පාරා 15

සුබ්හානල්ලාසි

324 පද්‍ය
📖පාරා

පාරා 15

සුබ්හානල්ලාසි324 පද්‍ය

الحجرමක්කී
2

رُّبَمَا يَوَدُّ الَّذِينَ كَفَرُوا لَوْ كَانُوا مُسْلِمِينَ

(විනිශ්චය දින දී) ප්රතික්ෂේප කළවුන් තමන් ද මුස්ලිම්වරුන්ව සිටියා නම් යැයි ප්රිය කරති.
3

ذَرْهُمْ يَأْكُلُوا وَيَتَمَتَّعُوا وَيُلْهِهِمُ الْأَمَلُ ۖ فَسَوْفَ يَعْلَمُونَ

(නබිවරය, ප්රතික්ෂේපක) ඔවුන් (සිතූ පැතූ අයුරින්) අනුභව කර සැප විඳින්නට ද (ඔවුන්ගේ) ආශාව ඔවුන්ව මුළා කරන්නට ද නුඹ ඔවුන්ව අතහැර දමවු. ඔවුහු (සත්යය) මතු දැන ගන්නෝය.
4

وَمَا أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌ مَّعْلُومٌ

කිසිදු ගම්මානයක්, එයට (විනාශය පිළිබඳව) දැන ගනු ලැබූ නියමයකින් මිස අපි විනාශ නොකළෙමු. තවද අපි (කිසිවෙකුට) අපරාධ කරන්නන් නොවෙමු.
5

مَّا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ

කිසිදු ජන සමූහයක් ඔවුන්ගේ (මරණය සඳහා) නියමිත කාලය පෙරටු නොකරන්නෝය. තවද (එයට) ප්රමාද ද නොවන්නෝය.
6

وَقَالُوا يَا أَيُّهَا الَّذِي نُزِّلَ عَلَيْهِ الذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ

“මෙනෙහි කිරීම(අල් කුර්ආනය) පහළ කරනු ලැබූ තැනැත්තාණනි! සැබැවින්ම නුඹ උමතුවෙකුය.” යන්නෙන් (ප්රතික්ෂේපක) ඔවුහු පැවසූහ.
7

لَّوْ مَا تَأْتِينَا بِالْمَلَائِكَةِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ

“නුඹ සත්යවාදීන්ගෙන් (කෙනෙක්) නම් මලක්වරුන් අප වෙත ගෙන්විය යුතු නොවේ ද?” (යැයි ඔවුහු පැවසුවෝය.)
8

مَا نُنَزِّلُ الْمَلَائِكَةَ إِلَّا بِالْحَقِّ وَمَا كَانُوا إِذًا مُّنظَرِينَ

සත්යය (දඬුවම) සමග මිස අපි මලක්වරුන් නොඑවන්නෙමු. (එසේ මලක්වරුන් පැමිණියේ නම්) එවිට ඔවුහු අවකාශය දෙනු ලැබූවන් බවට පත් නොවන්නෝය. 3 -
3සාමාන්යයෙන් මලක්වරුන් යම් සමූහයක් විනාශ කිරීම සඳහා එවනු ලබනුයේ ඔවුන්ට පැහැදිලි සාධක ඉදිරිපත් කරනු ලැබූවද ඔවුන් එය පිළිනොගෙන සිටින හෙයිනි. එසේ මලක්වරුන් පැමිණිමෙන් පසු එම ජන සමුහයාට සත්යය වෙත නැවත හැරීම සඳහා කිසිදු අවකාශයක් දෙනු නොලැබේ. එහෙයින් නබි මුහම්මද් තුමාණන්ගේ සත්යයභාවය තහවුරු කිරීමට මලක්වරුන් යැවිය යුතුයි යන ප්රතික්ෂේපකයින්ගේ මෙම ඉල්ලීම ඔවුන් දඬුවම ඉල්ලා සිටීම හා සමාන බවය.
9

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

මෙනෙහි කිරීම(අල් කුර්ආනය) සැබැවින්ම පහළ කළේ අපමය. තවද සැබැවින්ම අප එය (විකෘති වීමෙන්) ආරක්ෂා කරන්නන් වෙමු. 4
4මෙම ආයතයෙන් අල් කුර්ආනයෙහි කිසිවක් හෝ විකෘති නොවීමෙන් ආරක්ෂා කිරීමට අල්ලාහ් වගකීම ගෙන ඇති බව සඳහන් වී ඇත. මන්දයත් මෙය අවසන් දිව්යමය මාර්ගෝපදේශකයක් පමණක් නොවන අතර සදාතනික නොමැකෙන ධර්ම පුස්තකයක් වීමය. එබැවින් අවුරුදු 1400 කාල වකවානුවක් තුළ දී පවා මෙහි කිසිදු සංශෝධනයක් හෝ විකෘතියක් නොවී තිබීම මෙය සත්යය දේව ග්රන්ථයක් යන්නට ප්රධාන සාධකයකි.
10

وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ فِي شِيَعِ الْأَوَّلِينَ

(නබිවරය,) සැබැවින්ම අපි නුඹට පෙර (විසූ) සමූහයන් අතරට ද (රසූල්වරුන්ව) එවා ඇත්තෙමු.
11

وَمَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

ඔවුන් වෙත කිසිදු රසූල්වරයෙකු (නො)පැමිණියා නොව, ඔවුන් ඔහුව සමච්චල් කරමින් සිටියා මිස.
12

كَذَٰلِكَ نَسْلُكُهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ

අපි එය වැරදිකරුවන්ගේ හදවත් තුළ ප්රවිෂ්ට කරන්නේ මෙලෙසය.
13

لَا يُؤْمِنُونَ بِهِ ۖ وَقَدْ خَلَتْ سُنَّةُ الْأَوَّلِينَ

(එහෙයින්) ඔවුහු මෙය විශ්වාස නොකරති. (ප්රතික්ෂේප කොට අපගේ දඬුවමට ලක් වූ) පෙර විසූවන්ගේ පූර්වාදර්ශය ඉකුත් වී හමාරය.
14

وَلَوْ فَتَحْنَا عَلَيْهِم بَابًا مِّنَ السَّمَاءِ فَظَلُّوا فِيهِ يَعْرُجُونَ

අපි අහසින් දොරටුවක් ඔවුන් වෙත විවෘත කර ඔවුහු එහි නැග යමින් (සත්යය පියවි ඇසින් දකින්නන්ව) සිටිය ද (ඔවුන් විශ්වාස නොකරන්නෝමය.)
15

لَقَالُوا إِنَّمَا سُكِّرَتْ أَبْصَارُنَا بَلْ نَحْنُ قَوْمٌ مَّسْحُورُونَ

(එවිට) “වියවුල් කරනු ලැබ ඇත්තේ අපේ දෑස්මය. එසේ නොව අපි හූනියම් කරනු ලැබූ පිරිසකි” යැයි (ප්රතික්ෂේපක) ඔවුහු පවසති.
16

وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاءِ بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَ

සැබැවින්ම අපි අහසේ තාරකා මණ්ඩල ඇති කර නරඹන්නන්ට එය අලංකාර ද කළෙමු.
17

وَحَفِظْنَاهَا مِن كُلِّ شَيْطَانٍ رَّجِيمٍ

පහර දී පලවා හරින ලද සෑම ෂෙයිතානුවෙකුගෙන්ම අපි ඒවා ආරක්ෂා කළෙමු.
18

إِلَّا مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهَابٌ مُّبِينٌ

(නමුත් දිව්යමය දෑ අනිසි ලෙස) සවන් සොරකම් කරන්නන් හැර (අන් කිසිදු ෂෙයිතානුවෙකු එයට ළඟ නොවන්නෝය.) එවිට පැහැදිලි ගිනි මැලයන් ඔහුව ද ලුහු බඳින්නේය. 5
5අහසේ ඉහළ තලය වෙත ෂෙයිතාන්වරුන්ට ඇතුළු වීමේ හැකියාවක් නොමැත. නමුත් ශාස්ත්රකරුවන් නොමග යැවීම පිණිස අහසින් අදෘශ්යමාන තොරතුරු ගෙන ඒමේ හැකියාව ඇතැයි ෂෙයිතානුන් නිරූපණය කරති. මලක්වරුන්ගේ කතාබහට හොරෙන් සවන් දීම පිණිස ඉහළ අහසට එබිකම් කිරීමට උත්සාහ දැරීමේ දී ඔවුන් පලවා හැරීම පිණිස මලක්වරුන් විසින් ගිනි මැලයන් භාවිත කරනු ලබයි. මෙම ආයතයෙහි ‘ගිනි මැලය’ යන්නෙහි අරාබි පදය ‘ෂිහාබ්’ යන්නය. එසේම අල් කුර්ආන් 37:6-7 සහ 67:5 හි මෙයට තාරුකාවන් යැයි ද සඳහන් කොට ඇත. එහෙත් මෙම ආයතයෙහි මීට ‘ගිනි මැලය’ යන්නෙන් සඳහන් වීමට හේතුව තාරුකාවන් මගින් දිස් වන ගිනි දැල් සැලකිල්ලට ගෙන විය හැකිය.
19

وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنبَتْنَا فِيهَا مِن كُلِّ شَيْءٍ مَّوْزُونٍ

තවද මිහිතලය අපි එය එළා එහි කඳු ස්ථිර ලෙස පිහිටෙව්වෙමු. තවද එහි නිසි ප්රමාණයෙන් යුතුව සෑම දෙයකින්ම අපි (භෝග) හට ගැන්වූයෙමු.
20

وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ وَمَن لَّسْتُمْ لَهُ بِرَازِقِينَ

නුඹලාට ද නුඹලා ජීවන සම්පත් නොසපයන දැයට ද එහි අපි ජීවන සම්පත් ඇති කළෙමු.
21

وَإِن مِّن شَيْءٍ إِلَّا عِندَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلَّا بِقَدَرٍ مَّعْلُومٍ

තවද කිසිදු වස්තුවක්, එහි ධන සම්භාරය අප අබියස තිබෙනු මිස නැත. තවද නියමිත ප්රමාණයකින් මිස අපි එය පහළ නොකරන්නෙමු.
22

وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ فَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَسْقَيْنَاكُمُوهُ وَمَا أَنتُمْ لَهُ بِخَازِنِينَ

(වැහි වලාකුළු) උසුලන සුළඟ අපි එව්වෙමු. පසුව අපි අහසින් ජලය පහළ කර එය අපි නුඹලාට පවාහනය කරන්නෙමු. තවද එය සංරක්ෂණය කරන්නන් වශයෙන් නුඹලා නොවෙති. 6
6මිනිසාට තම මුළු ජීවිතයටම අවශ්ය ජලය රැස්කර තබා ගැනීමේ හැකියාවක් නැත. විශාල ගංගාවන් මගින් පවා ජලයේ අවශ්යතාව නිරන්තරයෙන් සපුරා ගත නොහැක. එනමුත් විටින් විට ලැබෙන වර්ෂාව මගින් පමණක් තම ජල අවශ්යතා සපුරා ගත හැකිය.
23

وَإِنَّا لَنَحْنُ نُحْيِي وَنُمِيتُ وَنَحْنُ الْوَارِثُونَ

සැබැවින්ම අපමය ජීවත් කරවන්නේ. තවද මරණයට පත් කරන්නේ. තවද අපමය උරුමක්කාරයෝ වන්නෝ. 7
7එනම් මෙහි අදහස ‘සැබෑ අයිතිකරුවා හා අවසානයේ ඉතිරි වන්නා, සර්ව බළධාරී අල්ලාහ් පමණකි’ යන්නයි.
24

وَلَقَدْ عَلِمْنَا الْمُسْتَقْدِمِينَ مِنكُمْ وَلَقَدْ عَلِمْنَا الْمُسْتَأْخِرِينَ

සැබැවින්ම නුඹලා අතුරින් පෙර සිටියවුන් ගැන අපි දනිමු. තවද සැබැවින්ම අපි මතු පැමිණෙන්නන් ගැන ද දනිමු. 8
8මෙම ආයතයෙහි ‘පෙර සිටියවුන්’ යනු මරණයට පත් වූවන් යැයි ද ‘මතු පැමිණෙන්නන්’ යනු මතු උපදින උදවිය යැයි ද අල් කුර්ආන් විශාරදයින්ගේ මතයයි. තවද ඇතැමුන් මොවුන් යහ ක්රියාවන්ට පෙරටුවන්නන් හා යහ ක්රියාවන්ට පසුබටවන්නන් යැයි ද අරුත් ගන්වා ඇත.
25

وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ ۚ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ

තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති ඔවුන්( සියල්ලන්)ව එක් රැස් කරන්නේමය. සැබැවින්ම ඔහු සර්ව ප්රඥාවන්තය සර්වඥය.
26

وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ

(තට්ටු කළ විට) හඬ දෙන වියළි මැටියෙන් සැබැවින්ම අපි මිනිසාව(ආදම්ව) මැව්වෙමු.
27

وَالْجَانَّ خَلَقْنَاهُ مِن قَبْلُ مِن نَّارِ السَّمُومِ

තවද මෙයට පෙර ‘ජාන්’ව 9 අපි මැව්වේ දැඩි උෂ්ණ ජාලාවෙන් යුත් ගින්නෙන්ය.
9මෙහි ‘ජාන්’ යනු ජින්වරුන්ගේ පියාය. ප්රථම මිනිසා වන නබි ‘ආදම්’ තුමාණන්ව මවනු ලැබීමට පෙරම මොහුව මවනු ලැබීය.
28

وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِّن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ

(නබිවරය, “තට්ටු කළ විට) හඬ දෙන වියළි මැටියෙන් සැබැවින්ම මම මිනිසා මවන්නා වෙමි” යැයි මලක්වරුන්ට නුඹගේ පරමාධිපති පැවසූ අවස්ථාව, (සිහිපත් කරවු.)
29

فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ

තවද මම ඔහුව නිසි අයුරින් හැඩ ගස්වා මාගේ (යටතේ ඇති) ‘රූහ’යෙන් 10 ඔහු තුළ මම පිඹූ විට ‘නුඹලා ඔහුට සුජූද් කරන්නන් ලෙස වැටෙවු.’ (යැයි මම ඔවුනට පැවසුවෙමි.)
10මෙම ආයතය ‘මුතෂාබිහාත්’ චින්තනයට ගෝචර නොවන(අචින්තෙය්ය) ගණයට අයත් ආයතයන් කිහිපයකින් එකකි. “රූහ්” යන අරාබි පදය බොහෝ අවස්ථාවන්හි පොදුවේ වාග් චාතූර්යයට අනුව ‘ප්රාණය’ යන්නෙන් භාවිත කරනු ලැබේ. නමුත් මෙම ආයතයට අදාළ නිසි පරිපූර්ණ අරුත අල්ලාහ් පමණක් දනියි. මන්දයත් අල්ලාහ් කිසිදු මැවුමකින් නිදර්ශනය කළ නොහැකි සුවිශුද්ධයකි. ඇතැම් අල් කුර්ආන් විවරණකරුවන් එම ආයතයට කිසිදු විවරණයකින් තොරව ඒ අයුරින්ම විශ්වාස කිරීම උචිත යැයි ද ඇතැම් විවරණකරුවන් මෙහි අදහස “අල්ලාහ් එම දේහය සඳහා මැවූ ප්රාණය මිස අල්ලාහ් සතු ප්රාණය නොවේ. එනමුත් ‘මාගේ ප්රාණය’ යනුවෙන් අල්ලාහ් මෙහි සඳහන් කර ඇත්තේ නබි ආදම් තුමාව ගෞරවය කිරීම පිණිසය” යැයි ද අදහස් දක්වති.
30

فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ

එවිට ඉබ්ලීස් හැර මලක්වරුන් වන ඔවුන් සියල්ලෝම සුජූද් කළෝය. ඔහු සුජූද් කරන්නන් සමග වන්නට පිටුපෑවේය.
31

إِلَّا إِبْلِيسَ أَبَىٰ أَن يَكُونَ مَعَ السَّاجِدِينَ

එවිට ඉබ්ලීස් හැර මලක්වරුන් වන ඔවුන් සියල්ලෝම සුජූද් කළෝය. ඔහු සුජූද් කරන්නන් සමග වන්නට පිටුපෑවේය.
32

قَالَ يَا إِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ السَّاجِدِينَ

“ඉබ්ලීස්! නුඹ සුජූද් කරන්නන් සමග නොවන්නට නුඹට කුමක් සිදු වී දැ”යි ඔහු(අල්ලාහ්) විමසුවේය.
33

قَالَ لَمْ أَكُن لِّأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُ مِن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ

“(තට්ටු කළ විට) හඬ දෙන වියළි මැටියෙන් නුඹ මැවූ මිනිසෙකුට මම සුජූද් කරන්නෙකු නොවෙමි” යැයි ඔහු පැවසීය.-
34

قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ

“නුඹ මෙයින් (මිහිතලයට) බැහැරව යවු. තවද සැබැවින්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි. තවද විපාක ප්රදාන දිනය දක්වා (මාගේ) ශාපය සැබැවින්ම නුඹ කෙරෙහිය.” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
35

وَإِنَّ عَلَيْكَ اللَّعْنَةَ إِلَىٰ يَوْمِ الدِّينِ

“නුඹ මෙයින් (මිහිතලයට) බැහැරව යවු. තවද සැබැවින්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි. තවද විපාක ප්රදාන දිනය දක්වා (මාගේ) ශාපය සැබැවින්ම නුඹ කෙරෙහිය.” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
36

قَالَ رَبِّ فَأَنظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

‘මාගේ පරමාධිපතියාණනි, එබැවින් ඔවුන් නැගිටුවනු ලබන දිනය දක්වා මට (ජීවත් වීමට) අවකාශය ලබා දෙවු’ යැයි ඔහු(ඉබ්ලීස්) පැවසුවේය.
37

قَالَ فَإِنَّكَ مِنَ الْمُنظَرِينَ

“එසේ නම් සැබැවින්ම නියම කරන ලද කාලය දක්වා නුඹ (ජීවත් වීමට) අවාකාශය ලැබූවන් අතුරින් යැ”යි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
38

إِلَىٰ يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ

“එසේ නම් සැබැවින්ම නියම කරන ලද කාලය දක්වා නුඹ (ජීවත් වීමට) අවාකාශය ලැබූවන් අතුරින් යැ”යි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
39

قَالَ رَبِّ بِمَا أَغْوَيْتَنِي لَأُزَيِّنَنَّ لَهُمْ فِي الْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ

“මාගේ පරමාධිපතියාණනි, නුඹ මා නොමග යෑමට අත හැරූ හේතුවෙන් 11 ඔවුන් අතුරින් (විශ්වාස කොට අවනත වීම සඳහා) තෝරා ගනු ලැබූ නුඹගේ ගැත්තන් හැර ඔවුන්( සියල්ලන්)ට මිහිතලයෙහි මා සැබැවින්ම (පාපය) අලංකාර කර පෙන්වන්නෙමි. තවද සැබැවින්ම මම ඔවුන් සියල්ලම නොමග යවන්නෙමි.” යැයි ඔහු(ෂෙයිතාන්) පැවසීය.
11මෙම ආයතයෙහි අල්ලාහ් විසින් ෂෙයිතාන්ව නොමග යාමට අත හැරීම යනු ඔහුට අප්රිය ක්රියාවක් වන නබි ආදම් තුමාණන්ට ආචාර කිරීමට අල්ලාහ් විධානය කිරීමය.
40

إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ

“මාගේ පරමාධිපතියාණනි, නුඹ මා නොමග යෑමට අත හැරූ හේතුවෙන් 11 ඔවුන් අතුරින් (විශ්වාස කොට අවනත වීම සඳහා) තෝරා ගනු ලැබූ නුඹගේ ගැත්තන් හැර ඔවුන්( සියල්ලන්)ට මිහිතලයෙහි මා සැබැවින්ම (පාපය) අලංකාර කර පෙන්වන්නෙමි. තවද සැබැවින්ම මම ඔවුන් සියල්ලම නොමග යවන්නෙමි.” යැයි ඔහු(ෂෙයිතාන්) පැවසීය.
41

قَالَ هَـٰذَا صِرَاطٌ عَلَيَّ مُسْتَقِيمٌ

“(මාගේ ගැත්තන්) මා වෙත යොමු වන (ඉස්ලාම් නැමැති) ඍජු මාර්ගය මෙයයි. සීමාව ඉක්මවූවන් අතරින් නුඹව පිළිපැද්දන් මිස සැබැවින්ම (අන් සියලු) මාගේ ගැත්තන් වන ඔවුන් කෙරෙහි නුඹට කිසිදු බලයක් නැත.” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
42

إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ إِلَّا مَنِ اتَّبَعَكَ مِنَ الْغَاوِينَ

“(මාගේ ගැත්තන්) මා වෙත යොමු වන (ඉස්ලාම් නැමැති) ඍජු මාර්ගය මෙයයි. සීමාව ඉක්මවූවන් අතරින් නුඹව පිළිපැද්දන් මිස සැබැවින්ම (අන් සියලු) මාගේ ගැත්තන් වන ඔවුන් කෙරෙහි නුඹට කිසිදු බලයක් නැත.” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
43

وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ

“තවද සැබැවින්ම (නුඹව පිළිපදින) ඔවුන් සියල්ලටම ප්රතිඥා දෙනු ලැබූ ස්ථානය වනුයේ නිරයයි.
44

لَهَا سَبْعَةُ أَبْوَابٍ لِّكُلِّ بَابٍ مِّنْهُمْ جُزْءٌ مَّقْسُومٌ

එයට දොරවල් හතක් ඇත. (ඒ) සෑම දොරකටම ඔවුන් අතුරින් බෙදා වෙන් කරනු ලැබු කොටසක් වෙයි.” (යැයි ද අල්ලාහ් පැවසුවේය.)
45

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ

සැබැවින්ම බිය භක්තිකයින් (ස්වර්ග) උයන්හි හා ජල උල්පත් (අසලෙ)හි වෙති.
46

ادْخُلُوهَا بِسَلَامٍ آمِنِينَ

“නුඹලා නිර්භියව ශාන්තියෙන් එහි ඇතුළු වවු.” (යැයි ඔවුනට පවසනු ලැබේ.)-
47

وَنَزَعْنَا مَا فِي صُدُورِهِم مِّنْ غِلٍّ إِخْوَانًا عَلَىٰ سُرُرٍ مُّتَقَابِلِينَ

ඔවුන්ගේ හදවත්හි තිබූ ඊර්ෂ්යාව අපි ඉවත් කරන්නෙමු. ඔවුන් කවිච්චි මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති.
48

لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُم مِّنْهَا بِمُخْرَجِينَ

එහි විඩාව ඔවුන්ව ග්රහණය නොකරයි. එයින් ඔවුහු බැහැර කරනු ලබන්නන් ද නොවෙති.
49

نَبِّئْ عِبَادِي أَنِّي أَنَا الْغَفُورُ الرَّحِيمُ

(නබිවරය,) “සැබැවින්ම මම අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය යැයි ද සැබැවින්ම මාගේ දඬුවම, එයමය වේදනීය දඬුවම වන්නේ” යැයි ද මාගේ ගැත්තන්ට නුඹ දන්වවු.
50

وَأَنَّ عَذَابِي هُوَ الْعَذَابُ الْأَلِيمُ

(නබිවරය,) “සැබැවින්ම මම අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය යැයි ද සැබැවින්ම මාගේ දඬුවම, එයමය වේදනීය දඬුවම වන්නේ” යැයි ද මාගේ ගැත්තන්ට නුඹ දන්වවු.
51

وَنَبِّئْهُمْ عَن ضَيْفِ إِبْرَاهِيمَ

නුඹ ඔවුනට ඉබ්රාහීම්ගේ ආගන්තුකයින් (වන මලක්වරුන්) පිළිබඳව දන්වවු. 12
12මෙම ආයතයට පෙර ආයතයන් දෙකෙහි අල්ලාහ්ගේ කරුණාව හා දඬුවම් පිළිබඳව සඳහන් වී ඇත. මීට සාපේක්ෂව මෙම ආයතයෙන් ආරම්භ වන නබි ඉබ්රාහීම් තුමාණන්ගේ සිදුවීමෙහි අල්ලාහ්ගේ කරුණාව ගෙන හැර පෙන්වන අයුරින් ඔහුට පුතණුවකු උපත ලැබීම පිළිබඳව ද අල්ලාහ්ගේ දඬුවම ගෙන හැර පෙන්වන අයුරින් නබි ලූත් තුමාණන්ගේ සමූහයා විනාශ කිරීම ද සඳහන් වී ඇත.
52

إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا قَالَ إِنَّا مِنكُمْ وَجِلُونَ

ඔහු වෙත ඔවුන් පිවිසි විට “සලාම්(ශාන්තිය) අත් වේවා!” යැයි ඔවුහු පැවසූහ. 13 එවිට සැබැවින්ම අපි නුඹලා කෙරෙහි බියවූවන් වෙමු. යැයි ඔහු පැවසුවේය.
13වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 11:69-83 යන ආයතයන් පාද සටහන් සමග බලන්න.
53

قَالُوا لَا تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ عَلِيمٍ

“නුඹ බිය නොවවු. සැබැවින්ම ඥානවන්ත පුතෙකු පිළිබඳව නුඹට අපි ශුභාරංචි පවසන්නෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
54

قَالَ أَبَشَّرْتُمُونِي عَلَىٰ أَن مَّسَّنِيَ الْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ

“වයෝවෘද්ධභාවය මා වෙළා සිටිය දී නුඹලා මා වෙත (පුතෙකු පිළිබඳව) ශුභාරංචි පවසන්නෙහු ද? එසේ නම් නුඹලා කුම(න යථාර්ථය)කින් ද ශුභාරංචි පවසනුයේ?” යැයි ඔහු විමසුවේය.
55

قَالُوا بَشَّرْنَاكَ بِالْحَقِّ فَلَا تَكُن مِّنَ الْقَانِطِينَ

“අපි නුඹට ශුභාරංචි පවසනුයේ (අල්ලාහ් වෙතින් වූ) සත්යයෙන්ය. එබැවින් නුඹලා අපේක්ෂාභංග වූවන් අතුරින් නොවවු” යැයි ඔවුහු පැවසුවෝය.
56

قَالَ وَمَن يَقْنَطُ مِن رَّحْمَةِ رَبِّهِ إِلَّا الضَّالُّونَ

“තම පරමාධිපතිගේ දයාවෙන් අපේක්ෂාභංග වනුයේ නොමග ගියවුන් මිස (අන්) කවුරුන්දැ”යි ඔහු පැවසුවේය.
57

قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ

තවද ‘අහෝ දූතවරුනි! නුඹලාගේ (පැමිණීමේ) අරමුණ කුමක් දැ?’යි ඔහු විමසුවේය.-
58

قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ

‘සැබැවින්ම අපි වැරදිකාර සමූහයක් (වන ලූත්ගේ පිරිස) වෙත (දඬුවම් පමුණුවීම සඳහා) එවනු ලැබුවෙමු’යි ඔවුහු පැවසූහ.
59

