පාරා 13

ව මා උබර්රිඋ

170 පද්‍ය
📖පාරා

පාරා 13

ව මා උබර්රිඋ170 පද්‍ය

هودමක්කී
6

وَمَا مِن دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّ فِي كِتَابٍ مُّبِينٍ

මිහිතලයෙහි (වෙසෙන) කවර ජීවියෙකු වුව ද ඒවායෙහි ජීවන සම්පත් අල්ලාහ් කෙරෙහිම මිස (වෙනකෙකු කෙරෙහි භාර වන්නේ) නැත. තවද ඒවායෙහි (මෙලොව) නවාතැන ද ඒවායෙහි සමුගෙන (නැවත) යන තැන(මතු ලොව) ද ඔහු දනී. සෑම දැයක්ම පැහැදිලි වූ (ලව්හුල් මහ්ෆූල් නම්) පුස්තකයෙහිය.
7

وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْشُهُ عَلَى الْمَاءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۗ وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِن بَعْدِ الْمَوْتِ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ هَـٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌ

තවද දින සයකින් අහස් හා මිහිතලය මැව්වේ ඔහුමය. (මේවා මැවීමට පෙර) ඔහුගේ අර්ෂය ජලය මත විය. ඔහු (අහස් හා මිහිතලය මැව්වේ) නුඹලාව නුඹලා අතුරින් කවරෙකු ක්රියාවෙන් උතුම් ද යන්න පිරික්සනු පිණිසය. (නබිවරය,) නුඹ (ප්රතික්ෂේපකයින්ට) “සැබැවින්ම නුඹලා මරණයෙන් පසුව යළි නැගිටුවනු ලබන්නන්” යැයි පැවසුවේ නම් “සැබැවින්ම මෙය පැහැදිලි හූනියමක් මිස නැතැ”යි ප්රතික්ෂේප කළවුන් පවසති.
8

وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ الْعَذَابَ إِلَىٰ أُمَّةٍ مَّعْدُودَةٍ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

තවද නියමිත කාලයක් දක්වා දඬුවම අපි ඔවුන්ගෙන් ප්රමාද කළේ නම්, “එය වළක්වන්නේ කුමක් දැ?”යි ඔවුහු (සමච්චලයෙන්) පවසන්නෝමය. දැන ගනිවු, ඔවුන් වෙත එය(දඬුවම) පැමිණෙන දින ඔවුන්ගෙන් එය හරවනු ලබන්නේ නැත. තවද ඔවුන් කවර දෙයක්(දඬුවමක්) පිළිබඳව සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන්ව වෙළා ගනු ඇත.
9

وَلَئِنْ أَذَقْنَا الْإِنسَانَ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَاهَا مِنْهُ إِنَّهُ لَيَئُوسٌ كَفُورٌ

තවද අපි මිනිසාට අපගෙන් වූ දයාලුභාවයක් රස විඳින්නට සලස්වා පසුව එය ඔහුගෙන් ඉවත් කළේ නම් සැබැවින්ම ඔහු අපේක්ෂා සුන් වූවෙකු, අකෘතඥයෙකු වන්නේය.
10

وَلَئِنْ أَذَقْنَاهُ نَعْمَاءَ بَعْدَ ضَرَّاءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ السَّيِّئَاتُ عَنِّي ۚ إِنَّهُ لَفَرِحٌ فَخُورٌ

ඔහුව ස්පර්ශ කළා වූ පීඩාවකට පසුව අපි ඔහුට භාග්යයක් රස විඳීමට සැලැස්වූයේ නම් “මාගෙන් නරකයන් ඉවත් වී ගියේයැ”යි ඔහු පවසන්නේමය. (එවිට) සැබැවින්ම ඔහු (ආඩම්භරයෙන්) සතුටු වූවෙකු, (අල්ලාහ්ට අකෘතඥ වී) තමන්වම වර්ණනා කරන්නෙකු වන්නේය.
11

إِلَّا الَّذِينَ صَبَرُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَـٰئِكَ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ

(නමුත් තමන්ට ඇති වූ පීඩාව) ඉවසා යහකම් කළවුන් හැරය. ඔවුන්ටමය පාප ක්ෂමාව හා මහත් වූ වේතනය ඇත්තේ.
12

فَلَعَلَّكَ تَارِكٌ بَعْضَ مَا يُوحَىٰ إِلَيْكَ وَضَائِقٌ بِهِ صَدْرُكَ أَن يَقُولُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ كَنزٌ أَوْ جَاءَ مَعَهُ مَلَكٌ ۚ إِنَّمَا أَنتَ نَذِيرٌ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ

(නබිවරය,) එවිට “ඔහු වෙත නිධානයක් පහළ කරනු ලැබිය යුතු නොවේ ද? එසේ නොමැතිනම් ඔහු සමග මලක්වරයෙකු පැමිණිය යුතු නොවේ දැ”යි ඔවුන් (නුඹ ගැන) පැවසීමෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දැයින් සමහරක් නුඹ (ප්රචාරය නොකර) අත්හැරිය හැක්කේය. තවද නුඹගේ හදවත එමගින් පටු විය හැක්කේය. සැබැවින්ම නුඹ අවවාද කරන්නෙකුමය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි භාරකරුය. 3
3ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ට එරෙහිව අභියෝග කළෝය. එනම් රන් හා රිදී නිධානයක් පහළ කරන ලෙස හෝ ඔහුව ආරක්ෂා කරන මලක්වරයෙකු එවන ලෙසය. එවිට එතුමා එයින් දුකට පත් විය. මෙම ආයතය එතුමාට සැනසීමක් ඇති කර සියල්ල අල්ලාහ් කෙරෙහි භාර කරන ලෙස පවසා ඇත. තවද එතුමාගේ වගකීම වන්නේ අවවාද කිරීම පමණක් යැයි ද සඳහන් කර ඇත.
13

أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ فَأْتُوا بِعَشْرِ سُوَرٍ مِّثْلِهِ مُفْتَرَيَاتٍ وَادْعُوا مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللَّهِ إِن كُنتُمْ صَادِقِينَ

එසේ නොමැතිනම් “ඔහු මෙ(ම අල් කුර්ආන)ය ගොතා පැවසුවේයැ”යි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය,) “නුඹලා සත්යවාදීන්ව සිටියෙහු නම් අල්ලාහ් හැර නුඹලාට හැකියාව ඇත්තන්ව කැඳවා මෙය මෙන් ගොතනු ලැබූ පරිච්ඡේද දහයක් නුඹලා ගෙන එවු.” යැයි නුඹ පවසවු. 4
4ප්රතික්ෂේපකයින්ට ආරම්භයේ දී අල් කුර්ආනයේ මෙන් සූරාවන් 10 ක් ගෙන එන මෙන් අභියෝග කරන ලදී. එසේ ඔවුන් එය කිරීමට අපොහොසත් වූ කල්හි එක් සූරාවක් ගෙන එන මෙන් අභියෝග කරන ලදී. නමුත් මෙම අභියෝගය ජය ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූහ. මෙම අභියෝගය අල් කුර්ආනය අල්ලාහ්ගෙන් පහළ වූවක් යැයි සනාථ කිරීමට ප්රමාණවත් සාධකයකි.
14

فَإِلَّمْ يَسْتَجِيبُوا لَكُمْ فَاعْلَمُوا أَنَّمَا أُنزِلَ بِعِلْمِ اللَّهِ وَأَن لَّا إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ

නුඹලාට ඔවුන් පිළිතුරු නොදෙන්නේ නම්, “මෙය පහළ කරනු ලැබුවේ අල්ලාහ්ගේ ඥානයෙන් බව ද ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැති බව ද නුඹලා දැන ගනිවු. එබැවින් නුඹලා අවනතවන්නන් වන්නෙහු ද?” (යැයි ඔවුනට පවසවු.)
15

مَن كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ

කවරෙකු මෙලොව ජීවිතය හා එහි අලංකාරය අපේක්ෂා කරන්නෙකු වන්නේද අපි ඔවුන් වෙත ඔවුන්ගේ ක්රියාවන්(හි ප්රතිඵල) මෙ(ලොවෙ)හි දී සම්පූර්ණයෙන් පිරිනමන්නෙමු. තවද ඔවුහු මෙහි අඩුවක් කරනු නොලබන්නෝය.
16

أُولَـٰئِكَ الَّذِينَ لَيْسَ لَهُمْ فِي الْآخِرَةِ إِلَّا النَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا فِيهَا وَبَاطِلٌ مَّا كَانُوا يَعْمَلُونَ

මතු ලොවෙහි (නිරා) ගින්න හැර තමන්හට වෙනත් කිසිවක් නොමැත්තෝ ඔවුහුමය. තවද එ(ම ලෞකික ජීවිතයෙ)හි ඔවුන් කළ (යහ)දැය (විනිශ්චය දිනයෙහි) නිෂ්ඵල විය. තවද ඔවුන් කරමින් සිටි දැය අවලංගු වූවක්ය.
17

أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِ كِتَابُ مُوسَىٰ إِمَامًا وَرَحْمَةً ۚ أُولَـٰئِكَ يُؤْمِنُونَ بِهِ ۚ وَمَن يَكْفُرْ بِهِ مِنَ الْأَحْزَابِ فَالنَّارُ مَوْعِدُهُ ۚ فَلَا تَكُ فِي مِرْيَةٍ مِّنْهُ ۚ إِنَّهُ الْحَقُّ مِن رَّبِّكَ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ

තම පරාමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් (වන අල් කුර්ආනය) මත සිටින්නා(මුහම්මද්), ඔහුගෙන්(පරාමාධිපතිගෙන්) වූ සාක්ෂිකරුවෙකු (වන ජිබ්රීල්) එ(ම කුර්ආන)යට මතුව (එම කුර්ආනය සත්යය බවට තහවුරු කරන්නෙකු ලෙස) සිටිය දී තවද එ(ම කුර්ආන)යට පෙර මූසාගේ ධර්ම පුස්තකය (එය සත්ය කරමින් ඔහුගේ ජනයාට) මග පෙන්වීමක් හා දයාවක් ලෙස තිබිය දී (පැහැදිලි සාධකයෙහි සිටින ඔහු වෙනත් පුද්ගලයින් මෙන් වන්නේ) ද? (එම මූසාගේ ධර්ම පුස්තකය විශ්වාස කරන) මොවුන් එ(ම කුර්ආන)ය විශ්වාස කරන්නෝය. තවද සේනාංකයන් අතුරින් කවරෙකු එය ප්රතික්ෂේප කරන්නේද එවිට ඔහුගේ පොරොන්දු වූ ස්ථානය (නිරා) ගින්නය. (නබිවරය,) එබැවින් නුඹ එය පිළිබඳව සැකයෙහි පසු නොවවු. සැබැවින්ම එය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්යයකි. එනමුත් මිනිසුන් අතුරින් බොහෝ දෙනා (ඒ බව) විශ්වාස නොකරති.
18

وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا ۚ أُولَـٰئِكَ يُعْرَضُونَ عَلَىٰ رَبِّهِمْ وَيَقُولُ الْأَشْهَادُ هَـٰؤُلَاءِ الَّذِينَ كَذَبُوا عَلَىٰ رَبِّهِمْ ۚ أَلَا لَعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ

අල්ලාහ් පිළිබඳව බොරු ගොතන අයට වඩා මහත් අපරාධකරුවා කවරෙක් ද? (විනිශ්චය දින) ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙත ඉදිරිපත් කරනු ලබන්නෝය. “තම පරමාධිපතිට එරෙහිව අසත්යය කළවුන් මොවුන්මය” යැයි සාක්ෂිකරුවන්(රසූල්වරුන්) පවසන්නෝය. දැන ගනිවු. අපරාධකරුවන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය ඇත.
19

الَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُم بِالْآخِرَةِ هُمْ كَافِرُونَ

(ඔවුන්) කවරහුදයත් අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළක්වති. තවද එහි ඇද සොයති. තවද මතුලොව පිළිබඳව ප්රතික්ෂේප කරන්නන් ඔවුන්මය.
20

أُولَـٰئِكَ لَمْ يَكُونُوا مُعْجِزِينَ فِي الْأَرْضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ اللَّهِ مِنْ أَوْلِيَاءَ ۘ يُضَاعَفُ لَهُمُ الْعَذَابُ ۚ مَا كَانُوا يَسْتَطِيعُونَ السَّمْعَ وَمَا كَانُوا يُبْصِرُونَ

ඔවුන් මිහිතලයෙහි (අල්ලාහ්ගේ දඬුවමින් මිදෙන්නන් නොවන්නෝය. තවද අල්ලාහ් හැර (වෙනත්) භාරකරුවන් කිසිවෙකු ඔවුනට නොවීය. ඔවුනට දඬුවම ගුණ කරනු ලබන්නේය. ඔවුන් (සත්යය) සවන් දෙන්නට හැකියාව ලබන්නන් නොවෙති. තවද බලන්නන් ද නොවෙති.
21

أُولَـٰئِكَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَفْتَرُونَ

ඔවුහුමය තමන් තමන්ටම පාඩු ඇති කර ගත්තවුන් වන්නෝ. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී ගියේය.
22

لَا جَرَمَ أَنَّهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ

සත්යයවශයෙන්ම ඔවුහුමය මතු ලොවෙහි දැඩි අලාභවන්තයින් වන්නෝ.
23

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَخْبَتُوا إِلَىٰ رَبِّهِمْ أُولَـٰئِكَ أَصْحَابُ الْجَنَّةِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

සැබැවින්ම විශ්වාස කර යහකම් කර තම පරමාධිපති වෙත නැඹුරු වූ අය වන ඔවුහුමය (ස්වර්ග) උයනේ සගයන් වන්නෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
24

مَثَلُ الْفَرِيقَيْنِ كَالْأَعْمَىٰ وَالْأَصَمِّ وَالْبَصِيرِ وَالسَّمِيعِ ۚ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ أَفَلَا تَذَكَّرُونَ

(මෙම) දෙපිරිසට උපමාව නම් අන්ධ හා බිහිරි තැනැත්තා ද පෙනුමැති හා ශ්රවණය ඇති තැනැත්තා ද මෙන් ය. උපමාවෙන් මොවුන් දෙදෙනා එක සමාන වන්නේ ද? එබැවින් (මේ පිළිබඳව) නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?
25

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ إِنِّي لَكُمْ نَذِيرٌ مُّبِينٌ

සැබැවින්ම අපි නූහ්ව ඔහුගේ ජනයා වෙත එව්වෙමු. “සැබැවින්ම මා නුඹලාට පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.”
26

أَن لَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۖ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍ

“එනම් නුඹලා අල්ලාහ් හැර (වෙනත් අයට) නොනමදිවු. සැබැවින්ම මම නුඹලා කෙරෙහි (පැමිණෙන) වේදනීය දිනයේ දඬුවම පිළිබඳව බියවෙමි.” (යැයි නූහ් පැවසුවේය.)
27

فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِن قَوْمِهِ مَا نَرَاكَ إِلَّا بَشَرًا مِّثْلَنَا وَمَا نَرَاكَ اتَّبَعَكَ إِلَّا الَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِيَ الرَّأْيِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍ بَلْ نَظُنُّكُمْ كَاذِبِينَ

එවිට ඔහුගේ ජනයා අතුරින් ප්රතික්ෂේප කළ ප්රධානීහු “නුඹව අප මෙන් මිනිසෙකු ලෙස මිස අපි නොදකිමු. තවද බොළඳ අදහසින් යුතුව අපගෙන් පහත් වූ අය මිස (වෙනත් කිසිවෙකු) නුඹව අනුගමනය කරනු අපි නොදකිමු. තවද අපට වඩා නුඹලාට කිසිදු ශ්රේෂ්ඨත්වයක් ඇති බව ද අපි නොදකිමු. එහෙත් අපි නුඹලාව අසත්යය ප්රකාශ කරන්නන් ලෙස සිතන්නෙමු” යැයි පැවසුවෝය.
28

قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّي وَآتَانِي رَحْمَةً مِّنْ عِندِهِ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَارِهُونَ

ඔහු(නූහ් මෙසේ) පැවසුවේය. “මාගේ ජනයිනි, මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහු වෙතින් වූ දයාව(නබිත්වය) ඔහු මට පිරිනමා එය නුඹලා(ගේ දෑස් වල)ට (නොපෙනෙන ලෙස) සඟවනු ලැබුවේ නම් නුඹලා එය පිළිකුල් කරන්නන්ව සිටිය දී අපි නුඹලාට එය (පිළිපදින ලෙස) බල කළ හැක්කේ දැ’යි නුඹලා අවධානය කළෙහු ද?
29

وَيَا قَوْمِ لَا أَسْأَلُكُمْ عَلَيْهِ مَالًا ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۚ وَمَا أَنَا بِطَارِدِ الَّذِينَ آمَنُوا ۚ إِنَّهُم مُّلَاقُو رَبِّهِمْ وَلَـٰكِنِّي أَرَاكُمْ قَوْمًا تَجْهَلُونَ

තවද මාගේ ජනයිනි, මේ වෙනුවෙන් මම නුඹලාගෙන් ධනය නොඇයැදිමි. මාගේ වේතනය අල්ලාහ් කෙරෙහි මිස නැත. තවද මම විශ්වාස කළවුන්ව පලවා හරින්නෙකු ද නොවෙමි. 5 සැබැවින්ම ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිව මුණ ගැසෙන්නන් වන්නෝය. එනමුත් මම නුඹලාව අඥාන පිරිසක් ලෙස දකින්නෙමි.
5“නුඹ වටා සිටින දිළින්දන්ව නුඹ පලවා හැරියේ නම් අපි නුඹගේ උපදෙසට සවන් දෙන්නෙමු” යැයි පැවසූ නබි නූහ් තුමාණන්ගේ ප්රතික්ෂේපිත ජනයින්ට ඔහු මෙසේ පිළිතුරු දුන්හ.
30

وَيَا قَوْمِ مَن يَنصُرُنِي مِنَ اللَّهِ إِن طَرَدتُّهُمْ ۚ أَفَلَا تَذَكَّرُونَ

තවද මාගේ ජනයිනි, මම ඔවුන්ව පලවා හැරියේ නම් අල්ලාහ්ගෙන් (වූ දඬුවමින් ආරක්ෂා වීමට) මාහට උදවු කරන්නේ කවරෙකු ද? එබැවින් (මේ පිළිබඳව) නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?
31

