පාරා 14

රුබමා

155 පද්‍ය
📖පාරා

පාරා 14

රුබමා155 පද්‍ය

يوسفමක්කී
53

وَمَا أُبَرِّئُ نَفْسِي ۚ إِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ إِلَّا مَا رَحِمَ رَبِّي ۚ إِنَّ رَبِّي غَفُورٌ رَّحِيمٌ

මා මාගේ මනස නිදොස් නොකරන්නෙමි. 11 මාගේ පරමාධිපති කරුණාව දැක් වූ අය(ගේ මනස) මිස සැබැවින්ම (අන් අයගේ) ආත්මය අධික ලෙස නපුරට පොලඹවන්නකි. සැබැවින්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
11මින් අදහස් වන්නේ ‘මා තමාවම වැරදි වලින් නිදොස් යැයි නොපවසන්නෙමි’ යන්නය. තවද නබි යූසුෆ් තුමාණන් මෙලෙස පැවසුවේ තම බැගෑපත් බව පෙන්නුම් කිරීමටය.
54

وَقَالَ الْمَلِكُ ائْتُونِي بِهِ أَسْتَخْلِصْهُ لِنَفْسِي ۖ فَلَمَّا كَلَّمَهُ قَالَ إِنَّكَ الْيَوْمَ لَدَيْنَا مَكِينٌ أَمِينٌ

“ඔහුව මා වෙත ගෙන එවු. මම ඔහුව මා වෙනුවෙන් පමණක්ම තෝරා ගන්නෙමි.” යැයි රජතුමා පැවසුවේය. ඔහු(යූසුෆ්) සමග ඔහු (සිහිනයේ විග්රහය පිළිබඳව) කතා කළ කල්හි “සැබැවින්ම අද දින නුඹ අප අබියස විශ්වාසවන්තනීය තනතුරු දායකයෙකුව සිටින්නෙහියැ”යි පැවසුවේය.
55

قَالَ اجْعَلْنِي عَلَىٰ خَزَائِنِ الْأَرْضِ ۖ إِنِّي حَفِيظٌ عَلِيمٌ

“මෙම දේශයේ භාණ්ඩාගාරයට (භාරව) මා පත් කරවු. සැබැවින්ම මම දැනුමැති ආරක්ෂකයෙකු වෙමි.” යැයි ඔහු(යූසුෆ්) පැවසුවේය.
56

وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي الْأَرْضِ يَتَبَوَّأُ مِنْهَا حَيْثُ يَشَاءُ ۚ نُصِيبُ بِرَحْمَتِنَا مَن نَّشَاءُ ۖ وَلَا نُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ

තවද එලෙස අපි යූසුෆ්ට මෙම දේශයෙහි අධිකාරය දුනිමු. එහි ඔහු අභිමත කළ ස්ථානයක වාසය කරන්නේය. අපි අභිමත කරන අයට අපගේ කරුණාවෙන් අපි අනුග්රහය දක්වන්නෙමු. සැදැහැමියන්ගේ වේතනය අපි අපතේ නොයවන්නෙමු.
57

وَلَأَجْرُ الْآخِرَةِ خَيْرٌ لِّلَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ

විශ්වාස කොට බිය භක්තිකයින් වූවනට පරලොව වේතනය අති ශ්රේෂ්ඨය.
58

وَجَاءَ إِخْوَةُ يُوسُفَ فَدَخَلُوا عَلَيْهِ فَعَرَفَهُمْ وَهُمْ لَهُ مُنكِرُونَ

(ඉඩෝරය හේතුවෙන් කන්ආන් දේශයෙහි සිටි) යූසුෆ්ගේ සහෝදරයින් පැමිණ ඔහු වෙතට පිවිසුණෝය. එවිට ඔවුන් ඔහුව නොහඳුනන්නන්ව සිටිය ද ඔහු ඔවුන්ව හඳුනා ගත්තේය. 12
12නබි යූසුෆ් තුමාණන් රජුගේ සිහිනය විවරණය කළ අයුරින් ඉඩෝරය ආරම්භ වූ සමයෙහි මෙම සිද්ධිය සිදු විය. නගර වැසියන් සියල්ලන්ගේ අවශ්යතාවන් පරිපූර්ණ කිරීම පිණිස සෑම පුරවැසියෙකුටම රජයෙන් ඔටුවෙක් බරැති ධාන්යය සීමිත මිලකට මිල දී ගත හැක යැයි නබි යූසුෆ් තුමාණන් දැන් වූයේය. එවිට නබි යූසුෆ් තුමාණන් වෙත පුරවැසියන් ධාන්යය මිල දී ගැනීමට පැමිණි අතර බින්යාමීන් හැර අනෙක් සොහොයුරන් සියල්ලෝම පැමිණියෝය. තමන් සමග නොපැමිණි බින්යාමීන් සහෝදරයාගේ කොටස ද තමන්ට පිරිනමන මෙන් ඔවුහු නබි යූසුෆ් තුමාගෙන් ඉල්ලා සිටියෝය. නොපැමිණි අයෙකුගේ කොටස පිරිනැමීම ඔහු ප්රතික්ෂේප කළේය. එබැවින් ඔහුගේ කොටස අවශ්යය නම් ඔහුව ද රැගෙන එන මෙන් ඔහු අණ කළේය.
59

وَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمْ قَالَ ائْتُونِي بِأَخٍ لَّكُم مِّنْ أَبِيكُمْ ۚ أَلَا تَرَوْنَ أَنِّي أُوفِي الْكَيْلَ وَأَنَا خَيْرُ الْمُنزِلِينَ

ඔවුන්ගේ අවශ්යතා ඔහු ඔවුනට සූදානම් කර දුන් කල්හි “නුඹලාගේ පියාගෙන් වූ නුඹලාගේ (බාල) සහෝදරයාව මා වෙත ගෙන එවු. මම (ධාන්යය) මිනුම සම්පූර්ණව ඉටු කරන බව නුඹලා නොදුටුවෙහු ද? තවද මම සංග්රහ කරන්නන්ගෙන් ශ්රේෂ්ඨයා” යැයි ඔහු පැවසුවේය.
60

فَإِن لَّمْ تَأْتُونِي بِهِ فَلَا كَيْلَ لَكُمْ عِندِي وَلَا تَقْرَبُونِ

“නුඹලා මා වෙත ඔහුව නොගෙනාවේ නම් එවිට මා වෙතින් නුඹලාට (මින් ඉදිරියට ලැබිය යුතු සම්පූර්ණ ධාන්යය) මිනුමක් නොමැත. තවද මා වෙත නුඹලා සමීප නොවවු.” (යැයි ද ඔහු පැවසුවේය.)
61

قَالُوا سَنُرَاوِدُ عَنْهُ أَبَاهُ وَإِنَّا لَفَاعِلُونَ

(එවිට) ඔවුහු “අපි ඔහු (කැටුව ඒම) පිළිබඳව ඔහුගේ පියාගෙන් (අනුමැතිය ගැනීමට) උත්සහ කරන්නෙමු. තවද සැබැවින්ම අපි (එය) කරන්නන් වන්නෙමු” යැයි පැවසුවෝය.
62

وَقَالَ لِفِتْيَانِهِ اجْعَلُوا بِضَاعَتَهُمْ فِي رِحَالِهِمْ لَعَلَّهُمْ يَعْرِفُونَهَا إِذَا انقَلَبُوا إِلَىٰ أَهْلِهِمْ لَعَلَّهُمْ يَرْجِعُونَ

තවද ඔහු තම සේවකයින් අමතා (ඔවුනට නොදැනුවත්වම) “ඔවුන්ගේ මිල භාණ්ඩ 13 ඔවුන්ගේ (ඔටුවන්ගෙන් යුත්) ගමන් පරිවාරයෙහිම තබවු. ඔවුන් ඔවුන්ගේ පවුල වෙත හැරී ගිය විට ඒවා (තමන් ගෙවූ මිල භාණ්ඩ බව) ඔවුන් දැන ගෙන ඔවුන් (ඒවා භාර කිරීම සඳහා) නැවත පැමිණිය හැකි වන්නේය.” යැයි පැවසුවේය.
13මෙයින් ‘මිල භාණ්ඩ’ යැයි අදහස් කර ඇත්තේ ඔවුන් ධාන්යය මිල දී ගැනීමට ගෙවූ භාණ්ඩ වේ. නබි යූසූෆ් තුමාණන් මෙසේ කළේ ඔහු පිළිබඳව හොඳ සිතුවිල්ලක් ඔවුනට ඇති වී තම සොහොයුරා වන බින්යාමීන්ව ද ඔහු වෙත කැටුව එනු ඇත යන අධිෂ්ඨානයෙනි.
63

فَلَمَّا رَجَعُوا إِلَىٰ أَبِيهِمْ قَالُوا يَا أَبَانَا مُنِعَ مِنَّا الْكَيْلُ فَأَرْسِلْ مَعَنَا أَخَانَا نَكْتَلْ وَإِنَّا لَهُ لَحَافِظُونَ

ඔවුහු ඔවුන්ගේ පියාණන් වෙත හැරී ගිය කල්හි “අපගේ පියාණනි, අපට (මින් ඉදිරියට ලැබිය යුතු සම්පූර්ණ ධාන්යය) මිනුම තහනම් කරන ලදී. එබැවින් අපගේ (බාල) සහෝදරයාව අප සමග එවනු මැනව. එවිට (සම්පූර්ණ ධාන්යය) මිනුම අපට ලැබෙනු ඇත. තවද අපි ඔහුව ආරක්ෂා කරන්නන් වන්නෙමු.” යැයි ඔවුහු පැවසුවෝය.
64

قَالَ هَلْ آمَنُكُمْ عَلَيْهِ إِلَّا كَمَا أَمِنتُكُمْ عَلَىٰ أَخِيهِ مِن قَبْلُ ۖ فَاللَّهُ خَيْرٌ حَافِظًا ۖ وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ

මීට පෙර මොහුගේ සහෝදරයා (වූ යූසුෆ්) විෂයෙහි මා නුඹලාව විශ්වාස කළාක් මෙන් මිස මොහු විෂයෙහිද මම නුඹලාව විශ්වාසය කරන්නෙම් ද? (එහි කිසිදු ඵලක් නැත.) අල්ලාහ් ආරක්ෂකයෙකු වශයෙන් ශ්රේෂ්ඨය. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාභරිතයාය.
65

وَلَمَّا فَتَحُوا مَتَاعَهُمْ وَجَدُوا بِضَاعَتَهُمْ رُدَّتْ إِلَيْهِمْ ۖ قَالُوا يَا أَبَانَا مَا نَبْغِي ۖ هَـٰذِهِ بِضَاعَتُنَا رُدَّتْ إِلَيْنَا ۖ وَنَمِيرُ أَهْلَنَا وَنَحْفَظُ أَخَانَا وَنَزْدَادُ كَيْلَ بَعِيرٍ ۖ ذَٰلِكَ كَيْلٌ يَسِيرٌ

ඔවුන්ගේ පොදි ඔවුන් විවෘත කළ කල්හි ඔවුන්ගේ මිල භාණ්ඩ තමන් වෙත නැවත හරවා දී තිබෙනු ඔවුහු දුටුවෝය. “අපගේ පියාණනි! මේවා අපගේ භාණ්ඩය. ඒවා අප වෙත නැවත හරවා දෙනු ලැබ ඇත. (මීට වඩා) අපට කුමක් අවශ්යය ද? අපගේ පවුල වෙනුවෙන් ආහාර රැගෙන එන්නෙමු. අපගේ (බාල) සහෝදරයාව අපි ආරක්ෂා කරන්නෙමු. තවද (ඔහු සඳහා ද) ඔටුවෙකුගේ ප්රමාණයට අපි අධිකව ලබන්නෙමු. මෙය (රජුට) සුළු ප්රමාණයකි.” යැයි ඔවුහු පැවසුවෝය.
66

قَالَ لَنْ أُرْسِلَهُ مَعَكُمْ حَتَّىٰ تُؤْتُونِ مَوْثِقًا مِّنَ اللَّهِ لَتَأْتُنَّنِي بِهِ إِلَّا أَن يُحَاطَ بِكُمْ ۖ فَلَمَّا آتَوْهُ مَوْثِقَهُمْ قَالَ اللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌ

“නුඹලා (යම් විපතකින්) ග්රහණය වුවහොත් මිස ඔහුව මා වෙත නැවත ගෙන එන බවට මා හට අල්ලාහ්ගෙන් පොරොන්දුවක් නුඹලා දෙන තුරු මම ඔහුව නුඹලා සමග නොයවමි” යැයි ඔහු(යඃකූබ්) පැවසුවේය. ඔවුන් තම පොරොන්දුව ඔහුට දුන් කල්හි “අපි කතා කරන දෑ කෙරෙහි අල්ලාහ්ම භාරකරු වන්නේ” යැයි ඔහු(යඃකූබ්) පැවසුවේය.
67

وَقَالَ يَا بَنِيَّ لَا تَدْخُلُوا مِن بَابٍ وَاحِدٍ وَادْخُلُوا مِنْ أَبْوَابٍ مُّتَفَرِّقَةٍ ۖ وَمَا أُغْنِي عَنكُم مِّنَ اللَّهِ مِن شَيْءٍ ۖ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَعَلَيْهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ

“මාගේ දරුවනි, නුඹලා (මිසර නගරයට) එකම දොරටුවකින් ඇතුළු නොවවු. වෙන් වෙන් දොරටු වලින් ඇතුළු වවු. 14 අල්ලාහ් වෙතින් (වූ තීන්දුවට එරෙහිව) කිසිවකින් හෝ මම නුඹලාට ප්රයෝජනය අත් කළ නොහැක්කෙමි. විනිශ්චය අල්ලාහ් සතුව මිස නැත. ඔහු කෙරෙහිම මා විශ්වාසය තබන්නෙමි. තවද (සියලු කාර්යයන්හි) විශ්වාසය තබන්නන් ඔහු වෙතම විශ්වාසය තැබිය යුතුය.
14නබි යඃකූබ් තුමාණන් මෙසේ පැවසීමට හේතු වූයේ කඩවසම් තරුණයින් එකොළොස් දෙනෙකුගෙන් යුත් සහෝදර පිරිසක් ලෙස මොවුන්ව දුටුවේ නම් ඇස්වහ ඇති වනු යැයි බියෙනි. තවද කෙසේ වෙතත් කුමන අයුරින් ආරක්ෂා වීමට තැත් කළ ද අල්ලාහ්ගේ පිහිට බලාපොරොත්තු විය යුතු යැයි උපදෙස් කළේය.
68

وَلَمَّا دَخَلُوا مِنْ حَيْثُ أَمَرَهُمْ أَبُوهُم مَّا كَانَ يُغْنِي عَنْهُم مِّنَ اللَّهِ مِن شَيْءٍ إِلَّا حَاجَةً فِي نَفْسِ يَعْقُوبَ قَضَاهَا ۚ وَإِنَّهُ لَذُو عِلْمٍ لِّمَا عَلَّمْنَاهُ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

ඔවුන්ගේ පියාණන් ඔවුනට අණ කළ පරිදි (වෙන් වෙන් දොරටු වලින්) ඔවුන් (මිසර නගරයට) ඇතුළු වූ කල්හි (ඔවුන්ගේ පියාණන්) යඃකූබ්ගේ සිතෙහි ඇති අවශ්යතාව ඔහු ඉටු කළාක් මිස එය වෙනත් කිසිවකින් හෝ ඔවුන්ට ප්රයෝජනයක් ඇති නොකළේය. තවද අපි ඔහුට ඉගැන් වූ හෙයින් සැබැවින්ම ඔහු මනා දැනුමකින් යුක්ත වූවෙකි. එනමුත් ජනයාගෙන් බොහෝ දෙනා (මේ ගැන) වටහා නොගනිති.
69

وَلَمَّا دَخَلُوا عَلَىٰ يُوسُفَ آوَىٰ إِلَيْهِ أَخَاهُ ۖ قَالَ إِنِّي أَنَا أَخُوكَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا يَعْمَلُونَ

යූසුෆ් වෙත ඔවුන් පිවිසූ කල්හි ඔහු තම (කුසඔත්) සහෝදරයාව තමා වෙත තුරුල් කර ගත්තේය. “සැබැවින්ම මම නුඹේ (කුසඔත්) සහෝදරයාය. ඔවුන් (නුඹට හිරිහැර) කරමින් සිටි දෑ පිළිබඳව නුඹ දුක් නොවවු” යැයි පැවසුවේය.
70

فَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمْ جَعَلَ السِّقَايَةَ فِي رَحْلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا الْعِيرُ إِنَّكُمْ لَسَارِقُونَ

ඔවුන්ගේ අවශ්යතා ඔහු ඔවුනට සූදානම් කර දුන් කල්හි තම (කුසඔත්) සහෝදරයාගේ පොදියෙහි (මිනුම්) පැන් බඳුනක් (හොර රහසේ) දමා පසුව “අහෝ තවලම් කරුවනි! සැබැවින්ම නුඹලා සොරුන්ය” යැයි නිවේදකයෙක් නිවේදනය කළේය.
71

