يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَوْفُوا بِالْعُقُودِ ۚ أُحِلَّتْ لَكُم بَهِيمَةُ الْأَنْعَامِ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ غَيْرَ مُحِلِّي الصَّيْدِ وَأَنتُمْ حُرُمٌ ۗ إِنَّ اللَّهَ يَحْكُمُ مَا يُرِيدُ
විශ්වාස කළවුනි! නුඹලා ගිවිසුම් ඉටු කරවු. නුඹලාට පාරායානා කර( පෙන්ව)නු ලබන දෑ හැර පශු කුලයට අයත් සත්වයින් නුඹලාට අනුමත කරනු ලැබීය. (නමුත්) නුඹලා (හජ් හා උම්රා සඳහා) ඉහ්රාම් (ඇඳ ගත්) තත්ත්වයේ දඬයම් කිරීම අනුමත නොවීය. සැබැවින්ම අල්ලාහ් ඔහු අපේක්ෂා කරන දෑ නියම කරන්නේය.-
1මෙම ආයතයේ ‘ගිවිසුම්’ යන වචනය තුළ අල්ලාහ් සමග ඇති කරගත් ගිවිසුම් හා මිනිසුන් සමග ඇති කරගත් ගිවිසුම් අන්තර්ගත වේ. නමුත් මෙම ආයතයේ පොදුවේ ගිවිසුම් ඉටු කරවු යනුවෙන් සඳහන් වී ඇත්තේ මීට පසුව ඇති ආයතයන්හි අල්ලාහ් සමග ඇති කරගත යුතු ඇතැම් ගිවිසුම් අල්ලාහ් සඳහන් කර ඇති හෙයිනි. තවද අරාබි මිථ්යා දෘෂ්ටිකයන් ඇතැම් සත්වයින් තමන් විසින්ම තමන්ට තහනම් කර ගත්තෝය. මෙම ආයතයේ අල්ලාහ් නිශ්චිත ලෙස තහනම් කළ සත්වයින් හැර අන් සියලු සත්වයින් අනුමත වූ ඒවා යැයි සඳහන් වී ඇත.
2මෙහි ‘පාරායානා කර( පෙන්ව)නු ලබන දෑ’ යනු මෙම සූරාවෙහි 3 වැනි ආයතයෙහි සඳහන් දෑය.
3කෙනෙකු හජ් හා උම්රා වන්දනාවන් ඉටු කිරීමට අදිටන් කළේ නම් ඔහු නියමිත වස්ත්රයක් පැලඳ ඇතැම් අනුමත දෑ වලින් වැළකී සිටිය යුතුය. උදා : සුවඳ විලවුන් භාවිත කිරීම, ශරීරයේ ඇති රෝම ඉවත් කිරීම වැනි දෑය. මෙවැනි අවස්ථාවන්හි ඇතැම් කරුණු සීමා කරනු ලැබ තිබීම හේතුවෙන් මෙයට ‘ඉහ්රාම්’ යැයි පවසනු ලැබේ. මෙම සීමාවන් වලින් එකක් මෙම ආයතයේ සඳහන් කර ඇත. එනම් ඉහ්රාම්ව සිටිය දී දඩයම් කිරීම තහනම් යන්නය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحِلُّوا شَعَائِرَ اللَّهِ وَلَا الشَّهْرَ الْحَرَامَ وَلَا الْهَدْيَ وَلَا الْقَلَائِدَ وَلَا آمِّينَ الْبَيْتَ الْحَرَامَ يَبْتَغُونَ فَضْلًا مِّن رَّبِّهِمْ وَرِضْوَانًا ۚ وَإِذَا حَلَلْتُمْ فَاصْطَادُوا ۚ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ أَن صَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ أَن تَعْتَدُوا ۘ وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
විශ්වාස කළවුනි, අල්ලාහ්ගේ (දහමෙහි) සලකුණු ද (යුද තහනම් වූ) ශුද්ධ වූ මාසයන් ද හද්ය(සත්ව කැප කිරීම) ද (සලකුණු වශයෙන් ගෙලෙහි පලඳනු ලබන) මාල ද තම පරමාධිපතිගේ භාග්යය හා තෘප්තිය සොයමින් බයිතුල් හරාම් වෙත අපේක්ෂාවෙන් පැමිණෙන්නන්ව ද නුඹලා (ඒවායෙහි කොන්දේසි ඉටු නොකිරීම මගින්) උල්ලංඝනය නොකරවු. නුඹලා ඉහ්රාමයෙන් මිදුණේ නම් එවිට නුඹලා දඩයම් කරවු. තවද ඔවුන් (එනම්, මක්කා වැසියන් හුදෙයිබියා දින) මස්ජිදුල් හරාමයෙන් නුඹලාව වැළක්වීම හේතුවෙන් (එම) පිරිසකගේ ක්රෝධය නුඹලාව සීමාව ඉක්මවීමට පොලඹවිය නොයුතුය. තවද යහපත කෙරෙහි ද බිය භක්තිය කෙරෙහි ද නුඹලා එකිනෙකා උදව් කර ගනිවු. තවද පාපය කෙරෙහි ද ක්රෝධය කෙරෙහි ද නුඹලා එකිනෙකා උදවු කර නොගනිවු. තවද අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.
4මෙම ආයතයේ පසුබිම මක්කාවේ විසූ ප්රතික්ෂේපකයන් හුදෙයිබියා ගිවිසුම අවස්ථාවේදී මුස්ලිම්වරුන්ව උම්රා ඉටු කිරීමෙන් වැළැක්වුවෝය. මේ පිළිබඳව දුකට පත් ඇතැම් මුස්ලිම්වරුන් ප්රතික්ෂේපකයින්ගේ වන්දනාව වළක්වා ඔවුන් කැප කිරීමට ගෙන යන සත්වයින්ව අත්පත් කර ඔවුන්ගෙන් පළි ගැනීමට සිතූහ. මෙම ආයතය මෙවැනි සියලු කි්රයාවන් කිරීමෙන් වළක්වා ඇත. මන්දයත් එමගින් අල්ලාහ්ගේ සලකුණු උල්ලංඝනය වීමක් සිදුවන හෙයිනි. ඉස්ලාමයේ සංකේතයක් ලෙස සලකන දහමේ ඇති විශේෂ ලක්ෂණයන් අල්ලාහ්ගේ සලකුණු යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒවායින් සමහරක් නම් බයිතුල් හරාම්හි ශුද්ධවන්තභාවය රැක ගැනීම, ඉහ්රාම් අවස්ථාව, වන්දනාකරුවන්, හරම් වෙත කැප කිරීම සඳහා ගෙන යන සතුන් ආදියයි.
5ඉස්ලාමයට පෙර අරාබිවරුන් අතර එක් ශුද්ධ වූ මාසයක් විය. එහි යුද කිරීම තහනම්ව තිබිණ. නමුත් ඉස්ලාමයට පසු මාස හතරක් දක්වා දීර්ඝ විය. ඒවා නම් සුල් කඃදා, සුල් හිජ්ජා, මුහර්රම් හා රජබ් යන මාසයන්ය.
6එකල මස්ජිදුල් හරාම්යට කැප කිරීම සඳහා ගෙන යන සත්වයන්ට සලකුණක් ලෙස ගෙලෙහි විශේෂ මාල පලඳවන්නෝය. මෙහි මාල යනුවෙන් සඳහන් කරමින් අදහස් කරනුයේ එම මාල පලඳනු ලැබූ සතුන්ය. එම සතුන්ව වෙනත් අරමුණක් සඳහා භාවිත කිරීම උන්ගේ ශුද්ධවන්තභාවය උල්ලංඝනය කිරීමක් ලෙස ඔවුන් සැලකුවෝය.
7“බයිතුල් හරාම්” යනු මුස්ලිම්වරුන් තම නැමදුම් සඳහා හැරෙන මක්කාවේ සමචතුරස්ර හැඩයකින් යුත් ගොඩනැගිල්ල පිහිටි දේවස්ථානයයි.
8එනම් මෙම විධානය මගින් අදහස් වන්නේ ඉහ්රාම් ශීලයෙන් මිදුණේ නම් දඩයම් කිරීමට අනුමැතිය ඇත යන්නයි.
حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالدَّمُ وَلَحْمُ الْخِنزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ وَالْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُتَرَدِّيَةُ وَالنَّطِيحَةُ وَمَا أَكَلَ السَّبُعُ إِلَّا مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى النُّصُبِ وَأَن تَسْتَقْسِمُوا بِالْأَزْلَامِ ۚ ذَٰلِكُمْ فِسْقٌ ۗ الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِن دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِ ۚ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا ۚ فَمَنِ اضْطُرَّ فِي مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِّإِثْمٍ ۙ فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
මළ සතුන් ද රුධිරය ද සූකර මාංශ ද අල්ලාහ් හැර වෙනත් දෑ සඳහා කැප කරනු ලැබූ දෑ ද ගෙල මිරිකා මරන ලද සතුන් ද පහර දී මරන ලද සතුන් ද (ඉහළ සිට) පහළට වැටී මරණයට පත් සතුන් ද (උලකින්) ඇණ මරණයට පත් කළ සතුන් ද තවද නුඹලා (ඉස්ලාමීය) අනුමත ක්රමයට කැපීමෙන් මිස මෘග සතුන් ආහාරයට ගත් දෑ ද පිළිම වෙනුවෙන් කපනු ලැබූ දෑ ද ඊතල් මගින් පංගු තීන්දු කිරීම ද නුඹලා කෙරෙහි තහනම් කරනු ලැබ ඇත. මේවා (සියල්ලම) පාපයන්ය. ප්රතික්ෂේප කළවුන් නුඹලාගේ දහම(ට හානි කිරීම) පිළිබඳව අද දින බලාපොරොත්තු සුන්කර ගෙන ඇත. එබැවින් නුඹලා ඔවුනට බිය නොවවු. මාහටම බිය වවු. අද දින නුඹලාගේ දහම නුඹලාට මම පරිසමාප්ත කර ඇත්තෙමි. තවද මාගේ දායාදයන් නුඹලා කෙරෙහි පරිපූර්ණ කර ඇත්තෙමි. නුඹලාට දහමක් ලෙස ඉස්ලාමය මම පිළිගත්තෙමි. කවරෙකු පාපය වෙත නැඹුරුවීමකින් තොරව දරා ගත නොහැකි කුසගින්න හේතුවෙන් (ඉහත සඳහන් දෑ අනුභව කිරීමට) බල කරනු ලැබුවේ ද එවිට අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
9මෙයින් පෙන්නුම් කරන්නේ මිථ්යාදෘෂ්ටිකයින් අතර තිබූ එක්තරා සූදු සෙල්ලමක් පිළිබඳවය. එය කෙසේදයත් ඔවුන් ඔටුවෙකුට එක සමාන හවුල්කරුවන්ව සිටියදී එය තමන් අතර බෙදා ගැනීම සඳහා ඊතල් මගින් සීට්ටු දමන්නේය. ඔවුන්ට අයිති වන පංගුව සමානුපාතිකව නොබෙදා ගන්නා අතර ඔවුන්ගේ ඊතල් විදීම මගින් ඔවුන්ගේ පංගුව නිර්ණය කර ගන්නෝය. මෙය ඉස්ලාමය තුළින් තහනම් කරනු ලැබූවකි.
10මෙම ආයතය පහළ වූයේ හජ්ජතුල් වදාඃ නැමැති නබි මුහම්මද් තුමාණන්ගේ සමූගැනීමේ හජ්හි පැවති දේශනාව අවස්ථාවෙහිදීය. මෙම ආයතයෙහි සඳහන් පරිදි ‘නුඹලාගේ දහම මම නුඹලාට පරිසමාප්ත කර ඇත්තෙමි.’ යන වාක්යයෙන් ඉස්මතු වන්නේ ඉස්ලාමයේ නීතිරීති හා සම්බන්ධ කරුණු මෙම ආයතය පහළ වීමත් සමග පරිපූර්ණ වී ඇති බවය. එහෙත් මින් අනතුරුවද නීතිරීති හා සම්බන්ධ නොවූ ආයතයන් පහළ වී ඇත.
11මෙහි අනුමත කර ඇත්තේ මෙම ආයතයේ ආරම්භයේ සඳහන් වූ අනුභව කිරීමට තහනම් කරනු ලැබූ දෑය. එනම්, කෙනෙකුට දරුණු කුසගින්නක් ඇති වී එමගින් මරණයට පත් වන තත්ත්වයක් උදා වී ඔහුට මළ සතුන් හා සූකර මාංශ වැනි දෑ හැර වෙනත් කිසිදු ආහාරයක් නොවූයේ නම් ඒවායින් ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට ප්රමාණවත් තරමට අනුභව කිරීමට අනුමැතිය ඇත. නමුත් ඔහුගේ අවශ්යතාවට වඩා සීමාව ඉක්මවා අනුභව කිරීමට ඔහුට අනුමැතිය නැත. තවද එය කෙරෙහිම පදනම් වෙමින් නැඹුරු වීමට ද අනුමැතිය නැත.
يَسْأَلُونَكَ مَاذَا أُحِلَّ لَهُمْ ۖ قُلْ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ ۙ وَمَا عَلَّمْتُم مِّنَ الْجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ اللَّهُ ۖ فَكُلُوا مِمَّا أَمْسَكْنَ عَلَيْكُمْ وَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهِ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
(නබිවරය,) ඔවුනට අනුමත කරනු ලැබ ඇත්තේ (ආහාර වලින්) කවර දෑ දැ?යි ඔවුහු නුඹගෙන් විමසන්නෝය. “නුඹලාට අනුමත කරනු ලැබ ඇත්තේ යහපත් (පිවිතුරු) දෑ ද අල්ලාහ් නුඹලාට ඉගැන්වූ දැයින් දඩයම් කරන සතුන්ට නුඹලා උගන්වා, උන් අතුරින් නුඹලා පුහුණු කළ පුහුණුව ලැබූ එවුන් (දඩයම් කරන) දෑ ද වේ. එවිට නුඹලා වෙත උන් (දඩයම් කර) හසුකරගන්නා දැයින් නුඹලා අනුභව කරවු. තවද නුඹලා අල්ලාහ්ගේ නාමය ඒ මත සඳහන් කරවු.” යැයි නුඹ පවසවු. තවද නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් ගණනය (විනිශ්චය) කිරීමෙහි ශීඝ්රය.