وَلَا أَقُولُ لَكُمْ عِندِي خَزَائِنُ اللَّهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ إِنِّي مَلَكٌ وَلَا أَقُولُ لِلَّذِينَ تَزْدَرِي أَعْيُنُكُمْ لَن يُؤْتِيَهُمُ اللَّهُ خَيْرًا ۖ اللَّهُ أَعْلَمُ بِمَا فِي أَنفُسِهِمْ ۖ إِنِّي إِذًا لَّمِنَ الظَّالِمِينَ

තවද මා අබියස අල්ලාහ්ගේ ධන සම්භාරයන් ඇතැ’යි මම නුඹලාට නොපවසන්නෙමි. තවද ගුප්ත දෑ (පිළිබඳව) මම නොදනිමි. සැබැවින්ම මම මලක්වරයෙකු යැයි ද මම නොපවසන්නෙමි. තවද නුඹලාගේ ඇස් පහත් කොට සලකන්නන් (වූ දිළින්ඳන්) වන ඔවුනට අල්ලාහ් කිසිදු යහපතක් නොපිරිනමන්නේ යැයි ද මම නොපවසන්නෙමි. අල්ලාහ් ඔවුන්ගේ සිත් තුළ ඇති දෑ පිළිබඳව මැනවින් දන්නාය. 6 සැබැවින්ම මම (එසේ කීවේ නම්) එවිට අපරාධකරුවන් අතුරින් වන්නෙමි.”
6නබි නූහ් තුමාණන්ගේ අනුගාමිකයන් අවංක සිතින් විශ්වාස නොකළෝ යැ”යි ප්රතික්ෂේපක ජනයින් බොරු චෝදනාවක් එල්ල කළෝය. එයට ඔවුන්ගේ හැසිරීමෙන් ඔවුන් අවංකව විශ්වාස නොකළෝයැ’යි ද ඔවුනට අල්ලාහ් කිසිදු යහපතක් නොපිරිනමන්නේ යැ’යි ද මට පැවසීමට කිසිවක් නොමැත. අල්ලාහ් ඔවුන් සත්යය ලෙස විශ්වාස කළෝය යැයි මැනවින් දන්නේය යැයි නබි නූහ් තුමාණන් පැවසුවේය.
32

قَالُوا يَا نُوحُ قَدْ جَادَلْتَنَا فَأَكْثَرْتَ جِدَالَنَا فَأْتِنَا بِمَا تَعِدُنَا إِن كُنتَ مِنَ الصَّادِقِينَ

“අහෝ නූහ්! නුඹ අප සමග තර්ක කළෙහිය. තවද නුඹ අපගේ තර්කය අධික කළෙහිය. එසේ නුඹ සත්යවාදීන් අතුරින් (කෙනෙකු) වූයේ නම් නුඹ අපට (දඬුවමින්) අවවාද කළ දෑ අප වෙත ගෙන එවු.” යැයි ඔවුහු පැවසුවෝය.
33

قَالَ إِنَّمَا يَأْتِيكُم بِهِ اللَّهُ إِن شَاءَ وَمَا أَنتُم بِمُعْجِزِينَ

“අල්ලාහ්මය තමා අභිමත කළේ නම් නුඹලා වෙත එය(දඬුවම) ගෙන එනුයේ. තවද නුඹලා (අල්ලාහ්ගේ දඬුවමින් මිදෙන්නන්ව නැත.” යැයි ඔහු(නූහ්) පැවසුවේය.
34

وَلَا يَنفَعُكُمْ نُصْحِي إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ اللَّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ

“තවද අල්ලාහ් නුඹලාව නොමග යැවීමට අපේක්ෂා කරන්නෙකුව සිටියේ නම් මම නුඹලාට උපදෙස් දීමට අපේක්ෂා කළේ නම් ද මාගේ උපදෙස නුඹලාට ප්රයෝජනවත් නොවන්නේය. ඔහු නුඹලාගේ පරමාධිපතිය. තවද ඔහු වෙතමය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.” (යැයි ද නූහ් පැවසුවේය.)
35

أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ إِنِ افْتَرَيْتُهُ فَعَلَيَّ إِجْرَامِي وَأَنَا بَرِيءٌ مِّمَّا تُجْرِمُونَ

එසේ නොමැතිනම් “ඔහු මෙ(ම අල් කුර්ආන)ය ගොතා පැවසුවේයැ”යි (මක්කාවාසී ප්රතික්ෂේපක) ඔවුන් පවසන්නෝ ද? (නබිවරය,) නුඹ පවසවු “මම එය ගෙතුවේ නම් එවිට මාගේ වරද මා කෙරෙහිම (අත්වන්නේ)ය. තවද නුඹලා කරන වරදින් මම නිදොස් වෙමි.” 7
7නබි නූහ් තුමාණන්ගේ වෘත්තාන්තය අල්ලාහ් මෙම සූරාවෙහි පවසමින් සිටියදී, අතර මැද මෙම ආයතයෙහි මක්කා ප්රතික්ෂේපකයින් වෙත අවධානය යොමු කොට ඇත. මෙයින් අදහස් වන්නේ අල්ලාහ් නබිවරයාට දේව පණිවිඩ පහළ කර නොතිබුණේ නම් ඔහුට නබි නූහ් තුමාණන්ගේ වෘත්තාන්තය දැන ගැනීමට මගක් නොවන්නේය යන්නය. තවද එම වෘත්තාන්තය පැහැදිලිව විස්තර කිරීමට නොහැකි වනු ද ඇත. මෙසේ තිබියදී ද ප්රතික්ෂේපකයන් නබි මුහම්මද් තුමාණන් අල් කුර්ආනය ගෙතුවේ යැ’යි පැවසුවෝය.
36

وَأُوحِيَ إِلَىٰ نُوحٍ أَنَّهُ لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلَّا مَن قَدْ آمَنَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا يَفْعَلُونَ

(මෙතෙක්) විශ්වාස කළවුන් හැර (වෙනත් කිසිවෙකු) නුඹගේ ජනයින් අතුරින් විශ්වාස නොකරන්නෝමය. එබැවින් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව නුඹ දුකට පත් නොවවු. යැයි නූහ් වෙත වහී (නැමැති දේව පණිවිඩ) පහළ කරනු ලැබීය. 8
8මෙම ආයතයට පෙර සඳහන් වූ ආයතයන්හි සිදු වූ සිදුවීම් අතර ද මෙම ආයතයේ ඇති කරුණු අතර ද විශාල කාල පරතරයක් පුරාවට නබි නූහ් තුමාණන් ජනයින්ව යහ මග වෙත කැඳවමින් සිටියේය. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා සූරා නූහ් නම් අල් කුර්ආන් හි 71 වැනි සූරාවෙහි සඳහන් වී ඇත.
37

وَاصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۚ إِنَّهُم مُّغْرَقُونَ

තවද අපගේ අධීක්ෂණය යටතේ හා අපගේ වහී (නැමැති දේව පණිවිඩය) පරිදි නුඹ නැව සාදවු. තවද නුඹ අපරාධ කළවුන් විෂයෙහි මා සමග කතා නොකරවු. සැබැවින්ම ඔවුහු ගිල්වනු ලබන්නන්ය.
38

وَيَصْنَعُ الْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌ مِّن قَوْمِهِ سَخِرُوا مِنْهُ ۚ قَالَ إِن تَسْخَرُوا مِنَّا فَإِنَّا نَسْخَرُ مِنكُمْ كَمَا تَسْخَرُونَ

ඔහු නැව සෑදුවේය. ඔහුගේ ජනයා අතුරින් වූ ප්රධානීන් ඔහු අසලින් ගමන් කරන සෑම අවස්ථාවකම ඔහුව සමච්චල් කළෝය. “නුඹලා අපව සමච්චල් කරන්නෙහු නම් නුඹලා සමච්චල් කළාක් මෙන්ම සැබැවින්ම අපි ද නුඹලාව සමච්චල් කරන්නෙමු.” යැයි ඔහු(නූහ්) පැවසුවේය.
39

فَسَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُّقِيمٌ

“තමන්ව නින්දා කරන දඬුවමක් තමන් වෙත පැමිණ සදාතනික දඬුවමක් තමන් කෙරෙහි පහළ වන්නේ යැයි නුඹලා මතු දැන ගනු ඇත.” (යැයි ද නූහ් පැවසුවේය.)
40

حَتَّىٰ إِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ قُلْنَا احْمِلْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ الْقَوْلُ وَمَنْ آمَنَ ۚ وَمَا آمَنَ مَعَهُ إِلَّا قَلِيلٌ

අපගේ අණ පැමිණ ලිපෙන් ජලය උනන්නට ගත් විට 9 (අහෝ නූහ්!) “සෑම (සත්ව) වර්ගයකින්ම ජෝඩුව බැගින් ද 10 (නුඹගේ පවුලේ උදවිය වන) ඔවුන් අතුරින් කවරෙකු කෙරෙහි (දඬුවමේ) වදන පෙරටු වූයේ ද ඔවුන් හැර නුඹගේ පවුලේ (අන්) උදවිය ද විශ්වාස කළවුන්ව ද එ(ම නැවෙ)හි උසුලවු” යැයි අපි පැවසුවෙමු. තවද ස්වල්ප දෙනෙක් මිස ඔහු සමග විශ්වාස නොකළෝය.
9නබි නූහ් තුමාණන්ගේ ප්රතික්ෂේපිත ජනයින් මහා ජල ගැල්මකින් විනාශ වූහ. කෙසේද යත් ප්රතික්ෂේපකයින්ගේ විනාශයේ මහා සාධකයක් වශයෙන් නැවැත්විය නොහැකි අන්දමින් ලිපක් තුළින් ජලය මුළු මිහිතලය පුරාම ගලා යන්නට විය. එම අවස්ථාවේදීම දැඩි වර්ෂාවක් ද මෙම ජල ගැල්මට එකතු විය.
10මෙම ගංවතුර ප්රතික්ෂේපකයින්ගේ විනාශය සඳහාම විය. එබැවින් නැවට ඔහුගේ පවුලේ වූ විශ්වාස කළවුන්ව ද පොදුවේ විශ්වාස කළවුන් ද සියලු සතුන්ගෙන් ජෝඩුව බැගින් ද නංවන මෙන් අල්ලාහ් විසින් නබි නූහ් තුමාණන්ට විධානය කළේය.
41

وَقَالَ ارْكَبُوا فِيهَا بِسْمِ اللَّهِ مَجْرَاهَا وَمُرْسَاهَا ۚ إِنَّ رَبِّي لَغَفُورٌ رَّحِيمٌ

“නුඹලා මෙයට ගොඩ වවු. මෙය යාත්රා කිරීම ද එය නතර වීම ද අල්ලාහ්ගේ නාමයෙනි. සැබැවින්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.” යැයි ඔහු(නූහ්) පැවසුවේය.
42

وَهِيَ تَجْرِي بِهِمْ فِي مَوْجٍ كَالْجِبَالِ وَنَادَىٰ نُوحٌ ابْنَهُ وَكَانَ فِي مَعْزِلٍ يَا بُنَيَّ ارْكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ الْكَافِرِينَ

තවද එය කඳු මෙන් වූ රළ අතර ඔවුන් සමග යාත්රා කළේය. නූහ් (තමන්ගෙන්) ඈත්ව සිටි තම පුතණුවන් අමතා “මාගේ පුතණුවනි, අප සමග (නැවට) ගොඩ වවු. තවද ප්රතික්ෂේපකයින් සමග නොවවු” යැයි පැවසුවේය.
43

قَالَ سَآوِي إِلَىٰ جَبَلٍ يَعْصِمُنِي مِنَ الْمَاءِ ۚ قَالَ لَا عَاصِمَ الْيَوْمَ مِنْ أَمْرِ اللَّهِ إِلَّا مَن رَّحِمَ ۚ وَحَالَ بَيْنَهُمَا الْمَوْجُ فَكَانَ مِنَ الْمُغْرَقِينَ

“ජලයෙන් මා ආරක්ෂා කරන කන්දකට මම නැග ගනිමි” යැයි ඔහු(නූහ්ගේ පුත්) පැවසුවේය. “අද දින අල්ලාහ් කරුණාව දැක්වූවන් හැර ඔහුගේ (දඬුවමේ) විධානයෙන් ආරක්ෂා කරන කිසිවෙකු නැත” යැයි ඔහු(නූහ්) පැවසුවේය. තවද රළ පහර ඔවුන් දෙදෙනා අතර ආවරණයක් විය. එවිට ඔහු ගිලී ගියවුන් අතුරින් (කෙනෙකු) විය.
44

وَقِيلَ يَا أَرْضُ ابْلَعِي مَاءَكِ وَيَا سَمَاءُ أَقْلِعِي وَغِيضَ الْمَاءُ وَقُضِيَ الْأَمْرُ وَاسْتَوَتْ عَلَى الْجُودِيِّ ۖ وَقِيلَ بُعْدًا لِّلْقَوْمِ الظَّالِمِينَ

“අහෝ මහ පොළොව! නුඹ නුඹගේ ජලය උරා ගනිවු. අහෝ අහස! නුඹ (නුඹගේ වර්ෂාව) නතර කර ගනිවු” යැයි (අල්ලාහ් විසින්) පවසනු ලැබීය. තවද ජලය සිඳී ගියේය. (ඔවුන් විනාශ කරනු ලැබ ඔවුන්ගේ විනාශයේ) කරුණ ද සම්පූර්ණ කරනු ලැබීය. එය(එම නැව) ජූදි 11 (නම් කන්ද) මත රැඳිණ. අපරාධකාර ජනයා (අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරස්ථයැ”යි ද පවසනු ලැබීය.
11මෙය උතුරු ඉරාකයේ පිහිටා ඇති කන්දකි. වර්තමානයේ ද මෙම නමින්ම එය අමතනු ලැබේ.
45

وَنَادَىٰ نُوحٌ رَّبَّهُ فَقَالَ رَبِّ إِنَّ ابْنِي مِنْ أَهْلِي وَإِنَّ وَعْدَكَ الْحَقُّ وَأَنتَ أَحْكَمُ الْحَاكِمِينَ

තවද නූහ් තම පරමාධිපති අමතා “මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම මාගේ පුතණුවන් මාගේ පවුලේ අය අතුරින්මය. තවද ඔබගේ පොරොන්දුව සැබෑවකි. තවද ඔබ විනිශ්චයකරුවන් අතුරින් අති ශ්රේෂ්ඨ විනිශ්චයකරුය.” යැයි පැවසීය.
46

قَالَ يَا نُوحُ إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ ۖ إِنَّهُ عَمَلٌ غَيْرُ صَالِحٍ ۖ فَلَا تَسْأَلْنِ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۖ إِنِّي أَعِظُكَ أَن تَكُونَ مِنَ الْجَاهِلِينَ

ඔහු(අල්ලාහ්) “අහෝ නූහ්! සැබැවින්ම ඔහු නුඹගේ පවුලේ අය අතුරින් (කෙනෙකු) නොවන්නේය. සැබැවින්ම ඔහු දැහැමි නොවන ක්රියාව(න් කරන්නෙ)කි. එබැවින් කවර දෙයක් පිළිබඳව නුඹට දැනුමක් නැත්තේ ද එය මගෙන් නොඅසවු. නුඹ අඥානයින් අතුරින් නොවිය යුතු යැයි මම නුඹට උපදෙස් දෙන්නෙමි” යැයි පැවසුවේය.
47

قَالَ رَبِّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أَسْأَلَكَ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ ۖ وَإِلَّا تَغْفِرْ لِي وَتَرْحَمْنِي أَكُن مِّنَ الْخَاسِرِينَ

“මාගේ පරමාධිපතියාණනි, කවර දෙයක් පිළිබඳව මට දැනුමක් නැත්තේ ද එය ඔබගෙන් ඉල්ලීමෙන් මම ආරක්ෂාව පතන්නෙමි. නුඹ මට පාප ක්ෂමාව නොදුන්නේ නම් තවද නුඹ මට කරුණාව නොදැක්වූයේ නම් මම අලාභවන්තයින් අතුරින් (කෙනෙකු) වෙමි යැයි” ඔහු(නූහ්) පැවසුවේය.
48

قِيلَ يَا نُوحُ اهْبِطْ بِسَلَامٍ مِّنَّا وَبَرَكَاتٍ عَلَيْكَ وَعَلَىٰ أُمَمٍ مِّمَّن مَّعَكَ ۚ وَأُمَمٌ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٌ

“අහෝ නූහ්! නුඹ වෙත ද නුඹ සමග වූවන් අතුරින් සිටින ප්රජාවන් වෙත ද අපගෙන් වූ ශාන්තිය හා අභිවෘද්ධිය සමග (නැවෙන්) පහළට බසිවු. (ඔවුන් අතුරින්) යම් ප්රජාවන්, ඔවුනට අපි (මෙලොව) භුක්ති විඳින්නට සලස්වන්නෙමු. පසුව අපගෙන් වූ වේදනීය දඬුවමක් ඔවුන්ව ස්පර්ශ කරනු ඇත.” 12 යැයි පවසනු ලැබීය.
12මෙයින් අදහස් කරනුයේ නැවෙන් ආරක්ෂා වූ පිරිස අතුරින් සමහරුන් නැවත පෙර සේම පාප කරනු ඇත යන්නය. ඔවුන් මෙලොව ස්වල්ප කලක් භුක්ති විඳිමෙන් පසු මෙලොවෙහි හෝ මතුලොවෙහි දඬුවමට ලක් වනු ඇත.
49

تِلْكَ مِنْ أَنبَاءِ الْغَيْبِ نُوحِيهَا إِلَيْكَ ۖ مَا كُنتَ تَعْلَمُهَا أَنتَ وَلَا قَوْمُكَ مِن قَبْلِ هَـٰذَا ۖ فَاصْبِرْ ۖ إِنَّ الْعَاقِبَةَ لِلْمُتَّقِينَ

(නබිවරය) මේවා අපි නුඹ වෙත වහී(දේව පණිවිඩ) පහළ කළ (නුඹ) නොදුටු පුවත් අතුරිනි. මෙ(ම කුර්ආන)යට පෙර නුඹ ද නුඹගේ පිරිස ද මෙය දැන නොසිටියෝය. එබැවින් නුඹ(ට ඇති වන හිංසනයන්) ඉවසවු. සැබැවින්ම (ප්රශංසනීය) අවසානය බිය භක්තිකයින්හටය.
50

وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًا ۚ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُ ۖ إِنْ أَنتُمْ إِلَّا مُفْتَرُونَ

තවද ආද් (ජනයා) වෙත ඔවුන්ගේ සහෝදර හූද්ව 13 ය ( අප විසින් යවනු ලැබුවේ). “මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට (පමණක්) නැමදුම් කරවු. ඔහු හැර වෙනත් දෙවියෙකු නුඹලාට නැත. නුඹලා (අල්ලාහ් කෙරෙහි අසත්යය) ගොතන්නන්ව මිස නැත.” යැයි ඔහු පැවසුවේය.
13‘ආද් ජනයා’ යනු යෙමන් දේශයේ විසූ ආදීවාසීන්ය. මෙම සමූහයා යහ මගට ඇරයුම් කිරීම සඳහා ඔවුනතුරින් නබි ‘හූද්’ තුමාණන්ව අල්ලාහ් පත් කළේය. මොවුන් එම නබිවරයාව ප්රතික්ෂේප කළ හෙයින් අල්ලාහ් භයානක දරුණු සුළඟක් යවා විනාශ කළේය. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:65 ආයතය සමග එහි පාද සටහන බලන්න.
51

يَا قَوْمِ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى الَّذِي فَطَرَنِي ۚ أَفَلَا تَعْقِلُونَ

“මාගේ ජනයිනි, මේ වෙනුවෙන් මම නුඹලාගෙන් (කිසිදු) වේතනයක් නොඅයැදිමි. මාගේ වේතනය මා මැවූ කෙනා කෙරෙහි මිස නැත. එබැවින් (මේ බව) නුඹලා අවබෝධ කර නොගන්නෙහු ද?
52

وَيَا قَوْمِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُرْسِلِ السَّمَاءَ عَلَيْكُم مِّدْرَارًا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا مُجْرِمِينَ

තවද මාගේ ජනයිනි, නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් පාප ක්ෂමාව ඇයැදිවු. පසුව ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වවු. (එසේ කළේ නම්) ඔහු නුඹලා වෙත අහසින් (වර්ෂාව අවශ්ය පරිදි) අධිකව යවන්නේය. තවද ඔහු නුඹලාගේ ශක්තිය සමග (තවත්) ශක්තිය වර්ධනය කරන්නේය. තවද වැරදිකරුවන් ලෙස නුඹලා (ඔහුට) පිටු නොපවු” (යැයි ද ඔහු පැවසුවේය.)
53

قَالُوا يَا هُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍ وَمَا نَحْنُ بِتَارِكِي آلِهَتِنَا عَن قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ

(එයට) ඔවුහු “අහෝ හූද්! නුඹ අප වෙත (කිසිදු) සාධකයක් ගෙන ආවේ නැත. තවද නුඹගේ ප්රකාශය හේතුවෙන් අපි අපගේ දෙවිවරුන්ව අත් හරින්නන් නොවෙමු. තවද අපි නුඹව විශ්වාස කරන්නන් ද නොවෙමු.” යැයි පැවසුවෝය.
54

إِن نَّقُولُ إِلَّا اعْتَرَاكَ بَعْضُ آلِهَتِنَا بِسُوءٍ ۗ قَالَ إِنِّي أُشْهِدُ اللَّهَ وَاشْهَدُوا أَنِّي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ

“අපගේ දෙවිවරුන් අතුරින් සමහරු (නුඹ ඔවුනට බැණ වැදුණු හේතුවෙන්) නුඹට නරකක් ඇති කළා යැයි මිස අපි නොපවසන්නෙමු.” (එයට) ඔහු “සැබැවින්ම මම අල්ලාහ්ව (ඒ සඳහා) සාක්ෂිකරුවෙකු බවට පත් කරන්නෙමි. නුඹලා ඔහු(අල්ලාහ්) හැර ආදේශ තබන (වෙනත්) දැයින් මම නිදොස් වූවෙකු යැයි නුඹලා ද සාක්ෂි දරවු. එබැවින් නුඹලා සියල්ලෝම මට (එරෙහිව) කුමන්ත්රණය කරවු. පසුව නුඹලා මට අවකාශය ලබා නොදෙවු.” යැයි පැවසුවේය. (56) “සැබැවින්ම මම මාගේ පරමාධිපති ද නුඹලාගේ පරමාධිපති ද වන අල්ලාහ් කෙරෙහි (සියල්ල) භාර කළෙමි. කිසිදු ජීවියෙකු තමන්ගේ නළල් කෙස් රොදින් (අල්ලාහ් වන) ඔහු අල්ලා ගන්නෙකුව මිස නැත. 14 සැබැවින්ම මාගේ පරමාධිපති ඍජු මාර්ගයක් මතය.
14එනම් සෑම ජීවියෙකුම අල්ලාහ්ගේ පාලනයට නතුව පවතින බවයි.
55

مِن دُونِهِ ۖ فَكِيدُونِي جَمِيعًا ثُمَّ لَا تُنظِرُونِ

“අපගේ දෙවිවරුන් අතුරින් සමහරු (නුඹ ඔවුනට බැණ වැදුණු හේතුවෙන්) නුඹට නරකක් ඇති කළා යැයි මිස අපි නොපවසන්නෙමු.” (එයට) ඔහු “සැබැවින්ම මම අල්ලාහ්ව (ඒ සඳහා) සාක්ෂිකරුවෙකු බවට පත් කරන්නෙමි. නුඹලා ඔහු(අල්ලාහ්) හැර ආදේශ තබන (වෙනත්) දැයින් මම නිදොස් වූවෙකු යැයි නුඹලා ද සාක්ෂි දරවු. එබැවින් නුඹලා සියල්ලෝම මට (එරෙහිව) කුමන්ත්රණය කරවු. පසුව නුඹලා මට අවකාශය ලබා නොදෙවු.” යැයි පැවසුවේය. (56) “සැබැවින්ම මම මාගේ පරමාධිපති ද නුඹලාගේ පරමාධිපති ද වන අල්ලාහ් කෙරෙහි (සියල්ල) භාර කළෙමි. කිසිදු ජීවියෙකු තමන්ගේ නළල් කෙස් රොදින් (අල්ලාහ් වන) ඔහු අල්ලා ගන්නෙකුව මිස නැත. 14 සැබැවින්ම මාගේ පරමාධිපති ඍජු මාර්ගයක් මතය.
56

إِنِّي تَوَكَّلْتُ عَلَى اللَّهِ رَبِّي وَرَبِّكُم ۚ مَّا مِن دَابَّةٍ إِلَّا هُوَ آخِذٌ بِنَاصِيَتِهَا ۚ إِنَّ رَبِّي عَلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ

තවද නුඹලා පිටුපෑවාහු නම් නුඹලා වෙත කවර දෙයක් සමග මා එවනු ලැබුවේ ද සැබැවින්ම (එය) මා නුඹලාට ප්රචාරය කළෙමි. (එසේනම්,) මාගේ පරමාධිපති නුඹලා නොවන (වෙනත්) සමූහයක් නියෝජනයට පත් කරන්නේය. 15 තවද නුඹලා ඔහුට කිසිදු හිංසාවක් (කිසිසේත්ම) කළ නොහැකිය. සැබැවින්ම මාගේ පරමාධිපති සියලු දෑ කෙරෙහි පරම ආරක්ෂකය.” (යැයි හූද් පැවසුවේය.)
15මෙහි අල්ලාහ්ව නියෝජනය කරන්නන් යන්නෙන් අදහස් වන්නේ මිහිතලයෙහි අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු කරමින් නැමදුම් කරන පිරිසක් එනම් අල්ලාහ්ගේ අණ එලෙසින්ම පිළිපදින ජන සමූහයක් යන්නය.
57

فَإِن تَوَلَّوْا فَقَدْ أَبْلَغْتُكُم مَّا أُرْسِلْتُ بِهِ إِلَيْكُمْ ۚ وَيَسْتَخْلِفُ رَبِّي قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّونَهُ شَيْئًا ۚ إِنَّ رَبِّي عَلَىٰ كُلِّ شَيْءٍ حَفِيظٌ

අපගේ (දඬුවමේ) අණ (ඔවුන් වෙත) පැමිණි කල්හි අපගෙන් වූ දයාව හේතුවෙන් හූද්ව ද ඔහු සමග වූ විශ්වාස කළවුන් ද අපි මුදවා ගත්තෙමු. තවද දැඩි දඬුවමකින් ද ඔවුන්ව අපි මුදවා ගත්තෙමු.
58

وَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا هُودًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِّنَّا وَنَجَّيْنَاهُم مِّنْ عَذَابٍ غَلِيظٍ

තමන්ගේ පරමාධිපතිගේ සංඥාවන් ප්රතික්ෂේප කර, ඔහුගේ රසූල්වරුන්ට පිටුපා, මුරණ්ඩු බලගතු වූ සියල්ලන්ගේ විධානයක්ම අනුගමනය කළ, ආද්වරුන්(ගේ වෘත්තාන්තය) වන්නේ මෙයයි.
59

وَتِلْكَ عَادٌ ۖ جَحَدُوا بِآيَاتِ رَبِّهِمْ وَعَصَوْا رُسُلَهُ وَاتَّبَعُوا أَمْرَ كُلِّ جَبَّارٍ عَنِيدٍ

තවද මෙලොවෙහි ද (මළවුන්) නැගිටුවනු ලබන දින ද ශාපයක් මගින් ඔවුහුව ලුහුබඳිනු ලබන්නෝය. දැන ගනිවු, සැබැවින්ම ආද්වරු තම පරමාධිපතිව ප්රතික්ෂේප කළෝය. දැන ගනිවු, හූද්ගේ ජනයා වන ආද් (ජනයා අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරස්ථය.
60

وَأُتْبِعُوا فِي هَـٰذِهِ الدُّنْيَا لَعْنَةً وَيَوْمَ الْقِيَامَةِ ۗ أَلَا إِنَّ عَادًا كَفَرُوا رَبَّهُمْ ۗ أَلَا بُعْدًا لِّعَادٍ قَوْمِ هُودٍ

තවද සමූද් (ජනයා) වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ්ව 16 ය( අප විසින් යවනු ලැබුවේ). “මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට (පමණක්) නැමදුම් කරවු. ඔහු හැර වෙනත් දෙවියෙකු නුඹලාට නැත. ඔහු නුඹලාව මිහිතලයෙන් නිර්මාණය කළේය. තවද එහි නුඹලාව පදිංචි කෙරෙව්වේය.
16වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:73 ආයතයට අදාළ පාද සටහන බලන්න.
61

وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَالِحًا ۚ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُ ۖ هُوَ أَنشَأَكُم مِّنَ الْأَرْضِ وَاسْتَعْمَرَكُمْ فِيهَا فَاسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوا إِلَيْهِ ۚ إِنَّ رَبِّي قَرِيبٌ مُّجِيبٌ

-එබැවින් නුඹලා ඔහුගෙන් පාප ක්ෂමාව ඇයැදිවු. පසුව ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වවු. සැබැවින්ම මාගේ පරමාධිපති සමීපතමයාය. පිළිතුරු දෙන්නාය” යැයි ඔහු පැවසුවේය.
62

قَالُوا يَا صَالِحُ قَدْ كُنتَ فِينَا مَرْجُوًّا قَبْلَ هَـٰذَا ۖ أَتَنْهَانَا أَن نَّعْبُدَ مَا يَعْبُدُ آبَاؤُنَا وَإِنَّنَا لَفِي شَكٍّ مِّمَّا تَدْعُونَا إِلَيْهِ مُرِيبٍ

(එයට) ඔවුහු “අහෝ සාලිහ්! මෙයට පෙර නුඹ අප අතර බලාපොරොත්තු තැබිය හැක්කෙකුව සිටියෙහිය. අපගේ මුතුන් මිත්තන් නැමදූ දෑ අප නැමදීමෙන් නුඹ අපව වළක්වන්නෙහි ද? තවද නුඹ අපව කවර දෙයක් වෙත කැඳවමින් සිටින්නේ ද සැබැවින්ම එහි අපි දැඩි ව්යාකූල සැකයෙහි පසුවන්නෙමු.” යැයි පැවසුවෝය.
63

قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّي وَآتَانِي مِنْهُ رَحْمَةً فَمَن يَنصُرُنِي مِنَ اللَّهِ إِنْ عَصَيْتُهُ ۖ فَمَا تَزِيدُونَنِي غَيْرَ تَخْسِيرٍ

(එයට) ඔහු(සාලිහ්) “මාගේ ජනයිනි, මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහුගෙන් වූ දයාව(නබිත්වය) ඔහු මට පිරිනමා තිබිය දී මම අල්ලාහ්ට පිටුපෑවෙහු නම් ඔහුගෙන් (වූ දඬුවමින් ආරක්ෂා වීමට) මාහට උදවු කරන්නේ කවරෙකු දැ?යි නුඹලා අවධානය යොමු කළෙහු ද? එවිට මට පාඩුව මිස වෙනත් කිසිවක් නුඹලා වැඩි නොකරන්නෙහුය.” යැයි පැවසුවේය.
64

وَيَا قَوْمِ هَـٰذِهِ نَاقَةُ اللَّهِ لَكُمْ آيَةً فَذَرُوهَا تَأْكُلْ فِي أَرْضِ اللَّهِ وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ قَرِيبٌ

තවද “මාගේ ජනයිනි, මෙය නුඹලාට සංඥාවක් ලෙස වූ අල්ලාහ්ගේ ඔටුදෙන ය. 17 එබැවින් අල්ලාහ්ගේ මිහිතලයෙහි අනුභව කරන්නට ඌ අත හැර දමවු. තවද කිසිඳු නරකයකින් ඌව ස්පර්ශ නොකරවු. (එසේ කළේ නම්) එවිට සමීපයෙන් වූ දඬුවමක් නුඹලාව ග්රහණය කරන්නේය.” (යැයි ද සාලිහ් පැවසුවේය.)
17වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 91:13 ආයතයට අදාළ පාද සටහන බලන්න.
65

فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُوا فِي دَارِكُمْ ثَلَاثَةَ أَيَّامٍ ۖ ذَٰلِكَ وَعْدٌ غَيْرُ مَكْذُوبٍ

නමුත් ඔවුහු (ගෙල සිඳ දමා) ඌව ඝාතනය කළෝය. “නුඹලා නුඹලාගේ නිවෙස් තුළ දින තුනක් (පමණක්) භුක්ති විඳිවු. 18 මෙය අසත්යය නොවන ප්රතිඥාවකි.” යැයි ද ඔහු පැවසුවේය.
18ඔවුන් දඬුවමට ලක්වීමට පෙර දින 3 ක් ඔවුන්ට දෙනු ලැබුණි. එයින් ඔවුන් දින තුනකට පසු දඬුවමට ලක් වේ යැයි ඔවුනට පැහැදිලි විය.
66

فَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا صَالِحًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِّنَّا وَمِنْ خِزْيِ يَوْمِئِذٍ ۗ إِنَّ رَبَّكَ هُوَ الْقَوِيُّ الْعَزِيزُ

එබැවින් අපගේ (දඬුවමේ) අණ පැමිණි කල්හි අපි අපගෙන් වූ දයාවෙන් සාලිහ්ව ද ඔහු සමග වූ විශ්වාස කළවුන්ව ද මුදවා ගත්තෙමු. තවද (ඔවුන්ව) එදින අවමානයෙන් ද (අපි මුදවා ගත්තෙමු.) සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහුය සර්ව ශක්තිසම්පන්න අති බලසම්පන්න වන්නේ.
67

وَأَخَذَ الَّذِينَ ظَلَمُوا الصَّيْحَةُ فَأَصْبَحُوا فِي دِيَارِهِمْ جَاثِمِينَ

අපරාධ කළවුන්ව මහා හඬ ග්රහණය කළේය. තවද ඔවුහු උදෑසන ඔවුන්ගේ නිවෙස් තුළම දණින් වැටී (මිය ගිය තත්ත්වයේ) පසු වූහ.
68

كَأَن لَّمْ يَغْنَوْا فِيهَا ۗ أَلَا إِنَّ ثَمُودَ كَفَرُوا رَبَّهُمْ ۗ أَلَا بُعْدًا لِّثَمُودَ

ඔවුන් එ(ම නිවෙස්)හි වාසය නොකළාක් මෙනි. දැන ගනිවු. සැබැවින්ම සමූද්වරුන් තම පරමාධිපතිව ප්රතික්ෂේප කළෝය. දැන ගනිවු. සමූද්වරුන් (අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරස්ථය.
69

وَلَقَدْ جَاءَتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَىٰ قَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ ۖ فَمَا لَبِثَ أَن جَاءَ بِعِجْلٍ حَنِيذٍ

සැබැවින්ම අපගේ දූතයින්(මලක්වරුන්) ශුභාරංචි රැගෙන 19 ඉබ්රාහීම් වෙත පැමිණ ‘සලාම්’(ශාන්තිය අත් වේවා!) යැයි පැවසුවෝය. ඔහු ද ‘සලාම්’ යැයි පැවසුවේය. එවිට ඔහු (ආගන්තුකයින් වෙත) බැදපු (පුෂ්ටිමත්) වසුපැටවකු ගෙන ඒමට ප්රමාද නොවීය.
19මෙහි දූතයින් යනු මෙහෙවරයන් දෙකකට යවනු ලැබූ මලක්වරුන්ය. ඔවුන්ගේ එක් මෙහෙයක් නම් නබි ඉබ්රාහීම් තුමාණන්ට නබි ඉස්හාක් නම් පුතෙක් ඉපදීමට ඇතැයි ශුභාරංචිය පැවසීම ය. දෙවැන්න නබි ලූත් තුමාණන්ගේ ජනයාට දඬුවම ඇති කිරීමට පැමිණීම ය. තවද ඔවුහු නබි ඉබ්රාහීම් තුමාණන් වෙත මිනිස් ස්වරූපයෙන් පැමිණියෝය.
70

فَلَمَّا رَأَىٰ أَيْدِيَهُمْ لَا تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۚ قَالُوا لَا تَخَفْ إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمِ لُوطٍ