قَالُوا وَأَقْبَلُوا عَلَيْهِم مَّاذَا تَفْقِدُونَ

ඔවුහු (යූසුෆ්ගේ සේවකයන් වන) ඔවුන් දෙසට හැරී “නුඹලා නැති කර ගත්තේ කුමක් දැ?”යි ඇසුවෝය.
72

قَالُوا نَفْقِدُ صُوَاعَ الْمَلِكِ وَلِمَن جَاءَ بِهِ حِمْلُ بَعِيرٍ وَأَنَا بِهِ زَعِيمٌ

“රජතුමාගේ මිනුම් බඳුන අපි නැති කරගත්තෙමු. එය ගෙන එන්නෙකුට ඔටුවන් බරට (ධාන්ය) ඇත. තවද එයට මම වග කියන්නෙමි.” යැයි (සේවකයෝ) පැවසුවෝය.
73

قَالُوا تَاللَّهِ لَقَدْ عَلِمْتُم مَّا جِئْنَا لِنُفْسِدَ فِي الْأَرْضِ وَمَا كُنَّا سَارِقِينَ

“අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. අපි මෙම දේශයෙහි ව්යසනයන් ඇති කිරීමට නොපැමිණි බව අතිශයින්ම නුඹලා දන්නෙහුය. තවද අපි සොරුන් නොවන්නෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
74

قَالُوا فَمَا جَزَاؤُهُ إِن كُنتُمْ كَاذِبِينَ

“නුඹලා බොරුකාරයින් වන්නෙහු නම් ඔහුගේ දඩය කුමක් දැ?”යි (සේවක) ඔවුහු විමසුවෝය.
75

قَالُوا جَزَاؤُهُ مَن وُجِدَ فِي رَحْلِهِ فَهُوَ جَزَاؤُهُ ۚ كَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ

කවරෙකුගේ පොදියෙහි එය දුටුවේ ද එවිට ඔහුමය එහි දඩය වන්නේ. මෙලෙසය අපි අපරාධකරුවන්ට ප්රතිවිපාක ලබා දෙන්නේ. යැයි ඔවුහු(යූසුෆ්ගේ සහෝදරයින්) පැවසුවෝය. 15
15එනම් යමෙකු සොරකමට අත්අඩංගුවට පත් වූයේ නම් ඔහු වහල්භාවයට පත් වීම ඔවුන්ගේ නියම වූ දඬුවමය.
76

فَبَدَأَ بِأَوْعِيَتِهِمْ قَبْلَ وِعَاءِ أَخِيهِ ثُمَّ اسْتَخْرَجَهَا مِن وِعَاءِ أَخِيهِ ۚ كَذَٰلِكَ كِدْنَا لِيُوسُفَ ۖ مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِي دِينِ الْمَلِكِ إِلَّا أَن يَشَاءَ اللَّهُ ۚ نَرْفَعُ دَرَجَاتٍ مَّن نَّشَاءُ ۗ وَفَوْقَ كُلِّ ذِي عِلْمٍ عَلِيمٌ

තම (කුසඔත්) සහෝදරයාගේ පොදියට පෙර ඔවුන්ගේ පොදි වලින් (සෝදිසි කිරීමට) පටන් ගත්තේය. පසුව තම (කුසඔත්) සහෝදරයාගේ පොදියෙන් එය (හසු වී) එළියට ගත්තේය. මෙලෙස අපි යූසුෆ්ට උපක්රමශීලීභාවය ලබා දුනිමු. අල්ලාහ් අභිමත කිරීමෙන් මිස රජතුමාගේ නීතිය අනුව තම (කුසඔත්) සහෝදරයාව (රඳවා) ගැනීමට නොහැක. 16 අපි අභිමත කරන අයව තරාතිරමින් උසස් කරන්නෙමු. සෑම ඥානියෙකුටම ඉහළින් ඥානියෙකු සිටින්නේය.
16එකල යමෙකු සොරකම් කළා නම් මිසරයේ රාජ්යය නීතිය අනුව ඔහුට කස පහර ගැසීම මිස වහල්භාවයට ගැනීම තහනම්ය. එහෙත් ‘කන්ආන්’ දේශයෙහි වහල්භාවයට ගන්නා මෙම නීතිය පැවතිණි. නමුත් අල්ලාහ්ගේ අභිමතය පරිදි නබි යූසුෆ් තුමාගේ උපක්රමශීලිභාවයෙන් ඔවුන්ගෙන්ම පැනවිය යුතු දඬුවම පිළිබඳව අසා එම තීන්දුව අනුව කෙසේ හෝ තම සොහොයුරාව තමා අබියස රඳවා ගත්තේය.
77

قَالُوا إِن يَسْرِقْ فَقَدْ سَرَقَ أَخٌ لَّهُ مِن قَبْلُ ۚ فَأَسَرَّهَا يُوسُفُ فِي نَفْسِهِ وَلَمْ يُبْدِهَا لَهُمْ ۚ قَالَ أَنتُمْ شَرٌّ مَّكَانًا ۖ وَاللَّهُ أَعْلَمُ بِمَا تَصِفُونَ

“මොහු සොරකම් කර ඇත්නම් මීට පෙර මොහුගේ (කුසඔත්) සහෝදරයෙක් ද සොරකමක් කර ඇත්තේ යැ”යි ඔවුහු(සහෝදරයින්) පැවසුවෝය. පසුව යූසුෆ් එය(ට පිළිතුර) ඔවුනට හෙළි නොකොට එය තම සිතෙහි සඟවා ගත්තේය. 17 “නුඹලා තත්ත්වයෙන් ඉතා නපුරුය. නුඹලා වර්ණනා කරමින් සිටින දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නාය.” යැයි ඔහු (තම සිතින්) පැවසුවේය.
17මොවුන් මෙහි පවසන සොරකම වනාහි නබි යූසුෆ් තුමාණන් තම කුඩා වියේ දී තම මවගේ පියා නැමදුම් කරමින් සිටි පිළිමයට ඔහු නැමදුම් නොකළ යුතුයි යන චේතනාවෙන් හොර රහසේ එය රැගෙන ගොස් බිඳා දැමූ සිදුවීමය.
78

قَالُوا يَا أَيُّهَا الْعَزِيزُ إِنَّ لَهُ أَبًا شَيْخًا كَبِيرًا فَخُذْ أَحَدَنَا مَكَانَهُ ۖ إِنَّا نَرَاكَ مِنَ الْمُحْسِنِينَ

“ඇමතිවරයාණනි, සැබැවින්ම මොහුට ඉතා මහලු පියෙකු සිටින්නේය. එබැවින් ඔහු වෙනුවට අපගෙන් කෙනෙකු (රඳවා) ගන්න. සැබැවින්ම අපි නුඹව ත්යාගශීලීන් අතුරින් කෙනෙකු ලෙස දකින්නෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
79

قَالَ مَعَاذَ اللَّهِ أَن نَّأْخُذَ إِلَّا مَن وَجَدْنَا مَتَاعَنَا عِندَهُ إِنَّا إِذًا لَّظَالِمُونَ

“අපගේ භාණ්ඩ කවර කෙනෙකු ළඟ තිබෙනු දුටුවෙමු ද ඔහු හැර වෙනත් කෙනෙකු අපි (රඳවා) ගැනීමෙන් අල්ලාහ් අපව ආරක්ෂා කරත්වා! (එසේ කළේ නම්) එවිට සැබැවින්ම අපි අපරාධකරුවන්ගෙන් වන්නෙමු” යැයි ඔහු පැවසුවේය.
80

فَلَمَّا اسْتَيْأَسُوا مِنْهُ خَلَصُوا نَجِيًّا ۖ قَالَ كَبِيرُهُمْ أَلَمْ تَعْلَمُوا أَنَّ أَبَاكُمْ قَدْ أَخَذَ عَلَيْكُم مَّوْثِقًا مِّنَ اللَّهِ وَمِن قَبْلُ مَا فَرَّطتُمْ فِي يُوسُفَ ۖ فَلَنْ أَبْرَحَ الْأَرْضَ حَتَّىٰ يَأْذَنَ لِي أَبِي أَوْ يَحْكُمَ اللَّهُ لِي ۖ وَهُوَ خَيْرُ الْحَاكِمِينَ

ඔහු පිළිබඳව ඔවුහු අපේක්ෂා භංග වූ කල්හි ඔවුහු (තනිව) සාකච්ඡා කිරීම සඳහා වෙන්ව ගියෝය. ඔවුන්ගේ වැඩිමලා (තම සොහොයුරන් අමතා මෙසේ) පැවසුවේය. “නුඹලාගේ පියා නුඹලා වෙතින් අල්ලාහ්ගෙන් වූ පොරොන්දුවක් ගත් බව ද මීට පෙර ද යූසුෆ් විෂයෙහි නුඹලා (දුන් පොරොන්දුව) කඩ කළ බව ද නුඹලා නොදන්නෙහු ද? එබැවින් මාගේ පියාණන් (නැවත පැමිණීමට) මට අවසරය දෙන තුරු හෝ අල්ලාහ් මට විනිශ්චයක් ලබා දෙන තුරු මෙම දේශයෙන් මම පිටත් නොවන්නෙමි. තවද ඔහු විනිශ්චයකරුවන්ගෙන් ශ්රේෂ්ඨයාය.
81

ارْجِعُوا إِلَىٰ أَبِيكُمْ فَقُولُوا يَا أَبَانَا إِنَّ ابْنَكَ سَرَقَ وَمَا شَهِدْنَا إِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَافِظِينَ

(තවද) නුඹලා තම පියා වෙත ගොස් ‘අපගේ පියාණනි, සැබැවින්ම ඔබගේ පුතා සොරකම් කළේය. අප දන්නා දැයින් මිස අපි සාක්ෂි නොපැවසුවෙමු. තවද අපි ගුප්ත දෑ නීරීක්ෂණය කරන්නන් නොවූයෙමු. තවද අපි සිටි නගරයෙන් ද අපි පැමිණි තවලමෙන් ද (ඒ පිළිබඳව) විමසවු. තවද සැබැවින්ම අපි සත්යවාදීන්ම යැ’යි පවසවු.”
82

وَاسْأَلِ الْقَرْيَةَ الَّتِي كُنَّا فِيهَا وَالْعِيرَ الَّتِي أَقْبَلْنَا فِيهَا ۖ وَإِنَّا لَصَادِقُونَ

(තවද) නුඹලා තම පියා වෙත ගොස් ‘අපගේ පියාණනි, සැබැවින්ම ඔබගේ පුතා සොරකම් කළේය. අප දන්නා දැයින් මිස අපි සාක්ෂි නොපැවසුවෙමු. තවද අපි ගුප්ත දෑ නීරීක්ෂණය කරන්නන් නොවූයෙමු. තවද අපි සිටි නගරයෙන් ද අපි පැමිණි තවලමෙන් ද (ඒ පිළිබඳව) විමසවු. තවද සැබැවින්ම අපි සත්යවාදීන්ම යැ’යි පවසවු.”
83

قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ ۖ عَسَى اللَّهُ أَن يَأْتِيَنِي بِهِمْ جَمِيعًا ۚ إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ

(එවිට ඔවුන් තම පියා වෙත විත් එලෙස පැවසූ කල) “නමුත් නුඹලාට නුඹලාගේ ආත්මාවන් යම් කරුණක් අලංකාර කර පෙන්වීය. එබැවින් (මට කළ හැක්කේ) අලංකාර ඉවසීමකි. ඔවුන් සියල්ලෝම අල්ලාහ් මා වෙත ගෙන එන්නට පුළුවන. සැබැවින්ම සර්වඥානී සර්ව ප්රඥාවන්ත වන්නේ ඔහුමය.” යැයි ඔහු(යඃකූබ්) පැවසුවේය.
84

وَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَا أَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَابْيَضَّتْ عَيْنَاهُ مِنَ الْحُزْنِ فَهُوَ كَظِيمٌ

තවද ඔවුන්ගෙන් ඔහු හැරී “අහෝ යූසුෆ් කෙරෙහි වූ (මාගේ) ශෝකය!” යැයි පැවසීය. දුකින් ඔහුගේ දෑස් සුදු පැහැ විය. තවද ඔහු (කෝපය හා ශෝකය) යටපත් කර ගත්තෙකු විය.
85

قَالُوا تَاللَّهِ تَفْتَأُ تَذْكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ الْهَالِكِينَ

“අල්ලාහ් මත දිවුරන්නෙමු. ඔබ රෝගාතුරු වන තුරු හෝ මරණයට පත්වූවන් අතුරින් වන තුරු යූසුෆ්ගේ මතකයෙන් පසුවන්නෙහිය.” යැයි ඔවුහු පැවසුවෝය.
86

قَالَ إِنَّمَا أَشْكُو بَثِّي وَحُزْنِي إِلَى اللَّهِ وَأَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ

“මාගේ දුක් ගැනවිල්ල හා මාගේ ශෝකය මා පැමිණිලි කරන්නේ අල්ලාහ් වෙතමය. නුඹලා නොදන්නා දෑ (වන යූසුෆ් ජීවතුන් අතර බව) මම අල්ලාහ්ගෙන් දනිමි.” යැයි ඔහු පැවසුවේය.
87

يَا بَنِيَّ اذْهَبُوا فَتَحَسَّسُوا مِن يُوسُفَ وَأَخِيهِ وَلَا تَيْأَسُوا مِن رَّوْحِ اللَّهِ ۖ إِنَّهُ لَا يَيْأَسُ مِن رَّوْحِ اللَّهِ إِلَّا الْقَوْمُ الْكَافِرُونَ

“මාගේ දරුවනි! නුඹලා පිටව ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා පිළිබඳව සොයා බලවු. අල්ලාහ්ගේ කරුණාවෙන් නුඹලා බලාපොරොත්තු සුන්කර නොගනිවු. සැබැවින්ම ප්රතික්ෂේපිත පිරිස මිස (වෙනත් කිසිවෙකු) අල්ලාහ්ගේ කරුණාවෙන් අපේක්ෂාභංග නොවන්නෝය.
88

فَلَمَّا دَخَلُوا عَلَيْهِ قَالُوا يَا أَيُّهَا الْعَزِيزُ مَسَّنَا وَأَهْلَنَا الضُّرُّ وَجِئْنَا بِبِضَاعَةٍ مُّزْجَاةٍ فَأَوْفِ لَنَا الْكَيْلَ وَتَصَدَّقْ عَلَيْنَا ۖ إِنَّ اللَّهَ يَجْزِي الْمُتَصَدِّقِينَ

ඔවුහු ඔහු(යූසුෆ්) වෙත පිවිසුණු කල්හි ඇමතිතුමනී! අපට ද අපගේ පවුලට ද (සාගින්නේ) පීඩාව ඇති වී ඇත. අපි සුළු වටිනාකමකින් යුත් මිල භාණ්ඩ ගෙන ආවෙමු. එබැවින් අපට (ධාන්යය) මිනුම සම්පූර්ණව ලබා දෙනු. තවද (මීට අමතරව) අප වෙත දන් දෙනු. සැබැවින්ම අල්ලාහ් දන් දෙන්නන්ට යහ ප්රතිඵල පිරිනමන්නේය. යැයි ඔවුහු පැවසුවෝය.
89

قَالَ هَلْ عَلِمْتُم مَّا فَعَلْتُم بِيُوسُفَ وَأَخِيهِ إِذْ أَنتُمْ جَاهِلُونَ

“නුඹලා අඥානයින්ව සිටිය දී යූසුෆ්ට ද ඔහුගේ (කුසඔත්) සහෝදරයාට ද නුඹලා කළ දේ දන්නෙහු දැ?”යි 18 ඔහු(යූසුෆ්) විමසුවේය.
18වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 12:15 වැනි ආයතය බලන්න.
90

قَالُوا أَإِنَّكَ لَأَنتَ يُوسُفُ ۖ قَالَ أَنَا يُوسُفُ وَهَـٰذَا أَخِي ۖ قَدْ مَنَّ اللَّهُ عَلَيْنَا ۖ إِنَّهُ مَن يَتَّقِ وَيَصْبِرْ فَإِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ

“සැබැවින්ම ඔබම ද යූසුෆ්?” යැයි ඔවුහු විමසුවෝය. “මම යූසුෆ් වෙමි. මොහු මාගේ (කුසඔත්) සහෝදරයාය. අල්ලාහ් අපට පිහිට වූයේය. කවරෙකු බිය භක්තිමත් වී ඉවසන්නේ ද එවිට සැබැවින්ම අල්ලාහ් යහපත් අයගේ වේතනය අපතේ නොයවන්නේය.
91

قَالُوا تَاللَّهِ لَقَدْ آثَرَكَ اللَّهُ عَلَيْنَا وَإِن كُنَّا لَخَاطِئِينَ

“අල්ලාහ් මත දිවුරමින්, අල්ලාහ් අපට වඩා සැබැවින්ම ඔබව උසස් කොට ඇත්තේය. තවද අපි වැරදිකරුවන් ලෙස පසු වූයෙමු.” යැයි ඔවුහු පැවසුවෝය.
92

قَالَ لَا تَثْرِيبَ عَلَيْكُمُ الْيَوْمَ ۖ يَغْفِرُ اللَّهُ لَكُمْ ۖ وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ

“අද දින නුඹලාට එරෙහිව කිසිදු අවලාදයක් නැත. අල්ලාහ් නුඹලාට සමාව දෙනු ඇත. ඔහු කරුණා වන්තයින්ගෙන් පරම කරුණාභරිතය. මාගේ මෙම කමිසය නුඹලා ගෙන ගොස් එය මාගේ පියාගේ මුහුණ මත දමනු. (එවිට) ඔහු පෙනුමැත්තෙකු වන්නේය. පසුව නුඹලාගේ පවුලේ සියල්ලන්ම මා වෙත කැඳවා එනු.” යැයි ඔහු පැවසුවේය.
93

اذْهَبُوا بِقَمِيصِي هَـٰذَا فَأَلْقُوهُ عَلَىٰ وَجْهِ أَبِي يَأْتِ بَصِيرًا وَأْتُونِي بِأَهْلِكُمْ أَجْمَعِينَ

“අද දින නුඹලාට එරෙහිව කිසිදු අවලාදයක් නැත. අල්ලාහ් නුඹලාට සමාව දෙනු ඇත. ඔහු කරුණා වන්තයින්ගෙන් පරම කරුණාභරිතය. මාගේ මෙම කමිසය නුඹලා ගෙන ගොස් එය මාගේ පියාගේ මුහුණ මත දමනු. (එවිට) ඔහු පෙනුමැත්තෙකු වන්නේය. පසුව නුඹලාගේ පවුලේ සියල්ලන්ම මා වෙත කැඳවා එනු.” යැයි ඔහු පැවසුවේය.
94

وَلَمَّا فَصَلَتِ الْعِيرُ قَالَ أَبُوهُمْ إِنِّي لَأَجِدُ رِيحَ يُوسُفَ ۖ لَوْلَا أَن تُفَنِّدُونِ

(මිසර දේශයෙන් කන්ආන් දේශය වෙතට සහෝදරයින්ගේ) තවලම පිටත්ව ගිය කල්හි (එහි වෙසෙන) ඔවුන්ගේ පියාණන් “නුඹලා මා සිහිය දුර්වල යැයි නොසිතන්නේ නම් (මා පවසන දෑ නුඹලා විශ්වාස කරන්නෙහුමය. එනම්) සැබැවින්ම මම යූසුෆ්ගේ සුවඳ ලබමි.” යැයි (ඔහු අබියස සිටියවුනට) පැවසුවේය.
95

قَالُوا تَاللَّهِ إِنَّكَ لَفِي ضَلَالِكَ الْقَدِيمِ

(එවිට) “අල්ලාහ් මත දිවුරමින් සැබැවින්ම ඔබ (තවමත්) ඔබගේ පැරණි මුළාවෙහිම පසුවන්නෙහිය” යැයි ඔවුහු(අබියස වූවන්) පැවසුවෝය.
96

فَلَمَّا أَن جَاءَ الْبَشِيرُ أَلْقَاهُ عَلَىٰ وَجْهِهِ فَارْتَدَّ بَصِيرًا ۖ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّي أَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ

එවිට ශූභාරංචිය පවසන්නා 19 පැමිණි කල්හි එය ඔහුගේ මුහුණට දැමීය. එවිට ඔහු නැවත පෙනුමැත්තෙකු බවට පත් විය. “නුඹලා නොදන්නා දෑ මා අල්ලාහ්ගෙන් දනිමි.’ යැයි මම නුඹලාට නොපැවසුවෙම් දැ?”යි ඔහු පැවසුවේය.
19මෙහි “ශුභාරංචි පවසන්නා” යනු නබි යූසුෆ් තුමාණන් ජීවතුන් අතර සිටින බවට සලකුණක් වශයෙන් පියාගේ පෙනුම නැවත ලැබීම සඳහා නබි යූසුෆ් තුමාගේ කමිසය පියාගේ මුහුණට දැමීමට එය රැගෙන පැමිණි පුත්රයාය. මොහුගේ නම ‘යහූzදා’ යනුවෙන් සඳහන් වී ඇත.
97

قَالُوا يَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا كُنَّا خَاطِئِينَ

“අපගේ පියාණනි, අපගේ පාපයන් වලට අප වෙනුවෙන් (අල්ලාහ්ගෙන්) සමාව ඇයැද සිටිනු. සැබැවින්ම අපි වැරදිකරුවන් වූයෙමු.” යැයි ඔවුහු පැවසුවෝය.
98

قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّي ۖ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

“මම නුඹලා වෙනුවෙන් මාගේ පරමාධිපතිගෙන් සමාව මතු ඇයැදින්නෙමි. සැබැවින්ම ඔහුමය අති ක්ෂමාශීලී පරම කරුණාභරිත වන්නේ.” යැයි ඔහු පැවසුවේය.
99

فَلَمَّا دَخَلُوا عَلَىٰ يُوسُفَ آوَىٰ إِلَيْهِ أَبَوَيْهِ وَقَالَ ادْخُلُوا مِصْرَ إِن شَاءَ اللَّهُ آمِنِينَ

(පසුව) ඔවුන් (සියල්ලෝම) යූසුෆ් වෙත පිවිසුනු කල්හි ඔහු තම දෙමාපියන්ව 20 ඔහු වෙත තුරුල් කර ගෙන “අල්ලාහ් අභිමත කළේ නම් මිසරයට අභයදායීව ඇතුළු වනු.” යැයි පැවසුවේය.
20දෙමාපියන් යනු නබි යූසුෆ් තුමාගේ පියා වන නබි යඃකූබ් තුමාණන් හා පියාගේ ප්රථම බිරියය. ඔහුගේ මව මීට පෙරම මරණයට පත් වී ඇත.
100

وَرَفَعَ أَبَوَيْهِ عَلَى الْعَرْشِ وَخَرُّوا لَهُ سُجَّدًا ۖ وَقَالَ يَا أَبَتِ هَـٰذَا تَأْوِيلُ رُؤْيَايَ مِن قَبْلُ قَدْ جَعَلَهَا رَبِّي حَقًّا ۖ وَقَدْ أَحْسَنَ بِي إِذْ أَخْرَجَنِي مِنَ السِّجْنِ وَجَاءَ بِكُم مِّنَ الْبَدْوِ مِن بَعْدِ أَن نَّزَغَ الشَّيْطَانُ بَيْنِي وَبَيْنَ إِخْوَتِي ۚ إِنَّ رَبِّي لَطِيفٌ لِّمَا يَشَاءُ ۚ إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ

තම දෙමාපියන්ව රාජාසනය මත ඔසවා අසුන් ගැන්වුයේය. ඔවුන්(සොහොයුරන් ඇතුළු සියලු දෙනාම) ඔහුට(යූසුෆ්ට) හිස නමා සුජූද් 21 කළෝය. තවද “මාගේ පියාණනි, මීට පෙර (මා දුටු) මාගේ සිහිනයේ යථාර්ථය මෙයයි. එය මාගේ පරමාධිපති සැබෑ කළේය. සිරගෙයින් ඔහු මා පිට කළ අවස්ථාවේ ඔහු මට උපකාර කළේය. මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් වෙන් කළ පසුව නුඹලාව ගම්මානයෙන් මා වෙත ගෙන්වා දුන්නේය. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑ පිළිබඳව අති සියුම් ඥානීය. සැබැවින්ම සර්වඥ සර්ව ප්රඥාවන්ත වන්නේ ඔහුමය.
21මෙහි සුජූද් යනුවෙන් සඳහන් කර ඇත්තේ නැමදුම සඳහා කරන සුජූදය නොවේ. මන්දයත් එවන් ගණයේ සුජූද් කිරීම අල්ලාහ්ට පමණක් විය යුතු යන්න සෑම දේව ග්රන්ථයකම සඳහන් නීතියකි. මෙම ආයතයෙහි සඳහන් සුජූද් යනු ආචාරයන් සඳහා කරනු ආචාර විධියකි. මෙවැනි ආචාර ක්රමයන් නබි යූසුෆ් තුමාණන්ගේ සමයේ දී අල්ලාහ් අනුමත කර තිබුණ ද නබි මුහම්මද් තුමාණන්ගේ අනුගාමිකයින්ට මෙවැනි ආචාර ක්රමයක් භාවිත කිරීම තහනම්ය.
101

رَبِّ قَدْ آتَيْتَنِي مِنَ الْمُلْكِ وَعَلَّمْتَنِي مِن تَأْوِيلِ الْأَحَادِيثِ ۚ فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ أَنتَ وَلِيِّي فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ تَوَفَّنِي مُسْلِمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ

“මාගේ පරමාධිපතියාණනී, සැබැවින්ම නුඹ මට පාලනය පිරිනැමුවෙහිය. තවද සිහින වල යථාර්ථය මට ඉගැන්වුයෙහිය. අහස්හි හා මිහිතලයේ මැවුම්කරුවාණනි! මෙලොවෙහි හා පරලොවෙහි මාගේ භාරකරු නුඹය. මා (නුඹට අවනත වන) මුස්ලිම්වරයෙකු බවට මරණයට පත් කරනු මැනව! තවද (මතු ලොවෙහි) දැහැමියන් සමග මා එක් කරනු මැනව!” (යැයි යූසුෆ් ප්රාර්ථනා කළේය.)
102

ذَٰلِكَ مِنْ أَنبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۖ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ أَجْمَعُوا أَمْرَهُمْ وَهُمْ يَمْكُرُونَ

(නබිවරය,) මේවා ගුප්ත තොරතුරු අතුරින්ය. අපි එය නුඹට වහී (දේව පණිවිඩය) මගින් පහළ කරන්නෙමු. ඔවුන් (යූසුෆ්ට) කුමන්ත්රණ කරමින් ඔවුන්ගේ කරුණ( සාක්ෂාත් කිරීම)ට එක් රැස් වූ විට නුඹ ඔවුන් අතර නොවීය. 22
22නබි යූසුෆ් තුමාණන්ගේ සම්පූර්ණ වෘත්තාන්තය නබි මුහම්මද් තුමාණන් මාර්ගයෙන් දැන ගනු ලැබීම එතුමා අල්ලාහ්ගෙන් දේව පණිවිඩ ලබන සත්යය නබිවරයෙකු යන්නට පැහැදිලි සාධකයකි. මන්දයත් නබි යූසුෆ් තුමාණන්ගේ ඇසුරෙහි ඔහු නොසිටි අතර පසු සමයෙහි මෙම වෘත්තාන්තය දැන ගැනීමට එතුමා එහි නොගියේය. තවද එම වෘත්තාන්තය හැදෑරීමට කිසිදු අයෙකු පවා එතුමා හමු වූයේ ද නැත. එනම් මෙම වෘත්තාන්තය ඔහුට පැහැදිලි කරනු ලැබීමට අල්ලාහ්ගේ වහී දේව පණිවිඩය මිස වෙනත් කිසිදු මගක් නොවීය.
103

وَمَا أَكْثَرُ النَّاسِ وَلَوْ حَرَصْتَ بِمُؤْمِنِينَ

නුඹ ආශා කළ ද මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකු විශ්වාසිකයින් නොවෙති.
104

وَمَا تَسْأَلُهُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ

කිසිදු කුලියක් මෙ(ම අල් කුර්ආනීය ප්රචාර)ය කෙරෙහි නුඹ ඔවුන්ගෙන් නොඉල්ලන්නෙහිය. එ(ම අල් කුර්ආන)ය සමස්ත විශ්වයන්ටම මෙනෙහි කිරීමක් මිස නැත.
105

وَكَأَيِّن مِّنْ آيَةٍ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ

අහස්හි හා මිහිතලයෙහි කෙතරම් සංඥාවන් තිබේ ද? (නමුත්) ඒවා පිළිබඳව ඔවුහු(ජනයින්) නොසලකා හරිමින් ඒවා තරණය කරන්නෝය.
106

وَمَا يُؤْمِنُ أَكْثَرُهُم بِاللَّهِ إِلَّا وَهُم مُّشْرِكُونَ

ඔවුන්ගෙන් බොහෝ දෙනා (අල්ලාහ්ට) ආදේශ තබන්නන් ලෙස හැර අල්ලාහ්ව විශ්වාස නොකරන්නෝය.
107

أَفَأَمِنُوا أَن تَأْتِيَهُمْ غَاشِيَةٌ مِّنْ عَذَابِ اللَّهِ أَوْ تَأْتِيَهُمُ السَّاعَةُ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

අල්ලාහ්ගේ දඬුවමින් පිරිවරා ගන්නක් ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුහු නොදැනුවත්ව සිටිය දී අනපේක්ෂිතව (ලොව අවසන්) හෝරාව පැමිණීම ගැන ඔවුන් අභයදායීව සිටින්නෙහු ද?
108

قُلْ هَـٰذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللَّهِ ۚ عَلَىٰ بَصِيرَةٍ أَنَا وَمَنِ اتَّبَعَنِي ۖ وَسُبْحَانَ اللَّهِ وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ

(නබිවරය,) මෙයයි මාගේ මාර්ගය. මම ද මා අනුගමනය කළවුන් ද පැහැදිලි සාධක මත සිටිමින් (නුඹලාව) අල්ලාහ් වෙත ඇරයුම් කරන්නෙමි. තවද අල්ලාහ් අති පිවිතුරුය. මම (අල්ලාහ්ට) ආදේශ තබන්නන් අතුරින් නොවෙමි. යැයි පවසවු.
109

وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًا نُّوحِي إِلَيْهِم مِّنْ أَهْلِ الْقُرَىٰ ۗ أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ ۗ وَلَدَارُ الْآخِرَةِ خَيْرٌ لِّلَّذِينَ اتَّقَوْا ۗ أَفَلَا تَعْقِلُونَ

තවද නුඹට පෙර (රසූල්වරයෙකු ලෙස ඔවුන්ගේ) ගම් වාසීන් අතුරින් අපි වහී පහළ කළා වූ පිරිමින් මිස (අන් කිසිවෙකු) නොඑව්වෙමු. ඔවුහු මිහිතලයෙහි ගමන් කර ඔවුනට පෙර විසූවන්ගේ අවසානය කෙසේ වූයේ දැයි නොදුටුවෝ ද? තවද බිය බැතිමත් වූවන්ට මතුලොව නිවහන ඉතා ශ්රේෂ්ඨය. (ඒ බව) නුඹලා අවබෝධ කර නොගන්නෙහු ද?
110

حَتَّىٰ إِذَا اسْتَيْأَسَ الرُّسُلُ وَظَنُّوا أَنَّهُمْ قَدْ كُذِبُوا جَاءَهُمْ نَصْرُنَا فَنُجِّيَ مَن نَّشَاءُ ۖ وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ

(දඬුවම පිළිබඳව වූ ප්රතිඥාව ඔවුන් වෙත ප්රමාද විය.) කෙතරම් (දුරට)දයත් අවසානයේ රසූල්වරුන් බලාපොරොත්තු සුන් වී තමන් අසත්යවාදීන් බවට පත් කරනු ලැබ ඇතැ’යි සිතන තුරුය. (එවිට) අපගේ උපකාරය ඔවුන් වෙත පැමිණියේය. එබැවින් අපි අභිමත කළවුන්ව (එම ප්රතිඥා දෙනු ලැබූ දඬුවමින්) මුදවා ගනු ලැබිණ. අපගේ දඬුවම වැරදිකාර පිරිසගෙන් ඉවත් කරනු නොලබන්නේය.
111

لَقَدْ كَانَ فِي قَصَصِهِمْ عِبْرَةٌ لِّأُولِي الْأَلْبَابِ ۗ مَا كَانَ حَدِيثًا يُفْتَرَىٰ وَلَـٰكِن تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ

ඔවුන්ගේ වෘත්තාන්තයන්හි නුවණැත්තන්ට ආදර්ශයක් ඇත. මෙ(ම අල් කුර්ආන)ය ගොතනු ලැබූ (මිථ්යා) ප්රබන්ධයක් නොවේ. නමුත් (මෙය) තමන් ඉදිරියෙහි වූ දෑ තහවුරු කරන්නක් හා සෑම දැයක්ම පැහැදිලි කරන්නකි. තවද විශ්වාස කරන පිරිසකට දයාවක් ද මග පෙන්වීමක් ද වේ.
الرعدමදීනී
1

المر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ ۗ وَالَّذِي أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ الْحَقُّ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ

අලිෆ්. ලාම්. මීම්. රා. 1 මේවා ධර්ම පුස්තකයේ වදන්ය. තවද නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහළ කරන ලද දෑ සත්යයයි. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා (ඒ පිළිබඳව) විශ්වාස නොකරති.
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

اللَّهُ الَّذِي رَفَعَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُّسَمًّى ۚ يُدَبِّرُ الْأَمْرَ يُفَصِّلُ الْآيَاتِ لَعَلَّكُم بِلِقَاءِ رَبِّكُمْ تُوقِنُونَ

