الأعراف

අල්-අඒරාෆ්

الأعراف

අල්-අඒරාෆ් · Al-A'raf

මක්කී206 පද්‍ය

හැඳින්වීම

අඃරාෆ් යන වචනයට පදගතාර්ථය නම් ‘උස් පවුරු’ යන්නයි. අල් කුර්ආනයේ පරිභාෂික අර්ථයට අනුව එය ස්වර්ගය හා නිරය අතර ඇති උස් ස්ථානයකි. කවුරුන්ගේ කි‍්‍රයාවන්හි යහපතේ හා අයහපතේ ප‍්‍රතිඵල එක හා සමානව ඇත්තේ ද ඔවුන්ව මෙම ස්ථානයේ මද කලකට රඳවනු ලැබේ. මෙම සූරාවේ* 46 හා 48 යන ආයතයන්හි* මෙවැනි මිනිසුන් පිළිබඳව සඳහන් වී ඇති හෙයින් මෙම සූරාවට අඃරාෆ් යැයි නම් කරනු ලැබ ඇත. මෙම සූරාවේ මූලික විෂය නම්, මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින්ට සත්‍ය දහම පිළිගන්නා මෙන් ආරාධනා කර ඇති අතර අල්ලාහ්ගේ ඒකීයත්වය ද නබි මුහම්මද් තුමාණන්ගේ නබිත්වය පිළිබඳව ද මරණින් මතු ජීවිතය පිළිබඳව ද අන්තර්ගත වීමයි. මෙයට පෙර ඇති සූරාවන්හි ප‍්‍රතික්ෂේපකයින්ට අවවාද කර ඇති අතර මෙම සූරාවෙහි ස්වර්ගයේ හා නිරයේ දර්ශන විස්තර කර අවවාද කර ඇත. තවද මෙයට පෙර සමූහයන් ඔවුන්ගේ රසූල්වරුන්ව* ප‍්‍රතික්ෂේප කළ හෙයින් මෙලොවේදීම ඔවුනට දඬුවම් කරනු ලැබීමේ වෘත්තාන්ත ද සඳහන් වී ඇත. මේ හැර තවත් බොහෝ අතිරේක කරුණු ද මෙම සූරාවෙහි අන්තර්ගත වී ඇත.

1

المص

අලිෆ්. ලාම්. මීම්. සාද්. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

كِتَابٌ أُنزِلَ إِلَيْكَ فَلَا يَكُن فِي صَدْرِكَ حَرَجٌ مِّنْهُ لِتُنذِرَ بِهِ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ

(නබිවරය, මෙම අල් කුර්ආනය) නුඹ වෙත පහළ කරනු ලැබූ ධර්ම පුස්තකයකි. එයින් නුඹගේ හදවතෙහි පීඩනයක් ඇති නොවිය යුතුය. 2 (එය පහළ කරනු ලැබූයේ) විශ්වාසිකයින්ට උපදෙසක් වශයෙන් ද එමගින් (අවිශ්වාසිකයින්ට) නුඹ අවවාද කරනු පිණිස ද වේ.
2ජනයින්ගෙන් නබි මුහම්මද් තුමාණන්ට කුමන ආකාරයක ප්රතිචාරයක් ලැබුණ ද එයින් නොසැලී තමාගේ වගකීම වන අල් කුර්ආනයේ පණිවිඩය ජනයින්ට ප්රචාරය කරන ලෙස මෙයින් අල්ලාහ් එතුමාට නියෝග කර ඇත. ජනයින්ගේ සතුරුකම හා හිතුවක්කාරකම එතුමාට වේදනා ඇති කළේය. ඇතැම් අවස්ථා වලදී ඔවුන් සත්යයෙන් මුළාවීම කෙරෙහි තමා වගකිව යුතු දැ’යි එතුමා සිතන්නට වූයේය. අල් කුර්ආනය විටින් විට නබි මුහම්මද් තුමාගේ මෙම වගකීම, ප්රචාරය කිරීම පමණක් යැයි පවසා එතුමාව සනසන්නේය. ඔවුන්ගේ ප්රතිචාරය එතුමාගේ පාලනය යටතේ නොවීය. එබැවින් එතුමා තමාගේ වගකීම ඔවුන් ප්රතික්ෂේප කරති යැයි නොසිතමින් කිසිදු බියකින් තොරව ඉටුකළ යුතුය. යන්නෙන් මෙයින් පෙන්වා දෙයි.
3

اتَّبِعُوا مَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ وَلَا تَتَّبِعُوا مِن دُونِهِ أَوْلِيَاءَ ۗ قَلِيلًا مَّا تَذَكَّرُونَ

(ජනයිනි!) නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ නුඹලා අනුගමනය කරවු. ඔහු හැර සෙසු (අය තම) භාරකරුවන් (ලෙස) නුඹලා අනුගමනය නොකරවු. 3 නුඹලා උපදෙස් ලබනුයේ අල්ප ප්රමාණයෙකි.
3මෙහි භාරකරුවන් යැයි අදහස් කරන්නේ මිථ්යා දෘෂ්ටිකයින් තම දහම් විෂයෙහි විශ්වාස තබන ඔවුන්ගේ නායකයින්ව හා ශාස්ත්රකරුවන්වය.
4

وَكَم مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا فَجَاءَهَا بَأْسُنَا بَيَاتًا أَوْ هُمْ قَائِلُونَ

කොපමණ ගම්මානයන් අපි විනාශ කළෙමු ද? රාත්රියේ හෝ ඔවුන් මධ්යහ්නයේ නිදියමින් සිටිය දී හෝ අපගේ දඬුවම ඒවා වෙත පැමිණියේය.
5

فَمَا كَانَ دَعْوَاهُمْ إِذْ جَاءَهُم بَأْسُنَا إِلَّا أَن قَالُوا إِنَّا كُنَّا ظَالِمِينَ

අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණි විට “සැබැවින්ම අපි අපරාධකරුවන්ව සිටියෙමු” යැයි ඔවුන් පවසා සිටියා මිස ඔවුන්ගේ ප්රකාශය නොවීය.
6

