النساء
අන්-නිසා · An-Nisa
හැඳින්වීම
මෙම සූරාව* නබි මුහම්මද්* තුමාණන් මදීනාවට දේශාන්තරණය කිරීමෙන් පසු ආරම්භක වකවානුවේ දී පහළ කරනු ලැබූ අතර එයින් වැඩි කොටසක් ‘උහුද්’ යුද්ධයෙන් පසු පහළ විය. මෙය පහළ වූයේ ව්යාප්ත වෙමින් පැවති මුස්ලිම් සමාජය බොහෝ ගැටලු වලට මුහුණ දෙමින් සිටි කාල වකවානුවකදීය. තවද මෙම යුගය ජීවිතය පිළිබඳව නව සැලැස්මක් ගොඩ නගමින් හා වර්ධනය කරමින් සිටි යුගයකි. ඉස්ලාමය පිළිගෙන තම ජීවිතය නිවැරදිව ගොඩ නගා ගන්නට අපේක්ෂා කරමින් සිටි ජනයාට ජීවන චර්යාවන්, නැමදුම්, සදාචාරාත්මක අගයන් හා සමාජ සබඳතාවන් ආදිය පිළිබඳව විස්තරාත්මක උපදෙස් අවශ්යය වෙමින් පැවතිණ. ඉස්ලාමයේ වර්ධනයට හා මුස්ලිම්වරුන්ට එරෙහිව සතුරු බලවේගයන් මෙම වකවානුවේ උපරිම ලෙස ක්රියාත්මක වෙමින් තිබිණ. මේ හේතුවෙන් දෘෂ්ටිවාදාත්මක මෙන්ම භූගෝලීය සීමාවන් තුළ තමන්ව ආරක්ෂා කරගැනීමට මුස්ලිම්වරුන්ට ඉදිරිපත් වීමට සිදුවී තිබිණ. මෙම සූරාව මෙම කරුණු සියල්ලටම පැහැදිලි කිරීම් ඉදිරිපත් කරමින් සැකසී ඇත.
සාර්ථක සමාජයක මූලික සාධකය වන්නේ අර්ථවත් ලෙසින් සැකසුනු පවුල් ඒකක වන හෙයින් ඒ පිළිබඳ වූ උපදෙස් මාලාවකින් මෙම සූරාව ආරම්භ වී ඇත. සාර්ථක පවුලක් ගොඩ නගා ගැනීමේ දී ස්ත්රිය විසින් අති මහත් කාර්යභාරයක් ඉටු කිරීමට ඇති හෙයින් ඒ පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කොට ඇති අතර එය පදනම් කොට ගෙන සූරාවේ නාමය ‘කාන්තාවන්’ යන නමින් සැකසී ඇත. ලෝකය කාන්තාවකගේ මාතෘත්වය නොසලකා ඇයට දිය යුතු ඇයගේ අයිතිවාසිකම් ද ලබා නොදී ඇයව කෙළි භාණ්ඩයක් ලෙස සලකමින් සිටියදී ඇයගේ ආර්ථික අයිතිවාසිකම් ඇතුලු සියලු අයිතිවාසිකම් ඇයට ලබා දී දුවෙකු, සහෝදරියෙකු, මවකු, බිරිඳෙකු ලෙස ද ඇයගේ තනතුර හා ඇයගේ මානසික හැඟීම් ඉතා අලංකාර ලෙස පරිපූර්ණව ආරක්ෂා වන අන්දමින් වග බලා ගන්නේ ඉස්ලාමයයි. නිවසින් පිට වී ගොස් රැකි රක්ෂා කොට හම්බ කිරීම් වැනි කාර්යයන්හි නියැලී බොහෝ දුක් කරදර හා මහන්සිවීම් වලට ගොදුරු වීමේ අනිවාර්යය බවක් ඇයට නොතබා ඇයගේ සියලු වියදම් ඇයගේ පවුලේ පිරිමින් කෙරෙහි පවරා ඇයව ගෞරවයෙන් යුතුව ජීවත් කරවනුයේ ඉස්ලාමයයි. ඉස්ලාමය තුළින් සමාජයාට පැවරී ඇති වගකීම් අනුව බැලූකල සාමාන්යයෙන් කාන්තාවක් ලද වගකීම් වලට වඩා පිරිමියෙකු ලද වගකීම් අති බහුල වන අතර ඒ සඳහා ඔහු ලද හැකියාවද අති විශාල බව අල් කුර්ආන් 2:228 යන ආයතයෙන් පෙන්වා දෙයි. ඉස්ලාමය යනු ලිංග සමානාත්මතාව අවධාරණය කරන දහමක් යැයි පැවසීමට වඩා ඉස්ලාමය යනු යුක්තිය, සාධාරණය හා නිසි පදවිය අවධාරණය කරන දහමක් යැයි පැවසීම සුදුසු වේ.
ඉස්ලාමයේ අවතීර්ණයට පෙර අරාබිකරයේ පමණක් නොව සෙසු ලෝකයේ ද ස්ත්රීන්ට සලකන ලද්දේ ඉතා පහත් ආකාරයකටය. ඔවුන්ට කිසිඳු අයිතියක් හෝ නිදහසක් තිබුණේ නැත. පවුලේ දේපළවලට ඔවුන්ට උරුමයක් තිබුණේ නැත. ඔවුන්ට අධ්යාපනයේ නිදහස තිබුණේ නැත. සිය සැමියා කෙතරම් නපුරෙකු වුවද ඔහුගෙන් දික්කසාද වීමේ අයිතිය ගැහැනුන්ට තිබුණේ නැත. සැමියා අභාවයට පත් පසු ස්ත්රීන් නැවත විවාහ වීම යනු සිහිනෙන්වත් සිතා බැලිය නොහැකි විෂයක් විය. ඉස්ලාමයට පෙර පූර්ව අරාබි යුගයේ ද ඇතැමුන්ගේ විශ්වාසය අනුව ස්ත්රීන් යනු ආත්මයක් නොමැති හිස් මැවිල්ලක් පමණි. මෙවන් නීච තත්ත්වයක සිටි එකල ස්ත්රීන් පුරුෂයින්ගේ ආශාවන් සපුරන සිත්පිත් නැති දේහයන් ලෙසින්ම සලකනු ලැබූහ. එසේ නොමවන විට ඔවුන් පිරිමින්ට වැඩ කරන වහලියන් හා දාසියන් වූහ. ස්ත්රීන්ගෙන් කොපමණ ප්රයෝජන ලැබුවද ස්ත්රීන්ව සලකන ලද්දේ ඉතා පිළිකුලෙනි. තමන්ට ගැහැනු දරුවෙකු ලැබීම එකල අරාබින් නොරිස්සූහ. එය නින්දා සහගත දෙයක් යැයි සිතූ ඔවුන් තමන්ට උපන් ගැහැනු බිළිඳන් පණ පිටින්ම වළලා දමන්නට තරම් කෲර වූහ. මෙසේ අමානුෂික ලෙස ස්ත්රීන් කොන් කරනු ලැබ අවිචාරවත් තත්ත්වයක සිටි ස්ත්රීන් වෙනුවෙන් ලොව ප්රථමයෙන් හඬ නැගුවේ ඉස්ලාම් ධර්මයයි. ගැහැනුන් හා පිරිමින්ව ඉස්ලාමය දකින්නේ සමාන අයිතිවාසිකම්, අවශ්යතාවන් හා හැඟීම් ඇති ජීවින් ලෙසිනි. නමුත් ශාරීරික වශයෙන් ස්ත්රීන් හා පුරුෂයින් අතර ඇති වෙනස්කම්, දුබලතා, ශක්තිය, හැකියාව ආදිය අනුව පමණක් ඉස්ලාමය ගැහැනුන් හා පිරිමින්ට ඇතැම් නිර්දේශ හා සීමා පනවයි. එය ද පනවා ඇත්තේ ස්ත්රීන්ගේ ආරක්ෂාව හා යහපත