නුඹලා දකින ආධාරක රහිතව අහස් එසෙව්වේ අල්ලාහ්මය. ඉන් පසු අර්ෂය) මත (ඔහුගේ ගෞරවයට සුදුසු අයුරින්) ඔහු “ඉස්තිවා” 2 විය. තවද ඔහු හිරු හා සඳු (තම ආධිපත්යය යටතේ) වසඟ කළේය. (ඉන්) එකිනෙක (එයට) නියම කරනු ලැබූ කාලයක් දක්වා ගමන් කරන්නේය. නුඹලාගේ පරමාධිපතිගේ හමුව නුඹලා තරයේ විශ්වාස කරනු පිණිස ඔහු (සෑම) කරුණ(ක්ම) සැලසුම් කරන්නේය. සංඥාවන් පැහැදිලි කරන්නේය.
2වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:54 හි පාද සටහන බලන්න.
3

وَهُوَ الَّذِي مَدَّ الْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَاسِيَ وَأَنْهَارًا ۖ وَمِن كُلِّ الثَّمَرَاتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ اثْنَيْنِ ۖ يُغْشِي اللَّيْلَ النَّهَارَ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

මිහිතලය එළා එහි ස්ථිරසාර දෑ(කඳු) හා ගංගාවන් ඇති කළේ ඔහුමය. තවද සෑම ඵල බෝගයකින්ම එහි ජෝඩුවක් බැගින් ඇති කළේය. රාත්රියෙන් දහවල ආවරණය කරන්නේය. සැබැවින්ම කල්පනා කරන පිරිසකට එහි සංඥාවන් ඇත.
4

وَفِي الْأَرْضِ قِطَعٌ مُّتَجَاوِرَاتٌ وَجَنَّاتٌ مِّنْ أَعْنَابٍ وَزَرْعٌ وَنَخِيلٌ صِنْوَانٌ وَغَيْرُ صِنْوَانٍ يُسْقَىٰ بِمَاءٍ وَاحِدٍ وَنُفَضِّلُ بَعْضَهَا عَلَىٰ بَعْضٍ فِي الْأُكُلِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ

තවද මිහිතලයෙහි පිහිටුණු (නොයෙකුත්) පෙදෙස් ඇත. තවද මිදි වලින් යුත් වතු ද තවද ගොවිබිම් ද අතු සහිත හා අතු රහිත ඉඳි ගස් ද ඇත. මේවා (සියල්ලට) එකම ජලයකින් ජලය සපයනු ලබන්නේය. (මෙසේ තිබිය දීත්) රසයෙහි ඒවායින් සමහරක් තවත් සමහරකට වඩා අපි උසස් කරන්නෙමු. සැබැවින්ම අවබෝධ කරන පිරිසකට එහි සංඥාවන් ඇත.
5

وَإِن تَعْجَبْ فَعَجَبٌ قَوْلُهُمْ أَإِذَا كُنَّا تُرَابًا أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ ۗ أُولَـٰئِكَ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ ۖ وَأُولَـٰئِكَ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ ۖ وَأُولَـٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

(නබිවරය,) නුඹ (ප්රතික්ෂේපකයින්ගේ පිටුපෑම පිළිබඳ) පුදුමයට පත් වන්නෙහු නම්, “අපි (මරණයට පත් වී) පස් බවට පත් වූ විට (නැවත) නව මැවුමක (නැගිට) වන්නෙමු දැ?”යි ඔවුන් පැවසීම (ඊටත් වඩා) පුදුමසහගතය. ඔවුහුමය තම පරමාධිපතිව ප්රතික්ෂේප කළවුන් වන්නෝ. තවද ඔවුහුමය තමන්ගේ ගෙලෙහි විලංගු ලද්දන් වන්නෝ. තවද ඔවුහුමය නිරයේ සගයින් වන්නෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
6

وَيَسْتَعْجِلُونَكَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ وَقَدْ خَلَتْ مِن قَبْلِهِمُ الْمَثُلَاتُ ۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِّلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ ۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ الْعِقَابِ

තවද ඔවුහු යහපතට(ක්ෂමාවට) පෙර අයහපත(දඬුවම) ඉක්මන් කරන මෙන් නුඹගෙන් පතන්නෝය. 3 මෙසේ (පැතීමෙන්) දඬුවම් ඔවුනට පෙර ද ඉකුත් වී ඇත. තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති මිනිසුන්ට ඔවුන්ගේ අපරාධ වලට ක්ෂමාශීලී භාවයෙන් යුක්තයෙකුය. තවද නුඹගේ පරමාධිපති දඬුවම් කිරීමෙහි දැඩිය.
3මිථ්යා දෘෂ්ටික ප්රතික්ෂේපකයින් ‘තම විශ්වාසය ව්යාජ වන්නේ නම් අල්ලාහ් තමන්ට දඬුවම් කළ යුතු නොවේ දැ?’යි නබි මුහම්මද් තුමාණන්ගෙන් විමසීම මෙයින් අදහස් වන්නේය. අල්ලාහ්ගේ කරුණාව හේතුවෙන් මොවුන්ට යුතු දඬුවම ප්රමාද වීම මොවුන් භාග්යයක් වශයෙන් නොගෙන එය සමච්චලයට මෙන් ගැනීම කෙතරම් පුදුම සහගත ද?.
7

وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ ۗ إِنَّمَا أَنتَ مُنذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ

(නබිවරය,) තවද ප්රතික්ෂේප කළවුන් “මොහුගේ පරමාධිපතිගෙන් මොහු වෙත කිසියම් සංඥාවක් පහළ කරනු ලැබිය යුතු නොවේ දැ’යි” පවසති. සැබැවින්ම නුඹ අවවාද කරන්නෙකු පමණි. තවද සෑම සමූහයකටම (යහ)මග පෙන්වන්නෙකු ඇත.
8

اللَّهُ يَعْلَمُ مَا تَحْمِلُ كُلُّ أُنثَىٰ وَمَا تَغِيضُ الْأَرْحَامُ وَمَا تَزْدَادُ ۖ وَكُلُّ شَيْءٍ عِندَهُ بِمِقْدَارٍ

සෑම කාන්තාවක්ම (තම ගර්භාෂයේ) උසුලා සිටින දෑ ද ගර්භාෂයන් කෙටි කරන හා එය දීර්ඝ කරන දෑ ද අල්ලාහ් දන්නේය. 4 තවද සෑම දෙයක්ම ඔහු අබියස නිර්ණයකින් ඇත.
4‘කෙටි කරන හා දිගු කරන දෑ’ යනු මව් කුසේ සිටින කලලය කොපමණ කාලයක් එනම් කෙටි කාලයක් ද නැතහොත් දීර්ඝ කාලයක් ද යන්න අල්ලාහ් මැනවින් දන්නේය යන්නය.
9

عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْكَبِيرُ الْمُتَعَالِ

(ඔහු) අදෘශ්යමාන දෑ හා දෘශ්යමාන දෑ දන්නාය. ශ්රේෂ්ඨවන්තය. උත්තරීතරය.
10

سَوَاءٌ مِّنكُم مَّنْ أَسَرَّ الْقَوْلَ وَمَن جَهَرَ بِهِ وَمَنْ هُوَ مُسْتَخْفٍ بِاللَّيْلِ وَسَارِبٌ بِالنَّهَارِ

නුඹලා අතුරින් ප්රකාශය සඟවන්නා ද එය හෙළි කරන්නා ද රාත්රියෙහි සැඟ වී සිටින්නා ද දහවලෙහි සැරිසරන්නා ද (අල්ලාහ්ට) එක සමානය.
11

لَهُ مُعَقِّبَاتٌ مِّن بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ يَحْفَظُونَهُ مِنْ أَمْرِ اللَّهِ ۗ إِنَّ اللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنفُسِهِمْ ۗ وَإِذَا أَرَادَ اللَّهُ بِقَوْمٍ سُوءًا فَلَا مَرَدَّ لَهُ ۚ وَمَا لَهُم مِّن دُونِهِ مِن وَالٍ

ඔහුට(මිනිසාට තමාට ඉදිරියෙන් ද තමාට පසුපසින් ද අනුපිළිවෙළට පැමිණෙන්නන් (වන මලක්වරුන්) සිටිති. ඔවුහු අල්ලාහ්ගේ නියෝගය පරිදි ඔහුව ආරක්ෂා කරති. 5 සැබැවින්ම යම් සමාජයක් තමන් සමග වූ (යහ) දෑ (පිටුපෑමක් ලෙස) වෙනස් කර ගන්නා තුරු ඔවුන් සමග වූ දෑ(දායාදයන් දඬුවමක් ලෙස) අල්ලාහ් වෙනස් නොකරන්නේය. තවද අල්ලාහ් යම් සමාජයකට නරකක් අපේක්ෂා කළේ නම් එය පලවා හරින්නක් නැත. තවද ඔහු හැර ඔවුනට වෙනත් කිසිදු උදව්කරුවෙකු නැත.
5සෑම මිනිසෙකු සමගම මලක්වරුන්ව ද අල්ලාහ් නියම කොට ඇත. එනම් කලා කද්ර් නම් පූර්ව සැලසුමෙහි අන්තර්ගත නොවූ ආපදාවන් වලින් මොහුව ආරක්ෂා කිරීමට ද මොහුගේ ක්රියා සටහන් කිරීමට ද වේ.
12

هُوَ الَّذِي يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنشِئُ السَّحَابَ الثِّقَالَ

(මගීන්ට වර්ෂාව ඇති වී ගමනට බාධාවක් ඇති වේ යන) බියක් ලෙස හා (වර්ෂාව අවශ්ය වූවන් හට) බලාපොරොත්තුවක් ලෙස අකුණු ගැසීම නුඹලාට පෙන්වනුයේ ද තවද (වැසි)බරැති වලාකුළු නිර්මාණය කරනුයේ ද ඔහුමය.
13

وَيُسَبِّحُ الرَّعْدُ بِحَمْدِهِ وَالْمَلَائِكَةُ مِنْ خِيفَتِهِ وَيُرْسِلُ الصَّوَاعِقَ فَيُصِيبُ بِهَا مَن يَشَاءُ وَهُمْ يُجَادِلُونَ فِي اللَّهِ وَهُوَ شَدِيدُ الْمِحَالِ

තවද හෙණ හඬ ඔහුගේ ප්රශංසාවෙන් (ඔහුව) පිවිතුරු කරති. තවද මලක්වරුන් ද ඔහුගේ බියෙන් (ඔහුව පිවිතුරු කරති.) තවද ඔහු හෙණ යවන්නේය. පසුව එමගින් ඔහු අභිමත කරන අයව, ඔවුහු අල්ලාහ් ගැන තර්ක කරමින් සිටිය දී හසු කර ගන්නේය. තවද ඔහු දඬුවම් කිරීමෙහි දැඩිය.
14

لَهُ دَعْوَةُ الْحَقِّ ۖ وَالَّذِينَ يَدْعُونَ مِن دُونِهِ لَا يَسْتَجِيبُونَ لَهُم بِشَيْءٍ إِلَّا كَبَاسِطِ كَفَّيْهِ إِلَى الْمَاءِ لِيَبْلُغَ فَاهُ وَمَا هُوَ بِبَالِغِهِ ۚ وَمَا دُعَاءُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ

සත්යයේ ප්රාර්ථනාව ඔහුටමය. (ප්රතික්ෂේපක) මොවුන් ඔහු(අල්ලාහ්) හැර අයැදින අය මොවුනට කිසිවකින් හෝ පිළිතුරු නොදෙති. (මොවුන්ගේ උදාහරණය නම්) ජලය තම මුඛය වෙත ළඟා වීම සඳහා (දුරින් සිට) එය දෙසට තම දෙඅත්ල දිගු කරන්නෙකු මෙන් මිස (නොමැත. එහෙත් ඔහු දෑතින් ගෙන පානය කරන තෙක්) එ(ම ජල)ය එය(මුඛය) වෙත ළඟා නොවන්නක්මය. තවද ප්රතික්ෂේපකයින්ගේ ප්රාර්ථනාව මුළාවක මිස නැත.
15

وَلِلَّهِ يَسْجُدُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَظِلَالُهُم بِالْغُدُوِّ وَالْآصَالِ ۩

අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ ද තවද ඒවායෙහි සෙවණැලි ද උදේ හා සවස කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අල්ලාහ්ටම සුජූද් කරති. 6
6මෙහි කැමැත්තෙන් සුජූද් කිරීම යනු පිරිසුදු චේතනාවෙන් කරන නැමදුම වන අතර අකමැත්තෙන් සුජූද් කිරීම යනු ආත්ම වංචනිකයින්ගේ නැමදුමය. තවද මෙය සුජූද් කළ යුතු ආයතයකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:206 හි පාද සටහන බලන්න.
16

قُلْ مَن رَّبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ قُلِ اللَّهُ ۚ قُلْ أَفَاتَّخَذْتُم مِّن دُونِهِ أَوْلِيَاءَ لَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ نَفْعًا وَلَا ضَرًّا ۚ قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ أَمْ هَلْ تَسْتَوِي الظُّلُمَاتُ وَالنُّورُ ۗ أَمْ جَعَلُوا لِلَّهِ شُرَكَاءَ خَلَقُوا كَخَلْقِهِ فَتَشَابَهَ الْخَلْقُ عَلَيْهِمْ ۚ قُلِ اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ الْوَاحِدُ الْقَهَّارُ

(නබිවරය) “අහස්හි හා මිහිතලයේ පරමාධිපති කවුරුන් දැ?”යි නුඹ (ඔවුන්ගෙන්) විමසවු. “(තවද ඔහු) අල්ලාහ්” යැයි පවසවු. “නුඹලා ඔහු හැර තමන්ට කිසිදු ප්රයෝජනයක් (ගැනීමට) හා කිසිදු හානියක් (වළකා ගැනීමට හැකියාව) හිමි නොකරන භාරකරුවන් (දෙවිවරුන් ලෙස) ගත්තෙහු දැ?”යි විමසවු. “අන්ධයා හා පෙනුමැත්තා එක සමාන වන්නේ ද? එසේ නැතහොත් අන්ධකාරයන් හා අලෝකය එක සමාන වන්නේ ද?එසේත් නැතහොත් (ඔවුන්ගේ ප්රතිපත්තිය අනුව) අල්ලාහ් නිර්මාණය කරන්නාක් මෙන් (ඇතැම් මැවීම්) නිර්මාණය කළ, (ඔවුන් අල්ලාහ්ට ආදේශ කරන්නා වූ) හවුල්කරුවන්ව ඔහුට ඔවුන් (ආදේශ ලෙස) පත් කර පසුව (අල්ලාහ්ගේ හා හවුල්කරුවන්ගේ) මැවීම ඔවුන් කෙරෙහි ව්යාකූල වී ඇත් දැ?”යි (නබිවරය, ඔවුන්ගෙන්) විමසවු. “සියලු දෑහි මැවුම්කරු අල්ලාහ්ය. ඔහු ඒකීයය. බලපරාක්රමයෙන් යුක්තයැ”යි නුඹ පවසවු.
17

أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَسَالَتْ أَوْدِيَةٌ بِقَدَرِهَا فَاحْتَمَلَ السَّيْلُ زَبَدًا رَّابِيًا ۚ وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِي النَّارِ ابْتِغَاءَ حِلْيَةٍ أَوْ مَتَاعٍ زَبَدٌ مِّثْلُهُ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ الْحَقَّ وَالْبَاطِلَ ۚ فَأَمَّا الزَّبَدُ فَيَذْهَبُ جُفَاءً ۖ وَأَمَّا مَا يَنفَعُ النَّاسَ فَيَمْكُثُ فِي الْأَرْضِ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ الْأَمْثَالَ

ඔහු අහසින් ජලය පහළ කළේය. එවිට මිටියාවත් ඒවායෙහි ප්රමාණයට ගලා බැසීය. ගලා යන ජලය පාවෙන පෙණ බුබුළු උසුලන්නේය. 7 තවද භාණ්ඩ හෝ ආභරණ (සෑදීමට) බලාපොරොත්තුවෙන් ගින්නෙහි ඔවුන් මොළ වන දැයින් ද මේ හා සමාන පෙණ බුබුළු ඇත. අල්ලාහ් සත්යය හා අසත්යය (නිදසුනක් වශයෙන්) ගෙන හැර පාන්නේ මෙලෙසය. පෙණ බුබුළු වනාහි නැති වී යන්නේය. මිනිසාට ප්රයෝජනවත් වන දෑ වනාහි මිහිතලයෙහි රඳා පවතින්නේය. අල්ලාහ් උපමාවන් ගෙන හැර පාන්නේ මෙලෙසය.
7මෙම උදාහරණය ගෙන හැර පා ඇත්තේ අහසින් වැසි වසින්නාක් මෙන් අල්ලාහ් විසින් නබිවරුන් පහළ කරන්නේය යන අදහසය. මෙහි අදහස් කෙරෙන්නේ ජලයේ පාවෙන පෙණ යනු නබිත්වයට එරෙහිව පැමිණෙන විරුද්ධත්වයන් පිළිබඳවය. පෙණ විනාශ වී ජලය මිනිසාට ප්රයෝජන ගෙන දෙන්නාක් මෙන් සත්යය ඉතිරි වී අසත්යය විනාශ වන්නේය.
18

لِلَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمُ الْحُسْنَىٰ ۚ وَالَّذِينَ لَمْ يَسْتَجِيبُوا لَهُ لَوْ أَنَّ لَهُم مَّا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لَافْتَدَوْا بِهِ ۚ أُولَـٰئِكَ لَهُمْ سُوءُ الْحِسَابِ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمِهَادُ

තම පරමාධිපතිට (අවනත වීම තුළින්) ප්රතිචාර දක්වන්නන්ට යහපත ඇත. තවද ඔහුට පිළිතුරු නොදෙන්නන් නම් මිහිතලයේ සියල්ල ද එයත් සමගම ඒ හා සමානව යමක් ඔහු සතුව තිබුණේ නම් (නිරයෙන් ආරක්ෂා වීම සඳහා) එය ද ඔවුන් වන්දි වශයෙන් ගෙවනු ඇත. ඔවුනටමය අයහපත් විනිශ්චය හිමි වන්නේ. තවද ඔවුන්ගේ ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. තවද (එය) යහනාවෙන් නරක විය.
19

أَفَمَن يَعْلَمُ أَنَّمَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ الْحَقُّ كَمَنْ هُوَ أَعْمَىٰ ۚ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ

‘නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහළ කරන ලද දෑ සත්යයකි’ යැයි දැන සිටින්නා අන්ධයෙකුව සිටින්නා මෙන් වේ ද? (එය) මෙනෙහි කරනුයේ නුවණැත්තන්මය.
20

الَّذِينَ يُوفُونَ بِعَهْدِ اللَّهِ وَلَا يَنقُضُونَ الْمِيثَاقَ

ඔවුහු කවරහු ද යත් අල්ලාහ්ගේ ගිවිසුම සම්පූර්ණ කරති. තවද (ගිවිසුම්) විශ්වාසය කඩ නොකරති.
21

وَالَّذِينَ يَصِلُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَن يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَ الْحِسَابِ

තවද (ඔවුහු) කවරහු ද යත් (ඥාතී) සම්බන්ධකම් ඇති කරනු ලැබිය යුතුයි යැයි අල්ලාහ් විධානය කළ දෑ( තුළින් ඥාතීන්) සමග ඔවුහු සම්බන්ධකම් පවත්වති. තවද ඔවුහු තම පරමාධිපතිට බිය වෙති. නරක විනිශ්චය ද බිය වෙති.
22

وَالَّذِينَ صَبَرُوا ابْتِغَاءَ وَجْهِ رَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَنفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً وَيَدْرَءُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ أُولَـٰئِكَ لَهُمْ عُقْبَى الدَّارِ

තවද (ඔවුහු) කවරහු ද යත් තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඔවුහු ඉවසුවෝය. 8 සලාතය ද ස්ථාපිත කළෝය. අප ඔවුනට පිරිනැමූ දැයින් රහසිගතව හා ප්රසිද්ධියේ (යහ දෑ වෙනුවෙන්) වියදම් ද කළෝය. තවද ඔවුහු යහපතින් අයහපත වළක්වති. ඔවුනටමය (මතු) නිවහනේ (යහ) අවසානය හිමි වන්නේ.
8මෙහි ‘පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන්’ යනු අල්ලාහ්ගේ තෘප්තිය හා වේතනය පමණක් අපේක්ෂා කරන්නන් වන අතර ඔවුන් තමන්ට අත්වන දුෂ්කරතාවන් ඉවසා ගන්නන් වේ.
23

جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا وَمَن صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ ۖ وَالْمَلَائِكَةُ يَدْخُلُونَ عَلَيْهِم مِّن كُلِّ بَابٍ

(එය) ‘අද්න්’ (නමැති ස්වර්ග) උයන්ය. එහි ඔවුන් ද ඔවුන්ගේ පියවරුන්ගෙන්, ඔවුන්ගේ භාර්යාවන්ගෙන් හා ඔවුන්ගේ පරපුරින් (විශ්වාස කර) යහකම් කළවුන් ද ඇතුළු වන්නෝය. තවද මලක්වරුන් ද “නුඹලා ඉවසා සිටි හේතුවෙන් නුඹලා කෙරෙහි ‘සලාමය’(ශාන්තිය) අත් වේවා! එබැවින් (මතු) නිවහනේ අවසානය යහපත් විය”යැයි (පවසමින්) සෑම දොරටුවකින්ම ඔවුන් වෙත ඇතුළු වෙති.
24

سَلَامٌ عَلَيْكُم بِمَا صَبَرْتُمْ ۚ فَنِعْمَ عُقْبَى الدَّارِ

(එය) ‘අද්න්’ (නමැති ස්වර්ග) උයන්ය. එහි ඔවුන් ද ඔවුන්ගේ පියවරුන්ගෙන්, ඔවුන්ගේ භාර්යාවන්ගෙන් හා ඔවුන්ගේ පරපුරින් (විශ්වාස කර) යහකම් කළවුන් ද ඇතුළු වන්නෝය. තවද මලක්වරුන් ද “නුඹලා ඉවසා සිටි හේතුවෙන් නුඹලා කෙරෙහි ‘සලාමය’(ශාන්තිය) අත් වේවා! එබැවින් (මතු) නිවහනේ අවසානය යහපත් විය”යැයි (පවසමින්) සෑම දොරටුවකින්ම ඔවුන් වෙත ඇතුළු වෙති.
25

وَالَّذِينَ يَنقُضُونَ عَهْدَ اللَّهِ مِن بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ ۙ أُولَـٰئِكَ لَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ

කවරෙකු අල්ලාහ්ගේ ගිවිසුම තහවුරු කිරීමෙන් පසු එය කඩ කර, (ඥාතී) සම්බන්ධකම් ඇති කරනු ලැබිය යුතුයි යැයි අල්ලාහ් විධානය කළ දෑ කපා හැර දමන්නේ ද තවද මිහිතලයෙහි කලහකම් කරන්නේ ද ඔවුනටමය ශාපය ඇත්තේ. තවද (මතු) නිවහනේ නරකය ද ඔවුනට හිමිය.
26

اللَّهُ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ وَيَقْدِرُ ۚ وَفَرِحُوا بِالْحَيَاةِ الدُّنْيَا وَمَا الْحَيَاةُ الدُّنْيَا فِي الْآخِرَةِ إِلَّا مَتَاعٌ

අල්ලාහ් තමන් අභිමත කරන අයට ජීවන සම්පත් විස්තීරණ කරන්නේය. තවද (ඔහු අභිමත කළවුනට) සීමා කරන්නේය. මෙලොව ජීවිතය පරලොව විෂයෙහි අල්ප භුක්ති විඳීමක් මිස නැතිව තිබියදී (ප්රතික්ෂේපක) ඔවුන් මෙලොව ජීවිතයෙන් (සෑහීමට පත්ව) සතුටු වූවෝය.
27

وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ ۗ قُلْ إِنَّ اللَّهَ يُضِلُّ مَن يَشَاءُ وَيَهْدِي إِلَيْهِ مَنْ أَنَابَ

ප්රතික්ෂේප කළවුන් “මොහුගේ පරමාධිපතිගෙන් මොහු වෙත කිසියම් සංඥාවක් පහළ කරනු ලැබිය යුතු නොවේ දැ’යි විමසති. (නබිවරය,) “සැබැවින්ම අල්ලාහ් තමන් අභිමත කරන අයව නොමග යන්නට ඉඩ හරින්නේය. තවද (ඔහු වෙත සිතින්) නැඹුරුවූවන්ව ඔහු වෙත මග පෙන්වන්නේයැ”යි නුඹ පවසවු.
28

الَّذِينَ آمَنُوا وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ اللَّهِ ۗ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

(ඔවුන්) කවරහු ද යත් විශ්වාස කර තම හදවත් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් සැනසුමට පත් වූවන්ය. දැන ගනිවු. හදවත් සැනසුමට පත් වනුයේ අල්ලාහ්ව මෙනෙහි කිරීමෙනි.
29

الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ طُوبَىٰ لَهُمْ وَحُسْنُ مَآبٍ

විශ්වාස කර යහකම් කළවුන් නම් ඔවුනට සුබාශිංසනය හා අලංකාර නැවත යොමු වන ස්ථානයක් ඇත.
30

كَذَٰلِكَ أَرْسَلْنَاكَ فِي أُمَّةٍ قَدْ خَلَتْ مِن قَبْلِهَا أُمَمٌ لِّتَتْلُوَ عَلَيْهِمُ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَهُمْ يَكْفُرُونَ بِالرَّحْمَـٰنِ ۚ قُلْ هُوَ رَبِّي لَا إِلَـٰهَ إِلَّا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ مَتَابِ

මෙලෙස (අපි නුඹට පෙර ජන සමාජයන්ට රසූල්වරුන් එව්වාක් මෙන්) අපි නුඹව ප්රජාවකට (රසූල්වරයෙකු ලෙස) එව්වෙමු. එයට පෙර බොහෝ ප්රජාවන් ඉකුත් වී ගොස් ඇත. (නුඹව අපි එව්වේ) ඔවුන් ‘අර් රහ්මාන්’(කරුණාභරිතයාණන් වන මා)ව 9 ප්රතික්ෂේප කරමින් සිටිය දී අපි නුඹ වෙත වහී (නම් දේව පණවිඩ) පහළ කළ දෑ නුඹ ඔවුනට පාරායනා කර පෙන්වීම පිණිසය. (නබිවරය,) “ඔහු මාගේ පරමාධිපතිය. ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔහු කෙරෙහිම මම (සියල්ල) භාර කළෙමි. තවද ඔහු වෙතමය මාගේ නැවත හැරී යන ස්ථානය ඇත්තේ” යැයි පවසවු.
9වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 17:110 හි පාද සටහන බලන්න.
31

وَلَوْ أَنَّ قُرْآنًا سُيِّرَتْ بِهِ الْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ الْأَرْضُ أَوْ كُلِّمَ بِهِ الْمَوْتَىٰ ۗ بَل لِّلَّهِ الْأَمْرُ جَمِيعًا ۗ أَفَلَمْ يَيْأَسِ الَّذِينَ آمَنُوا أَن لَّوْ يَشَاءُ اللَّهُ لَهَدَى النَّاسَ جَمِيعًا ۗ وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا تُصِيبُهُم بِمَا صَنَعُوا قَارِعَةٌ أَوْ تَحُلُّ قَرِيبًا مِّن دَارِهِمْ حَتَّىٰ يَأْتِيَ وَعْدُ اللَّهِ ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ

සැබැවින්ම කුර්ආනය( පාරායනා කිරීම)ක් මගින් කඳු (තවත් නැනකට) ධාවනය කරනු ලැබුව ද නැතහොත් එමගින් මිහිතලය කැබලි කරනු ලැබුව ද නැතහොත් එමගින් මළවුන් කතා කරවනු ලැබුව ද (ඔවුන් නුඹ නබිවරයෙකු බව විශ්වාස නොකරති.) 10 එනමුත් කරුණු සියල්ලම අල්ලාහ්ටම හිමිය. විශ්වාස කළවුන් ‘අල්ලාහ් අභිමත කරන්නේ නම් මිනිසුන් සියල්ලන්වම යහමග යොමු කරනු ඇතැ’යි නොදන්නෝ ද?- 11 (විනිශ්චය දිනය පිළිබඳ වූ) අල්ලාහ්ගේ පොරොන්දුව පැමිණෙන තුරු ප්රතික්ෂේප කළවුන් තමන් කළ දෑ හේතුවෙන් කම්පනයක් ඇති කරවන දෑ ඔවුන්ව හසු කරමින් පවතී. නැතහොත් ඔවුන්ගේ නිවෙස් වලට සමීපයෙන් එය පහළ වෙමින් පවතී. 12 අල්ලාහ් ප්රතිඥාව කඩ නොකරන්නේය.
10මක්කාවාසී ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ගෙන් ඉල්ලා සිටි ප්රාතිහාර්යයන් මේවාය. මෙයින් අදහස් වන්නේ ඔවුන්ට මෙම ප්රාතිහාර්යයන් ගෙන හැර පෙන්වුව ද ඔවුන් විශ්වාසිකයින් බවට පත් නොවන බවය. මන්දයත් ඔවුන් මේවා ඉල්ලා සිටියේ සමච්චලයට විනා සත්යය අවබෝධ කර ගැනීමේ අදහසින් නොවේ. ඔවුනට ප්රාතිහාර්යයන් පෙන් වූ සෑම මොහොතකම ඔවුන් විශ්වාසිකයින් බවට පත් නොවූයේ එහෙයිනි.
11ප්රතික්ෂේපකයින් ඉල්ලා සිටින අභියෝගයන් අල්ලාහ් විසින් ඉටු කළේ නම් ඔවුන් ද විශ්වාසිකයින් බවට පත්විය හැක යැයි අදිටනින් ඇතැම් මුස්ලිම්වරුන් ඒවා ඉටු වීම ප්රිය කළෝය. එහෙත් මෙම ආයතයෙන් අවධාරණය කරන්නේ යම් ප්රාතිහාර්යයක් ගෙන හැර පෙන්වනවා ද? යන තීන්දුව නියම කරන්නේ අල්ලාහ් විසින් බව හා අල්ලාහ්ගේ ඥානයට කිසිදු පැකිළීමකින් තොරව අවනත විය යුතුය යන්නයි. එනම් අල්ලාහ්ට සියලු මිනිසුන්ව ඔහුට බලෙන් හෝ අවනත කරවීමේ ශක්තිය තිබුණ ද ඔහු එසේ නොකළේ මිනිසාට අවනත වීම හෝ අකීකරු වීම යන කරුණු දෙක අතුරින් එකක් තෝරා ගැනීමේ සිය කැමැත්ත පිරිනමා ඇති නිසාය. තවද අල්ලාහ් විසින් මිනිසාව බලෙන් අවනත කරවීමට සැලැස් වූයේ නම් පිරිසිදු ගැත්තන් තෝරා ගැනීම යන මෙලොව නිර්මාණයේ අරමුණ බැහැර වනු ඇත.
12මෙම ආයතය බැලූ කල මෙතරම් මුරණ්ඩු පිරිසකට අල්ලාහ් විසින් දඬුවම් පහළ නොකරන්නේ මන්දැ’යි හැඟෙනු ඇත. නමුත් මෙයින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ පාපකාරී ක්රියා හේතුවෙන් නිරතුරුව ඔවුන් සුළු සුළු ආපදාවන්ට ලක් වෙමින් සිටින අතර ඇතැම් අසල්වැසියන් මුහුණ දෙන ආපදාවන් තුළින් මොවුන්ගේ සිත් තුළ යම් බියක් ඇති වීමය. කෙසේ නමුත් මොවුහු විනිශ්චය දින දී නිරන්තර දඬුවමට නියම වෙති.
32

وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُوا ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ

(නබිවරය,) සැබැවින්ම නුඹට පෙර ද රසූල්වරුන් සමච්චල් කරනු ලැබුවෝය. එවිට ප්රතික්ෂේප කළවුනට මා අවකාශය ලබා දුන්නෙමි. පසුව ඔවුන්ව (දඬුවමින්) ග්රහණය කළෙමි. එබැවින් මාගේ දඬුවම කෙසේවී ද?
33

أَفَمَنْ هُوَ قَائِمٌ عَلَىٰ كُلِّ نَفْسٍ بِمَا كَسَبَتْ ۗ وَجَعَلُوا لِلَّهِ شُرَكَاءَ قُلْ سَمُّوهُمْ ۚ أَمْ تُنَبِّئُونَهُ بِمَا لَا يَعْلَمُ فِي الْأَرْضِ أَم بِظَاهِرٍ مِّنَ الْقَوْلِ ۗ بَلْ زُيِّنَ لِلَّذِينَ كَفَرُوا مَكْرُهُمْ وَصُدُّوا عَنِ السَّبِيلِ ۗ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ

සෑම ආත්මයක් මතම, ඒවා උපයන දෑ පිළිබඳව භාරකරුවෙකු ලෙස සිටින කෙනෙකු ද? 13 (එනමුත්) ඔවුහු අල්ලාහ්ට (ආදේශයක් ලෙස) හවුල්කරුවන් පත් කරන්නෝය. (නබිවරය,) “(හවුල්කරුවන් වන) ඔවුන්ව නම් කරවු.” යැයි නුඹ (ඔවුනට) පවසවු. එසේ නොමැතිනම් මිහිතලයෙහි ඔහු(අල්ලාහ්) නොදන්නා දෑ ඔහුට නුඹලා දන්වා සිටින්නෙහු ද? එසේ නොමැතිනම් බාහිර (පුහු) ප්රකාශයක් (පමණ) ද? එනමුත් ප්රතික්ෂේප කළවුනට ඔවුන්ගේ කුමන්ත්රණ අලංකාරමත් කර පෙන්වනු ලැබීය. තවද ඔවුහු (ඍජූ) මාර්ගයෙන් වළක්වනු ලැබුවෝය. තවද අල්ලාහ් කවරෙකුව නොමග යෑමට ඉඩ හැරියේ ද ඔහුට යහමග පෙන්වන්නෙකු නැත.”
13එනම් අල්ලාහ් සෑම ආත්මයක් කෙරෙහිම භාරකරුවෙකු ලෙස සිටින අතර වෙනත් කිසිවෙකු හෝ ඔහුට ආදේශ කළ හැක්කෙකු වන්නේ දැ’යි අල්ලාහ් විමසන්නේය.
34

