පාරා 9

කාල අල් මුලා

142 පද්‍ය
📖පාරා

පාරා 9

කාල අල් මුලා142 පද්‍ය

الأنعامමක්කී
111

وَلَوْ أَنَّنَا نَزَّلْنَا إِلَيْهِمُ الْمَلَائِكَةَ وَكَلَّمَهُمُ الْمَوْتَىٰ وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَيْءٍ قُبُلًا مَّا كَانُوا لِيُؤْمِنُوا إِلَّا أَن يَشَاءَ اللَّهُ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ

සැබැවින්ම ඔවුන් වෙත අපි (දූත මෙහෙවර සඳහා) මලක්වරුන් පහළ කළ ද මළවුන් ඔවුන් සමග කතා කළ ද ඔවුන් ඉදිරියේ මුහුණලා අප (මෙලොවෙහි ඇති) සියලු දෑ එක් රැස් කළ ද අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු විශ්වාස කරන්නන් නොවෙති. එනමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා අඥානවන්තයින් වෙති.
112

وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا شَيَاطِينَ الْإِنسِ وَالْجِنِّ يُوحِي بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًا ۚ وَلَوْ شَاءَ رَبُّكَ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ

මෙලෙස අපි සෑම නබිවරයෙකුටම මිනිසුන්ගෙන් හා ජින්නුන්ගෙන් ෂෙයිතානුන්ව සතුරන් බවට පත් කළෙමු. ඔවුන්ගෙන් සමහරෙක් තවත් සමහරෙකුට රවටාලීම පිණිස ආකර්ෂණීය (බොරු) වදන් දැනුම් දුන්නෝය. තවද නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් ඔවුන් එය නොකර සිටිනු ඇත. එබැවින් ඔවුන් සමග ඔවුන් ගොතන (අසත්යය) දෑ ද නුඹ අත හැර දමවු.
113

وَلِتَصْغَىٰ إِلَيْهِ أَفْئِدَةُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُوا مَا هُم مُّقْتَرِفُونَ

තවද පරමාන්ත( දින)ය විශ්වාස නොකරන අයගේ හදවත් එය වෙත (ආකර්ෂණීය බොරු වදන් වෙත) නැඹුරු වනු පිණිස ද එයට ඔවුන් තෘප්තිමත් වීම පිණිස ද ඔවුන් කරමින් සිටි (පාපකාරී) දෑ (අඛණ්ඩව) කිරීම පිණිස ද (ඔවුන් ආකර්ෂණීය බොරු වදන් දැනුම් දුන්නෝ)ය.
114

أَفَغَيْرَ اللَّهِ أَبْتَغِي حَكَمًا وَهُوَ الَّذِي أَنزَلَ إِلَيْكُمُ الْكِتَابَ مُفَصَّلًا ۚ وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْلَمُونَ أَنَّهُ مُنَزَّلٌ مِّن رَّبِّكَ بِالْحَقِّ ۖ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ

එබැවින් (නබිවරය, ප්රතික්ෂේපයින්ට පවසවු) “පැහැදිලි කරනු ලැබූ ධර්ම පුස්තකය(අල් කුර්ආනය) ඔහු නුඹලාට පහළ කර තිබිය දී විනිශ්චයකරු ලෙස අල්ලාහ් හැර (වෙනත් අය) මා සොයන්නෙම් ද?” කවරෙකුට අපි ධර්ම පුස්තකය(තව්රාතය) ලබා දුන්නෙමුද ඔවුහු මෙ(ම අල් කුර්ආන)ය සත්යය සමග නුඹගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවක් බව දනිති. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් (කෙනෙකු) නොවවු.
115

وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلًا ۚ لَّا مُبَدِّلَ لِكَلِمَاتِهِ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

නුඹගේ පරමාධිපතිගේ වදන සත්යයෙන් හා යුක්තියෙන් පරිසමාප්ත විය. ඔහුගේ වදන් වෙනස් කරන කිසිවෙකු නැත. තවද ඔහු සර්ව ශ්රාවකය සර්වඥය.
116

وَإِن تُطِعْ أَكْثَرَ مَن فِي الْأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ اللَّهِ ۚ إِن يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ

තවද මිහිතලයෙහි සිටින්නන්ගෙන් (ප්රතික්ෂේපක) බොහෝ දෙනෙකුට නුඹ අවනත වූයේ නම් ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් නුඹව නොමග යවති. ඔවුහු අනුමානය මිස අනුගමනය නොකරති. අසත්යය ප්රකාශ කිරීම මිස ඔවුහු නොවෙති.
117

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِ ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ

සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහු, ඔහුගේ මාර්ගයෙන් නොමග යන අයව මැනවින් දන්නාය. තවද ඔහු යහමග ලැබූ අය පිළිබඳව ද මැනවින් දන්නාය.
118

فَكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ إِن كُنتُم بِآيَاتِهِ مُؤْمِنِينَ

නුඹලා අල්ලාහ්ගේ වදන් විශ්වාස කරන්නන්ව සිටින්නෙහු නම් (සත්වයින්ගෙන්) කවර දෙයක් මත ඔහුගේ නාමය සඳහන් කරනු (ලැබ කපනු) ලැබුවේද එයින් නුඹලා අනුභව කරවු. 34
34මක්කාවේ විසූ ප්රතික්ෂේපකයින් මුස්ලිම්වරුන්ට එරෙහිව විරෝධතාවක් පළ කළෝය. එනම් මුස්ලිම්වරුන් තමන් විසින් කපනු ලැබූ සතුන් පමණක් අනුභව කරනුයේය. නමුත් අල්ලාහ් විසින් ඝාතනය කරන ලද (ස්වභාවයෙන් මැරුණු) සතුන් අනුභව නොකරන්නෝය යන්නයි. 118 සිට 121 දක්වා ආයතයන්හි මේ සම්බන්ධව පහළ වී ඇත. මෙයට පිළිතුරු දෙආකාරයකින් ලබා දී ඇත. පළමුවැන්න යමක් තහනම් කිරීම හෝ අනුමත කිරීම අල්ලාහ්ගෙන් පමණක් වූ තීන්දුවකි. කිසිදු කෙනෙකුට අල්ලාහ්ගේ ප්රඥාවට එරෙහිව අභියෝග කළ නොහැක. කෙනෙකු එසේ අභියෝග කළේ නම් ඔහුගේ එම අභියෝගය බිඳ වැටෙන්නේය. විශ්වාසිකයෙකුට එහි අන්තර්ගත දෑ පිළිබඳව දැනුමක් නැති වුවද එය පිළිපැදිය යුතුය. ‘නුඹලා අල්ලාහ්ගේ වදන් විශ්වාස කරන්නන්ව සිටින්නෙහු නම්’ යන පදයෙන් අදහස් කරනුයේ මෙයයි. දෙවැන්න අල්ලාහ් නියෝග කළ පරිදි නිසියාකාරව සතෙකුව කැපුවේ නම් උගේ රුධිරය ගලා ගොස් උගේ මුළු ශරීරයම පිරිසිදු වන්නේය. තවද එම අවස්ථාවේ දී අල්ලාහ්ගේ නාමය සඳහන් කළේ නම් එය ඔහුගේ අශිර්වාදයට ලක් වන්නේය. මීළඟ ආයතයේ අඟවන්නේ මේ පිළිබඳවය.
119

وَمَا لَكُمْ أَلَّا تَأْكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا اضْطُرِرْتُمْ إِلَيْهِ ۗ وَإِنَّ كَثِيرًا لَّيُضِلُّونَ بِأَهْوَائِهِم بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ

තවද කවර දෙයක් වෙත නුඹලා බල කරනු ලැබුවෙහු ද 35 එය හැර, නුඹලා කෙරෙහි ඔහු තහනම් කළ දෑ නුඹලාට සැබැවින්ම ඔහු පැහැදිලි කර තිබිය දී, කවර දෙයක් මත අල්ලාහ්ගේ නාමය සඳහන් කරනු (ලැබ කපනු) ලැබුවේද එයින් නුඹලා අනුභව නොකර සිටීමට නුඹලාට කුමක් වීද? සැබැවින්ම බොහෝ දෙනා (කිසිදු) දැනුමකින් තොරව ඔවුන්ගේ මනෝ ඉච්ඡාව මගින් (අන් අය) නොමග යවති. සැබැවින්ම නුඹගේ පරමාධිපති, ඔහු සීමාව ඉක්මවා යන්නන් පිළිබඳව මැනවින් දන්නාය.
35‘බල කරනු ලැබුවෙහු ද එය හැර’ යනුවෙන් අදහස් කරනුයේ තහනම් වූ සියලු දෑ ය. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 5:3 වැනි ආයතය හා පාද සටහන බලන්න.
120

وَذَرُوا ظَاهِرَ الْإِثْمِ وَبَاطِنَهُ ۚ إِنَّ الَّذِينَ يَكْسِبُونَ الْإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُوا يَقْتَرِفُونَ

පාපයෙහි බාහිර දෑ හා එහි අභ්යන්තර දෑ නුඹලා අත හැර දමවු. 36 සැබැවින්ම කවුරුන් පාපය උපයන්නේ ද ඔවුන් තමන් කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ට ප්රතිවිපාක දෙනු ලබනු ඇත.
36‘පාපයෙහි බාහිර දෑ’ යනු පිටස්තර ශාරීරික අවයවයන් වලින් කරන පාප කි්රයාවන්ය. උදා: මත්පැන් පානය කිරීම, දුරාචාරයේ යෙදීම හා බොරු කීම වැනි දෑ ය. තවද ‘එහි අභ්යන්තර දෑ’ යනු හදවත් මගින් කරන පාප කි්රයාවන්ය. උදා: ඊර්ෂ්යාව, උඩඟුකම වැනි දෑය.
121

وَلَا تَأْكُلُوا مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللَّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ ۗ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَىٰ أَوْلِيَائِهِمْ لِيُجَادِلُوكُمْ ۖ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ

තවද (සත්වයින්ගෙන්) කවර දෙයක් මත ඔහුගේ නාමය සඳහන් කරනු නො(ලැබ කපනු )ලැබුවේ ද එයින් නුඹලා අනුභව නොකරවු. සැබැවින්ම එය පාපයකි. සැබැවින්ම ෂෙයිතාන්වරුන් ඔවුන්ගේ මිතුරන්ව නුඹලා සමග තර්ක කිරීමට පොලඹවති. තවද නුඹලා ඔවුනට අවනත වූයේ නම් සැබැවින්ම නුඹලා මුෂ්රික්වරුන් 37 වන්නෝය.
37‘මුෂ්රික්වරුන්’ යනු බහු දේවවාදය විශ්වාස කර එම මිථ්යා දෙවිවරුන්ව අල්ලාහ්ගේ හවුල්කරුවන් යැයි විශ්වාස කරන ආදේශකයින්ය. මෙම ආයතය අවවාද කරනුයේ අල්ලාහ්ගේ පැහැදිලි නියෝගයට එරෙහිව මැවුම් වලට අවනත වී ෂරීආ නම් ඉස්ලාමීය නීති මාලාවේ ඇති දෑ අනුමත කර ගැනීම හා තහනම් කර ගැනීම පිළිබඳවය. මෙය ආදේශ කිරීමට සමාන පාපයක් යැයි මෙම ආයතයෙන් අදහස් වනු ඇත.
122

أَوَمَن كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَن مَّثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِّنْهَا ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْكَافِرِينَ مَا كَانُوا يَعْمَلُونَ

(ප්රතික්ෂේපය මගින්) මළවුන්ව සිටි අයෙකු, අප ඔහුට (යහමග නම්) ජීවය ලබා දී ඔහුට අප (දහම නම්) ආලෝකයක් ලබා දුන්නෙමු. ඔහු එමගින් ජනයා අතර (සත්යය සමග) සැරිසරන්නේය. මොහු, කවරෙකු (ප්රතික්ෂේපය නම්) අන්ධකාරයන් තුළ එයින් පිට නොවී සිටියේ ද ඔහු මෙන් වේද? මෙලෙසය ප්රතික්ෂේපකයින්ට ඔවුන් කරමින් සිටි දෑ අලංකාර කර පෙන්වනු ලැබුවේ. 38
38මෙයින් අදහස් කරනුයේ ප්රතික්ෂේපකයින් සම්පූර්ණ අන්ධකාරයෙහි සිටිය ද සත්යය වටහා නොගෙන ඔවුන් කරන කි්රයාවන් අලංකාර යැයි සිතා නොකඩවාම කරති යන්නයි.
123

وَكَذَٰلِكَ جَعَلْنَا فِي كُلِّ قَرْيَةٍ أَكَابِرَ مُجْرِمِيهَا لِيَمْكُرُوا فِيهَا ۖ وَمَا يَمْكُرُونَ إِلَّا بِأَنفُسِهِمْ وَمَا يَشْعُرُونَ

තවද මෙලෙස සෑම නගරයක් තුළම එහි වැරදිකරුවන්ගෙන් දැවැන්තයින්ව එහි ඔවුන් කුමන්ත්රණ කිරීම පිණිස අපි පත් කළෙමු. තවද ඔවුහු තමන්ටම මිස කුමන්ත්රණ නොකළෝය. ඔවුහු (මේ බව) නොහඟති.
124

وَإِذَا جَاءَتْهُمْ آيَةٌ قَالُوا لَن نُّؤْمِنَ حَتَّىٰ نُؤْتَىٰ مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللَّهِ ۘ اللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ ۗ سَيُصِيبُ الَّذِينَ أَجْرَمُوا صَغَارٌ عِندَ اللَّهِ وَعَذَابٌ شَدِيدٌ بِمَا كَانُوا يَمْكُرُونَ

තවද ඔවුන් වෙත සංඥාවක් පැමිණි විට ඔවුහු “අල්ලාහ්ගේ රසූල්වරුන්ට දෙනු ලැබූ දෑ මෙන් අපට ද දෙනු ලබන තුරු අප විශ්වාස නොකරන්නේම යැ”යි පවසති. 39 අල්ලාහ් තම දූතත්වය කොතැනක (කවරෙකුට) පත් කළ යුත්තේ දැ’යි මැනවින් දන්නාය. වැරදි කළවුනට ඔවුන් කුමන්ත්රණ කරමින් සිටි දෑ හේතුවෙන් අල්ලාහ් අබියස අවමානයක් හා දැඩි දඬුවමක් ඇති වනු ඇත.
39ඔවුන් අදහස් කළේ අල්ලාහ් ඔහුගේ දේව පණිවිඩය නබිවරයෙකුගේ මැදිහත්වීමකින් තොරව පහළ කළ යුතු යන්නය. එසේ නොවූයේ නම් ඔවුන් එය පිළිනොගන්නෝය. මෙයට පිළිතුර නම් අල්ලාහ්ට පමණය තමාගේ පණිවිඩය ඍජුව ලබා ගැනීමට සුදුසු තැනැත්තා කවුරුන්ද යන්න තීන්දු කළ හැක්කේ. නිසැකවම සියලු දෙනාවම රසූල්වරුන් බවට පත් කිරීම නොහැකි කරුණකි. එසේ කළේ නම් නබිවරුන් යවනු ලැබූ අරමුණ ව්යර්ථ වී යන්නේය.
125

فَمَن يُرِدِ اللَّهُ أَن يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ ۖ وَمَن يُرِدْ أَن يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ ۚ كَذَٰلِكَ يَجْعَلُ اللَّهُ الرِّجْسَ عَلَى الَّذِينَ لَا يُؤْمِنُونَ

අල්ලාහ් කවරෙකුට යහමග පෙන්වන්නට අපේක්ෂා කරන්නේ ද ඉස්ලාමය වෙනුවෙන් ඔහුගේ හදවත ඔහු විවෘත කරන්නේය. තවද ඔහු කවරෙකුට නොමග යෑමට ඉඩ හැරීමට අපේක්ෂා කරන්නේ ද ඔහුගේ හදවත(ට ඉස්ලාමය අනුගමනය කිරීම) අහසට නගිනවාක් මෙන් පටු වූ පීඩනයක් බවට ඔහු පත් කරන්නේය. මෙලෙසය විශ්වාස නොකරන්නන් කෙරෙහි අල්ලාහ් කිලිටක්(දඬුවමක්) ඇති කරන්නේ.
126

وَهَـٰذَا صِرَاطُ رَبِّكَ مُسْتَقِيمًا ۗ قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَذَّكَّرُونَ

මෙයය ඍජු මාර්ගයක් ලෙස (මග පෙන්වන) නුඹගේ පරමාධිපතිගේ මාර්ගය. සැබැවින්ම මෙනෙහි කරන පිරිසකට අපි (අපගේ) වදන් පැහැදිලි කර ඇත්තෙමු.
127

لَهُمْ دَارُ السَّلَامِ عِندَ رَبِّهِمْ ۖ وَهُوَ وَلِيُّهُم بِمَا كَانُوا يَعْمَلُونَ

ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ශාන්තියේ නිවහන(ස්වර්ගය) ඇත. තවද ඔහු(අල්ලාහ්) ඔවුන් කරමින් සිටි (යහ) දෑ හේතුවෙන් ඔවුන්ගේ භාරකරුවා වන්නේය.
128

وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا يَا مَعْشَرَ الْجِنِّ قَدِ اسْتَكْثَرْتُم مِّنَ الْإِنسِ ۖ وَقَالَ أَوْلِيَاؤُهُم مِّنَ الْإِنسِ رَبَّنَا اسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍ وَبَلَغْنَا أَجَلَنَا الَّذِي أَجَّلْتَ لَنَا ۚ قَالَ النَّارُ مَثْوَاكُمْ خَالِدِينَ فِيهَا إِلَّا مَا شَاءَ اللَّهُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ

ඔවුන් සියලු දෙනාව ඔහු(අල්ලාහ්) එක්රැස් කරන දින (අල්ලාහ් ජින්වරුන් අතුරින් ෂෙයිතාන්වරුන්ට මෙසේ පවසයි) “ජින් සමූහයිනි, නුඹලා මිනිසුන් අතුරින් අධික (දෙනෙකු මුළා) කළෙහිය.” තවද මිනිසුන් අතුරින් වූ ඔවුන්ගේ(ජින්වරුන්ගේ) මිතුරන් “අපගේ පරමාධිපතියාණනි, අපගෙන් සමහරෙකු (තවත්) සමහරෙකුගෙන් ප්රයෝජන ලබා ගත්තෝය. 40 තවද ඔබ අපට නියම කළ අපගේ කාලය අප වෙත ළඟා විය.” යැයි පවසති. “(නිරා) ගින්න නුඹලාගේ වාසස්ථානයයි. අල්ලාහ් අභිමත කළ අය හැර (අන් සියලු දෙනා) එහි සදාතනිකයෝ වෙති. සැබැවින්ම නුඹගේ පරමාධිපති සර්ව ප්රඥාවන්තය සර්වඥය.” යැයි ඔහු(අල්ලාහ්) පවසනු ඇත.
40මෙයින් අදහස් වන්නේ ජින්නුන් හා මිනිසුන් ඔවුන් එකිනෙකාගෙන් අසාධාරණ ලෙස ලෞකික ප්රයෝජන ලබා ගත්තෝය යන්නයි.
129