فَلَنَسْأَلَنَّ الَّذِينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْأَلَنَّ الْمُرْسَلِينَ

කවුරුන් වෙත (රසූල්වරුන්) යවනු ලැබුවේ ද ඔවුන්ගෙන් සැබැවින්ම (රසූල්වරුන්ට ප්රතිචාර දැක් වූ අන්දම) අපි විමසන්නෙමු. තවද රසූල්වරුන්ගෙන් ද (දහම් ප්රචාරය පිළිබඳව) විමසන්නෙමු.
7

فَلَنَقُصَّنَّ عَلَيْهِم بِعِلْمٍ ۖ وَمَا كُنَّا غَائِبِينَ

ඉන් පසුව සැබැවින්ම අපි (ඔවුන් කළ ක්රියාවන් පිළිබඳව සම්පූර්ණ) දැනුමකින් යුතුව ඔවුනට (ඔවුන්ගේ) පුවත (නිවැරදි ලෙස) පවසන්නෙමු. තවද අපි (ඒ පිළිබඳව) අදෘශ්යව නොසිටියෙමු.
8

وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ ۚ فَمَن ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ

එදින (ක්රියාවන්හි) මිනුම සැබෑවකි. 4 එබැවින් (යහ ක්රියාවන් මගින්) කවරෙකුගේ තුලාවන් බැර වන්නේ ද ඔවුන්මය ජයග්රාහකයින් වන්නේ.
4අල් කුර්ආනයේ ඇතැම් ස්ථානයන්හි මුළු මිනිස් සමූහයාගේ කි්රයාවන් විනිශ්චය දිනයේ කිරනු ලබන්නේ යැයි සඳහන් වී ඇත. කි්රයාවන්හි බරට අනුව ඔවුන්ගේ ස්වර්ගය හෝ නිරය තීරණය කරනු ලැබේ. මෙය අනිවාර්යයෙන්ම සිදුවන්නේ යැයි මෙම ආයතයෙහි පවසා ඇත.
9

وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَـٰئِكَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُم بِمَا كَانُوا بِآيَاتِنَا يَظْلِمُونَ

තවද කවරෙකුගේ (යහ ක්රියාවන්හි) තුලාවන් සැහැල්ලු වන්නේ ද ඔවුන්මය. අපගේ වදන් ප්රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් තමන්ටම පාඩු ඇති කර ගත්තවුන් වන්නේ.
10

وَلَقَدْ مَكَّنَّاكُمْ فِي الْأَرْضِ وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ ۗ قَلِيلًا مَّا تَشْكُرُونَ

සැබැවින්ම අපි නුඹලාව මිහිතලයෙහි (අධිකාරය දී) ස්ථාපිත කළෙමු. තවද අපි නුඹලාට එහි ජීවනෝපායන් සලසා දුන්නෙමු. (එහෙත්) නුඹලා කෘතවේදී වනුයේ අල්ප ප්රමාණයකි.
11

وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ ثُمَّ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ لَمْ يَكُن مِّنَ السَّاجِدِينَ

සැබැවින්ම අපි නුඹලාව මවා පසුව නුඹලාව (මිනිස් හැඩයෙන්) හැඩ ගස්වා පසුව (පළමු මිනිසා වන) “ආදම්ට සුජූද් කරනු”යි මලක්වරුන්ට පැවසුවෙමු. එවිට ඉබ්ලීස් හැර ඔවුහු(සියල්ලෝම) සුජූද් කළෝය. ඔහු(ඉබ්ලීස්) සුජූද් කරන්නන්ගෙන් (කෙනෙකු) නොවීය.
12

قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ ۖ قَالَ أَنَا خَيْرٌ مِّنْهُ خَلَقْتَنِي مِن نَّارٍ وَخَلَقْتَهُ مِن طِينٍ

“නුඹට මා අණ කළ විට නුඹ සුජූද් නොකර සිටීමට නුඹව වැළකුවේ කුමක් දැ?”යි ඔහු(අල්ලාහ්) ඇසීය. “මම ඔහුට වඩා ශ්රේෂ්ඨ වෙමි. නුඹ මා මැව්වේ ගින්නෙනි. නුඹ ඔහුව මැව්වේ මැටියෙනි” යැයි ඔහු පැවසීය.
13

قَالَ فَاهْبِطْ مِنْهَا فَمَا يَكُونُ لَكَ أَن تَتَكَبَّرَ فِيهَا فَاخْرُجْ إِنَّكَ مِنَ الصَّاغِرِينَ

“නුඹ මෙයින් (මිහිතලයට) බැස යවු. මෙහි නුඹ උඩඟුකම් පෑමට නුඹට කිසිවක් නැත. එබැවින් නුඹ බැහැරව යවු. සැබැවින්ම නුඹ අවමන් වූවන්ගෙන් යැ”යි ඔහු(අල්ලාහ්) පැවසීය.
14

قَالَ أَنظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

“ඔවුන්ව(මිනිසාව මරණින් මතු) නැගිටුවනු ලබන දිනය තෙක් මට (ජීවත් වීමට) අවකාශයක් ලබා දෙනු”යි ඔහු(ඉබ්ලීස්) පැවසීය.
15

قَالَ إِنَّكَ مِنَ الْمُنظَرِينَ

“සැබැවින්ම නුඹ (මරණින් මතු නැගිටුවනු ලබන දිනය තෙක් ජීවත් වීමට) අවකාශය දෙනු ලැබූවන් අතුරින් යැ”යි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
16

قَالَ فَبِمَا أَغْوَيْتَنِي لَأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمَ

“නුඹ මා මුළාවෙහි අත්හළ හෙයින් (දිවුරමින්,) ඔවුනට (යහ මග යාමට බාධකයක් ලෙස) නුඹේ ඍජු මාර්ගයේ වාඩි වී සිටින්නෙමි.”
17

ثُمَّ لَآتِيَنَّهُم مِّن بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَن شَمَائِلِهِمْ ۖ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ

පසුව ඔවුන්ට ඉදිරියෙන් ද ඔවුන්ගේ පසුපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද ඔවුන්ගේ වම් පසින් ද මම ඔවුන් වෙත පැමිණෙන්නෙමි. තවද ඔවුන් අතුරින් බොහෝ දෙනා (නුඹට) කෘතවේදීන් ලෙස නුඹ නොදකිනු ඇත.
18

قَالَ اخْرُجْ مِنْهَا مَذْءُومًا مَّدْحُورًا ۖ لَّمَن تَبِعَكَ مِنْهُمْ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكُمْ أَجْمَعِينَ

“නුඹ නීචභාවයට ලක් වූවෙකු ලෙස ද පලවා හරිනු ලැබූවෙකු ලෙස ද මෙයින් පිටව යවු. ඔවුන් අතුරින් කවරෙකු නුඹව අනුගමනය කරන්නේ ද එවිට නියත වශයෙන්ම මම (ඔවුන්ගෙන් හා) නුඹලා සියල්ලන්ගෙන් නිරය පුරවන්නෙමි” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
19

وَيَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ فَكُلَا مِنْ حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَـٰذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ

“අහෝ ආදම්! නුඹ හා නුඹගේ බිරිය (ස්වර්ග) උයනෙහි වාසය කරවු. නුඹලා දෙදෙනා කැමති ස්ථානයකින් අනුභව කරවු. තවද නුඹලා දෙදෙනා මෙම ගස අසළට නොයවු. එසේ කළහොත් නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෝය.” (යැයි අල්ලාහ් ආදම්ට පැවසුවේය.)
20

فَوَسْوَسَ لَهُمَا الشَّيْطَانُ لِيُبْدِيَ لَهُمَا مَا وُورِيَ عَنْهُمَا مِن سَوْآتِهِمَا وَقَالَ مَا نَهَاكُمَا رَبُّكُمَا عَنْ هَـٰذِهِ الشَّجَرَةِ إِلَّا أَن تَكُونَا مَلَكَيْنِ أَوْ تَكُونَا مِنَ الْخَالِدِينَ

ඔවුන් දෙදෙනාගෙන් ආවරණය කරනු ලැබූ රහසඟයන් ඔවුන් දෙදෙනාට හෙළි කර වීම සඳහා ෂෙයිතාන් ඔවුන් දෙදෙනාට සිතුවිල්ලක් කෙඳුරුවේය. “නුඹලා දෙදෙනාගේ පරමාධිපති මෙම ගස නුඹලා දෙදෙනාට තහනම් කළේ නුඹලා දෙදෙනා මලක්වරුන් හෝ නුඹලා සදාතනිකයින් අතුරින් නොවීමට මිස නැතැ”යි ඔහු(ෂෙයිතාන්) පැවසුවේය. 5
5ආදම්, හව්වා හා ඉබ්ලීස් යන අයගේ වෘත්තාන්තය 2:34 සිට 39 දක්වා ආයතයන්හි ද එහි පාද සටහන්හි ද වැඩි විස්තර සමග සඳහන් වී ඇත. මෙම ආයතය සඳහන් කරන්නේ තහනම් වූ ගසෙන් අනුභව කිරීමට ඉබ්ලීස් ඔවුන්ව පෙලඹවූයේ කෙසේද යන්නය.
21

وَقَاسَمَهُمَا إِنِّي لَكُمَا لَمِنَ النَّاصِحِينَ

“සැබැවින්ම මම නුඹලා දෙදෙනාට උපදෙස් දෙන්නන් අතුරින් වන්නෙමි” යැයි ඔවුන් දෙදෙනාට ඔහු දිවුරා සිටියේය.
22

فَدَلَّاهُمَا بِغُرُورٍ ۚ فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ ۖ وَنَادَاهُمَا رَبُّهُمَا أَلَمْ أَنْهَكُمَا عَن تِلْكُمَا الشَّجَرَةِ وَأَقُل لَّكُمَا إِنَّ الشَّيْطَانَ لَكُمَا عَدُوٌّ مُّبِينٌ

රැවටීම තුළින් ඔවුන් දෙදෙනාව (ෂෙයිතාන්) පහත හෙළීය. ඔවුන් දෙදෙනා එම ගසෙන් (පලතුරු වල) රස වින්ද විට ඔවුන් දෙදෙනාගේ රහසඟ ඔවුන් දෙදෙනාට හෙළි විය. 6 තවද (ස්වර්ග) උයනෙහි කොළ වලින් තමන් දෙදෙනා(ගේ රහසඟ) මත අලවා විළි වසා ගැනීමට තැත් කළහ. ඔවුන් දෙදෙනාගේ පරමාධිපති ඔවුන් දෙදෙනා අමතා “නුඹලා දෙදෙනාව එම ගසෙන් මා නොවැළැක් වුවෙම් ද? තවද ‘සැබැවින්ම ෂෙයිතාන් නුඹලා දෙදෙනාට පැහැදිලි සතුරෙකු යැ’යි මා නොපැවසුවෙම් ද?” (යැයි විමසීය.)
6එම ගසේ ස්වභාවය වනුයේ, යමෙකු එයින් අනුභව කළේ නම්, අනුභව කළ තැනැත්තාගේ රහසඟ අනාවරණය වීමයි. එය ඔවුන් වටහා ගත් සැණින් ලැජ්ජාවට පත්වී ඔවුන් ගස් කොළ වලින් විළිවසා ගැනීමට තැත් කළහ. මෙයින් පෙන්නුම් කරන්නේ පිරිමියෙකුගේ හෝ ස්ති්රයකගේ නිරුවත හෙළිවීම මිනිස් ස්වභාවයට අනුව පිළිකුල් කරුණක් යන්නයි. මෙවැනි තත්ත්වයක දී මිනිසෙකු ලැජ්ජා සහගත විය යුතුය. මෙම සූරාවේ 26 සිට 31 දක්වා ආයතයන්හි මිථ්යා දෘෂ්ටිකයින් තුළ මෙම නිරුවත් වීමේ සිරිත පිළිබඳව දොස් පැවරීම ඉස්මතු කර පෙන්වා ඇත.
23