12මෙම ආයතයෙන් අදහස් වන්නේ දඩයම් කරන්නට යොදා ගන්නා සතුන් දඩයම සඳහා නිසි ලෙස පුහුණු කර තිබිය යුතුය යන්නයි. එම සතුන් පුහුණු කර ඇති බවට ප්රධාන ලක්ෂණය වන්නේ දඩයම් කිරීමෙන් පසු එයින් කිසිවක් අනුභව නොකොට තම ස්වාමියා වෙත එය ගෙන ඒමයි. මෙය අනුමත වීමට අනෙක් කොන්දේසිය වන්නේ දඩයම් සතාව දඩයම සඳහා මුදා හරින විට ඔවුන් මත අල්ලාහ්ගේ නාමය පවසා මුදා හැරීමය.
الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ ۖ وَطَعَامُ الَّذِينَ أُوتُوا الْكِتَابَ حِلٌّ لَّكُمْ وَطَعَامُكُمْ حِلٌّ لَّهُمْ ۖ وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِن قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلَا مُتَّخِذِي أَخْدَانٍ ۗ وَمَن يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ
අද දින, නුඹලාට යහපත් (පිවිතුරු) දෑ අනුමත කරනු ලැබ ඇත. තවද ධර්ම පුස්තකය දෙනු ලැබූවන්ගේ ආහාරය නුඹලාට අනුමත වූවකි. නුඹලාගේ ආහාරය ඔවුනට අනුමත වූවකි. තවද විශ්වාසික කාන්තාවන් අතුරින් පතිවත් කාන්තාවන් ද නුඹලාට පෙර ධර්ම පුස්තකය දෙනු ලැබූවන් අතුරින් පතිවත් කාන්තාවන් ද දුරාචාරයෙන් තොරව හා (නුඹලා ඔවුන්ව) අනියම් බිරියක් වශයෙන් නොගෙන (නුඹලා ඔවුන්ව) විවාහ කර ගන්නන් ලෙස ඔවුනට ඔවුන්ගේ මහ්ර් (බන්ධන කුලිය) ලබා දෙන්නේ නම්( නුඹලාට විවාහ වීමට අනුමැතිය ඇත). කවරෙකු විශ්වාසය ප්රතික්ෂේප කරන්නේ ද ඔහුගේ ක්රියාව නිෂ්ඵල විය. තවද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින් අතුරින් (කෙනෙකු) වන්නේය.
13මෙහි ‘ආහාර’ යනුවෙන් සඳහන් කර ඇත්තේ යුදෙව්වන් හෝ කිතුනුවන් අල්ලාහ්ගේ නාමය සඳහන් කර නිසියාකාරව කැප කරන ලද සතුන්ගේ මාංශය. මන්දයත් ඉස්ලාමයේ මුස්ලිම්වරුන්ට අණ කර ඇත්තා සේම තව්රාතය පිළිපදින යුදෙව්වන්ට හා ඉන්ජීලය පිළිපදින කිතුනුවන්ට ඔවුන්ගේ දහමේ ද මේ ආකාරයටම අණ කර ඇත. ඔවුන් ඉස්ලාමයේ සඳහන් ආකාරයට අනුව කැප නොකළේ නම් එය මුස්ලිම්වරුන්ට අනුභව කිරීම තහනම් වන්නේය.
14එනම් මින් අදහස් වන්නේ පොදුවේ ඉස්ලාමීය ක්රමයට කපනු ලැබූ සතුන් මුස්ලිම් නොවන්නන් සඳහා පිරිනැමීමට ඉස්ලාමය තුළ කිසිඳු විරුද්ධත්වයක් නොමැති බවයි.
15මෙහි අදහස මුස්ලිම්වරුන්ට කිතුනු හෝ යුදෙව් කාන්තාවන්ව විවාහ වීම වලංගු වී ඇත යන්නයි. නමුත් මෙසේ විවාහ වීමෙදී ප්රධාන කරුණු දෙකක් වෙත සැලකිලිමත් විය යුතුය. පළමුව මෙම නීතිය අදාළ වන්නේ ඇය තව්රාතය හෝ ඉන්ජීලය සැබෑ ලෙස අනුගමනය කරන කාන්තාවක්ව සිටියොත් පමණි. දෙවැන්න එක් පිරිමියෙක් තමා හා තමාගේ දරුවන් ඇයගේ දහමට නැඹුරු නොවේ යැයි ද ඇය දහම් විෂයෙහි ඉස්ලාමය අබිබවා නොයන්නේ යැයි ද ඔහු විශ්වාස කළේ නම් එවිට ඇයව විවාහ කිරීමට අනුමත වේ. එනමුත් ඔහු හා දරුවන් ඇයගේ දහමට නැඹුරු වේ යැයි ද ඇය දහම් විෂයෙහි ඉස්ලාමය අබිබවා යන්නේ යැයි ද ඔහු සිතුවේ නම් ඔහුට ඇයව විවාහ වීමට අනුමත නොවේ. මෙම මතයට සාපේක්ෂව උමර් තුමා යුදෙව් හෝ කිතුනු ස්ත්රීන්ව විවාහ නොකළ යුතු යැයි නියෝගයක් නිකුත් කර ඇත. තවද වර්තමානයේ තව්රාතය හා ඉන්ජීලය සත්යය ලෙස විශ්වාස කර පිළිපදින්නන් දැක ගත නොහැකි තරම්ය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ ۚ وَإِن كُنتُمْ جُنُبًا فَاطَّهَّرُوا ۚ وَإِن كُنتُم مَّرْضَىٰ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِّنكُم مِّنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ ۚ مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍ وَلَـٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
විශ්වාස කළවුනි, සලාතය සඳහා නැගී (සිටීමට සූදානම්ව) සිටින කල්හි නුඹලාගේ මුහුණු ද වැළමිට ඇතුළුව නුඹලාගේ දෑත් ද සෝදා ගනිවු. තවද නුඹලාගේ (අත් ජලයෙන් තවරා) හිස් පිරිමදිවු. තවද නුඹලාගේ වළලු කර ඇතුළුව පාද ද (සෝදා ගනිවු). තවද නුඹලා(ට ස්නානය අනිවාර්යය වන) ජුනුබ් තත්ත්වයෙන් පසුවෙත් නම් නුඹලා (ස්නානය කිරීම මගින්) පිරිසිදු කර ගනිවු. තවද නුඹලා රෝගීව සිටියේ නම් හෝ ගමනක (යෙදී) සිටියේ නම් හෝ නුඹලාගෙන් අයෙකු මළපහ (කොට එම අවශ්යතාව ඉටු) කළ ස්ථානයෙන් පැමිණියේ නම් හෝ කාන්තාවන් ස්පර්ශ කළා නම් හෝ පසුව නුඹලාට (පිරිසිදු වීමට) ජලය නොලැබුණේ නම් එවිට නුඹලා දූවිලි සහිත පිරිසිදු පස (තයම්මුම් කිරීම සඳහා) අදිටන් කරවු. එනම් නුඹලාගේ මුහුණු ද නුඹලාගේ දෑත් ද එයින් පිරිමදිවු. නුඹලාට දුෂ්කරතාවක් ඇති කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකරන්නේය. එනමුත් නුඹලා (අල්ලාහ්ට) කෘතවේදී වනු පිණිස නුඹලාව පවිත්ර කිරීමට ද ඔහුගේ භාග්යය නුඹලාට සම්පූර්ණ කිරීමට ද ඔහු අපේක්ෂා කරන්නේය.
16මින් අදහස් වන්නේ වුළු හෙවත් අර්ධ දෝවන ක්රමය පිළිබඳවයි. මෙය ඉටු කිරීමේ පිළිවෙත හැදෑරීම සඳහා ඉස්ලාමීය නීති ග්රන්ථ වෙත යොමු වීම වඩාත් උචිත වේ.
17‘ජුනුබ්’ යනු අරාබි බසින් ‘ජනාබත්’ යන පදයෙන් බෙදුණු පදයකි. එහි අරුත ‘මහා කිළිටයි’ එනම් ලිංගික සංසර්ගය නිසා හෝ ශුක්ර ධාතු පිට වීම නිසා හෝ එවන් දෑ මුල් කරගෙන ඇති වන අපවිත්රතාවයි.
18මෙම ආයතයෙහි ‘ස්පර්ශ කළා නම්’ යන පදයට අදාළ අරාබි පදය ‘ලාමස්තුම්’ යන අරාබි පදයයි. ඊට ඇතැම් විද්වතුන් ‘සංසර්ගයේ යෙදුණා නම්’ යන්නෙන් ද අරුත ගන්වා ඇත.
19අල් කුර්ආන් 4:43 ආයතයේ ඇති 33 වැනි පාද සටහන බලන්න.
وَاذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ وَمِيثَاقَهُ الَّذِي وَاثَقَكُم بِهِ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
තවද නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ භාග්යය(ඉස්ලාමය) ද,”(අල්ලාහ්ගේ වදනට) අපි සවන් දුනිමු, තවද (ඔහුගේ අණට) අපි අවනත වුණෙමු.” යැයි නුඹලා (නබිවරයාට) පැවසූ විට ඔහු(අල්ලාහ්) නුඹලා සමග කවර දෙයක් (එමගින් ස්ථීර කර) ගිවිසුම් කර ගත්තේද ඔහුගේ (එම) ගිවිසුම ද, නුඹලා සිහිපත් කරවු. තවද නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
විශ්වාස කළවුනි, අල්ලාහ් වෙනුවෙන් (ඔහුගේ නියෝගයන් පිළිපැදීමට) ස්ථිර වූවන් ලෙස හා යුක්තිය සඳහා සාක්ෂිකරුවන් ලෙස වවු. තවද සැබැවින්ම (ප්රතික්ෂේපක) පිරිසකගේ (නුඹලා කෙරෙහි වූ) ක්රෝධය නුඹලා යුක්තිය ඉටු නොකිරීම කෙරෙහි නුඹලාව පොලඹවිය නොයුතුය. (සෑම අවස්ථාවකම) නුඹලා යුක්තිය ඉටු කරවු. එය බිය භක්තියට ඉතා සමීපය. තවද අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්තය.
وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۙ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ
විශ්වාස කර දැහැමි කි්රයාවන් කළවුන්ට, ඔවුනට අල්ලාහ් පාපක්ෂමාව හා ඉමහත් වේතනයක් (පිළිබඳ) ප්රතිඥා දුන්නේය.
وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَـٰئِكَ أَصْحَابُ الْجَحِيمِ
තවද අපගේ සංඥාවන් ප්රතික්ෂේප කර අසත්යය කරන්නන් නිරයේ සගයෝ වෙති.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُوا إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ ۖ وَاتَّقُوا اللَّهَ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
විශ්වාස කළවුනි, නුඹලාට (එරෙහිව) දෑත් දිගු කිරීමට (මක්කා ප්රතික්ෂේපකයින්ගෙන්) පිරිසක් සැලසුම් කළ අවස්ථාවේ දී නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ භාග්යය සිහිපත් කරවු. එවිට (නුඹලාව ආරක්ෂා කර) ඔවුන්ගේ දෑත් නුඹලාගෙන් ඔහු(අල්ලාහ්) වැළැක්වූයේය. තවද නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද විශ්වාසිකයින් සියල්ල භාර කළ යුත්තේ අල්ලාහ් කෙරෙහිමය.
20මෙය පෙන්නුම් කරන්නේ ආදේශකයන් විසින් නබි මුහම්මද් තුමාට හා මුස්ලිම්වරුන්ට එරෙහිව කුමන්ත්රණ කළ සියලු සිදුවීම්ය. නමුත් අල්ලාහ් ඔවුන්ගේ සැලසුම් නිෂ්ඵල කළ අතර මෙවැනි බොහෝ සිදුවීම් ඉතිහාසයේ සඳහන් වී ඇත.
وَلَقَدْ أَخَذَ اللَّهُ مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَبَعَثْنَا مِنْهُمُ اثْنَيْ عَشَرَ نَقِيبًا ۖ وَقَالَ اللَّهُ إِنِّي مَعَكُمْ ۖ لَئِنْ أَقَمْتُمُ الصَّلَاةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَآمَنتُم بِرُسُلِي وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ اللَّهَ قَرْضًا حَسَنًا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّئَاتِكُمْ وَلَأُدْخِلَنَّكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۚ فَمَن كَفَرَ بَعْدَ ذَٰلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ
සැබැවින්ම ඉස්රාඊල්ගේ දරුවන්ගෙන් අල්ලාහ් ප්රතිඥාවක් ගත්තේය. ඔවුන් අතුරින් නායකයින් දොළොස් දෙනෙකු අපි පත් කළෙමු. තවද “සැබැවින්ම මා නුඹලා සමගය. නුඹලා සලාතය ස්ථාපිත කර zසකාතය ද ලබා දී මාගේ රසූල්වරුන්ව විශ්වාස කර ඔවුනට නුඹලා උපකාර කර අල්ලාහ්ට අලංකාර ණයක් ලබා දෙන්නේ නම්, සැබැවින්ම නුඹලාගේ පාපයන් නුඹලාගෙන් මම ඉවත් කර දමන්නෙමි. සැබැවින්ම නුඹලාව (ස්වර්ග) උයන් වලට ඇතුළු කරවන්නෙමි. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. නුඹලා අතුරින් ඉන්පසුව කවරෙකු ප්රතික්ෂේප කරන්නේද සැබැවින්ම ඔහු ඍජු මාර්ගයෙන් බැහැර විය.” යැයි අල්ලාහ් (ඔවුනට) පැවසුවේය.
21‘අලංකාර ණයක්’ යනුවෙන් අල් කුර්ආනයේ නිතර භාවිත වන්නේ අල්ලාහ්ගේ තෘප්තිය පතා ඔහුගේ මාර්ගයේ වියදම් කිරීමටය. ‘ණය’ යනුවෙන් භාවිත වීමට හේතුව නම් මතුලොවෙහි අල්ලාහ් ණය පියවීමක් වශයෙන් එහි ප්රතිඵලය ලබා දෙන්නේ යැයි සහතික වන හෙයිනි.
فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ لَعَنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً ۖ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ ۙ وَنَسُوا حَظًّا مِّمَّا ذُكِّرُوا بِهِ ۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَائِنَةٍ مِّنْهُمْ إِلَّا قَلِيلًا مِّنْهُمْ ۖ فَاعْفُ عَنْهُمْ وَاصْفَحْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ
ඔවුන්ගේ ප්රතිඥාව ඔවුන් කඩ කළ හෙයින් අපි ඔවුනට ශාප කළෙමු. තවද අපි ඔවුන්ගේ හදවත් දැඩි බවට පත් කළෙමු. ඔවුහු (තව්රාතයේ ඇති) වචන එහි ස්ථානයන්ගෙන් වෙනස් කරති. තවද කවර දෙයක් ඔවුනට එ(ම තව්රාතය )මගින් උපදෙස් කරනු ලැබුවේද ඒවායින් කොටසක් ඔවුහු (නොසලකා) අමතක කර දැමුවෝය. (නබිවරය,) ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකුගෙන් හැර සෙසු අයගෙන් (කිසියම්) වංචනිකත්වයක් ඔබ දකිමින්ම සිටින්නේය. එබැවින් ඔවුන්ට නුඹ සමාව දී (නොසලකා) අත් හරිවු. සැබැවින්ම අල්ලාහ් යහපත කරන්නන්ව ප්රිය කරන්නේය.
وَمِنَ الَّذِينَ قَالُوا إِنَّا نَصَارَىٰ أَخَذْنَا مِيثَاقَهُمْ فَنَسُوا حَظًّا مِّمَّا ذُكِّرُوا بِهِ فَأَغْرَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۚ وَسَوْفَ يُنَبِّئُهُمُ اللَّهُ بِمَا كَانُوا يَصْنَعُونَ
සැබැවින්ම “අපි කිතුනුවන්” යැයි පවසන්නන්ගෙන්, අපි ඔවුන්ගේ ප්රතිඥාව ගත්තෙමු. එබැවින් කවර දෙයක් ඔවුනට එ(ම ඉන්ජීලය) මගින් උපදෙස් කරනු ලැබුවේද ඒවායින් කොටසක් ඔවුහු (නොසලකා) අමතක කර දැමුවෝය. එබැවින් (මළවුන්) නැගිටුවනු ලබන දිනතෙක්ම ඔවුන් අතර සතුරුකම හා ක්රෝධය අපි ඇති කළෙමු. තවද ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව අල්ලාහ් ඔවුනට මතු දන්වනු ඇත.
يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَن كَثِيرٍ ۚ قَدْ جَاءَكُم مِّنَ اللَّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ
ධර්ම පුස්තකය ලත් ජනයිනි, ධර්ම පුස්තකයෙන් නුඹලා සඟවමින් සිටි දෑ අතුරින් බොහෝමයක් නුඹලාට පැහැදිලි කරමින් ද (ඒවායින්) බොහෝමයක් (පැහැදිළි කිරීමෙන් ඔවුන්ට ප්රයෝජනයක් නොවන හෙයින්) නොසලකා හරිමින් ද අපගේ රසූල්වරයා නුඹලා වෙත පැමිණ ඇත. සැබැවින්ම අල්ලාහ්ගෙන් නුඹලා වෙත ආලෝකයක් (ලෙස නබිවරයා) හා පැහැදිලි ධර්ම පුස්තකයක් (ලෙස අල් කුර්ආනය) පැමිණ ඇත.
يَهْدِي بِهِ اللَّهُ مَنِ اتَّبَعَ رِضْوَانَهُ سُبُلَ السَّلَامِ وَيُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِهِ وَيَهْدِيهِمْ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ
අල්ලාහ් එමගින් ඔහුගේ තෘප්තිය අනුගමනය කරන්නන්ට ශාන්තියේ මං වෙත මග පෙන්වන්නේය. තවද ඔහුගේ අනුමැතිය පරිදි අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත ඔවුන්ව පිට කරන්නේය. තවද ඔවුන්ව ඍජු මගට යොමු කරන්නේය.
لَّقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ ۚ قُلْ فَمَن يَمْلِكُ مِنَ اللَّهِ شَيْئًا إِنْ أَرَادَ أَن يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَن فِي الْأَرْضِ جَمِيعًا ۗ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۚ يَخْلُقُ مَا يَشَاءُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
“සැබැවින්ම අල්ලාහ්, ඔහුමය මර්යම්ගේ පුත් මසීහ් වන්නේ” යැයි පැවසූ අය සැබැවින්ම ප්රතික්ෂේප කළෝය. (නබිවරය,) නුඹ පවසවු “මර්යම්ගේ පුත් මසීහ් ද ඔහුගේ මව ද මිහිතලයේ සිටින සියලු දෙනා ද ඔහු විනාශ කර දැමීමට අපේක්ෂා කළේ නම් අල්ලාහ්(ගේ දඬුවම)ට එරෙහිව (සිදුවන) යමක් වැළකිය හැක්කේ කවරෙකුටද?” අහස්හි ද මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන දෑ මවන්නේය. තවද අල්ලාහ් සියලූ දෑ කෙරෙහි අති බලසම්පන්නය.
وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَىٰ نَحْنُ أَبْنَاءُ اللَّهِ وَأَحِبَّاؤُهُ ۚ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم ۖ بَلْ أَنتُم بَشَرٌ مِّمَّنْ خَلَقَ ۚ يَغْفِرُ لِمَن يَشَاءُ وَيُعَذِّبُ مَن يَشَاءُ ۚ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ وَإِلَيْهِ الْمَصِيرُ
“අපි අල්ලාහ්ගේ දරුවන්ය. තවද ඔහුගේ ප්රියතමයන්ය.” යැයි යුදෙව්වෝ හා කිතුනුවෝ පවසති. (නබිවරය,) “එසේ නම් නුඹලාගේ පාපකම් නිසා නුඹලාට ඔහු දඬුවම් කරනුයේ මන්ද? නමුත් නුඹලා ඔහු මැවූ අය අතුරින් (සාමාන්ය) මනුෂ්යයන්ය. ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේය. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරන්නේයැ.”යි නුඹ (ඔවුන්ට) පවසවු. අහස්හි ද මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්යය අල්ලාහ් සතුය. අවසානයේ යොමුවන ස්ථානය ඔහු වෙතමය.
يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَىٰ فَتْرَةٍ مِّنَ الرُّسُلِ أَن تَقُولُوا مَا جَاءَنَا مِن بَشِيرٍ وَلَا نَذِيرٍ ۖ فَقَدْ جَاءَكُم بَشِيرٌ وَنَذِيرٌ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
“ධර්ම පුස්තකය ලත් ජනයිනි, රසූල්වරුන්ගෙන් පසු (ඔවුන්ගේ පැමිණිම නතර වූ) කාල පරාසයේ “ශුභාරංචි පවසන්නෙකු ද අවවාද කරන්නෙකු ද අප වෙත නොපැමිණියේයැ”යි නුඹලා නොපැවසීම පිණිස (අල්ලාහ්ගේ විධානයන්) නුඹලාට පැහැදිලි කිරීමට අපගේ රසූල්වරයා නුඹලා වෙත පැමිණ ඇත.” එබැවින් සැබැවින්ම ශුභාරංචි පවසන්නෙකු ද අවවාද කරන්නෙකු ද නුඹලා වෙත පැමිණ ඇත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
22මෙහි අදහස් කරන්නේ නබි ඊසා තුමා හා නබි මුහම්මද් තුමාණන් අතර වූ කාල පරාසයයි. එම කාලය අතරතුර කිසිදු නබිවරයෙකු අල්ලාහ් විසින් නොයැව්වේය.
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمِ اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنبِيَاءَ وَجَعَلَكُم مُّلُوكًا وَآتَاكُم مَّا لَمْ يُؤْتِ أَحَدًا مِّنَ الْعَالَمِينَ
“මාගේ ජනයිනි, ඔහු(අල්ලාහ්) නුඹලා අතර නබිවරුන් පත් කර නුඹලාව පාලකයින් බවට පත් කර විශ්වයේ කිසිවෙකුට ලබා නොදුන් දෑ නුඹලාට ලබා දුන් අවස්ථාවේ නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ භාග්යය පිළිබඳව නුඹලා සිහිපත් කරවු.” යැයි මූසා තම ජනයින්ට පැවසූ අවස්ථාව (නබිවරය, සිහිපත් කරවු.)
يَا قَوْمِ ادْخُلُوا الْأَرْضَ الْمُقَدَّسَةَ الَّتِي كَتَبَ اللَّهُ لَكُمْ وَلَا تَرْتَدُّوا عَلَىٰ أَدْبَارِكُمْ فَتَنقَلِبُوا خَاسِرِينَ
“මාගේ ජනයිනි, අල්ලාහ් නුඹලාට නියම කළ පරිශුද්ධ භූමියට නුඹලා ඇතුළු වවු. තවද නුඹලා (සතුරන්ට බිය වී) පසුපස හැරී නොයවු. එ(සේ හැරී ගිය )විට අලාභවන්තයින් බවට නුඹලා පත් වනු ඇත.
23මෙයින් අදහස් වන්නේ පලස්තීනය හා සිරියාව යන ප්රදේශයන්ය. පුරාණයේ සිට මෙහි අමාලිකා නම් ජන කොට්ඨාසයක් වාසය කරමින් සිටියෝය. ෆිර්අවුන් මුහුදේ ගිලී මරණයට පත් වූ පසුව බනූ ඉස්රාඊල්වරුන්ට අමාලිකාවරුන්ගෙන් එම භූමි ප්රදේශයන් අත්පත් කර ගන්නා ලෙස අණ කරන ලදී.
قَالُوا يَا مُوسَىٰ إِنَّ فِيهَا قَوْمًا جَبَّارِينَ وَإِنَّا لَن نَّدْخُلَهَا حَتَّىٰ يَخْرُجُوا مِنْهَا فَإِن يَخْرُجُوا مِنْهَا فَإِنَّا دَاخِلُونَ
“අහෝ මූසා! සැබැවින්ම බලගතු වූ පිරිසක් එහි වෙති. තවද ඔවුන් එයින් පිටවන තෙක් සැබැවින්ම අපි එහි ඇතුළු නොවන්නෙමුය. එසේ ඔවුහු එයින් පිටවන්නේ නම් එවිට සැබැවින්ම අපි ඇතුළුවන්නන් වෙමු.” යැයි ඔවුහු පැවසුවෝය.
قَالَ رَجُلَانِ مِنَ الَّذِينَ يَخَافُونَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمَا ادْخُلُوا عَلَيْهِمُ الْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَالِبُونَ ۚ وَعَلَى اللَّهِ فَتَوَكَّلُوا إِن كُنتُم مُّؤْمِنِينَ
“ඔවුන් වෙත නුඹලා දොරටුවෙන් ඇතුළු වවු. නුඹලා එසේ එහි ඇතුළු වූයේ නම් සැබැවින්ම නුඹලා (ඔවුන්) අබිබවා යන්නෝ වෙති. නුඹලා විශ්වාසිකයින් වූයේ නම් අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කරවු.” යැයි තමන්ට අල්ලාහ් දායාදයන් ප්රදානය කළ (අල්ලාහ්ගේ අණට පිටුපෑමට) බිය වූවන් අතුරින් මිනිසුන් දෙදෙනෙකු පැවසුවෝය.
24බොහෝ අල් කුර්ආන් විශාරදයින්ගේ මතයට අනුව මෙම ආයතයේ ‘මිනිසුන් දෙදෙනෙකු’ යනු යූෂඃ හා කාලිබ් යන පුද්ගලයින් දෙදෙනාය. මොවුන් දෙදෙනා ඉස්රාඊල්වරුන්ගේ ප්රධානීන් දෙදෙනෙකි.
قَالُوا يَا مُوسَىٰ إِنَّا لَن نَّدْخُلَهَا أَبَدًا مَّا دَامُوا فِيهَا ۖ فَاذْهَبْ أَنتَ وَرَبُّكَ فَقَاتِلَا إِنَّا هَاهُنَا قَاعِدُونَ
“අහෝ මූසා! ඔවුහු එහි සිටින තාක්කල් අපි කිසිවිටෙක එහි ඇතුළු නොවන්නෙමුය. නුඹ ද නුඹගේ පරමාධිපති ද (එහි) පිවිස සටන් වදිවු. සැබැවින්ම අපි මෙතැනම හිඳ සිටින්නෙමු”යි ඔවුහු පැවසූහ.
قَالَ رَبِّ إِنِّي لَا أَمْلِكُ إِلَّا نَفْسِي وَأَخِي ۖ فَافْرُقْ بَيْنَنَا وَبَيْنَ الْقَوْمِ الْفَاسِقِينَ
“මාගේ පරමාධිපතියාණනි, මා හා මාගේ සහෝදරයා මිස සැබැවින්ම (අන් කිසිවෙකු පිළිබඳව) මට බලයක් නැත. එබැවින් අප අතර ද පාපතර පිරිස අතර ද ඔබ බෙදීමක් ඇති කරවු” යැයි ඔහු(මූසා) පැවසුවේය.
25‘මාගේ සහෝදරයා’ යනු නබි හාරුන් තුමාණන්ය. තවද මෙම ආයතයෙහි ‘බෙදීමක් ඇති කරවු’ යනු මෙම පිරිස් දෙකටම ඔවුන්ගේ කි්රයාවන්ට අනුව ප්රතිඵල ලබා දිය යුතුය යන්නය.
قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيْهِمْ ۛ أَرْبَعِينَ سَنَةً ۛ يَتِيهُونَ فِي الْأَرْضِ ۚ فَلَا تَأْسَ عَلَى الْقَوْمِ الْفَاسِقِينَ
“සැබැවින්ම එය, (එනම්, එම භූමි ප්රදේශයට ඇතුළු වීම) ඔවුන් කෙරෙහි වසර හතළිහක් තහනම් කරනු ලැබූවකි. (ඒ වන තෙක්) ඔවුහු මිහිතලයෙහි අයාලේ යන්නෝය. පාපතර පිරිස පිළිබඳව නුඹ දුක් නොවවු” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
26ඉස්රාඊල්වරුන්ගේ පිටුපෑමේ දඬුවමක් වශයෙන් ‘සිනායි’ නම් කාන්තාරයේ ඔවුන්ව මංමුලා නොදන්නවුන් බවට පත් කර වසර හතළිහක් අයාලේ යාමට සැළැසූ බවයි.
وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الْآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ ۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ
(නබිවරය,) ආදම්ගේ පුතණුවන් දෙදෙනාගේ පුවත ඔවුන් කෙරෙහි සත්යය ලෙස පාරායනය කර( පෙන්ව)වු. ඔවුන් දෙදෙනා (අල්ලාහ් වෙනුවෙන්) කැප කිරීමක් ඉටු කළ කල්හි ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් (එය) පිළිගනු ලැබූ අතර අනෙකාගෙන් පිළිගනු නොලැබීය. (කුර්බානය පිළිනොගත්) ඔහු (අනෙකාට) “සැබැවින්ම මම නුඹව මරා දමමි” යැයි පැවසුවේය. “අල්ලාහ් පිළිගනුයේ බිය භක්තිමත් අයගෙන් පමණක්මයැ”යි ඔහු(අනෙකා) පැවසුවේය.
