وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَانُكُمْ ۖ كِتَابَ اللَّهِ عَلَيْكُمْ ۚ وَأُحِلَّ لَكُم مَّا وَرَاءَ ذَٰلِكُمْ أَن تَبْتَغُوا بِأَمْوَالِكُم مُّحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ ۚ فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُم بِهِ مِن بَعْدِ الْفَرِيضَةِ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
තවද නුඹලාගේ දකුණත සතු කරගත් අය(වහලියන්) හැර විවාහ (ගිවිසුමේ සිටින) කාන්තාවන්ව (නුඹලාට විවාහ කර ගැනීම තහනම් කරන ලදී. මේවා) නුඹලාට අල්ලාහ්ගෙන් වූ නියෝගයක් වශයෙනි. මෙයින් සෙසු අයව නුඹලා පතිවත රකිමින් දුරාචාරයෙන් තොරව නුඹලාගේ වස්තූන්(මහ්රයන් ) ලබා දී විවාහ කර ගැනීම පිණිස නුඹලාට අනුමත කරනු ලැබ ඇත. (විවාහ කර ගැනීම තුළින්) ඔවුන් සමග නුඹලා කිනම් වින්දනයක යෙදුණ ද ඔවුනට (අල්ලාහ් වෙතින් වූ) නියමයක් වශයෙන් ඔවුන්ගේ ප්රසාද(මහ්රයන්) නුඹලා ලබා දෙවු. එම (මහ්ර්) නියමයට පසුව (එය අඩු වැඩි කිරීම විෂයයෙහි) නුඹලා එකිනෙකා අතර එකඟතාවක් ඇති කර ගත් දෑ පිළිබඳව නුඹලා කෙරෙහි වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් සර්වඥය සර්ව ප්රඥාවන්තය.
وَمَن لَّمْ يَسْتَطِعْ مِنكُمْ طَوْلًا أَن يَنكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ فَمِن مَّا مَلَكَتْ أَيْمَانُكُم مِّن فَتَيَاتِكُمُ الْمُؤْمِنَاتِ ۚ وَاللَّهُ أَعْلَمُ بِإِيمَانِكُم ۚ بَعْضُكُم مِّن بَعْضٍ ۚ فَانكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَآتُوهُنَّ أُجُورَهُنَّ بِالْمَعْرُوفِ مُحْصَنَاتٍ غَيْرَ مُسَافِحَاتٍ وَلَا مُتَّخِذَاتِ أَخْدَانٍ ۚ فَإِذَا أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَاحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى الْمُحْصَنَاتِ مِنَ الْعَذَابِ ۚ ذَٰلِكَ لِمَنْ خَشِيَ الْعَنَتَ مِنكُمْ ۚ وَأَن تَصْبِرُوا خَيْرٌ لَّكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
නුඹලාගෙන් කවරෙකුට විශ්වාසික ස්වාධීන කාන්තාවන් විවාහ කර ගැනීමට මූල්යමය හැකියාවක් නොමැත්තේ ද එවිට නුඹලාගේ විශ්වාසික තරුණියන් අතුරින් නුඹලාගේ දකුණත සතු කරගත්(වහලියන් වූ) අයගෙන්( විවාහ විය හැකි)ය. නුඹලාගේ විශ්වාසය පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලාගෙන් සමහරු සමහරෙකුගෙන්ය. ඔවුන්ගේ හිමිකරුවන්ගේ අනුමැතිය මත ඔවුනට ඔවුන්ගේ (විවාහ බන්ධන) කුලි (හෙවත් මහ්රයන්) යහ අයුරින් ලබා දී විවාහ කර ගනිවු. (ඔවුන්) පත්තිනියන් ලෙස අපචාරයේ නොයෙදෙන්නියන් හා රහසේ අනියම් සබඳතාවක නොයෙදෙන්නියන් ලෙස (සිටිය යුතු)ය. විවාහ කර ගනු ලැබූ පසු ඔවුන් අශික්ෂිත ක්රියාවක යෙදුණේ නම් ස්වාධීන කාන්තාවන්ට හිමි දඬුවමින් අඩක් ඔවුනට හිමිය. එය නුඹලා අතුරින් දුරාචාරයට (ලක් වේ යැයි) බිය වන අයටය. නමුත් නුඹලා ඉවසිලිවන්තව සිටීම නුඹලාට යහපත්ය. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
يُرِيدُ اللَّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
නුඹලාට (තම අණ පනත්) පැහැදිලි කිරීමටත් නුඹලාට පෙර වූවන්ගේ(නබිවරුන්ගේ) පිළිවෙත් වෙත මග පෙන්වා දීමටත් නුඹලාගේ පශ්චාත්තාපය පිළිගැනීමටත් අල්ලාහ් පතන්නේය. තවද අල්ලාහ් සර්වඥය සර්ව ප්රඥාවන්තය.
وَاللَّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَن تَمِيلُوا مَيْلًا عَظِيمًا
තවද අල්ලාහ් නුඹලාගේ පශ්චාත්තාපය පිළිගැනීමට පතන්නේය. තවද (තම) මනෝ ඉච්ඡාවන් අනුගමනය කරන්නෝ නුඹලා ඉමහත් නැඹුරුවකට(පාපයකට) නැඹුරුවීම අපේක්ෂා කරති.
يُرِيدُ اللَّهُ أَن يُخَفِّفَ عَنكُمْ ۚ وَخُلِقَ الْإِنسَانُ ضَعِيفًا
නුඹලාට (නීති රීතීන්) සැහැල්ලු කිරීමට අල්ලාහ් පතන්නේය. තවද මිනිසා දුබලයෙකු වශයෙන් මවනු ලැබීය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَأْكُلُوا أَمْوَالَكُم بَيْنَكُم بِالْبَاطِلِ إِلَّا أَن تَكُونَ تِجَارَةً عَن تَرَاضٍ مِّنكُمْ ۚ وَلَا تَقْتُلُوا أَنفُسَكُمْ ۚ إِنَّ اللَّهَ كَانَ بِكُمْ رَحِيمًا
විශ්වාස කළවුනි! නුඹලා අතර නුඹලාගේ වස්තූන් වැරදි අයුරින් භුක්ති නොවිඳිවු. නුඹලා අතර එකඟතාවකින් වූ වෙළඳාම(කින් ලැබුවා වූ වස්තූන්) වශයෙන් ඒවා වීම හැර. නුඹලා නුඹලාවම ඝාතනය නොකරවු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි පරම කරුණාභරිත වන්නේය.
وَمَن يَفْعَلْ ذَٰلِكَ عُدْوَانًا وَظُلْمًا فَسَوْفَ نُصْلِيهِ نَارًا ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا
කවරෙකු සීමාව ඉක්මවමින් හා අසාධාරණකමින් ඒවා කරන්නේ ද අප ඔහුව (නිරා) ගින්නකට ඇතුළු කරන්නෙමු. එය අල්ලාහ්ට පහසු කටයුත්තක් විය.
إِن تَجْتَنِبُوا كَبَائِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُم مُّدْخَلًا كَرِيمًا
කවර දැයකින් නුඹලා වළක්වනු ලබන්නෙහු ද ඒවායේ මහා පාපයන්ගෙන් නුඹලා වැළකුණේ නම් නුඹලාගේ (සුළු) වැරදි වලට නුඹලාට පාප ශෝධනය පිරිනමන්නෙමු. තවද නුඹලාව ගෞරවාන්විත පිවිසුම් ස්ථානයකට(ස්වර්ගයට) අපි ඇතුළු කරන්නෙමු.
وَلَا تَتَمَنَّوْا مَا فَضَّلَ اللَّهُ بِهِ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ ۚ لِّلرِّجَالِ نَصِيبٌ مِّمَّا اكْتَسَبُوا ۖ وَلِلنِّسَاءِ نَصِيبٌ مِّمَّا اكْتَسَبْنَ ۚ وَاسْأَلُوا اللَّهَ مِن فَضْلِهِ ۗ إِنَّ اللَّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا
නුඹලාගේ සමහරෙකු සමහරෙකුට වඩා අල්ලාහ් කවර දැයකින් ශ්රේෂ්ඨ කළේ ද එවැන්නක් (ලබා ගැනීමට) නුඹලා ආශා නොකරවු. පිරිමින් උපයන දැයින් තමන්ගේ කොටස(කුසල) ඔවුනට හිමිය. ස්ත්රීන් උපයන දැයින් තමන්ගේ කොටස(කුසල) ඔවුනට හිමිය. තවද නුඹලා අල්ලාහ්ගෙන් ඔහුගේ වරප්රසාදය ඇයැදිවු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥ විය.
وَلِكُلٍّ جَعَلْنَا مَوَالِيَ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ ۚ وَالَّذِينَ عَقَدَتْ أَيْمَانُكُمْ فَآتُوهُمْ نَصِيبَهُمْ ۚ إِنَّ اللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدًا
සෑම කෙනෙකු සඳහාම (තම) දෙමාපියන් හා සමීප ඥාතීන් (මිය යන විට) හැර දමා ගිය දැයට(දේපළට) උරුමක්කාරයින් අපි පත් කළෙමු. නුඹලාගේ දකුණත් කවරෙකු සමග (දේපළ උරුමයට හා උපකාර කිරීමට) ගිවිසුම් කළේ ද ඔවුනට ඔවුන්ගේ කොටස ලබා දෙවු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නෙකු වන්නේය.
الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاءِ بِمَا فَضَّلَ اللَّهُ بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ وَبِمَا أَنفَقُوا مِنْ أَمْوَالِهِمْ ۚ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِّلْغَيْبِ بِمَا حَفِظَ اللَّهُ ۚ وَاللَّاتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ ۖ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا عَلَيْهِنَّ سَبِيلًا ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيًّا كَبِيرًا
පිරිමින් ස්ත්රීන්ව පරිපාලනය කරන්නෝ වෙති. ඔවුන්ගෙන් සමහරෙකු සමහරෙකුට වඩා අල්ලාහ් ශ්රේෂ්ඨ කර ඇති හෙයින් හා ඔවුන් (ස්ත්රීන්ට) තම ධනය විය පැහැදම් කරන හෙයිනි. එබැවින් යහපත් වූ ස්ත්රීහු වන්නේ අවනත වන්නියන්ය. අල්ලාහ් (ඔවුන්ව) ආරක්ෂා කළ හෙයින් (තමන්ව ද සැමියාගේ වස්තූන් හා ගෞරවය ද ඔහු) නොමැති අවස්ථාවන්හි ආරක්ෂා කර ගන්නියන්ය. (භාර්යාවන් අතුරින්) කවුරුන්ගේ අකීකරුකම පිළිබඳව නුඹලා බියවන්නේ ද ඔවුනට නුඹලා උපදෙස් දෙවු. පසුව (ඉන් ඔවුන් කීකරු නොවූයේ නම්) නිදි යහනින් ඔවුන්ව දුරස් කරවු. පසුව (එයින් ද ඔවුන් කීකරු නොවූයේ නම්) ඔවුනට ගසවු. ඔවුන් නුඹලාට අවනත වූයේ නම් ඔවුනට එරෙහිව අන් කිසි පියවරක් නොගනිවු. සැබැවින්ම අල්ලාහ් උත්තරීතරය අති ශ්රේෂ්ඨය.
وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُوا حَكَمًا مِّنْ أَهْلِهِ وَحَكَمًا مِّنْ أَهْلِهَا إِن يُرِيدَا إِصْلَاحًا يُوَفِّقِ اللَّهُ بَيْنَهُمَا ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا خَبِيرًا
ඔවුන් දෙදෙනා අතර බෙදීමක් ඇති වේ යැයි නුඹලා බියවන්නේ නම් ඔහුගේ පවුලෙන් තීරකයෙකු ද ඇයගේ පවුලෙන් තීරකයෙකු ද (ඔවුන් දෙදෙනා වෙත) යවවු. (තීරක) ඔවුන් දෙදෙනා සමාදානය ඇති කළ යුතුය යැයි අපේක්ෂා කරන්නේ නම් අල්ලාහ් (අඹුසැමි) ඔවුන් දෙදෙනා අතර සමතයක් ඇති කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් සර්වඥ හා අභිඥානවන්ත වන්නේය.
وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا ۖ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَىٰ وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالْجَنبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ ۗ إِنَّ اللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخْتَالًا فَخُورًا
නුඹලා අල්ලාහ්ව නමදිවු. ඔහුට කිසිවක් ආදේශ නොතබවු. දෙමාපියන් සමග යහපත් අයුරින් කටයුතු කරවු. තවද ඥාතීන් සමග ද අනාථයින් සමග ද දිළිඳන් සමග ද ඥාතී අසල්වැසියා සමග ද සමීප අසල්වැසියා සමග ද අසලින් සිටින මිතුරා සමග ද මගියා සමග ද නුඹලාගේ දකුණත සතු කරගත් අය(වහල්) සමග ද (යහපත් අයුරින් කටයුතු කරවු). සැබැවින්ම අල්ලාහ් උඩඟුකමින් හා පුහුමානයෙන් සිටින්නන්ව ප්රිය නොකරන්නේය.
الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ وَيَكْتُمُونَ مَا آتَاهُمُ اللَّهُ مِن فَضْلِهِ ۗ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا
(ඔවුන්) කවුරුන්දයත් මසුරු වී මිනිසුනට මසුරු වන මෙන් විධානය කරන්නන්ය. තවද අල්ලාහ් ඔවුනට පිරිනැමූ තම වරප්රසාදය වසන් කරන්නන්ය. තවද ප්රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් අපි සූදානම් කර ඇත්තෙමු.
وَالَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ ۗ وَمَن يَكُنِ الشَّيْطَانُ لَهُ قَرِينًا فَسَاءَ قَرِينًا
(එමෙන්ම ඔවුන්) කවුරුන්දයත් තම වස්තූන් මිනිසුනට පෙන්වීම පිණිස වියදම් කරන්නන්ය. තවද අල්ලාහ්ව ද අවසන් දිනය ද විශ්වාස නොකරන්නන්ය. තවද කවරෙකුට ෂෙයිතාන් සගයෙකු වන්නේ ද ඔහු සගයින් අතුරින් කෙතරම් නපුරු ද?
وَمَاذَا عَلَيْهِمْ لَوْ آمَنُوا بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَأَنفَقُوا مِمَّا رَزَقَهُمُ اللَّهُ ۚ وَكَانَ اللَّهُ بِهِمْ عَلِيمًا
ඔවුන් අල්ලාහ්ව ද අවසන් දිනය ද විශ්වාස කොට අල්ලාහ් ඔවුනට පිරිනැමූ දැයින් වියදම් කරන්නේ නම් ඔවුනට සිදු වන හානිය කුමක් ද? අල්ලාහ් ඔවුන් පිළිබඳව සර්වඥය.
إِنَّ اللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ ۖ وَإِن تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًا
සැබැවින්ම අල්ලාහ් අණුවක තරම්වත් (කිසිවෙකුට) අපරාධ නොකරන්නේය. එය (අණුවක තරම්) යහපතක් වූයේ නම් ඔහු එය ගුණ කර දෙන්නේය. තවද ඔහු තමා අබියසින් ඉමහත් වේතනයක් පිරිනමන්නේය.
فَكَيْفَ إِذَا جِئْنَا مِن كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَىٰ هَـٰؤُلَاءِ شَهِيدًا
(නබිවරය, විනිශ්චය දින) සෑම ප්රජාවකින්ම සාක්ෂිකරුවෙකු බැගින් (නබිවරුන්ව) අපි ගෙනැවිත් (නුඹගේ ප්රජාවේ) මොවුන් කෙරෙහි සාක්ෂිකරුවෙකු වශයෙන් නුඹව ද ගෙනාවේ නම් එවිට (ප්රතික්ෂේපකයින්ගේ තත්ත්වය) කෙසේ වී ද?
يَوْمَئِذٍ يَوَدُّ الَّذِينَ كَفَرُوا وَعَصَوُا الرَّسُولَ لَوْ تُسَوَّىٰ بِهِمُ الْأَرْضُ وَلَا يَكْتُمُونَ اللَّهَ حَدِيثًا
ප්රතික්ෂේප කර (තම) රසූල්වරයාට පිටුපෑ අය ‘මහපොළොව ඔවුන් සමගම සමතලා කරනු ලැබිය යුතු’ යැයි එදින දී පතති. තවද ඔවුහු අල්ලාහ්ට කිසිදු පුවතක් නොසඟවති.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْرَبُوا الصَّلَاةَ وَأَنتُمْ سُكَارَىٰ حَتَّىٰ تَعْلَمُوا مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّىٰ تَغْتَسِلُوا ۚ وَإِن كُنتُم مَّرْضَىٰ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِّنكُم مِّنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ ۗ إِنَّ اللَّهَ كَانَ عَفُوًّا غَفُورًا
විශ්වාස කළවුනි! නුඹලා මත්භාවයේ සිටිය දී (මතින් සිහිසන් වී) නුඹලා පවසන දේ නුඹලාට වැටහෙන තෙක් ද මග තරණය කරන්නෙකු(මගියෙක්) හැර ජුනුබ් තත්ත්වයේ සිටිය දී නුඹලා ස්නානය කරන තෙක් ද සලාතයට ළං නොවවු. නුඹලා රෝගීව සිටියේ නම් හෝ ගමනක යෙදී සිටියේ නම් හෝ නුඹලාගෙන් අයෙකු මළපහ (කොට එම අවශ්යතාව ඉටු) කළ ස්ථානයෙන් පැමිණියේ නම් හෝ කාන්තාවන් ස්පර්ශ කළා නම් හෝ එවිට (පිරිසිදු වීමට) ජලය නුඹලාට නොලැබුණේ නම් දූවිලි සහිත පිරිසිදු පස(තයම්මුම් කිරීම සඳහා) අදිටන් කරවු. එවිට නුඹලාගේ මුහුණු ද නුඹලාගේ දෑත් ද (එයින්) පිරිමදිවු. සැබැවින්ම අල්ලාහ් කමා කරන්නෙකුය ක්ෂමාශීලීය.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِّنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلَالَةَ وَيُرِيدُونَ أَن تَضِلُّوا السَّبِيلَ
(නබිවරය,) ධර්ම පුස්තකයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් (වන යුදෙව්වන්) දෙස නුඹ නොදුටුවෙහි ද? ඔවුන් මුළාව මිලට ගන්නෝය. තවද නුඹලා මංමුළාවට පත් විය යුතු යැයි අපේක්ෂා කරන්නෝය.
وَاللَّهُ أَعْلَمُ بِأَعْدَائِكُمْ ۚ وَكَفَىٰ بِاللَّهِ وَلِيًّا وَكَفَىٰ بِاللَّهِ نَصِيرًا
තවද අල්ලාහ් නුඹලාගේ සතුරන් පිළිබඳව මැනවින් දන්නාය. භාරකරුවෙකු ලෙස අල්ලාහ් ප්රමාණවත්ය. තවද උදව්කරුවෙකු ලෙස ද අල්ලාහ් ප්රමාණවත්ය.
مِّنَ الَّذِينَ هَادُوا يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَاسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَاعِنَا لَيًّا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِي الدِّينِ ۚ وَلَوْ أَنَّهُمْ قَالُوا سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانظُرْنَا لَكَانَ خَيْرًا لَّهُمْ وَأَقْوَمَ وَلَـٰكِن لَّعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا
යුදෙව් වූවන් අතුරින් (සමහරෙකු තව්රාතයෙහි මුහම්මද් පිළිබඳව සඳහන් ඇතැම්) වචන එහි ස්ථානයෙන් වෙනස් කරති. තවද ඔවුන් තමන්ගේ දිවවල් පටලවමින් හා දහමට අපහාස කරමින් “අපි (නුඹට) සවන් දී පිටුපෑවෙමු. තවද (අපට) නුඹ සවන් දෙවු. (නුඹට) සවන් දීමට නොහැකි වේවා! තවද රාඉනා” යැයි (මුහම්මද්ව අමතා) පවසති. ඔවුහු “අපි (නුඹට) සවන් දී අවනත වූයෙමු. තවද (අපට) නුඹ සවන් දෙවු. තවද උන්ළුර්නා” යැයි පවසා ඇත්නම් එය ඔවුනට යහපත් හා වඩා නිවැරදි වනු ඇත. එනමුත් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුනට ශාප කළේය. එබැවින් (ඔවුන් අතුරින්) ස්වල්ප දෙනෙකු හැර විශ්වාස නොකරති.
يَا أَيُّهَا الَّذِينَ أُوتُوا الْكِتَابَ آمِنُوا بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِّمَا مَعَكُم مِّن قَبْلِ أَن نَّطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَىٰ أَدْبَارِهَا أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّا أَصْحَابَ السَّبْتِ ۚ وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا
ධර්ම පුස්තකය පිරිනමනු ලැබූවනි, මුහුණු(හි කන නාසය වැනි දෑ) මකා දමා පසුව ඒවා පිටුපසට අප හරවන්නට හෝ සබත් වැසියන්ට අප ශාප කළාක් මෙන් නුඹලාට ද අප ශාප කිරීමට පෙර නුඹලා සමග ඇති දෑ(තව්රාතය) සත්යය කරන්නක් ලෙස අපි පහළ කළා වූ දෑ(අල් කුර්ආනය) විශ්වාස කරවු. තවද අල්ලාහ්ගේ නියෝගය සිදු කරනු ලබන්නේමය.
إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَاءُ ۚ وَمَن يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَىٰ إِثْمًا عَظِيمًا
සැබැවින්ම අල්ලාහ් තමන්ට ආදේශ තබනු ලැබීමට සමාව නොදෙන්නේමය. එය නොවන දෑ සඳහා ඔහු කාහට අභිමත කරන්නේ ද ඔහුට සමාව දෙන්නේය. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද ඔහු මහත් වූ පාපයක් ඇති කළෙහිය.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُزَكُّونَ أَنفُسَهُم ۚ بَلِ اللَّهُ يُزَكِّي مَن يَشَاءُ وَلَا يُظْلَمُونَ فَتِيلًا
(නබිවරය,) තමන්වම (පැසසුම් කර ගනිමින්) සුවිශුද්ධ කර ගන්නා අයව නුඹ නොදුටුවෙහි ද? එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයව සුවිශුද්ධ කරන්නේය. තවද ඔවුහු (රට ඉඳි ඇටයේ) සිවියක තරම්වත් අසාධාරණය කරනු නොලබති.
انظُرْ كَيْفَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ ۖ وَكَفَىٰ بِهِ إِثْمًا مُّبِينًا
ඔවුහු අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නේ කෙසේ දැ’යි නොදුටුවෙහි ද? පැහැදිලි පාපයක් ලෙස මෙයම ප්රමාණවත් වන්නේය.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِّنَ الْكِتَابِ يُؤْمِنُونَ بِالْجِبْتِ وَالطَّاغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُوا هَـٰؤُلَاءِ أَهْدَىٰ مِنَ الَّذِينَ آمَنُوا سَبِيلًا
(නබිවරය,) ධර්ම පුස්තකයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් (වන යුදෙව්වන්) දෙස නුඹ නොදුටුවෙහි ද? ඔවුහු ජිබ්ත් හා තාඝූත් (යන අඥාන දෑ) විශ්වාස කරති. තවද ඔවුහු “විශ්වාස කළවුනට වඩා මොවුහු (තම) මගෙහි යහමග ලැබූ අය යැ”යි ප්රතික්ෂේප කළවුන් අඟවා ප්රකාශ කරති.
أُولَـٰئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ ۖ وَمَن يَلْعَنِ اللَّهُ فَلَن تَجِدَ لَهُ نَصِيرًا
(නබිවරය,) අල්ලාහ් ශාප කළ අය මොවුහුමය. අල්ලාහ් කවරෙකුට ශාප කළේ ද එවිට ඔහු වෙනුවෙන් උදව්කරුවෙකු නොදකින්නේමය.
أَمْ لَهُمْ نَصِيبٌ مِّنَ الْمُلْكِ فَإِذًا لَّا يُؤْتُونَ النَّاسَ نَقِيرًا
(ලොවෙහි) ආධිපත්යයෙන් කොටසක් හෝ ඔවුනට හිමි ද? (එසේ වී නම්) එවිට ඔවුහු ජනයිනට (ඉඳි ඇටයක මතු පිට ඇති) තිතක තරම්වත් (යමක්) ලබා නොදෙති.
أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَىٰ مَا آتَاهُمُ اللَّهُ مِن فَضْلِهِ ۖ فَقَدْ آتَيْنَا آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُم مُّلْكًا عَظِيمًا
නැතහොත් අල්ලාහ් තම වරප්රසාදයෙන් ජනයින්ට පිරිනැමූ දෑ පිළිබඳව ඔවුන් කෙරෙහි (යුදෙව්වන් වන) ඔවුහු ඊර්ෂ්යා කරන්නෝ ද? සැබැවින්ම අපි ඉබ්රාහීම්ගේ පවුලට ධර්ම පුස්තකය හා ප්රඥාව පිරිනැමුවෙමු. තවද අපි ඔවුනට මහත් වූ ආධිපත්යය ද පිරිනැමුවෙමු.
