පාරා 1

අලිෆ් ලාම් මීම්

81 පද්‍ය
📖පාරා

පාරා 1

අලිෆ් ලාම් මීම්81 පද්‍ය

الفاتحةමක්කී
1

بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ

සැමට කරුණාභරිත පරම කරුණාභරිත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.
2

الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

සියලු පැසසුම් සමස්ත විශ්වයේ 1 රබ් (පරමාධිපති) 2 වන අල්ලාහ් සතුය.
1මෙහි අන්තර්ගත අරාබි පදය නම් ‘ආලමීන්’ යන පදයයි. එම වචනයට සමස්ත විශ්වය හා එහි අන්තර්ගත සියලු නිර්මිත දෑ යන ආසන්න අර්ථය දෙනු ලැබූව ද මෙහි දී සමස්ත විශ්වය යනුවෙන් භාවිත කර ඇත්තෙමු.
2‘රබ්’ යන වචනයෙන් ‘විශ්වය මවා එය පරිපාලනය කොට පෝෂණය කොට රැකවරණය සපයා පවත්වාගෙන යන්නා’ යන අදහස ලබා දෙයි. මේ සඳහා කෙටියෙන් ‘පරමාධිපති’ යනුවෙන් මෙහි දී හඳුන්වා ඇත්තෙමු.
3

الرَّحْمَـٰنِ الرَّحِيمِ

සැමට කරුණාභරිත හා පරම කරුණාභරිත වූත්,
4

مَالِكِ يَوْمِ الدِّينِ

විපාක ප්රදාන දිනයේ අධිපති වූත් (අල්ලාහ්ටමය සියලු පැසසුම්).
5

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ

අපි ඔබවම පමණක් නමදින්නෙමු. ඔබගෙන්ම පමණක් උපකාර පතන්නෙමු.
6

اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ

අපව ඍජු මගට රැගෙන යනු මැනව!
7

صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ

(එය කෙසේද යත්) ඔබ කවුරුන් කෙරෙහි ආශිර්වාද කළෙහි ද 3 ඔවුන්ගේ මගයි. ඔබගේ උදහසට ලක්වූවන්ගේ හා වැරදි මාර්ගයෙහි ගියවුන්ගේ මග නොවේ.
3විස්තර සඳහා අල් කුර්ආන් 4:69 වන ආයතය බලන්න.
البقرةමදීනී
1

الم

අලිෆ් ලාම් මීම්. 1
1මෙය අරාබි අක්ෂරයන් තුනක්ය. මෙවැනි අක්ෂරයන් සූරාවන් 29ක ආරම්භයේ ඇති අතර එහි නිවැරදි අර්ථය අල්ලාහ් පමණක් දනී. මෙම අක්ෂරයන් අල් හුරූෆුල් මුකත්තආත් යනුවෙන් හැඳින් වේ. මෙහි අර්ථය අප නොදැන සිටීම අල්ලාහ් කෙරෙහි වූ විශ්වාසයට හෝ ඔහුට නැමදුම් කිරීමට කිසිදු බලපෑමක් ඇති නොකරයි.
2

ذَٰلِكَ الْكِتَابُ لَا رَيْبَ ۛ فِيهِ ۛ هُدًى لِّلْمُتَّقِينَ

මෙය ධර්ම පුස්තකයකි. එහි (කිසිදු) සැකයක් නොමැත. බිය භක්තිකයින්ට මග පෙන්වන්නකි.
3

الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ

ඔවුන් කවරහුද යත් ගුප්ත දෑ 2 විශ්වාස කරන, තවද සලාතය 3 ස්ථිරවම ඉටුකරන, තවද ඔවුනට අප දුන් දැයින් වියදම් කරන අය වෙති. 4
2පංචේන්ද්රියන්ට ගෝචර නොවන පාරභෞතික දෑ එනම් අල්ලාහ්, මලක්වරුන්(දේව දූතයින්), ස්වර්ගය හා නිරය වැනි දෑය.
3අල් කුර්ආනයේ සලාතය යන වචනය මුස්ලිම්වරුන් දෛනිකව පස් වේලක් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු නැමදුම පෙන්නුම් කරයි.
4එනම් zසකාතය වැනි අනිවාර්යය වන හා සදකා වැනි අනිවාර්යය නොවන සියලු පුන්යශීලී දන්දීම් මෙයින් අදහස් කෙරේ.
4

وَالَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَبِالْآخِرَةِ هُمْ يُوقِنُونَ

