පාරා 10

ව ඉ'ලමූ

159 පද්‍ය
📖පාරා

පාරා 10

ව ඉ'ලමූ159 පද්‍ය

الأعرافමක්කී
88

قَالَ الْمَلَأُ الَّذِينَ اسْتَكْبَرُوا مِن قَوْمِهِ لَنُخْرِجَنَّكَ يَا شُعَيْبُ وَالَّذِينَ آمَنُوا مَعَكَ مِن قَرْيَتِنَا أَوْ لَتَعُودُنَّ فِي مِلَّتِنَا ۚ قَالَ أَوَلَوْ كُنَّا كَارِهِينَ

ඔහුගේ පිරිස අතුරින් උඩඟු වූ ප්රධානීහු “අහෝ ෂුඅයිබ්! අපි නුඹව හා නුඹ සමග විශ්වාස කළ අයව අපගේ ගමින් පිටමං කරන්නෙමු. නැතහොත් අපගේ පිළිවෙත වෙත නුඹලා නැවත පැමිණිය යුතුය” යැයි පැවසුවෝය. “අපි (එය) පිළිකුල් කරන්නන්ව සිටියත් (නුඹලා අපට බල කරන්නෙහු) දැ?යි ඔහු(ෂුඅයිබ්) පැවසුවේය.
89

قَدِ افْتَرَيْنَا عَلَى اللَّهِ كَذِبًا إِنْ عُدْنَا فِي مِلَّتِكُم بَعْدَ إِذْ نَجَّانَا اللَّهُ مِنْهَا ۚ وَمَا يَكُونُ لَنَا أَن نَّعُودَ فِيهَا إِلَّا أَن يَشَاءَ اللَّهُ رَبُّنَا ۚ وَسِعَ رَبُّنَا كُلَّ شَيْءٍ عِلْمًا ۚ عَلَى اللَّهِ تَوَكَّلْنَا ۚ رَبَّنَا افْتَحْ بَيْنَنَا وَبَيْنَ قَوْمِنَا بِالْحَقِّ وَأَنتَ خَيْرُ الْفَاتِحِينَ

“අල්ලාහ් අපව නුඹලාගේ පිළිවෙතින් ආරක්ෂා කළ පසුත් නැවත එය වෙත අප පැමිණෙන්නේ නම්, සැබැවින්ම අප අල්ලාහ්ට එරෙහිව බොරු ගෙතූවන් බවට පත් වනු ඇත. අපගේ පරමාධිපති වූ අල්ලාහ් අභිමත කරන්නේ නම් හැර ඒ වෙත අප නැවත පැමිණීමක් අපහට නැත. අපගේ පරමාධිපති සියලු දෑ පිළිබඳව දැනුමෙන් සර්ව ව්යාප්තය. අල්ලාහ් කෙරෙහිම අපි සියල්ල භාර කරන්නෙමු. අපගේ පරමාධිපතියාණනී, අප හා අපගේ පිරිස අතර යුක්තියෙන් යුතුව තීන්දු කරනු මැනව! තවද තීන්දු කරන්නන්ගෙන් නුඹ අති ශ්රේෂ්ඨය.” (යන්නෙන් ද ෂුඅයිබ් පැවසුවේය.)
90

وَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِن قَوْمِهِ لَئِنِ اتَّبَعْتُمْ شُعَيْبًا إِنَّكُمْ إِذًا لَّخَاسِرُونَ

ඔහුගේ පිරිස අතුරින් ප්රතික්ෂේප කළ ප්රධානීහු ‘නුඹලා ෂුඅයිබ්ව අනුගමනය කරන්නෙහු නම් එවිට සැබැවින්ම නුඹලා අලාභයින් යැ’යි පැවසුවෝය.
91

فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ

පසුව (දඬුවමක් ලෙස) භූමිකම්පාව ඔවුන්ව ග්රහණය කළේය. තවද ඔවුහු ඔවුන්ගේ ගම්මානය තුළම දණින් වැටී (මිය ගිය තත්ත්වයේ) වූහ.
92

الَّذِينَ كَذَّبُوا شُعَيْبًا كَأَن لَّمْ يَغْنَوْا فِيهَا ۚ الَّذِينَ كَذَّبُوا شُعَيْبًا كَانُوا هُمُ الْخَاسِرِينَ

ෂුඅයිබ්ව බොරු කළවුන් (විනාශ වී) ඔවුන් එහි වාසය නොකළාක් මෙනි. ෂුඅයිබ්ව බොරු කළවුන්, ඔවුන්ය අලාභයින් බවට පත් වූයේ.
93

فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَا قَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَالَاتِ رَبِّي وَنَصَحْتُ لَكُمْ ۖ فَكَيْفَ آسَىٰ عَلَىٰ قَوْمٍ كَافِرِينَ

(නැසී ගිය) ඔවුන්ගෙන් ඔහු ඉවත් වී ගොස් “මාගේ ජනයිනි, මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ සැබැවින්ම මම නුඹලාට ගෙන හැර පෑවෙමි. තවද මම නුඹලාට උපදෙස් දුන්නෙමි. එබැවින් ප්රතික්ෂේපක ජනයා වෙනුවෙන් මම කෙසේ නම් දුක් වන්නෙම් දැ?”යි පැවසුවේය.
94

وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِّن نَّبِيٍّ إِلَّا أَخَذْنَا أَهْلَهَا بِالْبَأْسَاءِ وَالضَّرَّاءِ لَعَلَّهُمْ يَضَّرَّعُونَ

යම් ගමකට එහි වැසියන්( ප්රතික්ෂේප කළ විට ඔවුන්)ව දුෂ්කරතා හා දැඩි පීඩා වලින් අප ග්රහණය කිරීමෙන් මිස අපි කිසිඳු නබිවරයෙකු නොයැව්වෙමු. (එසේ කරනු ලැබුවේ) එහි වැසියන් බැගෑපත් වනු පිණිසය.
95

ثُمَّ بَدَّلْنَا مَكَانَ السَّيِّئَةِ الْحَسَنَةَ حَتَّىٰ عَفَوا وَّقَالُوا قَدْ مَسَّ آبَاءَنَا الضَّرَّاءُ وَالسَّرَّاءُ فَأَخَذْنَاهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

පසුව ඔවුන් (ධනයෙන් හා ජනගහනයෙන්) වර්ධනය වී, “සැබැවින්ම අපගේ පියවරුන්ට ද පීඩාව හා සමෘද්ධිය අත් විය” යැයි ඔවුන් පවසන තුරු නරකයේ ස්ථානය යහපත බවට අපි පරිවර්තනය කළෙමු. පසුව ඔවුන් (දඬුවම පිළිබඳව) නොහැඟි තත්ත්වයේ අනපේක්ෂිතව සිටිය දී ඔවුන්ව අපි ග්රහණය කළෙමු. 28
28නබිවරුන්ගේ කැඳවීම ප්රතික්ෂේප කරන පිරිසට විශාල දඬුවමක් යැවීමට පෙර සුළු පීඩාවන් ඇති කිරීම අල්ලාහ්ගේ පිළිවෙතක් වන්නේය. (උදා: ලෙඩ රෝග ඇති වීම, සාගතය ඇති වීම, ආර්ථික හීනතාවන් ඇති වීම වැනි දෑ) මිනිස් ස්වභාවයට අනුව මෙවන් දෑ මගින් කෙනෙකු අල්ලාහ් වෙත යොමු වී තමා කළ පාපයන් සඳහා පශ්චාත්තාප වන්නේය. කෙනෙකුගේ හිත මෘදු වී ඔහු යටහත් පහත් වූයේ නම් ඔහු නබිවරුන්ගේ උපදෙස් අවධානය කිරීමට හැකියාවක් ලබන්නේය. මෙවන් වූ තත්ත්වයක දී ඔවුන් නබිවරුන්ගේ උපදෙස් පිළිනොපැද්දේ නම් ඔවුන් තවත් පිරික්සුමකට ලක් වන්නෝය. එනම් ඔවුන්ට අභිවෘද්ධිය හා සමෘද්ධිය ඇති වන්නේය. මන්ද යත් ඇතැමුන්ගේ ස්වභාවය නම් ඔවුන්ට යහපතක් ඇති වන විට අල්ලාහ්ට කෘතවේදී වන්නෝය. නමුත් ඔවුන් මෙම අවස්ථාවන් දෙකෙහිම අල්ලාහ්ට අවනත නොවී ‘පීඩාවන් හා සමෘද්ධිය ස්වභාවික දෑය. මේවා අපගේ මුතුන් මිත්තන්ට ද ඇති විය.’ යැයි පවසා අල්ලාහ් වෙත යොමු නොවී ප්රතික්ෂේපයේම නියැළී සිටියේ නම් විශාල දඬුවමකට ඔවුන් මුහුණ දී විනාශයට පත් වන්නෝය යන්න මෙහි අදහසයි.
96

وَلَوْ أَنَّ أَهْلَ الْقُرَىٰ آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِم بَرَكَاتٍ مِّنَ السَّمَاءِ وَالْأَرْضِ وَلَـٰكِن كَذَّبُوا فَأَخَذْنَاهُم بِمَا كَانُوا يَكْسِبُونَ

ගම්වැසියන් විශ්වාස කොට බිය භක්තිමත් වූයේ නම් අහසින් හා මිහිතලයෙන් වූ අභිවෘද්ධීන්(හි දොරටු) අප ඔවුනට විවෘත කර දී ඇත්තෙමු. නමුත් ඔවුහු අසත්යය කළෝය. එබැවින් ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් අපි ඔවුන්ව ග්රහණය කළෙමු.
97

أَفَأَمِنَ أَهْلُ الْقُرَىٰ أَن يَأْتِيَهُم بَأْسُنَا بَيَاتًا وَهُمْ نَائِمُونَ

ගම්වැසියන් නිදා සිටිය දී රාත්රියෙහි ඔවුනට අපගේ දඬුවම නොඑනු ඇතැයි ඔවුන් නිර්භියව සිටියේ ද?
98

أَوَأَمِنَ أَهْلُ الْقُرَىٰ أَن يَأْتِيَهُم بَأْسُنَا ضُحًى وَهُمْ يَلْعَبُونَ

නැතහොත් ගම්වැසියන් කෙළි දෙළෙහි සිටිය දී පෙරවරුවේ අපගේ දඬුවම ඔවුනට නොඑනු ඇතැයි ඔවුන් නිර්භියව සිටියේ ද?
99

أَفَأَمِنُوا مَكْرَ اللَّهِ ۚ فَلَا يَأْمَنُ مَكْرَ اللَّهِ إِلَّا الْقَوْمُ الْخَاسِرُونَ

අල්ලාහ්ගේ සැලසුම ගැන ඔවුහු නිර්භියව සිටියෙහු ද? අලාභවන්ත වූ පිරිස මිස අල්ලාහ්ගේ සැලසුම ගැන (කිසිවෙකු) නිර්භියව නොසිටියි.
100

أَوَلَمْ يَهْدِ لِلَّذِينَ يَرِثُونَ الْأَرْضَ مِن بَعْدِ أَهْلِهَا أَن لَّوْ نَشَاءُ أَصَبْنَاهُم بِذُنُوبِهِمْ ۚ وَنَطْبَعُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَسْمَعُونَ

මිහිතලය, එහි විසූවන්ගෙන් පසු උරුම කර ගත්තවුන්හට ‘අප අභිමත කළේ නම්, ඔවුන්ගේ පාප ක්රියාවන් හේතුවෙන් අප ඔවුනට දඬුවම් කළ හැකි බව’ (පෙර නිදසුන් මගින්) අවබෝධ නොවූයේ ද? තවද ඔවුන්ගේ හදවත් මත අපි මුද්රා තැබුවෙමු. එබැවින් ඔවුහු ශ්රවණය නොකරන්නෝය.
101

تِلْكَ الْقُرَىٰ نَقُصُّ عَلَيْكَ مِنْ أَنبَائِهَا ۚ وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ فَمَا كَانُوا لِيُؤْمِنُوا بِمَا كَذَّبُوا مِن قَبْلُ ۚ كَذَٰلِكَ يَطْبَعُ اللَّهُ عَلَىٰ قُلُوبِ الْكَافِرِينَ

(නබිවරය,) මෙම ගම්මානයන්, ඒවායෙහි පුවත් නුඹට අපි පවසන්නෙමු. ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත පැහැදිලි සාධක රැගෙන ආවෝය. එහෙත් පෙරදී ඔවුන් අසත්යය කළ හේතුවෙන් (සාධක ගෙන හැර පෑමෙන් අනතුරුව ද) ඔවුන් විශ්වාස කරන්නන් නොවූහ. මෙලෙසය ප්රතික්ෂේපකයින්ගේ හදවත් අල්ලාහ් මුද්රා තබනුයේ.
102

وَمَا وَجَدْنَا لِأَكْثَرِهِم مِّنْ عَهْدٍ ۖ وَإِن وَجَدْنَا أَكْثَرَهُمْ لَفَاسِقِينَ

ඔවුන්ගෙන් බහුතරය සමග අපි කිසිදු ගිවිසුමක් 29 නොදුටුවෙමු. තවද සැබැවින්ම ඔවුන්ගෙන් බහුතරය පාපතරයින් ලෙස අපි දුටුවෙමු.
29මෙහි ‘ගිවිසුම’ වනාහි ඔවුන් අල්ලාහ්ගේ විධානය පිළිපැද්දේ නම් අල්ලාහ් ඔවුන්ව ආරක්ෂා කරන්නේය යන්නයි.
103

ثُمَّ بَعَثْنَا مِن بَعْدِهِم مُّوسَىٰ بِآيَاتِنَا إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَظَلَمُوا بِهَا ۖ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ

අනතුරුව ඔවුන්ට පසුව මූසාව අපගේ සංඥා සමග ෆිර්අවුන් හා ඔහුගේ ප්රධානීන් වෙතට අපි යැව්වෙමු. 30 ඔවුහු ඒවාට අසාධාරණ කළෝය. එබැවින් (නබිවරය,) කලහකම් කරන්නන්ගේ අවසානය කෙසේ වී දැ’යි නිරීක්ෂණය කරවු.
30වැඩි විස්තර සඳහා 20:9-92 , 28:3-76 , 2:51-108 , 2:246 , 10:75-88 , 71:2 , 18:60 , 26:10-65 , 40:26 යන ආයතයන් බලන්න.
104

وَقَالَ مُوسَىٰ يَا فِرْعَوْنُ إِنِّي رَسُولٌ مِّن رَّبِّ الْعَالَمِينَ

“අහෝ ෆිර්අවුන්! සැබැවින්ම මම විශ්වයන්හි පරමාධිපතිගෙන් වූ රසූල්වරයෙකු වෙමි. අල්ලාහ් පිළිබඳව සත්යය හැර අන් කිසිවක් මා නොපැවසීමට යුතුකම් දරන්නෙකු වෙමි. සැබැවින්ම නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාක්ෂි සමග මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එහෙයින් මා සමග ඉස්රාඊල්ගේ දරුවන්ව එවවු.” යැයි මූසා පැවසුවේය.
105

حَقِيقٌ عَلَىٰ أَن لَّا أَقُولَ عَلَى اللَّهِ إِلَّا الْحَقَّ ۚ قَدْ جِئْتُكُم بِبَيِّنَةٍ مِّن رَّبِّكُمْ فَأَرْسِلْ مَعِيَ بَنِي إِسْرَائِيلَ

“අහෝ ෆිර්අවුන්! සැබැවින්ම මම විශ්වයන්හි පරමාධිපතිගෙන් වූ රසූල්වරයෙකු වෙමි. අල්ලාහ් පිළිබඳව සත්යය හැර අන් කිසිවක් මා නොපැවසීමට යුතුකම් දරන්නෙකු වෙමි. සැබැවින්ම නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාක්ෂි සමග මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එහෙයින් මා සමග ඉස්රාඊල්ගේ දරුවන්ව එවවු.” යැයි මූසා පැවසුවේය.
106

قَالَ إِن كُنتَ جِئْتَ بِآيَةٍ فَأْتِ بِهَا إِن كُنتَ مِنَ الصَّادِقِينَ

“නුඹ සංඥාවක් ගෙනැවිත් සිටී නම් නුඹ සත්යවාදීන් අතුරින් නම් එය ගෙන එනු”යි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
107

فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُّبِينٌ

එවිට ඔහු(මූසා) තම සැරයටිය බිම හෙළීය. එසැණින් එය පැහැදිලි සර්පයෙකු විය.
108

وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاءُ لِلنَّاظِرِينَ

තවද ඔහු ඔහුගේ අත (උඩු ඇඳුම් සාක්කුව තුළින්) පිටතට ගත්තේය. එසැණින් එය බලන්නන්ට (ආලෝකමත් වී) සුදු(වන්ව දිස්) විය.
109

قَالَ الْمَلَأُ مِن قَوْمِ فِرْعَوْنَ إِنَّ هَـٰذَا لَسَاحِرٌ عَلِيمٌ

“සැබැවින්ම මොහු දැනුමැති හූනියම්කරුවෙකි.” යැයි ෆිර්අවුන්ගේ පිරිස අතුරින් ප්රධානීහු පැවසූහ.
110

يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُمْ ۖ فَمَاذَا تَأْمُرُونَ

“නුඹලාගේ දේශයෙන් නුඹලාව පිටමං කරන්නට ඔහු(මූසා) අපේක්ෂා කරන්නේය. එබැවින් (මේ පිළිබඳව) නුඹලා කුමක් අදහස් කරන්නේ ද?” (යැයි ෆිර්අවුන් විමසුවේය.)
111

قَالُوا أَرْجِهْ وَأَخَاهُ وَأَرْسِلْ فِي الْمَدَائِنِ حَاشِرِينَ

“මොහුට හා මොහුගේ සහෝදරයාට (දඬුවම් නොකොට) කල් දෙවු. තවද නගරයන්හි (සිටින හූනියම්කරුවන්ව රැස් කරනු පිණිස) රැස් කරන්නන්ව යවවු. ඔවුහු දැනුමැති සියලු හූනියම්කරුවන්ව ඔබ වෙත ගෙන එනු ඇත.” යැයි ඔවුන්(ප්රධානීන්) පැවසුවෝය.
112

يَأْتُوكَ بِكُلِّ سَاحِرٍ عَلِيمٍ

“මොහුට හා මොහුගේ සහෝදරයාට (දඬුවම් නොකොට) කල් දෙවු. තවද නගරයන්හි (සිටින හූනියම්කරුවන්ව රැස් කරනු පිණිස) රැස් කරන්නන්ව යවවු. ඔවුහු දැනුමැති සියලු හූනියම්කරුවන්ව ඔබ වෙත ගෙන එනු ඇත.” යැයි ඔවුන්(ප්රධානීන්) පැවසුවෝය.
113

وَجَاءَ السَّحَرَةُ فِرْعَوْنَ قَالُوا إِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ الْغَالِبِينَ

හූනියම්කරුවෝ ෆිර්අවුන් වෙත පැමිණියෝය. “සැබැවින්ම අපි ජයග්රාහකයින් වූයේ නම් අපට වේතනයක් තිබිය යුතු යැ”යි ඔවුහු පැවසූහ.
114

قَالَ نَعَمْ وَإِنَّكُمْ لَمِنَ الْمُقَرَّبِينَ

“එසේය. සැබැවින්ම නුඹලා (මා හට) සමීපතයින් අතුරින් යැ”යි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
115

قَالُوا يَا مُوسَىٰ إِمَّا أَن تُلْقِيَ وَإِمَّا أَن نَّكُونَ نَحْنُ الْمُلْقِينَ

“මූසා, නුඹ (සැරයටිය) හෙළන්නේ ද? නැතහොත් අපි (පළමුවෙන්) හෙළන්නන් වන්නෙමු දැ?”යි ඔවුහු පැවසූහ.
116

قَالَ أَلْقُوا ۖ فَلَمَّا أَلْقَوْا سَحَرُوا أَعْيُنَ النَّاسِ وَاسْتَرْهَبُوهُمْ وَجَاءُوا بِسِحْرٍ عَظِيمٍ

“නුඹලා (පළමුවෙන්) හෙළනු” යන්නෙන් ඔහු(මූසා) පැවසුවේය. ඔවුන් හෙළු කල්හි ඔවුහු මිනිසුන්ගේ නෙත් බැන්දුම් කළෝය. තවද ඔවුහු ඔවුන්ව බියට පත් කර දැවැන්ත හූනියමක් ගෙන ආවෝය.
117

وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَلْقِ عَصَاكَ ۖ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ

“නුඹේ සැරයටිය හෙළනු” යැයි අපි මූසාට වහී පහළ කළෙමු. එවිට එය ඔවුන් මිථ්යාවෙන් කළ (හූනියම්) දෑ ගිල දැමීය.
118

فَوَقَعَ الْحَقُّ وَبَطَلَ مَا كَانُوا يَعْمَلُونَ

එවිට සත්යය තහවුරු විය. (හූනියම්කාර) ඔවුන් කරමින් සිටි දෑ අහෝසි විය.
119

فَغُلِبُوا هُنَالِكَ وَانقَلَبُوا صَاغِرِينَ

එහි දී ඔවුහු පරාජයට පත් කරනු ලැබූහ. තවද නීචයින් ලෙස හැරී ගියෝය.
120

وَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ

තවද හූනියම්කරුවෝ (අල්ලාහ්ට) සුජූද් කරන්නන් ලෙස ඇද වැටෙන්නට වූහ.
121

قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ

“මූසා හා හාරූන්ගේ පරමාධිපති වන සමස්ත විශ්වයේ පරමාධිපතිව අපි විශ්වාස කළෙමු” යැයි ඔවුහු පැවසූහ.
122

رَبِّ مُوسَىٰ وَهَارُونَ

“මූසා හා හාරූන්ගේ පරමාධිපති වන සමස්ත විශ්වයේ පරමාධිපතිව අපි විශ්වාස කළෙමු” යැයි ඔවුහු පැවසූහ.
123

قَالَ فِرْعَوْنُ آمَنتُم بِهِ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّ هَـٰذَا لَمَكْرٌ مَّكَرْتُمُوهُ فِي الْمَدِينَةِ لِتُخْرِجُوا مِنْهَا أَهْلَهَا ۖ فَسَوْفَ تَعْلَمُونَ

“මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහුව විශ්වාස කළෙහුය. සැබැවින්ම මෙ(ම කර්තව්ය)ය නගරයේ වැසියන්ව එයින් පිටමං කිරීම පිණිස නුඹලා එහි සැලසුම් කළ කුමන්ත්රණයකි. එබැවින් (මාගේ දඬුවම) නුඹලා මතු දැන ගන්නෙහුය. සැබැවින්ම මම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද එකිනෙකට විරුද්ධ පැති වලින් කපා දමන්නෙමි. ඉන් පසුව නුඹලා සියල්ලෝම කුරුසයේ (තබා ඇණ) ගසන්නෙමි” යැයි ෆිර්අවුන් පැවසුවේය.
124

لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَافٍ ثُمَّ لَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ

“මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහුව විශ්වාස කළෙහුය. සැබැවින්ම මෙ(ම කර්තව්ය)ය නගරයේ වැසියන්ව එයින් පිටමං කිරීම පිණිස නුඹලා එහි සැලසුම් කළ කුමන්ත්රණයකි. එබැවින් (මාගේ දඬුවම) නුඹලා මතු දැන ගන්නෙහුය. සැබැවින්ම මම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද එකිනෙකට විරුද්ධ පැති වලින් කපා දමන්නෙමි. ඉන් පසුව නුඹලා සියල්ලෝම කුරුසයේ (තබා ඇණ) ගසන්නෙමි” යැයි ෆිර්අවුන් පැවසුවේය.
125

قَالُوا إِنَّا إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ

(නුඹ එසේ කළේ නම්) “සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙතටම යොමුවන්නන් වන්නෙමු. අපගේ පරමාධිපතිගේ සංඥාවන් අප වෙත පැමිණි කල්හි එය අප විශ්වාස කළ හේතුවෙන් මිස (වෙනත් දැයකට) නුඹ අපෙන් පළි නොගන්නෙහිය. අපගේ පරමාධිපතියාණනි, අප වෙත ඉවසීම වගුර වනු මැනව! තවද අපව (නුඹට) අවනතවන්නන් ලෙස මරණයට පත් කරනු මැනව!” යැයි ඔවුහු(විශ්වාස කළ හූනියම්කරුවන්) පැවසූහ.
126

وَمَا تَنقِمُ مِنَّا إِلَّا أَنْ آمَنَّا بِآيَاتِ رَبِّنَا لَمَّا جَاءَتْنَا ۚ رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَتَوَفَّنَا مُسْلِمِينَ

(නුඹ එසේ කළේ නම්) “සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙතටම යොමුවන්නන් වන්නෙමු. අපගේ පරමාධිපතිගේ සංඥාවන් අප වෙත පැමිණි කල්හි එය අප විශ්වාස කළ හේතුවෙන් මිස (වෙනත් දැයකට) නුඹ අපෙන් පළි නොගන්නෙහිය. අපගේ පරමාධිපතියාණනි, අප වෙත ඉවසීම වගුර වනු මැනව! තවද අපව (නුඹට) අවනතවන්නන් ලෙස මරණයට පත් කරනු මැනව!” යැයි ඔවුහු(විශ්වාස කළ හූනියම්කරුවන්) පැවසූහ.
127

وَقَالَ الْمَلَأُ مِن قَوْمِ فِرْعَوْنَ أَتَذَرُ مُوسَىٰ وَقَوْمَهُ لِيُفْسِدُوا فِي الْأَرْضِ وَيَذَرَكَ وَآلِهَتَكَ ۚ قَالَ سَنُقَتِّلُ أَبْنَاءَهُمْ وَنَسْتَحْيِي نِسَاءَهُمْ وَإِنَّا فَوْقَهُمْ قَاهِرُونَ

“නුඹ හා නුඹගේ දෙවිවරුන්ව අත හැර දමා මිහිතලයෙහි කලහකම් කිරීමට මූසා හා ඔහුගේ පිරිසව නුඹ (නොමරා) අත හැර දමන්නේ දැ?”යි ෆිර්අවුන්ගේ පිරිස අතුරින් වූ ප්රධානීහු ප්රකාශ කළහ. “අපි ඔවුන්ගේ පිරිමි දරුවන්ව මරා දමා ඔවුන්ගේ ගැහැනු දරුවන්ව (වහල්භාවයෙන්) ජීවත් වන්නට ඉඩ හරිමු. සැබැවින්ම අපි ඔවුන්ට ඉහළින් බල පරාක්රමයන් වෙමු” යැයි ඔහු(ෆිර්අවුන්) පැවසුවේය.
128

قَالَ مُوسَىٰ لِقَوْمِهِ اسْتَعِينُوا بِاللَّهِ وَاصْبِرُوا ۖ إِنَّ الْأَرْضَ لِلَّهِ يُورِثُهَا مَن يَشَاءُ مِنْ عِبَادِهِ ۖ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ

“නුඹලා අල්ලාහ්ගෙන් උදව් පතවු. තවද ඉවසා සිටිවු. සැබැවින්ම මිහිතලය අල්ලාහ්ට හිමිය. ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කළ අයට ඔහු එය උරුම කර දෙන්නේය. (යහ) අවසානය බිය භක්තිකයින්හටය” යැයි මූසා තම පිරිසට පැවසුවේය.
129

قَالُوا أُوذِينَا مِن قَبْلِ أَن تَأْتِيَنَا وَمِن بَعْدِ مَا جِئْتَنَا ۚ قَالَ عَسَىٰ رَبُّكُمْ أَن يُهْلِكَ عَدُوَّكُمْ وَيَسْتَخْلِفَكُمْ فِي الْأَرْضِ فَيَنظُرَ كَيْفَ تَعْمَلُونَ

”නුඹ අප වෙතට පැමිණීමට පෙර ද නුඹ අප වෙතට පැමිණි පසු ද අපි (මෙලෙසම) හිංසා පීඩා කරනු ලැබුවෙමු” යැයි ඔවුහු(මූසාගේ පිරිස) ප්රකාශ කළෝය. (එවිට) “නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සතුරා විනාශ කර දමා නුඹලාව මිහිතලයෙහි නියෝජිතයින් බවට පත් කර පසුව නුඹලා කෙසේ ක්රියා කරන්නේ දැයි බැලීමට හැකිය” යැයි ඔහු(මූසා) ප්රකාශ කළේය.
130

وَلَقَدْ أَخَذْنَا آلَ فِرْعَوْنَ بِالسِّنِينَ وَنَقْصٍ مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ

ෆිර්අවුන්ගේ ජනයාව නියඟයෙන් හා අස්වනු හිඟයෙන් ඔවුන් පාඩමක් ලබනු පිණිස සැබැවින්ම අපි ග්රහණය කළෙමු.
131

فَإِذَا جَاءَتْهُمُ الْحَسَنَةُ قَالُوا لَنَا هَـٰذِهِ ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَطَّيَّرُوا بِمُوسَىٰ وَمَن مَّعَهُ ۗ أَلَا إِنَّمَا طَائِرُهُمْ عِندَ اللَّهِ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

ඔවුනට යහපත පැමිණි විට “මෙය අපටමය” යැයි ඔවුහු පැවසූහ. ඔවුනට යම් අයහපතක් සිදු වූ විට (එය) අසුභ නිමිත්තක් ලෙස මූසා හා ඔහු සමග වූවන්ට ආරෝපණය කළෝය. දැන ගනිවු. ඔවුන්ගේ අසුභ නිමිති ඇත්තේ අල්ලාහ් අබියසය. එනමුත් ඔවුන්ගෙන් බහුතරය (ඒ බව) නොදනිති.
132

وَقَالُوا مَهْمَا تَأْتِنَا بِهِ مِنْ آيَةٍ لِّتَسْحَرَنَا بِهَا فَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ

“නුඹ අප වසඟ කිරීමට කවර සංඥාවක් අප වෙත ගෙන ආවත් අපි නුඹව විශ්වාස කරන්නන් නොවෙමු” යැයි ඔවුහු(ෆිර්අවුන්ගේ පිරිස) පැවසුවෝය.
133

فَأَرْسَلْنَا عَلَيْهِمُ الطُّوفَانَ وَالْجَرَادَ وَالْقُمَّلَ وَالضَّفَادِعَ وَالدَّمَ آيَاتٍ مُّفَصَّلَاتٍ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا مُّجْرِمِينَ

එබැවින් ඔවුනට එරෙහිව ගංවතුර ද පළඟැටියන් ද කිනිතුල්ලන් ද ගෙම්බන් හා රුධිරය යනාදිය විවිධ සංඥාවන් ලෙස අපි එව්වෙමු. 31 එහෙත් ඔවුහු උඩඟු වූවෝය. තවද වැරදිකාර පිරිසක් වූහ.
31ෆිර්අවුන්ගේ පිරිසගේ ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුන් සමග කෝප වී ඔවුන්ට දරුණු විනාශයක් ඇති වීමට පෙර අවවාදයක් වශයෙන් මෙවැනි එක් එක් සංඥාවන් යැව්වේය. පළමුව ගංවතුරක් ද පසුව ඔවුන්ගේ වගාවන් විනාශ කිරීමට පළඟැටියන් ද ඉන් පසුව මිනිසුන්ව හා පශු කුලයට අයත් සතුන්ව හානි කිරීමට කිනිතුල්ලන් ද ඉන් පසුව ඔවුන්ගේ ජීවිතය දුෂ්කරතාවට පත් කිරීමට සෑම තැනම ගෙම්බන් ද පසුව ආහාර හා පානයන්හි රුධිරයන් ද අල්ලාහ් ඇති කළේය. මෙයින් එක් සංඥාවකට ඔවුන් මුහුණ පෑ විට ඔවුන් නබි මූසා තුමාණන්ගෙන් ඔවුන්ට මෙම පිරික්සුමෙන් මිදීමට අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටියෝය. එතුමන්ගේ ප්රාර්ථනාවෙන් අනතුරුව එය ඔවුන්ගෙන් ඉවත් වූ වහාම මෙය මූසාගේ හූනියමක් යැයි පැවසුවෝය. නැවත ඔවුන් වෙත ඉහත සඳහන් තවත් සංඥාවක් අල්ලාහ් යැව්වේය. එවිට ද ඔවුන් එසේම කළෝය.
134

وَلَمَّا وَقَعَ عَلَيْهِمُ الرِّجْزُ قَالُوا يَا مُوسَى ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ ۖ لَئِن كَشَفْتَ عَنَّا الرِّجْزَ لَنُؤْمِنَنَّ لَكَ وَلَنُرْسِلَنَّ مَعَكَ بَنِي إِسْرَائِيلَ

(සංඥාවන් ලෙස පහළ වන) දඬුවම ඔවුන් මත පතිත වූ විටක ‘මූසා, නුඹගේ පරමාධිපති නුඹ සමග ගිවිස ගත් දැයට අනුව ඔහුගෙන් අප වෙනුවෙන් ප්රාර්ථනා කරනු මැනව! මෙම දඬුවම නුඹ අපෙන් ඉවත් කළේ නම්, සැබැවින්ම අපි නුඹව විශ්වාස කරන්නෙමු. තවද සැබැවින්ම නුඹ සමග ඉස්රාඊල්ගේ දරුවන්ව යවන්නෙමු’ යැයි ඔවුහු පැවසූහ.
135

فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الرِّجْزَ إِلَىٰ أَجَلٍ هُم بَالِغُوهُ إِذَا هُمْ يَنكُثُونَ

ඔවුන් (මුහුදුබත් වීමෙන් මරණය) ළඟා වන නියමිත කාලය දක්වා අප ඔවුන්ගෙන් දඬුවම ඉවත් කළ සැණින් ඔවුහු (එම ගිවිසුම) කඩ කරන්නන් වූහ.
136

فَانتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَاهُمْ فِي الْيَمِّ بِأَنَّهُمْ كَذَّبُوا بِآيَاتِنَا وَكَانُوا عَنْهَا غَافِلِينَ

අපගේ සංඥාවන් ඔවුන් අසත්යය කළ හේතුවෙන් ද ඔවුන් ඒ පිළිබඳව නොසැලකිලිමත්ව සිටි හේතුවෙන් ද අපි ඔවුන්ගෙන් පලිගත්තෙමු. ඔවුන්ව අපි මුහුදෙහි ගිල්වීමු. 32
32වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 26:52-67 දක්වා ආයතයන් බලන්න.
137

وَأَوْرَثْنَا الْقَوْمَ الَّذِينَ كَانُوا يُسْتَضْعَفُونَ مَشَارِقَ الْأَرْضِ وَمَغَارِبَهَا الَّتِي بَارَكْنَا فِيهَا ۖ وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ الْحُسْنَىٰ عَلَىٰ بَنِي إِسْرَائِيلَ بِمَا صَبَرُوا ۖ وَدَمَّرْنَا مَا كَانَ يَصْنَعُ فِرْعَوْنُ وَقَوْمُهُ وَمَا كَانُوا يَعْرِشُونَ

දුර්වලයින් ලෙස සලකනු ලැබූ පිරිසට(ඉස්රාඊල්ගේ දරුවන්ට) අප භාග්යමත් කළ දේශයේ 33 නැගෙනහිර හා එහි බටහිර (ප්රදේශයන්) අපි උරුම කර දුන්නෙමු. ඉස්රාඊල්ගේ දරුවන් කෙරෙහි ඔවුන් ඉවසූ හේතුවෙන් නුඹේ පරමාධිපතිගේ අලංකාර වදන පූර්ණවත්ව ඉටු විය. තවද ෆිර්අවුන් හා ඔහුගේ පිරිස (සංවර්ධනය සඳහා) නිර්මාණය කරමින් සිටි දෑ හා ඔවුන් ඉහළට තනමින් සිටි (ගොඩනැගිලි වැනි) දෑ අපි සහමුලින්ම විනාශ කර දැමුවෙමු.
33එනම් එකල තිබූ ගස් කොළං වලින් පිරුණු සරුසාරවත් ප්රදේශයක් යැයි අල් කුර්ආන් විවිරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත.
138

وَجَاوَزْنَا بِبَنِي إِسْرَائِيلَ الْبَحْرَ فَأَتَوْا عَلَىٰ قَوْمٍ يَعْكُفُونَ عَلَىٰ أَصْنَامٍ لَّهُمْ ۚ قَالُوا يَا مُوسَى اجْعَل لَّنَا إِلَـٰهًا كَمَا لَهُمْ آلِهَةٌ ۚ قَالَ إِنَّكُمْ قَوْمٌ تَجْهَلُونَ

ඉස්රාඊල්ගේ දරුවන්ව අපි මුහුදින් එතෙර කෙරෙව්වෙමු. එවිට තමන් සතු පිළිමයන් මත (වැඳුම් පිදුම් කරමින්) රැඳී සිටින පිරිසක් වෙත ඔවුහු පැමිණියහ. “මූසා! ඔවුනට (පිළිම වලින් යුත්) දෙවිවරුන් සිටින්නාක් මෙන් අපට ද දෙවියෙකු ඇති කරනු මැනව”යි ඔවුහු පැවසූහ. “සැබැවින්ම නුඹලා අඥාන පිරිසකි. ඔවුන් කවර දැයක (වැඳුම් පිදුම් කරමින්) සිටින්නේ ද සැබැවින්ම ඒවා විනාශ වී යන්නකි. තවද ඔවුන් කරමින් සිටින දෑ නිෂ්ඵලය.” යැයි ඔහු(මූසා) පැවසුවේය.
139

إِنَّ هَـٰؤُلَاءِ مُتَبَّرٌ مَّا هُمْ فِيهِ وَبَاطِلٌ مَّا كَانُوا يَعْمَلُونَ

ඉස්රාඊල්ගේ දරුවන්ව අපි මුහුදින් එතෙර කෙරෙව්වෙමු. එවිට තමන් සතු පිළිමයන් මත (වැඳුම් පිදුම් කරමින්) රැඳී සිටින පිරිසක් වෙත ඔවුහු පැමිණියහ. “මූසා! ඔවුනට (පිළිම වලින් යුත්) දෙවිවරුන් සිටින්නාක් මෙන් අපට ද දෙවියෙකු ඇති කරනු මැනව”යි ඔවුහු පැවසූහ. “සැබැවින්ම නුඹලා අඥාන පිරිසකි. ඔවුන් කවර දැයක (වැඳුම් පිදුම් කරමින්) සිටින්නේ ද සැබැවින්ම ඒවා විනාශ වී යන්නකි. තවද ඔවුන් කරමින් සිටින දෑ නිෂ්ඵලය.” යැයි ඔහු(මූසා) පැවසුවේය.
140

قَالَ أَغَيْرَ اللَّهِ أَبْغِيكُمْ إِلَـٰهًا وَهُوَ فَضَّلَكُمْ عَلَى الْعَالَمِينَ

(සෙසු) විශ්ව වාසීන්ට වඩා අල්ලාහ් නුඹලාව ශ්රේෂ්ඨවත් කර තිබිය දී ඔහු හැර (වෙනත්) දෙවියෙකු නුඹලා වෙනුවෙන් මා සොයන්නෙම් ද?
141

وَإِذْ أَنجَيْنَاكُم مِّنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ ۖ يُقَتِّلُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ ۚ وَفِي ذَٰلِكُم بَلَاءٌ مِّن رَّبِّكُمْ عَظِيمٌ

නුඹලාට දරුණු වදහිංසා පමුණුවමින් නුඹලාගේ පුතුන් මරා දමමින් හා නුඹලාගේ ස්ත්රීන්ව (වහල් භාවයෙන්) ජීවත් වන්නට ඉඩ හරිමින් සිටිය දී ෆිර්අවුන්ගේ ජනයාගෙන් අප නුඹලාව මුදවා ගත් අවස්ථාව (සිහිපත් කරවු). මේවායෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් මහත් වූ පිරික්සුමක් (නුඹලාට) විය.
142

وَوَاعَدْنَا مُوسَىٰ ثَلَاثِينَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً ۚ وَقَالَ مُوسَىٰ لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلَا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ

අපි මූසාට රාත්රී තිහක් (කන්දෙහි රැඳී සිටීමට) නියම කළෙමු. තවද එය (තවත් දින) දහයකින් පූර්ණ කළෙමු. එබැවින් තම පරමාධිපති නියම කළ කාලය රාත්රී හතළිහක් ලෙස සම්පූර්ණ විය. 34 “මාගේ පිරිස අතර නුඹ මා වෙනුවෙන් නියෝජනය කර (ඔවුන්ව යහපතින්) සංශෝධනය කරවු. තවද කලහකම් කරන්නන්ගේ මාර්ගය අනුගමනය නොකරවු” යැයි මූසා තම සහෝදරයා වන හාරූන්ට පැවසුවේය.
34ඉස්රාඊල්වරුන් ෆිර්අවුන්ගෙන් අභයදායී වූ පසු නිදහස් වූ ජීවිතයකට උරුමකම් පෑවෝය. එවිට ඔවුන් නබි මූසා තුමාණන්ගෙන් තමන්ට අනුගමනය කිරීම පිණිස නව නීති මාලාවක් ඉල්ලා සිටියෝය. මේ සඳහා අල්ලාහ් නබි මූසා තුමාණන්ව දින හතළිහක් භක්තියෙන් වාඩි වී සිටීමට තූර් කන්ද වෙත කැඳෙව්වේය. මේ කාලය තුළ නබි මූසා තුමාණන් නැමදුම්හි හා උපවාස ශීලයේ නියැළෙමින් තමන්ගේ අධ්යාත්මිකභාවය වර්ධනය කර ගත්තේය. මෙමගින් ඔහු අල්ලාහ්ගෙන් වූ ධර්ම පුස්තකය ලබා ඒ අනුව කි්රයා කිරීමට ශක්තියක් ඇති කර ගත්තේය. මෙම කාලය තුළ ඔහුට තව්රාතය නැමැති ධර්ම පුස්තකය ද දෙනු ලැබීය.
143

وَلَمَّا جَاءَ مُوسَىٰ لِمِيقَاتِنَا وَكَلَّمَهُ رَبُّهُ قَالَ رَبِّ أَرِنِي أَنظُرْ إِلَيْكَ ۚ قَالَ لَن تَرَانِي وَلَـٰكِنِ انظُرْ إِلَى الْجَبَلِ فَإِنِ اسْتَقَرَّ مَكَانَهُ فَسَوْفَ تَرَانِي ۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُ لِلْجَبَلِ جَعَلَهُ دَكًّا وَخَرَّ مُوسَىٰ صَعِقًا ۚ فَلَمَّا أَفَاقَ قَالَ سُبْحَانَكَ تُبْتُ إِلَيْكَ وَأَنَا أَوَّلُ الْمُؤْمِنِينَ

අප නියම කළ කාලයෙහි මූසා (කන්දට) පැමිණ ඔහු සමග ඔහුගේ පරමාධිපති කතා කළ විට “මාගේ පරමාධිපතියාණනි, නුඹ දෙස මා බලන්නට මට (නුඹව) පෙන්වනු මැනව!” යැයි ඔහු පැවසුවේය. “(මෙලොව ජීවිතයේ දී) නුඹ මා දකින්නට නොහැක්කේමය. නමුත් නුඹ එම කන්ද දෙස බලවු. එය(එම කන්ද) එහි ස්ථානයේ ස්ථාවරව තිබුණේ නම් නුඹ මාව දකිනු ඇතැ”යි ඔහු(අල්ලාහ්) පැවසුවේය. තම පරමාධිපති එම කන්දට “තජල්ලියත්” 35 වූ විට ඔහු එය සුනු විසුනු කළේය. මූසා සිහිසුන්ව ඇද වැටුණේය. ඔහු සිහිසන් වූ විට “නුඹ සුවිශුද්ධය. නුඹ වෙත මම පශ්චාත්තාප වෙමි.මම (මෙලොවෙහිදී කිසිවෙකුටත් අල්ලාහ්ව බැහැදැක නොහැකි යැයි විශ්වාස කරන) විශ්වාසිකයින් අතුරින් පළමුවැන්නා වෙමි” යැයි ඔහු පැවසුවේය.
35මෙම ආයතය ‘මුතෂාබිහාත්’ චින්තනයට ගෝචර නොවන(අචින්තෙය්ය) ගණයට අයත් ආයතයන් කිහිපයකින් එකකි. “තජල්ලියත්” යන අරාබි පදය බොහෝ අවස්ථාවන්හි පොදුවේ වාග් චාතූර්යයට අනුව ‘ආලෝකය දිස්වීම’ යන්නෙන් භාවිත කරනු ලැබේ. නමුත් මෙම ආයතයට අදාළ නිසි පරිපූර්ණ අරුත අල්ලාහ් පමණක් දනියි. මන්දයත් අල්ලාහ් කිසිදු මැවුමකින් නිදර්ශනය කළ නොහැකි සුවිශුද්ධයකි. ඇතැම් අල් කුර්ආන් විවරණකරුවන් එම ආයතයට කිසිදු විවරණයකින් තොරව ඒ අයුරින්ම විශ්වාස කිරීම උචිත යැයි ද ඇතැම් විවරණකරුවන් මෙහි අදහස ‘පරමාධිපති වන අල්ලාහ්ගේ ආලෝකය කන්ද දෙසට දිස් වීමය’ යැයි ද අදහස් දක්වති.
144

قَالَ يَا مُوسَىٰ إِنِّي اصْطَفَيْتُكَ عَلَى النَّاسِ بِرِسَالَاتِي وَبِكَلَامِي فَخُذْ مَا آتَيْتُكَ وَكُن مِّنَ الشَّاكِرِينَ

“අහෝ මූසා, මාගේ දූත පණිවිඩයන් තුළින් ද මා (නුඹ සමග) කතා කිරීම තුළින් ද මිනිසුන් අතුරින් මා නුඹව තෝරා ගතිමි. එබැවින් මා නුඹට පිරිනැමූ දෑ රැගෙන නුඹ කෘතවේදීන් අතුරින් වවු” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
145

وَكَتَبْنَا لَهُ فِي الْأَلْوَاحِ مِن كُلِّ شَيْءٍ مَّوْعِظَةً وَتَفْصِيلًا لِّكُلِّ شَيْءٍ فَخُذْهَا بِقُوَّةٍ وَأْمُرْ قَوْمَكَ يَأْخُذُوا بِأَحْسَنِهَا ۚ سَأُرِيكُمْ دَارَ الْفَاسِقِينَ

තවද (තව්රාතය) උපදේශයක් වශයෙන් ද සෑම දෙයක්ම පැහැදිලි කිරීමක් වශයෙන් ද ඔහු වෙනුවෙන් සෑම දෙයක්ම ඵලකයන්හි අපි සටහන් කළෙමු. එබැවින් එය දැඩි සේ ග්රහණය කර ගනිවු. එහි ඉතා අලංකාර දෑ ග්රහණය කර ගන්නා ලෙස නුඹේ ජනයාට විධානය කරවු. පාපතරයින්ගේ නිවහන මා නුඹලාට පෙන්වා දෙමි. 36
36එනම් මෙය ඉස්රාඊල්වරුන් සිරියා හා පලස්තීන දේශය අත්පත් කර ගැනීම පිළිබඳ ශුභාරංචියකි.
146

سَأَصْرِفُ عَنْ آيَاتِيَ الَّذِينَ يَتَكَبَّرُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَإِن يَرَوْا كُلَّ آيَةٍ لَّا يُؤْمِنُوا بِهَا وَإِن يَرَوْا سَبِيلَ الرُّشْدِ لَا يَتَّخِذُوهُ سَبِيلًا وَإِن يَرَوْا سَبِيلَ الْغَيِّ يَتَّخِذُوهُ سَبِيلًا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَذَّبُوا بِآيَاتِنَا وَكَانُوا عَنْهَا غَافِلِينَ

කිසිදු සාධාරණයකින් තොරව මිහිතලයේ උඩඟුකම් පෑ අයව මාගේ වදන් වෙතින් මම හරවා දමමි. ඔවුන් (මාගේ) සියලු සංඥාවන් දුටුව ද ඒවා විශ්වාස නොකරති. යහමග දුටු විට එය (තම) මාර්ගය ලෙස නොගනිති. අයහ මාර්ගය දුටු විට එය (තම) මාර්ගය ලෙස ගනිති. එය (එසේ සිදු වනුයේ,) ඔවුන් අපගේ සංඥාවන් අසත්යය කළ හේතුවෙන් හා ඒවා පිළිබඳව නොසැලකිලිමත්ව සිටි හේතුවෙනි.
147

وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَلِقَاءِ الْآخِرَةِ حَبِطَتْ أَعْمَالُهُمْ ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ

කවරෙකු අපගේ සංඥාවන් හා පරමාන්ත දිනයේ හමුවීම අසත්යය කළේ ද ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල විය. ඔවුන් කරමින් සිටි දැයට මිස ඔවුන්ට ප්රතිඵල දෙනු ලබන්නෙහු ද?
148

وَاتَّخَذَ قَوْمُ مُوسَىٰ مِن بَعْدِهِ مِنْ حُلِيِّهِمْ عِجْلًا جَسَدًا لَّهُ خُوَارٌ ۚ أَلَمْ يَرَوْا أَنَّهُ لَا يُكَلِّمُهُمْ وَلَا يَهْدِيهِمْ سَبِيلًا ۘ اتَّخَذُوهُ وَكَانُوا ظَالِمِينَ

මූසාගේ ජනයා ඔහුට පසුව 37 තමන්ගේ ආභරණ වලින්, හඬක් ඇති වසු (පැටවකුගේ) රුවක් (දෙවියන් වශයෙන්) සාදා ගත්තෝය. 38 සැබැවින්ම එය ඔවුන් සමග කතා නොකරන බවත් ඔවුනට මග නොපෙන්වන බවත් ඔවුහු නුදුටුවෙහු ද? (නමුත්) ඔවුහු එය (නැමදුමට) ගත්තෝය. තවද ඔවුහු අපරාධකරුවන් වූහ.
37එනම් අල්ලාහ් සමග කතා කිරීමට නබි මූසා තුමාණන් ‘තූර්’ කන්දට ගිය පසුවය.
38මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 20:85 සිට 95 දක්වා ආයතයන් එහි පාද සටහන් සමග බලන්න.
149

وَلَمَّا سُقِطَ فِي أَيْدِيهِمْ وَرَأَوْا أَنَّهُمْ قَدْ ضَلُّوا قَالُوا لَئِن لَّمْ يَرْحَمْنَا رَبُّنَا وَيَغْفِرْ لَنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ

සැබැවින්ම ඔවුන් (වසු රුව වන්දනය පිළිබඳව) පසුතැවිලි වී ඔවුන් මුළා වී ඇති බව වටහා ගත් විට, “අපගේ පරමාධිපති අපට කරුණාව දක්වා අපට පාප ක්ෂමාව නොදෙන්නේ නම් සැබැවින්ම අපි පාඩු විඳින්නන් අතුරින් වන්නෙමු” යැයි ඔවුහු ප්රකාශ කළෝය.
150

وَلَمَّا رَجَعَ مُوسَىٰ إِلَىٰ قَوْمِهِ غَضْبَانَ أَسِفًا قَالَ بِئْسَمَا خَلَفْتُمُونِي مِن بَعْدِي ۖ أَعَجِلْتُمْ أَمْرَ رَبِّكُمْ ۖ وَأَلْقَى الْأَلْوَاحَ وَأَخَذَ بِرَأْسِ أَخِيهِ يَجُرُّهُ إِلَيْهِ ۚ قَالَ ابْنَ أُمَّ إِنَّ الْقَوْمَ اسْتَضْعَفُونِي وَكَادُوا يَقْتُلُونَنِي فَلَا تُشْمِتْ بِيَ الْأَعْدَاءَ وَلَا تَجْعَلْنِي مَعَ الْقَوْمِ الظَّالِمِينَ

මූසා තම ජනයා වෙත උදහස්ව ශෝකයෙන් නැවත පැමිණි විට “මාගෙන් පසු නුඹලා මා පසුපසින් කළ දෑ නපුරු විය. නුඹලාගේ පරමාධිපතිගේ විෂය කෙරෙහි නුඹලා ඉක්මන් වූවෙහු ද?” යැයි පැවසුවේය. ඔහු ඵලකයන් පහළට හෙළා, තම සහෝදරයාගේ(හාරූන්ගේ) හිසෙන් තමන් වෙත ඔහුව අදිමින් අල්ලා ගත්තේය. (එවිට) ඔහු “මාගේ මවගේ පුතණුවනි! සැබැවින්ම මෙම ජනයා මා දුර්වලයෙකු බවට පත් කළෝය. ඔවුන් මා මරා දැමීමට තැත් කළෝය. සතුරන්ට මා පිළිබඳව සතුටු වීමට ඉඩ නොතබවු. තවද අපරාධකාර ජනයා සමග මා පත් නොකරවු” යැයි පැවසුවේය.
151

قَالَ رَبِّ اغْفِرْ لِي وَلِأَخِي وَأَدْخِلْنَا فِي رَحْمَتِكَ ۖ وَأَنتَ أَرْحَمُ الرَّاحِمِينَ

“මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ සහෝදරයාට සමාව දෙනු මැනව! නුඹගේ කරුණාවෙහි අපව ඇතුළත් කරනු මැනව! කරුණාවන්තයින්ගෙන් අති කරුණාවන්තයා නුඹය” යැයි ඔහු(මූසා) පැවසුවේය.
152

إِنَّ الَّذِينَ اتَّخَذُوا الْعِجْلَ سَيَنَالُهُمْ غَضَبٌ مِّن رَّبِّهِمْ وَذِلَّةٌ فِي الْحَيَاةِ الدُّنْيَا ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُفْتَرِينَ

සැබැවින්ම කවරෙකු වසුපැටවා (තම දෙවියන් ලෙස) ගත්තේ ද ඔවුන්ව තම පරමාධිපතිගෙන් වූ උදහස ද ලෞකික ජීවිතයේ නින්දාව ද වෙළා ගනු ඇත. මෙලෙසය අප (අල්ලාහ් කෙරෙහි බොරු) ගොතන්නන්ට ප්රතිවිපාක ලබා දෙනුයේ.
153

وَالَّذِينَ عَمِلُوا السَّيِّئَاتِ ثُمَّ تَابُوا مِن بَعْدِهَا وَآمَنُوا إِنَّ رَبَّكَ مِن بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ

තවද කවරෙකු අයහකම් කර පසුව (ඉන් වැළකී) ඒවාට අනතුරුව පශ්චාත්තාප වී විශ්වාස කළේ ද (ඔවුන් කෙරෙහි) එයට පසුව සැබැවින්ම නුඹේ පරමාධිපති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
154

وَلَمَّا سَكَتَ عَن مُّوسَى الْغَضَبُ أَخَذَ الْأَلْوَاحَ ۖ وَفِي نُسْخَتِهَا هُدًى وَرَحْمَةٌ لِّلَّذِينَ هُمْ لِرَبِّهِمْ يَرْهَبُونَ

මූසාගෙන් කෝපය නිවී ගිය කල්හි ඔහු ඵලකයන් (අතට) ගත්තේය. ඒවායෙහි ලේඛන ගත දෑහි ‘තම පරමාධිපති කෙරෙහි බියවන්නන්හට යහමග හා කරුණාව ඇතැ’යි (සටහන්ව) තිබිණ.
155

وَاخْتَارَ مُوسَىٰ قَوْمَهُ سَبْعِينَ رَجُلًا لِّمِيقَاتِنَا ۖ فَلَمَّا أَخَذَتْهُمُ الرَّجْفَةُ قَالَ رَبِّ لَوْ شِئْتَ أَهْلَكْتَهُم مِّن قَبْلُ وَإِيَّايَ ۖ أَتُهْلِكُنَا بِمَا فَعَلَ السُّفَهَاءُ مِنَّا ۖ إِنْ هِيَ إِلَّا فِتْنَتُكَ تُضِلُّ بِهَا مَن تَشَاءُ وَتَهْدِي مَن تَشَاءُ ۖ أَنتَ وَلِيُّنَا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا ۖ وَأَنتَ خَيْرُ الْغَافِرِينَ

(කන්දට යාමට) අප නියම කළ කාලය සඳහා මූසා තම ජනයාගෙන් මිනිසුන් හැත්තෑ දෙනෙකු තෝරා ගත්තේය. 39 භූමි කම්පාව ඔවුන්ව ග්රහණය කළ කල්හි “මාගේ පරමාධිපතියාණනි, නුඹ අභිමත කළේ නම් මීට පෙරම ඔවුන්ව ද මා ද විනාශ කරන්නට තිබිණ.අප අතුරින් වූ අඥානයින් කළ දෑ හේතුවෙන් නුඹ අපව විනාශ කරන්නෙහු ද? මෙය නුඹගේ පරීක්ෂණයක් මිස නැත. මෙමගින් නුඹ අභිමත කළ අයව නොමග යන්නට ඉඩ හරින්නෙහිය. නුඹ අභිමත කළ අයව යහමගට යොමු කරන්නෙහිය. නුඹ අපගේ භාරකරුය. එබැවින් අපට ක්ෂමා කරනු මැනව! තවද අපට කරුණාව දක්වනු මැනව! නුඹ පාප ක්ෂමා කරන්නන්ගෙන් ශ්රේෂ්ඨයාය යැයි ඔහු(මූසා) පැවසුවේය.
39නබි මූසා තුමාණන් තව්රාතය රැගෙන ආ කල්හි ඇතැම් ඉස්රාඊල්වරුන් අල්ලාහ්ගේ කථාව ඍජුව තමන් ඇහුම්කන් දෙන තුරු මෙම තව්රාතය අනුව අපි ක්රියා නොකරන්නෙමු යැයි පැවසුවෝය. එවිට නබි මූසා තුමාණන් ඔවුනතුරින් හැත්තෑ දෙනෙකු තෝරා ගෙන නැවත තූර් නැමැති කන්ද වෙත ගියේය. එහිදී අල්ලාහ්ගේ කථාවට මොවුන් ඍජුවම සවන් දුන් අතර එහෙත් මොවුන් එය විශ්වාස නොකොට ව්යාජ යැයි පවසා අල්ලාහ්ව ඍජුව බැලීමට අවශ්යය යැයි වාද කළෝය. මොවුන්ගේ මෙම හිතුවක්කාරකමට දඬුවමක් වශයෙන් භූමිකම්පාවක් ඇති වී මොවුන් සිහිසුන්ව ඇද වැටී විනාශ වුණෝය. නබි මූසා තුමාණන්ගේ අයැදීම හේතුවෙන් මෙම සැත්තෑ දෙනාට නැවත අල්ලාහ් ජීවය ලබා දුන්නේය. යැයි අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත.
156

وَاكْتُبْ لَنَا فِي هَـٰذِهِ الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ إِنَّا هُدْنَا إِلَيْكَ ۚ قَالَ عَذَابِي أُصِيبُ بِهِ مَنْ أَشَاءُ ۖ وَرَحْمَتِي وَسِعَتْ كُلَّ شَيْءٍ ۚ فَسَأَكْتُبُهَا لِلَّذِينَ يَتَّقُونَ وَيُؤْتُونَ الزَّكَاةَ وَالَّذِينَ هُم بِآيَاتِنَا يُؤْمِنُونَ

“තවද මෙලොවෙහි හා පරලොවෙහි අපට යහපත සටහන් කරනු මැනව! සැබැවින්ම අපි නුඹ වෙතට පශ්චාත්තාප වී හැරුණෙමු.” (යනුවෙන් ද මූසා පැවසුවේය.) “මාගේ දඬුවම මා අභිමත කරන්නන්ට පමුණුවන්නෙමි. (නමුත්) මාගේ කරුණාව සියල්ලටම ව්යාප්තව ඇත්තේය. 40 තවද බිය භක්තිමත් වී zසකාතය දෙන්නන්ට හා අපගේ වදන් විශ්වාස කරන අයට මම එය (නියම කොට) සටහන් කරමි” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
40මෙයින් අදහස් වන්නේ අල්ලාහ්ගේ දඬුවමට සියලූ පාපතරයින් සුදුස්සන් වූවද සීමාව ඉක්මවා ගියවුන් අතුරින් ඔහු අභිමත කළවුනට පමණක් දඬුවම් කරන්නේය යන්නය. එහෙත් අල්ලාහ්ගේ කරුණාව හා දයාව සියලූ දෙනා කෙරෙහි ආවරණය වන්නේය.
157

الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الْأُمِّيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِندَهُمْ فِي التَّوْرَاةِ وَالْإِنجِيلِ يَأْمُرُهُم بِالْمَعْرُوفِ وَيَنْهَاهُمْ عَنِ الْمُنكَرِ وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَائِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَالْأَغْلَالَ الَّتِي كَانَتْ عَلَيْهِمْ ۚ فَالَّذِينَ آمَنُوا بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُوا النُّورَ الَّذِي أُنزِلَ مَعَهُ ۙ أُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ

ඔවුන් කවරහුදයත්, කවරෙකුව තව්රාතයෙහි හා ඉන්ජීලයෙහි සටහන් කරනු ලැබූවෙකු ලෙස තමන් අබියස දකින්නේ ද 41 එම අකුරු නොදත් නබිවරයා වූ රසූල්වරයාණන්ව 42 අනුගමනය කරන්නන්ය. 43 ඔවුන්හට ඔහු යහපත විධානය කරන්නේය. අයහපතින් (පාපයෙහි නියැළෙන) ඔවුන්ව වළකන්නේය. පිවිතුරු දෑ ඔවුනට අනුමත කරන්නේය. අපිරිසිදු දෑ ඔවුන් කෙරෙහි තහනම් කරන්නේය. ඔවුන්ගේ බර ද ඔවුන් මත වූ විලංගු ද ඔවුන්ගෙන් ඉවත් කර දමන්නේය. 44 එබැවින් කවරෙකු ඔහුව විශ්වාස කර ඔහුට සහය ලබා දී ඔහුට උදව් කර ඔහු සමග පහළ කරන ලද ආලෝකය අනුගමනය කළේ ද ඔවුහුමය ජයග්රාහකයෝ වන්නේ.
41මෙයින් අදහස් වන්නේ අල් කුර්ආනයට පෙර පහළ වූ තව්රාත්, ඉන්ජීල් වැනි ධර්ම පුස්තකයන්හි නබි මුහම්මද්  තුමාණන්ගේ පැමිණීම පිළිබඳව සඳහන්ව තිබුණි යන්නය.
42මෙහි අකුරු නොදත් නබිවරයා යනු නබි මුහම්මද් තුමාණන්ය. අල්ලාහ් ඔහුව මෙලෙස අකුරු නොදන්නෙකු ලෙස පත් කළේ අල්ලාහ්ගෙන් පහළ වූ අල් කුර් ආනය එක්තරා ප්රාතිහාර්යයක් යැයි පෙන්වනු පිණිසය.
43මෙයින් අඟවනුයේ නබි මුහම්මද් තුමාණන්ගේ සමූහයා වන ලොව සියල්ලන්වය.
44මෙම ආයතයෙහි ‘බර’ හා ‘විලංගු’ යනුවෙන් අදහස් කරන්නේ ඉස්රාඊල්වරුන්ගේ හිතුවක්කාර කම හේතුවෙන් ඔවුන්ට දඬුවමක් වශයෙන් පමුණුවනු ලැබූ දරුණු දහම් නීති රීතීන්ය. මෙම නීතීන් නබි මුහම්මද් තුමාණන්ගේ සමූහයාගෙන් ඉවත් කොට ඇත යන පණිවිඩයයි.
158

قُلْ يَا أَيُّهَا النَّاسُ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ جَمِيعًا الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ لَا إِلَـٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ فَآمِنُوا بِاللَّهِ وَرَسُولِهِ النَّبِيِّ الْأُمِّيِّ الَّذِي يُؤْمِنُ بِاللَّهِ وَكَلِمَاتِهِ وَاتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ

“ජනයිනි! සැබැවින්ම මම නුඹලා සියලු දෙනා සඳහා (පත්) වූ අල්ලාහ්ගේ රසූල්වරයා වෙමි. ඔහු(අල්ලාහ්) කවරෙකුද යත් අහස්හි හා මිහිතලයෙහි ආධිපත්යය ඔහු සතුය. ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔහු ජීවය දෙන්නේය. තවද මරණයට පත් කරන්නේය.එබැවින් නුඹලා අල්ලාහ්ව ද අල්ලාහ් හා ඔහුගේ වදන් විශ්වාස කළ, අකුරු නොදත් නබිවරයාණන් වූ ඔහුගේ රසූල්වරයාව ද විශ්වාස කරවු. තවද නුඹලා යහමග ලබනු පිණිස ඔහුව අනුගමනය කරවු.” යැයි (නබිවරය,) පවසවු.
159

وَمِن قَوْمِ مُوسَىٰ أُمَّةٌ يَهْدُونَ بِالْحَقِّ وَبِهِ يَعْدِلُونَ

මූසාගේ ජනයා අතුරින් සත්යය තුළින් මග පෙන්වන හා එමගින් යුක්තිය ඉටු කරන පිරිසක් වූහ. 45
45මෙයින් අදහස් කරන්නේ ඉස්රාඊල්වරුන් අතුරින් නබි මූසා  තුමාණන්ගේ දහම නිසි ලෙස පිළිපැද අව්යාජ තව්රාතය අනුගමනය කරන්නන් පිළිබඳවය. ඉතිහාසයේද ඉස්රාඊල්වරුන් අතුරින් කුඩා කණ්ඩායමක් කිසි කලක අව්යාජ දහමෙන් නොමග නොගියෝය යැයි සඳහන් වී ඇත.
160

وَقَطَّعْنَاهُمُ اثْنَتَيْ عَشْرَةَ أَسْبَاطًا أُمَمًا ۚ وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ إِذِ اسْتَسْقَاهُ قَوْمُهُ أَنِ اضْرِب بِّعَصَاكَ الْحَجَرَ ۖ فَانبَجَسَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَّشْرَبَهُمْ ۚ وَظَلَّلْنَا عَلَيْهِمُ الْغَمَامَ وَأَنزَلْنَا عَلَيْهِمُ الْمَنَّ وَالسَّلْوَىٰ ۖ كُلُوا مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ ۚ وَمَا ظَلَمُونَا وَلَـٰكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ

ඔවුන්ව අපි ගෝත්ර දොළහකින් යුත් ජන කොටස් වශයෙන් බෙදා වෙන් කළෙමු. තමන්ගෙන් තම පිරිස ජලය ඉල්ලා සිටි කල්හි ‘නුඹගේ සැරයටියෙන් ගලට ගසවු’ යැයි අපි මූසාට වහී (දේව පණිවිඩය) පහළ කළෙමු. 46 එ(ලෙස ගැසූ )සැනින් එයින් උල්පත් දොළොසක් පිපිරි මතු විය. සෑම ජන කොටසක්ම තම තමන්ගේ පැන් බොන ස්ථානය නිශ්චිතව හඳුනා ගත්හ. ඔවුන් මත වලාකුළු මගින් හෙවණැල්ලක් ඇති කළෙමු. තවද මන්නු හා සල්වා 47 (යන ආහාරය) ද ඔවුනට පහළ කළෙමු. “නුඹලාට අප දුන් දෑහි යහ දෑ නුඹලා අනුභව කරවු.” (යැයි අපි පැවසුවෙමු. තවද ඔවුන්ගේ අකෘතඥතාව හේතුවෙන්) ඔවුන් අපට අපරාධ නොකළාහුය. නමුත් ඔවුන් තමන්ටම අපරාධ කරගන්නන් වූහ.-
46වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:55-60 දක්වා ආයතයන් පාද සටහන් සමග බලන්න.
47මෙය ස්වර්ගයෙන් බහා ලූ ආහාරයකි. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:57 අදාළ පාද සටහන බලන්න.
161

وَإِذْ قِيلَ لَهُمُ اسْكُنُوا هَـٰذِهِ الْقَرْيَةَ وَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ وَقُولُوا حِطَّةٌ وَادْخُلُوا الْبَابَ سُجَّدًا نَّغْفِرْ لَكُمْ خَطِيئَاتِكُمْ ۚ سَنَزِيدُ الْمُحْسِنِينَ

“මෙම නගරයෙහි නුඹලා වාසය කරවු. තවද නුඹලා කැමති තැනක (කැමති දැය) එයින් අනුභව කරවු. හිත්තා 48 යැයි පවසවු. නුඹලා සුජූද් කරමින් (එහි) දොරටුවෙන් ඇතුළු වවු. අපි නුඹලාගේ වැරදි වලට සමාව දෙන්නෙමු. යහ වැඩ කරනවුන්ට (යහ විපාක) මතුවට වැඩි කරන්නෙමු.” යැයි ඔවුනට කියනු ලැබූ අවස්ථාව (සිහිපත් කරවු).
48හිත්තා යනු “අපගේ පාපයන් වලට සමාව දෙනු මැනව!” යන ප්රාර්ථනාවයි.
162

فَبَدَّلَ الَّذِينَ ظَلَمُوا مِنْهُمْ قَوْلًا غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِجْزًا مِّنَ السَّمَاءِ بِمَا كَانُوا يَظْلِمُونَ

ඔවුන් අතුරින් අපරාධ කළවුන් (තමන්ගේ පාපක්ෂමාව සඳහා පැවසීමට අණ කරනු ලැබූ වචනය) තමන්ට පවසනු ලැබූවක් නොවන වචනයකට වෙනස් කළෙහුය. 49 එබැවින් ඔවුන් අපරාධ කරමින් සිටි හෙයින් ඔවුන් කෙරෙහි අහසින් ව්යසනයක් අපි පහළ කළෙමු.
49මෙම ආයතයෙහි ඔවුනට පැවසීමට අණ කරනු ලැබූ වචනය හිත්තා එනම් “අපගේ පාපයන් වලට සමාව දෙනු මැනව!” යන්නයි. එහෙත් ඔවුන් එම වචනය සමච්චලයට ගනිමින් ඒ වෙනුවට හින්තා යැයි පැවසුවෝය. හින්තා යනු ධාන්යය යන අරුතයි.
163

وَاسْأَلْهُمْ عَنِ الْقَرْيَةِ الَّتِي كَانَتْ حَاضِرَةَ الْبَحْرِ إِذْ يَعْدُونَ فِي السَّبْتِ إِذْ تَأْتِيهِمْ حِيتَانُهُمْ يَوْمَ سَبْتِهِمْ شُرَّعًا وَيَوْمَ لَا يَسْبِتُونَ ۙ لَا تَأْتِيهِمْ ۚ كَذَٰلِكَ نَبْلُوهُم بِمَا كَانُوا يَفْسُقُونَ

(නබිවරය,) මුහුද අසල වූ ගම්මානය පිළිබඳව නුඹ ඔවුන්ගෙන් විමසවු. (එනම්) ඔවුන්ගේ සබ්ත් දිනයෙහි 50 ඔවුන්ගේ මත්ස්යයින් දිය මතු පිට (රංචු වශයෙන්) ඔවුන් වෙත පැමිණි කල්හි සබ්ත් දිනයෙහි ඔවුහු (එදින නීතිය කඩ කරමින්) සීමාව ඉක්මවා ගිය අවස්ථාවෙහිය. තවද සබ්ත් නොවන දිනයෙහි උන් ඔවුන් වෙත නොපැමිණෙන්නෝය. ඔවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් මෙලෙසය අප ඔවුන්ව පිරික්සුමට ලක් කළේ.
50‘සබ්ත්’ යනු සෙනසුරාදා දිනයයි. එම දිනය ඉස්රාඊල්වරුන්ට නැමදුම් සඳහා වූ සුවිශේෂී දිනයක් විය. එම දිනයෙහි ආර්ථික කටයුතු වල යෙදීම ඔවුන්ට තහනම් වී තිබුණි. ඔවුන් අතුරින් මුහුදු වෙරළෙහි ජීවත් වන පිරිසක් මත්ස්යයින් ඇල්ලීමෙන් මෙම තහනම කඩ කළෝය. ඔවුන්ට දඬුවමක් ලෙස ඔවුන්ගේ ස්වරූපය වඳුරන් හා ඌරන් බවට පත් විය. තවද අල් කුර්ආන් 2:65 ආයතයේ ද මේ පිළිබඳව සඳහන් වී ඇත.
164

وَإِذْ قَالَتْ أُمَّةٌ مِّنْهُمْ لِمَ تَعِظُونَ قَوْمًا ۙ اللَّهُ مُهْلِكُهُمْ أَوْ مُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا ۖ قَالُوا مَعْذِرَةً إِلَىٰ رَبِّكُمْ وَلَعَلَّهُمْ يَتَّقُونَ

“අල්ලාහ් විනාශ කර දමන්නට හෝ දැඩි දඬුවමකින් දඬුවම් කරන්නට යන පිරිසකට නුඹලා උපදෙස් දෙන්නේ මන්දැ?”යි ඔවුන් අතුරින් (එක්) සමූහයක්, (තවත් සමූහයකට) පැවසූ විට “(අප මෙලෙස කරනුයේ) නුඹලාගේ පරමාධිපති වෙත (ඉදිරිපත් කිරීමට) නිදහසට කරුණක් වශයෙන් ද ඔවුන් බිය භක්තිමත් විය හැකි නිසාවෙන් ද යැ”යි ඔවුන් පැවසූ අවස්ථාව (සිහියට නගවු). 51
51මෙම ගම් වැසියන් අතර කොටස් තුනක් සිටියහ. පළමු කොටස සබ්ත් නීතිය කඩ කළ උදවියයි. දෙවැනි කොටස සබ්ත් නීතිය කඩ කළ උදවියට අවවාද කළ උදවිය වන අතර තෙවන කොටස කිසිදු අවවාදයක් නොකළ උදවියයි. මෙහි තෙවැන්නෝ දෙවැන්නන්ගෙන් මෙසේ විමසූ අන්දම මෙහි සඳහන් වී ඇත.
165

فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ أَنجَيْنَا الَّذِينَ يَنْهَوْنَ عَنِ السُّوءِ وَأَخَذْنَا الَّذِينَ ظَلَمُوا بِعَذَابٍ بَئِيسٍ بِمَا كَانُوا يَفْسُقُونَ

කවර දෙයක් මගින් ඔවුහු උපදෙස් කරනු ලැබූවෝ ද එය ඔවුන් අමතක කළ කල්හි අයහපතින් (ඔවුන්ව) වැළැක්වූවන්ව (පමණක්) අපි ආරක්ෂා කළෙමු. තවද අපරාධකළවුන්ව ඔවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් දැඩි දඬුවමකින් ග්රහණය කළෙමු.
166

فَلَمَّا عَتَوْا عَن مَّا نُهُوا عَنْهُ قُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِينَ

කවර දැයකින් ඔවුන් වළක්වනු ලැබුවේ ද එයින් ඔවුහු සීමාව ඉක්මවා ගිය කල්හි “අවමානයට පත් වූ රිළවුන් බවට නුඹලා පත් වනු”යි 52 ඔවුනට අපි පැවසුවෙමු.
52මෙම ආයතයන් මගින් මුස්ලිම්වරුන්ට ඉතා වැදගත් උපදෙස් කිහිපයක් ඉදිරිපත් කර ඇත. පළමුවැන්න : ඕනෑම මුස්ලිම්වරයෙකු තමන් පමණක් යහකම් කිරීම නොසෑහෙන බවත් ඔහුට අන් අය යහමග කැඳවීම හා සමාජයෙන් දුෂ්ඨකම තුරන් කිරීම තම වගකීමක් බවත්ය. දෙවැන්න : යහමගට කැඳවන්නෙකු තම ඇරයුම ඵල දුන්න ද නොදුන්න ද අල්ලාහ් ඉදිරියේ තම වගකීම හේතුවෙන් යහපත සඳහා කැඳවිය යුතු බවයි. තුන්වැන්න : අප ඉලක්ක කරන පුද්ගලයින් අතර නරක පුරුදු තිබුණ ද ඔවුන්ගෙන් එක් පුද්ගලයෙකුට හෝ යහමග ලබයි යන යහ සිතුවිල්ලෙන් අල්ලාහ් වෙත ඇරයුම් කළ යුතු බවයි. තවද සබ්ත් පිළිබඳ වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:65 හි පාද සටහන බලන්න.
167

وَإِذْ تَأَذَّنَ رَبُّكَ لَيَبْعَثَنَّ عَلَيْهِمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَن يَسُومُهُمْ سُوءَ الْعَذَابِ ۗ إِنَّ رَبَّكَ لَسَرِيعُ الْعِقَابِ ۖ وَإِنَّهُ لَغَفُورٌ رَّحِيمٌ

(මළවුන්) නැගිටුවනු ලබන දිනය දක්වා කුරිරු දඬුවමක් ඔවුනට පමුණුවන අයව, ඔවුන් කෙරෙහි සැබැවින්ම එවන බව නුඹගේ පරමාධිපති දන්වා සිටි අවස්ථාව (සිහිපත් කරවු). 53 සැබැවින්ම නුඹේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා ශීඝ්රය. තවද සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
53මෙම ආයතය හිතුවක්කාර වූ යුදෙව්වන්ට අවවාදයකි. ඔවුන් ලොව අවසන් දින තෙක් පැමිණෙන මිනිසුන් විසින් හිංසාවට ලක් වන්නෝය. ශතක ගණනාවක් පුරා විවිධ පාලකයන් මගින් ඔවුන් හිංසාවට ලක් වී ඇති බව ඉතිහාසයේ ද සඳහන් වේ. මෙම ආයතයෙන් ඔවුන් සදහටම හිංසාවන්ට ලක් වන්නෝය යන්නෙන් අදහස් නොකරන අතර විවිධ කාලයන්හි ඔවුන් සතුටින් ද මෙලොව ජීවිතය භුක්ති විඳින්නෝය යන අදහස දෙයි.
168

وَقَطَّعْنَاهُمْ فِي الْأَرْضِ أُمَمًا ۖ مِّنْهُمُ الصَّالِحُونَ وَمِنْهُمْ دُونَ ذَٰلِكَ ۖ وَبَلَوْنَاهُم بِالْحَسَنَاتِ وَالسَّيِّئَاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ

මිහිතලයෙහි ඔවුන්ව අපි සමූහයන් වශයෙන් බෙදා වෙන් කළෙමු. ඔවුන් අතුරින් දැහැමියන් ද තවද ඔවුන් අතුරින් එසේ නොවන අය ද වූහ. (දැහැමි නොවන) ඔවුන් (එයින් මිදී) නැවත හැරී ඒම පිණිස යහ දැයින් හා අයහ දැයින් අපි ඔවුන්ව පිරික්සුවෙමු.
169

فَخَلَفَ مِن بَعْدِهِمْ خَلْفٌ وَرِثُوا الْكِتَابَ يَأْخُذُونَ عَرَضَ هَـٰذَا الْأَدْنَىٰ وَيَقُولُونَ سَيُغْفَرُ لَنَا وَإِن يَأْتِهِمْ عَرَضٌ مِّثْلُهُ يَأْخُذُوهُ ۚ أَلَمْ يُؤْخَذْ عَلَيْهِم مِّيثَاقُ الْكِتَابِ أَن لَّا يَقُولُوا عَلَى اللَّهِ إِلَّا الْحَقَّ وَدَرَسُوا مَا فِيهِ ۗ وَالدَّارُ الْآخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَ ۗ أَفَلَا تَعْقِلُونَ

ඔවුන්ගෙන් පසුව (තව්රාත්) ධර්ම පුස්තකයට උරුමකම් පෑ තවත් පරපුරක් (පරම්පරානුගතව) පැමිණියෝය. ඔවුහු මෙම (අධම) ලොවෙහි අවිනිශ්චිත දැය (තෝරා) ගනිමින් අපට ක්ෂමා කරනු ලැබේවි යැයි පවසන්නෝය. තවත් එවැනිම අවිනිශ්චිත දැයක් ඔවුනට පැමිණි විට එය ද ඔවුහු ලබා ගන්නෝය. 54 “අල්ලාහ් කෙරෙහි සත්යය හැර වෙනත් කිසිවක් ඔවුන් නොපැවසිය යුතු යැ”යි ධර්ම පුස්තකයෙහි ගිවිසුමක් ඔවුන්ගෙන් ගනු නොලැබුවේ ද? තවද ඔවුහු එහි ඇති දෑ හැදෑරුවෝය. බිය භක්තිකයින්ට (මතු ලොව) අවසන් නිවහන යහපත්ය. (ඒ බව) නුඹලා අවබෝධ කර නොගන්නෙහු ද?
54මෙයින් අදහස් කරනුයේ ඔවුහු ජනයින්ගෙන් අල්ලස් ගෙන ජනයින්ගේ මනෝ ඉච්ඡාවට අනුව තව්රාතයේ නීති රීතීන් මාරු කරන්නට වූහ. තවද ඔවුන් මෙයට අල්ලාහ් සමාව දෙනු ඇතැ’යි සිතූහ.
170