فَمِنْهُم مَّنْ آمَنَ بِهِ وَمِنْهُم مَّن صَدَّ عَنْهُ ۚ وَكَفَىٰ بِجَهَنَّمَ سَعِيرًا
නමුත් ඔවුන් අතුරින් ඔහුව(මුහම්මද්ව) විශ්වාස කළ අය ද ඔවුන් අතුරින් ඔහුට පිටුපා ගිය අය ද සිටිති. (පිටුපා ගියවුනට) දරුණු ගින්නක් ලෙස නිරය ප්රමාණවත්ය.
إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُم بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُوا الْعَذَابَ ۗ إِنَّ اللَّهَ كَانَ عَزِيزًا حَكِيمًا
සැබැවින්ම අපගේ වදන් ප්රතික්ෂේප කළවුන්ව අපි (නිරා) ගින්නට ඇද දමන්නෙමු. ඔවුහු එම දඬුවම විඳීමට ඔවුන්ගේ හම් පිලිස්සුනු සෑම මොහොතකම ඒවා(පිලිස්සුනු හම්) හැර නව හම් ඔවුනට මාරු කර දෙන්නෙමු. සැබැවින්ම අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ لَّهُمْ فِيهَا أَزْوَاجٌ مُّطَهَّرَةٌ ۖ وَنُدْخِلُهُمْ ظِلًّا ظَلِيلًا
තවද කවරෙකු විශ්වාස කර යහකම් කළේ ද ඔවුන්ව අපි (ස්වර්ග) උයන් වලට ඇතුළු කරන්නෙමු. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. ඔවුනට එහි පාරිශුද්ධ කලත්රයන් ඇත. තවද ඔවුන්ව අපි නිරන්තර සෙවණට ඇතුළු කරන්නෙමු.
إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَن تُؤَدُّوا الْأَمَانَاتِ إِلَىٰ أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ النَّاسِ أَن تَحْكُمُوا بِالْعَدْلِ ۚ إِنَّ اللَّهَ نِعِمَّا يَعِظُكُم بِهِ ۗ إِنَّ اللَّهَ كَانَ سَمِيعًا بَصِيرًا
(විශ්වාසයෙන් පැවරූ) අමානතයන් එහි අයිති උදවියට ඉටුකරන මෙන් ද නුඹලා ජනයා අතර විනිශ්චය කරන විට සාධාරණව තීන්දු දෙන මෙන් ද සැබැවින්ම අල්ලාහ් නුඹලාට අණ කරන්නේය. සැබැවින්ම අල්ලාහ් නුඹලාට දෙන උපදෙස් කෙතරම් යහපත් වී ද? සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්රාවක සර්ව සුපරික්ෂාකාරී විය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنكُمْ ۖ فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا
විශ්වාස කළවුනි, අල්ලාහ්ට අවනත වවු. තවද රසූල්වරයාට ද නුඹලා අතර වූ (ධාර්මික) භාරකරුවන්ට ද අවනත වවු. නුඹලා අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද විශ්වාස කරන්නන්ව සිටින්නේ නම් යම් කරුණක නුඹලා මතභේද වුවහොත් නුඹලා අල්ලාහ් වෙතට ද රසූල්වරයා වෙතට ද එය යොමු කරවු. එය වඩා යහපත් හා අවසන් නිගමනයෙන් ඉතා අලංකාරය.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُوا بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُوا إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُوا أَن يَكْفُرُوا بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَن يُضِلَّهُمْ ضَلَالًا بَعِيدًا
(නබිවරය,) නුඹට පහළ කරනු ලැබූ දෑ(අල් කුර්ආනය) හා නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ(තව්රාතය) විශ්වාස කළවුන් යැයි හඟමින් සිටියවුන්ව නුඹ නොදුටුවෙහි ද? තාඝූතය ප්රතික්ෂේප කරන මෙන් ඔවුනට අණ කරනු ලැබ තිබිය දී එකිනෙකා අතර විනිශ්චය සෙවීමට එය(තාඝූත්) වෙත යොමු කිරීමට ඔවුහු අදහස් කරති. ෂෙයිතාන් ඔවුන්ව අන්ත මුළාවකට මුළා කිරීමට අදහස් කරන්නේය.
وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَىٰ مَا أَنزَلَ اللَّهُ وَإِلَى الرَّسُولِ رَأَيْتَ الْمُنَافِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودًا
“අල්ලාහ් පහළ කළ දෑ(අල් කුර්ආනය) වෙත ද රසූල්වරයා වෙත ද පැමිණෙවු” යැයි ඔවුනට පවසනු ලැබූ විට ආත්ම වංචනිකයින් නුඹෙන් වැළකෙමින් ඈත් වී යෑම නුඹ දකින්නෙහිය.
فَكَيْفَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَاءُوكَ يَحْلِفُونَ بِاللَّهِ إِنْ أَرَدْنَا إِلَّا إِحْسَانًا وَتَوْفِيقًا
එනමුත් ඔවුන්ට තමන්ගේ අත් පෙරටු කළකම් හේතුවෙන් යම් දුර්භාග්යයක් ඔවුනට අත් වී පසුව “අපි (එහි) යහපත හා එකඟත්වය මිස අපේක්ෂා නොකළෙමු” යැයි අල්ලාහ් මත දිවුරුමින් නුඹ වෙත පැමිණියේ නම් (ඔවුන්ගේ තත්ත්වය) කෙසේ වී ද?
أُولَـٰئِكَ الَّذِينَ يَعْلَمُ اللَّهُ مَا فِي قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُل لَّهُمْ فِي أَنفُسِهِمْ قَوْلًا بَلِيغًا
ඔවුහු කවරහු දයත් අල්ලාහ් ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ මැනවින් දන්නේය. එබැවින් (නබිවරය,) ඔවුන්ව නොසලකා හරිවු. තවද ඔවුනට උපදෙස් දෙවු. ඔවුන්ගේ සිත් තුළට කා වදින සේ (අවවාදයක් ලෙස) ඔවුනට පැහැදිලි වදනක් පවසවු.
وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللَّهِ ۚ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُوا أَنفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَّحِيمًا
අල්ලාහ්ගේ විධානය අනුව (සමූහයා විසින්) අවනත වනු ලැබීමට මිස කිසිදු රසූල්වරයෙකු අපි නොඑව්වෙමු. (නබිවරය,) ඔවුන් තමන්ටම අපරාධ කර ගත් විට නුඹ වෙත පැමිණ අල්ලාහ්ගෙන් සමාව අයැද රසූල්වරයා (වන ඔබ) ද ඔවුන් වෙනුවෙන් සමාව ඇයැද සිටියා නම්, ඔවුන් අල්ලාහ්ව පශ්චාත්තාපය පිළිගන්නා වූ පරම කරුණාභරිතයෙකු ලෙස සම්මුඛ වනු ඇත.
فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا
නුඹගේ පරමාධිපතිගේ නාමය මත දිවුරමින් ඔවුන් අතර ඇති වන මත ගැටුමක දී ඔවුන් නුඹව තීරකයෙකු වශයෙන් පත් කරගෙන පසුව නුඹ දුන් තීන්දුවෙහි සැකයක් තම සිත් තුළ ඔවුන් නොදැක පරිපූර්ණ අවනතභාවයෙන් අවනත වන තෙක් ඔවුන් විශ්වාසිකයෝ නොවෙති.
وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ اقْتُلُوا أَنفُسَكُمْ أَوِ اخْرُجُوا مِن دِيَارِكُم مَّا فَعَلُوهُ إِلَّا قَلِيلٌ مِّنْهُمْ ۖ وَلَوْ أَنَّهُمْ فَعَلُوا مَا يُوعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَّهُمْ وَأَشَدَّ تَثْبِيتًا
“නුඹලා නුඹලාවම ඝාතනය කර ගනිවු. එසේ නොමැති නම් නුඹලාගේ නිවෙස් වලින් පිට වී යවු” යැයි අප ඔවුනට නියම කළේ නම් ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු මිස එය ඉටු නොකරති. (එහෙයින්) ඔවුන්ට කුමකින් උපදෙස් දෙනු ලැබුවේ ද එය ඔවුන් කළේ නම් ඔවුනට එය වඩා යහපතක් හා වඩා දැඩි තහවුරුභාවයක් වනු ඇත.
وَإِذًا لَّآتَيْنَاهُم مِّن لَّدُنَّا أَجْرًا عَظِيمًا
එවිට අප ඔවුනට අපගෙන් වූ ඉමහත් වේතනයක් පිරිනමන්නෙමු.
وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُّسْتَقِيمًا
තවද අපි ඔවුන්ව ඍජු මාර්ගයට ද රැගෙන යන්නෙමු.
وَمَن يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَـٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ ۚ وَحَسُنَ أُولَـٰئِكَ رَفِيقًا
කවුරුන් අල්ලාහ්ට ද රසූල්වරයාට ද අවනත වන්නේ ද ඔවුහු අල්ලාහ් ආශිර්වාද කළා වූ නබිවරුන්, සිද්දීක්වරුන්, ෂහීද්වරුන් හා දැහැමියන් සමග වෙති. මිතුරන් අතුරින් ඔවුන් යහපත්ය.
ذَٰلِكَ الْفَضْلُ مِنَ اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ عَلِيمًا
මෙම භාග්යය අල්ලාහ් වෙතින්ය. තවද අල්ලාහ් සර්වඥයෙකු වශයෙන් ප්රමාණවත්ය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا خُذُوا حِذْرَكُمْ فَانفِرُوا ثُبَاتٍ أَوِ انفِرُوا جَمِيعًا
විශ්වාස කළවුනි, නුඹලා නුඹලාගේ පූර්වාවධානය ගනිවු. තවද නුඹලා (යුද්ධය සඳහා) කණ්ඩායම් වශයෙන් පිටත් වවු. එසේ නොමැති නම් සියල්ලන්ම එකට පිටත් වවු.
وَإِنَّ مِنكُمْ لَمَن لَّيُبَطِّئَنَّ فَإِنْ أَصَابَتْكُم مُّصِيبَةٌ قَالَ قَدْ أَنْعَمَ اللَّهُ عَلَيَّ إِذْ لَمْ أَكُن مَّعَهُمْ شَهِيدًا
සැබැවින්ම නුඹලා අතුරින් (යුද්ධයට නොගොස්) ප්රමාද වෙමින් අදිමදි කරන අය ද සිටිති. නුඹලාට යම් දුර්භාග්යයක් ඇති වූ විට “මා ඔවුන් සමග සහභාගි වූවෙකු නොවූ හෙයින් අල්ලාහ් මා වෙත ආශිර්වාද කර ඇතැ”යි (ආත්ම වංචනික) ඔහු පවසයි.
وَلَئِنْ أَصَابَكُمْ فَضْلٌ مِّنَ اللَّهِ لَيَقُولَنَّ كَأَن لَّمْ تَكُن بَيْنَكُمْ وَبَيْنَهُ مَوَدَّةٌ يَا لَيْتَنِي كُنتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًا
අල්ලාහ්ගෙන් වූ වරප්රසාදයක් නුඹලාට අත් වූ විට (මීට පෙර) නුඹලා හා ඔහු අතර මිත්රත්වයක් නොතිබුණාක් මෙන් (පසුතැවිලි වී) “අහෝ! මම ඔවුන් සමග සිටියේ නම් එවිට මහත් ජයග්රහණයක් ලබා ගන්නෙමි” යැයි සැබැවින්ම ඔහු පවසයි.
فَلْيُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يَشْرُونَ الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ ۚ وَمَن يُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ فَيُقْتَلْ أَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا
එනම් මෙලොව ජීවිතය මතුලොව වෙනුවෙන් විකුණන්නන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැදිය යුතුය. යමෙකු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැද ඝාතනය කරනු ලබන්නේ නම් නැතහොත් ජය ලබන්නේ නම් ඔහුට අපි ඉමහත් ප්රතිඵල මතු පිරි නමන්නෙමු.
وَمَا لَكُمْ لَا تُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ وَالْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ الَّذِينَ يَقُولُونَ رَبَّنَا أَخْرِجْنَا مِنْ هَـٰذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُهَا وَاجْعَل لَّنَا مِن لَّدُنكَ وَلِيًّا وَاجْعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا
“අපගේ පරමාධිපතියාණනී, අපරාධ කරමින් සිටින්නා වූ වැසියන්ගෙන් යුත් මෙම නගරයෙන් අපව ඉවත් කරනු මැනව! ඔබගෙන් වූ ආරක්ෂකයෙකු අප වෙනුවෙන් පත් කරනු මැනව! තවද ඔබගෙන් වූ උදවුකරුවෙකු අප වෙනුවෙන් පත් කරනු මැනවැ!”යි පවසා සිටින දුර්වලත්වයට (පත් කර හිංසාවට) ලක් කරනු ලැබූ පුරුෂයින්, ස්ත්රීන් හා ළමුන් වෙනුවෙන් අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් නොවැද (නිහඬව) සිටීමට නුඹලාට කුමක් වී ද?
