هود

හූද්

هود

හූද් · Hud

මක්කී123 පද්‍ය

හැඳින්වීම

අනෙකුත් මක්කී සූරාවන් මෙන්ම මෙහිද ඉස්ලාමීය මූලික විශ්වාසයන් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සඳහන් වී ඇත. නිදසුනක් ලෙස අල්ලාහ්ගේ ඒකීයත්වයේ විශ්වාසය, නබි මුහම්මද් තුමාගේ නබිත්වය, මරණින් මතු ජීවිතය ආදී දෑ සඳහන් කර ඇත. තවද සත්‍යය දෙසට ජනයින්ව කැඳවීම පිණිස මෘදු වූ උපදෙස් වලින් ආරම්භ කර දැඩි අවවාද දක්වා වූ ශෛලියක් යොදා ගෙන ඇත. පසුව ඇතැම් රසූල්වරුන්ගේ වෘත්තාන්තයන් මෙයට පෙර වූ සූරාවන්හි සඳහන් කළාට වඩා විස්තරාත්මකව මෙහි සඳහන් කර ඇත. මෙම සූරාවට “සූරා හූද්” යැයි නම් කර ඇත්තේ 50 සිට 60 දක්වා ඇති ආයතයන්හි එතුමාගේ වෘත්තාන්තය සඳහන් වී ඇති හෙයිනි.

1

الر ۚ كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ

අලිෆ්, ලාම්, රා. 1 (මෙය) ධර්ම පුස්තකයකි. එහි වදන් ස්ථාපිත කරනු ලැබ පසුව සර්ව ප්රඥාවන්ත අභිඥානවන්තයාණන් (වූ අල්ලාහ්) වෙතින් එය පැහැදිලි කරනු ලැබ ඇත.
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۚ إِنَّنِي لَكُم مِّنْهُ نَذِيرٌ وَبَشِيرٌ

“අල්ලාහ් හැර (වෙනත් කිසිවක්) නුඹලා නොනමදිවු. සැබැවින්ම මම ඔහුගෙන් වූ නුඹලාට අවවාද කරන්නෙකු හා ශුභාරංචි දන්වන්නෙකු වෙමි.” යැයි ද (නබිවරයා විසින් ජනයින්ට පැහැදිලි කරනු ලැබ ඇත.)
3

وَأَنِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُمَتِّعْكُم مَّتَاعًا حَسَنًا إِلَىٰ أَجَلٍ مُّسَمًّى وَيُؤْتِ كُلَّ ذِي فَضْلٍ فَضْلَهُ ۖ وَإِن تَوَلَّوْا فَإِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ كَبِيرٍ

“තවද නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් පාප ක්ෂමාව ඇයැදිවු. පසුව ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වවු. (එසේ කළේ නම්) නියම කරනු ලැබූ කාලයක් දක්වා ඔහු නුඹලාට අලංකාර ජීවන සම්පත් භුක්ති විඳින්නට සලස්වන්නේය. තවද භාග්යය හිමි සෑම කෙනෙකුටම ඔහුගේ වරප්රසාදය(වේතනය) ඔහු පිරිනමන්නේය. (නමුත්) නුඹලා පිටුපෑවාහු නම්, එවිට සැබැවින්ම මහත් වූ දිනයක දඬුවම නුඹලා කෙරෙහි (සිදුවීම පිළිබඳව) මම බිය වන්නෙමි.
4

إِلَى اللَّهِ مَرْجِعُكُمْ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

නුඹලාගේ නැවත යොමු වන ස්ථානය අල්ලාහ් වෙතය. තවද ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
5

أَلَا إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُوا مِنْهُ ۚ أَلَا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

දැන ගනිවු. සැබැවින්ම ඔවුන් ඔහුගෙන්(අල්ලාහ්ගෙන්) සැඟවෙනු පිණිස ඔවුහු (පහතට නැවී) තමන්ගේ ළය පෙදෙස් වසා ගන්නෝය. දැන ගනිවු. ඔවුන්ගේ වස්ත්රයන් වලින් ඔවුන් ආවරණය වන කල්හි ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළිදරව් කරන දෑ ද ඔහු දන්නේය. 2 සැබැවින්ම ඔහු සිත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥය.
2ඇතැම් මක්කා මිථ්යාදෘෂ්ටිකයන් නබි මුහම්මද් තුමාගේ වදන් තමන්ගේ සවනට නොවැටීම පිණිස එතුමාට මුහුණ නොදී වැළකී සිටියෝය. මේ සඳහා ඔවුන් නැවී වස්ත්රයන් වලින් තමන්ව වසා ගත්තෝය. තවත් සමහරුන් අල්ලාහ්ට තමන් සඟවමින් යැයි සිතා මුස්ලිම්වරුන්ට එරෙහිව කුමන්ත්රණ කරමින් සිටියෝය. මෙම ආයතය පෙන්නුම් කරන්නේ මෙම පිරිසගේ මෙවැනි අඥානකම් පිළිබඳවය.
6

وَمَا مِن دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّ فِي كِتَابٍ مُّبِينٍ

මිහිතලයෙහි (වෙසෙන) කවර ජීවියෙකු වුව ද ඒවායෙහි ජීවන සම්පත් අල්ලාහ් කෙරෙහිම මිස (වෙනකෙකු කෙරෙහි භාර වන්නේ) නැත. තවද ඒවායෙහි (මෙලොව) නවාතැන ද ඒවායෙහි සමුගෙන (නැවත) යන තැන(මතු ලොව) ද ඔහු දනී. සෑම දැයක්ම පැහැදිලි වූ (ලව්හුල් මහ්ෆූල් නම්) පුස්තකයෙහිය.
7

وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْشُهُ عَلَى الْمَاءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۗ وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِن بَعْدِ الْمَوْتِ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ هَـٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌ

තවද දින සයකින් අහස් හා මිහිතලය මැව්වේ ඔහුමය. (මේවා මැවීමට පෙර) ඔහුගේ අර්ෂය ජලය මත විය. ඔහු (අහස් හා මිහිතලය මැව්වේ) නුඹලාව නුඹලා අතුරින් කවරෙකු ක්රියාවෙන් උතුම් ද යන්න පිරික්සනු පිණිසය. (නබිවරය,) නුඹ (ප්රතික්ෂේපකයින්ට) “සැබැවින්ම නුඹලා මරණයෙන් පසුව යළි නැගිටුවනු ලබන්නන්” යැයි පැවසුවේ නම් “සැබැවින්ම මෙය පැහැදිලි හූනියමක් මිස නැතැ”යි ප්රතික්ෂේප කළවුන් පවසති.
8

وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ الْعَذَابَ إِلَىٰ أُمَّةٍ مَّعْدُودَةٍ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

තවද නියමිත කාලයක් දක්වා දඬුවම අපි ඔවුන්ගෙන් ප්රමාද කළේ නම්, “එය වළක්වන්නේ කුමක් දැ?”යි ඔවුහු (සමච්චලයෙන්) පවසන්නෝමය. දැන ගනිවු, ඔවුන් වෙත එය(දඬුවම) පැමිණෙන දින ඔවුන්ගෙන් එය හරවනු ලබන්නේ නැත. තවද ඔවුන් කවර දෙයක්(දඬුවමක්) පිළිබඳව සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන්ව වෙළා ගනු ඇත.
9

وَلَئِنْ أَذَقْنَا الْإِنسَانَ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَاهَا مِنْهُ إِنَّهُ لَيَئُوسٌ كَفُورٌ

තවද අපි මිනිසාට අපගෙන් වූ දයාලුභාවයක් රස විඳින්නට සලස්වා පසුව එය ඔහුගෙන් ඉවත් කළේ නම් සැබැවින්ම ඔහු අපේක්ෂා සුන් වූවෙකු, අකෘතඥයෙකු වන්නේය.
10

وَلَئِنْ أَذَقْنَاهُ نَعْمَاءَ بَعْدَ ضَرَّاءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ السَّيِّئَاتُ عَنِّي ۚ إِنَّهُ لَفَرِحٌ فَخُورٌ

ඔහුව ස්පර්ශ කළා වූ පීඩාවකට පසුව අපි ඔහුට භාග්යයක් රස විඳීමට සැලැස්වූයේ නම් “මාගෙන් නරකයන් ඉවත් වී ගියේයැ”යි ඔහු පවසන්නේමය. (එවිට) සැබැවින්ම ඔහු (ආඩම්භරයෙන්) සතුටු වූවෙකු, (අල්ලාහ්ට අකෘතඥ වී) තමන්වම වර්ණනා කරන්නෙකු වන්නේය.
11

إِلَّا الَّذِينَ صَبَرُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَـٰئِكَ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ

(නමුත් තමන්ට ඇති වූ පීඩාව) ඉවසා යහකම් කළවුන් හැරය. ඔවුන්ටමය පාප ක්ෂමාව හා මහත් වූ වේතනය ඇත්තේ.
12

فَلَعَلَّكَ تَارِكٌ بَعْضَ مَا يُوحَىٰ إِلَيْكَ وَضَائِقٌ بِهِ صَدْرُكَ أَن يَقُولُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ كَنزٌ أَوْ جَاءَ مَعَهُ مَلَكٌ ۚ إِنَّمَا أَنتَ نَذِيرٌ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ

(නබිවරය,) එවිට “ඔහු වෙත නිධානයක් පහළ කරනු ලැබිය යුතු නොවේ ද? එසේ නොමැතිනම් ඔහු සමග මලක්වරයෙකු පැමිණිය යුතු නොවේ දැ”යි ඔවුන් (නුඹ ගැන) පැවසීමෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දැයින් සමහරක් නුඹ (ප්රචාරය නොකර) අත්හැරිය හැක්කේය. තවද නුඹගේ හදවත එමගින් පටු විය හැක්කේය. සැබැවින්ම නුඹ අවවාද කරන්නෙකුමය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි භාරකරුය. 3
3ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ට එරෙහිව අභියෝග කළෝය. එනම් රන් හා රිදී නිධානයක් පහළ කරන ලෙස හෝ ඔහුව ආරක්ෂා කරන මලක්වරයෙකු එවන ලෙසය. එවිට එතුමා එයින් දුකට පත් විය. මෙම ආයතය එතුමාට සැනසීමක් ඇති කර සියල්ල අල්ලාහ් කෙරෙහි භාර කරන ලෙස පවසා ඇත. තවද එතුමාගේ වගකීම වන්නේ අවවාද කිරීම පමණක් යැයි ද සඳහන් කර ඇත.
13

أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ فَأْتُوا بِعَشْرِ سُوَرٍ مِّثْلِهِ مُفْتَرَيَاتٍ وَادْعُوا مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللَّهِ إِن كُنتُمْ صَادِقِينَ