27නබි ආදම් තුමාණන්ගේ පුතණුවන් දෙදෙනාගේ නම් වන්නේ ‘හාබීල්’ හා ‘කාබීල්’ ය. ඉතිහාසයේ වාර්තාවන පරිදි අල්ලාහ් වෙනුවෙන් කාබීල් ඇතැම් බෝග අස්වනු කැප කළ අතර හාබීල් බැටළුවෙකු අල්ලාහ් වෙනුවෙන් කැප කළේය. එකල කැප කිරීම් පිළිගැනීමට වූ සලකුණ වූයේ අහසින් ගින්නක් පැමිණ එය පුලුස්සා දැමීමයි. එලෙස ගින්නක් පැමිණ හාබීල්ගේ කැප කිරීම පුලුස්සා දැමූ අතර කාබීල්ගේ කැප කිරීම නොපිලිස්සෙන ලදී. එයට කාබීල් ප්රකෝපයට පත් වී ඔහුගේ සහෝදර හාබීල්ව ඝාතනය කළේය.
لَئِن بَسَطتَ إِلَيَّ يَدَكَ لِتَقْتُلَنِي مَا أَنَا بِبَاسِطٍ يَدِيَ إِلَيْكَ لِأَقْتُلَكَ ۖ إِنِّي أَخَافُ اللَّهَ رَبَّ الْعَالَمِينَ
“මා මැරීමට නුඹගේ අත නුඹ මා වෙත දිගු කළද මම නුඹව මැරීමට මාගේ අත දිගු කරන්නෙකු නොවෙමි. සමස්ත විශ්වයේ පරමාධිපති වන අල්ලාහ්ට සැබැවින්ම මම බිය වෙමි.
إِنِّي أُرِيدُ أَن تَبُوءَ بِإِثْمِي وَإِثْمِكَ فَتَكُونَ مِنْ أَصْحَابِ النَّارِ ۚ وَذَٰلِكَ جَزَاءُ الظَّالِمِينَ
නුඹගේ පාපය සමග මාගේ පාපය නුඹ දරා ගෙන නුඹ (නිරා) ගින්නේ සගයින් අතුරින් (කෙනෙකු) වීමට සැබැවින්ම මම අපේක්ෂා කරමි. තවද එය අපරාධකරුවන්ගේ ප්රතිවිපාකයයි.” (යැයි ද ඔහු පැවසුවේය.)
28නොයෙක් සහාබිවරුන්ගේ හා ඔවුන්ගේ ශිෂ්යයන්ගේ මතයට අනුව ‘මාගේ පාපය’ යනු මා ඝාතනය කිරීමේ පාපයයි. තවද ‘නුඹගේ පාපය’ යනු මෙම සිදුවීමට පෙර කාබීල් කළ පාපයන්ය.
فَطَوَّعَتْ لَهُ نَفْسُهُ قَتْلَ أَخِيهِ فَقَتَلَهُ فَأَصْبَحَ مِنَ الْخَاسِرِينَ
තවද තම සහෝදරයාව මරා දැමීමට ඔහුගේ සිත ඔහුව පොලඹ විය. එබැවින් ඔහු ඔහුව මරා දැමුවේය. තවද ඔහු අලාභවන්තයින් අතුරින් (කෙනෙකු) විය.
فَبَعَثَ اللَّهُ غُرَابًا يَبْحَثُ فِي الْأَرْضِ لِيُرِيَهُ كَيْفَ يُوَارِي سَوْءَةَ أَخِيهِ ۚ قَالَ يَا وَيْلَتَىٰ أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَـٰذَا الْغُرَابِ فَأُوَارِيَ سَوْءَةَ أَخِي ۖ فَأَصْبَحَ مِنَ النَّادِمِينَ
තම සහෝදරයාගේ මළ සිරුර (භූමිදානය කර) සඟවන්නේ කෙලෙසදැ’යි ඔහුට පෙන්වා දෙනු පිණිස භූමිය හාරන්නා වූ කපුටෙකු අල්ලාහ් යැවීය. “අහෝ, මෙම කපුටා මෙන් වීමටවත් මට නොහැකි වූයේද! එබැවින් මාගේ සහෝදරයාගේ මළ සිරුර මා සඟවන්න හැක්කේ යැ”යි ඔහු පැවසුවේය. එබැවින් ඔහු පසුතැවිලි වූවන්ගෙන් (කෙනෙකු) විය.
مِنْ أَجْلِ ذَٰلِكَ كَتَبْنَا عَلَىٰ بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا ۚ وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُنَا بِالْبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِّنْهُم بَعْدَ ذَٰلِكَ فِي الْأَرْضِ لَمُسْرِفُونَ
මෙම (ප්රථම ඝාතනය) මුල් කොටගෙන “කවරෙකු (සම ප්රතිදඬුවමක් වශයෙන්) ආත්මය(ක් ඝාතනය කිරීම)කට මිස හෝ මිහිතලයෙහි (ඇති වන) කලහකාරකම(ක් වැළැක්වීම)කට මිස (අයුක්ති සහගතව තවත්) ආත්මාවක් ඝාතනය කරන්නේ ද ඔහු මිනිසුන් සියල්ල ඝාතනය කළ කෙනෙකු මෙන් වන්නේය’ යනුවෙන් ද ‘කවරෙකු එය(ආත්මාව ඝාතනය නොකර) ජීවත් කරවන්නේ ද ඔහු මිනිසුන් සියල්ල (ආරක්ෂා කර) ජීවත් කරවන්නෙකු මෙන් වන්නේය” යනුවෙන්ද ඉස්රාඊල්ගේ දරුවන්ට අපි නියම කළෙමු. සැබැවින්ම අපගේ රසූල්වරුන් ඔවුන් වෙත පැහැදිලි සාධක රැගෙන පැමිණයෝය. පසුව සැබැවින්ම ඔවුන් අතුරින් බොහෝ දෙනා එයට පසුව ද මිහිතලයෙහි සීමාව ඉක්මවන්නන් වූහ.
إِنَّمَا جَزَاءُ الَّذِينَ يُحَارِبُونَ اللَّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا أَن يُقَتَّلُوا أَوْ يُصَلَّبُوا أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلَافٍ أَوْ يُنفَوْا مِنَ الْأَرْضِ ۚ ذَٰلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ
අල්ලාහ්(ගේ සමීප ගැත්තන්) හා තම රසූල්වරයා සමග සටන් වදින්නන් හා මිහිතලයෙහි කලහකම් කිරීමට වෙර දරන්නන්ගේ ප්රතිවිපාකය වන්නේම ඔවුන්ව ඝාතනය කරනු ලැබීම හෝ කුරුසයේ (තබා ඇණ) ගසනු ලැබීම හෝ තම දෑත් සහ පාද (එකිනෙකට) විරුද්ධ පැති වලින් කපා දමනු ලැබීම හෝ (ඔහු ජීවත් වන) භූමියෙන් පිටුවහල් කරනු ලැබීමය. මෙය ඔවුන්ට මෙලොවෙහි වූ නින්දාවකි. තවද ඔවුන්ට මතු ලොවෙහි මහත් වූ දඬුවමක් ද ඇත. -
29උරෙයිනා ගෝති්රකයින්ගෙන් සමහරු මදීනාවට පැමිණි කල්හි ඔවුන්ට එහි කාලගුණය ඔරොත්තු නොවී ඔවුහු අසනීප තත්ත්වයට පත් වූහ. එවිට නබි මුහම්මද් තුමාණන් දන් දීමට නියමිතව තිබූ ඇතැම් ඔටුවන් පෙන්වා ඒ වෙත ඔවුන්ව යවා එම ඔටුවන්ගේ කිරි වලින් හා උන්ගේ ශරීරයෙන් පිට වන සුළුදිය මගින් ඔවුන්ගේ අසනීපයට එක්තරා ප්රතිකාරයක් කරන ලෙස අණ කළේය. ඔවුන් එසේ කළ කල්හි ඔවුන්ට සුවය ලැබිණ. පසුව ඔවුන් ඉස්ලාමයෙන් බැහැර වී එම ඔටු එඬේරාව ද ඝාතනය කර එම ඔටුවන්ව ද පැහැර ගෙන ගියෝය. එවිට නබි මුහම්මද් තුමාණන් ඔවුන්ව ලුහුබැඳ ගොස් ඔවුන්ව අල්ලා ගැනීමට පිරිසක් යැව්වේය. ඔවුන් කළ අපරාධයට දඬුවමක් ලෙස අල්ලාහ් මෙම ආයතය පහළ කළේය. තවද මෙම ආයතයේ සඳහන් දඬුවම් දෙනු ලැබුවේ අන් අයට එමගින් අවවාදයක් කරනු පිණිස හා එම අපරාධයේ දරුණුකම පැහැදිලි කිරීම පිණිසය.
30මෙය සැබැවින්ම අධිකරණ ක්රියාවලියට අදාළ ආයතයකි. මෙය කිසිදු ජිහාද් ප්රභේදයකට අදාළ නොවූවක් බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. ‘අල්ලාහ්(ගේ සමීප ගැත්තන්) හා තම රසූල්වරයා සමග සටන් වදින්නන්’ යන්නෙහි අදහස නම් ජනතාව ඉතා අසීරු තත්ත්වයකට පත්කරවමින් සන්නද්ධ මංපැහැරීම, සත්යයට එරෙහි වීම හා කැරළි ගැසීම යන්නය. මේ සියල්ල ත්රස්තවාදී ක්රියාවක් බව සියල්ලන්ම පිළිගත් සත්යයකි. මෙයින් සිදුවන්නේ ජනයාට සාමයෙන් හා සැනසීමෙන් ජීවත් වීමට ඇති සමාජ පරිසරය විනාශ කිරීමක්ය. “මිහිතලයේ කලහකම් කිරීමට වෙර දරන්නන්” යනු ත්රස්තවාදී ක්රියාවන්හි නියැලෙන්නන්, නුතන භාෂා යෙදුම අනුව පාතාල ක්රියාකාරකම් කරන්නන් හා සන්නද්ධ මං පහරන්නන් වැනි අයයි. මෙම චූදිතයන්ගෙන් සොරකම, පහරදීම හා ඝාතන සිදුවීමට හැක. අල් කුර්ආන් ආයතය දඬුවම සඳහන් කරන්නට පෙර චෝදනා ඉදිරිපත් කොට තිබීම හේතුවෙන් අර්ථය අවබෝධ කර ගැනීම පහසු වී ඇත. දඬුවම් විකල්ප හතරක් ඉදිරිපත් කොට ඇති අතර චූදිතයා සිදු කරන අපරාධයේ බරපතලකම අනුව දඬුවම තීන්දු කරනු ලැබේ. මෙම ආයතයේ සන්දර්භය නිවැරදිව අවබෝධ කරගත් විට ඉස්ලාමීය නීතියේ ඇති මානවවාදිත්වය සහතික වශයෙන්ම අවබෝධ වනු ඇත. මිනිස් ඝාතන වැනි සාපරාධී ක්රියාවන් හා ඒවායෙහි දඬුවම් මෙම ආයතයේ සඳහන් කරන්නට පෙර මිනිස් ඝාතන සිදු කළ හැකි සීමා මායිම් 32 වැනි ආයතයෙන් විග්රහ කොට ඇත. මිනී මැරීමේ හා මිහිතලය මත දුෂ්ටකම් පැතිරවීම ත්රස්තවාදී, පාතාල ක්රියාකාරකම් හා සන්නද්ධ මංපැහැරීම් වැනි ක්රියාවන්ට නිසි අධිකරණමය පරීක්ෂණයකින් පසුව ලබා දෙන්නා වූ තීන්දුවක් මත මරණ දඬුවම ලබා දිය හැකි බව මෙයින් පැහැදිලි වේ. මිනිස් ජීවිතයක් නිකරුනේ මරා දැමීම මුළුමහත් මිනිස් පරපුරම මරා දැමීම හා සමානවන බවද එලෙසම මිනිස් ජීවිතයක් බේරා ගැනීම මුළු මහත් මිනිස් පරපුරම බේරාගත්තා හා සමානවන බවද මෙමගින් ඉස්ලාමය තහවුරු කරයි. මෙම ආයතයෙහි සඳහන් සාපරාධී ක්රියාවන්හි නියැලුනු අපරාධකරුවන්ට තමන්ව ප්රතිශෝධනය කර ගෙන පුනරුත්ථාපනය වී නැවත වරක් යහ මිනිසෙකු ලෙස ජීවත් වීමේ අයිතිය ද 34 වැනි ආයතය මගින් සහතික කොට ඇත. එහි සඳහන් පරිදි තමා විසින් කරන ලද සාපරාධී ක්රියා පිළිගෙන ඒවා පිළිබඳව පශ්චාත්තාපයට පත් වී නැවත වරක් එවැනි තත්ත්වයකට පත් නොවී යහ මිනිසෙකු ලෙස ජීවත්වීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නට එකඟ වන්නන්ට මෙම ආයතයෙහි සඳහන් දඬුවම් අදාළ නොවන්නේය.
إِلَّا الَّذِينَ تَابُوا مِن قَبْلِ أَن تَقْدِرُوا عَلَيْهِمْ ۖ فَاعْلَمُوا أَنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
(නමුත්) ඔවුන් කෙරෙහි නුඹලා (දඬුවම් කිරීමට) ශක්තිය දැරීමට පෙර පශ්චාත්තාපය කළ අය මිස. එවිට අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිත යැයි නුඹලා දැන ගනිවු.
31මෙයින් අදහස් වන්නේ දඬුවම් ලැබීමට නියමිත වූවන්ගේ එම දඬුවම සඳහා බලධාරීන් ඔවුන්ව අත්පත් කර ගැනීමට පෙර ඔවුන් අල්ලාහ් වෙත පශ්චාත්තාප වූයේ නම් ඔවුන්ට සමාව දෙනු ලැබේ යන්නයි. නමුත් ඔවුන් කළ එම අපරාධයට අයත් අනිවාර්යය වූ වන්දි මුදල ඔවුන් අපරාධයට ලක් වූවන්ට ගෙවිය යුතුය. නමුත් ඔවුන්ව බලධාරීන් අත්පත් කර ගත්තේ නම් එවිට ඔවුන්ට අයත් දඬුවම සඳහා සමාව දෙනු නොලැබේ. එසේම කෙනෙකු තවත් කෙනෙකුගේ මුදල් ද පැහැරගෙන ඔහුව ඝාතනය කළේ නම් එම ඝාතනය කළ තැනැත්තාට පෙර ආයතයේ සඳහන් අයුරින් අදාළ දඬුවම දෙනු ලැබේ. කෙසේ නමුත් මෙවන් නීතියක් ක්රියාත්මක කළ හැක්කේ ඉස්ලාමීය රාජ්යය පරිපාලනයක් ඇති රටක පමණි. මෙම නීතිය හැදෑරීම සඳහා ඉස්ලාමීය නීති ග්රන්ථ වෙත යොමුවීම ඉතා වැදගත් වේ.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ وَجَاهِدُوا فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ
විශ්වාස කළවුනි, අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද ඔහු වෙත (සමීප වන්නා) වූ සාධනීය මාර්ගය සොයවු. තවද ඔහුගේ මාර්ගයේ ප්රයත්නය කරවු. (මේ සියල්ල) නුඹලා ජය ලබාගනු පිණිසය.
32වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:218 හි පාද සටහන බලන්න.
إِنَّ الَّذِينَ كَفَرُوا لَوْ أَنَّ لَهُم مَّا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لِيَفْتَدُوا بِهِ مِنْ عَذَابِ يَوْمِ الْقِيَامَةِ مَا تُقُبِّلَ مِنْهُمْ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
සැබැවින්ම ප්රතික්ෂේප කළවුන් (මළවුන්) නැගිටුවනු ලබන දිනයේ දඬුව(මෙන් මිදී)මට ඔවුන් වන්දියක් ලබා දීම පිණිස මිහිතලයෙහි ඇති සියල්ල හා එය සමග එවැනිම වූ දෙයක් ඔවුනට තිබුණ ද ඔවුන්ගෙන් (ඒ කිසිවක්) පිළිගනු නොලබයි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
يُرِيدُونَ أَن يَخْرُجُوا مِنَ النَّارِ وَمَا هُم بِخَارِجِينَ مِنْهَا ۖ وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ
ඔවුහු (නිරා) ගින්නෙන් බැහැර වීමට අපේක්ෂා කරති. (නමුත්) ඔවුහු එයින් බැහැරවන්නෝ නොවෙති. තවද ඔවුනට සදාතනික දඬුවමක් ඇත.
وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُوا أَيْدِيَهُمَا جَزَاءً بِمَا كَسَبَا نَكَالًا مِّنَ اللَّهِ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
සොරකම් කළ පිරිමියෙකු හා සොරකම් කළ ස්ත්රියක, ඔවුන් දෙදෙනා ඉපැයූ දෑට ප්රතිවිපාකයක් වශයෙන් ද අල්ලාහ්ගෙන් වූ (අවවාදාත්මක) පාඩමක් වශයෙන් ද දෙදෙනාගේ දෑත් නුඹලා කපා දමවු. තවද අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
فَمَن تَابَ مِن بَعْدِ ظُلْمِهِ وَأَصْلَحَ فَإِنَّ اللَّهَ يَتُوبُ عَلَيْهِ ۗ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
තම(න් කළ) අපරාධයෙන් පසුව කවරෙකු පශ්චාත්තාප කර (තම කි්රයාවන්) සංශෝධනය කර ගත්තේ ද එවිට සැබැවින්ම අල්ලාහ් ඔහු කෙරෙහි පශ්චාත්තාපය පිළිගන්නේය. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ يُعَذِّبُ مَن يَشَاءُ وَيَغْفِرُ لِمَن يَشَاءُ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අල්ලාහ්ට (පමණක්) අහස් හි හා මිහිතලයේ ආධිපත්යය හිමි බව නුඹලා නොදන්නෙහු ද? ඔහු අභිමත කළ අයට දඬුවම් කරන්නේය. තවද ඔහු අභිමත කළ අයට සමාව දෙන්නේය. තවද අල්ලාහ් සියලූ දෑ කෙරෙහි අති බලසම්පන්නය.
يَا أَيُّهَا الرَّسُولُ لَا يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ مِنَ الَّذِينَ قَالُوا آمَنَّا بِأَفْوَاهِهِمْ وَلَمْ تُؤْمِن قُلُوبُهُمْ ۛ وَمِنَ الَّذِينَ هَادُوا ۛ سَمَّاعُونَ لِلْكَذِبِ سَمَّاعُونَ لِقَوْمٍ آخَرِينَ لَمْ يَأْتُوكَ ۖ يُحَرِّفُونَ الْكَلِمَ مِن بَعْدِ مَوَاضِعِهِ ۖ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَـٰذَا فَخُذُوهُ وَإِن لَّمْ تُؤْتَوْهُ فَاحْذَرُوا ۚ وَمَن يُرِدِ اللَّهُ فِتْنَتَهُ فَلَن تَمْلِكَ لَهُ مِنَ اللَّهِ شَيْئًا ۚ أُولَـٰئِكَ الَّذِينَ لَمْ يُرِدِ اللَّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ ۚ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ
අහෝ රසූල්වරය, තම හදවත්වලින් විශ්වාස නොකර තම මුඛයන්වලින් “අපි විශ්වාස කරන්නෙමු” යැයි පවසන්නන් (වන ආත්ම වංචනිකයන්) අතුරින් ප්රතික්ෂේපය තුළ ශීඝ්රව පිවිසෙන්නන් නුඹව දුකට පත් නොකළ යුතුය. තවද යුදෙව් වූවන් අතුරින් අසත්යයම (කැමැත්තෙන්) අධිකව ශ්රවණය කරන්නන් සිටිති. (මේ වන තුරු) නුඹ වෙත නොපැමිණි සෙසු පිරිස(ට මෙම අසත්යය දැන්වීම) සඳහා අධිකව ශ්රවණය කරන්නෝ වෙති. ඔවුහු (තව්රාතයේ) වචන එහි (නිසි) ස්ථානයන්හි තිබීමෙන් පසුව වෙනස් කරති. “මෙය(වෙනස් කළ වචන) නුඹලාට (පක්ෂව) දෙනු ලැබුවේ නම් එය නුඹලා ගනිවු. තවද මෙය නුඹලාට (පක්ෂව) දෙනු නොලැබුවේ නම් (එයින්) නුඹලා වැළකී සිටිවු” යැයි ඔවුහු පවසති. අල්ලාහ් කවරෙකුව (ප්රතික්ෂේපය හේතුවෙන්) මුළා කිරීමට අපේක්ෂා කරන්නේද ඔහු වෙනුවෙන් අල්ලාහ්(ගේ දඬුවම)ට එරෙහිව (එය වැළැක්වීමට) කිසිවකින් නුඹට බලයක් නොමැත්තේමය. තමන්ගේ හදවත් පවිත්ර කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකළ අය ඔවුහුමය. මෙලොවෙහි ඔවුන්ට නින්දාවක් ඇත. තවද ඔවුන්ට මතු ලොවෙහි මහත් වූ දඬුවමක් ද ඇත.
3341 සිට 50 දක්වා ඇති ආයතයන් පහළ වීමේ පසුබිම නම් යුදෙව්වන් ඇතැම් නඩු තමන්ට පක්ෂව තීන්දු ලැබීමේ අපේක්ෂාවෙන් නබි මුහම්මද් තුමාණන් වෙත ගෙන එන්නෝය. ඔවුන් එසේ එන අතරතුර තමන්ට පක්ෂව තීන්දුව නොලැබුණේ නම් එය පිළිනොගැනීමට ද අදිටන් කළෝය. එම අදිටනින් මුස්ලිම්වරුන් මෙන් රඟපාන ඇතැම් ආත්ම වංචනික යුදෙව්වන්ව ඔවුහු පත් කළෝය. මන්දයත් එම කරුණෙහි නබි මුහම්මද් තුමාණන්ගේ අදහස කෙසේ වේදැ?යි ඔවුන්ට දැන්වීම පිණිසය. මෙම ආයතයේ ‘නුඹ වෙත නොපැමිණි සෙසු පිරිස’ යනු මුස්ලිම්වරුන් මෙන් රඟපාන ආත්ම වංචනිකයින්ව නබි මුහම්මද් තුමාණන් වෙත යැවූ යුදෙව්වන්ය. ‘සෙසු පිරිස(ට මෙම අසත්යය දැන්වීම) සඳහා අධිකව ශ්රවණය කරන්නෝ’ යනු මුහම්මද් තුමාණන් වෙත යවනු ලැබූ ආත්ම වංචනිකයන්ය.
34ඔවුන් නබි මුහම්මද් තුමාණන් වෙත ඉදිරිපත් කළ ගැටළු හා සම්බන්ධ තීන්දු තව්රාතයේ තිබිය දී ඔවුන් එය වෙනස් කළෝය. නැතහොත් එයට වැරදි අර්ථ කථනයක් නිරූපණය කළහ. මෙයට අදාළ සිදුවීමක් නම් යුදෙව් පිරිමියෙක් හා ස්ති්රයක දුරාචාරයේ යෙදුණෝය. තව්රාතයට අනුව ඔවුන් දෙදෙනාට ගල් ගසා මරණයට පත් කළ යුතුව තිබිණි. නමුත් යුදෙව්වන් තව්රාතයේ සඳහන් එම නීතිය වෙනුවට කස පහර දිය යුතු යැයි ප්රතිස්ථාපනය කළෝය. මෙසේ තිබියදී මෙයට සැහැල්ලු දඬුවමක් තීන්දු වේ යැයි සිතා නබි මුහම්මද් තුමාණන් වෙත එය ගෙන ආවෝය. නමුත් එතුමා ද ගල් ගසා මරණයට පත් කළ යුතු යැයි සඳහන් කළ කල්හි යුදෙව්වන් එය ප්රතික්ෂේප කළෝය. එවිට එතුමා තව්රාතයේ මේ සඳහා වූ දඬුවම කුමක්දැ?යි විමසුවේය. එයට ඔවුන් කස පහර යැයි පැවසුවෝය. එවිට නබි මුහම්මද් තුමාණන් ඔවුන්ගෙන් දැනුමැත්තෙකු වූ ඉබ්නු සූරියා නම් පුද්ගලයාව කැඳවා මේ පිළිබඳව ඔහුට දිව්රා සත්යය පවසන ලෙස පැවසුවේය. එවිට තව්රාතයේ ගල් ගසා මරණ ලෙස අණ කර ඇති බවට පිළිගත්තේය. නමුත් දුරාචාරය බහුලව පැතිරුණු හෙයින් යුදෙව්වන්ගේ විනිසුරුවන් එම දඬුවම දිළින්දන්ට පමණක් සීමා කර ධනවතුන්ව අත හැරියෝය. මෙයින් ප්රකෝපයට පත් ජනතාව කළහකම් කිරීමට පටන් ගත්තෝය. මේ හේතුවෙන් ගල් ගසා මැරීමේ නීතිය වෙනස් කර ඒ වෙනුවට කස පහර ගැසීමේ නීතිය ඔවුන් ස්ථාපිත කර ගත්තෝය.
سَمَّاعُونَ لِلْكَذِبِ أَكَّالُونَ لِلسُّحْتِ ۚ فَإِن جَاءُوكَ فَاحْكُم بَيْنَهُمْ أَوْ أَعْرِضْ عَنْهُمْ ۖ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْئًا ۖ وَإِنْ حَكَمْتَ فَاحْكُم بَيْنَهُم بِالْقِسْطِ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ
(යුදෙව්වෝ) අසත්යයම (කැමැත්තෙන්) අධිකව ශ්රවණය කරන්නෝ වෙති. නීති විරෝධී දෑ(අල්ලස) අධිකව අනුභව කරන්නෝ වෙති. එබැවින් (නබිවරය,) ඔවුන් නුඹ වෙත පැමිණියේ නම් ඔවුන් අතර නුඹ විනිශ්චය කරවු. නැතහොත් ඔවුන්ගෙන් නුඹ ඉවත්ව යවු.නුඹ (එසේ) ඔවුන්ගෙන් ඉවත්ව යන්නේ නම් නුඹට කිසිවකින් හානියක් කිරීමට ඔවුනට නොහැක්කේමය. තවද නුඹ විනිශ්චය කරන්නේ නම් ඔවුනතර යුක්ති සහගතව නුඹ විනිශ්චය කරවු. සැබැවින්ම යුක්ති සහගතව කටයුතු කරන්නන්ව අල්ලාහ් ප්රිය කරන්නේය.
35‘අසත්යයම (කැමැත්තෙන්) අධිකව ශ්රවණය කරන්නෝ වෙති’ යනු යුදෙව්වන් ඔවුන්ගේ නරක ධර්මාචාර්යවරුන් තව්රාතයේ ඇති දෑ පැහැදිලි ලෙස උල්ලංඝනය කළද ඔවුන්ව අන්ධභාවයෙන් අනුගමනය කරන්නෝය යන්නයි. ‘නීති විරෝධී දෑ(අල්ලස) අධිකව අනුභව කරන්නෝ වෙති’ යනු ඔවුන් දහමේ ඇති නීතිරීතීන් විකෘති කිරීමට ඔවුන්ගේ විනිසුරුවන්ට හා ප්රධානීන්ට දෙන අල්ලසය.
وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ التَّوْرَاةُ فِيهَا حُكْمُ اللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِن بَعْدِ ذَٰلِكَ ۚ وَمَا أُولَـٰئِكَ بِالْمُؤْمِنِينَ
අල්ලාහ්ගේ නීතිය අඩංගු තව්රාතය ඔවුන් අබියස තිබිය දී ඔවුහු නුඹ වෙත කෙසේ නම් විනිශ්චය පතන්නෝ ද! පසුව ඔවුහු එ(ම විනිශ්ච)යට පසුව ද පිටුපා යන්නෝය. තවද ඔවුහු විශ්වාස නොකරන්නෝ වෙති.