لَّهُمْ عَذَابٌ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَشَقُّ ۖ وَمَا لَهُم مِّنَ اللَّهِ مِن وَاقٍ

මොවුනට මෙලොව ජීවිතයෙහි දඬුවමක් ඇත. තවද මතු ලොවෙහි දඬුවම ඉතා දැඩිය. තවද ඔවුනට අල්ලාහ්ගෙන් (වූ දඬුවමෙන්) ආරක්ෂා කරන්නෙකු නොමැත.
35

مَّثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ أُكُلُهَا دَائِمٌ وَظِلُّهَا ۚ تِلْكَ عُقْبَى الَّذِينَ اتَّقَوا ۖ وَّعُقْبَى الْكَافِرِينَ النَّارُ

බිය භක්තිකයින්ට පොරොන්දු වනු ලැබූ (ස්වර්ග) උයනේ ස්වභාවය නම් (මෙසේය). ඊට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ආහාර හා එහි සෙවණ සදාතනිකය. මෙය බිය භක්තිකයින්ගේ අවසානයයි. තවද ප්රතික්ෂේපකයින්ගේ අවසානය (නිරා) ගින්නය.
36

وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَفْرَحُونَ بِمَا أُنزِلَ إِلَيْكَ ۖ وَمِنَ الْأَحْزَابِ مَن يُنكِرُ بَعْضَهُ ۚ قُلْ إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ وَلَا أُشْرِكَ بِهِ ۚ إِلَيْهِ أَدْعُو وَإِلَيْهِ مَآبِ

කවුරුන්හට අපි ධර්ම පුස්තකය පිරිනැමුවෙමුද ඔවුහු නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳව සතුටු වන්නෝය. 14 තවද (එම) පිරිස් අතුරින් එ(සේ නුඹ වෙත පහළ කරනු ලැබූ දැ)යින් සමහරක් ප්රතික්ෂේප කරන්නන් ද වෙති. (නබිවරය,) “සැබැවින්ම මා අණ කරනු ලැබුවේ අල්ලාහ්ට (පමණක්) මා නමදින ලෙස ද ඔහුට ආදේශ නොතබන ලෙස ද වේ. ඔහු වෙතම මම කැඳවන්නෙමි. තවද ඔහු වෙතමය මාගේ හැරී යාම ඇත්තේ.” යැයි පවසවු.
14මෙයින් පෙන්නුම් කරන්නේ පෙර නබිවරුන්ට පහළ වූ ලේඛනයන් අල් කුර්ආනයෙහි සඳහන්ව ඇති බව දැක අල් කුර්ආනය අල්ලාහ්ගේ වදන් යැයි සැබෑ ලෙස විශ්වාස කළ යුදෙව්වන් හා කිතුණුවන් පිළිබඳවය.
37

وَكَذَٰلِكَ أَنزَلْنَاهُ حُكْمًا عَرَبِيًّا ۚ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُم بَعْدَ مَا جَاءَكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللَّهِ مِن وَلِيٍّ وَلَا وَاقٍ

මෙලෙස අපි මෙ(ම අල් කුර්ආන)ය අරාබියෙන් වූ නීතියක් ලෙස පහළ කළෙමු. තවද දැනුමෙන් (දැයක්) නුඹ වෙත පැමිණීමෙන් පසුව ද ඔවුන්ගේ ආශාවන් නුඹ අනුගමනය කළෙහි නම් නුඹට අල්ලාහ්ගෙන් (වූ දඬුවමෙන්) උදව් කරන්නෙකු හෝ ආරක්ෂා කරන්නෙකු හෝ නොමැති වනු ඇත.
38

وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِّن قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً ۚ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۗ لِكُلِّ أَجَلٍ كِتَابٌ

සැබැවින්ම අපි නුඹට පෙර ද රසූල්වරුන් එවා ඔවුනට අපි භාර්යාවන් හා පරපුරක් ද ඇති කළෙමු. තවද කිසිදු රසූල්වරයෙකුට අල්ලාහ්ගේ අනුමැතියෙන් මිස කිසිදු සාධකයක් ගෙන ඒමට (කිසිදු හැකියාවක්) නොවීය. සෑම කාලයකටම (ආවේණික නීති සටහන්) ලේඛනයක් ඇත. 15
15එකල ප්රතික්ෂේපකයින් “නබිවරුන් ඉතා උසස් උදවිය හෙයින් ඔවුනට දරුවන් හා භාර්යාවන් අවශ්යය නොවන බව තර්ක කළෝය. එහෙත් මෙයින් පෙන්නුම් කරන්නේ නබිත්වයේ මෙහෙයට දරුවන් හා භාර්යාවන් කිසිදු බාධාවක් නොවන බව ද ඔවුන් ජනයාට යහමග පෙන්වන්නන් හෙයින් දරුවන් හා භාර්යාවන් සමග යහ අයුරින් ජීවත් වී ආදර්ශයක් විය හැකි බවය.
39

يَمْحُو اللَّهُ مَا يَشَاءُ وَيُثْبِتُ ۖ وَعِندَهُ أُمُّ الْكِتَابِ

අල්ලාහ් අභිමත කරන දෑ (එයින්) මකා දමන්නේය. තවද ඔහු (අභිමත කරන දෑ) ස්ථාවර කරන්නේය. තවද මව් පුස්තකය ඇත්තේ ඔහු අබියසය. 16
16නබි මුහම්මද් තුමාණන් ගෙන ආ දහම අන් නබිවරුන් ගෙන ආ දහමට වඩා වෙනස් යැයි ඇතැම් යුදෙව්වන් හා කිතුනුවන් තර්ක කරන්නට වූහ. මෙම ආයතය එම තර්කයට පිළිතුරකි. එනම් නබි මුහම්මද් තුමාණන් තම ස්ව කැමැත්තට අනුව කිසිදු නව දැයක් අන්තර්ගත නොකරන අතර අල්ලාහ් තම ඥානයෙන් නොයෙක් දෑ දහමට අන්තර්ගත කරන්නේය. එබැවින් අල්ලාහ් විසින් මීට පෙර නබිවරුන්ට පහළ කළ දෑ මුලිනුපුටා දැමීම, නව විෂයන් අන්තර්ගත කිරීම හා පෙර දහම්හි විෂයන් ලොව අවසානය දක්වා දහම් ගත කිරීම යන සියල්ලම අල්ලාහ්ගේ අභිමතය පරිදි සිදුවන අතර මෙම සියල්ලක්ම “ලව්හුල් මහ්ෆූල්” නැමැති මව් පුස්තකයේ සඳහන් වී ඇත.
40

وَإِن مَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ وَعَلَيْنَا الْحِسَابُ

(නබිවරය,) අපි ඔවුනට ප්රතිඥා දුන් දැයින් සමහරක් (මෙලොවෙහිම) නුඹට (ගෙනහැර) පෙන්වූව ද එසේ නොමැතිනම් (එයට පෙරම) අපි නුඹව මරණයට පත් කළ ද නුඹ කෙරෙහි (වූ වගකීම) වනුයේ ප්රචාරය කිරීම (පමණ)ය. තවද අප කෙරෙහි වනුයේ විනිශ්චය කිරීමය.
41

أَوَلَمْ يَرَوْا أَنَّا نَأْتِي الْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ وَاللَّهُ يَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهِ ۚ وَهُوَ سَرِيعُ الْحِسَابِ

අපි මිහිතලය එහි පැතිකඩ වලින් ඛාදනය කරමින් පැමිණෙන බව ඔවුහු නොදුටුවෝ ද? 17 තවද අල්ලාහ් විනිශ්චය කරන්නේය. ඔහුගේ විනිශ්චය වෙනස් කරන්නෙකු (හෝ වළක්වන්නෙකු) නැත. තවද ඔහු විනිශ්චය කිරීමෙහි ශීඝ්රය.
17“අපි මිහිතලය එහි පැතිකඩ වලින් ඛාදනය කරමින් පැමිණෙන බව” යන කොටසෙහි අදහස ලොවෙන් ප්රතික්ෂේපය යන පාපය දිනෙන් දින තුරන් වන බවය. තවද විද්යාත්මකව බැලූ කල මෙය “මුහුදු ඛාදනය” පිළිබඳව පවසන බව ද අදහස් කළ හැක. තවද මෙය ලොව විනාශයක් සිදු වනු ඇත යන්නට සාධකයකි. මෙවන් දෑ අල් කුර්ආනයේ සඳහන් වීම පුදුම සහගත දෙයක් නොවේ. මන්දයත් අල් කුර්ආනය පහළ කළා වූ අල්ලාහ් මුළු විශ්වයෙහිම සර්වඥ මැවුම්කරුය.
42

وَقَدْ مَكَرَ الَّذِينَ مِن قَبْلِهِمْ فَلِلَّهِ الْمَكْرُ جَمِيعًا ۖ يَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍ ۗ وَسَيَعْلَمُ الْكُفَّارُ لِمَنْ عُقْبَى الدَّارِ

මොවුනට පෙර වූවන් ද (තම රසූල්වරුන්ට) කුමන්ත්රණය කළෝය. උපායයන් සියල්ලම අල්ලාහ් සතුය. සෑම ආත්මයක්ම උපයන දෑ ඔහු දන්නේය. තවද ‘(මතු) නිවහනේ (යහ) අවසානය කවරෙකුට දැ’යි ප්රතික්ෂේපකයෝ මතු දැන ගන්නෝය.
43

وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَسْتَ مُرْسَلًا ۚ قُلْ كَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِندَهُ عِلْمُ الْكِتَابِ

ප්රතික්ෂේප කළවුන් “නුඹ රසූල්වරයෙකු නොවේ” යැයි පවසති. (නබිවරය,) “මා අතර ද නුඹලා අතර ද සාක්ෂිකරුවෙකු වශයෙන් අල්ලාහ් සහ ධර්ම පුස්තකය පිළිබඳව දැනුමැත්තන් 18 ප්රමාණවත් යැ”යි පවසවු.
18මෙයින් පෙන්නුම් කරන්නේ නබි මුහම්මද් තුමාණන්ගේ සම්ප්රාප්තිය පිළිබඳ සඳහන් පෙර නබිවරුන්ගේ ලේඛනයන් ගැන දැනුමැති අවංක පුද්ගලයින් පිළිබඳවය.
إبراهيمමක්කී
1

الر ۚ كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ

අලිෆ්. ලාම්. රා. 1 (පාපකාර) අඳුරු වෙතින් ප්රශංසාලාභී අති බලසම්පන්නයාණන්ගේ මාර්ගය නම් ආලෝකය වෙත නුඹ ජනයාව, ඔවුන්ගේ පරමාධිපතිගේ අනුමැතියෙන් පිටමං කරනු පිණිස නුඹ වෙත අපි පහළ කළා වූ ධර්ම පුස්තකයයි මෙය.
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 හි පාද සටහන බලන්න.
2

اللَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَوَيْلٌ لِّلْكَافِرِينَ مِنْ عَذَابٍ شَدِيدٍ

අල්ලාහ් කෙබඳු ද යත් අහස්හි ඇති දෑ ද මිහිතලයේ ඇති දෑ ද ඔහු සතුය. ප්රතික්ෂේපකයින්ට දැඩි දඬුවමින් වූ විනාශය අත් වේවා!
3

الَّذِينَ يَسْتَحِبُّونَ الْحَيَاةَ الدُّنْيَا عَلَى الْآخِرَةِ وَيَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا ۚ أُولَـٰئِكَ فِي ضَلَالٍ بَعِيدٍ

ඔවුහු කවරහු ද යත් (නිරන්තර) මතු ලොවට වඩා (නැසී යන) මෙලොව ජීවිතයට ප්රිය කොට (ජනයාව) අල්ලාහ්ගේ මාර්ගයෙන්(දහමෙන්) වළක්වා එහි දෝෂ (තිබිය යුතු යැයි) පතන්නන් වෙති. අන්ත මුළාවෙහි වන්නෝ ඔවුහුමය.
4

وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِ لِيُبَيِّنَ لَهُمْ ۖ فَيُضِلُّ اللَّهُ مَن يَشَاءُ وَيَهْدِي مَن يَشَاءُ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

තම ජනයාට (දහම) පැහැදිලි කරනු පිණිස ඔවුන්ගේ බසින් මිස කිසිදු දූතයෙකු අපි නොඑව්වෙමු. එබැවින් අල්ලාහ් අභිමත කළ අයව නොමග යන්නට ඉඩ හරින්නේය. ඔහු අභිමත කරන අයට යහමග පෙන්වන්නේය. තවද ඔහු අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
5

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَذَكِّرْهُم بِأَيَّامِ اللَّهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ

“නුඹගේ ජනයා (පාපකාරී) අඳුරු වෙතින් ආලෝකය වෙත පිටමං කරවු යැයි ද අල්ලාහ්ගේ දිනයන් ඔවුනට මෙනෙහි කරවු” 2 යැයි ද මූසාව අපගේ සාධකයන් සහිතව එවීමු. සැබැවින්ම ඉවසිලිවන්ත කෘතඥ පූර්වක සෑම කෙනෙකුටම මෙහි සාධකයන් ඇත.
2මෙහි ‘අල්ලාහ්ගේ දිනයන්’ යනු ඉස්රාඊල් දරුවන්ගේ ඉතිහාසයේ අල්ලාහ් ඔවුනට ආශිර්වාද කළ දිනයන් හා ඔවුන්ව දඬුවමට භාජනය කළ දිනයන් වේ.
6

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ أَنجَاكُم مِّنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ وَيُذَبِّحُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ ۚ وَفِي ذَٰلِكُم بَلَاءٌ مِّن رَّبِّكُمْ عَظِيمٌ

“නුඹලාට දරුණු වද හිංසා පමුණුවමින් නුඹලාගේ පිරිමි දරුවන් මරා දමමින් හා නුඹලාගේ ස්ත්රීන්ව (වහල්භාවයෙන්) ජීවත් වන්නට ඉඩ හරිමින් සිටියදී ෆිර්අවුන්ගේ පිරිසෙන් නුඹලාව අල්ලාහ් මුදවා ගත් අවස්ථාවේ නුඹලා කෙරෙහි වූ ඔහුගේ භාග්යය ගැන සිහිපත් කරවු. තවද නුඹලාගේ පරමාධිපතිගෙන් වූ මහත් පිරික්සුමක් මෙහි ඇත” යැයි මූසා තම පිරිසට පැවසූ අවස්ථාව (නබිවරය, සිහිපත් කරවු).
7

وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِن شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ

“නුඹලා කෘතවේදී වුවහොත් නුඹලාට (මාගේ භාග්යයන්) අධික කරන්නෙමි. නුඹලා ප්රතික්ෂේප කළහොත් සැබැවින්ම මාගේ දඬුවම ඉතා දැඩිය යැයි නුඹලාගේ පරමාධිපති දන්වා සිටි අවස්ථාව (සිහිපත් කරවු.” යැයි ද මූසා තම පිරිසට පැවසුවේය.)
8

وَقَالَ مُوسَىٰ إِن تَكْفُرُوا أَنتُمْ وَمَن فِي الْأَرْضِ جَمِيعًا فَإِنَّ اللَّهَ لَغَنِيٌّ حَمِيدٌ

“නුඹලා හා මිහිතලයේ සිටින සියල්ලන් (අල්ලාහ්ව) ප්රතික්ෂේප කළ ද සැබැවින්ම අල්ලාහ් සර්ව සම්පූර්ණය ප්රශංසාලාභීය” යැයි මූසා පවසා සිටියේය.-
9

أَلَمْ يَأْتِكُمْ نَبَأُ الَّذِينَ مِن قَبْلِكُمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ ۛ وَالَّذِينَ مِن بَعْدِهِمْ ۛ لَا يَعْلَمُهُمْ إِلَّا اللَّهُ ۚ جَاءَتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ فَرَدُّوا أَيْدِيَهُمْ فِي أَفْوَاهِهِمْ وَقَالُوا إِنَّا كَفَرْنَا بِمَا أُرْسِلْتُم بِهِ وَإِنَّا لَفِي شَكٍّ مِّمَّا تَدْعُونَنَا إِلَيْهِ مُرِيبٍ