إِلَّا آلَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمْ أَجْمَعِينَ

ලූත්ගේ පවුල හැර (අන් සියල්ලට අපි දඬුවම් පමුණු වන්නෙමු). සැබැවින්ම අපි ඔවුන් සියලු දෙනාවම මුදවා ගන්නන් වෙමු.
60

إِلَّا امْرَأَتَهُ قَدَّرْنَا ۙ إِنَّهَا لَمِنَ الْغَابِرِينَ

(එහෙත්) ඔහුගේ බිරිය හැර. සැබැවින්ම ඇය (විනාශ වන්නන් සමග) ඉතිරිවූවන් අතුරින් යැයි අපි නියම කළෙමු.
61

فَلَمَّا جَاءَ آلَ لُوطٍ الْمُرْسَلُونَ

පසුව ලූත්ගේ පවුල වෙත (එම) දූතවරුන් පැමිණි කල්හි
62

قَالَ إِنَّكُمْ قَوْمٌ مُّنكَرُونَ

සැබැවින්ම නුඹලා නාඳුනන පිරිසක් යැයි ඔහු(ලූත්) පැවසුවේය.
63

قَالُوا بَلْ جِئْنَاكَ بِمَا كَانُوا فِيهِ يَمْتَرُونَ

“එසේ නොව (නුඹගේ සමූහයේ ප්රතික්ෂේපක) ඔවුන් සැක කරමින් සිටි දැය(අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ පුවත) නුඹ වෙත අපි ගෙන ආවෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
64

وَأَتَيْنَاكَ بِالْحَقِّ وَإِنَّا لَصَادِقُونَ

“තවද අපි නුඹ වෙත සත්යය( අල්ලාහ්ගේ දඬුවම) ද ගෙන ආවෙමු. තවද සැබැවින්ම අපි සත්යයවන්තයින්මය.
65

فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِّنَ اللَّيْلِ وَاتَّبِعْ أَدْبَارَهُمْ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ وَامْضُوا حَيْثُ تُؤْمَرُونَ

එබැවින් රාත්රියේ යම් කොටසක (දේශාන්තරණය කරමින්) නුඹගේ පවුලේ අයව කැටුව යවු. නුඹ ඔවුනට පසුපසින් ගමන් කරවු. නුඹලාගෙන් කිසිවෙකු (පසුපස) හැරී නොබැලිය යුතුය. (අල්ලාහ් විසින්) නුඹලා අණ කරනු ලැබූ පෙදෙසට ගමන් කරවු.”
66

وَقَضَيْنَا إِلَيْهِ ذَٰلِكَ الْأَمْرَ أَنَّ دَابِرَ هَـٰؤُلَاءِ مَقْطُوعٌ مُّصْبِحِينَ

උදෑසනයෙහි (සමූහයේ) ඔවුන්ගේ අවසානයා තෙක් මුලිනුපුටා (විනාශ කර) දමනු ලැබේ යන එම තීරණය ඔහුට අපි දැන්වුයෙමු.
67

وَجَاءَ أَهْلُ الْمَدِينَةِ يَسْتَبْشِرُونَ

(ආගන්තුකයින් පිරිසක් ලූත්ගේ නිවසට පැමිණ ඇත. යැයි ආරංචි වූ) එම නගර වැසියන් (ඔවුන් සමග සමලිංගික සේවනයේ යෙදීම සඳහා) සතුටින් පැමිණියෝය.
68

قَالَ إِنَّ هَـٰؤُلَاءِ ضَيْفِي فَلَا تَفْضَحُونِ

“සැබැවින්ම මොවුන් මාගේ ආගන්තුකයින්ය. එබැවින්ම නුඹලා මා අවමානයට පත් නොකරවු” යැයි ඔහු(ලූත්) පැවසුවේය.
69

وَاتَّقُوا اللَّهَ وَلَا تُخْزُونِ

“තවද නුඹලා අල්ලාහ්ට බිය වවු. මට නින්දා නොකරවු.”
70

قَالُوا أَوَلَمْ نَنْهَكَ عَنِ الْعَالَمِينَ

“ලොවැසියන්ව (ආගන්තුකයින් ලෙස ගැනීමෙන්) අපි නුඹව වැළැක් වූයේ නැතිදැ?”යි ඔවුහු විමසුවෝය.-
71

قَالَ هَـٰؤُلَاءِ بَنَاتِي إِن كُنتُمْ فَاعِلِينَ

“නුඹලා (යමක්) කරන්නන්ව සිටියෙහු නම් (මෙන්න) මොවුන් මාගේ දියණියන්ය. (මොවුන්ව විවාහ කර ගනු.)” යැයි ඔහු පැවසුවේය. 14
14මෙහිදී නබි ලූත් තුමාණන් ඔවුනට සමලිංගික සේවනයෙහි නොයෙදී එහි සිටි කාන්තාවන්ව විවාහ කර ගන්නා මෙන් පැවසූවේය. තවද මෙහි ‘මාගේ දියණියන්’ යැයි සඳහන් කිරීමට හේතුව ඕනෑම නබි වරයෙකු තම බිරිය හැර මුළු මහත් සමූහයාගේම පියෙකු මෙන් සැලකූ හෙයිනි.
72

لَعَمْرُكَ إِنَّهُمْ لَفِي سَكْرَتِهِمْ يَعْمَهُونَ

(නබිවරය,) නුඹගේ දිවිය මත දිවුරමින්, සැබැවින්ම ඔවුහු ඔවුන්ගේ (කාම) මෝහයේ ව්යාකූල වී සිටිති.
73

فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُشْرِقِينَ

(පසු දින) සූර්යාලෝකය උදා වෙත්ම ඔවුන්ව මහා හඬ (සහිත දඬුවම) ග්රහණය කළේය.
74

فَجَعَلْنَا عَالِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِّن سِجِّيلٍ

එවිට අපි එ(ම නගර)ය උඩු යටි කුරු කළෙමු. තවද පුලුස්සන ලද (මැටි වලින් වූ) ගල් වර්ෂාවක් ඔවුන් මත පතිත කළෙමු.
75

إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّلْمُتَوَسِّمِينَ

චින්තනය කරන්නන් හට සැබැවින්ම මෙහි සාධක ඇත.
76

وَإِنَّهَا لَبِسَبِيلٍ مُّقِيمٍ

සැබැවින්ම එ(ම නගර)ය (පිහිටා ඇත්තේ නුඹලා මක්කාවෙන් ශාම් දේශයට යන) ඍජූ මාර්ගයේය.
77

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّلْمُؤْمِنِينَ

සැබැවින්ම මෙහි විශ්වාසිකයින්ට සාධකයක් ඇත.
78

وَإِن كَانَ أَصْحَابُ الْأَيْكَةِ لَظَالِمِينَ

සැබැවින්ම ‘අයිකා’ වැසියන් ද 15 අපරාධකරුවන්ව සිටියෝය.
15‘අයිකා’ යනු ‘මද්යන්’ දේශය ආසන්නයේ පිහිටි වනරොදින් යුත් ගම්මානයකි. එහි වැසියන් ‘අස්හාබුල් අයිකා’ යන නමින් හැඳින් වෙති. මොවුහු නබි ෂුඅයිබ් තුමාගේ ජනයා වෙති.
79

فَانتَقَمْنَا مِنْهُمْ وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ

අපි ඔවුනට දඬුවම් කළෙමු. මේ (ගම්මාන) දෙකම (නුඹලා යන එන) පැහැදිලි මාවතෙහිය. 16
16නබි ෂුඅයිබ් තුමාණන්ගේ වැසියන් හා නබි ලූත් තුමාණන්ගේ වැසියන් තම පාප කර්මය හේතුවෙන් අල්ලාහ්ගේ දඬුවමට භාජනය වූහ. මොවුන් දඬුවමට ලක් වූ ප්රදේශය පිහිටියේ මක්කා වැසියන් ව්යාපාරය සඳහා සිරියා දේශය කරා යන ගමන් මගෙහිය.
80

وَلَقَدْ كَذَّبَ أَصْحَابُ الْحِجْرِ الْمُرْسَلِينَ

සැබැවින්ම (සමූද් නම්) හිජ්ර් වැසියන් 17 ද රසූල්වරුන්ව අසත්යය කළෝය.
17‘හිජ්ර්’ යනු ගල් පර්වත වලින් වටලා ඇති ප්රදේශයකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:73 පාද සටහන සමග බලන්න.
81

وَآتَيْنَاهُمْ آيَاتِنَا فَكَانُوا عَنْهَا مُعْرِضِينَ

අපගේ සාධක ඔවුන් වෙත අපි පිරිනැමුවෙමු. එවිට ඔවුහු එය පිටුපාන්නන් බවට පත් වූහ.
82

وَكَانُوا يَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا آمِنِينَ

තවද ඔවුහු කඳු නිවෙස් ලෙසට හාරා නිර්භියව සිටියෙහුය.
83

فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُصْبِحِينَ

(දිනක) ඔවුන් අවදිවෙත්ම මහා හඬ (සහිත දඬුවම) ඔවුන්ව ග්රහණය කළේය.
84

فَمَا أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا يَكْسِبُونَ

ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට කිසිදු ඵලක් ඇති නොකළේය.
85

وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ ۗ وَإِنَّ السَّاعَةَ لَآتِيَةٌ ۖ فَاصْفَحِ الصَّفْحَ الْجَمِيلَ

(නබිවරය,) අහස් හා මිහිතලය ද ඒ දෙක අතර ඇති දෑ ද සත්යය( අරමුණ)කින් මිස අපි නොමැව්වෙමු. තවද සැබැවින්ම (ලොව අවසන්) හෝරාව පැමිණෙන්නක්මය. එබැවින් (ප්රතික්ෂේපකයින්ගේ හිරිහැර නොසලකා ඔවුනට) අලංකාර ලෙස සමාව දෙවු.
86

إِنَّ رَبَّكَ هُوَ الْخَلَّاقُ الْعَلِيمُ

සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්වඥ මහා මැවුම්කරු වන්නේ.
87

وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِّنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ

(නබිවරය,) නැවත නැවතත් පාරායනා කරනු ලබන (ආයතයන්) හත 18 ද මහඟු අල් කුර්ආනය ද සැබැවින්ම අපි නුඹ වෙත පිරිනැමුවෙමු.
18මෙයින් අදහස් කරන්නේ අල් කුර්ආනයේ ප්රථම සූරාව වන ‘ෆාතිහා’ සූරාවයි. තවද ‘නැවත නැවතත් පාරායනා කරනු ලබන’ යනු මුස්ලිම්වරුන් තම සලාතයෙහි මෙම සූරාව නිරතුරුව පාරායනය කරන හෙයිනි.
88

لَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِّنْهُمْ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَاخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ

(ප්රතික්ෂේපක) ඔවුන් අතුරින් නොයෙකුත් කණ්ඩායම් වලට අප භුක්ති විඳීමට සැලැස් වූ (සුඛෝපභෝගී) දෑ වෙත නුඹගේ දෑස් දිගු නොකරවු. (පාපතර) ඔවුන් (දඬුවමට ලක් වීම) කෙරෙහි දුක් නොවවු. විශ්වාසිකයින්ට නුඹගේ (සෙනෙහසේ) පියාපත් හෙළවු.
89

وَقُلْ إِنِّي أَنَا النَّذِيرُ الْمُبِينُ

බෙදුම්වාදීන් කෙරෙහි අපි (බද්ර් දින දඬුවම) පහළ කළාක් මෙන් (මොවුන්ට ද අල්ලාහ් දඬුවම පහළ කරනු ඇත යැයි නුඹ පවසා) “සැබැවින්ම මම පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි” යැයි (නබිවරය,) පවසවු.
90

كَمَا أَنزَلْنَا عَلَى الْمُقْتَسِمِينَ

බෙදුම්වාදීන් කෙරෙහි අපි (බද්ර් දින දඬුවම) පහළ කළාක් මෙන් (මොවුන්ට ද අල්ලාහ් දඬුවම පහළ කරනු ඇත යැයි නුඹ පවසා) “සැබැවින්ම මම පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි” යැයි (නබිවරය,) පවසවු.
91

الَّذِينَ جَعَلُوا الْقُرْآنَ عِضِينَ

ඔවුන් අල් කුර්ආනය කොටස් බවට පත් කළවුන්ය. 19 -
19මෙහි අදහස් කරන්නේ යුදෙව්වන් හා කිතුනුවන් පිළිබඳවයි. මොවුන් අල් කුර්ආනයෙහි සමහරක් විශ්වාස කර සමහරක් ප්රතික්ෂේප කළෝය. එහෙයින් මෙම ආයතයෙහි ඔවුන් අල් කුර්ආනය කොටස් බවට පත් කළෝය. යැයි සඳහන් කර ඇත.
92

فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِينَ

නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් දිවුරමින්, ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව සැබැවින්ම අපි ඔවුන් සියල්ලන්ගෙන්ම ප්රශ්න කරන්නෙමු.
93

عَمَّا كَانُوا يَعْمَلُونَ

නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් දිවුරමින්, ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව සැබැවින්ම අපි ඔවුන් සියල්ලන්ගෙන්ම ප්රශ්න කරන්නෙමු.
94

فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ

නුඹට අණ කරනු ලැබූ දෑ 20 නුඹ පැහැදිලිව ප්රකාශ කරවු. ආදේශ තබන්නන්ව නුඹ නොසලකා හරිවු.
20ඉස්ලාමයට විවෘතව හා පොදුවේ ඇරයුම් කිරීමට නබි මුහම්මද් තුමාණන්ට අනුමැතිය දුන් ප්රථම ආයතය මෙයයි. මක්කා වාසී මිථ්යාදෘෂ්ටිකයින්ගේ හිරිහැර හා හිංසාවන් හේතුවෙන් මෙම ආයතය පහළ වීමට පෙර නබි මුහම්මද් තුමාණන් රහසිගතව හා තනි තනිවම ඉස්ලාමයට ඇරයුම් කරමින් සිටියහ. එනමුත් ඊළඟ ආයතය මගින් අල්ලාහ්ගේ ආරක්ෂාව තහවුරු කොට ඇති අතර කිසිදු බියකින් තොරව එතුමාණන්ට තම වගකීමෙහි නියැළෙන මෙන් අණ කොට ඇත.
95

إِنَّا كَفَيْنَاكَ الْمُسْتَهْزِئِينَ

සරදම් කරන්නන්ගෙන් (නුඹව ආරක්ෂා කිරීමට) සැබැවින්ම අපි නුඹට සෑහෙන්නෙමු.
96

الَّذِينَ يَجْعَلُونَ مَعَ اللَّهِ إِلَـٰهًا آخَرَ ۚ فَسَوْفَ يَعْلَمُونَ

ඔවුහු අල්ලාහ් සමග වෙනත් (මිථ්යා) දෙවිවරුන් ද පත් කරන්නෝය. එබැවින් ඔවුන් (එහි විපාකය) මතු දැන ගන්නෝය.
97

وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ

ඔවුන් පවසමින් සිටින දෑ හේතුවෙන් නුඹගේ හදවත පීඩනයට පත්ව ඇති බව සැබැවින්ම නුඹ ගැන අපි දන්නෙමු.
98

فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُن مِّنَ السَّاجِدِينَ

එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්රශංසාවෙන් (ඔහුව) පිවිතුරු කරවු. තවද නුඹ සුජූද් කරන්නන් අතුරින් වවු.
99

وَاعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ الْيَقِينُ

නුඹ වෙත ස්ථාවරත්වය (එනම් මරණය) පැමිණෙන තුරු නුඹගේ පරමාධිපතිව නමදිවු.
النحلමක්කී
1

أَتَىٰ أَمْرُ اللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

අල්ලාහ්ගේ නියෝගය පැමිණ ඇත. එබැවින් (ප්රතික්ෂේපකයිනි,) ඒ සඳහා නුඹලා ඉක්මන් වීමට නොපතවු. 1 ඔහු(අල්ලාහ්) පිවිතුරුය. තවද ඔවුන් ආදේශ තබන (සියලු) දැයින් ඔහු අති උත්තරීතරය.
1මෙහි ‘අල්ලාහ්ගේ නියෝගය’ යනුවෙන් අදහස් කරන්නේ ලොව අවසන් විනිශ්චය දින දී පාපතරයින් හට අල්ලාහ් විසින් සූදානම් කොට ඇති දඬුවම් පිළිබඳවය. මන්දයත් ‘අප නොමග වන්නේ නම් අල්ලාහ් අපට මෙතෙක් දඬුවම් නොකර සිටින්නේ මන්දැ’යි මක්කාවාසී ප්රතික්ෂේපකයින් විමසූවෝය. මෙම ආයතයෙන් අදහස් වන්නේ ලෝක අවසානය නිර්ණය කරනු ලැබූ මොහොතෙහිම සිදුවන්නේමය යන්නය. අනාගතයේ වන්නා වූ යමකට අතීත කාල පදයෙන් භාවිත වීම එහි ස්ථීරත්වය තහවුරු කිරීමට යොදා ගනු ලැබේ.
2

يُنَزِّلُ الْمَلَائِكَةَ بِالرُّوحِ مِنْ أَمْرِهِ عَلَىٰ مَن يَشَاءُ مِنْ عِبَادِهِ أَنْ أَنذِرُوا أَنَّهُ لَا إِلَـٰهَ إِلَّا أَنَا فَاتَّقُونِ

ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු (රසූල්වරුන් බවට පත් කිරීමට) අභිමත කරන අය වෙත “සැබැවින්ම මා හැර වෙනත් දෙවියෙකු නැත. එබැවින් මට බිය භක්තිමත් වවු” යැයි අවවාද කරන මෙන් (පවසා) තම නියෝගයෙන් වූ රූහ්(දේව පණිවිඩය) සමග මලක්වරුන් ඔහු පහළ කරන්නේය.
3

خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ تَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

ඔහු සත්යයෙන් යුතුව අහස් හා මිහිතලය මැව්වේය. ඔවුන් ආදේශ තබන (සියලු) දැයින් ඔහු අති උත්තරීතරය.
4

خَلَقَ الْإِنسَانَ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ

ඔහු මිනිසාව ශුක්ර ධාතුවකින් මැව්වේය. එසේ (මවා) තිබිය දීත් ඔහු පැහැදිලි තර්ක කරන්නෙකු විය.
5

وَالْأَنْعَامَ خَلَقَهَا ۗ لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَافِعُ وَمِنْهَا تَأْكُلُونَ

තවද පශු කුලයට අයත් සතුන්, ඒවා නුඹලා වෙනුවෙන්ම ඔහු මැව්වේය. එහි (නුඹලාට සීතලෙන් මිදීමට) උණුසුම ඇති කරවන දෑ(ලෝම) හා (විවිධ) ප්රයෝජනයන් ඇත. තවද නුඹලා එයින් අනුභව කරන්නෙහුය.
6

وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ

තවද නුඹලා (උන්ව සවස් කාලයේ ගාලට) දක්කාගෙන පැමිණෙන විට ද (උදෑසන ආහාරය සඳහා තණ බිමට) දක්කාගෙන යන විට ද එහි නුඹලාට අලංකාරයක් ඇත.
7

وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍ لَّمْ تَكُونُوا بَالِغِيهِ إِلَّا بِشِقِّ الْأَنفُسِ ۚ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَّحِيمٌ

තවද (නුඹලාගේ) ස්වකීය දුෂ්කරත්වයකින් මිස නුඹලාට එහි යා නොහැකි ගම්මානයක් වෙත උන් නුඹලාගේ (පොදි) බර ඔසවා ගෙන යති. සැබැවින්ම නුඹලාගේ පරමාධිපති දයානුකම්පිතය පරම කරුණාභරිතය.
8

وَالْخَيْلَ وَالْبِغَالَ وَالْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةً ۚ وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ

තවද අශ්වයින් ද කොටළුවන් ද බූරුවන් ද (ඔහු මැව්වේ) නුඹලා ඒවායෙහි ප්රවාහනය කරනු පිණිස හා අලංකාරය පිණිස ය. නුඹලා නොදන්නා දෑ ඔහු මවන්නේය.
9

وَعَلَى اللَّهِ قَصْدُ السَّبِيلِ وَمِنْهَا جَائِرٌ ۚ وَلَوْ شَاءَ لَهَدَاكُمْ أَجْمَعِينَ

ඒවා අතුරින් (එනම් මාර්ගයන් අතුරින්) වක්ර දෑ ඇති තත්ත්වයේ (ඍජූ) මාර්ගය පැහැදිලි කිරීම අල්ලාහ් කෙරෙහි (වූ වගකීම)ය. තවද ඔහු අභිමත කළේ නම් නුඹලා සියල්ලන්ටම යහ මග පෙන්වන්නේය. 2
2එනම් අල්ලාහ්ට සියලු මිනිසුන්ව ඔහුට බලෙන් හෝ අවනත කරවීමේ ශක්තිය තිබුණ ද ඔහු එසේ නොකළේ මිනිසාට අවනත වීම හෝ අකීකරු වීම යන කරුණු දෙක අතුරින් එකක් තෝරා ගැනීමේ සිය කැමැත්ත පිරිනමා ඇති හෙයිනි.
10

هُوَ الَّذِي أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً ۖ لَّكُم مِّنْهُ شَرَابٌ وَمِنْهُ شَجَرٌ فِيهِ تُسِيمُونَ

අහසින් (වැසි) ජලය පහළ කළේ ඔහුය. එයින් නුඹලාට පානය (කිරීම) ද එයින් (වැඩෙන) ගහකොළ ද ඇත. නුඹලා (නුඹලාගේ සතුන්ට) එයින්(එම ගහකොළ වලින්) ආහාර සපයන්නෙහුය.
11

يُنبِتُ لَكُم بِهِ الزَّرْعَ وَالزَّيْتُونَ وَالنَّخِيلَ وَالْأَعْنَابَ وَمِن كُلِّ الثَّمَرَاتِ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ

එ(ම වැසි ජලය )මගින් ඔහු වගාවන් ද ඔලිව් ද රටඉඳි ද මිදි ද සියලු ඵලදාවන් වලින් ද නුඹලා වෙනුවෙන් ඔහු හටගන්වන්නේය. සැබැවින්ම එහි ගැඹුරින් සිතා බලන පිරිසකට සංඥාවක් ඇත.
12

وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ۖ وَالنُّجُومُ مُسَخَّرَاتٌ بِأَمْرِهِ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ

තවද රාත්රිය ද දහවල ද හිරු ද සඳු ද ඔහු නුඹලාට වසඟ කළේය. තවද තරු ඔහුගේ නියෝගය පරිදි වසඟ කරනු ලැබූ දෑය. සැබැවින්ම අවබෝධ කර ගන්නා පිරිසකට එහි සංඥාවන් ඇත.
13

وَمَا ذَرَأَ لَكُمْ فِي الْأَرْضِ مُخْتَلِفًا أَلْوَانُهُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّقَوْمٍ يَذَّكَّرُونَ

තවද මිහිතලයෙහි නුඹලා වෙනුවෙන් උත්පාදනය කළ දෑ, එහි වර්ණ විවිධාකාර ලෙස (ඔහු නුඹලාට වසඟ කළේ)ය. සැබැවින්ම උපදෙස් ලබන පිරිසකට එහි සංඥාවක් ඇත.
14

وَهُوَ الَّذِي سَخَّرَ الْبَحْرَ لِتَأْكُلُوا مِنْهُ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُوا مِنْهُ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى الْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

(නුඹලාට) මහ මුහුද වසඟ කළේ ඔහුය. (ඔහු එසේ කළේ) එයින් නුඹලා නැවුම් මාංශ(මත්ස්යයින්) අනුභව කරනු පිණිස ද නුඹලා පලඳින (මුතු වැනි) ආභරණ (ඒ තුළින්) නුඹලා පිට කර ගනු පිණිස ද වේ. තවද නැව් එහි (ජලය) දෙබෑ කරමින් ගමන් කරන්නක්ව නුඹ දකින්නෙහිය. තවද (ඔහු එසේ කළේ) නුඹලා ඔහුගේ වරප්රසාදයෙන් සොයා ගනු පිණිස ද 3 නුඹලා කෘතවේදී වනු පිණිස ද වේ.
3පොදුවේ අල් කුර්ආනයෙහි ‘වරප්රසාදය සොයනු’ යන පදයෙන් අදහස් කරන්නේ ව්යාපාරයයි. නමුත් මෙම පදයෙහි අදහස වන්නේ විදෙස් ව්යාපාරය පිළිබඳවය.
15

وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ وَأَنْهَارًا وَسُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ

තවද මිහිතලය නුඹලා සමග කම්පා නොවීමට එහි ස්ථීරසාර දෑ(කඳු) ද නුඹලා මග හඳුනා ගත හැකි වනු පිණිස මංමාවත් ද ගංගාවන් ද ඔහු ඇති කළේය.
16

وَعَلَامَاتٍ ۚ وَبِالنَّجْمِ هُمْ يَهْتَدُونَ

තවද (දහවලෙහි මග හඳුනා ගනු පිණිස කඳු වැනි) සලකුණු ද (ඔහු ඇති කළේය.) තවද (රාත්රියෙහි) තාරකාවන් මගින් ඔවුන් මග හඳුනා ගනිති.
17

أَفَمَن يَخْلُقُ كَمَن لَّا يَخْلُقُ ۗ أَفَلَا تَذَكَّرُونَ

මවන්නා (වන අල්ලාහ් කිසිවක්) නොමවන අයෙකු මෙන් ද? (නැත.) එබැවින් නුඹලා මෙනෙහි නොකරන්නෙහුද?
18

وَإِن تَعُدُّوا نِعْمَةَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ اللَّهَ لَغَفُورٌ رَّحِيمٌ

අල්ලාහ්ගේ භාග්යයන් නුඹලා ගණන් කරන්නේ නම් ඒවා නුඹලාට ගණන් කළ නොහැකිය. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
19

وَاللَّهُ يَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ

තවද නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළි කරන දෑ ද අල්ලාහ් දන්නේය.
20

وَالَّذِينَ يَدْعُونَ مِن دُونِ اللَّهِ لَا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ

තවද (ප්රතික්ෂේපක) ඔවුහු අල්ලාහ් හැර කවරෙකු කැඳවන්නෝ ද (එම ව්යාජ දෙවිවරුන් වන ) ඒවා මවනු ලබූවන්ව තිබිය දී ඒවා කිසි දෙයක් නොමවති.
21

أَمْوَاتٌ غَيْرُ أَحْيَاءٍ ۖ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ

(ඒවා) ජීවීන් නොවන අජීවීන්ය. තවද තමන් (මළවුන්) නැවත නැගිටුවනු ලබන්නේ කවදාදැ’යි තමන්ම නොහඳුනති. 4
4මෙම ආයතයට අල්ලාහ් හැර අන් සියලු දෙවිවරුන්ව අන්තර්ගත වන්නේය. එනම් පිළිරූ වලට ජීවයක් නොමැත. මනඃකල්පිත දෙවිවරුන්ට පැවැත්මක් පවා නොමැත. එසේම දෙවිවරුන් යැයි ඇදහීමට ලක් වූ නබිවරුන් පවා නිරන්තර ජීවයක් නොලැබූවන්ය. මෙලෙසම නිරන්තර ප්රාණයක් නොමැති දැයට දෙවිවරුන් යැයි විශ්වාස කිරීම කෙතරම් අඥාන ඇදහීමක් ද?.
22