الَّذِينَ آمَنُوا يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ ۖ وَالَّذِينَ كَفَرُوا يُقَاتِلُونَ فِي سَبِيلِ الطَّاغُوتِ فَقَاتِلُوا أَوْلِيَاءَ الشَّيْطَانِ ۖ إِنَّ كَيْدَ الشَّيْطَانِ كَانَ ضَعِيفًا
(සත්යය) විශ්වාස කළවුන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිති. (සත්යය) ප්රතික්ෂේප කළවුන් තාඝූත්ගේ(ෂෙයිතාන්ගේ) මාර්ගයෙහි සටන් වදිති. ෂෙයිතාන්ගේ සහායකයින් සමග නුඹලා සටන් වදිවු. සැබැවින්ම ෂෙයිතාන්ගේ කුමන්ත්රණය දුබල විය.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ قِيلَ لَهُمْ كُفُّوا أَيْدِيَكُمْ وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ إِذَا فَرِيقٌ مِّنْهُمْ يَخْشَوْنَ النَّاسَ كَخَشْيَةِ اللَّهِ أَوْ أَشَدَّ خَشْيَةً ۚ وَقَالُوا رَبَّنَا لِمَ كَتَبْتَ عَلَيْنَا الْقِتَالَ لَوْلَا أَخَّرْتَنَا إِلَىٰ أَجَلٍ قَرِيبٍ ۗ قُلْ مَتَاعُ الدُّنْيَا قَلِيلٌ وَالْآخِرَةُ خَيْرٌ لِّمَنِ اتَّقَىٰ وَلَا تُظْلَمُونَ فَتِيلًا
(නබිවරය,) “නුඹලාගේ දෑත් (සටන් කිරීමෙන්) වළකා ගනිවු, තවද සලාතය ස්ථාපිත කර zසකාතය පිරිනමවු.” යැයි කියනු ලැබූ අය දෙස නුඹ නොදුටුවෙහි ද? එනමුත් සටන් කිරීම ඔවුන් කෙරෙහි අනිවාර්යය කරනු ලැබූ විට ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ට බිය වන්නා සේ මිනිසුන්ට බිය වෙති. නැත. ඊටත් වඩා බිය වෙති. තවද “අපගේ පරමාධිපතියාණනි, සටන් කිරීම නුඹ අප කෙරෙහි අනිවාර්යය කළේ මන් ද? තවත් සුළු කලකට අපව (මෙයින්) ප්රමාද කළ යුතු නොවේ දැ?”යි ඔවුහු ප්රකාශ කරති. (නබිවරය,) “ලෞකික ආස්වාදය ඉතා අල්පය. බිය බැතිවූවන්ට මතු ලොව ඉතා යහපත් ය. තවද නුඹලා (රට ඉඳි ඇටයේ) සිවියක තරම්වත් අසාධාරණය කරනු නොලබති.” යැයි පවසවු.
أَيْنَمَا تَكُونُوا يُدْرِككُّمُ الْمَوْتُ وَلَوْ كُنتُمْ فِي بُرُوجٍ مُّشَيَّدَةٍ ۗ وَإِن تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُوا هَـٰذِهِ مِنْ عِندِ اللَّهِ ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُوا هَـٰذِهِ مِنْ عِندِكَ ۚ قُلْ كُلٌّ مِّنْ عِندِ اللَّهِ ۖ فَمَالِ هَـٰؤُلَاءِ الْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا
නුඹලා කොතැනක සිටිය ද උස් බලකොටුවල හෝ වේවා මරණය නුඹලාට පැමිණෙන්නේමය. ඔවුනට යහපතක් ඇති වූ විට “මෙය අල්ලාහ්ගෙන් යැ”යි ඔවුහු පවසති. ඔවුනට අයහපතක් සිදු වූ විට “මෙය නුඹගෙන් යැ”යි පවසති. (නබිවරය,) “සියල්ල අල්ලාහ්ගෙන් යැ”යි නුඹ පවසවු. එබැවින් මෙම පිරිසට කුමක් සිදුවී ද? ඔවුහු කිසිදු ප්රකාශයක් තේරුම් ගැනීමට තැත් නොකරති.
مَّا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللَّهِ ۖ وَمَا أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ ۚ وَأَرْسَلْنَاكَ لِلنَّاسِ رَسُولًا ۚ وَكَفَىٰ بِاللَّهِ شَهِيدًا
(නබිවරය,) නුඹට යම් යහපතක් ඇති වූයේ නම් එය අල්ලාහ්ගෙන්ය. නුඹට යම් අයහපතක් ඇති වූයේ නම් එය නුඹගෙන්මය. අපි නුඹව රසූල්වරයකු වශයෙන් ජනයා වෙත එවා ඇත්තෙමු. තවද සාක්ෂි දරන්නෙකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය.
مَّن يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ ۖ وَمَن تَوَلَّىٰ فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا
කවරෙකු රසූල්වරයාට(මුහම්මද්ට) අවනත වන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත වූයේය. යමෙකු පිටුපෑවේ නම් (එවිට නුඹ ඒ කෙරෙහි දුක් නොවවු. මන්දයත්) ඔවුනට ආරක්ෂකයෙකු වශයෙන් අපි නුඹව නොඑව්වෙමු.
وَيَقُولُونَ طَاعَةٌ فَإِذَا بَرَزُوا مِنْ عِندِكَ بَيَّتَ طَائِفَةٌ مِّنْهُمْ غَيْرَ الَّذِي تَقُولُ ۖ وَاللَّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ ۖ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا
තවද (ආත්ම වංචනික) ඔවුහු අවනත වීම (අපි පිළිගන්නෙමු) යැයි පවසති. එහෙත් ඔවුහු ඔබෙන් නික්ම වී ගිය විට ඔවුන්ගෙන් පිරිසක් ඔවුන් ප්රකාශ කළ දැයට පටහැණිව රාත්රියේ කුමන්ත්රණය කරන්නෝය. ඔවුන් රාත්රියේ කුමන්ත්රණ කරන දැය අල්ලාහ් සටහන් කරන්නේය. එබැවින් ඔවුන්ව නොසලකා හරිවු. තවද අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කරවු. භාරකරුවෙකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය.
أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ ۚ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ اللَّهِ لَوَجَدُوا فِيهِ اخْتِلَافًا كَثِيرًا
අල් කුර්ආනය ඔවුන් පරිශීලනය නොකරන්නෙහු ද? එය අල්ලාහ්ගෙන් තොර වෙනත් කෙනෙකුගෙන් වී නම් එහි ඔවුන් බොහෝ පරස්පරයන් දකිනු ඇත.
وَإِذَا جَاءَهُمْ أَمْرٌ مِّنَ الْأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُوا بِهِ ۖ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَىٰ أُولِي الْأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنبِطُونَهُ مِنْهُمْ ۗ وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَاتَّبَعْتُمُ الشَّيْطَانَ إِلَّا قَلِيلًا
(ජයග්රහණය ලැබුවා යැයි) නිර්භය හෝ (පරාජය අත් වේ යන) බියජනක කරුණක් (ආත්ම වංචනික) ඔවුන් වෙත පැමිණි විට ඔවුහු එය පතුරවන්නට කටයුතු කරති. ඔවුහු එය රසූල්වරයා වෙතට ද ඔවුන් අතුරින් වූ ප්රධානීන් වෙතට ද එය යොමු කරන්නේ නම් (ප්රධානීන් වන) ඔවුන් අතුරින් එ(ම කාරණ)ය විමසා නිගමනයට එළැඹෙන්නන් එ(හි සත්යයතාව)ය දැන ගනු ඇත. නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ භාග්යය හා ඔහුගේ කරුණාව නොමැති නම් ස්වල්ප දෙනෙකු හැර නුඹලා (සියල්ලම) ෂෙයිතාන්ව අනුගමනය කරනු ඇත.
فَقَاتِلْ فِي سَبِيلِ اللَّهِ لَا تُكَلَّفُ إِلَّا نَفْسَكَ ۚ وَحَرِّضِ الْمُؤْمِنِينَ ۖ عَسَى اللَّهُ أَن يَكُفَّ بَأْسَ الَّذِينَ كَفَرُوا ۚ وَاللَّهُ أَشَدُّ بَأْسًا وَأَشَدُّ تَنكِيلًا
එබැවින් (නබිවරය,) නුඹ(ගේ ක්රියා)ව හැර නුඹට (අන් කිසිවක්) පවරනු නොලැබූ තත්ත්වයේ (තනිවම වුව ද) නුඹ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිවු. (එහෙත් යුද්ධය සඳහා) විශ්වාසිකයින්ව ද දිරි ගන්වවු. ප්රතික්ෂේප කළවුන්ගේ (යුද) බලය වළකාලීමට අල්ලාහ් ප්රමාණවත්ය. තවද ශක්තියෙන් අල්ලාහ් අති ප්රබලය. දඬුවම් කිරීමෙන් ද අති ප්රබලය.
مَّن يَشْفَعْ شَفَاعَةً حَسَنَةً يَكُن لَّهُ نَصِيبٌ مِّنْهَا ۖ وَمَن يَشْفَعْ شَفَاعَةً سَيِّئَةً يَكُن لَّهُ كِفْلٌ مِّنْهَا ۗ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ مُّقِيتًا
කවරෙකු යහපත් නිර්දේශයක් වෙනුවෙන් රෙකමදාරු වන්නේ ද ඔහුට එයින් කොටසක් හිමි වන්නේය. එමෙන්ම කවරෙකු අයහපත් නිර්දේශයක් වෙනුවෙන් රෙකමදාරු වන්නේ ද ඔහුට එයින් කොටසක් හිමි වන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
وَإِذَا حُيِّيتُم بِتَحِيَّةٍ فَحَيُّوا بِأَحْسَنَ مِنْهَا أَوْ رُدُّوهَا ۗ إِنَّ اللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيْءٍ حَسِيبًا
යම් පැතුමකින් නුඹලා සුබ පතනු ලබන්නෙහු නම් එවිට නුඹලා ඊට වඩා අලංකාර දෙයකින් සුබ පතවු. නැතහොත් එ(ම පද)යම ප්රතිචාර ලෙස දක්වවු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ගණනය කරන්නෙකු වන්නේය.
اللَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ ۗ وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ حَدِيثًا
අල්ලාහ්, ඔහු හැර නැමදුමට වෙනත් දෙවියෙකු නොමැත. (මළවුන්) නැගිටුවනු ලබන දිනය වෙත සැබැවින්ම ඔහු නුඹලාව එක් රැස් කරනු ඇත. එහි කිසිදු සැකයක් නොමැත. ප්රකාශයෙන් අල්ලාහ්ට වඩා මහා සත්යවන්තයා කවරෙකු ද?
فَمَا لَكُمْ فِي الْمُنَافِقِينَ فِئَتَيْنِ وَاللَّهُ أَرْكَسَهُم بِمَا كَسَبُوا ۚ أَتُرِيدُونَ أَن تَهْدُوا مَنْ أَضَلَّ اللَّهُ ۖ وَمَن يُضْلِلِ اللَّهُ فَلَن تَجِدَ لَهُ سَبِيلًا
(විශ්වාසිකයිනි,) ආත්ම වංචනිකයින් විෂයෙහි නුඹලා කණ්ඩායම් දෙකක් වීමට නුඹලාට කුමක් වී ද? ඔවුන් උපයා ගත් දෑ හේතුවෙන් ඔවුන්ව අල්ලාහ් (පෙර සිටි නොමග තත්ත්වයටම) යොමු කළේය. අල්ලාහ් නොමග යෑමට ඉඩහැරි අයව නුඹලා ඍජු මාර්ගය කරා යොමු කිරීමට අපේක්ෂා කරන්නෙහු ද? අල්ලාහ් කවරෙකුව නොමග යාමට ඉඩ හැරියේද ඔහුට (යහමග වෙතට) මගක් නුඹ නොදකින්නෙහිමය.