وَكَذَٰلِكَ نُوَلِّي بَعْضَ الظَّالِمِينَ بَعْضًا بِمَا كَانُوا يَكْسِبُونَ

අපරාධකාරයින්ගෙන් සමහරෙකුට (තවත්) සමහරෙකුව ඔවුන් උපයමින් සිටි (පාපකාරී) දෑ හේතුවෙන් මෙලෙස අපි මිතුරන් බවට පත් කරන්නෙමු.
130

يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي وَيُنذِرُونَكُمْ لِقَاءَ يَوْمِكُمْ هَـٰذَا ۚ قَالُوا شَهِدْنَا عَلَىٰ أَنفُسِنَا ۖ وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا وَشَهِدُوا عَلَىٰ أَنفُسِهِمْ أَنَّهُمْ كَانُوا كَافِرِينَ

“ජින් හා මිනිස් සමූහයනි, මාගේ වදන් නුඹලාට පවසන තවද (දඬුවම) මුණගැසෙන නුඹලාගේ මෙම දිනය පිළිබඳව නුඹලාට අවවාද කරන නුඹලා අතුරින් වූ රසූල්වරුන් නුඹලා වෙත නොපැමිණියේ දැ?”(යි විනිශ්චය දින ඔවුන්ගෙන් අල්ලාහ් විමසන්නේය. එයට) ඔවුන් “අපට එරෙහිව අපිම සාක්ෂි දරන්නෙමු” යැයි පවසති. ලෞකික ජීවිතය ඔවුන්ව රැවටුවේය. තවද ඔවුන් ප්රතික්ෂේපකයින්ව සිටි බව ඔවුනට එරෙහිව ඔවුන්ම සාක්ෂි දරන්නෝය.
131

ذَٰلِكَ أَن لَّمْ يَكُن رَّبُّكَ مُهْلِكَ الْقُرَىٰ بِظُلْمٍ وَأَهْلُهَا غَافِلُونَ

මෙයට(රසූල්වරුන් යැවීමට) හේතුව, ගම්මානයන් එහි වැසියන් (දහම පිළිබඳව) අනවධානීන්ව සිටිය දී අසාධාරණ ලෙසින් (එම ගම්මාන) විනාශ කිරීම නුඹගේ පරමාධිපතිට (අයත්) නොවීමය.
132

وَلِكُلٍّ دَرَجَاتٌ مِّمَّا عَمِلُوا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ

තවද (ලෝකවාසී) සෑම කෙනෙකුටම ඔවුන් කළ දැයින් (හිමි වූ) තරාතිරම් ඇත. තවද ඔවුන් කරන දෑ පිළිබඳව නුඹගේ පරමාධිපති අනවධානියෙකු නොවේ.
133

وَرَبُّكَ الْغَنِيُّ ذُو الرَّحْمَةِ ۚ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَسْتَخْلِفْ مِن بَعْدِكُم مَّا يَشَاءُ كَمَا أَنشَأَكُم مِّن ذُرِّيَّةِ قَوْمٍ آخَرِينَ

තවද නුඹගේ පරමාධිපති සර්ව සම්පූර්ණය. කරුණාවෙන් යුක්තය. වෙනත් පිරිසකගේ පරපුරින් 41 නුඹලාව ඔහු නිර්මාණය කළාක් මෙන් ඔහු අභිමත කළේ නම් නුඹලාව (විනාශ කර) බැහැර කර දමා නුඹලාට පසුව ඔහු අභිමත කළ අයව නියෝජනයට පත් කරන්නේය.
41වෙනත් පිරිසකගේ පරපුර යනු නබි නූහ් තුමාණන්ගේ නැවේ ගමන් කළ පිරිසය. ඔවුන් හැර අන් සියලු ජනයා ගංවතුරින් විනාශ වූහ. ඉන් පසුව නව ජන කොට්ඨාසයක් ඔවුන්ගෙන් ආරම්භ විය.
134

إِنَّ مَا تُوعَدُونَ لَآتٍ ۖ وَمَا أَنتُم بِمُعْجِزِينَ

සැබැවින්ම නුඹලාට ප්රතිඥා කරනු ලබන දෑ(අල්ලාහ්ගේ දඬුවම) පැමිණෙන්නේමය. තවද නුඹලා (එයින්) මිදෙන්නන්ව නැත.
135

قُلْ يَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ فَسَوْفَ تَعْلَمُونَ مَن تَكُونُ لَهُ عَاقِبَةُ الدَّارِ ۗ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ

“මාගේ ජනයිනි, නුඹලා නුඹලාගේ තත්ත්වයට අනුව කි්රයා කරවු. සැබැවින්ම මම (අල්ලාහ්ගේ විධානයට අනුව) කි්රයාකරන්නෙක් වෙමි. කවරෙකු කෙරෙහි (ස්වර්ග) නිවහනේ (යහපත්) අවසානයක් ඇත්තේ දැ?යි නුඹලා මතු දැන ගනු ඇත. සැබැවින්ම අපරාධකාරයින් ජය නොලබන්නෝය” යැයි (නබිවරය,) නුඹ පවසවු.
136

وَجَعَلُوا لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ الْحَرْثِ وَالْأَنْعَامِ نَصِيبًا فَقَالُوا هَـٰذَا لِلَّهِ بِزَعْمِهِمْ وَهَـٰذَا لِشُرَكَائِنَا ۖ فَمَا كَانَ لِشُرَكَائِهِمْ فَلَا يَصِلُ إِلَى اللَّهِ ۖ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَىٰ شُرَكَائِهِمْ ۗ سَاءَ مَا يَحْكُمُونَ

අස්වැන්නෙන් හා පශු කුලයට අයත් සත්වයින්ගෙන් අල්ලාහ් ඇති කළ දැයින් කොටසක් ඔහු වෙනුවෙන් (ප්රතික්ෂේපක) ඔවුන් (වෙන් කර) තබා පසුව ඔවුන්ගේ විශ්වාසයට අනුව “මෙය අල්ලාහ් වෙනුවෙන්ය. තවද (තවත් කොටසක්), මෙය අපගේ (දේවත්වයේ) හවුල්කරුවන් වෙනුවෙන්ය” යැයි පවසති. පසුව ඔවුන්ගේ හවුල්කරුවන් වෙනුවෙන් (වෙන් කළා) වූ දෑ අල්ලාහ් වෙත සේන්දු නොවනු ඇත. තවද අල්ලාහ් වෙනුවෙන් (වෙන් කළා) වූ දෑ ඔවුන්ගේ හවුල්කරුවන් වෙත සේන්දු වනු ඇත. ඔවුන් තීන්දු කරන දෑ නරකය. 42
42මෙහි අදහස පිළිමයන් සඳහා වෙන් කළ අරමුදලෙන් අඩුපාඩුවක් ඇති වුයේ නම් අල්ලාහ්ට වෙන් කළ කොටස පිළිමයේ මෙහෙවර සඳහා භාවිත කළෝය. එමෙන්ම පිළිමයන් සඳහා ඔවුන් වෙන් කළ කොටස අති පූජනීය කොටසක් ලෙස රඳවා තැබූහ. මෙවැනි සිරිත් මෙම ආයතයේ පෙන්වා දී ඇත.
137

وَكَذَٰلِكَ زَيَّنَ لِكَثِيرٍ مِّنَ الْمُشْرِكِينَ قَتْلَ أَوْلَادِهِمْ شُرَكَاؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُوا عَلَيْهِمْ دِينَهُمْ ۖ وَلَوْ شَاءَ اللَّهُ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ

මෙලෙස ආදේශකයින් අතුරින් බොහෝ දෙනෙකුට තමන්ගේ දරුවන් මරා දැමීම 43 ඔවුන්ගේ (දේවත්වයේ) හවුල්කරුවන්(ෂෙයිතානුන්) අලංකාර කර පෙන්වූයේය. (මක්නිසාදයත් ආදේශක) ඔවුන්ව විනාශ කිරීම පිණිස ද ඔවුන්ගේ දහම 44 ඔවුනට ව්යාකූල කිරීම පිණිස ද ය. තවද අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එය නොකරන්නට තිබුණි. එබැවින් ඔවුන් සමග ඔවුන් ගොතන (අසත්යය) දෑ නුඹ අත හැර දමවු.
43මෙයින් අදහස් කරන්නේ ගැහැනු දරුවන් ඝාතනය කිරීම හෝ පණ පිටින් ඔවුන්ව වැළලීමේ කුරිරු සිරිත පිළිබඳවය.
44අඥාණ යුගයේ සිටි අරාබිවරුන් තමන් නබි ඉබ්රාහීම් තුමාණන් හා නබි ඉස්මාඊල් තුමන්ගේ අනුගාමිකයින් යැයි උපකල්පනය කරමින් සිටියෝය. එහෙයින් ඔවුන් තම දහම අල්ලාහ්ගෙන් දායාද වූ දහමක් යැයි සිතුවෝය. පසුකලෙකදී ඔවුන්ගේ ප්රධානීන් තම සිතැඟියාවට අනුව නොයෙකුත් විකෘතීන් ඇති කළෝය. පසුකාලීන ජනයා මෙම විකෘත, පැරැණ්නන්ගෙන් ලද දහම සැබෑ මුල් දහම යැයි විශ්වාස කරමින් අදහන්නට වූහ.
138

وَقَالُوا هَـٰذِهِ أَنْعَامٌ وَحَرْثٌ حِجْرٌ لَّا يَطْعَمُهَا إِلَّا مَن نَّشَاءُ بِزَعْمِهِمْ وَأَنْعَامٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَامٌ لَّا يَذْكُرُونَ اسْمَ اللَّهِ عَلَيْهَا افْتِرَاءً عَلَيْهِ ۚ سَيَجْزِيهِم بِمَا كَانُوا يَفْتَرُونَ

“මේවා තහනම් කරනු ලැබූ පශු කුලයට අයත් සතුන් හා අස්වනුය. අපි අභිමත කළ අය හැර අන් අයට අනුභව කළ නොහැක” යැයි ඔවුන්ගේ විශ්වාසයට අනුව ඔවුන් පැවසූහ. තවද පශු කුලයට අයත් සතුන්, උන්ගේ පිට (මත ප්රවාහනය කිරීම හා භාණ්ඩ පැටවීම) තහනම් කරනු ලැබීම ද තවත් පශු කුලයට අයත් සතුන් (කැපීමේ දී) උන් මත අල්ලාහ්ගේ නාමය ඔවුන් සඳහන් නොකිරීම ද (යන සියල්ල) ඔහු කෙරෙහි බොරු ගෙතීමක් වශයෙනි. ඔවුන් බොරු ගොතමින් සිටි දෑ හේතුවෙන් ඔහු(අල්ලාහ්) ඔවුනට ප්රතිවිපාක දෙනු ඇත.
139

وَقَالُوا مَا فِي بُطُونِ هَـٰذِهِ الْأَنْعَامِ خَالِصَةٌ لِّذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰ أَزْوَاجِنَا ۖ وَإِن يَكُن مَّيْتَةً فَهُمْ فِيهِ شُرَكَاءُ ۚ سَيَجْزِيهِمْ وَصْفَهُمْ ۚ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ

තවද “මෙම 45 පශු කුලයට අයත් සතුන්ගේ කුස තුළ ඇති දෑ(පැටවුන්) අපගේ පිරිමින්ට පමණක් (සතු)ය. තවද අපගේ භාර්යාවන් කෙරෙහි තහනම් කරන ලද්දකි” යැයි ඔවුහු පැවසූහ.තවද ඌ (ඉපදෙන විට) මරණයට පත් වූවෙකු වූයේනම් එ(ය අනුභව කිරීමෙ)හි ඔවුන් (ස්තී්ර පුරුෂ) සියල්ලෝම හවුල්කරුවන් වන්නෝය. 46 ඔවුන්ගේ (මෙම වැරදි) වර්ණනාවට ඔහු(අල්ලාහ්) ඔවුනට ප්රතිවිපාක දෙනු ඇත. සැබැවින්ම ඔහු සර්ව ප්රඥාවන්තය සර්වඥය.
45මින් අදහස් වන්නේ මිථ්යා දෘෂ්ටිකයින් විසින් පිළිමයන් සඳහා කැප කිරීමට වෙන් කළා වූ සත්ව කොටස් පිළිබඳවයි.
46මෙම ආයතය අදහස් කරනුයේ ඇතැම් මිථ්යා දෘෂ්ටිකයන් පශු කුලයට අයත් සතුන්ව පිළිම සඳහා කැප කිරීම පිළිබඳව ප්රබන්ධනය කළ සිරිත් පිළිබඳවය. එවැනි පශු කුලයට අයත් සතුන්ව ඔවුන් විවිධ පාර්ශවයන්ට වර්ග කළෝය. ඉන් සෑම එකකටම ආයතයේ සඳහන් පරිදි නිසි සීමාවක් නියම කළෝය. ඔවුන් තමන් තුළම නියම කර ගත් එම සීමාවන් දහමෙහි කොටසක් යැයි සැලකූහ. නමුත් අල්ලාහ් එවැනි සීමාවන් කිසිවක් නියෝග කළේ නැත. මෙයට පසුව පැමිණෙන ආයතයේ ඇති ‘අල්ලාහ් කෙරෙහි බොරු ගෙතීම’ යන පදයට මේ සියලු සිරිත් අන්තර්ගත වන්නේය. මෙලෙසම ෂරීආ නීතියේ කිසිදු මූලාශ්රයක නොවූ කුමන හෝ සිරිතක් දහමෙහි කොටසක් යැයි සැලකුවේ නම් එයද ‘අල්ලාහ් කෙරෙහි බොරු ගෙතීමට’ අයත් වේ.
140

قَدْ خَسِرَ الَّذِينَ قَتَلُوا أَوْلَادَهُمْ سَفَهًا بِغَيْرِ عِلْمٍ وَحَرَّمُوا مَا رَزَقَهُمُ اللَّهُ افْتِرَاءً عَلَى اللَّهِ ۚ قَدْ ضَلُّوا وَمَا كَانُوا مُهْتَدِينَ

(කිසිදු) දැනුමකින් තොරව අඥානකමින් තමන්ගේ දරුවන් ඝාතනය 47 කළ අය ද අල්ලාහ් කෙරෙහි බොරු ගොතමින් අල්ලාහ් ඔවුනට ජීවන සම්පත් වශයෙන් ලබා දුන් දෑ තහනම් කළ අය ද සැබැවින්ම පාඩු වින්දෝය. සැබැවින්ම ඔවුහු නොමග ගියහ. තවද ඔවුහු යහමග ලැබූවන් නොවූහ.
47ගැහැනු දරුවෙකුගේ උපත නබිත්වයට පෙර අරාබි සමාජයේ ඇතැම් ගෝත්රිකයින් සැලකුවේ ශාපයට හා ලැජ්ජාවට හේතුවක් ලෙසිනි. එබැවින් ගැහැනු දරුවෙකු ඉපදුනු විට ඇයව පණ පිටින් වළලා දැමීම ඔවුන්ගේ සිරිතක් විය. මෙම සිරිත ඉස්ලාමය මුළුමණින්ම අහෝසි කළේය.
141

وَهُوَ الَّذِي أَنشَأَ جَنَّاتٍ مَّعْرُوشَاتٍ وَغَيْرَ مَعْرُوشَاتٍ وَالنَّخْلَ وَالزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُتَشَابِهًا وَغَيْرَ مُتَشَابِهٍ ۚ كُلُوا مِن ثَمَرِهِ إِذَا أَثْمَرَ وَآتُوا حَقَّهُ يَوْمَ حَصَادِهِ ۖ وَلَا تُسْرِفُوا ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ

ඔහුමය(අල්ලාහ්මය) (මිදි වැල් මෙන්) විහිදුණු හා (වැල් ලෙස) නොවිහිදුණු වතු ද රටඉඳි ගස් ද එහි ආහාරය(ට ගන්නා පලතුරු, එළවළු හා ධාන්ය වැනි) විවිධ වූ බෝග ද (කොළවල හැඩයෙන්) එක සමාන වූ (පලතුරු වලින්) එකිනෙකට වෙනස් වූ දෙළුම් ද ඔලිව් ද වැඩෙන්නට සැලැස්වූයේ. පළ හටගන්නා විට එහි පලතුරු නුඹලා අනුභව කරවු. තවද නුඹලා එහි පල නෙළා ගන්නා දිනයෙහි එයට හිමි (zසකාත්) වගකීම දෙවු. තවද නුඹලා (ඒවා) නාස්ති නොකරවු. සැබැවින්ම ඔහු නාස්ති කරන්නන්ව ප්රිය නොකරයි.
142

وَمِنَ الْأَنْعَامِ حَمُولَةً وَفَرْشًا ۚ كُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

තවද පශු කුලයට අයත් සතුන් අතුරින් (බර) උසුලන හා (අනුභව කළ හැකි එළුවන් වැනි) කුඩා දෑ ද (අල්ලාහ් මවා) ඇත. අල්ලාහ් නුඹලාට ජීවන සම්පත් වශයෙන් ලබා දුන් දෑ අතුරින් නුඹලා අනුභව කරවු. තවද ෂෙයිතාන්ගේ පියසටහන් නුඹලා අනුගමනය නොකරවු, සැබැවින්ම ඔහු නුඹලාට ප්රකට සතුරෙකි.
143

ثَمَانِيَةَ أَزْوَاجٍ ۖ مِّنَ الضَّأْنِ اثْنَيْنِ وَمِنَ الْمَعْزِ اثْنَيْنِ ۗ قُلْ آلذَّكَرَيْنِ حَرَّمَ أَمِ الْأُنثَيَيْنِ أَمَّا اشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ الْأُنثَيَيْنِ ۖ نَبِّئُونِي بِعِلْمٍ إِن كُنتُمْ صَادِقِينَ

කලත්ර (වශයෙන් සතුන්) අටක් (අල්ලාහ් මවා) ඇත. (උන් අතුරින්) බැටළුවන්ගෙන් (ගැහැනු පිරිමි) දෙදෙනෙක් ද එළුවන්ගෙන් (ගැහැනු පිරිමි) දෙදෙනෙක් ද වේ. (නබිවරය, ඔවුනට) නුඹ පවසවු “(උන්ගෙන්) ඔහු තහනම් කර ඇත්තේ පිරිමි( සතු)න් දෙදෙනෙක් ද? නැතහොත් ගැහැනු( සතු)න් දෙදෙනෙක් ද? නැතහොත් ගැහැනු( සතු)න් දෙදෙනාගේ ගර්භාෂයන් දරා සිටින දෑ ද? නුඹලා සත්යවාදීන් නම් දැනුමෙන් යුතුව මා හට දන්වවු.”
144

