ පිරිමින් අතුරින් කිසිවෙකුගේ පියෙකු නොවීය. එනමුත් (ඔහු) අල්ලාහ්ගේ රසූල්වරයා ය. තවද නබිවරුන්ගෙන් අවසානයා ය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥ විය.
18නබි මුහම්මද් තුමාණන්ට ආත්ම වංචනිකයින් විසින් එල්ල කරනු ලැබූ අසත්යය චෝදනා දෙකක් මෙහිදී හෙළා දැක ඇත. පළමුවැන්න, නබි මුහම්මද් තුමාණන් තමාගේම පුතාගේ බිරියව විවාහ කර ගත්තේය යැයි ඔවුහු පැවසුවෝය. එතුමා zසෙයිද් තුමාව හදා වඩා ගත් නමුත් ඔහුගේ සැබෑ පියා නොවේ යැයි මෙම වැකිය පැහැදිලි කර ඇත. දෙවැන්න නබි මුහම්මද් තුමාණන්ගේ දූත මෙහෙයුම් ආරක්ෂා කිරීමට ඔහුට කිසිදු පුතෙකු නැත යැයි ඔවුහු පැවසුවෝය. ඔහු අවසාන දූතයා හා ඔහුට පසු කිසිදු දූතයෙකු පැමිණෙන්නේ නැත යැයි මෙම ආයතය පැහැදිලි කර ඇත. එසේම ඔහුගේ දූතත්වය ආරක්ෂා කිරීම අල්ලාහ්ගේ වගකීමක් විය. එබැවින් ඔහුට පුතුන් නොසිටිය ද ලොව අවසාන හෝරාව දක්වා ඔහුගේ අනුගාමිකයින් බිහි වී එය ආරක්ෂා කරනු ඇත.
1919 ) නබි මුහම්මද් තුමාණන්ගෙන් අනතුරුව නබිත්වය නිමා වූයේය යනු ඉස්ලාමීය ස්ථාවරයයි. එනම් නබි මුහම්මද් තුමාණන්ගෙන් පසු එතුමාගේ ස්වරූපයෙන් හෝ වෙනත් නබිවරයෙකු හෝ රසූල්වරයෙකු හෝ අල්ලාහ් ලොවට එවන්නේ නැත. යන්නෙන් සනාථ කරන අල් කුර්ආන් වැකි මෙන්ම නබි මුහම්මද් තුමාණන්ගේ ‘තවාතුර්’ ගණයට අයත් නබිවදන් බොහෝමයක් ඇත. “තවාතුර් ගණයට අයත්” යනු දැනුම් දෙන්නන්ගේ නොබිඳුනු වාර්තා පෙළකින් යුත් කිසිවකු විසින් ප්රතික්ෂේප කළ නොහැකි තරම් සාධක රාශියකින් සමන්විතව මුස්ලිම් විද්වත් සියලු දෙනා ඒකමතිකව පිළිගත් වාර්තාවන්ය. මෙවන් වාර්තාවන් ප්රතික්ෂේප කිරීම ඉස්ලාමය ප්රතික්ෂේප කරන්නෙකුගේ සළකුණකි. අල් කුර්ආනයේ සෑම ආයතයක්ම මෙම “තවාතුර්” වාර්තාවන් අනුව ගොණු කරනු ලැබූ හෙයින් එහි සත්යතාව කිසිදු සැකයකින් තොරව සියලු දෙනා පිළිගනිති. මෙලෙසම “නබිත්වයේ සමාප්තිය” නබි මුහම්මද් තුමාණන්ගෙන් නිමාවන බව ‘තවාතුර්’ ගණයට අයත් නබිවදන් මගින් සනාථ වන හෙයින් ඒ පිළිබඳව සුළු සැකයක් හෝ මතු වූයේ නම් ඔහු ඉස්ලාමීය ප්රතිපත්තිය තුළින් බැහැර වන්නේය. එනමුත් මිථ්යා නබිවරුන් පවසන්නේ නබි මුහම්මද් තුමාණන්ට දුන් එම දෙසුම් තමාට ද අල්ලාහ් විසින් දුන් ලද බවයි. මෙය කිසිදු තේරුමක් නැති තර්කයකි. මෙසේ අලුත් නබිවරයෙකු ලොවට එවීම දිව්යමය කෝණයකින් ද නිෂ්ඵල කාරියක් වන අතර