وَدُّوا لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُوا فَتَكُونُونَ سَوَاءً ۖ فَلَا تَتَّخِذُوا مِنْهُمْ أَوْلِيَاءَ حَتَّىٰ يُهَاجِرُوا فِي سَبِيلِ اللَّهِ ۚ فَإِن تَوَلَّوْا فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ وَجَدتُّمُوهُمْ ۖ وَلَا تَتَّخِذُوا مِنْهُمْ وَلِيًّا وَلَا نَصِيرًا
ඔවුන් ප්රතික්ෂේප කළාක් මෙන්ම නුඹලා ද ප්රතික්ෂේප කර නුඹලා (ඔවුන් හා) සමාන වීම ඔවුහු ප්රිය කරති. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත්(ගම්බිම් අත හැර දේශාන්තරණය) කරන තුරු ඔවුන් අතුරින් මිතුරන් ඇති කර නොගනිවු. ඔවුන් පිටුපෑවාහු නම් ඔවුන්ව සිර භාරයට ගනිවු. තවද නුඹලා ඔවුන්ව කොතැනක හමු වුවත් නුඹලා ඔවුන්ව ඝාතනය කරවු. තවද ඔවුන් අතුරින් (කිසිදු) මිතුරෙකු හා උදව්කරුවෙකු නුඹලා නොගනිවු.
إِلَّا الَّذِينَ يَصِلُونَ إِلَىٰ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَاقٌ أَوْ جَاءُوكُمْ حَصِرَتْ صُدُورُهُمْ أَن يُقَاتِلُوكُمْ أَوْ يُقَاتِلُوا قَوْمَهُمْ ۚ وَلَوْ شَاءَ اللَّهُ لَسَلَّطَهُمْ عَلَيْكُمْ فَلَقَاتَلُوكُمْ ۚ فَإِنِ اعْتَزَلُوكُمْ فَلَمْ يُقَاتِلُوكُمْ وَأَلْقَوْا إِلَيْكُمُ السَّلَمَ فَمَا جَعَلَ اللَّهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلًا
(එහෙත්) කවර කණ්ඩායමක් අතර හා නුඹලා අතර (සාම) ගිවිසුමක් ඇත්තේ ද එම කණ්ඩායම සමග එකතු වන්නන් හෝ නුඹලා සමග සටන් වැදීමේ නැතහොත් ඔවුන්ගේ පිරිස සමග සටන් වැදීමෙහි (අදහසින් තොරව) තම සිත් මැඩ පවත්වාගෙන (සාමයෙන්) නුඹලා වෙත පැමිණි අය හැරය. තවද අල්ලාහ් අභිමත කළේ නම් නුඹලාට ඉහළින් ඔවුනට බලය ලබා දෙනු ඇත. එවිට ඔවුන්(ද) නුඹලා සමග සටන් වදිනු ඇත. නමුත් ඔවුන් නුඹලාගෙන් ඉවත් වී නුඹලා සමග ඔවුන් සටන් නොවැද නුඹලා වෙත සාමය ඉදිරිපත් කරන්නේ නම් ඔවුනට එරෙහිව (සටන් වැදීමට) නුඹලාට කිසිදු මගක් අල්ලාහ් තබා නොමැත.
سَتَجِدُونَ آخَرِينَ يُرِيدُونَ أَن يَأْمَنُوكُمْ وَيَأْمَنُوا قَوْمَهُمْ كُلَّ مَا رُدُّوا إِلَى الْفِتْنَةِ أُرْكِسُوا فِيهَا ۚ فَإِن لَّمْ يَعْتَزِلُوكُمْ وَيُلْقُوا إِلَيْكُمُ السَّلَمَ وَيَكُفُّوا أَيْدِيَهُمْ فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ ۚ وَأُولَـٰئِكُمْ جَعَلْنَا لَكُمْ عَلَيْهِمْ سُلْطَانًا مُّبِينًا
නුඹලාගෙන් අභය වීමට හා තම කණ්ඩායමෙන් අභය වීමට අපේක්ෂා කරන සෙස්සන් ද නුඹලා දකිනු ඇත. කලහකම් කිරීමට ඇරයුම් කරනු ලබන සෑම මොහොතකම ඔවුහු එහි දැඩිව නියැළෙති. ඔවුන් නුඹලාගෙන් ඉවත් නොවූයේ නම් ද නුඹලා වෙත සාමය ඉදිරිපත් නොකළේ නම් ද තම දෑත් (සටන් වැදීමෙන්) මැඩ පවත්වා නොගත්තේ නම් ද එවිට නුඹලා ඔවුන්ව සිරභාරයට ගනිවු. තවද ඔවුන් කොතැනක හමු වූවත් නුඹලා ඔවුන්ව මරා දමවු. ඔවුනට එරෙහිව පැහැදිලි බලයක් නුඹලාට අපි ඇති කළෙමු.
وَمَا كَانَ لِمُؤْمِنٍ أَن يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَأً ۚ وَمَن قَتَلَ مُؤْمِنًا خَطَأً فَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ وَدِيَةٌ مُّسَلَّمَةٌ إِلَىٰ أَهْلِهِ إِلَّا أَن يَصَّدَّقُوا ۚ فَإِن كَانَ مِن قَوْمٍ عَدُوٍّ لَّكُمْ وَهُوَ مُؤْمِنٌ فَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ ۖ وَإِن كَانَ مِن قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَاقٌ فَدِيَةٌ مُّسَلَّمَةٌ إِلَىٰ أَهْلِهِ وَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ ۖ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةً مِّنَ اللَّهِ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا
වැරදීමකින් මිස විශ්වාසිකයෙකු ඝාතනය කිරීමට තවත් විශ්වාසිකයෙකුට අයිතියක් නොමැත. කවරෙකු විශ්වාසිකයෙකුව වැරදීමකින් ඝාතනය කළේ ද එවිට (වන්දියක් ලෙස ඔහු) විශ්වාසික වහලෙකු නිදහස් කර (ඝාතනය වූ) මොහුගේ පවුලේ (උරුමක්කාර) අයට ලබා දිය යුතු වන්දි මුදලක් ද ගෙවිය යුතු වේ. (නමුත්) ඔවුන් එය දාන පරිත්යාගයක් වශයෙන් අත හැරියා නම් හැර. (ඝාතනය වූ) මොහු විශ්වාසිකයෙකු වූ තත්ත්වයේ නුඹලාගේ සතුරු ජනයා අතුරින් වී නම්, එවිට විශ්වාසික වහලෙකු නිදහස් කළ යුතුය. තවද කවර කණ්ඩායමක් අතර හා නුඹලා අතර (සාම) ගිවිසුමක් ඇත්තේ ද (ඝාතනය වූ) මොහු එම කණ්ඩායමෙන් කෙනෙකු වී නම් මොහුගේ පවුලේ (උරුමක්කාර) අයට ලබා දිය යුතු වන්දි මුදලක් ගෙවිය යුතු වේ. තවද විශ්වාසික වහලෙකු නිදහස් කළ යුතු වේ. කවරෙකුට (වහලෙකු නිදහස් කිරීමට හැකියාවක්) නොලැබුණේ ද එවිට අල්ලාහ්ගෙන් වූ පශ්චාත්තාප වීමක් වශයෙන් අඛණ්ඩව මාස දෙකක් උපවාස ශිලයෙහි යෙදිය යුතු වේ. තවද අල්ලාහ් සර්වඥ හා සර්ව ප්රඥාවන්ත විය.
وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا
කවරෙකු ඕනෑකමින් මුඃමින්වරයෙකු ඝාතනය කරන්නේ ද එවිට ඔහුගේ ප්රතිවිපාකය වන්නේ නිරයයි. ඔහු එහි සදාකල් වෙසෙන්නෙකි. තවද අල්ලාහ් ඔහු කෙරෙහි කෝප වන්නේය. තවද ඔහුට ශාප කරන්නේය. තවද මහත් වූ දඬුවමක් ඔහුට සූදානම් කර ඇත්තේය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا ضَرَبْتُمْ فِي سَبِيلِ اللَّهِ فَتَبَيَّنُوا وَلَا تَقُولُوا لِمَنْ أَلْقَىٰ إِلَيْكُمُ السَّلَامَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا فَعِندَ اللَّهِ مَغَانِمُ كَثِيرَةٌ ۚ كَذَٰلِكَ كُنتُم مِّن قَبْلُ فَمَنَّ اللَّهُ عَلَيْكُمْ فَتَبَيَّنُوا ۚ إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ (සටන් වැදීමට) යන්නේ නම් (විශ්වාසිකයා හා ප්රතික්ෂේපක සතුරා කවුරුන් දැ’යි අවබෝධ කර ගනිවු. තවද නුඹලා වෙත කවරෙකු සලාමය ඉදිරිපත් කරන්නේ ද ලෞකික ජීවිතයේ සම්පත් අපේක්ෂා කරමින් “නුඹ විශ්වාසිකයෙකු නොවන්නේ යැ”යි නොපවසවු. අධික සම්පත් ඇත්තේ අල්ලාහ් අබියසය. නුඹලා ද පෙර සිටියේ මෙලෙසය. පසුව අල්ලාහ් නුඹලා කෙරෙහි (අභයදායී ජීවිතය පිරිනමා) උපකාර කර ඇත්තේය. එබැවින් අවබෝධ කර ගනිවු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත වන්නේය.
لَّا يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيْرُ أُولِي الضَّرَرِ وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ ۚ فَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَىٰ ۚ وَفَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا
(සාධාරණ) බාධක ඇත්තන් හැර විශ්වාස කළවුන් අතුරින් (සටනට සහභාගි නොවී) රැඳී සිටි අය ද අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තූන් හා තම ජීවිත කැප කරමින් සටන් වදින්නන් ද එක හා සමාන නොවෙති. තම වස්තූන් හා තම ජීවිත කැප කරමින් සටන් වැදුණු අයව (සාධාරණ හේතුවකින් සටනට සහභාගි නොවී) රැඳී සිටි අයට වඩා අල්ලාහ් තනතුරකින් ශ්රේෂ්ඨ කොට ඇත. (නමුත්) සෑම අයෙකුටම අල්ලාහ් ඉතා අලංකාර දැය(ස්වර්ගය) ප්රතිඥා දී ඇත. (අල්ලාහ්ගේ මාර්ගයේ) සටන් වැදුණු අයව (හේතුවකින් තොරව සටනට සහභාගි නොවී) රැඳී සිටි අයට වඩා ඉමහත් වූ වේතනයෙන් අල්ලාහ් ශ්රේෂ්ඨ කොට ඇත.
دَرَجَاتٍ مِّنْهُ وَمَغْفِرَةً وَرَحْمَةً ۚ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا
(එනම්) ඔහුගෙන් (ප්රදානය වන්නා) වූ තරාතිරම් වලින් ද පාප ක්ෂමාව හා කරුණාවෙන් ද වේ. අල්ලාහ් අති ක්ෂමාශීලී හා පරම කරුණාභරිතය.
إِنَّ الَّذِينَ تَوَفَّاهُمُ الْمَلَائِكَةُ ظَالِمِي أَنفُسِهِمْ قَالُوا فِيمَ كُنتُمْ ۖ قَالُوا كُنَّا مُسْتَضْعَفِينَ فِي الْأَرْضِ ۚ قَالُوا أَلَمْ تَكُنْ أَرْضُ اللَّهِ وَاسِعَةً فَتُهَاجِرُوا فِيهَا ۚ فَأُولَـٰئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَسَاءَتْ مَصِيرًا
සැබැවින්ම කවුරුන් (දේශාන්තරණය නොකර) තමන්ටම අපරාධ කර ගත් අය ලෙස (සිටිය දී) මලක්වරුන් ඔවුන්ව මරණයට පත් කරන්නේ ද (එවිට ඔවුන්ගෙන්) “නුඹලා කුමන තත්ත්වයෙහි සිටියෙහු දැ?”යි ඔවුහු(මලක්වරුන්) විමසති. “අපි මිහිතලයෙහි දුර්වලත්වයට (පත් කර හිංසාවට) ලක් කරනු ලැබූවන් වශයෙන් සිටියෙමු.”යැයි ඔවුහු පවසති. අල්ලාහ්ගේ මිහිතලය, එහි නුඹලා දේශාන්තරණය කිරීමට විශාලව නොතිබුණේ දැ?’යි ඔවුන්(මලක්වරුන්) විමසති. ඔවුන්ගේ වාසස්ථානය නිරයයි. නවාතැන් අතුරින් එය කෙතරම් නරක ද?
إِلَّا الْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ لَا يَسْتَطِيعُونَ حِيلَةً وَلَا يَهْتَدُونَ سَبِيلًا
(නමුත් ගම්බිම් අත හැර දේශාන්තරණය කිරීම සඳහා) කිසිදු සැලසුමක් කිරීමට හැකියාව නොමැති හා කිසිදු මගක් නොදැන සිටි දුර්වලත්වයට (පත් කර හිංසාවට) ලක් කරනු ලැබූ පුරුෂයින්, ස්ත්රීන් හා ළමුන් හැරය.