إِنَّا أَنزَلْنَا التَّوْرَاةَ فِيهَا هُدًى وَنُورٌ ۚ يَحْكُمُ بِهَا النَّبِيُّونَ الَّذِينَ أَسْلَمُوا لِلَّذِينَ هَادُوا وَالرَّبَّانِيُّونَ وَالْأَحْبَارُ بِمَا اسْتُحْفِظُوا مِن كِتَابِ اللَّهِ وَكَانُوا عَلَيْهِ شُهَدَاءَ ۚ فَلَا تَخْشَوُا النَّاسَ وَاخْشَوْنِ وَلَا تَشْتَرُوا بِآيَاتِي ثَمَنًا قَلِيلًا ۚ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللَّهُ فَأُولَـٰئِكَ هُمُ الْكَافِرُونَ
සැබැවින්ම අපි යහමග හා ආලෝකය ඇත්තා වූ තව්රාතය පහළ කළෙමු. එමගින් (අල්ලාහ්ට) අවනත වූ නබිවරුන් යුදෙව් වූවන්ට විනිශ්චය කළෝය. තවද රබ්බානිවරු(යුදෙව් ආගමික විශාරදයින්) හා අහ්බාර්වරු(දහම් නීති විශාරදයින්) අල්ලාහ්ගේ ධර්ම පුස්තකය ආරක්ෂා කිරීමට පවරනු ලැබ එයට ඔවුහු සාක්ෂිකරුවන් වශයෙන් සිටි හෙයින් ද (යුදෙව්වන්ට එලෙසම විනිශ්චය කළෝ)ය. එබැවින් “(යුදෙව්වනි!) නුඹලා ජනයින්ට බිය නොවවු. මාහටම බිය වවු. මාගේ වදන් වෙනුවෙන් සුළු වටිනාකමක් නුඹලා නොගනිවු. කවරෙකු අල්ලාහ් පහළ කළ දෑ මගින් විනිශ්චය නොකරන්නේ ද ඔවුහුමය ප්රතික්ෂේපකයෝ වන්නේ.
وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنَ بِالْعَيْنِ وَالْأَنفَ بِالْأَنفِ وَالْأُذُنَ بِالْأُذُنِ وَالسِّنَّ بِالسِّنِّ وَالْجُرُوحَ قِصَاصٌ ۚ فَمَن تَصَدَّقَ بِهِ فَهُوَ كَفَّارَةٌ لَّهُ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللَّهُ فَأُولَـٰئِكَ هُمُ الظَّالِمُونَ
තවද ප්රාණයට ප්රාණයක් ද ඇසට ඇසක් ද නාසයට නාසයක් ද කනට කනක් ද දතට දතක් ද සහ තුවාලයන් සඳහා සම ප්රතිදඬුවමක් ඇතැයි එ(ම තව්රාතයෙ)හි ඔවුනට අපි නියම කළෙමු. පසුව කවරෙකු එ(ම සම ප්රතිදණ්ඩන)ය සඳහා (සමාව) පිරිනමන්නේ ද එය ඔහුට පාප ශෝධනයක් වන්නේය. කවරෙකු අල්ලාහ් පහළ කළ දෑ මගින් විනිශ්චය නොකරන්නේ ද ඔවුහුමය අපරාධකාරයින් වන්නෝ.
36මෙම ආයතයෙන් අදහස් වන්නේ මදීනාව වටා විසූ ප්රසිද්ධ යුදෙව් ගෝති්රකයන් දෙපළක් වන ‘බනූ නලීර්’ හා ‘බනූ කුරෙයිලා’වරුන්ගේ සිදුවීමක් පිළිබඳවය. මෙහි බනූ නලීර්වරුන් බනූ කුරෙයිලාවරුන්ට සම ප්රතිදඬුවම් කිරීමේ නීතිරීති අයුක්ති සහගතව පැනවූහ. මෙම ගෝති්රකයන් දෙපළ තව්රාතයේ ඇති සම ප්රතිදඬුවම් පැනවීම සම්බන්ධ නීතිරීතීන් යුක්තිගරුකව ඉටුකරන්නේ යැයි විශ්වාස කළ ද එය ඔවුහු උල්ලංඝනය කළෝය යනුවෙන් මෙම ආයතය සඳහන් කරයි. එනම්, ඉස්ලාමයට පෙර පහළ වූ සත්යය දහමක් වන තව්රාතය පොදුවේ යුදෙව්වන් නිසි ලෙස පිළිපදින්නන් යැයි පැවසුවද මෙම ආයතයෙන් පිළිබිඹු වන්නේ ඔවුන් එම තව්රාතයද නිසි ලෙස පිළිනොපදින බවය.
وَقَفَّيْنَا عَلَىٰ آثَارِهِم بِعِيسَى ابْنِ مَرْيَمَ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ ۖ وَآتَيْنَاهُ الْإِنجِيلَ فِيهِ هُدًى وَنُورٌ وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ وَهُدًى وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ
මර්යම්ගේ පුත් ඊසාව ඔහුට පෙර තිබූ තව්රාතයෙන් වූ දෑ සත්යය කරවන්නක් ලෙස (ඔහුට පෙර වූ නබිවරුන් වන) ඔවුන්ගේ පියසටහන් ඔස්සේ අපි අනුපිළිවළින් යැව්වෙමු. තවද යහමග හා ආලෝකය ඇත්තා වූ ඉන්ජීලය අපි ඔහුට දුන්නෙමු. තවද (ඉන්ජීලය) එයට පෙර තිබූ තව්රාතයෙන් වූ දෑ සත්යය කරවන්නක් ලෙස ද බිය භක්තිකයින්ට මග පෙන්වීමක් ලෙස ද උපදෙසක් ලෙස ද වේ.
وَلْيَحْكُمْ أَهْلُ الْإِنجِيلِ بِمَا أَنزَلَ اللَّهُ فِيهِ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللَّهُ فَأُولَـٰئِكَ هُمُ الْفَاسِقُونَ
තවද ඉන්ජීල් වැසියන් එ(ම ඉන්ජීලයෙ)හි අල්ලාහ් පහළ කළ දැයින් විනිශ්චය කළ යුතුය. කවරෙකු අල්ලාහ් පහළ කළ දෑ මගින් විනිශ්චය නොකරන්නේ ද ඔවුහුමය පාපතරයින් වන්නෝ.
37මින් අදහස් වන්නේ නබි ඊසා තුමාණන්ට අල්ලාහ් විසින් පහළ කරනු ලැබූ ධර්ම පුස්තකය වන ඉන්ජීලය විශ්වාස කර ක්රියා කළ කිතුනුවන්ය.
وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ ۖ فَاحْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللَّهُ ۖ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ عَمَّا جَاءَكَ مِنَ الْحَقِّ ۚ لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا ۚ وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَـٰكِن لِّيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ ۖ فَاسْتَبِقُوا الْخَيْرَاتِ ۚ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ
තවද (නබිවරය,) අපි නුඹ වෙත ධර්ම පුස්තකය(අල් කුර්ආනය), එයට පෙර තිබූ ධර්ම පුස්තකයෙන් වූ දෑ සත්ය කරවන්නක් ලෙස ද එය කෙරෙහි වූ නිර්ණායකයක් ලෙස ද සත්යයෙන් යුතුව පහළ කළෙමු. එබැවින් අල්ලාහ් පහළ කළ දෑ මගින් ඔවුන් අතර නුඹ විනිශ්චය කරවු. තවද සත්යයෙන් නුඹ වෙත පැමිණි දැයට එරෙහිව ඔවුන්ගේ මනෝ ඉච්ඡාවන් නුඹ අනුගමනය නොකරවු. නුඹලා අතුරින් වූ සැම( සමූහයක)ටම අපි දහම් නීති මාලාවක් හා ක්රියා මාර්ගයක් ඇති කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලාව එකම සමූහයක් ලෙස පත් කරන්නට තිබුණි. එනමුත් නුඹලාට ඔහු ලබා දුන් දෑහි නුඹලාව ඔහු පිරික්සනු පිණිස (එසේ නොකළේ)ය. එබැවින් නුඹලා යහපත වෙත (තරගකාරීව) පෙරටු වවු. නුඹලා සියල්ලන්ගේ නැවත යොමුවන ස්ථානය අල්ලාහ් වෙතය. එවිට නුඹලා කවර විෂයෙහි මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ පිළිබඳව ඔහු නුඹලාට දන්වන්නේය.
38මෙහි ‘පිරික්සුම’ යනු අල්ලාහ්ට අවනතවන්නන් කවුරුන් ද?’යි පිරික්සීමය. එනම් එක් නබිවරයෙකුව අනුගමනය කළ කෙනෙකු එම නබිවරයාගෙන් පසුව තවත් නබිවරයෙකු පැමිණියේ නම් ඔහුව අනුගමනය කරන්නේ දැ’යි පරික්සීමය.
وَأَنِ احْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ وَاحْذَرْهُمْ أَن يَفْتِنُوكَ عَن بَعْضِ مَا أَنزَلَ اللَّهُ إِلَيْكَ ۖ فَإِن تَوَلَّوْا فَاعْلَمْ أَنَّمَا يُرِيدُ اللَّهُ أَن يُصِيبَهُم بِبَعْضِ ذُنُوبِهِمْ ۗ وَإِنَّ كَثِيرًا مِّنَ النَّاسِ لَفَاسِقُونَ
තවද අල්ලාහ් පහළ කළ දෑ(අල් කුර්ආනය) මගින් ඔවුනතර නුඹ විනිශ්චය කරවු. තවද ඔවුන්ගේ මනෝ ඉච්ඡාවන් නුඹ අනුගමනය නොකරවු. නුඹ වෙත අල්ලාහ් පහළ කළ දැයින් සමහරකින් ඔවුහු නුඹව නොමග යැවීමෙන් ඔවුන්ගෙන් නුඹ ප්රවේශම් වවු. ඔවුහු (අල්ලාහ් පහළ කළ දෑට) පිටුපෑවෙහු නම් එවිට ඔවුන්ගේ ඇතැම් පාපයන් හේතුවෙන් ඔවුන්ව (මෙලොවෙහි දඬුවමකින්) පෙළීමට අල්ලාහ් අපේක්ෂා කරන්නේයැ’යි නුඹ දැන ගනිවු. තවද සැබැවින්ම ජනයා අතුරින් බහුතරයක් පාපතරයින්ය.-
أَفَحُكْمَ الْجَاهِلِيَّةِ يَبْغُونَ ۚ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ حُكْمًا لِّقَوْمٍ يُوقِنُونَ
තවද අඥාන (යුගයේ) විනිශ්චය ද ඔවුහු සොයන්නේ? තරයේ විශ්වාස කරන පිරිසකට විනිශ්චය කිරීමේහි අල්ලාහ්ට වඩා ඉතා අලංකාර වන්නේ කවරෙකු ද?
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْيَهُودَ وَالنَّصَارَىٰ أَوْلِيَاءَ ۘ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَإِنَّهُ مِنْهُمْ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
විශ්වාස කළවුනි! නුඹලා යුදෙව්වන් හා කිතුනුවන් සමීප මිත්රයින් ලෙස නොගනිවු. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ මිත්රයින්ය. තවද නුඹලා අතුරින් කවරෙකු ඔවුන්ව මිත්රයින් කර ගන්නේ ද එවිට සැබැවින්ම ඔහු ඔවුන්ගෙන් කෙනෙකු වන්නේය. සැබැවින්ම අපරාධකාර පිරිසට අල්ලාහ් යහමග පෙන්වන්නේ නැත.
39වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 3:28 , 9:23 පාද සටහන් සමග බලන්න.
40මුස්ලිම්වරුන් තමන් සමග මදීනාවේ විසූ යුදෙව්වන් සමග සාම ගිවිසුම් කරගෙන සිටියෝය. නමුත් යුදෙව්වන් එම ගිවිසුම කඩකරමින් සිටියෝය. කෙතරම්දුරටදයත් ‘අහ්zසාබ්’ නම් යුද අවස්ථාවේ මක්කාවේ ප්රතික්ෂේපකයින් මදීනාවට පහර දීමට එලැඹුණු විට මුස්ලිම්වරුන් සමග සාම ගිවිසුමෙන් බැඳුණු මදීනාවේ වෙසෙන යුදෙව්වන් සතුරන් සමග එක් වී මුස්ලිම්වරුන්ට ද්රෝහිකම් කරන්නට වූහ. යුදෙව්වන් නබි ඊසා(Jesus) තුමාට සහ එතුමාගේ මෑණියන් වන මරියම්(Mary) තුමියට අයුතු චෝදනා එල්ල කරමින්, බැණ වදිමින් හා එතුමාට ශාප කරමින් සිටියෝය. අල් කුර්ආනය මොවුන් එල්ල කළ චෝදනාවන් බිඳ දමා නබි ඊසා තුමාණන්ගේ හා එතුමාණන්ගේ මෑණියන්ගේ පිවිතුරුභාවය ගෙනහැර පෙන්වා ඇත. එනමුත් කිතුනුවන් ඉස්ලාමය පිළිගෙන මුස්ලිම්වරුන්ට සහය දීම වෙනුවට මක්කාවේ ප්රතික්ෂේපකයින් හා තම නබිවරයා වන ඊසා තුමාණන්ව හා ඔහුගේ මෑණියන්ට බැණ වදින යුදෙව්වන් සමග එක් වී මුස්ලිම්වරුන්ට එරෙහි වන්නට වූහ. යුදෙව්වන්, කිතුනුවන් හා එම ප්රතික්ෂේපකයින්ව සමීප මිත්රයින් ලෙස නොගන්නා මෙන් මුස්ලිම්වරුන්ට අල්ලාහ් විධානය කොට ඇත්තේ මුස්ලිම්වරුන්ට එරෙහි වීමෙහි මෙම තුන් පක්ෂයම එකා අනෙකාට උදව්කරුවන්ව සිටි හෙයින්ය. මන්දයත් මුස්ලිම්වරුන් එම අවස්ථාවේ දී ඔවුන්ව තම සමීප මිත්රයින් ලෙස පත්කර සිටියා නම් මුස්ලිම්වරුන්ට මොවුන්ගෙන් භයානක පීඩාවන් හා ආපදාවන් ඇති වී තිබෙන්නට පුළුවන.
فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَىٰ أَن تُصِيبَنَا دَائِرَةٌ ۚ فَعَسَى اللَّهُ أَن يَأْتِيَ بِالْفَتْحِ أَوْ أَمْرٍ مِّنْ عِندِهِ فَيُصْبِحُوا عَلَىٰ مَا أَسَرُّوا فِي أَنفُسِهِمْ نَادِمِينَ
තවද (නබිවරය,) තම හදවත් තුළ ව්යාධියක් ඇත්තන් (වන ආත්ම වංචනිකයින්) “අපට (යම් කිසි) දුර්භාග්යයක් ඇතිවේ යැයි අපි බියට පත් වෙමු.” යැයි පවසමින් ඔවුන් වෙත (මිත්රත්වය සඳහා) ශීඝ්රයෙන් යෑම නුඹ දකිනු ඇත. එබැවින් අල්ලාහ් ජයග්රහණය හෝ ඔහු වෙතින් වූ කරුණක් (නුඹ වෙත) ගෙන ඒමට හැක්කේය. එවිට ඔවුහු ඔවුන් තුළ රහසිගතව තබා ගත් දෑ කෙරෙහි පසුතැවිලිවන්නන් බවට පත් වන්නෝය.
