يونس

යුනුස්

يونس

යුනුස් · Yunus

මක්කී109 පද්‍ය

හැඳින්වීම

මෙම සූරාව* නබි මුහම්මද් තුමාණන් මදීනාවට දේශාන්තරණය කිරීමට පෙර මක්කාවෙහි පහළ වූ සූරාවකි. මෙම සූරාවට සූරා යූනුස් යැයි නම් කර ඇත්තේ 98 වන ආයතයේ* එතුමාගේ නම සඳහන් වීම පදනම් කර ගෙනය. අනෙකුත් මක්කී සූරාවන් මෙන්ම මෙම සූරාවෙහි ද ඉස්ලාමීය මූලික විශ්වාසයන් සම්බන්ධයෙන් සඳහන් වී ඇත. එනම් අල්ලාහ්ගේ ඒකීයත්වය, නබි මුහම්මද් තුමාණන්ගේ නබිත්වය හා මරණින් මතු ජීවිතය ආදී දෑය. මෙවන් මූලික විශ්වාසයන් විවිධ සාධක හා තර්කයන් මගින් තහවුරු කර ඇත. තවද ඒ පිළිබඳව ප‍්‍රතික්ෂේපකයින්ගේ සැකයන් නිෂ්ප‍්‍රභ කර ඇත. තවද මක්කා වාසී මිථ්‍යා දෘෂ්ටිකයින්ගේ වැරදි ක‍්‍රියාවන් සඳහන් කර ඒවා වැරදි බව පැහැදිලි කර ඇත. එසේම මෙලොවෙහි හා මතු ලොවෙහි ඇති විය හැකි දිව්‍යමය දඬුවම් පිළිබඳව ද අවවාද කර ඇත. මේ ආකාරයෙන් නබි මූසා තුමාණන්ගේ වෘත්තාන්තය පැහැදිලිව ද නබි නූහ් තුමාණන්ගේ හා නබි යූනුස් තුමාණන්ගේ වෘත්තාන්ත කෙටියෙන් ද සඳහන් කර ඇත. එක් කෝණයකින් බැලූ කල මෙම වෘත්තාන්තයන් සඳහන් වී ඇත්තේ ප‍්‍රතික්ෂේපකයින්ගේ හැසිරීම් පිළිබඳ අවවාද කොට පෙර විසූ නබිවරුන්ගේ සමූහයාට අත් වූ ඉරණම පිළිබඳ ගෙන හැර පෙන්වා ඔවුන්ට ද එවන් ඉරණමක් අත් වේ යැයි අවවාද කිරීමටය. තවද තවත් කෝණයකින් බැලූ කල පෙර වූ ප‍්‍රතික්ෂේපකයින්ගෙන් එම නබිවරුන්ට අත් වූ ජය මෙන් ජයක් නබි මුහම්මද් තුමාණන් හා ඔහුගේ පිරිසට අත් වන බව පවසා සැනසුමට පත් කිරීමටය.

1

الر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ

අලිෆ්. ලාම්. රා. 1 මේවා ප්රඥාවන්ත ධර්ම පුස්තකයේ වදන්ය.
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයට අදාළ පාද සටහන බලන්න.
2

أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَا إِلَىٰ رَجُلٍ مِّنْهُمْ أَنْ أَنذِرِ النَّاسَ وَبَشِّرِ الَّذِينَ آمَنُوا أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِندَ رَبِّهِمْ ۗ قَالَ الْكَافِرُونَ إِنَّ هَـٰذَا لَسَاحِرٌ مُّبِينٌ

නුඹ ජනයාට අවවාද කරන්න’ යැයි හා විශ්වාස කළවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස පෙර (කළ) ප්රතිඵල ඔවුනට ඇතැයි ශුභාරංචි පවසන්න’ යැයි ඔවුන් අතුරින් මිනිසෙකුට අපි වහී(දේව පණිවිඩය) පහළ කිරීම, ජනයාට ආශ්චර්යමත් වී ද? “සැබැවින්ම මොහු පැහැදිලි හූනියම්කරුවෙකි.” යැයි ප්රතික්ෂේපකයින් පැවසුවෝය.
3

إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ يُدَبِّرُ الْأَمْرَ ۖ مَا مِن شَفِيعٍ إِلَّا مِن بَعْدِ إِذْنِهِ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ فَاعْبُدُوهُ ۚ أَفَلَا تَذَكَّرُونَ

සැබැවින්ම නුඹලාගේ පරමාධිපති වනුයේ අහස් හා මිහිතලය දින සයකින් මවා පසුව අර්ෂය මත (ඔහුගේ ගෞරවයට සුදුසු අයුරින්) “ඉස්තිවා” 2 වූ අල්ලාහ් ය. ඔහු (සෑම) කරුණ(ක්ම) සැලසුම් කරන්නේය. ඔහුගේ අනුමැතියෙන් පසුව මිස (කෙනෙකු) වෙනුවෙන් අයැද සිටින කිසිවෙකු නොවන්නේය. 3 ඔහුමය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. එබැවින් ඔහුව (පමණක්) නුඹලා නමදිවු. (ඒ බව) නුඹලා කල්පනා නොකරන්නෙහු ද?
2වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:54 හි පාද සටහන බලන්න.
3අල්ලාහ් විශ්වය මැවීමෙන් පසු එය පාලනය නොකර පැත්තකට වී සිට තමන්ගේ ශක්තිය මෙන් ශක්තිමත් තවත් දෙවිවරුන්ව ඔහු ඇති කළේ යැයි මිථ්යාදෘෂ්ටිකයින් විශ්වාස කළෝය. ඔවුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ්ට පමණක් අයිති දෑ විෂයෙහි වුවද කෙනෙකු වෙනුවෙන් ඇයැද සිටීමට එම දෙවිවරුන්ට ද බලයක් ඇතැ’යි පවසමින් සිටියෝය. මෙම ආයතය මෙවැනි උපකල්පිත දෑ නිෂ්ප්රභ කර ඇත.
4

إِلَيْهِ مَرْجِعُكُمْ جَمِيعًا ۖ وَعْدَ اللَّهِ حَقًّا ۚ إِنَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ بِالْقِسْطِ ۚ وَالَّذِينَ كَفَرُوا لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْفُرُونَ

නුඹලා සියල්ලන්ගේ නැවත යොමු වන ස්ථානය ඔහු වෙතමය. (එය ඔවුනට පොරොන්දු වූ) අල්ලාහ්ගේ සැබෑ පොරොන්දුවක් වශයෙනි. සැබැවින්ම ඔහු මැවුම් (පෙර නිදසුනකින් තොරව) උත්පාදනය කර පසුව (එම මැවුම් අතුරින්) විශ්වාස කර යහකම් කළවුනට සාධාරණ ලෙස ප්රතිඵල ලබා දෙනු පිණිස (විනිශ්චය දින) එය ප්රතිඋත්පාදනය කරන්නේය. තවද ප්රතික්ෂේප කළවුන් නම්, ඔවුන් ප්රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් නටන උණු ජලයෙන් වූ පානයක් ද වේදනීය දඬුවම ද ඔවුනට ඇත.
5

هُوَ الَّذِي جَعَلَ الشَّمْسَ ضِيَاءً وَالْقَمَرَ نُورًا وَقَدَّرَهُ مَنَازِلَ لِتَعْلَمُوا عَدَدَ السِّنِينَ وَالْحِسَابَ ۚ مَا خَلَقَ اللَّهُ ذَٰلِكَ إِلَّا بِالْحَقِّ ۚ يُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ

වර්ෂ සංඛ්යාව හා (කාල) ගණනය නුඹලා දැනු ගනු පිණිස සූර්යයා ආලෝකය ලබා දෙන්නක් වශයෙන් ද චන්ද්රයා ආලෝකය විහිදුවන්නක් වශයෙන් ද ඇති කර තවද එයට (හිමි) ස්ථාන නියම කළේ ඔහුය. මෙය අල්ලාහ් සත්යයෙන් යුතුව මිස නොමැව්වේය. 4 දැනුවත් වන පිරිසකට ඔහු සාධක පැහැදිලි කරන්නේ( මෙලෙස)ය.
4මෙම ආයතය මරණින් මතු ජීවිතය සත්යය යැයි තහවුරු කරයි. එලෙස මරණින් මතු ජීවිතයක් නොමැති නම් යහකම් කළවුන්ට ප්රතිඵල ද අයහකම් කළවුන්ට දඬුවම් ද දිය නොහැකි වන අතර විශ්වයේ මැවීම් වල අරමුණක් නැති වී යනු ඇත.
6

إِنَّ فِي اخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا خَلَقَ اللَّهُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ لَآيَاتٍ لِّقَوْمٍ يَتَّقُونَ

සැබැවින්ම රාත්රිය හා දහවල පරස්පරානුව ගමන් කිරීමෙහි ද අහස්හි හා මිහිතලයෙහි අල්ලාහ් මැවූ දෑහි ද බිය භක්තිමත් පිරිසකට සංඥා ඇත.
7

إِنَّ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا وَرَضُوا بِالْحَيَاةِ الدُّنْيَا وَاطْمَأَنُّوا بِهَا وَالَّذِينَ هُمْ عَنْ آيَاتِنَا غَافِلُونَ

සැබැවින්ම අපගේ හමුව බලාපොරොත්තු නොවන, තවද මෙලොව ජීවිතය ගැන තෘප්තියට පත්ව එමගින්ම සැනසුම ලැබූවන් හා අපගේ වදන් පිළිබඳව අනවධානීව සිටියවුන් නම්, ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ ලැගුම් ගන්නා ස්ථානය වනුයේ (නිරා) ගින්නය.
8

أُولَـٰئِكَ مَأْوَاهُمُ النَّارُ بِمَا كَانُوا يَكْسِبُونَ

සැබැවින්ම අපගේ හමුව බලාපොරොත්තු නොවන, තවද මෙලොව ජීවිතය ගැන තෘප්තියට පත්ව එමගින්ම සැනසුම ලැබූවන් හා අපගේ වදන් පිළිබඳව අනවධානීව සිටියවුන් නම්, ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ ලැගුම් ගන්නා ස්ථානය වනුයේ (නිරා) ගින්නය.
9

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ يَهْدِيهِمْ رَبُّهُم بِإِيمَانِهِمْ ۖ تَجْرِي مِن تَحْتِهِمُ الْأَنْهَارُ فِي جَنَّاتِ النَّعِيمِ

සැබැවින්ම විශ්වාස කර යහකම් කළවුන් නම් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ විශ්වාසය හේතුවෙන් ඔවුනට (ස්වර්ගය වෙත) මග පෙන්වන්නේය. (මතු ලොවෙහි) පූර්ණ සොම්නසින් යුත් (ස්වර්ග) උයන්හි ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති.
10

دَعْوَاهُمْ فِيهَا سُبْحَانَكَ اللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلَامٌ ۚ وَآخِرُ دَعْوَاهُمْ أَنِ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

එහි ඔවුන්ගේ ප්රාර්ථනාව වනුයේ “අහෝ අල්ලාහ්, ඔබ පිවිතුරුය” යන්නය. එහි ඔවුන්ගේ සුබ පැතුම වනුයේ “සලාම්(නම් ශාන්තිය)ය”. ඔවුන්ගේ ප්රාර්ථනාවේ අවසානය වනුයේ. “විශ්වයන්හි පරමාධිපති වන අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමිය” යන්නය.
11

وَلَوْ يُعَجِّلُ اللَّهُ لِلنَّاسِ الشَّرَّ اسْتِعْجَالَهُم بِالْخَيْرِ لَقُضِيَ إِلَيْهِمْ أَجَلُهُمْ ۖ فَنَذَرُ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ

මිනිසා යහපත් දෑ ඉක්මන් කරන ලෙස ඉල්ලා සිටිනවාක් මෙන් ඔවුනට නපුර අල්ලාහ් ඉක්මන් කරන්නේ නම් ඔවුන්ගේ (ජීවිත) කාල සීමාව ඔවුනට (නියමිත කලට පෙරම සමීප දඬුවමකින්) අවසන් වනු ඇත. 5 එනමුත් අපගේ හමුව බලාපොරොත්තු නොවන්නන්ව ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි ව්යාකූල වූ තත්ත්වයෙහිම අපි අත හැර දමන්නෙමු.
5නිතැතින්ම අල්ලාහ් ආදේශ කිරීම අනුමත නොකරන්නේ නම් එවිගසම ඔහුගේ දඬුවම පහළ කළ යුතු යැයි ප්රතික්ෂේපකයින් පවසමින් සිටියෝය. මෙම ආයතය පවසන්නේ අල්ලාහ්ගේ කරුණාභරිත වූ පිළිවෙත පිළිබඳවය. එනම් ජනයින් යම් යහපතක් ඇයැදිමින් ඉක්මන් වූයේ නම් අල්ලාහ් එය ඉක්මණින් ඔවුනට දෙන්නේය. නමුත් ඔවුන් යම් නරකක් අයැදිමින් සිටියේ නම් අල්ලාහ් ඔවුන් අයැදින පරිදි එය ඉක්මණින් නොදෙන්නේය. ඔවුන් අභියෝග කරන පරිදි දඬුවම ඔවුන් වෙත ඉක්මණින් ඇති වූයේ නම් සත්යය පිළිගැනීමට ඔවුන්ට අවකාශයක් නොලැබෙනු ඇත.
12