فَأُولَـٰئِكَ عَسَى اللَّهُ أَن يَعْفُوَ عَنْهُمْ ۚ وَكَانَ اللَّهُ عَفُوًّا غَفُورًا
අල්ලාහ් ඔවුනට පාපක්ෂමාව පිරිනමන්නට පුළුවන. තවද අල්ලාහ් සමාව පිරිනමන්නෙකුය. අති ක්ෂමාශීලී වන්නේය.
وَمَن يُهَاجِرْ فِي سَبِيلِ اللَّهِ يَجِدْ فِي الْأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةً ۚ وَمَن يَخْرُجْ مِن بَيْتِهِ مُهَاجِرًا إِلَى اللَّهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلَى اللَّهِ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا
කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ දේශාන්තරණය කරන්නේ ද මිහිතලයෙහි බොහෝ වාසස්ථානයන් හා (ධන සම්පත්හි) විශාලත්වයක් ලබා ගන්නේය. අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා වෙනුවෙන් කවරෙකු තම නිවසෙන් දේශාන්තරණය කරන්නෙකුව බැහැරව ගොස් පසුව (අතරමග දී) මරණය ඔහුට අත්වන්නේ ද ඔහුගේ වේතනය අල්ලාහ් අබියස ස්ථාපිත විය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී හා පරම කරුණාභරිත වන්නේය.
وَإِذَا ضَرَبْتُمْ فِي الْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُوا مِنَ الصَّلَاةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ الَّذِينَ كَفَرُوا ۚ إِنَّ الْكَافِرِينَ كَانُوا لَكُمْ عَدُوًّا مُّبِينًا
නුඹලා මිහිතලයෙහි ගමනක යෙදෙන විට ප්රතික්ෂේප කළවුන් නුඹලාට අක්රමිකතා කරනු ඇතැ’යි නුඹලා බිය වෙතොත් නුඹලා සලාතය කෙටි කර ගැනීම නුඹලාට වරදක් නැත. සැබැවින්ම (හර්බී) ප්රතික්ෂේපකයින් නුඹලාට විවෘත සතුරන් වන්නෝය.
وَإِذَا كُنتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ الصَّلَاةَ فَلْتَقُمْ طَائِفَةٌ مِّنْهُم مَّعَكَ وَلْيَأْخُذُوا أَسْلِحَتَهُمْ فَإِذَا سَجَدُوا فَلْيَكُونُوا مِن وَرَائِكُمْ وَلْتَأْتِ طَائِفَةٌ أُخْرَىٰ لَمْ يُصَلُّوا فَلْيُصَلُّوا مَعَكَ وَلْيَأْخُذُوا حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ ۗ وَدَّ الَّذِينَ كَفَرُوا لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ وَأَمْتِعَتِكُمْ فَيَمِيلُونَ عَلَيْكُم مَّيْلَةً وَاحِدَةً ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ إِن كَانَ بِكُمْ أَذًى مِّن مَّطَرٍ أَوْ كُنتُم مَّرْضَىٰ أَن تَضَعُوا أَسْلِحَتَكُمْ ۖ وَخُذُوا حِذْرَكُمْ ۗ إِنَّ اللَّهَ أَعَدَّ لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا
(නබිවරය, යුද බිමෙහි) ඔවුන් අතර නුඹ සිට ඔවුනට නුඹ සලාතය මෙහෙයවන්නේ නම් ඔවුන්ගෙන් පිරිසක් තම ආයුධ (අතට) ගෙන නුඹ සමග (සලාතයේ යෙදෙමින්) සිටිය යුතුය. ඔවුහු සලාතය ඉටු කළ වහාම (සතුරන්ට අභිමුඛව මුර කිරීම සඳහා) නුඹලාගේ පිටුපසට යා යුතුය. පසුව සලාතය ඉටු නොකළ (මුර කරමින් සිටි) අනෙක් පිරිස පැමිණ නුඹ සමග සලාතය ඉටු කළ යුතු අතර ඔවුන් තම පූර්වාරක්ෂාව හා තම ආයුධ ගත යුතුය. නුඹලාගේ ආයුධ හා නුඹලාගේ භාණ්ඩ පිළිබඳව නුඹලා නොසැලකිලිමත්ව සිටීම ද (එවිට) නුඹලා කෙරෙහි එකවරම කඩා පැන පහර දීම ද ප්රතික්ෂේප කළවුන් අපේක්ෂා කරති. වර්ෂාවෙන් නුඹලාට පීඩාවක් ඇති වූයේ නම් හෝ නුඹලා රෝගීව පෙළෙන්නේ නම් හෝ (එවිට) නුඹලා නුඹලාගේ ආයුධ (ඉවත) තැබීම නුඹලා කෙරෙහි වරදක් නැත. (නමුත්) නුඹලා නුඹලාගේ පූර්වාරක්ෂාව ගත යුතුය. සැබැවින්ම අල්ලාහ් ප්රතික්ෂේප කළවුන්ට අවමානය පමුණුවන දඬුවමක් පිළියෙල කර ඇත.
فَإِذَا قَضَيْتُمُ الصَّلَاةَ فَاذْكُرُوا اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِكُمْ ۚ فَإِذَا اطْمَأْنَنتُمْ فَأَقِيمُوا الصَّلَاةَ ۚ إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَّوْقُوتًا
නුඹලා සලාතය අවසන් කළේ නම් සිටගෙන ද වාඩි වී ද හාන්සි වී ද අල්ලාහ්ව සිහිපත් කරවු. නුඹලා (යුද්ධය නිමා වී) සන්සුන් වූ විට සලාතය (සම්පූර්ණයෙන්ම) ඉටු කරවු. සැබැවින්ම සලාතය විශ්වාස කළවුනට වේලාවක් නියම කරන ලද අනිවාර්යය වූවක් වන්නේය.
وَلَا تَهِنُوا فِي ابْتِغَاءِ الْقَوْمِ ۖ إِن تَكُونُوا تَأْلَمُونَ فَإِنَّهُمْ يَأْلَمُونَ كَمَا تَأْلَمُونَ ۖ وَتَرْجُونَ مِنَ اللَّهِ مَا لَا يَرْجُونَ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا
(සතුරු) කණ්ඩායම සොයා යෑමෙහිලා නුඹලා බලහීන නොවවු. නුඹලා වේදනාවෙන් පීඩා විදිමින් සිටින්නෙහු නම් සැබැවින්ම ඔවුන් ද නුඹලා වේදනාවෙන් පීඩා විදිමින් සිටිනා සේම වේදනාවෙන් පීඩා විදිමින් සිටිති. නමුත් ඔවුන් අපේක්ෂා නොකරන දෑ(ස්වර්ගය) නුඹලා අල්ලාහ්ගෙන් අපේක්ෂා කරන්නෙහුය. අල්ලාහ් සර්වඥ සර්ව ප්රඥාවන්ත වන්නේය.
إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللَّهُ ۚ وَلَا تَكُن لِّلْخَائِنِينَ خَصِيمًا
(නබිවරය,) අල්ලාහ් නුඹට පෙන්වා දුන් දැයින් ජනයා අතර නුඹ තීන්දු දීම පිණිස සැබැවින්ම අපි ධර්ම පුස්තකය(අල් කුර්ආනය) සත්යයෙන් යුතුව නුඹට පහළ කළෙමු. තවද නුඹ විශ්වාස ද්රෝහීන්ට පක්ෂව කතා කරන්නෙකු නොවවු.
وَاسْتَغْفِرِ اللَّهَ ۖ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا
තවද අල්ලාහ්ගෙන් ක්ෂමාව ඇයැදිවු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
وَلَا تُجَادِلْ عَنِ الَّذِينَ يَخْتَانُونَ أَنفُسَهُمْ ۚ إِنَّ اللَّهَ لَا يُحِبُّ مَن كَانَ خَوَّانًا أَثِيمًا
තමන් තමන්ටම ද්රෝහි වන්නන් වෙනුවෙන් නුඹ වාද නොකරවු. සැබැවින්ම අල්ලාහ් පාපකාරී විශ්වාස ද්රෝහිවන්නන්ව ප්රිය නොකරන්නේය.
يَسْتَخْفُونَ مِنَ النَّاسِ وَلَا يَسْتَخْفُونَ مِنَ اللَّهِ وَهُوَ مَعَهُمْ إِذْ يُبَيِّتُونَ مَا لَا يَرْضَىٰ مِنَ الْقَوْلِ ۚ وَكَانَ اللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطًا
ඔවුහු (තම ද්රෝහිකම හේතුවෙන්) මිනිසුන්ගෙන් සැඟවෙති. නමුත් අල්ලාහ්ගෙන් ඔවුනට සැඟවිය නොහැක. ඔහු(අල්ලාහ්) ප්රකාශයෙන් තෘප්තිමත් නොවන දෑ(කුමන්ත්රණ) පිළිබඳව ඔවුහු රාත්රියේ කථා කරන විට ඔහු(අල්ලාහ්) ඔවුන් සමග විය. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව සර්ව ප්රකාරයෙන් දැන සිටින්නෙකු වන්නේය.
هَا أَنتُمْ هَـٰؤُلَاءِ جَادَلْتُمْ عَنْهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا فَمَن يُجَادِلُ اللَّهَ عَنْهُمْ يَوْمَ الْقِيَامَةِ أَم مَّن يَكُونُ عَلَيْهِمْ وَكِيلًا
බලවු. නුඹලා මෙලොව ජීවිතයෙහි ඔවුන් වෙනුවෙන් වාද කරන්නෙහුය. එහෙත් (මළවුන්) නැගිටුවනු ලබන දින ඔවුන් වෙනුවෙන් අල්ලාහ් සමග වාද කරනුයේ කවරෙකු ද? නැතහොත් ඔවුනට භාරකරුවෙකු වශයෙන් (පෙනී) සිටින්නේ කවරෙකු ද?
وَمَن يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللَّهَ يَجِدِ اللَّهَ غَفُورًا رَّحِيمًا
කවරෙකු අයහපතක් කර එසේ නොමැති නම් තමන්ටම අපරාධ කර පසුව අල්ලාහ්ගෙන් ක්ෂමාව ඇයැද සිටින්නේ ද ඔහු අල්ලාහ්ව අති කරුණාභරිත අති ක්ෂමාශීලීයෙකු ලෙස සම්මුඛ වනු ඇත.
وَمَن يَكْسِبْ إِثْمًا فَإِنَّمَا يَكْسِبُهُ عَلَىٰ نَفْسِهِ ۚ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا
කවරෙකු පාපය උපයා ගනුයේ ද එය ඔහු උපයා ගනුයේ තමන්ට එරෙහිවමය. තවද අල්ලාහ් සර්වඥ සර්ව ප්රඥාවන්තයෙකු වන්නේය.
وَمَن يَكْسِبْ خَطِيئَةً أَوْ إِثْمًا ثُمَّ يَرْمِ بِهِ بَرِيئًا فَقَدِ احْتَمَلَ بُهْتَانًا وَإِثْمًا مُّبِينًا
කවරෙකු වැරැද්දක් හෝ පාපයක් උපයා ගෙන පසුව නිර්දෝෂියෙකු වෙත එය පටවන්නේ ද සැබැවින්ම ඔහු බොරු චෝදනා කිරීමක් හා පැහැදිලි පාපයක් ඉසිලීය.
وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكَ وَرَحْمَتُهُ لَهَمَّت طَّائِفَةٌ مِّنْهُمْ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّا أَنفُسَهُمْ ۖ وَمَا يَضُرُّونَكَ مِن شَيْءٍ ۚ وَأَنزَلَ اللَّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُن تَعْلَمُ ۚ وَكَانَ فَضْلُ اللَّهِ عَلَيْكَ عَظِيمًا
(නබිවරය,) නුඹ කෙරෙහි අල්ලාහ්ගේ භාග්යය හා ඔහුගේ දයාව නොමැති නම් ඔවුන්ගෙන් වූ පිරිසක් නුඹව මුළාවෙහි පත් කිරීමට අධිෂ්ඨාන කරනු ඇත. තවද ඔවුන් තමන්වම මිස (අන් කිසිවෙකුව) මුළාවෙහි පත් නොකරති. නුඹ හට කිසිදු අනතුරක් කිරීමට ඔවුනට නොහැක. නුඹ වෙත අල්ලාහ් ධර්ම පුස්තකය හා ප්රඥාව පහළ කළේය. තවද නුඹ දැන නොසිටි දෑ නුඹට ඔහු ඉගැන්වූයේය. තවද නුඹ කෙරෙහි වූ අල්ලාහ්ගේ භාග්යය මහඟු විය.