41යුදෙව් ගෝති්රකයන් මුස්ලිම්වරුන් සමග අන්යෝන්ය සහයෝගික ගිවිසුමක් ඇති නොකර ඔවුන්ට එරෙහිව කුමන්ත්රණ කළෝය. එමෙන්ම ඔවුන් මුස්ලිම්වරුන්ගේ ඔත්තු බැලීම සඳහා මුස්ලිම්වරුන්ගෙන් සමහරු සමග මිතුරුකම් ද පෑවෝය. 51 වැනි ආයතයේ යුදෙව්වන් හා කිතුනුවන් සමග සම්බන්ධකම් නොපවත්වන ලෙස පවසා ඇත්තේ මේ හේතුවෙනි. ආත්ම වංචනිකයින්ගේ නායක අබ්දුල්ලා ඉබ්නු උබෙයි නැමැත්තා යුදෙව්වන් ජයග්රහණය කළේ නම් තමාට යම් අනතුරක් ඇති වේ යැයි බියෙන් යුදෙව්වන් සමග සම්බන්ධකම් කඩ කිරීම ප්රතික්ෂේප කළේය.
42‘ඔහු වෙතින් වූ කරුණක්’ යන පදය බොහෝ දුරට පෙන්නුම් කරනුයේ ආත්ම වංචනිකයන් පිළිබඳව ද ඔවුන්ගේ සැලසුම් පිළිබඳව ද අල්ලාහ් හෙළිදරවු කිරීමය.
وَيَقُولُ الَّذِينَ آمَنُوا أَهَـٰؤُلَاءِ الَّذِينَ أَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ ۙ إِنَّهُمْ لَمَعَكُمْ ۚ حَبِطَتْ أَعْمَالُهُمْ فَأَصْبَحُوا خَاسِرِينَ
(ආත්ම වංචනිකයින් කවුරුන්දැ?යි හෙළිදරවු වූ පසු) “සැබැවින්ම (ආත්ම වංචනිකයින් වන) ඔවුහු (විශ්වාසිකයින් වන) නුඹලා සමග යැයි තමන්ගේ ස්ථාවර දිවුරුම්වලින් තමන් අල්ලාහ් මත දිවුරා සිටි අය මොවුන් දැ?”යි විශ්වාස කළවුන් පවසනු ඇත. ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල විය. එබැවින් ඔවුහු අලාභවන්තයින් බවට පත් වූහ.
43මෙම ආයතය විස්තර කරනුයේ මුස්ලිම්වරුන් ආත්ම වංචනිකයින්ගේ වංචනිකභාවය දැන ගත් හේතුවෙන් ඔවුන් පිළිබඳව විස්මයෙන් ‘ස්ථාවර දිවුරුමෙන් තමන්ගේ ඉස්ලාමය ප්රකාශ කළවුන් මොවුන් දැ?’යි පවසන්නෝය. ඔවුන්ගේ වංචනිකභාවය හේතුවෙන් ඔවුන්ගේ යහ කි්රයාවන් නිෂ්ඵල විය. තවද ඔවුන් මුස්ලිම්වරුන්ට විරුද්ධව කළ කුමන්ත්රණ ද නිෂ්ඵල විය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَائِمٍ ۚ ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاءُ ۚ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
විශ්වාස කළවුනි! නුඹලා අතුරින් කවරෙකු තම දහමින් නැවත හැරී යන්නේද එවිට අල්ලාහ් (නුඹලා වෙනුවට වෙනත්) සමූහයක් ගෙන එන්නේය. ඔහු(අල්ලාහ්) ඔවුන්ව ප්රිය කරන අතර ඔවුහු ද ඔහුව ප්රිය කරති. (ඔවුන්) විශ්වාසිකයින් කෙරෙහි නිහතමානීය. ප්රතික්ෂේපකයින් කෙරෙහි දැඩිය. ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයෙහි (යහ) ප්රයත්න දරති. තවද විවේචකයාගේ විවේචනයට බිය නොවෙති. එය (ඔවුන් වෙනුවෙන් වූ) අල්ලාහ්ගේ භාග්යයයි. ඔහු අභිමත කරන අයට ඔහු එය පිරිනමන්නේය. අල්ලාහ් සර්ව ව්යාපකය සර්වඥය.
إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ
නුඹලාගේ මිතුරා වන්නේම අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද විශ්වාස කළවුන් ද එනම් රුකූඃ කරමින් සලාතය ස්ථාපිත කළවුන් ද zසකාතය ලබා දුන් අය ද වෙති.
وَمَن يَتَوَلَّ اللَّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُوا فَإِنَّ حِزْبَ اللَّهِ هُمُ الْغَالِبُونَ
තවද කවරෙකු අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරයාව ද විශ්වාස කළවුන්ව ද (තම) මිතුරන් බවට පත් කර ගන්නේ ද සැබැවින්ම අල්ලාහ්ගේ සේනාව වන ඔවුහුමය අබිබවා යන්නන් වන්නෝ.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الَّذِينَ اتَّخَذُوا دِينَكُمْ هُزُوًا وَلَعِبًا مِّنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِن قَبْلِكُمْ وَالْكُفَّارَ أَوْلِيَاءَ ۚ وَاتَّقُوا اللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَ
විශ්වාස කළවුනි! නුඹලාට පෙර ධර්ම පුස්තකය දෙනු ලැබූවන් අතුරින් නුඹලාගේ දහම සරදමක් ලෙස හා කෙළිදෙළක් ලෙස ගත් අයව ද ප්රතික්ෂේපකයින්ව ද මිත්රයින් ලෙස නුඹලා නොගනිවු. තවද නුඹලා විශ්වාසිකයින්ව සිටින්නෙහු නම් අල්ලාහ්ට බිය භක්තිමත් වවු.
44වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 3:28 , 9:23 පාද සටහන් සමග බලන්න.
وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلَاةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَعْقِلُونَ
තවද නුඹලා සලාතය සඳහා ඇරයුම් කළ කල්හි ඔවුහු එය සරදමක් ලෙස හා කෙළිදෙළක් ලෙස ගනිති. එය (මක්නිසාද යත්) ඔවුන් (දහම පිළිබඳව) අවබෝධ කර නොගත්තා වූ පිරිසක් හේතුවෙනි.
قُلْ يَا أَهْلَ الْكِتَابِ هَلْ تَنقِمُونَ مِنَّا إِلَّا أَنْ آمَنَّا بِاللَّهِ وَمَا أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ مِن قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَاسِقُونَ
“ධර්ම පුස්තකය ලත් ජනයිනි! අපි අල්ලාහ්ව ද අප වෙත පහළ කරනු ලැබූ දැය(අල් කුර්ආනය) ද (අපට) පෙර පහළ කරනු ලැබූ දැය ද විශ්වාස කිරීම හේතුවෙන් මිස (වෙන දැයකට) අපව නුඹලා පිළිකුල් කරනුයේද? තවද නුඹලාගෙන් බහුතරය පාපතරයින් යැ”යි (නබිවරය,) නුඹ පවසවු.
قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَٰلِكَ مَثُوبَةً عِندَ اللَّهِ ۚ مَن لَّعَنَهُ اللَّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ الْقِرَدَةَ وَالْخَنَازِيرَ وَعَبَدَ الطَّاغُوتَ ۚ أُولَـٰئِكَ شَرٌّ مَّكَانًا وَأَضَلُّ عَن سَوَاءِ السَّبِيلِ
“අල්ලාහ් අබියස ප්රතිවිපාකයෙන් එ(ලෙස ඔවුන් පිළිකුල් යැයි සිතන දැ)යට වඩා අයහපත් දෑ පිළිබඳව නුඹලාට මා දන්වන්න ද? කවරෙකුව අල්ලාහ් ශාප කර, ඔහු කෙරෙහි ඔහු කෝපයට පත් වුයේද ඔහු ද ඔවුන් අතුරින් වඳුරන් බවට ද සූකරයින් බවට ද පත් කළවුන් ද කවරෙකු තාඝූත්වරුන්ට(ෂෙයිතානුන්ට) නැමදුම් කළේද මොවුන් (සියල්ල) ස්ථානයෙන් අයහපත් (වූවන්)ය. තවද සෘජු මාර්ගයෙන් දැඩි (ලෙස) මුළාවූවන් යැ”යි ද නුඹ පවසවු.
وَإِذَا جَاءُوكُمْ قَالُوا آمَنَّا وَقَد دَّخَلُوا بِالْكُفْرِ وَهُمْ قَدْ خَرَجُوا بِهِ ۚ وَاللَّهُ أَعْلَمُ بِمَا كَانُوا يَكْتُمُونَ
තවද ඔවුන්(යුදෙව්වන්) නුඹලා වෙත පැමිණි කල්හි “අපි විශ්වාස කළෙමු” යැයි ඔවුහු පවසති. (නමුත්) සැබැවින්ම ඔවුහු (ඔවුන්ගේ හදවත් තුළ) ප්රතික්ෂේපය සමග ඇතුළු වූහ. තවද එය සමගම සැබැවින්ම ඔවුහු බැහැර වූහ. ඔවුහු වසන් කරමින් සිටි දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නාය.
وَتَرَىٰ كَثِيرًا مِّنْهُمْ يُسَارِعُونَ فِي الْإِثْمِ وَالْعُدْوَانِ وَأَكْلِهِمُ السُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا يَعْمَلُونَ
ඔවුන් අතුරින් වැඩි දෙනා පාපයෙහි ද සතුරුකමෙහි ද නීති විරෝධී දෑ(අල්ලස) අනුභව කිරීමෙහි ද ශීඝ්රවීම නුඹ දකින්නෙහිය. ඔවුන් කරමින් සිටින දෑ නපුරු විය.
45වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 5:42 පාද සටහන් සමග බලන්න.
لَوْلَا يَنْهَاهُمُ الرَّبَّانِيُّونَ وَالْأَحْبَارُ عَن قَوْلِهِمُ الْإِثْمَ وَأَكْلِهِمُ السُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا يَصْنَعُونَ
ඔවුන්ගේ පාපකාරී ප්රකාශයෙන් ද නීති විරෝධී දෑ(අල්ලස) ඔවුන් අනුභව කිරීමෙන් ද රබ්බානිවරු(යුදෙව් ආගමික විශාරදයින්) හා අහ්බාර්වරු(දහම් නීති විශාරදයින්) ඔවුන්ව නොවැළක්වූයේ මන්ද? ඔවුන් කරමින් සිටි දෑ සැබැවින්ම නපුරු විය.
وَقَالَتِ الْيَهُودُ يَدُ اللَّهِ مَغْلُولَةٌ ۚ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُوا بِمَا قَالُوا ۘ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنفِقُ كَيْفَ يَشَاءُ ۚ وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا ۚ وَأَلْقَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۚ كُلَّمَا أَوْقَدُوا نَارًا لِّلْحَرْبِ أَطْفَأَهَا اللَّهُ ۚ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا ۚ وَاللَّهُ لَا يُحِبُّ الْمُفْسِدِينَ
“අල්ලාහ්ගේ අත හකුළනු ලැබ ඇතැ”යි යුදෙව්වෝ පවසති. (නමුත්) ඔවුන්ගේ දෑත්මය හකුළනු ලැබ ඇත්තේ. ඔවුන් ප්රකාශ කළ දෑ හේතුවෙන් ඔවුහු ශාප කරනු ලැබූහ. නමුත් ඔහුගේ(අල්ලාහ්ගේ) දෑත් දිග හරිනු ලැබ ඇත. ඔහු අභිමත කරන පරිදි වියදම් කරයි. නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ(අල් කුර්ආනය) ඔවුන්ගෙන් බොහෝ දෙනාට ප්රතික්ෂේපය හා සීමාව ඉක්මවීම සැබැවින්ම වර්ධනය කරනු ඇත. තවද (මළවුන්) නැගිටුවනු ලබන දිනතෙක්ම ඔවුනතර සතුරුකම හා ක්රෝධය අපි ඇති කළෙමු. ඔවුන් (නුඹ සමග) යුද්ධය සඳහා ගිනි මෙළ වූ සෑම විටකම අල්ලාහ් එය නිවා දැමුවේය. තවද ඔවුහු (එයින් අසාර්ථක වූ විට) මිහිතලයෙහි කලහකම් කිරීමට වෙර දරති. තවද අල්ලාහ් කලහකම් කරන්නන්ව ප්රිය නොකරන්නේය.
46අරාබි භාෂාවේ වාග් ව්යවහාරයට අනුව මෙම වාක්යයෙහි තේරුම ‘අල්ලාහ් මසුරුකම් පාන්නෙකි’ යන්නයි. මෙම අවමන් වචන භාවිත කර ඇත්තේ මදීනා යුදෙව්වන්ය. ඔවුන් සත්යයට එරෙහිව හිතුවක්කාර ලෙස ආකල්පයන් දැරීම හේතුවෙන් ඔවුන්ට අල්ලාහ් වෙතින් වූ දඬුවමක් ලෙස ආර්ථික පසුබැස්මක් ඇති විය. එහෙයින් ඔවුහු මෙම නුසුදුසු අවමන් වචනය අල්ලාහ්ට භාවිත කළෝය.
47මෙයින් අදහස් කරන්නේ යුදෙව්වන් අතරම පොදු තර්කයන් හා ක්රෝධයන් අල්ලාහ් ඇති කළේය යන්නයි. මෙයට හේතු වූයේ ඔවුන් තුළ ඇති වූ පෞද්ගලික ඊර්ෂ්යාව වන අතර එමගින් ඔවුන් භේදභින්න විය.
48මෙහි කලහකම් යැයි අදහස් කරනුයේ මුස්ලිම්වරුන් පිළිබඳව වැරදි අදහස් ඇති කිරීම, ඔවුන්ට එරෙහිව කුමන්ත්රණ කිරීම, ඉස්ලාමය වැලඳ ගැනීමෙන් ජනයින්ව වැළැක්වීම හා විකෘති කළ තව්රාත් පිටපත ජනයින්ට ඉදිරිපත් කිරීම වැනි දෑය.
وَلَوْ أَنَّ أَهْلَ الْكِتَابِ آمَنُوا وَاتَّقَوْا لَكَفَّرْنَا عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأَدْخَلْنَاهُمْ جَنَّاتِ النَّعِيمِ
ධර්ම පුස්තකය ලත් ජනයා විශ්වාස කර බිය භක්තිමත් වී සිටියේ නම් ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් අපි ඉවත් කරන්නට තිබුණි. තවද පූර්ණ සොම්නසින් යුත් (ස්වර්ග) උයන් වලට ඔවුන්ව ඇතුළත් කරවන්නට තිබුණි.