එසේ නොමැතිනම් “ඔහු මෙ(ම අල් කුර්ආන)ය ගොතා පැවසුවේයැ”යි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය,) “නුඹලා සත්යවාදීන්ව සිටියෙහු නම් අල්ලාහ් හැර නුඹලාට හැකියාව ඇත්තන්ව කැඳවා මෙය මෙන් ගොතනු ලැබූ පරිච්ඡේද දහයක් නුඹලා ගෙන එවු.” යැයි නුඹ පවසවු. 4
4ප්රතික්ෂේපකයින්ට ආරම්භයේ දී අල් කුර්ආනයේ මෙන් සූරාවන් 10 ක් ගෙන එන මෙන් අභියෝග කරන ලදී. එසේ ඔවුන් එය කිරීමට අපොහොසත් වූ කල්හි එක් සූරාවක් ගෙන එන මෙන් අභියෝග කරන ලදී. නමුත් මෙම අභියෝගය ජය ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූහ. මෙම අභියෝගය අල් කුර්ආනය අල්ලාහ්ගෙන් පහළ වූවක් යැයි සනාථ කිරීමට ප්රමාණවත් සාධකයකි.
14

فَإِلَّمْ يَسْتَجِيبُوا لَكُمْ فَاعْلَمُوا أَنَّمَا أُنزِلَ بِعِلْمِ اللَّهِ وَأَن لَّا إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ

නුඹලාට ඔවුන් පිළිතුරු නොදෙන්නේ නම්, “මෙය පහළ කරනු ලැබුවේ අල්ලාහ්ගේ ඥානයෙන් බව ද ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැති බව ද නුඹලා දැන ගනිවු. එබැවින් නුඹලා අවනතවන්නන් වන්නෙහු ද?” (යැයි ඔවුනට පවසවු.)
15

مَن كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ

කවරෙකු මෙලොව ජීවිතය හා එහි අලංකාරය අපේක්ෂා කරන්නෙකු වන්නේද අපි ඔවුන් වෙත ඔවුන්ගේ ක්රියාවන්(හි ප්රතිඵල) මෙ(ලොවෙ)හි දී සම්පූර්ණයෙන් පිරිනමන්නෙමු. තවද ඔවුහු මෙහි අඩුවක් කරනු නොලබන්නෝය.
16

أُولَـٰئِكَ الَّذِينَ لَيْسَ لَهُمْ فِي الْآخِرَةِ إِلَّا النَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا فِيهَا وَبَاطِلٌ مَّا كَانُوا يَعْمَلُونَ

මතු ලොවෙහි (නිරා) ගින්න හැර තමන්හට වෙනත් කිසිවක් නොමැත්තෝ ඔවුහුමය. තවද එ(ම ලෞකික ජීවිතයෙ)හි ඔවුන් කළ (යහ)දැය (විනිශ්චය දිනයෙහි) නිෂ්ඵල විය. තවද ඔවුන් කරමින් සිටි දැය අවලංගු වූවක්ය.
17

أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِ كِتَابُ مُوسَىٰ إِمَامًا وَرَحْمَةً ۚ أُولَـٰئِكَ يُؤْمِنُونَ بِهِ ۚ وَمَن يَكْفُرْ بِهِ مِنَ الْأَحْزَابِ فَالنَّارُ مَوْعِدُهُ ۚ فَلَا تَكُ فِي مِرْيَةٍ مِّنْهُ ۚ إِنَّهُ الْحَقُّ مِن رَّبِّكَ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ

තම පරාමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් (වන අල් කුර්ආනය) මත සිටින්නා(මුහම්මද්), ඔහුගෙන්(පරාමාධිපතිගෙන්) වූ සාක්ෂිකරුවෙකු (වන ජිබ්රීල්) එ(ම කුර්ආන)යට මතුව (එම කුර්ආනය සත්යය බවට තහවුරු කරන්නෙකු ලෙස) සිටිය දී තවද එ(ම කුර්ආන)යට පෙර මූසාගේ ධර්ම පුස්තකය (එය සත්ය කරමින් ඔහුගේ ජනයාට) මග පෙන්වීමක් හා දයාවක් ලෙස තිබිය දී (පැහැදිලි සාධකයෙහි සිටින ඔහු වෙනත් පුද්ගලයින් මෙන් වන්නේ) ද? (එම මූසාගේ ධර්ම පුස්තකය විශ්වාස කරන) මොවුන් එ(ම කුර්ආන)ය විශ්වාස කරන්නෝය. තවද සේනාංකයන් අතුරින් කවරෙකු එය ප්රතික්ෂේප කරන්නේද එවිට ඔහුගේ පොරොන්දු වූ ස්ථානය (නිරා) ගින්නය. (නබිවරය,) එබැවින් නුඹ එය පිළිබඳව සැකයෙහි පසු නොවවු. සැබැවින්ම එය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්යයකි. එනමුත් මිනිසුන් අතුරින් බොහෝ දෙනා (ඒ බව) විශ්වාස නොකරති.
18

وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا ۚ أُولَـٰئِكَ يُعْرَضُونَ عَلَىٰ رَبِّهِمْ وَيَقُولُ الْأَشْهَادُ هَـٰؤُلَاءِ الَّذِينَ كَذَبُوا عَلَىٰ رَبِّهِمْ ۚ أَلَا لَعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ

අල්ලාහ් පිළිබඳව බොරු ගොතන අයට වඩා මහත් අපරාධකරුවා කවරෙක් ද? (විනිශ්චය දින) ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙත ඉදිරිපත් කරනු ලබන්නෝය. “තම පරමාධිපතිට එරෙහිව අසත්යය කළවුන් මොවුන්මය” යැයි සාක්ෂිකරුවන්(රසූල්වරුන්) පවසන්නෝය. දැන ගනිවු. අපරාධකරුවන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය ඇත.
19

الَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُم بِالْآخِرَةِ هُمْ كَافِرُونَ

(ඔවුන්) කවරහුදයත් අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළක්වති. තවද එහි ඇද සොයති. තවද මතුලොව පිළිබඳව ප්රතික්ෂේප කරන්නන් ඔවුන්මය.
20

أُولَـٰئِكَ لَمْ يَكُونُوا مُعْجِزِينَ فِي الْأَرْضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ اللَّهِ مِنْ أَوْلِيَاءَ ۘ يُضَاعَفُ لَهُمُ الْعَذَابُ ۚ مَا كَانُوا يَسْتَطِيعُونَ السَّمْعَ وَمَا كَانُوا يُبْصِرُونَ

ඔවුන් මිහිතලයෙහි (අල්ලාහ්ගේ දඬුවමින් මිදෙන්නන් නොවන්නෝය. තවද අල්ලාහ් හැර (වෙනත්) භාරකරුවන් කිසිවෙකු ඔවුනට නොවීය. ඔවුනට දඬුවම ගුණ කරනු ලබන්නේය. ඔවුන් (සත්යය) සවන් දෙන්නට හැකියාව ලබන්නන් නොවෙති. තවද බලන්නන් ද නොවෙති.
21

أُولَـٰئِكَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَفْتَرُونَ

ඔවුහුමය තමන් තමන්ටම පාඩු ඇති කර ගත්තවුන් වන්නෝ. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී ගියේය.
22

لَا جَرَمَ أَنَّهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ

සත්යයවශයෙන්ම ඔවුහුමය මතු ලොවෙහි දැඩි අලාභවන්තයින් වන්නෝ.
23

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَخْبَتُوا إِلَىٰ رَبِّهِمْ أُولَـٰئِكَ أَصْحَابُ الْجَنَّةِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

සැබැවින්ම විශ්වාස කර යහකම් කර තම පරමාධිපති වෙත නැඹුරු වූ අය වන ඔවුහුමය (ස්වර්ග) උයනේ සගයන් වන්නෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
24

مَثَلُ الْفَرِيقَيْنِ كَالْأَعْمَىٰ وَالْأَصَمِّ وَالْبَصِيرِ وَالسَّمِيعِ ۚ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ أَفَلَا تَذَكَّرُونَ

(මෙම) දෙපිරිසට උපමාව නම් අන්ධ හා බිහිරි තැනැත්තා ද පෙනුමැති හා ශ්රවණය ඇති තැනැත්තා ද මෙන් ය. උපමාවෙන් මොවුන් දෙදෙනා එක සමාන වන්නේ ද? එබැවින් (මේ පිළිබඳව) නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?
25

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ إِنِّي لَكُمْ نَذِيرٌ مُّبِينٌ

සැබැවින්ම අපි නූහ්ව ඔහුගේ ජනයා වෙත එව්වෙමු. “සැබැවින්ම මා නුඹලාට පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.”
26

أَن لَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۖ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍ

“එනම් නුඹලා අල්ලාහ් හැර (වෙනත් අයට) නොනමදිවු. සැබැවින්ම මම නුඹලා කෙරෙහි (පැමිණෙන) වේදනීය දිනයේ දඬුවම පිළිබඳව බියවෙමි.” (යැයි නූහ් පැවසුවේය.)
27

فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِن قَوْمِهِ مَا نَرَاكَ إِلَّا بَشَرًا مِّثْلَنَا وَمَا نَرَاكَ اتَّبَعَكَ إِلَّا الَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِيَ الرَّأْيِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍ بَلْ نَظُنُّكُمْ كَاذِبِينَ

එවිට ඔහුගේ ජනයා අතුරින් ප්රතික්ෂේප කළ ප්රධානීහු “නුඹව අප මෙන් මිනිසෙකු ලෙස මිස අපි නොදකිමු. තවද බොළඳ අදහසින් යුතුව අපගෙන් පහත් වූ අය මිස (වෙනත් කිසිවෙකු) නුඹව අනුගමනය කරනු අපි නොදකිමු. තවද අපට වඩා නුඹලාට කිසිදු ශ්රේෂ්ඨත්වයක් ඇති බව ද අපි නොදකිමු. එහෙත් අපි නුඹලාව අසත්යය ප්රකාශ කරන්නන් ලෙස සිතන්නෙමු” යැයි පැවසුවෝය.
28

قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّي وَآتَانِي رَحْمَةً مِّنْ عِندِهِ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَارِهُونَ

ඔහු(නූහ් මෙසේ) පැවසුවේය. “මාගේ ජනයිනි, මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහු වෙතින් වූ දයාව(නබිත්වය) ඔහු මට පිරිනමා එය නුඹලා(ගේ දෑස් වල)ට (නොපෙනෙන ලෙස) සඟවනු ලැබුවේ නම් නුඹලා එය පිළිකුල් කරන්නන්ව සිටිය දී අපි නුඹලාට එය (පිළිපදින ලෙස) බල කළ හැක්කේ දැ’යි නුඹලා අවධානය කළෙහු ද?
29