නුඹලාට පෙර වූ නූහ්! ආද් හා සමූද් ජනයාගේ හා ඔවුනට පසු වූවන්ගේ තොරතුරු නුඹලා වෙත නොපැමිණියේ ද? ඔවුන් ගැන අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොදන්නේය. 3 පැහැදිලි සාධක සමග ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත පැමිණියෝය. එවිට ඔවුන්ගේ මුවෙහි තම දෑත් දමා 4 “නුඹලා කවර දෙයක් සමග එවනු ලැබුවෙහු ද සැබැවින්ම අපි එය ප්රතික්ෂේප කළෙමු. තවද නුඹලා අපව කවර දෙයක් වෙත කැඳවමින් සිටින්නේ ද සැබැවින්ම එහි අපි දැඩි ව්යාකූල සැකයෙහි පසුවන්නෙමු.” යැයි (ප්රතික්ෂේපක) ඔවුහු පැවසුවෝය.
3මෙයින් අදහස් වන්නේ අල්ලාහ් විසින් නබි මුහම්මද් තුමාණන්ට දන්වනු නොලැබූ පෙර සමූහයන් පිළිබඳවය.
4මෙම පාඨයේ සඳහන් පරිදි දේව ප්රතික්ෂේපකයින් මෙලෙස හැසිරුණේ සත්යය දේව පණිවිඩය පිළිබඳව මොවුන් තුළ ඇති අඛණ්ඩ අකමැත්ත පෙන්නුම් කිරීමටය. එනම් මොවුන් සත්යය දේව පණිවිඩය ප්රතික්ෂේප කළා පමණක් නොව මොවුන් එය සවන් දීමට පවා පිළිකුල් කළෝය.
10

قَالَتْ رُسُلُهُمْ أَفِي اللَّهِ شَكٌّ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يَدْعُوكُمْ لِيَغْفِرَ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرَكُمْ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ۚ قَالُوا إِنْ أَنتُمْ إِلَّا بَشَرٌ مِّثْلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعْبُدُ آبَاؤُنَا فَأْتُونَا بِسُلْطَانٍ مُّبِينٍ

“අහස් හා මිහිතලයේ මැවුම්කරු වන අල්ලාහ් විෂයෙහි (නුඹලාට) සැක ඇත්ද? නුඹලාගේ පාපයන් නුඹලාට ඔහු සමාව දීම පිණිස ද (නුඹලා පාපයන් කර දඬුවමට සුදුස්සන්ව සිටිය දීත් මරණය තෙක්) නියමිත කාලයක් දක්වා (අවකාශය ලබා දී) නුඹලාව ප්රමාද කරනු පිණිස ද ඔහු නුඹලාව (තමාට අවනත වීම වෙත) කැඳවන්නේය” යැයි ඔවුන්ගේ රසූල්වරුන් පැවසුවෝය. “නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත. අපගේ මුතුන්මිත්තන් නමදිමින් සිටි දැයින් අපව වළක්වාලීමට නුඹලා අපේක්ෂා කරන්නෙහුය. එබැවින් පැහැදිලි සාධකයක් අප වෙත ගෙන එනු” යැයි ඔවුන් (රසූල්වරුන්ට) පැවසුවෝය.
11

قَالَتْ لَهُمْ رُسُلُهُمْ إِن نَّحْنُ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ وَلَـٰكِنَّ اللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَاءُ مِنْ عِبَادِهِ ۖ وَمَا كَانَ لَنَا أَن نَّأْتِيَكُم بِسُلْطَانٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ

“අප ද නුඹලා මෙන් මිනිසුන් මිස නැත. එනමුත් අල්ලාහ් තම ගැත්තන් අතුරින් අභිමත කරන අයට උපකාර කරන්නේය. අල්ලාහ්ගේ අනුමැතියෙන් මිස කිසිදු සාධකයක් නුඹලා වෙත අප ගෙන ඒමට අපට (කිසිදු බලයක්) නොවීය. එබැවින් අල්ලාහ් වෙතමය විශ්වාසිකයින් සියලු දෑ භාර කළ යුතුය” යැයි ඔවුන්ගේ රසූල්වරුන් ඔවුනට පවසා සිටියෝය.
12

وَمَا لَنَا أَلَّا نَتَوَكَّلَ عَلَى اللَّهِ وَقَدْ هَدَانَا سُبُلَنَا ۚ وَلَنَصْبِرَنَّ عَلَىٰ مَا آذَيْتُمُونَا ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ

“සැබැවින්ම අල්ලාහ් අපගේ මග අපට පෙන්වා දී තිබියදී ඔහු වෙත සියල්ල භාර නොකර සිටීමට අපට කුමක් (වී) ද? නුඹලා අපට පීඩා ගෙන දුන් දෑ මත අපි ඉවසා සිටින්නෙමුය. සියලු දෑ භාරකරන්නන් අල්ලාහ් වෙත පමණක් සියල්ල භාර කළ යුතුය.” (යැයි ද පැවසුවෝය)
13

وَقَالَ الَّذِينَ كَفَرُوا لِرُسُلِهِمْ لَنُخْرِجَنَّكُم مِّنْ أَرْضِنَا أَوْ لَتَعُودُنَّ فِي مِلَّتِنَا ۖ فَأَوْحَىٰ إِلَيْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ الظَّالِمِينَ

“නුඹලා අපගේ දහම වෙත නැවත නොපැමිණියහොත් නුඹලාව අපගේ දේශයෙන් පිටුවහල් කරන්නෙමු.” යැයි තම රසූල්වරුන්ට ප්රතික්ෂේප කළවුන් පැවසුවෝය. එවිට ඔවුන්ගේ පරමාධිපති “අපරාධකරුවන්ව අපි විනාශ කර දමන්නෙමු” යනුවෙන් ඔවුන් වෙත වහී පහළ කළේය.
14

وَلَنُسْكِنَنَّكُمُ الْأَرْضَ مِن بَعْدِهِمْ ۚ ذَٰلِكَ لِمَنْ خَافَ مَقَامِي وَخَافَ وَعِيدِ

“තවද ඔවුන්ගෙන් පසුව මිහිතලයේ නුඹලාව වාසය කරවන්නෙමු. එ(ම ජයග්රහණ)ය, (විනිශ්චය දින) මා ඉදිරියේ සිට ගැනීම ගැන බිය වූ හා මාගේ (දඬුවමේ) අවවාදය ගැන බිය වූ අයටය” (යනුවෙන් ද වහී පහළ විය.)
15

وَاسْتَفْتَحُوا وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٍ

(රසූල්වරුන් වන) ඔවුහු (අල්ලාහ්ගෙන්) ජයග්රහණය පැතූහ. (එවිට) බලගතු මුරණ්ඩු වූ සියල්ලෝම අලාභවන්තයින් වූහ.
16

مِّن وَرَائِهِ جَهَنَّمُ وَيُسْقَىٰ مِن مَّاءٍ صَدِيدٍ

ඔහුට ඉදිරියෙන් නිරයයි. සැරව ද්රවයෙන් ඔහුට පොවනු ලබයි.
17

يَتَجَرَّعُهُ وَلَا يَكَادُ يُسِيغُهُ وَيَأْتِيهِ الْمَوْتُ مِن كُلِّ مَكَانٍ وَمَا هُوَ بِمَيِّتٍ ۖ وَمِن وَرَائِهِ عَذَابٌ غَلِيظٌ

එය ඔහු (දැඩි පිපාසය හේතුවෙන්) උගුරෙන් උගුර (අසීරුවෙන්) ගිලීමට තැත් කරයි. (එහෙත් එහි දුගඳ හේතුවෙන්) එය ගිලා දැමිය නොහැකිව පවතී. තවද සෑම තැනකින්ම මරණය ඔහු වෙතට පැමිණෙයි. (එහෙත්) ඔහු මරණයට පත්වන්නෙකු නොවෙයි. මෙයට පසුව ද දැඩි දඬුවමක් ඇත.
18

مَّثَلُ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ ۖ أَعْمَالُهُمْ كَرَمَادٍ اشْتَدَّتْ بِهِ الرِّيحُ فِي يَوْمٍ عَاصِفٍ ۖ لَّا يَقْدِرُونَ مِمَّا كَسَبُوا عَلَىٰ شَيْءٍ ۚ ذَٰلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ

තම පරමාධිපතිව ප්රතික්ෂේප කළවුන්ගේ (යහ) ක්රියාවන්ට උපමාව නම් සැඩ සුළඟ හමන දිනයෙහි සුළඟ ගසා යන අළු මෙන්ය. ඔවුන් ඉපැයූ කිසිවක් කෙරෙහි ඔවුන් ශක්තිය නොලබති. එය ය අන්ත මුළාව වන්නේ.
19

أَلَمْ تَرَ أَنَّ اللَّهَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍ جَدِيدٍ

අහස් හා මිහිතලය සත්යය( අරමුණ)කින් 5 යුතුව අල්ලාහ් මවා ඇති බව නුඹ නොදුටුවෙහි ද? (ජනයිනි!) ඔහු අභිමත කරන්නේ නම් (නුඹලා පව් කළ සැණින්) නුඹලාව පහ කර නව මැවුමක් ගෙන එන්නේය.
5ප්රතික්ෂේපකයින්ගේ කි්රයාවන්ට කිසිදු කුලියක් විනිශ්චය දිනයේ අත් නොවන්නේ මෙම කාරණාවෙන්ය. සියලු මැවුම් මවනු ලැබුවේ සත්යය හේතුවක් මුල් කර ගෙනය. එනම් මේ සියලු දෑ මවනු ලැබී ඇත්තේ මිනිසාගේ ප්රයෝජනයට වන අතර මේ සියලු දෑ භාවිතයෙන් මිනිසා අල්ලාහ්ට අවනත වන්නෙක් විය යුතුය යන්න මෙහි අරමුණ වන්නේය. එබැවින් මිනිසා කිසියම් අන්දමකින් හෝ අල්ලාහ්ට අවනත නොවීම යනු එය අල්ලාහ්ට අකීකරු වීමක් පමණක් නොවන අතර මුළු විශ්වයම මවනු ලැබීමෙහි අරමුණ බිඳ දැමූවෙකු වනු ඇත. එබැවින් අල්ලාහ්ව විශ්වාස නොකොට මුළු මැවුම්හි අරමුණ බිඳ දමා මොහු කුමන කි්රයාවක් කළ ද ඒ සඳහා මොහුට කිසිදු ඵලක් ඇති නොවේ.
20

وَمَا ذَٰلِكَ عَلَى اللَّهِ بِعَزِيزٍ

තවද මෙය අල්ලාහ් කෙරෙහි බලවත් කටයුත්තක් නොවන්නේය.
21

وَبَرَزُوا لِلَّهِ جَمِيعًا فَقَالَ الضُّعَفَاءُ لِلَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا مِنْ عَذَابِ اللَّهِ مِن شَيْءٍ ۚ قَالُوا لَوْ هَدَانَا اللَّهُ لَهَدَيْنَاكُمْ ۖ سَوَاءٌ عَلَيْنَا أَجَزِعْنَا أَمْ صَبَرْنَا مَا لَنَا مِن مَّحِيصٍ

ඔවුන් සියල්ලෝම අල්ලාහ් ඉදිරියට (මළවුන්) බැහැරව පැමිණෙති. එවිට “සැබැවින්ම අපි නුඹලාවම (ලොවෙහි) අනුගමනය කරන්නන්ව සිටියෙමු. එබැවින් (අද දින) අල්ලාහ්ගේ දඬුවමින් කිසිවක් හෝ අපගෙන් ඉවත් කරන්නන්ව නුඹලා සිටිත් දැ?”යි දුබලයින් (ඔවුන් අනුගමනය කළ) උඬඟු වූවන්ට පවසති. “(දඬුවමින් ආරක්ෂා වීමට) අල්ලාහ් අපට මග පෙන්වා තිබුණේ නම් අපි නුඹලාට මගක් පෙන්වා ඇත්තෙමු. (එහෙත්) අපි වැලපුන ද ඉවසීමෙන් සිටිය ද අප කෙරෙහි එක සමානය. අපට ගැලවීමට කිසිදු මගක් නැත” යැයි (උඩඟු වූ) ඔවුන් පවසති.
22

وَقَالَ الشَّيْطَانُ لَمَّا قُضِيَ الْأَمْرُ إِنَّ اللَّهَ وَعَدَكُمْ وَعْدَ الْحَقِّ وَوَعَدتُّكُمْ فَأَخْلَفْتُكُمْ ۖ وَمَا كَانَ لِيَ عَلَيْكُم مِّن سُلْطَانٍ إِلَّا أَن دَعَوْتُكُمْ فَاسْتَجَبْتُمْ لِي ۖ فَلَا تَلُومُونِي وَلُومُوا أَنفُسَكُم ۖ مَّا أَنَا بِمُصْرِخِكُمْ وَمَا أَنتُم بِمُصْرِخِيَّ ۖ إِنِّي كَفَرْتُ بِمَا أَشْرَكْتُمُونِ مِن قَبْلُ ۗ إِنَّ الظَّالِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ

“සත්යයේ ප්රතිඥාව අල්ලාහ් නුඹලාට ප්රතිඥා දුන්නේය. (එහෙත්) මම නුඹලාට (අසත්ය) ප්රතිඥා ලබා දී නුඹලාට (එය) කඩ කළෙමි. තවද මා නුඹලාට (පාපය වෙත) ඇරයුම් කිරීම මිස නුඹලා කෙරෙහි කිසිදු බලයක් මා වෙත නොවීය. එවිට නුඹලා මට පිළිතුරු දුන්නෙහුය. එබැවින් නුඹලා මට අවලාද නොකරවු. නුඹලා නුඹලාටම අවලාද කර ගනිවු. මම නුඹලාව (දඬුවමින්) මුදවා ගන්නෙකු නොවෙමි. නුඹලා ද මා මුදවා ගන්නන් නොවන්නෙහුය. මීට පෙර (අල්ලාහ් සමග) නුඹලා හවුල්කරුවෙකු වශයෙන් මා තැබීම සැබැවින්ම මම ප්රතික්ෂේප කරමි” යැයි (ස්වර්ගය හා නිරය පිළිබඳව සියල්ලන්ට) තීන්දු දෙනු ලැබූ කල්හි ෂෙයිතාන් පවසයි. සැබැවින්ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
23

وَأُدْخِلَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا بِإِذْنِ رَبِّهِمْ ۖ تَحِيَّتُهُمْ فِيهَا سَلَامٌ

විශ්වාස කොට යහකම් කළවුන්ව (ස්වර්ග) උයන්හි ඇතුළත් කරනු ලැබේ. ඊට පහළින් ගංගාවෝ ගලා බසිති. ඔවුන්ගේ පරමාධිපතිගේ අවසරයෙන් ඔවුහු එහි සදාතනිකයෝ වෙති. එහි ඔවුන්ගේ සුබාශිංසනය සලාම් (නම් ශාන්තිය)ය.
24

أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ اللَّهُ مَثَلًا كَلِمَةً طَيِّبَةً كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِي السَّمَاءِ

(නබිවරය,) යහපත් වදනට 6 උපමාව යහපත් ගසක් මෙනි යැයි අල්ලාහ් උපමා කර ඇත්තේ කෙසේ දැයි නුඹ නොදුටුවෙහි ද? එහි මුදුන් මුල ස්ථාවරය. එහි ශාඛා අහසෙහිය.-
6මෙම ආයතයෙහි ‘යහපත් වදන’ යනුවෙන් අදහස් කරන්නේ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මදුර් රසූලුල්ලාහ්’ (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නැත. නබි මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයා) යන ශ්රේෂ්ඨ වදනය. කෙනෙකු ඉස්ලාමය වැලඳ ගැනීමේ දී මෙම වදන පැවසිය යුතුය. කුමන ගසක මුල පොළොවෙහි හොඳින් පතිත වී ඇත්තේ ද එවන් ගසක් සුළඟ හැමීමෙන් නොසැලේ. එමෙන්ම කවුරුන්ගේ සිතෙහි මෙම විශ්වාසය පතිත වී ඇත්තේ ද ඔහුට ලොවෙහි ඇති වන ව්යසනයන් නිසා ඔහු නොසැලේ. තවද මෙවන් ගස් අහස දෙසට විහිදී ඇති සේ මෙම විශ්වාසය ඇත්තාගේ ක්රියා අල්ලාහ් වෙත ඔසවනු ලබයි. එනම් එය අල්ලාහ් විසින් ප්රතික්ෂේප කරනු නොලැබ එය ඔහු අබියස සටහන් කරනු ලැබේ.
25

تُؤْتِي أُكُلَهَا كُلَّ حِينٍ بِإِذْنِ رَبِّهَا ۗ وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම වේලාවකම (එම ගස) තම ඵල ලබා දෙන්නේය. ජනයා මෙනෙහි කරනු පිණිස අල්ලාහ් උපමාවන් ගෙන හැර පාන්නේය.
26

وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٍ كَشَجَرَةٍ خَبِيثَةٍ اجْتُثَّتْ مِن فَوْقِ الْأَرْضِ مَا لَهَا مِن قَرَارٍ

තවද අයහපත් වදනට උපමාවක් අයහපත් ගසක් මෙනි. එය මිහිතලයේ ඉහළින් උදුරනු ලද්දේය. එයට ස්ථාවරයක් නැත.
27

يُثَبِّتُ اللَّهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۖ وَيُضِلُّ اللَّهُ الظَّالِمِينَ ۚ وَيَفْعَلُ اللَّهُ مَا يَشَاءُ

අල්ලාහ් විශ්වාස කළවුන්ව මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි ස්ථාවර වදනින් ස්ථාවරවත් කරන්නේය. තවද අල්ලාහ් අපරාධකරුවන්ව නොමග යෑමට ඉඩ හරින්නේය. තවද ඔහු අභිමත කරන දෑ කරන්නේය.
28