وَإِذَا مَسَّ الْإِنسَانَ الضُّرُّ دَعَانَا لِجَنبِهِ أَوْ قَاعِدًا أَوْ قَائِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَن لَّمْ يَدْعُنَا إِلَىٰ ضُرٍّ مَّسَّهُ ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُوا يَعْمَلُونَ

මිනිසාට පීඩාවක් ස්පර්ශ වූ විට ඔහු හාන්සිවෙමින් හෝ වාඩිවෙමින් හෝ සිට ගනිමින් අපව අයැදින්නේය. ඔහුගෙන් අපි තම පීඩාව ඉවත් කළේ නම් තමන්ට ස්පර්ශ වූ පීඩාව වෙනුවෙන් අපගෙන් ප්රාර්ථනා නොකළාක් මෙන් ගමන් කරන්නේය. සීමාව ඉක්මවා ගියවුනට ඔවුන් කරමින් සිටි දෑ අලංකාරමත් කර පෙන්වනු ලැබූයේ මෙලෙසය.
13

وَلَقَدْ أَهْلَكْنَا الْقُرُونَ مِن قَبْلِكُمْ لَمَّا ظَلَمُوا ۙ وَجَاءَتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ وَمَا كَانُوا لِيُؤْمِنُوا ۚ كَذَٰلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ

නුඹලාට පෙර (බොහෝ) සමූහයන් ඔවුන් අපරාධ කළ විට ඔවුන්ව අපි විනාශ කර ඇත්තෙමු. තවද ඔවුන් වෙත ඔවුන්ගේ රසූල්වරුන් පැහැදිලි සාධක සමග පැමිණියෝය. නමුත් ඔවුන් විශ්වාස කිරීමට (ඉදිරිපත්) නොවීය. වැරදිකාර පිරිසට අපි ප්රතිවිපාක ලබා දෙන්නේ මෙලෙසය.
14

ثُمَّ جَعَلْنَاكُمْ خَلَائِفَ فِي الْأَرْضِ مِن بَعْدِهِمْ لِنَنظُرَ كَيْفَ تَعْمَلُونَ

අනතුරුව නුඹලා කටයුතු කරනුයේ කෙලෙස දැ?යි අප නිරීක්ෂණය කරනු පිණිස ඔවුනට පසු අපි නුඹලාව මිහිතලයේ නියෝජිතයින් බවට පත් කළෙමු.
15

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ ۙ قَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَـٰذَا أَوْ بَدِّلْهُ ۚ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِن تِلْقَاءِ نَفْسِي ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ ۖ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ

ඔවුන් වෙත පැහැදිලිව අපගේ වදන් පාරායනය කරනු ලැබූ විට අපගේ හමුව බලාපොරොත්තු නොවන අය “මේ හැර වෙනත් කුර්ආනයක් ගෙන එනු. එසේ නොමැතිනම් එය වෙනස් කරනු” යැයි පැවසුවෝය. (නබිවරය) “මාගේ කැමැත්ත පරිදි මෙය වෙනස් කිරීමට මා හට කිසිඳු අයිතියක් නැත. මා වෙත වහී වශයෙන් පහළ කරන ලද දෑ හැර (අන් කිසිවක්) මම අනුගමනය නොකරමි. මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් (විනිශ්චය සිදුවන) ඉමහත් වූ දිනයේ (මාහට හිමිවන) දඬුවමට මම බිය වන්නෙමි.” යැයි පවසවු.
16

قُل لَّوْ شَاءَ اللَّهُ مَا تَلَوْتُهُ عَلَيْكُمْ وَلَا أَدْرَاكُم بِهِ ۖ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًا مِّن قَبْلِهِ ۚ أَفَلَا تَعْقِلُونَ

(මා රසූල්වරයෙකු නොවිය යුතු යැයි) අල්ලාහ් අභිමත කළේ නම් මෙය මා නුඹලා වෙත පාරායනා නොකර සිටිමි. මේ ගැන ඔහු ද නුඹලාට දන්වා නොසිටිනු ඇත. නුඹලා අතර එයට(අල් කුර්ආනය පහළ වීමට) පෙර මා වසර ගණනාවක්ම රැඳී සිටියෙමි. නුඹලා අවබෝධ කර නොගන්නෙහු ද? 6
6ප්රතික්ෂේපකයන්ගේ උපකල්පනය වී තිබුණේ අල් කුර්ආනයේ කතෘවරයා වූයේ නබි මුහම්මද් තුමාණන් යන්නය. එබැවින් ඔහු අභිමත කළ පරිදි එහි වෙනස්කම් කරන බවට චෝදනා කළෝය. මෙම ආයතය එවැනි උපකල්පනයන්ට පිළිතුරකි. එනම් ඔවුන් අතර අවුරුදු 40 පමණ කාලයක් පුරා නබි මුහම්මද් තුමාණන් ජීවත් විය. එහෙත් ඔහුගේ සාමාන්යය කතා ශෛලිය හා අල් කුර්ආනයේ භාෂා ශෛලිය අතර කෙසේ වෙනස් ඇත් දැ’යි ඔවුන් මැනවින් දනිති. මිනිසා හා ජින්වරුන් සියල්ලන්ම එක් වී සැකසුම් කළ ද මෙවැනි උසස් වාග් චාතූර්යයෙන් යුත් ග්රන්ථයක් ගෙන ආ නොහැකිය.
17

فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ ۚ إِنَّهُ لَا يُفْلِحُ الْمُجْرِمُونَ

අල්ලාහ් කෙරෙහි අසත්යය ගොතන්නාට හෝ ඔහුගේ වදන් බොරුකරන්නාට වඩා මහා අපරාධකරුවා කවරෙකු ද? සැබැවින්ම වැරදිකරුවන් ජය නොලබන්නෝය.
18

وَيَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ وَيَقُولُونَ هَـٰؤُلَاءِ شُفَعَاؤُنَا عِندَ اللَّهِ ۚ قُلْ أَتُنَبِّئُونَ اللَّهَ بِمَا لَا يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