وَيَا قَوْمِ لَا أَسْأَلُكُمْ عَلَيْهِ مَالًا ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۚ وَمَا أَنَا بِطَارِدِ الَّذِينَ آمَنُوا ۚ إِنَّهُم مُّلَاقُو رَبِّهِمْ وَلَـٰكِنِّي أَرَاكُمْ قَوْمًا تَجْهَلُونَ

තවද මාගේ ජනයිනි, මේ වෙනුවෙන් මම නුඹලාගෙන් ධනය නොඇයැදිමි. මාගේ වේතනය අල්ලාහ් කෙරෙහි මිස නැත. තවද මම විශ්වාස කළවුන්ව පලවා හරින්නෙකු ද නොවෙමි. 5 සැබැවින්ම ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිව මුණ ගැසෙන්නන් වන්නෝය. එනමුත් මම නුඹලාව අඥාන පිරිසක් ලෙස දකින්නෙමි.
5“නුඹ වටා සිටින දිළින්දන්ව නුඹ පලවා හැරියේ නම් අපි නුඹගේ උපදෙසට සවන් දෙන්නෙමු” යැයි පැවසූ නබි නූහ් තුමාණන්ගේ ප්රතික්ෂේපිත ජනයින්ට ඔහු මෙසේ පිළිතුරු දුන්හ.
30

وَيَا قَوْمِ مَن يَنصُرُنِي مِنَ اللَّهِ إِن طَرَدتُّهُمْ ۚ أَفَلَا تَذَكَّرُونَ

තවද මාගේ ජනයිනි, මම ඔවුන්ව පලවා හැරියේ නම් අල්ලාහ්ගෙන් (වූ දඬුවමින් ආරක්ෂා වීමට) මාහට උදවු කරන්නේ කවරෙකු ද? එබැවින් (මේ පිළිබඳව) නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?
31

وَلَا أَقُولُ لَكُمْ عِندِي خَزَائِنُ اللَّهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ إِنِّي مَلَكٌ وَلَا أَقُولُ لِلَّذِينَ تَزْدَرِي أَعْيُنُكُمْ لَن يُؤْتِيَهُمُ اللَّهُ خَيْرًا ۖ اللَّهُ أَعْلَمُ بِمَا فِي أَنفُسِهِمْ ۖ إِنِّي إِذًا لَّمِنَ الظَّالِمِينَ

තවද මා අබියස අල්ලාහ්ගේ ධන සම්භාරයන් ඇතැ’යි මම නුඹලාට නොපවසන්නෙමි. තවද ගුප්ත දෑ (පිළිබඳව) මම නොදනිමි. සැබැවින්ම මම මලක්වරයෙකු යැයි ද මම නොපවසන්නෙමි. තවද නුඹලාගේ ඇස් පහත් කොට සලකන්නන් (වූ දිළින්ඳන්) වන ඔවුනට අල්ලාහ් කිසිදු යහපතක් නොපිරිනමන්නේ යැයි ද මම නොපවසන්නෙමි. අල්ලාහ් ඔවුන්ගේ සිත් තුළ ඇති දෑ පිළිබඳව මැනවින් දන්නාය. 6 සැබැවින්ම මම (එසේ කීවේ නම්) එවිට අපරාධකරුවන් අතුරින් වන්නෙමි.”
6නබි නූහ් තුමාණන්ගේ අනුගාමිකයන් අවංක සිතින් විශ්වාස නොකළෝ යැ”යි ප්රතික්ෂේපක ජනයින් බොරු චෝදනාවක් එල්ල කළෝය. එයට ඔවුන්ගේ හැසිරීමෙන් ඔවුන් අවංකව විශ්වාස නොකළෝයැ’යි ද ඔවුනට අල්ලාහ් කිසිදු යහපතක් නොපිරිනමන්නේ යැ’යි ද මට පැවසීමට කිසිවක් නොමැත. අල්ලාහ් ඔවුන් සත්යය ලෙස විශ්වාස කළෝය යැයි මැනවින් දන්නේය යැයි නබි නූහ් තුමාණන් පැවසුවේය.
32

قَالُوا يَا نُوحُ قَدْ جَادَلْتَنَا فَأَكْثَرْتَ جِدَالَنَا فَأْتِنَا بِمَا تَعِدُنَا إِن كُنتَ مِنَ الصَّادِقِينَ

“අහෝ නූහ්! නුඹ අප සමග තර්ක කළෙහිය. තවද නුඹ අපගේ තර්කය අධික කළෙහිය. එසේ නුඹ සත්යවාදීන් අතුරින් (කෙනෙකු) වූයේ නම් නුඹ අපට (දඬුවමින්) අවවාද කළ දෑ අප වෙත ගෙන එවු.” යැයි ඔවුහු පැවසුවෝය.
33

قَالَ إِنَّمَا يَأْتِيكُم بِهِ اللَّهُ إِن شَاءَ وَمَا أَنتُم بِمُعْجِزِينَ

“අල්ලාහ්මය තමා අභිමත කළේ නම් නුඹලා වෙත එය(දඬුවම) ගෙන එනුයේ. තවද නුඹලා (අල්ලාහ්ගේ දඬුවමින් මිදෙන්නන්ව නැත.” යැයි ඔහු(නූහ්) පැවසුවේය.
34

وَلَا يَنفَعُكُمْ نُصْحِي إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ اللَّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ

“තවද අල්ලාහ් නුඹලාව නොමග යැවීමට අපේක්ෂා කරන්නෙකුව සිටියේ නම් මම නුඹලාට උපදෙස් දීමට අපේක්ෂා කළේ නම් ද මාගේ උපදෙස නුඹලාට ප්රයෝජනවත් නොවන්නේය. ඔහු නුඹලාගේ පරමාධිපතිය. තවද ඔහු වෙතමය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.” (යැයි ද නූහ් පැවසුවේය.)
35

أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ إِنِ افْتَرَيْتُهُ فَعَلَيَّ إِجْرَامِي وَأَنَا بَرِيءٌ مِّمَّا تُجْرِمُونَ

එසේ නොමැතිනම් “ඔහු මෙ(ම අල් කුර්ආන)ය ගොතා පැවසුවේයැ”යි (මක්කාවාසී ප්රතික්ෂේපක) ඔවුන් පවසන්නෝ ද? (නබිවරය,) නුඹ පවසවු “මම එය ගෙතුවේ නම් එවිට මාගේ වරද මා කෙරෙහිම (අත්වන්නේ)ය. තවද නුඹලා කරන වරදින් මම නිදොස් වෙමි.” 7
7නබි නූහ් තුමාණන්ගේ වෘත්තාන්තය අල්ලාහ් මෙම සූරාවෙහි පවසමින් සිටියදී, අතර මැද මෙම ආයතයෙහි මක්කා ප්රතික්ෂේපකයින් වෙත අවධානය යොමු කොට ඇත. මෙයින් අදහස් වන්නේ අල්ලාහ් නබිවරයාට දේව පණිවිඩ පහළ කර නොතිබුණේ නම් ඔහුට නබි නූහ් තුමාණන්ගේ වෘත්තාන්තය දැන ගැනීමට මගක් නොවන්නේය යන්නය. තවද එම වෘත්තාන්තය පැහැදිලිව විස්තර කිරීමට නොහැකි වනු ද ඇත. මෙසේ තිබියදී ද ප්රතික්ෂේපකයන් නබි මුහම්මද් තුමාණන් අල් කුර්ආනය ගෙතුවේ යැ’යි පැවසුවෝය.
36

وَأُوحِيَ إِلَىٰ نُوحٍ أَنَّهُ لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلَّا مَن قَدْ آمَنَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا يَفْعَلُونَ

(මෙතෙක්) විශ්වාස කළවුන් හැර (වෙනත් කිසිවෙකු) නුඹගේ ජනයින් අතුරින් විශ්වාස නොකරන්නෝමය. එබැවින් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව නුඹ දුකට පත් නොවවු. යැයි නූහ් වෙත වහී (නැමැති දේව පණිවිඩ) පහළ කරනු ලැබීය. 8
8මෙම ආයතයට පෙර සඳහන් වූ ආයතයන්හි සිදු වූ සිදුවීම් අතර ද මෙම ආයතයේ ඇති කරුණු අතර ද විශාල කාල පරතරයක් පුරාවට නබි නූහ් තුමාණන් ජනයින්ව යහ මග වෙත කැඳවමින් සිටියේය. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා සූරා නූහ් නම් අල් කුර්ආන් හි 71 වැනි සූරාවෙහි සඳහන් වී ඇත.
37

وَاصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۚ إِنَّهُم مُّغْرَقُونَ

තවද අපගේ අධීක්ෂණය යටතේ හා අපගේ වහී (නැමැති දේව පණිවිඩය) පරිදි නුඹ නැව සාදවු. තවද නුඹ අපරාධ කළවුන් විෂයෙහි මා සමග කතා නොකරවු. සැබැවින්ම ඔවුහු ගිල්වනු ලබන්නන්ය.
38

وَيَصْنَعُ الْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌ مِّن قَوْمِهِ سَخِرُوا مِنْهُ ۚ قَالَ إِن تَسْخَرُوا مِنَّا فَإِنَّا نَسْخَرُ مِنكُمْ كَمَا تَسْخَرُونَ

ඔහු නැව සෑදුවේය. ඔහුගේ ජනයා අතුරින් වූ ප්රධානීන් ඔහු අසලින් ගමන් කරන සෑම අවස්ථාවකම ඔහුව සමච්චල් කළෝය. “නුඹලා අපව සමච්චල් කරන්නෙහු නම් නුඹලා සමච්චල් කළාක් මෙන්ම සැබැවින්ම අපි ද නුඹලාව සමච්චල් කරන්නෙමු.” යැයි ඔහු(නූහ්) පැවසුවේය.
39

فَسَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُّقِيمٌ

“තමන්ව නින්දා කරන දඬුවමක් තමන් වෙත පැමිණ සදාතනික දඬුවමක් තමන් කෙරෙහි පහළ වන්නේ යැයි නුඹලා මතු දැන ගනු ඇත.” (යැයි ද නූහ් පැවසුවේය.)
40

حَتَّىٰ إِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ قُلْنَا احْمِلْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ الْقَوْلُ وَمَنْ آمَنَ ۚ وَمَا آمَنَ مَعَهُ إِلَّا قَلِيلٌ

