الر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ
අලිෆ්. ලාම්. රා. මේවා ප්රඥාවන්ත ධර්ම පුස්තකයේ වදන්ය.
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයට අදාළ පාද සටහන බලන්න.
أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَا إِلَىٰ رَجُلٍ مِّنْهُمْ أَنْ أَنذِرِ النَّاسَ وَبَشِّرِ الَّذِينَ آمَنُوا أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِندَ رَبِّهِمْ ۗ قَالَ الْكَافِرُونَ إِنَّ هَـٰذَا لَسَاحِرٌ مُّبِينٌ
නුඹ ජනයාට අවවාද කරන්න’ යැයි හා විශ්වාස කළවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස පෙර (කළ) ප්රතිඵල ඔවුනට ඇතැයි ශුභාරංචි පවසන්න’ යැයි ඔවුන් අතුරින් මිනිසෙකුට අපි වහී(දේව පණිවිඩය) පහළ කිරීම, ජනයාට ආශ්චර්යමත් වී ද? “සැබැවින්ම මොහු පැහැදිලි හූනියම්කරුවෙකි.” යැයි ප්රතික්ෂේපකයින් පැවසුවෝය.
إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ يُدَبِّرُ الْأَمْرَ ۖ مَا مِن شَفِيعٍ إِلَّا مِن بَعْدِ إِذْنِهِ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ فَاعْبُدُوهُ ۚ أَفَلَا تَذَكَّرُونَ
සැබැවින්ම නුඹලාගේ පරමාධිපති වනුයේ අහස් හා මිහිතලය දින සයකින් මවා පසුව අර්ෂය මත (ඔහුගේ ගෞරවයට සුදුසු අයුරින්) “ඉස්තිවා” වූ අල්ලාහ් ය. ඔහු (සෑම) කරුණ(ක්ම) සැලසුම් කරන්නේය. ඔහුගේ අනුමැතියෙන් පසුව මිස (කෙනෙකු) වෙනුවෙන් අයැද සිටින කිසිවෙකු නොවන්නේය. ඔහුමය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. එබැවින් ඔහුව (පමණක්) නුඹලා නමදිවු. (ඒ බව) නුඹලා කල්පනා නොකරන්නෙහු ද?
2වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:54 හි පාද සටහන බලන්න.
3අල්ලාහ් විශ්වය මැවීමෙන් පසු එය පාලනය නොකර පැත්තකට වී සිට තමන්ගේ ශක්තිය මෙන් ශක්තිමත් තවත් දෙවිවරුන්ව ඔහු ඇති කළේ යැයි මිථ්යාදෘෂ්ටිකයින් විශ්වාස කළෝය. ඔවුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ්ට පමණක් අයිති දෑ විෂයෙහි වුවද කෙනෙකු වෙනුවෙන් ඇයැද සිටීමට එම දෙවිවරුන්ට ද බලයක් ඇතැ’යි පවසමින් සිටියෝය. මෙම ආයතය මෙවැනි උපකල්පිත දෑ නිෂ්ප්රභ කර ඇත.
إِلَيْهِ مَرْجِعُكُمْ جَمِيعًا ۖ وَعْدَ اللَّهِ حَقًّا ۚ إِنَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ بِالْقِسْطِ ۚ وَالَّذِينَ كَفَرُوا لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْفُرُونَ
නුඹලා සියල්ලන්ගේ නැවත යොමු වන ස්ථානය ඔහු වෙතමය. (එය ඔවුනට පොරොන්දු වූ) අල්ලාහ්ගේ සැබෑ පොරොන්දුවක් වශයෙනි. සැබැවින්ම ඔහු මැවුම් (පෙර නිදසුනකින් තොරව) උත්පාදනය කර පසුව (එම මැවුම් අතුරින්) විශ්වාස කර යහකම් කළවුනට සාධාරණ ලෙස ප්රතිඵල ලබා දෙනු පිණිස (විනිශ්චය දින) එය ප්රතිඋත්පාදනය කරන්නේය. තවද ප්රතික්ෂේප කළවුන් නම්, ඔවුන් ප්රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් නටන උණු ජලයෙන් වූ පානයක් ද වේදනීය දඬුවම ද ඔවුනට ඇත.
هُوَ الَّذِي جَعَلَ الشَّمْسَ ضِيَاءً وَالْقَمَرَ نُورًا وَقَدَّرَهُ مَنَازِلَ لِتَعْلَمُوا عَدَدَ السِّنِينَ وَالْحِسَابَ ۚ مَا خَلَقَ اللَّهُ ذَٰلِكَ إِلَّا بِالْحَقِّ ۚ يُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ
වර්ෂ සංඛ්යාව හා (කාල) ගණනය නුඹලා දැනු ගනු පිණිස සූර්යයා ආලෝකය ලබා දෙන්නක් වශයෙන් ද චන්ද්රයා ආලෝකය විහිදුවන්නක් වශයෙන් ද ඇති කර තවද එයට (හිමි) ස්ථාන නියම කළේ ඔහුය. මෙය අල්ලාහ් සත්යයෙන් යුතුව මිස නොමැව්වේය. දැනුවත් වන පිරිසකට ඔහු සාධක පැහැදිලි කරන්නේ( මෙලෙස)ය.
4මෙම ආයතය මරණින් මතු ජීවිතය සත්යය යැයි තහවුරු කරයි. එලෙස මරණින් මතු ජීවිතයක් නොමැති නම් යහකම් කළවුන්ට ප්රතිඵල ද අයහකම් කළවුන්ට දඬුවම් ද දිය නොහැකි වන අතර විශ්වයේ මැවීම් වල අරමුණක් නැති වී යනු ඇත.
إِنَّ فِي اخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا خَلَقَ اللَّهُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ لَآيَاتٍ لِّقَوْمٍ يَتَّقُونَ
සැබැවින්ම රාත්රිය හා දහවල පරස්පරානුව ගමන් කිරීමෙහි ද අහස්හි හා මිහිතලයෙහි අල්ලාහ් මැවූ දෑහි ද බිය භක්තිමත් පිරිසකට සංඥා ඇත.
إِنَّ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا وَرَضُوا بِالْحَيَاةِ الدُّنْيَا وَاطْمَأَنُّوا بِهَا وَالَّذِينَ هُمْ عَنْ آيَاتِنَا غَافِلُونَ
සැබැවින්ම අපගේ හමුව බලාපොරොත්තු නොවන, තවද මෙලොව ජීවිතය ගැන තෘප්තියට පත්ව එමගින්ම සැනසුම ලැබූවන් හා අපගේ වදන් පිළිබඳව අනවධානීව සිටියවුන් නම්, ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ ලැගුම් ගන්නා ස්ථානය වනුයේ (නිරා) ගින්නය.
أُولَـٰئِكَ مَأْوَاهُمُ النَّارُ بِمَا كَانُوا يَكْسِبُونَ
සැබැවින්ම අපගේ හමුව බලාපොරොත්තු නොවන, තවද මෙලොව ජීවිතය ගැන තෘප්තියට පත්ව එමගින්ම සැනසුම ලැබූවන් හා අපගේ වදන් පිළිබඳව අනවධානීව සිටියවුන් නම්, ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ ලැගුම් ගන්නා ස්ථානය වනුයේ (නිරා) ගින්නය.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ يَهْدِيهِمْ رَبُّهُم بِإِيمَانِهِمْ ۖ تَجْرِي مِن تَحْتِهِمُ الْأَنْهَارُ فِي جَنَّاتِ النَّعِيمِ
සැබැවින්ම විශ්වාස කර යහකම් කළවුන් නම් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ විශ්වාසය හේතුවෙන් ඔවුනට (ස්වර්ගය වෙත) මග පෙන්වන්නේය. (මතු ලොවෙහි) පූර්ණ සොම්නසින් යුත් (ස්වර්ග) උයන්හි ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති.
دَعْوَاهُمْ فِيهَا سُبْحَانَكَ اللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلَامٌ ۚ وَآخِرُ دَعْوَاهُمْ أَنِ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
එහි ඔවුන්ගේ ප්රාර්ථනාව වනුයේ “අහෝ අල්ලාහ්, ඔබ පිවිතුරුය” යන්නය. එහි ඔවුන්ගේ සුබ පැතුම වනුයේ “සලාම්(නම් ශාන්තිය)ය”. ඔවුන්ගේ ප්රාර්ථනාවේ අවසානය වනුයේ. “විශ්වයන්හි පරමාධිපති වන අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමිය” යන්නය.
وَلَوْ يُعَجِّلُ اللَّهُ لِلنَّاسِ الشَّرَّ اسْتِعْجَالَهُم بِالْخَيْرِ لَقُضِيَ إِلَيْهِمْ أَجَلُهُمْ ۖ فَنَذَرُ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
මිනිසා යහපත් දෑ ඉක්මන් කරන ලෙස ඉල්ලා සිටිනවාක් මෙන් ඔවුනට නපුර අල්ලාහ් ඉක්මන් කරන්නේ නම් ඔවුන්ගේ (ජීවිත) කාල සීමාව ඔවුනට (නියමිත කලට පෙරම සමීප දඬුවමකින්) අවසන් වනු ඇත. එනමුත් අපගේ හමුව බලාපොරොත්තු නොවන්නන්ව ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි ව්යාකූල වූ තත්ත්වයෙහිම අපි අත හැර දමන්නෙමු.
5නිතැතින්ම අල්ලාහ් ආදේශ කිරීම අනුමත නොකරන්නේ නම් එවිගසම ඔහුගේ දඬුවම පහළ කළ යුතු යැයි ප්රතික්ෂේපකයින් පවසමින් සිටියෝය. මෙම ආයතය පවසන්නේ අල්ලාහ්ගේ කරුණාභරිත වූ පිළිවෙත පිළිබඳවය. එනම් ජනයින් යම් යහපතක් ඇයැදිමින් ඉක්මන් වූයේ නම් අල්ලාහ් එය ඉක්මණින් ඔවුනට දෙන්නේය. නමුත් ඔවුන් යම් නරකක් අයැදිමින් සිටියේ නම් අල්ලාහ් ඔවුන් අයැදින පරිදි එය ඉක්මණින් නොදෙන්නේය. ඔවුන් අභියෝග කරන පරිදි දඬුවම ඔවුන් වෙත ඉක්මණින් ඇති වූයේ නම් සත්යය පිළිගැනීමට ඔවුන්ට අවකාශයක් නොලැබෙනු ඇත.
وَإِذَا مَسَّ الْإِنسَانَ الضُّرُّ دَعَانَا لِجَنبِهِ أَوْ قَاعِدًا أَوْ قَائِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَن لَّمْ يَدْعُنَا إِلَىٰ ضُرٍّ مَّسَّهُ ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُوا يَعْمَلُونَ
මිනිසාට පීඩාවක් ස්පර්ශ වූ විට ඔහු හාන්සිවෙමින් හෝ වාඩිවෙමින් හෝ සිට ගනිමින් අපව අයැදින්නේය. ඔහුගෙන් අපි තම පීඩාව ඉවත් කළේ නම් තමන්ට ස්පර්ශ වූ පීඩාව වෙනුවෙන් අපගෙන් ප්රාර්ථනා නොකළාක් මෙන් ගමන් කරන්නේය. සීමාව ඉක්මවා ගියවුනට ඔවුන් කරමින් සිටි දෑ අලංකාරමත් කර පෙන්වනු ලැබූයේ මෙලෙසය.
وَلَقَدْ أَهْلَكْنَا الْقُرُونَ مِن قَبْلِكُمْ لَمَّا ظَلَمُوا ۙ وَجَاءَتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ وَمَا كَانُوا لِيُؤْمِنُوا ۚ كَذَٰلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ
නුඹලාට පෙර (බොහෝ) සමූහයන් ඔවුන් අපරාධ කළ විට ඔවුන්ව අපි විනාශ කර ඇත්තෙමු. තවද ඔවුන් වෙත ඔවුන්ගේ රසූල්වරුන් පැහැදිලි සාධක සමග පැමිණියෝය. නමුත් ඔවුන් විශ්වාස කිරීමට (ඉදිරිපත්) නොවීය. වැරදිකාර පිරිසට අපි ප්රතිවිපාක ලබා දෙන්නේ මෙලෙසය.