අරමුණු කරමිනි. ස්ත්රීන් කෙළි බඩුවක් බවට පත් කරන අරමුණින් ලෝකයා ලබා දෙන ව්යාජ කාත්නා නිදහස ඉස්ලාමය අනුමත නොකරයි. එම ඊනියා නිදහස නිසා ස්ත්රීන්ගේ පිවිතුරු බවට තර්ජන එල්ල වී ඔවුන් අනාරක්ෂිත වී, එනිසා අද වැඩි වී ඇත්තේ දුරාචාරය, අයතා ලිංගික ඇසුර හා සමලිංගික ඇසුර වැනි තිරිසන් ගති පැවතුම් පමණි. අද බහුලව කථා කරනු ලබන්නේ ස්ත්රී පුරුෂ සමානතාව ගැන පමණි. එනමුත් ස්ත්රීන් යුක්තිගරුකව සලකනු ලැබිය යුතු බවට වැඩි අවධාරණයක් දක්නට නොලැබේ. මෙය වැරදි ප්රවේශයකි. සෑම කරුණකම ස්ත්රීය හා පුරුෂයා සමාන යැයි ඉස්ලාමය නොපවසයි. මන්දයත් එය ප්රායෝගික නොවේ. ස්ත්රීය හා පුරුෂයා සමාන යැයි වාද කරන්නන් එයින් නොනැවතී දැන් පාලකයන් හා රටවැසියන්ද පියා හා පුතාද සමාන යැයි තර්ක කරති. එනිසා පුතෙකු වරදක් කළ විට යහ චේතනාවෙන් තම පුතුව යහ පුරවැසියෙක් කිරීම සඳහා තරවටු කිරීම පවා වරදක් යැයි නීති සම්පාදනය කරති. එහෙත් සමානතාවට වඩා ස්ත්රීන් ඇතුලු කාටත් අවශ්ය වන්නේ සාධාරණය හා යුක්තියයි. එමෙන්ම සමානතාව සෑම අවස්ථාවකදීම ගැලපෙන්නක් හා අදාළ වන්නක් නොවේ.
මන්දයත් සමානතාව යන වචනය ඉතා වැරදි ලෙස වටහා ඇති වචනයකි. සාධාරණය හා යුක්තිය යන වචන උපයෝගී කළ යුතු බොහෝ අවස්ථාවල වැරදි ලෙසින් භාවිත කරනු ලබන්නේ සමානතාව යන වචනයයි. ලෝකයා ස්ත්රීන් විෂයයෙහි සමානතාව භාවිත කරන්නේ ස්ත්රීන්ට සාධාරණය කිරීමට නොව ඔවුන්ගේ අඩ නිරුවත නරඹා රස විඳීමට මග පාදා ගැනීමටය. පුරුෂයන් වුවද ස්ත්රීන් තමන්ට සමාන විය යුතු යැයි නොසිතති. ස්ත්රීන්ගේ මානසිකත්වය ද එයමය. පුරුෂයින්ට හිමි පෞර්ෂ්යත්වය පිරිමින්ටද, ගැහැනුන්ට හිමි ලාලිත්වය හෙවත් සුකෝමළ බව ගැහැනුන්ටද ආවේණික ලක්ෂණයන්ය. ස්ත්රීන් හා පුරුෂයන් සමාන යැයි කීවොත් එයින් ඔවුන් දෙපළටම සිදු වන්නේ අසාධාරණයක්මය.
නිදසුනකට, වස්ත්ර ඇඳීම විෂයයෙහි ඉස්ලාමය පුරුෂයන්ට හා ස්ත්රීන්ට ලබා දෙන නිර්දේශ එකිනෙකට වෙනස්ය. ස්ත්රියගේ ගත නිරුවත් හෝ අඩනිරුවත් වන විට එය දකින පුරුෂයාගේ මනසේ කැළඹීමක් ඇති වෙයි. එනමුත් අඩ නිරුවත් හෝ නිරුවත් පුරුෂ කයක් දකින ස්ත්රියකට එවැනි කැළඹීමක් ඇති වන්නේ නැත. අමුඩයක් පමණක් ගසාගෙන කුඹුරේ වැඩ කරන ගොවියා මෙයට හොඳ උදාරහණයකි. මේ අනුව ස්ත්රීන්ට හා පුරුෂයන්ට ඉස්ලාමය නිර්දේශ කරන වස්ත්ර දෙයාකාර වේ. ස්ත්රීන් මෙන්ම මුලු සිරුරම වසා ගන්නා මෙන් පුරුෂයන්ට ද පුරුෂයන් මෙන් ඇතැම් අවයව නිරාවරණය කර ගන්නා මෙන් ස්ත්රීන්ට කීම ප්රායෝගික හෝ අවශ්ය වන්නේ නැත. ඇඳුම් පැළඳුම් විෂයෙහි හැර ඉස්ලාමය විසින් ස්ත්රීන්ට හා පුරුෂයන්ට වෙනස් නිර්දේශ ලබාදෙන තවත් ඉසව් කිහිපයක් ඇත. පවුලේ ආර්ථිකය, සාක්ෂි දීම, දේපළ උරුමය ආදිය ඉන් සමහරකි. පවුලේ වගකීම - බිරියගේ ආර්ථික හැකියාව කොතරම් ප්රබල වුවද පුරුෂයාගේ ආර්ථික හැකියාව කොතරම් දුබල වුවද පවුලේ ආර්ථිකය හෙවත් පවුලේ නඩත්තුව සම්පූර්ණයෙන්ම පුරුෂයාගේ වගකීම යැයි ඉස්ලාමය තරයේ අවධාරණය කරයි. පවුලේ වියදම වෙනුවෙන් බිරිය දායක විය යුතුය යැයි - ඇය කොතරම් ධනවත් තැනැත්තියක් වුවද - කිසිසේත් පුරුෂයාට ඇයව බල කළ නොහැක. (අල් කුර්ආන් 4:34) පුරුෂයා හා ස්ත්රීය අල්ලාහ් නිර්මාණය කර ඇත්තේ වෙනස් ආකාරයටය. කායික ශක්තියෙන් පුරුෂයා ඉහළ හෙයින් ස්ත්රීන් ආරක්ෂා කිරීමේ හා පවුල් නඩත්තු කිරීමේ වගකීම හිමි වන්නේ ඔහුටය. රට දැය ආරක්ෂා කිරීම සඳහා යුද්ධයක් ඇති වූ විට රණබිමට යන්නේ පුරුෂයින්ය. දේව පණිවිඩකරුවන් ලෙසින් අල්ලාහ් විසින් තෝරා ගත්තේ ද පුරුෂයින්වය. රාජ්ය නායකත්වයට සුදුස්සාද පුරුෂයාය. විනිසුරුවන් වීමට සුදුස්සන් පුරුෂයන්ය. ස්ත්රීන් තම නායිකාවන් කරගත් සමූහයක් කිසි විටෙක සෞභාග්යමත් නොවෙති යැයි නබි මුහම්මද් තුමාණන් පැවසූ බව බුහාරි ග්රන්ථයේ සඳහන් වී ඇත. ඉස්ලාමයේ මෙම ස්ථාවරයේ අරමුණ ස්ත්රීන් කොන් කිරීම නොවන බව තේරුම් ගත යුතුය. ඇයිදයත් ස්ත්රීය සැනෙකින් හැඟීම්බර වන ප්රවණතාවේ බහුත්වයක් ඇති අතර සුළු නොසතුටක දී හෝ හදිසි කේන්තියක දී වුවද සන්සුන්ව සිතා බලා තීරණයක් ගැනීමේ හැකියාවේ ප්රවණතාව අඩු හෙයින්ය. තවද ස්ත්රීන් මනාව බැබලිය හැකි ඉසව් ඇත්තා සේම ඔවුන්ට නොගැලපෙන ක්ෂේත්රද ඇති බව අප වටහා ගත යුතුය. ඉස්ලාමය මෙය පැහැදිලිව වෙන් කර දීමෙන් ලෝ වැසියාට කර තිබෙන්නේ මහඟු සේවයකි.