අල් කුර්ආන් ආයතයන් හා නිර්දේශ අනුව මෙන්ම හදීස් සම්හාරය දෙස බලන කල අල්ලාහ් එවැනි නිෂ්ඵල දේ කිරීමෙන් සුවිශුද්ධය. මන්දයත් නබි මුහම්මද් තුමාණන්ට නොදෙන ලද දැනුමක් මෙම නව නබිවරයෙකුට අල්ලාහ් විසින් පිරිනමන්නේ නම් නබි මුහම්මද් තුමාණන් හරහා ලොවට පහළ කරන ලද ධර්මය සුළු කොට සැළකීමේ තත්ත්වයක් හා එය අසම්පූර්ණ යැයි සැලකුවා මෙනි. තවද අල් කුර්ආන්හි “මෙදින ඔබගේ ධර්මය අප පරිපූර්ණ කර ඇත්තෙමු” යන ආයතයේ අගය සුළු කොට තැකුවා නම් වනු ඇත. එසේ ගත් කල මෙම අල් කුර්ආන් ආයතය ( 5:3 ) අර්ථ ශුන්යය එක්ක වනු ඇත. නබි මුහම්මද් තුමාණන් පැවසූ බව සව්බාන් තුමාණන් දන්වා සිටියි. “මගේ ජනයා අතර මුසාවාදීන් තිස් දෙනෙකු උපදිනු ඇති අතර ඔවුන් සෑම කෙනෙකුම තමා නබිවරයෙකු යැයි කියනු ඇත. එනමුත් අවසාන නබිවරයා මා වෙමි. මගෙන් පසු කිසිදු නබිවරයෙක් පැමිණෙන්නේ නැත.” (ග්රන්ථය : අබූ දාවුද් සහ තිර්මිදී) නබි මුහම්මද් තුමාණන්ගේ වියෝවෙන් පසුව මෙවන් ව්යාජ නබිවරුන් කිහිප දෙනෙකු බිහි වී තමන් නබිවරුන් යැයි තර්ක කළෝය. එහෙත් මෙවන් ව්යාජ මතවාදීන්ගෙන් පිවිතුරු ඉස්ලාමය ආරක්ෂා කරලීම සඳහා සහාබිවරුන් නොයෙක් අන්දමින් සටන් වැදුනහ. එමෙන්ම මෙකල පවා එවන් මිථ්යා මතවාදීන් බිහිවන්නේ නම් ඔවුන්ගෙන් ඉස්ලාමීය ප්රතිපත්තීන් ආරක්ෂා කරලීම මුස්ලිම් අපගේ ඉමහත් වගකීමක් වනු ඇත.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا
විශ්වාස කළවුනි, නුඹලා අධික මෙනෙහි කිරීමකින් අල්ලාහ්ව මෙනෙහි කරවු.
وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا
තවද උදෑසන හා සවස නුඹලා ඔහුව පිවිතුරු කරවු.
هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ لِيُخْرِجَكُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَكَانَ بِالْمُؤْمِنِينَ رَحِيمًا
ඔහුමය නුඹලාව (ප්රතික්ෂේපය නම්) අන්ධකාරයෙන් (විශ්වාසය නම්) ආලෝකය වෙත පිට කිරීම පිණිස ඔහු නුඹලා වෙත ආශිර්වාද කරනුයේ. තවද මලක්වරුන් ද (නුඹලාට පාප ක්ෂමා ඇයැදින්නෝය). තවද ඔහු විශ්වාසවන්තයින් කෙරෙහි කරුණාභරිත විය.
تَحِيَّتُهُمْ يَوْمَ يَلْقَوْنَهُ سَلَامٌ ۚ وَأَعَدَّ لَهُمْ أَجْرًا كَرِيمًا
ඔවුන් ඔහුව(අල්ලාහ්ව) මුණ ගැසෙන දින ඔවුන්ගේ සුබපැතුම වන්නේ ‘සලාමය’(ශාන්තිය)යි. තවද ඔහු ඔවුනට ගෞරවනීය වේතනයක් (ස්වර්ගයෙහි) සූදානම් කර ඇත.