තවද ඔවුන් අල්ලාහ් හැර ඔවුනට හානියක් ඇති නොකරන, තවද ඔවුනට කිසිදු ප්රයෝජනයක් නොදෙන දෑ නමදින්නෝය. “මොවුන් අල්ලාහ් අබියස අප වෙනුවෙන් අයැද සිටින්නන් යැ”යි ද ඔවුහු පවසති. “(නබිවරය,) අහස්හි හා මිහිතලයෙහි අල්ලාහ් නොදන්නා දෑ නුඹලා ඔහුට දන්වා සිටින්නෙහු දැ?යි (ඔවුන්ගෙන්) නුඹ විමසවු. ඔවුන් අදේශ කරන දැයින් ඔහු අති උත්තරීතරය අති පිවිතුරුය.
19

وَمَا كَانَ النَّاسُ إِلَّا أُمَّةً وَاحِدَةً فَاخْتَلَفُوا ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِيَ بَيْنَهُمْ فِيمَا فِيهِ يَخْتَلِفُونَ

මිනිසුන් එකම සමූහයක්ව මිස නොසිටියහ. පසුව ඔවුහු භේදභින්න වූවෝය. 7 නුඹගේ පරමාධිපතිගෙන් වූ (මතු ලොවෙහි දඬුවම ඇත යන) වදන පෙරටු නොවූයේ නම් ඔවුන් කවර දෙයක භේදභින්න වෙමින් සිටියේ ද එ(ම විෂයෙ)හි (ලොවෙහිම දඬුවම) ඔවුන් අතර තීන්දු කරනු ලබනු ඇත. 8
7මෙයින් අදහස් වන්නේ මුලින් සමස්ත මානව වර්ගයාම පරිශුද්ධ ඒක දේවත්වයේ සිටියෝය යන්නය. මන්දයත් ඔවුන් සියල්ලෝම නබි ආදම් තුමාණන්ගේ දරුවන්ය. පසුව ඔවුන්ගෙන් සමහරුන් බහු දේවවාදය විශ්වාස කිරීමට පටන් ගත්තෝය. එබැවින් ඔවුන් අතර භේදභින්න භාවය ඇති විය.
8විශ්වය මැවීමට මූලික අරමුණ වන්නේ මිනිසාව පිරික්සුම් කිරීමට යැයි අල්ලාහ් තීරණය කර ඇත. එබැවින් බහු දේවවාදයේ දඬුවම අල්ලාහ් මතු ලොවෙහි පමණක් දෙන්නේය. සියල්ලන්ටම ඔවුන්ගේ ස්ව කැමැත්තෙන් කි්රයා කිරීමට අල්ලාහ් මෙලොවෙහි අවස්ථාවක් දී ඇත. නැතහොත් අල්ලාහ් ප්රතික්ෂේපකයින්ට මෙලොවෙහිදීම දඬුවම් දී මෙම භේදභින්න නිරවුල් කරනු ඇත.
20

وَيَقُولُونَ لَوْلَا أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ ۖ فَقُلْ إِنَّمَا الْغَيْبُ لِلَّهِ فَانتَظِرُوا إِنِّي مَعَكُم مِّنَ الْمُنتَظِرِينَ

“ඔහුගේ(මුහම්මද්ගේ) පරමාධිපතිගෙන් වූ සාධකයක් ඔහු වෙත පහළ කරනු ලැබිය යුතු නොවේ දැ?”යි (ප්රතික්ෂේපක) ඔවුහු පවසති. (නබිවරය) “ගුප්ත දෑ(හි දැනුම) අල්ලාහ් වෙතය. එබැවින් නුඹලා (දඬුවම) බලා සිටිවු. සැබැවින්ම මා ද නුඹලා සමග බලා සිටින්නන් අතුරින් කෙනෙකු වෙමි.” යැයි පවසවු. 9
9නබි මුහම්මද් තුමාණන් ප්රතික්ෂේපකයින්ට ප්රාතිහාර්යය පෙන්වුවද එම ප්රතික්ෂේපකයින් ඔවුන් අභිමත කරන පරිදි ප්රාතිහාර්යයන් පෙන්වන ලෙස අභියෝග කළෝය. එබැවින් ගුප්ත දෑ පිළිබඳව දැනුම ඇත්තේ අල්ලාහ්ට පමණි. තවද ඔවුන්ගේ කැමැත්ත පරිදි අල්ලාහ් ප්රාතිහාර්යයන් පෙන්වන්නේද? නැද්ද? යන්න නිශ්චිතවම නබි මුහම්මද් තුමාට තීරණය කළ නොහැකි යැයි මෙම ආයතය නබි මුහම්මද් තුමාට ඔවුන්හට පවසන මෙන් විධානය කර ඇත.
21

وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً مِّن بَعْدِ ضَرَّاءَ مَسَّتْهُمْ إِذَا لَهُم مَّكْرٌ فِي آيَاتِنَا ۚ قُلِ اللَّهُ أَسْرَعُ مَكْرًا ۚ إِنَّ رُسُلَنَا يَكْتُبُونَ مَا تَمْكُرُونَ

මිනිසාට ස්පර්ශ වූ හානියකින් පසුව ඔවුනට අපි (අපගේ) දයාව භුක්ති විඳෙව්වෙමු නම්, එවිට අපගේ සාධකයන්හි 10 ඔවුහු කූට උපාය සැලසුම් කරති. (නබිවරය,) “අල්ලාහ් සැලසුම් කිරීමෙහි ඉතා වේගවත්ය.” 11 යැයි පවසවු. සැබැවින්ම අපගේ (මලක්වරුන් වන) දූතයින් නුඹලා කූට උපායන් සැලසුම් කරමින් සිටින දෑ සටහන් කරති.
10එනම් සාධකයන් යනු නබි මුහම්මද් තුමාණන් හා අල් කුර්ආනයයි. ප්රතික්ෂේපකයින් එතුමාට හා අල් කුර්ආනයට එරෙහිව නොයෙකුත් කූට කුමන්ත්රණයන්හි නියැලුණෝය.
11මෙම ආයතය අරාබි වාගලංකාරයට අනුව ‘මුෂාකලා’ ගණයට අයත් ආයතයන් කිහිපයකින් එකකි. මුෂාකලා යනු “එක් විෂයක් යම් පාර්ශ්වයක් හා සම්බන්ධව සඳහන් වී ඇති අවස්ථාවක දී එම විෂය හා පාර්ශ්වය සැලකිල්ලට ගෙන එහි සැබෑ භාෂාමය අර්ථය හැර යථාර්ථයෙන් අර්ථවත් වන්නා වූ අරුත ගෙන ඒම වේ.” මෙම ආයතයෙහි “කූට උපාය සැලසුම් කිරීම” යන පදයට අදාළ අරාබි පදය වන “මක්ර්” යන පදය අරාබි වාගලංකාරයට අනුව අල්ලාහ් හා මැවුම යන දෙපාර්ශවයටම භාවිත වී තිබුණ ද දෙපාර්ශවයට දෙයාකාරයක අරුත ගෙන දේ. එහෙයින් අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි “අල්ලාහ් කූට උපාය සැලසුම් කිරීමෙහි ඉතා වේගවත්ය.” යන පරිවර්තනයට ‘මුෂාකලා’ යන නීතිය අනුව ‘අල්ලාහ් සැලසුම් කිරීමෙහි ඉතා වේගවත්ය’ යැයි අරුත් දැක් වේ.
22