අපගේ අණ පැමිණ ලිපෙන් ජලය උනන්නට ගත් විට 9 (අහෝ නූහ්!) “සෑම (සත්ව) වර්ගයකින්ම ජෝඩුව බැගින් ද 10 (නුඹගේ පවුලේ උදවිය වන) ඔවුන් අතුරින් කවරෙකු කෙරෙහි (දඬුවමේ) වදන පෙරටු වූයේ ද ඔවුන් හැර නුඹගේ පවුලේ (අන්) උදවිය ද විශ්වාස කළවුන්ව ද එ(ම නැවෙ)හි උසුලවු” යැයි අපි පැවසුවෙමු. තවද ස්වල්ප දෙනෙක් මිස ඔහු සමග විශ්වාස නොකළෝය.
9නබි නූහ් තුමාණන්ගේ ප්රතික්ෂේපිත ජනයින් මහා ජල ගැල්මකින් විනාශ වූහ. කෙසේද යත් ප්රතික්ෂේපකයින්ගේ විනාශයේ මහා සාධකයක් වශයෙන් නැවැත්විය නොහැකි අන්දමින් ලිපක් තුළින් ජලය මුළු මිහිතලය පුරාම ගලා යන්නට විය. එම අවස්ථාවේදීම දැඩි වර්ෂාවක් ද මෙම ජල ගැල්මට එකතු විය.
10මෙම ගංවතුර ප්රතික්ෂේපකයින්ගේ විනාශය සඳහාම විය. එබැවින් නැවට ඔහුගේ පවුලේ වූ විශ්වාස කළවුන්ව ද පොදුවේ විශ්වාස කළවුන් ද සියලු සතුන්ගෙන් ජෝඩුව බැගින් ද නංවන මෙන් අල්ලාහ් විසින් නබි නූහ් තුමාණන්ට විධානය කළේය.
41

وَقَالَ ارْكَبُوا فِيهَا بِسْمِ اللَّهِ مَجْرَاهَا وَمُرْسَاهَا ۚ إِنَّ رَبِّي لَغَفُورٌ رَّحِيمٌ

“නුඹලා මෙයට ගොඩ වවු. මෙය යාත්රා කිරීම ද එය නතර වීම ද අල්ලාහ්ගේ නාමයෙනි. සැබැවින්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.” යැයි ඔහු(නූහ්) පැවසුවේය.
42

وَهِيَ تَجْرِي بِهِمْ فِي مَوْجٍ كَالْجِبَالِ وَنَادَىٰ نُوحٌ ابْنَهُ وَكَانَ فِي مَعْزِلٍ يَا بُنَيَّ ارْكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ الْكَافِرِينَ

තවද එය කඳු මෙන් වූ රළ අතර ඔවුන් සමග යාත්රා කළේය. නූහ් (තමන්ගෙන්) ඈත්ව සිටි තම පුතණුවන් අමතා “මාගේ පුතණුවනි, අප සමග (නැවට) ගොඩ වවු. තවද ප්රතික්ෂේපකයින් සමග නොවවු” යැයි පැවසුවේය.
43

قَالَ سَآوِي إِلَىٰ جَبَلٍ يَعْصِمُنِي مِنَ الْمَاءِ ۚ قَالَ لَا عَاصِمَ الْيَوْمَ مِنْ أَمْرِ اللَّهِ إِلَّا مَن رَّحِمَ ۚ وَحَالَ بَيْنَهُمَا الْمَوْجُ فَكَانَ مِنَ الْمُغْرَقِينَ

“ජලයෙන් මා ආරක්ෂා කරන කන්දකට මම නැග ගනිමි” යැයි ඔහු(නූහ්ගේ පුත්) පැවසුවේය. “අද දින අල්ලාහ් කරුණාව දැක්වූවන් හැර ඔහුගේ (දඬුවමේ) විධානයෙන් ආරක්ෂා කරන කිසිවෙකු නැත” යැයි ඔහු(නූහ්) පැවසුවේය. තවද රළ පහර ඔවුන් දෙදෙනා අතර ආවරණයක් විය. එවිට ඔහු ගිලී ගියවුන් අතුරින් (කෙනෙකු) විය.
44

وَقِيلَ يَا أَرْضُ ابْلَعِي مَاءَكِ وَيَا سَمَاءُ أَقْلِعِي وَغِيضَ الْمَاءُ وَقُضِيَ الْأَمْرُ وَاسْتَوَتْ عَلَى الْجُودِيِّ ۖ وَقِيلَ بُعْدًا لِّلْقَوْمِ الظَّالِمِينَ

“අහෝ මහ පොළොව! නුඹ නුඹගේ ජලය උරා ගනිවු. අහෝ අහස! නුඹ (නුඹගේ වර්ෂාව) නතර කර ගනිවු” යැයි (අල්ලාහ් විසින්) පවසනු ලැබීය. තවද ජලය සිඳී ගියේය. (ඔවුන් විනාශ කරනු ලැබ ඔවුන්ගේ විනාශයේ) කරුණ ද සම්පූර්ණ කරනු ලැබීය. එය(එම නැව) ජූදි 11 (නම් කන්ද) මත රැඳිණ. අපරාධකාර ජනයා (අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරස්ථයැ”යි ද පවසනු ලැබීය.
11මෙය උතුරු ඉරාකයේ පිහිටා ඇති කන්දකි. වර්තමානයේ ද මෙම නමින්ම එය අමතනු ලැබේ.
45

وَنَادَىٰ نُوحٌ رَّبَّهُ فَقَالَ رَبِّ إِنَّ ابْنِي مِنْ أَهْلِي وَإِنَّ وَعْدَكَ الْحَقُّ وَأَنتَ أَحْكَمُ الْحَاكِمِينَ