තවද ඔහු ඔවුන්ගේ අත් ඒ වෙත යොමු නොවනු දුටු කල්හි ඔවුන්ව (නොහඳුනන පිරිසක් යැයි) අනුමාන කර (ඔවුන් සතුරු පිරිසක් යැයි සිතා) ඔවුන් පිළිබඳව ඔහු බියට පත් විය. “නුඹ බිය නොවවු. සැබැවින්ම අපි ලූත්ගේ ජනයා වෙත එවනු ලැබුවෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
71

وَامْرَأَتُهُ قَائِمَةٌ فَضَحِكَتْ فَبَشَّرْنَاهَا بِإِسْحَاقَ وَمِن وَرَاءِ إِسْحَاقَ يَعْقُوبَ

ඔහුගේ බිරිය (ඒ අසලම තිරයක් පිටුපස) සිටගෙන සිටියාය. එවිට ඇය සිනාසුණාය. 20 පසුව අපි ඇයට ඉස්හාක් පිළිබඳව ද ඉස්හාක්ට පසු (ඔහුගේ පරපුරෙන් පැමිණෙන) යඃකූබ් පිළිබඳව ද ශුභාරංචි පැවසුවෙමු.
20මෙම ආයතයට අනුව ඇය සතුටින් සිනාසුනේ පැමිණි පිරිස සතුරන් නොව මලක්වරුන් යැයි දැන ගත් හේතුවෙනි යැයි ඇතැම් විද්වතුන් සඳහන් කර ඇත.
72

قَالَتْ يَا وَيْلَتَىٰ أَأَلِدُ وَأَنَا عَجُوزٌ وَهَـٰذَا بَعْلِي شَيْخًا ۖ إِنَّ هَـٰذَا لَشَيْءٌ عَجِيبٌ

ඇය “අහෝ මාගේ ඛේදය! 21 මම මැහැල්ලියක්ව සිට මෙම මාගේ සැමියා ද මහල්ලෙකුව සිටිය දී මම දරුවෙකු ප්රසූත කරන්නේ ද? සැබැවින්ම මෙය විස්මයජනක කරුණකි” යැයි පැවසුවාය.
21එකල කාන්තාවන් මෙලෙස පවසනුයේ දුක්මුසු දැයකට නොව විස්මිත දැයක් ප්රකාශ කිරීමටය.
73

قَالُوا أَتَعْجَبِينَ مِنْ أَمْرِ اللَّهِ ۖ رَحْمَتُ اللَّهِ وَبَرَكَاتُهُ عَلَيْكُمْ أَهْلَ الْبَيْتِ ۚ إِنَّهُ حَمِيدٌ مَّجِيدٌ

“අල්ලාහ්ගේ අණ පිළිබඳව නුඹ පුදුමයට පත්වන්නී ද? (ඉබ්රාහීම්ගේ) නිවැසියනි, අල්ලාහ්ගේ දයාව ද ඔහුගේ අභිවෘද්ධිය ද නුඹලා කෙරෙහි අත් වේවා! සැබැවින්ම ඔහු සර්ව ප්රශංසාලාභීය. අති කීර්තිමත්ය.
74

فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَاهِيمَ الرَّوْعُ وَجَاءَتْهُ الْبُشْرَىٰ يُجَادِلُنَا فِي قَوْمِ لُوطٍ

ඉබ්රාහීම් වෙතින් බිය පහව ගොස් ඔහු වෙත ශුභාරංචිය පැමිණි කල්හි ලූත්ගේ ජනයා වෙනුවෙන් ඔහු අප සමග තර්ක කිරීමට පටන් ගත්තේය. 22
22නබි ලූත් තුමාණන්ගේ සමූහය විනාශයට පත් වීම පිළිබඳව ශෝකයට පත් නබි ඉබ්රාහීම් තුමාණන් ඔවුන් යහ මගට යොමුවේ යැයි අපේක්ෂාවෙන් ඔවුන්ගේ දඬුවමින් ඔවුන්ව නිදහස් කරන මෙන් අල්ලාහ්ගෙන් අයැද සිටියේය. ඔහු නැවත නැවත මෙසේ අයැදීය. ඔහුගේ මෙම නොනැවතුණු අයැදීම අල්ලාහ් මෙම ආයතයේ තර්කයක් ලෙස සඳහන් කර ඇත.
75

إِنَّ إِبْرَاهِيمَ لَحَلِيمٌ أَوَّاهٌ مُّنِيبٌ

සැබැවින්ම ඉබ්රාහීම් ඉවසිලිවන්තය සංවේදීය. (අප වෙත) යොමු වන්නාය.
76

يَا إِبْرَاهِيمُ أَعْرِضْ عَنْ هَـٰذَا ۖ إِنَّهُ قَدْ جَاءَ أَمْرُ رَبِّكَ ۖ وَإِنَّهُمْ آتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍ

“අහෝ ඉබ්රාහීම්! නුඹ මේ පිළිබඳව නොසලකා හරිවු. සැබැවින්ම නුඹගේ පරමාධිපතිගේ (දඬුවමේ) අණ පැමිණ ඇත. තවද සැබැවින්ම ඔවුන් වෙත හරවනු නොලබන දඬුවමක් පැමිණෙන්නේමය.” (යැයි මලක්වරුන් පැවසුවෝය.)
77

وَلَمَّا جَاءَتْ رُسُلُنَا لُوطًا سِيءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالَ هَـٰذَا يَوْمٌ عَصِيبٌ

අපගේ දූතවරු(මලක්වරු) ලූත් වෙත පැමිණි කල්හි ඔවුන්(ගේ පැමිණීම) මගින් ඔහු දුකට පත් කරවනු ලැබීය. තවද ඔවුන්( සමග තම සමූහයා මෙම අශික්ෂිත ක්රියාව කිරීමට තැත් කරති යන බිය) හේතුවෙන් ඔහු (තම) හදවතින් අපහසුතාවට පත් වුණේය. තවද “මෙය ඉතා දැඩි දිනයකි” යැයි ඔහු(ලූත්) පැවසුවේය.
78

وَجَاءَهُ قَوْمُهُ يُهْرَعُونَ إِلَيْهِ وَمِن قَبْلُ كَانُوا يَعْمَلُونَ السَّيِّئَاتِ ۚ قَالَ يَا قَوْمِ هَـٰؤُلَاءِ بَنَاتِي هُنَّ أَطْهَرُ لَكُمْ ۖ فَاتَّقُوا اللَّهَ وَلَا تُخْزُونِ فِي ضَيْفِي ۖ أَلَيْسَ مِنكُمْ رَجُلٌ رَّشِيدٌ

තවද ඔහුගේ ජනයා ඔහු දෙසට ශීඝ්ර වූ තත්ත්වයේ ඔහු වෙත පැමිණියෝය. තවද මීට පෙර ඔවුන් නරකයන්(අශික්ෂිත ක්රියාවන්) කරමින් සිටියෝය. “මාගේ ජනයිනි, මොවුන් මාගේ දූවරුන්ය. මොවුන් නුඹලාට ඉතා පිවිතුරුය. (මොවුන්ව නුඹලා විවාහ කර ගනු.) එබැවින් (පැමිණ ඇති ආගන්තුකයින් පිළිබඳව) නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. 23 තවද මාගේ ආගන්තුකයින්ගේ විෂයෙහි නුඹලා මා අවමානයට පත් නොකරවු. නුඹලා අතුරින් සිහි බුද්ධිය ඇති (එකදු) පිරිමියෙකු හෝ නොමැත්තේ ද?” යැයි ඔහු(ලූත්) පැවසුවේය.
23නබි ලූත් තුමාණන් වෙත පැමිණි මලක්වරුන් සමග නබි ලූත් තුමාණන්ගේ ජනයා අයුතු සමලිංගික සම්බන්ධතා පැවැත්වීමට තැත් කළෝය. එවිට එතුමාණන් එම වරදින් ඔවුන්ව මුදවා ගැනීම පිණිස තම දූවරුන් සරණපාවා ගෙන හෝ එම වරදින් වැළකෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. මෙහි දූවරුන් යැයි පවසා ඇත්තේ තම දූවරුන් පමණක් අඩංගු නොවන නමුත් පොදු කාන්තාවන් යනුවෙන් හැඟවීමටය. නබි ලූත් තුමාණන් සිය කැමැත්තෙන්ම තම දූවරුන් මේ සඳහා ඉදිරිපත් නොකළ නමුත් එසේ කරනුයේ පිරිමින් හා ගැහැනුන් ලිංගිකත්වයේ යෙදීමට සුදුසු වන්නේ විරුද්ධ පාක්ෂකය සමග බව අවධාරණය කිරීමටය. නමුත් ඔවුන් ඒ පිළිබඳව කිසිවක් නොතකා ඊළඟ අල් කුර්ආන් ආයතයන් වල සඳහන් අයුරින් කටයුතු කළෝය.
79

قَالُوا لَقَدْ عَلِمْتَ مَا لَنَا فِي بَنَاتِكَ مِنْ حَقٍّ وَإِنَّكَ لَتَعْلَمُ مَا نُرِيدُ

“නුඹගේ දූවරුන් විෂයෙහි අපට කිසිදු අවශ්යතාවක් නැතැ’යි නුඹ දන්නෙහිය. තවද අපි අපේක්ෂා කරන දෑ ද නුඹ දන්නෙහිය.” යැයි ඔවුහු පැවසුවෝය.
80

قَالَ لَوْ أَنَّ لِي بِكُمْ قُوَّةً أَوْ آوِي إِلَىٰ رُكْنٍ شَدِيدٍ

සැබැවින්ම නුඹලාට එරෙහිව මට ශක්තියක් ඇත්නම් හෝ (මට උදව් කළ හැකි) බලවත් (පිරිසකගේ) ආධාරයක් වෙත මම සම්බන්ධ වූයේ නම් (නුඹලාව මැඩ පවත්වන්නෙමි.)” යැයි ඔහු(ලූත්) පැවසුවේය.
81

قَالُوا يَا لُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوا إِلَيْكَ ۖ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِّنَ اللَّيْلِ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ إِلَّا امْرَأَتَكَ ۖ إِنَّهُ مُصِيبُهَا مَا أَصَابَهُمْ ۚ إِنَّ مَوْعِدَهُمُ الصُّبْحُ ۚ أَلَيْسَ الصُّبْحُ بِقَرِيبٍ

“අහෝ ලූත්! අපි නුඹගේ පරමාධිපතිගේ දූතයන් වෙමු. ඔවුහු නුඹ වෙත නොපැමිණෙන්නෝමය. එබැවින් රාත්රියේ යම් කොටසක (දේශාන්තරණය සඳහා) නුඹගේ බිරිය හැර නුඹගේ පවුලේ අයව කැටුව යවු. තවද නුඹලාගෙන් කිසිවෙකු හැරී නොබැලිය යුතුය. සැබැවින්ම ඔවුනට සිදු වන දෑ ඇයට ද සිදුවන්නකි. 24 සැබැවින්ම (දඬුවම පැමිණීමට) ඔවුනට පොරොන්දු වූ මොහොත අලුයම් කාලයයි. අලුයම් කාලය සමීප නොවේ ද!”යැයි ඔවුහු(මලක්වරුන්) පැවසූහ.
24නබි ලූත් තුමාණන්ගේ භාර්යාව සත්යය දහම පිළිනොගත් හෙයින් ප්රතික්ෂේපකයින්ට හිමි දඬුවම ඇයටද නියම වී තිබුණි. මෙයින් පැහැදිලි වන්නේ කෙනෙකු විශ්වාස නොකර යහ කි්රයා නොකර සැදැහැමියන් සමග සම්බන්ධකම් පැවැත්වීම පමණක් කිසිදු ප්රයෝජනයක් ඇති නොකරයි යන්නය.
82

فَلَمَّا جَاءَ أَمْرُنَا جَعَلْنَا عَالِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهَا حِجَارَةً مِّن سِجِّيلٍ مَّنضُودٍ

(නබිවරය,) අපගේ (දඬුවමේ) අණ පැමිණි කල්හි නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තැබූ 25 පුලුස්සන ලද (මැටිවලින් වූ) ගල් වර්ෂාවක් එක පිට එක එ(ම ගම්මාන)ය මත පතිත කරවා අපි එ(ම ගම්මානයෙ)හි උඩු එහි යටි කුරු කළෙමු. එ(ම උඩු යටිකුරු කළ ගම්මාන)ය අපාරධකරුවන්ගෙන් 26 ඈත් නොවූවකි.
25මෙම ආයතයෙහි ‘සළකුණු තබනු ලැබූ’ යන්නෙන් අදහස් කරනුයේ ‘එම ගල මගින් ප්රහාරයට ලක් වන්නාගේ නම එහි සඳහන්ව තිබීම’ යන්නෙන් අල් කුර්ආන් විග්රහකයින් විග්රහ කර ඇති අතර ඇතැමුන් ‘ඒවායෙහි සුදු, කළු, හා රතු වර්ණ ගැන්වී තිබීම’ යන්නනේ ද විග්රහ කොට ඇත.
26මෙහි අපරාධකරුවන් යනු අරාබි මිථ්යාදෘෂ්ටිකයන්ය. ඔවුන් සිරියාවට යන මාර්ගයේ මෙම ප්රදේශය පසු කර යන්නෝය. මෙම ආයතය මගින් මෙම ප්රදේශය ඔවුන්ට සමීප වූ ප්රදේශයක් යැයි අවධාරණය කරයි.
83

مُّسَوَّمَةً عِندَ رَبِّكَ ۖ وَمَا هِيَ مِنَ الظَّالِمِينَ بِبَعِيدٍ

(නබිවරය,) අපගේ (දඬුවමේ) අණ පැමිණි කල්හි නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තැබූ 25 පුලුස්සන ලද (මැටිවලින් වූ) ගල් වර්ෂාවක් එක පිට එක එ(ම ගම්මාන)ය මත පතිත කරවා අපි එ(ම ගම්මානයෙ)හි උඩු එහි යටි කුරු කළෙමු. එ(ම උඩු යටිකුරු කළ ගම්මාන)ය අපාරධකරුවන්ගෙන් 26 ඈත් නොවූවකි.
84

وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا ۚ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُ ۖ وَلَا تَنقُصُوا الْمِكْيَالَ وَالْمِيزَانَ ۚ إِنِّي أَرَاكُم بِخَيْرٍ وَإِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ مُّحِيطٍ

තවද මද්යන් (වාසීන්) වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව 27 ද (අපි යැව්වෙමු.) “මාගේ ජනයනි, නුඹලා අල්ලාහ්ව (පමණක්) නැමදුම් කරවු. ඔහු හැර වෙනත් දෙවියෙකු නුඹලාට නැත. තවද නුඹලා කිරුම් සහ මිනුම්හි අඩුවක් නොකරවු. සැබැවින්ම මම නුඹලාව යහපතෙහි සිටිනු දකින්නෙමි. වටලා ගන්නා දිනයක දඬුවම පිළිබඳව නුඹලා කෙරෙහි සැබැවින්ම මම බිය වන්නෙමි.” යැයි ඔහු පැවසුවේය.
27‘මද්යන්’ නගරය හා නබි ෂුඅයිබ් තුමාණන් පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:87 ආයතයට අදාළ පාද සටහන බලන්න.
85

وَيَا قَوْمِ أَوْفُوا الْمِكْيَالَ وَالْمِيزَانَ بِالْقِسْطِ ۖ وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ

“තවද මාගේ ජනයිනි! නුඹලා (යමක් මැන දෙන විට) යුක්තිගරුකව කිරුම් සහ මිනුම් සම්පූර්ණ කරවු. තවද නුඹලා ජනයාට ඔවුන්ගේ භාණ්ඩ (නියමිත ප්රමාණයට වඩා) අඩු නොකරවු. තවද නුඹලා මිහිතලයෙහි කලහකාරකම් පතුරුවමින් සීමාව ඉක්මවා නොයවු.
86

بَقِيَّتُ اللَّهِ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ۚ وَمَا أَنَا عَلَيْكُم بِحَفِيظٍ

නුඹලා විශ්වාසිකයින්ව සිටියෙහු නම් අල්ලාහ්ගෙන් (නිවැරදිව කිරුම් මිනුම් කර) ඉතිරි වූ දෑ නුඹලාට ශ්රේෂ්ඨය. තවද මම නුඹලා කෙරෙහි ආරක්ෂකයෙකු නොවෙමි.” (යැයි ද ෂුඅයිබ් පැවසුවේය.)
87

قَالُوا يَا شُعَيْبُ أَصَلَاتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ آبَاؤُنَا أَوْ أَن نَّفْعَلَ فِي أَمْوَالِنَا مَا نَشَاءُ ۖ إِنَّكَ لَأَنتَ الْحَلِيمُ الرَّشِيدُ

“අහෝ ෂුඅයිබ්! නුඹගේ සලාතය(දහම මගින්), අපගේ මුතුන්මිත්තන් නැමදුම් කරමින් සිටි දෑ අප අතහැර දමන ලෙස හෝ අප අභිමත කරන අයුරින් අපගේ වස්තූන් විෂයෙහි (වියදම්) නොකරන ලෙස හෝ නුඹට විධානය කර ඇත්තේ ද? සැබැවින්ම නුඹමය ඉවසිලිවන්තයා. සිහි බුදධිය ඇත්තා” යැයි ඔවුහු (සමච්චල් කරමින්) පැවසුවෝය.
88

قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّي وَرَزَقَنِي مِنْهُ رِزْقًا حَسَنًا ۚ وَمَا أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَىٰ مَا أَنْهَاكُمْ عَنْهُ ۚ إِنْ أُرِيدُ إِلَّا الْإِصْلَاحَ مَا اسْتَطَعْتُ ۚ وَمَا تَوْفِيقِي إِلَّا بِاللَّهِ ۚ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ

(එයට) ඔහු “මාගේ ජනයිනි! මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහුගෙන් වූ යහපත් ජීවන සම්පතක් ඔහු මට පෝෂණය කර තිබිය දී (නුඹලාව මම නොමග යෑමට ඉඩ හැරිය යුතුද? යන්න) නුඹලා අවධානය කළෙහු ද? කවර දෙයකින් නුඹලාව මා වැළැක්වූයේ ද එය වෙත නුඹලාට වෙනස්කම් කිරීමට මම අපේක්ෂා නොකරමි. මට හැකි පමණින් (නුඹලාගේ ආත්ම) සංශෝධනය කිරීම මිස (අන් කිසිවක්) මම අපේක්ෂා නොකරමි. තවද මාගේ හැකියාව අල්ලාහ්ගෙන් මිස නැත. ඔහු මත සියල්ල මම භාර කළෙමි. තවද ඔහු වෙතම යොමු වෙමි.” යැයි පැවසුවේය.
89