هُوَ الَّذِي يُسَيِّرُكُمْ فِي الْبَرِّ وَالْبَحْرِ ۖ حَتَّىٰ إِذَا كُنتُمْ فِي الْفُلْكِ وَجَرَيْنَ بِهِم بِرِيحٍ طَيِّبَةٍ وَفَرِحُوا بِهَا جَاءَتْهَا رِيحٌ عَاصِفٌ وَجَاءَهُمُ الْمَوْجُ مِن كُلِّ مَكَانٍ وَظَنُّوا أَنَّهُمْ أُحِيطَ بِهِمْ ۙ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ لَئِنْ أَنجَيْتَنَا مِنْ هَـٰذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ

ගොඩබිමෙහි හා මුහුදෙහි නුඹලාව ගමන් කරවනුයේ ඔහුය. කෙතරම් (දුරට)දයත් නුඹලා නෞකාවන්හි ගොඩ වී යහ සුළඟක් මගින් ඒවා ඔවුන්ව රැගෙන ගොස් එමගින් ඔවුන් සතුටු වෙමින් සිටිය දී සුළි සුළඟක් ඔවුන් වෙත පැමිණියේය. තවද සෑම දෙසකින්ම රළ පහර ද ඔවුන් වෙත පැමිණියේය. තවද ඔවුන් (විපතට) වටලා ගනු ලැබුවේ යැයි ඔවුහු සිතූහ. (එවිට) “මෙයින් නුඹ අපව මුදවා ගත්තේ නම් සැබැවින්ම අපි කෘතඥයින් අතුරින් වන්නෙමු” යැයි දහමෙහි අල්ලාහ්ට චිත්ත පාරිශුද්ධියෙන් යුතුව ඔහුව අයැදින්නෝය.
23

فَلَمَّا أَنجَاهُمْ إِذَا هُمْ يَبْغُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ ۗ يَا أَيُّهَا النَّاسُ إِنَّمَا بَغْيُكُمْ عَلَىٰ أَنفُسِكُم ۖ مَّتَاعَ الْحَيَاةِ الدُّنْيَا ۖ ثُمَّ إِلَيْنَا مَرْجِعُكُمْ فَنُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

එහෙත් ඔවුන්ව ඔහු (විපතින්) මුදවා ගත් විට එවිගස ඔවුන් කිසිදු යුක්තියකින් තොරව මිහිතලයේ සීමාව ඉක්මවමින් කටයුතු කරති. අහෝ මිනිසුනි! නුඹලාගේ සීමාව ඉක්මවා යෑම නුඹලාට එරෙහිවමය. (නුඹලා මෙලොව භුක්ති විඳිනුයේ) ලෞකික ජීවිතයේ අල්ප රස විඳීමක් ලෙසය. පසුව නුඹලාගේ නැවත යොමු වන ස්ථානය අප වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ අපි දන්වා සිටින්නෙමු.
24

إِنَّمَا مَثَلُ الْحَيَاةِ الدُّنْيَا كَمَاءٍ أَنزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ مِمَّا يَأْكُلُ النَّاسُ وَالْأَنْعَامُ حَتَّىٰ إِذَا أَخَذَتِ الْأَرْضُ زُخْرُفَهَا وَازَّيَّنَتْ وَظَنَّ أَهْلُهَا أَنَّهُمْ قَادِرُونَ عَلَيْهَا أَتَاهَا أَمْرُنَا لَيْلًا أَوْ نَهَارًا فَجَعَلْنَاهَا حَصِيدًا كَأَن لَّمْ تَغْنَ بِالْأَمْسِ ۚ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَتَفَكَّرُونَ

මෙලොව ජීවිතයේ උපමාව වනුයේ අහසින් අපි පහළ කළ ජලය මෙනි. මිනිසා හා සතුන් අනුභව කරන දැයින් වූ මිහිතලයේ ගහකොළ, එය සමග මිශ්ර වන්නේය. අවසානයේ මිහිතලය එහි අලංකාරත්වය ලබා සුන්දරත්වයට පත් වී එහි හිමිකරුවන්, තමන් ඒ කෙරෙහි බලය ඇත්තන් බව සිතූ විට අපගේ (දඬුවමේ) අණ රාත්රියේ හෝ දහවලේ එයට පැමිණ ඒවා පෙර දින නොවූවාක් මෙන් නෙළනු ලැබූවක් බවට පත් කළෙමු. වටහා ගන්නා පිරිසට අපි මෙම වදන් පැහැදිලි කරන්නේ මෙලෙසය.
25

وَاللَّهُ يَدْعُو إِلَىٰ دَارِ السَّلَامِ وَيَهْدِي مَن يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ

අල්ලාහ්, ශාන්තියේ නිවහන (වන ස්වර්ගය) වෙත කැඳවන්නේය. තවද ඔහු අභිමත කළ අයව ඍජු මාර්ගය වෙත රැගෙන යන්නේය.
26

لِّلَّذِينَ أَحْسَنُوا الْحُسْنَىٰ وَزِيَادَةٌ ۖ وَلَا يَرْهَقُ وُجُوهَهُمْ قَتَرٌ وَلَا ذِلَّةٌ ۚ أُولَـٰئِكَ أَصْحَابُ الْجَنَّةِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