أَلَمْ تَرَ إِلَى الَّذِينَ بَدَّلُوا نِعْمَتَ اللَّهِ كُفْرًا وَأَحَلُّوا قَوْمَهُمْ دَارَ الْبَوَارِ

(නබිවරය,) අල්ලාහ්ගේ භාග්යය(අල් කුර්ආනය) ප්රතික්ෂේප( කළ යුතු දෙ)යක් බවට වෙනස් කොට තම ජනයාව විනාශයේ නිවහනට යොමු කළවුන් දෙස නුඹ නොබැලූවෙහි ද?
29

جَهَنَّمَ يَصْلَوْنَهَا ۖ وَبِئْسَ الْقَرَارُ

(එය) ඔවුන් එහි පිවිස දැවෙන්නා වූ නිරයයි. එබැවින් (ඔවුන්ගේ) ලැඟුම් ගන්නා ස්ථානය නපුරු විය.
30

وَجَعَلُوا لِلَّهِ أَندَادًا لِّيُضِلُّوا عَن سَبِيلِهِ ۗ قُلْ تَمَتَّعُوا فَإِنَّ مَصِيرَكُمْ إِلَى النَّارِ

අල්ලාහ්ගේ මාර්ගයෙන් (අන් අයව) මුළා කර වීම පිණිස ඔවුහු ඔහුට ආදේශයන් තැබුවෝය. “නුඹලා (සිතූ පැතූ අයුරින්) භුක්ති විඳිවු. නුඹලා ගමන් කරන ස්ථානය නිරය වෙතය.” යැයි (නබිවරය) පවසවු.
31

قُل لِّعِبَادِيَ الَّذِينَ آمَنُوا يُقِيمُوا الصَّلَاةَ وَيُنفِقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً مِّن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لَّا بَيْعٌ فِيهِ وَلَا خِلَالٌ

කිසිදු ගනුදෙනුවක් හෝ මිතුරුකමක් නොමැති දිනයක් (වන පරමාන්ත දිනය) පැමිණීමට පෙර සලාතය ස්ථාපිත කරන මෙන් ද අප ඔවුනට පිරිනැමූ දැයින් රහසිගතව හා ප්රසිද්ධියේ වියදම් කරන මෙන් ද විශ්වාස කළ මාගේ ගැත්තන්ට (නබිවරය,) පවසවු.
32

اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَأَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَّكُمْ ۖ وَسَخَّرَ لَكُمُ الْفُلْكَ لِتَجْرِيَ فِي الْبَحْرِ بِأَمْرِهِ ۖ وَسَخَّرَ لَكُمُ الْأَنْهَارَ

අහස් හා මිහිතලය මැව්වේ අල්ලාහ්මය. තවද ඔහු අහසින් ජලය පහළ කර එමගින් නුඹලාට ජීවන සම්පත් වශයෙන් ඵල වර්ග පිට කළේය. තවද ඔහුගේ අනුමැතියෙන් මුහුදෙහි යාත්රා කරනු පිණිස නැව් නුඹලාට වසඟ කර දුන්නේය. තවද නුඹලාට ගංගාවන් වසඟ කර දුන්නේය.
33

وَسَخَّرَ لَكُمُ الشَّمْسَ وَالْقَمَرَ دَائِبَيْنِ ۖ وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ

තවද නිරතුරුව පැවත එන හිරු හා චන්ද්රයා ඔහු නුඹලාට වසඟ කර දුන්නේය. තවද රාත්රිය හා දහවල ද නුඹලාට වසඟ කර දුන්නේය.
34

وَآتَاكُم مِّن كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِن تَعُدُّوا نِعْمَتَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ الْإِنسَانَ لَظَلُومٌ كَفَّارٌ

නුඹලා ඔහුගෙන් ඇයැදින සියලු දෑ ඔහු නුඹලාට පිරිනැමුවේය. අල්ලාහ්ගේ වරප්රසාදයන් නුඹලා ගණන් කරන්නේ නම් එය නුඹලාට තක්සේරූ කළ ද නොහැකිය. සැබැවින්ම මිනිසා අපරාධකාර අකෘතඥය.
35

وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَـٰذَا الْبَلَدَ آمِنًا وَاجْنُبْنِي وَبَنِيَّ أَن نَّعْبُدَ الْأَصْنَامَ

(නබිවරය,) “මාගේ පරමාධිපතියාණනි, මෙම (මක්කා) නගරය අභයදායී කරනු මැනව! මා හා මාගේ දරුවන්ව පිළිම වන්දනා කිරීමෙන් දුරස්ථව තබනු මැනව!”යි ඉබ්රාහීම් පැවසූ අවස්ථාව (සිහිපත් කරවු). 7
7මෙම ප්රාර්ථනය මක්කා නගරය සංවර්ධනය වීමෙන් පසු නබි ඉබ්රාහීම් තුමාණන් විසින් කරනු ලැබූ ප්රාර්ථනාවය. අල් කුර්ආන් 2:126 හි මොහු අල්ලාහ්ගෙන් අයැදූ තවත් ප්රාර්ථනාවක් මෙසේ සඳහන් වී ඇත. ‘මාගේ පරමාධිපතියාණනි! මෙය අභය වූ නගරයක් ලෙස පත් කරනු මැනව!’ මෙම ප්රාර්ථනාව මොහු කළේ මක්කාව හුදෙක් කිසිදු ජීවීන් නොතිබූ කාන්තාරයක් ලෙස තිබූ අවදියකය.
36

رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِّنَ النَّاسِ ۖ فَمَن تَبِعَنِي فَإِنَّهُ مِنِّي ۖ وَمَنْ عَصَانِي فَإِنَّكَ غَفُورٌ رَّحِيمٌ

“මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම මේවා(පිළිමයන්) ජනයාගෙන් බොහෝ දෙනාව නොමග යැවීය. එබැවින් කවරෙකු මා පිළිපදින්නේ ද සැබැවින්ම ඔහු මාගෙන් කෙනෙකි. කවරෙකු මට පිටුපාන්නේ ද සැබැවින්ම නුඹ (ඔහු කෙරෙහි) අති ක්ෂමාශීලීය මහා කරුණාභරිතය.”-
37

رَّبَّنَا إِنِّي أَسْكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِندَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُوا الصَّلَاةَ فَاجْعَلْ أَفْئِدَةً مِّنَ النَّاسِ تَهْوِي إِلَيْهِمْ وَارْزُقْهُم مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُونَ

“අපගේ පරමාධිපතියාණනි, නුඹගේ පාරිශුද්ධ නිවස අබියස ගොවිතැනට නුසුදුසු මිටියාවතක සැබැවින්ම මා මාගේ පරපුරෙන් ඇතැමුන්ව 8 පදිංචි කළෙමි. අපගේ පරමාධිපතියාණනි! ඔවුන් (එහි) සලාතය ඉටු කරත්වා! එබැවින් මිනිසුන්ගේ හදවත් ඔවුන් වෙත ප්රිය මනාප කරනු මැනව! තවද ඔවුන් කෘතඥ වනු පිණිස ඵල වගාවන් ඔවුනට පිරිනමනු මැනව!”
8මෙයින් අදහස් වන්නේ ඔහුගේ බිරිය වන හාජර් තුමිය හා තම පුත් නබි ඉස්මාඊල් තුමා පිළිබඳවය. එහෙත් මෙහි පවුල යන පදයට මාගේ පරපුර යන්නෙන් භාවිත වීමේ අදහස වනාහි එම දෙදෙනා මක්කා නගරය අසල වාසය කළ අතර පසුව අරාබිකරයේ පුරාවට ඔහුගේ පරපුර ව්යාප්ත විය යන හේතුවෙනි.
38

رَبَّنَا إِنَّكَ تَعْلَمُ مَا نُخْفِي وَمَا نُعْلِنُ ۗ وَمَا يَخْفَىٰ عَلَى اللَّهِ مِن شَيْءٍ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ

අපගේ පරමාධිපතියාණනි! අප සඟවන දෑ ද අපි හෙළිදරවු කරන දෑ ද සැබැවින්ම නුඹ දන්නෙහිය. මිහිතලයේ හෝ අහස්හි හෝ අල්ලාහ් කෙරෙහි කිසිවක් සැඟවෙන්නේ නැත.
39

الْحَمْدُ لِلَّهِ الَّذِي وَهَبَ لِي عَلَى الْكِبَرِ إِسْمَاعِيلَ وَإِسْحَاقَ ۚ إِنَّ رَبِّي لَسَمِيعُ الدُّعَاءِ

(මාගේ) වයෝවෘද්ධභාවයේ දී ඉස්මාඊල් හා ඉස්හාක්ව මට පිරිනැමූ අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමිය. සැබැවින්ම මාගේ පරමාධිපති ප්රාර්ථනාවට සවන් දෙන්නාය.
40

رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلَاةِ وَمِن ذُرِّيَّتِي ۚ رَبَّنَا وَتَقَبَّلْ دُعَاءِ

“මාගේ පරමාධිපතියාණනි, මා සලාතය ස්ථාවරව ඉටු කරන්නෙකු ලෙස පත් කරනු මැනව! තවද මාගේ පරපුරෙන්ද (එසේ පත් කරනු මැනව.) තවද මාගේ ප්රාර්ථනාව පිළිගනු මැනව!”
41

رَبَّنَا اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ الْحِسَابُ

“අපගේ පරමාධිපතියාණනි, විනිශ්චය එළැඹෙන දිනයේ මට ද මාගේ දෙමව්පියන්ට ද විශ්වාසිකයින්ට ද සමාව දෙනු මැනව!” (යැයි ඉබ්රාහීම් අල්ලාහ් වෙතින් ප්රාර්ථනා කළේය.)
42

وَلَا تَحْسَبَنَّ اللَّهَ غَافِلًا عَمَّا يَعْمَلُ الظَّالِمُونَ ۚ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍ تَشْخَصُ فِيهِ الْأَبْصَارُ

(නබිවරය,) අපරාධකරුවන් කරමින් සිටින දෑ පිළිබඳව අල්ලාහ් අනවධානියෙකුය යැයි නොසිතවු. ඔවුන්ව ඔහු (විනාශ නොකොට) ප්රමාද කරනුයේ (භීතියෙන්) බැල්ම ඉහළට පවතින දිනයක් (වන පරමාන්ත දිනය) සඳහාය.-
43

مُهْطِعِينَ مُقْنِعِي رُءُوسِهِمْ لَا يَرْتَدُّ إِلَيْهِمْ طَرْفُهُمْ ۖ وَأَفْئِدَتُهُمْ هَوَاءٌ

(එදින) තම හිස් ඔසවා ගනිමින් බෙලි දිගු කරමින් දිව යති. ඔවුන්ගේ බැල්ම 9 ඔවුන් වෙත නැවත හැරී නොඑන්නේය. තවද ඔවුන්ගේ හදවත් ශුන්යයව පවති.
9එනම් විනිශ්චය දිනයේ සිදු වන භයානක තත්ත්වයන් දෙස මොවුන් භීතිකාවෙන් බලමින් සිටින නිසා ඔවුන්ට එයින් තම බැල්ම හැරවීමට හෝ ඇස් පිල්ලම් ගැසීමට හෝ අමතක වනු ඇත.
44

وَأَنذِرِ النَّاسَ يَوْمَ يَأْتِيهِمُ الْعَذَابُ فَيَقُولُ الَّذِينَ ظَلَمُوا رَبَّنَا أَخِّرْنَا إِلَىٰ أَجَلٍ قَرِيبٍ نُّجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ الرُّسُلَ ۗ أَوَلَمْ تَكُونُوا أَقْسَمْتُم مِّن قَبْلُ مَا لَكُم مِّن زَوَالٍ

(නබිවරය,) දඬුවම ජනයා වෙත පැමිණෙන (මළවුන් නැගිටුවනු ලබන) දිනය ගැන ඔවුනට අවවාද කරවු. (එදිනදී) “අපගේ පරමාධිපතියාණනි! (අපව ලොවට යවා) කෙටි කලකට අපව ප්රමාද කරනු මැනව! එවිට අපි නුඹගේ ඇරයුමට පිළිතුරු දී රසූල්වරුන්ව අපි පිළිපදින්නෙමු” යැයි අපරාධ කළවුන් පවසති. (එවිට) “නුඹලාට (ලොවෙන්) ගැලවුමක් නැත. යැයි නුඹලා දිවුරමින් සිටියා නොවේ ද?” (යැයි ඔවුනට පවසනු ලැබේ.)
45

وَسَكَنتُمْ فِي مَسَاكِنِ الَّذِينَ ظَلَمُوا أَنفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الْأَمْثَالَ

තමන්ටම අපරාධ කර ගත්තවුන්ගේ වාසස්ථානයන්හි නුඹලා වාසය කළෙහුය. ඔවුන් සමග අප ක්රියා කළේ කෙසේ දැ’යි නුඹලාට පැහැදිලි විය. තවද අපි නුඹලාට (සත්යය වටහා දීමට නොයෙක්) උපමාවන් ගෙන හැර පෑවෙමු.
46

وَقَدْ مَكَرُوا مَكْرَهُمْ وَعِندَ اللَّهِ مَكْرُهُمْ وَإِن كَانَ مَكْرُهُمْ لِتَزُولَ مِنْهُ الْجِبَالُ

සැබැවින්ම ඔවුන් තම කූට උපායන් කුමන්ත්රණ කළෝය. තවද ඔවුන්ගේ කුමන්ත්රණ මගින් කඳු ඉවත් වන මෙන් තිබුණ ද ඔවුන්ගේ කුමන්ත්රණ (සියල්ල) අල්ලාහ් අබියසය.
47

فَلَا تَحْسَبَنَّ اللَّهَ مُخْلِفَ وَعْدِهِ رُسُلَهُ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ ذُو انتِقَامٍ

(නබිවරය,) අල්ලාහ් තම රසූල්වරුන්ට දුන් තම පොරොන්දුව කඩ කරන්නෙකු යැයි නුඹ උපකල්පනය නොකරවු. සැබැවින්ම අල්ලාහ් අති බලසම්පන්නය ප්රතිදඬුවම් දෙන්නාය.
48

يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ وَالسَّمَاوَاتُ ۖ وَبَرَزُوا لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ

එදින මිහිතලය වෙනත් භූමියක් ලෙස වෙනස් කරනු ලබයි. තවද අහස් ද (වෙනස් කරනු ලබයි). පසුව ඒකීය බලපරාක්රම වූ අල්ලාහ් වෙතට ඔවුන් (මළවුන්) බැහැරව පැමිණෙනු ඇත.-
49

وَتَرَى الْمُجْرِمِينَ يَوْمَئِذٍ مُّقَرَّنِينَ فِي الْأَصْفَادِ

(නබිවරය,) එදින වරදකරුවන් විලංගු වල අමුණනු ලැබූවන් ලෙස නුඹ දකින්නෙහිය.
50

سَرَابِيلُهُم مِّن قَطِرَانٍ وَتَغْشَىٰ وُجُوهَهُمُ النَّارُ

ඔවුන්ගේ වස්ත්ර (නිර්මාණය වී ඇත්තේ) ‘කතිරාන්’ වලිනි. 10 තවද (නිරයේ) ගින්න ඔවුන්ගේ මුහුණු ආවරණය කරයි.
10‘කතිරාන්’ යනු අරාබි පදයකි. එනම් පිලිස්සිය හැකි දෑ සඳහා භාවිත වන පදයකි.
51

لِيَجْزِيَ اللَّهُ كُلَّ نَفْسٍ مَّا كَسَبَتْ ۚ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ

(විනිශ්චය සිදු වන්නේ) සෑම කෙනෙකුම තමා ඉපැයූ දෑ වෙනුවෙන් අල්ලාහ් ප්රතිඵල ලබා දෙනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් ගණනය කිරීමෙහි ඉතා ශීඝ්රය.
52

هَـٰذَا بَلَاغٌ لِّلنَّاسِ وَلِيُنذَرُوا بِهِ وَلِيَعْلَمُوا أَنَّمَا هُوَ إِلَـٰهٌ وَاحِدٌ وَلِيَذَّكَّرَ أُولُو الْأَلْبَابِ

මෙ(ම අල් කුර්ආන)ය ජනයින්ට දන්වා සිටිය යුත්තකි. (මෙය නුඹට පහළ කළේ) මෙමගින් ඔවුන් අවවාද කරනු ලැබීම පිණිස ද ඔහු එකම දෙවියන් බවට ඔවුන් දැන ගැනීම පිණිස ද නුවණැත්තන්ට මෙනෙහි කිරීම පිණිස ද වේ.
الحجرමක්කී
1

الر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ وَقُرْآنٍ مُّبِينٍ

අලිෆ්. ලාම්. රා. 1 ඒවා 2 ධර්ම පුස්තකයෙහි හා පැහැදිලි කුර්ආනයෙහි ආයතයන්ය.
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 පාද සටහන බලන්න.
2මෙහි ‘ඒවා’ යනුවෙන් අදහස් වී ඇත්තේ මෙම සූරාවෙහි අන්තර්ගත ආයතයන්ය.