وَالَّذِينَ يُمَسِّكُونَ بِالْكِتَابِ وَأَقَامُوا الصَّلَاةَ إِنَّا لَا نُضِيعُ أَجْرَ الْمُصْلِحِينَ

කවරෙකු ධර්ම පුස්තකය තදින් ග්රහණය කරන්නේ ද තවද සලාතය ස්ථාපිත කරන්නේ ද සැබැවින්ම අපි (එවැනි) සැදැහැමියන්ගේ ප්රතිඵල නිෂ්ඵල නොකරන්නෙමු.
171

وَإِذْ نَتَقْنَا الْجَبَلَ فَوْقَهُمْ كَأَنَّهُ ظُلَّةٌ وَظَنُّوا أَنَّهُ وَاقِعٌ بِهِمْ خُذُوا مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ

(නබිවරය,) කන්ද ඔවුනට ඉහළින් සෙවණක් මෙන් අප ඔසවා එය තමන් මත පතිත වේවි යැයි ඔවුහු සිතූ අවස්ථාව (සිහිපත් කරවු. එවිට) “අපි නුඹලාට පිරිනැමූ (තව්රාතයෙහි අඩංගු) දෑ නුඹලා දැඩිව ග්රහණය කර ගනිවු. එහි ඇති දෑ මෙනෙහි කරවු. නුඹලා බිය භක්තිමත් විය හැක්කේය” 55 (යැයි අපි පැවසුවෙමු).
55අල් කුර්ආන් 2:63 හි පාද සටහන සමග බලන්න.
172

وَإِذْ أَخَذَ رَبُّكَ مِن بَنِي آدَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَىٰ أَنفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ ۖ قَالُوا بَلَىٰ ۛ شَهِدْنَا ۛ أَن تَقُولُوا يَوْمَ الْقِيَامَةِ إِنَّا كُنَّا عَنْ هَـٰذَا غَافِلِينَ

(නබිවරය,) ආදම්ගේ දරුවන්ගෙන් ඔවුන්ගේ කොඳුඇට පෙළෙන් ඔවුන්ගේ පරපුර නුඹගේ පරමාධිපති බිහි කොට ඔවුන්ව තමන්(අල්ලාහ්) කෙරෙහිම සාක්ෂි දැරීමට පත් කළේය. “මා නුඹලාගේ පරමාධිපති නොවේ ද?” (යැයි අල්ලාහ් විමසුවේය.) “එසේමය (ඔබමය අපගේ පරමාධිපති යැයි) අපි සාක්ෂි දැරුවෙමු” යැයි ඔවුහු පැවසුවෝය. 56 (මෙලෙස අපි ප්රතිඥා ගත්තේ) “සැබැවින්ම මේ පිළිබඳව අපි අනවධානීව සිටියෙමු” යැයි (මළවුන්) නැගිටුවනු ලබන දිනයේ නුඹලා නොපැවසීම පිණිසය.
56සියලු මනුෂ්ය වර්ගයාව මෙලොවට යැවීමට පෙර ඔවුන්ගේ ආත්මාවන් එක් රැස් කර අල්ලාහ් ඔවුන්ගෙන් ගත් ප්රතිඥාව මෙම ආයතය මගින් පෙන්නුම් කර ඇත. එවිට ඔවුනට අවබෝධය හා තීරණය යන හැකියාවන් පිරිනමා ඔවුන්ගෙන් මෙම ප්රතිඥාව ගත්තේය.
173

أَوْ تَقُولُوا إِنَّمَا أَشْرَكَ آبَاؤُنَا مِن قَبْلُ وَكُنَّا ذُرِّيَّةً مِّن بَعْدِهِمْ ۖ أَفَتُهْلِكُنَا بِمَا فَعَلَ الْمُبْطِلُونَ

එසේ නැතහොත් “(අපට) පෙර (අල්ලාහ්ට) ආදේශ කළේ අපගේ පියවරුන්මය. අපි ඔවුන්ගෙන් පසු වූ පරපුරක් වූයෙමු. එබැවින් එම වැරදි කළවුන් කළ දෑ හේතුවෙන් නුඹ අපව විනාශයට පත් කරන්නෙහි දැ?”යි නුඹලා නොපැවසීම පිණිසය.
174

وَكَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ وَلَعَلَّهُمْ يَرْجِعُونَ

මෙලෙසය වදන් අප පැහැදිලි කරනුයේ. තවද ඔවුන් (යහමගට) නැවත හැරෙනු පිණිසය.
175

وَاتْلُ عَلَيْهِمْ نَبَأَ الَّذِي آتَيْنَاهُ آيَاتِنَا فَانسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ الشَّيْطَانُ فَكَانَ مِنَ الْغَاوِينَ

(නබිවරය,) කවරෙකුට අපගේ වදන් අප පිරිනමා ඔහු එයින් මිදී ගියේ ද තවද ෂෙයිතාන් ඔහුව ලුහුබැඳ ඔහු නොමග ගිය අය අතුරින් කෙනෙකු වූයේ ද ඔහුගේ පුවත ඔවුනට පරායනය කර පෙන්වවු. 57
57බොහෝ විශාරදයින්ගේ මතයට අනුව මෙම ආයතයන් බල්ආම් ඉබ්නු බාඌරා නම් පුද්ගලයා පිළිබඳව සඳහන් වී ඇත. ඔහු ධාර්මික පුද්ගලයෙකි. තවද ඔහු දේව ග්රන්ථයන් පිළිබඳව මනා දැනුමක් ඇති කෙනෙකු වූ අතර ඔහු අල්ලාහ් වෙතින් ප්රාර්ථනා කළේ නම් එම ප්රාර්ථනාව පිළිගන්නා බවට ප්රචලිතව සිටියේය. එක් වාර්තාවකට අනුව නබි මූසා තුමාණන් ඔවුන්ගේ නගරයට පහර එල්ල කිරීමට සිතූ විට එම ජනයා නබි මූසා තුමාණන්ට එරෙහිව ප්රාර්ථනා කරන ලෙස ඉල්ලා සිටියෝය. පළමුව ඔහු ප්රතික්ෂේප කළ නමුත් පසුව එම පිරිසගෙන් අල්ලස් ගෙන ඔවුන්ගේ ඉල්ලීම පරිදි ප්රාර්ථනා කිරීමට උත්සහ කළේය. නමුත් එම අවස්ථාවේදී ඔහුගේ මුවින් පිටවූ වදන් එම ජනයින්ටම එරෙහි වූ ප්රාර්ථනාවක් විය. ඔහුගේ උත්සහය අසාර්ථක වූ හෙයින් දුරාචාරය සඳහා නබි මූසා තුමාණන්ගේ සේනාව වෙත කාන්තාවන් යවන ලෙස ඔහු එම පිරිසට උපදෙස් දුන්නේය. නබි මූසා තුමාගේ සේනාව මෙම කුමන්ත්රණයට හසු වී වසංගත රෝගයක් පැතිරී ඔවුන්ගෙන් බොහෝ දෙනා මරණයට පත් වුණෝය. ඕනෑම අයෙකු තමන්ට කෙතරම් විශාල ධර්මය පිළිබඳ දැනුමක් තිබියදීත් ලෞකික ආශාවන් මුල් කොට ගෙන ඉන් ඈත්ව ක්රියා කළේනම් මහා හානියකට පාත්රවනු ඇත යැයි මෙම ආයතයෙන් අවවාද කොට ඇත.
176

وَلَوْ شِئْنَا لَرَفَعْنَاهُ بِهَا وَلَـٰكِنَّهُ أَخْلَدَ إِلَى الْأَرْضِ وَاتَّبَعَ هَوَاهُ ۚ فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ إِن تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَتْرُكْهُ يَلْهَث ۚ ذَّٰلِكَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ فَاقْصُصِ الْقَصَصَ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

අපි අභිමත කළේ නම් එමගින් අප ඔහුව උසස් කරන්නට තිබුණි. එනමුත් ඔහු ලොව වෙත නැඹුරු වී තම ආශාවන් පිළිපැද්දේය. එබැවින් ඔහුගේ උපමාව සුනඛයාගේ උපමාව වැනිය. නුඹ ඌ පලවා හැරිය ද ඌ (දිව එළියට දමමින්) හතිලනු ඇත. නුඹ ඌ (නිකරුණේ) අත හැර දැමුව ද ඌ (දිව එළියට දමා) හතිලනු ඇත. 58 අපගේ සංඥාවන් බොරු කළ පිරිසගේ උපමාව මෙයයි. (නබිවරය,) ඔවුන් කල්පනා කරනු පිණිස නුඹ (අසත්යය කළවුන්ගේ) වෘත්තාන්තයන් පවසවු.
58ඇතැම් විශාරදයින්ගේ මතයට අනුව බල්ආම් ඉබ්නු බාඌරා නම් පුද්ගලයාගේ දිව ළය ප්රදේශය දක්වා දික් වී ඔහු සුනඛයෙකු මෙන් විය යැයි සඳහන් වී ඇත.
177

سَاءَ مَثَلًا الْقَوْمُ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَأَنفُسَهُمْ كَانُوا يَظْلِمُونَ

අපගේ වදන් අසත්යය කර තවද තමන්ටම අපරාධ කර ගනිමින් වුන් ජනයින්ගේ උපමාව නපුරු විය.
178

مَن يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِي ۖ وَمَن يُضْلِلْ فَأُولَـٰئِكَ هُمُ الْخَاسِرُونَ

කවරෙකුව අල්ලාහ් යහමගට යොමු කළේ ද ඔහුමය යහමග ලද්දා වනුයේ. තවද කවුරුන්ව අල්ලාහ් (ඔවුන්ගේ ප්රතික්ෂේපය හා නපුරුකම් හේතුවෙන්) නොමග යාමට ඉඩ හැරියේ ද ඔවුහුමය අලාභවන්තයෝ වනුයේ.
179

وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِّنَ الْجِنِّ وَالْإِنسِ ۖ لَهُمْ قُلُوبٌ لَّا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَّا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَّا يَسْمَعُونَ بِهَا ۚ أُولَـٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ ۚ أُولَـٰئِكَ هُمُ الْغَافِلُونَ

සැබැවින්ම ජින්නුන්ගෙන් හා මිනිසුන්ගෙන් බොහෝ දෙනා නිරය වෙනුවෙන් අපි මවා ඇත්තෙමු. ඔවුනට හදවත් ඇත. ඒවායින් ඔවුහු (සත්යය) වටහා නොගනිති. තවද ඔවුනට දෑස් ඇත. ඒවායින් ඔවුහු (සත්යය දෙස) නොබලති. තවද ඔවුනට කන් ඇත. ඒවායින් ඔවුහු (සත්යයට) සවන් නොදෙති. ඔවුහු පශු කුලයට අයත් සතුන් මෙන්ය. නැත. ඔවුහු (ඊට) වඩා මුළා වූවන්ය. ඔවුහුමය අනවධානීන් වන්නෝ.
180

وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَىٰ فَادْعُوهُ بِهَا ۖ وَذَرُوا الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَائِهِ ۚ سَيُجْزَوْنَ مَا كَانُوا يَعْمَلُونَ

අල්ලාහ්ට ඉතා අලංකාර නාමයන් ඇත්තේය. ඒවා මගින් නුඹලා ඔහුව (පමණක්) ඇයැදිවු. ඔහුගේ නාමයන් විෂයෙහි විකෘති කරන්නන්ව අතහැර දමවු. 59 ඔවුන් කරමින් සිටි දෑ ඔවුනට ඵලවිපාක දෙනු ලබන්නෝය.
59දේව ආදේශකයින් ඔවුන් නමදිමින් සිටි මිථ්යා දේව පිළිරූ වලට අල්ලාහ්ගේ නාමයන් විකෘති කොට භාවිත කරමින් සිටියෝය. මෙම ආයතයෙන් මෙම ක්රියාව වළක්වා ඇති අතර මුස්ලිම්වරුන් වශයෙන් අපට අල් කුර්ආනයේ හා හදීසයන්හි අන්තර්ගත අල්ලාහ්ගේ නාමයන් හැර වෙන කිසිවක් අල්ලාහ්ව ආමන්ත්රණය සඳහා භාවිත නොකළ යුතු යැයි ද අවවාද කොට ඇත.
181

وَمِمَّنْ خَلَقْنَا أُمَّةٌ يَهْدُونَ بِالْحَقِّ وَبِهِ يَعْدِلُونَ

අප මැවූ අය අතුරින් සත්යය තුළින් මග පෙන්වන හා එමගින් යුක්තිය ඉටු කරන සමූහයක් ඇත. 60
60මොවුන් නබි මුහම්මද් තුමාණන්ගේ සමූහය යැයි බොහෝ අල් කුර්ආන් විද්වතුන්ගේ මතයයි.
182

وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ

(ඔවුනතුරින්) කවරෙකු අපගේ සංඥාවන් බොරු කරන්නේ ද ඔවුහු නොදන්නා අයුරින් අපි අනුක්රමයෙන් ඔවුන්ව ග්රහණය කරගන්නෙමු.
183

وَأُمْلِي لَهُمْ ۚ إِنَّ كَيْدِي مَتِينٌ

“ඔවුනට මම අවකාශය ලබා දෙන්නෙමි. සැබැවින්ම මාගේ සැලසුම දැඩිය.”
184

أَوَلَمْ يَتَفَكَّرُوا ۗ مَا بِصَاحِبِهِم مِّن جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ مُّبِينٌ

“ඔවුන්ගේ සගයා( වන මුහම්මද්)ට කිසිදු උන්මත්තක බවක් නැත.” යැයි ඔවුන් සිතා නොබැලුවේ ද? ඔහු පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැත.
185

أَوَلَمْ يَنظُرُوا فِي مَلَكُوتِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا خَلَقَ اللَّهُ مِن شَيْءٍ وَأَنْ عَسَىٰ أَن يَكُونَ قَدِ اقْتَرَبَ أَجَلُهُمْ ۖ فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ

අහස්හි හා මිහිතලයෙහි ආධිපත්යයන් පිළිබඳවත් අල්ලාහ් නිර්මාණය කළ කිසිදු දැයක් පිළිබඳවත් ඔවුන්ගේ නියම වූ කාලය(මරණය) සමීප විය හැකි බවත් සිතා නොබැලුවේ ද? එබැවින් එ(ම අල් කුර්ආන)යට පසුව කවර වදනක් පිළිබඳව ද ඔවුන් විශ්වාස කරනුයේ?
186

مَن يُضْلِلِ اللَّهُ فَلَا هَادِيَ لَهُ ۚ وَيَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ

කවරෙකුව (තම ප්රතික්ෂේපය හේතුවෙන්) අල්ලාහ් නොමග යාමට ඉඩ හැරියේ ද ඔහුට යහමග පෙන්වන්නෙකු නැත. තවද ඔවුන්ගේ සීමාව ඉක්ම වීමෙහි ව්යාකූල වූ තත්ත්වයෙන් ඔහු ඔවුන්ව අතහැර දමන්නේය.
187

يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ رَبِّي ۖ لَا يُجَلِّيهَا لِوَقْتِهَا إِلَّا هُوَ ۚ ثَقُلَتْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ لَا تَأْتِيكُمْ إِلَّا بَغْتَةً ۗ يَسْأَلُونَكَ كَأَنَّكَ حَفِيٌّ عَنْهَا ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ اللَّهِ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

(නබිවරය, “ලොව අවසන්) හෝරාව පිළිබඳව එය පැමිණෙනුයේ කවදා දැ?”යි ඔවුහු නුඹගෙන් විමසති. “ඒ පිළිබඳව දැනුම ඇත්තේ මාගේ පරමාධිපති අබියසමය. එහි නියමිත වේලාවට ඔහු හැර අන් කිසිවෙකුට එය හෙළි කළ නොහැක. එ(ම ඥන)ය අහස්හි හා මිහිතලයෙහි (වෙසෙන්නන්ට ඉතා) බැරෑරුම්ය. එය අනපේක්ෂිතව මිස නුඹලා වෙත පැමිණෙන්නේ නැතැ”යි පවසවු. මේ පිළිබඳව නුඹ හොදින් දන්නෙකු මෙන් නුඹගෙන් ඔවුහු විමසති. “ඒ පිළිබඳව දැනුම ඇත්තේ අල්ලාහ් අබියසමය. එනමුත් මිනිසුන් අතුරින් බොහෝ දෙනා (ඒ පිළිබඳව) නොදනිති”යි පවසවු.
188

قُل لَّا أَمْلِكُ لِنَفْسِي نَفْعًا وَلَا ضَرًّا إِلَّا مَا شَاءَ اللَّهُ ۚ وَلَوْ كُنتُ أَعْلَمُ الْغَيْبَ لَاسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ ۚ إِنْ أَنَا إِلَّا نَذِيرٌ وَبَشِيرٌ لِّقَوْمٍ يُؤْمِنُونَ

(නබිවරය,) “අල්ලාහ් අභිමත කළ දෑ මිස මා හටම යම් හානියක් (වළකා ගැනීමට) හෝ ප්රයෝජනයක් කිරීමට මා හැකියාව නොලබමි. මා ගුප්ත දෑ දැන සිටින්නේ නම් යහපත අධික ලෙස රැස්කර ගන්නට තිබුණි. තවද කිසිදු නපුරක් මා ස්පර්ශ නොකරන්නට තිබුණි. (නමුත්) විශ්වාස කරන පිරිසට මා අවවාද කරන්නෙකු හා ශූභාරංචි පවසන්නෙකු මිස නැත.”යැයි පවසවු.
189

هُوَ الَّذِي خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَجَعَلَ مِنْهَا زَوْجَهَا لِيَسْكُنَ إِلَيْهَا ۖ فَلَمَّا تَغَشَّاهَا حَمَلَتْ حَمْلًا خَفِيفًا فَمَرَّتْ بِهِ ۖ فَلَمَّا أَثْقَلَت دَّعَوَا اللَّهَ رَبَّهُمَا لَئِنْ آتَيْتَنَا صَالِحًا لَّنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ

එකම ආත්මයකින්(ආදම්ගෙන්) නුඹලාව මවා එයින් එහි කලත්රයා(සහකාරිය වන හව්වා), ඇය සමග ඔහු වාසය කිරීම පිණිස නිර්මාණය කළේ (අල්ලාහ් වන) ඔහුමය. ඔහු(ආදම්) ඇයව වෙළා ගත් විට ඇය සුළු ගැබක් උසුලා එසමග ඇය සැරිසැරුවාය. (එය) ඇයට බරක් වූ විට 61 “යහපත් කෙනෙකු නුඹ අපට පිරිනමන්නේ නම් අපි කෘතවේදීන් අතුරින් වන්නෙමු” යැයි ඔවුන් දෙදෙනා තම පරමාධිපති වන අල්ලාහ්ගෙන් අයැද සිටියෝය.
61මෙහි අදහස් කරන්නේ ‘ආදම්’ හා ‘හව්වා’ අතුරින් ඇති වූ ලොව පළමු ප්රසූතය සම්බන්ධ සිදුවීම පිළිබඳවය. ඔවුන් දෙදෙනාට මෙම ගැබ් ගැනීම පිළිබඳව පෙර නිදසුනක් නොමැති හෙයින් තම ගැබ බර වූ විට එහි යම් සතෙකු යැයි බියට පත් වී ‘සතෙකු නොඉපදී පිරිපුන් දරුවෙකු බිහි විය යුතු’ යැයි ආයතයෙහි සඳහන් පරිදි අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කළෝය.
190

فَلَمَّا آتَاهُمَا صَالِحًا جَعَلَا لَهُ شُرَكَاءَ فِيمَا آتَاهُمَا ۚ فَتَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ

ඔවුන් දෙදෙනාට යහපත් කෙනෙකු(දරුවෙකු) ඔහු පිරි නැමූ කල්හි ඔවුන් දෙදෙනාට ඔහු පිරිනැමූ දෑහි 62 ඔවුන් දෙදෙනා ඔහුට(අල්ලාහ්ට) හවුල්කරුවන් ඇති කළෝය. ඔවුන්(ආදේශකයින්) ආදේශ තබන දැයින් අල්ලාහ් උත්තරීතරය.
62මෙම ආයතයෙහි ‘ඔවුන් දෙදෙනා ඔහුට(අල්ලාහ්ට) හවුල්කරුවන් ඇති කළෝය’ යනු අල්ලාහ් හැර වෙනත් දෙව්වරුන් නැමදීම නොව. නබි ආදම් හා හව්වා යන දෙදෙනා ෂෙයිතාන්ගේ පෙලඹවීමෙන් එම දරුවාට අබ්දුල්ලාහ් එනම් අල්ලාහ්ගේ ගැත්තා යන නාමය වෙනුවට අල්ලාහ්ට අයත් නොවන හාරිස් යන නාමය යොදමින් අබ්දුල් හාරිස් එනම් ආරක්ෂකයාගේ ගැත්තා යන නාමය යෙදූහ යන්න අල් කුර්ආන් විවරණ විද්වතුන්ගේ අදහසයි. තවද මෙම ආයතයෙන් අදහස් වන්නේ යමෙකුට දරුවෙකු උපත ලැබීමට පෙර “දෙවියනේ, උපත ලබන දරුවා දැහැමියෙකු කරනු මැනව” යි අයැදිනු ඇත. නමුත් දරුවා උපත ලැබීමෙන් අනතුරුව දරුවාගේ ධාර්මික තත්ත්වය වෙනතකලා වෙනත් දෙයකට යොමු කරනු ඇත යන්නයි.
191

أَيُشْرِكُونَ مَا لَا يَخْلُقُ شَيْئًا وَهُمْ يُخْلَقُونَ

කිසිවක් නිර්මාණය කළ නොහැකි දැය, ඒවාම (අල්ලාහ් විසින්) නිර්මාණය කරනු ලැබ සිටිය දී ඔවුන් (ඒවා අල්ලාහ්ට) ආදේශ තබනුයේ ද?
192

وَلَا يَسْتَطِيعُونَ لَهُمْ نَصْرًا وَلَا أَنفُسَهُمْ يَنصُرُونَ

තවද (ආදේශ තබනු ලැබූවන් වන) මොවුන්, ඔවුනට උදව් කිරීමට (කිසිදු) හැකියාවක් නොලබති. මොවුහු තමන්ටම පවා උදව් කර නොගනිති.-
193

وَإِن تَدْعُوهُمْ إِلَى الْهُدَىٰ لَا يَتَّبِعُوكُمْ ۚ سَوَاءٌ عَلَيْكُمْ أَدَعَوْتُمُوهُمْ أَمْ أَنتُمْ صَامِتُونَ

යහමග වෙත (පතමින්) නුඹලා (මිථ්යා දෘෂ්ටික) ඔවුන්ව ඇරයුම් කළ ද නුඹලාව ඔවුහු අනුගමනය නොකරති. නුඹලා ඔවුන්ව ඇරයුම් කළ ද නුඹලා නිහැඬියාවෙන් සිටිය ද නුඹලාට එක හා සමානය.
194

إِنَّ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللَّهِ عِبَادٌ أَمْثَالُكُمْ ۖ فَادْعُوهُمْ فَلْيَسْتَجِيبُوا لَكُمْ إِن كُنتُمْ صَادِقِينَ

(ආදේශ තබන්නෙනි!) සැබැවින්ම අල්ලාහ් හැර නුඹලා (දෙවිවරුන් යැයි) ඇයැදින අය නුඹලා මෙන් (අල්ලාහ්ගේ) ගැත්තන්ය. එබැවින් නුඹලා සත්යවාදීන්ව සිටින්නේ නම් නුඹලා ඔවුන්ව ඇයැදිවු. නුඹලාට ඔවුන් ප්රතිචාර දක්වත්වා.
195

أَلَهُمْ أَرْجُلٌ يَمْشُونَ بِهَا ۖ أَمْ لَهُمْ أَيْدٍ يَبْطِشُونَ بِهَا ۖ أَمْ لَهُمْ أَعْيُنٌ يُبْصِرُونَ بِهَا ۖ أَمْ لَهُمْ آذَانٌ يَسْمَعُونَ بِهَا ۗ قُلِ ادْعُوا شُرَكَاءَكُمْ ثُمَّ كِيدُونِ فَلَا تُنظِرُونِ

ඔවුන් ඇවිදිය හැකි පාද ඔවුනට තිබේ ද? නැතහොත් ඔවුන් ඇල්ලිය හැකි දෑත් ඔවුනට තිබේ ද? නැතහොත් ඔවුන් බැලිය හැකි දෑස් ඔවුනට තිබේ ද? නැතහොත් ඔවුන් ශ්රවණය කළ හැකි කන් ඔවුනට තිබේ ද? (නබිවරය,) “නුඹලා( ආදේශ කළ අල්ලාහ්)ගේ හවුල්කරුවන්ව ඇයැදිවු. පසුව මා හට (එරෙහිව) කුමන්ත්රණය කරවු. නුඹලා මා හට කිසිදු අවකාශයක් ලබා නොදෙවු” යැයි (ඔවුනට) පවසවු.
196

إِنَّ وَلِيِّيَ اللَّهُ الَّذِي نَزَّلَ الْكِتَابَ ۖ وَهُوَ يَتَوَلَّى الصَّالِحِينَ

සැබැවින්ම මාගේ භාරකරු වන්නේ ධර්ම පුස්තකය(අල් කුර්ආනය) පහළ කළා වූ අල්ලාහ්මය. තවද ඔහු දැහැමියන්ට ද භාරුකරු වන්නේය.
197

وَالَّذِينَ تَدْعُونَ مِن دُونِهِ لَا يَسْتَطِيعُونَ نَصْرَكُمْ وَلَا أَنفُسَهُمْ يَنصُرُونَ

තවද ඔහු හැර නුඹලා ඇයැදින දෑ නුඹලාට උදව් කිරීමට හැකියාව නොලබති. ඔවුහු තමන්ටම පවා උදව් කර නොගනිති.
198

وَإِن تَدْعُوهُمْ إِلَى الْهُدَىٰ لَا يَسْمَعُوا ۖ وَتَرَاهُمْ يَنظُرُونَ إِلَيْكَ وَهُمْ لَا يُبْصِرُونَ

යහමග වෙත (පතමින්) නුඹලා ඔවුන්ව(පිළිරූ) ඇයැදිය ද (නුඹලාට) ඔවුහු සවන් නොදෙති. ඔවුහු නුඹ දෙස බලන බවට නුඹ ඔවුන්ව දකින්නෙහිය. (නමුත්) ඔවුහු නුඹ දෙස නොබලති.
199

خُذِ الْعَفْوَ وَأْمُرْ بِالْعُرْفِ وَأَعْرِضْ عَنِ الْجَاهِلِينَ

සමාවදීම නුඹ(ගේ ගුණාංගයක් ලෙස) ගනිවු. යහපත විධානය කරවු. තවද අඥානයින්ව නොසලකා හරිවු.
200

وَإِمَّا يَنزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ ۚ إِنَّهُ سَمِيعٌ عَلِيمٌ

ෂෙයිතාන්ගෙන් වූ පෙලඹීමක් නුඹට ඇති වන්නේ නම් එවිට අල්ලාහ්ගෙන් නුඹ ආරක්ෂාව පතවු. සැබැවින්ම ඔහු සර්ව ශ්රාවකය සර්වඥය.
201

إِنَّ الَّذِينَ اتَّقَوْا إِذَا مَسَّهُمْ طَائِفٌ مِّنَ الشَّيْطَانِ تَذَكَّرُوا فَإِذَا هُم مُّبْصِرُونَ

සැබැවින්ම බිය භක්තිමත් වන්නන් ෂෙයිතාන්ගෙන් පෙලඹවීමක් ඔවුන්ව ස්පර්ශ කළ විට ඔවුහු (අල්ලාහ්ව) මෙනෙහි කර එසැණින් ඔවුහු (සත්යය) පැහැදිලිව දකින්නන් වෙති.
202

وَإِخْوَانُهُمْ يَمُدُّونَهُمْ فِي الْغَيِّ ثُمَّ لَا يُقْصِرُونَ

තවද ඔවුන්ගේ සහෝදරයින් (වන ෂෙයිතාන්වරුන්) ඔවුන්ව මුළාවෙහි ඇදගෙන යන්නේය. පසුව ඔවුන් (එයින්) නොනවති. 63
63පොදුවේ ෂෙයිතාන් නිතරම මිනිසුන්ව පාප කි්රයා කිරීමට ලුහුබඳිමින් සිටියි. මෙම ආයතය මෙවැනි පෙලඹවීම් වලින් පරිස්සම් වී ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ යනුවෙන් පවසා අල්ලාහ්ගෙන් රැකවරණය පැතිය යුතු යැයි ද අල්ලාහ් නිතරම අපව නිරීක්ෂණය කරන්නේ යැයි හැඟීමකින් අපි සිටිය යුතු යැයි ද මග පෙන්වා ඇත. මෙසේ කෙනෙකු කළේ නම් ෂෙයිතාන්ගේ පෙලඹවීමෙන් ඔහු පිවිතුරු වී එම පාපයෙන් ඈත් වීමට එය උපකාරී වේ යැයි අදහස් කෙරේ.
203

وَإِذَا لَمْ تَأْتِهِم بِآيَةٍ قَالُوا لَوْلَا اجْتَبَيْتَهَا ۚ قُلْ إِنَّمَا أَتَّبِعُ مَا يُوحَىٰ إِلَيَّ مِن رَّبِّي ۚ هَـٰذَا بَصَائِرُ مِن رَّبِّكُمْ وَهُدًى وَرَحْمَةٌ لِّقَوْمٍ يُؤْمِنُونَ

(නබිවරය,) ඔවුන් වෙත නුඹ සාධකයක් නොගෙනා විට “එය නුඹ ගොතා ගෙනෙන්නට තිබුණා නොවේ දැ?”යි ඔවුහු විමසති. 64 “සැබැවින්ම මාගේ පරමාධිපතිගෙන් මා වෙත වහී (දේව පණිවිඩය) පහළ කළ දෑ පමණක් මම අනුගමනය කරමි. මෙ(ම අල් කුර්ආන)ය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සාධකයන්ය. තවද විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයකි.” යැයි නුඹ පවසවු.
64නබි මුහම්මද් තුමාණන් කෙතරම් ප්රාතිහාර්යයන් ගෙන හැර පෑව ද තවත් ‘නුඹ අප පවසන ප්රාතිහාර්යයන් ගෙන හැර පෙන් විය යුතුය’ යැයි මිථ්යා දෘෂ්ටික ප්රතික්ෂේපකයින් ඔහුට අභියෝග කරන්නට වූහ. එසේ ඔවුනට පෙන්වනු නොලැබූ කල්හි ‘මොහු සත්යය රසූල්වරයෙකු නම් මොහු කැමති ප්රාතිහාර්යයන් ගෙන හැර පෙන් විය යුතුය’ යැයි විවේචනය කළෝය. නව ප්රාතිහාර්යයන් ගෙන හැර පෑමට වඩා අල් කුර්ආනය හොඳින් අවබෝධ කර පරිශීලනය කිරීම තුළ බොහෝ ප්රාතිහාර්යයන් ඇත යන්න මෙම ආයතයෙන් පිළිතුරු දී ඇත.
204

وَإِذَا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَأَنصِتُوا لَعَلَّكُمْ تُرْحَمُونَ

අල් කුර්ආනය පාරායනය කරනු ලැබූ විට නුඹලා නිහඬ වී එයට සවන් දී සිටිවු. (එමගින්) නුඹලා ආශිර්වාද කරනු ලැබිය හැක.
205

وَاذْكُر رَّبَّكَ فِي نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً وَدُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالْآصَالِ وَلَا تَكُن مِّنَ الْغَافِلِينَ

නුඹ බැගෑපත්ව හා බියෙන් යුතුව නුඹගේ සිත්හි (රහසින්) ද ශබ්දයකින් තොර වචනයෙන් ද උදෑසනයන්හි හා සවස්හි නුඹගේ පරමාධිපතිව මෙනෙහි කරවු. තවද නුඹ අනවධානීන් අතුරින් නොවවු.
206

إِنَّ الَّذِينَ عِندَ رَبِّكَ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَيُسَبِّحُونَهُ وَلَهُ يَسْجُدُونَ ۩

සැබැවින්ම අල්ලාහ් අබියස සිටින්නන් 65 , ඔවුහු ඔහුට නැමදුම් කිරීමෙන් අහංකාර නොවෙති. ඔහුව පිවිතුරු කරති. තවද ඔහුටම සූජූද් කරති. 66
65මින් අදහස් කරන්නේ අල්ලාහ් අබියස නැමදුම් කරමින් සිටින මලක්වරුන් පිළිබඳවයි.
66මෙය සුජූදයේ ආයතයකි. ශුද්ධ වූ අල් කුර්ආනයේ මෙවැනි ආයතයන් 14 ක් ඇති බවට බහුතර අල් කුර්ආන් විශාරදයින් අවධාරණය කොට ඇත. මෙය ඉන් පළමුවැන්නයි. මෙවැනි ආයතයක් අරාබි බසින් කියැවූ විට හෝ සවන් දුන් විට සුජූද් කිරීම සුන්නත් වේ. මෙම සුජූදය ඉටු කිරීමේ පිළිවෙත පිළිබඳව ඉස්ලාමීය නීති ග්රන්ථ වල සඳහන් වී ඇත.
الأنفالමදීනී
1

يَسْأَلُونَكَ عَنِ الْأَنفَالِ ۖ قُلِ الْأَنفَالُ لِلَّهِ وَالرَّسُولِ ۖ فَاتَّقُوا اللَّهَ وَأَصْلِحُوا ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ إِن كُنتُم مُّؤْمِنِينَ

(නබිවරය, යුද බිමේ දී සතුරන්ගෙන්) අත්පත් වූ වස්තූන් පිළිබඳව නුඹගෙන් ඔවුහු විමසති. “(යුද බිමේ දී සතුරන්ගෙන්) අත්පත් වූ වස්තූන් අල්ලාහ්ට හා රසූල්වරයාට සතු යැ”යි නුඹ පවසවු. නුඹලා විශ්වාසිකයින්ව සිටින්නේ නම් නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද නුඹලා අතර වූ බැඳියාවන් නිවැරදි කර ගනිවු. අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද අවනත වවු. 1
1බද්ර් යුද පිටියෙන් මක්කාවාසී ප්රතික්ෂේපකයින් පලා ගිය කල්හි සහාබිවරුන්ගෙන් එක් කණ්ඩායමක් සතුරන් පසුපසින් ඔවුන්ව එළවාගෙන ගියෝය. තවත් කණ්ඩායමක් නබි මුහම්මද් තුමාගේ ආරක්ෂාව පිණිස එතුමා සමග සිටියෝය. තවත් කණ්ඩායමක් යුද බිමේ සතුරන් අත් හැර ගිය වස්තූන් එක්රැස් කළෝය. පළමු කණ්ඩායම් දෙක තමන් නබි මුහම්මද් තුමාණන්ගේ ආරක්ෂා කිරීම පිණිස එතුමා සමග සිටි හෙයින් ද සතුරන්ව එළවාගෙන ගිය හෙයින් ද ඔවුන්ට යුද බිමේ සතුරන් අත් හැර ගිය වස්තූන් එක්රැස් කිරීමට අවස්ථාවක් නොවූ බව ද ඔවුන් ද යුද්ධයට සමාන දායකත්වයක් දුන් හෙයින් ඔවුන් ද එම වස්තූන් ලැබීමට සුදුස්සන් යැයි ද අයිතිය කියා පෑවෝය. මෙම ගැටලුව නබි මුහම්මද් තුමා වෙත ඉදිරිපත් කරන ලදි. එයට පැහැදිලි කිරීමක් ලෙස අල්ලාහ් මෙම ආයතය පහළ කළේය. එනම් යුද බිමේ සතුරන් අත් හැර ගිය වස්තූන් සියල්ල අල්ලාහ්ට පමණක් සතු වන අතර නබි මුහම්මද් තුමාට අල්ලාහ්ගේ විධානයට අනුව ඒවා බෙදා දෙන ලෙස බලයක් පවරා ඇත යන්නයි. එබැවින් එතුමා සියල්ලන්ටම සමානව ඒවා බෙදා දුන්නේය. මෙයින් සියල්ලෝම සතුටට පත් වූහ.
2

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ

සැබැවින්ම විශ්වාසිකයින් වනුයේ අල්ලාහ්( පිළිබඳ)ව සිහිපත් කරනු ලැබූ කල්හි ඔවුන්ගේ හදවත් තැති ගන්නා වූ ද ඔහුගේ වදන් ඔවුන් හට පාරායනය කරනු ලැබූ කල්හි ඒවා ඔවුන්ව විශ්වාසයෙන් වර්ධනය කරන්නා වූ ද තවද තම පරමාධිපතියාණන් කෙරෙහිම සියල්ල භාර කරන්නා වූ ද අය වෙති.
3

الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ

(ඔවුහු) සලාතය ස්ථාපිත කරති. තවද අපි ඔවුනට ලබා දුන් දැයින් (අනුමත දැයට) වියදම් කරති.
4

أُولَـٰئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا ۚ لَّهُمْ دَرَجَاتٌ عِندَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

සැබෑ ලෙස විශ්වාස කරන්නෝ ඔවුහුමය. ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස (ස්වර්ගයෙහි උසස්) තරාතිරම් ද පාප ක්ෂමාව ද ගෞරවනීය බොජුන් ද ඇත.
5

كَمَا أَخْرَجَكَ رَبُّكَ مِن بَيْتِكَ بِالْحَقِّ وَإِنَّ فَرِيقًا مِّنَ الْمُؤْمِنِينَ لَكَارِهُونَ

(නබිවරය, යුද පිටියේ දී අත්පත් වූ වස්තූන් සම්බන්ධව පැන නැගී ඇති තත්ත්වය) විශ්වාසිකයින්ගෙන් පිරිසක් පිළිකුල් කළ මොහොතෙහි 2 නුඹව නුඹගේ පරමාධිපති නුඹගේ නිවසින් සත්යය 3 වෙනුවෙන් පිට කළ (විට පැන නැගුණු තත්ත්වය) මෙන්ය.
2විශ්වාසිකයින්ගෙන් පිරිසක් මක්කා ප්රතික්ෂේපකයින් සමග යුද කිරීමට පිළිකුල් කළෝය. මන්දයත් ආරම්භයේදී ඔවුන් අබූ සුෆ්යාන් නැමැත්තාගේ තවලම ආක්රමණය කිරීමට පිට වූ හෙයින් මෙය පහසු මෙහෙයවීමක් යැයි සිතුවෝය. පසුව ප්රතික්ෂේපකයින්ගේ විශාල යුද සේනාව හා ඔවුන්ගේ ආයුධ බලය දැක ඒ මොහොතේ ඔවුන් යුද කිරීමට අකමැත්තක් දැක්වූහ. නමුත් ඔවුන් අල්ලාහ්ගේ හා ඔහුගේ රසූල්වරයාගේ විධානයට අවනත වී යුද්ධ කළ හේතුවෙන් ඔවුන්ට අත් වූ ජයග්රහණය ඔවුන්ගේ දෑස් වලින්ම දුටුවෝය. මේ අයුරින්ම නබි මුහම්මද් තුමාණන් යුද්ධයෙන් සතුරන් දමා ගොස් තිබූ වස්තූන් යුද්ධයට සහභාගී වූ සහාබිවරුන් අතර බෙදා දෙන මොහොතෙහි ඇතැම් පිරිසක් මෙම බෙදා දෙන පිළිවෙත අප්රිය කළෝය. නමුත් ඔවුන් අල්ලාහ්ගේ විධානයට හා නබි මුහම්මද් තුමාණන්ට අවනත වූ හෙයින් පෙර මෙන් සතුටුදායී තත්වයක් ඇතිව සහාබිවරුන් අතරේ එම වස්තූන් සමාන අයුරින් බෙදී ගියහ.
3මෙහි ‘සත්යය’ යනු මුස්ලිම්වරුන්ට අත්වූ මහත් වූ ජයග්රහණයයි. ආයතයේ සඳහන් පරිදි ආරම්භයේ දී නබි මුහම්මද් තුමාණන් අබූ සුෆ්යාන් නැමැත්තාගේ තවලම ආක්රමණය කිරීමට නිවසින් පිට වුවද අවසානයේ යුද්ධයක් ඇති වී එම යුද්ධයෙන් මුස්ලිම්වරුන් මහත් ජයග්රහණයක් අත් කර ගනු ඇතැයි අල්ලාහ් මැනවින් දනියි. එබැවින් අල්ලාහ් මෙම ආයතයේ “නුඹගේ නිවසින් තවලම වෙනුවෙන් පිට කළ මෙන්” යැයි නොපවසා “නුඹගේ නිවසින් සත්යය වෙනුවෙන් පිට කළ මෙන්” යැයි සඳහන් කර ඇත.
6