20එනම් ස්වර්ගයේ ඔවුන්ව අල්ලාහ් ‘අස්සලාමු අලෙයිකුම්’ (ඔබට ශාන්තිය අත් වේවා) යැයි ආචාර කරනු ඇත. හුදෙක් අල්ලාහ්ගෙන් ලබන මෙම ආචාරය පමණක් එදින ඉමහත් ගෞරවයක් යැයි සැලකේ.
يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَرْسَلْنَاكَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا
නබිවරය, සැබැවින්ම අපි නුඹව සාක්ෂිකරුවෙකු ලෙස ද ශුභාරංචි පවසන්නෙකු ලෙස ද අවවාද කරන්නෙකු ලෙස ද එව්වෙමු.
2121 ) මෙලොවෙදී නබි මුහම්මද් තුමාණන්ව අනුගමනය කළවුන්ට විනිශ්චය දිනයේ දී එතුමා සාක්ෂිකරුවෙකු වනු ඇත.
وَدَاعِيًا إِلَى اللَّهِ بِإِذْنِهِ وَسِرَاجًا مُّنِيرًا
තවද අල්ලාහ් වෙත ඔහුගේ අනුමැතියෙන් (ජනයාව) කැඳවන්නෙකු ලෙස ද (යහමග පෙන්වන) ප්රභාමත් පහනක් ලෙස ද (අපි නුඹව එව්වෙමු).
وَبَشِّرِ الْمُؤْمِنِينَ بِأَنَّ لَهُم مِّنَ اللَّهِ فَضْلًا كَبِيرًا
තවද (නබිවරය,) සැබැවින්ම මහත් වූ වරප්රසාදයක් ඔවුනට අල්ලාහ්ගෙන් ඇති බව නුඹ විශ්වාසිකයින්ට ශුභාරංචි පවසවු.
وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ وَدَعْ أَذَاهُمْ وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا
තවද ප්රතික්ෂේපකයින්ට ද ආත්ම වංචනිකයින්ට ද නුඹ අවනත නොවවු. (නුඹට ඇති වන) ඔවුන්ගේ හිංසනයන් (ගණන් නොගෙන) අත හැර දමවු. තවද නුඹ අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කරවු. භාරකරුවෙකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත් විය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَكَحْتُمُ الْمُؤْمِنَاتِ ثُمَّ طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمْ عَلَيْهِنَّ مِنْ عِدَّةٍ تَعْتَدُّونَهَا ۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحًا جَمِيلًا
විශ්වාස කළවුනි, විශ්වාසවන්ත ස්ත්රීන්ව නුඹලා විවාහ කර පසුව නුඹලා ඔවුන්ව ස්පර්ශ කිරීමට(ලිංගිකව සම්බන්ධ වීමට) පෙර ඔවුන්ව දික්කසාද කළේ නම් (දික්කසාද කරනු ලැබූ අන් ස්තී්රන්ට මෙන්) නුඹලා එය ගණනය කරන පොරොත්තු කාලයක් ඔවුන්(භාර්යාවන්) කෙරෙහි (නියම කිරීමට) නුඹලාට (අයිතියක්) නැත. එබැවින් නුඹලා ඔවුන්ට (ගෙවිය යුතු නියමිත) යැපීම් දීමනා ලබා දෙවු. තවද නුඹලා අලංකාර මුදවා හැරීමකින් (දික්කසාද කර) ඔවුන්ව මුදවා හරිවු.
22විවාහයෙන් පසු සංසර්ගයේ යෙදීමට පෙර දික්කසාද කරනු ලැබූ ස්ත්රියට ‘ඉද්දා’ හෙවත් පොරොත්තු කාලයක් බලාපොරොත්තුවෙන් සිටීම අවශ්ය නැත යැයි මෙම ආයතය තුළින් පැහැදිලි කරනු ලැබී ඇත. අල් කුර්ආන් 2:234 හි පාද සටහනෙහි නොයෙක් වර්ගයේ ‘ඉද්දා’ නීති රීතීන් පිළිබඳව සඳහන් වී ඇත.
يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَحْلَلْنَا لَكَ أَزْوَاجَكَ اللَّاتِي آتَيْتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتْ يَمِينُكَ مِمَّا أَفَاءَ اللَّهُ عَلَيْكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّاتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَالَاتِكَ اللَّاتِي هَاجَرْنَ مَعَكَ وَامْرَأَةً مُّؤْمِنَةً إِن وَهَبَتْ نَفْسَهَا لِلنَّبِيِّ إِنْ أَرَادَ النَّبِيُّ أَن يَسْتَنكِحَهَا خَالِصَةً لَّكَ مِن دُونِ الْمُؤْمِنِينَ ۗ قَدْ عَلِمْنَا مَا فَرَضْنَا عَلَيْهِمْ فِي أَزْوَاجِهِمْ وَمَا مَلَكَتْ أَيْمَانُهُمْ لِكَيْلَا يَكُونَ عَلَيْكَ حَرَجٌ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا
නබිවරය, නුඹ කවරෙකුට ඔවුන්ගේ මහ්ර්(විවාහ බන්ධන කුලිය) පිරිනැමුවේ ද නුඹගේ එම භාර්යාවන් ද (යුද්ධයේ දී) නුඹ කෙරෙහි අල්ලාහ් පිරිනැමූ දෑ අතුරින් නුඹගේ දකුණත සතු කර ගත් (වහල්) අයව ද නුඹ සමග දේශාන්තරණය කළ නුඹගේ පියාගේ සහෝදරයාගේ දියණියන්ව ද නුඹගේ පියාගේ සහෝදරියන්ගේ දියණියන්ව ද නුඹගේ මවගේ සහෝදරයාගේ දියණියන්ව ද නුඹගේ මවගේ සහෝදරියන්ගේ දියණියන්ව ද සැබැවින්ම අපි නුඹට (විවාහ කර ගැනීමට) අනුමැතිය දී ඇත්තෙමු. තවද විශ්වාසික කාන්තාවක් (මහ්ර් නොමැතිව විවාහ කර ගැනීමට) තමන්ව නබිවරයාට පරිත්යාග කර නබිවරයා ද ඇයව විවාහ කර ගැනීමට අපේක්ෂා කළේ නම් (ඇයව ද අපි නුඹට විවාහ කර ගැනීමට අනුමැතිය දී ඇත්තෙමු. මෙය) විශ්වාසිකයින්ට නොව නුඹට (පමණක්) විශේෂිත වූවක් වශයෙනි. (විශ්වාසිකයින්ට අනිවාර්යය වූ නීති රීති නුඹට ද පැනවීම මගින්) නුඹ කෙරෙහි අපහසුතාවක් ඇති නොවීම පිණිස (විශ්වාසිකයින්ට) ඔවුන්ගේ භාර්යාවන්ගේ හා ඔවුන්ගේ දකුණත සතු කර ගත් (වහල්) අයගේ විෂයෙහි ඔවුන් කෙරෙහි අපි අනිවාර්යය කළ දෑ සැබැවින්ම අපි දනිමු. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී පරම කරුණාභරිත විය.
2323 ) විවාහ නීති රීතීන් අතුරින් පොදුවේ මුස්ලිම්වරුන් හැර නබි මුහම්මද් තුමාණන්ට පමණක් සුවිශේෂී වූ ඇතැම් රීතීන් මෙම සූරාවේ 50 වන ආයතය හා 51 වන ආයතයෙහි සඳහන් වී ඇත. 1- පොදුවේ මුස්ලිම්වරුන්ට එක් අවස්ථාවකදී විවාහ වී සිටිය හැක්කේ ස්තී්රන් හතර දෙනෙකි. එනමුත් නබි මුහම්මද් තුමාණන්ට එයට වඩා අධිකව විවාහ වී සිටීමට ද අනුමැතිය තිබුණි. 