إِلَـٰهُكُمْ إِلَـٰهٌ وَاحِدٌ ۚ فَالَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٌ وَهُم مُّسْتَكْبِرُونَ

නුඹලාගේ (සැබෑ) දෙවියන් එකම දෙවියෙකු (වන අල්ලාහ්)ය. එනමුත් පරමාන්ත දිනය විශ්වාස නොකරන්නන් නම් ඔවුන්ගේ හදවත් (මෙය) පිළිකුල් කරන්නක්ව පවතී. තවද ඔවුන් උඩඟුකම් පාන්නන්ය.
23

لَا جَرَمَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُسْتَكْبِرِينَ

සැබැවින්ම අල්ලාහ් ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද දන්නා බවට කිසිදු සැකයක් නැත. සැබැවින්ම ඔහු උඩඟුකම් පාන්නන්ව ප්රිය නොකරන්නේය.
24

وَإِذَا قِيلَ لَهُم مَّاذَا أَنزَلَ رَبُّكُمْ ۙ قَالُوا أَسَاطِيرُ الْأَوَّلِينَ

‘නුඹලාගේ පරමාධිපති කුමක් පහළ කළේ දැ’යි ඔවුන්ගෙන් විමසනු ලැබූ විට ‘(මේවා) පැරැන්නන්ගේ (මිථ්යා) ප්රබන්ධ’ යැයි ඔවුහු පවසති.
25

لِيَحْمِلُوا أَوْزَارَهُمْ كَامِلَةً يَوْمَ الْقِيَامَةِ ۙ وَمِنْ أَوْزَارِ الَّذِينَ يُضِلُّونَهُم بِغَيْرِ عِلْمٍ ۗ أَلَا سَاءَ مَا يَزِرُونَ

(ඔවුන් මෙසේ ප්රකාශ කළ හෙයින් මළවුන්) නැගිටුවනු ලබන දිනයේ සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ (පාපයේ) බර ද තවද කිසිදු දැනුමකින් තොරව ඔවුන්ව නොමග යැවූවන්ගේ (පාපයේ) බරින් සමහරක් ද ඔවුන් උසුලති. දැන ගනු. ඔවුන් උසුලන දෑ නරකය.
26

قَدْ مَكَرَ الَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَى اللَّهُ بُنْيَانَهُم مِّنَ الْقَوَاعِدِ فَخَرَّ عَلَيْهِمُ السَّقْفُ مِن فَوْقِهِمْ وَأَتَاهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ

සැබැවින්ම ඔවුනට පෙර වූවන් ද කුමන්ත්රණ කළෝය. එවිට අල්ලාහ්(ගේ දඬුවම) ඔවුන්ගේ ගොඩනැගිල්ලට අත්තිවාරමින් (එය ගලවා විනාශ කිරීමට) පැමිණියේය. එබැවින් ඔවුනට ඉහළින් ඔවුන් මත (එහි) වහල කඩා වැටිණ. තවද ඔවුන්ට නොහැඟූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණියේය.
27

ثُمَّ يَوْمَ الْقِيَامَةِ يُخْزِيهِمْ وَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنتُمْ تُشَاقُّونَ فِيهِمْ ۚ قَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ إِنَّ الْخِزْيَ الْيَوْمَ وَالسُّوءَ عَلَى الْكَافِرِينَ

පසුව (මලවුන්) නැගිටුවනු ලබන දිනයේ ඔහු(අල්ලාහ්) ඔවුන්ව නින්දාවට ලක් කරන්නේය. තවද “කවුරුන් විෂයෙහි නුඹලා (විශ්වාසිකයින්ට) වෙනස්කම් කරමින් සිටියෙහුද එම (නුඹලා ආදේශ කළ) මාගේ හවුල්කරුවන් කොහේදැ?”යි ඔහු(අල්ලාහ්) (ඔවුන්ගෙන්) විමසන්නේය. “සැබැවින්ම අද දින නින්දාව ද නපුර ද ප්රතික්ෂේපකයින් කෙරෙහිය” යැයි දැනුම දෙනු ලැබූවන් පවසති.
28

الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلَائِكَةُ ظَالِمِي أَنفُسِهِمْ ۖ فَأَلْقَوُا السَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِن سُوءٍ ۚ بَلَىٰ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا كُنتُمْ تَعْمَلُونَ

(එම ප්රතික්ෂේපකයින්) කවුරුන්ද යත් තම ආත්මයන්ටම අපරාධ කර ගත්තවුන් ලෙස ඔවුන්ව මලක්වරුන් මරණයට පත් කරනවුන්ය. එවිට “අප කිසිදු නපුරක්(ආදේශයක්) කරන්නන් නොවූයෙමු” යැයි ඔවුහු (තම) යටහත්භාවය ඉදිරිපත් කරති. “නොඑසේය සැබැවින්ම අල්ලාහ් නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව සර්වඥය.
29

فَادْخُلُوا أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۖ فَلَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ

එබැවින් නිරයේ දොරටු වලින් එහි සදාතනිකයින් ලෙස නුඹලා ඇතුළු වවු” (යැයි මලක්වරුන් පවසති). එබැවින් උඬඟු වූවන්ගේ වාසස්ථානය කෙතරම් නින්දනීය ද!
30

وَقِيلَ لِلَّذِينَ اتَّقَوْا مَاذَا أَنزَلَ رَبُّكُمْ ۚ قَالُوا خَيْرًا ۗ لِّلَّذِينَ أَحْسَنُوا فِي هَـٰذِهِ الدُّنْيَا حَسَنَةٌ ۚ وَلَدَارُ الْآخِرَةِ خَيْرٌ ۚ وَلَنِعْمَ دَارُ الْمُتَّقِينَ

නුඹලාගේ පරමාධිපති කුමක් පහළ කළේ දැ’යි බිය භක්තිය ඇත්තවුන්ට පවසනු ලැබීය. (එවිට) “යහපතක්මය (ඔහු පහළ කළේ)” යැයි ඔවුහු පැවසුවෝය. මෙලොවෙහි දී යහකම් කළවුනට යහපතක් ඇත. තවද මතු ලොවේ නිවහන ශ්රේෂ්ඨය. තවද බිය භක්තිකයින්ගේ (මතු) නිවහන යහපත් විය.
31

جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ لَهُمْ فِيهَا مَا يَشَاءُونَ ۚ كَذَٰلِكَ يَجْزِي اللَّهُ الْمُتَّقِينَ

(එය) ‘අද්න්’ (නමැති ස්වර්ග) උයන්ය. ඔවුහු එහි ඇතුළු වෙති. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ඔවුනට ඔවුන් අභිමත කරන දෑ ඇත. මෙලෙසය අල්ලාහ් බිය භක්තිකයින්ට ප්රතිඵල ලබා දෙනුයේ.
32

الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلَائِكَةُ طَيِّبِينَ ۙ يَقُولُونَ سَلَامٌ عَلَيْكُمُ ادْخُلُوا الْجَنَّةَ بِمَا كُنتُمْ تَعْمَلُونَ

(ඔවුහු) කවුරුන්ද යත් පරිශුද්ධවන්තයින් ලෙස මලක්වරුන් ඔවුන්ව මරණයට පත් කරන්නන්ය. (එවිට) “නුඹලාට ‘සලාම්’(ශාන්තිය) අත් වේවා! නුඹලා කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා (ස්වර්ග) උයනට පිවිසෙවු.” යැයි ඔවුහු(මලක්වරුන්) පවසති.
33

هَلْ يَنظُرُونَ إِلَّا أَن تَأْتِيَهُمُ الْمَلَائِكَةُ أَوْ يَأْتِيَ أَمْرُ رَبِّكَ ۚ كَذَٰلِكَ فَعَلَ الَّذِينَ مِن قَبْلِهِمْ ۚ وَمَا ظَلَمَهُمُ اللَّهُ وَلَـٰكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ

(ප්රතික්ෂේපක) ඔවුන් වෙත (ප්රාණය අත් කර ගැනීම සඳහා) මලක්වරුන් පැමිණීම හෝ නුඹගේ පරමාධිතිගේ (දඬුවමේ) විධානය පැමිණීම මිස (අන් කිසිවක්) ඔවුහු අපේක්ෂා කරන්නෝ ද? ඔවුනට පෙරවූවන් ද කළේ මෙලෙසය. අල්ලාහ් ඔවුනට අපරාධ නොකළේය. එනමුත් ඔවුහු තමන්ටම අපරාධ කර ගන්නන් වූහ.
34

فَأَصَابَهُمْ سَيِّئَاتُ مَا عَمِلُوا وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

එබැවින් ඔවුන් කළ දෑහි දුෂ්ටකම් ඔවුන්ව හසු කර ගත්තේය. තවද ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ ඔවුන්ව වෙළා ගත්තේය.
35

وَقَالَ الَّذِينَ أَشْرَكُوا لَوْ شَاءَ اللَّهُ مَا عَبَدْنَا مِن دُونِهِ مِن شَيْءٍ نَّحْنُ وَلَا آبَاؤُنَا وَلَا حَرَّمْنَا مِن دُونِهِ مِن شَيْءٍ ۚ كَذَٰلِكَ فَعَلَ الَّذِينَ مِن قَبْلِهِمْ ۚ فَهَلْ عَلَى الرُّسُلِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ

“අල්ලාහ් අභිමත කර ඇත්නම් අප ද අපගේ මුතුන්මිත්තන් ද ඔහු හැර වෙනත් කිසි දෙයකට නැමදුම් නොකරනු ඇත. තවද ඔහුගෙන් (වූ නියෝගයකින්) තොරව අපි කිසි දෙයක් තහනම් කර නොගනු ඇතැ”යි ආදේශ කළවුන් පැවසුවෝය. ඔවුනට පෙරවූවන් ද කළේ මෙලෙසය. එබැවින් රසූල්වරුන් කෙරෙහි පැහැදිලි ප්රචාරය මිස වෙනත් කිසිවක් වේ ද?
36

وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ ۖ فَمِنْهُم مَّنْ هَدَى اللَّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ الضَّلَالَةُ ۚ فَسِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ

“නුඹලා අල්ලාහ්ව නමදිවු. තාඝූත්( නම් ෂෙයිතාන්වරුන් හා පිළිමයන්)ගෙන් වැළකී සිටිවු.” යැයි (පවසා) සෑම ප්රජාවකටම සැබැවින්ම අපි රසූල්වරෙයකු එව්වෙමු. ඔවුන් අතුරින් අල්ලාහ් යහ මගෙහි යොමු කළවුන් ද ඔවුන් අතුරින් තමන් කෙරෙහි මුළාව නියම වූවන් ද වෙති. එබැවින් නුඹලා මිහිතලයෙහි සැරිසරා (තම රසූල්වරුන්ව) අසත්යය කරන්නන්ගේ අවසානය කෙසේ වී දැ’යි බලවු.
37

إِن تَحْرِصْ عَلَىٰ هُدَاهُمْ فَإِنَّ اللَّهَ لَا يَهْدِي مَن يُضِلُّ ۖ وَمَا لَهُم مِّن نَّاصِرِينَ

(නබිවරය,) ඔවුන් යහමග ලැබීම නුඹ (කෙතරම්) ආශා කළ ද (නුඹට ඔවුන්ව යහ මග යැවිය නොහැක. මන්දයත්) සැබැවින්ම අල්ලාහ් කවරෙකුව නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුව ඔහු යහ මගෙහි යොමු නොකරන්නේය. තවද ඔවුනට උදව්කරුවන්ගෙන් කිසිවෙකු නැත.
38

وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ ۙ لَا يَبْعَثُ اللَّهُ مَن يَمُوتُ ۚ بَلَىٰ وَعْدًا عَلَيْهِ حَقًّا وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

‘මරණයට පත් වන්නන්ව අල්ලාහ් (මළවුන්) නැවත නැගිටුවන්නේ නැතැ’යි ඔවුන්ගේ ස්ථාවර දිවුරුම් වලින් ඔවුන් අල්ලාහ් මත දිවුරුවෝය. එසේ නොව ඔහු කෙරෙහි (මෙය පොරොන්දු වූ) සැබෑ පොරොන්දුවක් වශයෙනි. එනමුත් ජනයින්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.
39

لِيُبَيِّنَ لَهُمُ الَّذِي يَخْتَلِفُونَ فِيهِ وَلِيَعْلَمَ الَّذِينَ كَفَرُوا أَنَّهُمْ كَانُوا كَاذِبِينَ

(ඔහු ඔවුන්ව මරණින් මතු නැවත නැගිටුවන්නේ ලොවෙහි) ඔවුන් කවර විෂයක මතභේද ඇති කර ගන්නේ ද එය ඔවුනට ඔහු පැහැදිලි කිරීම පිණිස ද ප්රතික්ෂේප කළවුන් ‘තමන් අසත්යවාදීන්ව සිටි බවට’ දැන ගනු පිණිස ද වේ.
40

إِنَّمَا قَوْلُنَا لِشَيْءٍ إِذَا أَرَدْنَاهُ أَن نَّقُولَ لَهُ كُن فَيَكُونُ

යමක් අපි (බිහි කිරීමට) අපේක්ෂා කළේ නම් එයට ‘වනු’ යැයි පැවසීමය අපගේ ප්රකාශය වනුයේ. එවිට එය සිදු වනු ඇත.
41

وَالَّذِينَ هَاجَرُوا فِي اللَّهِ مِن بَعْدِ مَا ظُلِمُوا لَنُبَوِّئَنَّهُمْ فِي الدُّنْيَا حَسَنَةً ۖ وَلَأَجْرُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ

තමන් අපරාධයට ලක් වූවායින් පසු අල්ලාහ් වෙනුවෙන් දේශාන්තරණය කළවුන් නම්, සැබැවින්ම අපි ඔවුන්ව මෙලොවෙහි යහපත් ස්ථානයක වාසය කරවන්නෙමු. 5 තවද මතුලොවේ වේතනය අති මහත්ය. (මේ ගැන) ඔවුන්(ප්රතික්ෂේපකයන්) දැන සිටියේ නම් (ඔවුන් ද මොවුන් සමග එකඟ වනු ඇත).
5ප්රතික්ෂේපකයින්ගේ හිංසාවට ලක් වූ බොහෝ මුස්ලිම්වරුන්ට ඇබිසීනියා දේශය කරා දේශාන්තරණය කිරීමට සිදුවිය. මෙම ඉවසීම සඳහා මරණින් මතු ජීවිතයෙහි ඔවුනට අයත් ඉමහත් භාග්යය ලැබීමත් සමග ලොව නිදහස් භූමියක් ලෙස පරිවර්තනය කර දෙන්නේයැ’යි අල්ලාහ් මෙම ආයතය මගින් පොරෙන්දු වී ඇත. මෙලෙසම පසුකාලීනව මදීනා නගරය නිදහස් භූමියක් ලෙස පත් විය.
42

الَّذِينَ صَبَرُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ

(දේශාන්තරණය කළවුන්) කවුරුන්දයත් ඔවුන් (ප්රතික්ෂේපකයන්ගේ හිංසාවන්) ඉවසා දරා සිටින්නන්ය. තවද ඔවුහු තමන්ගේ පරමාධිපති කෙරෙහි (සියල්ල) භාර කරන්නෝය.
43

وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًا نُّوحِي إِلَيْهِمْ ۚ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ

තවද අපි වහී පහළ කළා වූ පිරිමින් මිස (අන් කිසිවෙකු) නුඹට පෙර (රසූල්වරයෙකු ලෙස) නොඑව්වෙමු. (ඒ පිළිබඳව) නුඹලා නොදැන සිටියෙහු නම් දැනුම ඇත්තන්ගෙන් විමසවු.
44

بِالْبَيِّنَاتِ وَالزُّبُرِ ۗ وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ

(ඔවුන්ව අපි එව්වේ) පැහැදිලි සාධක සමග හා ධර්ම පුස්තකයන් සමගය. ජනයාට ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ නුඹ පැහැදිලි කරනු පිණිස ද 6 ඔවුන් (ඒ පිළිබඳව) කල්පනා කරනු පිණිස ද අපි නුඹ වෙත උපදෙස(අල් කුර්ආනය) පහළ කළෙමු.
6අල් කුර්ආන් විවරණය සඳහා ස්වමතයන් පිළිපැදීමට වඩා නබි වදන් ආශ්රයෙන් විවරණ කිරීම වඩා උචිතය. සෑම වදනකටම නබි තුමාණන් කෙසේ පැහැදිලි කර ඇත්තේ දැයි අවධානය යොමු කළ යුතුය. තවද තම ජන සමූහයාට අල් කුර්ආනය පාරායනා කර පෙන්වීම පමණක් නොව එය ඉගැන්වීම පවා ඔහුගේ වගකීමක් යැයි බොහෝ අල් කුර්ආන් ආයතයන් මගින් අවධාරණය කරන්නේය.
45

أَفَأَمِنَ الَّذِينَ مَكَرُوا السَّيِّئَاتِ أَن يَخْسِفَ اللَّهُ بِهِمُ الْأَرْضَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ

දුෂ්ටකම් කුමන්ත්රණය කළවුන්, ඔවුන්ව අල්ලාහ් මිහිතලයට කිඳා බැස්සීම ගැන හෝ ඔවුන්ට නොහැඟූ අයුරින් දඬුවම ඔවුන් කෙරෙහි පැමිණීම ගැන හෝ ඔවුන් අභයදායීව සිටින්නෝ ද?
46

أَوْ يَأْخُذَهُمْ فِي تَقَلُّبِهِمْ فَمَا هُم بِمُعْجِزِينَ

නැතහොත් ඔවුන් (තම කාර්යයන්හි) නියැළෙමින් සිටිය දී ඔවුන්ව ඔහු (දඬුවමින්) ග්රහණය කිරීම ගැන (ඔවුන් අභයදායීව සිටින්නෝ ද?) නමුත් ඔවුහු (අල්ලාහ්ව පරාජය කර ඔහුව) නොහැකියාවට පත් කරන්නන් නොවන්නෝය.
47

أَوْ يَأْخُذَهُمْ عَلَىٰ تَخَوُّفٍ فَإِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَّحِيمٌ

තවද බියෙන් සිටින විට 7 ඔවුන්ව ඔහු (දඬුවමින්) ග්රහණය කිරීම ගැන (ඔවුන් අභයදායීව සිටින්නෝ ද?) එබැවින් (දැන ගනු) සැබැවින්ම නුඹලාගේ පරමාධිපති දයානුකම්පිතය. පරම කරුණාභරිතය. 8
7මෙහි “බියෙන් සිටිය දී” යනු තමන්ගේ ප්රධානීන් හා සහයකයින් විනාශයට පත් වීම පිළිබඳව දැන සිටිය විට යන්නයි.
8මෙම ආයතය මගින් පාපතරයින් තමන් කළ පාපයන් සඳහා දඬුවමට භාජනය නොවී සිටීම ඔවුන් කළ දෑ යහපත් යැයි අදහස් නොවන අතර ඔහු දඬුවමට සුදුස්සෙකුව සිටිය දී දඬුවමට භාජනය නොවී සිටින්නේ අල්ලාහ්ගේ කරුණාව හේතුවෙන් යැයි මෙම ආයතයෙන් පෙන්වා දෙයි.
48

أَوَلَمْ يَرَوْا إِلَىٰ مَا خَلَقَ اللَّهُ مِن شَيْءٍ يَتَفَيَّأُ ظِلَالُهُ عَنِ الْيَمِينِ وَالشَّمَائِلِ سُجَّدًا لِّلَّهِ وَهُمْ دَاخِرُونَ

අල්ලාහ් මැවූ දෑ ඔවුහු නොදුටුවෝ ද? එහි සෙවණැලි දකුණු පසින් ද වම් පැති වලින් ද (ඒවා) යටහත් පහත්භාවයෙන් යුතුව අල්ලාහ්ට සුජූද් කරන්නක්ව ඇලවෙන්නෝය. 9
9මෙම ආයතයෙහි සුජූද් යනු සලාතයේ ඉරියව්ව මෙන් ඉරියව්වක් විය හැකි අතර අනෙකුත් මැවුම් සියල්ල කිසි විටෙකත් අල්ලාහ්ට පිටු නොපාන්නේය යන අරුත මින් අදහස් කෙරෙයි.
49

وَلِلَّهِ يَسْجُدُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مِن دَابَّةٍ وَالْمَلَائِكَةُ وَهُمْ لَا يَسْتَكْبِرُونَ

තවද ජීවීන්ගෙන් අහස්හි ඇති දෑ ද මිහිතලයෙහි ඇති දෑ ද තවද මලක්වරුන් ද අල්ලාහ්ට සුජූද් කරති. තවද ඔවුහු උඩඟු නොවෙති. 10
10මෙය සුජූද්හි ආයතයකි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:206 හි පාද සටහන බලන්න.
50

يَخَافُونَ رَبَّهُم مِّن فَوْقِهِمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ ۩

ඔවුනට ඉහළින් ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු කරති.
51

وَقَالَ اللَّهُ لَا تَتَّخِذُوا إِلَـٰهَيْنِ اثْنَيْنِ ۖ إِنَّمَا هُوَ إِلَـٰهٌ وَاحِدٌ ۖ فَإِيَّايَ فَارْهَبُونِ

“නුඹලා දෙවියන් දෙදෙනෙකු (පත් කර) නොගනිවු. ඔහු(අල්ලාහ්) එකම දෙවියන්ය. එබැවින් මාහටම පමණක් නුඹලා බිය වවු.” යැයි අල්ලාහ් පැවසුවේය.
52

وَلَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَهُ الدِّينُ وَاصِبًا ۚ أَفَغَيْرَ اللَّهِ تَتَّقُونَ

තවද අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ ඔහු සතුය. අවනත වීම ද සදා ඔහුටම හිමිය. (මෙසේ තිබිය දී) නුඹලා බිය වනුයේ අල්ලාහ් නොවන දෑට ද?
53

وَمَا بِكُم مِّن نِّعْمَةٍ فَمِنَ اللَّهِ ۖ ثُمَّ إِذَا مَسَّكُمُ الضُّرُّ فَإِلَيْهِ تَجْأَرُونَ

නුඹලා සමග වූ කවර භාග්යයක් වූව ද (ඒවා) අල්ලාහ් වෙතින්මය. පසුව පීඩාව නුඹලාව ස්පර්ශ කළේ නම් ඔහු වෙතම නුඹලා උදව් පතා විලාප නගන්නෙහුය.
54

ثُمَّ إِذَا كَشَفَ الضُّرَّ عَنكُمْ إِذَا فَرِيقٌ مِّنكُم بِرَبِّهِمْ يُشْرِكُونَ

පසුව ඔහු නුඹලාගෙන් පීඩාව ඉවත් කළේ නම් එවිගස නුඹලාගෙන් පිරිසක් තම පරමාධිපති( අල්ලාහ්)ට ආදේශ තබන්නෝය.
55

لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ ۚ فَتَمَتَّعُوا ۖ فَسَوْفَ تَعْلَمُونَ

(එලෙස ඔවුන් කළ හෙයින්) අපි ඔවුනට ලබා දුන් දෑට ඔවුන් අකෘතවේදී වන්නෝය. එබැවින් නුඹලා භුක්ති විඳිවු. (එහි විපාකය) නුඹලා මතු දැන ගන්නෙහුය.
56

وَيَجْعَلُونَ لِمَا لَا يَعْلَمُونَ نَصِيبًا مِّمَّا رَزَقْنَاهُمْ ۗ تَاللَّهِ لَتُسْأَلُنَّ عَمَّا كُنتُمْ تَفْتَرُونَ

අප ඔවුනට පිරිනැමූ දැයින් කොටසක් ඔවුන් නොහඳුනන දෑට(මිථ්යා දෙවිවරුන්ට) තබති. 11 අල්ලාහ් මත දිවුරමින් (අල්ලාහ් ගැන) නුඹලා ගොතමින් සිටි දෑ පිළිබඳව සැබැවින්ම නුඹලා විමසනු ලබන්නෙහුය.
11වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 6:136 බලන්න.
57

وَيَجْعَلُونَ لِلَّهِ الْبَنَاتِ سُبْحَانَهُ ۙ وَلَهُم مَّا يَشْتَهُونَ

තවද ඔවුන් ආශා කරන දෑ ඔවුන් සතු කර ගනිමින් ඔවුහු අල්ලාහ්ට (යුතු දරුවන් යැයි) ගැහැනු දරුවන් තබති. ඔහු (එයින්) පිවිතුරුය.
58

وَإِذَا بُشِّرَ أَحَدُهُم بِالْأُنثَىٰ ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ

තවද ඔවුන්ගෙන් කෙනෙකුට ගැහැනු දරුවෙකු (ඉපදී තිබීම) පිළිබඳව ශුභාරංචි දන්වනු ලැබුවේ නම් ඔහු දුකට පත් වූවෙකු ලෙස ඔහුගේ මුහුණ කළු පැහැති බවට පත් වන්නේය.
59

يَتَوَارَىٰ مِنَ الْقَوْمِ مِن سُوءِ مَا بُشِّرَ بِهِ ۚ أَيُمْسِكُهُ عَلَىٰ هُونٍ أَمْ يَدُسُّهُ فِي التُّرَابِ ۗ أَلَا سَاءَ مَا يَحْكُمُونَ

ඔහුට ශුභාරංචි පවසනු ලැබූ දෑහි නරකින්(නින්දාවට බියෙන්) ‘එය අවමානය සමග රඳවා ගන්නේ ද නැතහොත් පසෙහි එය වළලා දමන්නේ දැ’යි (තම) පිරිස වෙතින් මුළා වන්නේය. දැන ගනු. ඔවුන් තීරණය කරන දෑ නරකය.
60

لِلَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ مَثَلُ السَّوْءِ ۖ وَلِلَّهِ الْمَثَلُ الْأَعْلَىٰ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

මතු ලොව විශ්වාස නොකරනවුනට නරක ගුණාංගය ඇත. තවද උදාර ගුණාංග ඇත්තේ අල්ලාහ්ටය. තවද ඔහු අති බලසම්පන්නය අභිඥානවන්තය.
61

وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِظُلْمِهِم مَّا تَرَكَ عَلَيْهَا مِن دَابَّةٍ وَلَـٰكِن يُؤَخِّرُهُمْ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ

තවද අල්ලාහ් ජනයාව ඔවුන්ගේ අපරාධ හේතුවෙන් ග්රහණය කරන්නේ නම් එහි(මිහිතලයෙහි) කිසිදු ජීවියෙකු (ජීවත් වීමට) අතහැර නොදමනු ඇත. එනමුත් නියමිත කාල සීමාවක් දක්වා ඔහු ඔවුන්ව (දඬුවම් නොකර) ප්රමාද කරන්නේය. පසුව ඔවුන්ගේ කාල සීමාව පැමිණි විට ඔවුහු (එයින් සුළු) මොහොතක් හෝ ප්රමාද නොවන්නෝය. පෙරටු ද නොවන්නෝය.
62

