පාරා 8

ව ලව් අන්නනා

149 පද්‍ය
📖පාරා

පාරා 8

ව ලව් අන්නනා149 පද්‍ය

المائدةමදීනී
82

لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِّلَّذِينَ آمَنُوا الْيَهُودَ وَالَّذِينَ أَشْرَكُوا ۖ وَلَتَجِدَنَّ أَقْرَبَهُم مَّوَدَّةً لِّلَّذِينَ آمَنُوا الَّذِينَ قَالُوا إِنَّا نَصَارَىٰ ۚ ذَٰلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًا وَأَنَّهُمْ لَا يَسْتَكْبِرُونَ

(නබිවරය,) විශ්වාස කළවුන්ට ජනයින්ගෙන් සතුරුකමින් ඉතා දැඩි අය ලෙස යුදෙව්වන්ව හා ආදේශ කරන්නන්ව සැබැවින්ම නුඹ දකින්නෙහිය. තවද “අපි කිතුනුවන් යැ”යි පැවසූ අයව, ලෙන්ගතුකමින් විශ්වාස කළවුන්ට සමීපතම අය ලෙස නුඹ සැබැවින්ම දකින්නෙහිය. 55 එය (මක්නිසාද යත්) ඔවුන් අතුරින් (කිතුනු) පියතුමන්ලා හා පැවිද්දන් සිටින හෙයින් ද 56 ඔවුන් උඬඟු නොවන හෙයින් ද වේ.
5582 සිට 85 දක්වා ඇති ආයතයන් පහළ වූයේ ඉතියෝපියාවේ රජු වන නජ්ජාසි විසින් යවන ලද නියෝජිත කණ්ඩායමක් නබි මුහම්මද් තුමාණන් වෙත පැමිණි අවස්ථාවේදීය. ඔවුන් හැත්තෑ දෙනෙකුගෙන් සමන්විත වූහ. ඔවුන් සියල්ලන්ම කි්රස්තියානි විද්වතුන් හා පූජකවරුන් වූහ. නබි මුහම්මද් තුමාණන් 36 වන සූරාව වන යාසීන් සූරාව ඔවුන් ඉදිරියේ පාරායනය කර පෙන්නුවේය. ඔවුන් එය අසා කඳුළු සලන්නට වූහ. ‘මෙය නබි ඊසා තුමාණන්ට පහළ වූවාක් මෙන්ම වූ අනුශාසනාවන්’ යැයි ඔවුන් අතර කතාබහ කර ගත්තෝය. එබැවින් ඔවුන් සියල්ලෝම ඉස්ලාම් දහම වැලඳ ගත්තෝය. ඔවුන් ඉතියෝපියාවට හැරී ගිය පසු එහි රජු ද ඉස්ලාම් දහම වැලඳ ගත්තේය.
56මෙම ආයතයන් ඉතියෝපියාවේ රජු විසින් යවන ලද නියෝජිත කණ්ඩායම සඳහා පහළ වුවද මෙහි කිතුනුවන්ගේ පොදු ගුණාංගයන් පිළිබඳව සඳහන් වී ඇත. මෙම ආයතයේ පැවිදිභාවය පිළිබඳව සඳහන් වුවද එය අනුමත වූවක් ලෙස නොසිතිය යුතුය. නමුත් මෙහි අදහස වන්නේ ලෞකික ආශාවන් අත්හැරි කිතුනු පැවිද්දන් පොදුවේ ලෞකික ප්රතිලාභය පිළිබඳව කිසිදු මසුරුකමක් නොදක්වති යන්නයි. තවද ඔවුන් යුදෙව්වන් හා මිථ්යා දෘෂ්ටිකයින් මෙන් උඩඟුකම් ඇත්තන්ව හා මුස්ලිම්වරුන්ට එරෙහි වූවන්ව නොවූහ. පොදුවේ මෙම ගුණාංගයන් ඉස්ලාමය වැලඳ ගැනීමට ප්රධාන බාධාවන්ය. එබැවින් මෙම කිතුනු පැවිද්දන් කිසිම බාධාවකින් තොරව ඉස්ලාමය වැලඳ ගත් බවය.
83

وَإِذَا سَمِعُوا مَا أُنزِلَ إِلَى الرَّسُولِ تَرَىٰ أَعْيُنَهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ مِمَّا عَرَفُوا مِنَ الْحَقِّ ۖ يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ

තවද රසූල්වරයාට පහළ කරනු ලැබූ දෑ(අල් කුර්ආනය) ඔවුහු ශ්රවණය කළෙහු නම් සත්යය ඔවුන් හඳුනා ගත් හෙයින් කඳුළු සලන ඔවුන්ගේ දෑස් නුඹ දකිනු ඇත. “අපගේ පරමාධිපතියාණනි, අපි විශ්වාස කළෙමු. එබැවින් අපව (ඔබගේ සමීපතම) සාක්ෂිකරුවන් සමග සටහන් කරගනු මැනව”යි ඔවුහු පවසති.
84

وَمَا لَنَا لَا نُؤْمِنُ بِاللَّهِ وَمَا جَاءَنَا مِنَ الْحَقِّ وَنَطْمَعُ أَن يُدْخِلَنَا رَبُّنَا مَعَ الْقَوْمِ الصَّالِحِينَ

“තවද අල්ලාහ්ව ද සත්යයෙන් අප වෙත පැමිණි දෑ(අල් කුර්ආනය) ද අප විශ්වාස නොකර සිටීමට අපට කුමක් වී ද? තවද අපගේ පරමාධිපති අපව දැහැමි පිරිස සමග (ස්වර්ග උයනට) ඇතුළත් කරවීම අපි ආශා කරන්නෙමු.” (යැයි ද ඔවුහු පවසති.)
85

فَأَثَابَهُمُ اللَّهُ بِمَا قَالُوا جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَاءُ الْمُحْسِنِينَ

එබැවින් ඔවුහු පැවසූ දෑ හේතුවෙන් (ස්වර්ග) උයන් ඔවුනට අල්ලාහ් තිළිණ කළේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. එය යහපත කරන්නන්ගේ ප්රතිඵලය වේ.
86

وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَـٰئِكَ أَصْحَابُ الْجَحِيمِ

තවද අපගේ සංඥාවන් ප්රතික්ෂේප කර අසත්යය කරන්නන් නිරයේ සගයෝ වෙති.
87

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحَرِّمُوا طَيِّبَاتِ مَا أَحَلَّ اللَّهُ لَكُمْ وَلَا تَعْتَدُوا ۚ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُعْتَدِينَ

විශ්වාස කළවුනි! අල්ලාහ් නුඹලාට අනුමත කළා වූ යහපත් දෑ නුඹලා තහනම් කර නොගනිවු. තවද නුඹලා සීමාව ඉක්මවා නොයවු. සැබැවින්ම සීමාව ඉක්මවා යන්නන්ව අල්ලාහ් ප්රිය නොකරන්නේය.
88

وَكُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ حَلَالًا طَيِّبًا ۚ وَاتَّقُوا اللَّهَ الَّذِي أَنتُم بِهِ مُؤْمِنُونَ

අල්ලාහ් නුඹලාට (ආහාර වශයෙන් ලබා දුන් දැයින් අනුමත කළ යහපත් දෑ නුඹලා අනුභව කරවු. තවද නුඹලා විශ්වාස කරන්නා වූ අල්ලාහ්ට නුඹලා බිය භක්තිමත් වවු.
89

لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَـٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ الْأَيْمَانَ ۖ فَكَفَّارَتُهُ إِطْعَامُ عَشَرَةِ مَسَاكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ ۖ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ ۚ ذَٰلِكَ كَفَّارَةُ أَيْمَانِكُمْ إِذَا حَلَفْتُمْ ۚ وَاحْفَظُوا أَيْمَانَكُمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَشْكُرُونَ

(චේතනාවකින් තොර වූ) ඵල රහිත නුඹලාගේ දිවුරීම්හි නුඹලාව අල්ලාහ් වරදට ග්රහණය නොකරන්නේය. නමුත් ඔහු නුඹලාව වරදට ග්රහණය කරන්නේ (චේතනාවෙන් යුතුව) නුඹලා කරගත් දිවුරුම් හේතුවෙනි. 57 එබැවින් එහි පාප ශෝධනය වන්නේ නුඹලාගේ පවුලට නුඹලා ආහාර වශයෙන් දෙන දැයින් මධ්යස්ථව දිළින්දන් දස දෙනෙකුට ආහාර සැපයීමය. එසේ නොමැති නම් ඔවුනට ඇඳුම් සැපයීමය. එසේත් නොමැති නම් එක් වහලෙකු නිදහස් කිරීමය. 58 කවරෙකු එය (ඉටු කිරීමට හැකියාවක්) නොලැබුවේද (ඔහු) දින තුනක් උපවාසය (ඉටු කළ යුතුව) ඇත. නුඹලා දිවුරුම් (කඩ) කළේ නම් එයයි නුඹලාගේ දිවුරුම් සඳහා වූ පාප ශෝධනය වන්නේ. තවද නුඹලාගේ දිවුරුම් නුඹලා රැක ගනිවු. නුඹලා කෘතවේදී වනු පිණිස මෙලෙසය නුඹලාට අල්ලාහ් තමන්ගේ වදන් පැහැදිලි කරනුයේ.
57මෙම ආයතය සඳහන් කරන්නේ දිවුරුම් පිළිබඳව නීතිරීතීන්ය. එනම්, (1) චේතනාවකින් තොර වූ ඵල රහිත දිවුරීමක් හෝ වැරදීමකින් අතීතයේ සිදු වූ සිදුවීමක් පිළිබඳව දිවුරීම. මෙවැනි දිවුරීම් සඳහා පාපයක් නොවන අතර එයට පාප ශෝධනයක් ද නැත. (2) අතීතයේ සිදුවූ සිදුවීමක් පිළිබඳව සිතාමතාම අසත්යය ලෙස දිවුරීම. මෙය මහා පාපයක් වන අතර මෙයට වේදනීය දඬුවමක් විනිශ්චය දින ඇත. තවද මෙයට පාප ශෝධනය ද නැත. (3) අනාගතයේ යමක් කිරීමට හෝ නොකිරීමට දරණ දිවුරීම. මෙම ආයතයේ ‘චේතනාවෙන් යුතුව නුඹලා කර ගත් දිවුරුම්’ යනු මෙම තුන්වැනි දිවුරීමයි. මෙය කඩ කිරීම බරපතළ පාපයකි. මෙයට මෙම ආයතයේ සඳහන් පරිදි පාප ශෝධනය කළ යුතුය.
58වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 47:4 පාද සටහන් සමග බලන්න.
90

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

විශ්වාස කළවුනි, සැබැවින්ම සුරාව ද සූදුව ද (බිලිපූජා කරන) පිළිමයන් ද (පංගු තීන්දු කිරීම සඳහා භාවිත කරන) ඊතල 59 ද ෂෙයිතාන්ගේ ක්රියාවෙන් වූ අපිරිසිදු( දෑ)මය. එබැවින් නුඹලා ජයග්රහණය කරනු පිණිස එයින් වැළකෙවු.
59වැඩි විස්තර සඳහා මෙම සූරාවේ 3 වන ආයතයට අදාළ පාද සටහන බලන්න.
91

إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللَّهِ وَعَنِ الصَّلَاةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ

ෂෙයිතාන් අපේක්ෂා කරනුයේම සුරාව හා සූදුව මගින් නුඹලා අතර සතුරුකම ද ක්රෝධය ද ඇති කිරීමට හා අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ද සලාතයෙන් ද නුඹලාව වැළැක්වීමටය. එබැවින් නුඹලා එයින් වැළකී සිටින්නෙහුද!
92

وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَاحْذَرُوا ۚ فَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّمَا عَلَىٰ رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ

නුඹලා අල්ලාහ්ට අවනත වවු. තවද රසූල්වරයාට ද අවනත වවු. තවද නුඹලා අවදානම් වවු. නුඹලා පිටුපෑවෙහු නම් අපගේ රසූල්වරයා කෙරෙහි (වගකීම) වනුයේම පැහැදිලි වූ දැනුම් දීමය යැයි නුඹලා දැන ගනිවු.
93

لَيْسَ عَلَى الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جُنَاحٌ فِيمَا طَعِمُوا إِذَا مَا اتَّقَوا وَّآمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ثُمَّ اتَّقَوا وَّآمَنُوا ثُمَّ اتَّقَوا وَّأَحْسَنُوا ۗ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ

විශ්වාස කර යහකම් කරන්නන්, ඔවුන් බිය භක්තිමත් වී විශ්වාස කර යහකම් කරන්නේ නම් පසුව බිය භක්තිමත් වී විශ්වාස කර ඉන්පසුව ද බිය භක්තිමත් වී යහපත කරන්නේ 60 නම් (තහනම් වීමට පෙර) භුක්ති විඳි දෑ පිළිබඳව (ඔවුනට) වරදක් නොමැත. 61 යහපත කරන්නන්ව අල්ලාහ් ප්රිය කරන්නේය.
60මත්පැන් පානය කර සූදු මගින් ඉපැයූ මුදල් වලින් අනුභව කර මිය ගිය මුස්ලිම්වරුන් පිළිබඳව සමහරුන්ට සැකයක් මතු විය. මෙම ආයතය පවසන්නේ ඉස්ලාමයේ මත්පැන් පානය කිරීම, සූදු කෙළීම වැනි තහනම් නීතීන් පැනවීමට පෙර කවුරුන් එය කළේද එය ඔවුනට වරදක් නොවන්නේය යන්නය.
61‘තක්වා’ හෙවත් ‘බිය භක්තිමත් වීම’ යන පදය පිළිබඳව වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 3:200 ආයතයේ 54 වැනි පාද සටහන බලන්න. මෙම ආයතයේ බිය භක්තිමත් වීම යන පදය නැවත නැවත පැවසීමෙන් හඟවන්නේ බිය භක්තිමත්භාවයේ නොයෙක් තරාතිරම් ඇති බවය. එහි එක් තරාතිරමකට පැමිණි විශ්වාසිකයෙක් ඊට වඩා උසස් තරාතිරම වෙත යෑමට සෑම විටම උත්සහ කළ යුතුය.
94

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَيَبْلُوَنَّكُمُ اللَّهُ بِشَيْءٍ مِّنَ الصَّيْدِ تَنَالُهُ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ اللَّهُ مَن يَخَافُهُ بِالْغَيْبِ ۚ فَمَنِ اعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ

විශ්වාස කළවුනි, (අල්ලාහ්ව) නොදකිමින්ම ඔහුට බියවන්නේ කවුරුන්දැ’යි අල්ලාහ් දැන ගැනීම පිණිස (නුඹලා ඉහ්රාම් ශීලයේ සිටියදී හා මස්ජිදුල් හරම් ආසන්නයේ සිටියදී) නුඹලාගේ දෑත් හා නුඹලාගේ ඊතල් කුමක් හසු කර ගන්නේද එම දඩයම් දැයින් (දඩයම් නොකොට ඉන් වැළකී සිටින්නේ දැයි) සැබැවින්ම නුඹලාව ඔහු පරීක්ෂා කරන්නේමය. කවරෙකු ඉන්පසුව ද සීමාව ඉක්මවා යන්නේ නම් ඔහුට වේදනීය දඬුවමක් ඇත.
95

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْتُلُوا الصَّيْدَ وَأَنتُمْ حُرُمٌ ۚ وَمَن قَتَلَهُ مِنكُم مُّتَعَمِّدًا فَجَزَاءٌ مِّثْلُ مَا قَتَلَ مِنَ النَّعَمِ يَحْكُمُ بِهِ ذَوَا عَدْلٍ مِّنكُمْ هَدْيًا بَالِغَ الْكَعْبَةِ أَوْ كَفَّارَةٌ طَعَامُ مَسَاكِينَ أَوْ عَدْلُ ذَٰلِكَ صِيَامًا لِّيَذُوقَ وَبَالَ أَمْرِهِ ۗ عَفَا اللَّهُ عَمَّا سَلَفَ ۚ وَمَنْ عَادَ فَيَنتَقِمُ اللَّهُ مِنْهُ ۗ وَاللَّهُ عَزِيزٌ ذُو انتِقَامٍ

විශ්වාස කළවුනි! නුඹලා ඉහ්රාම් ශීලයේ සිටියදී නුඹලා දඩයම් සතුන් නොමරවු. තවද නුඹලා අතුරින් කවරෙකු ඕනෑකමින් එය මරා දමන්නේ ද (එයට) වන්දිය වන්නේ පශු කුලයට අයත් සතුන්ගෙන් ඔහු මැරූ දෑට සමාන දැයකි. එ(හි ප්රමාණ)ය පිළිබඳව නුඹලා අතුරින් යුක්තිගරුක දෙදෙනෙකු තීන්දු කරන්නේය. (එම වන්දිය) කඃබාවට සේන්දු වන හද්ය(සත්ව කැපකිරීම)ක් වශයෙනි. නැතහොත් (එහි) පාප ශෝධනය වන්නේ දිළින්ඳන්ට ආහාර සැපයීම හෝ එයට සමාන වන ප්රමාණයෙන් උපවාස ශීලයේ නියැළීමය. 62 (මේ සියල්ල) ඔහුගේ කි්රයාවට ප්රතිවිපාකය රස විඳීමක් වශයෙනි. පෙර සිදු වූ දෑට අල්ලාහ් සමාව දුන්නේය. (නමුත්) කවරෙකු (එම වරද) නැවතත් කරන්නේද එවිට අල්ලාහ් ඔහුට ප්රතිදඬුවම් දෙන්නේය. අල්ලාහ් අති බලසම්පන්නය ප්රතිදඬුවම් දෙන්නාය.
62මෙහි ‘දිළින්ඳන්ට ආහාර සැපයීම’ යනු දඩයම් කළ සත්වයාගේ වටිනාකම මෙන් ප්රමාණයක් දිළින්ඳන්ට ආහාර සැපයීමය. නැතහොත් එම දිළින්දන්ගේ ප්රමාණයට උපවාස ශීලයේ යෙදිය යුතුය.
96

أُحِلَّ لَكُمْ صَيْدُ الْبَحْرِ وَطَعَامُهُ مَتَاعًا لَّكُمْ وَلِلسَّيَّارَةِ ۖ وَحُرِّمَ عَلَيْكُمْ صَيْدُ الْبَرِّ مَا دُمْتُمْ حُرُمًا ۗ وَاتَّقُوا اللَّهَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ

නුඹලාට හා මගීන්ට භුක්ති විඳීමක් වශයෙන් මුහුදු දඩයම් ද එහි ආහාර ද නුඹලාට අනුමත කරනු ලැබ ඇත. (නමුත්) නුඹලා ඉහ්රාම් ශීලයේ සිටින කාලය පුරා ගොඩබිමේ දඩයම් නුඹලා කෙරෙහි තහනම් කරනු ලැබ ඇත. තවද නුඹලා කවර කෙනෙකු වෙත එක්රැස් කරවනු ලබන්නේ ද එම අල්ලාහ්ට බිය භක්තිමත් වවු.
97

جَعَلَ اللَّهُ الْكَعْبَةَ الْبَيْتَ الْحَرَامَ قِيَامًا لِّلنَّاسِ وَالشَّهْرَ الْحَرَامَ وَالْهَدْيَ وَالْقَلَائِدَ ۚ ذَٰلِكَ لِتَعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَأَنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