قَالَا رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ

“අපගේ පරමාධිපතියාණනි, අපි අපටම අපරාධ කර ගත්තෙමු. නුඹ අපට සමාව නොදෙන්නේ නම්, තවද නුඹ අප වෙත කරුණාව නොදක්වන්නේ නම්, සැබැවින්ම අපි අලාභවන්තයින් අතුරින් වන්නෙමු.” යැයි එම දෙදෙනා (බැගෑපත්ව) පැවසුවෝය.
24

قَالَ اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَىٰ حِينٍ

නුඹලාගෙන් ඇතැමුන් ඇතැමුන්ට සතුරෙකු ලෙස නුඹලා (ස්වර්ගයෙන් මිහිතලයට) බැස යවු. නුඹලාට මිහිතලයෙහි වාසස්ථානයක් ද (නියමිත) කාලයක් දක්වා වින්දනයක් ද ඇතැ’යි ඔහු(අල්ලාහ්) ප්රකාශ කළේය.
25

قَالَ فِيهَا تَحْيَوْنَ وَفِيهَا تَمُوتُونَ وَمِنْهَا تُخْرَجُونَ

“එහිම නුඹලා ජීවත් වන්නෙහුය. එහිම නුඹලා මරණයට පත් වන්නෙහුය. එයින්ම නුඹලා (මරණින් මතු) පිට කරනු ලබන්නෙහුය” යැයි ද ඔහු පැවසුවේය.
26

يَا بَنِي آدَمَ قَدْ أَنزَلْنَا عَلَيْكُمْ لِبَاسًا يُوَارِي سَوْآتِكُمْ وَرِيشًا ۖ وَلِبَاسُ التَّقْوَىٰ ذَٰلِكَ خَيْرٌ ۚ ذَٰلِكَ مِنْ آيَاتِ اللَّهِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ

ආදම්ගේ දරුවනි, නුඹලාගේ රහසඟ අවරණය කරන්නා වූ හා (නුඹලාට) අලංකරණයක් වූ වස්ත්රයක් අපි නුඹලාට පහළ කර ඇත්තෙමු. බිය භක්තිමත්භාවයේ වස්ත්රය, එයමය ශ්රේෂ්ඨ වන්නේ. 7 එය ඔවුන් මෙනෙහි කරනු පිණිස අල්ලාහ්ගෙන් වූ සාධකයන් අතුරිනි.
7මෙම ආයතයන් තහවුරු කරන්නේ මිනිසාට පළමුවෙන්ම අනිවාර්යය වූයේ තම රහසඟ ආවරණය කළ යුතුය යන්නයි. අල්ලාහ් වස්ත්රයන් නිර්මාණය කිරීමට පළමු අරමුණ වන්නේ මෙයයි. දෙවන අරමුණ වන්නේ අලංකාරය වීමය. අරාබි මිථ්යා දෘෂ්ටිකයින් අතර බොහෝ අශික්ෂිත දෑ විය. ඇතැම් ගෝති්රකයන් තුළ ඒවායින් දරුණුම අශික්ෂිත දැය වන නිරුවතින් කඃබාව වටා ප්රදක්ෂිණ කිරීමේ පුරුද්දක් විය. මෙම ආයතයන් පෙන්නුම් කරන්නේ පිරිමින්ව හා ස්ත්රීන්ව නිරුවත වෙත යොමු කරන්නේ ෂෙයිතාන්ය. එබැවින් කෙනෙකු ෂෙයිතාන්ගේ පෙලඹවීමෙන් ආරක්ෂා විය යුතුය යන්නයි.
27

يَا بَنِي آدَمَ لَا يَفْتِنَنَّكُمُ الشَّيْطَانُ كَمَا أَخْرَجَ أَبَوَيْكُم مِّنَ الْجَنَّةِ يَنزِعُ عَنْهُمَا لِبَاسَهُمَا لِيُرِيَهُمَا سَوْآتِهِمَا ۗ إِنَّهُ يَرَاكُمْ هُوَ وَقَبِيلُهُ مِنْ حَيْثُ لَا تَرَوْنَهُمْ ۗ إِنَّا جَعَلْنَا الشَّيَاطِينَ أَوْلِيَاءَ لِلَّذِينَ لَا يُؤْمِنُونَ

ආදම්ගේ දරුවනි, ෂෙයිතාන් නුඹලාගේ දෙමාපියන්ව ඔවුන් දෙදෙනාගේ රහසඟයන් ඔවුන් දෙදෙනාට හෙළි කිරීම පිණිස ඔවුන්ගේ වස්ත්රයන් ඔවුන්ගෙන් නිරාවරණය කර ස්වර්ගයෙන් පිට කළාක් මෙන් ඔහු නුඹලාව ව්යසනයෙහි යොමු නොකළ යුතුය. සැබැවින්ම ඔහු හා ඔහුගේ පිරිස නුඹලා නොදකින දෙසකින් නුඹලාව බලමින් සිටියි. විශ්වාස නොකරන්නන්ට මිතුරන් වශයෙන් ෂෙයිතානුන්ව සැබැවින්ම අපි පත් කළෙමු.
28

وَإِذَا فَعَلُوا فَاحِشَةً قَالُوا وَجَدْنَا عَلَيْهَا آبَاءَنَا وَاللَّهُ أَمَرَنَا بِهَا ۗ قُلْ إِنَّ اللَّهَ لَا يَأْمُرُ بِالْفَحْشَاءِ ۖ أَتَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ

(විශ්වාස නොකරන්නන් වන) ඔවුන් යම් අශික්ෂිත දෙයක් කළ විට “අපගේ පියවරුන් මේ මත සිටිනු අපි දැක ඇත්තෙමු. තවද මෙය (කිරීමට) අපට විධානය කළේ අල්ලාහ්ය” යැයි ඔවුහු පවසති. “සැබැවින්ම අල්ලාහ් අශික්ෂිත දෑ විධානය නොකරන්නේය. නුඹලා නොදන්නා දෙයක් අල්ලාහ් කෙරෙහි නුඹලා පවසන්නෙහු දැ?”යි (නබිවරය,) පවසවු.
29