ثُمَّ جَعَلْنَاكُمْ خَلَائِفَ فِي الْأَرْضِ مِن بَعْدِهِمْ لِنَنظُرَ كَيْفَ تَعْمَلُونَ
අනතුරුව නුඹලා කටයුතු කරනුයේ කෙලෙස දැ?යි අප නිරීක්ෂණය කරනු පිණිස ඔවුනට පසු අපි නුඹලාව මිහිතලයේ නියෝජිතයින් බවට පත් කළෙමු.
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ ۙ قَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَـٰذَا أَوْ بَدِّلْهُ ۚ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِن تِلْقَاءِ نَفْسِي ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ ۖ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ
ඔවුන් වෙත පැහැදිලිව අපගේ වදන් පාරායනය කරනු ලැබූ විට අපගේ හමුව බලාපොරොත්තු නොවන අය “මේ හැර වෙනත් කුර්ආනයක් ගෙන එනු. එසේ නොමැතිනම් එය වෙනස් කරනු” යැයි පැවසුවෝය. (නබිවරය) “මාගේ කැමැත්ත පරිදි මෙය වෙනස් කිරීමට මා හට කිසිඳු අයිතියක් නැත. මා වෙත වහී වශයෙන් පහළ කරන ලද දෑ හැර (අන් කිසිවක්) මම අනුගමනය නොකරමි. මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් (විනිශ්චය සිදුවන) ඉමහත් වූ දිනයේ (මාහට හිමිවන) දඬුවමට මම බිය වන්නෙමි.” යැයි පවසවු.
قُل لَّوْ شَاءَ اللَّهُ مَا تَلَوْتُهُ عَلَيْكُمْ وَلَا أَدْرَاكُم بِهِ ۖ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًا مِّن قَبْلِهِ ۚ أَفَلَا تَعْقِلُونَ
(මා රසූල්වරයෙකු නොවිය යුතු යැයි) අල්ලාහ් අභිමත කළේ නම් මෙය මා නුඹලා වෙත පාරායනා නොකර සිටිමි. මේ ගැන ඔහු ද නුඹලාට දන්වා නොසිටිනු ඇත. නුඹලා අතර එයට(අල් කුර්ආනය පහළ වීමට) පෙර මා වසර ගණනාවක්ම රැඳී සිටියෙමි. නුඹලා අවබෝධ කර නොගන්නෙහු ද?
6ප්රතික්ෂේපකයන්ගේ උපකල්පනය වී තිබුණේ අල් කුර්ආනයේ කතෘවරයා වූයේ නබි මුහම්මද් තුමාණන් යන්නය. එබැවින් ඔහු අභිමත කළ පරිදි එහි වෙනස්කම් කරන බවට චෝදනා කළෝය. මෙම ආයතය එවැනි උපකල්පනයන්ට පිළිතුරකි. එනම් ඔවුන් අතර අවුරුදු 40 පමණ කාලයක් පුරා නබි මුහම්මද් තුමාණන් ජීවත් විය. එහෙත් ඔහුගේ සාමාන්යය කතා ශෛලිය හා අල් කුර්ආනයේ භාෂා ශෛලිය අතර කෙසේ වෙනස් ඇත් දැ’යි ඔවුන් මැනවින් දනිති. මිනිසා හා ජින්වරුන් සියල්ලන්ම එක් වී සැකසුම් කළ ද මෙවැනි උසස් වාග් චාතූර්යයෙන් යුත් ග්රන්ථයක් ගෙන ආ නොහැකිය.
فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ ۚ إِنَّهُ لَا يُفْلِحُ الْمُجْرِمُونَ
අල්ලාහ් කෙරෙහි අසත්යය ගොතන්නාට හෝ ඔහුගේ වදන් බොරුකරන්නාට වඩා මහා අපරාධකරුවා කවරෙකු ද? සැබැවින්ම වැරදිකරුවන් ජය නොලබන්නෝය.
وَيَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ وَيَقُولُونَ هَـٰؤُلَاءِ شُفَعَاؤُنَا عِندَ اللَّهِ ۚ قُلْ أَتُنَبِّئُونَ اللَّهَ بِمَا لَا يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
තවද ඔවුන් අල්ලාහ් හැර ඔවුනට හානියක් ඇති නොකරන, තවද ඔවුනට කිසිදු ප්රයෝජනයක් නොදෙන දෑ නමදින්නෝය. “මොවුන් අල්ලාහ් අබියස අප වෙනුවෙන් අයැද සිටින්නන් යැ”යි ද ඔවුහු පවසති. “(නබිවරය,) අහස්හි හා මිහිතලයෙහි අල්ලාහ් නොදන්නා දෑ නුඹලා ඔහුට දන්වා සිටින්නෙහු දැ?යි (ඔවුන්ගෙන්) නුඹ විමසවු. ඔවුන් අදේශ කරන දැයින් ඔහු අති උත්තරීතරය අති පිවිතුරුය.
وَمَا كَانَ النَّاسُ إِلَّا أُمَّةً وَاحِدَةً فَاخْتَلَفُوا ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِيَ بَيْنَهُمْ فِيمَا فِيهِ يَخْتَلِفُونَ
මිනිසුන් එකම සමූහයක්ව මිස නොසිටියහ. පසුව ඔවුහු භේදභින්න වූවෝය. නුඹගේ පරමාධිපතිගෙන් වූ (මතු ලොවෙහි දඬුවම ඇත යන) වදන පෙරටු නොවූයේ නම් ඔවුන් කවර දෙයක භේදභින්න වෙමින් සිටියේ ද එ(ම විෂයෙ)හි (ලොවෙහිම දඬුවම) ඔවුන් අතර තීන්දු කරනු ලබනු ඇත.
7මෙයින් අදහස් වන්නේ මුලින් සමස්ත මානව වර්ගයාම පරිශුද්ධ ඒක දේවත්වයේ සිටියෝය යන්නය. මන්දයත් ඔවුන් සියල්ලෝම නබි ආදම් තුමාණන්ගේ දරුවන්ය. පසුව ඔවුන්ගෙන් සමහරුන් බහු දේවවාදය විශ්වාස කිරීමට පටන් ගත්තෝය. එබැවින් ඔවුන් අතර භේදභින්න භාවය ඇති විය.
8විශ්වය මැවීමට මූලික අරමුණ වන්නේ මිනිසාව පිරික්සුම් කිරීමට යැයි අල්ලාහ් තීරණය කර ඇත. එබැවින් බහු දේවවාදයේ දඬුවම අල්ලාහ් මතු ලොවෙහි පමණක් දෙන්නේය. සියල්ලන්ටම ඔවුන්ගේ ස්ව කැමැත්තෙන් කි්රයා කිරීමට අල්ලාහ් මෙලොවෙහි අවස්ථාවක් දී ඇත. නැතහොත් අල්ලාහ් ප්රතික්ෂේපකයින්ට මෙලොවෙහිදීම දඬුවම් දී මෙම භේදභින්න නිරවුල් කරනු ඇත.
وَيَقُولُونَ لَوْلَا أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ ۖ فَقُلْ إِنَّمَا الْغَيْبُ لِلَّهِ فَانتَظِرُوا إِنِّي مَعَكُم مِّنَ الْمُنتَظِرِينَ
“ඔහුගේ(මුහම්මද්ගේ) පරමාධිපතිගෙන් වූ සාධකයක් ඔහු වෙත පහළ කරනු ලැබිය යුතු නොවේ දැ?”යි (ප්රතික්ෂේපක) ඔවුහු පවසති. (නබිවරය) “ගුප්ත දෑ(හි දැනුම) අල්ලාහ් වෙතය. එබැවින් නුඹලා (දඬුවම) බලා සිටිවු. සැබැවින්ම මා ද නුඹලා සමග බලා සිටින්නන් අතුරින් කෙනෙකු වෙමි.” යැයි පවසවු.
9නබි මුහම්මද් තුමාණන් ප්රතික්ෂේපකයින්ට ප්රාතිහාර්යය පෙන්වුවද එම ප්රතික්ෂේපකයින් ඔවුන් අභිමත කරන පරිදි ප්රාතිහාර්යයන් පෙන්වන ලෙස අභියෝග කළෝය. එබැවින් ගුප්ත දෑ පිළිබඳව දැනුම ඇත්තේ අල්ලාහ්ට පමණි. තවද ඔවුන්ගේ කැමැත්ත පරිදි අල්ලාහ් ප්රාතිහාර්යයන් පෙන්වන්නේද? නැද්ද? යන්න නිශ්චිතවම නබි මුහම්මද් තුමාට තීරණය කළ නොහැකි යැයි මෙම ආයතය නබි මුහම්මද් තුමාට ඔවුන්හට පවසන මෙන් විධානය කර ඇත.
وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً مِّن بَعْدِ ضَرَّاءَ مَسَّتْهُمْ إِذَا لَهُم مَّكْرٌ فِي آيَاتِنَا ۚ قُلِ اللَّهُ أَسْرَعُ مَكْرًا ۚ إِنَّ رُسُلَنَا يَكْتُبُونَ مَا تَمْكُرُونَ
මිනිසාට ස්පර්ශ වූ හානියකින් පසුව ඔවුනට අපි (අපගේ) දයාව භුක්ති විඳෙව්වෙමු නම්, එවිට අපගේ සාධකයන්හි ඔවුහු කූට උපාය සැලසුම් කරති. (නබිවරය,) “අල්ලාහ් සැලසුම් කිරීමෙහි ඉතා වේගවත්ය.” යැයි පවසවු. සැබැවින්ම අපගේ (මලක්වරුන් වන) දූතයින් නුඹලා කූට උපායන් සැලසුම් කරමින් සිටින දෑ සටහන් කරති.
10එනම් සාධකයන් යනු නබි මුහම්මද් තුමාණන් හා අල් කුර්ආනයයි. ප්රතික්ෂේපකයින් එතුමාට හා අල් කුර්ආනයට එරෙහිව නොයෙකුත් කූට කුමන්ත්රණයන්හි නියැලුණෝය.
11මෙම ආයතය අරාබි වාගලංකාරයට අනුව ‘මුෂාකලා’ ගණයට අයත් ආයතයන් කිහිපයකින් එකකි. මුෂාකලා යනු “එක් විෂයක් යම් පාර්ශ්වයක් හා සම්බන්ධව සඳහන් වී ඇති අවස්ථාවක දී එම විෂය හා පාර්ශ්වය සැලකිල්ලට ගෙන එහි සැබෑ භාෂාමය අර්ථය හැර යථාර්ථයෙන් අර්ථවත් වන්නා වූ අරුත ගෙන ඒම වේ.” මෙම ආයතයෙහි “කූට උපාය සැලසුම් කිරීම” යන පදයට අදාළ අරාබි පදය වන “මක්ර්” යන පදය අරාබි වාගලංකාරයට අනුව අල්ලාහ් හා මැවුම යන දෙපාර්ශවයටම භාවිත වී තිබුණ ද දෙපාර්ශවයට දෙයාකාරයක අරුත ගෙන දේ. එහෙයින් අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි “අල්ලාහ් කූට උපාය සැලසුම් කිරීමෙහි ඉතා වේගවත්ය.” යන පරිවර්තනයට ‘මුෂාකලා’ යන නීතිය අනුව ‘අල්ලාහ් සැලසුම් කිරීමෙහි ඉතා වේගවත්ය’ යැයි අරුත් දැක් වේ.
هُوَ الَّذِي يُسَيِّرُكُمْ فِي الْبَرِّ وَالْبَحْرِ ۖ حَتَّىٰ إِذَا كُنتُمْ فِي الْفُلْكِ وَجَرَيْنَ بِهِم بِرِيحٍ طَيِّبَةٍ وَفَرِحُوا بِهَا جَاءَتْهَا رِيحٌ عَاصِفٌ وَجَاءَهُمُ الْمَوْجُ مِن كُلِّ مَكَانٍ وَظَنُّوا أَنَّهُمْ أُحِيطَ بِهِمْ ۙ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ لَئِنْ أَنجَيْتَنَا مِنْ هَـٰذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ
ගොඩබිමෙහි හා මුහුදෙහි නුඹලාව ගමන් කරවනුයේ ඔහුය. කෙතරම් (දුරට)දයත් නුඹලා නෞකාවන්හි ගොඩ වී යහ සුළඟක් මගින් ඒවා ඔවුන්ව රැගෙන ගොස් එමගින් ඔවුන් සතුටු වෙමින් සිටිය දී සුළි සුළඟක් ඔවුන් වෙත පැමිණියේය. තවද සෑම දෙසකින්ම රළ පහර ද ඔවුන් වෙත පැමිණියේය. තවද ඔවුන් (විපතට) වටලා ගනු ලැබුවේ යැයි ඔවුහු සිතූහ. (එවිට) “මෙයින් නුඹ අපව මුදවා ගත්තේ නම් සැබැවින්ම අපි කෘතඥයින් අතුරින් වන්නෙමු” යැයි දහමෙහි අල්ලාහ්ට චිත්ත පාරිශුද්ධියෙන් යුතුව ඔහුව අයැදින්නෝය.