බයිතුල් හරාම් 63 වන කඃබාව ද (යුද තහනම් වූ) ශුද්ධ වූ මාසයන් ද කැපකළ සත්වයා ද (සලකුණු වශයෙන් ගෙලෙහි පලඳනු ලබන) මාල 64 ද ජනයින්ට ස්ථාවරයක් වශයෙන් අල්ලාහ් පත් කර ඇත. 65 එය අහස්හි ඇති දෑ ද මිහිතලයෙහි ඇති දෑ ද අල්ලාහ් දන්නේයැ’යි ද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥ යැයි ද නුඹලා දැන ගැනීම පිණිසය.
63‘බයිතුල් හරාම්’ යනු මුස්ලිම්වරුන් තම නැමදුම් සඳහා හැරෙන මක්කාවේ සමචතුරස්ර හැඩයකින් ඇති ගොඩනැගිල්ල පිහිටි දේවස්ථානයයි.
64වැඩි විස්තර සඳහා මෙම සූරාවේ 1 හා 2 වැනි ආයතයන්හි පාද සටහන් බලන්න.
65ඇතැම් අල් කුර්ආන් විශාරදයින්ගේ මතයට අනුව මෙයින් අදහස් වන්නේ මුළු ලෝකයම රඳා පවතින්නේ කඃබාවේ ස්ථාවරත්වය මත බවය. තවද කඃබාව කේන්ද්ර කොටගෙන පවතින යහක්රියාවන් මෙම කඃබාව තිබෙන කාලය පුරා ස්ථාවරව නොකඩවා පවතී යන්නය.
98

اعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ وَأَنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

අල්ලාහ් දඬුවම් කිරීමෙහි දැඩි බව ද අල්ලාහ් අති ක්ෂමාශීලී පරම කරුණාභරිත බව ද නුඹලා දැන ගනිවු.
99

مَّا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ ۗ وَاللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ

(දේව පණිවිඩය නුඹලාට) දැන්වීම මිස රසූල්වරයා කෙරෙහි (වෙනත් වගකීමක්) නොවීය. තවද අල්ලාහ් නුඹලා හෙළි කරන දෑ ද නුඹලා සඟවන දෑ ද දන්නේය.
100

قُل لَّا يَسْتَوِي الْخَبِيثُ وَالطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ الْخَبِيثِ ۚ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُونَ

“අයහපත්(තහනම්) දෑ බහුලව තිබීම නුඹව මවිතයට පත් කළද යහපත්(අනුමත) දෑ හා අයහපත් දෑ සමාන නොවන්නේය. එබැවින් නුවණැත්තනි! නුඹලා ජයග්රහණය කරනු පිණිස නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු” යැයි (නබිවරය,) නුඹ පවසවු.
101

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَسْأَلُوا عَنْ أَشْيَاءَ إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِن تَسْأَلُوا عَنْهَا حِينَ يُنَزَّلُ الْقُرْآنُ تُبْدَ لَكُمْ عَفَا اللَّهُ عَنْهَا ۗ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ

විශ්වාස කළවුනි! (ඇතැම් අනවශ්යය) කරුණු පිළිබඳව නුඹලා ප්රශ්න නොකරවු. ඒවා නුඹලාට හෙළිදරව් කරනු ලැබූවේ නම් නුඹලාව ඒවා අමනාපයට පත් කරවනු ඇත. තවද අල් කුර්ආනය පහළ කරනු ලබන අවස්ථාවේ ඒ පිළිබඳව නුඹලා විමසන්නෙහු නම් නුඹලාට ඒවා හෙළිදරව් කරනු ලැබේ. 66 (පෙර විමසූ) එය පිළිබඳව අල්ලාහ් සමාව දෙනු ඇත. අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම දයාබරය.
66මෙම ආයතය මගින් දහම විෂයයෙහි හා ප්රායෝගික ජීවිතය සම්බන්ධ කරුණු කාරණාවන්හි අනවශ්ය කුතුහලයන් ඇති කිරීම වළක්වන්නේය.
102

قَدْ سَأَلَهَا قَوْمٌ مِّن قَبْلِكُمْ ثُمَّ أَصْبَحُوا بِهَا كَافِرِينَ

සැබැවින්ම නුඹලාට පෙර වූ පිරිසක් (ඔවුන්ගේ නබිවරුන්ගෙන්) ඒවා(අනවශ්යය කරුණු) විමසා සිටියෝය. පසුව එමගින් ඔවුහු ප්රතික්ෂේපකයින් බවට පත් වූහ.
103

مَا جَعَلَ اللَّهُ مِن بَحِيرَةٍ وَلَا سَائِبَةٍ وَلَا وَصِيلَةٍ وَلَا حَامٍ ۙ وَلَـٰكِنَّ الَّذِينَ كَفَرُوا يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ ۖ وَأَكْثَرُهُمْ لَا يَعْقِلُونَ

බහීරා, සාඉබා, වසීලා හා හාම් යන දෑ 67 (නුඹලාට ආගමික කටයුත්තක් ලෙස) අල්ලාහ් පත් නොකළේය. එනමුත් ප්රතික්ෂේප කළවුන් අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නෝය. තවද ඔවුන්ගෙන් වැඩි දෙනා (මේ පිළිබඳව) අවබෝධ කර නොගනිති.
67මිනිසා සතුන්ගෙන් එක් එක් ආකාරයෙන් වැඩ ගැනීමෙන් නිදහස් කොට පිළිරූවලට කැපකර මුදා හරිනු ලැබූ ඔටුවන් මෙම නම් වලින් හැදින්වේ. උදා : කිරි ගැනීම තහනම් කොට එම කිරි පිළිරූවලට කැපකරන ලද ඔටුවන් බහීරා නමින් හැඳින් විය.
104

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَىٰ مَا أَنزَلَ اللَّهُ وَإِلَى الرَّسُولِ قَالُوا حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا ۚ أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْلَمُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ

තවද “අල්ලාහ් (අල් කුර්ආනයෙන්) පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙවු” යැයි (ප්රතික්ෂේපක) ඔවුනට පවසනු ලැබූ කල්හි “අපගේ මුතුන්මිත්තන් කවර දැයක් මත (සිටිනු) අපි දුටුවෙමුද එයම අපට ප්රමාණවත් යැ”යි ඔවුහු පැවසුවෝය. ඔවුන්ගේ මුතුන්මිත්තන් කිසිවක් නොදන්නන් ලෙස හා ඔවුන් යහමග නොලැබූවන් ලෙස සිටියදී ද? (ඔවුන්ට මුතුන්මිත්තන්ව ප්රමාණවත් වුයේ?)
105

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا عَلَيْكُمْ أَنفُسَكُمْ ۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا اهْتَدَيْتُمْ ۚ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

විශ්වාස කළවුනි! නුඹලා (පිළිබඳව වූ වගකීම) නුඹලා මතමය. නුඹලා යහමගෙහි සිටින්නෙහු නම්, මුළාවට පත් වූ අය නුඹලාට (කිසිදු) හානියක් කිරීමට නොහැක. 68 නුඹලා සියල්ලන්ගේ නැවත යොමු වන ස්ථානය අල්ලාහ් වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව ඔහු නුඹලාට දන්වන්නේය.
68මෙයින් අදහස් වන්නේ සෑම කෙනෙකුම තම තමන්ගේ කි්රයාවන්ට වගකිව යුතුය යන්නය. එබැවින් කෙනෙකු තවත් කෙනෙකුව විවේචනය නොකර තමාගේ චර්යාව නිවැරදි කර ගැනීමට උත්සහ කළ යුතුය යන්නයි. මන්දයත් අනුන්ගේ කි්රයා මගින් ඔවුන් නොමග යෑම මොහුට කිසිදු හානියක් ඇති නොකරයි. නමුත් ඔහුට හානි පමුණුවනුයේ ඔහුගේම නරක කි්රයාවන්ය.
106

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا شَهَادَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ حِينَ الْوَصِيَّةِ اثْنَانِ ذَوَا عَدْلٍ مِّنكُمْ أَوْ آخَرَانِ مِنْ غَيْرِكُمْ إِنْ أَنتُمْ ضَرَبْتُمْ فِي الْأَرْضِ فَأَصَابَتْكُم مُّصِيبَةُ الْمَوْتِ ۚ تَحْبِسُونَهُمَا مِن بَعْدِ الصَّلَاةِ فَيُقْسِمَانِ بِاللَّهِ إِنِ ارْتَبْتُمْ لَا نَشْتَرِي بِهِ ثَمَنًا وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۙ وَلَا نَكْتُمُ شَهَادَةَ اللَّهِ إِنَّا إِذًا لَّمِنَ الْآثِمِينَ

විශ්වාස කළවුනි! 69 නුඹලාගෙන් කෙනෙකුට මරණය පැමිණී(මට ආසන්න වූ)යේ නම් අවසන් කැමැත්ත ප්රකාශ කරන මොහොතේ නුඹලා අතුරින් යුක්තිගරුක දෙදෙනෙකු නුඹලා අතර සාක්ෂි වශයෙන් සිටිය යුතුව ඇත. නැතහොත් නුඹලා මිහිතලයෙහි ගමන් කරමින් සිට මරණයේ අභාග්යය නුඹලාට අත්වූයේ නම්, නුඹලා(ගේ දහමෙහි) නොවන වෙනත් දෙදෙනෙකු (සාක්ෂි වශයෙන්) සිටිය යුතුව ඇත. 70 නුඹලා (ඔවුන් කෙරෙහි) සැක කළෙහු නම් නුඹලා සලාතයට පසු ඔවුන් දෙදෙනාව (දිවුරීම සඳහා) රඳවා ගත යුතුය. 71 පසුව “ඔහු සමීප ඥාතියෙකු වුවද අපි ඒ සඳහා මිලක් නොගන්නෙමු. තවද අල්ලාහ්ගේ සාක්ෂිය අපි වසන් නොකරන්නෙමු. එවිට අපි සැබැවින්ම පාපතරයින්ගෙන් වන්නෙමු” යැයි අල්ලාහ් මත ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතුය.
69මෙම ආයතයන්ට පසුබිම වූ සිදුවීම නම් බුදෙයිල් නම් මුස්ලිම්වරයෙකු එකල කිතුනුවන් වූ තමීම් හා අදී යන දෙදෙනා සමග සිරියාවට ව්යාපාරය සඳහා ගියේය. සිරියාවට සේන්දු වූ පසු බුදෙයිල් අසනීපයට පත් විය. ඔහු තමන් සතුව ඇති වස්තූන් ලැයිස්තු ගත කර එය ඔහුගේ ගමන් මල්ලෙහි දැමුවේය. ඒ පිළිබඳව ඔහු මිතුරන් දෙදෙනාට දැන්වූයේද නැත. ඔහුගේ අසනීපය දරුණු වූ කල්හි කිතුනු මිතුරන් දෙදෙනාව කැඳවා තමාගේ වස්තූන් සියල්ල තම උරුමක්කාරයින්ට දෙන මෙන් අවසන් කැමැත්ත ප්රකාශ කළේය. ඔවුන් නැවත ගමට හැරී ගිය පසු තම මිතුරා පැවසූ පරිදි ඔහුගේ උරුමක්කාරයින්ට රනින් කැටයම් දැමූ රීදී බඳුනක් හැර අන් සියල්ල භාර කළෝය. පසුව උරුමක්කාරයින් ඔහුගේ මල්ලේ වූ ලැයිස්තුව දැක කිතුනුවන් දෙදෙනාගෙන් මිය ගිය තැනැත්තා ඔහුගේ දේපළින් යමක් විකුණුවේදැ?යි විමසුවෝය. එයට ඔවුන් නැතැ’යි පැවසුවෝය. උරුමක්කාරයින් මෙම විෂය නබි මුහම්මද් තුමා වෙත දැන්වූවෝය. පසුව එම උරුමක්කාරයින්ට කිසිදු සාක්ෂියක් නොතිබූ හෙයින් කිතුනුවන් දෙදෙනාට දිවුරීමට සැලැස්සුවෝය. ඔවුන් දෙදෙනා මියගිය තැනැත්තාගේ වස්තූන්වලට වංචාවක් නොකළේ යැයි ද කිසිදු දැයක් නොසැඟ වූ බවට ද ඔවුන් දිවුරුවෝය. ඔවුන්ගේ දිවුරීම පදනම් කරමින් තීන්දුව ඔවුන්ට සාපේක්ෂව ලැබුණි. මද කලකට පසු ඔවුන් දෙදෙනා එම බඳුන මක්කාවෙහි රන්කරුවෙකුට විකුණුවෝය. මේ පිළිබඳව ඔවුන් දෙදෙනාගෙන් විමසනු ලැබූ කල්හි ඔවුන් එය මියගිය තැනැත්තාගෙන් මිල දී ගත්තේ යැයි පැවසුවෝය. තවද ඔවුන් එය මිල දී ගත් මොහොතේ ඒ සඳහා වූ කිසිඳු සාක්ෂියක් නොවූ හෙයින් ඒ පිළිබඳව ඔවුන් මීට පෙර ප්රශ්න කිරීමේ දී සඳහන් නොකළ බවට නිදහසට කරුණු පැවසුවෝය. එවිට උරුමක්කාරයින් නැවත මේ පිළිබඳව නබි මුහම්මද් තුමාට දැන්වූවෝය. පසුව ඔවුන් දෙදෙනා සතුව මිල දී ගත් බවට සාක්ෂියක් නොමැති හෙයින් මිය ගිය පුද්ගලයාගේ සමීප ඥාතීන් දෙදෙනෙකු ඉදිරිපත් වී එම බඳුන මිය ගිය පුද්ගලයාගේ යැයි ද කිතුනුවන් දෙදෙනා අසත්යය ප්රකාශ කරන්නේ යැයි ද දිවුරුවෝය. එබැවින් කිතුනුවන් එම බඳුන විකුණූ මිලට සමාන මුදලක් (දිර්හම් 1000) උරුමක්කාරයින්ට දුන්නෝය. 106 සිට 108 දක්වා වූ ආයතයන් පහළ වූයේ මෙවැනි සිද්ධීන් වලට නීතියක් ලෙසය.
70කෙනෙකුගේ අවසන් කැමැත්ත භාර දීමට මුස්ලිම්වරයෙකු නොවූයේ නම් මුස්ලිම් නොවන කෙනෙකුට භාර කළ හැක යන නීතිය මෙම ආයතයෙන් සඳහන් කරයි.
71මෙම ආයතයේ සලාතයට පසුව සාක්ෂි ගැනීම පිළිබඳව සඳහන් වී ඇත. මන්දයත් සලාතයට පසුව දිවුරීමක් ගැනීමේදී අධික පිරිසක් රැස්ව සිටින හෙයින් අසත්යය දිවුරීම් කිරීම අපහසු වන හෙයිනි.
107

فَإِنْ عُثِرَ عَلَىٰ أَنَّهُمَا اسْتَحَقَّا إِثْمًا فَآخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ الَّذِينَ اسْتَحَقَّ عَلَيْهِمُ الْأَوْلَيَانِ فَيُقْسِمَانِ بِاللَّهِ لَشَهَادَتُنَا أَحَقُّ مِن شَهَادَتِهِمَا وَمَا اعْتَدَيْنَا إِنَّا إِذًا لَّمِنَ الظَّالِمِينَ

ඔවුන් දෙදෙනාම (අසත්යය දිවුරුම යන) පාපයට සුදුස්සන් (වූ) බවට අනාවරණය කරනු ලැබුවේ නම් තමන් කෙරෙහි (උරුමකම් පෑමට) වඩාත් සමීප වූ සුදුස්සන් අතුරින් වෙනත් දෙදෙනෙකු ඔවුන් දෙදෙනාගේ ස්ථානයට (සාක්ෂිකරුවන් ලෙස) පෙනී සිටිය යුතුය. තවද “අපගේ සාක්ෂිය මොවුන් දෙදෙනාගේ සාක්ෂියට වඩා ඉතා සත්යය. තවද අපි සීමාව ඉක්මවා නොගියෙමු. එ(සේ කළ )විට සැබැවින්ම අපි අපරාධකරුවන් අතුරින් වන්නෙමු.” යැයි ඔවුන් දෙදෙනා අල්ලාහ් කෙරෙහි දිවුරා සිටිය යුතුයි.
108

ذَٰلِكَ أَدْنَىٰ أَن يَأْتُوا بِالشَّهَادَةِ عَلَىٰ وَجْهِهَا أَوْ يَخَافُوا أَن تُرَدَّ أَيْمَانٌ بَعْدَ أَيْمَانِهِمْ ۗ وَاتَّقُوا اللَّهَ وَاسْمَعُوا ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ

(අසත්යය ලෙස දිවුරුම් කළ) ඔවුහු සාක්ෂිය එහි සැබෑ අයුරින්ම ගෙන ඒමට ද නැතහොත් (සත්යවන්තයින් වූ) ඔවුන්ගේ දිවුරුම්වලින් පසුව (අසත්ය ලෙස දිවුරුම් කළවුන්ගේ) දිවුරුම් නිෂ්ප්රභ කරනු ලැබීම පිළිබඳව ඔවුන් බියවීමට ද මෙ(ම තීරණ)ය ඉතා සමීපය. නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද නුඹලා (ඔහුගේ උපදෙසට) සවන් දෙවු. පාපතර පිරිසට අල්ලාහ් යහමග පෙන්වන්නේ නැත.
109

يَوْمَ يَجْمَعُ اللَّهُ الرُّسُلَ فَيَقُولُ مَاذَا أُجِبْتُمْ ۖ قَالُوا لَا عِلْمَ لَنَا ۖ إِنَّكَ أَنتَ عَلَّامُ الْغُيُوبِ

රසූල්වරුන්ව අල්ලාහ් එක්රැස් කරන (විනිශ්චය) දින (නුඹ සිහිපත් කරවු. එදින) “(නුඹලාගේ ජනයින්ව නුඹලා කැඳවන විට) නුඹලාට කවර පිළිතුරක් දෙනු ලැබුවේදැ?”යි ඔහු(අල්ලාහ් රසූල්වරුන්ගෙන්) විමසනු ඇත. (එයට) “අපට (ඔවුන්ගේ සිත්තුළ තිබූ දෑ පිළිබඳව) කිසිඳු දැනුමක් නැත. 72 සැබැවින්ම ඔබමය ගුප්ත දෑ (පිළිබඳව) මැනවින් දන්නා” යැයි ඔවුන් පවසනු ඇත.
72‘කිසිදු දැනුමක් නැත’ යනු රසූල්වරුන් ජනයින්ව මෙලොවෙහිදී කැඳවන විට ඔවුන්ගේ බාහිර පිළිතුරු පමණක් දන්නා බවද ඔවුන්ගේ අභ්යන්තරයෙහි කුමක් තිබුණේ දැයි නොදන්නා බවද ඔවුන් සඳහන් කිරීමය.
110

إِذْ قَالَ اللَّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ اذْكُرْ نِعْمَتِي عَلَيْكَ وَعَلَىٰ وَالِدَتِكَ إِذْ أَيَّدتُّكَ بِرُوحِ الْقُدُسِ تُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلًا ۖ وَإِذْ عَلَّمْتُكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالْإِنجِيلَ ۖ وَإِذْ تَخْلُقُ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ بِإِذْنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيْرًا بِإِذْنِي ۖ وَتُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ بِإِذْنِي ۖ وَإِذْ تُخْرِجُ الْمَوْتَىٰ بِإِذْنِي ۖ وَإِذْ كَفَفْتُ بَنِي إِسْرَائِيلَ عَنكَ إِذْ جِئْتَهُم بِالْبَيِّنَاتِ فَقَالَ الَّذِينَ كَفَرُوا مِنْهُمْ إِنْ هَـٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌ

“අහෝ මර්යම්ගේ පුත් ඊසා! නුඹ කෙරෙහි හා නුඹගේ මව කෙරෙහි වූ මාගේ භාග්යය නුඹ සිහිපත් කරවු” යැයි අල්ලාහ් (ඊසාට විනිශ්චය දිනදී) පවසන අවස්ථාව (නබිවරය, සිහිපත් කරවු.) එනම්, (ඊසා!) නුඹට රූහුල් කුද්ස් (නම් ජිබ්රීල්) 73 මගින් මම නුඹට තොටිල්ලෙහි (සිටි අවදියේ) ද තරුණ වියේ ද නුඹ ජනයාට කතා කිරීමට සහය දුන් අවස්ථාව ද, නුඹට (පෙර රසූල්වරුන්ගේ) ධර්ම පුස්තකය(න්) ද ප්රඥාව ද තව්රාතය ද ඉන්ජීලය ද මා නුඹට ඉගැන් වූ අවස්ථාව ද, මාගේ අනුමැතියෙන් මැටියෙන් පක්ෂියෙකුගේ හැඩය මෙන් (හැඩයක්) නුඹ නිර්මාණය කර මාගේ අනුමැතියෙන් එහි නුඹ පිඹ එවිට එය පක්ෂියෙකු වූ අවස්ථාව ද, නුඹ (උත්පත්තියෙන්ම) අන්ධ හා ලාදුරු රෝගීන් මාගේ අනුමැතියෙන් සුව කළ (අවස්ථාව) ද, මාගේ අනුමැතියෙන් මළවුන්ව (ප්රාණය ලබා දී මිනී වළෙන්) නුඹ බැහැර කළ අවස්ථාව ද, ඉස්රාඊල්ගේ දරුවන් වෙත පැහැදිලි සාධකයන් නුඹ ගෙන ආ කල්හි “මෙය පැහැදිලි හූනියමක් මිස නැතැ”යි ඔවුන් අතුරින් ප්රතික්ෂේප කළවුන් පැවසූ අවස්ථාවේ ඔවුන්ව නුඹගෙන්(නුඹව ඝාතනය කිරීමෙන්) මම වැළැක් වූ අවස්ථාව ද (සිහිපත් කරවු.)
73මේ පිළිබඳව වැඩි විස්තර අල් කුර්ආන් 2:87 ආයතයට අදාළ පාද සටහන බලන්න.
111

وَإِذْ أَوْحَيْتُ إِلَى الْحَوَارِيِّينَ أَنْ آمِنُوا بِي وَبِرَسُولِي قَالُوا آمَنَّا وَاشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ

තවද “මා හා මාගේ රසූල්වරයාව විශ්වාස කරවු” යැයි (ඊසාගේ) අනුගාමිකයින්ට (ඊසා මගින්) මම(අල්ලාහ්) වහී (දේව පණිවිඩ) හෙළිදරව් කළ අවස්ථාව (සිහිපත් කරවු). “අපි විශ්වාස කළෙමු. තවද සැබැවින්ම අපි මුස්ලිම්වරුන්(අවනත වූවන්) යැයි ඔබ සාක්ෂි දරවු” යැයි ඔවුහු පැවසුවෝය.
112

إِذْ قَالَ الْحَوَارِيُّونَ يَا عِيسَى ابْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيْنَا مَائِدَةً مِّنَ السَّمَاءِ ۖ قَالَ اتَّقُوا اللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَ

“අහෝ මර්යම්ගේ පුත් ඊසා! අහසින් (ආහාර) බන්දේසියක් අපට පහළ කිරීමට නුඹගේ පරමාධිපතිට හැකි දැ?”යි (ඊසා නබිවරයාගේ) අනුගාමිකයන් පැවසූ අවස්ථාව (සිහිපත් කරවු. එවිට) “නුඹලා විශ්වාසිකයින්ව සිටියෙහු නම් නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු” යැයි ඔහු(ඊසා) පැවසුවේය. 74
74විශ්වාසිකයෙකු කිසි විටෙක හාස්කමක් පෙන්වන ලෙස ඉල්ලා සිටීම සුදුසු නොවන්නේය. මන්දයත් එසේ ඉල්ලා සිටීම දේව විශ්වාසයේ යම් සැකයක් මතු වී ඇති බවට සලකුණක් මෙනි. නබි ඊසා තුමාණන්ගේ අනුගාමිකයින් කිසිඳු සැකයකින් තොර වූ සත්ය විශ්වාසිකයින්ව සිටිය දී ඔවුන් එසේ ඉල්ලා සිටියේ අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබීම පිණිස ද ඔවුන්ගේ හදවත් සන්සුන් වීම පිණිස ද වේ.
113

قَالُوا نُرِيدُ أَن نَّأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَن قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ الشَّاهِدِينَ

“එයින් අපි අනුභව කිරීමට ද අපගේ හදවත් සන්සුන් වීමට ද නුඹ අපට සත්යයම පවසා ඇති බව අප දැන ගැනීමට ද එය කෙරෙහි අපි සාක්ෂිකරුවන් අතුරින් වීමට ද අපි අපේක්ෂා කරන්නෙමු” යැයි ඔවුහු පැවසූහ.
114

قَالَ عِيسَى ابْنُ مَرْيَمَ اللَّهُمَّ رَبَّنَا أَنزِلْ عَلَيْنَا مَائِدَةً مِّنَ السَّمَاءِ تَكُونُ لَنَا عِيدًا لِّأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِّنكَ ۖ وَارْزُقْنَا وَأَنتَ خَيْرُ الرَّازِقِينَ

“අහෝ අපගේ පරමාධිපති වන අල්ලාහ්! අපට ද අපගේ ආරම්භකයින්ට ද (පසු පැමිණෙන) අපගේ අවසානකයින්ට ද උත්සවයක් වශයෙන් ද ඔබගෙන් වූ සංඥාවක් වශයෙන් ද අහසින් අපට (ආහාර) බන්දේසියක් පහළ කරනු මැනව! තවද අපට ජීවන සම්පත් ලබා දෙනු මැනව! ඔබ ජීවින සම්පත් ලබා දීමෙහි අති ශ්රේෂ්ඨයා” යැයි මර්යම්ගේ පුත් ඊසා පැවසුවේය.
115

قَالَ اللَّهُ إِنِّي مُنَزِّلُهَا عَلَيْكُمْ ۖ فَمَن يَكْفُرْ بَعْدُ مِنكُمْ فَإِنِّي أُعَذِّبُهُ عَذَابًا لَّا أُعَذِّبُهُ أَحَدًا مِّنَ الْعَالَمِينَ

“සැබැවින්ම මම නුඹලා කෙරෙහි එය පහළ කරන්නෙකු වෙමි. (නමුත්) නුඹලා අතුරින් එයට පසුව කවරෙකු ප්රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින්ම ලෝක වාසීන් අතුරින් කිසිවෙකුට මා දඬුවම් නොකළ දඬුවමකින් ඔහුට මම දඬුවම් කරන්නෙමි” යැයි අල්ලාහ් පැවසුවේය.
116

وَإِذْ قَالَ اللَّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ أَأَنتَ قُلْتَ لِلنَّاسِ اتَّخِذُونِي وَأُمِّيَ إِلَـٰهَيْنِ مِن دُونِ اللَّهِ ۖ قَالَ سُبْحَانَكَ مَا يَكُونُ لِي أَنْ أَقُولَ مَا لَيْسَ لِي بِحَقٍّ ۚ إِن كُنتُ قُلْتُهُ فَقَدْ عَلِمْتَهُ ۚ تَعْلَمُ مَا فِي نَفْسِي وَلَا أَعْلَمُ مَا فِي نَفْسِكَ ۚ إِنَّكَ أَنتَ عَلَّامُ الْغُيُوبِ

“අහෝ මර්යම්ගේ පුත් ඊසා! ‘අල්ලාහ් හැර මා හා මාගේ මව දෙවිවරුන් වශයෙන් නුඹලා ගනිවු’ යැයි නුඹ ජනයාට පැවසුවේදැ?”යි අල්ලාහ් (විනිශ්චය දින ඊසාට) පවසන අවස්ථාව (නුඹ සිහිපත් කරවු.) “ඔබ අති පිවිතුරුය. මාහට අයිතියක් නොමැති දැයක් මා පැවසීමට මට (සුදුසු) නොවීය. මම එය පවසා සිටියේ නම් එය සැබැවින්ම ඔබ දන්නෙහිය. මාගේ සිතෙහි ඇති දෑ ඔබ දන්නෙහිය. තවද ඔබ තුළ ඇති දෑ මම නොදනිමි. සැබැවින්ම ඔබමය ගුප්ත දෑ (පිළිබඳව) මැනවින් දන්නා” යැයි ඔහු(ඊසා) පවසනු ඇත.
117

مَا قُلْتُ لَهُمْ إِلَّا مَا أَمَرْتَنِي بِهِ أَنِ اعْبُدُوا اللَّهَ رَبِّي وَرَبَّكُمْ ۚ وَكُنتُ عَلَيْهِمْ شَهِيدًا مَّا دُمْتُ فِيهِمْ ۖ فَلَمَّا تَوَفَّيْتَنِي كُنتَ أَنتَ الرَّقِيبَ عَلَيْهِمْ ۚ وَأَنتَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

“මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ට නුඹලා නමදිවු යනුවෙන් ඔබ මා හට අණ කළ දෑ මිස (අන් කිසිවක්) ඔවුනට මම නොපැවසුවෙමි. තවද ඔවුන් අතර මා සිටි තාක්කල් මම ඔවුන් කෙරෙහි සාක්ෂිකරුවෙකු වූයෙමි. (නමුත්) ඔබ මා (අහස දෙසට ඔසවා) අත්පත් කළ කල්හි ඔබමය ඔවුන් කෙරෙහි නිරීක්ෂකයෙකුව සිටියේ. ඔබ සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නාය.
118

إِن تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ ۖ وَإِن تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ

ඔවුනට ඔබ දඬුවම් කරන්නෙහි නම් (කෙසේ වෙතත්) සැබැවින්ම ඔවුන් ඔබගේ ගැත්තන්ය. ඔබ ඔවුනට සමාව දෙන්නෙහි නම් සැබැවින්ම ඔබමය අති බලසම්පන්න සර්ව ප්රඥාවන්ත වන්නේ.” (යැයි ද ඊසා පවසන්නේය.)
119

قَالَ اللَّهُ هَـٰذَا يَوْمُ يَنفَعُ الصَّادِقِينَ صِدْقُهُمْ ۚ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ رَّضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ

“මෙ(ම විනිශ්චය දින)ය සත්යයවන්තයින්ට ඔවුන්ගේ සත්යය ප්රයොජනවත් වන දිනයයි” යැයි අල්ලාහ් පවසනු ඇත. ඔවුනට (ස්වර්ග) උයන් ඇත. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. නිරන්තරයෙන්ම (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. ඔවුන් පිළිබඳව අල්ලාහ් තෘප්තියට පත් විය. ඔවුහුද ඔහු පිළිබඳව තෘප්තියට පත් වූහ. එයයි මහත් වූ ජයග්රහණය වන්නේ.
120

لِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا فِيهِنَّ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

අහස්හි ද මිහිතලයේ ද ඒවායෙහි ඇති දෑහි ද ආධිපත්යය අල්ලාහ් සතුය. තවද ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
الأنعامමක්කී
1

الْحَمْدُ لِلَّهِ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَجَعَلَ الظُّلُمَاتِ وَالنُّورَ ۖ ثُمَّ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ يَعْدِلُونَ

සියලු පැසසුම් අහස් හා මිහිතලය මවා අන්ධකාරයන් හා ආලෝකය ඇති කළ අල්ලාහ් සතුය. ඉන් පසුවද ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ පරමාධිපතිට (නැමදුමෙහි වෙනත් දෑ) සමාන කරන්නෝය.
2

هُوَ الَّذِي خَلَقَكُم مِّن طِينٍ ثُمَّ قَضَىٰ أَجَلًا ۖ وَأَجَلٌ مُّسَمًّى عِندَهُ ۖ ثُمَّ أَنتُمْ تَمْتَرُونَ

මැටියෙන් නුඹලාව මවා පසුව (නුඹලාට ආයුෂ) කාලයක් නියම කළේද ඔහුමය. තවද ඔහු අබියස (විනිශ්චය දිනදී නුඹලාව නැගිටුවනු ලැබීමට) නියම කරනු ලැබූ කාලයක් ඇත. (ප්රතික්ෂේපකයිනි,) ඉන් පසුව ද (ඒ පිළිබඳව) නුඹලා සැක කරන්නෙහුය.
3

وَهُوَ اللَّهُ فِي السَّمَاوَاتِ وَفِي الْأَرْضِ ۖ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ

තවද අහස්හි හා මිහිතලයෙහි (නැමදුමට සුදුස්සා වූ) අල්ලාහ් ඔහුය. නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළිදරව් කරන දෑ ද ඔහු දන්නේය. තවද නුඹලා උපයන දෑ ද ඔහු දන්නේය.
4

وَمَا تَأْتِيهِم مِّنْ آيَةٍ مِّنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ

ඔවුන්ගේ පරමාධිපතිගේ සංඥා අතුරින් (යම්) සංඥාවක්, ඔවුන් එය ප්රතික්ෂේප කරන්නන්ව සිටියා මිස ඔවුන් වෙත පැමිණියේ නැත.
5

فَقَدْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ ۖ فَسَوْفَ يَأْتِيهِمْ أَنبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

සත්යය ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුන් එය අසත්යය කළෝය. 1 එබැවින් ඔවුන් කුමක් සමච්චල් කරමින් සිටියේ ද එම (දඬුවම පිළිබඳ) පුවත් ඔවුන් වෙත පැමිණෙනු ඇත.
1එම ජනයා වෙත අල්ලාහ්ගේ ඇරයුම පැමිණ ඊට ඔවුන් පිටු පෑවේ නම් අල්ලාහ්ගේ දඬුවම පැමිණෙනු ඇත යැයි පවසා තිබියදීත් ඔවුන් එම ඇරයුම ප්රතික්ෂේප කළෝය. පසුව එම දඬුවම කවදා පැමිණෙනු දැ’යි සමච්චලයෙන් අසමින් සිටියෝය. එයට පිළිතුරක් ලෙස ඔවුන් වෙත අල්ලාහ්ගේ එම දඬුවම පතිත වන බව මෙහි සඳහන් වී ඇත.
6

أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا السَّمَاءَ عَلَيْهِم مِّدْرَارًا وَجَعَلْنَا الْأَنْهَارَ تَجْرِي مِن تَحْتِهِمْ فَأَهْلَكْنَاهُم بِذُنُوبِهِمْ وَأَنشَأْنَا مِن بَعْدِهِمْ قَرْنًا آخَرِينَ

ඔවුනට පෙර කොපමණ පරපුරක් අපි විනාශ කළෙමු දැයි ඔවුහු නුදුටුවෝ ද? අපි නුඹලාව ස්ථාපිත නොකළ අයුරින් ඔවුන්ව මිහිතලයෙහි (අධිකාරය දී) ස්ථාපිත කළෙමු. තවද අපි ඔවුන් වෙත අහසින් (වර්ෂාව අවශ්ය පරිදි) අධිකව යැව්වෙමු. ඔවුන්(ගේ වාසස්ථානයන්)ට පහළින් ගලා බසිනා ගංගාවන් අපි ඇති කළෙමු. පසුව ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුන්ව අපි විනාශ කළෙමු. තවද ඔවුනට පසු අපි වෙනත් පරපුරක් බිහි කළෙමු.
7

وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَابًا فِي قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَـٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌ

(නබිවරය,) පිටුවෙහි ලියැවුණු ධර්ම පුස්තකයක් අප ඔබ වෙත පහළ කර, එය ඔවුන් තම දෑත් වලින් ස්පර්ශ කළේ නම් ද “මෙය පැහැදිලි හූනියමක් මිස නැතැ”යි ප්රතික්ෂේප කළවුන් පවසනු ඇත.
8

وَقَالُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ مَلَكٌ ۖ وَلَوْ أَنزَلْنَا مَلَكًا لَّقُضِيَ الْأَمْرُ ثُمَّ لَا يُنظَرُونَ

තවද (නබිවරයෙකු බව තහවුරු කිරීම පිණිස) “මොහු කෙරෙහි මලක්වරයෙකු පහළ කරනු ලැබ යුතු නොවේ දැ?”යි ඔවුහු පවසති. අපි මලක්වරයෙකු පහළ කළේ නම් (ඔවුන්ගේ විනාශයේ) කරුණ තීරණය කරනු ලබනු ඇත. පසුව ඔවුනට අවකාශ දෙනු නොලැබේ. 2
2මලක්වරයෙකු පහළ නොකළේ මන්දැ?’යි 8 හා 9 යන ආයතයන්හි පැහැදිලි කර ඇත. 8 වැනි ආයතයෙන් පෙන්නුම් කරනුයේ අල්ලාහ්ගේ එක් පිළිවතක් පිළිබඳවය. එනම් ප්රතික්ෂේපකයින් යම් ප්රාතිහාර්යයක් පෙන්වන මෙන් ඉල්ලා සිටියේ නම් එම ඉල්ලීම අල්ලාහ් ඉටු කිරීමට පුළුවන. නමුත් එය සැබෑ වී පසුවත් ඔවුන් විශ්වාස නොකළේ නම් ඔවුන්ට කිසිදු අවකාශයක් නොදී ඔවුන්ව විනාශ කරන්නේය. මන්දයත් බොහෝ ප්රතික්ෂේපකයින්ගේ ප්රතික්ෂේපය පදනම් වී ඇත්තේ මුරණ්ඩුකම මතය. එහෙයින් ඔවුන් මලක්වරයෙකුව දෑස් වලින් දුටුව ද විශ්වාස නොකරන්නෝය. එමෙන්ම අල්ලාහ්ගේ විධානයට හා දහමට අනුකූල දැය, මිනිසාට අදෘශ්යයමාන වුවද එලෙසින්ම විශ්වාස කිරීම ඉස්ලාම් දහමේ පදනම හා අල්ලාහ්ගේ විභාගයයි. එවන් අදෘශ්යයමාන දැය මතුලොවෙහිදී දෑස් පනාපිටම මිනිසාට පෙන්වනු ලැබේ. එහෙයින් මිනිසා මෙලොවෙහිදී කොතරම් අකටයුතු කම් කළද ඔහුගේ පාපයන් සඳහා පශ්චාත්තාප වීමට ඉඩප්රස්ථාව ලබනුයේ මරණ මංචකය දක්වා පමණි. පසුව මතුලොවෙහිදී නැගිට අදෘශ්යයමාන දෑ සැබෑ ලෙස දකිමින් තමන් යායුතු ස්ථානයට එනම් ස්වර්ගයට හෝ නිරයට නිරන්තරයෙන් යනු නියතය. ඉහත ප්රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ගෙන් ගෙනහැර පෙන්වන මෙන් ඉල්ලා සිටියේ ද මෙවන් මිනිසාට අදෘශ්යයමාන මලක්වරුන්වය. එහෙයින් ඔවුන්ව මෙලොවෙහිදී දැකීම යනු ඉන්පසු විශ්වාස කිරීම යන අල්ලාහ්ගේ විභාගය අවසන් වී පශ්චාත්තාප වීමට පවා කාල අවකාශයක් නොලැබී විනාශය ඔවුනට තීන්දු වනු ඇත යන්න මින් අදහස් කෙරෙයි.
9

وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَّجَعَلْنَاهُ رَجُلًا وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ

තවද අපි ඔහුව(නබිවරයාව) මලක්වරයෙකු බවට පත් කළේ නම් අපි ඔහුව (නුඹලාට දර්ශනය කළ හැකි) මිනිසෙකු බවටම පත් කර ඇත්තෙමු. තවද ඔවුන් ව්යාකූලත්වයට පත්ව සිටි දැයින් අපි ඔවුන්ව ව්යාකූලත්වයට පත් කරන්නෙමු. 3
3මිනිසුන්ට මලක්වරයෙකුගේ සත්යය ස්වරූපය බැලීමට නොහැක. එසේ මලක්වරයාව මිනිස් ස්වරූපයෙන්ම යැව්වේ නම් නැවත ඔවුන් පෙර සේම ප්රශ්න මතු කරනු ඇත යන්නයි.
10

وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

(නබිවරය,) සැබැවින්ම නුඹට පෙර ද රසූල්වරුන් (තම සමූහයා විසින්) සමච්චලයට ලක් කරනු ලැබීය. එබැවින් ඔවුන්ට(රසූල්වරුන්ට) සමච්චල් කළවුන්ව ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ(දඬුවම) වටලා ගත්තේය.
11

قُلْ سِيرُوا فِي الْأَرْضِ ثُمَّ انظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ

(නබිවරය, ජනයින්ට) නුඹ පවසවු. “නුඹලා මිහිතලයෙහි ගමන් කරවු. පසුව අසත්යය කළවුන්ගේ අවසානය කෙසේ වී දැයි (නිරීක්ෂා කර) බලවු.”
12

قُل لِّمَن مَّا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قُل لِّلَّهِ ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ الرَّحْمَةَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ ۚ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ

“අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ කවරෙකු සතු වන්නේ දැ?”යි (නබිවරය,) නුඹ විමසවු. “අල්ලාහ් සතු යැ”යි නුඹ පවසවු. ඔහු කාරුණාව තමන් කෙරෙහිම නියම කර ගත්තේය. (මළවුන්) නැගිටුවනු ලබන දිනය සඳහා නුඹලාව සැබැවින්ම ඔහු එක් රැස් කරන්නේය. ඒ පිළිබඳව කිසිදු සැකයක් නැත. තමන්ටම පාඩු ඇති කර ගත්තවුන් (වන) ඔවුහු (මේ පිළිබඳව) විශ්වාස නොකරති.
13

وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

රාත්රියෙහි හා දහවලෙහි වෙසෙන දෑ ඔහුටම සතුය. තවද ඔහු සර්ව ශ්රාවකය සර්වඥය.
14

قُلْ أَغَيْرَ اللَّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ ۗ قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ ۖ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ

“අහස්හි හා මිහිතලයේ මුල් උත්පාදකයා වන අල්ලාහ් හැර (අන් අයෙකු) භාරකරුවෙකු වශයෙන් මම ගන්නෙම් ද? තවද ඔහු (සියල්ලන්ට) ආහාර සපයන්නේය. ඔහුට (කිසිවෙකු විසින්) ආහාර සපයනු නොලබයි” යැයි (නබිවරය, ජනයින්ට) නුඹ පවසවු. “අවනත වන්නන්ගෙන් ප්රමුඛයා වීමට හා සැබැවින්ම නුඹ ආදේශ තබන්නන් අතුරින් නොවවු යැයි සැබැවින්ම මම අණ කරනු ලැබුවෙමි.” යැයි ද නුඹ පවසවු.
15

قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ

“මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම්, සැබැවින්ම මහත් වූ දිනයක දඬුවමට මම බිය වෙමි” යැයි ද නුඹ පවසවු.
16

مَّن يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ ۚ وَذَٰلِكَ الْفَوْزُ الْمُبِينُ

එදින එයින්(දඬුවමෙන්) කවරෙකු (වළක්වනු ලැබ) හරවනු ලබන්නේද සැබැවින්ම ඔහු(අල්ලාහ්) ඔහුට කරුණාව දැක්වූවේය. තවද එයයි පැහැදිලි ජයග්රහණය වන්නේ.
17

وَإِن يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ ۖ وَإِن يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

අල්ලාහ් නුඹව (යම්) විපතක් මගින් ස්පර්ශ කරන්නේ නම් ඔහු හැර එය ඉවත් කරන්නෙකු නොමැත. තවද ඔහු නුඹට යහපතකින් ස්පර්ශ කරන්නේ නම් ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
18

وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ

ඔහුමය තම ගැත්තන්ට (වඩා) ඉහළින් බලපරාක්රම වන්නේ. තවද ඔහු සර්ව ප්රඥාවන්තය අභිඥානවන්තය.
19

قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادَةً ۖ قُلِ اللَّهُ ۖ شَهِيدٌ بَيْنِي وَبَيْنَكُمْ ۚ وَأُوحِيَ إِلَيَّ هَـٰذَا الْقُرْآنُ لِأُنذِرَكُم بِهِ وَمَن بَلَغَ ۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ اللَّهِ آلِهَةً أُخْرَىٰ ۚ قُل لَّا أَشْهَدُ ۚ قُلْ إِنَّمَا هُوَ إِلَـٰهٌ وَاحِدٌ وَإِنَّنِي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ

“සාක්ෂියෙන් කවර දැයක් ශ්රේෂ්ඨ වන්නේ දැ?”යි (නබිවරය,) නුඹ විමසවු. “අල්ලාහ්මය මා හා නුඹලා අතර සාක්ෂිකරුවා වන්නේ. තවද නුඹලාට හා කවරෙකුට එය(අල් කුර්ආනය) සේන්දු වූයේ ද ඔවුනට එමගින් මා අවවාද කිරීම පිණිස මෙම අල් කුර්ආනය මා වෙත වහී (දේව පණිවිඩ) ලෙස පහළ කරනු ලැබීය. අල්ලාහ් සමග වෙනත් දෙවිවරුන් ඇති බවට නුඹලා සාක්ෂි දරන්නෙහි දැ?”යි ද නුඹ විමසවු. “මම (මෙලෙස නුඹලා සමග) සාක්ෂි නොදරන්නෙමි.” යැයි පවසවු. “සැබැවින්ම ඔහුමය එකම දෙවියන් වන්නේ. තවද සැබැවින්ම නුඹලා ආදේශ තබන දැයින් මම නිදොස් වූවෙකි” යැයි ද නුඹ පවසවු.
20

الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمُ ۘ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ

අප කවරෙකුට ධර්ම පුස්තකය ලබා දුන්නේ ද ඔවුහු තමන්ගේ පුතුන් හඳුනා ගන්නා මෙන් ඔහුවද(නබිවරයාවද) හඳුනා ගනිති. 4 තමන්ටම පාඩු ඇති කර ගත්තවුන් නම්, ඔවුහු විශ්වාස නොකරති.
4තව්රාත්හි ද ඉන්ජීල්හි ද අනෙකුත් ධර්ම පුස්තකයන්හි ද නබි මුහම්මද් තුමාගේ පැමිණීම හා ඔහුගේ සංඥාවන් පිළිබඳව සඳහන් වී ඇත. මේවා හැදෑරූ උගත් ප්රභූවරුන් මේ පිළිබඳව දැන ගෙන සිටිය ද ඔවුන්ගේ පෞද්ගලික වාසි තකා ඔවුන් එය පිළිගැනීමෙන් වැළකී සිටින්නෝය.
21

وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ ۗ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ

කවරෙකු අල්ලාහ් පිළිබඳව බොරුවක් ගොතන්නේ ද නැතහොත් ඔහුගේ සංඥාවන් අසත්යය කරන්නේ ද ඔහුට වඩා මහත් අපරාධකරුවා කවරෙක් ද? සැබැවින්ම අපරාධකරුවෝ ජය නොලබති.
22

وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا أَيْنَ شُرَكَاؤُكُمُ الَّذِينَ كُنتُمْ تَزْعُمُونَ

ඔවුන් සියල්ලන්වම අප එක්රැස් කරන දින (සිහිපත් කරවු.) එවිට “නුඹලා තරයේ විශ්වාස කරමින් සිටි (ආදේශ තැබූ) නුඹලාගේ හවුල්කරුවන් (වන මිථ්යා දෙවිවරුන්) කොහේදැ?”යි ආදේශ තැබූවන්ට අපි පවසන්නෙමු.
23

ثُمَّ لَمْ تَكُن فِتْنَتُهُمْ إِلَّا أَن قَالُوا وَاللَّهِ رَبِّنَا مَا كُنَّا مُشْرِكِينَ

පසුව “අපගේ පරමාධිපති වන අල්ලාහ් මත දිවුරමින්, සැබැවින්ම අපි ආදේශකයින් නොවීමු’ යැයි ඔවුහු පවසනු මිස ඔවුන්ගේ පිරික්සුම(පිළිතුර) 5 නොවීය.
5මෙහි ඔවුන් ව්යාජව නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ‘ඔවුන්ගේ පිරික්සුම’ යැයි සඳහන් කොට ඇත.
24

انظُرْ كَيْفَ كَذَبُوا عَلَىٰ أَنفُسِهِمْ ۚ وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَفْتَرُونَ

ඔවුන් තමන් පිළිබඳවම අසත්ය ප්රකාශ කරනුයේ කෙසේ දැ?යි ද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යෑම ද (නබිවරය,) නුඹ (නිරීක්ෂණය කර) බලවු. 6
6මෙයින් පෙන්නුම් කරන්නේ මිනිසා විශ්වාස කළ මිථ්යා දෙවිවරුන් පිළිබඳවය. විනිශ්චය දිනයේ එම මිථ්යා දෙවිවරුන් ඔවුන්ට කිසිවකින් උදවු නොකරන්නෝය. මන්දයත් එම මිථ්යා දෙවිවරුන් පැවතිමින් සිටින්නන් යැයි මිනිසා සිතා සිටියද එදින එම දෙවිවරුන් නොසිටි හෙයින් ද වේ.
25

وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ ۖ وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۚ وَإِن يَرَوْا كُلَّ آيَةٍ لَّا يُؤْمِنُوا بِهَا ۚ حَتَّىٰ إِذَا جَاءُوكَ يُجَادِلُونَكَ يَقُولُ الَّذِينَ كَفَرُوا إِنْ هَـٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ

(නබිවරය, නුඹ අල් කුර්ආනය පාරායනය කරන විට) නුඹට ශ්රවණය කරන අයද (ප්රතික්ෂේපක) ඔවුන් අතුරින් සිටිති. තවද අපි ඔවුනට එ(ම අල් කුර්ආන)ය නොවැටහෙන සේ ඔවුන්ගේ හදවත් මත ආවරණයක් ද ඔවුන්ගේ කන් තුළ අගුලක් ද ඇති කළෙමු. 7 තවද සියලුම සංඥාවන් ඔවුන් දුටුවද ඒවා ඔවුහු විශ්වාස නොකරති. කෙතරම්ද යත් ඔවුහු ඔබ සමඟ තර්ක කරමින් ඔබ වෙත පැමිණි විට (එම) ප්රතික්ෂේප කළවුන්, “මේවා පැරැන්නන්ගේ (මිථ්යා) ප්රබන්ධ මිස නැතැ”යි පවසති.
7ඔවුන් අල් කුර්ආනයට හෝ නබි මුහම්මද් තුමාගේ දේශනාවට සවන් දෙන්නේ සත්යය නොපතන්නන් ලෙසය. තවද ඔවුන් එයට සවන් දෙන්නේ විනෝදයට හා සමච්චලයටය. එබැවින් එය ඔවුන්ට ප්රයෝජනයක් නොදුන්නේ යැයි ද ඔවුන්ගේ හිතුවක්කාරකම හේතුවෙන් ඔවුන්ගේ හදවත් තුළ ආවරණයක් දැමුවේ යැයි ද අල්ලාහ් පවසා ඇත.
26

وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْأَوْنَ عَنْهُ ۖ وَإِن يُهْلِكُونَ إِلَّا أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ

තවද ඔවුන් (ජනයින්ව) එ(ම මුහම්මද් නබිවරයාගෙන් හා අල් කුර්ආන)යෙන් වළක්වා ඔවුන් ද එයින් දුරස් වෙති. ඔවුන් ඔවුන්වම මිස විනාශ කරගන්නේ නැත. තවද (ඒ බව) ඔවුහු නොහඟති.
27

وَلَوْ تَرَىٰ إِذْ وُقِفُوا عَلَى النَّارِ فَقَالُوا يَا لَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ

(නිරා) ගින්න අබියස ඔවුන්ව සිටවනු ලබන අවස්ථාව නුඹ දුටුවෙහි නම්, එවිට ඔවුහු “අහෝ අපව ආපසු (ලොවට) හරවා යවනු ලබන්නේ නම් (මැනව! එවිට) අපි අපගේ පරමාධිපතිගේ සංඥාවන් අසත්යය නොකරන්නෙමු. තවද අපි විශ්වාසිකයින් අතුරින් වන්නෙමු” යැයි පවසති.
28

بَلْ بَدَا لَهُم مَّا كَانُوا يُخْفُونَ مِن قَبْلُ ۖ وَلَوْ رُدُّوا لَعَادُوا لِمَا نُهُوا عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ

නමුත් මෙයට පෙර (ලෞකික ජීවිතයෙහි) ඔවුන් සඟවමින් සිටි දෑ (එනම් ප්රතික්ෂේපය හා ආදේශ කිරීම එදින) ඔවුනට හෙළි විය. තවද ඔවුන් (එසේ) නැවත (මෙලොවට) හරවා යවනු ලැබුවේ නම් කුමකින් ඔවුන්ව වළක්වනු ලැබුවේ ද එය වෙත ඔවුන් නැවත යනු ඇත. තවද සැබැවින්ම ඔවුන් අසත්යවන්තයින්ය.
29

وَقَالُوا إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ

තවද “මෙ(ම ජීවිත)ය, අපගේ මෙලොව ජීවිතය මිස නැත. තවද අපි (මරණින් මතු) නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.” යැයි ඔවුහු (මෙලොවෙහි) පැවසුවෝය.
30

وَلَوْ تَرَىٰ إِذْ وُقِفُوا عَلَىٰ رَبِّهِمْ ۚ قَالَ أَلَيْسَ هَـٰذَا بِالْحَقِّ ۚ قَالُوا بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

තවද ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ව සිටවනු ලබන අවස්ථාව නුඹ දුටුවෙහි නම් (මහත් වූ කරුණක් නුඹ දකින්නෙහිය. එවිට) “මෙය සත්යය නොවේ ද?” යැයි (ඔවුන්ට) ඔහු(අල්ලාහ්) පවසයි. “එසේය. අපගේ පරමාධිපති මත දිවුරමින් (එය සත්යයකි)” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ප්රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් (මෙම) දඬුවම රස විඳිවු” යැයි ඔහු(අල්ලාහ්) පවසයි.
31

قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُوا بِلِقَاءِ اللَّهِ ۖ حَتَّىٰ إِذَا جَاءَتْهُمُ السَّاعَةُ بَغْتَةً قَالُوا يَا حَسْرَتَنَا عَلَىٰ مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَىٰ ظُهُورِهِمْ ۚ أَلَا سَاءَ مَا يَزِرُونَ

(විනිශ්චය දිනහි) අල්ලාහ්ව හමුවීම අසත්යය කළ අය සැබැවින්ම පාඩු වින්දෝය. කෙතරම්ද යත් (ලොව අවසන්) හෝරාව අනපේක්ෂිතව ඔවුන් වෙත පැමිණි විට ඔවුන්ගේ පිටකොන්ද මත ඔවුන්ගේ (පාප) බර ඔවුහු උසුලාගෙන සිටියදී “අප එ(ලොවෙ)හි නොසැලකිලිමත්ව කටයුතු කිරීමෙහි (ඇති වූ) අහෝ! අපගේ කනගාටුව” යැයි ඔවුහු (පසුතැවිල්ලෙන්) පවසති. දැන ගනු. ඔවුන් උසුලන දෑ නරකය.
32

وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَعِبٌ وَلَهْوٌ ۖ وَلَلدَّارُ الْآخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَ ۗ أَفَلَا تَعْقِلُونَ

ලෞකික ජීවිතය කෙළිදෙළක් හා පුහු විනෝදයක් මිස නැත. 8 තවද බිය භක්තිය ඇත්තන්ට මතුලොව නිවස(ස්වර්ගය) ඉතා ශ්රේෂ්ඨය. (මේ බව) නුඹලා වටහා නොගනුයේ ද?
8මෙම ආයතයේ ‘ලෞකික ජීවිතය කෙළිදෙළක්’ යනුවෙන් අදහස් කරන්නේ යමෙකුගේ මෙලොව ජීවිතයේදී අල්ලාහ් හා ඔහුගේ අණට අනවධානීන් ලෙස ජීවත් වූ කාලයයි. කෙසේ වෙතත් අල් කුර්ආනයේ හා නබි මුහම්මද් තුමාගේ සුන්නාවෙහි සඳහන් පරිදි කෙනෙකු තම කාලය හා විවේකය ඵලදායී ලෙස අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට අවනත වීමෙහි ඔහු ගත කර තිබුණේ නම් එය ඔහුට ආශිර්වාදයක් හා මිල කළ නොහැකි වටිනා සම්පතක් වන්නේය. තවද මෙම ආයතයෙහි ‘කෙළිදෙළක් හා පුහු විනෝදයක්’ යැයි පවසා ඇත්තේ මෙලොවෙහි ඇති සම්පත් මතුලොවේ ලැබෙන භාග්යයන් හා සංසන්දනය කර බලන විට එය කෙළිදෙළක් මෙන් වන හෙයිනි.
33

قَدْ نَعْلَمُ إِنَّهُ لَيَحْزُنُكَ الَّذِي يَقُولُونَ ۖ فَإِنَّهُمْ لَا يُكَذِّبُونَكَ وَلَـٰكِنَّ الظَّالِمِينَ بِآيَاتِ اللَّهِ يَجْحَدُونَ

(නබිවරය,) සැබැවින්ම (ප්රතික්ෂේපිත) ඔවුන් ප්රකාශ කරන දෑ නුඹව දුකට පත් කරන බව අපි දනිමු. සැබැවින්ම ඔවුහු නුඹව අසත්යය නොකරන්නෝය. නමුත් අපරාධකරුවන් අල්ලාහ්ගේ සංඥාවන් ප්රතික්ෂේප කර (අසත්යය කර)න්නෝය. 9
9මෙයින් අදහස් වන්නේ එකල මිථ්යා දෘෂ්ඨිකයින් දහම ප්රතික්ෂේප කළද නබි මුහම්මද් තුමාණන් සත්යයවන්තයෙකු යැයි විශ්වාස කරමින් සිටියෝය යන්නයි. ඔවුන්ගේ ප්රතික්ෂේපයට හේතු වන්නේ නබි මුහම්මද් තුමාණන්ව අසත්ය කිරීම නොව දහම ප්රතික්ෂේපය යැයි මින් අදහස් වේ.
34

وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ فَصَبَرُوا عَلَىٰ مَا كُذِّبُوا وَأُوذُوا حَتَّىٰ أَتَاهُمْ نَصْرُنَا ۚ وَلَا مُبَدِّلَ لِكَلِمَاتِ اللَّهِ ۚ وَلَقَدْ جَاءَكَ مِن نَّبَإِ الْمُرْسَلِينَ

තවද සැබැවින්ම නුඹට පෙරද (මෙලෙසම) රසූල්වරුන්ව අසත්යය කරනු ලැබූහ. එවිට ඔවුහු අසත්යය කරනු ලැබීම කෙරෙහි ඉවසා සිටියහ. තවද අපගෙන් වූ උපකාරය ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුන් පීඩාවට පත් කරනු ලැබූහ. තවද අල්ලාහ්ගේ වදන් 10 වෙනස් කරන කිසිවෙකු නැත. සැබැවින්ම (පෙර වූ) රසූල්වරුන්ගේ පුවත් අතුරින් (සමහරක්) නුඹ වෙත පැමිණ ඇත.
10අල්ලාහ්ගේ වදන් යනුවෙන් අදහස් කරන්නේ රසූල්වරයාට ද ඔහුව සත්යය ලෙස අනුගමනය කළ අයට ද අල්ලාහ් නියම කළ අවසාන විජයග්රහණයේ ප්රතිඥාවයි.
35

وَإِن كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ اسْتَطَعْتَ أَن تَبْتَغِيَ نَفَقًا فِي الْأَرْضِ أَوْ سُلَّمًا فِي السَّمَاءِ فَتَأْتِيَهُم بِآيَةٍ ۚ وَلَوْ شَاءَ اللَّهُ لَجَمَعَهُمْ عَلَى الْهُدَىٰ ۚ فَلَا تَكُونَنَّ مِنَ الْجَاهِلِينَ

තවද ඔවුන්ගේ පිටුපෑම නුඹ කෙරෙහි මහත් වූවා නම්, එවිට නුඹ මිහිතලයෙහි (පතුලට බැස යෑමට) උමඟක් හෝ අහසෙහි (ඉහළට නැග යෑමට) ඉණිමඟක් හෝ සොයා (ඔවුන් අපේක්ෂා කරන පරිදි) ඔවුන් වෙත සංඥාවක් නුඹ ගෙන එන්නට හැකි නම් (එසේ කරවු.) තවද අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් සියල්ලන්වම ඔහු යහමග වෙත එක්රැස් කරන්නට තිබිණ. 11 එබැවින් අඥානයින් අතුරින් සැබැවින්ම නුඹ නොවවු.
11අල්ලාහ් විසින් නබි මුහම්මද් තුමාණන්ට බොහෝ ප්රාතිහාර්යයන් දී තිබුණ ද මක්කාවාසී ප්රතික්ෂේපකයින් එයින් සෑහීමට පත් නොවී ඔවුන්ගේ අභිමතය පරිදි ප්රාතිහාර්යයන් පෙන්වන මෙන් ඉල්ලා සිටියෝය. එනම් මුළු ලොවම තරණය කළ හැකි පරිදි උමං මාර්ගයක් තනන මෙන් ද අහසට නැගීමට ඉණිමඟක් තනන මෙන් ද ඉල්ලා සිටියෝය. ඔවුන්ගේ හිතුවක්කාරකම පදනම් කරමින් ඔවුන් ඉල්ලන ඉල්ලීම අල්ලාහ් ඔහුගේ ප්රඥාවට අනුව පිළිනොගන්නා බව මෙයට පෙර අල්ලාහ් පැහැදිලි කර ඇත. නමුත් නබි මුහම්මද් තුමාණන් තමන්ගේ කරුණාව හේතුවෙන් මෙම ඉල්ලීම් ඉටු කළේ නම් ඇතැම් ප්රතික්ෂේපකයින් විශ්වාස කිරීමට ඉඩ ඇතැයි සිතුවේය. එබැවින් මෙම ආයතය නබි මුහම්මද් තුමාව ආමන්ත්රණය කර පහළ විය. මෙම ආයතයේ අල්ලාහ්ගේ ප්රඥාවට අනුව එසේ නොකරන බව ද නබි මුහම්මද් තුමාට එය කළ හැකි නම් එය කරන ලෙස ද සඳහන් කර ඇත. නමුත් එය නබි මුහම්මද් තුමාට කළ නොහැක්කකි.
36

إِنَّمَا يَسْتَجِيبُ الَّذِينَ يَسْمَعُونَ ۘ وَالْمَوْتَىٰ يَبْعَثُهُمُ اللَّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ

(නුඹගේ කැඳවීමට ප්රතිචාරය දක්වනුයේ ශ්රවණය කරන්නන්මය. තවද (හදවත ප්රතික්ෂේපයෙන්) මියගියවුන්, අල්ලාහ් ඔවුන්ව (විනිශ්චය දින) නැගිටුවා පසුව ඔහු වෙතම ඔවුන්ව නැවත යොමු කරවනු ලබන්නේය.
37

وَقَالُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ ۚ قُلْ إِنَّ اللَّهَ قَادِرٌ عَلَىٰ أَن يُنَزِّلَ آيَةً وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

“ඔහුගේ පරමාධිපතිගෙන් වූ (අප අපේක්ෂා කරන පරිදි) සංඥාවක් ඔහු වෙත පහළ කරනු නොලැබුවේ මන්දැ?”යි (ප්රතික්ෂේපක) ඔවුහු පවසති. “සැබැවින්ම සංඥාවක් පහළ කිරීමට අල්ලාහ් ශක්තිය ඇත්තාය. නමුත් ඔවුන්ගෙන් බහුතරය (ඒ පිළිබඳව) නොදනිති.
38

وَمَا مِن دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُم ۚ مَّا فَرَّطْنَا فِي الْكِتَابِ مِن شَيْءٍ ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ

මිහිතලයෙහි (වෙසෙන) කවර ජීවියෙකු වුව ද, තම අත්තටු වලින් පියාඹා යන කුරුල්ලෙකු වුව ද, (උන් සියල්ල) නුඹලා වැනිම සමූහයන් මිස නැත. ලේඛනයෙහි කිසිවක් (සටහන් නොකර) අපි අත් නොහළෙමු. පසුව ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන්ව එක්රැස් කරනු ලබන්නෝය. 12
12එක් අර්ථ විවරණයකට අනුව විනිශ්චය මිනිසුන්ට පමණක් සීමා වූවක් නොවේ. එය සතුන්ට ද පොදු වූවකි. එබැවින් එක් සතෙකු තවත් සතෙකුට රිදවීමක් ඇති කළේ නම් රිදවනු ලැබූ සත්වයාට රිද වූ සත්වයාගෙන් විනිශ්චය දිනදී පළි ගැනීමට අවස්ථාවක් දෙනු ලැබේ. මෙම අර්ථ විවරණයට අනුව මෙම ආයතයේ සඳහන් ‘ලේඛනය’ යනු ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයයි. එහි සියලු ජීවීන්ගේ කි්රයාවන් සටහන් වී ඇත. කෙසේ වෙතත් සත්වයින්ගේ විනිශ්චය අවසන් වීමෙන් පසුව සියලු සතුන් විනාශ වී යන්නේය. මිනිසුන්ගේ විනිශ්චය අවසන් වීමෙන් පසුව ඔවුන් ස්වර්ගයට හා නිරයට යවනු ලබන්නෝය. තවත් අර්ථ විවරණයකට අනුව මෙම ආයතය සඳහන් කරන්නේ ප්රතික්ෂේපකයින් තමන්ට අල්ලාහ්ගෙන් වූ සංඥාවක් පෙන්වන ලෙස ඉල්ලූ ඉල්ලීම පිළිබඳවය. මෙම ආයතය මගින් ඔවුන්ගේ අවධානය මුළු ලොවම විසිරුණු පොදු සංඥාවන් වෙත යොමු කර ඇත. මන්දයත් එමගින් අල්ලාහ්ගේ ශක්තිය හා ප්රඥාව තහවුරු කිරීමටය. මෙම අර්ථ විවරණයට අනුව ‘ලේඛනය’ යනු අල් කුර්ආනයයි. එහි අල්ලාහ් හා රසූල්වරයා පිළිබඳව සත්යය තහවුරු කිරීමේ මූලික කරුණු කිසිවක් අත් හරිනු ලැබ නැත. මින් පසුව ද ප්රතික්ෂේපකයින් ඔවුන්ගේ අභිමතයට අනුව සංඥාවන් පෙන්වන ලෙස ඉල්ලන්නේ නම් විනිශ්චය දින ඔවුන්ව එක් රැස් කරනු ලැබ ඔවුන්ගේ විෂයයෙහි අල්ලාහ් විසින් තීන්දු ගනු ලැබේ.
39

وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا صُمٌّ وَبُكْمٌ فِي الظُّلُمَاتِ ۗ مَن يَشَإِ اللَّهُ يُضْلِلْهُ وَمَن يَشَأْ يَجْعَلْهُ عَلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ

අපගේ (අල් කුර්ආනයේ) වදන් අසත්යය කළ අය අන්ධකාරයන්හි වූ බිහිරන් හා ගොළුවන්ය. අල්ලාහ් තමන් අභිමත කළ අයව නොමග යෑමට ඉඩ හරින්නේය. තවද තමන් අභිමත කළ අයව ඍජු මාර්ගය වෙත පත් කරන්නේය. 13
13මෙයින් අදහස් කරන්නේ ‘කවුරුන් තමන්ගේ මනෝ ඉච්ඡාවට වහල් වී අසත්යය තෝරා ගත්තේ ද ඔවුන්ව අල්ලාහ් ඍජු මග වෙත යොමු නොකරන්නේය’ යන්නය.
40

قُلْ أَرَأَيْتَكُمْ إِنْ أَتَاكُمْ عَذَابُ اللَّهِ أَوْ أَتَتْكُمُ السَّاعَةُ أَغَيْرَ اللَّهِ تَدْعُونَ إِن كُنتُمْ صَادِقِينَ

(නබිවරය, ප්රතික්ෂේපකයින්ට) නුඹ පවසවු. “නුඹලා වෙත අල්ලාහ්ගේ දඬුවම පැමිණියා නම් හෝ (ලොව අවසන්) හෝරාව පැමිණියා නම් අල්ලාහ් හැර සෙසු අයව නුඹලා ඇයැදින්නෙහි දැ?යි නුඹලා අවධානය කළෙහුද?” නුඹලා සත්යවාදීන්ව සිටියේ නම් (පිළිතුරු දෙවු).
41

بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِن شَاءَ وَتَنسَوْنَ مَا تُشْرِكُونَ

එසේ නොව, නුඹලා ඔහුවම ඇයැද සිටින්නෙහුය. එවිට ඔහු අභිමත කළේ නම් නුඹලා කුමක් සඳහා (ඔහුව) ඇයැද සිටින්නේද එ(ම දණ්ඩන)ය ඔහු ඉවත් කරන්නේය. තවද නුඹලා ආදේශ කරමින් සිටි දෑ නුඹලා අමතක කර දමන්නෙහුය.
42

وَلَقَدْ أَرْسَلْنَا إِلَىٰ أُمَمٍ مِّن قَبْلِكَ فَأَخَذْنَاهُم بِالْبَأْسَاءِ وَالضَّرَّاءِ لَعَلَّهُمْ يَتَضَرَّعُونَ

(නබිවරය,) සැබැවින්ම නුඹට පෙරවූ සමූහයන් වෙත අපි (රසූල්වරුන්ව) එවා ඇත්තෙමු. තවද දුෂ්කරතා හා දැඩි උවදුරු වලින් ඔවුන්ව(සමූහයාව) අපි ග්රහණය කළෙමු. (එමගින්) ඔවුන් යටහත් පහත් විය හැක්කේය.
43

فَلَوْلَا إِذْ جَاءَهُم بَأْسُنَا تَضَرَّعُوا وَلَـٰكِن قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ مَا كَانُوا يَعْمَلُونَ

තවද අපගේ දුෂ්කරතාවන්(දඬුවම) ඔවුන් වෙත පැමිණි විට ඔවුන් යටහත් පහත් විය යුතු නොවේද? 14 එනමුත් ඔවුන්ගේ හදවත් දැඩි විය. තවද ඔවුන් කරමින් සිටි (පාපකාරී) දෑ ෂෙයිතාන් ඔවුනට (ආකර්ෂණය වන පරිදි) අලංකාර කර පෙන්වීය.
14මෙයින් අදහස් කරන්නේ අල්ලාහ් සමූහයක් විනාශ කිරීමට පෙර, පළමුව ඔවුන්ට රසූල්වරයෙකු මගින් අවවාද කරන්නේය. දෙවනුව ඔවුන්ව කුඩා දුෂ්කරතාවන් වලින් පිරික්සුම් කරන්නේය. එමගින් ඔවුන් පාඩමක් ඉගෙන ගෙන පශ්චාත්තාප විය හැක්කේය.
44

فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ حَتَّىٰ إِذَا فَرِحُوا بِمَا أُوتُوا أَخَذْنَاهُم بَغْتَةً فَإِذَا هُم مُّبْلِسُونَ

එබැවින් කුමක් මගින් ඔවුනට උපදෙස් දෙනු ලැබූවේ ද ඔවුහු එය අමතක කර දැමූ කල්හි සියලු දෑහි(වරප්රසාදයන්හි) දොරටු ඔවුනට අපි විවෘත කළෙමු. කෙතරම් ද යත් ඔවුන්ට දෙනු ලැබූ දෑ පිළිබඳව ඔවුන් සතුටට පත් වන විට අනපේක්ෂිතව ඔවුන්ව අපි ග්රහණය කළෙමු. එවිට ඔවුන් බලාපොරොත්තු සුන්වූවන් වූහ.
45

فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُوا ۚ وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

එබැවින් අපරාධ කළ පිරිසේ අවසානයා තෙක් මුලිනුපුටා දමනු ලැබීය. සියලු පැසසුම් සමස්ත විශ්වයේ පරමාධිපති අල්ලාහ් සතුය.
46

قُلْ أَرَأَيْتُمْ إِنْ أَخَذَ اللَّهُ سَمْعَكُمْ وَأَبْصَارَكُمْ وَخَتَمَ عَلَىٰ قُلُوبِكُم مَّنْ إِلَـٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُم بِهِ ۗ انظُرْ كَيْفَ نُصَرِّفُ الْآيَاتِ ثُمَّ هُمْ يَصْدِفُونَ

“නුඹලාගේ ශ්රවණය ද නුඹලාගේ දසුන් ද අල්ලාහ් ඉවත් කර දමා නුඹලාගේ හදවත් වලට ඔහු මුද්රා තැබුවේ නම් ඒවා (නැවත) නුඹලා වෙත ගෙන ඒමට අල්ලාහ් හැර කවර දෙවියෙකු සිටී දැ?”යි නුඹලා අවධානය කළෙහු දැ?”යි (නබිවරය,) නුඹ පවසවු. වදන් අපි කෙසේ (විවිධාකාරව) පැහැදිලි කරන්නෙමු දැ’යි නුඹ (නිරීක්ෂණය කර) බලවු. (එයට) පසුවද ඔවුහු පිටුපාති.
47

قُلْ أَرَأَيْتَكُمْ إِنْ أَتَاكُمْ عَذَابُ اللَّهِ بَغْتَةً أَوْ جَهْرَةً هَلْ يُهْلَكُ إِلَّا الْقَوْمُ الظَّالِمُونَ

“අල්ලාහ්ගේ දඬුවම අනපේක්ෂිතව හෝ ප්රසිද්ධියේම නුඹලා වෙත පැමිණියේ නම් අපරාධකාර පිරිස හැරෙන්නට (අන් කිසිවෙකු) විනාශ කරනු ලැබේ දැ?යි නුඹලා අවධානය කළෙහු දැ?’යි (නබිවරය,ඔවුනට) නුඹ පවසවු.
48

وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ ۖ فَمَنْ آمَنَ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

ශුභාරංචි පවසන්නන් හා අවවාද කරන්නන් ලෙස හැර රසූල්වරුන්ව අපි නොඑවන්නෙමු. තවද කවරෙකු විශ්වාස කර (තමන්ව) සංශෝධනය කර ගත්තේ ද ඔවුනට (කිසිදු) බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් වන්නෝ ද නැත.
49

وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا يَمَسُّهُمُ الْعَذَابُ بِمَا كَانُوا يَفْسُقُونَ

තවද අපගේ සංඥාවන් කවරෙකු අසත්යය කළේ ද ඔවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් දඬුවම (වේදනාව) ඔවුන්ව ස්පර්ශ කරයි.
50

قُل لَّا أَقُولُ لَكُمْ عِندِي خَزَائِنُ اللَّهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ لَكُمْ إِنِّي مَلَكٌ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ ۚ قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ ۚ أَفَلَا تَتَفَكَّرُونَ

(නබිවරය, ඔවුනට) නුඹ පවසවු, “මා අබියස අල්ලාහ්ගේ ධන සම්භාරයන් ඇතැ’යි මම නුඹලාට නොපවසන්නෙමි. තවද ගුප්ත දෑ (පිළිබඳව) මම නොදනිමි. සැබැවින්ම මම මලක්වරයෙකු යැයි ද මම නුඹලාට නොපවසන්නෙමි. මා වෙත පහළ කරනු ලැබූ වහී (දේව පණිවිඩ) හැර මම පිළිනොපදිමි.” “අන්ධයා හා පෙනුමැත්තා එක සමාන වන්නේ ද? එබැවින් නුඹලා (ඒ බව) සිතා නොබලන්නෙහු දැ?”යි නුඹ (ඔවුනට) පවසවු.
51

وَأَنذِرْ بِهِ الَّذِينَ يَخَافُونَ أَن يُحْشَرُوا إِلَىٰ رَبِّهِمْ ۙ لَيْسَ لَهُم مِّن دُونِهِ وَلِيٌّ وَلَا شَفِيعٌ لَّعَلَّهُمْ يَتَّقُونَ

තවද තම පරමාධිපති වෙත එක්රැස් කරනු ලැබීම පිළිබඳව බියට පත්වන්නන්ට ඔහු(අල්ලාහ්) හැර ඔවුනට කිසිදු උදව්කරුවෙකු හා (ඔවුන්) වෙනුවෙන් මැදිහත්වන්නෙකු නොමැති බව නුඹ එ(ම අල් කුර්ආන)ය මගින් අවවාද කරවු. (එවිට) ඔවුන් බිය භක්තිමත් විය හැක්කේය.
52

وَلَا تَطْرُدِ الَّذِينَ يَدْعُونَ رَبَّهُم بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ ۖ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِّن شَيْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَيْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ الظَّالِمِينَ