يُجَادِلُونَكَ فِي الْحَقِّ بَعْدَ مَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى الْمَوْتِ وَهُمْ يَنظُرُونَ

ඔවුන් (මරණය) බලමින් සිටිය දීම (අප්රියෙන්) මරණය වෙත ඇද ගෙන යනු ලබන්නාක් මෙන් ඔවුහු සත්යය විෂයෙහි එය පැහැදිලි වූ පසුව ද (එය අප්රිය කරමින්) නුඹ සමග තර්ක කරති.
7

وَإِذْ يَعِدُكُمُ اللَّهُ إِحْدَى الطَّائِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ الشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ اللَّهُ أَن يُحِقَّ الْحَقَّ بِكَلِمَاتِهِ وَيَقْطَعَ دَابِرَ الْكَافِرِينَ

‘(සතුරු) කණ්ඩායම් දෙකින් එකක් නුඹලාට සතු වනු ඇත’ යැයි අල්ලාහ් නුඹලාට ප්රතිඥා දුන් අවස්ථාව (සිහිපත් කරවු.) තවද නිරායුද (ව්යාපාරික) පිරිස නුඹලාට සතු විය යුතු යැයි නුඹලා ප්රිය කරන්නෙහුය. අල්ලාහ් තම වදන් තුළින් සත්යය තහවුරු කිරීමට ද (හර්බී දේව) ප්රතික්ෂේපකයින්ගේ අවසානයා තෙක් මුලිනුපුටා දැමීමට ද අපේක්ෂා කරන්නේය. 4
4මෙහි ‘කණ්ඩායම් දෙක’ යනු අබූ සුෆ්යාන්ගේ තවලමේ පැමිණි කණ්ඩායම හා අබූ ජහ්ල්ගේ යුද සේනාවේ කණ්ඩායමයි. මෙම කණ්ඩායම් දෙකෙන් දුර්වල කණ්ඩායම වූයේ අබූ සුෆ්යාන්ගේ තවලමේ පැමිණි කණ්ඩායමයි. එබැවින් මුස්ලිම්වරුන්ගෙන් පිරිසක් මෙම කණ්ඩායම තම අක්රමණයට නතු විය යුතු යැයි පැතූහ. නමුත් අල්ලාහ්, අනෙක් කණ්ඩායම වන අබූ ජහ්ල්ගේ යුද සේනාව සමග මුස්ලිම්වරුන්ව යුද වැදීමට සලස්වා මුස්ලිම්වරුන්ට මහත් ජයග්රහණයක් අත් කර දුන්නේය. තවද ප්රතික්ෂේපිත කණ්ඩායම සහමුලින්ම පරාජයට පත් විය. මොවුන් අරාබිවරුන්ට ඉස්ලාම් දහම වැලඳ ගැනීමට බාධාවක්ව සිටි ප්රධාන පෙළේ ප්රතික්ෂේපකයින්ය.
8

لِيُحِقَّ الْحَقَّ وَيُبْطِلَ الْبَاطِلَ وَلَوْ كَرِهَ الْمُجْرِمُونَ

(අල්ලාහ් එලෙස කරනුයේ) වැරදිකරුවන් පිළිකුල් කළ ද අසත්යය නිෂ්ඵල කර සත්යය ස්ථාපිත කිරීම පිණිසය.
9

إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ فَاسْتَجَابَ لَكُمْ أَنِّي مُمِدُّكُم بِأَلْفٍ مِّنَ الْمَلَائِكَةِ مُرْدِفِينَ

(යුද පිටියේ දී සතුරන්ට එරෙහිව) නුඹලා තම පරමාධිපතිගෙන් උදව් පැතූ විට “එකිනෙකා පෙළ ගැසී එන මලක්වරුන්ගෙන් දහසක් දෙනා මගින් මා නුඹලාට උදව් කරන්නෙකු වෙමි” යැයි ඔහු නුඹලාට පිළිතුරු දුන් අවස්ථාව (සිහිපත් කරවු).
10

وَمَا جَعَلَهُ اللَّهُ إِلَّا بُشْرَىٰ وَلِتَطْمَئِنَّ بِهِ قُلُوبُكُمْ ۚ وَمَا النَّصْرُ إِلَّا مِنْ عِندِ اللَّهِ ۚ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ

අල්ලාහ් (නුඹලාට) ශුභාරංචියක් වශයෙන් හා නුඹලාගේ හදවත් එමගින් නිසල වීම පිණිස මිස මෙය සිදු නොකළේය. තවද උපකාරය අල්ලාහ් වෙතින් මිස නොමැත. සැබැවින්ම අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
11

إِذْ يُغَشِّيكُمُ النُّعَاسَ أَمَنَةً مِّنْهُ وَيُنَزِّلُ عَلَيْكُم مِّنَ السَّمَاءِ مَاءً لِّيُطَهِّرَكُم بِهِ وَيُذْهِبَ عَنكُمْ رِجْزَ الشَّيْطَانِ وَلِيَرْبِطَ عَلَىٰ قُلُوبِكُمْ وَيُثَبِّتَ بِهِ الْأَقْدَامَ

ඔහුගෙන් (දායාද) වූ නිර්භියක් වශයෙන් සුළු නින්දෙන් ඔහු නුඹලාව ආවරණය කර 5 ඔහු නුඹලාට අහසින් ජලය පහළ කළ අවස්ථාව (සිහිපත් කරවු. එලෙස ජලය පහළ කළේ) එමගින් නුඹලාව පිරිසිදු කිරීම පිණිස ද (නුඹලාගේ සිතට උවදුරු කළ) ෂෙයිතාන්ගේ අපවිත්රතාව නුඹලාගෙන් ඉවත් කිරීම පිණිස ද නුඹලාගේ හදවත් (විශ්වාසයෙන්) බැඳියාවක් ඇති කරනු පිණිස ද එමගින් පාද ස්ථාවර කිරීම පිණිස ද වේ. 6
5මුස්ලිම්වරුන්ට වඩා සතුරන්ට ආයුධ බලය හා මිනිස් බලය අධිකව තිබුණ ද අල්ලාහ් මුස්ලිම්වරුන්ගේ සිත් තුළ යුද පිටියේදී සන්සුන්භාවයක් ඇති කර සුළු නින්දක් ද ඇති කළේය.
6මුස්ලිම්වරුන් සුදු වැලි තලාවකට ගොස් කඳවුරු බැන්ඳෝය. ඒ ස්ථානය වාලුකාවෙන් ගහන බැවින් ජනයා ඇවිද ඔවුන්ගේ පා වැලි යට එරුණි. කුරෙයිෂ්වරුන් මොවුනට ඉදිරියෙහි වූ දොළට සමීපව කඳවුරු බැන්දෝය. මුස්ලිම්වරුන් නිදා ගත් කල්හි බොහෝ දෙනෙකුට ස්නානය කිරීමට අනිවාර්යය තත්ත්වයක් උදා විය. මක්කාවාසී ප්රතික්ෂේපකයින් එහි වූ දිය තොටු පළවල් අයිති කර ගත් බැවින් මුස්ලිම්වරුන්ට නෑමට පවා ජලය නැති විය. එවිට ෂෙයිතාන් මුස්ලිම්වරුන්ගේ සිතට අපොහොසත්භාවය පිළිබඳව උවදුරු කළ හෙයින් මුස්ලිම්වරුන් දුක් මුසුව සිටියෝය. එදින රාත්රියෙහි අල්ලාහ් වර්ෂාව පහළ කළ හේතුවෙන් එම දොළ උතුරා ගියේය. මුස්ලිම්වරුන් නැවතී සිටි සුදු වැලි කන්ද වර්ෂාව හේතුවෙන් ඝන වී තලාවක් බවට පත් විය. මක්කාවාසී ප්රතික්ෂේපකයින් සිටි පෙදෙස ජලයෙන් උතුරා ගිය බැවින් මඩ වගුරු බවට පත් විය. මුස්ලිම්වරුන්ට සිතට ශාන්තිය ද සැනසුම ද වී දෙවන දින සටනට සැරසුණෝය.
12

إِذْ يُوحِي رَبُّكَ إِلَى الْمَلَائِكَةِ أَنِّي مَعَكُمْ فَثَبِّتُوا الَّذِينَ آمَنُوا ۚ سَأُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُوا الرُّعْبَ فَاضْرِبُوا فَوْقَ الْأَعْنَاقِ وَاضْرِبُوا مِنْهُمْ كُلَّ بَنَانٍ

“මා නුඹලා සමගය. එබැවින් විශ්වාස කළවුන්ව ස්ථාවර කරවු. (හර්බීව සිටි) ප්රතික්ෂේප 7 කළවුන්ගේ හදවත් තුළ මා බිය උපදවන්නෙමි. එබැවින් (ඔවුන්ගේ) බෙලි වලට ඉහළින් නුඹලා පහර දෙවු. තවද සෑම ඇඟිලි තුඩක්ම ඔවුන්ගෙන් නුඹලා ගසා දමවු” යැයි නුඹගේ පරමාධිපති මලක්වරුන්ට වහී(දේව පණිවිඩය) පහළ කළ අවස්ථාව (නබිවරය, සිහිපත් කරවු).
7ඉස්ලාමීය කෝණයෙන් බැලූ කල මුස්ලිම් නොවන්නන් කොටස් තුනකට වර්ග කළ හැක. පළමුවැනි කොටස නම් මුස්ලිම් රටවල්හි ඉස්ලාමීය රජය යටතේ වෙසෙන්නන්ය. මොවුන්ට ‘zදිම්මිවරුන්’ යැයි හඳුන්වනු ලැබේ. දෙවන කොටස මුස්ලිම් නොවන රාජ්යයක පොදුවේ මුස්ලිම්වරුන් සමග සහජීවනයෙන් වෙසෙන්නන්ය. මොවුන්ට ‘මුආහිද්වරුන්’ යැයි පවසනු ලැබේ. මෙම දෙපාර්ශවය විෂයෙහි ඔවුන්ගේ ජීවිතයන්ට හෝ සම්පත් වලට කිසිදු ආපදාවක් ඇති වන අයුරින් හැසිරීම මුස්ලිම්වරුන්ට තහනම්ය. එපමණක් නොව එය මහා පාපයක් ලෙස සලකනු ලැබේ. තෙවන කොටස නම් මුස්ලිම්වරුන්ට විරුද්ධකම් පෙන්වමින් ඔවුනට එරෙහිව අපරාධිතව සටනට පෙලඹෙන්නන්ය. මුස්ලිම් රාජ්යයකට සටන් කරන මෙන් අල්ලාහ් විධානය කොට ඇත්තේ මෙම පිරිසට එරෙහිවය. මොවුන් ‘හර්බීවරුන්’ යැයි හඳුන්වනු ලැබේ. තවද මෙම ආයතය සූරාවේ හැඳින්වීමේ සඳහන් පරිදි බදර් යුද්ධය හා සම්බන්ධ වැකියකි, එම යුද්ධයේ මුස්ලිම්වරුන්ගේ සතුරන් වූ එකල වාසය කළ කුරෙයිෂි හර්බී කාෆිර්වරුන් හා සම්බන්ධව පහළ වූ වැකියකි.
13

ذَٰلِكَ بِأَنَّهُمْ شَاقُّوا اللَّهَ وَرَسُولَهُ ۚ وَمَن يُشَاقِقِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

මෙය (හර්බී ප්රතික්ෂේපක) ඔවුන් අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් විරුද්ධ වූ හේතුවෙනි. කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට විරුද්ධ වන්නේ ද එවිට (දැන ගනු.) සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
14

ذَٰلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَافِرِينَ عَذَابَ النَّارِ

(ලොවෙහි නුඹලාට අත්වන දඬුවම වනුයේ) මෙයයි. මෙය නුඹලා භුක්ති විදිවු. තවද ප්රතික්ෂේප කළවුනට (මතු ලොවෙහි නිරා) ගින්නේ දඬුවම ද ඇත.
15

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا زَحْفًا فَلَا تُوَلُّوهُمُ الْأَدْبَارَ

විශ්වාස කළවුනි! ප්රතික්ෂේප කළවුන් (යුද බිමෙහි) රොක් වී පැමිණීම නුඹලා මුණ ගැසුණු විට නුඹලා ඔවුනට පසුපස හැරී පසුබට වී නොයවු.
16

وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍ دُبُرَهُ إِلَّا مُتَحَرِّفًا لِّقِتَالٍ أَوْ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٍ فَقَدْ بَاءَ بِغَضَبٍ مِّنَ اللَّهِ وَمَأْوَاهُ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُ

යුද වැදීමට (යුද උපක්රමයක් වශයෙන් පෙරළා පහර දීම සඳහා) පසුපසට පැමිණෙන්නෙකුව හෝ පිටුපස වී (යුද වදින තම) කණ්ඩායමක් සමග එකතු වන්නෙකුව මිස එදින කවරෙකු ඔවුනට තම පිටුපස ලා හැරී යන්නේ ද එවිට අල්ලාහ්ගෙන් වූ කෝපය සමග ඔහු හැරී එන්නේය. තවද ඔහුගේ ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. නැවත යොමු වන ස්ථාන අතුරින් (එය) ඉතා නපුරුය.
17

فَلَمْ تَقْتُلُوهُمْ وَلَـٰكِنَّ اللَّهَ قَتَلَهُمْ ۚ وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَـٰكِنَّ اللَّهَ رَمَىٰ ۚ وَلِيُبْلِيَ الْمُؤْمِنِينَ مِنْهُ بَلَاءً حَسَنًا ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ

(යුද බිමේ දී) ඔවුන්ව නුඹලා ඝාතනය කළේ නැත. නමුත් ඔවුන්ව ඝාතනය කළේ අල්ලාහ්ය. (නබිවරය,) නුඹ විසි කළ විට (ඇත්තෙන්ම) නුඹ විසි කළේ නැත. නමුත් එය විසි කළේ අල්ලාහ්ය. 8 (අල්ලාහ් එලෙස කළේ) එයින් විශ්වාසිකයින්ව යහ පරීක්ෂණයකින් පරීක්ෂා කිරීම පිණිසය. 9 සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥය.
8බද්ර් යුද්ධයේ දී නබි මුහම්මද් තුමා වැලි හා ගල් කැට අහුරක් ගෙන සතුරන් දෙසට විසි කළේය. ඒවා සතුරන්ගේ දෑස් තුළට ගොස් ඔවුන් අතර කලබලකාරී තත්ත්වයක් ඇති කළේය.
9යුද බිමේ සිටින හර්බී ප්රතික්ෂේපකයින්ට ආයුධ බලය සහ සේනා බලය තිබියදී, කිසිදු පහසුකමක් නොවූ මුස්ලිම්වරුන්ට ජයග්රහණය ලබා දීමෙන් මුස්ලිම්වරුන් සත්යය වටහාගෙන අල්ලාහ්ට කෘතවේදී වේදැ’යි පරික්ෂා කිරීම මින් අදහස් වේ.
18

ذَٰلِكُمْ وَأَنَّ اللَّهَ مُوهِنُ كَيْدِ الْكَافِرِينَ

(නුඹලාට අත් වූ විමුක්තිය) මෙයයි. තවද අල්ලාහ් ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණ දුබලයට පත් කරන්නෙකුය.
19

إِن تَسْتَفْتِحُوا فَقَدْ جَاءَكُمُ الْفَتْحُ ۖ وَإِن تَنتَهُوا فَهُوَ خَيْرٌ لَّكُمْ ۖ وَإِن تَعُودُوا نَعُدْ وَلَن تُغْنِيَ عَنكُمْ فِئَتُكُمْ شَيْئًا وَلَوْ كَثُرَتْ وَأَنَّ اللَّهَ مَعَ الْمُؤْمِنِينَ

(ප්රතික්ෂේපකයිනි!) නුඹලා තීන්දුව පැතුවේ නම් දැන් (දැනගනු.) සැබැවින්ම නුඹලාට තීන්දුව පැමිණ ඇත. 10 නුඹලා (නැවත යුද වැදීමෙන්) වැළකී සිටියේ නම් එය නුඹලාට යහපත්ය. නුඹලා නැවතත් පැමිණෙන්නේ නම් අපි ද (විශ්වාසිකයින්ගේ උදව්වට) නැවත පැමිණෙන්නෙමු. නුඹලාගේ කණ්ඩායම් අධික වුව ද එය කිසිවකින් හෝ නුඹලාට ප්රයෝජනයක් නොදෙන්නේමය. තවද අල්ලාහ් විශ්වාසිකයින් සමගය.
10මෙහි තීන්දුව යනුවෙන් අදහස් වනුයේ ජයග්රහණයයි. එනම් ප්රතික්ෂේපකයින් තමන්ට ජයග්රහණයේ තීරණාත්මක තත්ත්වයක් උදාවිය යුතු යැයි යුද්ධය සඳහා මක්කාවෙන් පිටත් වීමට පෙර තමන් සත්යයේ සිටින යහපත් කණ්ඩායම යනුවෙන් විශ්වාස කරමින් කඃබාවේ තිර රෙදි අල්ලාගෙන “සත්යයේ සිටින යහපත් කණ්ඩායමට ජයග්රහණය ලබා දෙනු මැනව!” යනුවෙන් ප්රාර්ථනා කළෝය. යථාර්ථයෙන්ම මුස්ලිම්වරුන් සත්යයේ සිටින යහපත් කණ්ඩායම වූ හෙයින් ඔවුනට ජයග්රහණයේ තීන්දුව ලැබීය.
20

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَلَا تَوَلَّوْا عَنْهُ وَأَنتُمْ تَسْمَعُونَ

විශ්වාස කළවුනි! අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද අවනත වවු. නුඹලා (අල් කුර්ආනීය උපදෙස්) සවන් දෙමින් සිටිය දී එයින් නුඹලා හැරී නොයවු.
21

وَلَا تَكُونُوا كَالَّذِينَ قَالُوا سَمِعْنَا وَهُمْ لَا يَسْمَعُونَ

තමන් (නිවැරදිව) සවන් නොදී “අපි සවන් දුන්නෙමු” යැයි (අසත්යය ලෙස) පැවසූ අය මෙන් නුඹලා නොවවු. 11
11මෙයින් අදහස් කරන්නේ ආත්ම වංචනිකයින් පිළිබඳවය. ඔවුන් නබි මුහම්මද් තුමාගේ විධානයට ‘අපි සවන් දුන්නෙමු’ යැයි පැවසුව ද නමුත් ඔවුන් ඒ අනුව කි්රයා කළේ නැත. ඔවුන් ඇත්තෙන්ම සවන් නොදුන්නාක් මෙන් ඔවුන්ගේ සවන් දීම කිසිදු ප්රයෝජනයක් නොවීය.
22

إِنَّ شَرَّ الدَّوَابِّ عِندَ اللَّهِ الصُّمُّ الْبُكْمُ الَّذِينَ لَا يَعْقِلُونَ

සැබැවින්ම අල්ලාහ් අභියස ඉතා නපුරු ජීවීන් වන්නේ (සත්යය) අවබෝධ කර නොගන්නා බිහිරන් හා ගොළුවන් ය.
23

وَلَوْ عَلِمَ اللَّهُ فِيهِمْ خَيْرًا لَّأَسْمَعَهُمْ ۖ وَلَوْ أَسْمَعَهُمْ لَتَوَلَّوا وَّهُم مُّعْرِضُونَ

ඔවුන් තුළ යහපතක් තිබෙන බව අල්ලාහ් දැන සිටියේ නම් ඔවුනට සවන් දීමට සලස්වනු ඇත. (එහෙත්) ඔවුනට ඔහු සවන් දීමට සැලැස්සුව ද (ඒ පිළිබඳව) නොසැලකිලිමත් වූවන් ලෙස හැරී යති.
24