لَّا خَيْرَ فِي كَثِيرٍ مِّن نَّجْوَاهُمْ إِلَّا مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلَاحٍ بَيْنَ النَّاسِ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا
ඔවුන්ගේ රහස් කතා අතුරින් බොහෝමයක යහපතක් නැත. (එහෙත්) දන්දීම හෝ යහකම් කිරීම හෝ ජනයා අතර සමථය ඇති කිරීම පිළිබඳව විධානය කරන්නෙකු(ගේ රහස් කතා) හැර. කවරෙකු ඒවා අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් කරන්නේ ද අපි ඔහුට මතුවට ඉමහත් වේතනයක් පිරිනමන්නෙමු.
وَمَن يُشَاقِقِ الرَّسُولَ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَىٰ وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّىٰ وَنُصْلِهِ جَهَنَّمَ ۖ وَسَاءَتْ مَصِيرًا
තමන්ට යහමග පැහැදිලි වූවායින් පසුව රසූල්වරයාට කවරෙකු පිටුපාන්නේ ද තවද විශ්වාසිකයින්ගේ මාර්ගයෙන් තොර වූ මාර්ගයක් පිළිපදින්නේ ද ඔහු තෝරා ගත් දැයෙහි ඔහුව අපි අත හැර දමන්නෙමු. තවද ඔහුව නිරයට ඇතුළු කරන්නෙමු. අවසානයෙහි යොමු වන ස්ථාන අතුරින් එය ඉතා දුෂ්ට විය.
إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَاءُ ۚ وَمَن يُشْرِكْ بِاللَّهِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا
සැබැවින්ම අල්ලාහ් තමන්ට ආදේශ තබනු ලැබීමට සමාව නොදෙන්නේමය. එය නොවන දෑ සඳහා ඔහු කාහට අභිමත කරන්නේ ද ඔහුට සමාව දෙන්නේය. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද ඔහු සැබැවින්ම අන්ත මුළාවකින් මුළාවකට පත් විය.
إِن يَدْعُونَ مِن دُونِهِ إِلَّا إِنَاثًا وَإِن يَدْعُونَ إِلَّا شَيْطَانًا مَّرِيدًا
ඔවුහු ඔහු(අල්ලාහ්) නොවන ස්ත්රී( පිළිමය)න් මිස නොඅයැදිති. තවද ඔවුහු දුෂ්ට ෂෙයිතාන්ව මිස නොඅයැදිති.
لَّعَنَهُ اللَّهُ ۘ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًا مَّفْرُوضًا
අල්ලාහ් ඔහුට(ෂෙයිතාන්ට) ශාප කර ඇත. තවද “සැබැවින්ම නුඹගේ ගැත්තන් අතුරින් නියමිත කොට්ඨාසයක් මම ග්රහණය කර( මා පිළිපැදීමට සලස්ව)න්නෙමි” යැයි ඔහු(ෂෙයිතාන්) පැවසුවේය.
وَلَأُضِلَّنَّهُمْ وَلَأُمَنِّيَنَّهُمْ وَلَآمُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ آذَانَ الْأَنْعَامِ وَلَآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللَّهِ ۚ وَمَن يَتَّخِذِ الشَّيْطَانَ وَلِيًّا مِّن دُونِ اللَّهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُّبِينًا
තවද ඔවුන්ව මම මුළා කරන්නෙමි. ඔවුනට ශුන්යය වූ බලාපොරොත්තූන් ඇති කරන්නෙමි. තවද මම ඔවුනට විධානය කරන්නෙමි. එවිට සැබැවින්ම ඔවුහු පශු කුලයට අයත් සතුන්ගේ කන් කපා දමනු ඇත. තවද මම ඔවුනට විධානය කරන්නෙමි. එවිට සැබැවින්ම ඔවුහු අල්ලාහ්ගේ මැවීම් විකෘති කරනු ඇත. (යැයි ෂෙයිතාන් පැවසුවේය.) කවරෙකු අල්ලාහ් අතහැර ෂෙයිතාන්ව භාරකරුවෙකු වශයෙන් ගත්තේ ද එවිට සැබැවින්ම ඔහු පැහැදිලි අලාභයකින් අලාභයකට පත් විය.
يَعِدُهُمْ وَيُمَنِّيهِمْ ۖ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلَّا غُرُورًا
ඔහු(ෂෙයිතාන්) ඔවුනට ප්රතිඥා දෙන්නේය. තවද ඔවුනට ශුන්යය බලාපොරොත්තූන් ඇති කරන්නේය. ෂෙයිතාන් රැවටීම මිස (අන් කිසිවක්) ඔවුනට ප්රතිඥා නොදෙන්නේය.
أُولَـٰئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنْهَا مَحِيصًا
ඔවුන්ගේ වාසස්ථානය නිරයයි. එයින් ගැලවුම් මගක් ඔවුහු නොලබති.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ وَعْدَ اللَّهِ حَقًّا ۚ وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ قِيلًا
තවද කවරෙකු විශ්වාස කර යහකම් කරන්නේ ද ඔවුන්ව අපි (ස්වර්ග) උයන් වලට ඇතුළු කරන්නෙමු. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. (එය ඔවුනට පොරොන්දු වූ) අල්ලාහ්ගේ සැබෑ ප්රතිඥාවක් වශයෙනි. වචනයෙන් අල්ලාහ්ට වඩා මහා සත්යවන්තයා කවරෙකු ද?
لَّيْسَ بِأَمَانِيِّكُمْ وَلَا أَمَانِيِّ أَهْلِ الْكِتَابِ ۗ مَن يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ وَلَا يَجِدْ لَهُ مِن دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا
එ(ම විපාක)ය නුඹලාගේ අදහසට ද ධර්ම පුස්තක ලත් ජනයාගේ අදහසට ද (අනුකූල) නොවේ. (එනම්,) කවරෙකු අයහපතක් කරන්නේ ද ඒ සඳහා ඔහුට ප්රතිවිපාක දෙනු ලැබේ. තවද ඔහු අල්ලාහ් හැර තමන්ට (කිසිදු) භාරකරුවෙකු හා උදව්කරුවෙකු නොලබනු ඇත.
وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ مِن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَـٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًا
කවර පුරුෂයෙකු හෝ ස්ත්රියෙකු තමන් විශ්වාසිකයෙකු වශයෙන් යහකම් කරන්නේ ද ඔවුහුමය ස්වර්ගයට පිවිසෙනුයේ. (ඉඳි ඇටයක මතුපිට ඇති) තිතක තරම්වත් ඔවුහු අසාධාරණයට ලක් කරනු නොලබති.
وَمَنْ أَحْسَنُ دِينًا مِّمَّنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ وَاتَّبَعَ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا ۗ وَاتَّخَذَ اللَّهُ إِبْرَاهِيمَ خَلِيلًا
තමන් යහපත් අයෙකු වශයෙන් අල්ලාහ් වෙත තම මුහුණ යටහත් කර (ඍජූ දහම වෙත) නැඹුරු වූ ඉබ්රාහීම්ගේ පිළිවෙත අනුගමනය කරන්නන්ට වඩා දහමෙන් ඉතා අලංකාර වනුයේ කවරෙකු ද? තවද අල්ලාහ් ඉබ්රාහීම්ව මිතුරෙකු වශයෙන් (තෝරා) ගත්තේය.
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ مُّحِيطًا
අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ් සතුය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව ප්රකාරයෙන් දැන සිටින්නෙකු වන්නේය.
وَيَسْتَفْتُونَكَ فِي النِّسَاءِ ۖ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَىٰ عَلَيْكُمْ فِي الْكِتَابِ فِي يَتَامَى النِّسَاءِ اللَّاتِي لَا تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَن تَنكِحُوهُنَّ وَالْمُسْتَضْعَفِينَ مِنَ الْوِلْدَانِ وَأَن تَقُومُوا لِلْيَتَامَىٰ بِالْقِسْطِ ۚ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ كَانَ بِهِ عَلِيمًا
(නබිවරය,) කාන්තාවන්(ගේ දේපළ) විෂයෙහි නුඹගෙන් ඔවුහු තීන්දු අසති. “අල්ලාහ් සහ ධර්ම පුස්තකයෙහි නුඹලාට පාරායනය කර පෙන්වනු ලබන දෑ ඔවුන් පිළිබඳව නුඹලාට තීන්දු ලබා දෙන්නේය. (එනම්) තමන්ට නියම කරනු ලැබූ දෑ තමුන්ට ලබා නොදී විවාහ කර ගැනීමට නුඹලා ආශා කරන්නෙහු ද එම අනාථ ස්ත්රීන් පිළිබඳව ද දුර්වලත්වයට (පත් කර හිංසාවට) ලක් කරනු ලැබූ දරුවන් පිළිබඳව ද අනාථයින්ට නුඹලා යුක්තිය ඉටු කිරීම පිළිබඳව ද වේ. නුඹලා යම් යහපතක් කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳව මැනවින් දන්නේය.” යැයි නුඹ පවසවු.
وَإِنِ امْرَأَةٌ خَافَتْ مِن بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًا فَلَا جُنَاحَ عَلَيْهِمَا أَن يُصْلِحَا بَيْنَهُمَا صُلْحًا ۚ وَالصُّلْحُ خَيْرٌ ۗ وَأُحْضِرَتِ الْأَنفُسُ الشُّحَّ ۚ وَإِن تُحْسِنُوا وَتَتَّقُوا فَإِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
කාන්තාවක් තම සැමියාගෙන් අයුතු හැසිරීමක් හෝ නොසලකා හැරීමක් පිළිබඳව බිය වන්නාහු නම් ඔවුන් දෙදෙනා තමන් අතර සමථයකට එළැඹීම ඔවුනට වරදක් නැත. සමථයකට එළැඹීම ඉතා උතුම්ය. (මිනිස්) ආත්මයන් ආත්මාර්ථකාමී මසුරුකමට පැලැ පදියම් කරනු ලද්දකි. තවද නුඹලා යහකම් කර බිය භක්තිමත් වන්නෙහු නම් එවිට සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්තයෙකු විය.
وَلَن تَسْتَطِيعُوا أَن تَعْدِلُوا بَيْنَ النِّسَاءِ وَلَوْ حَرَصْتُمْ ۖ فَلَا تَمِيلُوا كُلَّ الْمَيْلِ فَتَذَرُوهَا كَالْمُعَلَّقَةِ ۚ وَإِن تُصْلِحُوا وَتَتَّقُوا فَإِنَّ اللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا
නුඹලා කොතෙක් ආශා කළ ද බිරියන් අතර සමානාත්මතාවකින් කටයුතු කිරීමට නුඹලාට නොහැක්කේමය. (එකියෙකු වෙත පමණක්) පූර්ණ නැඹුරු වීමකින් නුඹලා නැඹුරු වී (විවාහ ජීවිතය හා දික්කසාදය අතර) එල්ලී සිටින්නියක් මෙන් ඇයව(අනෙක් බිරියව) නුඹලා අතහැර නොදමවු. තවද නුඹලා (තමන්ව) සංශෝධනය කර ගනිමින් බිය භක්තිමත් වන්නෙහු නම් එවිට සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
وَإِن يَتَفَرَّقَا يُغْنِ اللَّهُ كُلًّا مِّن سَعَتِهِ ۚ وَكَانَ اللَّهُ وَاسِعًا حَكِيمًا
ඔවුන් දෙදෙනා වෙන් වූයේ නම් අල්ලාහ් තම වරප්රසාදයෙන් ඔවුන් එකිනෙකා (අතර) අවශ්යතාවන්ගෙන් බැහැර කරන්නේය. අල්ලාහ් සර්ව ව්යාපකය සර්ව ප්රඥාවන්තය.
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَلَقَدْ وَصَّيْنَا الَّذِينَ أُوتُوا الْكِتَابَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُوا اللَّهَ ۚ وَإِن تَكْفُرُوا فَإِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَكَانَ اللَّهُ غَنِيًّا حَمِيدًا
අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ් සතුය. “නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු” යන්නෙන් නුඹලාට පෙර ධර්ම පුස්තකය දෙනු ලැබූවන්ට ද නුඹලාට ද සැබැවින්ම අපි (විධානාත්මක) උපදෙස් දුනිමු. තවද නුඹලා ප්රතික්ෂේප කළ ද (අල්ලාහ්ට කිසිදු හානියක් නොවනු ඇත. මන්දයත්) සැබැවින්ම අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ් සතුය. අල්ලාහ් සර්ව පොහොසත්ය සදා ප්රශංසාලාභීය.