තවද (නබිවරය,) තමන්ගේ පරමාධිපතිව, ඔහුගේ තෘප්තිය අපේක්ෂා කරමින් උදෑසන හා සවස කැඳවන්නන්ව 15 නුඹ පලවා නොහරිවු. 16 ඔවුන්( කළ කි්රයාවන්)ගේ ගණන් බැලීම පිළිබඳව (වගකීම්) කිසිවක් නුඹ කෙරෙහි නැත. තවද නුඹ( කළ කි්රයාවන්)ගේ ගණන් බැලීම පිළිබඳව ඔවුන් කෙරෙහි කිසිවක් නැත. එබැවින් නුඹ ඔවුන්ව පලවා හැරියේ නම් එවිට නුඹ අපරාධකරුවන් අතුරින් වන්නෙහිය.
15මෙම ආයතයෙන් අල්ලාහ්ගේ තෘප්තිය පමණක් අපේක්ෂාවෙන් යහ ක්රියාවන්හි නියැලෙමින් සිටි නබි මුහම්මද් තුමාණන් ඇසුරේ සිටි දුප්පත් උදවිය පිළිබඳව අදහස් කරන්නේය යැයි අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත.
16මක්කාවේ විසූ කුරෙයිෂ් ගෝත්රයට අයත් ධනවත් ප්රධානීන් නබි මුහම්මද් තුමාගේ පියාගේ සහෝදරයෙකු වූ අබූ තාලිබ්ට “අප නබි මුහම්මද් තුමාව පිළිනොගැනීමට හේතුව එතුමා වටා සිටින්නේ වහල්ලුන් හා සමාජයේ පහත් වූ උදවියයි. ඔහු ඔවුන්ව තමාගේ ඇසුරෙන් ඉවත් කළේ නම් අපි ඔහුව පිළිගන්නෙමු” යැයි පැවසුවෝය. මෙම ආයතය පහළ වූයේ එම අවස්ථාවේදී ය.
53

وَكَذَٰلِكَ فَتَنَّا بَعْضَهُم بِبَعْضٍ لِّيَقُولُوا أَهَـٰؤُلَاءِ مَنَّ اللَّهُ عَلَيْهِم مِّن بَيْنِنَا ۗ أَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِالشَّاكِرِينَ

“අප අතුරින් අල්ලාහ් (යහමග) දායාද කළ යුත්තේ (දුප්පතුන් වන) මොවුන්ට දැ?යි (ප්රතික්ෂේපක ධනවතුන් වන) ඔවුහු පැවසීම පිණිස ඔවුන්ගෙන් සමහරෙකුව (තවත්) සමහරෙකු මගින් අපි මෙලෙස පිරික්සුම් කළෙමු. කෘතවේදීන් පිළිබඳව මැනවින් දන්නා අල්ලාහ් නොවේ ද?
54

وَإِذَا جَاءَكَ الَّذِينَ يُؤْمِنُونَ بِآيَاتِنَا فَقُلْ سَلَامٌ عَلَيْكُمْ ۖ كَتَبَ رَبُّكُمْ عَلَىٰ نَفْسِهِ الرَّحْمَةَ ۖ أَنَّهُ مَنْ عَمِلَ مِنكُمْ سُوءًا بِجَهَالَةٍ ثُمَّ تَابَ مِن بَعْدِهِ وَأَصْلَحَ فَأَنَّهُ غَفُورٌ رَّحِيمٌ

තවද අපගේ වදන් විශ්වාස කළවුන් නුඹ වෙත පැමිණි කල්හි “නුඹලා කෙරෙහි සලාම්(ශාන්තිය) අත් වේවා! නුඹලාගේ පරමාධිපති කරුණාව තමන් කෙරෙහිම නියම කරගත්තේය.නුඹලා අතුරින් කවරෙකු අඥානකමින් (යම්) නරකක්(පාපයක්) කර එයට පසුව පශ්චාත්තාප වී (තමන්ව) සංශෝධනය කර ගත්තේද එවිට සැබැවින්ම ඔහු(අල්ලාහ්) අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය” යැයි (නබිවරය,) නුඹ පවසවු.
55

وَكَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ وَلِتَسْتَبِينَ سَبِيلُ الْمُجْرِمِينَ

මෙලෙස අපි වදන් පැහැදිලි කරන්නෙමු. (මක්නිසාද යත්) වැරදිකරුවන්ගේ මාර්ගය පැහැදිලි වනු පිණිසය.
56

قُلْ إِنِّي نُهِيتُ أَنْ أَعْبُدَ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللَّهِ ۚ قُل لَّا أَتَّبِعُ أَهْوَاءَكُمْ ۙ قَدْ ضَلَلْتُ إِذًا وَمَا أَنَا مِنَ الْمُهْتَدِينَ

“අල්ලාහ් හැර නුඹලා කැඳවන දෑ මා නැමදීමට සැබැවින්ම මා වළක්වනු ලැබ ඇතැ”යි (නබිවරය, ඔවුනට) නුඹ පවසවු. (තවද) “නුඹලාගේ මනෝ ඉච්ඡාවන් මම අනුගමනය නොකරමි. එ(සේ අනුගමනය කළ)විට මම නොමග ගිය අයෙකු වන්නෙමි. තවද මම යහමග ලැබූවන්ගෙන් (කෙනෙකු) නොවෙමි.” යැයි ද නුඹ පවසවු.
57

قُلْ إِنِّي عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّي وَكَذَّبْتُم بِهِ ۚ مَا عِندِي مَا تَسْتَعْجِلُونَ بِهِ ۚ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۖ يَقُصُّ الْحَقَّ ۖ وَهُوَ خَيْرُ الْفَاصِلِينَ

“සැබැවින්ම මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධක මත සිටිමි. තවද නුඹලා එය අසත්යය කළෙහුය. නුඹලා කවර දෙයක් පිළිබඳව ඉක්මන් වන්නෙහු ද එය(දඬුවම) මා සතුව නැත. 17 තීන්දුව අල්ලාහ් සතුව මිස (වෙනත් කිසිවෙකු සතුව) නැත. ඔහු සත්යය දන්වා සිටින්නේය. තවද ඔහු විනිශ්චය ලබා දෙන්නන්ගෙන් අති ශ්රේෂ්ඨයැ”යි නුඹ පවසවු.
17ප්රතික්ෂේපකයින් අල්ලාහ්ගෙන් වූ දඬුවම සත්යය නම් එසැණින් ගෙන එන මෙන් නබි මුහම්මද් තුමාණන්ට අභියෝග කළෝය. මෙම ආයතය සඳහන් කරන්නේ ඔවුන්ගේ එම අභියෝගය පිළිබඳවයි.
58

قُل لَّوْ أَنَّ عِندِي مَا تَسْتَعْجِلُونَ بِهِ لَقُضِيَ الْأَمْرُ بَيْنِي وَبَيْنَكُمْ ۗ وَاللَّهُ أَعْلَمُ بِالظَّالِمِينَ

“නුඹලා කවර දෙයක් පිළිබඳව ඉක්මන්වන්නෙහු ද එය මා සතුව ඇත්නම් මා අතර හා නුඹලා අතර වූ කරුණ(දඬුවම) තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද අපරාධකරුවන් පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නාය” යැයි නුඹ පවසවු.
59

وَعِندَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُوَ ۚ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ ۚ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَابٍ مُّبِينٍ

තවද ගුප්ත දෑහි යතුරු ඔහු සතුව ඇත. ඔහු හැර (අන්) කිසිවෙකු ඒවා නොදනියි. තවද ඔහු ගොඩබිමෙහි හා සාගරයෙහි ඇති දෑ දන්නේය. (ගසක) කොළයක් බිම වැටෙන්නේ නැත, ඔහු එය දැනගෙන සිටියේ නම් මිස. මිහිතලයේ (පතුලේ ඇති) අන්ධකාරයන්හි වූ බීජයක් වුවද තෙත්වූවක් වුව ද වියළිවූවක් වුව ද (එය) පැහැදිලි වූ (ලව්හුල් මහ්ෆූල් නැමැති) පුස්තකයෙහි (සඳහන් වී) මිස නැත.
60

وَهُوَ الَّذِي يَتَوَفَّاكُم بِاللَّيْلِ وَيَعْلَمُ مَا جَرَحْتُم بِالنَّهَارِ ثُمَّ يَبْعَثُكُمْ فِيهِ لِيُقْضَىٰ أَجَلٌ مُّسَمًّى ۖ ثُمَّ إِلَيْهِ مَرْجِعُكُمْ ثُمَّ يُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

තවද ඔහුමය රාත්රියෙහි (නින්දේදී) නුඹලාව අත්පත් කරන්නේ. තවද දහවලෙහි නුඹලා උපයන දෑ පිළිබඳව ඔහු දන්නේය. පසුව (නුඹලා ජීවත් වීමට) නියම කරනු ලැබූ කාලය ගත කරනු ලැබීම පිණිස එහි(දහවලෙහි) නුඹලාව (නින්දෙන්) ඔහු නැගිටුවන්නේය. පසුව ඔහු වෙතමය නුඹලාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ. එවිට නුඹලා (මෙලොව) කරමින් සිටි දෑ පිළිබඳව ඔහු නුඹලාට දන්වන්නේය.
61

وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ ۖ وَيُرْسِلُ عَلَيْكُمْ حَفَظَةً حَتَّىٰ إِذَا جَاءَ أَحَدَكُمُ الْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لَا يُفَرِّطُونَ

තවද ඔහුමය තම ගැත්තන්ට (වඩා) ඉහළින් බලපරාක්රම වන්නේ. තවද නුඹලා කෙරෙහි (මලක්වරුන්ගෙන් වූ) ආරක්ෂකයින්ව ඔහු යවන්නේය. 18 කෙතරම්ද යත් නුඹලාගෙන් කෙනෙකුට මරණය පැමිණි විට අපගේ දේවදූතයෝ, ඔවුන් (අල්ලාහ්ගේ අණට) කිසිදු අඩුපාඩුවක් නොකර ඔහුගේ ප්රාණය අත්පත් කර ගනී.
18මෙහි සඳහන් වන්නේ මිනිසුන් සියල්ලන්ගේ කි්රයාවන් සටහන් කරන මලක්වරුන් පිළිබඳවය. තවද ඔවුහු විවිධ උවදුරු වලින් ජනයින්ව ආරක්ෂා කරති.
62

ثُمَّ رُدُّوا إِلَى اللَّهِ مَوْلَاهُمُ الْحَقِّ ۚ أَلَا لَهُ الْحُكْمُ وَهُوَ أَسْرَعُ الْحَاسِبِينَ

පසුව ඔවුන්ගේ සැබෑ භාරකරුවා වන අල්ලාහ් වෙතට ඔවුන් (සියල්ලන්ම) නැවත යොමු කරනු ලබති. දැනගනිවු. විනිශ්චය ඔහු සතුය. තවද ඔහු (නුඹලා කළ දෑ පිළිබඳව) ගණන් විමසන්නන්ගේ අති ශීඝ්රයාය.
63

قُلْ مَن يُنَجِّيكُم مِّن ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ تَدْعُونَهُ تَضَرُّعًا وَخُفْيَةً لَّئِنْ أَنجَانَا مِنْ هَـٰذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ

(නබිවරය, ප්රතික්ෂේපකයින්ට) නුඹ පවසවු, “මෙයින් අපව ඔහු ආරක්ෂා කළේ නම් සැබැවින්ම අපි කෘතවේදීන් අතුරින් වන්නෙමු යැයි (පවසමින්) යටහත් පහත්ව හා රහසිගතව ඔහුගෙන් ප්රාර්ථනා කරමින් සිටිය දී ගොඩබිමේ හා සාගරයේ අන්ධකාරයන්ගෙන් නුඹලාව ආරක්ෂා කරනුයේ කවරෙක් ද?” 19
19අරාබිකරයේ සිටි මිථ්යා දෘෂ්ටිකයන් උත්කෘෂ්ඨ දෙවියෙකු ලෙස අල්ලාහ්ව විශ්වාස කළද ඔවුන් අනෙක් මිථ්යා දෙවිවරුන්ව ද විශ්වාස කළෝය. ඔවුන්ගේ විශ්වාසයට අනුව එම දෙවිවරුන් ලෞකික අවශ්යතාවන් වලට භාරව සිටියෝය. එබැවින් ඔවුන් නිවෙස්හි සිටින විට මෙම දෙවිවරුන්ව ඇයැදින්නෝය. නමුත් ඔවුන් ගමනක් ගොස් යම් ස්ථානයක අතරමං වූයේ නම් හෝ මුහුදු යාත්රාවක ගමන් කරමින් සිටියදී කුණාටුවක් වැනි ආපදාවක් සිදු වූයේ නම් හෝ එවිට ඔවුන් තමන් නමදින දෙවිවරුන්ව නොකැඳවා අල්ලාහ්ව පමණක් කැඳවන්නෝය. අල් කුර්ආනයේ මෙවැනි සිද්ධීන් විවිධ ස්ථානයන් වල සඳහන් වී ඇත. මෙය ඉන් එකකි.
64

قُلِ اللَّهُ يُنَجِّيكُم مِّنْهَا وَمِن كُلِّ كَرْبٍ ثُمَّ أَنتُمْ تُشْرِكُونَ

“එයින් ද සියලු පීඩාවන්ගෙන් ද නුඹලාව අල්ලාහ් ආරක්ෂා කරන්නේය. පසුවද නුඹලා (අල්ලාහ්ට) ආදේශ තබන්නෙහු යැ”යි ද නුඹ පවසවු.
65

قُلْ هُوَ الْقَادِرُ عَلَىٰ أَن يَبْعَثَ عَلَيْكُمْ عَذَابًا مِّن فَوْقِكُمْ أَوْ مِن تَحْتِ أَرْجُلِكُمْ أَوْ يَلْبِسَكُمْ شِيَعًا وَيُذِيقَ بَعْضَكُم بَأْسَ بَعْضٍ ۗ انظُرْ كَيْفَ نُصَرِّفُ الْآيَاتِ لَعَلَّهُمْ يَفْقَهُونَ

“ඔහු(අල්ලාහ්) නුඹලාට ඉහළින් හෝ නුඹලාගේ පාදයන්ට පහළින් හෝ දඬුවමක් නුඹලා කෙරෙහි යැවීමට ද කණ්ඩායම් ලෙස නුඹලාව ව්යාකූලත්වයට පත් කර සමහරෙකුගේ හිංසාව නුඹලාගෙන් (තවත්) සමහරෙකුට රස විඳීමට සැලැස්වීමට ද ඔහු බලය ඇත්තා යැ”යි නුඹ පවසවු. 20 ඔවුන් වටහා ගනු පිණිස (අපගේ) වදන් අපි කෙසේ (විවිධාකාරව) පැහැදිලි කරන්නෙමු දැ’යි නුඹ (නිරීක්ෂණය කර) බලවු.
20මෙම ආයතයේ ‘නුඹලාව ව්යාකූලත්වයට පත් කර’ යනු එක් සමාජයක් තුළ ඔවුන් අතරම අසමගියක් ඇතිවීමය. තවද ‘සමහරෙකුගේ හිංසාව නුඹලාගෙන් (තවත්) සමහරෙකුට රස විඳීමට සැලැස්වීම’ යනු ඔවුන් අතර දරුණු අරගලයක් ඇති වීමය.
66

وَكَذَّبَ بِهِ قَوْمُكَ وَهُوَ الْحَقُّ ۚ قُل لَّسْتُ عَلَيْكُم بِوَكِيلٍ

මෙ(ම අල් කුර්ආන)ය සත්යයක්ව තිබියදී ද නුඹගේ පිරිස එය අසත්යය කළෝය. “මම නුඹලාට භාරකරුවෙකු නොවෙමි.” 21 යැයි (නබිවරය, ඔවුනට) නුඹ පවසවු.
21මෙම ආයතයෙන් අදහස් වනුයේ දේව පණිවිඩය ජනයින්ට ප්රචාරය කිරීම නබි මුහම්මද් තුමාණන්ගේ වගකීමක් වන අතර ‘ජනයින්ට සත්යය පිළිගන්නා ලෙස බල කිරීමට එතුමන්ට අයිතියක් නොමැත’ යන්නයි.
67

لِّكُلِّ نَبَإٍ مُّسْتَقَرٌّ ۚ وَسَوْفَ تَعْلَمُونَ

සෑම පුවතකටම (එය සිදුවීමෙහි ස්ථානය හා වේලාව පිළිබඳ) නිර්ණයක් ඇත. තවද (ඒ පිළිබඳව) නුඹලා මතු දැන ගනු ඇත.
68

وَإِذَا رَأَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آيَاتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّىٰ يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ ۚ وَإِمَّا يُنسِيَنَّكَ الشَّيْطَانُ فَلَا تَقْعُدْ بَعْدَ الذِّكْرَىٰ مَعَ الْقَوْمِ الظَّالِمِينَ

අපගේ (අල් කුර්ආන්) වදන් විෂයෙහි (වැරදි සොයමින් කතාවෙහි) නියැළී සිටින්නන්ව නුඹ දකින විට, එය නොවන (වෙනත්) කතාවක ඔවුහු නියැළෙන තුරු නුඹ (ඔවුන් සමග වාඩි නොවී) ඔවුන්ව නොසලකා හරිවු. තවද (මෙම විධානයට පසුව ද) නුඹට ෂෙයිතාන් අමතක (කරවා නුඹව වාඩි) කෙරෙව්වේ නම් (එය) සිහි වූ පසු අපරාධකාර පිරිස සමඟ නුඹ වාඩි නොවවු.
69

وَمَا عَلَى الَّذِينَ يَتَّقُونَ مِنْ حِسَابِهِم مِّن شَيْءٍ وَلَـٰكِن ذِكْرَىٰ لَعَلَّهُمْ يَتَّقُونَ

තවද ඔවුන්ගේ (වැරදි සොයමින් කතාවෙහි නියැළී සිටින්නන්ගේ පව් පින්) ගණන් විනිශ්චය පිළිබඳව (වූ වගකීම්) කිසිවක් (අල්ලාහ්ට) බිය භක්තිමත්වන්නන් කෙරෙහි නැත. නමුත් (ඔවුන් කෙරෙහි) සිහිපත් කිරීම ඔවුන් බිය භක්තිමත් වීම පිණිසය. 22
22මෙම ආයතයෙන් අදහස් වනුයේ අපරාධකරුවන්ගේ පාපයන් පිළිබඳව බිය භක්තිමත් දැහැමියන්ට කිසිදු වගකීමක් නොමැති අතර ඔවුනට බල කිරීමටද අවශ්ය නැත, එහෙත් තමන් එවන් අපරාධකරුවන්ට යහපත පවසා යහමගට ඇරයුම් කිරීමෙන් තමන් බියභක්තිමත් වීමට රුකුළක් වන බවයි.
70

وَذَرِ الَّذِينَ اتَّخَذُوا دِينَهُمْ لَعِبًا وَلَهْوًا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا ۚ وَذَكِّرْ بِهِ أَن تُبْسَلَ نَفْسٌ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِن دُونِ اللَّهِ وَلِيٌّ وَلَا شَفِيعٌ وَإِن تَعْدِلْ كُلَّ عَدْلٍ لَّا يُؤْخَذْ مِنْهَا ۗ أُولَـٰئِكَ الَّذِينَ أُبْسِلُوا بِمَا كَسَبُوا ۖ لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْفُرُونَ

කවරෙකු තම දහම කෙළිදෙළක් හා පුහු විනෝදයක් ලෙස ගත්තේද ඔවුන්ව නුඹ අත හැර දමවු. තවද ලෞකික ජීවිතය ඔවුන්ව රැවටුවේය. තවද ආත්මාවක් උපයා ගත් දෑ(පාපයන්) හේතුවෙන් එ(ම ආත්ම)ය විනාශයට පත් වනු ලැබීම පිළිබඳව මෙ(ම අල් කුර්ආනය )මගින් නුඹ උපදෙස් දෙවු. අල්ලාහ් හැර භාරකරුවෙකු හා (එම ආත්මාව) වෙනුවෙන් ඇයැද සිටින්නෙකු එ(ම ආත්ම)යට නැත. සියලු (ආකාරයේ) වන්දි, (ආත්මයේ නිදහසට) වන්දි වශයෙන් ගෙවුවද එයින්(එම ආත්මයෙන්) එය භාර ගනු නොලැබේ. 23 ඔවුන්මය තමන් උපයා ගත් දෑ හේතුවෙන් විනාශයට පත් කරනු ලැබූවන් වන්නේ. ඔවුන් ප්රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් නටන උණු ජලයෙන් වූ පානයක් ද වේදනීය දඬුවමක් ද ඔවුනට ඇත.
23ලොව අවසන් විනිශ්චය දිනදී තම පාපයන්ගෙන් නිදහස් වීමට ඔහුට කිසිදු වන්දියක් දිය නොහැක. එහෙත් එදිනදී ලොවේ සියලු වස්තූන් වන්දී වශයෙන් දී හෝ තමන් නිදහස් වීමට වෙර දැරුවද ඒවා ඔහුගෙන් පිළි නොගන්නා බව මින් අදහස් කෙරේ.
71

قُلْ أَنَدْعُو مِن دُونِ اللَّهِ مَا لَا يَنفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَىٰ أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَانَا اللَّهُ كَالَّذِي اسْتَهْوَتْهُ الشَّيَاطِينُ فِي الْأَرْضِ حَيْرَانَ لَهُ أَصْحَابٌ يَدْعُونَهُ إِلَى الْهُدَى ائْتِنَا ۗ قُلْ إِنَّ هُدَى اللَّهِ هُوَ الْهُدَىٰ ۖ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ الْعَالَمِينَ

(නබිවරය,) නුඹ පවසවු “අල්ලාහ් හැර අපට (කිසිදු) ප්රයෝජනයක් කළ නොහැකි තවද අපට (කිසිදු) හානියක් කළ නොහැකි දෑ අප ඇයැදින්නෙමු ද? අල්ලාහ් අපට යහමග පෙන් වූ පසු නැවත අපගේ විළුඹු මත (පෙර තත්ත්වයටම පිටුපා) හැරී යන්නෙමු ද? (එසේ අපි හැරෙන්නේ නම් අපද) කවරෙකු ව්යාකූලත්වයේ සිටියදී ෂෙයිතානුන් මිහිතලයෙහි මුළාවට පත් කළේ ද ඔහු මෙන් ය. (තවද) ඔහුට ‘අප වෙත (යහමගට) පැමිණෙවු’ යැයි යහමග වෙත ඔහුව කැඳවන සගයින් ද සිටියෝය.” “සැබැවින්ම අල්ලාහ්ගේ යහ මගමය (නිවැරදි) යහමග වන්නේ. තවද විශ්වයේ පරමාධිපතිට අවනතවන්නට අපි අණ කරනු ලැබුවෙමු” යැයි ද නුඹ පවසවු.
72

وَأَنْ أَقِيمُوا الصَّلَاةَ وَاتَّقُوهُ ۚ وَهُوَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ

“තවද නුඹලා සලාතය ස්ථාපිත කරවු යැයි ද ඔහුට බිය භක්තිමත් වවු යැයි ද (අපි අණ කරනු ලැබුවෙමු)” (යැයි ද නුඹ පවසවු.) ඔහු(අල්ලාහ්) වෙතමය නුඹලා එක් රැස් කරනු ලබනුයේ.
73

وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۖ وَيَوْمَ يَقُولُ كُن فَيَكُونُ ۚ قَوْلُهُ الْحَقُّ ۚ وَلَهُ الْمُلْكُ يَوْمَ يُنفَخُ فِي الصُّورِ ۚ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ

අහස් හා මිහිතලය සත්යය( අරමුණ)කින් 24 යුතුව මැව්වේ ඔහුමය. (එක් දිනක් නුඹ සිහිපත් කරවු) එදින ‘වනු’ යැයි ඔහු පැවසූ වහාම එය(මළවුන් නැගිටු වීම හා විනිශ්චයට රැස්කිරීම ආදිය) සිදුවනු ඇත. ඔහුගේ වචනය සත්යය. තවද ‘සූර්’ (නම් හොරණෑව) පිඹිනු ලබන දිනයේ ආධිපත්යය ඔහු සතුය. (ඔහු) ගුප්ත දෑ හා දෘශ්ය දෑ දන්නාය. තවද ඔහු සර්ව ප්රඥාවන්තය අභිඥානවන්තය.
24මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 14:19 යන ආයතයෙහි පාද සටහන බලන්න.
74

وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ آزَرَ أَتَتَّخِذُ أَصْنَامًا آلِهَةً ۖ إِنِّي أَرَاكَ وَقَوْمَكَ فِي ضَلَالٍ مُّبِينٍ

“ඔබ පිළිමයන් දෙවිවරුන් වශයෙන් ගන්නෙහි ද? සැබැවින්ම මම ඔබව ද ඔබගේ පිරිස ද පැහැදිලි නොමගෙහි සිටිනු දකින්නෙමි” යැයි ඉබ්රාහීම් තම පියා වන ආzසර්ට පැවසූ අවස්ථාව (සිහිපත් කරවු.) 25
25මින් පසුව පැමිණෙන ආයතයන් කවුරුන් තමන්ගේ මුතුන් මිත්තන්ව අනුගමනය කිරීමෙන් සෑහීමට පත් වූයේද ඔවුන්ගේ තර්කය නිෂ්ප්රභ කරන්නේය. ඔවුන්ට අඥාන මුතුන් මිත්තන්ව අනුගමනය කිරීම වෙනුවට අල්ලාහ් යහමග පෙන් වූ නබිවරුන්ව අනුගමනය කළ යුතු යැයි පවසනු ලැබූහ. එය ආරම්භ කිරීම සඳහා නබි ඉබ්රාහීම් තුමාණන්ගේ උදාහරණය උපුටා දක්වා ඇත. මන්දයත් ඔහු යුදෙව්වන් අතර හා කිතුනුවන් අතර මහත් ගෞරවයක් ලැබූවෙකු පමණක් නොව මුළු මහත් අරාබිකරයේ මිථ්යා දෘෂ්ටිකයින් අතර ද මහත් ගෞරවය ලැබූවෙකි.
75

وَكَذَٰلِكَ نُرِي إِبْرَاهِيمَ مَلَكُوتَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلِيَكُونَ مِنَ الْمُوقِنِينَ

එලෙසම අපි ඉබ්රාහීම්ට අහස්හි හා මිහිතලයේ ආධිපත්යය පෙන්වූයෙමු. ඔහු තරයේ විශ්වාස කරන්නන්ගෙන් කෙනෙකු වීම පිණිසය.
76

فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَىٰ كَوْكَبًا ۖ قَالَ هَـٰذَا رَبِّي ۖ فَلَمَّا أَفَلَ قَالَ لَا أُحِبُّ الْآفِلِينَ

එබැවින් රාත්රිය ඔහුව ආවරණය කළ විට ඔහු තරුවක් දැක්කේය. “මෙයයි මාගේ පරමාධිපති” 26 යැයි ඔහු පැවසුවේය. (නමුත්) එය සැඟ වී (නොපෙනී) ගිය විට “සැඟ වී යන්නන්ව මම ප්රිය නොකරන්නෙමි” යැයි ඔහු පැවසුවේය.
26මෙය නබි ඉබ්රාහීම් තුමාණන් ප්රශ්නාර්ථයෙන් තර්කයක් සඳහා කළ ප්රකාශයකි. මෙයින් නබිවරයා තාරකාව දෙවිවරයෙකු යැයි සත්යය ලෙස විශ්වාස කළා යැයි අදහස නොවේ. ඇත්ත වශයෙන්ම ඔහුගේ ජනයා තාරකාවන් දෙවිවරුන් ලෙස සැලකූහ. ඔහුගේ මෙම ප්රකාශය ඔවුන්ව යහමග වෙත යොමු කිරීමට ඔහු කළ නැණවත් මගකි. මිනිසෙක් මේ පිළිබඳව අවබෝධ කර ගැනීමට ඔහු මෙය ප්රායෝගිකව පෙන්වා දුන්නේය.
77

فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَـٰذَا رَبِّي ۖ فَلَمَّا أَفَلَ قَالَ لَئِن لَّمْ يَهْدِنِي رَبِّي لَأَكُونَنَّ مِنَ الْقَوْمِ الضَّالِّينَ

පසුව සඳු උදා වනු ඔහු දුටු විට “මෙයයි මාගේ පරමාධිපති” යැයි ඔහු පැවසුවේය. (නමුත්) එය සැඟ වී (නොපෙනී) ගිය විට “මාගේ පරමාධිපති මට යහමග නොපෙන්වූයේ නම් සැබැවින්ම මම නොමග ගිය පිරිසෙන් කෙනෙකු වන්නෙමි” යැයි ඔහු පැවසුවේය.
78

فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَـٰذَا رَبِّي هَـٰذَا أَكْبَرُ ۖ فَلَمَّا أَفَلَتْ قَالَ يَا قَوْمِ إِنِّي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ

ඉන් පසුව හිරු උදා වනු ඔහු දුටු විට “මෙයයි මාගේ පරමාධිපති මෙය (තරු හා සඳුට වඩා) අති විශාල” යැයි ඔහු පැවසුවේය. (නමුත්) එය සැඟ වී (නොපෙනී) ගිය විට “මාගේ ජනයිනි, නුඹලා ආදේශ කරන දැයින් සැබැවින්ම මම නිදොස් වූවෙකු වෙමි” යැයි ඔහු පැවසුවේය.
79

إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالْأَرْضَ حَنِيفًا ۖ وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ

“සැබැවින්ම මම අහස් හා මිහිතලය උත්පාදනය කළ අය වෙත නැඹුරු වෙමින් මාගේ මුහුණ හැරෙව්වෙමි. තවද මම ආදේශකයන් අතුරින් (කෙනෙකු) නොවෙමි.” (යැයි ද ඔහු පැවසුවේය.)
80

وَحَاجَّهُ قَوْمُهُ ۚ قَالَ أَتُحَاجُّونِّي فِي اللَّهِ وَقَدْ هَدَانِ ۚ وَلَا أَخَافُ مَا تُشْرِكُونَ بِهِ إِلَّا أَن يَشَاءَ رَبِّي شَيْئًا ۗ وَسِعَ رَبِّي كُلَّ شَيْءٍ عِلْمًا ۗ أَفَلَا تَتَذَكَّرُونَ

ඔහුගේ ජනයා ඔහු සමග තර්ක කළෝය. “සැබැවින්ම අල්ලාහ් මා හට යහමග පෙන්වා තිබිය දී ඔහු පිළිබඳව නුඹලා මා සමග තර්ක කරන්නෙහු ද? තවද නුඹලා කවර දෙයක් ඔහු සමග ආදේශ තබන්නේ ද (එයින් කිසිදු හානියක් කළ නොහැකි හෙයින්) එයට මම බිය නොවන්නෙමි. (නමුත්) මාගේ පරමාධිපති යමක් අභිමත කළා නම් මිස. මාගේ පරමාධිපති සියලු දෑ පිළිබඳව දැනුමෙන් ව්යාප්තය. එබැවින් නුඹලා (ඒ පිළිබඳව) මෙනෙහි නොකරන්නෙහු ද?” යැයි ඔහු පැවසුවේය.
81

وَكَيْفَ أَخَافُ مَا أَشْرَكْتُمْ وَلَا تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُم بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ عَلَيْكُمْ سُلْطَانًا ۚ فَأَيُّ الْفَرِيقَيْنِ أَحَقُّ بِالْأَمْنِ ۖ إِن كُنتُمْ تَعْلَمُونَ

කුමක් සඳහා අල්ලාහ් කිසිදු සාධකයක් නුඹලාට පහළ කර නොමැත්තේද එය නුඹලා ඔහුට ආදේශ තැබීම පිළිබඳව නුඹලා බිය නොවී සිටියදී, නුඹලා ආදේශ තැබූ දෑ කෙරෙහි කෙසේ නම් මා බියට පත්වන්න ද? එබැවින් නුඹලා දැන සිටියෙහු නම් අභයභාවයට දෙපිරිසෙන් කවුරුන් ද වඩා සුදුසු වන්නෝ?
82

الَّذِينَ آمَنُوا وَلَمْ يَلْبِسُوا إِيمَانَهُم بِظُلْمٍ أُولَـٰئِكَ لَهُمُ الْأَمْنُ وَهُم مُّهْتَدُونَ

විශ්වාස කර තම විශ්වාසය සමග (ආදේශ තැබීම යන) අපරාධය මිශ්ර නොකර ගත් අය වන ඔවුනටමය අභයභාවය ඇත්තේ. තවද ඔවුහු යහමග ලැබූවන්ය.
83

وَتِلْكَ حُجَّتُنَا آتَيْنَاهَا إِبْرَاهِيمَ عَلَىٰ قَوْمِهِ ۚ نَرْفَعُ دَرَجَاتٍ مَّن نَّشَاءُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ

එය 27 අපගේ තර්කයයි. එය ඉබ්රාහීම්ට ඔහුගේ පිරිසට එරෙහිව අපි ලබා දුන්නෙමු. අපි අභිමත කළ අයගේ තරාතිරම් උසස් කරන්නෙමු. සැබැවින්ම නුඹගේ පරමාධිපති ප්රඥාවන්තය සර්වඥය.
27එනම් මින් අදහස් කෙරෙන්නේ නබි ඉබ්රාහීම් තුමාණන් තම ජනයාට හිරු, සඳු හා තරු යනාදියෙහි අනිත්යය භාවය පෙන්වමින් අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්නුම් කළ තර්කයයි.
84

وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ ۚ كُلًّا هَدَيْنَا ۚ وَنُوحًا هَدَيْنَا مِن قَبْلُ ۖ وَمِن ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَىٰ وَهَارُونَ ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ

අපි ඔහු(ඉබ්රාහීම්)ට ඉස්හාක්ව ද (අමතරව ඔහුගේ පරපුරෙන්) යඃකූබ්ව ද ප්රදානය කළෙමු. (ඔවුන්) සියල්ලන්ටම අපි යහමග පෙන්වූයෙමු. එයට පෙර නූහ්ට ද අපි යහමග පෙන්වූයෙමු. තවද ඔහුගේ පරපුර අතුරින් දාවූද්, සුලෙයිමාන්, අය්යූබ්, යූසුෆ්, මූසා හා හාරූන්ට ද (අපි යහමග පෙන්වූයෙමු.) තවද මෙලෙසය යහකම් කළවුනට අප ප්රතිඵල ලබා දෙනුයේ.
85

وَزَكَرِيَّا وَيَحْيَىٰ وَعِيسَىٰ وَإِلْيَاسَ ۖ كُلٌّ مِّنَ الصَّالِحِينَ

තවද zසකරිය්යා, යහ්යා, ඊසා හා ඉල්යාස්ට ද (අපි යහමග පෙන්වූයෙමු). (ඔවුන්) සියල්ලන්ම සැදැහැමියන් අතුරින් වූහ.
86

وَإِسْمَاعِيلَ وَالْيَسَعَ وَيُونُسَ وَلُوطًا ۚ وَكُلًّا فَضَّلْنَا عَلَى الْعَالَمِينَ

තවද ඉස්මාඊල්, අල් යසඃ, යූනුස් හා ලූත්ට ද (අපි යහමග පෙන්වූයෙමු). තවද (ඔවුන්) සියල්ලන්වම ලෝකවාසීන්ට වඩා ශ්රේෂ්ඨත්වයට අපි පත් කළෙමු.
87

وَمِنْ آبَائِهِمْ وَذُرِّيَّاتِهِمْ وَإِخْوَانِهِمْ ۖ وَاجْتَبَيْنَاهُمْ وَهَدَيْنَاهُمْ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ

තවද ඔවුන්ගේ පියවරුන්ගෙන් ද ඔවුන්ගේ පරපුරෙන් ද ඔවුන්ගේ සහෝදරයින්ගෙන් ද සමහරුන්ට (යහමග පෙන්වූයේ අපම)ය. තවද ඔවුන්ව අපි තෝරා ගත්තෙමු. තවද ඍජු මාර්ගය වෙත ඔවුනට අපි යහමග පෙන්වූයෙමු.
88

ذَٰلِكَ هُدَى اللَّهِ يَهْدِي بِهِ مَن يَشَاءُ مِنْ عِبَادِهِ ۚ وَلَوْ أَشْرَكُوا لَحَبِطَ عَنْهُم مَّا كَانُوا يَعْمَلُونَ

එය 28 අල්ලාහ්ගේ මග පෙන්වීමයි. ඔහු තමන්ගේ ගැත්තන් අතුරින් තමා අභිමත කළ අයට එමගින් යහමග පෙන්වන්නේය. තවද ඔවුහු (අල්ලාහ්ට) ආදේශ තැබුවේ නම් ඔවුන් කරමින් සිටි දෑ(යහ ක්රියා) ඔවුනට නිෂ්ඵල වනු ඇත.
28මින් අදහස් වන්නේ අල්ලාහ් ඔවුනට දායාද කළා වූ ඍජු මාර්ගය වන ඉස්ලාම් දහමය.
89

أُولَـٰئِكَ الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ۚ فَإِن يَكْفُرْ بِهَا هَـٰؤُلَاءِ فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًا لَّيْسُوا بِهَا بِكَافِرِينَ

ඔවුන්(නබිවරුන්) කවුරුන්ද යත් ධර්ම පුස්තකය(න්) ද ප්රඥාව ද නබිත්වය ද අපි ඔවුනට ලබා දුන්නෙමු. නමුත් (මිථ්යා දෘෂ්ටික) මොවුහු මේවා ප්රතික්ෂේප කළේ නම් මේවා ප්රතික්ෂේප නොකරන්නාවූ පිරිසකට අපි මේවා භාර කරන්නෙමු.
90

أُولَـٰئِكَ الَّذِينَ هَدَى اللَّهُ ۖ فَبِهُدَاهُمُ اقْتَدِهْ ۗ قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ هُوَ إِلَّا ذِكْرَىٰ لِلْعَالَمِينَ

ඔවුන්(නබිවරුන්) කවුරුන්ද යත් අල්ලාහ් (ඔවුනට) යහමග පෙන්වූයේය. එබැවින් ඔවුන්ගේ මග පෙන්වීම නුඹ පිළිපදිවු. (නබිවරය, ප්රතික්ෂේපකයින්ට) නුඹ පවසවු. “ඒ සඳහා කිසිදු වේතනයක් මම නුඹලාගෙන් නොඇයැදිමි. මෙ(ම අල් කුර්ආන)ය ලෝකවාසීන්ට උපදෙසක් මිස නැත.”
91

وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ إِذْ قَالُوا مَا أَنزَلَ اللَّهُ عَلَىٰ بَشَرٍ مِّن شَيْءٍ ۗ قُلْ مَنْ أَنزَلَ الْكِتَابَ الَّذِي جَاءَ بِهِ مُوسَىٰ نُورًا وَهُدًى لِّلنَّاسِ ۖ تَجْعَلُونَهُ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًا ۖ وَعُلِّمْتُم مَّا لَمْ تَعْلَمُوا أَنتُمْ وَلَا آبَاؤُكُمْ ۖ قُلِ اللَّهُ ۖ ثُمَّ ذَرْهُمْ فِي خَوْضِهِمْ يَلْعَبُونَ

“(කිසිදු) මිනිසෙකු කෙරෙහි අල්ලාහ් කිසිවක් පහළ නොකළේය.” යැයි ඔවුන්(යුදෙව්වන්) පැවසූ කල්හි ඔවුන් අල්ලාහ්ට අගය කළ යුතු අයුරින් ඔහුව(අල්ලාහ්ව) අගය කොට නොසැලකූහ. 29 (නබිවරය, ඔවුන්ගෙන්) නුඹ විමසවු “ජනයින්ට මග පෙන්වීමක් වශයෙන් ද ආලෝකයක් වශයෙන් ද මූසා ගෙන ආ ධර්ම පුස්තකය පහළ කළේ කවරෙකු ද? (යුදෙව්වන් වන) නුඹලා එය (ලියා වෙන් කරන ලද) පිටු බවට පත් කරන්නෙහුය. එය (අතුරින් ස්වල්පයක්) නුඹලා හෙළි කරන්නෙහුය. තවද (එහි) බොහෝ දෑ සඟවන්නෙහුය. තවද නුඹලා ද නුඹලාගේ පියවරුන් ද නොදැන සිටි දෑ (එමගින්) නුඹලාට උගන්වනු ලැබීය.” (නබිවරය, එම ධර්ම පුස්තකය පහළ කළේ) “අල්ලාහ්” යැයි නුඹ පවසවු. පසුව ඔවුන් නියැළී සිටින (අසත්ය) දෑහි සෙල්ලම් කිරීමට ඔවුන්ව නුඹ අත හැර දමවු.
29මීට පෙර ආයතයන් මක්කාවේ විසූ මිථ්යා දෘෂ්ටිකයන්ව ආමන්ත්රණය කළද මෙම ආයතය පහළ වී ඇත්තේ ‘කිසිදු මනුෂ්යයෙකුට ධර්ම පුස්තකයක් පහළ වී නැත’ යනුවෙන් නබි මුහම්මද් තුමාට එරෙහිව දුෂ්ට අදහස් ප්රකාශ කළ යුදෙව්වෙකුගේ ප්රකාශයට පිළිතුරක් ලෙසය.
92

وَهَـٰذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ مُّصَدِّقُ الَّذِي بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ الْقُرَىٰ وَمَنْ حَوْلَهَا ۚ وَالَّذِينَ يُؤْمِنُونَ بِالْآخِرَةِ يُؤْمِنُونَ بِهِ ۖ وَهُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ

මෙ(ම අල් කුර්ආන)ය ධර්ම පුස්තකයකි. එය අපි පහළ කළා වූ, භාග්ය ලත්, එයට පෙර ඇති දෑ සත්යය කරවන්නකි. තවද (එය පහළ කළේ) උම්මුල් කුරා (නම් මක්කාව) හා ඒ වටා වූ අය( වන සියලු ලෝකවාසීන්)ට නුඹ අවවාද කරනු පිණිසය. තවද පරමාන්ත දිනය විශ්වාස කරන අය මෙ(ම අල් කුර්ආන)ය විශ්වාස කරති. තවද ඔවුන් තම සලාතය ආරක්ෂා කරති.
93

وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ قَالَ أُوحِيَ إِلَيَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَيْءٌ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَا أَنزَلَ اللَّهُ ۗ وَلَوْ تَرَىٰ إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلَائِكَةُ بَاسِطُو أَيْدِيهِمْ أَخْرِجُوا أَنفُسَكُمُ ۖ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى اللَّهِ غَيْرَ الْحَقِّ وَكُنتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ

අල්ලාහ් පිළිබඳව බොරුවක් ගොතන්නාට හෝ තමන් වෙත කිසිවක් වහී(දේව පණිවිඩයක්) ලෙස පහළ කරනු නොලැබූ තත්ත්වයේ “මා වෙත වහී පහළ කරනු ලැබීය” යැයි පවසන්නාට හා “අල්ලාහ් පහළ කළ දෑ මෙන් මම ද (යමක්) මතු පහළ කරන්නෙමි” යැයි පවසන්නාට වඩා මහත් අපරාධකරුවා කවරෙක් ද? (එම) අපරාධකරුවන් මරණාසන්න සිහි වියවුලෙහි සිටිනු නුඹ දුටුවේ නම් (මහත් වූ දැයක් නුඹ දැක ගනු ඇත. එනම්) මලක්වරුන් තම දෑත් (ඔවුන් වෙත) දිගු කරමින් “නුඹලාගේ ප්රාණයන් නුඹලාම බැහැර කරවු. සත්යය නොවන දෑ අල්ලාහ්ට එරෙහිව නුඹලා පවසමින් සිටි හේතුවෙන් ද ඔහුගේ වදන් පිළිබඳව උඩඟුකමින් නුඹලා සිටි හේතුවෙන් ද අද දින නින්දිත දඬුවම නුඹලාට ප්රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෝය.” (යැයි පවසති.)
94

وَلَقَدْ جِئْتُمُونَا فُرَادَىٰ كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُم مَّا خَوَّلْنَاكُمْ وَرَاءَ ظُهُورِكُمْ ۖ وَمَا نَرَىٰ مَعَكُمْ شُفَعَاءَكُمُ الَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَاءُ ۚ لَقَد تَّقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنكُم مَّا كُنتُمْ تَزْعُمُونَ

(විනිශ්චය දින ඔවුනට මෙසේ අපි පවසන්නෙමු) “අප නුඹලාට (ලෞකික ජීවිතයෙහි) ප්රදානය කළ දෑ නුඹලාගේ පිට පෙදෙසින් පසුපසට නුඹලා අත හැර දමා පළමු වරට නුඹලාව අප මැවූවා සේ (කිසිවකින් තොරව) සැබැවින්ම නුඹලා අප වෙත තනිවම පැමිණ ඇත. තවද ඔවුන් නුඹලා අතර හවුල්කරුවන් ලෙස සිටින්නේ යැයි නුඹලා තරයේ විශ්වාස කරමින් සිටි (මා හට හවුල් කළ) නුඹලාගේ රෙකමදාරුවන්ව නුඹලා සමග අපි නොදකින්නෙමු. සැබැවින්ම නුඹලා අතර (තිබූ සියලු සම්බන්ධකම්) විසන්ධි වී ගියේය. තවද නුඹලා තරයේ විශ්වාස කරමින් සිටි දෑ නුඹලාගෙන් මුළා වී ඇත.”
95

إِنَّ اللَّهَ فَالِقُ الْحَبِّ وَالنَّوَىٰ ۖ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَمُخْرِجُ الْمَيِّتِ مِنَ الْحَيِّ ۚ ذَٰلِكُمُ اللَّهُ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ

සැබැවින්ම අල්ලාහ් බීජ හා රටඉඳි ඇට පැළී( වැඩී)මට සලස්වන්නාය. ඔහු මළ දැයින් ජීවී දෑ පිට කරන්නේය. තවද ජීවී දැයින් මළ දෑ පිට කරන්නාය. 30 ඔහුය (නුඹලාගේ) අල්ලාහ්. එබැවින් කෙසේ නම් නුඹලා (යහ මගින්) හරවනු ලබන්නෙහු ද?
30මෙහි සරළ නිදසුනක් වන්නේ බිත්තරයකින් කුකුළු පැටවෙකු පිට වන්නා සේ අජීවි දැයකින් ජීවියෙකු අල්ලාහ් පිට කරන්නේය. තවද කිකිළියකගෙන් බිත්තරයක් පිට වන්නා සේ ජීවියෙකුගෙන් ඔහු අජීවි දැයක් පිට කරන්නේය.
96

فَالِقُ الْإِصْبَاحِ وَجَعَلَ اللَّيْلَ سَكَنًا وَالشَّمْسَ وَالْقَمَرَ حُسْبَانًا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ

(ඔහුය) අලුයම උදා කරවන්නා. තවද රාත්රිය විවේකය සඳහා ද හිරු හා සඳු (කාලය) ගණනය කිරීම සඳහා ද ඔහු ඇති කළේය. මෙය අති බලසම්පන්න සර්වඥයාණන්ගේ නියමයයි.
97

وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ النُّجُومَ لِتَهْتَدُوا بِهَا فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ ۗ قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ

තවද නුඹලා වෙනුවෙන් තරු ඇති කළ කෙනා ඔහුය. එමගින් ගොඩබිමේ හා සාගරයේ අන්ධකාරයන්හි නුඹලා (යන එන) මග දැන ගනු පිණිසය. සැබැවින්ම අපි දැනුමැති පිරිසකට (අපගේ) සංඥාවන් පැහැදිලි කර ඇත්තෙමු.
98

وَهُوَ الَّذِي أَنشَأَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ ۗ قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَفْقَهُونَ

තවද එකම ආත්මයකින්(ආදම්ගෙන්) නුඹලාව නිර්මාණය කළේ ඔහුමය. පසුව නවාතැනක්(ගර්භාෂය) ද තවද සමුගෙන (නැවත) යන තැනක්(මිහිතලය) ද (නුඹලාට) ඇත. තවද සැබැවින්ම අපි වටහා ගන්නා පිරිසකට (අපගේ) සංඥාවන් පැහැදිලි කර ඇත්තෙමු.
99

وَهُوَ الَّذِي أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ نَبَاتَ كُلِّ شَيْءٍ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًا نُّخْرِجُ مِنْهُ حَبًّا مُّتَرَاكِبًا وَمِنَ النَّخْلِ مِن طَلْعِهَا قِنْوَانٌ دَانِيَةٌ وَجَنَّاتٍ مِّنْ أَعْنَابٍ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُشْتَبِهًا وَغَيْرَ مُتَشَابِهٍ ۗ انظُرُوا إِلَىٰ ثَمَرِهِ إِذَا أَثْمَرَ وَيَنْعِهِ ۚ إِنَّ فِي ذَٰلِكُمْ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

තවද අහසින් (වැසි) ජලය පහළ කළේ ඔහුමය. පසුව එමගින් වැඩෙන සෑම දැයක්ම අපි පිට කළෙමු. තවද එයින් අපි හරිත දෑ පිට කළෙමු. එ(ම හරිත දෑ )මගින් තට්ටු ලෙස සකස් කරනු ලැබූ ධාන්ය අපි පිට කරන්නෙමු. තවද ඉඳිගස් වල එහි හනස්සෙන් (පහතට එල්ලෙන) සමීප වූ (ඉඳි) වලු ද ඇත. තවද මිදි වලින් වූ වතු ද (කොළ වල හැඩයෙන්) එක සමාන වූ (පලතුරු වලින්) එකිනෙකට වෙනස් වූ ඔලිව් හා දෙළුම් ද (අපි පිට කරන්නෙමු). පල හටගන්නා විට ද එය පැසෙන විට ද එහි පලතුරු දෙස නුඹලා බලවු. සැබැවින්ම විශ්වාස කරන පිරිසට ඒවායෙහි සංඥාවන් ඇත.
100

وَجَعَلُوا لِلَّهِ شُرَكَاءَ الْجِنَّ وَخَلَقَهُمْ ۖ وَخَرَقُوا لَهُ بَنِينَ وَبَنَاتٍ بِغَيْرِ عِلْمٍ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يَصِفُونَ

ඔවුන්ව(ජින්වරුන්ව) ඔහු(අල්ලාහ්) මවා තිබියදී (ආදේශක) ඔවුහු ජින්වරුන්ව අල්ලාහ්ට හවුල්කරුවන් වශයෙන් පත් කළෝය. තවද කිසිදු දැනුමකින් තොරව ඔහුට පුතුන් හා දියණියන් ඇති බවට ඔවුහු බොරු ගොතන්නෝය. ඔහු පිවිතුරුය, ඔවුන් වර්ණනා කරන දැයින් ඔහු අති උත්තරීතරය.
101

بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ أَنَّىٰ يَكُونُ لَهُ وَلَدٌ وَلَمْ تَكُن لَّهُ صَاحِبَةٌ ۖ وَخَلَقَ كُلَّ شَيْءٍ ۖ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

(අල්ලාහ්) අහස්හි ද මිහිතලයේ ද (පූර්ව නිදසුනකින් තොර වූ) උත්පාදකයාය. ඔහුට සහකාරියක් නොවී තිබියදී කෙසේ නම් ඔහුට පුතෙකු සිටිය හැකි ද? තවද ඔහු සියලු දෑ මැව්වේය. තවද ඔහු සියලු දෑ පිළිබඳව සර්වඥය.
102

ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ ۖ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ

ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්, ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. සියලු දැයෙහි මැවුම්කරුය. එබැවින් නුඹලා ඔහුව නමදිවු. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරුවාය.
103

لَّا تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَارَ ۖ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ

(කිසිවෙකුගේ) දෘෂ්ටියන් ඔහුව හසු නොකරයි. 31 (නමුත්) ඔහු දෘෂ්ටියන් හසු කරයි. තවද ඔහු අති සියුම් ඥානීය අභිඥානවන්තය.
31එනම් ලොව අවසන් විනිශ්චය දිනදී සැබෑ විශ්වාසිකයින් හැර අන් කිසිවෙකු අල්ලාහ්ව දෑසින් දැකීමට භාග්යයක් නොලබන්නෝය යැයි අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත.
104

قَدْ جَاءَكُم بَصَائِرُ مِن رَّبِّكُمْ ۖ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِ ۖ وَمَنْ عَمِيَ فَعَلَيْهَا ۚ وَمَا أَنَا عَلَيْكُم بِحَفِيظٍ

(නබිවරය, ප්රතික්ෂේපකයින්ට පවසවු.) “සැබැවින්ම නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි කිරීම්(සාධක) නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු (එය) නිරීක්ෂණය කර බැලුවේද (එහි යහපත) තමන්ටමය. තවද කවරෙකු (සාධක පිළිබඳව) අන්ධභාවයෙන් සිටින්නේ ද (එහි විපාකය) තමන්ටම එරෙහිවන්නකි. තවද නුඹලා කෙරෙහි ආරක්ෂකයෙකු ලෙස මම නොවෙමි.”
105

وَكَذَٰلِكَ نُصَرِّفُ الْآيَاتِ وَلِيَقُولُوا دَرَسْتَ وَلِنُبَيِّنَهُ لِقَوْمٍ يَعْلَمُونَ

“(පෙර පහළ කරන ලද ධර්ම පුස්තකයන්) නුඹ හදාරා ඇත” 32 යැයි (ප්රතික්ෂේපක) ඔවුන් පවසන හේතුවෙන් ද දැනුමැති පිරිසකට අපි එය පැහැදිලි කරනු පිණිස ද (අල් කුර්ආන්) වදන් (විවිධාකාරව) අප පැහැදිලි කරනුයේ මෙලෙසය.
32ප්රතික්ෂේපකයින් අල් කුර්ආනය පිළිබඳව වූ තර්කයන් ප්රතික්ෂේප කළ නොහැකි යැයි දැන ගත් අවස්ථාවේදී නබි මුහම්මද් තුමා කිසිවෙකුගෙන් අධ්යාපනය හැදෑරුවේ නැතැයි හොඳින් දන්නා ඔවුහු එතුමාණන් වෙනත් කෙනෙකුගෙන් මෙය හැදෑරූ බවට ස්ථිර ලෙස ප්රකාශයක් කළෝය.
106

اتَّبِعْ مَا أُوحِيَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ

නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත වහී(දේව පණිවිඩ) පහළ කරනු ලැබූ දෑ නුඹ අනුගමනය කරවු. ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. තවද නුඹ (අල්ලාහ්ට ආදේශ කළ) ආදේශකයින්ගෙන් ඉවත්ව යවු.
107

وَلَوْ شَاءَ اللَّهُ مَا أَشْرَكُوا ۗ وَمَا جَعَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا ۖ وَمَا أَنتَ عَلَيْهِم بِوَكِيلٍ

තවද අල්ලාහ් අභිමත කළේ නම් ඔවුහු ආදේශ නොකර සිටින්නට තිබුණි. 33 තවද ඔවුන් කෙරෙහි ආරක්ෂකයෙකු ලෙස අපි නුඹව පත් නොකළෙමු. තවද නුඹ ඔවුන් කෙරෙහි භාරකරුවෙකු ද නොවන්නෙහිය.
33වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 32:13 පාද සටහන බලන්න.
108

وَلَا تَسُبُّوا الَّذِينَ يَدْعُونَ مِن دُونِ اللَّهِ فَيَسُبُّوا اللَّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ ۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَىٰ رَبِّهِم مَّرْجِعُهُمْ فَيُنَبِّئُهُم بِمَا كَانُوا يَعْمَلُونَ

අල්ලාහ් හැර ඔවුන් ඇයැදින අයට (හෝ දෑට) නුඹලා බැණ නොවදිවු. එසේ වූ විට ඔවුහු ද (කිසිදු) දැනුමකින් තොරව සතුරුකමින් අල්ලාහ්ට බැණ වදිනු ඇත. මෙලෙස සෑම සමූහයකටම ඔවුන්ගේ ක්රියාවන් අපි අලංකාර කර පෙන්වූයෙමු. පසුව ඔවුන්ගේ පරමාධිපති වෙතමය ඔවුන්ගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ. එවිට ඔවුන් (මෙලොව) කරමින් සිටි දෑ පිළිබඳව ඔහු ඔවුනට දන්වන්නේය.
109

وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِن جَاءَتْهُمْ آيَةٌ لَّيُؤْمِنُنَّ بِهَا ۚ قُلْ إِنَّمَا الْآيَاتُ عِندَ اللَّهِ ۖ وَمَا يُشْعِرُكُمْ أَنَّهَا إِذَا جَاءَتْ لَا يُؤْمِنُونَ

තමන් වෙත (කිසියම්) සංඥාවක් පැමිණියා නම් තමන් එය සැබැවින්ම විශ්වාස කරන්නේමයැ’යි ඔවුන්ගේ ස්ථාවර දිවුරුම් වලින් ඔවුන් අල්ලාහ් මත දිවුරුවෝය. “(සියලු) සංඥාවන් අල්ලාහ් අබියස( ඔහු ගෙන්)ම යැ”යි (නබිවරය,) නුඹ පවසවු. තවද සැබැවින්ම එය පැමිණිය ද ඔවුන් විශ්වාස නොකරනු ඇතැ’යි නුඹලාට හැගෙව්වේ කුමක් ද?
110

وَنُقَلِّبُ أَفْئِدَتَهُمْ وَأَبْصَارَهُمْ كَمَا لَمْ يُؤْمِنُوا بِهِ أَوَّلَ مَرَّةٍ وَنَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ

මුල් වරට ඔවුන් එ(ම දේව පණිවිඩ)ය විශ්වාස නොකළාක් මෙන් ඔවුන්ගේ හදවත් ද ඔවුන්ගේ දෘෂ්ටිද අපි පෙරළන්නෙමු. තවද අපි ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි(නොමගෙහි) ව්යාකූල වූ තත්ත්වයෙන් ඔවුන්ව අත හැර දමන්නෙමු.