وَيَجْعَلُونَ لِلَّهِ مَا يَكْرَهُونَ وَتَصِفُ أَلْسِنَتُهُمُ الْكَذِبَ أَنَّ لَهُمُ الْحُسْنَىٰ ۖ لَا جَرَمَ أَنَّ لَهُمُ النَّارَ وَأَنَّهُم مُّفْرَطُونَ

ඔවුන් පිළිකුල් කරන දෑ (වන ගැහැනු දරුවන්) ඔවුන් අල්ලාහ්ට (යුතු දරුවන් යැයි) තබන්නෝය. තවද ඔවුන්ගේ දිවවල් “තමන්ට යහපත ඇතැ”යි අසත්යය වර්ණනා කරති. (නමුත්) ඔවුනට (නිරා) ගින්න ඇති බව ද ඔවුන් (ඒ වෙත) ඉදිරිපත් කරනු ලබන්නන් බව ද කිසිදු සැකයක් නැත.
63

تَاللَّهِ لَقَدْ أَرْسَلْنَا إِلَىٰ أُمَمٍ مِّن قَبْلِكَ فَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَهُوَ وَلِيُّهُمُ الْيَوْمَ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

අල්ලාහ් මත දිවුරමින්, සැබැවින්ම අපි නුඹට පෙර වූ ප්රජාවන් වෙත (රසූල්වරුන්) එව්වෙමු. නමුත් (ප්රතික්ෂේපක) ඔවුනට ඔවුන්ගේ (නරක) ක්රියාවන් ෂෙයිතාන් අලංකාර කර පෙන්වීය. එබැවින් අද දින ඔහු ඔවුන්ගේ (විෂයන්හි) භාරකරුය. තවද (මතු ලොවෙහි) ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
64

وَمَا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ الَّذِي اخْتَلَفُوا فِيهِ ۙ وَهُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ

තවද (නබිවරය,) කවර විෂයෙහි ඔවුන් භේදභින්න වූවෝ ද එය ඔවුනට නුඹ පැහැදිලි කර දෙනු පිණිස මිස අපි නුඹ වෙත ධර්ම පුස්තකය(අල් කුර්ආනය) පහළ නොකළෙමු. තවද (එය අපි පහළ කළේ) විශ්වාස කරන පිරිසකට මග පෙන්වීමක් හා දායාලුභාවයක් ලෙසය.
65

وَاللَّهُ أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّقَوْمٍ يَسْمَعُونَ

අල්ලාහ් අහසින් ජලය පහළ කර මිහිතලය (වියළී) නැසී ගිය පසු එ(ම වැසි ජලය )මගින් එය ජීවමාන කළේය. සැබැවින්ම ශ්රවණය කරන සමූහයාට එහි සංඥාවක් ඇත.
66

وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً ۖ نُّسْقِيكُم مِّمَّا فِي بُطُونِهِ مِن بَيْنِ فَرْثٍ وَدَمٍ لَّبَنًا خَالِصًا سَائِغًا لِّلشَّارِبِينَ

තවද සැබැවින්ම නුඹලාට පශු කුලයට අයත් සතුන් තුළ උපදෙසක් ඇත. උගේ උදරයන්හි ඇති දැයින් මල සහ රුධිරය අතරින් පානය කරන්නන්ට රසවත් වූ පිරිසිදු කිරි අපි නුඹලාට සපයන්නෙමු.
67

وَمِن ثَمَرَاتِ النَّخِيلِ وَالْأَعْنَابِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّقَوْمٍ يَعْقِلُونَ

තවද ඉඳි හා මිදි පලතුරු වලින් නුඹලා එයින් මත්පැන් ද යහ ආහාර ද ගන්නෙහුය. 12 සැබැවින්ම අවබෝධ කර ගන්නා පිරිසකට එහි සංඥාවක් ඇත.
12මෙම ආයතය පහළ වූයේ ඉස්ලාම් දහමේ මත්පැන් පානය තහනම් වීමට පෙරය. එසේ තිබිය දීත් ‘මත්පැන් ද යහ ආහාර’ යැයි කොටස් දෙකකට වෙන් කර පැවසීමට හේතුව ඒවා පසුව තහනම් වේ යැයි ඉඟියක් කර පෙන්වීමටය.
68

وَأَوْحَىٰ رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ

“කඳු වලද ගස් වලද ඔවුන්(ජනයින්) තනන දෑහි ද නුඹ නිවෙස් තනා ගනිවු” යැයි නුඹගේ පරමාධිපති මී මැස්සිට දැන්වුයේය. 13
13මෙම ආයතයෙහි සඳහන් ‘දැන්වුයේය’ යන්නට අරාබි පදය ‘වහී’ යන පදයයි. මෙහි අරුත 20:38 යන ආයතයෙහි පාද සටහන බලන්න.
69

ثُمَّ كُلِي مِن كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلًا ۚ يَخْرُجُ مِن بُطُونِهَا شَرَابٌ مُّخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاءٌ لِّلنَّاسِ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ

“පසුව සෑම පලතුරකින්ම නුඹ අනුභව කරවු. නුඹගේ පරමාධිපතිගේ මාර්ගයන්හි (ඒවා නුඹට) පහසු කරනු ලැබූවක්ව නුඹ ගමන් කරවු.” (යැයි ද දැන්වුයේය.) උගේ උදරයෙන් විවිධ වර්ණවත් පානයක් (ලෙස මීපැණි) පිට වන්නේය. එහි මිනිසාට (රෝගයන් සඳහා) සුවය ඇත. සැබැවින්ම චින්තනය කරන පිරිසකට එහි සංඥාවක් ඇත.
70

وَاللَّهُ خَلَقَكُمْ ثُمَّ يَتَوَفَّاكُمْ ۚ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰ أَرْذَلِ الْعُمُرِ لِكَيْ لَا يَعْلَمَ بَعْدَ عِلْمٍ شَيْئًا ۚ إِنَّ اللَّهَ عَلِيمٌ قَدِيرٌ

අල්ලාහ් නුඹලාව මැව්වේය. පසුව ඔහු නුඹලාව මරණයට පත් කරන්නේය. තවද නුඹලා අතුරින් (යමක් පිළිබඳව) දැනු(මක් තිබී)මෙන් පසු කිසිවක් නොදන්නා පරිදි වීම පිණිස දුක්ඛිත (වූ මහලු) වයස දක්වා හරවනු ලබන අය ද වෙති. 14 සැබැවින්ම අල්ලාහ් සර්වඥය අති බලසම්පන්නය.
14මිනිසා තම කුඩා අවදිය මහලු වියේ දී අමතක කර දමන්නේය. කිසිවෙකු තම දැනුම පදනම් කර ගනිමින් ආඩම්බර නොවිය යුතුය යන්නට මෙය මහත් පාඩමකි. මන්දයත් තම දැනුම මහලු වියේදී අල්ලාහ් විසින් ඉවත් කර නොගනියි යන්නට කිසිදු වගකීමක් නොමැත.
71

وَاللَّهُ فَضَّلَ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ فِي الرِّزْقِ ۚ فَمَا الَّذِينَ فُضِّلُوا بِرَادِّي رِزْقِهِمْ عَلَىٰ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَهُمْ فِيهِ سَوَاءٌ ۚ أَفَبِنِعْمَةِ اللَّهِ يَجْحَدُونَ

තවද අල්ලාහ් ජීවන සම්පත්හි නුඹලාගෙන් සමහරෙකු තවත් සමහරෙකුට වඩා ශ්රේෂ්ඨ කර ඇත්තේය. (ජීවන සම්පතින්) ශ්රේෂ්ඨත්වයට පත් කරනු ලැබූවන් තම ජීවන සම්පත් තම දකුණත් හිමිකරගත්තවුන් (වන වහලුන්) කෙරෙහි ලබා දෙන්නන් නොවෙති. එසේ (කළේ) නම් ඔවුහු එහි (වහලුන්ට) සමාන වෙති. එබැවින් අල්ලාහ්ගේ (සත්යයත්වය ගෙනහැර පෙන්වන) භාග්යයන් ඔවුහු ප්රතික්ෂේප කරන්නෝ ද? 15
15එකල මිථ්යා දෘෂ්ටික බහු දේවවාදීන් බහුදේවත්වය විශ්වාස කළ ද මෙම දෙවිවරුන් සියලු දෙනාම අල්ලාහ්ගේ නායකත්වය යටතේ ක්රියා කරන බව විශ්වාස කළෝය. මෙම ආයතයෙන් බහුදේවත්වය මිථ්යාවක් යැයි ඔප්පු කර පෙන්වා ඇත. එනම් නුඹලාගේ අල්ප වස්තූන්හි අයිතියට නුඹලා සතු වහලුන් හවුල්කරුවන් වීම නුඹලා අප්රිය කරමින් සිටිය දී ඉමහත් විශ්වයේ අයිතිකරු වන අල්ලාහ් මෙම විශ්වයේ අයිතියට හවුල්කරුවන් පත් කර ගැනීම කෙසේනම් පිළිගත හැකි ද?.
72

وَاللَّهُ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا وَجَعَلَ لَكُم مِّنْ أَزْوَاجِكُم بَنِينَ وَحَفَدَةً وَرَزَقَكُم مِّنَ الطَّيِّبَاتِ ۚ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَتِ اللَّهِ هُمْ يَكْفُرُونَ

තවද අල්ලාහ් නුඹලාට නුඹලා අතුරින්ම සහකාරියන් ඇති කළේය. තවද නුඹලාගේ සහකාරියන්ගෙන් දරුවන් ද මුනුපුරන් ද නුඹලාට ඔහු ඇති කළේය. තවද ඔහු නුඹලාට පරිශුද්ධ දැයෙන් ආහාර සැපයුවේය. ඔවුහු අසත්යය විශ්වාස කරමින් අල්ලාහ්ගේ භාග්යයන් ඔවුහු ප්රතික්ෂේප කරන්නෝ ද?
73

وَيَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَمْلِكُ لَهُمْ رِزْقًا مِّنَ السَّمَاوَاتِ وَالْأَرْضِ شَيْئًا وَلَا يَسْتَطِيعُونَ

තවද අහස් වලින් හා මිහිතලයෙන් ඔවුනට කිසිදු ජීවන සම්පතක් හිමි නොකරන හා (ඒ සඳහා) හැකියාවද නොදරන අල්ලාහ් නොවන දෑ ඔවුහු නමදින්නෙහුය.
74

فَلَا تَضْرِبُوا لِلَّهِ الْأَمْثَالَ ۚ إِنَّ اللَّهَ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ

එබැවින් නුඹලා අල්ලාහ්ට (මෙවන්) ආදේශ නොදක්වවු. සැබැවින්ම අල්ලාහ් (සියල්ල) දන්නේය. තවද නුඹලා නොදන්නෙහුය.
75

ضَرَبَ اللَّهُ مَثَلًا عَبْدًا مَّمْلُوكًا لَّا يَقْدِرُ عَلَىٰ شَيْءٍ وَمَن رَّزَقْنَاهُ مِنَّا رِزْقًا حَسَنًا فَهُوَ يُنفِقُ مِنْهُ سِرًّا وَجَهْرًا ۖ هَلْ يَسْتَوُونَ ۚ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

කිසිවක් කෙරෙහි ශක්තිය නොදරන, (කෙනෙකුට) අයිති වූ වහලෙකුව ද අප කවරෙකුට අපගෙන් වූ යහ ජීවන සම්පතක් පිරිනමා ඔහු එයින් රහසිගතව හා ප්රසිද්ධියේ වියදම් කරන්නේ ද ඔහුව ද අල්ලාහ් උපමාවක් ලෙස ගෙන හැර දක්වන්නේය. මොවුහු (දෙදෙනා) එක හා සමාන වන්නෝ ද? 16 (නැත.) සියලු පැසසුම් අල්ලාහ් සතුය. නමුත් ඔවුන්ගෙන් බහුතරය (ඒ බව) නොදනිති.
16මෙම උපමාවෙන් අදහස් කරනුයේ කිසිදු දැයක් කිරීමට ශක්තිය නොදරන, මිනිසාගේ නැමදුමට ලක් වන පිළිරූ හා සර්ව බලධාරී අල්ලාහ් කිසිසේත් සම කළ නොහැකි බවය.
76

وَضَرَبَ اللَّهُ مَثَلًا رَّجُلَيْنِ أَحَدُهُمَا أَبْكَمُ لَا يَقْدِرُ عَلَىٰ شَيْءٍ وَهُوَ كَلٌّ عَلَىٰ مَوْلَاهُ أَيْنَمَا يُوَجِّههُّ لَا يَأْتِ بِخَيْرٍ ۖ هَلْ يَسْتَوِي هُوَ وَمَن يَأْمُرُ بِالْعَدْلِ ۙ وَهُوَ عَلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ

තවද අල්ලාහ් මිනිසුන් දෙදෙනෙකුව උපමාවක් ලෙස ගෙනහැර දක්වන්නේය. ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු ගොළුය. මොහු කිසිදෙයක් (කිරීම) කෙරෙහි ශක්තිය නොදරන්නේය. තවද මොහු තම භාරකරුටද බරකි. මොහුව කිනම් දෙසකට ඔහු හරවා යැව්ව ද මොහු යහ දෙයක් නොගෙන එන්නේය. ඍජු මාර්ගයේ සිට යුක්තිය අණ කරන්නා හා මොහු එක හා සමාන වන්නේ ද? 17
17මෙම ආයතයෙන් ගොළුවා ප්රතික්ෂේකයා ලෙසටත් හා ඍජු මාර්ගයේ සිට යුක්තිය අණකරන්නා විශ්වාසිකයා ලෙසටත් උපමා කොට ඇත.
77

وَلِلَّهِ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَا أَمْرُ السَّاعَةِ إِلَّا كَلَمْحِ الْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

අහස් හා මිහිතලයේ ගුප්ත දෑ අල්ලාහ්ටම සතුය. තවද (ලොව අවසන්) හෝරාවේ නියෝගය ඇහිපිය ගැසීමක් මෙන් හෝ ඊටත් වඩා ඉතා සමීපයක් මිස නැත. 18 සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
18මෙම ආයතයෙහි ‘(අවසන්) හෝරාව’ යැයි සඳහන් කරන්නේ අනපේක්ෂිතව සිදුවන ලෝක විනාශය පිළිබඳවයි. එහෙයින් යමෙකුට අල්ලාහ් සත්යය යැයි අවබෝධ වූයේ නම් අල්ලාහ්ව විශ්වාස කර සත්යයට අවතීර්ණ වීමට කිසිදු ප්රමාදයක් නොකළ යුතුයි.
78

وَاللَّهُ أَخْرَجَكُم مِّن بُطُونِ أُمَّهَاتِكُمْ لَا تَعْلَمُونَ شَيْئًا وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۙ لَعَلَّكُمْ تَشْكُرُونَ

නුඹලා කිසිවක් නොදැන සිටිය දී නුඹලාගේ මව්වරුන්ගේ කුසෙන් අල්ලාහ් නුඹලාව පිට කළේය. තවද නුඹලා කෘතඥ වනු පිණිස නුඹලාට ශ්රවණ ද දෘෂ්ටීන් ද හදවත් ද ඔහු ඇති කළේය.
79

أَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ مُسَخَّرَاتٍ فِي جَوِّ السَّمَاءِ مَا يُمْسِكُهُنَّ إِلَّا اللَّهُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

වසඟ කරනු ලැබූ පක්ෂීන්ව අහස් ගැබෙහි ඔවුහු(මිනිසුන්) නොදුටුවෝ ද? උන්ව (නොවැටී) රඳවා ගනුයේ අල්ලාහ් මිස (වෙනත් කිසිවෙකු) නැත. සැබැවින්ම විශ්වාස කරන පිරිසකට එහි සංඥාවන් ඇත.
80

وَاللَّهُ جَعَلَ لَكُم مِّن بُيُوتِكُمْ سَكَنًا وَجَعَلَ لَكُم مِّن جُلُودِ الْأَنْعَامِ بُيُوتًا تَسْتَخِفُّونَهَا يَوْمَ ظَعْنِكُمْ وَيَوْمَ إِقَامَتِكُمْ ۙ وَمِنْ أَصْوَافِهَا وَأَوْبَارِهَا وَأَشْعَارِهَا أَثَاثًا وَمَتَاعًا إِلَىٰ حِينٍ

තවද අල්ලාහ් නුඹලාගේ නිවෙස් නුඹලාට සැනසිල්ල( ගෙන දෙන ස්ථානය)ක් ලෙස පත් කර ඇත. තවද නුඹලා සඳහා පශු කුලයට අයත් සතුන්ගේ සම් වලින් නිවෙස්(කූඩාරම්) ඇති කළේය. නුඹලා ගමන් ගන්නා දින හා නුඹලා නවාතැන් ගන්නා දින ඒවා පහසුවෙන් නුඹලා රැගෙන යන්නෙහුය. තවද උන්ගේ බැටළු ලොම් වලින් ද එළු රෝම වලින් ද ඔටු රෝම වලින් ද ගෘහ භාණ්ඩ හා (ස්වල්ප) කලක් දක්වා භුක්ති විඳීමක් (නුඹලා සඳහා ඔහු ඇති කළේය.)
81

وَاللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَالًا وَجَعَلَ لَكُم مِّنَ الْجِبَالِ أَكْنَانًا وَجَعَلَ لَكُمْ سَرَابِيلَ تَقِيكُمُ الْحَرَّ وَسَرَابِيلَ تَقِيكُم بَأْسَكُمْ ۚ كَذَٰلِكَ يُتِمُّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تُسْلِمُونَ

තවද අල්ලාහ් මැවූ දැයින් නුඹලා සඳහා ඔහු සෙවණැලි ඇති කළේය. තවද කඳු අතුරින් නුඹලා සඳහා (නවාතැනක් ලෙස) ළෙන් ඇති කළේය. තවද (සූර්ය) තාපයෙන් නුඹලාව ආරක්ෂා කරන වස්ත්ර ද යුද්ධයෙ(හි ආයුධ වලි)න් නුඹලාව ආරක්ෂා කරන යුද ඇදුම් ද නුඹලා සඳහා ඔහු ඇති කළේය. නුඹලා (ඔහුට) අවනත වනු පිණිස නුඹලා කෙරෙහි ඔහුගේ භාග්යය ඔහු පරිපූර්ණ කරනුයේ මෙලෙසය.
82

فَإِن تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ الْمُبِينُ

තවද ඔවුන් පිටුපෑවේ නම් (නුඹ කෙරෙහි කිසිදු අවලාදයක් නොමැත. මන්දයත්) නුඹ කෙරෙහි (ඇති වගකීම) වනුයේ පැහැදිලි ප්රචාරය පමණි.
83

يَعْرِفُونَ نِعْمَتَ اللَّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكْثَرُهُمُ الْكَافِرُونَ

ඔවුහු අල්ලාහ්ගේ භාග්යය දැන සිටින්නෝය. පසුව එය ප්රතික්ෂේප කරන්නෝය. තවද ඔවුන්ගෙන් බහුතරය අකෘතඥයින්ය.
84

وَيَوْمَ نَبْعَثُ مِن كُلِّ أُمَّةٍ شَهِيدًا ثُمَّ لَا يُؤْذَنُ لِلَّذِينَ كَفَرُوا وَلَا هُمْ يُسْتَعْتَبُونَ

(නබිවරය,) සෑම ප්රජාවකින්ම සාක්ෂිකරුවෙකු (ලෙස ඔවුන්ගේ නබිවරයාව) අපි නැගිටුවා පසුව ප්රතික්ෂේප කළවුනට (නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට) අවසර දෙනු නොලබන තවද ඔවුන් නැවත (යහකම් කිරීම සඳහා ලොවට) හරවනු නොලබන දින (සිහිපත් කරවු.)
85

وَإِذَا رَأَى الَّذِينَ ظَلَمُوا الْعَذَابَ فَلَا يُخَفَّفُ عَنْهُمْ وَلَا هُمْ يُنظَرُونَ

තවද අපරාධ කළවුන් දඬුවම දුටුවේ නම් එවිට ඔවුන්ගෙන් එය සැහැල්ලු කරනු නොලැබේ. තවද ඔවුහු අවකාශ ද දෙනු නොලබන්නෝය.
86

وَإِذَا رَأَى الَّذِينَ أَشْرَكُوا شُرَكَاءَهُمْ قَالُوا رَبَّنَا هَـٰؤُلَاءِ شُرَكَاؤُنَا الَّذِينَ كُنَّا نَدْعُو مِن دُونِكَ ۖ فَأَلْقَوْا إِلَيْهِمُ الْقَوْلَ إِنَّكُمْ لَكَاذِبُونَ

තවද ආදේශ කළවුන් තම(න් අල්ලාහ්ට ආදේශ තැබූ මිථ්යා දේව) හවුල්කරුවන්ව දුටු විට “අපගේ පරමාධිපතියාණනි, නුඹ හැර අප ඇයැදිමින් සිටි අපගේ හවුල්කරුවන් මොවුන්යැ”යි පවසති. එවිට “සැබැවින්ම නුඹලා අසත්යයවාදීන්ය” යන වදන මොවුන්(මිථ්යා දෙවිවරුන්) ඔවුන් වෙත හෙළෙනු ඇත. 19
19මෙම ආයතයෙන් අදහස් වන්නේ මෙලොවෙහිදී මිථ්යා දේව ඇදහූවන් විශ්වාස කරමින් සිටියා වූ මිථ්යා දෙවිවරුන් එදින විනිශ්චය දින දී ඔවුන්ගේම සතුරන් මෙන් පත් වන්නෝය යන්නය.
87

وَأَلْقَوْا إِلَى اللَّهِ يَوْمَئِذٍ السَّلَمَ ۖ وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَفْتَرُونَ

තවද එදින අල්ලාහ් වෙත ඔවුහු (තම) අවනතභාවය ඉදිරිපත් කරති. තවද ඔවුන් ගොතමින් සිටි දෑ(බොරු ප්රබන්ධ) ඔවුන්ගෙන් මුළා වී යන්නේය.
88

الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَن سَبِيلِ اللَّهِ زِدْنَاهُمْ عَذَابًا فَوْقَ الْعَذَابِ بِمَا كَانُوا يُفْسِدُونَ

ප්රතික්ෂේප කර අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයින්ව) වැළැක්වූවන් නම්, ඔවුන් කලහකම් කරමින් සිටි හේතුවෙන් ඔවුනට (නිරයේ) දඬුවමට ඉහළින් (තවත්) දඬුවමක් අපි අධික කරන්නෙමු.
89

وَيَوْمَ نَبْعَثُ فِي كُلِّ أُمَّةٍ شَهِيدًا عَلَيْهِم مِّنْ أَنفُسِهِمْ ۖ وَجِئْنَا بِكَ شَهِيدًا عَلَىٰ هَـٰؤُلَاءِ ۚ وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ

(නබිවරය,) සෑම ප්රජාවකින් ඔවුන් අතුරින්ම ඔවුන් කෙරෙහි සාක්ෂිකරුවෙකු (ලෙස ඔවුන්ගේ නබිවරයාව) අපි නැගිටුවා (තවද නුඹගේ සමූහයා වන) මොවුන් කෙරෙහි නුඹව ද අප සාක්ෂිකරුවෙකු ලෙස ගෙන එන දින (සිහිපත් කරවු.) තවද සෑම දෙයක්ම පැහැදිලි කිරීම සඳහා ද මුස්ලිම්වරුන්ට මග පෙන්වීමක්, දයාවක් හා ශුභාරංචියක් ලෙස ද නුඹ වෙත අපි ධර්ම පුස්තකය(අල් කුර්ආනය) පහළ කළෙමු.
90

إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ وَالْبَغْيِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ

සැබැවින්ම අල්ලාහ් යුක්තිය ද යහකම ද ඥාතීන්ට (ඔවුන්ගේ උරුමයන්) පිරිනැමීම ද අණ කරන්නේය. තවද ඔහු අශික්ෂිත දැයින් ද පිළිකුල් සහගත දැයින් ද සීමාව ඉක්මවා යෑමෙන් ද වළක්වාලන්නේය. නුඹලා මෙනෙහි කරනු පිණිස ඔහු නුඹලාට උපදෙස් දෙන්නේය.
91

وَأَوْفُوا بِعَهْدِ اللَّهِ إِذَا عَاهَدتُّمْ وَلَا تَنقُضُوا الْأَيْمَانَ بَعْدَ تَوْكِيدِهَا وَقَدْ جَعَلْتُمُ اللَّهَ عَلَيْكُمْ كَفِيلًا ۚ إِنَّ اللَّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ

නුඹලා (අල්ලාහ්ගේ නාමයෙන්) ගිවිසුම් කර ගත් විට අල්ලාහ්ගේ ගිවිසුම ඉටු කරවු. තවද නුඹලා කෙරෙහි අල්ලාහ්ව (සාක්ෂියක් ලෙස) භාරකරු බවට නුඹලා පත් කර තිබිය දී දිවුරීම් ස්ථීර කළ පසු ඒවා කඩ නොකරවු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව දන්නේය.
92

وَلَا تَكُونُوا كَالَّتِي نَقَضَتْ غَزْلَهَا مِن بَعْدِ قُوَّةٍ أَنكَاثًا تَتَّخِذُونَ أَيْمَانَكُمْ دَخَلًا بَيْنَكُمْ أَن تَكُونَ أُمَّةٌ هِيَ أَرْبَىٰ مِنْ أُمَّةٍ ۚ إِنَّمَا يَبْلُوكُمُ اللَّهُ بِهِ ۚ وَلَيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ الْقِيَامَةِ مَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

තවද (තමා ගෙතූ) තම ගෙතුම, ශක්තිමත් වූවායින් පසු (එය) කැබලි වලට ලිහන්නියක් මෙන් නුඹලා නොවවු. 20 එක් පිරිසක් තවත් පිරිසකට වඩා (සංඛ්යාවෙන් හා ධනයෙන්) වර්ධනය වූවක් හේතුවෙන් නුඹලාගේ දිවුරීම් නුඹලා අතර වංචා සහගතක් ලෙස පත් කර ගන්නෙහුය. සැබැවින්ම අල්ලාහ් නුඹලාව පිරික්සුමට ලක් කරන්නේ එමගින්ය. තවද ඔහු නුඹලා කවර දෙයක් පිළිබඳව භේදභින්න වෙමින් සිටින්නෙහු ද එය (මළවුන්) නැගිටුවනු ලබන දිනයේ නුඹලාට පැහැදිලි කරනු ඇත.
20කැබලි වලට ලිහන්නිය යනුවෙන් මෙහි සඳහන් වනුයේ මක්කාවෙහි විසූ රීතා බින්ත් සඃද් නම් නූගත් කාන්තාවක් පිළිබඳවය. ඇය උදේ සිට දහවල දක්වා ශක්තිමත්ව නූල් ගොතා පසුව එය කැබැලි වලට ලිහා දමන්නීය. ඇය පිළිබඳව වූ මෙම සිද්ධිය දිවුරුම් දී පසුව එය කඩ කරන්නන් කෙරෙහි උපමා වශයෙන් එකල භාවිත කිරීම සිරිතක් වී තිබුණි. එනම් එක් ගෝත්රයක් තවත් ගෝත්රයක් සමග ‘තමන්ට ආපදාවක් වූ විට ඔවුන් තමන්ට උදව් කරන මෙන් ද ඔවුනට යම් ආපදාවක් වූ විට තමන් ඔවුනට උදව් කරන මෙන් ද ගිවිසුම් කර සිටින අතර තමන් ගිවිසුම් කළ මෙම ගෝත්රයට වඩා බලවත් ගෝත්රයක් දුටු විට මෙම ගෝත්රය සමග කළ ගිවිසුම කඩ කර බලවත් ගෝත්රය සමග ගිවිසුමක් කර ගනිති. මෙය වළක්වනු පිණිස අල්ලාහ් ඉහත සඳහන් උදාහරණය පෙන්වා ඇත.
93

وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَـٰكِن يُضِلُّ مَن يَشَاءُ وَيَهْدِي مَن يَشَاءُ ۚ وَلَتُسْأَلُنَّ عَمَّا كُنتُمْ تَعْمَلُونَ

අල්ලාහ් අභිමත කර තිබුණේ නම් නුඹලාව එකම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. එනමුත් ඔහු අභිමත කරන අයව නොමග යන්නට ඉඩ හරින්නේය. තවද ඔහු අභිමත කරන අයව යහමගට යොමු කරන්නේය. 21 තවද නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව සැබැවින්ම නුඹලා විමසනු ලබන්නෙහුමය.
21මෙම සූරාවෙහි 9 වන ආයතයේ පාද සටහන බලන්න.
94

وَلَا تَتَّخِذُوا أَيْمَانَكُمْ دَخَلًا بَيْنَكُمْ فَتَزِلَّ قَدَمٌ بَعْدَ ثُبُوتِهَا وَتَذُوقُوا السُّوءَ بِمَا صَدَدتُّمْ عَن سَبِيلِ اللَّهِ ۖ وَلَكُمْ عَذَابٌ عَظِيمٌ

නුඹලා අතර වංචා සහගතභවක් ලෙස නුඹලාගේ දිවුරුම් පත් කර නොගනිවු. එසේ (කළේ) නම් පාදයක් ස්ථාවර වූ පසු එය ලිස්සා යනු ඇත. 22 තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් නුඹලා (ජනයින්ව) වළක්වාලමින් සිටි හේතුවෙන් (මතු ලොවෙහි) නරකය නුඹලා රස විඳිනු ඇත. තවද නුඹලාට මහත් වූ දඬුවමක් ද ඇත.
22එනම් කෙනෙකු අයුතු වැරදි දැයට ප්රතිඥා දීම තුළින් අන් මිනිසුන් ඒවා අනුගමනය කිරීමෙන් ඔවුන්ද වැරැද්දට හසු විය හැකිය. එබැවින් ඔවුන්ගේ නොදැනුවත්කමින් සිදු වන එම වැරදීමට තමන් විනිශ්චය දිනයේ වගකිව යුතු වන්නේය. තවද මෙහි ‘ලිස්සා යෑම’ යන්නෙන් අදහස් කරන්නේ ඔවුන්ද වරදට පෙලඹෙනු ඇත යන්නයි.
95

وَلَا تَشْتَرُوا بِعَهْدِ اللَّهِ ثَمَنًا قَلِيلًا ۚ إِنَّمَا عِندَ اللَّهِ هُوَ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

තවද අල්ලාහ්ගේ ගිවිසුම අල්ප මිලකට විකුණා නොදමවු. සැබැවින්ම අල්ලාහ් අබියස ඇති දෑ (පිළිබඳව) නුඹලා දැන සිටින්නෙහු නම්, එයමය නුඹලාට යහපත් වන්නේ.
96

مَا عِندَكُمْ يَنفَدُ ۖ وَمَا عِندَ اللَّهِ بَاقٍ ۗ وَلَنَجْزِيَنَّ الَّذِينَ صَبَرُوا أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ

නුඹලා අබියස ඇති දෑ අවසන් වී යන්නේය. තවද අල්ලාහ් අබියස ඇති දෑ ඉතිරිව පවතින්නක්ය. තවද ඉවසා දරා ගත්තවුනට ඔවුන් කරමින් සිටි ඉතා අලංකාර දෑ වෙනුවෙන් සැබැවින්ම අපි ඔවුන්ගේ වේතනය පිරිනමන්නෙමු.
97

مَنْ عَمِلَ صَالِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ

පිරිමියෙකුගෙන් හෝ කාන්තාවකගෙන් තමන් විශ්වාසිකයෙකුව, කවරෙකු යහකම් කළේ ද ඔහුව අපි යහපත් ජීවිතයක් ජීවත් කරවන්නෙමු. තවද ඔවුන් කරමින් සිටි ඉතා අලංකාර දෑ වෙනුවෙන් සැබැවින්ම අපි ඔවුන්ගේ වේතනය ඔවුනට පිරිනමන්නෙමු.
98

فَإِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

(නබිවරය,) නුඹ අල් කුර්ආනය පාරායනා (කරන්නට ආරම්භ) කළේ නම් පහර දී පලවා හරින ලද ෂෙයිතාන්(ගේ උවදුරු) වෙතින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතවු.
99

إِنَّهُ لَيْسَ لَهُ سُلْطَانٌ عَلَى الَّذِينَ آمَنُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ

(මන්දයත්) සැබැවින්ම විශ්වාස කර තම පරමාධිපති වෙතම (සියල්ල) භාර කරනවුන් කෙරෙහි ඔහුට(ෂෙයිතාන්ට) කිසිදු බලයක් නැත.
100

إِنَّمَا سُلْطَانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ وَالَّذِينَ هُم بِهِ مُشْرِكُونَ

ඔහුගේ බලය වනුයේ ඔහුව භාරකරුවෙකු වශයෙන් ගන්නන් හා ඔහු(ට අවනත වීම) හේතුවෙන් (අල්ලාහ්ට) ආදේශ කරන්නන් කෙරෙහිමය.
101

وَإِذَا بَدَّلْنَا آيَةً مَّكَانَ آيَةٍ ۙ وَاللَّهُ أَعْلَمُ بِمَا يُنَزِّلُ قَالُوا إِنَّمَا أَنتَ مُفْتَرٍ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

තවද (නබිවරය,) එක් වදනක් (තවත්) වදනක ස්ථානයට අපි වෙනස් කළ විට “නුඹ ගොතා පවසන්නෙක්ම යැ”යි (ප්රතික්ෂේපක) ඔවුහු පැවසුවෝය. තවද අල්ලාහ් තමා පහළ කරන දෑ පිළිබඳව මැනවින් දන්නාය. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (ඒ පිළිබඳව) නොදන්නෝය. 23
23යම් විෂයකට අල්ලාහ් විසින් විධානය කරනු ලැබූ නීතියක් තවත් විෂයක දී එම නීතියම භාවිත වීම අල් කුර්ආනයේ ඇතැම් ස්ථානයන්හි දක්නට ලැබේ. මෙසේ අල් කුර්ආනයෙහි සිදු වන්නේ නම් මෙය දේව පිණිවිඩයක් විය නොහැකි යැයි මක්කාවාසී ප්රතික්ෂේපකයින් තර්ක කරන්නට වූහ. මෙම ආයතයෙන් පවසනුයේ මෙම තර්කය අර්ත ශුන්ය තර්කයක් බවය. මන්දයත් කුමන අවස්ථාවේ දී කුමන නීතියක් මිනිසාට සරිලන්නේ ද යන පරිපූර්ණ දැනුම ඇති අල්ලාහ් ඒ අනුව ඇතැම් නීතීන් පරිවර්තනය කරන්නේය. අල් කුර්ආන් 2:106 ආයතයෙහි ද මෙවැනි අර්ථයන් අන්තර්ගත වැකියක් සඳහන් වී ඇත.
102

قُلْ نَزَّلَهُ رُوحُ الْقُدُسِ مِن رَّبِّكَ بِالْحَقِّ لِيُثَبِّتَ الَّذِينَ آمَنُوا وَهُدًى وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ

(නබිවරය,) “විශ්වාස කළවුන්ව ස්ථාවර කිරීමටත් මුස්ලිම්වරුන්ට මග පෙන්වීමක් හා ශුභාරංචියක් වශයෙන් ද සත්යයෙන් යුතුව නුඹගේ පරමාධිපති වෙතින් රූහ්(ජිබ්රීල්) එ(ම අල් කුර්ආන)ය පහළ කළේ” යැයි පවසවු.
103

وَلَقَدْ نَعْلَمُ أَنَّهُمْ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُ بَشَرٌ ۗ لِّسَانُ الَّذِي يُلْحِدُونَ إِلَيْهِ أَعْجَمِيٌّ وَهَـٰذَا لِسَانٌ عَرَبِيٌّ مُّبِينٌ

“මොහුට එ(ම අල් කුර්ආන)ය උගන්වනුයේ මිනිසෙක්ම යැ”යි ඔවුන් ප්රකාශ කර සිටීම සැබැවින්ම අපි දන්නෙමු. කවරෙකු වෙත ඔවුන් (කුර්ආනීය වදන) සම්බන්ධ කර පවසන්නේ ද ඔහුගේ භාෂාව (අරාබි නොවන) අන් බසකි. තවද මෙය පැහැදිලි අරාබි භාෂාවක්ය. 24
24අල් කුර්ආනය සවන් දෙන්නට උනන්දුවක් දැක් වූ රෝමානු වහලෙකු පිළිබඳව නබි මුහම්මද් තුමාණන්ට ආරංචි විය. මොහුගේ මෙම මහත් ආශාව දුටු නබි මුහම්මද් තුමාණන් මොහුව ඇතැම් අවස්ථාවන්හි මුණ ගැසෙන්නට ගියහ. මෙය දුටු මක්කාවාසී ප්රතික්ෂේපකයින් මෙම අල් කුර්ආනය නබි මුහම්මද් තුමාණන් මෙම රෝමානු වහලාගෙන් හදාරා ගෙතූ දෙයක් යැයි පවසන්නට වූහ. එනමුත් මොවුන් වටහා ගන්නට අසමත් වූ දෙයක් නම් මොවුන් පවසන මෙම රෝමානු වැසියාට අරාබි භාෂාව මැනවින් කථා කිරීමට නොහැක යන්නය. එකල අරාබි පඬිවරුන්ට පවා අල් කුර්ආනය මෙන් යමක් ගොනු කිරීමට අසමත් වී තිබිය දී අරාබි නොවන්නෙකුගේ ආධාරයෙන් එය ගොනු කළා යැයි පැවසීම කෙතරම් අනුවණකමක් ද?.
104

إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِآيَاتِ اللَّهِ لَا يَهْدِيهِمُ اللَّهُ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

සැබැවින්ම අල්ලාහ්ගේ වදන් විශ්වාස නොකරන්නන් නම් ඔවුන්ව අල්ලාහ් යහමගට යොමු නොකරන්නේය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
105

إِنَّمَا يَفْتَرِي الْكَذِبَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِآيَاتِ اللَّهِ ۖ وَأُولَـٰئِكَ هُمُ الْكَاذِبُونَ

අසත්යය ගොතනුයේ අල්ලාහ්ගේ වදන් විශ්වාස නොකරන්නන්මය. තවද ඔවුහුමය අසත්යවාදීහු වන්නෝ.
106

مَن كَفَرَ بِاللَّهِ مِن بَعْدِ إِيمَانِهِ إِلَّا مَنْ أُكْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌّ بِالْإِيمَانِ وَلَـٰكِن مَّن شَرَحَ بِالْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِّنَ اللَّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

කවරෙකු විශ්වාස කිරීමෙන් පසු අල්ලාහ්ව ප්රතික්ෂේප කළේ ද (ඔහු කෙරෙහි අල්ලාහ්ගේ කෝපය ඇත.) කවරෙකු තම හදවත විශ්වාසයෙන් සැනසුමට පත්ව තිබිය දී (විශ්වාසයෙන් බැහැර වන මෙන්) බල කරනු ලබන්නේ ද ඔහු හැරය. නමුත් කවරෙකු ප්රතික්ෂේපය මගින් (තම) හදවත විවෘත කර ගත්තේ ද ඔවුන් කරෙහි අල්ලාහ්ගෙන් වූ කෝපයක් ඇත. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ද ඇත.
107

ذَٰلِكَ بِأَنَّهُمُ اسْتَحَبُّوا الْحَيَاةَ الدُّنْيَا عَلَى الْآخِرَةِ وَأَنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

එය(දඬුවම) ඔවුන් මතු ලොවට වඩා මෙලොව ජීවිතය ප්රිය කළ (හෙයින්) හා අල්ලාහ් ප්රතික්ෂේපිත ජනයාව යහමගට යොමු නොකරන හෙයිනි.
108

أُولَـٰئِكَ الَّذِينَ طَبَعَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَأَبْصَارِهِمْ ۖ وَأُولَـٰئِكَ هُمُ الْغَافِلُونَ

ඔවුහුමය තම හදවත් මත ද තම ශ්රවණයන් මත ද තම බැල්ම මත ද අල්ලාහ් මුද්රා තැබූ අය වන්නෝ. තවද ඔවුහුමය අනවධානීන් වන්නෝ.
109

لَا جَرَمَ أَنَّهُمْ فِي الْآخِرَةِ هُمُ الْخَاسِرُونَ

ඔවුන්මය මතු ලොවෙහි අලාභවන්තයින් බවට කිසිදු සැකයක් නැත.
110

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُوا مِن بَعْدِ مَا فُتِنُوا ثُمَّ جَاهَدُوا وَصَبَرُوا إِنَّ رَبَّكَ مِن بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ

පසුව (නබිවරය,) පරීක්ෂාවට ලක් කරනු ලැබීමෙන් පසු දේශාන්තරණය කර අනතුරුව (අල්ලාහ්ගේ මාර්ගයෙහි) ප්රයත්න කර ඉවසා දරාගත්තවුන්(ට පාපයන් කමා කිරීම) සඳහා සැබැවින්ම නුඹගේ පරමාධිපති සිටින්නේය. එයට පසුව සැබැවින්ම නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
111

يَوْمَ تَأْتِي كُلُّ نَفْسٍ تُجَادِلُ عَن نَّفْسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُمْ لَا يُظْلَمُونَ

සෑම ආත්මයක්ම තමන් සඳහා වාද කරමින් පැමිණ තවද සෑම ආත්මයක්ම තමන් කළ දෑ (සඳහා වේතනය) පරිපූර්ණව දෙනු ලබන (ලොව අවසන්) දින (සිහිපත් කරවු). තවද ඔවුහු අපරාධ කරනු නොලබන්නෝය.
112

وَضَرَبَ اللَّهُ مَثَلًا قَرْيَةً كَانَتْ آمِنَةً مُّطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِّن كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللَّهِ فَأَذَاقَهَا اللَّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُوا يَصْنَعُونَ

සැනසුමෙන් අභයදායීව තිබූ ගම්මානයක් උපමාවක් ලෙස අල්ලාහ් ගෙන හැර පැවේය. ඒ වෙතට සෑම තැනකින්ම එහි ජීවන සම්පත් (වර්ග) ඇති තරම් පැමිණෙන්නේය. නමුත් එ(ම ගම්මාන)ය අල්ලාහ්ගේ භාග්යයන් වලට අකෘතඥ විය. එබැවින් ඔවුන් කරමින් සිටි දෑ හේතුවෙන් අල්ලාහ් එයට සාගින්නෙහි හා බියෙහි වස්ත්රය විඳින්නට සැලැස්සුවේය.
113

وَلَقَدْ جَاءَهُمْ رَسُولٌ مِّنْهُمْ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ الْعَذَابُ وَهُمْ ظَالِمُونَ

සැබැවින්ම ඔවුන් වෙත ඔවුන් අතුරින්ම වූ රසූල්වරයෙකු පැමිණියේය. එවිට ඔවුහු ඔහුව අසත්යය කළෝය. එබැවින් ඔවුන් අපරාධකරුවන්ව සිටිය දී දඬුවම (මෙලෙසම) ඔවුන්ව ග්රහණය කළේය.
114

فَكُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ حَلَالًا طَيِّبًا وَاشْكُرُوا نِعْمَتَ اللَّهِ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ

(විශ්වාසිකයිනි!) අල්ලාහ් නුඹලාට පිරිනැමූ දැයින් අනුමත යහ දෑ අනුභව කරවු. තවද නුඹලා අල්ලාහ්ටම පමණක් නැමදුම් කරන්නෙහු නම් ඔහුගේ භාග්යයන්ට කෘතඥ වවු.
115

إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ ۖ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

ඔහු නුඹලා කෙරෙහි (අනුභව කිරීමට) තහනම් කර ඇත්තේ මළ සතුන්, රුධිරය, සූකර මාංශ හා අල්ලාහ් නොවන වෙනත් දෑ සඳහා කැප කරනු ලැබූ දෑම වේ. තවද යමෙක් කැමැත්තක් නොමැත්තෙකුව හා (ජීවිතය රැක ගැනීමට අවශ්ය) ප්රමාණය ඉක්ම නොවන්නෙකුව (විකල්පයක් නොමැතිව ඒවා ආහාරයට ගැනීමට) බල කරනු ලබන්නේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් අති ක්ෂාමශීලීය පරම කරුණාභරිතය. 25
25අල් කුර්ආන් 5:3 සහ 6:145 යන ආයතයන් පාද සටහන් සමග බලන්න.
116

وَلَا تَقُولُوا لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ الْكَذِبَ هَـٰذَا حَلَالٌ وَهَـٰذَا حَرَامٌ لِّتَفْتَرُوا عَلَى اللَّهِ الْكَذِبَ ۚ إِنَّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ لَا يُفْلِحُونَ

අල්ලාහ් කෙරෙහි අසත්යය ගොතනු පිණිස “මෙය අනුමතය. මෙය තහනම්ය.” යැයි නුඹලාගේ දිවවල් අසත්යය වර්ණනා කරන දෑ පිළිබඳව නුඹලා නොපවසවු. සැබැවින්ම අල්ලාහ් කෙරෙහි අසත්යය ගොතනවුන් ජයග්රහණය නොලබන්නෝය.
117

مَتَاعٌ قَلِيلٌ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

(මෙය) ස්වල්ප භුක්ති විදීමක්ය. තවද (මතු ලොවෙහි) ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
118

وَعَلَى الَّذِينَ هَادُوا حَرَّمْنَا مَا قَصَصْنَا عَلَيْكَ مِن قَبْلُ ۖ وَمَا ظَلَمْنَاهُمْ وَلَـٰكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ

(නබිවරය,) පෙර නුඹ කෙරෙහි අප දන්වා සිටි දෑ යුදෙව්වූවන් කෙරෙහි ද අපි තහනම් කළෙමු. 26 තවද අපි ඔවුනට අපරාධ නොකළෙමු. නමුත් ඔවුහුමය ඔවුනට අපරාධ කර ගන්නවුන් වන්නෝ.
26අල් කුර්ආන් 3:93 4:160 සහ 6:146 යන ආයතයන් බලන්න.
119

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُوا السُّوءَ بِجَهَالَةٍ ثُمَّ تَابُوا مِن بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا إِنَّ رَبَّكَ مِن بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ

පසුව නොදැනුවත්කමින් නරකක් කර ඉන් පසුව පශ්චාත්තාප වී තමන්ව සංශෝධනය කර ගත්තවුන්(ට පාපයන් කමා කිරීම) සඳහා සැබැවින්ම නුඹගේ පරමාධිපති සිටින්නේය. එ(ම පශ්චාත්තාප)යට පසුව සැබැවින්ම නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය පරමා කරුණාභරිතය.
120

إِنَّ إِبْرَاهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِّلَّهِ حَنِيفًا وَلَمْ يَكُ مِنَ الْمُشْرِكِينَ

සැබැවින්ම ඉබ්රාහීම්, අල්ලාහ්ට අවනත වන (ඍජු දහම වෙත) නැඹුරු වූ ඔහුගේ භාග්යයන් වලට කෘතවේදියෙකු වූ (ආදර්ශමත්) මෙහෙයවන්නෙකු විය. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් නොවූහ. ඔහු(අල්ලාහ්) ඔහුව (නබිත්වය සඳහා) තෝරා ගත්තේය. තවද ඔහුව ඍජු මාර්ගය වෙත යොමු කළේය.
121

شَاكِرًا لِّأَنْعُمِهِ ۚ اجْتَبَاهُ وَهَدَاهُ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ

සැබැවින්ම ඉබ්රාහීම්, අල්ලාහ්ට අවනත වන (ඍජු දහම වෙත) නැඹුරු වූ ඔහුගේ භාග්යයන් වලට කෘතවේදියෙකු වූ (ආදර්ශමත්) මෙහෙයවන්නෙකු විය. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් නොවූහ. ඔහු(අල්ලාහ්) ඔහුව (නබිත්වය සඳහා) තෝරා ගත්තේය. තවද ඔහුව ඍජු මාර්ගය වෙත යොමු කළේය.
122

وَآتَيْنَاهُ فِي الدُّنْيَا حَسَنَةً ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ

තවද අපි ඔහුට මෙලොවෙහි යහපතක් පිරිනැමුවෙමු. තවද සැබැවින්ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතුරින් වන්නේය.
123

ثُمَّ أَوْحَيْنَا إِلَيْكَ أَنِ اتَّبِعْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا ۖ وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

(නබිවරය,) පසුව ‘(ඍජු දහම වෙත) නැඹුරුවූවෙකු හා ආදේශ තබන්නන් අතුරින් නොවූවෙකු වන ඉබ්රාහීම්ගේ පිළිවෙත පිළිපදිනු’ යැයි නුඹ වෙත අපි වහී(දේව පණිවිඩ) පහළ කළෙමු.
124

إِنَّمَا جُعِلَ السَّبْتُ عَلَى الَّذِينَ اخْتَلَفُوا فِيهِ ۚ وَإِنَّ رَبَّكَ لَيَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ

සෙනසුරාදා (දින නැමදුමට රැස්වීම සඳහා) යොදා ගනු ලැබුවේ ඒ පිළිබඳව භේදභින්න වූවන් (වන යුදෙව්වන්) කෙරෙහිමය. 27 තවද සැබැවින්ම නුඹගේ පරමාධිපති ඔවුන් කවර දෙයක් පිළිබඳව මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ පිළිබඳව (මළවුන්) නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අතර විනිශ්චය කරනු ඇත.
27මක්කාවාසී ප්රතික්ෂේපකයින් තමන් නබි ඉබ්රාහීම් තුමාණන්ගේ අනුගාමිකයින් යැයි පැවසූ අතර සෙනසුරාදා දින ආර්ථික කටයුතුහි නියැළීමේ තහනම ඉබ්රාහීම් තුමාණන්ගේ පිළිවෙතෙහි වූ විධානයක් බව යුදෙව්වන් ප්රකාශ කරමින් සිටියෝය. එම ව්යාජ ප්රකාශයට පිළිතුරක් වශයෙන් අල්ලාහ් මෙම ආයතයන්හි නබි ඉබ්රාහීම් තුමාණන් පිළිබඳව සඳහන් කර මක්කාවාසී ප්රතික්ෂේපකයින්, තමන් නබි ඉබ්රාහීම් තුමාණන්ගේ අනුගාමිකයින් යැයි පැවසූ නමුත් ඔහු මොවුන් මෙන් අල්ලාහ්ට හවුල්කරුවෙකු තබන්නෙකුව නොසිටි බව හා අල්ලාහ් විසින් පත් කරනු ලැබූ කිසිදු නීතියක් තම මනෝ ඉච්ඡාව හේතුවෙන් මාරු කරන්නෙකුව නොසිටි බව මෙම ආයතයන් මගින් පෙන්වා දී ඇත. තවද සෙනසුරාදා දිනහිදී ආර්ථික කටයුතුහි නියැළීම පිළිබඳ තහනම නබි ඉබ්රාහීම් තුමාණන් කෙරෙහි නොවුණු අතර ඉස්රාඊල්ගේ දරුවන් වන යුදෙව්වන් කෙරෙහි පමණක් තහනම්ව පැවතුණු බවද සඳහන් කර ඇත.
125

ادْعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ ۖ وَجَادِلْهُم بِالَّتِي هِيَ أَحْسَنُ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ

(නබිවරය,) ප්රඥාවෙන් යුතුව ද යහපත් උපදෙස මගින් ද නුඹගේ පරමාධිපතිගේ මාර්ගය වෙත (ජනයින්ව) ඇරයුම් කරවු. තවද කවර දෙයක් වඩා යහපත් වන්නේ ද එ(ම යහපත් දැය )මගින් ඔවුන් සමග වාද කරවු. සැබැවින්ම නුඹගේ පරමාධිපති, ඔහුගේ මාර්ගයෙන් මුළාවූවන් පිළිබඳව මැනවින් දන්නාය. තවද ඔහු යහ මග ලැබූවන් පිළිබඳව ද මැනවින් දන්නාය.
126

وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُوا بِمِثْلِ مَا عُوقِبْتُم بِهِ ۖ وَلَئِن صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِّلصَّابِرِينَ

(නුඹලාට අපරාධ කළවුන්ව) නුඹලා දඬුවම් කරන්නේ නම් නුඹලා දඬුවම් කරනු ලැබුවාක් මෙන්ම දඬුවම් කරවු. 28 (එහෙත්) නුඹලා ඉවසුවෙහු නම් එය ඉවසිලිවන්තයින්ට ඉතා යහපත්ය.
28කෙනෙකු අන් මිනිසුන්ට සත්යය පැහැදිලි කිරීමේ දී ඇතැම් විට ඔවුන් ඊට විරුද්ධ නම් නොයෙකුත් හිරිහැරයන්ට ලක් විය හැකිය. මෙම අවස්ථාවේ දී මොහුට සමප්රතිදඬුවම් ගැනීමේ අයිතිය පිළිබඳව මෙම ආයතයෙන් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් ඔවුන්ගෙන් එම සම ප්රතිදඬුවම් නොකර ඉවසා සිටීම ඉතා උචිත යැයි මෙම ආයතයෙන් පවසා ඇත.
127

وَاصْبِرْ وَمَا صَبْرُكَ إِلَّا بِاللَّهِ ۚ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُ فِي ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ

(නබිවරය,) ඉවසා සිටිවු. නුඹගේ ඉවසීම ඇත්තේ අල්ලාහ්ගෙන් මිස නැත. (පාපතර) ඔවුන් (දඬුවමට ලක් වීම) කෙරෙහි නුඹ දුක් නොවවු. ඔවුන් කුමන්ත්රණය කරමින් සිටින දෑ පිළිබඳව නුඹ පීඩනයෙහි පසු නොවවු. 29
29තම සමූහයාගේ නොමග යෑම නිසා නබි මුහම්මද් තුමාණන් ශෝකයට පත් විය. තම කාර්යය පරිපූර්ණ කර ඇති බැවින් මොහු අධිකව පීඩාවට පත් නොවිය යුතු යැයි මෙම ආයතය මගින් ඔහුව සනසා ඇත. මන්දයත් ඔවුන් මොහුව පිළිගත්ත ද නොවුව ද ඔවුන්ට යහමග පිරිනැමීමේ අයිතිය ඔහු සතු නොවන හෙයිනි.
128