قُلْ أَمَرَ رَبِّي بِالْقِسْطِ ۖ وَأَقِيمُوا وُجُوهَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ وَادْعُوهُ مُخْلِصِينَ لَهُ الدِّينَ ۚ كَمَا بَدَأَكُمْ تَعُودُونَ

”මාගේ පරමාධිපති සාධාරණය 8 ඉටු කරන ලෙස ද නැමදුම් කරන සෑම අවස්ථාවකම නුඹලාගේ මුහුණු (කිබ්ලාව දෙසට) හරවන්න යැයි ද දහමෙහි ඔහුට චිත්ත පාරිශුද්ධියෙන් යුතුව ඔහුව අයැදින්නැ’යි ද අණ කර ඇත. ඔහු නුඹලාව (ලොවෙහි පෙර නිදසුනකින් තොරව) උත්පාදනය කළාක් මෙන්ම නුඹලා (විනිශ්චය දිනයෙහි ඔහු වෙතම) නැවත යොමු වන්නෙහුය.”යැයි (නබිවරය,) පවසවු.
8‘සාධාරණය’ යන වචනය ‘කිස්ත්’ යන අරාබි වචනයේ අර්ථයයි. නමුත් මෙයට ‘සියලු විෂයන්හි මධ්යස්ථතාව’ යන අදහසක් ද ඇත. එනම් යම් විෂයක උපරිමයට හෝ අවමයට නොගොස් මධ්යස්ථව සිටිය යුතුය යන්නයි. මෙලෙසම කෙනෙකු වස්ත්රයන් පලඳින විට ද මධ්යස්ථතාවය තිබිය යුතුය. එනම් කෙනෙකු ශරීරය ආවරණය කිරීමේ අවශ්යතාව පැහැර හැරිය නොයුතු අතර ෂරීආ නීති රීති උල්ලංඝනය වන පරිදි වස්ත්රයන් අලංකාර කිරීම ද ඔහුගේ ජීවිතයේ අරමුණ බවට පත් නොවිය යුතුය.
30

فَرِيقًا هَدَىٰ وَفَرِيقًا حَقَّ عَلَيْهِمُ الضَّلَالَةُ ۗ إِنَّهُمُ اتَّخَذُوا الشَّيَاطِينَ أَوْلِيَاءَ مِن دُونِ اللَّهِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ

ඔහු(අල්ලාහ්) පිරිසක් යහමග රැගෙන ගියේය. තවත් පිරිසකට ඔවුන් කෙරෙහි මුළාව නියම විය. (මන්දයත්) සැබැවින්ම ඔවුහු තමන් යහමග ලද්දන් යැයි සිතමින් අල්ලාහ් හැර ෂෙයිතානුන්ව (තම) මිතුරන් ලෙස ගත්තෝය.
31

يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ وَكُلُوا وَاشْرَبُوا وَلَا تُسْرِفُوا ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ

ආදම්ගේ දරුවනි, නැමදුම් කරන සෑම අවස්ථාවකම නුඹලාගේ (වස්ත්ර) අලංකාරය කර ගනිවු. තවද නුඹලා අනුභව කරවු. පානය කරවු. නාස්ති නොකරවු. සැබැවින්ම ඔහු(අල්ලාහ්) නාස්ති කරන්නන්ව පි්රය නොකරන්නේය.
32

قُلْ مَنْ حَرَّمَ زِينَةَ اللَّهِ الَّتِي أَخْرَجَ لِعِبَادِهِ وَالطَّيِّبَاتِ مِنَ الرِّزْقِ ۚ قُلْ هِيَ لِلَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا خَالِصَةً يَوْمَ الْقِيَامَةِ ۗ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ

“තම ගැත්තන්ට ප්රදානය කළ අල්ලාහ්ගෙන් වූ අලංකාරය ද ආහාරයෙන් පිවිතුරු (අනුමත) දෑ ද තහනම් කළේ කවරෙකු දැ?”යි (නබිවරය,) නුඹ විමසවු. “මේවා මෙලොව ජීවිතයේ දී විශ්වාස කළවුන් සඳහාය. (තවද මළවුන්) නැගිටුවනු ලබන දිනයේ දී (ඔවුනට) පමණක් වන්නේ යැ”යි පවසවු. 9 දැනුමැති පිරිසට සංඥාවන් අප පැහැදිලි කරනුයේ මෙලෙසය.
9මෙම ආයතයේ පළමුවන කොටසෙන් අදහස් කරන්නේ යම් දැයක් අනුමත කිරීම ද තහනම් කිරීම ද අල්ලාහ් සතු වූවකි. කිසිදු කෙනෙකුට අනුමත දැයක් තහනම් කිරීමට අයිතියක් නැත යන්නයි. මෙහි දෙවන කොටස මිථ්යා දෘෂ්ටිකයින්ගේ තර්කයක් නිෂ්ප්රභ කෙරේ. එනම් සෑම අනුමත දැයක්ම අල්ලාහ්ගෙන් වූ භාග්යයන්ය. ඔවුන් භුක්ති විඳින මෙවන් වූ භග්යයන් ඔවුන්ට ලැබීම අල්ලාහ් ඔවුන් සමග තෘප්තිමත් වීමට සාධකයක් යැයි තර්ක කළෝය. මෙම ආයතය ඔවුනට පිළිතුරක් දෙයි. එම පිළිතුර නම් මෙලොවෙහි කෙනෙකු භුක්ති විඳීම අල්ලාහ්ගෙන් වූ තෘප්තියට සාධකයක් නොවේ. නමුත් මරණින් මතු ද එය පැවතීමය ඔහුගේ තෘප්තියට සාධකය වන්නේ. එබැවින් ප්රතික්ෂේපකයින්ගේ භුක්ති විඳීම මෙලොවට පමණක් සීමා වී ඇති අතර විශ්වාස වන්තයින් මෙලොව ද මතු ලොව ද භුක්ති විඳින්නෝය.
33

قُلْ إِنَّمَا حَرَّمَ رَبِّيَ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَالْإِثْمَ وَالْبَغْيَ بِغَيْرِ الْحَقِّ وَأَن تُشْرِكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَأَن تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ

“මාගේ පරමාධිපති සැබැවින්ම තහනම් කළේ අශික්ෂිත දෑ තුළින් බාහිර දෑ ද, අභ්යන්තර දෑ ද, පාපය ද යුක්තියෙන් තොරව සීමාව ඉක්මවා යෑම ද, කවර දැයක් සඳහා ඔහු(අල්ලාහ්) බලයක් පහළ නොකළේ ද එය නුඹලා අල්ලාහ්ට ආදේශ කිරීම ද, අල්ලාහ් කෙරෙහි නුඹලා නොදන්නා දෑ පැවසීම ද වේ” යැයි (නබිවරය,) පවසවු.
34

وَلِكُلِّ أُمَّةٍ أَجَلٌ ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ

සෑම සමූහයකටම (මරණය සඳහා) නියමිත කාලයක් ඇත. එබැවින් ඔවුන්ගේ කාලය පැමිණි විට මොහොතක් හෝ ඔවුන් ප්රමාද නොවෙති. පෙරටු ද නොවෙති.
35

يَا بَنِي آدَمَ إِمَّا يَأْتِيَنَّكُمْ رُسُلٌ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي ۙ فَمَنِ اتَّقَىٰ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

ආදම්ගේ දරුවනි! මාගේ වදන් නුඹලාට පවසන නුඹලා අතුරින් වූ රසූල්වරුන් නුඹලා වෙත පැමිණියේ නම්, (ඔවුන්ගේ ඔවදනින්) කවරෙකු බිය බැතිමත් වී තමන්ව (යහපතින්) සංශෝධනය කර ගත්තේ ද ඔවුනට කිසිදු බියක් නැත. තවද ඔවුහු දුක් නොවෙති.
36

وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَاسْتَكْبَرُوا عَنْهَا أُولَـٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

කවරෙකු අපගේ වදන් අසත්යය කර ඒවාට එරෙහිව උඩඟු වූයේ ද ඔවුහු නිරා ගින්නේ සගයින්ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
37

فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ ۚ أُولَـٰئِكَ يَنَالُهُمْ نَصِيبُهُم مِّنَ الْكِتَابِ ۖ حَتَّىٰ إِذَا جَاءَتْهُمْ رُسُلُنَا يَتَوَفَّوْنَهُمْ قَالُوا أَيْنَ مَا كُنتُمْ تَدْعُونَ مِن دُونِ اللَّهِ ۖ قَالُوا ضَلُّوا عَنَّا وَشَهِدُوا عَلَىٰ أَنفُسِهِمْ أَنَّهُمْ كَانُوا كَافِرِينَ

අල්ලාහ් කෙරෙහි බොරු ගෙතූ අයට හෝ ඔහුගේ වදන් අසත්යය කළ අයට වඩා මහා අපරාධකරුවා කවරෙකු ද? ඔවුනට (ලව්හුල් මහ්ෆූල් නම්) පුස්තකයෙහි නියම වූ දැයින් තම කොටස හිමි වනු ඇත. කෙතරම් (දුරට) ද යත් ඔවුන්ව මරණයට පත් කරන්නට අපගේ දූතයින් (වන මලක්වරුන්) පැමිණි අවස්ථාවෙහි “අල්ලාහ් හැර නුඹලා අයැදිමින් සිටි අය කොහේදැ?”යි ඔවුහු විමසන්නෝය. (එවිට) “අපෙන් ඔවුන් මුළා වී ගියෝය” යැයි (ප්රතික්ෂේපක) ඔවුහු පවසති. තවද සැබැවින්ම තමන් ප්රතික්ෂේපකයින්ව සිටිය බව ඔවුහු තමන්ට එරෙහිවම සාක්ෂි දරනු ඇත.
38

قَالَ ادْخُلُوا فِي أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِكُم مِّنَ الْجِنِّ وَالْإِنسِ فِي النَّارِ ۖ كُلَّمَا دَخَلَتْ أُمَّةٌ لَّعَنَتْ أُخْتَهَا ۖ حَتَّىٰ إِذَا ادَّارَكُوا فِيهَا جَمِيعًا قَالَتْ أُخْرَاهُمْ لِأُولَاهُمْ رَبَّنَا هَـٰؤُلَاءِ أَضَلُّونَا فَآتِهِمْ عَذَابًا ضِعْفًا مِّنَ النَّارِ ۖ قَالَ لِكُلٍّ ضِعْفٌ وَلَـٰكِن لَّا تَعْلَمُونَ

“ජින්වරුන් හා මිනිසුන් අතුරින් නුඹලාට පෙර ඉකුත් වී ගිය සමූහයන් සමග නුඹලා ද (නිරා) ගින්නට පිවිසෙවු” යැයි ඔහු(අල්ලාහ්) පවසයි. (යම්) සමූහයක් (නිරයට) පිවිසෙන විටෙක තම සහෝදරියට(ඊට පෙර වූ සමූහයට) 10 ශාප කරති. කෙතරම් (දුරට) ද යත් ඔවුන් සියල්ලෝම එහි සේන්දු වූ විට “අපගේ පරමාධිපතියාණනි, අප මුළාවට පත් කළේ මොවුන්ය.එබැවින් (නිරා) ගින්නෙන් දෙගුණ වේදනාවක් ඔවුනට දෙවු” යැයි ඔවුන්ගෙන් පසු වූවන් ඔවුන්ගෙන් පෙර වූවන් 11 අඟවා ප්රකාශ කරති. “සෑම කෙනෙකුටම දෙගුණයක්ය. 12 නමුත් නුඹලා නොදනිති” යැයි ඔහු(අල්ලාහ්) පවසයි.
10මෙම ආයතයෙහි සහෝදරිය යන්නෙන් අදහස් කොට ඇත්තේ ඔවුනට පෙර නිරයට පිවිසුණු සමූහයන්ය. ආයතයෙහි උම්මත් හෙවත් සමූහය යන පදය භාවිත වී ඇත. එම උම්මත් යන පදය ස්ත්රී ලිංග පදයක් වන හෙයින් ඊට පෙර වූ උම්මතය ඇඟවීම සඳහා සහෝදරිය යන්නෙන් මෙහි සඳහන් වී ඇත.
11‘පෙර වූවන්’ යනු පසු පැමිණෙන පරපුරට ප්රතික්ෂේපය හා අයහකම්හි උරුමය අත හැර ගිය පුරෝගාමීන්ය. ‘පසු වූවන්’ යනු පෙරවූවන්ට චෝදනා එල්ල කරන අනුප්රාප්තිකයන්ය.
12මොවුන් දෙපිරිසටම දඬුවම දෙගුණයක් යැයි පවසා ඇත. මන්දයත් සෑම අනුප්රාප්තිකයන්ම තමන්ට පසුව පැමිණෙන පරපුරට පුරෝගාමීන්ව සිටියෝය.
39