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ

විශ්වාස කළවුනි, නුඹලාව ජීවත් කරවන දෑ(දහම් කරුණු) වෙත (රසූල්වරයා) නුඹලාව කැඳවූ විට අල්ලාහ්ට ද රසූල්වරයාට ද නුඹලා ප්රතිචාර දක්වවු. මිනිසා හා ඔහුගේ හදවත අතර අල්ලාහ් සිටින 12 බව ද නුඹලා ඔහු වෙතම එක්රැස් කරනු ලබන බව ද දැන ගනිවු.
12මෙහි අදහස සියලු දෑ අල්ලාහ්ගේ අභිමතය අනුව සිදු වන අතර ඔහුගේ අනුදැනුමෙන් තොරව විශ්වාසිකයෙකු හෝ ප්රතික්ෂේපකයෙකු හෝ විය නොහැක යන්නය.
25

وَاتَّقُوا فِتْنَةً لَّا تُصِيبَنَّ الَّذِينَ ظَلَمُوا مِنكُمْ خَاصَّةً ۖ وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

නුඹලා අතුරින් අපරාධ කළවුන්ට පමණක් (සීමා වී) සිදු නොවන්නා වූ ව්යසනයකට නුඹලා බිය වවු. 13 තවද අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව නුඹලා දැන ගනිවු.
13මෙයින් අදහස් කරනුයේ සමාජයක යම් අයහපතක් බහුලව පැතිරුණේ නම් තවද කවුරුන් එම අයහපතෙන් ඈත් වී එය වැළැක්වීමට උත්සහ නොකර තමන්ගේ යහ කි්රයාවන් මගින් සෑහීමට පත් වන්නේද අල්ලාහ්ගේ දඬුවම සමාජයේ සිටින සියල්ලන්ටම බලපානු ඇත. යහ ගැත්තන් පවා මෙම දඬුවමට ග්රහණය වන්නෝය. මන්දයත් ඔවුන් වටා සිදු වන සිද්ධීන් බලා ඔවුන්ගේ සමාජය සංශෝධනය කිරීමට උත්සහ නොකළ හෙයිනි. මෙම ආයතය මගින් එවන් වූ අයට අවවාදයක් කර ඇත.
26

وَاذْكُرُوا إِذْ أَنتُمْ قَلِيلٌ مُّسْتَضْعَفُونَ فِي الْأَرْضِ تَخَافُونَ أَن يَتَخَطَّفَكُمُ النَّاسُ فَآوَاكُمْ وَأَيَّدَكُم بِنَصْرِهِ وَرَزَقَكُم مِّنَ الطَّيِّبَاتِ لَعَلَّكُمْ تَشْكُرُونَ

(ප්රතික්ෂේපක) ජනයා නුඹලාව (සිර භාරයට) ගනු ඇතැ’යි නුඹලා බියට පත්ව මිහිතලයෙහි නුඹලා දුබලව ස්වල්ප දෙනෙකුව සිටි අවස්ථාව සිහිපත් කරවු. 14 එවිට ඔහු නුඹලාට (පිළිසරණක් වශයෙන්) අභය ස්ථානයක් ලබා දුන්නේය. 15 තවද ඔහු තම උපකාරයෙන් නුඹලාව ස්ථාවර කළේය. 16 යහ දැයින් නුඹලාව පෝෂණය කළේය. (මේවා) නුඹලා කෘතවේදී වනු පිණිසය.
14මින් අදහස් වන්නේ මුස්ලිම්වරුන් මක්කාවේ සිටි අවදියේදී මක්කා වාසී මිත්යා දෘෂ්ටික ප්රතික්ෂේපකයින් විසින් මුස්ලිම්වරුන්ට හිංසා ප්රහාර එල්ල කරමින් සිටි අවදිය පිළිබඳවයි.
15පසු කලෙක නබි මුහම්මද් තුමාණන් හා මුස්ලිම්වරුන් තම ගම්බිම් අතහැර මදීනා නගරයට දේශාන්තරණය කිරීමෙන් එහි අභය ස්ථානයක් ලද සිදුවීම මින් අදහස් වන්නේය.
16මුස්ලිම්වරුන්ට කිසිදු පහසුකමක් නොවූ බද්ර් යුද්ධය අවස්ථාවේ දී අල්ලාහ් විසින් මලක්වරුන් පහළ කොට මුස්ලිම්වරුන්ට උපකාර කළ සිදුවීම මින් අදහස් කර ඇත.
27

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَخُونُوا اللَّهَ وَالرَّسُولَ وَتَخُونُوا أَمَانَاتِكُمْ وَأَنتُمْ تَعْلَمُونَ

විශ්වාස කළවුනි! නුඹලා දැනුවත්වම අල්ලාහ්ට ද රසූල්වරයාට ද වංචා නොකරවු. තවද නුඹලා (පවරනු ලැබ ඇති) අමානතයන්ට(වගකීම් වලට) ද වංචා නොකරවු.
28

وَاعْلَمُوا أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ وَأَنَّ اللَّهَ عِندَهُ أَجْرٌ عَظِيمٌ

නුඹලාගේ ධනය හා නුඹලාගේ දරුවන් පිරික්සුමක් බව ද (නුඹලාට) අල්ලාහ් අබියස මහත් වූ වේතන ඇති බව ද නුඹලා දැන ගනිවු.
29

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن تَتَّقُوا اللَّهَ يَجْعَل لَّكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنكُمْ سَيِّئَاتِكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වන්නෙහු නම් ඔහු නුඹලාට (යහපත හා අයහපත අතර) නිර්ධාරණ( ඥාන)ය ලබා දෙන්නේය. තවද නුඹලාගේ පාපයන් නුඹලාගෙන් ශෝධනය කරන්නේය. තවද නුඹලාට පාප ක්ෂමාව දෙන්නේය. තවද අල්ලාහ් අති මහත් වූ භාග්යයෙන් යුක්තය.
30

وَإِذْ يَمْكُرُ بِكَ الَّذِينَ كَفَرُوا لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يُخْرِجُوكَ ۚ وَيَمْكُرُونَ وَيَمْكُرُ اللَّهُ ۖ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ

(නබිවරය,) ප්රතික්ෂේප කළවුන් නුඹව රඳවා තබා ගැනීමට හෝ නුඹව ඝාතනය කිරීමට හෝ නුඹව පිටුවහල් කිරීමට හෝ නුඹට කුමන්ත්රණ කරමින් සිටි අවස්ථාව (සිහිපත් කරවු.) 17 ඔවුන් කූට උපාය සැලසුම් කරති. අල්ලාහ් ද සැලසුම් කරන්නේය. 18 තවද අල්ලාහ් සැලසුම්කරුවන්ගෙන් අති ශ්රේෂ්ඨය.
17මෙයින් පෙන්නුම් කරනුයේ මක්කා වාසී ප්රතික්ෂේපකයින්ගේ එක් සභාවක් පිළිබඳවය. එම සභාවෙහි සිටි ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමා දේශාන්තරණය කිරීමෙන් හා එතුමාගේ පණිවිඩය වැඩි දුර ප්රචාරය කිරීමෙන් වැළැක්වීමට සාකච්ඡා කළෝය. ඔවුන්ගෙන් ඇතැමුන් නබි මුහම්මද් තුමාව අත්අඩංගුවට ගෙන මරණය තෙක් නිවසක රඳවා තැබිය යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් කළෝය. තවත් සමහරුන් එතුමාව උපන් නගරයෙන් පිටුවහල් කළ යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් කළෝය. නමුත් මෙම යෝජනා දෙක එම සභාවේ බහුතරය මගින් ප්රතික්ෂේප කරන ලදි. අවසානයේ දී විවිධ ගෝත්රයන්ගෙන් සෑදුණු තරුණ කණ්ඩායමක් තෝරා ගෙන ඔවුන් එතුමාව ඝාතනය කළ යුතු යැයි තීන්දු විය. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කරන ලදී. එම තරුණ කණ්ඩායම ඔවුන්ගේ එම අයහපත් කුමන්ත්රණය කි්රයාවට නැංවීමට එතුමාගේ නිවස වට කළෝය. නමුත් අල්ලාහ් නබි මුහම්මද් තුමාව විස්මිත අයුරින් ආරක්ෂා කර කිසිදු හානියකින් තොරව එතුමාගේ නිවසින් පිට කිරීම මගින් ඔවුන්ගේ කුමන්ත්රණය නිෂ්ප්රභ කළේය. එවිට එතුමා මක්කාවේ සිට මදීනාවට දේශාන්තරණය කිරීමට හැකියාව ලැබුවේය.
18එනම් මිථ්යා දෘෂ්ටික ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ව ඝාතනය කිරීමට නොයෙකුත් කුමන්ත්රණ කළෝය. නමුත් අල්ලාහ් එම කුමන්ත්රණ සියල්ල නිෂ්ඵල කොට මුස්ලිම්වරුන්ට අවාසිදායක වුවද බද්ර් යුද්ධය හට ගත් අවස්ථාවේදී මිථ්යා දෘෂ්ටික ප්රතික්ෂේපකයින්වම ඝාතනය කිරීමට සැලසුම් කළේය යන්නයි. මෙම ආයතය අරාබි වාගලංකාරයට අනුව ‘මුෂාකලා’ ගණයට අයත් ආයතයන් කිහිපයකින් එකකි. මුෂාකලා යනු “එක් විෂයක් යම් පාර්ශවයක් හා සම්බන්ධව සඳහන් වී ඇති අවස්ථාවක දී එම විෂය හා පාර්ශවය සැළකිල්ලට ගෙන එහි සැබෑ භාෂාමය අර්ථය හැර යථාර්ථයෙන් අර්ථවත් වන්නා වූ අරුත ගෙන ඒම වේ.” මෙම ආයතයෙහි “කූට උපාය සැලසුම් කිරීම” යන පදයට අදාළ අරාබි පදය වන “මක්ර්” යන පදය අරාබි වාගලංකාරයට අනුව අල්ලාහ් හා මැවුම යන දෙපාර්ශවයටම භාවිත වී තිබුණ ද දෙපාර්ශවයට දෙආකාරයක අරුත ගෙන දේ. එහෙයින් අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි ‘අල්ලාහ් ද කූට උපාය සැලසුම් කළේය’ යන පරිවර්තනයට ‘මුෂාකලා’ යන නීතිය අනුව ‘අල්ලාහ් ද සැලසුම් කළේය’ යැයි අරුත දැක් වේ.
31

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا قَالُوا قَدْ سَمِعْنَا لَوْ نَشَاءُ لَقُلْنَا مِثْلَ هَـٰذَا ۙ إِنْ هَـٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ

ඔවුන් වෙත අපගේ වදන් පාරායනා කර පෙන්වනු ලද්දේ නම් “සැබැවින්ම අපි (මේවාට) සවන් දුනිමු. අප සිතුවේ නම් මෙවැන්නක් අපට ද පැවසිය හැක. මෙය පැරැන්නන්ගේ (මිථ්යා) ප්රබන්ධ මිස නැතැ”යි ඔවුහු පවසති. 19
1931 සිට 35 දක්වා ආයතයන්හි අදහස් කරන්නේ නල්ර් ඉබ්නු හාරිස් නම් ප්රතික්ෂේපකයා අල් කුර්ආනය මෙන් ප්රකාශනයක් රචනා කරන බවට ප්රකාශ කළේය. අල් කුර්ආන් 2:23 හා 24 ආයතයන්හි අල් කුර්ආනය මෙන් ලේඛනයක් ගෙන එන මෙන් අල්ලාහ් අභියෝග කළ කල්හි ඔහුට එය ඉටු කිරීමට නොහැකි වූ හෙයින් ඔහු එම අභියෝගය තර්කයක් වෙත යොමු කළේය. එනම් අල් කුර්ආනය සත්යය නම් ප්රතික්ෂේපකයින්ට අහසින් දඬුවමක් පහළ කරන මෙන් ඔහු අභියෝග කළේය. කරුණු දෙකක් හේතුවෙන් ඔවුන්ට පොදු දඬුවමක් පහළ වන්නේ නැතැ’යි 33 වන ආයතයෙහි මෙයට පිළිතුරක් දී ඇත. ඉන් එකක් ඔවුන් අතර නබි මුහම්මද් තුමා සිටින හෙයින් ද අනෙක ඔවුන් තවාෆ් හෙවත් කඃබාව ප්රදක්ෂිණ කරන විට ‘අහෝ අල්ලාහ්, අපි ඔබගෙන් සමාව අයැදින්නෙමු’ යැයි පවසන හෙයින් ද වේ. කෙසේ වෙතත් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන්ට මෙලොව දඬුවම් නොලැබුණ ද ඔවුන් මතු ලොවදී නිතැතින්ම දඬුවමට ලක් වන්නෝමය. කෙසේ වෙතත් 34 වන ආයතය අවවාද කරන්නේ අල්ලාහ් ඔවුනට කිසිදු දඬුවමක් නොදෙන්නේය යනුවෙන් නොව සුළු දඬුවම් දෙන්නේය යන්නය. (උදා: ඔවුන් මුස්ලිම්වරුන් සමග යුද්ධ කර පරාජයට පත් වී මුස්ලිම්වරුන් ඉදිරියේ නින්දාවට ලක් වන්නෝය.) කුරෙයිෂ් ගෝති්රක සාමාජිකයින් මස්ජිදුල් හරාමය තමන්ගේ පාලනය යටතේ ඇති බවට උඩඟුකම් පෑහ. 34 හා 35 යන ආයතයන්හි ඔවුන් එයට සුදුසුකම් නොවන අය යැයි සඳහන් වී ඇත. මන්දයත් 1) ඔවුන් බිය භක්තිකයන් නොවීමය. 2) ජනයින්ව මස්ජිදයේ නැමදුම් කිරීමෙන් වළක්වන්නෝය. 3) ඔවුන්ගේ නැමදුම වූයේ නාද නැගීම හා අත් පොළසන් දීමය.
32

وَإِذْ قَالُوا اللَّهُمَّ إِن كَانَ هَـٰذَا هُوَ الْحَقَّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِّنَ السَّمَاءِ أَوِ ائْتِنَا بِعَذَابٍ أَلِيمٍ

“අහෝ අල්ලාහ්, මෙ(ම අල් කුර්ආන)ය ඔබගෙන් (පහළ) වූ සත්යයක් වූයේ නම් අහසින් අප මත ගල් වර්ෂාවක් පහළ කරවු. නැතහොත් වේදනීය දඬුවමක් අප වෙත ගෙන එවු” යැයි ඔවුන් පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).”
33

وَمَا كَانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ ۚ وَمَا كَانَ اللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ

(නබිවරය,) නුඹ ඔවුන් අතර සිටිය දී අල්ලාහ් ඔවුනට දඬුවම් කිරීමට (ඉදිරිපත්) නොවීය. තවද ඔවුන් පාපක්ෂමාව අයැදිමින් සිටිය දී අල්ලාහ් ඔවුනට දඬුවම් කරන්නෙකු නොවීය.
34

وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ اللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَمَا كَانُوا أَوْلِيَاءَهُ ۚ إِنْ أَوْلِيَاؤُهُ إِلَّا الْمُتَّقُونَ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

මස්ජිදුල් හරාමයෙන් ඔවුන් (ජනයාව) වළක්වමින් සිටිය දී ඔවුනට අල්ලාහ් දඬුවම් නොකර සිටීමට ඔවුනට කුම(න හේතුව)ක් වී ද? ඔවුන් එහි (සුදුසු) භාරකරුවන්ව නොසිටියෝය. එහි (සැබෑ) භාරකරුවන් බිය භක්තිකයින් මිස (අන් කිසිවෙකු) නැත. එනමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (මේ පිළිබඳව) නොදනිති.
35

وَمَا كَانَ صَلَاتُهُمْ عِندَ الْبَيْتِ إِلَّا مُكَاءً وَتَصْدِيَةً ۚ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

(මස්ජිදුල් හරාම් නැමැති) නිවසෙහි නාද නැගීම හා අත් පොළසන් දීම මිස ඔවුන්ගේ නැමදුම නොවීය. එබැවින් නුඹලා ප්රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා දඬුවම 20 භුක්ති විදිවු.
20එනම් බද්ර් සටනෙහි ප්රතික්ෂේපකයින්ට අත් වූ පරාජයයි.
36

إِنَّ الَّذِينَ كَفَرُوا يُنفِقُونَ أَمْوَالَهُمْ لِيَصُدُّوا عَن سَبِيلِ اللَّهِ ۚ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةً ثُمَّ يُغْلَبُونَ ۗ وَالَّذِينَ كَفَرُوا إِلَىٰ جَهَنَّمَ يُحْشَرُونَ

සැබැවින්ම ප්රතික්ෂේප කළවුන් තමන්ගේ ධනය අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයාව) වැළැක්වීම සඳහා වියදම් කරති. මින් මතුවට ද ඔවුන් ඒවා වියදම් කරති. පසුව(මතු ලොවෙහි) එය ඔවුනට පසුතැවිල්ලක් වනු ඇත. පසුව ඔවුන් පරාජයට පත් වනු ඇත. තවද ප්රතික්ෂේප කළවුන් නිරය වෙත රැස් කරනු ලබන්නෝය.
37

لِيَمِيزَ اللَّهُ الْخَبِيثَ مِنَ الطَّيِّبِ وَيَجْعَلَ الْخَبِيثَ بَعْضَهُ عَلَىٰ بَعْضٍ فَيَرْكُمَهُ جَمِيعًا فَيَجْعَلَهُ فِي جَهَنَّمَ ۚ أُولَـٰئِكَ هُمُ الْخَاسِرُونَ

(එලෙස අල්ලාහ් කරනුයේ) දැහැමියන්ගෙන් නපුරු අය වෙන් කර නපුරු අයගෙන් සමහරෙකු තවත් සමහරෙකු වෙත පත් කොට ඔවුන් සියල්ල ගොඩ ගසා ඔහු ඔවුන්ව නිරයෙහි හෙළනු පිණිසය. අලාභවන්තයින් වන්නේ ඔවුන්මය.
38

قُل لِّلَّذِينَ كَفَرُوا إِن يَنتَهُوا يُغْفَرْ لَهُم مَّا قَدْ سَلَفَ وَإِن يَعُودُوا فَقَدْ مَضَتْ سُنَّتُ الْأَوَّلِينَ

(නබිවරය, අකටයුතුකම් කිරීමෙන්) “ඔවුන් වැළකී සිටියේ නම් පෙර සිදු වූ දෑ සඳහා ඔවුනට ක්ෂමාව දෙනු ලැබේ. ඔවුන් නැවතත් කරන්නේ නම් පැරැන්නන්ගේ (විෂයෙහි ක්රියාත්මක කළ දඬුවමෙහි) පිළිවෙත සැබැවින්ම පෙරටු වී ඇත. (එබැවින් එවැනිම දඬුවමක් මොවුන්ටත් අත් වනු ඇත.)” යැයි ප්රතික්ෂේප කළවුනට පවසවු.
39

وَقَاتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلَّهِ ۚ فَإِنِ انتَهَوْا فَإِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌ

භීෂණය තුරන්ව ගොස් දහම සම්පූර්ණයෙන්ම අල්ලාහ්ට සතුවන තෙක් ඔවුන් සමග නුඹලා සටන් වදිවු. ඔවුන් (භීෂණයෙන්) වැළකුණේ නම්, (ඔවුන් සමග නුඹලා සටන් නොවදිවු.) එවිට සැබැවින්ම අල්ලාහ් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව සර්ව සුපරීක්ෂාකාරීය. 21
21මෙම වාක්යයෙහි අල්ලාහ් මුස්ලිම්වරුන්ට සටන් වදින මෙන් අණ කොට ඇත්තේ ඉහත සඳහන් පරිදි ඔවුන්ට නිදහසේ තම දහම ඇදහීමට බාධා හා හිංසා කරමින් සිටි මක්කා වාසී හර්බී ප්රතික්ෂේපකයින්ට එරෙහිව ඉස්ලාම් දහම පරිපූර්ණව ඇදහීමට හැකිවන තත්ත්වයක් උදාවන තුරු ප්රයත්නයක් දරණ මෙන්ය.
40

وَإِن تَوَلَّوْا فَاعْلَمُوا أَنَّ اللَّهَ مَوْلَاكُمْ ۚ نِعْمَ الْمَوْلَىٰ وَنِعْمَ النَّصِيرُ

තවද ඔවුහු පිටුපෑවෙහු නම්, එවිට අල්ලාහ් නුඹලාගේ භාරකරුවා යැයි දැන ගනිවු. ඔහු භාරකරුවන් අතුරින් ශ්රේෂ්ඨ විය. තවද ඔහු උදව්කරුවන් අතුරින් ද ශ්රේෂ්ඨ විය.