පාරා 4

ලන් තනාලු

126 පද්‍ය
📖පාරා

පාරා 4

ලන් තනාලු126 පද්‍ය

البقرةමදීනී
253

تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ ۘ مِّنْهُم مَّن كَلَّمَ اللَّهُ ۖ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍ ۚ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ ۗ وَلَوْ شَاءَ اللَّهُ مَا اقْتَتَلَ الَّذِينَ مِن بَعْدِهِم مِّن بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ وَلَـٰكِنِ اخْتَلَفُوا فَمِنْهُم مَّنْ آمَنَ وَمِنْهُم مَّن كَفَرَ ۚ وَلَوْ شَاءَ اللَّهُ مَا اقْتَتَلُوا وَلَـٰكِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ

ඔවුන් රසූල්වරුන්ය. ඇතැමුන්ව ඇතැමුන්ට වඩා අපි ශ්රේෂ්ඨත්වයට පත් කළෙමු. ඔවුන් අතර අල්ලාහ් (ඍජුව) කථා කළ අය ද ඔවුන්ගෙන් ඇතැමෙකුව තරාතිරම් වලින් ඔහු උසස් කළ අය ද වෙති. තවද අපි මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධක පිරිනමා, පිවිතුරු ආත්මය(ජිබ්රීල්) මගින් ඔහුට සහය දුන්නෙමු. 171 අල්ලාහ් අභිමත කළේ නම් ඔවුනට පසු පැමිණියවුන්(ජන සමූහයන්), තමන් වෙත පැහැදිලි සාධක පැමිණීමෙන් පසු (එකිනෙකාට විරුද්ධව) සටන් ඇති කර නොගනු ඇත. නමුත් ඔවුහු භේදබින්න වූවෝය. ඔවුන් අතුරින් විශ්වාසය කළ අයද තවද ඔවුන් අතුරින් ප්රතික්ෂේප කළ අයද වෙති. අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් (එකිනෙකාට විරුද්ධව) සටන් ඇති කර නොගනු ඇත. එනමුත් අල්ලාහ් තමා අභිමත කරන දැය සිදු කරන්නේය. 172
171නබි ඊසා(ජීසස්) තුමාණන්ව සතුරන්ගෙන් රැකවරණය ලබා දීම සඳහා පිවිතුරු ආත්මය ලෙසින් හඳුන්වන ලබන ජිබ්රීල්(ගේබ්රියල්) නැමැති දේව දූතයා නබි ඊසා තුමාණන් සමග සිටියේය යැයි මෙම ආයතයෙන් අදහස් කෙරෙයි.
172මෙහිදී සියල්ලන්ටම ඉස්ලාමය පිළිගැන්වීම සඳහා අල්ලාහ්ට බලයක් ඇත යන්නෙන් අදහස් වී ඇත. එසේ වූයේ නම් ආගමික වෙනස් කම් ඇති විය නොහැකි නමුත් මූලික අපේක්ෂාව වන සියල්ලන්ම සත්යය තමන්ගේ පූර්ණ අභිමතය අනුවම පිළිගත යුතුය යන කරුණ අහිමිවනු ඇත. එහෙයින් ඔවුන්ව විවිධ පරීක්ෂණයන්ට භාජනය කරනු ලබන අතර ඔවුනට තෝරා ගැනීමේ නිදහස ලබා දී නබිවරුන් මාර්ගයෙන් නිවැරදි මාර්ගෝපදේශය පෙන්වා දී ඔවුන්ගේ අභිමතය පරිදිම පිළිගැනීමට හෝ ප්රතික්ෂේප කිරීමට අවස්ථාව අල්ලාහ්ගේ දේවත්වය මගින් සලසා දී ඇත.
254

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنفِقُوا مِمَّا رَزَقْنَاكُم مِّن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لَّا بَيْعٌ فِيهِ وَلَا خُلَّةٌ وَلَا شَفَاعَةٌ ۗ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ

විශ්වාස කළවුනි, දිනයක් පැමිණීමට පෙර නුඹලාට අප දුන් දැයින් විය පැහැදම් කරවු. එ(ම විනිශ්චය )දින කිසිදු ව්යාපාරයක් නොමැත. මිත්රත්වයක් ද නොමැත. රෙකමදාරුවක් ද නොමැත. ප්රතික්ෂේපකයෝ ඔවුහුමය අපරාධකරුවෝ වන්නේ.
255

اللَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ مَن ذَا الَّذِي يَشْفَعُ عِندَهُ إِلَّا بِإِذْنِهِ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ ۖ وَلَا يَئُودُهُ حِفْظُهُمَا ۚ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

අල්ලාහ්, ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. (ඔහු) සදා ජීවමානය සර්ව පෝෂකය. මඳ නින්දක් හෝ දැඩි නින්දක් හෝ ඔහුව ග්රහණය නොකරන්නේය. අහස්හි ඇති (සියලු) දෑ හා මිහිතලයේ ඇති (සියලු) දෑ ඔහුටම සතුය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස රෙකමදාරු කළ හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියෙන් හා ඔවුනට පසුපසින් ඇති දෑ ඔහු (මැනවින්) දන්නේය. ඔහු(අල්ලාහ්) අභිමත කළේ නම් මිස ඔවුන් (කිසිවෙකු) ඔහුගේ දැනුමෙන් කිසිවක් පරිග්රහණය කර නොගනිති. ඔහුගේ කුර්සිය්ය අහස් හා මිහිතලයට වඩා විශාල විය. ඒදෙක ආරක්ෂා කිරීම ඔහුව වෙහෙසට පත් නොකරන්නේය. තවද ඔහු උත්තරීතරය පරමෝත්තමය.
256

لَا إِكْرَاهَ فِي الدِّينِ ۖ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ ۚ فَمَن يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللَّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ لَا انفِصَامَ لَهَا ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ

(ඉස්ලාම්) දහමෙහි බල කිරීමක් නැත. සැබැවින්ම ඍජු මග සදොස්භාවයෙන් වෙන්ව පැහැදිලි විය. කවරෙකු තාඝූත්(ෂෙයිතාන්වරුන්) ප්රතික්ෂේප කර තවද අල්ලාහ්ව විශ්වාස කරන්නේ ද ඔහු සැබැවින්ම ශක්තිමත් අත්වැල ග්රහණය කර ගත්තේය. එයට කිසිවිටෙක බිඳීමක් නැත. තවද අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥය.
257

اللَّهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۖ وَالَّذِينَ كَفَرُوا أَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ ۗ أُولَـٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

අල්ලාහ් විශ්වාස කළවුන්ගේ භාරකරුවාය. අඳුරු වෙතින් ආලෝකය වෙතට ඔවුන්ව ඔහු ගෙන යන්නේය. ප්රතික්ෂේප කළවුන් නම්, ඔවුන්ගේ භාරකරුවන් තාඝූත්ය(ෂෙයිතාන්වරුන්ය). ආලෝකය වෙතින් අඳුරු වෙතට ඔවුන්ව ඔවුහු(තාඝූත්) ගෙන යන්නෝය. ඔවුන්ය නිරා ගින්නේ සගයින් වන්නේ. ඔවුහු එහි සදාකල් වෙසෙන්නන් වෙති.
258

أَلَمْ تَرَ إِلَى الَّذِي حَاجَّ إِبْرَاهِيمَ فِي رَبِّهِ أَنْ آتَاهُ اللَّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِي وَأُمِيتُ ۖ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللَّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

අල්ලාහ්, තමන්ට පාලන බලය පිරිනැමූ හේතුවෙන් ඉබ්රාහීම් සමග ඔහුගේ පරමාධිපති විෂයෙහි තර්ක කළ පුද්ගලයාව 173 (නබිවරය,) නුඹ නුදුටුවෙහිද? එවිට “මාගේ පරමාධිපති ජීවය පිරිනමන්නාය. මරණයට පත් කරන්නා” යැයි ඉබ්රාහීම් ප්රකාශ කළේය. (එවිට) “මම ද ජීවය ලබා දෙන්නෙමි. මරණයට පත් කරවමි” යැයි ඔහු ප්රකාශ කළේය. “සැබැවින්ම අල්ලාහ් හිරු නැගෙනහිරෙන් ගෙන එන්නේය. එබැවින් නුඹ එය බටහිරින් ගෙන එනු”යි ඉබ්රාහීම් පැවසුවේය. එවිට ප්රතික්ෂේප කළ තැනැත්තා තුෂ්ණිම්භූත විය. අපරාධකාර පිරිසට අල්ලාහ් යහමග පෙන්වන්නේ නැත.
173මෙහි තර්ක කළ පුද්ගලයා යනු එකල බැබිලෝනියාවේ පාලකයා වූ නුම්රූද්(නිම්රොඩ්) නම් රජු බව අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත.
259

أَوْ كَالَّذِي مَرَّ عَلَىٰ قَرْيَةٍ وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحْيِي هَـٰذِهِ اللَّهُ بَعْدَ مَوْتِهَا ۖ فَأَمَاتَهُ اللَّهُ مِائَةَ عَامٍ ثُمَّ بَعَثَهُ ۖ قَالَ كَمْ لَبِثْتَ ۖ قَالَ لَبِثْتُ يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ ۖ قَالَ بَل لَّبِثْتَ مِائَةَ عَامٍ فَانظُرْ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمْ يَتَسَنَّهْ ۖ وَانظُرْ إِلَىٰ حِمَارِكَ وَلِنَجْعَلَكَ آيَةً لِّلنَّاسِ ۖ وَانظُرْ إِلَى الْعِظَامِ كَيْفَ نُنشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًا ۚ فَلَمَّا تَبَيَّنَ لَهُ قَالَ أَعْلَمُ أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

එසේ නොමැති නම් වහලයන් මත කඩා වැටුණු තත්ත්වයේ වූ (එනම් විනාශ වූ) ගමක් අසලින් ගමන් කළ අයෙකුගේ උපමාව (නබිවරය, නුඹ නුදුටුවෙහි) ද? 174 ‘මෙහි අභාවයට පසුව අල්ලාහ් කුමන අයුරින් මෙය පණ ගන්වන්නේ දැ?’යි ඔහු ප්රකාශ කළේය. එවිට අල්ලාහ් ඔහුව වසර සියයක් අභාවයට පත් කොට, පසුව ඔහුව ජීවමාන කර, “නුඹ (අභාවයට පත් වූ තත්ත්වයේ) කොපමණ කාලයක් සිටියේ දැ?”යි ඔහු(අල්ලාහ්) විමසුවේය. “දිනක් හෝ දිනකින් කොටසක් සිටියෙමි”යි ඔහු ප්රකාශ කළේය. “නැත. නුඹ වසර සියයක් සිටියෙහිය. දැන් නුඹ නුඹගේ ආහාරය හා නුඹගේ පානය දෙස බලවු. එය නරක් වී නැත. තවද නුඹගේ බූරුවා දෙස ද බලවු. 175 අප (මෙලෙස කළේ) නුඹව ජනයාට සංඥාවක් වශයෙන් පත් කරනු පිණිසය. තවද (බූරුවාගේ) අස්ථි දෙස බලවු. අප එය කෙසේ ඒකරාශි කොට පසුව එය මාංශ වලින් අන්දවන්නෙමු දැ’යි බලවු.” යැයි ඔහු(අල්ලාහ්) ප්රකාශ කළේය. ඔහුට මේවා පැහැදිලි වූ කල්හි “සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්න බව මම දැන ගතිමි”යි ඔහු ප්රකාශ කළේය.
174මෙම අල් කුර්ආන් ආයතයේ කතා වස්තුවට හිමි පුද්ගලයා පිළිබඳව සෘජුව දැන්වීම් පල වී නොමැති අතර ඇතැම් වාර්තාවන්හි ඔහු උzසෙයිර් තුමාණන් යන්නෙන් ද විනාශ වූ ගම්මානය ජෙරුසලම යන්නෙන් ද එය විනාශ කළේ බුහ්තනස්ර්(නැබුචෙඩ් නෙසර්) යන්නෙන් ද සඳහන් වී ඇත.
175මෙයින් පෙන්නුම් කෙරෙන්නේ අවුරුදු සියයක් ගත වී පසුව ද ආහාර නරක් වී නොතිබුණු අතර බූරුවාගේ අස්ථි දිරාපත් වී යන තරම් කාල පරාසයක ඔහු මරණයට පත්වී සිටි බවයි. ඉන් පසුව අල්ලාහ් ඔහුව පණ ගන්වා ඔහුගේ දෑස් පනාපිටම බූරුවාව නැවත නිර්මාණය කොට පණ ගැන්වූයේය.
260

وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِي الْمَوْتَىٰ ۖ قَالَ أَوَلَمْ تُؤْمِن ۖ قَالَ بَلَىٰ وَلَـٰكِن لِّيَطْمَئِنَّ قَلْبِي ۖ قَالَ فَخُذْ أَرْبَعَةً مِّنَ الطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ اجْعَلْ عَلَىٰ كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا ۚ وَاعْلَمْ أَنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ

“මාගේ පරමාධිපතියාණනි, නුඹ මළවුන් පණ ගන් වන්නේ කෙසේ දැ’යි මා හට පෙන්වනු මැනව!”යි ඉබ්රාහීම් පැවසූ අවස්ථාව (සිහිපත් කරවු. එකල්හි) “නුඹ (තවමත්) විශ්වාස නොකළෙහි දැ?”යි ඔහු(අල්ලාහ්) ඇසීය. එසේ නොව එනමුත් මාගේ හදවත තැන්පත් වනු පිණිස යැ’යි ඔහු පැවසීය. “නුඹ පක්ෂීන් අතුරින් හතර දෙනෙක් නුඹ වෙත හීලෑ කර, (උන් කැබලි වලට කපා) ඒවායින් කොටස බැගින් සෑම කන්දක් මත තබා පසුව නුඹ උන් කැඳවවු. ඒවා නුඹ වෙත විගසින් පැමිණෙනු ඇතැ”යි ඔහු පැවසීය. අල්ලාහ් අති බලසම්පන්න සර්ව ප්රඥාවන්ත බව නුඹ දැන ගනිවු.
261

مَّثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنبُلَةٍ مِّائَةُ حَبَّةٍ ۗ وَاللَّهُ يُضَاعِفُ لِمَن يَشَاءُ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ

අල්ලාහ්ගේ මාර්ගයේ තමන්ගේ සම්පත් වියදම් කරන අයට උපමාව කරල් හතක් හට ගැනෙන, සෑම කරලකම ඇට සියයක් බැගින් ඇති, ධාන්යය ඇටයක උපමාව වැනිය. අල්ලාහ් තමන් අභිමත කරන අයට කිහිප ගුණයකින් වැඩි කර දෙන්නේය. තවද අල්ලාහ් සර්ව ව්යාපකය සර්වඥය.
262

الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ ثُمَّ لَا يُتْبِعُونَ مَا أَنفَقُوا مَنًّا وَلَا أَذًى ۙ لَّهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

අල්ලාහ්ගේ මාර්ගයේ තමන්ගේ සම්පත් වියදම් කර පසුව තමන් වියදම් කළ දෑ පිළිබඳව කියාපෑමකින් හා රිදවීමකින් අනුගමනය නොකරන්නේ ද ඔවුනට ඔවුන්ගේ වේතනය ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත. තවද ඔවුනට (කිසිදු) බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් නොවන්නෝය.
263

قَوْلٌ مَّعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِّن صَدَقَةٍ يَتْبَعُهَا أَذًى ۗ وَاللَّهُ غَنِيٌّ حَلِيمٌ

(කිනම්) සදකාවකින් පසු රිදවීමක් සිදුවන්නේ ද එයට වඩා යහපත් වචනය 176 හා (වරදට) ක්ෂමාව දීම 177 උතුම්ය. තවද අල්ලාහ් සර්ව පොහොසත්ය දැඩි ඉවසිලිවන්තය.
176මෙයින් අදහස් වන්නේ යම් අවශ්යතාවකින් පෙළෙන්නෙකුට දන්දී ඉන්පසු එය අන් අයට කියාපෑමෙන් ඔහුගේ සිත් රිදවන්නාට වඩා තමා සතුව යමක් නොමැති විටෙකදී යහපත් වචනයක් පවසා ඔහුව හරවා යවන්නා වඩාත් උසස් යන්නයි.
177යමෙකු යම් අවශ්යතාවක් ඇයැදිමින් කරදර කරන විටෙකදී ඔහුගේ කරදරයට සමාවදීම වඩාත් උසස් යන්නෙන් ද මින් අදහස් වේ.
264

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُم بِالْمَنِّ وَالْأَذَىٰ كَالَّذِي يُنفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۖ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا ۖ لَّا يَقْدِرُونَ عَلَىٰ شَيْءٍ مِّمَّا كَسَبُوا ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

විශ්වාස කළවුනි, අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස නොකරමින් (තමන් දානපතියා යැයි සෙසු) ජනයාට ප්රදර්ශනය කිරීම පිණිස තම ධනය වියදම් කරන්නෙකු මෙන් කියාපෑමෙන් හා රිදවීමෙන් නුඹලාගේ සදකාවන්(දන්දීම්) නිෂ්ඵල කර නොගනිවු. ඔහුට උපමාව ගල් පර්වතයක උපමාවක් වැනිය. ඒ මත පස් ඇත. එයට තද වර්ෂාව පතිත වී (පස් ඉවත් වී) මුඩු ගලක් බවට එය අත හැර දමන්නේය. 178 ඔවුන් උපයා ගත් දැයින් කිසිවක් (කිරීම) කෙරෙහි ඔවුහු හැකියාව නොලබති. ප්රතික්ෂේපක පිරිසට අල්ලාහ් යහමග නොපෙන්වන්නේය.
178මෙම ආයතයෙහි සඳහන් ගල් පර්වතය යනු දන් දෙන පුද්ගලයාය ද තද වර්ෂාව යනු ලොව අවසන් විනිශ්චය දිනය ද ගල් පර්වතය මත ඇති පස යනු සෙසු අයට පෙන්වීම සඳහා කළ සදකාවෙහි ලද ප්රථිඵල යනුවෙන් ද උපමා කොට ඇත. එනම් යමෙකු සෙසු අයට පෙන්වීමට දන්දීම ගල් පර්වතයක් මත ඇති පස තද වර්ෂාවකදී සේදී යන්නාක් මෙන් ලොව අවසන් විනිශ්චය දිනදී ඔහුගේ ප්රථිඵල ඔහුගෙන් සේදී යන වගයි.
265

وَمَثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَتَثْبِيتًا مِّنْ أَنفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَآتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِن لَّمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌّ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා තමන් තුළ (ඇති තම විශ්වාසය) ස්ථීර කරවනු පිණිස තමන්ගේ ධනය වියදම් කරන්නන්ට උපමාව උස් බිමක වූ උයනක උපමාව වැනිය. එයට තද වර්ෂාව පතිත වී එහි ඵලදාව දෙගුණ වශයෙන් එය උපදවා දුන්නේය. තද වැසි එහි පතිත නොවූව ද පොද වැසි (පවා ප්රමාණවත්)ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ සර්ව සුපරික්ෂාකාරීය.
266