යහකම් කළවුනට යහපත ද (ඊට) අධිකව ද ඇත. 12 ඔවුන්ගේ මුහුණුවල අඳුර හෝ අවමානය වෙළා නොගන්නේය. (ස්වර්ග) උයනෙහි වැසියන් ඔවුන්මය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
12මෙම ආයතයෙහි “යහපත” යනු ස්වර්ගයට පිවිසීම වන අතර “(ඊට) අධිකව” යනු අල්ලාහ්ව හමු වීම වේ.
27

وَالَّذِينَ كَسَبُوا السَّيِّئَاتِ جَزَاءُ سَيِّئَةٍ بِمِثْلِهَا وَتَرْهَقُهُمْ ذِلَّةٌ ۖ مَّا لَهُم مِّنَ اللَّهِ مِنْ عَاصِمٍ ۖ كَأَنَّمَا أُغْشِيَتْ وُجُوهُهُمْ قِطَعًا مِّنَ اللَّيْلِ مُظْلِمًا ۚ أُولَـٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

තවද පාපය ඉපැයූ අයට ඒ හා සමාන පාපයේ ප්රතිවිපාකය ඇත. ඔවුන්ව අවමානය වෙළා ගන්නේය. අල්ලාහ්ගෙන් (වූ දඬුවමින්) ආරක්ෂා කරන්නෙකු ඔවුනට නොවන්නේය. රාත්රියේ කොටසකින් ඔවුන්ගේ මුහුණු අන්ධකාරයෙන් ආවරණය කරනු ලැබූවාක් මෙන් පවතී. ඔවුහු (නිරා) ගින්නෙහි වැසියෝය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
28

وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا مَكَانَكُمْ أَنتُمْ وَشُرَكَاؤُكُمْ ۚ فَزَيَّلْنَا بَيْنَهُمْ ۖ وَقَالَ شُرَكَاؤُهُم مَّا كُنتُمْ إِيَّانَا تَعْبُدُونَ

ඔවුන් සියල්ලන්වම අපි එක්රැස් කර පසුව ආදේශ කළවුනට, “නුඹලා ද නුඹලා( අල්ලාහ්ට ආදේශ යැයි සැලකූ අල්ලාහ්)ගේ හවුල්කරුවන්ව ද නුඹලාගේ ස්ථානයටම වී සිටිවු.” යැයි පවසන දින (සිහිපත් කරවු). එවිට ඔවුන් අතර බෙදුමක් ඇති කරන්නෙමු. පසුව “නුඹලා අපව නැමදුම් කරමින් සිටියේ නැත. තවද අප අතර හා නුඹලා අතර සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. නුඹලා අපව නමදිමින් සිටි බවට සැබැවින්ම අපි අනවධානීන්ව සිටියෙමු.” යැයි හවුල්කරුවන් (වන මිථ්යා දෙවිවරුන්) පවසන්නෝය.
29

فَكَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنَنَا وَبَيْنَكُمْ إِن كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَافِلِينَ

ඔවුන් සියල්ලන්වම අපි එක්රැස් කර පසුව ආදේශ කළවුනට, “නුඹලා ද නුඹලා( අල්ලාහ්ට ආදේශ යැයි සැලකූ අල්ලාහ්)ගේ හවුල්කරුවන්ව ද නුඹලාගේ ස්ථානයටම වී සිටිවු.” යැයි පවසන දින (සිහිපත් කරවු). එවිට ඔවුන් අතර බෙදුමක් ඇති කරන්නෙමු. පසුව “නුඹලා අපව නැමදුම් කරමින් සිටියේ නැත. තවද අප අතර හා නුඹලා අතර සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. නුඹලා අපව නමදිමින් සිටි බවට සැබැවින්ම අපි අනවධානීන්ව සිටියෙමු.” යැයි හවුල්කරුවන් (වන මිථ්යා දෙවිවරුන්) පවසන්නෝය.
30

هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَّا أَسْلَفَتْ ۚ وَرُدُّوا إِلَى اللَّهِ مَوْلَاهُمُ الْحَقِّ ۖ وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَفْتَرُونَ

එවිට සෑම ආත්මාවක්ම තමා පෙර කළ දෑ දැක ගන්නෝය. ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙතට ඔවුන් නැවත යවනු ලබන්නෝය. (දෙවිවරුන් ලෙස) ඔවුන් ව්යාජව ප්රබන්ධ කරමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යන්නේය.
31

قُلْ مَن يَرْزُقُكُم مِّنَ السَّمَاءِ وَالْأَرْضِ أَمَّن يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارَ وَمَن يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَمَن يُدَبِّرُ الْأَمْرَ ۚ فَسَيَقُولُونَ اللَّهُ ۚ فَقُلْ أَفَلَا تَتَّقُونَ

(නබිවරය,) “අහසින් හා මිහිතලයෙන් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවරෙකු ද? නැතහොත් ශ්රවණ හා බැල්ම පාලනය කරන්නා කවරෙකු විය හැකි ද? මළ දැයින් ජීවීන් පිට කර ජීවී දැයින් මළ දෑ පිට කරන්නේ කවරෙකු ද? තවද (සෑම) කරුණ(ක්ම) සැලසුම් කරන්නේ කවරෙකු දැ?”යි නුඹ අසවු. එවිට “අල්ලාහ්” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් නොවන්නෙහු දැ?”යි විමසවු.
32

فَذَٰلِكُمُ اللَّهُ رَبُّكُمُ الْحَقُّ ۖ فَمَاذَا بَعْدَ الْحَقِّ إِلَّا الضَّلَالُ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ

ඔහුමය නුඹලාගේ සැබෑ පරමාධිපති වන අල්ලාහ්. එබැවින් සත්යයට (පිටු පෑමෙන්) පසු නොමග මිස වෙන කුමක් (තිබිය හැකි)ද? එසේ නම් කෙසේ නුඹලා (සත්යයෙන් වෙනතකට) යොමු කරනු ලබන්නෙහු ද? 13
13මින් අදහස් වන්නේ අල්ලාහ් සියල්ලන්ගේ සැබෑ මැවුම්කරු යන්නට සියලු සාධක තිබිය දී කෙසේ නම් නුඹලා (සත්යයෙන් වෙනතකට) යොමු කරනු ලබන්නේ ද? යන්නය.
33

كَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى الَّذِينَ فَسَقُوا أَنَّهُمْ لَا يُؤْمِنُونَ

එලෙසම පාපයන් කළවුන් කෙරෙහි “ඔවුන් විශ්වාස නොකරන්නෝය” යන නුඹගේ පරමාධිපතිගේ වදන නියම විය.
34

