الر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ وَقُرْآنٍ مُّبِينٍ
අලිෆ්. ලාම්. රා. ඒවා ධර්ම පුස්තකයෙහි හා පැහැදිලි කුර්ආනයෙහි ආයතයන්ය.
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 පාද සටහන බලන්න.
2මෙහි ‘ඒවා’ යනුවෙන් අදහස් වී ඇත්තේ මෙම සූරාවෙහි අන්තර්ගත ආයතයන්ය.
رُّبَمَا يَوَدُّ الَّذِينَ كَفَرُوا لَوْ كَانُوا مُسْلِمِينَ
(විනිශ්චය දින දී) ප්රතික්ෂේප කළවුන් තමන් ද මුස්ලිම්වරුන්ව සිටියා නම් යැයි ප්රිය කරති.
ذَرْهُمْ يَأْكُلُوا وَيَتَمَتَّعُوا وَيُلْهِهِمُ الْأَمَلُ ۖ فَسَوْفَ يَعْلَمُونَ
(නබිවරය, ප්රතික්ෂේපක) ඔවුන් (සිතූ පැතූ අයුරින්) අනුභව කර සැප විඳින්නට ද (ඔවුන්ගේ) ආශාව ඔවුන්ව මුළා කරන්නට ද නුඹ ඔවුන්ව අතහැර දමවු. ඔවුහු (සත්යය) මතු දැන ගන්නෝය.
وَمَا أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌ مَّعْلُومٌ
කිසිදු ගම්මානයක්, එයට (විනාශය පිළිබඳව) දැන ගනු ලැබූ නියමයකින් මිස අපි විනාශ නොකළෙමු. තවද අපි (කිසිවෙකුට) අපරාධ කරන්නන් නොවෙමු.
مَّا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ
කිසිදු ජන සමූහයක් ඔවුන්ගේ (මරණය සඳහා) නියමිත කාලය පෙරටු නොකරන්නෝය. තවද (එයට) ප්රමාද ද නොවන්නෝය.
وَقَالُوا يَا أَيُّهَا الَّذِي نُزِّلَ عَلَيْهِ الذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ
“මෙනෙහි කිරීම(අල් කුර්ආනය) පහළ කරනු ලැබූ තැනැත්තාණනි! සැබැවින්ම නුඹ උමතුවෙකුය.” යන්නෙන් (ප්රතික්ෂේපක) ඔවුහු පැවසූහ.
لَّوْ مَا تَأْتِينَا بِالْمَلَائِكَةِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ
“නුඹ සත්යවාදීන්ගෙන් (කෙනෙක්) නම් මලක්වරුන් අප වෙත ගෙන්විය යුතු නොවේ ද?” (යැයි ඔවුහු පැවසුවෝය.)
مَا نُنَزِّلُ الْمَلَائِكَةَ إِلَّا بِالْحَقِّ وَمَا كَانُوا إِذًا مُّنظَرِينَ
සත්යය (දඬුවම) සමග මිස අපි මලක්වරුන් නොඑවන්නෙමු. (එසේ මලක්වරුන් පැමිණියේ නම්) එවිට ඔවුහු අවකාශය දෙනු ලැබූවන් බවට පත් නොවන්නෝය. -
3සාමාන්යයෙන් මලක්වරුන් යම් සමූහයක් විනාශ කිරීම සඳහා එවනු ලබනුයේ ඔවුන්ට පැහැදිලි සාධක ඉදිරිපත් කරනු ලැබූවද ඔවුන් එය පිළිනොගෙන සිටින හෙයිනි. එසේ මලක්වරුන් පැමිණිමෙන් පසු එම ජන සමුහයාට සත්යය වෙත නැවත හැරීම සඳහා කිසිදු අවකාශයක් දෙනු නොලැබේ. එහෙයින් නබි මුහම්මද් තුමාණන්ගේ සත්යයභාවය තහවුරු කිරීමට මලක්වරුන් යැවිය යුතුයි යන ප්රතික්ෂේපකයින්ගේ මෙම ඉල්ලීම ඔවුන් දඬුවම ඉල්ලා සිටීම හා සමාන බවය.