وَمِنَ الْإِبِلِ اثْنَيْنِ وَمِنَ الْبَقَرِ اثْنَيْنِ ۗ قُلْ آلذَّكَرَيْنِ حَرَّمَ أَمِ الْأُنثَيَيْنِ أَمَّا اشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ الْأُنثَيَيْنِ ۖ أَمْ كُنتُمْ شُهَدَاءَ إِذْ وَصَّاكُمُ اللَّهُ بِهَـٰذَا ۚ فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا لِّيُضِلَّ النَّاسَ بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

තවද (උන් අතුරින්) ඔටුවන්ගෙන් (ගැහැනු පිරිමි) දෙදෙනෙක් ද ගවයින්ගෙන් (ගැහැනු පිරිමි) දෙදෙනෙක් ද වේ. (නබිවරය, ඔවුනට) නුඹ පවසවු“ (උන්ගෙන්) ඔහු තහනම් කර ඇත්තේ පිරිමි( සතු)න් දෙදෙනෙක් ද? නැතහොත් ගැහැනු( සතු)න් දෙදෙනෙක් ද? නැතහොත් ගැහැනු (සතු)න් දෙදෙනාගේ ගර්භාෂයන් දරා සිටින දෑ ද? නැතහොත් මේ පිළිබඳව අල්ලාහ් නුඹලාට උපදෙස් දෙන විට නුඹලා සාක්ෂිකරුවන් ලෙස (සහභාගී වී) සිටියෙහි ද?- 48 එබැවින් (කිසිදු) දැනුමකින් තොරව ජනයින්ව මුළා කිරීම පිණිස අල්ලාහ් පිළිබඳව බොරු ගොතන්නාට වඩා මහත් අපරාධකරුවා කවරෙක් ද? සැබැවින්ම අපරාධකාර පිරිසට අල්ලාහ් යහමග පෙන්වන්නේ නැත.”
48මෙම ආයතය මගින් මිථ්යා දෘෂ්ටිකයින්, ඇතැම් පශු කුලයට අයත් සතුන්ව තමන් විසින්ම තමන්ට තහනම් කර ගැනීම පිළිබඳව දොස් පවරා ඇත. ඔවුන්ට ඒවා තහනම් කර ගැනීමට කිසිදු ඒකීය ප්රතිපත්තියක් නොවීය. ඇතැම් විට පිරිමි සතුන්ව තහනම් කර ගත්තෝය. ඇතැම් විට ගැහැනු සතුන්ව තහනම් කර ගත්තෝය. තවද මෙහිදී අල්ලාහ් එසේ ඔවුන්ට තහනම් කර ඇත්නම් එසේ තහනම් කරන විටදී ඔවුන් එම සන්නිධානයෙහි සිටියේ ද? යැයි සමච්චලයට ප්රශ්නාර්ථයක් මෙන් ගෙන හැර පෙන්වා ඇත. මෙම ආයතය පවසන්නේ මේ සියලු යුගලයන් අල්ලාහ් විසින් මවන ලද්දකි. තවද ඔහු ගැහැනු සතුන්ව හෝ පිරිමි සතුන්ව හෝ තහනම් නොකළේය යන්නය.
145

قُل لَّا أَجِدُ فِي مَا أُوحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٍ يَطْعَمُهُ إِلَّا أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ ۚ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَّحِيمٌ

“මළ සතුන් හෝ ගලනා රුධිරය හෝ සූකර මාංශ - සැබැවින්ම එය අපිරිසිදුය - හෝ අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් කැප කරනු ලැබූ පාපකාරී දෑ හෝ වූයේ නම් හැර 49 (වෙනත් කිසිවක්) ආහාර ගන්නෙකු එම ආහාරය ගැනීම කෙරෙහි තහනම් කරනු ලැබ ඇතැයි මා වෙත වහී(දේව පණිවිඩ) පහළ කරනු ලැබූ දෑ හි මා දැක නැත. තවද යමෙක් ආස්වාදයක් නොමැත්තෙකුව හා (ජීවිතය රැක ගැනීමට අවශ්ය) ප්රමාණය ඉක්ම නොවන්නෙකුව (බලවත් අවශ්යතාවක් හේතුවෙන් විකල්පයක් නොමැතිව ඒවා ආහාරයට ගැනීමට) බල කරනු ලැබුවේ නම් එවිට සැබැවින්ම නුඹගේ පරමාධිපති අති ක්ෂාමශීලීය පරම කරුණාභරිත යැ”යි (නබිවරය, ඔවුනට) නුඹ පවසවු.
49‘හැර’ යනුවෙන් අදහස් කරනුයේ තහනම් වූ සියලු දෑ ය. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 5:3 වැනි ආයතය හා පාද සටහන බලන්න.
146

وَعَلَى الَّذِينَ هَادُوا حَرَّمْنَا كُلَّ ذِي ظُفُرٍ ۖ وَمِنَ الْبَقَرِ وَالْغَنَمِ حَرَّمْنَا عَلَيْهِمْ شُحُومَهُمَا إِلَّا مَا حَمَلَتْ ظُهُورُهُمَا أَوِ الْحَوَايَا أَوْ مَا اخْتَلَطَ بِعَظْمٍ ۚ ذَٰلِكَ جَزَيْنَاهُم بِبَغْيِهِمْ ۖ وَإِنَّا لَصَادِقُونَ

නිය ඇති සියල්ලක්ම යුදෙව්වූවන් කෙරෙහි අපි තහනම් කළෙමු. තවද ගවයින් හා එළුවන් අතුරින් උන් දෙදෙනාගේ පිටවල් හෝ බඩවැල් රඳවා ඇති දෑ(මේදය) හෝ ඇට සමඟ මිශ්ර වූ දෑ(මේදය) හැර උන් දෙදෙනාගේ (සෙසු) මේදය අපි ඔවුනට තහනම් කළෙමු. 50 මෙය ඔවුන්ගේ සීමාව ඉක්මවීම හේතුවෙන් අප ඔවුනට ප්රතිවිපාක වශයෙන් ලබා දුන්නෙමු. සැබැවින්ම අප සත්යවන්තයෝය.
50මෙම ආයතය හා 4:160 ආයතය පවසන්නේ මේවා යුදෙව්වන්ට තහනම් වූයේ ඔවුන් කළ ඇතැම් පාපයන් සඳහා වූ දඬුවමක් වශයෙනි.
147

فَإِن كَذَّبُوكَ فَقُل رَّبُّكُمْ ذُو رَحْمَةٍ وَاسِعَةٍ وَلَا يُرَدُّ بَأْسُهُ عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ

එබැවින් ඔවුන් නුඹව අසත්යය කළේ නම්, “නුඹලාගේ පරමාධිපති ව්යාප්ත වූ කරුණාව ඇත්තෙකි. (එබැවින් දඬුවම ශීඝ්රයෙන් පැමිණෙන්නේ නැත.) තවද (එසේ දඬුවම පැමිණියා නම්) ඔහුගේ දඬුවම වැරදිකාර පිරිසගෙන් ඉවත් කරනු නොලැබේ” යැයි (නබිවරය, ඔවුනට) නුඹ පවසවු.
148

سَيَقُولُ الَّذِينَ أَشْرَكُوا لَوْ شَاءَ اللَّهُ مَا أَشْرَكْنَا وَلَا آبَاؤُنَا وَلَا حَرَّمْنَا مِن شَيْءٍ ۚ كَذَٰلِكَ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ حَتَّىٰ ذَاقُوا بَأْسَنَا ۗ قُلْ هَلْ عِندَكُم مِّنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا ۖ إِن تَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ أَنتُمْ إِلَّا تَخْرُصُونَ

“අල්ලාහ් අභිමත කළේ නම් අපගේ මුතුන් මිත්තන් ද අප ද (අල්ලාහ්ට) ආදේශ නොතබන්නට තිබුණි. තවද (අපට අනුභව කළ හැකි) කිසිවක් අප තහනම් නොකරන්නට තිබුණි” යැයි (අල්ලාහ්ට) ආදේශ කළවුන් මතු පවසනු ඇත. මෙලෙසම ඔවුනට පෙරවූවන් ද අපගේ දඬුවම ඔවුන් රස විඳින තෙක් අසත්යය කළෝය. “(නුඹලාගේ ක්රියා කලාපයන් පිළිබඳව අල්ලාහ් සතුටු වේ යැයි) අප වෙත නුඹලාට හෙළි කළ හැකි දැනුමක් නුඹලා අබියස ඇත්ද? නුඹලා අනුමානය මිස අනුගමනය නොකරති. (ඒ පිළිබඳව) අසත්යය ප්රකාශ කිරීම මිස නුඹලා නොවෙති.” යැයි (නබිවරය,) නුඹ පවසවු.
149

قُلْ فَلِلَّهِ الْحُجَّةُ الْبَالِغَةُ ۖ فَلَوْ شَاءَ لَهَدَاكُمْ أَجْمَعِينَ

“තීරණාත්මක සාධකය අල්ලාහ් සතුය. එබැවින් ඔහු අභිමත කළේ නම් නුඹලා සියලු දෙනාටම ඔහු යහමග පෙන්වන්නට තිබුණි” 51 යැයි (නබිවරය,) නුඹ පවසවු.
51එනම් අල්ලාහ්ට සියලු මිනිසුන්ව ඔහුට බලෙන් හෝ අවනත කරවීමේ ශක්තිය තිබුණ ද ඔහු එසේ නොකළේ මිනිසාට අවනත වීම හෝ අකීකරු වීම යන කරුණු දෙක අතුරින් එකක් තෝරා ගැනීමේ සිය කැමැත්ත පිරිනමා ඇති නිසාය. තවද අල්ලාහ් විසින් මිනිසාව බලෙන් අවනත කරවීමට සැලැස් වූයේ නම් පිරිසිදු ගැත්තන් තෝරා ගැනීම යන මෙලොව නිර්මාණයේ අරමුණ බැහැර වනු ඇත.
150

قُلْ هَلُمَّ شُهَدَاءَكُمُ الَّذِينَ يَشْهَدُونَ أَنَّ اللَّهَ حَرَّمَ هَـٰذَا ۖ فَإِن شَهِدُوا فَلَا تَشْهَدْ مَعَهُمْ ۚ وَلَا تَتَّبِعْ أَهْوَاءَ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَالَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَهُم بِرَبِّهِمْ يَعْدِلُونَ

“අල්ලාහ්මය මෙය තහනම් කළේ යැයි සාක්ෂි දරන්නන් වන නුඹලාගේ සාක්ෂිකරුවන්ව නුඹලා ගෙන එවු” යැයි (නබිවරය,) නුඹ පවසවු. එවිට ඔවුන් (බොරු) සාක්ෂි දැරුවේ නම් නුඹ ඔවුන් සමග සාක්ෂි නොදරවු. අපගේ වදන් අසත්යය කළවුන්ගේ ද පරමාන්ත( දින)ය විශ්වාස නොකළවුන්ගේ ද මනෝ ඉච්ඡාවන් නුඹ අනුගමනය නොකරවු. තවද ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිට (නැමදුම් හි වෙනත් දෑ) සමාන කරන්නෝය.
151

قُلْ تَعَالَوْا أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ ۖ أَلَّا تُشْرِكُوا بِهِ شَيْئًا ۖ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۖ وَلَا تَقْتُلُوا أَوْلَادَكُم مِّنْ إِمْلَاقٍ ۖ نَّحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ ۖ وَلَا تَقْرَبُوا الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ ۖ وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ ۚ ذَٰلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ

“නුඹලා පැමිණෙවු, නුඹලාගේ පරමාධිපති නුඹලා කෙරෙහි තහනම් කළ දෑ මම පාරායනය කර( පෙන්ව)න්නෙමි. එනම් නුඹලා ඔහුට කිසිවක් (හවුල්කරුවන් ලෙස) ආදේශ නොකරවු. තවද දෙමව්පියන්ට උපස්ථාන කිරීම (අනිවාර්යය වූ දෑ අතුරින්) වේ. තවද දිළිඳුකම හේතුවෙන් නුඹලාගේ දරුවන්ව නුඹලා ඝාතනය නොකරවු. නුඹලාට ද ඔවුන්ට ද ජීවන සම්පත් ලබා දෙනුයේ අපමය. තවද අශික්ෂිත දෑ තුළින් බාහිර දෑ හා අභ්යන්තර දෑ වෙත නුඹලා සමීප නොවවු. තවද (ඝාතනය කිරීමට) අල්ලාහ් තහනම් කළ ආත්මයක් නුඹලා යුක්තියෙන් 52 මිස ඝාතනය නොකරවු. මෙය නුඹලා අවබෝධ කර ගනු පිණිස මෙ(ම අල් කුර්ආනය )මගින් ඔහු නුඹලාට විධානය කර ඇතැ”යි (නබිවරය,) නුඹ පවසවු.
52වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:178-179 යන ආයතයන් බලන්න.
152

وَلَا تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُ ۖ وَأَوْفُوا الْكَيْلَ وَالْمِيزَانَ بِالْقِسْطِ ۖ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَإِذَا قُلْتُمْ فَاعْدِلُوا وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۖ وَبِعَهْدِ اللَّهِ أَوْفُوا ۚ ذَٰلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَذَكَّرُونَ

තවද “අනාථ දරුවාගේ වස්තුවට ඔහු වැඩිවියට එළැඹෙන තුරු යහ අයුරින් මිස සමීප නොවවු. 53 තවද නුඹලා යුක්තිගරුකව කිරුම් සහ මිනුම් සම්පූර්ණ කරවු. 54 අපි කිසිදු ආත්මයකට එහි හැකියාවන්ට අනුව මිස බල නොකරන්නෙමු. 55 තවද නුඹලා කතා කරන විට යුක්තිගරුක වවු. (එයින් බලපෑමට ලක් වන) ඔහු සමීප ඥාතියෙකු වුවද (කම් නැත). තවද අල්ලාහ්ගේ ගිවිසුම නුඹලා ඉටු කරවු.මෙය නුඹලා මෙනෙහි කරනු පිණිස මෙ(ම අල් කුර්ආනය )මගින් ඔහු නුඹලාට විධානය කර ඇත.
53‘යහ අයුරින් සමීප වීම’ යනු අනාථ දරුවාගේ වස්තූන් ආරක්ෂා කරන්නට හෝ ඒවා දියුණු කරන්නට හෝ මිස ඒවාට අත නොතැබිය යුතුය යන්නයි. තවද ‘වැඩිවියට පත් වන තුරු’ යනු එම දරුවා තම කටයුතු තනිවම ඉටුකර ගැනීමට නිසි හැකියාවක් ලබන වයස උදා වන තුරුය යන්නය.
54මෙම ආයතයෙහි ගනු දෙනු පිළිබඳව සඳහන් වුවද කෙනෙකු අන් අයට කළ යුතු සියලු වගකීම් මෙහි අදහස් කොට ඇත.
55‘අපි කිසිදු ආත්මයකට එහි හැකියාවන්ට අනුව මිස බල නොකරන්නෙමු’ යන මෙම වාක්යයෙන් පෙන්නුම් කරන්නේ මෙම ආයතයේ සඳහන් කළ සියලු වගකීම් කෙනෙකුගේ උපරිම ශක්තියෙන් ඉටු කළ යුතුය යන්නයි. තවද කෙනෙකුගේ පාලනයෙන් ඔබ්බට ඇති වන අඩු වැඩිකම් අල්ලාහ් ක්ෂමා කරන්නේය යන්නයි.
153

وَأَنَّ هَـٰذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ ۖ وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِ ۚ ذَٰلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ

තවද සැබැවින්ම ඍජු මාර්ගයක් ලෙස (මග පෙන්වන) මෙය මාගේ මාර්ගයයි. එබැවින් නුඹලා එය අනුගමනය කරවු. තවද (වෙනත්) මාර්ගයන් නුඹලා අනුගමනය නොකරවු. එවිට එය ඔහුගේ(අල්ලාහ්ගේ) මාර්ගයෙන් නුඹලාව වෙන් කර දමයි. මෙය නුඹලා බිය භක්තිමත් වනු පිණිස මෙ(ම අල් කුර්ආනය )මගින් ඔහු නුඹලාට විධානය කර ඇත.” (යැයි ද නබිවරය, නුඹ පවසවු.)
154

ثُمَّ آتَيْنَا مُوسَى الْكِتَابَ تَمَامًا عَلَى الَّذِي أَحْسَنَ وَتَفْصِيلًا لِّكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لَّعَلَّهُم بِلِقَاءِ رَبِّهِمْ يُؤْمِنُونَ

පසුව යහපත කරන්නා කෙරෙහි (අපගේ භාග්යයන්) පරිපූර්ණ කිරීමක් වශයෙන් ද සියලු දෑ පිළිබඳව පැහැදිලි කිරීමක් වශයෙන් ද මග පෙන්වීමක් වශයෙන් ද කරුණාවක් වශයෙන් ද ඔවුන්ගේ පරමාධිපතිගේ හමු වීම ඔවුහු විශ්වාස කිරීම පිණිස, අපි මූසාට ධර්ම පුස්තකය(තව්රාතය) පිරිනැමුවෙමු.
155

وَهَـٰذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ فَاتَّبِعُوهُ وَاتَّقُوا لَعَلَّكُمْ تُرْحَمُونَ

මෙ(ම අල් කුර්ආන)ය අපි ඔහුට(නබිවරයාට) පහළ කළ භාග්ය ලත් ධර්ම පුස්තකයකි. එබැවින් (ප්රතික්ෂේපක) නුඹලා එය අනුගමනය කරවු. තවද නුඹලා (අල්ලාහ්ගේ) කරුණාව ලබනු පිණිස (ඔහුට) බිය භක්තිමත් වවු.
156

أَن تَقُولُوا إِنَّمَا أُنزِلَ الْكِتَابُ عَلَىٰ طَائِفَتَيْنِ مِن قَبْلِنَا وَإِن كُنَّا عَن دِرَاسَتِهِمْ لَغَافِلِينَ

(මෙය අප පහළ නොකළේ නම්) “ධර්ම පුස්තකය පහළ කරනු ලැබුවේ අපට පෙර වූ (යුදෙව්වන් හා කිතුනුවන් යන) දෙපිරිසකටය. තවද ඔවුන්ගේ හැදෑරීම පිළිබඳව සැබැවින්ම අපි අනවධානීන්ව සිටියෙමු” යැයි (ප්රතික්ෂේපක) නුඹලා පවසනු ඇත.
157