وَيَا قَوْمِ لَا يَجْرِمَنَّكُمْ شِقَاقِي أَن يُصِيبَكُم مِّثْلُ مَا أَصَابَ قَوْمَ نُوحٍ أَوْ قَوْمَ هُودٍ أَوْ قَوْمَ صَالِحٍ ۚ وَمَا قَوْمُ لُوطٍ مِّنكُم بِبَعِيدٍ

“තවද මාගේ ජනයිනි, මා( සමග වූ නුඹලා)ගේ අසම්මුතිය නූහ්ගේ ජනයාට හෝ හූද්ගේ ජනයාට හෝ සාලිහ්ගේ ජනයාට හෝ ඇති වූවක් මෙන් නුඹලාට ද (විනාශයක්) ඇති වීමට නුඹලාව පොළඹවිය නොයුතුය. තවද ලූත්ගේ ජනයා(ට ඇති වූ දඬුවම) නුඹලාට නොදුරිනි.
90

وَاسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ ۚ إِنَّ رَبِّي رَحِيمٌ وَدُودٌ

තවද නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් පාප ක්ෂමාව අයැදිවු. පසුව ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වවු. සැබැවින්ම මාගේ පරමාධිපති පරම කරුණාභරිතය අති සෙනෙහවන්තය.” (යැයි ද ෂුඅයිබ් පැවසුවේය.)
91

قَالُوا يَا شُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَاكَ فِينَا ضَعِيفًا ۖ وَلَوْلَا رَهْطُكَ لَرَجَمْنَاكَ ۖ وَمَا أَنتَ عَلَيْنَا بِعَزِيزٍ

“අහෝ ෂුඅයිබ්! නුඹ පවසන දැයින් බොහෝ දෑ අපට නොවැටහෙන්නේය. සැබැවින්ම අප අතර නුඹව අප දකින්නේ දුබලයෙකු ලෙසය. නුඹගේ ගෝත්රය නොසිටියේ නම් අපි නුඹව ගල් ගසා (මරා) දමන්නට තිබුණි. තවද නුඹ අප කෙරෙහි ගෞරවාන්විත කෙනෙකු නොවේ.” යැයි ඔවුහු පැවසුවෝය.
92

قَالَ يَا قَوْمِ أَرَهْطِي أَعَزُّ عَلَيْكُم مِّنَ اللَّهِ وَاتَّخَذْتُمُوهُ وَرَاءَكُمْ ظِهْرِيًّا ۖ إِنَّ رَبِّي بِمَا تَعْمَلُونَ مُحِيطٌ

“මාගේ ජනයිනි, අල්ලාහ්ට වඩා මාගේ ගෝත්රය නුඹලා කෙරෙහි ඉතා ගෞරවාන්විත ද! තවද නුඹලා ඔහුව(අල්ලාහ්ව නොසලකා) පිට පෙදෙසින් නුඹලාගේ පසුපසට දමා ඇත. සැබැවින්ම මාගේ පරමාධිපති නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව සර්ව ප්රකාරයෙන්ම දැන සිටින්නේය.” යැයි ඔහු(ෂුඅයිබ්) පැවසුවේය.
93

وَيَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ سَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَمَنْ هُوَ كَاذِبٌ ۖ وَارْتَقِبُوا إِنِّي مَعَكُمْ رَقِيبٌ

තවද “මාගේ ජනයිනි, නුඹලා නුඹලාගේ තත්ත්වයට අනුව කි්රයා කරවු. සැබැවින්ම මම (අල්ලාහ්ගේ විධානයට අනුව) කි්රයා කරන්නෙක් වෙමි. තමන්ව නින්දා කරන දඬුවමක් කවරෙකුට පැමිණෙන්නේ දැ’යි ද බොරුකාරයා කවරෙකු දැ?යි ද නුඹලා මතු දැන ගනු ඇත. තවද නුඹලා (නුඹලාගේ විනාශය) බලාපොරොත්තුවෙන් සිටිවු. සැබැවින්ම මම ද නුඹලා සමග (එය) බලාපොරොත්තුවෙන් සිටිමි.” (යැයි ද ෂුඅයිබ් පැවසුවේය.)
94

وَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا شُعَيْبًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِّنَّا وَأَخَذَتِ الَّذِينَ ظَلَمُوا الصَّيْحَةُ فَأَصْبَحُوا فِي دِيَارِهِمْ جَاثِمِينَ

අපගේ (දඬුවමේ) අණ පැමිණි කල්හි අපි අපගෙන් වූ දයාවෙන් ෂුඅයිබ්ව ද ඔහු සමග වූ විශ්වාස කළවුන්ව ද මුදවා ගත්තෙමු. තවද අපරාධ කළවුන්ව මහා හඬ ග්රහණය කළේය. තවද ඔවුහු උදෑසන ඔවුන්ගේ නිවෙස් තුළම දණින් වැටී (මිය ගිය තත්ත්වයේ) පසු වූහ.
95

كَأَن لَّمْ يَغْنَوْا فِيهَا ۗ أَلَا بُعْدًا لِّمَدْيَنَ كَمَا بَعِدَتْ ثَمُودُ

ඔවුන් එ(ම නිවෙස්)හි වාසය නොකළාක් මෙනි. දැන ගනිවු. සමූද් ජනයා (අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරස්ථ වූවාක් මෙන් මද්යන් වැසියන් ද දුරස්ථ (වි)ය.
96

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا وَسُلْطَانٍ مُّبِينٍ

සැබැවින්ම අපි මූසාව අපගේ සංඥාවන් හා පැහැදිලි සාධකයක් සමග ෆිර්අවුන් හා ඔහුගේ ප්රධානීන් වෙත යැව්වෙමු. තවද ෆිර්අවුන්ගේ අණ නිවැරදිව නොතිබිය දී ඔවුහු(ප්රධානීන්) ෆිර්අවුන්ගේ අණ අනුගමනය කළෝය.
97

إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَاتَّبَعُوا أَمْرَ فِرْعَوْنَ ۖ وَمَا أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍ

සැබැවින්ම අපි මූසාව අපගේ සංඥාවන් හා පැහැදිලි සාධකයක් සමග ෆිර්අවුන් හා ඔහුගේ ප්රධානීන් වෙත යැව්වෙමු. තවද ෆිර්අවුන්ගේ අණ නිවැරදිව නොතිබිය දී ඔවුහු(ප්රධානීන්) ෆිර්අවුන්ගේ අණ අනුගමනය කළෝය.
98

يَقْدُمُ قَوْمَهُ يَوْمَ الْقِيَامَةِ فَأَوْرَدَهُمُ النَّارَ ۖ وَبِئْسَ الْوِرْدُ الْمَوْرُودُ

(මළවුන්) නැගිටුවනු ලබන දින ඔහු ඔහුගේ ජනයාව ඉදිරියට කැටුව පැමිණ පසුව ඔහු ඔවුන්ව නිරයට ඇතුළු කරන්නේය. තවද ඇතුළු කරනු ලබන්නා වූ ස්ථානය(නිරය) කෙතරම් නින්දනීය ද!
99

وَأُتْبِعُوا فِي هَـٰذِهِ لَعْنَةً وَيَوْمَ الْقِيَامَةِ ۚ بِئْسَ الرِّفْدُ الْمَرْفُودُ

තවද මෙ(ලොවෙ)හි ද (මළවුන්) නැගිටුවනු ලබන දින ද ශාපයක් මගින් ඔවුන්ව ලුහුබඳිනු ලබන්නෝය. ප්රදානය කරනු ලබන දෑහි(ශාපයෙහි) ප්රදානය කෙතරම් නින්දනීය ද!
100

ذَٰلِكَ مِنْ أَنبَاءِ الْقُرَىٰ نَقُصُّهُ عَلَيْكَ ۖ مِنْهَا قَائِمٌ وَحَصِيدٌ

මේවා ග්රාමයන්හි වෘත්තාන්ත අතුරින්ය. එය අපි නුඹ වෙත දන්වන්නෙමු. එවායින් සමහරක් (ජනයින් ජීවත් වන පරිදි) පවතින්නේය. තවත් සමහරක් (විනාශ වී ගොස්) අස්වනු නෙළන ලැබූ ඒවා (මෙන්)ය. 28
28අල්ලාහ් ඇතැම් ගම්මානයන් විනාශ කරන විට එහි විසූ ජනයින්ව පමණක් විනාශ කර එම ගම්මානය ජීවමානව පවත්වයි. (උදා: ෆිර්අවුන් ගිලී ගිය පසු ඊජිප්තුව පැවතුණ මෙන්ය.) තවත් සමහර නගරයන් විනාශ කරන විට එහි විසූ ජනයින්ව හා එම ගම්මානයම ඔහු විනාශ කර දමන්නේය. (උදා: නබි ලූත් තුමාණන්ගේ ජනයින් ඔවුන් විසූ ගම්මානය ද සමග කිසිම සලකුණක් නොමැතිව විනාශ කළේය.).
101

وَمَا ظَلَمْنَاهُمْ وَلَـٰكِن ظَلَمُوا أَنفُسَهُمْ ۖ فَمَا أَغْنَتْ عَنْهُمْ آلِهَتُهُمُ الَّتِي يَدْعُونَ مِن دُونِ اللَّهِ مِن شَيْءٍ لَّمَّا جَاءَ أَمْرُ رَبِّكَ ۖ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍ

ඔවුනට අපි අපරාධ නොකළෙමු. එනමුත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගත්තෝය. එබැවින් නුඹගේ පරමාධිපතිගේ (දඬුවමේ) විධානය පැමිණි කල්හි අල්ලාහ් හැර ඔවුන් අයැදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් ඔවුනට කිසිවකින් ඵලක් ඇති නොකළෝය. තවද ඔවුන්(දෙවිවරුන්) ඔවුනට විනාශය මිස (වෙනත් කිසිවක්) අධික නොකළෝය.
102

وَكَذَٰلِكَ أَخْذُ رَبِّكَ إِذَا أَخَذَ الْقُرَىٰ وَهِيَ ظَالِمَةٌ ۚ إِنَّ أَخْذَهُ أَلِيمٌ شَدِيدٌ

තවද ගම්මානයන්, ඒවා(යෙහි වැසියන්) අපාරාධ කරමින් සිටිය දී නුඹගේ පරමාධිපති (දඬුවමින්) ග්රහණය කළ විට ඔහුගේ ග්රහණය මෙලෙසය. 29 සැබැවින්ම ඔහුගේ (දඬුවමේ) ග්රහණය වේදනීයය. දැඩිය.
29මෙම ආයතයේ ‘ඔහුගේ ග්රහණය මෙලෙසය’ යනු මෙයට පෙර මෙම සූරාවෙහි සඳහන් ප්රජාවන් අල්ලාහ් දඬුවමින් ග්රහණය කළා මෙන්ය.
103

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّمَنْ خَافَ عَذَابَ الْآخِرَةِ ۚ ذَٰلِكَ يَوْمٌ مَّجْمُوعٌ لَّهُ النَّاسُ وَذَٰلِكَ يَوْمٌ مَّشْهُودٌ

පරමාන්ත දිනයේ දඬුවමට කවරෙකු බියවන්නේ ද සැබැවින්ම ඔහුට මෙ(ම වෘත්තාන්තයන්)හි සංඥාවක් ඇත. එ(ම දින)ය ජනයා ඒ සඳහා එක් රැස් කරනු ලබන දිනයකි. තවද එය (සියලු දෑ සඳහා) සාක්ෂි දරනු ලබන දිනයකි.
104

وَمَا نُؤَخِّرُهُ إِلَّا لِأَجَلٍ مَّعْدُودٍ

තවද නියම කරන ලද කාලයකට මිස අපි එය ප්රමාද නොකරන්නෙමු.
105

يَوْمَ يَأْتِ لَا تَكَلَّمُ نَفْسٌ إِلَّا بِإِذْنِهِ ۚ فَمِنْهُمْ شَقِيٌّ وَسَعِيدٌ

එය පැමිණෙන දින ඔහුගේ(අල්ලාහ්ගේ) අනුමැතියෙන් තොරව කිසිවෙක් කතා නොකරන්නේය. එබැවින් ඔවුන් අතුරින් අභාග්යවන්තයින් ද භාග්යවන්තයින් ද වෙති.
106

فَأَمَّا الَّذِينَ شَقُوا فَفِي النَّارِ لَهُمْ فِيهَا زَفِيرٌ وَشَهِيقٌ

අභාග්යවන්තයින් පිළිබඳව (සඳහන් කරන්නේ) නම්, (එදින) ඔවුන් (නිරා) ගින්නෙහිය. එහි ඔවුනට (අප්රසන්න) මහා හඬක් ද මොර හඬක් ද වේ.
107

خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ إِلَّا مَا شَاءَ رَبُّكَ ۚ إِنَّ رَبَّكَ فَعَّالٌ لِّمَا يُرِيدُ

අහස් හා මිහිතලය පවතින තාක්කල් 30 නුඹගේ පරමාධිපති (එයින් මුදවා ගැනීමට) අභිමත කළහොත් මිස ඔවුහු එහි සදාතනිකයින් වෙති. 31 සැබැවින්ම නුඹගේ පරමාධිපති ඔහු අපේක්ෂා කරන දෑ එලෙසින්ම කරන්නෙකි.
30මෙම ආයතයෙහි “අහස් හා මිහිතලය පවතින තාක්කල්” යනුවෙන් අදහස් කරනුයේ මෙලොව අහස පොළොව නොවේ. මන්දයත් විනිශ්චය දින ඇති වීමට පෙර අහස පොළොව ඇතුළු සියල්ලක්ම විනාශ වේ යැයි අල් කුර්ආනයේ සඳහන් වී ඇති හෙයින් මෙය නිරන්තරභාවය පැහැදිලි කිරීමට අල්ලාහ් භාවිත කළ නිදසුනකි. මෙයට තවත් අර්ථයක් නම් මරණින් මතු ජීවිතයේ දී අල්ලාහ් නව අහස් හා මිහිතලයන් මවනු ලබයි යන්නය.
31‘නුඹගේ පරමාධිපති එයින් මුදවා ගැනීමට අභිමත කළහොත් මිස’ යනු අභාග්යවන්තයින්ගේ සදාතනික දඬුවම යම් පිරිසක් විසින් අල්ලාහ්ට බල කළ අනිවාර්යය දෙයක් නොව මෙය අල්ලාහ්ම අභිමත කර දෙන දඬුවමකි යන්නය. අල්ලාහ් අභිමත කරන දැයක් පිළිබඳව කිසිවෙකුට ප්රශ්න කිරීමට අයිතියක් නැත.
108

وَأَمَّا الَّذِينَ سُعِدُوا فَفِي الْجَنَّةِ خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ إِلَّا مَا شَاءَ رَبُّكَ ۖ عَطَاءً غَيْرَ مَجْذُوذٍ

තවද භාග්යය ලැබූවන් පිළිබඳව (සඳහන් කරන්නේ) නම් (එදින) ඔවුන් (ස්වර්ග) උයන්හිය. අහස් හා මිහිතලය පවතින තාක්කල් නුඹගේ පරමාධිපති අභිමත කළහොත් මිස ඔවුහු එහි සදාතනිකයෝ වෙති. (එය) අඩුවක් නොවන තිළිණයක් වශයෙනි.
109

فَلَا تَكُ فِي مِرْيَةٍ مِّمَّا يَعْبُدُ هَـٰؤُلَاءِ ۚ مَا يَعْبُدُونَ إِلَّا كَمَا يَعْبُدُ آبَاؤُهُم مِّن قَبْلُ ۚ وَإِنَّا لَمُوَفُّوهُمْ نَصِيبَهُمْ غَيْرَ مَنقُوصٍ

එබැවින් (නබිවරය,) මොවුන් නමදින දෑ පිළිබඳව නුඹ සැකයෙහි පසු නොවවු. ඔවුන් මීට පෙර ඔවුන්ගේ මුතුන්මිත්තන් නැමදූ අයුරින් මිස නොනමදිති. තවද සැබැවින්ම අපි කිසිදු අඩුවකින් තොරව ඔවුන්ගේ (දඬුවමේ) කොටස ඔවුනට සම්පූර්ණ කරන්නන් වෙමු.
110

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَاخْتُلِفَ فِيهِ ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِيَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِي شَكٍّ مِّنْهُ مُرِيبٍ

තවද සැබැවින්ම අපි මූසාට ධර්ම පුස්තකය පිරිනැමුවෙමු. ඒ පිළිබඳව ද (අල් කුර්ආනය මෙන්ම) මතභේද හට ගැනිණ. (‘ඔවුන්ට හිමි දඬුවම විනිශ්චය දිනයෙහි ඇත’ යන්නෙන්) නුඹගේ පරමාධිපතිගෙන් වූ වදනක් පෙරටු නොවූයේ නම්, ඔවුන් අතර (දඬුවම මෙලොවෙහිම) තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද සැබැවින්ම මොවුන් එහි දැඩි සැකයෙහිම පසු වෙති.
111

وَإِنَّ كُلًّا لَّمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَالَهُمْ ۚ إِنَّهُ بِمَا يَعْمَلُونَ خَبِيرٌ

තවද සැබැවින්ම සෑම කෙනෙකුටම නුඹගේ පරමාධිපති ඔවුන්ගේ ක්රියාවන් (සඳහා වූ ප්රතිඵල) ඔවුනට සම්පූර්ණයෙන් පිරිනමනු ඇත. සැබැවින්ම ඔහු ඔවුන් කරමින් සිටින දෑ පිළිබඳව අභිඥානවන්තය.
112

فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطْغَوْا ۚ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

නුඹට අණ කරනු ලැබූ පරිදි නුඹ ද නුඹ සමග (සිටි) පශ්චාත්තාප කළවුන් ද (යහ කි්රයාවන්හි) ස්ථාවරව සිටිවු. තවද නුඹලා සීමාව ඉක්මවා නොයවු. සැබැවින්ම ඔහු නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.
113

وَلَا تَرْكَنُوا إِلَى الَّذِينَ ظَلَمُوا فَتَمَسَّكُمُ النَّارُ وَمَا لَكُم مِّن دُونِ اللَّهِ مِنْ أَوْلِيَاءَ ثُمَّ لَا تُنصَرُونَ