විවාහ වන විට පුරුෂයින් අනිවාර්යයෙන් මහර්* නම් වන ත්යාගය මනාලියට පිරිනැමිය යුතු අතර පසුව ඔවුන් පවුල වෙනුවෙන් වියදම් කළ යුතුය. මේ අනුව පුරුෂයින් ස්ත්රීයට වඩා වෙනස් හා හැකියාව ඇති හෙයින් පවුල නඩත්තු කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පුරුෂයා සතුය යැයි නිර්දේශ කරයි. කාන්තා සාක්ෂිය - ඉස්ලාමය තුළින් සමාජයාට පවරා ඇති වගකීම් අනුව බැලූකල සාමාන්යයෙන් කාන්තාවක් බාහිර සමාජයේ විෂයන්හි මැදිහත් වීම අවම විෂයකි. එහෙයින් බාහිර නඩුවක් එළඹූ විටෙකදී කාන්තාවක් සාක්ෂීකාරියක් වශයෙන් ඉදිරිපත් වීමද අවම විෂයකි. එනමුත් යම් කරුණක කාන්තාවකගේ සාක්ෂියක් අවශ්ය වන විටෙක ඇයගේ ගෞරවය ආරක්ෂා වන පරිදි ඇයට සාක්ෂි පැවසීමේ අයිතිය ද ඉස්ලාමය පරිපූර්ණව හිමිකර දී ඇත. කලාතුරකින් පුරුෂයින්ට වඩා ස්ත්රීන් ඇතැම් කේෂේත්රවල දස්කම් පානු දැකිය හැකි නමුත් මෙය පොදු ලක්ෂණයක් නොවේ. ලොව අළුත් සොයාගැනීම් හා විද්යාත්මක සාර්ථක දර්ශන ඉදිරිපත් කළවුන්ගෙන් අති බහුතරයක් පුරුෂයන් බව නොරහසකි. ඉස්ලාමීය නීතිමාලාව පදනම් වන්නේ සුවිශේෂී හෝ විරල කරුණු සහ ලක්ෂණවල මත නොව පොදු කරුණුවලට පදනම්වය. මෙසේ කීමෙන් ස්ත්රීන් යනු අනුවණ කොටසක් යැයි වරදවා විග්රහ කර නොගත යුතුය. ස්ත්රීන් යනු හැඟීම්වලට යටත් වන ස්වාභාවය ඇති මැවුමක් හෙයින් තාර්කිකව කල්පනා කිරීමේ හැකියාව ඔවුන්ට පිරිමින්ට සාපේක්ෂව අඩුය. තවත් ලෙසකින් කියනවා නම් හැඟීම්වලට යටත් වීමේ ප්රවණතාව පුරුෂයින්ට වඩා ගැහැනුන්ට වැඩිය. එහෙයින් සාක්ෂි දැරීමේදී, ඒ හා සම්බන්ධ දෑ වැරදීමකින් තොරව නිසියාකාරව පැවසීම සඳහා සාක්ෂිකරුවන් ලෙස එක් පිරිමියෙකුගෙන් සීමා නොකර පිරිමින් දෙදෙනෙකු පත් කර පිරිමින් දෙදෙනාගෙන් කෙනෙකු සාක්ෂිය සඳහා නොලැබුණු විටෙක එක් පිරිමියෙකු හා කාන්තා දෙදෙනෙකු අනිවාර්ය කොට ඇත්තේ මෙනිසාය.

1. පිරිමින්ගේ සාක්ෂීන් පමණක් පිළිගනු ලබන අවස්ථාවන්
(1) සමාජයේ සිදු වන වැරදි හා අපරාධ සම්බන්ධ සාක්ෂි,
(2) ඉස්ලාමීය චන්ද්ර මාසයන් අතුරින් රමළාන් හා ෂව්වාල් මාසය සඳහා වූ හඳ දුටු බව ඔප්පු කිරීම සඳහා සාක්ෂි. නමුත් ඇතැම් ඉස්ලාමීය විද්වතුන් මාසයන් සඳහා වූ හඳ දුටු බව ඔප්පු කිරීම සඳහා කාන්තාවන්ගේද සාක්ෂිය පිළිගනු ලබන බව සඳහන් කරයි.

2. කාන්තාවන්ගේ සාක්ෂීන් පමණක් ප්රමාණවත් වන අවස්ථාවන්
(1) කාන්තාවන්ට පමණක් ආවේණික වූ බොහෝ විෂයන්හි එක් කාන්තාවකගේ සාක්ෂිය ප්රමාණවත් වන අවස්ථාවන් ඇත. එමෙන්ම එක් කාන්තාවකට වඩා අධික දෙනෙකුගේ සාක්ෂීන් අවශ්ය වන අවස්ථාවන් ද ඇත. තවත් ඇතැම් විටෙක නියමිත සංඛ්යා සහිත පිරිමින් ද සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටිය හැක. අල් කුර්ආන් 24:4 වැකිය මත පදනම්ව ඉස්ලාමීය ආගමික වියතුන් පහත රීතිය ගෙනහැර දක්වයි : සාමාන්යයෙන් වෙනත් පුරුෂයන් නොදකින හා ස්ත්රීන් පමණක් වැඩි වශයෙන් ගැටෙන විෂයක සාක්ෂි දීමක් අවශ්ය වන්නේ නම්, එනම් දරු ප්රසූතිය, ස්ත්රියකගේ කන්යාබව හා විවාහයක් අවලංගු කිරීමට ඉවහල් විය හැකි ශාරීරික දුර්වලතා වැනි කරුණු, එවිට පුරුෂයන් දෙදෙනෙකුගේ හෝ එක් පුරුෂයෙකු හා ස්ත්රින් දෙදෙනෙකු හෝ ස්ත්රීන් සිව් දෙනෙකුගේ සාක්ෂිය ප්රමාණවත් වෙයි.