فَلَمَّا أَنجَاهُمْ إِذَا هُمْ يَبْغُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ ۗ يَا أَيُّهَا النَّاسُ إِنَّمَا بَغْيُكُمْ عَلَىٰ أَنفُسِكُم ۖ مَّتَاعَ الْحَيَاةِ الدُّنْيَا ۖ ثُمَّ إِلَيْنَا مَرْجِعُكُمْ فَنُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ
එහෙත් ඔවුන්ව ඔහු (විපතින්) මුදවා ගත් විට එවිගස ඔවුන් කිසිදු යුක්තියකින් තොරව මිහිතලයේ සීමාව ඉක්මවමින් කටයුතු කරති. අහෝ මිනිසුනි! නුඹලාගේ සීමාව ඉක්මවා යෑම නුඹලාට එරෙහිවමය. (නුඹලා මෙලොව භුක්ති විඳිනුයේ) ලෞකික ජීවිතයේ අල්ප රස විඳීමක් ලෙසය. පසුව නුඹලාගේ නැවත යොමු වන ස්ථානය අප වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ අපි දන්වා සිටින්නෙමු.
إِنَّمَا مَثَلُ الْحَيَاةِ الدُّنْيَا كَمَاءٍ أَنزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ مِمَّا يَأْكُلُ النَّاسُ وَالْأَنْعَامُ حَتَّىٰ إِذَا أَخَذَتِ الْأَرْضُ زُخْرُفَهَا وَازَّيَّنَتْ وَظَنَّ أَهْلُهَا أَنَّهُمْ قَادِرُونَ عَلَيْهَا أَتَاهَا أَمْرُنَا لَيْلًا أَوْ نَهَارًا فَجَعَلْنَاهَا حَصِيدًا كَأَن لَّمْ تَغْنَ بِالْأَمْسِ ۚ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَتَفَكَّرُونَ
මෙලොව ජීවිතයේ උපමාව වනුයේ අහසින් අපි පහළ කළ ජලය මෙනි. මිනිසා හා සතුන් අනුභව කරන දැයින් වූ මිහිතලයේ ගහකොළ, එය සමග මිශ්ර වන්නේය. අවසානයේ මිහිතලය එහි අලංකාරත්වය ලබා සුන්දරත්වයට පත් වී එහි හිමිකරුවන්, තමන් ඒ කෙරෙහි බලය ඇත්තන් බව සිතූ විට අපගේ (දඬුවමේ) අණ රාත්රියේ හෝ දහවලේ එයට පැමිණ ඒවා පෙර දින නොවූවාක් මෙන් නෙළනු ලැබූවක් බවට පත් කළෙමු. වටහා ගන්නා පිරිසට අපි මෙම වදන් පැහැදිලි කරන්නේ මෙලෙසය.
وَاللَّهُ يَدْعُو إِلَىٰ دَارِ السَّلَامِ وَيَهْدِي مَن يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ
අල්ලාහ්, ශාන්තියේ නිවහන (වන ස්වර්ගය) වෙත කැඳවන්නේය. තවද ඔහු අභිමත කළ අයව ඍජු මාර්ගය වෙත රැගෙන යන්නේය.
لِّلَّذِينَ أَحْسَنُوا الْحُسْنَىٰ وَزِيَادَةٌ ۖ وَلَا يَرْهَقُ وُجُوهَهُمْ قَتَرٌ وَلَا ذِلَّةٌ ۚ أُولَـٰئِكَ أَصْحَابُ الْجَنَّةِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
යහකම් කළවුනට යහපත ද (ඊට) අධිකව ද ඇත. ඔවුන්ගේ මුහුණුවල අඳුර හෝ අවමානය වෙළා නොගන්නේය. (ස්වර්ග) උයනෙහි වැසියන් ඔවුන්මය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
12මෙම ආයතයෙහි “යහපත” යනු ස්වර්ගයට පිවිසීම වන අතර “(ඊට) අධිකව” යනු අල්ලාහ්ව හමු වීම වේ.
وَالَّذِينَ كَسَبُوا السَّيِّئَاتِ جَزَاءُ سَيِّئَةٍ بِمِثْلِهَا وَتَرْهَقُهُمْ ذِلَّةٌ ۖ مَّا لَهُم مِّنَ اللَّهِ مِنْ عَاصِمٍ ۖ كَأَنَّمَا أُغْشِيَتْ وُجُوهُهُمْ قِطَعًا مِّنَ اللَّيْلِ مُظْلِمًا ۚ أُولَـٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
තවද පාපය ඉපැයූ අයට ඒ හා සමාන පාපයේ ප්රතිවිපාකය ඇත. ඔවුන්ව අවමානය වෙළා ගන්නේය. අල්ලාහ්ගෙන් (වූ දඬුවමින්) ආරක්ෂා කරන්නෙකු ඔවුනට නොවන්නේය. රාත්රියේ කොටසකින් ඔවුන්ගේ මුහුණු අන්ධකාරයෙන් ආවරණය කරනු ලැබූවාක් මෙන් පවතී. ඔවුහු (නිරා) ගින්නෙහි වැසියෝය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا مَكَانَكُمْ أَنتُمْ وَشُرَكَاؤُكُمْ ۚ فَزَيَّلْنَا بَيْنَهُمْ ۖ وَقَالَ شُرَكَاؤُهُم مَّا كُنتُمْ إِيَّانَا تَعْبُدُونَ
ඔවුන් සියල්ලන්වම අපි එක්රැස් කර පසුව ආදේශ කළවුනට, “නුඹලා ද නුඹලා( අල්ලාහ්ට ආදේශ යැයි සැලකූ අල්ලාහ්)ගේ හවුල්කරුවන්ව ද නුඹලාගේ ස්ථානයටම වී සිටිවු.” යැයි පවසන දින (සිහිපත් කරවු). එවිට ඔවුන් අතර බෙදුමක් ඇති කරන්නෙමු. පසුව “නුඹලා අපව නැමදුම් කරමින් සිටියේ නැත. තවද අප අතර හා නුඹලා අතර සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. නුඹලා අපව නමදිමින් සිටි බවට සැබැවින්ම අපි අනවධානීන්ව සිටියෙමු.” යැයි හවුල්කරුවන් (වන මිථ්යා දෙවිවරුන්) පවසන්නෝය.
فَكَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنَنَا وَبَيْنَكُمْ إِن كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَافِلِينَ
ඔවුන් සියල්ලන්වම අපි එක්රැස් කර පසුව ආදේශ කළවුනට, “නුඹලා ද නුඹලා( අල්ලාහ්ට ආදේශ යැයි සැලකූ අල්ලාහ්)ගේ හවුල්කරුවන්ව ද නුඹලාගේ ස්ථානයටම වී සිටිවු.” යැයි පවසන දින (සිහිපත් කරවු). එවිට ඔවුන් අතර බෙදුමක් ඇති කරන්නෙමු. පසුව “නුඹලා අපව නැමදුම් කරමින් සිටියේ නැත. තවද අප අතර හා නුඹලා අතර සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. නුඹලා අපව නමදිමින් සිටි බවට සැබැවින්ම අපි අනවධානීන්ව සිටියෙමු.” යැයි හවුල්කරුවන් (වන මිථ්යා දෙවිවරුන්) පවසන්නෝය.
هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَّا أَسْلَفَتْ ۚ وَرُدُّوا إِلَى اللَّهِ مَوْلَاهُمُ الْحَقِّ ۖ وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَفْتَرُونَ
එවිට සෑම ආත්මාවක්ම තමා පෙර කළ දෑ දැක ගන්නෝය. ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙතට ඔවුන් නැවත යවනු ලබන්නෝය. (දෙවිවරුන් ලෙස) ඔවුන් ව්යාජව ප්රබන්ධ කරමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යන්නේය.
قُلْ مَن يَرْزُقُكُم مِّنَ السَّمَاءِ وَالْأَرْضِ أَمَّن يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارَ وَمَن يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَمَن يُدَبِّرُ الْأَمْرَ ۚ فَسَيَقُولُونَ اللَّهُ ۚ فَقُلْ أَفَلَا تَتَّقُونَ
(නබිවරය,) “අහසින් හා මිහිතලයෙන් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවරෙකු ද? නැතහොත් ශ්රවණ හා බැල්ම පාලනය කරන්නා කවරෙකු විය හැකි ද? මළ දැයින් ජීවීන් පිට කර ජීවී දැයින් මළ දෑ පිට කරන්නේ කවරෙකු ද? තවද (සෑම) කරුණ(ක්ම) සැලසුම් කරන්නේ කවරෙකු දැ?”යි නුඹ අසවු. එවිට “අල්ලාහ්” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් නොවන්නෙහු දැ?”යි විමසවු.
فَذَٰلِكُمُ اللَّهُ رَبُّكُمُ الْحَقُّ ۖ فَمَاذَا بَعْدَ الْحَقِّ إِلَّا الضَّلَالُ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ
ඔහුමය නුඹලාගේ සැබෑ පරමාධිපති වන අල්ලාහ්. එබැවින් සත්යයට (පිටු පෑමෙන්) පසු නොමග මිස වෙන කුමක් (තිබිය හැකි)ද? එසේ නම් කෙසේ නුඹලා (සත්යයෙන් වෙනතකට) යොමු කරනු ලබන්නෙහු ද?
13මින් අදහස් වන්නේ අල්ලාහ් සියල්ලන්ගේ සැබෑ මැවුම්කරු යන්නට සියලු සාධක තිබිය දී කෙසේ නම් නුඹලා (සත්යයෙන් වෙනතකට) යොමු කරනු ලබන්නේ ද? යන්නය.
كَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى الَّذِينَ فَسَقُوا أَنَّهُمْ لَا يُؤْمِنُونَ
එලෙසම පාපයන් කළවුන් කෙරෙහි “ඔවුන් විශ්වාස නොකරන්නෝය” යන නුඹගේ පරමාධිපතිගේ වදන නියම විය.
قُلْ هَلْ مِن شُرَكَائِكُم مَّن يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ۚ قُلِ اللَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ
(නබිවරය) “මැවුම් (පෙර නිදසුනකින් තොරව) උත්පාදනය කර පසුව (විනිශ්චය දින) එය ප්රති උත්පාදනය කරන යමෙකු නුඹලා( අල්ලාහ්ට ආදේශ යැයි සැලකූ අල්ලාහ්)ගේ හවුල්කරුවන් අතුරින් වී දැ?”යි විමසවු. “මැවුම් (පෙර නිදසුනකින් තොරව) උත්පාදනය කර පසුව (විනිශ්චය දින) එය ප්රතිඋත්පාදනය කරන්නේ අල්ලාහ්ය. එසේ නම් කෙසේ නුඹලා (සත්යයෙන් වෙනතකට) හරවනු ලබනනෙහු ද?” යැයි පවසවු.
قُلْ هَلْ مِن شُرَكَائِكُم مَّن يَهْدِي إِلَى الْحَقِّ ۚ قُلِ اللَّهُ يَهْدِي لِلْحَقِّ ۗ أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لَّا يَهِدِّي إِلَّا أَن يُهْدَىٰ ۖ فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
(නබිවරය,) “සත්යය වෙත මග පෙන්වන කිසිවෙකු නුඹලා( අල්ලාහ්ට ආදේශ යැයි සැලකූ අල්ලාහ්)ගේ හවුල්කරුවන් අතුරින් වී දැ?”යි විමසවු. “සත්යය වෙත මග පෙන්වනුයේ අල්ලාහ්” යැයි පවසවු. අනුගමනය කරන්නට සුදුස්සා වන්නේ සත්යය වෙත මග පෙන්වන්නා ද? නැතහොත් (තවත් කෙනෙකු විසින්) යහ මග යවනු ලැබීමෙන් මිස යහ මග නොලබන්නා ද? නුඹලාට කුමක් සිදු වී ද? නුඹලා විනිශ්චය කරනුයේ කෙසේ දැ?”යි පවසවු.