2- යම් ස්ති්රයකු නබි මුහම්මද් තුමාණන්ව විවාහ කිරීමේ කැමැත්ත දැක්වුවහොත් ඇයට ‘මහ්ර්’ (නම් පුරුෂයා විසින් බිරියට අනිවාර්යයෙන් දිය යුතු දීමනාව) නොදී ඔහුට ඇයව විවාහ කළ හැකිව තිබුණි. කෙසේ වෙතත් නබි මුහම්මද් තුමාණන් කිසි විටෙක මෙසේ කර නැත. 3- කවුරුන්හට එක් භාර්යාවකට වඩා වැඩියෙන් සිටින්නේ ද ඔවුන් තම භාර්යාවන් අතර එක හා සමානව කටයුතු කළ යුතුය. වියදම මෙන්ම ඔවුන් අතර රැඳී සිටින රාති්රය ද සමානව තිබිය යුතුය. එහෙත් නබි මුහම්මද් තුමාණන්ට මෙසේ ඔවුන් අතර රැඳී සිටීමෙහි සාධාරණව සිටීම අනිවාර්යය නොවීය. ‘(නබිවරය,) ඔවුන්ගෙන්(නුඹගේ භාර්යාවන්ගෙන්) නුඹ අභිමත කරන අයව (එනම් ඇයට වෙන් කරන වාරය) නුඹට කල් දැමීමට හැක. නුඹ අභිමත කරන අයව නුඹ සමග රඳවා ගත හැක’ යන වැකියෙන් අදහස් කරන්නේ ද මෙයයි. මෙම විෂයෙහි ද නබි මුහම්මද් තුමාණන් කිසි විටෙක තමාගේ වාසියට අනුව කටයුතු කළේ නැත. 4- නබි මුහම්මද් තුමාණන් තම ඥාතී ස්ත්රියක් විවාහ වන්නේ නම් එතුමන්ට අනුමැතිය ඇත්තේ, මක්කාවේ සිට මදීනාවට දේශාන්තරණය කළ ස්තී්රන් පමණි. 5- පොදුවේ මුස්ලිම්වරුන්ට සැබෑ යුදෙව් හා කිතුනු ස්තී්රන් විවාහ කිරීමට අනුමැතිය තිබුණ ද නබි මුහම්මද් තුමාණන්ට මෙය තහනම් කරන ලදී.
24වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 4:3 හි පාද සටහන් සමග බලන්න.
2525 ) නබි මුහම්මද් තුමාණන් සමස්ත ලොවැසියන් හට අල්ලාහ් වෙතින් වූ දයාවක් ලෙස යවනු ලැබූ නබිවරයෙකි. අනෙකුත් නබිවරුන් මෙන් මෙතුමාණන්ගේ ද වගකීම වූයේ ලොවැසියන්ගේ පරමාධිපති අල්ලාහ් පිළිබඳව ඔවුනට හඳුන්වා දී ඔවුනට චිත්ත පාරිශුද්ධිය වෙත මග පෙන්වා අල්ලාහ්ගේ ධර්ම ග්රන්ථය වන අල් කුර්ආනය හා එහි ඇති දෑ උගන්වා දීමය. සමස්ත ලොවැසියන්ගේ යහමග උදෙසා මෙවැනි මෙහෙයක් සඳහා අල්ලාහ් විසින් තෝරාගනු ලැබූ නබිවරුන්ව අල්ලාහ් විසින්ම සියලු පාපකර්මයන් හා වැරදි සිතුවිලි වලින් ආරක්ෂා කරනු ලැබ ඇති බව ඉස්ලාමීය ප්රතිපත්තීන් පිළිබඳව නිවැරදි දැනුමැති සෑම කෙනෙකුටම පැහැදිලි වූ කරුණකි. නබි මුහම්මද් තුමාණන් බහු භාර්යාවන් විවාහ වීම හේතුවෙන් සමූහයා ලද අධ්යාපනික හා ආගමික ප්රයෝජන නිම කළ නොහැකි තරම්ය. එනම් : කාන්තාවන් සම්බන්ධ බොහෝ විෂයන්හි ආගමික දැනුම එතුමාණන්ගෙන් සමූහයාට ලැබීමට ප්රධාන මාර්ගයක් වූයේ එතුමාණන්ගේ බිරියන්ය. පවුල් ජීවිතය ගොඩනැගීම, බිරියන් හා දරුවන් සමග කටයුතු කිරීම යනාදී සියලු ආචාරයන් පිළිබඳව ආගමික දැනුම සමූහයාට ලැබුණේ එතුමාණන්ගේ බිරියන් මාර්ගයෙන්ය. මෙලෙස