أَيَوَدُّ أَحَدُكُمْ أَن تَكُونَ لَهُ جَنَّةٌ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ لَهُ فِيهَا مِن كُلِّ الثَّمَرَاتِ وَأَصَابَهُ الْكِبَرُ وَلَهُ ذُرِّيَّةٌ ضُعَفَاءُ فَأَصَابَهَا إِعْصَارٌ فِيهِ نَارٌ فَاحْتَرَقَتْ ۗ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

ඉඳි හා මිදි ඇති උයනක් තමන්ට අයිතිව තිබී ඒවාට යටින් ගංගාවෝ ගලා බසති. එහි ඔහු සඳහා වූ සියලු ඵල වර්ග ද ඇත. ඔහුට (ඉපැයීමක් කළ නොහැකි) දුර්වල පරපුරක් සිටියදී මහලුවිය ඔහුට අත් විය. එවිට ගින්නෙන් යුත් කුණාටුවක් ඇති වී එය දැවී යාම නුඹලාගෙන් කෙනෙකු ප්රිය කරන්නෙහි ද? 179 නුඹලා සිතා බලනු පිණිස මෙලෙසය නුඹලාට අල්ලාහ් සංඥාවන් පැහැදිලි කරනුයේ.
179මෙම ආයතය මගින් තමන්ගේ දන්දීම පිළිබඳව උඩඟු වී අන් අයට කියා පෙන්වන්නාට උදාහරණයක් ගෙන හැර පෙන්වා ඇත. එනම් යමෙකු දන්දීම හේතුවෙන් මරණින් මතු ජීවිතයෙහි විශේෂ භාග්යයන් හිමි කර ගැනීමට සරුසාර උයනක හිමිකරුවෙකු මෙන් සුදුස්සෙකු වුවද ඔහු තම දන් දීම පිළිබඳව උඩඟුවෙන් අන් අයට කියා පෑමෙන් කුණාටුවක් මෙන් සියලු භාග්යයන් අහිමි කර ගනු ඇත. එලෙසම සියල්ල අහිමි වූ වයස්ගත පුද්ගලයාට තව දුරටත් වෙහෙස මහන්සි වී ඉපැයීමට නොහැකි සේ මරණින් මතු ජීවිතයේ දී ඔහු කළ යහ ක්රියාවට උඬගු වීම හේතුවෙන් කිසිදු යහ ප්රථිඵලයක් නොලබනු ඇත යන්නයි.
267

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنفِقُوا مِن طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا أَخْرَجْنَا لَكُم مِّنَ الْأَرْضِ ۖ وَلَا تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنفِقُونَ وَلَسْتُم بِآخِذِيهِ إِلَّا أَن تُغْمِضُوا فِيهِ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ

විශ්වාස කළවුනී, නුඹලා උපයා ගත් යහපත් දැයින් ද මිහිතලයෙන් අප නුඹලාට හට ගැන් වූ දැයින් ද නුඹලා වියදම් කරවු. එයින් අප්රසන්න දෑ වියදම් කිරීමට අපේක්ෂා නොකරවු. (එවැනි අප්රසන්න දෙයක් නුඹලාට ප්රදානය කළ විට) නුඹලා එයට දෑස් පියාගත් තත්ත්වයෙන් මිස එය පිළිගන්නන් වශයෙන් නොවෙති. තවද අල්ලාහ් සර්ව පොහොසත්ය සර්ව ප්රශංසාලාභීය බව දැන ගනිවු.
268

الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُم بِالْفَحْشَاءِ ۖ وَاللَّهُ يَعِدُكُم مَّغْفِرَةً مِّنْهُ وَفَضْلًا ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ

ෂෙයිතාන් නුඹලාට දුගී බව (පිළිබඳ) බිය ගන්වන්නේය. තවද නුඹලාට අශික්ෂිත දෑ විධානය කරන්නේය. (නමුත්) අල්ලාහ් නුඹලාට ඔහුගෙන් වූ සමාව හා භාග්යයන් (පිළිබඳව) ප්රතිඥා දෙන්නේය. තවද අල්ලාහ් සර්ව ව්යාපකය සර්වඥය.
269

يُؤْتِي الْحِكْمَةَ مَن يَشَاءُ ۚ وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ

ඔහු අභිමත කළ අයට ප්රඥාව දෙන්නේය. කවරෙකුට ප්රඥාව දෙනු ලැබුවේ ද ඔහුට නියත වශයෙන්ම අධික යහපත දෙනු ලැබ ඇත. නුවණැත්තන් හැර (සෙසු අය) උපදෙස් නොලබති.
270

وَمَا أَنفَقْتُم مِّن نَّفَقَةٍ أَوْ نَذَرْتُم مِّن نَّذْرٍ فَإِنَّ اللَّهَ يَعْلَمُهُ ۗ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ

නුඹලා වියදමක් ලෙස කුමක් වියදම් කළ ද භාරයක් ලෙස කුමක් භාර වුව ද සැබැවින්ම අල්ලාහ් එය දන්නේය. අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවෙක් නැත.
271

إِن تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ ۖ وَإِن تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَّكُمْ ۚ وَيُكَفِّرُ عَنكُم مِّن سَيِّئَاتِكُمْ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

නුඹලා සදකාවන් ප්රසිද්ධියේ කරන්නේ නම් එය හොඳය. 180 තවද නුඹලා ඒවා රහසිගතව සඟවා ඒවා දුගියන්ට දෙන්නේ නම් එය නුඹලාට ඉතා යහපතය. තවද එය නුඹලාගේ ඇතැම් පාපයන් නුඹලාගෙන් පාප සෝධනය කරනු ඇත. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්තයා වන්නේය.
180මෙම ආයතයේ සදකාව යනුවෙන් සඳහන් වී ඇත්තේ අනිවාර්යය දන්දීම යැයි අල් කුර්ආන් විශාරදයින් අදහස් දක්වා ඇත. එනම් තම වස්තුවෙන් අනිවාර්යයෙන් පිරිනැමිය යුතු zසකාතය නැමැති දන්දීම ප්රසිද්ධියේ ඉටු කිරීම තුළින් එය අන් පොහොසතුන්ට ආදර්ශයක් වී තමන්ද දන්දිය යුතු යැයි දිරි ගැන්වීමක් ඇති වීම හා ප්රසිද්ධියේ zසකාතයන් දීම තුළින් ඒවා ලැබීමට සුදුස්සන් පමණක් ඒවා ලබා ගැනීමට ඉදිරිපත් වීම යන කරුණුය.
272

لَّيْسَ عَلَيْكَ هُدَاهُمْ وَلَـٰكِنَّ اللَّهَ يَهْدِي مَن يَشَاءُ ۗ وَمَا تُنفِقُوا مِنْ خَيْرٍ فَلِأَنفُسِكُمْ ۚ وَمَا تُنفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّهِ ۚ وَمَا تُنفِقُوا مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لَا تُظْلَمُونَ

(නබිවරය,) ඔවුන්ව යහමග යැවීම නුඹට වගකීමක් නොවන්නේය. නමුත් අල්ලාහ් තමා අභිමත කළ අයව යහමග යවන්නේය. 181 යහපත් දැයින් නුඹලා කුමක් වියදම් කරන්නෙහි ද එය නුඹලාටමය. අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස නුඹලා වියදම් නොකරන්නෙහුය. යහපත් දැයින් නුඹලා කුමක් වියදම් කරන්නෙහි ද නුඹලාට එය පූර්ණව යළි ගෙවනු ලබන්නේය. තවද නුඹලාට අපරාධයක් සිදු කරනු නොලබන්නේය.
181මුස්ලිම් නොවන්නන් සදකාවට පමණක් ඇලුම් කර ඉස්ලාමය වෙත නැඹුරු වේ යැයි සිතා ඔවුන්ට සදකා දීමෙන් මුස්ලිම්වරුන් වැළකී සිටියහ. එනමුත් අල්ලාහ් මෙම ආයතයෙන් මුස්ලිම් නොවන්නන්ට ද කොන්දේසියකින් තොරව සදකා දීමට අවසරය දී ඇත.
273

لِلْفُقَرَاءِ الَّذِينَ أُحْصِرُوا فِي سَبِيلِ اللَّهِ لَا يَسْتَطِيعُونَ ضَرْبًا فِي الْأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاءَ مِنَ التَّعَفُّفِ تَعْرِفُهُم بِسِيمَاهُمْ لَا يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا ۗ وَمَا تُنفِقُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ

මිහිතලයේ (ජීවනෝපාය පිණිස) සැරිසැරීමට නොහැකිව අල්ලාහ්ගේ මාර්ගයේ පමණක් (තමන්ව) සීමා කර ගත් දුගියන්ට( නුඹලාගේ සදකාවන්) ලැබීම සුදුසු)ය. 182 (ඔවුන් සෙසු අයගෙන් අතපෑමෙන්) වැළකී සිටීම හේතුවෙන් (ඔවුන් ගැන) නොදත් අය ඔවුන්ව අවශ්යතාවන්ගෙන් තොර වූ අය ලෙස සිතති. ඔවුන්ගේ සලකුණු මගින් නුඹ ඔවුන්ව හඳුනන්නෙහිය. ඔවුහු මිනිසුන්ගෙන් කන්නලව් කරමින් නොඉල්ලති. වස්තූන් වලින් නුඹලා කුමක් වියදම් කරන්නෙහි ද සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳව සර්වඥය.
182මෙයින් අදහස් කරන්නේ ඉස්ලාමීය ඉගැනුම සඳහා මුළු ජීවිතයම කැප කළ උදවිය පිළිබඳවය. මෙලෙස මොවුන් තම ආධ්යාත්මික දැනුම සඳහා ජීවිතයම කැප කළ හෙයින් ජීවනෝපාය සඳහා වෙහෙසීමට අපහසුතාවක සිටින්නෝය. ඇතැම් වාර්තාවන්ට අනුව මොවුන් මස්ජිදුන් නබවියෙහි නබි මුහම්මද් තුමාණන්ගෙන් ඉගැනුම් කටයුතු වල යෙදී සිටී අස්හාබුස් සුෆ්ෆා නැමැති සහාබිවරුන් යැයි සඳහන් වී ඇත. මොවුන් කිසිදු ඉපැයීමක් නොමැති දුප්පතුන් වුවත් කිසිවෙකුගෙන් හෝ අතපෑමෙන් වැළකුණෝය. නාඳුනන කිසිවෙකු පැමිණියේ නම් මොවුන් පොහොසත් උදවිය යැයි සිතන තරමට මොවුන් තමන්ගේ අවශ්යතාවන් පෙන්නුම් නොකරමින් හැසිරුණෝය.
274

الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُم بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلَانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

කවරෙකු රාත්රියෙහි ද දහවලෙහි ද තමන්ගේ ධනය රහසිගතව හා ප්රසිද්ධියේ (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කරන්නේ ද ඔවුනට තම පරමාධිපති අබියස ඔවුන්ගේ වේතන ඇත. ඔවුනට බියක් නැත. තවද ඔවුහු දුක් නොවෙති.
275

الَّذِينَ يَأْكُلُونَ الرِّبَا لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطَانُ مِنَ الْمَسِّ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا إِنَّمَا الْبَيْعُ مِثْلُ الرِّبَا ۗ وَأَحَلَّ اللَّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا ۚ فَمَن جَاءَهُ مَوْعِظَةٌ مِّن رَّبِّهِ فَانتَهَىٰ فَلَهُ مَا سَلَفَ وَأَمْرُهُ إِلَى اللَّهِ ۖ وَمَنْ عَادَ فَأُولَـٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

පොලිය අනුභව කරන්නන්, ෂෙයිතාන් (තම) ස්පර්ශයෙන් කවරෙකුව උන්මාදයට පත් කරන්නේ ද එවැන්නෙකු නැගිටින්නා සේ මිස (මළවුන් නැගිටවනු ලබන දිනයේ) ඔවුහු නොනැගිටති. මෙ(ම දණ්ඩන)ය ‘අලෙවිය ද පොලිය මෙන්ම යැ’යි ඔවුහු ප්රකාශ කළ හේතුවෙනි. අල්ලාහ් අලෙවිය අනුමත කර තිබෙන අතර පොලිය තහනම් කර තිබේ. 183 කවරෙකු වෙත තම පරමාධිපතිගෙන් උපදෙසක් පැමිණ, (පොලියෙන්) වැළකෙන්නේ ද, එවිට පෙර වූ දෑ(පෙර ගත් පොලිය) ඔහුට අනුමතය. ඔහුගේ විෂය (පිළිබඳ විනිශ්චය) අල්ලාහ් වෙතය. කවරෙකු නැවත (පොලිය වෙත) යොමු වන්නේ ද, එවිට ඔවුන්ය (නිරා) ගින්නේ සගයින් වන්නේ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
183පොලිය හා සම්බන්ධව ඇති අල් කුර්ආන් ආයතයන් සියල්ල අධ්යයන කර බැලුවේ නම් එකල මත් පැන් පානයට ඇබ්බෙහි වූ ජන සමූහයාව අල්ලාහ් කෙලෙස ක්රමානුකූලව එය තහනම් කර එයින් මුදවා ගත්තේද එලෙසම පොලියෙහි ද ගිලී සිටි එම සමූහයාව ක්රමානුකූලව එය තහනම් කිරීම තුළින් මුදවා ගත් බව පැහැදිලි වනු ඇත. පළමුව අල් කුර්ආන් 30:39 හි අල්ලාහ් පොලිය අප්රසන්න දෙයක් බවත් එය අධිකත්වයක් ගෙන දෙන සේ බාහිරව පෙනුණද එය ඇත්තෙන්ම අල්ලාහ් අබියස කිසිදු අධිකත්වයක් හෝ අභිවෘදියක් ලබා නොදෙන්නක් බව සඳහන් කර ඇත. දෙවනුව අල් කුර්ආන් 4:161 හි පොලිය යුදෙව්වන්හට ද තහනම් වී තිබුණු බවත් එය පාපයක් බවත් සඳහන් වී ඇත. තෙවනුව අල් කුර්ආන් 3:130 හි පොලිය අනුභව කිරීම මුස්ලිම්වරුන්හට තරයේ තහනම් බව පැහැදිලිවම ප්රකාශ කර ඇත. සිව්වන පියවරක් ලෙස අල් කුර්ආන් 2:275 , 276 , 278 , 279 හි පොලිය තහනම් කිරීමේ නැණවත් බව, එයින් ඇති වන භෞතික හා ආත්මික විපාක සහ එහි නියැලෙන්නා කෙතරම් බරපතල දඬුවමට හා අල්ලාහ්ගේ කෝපයට ලක්වන්නේ ද යන්න සවිස්තරාත්මකව සඳහන් කර ඇත. යමෙකු පොලිය ලාභදායී ලෙස දැක එය තහනම් වී ඇත්තේ මන්දැයි ප්රශ්න කළ හැක. පළමුව පොලී ගනුදෙනුව අල්ලාහ් අල් කුර්ආනය මගින් තහනම් කර ඇත. එහෙයින් සෑම කෙනෙකුම පොලිය තහනම් වීමට හේතුව හෝ පොලියේ ඇති අසාධාරණ ලක්ෂණ හෝ සොයා ගැනීම අවශ්යය හෝ ප්රායෝගික නොවේ. කෙසේ වුවද පොලියේ නපුර අතීතයට වඩා නවීන යුගයෙහි ජාත්යන්තර මට්ටමින් ඇති වී තිබෙන්නා වූ ආර්ථික අර්බුදයෙන් හොඳින් පැහැදිලි වනු ඇත. පුද්ගලික පරිභෝජනයක් සඳහා පොලියට ගනු ලබන ණයක ඇති නපුර සීමා වන්නේ එම ණය ලබා ගන්නා පුද්ගලයාට පමණක් වන නමුත් වත්මන් යුගයෙහි රජයන් විසින් ජාත්යන්තරව ගනු ලබන මහාපරිමාණ ණය නිසා සමස්ත දේශයක ආර්ථීකයටම අහිතකර බලපෑම් ඇති වනු අප දකින්නෙමු.එවන් හේතූන් වලට විසඳුමක් වශයෙන් ඉස්ලාම් දහමට අනුගත කරුණු කාරණා අනුසාරයෙන් ඉස්ලාම් විද්වතුන් පොලී රහිත බැංකු ක්රමයක් හඳුන්වා දී තිබීම අපි දකින්නෙමු.
276

يَمْحَقُ اللَّهُ الرِّبَا وَيُرْبِي الصَّدَقَاتِ ۗ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ

අල්ලාහ් පොලිය විනාශ කරන්නේය. සදකාවන් වඩවන්නේය. තවද සෑම පාපතර වූ ප්රතික්ෂේපකයෙකුවම අල්ලාහ් ප්රිය නොකරන්නේය.
277

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

සැබැවින්ම කවුරුන් විශ්වාස කොට යහකම් කර සලාතය ස්ථාපිත කර zසකාතය පිරිනමන්නේ ද ඔවුනට ඔවුන්ගේ වේතනය ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත. තවද ඔවුනට (කිසිදු) බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් වන්නේ ද නැත.
278

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَذَرُوا مَا بَقِيَ مِنَ الرِّبَا إِن كُنتُم مُّؤْمِنِينَ

විශ්වාස කළවුනි, අල්ලාහ්ට බිය භක්තිමත් වවු. නුඹලා විශ්වාසිකයින් වශයෙන් සිටින්නේ නම් ඉතිරිව ඇති පොලිය අතහැර දමවු.
279

فَإِن لَّمْ تَفْعَلُوا فَأْذَنُوا بِحَرْبٍ مِّنَ اللَّهِ وَرَسُولِهِ ۖ وَإِن تُبْتُمْ فَلَكُمْ رُءُوسُ أَمْوَالِكُمْ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ

නමුත් නුඹලා (එසේ) නොකළේ නම් අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාගෙන් යුද ප්රකාශයක් ස්ථිර කර ගනිවු. තවද නුඹලා පශ්චාත්තාපයේ යෙදෙන්නේ නම් නුඹලාගේ මුල් මුදල නුඹලාට සතුය. නුඹලා අපරාධ නොකළ යුතු අතර නුඹලා ද අපරාධයට ලක් නොවෙති.
280

وَإِن كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلَىٰ مَيْسَرَةٍ ۚ وَأَن تَصَدَّقُوا خَيْرٌ لَّكُمْ ۖ إِن كُنتُمْ تَعْلَمُونَ