وَمَا يَتَّبِعُ أَكْثَرُهُمْ إِلَّا ظَنًّا ۚ إِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَفْعَلُونَ
ඔවුන්ගෙන් බොහෝ දෙනා අනුමානයන් මිස (වෙනත් කිසිවක්) අනුගමනය නොකරන්නෝය. සැබැවින්ම අනුමානය සත්යය වෙනුවෙන් කිසිදු ප්රයෝජනයක් නොදෙන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව සර්වඥය.
وَمَا كَانَ هَـٰذَا الْقُرْآنُ أَن يُفْتَرَىٰ مِن دُونِ اللَّهِ وَلَـٰكِن تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ الْكِتَابِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ الْعَالَمِينَ
මෙම අල් කුර්ආනය අල්ලාහ් නොවන (වෙනත්) අය විසින් නිර්මාණය කරනු ලබන්නක් නොවීය. එනමුත් (මෙය) තමන් ඉදිරියෙහි වූ දෑ (එනම්, පෙර පහළ වූ සත්ය ධර්ම පුස්තක) තහවුරු කරන්නක් හා (අල්ලාහ්ගේ නීති රීතීන්) පැහැදිලි කරන්නකි. එහි කිසිදු සැකයක් නොමැතිව විශ්වයන්ගේ පරමාධිපතිගෙන් (පහළ) වූවකි.
أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ فَأْتُوا بِسُورَةٍ مِّثْلِهِ وَادْعُوا مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللَّهِ إِن كُنتُمْ صَادِقِينَ
නැතහොත් “මොහු(මුහම්මද්) මෙය ගෙතුවේය” යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය) “නුඹලා සත්යවාදීන්ව සිටියෙහු නම් මෙවැනිම පරිච්ඡේදයක් ගෙන එවු. තවද අල්ලාහ් නොවන නුඹලාට හැකි කෙනෙකු නුඹලා(ගේ සහයට) කැඳවවු.” යැයි පවසවු.
بَلْ كَذَّبُوا بِمَا لَمْ يُحِيطُوا بِعِلْمِهِ وَلَمَّا يَأْتِهِمْ تَأْوِيلُهُ ۚ كَذَٰلِكَ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الظَّالِمِينَ
කුමක් පිළිබඳ දැනුම ඔවුන් වටලා නොගත්තේ ද, තවද කුමන දැයක යථාර්ථය ඔවුන් වෙත නොපැමිණියේ ද, එ(ම අල් කුර්ආන)ය ඔවුහු අසත්යය කළෝය. ඔවුනට පෙර වූවන් ද එලෙසම අසත්යය කළෝය. (නබිවරය) එබැවින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැ’යි බලවු.
14අල් කුර්ආන් විශාරදයින්ගේ මතයට අනුව මෙයින් අදහස් වන්නේ අල් කුර්ආනය යි. තවද එමගින් ජනයාට බොහෝ අවවාද කර ඇත. එම අවවාදයන්ට අවනත නොවීමෙන් ඇති වන යථාර්ථය නම් ඔවුනට මේ දක්වා ඇති නොවූ දඬුවමක් යන්නය.
وَمِنْهُم مَّن يُؤْمِنُ بِهِ وَمِنْهُم مَّن لَّا يُؤْمِنُ بِهِ ۚ وَرَبُّكَ أَعْلَمُ بِالْمُفْسِدِينَ
(ප්රතික්ෂේපක) ඔවුන් අතුරින් එ(ම අල් කුර්ආන)ය විශ්වාස කරන්නන් ද වෙති. තවද ඔවුන් අතුරින් එය විශ්වාස නොකරන්නන් ද වෙති. තවද කලහකාරීන් පිළිබඳව නුඹගේ පරමාධිපති මැනවින් දන්නාය.
وَإِن كَذَّبُوكَ فَقُل لِّي عَمَلِي وَلَكُمْ عَمَلُكُمْ ۖ أَنتُم بَرِيئُونَ مِمَّا أَعْمَلُ وَأَنَا بَرِيءٌ مِّمَّا تَعْمَلُونَ
(නබිවරය) ඔවුහු නුඹව අසත්යය කළේ නම් “මාගේ ක්රියාවන්(හි ප්රතිවිපාකය) මාහටය. නුඹලාගේ ක්රියාවන්(හි ප්රතිවිපාකය) නුඹලා හටය. මා කරන දැයින් නුඹලා නිදොස් වූවන්ය. නුඹලා කරන දැයින් මම නිදොස් වූවෙකුමි.” යැයි පවසවු.
وَمِنْهُم مَّن يَسْتَمِعُونَ إِلَيْكَ ۚ أَفَأَنتَ تُسْمِعُ الصُّمَّ وَلَوْ كَانُوا لَا يَعْقِلُونَ
තවද ඔවුන් අතුරින් නුඔ වෙත සවන් දෙන්නන් ද වෙති. එබැවින් බිහිරන් (මෙන් ඔවුන්) වටහා නොගෙන සිටිය ද නුඹ ඔවුන්ට සවන් දීමට සලස්වන්නෙහි ද?
وَمِنْهُم مَّن يَنظُرُ إِلَيْكَ ۚ أَفَأَنتَ تَهْدِي الْعُمْيَ وَلَوْ كَانُوا لَا يُبْصِرُونَ
43) තවද ඔවුන් අතුරින් නුඹ දෙස (සුපරික්ෂාවෙන්) බලන්නන් ද වෙති. එබැවින් අන්ධයින් දැකිය නොහැක්කන්ව සිටිය ද නුඹ ඔවුන්ට මග පෙන්වන්නෙහි ද?
إِنَّ اللَّهَ لَا يَظْلِمُ النَّاسَ شَيْئًا وَلَـٰكِنَّ النَّاسَ أَنفُسَهُمْ يَظْلِمُونَ
සැබැවින්ම අල්ලාහ් මිනිසුනට කිසිවකින් හෝ අපරාධ නොකරන්නේය. එනමුත් මිනිසුන් තමන්මට අපරාධ කර ගන්නෝය.
وَيَوْمَ يَحْشُرُهُمْ كَأَن لَّمْ يَلْبَثُوا إِلَّا سَاعَةً مِّنَ النَّهَارِ يَتَعَارَفُونَ بَيْنَهُمْ ۚ قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُوا بِلِقَاءِ اللَّهِ وَمَا كَانُوا مُهْتَدِينَ
ඔහු(අල්ලාහ් විනිශ්චය සඳහා) ඔවුන්ව එක්රැස් කරන දින දහවලින් (ස්වල්ප) මොහොතක් මිස (ලොවෙහි) රැඳී නොසිටියාක් මෙන් ඔවුන් අතර එකිනෙකා හඳුනා ගනිති. අල්ලාහ්ගේ හමුව පිළිබඳව අසත්යය කළවුන් සැබැවින්ම අලාභ වින්දෝය. ඔවුහු යහමග ලබන්නන් ලෙස නොසිටියෝය.
وَإِمَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ اللَّهُ شَهِيدٌ عَلَىٰ مَا يَفْعَلُونَ
(නබිවරය,) අපි ඔවුනට ප්රතිඥා දුන් දැයින් සමහරක් (මෙලොවෙහිම) නුඹට (ගෙන හැර) පෙන්වන්නෙමු. නැතහොත් (ඔවුන් දඬුවමට ලක් වීමට පෙර) සැබැවින්ම අපි නුඹව මරණයට පත් කරන්නෙමු. (කෙසේ නමුත්) පසුව ඔවුන් යළි පමුණුවනු ලබන ස්ථානය අප වෙතමය. පසුව ඔවුන් කරන දෑ පිළිබඳව අල්ලාහ් සාක්ෂිකරුවෙකු වන්නේය.
وَلِكُلِّ أُمَّةٍ رَّسُولٌ ۖ فَإِذَا جَاءَ رَسُولُهُمْ قُضِيَ بَيْنَهُم بِالْقِسْطِ وَهُمْ لَا يُظْلَمُونَ
සෑම සමූහයකටම රසූල්වරයෙකු සිටියි. ඔවුන්ගේ රසූල්වරයා පැමිණි කල්හි (ඔවුන් අතුරින් පිරිසක් ඔහුව ප්රතික්ෂේප කළේ නම් විශ්වාස කරන්නන්ට ජයග්රහණය ද අවිශ්වාස කරන්නන්ට විනාශය ද යන්නෙන්) ඔවුන් අතර සාධාරණ අයුරින් විනිශ්චය දෙනු ලැබේ. තවද ඔවුහු අසාධාරණයට ලක් නොවෙති.
وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ
තවද “නුඹලා සත්යවාදීහූ නම් මෙම (දණ්ඩනීය) පොරොන්දුව කවදා දැ?”යි ඔවුහු (තම රසූල්වරුන්ගෙන්) විමසන්නෝය.
قُل لَّا أَمْلِكُ لِنَفْسِي ضَرًّا وَلَا نَفْعًا إِلَّا مَا شَاءَ اللَّهُ ۗ لِكُلِّ أُمَّةٍ أَجَلٌ ۚ إِذَا جَاءَ أَجَلُهُمْ فَلَا يَسْتَأْخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ
(නබිවරය,) “අල්ලාහ් අභිමත කළ දෑ මිස මාහටම යම් හානියක් (වළකා ගැනීමට) හෝ ප්රයෝජනයක් කිරීමට මම හැකියාව නොලබමි. සෑම සමූහයකට නියමිත කාල සීමාවක් ඇත. ඔවුන්ගේ කාල සීමාව පැමිණි විට ඔවුන් (එයින් සුළු) මොහොතක් හෝ ප්රමාද නොවන්නෝය. පෙරටු ද නොවන්නෝය.” යැයි පවසවු.
قُلْ أَرَأَيْتُمْ إِنْ أَتَاكُمْ عَذَابُهُ بَيَاتًا أَوْ نَهَارًا مَّاذَا يَسْتَعْجِلُ مِنْهُ الْمُجْرِمُونَ
“ඔහුගේ(අල්ලාහ්ගේ) දඬුවම රාත්රියෙහි හෝ දහවලෙහි නුඹලා වෙත පැමිණියේ නම්, වැරදිකරුවන් එයින් ඉක්මන් කරන මෙන් පතන්නේ කුමක් දැ?යි නුඹලා නොදුටුවෙහු ද? නුඹලා එය විශ්වාස කරනුයේ එය සිදු වූ පසුවද? (එවිට) ‘නුඹලා (සමච්චලයෙන්) එය ඉක්මන් කරන මෙන් පතමින් සිට (නුඹලා විශ්වාස කරනුයේ) දැන් ද?’ (යැයි නුඹලාට පවසනු ලැබේ.)” යන්නෙන් (නබිවරය, ඔවුනට) පවසවු.
أَثُمَّ إِذَا مَا وَقَعَ آمَنتُم بِهِ ۚ آلْآنَ وَقَدْ كُنتُم بِهِ تَسْتَعْجِلُونَ
“ඔහුගේ(අල්ලාහ්ගේ) දඬුවම රාත්රියෙහි හෝ දහවලෙහි නුඹලා වෙත පැමිණියේ නම්, වැරදිකරුවන් එයින් ඉක්මන් කරන මෙන් පතන්නේ කුමක් දැ?යි නුඹලා නොදුටුවෙහු ද? නුඹලා එය විශ්වාස කරනුයේ එය සිදු වූ පසුවද? (එවිට) ‘නුඹලා (සමච්චලයෙන්) එය ඉක්මන් කරන මෙන් පතමින් සිට (නුඹලා විශ්වාස කරනුයේ) දැන් ද?’ (යැයි නුඹලාට පවසනු ලැබේ.)” යන්නෙන් (නබිවරය, ඔවුනට) පවසවු.