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا
අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ් සතුය, භාරකරුවෙකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය.
إِن يَشَأْ يُذْهِبْكُمْ أَيُّهَا النَّاسُ وَيَأْتِ بِآخَرِينَ ۚ وَكَانَ اللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرًا
ජනයිනි, ඔහු(අල්ලාහ්) අභිමත කළේ නම් නුඹලාව ඉවත් කොට (නුඹලාට වඩා ශ්රේෂ්ඨ) වෙනත් අය ගෙන එයි. ඒ කෙරෙහි අල්ලාහ් අති බලසම්පන්නයෙකු වන්නේය.
مَّن كَانَ يُرِيدُ ثَوَابَ الدُّنْيَا فَعِندَ اللَّهِ ثَوَابُ الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَكَانَ اللَّهُ سَمِيعًا بَصِيرًا
කවරෙකු මෙලොව ඵල අපේක්ෂා කරන්නේ ද (දැන ගනිවු.) මෙලොව හා මතුලොව ඵල ඇත්තේ අල්ලාහ් අබියසය. අල්ලාහ් සර්ව ශ්රාවකය සර්ව සුපරික්ෂාකාරීය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ بِالْقِسْطِ شُهَدَاءَ لِلَّهِ وَلَوْ عَلَىٰ أَنفُسِكُمْ أَوِ الْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ ۚ إِن يَكُنْ غَنِيًّا أَوْ فَقِيرًا فَاللَّهُ أَوْلَىٰ بِهِمَا ۖ فَلَا تَتَّبِعُوا الْهَوَىٰ أَن تَعْدِلُوا ۚ وَإِن تَلْوُوا أَوْ تُعْرِضُوا فَإِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
විශ්වාස කළවුනි, නුඹලා යුක්තිය ඉටු කරන්නන් වවු. නුඹලාට එරෙහි වුව ද නැතහොත් දෙමාපියන්ට හා ඥාතීන්ට එරෙහි වුව ද (සත්යය නිර්දේශයන් සඳහා) අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දරන්නන් වවු. ඔහු(විත්තිකරු) ධනවතෙකු වුව ද දිළිඳෙකු වුව ද (ඔහුට එරෙහිව සත්ය සාක්ෂි පැවසීමෙන් නොවැළකෙවු. මන්දයත්) අල්ලාහ් ඔවුන් දෙදෙනාට (රැකවරණය ලබා දීමට) සුදුසු වන්නේය. නුඹලා අයුක්ති සහගත වීමට මනෝ ඉච්ඡාව අනුගමනය නොකරවු. (නුඹ සාක්ෂි දීමේ දී සාක්ෂිය) වෙනස් කළේ නම් හෝ (සත්යය ස්ථාපිත කිරීමට) පිටුපාන්නේ නම් එවිට (අල්ලාහ් නුඹලාට දඬුවම් කරනු ඇත. මන්දයත්) අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත වන්නේය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَىٰ رَسُولِهِ وَالْكِتَابِ الَّذِي أَنزَلَ مِن قَبْلُ ۚ وَمَن يَكْفُرْ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الْآخِرِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا
විශ්වාස කළවුනි, අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරයාව ද තම රසූල්වරයාට පහළ කළ ධර්ම පුස්තකය ද (ඔහුට) පෙර පහළ කළා වූ ධර්ම පුස්තකය ද විශ්වාස කරවු. තවද කවරෙකු අල්ලාහ්ව, ඔහුගේ මලක්වරුන්ව, ඔහුගේ ධර්ම පුස්තක, ඔහුගේ රසූල්වරුන්ව හා අවසාන දිනය ප්රතික්ෂේප කරන්නේ ද ඔහු සැබැවින්ම අන්ත මුළාවකින් මුළාවකට පත් විය.
إِنَّ الَّذِينَ آمَنُوا ثُمَّ كَفَرُوا ثُمَّ آمَنُوا ثُمَّ كَفَرُوا ثُمَّ ازْدَادُوا كُفْرًا لَّمْ يَكُنِ اللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ سَبِيلًا
සැබැවින්ම කවරෙකු විශ්වාස කර පසුව ප්රතික්ෂේප කර ඉන් පසු නැවතත් විශ්වාස කර පසුව ප්රතික්ෂේප කර පසුව ප්රතික්ෂේපය වර්ධනය කර ගත්තේ ද ඔවුනට සමාව දෙන්නෙකු හා ඔවුනට මග පෙන්වන්නෙකු වශයෙන් අල්ලාහ් නොවීය.
بَشِّرِ الْمُنَافِقِينَ بِأَنَّ لَهُمْ عَذَابًا أَلِيمًا
(නබිවරය,) තමන්ට වේදනාකාරී දඬුවමක් ඇති බව ආත්ම වංචනිකයින්ට නුඹ සුබාරංචි පවසවු.
الَّذِينَ يَتَّخِذُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِن دُونِ الْمُؤْمِنِينَ ۚ أَيَبْتَغُونَ عِندَهُمُ الْعِزَّةَ فَإِنَّ الْعِزَّةَ لِلَّهِ جَمِيعًا
ඔවුන් කවුරුන්දයත් විශ්වාසිකයින් අත හැර ප්රතික්ෂේපකයින්ව භාරකරුවන් ලෙස ගත්තවුන්ය. ඔවුහු ඔවුන්ගෙන් ගෞරවය පතන්නෝ ද? නමුත් සැබැවින්ම ගෞරව සියල්ල අල්ලාහ් සතුය.
وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِي الْكِتَابِ أَنْ إِذَا سَمِعْتُمْ آيَاتِ اللَّهِ يُكْفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلَا تَقْعُدُوا مَعَهُمْ حَتَّىٰ يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ ۚ إِنَّكُمْ إِذًا مِّثْلُهُمْ ۗ إِنَّ اللَّهَ جَامِعُ الْمُنَافِقِينَ وَالْكَافِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا
“අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කරනු ලැබ තවද ඒවා සමච්චලයට භාජනය කරනු ලැබීම නුඹලා සවන් දෙතොත් ඒ හැර වෙනත් කතාවක ඔවුහු නියැළෙන තෙක් ඔවුන් සමග නුඹලා වාඩි නොවවු.” යැයි නුඹලාට ධර්ම පුස්තකයෙහි(අල් කුර්ආනයෙහි) පහළ කර ඇත. එසේ (කළෙහු) නම් සැබැවින්ම නුඹලා ද ඔවුන් මෙන් වන්නෙහුය. සැබැවින්ම අල්ලාහ් ආත්ම වංචනිකයින් හා ප්රතික්ෂේපකයින් සියල්ලන්වම නිරයේ එක්රැස් කරන්නෙකු වන්නේය.
الَّذِينَ يَتَرَبَّصُونَ بِكُمْ فَإِن كَانَ لَكُمْ فَتْحٌ مِّنَ اللَّهِ قَالُوا أَلَمْ نَكُن مَّعَكُمْ وَإِن كَانَ لِلْكَافِرِينَ نَصِيبٌ قَالُوا أَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُم مِّنَ الْمُؤْمِنِينَ ۚ فَاللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ ۗ وَلَن يَجْعَلَ اللَّهُ لِلْكَافِرِينَ عَلَى الْمُؤْمِنِينَ سَبِيلًا
ඔවුහු කවුරුන්ද යත් නුඹලාට (පරාජයක් අත් විය යුතු යැයි) බලාපොරොත්තුවෙන් සිටින්නෙහුය. නුඹලාට අල්ලාහ්ගෙන් වූ ජයග්රහණයක් අත් වන්නේ නම්, “අපි නුඹලා සමග නොසිටියෙමු දැ”යි ඔවුහු පවසති. ප්රතික්ෂේපකයින්ට (ජයග්රහණයෙන්) කොටසක් අත් වූයේ නම්, “(ඔවුහු ප්රතික්ෂේපකයින් අමතා) නුඹලා කෙරෙහි අපි අබිබවා යාමට හැකිව තිබිය දීත් විශ්වාසිකයින්ගෙන් නුඹලාව අපි ආරක්ෂා නොකළෙමු දැ?”යි ඔවුහු පවසති. එබැවින් නුඹලා අතර (මළවුන්) නැගිටුවනු ලබන දිනයෙහි අල්ලාහ් තීන්දු ලබා දෙන්නේය. විශ්වාසිකයින්ට එරෙහිව (කටයුතු කිරීමට) ප්රතික්ෂේපකයින්ට අල්ලාහ් මගක් සලසන්නේම නැත.
إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللَّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُوا إِلَى الصَّلَاةِ قَامُوا كُسَالَىٰ يُرَاءُونَ النَّاسَ وَلَا يَذْكُرُونَ اللَّهَ إِلَّا قَلِيلًا
අල්ලාහ් ආත්ම වංචනිකයින්ට (ඔවුන්ගේ මුළාව සඳහා) විපාකය පමුණුවන්නෙකු වූ තත්ත්වයේ සිටියදී, සැබැවින්ම ඔවුන් ඔහුව(අල්ලාහ්ව) මුළා කිරීමට තැත් කරති. ඔවුහු සලාතය සඳහා (සූදානම්ව) නැගී සිටින කල්හි මිනිසුන්ට පෙන්වමින් අලසකමින් නැගිට සිටිති. තවද ඔවුහු අල්ලාහ්ව ස්වල්පයක් මිස මෙනෙහි නොකරති.
مُّذَبْذَبِينَ بَيْنَ ذَٰلِكَ لَا إِلَىٰ هَـٰؤُلَاءِ وَلَا إِلَىٰ هَـٰؤُلَاءِ ۚ وَمَن يُضْلِلِ اللَّهُ فَلَن تَجِدَ لَهُ سَبِيلًا
(ආත්ම වංචනිකයින්) මෙහි ද නොවී, එහි ද නොවී, ඒ දෙක අතර දෙගිඩියාවෙන් පෙළෙති. (නබිවරය,) අල්ලාහ් කවරෙකු නොමග යෑමට ඉඩ හැරියේ ද ඔහුට (ඉන් ගැලවුම්) මගක් නුඹ නොදකින්නේමය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْكَافِرِينَ أَوْلِيَاءَ مِن دُونِ الْمُؤْمِنِينَ ۚ أَتُرِيدُونَ أَن تَجْعَلُوا لِلَّهِ عَلَيْكُمْ سُلْطَانًا مُّبِينًا
විශ්වාස කළවුනි, විශ්වාසිකයින් අතහැර ප්රතික්ෂේපකයින්ව භාරකරුවන් වශයෙන් නුඹලා නොගනිවු. නුඹලාට එරෙහිව අල්ලාහ් වෙත පැහැදිලි සාක්ෂි ඇති කර ගැනීමට නුඹලා අපේක්ෂා කරන්නෙහු ද?
إِنَّ الْمُنَافِقِينَ فِي الدَّرْكِ الْأَسْفَلِ مِنَ النَّارِ وَلَن تَجِدَ لَهُمْ نَصِيرًا
(නබිවරය,) සැබැවින්ම ආත්ම වංචනිකයින් නිරයේ පහත්ම තලයෙහි සිටිති. නුඹ ඔවුන් වෙනුවෙන් උදව්කරුවෙකු නොදකින්නේමය.
إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَاعْتَصَمُوا بِاللَّهِ وَأَخْلَصُوا دِينَهُمْ لِلَّهِ فَأُولَـٰئِكَ مَعَ الْمُؤْمِنِينَ ۖ وَسَوْفَ يُؤْتِ اللَّهُ الْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًا
(නමුත්) පශ්චාත්තාපයේ නියැළී (තමන්ව) සංශෝධනය කර ගනිමින් අල්ලාහ්ව(ඉස්ලාම් දහම) ග්රහණය කර චිත්ත පාරිශුද්ධියෙන් යුතුව තම දහම අල්ලාහ් වෙනුවෙන්ම පමණක් පත් කර ගන්නන් හැරය. ඔවුහු විශ්වාසිකයින් සමග වෙති, විශ්වාසිකයින්ට අල්ලාහ් ඉමහත් වේතනයක් මතු පිරිනමන්නේය.
مَّا يَفْعَلُ اللَّهُ بِعَذَابِكُمْ إِن شَكَرْتُمْ وَآمَنتُمْ ۚ وَكَانَ اللَّهُ شَاكِرًا عَلِيمًا
නුඹලා අල්ලාහ්ට කෘතවේදී වී විශ්වාස කරන්නේ නම් නුඹලාට දඬුවම් කිරීම මගින් අල්ලාහ් කුමක් අත්කර ගන්නේ ද? අල්ලාහ් තුතිය අගය කර( ප්රතිඵල දෙ)න්නාය සර්වඥය.