3. කාන්තා හා පිරිමි දෙපළගේම සාක්ෂි පිළිගනු ලබන අවස්ථාවන් :
(1) රමළාන් හා ෂව්වාල් මාස හැර අනෙක් මාසයන් සඳහා හඳ දුටු බව ඔප්පු කිරීම සඳහා සාක්ෂි. නමුත් ඇතැම් ඉස්ලාමීය විද්වතුන් හඳ දුටු බව ඔප්පු කිරීම සඳහා කාන්තාවන්ගේ සාක්ෂිය පිළි නොගන්නා බව සඳහන් කරයි.
(2) කිබ්ලාව පිළිබඳව සාක්ෂි දැරීම.
(3) එලෙසම කෙනෙකු තම භාර්යාව පිළිබඳව හෝ කාන්තාවක් තම ස්වාමි පුරුෂයා පිළිබඳව හෝ අපචර්යා ක්රියාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළේ නම් පැමිණිලිකරුවා හා විත්තිකරුවා යන දෙදෙනාම තම වාදය සත්ය බවට තමන් විසින්ම හතර වතාවක් දිවුරුම් සාක්ෂි දිය යුතුයි. පස් වන වතාවේදී ‘තමන්ගේ වාදය බොරුවක් වේ නම් තමන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය අත් වේවා’ යැයි පැවසිය යුතුයි. මේ විෂයෙහි පැමිණලිකරු හෝ විත්තිකරු වන කාන්තාව සඳහා හෝ පිරිමියා සඳහා හෝ තම තමන් විසින් කරන ලද දිවුරුම් සාක්ෂීන් ලෙස පිළිගනු ලබන අතර මේ විෂයෙහි කාන්තාව හා පිරිමියාගේ සාක්ෂිය සමාන ලෙස සලකනු ලැබේ.

4. පිරිමි හා කාන්තා දෙපළගේම සාක්ෂීන් පිළිගනු ලැබුනු නමුත් පිරිමින්ගේ සාක්ෂීන් වලට ප්රමුඛත්වය දෙනු ලබන අවස්ථාවන් - එනම් ගනුදෙනු හා මූල්යමය විෂයන්හි පිරිමින් දෙදෙනෙකුගේ සාක්ෂීන් අවශ්ය වේ. එසේ නොමැති නම් එක් පිරිමියෙකු හා කාන්තාවන් දෙදෙනෙකු ද එසේ නොමැති නම් එක් පිරිමියෙකු හා පැමිණිලිකරුවාගේ දිවුරීම ද සාක්ෂියක් ලෙස ප්රමාණවත් වේ. (අල් කුර්ආන් 2:282) මුදල්මය විෂයන්හි කාන්තාවන්ට වඩා පිරිමින්ට දැඩි අවබෝධයක් හා අත්දැකීමක් ඇති හෙයින් එක් පිරිමියෙකු නොමැති විට ඔහුගේ ස්ථානයට කාන්තාවන් දෙදෙනෙකු විය යුතු යැයි විධානය කොට ඇත. දේපළ උරුමය - විවාහයෙන් පසු පවුලේ වියදම සම්පූර්ණයෙන්ම පුරුෂයාගේ වගකීම හෙයින් ඔහුට දේපළ හිමි වීම ස්ත්රීන්ට වඩා කොටස් දෙකක් වීම සාධාරණය. ඉස්ලාමයට පෙර ස්ත්රීන්ට කිසිඳු දේපළ උරුමයක් නොතිබුනු බව අප අමතක නොකළ යුතුය. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 4:11 හි පාද සටහන් සමග බලන්න.
මෙසේ ස්ත්රීන්ට හා පුරුෂයන්ට වෙනස් නිර්දේශ ලබා දී ඇති ඉසව් කිහිපයක් තිබෙන අතර එයින් කිහිපයක් පහත සඳහන් කර ඇත :
• පුරුෂයෙකු තනිවම නිවසින් බැහැරව යා හැකි නමුත් ස්ත්රීයගේ ආරක්ෂාව පිණිස මහ්රම් හෙවත් සමීප ඥාතී පුරුෂයෙකු සමග මිස දුර බැහැරව යා නොයුතු බව ඉස්ලාමය අවධාරණය කරයි.
• පුරුෂයන් මස්ජිදයට(පල්ලියට) පැමිණ සලාතය* ඉටු කළ හැකි නමුත් ස්ත්රීන්ට ඒ සඳහා වන යෝග්යතම ස්ථානය ඇයගේ නිවසයි.
• ස්ත්රීන්ට පට පිලි හා රන් ආභරණ පැළඳිය හැකි නමුත් ඒවා පුරුෂයින්ට සපුරා තහනම් වෙයි.
• පුරුෂයෙකුට එකම විටෙක බිරියන් සිව් දෙනෙකු සිටිය හැකි නමුත් ස්ත්රියකට එක් විටෙක සිටිය හැක්කේ එක් ස්වාමි පුරුෂයෙක් පමණි. (නමුත් දික්කසාද වීමෙන් හෝ පුරුෂයා මරණයට පත් වුවහොත් ඇය වෙනත් පුරුෂයෙකු හා විවාහ වීමට කිසිඳු බාධාවක් නැත). වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 4:3 පාද සටහන් සමග බලන්න.
• ‘තලාක්’ නම් වන විවාහය අවලංගු කිරීමේ දික්කසාද ප්රකාශය සිදු කළ හැක්කේ පුරුෂයාට පමණි. මෙයට ප්රධාන හේතුව ස්ත්රීය සැනෙකින් හැඟීම්බර වන ප්රවණතාවේ බහුත්වයක් ඇති හෙයිනි. සුළු නොසතුටකට හෝ හදිසි කේන්තියකට පවා ඇය තලාක් ප්රකාශය කියන්නට ඉඩ ඇති හෙයින් එම අවස්ථාව ඉස්ලාමය ඇයට අහිමි කර වඩාත් සන්සුන්ව සිතා බලා තීරණයක් ගැනීම සඳහා එය පුරුෂයන්ට හිමි කර දී ඇත. (එසේ වුවද යම් පුරුෂයෙකු සමග විවාහ දිවිය ගෙවන්නට නොහැකි තත්ත්වයක් උද්ගත වූ විට දික්කසාදය වෙනුවෙන් ඉල්ලා සිටීමේ පූර්ණ අයිතිය ස්ත්රීන්ට ඇත).