ثُمَّ قِيلَ لِلَّذِينَ ظَلَمُوا ذُوقُوا عَذَابَ الْخُلْدِ هَلْ تُجْزَوْنَ إِلَّا بِمَا كُنتُمْ تَكْسِبُونَ
පසුව “නුඹලා සදාතනික දඬුවම රස විඳිවු. තවද නුඹලා (ලොවෙහි) උපයමින් සිටි දෑට මිස ප්රතිවිපාක දෙනු ලබන්නෙහු දැ?යි” අපරාධ කළවුනට පවසනු ලැබේ.
وَيَسْتَنبِئُونَكَ أَحَقٌّ هُوَ ۖ قُلْ إِي وَرَبِّي إِنَّهُ لَحَقٌّ ۖ وَمَا أَنتُم بِمُعْجِزِينَ
“එ(ම විනිශ්චය සඳහා නැවත නැගිටුවීමේ දින)ය සත්යයක් දැ)”යි දන්වා සිටින්න යනුවෙන් ඔවුහු නුඹගෙන් (සමච්චලයට) අසන්නෝය. “එසේය මාගේ පරමාධිපති මත දිවුරමින්. සැබැවින්ම එය සත්යයකි. තවද නුඹලා (අල්ලාහ්ව පරාජය කර ඔහුව) නොහැකියාවට පත් කරන්නන් නොවන්නෙහු යැ”යි පවසවු.
وَلَوْ أَنَّ لِكُلِّ نَفْسٍ ظَلَمَتْ مَا فِي الْأَرْضِ لَافْتَدَتْ بِهِ ۗ وَأَسَرُّوا النَّدَامَةَ لَمَّا رَأَوُا الْعَذَابَ ۖ وَقُضِيَ بَيْنَهُم بِالْقِسْطِ ۚ وَهُمْ لَا يُظْلَمُونَ
අපරාධ කළ සෑම කෙනෙකුටම මිහිතලයේ ඇති (සියලු) දෑ සතු වී නම්, (තමාව විනිශ්චය දිනදී අල්ලාහ්ගේ දඬුවමින් මුදවාලීමට) එ(ම සියලු දැ)ය වන්දි වශයෙන් ලබා දෙනු ඇත. තවද (ප්රතික්ෂේපක ප්රධානීන් වන) ඔවුහු දඬුවම දුටු විගස (තම අනුගාමිකයින්ට නොපෙනෙන අයුරින්) පසුතැවිල්ල සඟවා ගන්නෝය. තවද ඔවුන් අතර සාධාරණ අයුරින් විනිශ්චය දෙනු ලැබේ. තවද ඔවුහු අසාධාරණයට ලක් නොවෙති.
أَلَا إِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ أَلَا إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
දැන ගනිවු. සැබැවින්ම අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ් සතුය. දැන ගනිවු. අල්ලාහ්ගේ පොරොන්දුව සැබෑවකි. එනමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (ඒ පිළිබඳව) නොදනිති.
هُوَ يُحْيِي وَيُمِيتُ وَإِلَيْهِ تُرْجَعُونَ
ඔහු ජීවය ලබා දෙන්නේය. තවද මරණයට පත් කරන්නේය. තවද ඔහු වෙතමය නුඹලා නැවත යොමු කරනු ලබන්නේ.
يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَتْكُم مَّوْعِظَةٌ مِّن رَّبِّكُمْ وَشِفَاءٌ لِّمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ
මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ උපදේශයක් හා සිත් තුළ ඇති දෑට නිවාරණයක් ද විශ්වාසිකයින්ට මග පෙන්වීමක් හා දයාවක් ද (වන අල් කුර්ආනය) නුඹලා වෙත පැමිණ ඇත.
قُلْ بِفَضْلِ اللَّهِ وَبِرَحْمَتِهِ فَبِذَٰلِكَ فَلْيَفْرَحُوا هُوَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ
“අල්ලාහ්ගේ වරප්රසාදය(අල් කුර්ආනය) හේතුවෙන් හා ඔහුගේ කරුණාව(ඉස්ලාමය) හේතුවෙන් (සතුටු විය යුතු)ය.” යැයි (නබිවරය,) පවසවු. එබැවින් ඒ හේතුවෙන්මය ඔවුන් සතුටු විය යුත්තේ. ඔවුන් රැස් කරන දැයට වඩා එය ශ්රේෂ්ඨය.
قُلْ أَرَأَيْتُم مَّا أَنزَلَ اللَّهُ لَكُم مِّن رِّزْقٍ فَجَعَلْتُم مِّنْهُ حَرَامًا وَحَلَالًا قُلْ آللَّهُ أَذِنَ لَكُمْ ۖ أَمْ عَلَى اللَّهِ تَفْتَرُونَ
“ජීවන සම්පත් අතුරින් අල්ලාහ් නුඹලාට පහළ කළ දෑ නුඹලා දුටුවෙහු ද? තවද එයින් තහනම් දෑ (අනුමත ලෙස) හා අනුමත දෑ (තහනම් ලෙස) නුඹලා පත් කර ගත්තෙහුය” යැයි පවසවු. (ඒ සඳහා) නුඹලාට අවසර දුන්නේ අල්ලාහ් ද? නැතහොත් නුඹලා අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසන්නෙහු දැ?”යි විමසවු.
15මක්කාවාසී මිථ්යා දෘෂ්ටිකයින් ඇතැම් අනුමත දෑ තමන්ට තහනම් කර ගත්තෝය. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 5:138 හා 139 යන ආයතයන්හි සඳහන් වී ඇත.
وَمَا ظَنُّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ يَوْمَ الْقِيَامَةِ ۗ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ
අල්ලාහ් කෙරෙහි අසත්යය ගොතන්නන්ගේ අනුමානය (මළවුන්) නැගිටුවනු ලබන දිනයෙහි කුමක් වීද? සැබැවින්ම අල්ලාහ් මිනිසුන් කෙරෙහි වරප්රසාදයෙන් යුක්තය. එනමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා කෘතඥ පූර්වක නොවන්නෝය.
وَمَا تَكُونُ فِي شَأْنٍ وَمَا تَتْلُو مِنْهُ مِن قُرْآنٍ وَلَا تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ ۚ وَمَا يَعْزُبُ عَن رَّبِّكَ مِن مِّثْقَالِ ذَرَّةٍ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ وَلَا أَصْغَرَ مِن ذَٰلِكَ وَلَا أَكْبَرَ إِلَّا فِي كِتَابٍ مُّبِينٍ
(නබිවරය,) නුඹ කුමන දැයක නිරත වී සිටිය ද, තවද එ(ම අවස්ථාවෙ)හි අල් කුර්ආනය නුඹ පාරායනා කළ ද, තවද නුඹලා යම් කි්රයාවක යෙදුණ ද, නුඹලා එහි නියැළෙමින් සිටින විට අප නුඹලා කෙරෙහි සාක්ෂිකරුවන් වී මිස නැත. මිහිතලයෙහි හෝ අහසෙහි හෝ අණු ප්රමාණයක තරම්වත් ඊට වඩා සුළු වුව ද විශාල වුව ද (ලව්හුල් මහ්ෆූල් නම්) පැහැදිලි ලේඛනයෙහි (සටහන් වී) මිස නුඹගේ පරමාධිපතිගෙන් නොසැඟවෙන්නේය.
أَلَا إِنَّ أَوْلِيَاءَ اللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
දැන ගනිවු. සැබැවින්ම අල්ලාහ්ගේ සමීපතයින් (පිළිබඳව) නම්, ඔවුන් කෙරෙහි බියක් නොමැත. තවද ඔවුහු දුක් නොවන්නෝය.
الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ
(ඔවුන්) විශ්වාස කොට බිය භක්තිකයින් වශයෙන් සිටියවුන්ය.
لَهُمُ الْبُشْرَىٰ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۚ لَا تَبْدِيلَ لِكَلِمَاتِ اللَّهِ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
ලෞකික ජීවිතයෙහි හා මතු ලොවෙහි ඔවුනට සුබාරංචි ඇත. අල්ලාහ්ගේ වදන්හි වෙනස් කිරීමක් නැත. එයමය ඉමහත් ජයග්රහණය වනුයේ.
وَلَا يَحْزُنكَ قَوْلُهُمْ ۘ إِنَّ الْعِزَّةَ لِلَّهِ جَمِيعًا ۚ هُوَ السَّمِيعُ الْعَلِيمُ
තවද (නුඹගේ නබිත්වය ව්යාජ යැයි පවසන) ඔවුන්ගේ ප්රකාශය නුඹව දුකට පත් නොකළ යුතුය. සැබැවින්ම සියලු බලය අල්ලාහ්ටමය. ඔහු සර්ව ශ්රාවකය සර්වඥය.
أَلَا إِنَّ لِلَّهِ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ ۗ وَمَا يَتَّبِعُ الَّذِينَ يَدْعُونَ مِن دُونِ اللَّهِ شُرَكَاءَ ۚ إِن يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ
දැන ගනිවු. සැබැවින්ම අහස්හි ඇති අය ද මිහිතලයේ ඇති අය ද අල්ලාහ් සතුය. අල්ලාහ් හැර (මිථ්යා දෙවිවරුන්ව) ඇයැදින්නන් අනුගමනය කරනුයේ (අල්ලාහ්ගේ) හවුල්කරුවන්ව නොව, ඔවුහු (මොවුන් දෙවිවරුන් යන) උපකල්පනය මිස අනුගමනය නොකරති. තවද (ඒ පිළිබඳව) ඔවුහු අසත්යය මිස ප්රකාශ නොකරති.
هُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَسْمَعُونَ
නුඹලා විවේකය ලබනු පිණිස රාත්රිය ද දර්ශනයට හසුවනු පිණිස දහවල ද ඇති කළේ ඔහුමය. සැබැවින්ම (සත්යයට) සවන් දෙන පිරිසකට මෙහි සංඥාවන් ඇත්තේය.
قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا ۗ سُبْحَانَهُ ۖ هُوَ الْغَنِيُّ ۖ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ إِنْ عِندَكُم مِّن سُلْطَانٍ بِهَـٰذَا ۚ أَتَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ
“අල්ලාහ් දරුවෙකු ගත්තේයැ”යි ඔවුහු පැවසුවෝය. ඔහු අති පිවිතුරුය. ඔහු අවශ්යතාවන් නොමැත්තෙක්ය. අහස්හි ඇති දෑ ද මිහිතලයෙහි ඇති දෑ ද ඔහු සතුය. මේ (නුඹලාගේ මිථ්යා ප්රකාශය) පිළිබඳව නුඹලා හට කිසිදු සාධකයක් නොමැත. අල්ලාහ් කෙරෙහි නුඹලා නොදන්නා දෑ පවසන්නෙහු ද?
قُلْ إِنَّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ لَا يُفْلِحُونَ
(නබිවරය,) “සැබැවින්ම අල්ලාහ් කෙරෙහි අසත්යය ගොතා පවසන්නන් ජය නොලබන්නෝ යැ”යි පවසවු.
مَتَاعٌ فِي الدُّنْيَا ثُمَّ إِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِيقُهُمُ الْعَذَابَ الشَّدِيدَ بِمَا كَانُوا يَكْفُرُونَ
(ඔවුනට) මෙලොවෙහි (ස්වල්ප) භුක්ති විඳීමකි. පසුව ඔවුන් නැවත යොමු වන ස්ථානය අප වෙතමය. පසුව ඔවුන් ප්රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් අපි ඔවුනට දැඩි දඬුවම විඳවන්නෙමු.
وَاتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِ يَا قَوْمِ إِن كَانَ كَبُرَ عَلَيْكُم مَّقَامِي وَتَذْكِيرِي بِآيَاتِ اللَّهِ فَعَلَى اللَّهِ تَوَكَّلْتُ فَأَجْمِعُوا أَمْرَكُمْ وَشُرَكَاءَكُمْ ثُمَّ لَا يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةً ثُمَّ اقْضُوا إِلَيَّ وَلَا تُنظِرُونِ
(නබිවරය,) නුහ්ගේ පුවත ඔවුන් වෙත පාරායනා කරවු. (එනම්) ඔහු(නූහ්), “මාගේ ජනයිනි! (නුඹලා අතර) මා සිටීම හා අල්ලාහ්ගේ වදන් අනුසාරයෙන් මා උපදෙස් දීම නුඹලාට අපහසුවක් වූයේ නම්, මම අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කළෙමි. නුඹලාගේ කරුණ පිළිබඳව නුඹලා( අල්ලාහ්ට ආදේශ යැයි සැලකූ අල්ලාහ්)ගේ හවුල්කරුවන් සමග ඒකමතික තීරණයට එළඹෙවු.පසුව නුඹලාගේ කරුණ නුඹලා අතර වසං වී නොතිබිය යුතුය. පසුව නුඹලා මට අවකාශය ලබා නොදී මා කෙරෙහි (කුමන්ත්රණ කළ දෑ) ක්රියාවට නංවවු. තවද නුඹලා (මාගේ උපදේශයෙන්) පිටුපා හැරී ගියේ නම්, (එයට) කිසිදු කුලියක් නුඹලාගෙන් මම නොඉල්ලුවෙමි. මාගේ කුලිය අල්ලාහ් කෙරෙහි මිස නැත. මාහට අණ කරනු ලද්දේ (අල්ලාහ්ට) අවනත වන්නන් අතුරින් කෙනෙකු වන ලෙසය.” යැයි තම ජනයාට පැවසූ අවස්ථාවය.