أَوْ تَقُولُوا لَوْ أَنَّا أُنزِلَ عَلَيْنَا الْكِتَابُ لَكُنَّا أَهْدَىٰ مِنْهُمْ ۚ فَقَدْ جَاءَكُم بَيِّنَةٌ مِّن رَّبِّكُمْ وَهُدًى وَرَحْمَةٌ ۚ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَّبَ بِآيَاتِ اللَّهِ وَصَدَفَ عَنْهَا ۗ سَنَجْزِي الَّذِينَ يَصْدِفُونَ عَنْ آيَاتِنَا سُوءَ الْعَذَابِ بِمَا كَانُوا يَصْدِفُونَ

නැතහොත් “සැබැවින්ම (එම) ධර්ම පුස්තකය අප වෙත පහළ කරනු ලැබුවේ නම් අපි ඔවුනට වඩා යහමග වූවන් වන්නට තිබිණ.” යැයි නුඹලා පවසනු ඇත. එබැවින් නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් ද මග පෙන්වීමක් ද කරුණාවක් ද සැබැවින්ම නුඹලා වෙත පැමිණ ඇත.එබැවින් අල්ලාහ්ගේ වදන් අසත්යය කර ඒවාට පිටුපා යන්නාට වඩා මහත් අපරාධකරුවා කවරෙක් ද? අපගේ වදන් වලට පිටුපා යන්නන්ට ඔවුන් පිටුපා යමින් සිටි දෑ හේතුවෙන් නරක දඬුවම ප්රතිවිපාක වශයෙන් අපි මතු ලබා දෙන්නෙමු.
158

هَلْ يَنظُرُونَ إِلَّا أَن تَأْتِيَهُمُ الْمَلَائِكَةُ أَوْ يَأْتِيَ رَبُّكَ أَوْ يَأْتِيَ بَعْضُ آيَاتِ رَبِّكَ ۗ يَوْمَ يَأْتِي بَعْضُ آيَاتِ رَبِّكَ لَا يَنفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِن قَبْلُ أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا ۗ قُلِ انتَظِرُوا إِنَّا مُنتَظِرُونَ

ඔවුන් වෙත මලක්වරුන් පැමිණීම 56 හෝ නුඹගේ පරමාධිතිගේ විධානය පැමිණීම හෝ නුඹගේ පරමාධිපතිගේ සංඥාවන් සමහරක් පැමිණීම හෝ මිස (අන් කිසිවක්) ඔවුන් අපේක්ෂා කරන්නේ ද? නුඹගේ පරමාධිපතිගේ සංඥාවන් සමහරක් පැමිණෙන දින (එයට) පෙර විශ්වාස කර නොසිටියා වූ හෝ තම විශ්වාසය තුළින් යහපතක් උපයා නොගත්තා වූ (කිසිදු) ආත්මයකට (එවිට සංඥාවන් දැකීම තුළින්) තම විශ්වාසය ප්රයෝජනවත් නොවන්නේය. “නුඹලා (මේවායින් යමක්) බලාපොරොත්තු වවු. සැබැවින්ම අපි ද බලාපොරොත්තු වන්නන් වන්නෙමු” යැයි (නබිවරය, ඔවුනට) නුඹ පවසවු.
56මෙහි සඳහන් ‘මලක්වරුන්ගේ පැමිණීම’ යනු ප්රතික්ෂේපකයින්ගේ ප්රාණය අත්පත් කර ගැනීම සඳහා ඔවුන්ගේ පැමිණීම වන අතර ‘පරමාධිපතිගේ විධානය පැමිණීම’ යනු දඬුවම පිළිබඳ අල්ලාහ්ගේ විධානය පැමිණීමයි. තවද ‘නුඹගේ පරමාධිපතිගේ සංඥාවන් සමහරක්’ යනු ලොව අවසන් විනිශ්චය දින සඳහා සංඥාවන් උදා වීමය.
159

إِنَّ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا لَّسْتَ مِنْهُمْ فِي شَيْءٍ ۚ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللَّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُوا يَفْعَلُونَ

සැබැවින්ම තමන්ගේ දහමේ බෙදීම් ඇති කර (විවිධ) කණ්ඩායම් බවට පත් වූවන් වන (පුස්තක ලත් ජනයින් වූ) ඔවුන් සමග කිසිදු කරුණක නුඹ (කොටස්කරුවෙකු) නොවන්නෙහිය. ඔවුන්ගේ කරුණ (පැවරී ඇත්තේ) අල්ලාහ් වෙතමය. පසුව ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව ඔහු ඔවුනට දන්වන්නේය.
160

مَن جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا ۖ وَمَن جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَىٰ إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ

((160) (විනිශ්චය දින) කවරෙකු යහපතක් ගෙන එන්නේ ද ඔහුට එය මෙන් දහ(ගුණ)යක් ඇත. තවද කවරෙකු අයහපතක් ගෙන එන්නේ ද එවැන්නක් (පමණක්) මිස ප්රතිවිපාක වශයෙන් දෙනු නොලැබේ. තවද ඔවුහු අපරාධයට ලක් නොවෙති.
161

قُلْ إِنَّنِي هَدَانِي رَبِّي إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ دِينًا قِيَمًا مِّلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا ۚ وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

“සැබැවින්ම මාගේ පරමාධිපති ඍජු මාර්ගයක් වෙත මට මග පෙන්වා ඇත. (එනම්) ඍජු දහමක් වෙතය. (එනම් සත්යය වෙත) නැඹුරු වූවෙකු වන ඉබ්රාහීම්ගේ පිළිවෙත වෙතය. තවද ඔහු ආදේශකයින් අතුරින් නොවීය” යැයි (නබිවරය,) නුඹ පවසවු.
162

قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ

තවද “සැබැවින්ම මාගේ සලාතය) ද මාගේ කැපකිරීම ද මාගේ ජීවිතය ද මාගේ මරණය ද සමස්ත විශ්වයේ පරමාධිපති, අල්ලාහ්ටම හිමිය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත. මෙය පිළිබඳවමය මා විධානය කරනු ලැබුවේ. තවද මම මුස්ලිම්වරුන්(අල්ලාහ්ට අවනතවන්නන්) අතුරින් ප්රථමයා වෙමි.” යැයි ද නුඹ පවසවු.
163

لَا شَرِيكَ لَهُ ۖ وَبِذَٰلِكَ أُمِرْتُ وَأَنَا أَوَّلُ الْمُسْلِمِينَ

තවද “සැබැවින්ම මාගේ සලාතය) ද මාගේ කැපකිරීම ද මාගේ ජීවිතය ද මාගේ මරණය ද සමස්ත විශ්වයේ පරමාධිපති, අල්ලාහ්ටම හිමිය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත. මෙය පිළිබඳවමය මා විධානය කරනු ලැබුවේ. තවද මම මුස්ලිම්වරුන්(අල්ලාහ්ට අවනතවන්නන්) අතුරින් ප්රථමයා වෙමි.” යැයි ද නුඹ පවසවු.
164

قُلْ أَغَيْرَ اللَّهِ أَبْغِي رَبًّا وَهُوَ رَبُّ كُلِّ شَيْءٍ ۚ وَلَا تَكْسِبُ كُلُّ نَفْسٍ إِلَّا عَلَيْهَا ۚ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

“අල්ලාහ් සියලු දෑහි පරමාධිපතිව සිටිය දී ඔහු හැර වෙනත් පරමාධිපතියෙකුව මා සොයන්නෙම් ද? තවද සෑම ආත්මයක්ම තමා කෙරෙහිම මිස (පාපයන්) උපයා නොගනියි. තවද (තම පාපයේ) බර උසුලන්නෙකු වෙනකෙකුගේ (පාපයේ) බර නොඋසුලන්නේය. පසුව, නුඹලාගේ නැවත යොමු වන ස්ථානය නුඹලාගේ පරමාධිපති වෙතය. එවිට නුඹලා කවර විෂයෙහි මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ පිළිබඳව ඔහු නුඹලාට දන්වන්නේ යැ”යි ද නුඹ පවසවු.
165

وَهُوَ الَّذِي جَعَلَكُمْ خَلَائِفَ الْأَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِّيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ ۗ إِنَّ رَبَّكَ سَرِيعُ الْعِقَابِ وَإِنَّهُ لَغَفُورٌ رَّحِيمٌ

නුඹලාව මිහිතලයේ (පැවරූ බලතල ක්රියා කරන) නියෝජිතයන් බවට පත් කළේ ඔහුමය(අල්ලාහ්මට). තවද නුඹලාට ඔහු (මෙලොවෙහි) ලබා දුන් දෑහි නුඹලාව පිරික්සනු පිණිස ඔහු නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා තරාතිරම් වලින් උසස් කළේය. සැබැවින්ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා ශීඝ්රය. තවද සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
الأعرافමක්කී
1

المص

අලිෆ්. ලාම්. මීම්. සාද්. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

كِتَابٌ أُنزِلَ إِلَيْكَ فَلَا يَكُن فِي صَدْرِكَ حَرَجٌ مِّنْهُ لِتُنذِرَ بِهِ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ

(නබිවරය, මෙම අල් කුර්ආනය) නුඹ වෙත පහළ කරනු ලැබූ ධර්ම පුස්තකයකි. එයින් නුඹගේ හදවතෙහි පීඩනයක් ඇති නොවිය යුතුය. 2 (එය පහළ කරනු ලැබූයේ) විශ්වාසිකයින්ට උපදෙසක් වශයෙන් ද එමගින් (අවිශ්වාසිකයින්ට) නුඹ අවවාද කරනු පිණිස ද වේ.
2ජනයින්ගෙන් නබි මුහම්මද් තුමාණන්ට කුමන ආකාරයක ප්රතිචාරයක් ලැබුණ ද එයින් නොසැලී තමාගේ වගකීම වන අල් කුර්ආනයේ පණිවිඩය ජනයින්ට ප්රචාරය කරන ලෙස මෙයින් අල්ලාහ් එතුමාට නියෝග කර ඇත. ජනයින්ගේ සතුරුකම හා හිතුවක්කාරකම එතුමාට වේදනා ඇති කළේය. ඇතැම් අවස්ථා වලදී ඔවුන් සත්යයෙන් මුළාවීම කෙරෙහි තමා වගකිව යුතු දැ’යි එතුමා සිතන්නට වූයේය. අල් කුර්ආනය විටින් විට නබි මුහම්මද් තුමාගේ මෙම වගකීම, ප්රචාරය කිරීම පමණක් යැයි පවසා එතුමාව සනසන්නේය. ඔවුන්ගේ ප්රතිචාරය එතුමාගේ පාලනය යටතේ නොවීය. එබැවින් එතුමා තමාගේ වගකීම ඔවුන් ප්රතික්ෂේප කරති යැයි නොසිතමින් කිසිදු බියකින් තොරව ඉටුකළ යුතුය. යන්නෙන් මෙයින් පෙන්වා දෙයි.
3

اتَّبِعُوا مَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ وَلَا تَتَّبِعُوا مِن دُونِهِ أَوْلِيَاءَ ۗ قَلِيلًا مَّا تَذَكَّرُونَ

(ජනයිනි!) නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ නුඹලා අනුගමනය කරවු. ඔහු හැර සෙසු (අය තම) භාරකරුවන් (ලෙස) නුඹලා අනුගමනය නොකරවු. 3 නුඹලා උපදෙස් ලබනුයේ අල්ප ප්රමාණයෙකි.
3මෙහි භාරකරුවන් යැයි අදහස් කරන්නේ මිථ්යා දෘෂ්ටිකයින් තම දහම් විෂයෙහි විශ්වාස තබන ඔවුන්ගේ නායකයින්ව හා ශාස්ත්රකරුවන්වය.
4

وَكَم مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا فَجَاءَهَا بَأْسُنَا بَيَاتًا أَوْ هُمْ قَائِلُونَ

කොපමණ ගම්මානයන් අපි විනාශ කළෙමු ද? රාත්රියේ හෝ ඔවුන් මධ්යහ්නයේ නිදියමින් සිටිය දී හෝ අපගේ දඬුවම ඒවා වෙත පැමිණියේය.
5

فَمَا كَانَ دَعْوَاهُمْ إِذْ جَاءَهُم بَأْسُنَا إِلَّا أَن قَالُوا إِنَّا كُنَّا ظَالِمِينَ

අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණි විට “සැබැවින්ම අපි අපරාධකරුවන්ව සිටියෙමු” යැයි ඔවුන් පවසා සිටියා මිස ඔවුන්ගේ ප්රකාශය නොවීය.
6

فَلَنَسْأَلَنَّ الَّذِينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْأَلَنَّ الْمُرْسَلِينَ

කවුරුන් වෙත (රසූල්වරුන්) යවනු ලැබුවේ ද ඔවුන්ගෙන් සැබැවින්ම (රසූල්වරුන්ට ප්රතිචාර දැක් වූ අන්දම) අපි විමසන්නෙමු. තවද රසූල්වරුන්ගෙන් ද (දහම් ප්රචාරය පිළිබඳව) විමසන්නෙමු.
7

فَلَنَقُصَّنَّ عَلَيْهِم بِعِلْمٍ ۖ وَمَا كُنَّا غَائِبِينَ

ඉන් පසුව සැබැවින්ම අපි (ඔවුන් කළ ක්රියාවන් පිළිබඳව සම්පූර්ණ) දැනුමකින් යුතුව ඔවුනට (ඔවුන්ගේ) පුවත (නිවැරදි ලෙස) පවසන්නෙමු. තවද අපි (ඒ පිළිබඳව) අදෘශ්යව නොසිටියෙමු.
8

وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ ۚ فَمَن ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ

එදින (ක්රියාවන්හි) මිනුම සැබෑවකි. 4 එබැවින් (යහ ක්රියාවන් මගින්) කවරෙකුගේ තුලාවන් බැර වන්නේ ද ඔවුන්මය ජයග්රාහකයින් වන්නේ.
4අල් කුර්ආනයේ ඇතැම් ස්ථානයන්හි මුළු මිනිස් සමූහයාගේ කි්රයාවන් විනිශ්චය දිනයේ කිරනු ලබන්නේ යැයි සඳහන් වී ඇත. කි්රයාවන්හි බරට අනුව ඔවුන්ගේ ස්වර්ගය හෝ නිරය තීරණය කරනු ලැබේ. මෙය අනිවාර්යයෙන්ම සිදුවන්නේ යැයි මෙම ආයතයෙහි පවසා ඇත.
9

وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَـٰئِكَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُم بِمَا كَانُوا بِآيَاتِنَا يَظْلِمُونَ

තවද කවරෙකුගේ (යහ ක්රියාවන්හි) තුලාවන් සැහැල්ලු වන්නේ ද ඔවුන්මය. අපගේ වදන් ප්රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් තමන්ටම පාඩු ඇති කර ගත්තවුන් වන්නේ.
10

وَلَقَدْ مَكَّنَّاكُمْ فِي الْأَرْضِ وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ ۗ قَلِيلًا مَّا تَشْكُرُونَ

සැබැවින්ම අපි නුඹලාව මිහිතලයෙහි (අධිකාරය දී) ස්ථාපිත කළෙමු. තවද අපි නුඹලාට එහි ජීවනෝපායන් සලසා දුන්නෙමු. (එහෙත්) නුඹලා කෘතවේදී වනුයේ අල්ප ප්රමාණයකි.
11

وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ ثُمَّ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ لَمْ يَكُن مِّنَ السَّاجِدِينَ

සැබැවින්ම අපි නුඹලාව මවා පසුව නුඹලාව (මිනිස් හැඩයෙන්) හැඩ ගස්වා පසුව (පළමු මිනිසා වන) “ආදම්ට සුජූද් කරනු”යි මලක්වරුන්ට පැවසුවෙමු. එවිට ඉබ්ලීස් හැර ඔවුහු(සියල්ලෝම) සුජූද් කළෝය. ඔහු(ඉබ්ලීස්) සුජූද් කරන්නන්ගෙන් (කෙනෙකු) නොවීය.
12

قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ ۖ قَالَ أَنَا خَيْرٌ مِّنْهُ خَلَقْتَنِي مِن نَّارٍ وَخَلَقْتَهُ مِن طِينٍ

“නුඹට මා අණ කළ විට නුඹ සුජූද් නොකර සිටීමට නුඹව වැළකුවේ කුමක් දැ?”යි ඔහු(අල්ලාහ්) ඇසීය. “මම ඔහුට වඩා ශ්රේෂ්ඨ වෙමි. නුඹ මා මැව්වේ ගින්නෙනි. නුඹ ඔහුව මැව්වේ මැටියෙනි” යැයි ඔහු පැවසීය.
13

قَالَ فَاهْبِطْ مِنْهَا فَمَا يَكُونُ لَكَ أَن تَتَكَبَّرَ فِيهَا فَاخْرُجْ إِنَّكَ مِنَ الصَّاغِرِينَ

“නුඹ මෙයින් (මිහිතලයට) බැස යවු. මෙහි නුඹ උඩඟුකම් පෑමට නුඹට කිසිවක් නැත. එබැවින් නුඹ බැහැරව යවු. සැබැවින්ම නුඹ අවමන් වූවන්ගෙන් යැ”යි ඔහු(අල්ලාහ්) පැවසීය.
14

قَالَ أَنظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

“ඔවුන්ව(මිනිසාව මරණින් මතු) නැගිටුවනු ලබන දිනය තෙක් මට (ජීවත් වීමට) අවකාශයක් ලබා දෙනු”යි ඔහු(ඉබ්ලීස්) පැවසීය.
15

قَالَ إِنَّكَ مِنَ الْمُنظَرِينَ

“සැබැවින්ම නුඹ (මරණින් මතු නැගිටුවනු ලබන දිනය තෙක් ජීවත් වීමට) අවකාශය දෙනු ලැබූවන් අතුරින් යැ”යි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
16

قَالَ فَبِمَا أَغْوَيْتَنِي لَأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمَ

“නුඹ මා මුළාවෙහි අත්හළ හෙයින් (දිවුරමින්,) ඔවුනට (යහ මග යාමට බාධකයක් ලෙස) නුඹේ ඍජු මාර්ගයේ වාඩි වී සිටින්නෙමි.”
17

ثُمَّ لَآتِيَنَّهُم مِّن بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَن شَمَائِلِهِمْ ۖ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ

පසුව ඔවුන්ට ඉදිරියෙන් ද ඔවුන්ගේ පසුපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද ඔවුන්ගේ වම් පසින් ද මම ඔවුන් වෙත පැමිණෙන්නෙමි. තවද ඔවුන් අතුරින් බොහෝ දෙනා (නුඹට) කෘතවේදීන් ලෙස නුඹ නොදකිනු ඇත.
18

قَالَ اخْرُجْ مِنْهَا مَذْءُومًا مَّدْحُورًا ۖ لَّمَن تَبِعَكَ مِنْهُمْ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكُمْ أَجْمَعِينَ