قُلْ هَلْ مِن شُرَكَائِكُم مَّن يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ۚ قُلِ اللَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ

(නබිවරය) “මැවුම් (පෙර නිදසුනකින් තොරව) උත්පාදනය කර පසුව (විනිශ්චය දින) එය ප්රති උත්පාදනය කරන යමෙකු නුඹලා( අල්ලාහ්ට ආදේශ යැයි සැලකූ අල්ලාහ්)ගේ හවුල්කරුවන් අතුරින් වී දැ?”යි විමසවු. “මැවුම් (පෙර නිදසුනකින් තොරව) උත්පාදනය කර පසුව (විනිශ්චය දින) එය ප්රතිඋත්පාදනය කරන්නේ අල්ලාහ්ය. එසේ නම් කෙසේ නුඹලා (සත්යයෙන් වෙනතකට) හරවනු ලබනනෙහු ද?” යැයි පවසවු.
35

قُلْ هَلْ مِن شُرَكَائِكُم مَّن يَهْدِي إِلَى الْحَقِّ ۚ قُلِ اللَّهُ يَهْدِي لِلْحَقِّ ۗ أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لَّا يَهِدِّي إِلَّا أَن يُهْدَىٰ ۖ فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ

(නබිවරය,) “සත්යය වෙත මග පෙන්වන කිසිවෙකු නුඹලා( අල්ලාහ්ට ආදේශ යැයි සැලකූ අල්ලාහ්)ගේ හවුල්කරුවන් අතුරින් වී දැ?”යි විමසවු. “සත්යය වෙත මග පෙන්වනුයේ අල්ලාහ්” යැයි පවසවු. අනුගමනය කරන්නට සුදුස්සා වන්නේ සත්යය වෙත මග පෙන්වන්නා ද? නැතහොත් (තවත් කෙනෙකු විසින්) යහ මග යවනු ලැබීමෙන් මිස යහ මග නොලබන්නා ද? නුඹලාට කුමක් සිදු වී ද? නුඹලා විනිශ්චය කරනුයේ කෙසේ දැ?”යි පවසවු.
36

وَمَا يَتَّبِعُ أَكْثَرُهُمْ إِلَّا ظَنًّا ۚ إِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَفْعَلُونَ

ඔවුන්ගෙන් බොහෝ දෙනා අනුමානයන් මිස (වෙනත් කිසිවක්) අනුගමනය නොකරන්නෝය. සැබැවින්ම අනුමානය සත්යය වෙනුවෙන් කිසිදු ප්රයෝජනයක් නොදෙන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව සර්වඥය.
37

وَمَا كَانَ هَـٰذَا الْقُرْآنُ أَن يُفْتَرَىٰ مِن دُونِ اللَّهِ وَلَـٰكِن تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ الْكِتَابِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ الْعَالَمِينَ

මෙම අල් කුර්ආනය අල්ලාහ් නොවන (වෙනත්) අය විසින් නිර්මාණය කරනු ලබන්නක් නොවීය. එනමුත් (මෙය) තමන් ඉදිරියෙහි වූ දෑ (එනම්, පෙර පහළ වූ සත්ය ධර්ම පුස්තක) තහවුරු කරන්නක් හා (අල්ලාහ්ගේ නීති රීතීන්) පැහැදිලි කරන්නකි. එහි කිසිදු සැකයක් නොමැතිව විශ්වයන්ගේ පරමාධිපතිගෙන් (පහළ) වූවකි.
38

أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ فَأْتُوا بِسُورَةٍ مِّثْلِهِ وَادْعُوا مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللَّهِ إِن كُنتُمْ صَادِقِينَ

නැතහොත් “මොහු(මුහම්මද්) මෙය ගෙතුවේය” යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය) “නුඹලා සත්යවාදීන්ව සිටියෙහු නම් මෙවැනිම පරිච්ඡේදයක් ගෙන එවු. තවද අල්ලාහ් නොවන නුඹලාට හැකි කෙනෙකු නුඹලා(ගේ සහයට) කැඳවවු.” යැයි පවසවු.
39

بَلْ كَذَّبُوا بِمَا لَمْ يُحِيطُوا بِعِلْمِهِ وَلَمَّا يَأْتِهِمْ تَأْوِيلُهُ ۚ كَذَٰلِكَ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الظَّالِمِينَ

කුමක් පිළිබඳ දැනුම ඔවුන් වටලා නොගත්තේ ද, තවද කුමන දැයක යථාර්ථය 14 ඔවුන් වෙත නොපැමිණියේ ද, එ(ම අල් කුර්ආන)ය ඔවුහු අසත්යය කළෝය. ඔවුනට පෙර වූවන් ද එලෙසම අසත්යය කළෝය. (නබිවරය) එබැවින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැ’යි බලවු.
14අල් කුර්ආන් විශාරදයින්ගේ මතයට අනුව මෙයින් අදහස් වන්නේ අල් කුර්ආනය යි. තවද එමගින් ජනයාට බොහෝ අවවාද කර ඇත. එම අවවාදයන්ට අවනත නොවීමෙන් ඇති වන යථාර්ථය නම් ඔවුනට මේ දක්වා ඇති නොවූ දඬුවමක් යන්නය.
40

وَمِنْهُم مَّن يُؤْمِنُ بِهِ وَمِنْهُم مَّن لَّا يُؤْمِنُ بِهِ ۚ وَرَبُّكَ أَعْلَمُ بِالْمُفْسِدِينَ

(ප්රතික්ෂේපක) ඔවුන් අතුරින් එ(ම අල් කුර්ආන)ය විශ්වාස කරන්නන් ද වෙති. තවද ඔවුන් අතුරින් එය විශ්වාස නොකරන්නන් ද වෙති. තවද කලහකාරීන් පිළිබඳව නුඹගේ පරමාධිපති මැනවින් දන්නාය.
41

وَإِن كَذَّبُوكَ فَقُل لِّي عَمَلِي وَلَكُمْ عَمَلُكُمْ ۖ أَنتُم بَرِيئُونَ مِمَّا أَعْمَلُ وَأَنَا بَرِيءٌ مِّمَّا تَعْمَلُونَ

(නබිවරය) ඔවුහු නුඹව අසත්යය කළේ නම් “මාගේ ක්රියාවන්(හි ප්රතිවිපාකය) මාහටය. නුඹලාගේ ක්රියාවන්(හි ප්රතිවිපාකය) නුඹලා හටය. මා කරන දැයින් නුඹලා නිදොස් වූවන්ය. නුඹලා කරන දැයින් මම නිදොස් වූවෙකුමි.” යැයි පවසවු.
42