(ණය ගත්) කෙනෙකු දුෂ්කරතාවෙන් පසු වන්නෙකු නම්, එවිට (ආපසු ගෙවීමට) පහසුව ලබන තුරු කල් ලබා දීමක් ඇත. නුඹලා දැන සිටින්නේ නම්, නුඹලා (ඒවා) සදකාවන් වශයෙන් අත හැර දැමීම නුඹලාට ඉතා යහපතය.
281

وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللَّهِ ۖ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ

නුඹලා අල්ලාහ් වෙත නැවත යොමු කරවනු ලබන දිනයක් පිළිබඳව බිය භක්තිමත් වවු. පසුව (එදින) සෑම කෙනෙකුටම තමන් උපයා ගත් දෑ සඳහා ප්රතිවිපාක පූර්ණව පිරිනමනු ලබන්නේය. තවද ඔවුහු අපාරාධ කරනු නොලබති. 184
184අල් කුර්ආනයෙහි අවසානයට පහළ වූ ආයතය මෙම ආයතයයි.
282

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تَدَايَنتُم بِدَيْنٍ إِلَىٰ أَجَلٍ مُّسَمًّى فَاكْتُبُوهُ ۚ وَلْيَكْتُب بَّيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ ۚ وَلَا يَأْبَ كَاتِبٌ أَن يَكْتُبَ كَمَا عَلَّمَهُ اللَّهُ ۚ فَلْيَكْتُبْ وَلْيُمْلِلِ الَّذِي عَلَيْهِ الْحَقُّ وَلْيَتَّقِ اللَّهَ رَبَّهُ وَلَا يَبْخَسْ مِنْهُ شَيْئًا ۚ فَإِن كَانَ الَّذِي عَلَيْهِ الْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لَا يَسْتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ بِالْعَدْلِ ۚ وَاسْتَشْهِدُوا شَهِيدَيْنِ مِن رِّجَالِكُمْ ۖ فَإِن لَّمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَامْرَأَتَانِ مِمَّن تَرْضَوْنَ مِنَ الشُّهَدَاءِ أَن تَضِلَّ إِحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الْأُخْرَىٰ ۚ وَلَا يَأْبَ الشُّهَدَاءُ إِذَا مَا دُعُوا ۚ وَلَا تَسْأَمُوا أَن تَكْتُبُوهُ صَغِيرًا أَوْ كَبِيرًا إِلَىٰ أَجَلِهِ ۚ ذَٰلِكُمْ أَقْسَطُ عِندَ اللَّهِ وَأَقْوَمُ لِلشَّهَادَةِ وَأَدْنَىٰ أَلَّا تَرْتَابُوا ۖ إِلَّا أَن تَكُونَ تِجَارَةً حَاضِرَةً تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلَّا تَكْتُبُوهَا ۗ وَأَشْهِدُوا إِذَا تَبَايَعْتُمْ ۚ وَلَا يُضَارَّ كَاتِبٌ وَلَا شَهِيدٌ ۚ وَإِن تَفْعَلُوا فَإِنَّهُ فُسُوقٌ بِكُمْ ۗ وَاتَّقُوا اللَّهَ ۖ وَيُعَلِّمُكُمُ اللَّهُ ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

විශ්වාස කළවුනි, නුඹලා නියමිත කාලයකට ණයක් ගිවිස ගන්නේ නම් එය ලිඛිතව සටහන් කර ගනිවු. තවද ලියන්නා නුඹලා අතර යුක්ති සහගතව ලියා තැබිය යුතුය. අල්ලාහ් තමන්ට ඉගැන්වූ අයුරින් ලියන්නා ලිවීමට පසුබට නොවිය යුතුය. එහෙයින් ඔහු ලියා තැබිය යුතුය. තවද කවුරුන්හට වගකීම පැවරෙන්නේ ද (ණය ගැති) ඔහු (තම වගකීම පිළිබඳව කියවා) ලේඛනගත කරවිය යුතුය. ඔහු තම පරමාධිපති වන අල්ලාහ්ට බිය භක්තිමත් විය යුතුය. තවද (ලේඛනගත කර වීමේ දී) එයින්(ණය මුදලින්) කිසිවක් අඩු නොකළ යුතුය. තවද කවුරුන්හට වගකීම පැවරෙන්නේ ද (ණය ගැති) ඔහු අනවබෝධයෙන් හෝ දුර්වලතාවෙන් හෝ ලේඛනගත කරවීමට නොහැකියාවෙන් සිටින්නේ නම්, ඔහුගේ භාරකරු යුක්ති සහගත ලෙස ලේඛනගත කරවිය යුතුය. නුඹලාගේ පිරිමින්ගෙන් සාක්ෂිකරුවන් දෙදෙනෙකු සාක්ෂිය සඳහා පත් කර ගනිවු. පිරිමින් දෙදෙනෙකු නොවී නම් සාක්ෂිකරුවන් අතුරින් නුඹලාට තෘප්තිමත් විය හැකි පිරිමියෙක් හා ස්ත්රීන් දෙදෙනකු( විය යුතු)ය. 185 ඔවුන් දෙදෙනාගෙන් එක් තැනැත්තියකට වැරදීමක් ඇති වුවහොත් ඔවුන් දෙදෙනාගෙන් වූ අනෙක් තැනැත්තිය විසින් සිහි කර දෙනු පිණිසය. තවද (සාක්ෂිය සඳහා) කැඳවනු ලැබූ විට සාක්ෂිකරුවන් ප්රතික්ෂේප නොකළ යුතුය. (ණය ප්රමාණය) කුඩා වුවද විශාල වුවද එහි නියමිත කාලය තෙක් එය සටහන් කිරීමට නුඹලා උදාසීන නොවවු. එය අල්ලාහ් අබියස ඉතා සාධාරණීය ය. තවද සාක්ෂිය සඳහා ඉතා ප්රබලවත්ය. නුඹලා සැකයන් ඇති කර නොගැනීමට ඉතා සමීපය. නුඹලා අතර (අත්පිට මුදලට සිදු කරන) වත්මන් ව්යාපාරයක් මිස, එවිට එය නුඹලා ලියා නොතැබීම නුඹලාට වරදක් නැත. නුඹලා එකිනෙකා වෙළඳ ගනු දෙනු කර ගන්නේ නම් සාක්ෂීන් පත් කර ගනිවු. ලියන්නා සහ සාක්ෂිකරුවා කිසිදු අපහසුතාවට ලක් කරනු නොලැබිය යුතුය. එසේ නුඹලා කරන්නෙහු නම් සැබැවින්ම එය නුඹලා වෙත වූ පාපයකි. තවද අල්ලාහ්ට බිය භක්තිමත් වවු. අල්ලාහ් නුඹලාට උගන් වන්නේය. අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥය. 186
185වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 4 වන සූරාවෙහි හැඳින්වීම බලන්න.
186අල් කුර්ආනයෙහි දීර්ඝතම ආයතය මෙයයි.
283

وَإِن كُنتُمْ عَلَىٰ سَفَرٍ وَلَمْ تَجِدُوا كَاتِبًا فَرِهَانٌ مَّقْبُوضَةٌ ۖ فَإِنْ أَمِنَ بَعْضُكُم بَعْضًا فَلْيُؤَدِّ الَّذِي اؤْتُمِنَ أَمَانَتَهُ وَلْيَتَّقِ اللَّهَ رَبَّهُ ۗ وَلَا تَكْتُمُوا الشَّهَادَةَ ۚ وَمَن يَكْتُمْهَا فَإِنَّهُ آثِمٌ قَلْبُهُ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ

නුඹලා ගමනක යෙදී සිටිය දී (ණයක් සඳහා) ලියන්නෙකු නොලැබුවහොත් අතමිට (සුරක්ෂිතභාවය සඳහා) උකසක් විය යුතුය. නුඹලාගෙන් සමහරෙකු සමහරෙකුව විශ්වාස කළේ නම් විශ්වාසය තබනු ලැබූ තැනැත්තා තම විශ්වාස වන්තභාවය ඉටු කළ යුතුය. තවද ඔහු තම පරමාධිපති වන අල්ලාහ්ට බිය භක්තිමත් විය යුතුය. නුඹලා සාක්ෂිය වසන් නොකරවු. කවරෙකු එය වසන් කරන්නේ ද එවිට සැබැවින්ම ඔහුගේ හදවත පවිටුය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්වඥය.
284

لِّلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَإِن تُبْدُوا مَا فِي أَنفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُم بِهِ اللَّهُ ۖ فَيَغْفِرُ لِمَن يَشَاءُ وَيُعَذِّبُ مَن يَشَاءُ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

අහස්හි ඇති දෑ හා මිහිතලයේ ඇති දෑ අල්ලාහ්ට පමණක් සතුය. නුඹලාගේ හදවත් තුළ ඇති දෑ නුඹලා හෙළි කළ ද නැතහොත් එය නුඹලා සැඟවුව ද ඒ පිළිබඳව අල්ලාහ් නුඹලාගෙන් ප්රශ්න කරනු ඇත. ඔහු අභිමත කළ අයට සමාව දෙන්නේය. තවද ඔහු අභිමත කළ අයට දඬුවම් පමුණුවන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
285

آمَنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِ وَالْمُؤْمِنُونَ ۚ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّن رُّسُلِهِ ۚ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا ۖ غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ

රසූල්වරයා තමන්ගේ පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳව විශ්වාස කළේය. තවද මුඃමින්වරුන් ද (විශ්වාස කළෝය.) සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ මලක්වරුන්ව ද ඔහුගේ ධර්ම පුස්තකයන් ද ඔහුගේ රසූල්වරුන්ව ද විශ්වාස කළහ. ඔහුගේ රසූල්වරුන්ගෙන් කිසිවකු අතර අපි ප්රභේද නොදැක්වුයෙමු. තවද ‘අපි ශ්රවණය කළෙමු. අවනත වූවෙමු. අපගේ පරමාධිපතියාණනි, ඔබගේ සමාව (ඇයැදිමු). අවසානයේ යොමු වන ස්ථානය ඔබ වෙතමය’ (යැයි ඔවුහු පැවසුවෝය).
286

لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا ۚ لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ ۗ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِن نَّسِينَا أَوْ أَخْطَأْنَا ۚ رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِن قَبْلِنَا ۚ رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ ۖ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا ۚ أَنتَ مَوْلَانَا فَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාවන්ට අනුව මිස (කිසිවක්) නොපවරනු ඇත. එ(ම ආත්ම)යට එය (යහපතින්) උපයා ගත් දෑ සතුය. තවද එයට (පාපයෙන්) උපයා ගත් දෑ සතුය. “අපගේ පරමාධිපතියාණනි, අපට (නුඹ අණ කළා වූ යම් දෙයක්) අමතක වූයේ නම් හෝ අපට වැරදුනේ නම් හෝ (එයට වරදකරුවන් ලෙස) අපව ග්රහණය නොකරනු මැනව! අපගේ පරමාධිපතියාණනි, අපට පෙර සිටියවුන් මත (වගකීම් වලින් යුත්) බරක් පැටවුවාක් මෙන් අප මත බරක් නොපටවවු. තවද අපට (දරා ගැනීමට) ශක්තියක් නොමැති දෙයක් අප වෙත නොපටවනු මැනව! අපට (වරදට) සමාව දෙනු මැනව! අපට පාප ක්ෂමාව දෙනු මැනව! තවද අපට කරුණාව දක්වනු මැනව! ඔබමය අපගේ භාරකරු වන්නේ. එබැවින් ප්රතික්ෂේප කරන පිරිසට එරෙහිව අපට උපකාර කරනු මැනව! (යැයි පවසවු.)
آل عمرانමදීනී
1

الم

අලිෆ්. ලාම්. මීම්. 1
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
2

اللَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ

අල්ලාහ්, ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. (ඔහු) සදා ජීවමානය සර්ව පෝෂකය.
3

نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ التَّوْرَاةَ وَالْإِنجِيلَ

(නබිවරය,) සත්යයෙන් යුත් ධර්ම පුස්තකය(අල් කුර්ආනය) එයට පෙර ඇති දෑ(පෙර ධර්ම පුස්තකයන්) සත්යය කරවන්නක් ලෙස ඔහු(අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය. තවද මෙය( පහළ වීම)ට පෙර ජනයාට මග පෙන්වීමක් ලෙස තව්රාතය හා ඉන්ජීලය ඔහු පහළ කළේය. තවද ෆුර්කානය(සත්යය හා අසත්යය නිර්ණය කරන සංකල්පය) ද ඔහු පහළ කළේය. සැබැවින්ම අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළවුන් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත. අල්ලාහ් සර්ව බලසම්පන්නය ප්රතිදඬුවම් දෙන්නාය.
4

مِن قَبْلُ هُدًى لِّلنَّاسِ وَأَنزَلَ الْفُرْقَانَ ۗ إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ ۗ وَاللَّهُ عَزِيزٌ ذُو انتِقَامٍ

(නබිවරය,) සත්යයෙන් යුත් ධර්ම පුස්තකය(අල් කුර්ආනය) එයට පෙර ඇති දෑ(පෙර ධර්ම පුස්තකයන්) සත්යය කරවන්නක් ලෙස ඔහු(අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය. තවද මෙය( පහළ වීම)ට පෙර ජනයාට මග පෙන්වීමක් ලෙස තව්රාතය හා ඉන්ජීලය ඔහු පහළ කළේය. තවද ෆුර්කානය(සත්යය හා අසත්යය නිර්ණය කරන සංකල්පය) ද ඔහු පහළ කළේය. සැබැවින්ම අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළවුන් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත. අල්ලාහ් සර්ව බලසම්පන්නය ප්රතිදඬුවම් දෙන්නාය.
5

إِنَّ اللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَيْءٌ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ

සැබැවින්ම අල්ලාහ්, අහසෙහි හා මිහිතලයෙහි ඇති කිසිවක් ඔහුගෙන් නොසැඟ වේ.
6

هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الْأَرْحَامِ كَيْفَ يَشَاءُ ۚ لَا إِلَـٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ

තමන් අභිමත කරන අයුරින් නුඹලාව ගර්භාශයන්හි හැඩගස්වන්නේ ඔහුමය. 2 සර්ව බලසම්පන්න සර්ව ප්රඥාවන්ත වූ ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත.
2හැඳින්වීමේ සඳහන් පරිදි මෙම සූරාවෙහි ආරම්භක කොටස නජ්රාන් දෙසින් පැමිණි කිතුනුවන්ගේ තර්කයට පිළිතුරක් වශයෙන් මෙම ආයතය පහළ විය. ඔවුන්ගේ තර්කය වූයේ නබි ඊසා  තුමාණන් පියෙකු නොමැතිව බිහි වීම එතුමා දෙවියෙකු ලෙස සනාථ කරන බවය. එයට පිළිතුරක් වශයෙන් මෙහි මිනිසා මවනු ලබනුයේ අල්ලාහ් විසින් බව ද ඔහුගේ අභිමතය පරිදි මවගේ ගර්භාශයේ හැඩගස්වන බව ද සඳහන්ව ඇත. මිනිසා සාමාන්ය පරිදි පියෙකුගේ මාර්ගයෙන් බිහි වීම සම්බන්ධයෙන් හෝ අසාමාන්ය ලෙස පියෙකු නොමැතිව බිහි වීම සම්බන්ධයෙන් හෝ කිසිදු කරුණක් සඳහන් වී නොමැත. පියෙකු නොමැතිව සාමාන්ය මිනිසෙකු ලෙස නබි ඊසා  තුමාණන්ව එතුමාගේ මව් කුසෙහි සැකසුවේ සර්ව බලධාරී අල්ලාහ්ය.
7

هُوَ الَّذِي أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ ۖ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ ۗ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ

නුඹ වෙත ධර්ම පුස්තකය(අල් කුර්ආනය) පහළ කළේ ද ඔහුමය. එහි පැහැදිලි නිරවුල් වදන් ඇත. ඒවා ධර්ම පුස්තකයේ මාතෘ( වදන්)ය. සෙසු දෑ ගැටමුසු( වදන්)ය. තමන්ගේ හදවත්හි මුළාවක් ඇති අය එහි තුළ වූ ගැටමුසු දෑ(වදන්) අනුගමනය කරති. (මක්නිසාද යත්) විසංවාදය (ඇති කිරීමේ) අපේක්ෂාවෙන් ද එයට අර්ථ නිරූපණ කිරීමේ අපේක්ෂාවෙන් ද වේ. තවද එහි අර්ථ නිරූපණය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදන්නේය. තවද දැනුමෙහි ස්ථාවරව ස්ථාපිත වූවෝ “එය අපි විශ්වාස කළෙමු. සියල්ල අපගේ පරමාධිපති අබියසින්ය” යැයි පවසති. 3 නුවණැත්තන් හැර (අන් අය මෙයින්) උපදෙස් නොලබති.
3අල් කුර්ආනයේ අන්තර්ගත ඇතැම් විෂයන් මිනිස් බුද්ධියට වටහා ගැනීමට පහසු හා අපහසු යන දෙවර්ගයම ඇත. එහි ඇතැම් ප්රකාශයන් සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට සාමාන්ය මිනිස් බුද්ධියට නොහැකිය. එවැනි ප්රකාශයන් ‘මුතෂාබිහාත්’ (ගැටමුසු වදන්) යන නමින් හැඳින් වේ. අල්ලාහ්ගේ ඇතැම් විශේෂණයන් මීට උදාහරණ වශයෙන් ගත හැක. එනම් ‘අල්ලාහ් කතා කරන්නේය’ යනුවෙන් අල් කුර්ආනයේ සඳහන් වී ඇත. නමුත් අපට වටහා ගත හැක්කේ එම ක්රියාව පමණය. ඔහු කතා කරන්නේ කෙසේ ද? සාමාන්යය පරිදි දිවක් නොමැතිව කතා කළ හැක්කේ කෙසේ ද? කවර හඬකින් කතා කරන්නේ ද? යන්න ගැටලු සහගතය. මෙය මිනිසාගේ සාමාන්යය බුද්ධියට නොවැටහෙන බැවින් මෙවැනි ප්රකාශයන් කෙරෙහි ගත යුතු සාධාරණ නිගමනය හා නිවැරදි ක්රමය වනුයේ මෙය සඳහන් වී ඇති අයුරින්ම පිළිගැනීමය. මිනිසා තම සීමිත දැනුම භාවිත කරමින් එයට අර්ථ ගැන්වීම නුසුදුසුය. නබි ඊසා  තුමාණන්ගේ විෂයෙහි “මර්යම් වෙත ඔහු එය ආධානය කළේය. තවද (ඔහු) ඔහුගෙන් වූ ප්රාණය වේ.” ( 4:171 ) යන වාක්යයේ ‘ඔහුගෙන් වූ ප්රාණය’ යනු දෙවියන් යැයි අරුත ගැන්වීම හේතුවෙන් කිතුනුවන් තම ආගමික ඒක දේව වන්දනය යන විශ්වාසයේ ප්රතිපත්තියෙන් බැහැර වී, නබි ඊසා  තුමාණන් දෙවියන් බව හෝ දෙවියන්ගේ පුතනුවන් බව හෝ අල් කුර්ආනයෙහි සනාථ කර ඇත යන්නෙන් විශ්වාස කොට නොමග යෑම මීට කදිම නිදසුනක් වශයෙන් ගත හැක. එමෙන්ම අල් කුර්ආනයේ සඳහන් මිනිස් බුද්ධියෙන් පහසුවෙන් වටහා ගත හැකි ප්රකාශයන් ‘මුහ්කමාත්’(පැහැදිලි නිරවුල් වදන්) යන නමින් හැඳින් වේ.
8

رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً ۚ إِنَّكَ أَنتَ الْوَهَّابُ

“අපගේ පරමාධිපතියාණනි, ඔබ අපට (ඍජු) මග පෙන්වූවායින් පසුව අපගේ හදවත් ඔබ මුළාවට පත් නොකරනු මැනව! ඔබගෙන් වූ කරුණාව අප වෙත ප්රදානය කරනු මැනව! සැබැවින්ම ඔබමය පරම ප්රදායකයා වන්නේ.”
9

رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لَّا رَيْبَ فِيهِ ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ

“අපගේ පරමාධිපතියාණනි, දිනයක් සඳහා සැබැවින්ම ඔබ ජනයා එක්රැස් කරන්නාය. එ(ම විනිශ්චය දින)ය පිළිබඳව කිසිදු සැකයක් නොමැත. සැබැවින්ම අල්ලාහ් ප්රතිඥාව කඩ නොකරන්නේය.
10

إِنَّ الَّذِينَ كَفَرُوا لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُم مِّنَ اللَّهِ شَيْئًا ۖ وَأُولَـٰئِكَ هُمْ وَقُودُ النَّارِ

සැබැවින්ම ප්රතික්ෂේප කළවුන්, ඔවුන්ගේ ධනය ද ඔවුන්ගේ දරුවන් ද අල්ලාහ්ගෙන් වූ (දඬුවමින්) කිසිවකට (එරෙහිව) ඔවුනට ඵලක් ඇති නොකරන්නේමය. ඔවුන්මය (නිරා) ගින්නේ ඉන්ධන වන්නේ.
11

كَدَأْبِ آلِ فِرْعَوْنَ وَالَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا بِآيَاتِنَا فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ ۗ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ

(මොවුන්ගේ චරිතය) ෆිර්අවුන්ගේ පිරිසගේ හා ඔවුනට පෙරවූවන්ගේ චරිතය මෙනි. ඔවුන් අපගේ සංඥාවන් අසත්යය කළෝය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඔවුන්ව ග්රහණය කළේය. අල්ලාහ් දඬුවම් කිරීමෙහි දැඩිය.
12

قُل لِّلَّذِينَ كَفَرُوا سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَىٰ جَهَنَّمَ ۚ وَبِئْسَ الْمِهَادُ

(නබිවරය,) නුඹ ප්රතික්ෂේප කළවුන්ට පවසවු “නුඹලා යටපත් කරනු ලබන්නෙහුය. තවද නිරය වෙත එක්රැස් කරනු ලබන්නෙහුය. (එහි) යහන කෙතරම් නින්දනීය ද!”
13

قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا ۖ فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللَّهِ وَأُخْرَىٰ كَافِرَةٌ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ ۚ وَاللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَن يَشَاءُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِّأُولِي الْأَبْصَارِ

(බද්ර් සටන සඳහා) අභිමුඛ වූ දෙපිරිසෙහි නුඹලාට සැබැවින්ම සංඥාවක් ඇත. එක් පිරිසක් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්නෝය. අනෙක ප්රතික්ෂේපකයින්ය. ඔවුහු තමන්ව (විශ්වාසික) ඔවුන් මෙන් දෙගුණයක් ලෙස පියවි ඇසින් දකින්නෝය. අල්ලාහ් 4 ඔහුගේ උපකාරය මගින් තමන් අභිමත කරන්නන්ව ශක්තිමත් කරන්නේය. සැබැවින්ම දෘෂ්ටිය ඇත්තන්ට එහි ඉගෙනුමක් ඇත
44) 12 වැනි ආයතයේ “නුඹලා යටපත් කරනු ලබන්නෙහිය.” යනුවෙන් ප්රතික්ෂේපකයින්ට පවසනු ලැබීය. ඇතැම් දැන්වීම් වලට අනුව මෙය පවසනු ලැබුවේ ‘කයිනුකා’ යන යුදෙව් ගෝත්රයටය. මක් නිසාද යත් ඔවුන් බද්ර් සටනින් පසුව මුස්ලිම්වරුන්ට “මක්කාවෙහි විසූ ප්රතික්ෂේපකයින් සටන් කිරීමෙහි දුර්වලය. එබැවින් ඔවුන් මුස්ලිම්වරුන්ට පරාජය විය” යනුවෙන් පුරසාරම් දොඩවමින් සිටියෝය. තවද ඔවුන් “යුදෙව්වන් ප්රතික්ෂේපකයින්ට වඩා ඉතා එඩිතරය. ඔවුන් මුස්ලිම්වරුන් සමග සටන් වැදුණේ නම් නියතව ඔවුන් ජය ලබන්නෝය.” යනුවෙන් ද පුරසාරම් දොඩවමින් සිටියෝය. මෙම ආයතයෙන් අදහස් කරනුයේ ප්රතික්ෂේපකයින් මුස්ලිම්වරුන්ට වඩා ශක්තියෙන් හා සේනාංකයෙන් බලවත්ව සිටියද මුස්ලිම්වරුන් ඉදිරියේ පරාජය වූ බවය. තවද මුස්ලිම්වරුන් ජය ලැබීමට හේතු වූයේ අල්ලාහ්ගේ උපකාරයයි. යුදෙව්වන් ප්රතික්ෂේපකයින්ට වඩා බලවත්ව සිටියේ නම් ද මුස්ලිම්වරුන්ට අල්ලාහ්ගේ උපකාරය ඇති හෙයින් මුස්ලිම්වරුන් යුදෙව්වන්ව පරාජය කරන බව ද මෙම ආයතයෙන් අදහස් කෙරේ.
14

زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاءِ وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَيْلِ الْمُسَوَّمَةِ وَالْأَنْعَامِ وَالْحَرْثِ ۗ ذَٰلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَاللَّهُ عِندَهُ حُسْنُ الْمَآبِ

කාන්තාවන් ද පුතුන් ද රනින් හා රිදියෙන් රැස් කළ සංචිතයන් ද සන්නම් තබනු ලැබූ (ඉස්තරම්) අශ්වයින් ද පශු කුලයට අයත් සතුන් ද ගොවි බිම් (යනාදිය) අතුරින් දැඩි ආශාවෙන් ඇලුම් කරන දෑ ජනයාට අලංකාර කර පෙන්වනු ලැබීය. මෙය මෙලොව ජීවිතයේ වින්දනයයි. (නමුත්) නැවත යොමු වන ස්ථානයෙහි අලංකාරය අල්ලාහ් අබියසය.
15

قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍ مِّن ذَٰلِكُمْ ۚ لِلَّذِينَ اتَّقَوْا عِندَ رَبِّهِمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَأَزْوَاجٌ مُّطَهَّرَةٌ وَرِضْوَانٌ مِّنَ اللَّهِ ۗ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ

(නබිවරය,) “මෙ(ම වින්දන)යට වඩා යහපත් දැයක් නුඹලාට මා දැනුම් දෙන්නදැ?”යි නුඹ විමසවු. බිය භක්තිකයින්ට ඔවුන්ගේ පරමාධිපති අබියස (ස්වර්ග) උයන් ඇත. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. තවද (ඔවුනට) පාරිශුද්ධ කරන ලද සහකාරියන් වෙති. තවද අල්ලාහ්ගෙන් වූ තෘප්තිය ද ඇත. අල්ලාහ් ගැත්තන් පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.
16

الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ

(ඔවුහු) කවුරුන්ද යත් “අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම අපි විශ්වාස කළෙමු. එබැවින් අපට අපගේ පාපයන් ක්ෂමා කරනු මැනව! තවද (නිරා) ගින්නේ දඬුවමින් අපව ආරක්ෂා කරනු මැනවැ!”යි පවසන්නන්ය.
17

الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ

තවද (ඔවුහු) ඉවසිලිවන්තයින් ද සත්යවන්තයින් ද ශ්රද්ධාවන්තයින් ද (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කරන්නන් ද ‘සහර්’ වේලාවෙහි 5 පාප ක්ෂමාව ඇයැදි සිටින්නන් ද වෙති.
5‘සහර්’ වේලාව යනු අලුයමට පෙර ඇති කාලයයි.
18

شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ ۚ لَا إِلَـٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ

අල්ලාහ්, තමන් හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැති බව සාධාරණත්වය ස්ථාපිත කරන්නෙකු වූ තත්ත්වයේ සාක්ෂි දරන්නේය. තවද මලක්වරුන් ද දැනුම ඇත්තවුන් ද (සාක්ෂි දරන්නෝය). සර්ව බලසම්පන්න, සර්ව ප්රඥාවන්ත වූ ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත.
19

إِنَّ الدِّينَ عِندَ اللَّهِ الْإِسْلَامُ ۗ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِن بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۗ وَمَن يَكْفُرْ بِآيَاتِ اللَّهِ فَإِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ

සැබැවින්ම අල්ලාහ් අබියස (පිළිගත්) දහම වන්නේ ඉස්ලාමයයි. තවද ධර්ම පුස්තකය දෙනු ලැබූ අය, දැනුම ඔවුන් වෙත පැමිණි පසුවද ඔවුනතර ඊර්ෂ්යාව හේතුවෙන් මිස (එහි) මතභේද ඇති කර නොගත්හ. අල්ලාහ්ගේ වදන් කවරෙකු ප්රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින්ම අල්ලාහ් ගණනය(විනිශ්චය) කිරීමෙහි ශීඝ්රය.
20

فَإِنْ حَاجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلَّهِ وَمَنِ اتَّبَعَنِ ۗ وَقُل لِّلَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْأُمِّيِّينَ أَأَسْلَمْتُمْ ۚ فَإِنْ أَسْلَمُوا فَقَدِ اهْتَدَوا ۖ وَّإِن تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ ۗ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ

එවිට (නබිවරය,) නුඹ සමග ඔවුහු තර්ක කළේ නම් “මාගේ මුහුණ අල්ලාහ්( වෙත)ට අවනත කළෙමි. තවද මා අනුගමනය කළවුන් ද(මෙලෙසම කළෝය).” යැයි නුඹ (ඔවුනට) පවසවු. තවද “නුඹලා අවනත වූවෙහිදැ?”යි ධර්ම පුස්තකය දෙනු ලැබූවන්ගෙන් ද උම්මිවරුන්ගෙන් 6 ද නුඹ විමසවු. (එසේ) ඔවුන් අවනත වූයේ නම් ඔවුහු යහමග ලැබුවෝය. තවද ඔවුහු පිටුපෑවේ නම් එවිට සැබැවින්ම නුඹ කෙරෙහි (වගකීම) වන්නේ (දේව පණිවිඩය) දැන්වීම පමණය. අල්ලාහ් ගැත්තන් පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.
6‘උම්මිවරුන්’(අකුරු නොදන්නන්) යන වචනය මෙහි භාවිත වී ඇත්තේ මක්කාවෙහි ප්රතික්ෂේපකයන්ටය. මන්දයත් ඔවුන්ට අනුගමනය කිරීම සඳහා කිසිදු ධර්ම පුස්තකයක් නොවීය.
21

إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الَّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ

සැබැවින්ම අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළවුන් ද (කිසිදු) යුක්තියකින් තොරව නබිවරුන්ව ඝාතනය කළවුන් ද ජනයින් අතුරින් සාධාරණත්වය විධානය කළවුන්ව ඝාතනය කළවුන් ද, ඔවුන්( සියල්ලන්)ට වේදනීය දඬුවමක් පිළිබඳව නුඹ ශුභාරංචි පවසවු.
22

أُولَـٰئِكَ الَّذِينَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَا لَهُم مِّن نَّاصِرِينَ

ඔවුන්මය මෙලොවෙහි හා මතු ලොවෙහි තම ක්රියාවන් නිෂ්ඵල වූවෝ. තවද ඔවුනට උදව්කරුවන්ගෙන් කිසිවෙකු නැත.
23

أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِّنَ الْكِتَابِ يُدْعَوْنَ إِلَىٰ كِتَابِ اللَّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌ مِّنْهُمْ وَهُم مُّعْرِضُونَ

(තව්රාත් නම්) ධර්ම පුස්තකයෙන් කොටසක් දෙනු ලැබූ අයව නුඹ නොදුටුවෙහි ද? ඔවුන් අතර තීන්දු ගැනීම පිණිස අල්ලාහ්ගේ ධර්ම පුස්තකය වෙත ඔවුන්ව කැඳවනු ලැබුවෝය. පසුව ඔවුන්ගෙන් පිරිසක් (එය) පිටුපාන්නන්ව හැරී ගියෝය.
24

ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لَن تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَّعْدُودَاتٍ ۖ وَغَرَّهُمْ فِي دِينِهِم مَّا كَانُوا يَفْتَرُونَ

එය (මක්නිසාදයත්) “නියමිත දින ගණනකට මිස (නිරා) ගින්න අපව ස්පර්ශ නොකරන්නේම යැ”යි ඔවුහු පැවසූ හෙයිනි. තවද ඔවුන් (බොරු) ගොතමින් සිටි දෑ ඔවුන්ගේ දහම විෂයෙහි ඔවුන්ව රවටා දැමීය.
25

فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لَّا رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ

කිසිදු සැකයක් නොමැති (විනිශ්චය) දිනයක් සඳහා අප ඔවුන්ව එක්රැස් කරන විට (ඔවුන්ගේ තත්ත්වය) කෙසේ වෙත් ද? තවද සෑම කෙනෙකුටම තමන් උපයා ගත් දෑ සඳහා ප්රතිවිපාක පූර්ණව දෙනු ලබන්නේය. තවද ඔවුහු අපාරාධ කරනු නොලබති.
26

قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَن تَشَاءُ وَتَنزِعُ الْمُلْكَ مِمَّن تَشَاءُ وَتُعِزُّ مَن تَشَاءُ وَتُذِلُّ مَن تَشَاءُ ۖ بِيَدِكَ الْخَيْرُ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

(නබිවරය,) නුඹ පවසවු. “අල්ලාහ්! සර්ව රාජ්යයේ අධිපතියාණනි, ඔබ අභිමත කළ අයට රාජ්යය ලබා දෙන්නෙහිය. ඔබ අභිමත කළ අයගෙන් රාජ්යය ඉවත් කරන්නෙහිය. තවද ඔබ අභිමත කළ අයට ගෞරවය පිරිනමන්නෙහිය. තවද ඔබ අභිමත කළ අයව අවමන් කරන්නෙහිය. (සියලු) යහපත ඔබ සතුය. සැබැවින්ම ඔබ සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
27

تُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ ۖ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ ۖ وَتَرْزُقُ مَن تَشَاءُ بِغَيْرِ حِسَابٍ

ඔබ රාත්රිය දහවලෙහි ඇතුළු කරවන්නේය. තවද දහවල රාත්රියෙහි ඇතුළු කරවන්නේය. ඔබ මළ දැයින් ජීවී දෑ පිට කරන්නේය. තවද ජීවී දැයින් මළ දෑ පිට කරන්නේය. තවද ඔබ අභිමත කරන්නන්ට (කිසිදු) ගණනයකින් තොරව (ජීවන) සම්පත් සපයන්නේය.”
28

لَّا يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِن دُونِ الْمُؤْمِنِينَ ۖ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ اللَّهِ فِي شَيْءٍ إِلَّا أَن تَتَّقُوا مِنْهُمْ تُقَاةً ۗ وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ ۗ وَإِلَى اللَّهِ الْمَصِيرُ