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
මෙනෙහි කිරීම(අල් කුර්ආනය) සැබැවින්ම පහළ කළේ අපමය. තවද සැබැවින්ම අප එය (විකෘති වීමෙන්) ආරක්ෂා කරන්නන් වෙමු.
4මෙම ආයතයෙන් අල් කුර්ආනයෙහි කිසිවක් හෝ විකෘති නොවීමෙන් ආරක්ෂා කිරීමට අල්ලාහ් වගකීම ගෙන ඇති බව සඳහන් වී ඇත. මන්දයත් මෙය අවසන් දිව්යමය මාර්ගෝපදේශකයක් පමණක් නොවන අතර සදාතනික නොමැකෙන ධර්ම පුස්තකයක් වීමය. එබැවින් අවුරුදු 1400 කාල වකවානුවක් තුළ දී පවා මෙහි කිසිදු සංශෝධනයක් හෝ විකෘතියක් නොවී තිබීම මෙය සත්යය දේව ග්රන්ථයක් යන්නට ප්රධාන සාධකයකි.
وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ فِي شِيَعِ الْأَوَّلِينَ
(නබිවරය,) සැබැවින්ම අපි නුඹට පෙර (විසූ) සමූහයන් අතරට ද (රසූල්වරුන්ව) එවා ඇත්තෙමු.
وَمَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
ඔවුන් වෙත කිසිදු රසූල්වරයෙකු (නො)පැමිණියා නොව, ඔවුන් ඔහුව සමච්චල් කරමින් සිටියා මිස.
كَذَٰلِكَ نَسْلُكُهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ
අපි එය වැරදිකරුවන්ගේ හදවත් තුළ ප්රවිෂ්ට කරන්නේ මෙලෙසය.
لَا يُؤْمِنُونَ بِهِ ۖ وَقَدْ خَلَتْ سُنَّةُ الْأَوَّلِينَ
(එහෙයින්) ඔවුහු මෙය විශ්වාස නොකරති. (ප්රතික්ෂේප කොට අපගේ දඬුවමට ලක් වූ) පෙර විසූවන්ගේ පූර්වාදර්ශය ඉකුත් වී හමාරය.
وَلَوْ فَتَحْنَا عَلَيْهِم بَابًا مِّنَ السَّمَاءِ فَظَلُّوا فِيهِ يَعْرُجُونَ
අපි අහසින් දොරටුවක් ඔවුන් වෙත විවෘත කර ඔවුහු එහි නැග යමින් (සත්යය පියවි ඇසින් දකින්නන්ව) සිටිය ද (ඔවුන් විශ්වාස නොකරන්නෝමය.)
لَقَالُوا إِنَّمَا سُكِّرَتْ أَبْصَارُنَا بَلْ نَحْنُ قَوْمٌ مَّسْحُورُونَ
(එවිට) “වියවුල් කරනු ලැබ ඇත්තේ අපේ දෑස්මය. එසේ නොව අපි හූනියම් කරනු ලැබූ පිරිසකි” යැයි (ප්රතික්ෂේපක) ඔවුහු පවසති.
وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاءِ بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَ
සැබැවින්ම අපි අහසේ තාරකා මණ්ඩල ඇති කර නරඹන්නන්ට එය අලංකාර ද කළෙමු.
وَحَفِظْنَاهَا مِن كُلِّ شَيْطَانٍ رَّجِيمٍ
පහර දී පලවා හරින ලද සෑම ෂෙයිතානුවෙකුගෙන්ම අපි ඒවා ආරක්ෂා කළෙමු.
إِلَّا مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهَابٌ مُّبِينٌ
(නමුත් දිව්යමය දෑ අනිසි ලෙස) සවන් සොරකම් කරන්නන් හැර (අන් කිසිදු ෂෙයිතානුවෙකු එයට ළඟ නොවන්නෝය.) එවිට පැහැදිලි ගිනි මැලයන් ඔහුව ද ලුහු බඳින්නේය.