තවද නූහ් තම පරමාධිපති අමතා “මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම මාගේ පුතණුවන් මාගේ පවුලේ අය අතුරින්මය. තවද ඔබගේ පොරොන්දුව සැබෑවකි. තවද ඔබ විනිශ්චයකරුවන් අතුරින් අති ශ්රේෂ්ඨ විනිශ්චයකරුය.” යැයි පැවසීය.
46

قَالَ يَا نُوحُ إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ ۖ إِنَّهُ عَمَلٌ غَيْرُ صَالِحٍ ۖ فَلَا تَسْأَلْنِ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۖ إِنِّي أَعِظُكَ أَن تَكُونَ مِنَ الْجَاهِلِينَ

ඔහු(අල්ලාහ්) “අහෝ නූහ්! සැබැවින්ම ඔහු නුඹගේ පවුලේ අය අතුරින් (කෙනෙකු) නොවන්නේය. සැබැවින්ම ඔහු දැහැමි නොවන ක්රියාව(න් කරන්නෙ)කි. එබැවින් කවර දෙයක් පිළිබඳව නුඹට දැනුමක් නැත්තේ ද එය මගෙන් නොඅසවු. නුඹ අඥානයින් අතුරින් නොවිය යුතු යැයි මම නුඹට උපදෙස් දෙන්නෙමි” යැයි පැවසුවේය.
47

قَالَ رَبِّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أَسْأَلَكَ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ ۖ وَإِلَّا تَغْفِرْ لِي وَتَرْحَمْنِي أَكُن مِّنَ الْخَاسِرِينَ

“මාගේ පරමාධිපතියාණනි, කවර දෙයක් පිළිබඳව මට දැනුමක් නැත්තේ ද එය ඔබගෙන් ඉල්ලීමෙන් මම ආරක්ෂාව පතන්නෙමි. නුඹ මට පාප ක්ෂමාව නොදුන්නේ නම් තවද නුඹ මට කරුණාව නොදැක්වූයේ නම් මම අලාභවන්තයින් අතුරින් (කෙනෙකු) වෙමි යැයි” ඔහු(නූහ්) පැවසුවේය.
48

قِيلَ يَا نُوحُ اهْبِطْ بِسَلَامٍ مِّنَّا وَبَرَكَاتٍ عَلَيْكَ وَعَلَىٰ أُمَمٍ مِّمَّن مَّعَكَ ۚ وَأُمَمٌ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٌ

“අහෝ නූහ්! නුඹ වෙත ද නුඹ සමග වූවන් අතුරින් සිටින ප්රජාවන් වෙත ද අපගෙන් වූ ශාන්තිය හා අභිවෘද්ධිය සමග (නැවෙන්) පහළට බසිවු. (ඔවුන් අතුරින්) යම් ප්රජාවන්, ඔවුනට අපි (මෙලොව) භුක්ති විඳින්නට සලස්වන්නෙමු. පසුව අපගෙන් වූ වේදනීය දඬුවමක් ඔවුන්ව ස්පර්ශ කරනු ඇත.” 12 යැයි පවසනු ලැබීය.
12මෙයින් අදහස් කරනුයේ නැවෙන් ආරක්ෂා වූ පිරිස අතුරින් සමහරුන් නැවත පෙර සේම පාප කරනු ඇත යන්නය. ඔවුන් මෙලොව ස්වල්ප කලක් භුක්ති විඳිමෙන් පසු මෙලොවෙහි හෝ මතුලොවෙහි දඬුවමට ලක් වනු ඇත.
49

تِلْكَ مِنْ أَنبَاءِ الْغَيْبِ نُوحِيهَا إِلَيْكَ ۖ مَا كُنتَ تَعْلَمُهَا أَنتَ وَلَا قَوْمُكَ مِن قَبْلِ هَـٰذَا ۖ فَاصْبِرْ ۖ إِنَّ الْعَاقِبَةَ لِلْمُتَّقِينَ

(නබිවරය) මේවා අපි නුඹ වෙත වහී(දේව පණිවිඩ) පහළ කළ (නුඹ) නොදුටු පුවත් අතුරිනි. මෙ(ම කුර්ආන)යට පෙර නුඹ ද නුඹගේ පිරිස ද මෙය දැන නොසිටියෝය. එබැවින් නුඹ(ට ඇති වන හිංසනයන්) ඉවසවු. සැබැවින්ම (ප්රශංසනීය) අවසානය බිය භක්තිකයින්හටය.
50

وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًا ۚ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُ ۖ إِنْ أَنتُمْ إِلَّا مُفْتَرُونَ

තවද ආද් (ජනයා) වෙත ඔවුන්ගේ සහෝදර හූද්ව 13 ය ( අප විසින් යවනු ලැබුවේ). “මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට (පමණක්) නැමදුම් කරවු. ඔහු හැර වෙනත් දෙවියෙකු නුඹලාට නැත. නුඹලා (අල්ලාහ් කෙරෙහි අසත්යය) ගොතන්නන්ව මිස නැත.” යැයි ඔහු පැවසුවේය.
13‘ආද් ජනයා’ යනු යෙමන් දේශයේ විසූ ආදීවාසීන්ය. මෙම සමූහයා යහ මගට ඇරයුම් කිරීම සඳහා ඔවුනතුරින් නබි ‘හූද්’ තුමාණන්ව අල්ලාහ් පත් කළේය. මොවුන් එම නබිවරයාව ප්රතික්ෂේප කළ හෙයින් අල්ලාහ් භයානක දරුණු සුළඟක් යවා විනාශ කළේය. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:65 ආයතය සමග එහි පාද සටහන බලන්න.