“නුඹ නීචභාවයට ලක් වූවෙකු ලෙස ද පලවා හරිනු ලැබූවෙකු ලෙස ද මෙයින් පිටව යවු. ඔවුන් අතුරින් කවරෙකු නුඹව අනුගමනය කරන්නේ ද එවිට නියත වශයෙන්ම මම (ඔවුන්ගෙන් හා) නුඹලා සියල්ලන්ගෙන් නිරය පුරවන්නෙමි” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
19

وَيَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ فَكُلَا مِنْ حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَـٰذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ

“අහෝ ආදම්! නුඹ හා නුඹගේ බිරිය (ස්වර්ග) උයනෙහි වාසය කරවු. නුඹලා දෙදෙනා කැමති ස්ථානයකින් අනුභව කරවු. තවද නුඹලා දෙදෙනා මෙම ගස අසළට නොයවු. එසේ කළහොත් නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෝය.” (යැයි අල්ලාහ් ආදම්ට පැවසුවේය.)
20

فَوَسْوَسَ لَهُمَا الشَّيْطَانُ لِيُبْدِيَ لَهُمَا مَا وُورِيَ عَنْهُمَا مِن سَوْآتِهِمَا وَقَالَ مَا نَهَاكُمَا رَبُّكُمَا عَنْ هَـٰذِهِ الشَّجَرَةِ إِلَّا أَن تَكُونَا مَلَكَيْنِ أَوْ تَكُونَا مِنَ الْخَالِدِينَ

ඔවුන් දෙදෙනාගෙන් ආවරණය කරනු ලැබූ රහසඟයන් ඔවුන් දෙදෙනාට හෙළි කර වීම සඳහා ෂෙයිතාන් ඔවුන් දෙදෙනාට සිතුවිල්ලක් කෙඳුරුවේය. “නුඹලා දෙදෙනාගේ පරමාධිපති මෙම ගස නුඹලා දෙදෙනාට තහනම් කළේ නුඹලා දෙදෙනා මලක්වරුන් හෝ නුඹලා සදාතනිකයින් අතුරින් නොවීමට මිස නැතැ”යි ඔහු(ෂෙයිතාන්) පැවසුවේය. 5
5ආදම්, හව්වා හා ඉබ්ලීස් යන අයගේ වෘත්තාන්තය 2:34 සිට 39 දක්වා ආයතයන්හි ද එහි පාද සටහන්හි ද වැඩි විස්තර සමග සඳහන් වී ඇත. මෙම ආයතය සඳහන් කරන්නේ තහනම් වූ ගසෙන් අනුභව කිරීමට ඉබ්ලීස් ඔවුන්ව පෙලඹවූයේ කෙසේද යන්නය.
21

وَقَاسَمَهُمَا إِنِّي لَكُمَا لَمِنَ النَّاصِحِينَ

“සැබැවින්ම මම නුඹලා දෙදෙනාට උපදෙස් දෙන්නන් අතුරින් වන්නෙමි” යැයි ඔවුන් දෙදෙනාට ඔහු දිවුරා සිටියේය.
22

فَدَلَّاهُمَا بِغُرُورٍ ۚ فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ ۖ وَنَادَاهُمَا رَبُّهُمَا أَلَمْ أَنْهَكُمَا عَن تِلْكُمَا الشَّجَرَةِ وَأَقُل لَّكُمَا إِنَّ الشَّيْطَانَ لَكُمَا عَدُوٌّ مُّبِينٌ

රැවටීම තුළින් ඔවුන් දෙදෙනාව (ෂෙයිතාන්) පහත හෙළීය. ඔවුන් දෙදෙනා එම ගසෙන් (පලතුරු වල) රස වින්ද විට ඔවුන් දෙදෙනාගේ රහසඟ ඔවුන් දෙදෙනාට හෙළි විය. 6 තවද (ස්වර්ග) උයනෙහි කොළ වලින් තමන් දෙදෙනා(ගේ රහසඟ) මත අලවා විළි වසා ගැනීමට තැත් කළහ. ඔවුන් දෙදෙනාගේ පරමාධිපති ඔවුන් දෙදෙනා අමතා “නුඹලා දෙදෙනාව එම ගසෙන් මා නොවැළැක් වුවෙම් ද? තවද ‘සැබැවින්ම ෂෙයිතාන් නුඹලා දෙදෙනාට පැහැදිලි සතුරෙකු යැ’යි මා නොපැවසුවෙම් ද?” (යැයි විමසීය.)
6එම ගසේ ස්වභාවය වනුයේ, යමෙකු එයින් අනුභව කළේ නම්, අනුභව කළ තැනැත්තාගේ රහසඟ අනාවරණය වීමයි. එය ඔවුන් වටහා ගත් සැණින් ලැජ්ජාවට පත්වී ඔවුන් ගස් කොළ වලින් විළිවසා ගැනීමට තැත් කළහ. මෙයින් පෙන්නුම් කරන්නේ පිරිමියෙකුගේ හෝ ස්ති්රයකගේ නිරුවත හෙළිවීම මිනිස් ස්වභාවයට අනුව පිළිකුල් කරුණක් යන්නයි. මෙවැනි තත්ත්වයක දී මිනිසෙකු ලැජ්ජා සහගත විය යුතුය. මෙම සූරාවේ 26 සිට 31 දක්වා ආයතයන්හි මිථ්යා දෘෂ්ටිකයින් තුළ මෙම නිරුවත් වීමේ සිරිත පිළිබඳව දොස් පැවරීම ඉස්මතු කර පෙන්වා ඇත.
23

قَالَا رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ

“අපගේ පරමාධිපතියාණනි, අපි අපටම අපරාධ කර ගත්තෙමු. නුඹ අපට සමාව නොදෙන්නේ නම්, තවද නුඹ අප වෙත කරුණාව නොදක්වන්නේ නම්, සැබැවින්ම අපි අලාභවන්තයින් අතුරින් වන්නෙමු.” යැයි එම දෙදෙනා (බැගෑපත්ව) පැවසුවෝය.
24

قَالَ اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَىٰ حِينٍ

නුඹලාගෙන් ඇතැමුන් ඇතැමුන්ට සතුරෙකු ලෙස නුඹලා (ස්වර්ගයෙන් මිහිතලයට) බැස යවු. නුඹලාට මිහිතලයෙහි වාසස්ථානයක් ද (නියමිත) කාලයක් දක්වා වින්දනයක් ද ඇතැ’යි ඔහු(අල්ලාහ්) ප්රකාශ කළේය.
25

قَالَ فِيهَا تَحْيَوْنَ وَفِيهَا تَمُوتُونَ وَمِنْهَا تُخْرَجُونَ

“එහිම නුඹලා ජීවත් වන්නෙහුය. එහිම නුඹලා මරණයට පත් වන්නෙහුය. එයින්ම නුඹලා (මරණින් මතු) පිට කරනු ලබන්නෙහුය” යැයි ද ඔහු පැවසුවේය.
26

يَا بَنِي آدَمَ قَدْ أَنزَلْنَا عَلَيْكُمْ لِبَاسًا يُوَارِي سَوْآتِكُمْ وَرِيشًا ۖ وَلِبَاسُ التَّقْوَىٰ ذَٰلِكَ خَيْرٌ ۚ ذَٰلِكَ مِنْ آيَاتِ اللَّهِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ

ආදම්ගේ දරුවනි, නුඹලාගේ රහසඟ අවරණය කරන්නා වූ හා (නුඹලාට) අලංකරණයක් වූ වස්ත්රයක් අපි නුඹලාට පහළ කර ඇත්තෙමු. බිය භක්තිමත්භාවයේ වස්ත්රය, එයමය ශ්රේෂ්ඨ වන්නේ. 7 එය ඔවුන් මෙනෙහි කරනු පිණිස අල්ලාහ්ගෙන් වූ සාධකයන් අතුරිනි.
7මෙම ආයතයන් තහවුරු කරන්නේ මිනිසාට පළමුවෙන්ම අනිවාර්යය වූයේ තම රහසඟ ආවරණය කළ යුතුය යන්නයි. අල්ලාහ් වස්ත්රයන් නිර්මාණය කිරීමට පළමු අරමුණ වන්නේ මෙයයි. දෙවන අරමුණ වන්නේ අලංකාරය වීමය. අරාබි මිථ්යා දෘෂ්ටිකයින් අතර බොහෝ අශික්ෂිත දෑ විය. ඇතැම් ගෝති්රකයන් තුළ ඒවායින් දරුණුම අශික්ෂිත දැය වන නිරුවතින් කඃබාව වටා ප්රදක්ෂිණ කිරීමේ පුරුද්දක් විය. මෙම ආයතයන් පෙන්නුම් කරන්නේ පිරිමින්ව හා ස්ත්රීන්ව නිරුවත වෙත යොමු කරන්නේ ෂෙයිතාන්ය. එබැවින් කෙනෙකු ෂෙයිතාන්ගේ පෙලඹවීමෙන් ආරක්ෂා විය යුතුය යන්නයි.
27

يَا بَنِي آدَمَ لَا يَفْتِنَنَّكُمُ الشَّيْطَانُ كَمَا أَخْرَجَ أَبَوَيْكُم مِّنَ الْجَنَّةِ يَنزِعُ عَنْهُمَا لِبَاسَهُمَا لِيُرِيَهُمَا سَوْآتِهِمَا ۗ إِنَّهُ يَرَاكُمْ هُوَ وَقَبِيلُهُ مِنْ حَيْثُ لَا تَرَوْنَهُمْ ۗ إِنَّا جَعَلْنَا الشَّيَاطِينَ أَوْلِيَاءَ لِلَّذِينَ لَا يُؤْمِنُونَ

ආදම්ගේ දරුවනි, ෂෙයිතාන් නුඹලාගේ දෙමාපියන්ව ඔවුන් දෙදෙනාගේ රහසඟයන් ඔවුන් දෙදෙනාට හෙළි කිරීම පිණිස ඔවුන්ගේ වස්ත්රයන් ඔවුන්ගෙන් නිරාවරණය කර ස්වර්ගයෙන් පිට කළාක් මෙන් ඔහු නුඹලාව ව්යසනයෙහි යොමු නොකළ යුතුය. සැබැවින්ම ඔහු හා ඔහුගේ පිරිස නුඹලා නොදකින දෙසකින් නුඹලාව බලමින් සිටියි. විශ්වාස නොකරන්නන්ට මිතුරන් වශයෙන් ෂෙයිතානුන්ව සැබැවින්ම අපි පත් කළෙමු.
28

وَإِذَا فَعَلُوا فَاحِشَةً قَالُوا وَجَدْنَا عَلَيْهَا آبَاءَنَا وَاللَّهُ أَمَرَنَا بِهَا ۗ قُلْ إِنَّ اللَّهَ لَا يَأْمُرُ بِالْفَحْشَاءِ ۖ أَتَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ

(විශ්වාස නොකරන්නන් වන) ඔවුන් යම් අශික්ෂිත දෙයක් කළ විට “අපගේ පියවරුන් මේ මත සිටිනු අපි දැක ඇත්තෙමු. තවද මෙය (කිරීමට) අපට විධානය කළේ අල්ලාහ්ය” යැයි ඔවුහු පවසති. “සැබැවින්ම අල්ලාහ් අශික්ෂිත දෑ විධානය නොකරන්නේය. නුඹලා නොදන්නා දෙයක් අල්ලාහ් කෙරෙහි නුඹලා පවසන්නෙහු දැ?”යි (නබිවරය,) පවසවු.
29

قُلْ أَمَرَ رَبِّي بِالْقِسْطِ ۖ وَأَقِيمُوا وُجُوهَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ وَادْعُوهُ مُخْلِصِينَ لَهُ الدِّينَ ۚ كَمَا بَدَأَكُمْ تَعُودُونَ

”මාගේ පරමාධිපති සාධාරණය 8 ඉටු කරන ලෙස ද නැමදුම් කරන සෑම අවස්ථාවකම නුඹලාගේ මුහුණු (කිබ්ලාව දෙසට) හරවන්න යැයි ද දහමෙහි ඔහුට චිත්ත පාරිශුද්ධියෙන් යුතුව ඔහුව අයැදින්නැ’යි ද අණ කර ඇත. ඔහු නුඹලාව (ලොවෙහි පෙර නිදසුනකින් තොරව) උත්පාදනය කළාක් මෙන්ම නුඹලා (විනිශ්චය දිනයෙහි ඔහු වෙතම) නැවත යොමු වන්නෙහුය.”යැයි (නබිවරය,) පවසවු.
8‘සාධාරණය’ යන වචනය ‘කිස්ත්’ යන අරාබි වචනයේ අර්ථයයි. නමුත් මෙයට ‘සියලු විෂයන්හි මධ්යස්ථතාව’ යන අදහසක් ද ඇත. එනම් යම් විෂයක උපරිමයට හෝ අවමයට නොගොස් මධ්යස්ථව සිටිය යුතුය යන්නයි. මෙලෙසම කෙනෙකු වස්ත්රයන් පලඳින විට ද මධ්යස්ථතාවය තිබිය යුතුය. එනම් කෙනෙකු ශරීරය ආවරණය කිරීමේ අවශ්යතාව පැහැර හැරිය නොයුතු අතර ෂරීආ නීති රීති උල්ලංඝනය වන පරිදි වස්ත්රයන් අලංකාර කිරීම ද ඔහුගේ ජීවිතයේ අරමුණ බවට පත් නොවිය යුතුය.
30

فَرِيقًا هَدَىٰ وَفَرِيقًا حَقَّ عَلَيْهِمُ الضَّلَالَةُ ۗ إِنَّهُمُ اتَّخَذُوا الشَّيَاطِينَ أَوْلِيَاءَ مِن دُونِ اللَّهِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ

ඔහු(අල්ලාහ්) පිරිසක් යහමග රැගෙන ගියේය. තවත් පිරිසකට ඔවුන් කෙරෙහි මුළාව නියම විය. (මන්දයත්) සැබැවින්ම ඔවුහු තමන් යහමග ලද්දන් යැයි සිතමින් අල්ලාහ් හැර ෂෙයිතානුන්ව (තම) මිතුරන් ලෙස ගත්තෝය.
31

يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ وَكُلُوا وَاشْرَبُوا وَلَا تُسْرِفُوا ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ

ආදම්ගේ දරුවනි, නැමදුම් කරන සෑම අවස්ථාවකම නුඹලාගේ (වස්ත්ර) අලංකාරය කර ගනිවු. තවද නුඹලා අනුභව කරවු. පානය කරවු. නාස්ති නොකරවු. සැබැවින්ම ඔහු(අල්ලාහ්) නාස්ති කරන්නන්ව පි්රය නොකරන්නේය.
32

قُلْ مَنْ حَرَّمَ زِينَةَ اللَّهِ الَّتِي أَخْرَجَ لِعِبَادِهِ وَالطَّيِّبَاتِ مِنَ الرِّزْقِ ۚ قُلْ هِيَ لِلَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا خَالِصَةً يَوْمَ الْقِيَامَةِ ۗ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ

“තම ගැත්තන්ට ප්රදානය කළ අල්ලාහ්ගෙන් වූ අලංකාරය ද ආහාරයෙන් පිවිතුරු (අනුමත) දෑ ද තහනම් කළේ කවරෙකු දැ?”යි (නබිවරය,) නුඹ විමසවු. “මේවා මෙලොව ජීවිතයේ දී විශ්වාස කළවුන් සඳහාය. (තවද මළවුන්) නැගිටුවනු ලබන දිනයේ දී (ඔවුනට) පමණක් වන්නේ යැ”යි පවසවු. 9 දැනුමැති පිරිසට සංඥාවන් අප පැහැදිලි කරනුයේ මෙලෙසය.
9මෙම ආයතයේ පළමුවන කොටසෙන් අදහස් කරන්නේ යම් දැයක් අනුමත කිරීම ද තහනම් කිරීම ද අල්ලාහ් සතු වූවකි. කිසිදු කෙනෙකුට අනුමත දැයක් තහනම් කිරීමට අයිතියක් නැත යන්නයි. මෙහි දෙවන කොටස මිථ්යා දෘෂ්ටිකයින්ගේ තර්කයක් නිෂ්ප්රභ කෙරේ. එනම් සෑම අනුමත දැයක්ම අල්ලාහ්ගෙන් වූ භාග්යයන්ය. ඔවුන් භුක්ති විඳින මෙවන් වූ භග්යයන් ඔවුන්ට ලැබීම අල්ලාහ් ඔවුන් සමග තෘප්තිමත් වීමට සාධකයක් යැයි තර්ක කළෝය. මෙම ආයතය ඔවුනට පිළිතුරක් දෙයි. එම පිළිතුර නම් මෙලොවෙහි කෙනෙකු භුක්ති විඳීම අල්ලාහ්ගෙන් වූ තෘප්තියට සාධකයක් නොවේ. නමුත් මරණින් මතු ද එය පැවතීමය ඔහුගේ තෘප්තියට සාධකය වන්නේ. එබැවින් ප්රතික්ෂේපකයින්ගේ භුක්ති විඳීම මෙලොවට පමණක් සීමා වී ඇති අතර විශ්වාස වන්තයින් මෙලොව ද මතු ලොව ද භුක්ති විඳින්නෝය.
33

قُلْ إِنَّمَا حَرَّمَ رَبِّيَ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَالْإِثْمَ وَالْبَغْيَ بِغَيْرِ الْحَقِّ وَأَن تُشْرِكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَأَن تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ

“මාගේ පරමාධිපති සැබැවින්ම තහනම් කළේ අශික්ෂිත දෑ තුළින් බාහිර දෑ ද, අභ්යන්තර දෑ ද, පාපය ද යුක්තියෙන් තොරව සීමාව ඉක්මවා යෑම ද, කවර දැයක් සඳහා ඔහු(අල්ලාහ්) බලයක් පහළ නොකළේ ද එය නුඹලා අල්ලාහ්ට ආදේශ කිරීම ද, අල්ලාහ් කෙරෙහි නුඹලා නොදන්නා දෑ පැවසීම ද වේ” යැයි (නබිවරය,) පවසවු.
34

وَلِكُلِّ أُمَّةٍ أَجَلٌ ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ

සෑම සමූහයකටම (මරණය සඳහා) නියමිත කාලයක් ඇත. එබැවින් ඔවුන්ගේ කාලය පැමිණි විට මොහොතක් හෝ ඔවුන් ප්රමාද නොවෙති. පෙරටු ද නොවෙති.
35

يَا بَنِي آدَمَ إِمَّا يَأْتِيَنَّكُمْ رُسُلٌ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي ۙ فَمَنِ اتَّقَىٰ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

ආදම්ගේ දරුවනි! මාගේ වදන් නුඹලාට පවසන නුඹලා අතුරින් වූ රසූල්වරුන් නුඹලා වෙත පැමිණියේ නම්, (ඔවුන්ගේ ඔවදනින්) කවරෙකු බිය බැතිමත් වී තමන්ව (යහපතින්) සංශෝධනය කර ගත්තේ ද ඔවුනට කිසිදු බියක් නැත. තවද ඔවුහු දුක් නොවෙති.
36

وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَاسْتَكْبَرُوا عَنْهَا أُولَـٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

කවරෙකු අපගේ වදන් අසත්යය කර ඒවාට එරෙහිව උඩඟු වූයේ ද ඔවුහු නිරා ගින්නේ සගයින්ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
37

فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ ۚ أُولَـٰئِكَ يَنَالُهُمْ نَصِيبُهُم مِّنَ الْكِتَابِ ۖ حَتَّىٰ إِذَا جَاءَتْهُمْ رُسُلُنَا يَتَوَفَّوْنَهُمْ قَالُوا أَيْنَ مَا كُنتُمْ تَدْعُونَ مِن دُونِ اللَّهِ ۖ قَالُوا ضَلُّوا عَنَّا وَشَهِدُوا عَلَىٰ أَنفُسِهِمْ أَنَّهُمْ كَانُوا كَافِرِينَ

අල්ලාහ් කෙරෙහි බොරු ගෙතූ අයට හෝ ඔහුගේ වදන් අසත්යය කළ අයට වඩා මහා අපරාධකරුවා කවරෙකු ද? ඔවුනට (ලව්හුල් මහ්ෆූල් නම්) පුස්තකයෙහි නියම වූ දැයින් තම කොටස හිමි වනු ඇත. කෙතරම් (දුරට) ද යත් ඔවුන්ව මරණයට පත් කරන්නට අපගේ දූතයින් (වන මලක්වරුන්) පැමිණි අවස්ථාවෙහි “අල්ලාහ් හැර නුඹලා අයැදිමින් සිටි අය කොහේදැ?”යි ඔවුහු විමසන්නෝය. (එවිට) “අපෙන් ඔවුන් මුළා වී ගියෝය” යැයි (ප්රතික්ෂේපක) ඔවුහු පවසති. තවද සැබැවින්ම තමන් ප්රතික්ෂේපකයින්ව සිටිය බව ඔවුහු තමන්ට එරෙහිවම සාක්ෂි දරනු ඇත.
38

قَالَ ادْخُلُوا فِي أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِكُم مِّنَ الْجِنِّ وَالْإِنسِ فِي النَّارِ ۖ كُلَّمَا دَخَلَتْ أُمَّةٌ لَّعَنَتْ أُخْتَهَا ۖ حَتَّىٰ إِذَا ادَّارَكُوا فِيهَا جَمِيعًا قَالَتْ أُخْرَاهُمْ لِأُولَاهُمْ رَبَّنَا هَـٰؤُلَاءِ أَضَلُّونَا فَآتِهِمْ عَذَابًا ضِعْفًا مِّنَ النَّارِ ۖ قَالَ لِكُلٍّ ضِعْفٌ وَلَـٰكِن لَّا تَعْلَمُونَ

“ජින්වරුන් හා මිනිසුන් අතුරින් නුඹලාට පෙර ඉකුත් වී ගිය සමූහයන් සමග නුඹලා ද (නිරා) ගින්නට පිවිසෙවු” යැයි ඔහු(අල්ලාහ්) පවසයි. (යම්) සමූහයක් (නිරයට) පිවිසෙන විටෙක තම සහෝදරියට(ඊට පෙර වූ සමූහයට) 10 ශාප කරති. කෙතරම් (දුරට) ද යත් ඔවුන් සියල්ලෝම එහි සේන්දු වූ විට “අපගේ පරමාධිපතියාණනි, අප මුළාවට පත් කළේ මොවුන්ය.එබැවින් (නිරා) ගින්නෙන් දෙගුණ වේදනාවක් ඔවුනට දෙවු” යැයි ඔවුන්ගෙන් පසු වූවන් ඔවුන්ගෙන් පෙර වූවන් 11 අඟවා ප්රකාශ කරති. “සෑම කෙනෙකුටම දෙගුණයක්ය. 12 නමුත් නුඹලා නොදනිති” යැයි ඔහු(අල්ලාහ්) පවසයි.
10මෙම ආයතයෙහි සහෝදරිය යන්නෙන් අදහස් කොට ඇත්තේ ඔවුනට පෙර නිරයට පිවිසුණු සමූහයන්ය. ආයතයෙහි උම්මත් හෙවත් සමූහය යන පදය භාවිත වී ඇත. එම උම්මත් යන පදය ස්ත්රී ලිංග පදයක් වන හෙයින් ඊට පෙර වූ උම්මතය ඇඟවීම සඳහා සහෝදරිය යන්නෙන් මෙහි සඳහන් වී ඇත.
11‘පෙර වූවන්’ යනු පසු පැමිණෙන පරපුරට ප්රතික්ෂේපය හා අයහකම්හි උරුමය අත හැර ගිය පුරෝගාමීන්ය. ‘පසු වූවන්’ යනු පෙරවූවන්ට චෝදනා එල්ල කරන අනුප්රාප්තිකයන්ය.
12මොවුන් දෙපිරිසටම දඬුවම දෙගුණයක් යැයි පවසා ඇත. මන්දයත් සෑම අනුප්රාප්තිකයන්ම තමන්ට පසුව පැමිණෙන පරපුරට පුරෝගාමීන්ව සිටියෝය.
39

وَقَالَتْ أُولَاهُمْ لِأُخْرَاهُمْ فَمَا كَانَ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنتُمْ تَكْسِبُونَ

“(දඬුවම විෂයෙහි) අපට වඩා නුඹලාට කිසිදු ශ්රේෂ්ඨත්වයක් නොතිබුණි.” 13 යැයි ඔවුන්ගෙන් පෙර වූවන් ඔවුන්ගෙන් පසු වූවන්ට පවසති. “නුඹලා උපයමින් සිටි දෑ සඳහා නුඹලා දඬුවම රස විදිවු.” (යැයි අල්ලාහ් ඔවුනට පවසයි.)
13පසුවූවන් තමන්ගේ දඬුවම සැහැල්ලු කරන මෙන් ආයාචනා කළ කල්හි එයින් කිසිදු ඵලක් නොවන බවට අල්ලාහ් තීන්දු කිරීමෙන් පසු පෙරවූවන් “දඬුවම් විෂයෙහි අපට වඩා නුඹලාට කිසිදු ශ්රේෂ්ඨත්වයක් නොතිබුණි.” යැයි පසු වූවන්ට පිළිතුරු දෙන්නෝය.
40

إِنَّ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَاسْتَكْبَرُوا عَنْهَا لَا تُفَتَّحُ لَهُمْ أَبْوَابُ السَّمَاءِ وَلَا يَدْخُلُونَ الْجَنَّةَ حَتَّىٰ يَلِجَ الْجَمَلُ فِي سَمِّ الْخِيَاطِ ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُجْرِمِينَ

සැබැවින්ම අපගේ වදන් අසත්යය කරමින් ඒවාට එරෙහිව උඩඟු වන්නන්ට අහස්හි දොරටු ඔවුන් සඳහා විවෘත කරනු නොලැබේ. තවද ඉඳිකටු සිදුරෙහි ඔටුවෙකු ඇතුළු වන තෙක් ස්වර්ගයට ඔවුහු නොපිවිසෙති. 14 මෙලෙසය අප වැරදිකරුවන්ට ප්රතිඵල දෙනුයේ.
14නිසැකවම ඉඳිකටු සිදුරෙහි ඔටුවෙකු ඇතුළු වීමට නොහැකිය. එබැවින් මෙම ආයතයේ ඔවුන් ස්වර්ගයට පිවිසීමට නොහැකිමය යන්න භාෂා රීතියට අයත් ප්රකාශයක් මගින් දන්වා ඇත.
41

لَهُم مِّن جَهَنَّمَ مِهَادٌ وَمِن فَوْقِهِمْ غَوَاشٍ ۚ وَكَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ

ඔවුනට නිරයෙන් (තැනුවා) වූ ඇතිරිල්ලක් ද ඔවුනට ඉහළින් පොරවනයන් ද ඇත. මෙලෙසය අප අපරාධකරුවන්ට ප්රතිඵල දෙනුයේ.
42

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا أُولَـٰئِكَ أَصْحَابُ الْجَنَّةِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

(අල්ලාහ්ව) විශ්වාස කොට යහකම් කළවුන් නම්, අපි කිසිදු ආත්මයකට එහි හැකියාවන්ට අනුව මිස (කිසිවක්) නොපවරන්නෙමු. ඔවුහුමය ස්වර්ගයේ සගයින් වන්නෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
43

وَنَزَعْنَا مَا فِي صُدُورِهِم مِّنْ غِلٍّ تَجْرِي مِن تَحْتِهِمُ الْأَنْهَارُ ۖ وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي هَدَانَا لِهَـٰذَا وَمَا كُنَّا لِنَهْتَدِيَ لَوْلَا أَنْ هَدَانَا اللَّهُ ۖ لَقَدْ جَاءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ ۖ وَنُودُوا أَن تِلْكُمُ الْجَنَّةُ أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ

ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්රෝධය අපි ඉවත් කරන්නෙමු. ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිනු ඇත. තවද “මෙ(ම ස්වර්ග)ය වෙත අපව මග රැගෙන ආ අල්ලාහ්ටමය සියලු ප්රශංසා. අල්ලාහ් අපට මග පෙන්වූයේ නැතිනම්, අපි යහමග ලැබූවන් නොවන්නෙමු. සැබැවින්ම (ලොවෙහි දී) අපගේ පරමාධිපතිගේ රසූල්වරුන් සත්යය රැගෙන පැමිණියෝමය’ යැයි ඔවුහු පවසති. “මෙම ස්වර්ගය නුඹලා කරමින් සිටි (යහ) දෑ හේතුවෙන් උරුම කරනු ලැබුවෙහුය.” යැයි ඔවුන්ට අමතනු ලැබේ.
44

وَنَادَىٰ أَصْحَابُ الْجَنَّةِ أَصْحَابَ النَّارِ أَن قَدْ وَجَدْنَا مَا وَعَدَنَا رَبُّنَا حَقًّا فَهَلْ وَجَدتُّم مَّا وَعَدَ رَبُّكُمْ حَقًّا ۖ قَالُوا نَعَمْ ۚ فَأَذَّنَ مُؤَذِّنٌ بَيْنَهُمْ أَن لَّعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ

අපගේ පරමාධිපති අපට සත්යයක් ලෙස ප්රතිඥා කළ දෑ සැබැවින්ම අපි ලබා ගත්තෙමු. “නුඹලාගේ පරමාධිපති නුඹලාට සත්යයක් ලෙස ප්රතිඥා කළ දෑ(දඬුවම) නුඹලා ලැබුවෙහු දැ?”යි ස්වර්ගයේ සගයින් නිරයේ සගයින් අමතා ප්රකාශ කරති. “එසේය” යැයි ඔවුහු පිළිතුරු දෙති. එවිට “අපරාධකරුවන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය අත් වේවා!” යැයි නිවේදකයෙකු ඔවුන් අතර නිවේදනය කරනු ඇත.
45

الَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُم بِالْآخِرَةِ كَافِرُونَ

ඔවුන් කවරෙකුද යත් පරමාන්තය ප්රතික්ෂේප කරමින් (ජනයින්ව) අල්ලාහ්ගේ මාර්ගයෙන්(දහමෙන්) වළක්වා එහි දෝෂ (තිබිය යුතු යැයි) පතන්නන් වෙති.
46

وَبَيْنَهُمَا حِجَابٌ ۚ وَعَلَى الْأَعْرَافِ رِجَالٌ يَعْرِفُونَ كُلًّا بِسِيمَاهُمْ ۚ وَنَادَوْا أَصْحَابَ الْجَنَّةِ أَن سَلَامٌ عَلَيْكُمْ ۚ لَمْ يَدْخُلُوهَا وَهُمْ يَطْمَعُونَ

එම දෙපිරිස අතර තිරයක්(පවුරක්) ඇත. තවද උස් පවුරු මත මිනිසුන් සිටිති. මොවුන් (ස්වර්ග හා නිරා වාසී) සෑම කෙනෙකුවම ඔවුනොවුන්ගේ සලකුණු 15 අනුව හඳුනා ගන්නෝය.මොවුන් ස්වර්ගයේ වැසියන් අමතා “නුඹලාට සාමය අත් වේවා!” යැයි පවසති. මොවුන් (ස්වර්ගයට පිවිසීමට) දැඩි ආශාවෙන් පසු වන්නන් වුව ද (තවමත්) එයට ඇතුළු වූයේ නැත.
15ඔවුනොවුන්ගේ සලකුණු යනු නිරා හා ස්වර්ග වාසීන්ගේ ඔවුනට ආවේණික සලකුණු වේ. නිරා වාසීන්ගේ සලකුණු නම්, තම මුහුණු කළු පැහැ වී දෑස් නිල් පැහැ වී ඇති භයංකර පෙනුමයි. ස්වර්ග වාසීන්ගේ සලකුණු නම්, මුහුණු ප්රභාවත්ව දිස්වීමය.
47

وَإِذَا صُرِفَتْ أَبْصَارُهُمْ تِلْقَاءَ أَصْحَابِ النَّارِ قَالُوا رَبَّنَا لَا تَجْعَلْنَا مَعَ الْقَوْمِ الظَّالِمِينَ

(පසුව) ඔවුන්ගේ බැල්ම නිරයේ වැසියන් දෙසට යොමු කරනු ලැබූ විට “අපගේ පරමාධිපතියාණනි! අපරාධකාර පිරිස සමග අපව (නිරයෙහි) පත් නොකරනු මැනව”යි පවසති.
48

وَنَادَىٰ أَصْحَابُ الْأَعْرَافِ رِجَالًا يَعْرِفُونَهُم بِسِيمَاهُمْ قَالُوا مَا أَغْنَىٰ عَنكُمْ جَمْعُكُمْ وَمَا كُنتُمْ تَسْتَكْبِرُونَ

තවද උස් පවුරුහි (සිටින) වැසියන් කවුරුන්ව ඔවුන්ගේ (නිරා වාසී) සලකුණු මගින් තමන් හඳුනාගත්තේ ද එම (නිරා වාසී) මිනිසුන් අමතා “නුඹලාගේ (ධනය) රැස් කිරීම හා නුඹලා උඩඟු වී සිටීම නුඹලාට ඵලක් නොවීය”යැයි පවසති.
49

أَهَـٰؤُلَاءِ الَّذِينَ أَقْسَمْتُمْ لَا يَنَالُهُمُ اللَّهُ بِرَحْمَةٍ ۚ ادْخُلُوا الْجَنَّةَ لَا خَوْفٌ عَلَيْكُمْ وَلَا أَنتُمْ تَحْزَنُونَ

“මොවුනට අල්ලාහ් කරුණාව ලබා නොදෙන්නේම යැයි නුඹලා (ලොවෙහි) දිවුරූ අය මොවුන් ද? (යැයි උස් පවුරෙහි සිටින වැසියන් ස්වර්ග වාසීන්ව අඟවා නිරා වාසීන්ට පවසති). ‘නුඹලා ස්වර්ගයට පිවිසෙවු. නුඹලාට බියක් නැත. තවද නුඹලා දුකට පත්වන්නන් ද නොවෙති’ (යැයි අල්ලාහ් උස් පවුරෙහි සිටින වැසියන් අමතා පවසනු ඇත.”
50

وَنَادَىٰ أَصْحَابُ النَّارِ أَصْحَابَ الْجَنَّةِ أَنْ أَفِيضُوا عَلَيْنَا مِنَ الْمَاءِ أَوْ مِمَّا رَزَقَكُمُ اللَّهُ ۚ قَالُوا إِنَّ اللَّهَ حَرَّمَهُمَا عَلَى الْكَافِرِينَ

නිරා වාසීන් ස්වර්ග වාසීන් අමතා, “ජලයෙන් හෝ අල්ලාහ් නුඹලාට සම්පත් වශයෙන් ලබා දුන් දැයින් ස්වල්පයක් හෝ අප වෙත වැගිරවවු” යැයි පවසති. (එවිට ස්වර්ග වාසී) ඔවුහු “සැබැවින්ම අල්ලාහ් ඒ දෙකම ප්රතික්ෂේපකයින්හට තහනම් කර ඇතැ”යි පවසති.
51

الَّذِينَ اتَّخَذُوا دِينَهُمْ لَهْوًا وَلَعِبًا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا ۚ فَالْيَوْمَ نَنسَاهُمْ كَمَا نَسُوا لِقَاءَ يَوْمِهِمْ هَـٰذَا وَمَا كَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ

ඔවුන් තම දහම සමච්චලයට හා සෙල්ලමට ගත්තවුන්ය. තවද ලෞකික ජීවිතය ඔවුන්ව රවටා දැමුවේය. ඔවුන්ගේ මෙදින (විනිශ්චය) හමුවීම ඔවුන් අමතක කර දමා අපගේ වදන් පිළිබඳව පිටුපාමින් සිටියාක් මෙන් අද දින අපි ද ඔවුන්ව අමතක කර දමන්නෙමු.
52

وَلَقَدْ جِئْنَاهُم بِكِتَابٍ فَصَّلْنَاهُ عَلَىٰ عِلْمٍ هُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ

සැබැවින්ම අපි ධර්ම පුස්තකයක් (වන අල් කුර්ආනය) ඔවුන් වෙත ගෙන ආවෙමු. විශ්වාස කරන පිරිසට මග පෙන්වීමක් වශයෙන් ද කරුණාවක් වශයෙන් ද ඥානය මත (පදනම් කරමින්) අපි එය පැහැදිලි කළෙමු.
53

هَلْ يَنظُرُونَ إِلَّا تَأْوِيلَهُ ۚ يَوْمَ يَأْتِي تَأْوِيلُهُ يَقُولُ الَّذِينَ نَسُوهُ مِن قَبْلُ قَدْ جَاءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ فَهَل لَّنَا مِن شُفَعَاءَ فَيَشْفَعُوا لَنَا أَوْ نُرَدُّ فَنَعْمَلَ غَيْرَ الَّذِي كُنَّا نَعْمَلُ ۚ قَدْ خَسِرُوا أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَفْتَرُونَ

(ප්රතික්ෂේපක) ඔවුහු එහි අවසන් ප්රතිඵලය 16 හැර (අනෙකක්) බලාපොරොත්තු වන්නෙහු ද? එහි අවසන් ප්රතිඵලය පැමිණෙන දින මීට පෙර එය (නොසලකා හරිමින්) අමතක කළවුන් “සැබැවින්ම අපගේ පරමාධිපතිගේ රසූල්වරුන් සත්යය රැගෙන ආහ. මැදිහත් වන්නන් අතුරින් අප වෙනුවෙන් මැදිහත් වන්නට අපහට කිසිවෙකු සිටී ද? නැතහොත් අප නැවත (ලෝකය වෙත) හරවනු ලබන්නෙමු ද? එවිට අපි කරමින් සිටි (අයහපත්) දෑ නොවන (යහපත්) දෑ කරන්නෙමු” යැයි පවසති. ඔවුන් තමන්ටම අලාභ කර ගත්හ. ඔවුන් ගොතමින් සිටි (ව්යාජ) දෑ ඔවුන්ගෙන් මුළා වී ගියේය.
16අල් කුර්ආනය මගින් අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන් දඬුවම්ය.
54

إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ ۗ أَلَا لَهُ الْخَلْقُ وَالْأَمْرُ ۗ تَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ

සැබැවින්ම නුඹලාගේ පරමාධිපති අල්ලාහ්ය. (ඔහු) අහස් හා මිහිතලය දින හය(ක ප්රමාණය)කින් මැව්වේය. පසුව ඔහු අර්ෂය මත (ඔහුගේ ගෞරවයට සුදුසු අයුරින්) “ඉස්තිවා” 17 විය. ඔහු රාත්රිය මගින් දහවල ආවරණය කරන්නේය. මෙය එය වේගයෙන් ලුහු බඳින්නේය. තවද ඔහුගේ බලයට නතු කරවනු ලැබූවක් ලෙස හිරු සඳු හා තාරකා (ද ඔහු මැව්වේය). දැන ගනිවු. මැවීම ද විධානය ද ඔහු සතුය. 18 විශ්වයේ පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය.
17මෙම ආයතයෙහි ‘ඉස්තිවා’ යන අරාබි පදයේ භාෂමය අර්ථය වනුයේ ආස්ථාන විය, තැන්පත් විය, පිහිටුවේය යන්නය. ‘අර්ෂය’ යනු පොදුවේ අරාබි බසින් රාජාසනයට පවසනු ලැබේ. අල්ලාහ්ගේ අර්ෂය යනු කුමක්ද? එය කෙසේ තිබේද? තවද එය මත ඉස්තිවා වීම යන්නෙහි කුමක් අදහස් කෙරේද? යන බොහෝ ප්රශ්න මතු විය හැක. මේ පිළිබඳව පිළිපැදිය යුතු ඉතා පැහැදිලි හා නිවැරදි ක්රියාමාර්ගය වනුයේ සහාබිවරුන් හා ඉස්ලාමීය පුරෝගාමී විද්වතුන්ගෙන් ලැබූ ප්රකාශනයන්ය. එනම් අල්ලාහ්ගේ පැවැත්ම හා විශේෂණයන්හි යථාර්ථය නිසියාකාරව වටහා ගැනීම මිනිස් බුද්ධියට ගෝචර නොවන දෙයක්ය. ඒ පිළිබඳව ගවේශණයන්හි නියැලීම ප්රයෝජන රහිත හා උවදුරු සහිත විෂයකි. මේ පිළිබඳව කෙටියෙන් මෙලෙස විශ්වාස කළ යුතුයි. එනම් ‘මෙම පදයන් තුළින් අල්ලාහ්ගේ අදහස කුමක් වේද එයමය නිවැරදි හා සත්ය වේ’ යන්නෙන් විශ්වාස කිරීමය. එමෙන්ම ඒවාට තමන් විසින් කිසිදු අර්ථයක් දීමට උත්සහ නොකිරීමය. අතීතයේ ජීවත් වූ ප්රකට ඉස්ලාමීය විද්වතෙකු වන ඉමාම් මාලික් තුමාණන් වෙත කෙනෙකු පැමිණ අර්ෂය මත ඉස්තිවා වීම යන්නෙහි අදහස කුමක්දැ’යි ඔහුගෙන් විමසුවේය. එවිට එතුමාණන් මඳ වේලාවක් කල්පනාවෙන් යුතුව නිහඬව සිට පසුව මෙසේ පිළිතුරු දුන්හ : “ඉස්තිවා යන පදයෙහි අරාබි අර්ථය ඉතා පැහැදිලිය. එනමුත් එහි ප්රායෝගික ක්රමය හා යථාර්ථය මිනිස් බුද්ධියට නොවැටහෙන්නකි. ඉස්තිවා කෙරෙහි විශ්වාසය තැබීම අනිවාර්ය වේ. එහි ප්රායෝගික ක්රමය හා යථාර්ථය පිළිබඳව ප්රශ්න කිරීම ඉස්ලාම් දහමට අනුකූල නොවූ නවෝත්පාදනයකි.” මන්දයත් එකල සහාබිවරුන් පවා නබි මුහම්මද් තුමාණන්ගෙන්ද මෙවැනි ප්රශ්නයන් අසා නොමැත.
18සියලු දෑ මවා ඇත්තේ අල්ලාහ් විසින්ය. එබැවින් සියලු දෑ කෙරෙහි විධානය හා පාලනය ද ඔහු සතුය.
55

ادْعُوا رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُعْتَدِينَ

නුඹලා බැගෑපත්ව හා රහසිගතව නුඹලාගේ පරමාධිපතිව අයැද සිටිවු. සැබැවින්ම ඔහු සීමාව ඉක්මවා යන්නන්ව ප්රිය නොකරන්නේය.
56

وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا وَادْعُوهُ خَوْفًا وَطَمَعًا ۚ إِنَّ رَحْمَتَ اللَّهِ قَرِيبٌ مِّنَ الْمُحْسِنِينَ

තවද මිහිතලය මත එහි (යහක්රියා මගින්) සංස්කරණය කිරීමෙන් පසු නුඹලා කලහකම් නොකරවු. බියෙන් හා අපේක්ෂා පූර්වකව ඔහුව(අල්ලාහ්ව) අයැදිවු. සැබැවින්ම අල්ලාහ්ගේ කරුණාව යහකම් කරන්නන්හට සමීපය.
57

وَهُوَ الَّذِي يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۖ حَتَّىٰ إِذَا أَقَلَّتْ سَحَابًا ثِقَالًا سُقْنَاهُ لِبَلَدٍ مَّيِّتٍ فَأَنزَلْنَا بِهِ الْمَاءَ فَأَخْرَجْنَا بِهِ مِن كُلِّ الثَّمَرَاتِ ۚ كَذَٰلِكَ نُخْرِجُ الْمَوْتَىٰ لَعَلَّكُمْ تَذَكَّرُونَ

තවද තම දයාවට 19 පෙරාතුව ශුභාරංචියක් වශයෙන් සුළං (හඹා) යවන්නා ඔහුය. කෙතරම් (දුරට) ද යත් එය ගන වලාකුළු ඉසිලූ කල්හි මළ භූමියක් කරා අපි එය යවන්නෙමු. පසුව එහි අපි (වැසි) ජලය පහළ කරන්නෙමු. තවද එමගින් සියලු පලතුරු හට ගන්වන්නෙමු. නුඹලා මෙනෙහි කරනු පිණිස අපි (විනිශ්චය සඳහා) මළවුන් (ජීවමානව) පිට කරන්නේ මෙලෙසය.
19මෙහි ‘දයාව’ යනු වර්ෂාවයි.
58

وَالْبَلَدُ الطَّيِّبُ يَخْرُجُ نَبَاتُهُ بِإِذْنِ رَبِّهِ ۖ وَالَّذِي خَبُثَ لَا يَخْرُجُ إِلَّا نَكِدًا ۚ كَذَٰلِكَ نُصَرِّفُ الْآيَاتِ لِقَوْمٍ يَشْكُرُونَ

සරු බිම, එහි ශාකයන් තම පරමාධිපතිගේ අනුබලයෙන් හට ගන්නේය. නිසරු වූ දැය(බිම) අසීරුවෙන් හැර හට නොගනියි. 20 කෘතවේදී වන පිරිසට අප (අල් කුර්ආනයේ) වදන් ගෙන හැරපාන්නේ මෙලෙසය.
20මෙහි මරණයෙන් පසු සත්ය ජීවිතයක් ඇතැයි තහවුරු කරන අතර මෙම ආයතය තවත් දැයක් පෙන්නුම් කරයි. එනම් සරුසාර භූමියක වැසි ජලය පතිත වී එතුළින් ශාක හට ගන්නේය. තවද නිසරු භූමියකට ජලය පතිත වුවද එතුළින් ශාක හට ගන්නේ නැත. එලෙසම නබිවරුන්ගේ කැඳවීම ප්රයෝජනයක් ඇති කරනුයේ ඔවුන්ගේ උපදෙස සිත් තුළට කාවදින්නන්ට පමණය. කවරෙකුගේ සිත් තුළට එය කානොවදින්නේ ද? ඔවුන්ට කිසිදු ප්රයෝජනයක් අත් නොවන්නේය.
59

لَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ

සැබැවින්ම අපි නූහ්ව 21 (රසූල්වරයෙකු වශයෙන්) ඔහුගේ පිරිස වෙත එව්වෙමු. එවිට ඔහු “මාගේ ජනයිනි නුඹලා අල්ලාහ්ට (පමණක්) නමදිවු. ඔහු හැර වෙනත් දෙවියෙකු නුඹලාට නැත. සැබැවින්ම මහත් වූ දිනයක දඬුවම පිළිබඳව මම නුඹලා කෙරෙහි බිය වෙමි” යැයි පැවසුවේය.
21නබි නූහ් තුමාණන් හා ඔහුගේ සමූහයා පිළිබඳව වැඩි විස්තර අල් කුර්ආන් 11:25-49 , 71 වැනි සම්පූර්ණ සූරාව, 3:33 , 6:84 , 21:76 , 23:23 , 29:14 , 42:13 , 57:26 යන ආයතයන් බලන්න.
60

قَالَ الْمَلَأُ مِن قَوْمِهِ إِنَّا لَنَرَاكَ فِي ضَلَالٍ مُّبِينٍ

ඔහුගේ පිරිස අතුරින් ප්රධානීහු “සැබැවින්ම ඔබ පැහැදිලි මුළාවෙහි සිටින බව අපි දකින්නෙමු.” යැයි පැවසූහ.
61

قَالَ يَا قَوْمِ لَيْسَ بِي ضَلَالَةٌ وَلَـٰكِنِّي رَسُولٌ مِّن رَّبِّ الْعَالَمِينَ

“මාගේ ජනයිනි, මා තුළ කිසිදු මුළාවක් නැත. නමුත් සැබැවින්ම මම ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ රසූල්වරයෙකු වෙමි” යැයි පැවසුවේය.
62

أُبَلِّغُكُمْ رِسَالَاتِ رَبِّي وَأَنصَحُ لَكُمْ وَأَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ

“මාගේ පරමාධිපතිගේ පණිවිඩ නුඹලාට දන්වා සිටිමි. තවද නුඹලාට උපදෙස් දෙන්නෙමි. නුඹලා නොදන්නා දෑ අල්ලාහ්ගෙන් මම දන්නෙමි.”
63

أَوَعَجِبْتُمْ أَن جَاءَكُمْ ذِكْرٌ مِّن رَّبِّكُمْ عَلَىٰ رَجُلٍ مِّنكُمْ لِيُنذِرَكُمْ وَلِتَتَّقُوا وَلَعَلَّكُمْ تُرْحَمُونَ

නුඹලාට ඔවදන් කිරීම පිණිස ද නුඹලා බිය භක්තිමත් වීම පිණිස ද නුඹලා කරුණාව ලබනු පිණිස ද නුඹලා අතුරින් වූ මිනිසෙකු මගින් නුඹලාගේ පරමාධිපතිගෙන් වූ උපදෙසක් නුඹලා වෙත පැමිණීම පිළිබඳව නුඹලා මවිතයට පත් වන්නෙහු ද? (යැයි ද ඔහු පැවසුවේය.)
64

فَكَذَّبُوهُ فَأَنجَيْنَاهُ وَالَّذِينَ مَعَهُ فِي الْفُلْكِ وَأَغْرَقْنَا الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا عَمِينَ

නමුත් ඔවුහු ඔහුව අසත්යය කළෝය. එහෙයින් ඔහුව හා ඔහු සමග නැවෙහි වූවන් අපි ආරක්ෂා කළෙමු. තවද අපගේ වදන් අසත්යය කළ අය අපි ගිල්වා දැමුවෙමු. සැබැවින්ම ඔවුහු (යහමගින්) අන්ධ පිරිසක්ව සිටියෝය.
65

وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًا ۗ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُ ۚ أَفَلَا تَتَّقُونَ

තවද ආද් (සමූහයා) වෙත ඔවුන්ගේ සහෝදර හූද්ව 22 ද (රසූල්වරයෙකු වශයෙන් අපි එව්වෙමු). “මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට (පමණක්) නමදිවු. ඔහු හැර වෙනත් දෙවියෙකු නුඹලාට නැත. එබැවින් නුඹලා (අල්ලාහ්ට) බිය භක්තිමත් නොවන්නෙහු ද?” යන්නෙන් ඔහු පැවසුවේය.
22මොවුන් යෙමන් දේශයේ විසූ ආදීවාසීන්ය. මෙම සමූහයා යහ මගට ඇරයුම් කිරීම සඳහා ඔවුනතුරින් නබි හූද් තුමාණන්ව නබිවරයෙකු වශයෙන් අල්ලාහ් පත් කළේය. මොවුන් එම නබිවරයාව ප්රතික්ෂේප කළ හෙයින් අල්ලාහ් දරුණු දැඩි සුළඟක් යවා විනාශ කළේය. මොවුන් පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 11:50-60 , 11:89 , 26:124 , 9:70 , 14:9 , 22:42 , 25:38 , 29:38 , 38:12 , 40:31 , 41:13 , 46:21 , 50:13 , 51:41 , 53:50 , 54:18 , 69:4-6 , 89:6 යන ආයතයන් බලන්න.
66

قَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِن قَوْمِهِ إِنَّا لَنَرَاكَ فِي سَفَاهَةٍ وَإِنَّا لَنَظُنُّكَ مِنَ الْكَاذِبِينَ

ඔහුගේ පිරිස අතුරින් ප්රතික්ෂේප කළ ප්රධානීහු “සැබැවින්ම ඔබ අඥානයෙහි සිටින බව අප දකින්නෙමු. තවද ඔබ බොරුකාරයින් අතුරින් කෙනෙකු යැයි අපි සිතන්නෙමු” යැයි කීවෝය.
67

قَالَ يَا قَوْمِ لَيْسَ بِي سَفَاهَةٌ وَلَـٰكِنِّي رَسُولٌ مِّن رَّبِّ الْعَالَمِينَ

“මාගේ ජනයිනි, මා තුළ කිසිදු අඥානකමක් නැත. නමුත් සැබැවින්ම මම ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ රසූල්වරයෙකු වෙමි” යැයි ඔහු පැවසුවේය.
68

أُبَلِّغُكُمْ رِسَالَاتِ رَبِّي وَأَنَا لَكُمْ نَاصِحٌ أَمِينٌ

“මාගේ පරමාධිපතිගේ පණිවිඩයන් නුඹලාට දන්වා සිටිමි. තවද මම නුඹලාට විශ්වාසනීය උපදෙස් දෙන්නෙකු වන්නෙමි.”
69

أَوَعَجِبْتُمْ أَن جَاءَكُمْ ذِكْرٌ مِّن رَّبِّكُمْ عَلَىٰ رَجُلٍ مِّنكُمْ لِيُنذِرَكُمْ ۚ وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِن بَعْدِ قَوْمِ نُوحٍ وَزَادَكُمْ فِي الْخَلْقِ بَسْطَةً ۖ فَاذْكُرُوا آلَاءَ اللَّهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

“නුඹලාට ඔවදන් දීම පිණිස නුඹලා අතුරින් වූ මිනිසෙකු මගින් නුඹලාගේ පරමාධිපතිගෙන් වූ උපදෙසක් නුඹලා වෙත පැමිණීම පිළිබඳව නුඹලා මවිතයට පත් වන්නෙහු ද? නූහ්ගේ පිරිසට පසු නුඹලා (මිහිතලයෙහි) නියෝජිතයින් බවට පත් කර නුඹලාට ශරීර ශක්තිය 23 ඔහු අධික කළ අවස්ථාව සිහිපත් කරවු. එහෙයින් නුඹලා ජයග්රහණය ලබනු පිණිස අල්ලාහ්ගේ වරප්රසාදයන් මෙනෙහි කරවු” (යැයි ඔහු පැවසුවේය).
23මෙයින් අදහස් කරන්නේ මෙම සමූහයට අසාමාන්ය ශරීර වැඩීමක් හා කායික ශක්තියක් දෙනු ලැබ ඇත යන්නය. තවද අල් කුර්ආන් 89:6 ආයතයෙහි මුළු ලොවේම මෙවන් මිනිස් සමූහයක් මවනු ලැබුවේම නැත යැයි සඳහන් වී ඇත.
70

قَالُوا أَجِئْتَنَا لِنَعْبُدَ اللَّهَ وَحْدَهُ وَنَذَرَ مَا كَانَ يَعْبُدُ آبَاؤُنَا ۖ فَأْتِنَا بِمَا تَعِدُنَا إِن كُنتَ مِنَ الصَّادِقِينَ

“අපගේ පියවරුන් නමදිමින් සිටි දෑ අත හැර දමා අල්ලාහ්ට පමණක් අප නැමදීමට (සැලැස්වීම සඳහා) නුඹ අප වෙත පැමිණියේ ද? නුඹ සත්යවාදීන් අතුරින් කෙනෙකු නම්, නුඹ අපට පොරොන්දු වන (දණ්ඩනීය) දෑ අප වෙත ගෙන එනු” යැයි ඔවුහු පැවසූහ.
71

قَالَ قَدْ وَقَعَ عَلَيْكُم مِّن رَّبِّكُمْ رِجْسٌ وَغَضَبٌ ۖ أَتُجَادِلُونَنِي فِي أَسْمَاءٍ سَمَّيْتُمُوهَا أَنتُمْ وَآبَاؤُكُم مَّا نَزَّلَ اللَّهُ بِهَا مِن سُلْطَانٍ ۚ فَانتَظِرُوا إِنِّي مَعَكُم مِّنَ الْمُنتَظِرِينَ

“සැබැවින්ම නුඹලාගේ පරමාධිපතිගෙන් වූ දඬුවම හා උදහස නුඹලාහට අත්(වීමට නියම) විය. කුමන දැය( දෙවිවරුන් බව)ට අල්ලාහ් කිසිදු සාධකයක් පහළ කර නැත්තේ ද, තවද නුඹලා හා නුඹලාගේ පියවරුන් නාම තැබූවේ ද එවන් (මිථ්යා දේව පිළිරූ) නාමයන් පිළිබඳව නුඹලා මා සමග තර්ක කරන්නෙහු ද? එබැවින් (දඬුවම) අපේක්ෂාවෙන් සිටිවු. සැබැවින්ම මම ද නුඹලා සමග අපේක්ෂාවෙන් සිටින්නන් අතුරින් වෙමි.” යැයි පැවසුවේය.
72