මෙතෙක් පැහැදිලි කළ දේවලින් ගම්ය වන කරුණ නම් ඉස්ලාමය වැදගත්කම දෙන්නේ සමානතාවට නොව, සාධාරණයට යන්නයි. මන්දයත් ස්ත්රී-පුරුෂ, පිය-පුතු හෝ ලොව අන් කිසිඳු සබඳතාවක් සමාන නොවන හෙයිනි. අල් කුර්ආනය ද මෙය අවධාරණය කරයි. අප ඉහත පැහැදිලි කළ පරිදි ශාරීරික ශක්තියෙන් හා නැණ මහිමයෙන් ස්ත්රීන්ට වඩා පුරුෂයන් ඉදිරියෙන් සිටිති. ලොව විද්යාඥයින්, උගතුන්, සාහිත්ය ගත්කරුවන්, ආගමික ප්රධානීන්, ශාන්තුවරුන්, රාජ්ය නායකයින්, රණශූරයන්, ධානපතියන්, කර්මාන්ත හිමිකරුවන්, ත්යාගශීලීන් අති බහුතරයක් පිරිමින්ය. මෙම ක්ෂේත්ර කරා පිවිසීමට ස්ත්රීන්ට කිසිඳු තහනමක් හෝ බාධාවක් නොමැත. අධික කෝපයෙන් සිටින විට මෙන්ම අධික පී්රතිය ඇති වන අවස්ථාවල වුවද පුරුෂයන් තමන්ව පාලනය කිරීමේ හැකියාව ඇත්තන් හා තම අදහස පැහැදිලිව කියාපෑමේ හැකියාව ඇත්තන් වන නමුත් ස්ත්රීන්ට හැකි වන්නේ කඳුළු සැලීමට හා හැඟීමට වහල් වීම බව අපි දකින්නෙමු. පුරුෂයන් ස්ත්රීන්ට වඩා විවිධ පීඨවල හැකියාව ඇත්තන් යන ඉස්ලාමයේ ස්ථාවරය ඉතා ප්රායෝගික බවට මෙය කදිම නිදසුනකි. අවශ්ය වූ විට යුද්ධ කිරීම පුරුෂයන්ට වගකීමක් වන අතර එය ස්ත්රීන්ට අනිවාර්ය නොවේ. මෙය ස්ත්රීන්ගේ කායික හා මානසික දුර්වල බව නිසා මෙන්ම ඔවුන්ගේ සුකෝමල බව නිසා ඔවුන්ට ලැබෙන වාසියකි. මෙය හුවා දක්වමින් ස්ත්රීන්ට සමාන අවස්ථා ලබා නොදෙන්නේය යැයි කිසිවෙකුට කිසිසේත් තර්ක කළ නොහැක.
නැමදුම් විෂයෙහි ස්ත්රීන්ට හා පුරුෂයින්ට සමානතාවන් ඇති බව අල් කුර්ආන් 9:71 හි අවධාරණය කරයි. එනම්, සලාතය* ඉටු කිරීම, වුළු නම් අර්ධ දෝවනය කිරීම, zසකාතය* නම් අනිවාර්යය දන්දීම, සදකා* නම් දන්දීම, වහලුන් නිදහස් කිරීම, උපවාස ශීලය රැකීම, හජ්* වන්දනය ඉටු කිරීම, යහපත අණ කිරීම හා අයහපතින් ජනයාව වැළකීම ආදියෙහි ස්ත්රීන් පුරුෂයන් සේම නියැළිය හැකිය. (මාසික ඔසප් හා දරු ප්රසුතියෙන් පසුව වන ඔසප් සමයන්හි පමණක් යම් යම් බැහැරවීම් ස්ත්රීන්ට ඉස්ලාමය ලබා දෙයි). තවද ස්ත්රීන් යනු පුරුෂයන්ගෙන් අඩක්ය යැයි නබි වදනක සඳහන් වී ඇත්තේද මේ නිසාවෙනි. ලෞකික ජීවිතයෙහි ඇතැම් කරුණුවල ස්ත්රීන් හා පුරුෂයින් සමානව සැලකිය හැකි අතර තවත් ඇතැම් කරුණුවල එසේ සමානව සැලකීම ස්ත්රීන්ට අවාසි හා අනාරක්ෂිත තත්ත්වයක් උද්ගත කරනු ඇත. එහෙයින් මෙවන් අවස්ථාවල ස්ත්රීන්ට ලබා දෙන මෙම වාසි අල්ලාහ්ගේ දායාදයකි.
උහුද් යුද්ධයෙන් පසු ස්ත්රීන් විශාල ප්රමාණයක් වැන්දඹුවන් බවට පත් වූ අතර ඔවුනට ලබා දෙන විසඳුම් ගැන මෙහි සඳහන් වී ඇත. එමෙන්ම දරුවන් විශාල ප්රමාණයක් ද අනාථයන් බවට පත් වූහ. එහෙයින් සූරාවේ ආරම්භක කොටසේ අනාථ දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව හා ඔවුන්ගේ කටයුතු පාලනය කිරීම පිළිබඳව ද උපදෙස් ඇතුළත් වී ඇත. සමීප ඥාතියෙකුගේ මරණයෙන් පසු එම පුද්ගලයාගේ දේපොළ බෙදාදීම පිළිබඳව නීතිරීති සවිස්තරාත්මකව 7 සිට 14 දක්වා වූ වදන් මගින් ද 127 සිට 129 වැනි ආයතය දක්වා ද 176 වැනි ආයතය මගින් ද ඉදිරිපත් කොට ඇත. ඉස්ලාමයට පෙර වූ මිථ්යාදෘෂ්ටික අරාබිකරයේ ස්ත්රීන් විවිධ කෲර හා අසාධාරණකම් වලට භාජනය වූවෝය. එවන් සියලු සිරිත් විරිත් මෙහි දී හෙළා දැක සමාජයේ ස්ත්රියට හිමිවිය යුතු නියම තත්ත්වය ස්ථාපිත කොට ඇත. විවාහය හා දික්කසාදය පිළිබඳව නීතිරීති පැහැදිලි කොට අඹු සැමියන්ගේ වගකීම් හා අයිතිවාසිකම් පිළිබඳව කරුණු ඉදිරිපත් කොට ඇත. මෙම විෂයය 35 වන ආයතය දක්වා විහිදී යන්නේය. සමාජ ක්රියාකාරකම් පිළිබඳව ඇතැම් මූලධර්ම හා විශ්වාසිකයෙකුගේ අභ්යන්තර ගති ලක්ෂණ පිළිබඳව පැහැදිලි කිරීම් ද මෙහි ඇතුළත්ය. එකල මුස්ලිම්වරයෙකුට ඉස්ලාමීය දේශනා, අල්ලාහ්ගේ මාර්ගයේ ප්රයත්නයන් හා ව්යාපාරික කටයුතු ආදිය සඳහා කාන්තාරයේ ගමන් කිරීමට සිදු වන අවස්ථා බොහෝය. එහිදී ඇති වන ජල හිඟ තත්ත්වය නිසා අනිවාර්යය සලාතය* ඉටු කිරීම පිණිස නිසි අයුරින් වුළුඃ* හෙවත් අර්ධ ධෝවනය කර ගැනීමට බාධා ඇති විය. මෙම ප්රශ්නය විසදීම සඳහා විකල්පයක් වශයෙන් තයම්මුම් නමින් ක්රමයක් 43 වන ආයතයෙන් ඉදිරිපත් කොට ඇත. ගමනෙහි යෙදී සිටින විට අනිවාර්යය සලාතයේ රකඅත් හෙවත් ‘සලාතයේ අංග’ ප්රමාණය අඩු කොට ඉටු කිරීමේ ක්රමය 101 වැනි ආයතයෙන් ද යුද්ධයකට සහභාගි වී සිටින විට සමූහයක් ලෙස සලාතය ඉටු කිරීමේ එක්තරා පිළිවෙතක් 102 හා 103 ආයතයන් මගින් අනුමත කොට ඇත.