විශ්වාසිකයින්, විශ්වාසිකයින් හැර ප්රතික්ෂේපකයින්ව සමීප මිතුරන් ලෙස නොගත යුතුය. 7 තවද ආරක්ෂක උපායක් ලෙස ඔවුන්ගෙන් නුඹලා පූර්වාරක්ෂාව ලබා ගැනීමට මිස 8 කවරෙකු මෙලෙස කරන්නේ ද ඔහු අල්ලාහ්ගෙන් වූ (දහමෙහි) කිසිවකින් (හිමිකරුවෙකු) නොවන්නේය. අල්ලාහ් තමන් පිළිබඳව නුඹලාට අවවාද කරන්නේය. අවසානයෙහි යොමු වන ස්ථානය අල්ලාහ් වෙතය.
7මෙම අල් කුර්ආන් ආයතය පහළ වීමට සන්දර්භය වූයේ අන් ආගමිකයින් විසින් කුරිරු ලෙස මුස්ලිම්වරුන්ව මැරීමට හා දේපල හානි සිදු කිරීමට පැමිණි අවස්ථාවය. යුද තත්ත්වයකදී සතුරු කඳවුරේ අයෙකුව තම සමීප මිතුරෙකු, ආරක්ෂකයෙකු හෝ භාරකරුවෙකු ලෙස පත් කර ගන්නා, පෙළඹෙනුයේ සියදිවි හානි කර ගැනීමකටය. a)නමුත් ඉස්ලාමීය ඉගැන්වීම්හි අන් අය සමග ඇසුරුකම් පැවැත් වීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත් හතරක් ඇත. එනම්, (1) ආචාර සම්පන්න ඇසුර (මුදාරාත්) = මෙය පොදුවේ යහ ලෙසින් මෘදු ලෙසින්, සාමකාමීව සත්යවාදීව හැසිරීම වේ. ‘නිත්යවශයෙන් (ජනයා සමග) මෘදුභාවයෙන් හැසිරී කරන ලද විෂයක් ඉතා අලංකාර බවත් මෘදු භාවයෙන් තොරව හැසිරි කරන ලද විෂය ඉතා අවලස්සන බවත් නබි මුහම්මද්  තුමාණන් පවසා ඇත. (මූලාශ්රය : මුස්ලිම් : 6767). (2) සමානාත්මක ඇසුර (මුවාසාත්) = මෙය මිතුරුකමින් හා අන් අයට ප්රයෝජනයක් වන අයුරින් හැසිරීම සහ ඇතැම් අවස්ථාවන්හි මුදල්මය උපකාර කිරීමද වේ. “කවරෙකුගේ අසල්වැසියා තම හිංසා අපරාධවලින් ආරක්ෂාව නොලබන්නේද ඔහු සත්ය විශ්වාසිකයෙකු නොවේ.” යැයි නබි මුහම්මද්  තුමාණන් අල්ලාහ් මත දිවුරා පවසා ඇත. (මූලාශ්රය : තබරානි 8171).අල් කුර්ආනයේ වැකි වලට පළමු විවරණය වනුයේ අල් කුර් ආනයේම සෙසු වැකි වන හෙයින් අල් කුර්ආන් 60:8 යන වැකිය තුලින් සාමාන්ය ජනයා සමඟ සමානාත්මකව ඇසුරුකම් කල යුතු බව විග්රහයක් වශයෙන් සෘජුව සඳහන් වී ඇත. (3) ව්යාපාරික ඇසුර (මුආමලාත්) = මෙය ගනුදෙනු හා ව්යාපාර වැනි මුදල්මය වැඩ කටයුතු වල යෙදීම වේ. නබි මුහම්මද්  තුමාණන් මුස්ලිම් නොවන කිතුනු, යුදෙව් හා පාරම්පරික දහම් ඇදහූ පිරිස සමග විවිධ ආකාරයේ මුල්යමය සම්බන්ධතාවන් පවත්වාගෙන සිටි බවට විවිධ ඓතිහාසික සාක්ෂි ඉදිරිපත් කළ හැක. මින් වැදගත් සාක්ෂියක් වන්නේ නබි මුහම්මද්  තුමාණන් මරණයට පත්වන විට එතුමාගේ ලෝහමය යුද ආරක්ෂක ඇඳුම තම පවුලේ සාමාජිකයින්ගේ ආහාර අවශ්යතාවන් සඳහා යුදෙව් ජාතිකයෙකුගේ වගකීමේ ඇපයට තබා ණයට ආහාර ලබා තිබීමයි. (මූලාශ්රය : බුහාරි 2069). (4) ස්වීකරණීය ඇසුර (මුවාලාත්) = කෙනෙකුට තම ආගමික මූල ධර්මයන් හා තම ආගමික සංස්කෘතියෙහි වෙනසක් හෝ හානියක් ඇති වන තරමට තවත් කෙනෙකුගේ සංස්කෘතියෙන් බලපෑමක් ඇති වන අන්දමින් ඔහු සමග සමීප ඇසුරුකම් පැවැත්වීම හෝ යුදබිමේ දී මුස්ලිම්වරුන්ට විරුද්ධකම් කරන පිරිස සමග ඇසුරුකම් පැවැත් වීම මින් අදහස් වේ.අල් කුර් ආන් 60:9 යන වැකිය තුළින් මෙම පිරිස පිළිබඳව සෘජුව සඳහන් වී ඇත. ඉහත ආයතයෙන් ඇසුරුකම තහනම් කොට ඇත්තේ මෙම හතර වන ප්රභේදයට අයත් පිරිස සමග පමණය. එය නොවන අනෙකුත් වර්ගයේ පොදු ඇසුරුකම් පැවැත්වීම මෙවැනි ආයතයන් වලින් අදහස් නොකෙරෙන අතර එවන් ඇසුරුකම් පැවැත්වීම ඉස්ලාමයෙහි ප්රියජනක ක්රියාවක් වන බව ඉස්ලාමීය ඓතිහාසික සාධකයන් තුළින් පැහැදිලිවම සනාථ වී ඇත. යම් සමූහයක් තම ආගමික මූල ධර්මයන්, චාරිත්ර හා සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා උත්සුක වන්නේ නම් එය අපවාදයට ලක් විය යුතු කරුණක් නොවේ. මන්දයත් සියලු සංස්කෘතිකයින් සඳහා ජාත්යන්තර මට්ටමෙන් පිළිගනු ලබන උරුමයන් අතුරින් තම සංස්කෘතිය ආරක්ෂා කිරීමේ උරුමය ද වේ. එහෙයින් මෙම ආයතය තුළින් අදහස් කෙරෙනුයේ මුස්ලිම් නොවන්නන් සමග විරුද්ධකම් පෑම නොවේ. එයට වෙනස්ව ‘මුස්ලිම්වරුන් බහු සංස්කෘතිකයින් සමග ඇසුරු කළද තම ධාර්මික සංස්කෘතිය ආරක්ෂා වන අන්දමින් ඇසුරුකම් පෑමට වග බලා ගත යුතුය’ යනනයි.
8මෙම ආයතයෙහි සන්දර්භය වනුයේ, නබි මුහම්මද්  තුමාණන්ගේ සගයෙකු වූ අම්මාර්  තුමාණන් හා එතුමාගේ දෙමාපියන් යාසිර්  තුමාණන් හා සුමෛයා  තුමිය හා බැඳුනු කථාවස්තුවයි. ඔවුන් ඉස්ලාමය වැළඳ ගැනීම හේතුවෙන් මක්කාවේ විසූ ඉස්ලාම් විරෝධීන් විසින් ඔවුන්ව කුරිරු වධ හිංසා වලට ලක් කොට මරණයට පත් කරන ලදී. මෙවන් පීඩාකාරී තත්ත්වයකට පත්ව සිටි අම්මාර්  තුමාව දිනක් ඉස්ලාම් විරෝධීන් විසින් මරණ තර්ජන ඉදිරිපත් කරමින් ඉස්ලාමය හා නබි මුහම්මද්  තුමාණන්ව ප්රතික්ෂේප කළ බව පවසන්නට බල කරනු ලැබීය. මෙලෙස තදබල අයුරින් බලපෑම් වලට ලක් වූ අම්මාර්  තුමා කිසිවක් කරකියා ගන්නට නොහැකි තත්ත්වයක් තුළ සිතේ විශ්වාසය ශක්තිමත්ව තබා ගනිමින් ඉස්ලාම් විරෝධීන්ගේ ඉල්ලීමට අනුව එසේ ප්රකාශ කළහ. ඉන්පසුව ඔහු ඉතා දැඩි සිත් තැවුලකට පත් වී නබි මුහම්මද්  තුමාණන් හමු වූ අවස්ථාවේ අම්මාර්  තුමාව නිදොස් කරමින් ඉහත ආයතය පහළ කරන ලදී. ඉහතින් විස්තර කරන ලද පරිදි ජීවිත තර්ජන එල්ල වන ආකාරයේ බරපතළ අයුරින් බලපෑම් සිදු වූ විට පමණක් ආත්ම ආරක්ෂාව සඳහා තම ආගමික විශ්වාසය පිළිබඳව සිතේ ඇති සත්යය තත්ත්වයට පටහැනි අයුරින් අදහස් ප්රකාශ කිරීමට අවස්ථාවක් ඇති අතර ඉන් බැහැරව වංචනික හා ප්රෝඩාකාරී අයුරින් අසත්යවාදීව ක්රියා කිරීමට ඉස්ලාමීය ඉගැන්වීම්හි කිසිදු අනුමැතියක් නොමැත. මෙවන් කුරිරු අවස්ථාවන් වලදී “තමා මුස්ලිම් භක්තිකයෙකු නොවේ” යැයි මුවින් පවසා හෝ තමාව ආරක්ෂා කර ගැනීමේ අනුමැතියට ‘තකියියා’ යැයි පවසනු ලැබේ. අහ්ලුස් සුන්නා වල් ජමාආවරුන්ගේ මතයට අනුව හුදෙක් මෙම නීතිය යම් අනුමැතියක් පමණක් වන අතර ඉස්ලාමීය ඉගැන්වීම් තුළින් දිරිගන්වන්නා වූ හෝ පින් ලබන්නා වූ හෝ ඉස්ලාමයේ ප්රධාන මූල ධර්මයක් හෝ නොවන්නේය. තවද මෙම අනුමැතියෙහි පරමාර්ථය වන්නේ තමාගේ ආරක්ෂාව පමණක් මිස අපරාධකරුවා කෙතරම් කුරිරු පුද්ගලයෙකු වුව ද එම අපරාධකරුවා නොමග යැවීම හා රැවටීම නොවේ. ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය තුළ වුවද තම ආත්ම හා ධන ආරක්ෂාව සඳහා විරුද්ධවාදියාට පහර දීමට වුවද අනුමැතියක් ඇත. මෙවන් ඉගැන්වීම තුළින් අප ඉතා ආඩම්බර වන කරුණක් නම් ලොවේ ජීවත් වන සෑම මිනිසෙකුටම තමන් මුහුණ දෙන්නා වූ සෑම අවස්ථාවකදීම හැසිරිය යුතු අන්දම හා විසඳුම් ඉස්ලාමය තුළින් පෙන්වා දී තිබීමයි. තවද නූතන අපරාධ විද්යාව හා අනුකූලතාවක් ඇති ඉගැන්වීම් දැනට වර්ෂ 1400 කට පෙර පහළ කරන ලද අල් කුර්ආනයෙහි අන්තර්ගත වී තිබීම සැබැවින්ම එහි ඉගැන්වීම්හි ඇති සදාතනික හා යාවත්කාලීන බව සනාථ කිරීමක් ලෙස අපි දකින්නෙමු.
29

قُلْ إِن تُخْفُوا مَا فِي صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ اللَّهُ ۗ وَيَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

(නබිවරය,) “නුඹලාගේ හදවත්හි නුඹලා කුමක් සැඟවුවද නැතහොත් එය නුඹලා හෙළි කළද එය අල්ලාහ් දන්නේය.” යැයි නුඹ පවසවු. අහස්හි ඇති දෑ ද මිහිතලයෙහි ඇති දෑ ද ඔහු දන්නේය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
30

يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَيْرٍ مُّحْضَرًا وَمَا عَمِلَتْ مِن سُوءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا ۗ وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ ۗ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ

සෑම ආත්මයක්ම යහපත් දැයින් තමන් කළ දෑ ද අයහපත් දැයින් තමන් කළ දෑ ද ඉදිරිපත් කරන්නක් ලෙස ලබා ගන්නා (විනිශ්චය) දින ඔහු හා එය(අයහපත) අතර දීර්ඝ දුරක් තිබිය යුතු යැයි එ(ම ආත්ම)ය පි්රය කරයි. අල්ලාහ් තමන් පිළිබඳව නුඹලාට අවවාද කරන්නේය. අල්ලාහ් ගැත්තන් පිළිබඳව දයානුකම්පිතය
31

قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

(නබිවරය, ප්රතික්ෂේපකයින්ට) නුඹ පවසවු. “නුඹලා අල්ලාහ්ව ප්රිය කරන්නන්ව සිටියේ නම් මා අනුගමනය කරවු. (එවිට) අල්ලාහ් නුඹලාව ප්රිය කරන්නේය. තවද නුඹලාගේ පාපයන්ට නුඹලාට සමාව දෙන්නේය. අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.”
32

قُلْ أَطِيعُوا اللَّهَ وَالرَّسُولَ ۖ فَإِن تَوَلَّوْا فَإِنَّ اللَّهَ لَا يُحِبُّ الْكَافِرِينَ

(නබිවරය,) නුඹ පවසවු. “අල්ලාහ්ට හා රසූල්වරයාට නුඹලා අවනත වවු. තවද නුඹලා පිටුපාන්නේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් ප්රතික්ෂේපකයින්ව ප්රිය නොකරන්නේය.”
33

إِنَّ اللَّهَ اصْطَفَىٰ آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ

සැබැවින්ම අල්ලාහ් ආදම්ව ද නූහ්ව ද ඉබ්රාහීම්ගේ පරපුර ද ඉම්රාන්ගේ පරපුර ද ලෝක වාසීන්ට වඩා (ඉහළින්) තෝරා ගත්තේය.
34

ذُرِّيَّةً بَعْضُهَا مِن بَعْضٍ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ

එයින් සමහරුන් තවත් සමහරුන්ගෙන් (පැවත එන) පරපුරක් වශයෙනි. අල්ලාහ් සර්ව ශ්රාවකය සර්වඥය.
35

إِذْ قَالَتِ امْرَأَتُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّي ۖ إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ

ඉම්රාන්ගේ බිරිය 9 (ගැබ් ගත් කල්හි) “මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම මාගේ කුස තුළ ඇති දෑ ඔබ වෙනුවෙන්ම (ඔබගේ මෙහෙය සඳහා) සම්පූර්ණයෙන්ම යෙදවීමට මම භාර කරමි. මාගෙන් (මෙම භාරය) පිළිගනු මැනව! සැබැවින්ම ඔබමය සර්ව ශ්රාවක සර්වඥ වන්නේ.” යැයි පැවසූ අවස්ථාව (නබිවරය, නුඹ සිහිපත් කරවු.)
9ඇතැම් ඉගැන්වීම් වලට අනුව ඉම්රාන් තුමාණන් පලස්තීනයේ පිහිටි අල් අක්සා යන මස්ජිදයේ නැමදුම් මෙහෙය වන්නාය. ඔහුගේ භාර්යාව හන්නා නම් ස්ත්රියයි. ඇය මර්යම් තුමියගේ මව වූ අතර නබි ඊසා  තුමාණන්ගේ මිත්තණිය විය. ඇයගේ සහෝදරිය වූයේ නබි zසකරිය්යා  තුමාණන්ගේ භාර්යාව හා නබි යහ්යා  තුමාණන්ගේ මව වන ඉලීසා තුමිය යි. හන්නා තුමිය ආරම්භයේ වඳ ස්ති්රයක් ලෙස සිටියද පසුව ඇය ගැබ් ගත්තාය. එම අවස්ථාවේ දී ඇය කළ ඇයැදීම මෙම ආයතයේ අල්ලාහ් සඳහන් කර ඇත.
36

فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنثَىٰ وَاللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالْأُنثَىٰ ۖ وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

එබැවින් ඇය එය ප්රසූත කළ අවස්ථාවේ “මාගේ පරමාධිපතියාණනි, මම එය ගැහැනු දරුවකු ලෙස ප්රසූත කළෙමි” යැයි ඇය පැවසුවාය. තවද ඇය ප්රසූත කළ දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නාය. තවද පිරිමියෙකු කාන්තාවක මෙන් නොවන්නේය. 10 “සැබැවින්ම මම ඇයට මර්යම් යැයි නම් තැබුවෙමි. තවද ඇය හා ඇයගේ පරපුර පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් (ඇති වන හානියෙන්) ඔබගෙන් ආරාක්ෂාව පතන්නෙමි” (යැයි ද ඇය පැවසුවාය.)
10හන්නා තුමිය පිරිමි දරුවෙකු ආශා කළ ද ඇය ගැහැනු දරුවෙකු ප්රසූත කළාය. මෙම ගැහැනු දරුවා එනම් මර්යම් තුමිය, ඇය ආශා කළ පිරිමි දරුවෙකුව නොවූවද ඇය පිරිමි දරුවෙකුට වඩා උසස් ගුණාංගයන් ඇති ගැහැනු දරුවෙකු වූ බව අල් කුර්ආන් විවිරණකරුවන් මෙම ආයතයට අදහස් දක්වා ඇත.
37

فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا ۖ كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقًا ۖ قَالَ يَا مَرْيَمُ أَنَّىٰ لَكِ هَـٰذَا ۖ قَالَتْ هُوَ مِنْ عِندِ اللَّهِ ۖ إِنَّ اللَّهَ يَرْزُقُ مَن يَشَاءُ بِغَيْرِ حِسَابٍ

එබැවින් ඇයගේ පරමාධිපති ඇයව අලංකාර පිළිගැනීමකින් පිළිගත්තේය. ඇයව ඔහු අලංකාර වැඩීමකින් ඇති දැඩි කළේය. තවද ඔහු ඇයට zසකරිය්යාව භාරකරු ලෙස පත් කළේය. zසකරිය්යා ඇය වෙත පිවිසෙන සෑම විටම (ඇයගේ නැමදුම්) මැදිරියෙහි ඇය අබියස ආහාර දුටුවේය. 11 “අහෝ මර්යම්! නුඹට මේවා කොහෙන්දැ?”යි ඔහු විමසුවේය. “මේවා අල්ලාහ්ගෙන්ය. සැබැවින්ම අල්ලාහ් අභිමත කරන්නන්ට (කිසිදු) ගණනයකින් තොරව (ජීවන) සම්පත් සපයන්නේ යැ.”යි ඇය පැවසුවාය.
11ඇතැම් වාර්තාවන්ට අනුව ඇතැම් පලතුරු එහි අවාරයේදී මර්යම් තුමිය ලබමින් සිටි බව සඳහන් වී ඇත.
38

هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ ۖ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنكَ ذُرِّيَّةً طَيِّبَةً ۖ إِنَّكَ سَمِيعُ الدُّعَاءِ

එහි දී zසකරිය්යා තම පරමාධිපතිව ඇයැද “මාගේ පරමාධිපතියාණනි, ඔබ වෙතින් යහපත් පරපුරක් මට පිරිනමනු මැනව! 12 සැබැවින්ම ඔබ ඇයැදීම ශ්රවණය කරන්නා යැ”යි පැවසුවේය.
12අල් කුර්ආන් 19:4 හා 5 යන ආයතයන් වලට අනුව නබි zසකරිය්යා  තුමාණන් මහලු වියෙහි පසු වූයේය. තවද ඔහුගේ භාර්යාව වඳ ස්ති්රයකව සිටියාය. එසේ තිබිය දී මර්යම් තුමියට අවාරයේ ද නොයෙක් වර්ගයේ පලතුරු පැමිණීම ඔහු දැක මර්යම් තුමියට අවාරයේ පලතුරු දීමට අල්ලාහ්ට ශක්තියක් ඇත්නම් මට මාගේ මහලු වියේ ද අල්ලාහ්ට දරුවෙකු පිරිනැමිය හැකි යැයි ඔහු අවබෝධ කර අල්ලාහ්ගෙන් දරුවෙකු ඇයැදින්නට විය.
39

فَنَادَتْهُ الْمَلَائِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِينَ

පසුව ඔහු මස්ජිදයෙහි සලාතය (ස්ථාපිත) කරන්නෙකුව සිට ගෙන සිටිය දී “සැබැවින්ම අල්ලාහ්ගෙන් වූ වදනක් 13 සත්යය කරවන, නායකත්වය හොබ වන, (ස්තී්රන්ගෙන්) වැළකී සිටින, සැදැහැමියන්ගෙන් වූ නබිවරයකු වන යහ්යා (නම් දරුවා) පිළිබඳව අල්ලාහ් නුඹට ශුභාරංචි පවසන්නේ යැ”යි මලක්වරුන් ඔහුව අමතා පැවසුවෝය.
13මෙම ආයතයෙහි ‘අල්ලාහ්ගෙන් වූ වදනක්’ යනුවෙන් අදහස් කර ඇත්තේ නබි ඊසා  තුමාණන්වය. මන්දයත් ඔහු පියෙකු නොමැතිව අල්ලාහ්ගේ ‘කුන්’(වනු) යන වචනයෙන් බිහි වූවෙකි. තවද නබි යහ්යා  තුමාණන් නබි ඊසා  තුමාණන්ව සත්යය කරවන්නෙකුව සිටි හේතුවෙන් සත්යය කරන්නා ලෙස හදුන්වා ඇත.
40

قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ ۖ قَالَ كَذَٰلِكَ اللَّهُ يَفْعَلُ مَا يَشَاءُ

“මාගේ පරමාධිපතියාණනි, මා පිරිමි දරුවෙකු ලබන්නේ කෙසේද? වයෝවෘද්ධභාවය මා වෙත පැමිණ ඇත. තවද මාගේ බිරිය ද වඳය.” 14 යැයි ඔහු(zසකරිය්යා) පැවසුවේය. “මෙලෙසය අල්ලාහ්. ඔහු අභිමත කරන දෑ කරන්නේ යැ”යි ඔහු (මලක්වරයා) පැවසුවේය.
14නබි zසකරිය්යා  තුමාණන් මහලු වියෙහි සිටිය ද දරුවෙකු ලැබීමට ප්රාර්ථනා කළේය. නමුත් ඔහුගේ භාර්යාවට පිරිමි දරුවෙකු ලැබීමට නියමිත යැයි පැවසූ කල්හි ඇති වූ විස්මය හේතුවෙන් අල්ලාහ්ට තුති පුද කිරීම ප්රශ්නාර්ථයකින් ප්රකාශ කර ඇති අතර එය විශ්වාසයේ ඇති වූ අඩුපාඩුවකින් කළ ප්රකාශයක් නොවේ.
41

قَالَ رَبِّ اجْعَل لِّي آيَةً ۖ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَةَ أَيَّامٍ إِلَّا رَمْزًا ۗ وَاذْكُر رَّبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالْإِبْكَارِ

“මාගේ පරමාධිපතියාණනි, මා හට සංඥාවක් ඇති කරනු මැනවැ!”යි ඔහු පැවසුවේය. “නුඹගේ සංඥාව වන්නේ දින තුනක් ඉඟියෙන් මිස ජනයා සමග නුඹ කතා නොකිරීමය. 15 තවද නුඹගේ පරමාධිපතිව අධිකව මෙනෙහි කරවු. තවද සැඳෑවෙහි හා උදෑසන නුඹ පිවිතුරු කරවු” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
15නබි zසකරිය්යා  තුමාණන්ට තමන්ගේ භාර්යාවගේ කුස තුළ දරුවා ගැබ් ගන්නා නියමිත වේලාව දැන ගැනීමට අවශ්ය විය. එයට හේතුව එම මොහොතේ සිට ඔහුට අල්ලාහ්ව තුති පුද කළ හැකි හෙයිනි. මේ හේතුවෙන් ඔහු අල්ලාහ්ගෙන් තම භාර්යාව ගැබ් ගත් බවට සංඥාවක් ඉල්ලා සිටියේය. එම සංඥාව ලෙස ඇය ගැබ් ගත් අවස්ථාවේ සිට ඔහුට අන් අය සමග කතා කිරීමේ ශක්තිය නැති විය. නමුත් ඔහුට ඉඟියෙන් කතා කළ හැකි විය. තවද නිරතුරුවම ඔහු අල්ලාහ්ව මෙනෙහි කිරීමට ද පිවිතුරු කිරීමට ද හැකියාවක් ලැබුවේය.
42

وَإِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَىٰ نِسَاءِ الْعَالَمِينَ

“අහෝ මර්යම්! සැබැවින්ම අල්ලාහ් නුඹව තෝරා ගෙන ඇත. තවද නුඹව පවිත්ර කර ඇත. ලෝකවාසී කාන්තාවන්ට වඩා (ඉහළින්) ඔහු නුඹව තෝරා ගෙන ඇතැ”යි මලක්වරුන් පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
43

يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ

“අහෝ මර්යම්! නුඹගේ පරමාධිපතිට නුඹ අවනත වවු. තවද සුජූද් කරවු. තවද රුකූඃ කරන්නන් සමග රුකූඃ කරවු.
44

ذَٰلِكَ مِنْ أَنبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۚ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَامَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ

(නබිවරය,) මේවා ගුප්ත පුවත් අතුරින්ය. අපි එය නුඹට වහී(දේව පණිවිඩය) ලෙස පහළ කරන්නෙමු. මර්යම්ව ඔවුන්ගෙන් කවරෙකු භාර ගන්නේ දැ’යි ඔවුන් ඔවුන්ගේ පෑන් (මගින් සීට්ටු) දැමූ අවස්ථාවේදී නුඹ ඔවුන් අතර නොවීය. 16 තවද ඔවුන් තර්ක කරන අවස්ථාවේදී ද නුඹ ඔවුන් අතර නොවීය.
16මර්යම් තුමියගේ පියා ඇය ඉපදීමට පෙරම මිය ගියේය. එවිට ඇයගේ භාරකාරත්වය පිළිබඳව මතභේදයක් ඇති විය. අවසානයේ දී එය විසඳුමකට පැමිණියේ සීට්ටු දැමීම මගිනි. එය එක්තරා අන්දමක පෑන් මගින් සීට්ටු දැමීමේ ක්රමයකි. එයින් zසකරිය්යා  තුමාණන්ට ඇයගේ භාරකාරත්වය හිමි විය.
45

إِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِّنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ

“අහෝ මර්යම්! සැබැවින්ම අල්ලාහ් තමන්ගෙන් වූ වදනකින් 17 (බිහිවීමට නියමිත ඊසා නබිවරයා පිළිබඳව) නුඹට ශුභාරංචි පවසන්නේය. ඔහුගේ නාමය මසීහ් නම් මර්යම්ගේ පුත් ඊසා ය. (ඔහු) මෙලොවෙහි හා මතු ලොවෙහි ගෞරවයට පත් අයෙකු ලෙස හා (අල්ලාහ්ට) සමීපතයින්ගෙන් කෙනෙකු ලෙසය.” යැයි මලක්වරුන් පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
17මෙහි වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 3:39 ආයතයට අදාළ පාද සටහන බලන්න.
46

وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلًا وَمِنَ الصَّالِحِينَ

තවද ඔහු තොටිල්ලෙ(හි සිටි අවදියෙ)හි ද තරුණ වියේ ද ජනයා සමග කතා කරන්නේය. තවද සැදැහැමියන් අතුරින් (කෙනෙකු) ද වන්නේය. 18
18මෙහි අදහස් වන්නේ මර්යම් තුමිය කිසිදු පිරිමියෙකු ස්පර්ශ නොකළ කන්යාවක්ව සිටියද ඇය දරුවෙකු පිළිසිඳ ගැනීම පිළිබඳව ජනයා චෝදනා කළ අවස්ථාවේදී තොටිල්ලෙහි සිටි දරුවා ඊට පිළිතුරු සැපයීමයි. මෙහි සම්පූර්ණ කථාව සඳහා අල් කුර්ආන් 19:16-31 දක්වා ආයතයන් බලන්න.
47

قَالَتْ رَبِّ أَنَّىٰ يَكُونُ لِي وَلَدٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ ۖ قَالَ كَذَٰلِكِ اللَّهُ يَخْلُقُ مَا يَشَاءُ ۚ إِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ

“මාගේ පරමාධිපතියාණනි, කිසිදු පිරිමියෙකු මා ස්පර්ශ කර නොතිබිය දී මට කෙසේ නම් දරුවෙකු වේදැ?”යි ඇය පැවසුවාය. “මෙලෙසය අල්ලාහ්. ඔහු අභිමත කරන දෑ මවන්නේය. ඔහු යමක් තීරණය කළ විට ඔහු එයට ‘කුන් (වනු)’ යැයි පැවසූ වහාම එය සිදුවනු ඇතැ”යි ඔහු පැවසුවේය.
48

وَيُعَلِّمُهُ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالْإِنجِيلَ

ඔහු(අල්ලාහ්, පෙර රසූල්වරුන්ගේ) ධර්ම පුස්තකය(න්) ද ප්රඥාව ද තව්රාතය ද ඉන්ජීලය ද ඔහුට(ඊසාට) උගන්වන්නේය.
49

وَرَسُولًا إِلَىٰ بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ ۖ أَنِّي أَخْلُقُ لَكُم مِّنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللَّهِ ۖ وَأُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ وَأُحْيِي الْمَوْتَىٰ بِإِذْنِ اللَّهِ ۖ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

තවද ඉස්රාඊල්ගේ දරුවන්ට රසූල්වරයෙකු වශයෙන් ද (ඔහුව අල්ලාහ් පත් කරන්නේ)ය. “නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් රැගෙන සැබැවින්ම මම නුඹලා වෙත පැමිණියෙමි. තවද සැබැවින්ම මැටියෙන් පක්ෂියෙකුගේ හැඩය මෙන් (හැඩයක්) මම නුඹලාට නිර්මාණය කරන්නෙමි. පසුව මම එහි පිඹින්නෙමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් පක්ෂියෙකු වනු ඇත. තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් මම (උත්පත්තියෙන්ම) අන්ධ හා ලාදුරු රෝගීන් සුව කරන්නෙමි. තවද මළවුන්ට ප්රාණය ද දෙන්නෙමි. තවද නුඹලා අනුභව කරන දෑ ද නුඹලාගේ නිවෙස් වල නුඹලා රැස් කර තබන දෑ ද මම නුඹලාට දැනුම් දෙමි. නුඹලා විශ්වාසිකයින්ව සිටියේ නම් මෙහි සැබැවින්ම නුඹලාට සංඥාවක් ඇත.” (යැයි ඊසා පැවසුවේය.)
50

وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَلِأُحِلَّ لَكُم بَعْضَ الَّذِي حُرِّمَ عَلَيْكُمْ ۚ وَجِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

“තවද මට පෙර පැවති තව්රාතයෙන් වූ දෑ සත්ය කරවමින් ද නුඹලාහට තහනම් කරනු ලැබූ දැයින් සමහරක් නුඹලාට මම අනුමත කිරීමට ද (මම පැමිණ ඇත්තෙමි). තවද නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් රැගෙන මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එබැවින් නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද නුඹලා මට අවනත වවු.
51

إِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ ۗ هَـٰذَا صِرَاطٌ مُّسْتَقِيمٌ

සැබැවින්ම අල්ලාහ් මාගේ පරමාධිපති ද නුඹලාගේ පරමාධිපති ද වන්නේය. එබැවින් නුඹලා ඔහුට නැමදුම් කරවු. මෙය සෘජු මාර්ගය වේ.” (යැයි ද ඊසා පැවසුවේය.)
52

فَلَمَّا أَحَسَّ عِيسَىٰ مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنصَارِي إِلَى اللَّهِ ۖ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ اللَّهِ آمَنَّا بِاللَّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ

ඔවුන් අතුරින් ප්රතික්ෂේපිතභාවය ඊසාට හැඟුනු කල්හි ඔහු “අල්ලාහ්(ගේ දහම) වෙනුවෙන් මට උදව් කරන්නන් කවුරුන් දැ?”යි විමසූ අතර (ඊසාගේ) අනුගාමිකයින් “අපි අල්ලාහ්ගේ (දහමට) උදව්කරුවන් වෙමු. අපි අල්ලාහ්ව විශ්වාස කළෙමු. තවද අපි අවනත වන්නන් බවට (අල්ලාහ් අබියස) නුඹ සාක්ෂි දරවු” යැයි පැවසුවෝය.
53

رَبَّنَا آمَنَّا بِمَا أَنزَلْتَ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ

“අපගේ පරමාධිපතියාණනි, ඔබ පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. තවද අපි (මෙම) රසූල්වරයාව අනුගමනය කළෙමු. එබැවින් සාක්ෂි දරන්නන් සමග අපවද සටහන් කර ගනු මැනව!” (යැයි ද ඔවුහු පැවසුවෝය.)
54

وَمَكَرُوا وَمَكَرَ اللَّهُ ۖ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ

ඔවුහු(ඊසාගේ සතුරන්) කූට උපාය සැලසුම් කළෝය. අල්ලාහ් ද සැලසුම් කළේය. 19 අල්ලාහ් සැලසුම්කරුවන්ගෙන් අති ශ්රේෂ්ඨය.
19මින් අදහස් වන්නේ නබි ඊසා  තුමාණන්ගේ සතුරන් එතුමාව කුරුසයේ තබා ඇණ ගැසීමට කුමන්ත්රණ කළ ද අල්ලාහ්, එතුමන්ව අහස දෙසට ඔසවන්නට හා එතුමාණන්ව ඝාතනය කිරීමට සැලසුම් කළ අයෙකුට එතුමණන්ගේ ස්වරූපය දී ඔවුන්ගේ කූට උපාය නිෂ්ඵල කිරීමට සැලසුම් කිරීම බව අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි සඳහන් වී ඇත. මීළඟ ආයතයෙහි අල්ලාහ්ගේ සැලසුම පිළිබඳව පැහැදිලි වන්නේය. තවද මෙම ආයතය අරාබි වාගලංකාරයට අනුව ‘මුෂාකලා’ ගණයට අයත් ආයතයන් කිහිපයකින් එකකි. මුෂාකලා යනු “එක් විෂයක් යම් පාර්ශවයක් හා සම්බන්ධව සඳහන් වී ඇති අවස්ථාවක දී එම විෂය හා පාර්ශවය සැළකිල්ලට ගෙන එහි සැබෑ භාෂාමය අර්ථය හැර යථාර්ථයෙන් අර්ථවත් වන්නා වූ අරුත ගෙන ඒම වේ.” මෙම ආයතයෙහි “කූට උපාය සැලසුම් කිරීම” යන පදයට අදාළ අරාබි පදය වන “මක්ර්” යන පදය අරාබි වාගලංකාරයට අනුව අල්ලාහ් හා මැවුම යන දෙපාර්ශවයටම භාවිත වී තිබුණ ද දෙපාර්ශවයට දෙආකාරයක අරුත ගෙන දේ. එහෙයින් අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි ‘අල්ලාහ් ද කූට උපාය සැලසුම් කළේය’ යන පරිවර්තනයට ‘මුෂාකලා’ යන නීතිය අනුව ‘අල්ලාහ් ද සැලසුම් කළේය’ යැයි අරුත දක්වා ඇත.
55

إِذْ قَالَ اللَّهُ يَا عِيسَىٰ إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِينَ كَفَرُوا وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُوا إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۖ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

“අහෝ ඊසා! සැබැවින්ම මම නුඹව අත්පත් කරගන්නෙකු වෙමි. 20 තවද නුඹව මා වෙත ඔසවන්නෙකු වෙමි. තවද ප්රතික්ෂේප කළවුන්ගෙන් නුඹව පවිත්ර කරන්නෙකු ද වෙමි. තවද (මළවුන්) නැගිටුවනු ලබන දින දක්වා ප්රතික්ෂේප කළවුනට ඉහළින් නුඹව අනුගමනය කළවුන්ව පත් කරන්නෙකු වෙමි. පසුව මා වෙතමය නුඹලාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ. එවිට නුඹලා අතර කවර දෙයක් කෙරෙහි මතභේද ඇති කර ගනිමින් සිටියේ ද එම විෂයයෙහි නුඹලාට මම විනිශ්චය ලබා දෙන්නෙමි.” යැයි අල්ලාහ් පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
20මෙම ආයතයේ පරිවර්තනයෙහි සඳහන් වී ඇති ‘අත්පත් කරගන්නා’ යන්නෙහි අරාබි පදය වනුයේ ‘මුතවෆ්ෆී’ යන පදයයි. මෙය ‘තවෆ්ෆී’ යන මුල් පදයෙන් බෙදී ආ එකකි. මෙයට ඇතැම් පරිවර්තනයන්හි ‘ස්වභාවික මරණයට පත් කිරීම’ යැයි අර්ථකථනය කොට ඇත. මෙම පදයට මෙලෙස අර්ථකථනය කිරීම හෝ විග්රහ කිරීම වැරදි බව අවබෝධ කර ගත යුතුය. මන්දයත් අරාබි භාෂාවට අනුව මෙම පදයේ නිවැරදි අරුත වනුයේ ‘යම් දෙයක් පරිපූර්ණව අත්පත් කර ගැනීම’ යන්නය. තවද මෙම පදය තවත් අර්ථ දෙකකට ද වක්රව භාවිත වේ. එනම් ‘මරණයට පත් කිරීම’ හා ‘නින්ද ඇති කිරීම’ යන අර්ථයන්ය. එනමුත් අරාබි භාෂාමය නීතියට අනුව මෙම පදය තුළින් මෙම අර්ථයන් දෙකෙන් එකක් අදහස් කෙරෙන බවට යම් සාධකයක් එම වාක්යය තුළ තිබෙන විටෙක පමණක් මෙය මෙම අර්ථයන් වලට භාවිත කළ හැකිය. උදාහරණයක් ලෙස : “ආත්මාවන් මරණයට පත් වන මොහොතෙහි ඒවා අල්ලාහ් අත්පත් කර ගන්නේය.” ( 39:42 ) යන මෙම ආයතය ගෙන හැර දැක්විය හැක. මෙහි ‘අත්පත් කර ගන්නේය’ යනු ‘මරණයට පත් කරන්නේය’ යන්නය. මෙහි ‘තවෆ්ෆී’ යන පදය ‘මරණයට පත් කිරීම’ යන අර්ථයට භාවිත කර ඇත්තේ ‘ආත්මාවන් මරණයට පත් වන මොහොතෙහි’ යන අර්ථය ගෙන දෙන්නා වූ ‘හීන මව්තිහා’ යන අරාබි පදය සාධකයක් ලෙස ගෙනය. එම නිසා මෙහිදී එවැනි කිසිදු සාධකයක් නොමැති හෙයින් කිසිසේත්ම ‘මරණයට පත් කිරීම’ යන අරුත ගත නොහැකිය. a) අල් කුර්ආනයෙහි ‘මව්ත්(මරණය)’ යන පදයට විරුද්ධාර්ථ පදයක් වශයෙන් අල්ලාහ් භාවිත කර ඇත්තේ ‘හයාත්(ජීවය)’ යන පදයයි. මෙයට පටහැණිව අල් කුර්ආනයෙහි එක් වරක් හෝ ‘තවෆ්ෆී’ යන පදය කිසිදු සාධකයකින් තොරව ‘හයාත්’ යන පදයට විරුද්ධව භාවිත කර නොමැති බව අල් කුර්ආනය හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට පැහැදිලි වන කරුණකි. එබැවින් මෙම ආයතයෙහි ‘තවෆ්ෆී’ යන පදය ‘හයාත්’ යන පදයට විරුද්ධ පදයක් නොවන බවට මෙය තවත් එක් පැහැදිලි සාධකයකි. b) එමෙන්ම නබි ඊසා  තුමාණන් මරණයට පත් නොවූ බවද එතුමාණන් ප්රාණවත්ව අල්ලාහ් විසින් අත්පත් කරනු ලැබ ඔහු අබියසට ඔසවනු ලැබූ බවද එතුමාණන් තවමත් අහසෙහි ජීවමානව සිටින බව ද එතුමාණන් ලොව අවසන් දිනයට සමීපව නබිවරයෙකු වශයෙන් නොව නබි මුහම්මද්  තුමාණන්ගේ ප්රජාව වන මෙම ප්රජාවෙන් කෙනෙකු වශයෙන් ලොවට නැවත පහළ වන බව ද ඉන්පසුව එතුමාණන් කලක් ජීවත් වී ස්වභාවික මරණයට පත්වන බව ද සියලු මුස්ලිම් ප්රජාවගේ ඒකමතික විශ්වාසයයි. මන්දයත් නබි ඊසා  තුමාණන් ලොවට නැවත පැමිණෙන බව කිසිවෙකුට ප්රතික්ෂේප කළ නොහැකි ‘මුතවාතිර්’ ගණයට අයත් බොහෝ හදීසයන්හි සඳහන් වී තිබීමය. එපමණක් නොව එතුමාණන් තවමත් ජීවමානය. ඔහු අහසට ඔසවනු ලැබීය. තවද ලොව අවසන් දිනයට සමීපව ඔහු නැවත ලොවට පහළ වන බවට අල් කුර්ආනයෙහි 4:159 , 4:157-158 , 43:61 යන මෙම ආයතයන් ද පැහැදිලි සාධක වන්නේය. c) එබැවින් නබි ඊසා  තුමාණන් පිළිබඳව ඉහත සඳහන් ඉස්ලාමීය ප්රතිපත්තීන් පිළිනොගෙන ඒවාට පටහැණිව විශ්වාස කිරීම හා ‘මුතවෆ්ෆීක’ යන පදයට ‘නබි ඊසා  තුමාණන් එකල ජීවතුන් අතර සිට පසුව ස්වභාවික මරණයට පත් වී ඇත’ යැයි ද එම පදයට පෙර ඇති ‘රාෆිඋක ඉලෙයිය’ (නුඹව මා වෙත ඔසවන්නා වෙමි) යන පදයට ‘නුඹගේ තත්ත්වය උසස් කරන්නෙකු වෙමි’ යැයි ද විග්රහ කිරීම අහ්ලුස් සුන්නා වල් ජමාඅත්වරුන්ගේ ප්රතිපත්තියට පටහැණි වූවක් බව මුස්ලිම් ප්රජාවගේ ඒකමතික විශ්වාසයයි.
56