فَأَنجَيْنَاهُ وَالَّذِينَ مَعَهُ بِرَحْمَةٍ مِّنَّا وَقَطَعْنَا دَابِرَ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۖ وَمَا كَانُوا مُؤْمِنِينَ

එබැවින් ඔහු හා ඔහු සමග වූවන් (වන විශ්වාසිකයින්) අප වෙතින් වූ කරුණාවෙන් අපි ආරක්ෂා කළෙමු. තවද අපගේ වදන් බොරු කළවුන්ගේ අවසානයා තෙක් අපි මුලිනුපුටා දැමුවෙමු. තවද ඔවුහු විශ්වාසිකයින් නොවූහ.
73

وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَالِحًا ۗ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُ ۖ قَدْ جَاءَتْكُم بَيِّنَةٌ مِّن رَّبِّكُمْ ۖ هَـٰذِهِ نَاقَةُ اللَّهِ لَكُمْ آيَةً ۖ فَذَرُوهَا تَأْكُلْ فِي أَرْضِ اللَّهِ ۖ وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ أَلِيمٌ

තවද සමූද් 24 (සමූහයා) වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ්ව ද (රසූල්වරයෙකු වශයෙන් අපි එව්වෙමු).ඔහු “මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට (පමණක්) නමදිවු. ඔහු හැර වෙනත් දෙවියෙකු නුඹලාට නැත. සැබැවින්ම නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. මෙය නුඹලාට සංඥාවක් ලෙස වූ අල්ලාහ්ගේ (දායාදයෙන් පිට වූ) ඔටුදෙනයි. එබැවින් මිහිතලයෙහි අනුභව කිරීමට ඌ අත හැර දමවු. ඌ නපුරකින් ස්පර්ශ නොකරවු. එසේ නොවුවහොත් වේදනීය දඬුවමක් නුඹලාව හසු කර ගනු ඇතැ”යි ඔහු පැවසුවේය.
24සමූද් යනු මදීනාවට උතුරින් පිහිටි ඉපැරණි නගරයක් වන හිජ්ර් නැමැති ස්ථානයේ වාසය කළ අරාබි ගෝත්රයකි. වර්තමානයේ එම ප්රදේශයට ‘මදාඉන් සාලිහ්’ යනුවෙන් නම් කරනු ලැබ ඇත. ඔවුන්ගේ වාසස්ථානයන්හි විනාශය අද ද දැක ගත හැක. මෙම ගෝති්රකයන්ට කඳු වලින් යුත් ශිෂ්ටාචාරයක් විය. තවද ඔවුන් ගල් වලින් කැටයම් කැපීමට ද නිවෙස් ඉදිකිරීමට ද ස්මාරක තැනීමට ද නිපුනත්වයක් ඇත්තන් යැයි ප්රචලිතව සිටියෝය. ඔවුන් ප්රතික්ෂේපය සමග බොහෝ සමාජ දුර්ගුණයන් වර්ධනය කරන්නන් වූහ. එකල නබි සාලිහ් තුමාණන්ව ඔවුන් වෙත යවනු ලැබීය. ඔවුන් දීර්ඝ කාලයක් සත්යය ප්රතික්ෂේප කරමින් සිටි පසු ගල් පර්වතයක් තුළින් ගැබ් ගත් ඔටු දෙනක් පිට කරන මෙන් නබි සාලිහ් තුමාණන්ගෙන් ඉල්ලා සිටියෝය. එසේ ඔහු කළේ නම් ඔවුන් ඔහුව විශ්වාස කරන බවට ද පොරොන්දු වූවෝය. සාලිහ් තුමාණන් අල්ලාහ්ගෙන් ඔවුන් අපේක්ෂා කරන පරිදි කන්දක් තුළින් ඔටු දෙනක් පිට කරන මෙන් ප්රාර්ථනා කළේය. ඒ අනුව අල්ලාහ් විසින් නබි සාලිහ් තුමාගේ ප්රජාවට සාධකයක් හා පරීක්ෂණයක් ලෙස ඔවුන්ගේ ඉල්ලීම පරිදි ගල් පර්වතයක් දෙබෑ කර ගම් වැසියන් සියල්ලට කිරි දෙන ඔටු දෙනක් මතු කළේය. මෙම ප්රාතිහාර්යය දුටු සමහරුන් නබිවරයාව පිළිගත්තෝය. තවත් සමහරුන් නබිවරයාව පිළිගැනීමට නැඹුරු වන විට ඔවුන්ගේ ප්රධානීන් ඔවුන්ව වැළැක්වූවෝය. තවද එම ඔටු දෙනගේ අයිතීන් පිළිබඳව අල්ලාහ් ජනයාට නිශ්චිත උපදෙස් ලබා දී තිබූ අතර එම ප්රජාව විසින් එම උපදෙස් කඩ කරන ලදී. ජනයාට හා ඔටුවාට ජලය පානය සඳහා වූ පොදු ස්ථානයක් විය. එයින් දිනක් ජලය පානය කිරීමේ අයිතිය එම වැසියන්ට ද දිනක් එහි අයිතිය ඔටු දෙනට ද හිමි කර දී තිබුණි. නමුත් මෙම උපදෙස් කඩ කරමින් ඔවුන් සීමාව ඉක්මවා ගොස් ඌට ජලය පානය කිරීමට ඉඩ නොදී අවසානයේ උගේ ගෙල කපා ඝාතනය කරන ලදී. ඒ හේතුවෙන් මහා ශබ්දයකින් ද භූමි කම්පාවෙන් ද ඔවුන් දඬුවම් කරනු ලැබ විනාශයට පත්වූහ. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 11:61 සිට 89 දක්වා ද 26:142 යන ආයතයන් ද බලන්න.
74

وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِن بَعْدِ عَادٍ وَبَوَّأَكُمْ فِي الْأَرْضِ تَتَّخِذُونَ مِن سُهُولِهَا قُصُورًا وَتَنْحِتُونَ الْجِبَالَ بُيُوتًا ۖ فَاذْكُرُوا آلَاءَ اللَّهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ

“තවද ආද්ගෙන් පසු නුඹලාව ඔහු නියෝජිතයින් බවට පත් කර, නුඹලාව මිහිතලයෙහි වාසය කර වූ අවස්ථාව (සිහිපත් කරවු). තවද එහි තැනිතලාවන්හි (උෂ්ණ සමයෙහි වෙසීම සඳහා) නුඹලා මන්දිර (තනා) ගන්නෙහුය. තවද (ශීත සමයෙහි වෙසීම සඳහා) නිවෙස් ලෙසට කඳු හාරන්නෙහුය. එබැවින් අල්ලාහ්ගේ වරප්රසාදයන් සිහිපත් කරවු. මිහිතලයෙහි කලහකාරීන් ලෙස නොසැරිසරවු.” (යැයි සාලිහ් නබිවරයා පැවසීය.)
75

قَالَ الْمَلَأُ الَّذِينَ اسْتَكْبَرُوا مِن قَوْمِهِ لِلَّذِينَ اسْتُضْعِفُوا لِمَنْ آمَنَ مِنْهُمْ أَتَعْلَمُونَ أَنَّ صَالِحًا مُّرْسَلٌ مِّن رَّبِّهِ ۚ قَالُوا إِنَّا بِمَا أُرْسِلَ بِهِ مُؤْمِنُونَ

ඔහුගේ ජනයින් අතුරින් උඩඟු වූ ප්රධානීහු දුබලයින්ට (එනම්) ඔවුන් අතුරින් විශ්වාස කළවුනට “සාලිහ් (රසූල්වරයෙකු ලෙස) තම පරමාධිපති වෙතින් එවනු ලැබූවෙක් යැයි නුඹලා දන්නෙහු ද?” යන්නෙන් විමසූහ. (එයට) ඔවුහු “සැබැවින්ම අපි ඔහු කවර දෙයක් සමග එවනු ලැබුවේ ද එය විශ්වාස කරන්නන් වෙමු” යැයි පැවසූහ.
76

قَالَ الَّذِينَ اسْتَكْبَرُوا إِنَّا بِالَّذِي آمَنتُم بِهِ كَافِرُونَ

“සැබැවින්ම නුඹලා කවර දෙයක් පිළිබඳව විශ්වාස කළේ ද අපි එය ප්රතික්ෂේප කරන්නන් වන්නෙමු” යැයි උඩඟු වූවෝ ප්රකාශ කළෝය.
77

فَعَقَرُوا النَّاقَةَ وَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ وَقَالُوا يَا صَالِحُ ائْتِنَا بِمَا تَعِدُنَا إِن كُنتَ مِنَ الْمُرْسَلِينَ

පසුව (ප්රතික්ෂේපක) ඔවුහු එම ඔටුදෙනව සිඳ දමා තම පරමාධිපතිගේ නියෝගයට පිටු පෑවෝය. තවද “අහෝ සාලිහ්! නුඹ රසූල්වරුන්ගෙන් කෙනෙකු වී නම්, නුඹ අපට ප්රතිඥා දුන් දෑ(දඬුවම) අප වෙත ගෙන එනු”යි ඔවුහු පැවසූහ.
78

فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ

එබැවින් (මහා හඬ හා) භූමිකම්පාව ඔවුන්ව ග්රහණය කළේය. තවද ඔවුන් ඔවුන්ගේ ගම්මානය තුළම දණින් වැටී (මිය ගිය තත්ත්වයේ) වූහ.
79

فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَا قَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَالَةَ رَبِّي وَنَصَحْتُ لَكُمْ وَلَـٰكِن لَّا تُحِبُّونَ النَّاصِحِينَ

(නැසී ගිය) ඔවුන්ගෙන් ඔහු ඉවත් වී ගොස් “මාගේ ජනයිනි! මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩය සැබැවින්ම මම නුඹලාට ගෙන හැර පෑවෙමි. තවද මම නුඹලාට උපදෙස් දුන්නෙමි. නමුත් නුඹලා උපදෙස් දෙන්නන්ව ප්රිය නොකරන්නෙහුය” යැයි ඔහු පැවසුවේය.
80

وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنْ أَحَدٍ مِّنَ الْعَالَمِينَ

තවද ලූත්ව ද (අපි රසූල්වරයෙකු වශයෙන් එව්වෙමු.) “නුඹලාට පෙර ලොවැසියන් කිසිවෙකු නොකළ අශික්ෂිත දෑ නුඹලා කරන්නෙහු ද? 25 සැබැවින්ම නුඹලා ස්ත්රීන් අත හැර දමා කාමයෙන් පිරිමින් වෙත යන්නෙහු ද? නුඹලා සීමාව ඉක්මවා යන පිරිසකි.” යැයි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
25නබි ලූත් යනු නබි ඉබ්රාහීම් තුමාණන්ගේ සොහොයුරාගේ පුතණුවන්ය. ඔහු නබි ඉබ්රාහීම් තුමාණන් සමග ඉරාකයට දේශාන්තරණය කළේය. පසුව ඔහු නබි ඉබ්රාහීම් තුමාගේ උපදෙස් පරිදි සිරියාවේ හා පලස්තීනයේ පදිංචි විය. පසුව අල්ලාහ් ඔහුව නබිවරයෙකු බවට පත් කර සොදොම් නම් ප්රදේශයේ විසූ ජනතාව හා යාබද ප්රදේශයන්හි ජනතාව වෙත යැව්වේය. එම ජනතාව සමලිංගික සේවනය සඳහා ප්රකටය. ඔවුන් නබි ලූත් තුමාණන්ගේ උපදෙසට පිටුපා අනවධානීන්ව සිටියෝය. එබැවින් අල්ලාහ් ඔවුන්ට දඬුවම් කර, ඔවුන්ගේ සියලු ගම්මානයන් කනපිට පෙරලා විනාශ කළේය. වර්තමානයේ මෙම ගම්මානයන්හි කිසිදු සලකුණක් හෝ දක්නට නැත. බොහෝ දුරට ඔවුන් ජෝර්දානයේ ඇති මුහුදෙහි ගිල්වනු ලැබ ඇතැ’යි ඉතිහාසයෙහි වාර්තා වේ. එයට ‘ලූත්ගේ මුහුද’ යැයි ද ‘මළ මුහුද’ යැයි ද නම් කරනු ලැබ ඇත. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 11:69-82 , 15:59-61 , 26:160-167 , 27:56 , 29:26 , 22:43 , 38:13 , 50:13 , 54:33 හා 66:10 යන ආයතයන් බලන්න.
81

إِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِّن دُونِ النِّسَاءِ ۚ بَلْ أَنتُمْ قَوْمٌ مُّسْرِفُونَ

තවද ලූත්ව ද (අපි රසූල්වරයෙකු වශයෙන් එව්වෙමු.) “නුඹලාට පෙර ලොවැසියන් කිසිවෙකු නොකළ අශික්ෂිත දෑ නුඹලා කරන්නෙහු ද? 25 සැබැවින්ම නුඹලා ස්ත්රීන් අත හැර දමා කාමයෙන් පිරිමින් වෙත යන්නෙහු ද? නුඹලා සීමාව ඉක්මවා යන පිරිසකි.” යැයි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
82

وَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَن قَالُوا أَخْرِجُوهُم مِّن قَرْيَتِكُمْ ۖ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ

“නුඹලාගේ නගරයෙන් ඔවුන්ව පිටුවහල් කරවු. සැබැවින්ම ඔවුන් පිවිතුරු ජන කොටසකි.” යැයි (සමච්චලයට) පවසා සිටීම මිස ඔහුගේ (ප්රතික්ෂේපක) ජනයාගේ පිළිතුර නොවීය.
83

فَأَنجَيْنَاهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ كَانَتْ مِنَ الْغَابِرِينَ

එබැවින් අපි ඔහුගේ බිරිය හැර ඔහුව ද ඔහුගේ පවුලේ සියල්ල ද (ඔහුගේ සමූහයාට අත් වූ විපතින්) මුදවා ගත්තෙමු. ඇය විනාශ වන්නන් අතුරින් කෙනෙකු වූවාය. 26
26හූද් හා තහ්රීම් යන සූරාවන්හි සඳහන් පරිදි නබි ලූත් තුමාණන්ගේ බිරිය සත්යය දහම වැලඳ නොගෙන ප්රතික්ෂේකයින්ට උදව් කරන්නට වූවාය. එහෙයින් අල්ලාහ්ගේ දඬුවම ගම්මානයට පහළ වීමට පෙර ගමින් පිටමං වන ලෙස අල්ලාහ් නබි ලූත් තුමාට අණ කළේය. පසුව ප්රතික්ෂේකයින් සමග ඔහුගේ බිරිය ද විනාශයට පත් විය.
84

وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا ۖ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ

ඔවුන් කෙරෙහි (ගල්) වර්ෂාවක් වැස්සුවෙමු. එවිට වැරදි කරන්නන්ගේ අවසානය කෙසේ වී දැ? යි (නබිවරය,) නුඹ නිරීක්ෂණය කරවු.
85

وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا ۗ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُ ۖ قَدْ جَاءَتْكُم بَيِّنَةٌ مِّن رَّبِّكُمْ ۖ فَأَوْفُوا الْكَيْلَ وَالْمِيزَانَ وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا ۚ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

මද්යන් (වැසියන්) වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව ද (අපි රසූල්වරයෙකු වශයෙන් එව්වෙමු). 27 “මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට (පමණක්) නමදිවු. ඔහු හැර වෙනත් දෙවියෙකු නුඹලාට නැත. සැබැවින්ම නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා කිරුම් මිනුම් පූර්ණව ඉටු කරවු. (නුඹලා කිරා දෙන විට) මිනිසුන්ට ඔවුන්ගේ භාණ්ඩ අඩු නොකරවු. තවද මිහිතලය මත එහි (යහක්රියා මගින්) සංස්කරණය කිරීමෙන් පසු නුඹලා කලහකම් නොකරවු. නුඹලා විශ්වාසිකයින් වන්නේ නම්, එය නුඹලාට යහපත්ය.” යන්නෙන් ඔහු පැවසුවේය.
27‘මද්යන්’ යනු එක් ප්රදේශයක හා එහි විසූ ජනයින්ව අමතන නාමයයි. ඔවුන් තුළ ප්රතික්ෂේපය සමග ඇතැම් නරක කි්රයා කලාපයන් විය. එනම් ඔවුන් ගනුදෙනු කරන විට කිරුම් මිනුම්හි වංචා කළෝය. ඔවුන් වෙත නබි ෂුඅයිබ් තුමාණන්ව නබිවරයෙකු ලෙස යවනු ලැබීය. නමුත් ඔවුන් දීර්ඝ කාලයක් එම අපරාධයන්හි නියැළුණු කල්හි භයානක දඬුවමකට යටත් වූහ. එනම් භූමිකම්පාව හා දරුණු ශබ්දයක් සමග ගිනි වර්ෂාවක් පහළ විය. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 11:87-95 , 26:177 හා 29:36 යන ආයතයන් බලන්න.
86

وَلَا تَقْعُدُوا بِكُلِّ صِرَاطٍ تُوعِدُونَ وَتَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ مَنْ آمَنَ بِهِ وَتَبْغُونَهَا عِوَجًا ۚ وَاذْكُرُوا إِذْ كُنتُمْ قَلِيلًا فَكَثَّرَكُمْ ۖ وَانظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ

තවද “නුඹලා සෑම මාර්ගයකම ඔහුව විශ්වාස කළවුන්ව තර්ජනය කරමින් ද අල්ලාහ්ගේ මාර්ගයෙන්(දහමෙන්) වළක්වමින් ද එහි දෝෂ (තිබිය යුතු යැයි) පතමින් ද නොහිඳිවු. නුඹලා ස්වල්පයක්ව සිට, පසුව ඔහු නුඹලාව අධික කළ අවස්ථාව සිහිපත් කරවු. තවද කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැ’යි නුඹලා නිරීක්ෂණය කරවු.”
87

وَإِن كَانَ طَائِفَةٌ مِّنكُمْ آمَنُوا بِالَّذِي أُرْسِلْتُ بِهِ وَطَائِفَةٌ لَّمْ يُؤْمِنُوا فَاصْبِرُوا حَتَّىٰ يَحْكُمَ اللَّهُ بَيْنَنَا ۚ وَهُوَ خَيْرُ الْحَاكِمِينَ

කවර දෙයක් සමග මා (රසූල්වරයෙකු වශයෙන්) එවනු ලැබුවේ ද එය නුඹලා අතුරින් එක් පිරිසක් විශ්වාස කොට තවත් පිරිසක් විශ්වාස නොකර සිටියේ නම්, අල්ලාහ් අප අතර විනිශ්චය කරන තෙක් නුඹලා ඉවසීමෙන් සිටිවු. විනිශ්චයකරුවන් අතුරින් ඔහු අති ශ්රේෂ්ඨය (යැයි ෂුඅයිබ් නබිවරයා පැවසුවේය).