මදීනාවෙහි විසූ යුදෙව්වන් මුස්ලිම්වරුන් සමග සම්මුතියකට එළැඹ සිටිය ද මුස්ලිම්වරුන්ට එරෙහිව විවිධ කුමන්ත්රණකාරී කටයුතුවල නිරන්තරව නියැළී සිටියහ. ආයතයන් 44 සිට 57 දක්වා ද 153 සිට 170 දක්වා ද ඔවුන්ගේ දුෂ්ට ක්රියාකාරකම් හෙළිදරව් කරන්නට හා ඔවුන්ට නිවැරදි චින්තනය හා යහ ක්රියාකාරකම් ඇති කර ගන්නා ලෙස උපදෙස් දීම පිණිස වෙන් වී ඇත. ආයතයන් 171 සිට 175 දක්වා කිතුනුවන්ව ද අමතා පිරිසිදු ඒක දේව සංකල්පය අනුගමනය කරන ලෙසත් ත්රිත්වය නම් දේව සංකල්පය ප්රතික්ෂේප කරන ලෙසත් උපදෙස් දී ඇත.
මදීනාවෙහි ස්ථාපිත වෙමින් පැවති ඉස්ලාමීය රාජ්යයේ යහ පැවැත්ම උදෙසා එහි සිවිල් පරිපාලන පද්ධතියේ විනයගරුකභාවයක් ඇති කිරීම අත්යවශ්යව තිබුණ. යහ පාලනය හා නීතිය පසිඳලීම පිළිබඳව වූ මූලික උපදෙස් 58 හා 59 වැනි ආයතයන් මගින් ලබා දී ඇත. ආත්ම වංචනිකයින් ඉස්ලාමීය රාජ්යයේ දේශපාලන හා අධිකරණමය සැලැස්මට අවනතභාවයක් පිටතට පෙනෙන අයුරින් දැක්වුව ද අවස්ථාවක් ලද සෑම විටකම එයට පටහැණිව කටයුතු කරන්නට වූහ. ආයත් 60 සිට 70 දක්වා ද 137 සිට 152 දක්වා ද ඔවුන්ගේ කූට උපක්රම හෙළිදරව් කිරීමටත් අල්ලාහ්ට හා අල්ලාහ්ගේ රසූල්වරයාට* අවනතව කටයුතු කරන ලෙස සානුකම්පිත ලෙස ඔවුන්ව දිරි ගැන්වීමටත් වෙන් වී ඇත. තම දහම සුරක්ෂිත කර ගැනීම සඳහා සහ සතුරන්ගෙන් තමන්ව ආරක්ෂා කර ගැනීමට මුස්ලිම්වරුන්ට අල්ලාහ්ගේ මාර්ගයේ ප්රයත්නය යෙදීමේ සංකල්පය ඉතා වැදගත් ස්ථානයක් ගනී. ආයත් 71 සිට 96 දක්වා අල්ලාහ්ගේ මාර්ගයේ ප්රයත්නය යෙදීම හා එයට අනුබද්ධිත විෂයන් විස්තර කිරීමට යොමු වී ඇත. මෙම ක්රියාදාමයේ දී ආත්ම වංචනිකයින්ගේ කූට උපක්රමයන් පිළිබඳව හෙළිදරව් කර ඇති අතර මෙම තත්ත්වයට අදාළ වන පරිදි විවිධ මිනීමැරුම් හා ඝාතන පිළිබඳව වූ දණ්ඩ නීතිය 92 හා 93 වැනි ආයත් මගින් විග්රහ කොට ඇත. තවද මක්කාවේ ජීවත් වූ මුස්ලිම්වරුන්ට තම දහම අනුගමනය කිරීම පිළිබඳව විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු විය. එහෙයින් ඔවුන්ට මදීනාවට දේශාන්තරණය කරන ලෙස උපදෙස් දෙනු ලැබීය. ආයත් 97 සිට 100 දක්වා මෙම දේශාන්තරණයට සම්බන්ධ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
නබි මුහම්මද් තුමාණන්ට ඇතැම් ආරවුල් විසඳීම සඳහා යොමු වන්නට සිදු විය. ආයත් 105 සිට 115 දක්වා විස්තර වන්නේ එම ආරවුල් විසඳීමේ දී නබි මුහම්මද් තුමාණන් අනුගමනය කළ යුතු පිළිවෙත හා පැමිණිලි හා විත්ති පාර්ශවයන් නබි මුහම්මද් තුමාගේ තීන්දුවලට කෙසේ අවනත විය යුතු ද යන්න පිළිබඳවයි. මුස්ලිම්වරයෙකුගේ විශ්වාසයේ පදනම වන්නේ තව්හීද්(අල්ලාහ් පිළිබඳව විශ්වාසයේ ඒකීයත්ව) යයි. ආයත් 116 සිට 126 දක්වා එහි වැදගත්කම හුවා දක්වා ඇති අතර ෂිර්ක්(අල්ලාහ්ට සමානයන් ඇති කිරීම) ෂෙයිතාන්ගේ* නොමග යැවීමක් බව ද දක්වා ඇත. සත්යය දහමට අනුකූලව ජීවිතය සකස් කරගන්නන්ගේ යහ ප්රතිඵල ද එයට පටහැණිව කටයුතු කරන්නන්ගේ අනිසි විපාක ද එහි විග්රහ කොට ඇත.
කෙටියෙන් දක්වන්නේ නම් මෙම සූරාව මිනිස් ජීවිතයේ විවිධ පැතිකඩ සම්බන්ධව ඉස්ලාමීය නීතීන් විග්රහ කරන්නක් බව හැඳින්විය හැක. මෙම සූරාවේ ආරම්භක වැකි මගින් ‘තක්වා’ නම් බිය භක්තිමත්භාවය1 විධානය කරන අතර සම්පූර්ණ සූරාවම විග්රහ කොට ඇත්තේ බිය භක්තිමත්භාවයේ ප්රායෝගික අවශ්යතාවන් බව සඳහන් කළ හැක.