තවද අපරාධ කළවුන් වෙත නුඹලා නැඹුරු නොවවු. එසේ (නුඹලා කළේ) නම් නුඹලාව (නිරා) ගින්න ස්පර්ශ කරනු ඇත. තවද අල්ලාහ් හැර (වෙනත්) භාරකරුවන් කිසිවෙකු නුඹලාට නැත. පසුව නුඹලා උදව් කරනු නොලබන්නෙහුය.
114

وَأَقِمِ الصَّلَاةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِّنَ اللَّيْلِ ۚ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّاكِرِينَ

(නබිවරය,) නුඹ දහවලෙහි දෙකෙළවරෙහි ද රාත්රියෙන් කොටසක ද සලාතය) ස්ථාපිත කරවු. 32 සැබැවින්ම යහකම් නරකයන් ඉවත් කරන්නේය. මෙය මෙනෙහි කරන්නන්ට උපදෙසකි.
32මෙම ආයතයට අනුව දහවලෙහි දෙකළවරට අයත් සලාතයන් යනු ෆජ්ර්, ලුහර් හා අසර් සලාතයන් යනුවෙන් ද රාත්රියෙන් කොටසකට අයත් සලාතයන් යනු මග්රිබ් හා ඉෂා සලාතයන් යනුවෙන් ද අල් කුර්ආන් විග්රහකයින් අරුත දක්වා ඇත.
115

وَاصْبِرْ فَإِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ

තවද නුඹ ඉවසවු. සැබැවින්ම අල්ලාහ් යහකම් කළවුන්ගේ වේතනය නිෂ්ඵල නොකරන්නේය.
116

فَلَوْلَا كَانَ مِنَ الْقُرُونِ مِن قَبْلِكُمْ أُولُو بَقِيَّةٍ يَنْهَوْنَ عَنِ الْفَسَادِ فِي الْأَرْضِ إِلَّا قَلِيلًا مِّمَّنْ أَنجَيْنَا مِنْهُمْ ۗ وَاتَّبَعَ الَّذِينَ ظَلَمُوا مَا أُتْرِفُوا فِيهِ وَكَانُوا مُجْرِمِينَ

නුඹලාට පෙර වූ පරම්පරාවන්ගෙන් මිහිතලයෙහි කලහකම් කිරීමෙන් වළක්වන්නා වූ යහපත් අය සිටිය යුතු නොවේ ද? (නමුත්) ඔවුන් අතුරින් අපි කවරෙකුව (අපගේ දඬුවමින්) මුදවා ගත්තෙමු ද ඔවුන්ගෙන් ස්වල්පයක් හැර, (එසේ නොවූහ.) තවද (විනාශ වී ගිය) අපරාධකළවුන් (මෙලොවෙහි) කුමක් තුළ පූර්ණ සොම්නස ලැබුවේ ද එය ඔවුන් අනුගමනය කළෝය. තවද ඔවුහු වැරදිකරුවෝ වූහ.
117

وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ الْقُرَىٰ بِظُلْمٍ وَأَهْلُهَا مُصْلِحُونَ

ගම්මානයන්හි වැසියන් (පාපයෙන් ජනයා වළක්වා නිවැරදි මග පෙන්වා දෙන) සංශෝධකයින් ලෙස සිටිය දී ඒවා අසාධාරණ ලෙසින් විනාශ කිරීම නුඹගේ පරමාධිපතිට (අයත්) නොවීය.
118

وَلَوْ شَاءَ رَبُّكَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدَةً ۖ وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ

නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් ජනයින්ව එකම ප්රජාවක් බවට ඔහු පත් කරන්නට තිබුණි. නුඹගේ පරමාධිපති දයාව පෙන් වූ අය හැර අන් අය (දහමෙහි) මතභේද ඇත්තන්වම සිටියෝය. තවද මේ වෙනුවෙන්මය ඔවුන්ව ඔහු මැව්වේ. 33 තවද “සැබැවින්ම (පාපතර) මිනිසුන් හා ජින්වරුන් සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමි” යන නුඹගේ පරමාධිපතිගේ වදන සම්පූර්ණ(යෙන් නියම) විය.
33අල්ලාහ්ට සියලු ජනයින්ව සත්යය දහම බලෙන් විශ්වාස කරලීමට ශක්තියක් ඇත. නමුත් එසේ කළේ නම් මෙලොව මැවීමේ අරමුණ නැති වී යන්නේය. ජනයින් බල කිරීමකින් තොරව තමන්ගේ ස්ව කැමැත්තෙන් සත්යය දහම විශ්වාස කළ යුතුය යන්න මෙයින් අදහස් කෙරෙයි.
119

إِلَّا مَن رَّحِمَ رَبُّكَ ۚ وَلِذَٰلِكَ خَلَقَهُمْ ۗ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ

නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් ජනයින්ව එකම ප්රජාවක් බවට ඔහු පත් කරන්නට තිබුණි. නුඹගේ පරමාධිපති දයාව පෙන් වූ අය හැර අන් අය (දහමෙහි) මතභේද ඇත්තන්වම සිටියෝය. තවද මේ වෙනුවෙන්මය ඔවුන්ව ඔහු මැව්වේ. 33 තවද “සැබැවින්ම (පාපතර) මිනිසුන් හා ජින්වරුන් සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමි” යන නුඹගේ පරමාධිපතිගේ වදන සම්පූර්ණ(යෙන් නියම) විය.
120

وَكُلًّا نَّقُصُّ عَلَيْكَ مِنْ أَنبَاءِ الرُّسُلِ مَا نُثَبِّتُ بِهِ فُؤَادَكَ ۚ وَجَاءَكَ فِي هَـٰذِهِ الْحَقُّ وَمَوْعِظَةٌ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ

තවද කවර දෙයකින් අපි නුඹගේ හදවත ස්ථාවර කරන්නෙමු ද ඒ සියල්ල, රසූල්වරුන්ගේ පුවත් අතුරින් අපි නුඹ වෙත වෘත්තාන්ත (ලෙස) පවසන්නෙමු. තවද මෙ(ම පුවත්)හි සත්යය ද උපදෙසක් ද විශ්වාසිකයින්ට මෙනෙහි කිරීමක් ද නුඹ වෙත පැමිණ ඇත.
121

وَقُل لِّلَّذِينَ لَا يُؤْمِنُونَ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنَّا عَامِلُونَ

(නබිවරය,) නුඹ විශ්වාස නොකළවුනට “නුඹලා නුඹලාගේ තත්ත්වයට අනුව කි්රයා කරවු. සැබැවින්ම අපි (අල්ලාහ්ගේ විධානයට අනුව) කි්රයාකරන්නන් වන්නෙමු. තවද නුඹලා (නුඹලාගේ කි්රයාවන්හි අවසානය) බලාපොරොත්තු වවු. සැබැවින්ම අපි ද (එය) බලාපොරොත්තු වන්නන් වෙමු.” යැයි පවසවු.
122

وَانتَظِرُوا إِنَّا مُنتَظِرُونَ

(නබිවරය,) නුඹ විශ්වාස නොකළවුනට “නුඹලා නුඹලාගේ තත්ත්වයට අනුව කි්රයා කරවු. සැබැවින්ම අපි (අල්ලාහ්ගේ විධානයට අනුව) කි්රයාකරන්නන් වන්නෙමු. තවද නුඹලා (නුඹලාගේ කි්රයාවන්හි අවසානය) බලාපොරොත්තු වවු. සැබැවින්ම අපි ද (එය) බලාපොරොත්තු වන්නන් වෙමු.” යැයි පවසවු.
123

وَلِلَّهِ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ الْأَمْرُ كُلُّهُ فَاعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

අහස් හා මිහිතලයේ ගුප්ත දෑ අල්ලාහ්ටම සතුය. තවද කරුණු සියල්ල ඔහු වෙතම නැවත යොමු වනු ඇත. එබැවින් නුඹ ඔහුට නැමදුම් කරවු. තවද ඔහු කෙරෙහිම සියල්ල භාර කරවු. තවද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව නුඹගේ පරමාධිපති අනවධානියෙකු නොවේ.
يوسفමක්කී
1

الر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ

අලිෆ්. ලාම්. රා. 1 මෙය පැහැදිලි ධර්ම පුස්තකයේ වදන්ය.
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 පාද සටහන බලන්න.
2

إِنَّا أَنزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ

නුඹලා අවබෝධ කර ගනු පිණිස සැබැවින්ම අපි එ(ම අල් කුර්ආන)ය අරාබි භාෂාවෙන් පාරායනය කරන්නක් බවට පහළ කළෙමු.
3

نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ الْقَصَصِ بِمَا أَوْحَيْنَا إِلَيْكَ هَـٰذَا الْقُرْآنَ وَإِن كُنتَ مِن قَبْلِهِ لَمِنَ الْغَافِلِينَ

(නබිවරය,) මෙම අල් කුර්ආනය නුඹට වහී (දේව පණිවිඩ) පහළ කිරීම තුළින් ඉතා අලංකාර වෘත්තාන්තය අපි නුඹ වෙත දන්වන්නෙමු. මීට පෙර නුඹ (මේ ගැන) නොදන්නන් අතුරින් කෙනෙකුව සිටියෙහිය.
4

إِذْ قَالَ يُوسُفُ لِأَبِيهِ يَا أَبَتِ إِنِّي رَأَيْتُ أَحَدَ عَشَرَ كَوْكَبًا وَالشَّمْسَ وَالْقَمَرَ رَأَيْتُهُمْ لِي سَاجِدِينَ

(නබිවරය,) “මාගේ පියාණනි, සැබැවින්ම මම තාරකා එකොළහක් ද හිරු ද සඳු ද (සිහිනෙන්) දුටුවෙමි. ඒවා මට සිරස නමනු මා දුටුවෙමි” යැයි යූසුෆ් තම පියාට පැවසූ අවස්ථාව (සිහිපත් කරවු.)
5

قَالَ يَا بُنَيَّ لَا تَقْصُصْ رُؤْيَاكَ عَلَىٰ إِخْوَتِكَ فَيَكِيدُوا لَكَ كَيْدًا ۖ إِنَّ الشَّيْطَانَ لِلْإِنسَانِ عَدُوٌّ مُّبِينٌ

(එම සිහිනයෙහි යථාර්ථය වටහා ගත් ඔහුගේ පියා) “මාගේ පුතුණුවනි! නුඹගේ සිහිනය නුඹගේ සහෝදරයින්ට නොදන්වවු. එවිට ඔවුන් නුඹට කුමන්ත්රණයක් සැලසුම් කරති. 2 සැබැවින්ම ෂෙයිතාන් මිනිසුනට පැහැදිලි සතුරෙකි.
2නබි යඃකූබ් තුමාණන්ට දරුවන් 12 දෙනෙකු සිටියේය. නබි යූසුෆ් හා බින්යාමීන්(Benjamin) යන දරුවන් දෙදෙනා එක් බිරියකගේ ද අනෙක් දස දෙනා අනෙක් බිරියගේ ද දරුවන් විය. නබි යඃකූබ් තුමාණන් නබි යූසුෆ් තුමාණන් කෙරෙහි දැඩි ආදරයක් දැක් වූ හෙයින් මොහුගේ පියාගේ ප්රථම බිරියගේ දරුවන් මොහු සමග ඊර්ෂ්යාවෙන් පසු වූවෝය. නබි යූසුෆ් තුමාණන් දුටු සිහිනයේ තාරුකාවන්ට උපමාව තම සොහොයුරන් වන අතර හිරු හා චන්ද්රයාගේ උපමාව තම දෙමාපියන් වෙති. මේ සියල්ලන්ම අවසානයේ දී නබි යූසුෆ් තුමාණන්ට ගරු කොට ඔහු උසස් පදවියක් ලබන බව මෙම සිහිනයෙහි යථාර්ථය විය. එබැවින් එතුමාගේ පියාගේ ප්රථම බිරියගේ දරුවන්ට මෙම සිහිනය පිළිබඳව නොදන්වන මෙන් නබි යඃකූබ් තුමාණන් පැවසුවේ ඔවුන් මෙම සිහිනයේ යථාර්ථය දැන ගත්තේ නම් ඔහුට යම් හිංසාවක් කරනු ඇත යන බියෙනි.
6

وَكَذَٰلِكَ يَجْتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأْوِيلِ الْأَحَادِيثِ وَيُتِمُّ نِعْمَتَهُ عَلَيْكَ وَعَلَىٰ آلِ يَعْقُوبَ كَمَا أَتَمَّهَا عَلَىٰ أَبَوَيْكَ مِن قَبْلُ إِبْرَاهِيمَ وَإِسْحَاقَ ۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٌ

එලෙසින් නුඹගේ පරමාධිපති නුඹව (නබිත්වය සඳහා) තෝරා ගෙන සිහිනයන්හි යථාර්ථය නුඹට උගන්වා දී මීට පෙර නුඹගේ පියවරුන් දෙදෙනෙකු වන ඉබ්රාහීම් හා ඉස්හාක් කෙරෙහි තම වරප්රසාදයන් සම්පූර්ණ කළාක් මෙන් එය නුඹ හා යඃකූබ්ගේ පවුල කෙරෙහි ද සම්පූර්ණ කරනු ඇත 3 (යැයි යඃකූබ් තම පුතු වන යූසුෆ්ට පැවසුවේය). සැබැවින්ම නුඹගේ පරමාධිපති සර්වඥය සර්ව ප්රඥාවන්තය.
3මෙම ආයතයේ “සම්පූර්ණ කරනු ඇත” යන්නෙහි අරුත මොහු නබිවරයෙකු බවට පත් වීම, සිහිනයන් විවරණ කිරීමේ හැකියාව ලැබීම සහ ඊජිප්තු දේශයේ භාණ්ඩාගාරික තනතුර දැරීම යන භාග්යයන් ලැබීමය.
7

لَّقَدْ كَانَ فِي يُوسُفَ وَإِخْوَتِهِ آيَاتٌ لِّلسَّائِلِينَ

(නබිවරය,) සැබැවින්ම යූසුෆ් හා ඔහුගේ සහෝදරයින් විෂයෙහි (අප නුඹට දැන්වීම තුළින් ඒ පිළිබඳව) විමසන්නන්ට සාධක ඇත්තේය.
8

إِذْ قَالُوا لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰ أَبِينَا مِنَّا وَنَحْنُ عُصْبَةٌ إِنَّ أَبَانَا لَفِي ضَلَالٍ مُّبِينٍ

“අපි ශක්තිමත් කණ්ඩායමක්ව සිටිය දී අපට වඩා (අපගේ කුඩම්මාගේ පුතුන් වන) යූසුෆ් හා ඔහුගේ සහෝදරයා අපගේ පියාණන්ට ඉතා මනාපය. සැබැවින්ම අපගේ පියාණන් පැහැදිලි වරදෙහිය” යැයි (යඃකූබ්ගේ සෙසු දරුවන් වන) ඔවුහු පැවසූ කල්හි,
9

اقْتُلُوا يُوسُفَ أَوِ اطْرَحُوهُ أَرْضًا يَخْلُ لَكُمْ وَجْهُ أَبِيكُمْ وَتَكُونُوا مِن بَعْدِهِ قَوْمًا صَالِحِينَ

(ඔවුන්ගෙන් ඇතැමුන්) “යූසුෆ්ව ඝාතනය කරවු. එසේ නොමැතිනම් ඔහුව (ඈත) පෙදෙසක විසි කර දමවු. (එවිට) නුඹලාගේ පියාගේ මුහුණ(අවධානය) නුඹලා වෙතම යොමු වනු ඇත. තවද නුඹලා ඉන් පසුව (එම පාපය සඳහා පශ්චාත්තාපයේ යෙදී නුඹලාගේ පියා ඉදිරියේ) දැහැමි පිරිසක් බවට පත් විය හැකිය.” (යැයි පැවසූහ.)
10

قَالَ قَائِلٌ مِّنْهُمْ لَا تَقْتُلُوا يُوسُفَ وَأَلْقُوهُ فِي غَيَابَتِ الْجُبِّ يَلْتَقِطْهُ بَعْضُ السَّيَّارَةِ إِن كُنتُمْ فَاعِلِينَ

“නුඹලා (ඔහුට යම් හිංසනයක්) කරන්නන්ව සිටියෙහු නම් නුඹලා යූසුෆ්ව මරා නොදමවු. ඔහුව ළිඳක ගැඹුරට දමවු. (එවිට අසලින් යන) සමහර මගියන් ඔහුව (එයින්) ගනු ඇතැ”යි ඔවුන් අතුරින් කෙනෙකු පැවසුවේය.
11

قَالُوا يَا أَبَانَا مَا لَكَ لَا تَأْمَنَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُ لَنَاصِحُونَ

(හෙට දින ක්රීඩා කිරීමට යූසුෆ්ව ද රැගෙන යාමට ඔවුන් පියාගෙන් අනුමැතිය අසා ඔහු එය ප්රතික්ෂේප කළ කල්හි,) “අපගේ පියාණනි, යූසුෆ් විෂයෙහි අපව විශ්වාස නොකර සිටින්නට ඔබට කුමක් (වී) ද? සැබැවින්ම අපි ද යහපත පතන්නන් වෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
12

أَرْسِلْهُ مَعَنَا غَدًا يَرْتَعْ وَيَلْعَبْ وَإِنَّا لَهُ لَحَافِظُونَ

හෙට දින ඔහුව අප සමග යවවු. ඔහු (පලතුරු කමින් සතුටින්) සැරිසරාවි. ක්රීඩා කරාවි. තවද සැබැවින්ම අපි ඔහුව ආරක්ෂා කරන්නන් වන්නෙමු.
13

قَالَ إِنِّي لَيَحْزُنُنِي أَن تَذْهَبُوا بِهِ وَأَخَافُ أَن يَأْكُلَهُ الذِّئْبُ وَأَنتُمْ عَنْهُ غَافِلُونَ

“නුඹලා ඔහුව කැටුව යෑම සැබැවින්ම මා දුකට පත් කරවන්නේය. තවද නුඹලා ඔහු ගැන අනවධානීන්ව සිටිය දී ඔහුව වෘකයා කා දමනු ඇතැ’යි මම බිය වෙමි.” යැයි ඔහු(යඃකූබ්) පැවසුවේය.
14

قَالُوا لَئِنْ أَكَلَهُ الذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ إِنَّا إِذًا لَّخَاسِرُونَ