5අහසේ ඉහළ තලය වෙත ෂෙයිතාන්වරුන්ට ඇතුළු වීමේ හැකියාවක් නොමැත. නමුත් ශාස්ත්රකරුවන් නොමග යැවීම පිණිස අහසින් අදෘශ්යමාන තොරතුරු ගෙන ඒමේ හැකියාව ඇතැයි ෂෙයිතානුන් නිරූපණය කරති. මලක්වරුන්ගේ කතාබහට හොරෙන් සවන් දීම පිණිස ඉහළ අහසට එබිකම් කිරීමට උත්සාහ දැරීමේ දී ඔවුන් පලවා හැරීම පිණිස මලක්වරුන් විසින් ගිනි මැලයන් භාවිත කරනු ලබයි. මෙම ආයතයෙහි ‘ගිනි මැලය’ යන්නෙහි අරාබි පදය ‘ෂිහාබ්’ යන්නය. එසේම අල් කුර්ආන් 37:6-7 සහ 67:5 හි මෙයට තාරුකාවන් යැයි ද සඳහන් කොට ඇත. එහෙත් මෙම ආයතයෙහි මීට ‘ගිනි මැලය’ යන්නෙන් සඳහන් වීමට හේතුව තාරුකාවන් මගින් දිස් වන ගිනි දැල් සැලකිල්ලට ගෙන විය හැකිය.
وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنبَتْنَا فِيهَا مِن كُلِّ شَيْءٍ مَّوْزُونٍ
තවද මිහිතලය අපි එය එළා එහි කඳු ස්ථිර ලෙස පිහිටෙව්වෙමු. තවද එහි නිසි ප්රමාණයෙන් යුතුව සෑම දෙයකින්ම අපි (භෝග) හට ගැන්වූයෙමු.
وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ وَمَن لَّسْتُمْ لَهُ بِرَازِقِينَ
නුඹලාට ද නුඹලා ජීවන සම්පත් නොසපයන දැයට ද එහි අපි ජීවන සම්පත් ඇති කළෙමු.
وَإِن مِّن شَيْءٍ إِلَّا عِندَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلَّا بِقَدَرٍ مَّعْلُومٍ
තවද කිසිදු වස්තුවක්, එහි ධන සම්භාරය අප අබියස තිබෙනු මිස නැත. තවද නියමිත ප්රමාණයකින් මිස අපි එය පහළ නොකරන්නෙමු.
وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ فَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَسْقَيْنَاكُمُوهُ وَمَا أَنتُمْ لَهُ بِخَازِنِينَ
(වැහි වලාකුළු) උසුලන සුළඟ අපි එව්වෙමු. පසුව අපි අහසින් ජලය පහළ කර එය අපි නුඹලාට පවාහනය කරන්නෙමු. තවද එය සංරක්ෂණය කරන්නන් වශයෙන් නුඹලා නොවෙති.
6මිනිසාට තම මුළු ජීවිතයටම අවශ්ය ජලය රැස්කර තබා ගැනීමේ හැකියාවක් නැත. විශාල ගංගාවන් මගින් පවා ජලයේ අවශ්යතාව නිරන්තරයෙන් සපුරා ගත නොහැක. එනමුත් විටින් විට ලැබෙන වර්ෂාව මගින් පමණක් තම ජල අවශ්යතා සපුරා ගත හැකිය.
وَإِنَّا لَنَحْنُ نُحْيِي وَنُمِيتُ وَنَحْنُ الْوَارِثُونَ
සැබැවින්ම අපමය ජීවත් කරවන්නේ. තවද මරණයට පත් කරන්නේ. තවද අපමය උරුමක්කාරයෝ වන්නෝ.
7එනම් මෙහි අදහස ‘සැබෑ අයිතිකරුවා හා අවසානයේ ඉතිරි වන්නා, සර්ව බළධාරී අල්ලාහ් පමණකි’ යන්නයි.