وَلَوْ أَنَّهُمْ أَقَامُوا التَّوْرَاةَ وَالْإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيْهِم مِّن رَّبِّهِمْ لَأَكَلُوا مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم ۚ مِّنْهُمْ أُمَّةٌ مُّقْتَصِدَةٌ ۖ وَكَثِيرٌ مِّنْهُمْ سَاءَ مَا يَعْمَلُونَ
තවද ඔවුහු තව්රාතය ද ඉන්ජීලය ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ(අල් කුර්ආනය) ද ස්ථාපිත කර සිටියේ නම් ඔවුනට ඉහළින් ද ඔවුන්ගේ පාදයන්ට පහළින් ද (අසීමිතව ජීවන සම්පත්) අනුභව කරන්නට තිබුණි. ඔවුන් අතුරින් මධ්යස්ථ වූ ප්රජාවක් සිටිති. තවද ඔවුන් අතුරින් බොහෝ දෙනා කරන දේ නපුරු විය.
49මෙයින් අදහස් කරන්නේ එම යුදෙව්වන් අතුරින් ඉස්ලාමය වැලඳ ගත්තන්ය. උදා : අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් වැනි අය.
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ ۚ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
රසූල්වරය, නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ නුඹ ප්රචාරය කරවු. එසේ නුඹ නොකළේ නම් නුඹ ඔහුගේ(අල්ලාහ්ගේ) දූත මෙහෙවරය ප්රචාරය නොකළේය. තවද අල්ලාහ් නුඹව ජනයින්ගෙන් ආරක්ෂා කරනු ඇත. සැබැවින්ම ප්රතික්ෂේප කරන පිරිසට අල්ලාහ් යහමග පෙන්වන්නේ නැත.
قُلْ يَا أَهْلَ الْكِتَابِ لَسْتُمْ عَلَىٰ شَيْءٍ حَتَّىٰ تُقِيمُوا التَّوْرَاةَ وَالْإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ ۗ وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا ۖ فَلَا تَأْسَ عَلَى الْقَوْمِ الْكَافِرِينَ
(නබිවරය,) “ධර්ම පුස්තකය ලත් ජනයිනි, නුඹලා තව්රාතය ද ඉන්ජීලය ද නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ස්ථාපිත කරන තෙක් නුඹලා කිසිදු (ස්ථාවර) දෙයක් මත නොවන්නෙහු යැ”යි නුඹ පවසවු. නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ(අල් කුර්ආනය) ඔවුන්ගෙන් බොහෝ දෙනාට ප්රතික්ෂේපය හා සීමාව ඉක්මවීම සැබැවින්ම වර්ධනය කරනු ඇත. එබැවින් ප්රතික්ෂේප කරන පිරිස කෙරෙහි නුඹ දුක් නොවවු.
50‘තව්රාතය ද ඉන්ජීලය ද ස්ථාපිත කිරීම’ යන්නෙහි අර්ථය ඒ අනුව කි්රයා කිරීම ද නබි මුහම්මද් තුමාණන්ගේ නබිත්වය විශ්වාස කිරීම ද වේ. මන්දයත් ඒවායෙහි එතුමාගේ පැමිණීම පිළිබඳව අන්තර්ගත වී ඇත.
إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئُونَ وَالنَّصَارَىٰ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
සැබැවින්ම (සියලු නබිවරුන්ව) විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඊන්වරුන් ද කිතුනුවන් ද (ඔවුන් අතුරින් පසුව,) කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කර යහපත් ක්රියාවන් කළේ ද, ඔවුනට (කිසිදු) බියක් නොමැත. තවද ඔවුහු දුකට පත්වන්නේ ද නැත.
51‘සාබිඊන්වරුන්’ පිළිබඳව නිශ්චිත විස්තරයක් සඳහන් වී නොමැති අතර ඔවුන් එක්තරා ආගමික කණ්ඩායමක් බව පැහැදිලිය.
52වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:62 ආයතයට අදාළ පාද සටහන බලන්න.
لَقَدْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَأَرْسَلْنَا إِلَيْهِمْ رُسُلًا ۖ كُلَّمَا جَاءَهُمْ رَسُولٌ بِمَا لَا تَهْوَىٰ أَنفُسُهُمْ فَرِيقًا كَذَّبُوا وَفَرِيقًا يَقْتُلُونَ
සැබැවින්ම ඉස්රාඊල්ගේ දරුවන්ගෙන් ප්රතිඥාවක් අපි ගත්තෙමු. තවද ඔවුන් වෙත රසූල්වරුන් අපි යැව්වෙමු. ඔවුන් වෙත ඔවුන්ගේ ආත්මාවන් ආශා නොකරන දැයක් රසූල්වරයෙකු ගෙන ආ සෑම විටකම (රසූල්වරුන්ගෙන්) පිරිසක්ව ඔවුහු අසත්යය කළෝය. (තවත්) පිරිසක්ව ඔවුහු මරා දැමුවෝය.
وَحَسِبُوا أَلَّا تَكُونَ فِتْنَةٌ فَعَمُوا وَصَمُّوا ثُمَّ تَابَ اللَّهُ عَلَيْهِمْ ثُمَّ عَمُوا وَصَمُّوا كَثِيرٌ مِّنْهُمْ ۚ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ
තවද කිසිම ව්යසනයක් ඇති නොවේ යැයි ඔවුහු සිතූහ. එබැවින් ඔවුහු (සත්යය වෙතින්) අන්ධ වූහ. තවද (එයින්) බිහිරි වූහ. ඉන්පසුව අල්ලාහ් ඔවුන් කෙරෙහි (ඔවුන් කළ) පශ්චාත්තාපය පිළිගත්තේය. ඉන් පසුව ද ඔවුන් අතුරින් බහුතරයක් අන්ධ වූහ. තවද බිහිරි වූහ. අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.
لَقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ ۖ وَقَالَ الْمَسِيحُ يَا بَنِي إِسْرَائِيلَ اعْبُدُوا اللَّهَ رَبِّي وَرَبَّكُمْ ۖ إِنَّهُ مَن يُشْرِكْ بِاللَّهِ فَقَدْ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ ۖ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ
“සැබැවින්ම අල්ලාහ්, ඔහුමය මර්යම්ගේ පුත් මසීහ් වන්නේ.” යැයි පැවසූ අය සැබැවින්ම ප්රතික්ෂේප කළෝය. “ඉස්රාඊල්ගේ දරුවනි, මාගේ ද නුඹලාගේ ද පරමාධිපති වන අල්ලාහ්ව නුඹලා නමදිවු.” යැයි මසීහ් පැවසුවේය. සැබැවින්ම කවරෙකු අල්ලාහ්ට (වෙනත් දැයක්) ආදේශ කළේ ද ඔහු කෙරෙහි අල්ලාහ් (ස්වර්ග) උයන තහනම් කර ඇත. තවද ඔහුගේ ලැගුම් ගන්නා ස්ථානය (නිරා) ගින්නය. තවද අපරාධකරුවන්ට උදව් කරන්නන්ගෙන් කිසිවෙකු නැත.
لَّقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ ثَالِثُ ثَلَاثَةٍ ۘ وَمَا مِنْ إِلَـٰهٍ إِلَّا إِلَـٰهٌ وَاحِدٌ ۚ وَإِن لَّمْ يَنتَهُوا عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابٌ أَلِيمٌ
තවද “සැබැවින්ම අල්ලාහ් ත්රිත්වයේ තුන්වැන්නාය.” යැයි පැවසූ අය සැබැවින්ම ප්රතික්ෂේප කළෝය. තවද එකම දෙවියෙකු හැර (නැමදුමට සුදුසු) වෙනත් දෙවියෙකු නැත. ඔවුන් පවසමින් සිටි දැයින් ඔවුන් නොවැළකුණේ නම් සැබැවින්ම ඔවුන් අතුරින් ප්රතික්ෂේප කළවුන්ව වේදනීය දඬුවමක් ස්පර්ශ කරනු ඇත.
53මෙයින් අදහස් කරන්නේ කිතුනුවන් විසින් ති්රත්වයේ මතය ව්යාජ ලෙස ප්රබන්ධ කරනු ලැබීම යන්නය.
أَفَلَا يَتُوبُونَ إِلَى اللَّهِ وَيَسْتَغْفِرُونَهُ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
එබැවින් අල්ලාහ් අති ක්ෂමාශීලීව පරම කරුණාභරිතව සිටිය දී ඔවුන් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී ඔහුගෙන් පාපක්ෂමාව නොඅයැදිනුයේ (මන්)ද?
مَّا الْمَسِيحُ ابْنُ مَرْيَمَ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ وَأُمُّهُ صِدِّيقَةٌ ۖ كَانَا يَأْكُلَانِ الطَّعَامَ ۗ انظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ الْآيَاتِ ثُمَّ انظُرْ أَنَّىٰ يُؤْفَكُونَ
මර්යම්ගේ පුත් මසීහ් රසූල්වරයෙකු මිස (දෙවියෙකුව) නැත. ඔහුට පෙර රසූල්වරුන් ඉකුත් වී ගියහ. තවද ඔහුගේ මව ඉතා සත්යවන්තියකි. ඔවුන් දෙදෙනාම (අන් අය මෙන්) ආහාර අනුභව කරන්නන් වූහ. ඔවුනට(ප්රතික්ෂේපකයින්ට අපගේ) සංඥාවන් අප පැහැදිලි කරනුයේ කෙසේ දැ’යි (නබිවරය,) නුඹ බලවු. පසුව කෙසේ නම් ඔවුන් (යහමගින් මුළා වී) හරවනු ලැබුවේ දැ’යි නුඹ බලවු.
قُلْ أَتَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا نَفْعًا ۚ وَاللَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ
“අල්ලාහ් ඔහුමය සර්ව ශ්රාවකව හා සර්වඥව සිටියදී අල්ලාහ් හැර නුඹලාට හානියක් කිරීමට ද ප්රයෝජනයක් ඇති කිරීමට ද (කිසිදු) බලයක් නොමැති දැයටද නුඹලා නමදිනුයේ?” යැයි (නබිවරය,) නුඹ පවසවු.
قُلْ يَا أَهْلَ الْكِتَابِ لَا تَغْلُوا فِي دِينِكُمْ غَيْرَ الْحَقِّ وَلَا تَتَّبِعُوا أَهْوَاءَ قَوْمٍ قَدْ ضَلُّوا مِن قَبْلُ وَأَضَلُّوا كَثِيرًا وَضَلُّوا عَن سَوَاءِ السَّبِيلِ
“ධර්ම පුස්තකය ලත් ජනයිනි, නුඹලාගේ දහමෙහි සත්යයයෙන් තොරව නුඹලා සීමාව ඉක්මවා නොයවු. තවද නුඹලා පිරිසකගේ මනෝ ඉච්ඡාවන් අනුගමනය නොකරවු. සැබැවින්ම මීට පෙර ඔවුන් මුළා වී ගියෝය.තවද ඔවුන් (ජනයින්ගෙන්) බහුතරයක් මුළාවට පත් කර ඔවුහු ද ඍජු මාර්ගයෙන් මුළා වූහ. යැයි (නබිවරය,) නුඹ පවසවු.
54‘දහම තුළ සීමාව ඉක්මවා නොයවු.’ යනු දහමෙහි ඇති යහ දැයක් වුවද සීමාව ඉක්මවා නොයායුතුය යන්නය. කිතුනුවන් නබි ඊසා තුමාණන්ව ගෞරවය කිරීමෙහි සීමාව ඉක්මවා ගොස් ඔහුව දෙවියෙකු හෝ දෙවියන්ගේ පුතෙකු ලෙස හෝ ගත්තෝය. තවද ඔවුහු මිනිස් ස්වභාවයේ මූලික අවශ්යතාවන් නොතකා දහමට අනුකූල නොවන අන්දමින් පැවිදිභාවය ස්ථාපිත කළෝය.
لُعِنَ الَّذِينَ كَفَرُوا مِن بَنِي إِسْرَائِيلَ عَلَىٰ لِسَانِ دَاوُودَ وَعِيسَى ابْنِ مَرْيَمَ ۚ ذَٰلِكَ بِمَا عَصَوا وَّكَانُوا يَعْتَدُونَ
ඉස්රාඊල්ගේ දරුවන් අතුරින් ප්රතික්ෂේප කළවුන්ට දාවූද් හා මර්යම්ගේ පුත් ඊසාගේ දිවෙන් ශාප කරනු ලැබූහ. එය ඔවුන් පිටුපා සීමාව ඉක්මවා ගියවුන්ව සිටි හෙයිනි.
كَانُوا لَا يَتَنَاهَوْنَ عَن مُّنكَرٍ فَعَلُوهُ ۚ لَبِئْسَ مَا كَانُوا يَفْعَلُونَ
ඔවුන් කළ (කිසිදු) පිළිකුල් සහගත ක්රියාවන්ගෙන් ඔවුන් එකිනෙකා නොවළක්වා ගන්නන් වූහ. ඔවුන් කරමින් සිටින දෑ නපුරු විය.
تَرَىٰ كَثِيرًا مِّنْهُمْ يَتَوَلَّوْنَ الَّذِينَ كَفَرُوا ۚ لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنفُسُهُمْ أَن سَخِطَ اللَّهُ عَلَيْهِمْ وَفِي الْعَذَابِ هُمْ خَالِدُونَ
(නබිවරය,) ඔවුන් අතුරින් බොහෝ දෙනා ප්රතික්ෂේප කළවුන්ව මිත්රයන් බවට පත් කර ගනු නුඹ දකිනු ඇත. ඔවුන් තමන්ටම පෙරටු කර ගත් දෑ නපුරු විය. (එමගින්) ඔවුන් කෙරෙහි අල්ලාහ් කෝප විය. තවද දඬුවමෙහි ඔවුහු සදාතනිකයෝ වෙති.
وَلَوْ كَانُوا يُؤْمِنُونَ بِاللَّهِ وَالنَّبِيِّ وَمَا أُنزِلَ إِلَيْهِ مَا اتَّخَذُوهُمْ أَوْلِيَاءَ وَلَـٰكِنَّ كَثِيرًا مِّنْهُمْ فَاسِقُونَ
තවද ඔවුහු අල්ලාහ්ව ද නබිවරයාව ද ඔහු වෙත පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරන්නන්ව සිටියේ නම් ඔවුහු (ප්රතික්ෂේපක) ඔවුන්ව මිත්රයන් ලෙස නොගන්නෙහුය. එනමුත් ඔවුන් අතුරින් බහුතරය පාපතරයින්ය.