“අපි ශක්තිමත් කණ්ඩායමක්ව සිටිය දී වෘකයා ඔහුව කා දමන්නේ නම් සැබැවින්ම අපි එවිට අලාභවන්තයින් වන්නෙමු.”යැයි ඔවුහු පැවසුවෝය.
15

فَلَمَّا ذَهَبُوا بِهِ وَأَجْمَعُوا أَن يَجْعَلُوهُ فِي غَيَابَتِ الْجُبِّ ۚ وَأَوْحَيْنَا إِلَيْهِ لَتُنَبِّئَنَّهُم بِأَمْرِهِمْ هَـٰذَا وَهُمْ لَا يَشْعُرُونَ

පසුව (ඔහු සමග යාමට අනුමැතිය ලැබ) ඔවුන් ඔහුව කැටුව ගොස් ළිඳෙහි ගැඹුරට ඔහුව දමන්නට ඔවුහු ඒකමතික තීරණයකට එළැඹුණු කල්හි, (ඔවුහු එසේම කළෝය.) “ඔවුන් (නුඹව) නොහඳුනන්නන්ව සිටිය දී ඔවුන්ගේ මෙම කරුණ පිළිබඳව නුඹ(යූසුෆ්) (දිනක) ඔවුනට දන්වන්නේය” යැයි අපි ඔහුට වහී පහළ කළෙමු.
16

وَجَاءُوا أَبَاهُمْ عِشَاءً يَبْكُونَ

ඔවුන් හඬා වැලපෙමින් (එදින) රාත්රියෙහි ඔවුන්ගේ පියාණන් වෙත පැමිණියෝය.
17

قَالُوا يَا أَبَانَا إِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوسُفَ عِندَ مَتَاعِنَا فَأَكَلَهُ الذِّئْبُ ۖ وَمَا أَنتَ بِمُؤْمِنٍ لَّنَا وَلَوْ كُنَّا صَادِقِينَ

“අපගේ පියාණනි! අපි දිවීමේ තරඟයෙහි නියැළුනෙමු. අපගේ භාණ්ඩ අබියස යූසුෆ්ව අත හැර දැමුවෙමු. එවිට වෘකයා ඔහුව කා දැමුවේය. අපි සත්යවාදීන්ව සිටිය ද ඔබ අපව විශ්වාස කරන්නෙකු නොවේ” යැයි පැවසුවෝය.
18

وَجَاءُوا عَلَىٰ قَمِيصِهِ بِدَمٍ كَذِبٍ ۚ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ ۖ وَاللَّهُ الْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ

තවද (මෙයට සාක්ෂි වශයෙන්) ව්යාජ රුධිරය ඔහුගේ කමිසය මත (තවරා) ගෙන ආවෝය. නැත (මෙය අසත්යයකි). නුඹලාට නුඹලාගේ ආත්මාවන් යම් (වැරදි) කරුණක් අලංකාර කර පෙන්වා ඇත. එබැවින් (මා කළ යුත්තේ) අලංකාර ඉවසීමකි. නුඹලා (බොරු ගොතා) කියන දෑට එරෙහිව මට උදව් කරන්නා අල්ලාහ්මය.
19

وَجَاءَتْ سَيَّارَةٌ فَأَرْسَلُوا وَارِدَهُمْ فَأَدْلَىٰ دَلْوَهُ ۖ قَالَ يَا بُشْرَىٰ هَـٰذَا غُلَامٌ ۚ وَأَسَرُّوهُ بِضَاعَةً ۚ وَاللَّهُ عَلِيمٌ بِمَا يَعْمَلُونَ

තවලමක් (එම ළිඳ තිබෙන ස්ථානයට) පැමිණියේය. එවිට ඔවුන් ඔවුන්ගේ ජලය සපයන්නා (ජලය ගෙන ඒම සඳහා) එවූහ. ඔහු තම පනිට්ටුව (ළිඳ තුළට) දැමුවේය. (එවිට එහි සිටි යූසුෆ්ව දැක) “අහෝ සුබාරංචියකි! මෙන්න දරුවෙක්” යැයි ඔහු පැවසීය. (එම ස්ථානයේ සිටි සහෝදරයින් වන) ඔවුන් ඔහුව වෙළඳ භාණ්ඩයක් වශයෙන් (පත් කොට, සැබෑ විෂය) සඟවා ගත්තෝය. 4 ඔවුන් කරමින් සිටින දෑ ගැන අල්ලාහ් සර්වඥය.
4නබි යූසුෆ් තුමාණන් මොවුන්ගේ සහෝදරයා බව ද මොවුන් ඔහුව ළිඳට හෙළු බව ද සඟවා ගිනිමින් “මොහු අපෙන් පැන දිවූ වහලෙකු” යැයි ද “අප මොහුව සොයමින් පැමිණියෙමු” යැයි ද තවලමට පැවසුවෝය. පසුව සහෝදරයින් නබි යූසුෆ් තුමාණන්ව සුළු මිළකට විකුණුවෝය. එම තවලම කුඩා නබි යූසුෆ් තුමාණන්ව මිසර දේශයට ගෙන ගොස් එම දේශයෙහි වාණිජ අමාත්යයවරයාට විකුණා දැමුවෝය.
20

وَشَرَوْهُ بِثَمَنٍ بَخْسٍ دَرَاهِمَ مَعْدُودَةٍ وَكَانُوا فِيهِ مِنَ الزَّاهِدِينَ

පසුව ඔවුන් ඔහුව සුළු මිලක් වූ රිදී කාසි කිහිපයකට (තවලමට) විකුණා දැමුවෝය. තවද ඔහු විෂයෙහි ඔවුහු අගයක් නොදැක්වූවන්ව සිටියහ.
21

وَقَالَ الَّذِي اشْتَرَاهُ مِن مِّصْرَ لِامْرَأَتِهِ أَكْرِمِي مَثْوَاهُ عَسَىٰ أَن يَنفَعَنَا أَوْ نَتَّخِذَهُ وَلَدًا ۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي الْأَرْضِ وَلِنُعَلِّمَهُ مِن تَأْوِيلِ الْأَحَادِيثِ ۚ وَاللَّهُ غَالِبٌ عَلَىٰ أَمْرِهِ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

මිසරයේ ඔහුව මිල දී ගත් කෙනා(අමාත්යවරයා) තම බිරියට “ඔබ ඔහුගේ නවාතැන ගෞරවයෙන් තබවු. ඔහු අපට ප්රයෝජනවත් විය හැකිය. එසේ නොමැති නම් අපි ඔහුව දරුවෙකු ලෙස (හදා වඩා) ගනිමු” යැයි පැවසුවේය. මෙලෙසම අපි මිහිතලයේ යූසුෆ්ට පහසුකම් සැලසුවෙමු. (අප මෙසේ කළේ) අපි ඔහුට සිහිනයන්හි යථාර්ථය උගන්වා දීම පිණිසය. අල්ලාහ් තම කාර්යයන්හි (සියල්ල) අබිබවන්නෙකි. එනමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.
22

وَلَمَّا بَلَغَ أَشُدَّهُ آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ

තවද ඔහුගේ වැඩිවියට ඔහු එළැඹූ විට ඔහුට අපි ප්රඥාව ද දැනුම ද ලබා දුනිමු. අප යහපත කරන්නන්ට ප්රතිඵල ලබා දෙනුයේ මෙලෙසය.
23

وَرَاوَدَتْهُ الَّتِي هُوَ فِي بَيْتِهَا عَن نَّفْسِهِ وَغَلَّقَتِ الْأَبْوَابَ وَقَالَتْ هَيْتَ لَكَ ۚ قَالَ مَعَاذَ اللَّهِ ۖ إِنَّهُ رَبِّي أَحْسَنَ مَثْوَايَ ۖ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ

ඔහු කවර කාන්තාවකගේ නිවසේ සිටියේ ද, ඇය ඔහුව (වරදට) පොලඹවන්නට තැත් කර, 5 (නිවසෙහි සියලු) දොරටු වසා දමා “(මා වෙත) පැමිණෙන්න” යැයි පැවසුවාය. “අල්ලාහ් (මා) ආරක්ෂා කරත්වා! සැබැවින්ම (මා මිලට ගෙන හැදූ වැඩූ නුඹගේ සැමියා වන) ඔහු මාගේ ස්වාමියාය. මාගේ නවාතැන ඔහු අලංකාරමත් කර දී ඇත. සැබැවින්ම අපරාධකරුවෝ ජයග්රහණය නොලබති.” යැයි ඔහු(යූසුෆ්) පැවසුවේය.
5ඇය ඊජිප්තුවේ අමාත්යවරයාගේ බිරිය වන zසුලෙයිහා ය. නබි යූසුෆ් තුමාණන්ගේ පුරුෂත්ව අලංකාරයට ආකර්ෂණය වූ හෙයින් ඇය මොහුව වරදෙහි පොළොඹවන්නට තැත් කළාය.
24

وَلَقَدْ هَمَّتْ بِهِ ۖ وَهَمَّ بِهَا لَوْلَا أَن رَّأَىٰ بُرْهَانَ رَبِّهِ ۚ كَذَٰلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوءَ وَالْفَحْشَاءَ ۚ إِنَّهُ مِنْ عِبَادِنَا الْمُخْلَصِينَ

සැබැවින්ම ඇය ඔහුට ආශා කළාය. ඔහු තම පරමාධිපතිගේ සාධකය 6 නොදුටුවේ නම් ඔහු ද ඇයට ආශා කරන්නට තිබුණි. මෙලෙස (ඔහුට අප සාධක පෙන් වනුයේ) පාපය හා අශික්ෂිත දෑ ඔහුගෙන් අපි පහ කිරීම පිණිසය. සැබැවින්ම ඔහු (විශ්වාස කොට අවනත වීම සඳහා) තෝරා ගනු ලැබූ අපගේ ගැත්තන් අතුරිනි.
6මොහුව පාපයෙන් ආරක්ෂා කළ මෙම සාධකය කුමක් ද? යන්න අල් කුර්ආනයේ සඳහන් වී නොමැත. එහෙත් එම සාධකයන්ට විවිධ විවරණ ඇති අතර ‘පාපයෙහි භයානකත්වය පිළිබඳ ඔහුට හැඟීමක් ඇති වීම.’ එසේ නැතහොත් ‘මොහුගේ පියාගේ හෝ ස්වාමියාගේ ස්වරූපය ඔහු අබියස දිස් වීම.’ විය හැකි බව ඇතැම් විශාරදයින්ගේ මතයයි.
25

وَاسْتَبَقَا الْبَابَ وَقَدَّتْ قَمِيصَهُ مِن دُبُرٍ وَأَلْفَيَا سَيِّدَهَا لَدَى الْبَابِ ۚ قَالَتْ مَا جَزَاءُ مَنْ أَرَادَ بِأَهْلِكَ سُوءًا إِلَّا أَن يُسْجَنَ أَوْ عَذَابٌ أَلِيمٌ

ඔවුන් දෙදෙනාම (එකිනෙකා අබිබවමින්) දොරටුව වෙත දිව ගියෝය. තවද ඇය ඔහුගේ කමිසය පිටුපසින් ඇද ඉරා දැමුවාය. එවිට දොරටුව අසල ඇයගේ ස්වාමියාව ඔවුන් දෙදෙනා දුටුවෝය. (එවිට) ඇය “ඔබේ බිරියට හානියක් අපේක්ෂා කළ අයට සිරගත කරනු ලැබීම හෝ වේදනීය දඬුවම මිස වෙනත් කවර ප්රතිවිපාකයක් විය හැකි ද?” යැයි පැවසුවාය.
26

قَالَ هِيَ رَاوَدَتْنِي عَن نَّفْسِي ۚ وَشَهِدَ شَاهِدٌ مِّنْ أَهْلِهَا إِن كَانَ قَمِيصُهُ قُدَّ مِن قُبُلٍ فَصَدَقَتْ وَهُوَ مِنَ الْكَاذِبِينَ

“ඇය විසින් මා (වරදට) පොලඹවීමට තැත් කළාය” යැයි ඔහු පැවසුවේය. තවද “ඔහුගේ කමිසය ඉදිරිපසින් ඉරා දමනු ලැබ ඇත්නම් එවිට ඇය සත්යය පවසා ඇත්තාය. එවිට ඔහු බොරුකාරයින් අතුරිනි. තවද ඔහුගේ කමිසය පසුපසින් ඉරා දමනු ලැබ ඇත්නම් එවිට ඇය අසත්යය පවසා ඇත්තාය. එවිට ඔහු සත්යවාදීන් අතුරිනි.” 7 යැයි ඇයගේ පවුලෙන් සාක්ෂිකරුවෙකු සාක්ෂි පැවසුවේය.
7මෙම අවස්ථාවේ දී නබි යූසුෆ් තුමාණන්ගේ කමිසය පිටු පසින් ඉරී තිබුණා හැර වරද කළේ කවුරුන් ද යන්න හඳුනා ගැනීමට කිසිදු බාහිර සාක්ෂියක් නොවීය. ඔහුගේ කමිසය ඉදිරිපසින් ඉරී තිබුණා නම් එයින් අදහස් වන්නේ මොහු ඇය වෙත සමීප වූ විටෙක ඇය මොහුගෙන් වැළකීමට ඉරා තිබෙනු ඇත යන්නය. එහෙත් එය පිටු පසින් ඉරී තිබුණා නම් ඇය මොහුව ලුහුබැඳ යන විට ඇය මොහුගේ පිටුපසින් ඉරා දමන්නට තිබුණා යන්න මෙහි අදහසය.
27

وَإِن كَانَ قَمِيصُهُ قُدَّ مِن دُبُرٍ فَكَذَبَتْ وَهُوَ مِنَ الصَّادِقِينَ

“ඇය විසින් මා (වරදට) පොලඹවීමට තැත් කළාය” යැයි ඔහු පැවසුවේය. තවද “ඔහුගේ කමිසය ඉදිරිපසින් ඉරා දමනු ලැබ ඇත්නම් එවිට ඇය සත්යය පවසා ඇත්තාය. එවිට ඔහු බොරුකාරයින් අතුරිනි. තවද ඔහුගේ කමිසය පසුපසින් ඉරා දමනු ලැබ ඇත්නම් එවිට ඇය අසත්යය පවසා ඇත්තාය. එවිට ඔහු සත්යවාදීන් අතුරිනි.” 7 යැයි ඇයගේ පවුලෙන් සාක්ෂිකරුවෙකු සාක්ෂි පැවසුවේය.
28

فَلَمَّا رَأَىٰ قَمِيصَهُ قُدَّ مِن دُبُرٍ قَالَ إِنَّهُ مِن كَيْدِكُنَّ ۖ إِنَّ كَيْدَكُنَّ عَظِيمٌ

ඔහුගේ කමිසය පිටුපසින් ඉරී තිබීම (සැමියා වන) ඔහු දුටු විට සැබැවින්ම මෙය නුඹගේ කූට උපායකින් යුතුය. සැබැවින්ම (කාන්තාවන් වන) නුඹලාගේ කූට උපාය අති මහත්ය. යැයි ඔහු පැවසුවේය.
29

يُوسُفُ أَعْرِضْ عَنْ هَـٰذَا ۚ وَاسْتَغْفِرِي لِذَنبِكِ ۖ إِنَّكِ كُنتِ مِنَ الْخَاطِئِينَ

යූසුෆ්! මෙය නොසලකා හරිවු. (යැයි ඔහු පවසා තම බිරිය වෙත හැරී) නුඹ නුඹගේ පාපයට සමාව ඇයැද සිටිවු. සැබැවින්ම නුඹ වැරදිකරුවන්ගෙන් එකියෙකි. (යැයි පැවසුවේය.)
30

وَقَالَ نِسْوَةٌ فِي الْمَدِينَةِ امْرَأَتُ الْعَزِيزِ تُرَاوِدُ فَتَاهَا عَن نَّفْسِهِ ۖ قَدْ شَغَفَهَا حُبًّا ۖ إِنَّا لَنَرَاهَا فِي ضَلَالٍ مُّبِينٍ

“ඇමතිගේ බිරිය ඇයගේ තරුණ සේවකයා (වරදට) පොලඹවීමට තැත් කර ඇත. ඔහු ද ආදරයෙන් ඇයව ඉක්මවා ගොස් ඇත. තවද ඇය පැහැදිලි නොමගෙහි පසු වන බව ද සැබැවින්ම අපි දකින්නෙමු” යැයි නගරයේ කාන්තාවෝ ප්රකාශ කළෝය.
31

فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَأً وَآتَتْ كُلَّ وَاحِدَةٍ مِّنْهُنَّ سِكِّينًا وَقَالَتِ اخْرُجْ عَلَيْهِنَّ ۖ فَلَمَّا رَأَيْنَهُ أَكْبَرْنَهُ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَاشَ لِلَّهِ مَا هَـٰذَا بَشَرًا إِنْ هَـٰذَا إِلَّا مَلَكٌ كَرِيمٌ

ඔවුන්ගේ අවලාද ගැන ඇය ඇසූ කල්හි ඔවුන් වෙත (සංග්රහයකට ආරාධනයක්) යැව්වාය. (ඔවුන් සංග්රහයට පැමිණි කල්හි) ඔවුන් සඳහා සැප පහසු ස්ථානයක් ද පිළියෙල කර ඔවුන්ගෙන් සෑම කෙනෙකුටම ඇය (පලතුරු හා) පිහියක් බැගින් ලබා දී පසුව ඔවුන් (පලතුරු කපමින් සිටිය දී යූසුෆ්ට) ඉදිරියට පැමිණෙන්නැ’යි කීවාය. ඔවුහු ඔහුව දුටු කල්හි ඔහුගෙන් තුෂ්ණිම්භූත වී (නොදැනුවත්ව) තම අත් කපා ගත්තෝය. තවද ඔවුහු “අල්ලාහ් පිවිතුරුය. මොහු මිනිසෙකු නොවේ. මොහු ගෞරවනීය මලක්වරයෙකු මිස නැතැ”යි පැවසුවෝය.
32

قَالَتْ فَذَٰلِكُنَّ الَّذِي لُمْتُنَّنِي فِيهِ ۖ وَلَقَدْ رَاوَدتُّهُ عَن نَّفْسِهِ فَاسْتَعْصَمَ ۖ وَلَئِن لَّمْ يَفْعَلْ مَا آمُرُهُ لَيُسْجَنَنَّ وَلَيَكُونًا مِّنَ الصَّاغِرِينَ