16නබි නූහ් තුමාණන් හා ඔහුගේ සමූහයා පිළිබඳව වැඩි විස්තර සඳහා 11:25-49 , 71 වන සූරාව, 3:33 , 6:84 , 21:76 , 23:23 , 29:14 , 42:13 හා 57:26 යන ආයතයන් බලන්න.
17මෙහි නුඹලාගේ කරුණ යනු නබි නූහ් තුමාට ඔවුන් කුමන්ත්රණ කළ දෑ වේ. එම කුමන්ත්රණ ක්රියාවට නැංවීම සඳහා හැකි නම් ඔවුන්ගේ මිථ්යා දෙවිවරුන් සමග හවුල් වී සැලසුම් කරන ලෙස ද එම සැලසුම් ඔවුන් අතර වසං නොකර බාහිරව ක්රියාවට නංවන ලෙස ද නබි නූහ් තුමාණන් අභියෝග කළ අවස්ථාව මෙයින් පැහැදිලි කෙරෙයි.
فَإِن تَوَلَّيْتُمْ فَمَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ
(නබිවරය,) නුහ්ගේ පුවත ඔවුන් වෙත පාරායනා කරවු. (එනම්) ඔහු(නූහ්), “මාගේ ජනයිනි! (නුඹලා අතර) මා සිටීම හා අල්ලාහ්ගේ වදන් අනුසාරයෙන් මා උපදෙස් දීම නුඹලාට අපහසුවක් වූයේ නම්, මම අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කළෙමි. නුඹලාගේ කරුණ පිළිබඳව නුඹලා( අල්ලාහ්ට ආදේශ යැයි සැලකූ අල්ලාහ්)ගේ හවුල්කරුවන් සමග ඒකමතික තීරණයට එළඹෙවු.පසුව නුඹලාගේ කරුණ නුඹලා අතර වසං වී නොතිබිය යුතුය. පසුව නුඹලා මට අවකාශය ලබා නොදී මා කෙරෙහි (කුමන්ත්රණ කළ දෑ) ක්රියාවට නංවවු. තවද නුඹලා (මාගේ උපදේශයෙන්) පිටුපා හැරී ගියේ නම්, (එයට) කිසිදු කුලියක් නුඹලාගෙන් මම නොඉල්ලුවෙමි. මාගේ කුලිය අල්ලාහ් කෙරෙහි මිස නැත. මාහට අණ කරනු ලද්දේ (අල්ලාහ්ට) අවනත වන්නන් අතුරින් කෙනෙකු වන ලෙසය.” යැයි තම ජනයාට පැවසූ අවස්ථාවය.
فَكَذَّبُوهُ فَنَجَّيْنَاهُ وَمَن مَّعَهُ فِي الْفُلْكِ وَجَعَلْنَاهُمْ خَلَائِفَ وَأَغْرَقْنَا الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۖ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنذَرِينَ
එහෙත් ඔවුහු ඔහුව අසත්යය කළෝය. නමුත් අපි ඔහුව ද ඔහු සමග නැවෙහි සිටි අයව ද මුදවා ගත්තෙමු. තවද අපි ඔවුන්ව (මිහිතලයෙහි) නියෝජිතයින් බවට පත් කළෙමු. අපගේ සංඥාවන් අසත්යය කළ අයව අපි (දියෙහි) ගිල්වූයෙමු. එබැවින් අවවාදයට ලක් වූවන්ගේ අවසානය කෙසේ වී දැ’යි (නබිවරය,) නිරීක්ෂණය කර බලවු.
18මෙම වෘත්තාන්තයෙහි වැඩි විස්තර සඳහා 11:36-43 දක්වා බලන්න.
ثُمَّ بَعَثْنَا مِن بَعْدِهِ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَاءُوهُم بِالْبَيِّنَاتِ فَمَا كَانُوا لِيُؤْمِنُوا بِمَا كَذَّبُوا بِهِ مِن قَبْلُ ۚ كَذَٰلِكَ نَطْبَعُ عَلَىٰ قُلُوبِ الْمُعْتَدِينَ
පසුව, ඔහුගෙන් අනතුරුව අපි බොහෝ රසූල්වරුන්ව තම ජනයා වෙත යැව්වෙමු. ඔවුහු මොවුන් වෙත පැහැදිලි සාධක සමග පැමිණියෝය. මීට පෙර (නූහ්ගේ පිරිසෙහි ප්රතික්ෂේපක) ඔවුන් අසත්යය කළ (සත්ය) දෑ මොවුන් ද විශ්වාස කරන්නන්ව නොසිටියහ. සීමාව ඉක්මවා ගියවුන්ගේ හදවත් මත අපි මුද්රා තබන්නේ මෙලෙසය.
ثُمَّ بَعَثْنَا مِن بَعْدِهِم مُّوسَىٰ وَهَارُونَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ بِآيَاتِنَا فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا مُّجْرِمِينَ
පසුව ඔවුනට අනතුරුව මූසා හා හාරූන්ව අපගේ පැහැදිලි සාධක සමග ෆිර්අවුන් හා ඔහුගේ පිරිස වෙත යැව්වෙමු. එවිට ඔවුහු උඩඟු වූහ. තවද ඔවුන් වැරදිකාර පිරිසක් ලෙස සිටියහ.
19නබි මූසා තුමාණන් පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:103-162 , 20:9-98 , 28:2-46 යන ආයතයන් බලන්න.
فَلَمَّا جَاءَهُمُ الْحَقُّ مِنْ عِندِنَا قَالُوا إِنَّ هَـٰذَا لَسِحْرٌ مُّبِينٌ
අප වෙතින් ඔවුන් වෙතට සත්යය පැමිණි කල්හි “සැබැවින්ම මෙය පැහැදිලි හූනියමක්ම යැ.”යි ඔවුහු පැවසුවෝය.
قَالَ مُوسَىٰ أَتَقُولُونَ لِلْحَقِّ لَمَّا جَاءَكُمْ ۖ أَسِحْرٌ هَـٰذَا وَلَا يُفْلِحُ السَّاحِرُونَ
“සත්යය නුඹලා වෙත පැමිණි කල්හි එයට ‘මෙය හූනියමක් ද,’ යැයි නුඹලා පවසන්නෙහු ද? හූනියම්කරුවන් ජය නොලබන්නෝය.”යැයි මූසා පැවසුවේය.
قَالُوا أَجِئْتَنَا لِتَلْفِتَنَا عَمَّا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا وَتَكُونَ لَكُمَا الْكِبْرِيَاءُ فِي الْأَرْضِ وَمَا نَحْنُ لَكُمَا بِمُؤْمِنِينَ
“කවර විෂයක් කෙරෙහි අපගේ මුතුන්මිත්තන් සිටිනු අපි දුටුවෙමු ද, නුඹ එයින් අපව හැරවීමට හා (මෙම මිසර) දේශයේ මහත්භාවය නුඹලා දෙදෙනාට ලැබීමට නුඹ අප වෙත පැමිණියේ ද? තවද අපි නුඹලා දෙදෙනාව විශ්වාස කරන්නන් නොවෙමු.” යැයි ඔවුහු පැවසුවෝය.
وَقَالَ فِرْعَوْنُ ائْتُونِي بِكُلِّ سَاحِرٍ عَلِيمٍ
තවද “දැනුමැති සෑම හූනියම්කරුවෙකුම මා වෙත ගෙන එනු.” යැයි ෆිර්අවුන් පැවසුවේය.
فَلَمَّا جَاءَ السَّحَرَةُ قَالَ لَهُم مُّوسَىٰ أَلْقُوا مَا أَنتُم مُّلْقُونَ
හූනියම්කරුවන් පැමිණි කල්හි “නුඹලා (හූනියම් කර) දැමිය යුතු දෑ දමන්න” යැයි මූසා ඔවුනට පැවසුවේය.
فَلَمَّا أَلْقَوْا قَالَ مُوسَىٰ مَا جِئْتُم بِهِ السِّحْرُ ۖ إِنَّ اللَّهَ سَيُبْطِلُهُ ۖ إِنَّ اللَّهَ لَا يُصْلِحُ عَمَلَ الْمُفْسِدِينَ
ඔවුන් (හූනියම් කරන ලද ලනු හා යෂ්ටි බිම) දැමූ කල්හි “නුඹලා කවර දෙයක් ගෙන ආවේ ද එය හූනියමකි. සැබැවින්ම අල්ලාහ් එය නිෂ්ඵල කරනු ඇත. තවද කලහකාරීන්ගේ කි්රයාවන් සැබැවින්ම අල්ලාහ් නිවැරදි නොකරන්නේය. තවද වැරදිකරුවන් පිළිකුල් කළ ද අල්ලාහ් තම (ආඥා) වදන් තුළින් සත්යය තහවුරු කරන්නේය.” යැයි මූසා පැවසුවේය.
وَيُحِقُّ اللَّهُ الْحَقَّ بِكَلِمَاتِهِ وَلَوْ كَرِهَ الْمُجْرِمُونَ
ඔවුන් (හූනියම් කරන ලද ලනු හා යෂ්ටි බිම) දැමූ කල්හි “නුඹලා කවර දෙයක් ගෙන ආවේ ද එය හූනියමකි. සැබැවින්ම අල්ලාහ් එය නිෂ්ඵල කරනු ඇත. තවද කලහකාරීන්ගේ කි්රයාවන් සැබැවින්ම අල්ලාහ් නිවැරදි නොකරන්නේය. තවද වැරදිකරුවන් පිළිකුල් කළ ද අල්ලාහ් තම (ආඥා) වදන් තුළින් සත්යය තහවුරු කරන්නේය.” යැයි මූසා පැවසුවේය.
فَمَا آمَنَ لِمُوسَىٰ إِلَّا ذُرِّيَّةٌ مِّن قَوْمِهِ عَلَىٰ خَوْفٍ مِّن فِرْعَوْنَ وَمَلَئِهِمْ أَن يَفْتِنَهُمْ ۚ وَإِنَّ فِرْعَوْنَ لَعَالٍ فِي الْأَرْضِ وَإِنَّهُ لَمِنَ الْمُسْرِفِينَ
ෆිර්අවුන්ගෙන් හා ඔවුන්ගේ ප්රධානීන්ගෙන් තමන්ට ව්යසනයක් සිදු වනු ඇතැ’යි යන බිය හේතුවෙන් ඔහුගේ සමූහයෙන් (තරුණ) පිරිසක් හැර සෙසු අය මූසාව විශ්වාස නොකළෝය. තවද සැබැවින්ම ෆිර්අවුන් මිහිතලයේ ගර්විතයෙකු විය. තවද සැබැවින්ම ඔහු සීමාව ඉක්මවා ගියවුන්ගෙන් ද විය.
وَقَالَ مُوسَىٰ يَا قَوْمِ إِن كُنتُمْ آمَنتُم بِاللَّهِ فَعَلَيْهِ تَوَكَّلُوا إِن كُنتُم مُّسْلِمِينَ
මාගේ ජනයිනි, “නුඹලා අල්ලාහ්ව විශ්වාස කොට නුඹලා (අල්ලාහ්ට) අවනත වන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලා ඔහු වෙතම (සියල්ල) භාරකරවු.” යැයි මූසා පැවසුවේය.