إِنَّ اللَّهَ مَعَ الَّذِينَ اتَّقَوا وَّالَّذِينَ هُم مُّحْسِنُونَ

සැබැවින්ම අල්ලාහ් බිය භක්තිමත් වූවන් හා කවරෙකු දැහැමියන් වන්නේ ද ඔවුන් සමගය.
الإسراءමක්කී
1

سُبْحَانَ الَّذِي أَسْرَىٰ بِعَبْدِهِ لَيْلًا مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الْأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ

මස්ජිදුල් හරාම්හි 1 සිට මස්ජිදුල් අක්සා දක්වා රාත්රි මද කොටසක දී තම ගැත්තාව කැටුව ගිය ඔහු(අල්ලාහ්) සුවිශුද්ධය. (එය කෙබඳු මස්ජිදයක් ද යත්) එහි අවට අප අභිවෘද්ධිමත් කළෙමු. (එලෙස අපි කැටුව ගියේ) අපගේ සාධක අතුරින් අප ඔහුට පෙන්වනු පිණිසය. 2 සැබැවින්ම ඔහුමය සර්ව ශ්රාවක සර්ව නිරීක්ෂක වන්නේ.
1“මස්ජිදුල් හරාම්” යනු මුස්ලිම්වරුන් තම නැමදුම් දිශාව ලෙස යොදා ගන්නා මක්කා නගරයෙහි සමචතුරස්ර හැඩයකින් යුත් කඃබාව නම් ගොඩනැගිල්ල පිහිටි මස්ජිදයයි.
2නබි වදන් බොහෝමයක මෙම ‘ඉස්රා හා මිඃරාජ්’ ගමන පිළිබඳව සඳහන් වී ඇත. ‘මිඃරාජ්’ ගමනේ දී නබි මුහම්මද් තුමාණන් බොහෝ නබිවරුන් හමු වී කතාබහ කළ බව හා ස්වර්ගයෙහි හා නිරයෙහි නොයෙක් අවස්ථාවන් දුටු බව නබිවදන්හි සඳහන් වී ඇත. මුස්ලිම්වරුන්ට පංච කාල සලාතය අනිවාර්යය වූයේ මෙම අවස්ථාවෙහිය. මෙම සියලු දෑ සිදු වූයේ එක් රැයක් තුළදීය. නමුත් මෙම ආයතයෙන් සඳහන් වී ඇත්තේ මෙහි හැඳින්වීමෙහි පැහැදිලි කර ඇති ‘ඉස්රා’ නැමැති පළමු කොටස පිළිබඳව පමණි. අල් කුර්ආන් 53:13-18 ආයතයන්හි මෙම ගමනෙහි දෙවැනි කොටස වන ‘මිඃරාජ්ය’ පිළිබඳව සඳහන් වී ඇත. මෙම ගමන ආධ්යාත්මික නොව කායිකව සිදු වූවක් යැයි බොහෝ විද්වතුන්ගේ මතයයි. මන්දයත් මෙම ගමන පිළිබඳව මෙහි සඳහන් කර ඇත්තේ නබි මුහම්මද් තුමාණන්ගේ ප්රාතිහාර්යයන් ගෙන හැර පෙන්වීමටය. එසේ එතුමා කායිකව නොගොස් එම සිදුවීම සිහිනයකින් වූයේ නම් මෙය ප්රාතිහාර්යයක් නොවනු ඇත.
2

وَآتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَاهُ هُدًى لِّبَنِي إِسْرَائِيلَ أَلَّا تَتَّخِذُوا مِن دُونِي وَكِيلًا

තවද නූහ් සමග අප (යාත්රාවෙහි) ඉසිලූ අයගේ පරම්පරාවනි, අපි මූසාට ධර්ම පුස්තකය(තව්රාතය) පිරිනමා “භාරකරු වශයෙන් මා හැර නුඹලා (වෙනත් කිසිවෙකු දෙවියෙකු වශයෙන් පත් කර) නොගන්නැ”යි ඉස්රාඊල්ගේ දරුවන්ට මග පෙන්වීමක් වශයෙන් අපි එය පත් කළෙමු. සැබැවින්ම ඔහු(නූහ්) කෘතවේදී ගැත්තෙකුව සිටියේය.
3

ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ ۚ إِنَّهُ كَانَ عَبْدًا شَكُورًا

තවද නූහ් සමග අප (යාත්රාවෙහි) ඉසිලූ අයගේ පරම්පරාවනි, අපි මූසාට ධර්ම පුස්තකය(තව්රාතය) පිරිනමා “භාරකරු වශයෙන් මා හැර නුඹලා (වෙනත් කිසිවෙකු දෙවියෙකු වශයෙන් පත් කර) නොගන්නැ”යි ඉස්රාඊල්ගේ දරුවන්ට මග පෙන්වීමක් වශයෙන් අපි එය පත් කළෙමු. සැබැවින්ම ඔහු(නූහ්) කෘතවේදී ගැත්තෙකුව සිටියේය.
4

وَقَضَيْنَا إِلَىٰ بَنِي إِسْرَائِيلَ فِي الْكِتَابِ لَتُفْسِدُنَّ فِي الْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا

තවද “මිහිතලයේ නුඹලා දෙවරක් කලහකම් කරනු ඇත. තවද මහත් ආඩම්භරයෙන් ඉපිලී යනු ඇතැ”යි ඉස්රාඊල්ගේ දරුවන් වෙත අපි එම ධර්ම පුස්තකයෙහි නියම කළෙමු.
5

فَإِذَا جَاءَ وَعْدُ أُولَاهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَّنَا أُولِي بَأْسٍ شَدِيدٍ فَجَاسُوا خِلَالَ الدِّيَارِ ۚ وَكَانَ وَعْدًا مَّفْعُولًا

“එම දෙකෙන් පළමුවැනි ප්රතිඥාව පැමිණි විට දැඩි බලයෙන් යුත් අප සතු ගැත්තන්ව නුඹලාට එරෙහිව අපි එවන්නෙමු. 3 ඔවුහු (නුඹලාව ඝාතනය සඳහා) නිවෙස් අතර සොයමින් යන්නෝය. තවද එය සිදු කරනු ලැබූ ප්රතිඥාවක්ය. 4
3යහ හා අයහ යන සියලු මානවයාම අල්ලාහ්ගේ ගැත්තන්ය. එහෙත් අල් කුර්ආනයේ මෙම දෙපාර්ශවයට ගැත්තා යන යෙදුම භාවිත වන විට වෙන් වෙන් පාඨයෙන් භාවිත වී ඇත. යහ ගැත්තන් ආමන්ත්රණය වන විට ‘අපගේ ගැත්තා’ හා ‘මාගේ ගැත්තා’ යැයි සඳහන් වී ඇත. එහෙත් මේ නොවන අයුරින් උදා: ‘අප සතු ගැත්තන්’ යැයි යෙදී ඇත්නම් එය භාවිත වී ඇත්තේ අයහ ගැත්තන් පිළිබඳවය.
4ඉස්රාඊල් දරුවන් තම නබිවරුන්ගේ මග පෙන්වීමෙන් බොහෝ සෙයින් මුළා වී ගියෝ යැයි බයිබලයෙහි සඳහන් වී ඇත. එබැවින් ඔවුන් මුළා වූ සෑම විටෙකම ඔවුනට දඬුවමක් වශයෙන් සතුරන්ගෙන් පරාජයට පත්වෙමින් සිටියෝය. එහෙත් අල් කුර්ආනයෙහි මොවුනට සිදු වූවා වූ දඬුවම් දෙකක් පමණක් සඳහන්ව ඇත. පළමුවැනි දඬුවම වූයේ යෙරෙමියා(Jeremiah) නම් නබිවරයාගේ සමයෙහි නෙබුකද්නෙශර්(Nebuchadnezzar) නැමැති බැබිලෝනියා දේශයෙහි කුරිරු අධිරාජ්යයාගේ ආක්රමණයයි. ක්රි:පූ:567 නෙබුකද්නෙශර් අධිරාජ්යයා ‘ජෙරුසලම’ නගරය ආක්රමණය කර විනාශ කර දමා ඇතැම් ඉස්රාඊල් ජනයාව ඝාතනය කර ඇතැමුන්ව සිරගත කළේය. ඉස්රාඊල් ජනයා මින් පන්නරයක් ලබා තමන්ව නිවැරදි කර ගත්තෝය. මොවුන් ජෙරුසලම් නගරයෙන් පිටුවහල් වී නොබෝ දිනකින් පර්සියානු අධිරාජ්යයා බැබිලෝනියාව ආක්රමණය කර ඉස්රාඊල් ජනයාට නැවත ජෙරුසලම්හි පදිංචි කරවිය. දෙවැනි දඬුවම වූයේ ක්රි:පූ: 175 දී ග්රීකයේ විසූ කුරිරු අධිරාජ්යයාගේ ආක්රමණයයි. ඉස්රාඊල් ජනයා නැවත වරක් නොමග ගිය සමයෙහි මොහු විසින් ආක්රමණය කරනු ලැබීය. යැයි ඉතිහාසගත ග්රන්ථයන්හි සඳහන් වී ඇත.
6

ثُمَّ رَدَدْنَا لَكُمُ الْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَاكُم بِأَمْوَالٍ وَبَنِينَ وَجَعَلْنَاكُمْ أَكْثَرَ نَفِيرًا

පසුව ඔවුනට එරෙහිව නුඹලාට (ජයග්රහන) වාරයක් අපි නැවත ලබා දුන්නෙමු. ධනයෙන් හා පිරිමි දරුවන්ගෙන් අපි නුඹලාට උපකාර කළෙමු. තවද නුඹලාව බහුතර පුද්ගලයින් බවට පත් කළෙමු.
7

إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْ ۖ وَإِنْ أَسَأْتُمْ فَلَهَا ۚ فَإِذَا جَاءَ وَعْدُ الْآخِرَةِ لِيَسُوءُوا وُجُوهَكُمْ وَلِيَدْخُلُوا الْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍ وَلِيُتَبِّرُوا مَا عَلَوْا تَتْبِيرًا

නුඹලා යහකම් කළේ නම් නුඹලා යහකම් කළේ තම ආත්මයන්ටය. නුඹලා නපුරුකම් කළේ නම් එවිට එය ද ඒවාටමය(නුඹලාටමය). අවසාන ප්රතිඥාව පැමිණි විට (නුඹලාට විරුද්ධව පෙර එවූ සේ පිරිසක් අපි එවන්නෙමු. එසේ එවනුයේ) නුඹලාගේ මුහුණු විරූපි කිරීමට ද ප්රථම වතාවේ මස්ජිදයට ඔවුන් ඇතුළු වූවාක් මෙන් මොවුන් එයට ඇතුළු වීමට ද මොවුන් ජයග්රහණය කරන දෑ මොවුන්ම විනාශ කර දැමීමට ද වේ.
8

عَسَىٰ رَبُّكُمْ أَن يَرْحَمَكُمْ ۚ وَإِنْ عُدتُّمْ عُدْنَا ۘ وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ حَصِيرًا

(නුඹලා පශ්චාත්තාපයේ යෙදුණේ නම්) නුඹලාගේ පරමාධිපති නුඹලාට කරුණාව දක්වන්නට පුළුවන. නුඹලා (කලහකම වෙත) නැවත හැරුණේ නම් අප ද (දඬුවම වෙත) නැවත හැරෙන්නෙමු. 5 තවද අපි ප්රතික්ෂේපකයින්ට නිරය සිරගෙයක් බවට පත් කළෙමු.” (යැයි ඉස්රාඊල්ගේ දරුවන් වෙත අපි එම ධර්ම පුස්තකයෙහි නියම කළෙමු.)
5මින් මත්තට නැවත වරක් නොමග වූයේ නම් නැවත ආක්රමණයට ලක් වන්නේය යැයි අල්ලාහ් ඉස්රාඊල් ජනයාට අවවාද කර ඇත.
9

إِنَّ هَـٰذَا الْقُرْآنَ يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا

සැබැවින්ම මෙම අල් කුර්ආනය ඉතා නිවැරුදි දෑ වෙත මග පෙන්වන්නේය. තවද යහකම් කරන විශ්වාසිකයින්ට මහත් වේතනයක් ඇති බව ඔවුනට ශුභාරංචි පවසන්නේය.
10

وَأَنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا

තවද මතු ලොව විශ්වාස නොකරන්නවුන් වන ඔවුනට වේදනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු. (යනුවෙන් ද ඔවුනට අශුභාරංචි පවසන්නේය.)
11

وَيَدْعُ الْإِنسَانُ بِالشَّرِّ دُعَاءَهُ بِالْخَيْرِ ۖ وَكَانَ الْإِنسَانُ عَجُولًا

මිනිසා යහපත වෙනුවෙන් ප්රාර්ථනා කරන්නාක් (මෙන්) අයහපතට ද ප්රාර්ථනා කරන්නේය. තවද මිනිසා ඉක්මන් ගති ඇත්තෙකු විය. 6
6අල් කුර්ආනය අල්ලාහ්ගෙන් වූ සැබෑ දහමක් නම් අපට දණ්ඩනයක් වන සාධකයක් ගෙන එන්නැ’යි ඇතැම් ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණනන්ට අභියෝග කරන්නට වූහ.
12

وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ ۖ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِّتَبْتَغُوا فَضْلًا مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُوا عَدَدَ السِّنِينَ وَالْحِسَابَ ۚ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلًا

රාති්රිය හා දහවල අපි සංඥා දෙකක් බවට පත් කළෙමු. නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්යය සෙවීමටත් වර්ෂ සංඛ්යාව හා (කාල) ගණනය නුඹලා දැනු ගනු පිණිසත් රාත්රියෙහි සංඥාව අප අඳුරු (බවට පත්) කළෙමු. තවද දහවලේ සංඥාව ආලෝකය ගෙන දෙන්නක් බවට අපි පත් කළෙමු. තවද සෑම දෙයක්ම අපි පැහැදිලි ලෙස විග්රහ කර ඇත්තෙමු.
13

وَكُلَّ إِنسَانٍ أَلْزَمْنَاهُ طَائِرَهُ فِي عُنُقِهِ ۖ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنشُورًا

සෑම මිනිසෙකුගේම තම අවසන් නිර්ණය ඔහුගේ ගෙලෙහි අපි එල්ලා තබා ඇත්තෙමු. තවද (මළවුන්) නැගිටුවනු ලබන දින ඔහුට අපි (ඔහුගේ ක්රියා) ලේඛනයක් ගෙන හැර පාන්නෙමු. දිග හරිනු ලැබූවක් ලෙස ඔහු එය දකින්නේය.
14

اقْرَأْ كِتَابَكَ كَفَىٰ بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا

නුඹගේ ලේඛනය කියවවු. අද දින නුඹ පිළිබඳව විනිශ්චය කිරීමට නුඹම ප්රමාණවත් වන්නේය.
15

مَّنِ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۚ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبْعَثَ رَسُولًا

කවරෙකු යහමග ලබන්නේ ද එසේ ඔහු යහමග ලබනුයේ තමන්ටමය. කවරෙකු මුළා වූයේද එසේ ඔහු මුළා වනුයේ තමාට එරෙහිවමය. තවද (තම පාපයේ) බර උසුලන්නෙකු වෙනකෙකුගේ (පාපයේ) බර නොඋසුලන්නේය. තවද (යම් සමූහයකට උපදෙස් දෙන) රසූල්වරයෙකු එවන තෙක් (කිසිවෙකුටවත්) අපි දඬුවම් කරන්නන් නොවූයෙමු.
16

وَإِذَا أَرَدْنَا أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُوا فِيهَا فَحَقَّ عَلَيْهَا الْقَوْلُ فَدَمَّرْنَاهَا تَدْمِيرًا

එක් ප්රදේශයක් අපි විනාශ කිරීමට අපේක්ෂා කළ විට (අපට අවනත වන මෙන්) එහි ප්රධානීන්ට අප අණ කළෙමු. එහෙත් ඔවුහු එහි පාපකම් කළෝය. එබැවින් ඒ කෙරෙහි (දඬුවමේ) වදන නියම විය. එවිට අපි එය සහමුලින්ම විනාශ කළෙමු.
17

وَكَمْ أَهْلَكْنَا مِنَ الْقُرُونِ مِن بَعْدِ نُوحٍ ۗ وَكَفَىٰ بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًا بَصِيرًا

නූහ්ට පසු කොපමණ පරම්පරාවන් අපි විනාශ කර ඇත්තෙමු ද! නුඹගේ පරමාධිපති ඔහුගේ ගැත්තන්ගේ පාපයන් පිළිබඳව අභිඥානවන්තයෙකු වශයෙන් ද නිරීක්ෂා කරන්නෙකු වශයෙන් ද ප්රමාණවත් වන්නේය.
18

مَّن كَانَ يُرِيدُ الْعَاجِلَةَ عَجَّلْنَا لَهُ فِيهَا مَا نَشَاءُ لِمَن نُّرِيدُ ثُمَّ جَعَلْنَا لَهُ جَهَنَّمَ يَصْلَاهَا مَذْمُومًا مَّدْحُورًا

කවරෙකු මෙලොව අපේක්ෂා කරන්නේ ද අප අභිමත කළවුනට අප අභිමත කළ දෑ එහිම ඔහුට ඉක්මණින්ම පිරිනමන්නෙමු. පසුව අපි ඔහුට නිරය ඇති කළෙමු. ඔහු එහි අවමානයට ලක් ව (අල්ලාහ්ගේ දයාවෙන්) ඉවත් කරනු ලැබූවෙකු සේ පිවිස දැවෙන්නේය.
19

وَمَنْ أَرَادَ الْآخِرَةَ وَسَعَىٰ لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَـٰئِكَ كَانَ سَعْيُهُم مَّشْكُورًا

කවරෙකු විශ්වාසිකයෙකු ලෙස මතු ලොව අපේක්ෂා කර එයට නිසි අයුරින් උත්සාහ දරන්නේ ද ඔවුහුමය තම උත්සහයන් කෘතවේදීත්වයට භාජනය වූ අය වන්නෝ. 7
7යමෙකුගේ මතුලොව යහපත උදා කර ගැනීම සඳහා කොන්දේසි සතරක් මෙම ආයතයෙන් පෙන්වා දී ඇත. පළමුවැන්න තමන් කරන යහ ක්රියාවන්ට මතු ලොවෙහි කුලිය ලැබිය යුතු යැයි අපේක්ෂා කිරීමය. දෙවැන්න තමන්ගේ යහ චේතනාව සමග යම් උත්සහයක් දැරිය යුතුය. තුන්වැන්න මෙම උත්සහය අල්ලාහ් පැවසූ ආකාරයෙන් විය යුතුය. සතරවැන්න ඔහු සැබෑ දෙවියන් වන අල්ලාහ්ගේ විශ්වාසිකයෙකු විය යුතුය.
20

كُلًّا نُّمِدُّ هَـٰؤُلَاءِ وَهَـٰؤُلَاءِ مِنْ عَطَاءِ رَبِّكَ ۚ وَمَا كَانَ عَطَاءُ رَبِّكَ مَحْظُورًا

ඔවුනටත් මොවුනටත් සියල්ලටම නුඹගේ පරමාධිපතිගෙන් වූ දීමනාවෙන් 8 අපි උපකාර කරන්නෙමු. නුඹගේ පරමාධිපතිගේ දීමනාව (කිසිවෙකුටත්) වළකනු ලැබූවක් නොවන්නේය.
8මෙම ආයතයෙහි ‘දීමනාව’ යනුවෙන් අදහස් කරන්නේ අල්ලාහ් විසින් යහ හෝ අයහ ගැත්තන් සියල්ලන්ටම ලොවෙහි දෙනු ලබන ජීවන සම්පත්ය. එනමුත් මරණින් මතු ජීවිතයෙහි අල්ලාහ්ගේ ආශිර්වාදය ලබා ගැනීමට නම් ආයත් අංක 19 සඳහන් වී ඇති අයුරින් කි්රයා කළ යුතුය.
21

انظُرْ كَيْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ ۚ وَلَلْآخِرَةُ أَكْبَرُ دَرَجَاتٍ وَأَكْبَرُ تَفْضِيلًا

(නබිවරය, ලොවෙහි) ඔවුන්ගෙන් සමහරෙකුව තවත් සමහරෙකුට වඩා අප ශ්රේෂ්ඨත්වයට පත් කළේ කෙසේ දැ’යි නුඹ නිරීක්ෂණය කරවු. තවද ඇත්තෙන්ම මතු ලොව තරාතිරමින් අති මහත්ය. ශ්රේෂ්ඨත්වයෙන් ද අති මහත්ය.
22

لَّا تَجْعَلْ مَعَ اللَّهِ إِلَـٰهًا آخَرَ فَتَقْعُدَ مَذْمُومًا مَّخْذُولًا

(නබිවරය,) අල්ලාහ් සමග තවත් දෙවියෙකු (හවුල්කරුවෙකු ලෙස) පත් නොකරවු. එසේ (කළේ) නම් නුඹ අවමානයට ලක්ව (පිළිසරණක් නොමැතිව) අතහැර දමනු ලැබූවෙකු බවට අසුන් ගනු ඇත.
23

وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۚ إِمَّا يَبْلُغَنَّ عِندَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَا أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُل لَّهُمَا قَوْلًا كَرِيمًا

“ඔහු හැර වෙනත් කිසිවෙක් නුඹලා නොනැමදිය යුතු යැයි ද දෙමාපියන් සමග යහ අයුරින් කටයුතු කළ යුතු” යැයි ද නුඹගේ පරමාධිපති (නුඹලාට) නියම කොට ඇත. “නුඹ(ගේ භාරකාරත්වය යටතේ නුඹ) අබියස ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම මහලු වියට පත් වූයේ නම් එවිට ඔවුන් දෙදෙනාට ‘උෆ්’ (නම් අගෞරවයෙන් හෝ කෝපයෙන් ‘චිහ්’) යන්නෙන් (පවා) නුඹ නොපවසවු. තවද ඔවුන් දෙදෙනාට නුඹ බැණ නොවදිවු. තවද ඔවුන් දෙදෙනාට නුඹ ගෞරවනීය වදන් පවසවු.
24

وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُل رَّبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا

ඔවුන් දෙදෙනාට කරුණාවෙන් යුතු යටහත්භාවයේ පියාපත් හෙළවු. තවද “මාගේ පරමාධිපතියාණනි, කුඩා අවදියේ සිටින විට ඔවුන් දෙදෙනා මා ඇති දැඩි කළාක් මෙන් නුඹ ඔවුන් දෙදෙනාට කරුණාව දක්වනු මැනවි!” යැයි ප්රාර්ථනා කරවු. (යැයි ද නුඹගේ පරමාධිපති නියම කොට ඇත.)
25

رَّبُّكُمْ أَعْلَمُ بِمَا فِي نُفُوسِكُمْ ۚ إِن تَكُونُوا صَالِحِينَ فَإِنَّهُ كَانَ لِلْأَوَّابِينَ غَفُورًا

නුඹලාගේ සිත් තුළ ඇති දෑ පිළිබඳව නුඹගේ පරමාධිපති මැනවින් දන්නාය. නුඹලා දැහැමියන්ව සිටින්නෙහු නම් එවිට සැබැවින්ම ඔහු (තමන්ව) සංශෝධනය කර ගන්නවුනට අති ක්ෂමාශීලීය.
26

وَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ وَلَا تُبَذِّرْ تَبْذِيرًا

ඥාතියාට ඔහුගේ උරුමයන් ලබා දෙවු. තවද දිළිඳාට ද මගියාට ද (ඔවුන්ගේ උරුමයන් ලබා දෙවු.) තවද අනවශ්යය ලෙස වියදම් කොට නාස්ති නොකරවු.
27

إِنَّ الْمُبَذِّرِينَ كَانُوا إِخْوَانَ الشَّيَاطِينِ ۖ وَكَانَ الشَّيْطَانُ لِرَبِّهِ كَفُورًا

සැබැවින්ම නාස්ති කරන්නන් ෂෙයිතාන්වරුන්ගේ සහෝදරයින් වූවෝය. ෂෙයිතාන් ඔහුගේ පරමාධිතිට මහා ගුණමකුවෙකුව සිටියේය.
28

وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ابْتِغَاءَ رَحْمَةٍ مِّن رَّبِّكَ تَرْجُوهَا فَقُل لَّهُمْ قَوْلًا مَّيْسُورًا

නුඹ බලාපොරොත්තු වන නුඹගේ පරමාධිපතිගේ කරුණාව අපේක්ෂා කරමින් (සිටියදී) නුඹ ඔවුන්ගෙන් වැළකෙන්නේ නම් ඔවුනට නුඹ මෘදු බස් පවසවු. 9
9මෙම ආයතයෙන් අදහස් කරන්නේ යම් කෙනෙකු ඉහත ආයත් අංක 26 හි සඳහන් වී ඇති අයුරින් දන් දීමට ආශාවෙන් සිටිය දී එයට අපොහොසත්ව සිටින විට අවශ්යතාවක් ඇත්තෙකු තමන් වෙත පැමිණ දන් දෙන මෙන් ඉල්ලා සිටින විට මොහු ඔහුගේ සිත නොරිදවා ප්රියමනාප වදනින් ඔහුට පිළිතුරු දිය යුතු යැයි යන්නය.
29

وَلَا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَّحْسُورًا

නුඹගේ දෑත් නුඹගේ ගෙලට බැඳ දමනු ලැබූවක් බවට පත් නොකරවු. තවද සම්පූර්ණ දිගු හැරීමකින් එය විස්තීරණය ද නොකරවු. එසේ (කළේ) නම් අවලාදයට ලක්ව දිලිඳුභාවයට පත් වූවෙකුව ඉඳ සිටිනු ඇත. 10
10මෙම ආයතයෙහි ‘නුඹගේ දෑත් නුඹගේ ගෙලට බැඳ දමනු ලැබූවක් බවට පත් නොකරවු.’ යැයි අදහස් කරනුයේ මසුරුකම පිළිබඳවය. එනම් මෙම ආයතයෙහි යථාර්ථය වන්නේ යමෙකු මසුරු නොවිය යුතු අතර අවශ්යතාවට වඩා වියදම් කර නාස්ති නොකළ යුතුයි යන්නය.
30

إِنَّ رَبَّكَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا

සැබැවින්ම නුඹගේ පරමාධිපති ඔහු අභිමත කරන අයට ජීවන සම්පත් විස්තීරණය කරන්නේය. තවද සීමා කරන්නේය. සැබැවින්ම ඔහු තම ගැත්තන් පිළිබඳව අභිඥානවන්ත නිරීක්ෂකයෙකු වන්නේය.
31

وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ خَشْيَةَ إِمْلَاقٍ ۖ نَّحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُمْ ۚ إِنَّ قَتْلَهُمْ كَانَ خِطْئًا كَبِيرًا

දිළිඳුකමට බිය වී නුඹලාගේ දරුවන් නුඹලා ඝාතනය නොකරවු. ඔවුන්ට ද නුඹලාට ද ජීවන සම්පත් ලබා දෙනුයේ අපමය. සැබැවින්ම ඔවුන්ව ඝාතනය කිරීම මහා වරදක් වන්නේය.
32

وَلَا تَقْرَبُوا الزِّنَىٰ ۖ إِنَّهُ كَانَ فَاحِشَةً وَسَاءَ سَبِيلًا

නුඹලා පරදාර ලිංගික සේවනයට සමීප නොවවු. සැබැවින්ම එය අශික්ෂිතය. මාර්ගයෙන් ද ඉතා නපුරුය.
33

وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ ۗ وَمَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلَا يُسْرِف فِّي الْقَتْلِ ۖ إِنَّهُ كَانَ مَنصُورًا

තවද (ඝාතනය කිරීමට) අල්ලාහ් තහනම් කළ ආත්මයක් නුඹලා යුක්තියෙන් මිස ඝාතනය නොකරවු. කවරෙකු අසාධාරණයට ලක්ව ඝාතනය කරනු ලැබුවේ ද සැබැවින්ම ඔහුගේ භාරකරුට (එහි තීන්දු ගැනීමේ) බලය පත් කළෙමු. 11 (සම ප්රතිදඬුවම් දැක්වීමක් වශයෙන් ඝාතකයාව) ඝාතනය කිරීමේ දී ඔහු සීමාව ඉක්ම විය නොයුතුය. සැබැවින්ම ඔහු උදව් කරනු ලබන්නෙකුය.
11මෙහි බලය යන්නෙන් අදහස් කරන්නේ ඝාතනයට හසු වූ අයගේ භාරකරුවන්ට ‘කිසාස්’ නැමැති සමප්රතිදඬුවම් කිරීමේ අයිතිය හෝ ‘දියත්’ නම් වන්දි ලබා ඝාතකයාව කමා කිරීමේ අයිතියයි. මෙම අයිතීන් ක්රියාන්විත කළ යුත්තේ අධිකරණ ක්රියාවලිය තුළින් ඝාතනය පිළිබඳව සම්පූර්ණයෙන් තහවුරු වීමෙන් අනතුරුවය. එසේ ඝාතනයට ලක් වූවාගේ භාරකරුවන්ට මෙවන් අයිතියක් තිබිය දී ඊට සීමාව ඉක්මවා යා නොයුතුයි යැයි මෙම ආයතයෙන් තව දුරටත් අවධාරණය කර ඇත. එහෙත් එකල අඥාන යුගයේ අරාබිවරුන් තම ගෝත්රයේ අයෙකු ඝාතනයට ලක් වූයේ නම් ඝාතකයාගේ ගෝත්රයේ බොහෝ දෙනෙකු ඝාතනය කරන්නෝය. නැතහොත් එක් අයෙකු ඝාතනය කළ ද ඔහුව ඉතා අමානුෂික ලෙස ඝාතනය කරන්නන් වූවෝය. මෙම ආයතයෙන් එලෙස හැසිරීම තහනම් යැයි අවවාද කර ඇත.
34

وَلَا تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُ ۚ وَأَوْفُوا بِالْعَهْدِ ۖ إِنَّ الْعَهْدَ كَانَ مَسْئُولًا

අනාථ දරුවාගේ වස්තුවට ඔහු වැඩිවියට එළැඹෙන තුරු යහ අයුරින් මිස සමීප නොවවු. 12 තවද නුඹලා ගිවිසුම ඉටු කරවු. සැබැවින්ම (නුඹලාගේ) ගිවිසුම විමසනු ලබන්නක්ය.
12‘යහ අයුරින් සමීප වීම’ යනු අනාථ දරුවාගේ වස්තූන් ආරක්ෂා කරන්නට හෝ ඒවා දියුණු කරන්නට හෝ මිස ඒවාට අත නොතැබිය යුතුය යන්නය. තවද ‘වැඩි වියට පත් වන තුරු’ යනු එම දරුවා තම කටයුතු තනිවම කළමනා කරන්නට නිසි තත්ත්වයක් ලබන වයස උදා වන තුරුය යන්නය.
35

وَأَوْفُوا الْكَيْلَ إِذَا كِلْتُمْ وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ ۚ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا

නුඹලා මනින විට මිනුම සම්පූර්ණ කරවු. තවද නුඹලා සම තුලනයකින් කිරවු. එයමය ශ්රේෂ්ඨ හා යහපත් අවසානය වන්නේ.
36

وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۚ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَـٰئِكَ كَانَ عَنْهُ مَسْئُولًا

නුඹට කවර දෙයක් පිළිබඳව දැනුම නොමැත්තේ ද එවන් දෑ පිළිබඳව කථා නොකරවු. සැබැවින්ම සවන, දෘෂ්ටිය හා හදවත යන මේවා සියල්ල ඒ ගැන ප්රශ්න කරනු ලබන දෑ වන්නේය. 13
13මෙම ආයතයෙන් අදහස් වන්නේ කෙනෙකු තමන්ට ආරංචි වන සියලු දෑ, තම අනිසි උද්වේගය, හදිසි ආශාවන් සහ අනුමානයන් අනුව ක්රියා නොකළ යුතුයි යන්නය. මේ අනුව ක්රියා කර, වැරැද්දක් අත් වූයේ නම් ලොව අවසන් දිනයේ අල්ලාහ් හමුවේ පිළිතුරු දිය යුතුව ඇත.
37

وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا ۖ إِنَّكَ لَن تَخْرِقَ الْأَرْضَ وَلَن تَبْلُغَ الْجِبَالَ طُولًا

තවද නුඹ මිහිතලයේ ගර්වයෙන් ගමන් නොකරවු. සැබැවින්ම නුඹට මිහිතලය දෙබෑ කළ නොහැක්කේමය. තවද කඳුහි උස ඉක්ම විය නොහැක්කේමය.
38

كُلُّ ذَٰلِكَ كَانَ سَيِّئُهُ عِندَ رَبِّكَ مَكْرُوهًا

මේ සියල්ලක්ම (පිළිබඳව නම්,) එහි නපුර නුඹගේ පරමාධිපති අබියස පිළිකුල් කරනු ලැබූ දෑය.
39

ذَٰلِكَ مِمَّا أَوْحَىٰ إِلَيْكَ رَبُّكَ مِنَ الْحِكْمَةِ ۗ وَلَا تَجْعَلْ مَعَ اللَّهِ إِلَـٰهًا آخَرَ فَتُلْقَىٰ فِي جَهَنَّمَ مَلُومًا مَّدْحُورًا

(නබිවරය!) මේවා නුඹගේ පරමාධිපති ප්රඥාවෙන් නුඹ වෙත වහී පහළ කළ දෑය. තවද අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු (හවුල්කරුවෙකු ලෙස) පත් නොකරවු. එසේ (කළේ) නම් අවලාදයට ලක්ව (අල්ලාහ්ගේ දයාවෙන්) ඉවත් කරනු ලැබූවෙකුව නිරයෙහි දමනු ලබන්නේය.
40

أَفَأَصْفَاكُمْ رَبُّكُم بِالْبَنِينَ وَاتَّخَذَ مِنَ الْمَلَائِكَةِ إِنَاثًا ۚ إِنَّكُمْ لَتَقُولُونَ قَوْلًا عَظِيمًا

(ප්රතික්ෂේපකයිනි,) නුඹලාගේ පරමාධිපති නුඹලාට පිරිමි දරුවන් පිරිනමා ඔහු මලක්වරුන්ව ගැහැනු දරුවන් ලෙස ගත්තේ ද? 14 (නැත.) සැබැවින්ම නුඹලා පවසනුයේ මහා (භයානක) ප්රකාශයකි.
14කාන්තාවන් පිරිමින්ට වඩා පහත් උදවිය යැයි ද මෙම පහත් උදවිය අල්ලාහ්ගේ දරුවන් යැයි ද එකල අරාබිවරුන් විශ්වාස කරන්නට වූහ. මොවුන් මෙසේ පැවසීමට හේතු වූයේ එකල ඔවුන් ගැහැනු දරුවන්ව අප්රිය කිරීමය. එහෙයින් තම දරුවන් අල්ලාහ්ගේ දරුවන්ට වඩා උසස් යැයි මොවුන්ගේ මිථ්යා මතයක් තිබුණි. නමුත් ඉස්ලාමීය කෝණයෙන් බැලූ කල අල්ලාහ්ට කිසිවිටෙක දරුවන් නොවන අතර කාන්තාවන් කිසිදු අන්දමකින් පිරිමින්ට වඩා පහත් උදවිය ද නොවන්නෝය.
41

وَلَقَدْ صَرَّفْنَا فِي هَـٰذَا الْقُرْآنِ لِيَذَّكَّرُوا وَمَا يَزِيدُهُمْ إِلَّا نُفُورًا

තවද ඔවුන් උපදෙස් ලබනු පිණිස සැබැවින්ම අපි මෙම අල් කුර්ආනයේ පැහැදිලි කළෙමු. (නමුත්) එය ඔවුනට පලා යාම මිස වෙනත් කිසිවක් අධික කළේ නැත.
42

قُل لَّوْ كَانَ مَعَهُ آلِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَّابْتَغَوْا إِلَىٰ ذِي الْعَرْشِ سَبِيلًا

(නබිවරය,) ඔවුන් පවසන පරිදි “ඔහු සමග වෙනත් දෙවිවරුන් වී නම් එවිට අර්ෂ්හි හිමියන් (විනාශ කිරීම)ට ඔවුන් මගක් සොයනු ඇත” යැයි පවසවු. 15
15මෙම ආයතයෙන් බහු දේවවාදීත්වයට පිළිතුරු දී ඇත. එනම් අල්ලාහ් හැර වෙනත් දේව බලය ලැබූ දෙවිවරුන් සිටී නම් ඔවුන් සියලු දෙනාම ඉතා ස්වාධීනව සිටීමට උත්සහ දරනු ඇත. තවද ඔවුන් අතර නොයෙකුත් මතභේද ඇති වීමට ද ඉඩ ඇත. එසේ වූයේ නම් විශ්වයෙහි ව්යසනකාරී තත්ත්වයන් ඇති විය හැකිය. එසේ නම් විශ්වය නිසියාකාරව ක්රියාත්මක වීමෙහි යථාර්ථය බැලූ කල සියල්ල පාලනය කිරීමට එක් දෙවියෙකු පමණක් සිටී බව පැහැදිලි වන්නේය.
43

سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يَقُولُونَ عُلُوًّا كَبِيرًا

ඔහු පිවිතුරුය. තවද ඔවුන් පවසන දැයින් ඔහු අති මහත් ලෙස උත්තරීතරය.
44

تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالْأَرْضُ وَمَن فِيهِنَّ ۚ وَإِن مِّن شَيْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَلَـٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا

අහස් හත හා මිහිතලය ද ඒවායෙහි සිටින දැය ද ඔහුව පිවිතුරු කරති. ඔහුගේ ප්රශංසාවෙන් (ඔහුව) පිවිතුරු කරන්නක් මිස කිසිවක් (ඒවායෙහි) නැත. එනමුත් ඔවුන්ගේ පිවිතුරු කිරීම නුඹලා වටහා නොගන්නෙහුය. සැබැවින්ම ඔහු ඉවසිලිවන්තය අති ක්ෂමාශීලීය.
45

وَإِذَا قَرَأْتَ الْقُرْآنَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ حِجَابًا مَّسْتُورًا

නුඹ අල් කුර්ආනය පාරායනය කරන විට නුඹ හා (නුඹට හිරිහැර කරන) මතුලොව විශ්වාස නොකරන්නන් අතර ආදෘශ්යමාන තිරයක් (නුඹගේ ආරක්ෂාව සඳහා) පත් කළෙමු.
46

وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۚ وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِي الْقُرْآنِ وَحْدَهُ وَلَّوْا عَلَىٰ أَدْبَارِهِمْ نُفُورًا

අපි ඔවුනට එ(ම අල් කුර්ආන)ය නොවැටහෙන සේ ඔවුන්ගේ හදවත් මත ආවරණයක් ද ඔවුන්ගේ කන් තුළ අගුලක් ද ඇති කළෙමු. නුඹ අල් කුර්ආනයෙහි (සඳහන් අයුරින්) නුඹගේ පරමාධිපති( පිළිබඳ)ව පමණක් පවසන විට, ඔවුන් පසුපස හැරී පලා යන්නෝය.
47

نَّحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَىٰ إِذْ يَقُولُ الظَّالِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَّسْحُورًا

ඔවුන් නුඹට සවන් දෙ(න්නන් අතර සිටි)න විට ඔවුන් කුමක් සවන් දෙන්නේ දැයි අපි මැනවින් දන්නෙමු. (ඇත්තෙන්ම ඔවුන් නුඹට සවන් නොදෙන්නන්මය.) එවිට “නුඹලා අනුගමනය කරනුයේ හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස නැතැ”යි අපරාධකරුවන් ප්රකාශ කරමින් ඔවුන් (අතර) රහසින් කතා කරමින් සිටින්නන්ය.
48

انظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثَالَ فَضَلُّوا فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا

ඔවුන් නුඹට (සමච්චලයට මෙන්) කෙසේ උපමාවන් ගෙන හැර දැක්වූයේ දැ?යි බලවු. මෙනිසා ඔවුන් මූළාවූවෝය. එබැවින් ඔවුන් (යහ)මගක් සඳහා හැකියාව නොලබන්නෝය.
49

وَقَالُوا أَإِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا

“අප ඇටකටු බවට පත්ව දිරාපත් පත් වූවායින් පසුවත් නව මැවුමක් ලෙස අප නැවත නැගිටුවනු ලබන්නන් වන්නෙමු දැ?”යි ඔවුහු පැවසුවෝය.
50

قُلْ كُونُوا حِجَارَةً أَوْ حَدِيدًا

“නුඹලා ගලක් හෝ යකඩයක් මෙන් වනු. එසේත් නොමැතිනම් නුඹලාගේ හදවත් තුළ (ශක්තිමත් යැයි උපකල්පනය කරන) මහත් වූ මැවුමක් බවට පත් වවු.” යැයි (නබිවරය, ප්රතික්ෂේපක) ඔවුනට පවසවු. එසේ (ඔවුන් එවන් මැවුමක් මෙන් පත්)වූවත් අපව නැවතත් ගෙන එනුයේ කවුරුන් දැ?යි ඔවුහු විමසති. (නබිවරය,) “ප්රථම වරට නුඹලාව මැවූ ඔහුම” යැයි පවසවු. එවිට නුඹ වෙත ඔවුන් (සමච්චලයෙන්) තම හිස් වනමින් ‘එය කවදා දැ?’යි විමසන්නෝය. ‘එය සමීපයෙන් සිදු වනු ඇතැ’යි නුඹ පවසවු.
51

أَوْ خَلْقًا مِّمَّا يَكْبُرُ فِي صُدُورِكُمْ ۚ فَسَيَقُولُونَ مَن يُعِيدُنَا ۖ قُلِ الَّذِي فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ ۚ فَسَيُنْغِضُونَ إِلَيْكَ رُءُوسَهُمْ وَيَقُولُونَ مَتَىٰ هُوَ ۖ قُلْ عَسَىٰ أَن يَكُونَ قَرِيبًا

“නුඹලා ගලක් හෝ යකඩයක් මෙන් වනු. එසේත් නොමැතිනම් නුඹලාගේ හදවත් තුළ (ශක්තිමත් යැයි උපකල්පනය කරන) මහත් වූ මැවුමක් බවට පත් වවු.” යැයි (නබිවරය, ප්රතික්ෂේපක) ඔවුනට පවසවු. එසේ (ඔවුන් එවන් මැවුමක් මෙන් පත්)වූවත් අපව නැවතත් ගෙන එනුයේ කවුරුන් දැ?යි ඔවුහු විමසති. (නබිවරය,) “ප්රථම වරට නුඹලාව මැවූ ඔහුම” යැයි පවසවු. එවිට නුඹ වෙත ඔවුන් (සමච්චලයෙන්) තම හිස් වනමින් ‘එය කවදා දැ?’යි විමසන්නෝය. ‘එය සමීපයෙන් සිදු වනු ඇතැ’යි නුඹ පවසවු.
52

يَوْمَ يَدْعُوكُمْ فَتَسْتَجِيبُونَ بِحَمْدِهِ وَتَظُنُّونَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًا

(එය සිදු වනුයේ මිනී වළෙන්) නුඹලාව ඔහු කැඳවා ඔහුගේ ප්රශංසාවෙන් නුඹලා පිළිතුරු දී (ලොවෙහි) ස්වල්ප (කාලයක්) මිස නුඹ රැඳී නොසිටි බව නුඹලා සිතන දිනයෙහිය.
53

وَقُل لِّعِبَادِي يَقُولُوا الَّتِي هِيَ أَحْسَنُ ۚ إِنَّ الشَّيْطَانَ يَنزَغُ بَيْنَهُمْ ۚ إِنَّ الشَّيْطَانَ كَانَ لِلْإِنسَانِ عَدُوًّا مُّبِينًا

(නබිවරය,) “(එකිනෙකා කථා කරන විට) ඉතා යහපත් දැය පවසන්නැ”යි මාගේ ගැත්තන්ට නුඹ පවසවු. (මන්දයත්) සැබැවින්ම ෂෙයිතාන් නුඹලා අතර භේදභින්නභාවය ඇති කරයි. සැබැවින්ම ෂෙයිතාන් මිනිසාට පැහැදිලි සතුරෙකු විය.
54

رَّبُّكُمْ أَعْلَمُ بِكُمْ ۖ إِن يَشَأْ يَرْحَمْكُمْ أَوْ إِن يَشَأْ يُعَذِّبْكُمْ ۚ وَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ وَكِيلًا

නුඹලාගේ පරමාධිපති නුඹලා (අතර පාපතරයින්) පිළිබඳව මැනවින් දන්නාය. ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට දයාව දක්වන්නේය. නැතහොත් ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට දඬුවම් කරන්නේය. ඔවුන් වෙත භාරකරුවෙකු ලෙස අපි නුඹව නොඑව්වෙමු.
55

وَرَبُّكَ أَعْلَمُ بِمَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيِّينَ عَلَىٰ بَعْضٍ ۖ وَآتَيْنَا دَاوُودَ زَبُورًا

අහස්හි හා මිහිතලයේ සිටිනවුන්(ගෙන් ඔහුගේ දූතත්වය සඳහා කවුරුන් සුදුසුද යන්න) පිළිබඳව නුඹගේ පරමාධිපති මැනවින් දන්නාය. නබිවරුන්ගෙන් සමහරෙකු තවත් සමහරෙකුට වඩා අපි උසස් කළෙමු. (ඒ අතුරින්) අපි දාවූද්ට zසබූරය ප්රදානය (කර ඔහුව උසස්) කළෙමු.
56

قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُم مِّن دُونِهِ فَلَا يَمْلِكُونَ كَشْفَ الضُّرِّ عَنكُمْ وَلَا تَحْوِيلًا

“(අල්ලාහ් වන) ඔහු හැර (දෙවිවරුන් යැයි) නුඹලා ස්ථිරව සිතූවන්ව කැඳවවු. එවිට නුඹලාගෙන් ඔවුන් හානිය ඉවත් කිරීමට හෝ (එය) වෙනතකට හැරවීමට හෝ හැකියාව නොදරන්නෝය.” යැයි (නබිවරය, ප්රතික්ෂේපකයින්ට) පවසවු.
57

أُولَـٰئِكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ الْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ ۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا

ඔවුන් (දෙවිවරුන් ලෙස) අයැද සිටින්නන් (වන මලක්වරුන් පවා තමන් අතුරින් පරමාධිපතිට) ඉතා සමීප කවුරුන්දැ’යි යන්නට තම පරමාධිපති වෙත වූ මාර්ගය සොයන්නෝය. තවද ඔවුන් ඔහුගේ දයාව අපේක්ෂා කර ඔහුගේ දඬුවමට බිය වන්නෝය. සැබැවින්ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම අවවාදාත්මක විය.
58

وَإِن مِّن قَرْيَةٍ إِلَّا نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ الْقِيَامَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًا شَدِيدًا ۚ كَانَ ذَٰلِكَ فِي الْكِتَابِ مَسْطُورًا

(මළවුන්) නැගිටුවනු ලබන දිනට පෙර කිසිදු නගරයක් අප එය විනාශ කරනු මිස හෝ එයට (අප) දැඩි දඬුවම් පමුණුවනු මිස නැත. 16 මෙය (ලව්හුල් මහ්ෆූල් නම්) ලේඛනයේ සඳහන් කරනු ලැබූවක් විය.
16මෙහි විනාශ කිරීම යන්නෙහි අදහස් දෙකක් ගත හැකිය. පළමුව මෙම සියලු ගම්වාසීන් පාපයන් සිදුකර පශ්චාත්තාප නොවූ හෙයින් සියල්ලන්වම අල්ලාහ්ගේ දඬුවමට භාජනය වීම. දෙවැන්න ලොව අවසන් දිනයේ සියලු මැවුම් සමග සියලු නගරයන් ද විනාශ වීම.
59

وَمَا مَنَعَنَا أَن نُّرْسِلَ بِالْآيَاتِ إِلَّا أَن كَذَّبَ بِهَا الْأَوَّلُونَ ۚ وَآتَيْنَا ثَمُودَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُوا بِهَا ۚ وَمَا نُرْسِلُ بِالْآيَاتِ إِلَّا تَخْوِيفًا

(ප්රතික්ෂේපක ඔවුන් පතන සියලු සාධකයන්), ඒවා (ඔවුන්ගේ) මුතුන් මිත්තන් අසත්යය කළෝය යන්න මිස අපි සාධකයන් එවීම අපව වැළැක්වූයේ නැත. අපි සමූද් ජනයාට ඔටු දෙනකු දෑස් පනාපිටම පිරිනැමුවෙමු. එවිට ඔවුන් ඌට අපරාධ කළෝය. 17 (එබැවින් අප ඔවුන්ව විනාශ කළෙමු.) අවවාදයට මිස අපි සාධකයන් නොඑව්වෙමු.
17මෙම සිදුවීමෙහි කෙටි විස්තරයක් දැන ගැනීම සඳහා අල් කුර්ආන් 7:73 හි පාද සටහන බලන්න. මක්කාවාසී ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ගෙන් විවිධ ප්රාතිහාර්යයන් ගෙන හැර පෙන්වන මෙන් ඉල්ලා සිටි මොහොතක මෙම ආයතය පහළ විය. මෙයින් පෙන්නුම් කරන්නේ යම් පිරිසක් අල්ලාහ්ගෙන් ප්රාතිහාර්යයන් ඉල්ලා සිට ඔවුන්ට ඒවා ඉටු වී එය ප්රතික්ෂේප කළේ නම් ඔවුනට අල්ලාහ්ගේ දඬුවම පැමිණෙන්නේමය යන්නය.
60

وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِالنَّاسِ ۚ وَمَا جَعَلْنَا الرُّؤْيَا الَّتِي أَرَيْنَاكَ إِلَّا فِتْنَةً لِّلنَّاسِ وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي الْقُرْآنِ ۚ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلَّا طُغْيَانًا كَبِيرًا

(නබිවරය,) සැබැවින්ම නුඹගේ පරමාධිපති (නුඹට හිංසා කරන) ජනයාව වටලා (නුඹව ආරක්ෂා කරමින්) සිටින්නේ යැයි නුඹට අපි පැවසූ අවස්ථාව (සිහිපත් කරවු). නුඹට අප පෙන්වා දුන් දර්ශනය ද 18 අල් කුර්ආනයේ සඳහන් ශාප කරන ලද ගස ද ජනයාට පරීක්ෂණයක් බවට මිස අපි පත් නොකළෙමු. තවද අපි ඔවුන්ව භීතියට පත් කරන්නෙමු. නමුත් අධිකව සීමාව ඉක්මවා යෑම මිස එය ඔවුන්ට වැඩි නොකළේය.
18මෙහි ‘දර්ශනය’ යනුවෙන් අදහස් කරන්නේ මෙම සූරාවෙහි පළමු ආයතයෙහි සඳහන් ‘ඉස්රා හා මිඃරාජ් ගමන’ පිළිබඳවය. අල් කුර්ආන් 44:43-44 යන ආයතයෙහි නිරයේ වැසියන්ගේ ආහාරය zසක්කූම් ගස යැයි සඳහන් වී ඇත. මක්කාවාසී ප්රතික්ෂේපකයින් මෙම සිදුවීම් දෙකම සිදුවිය නොහැක්කක් යැයි පවසන්නට වූහ. මෙවන් ආශ්චර්යයන් අල්ලාහ් පත් කිරීමට හේතුව අල්ලාහ්ගේ බලය විශ්වාස කරන්නේ ද නැතහොත් තම දුර්වල බුද්ධිය යොදවන්නේ දැ’යි පිරික්සුම් කිරීම සඳහා යැයි මෙම ආයතය පෙන්වා දෙයි.
61

وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ قَالَ أَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا

“ආදම්ට සුජූද් කරවු” යැයි අප මලක්වරුන්ට පැවසූ අවස්ථාව (සිහිපත් කරවු). ඉබ්ලීස් හැර ඔවුහු (සියල්ලෝම) සුජූද් කළහ. ‘නුඹ මැටියෙන් මැවූ අයට මා සුජූද් කරන්නෙම්’ දැයි ඔහු පැවසීය.
62

قَالَ أَرَأَيْتَكَ هَـٰذَا الَّذِي كَرَّمْتَ عَلَيَّ لَئِنْ أَخَّرْتَنِ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُ إِلَّا قَلِيلًا

“මට වඩා ඔබ ගෞරවයට පත් කළ මොහුව ද? (මා සුජූද් කළ යුතුය යන්නෙන්) ඔබ අදහස් කරනුයේ. (මළවුන්) නැගිටුවනු ලබන දින දක්වා නුඹ (මාගේ මරණය සඳහා) මා ප්රමාද කළේ නම් ඔහුගේ(ආදම්ගේ) පරපුරෙන් ස්වල්පයක් හැර (සෙසු අයව) මම අපිරිසිදු කරන්නෙමි’ යැයි පැවසීය.
63

قَالَ اذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَاؤُكُمْ جَزَاءً مَّوْفُورًا

“නුඹ (බැහැරව) යවු. (නුඹට මා අවකාශය දෙන්නෙමි.) එහෙයින් ඔවුන් අතුරින් කවරෙකු හෝ නුඹව පිළිපැද්දේ නම් එවිට සැබැවින්ම පරිපූර්ණ ප්රතිවිපාක වශයෙන් නුඹලාගේ ප්රතිවිපාකය වන්නේ නිරයයි.” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
64

وَاسْتَفْزِزْ مَنِ اسْتَطَعْتَ مِنْهُم بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِم بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ وَعِدْهُمْ ۚ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلَّا غُرُورًا