“කවර කෙනෙකු විෂයයෙහි නුඹලා මට අවලාද කිව්වේ ද මේ ඔහුය.” යැයි ඇය කීවාය. සැබැවින්ම මම ඔහුව (වරදට) පොලඹවීමට තැත් කළෙමි. නමුත් මොහු ඉවත් වූයේය. ඔහුට මම අණ කරන දෑ ඔහු නොකළේ නම් ඔහු සිරගත කරනු ලබයි. තවද පහත් අයගෙන් (කෙනෙකු) වනු ඇතැ”යි ඇය පැවසුවාය.
33

قَالَ رَبِّ السِّجْنُ أَحَبُّ إِلَيَّ مِمَّا يَدْعُونَنِي إِلَيْهِ ۖ وَإِلَّا تَصْرِفْ عَنِّي كَيْدَهُنَّ أَصْبُ إِلَيْهِنَّ وَأَكُن مِّنَ الْجَاهِلِينَ

“මාගේ පරමාධිපතියාණනි, ඔවුන් මා කැඳවන (පාපතර) දැයට වඩා සිරගෙය මට ඉතා ප්රියමනාපය. තවද ඔවුන්ගේ කූට උපායන් මාගෙන් නුඹ නොහැරෙව්වේ නම් ඔවුන් වෙත මා නැඹුරු වී අඥානයින් අතුරින් කෙනෙකු වන්නෙමි” යැයි ඔහු(යූසුෆ්) පැවසුවේය.
34

فَاسْتَجَابَ لَهُ رَبُّهُ فَصَرَفَ عَنْهُ كَيْدَهُنَّ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ

එහෙයින් ඔහුගේ පරමාධිපති ඔහු(ගේ ප්රාර්ථනාව)ට පිළිතුරු දුන්නේය. ඔවුන්ගේ කූට උපාය ඔහුගෙන් පහ කළේය. සැබැවින්ම ඔහු සර්ව ශ්රාවකය සර්වඥය.
35

ثُمَّ بَدَا لَهُم مِّن بَعْدِ مَا رَأَوُا الْآيَاتِ لَيَسْجُنُنَّهُ حَتَّىٰ حِينٍ

(යූසුෆ් නිදොස් පුද්ගලයෙකු බවට) ඔවුන් සාධක දුටු පසු පවා (තම පවුලේ නම්බුව ආරක්ෂා කිරීම පිණිස) “නියමිත කාලයක් දක්වා ඔහුව සිරගත කළ යුතුමය” යැයි ඔවුනට හැඟුණි.
36

وَدَخَلَ مَعَهُ السِّجْنَ فَتَيَانِ ۖ قَالَ أَحَدُهُمَا إِنِّي أَرَانِي أَعْصِرُ خَمْرًا ۖ وَقَالَ الْآخَرُ إِنِّي أَرَانِي أَحْمِلُ فَوْقَ رَأْسِي خُبْزًا تَأْكُلُ الطَّيْرُ مِنْهُ ۖ نَبِّئْنَا بِتَأْوِيلِهِ ۖ إِنَّا نَرَاكَ مِنَ الْمُحْسِنِينَ

ඔහු සමග තරුණයින් දෙදෙනෙකු ද සිරගෙට ඇතුළු වූවෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු “සැබැවින්ම මම මත්පැන් පෙරනු (සිහිනෙන්) දුටුවෙමි” යැයි පැවසුවේය. අනෙකා “සැබැවින්ම මම මාගේ හිසට ඉහළින් රොටි ඔසවා ගෙන සිටිනු ද එයින් පක්ෂීන් අනුභව කරනු ද (සිහිනෙන්) දුටුවෙමි” යැයි පැවසුවේය. මෙහි යථාර්ථය අපට දන්වා සිටිනු. සැබැවින්ම යහපත් පුද්ගලයින් අතුරින් අපි නුඹව දකින්නෙමු. (යැයි පැවසුවෝය.)
37

قَالَ لَا يَأْتِيكُمَا طَعَامٌ تُرْزَقَانِهِ إِلَّا نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِ قَبْلَ أَن يَأْتِيَكُمَا ۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّي ۚ إِنِّي تَرَكْتُ مِلَّةَ قَوْمٍ لَّا يُؤْمِنُونَ بِاللَّهِ وَهُم بِالْآخِرَةِ هُمْ كَافِرُونَ

“නුඹලාට දෙනු ලබන ආහාරය නුඹලා වෙත පැමිණීමට පෙර එහි යථාර්ථය මම නුඹලාට දන්වා සිටිනවා මිස එය නුඹ වෙත නොපැමිණෙන්නේය. මෙය මාගේ පරමාධිපති මට ඉගැන්වූ දැයින්ය. අල්ලාහ්ව විශ්වාස නොකරන පරමාන්තය පිළිබඳව ප්රතික්ෂේප කරමින් සිටින පිරිසෙහි වත් පිළිවෙත් මම අත හැර දැමුවෙමි” යැයි ඔහු(යූසුෆ්) පැවසුවේය. 8
8නබි යූසුෆ් තුමාණන් මෙළෙස පැවසීමට හේතු වූයේ එකළ බොහෝ උදවිය සිහිනයන්ට බොරු විවිරණ පවසමින් සිටි බවත් ඔවුන්ගේ වත්පිළිවෙත් මොහු අනුගමනය නොකරන බවත් පැහැදිළි කිරීමටය.
38

وَاتَّبَعْتُ مِلَّةَ آبَائِي إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ ۚ مَا كَانَ لَنَا أَن نُّشْرِكَ بِاللَّهِ مِن شَيْءٍ ۚ ذَٰلِكَ مِن فَضْلِ اللَّهِ عَلَيْنَا وَعَلَى النَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ

මාගේ පියවරුන් වන ඉබ්රාහීම් ඉස්හාක් යඃකූබ් යන අයගේ වත් පිළිවෙත මම පිළිපදින්නෙමි. අල්ලාහ්ට කිසිවකින් ආදේශ තැබීම අපට නුසුදුසුය. මෙය අප වෙත හා මිනිසුන් වෙත වූ අල්ලාහ්ගේ වරප්රසාදයෙනි. 9 එනමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා කෘතඥ නොවන්නෝය.
9අල්ලාහ් හැර අන් දෑ නැමදුම් නොකර සිටීමෙන් ආරක්ෂා වීම අල්ලාහ්ගෙන් ලද ඉමහත් වරප්රසාදයකි. එනම් ව්යාජ දෙවිවරුන් නමැද නිරන්තර දඬුවමට ලක් විය හැකි හෙයින් ඉන් ආරක්ෂා වීම ඉමහත් වරප්රසාදයක් නොවේ ද?.
39

يَا صَاحِبَيِ السِّجْنِ أَأَرْبَابٌ مُّتَفَرِّقُونَ خَيْرٌ أَمِ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ

“මාගේ සිරගෙයි සගයිනි, විවිධ බහු දෙවිවරුන් ශ්රේෂ්ඨ ද? නැතහොත් ඒකීය බලපරාක්රම අල්ලාහ් (ශ්රේෂ්ඨ) ද?”
40

مَا تَعْبُدُونَ مِن دُونِهِ إِلَّا أَسْمَاءً سَمَّيْتُمُوهَا أَنتُمْ وَآبَاؤُكُم مَّا أَنزَلَ اللَّهُ بِهَا مِن سُلْطَانٍ ۚ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۚ أَمَرَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

ඔහු(අල්ලාහ්) හැර නුඹලා නමදින දෑ නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් තැබූ නාමයන් මිස නැත. අල්ලාහ් ඒවාට කිසිදු සාධකයක් පහළ කළේ ද නැත. විනිශ්චය අල්ලාහ්ටම මිස නැත. ඔහු හැර වෙනත් කිසිවෙකුට නුඹලා නොනැමදිය යුතු යැයි ඔහු අණ කරන්නේය. එයයි ඍජූ දහම වන්නේ. එනමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.
41

يَا صَاحِبَيِ السِّجْنِ أَمَّا أَحَدُكُمَا فَيَسْقِي رَبَّهُ خَمْرًا ۖ وَأَمَّا الْآخَرُ فَيُصْلَبُ فَتَأْكُلُ الطَّيْرُ مِن رَّأْسِهِ ۚ قُضِيَ الْأَمْرُ الَّذِي فِيهِ تَسْتَفْتِيَانِ

මාගේ සිරගෙයි සගයිනි, නුඹලා දෙදෙනාගෙන් එක් අයෙකු නම් ඔහු තම ස්වාමියාට අමෘතය සපයයි. අනෙකා නම් කුරුසියේ ඇණ ගසනු ලැබ පසුව ඔහුගේ හිසෙහි සිට පක්ෂීන් අනුභව කරනු ඇත. නුඹලා දෙදෙනා කවර දෙයක් පිළිබඳව විමසා සිටියේ ද එම කරුණ (එසේ) තීන්දු වී ඇත.
42

وَقَالَ لِلَّذِي ظَنَّ أَنَّهُ نَاجٍ مِّنْهُمَا اذْكُرْنِي عِندَ رَبِّكَ فَأَنسَاهُ الشَّيْطَانُ ذِكْرَ رَبِّهِ فَلَبِثَ فِي السِّجْنِ بِضْعَ سِنِينَ

ඔවුන් දෙදෙනාගෙන් සැබැවින්ම තමා නිදහස ලබන්නේ යැයි සිතූ අයට “නුඹේ ස්වාමියාට මා ගැන පවසවු” යැයි ඔහු පැවසුවේය. 10 එවිට තම ස්වාමියාට (යූසුෆ් ගැන) මතක් කර දීමට ෂෙයිතාන් ඔහුට අමතක කෙරෙව්වේය. එබැවින් (තවත්) අවුරුදු ගණනාවක් ඔහු සිරගෙයි ලැඟුම් ගත්තේය.
10මෙහි සඳහන් වී ඇති පුද්ගලයා රජුගේ සේවකයෙකි. නබි යූසුෆ් තුමාණන් කිසිදු වැරැද්දක් නොමැතිව ඔහුව සිරිගත කළේ මන්දැ’යි රජුගෙන් අසන ලෙස නබි යූසුෆ් තුමාණන් ඔහුට පැවසුවේය.
43

وَقَالَ الْمَلِكُ إِنِّي أَرَىٰ سَبْعَ بَقَرَاتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعَ سُنبُلَاتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَاتٍ ۖ يَا أَيُّهَا الْمَلَأُ أَفْتُونِي فِي رُؤْيَايَ إِن كُنتُمْ لِلرُّؤْيَا تَعْبُرُونَ

(දිනක්,) “කෙසඟ හරක් හත් දෙනෙකු පුෂ්ටිමත් හරක් හත් දෙනෙක්ව කා දැමීම ද සාරවත් කරල් හතක් හා තවත් (හතක්) වියළුණු ඒවා ද මම (සිහිනෙන්) දුටුවෙමි. “අහෝ මාගේ ප්රධානියනි! නුඹලා සිහින වලට විවරණයන් දැන සිටින්නේ නම් මාගේ සිහිනය මට විග්රහ කර දෙනු”යි රජතුමා පවසා සිටියේය.
44

قَالُوا أَضْغَاثُ أَحْلَامٍ ۖ وَمَا نَحْنُ بِتَأْوِيلِ الْأَحْلَامِ بِعَالِمِينَ

“(මේවා) තේරුමක් නැති සිහිනයන්ය. තවද අපි (මෙවන්) සිහින වලට විවරණය පවසන්නට දැනුම ඇත්තන් නොවන්නෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
45

وَقَالَ الَّذِي نَجَا مِنْهُمَا وَادَّكَرَ بَعْدَ أُمَّةٍ أَنَا أُنَبِّئُكُم بِتَأْوِيلِهِ فَأَرْسِلُونِ

(එවිට) ඔවුන් දෙදෙනාගෙන් නිදහස ලැබූ කෙනා කලකට පසු (යූසුෆ් පිළිබඳව) මතකයට පැමිණ “මෙහි විවරණය මම නුඹලාට දන්වා සිටින්නෙමි. එබැවින් නුඹලා (මෙහි විවරණය දන්නා යූසුෆ් නැමැති පුද්ගලයා වෙත) මා යවනු” යැයි පැවසුවේය.
46

يُوسُفُ أَيُّهَا الصِّدِّيقُ أَفْتِنَا فِي سَبْعِ بَقَرَاتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعِ سُنبُلَاتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَاتٍ لَّعَلِّي أَرْجِعُ إِلَى النَّاسِ لَعَلَّهُمْ يَعْلَمُونَ

(පසුව ඔහු යූසුෆ් වෙත පැමිණ) අහෝ සත්යවන්ත යූසුෆ්! “කෙසඟ හරක් හත් දෙනෙකු පුෂ්ටිමත් හරක් හත් දෙනෙකුව කා දැමීම ද සාරවත් කරල් හතක් හා තවත් (හතක්) වියළුණු ඒවා (ඇතුළත්ව දුටු සිහිනය ගැන) අපට විග්රහ කරවු. මම ජනයා වෙත නැවත යන්නෙමි. (එවිට එම විග්රහය පිළිබඳව) ඔවුනට දැන ගත හැකි වන්නේය.
47

قَالَ تَزْرَعُونَ سَبْعَ سِنِينَ دَأَبًا فَمَا حَصَدتُّمْ فَذَرُوهُ فِي سُنبُلِهِ إِلَّا قَلِيلًا مِّمَّا تَأْكُلُونَ

නුඹලා අඛණ්ඩව වසර හතක් ගොවිතැන් කරනු ඇත. (පසුව) නුඹලා අස්වනු නෙළන දැයින් නුඹලා අනුභව කිරීමට (අවශ්ය) ස්වල්පය මිස (සෙසු දෑ) කරල් සමග අත හැර දමවු. යැයි ඔහු(යූසුෆ්) පැවසුවේය.
48

ثُمَّ يَأْتِي مِن بَعْدِ ذَٰلِكَ سَبْعٌ شِدَادٌ يَأْكُلْنَ مَا قَدَّمْتُمْ لَهُنَّ إِلَّا قَلِيلًا مِّمَّا تُحْصِنُونَ

අනතුරුව එ(ම අවුරුදු කිහිප)යට පසුව දරුණු (ඉඩෝර අවුරුදු) හතක් පැමිණෙයි. එ(ම ඉඩෝර සම)ය සඳහා නුඹලා පෙර රැස් කළ දැයින් නුඹලා (වැපිරීම සඳහා) ගබඩා කරන ස්වල්පය මිස (සෙසු දෑ) කා දමනු ඇත. (යැයි ඔහු රජුගේ සිහිනයට විග්රහ කළේය.)
49

ثُمَّ يَأْتِي مِن بَعْدِ ذَٰلِكَ عَامٌ فِيهِ يُغَاثُ النَّاسُ وَفِيهِ يَعْصِرُونَ

අනතුරුව එ(ම අවුරුදු කිහිප)යට පසුව ජනයාට වර්ෂාව ලබා දෙන තවත් වසරක් පැමිණෙයි. එහි ඔවුන් (පලතුරු වලින් බොහෝ ලෙස) යුෂ පෙරා ගනිති. (යනුවෙන් ද ඔහුට දැන්වුයේය.)
50

وَقَالَ الْمَلِكُ ائْتُونِي بِهِ ۖ فَلَمَّا جَاءَهُ الرَّسُولُ قَالَ ارْجِعْ إِلَىٰ رَبِّكَ فَاسْأَلْهُ مَا بَالُ النِّسْوَةِ اللَّاتِي قَطَّعْنَ أَيْدِيَهُنَّ ۚ إِنَّ رَبِّي بِكَيْدِهِنَّ عَلِيمٌ

(එම විග්රහය රජුට දැන් වූ කල) “ඔහුව මා වෙත (නිදහස් කොට) ගෙන එනු” යැයි රජතුමා ප්රකාශ කළේය. (ඔහුගේ පණිවිඩය ගෙන ආ) දූතයා ඔහු වෙත පැමිණි කල්හි “නුඹේ ස්වාමියා වෙත නැවත යනු. තමන්ගේ අත් කපා ගත් කන්තාවන්ගේ තත්ත්වය කෙසේ දැ?යි ඔහුගෙන් විමසා සිටිවු. සැබැවින්ම මාගේ පරමාධිපති ඔවුන්ගේ කූට උපාය ගැන සර්වඥය.” යැයි ඔහු(යූසුෆ්) පැවසුවේය.
51

قَالَ مَا خَطْبُكُنَّ إِذْ رَاوَدتُّنَّ يُوسُفَ عَن نَّفْسِهِ ۚ قُلْنَ حَاشَ لِلَّهِ مَا عَلِمْنَا عَلَيْهِ مِن سُوءٍ ۚ قَالَتِ امْرَأَتُ الْعَزِيزِ الْآنَ حَصْحَصَ الْحَقُّ أَنَا رَاوَدتُّهُ عَن نَّفْسِهِ وَإِنَّهُ لَمِنَ الصَّادِقِينَ

යූසුෆ්ව නුඹලා (වරදට) පොලඹවීමට තැත් කළ විට නුඹලාගේ විෂය කුමක් දැ?යි ඔහු(රජු) ඇසීය. “අල්ලාහ් පිවිතුරුය. ඔහු කෙරෙහි කිසිදු වරදක් අපි නොදනිමු” යැයි ඔවුහු කීවෝය. (තම වරද වටහා ගත්) ඇමතිගේ බිරිය “දැන් සත්යය හෙළි විය. ඔහුව (වරදට) පොලඹවීමට තැත් කළේ මමය. තවද සැබැවින්ම ඔහු සත්යවාදීන් අතුරිනි.” යැයි ඇය පැවසුවාය.
52

ذَٰلِكَ لِيَعْلَمَ أَنِّي لَمْ أَخُنْهُ بِالْغَيْبِ وَأَنَّ اللَّهَ لَا يَهْدِي كَيْدَ الْخَائِنِينَ

“එය, (එනම් මෙසේ ඇයගෙන් විමසන ලෙස මා පැතුවේ ඇයගේ සැමියා වන) ඔහු නොමැති මොහොතක ඔහුට මම වංචා නොකළෙමි යැයි ඔහු දැන ගනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් වංචනිකයින්ගේ කූට උපායන් වලට මග නොපෙන්වන්නේය.” (යැයි යූසුෆ් පැවසුවේය.)