وَلَقَدْ عَلِمْنَا الْمُسْتَقْدِمِينَ مِنكُمْ وَلَقَدْ عَلِمْنَا الْمُسْتَأْخِرِينَ
සැබැවින්ම නුඹලා අතුරින් පෙර සිටියවුන් ගැන අපි දනිමු. තවද සැබැවින්ම අපි මතු පැමිණෙන්නන් ගැන ද දනිමු.
8මෙම ආයතයෙහි ‘පෙර සිටියවුන්’ යනු මරණයට පත් වූවන් යැයි ද ‘මතු පැමිණෙන්නන්’ යනු මතු උපදින උදවිය යැයි ද අල් කුර්ආන් විශාරදයින්ගේ මතයයි. තවද ඇතැමුන් මොවුන් යහ ක්රියාවන්ට පෙරටුවන්නන් හා යහ ක්රියාවන්ට පසුබටවන්නන් යැයි ද අරුත් ගන්වා ඇත.
وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ ۚ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ
තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති ඔවුන්( සියල්ලන්)ව එක් රැස් කරන්නේමය. සැබැවින්ම ඔහු සර්ව ප්රඥාවන්තය සර්වඥය.
وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ
(තට්ටු කළ විට) හඬ දෙන වියළි මැටියෙන් සැබැවින්ම අපි මිනිසාව(ආදම්ව) මැව්වෙමු.
وَالْجَانَّ خَلَقْنَاهُ مِن قَبْلُ مِن نَّارِ السَّمُومِ
තවද මෙයට පෙර ‘ජාන්’ව අපි මැව්වේ දැඩි උෂ්ණ ජාලාවෙන් යුත් ගින්නෙන්ය.
9මෙහි ‘ජාන්’ යනු ජින්වරුන්ගේ පියාය. ප්රථම මිනිසා වන නබි ‘ආදම්’ තුමාණන්ව මවනු ලැබීමට පෙරම මොහුව මවනු ලැබීය.
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِّن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ
(නබිවරය, “තට්ටු කළ විට) හඬ දෙන වියළි මැටියෙන් සැබැවින්ම මම මිනිසා මවන්නා වෙමි” යැයි මලක්වරුන්ට නුඹගේ පරමාධිපති පැවසූ අවස්ථාව, (සිහිපත් කරවු.)
فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ
තවද මම ඔහුව නිසි අයුරින් හැඩ ගස්වා මාගේ (යටතේ ඇති) ‘රූහ’යෙන් ඔහු තුළ මම පිඹූ විට ‘නුඹලා ඔහුට සුජූද් කරන්නන් ලෙස වැටෙවු.’ (යැයි මම ඔවුනට පැවසුවෙමි.)
10මෙම ආයතය ‘මුතෂාබිහාත්’ චින්තනයට ගෝචර නොවන(අචින්තෙය්ය) ගණයට අයත් ආයතයන් කිහිපයකින් එකකි. “රූහ්” යන අරාබි පදය බොහෝ අවස්ථාවන්හි පොදුවේ වාග් චාතූර්යයට අනුව ‘ප්රාණය’ යන්නෙන් භාවිත කරනු ලැබේ. නමුත් මෙම ආයතයට අදාළ නිසි පරිපූර්ණ අරුත අල්ලාහ් පමණක් දනියි. මන්දයත් අල්ලාහ් කිසිදු මැවුමකින් නිදර්ශනය කළ නොහැකි සුවිශුද්ධයකි. ඇතැම් අල් කුර්ආන් විවරණකරුවන් එම ආයතයට කිසිදු විවරණයකින් තොරව ඒ අයුරින්ම විශ්වාස කිරීම උචිත යැයි ද ඇතැම් විවරණකරුවන් මෙහි අදහස “අල්ලාහ් එම දේහය සඳහා මැවූ ප්රාණය මිස අල්ලාහ් සතු ප්රාණය නොවේ. එනමුත් ‘මාගේ ප්රාණය’ යනුවෙන් අල්ලාහ් මෙහි සඳහන් කර ඇත්තේ නබි ආදම් තුමාව ගෞරවය කිරීම පිණිසය” යැයි ද අදහස් දක්වති.
فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ
එවිට ඉබ්ලීස් හැර මලක්වරුන් වන ඔවුන් සියල්ලෝම සුජූද් කළෝය. ඔහු සුජූද් කරන්නන් සමග වන්නට පිටුපෑවේය.
إِلَّا إِبْلِيسَ أَبَىٰ أَن يَكُونَ مَعَ السَّاجِدِينَ
එවිට ඉබ්ලීස් හැර මලක්වරුන් වන ඔවුන් සියල්ලෝම සුජූද් කළෝය. ඔහු සුජූද් කරන්නන් සමග වන්නට පිටුපෑවේය.
قَالَ يَا إِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ السَّاجِدِينَ
“ඉබ්ලීස්! නුඹ සුජූද් කරන්නන් සමග නොවන්නට නුඹට කුමක් සිදු වී දැ”යි ඔහු(අල්ලාහ්) විමසුවේය.
قَالَ لَمْ أَكُن لِّأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُ مِن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ
“(තට්ටු කළ විට) හඬ දෙන වියළි මැටියෙන් නුඹ මැවූ මිනිසෙකුට මම සුජූද් කරන්නෙකු නොවෙමි” යැයි ඔහු පැවසීය.-
قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ
“නුඹ මෙයින් (මිහිතලයට) බැහැරව යවු. තවද සැබැවින්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි. තවද විපාක ප්රදාන දිනය දක්වා (මාගේ) ශාපය සැබැවින්ම නුඹ කෙරෙහිය.” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
وَإِنَّ عَلَيْكَ اللَّعْنَةَ إِلَىٰ يَوْمِ الدِّينِ
“නුඹ මෙයින් (මිහිතලයට) බැහැරව යවු. තවද සැබැවින්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි. තවද විපාක ප්රදාන දිනය දක්වා (මාගේ) ශාපය සැබැවින්ම නුඹ කෙරෙහිය.” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
قَالَ رَبِّ فَأَنظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
‘මාගේ පරමාධිපතියාණනි, එබැවින් ඔවුන් නැගිටුවනු ලබන දිනය දක්වා මට (ජීවත් වීමට) අවකාශය ලබා දෙවු’ යැයි ඔහු(ඉබ්ලීස්) පැවසුවේය.
قَالَ فَإِنَّكَ مِنَ الْمُنظَرِينَ
“එසේ නම් සැබැවින්ම නියම කරන ලද කාලය දක්වා නුඹ (ජීවත් වීමට) අවාකාශය ලැබූවන් අතුරින් යැ”යි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
إِلَىٰ يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ
“එසේ නම් සැබැවින්ම නියම කරන ලද කාලය දක්වා නුඹ (ජීවත් වීමට) අවාකාශය ලැබූවන් අතුරින් යැ”යි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
قَالَ رَبِّ بِمَا أَغْوَيْتَنِي لَأُزَيِّنَنَّ لَهُمْ فِي الْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ
“මාගේ පරමාධිපතියාණනි, නුඹ මා නොමග යෑමට අත හැරූ හේතුවෙන් ඔවුන් අතුරින් (විශ්වාස කොට අවනත වීම සඳහා) තෝරා ගනු ලැබූ නුඹගේ ගැත්තන් හැර ඔවුන්( සියල්ලන්)ට මිහිතලයෙහි මා සැබැවින්ම (පාපය) අලංකාර කර පෙන්වන්නෙමි. තවද සැබැවින්ම මම ඔවුන් සියල්ලම නොමග යවන්නෙමි.” යැයි ඔහු(ෂෙයිතාන්) පැවසීය.
11මෙම ආයතයෙහි අල්ලාහ් විසින් ෂෙයිතාන්ව නොමග යාමට අත හැරීම යනු ඔහුට අප්රිය ක්රියාවක් වන නබි ආදම් තුමාණන්ට ආචාර කිරීමට අල්ලාහ් විධානය කිරීමය.
إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ
“මාගේ පරමාධිපතියාණනි, නුඹ මා නොමග යෑමට අත හැරූ හේතුවෙන් ඔවුන් අතුරින් (විශ්වාස කොට අවනත වීම සඳහා) තෝරා ගනු ලැබූ නුඹගේ ගැත්තන් හැර ඔවුන්( සියල්ලන්)ට මිහිතලයෙහි මා සැබැවින්ම (පාපය) අලංකාර කර පෙන්වන්නෙමි. තවද සැබැවින්ම මම ඔවුන් සියල්ලම නොමග යවන්නෙමි.” යැයි ඔහු(ෂෙයිතාන්) පැවසීය.
قَالَ هَـٰذَا صِرَاطٌ عَلَيَّ مُسْتَقِيمٌ
“(මාගේ ගැත්තන්) මා වෙත යොමු වන (ඉස්ලාම් නැමැති) ඍජු මාර්ගය මෙයයි. සීමාව ඉක්මවූවන් අතරින් නුඹව පිළිපැද්දන් මිස සැබැවින්ම (අන් සියලු) මාගේ ගැත්තන් වන ඔවුන් කෙරෙහි නුඹට කිසිදු බලයක් නැත.” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ إِلَّا مَنِ اتَّبَعَكَ مِنَ الْغَاوِينَ
“(මාගේ ගැත්තන්) මා වෙත යොමු වන (ඉස්ලාම් නැමැති) ඍජු මාර්ගය මෙයයි. සීමාව ඉක්මවූවන් අතරින් නුඹව පිළිපැද්දන් මිස සැබැවින්ම (අන් සියලු) මාගේ ගැත්තන් වන ඔවුන් කෙරෙහි නුඹට කිසිදු බලයක් නැත.” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ
“තවද සැබැවින්ම (නුඹව පිළිපදින) ඔවුන් සියල්ලටම ප්රතිඥා දෙනු ලැබූ ස්ථානය වනුයේ නිරයයි.
لَهَا سَبْعَةُ أَبْوَابٍ لِّكُلِّ بَابٍ مِّنْهُمْ جُزْءٌ مَّقْسُومٌ
එයට දොරවල් හතක් ඇත. (ඒ) සෑම දොරකටම ඔවුන් අතුරින් බෙදා වෙන් කරනු ලැබු කොටසක් වෙයි.” (යැයි ද අල්ලාහ් පැවසුවේය.)
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ
සැබැවින්ම බිය භක්තිකයින් (ස්වර්ග) උයන්හි හා ජල උල්පත් (අසලෙ)හි වෙති.
ادْخُلُوهَا بِسَلَامٍ آمِنِينَ
“නුඹලා නිර්භියව ශාන්තියෙන් එහි ඇතුළු වවු.” (යැයි ඔවුනට පවසනු ලැබේ.)-
وَنَزَعْنَا مَا فِي صُدُورِهِم مِّنْ غِلٍّ إِخْوَانًا عَلَىٰ سُرُرٍ مُّتَقَابِلِينَ
ඔවුන්ගේ හදවත්හි තිබූ ඊර්ෂ්යාව අපි ඉවත් කරන්නෙමු. ඔවුන් කවිච්චි මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති.
لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُم مِّنْهَا بِمُخْرَجِينَ
එහි විඩාව ඔවුන්ව ග්රහණය නොකරයි. එයින් ඔවුහු බැහැර කරනු ලබන්නන් ද නොවෙති.
نَبِّئْ عِبَادِي أَنِّي أَنَا الْغَفُورُ الرَّحِيمُ
(නබිවරය,) “සැබැවින්ම මම අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය යැයි ද සැබැවින්ම මාගේ දඬුවම, එයමය වේදනීය දඬුවම වන්නේ” යැයි ද මාගේ ගැත්තන්ට නුඹ දන්වවු.
وَأَنَّ عَذَابِي هُوَ الْعَذَابُ الْأَلِيمُ
(නබිවරය,) “සැබැවින්ම මම අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය යැයි ද සැබැවින්ම මාගේ දඬුවම, එයමය වේදනීය දඬුවම වන්නේ” යැයි ද මාගේ ගැත්තන්ට නුඹ දන්වවු.