وَقَالَتْ أُولَاهُمْ لِأُخْرَاهُمْ فَمَا كَانَ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنتُمْ تَكْسِبُونَ

“(දඬුවම විෂයෙහි) අපට වඩා නුඹලාට කිසිදු ශ්රේෂ්ඨත්වයක් නොතිබුණි.” 13 යැයි ඔවුන්ගෙන් පෙර වූවන් ඔවුන්ගෙන් පසු වූවන්ට පවසති. “නුඹලා උපයමින් සිටි දෑ සඳහා නුඹලා දඬුවම රස විදිවු.” (යැයි අල්ලාහ් ඔවුනට පවසයි.)
13පසුවූවන් තමන්ගේ දඬුවම සැහැල්ලු කරන මෙන් ආයාචනා කළ කල්හි එයින් කිසිදු ඵලක් නොවන බවට අල්ලාහ් තීන්දු කිරීමෙන් පසු පෙරවූවන් “දඬුවම් විෂයෙහි අපට වඩා නුඹලාට කිසිදු ශ්රේෂ්ඨත්වයක් නොතිබුණි.” යැයි පසු වූවන්ට පිළිතුරු දෙන්නෝය.
40

إِنَّ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَاسْتَكْبَرُوا عَنْهَا لَا تُفَتَّحُ لَهُمْ أَبْوَابُ السَّمَاءِ وَلَا يَدْخُلُونَ الْجَنَّةَ حَتَّىٰ يَلِجَ الْجَمَلُ فِي سَمِّ الْخِيَاطِ ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُجْرِمِينَ

සැබැවින්ම අපගේ වදන් අසත්යය කරමින් ඒවාට එරෙහිව උඩඟු වන්නන්ට අහස්හි දොරටු ඔවුන් සඳහා විවෘත කරනු නොලැබේ. තවද ඉඳිකටු සිදුරෙහි ඔටුවෙකු ඇතුළු වන තෙක් ස්වර්ගයට ඔවුහු නොපිවිසෙති. 14 මෙලෙසය අප වැරදිකරුවන්ට ප්රතිඵල දෙනුයේ.
14නිසැකවම ඉඳිකටු සිදුරෙහි ඔටුවෙකු ඇතුළු වීමට නොහැකිය. එබැවින් මෙම ආයතයේ ඔවුන් ස්වර්ගයට පිවිසීමට නොහැකිමය යන්න භාෂා රීතියට අයත් ප්රකාශයක් මගින් දන්වා ඇත.
41

لَهُم مِّن جَهَنَّمَ مِهَادٌ وَمِن فَوْقِهِمْ غَوَاشٍ ۚ وَكَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ

ඔවුනට නිරයෙන් (තැනුවා) වූ ඇතිරිල්ලක් ද ඔවුනට ඉහළින් පොරවනයන් ද ඇත. මෙලෙසය අප අපරාධකරුවන්ට ප්රතිඵල දෙනුයේ.
42

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا أُولَـٰئِكَ أَصْحَابُ الْجَنَّةِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

(අල්ලාහ්ව) විශ්වාස කොට යහකම් කළවුන් නම්, අපි කිසිදු ආත්මයකට එහි හැකියාවන්ට අනුව මිස (කිසිවක්) නොපවරන්නෙමු. ඔවුහුමය ස්වර්ගයේ සගයින් වන්නෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
43

وَنَزَعْنَا مَا فِي صُدُورِهِم مِّنْ غِلٍّ تَجْرِي مِن تَحْتِهِمُ الْأَنْهَارُ ۖ وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي هَدَانَا لِهَـٰذَا وَمَا كُنَّا لِنَهْتَدِيَ لَوْلَا أَنْ هَدَانَا اللَّهُ ۖ لَقَدْ جَاءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ ۖ وَنُودُوا أَن تِلْكُمُ الْجَنَّةُ أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ

ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්රෝධය අපි ඉවත් කරන්නෙමු. ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිනු ඇත. තවද “මෙ(ම ස්වර්ග)ය වෙත අපව මග රැගෙන ආ අල්ලාහ්ටමය සියලු ප්රශංසා. අල්ලාහ් අපට මග පෙන්වූයේ නැතිනම්, අපි යහමග ලැබූවන් නොවන්නෙමු. සැබැවින්ම (ලොවෙහි දී) අපගේ පරමාධිපතිගේ රසූල්වරුන් සත්යය රැගෙන පැමිණියෝමය’ යැයි ඔවුහු පවසති. “මෙම ස්වර්ගය නුඹලා කරමින් සිටි (යහ) දෑ හේතුවෙන් උරුම කරනු ලැබුවෙහුය.” යැයි ඔවුන්ට අමතනු ලැබේ.
44

وَنَادَىٰ أَصْحَابُ الْجَنَّةِ أَصْحَابَ النَّارِ أَن قَدْ وَجَدْنَا مَا وَعَدَنَا رَبُّنَا حَقًّا فَهَلْ وَجَدتُّم مَّا وَعَدَ رَبُّكُمْ حَقًّا ۖ قَالُوا نَعَمْ ۚ فَأَذَّنَ مُؤَذِّنٌ بَيْنَهُمْ أَن لَّعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ

අපගේ පරමාධිපති අපට සත්යයක් ලෙස ප්රතිඥා කළ දෑ සැබැවින්ම අපි ලබා ගත්තෙමු. “නුඹලාගේ පරමාධිපති නුඹලාට සත්යයක් ලෙස ප්රතිඥා කළ දෑ(දඬුවම) නුඹලා ලැබුවෙහු දැ?”යි ස්වර්ගයේ සගයින් නිරයේ සගයින් අමතා ප්රකාශ කරති. “එසේය” යැයි ඔවුහු පිළිතුරු දෙති. එවිට “අපරාධකරුවන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය අත් වේවා!” යැයි නිවේදකයෙකු ඔවුන් අතර නිවේදනය කරනු ඇත.
45

الَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُم بِالْآخِرَةِ كَافِرُونَ

ඔවුන් කවරෙකුද යත් පරමාන්තය ප්රතික්ෂේප කරමින් (ජනයින්ව) අල්ලාහ්ගේ මාර්ගයෙන්(දහමෙන්) වළක්වා එහි දෝෂ (තිබිය යුතු යැයි) පතන්නන් වෙති.
46

وَبَيْنَهُمَا حِجَابٌ ۚ وَعَلَى الْأَعْرَافِ رِجَالٌ يَعْرِفُونَ كُلًّا بِسِيمَاهُمْ ۚ وَنَادَوْا أَصْحَابَ الْجَنَّةِ أَن سَلَامٌ عَلَيْكُمْ ۚ لَمْ يَدْخُلُوهَا وَهُمْ يَطْمَعُونَ

එම දෙපිරිස අතර තිරයක්(පවුරක්) ඇත. තවද උස් පවුරු මත මිනිසුන් සිටිති. මොවුන් (ස්වර්ග හා නිරා වාසී) සෑම කෙනෙකුවම ඔවුනොවුන්ගේ සලකුණු 15 අනුව හඳුනා ගන්නෝය.මොවුන් ස්වර්ගයේ වැසියන් අමතා “නුඹලාට සාමය අත් වේවා!” යැයි පවසති. මොවුන් (ස්වර්ගයට පිවිසීමට) දැඩි ආශාවෙන් පසු වන්නන් වුව ද (තවමත්) එයට ඇතුළු වූයේ නැත.
15ඔවුනොවුන්ගේ සලකුණු යනු නිරා හා ස්වර්ග වාසීන්ගේ ඔවුනට ආවේණික සලකුණු වේ. නිරා වාසීන්ගේ සලකුණු නම්, තම මුහුණු කළු පැහැ වී දෑස් නිල් පැහැ වී ඇති භයංකර පෙනුමයි. ස්වර්ග වාසීන්ගේ සලකුණු නම්, මුහුණු ප්රභාවත්ව දිස්වීමය.
47

وَإِذَا صُرِفَتْ أَبْصَارُهُمْ تِلْقَاءَ أَصْحَابِ النَّارِ قَالُوا رَبَّنَا لَا تَجْعَلْنَا مَعَ الْقَوْمِ الظَّالِمِينَ

(පසුව) ඔවුන්ගේ බැල්ම නිරයේ වැසියන් දෙසට යොමු කරනු ලැබූ විට “අපගේ පරමාධිපතියාණනි! අපරාධකාර පිරිස සමග අපව (නිරයෙහි) පත් නොකරනු මැනව”යි පවසති.
48

وَنَادَىٰ أَصْحَابُ الْأَعْرَافِ رِجَالًا يَعْرِفُونَهُم بِسِيمَاهُمْ قَالُوا مَا أَغْنَىٰ عَنكُمْ جَمْعُكُمْ وَمَا كُنتُمْ تَسْتَكْبِرُونَ

තවද උස් පවුරුහි (සිටින) වැසියන් කවුරුන්ව ඔවුන්ගේ (නිරා වාසී) සලකුණු මගින් තමන් හඳුනාගත්තේ ද එම (නිරා වාසී) මිනිසුන් අමතා “නුඹලාගේ (ධනය) රැස් කිරීම හා නුඹලා උඩඟු වී සිටීම නුඹලාට ඵලක් නොවීය”යැයි පවසති.
49

أَهَـٰؤُلَاءِ الَّذِينَ أَقْسَمْتُمْ لَا يَنَالُهُمُ اللَّهُ بِرَحْمَةٍ ۚ ادْخُلُوا الْجَنَّةَ لَا خَوْفٌ عَلَيْكُمْ وَلَا أَنتُمْ تَحْزَنُونَ

“මොවුනට අල්ලාහ් කරුණාව ලබා නොදෙන්නේම යැයි නුඹලා (ලොවෙහි) දිවුරූ අය මොවුන් ද? (යැයි උස් පවුරෙහි සිටින වැසියන් ස්වර්ග වාසීන්ව අඟවා නිරා වාසීන්ට පවසති). ‘නුඹලා ස්වර්ගයට පිවිසෙවු. නුඹලාට බියක් නැත. තවද නුඹලා දුකට පත්වන්නන් ද නොවෙති’ (යැයි අල්ලාහ් උස් පවුරෙහි සිටින වැසියන් අමතා පවසනු ඇත.”
50

وَنَادَىٰ أَصْحَابُ النَّارِ أَصْحَابَ الْجَنَّةِ أَنْ أَفِيضُوا عَلَيْنَا مِنَ الْمَاءِ أَوْ مِمَّا رَزَقَكُمُ اللَّهُ ۚ قَالُوا إِنَّ اللَّهَ حَرَّمَهُمَا عَلَى الْكَافِرِينَ

නිරා වාසීන් ස්වර්ග වාසීන් අමතා, “ජලයෙන් හෝ අල්ලාහ් නුඹලාට සම්පත් වශයෙන් ලබා දුන් දැයින් ස්වල්පයක් හෝ අප වෙත වැගිරවවු” යැයි පවසති. (එවිට ස්වර්ග වාසී) ඔවුහු “සැබැවින්ම අල්ලාහ් ඒ දෙකම ප්රතික්ෂේපකයින්හට තහනම් කර ඇතැ”යි පවසති.