فَأَمَّا الَّذِينَ كَفَرُوا فَأُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَا لَهُم مِّن نَّاصِرِينَ

ප්රතික්ෂේප කළවුන් පිළිබඳව (සඳහන් කරන්නේ) නම්, මම(අල්ලාහ්) ඔවුනට මෙලොවෙහි හා මතු ලොවෙහි දැඩි දඬුවමකින් දඬුවම් කරන්නෙමි. තවද ඔවුනට උදව්කරුවන්ගෙන් කිසිවෙකු නැත.
57

وَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ ۗ وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ

විශ්වාස කර යහකම් කළවුන් පිළිබඳව (සඳහන් කරන්නේ) නම්, ඔවුන්ගේ වේතනයන් ඔහු(අල්ලාහ්) ඔවුනට පූර්ණ ලෙස පිරිනමන්නේය. අල්ලාහ් අපරාධකරුවන්ව පි්රිය නොකරන්නේය.
58

ذَٰلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ الْآيَاتِ وَالذِّكْرِ الْحَكِيمِ

(නබිවරය,) මෙ(ම ඊසාගේ වෘත්තාන්ත)ය (අපගේ) වදන් වලින් හා ප්රඥාවෙන් වූ උපදෙසින් අපි නුඹ වෙත පාරායනා කර පෙන්වන්නෙමු.
59

إِنَّ مَثَلَ عِيسَىٰ عِندَ اللَّهِ كَمَثَلِ آدَمَ ۖ خَلَقَهُ مِن تُرَابٍ ثُمَّ قَالَ لَهُ كُن فَيَكُونُ

සැබැවින්ම අල්ලාහ් අබියස ඊසාගේ උපමාව වන්නේ ආදම්ගේ උපමාව මෙන්ය. 21 ඔහු(අල්ලාහ්) පස් වලින් ඔහුව(ආදම්ව) මවා පසුව ඔහුට ‘කුන්(වනු)’ යැයි පැවසුවේය. එවිට ඔහු (මිනිසෙකු බවට පත්)වූයේය.
21නිසැකවම නබි ආදම්  තුමාණන් මවකු හා පියෙකු නොමැතිව බිහි වූවෙකි. නමුත් කිතුනුවන් ඔහුව දෙවියෙකු ලෙස විශ්වාස නොකළෝය. මෙය කෙනෙකු පියෙකු නොමැතිව බිහි වීම ඔහු දෙවි වරයෙකු යැයි අදහස් නොකෙරේ යන්නට පැහැදිලි සාධකයක් වේ.
60

الْحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُن مِّنَ الْمُمْتَرِينَ

(එම) සත්යය නුඹගේ පරමාධිපතිගෙන්ය. එබැවින් නුඹ (ඒ පිළිබඳව) සැක කරන්නන් අතුරින් (කෙනෙකු) නොවවු.
61

فَمَنْ حَاجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنفُسَنَا وَأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ

(නබිවරය,) නුඹ වෙත දැනුම පැමිණි පසුව ද ඒ පිළිබඳව කවරෙකු හෝ නුඹ සමග තර්ක කරන්නේ නම් නුඹ (ඔවුනට) “නුඹලා පැමිණෙවු, අපගේ පුතුන්ව හා නුඹලාගේ පුතුන්ව ද අපගේ ස්ත්රීන්ව හා නුඹලාගේ ස්ත්රීන්ව ද අපව හා නුඹලාව ද අප කැඳවා පසුව (අප සියල්ල) බැගෑපත්ව ප්රාර්ථනා කරමින් අසත්යවන්තයින්ට අල්ලාහ්ගේ ශාපය හිමි කර දෙමු.” යැයි පවසවු. 22
22නජ්රාන් දෙසින් පැමිණි කිතුනුවන්ට සත්යය පැහැදිලි වූ පසුවද ඉස්ලාමය වැලඳ ගැනීමට අදහසක් නොවීය. මෙම මොහොතේ මෙම ආයතය මගින් ඔවුන්ට ‘මුබාහලා’ කිරීමට අදහසක් ඉදිරිපත් කරන ලදි. ‘මුබාහලා’ යනු තර්ක කරන දෙපිරිසම එක් තැනකට රැස් වී ඔවුන් අතුරින් කවුරුන් අසත්යයෙහි සිටින්නේ ද ඔවුන්ට අල්ලාහ්ගේ ශාපය හා විනාශය ඇති වීමට අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීම වේ. දේව විශ්වාසය විෂයෙහි යම් තර්කයක් ඇති වූයේ නම් එහි අවසාන තීරණය මෙය වේ. සාමාන්යයෙන් මෙම ‘මුබාහලා’ සිදු වූයේ නම් අල්ලාහ් අසත්යයේ සිටින්නන්ව විනාශ කර දමන්නේමය. මෙම අදහස නජ්රාන් දෙසින් පැමිණි කිතුනුවන්ගේ නායකයා වන අබ්දුල්ලාහ් ඉබ්නු ෂුරහ්බීල්ට ඉදිරිපත් කළ කල්හි නබි මුහම්මද්  තුමාණන් ඔහුගේ පවුලේ අය සමග ‘මුබාහලා’ කිරීමට පැමිණියේය. නමුත් නජ්රාන් දෙසින් පැමිණි කිතුනුවන් එයට සහභාගීවීමට සූදානම් නොවූහ.
62

إِنَّ هَـٰذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ ۚ وَمَا مِنْ إِلَـٰهٍ إِلَّا اللَّهُ ۚ وَإِنَّ اللَّهَ لَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

සැබැවින්ම මෙයමය සත්යය වෘත්තාන්තය වන්නේ. තවද අල්ලාහ් හැර දෙවියන්ගෙන් (වෙනත්) කිසිවෙකු නොමැත. තවද සැබැවින්ම අල්ලාහ්මය අති බලසම්පන්න සර්ව ප්රඥාවන්ත වන්නේ.
63

فَإِن تَوَلَّوْا فَإِنَّ اللَّهَ عَلِيمٌ بِالْمُفْسِدِينَ

එබැවින් ඔවුන් පිටුපෑවේ නම් සැබැවින්ම අල්ලාහ් කලහකාරයින් පිළිබඳව සර්වඥය.
64

قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَىٰ كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا اللَّهَ وَلَا نُشْرِكَ بِهِ شَيْئًا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِّن دُونِ اللَّهِ ۚ فَإِن تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ

(නබිවරය, ඔවුනට) නුඹ පවසවු, “ධර්ම පුස්තකය ලත් ජනයිනි, නුඹලා අතර ද අප අතර ද වූ පොදු වදන වෙත නුඹලා පැමිණෙවු. එනම්, අල්ලාහ් හැර වෙනත් කෙනෙකු අපි නොනමදිමු. තවද ඔහුට කිසිවක් ආදේශ නොතබමු. තවද අපගෙන් වූ සමහරු (තවත්) සමහරුන්ව අල්ලාහ් හැර දෙවිවරුන් වශයෙන් නොගන්නෝය යන්නය.” තවද ඔවුන් පිටුපෑවේ නම්, එවිට නුඹලා (ඔවුන්ට) “සැබැවින්ම අප මුස්ලිම්වරුන් යනුවෙන් නුඹලා සාක්ෂි දරවු” යැයි පවසවු.
65

يَا أَهْلَ الْكِتَابِ لِمَ تُحَاجُّونَ فِي إِبْرَاهِيمَ وَمَا أُنزِلَتِ التَّوْرَاةُ وَالْإِنجِيلُ إِلَّا مِن بَعْدِهِ ۚ أَفَلَا تَعْقِلُونَ

“ධර්ම පුස්තකය ලත් ජනයිනි, තව්රාතය හා ඉන්ජීලය ඔහුගෙන්(ඉබ්රාහීම්ගෙන්) පසුව මිස පහළ කරනු නොලැබ තිබියදී ඉබ්රාහීම්ගේ විෂයෙහි නුඹලා තර්ක කර ගනුයේ මන්ද? 23 එබැවින් (මේ බව) නුඹලා අවබෝධ කර නොගන්නේද?
23ඇතැම් යුදෙව්වන් හා කිතුනුවන් නබි ඉබ්රාහීම්  තුමාණන් ඔවුන්ගේ දහමට අයත් කෙනෙකු යැයි තරයේ විශ්වාස කළහ. මෙම ආයතය පෙන්වා දෙන්නේ ඔවුන්ගේ දහම් දෙකම නබි ඉබ්රාහීම්  තුමාණන්ට බොහෝ කලකට පසු බිහි වූ දහම් යන්නය. එබැවින් නබි ඉබ්රාහීම්  තුමාණන් පිළිබඳව වූ ඔවුන්ගේ තර්කයෙහි ඔවුහු අසමත් වූහ.
66

هَا أَنتُمْ هَـٰؤُلَاءِ حَاجَجْتُمْ فِيمَا لَكُم بِهِ عِلْمٌ فَلِمَ تُحَاجُّونَ فِيمَا لَيْسَ لَكُم بِهِ عِلْمٌ ۚ وَاللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ

බලවු, නුඹලා කවුරුන්ද යත් නුඹලාට (ස්වල්ප) දැනුමක් ඇති (ඊසා පිළිබඳ වූ) විෂයයෙහි නුඹලා තර්ක කර ගත්තවුන්ය. 24 එබැවින් නුඹලාට දැනුමක් නොමැති (ඉබ්රාහීම් පිළිබඳ වූ) විෂයෙහි තර්ක කර ගනුයේ මන්ද? අල්ලාහ් (ඔහු පිළිබඳව) දන්නේය. තවද නුඹලා නොදන්නෙහුය.
24ඉන්ජීලයෙහි නබි ඊසා  තුමාණන් පියෙකු නොමැතිව බිහි වූ බව සඳහන් වී ඇත. නමුත් එහි කිසිදු සඳහනකින් තොරව එතුමන් අල්ලාහ්ගේ පුතණුවන් යැයි කිතුනුවන් මිත්යාමතිකව තර්ක කිරීම මින් අදහස් වේ.
67

مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلَا نَصْرَانِيًّا وَلَـٰكِن كَانَ حَنِيفًا مُّسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

ඉබ්රාහීම් යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු හෝ නොවීය. නමුත් ඔහු (ඍජු දහම වෙත) නැඹුරු වූ මුස්ලිම්වරයකු විය. තවද ආදේශකයින් අතුරින් ද (කෙනෙකු) නොවීය.
68

إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَـٰذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُوا ۗ وَاللَّهُ وَلِيُّ الْمُؤْمِنِينَ

සැබැවින්ම ජනයින්ගෙන් ඉබ්රාහීම්ට වඩාත් සමීපවූවන් වන්නේ (ඔහුගේ වකවානුවේ) ඔහුව අනුගමනය කළවුන් ද මෙම (මුහම්මද්) නබිවරයා ද (ඔහුගේ ප්රජාව අතුරින්) විශ්වාස කළවුන් ද වේ. තවද අල්ලාහ් විශ්වාසිකයින්ගේ භාරකරුවාය.
69

وَدَّت طَّائِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّا أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ

ධර්ම පුස්තකය ලත් ජනයින්ගෙන් පිරිසක් නුඹලාව නොමග යවන්නට පි්රය කරති. (නමුත්) ඔවුන් තමන්වම මිස (වෙනත් කිසිවෙකුව) නොමග නොයවති. තවද (ඒ බව) ඔවුහු නොහඟති.
70

يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَأَنتُمْ تَشْهَدُونَ

ධර්ම පුස්තකය ලත් ජනයිනි, නුඹලා (තව්රාතයෙහි මුහම්මද් පිළිබඳ සඳහන් දෑ) සාක්ෂි දරන්නන්ව සිටියදී අල්ලාහ්ගේ වදන් නුඹලා ප්රතික්ෂේප කරනුයේ මන් ද?
71

يَا أَهْلَ الْكِتَابِ لِمَ تَلْبِسُونَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُونَ الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ

ධර්ම පුස්තකය ලත් ජනයිනි, නුඹලා දැනුවත්ව සිටිය දී නුඹලා සත්යය සමග අසත්යය මිශ්ර කර සත්යය සඟවනුයේ මන් ද?
72

وَقَالَت طَّائِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ آمِنُوا بِالَّذِي أُنزِلَ عَلَى الَّذِينَ آمَنُوا وَجْهَ النَّهَارِ وَاكْفُرُوا آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ

ධර්ම පුස්තක ලත් ජනයින් අතුරින් පිරිසක් (ඔවුන්ගෙන් වූ තවත් පිරිසකට) “විශ්වාස කළ අයට පහළ කරනු ලැබූ දෑ(අල් කුර්ආනය) දහවලයේ ආරම්භයෙහි නුඹලා විශ්වාස කරවු. එ(ම දහවලයෙ)හි අවසානයෙහි නුඹලා (එය) ප්රතික්ෂේප කරවු. ඔවුන්(මුස්ලිම්වරුන් සත්ය දහමින්) නැවත හැරීමට හැක්කේයැ”යි පැවසුවෝය. 25
25මින් අදහස් වන්නේ යුදෙව්වන් පිරිසක් ඉස්ලාමය වැලඳගත් පසු නැවත එය ප්රතික්ෂේප කිරීම මගින් ඉස්ලාමය තුළ අඩුපාඩු අන්තර්ගත වී ඇති බවට ජනයින් සිතනු ඇත යැයි උපකල්පනය කළ අතර මෙමගින් මුස්ලිම්වරුන් ඉස්ලාමය අතහැර යෑමට එය පොලඹවන්නේය යැයි ද ඔවුහු අපේක්ෂා කළ සිද්ධියයි.
73

وَلَا تُؤْمِنُوا إِلَّا لِمَن تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ الْهُدَىٰ هُدَى اللَّهِ أَن يُؤْتَىٰ أَحَدٌ مِّثْلَ مَا أُوتِيتُمْ أَوْ يُحَاجُّوكُمْ عِندَ رَبِّكُمْ ۗ قُلْ إِنَّ الْفَضْلَ بِيَدِ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاءُ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ

තවද “නුඹලාගේ දහම අනුගමනය කරන අයව මිස “කිසිවකුට නුඹලාට දෙනු ලැබූ (දහමෙහි වූ) දෑ මෙන් දෙනු ලැබේ යැයි හෝ නුඹලාගේ පරමාධිපති අබියස නුඹලා සමග (මුස්ලිම්වරුන් වන) ඔවුන් තර්ක කර( ජය ලබ)නු ඇතැයි” නුඹලා විශ්වාස නොකරවු.” (යැයි ද පැවසුවෝය. එයට නබිවරය,) “සැබැවින්ම යහමග වන්නේ අල්ලාහ්ගේ මගය.” යැයි නුඹ පවසවු. (නබිවරය,) “සැබැවින්ම භාග්යය අල්ලාහ් සතුය. 26 ඔහු අභිමත කරන අයට එය දෙන්නේය. අල්ලාහ් සර්ව ව්යාපකය සර්වඥ යැ”යි නුඹ පවසවු.
26මෙම ආයතයේ ‘භාග්යය’ යන වචනය හා මීළඟ ආයතයේ ඇති ‘කරුණාව’ යන වචනය සඳහන් කරනුයේ නබිත්වය හා ධර්ම පුස්තකය පහළ වීමය. මෙහි අදහස නම් යුදෙව්වන් හා කිතුනුවන් ඉස්ලාමයට එරෙහි වන්නේ ඔවුන්ගෙන් නොව වෙනත් ප්රජාවකින් නබිවරයෙකු පැමිණීම හෝ ධර්ම පුස්තකයක් පහළ වීම පිළිබඳව ඇති වූ ඊර්ෂ්යාව හේතුවෙනි. නමුත් අල්ලාහ් ඔහු අභිමත කළ අයව තෝරා ගෙන ඔවුනට මෙම භාග්යය පිරිනැමුවේය.
74

يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاءُ ۗ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

තවද ඔහු(අල්ලාහ්) අභිමත කරන්නන්ව ඔහුගේ කරුණාව සඳහා විශේෂයෙන් තෝරා ගන්නේය. තවද අල්ලාහ් මහත් වූ වරප්රසාදයෙන් යුක්තය.
75

وَمِنْ أَهْلِ الْكِتَابِ مَنْ إِن تَأْمَنْهُ بِقِنطَارٍ يُؤَدِّهِ إِلَيْكَ وَمِنْهُم مَّنْ إِن تَأْمَنْهُ بِدِينَارٍ لَّا يُؤَدِّهِ إِلَيْكَ إِلَّا مَا دُمْتَ عَلَيْهِ قَائِمًا ۗ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لَيْسَ عَلَيْنَا فِي الْأُمِّيِّينَ سَبِيلٌ وَيَقُولُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ

නුඹ කෙනෙකුට (රනින් හා රිදියෙන් රැස් කළ) සංචිතයක් විශ්වාසයෙන් යුතුව පවරන්නේ නම් නුඹ වෙත එය නැවත භාර දෙන (ඇතැම්) අය ධර්ම පුස්තකය ලත් ජනයින් අතුරින් වෙති. තවද නුඹ කෙනෙකුට දීනාරයක්(රන් කාසියක්) විශ්වාසයෙන් යුතුව පවරන්නේ නම් නුඹ ඔහු මත නිරන්තරයෙන්ම (එය නැවත ලබා ගැනීමේ උත්සාහයක) නිරතවන්නෙකුව සිටියොත් මිස නුඹ වෙත එය නැවත භාර නොදෙන (ඇතැම්) අය ද ඔවුන් අතුරින් වෙති. එය (එසේ කරනුයේ) “උම්මිවරුන් 27 පිළිබඳව අප කෙරෙහි (වගකීම ඉටු කිරීමේ කිසිදු) මාර්ගයක් නොමැත” යැයි ඔවුහු පවසන හෙයිනි. තවද ඔවුහු දැනුවත්වම අල්ලාහ් කෙරෙහි අසත්යය පවසති.
27මෙම ආයතයේ ‘උම්මිවරුන්’ යන වචනයෙන් ඉස්රාඊල් නොවන්නන්ව අදහස් කෙරේ. යුදෙව්වන් හා ඇතැම් කිතුනුවන් ඉස්රාඊල් නොවන්නන්ගේ දේපළ තමන්ට පැහැර ගැනීමට අනුමත යැයි මිත්යා මතිකව විශ්වාස කළෝය. එබැවින් මෙම ආයතය අදහස් කරනුයේ උම්මිවරයෙකුගේ දේපල යුදෙව්වන්ට විශ්වාසයෙන් යුතුව පැවරූ කල්හි එම විශ්වාසය කඩ කිරීම ඔවුන් විකෘති කරගත් ඔවුන්ගේ දහමේ ඉගැන්වීමට අනුව වරදක් නොවන බවයි.
76

بَلَىٰ مَنْ أَوْفَىٰ بِعَهْدِهِ وَاتَّقَىٰ فَإِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ

එසේ(ඔවුන් සිතන අයුරින්) නොව, කවුරුන් (විශ්වාසයෙන් පවරන ලද දෑ නැවත භාර කිරීමේ) තම ගිවිසුම ඉටු කර අල්ලාහ්ට බිය භක්තිමත් වූයේ ද එවිට සැබැවින්ම අල්ලාහ් බිය භක්තිකයින්ව ප්රිය කරන්නේය.
77

إِنَّ الَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ اللَّهِ وَأَيْمَانِهِمْ ثَمَنًا قَلِيلًا أُولَـٰئِكَ لَا خَلَاقَ لَهُمْ فِي الْآخِرَةِ وَلَا يُكَلِّمُهُمُ اللَّهُ وَلَا يَنظُرُ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

සැබැවින්ම කවරෙකු අල්ලාහ්ගේ ගිවිසුම හා තමන්ගේ දිවුරුම් වෙනුවට සුළු වටිනාකමක් ගන්නේ ද ඔවුනට මතු ලොවෙහි කිසිදු කොටසක් නොමැත. තවද (මළවුන්) නැගිටුවනු ලබන දින අල්ලාහ් ඔවුන් සමග කථා නොකරන්නේය. තවද ඔවුන් දෙස නොබලන්නේය. තවද ඔවුන්ව පවිත්ර නොකරන්නේය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
78

وَإِنَّ مِنْهُمْ لَفَرِيقًا يَلْوُونَ أَلْسِنَتَهُم بِالْكِتَابِ لِتَحْسَبُوهُ مِنَ الْكِتَابِ وَمَا هُوَ مِنَ الْكِتَابِ وَيَقُولُونَ هُوَ مِنْ عِندِ اللَّهِ وَمَا هُوَ مِنْ عِندِ اللَّهِ وَيَقُولُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ

තවද සැබැවින්ම තමන්ගේ දිවවල් මගින් ධර්ම පුස්තකය වෙනස් කරන පිරිසක් ඔවුන් අතුරින්(ම) වෙති. (ඔවුන් වෙනස් කළ) එය ධර්ම පුස්තකයෙන් යැයි නුඹලා සිතීම පිණිස( මෙසේ වෙනස් කරන්නේ)ය. (නමුත්) එය ධර්ම පුස්තකයෙන් නොවේ. තවද මෙය අල්ලාහ් වෙතින් (තව්රාතයෙහි ඇති දෙයක්) යැයි ඔවුහු පවසති. (නමුත්) එය අල්ලාහ් වෙතින් නොවේ. තවද ඔවුහු දැනුවත්වම අල්ලාහ් කෙරෙහි අසත්යය පවසති.
79

مَا كَانَ لِبَشَرٍ أَن يُؤْتِيَهُ اللَّهُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُوا عِبَادًا لِّي مِن دُونِ اللَّهِ وَلَـٰكِن كُونُوا رَبَّانِيِّينَ بِمَا كُنتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنتُمْ تَدْرُسُونَ

(කිසිදු) මිනිසෙකුට අල්ලාහ් තමන්ට ධර්ම පුස්තකය ද ප්රඥාව ද නබිත්වය ද ලබා දී පසුව ඔහු ජනයාට “නුඹලා අල්ලාහ් හැර මාහට (නමදින) ගැත්තන් වවු” යැයි පැවසීමට (හැකියාවක්) නොවීය. එනමුත් “ධර්ම පුස්තකයෙන් නුඹලා උගන්වමින් සිටින දෑ හා නුඹලා ඉගෙන ගනිමින් සිටින දෑ මගින් නුඹලා රබ්බානිවරුන්(ආගමික විශාරදයින්) වවු.” (යැයි ඔහු පවසනු ඇත.)
80

وَلَا يَأْمُرَكُمْ أَن تَتَّخِذُوا الْمَلَائِكَةَ وَالنَّبِيِّينَ أَرْبَابًا ۗ أَيَأْمُرُكُم بِالْكُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ

තවද මලක්වරුන්ව හා නබිවරුන්ව නුඹලා දෙවිවරුන් ලෙස ගැනීමට නුඹලා වෙත ඔහු අණ කිරීමට ද (ඔහුට හැකියාවක්) නොවීය. නුඹලා මුස්ලිම්වරුන් වූ පසුවද ප්රතික්ෂේපය නුඹලාට ඔහු අණ කරන්නේ ද?
81

وَإِذْ أَخَذَ اللَّهُ مِيثَاقَ النَّبِيِّينَ لَمَا آتَيْتُكُم مِّن كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءَكُمْ رَسُولٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنصُرُنَّهُ ۚ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَىٰ ذَٰلِكُمْ إِصْرِي ۖ قَالُوا أَقْرَرْنَا ۚ قَالَ فَاشْهَدُوا وَأَنَا مَعَكُم مِّنَ الشَّاهِدِينَ

ධර්ම පුස්තකයෙන් හා ප්රඥාවෙන් නුඹලාට මා (යම්) දෙයක් ලබා දී පසුව නුඹලා සමග වූ එය සත්යය කරවන රසූල්වරයෙකු නුඹලා වෙත පැමිණ සැබැවින්ම නුඹලා ඔහුව විශ්වාස කළ යුතු යැයි ද ඔහුට උදව් කළ යුතු යැයි ද අල්ලාහ් නබිවරුන්ගෙන් ප්රතිඥාව ගත් අවස්ථාව, (සිහිපත් කරවු). “ඒ පිළිබඳව වූ මාගේ ප්රතිඥාව නුඹලා පිළිගෙන භාරගත්තෙහු දැ?”යි ඔහු(අල්ලාහ්) විමසුවේය. (එවිට) ඔවුහු(නබිවරුන්) “අපි (එය) පිළිගත්තෙමු” යැයි පැවසුවෝය. “එබැවින් නුඹලා සාක්ෂි දරවු. මම ද නුඹලා සමග සාක්ෂිකරුවන් අතුරින් (කෙනෙකු) වෙමි.” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
82

فَمَن تَوَلَّىٰ بَعْدَ ذَٰلِكَ فَأُولَـٰئِكَ هُمُ الْفَاسِقُونَ

(ජනයා අතුරින්) කවුරුන් එ(ම සාක්ෂි දැරීමේ ක්රියාවලි)යට පසුවද පිටුපෑවේද එවිට ඔවුහුමය පාපතරයින් වන්නේ.
83

أَفَغَيْرَ دِينِ اللَّهِ يَبْغُونَ وَلَهُ أَسْلَمَ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ

අහස්හි හා මිහිතලයෙහි ඇති (සියලු) දෑ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඔහුටම අවනත වී තිබිය දී අල්ලාහ්ගේ දහමින් තොර වූ (වෙනත්) දෙයක් ඔවුහු සොයන්නෝ ද? තවද ඔහු වෙතම ඔවුන් නැවත යොමු කරනු ලබන්නෝය.
84

قُلْ آمَنَّا بِاللَّهِ وَمَا أُنزِلَ عَلَيْنَا وَمَا أُنزِلَ عَلَىٰ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَالنَّبِيُّونَ مِن رَّبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ

(නබිවරය,) “අල්ලාහ්ව ද අප හට පහළ කරනු ලැබූ දෑ(අල් කුර්ආනය) ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් සහ අස්බාත්(යඃකූබ්ගේ පරපුර)ට පහළ කරනු ලැබූ දෑ ද මූසා, ඊසා හා (සෙසු) නබිවරුන්ට ඔවුන්ගේ පරමාධිපතිගෙන්(අල්ලාහ්ගෙන්) පිරිනමනු ලැබූ දෑ ද අපි විශ්වාස කළෙමු. ඔවුන්ගෙන් කිසිදු කෙනෙකු අතර වෙනසක් අපි නොකරන්නෙමු. තවද අපි ඔහුටම(අල්ලාහ්ටම) අවනත වන්නන් වෙමු” යැයි නුඹ පවසවු.
85

وَمَن يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ

ඉස්ලාම් නොවන (අන්) දහමක් කවරෙකු සොයන්නේද එය ඔහුගෙන් පිළිගනු නොලබන්නේමය 28 . තවද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින්ගෙන් (කෙනෙකු) වන්නේය.
28සර්ව බලධාරී අල්ලාහ් සර්ව ලෝ මවා පරිපාලනය කොට පරිපෝෂණය කොට මෙතරම් විශිෂ්ඨ දායාදයන් මිනිසාට දායාද කර තිබියදී, මිනිසා තම සැබෑ මැවුම්කරු පසෙකලා වෙනතකට යොමු වීම කිසිසේත්ම පිළිගත නොහැක්කකි. නිදසුනක් ලෙස තමන්ව ඇතිදැඩි කළ තම දෙමාපියන්ට අකීකරු වී ඔවුනට ද්රෝහී වෙමින් කටයුතු කරන පුතෙකුගේ ක්රියාව පිළිගත නොහැකි මෙන් ය. අල්ලාහ්ට අකීකරු වීම ඊටත් වඩා පිළිගත නොහැකි ක්රියාවකි. ඉස්ලාමය තුළින් මිනිසායේ බුද්ධියට සීමාවන අන්දමින් චින්තන නිදහස ලබා දී ඇත. මෙම මතය ඉස්ලාම් දහමට පමණක් සීමාවූවක් නොවන අතර අනෙකුත් දහම් තුළද මෙවැනිම මතයක් තිබෙන බව වටහා ගත යුතුයි. “නාහං භික්ඛවේ, එකධම්මම්පි සමනුපස්සාමි යං එවං මහාසාවජ්ජං: යථයිදං භික්ඛවේ මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨි පරමා භික්ඛවේ වජ්ජානීති” “මහණෙනි, මේ මිත්යා දෘෂ්ටිය යම් බඳු ද එසේ මහාසාවද්ය වූ අන් එකම ධර්මයෙකු දු මාගේ සර්වඥතාඥානයෙන් නොදකිමි. මිත්යා දෘෂ්ටිය වරදවල් අතුරෙන් සියල්ලට ම මහත් වරද වේයැ’යි තථාගතයන් වහන්සේ වදාළ සේක. (මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් රචිත “බෞද්ධයාගේ අත්පොත” 78 වැනි පිටුව)." මේ මිත්යා දෘෂ්ටිය වනාහි මහා සාවද්ය වූ අකුසල කර්මයකි. ඒ බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායෙහි මෙසේ දේශනා කොට ඇත. “මහණෙනි, මේ මිත්යා දෘෂ්ටිය තරම් මහා සාවද්ය වූ අන් එකද ධර්මයක්වත් මගේ බුදු ඇසින් මම නොදකිමි. එහෙයින් මේ මිත්යා දෘෂ්ටිය අතිශයින්ම බරපතළ වූ මහා වරදකි. අකුසලයකි යනුයි. සාමාන්යයෙන් මේ මිත්යා දෘෂ්ටිය නම් වූ අකුසල කර්මයෙහි යෙදුණු පුද්ගලයෙක් වේ නම්, ඔහුට මේ සසරින් එතෙර වීමට අවකාශයක් නැත්තේය. සතර අපා ආදියෙහි වෙසෙන සත්වයෝ පවා කල්ප විනාශය වන කල්හි ආභස්සර බ්රහ්ම ලෝකයෙහි උපදිති. එහෙත් නියත මිසදිටුවාට ඒ කාල සීමාවෙහි පිටසක්වළ එක්තරා අපායක දුක් විඳීමට සිදු වන්නේය”. (කර්මය හා විපාකය - 1 කාණ්ඩය 11 වැනි පිටුව - අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ) එහෙයින් මෙවන් කරුණු පිළිබඳ විශ්වීය සම්මතක් ඇති හෙයින් ආගමික ඉගැන්වීම් තුළ අනෙකාව හඳුනාගනිමින් අනෙකාගේ අදහසට ගරු කරමින් අවබෝධයෙන් ආගමික සංහිඳියාවක ජීවත් වීම ඉතා සුදුසුය.
86

كَيْفَ يَهْدِي اللَّهُ قَوْمًا كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُوا أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءَهُمُ الْبَيِّنَاتُ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

රසූල්වරයා සත්යයැ’යි සාක්ෂි දරා, ඔවුන් වෙත පැහැදිලි සාධකයන්ද පැමිණ, ඔවුන්ගේ විශ්වාසයෙන් පසුවද ප්රතික්ෂේප කළ පිරිසකට අල්ලාහ් යහමග පෙන්වන්නේ කෙසේද? අපරාධකාර පිරිසට අල්ලාහ් යහමග පෙන්වන්නේ නැත.
87

أُولَـٰئِكَ جَزَاؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ

ඔවුන් නම්, ඔවුන්ගේ විපාකය වන්නේ ඔවුන් කෙරෙහි වූ අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද (විශ්වාසික) මිනිසුන් සියල්ලන්ගේ ද ශාපයයි.
88

خَالِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنظَرُونَ

(ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. ඔවුන්ගෙන් දඬුවම සැහැල්ලු කරනු නොලැබේ. තවද ඔවුනට අවකාශයක් ද දෙනු නොලැබේ.
89

إِلَّا الَّذِينَ تَابُوا مِن بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

(එනමුත්) එයට පසුව තමන් පශ්චාත්තාපයේ නියැළී තමන් සංශෝධනය කර ගත්තන් හැරය. එවිට සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
90

إِنَّ الَّذِينَ كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ ثُمَّ ازْدَادُوا كُفْرًا لَّن تُقْبَلَ تَوْبَتُهُمْ وَأُولَـٰئِكَ هُمُ الضَّالُّونَ

සැබැවින්ම කවරෙකු තමන්ගේ විශ්වාසයෙන් පසු ප්රතික්ෂේප කර පසුව ප්රතික්ෂේපය වර්ධනය කර ගත්තේද ඔවුන්ගේ පශ්චාත්තාපය පිළිගනු නොලබන්නේමය. 29 තවද ඔවුහුමය (ඍජු මාර්ගයෙන්) මුළා වූවන් වන්නේ.
29ප්රතික්ෂේපයට පශ්චාත්තාප නොකර අනෙක් පාපයන් සඳහා පශ්චාත්තාපයේ නියැළුණේ නම් එම පශ්චාත්තාපය පිළිගනු නොලබන්නේය. නමුත් ඔහු ප්රතික්ෂේපය අතහැර ඉස්ලාමය වැලඳ ගත්තේ නම් ඔහුගෙන් පශ්චාත්තාපය පිළිගනු ලබන්නේය.
91

إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ الْأَرْضِ ذَهَبًا وَلَوِ افْتَدَىٰ بِهِ ۗ أُولَـٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ وَمَا لَهُم مِّن نَّاصِرِينَ

සැබැවින්ම කවරෙකු ප්රතික්ෂේප කර තවද තමන් ප්රතික්ෂේපකයින්ව සිටියදී මරණයට පත් වන්නේද ඔවුන්ගෙන් කෙනෙකු රනින් මිහිතලය පිරෙන්නට ඇති දෑ වන්දි වශයෙන් ඔහු එය ගෙවුවද එය පිළිගනු නොලබන්නේමය. ඔවුන්ටමය වේදනීය දඩුවමක් ඇත්තේ. තවද ඔවුනට උදව්කරුවන්ගෙන් කිසිවෙකු නැත.
92

لَن تَنَالُوا الْبِرَّ حَتَّىٰ تُنفِقُوا مِمَّا تُحِبُّونَ ۚ وَمَا تُنفِقُوا مِن شَيْءٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ

නුඹලා ප්රිය කරන දැයින් නුඹලා (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කරන තෙක් නුඹලා යහපත නොලබන්නේමය. තවද යම් දෙයකින් කුමක් නුඹලා වියදම් කරන්නේද සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳව සර්වඥය. 30
30මෙයට පෙර ආයතයන්හි ප්රතික්ෂේපකයින්ගේ දන්දීම් මතු ලොවෙහි ප්රයෝජන ඇති නොකරන බව සඳහන් වී ඇත. මෙම ආයතයේ සඳහන් වී ඇත්තේ විශ්වාසිකයින් තමන්ගේ බිය භක්තියේ උසස් තරාතිරම ලබා ගත යුතු නම් ඔවුන් ප්රිය කරන දැයින් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කළ යුතුය යන්නය. හදීසයක සඳහන් පරිදි මෙම ආයතය පහළ වූ අවස්ථාවේ සහාබිවරුන් ඔවුන් සතු පි්රයතම දේපළ දන්දීම පිණිස එකිනෙකා තරඟ කරමින් නබි මුහම්මද්  තුමාණන් වෙත පැමිණියහ.