وَمِنْهُم مَّن يَسْتَمِعُونَ إِلَيْكَ ۚ أَفَأَنتَ تُسْمِعُ الصُّمَّ وَلَوْ كَانُوا لَا يَعْقِلُونَ

තවද ඔවුන් අතුරින් නුඔ වෙත සවන් දෙන්නන් ද වෙති. එබැවින් බිහිරන් (මෙන් ඔවුන්) වටහා නොගෙන සිටිය ද නුඹ ඔවුන්ට සවන් දීමට සලස්වන්නෙහි ද?
43

وَمِنْهُم مَّن يَنظُرُ إِلَيْكَ ۚ أَفَأَنتَ تَهْدِي الْعُمْيَ وَلَوْ كَانُوا لَا يُبْصِرُونَ

43) තවද ඔවුන් අතුරින් නුඹ දෙස (සුපරික්ෂාවෙන්) බලන්නන් ද වෙති. එබැවින් අන්ධයින් දැකිය නොහැක්කන්ව සිටිය ද නුඹ ඔවුන්ට මග පෙන්වන්නෙහි ද?
44

إِنَّ اللَّهَ لَا يَظْلِمُ النَّاسَ شَيْئًا وَلَـٰكِنَّ النَّاسَ أَنفُسَهُمْ يَظْلِمُونَ

සැබැවින්ම අල්ලාහ් මිනිසුනට කිසිවකින් හෝ අපරාධ නොකරන්නේය. එනමුත් මිනිසුන් තමන්මට අපරාධ කර ගන්නෝය.
45

وَيَوْمَ يَحْشُرُهُمْ كَأَن لَّمْ يَلْبَثُوا إِلَّا سَاعَةً مِّنَ النَّهَارِ يَتَعَارَفُونَ بَيْنَهُمْ ۚ قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُوا بِلِقَاءِ اللَّهِ وَمَا كَانُوا مُهْتَدِينَ

ඔහු(අල්ලාහ් විනිශ්චය සඳහා) ඔවුන්ව එක්රැස් කරන දින දහවලින් (ස්වල්ප) මොහොතක් මිස (ලොවෙහි) රැඳී නොසිටියාක් මෙන් ඔවුන් අතර එකිනෙකා හඳුනා ගනිති. අල්ලාහ්ගේ හමුව පිළිබඳව අසත්යය කළවුන් සැබැවින්ම අලාභ වින්දෝය. ඔවුහු යහමග ලබන්නන් ලෙස නොසිටියෝය.
46

وَإِمَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ اللَّهُ شَهِيدٌ عَلَىٰ مَا يَفْعَلُونَ

(නබිවරය,) අපි ඔවුනට ප්රතිඥා දුන් දැයින් සමහරක් (මෙලොවෙහිම) නුඹට (ගෙන හැර) පෙන්වන්නෙමු. නැතහොත් (ඔවුන් දඬුවමට ලක් වීමට පෙර) සැබැවින්ම අපි නුඹව මරණයට පත් කරන්නෙමු. (කෙසේ නමුත්) පසුව ඔවුන් යළි පමුණුවනු ලබන ස්ථානය අප වෙතමය. පසුව ඔවුන් කරන දෑ පිළිබඳව අල්ලාහ් සාක්ෂිකරුවෙකු වන්නේය.
47

وَلِكُلِّ أُمَّةٍ رَّسُولٌ ۖ فَإِذَا جَاءَ رَسُولُهُمْ قُضِيَ بَيْنَهُم بِالْقِسْطِ وَهُمْ لَا يُظْلَمُونَ

සෑම සමූහයකටම රසූල්වරයෙකු සිටියි. ඔවුන්ගේ රසූල්වරයා පැමිණි කල්හි (ඔවුන් අතුරින් පිරිසක් ඔහුව ප්රතික්ෂේප කළේ නම් විශ්වාස කරන්නන්ට ජයග්රහණය ද අවිශ්වාස කරන්නන්ට විනාශය ද යන්නෙන්) ඔවුන් අතර සාධාරණ අයුරින් විනිශ්චය දෙනු ලැබේ. තවද ඔවුහු අසාධාරණයට ලක් නොවෙති.
48

وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ

තවද “නුඹලා සත්යවාදීහූ නම් මෙම (දණ්ඩනීය) පොරොන්දුව කවදා දැ?”යි ඔවුහු (තම රසූල්වරුන්ගෙන්) විමසන්නෝය.
49

قُل لَّا أَمْلِكُ لِنَفْسِي ضَرًّا وَلَا نَفْعًا إِلَّا مَا شَاءَ اللَّهُ ۗ لِكُلِّ أُمَّةٍ أَجَلٌ ۚ إِذَا جَاءَ أَجَلُهُمْ فَلَا يَسْتَأْخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ

(නබිවරය,) “අල්ලාහ් අභිමත කළ දෑ මිස මාහටම යම් හානියක් (වළකා ගැනීමට) හෝ ප්රයෝජනයක් කිරීමට මම හැකියාව නොලබමි. සෑම සමූහයකට නියමිත කාල සීමාවක් ඇත. ඔවුන්ගේ කාල සීමාව පැමිණි විට ඔවුන් (එයින් සුළු) මොහොතක් හෝ ප්රමාද නොවන්නෝය. පෙරටු ද නොවන්නෝය.” යැයි පවසවු.
50

قُلْ أَرَأَيْتُمْ إِنْ أَتَاكُمْ عَذَابُهُ بَيَاتًا أَوْ نَهَارًا مَّاذَا يَسْتَعْجِلُ مِنْهُ الْمُجْرِمُونَ

“ඔහුගේ(අල්ලාහ්ගේ) දඬුවම රාත්රියෙහි හෝ දහවලෙහි නුඹලා වෙත පැමිණියේ නම්, වැරදිකරුවන් එයින් ඉක්මන් කරන මෙන් පතන්නේ කුමක් දැ?යි නුඹලා නොදුටුවෙහු ද? නුඹලා එය විශ්වාස කරනුයේ එය සිදු වූ පසුවද? (එවිට) ‘නුඹලා (සමච්චලයෙන්) එය ඉක්මන් කරන මෙන් පතමින් සිට (නුඹලා විශ්වාස කරනුයේ) දැන් ද?’ (යැයි නුඹලාට පවසනු ලැබේ.)” යන්නෙන් (නබිවරය, ඔවුනට) පවසවු.