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً ۚ وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالْأَرْحَامَ ۚ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا
وَآتُوا الْيَتَامَىٰ أَمْوَالَهُمْ ۖ وَلَا تَتَبَدَّلُوا الْخَبِيثَ بِالطَّيِّبِ ۖ وَلَا تَأْكُلُوا أَمْوَالَهُمْ إِلَىٰ أَمْوَالِكُمْ ۚ إِنَّهُ كَانَ حُوبًا كَبِيرًا
وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا فِي الْيَتَامَىٰ فَانكِحُوا مَا طَابَ لَكُم مِّنَ النِّسَاءِ مَثْنَىٰ وَثُلَاثَ وَرُبَاعَ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَلَّا تَعُولُوا
وَآتُوا النِّسَاءَ صَدُقَاتِهِنَّ نِحْلَةً ۚ فَإِن طِبْنَ لَكُمْ عَن شَيْءٍ مِّنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيئًا مَّرِيئًا
وَلَا تُؤْتُوا السُّفَهَاءَ أَمْوَالَكُمُ الَّتِي جَعَلَ اللَّهُ لَكُمْ قِيَامًا وَارْزُقُوهُمْ فِيهَا وَاكْسُوهُمْ وَقُولُوا لَهُمْ قَوْلًا مَّعْرُوفًا
وَابْتَلُوا الْيَتَامَىٰ حَتَّىٰ إِذَا بَلَغُوا النِّكَاحَ فَإِنْ آنَسْتُم مِّنْهُمْ رُشْدًا فَادْفَعُوا إِلَيْهِمْ أَمْوَالَهُمْ ۖ وَلَا تَأْكُلُوهَا إِسْرَافًا وَبِدَارًا أَن يَكْبَرُوا ۚ وَمَن كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ ۖ وَمَن كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ ۚ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَالَهُمْ فَأَشْهِدُوا عَلَيْهِمْ ۚ وَكَفَىٰ بِاللَّهِ حَسِيبًا
لِّلرِّجَالِ نَصِيبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ وَلِلنِّسَاءِ نَصِيبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ ۚ نَصِيبًا مَّفْرُوضًا
وَإِذَا حَضَرَ الْقِسْمَةَ أُولُو الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينُ فَارْزُقُوهُم مِّنْهُ وَقُولُوا لَهُمْ قَوْلًا مَّعْرُوفًا
وَلْيَخْشَ الَّذِينَ لَوْ تَرَكُوا مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً ضِعَافًا خَافُوا عَلَيْهِمْ فَلْيَتَّقُوا اللَّهَ وَلْيَقُولُوا قَوْلًا سَدِيدًا
إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَىٰ ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ نَارًا ۖ وَسَيَصْلَوْنَ سَعِيرًا
يُوصِيكُمُ اللَّهُ فِي أَوْلَادِكُمْ ۖ لِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنثَيَيْنِ ۚ فَإِن كُنَّ نِسَاءً فَوْقَ اثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ ۖ وَإِن كَانَتْ وَاحِدَةً فَلَهَا النِّصْفُ ۚ وَلِأَبَوَيْهِ لِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُ وَلَدٌ ۚ فَإِن لَّمْ يَكُن لَّهُ وَلَدٌ وَوَرِثَهُ أَبَوَاهُ فَلِأُمِّهِ الثُّلُثُ ۚ فَإِن كَانَ لَهُ إِخْوَةٌ فَلِأُمِّهِ السُّدُسُ ۚ مِن بَعْدِ وَصِيَّةٍ يُوصِي بِهَا أَوْ دَيْنٍ ۗ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ لَا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعًا ۚ فَرِيضَةً مِّنَ اللَّهِ ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَاجُكُمْ إِن لَّمْ يَكُن لَّهُنَّ وَلَدٌ ۚ فَإِن كَانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ الرُّبُعُ مِمَّا تَرَكْنَ ۚ مِن بَعْدِ وَصِيَّةٍ يُوصِينَ بِهَا أَوْ دَيْنٍ ۚ وَلَهُنَّ الرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِن لَّمْ يَكُن لَّكُمْ وَلَدٌ ۚ فَإِن كَانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ الثُّمُنُ مِمَّا تَرَكْتُم ۚ مِّن بَعْدِ وَصِيَّةٍ تُوصُونَ بِهَا أَوْ دَيْنٍ ۗ وَإِن كَانَ رَجُلٌ يُورَثُ كَلَالَةً أَوِ امْرَأَةٌ وَلَهُ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ ۚ فَإِن كَانُوا أَكْثَرَ مِن ذَٰلِكَ فَهُمْ شُرَكَاءُ فِي الثُّلُثِ ۚ مِن بَعْدِ وَصِيَّةٍ يُوصَىٰ بِهَا أَوْ دَيْنٍ غَيْرَ مُضَارٍّ ۚ وَصِيَّةً مِّنَ اللَّهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَلِيمٌ
تِلْكَ حُدُودُ اللَّهِ ۚ وَمَن يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ
وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُّهِينٌ
وَاللَّاتِي يَأْتِينَ الْفَاحِشَةَ مِن نِّسَائِكُمْ فَاسْتَشْهِدُوا عَلَيْهِنَّ أَرْبَعَةً مِّنكُمْ ۖ فَإِن شَهِدُوا فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىٰ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللَّهُ لَهُنَّ سَبِيلًا
وَاللَّذَانِ يَأْتِيَانِهَا مِنكُمْ فَآذُوهُمَا ۖ فَإِن تَابَا وَأَصْلَحَا فَأَعْرِضُوا عَنْهُمَا ۗ إِنَّ اللَّهَ كَانَ تَوَّابًا رَّحِيمًا
إِنَّمَا التَّوْبَةُ عَلَى اللَّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُولَـٰئِكَ يَتُوبُ اللَّهُ عَلَيْهِمْ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا
وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّىٰ إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الْآنَ وَلَا الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ ۚ أُولَـٰئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَحِلُّ لَكُمْ أَن تَرِثُوا النِّسَاءَ كَرْهًا ۖ وَلَا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ إِلَّا أَن يَأْتِينَ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ ۚ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ ۚ فَإِن كَرِهْتُمُوهُنَّ فَعَسَىٰ أَن تَكْرَهُوا شَيْئًا وَيَجْعَلَ اللَّهُ فِيهِ خَيْرًا كَثِيرًا
وَإِنْ أَرَدتُّمُ اسْتِبْدَالَ زَوْجٍ مَّكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنطَارًا فَلَا تَأْخُذُوا مِنْهُ شَيْئًا ۚ أَتَأْخُذُونَهُ بُهْتَانًا وَإِثْمًا مُّبِينًا
وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَىٰ بَعْضُكُمْ إِلَىٰ بَعْضٍ وَأَخَذْنَ مِنكُم مِّيثَاقًا غَلِيظًا
وَلَا تَنكِحُوا مَا نَكَحَ آبَاؤُكُم مِّنَ النِّسَاءِ إِلَّا مَا قَدْ سَلَفَ ۚ إِنَّهُ كَانَ فَاحِشَةً وَمَقْتًا وَسَاءَ سَبِيلًا
حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالَاتُكُمْ وَبَنَاتُ الْأَخِ وَبَنَاتُ الْأُخْتِ وَأُمَّهَاتُكُمُ اللَّاتِي أَرْضَعْنَكُمْ وَأَخَوَاتُكُم مِّنَ الرَّضَاعَةِ وَأُمَّهَاتُ نِسَائِكُمْ وَرَبَائِبُكُمُ اللَّاتِي فِي حُجُورِكُم مِّن نِّسَائِكُمُ اللَّاتِي دَخَلْتُم بِهِنَّ فَإِن لَّمْ تَكُونُوا دَخَلْتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ وَحَلَائِلُ أَبْنَائِكُمُ الَّذِينَ مِنْ أَصْلَابِكُمْ وَأَن تَجْمَعُوا بَيْنَ الْأُخْتَيْنِ إِلَّا مَا قَدْ سَلَفَ ۗ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا
وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَانُكُمْ ۖ كِتَابَ اللَّهِ عَلَيْكُمْ ۚ وَأُحِلَّ لَكُم مَّا وَرَاءَ ذَٰلِكُمْ أَن تَبْتَغُوا بِأَمْوَالِكُم مُّحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ ۚ فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُم بِهِ مِن بَعْدِ الْفَرِيضَةِ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
وَمَن لَّمْ يَسْتَطِعْ مِنكُمْ طَوْلًا أَن يَنكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ فَمِن مَّا مَلَكَتْ أَيْمَانُكُم مِّن فَتَيَاتِكُمُ الْمُؤْمِنَاتِ ۚ وَاللَّهُ أَعْلَمُ بِإِيمَانِكُم ۚ بَعْضُكُم مِّن بَعْضٍ ۚ فَانكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَآتُوهُنَّ أُجُورَهُنَّ بِالْمَعْرُوفِ مُحْصَنَاتٍ غَيْرَ مُسَافِحَاتٍ وَلَا مُتَّخِذَاتِ أَخْدَانٍ ۚ فَإِذَا أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَاحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى الْمُحْصَنَاتِ مِنَ الْعَذَابِ ۚ ذَٰلِكَ لِمَنْ خَشِيَ الْعَنَتَ مِنكُمْ ۚ وَأَن تَصْبِرُوا خَيْرٌ لَّكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
يُرِيدُ اللَّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
وَاللَّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَن تَمِيلُوا مَيْلًا عَظِيمًا
يُرِيدُ اللَّهُ أَن يُخَفِّفَ عَنكُمْ ۚ وَخُلِقَ الْإِنسَانُ ضَعِيفًا
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَأْكُلُوا أَمْوَالَكُم بَيْنَكُم بِالْبَاطِلِ إِلَّا أَن تَكُونَ تِجَارَةً عَن تَرَاضٍ مِّنكُمْ ۚ وَلَا تَقْتُلُوا أَنفُسَكُمْ ۚ إِنَّ اللَّهَ كَانَ بِكُمْ رَحِيمًا
وَمَن يَفْعَلْ ذَٰلِكَ عُدْوَانًا وَظُلْمًا فَسَوْفَ نُصْلِيهِ نَارًا ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا
إِن تَجْتَنِبُوا كَبَائِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُم مُّدْخَلًا كَرِيمًا
وَلَا تَتَمَنَّوْا مَا فَضَّلَ اللَّهُ بِهِ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ ۚ لِّلرِّجَالِ نَصِيبٌ مِّمَّا اكْتَسَبُوا ۖ وَلِلنِّسَاءِ نَصِيبٌ مِّمَّا اكْتَسَبْنَ ۚ وَاسْأَلُوا اللَّهَ مِن فَضْلِهِ ۗ إِنَّ اللَّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا
وَلِكُلٍّ جَعَلْنَا مَوَالِيَ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ ۚ وَالَّذِينَ عَقَدَتْ أَيْمَانُكُمْ فَآتُوهُمْ نَصِيبَهُمْ ۚ إِنَّ اللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدًا
الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاءِ بِمَا فَضَّلَ اللَّهُ بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ وَبِمَا أَنفَقُوا مِنْ أَمْوَالِهِمْ ۚ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِّلْغَيْبِ بِمَا حَفِظَ اللَّهُ ۚ وَاللَّاتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ ۖ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا عَلَيْهِنَّ سَبِيلًا ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيًّا كَبِيرًا
وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُوا حَكَمًا مِّنْ أَهْلِهِ وَحَكَمًا مِّنْ أَهْلِهَا إِن يُرِيدَا إِصْلَاحًا يُوَفِّقِ اللَّهُ بَيْنَهُمَا ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا خَبِيرًا
وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا ۖ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَىٰ وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالْجَنبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ ۗ إِنَّ اللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخْتَالًا فَخُورًا
الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ وَيَكْتُمُونَ مَا آتَاهُمُ اللَّهُ مِن فَضْلِهِ ۗ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا
وَالَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ ۗ وَمَن يَكُنِ الشَّيْطَانُ لَهُ قَرِينًا فَسَاءَ قَرِينًا
وَمَاذَا عَلَيْهِمْ لَوْ آمَنُوا بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَأَنفَقُوا مِمَّا رَزَقَهُمُ اللَّهُ ۚ وَكَانَ اللَّهُ بِهِمْ عَلِيمًا
إِنَّ اللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ ۖ وَإِن تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًا
فَكَيْفَ إِذَا جِئْنَا مِن كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَىٰ هَـٰؤُلَاءِ شَهِيدًا
يَوْمَئِذٍ يَوَدُّ الَّذِينَ كَفَرُوا وَعَصَوُا الرَّسُولَ لَوْ تُسَوَّىٰ بِهِمُ الْأَرْضُ وَلَا يَكْتُمُونَ اللَّهَ حَدِيثًا
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْرَبُوا الصَّلَاةَ وَأَنتُمْ سُكَارَىٰ حَتَّىٰ تَعْلَمُوا مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّىٰ تَغْتَسِلُوا ۚ وَإِن كُنتُم مَّرْضَىٰ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِّنكُم مِّنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ ۗ إِنَّ اللَّهَ كَانَ عَفُوًّا غَفُورًا
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِّنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلَالَةَ وَيُرِيدُونَ أَن تَضِلُّوا السَّبِيلَ
وَاللَّهُ أَعْلَمُ بِأَعْدَائِكُمْ ۚ وَكَفَىٰ بِاللَّهِ وَلِيًّا وَكَفَىٰ بِاللَّهِ نَصِيرًا
مِّنَ الَّذِينَ هَادُوا يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَاسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَاعِنَا لَيًّا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِي الدِّينِ ۚ وَلَوْ أَنَّهُمْ قَالُوا سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانظُرْنَا لَكَانَ خَيْرًا لَّهُمْ وَأَقْوَمَ وَلَـٰكِن لَّعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا
يَا أَيُّهَا الَّذِينَ أُوتُوا الْكِتَابَ آمِنُوا بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِّمَا مَعَكُم مِّن قَبْلِ أَن نَّطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَىٰ أَدْبَارِهَا أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّا أَصْحَابَ السَّبْتِ ۚ وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا
إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَاءُ ۚ وَمَن يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَىٰ إِثْمًا عَظِيمًا
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُزَكُّونَ أَنفُسَهُم ۚ بَلِ اللَّهُ يُزَكِّي مَن يَشَاءُ وَلَا يُظْلَمُونَ فَتِيلًا
انظُرْ كَيْفَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ ۖ وَكَفَىٰ بِهِ إِثْمًا مُّبِينًا