හදීසයන් වාර්තා කිරීම හේතුවෙන් ඉස්ලාමීය අධ්යාපනයට විශාල කාර්ය භාරයක් සිදු වූයේ එතුමාණන්ගේ භාර්යාවන් මාර්ගයෙන්ය. ඉහත සඳහන් විෂයන් සැලකිල්ලට ගත් කල බහු භාර්ය විවාහයට එළඹීමට එතුමාණන්ට අවශ්යව තිබූ හෙයින්, එතුමාණන් විවාහයන් කිහිපයක් කර ගත් අතර ‘එතුමාණන් කර ගත් කිසිඳු විවාහයක් හෝ තම කාමාශාවන්ට අනුව නොවීය.’ යන්නට බොහෝ කරුණු පැහැදිලි සාක්ෂීන් ලෙස තිබුණ ද ඒවායින් සමහරක් පහත උපුටා දක්වා ඇත. 1- එතුමාණන්ගේ 25 වන වියේදී කදීජා තුමිය නමැති වයස අවුරුදු 40 ක් පමණ වූ වැන්දඹු කාන්තාවක් සමග තම පළමු විවාහය සිදු විය. එතුමාණන් හට නබිත්වය පිරිනමනු ලැබුවේ තම 40 වන වියේ දීය. එතුමාණන් එතුමිය සමග නබිත්වයට පෙර අවුරුදු 15 ක කාලයක් හා නබිත්වය ලැබීමෙන් පසු අවුරුදු 10 ක කාලයක් දක්වා, අවුරුදු 25 ක් ජීවත් වී ඇත. එතුමියට තම පෙර ස්වාමි පුරුෂයාගෙන් ලැබූ දරුවන්ව ද රැක බලා ගත්තේ මෙතුමාණන්ය. මෙතුමාණන් තම යෙෘවන වියේ සිට තම 50 වන විය දක්වා වූ කාලයක් ගත කළේ තම එකම භාර්යාවක් වන එම කදීජා තුමිය සමගය. ඔහු වෙනත් විවාහයකට එළඹුණේ ඇය මරණයට පත් වූවායින් පසුවය. 2- නබි මුහම්මද් තුමාණන්ව මක්කා වැසියන්, සත්යවන්තයෙකු හා විශ්වාසවන්තයෙකු ලෙස පිළිගත් නමුත් ඔහුට නබිත්වය ලැබ ඔහු තම දූත මෙහෙය ජනයින් අතර පටන් ගත් විට එම ජනයින්ම ඔහුව කවියා, උමතුවා, හූනියම්කරුවා, බොරුකාරයා යන විවිධ නාමයන් තුළින් ඇනුම් පද පවසන්නට වූහ. එනමුත් ඔහු පිළිබඳව ඔවුනතර තිබූ යහ නාමයට හා විශ්වාසවන්ත භාවයට කිසිදු කැළලක් නොවී රඳා පැවතුණි. එතුමාණන් තම මුළු යෞවන වියම ගත කළේ තම පළමු භාර්යාව වන කදීජා තුමිය සමගය. මෙම ජීවිතය ගෙවී ගියේ මක්කාවෙහි තමන්ට එරෙහිව ඇනුම් පද පවසමින් සිටි සතුරන් වන ‘කුරෙයිෂ්’ ගෝති්රකයින් ඉදිරියේදීය. එනමුත් ඔවුන්ගෙන් කිසිවෙකුටත් එතුමාණන්ගේ පිවිතුරුභාවයට කැළලක් ඇති වන අයුරින් චෝදනාවක් නැගීමට කිසිදු සාධකයක් නොතිබුණු බව ද එතුමාණන් එසේ නොහැසිරුණු බව ද ඔවුන්ම හොඳින් දැන සිටියෝය. එතුමාණන්ගේ පරම සතුරන් ලෙස සිටියවුන් පවා එතුමාණන් හට මෙවැනි චෝදනාවක් එල්ල කළ බව ඉතිහාසයෙහි කොතැනකවත් සඳහන් වී නොමැත. 3- නබි මුහම්මද් තුමාණන් විවාහයන් 11 ක් ගිවිස ගෙන ඇත. එනම් තම 50 වන විය දක්වා තම පවුල් ජීවිතය ගත කළේ එකම භාර්යාවක් සමගය. ඇයගේ වියෝවයෙන් පසුව සව්දා තුමිය සමග විවාහ වී ඇය සමග අවුරුදු හතරක් හෝ පහක් පමණ කාලයක් ජීවත් වූහ. මෙම සමූහයට එකවර වැඩිම