ඔවුන් අතුරින් නුඹට හැකි අයව (සංගීතය වැනි) නුඹේ හඬින් මුළා කරවු. නුඹගේ අශ්වාරෝහකයින් ද පාබලයින් ද ඔවුනට එරෙහිව පෙළ ගස්වවු. (ඔවුන්ගේ) වස්තූන්හි ද දරුවන්හි ද (තහනම් දැයින්) ඔවුන් සමග නුඹ ද හවුල් වවු. තවද ඔවුනට ප්රතිඥා දෙවු.” (යැයි අල්ලාහ් පැවසීය.) ෂෙයිතාන් ඔවුනට රැවටීම මිස (වෙනත් කිසිවක්) ප්රතිඥා නොදෙන්නේය.
65

إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ ۚ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلًا

“සැබැවින්ම මාගේ (යහ)ගැත්තන් කෙරෙහි නුඹට කිසිදු ආධිපත්යයක් නොමැත. භාරකරුවා වශයෙන් නුඹගේ පරමාධිපති ප්රමාණවත් වන්නේය.” (යැයි ෂෙයිතාන්ට අල්ලාහ් පැවසීය.)
66

رَّبُّكُمُ الَّذِي يُزْجِي لَكُمُ الْفُلْكَ فِي الْبَحْرِ لِتَبْتَغُوا مِن فَضْلِهِ ۚ إِنَّهُ كَانَ بِكُمْ رَحِيمًا

(වෙළඳාමෙන්) නුඹලාගේ පරමාධිපතිගේ වරප්රසාදයන් සෙවීමට නුඹලා වෙනුවෙන් නෞකාවන් මහ මුහුදෙහි යාත්රා කරවනුයේ ඔහුමය. සැබැවින්ම ඔහු නුඹලා සමග පරම කරුණාභරිත විය.
67

وَإِذَا مَسَّكُمُ الضُّرُّ فِي الْبَحْرِ ضَلَّ مَن تَدْعُونَ إِلَّا إِيَّاهُ ۖ فَلَمَّا نَجَّاكُمْ إِلَى الْبَرِّ أَعْرَضْتُمْ ۚ وَكَانَ الْإِنسَانُ كَفُورًا

මුහුදෙහි විපතක් නුඹලාට ඇති වූ විටෙක (අල්ලාහ් වන) ඔහු හැර නුඹලා අයැදින දෑ (නුඹලාගෙන්) මුළා වී යන්නෝය. (මන්දයත් විපතින් ආරක්ෂා කරනුයේ අල්ලාහ් පමණය.) නමුත් නුඹලාව ආරක්ෂිතව ඔහු ගොඩ බැස් වූ කල්හි නුඹලා (ඔහුට) පිටුපාන්නෙහුය. තවද මිනිසා අකෘතඥ විය.
68

أَفَأَمِنتُمْ أَن يَخْسِفَ بِكُمْ جَانِبَ الْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ثُمَّ لَا تَجِدُوا لَكُمْ وَكِيلًا

ගොඩබිමෙහි පෙදෙසක නුඹලා සමග පොළොව ගිල්වීම පිළිබඳවත් නුඹලා වෙත ගල් වර්ෂාවක් එවීම පිළිබඳවත් නුඹලා නිර්භියව සිටින්නෙහු ද? (එසේ අප කළේ නම්) පසුව නුඹලා තමන් වෙනුවෙන් කිසිදු භාරකරුවෙකු නොලබන්නෙහුය.
69

أَمْ أَمِنتُمْ أَن يُعِيدَكُمْ فِيهِ تَارَةً أُخْرَىٰ فَيُرْسِلَ عَلَيْكُمْ قَاصِفًا مِّنَ الرِّيحِ فَيُغْرِقَكُم بِمَا كَفَرْتُمْ ۙ ثُمَّ لَا تَجِدُوا لَكُمْ عَلَيْنَا بِهِ تَبِيعًا

එසේ නොමැතිනම් තවත් වතාවක් නුඹලාව එ(ම මුහුදු ගමනෙ)හි නැවත යවා නුඹලා ප්රතික්ෂේප කළ බැවින් නුඹලා වෙත කුණාටුවක් එවා නුඹලාව ඔහු ගිල්වීම පිළිබඳව නුඹලා නිර්භියව සිටින්නෙහු ද? පසුව (එසේ කළේ නම්) නුඹලා වෙනුවෙන් අපට එරෙහිව එයින් ආරක්ෂා කරන්නෙකු පැමිණෙන කිසිවෙකු නුඹලා නොලබන්නෙහුය.
70

وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَىٰ كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلًا

තවද සැබැවින්ම අපි ආදම්ගේ දරුවන්ව ගෞරවයට පත් කළෙමු. ගොඩබිමේ හා මුහුදේ අපි ඔවුන්ව ඉසිලුවෙමු. තවද පිවිතුරු දැයින් අපි ඔවුනට ජීවන සම්පත් ලබා දුනිමු. තවද අප මැවූවන්( අතුරින් අනෙක් අය)ට වඩා අධික වශයෙන් ඔහුව අපි ඉතා උසස් කළෙමු.
71

يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ ۖ فَمَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَأُولَـٰئِكَ يَقْرَءُونَ كِتَابَهُمْ وَلَا يُظْلَمُونَ فَتِيلًا

සෑම ජන සමූහයක්ම ඔවුනොවුන්ගේ මෙහෙයවන්නා සමග අප කැඳවන දින කවරෙකුට තම දකුණතෙහි තම ලේඛනය දෙනු ලබන්නේ ද (එවන් දැහැමියන්) ඔවුන්ගේ ලේඛනය ඔවුහු (සතුටින්) කියවති. තවද අණුවක තරම්වත් ඔවුන් අපරාධ කරනු නොලබන්නෝය.
72

وَمَن كَانَ فِي هَـٰذِهِ أَعْمَىٰ فَهُوَ فِي الْآخِرَةِ أَعْمَىٰ وَأَضَلُّ سَبِيلًا

(නමුත්) කවරෙකු මෙ(ලොවෙ)හි (සත්යයෙන්) අන්ධයෙකුව සිටියේ ද මතු ලොවෙහි ද ඔහු අන්ධයෙකි. තවද (යහ) මාර්ගයෙන් අන්ත මුළාවූවෙකි.
73

وَإِن كَادُوا لَيَفْتِنُونَكَ عَنِ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ لِتَفْتَرِيَ عَلَيْنَا غَيْرَهُ ۖ وَإِذًا لَّاتَّخَذُوكَ خَلِيلًا

(නබිවරය, වහී නොවන) වෙනත් දෙයක් අප මත නුඹ ගොතනු පිණිස අප නුඹට වහී මගින් පහළ කළ දෙයින් (නුඹව දුරස් කොට) නුඹව ව්යසනයට පත් කිරීමට (ප්රතික්ෂේපක) ඔවුහු සැබැවින්ම තැත් කළෝය. (එසේ කළේ නම්) එවිට ඔවුහු නුඹව සමීප මිතුරෙකු සේ ගනු ඇත.
74

وَلَوْلَا أَن ثَبَّتْنَاكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلًا

(නබිවරය,) අපි නුඹව (බිය බැතිභාවයෙන්) ස්ථාවර නොකළේ නම් ස්වල්ප වශයෙන් හෝ ඔවුන් වෙත නැඹුරු වීමට සැබැවින්ම නුඹ සමීප වන්නට තිබුණි.
75

إِذًا لَّأَذَقْنَاكَ ضِعْفَ الْحَيَاةِ وَضِعْفَ الْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا

(එසේ නුඹ සමීප වූයේ නම්) එවිට අපි නුඹට (වේදනාව) ජීවිතයේ දී දෙගුණයක් ද මරණයේ දී දෙගුණයක් ද විඳවන්නෙමු. පසුව අපට එරෙහිව නුඹ වෙනුවෙන් කිසිදු උදව්කරුවෙකු නුඹ නොලබන්නෙහිය. 19
19ඇතැම් මක්කාවාසී ප්රතික්ෂේපක ප්රභූවරුන් නබි මුහම්මද් තුමාණන් සමග සිටින දුප්පත් සහාබිවරුන් තම සභාවෙන් ඈත් කළේ නම් ඔහුව නබිවරයෙකු යන්නෙන් විශ්වාස කරන්නෙමු යැයි ඔහුට පැවසුවෝය. පසුව නබි මුහම්මද් තුමාණන් ඔවුන් ඉස්ලාමය වැලඳ ගනු ඇත යන චේතනාවෙන් ආරම්භයෙහි එම මතය සැළකිල්ලට ගත් අතර පසුව එම මතය ප්රතික්ෂේප කළේය.
76

وَإِن كَادُوا لَيَسْتَفِزُّونَكَ مِنَ الْأَرْضِ لِيُخْرِجُوكَ مِنْهَا ۖ وَإِذًا لَّا يَلْبَثُونَ خِلَافَكَ إِلَّا قَلِيلًا

තවද (නබිවරය, මෙම) භූමියෙන් නුඹව පන්නා දමා එයින් නුඹව පිටුවහල් කිරීමට ඔවුහු සැබැවින්ම තැත් කළෝය. එවිට (නුඹ බැහැර වූයේ නම්) නුඹට පසුව ස්වල්පයක් හැර ඔවුහු එහි රැඳී නොසිටින්නෝය. 20
20මක්කාවාසී ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ව මක්කා දේශයෙන් පිටුවහල් කිරීමට කුමන්ත්රණ කළෝය. එසේ ඔහු පිටුවහල් කරනු ලැබුයේ නම් ප්රතික්ෂේපකයින්ට එහි වාසය කළ හැක්කේ කෙටි කාලයක් යැයි මෙම ආයතයේ අදහසයි. මන්දයත් පාපතරයින්ගෙන් පිරුණු එම භූමිය අල්ලාහ් විනාශ නොකරනුයේ අල්ලාහ්ගේ දූතයෙකු වන නබි මුහම්මද් තුමාණන් ද එහි සිටින හෙයිනි. පසුකාලීනව සිදු වූ ඇතැම් සිදුවීම් මගින් මෙම ආයතය සැබෑ විය. එනම් එතුමාණන් මදීනා දේශය කරා දේශාන්තරණය කිරීමෙන් අනතුරුව බද්ර් යුද්ධයෙන් බොහෝ ප්රතික්ෂේපක ප්රභූවරුන් මරණයට පත් වූ අතර තවත් බොහෝ ප්රභූවරුන් ගම්බිම් අත හැර වෙනත් දේශයන් කරා ගියෝය. තවද තවත් බොහෝමයක් ප්රභූවරුන් ඉස්ලාමය වැළඳ ගත්තෝය.
77

سُنَّةَ مَن قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِن رُّسُلِنَا ۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلًا

අපගේ රසූල්වරුන් අතුරින් සැබැවින්ම නුඹට පෙර අප එවූ අයගේ පිළිවෙත ද (මෙය)යි. අපගේ පිළිවෙතෙහි වෙනස් කිරීමක් නුඹ නොලබන්නේය.
78

أَقِمِ الصَّلَاةَ لِدُلُوكِ الشَّمْسِ إِلَىٰ غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ ۖ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا

(නබිවරය,) සූර්යයා නැඹුරු වූ අවස්ථාවේ සිට රාත්රී ඇඳිරිය දක්වා සලාතය 21 ද අලුයම සලාතය ද ස්ථාපිත කරවු. සැබැවින්ම ෆජ්ර් (සලාතයෙ)හි කුර්ආන් පාරායනය කිරීම (බොහෝ මලක්වරුන් විසින්) නිරීක්ෂණය කරනු ලබන්නක්ව පවතී.
21‘සූර්යයා නැඹුරු වූ අවස්ථාවේ සිට රාත්රී ඇඳිරිය දක්වා සලාතය’ යනුවෙන් අදහස් කරන්නේ ලුහර්, අසර්, මඃරිබ් හා ඉෂා යන සලාතයන්ය ද ‘අලුයම සලාතය’ යැයි අදහස් කරන්නේ උදෑසන ෆජ්ර් සලාතය ද වේ.
79

وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَّكَ عَسَىٰ أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا

තවද රාත්රියෙහි තහජ්ජුද් සලාතය එමගින්(අල් කුර්ආනය පාරායනය කිරීම මගින්) ඉටු කරවු. (මෙය) ඔබට (පමණක් අනිවාර්යය වූ) අතිරේක (නැමදුමක්) වශයෙනි. නුඹගේ පරමාධිපති, ප්රශංසා කරනු ලැබූ පදවියෙහි නුඹව (විනිශ්චය දිනයෙහි) පත් කරන්නට පුළුවන. 22
22මෙහි ‘ප්රසංශා කරනු ලැබූ පදවිය’ යනු විනිශ්චය දිනදී මුළු මිනිස් සමූහයා වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සිටීමට මැදිහත් වීමේ භාග්යය ලබන උතුම් පදවියයි.
80

وَقُل رَّبِّ أَدْخِلْنِي مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِي مُخْرَجَ صِدْقٍ وَاجْعَل لِّي مِن لَّدُنكَ سُلْطَانًا نَّصِيرًا

තවද (නබිවරය,) “මාගේ පරමාධිපතියාණනි, සත්යය (සිතින් වූ) පිවිසුමක් ලෙස (මදීනා නගරයට) මා ඇතුළු කරනු මැනව! තවද සත්යය (සිතින් වූ) පිටවීමක් ලෙස (මක්කා නගරයෙන්) මා බැහැර කරනු මැනව! තවද නුඹ වෙතින් වූ උපකාරී බලයක් මා හට පත් කරනු මැනව!” යැයි පවසවු. 23
23මෙම ප්රාර්ථනය නබි මුහම්මද් තුමාණන්ට අල්ලාහ් ඉගැන්වූයේ ඔහු මක්කා දේශයේ සිටින අවදියේ දීය. මෙයින් ඔහුට පෙන්නුම් කර දී ඇත්තේ කෙදිනක හෝ නබි මුහම්මද් තුමාණන් මක්කාවෙන් මදීනාවට දේශාන්තරණය කරන බවය. පසුව එලෙසම සිදු විය.
81

وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ ۚ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا

තවද “සත්ය( අල් කුර්ආන)ය පැමිණ ඇත. අසත්යය විනාශ විය. සැබැවින්ම අසත්යය විනාශ වන්නක්ම විය” යැයි පවසවු.
82

وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ ۙ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا

තවද විශ්වාසවන්තයින්ට අල් කුර්ආනයෙන් ප්රතිකාරකයක් හා දයාවක් වූ දෑ අපි පහළ කරන්නෙමු. (එහෙත්) අපරාධකයින්ට එය අලාභය මිස (වෙනත් කිසිවක්) වැඩි නොකරන්නේය.
83

وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنسَانِ أَعْرَضَ وَنَأَىٰ بِجَانِبِهِ ۖ وَإِذَا مَسَّهُ الشَّرُّ كَانَ يَئُوسًا

(මිනිසාට යම් කරදරයක් ඇති වී) අපි මිනිසා කෙරෙහි වරප්රසාද දායාද කළ විට ඔහු (අපට අකෘතඥ වී) පිටුපා තමාව (වෙනතකට) හරවා ගන්නේය. තවද ඔහුට නපුරක් ඇති වූ විටෙක අපේක්ෂාභංගයෙකු (වී අප වෙත හැරෙන්නෙකු) බවට පත් වන්නේය.
84

قُلْ كُلٌّ يَعْمَلُ عَلَىٰ شَاكِلَتِهِ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَىٰ سَبِيلًا

(නබිවරය,) “සෑම කෙනෙකුම (තම) තමන්ගේ ශෛලිය අනුව කටයුතු කරන්නේය. එබැවින් (ඒ අතුරින්) කවරෙකු වඩා නිවැරදි මාර්ගය ලැබූවන් දැයි නුඹගේ පරමාධිපති මැනවින් දන්නාය” යැයි පවසවු.
85

وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ ۖ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُم مِّنَ الْعِلْمِ إِلَّا قَلِيلًا

(නබිවරය, යුදෙව්) ඔවුහු නුඹගෙන් ප්රාණය පිළිබඳව විමසා සිටින්නෝය. “ප්රාණය මාගේ පරමාධිපතිගේ නියෝගයෙන් වූවකි. (එහි දැනුම අල්ලාහ් සතුව පමණි) දැනුමෙන් ස්වල්පයක් මිස නුඹලාට දෙනු නොලැබීය.” යැයි පවසවු. 24
24මෙම ආයතය පහළ වීමට හේතු වූයේ යුදෙව්වන් නබි මුහම්මද් තුමාණන්ගෙන් ‘රූහ්’(ප්රාණය) යනු කුමක් ද? යැයි විමසීමයි. මෙයින් අදහස් වන්නේ සීමිත බුද්ධියක් ඇති මනුෂ්යයාට රූහ් නැමැති බැරෑරුම් දැයක් වටහා ගැනීම අපහසු බවයි. එසේ හෙයින් මිනිසා විශ්වාස කළ යුත්තේ එය අල්ලාහ්ගේ මැවුමක් යන්නෙන් පමණි.
86

وَلَئِن شِئْنَا لَنَذْهَبَنَّ بِالَّذِي أَوْحَيْنَا إِلَيْكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِ عَلَيْنَا وَكِيلًا

සැබැවින්ම අපි අභිමත කළේ නම් නුඹ වෙත වහී වශයෙන් පහළ කළ දෑ (නුඹෙන්) පහ කර ඇත්තෙමු. පසුව ඒ සඳහා නුඹ වෙනුවෙන් අපට එරෙහිව කිසිදු භාරකරුවෙකු නුඹ නොලබන්නෙහිය.
87

إِلَّا رَحْمَةً مِّن رَّبِّكَ ۚ إِنَّ فَضْلَهُ كَانَ عَلَيْكَ كَبِيرًا

(එහෙත් නුඹට වහී පහළ වූයේ) නුඹගේ පරමාධිපතිගෙන් වූ දයාවකින් මිස (අන් හේතුවකින් නොව.) සැබැවින්ම ඔහුගේ වරප්රසාදය නුඹ කෙරෙහි මහඟු විය.
88

قُل لَّئِنِ اجْتَمَعَتِ الْإِنسُ وَالْجِنُّ عَلَىٰ أَن يَأْتُوا بِمِثْلِ هَـٰذَا الْقُرْآنِ لَا يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا

“මෙම අල් කුර්ආනය මෙන් යමක් ගෙන ඒමට මිනිසුන් හා ජින්වරුන් ඒකරාශි වී ඔවුන්ගෙන් සමහරෙකු තවත් සමහරෙකුට (එම කර්තව්යයට) උදව්කරුවන් ලෙස සිටිය ද මෙවැන්නක් ඔවුන් නොගෙනෙන්නෝය” යැයි (නබිවරය,) පවසවු. 25
25නබි මුහම්මද් තුමාණන් යම් ප්රාතිහාර්යයක් ගෙන හැර පෑ යුතු යැයි ප්රතික්ෂේපකයින් විමසූ විට මෙම ආයතය පහළ විය. එනම් ඔබ අතර අවුරුදු 40 පමණ කාලයක් පුරා නබි මුහම්මද් තුමාණන් ජීවත් විය. එහෙත් ඔහුගේ සාමාන්යය කතා ශෛලිය හා අල් කුර්ආනයේ භාෂා ශෛලිය කෙසේ වෙනස් දැ’යි නුඹලා මැනවින් දනියි. සියලු මිනිස් හා ජින්වරුන් සියල්ලන්ම එක් වී සැකසුම් කළ ද මෙවැනි උසස් වාග් චාතූර්යයෙන් යුත් ග්රන්ථයක් ගෙන ආ නොහැක යැයි මෙම ආයතයෙන් අභියෝග කර ඇත. අදටත් මෙම අභියෝගය විවෘතව ඇති හෙයින් කෙදිනක හෝ මෙවන් ග්රන්ථයක් ගෙන ආ නොහැකි ආශ්චර්යයකි.
89

وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِي هَـٰذَا الْقُرْآنِ مِن كُلِّ مَثَلٍ فَأَبَىٰ أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا

සැබැවින්ම මෙම අල් කුර්ආනයේ සියලු (ආදර්ශමත්) උපමාවන් ජනයාට අපි පැහැදිලි කළෙමු. එහෙත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා ප්රතික්ෂේපය මිස (වෙනත් කිසිවක්) පිළි නොගත්තෝය.
90

وَقَالُوا لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ تَفْجُرَ لَنَا مِنَ الْأَرْضِ يَنبُوعًا

(නබිවරයා දේව පණිවිඩය ප්රචාරය කරන විට ප්රතික්ෂේපක) ඔවුහු “(මෙම මක්කා) දේශයෙන් අප වෙනුවෙන් නුඹ උල්පතක් හට ගන්වන තුරු නුඹව අපි විශ්වාස නොකරන්නෙමු.” පැවසූහ.
91

أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الْأَنْهَارَ خِلَالَهَا تَفْجِيرًا

“එසේ නොමැතිනම් ඉඳි හා මිදි වලින් යුත් උයනක් නුඹට විය යුතුය. ඒ අතුරින් නුඹ ගංගාවන් අධිකව ගලා බැසීමට සැලැස්විය යුතුය.”
92

أَوْ تُسْقِطَ السَّمَاءَ كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِيَ بِاللَّهِ وَالْمَلَائِكَةِ قَبِيلًا

“එසේ නොමැති නම් නුඹ ස්ථිරව විශ්වාස කරන පරිදි අප වෙත අහස කැබලි වශයෙන් වැටෙන්නට සැලැස්විය යුතුය. එසේත් නොමැතිනම් අල්ලාහ් හා මලක්වරුන්ව (අප) ඉදිරියට නුඹ ගෙන ආ යුතුය.”
93

أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِّن زُخْرُفٍ أَوْ تَرْقَىٰ فِي السَّمَاءِ وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيْنَا كِتَابًا نَّقْرَؤُهُ ۗ قُلْ سُبْحَانَ رَبِّي هَلْ كُنتُ إِلَّا بَشَرًا رَّسُولًا

“එසේ නොමැතිනම් නුඹට රනින් වූ නිවසක් තිබිය යුතුය. නැතහොත් නුඹ අහසට නැග යා යුතුය. පසුව (නුඹ රසූල්වරයෙකු යැයි) අප කියවන ධර්ම පුස්තකයක් අප වෙත නුඹ පහළ කරන තුරු අපි නුඹගේ නැග යාම ද විශ්වාස නොකරන්නෙමු. (යැයි ද පැවසූවෝය.) (නබිවරය) “මාගේ පරමාධිපති පිවිතුරුය. මම මනුෂ්ය දූතයෙකු මිස නොවූයෙමි.” යැයි පවසවු.
94

وَمَا مَنَعَ النَّاسَ أَن يُؤْمِنُوا إِذْ جَاءَهُمُ الْهُدَىٰ إِلَّا أَن قَالُوا أَبَعَثَ اللَّهُ بَشَرًا رَّسُولًا

(ජනයින්) තමන්ට යහ මග (වන අල් කුර්ආනය) පැමිණි කල්හි “මිනිසෙකුව දූතයෙකු ලෙස අල්ලාහ් එවා සිටියේ දැ?”යි ඔවුන් (සමච්චලයෙන්) පැවසීම මිස තමන් (අල්ලාහ්ව) විශ්වාස කිරීමට (එම) ජනයාව කිසි( හේතු)වක් වැළැක්වූයේ නැත.
95

قُل لَّوْ كَانَ فِي الْأَرْضِ مَلَائِكَةٌ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِم مِّنَ السَّمَاءِ مَلَكًا رَّسُولًا

(එසේනම්) “නිදහසේ හැසිරෙන මලක්වරුන් මිහිතලයෙහි සිටියේ නම් ඔවුන් වෙත ද (ඔවුන්ගේ ගණයේම) මලක්වරයෙකුවම දූතයෙකු ලෙස අහසින් අපි එවන්නට තිබුණි” යැයි පවසවු. 26
26මෙම ආයතයෙන් පෙන්වා දෙන්නේ අල්ලාහ් යම් නබිවරයෙකු මෙලොවට පහළ කරන්නේ එම සමූහයේ ගණයටම අයත් පුද්ගලයෙකුය. ලොවෙහි මලක්වරුන් ජීවත් වී ඇත්නම් මලක්වරයෙකු නබිවරයෙකු වශයෙන් පහළ වීමට ඉඩ ඇත. එසේ බැලූ කල ජින්වරුන්ට ද ජින් නබිවරයෙකු එවනු ලැබුවා ද? යැයි පැනයක් පැන නගියි. නැත. මන්දයත් පොදුවේ බැලූ කල ජින්වරයා හා මනුෂ්ය වර්ගයා ස්වභාවයෙන් වෙනස් වුවද ඔවුන් දෙදෙනා හැඟීම් හා ආශාවන්හි එක හා සමානය. එබැවින් ජින්වරුන්ට අයත් නබිවරයා වූයේ මනුෂ්යය නබිවරුන්ය.
96

قُلْ كَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ ۚ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا

“මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවෙකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත් වන්නේය. සැබැවින්ම ඔහු තම ගැත්තන් පිළිබඳව අභිඥානවන්තය සර්ව අධීක්ෂකය.” යැයි පවසවු.
97

وَمَن يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِ ۖ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُمْ أَوْلِيَاءَ مِن دُونِهِ ۖ وَنَحْشُرُهُمْ يَوْمَ الْقِيَامَةِ عَلَىٰ وُجُوهِهِمْ عُمْيًا وَبُكْمًا وَصُمًّا ۖ مَّأْوَاهُمْ جَهَنَّمُ ۖ كُلَّمَا خَبَتْ زِدْنَاهُمْ سَعِيرًا

අල්ලාහ් කවරෙකුට යහ මග පෙන්වන්නේ ද යහ මග ලැබූවා ඔහුමය. කවරෙකු ඔහු මුළා කරන්නේ ද ඔහු හැර ඔවුන් වෙනුවෙන් භාරකරුවන් නුඹ නොලබන්නේමය. තවද (මළවුන්) නැගිටුවනු ලබන දිනයේ (ඔවුන්) අන්ධ ගොළු බිහිරි තත්ත්වයෙන් මුනිණතට (හරවා) අප ඔවුන්ව එක් රැස් කරන්නෙමු. ඔවුන්ගේ ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. එය නිවී යන සෑම විටෙකම දැවෙන ගින්න අපි ඔවුනට අධික කරන්නෙමු.
98

ذَٰلِكَ جَزَاؤُهُم بِأَنَّهُمْ كَفَرُوا بِآيَاتِنَا وَقَالُوا أَإِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا

අපගේ වදන් ඔවුන් ප්රතික්ෂේප කර “අප ඇටකටු බවට පත්ව දිරාපත් වූවායින් පසුවත් නව මැවුමක් ලෙස අප නැවත නැගිටුවනු ලබන්නන් වන්නෙමු දැ?”යි ඔවුහු පැවසූ හේතුවෙන් ඔවුන්ගේ ප්රතිවිපාකය මෙයයි.