فَقَالُوا عَلَى اللَّهِ تَوَكَّلْنَا رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِّلْقَوْمِ الظَّالِمِينَ
එවිට ඔවුහු “අල්ලාහ් වෙතම අපි සියල්ල භාර කළෙමු. අපගේ පරමාධිපතියාණනි, අපරාධකාර පිරිසට (ඔවුන්ගේ සිතුවිල්ල අනුව) ව්යසනකාරී පිරික්සුමක් ලෙස අපව පත් නොකරනු මැනව! තවද ඔබගේ දයාලුභාවය තුළින් ප්රතික්ෂේපක පිරිසගෙන් අපව මුදවා ගනු මැනව!” යැයි පැවසුවෝය.
وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ الْقَوْمِ الْكَافِرِينَ
එවිට ඔවුහු “අල්ලාහ් වෙතම අපි සියල්ල භාර කළෙමු. අපගේ පරමාධිපතියාණනි, අපරාධකාර පිරිසට (ඔවුන්ගේ සිතුවිල්ල අනුව) ව්යසනකාරී පිරික්සුමක් ලෙස අපව පත් නොකරනු මැනව! තවද ඔබගේ දයාලුභාවය තුළින් ප්රතික්ෂේපක පිරිසගෙන් අපව මුදවා ගනු මැනව!” යැයි පැවසුවෝය.
وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَن تَبَوَّآ لِقَوْمِكُمَا بِمِصْرَ بُيُوتًا وَاجْعَلُوا بُيُوتَكُمْ قِبْلَةً وَأَقِيمُوا الصَّلَاةَ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ
“නුඹලා දෙදෙනාගේ ජනයා වෙනුවෙන් මිසරයෙහි නිවෙස් ගොඩනගා ගෙන නුඹලාගේ නිවෙස් කිබ්ලාව ලෙස පිහිටා ගන්නැ’යි ද සලාතය ස්ථාපිත කරන්නැ’යි ද විශ්වාසිකයින්ට (ස්වර්ගය පිළිබඳව) ශුභාරංචි පවසන්නැ’යි ද අපි මූසාට හා ඔහුගේ සහෝදරයාට වහී පහළ කළෙමු.
20මෙයින් අදහස් කරන්නේ ඔවුන් තමන්ගේ නිවෙස් තුළ සලාතය ඉටු කළ යුතුය යන්නයි. එනම් මෙහි ‘කිබ්ලා’ යන පදයෙන් අදහස් වන්නේ නැමදුම් ස්ථානය යන අරුතයි. එකළ කුරිරු ෆිර්අවුන්ගේ අපරාධය හේතුවෙන් ඔවුන් අනිවාර්යයෙන් මස්ජිදයට ගොස් සලාතය ඉටු කිරීම අපහසු හෙයින් ඔවුන්ට අනිවාර්යය සලාතය ලිහිල් කොට අවකාශයක් ලබා දී තිබුණි.
وَقَالَ مُوسَىٰ رَبَّنَا إِنَّكَ آتَيْتَ فِرْعَوْنَ وَمَلَأَهُ زِينَةً وَأَمْوَالًا فِي الْحَيَاةِ الدُّنْيَا رَبَّنَا لِيُضِلُّوا عَن سَبِيلِكَ ۖ رَبَّنَا اطْمِسْ عَلَىٰ أَمْوَالِهِمْ وَاشْدُدْ عَلَىٰ قُلُوبِهِمْ فَلَا يُؤْمِنُوا حَتَّىٰ يَرَوُا الْعَذَابَ الْأَلِيمَ
“අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ ෆිර්අවුන්ටත් ඔහුගේ ප්රධානීන්ටත් මෙලොව ජීවිතයේ දී අලංකාරය හා සම්පත් ලබා දුන්නෙහිය. අපගේ පරමාධිපතියාණනි, ඔවුන් (මේවා පරිහරණය කරනුයේ ජනයාව) නුඹගේ මාර්ගයෙන් මුළා කරනු පිණිසය. අපගේ පරමාධිපතියාණනි, ඔවුන්ගේ සම්පත් විනාශ කර දමා ඔවුන්ගේ හදවත් බැඳ දමනු මැනව! එබැවින් ඔවුන් වේදනීය දඬුවම දකින තුරු විශ්වාස නොකරති.” යැයි මූසා පැවසුවේය.
قَالَ قَدْ أُجِيبَت دَّعْوَتُكُمَا فَاسْتَقِيمَا وَلَا تَتَّبِعَانِّ سَبِيلَ الَّذِينَ لَا يَعْلَمُونَ
“සැබැවින්ම නුඹලා දෙදෙනාගේ ප්රාර්ථනාව පිළිගනු ලැබීය. එබැවින් නුඹලා දෙදෙනා ස්ථාවරව සිටිවු. තවද නුඹලා දෙදෙනා (කිසිවක්) නොදත් (අඥාන) අයගේ මාර්ගය අනුගමනය නොකරවු.”යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
وَجَاوَزْنَا بِبَنِي إِسْرَائِيلَ الْبَحْرَ فَأَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُودُهُ بَغْيًا وَعَدْوًا ۖ حَتَّىٰ إِذَا أَدْرَكَهُ الْغَرَقُ قَالَ آمَنتُ أَنَّهُ لَا إِلَـٰهَ إِلَّا الَّذِي آمَنَتْ بِهِ بَنُو إِسْرَائِيلَ وَأَنَا مِنَ الْمُسْلِمِينَ
අපි ඉස්රාඊල්ගේ දරුවන්ව මුහුද එතෙර කෙරෙව්වෙමු. එවිට ෆිර්අවුන් හා ඔහුගේ සේනාවන් සීමාව ඉක්මවමින් හා සතුරුකමින් ඔවුන්ව ලුහු බැන්දෝය. කෙතරම්( දුරට)දයත් ඔහුව(ෆිර්අවුන්ව මුහුදු) ගිලීම හසු කළ විට” ඉස්රාඊල්ගේ දරුවන් කවර කෙනෙකු පිළිබඳව විශ්වාස කළේ ද ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම විශ්වාස කරමි. තවද මම (අල්ලාහ්ට) අවනත වන්නන් අතුරින් වෙමි.” යැයි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
21වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 19:60-68 දක්වා බලන්න.
آلْآنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنتَ مِنَ الْمُفْسِدِينَ
මීට පෙර නුඹ පිටුපා කලහකාරීන් අතුරින් සිට (නුඹ විශ්වාස කරනුයේ) දැන් ද?. එබැවින් අද දින නුඹට පසුව පැමිණෙන්නන්ට නුඹ සංඥාවක් වනු පිණිස නුඹගේ දේහය අපි ආරක්ෂා කරන්නෙමු.” (යැයි ෆිර්අවුන්ට පවසනු ලැබීය.) සැබැවින්ම මිනිසුන් අතුරින් බොහෝ දෙනා අපගේ සාධක පිළිබඳව අනවධානීන්ව සිටිති.
22ෆිර්අවුන්ගේ දේහය අල්ලාහ් ආරක්ෂා කර, පසු කලෙක එය මුහුදේ පාවෙමින් තිබියදී සොයාගනු ලැබුණි. නූතන පර්යේෂණ වලට අනුව මොහුගේ නම වූයේ මර්නෙප්ටා(Mernepta) ඔහුගේ වියළුණු මෘත දේහය කයිරෝ කෞතුකාගාරයේ අද ද නැරඹිය හැකිය. මෙය අල් කුර්ආනයේ ඇති ආශ්චර්යමත් ප්රකාශයන් අතුරින් එකකි.
فَالْيَوْمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنْ خَلْفَكَ آيَةً ۚ وَإِنَّ كَثِيرًا مِّنَ النَّاسِ عَنْ آيَاتِنَا لَغَافِلُونَ
මීට පෙර නුඹ පිටුපා කලහකාරීන් අතුරින් සිට (නුඹ විශ්වාස කරනුයේ) දැන් ද?. එබැවින් අද දින නුඹට පසුව පැමිණෙන්නන්ට නුඹ සංඥාවක් වනු පිණිස නුඹගේ දේහය අපි ආරක්ෂා කරන්නෙමු.” (යැයි ෆිර්අවුන්ට පවසනු ලැබීය.) සැබැවින්ම මිනිසුන් අතුරින් බොහෝ දෙනා අපගේ සාධක පිළිබඳව අනවධානීන්ව සිටිති.
وَلَقَدْ بَوَّأْنَا بَنِي إِسْرَائِيلَ مُبَوَّأَ صِدْقٍ وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ فَمَا اخْتَلَفُوا حَتَّىٰ جَاءَهُمُ الْعِلْمُ ۚ إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
සැබැවින්ම අපි ඉස්රාඊල්ගේ දරුවන්ව නියම ස්ථානයක පදිංචි කෙරෙව්වෙමු. තවද අපි ඔවුනට පිවිතුරු දැයින් ජීවන සම්පත් සැපයුවෙමු. දැනුම ඔවුන් වෙත පැමිණෙනතෙක් ඔවුන් මතභේද ඇති කර නොගත්තෝය. (නබිවරය,) සැබැවින්ම නුඹගේ පරමාධිපති, ඔවුන් කවර දෙයක් විෂයෙහි මතභේද ඇති කර ගනිමින් සිටියේ ද, (ඒ පිළිබඳව මළවුන්) නැගිටුවනු ලබන දින දී ඔවුන් අතර විනිශ්චය කරයි.
23මෙයින් උපුටා දක්වනුයේ ඉස්රාඊල්වරුන් අල්ලාහ්ගෙන් අධික දායාදයන් ලබා, අල්ලාහ්ට කෘතවේදී වී ඔහුට අවනත වීම වෙනුවට දහම් විෂයෙහි ඔවුන් මත භේද ඇති කර ගත්තෝය යන්නය. මෙය ඔවුන්ට අල් කුර්ආනය පිළිබඳ දැනුමෙහි වූ හීනතාවකින් ඇති වූවක් නොව, ඒ පිළිබඳව නිසි දැනුමක් තිබියදී ද ඔවුහු එසේම කළෝය.
فَإِن كُنتَ فِي شَكٍّ مِّمَّا أَنزَلْنَا إِلَيْكَ فَاسْأَلِ الَّذِينَ يَقْرَءُونَ الْكِتَابَ مِن قَبْلِكَ ۚ لَقَدْ جَاءَكَ الْحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ
අප නුඹ වෙත පහළ කළ දෑ පිළිබඳව නුඹ සැකයෙහි පසු වන්නෙහි නම් නුඹට පෙර ධර්ම පුස්තකය කියවමින් සිටියවුන්ගෙන් (තම සැකය පිළිබඳව) විමසවු. සැබැවින්ම නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත සත්යය පැමිණ ඇත. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් නොවවු.
24මෙම ආයතය අල් කුර්ආනය පිළිබඳව කිසිදු සැකයක් නොකළ නබි මුහම්මද් තුමාණන්ව ආමන්ත්රණය කළද මෙය නිසැකවම අල් කුර්ආනය පිළිබඳව සැකයෙහි පසු වන අයට වක්රව කළ උපදෙසකි. ‘ධර්ම පුස්තකය කියවමින් සිටියවුන්’ යනු සැබෑ තව්රාතයේ හා ඉන්ජීලයේ දැනුම ඇති යුදෙව්වන් හා කිතුනුවන්ය. මන්දයත් සැබෑ තව්රාතයේ සහ ඉන්ජීලයේ නබි මුහම්මද් තුමාණන්ගේ සත්යභාවය හා වර්ණනාවන් අන්තර්ගතව ඇති නිසාය.
وَلَا تَكُونَنَّ مِنَ الَّذِينَ كَذَّبُوا بِآيَاتِ اللَّهِ فَتَكُونَ مِنَ الْخَاسِرِينَ
තවද නුඹ අල්ලාහ්ගේ වදන් අසත්යය කළවුන් අතුරින් නොවවු. එසේ (වූයේ)නම් නුඹ අලාභවන්තයින් අතුරින් පත් වන්නෙහිය.
إِنَّ الَّذِينَ حَقَّتْ عَلَيْهِمْ كَلِمَتُ رَبِّكَ لَا يُؤْمِنُونَ
සැබැවින්ම කවුරුන් කෙරෙහි නුඹගේ පරමාධිපතිගේ (දඬුවමේ) වදන නියම වූයේ ද (ඔවුන් නුඹගෙන් පැතූ) සෑම සාධකයක්ම ඔවුන් වෙත පැමිණිය ද, ඔවුන් වේදනීය දඬුවම දකින තුරු විශ්වාස නොකරන්නෝමය.