වශයෙන් භාර්යාවන් හතර දෙනෙකු සමග ජීවත් විය හැකිය යන අනුමැතිය ලැබුණු විටදී එතුමාණන්ට හතර දෙනෙකු විවාහ කර ගැනීමට හැකි වී තිබුණු නමුත් එතුමාණන් එලෙස නොකළහ. පසුව එතුමාණන් හට භාර්යාවන් හතර දෙනෙකු එකවර සිටියේ තම 58 වන වියේ දීය. මේ අතරතුර ඔවුන්ගෙන් ඇතැම් භාර්යාවන් මරණයට පත් වූ පසුව අවුරුදු දෙක තුනක කාලයක් තුළ අනෙකුත් භාර්යාවන් සමග ඔහු විවාහ විය. එතුමාණන්ට එකවර භාර්යාවන් 11 දෙනෙකු නොසිටි බව මෙයින් මනා පැහැදිලි වන්නේය. අප අවධානය යොමු කළ යුතු තවත් කරුණක් නම්, එතුමාණන්ගේ භාර්යාවන් අතුරින් ඔහු සමග විවාහ වන විටදී කන්යාවියක් වූයේ ආයිෂා තුමිය පමණි. එතුමාණන් සමග ජීවත් වූ අනෙකුත් සියලු භාර්යාවන් පුරුෂයින් අහිමි වූවන්ය. එතුමාණන් මෙපමණ විවාහ වූයේ කාමාශාව පදනම් කරගෙන නම් එතුමාණන් තම මුළු යෞවනයම වැන්දඹු කාන්තාවකගේ ජීවිතය වෙනුවෙන්ම කැප කළේ මන්දැ?යි ප්රහේළිකාවකි. 4- එකල පටන් පිරිමි හා කාන්තා සියලු මුස්ලිම්වරුන් නබි මුහම්මද් තුමාණන් සමග තම ප්රාණයටත් වඩා සෙනෙහස දක්වන්නන් වූහ. එහෙයින් එතුමාණන් ආශා කළේ නම්, තම භාර්යාවන් සඳහා කන්යාවියන් පමණක් තෝරා ගන්නට තිබුණි. එනමුත් එතුමාණන් එසේ නොකර පුරුෂයින් අහිමි වූ තම භාර්යාවන් වෙනුවෙන් තම ජීවිතය කැප කර ලොවැසියන්ට වැන්දඹුවන්ගේ විෂයෙහි මග පෙන්වීමක් වනු පිණිස ආදර්ශමත් උදාර පුද්ගලයෙකු විය. 5- නබි මුහම්මද් තුමාණන්ගේ භාර්යාවන්ගෙන් ඇතැමුන් මරණයට පත් වී නව දෙනෙකු පමණක් සිටින විට ‘(නබිවරය,) මින් පසුව (වෙනත්) ස්ත්රීන් (විවාහ කර ගැනීමට) හෝ (නුඹගේ භාර්යාවන්ව දික්කසාද කර) වෙනත් භාර්යාවන්ව ඔවුන් වෙනුවෙන් (විවාහ කර) මාරු කර ගැනීමට හෝ නුඹට අනුමැතිය නැත.’ යන ආයතය (අල් කුර්ආන් 33:52 ) අල්ලාහ් පහළ කොට භාර්යාවන් ගණන එතුමාණන්ට සීමා කර ඇත. එතුමාණන් පිළිබඳව පහළ වූ මෙම අල් කුර්ආන් ආයතය ජනයින්ගෙන් නොසඟවා හෙළ කිරීමෙන් එතුමාණන් තම සියලු ක්රියාවන් අල්ලාහ්ගේ විධානයට අනුකූලව මිස සිදු නොකළ බව මනාව පැහැදිලි වන්නේය. 6- ඉහත සඳහන් පරිදි සෑම නබිවරයෙකුම අල්ලාහ් විසින් සියලු පාපකර්මයන් හා වැරදි සිතුවිලි වලින් ආරක්ෂා කරනු ලැබූවන්ය. තවද ඔවුන් අල්ලාහ්ගෙන් වූ වහී නැමැති දේව පණිවිඩයට අනුව මිස ඊට පටහැණිව කිසිදු ක්රියාවක් නොකරන්නෝමය. 7- තවද මෙම සියලු විවාහයන් පිටුපස ඉන් එකිනෙකට ආවේණික විශේෂිත තියුණු ප්රඥාවෙන් යුත් කරුණු අඩංගු බව ඉස්ලාමීය විද්වතුන් පැහැදිළිව පෙන්නුම් කර දී ඇත.