وَلَوْ جَاءَتْهُمْ كُلُّ آيَةٍ حَتَّىٰ يَرَوُا الْعَذَابَ الْأَلِيمَ
සැබැවින්ම කවුරුන් කෙරෙහි නුඹගේ පරමාධිපතිගේ (දඬුවමේ) වදන නියම වූයේ ද (ඔවුන් නුඹගෙන් පැතූ) සෑම සාධකයක්ම ඔවුන් වෙත පැමිණිය ද, ඔවුන් වේදනීය දඬුවම දකින තුරු විශ්වාස නොකරන්නෝමය.
فَلَوْلَا كَانَتْ قَرْيَةٌ آمَنَتْ فَنَفَعَهَا إِيمَانُهَا إِلَّا قَوْمَ يُونُسَ لَمَّا آمَنُوا كَشَفْنَا عَنْهُمْ عَذَابَ الْخِزْيِ فِي الْحَيَاةِ الدُّنْيَا وَمَتَّعْنَاهُمْ إِلَىٰ حِينٍ
(අවසාන මොහොතේ) විශ්වාස කර තමන්ගේ විශ්වාසය තමන්ටම ප්රයෝජනවත් වූ කිසිදු ගම්මානයක් යූනුස්ගේ පිරිසට හැර නොතිබුණේ මන්ද? ඔවුන් විශ්වාස කළ කල්හි මෙලොව ජීවිතයේ නීච දඬුවම ඔවුන්ගෙන් අපි ඉවත් කළෙමු. තවද ඔවුනට නියමිත කාලයක් දක්වා (මෙලොව) භුක්ති විඳින්නට සැලැස්වූවෙමු.
25අල්ලාහ් ව විශ්වාස කරන මෙන් ද පිළිරූ ඇදහීමෙන් වැළකී සිටින මෙන් ද නබි යූනුස් තුමා ඉරාකයෙහි ‘නයිනවා’ නම් දේශයේ විසූ තම ජනතාවට අවවාද කළේය. නමුත් ඔවුහු ඔහුව ප්රතික්ෂේප කළහ. එහෙයින් අල්ලාහ්ගේ දඬුවම දින තුනකින් ඔවුන් මත පහළ වන බව නබි යූනුස් තුමා අවවාද කළේය. එතුමාගේ අවවාදය සත්යය යැයි තහවුරු වූ ජනයා තමන් වෙත දඬුවම පහළ වීම දැඩි සේ විශ්වාස කොට එය අපේක්ෂාවෙන් සිටියෝය. ඔවුන් දඬුවමෙහි සලකුණු දුටු විට නබි යූනුස් තුමාණන්ව සොයන්නට පටන් ගත්හ. එතුමා එතැනින් පිට වී ගොස් ඇති බව දැනගත් ඔවුන්, දඬුවම නියත වශයෙන්ම පැමිණෙන බව විශ්වාස කළෝය. එවිට ඔවුහු නබි යූනුස් තුමාණන්ගේ අවවාදය ප්රතික්ෂේප කිරීම ගැන පසුතැවිලි වී අල්ලාහ්ගෙන් ක්ෂමාව ඇයැද සිටියෝය. අල්ලාහ් ඔවුන්ගේ අයැදීම පිළිගෙන දඬුවම ඔවුන්ගෙන් ඉවත් කළේය. එසේ දඬුවම තම ජනතාව වෙත පහළ වීම නොදුටු නබි යූනුස් තුමා තමන්ට බොරුකාරයෙකු ලෙස චෝදනා කරනු ලැබේ යන බියෙන් ඔවුන්ගෙන් ඈත්ව සිටීය. තවද 97 වන ආයතයේ සඳහන් වී ඇත්තේ ආදේශකයන් අල්ලාහ්ගේ දඬුවම දකින තුරු විශ්වාස නොකරන්නෝය යන්නයි. එසේ ඒ අවස්ථාවේදී විශ්වාස කළද එයින් ඔවුනට ප්රයෝජනයක් වන්නේ නැත. මෙම ආයතය පවසන්නේ නබි යූනුස් තුමාණන්ගේ ජනයා හැර කිසිදු සමූහයක් අල්ලාහ්ගේ දඬුවම පහළ වීමට පෙර සාමූහිකව විශ්වාස නොකළෝය යන්නය. මෙම වෘත්තාන්තයේ තවත් විස්තර අල් කුර්ආන් 21:87 , 37:139-148 හා 68:48-50 යන ආයතයන්හි සඳහන් වී ඇත.
وَلَوْ شَاءَ رَبُّكَ لَآمَنَ مَن فِي الْأَرْضِ كُلُّهُمْ جَمِيعًا ۚ أَفَأَنتَ تُكْرِهُ النَّاسَ حَتَّىٰ يَكُونُوا مُؤْمِنِينَ
(නබිවරය,) නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලයේ සිටින සියල්ලෝම මුළුමනින්ම විශ්වාස කරන්නට තිබුණි. එසේ නම් ජනයා විශ්වාසිකයින් බවට පත් වන තෙක් නුඹ ඔවුනට බල කරන්නෙහි ද?
26අල්ලාහ්ට සියලු ජනයින්ව සත්ය දහම විශ්වාස කරවීමට බල කිරීමට ශක්තියක් ඇත. නමුත් එසේ කළේ නම් මෙලොව මැවීමේ අරමුණ නැති වී යන්නේය. ජනයින් බල කිරීමකින් තොරව තමන්ගේ ස්ව කැමැත්තෙන් සත්ය දහම විශ්වාස කළ යුතුය. අල්ලාහ් මෙම ආයතය මගින් නබි මුහම්මද් තුමාණන්ට ද ජනයාව දහම වෙත බල නොකරන මෙන් උපදෙස් කොට ඇත.
وَمَا كَانَ لِنَفْسٍ أَن تُؤْمِنَ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَيَجْعَلُ الرِّجْسَ عَلَى الَّذِينَ لَا يَعْقِلُونَ
100) අල්ලාහ්ගේ අවසරයෙන් තොරව විශ්වාස කිරීමට කිසිවෙකුට නොහැකිය. ඔහු අවබෝධය නොගන්නා අයට දඬුවම ඇති කරන්නේය.
قُلِ انظُرُوا مَاذَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَا تُغْنِي الْآيَاتُ وَالنُّذُرُ عَن قَوْمٍ لَّا يُؤْمِنُونَ
(නබිවරය,) “අහස්හි හා මිහිතලයෙහි කුමක් තිබේ දැ’යි නිරීක්ෂාවෙන් බලවු.” යැයි පවසවු. තවද විශ්වාස නොකරන ජනයාට සාධකයන් හා අවවාද කරන්නන් ප්රයෝජන නොදෙන්නේය.
فَهَلْ يَنتَظِرُونَ إِلَّا مِثْلَ أَيَّامِ الَّذِينَ خَلَوْا مِن قَبْلِهِمْ ۚ قُلْ فَانتَظِرُوا إِنِّي مَعَكُم مِّنَ الْمُنتَظِرِينَ
ඔවුනට පෙර ඉකුත් වී ගියවුන්ගේ (දඬුවමේ) දිනයන් මෙන් හැර, (වෙනත් දෙයක්) ඔවුහු අපේක්ෂා කරන්නෝ ද?” එබැවින් අපේක්ෂාවෙන් සිටිවු. සැබැවින්ම මම ද නුඹලා සමග අපේක්ෂාවෙන් සිටින්නන් අතුරින් වෙමි.” යැයි (නබිවරය,) පවසවු.
ثُمَّ نُنَجِّي رُسُلَنَا وَالَّذِينَ آمَنُوا ۚ كَذَٰلِكَ حَقًّا عَلَيْنَا نُنجِ الْمُؤْمِنِينَ
පසුව අපි අපගේ රසූල්වරුන්ව ද විශ්වාස කළවුන්ව ද (ප්රතික්ෂේපකයින්ට පහළ වූ අල්ලාහ්ගේ දඬුවමින්) මුදවා ගත්තෙමු. අප කෙරෙහි වූ වගකීමක් වශයෙන් විශ්වාසිකයින්ව ආරක්ෂා කරනුයේ එලෙසමය.
قُلْ يَا أَيُّهَا النَّاسُ إِن كُنتُمْ فِي شَكٍّ مِّن دِينِي فَلَا أَعْبُدُ الَّذِينَ تَعْبُدُونَ مِن دُونِ اللَّهِ وَلَـٰكِنْ أَعْبُدُ اللَّهَ الَّذِي يَتَوَفَّاكُمْ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُؤْمِنِينَ
“මිනිසුනි, මාගේ දහම ගැන නුඹලා සැකයෙහි පසුවන්නෙහු නම් (දැන ගනු.) අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින දෑ මම නොනමදිමි. එනමුත් නුඹලාව මරණයට පත් කරන අල්ලාහ්ව මම නමදිමි. තවද මම අණ කරනු ලැබුවේ විශ්වාසිකයින් අතුරින් කෙනෙකු වීමටයැ.”යි පවසවු.
وَأَنْ أَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ
තවද ‘(ඍජූ දහම වෙත) නැඹුරු වූවෙකු ලෙසින් නුඹගේ මුහුණ දහමෙහි ස්ථාපිත කරවු. තවද (අල්ලාහ්ට) ආදේශ තබන්නන් අතුරින් නොවවු.
وَلَا تَدْعُ مِن دُونِ اللَّهِ مَا لَا يَنفَعُكَ وَلَا يَضُرُّكَ ۖ فَإِن فَعَلْتَ فَإِنَّكَ إِذًا مِّنَ الظَّالِمِينَ
අල්ලාහ් හැර නුඹට ප්රයෝජනයක් කළ නොහැකි, තවද නුඹට හානියක් කළ නොහැකි දැයට නැමදුම් නොකරවු. එසේ නුඹ කළේ නම්, එවිට සැබැවින්ම නුඹ අපරාධකරුවන් අතුරින් වන්නෙහිය.’ (යැයි මා හට වහී පහළ කරනු ලැබීය.” යනුවෙන් නබිවරය, පවසවු.)
وَإِن يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ ۖ وَإِن يُرِدْكَ بِخَيْرٍ فَلَا رَادَّ لِفَضْلِهِ ۚ يُصِيبُ بِهِ مَن يَشَاءُ مِنْ عِبَادِهِ ۚ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ
අල්ලාහ් නුඹව (යම්) විපතක් මගින් ස්පර්ශ කරන්නේ නම්, ඔහු හැර එය ඉවත් කරන්නෙකු නොමැත. තවද ඔහු නුඹට යම් යහපතක් අපේක්ෂා කරන්නේ නම් ඔහුගේ වරප්රසාදය වළක්වන්නෙකු නොමැත. එය තම ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට ලැබීමට සලසන්නේය. තවද ඔහු අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
قُلْ يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَكُمُ الْحَقُّ مِن رَّبِّكُمْ ۖ فَمَنِ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَا أَنَا عَلَيْكُم بِوَكِيلٍ
“මිනිසුනි, නුඹලාගේ පරමාධිපති වෙතින් නුඹලා වෙත සත්ය( අල් කුර්ආන)ය පැමිණ ඇත. කවරෙකු යහමග ලබන්නේ ද එසේ යහමග ලබනුයේ ඔහු වෙනුවෙන්මය. කවරෙකු නොමග යන්නේ ද එසේ නොමග යනුයේ තමන්ට එරෙහිවමය. තවද මම නුඹලා කෙරෙහි භාරකරුවෙකු නොවෙමි.” යැයි (නබිවරය,) පවසවු.
وَاتَّبِعْ مَا يُوحَىٰ إِلَيْكَ وَاصْبِرْ حَتَّىٰ يَحْكُمَ اللَّهُ ۚ وَهُوَ خَيْرُ الْحَاكِمِينَ
නුඹ වෙත වහී (නැමැති දේව පණිවිඩ) ලෙස පහළ කරනු ලබන දෑ අනුගමනය කරවු. තවද අල්ලාහ් (නුඹට විමුක්තිය) තීන්දු කරන තෙක් නුඹ ඉවසීමෙන් සිටිවු. තවද ඔහු තීන්දු ලබා දෙන්නන්ගෙන් අති ශ්රේෂ්ඨය.