(නබිවරය,) තවද ඔවුන් නුඹට පහළ කරනු ලැබූ දෑ(අල් කුර්ආනය) හා නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ 5 විශ්වාස කරන අය ද වෙති. තවද ඔවුහු මතුලොව 6 පිළිබඳව තරයේ විශ්වාස කරති.
5එනම් නබි මුහම්මද් තුමාණන්ට පෙර පැමිණි රසූල්වරුන්ට පහළ කරන ලද තව්රාත් ඉන්ජීල් හා zසබූර් යන ධර්ම පුස්තක වේ. එම ධර්ම පුස්තක වර්තමානයේ විකෘති වීම් වලට භාජන වී ඇති අතර මින් අදහස් වන්නේ නිවැරදි හා සත්යය ධර්ම පුස්තකයන් පිළිබඳව පමණි. තවද මෙම ධර්ම පුස්තකයන් අතුරින් ඇතැම් ධර්ම පුස්තකයන් වෙනස් කරනු ලැබ ඇති බව අල් කුර්ආන් 4:46 හා 5:13 යන ආයතයන්හි ද සඳහන් වී ඇත.
6මෙහි මතුලොව යන වචනයට භාවිත වී ඇති අරාබි පදය වනුයේ අරාබි පදය වනුයේ ‘ اَلأَخِرَة(අල් ආහිරා)’ යන පදයය. එම පදයට මතුලොව හා අවසානයා යන අරුත ගෙන දේ. නමුත් මෙම ආයතයෙහි සඳහන් මෙම පදයට මතුලොව යන අර්ථය මිස වෙනත් කිසිදු අර්ථයක් දිය නොහැක.
5

أُولَـٰئِكَ عَلَىٰ هُدًى مِّن رَّبِّهِمْ ۖ وَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ

ඔවුහු තම පරමාධිපතිගේ මග පෙන්වීමෙහිය. තවද ඔවුහුමය ජය ලද්දෝ.
6

إِنَّ الَّذِينَ كَفَرُوا سَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ

(නබිවරය,) සැබැවින්ම ප්රතික්ෂේප කළවුන්, නුඹ ඔවුනට අවවාද කළ ද ඔවුනට අවවාද නොකළ ද ඔවුනට (එය) එක හා සමානය. ඔවුහු විශ්වාස නොකරති. 7
7අල් කුර්ආනය මග පෙන්වන ග්රන්ථයක් ලෙසින් හඳුන්වා දී පළමු ආයතයන් පහෙන් මුඃමින්වරුන් හෙවත් විශ්වාසිකයින්ගේ ගති ලක්ෂණ විග්රහ කොට ඇත. 6 හා 7 වැනි ආයතයන්ගෙන් කාෆිර්වරුන් හෙවත් ප්රතික්ෂේපකයින් ගැන ද 8 වැනි ආයතයේ සිට 20 දක්වා මුනාෆික්වරුන් හෙවත් ආත්ම වංචනිකයින්ගේ ගති ලක්ෂණ ද විග්රහ කොට ඇත.
7

خَتَمَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَعَلَىٰ سَمْعِهِمْ ۖ وَعَلَىٰ أَبْصَارِهِمْ غِشَاوَةٌ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

ඔවුන්ගේ හදවත් වලට ද ඔවුන්ගේ සවනට ද අල්ලාහ් මුද්රා තබා ඇත. 8 තවද ඔවුන්ගේ ඇස් වලට ද ආවරණයක් (යොදා) ඇත. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.
8මෙම ප්රකාශනය අල් කුර්ආනයේ 83:14 වැනි ආයතයේ ඉදිරිපත් කර ඇති අදහස ද පදනම් කර ගනිමින් අවබෝධ කර ගත යුතුය. එනම් ‘නොඑසේය. ඔවුන් උපයා ගත් ක්රියාවන්ගෙන් ඔවුන්ගේ හදවත් මල බැඳීමකින් ආවරණය විය.’ එනම් අල්ලාහ් විසින් මුද්රා තබනු ලැබ ඇත යන්නෙහි අර්ථය ‘තමන්ගේ ක්රියාවන්ගෙන් තමන් විසින්ම තමන්ගේ හදවත් මල බැඳීමකින් ආවරණය කර ගත්තාහ’ යන්නය. එබැවින් කෙනෙකුට අල්ලාහ් විසින් තමාගේ හදවත මුද්රා තබනු ලැබ ඇත යනුවෙන් අල්ලාහ්ගේ විෂයෙහි කිසිදු විරුද්ධත්වයක් ඇති කළ නොහැක.
8

وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ

“අපි අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද විශ්වාස කළෙමු” යැයි පවසන අය මිනිසුන් අතර සිටිති. (නමුත්) ඔවුහු විශ්වාසිකයින් නොවෙති. 9
9ආත්ම වංචනිකයින් පිළිබඳව මෙහි සඳහන් වී ඇත. ඔවුන් අල් කුර්ආනය සත්යය ලෙස පිළිගන්නා බව පැවසුව ද අභ්යන්තරයෙහි ඔවුන් එය ප්රතික්ෂේප කරති.
9

يُخَادِعُونَ اللَّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلَّا أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ

ඔවුහු අල්ලාහ්ට ද විශ්වාස කළවුන්ට ද වංචා කරති. (නමුත්) ඔවුහු තමන්ටම හැර වංචා නොකරන්නෝය. තවද ඔවුහු (මේ බව) නොහඟති.
10

فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللَّهُ مَرَضًا ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ

ඔවුන්ගේ හදවත් තුළ ව්යාධියක් ඇත. එබැවින් ඔවුනට (ඔවුන්ගේ) ව්යාධිය අල්ලාහ් අධික කළේය. තවද ඔවුන් බොරු පවසමින් සිටි හේතුවෙන් ඔවුනට වේදනාකාරී දඬුවමක් ඇත.
11

وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ

“මිහිතලයෙහි කලහකාරකම් නොකරවු” යැයි ඔවුන්ට පවසනු ලැබූ විට “සැබැවින්ම අපි සංශෝධකයින් වන්නෙමු” යැයි ඔවුහු පවසති.
12

أَلَا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَـٰكِن لَّا يَشْعُرُونَ

දැන ගනු. සැබැවින්ම කලහකරුවන් ඔවුන්මය. එනමුත් ඔවුහු (මේ බව) නොහඟති.
13

وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا كَمَا آمَنَ النَّاسُ قَالُوا أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاءُ ۗ أَلَا إِنَّهُمْ هُمُ السُّفَهَاءُ وَلَـٰكِن لَّا يَعْلَمُونَ

තවද “මිනිසුන් 10 විශ්වාස කළාක් මෙන් නුඹලා ද විශ්වාස කරවු” යැයි ඔවුනට පවසනු ලැබූ විට “(මෙම) අඥානයින් විශ්වාස කළාක් මෙන් අපි විශ්වාස කරන්නෙමු දැ?”යි ඔවුහු පවසති. දැන ගනු. සැබැවින්ම අඥානයින් ඔවුන්මය. එනමුත් ඔවුහු (ඒ බව) අවබෝධ කර නොගනිති.
10මෙහි මිනිසුන් යන පදයෙන් අදහස් කරනුයේ නබි මුහම්මද් තුමාණන්ගේ සගයින් වන සහාබිවරුන් යැයි අල් කුර්ආන් විශාරදයින් අදහස් දක්වති.
14

وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَىٰ شَيَاطِينِهِمْ قَالُوا إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِئُونَ

ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට “අපි ද විශ්වාස කළෙමු” යැයි පවසති. ඔවුහු තම ෂෙයිතාන්වරුන් 11 සමග තනිව රැස් වූ කල්හි “සැබැවින්ම අපි නුඹලා සමගය. අපි (විශ්වාසිකයින්ව) සමච්චල් කරන්නන්මය” යැයි පවසති.
11ෂෙයිතාන් යනු කලහකාරකම් කරන උඩඟුකම් ඇති මිනිසුන් හා ජින්වරුන් අතර සිටින්නන්ය. මෙහි දී සඳහන් කරනුයේ මිනිසුන් අතර සිටින කලහකාරී උදවියයි. එනම් එම ආත්ම වංචනිකයින්ගේ(මුනාෆික්වරුන්ගේ) ප්රධානීන් හා නායකයින් යන්න අදහස් කෙරෙයි.
15

اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ

(ඔවුන්ගේ සමච්චලයට විනිශ්චය දිනදී) අල්ලාහ් නිසි ප්රතිචාර සපයයි. 12 තවද ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි ව්යාකූල වූ තත්ත්වයේ ඔවුන්ව අතහැර දමයි.
12මෙම ආයතය අරාබි වාගලංකාරයට අනුව මුෂාකලා ගණයට අයත් ආයතයන් කිහිපයකින් එකකි. මුෂාකලා යනු “එක් විෂයක් යම් පාර්ශවයක් හා සම්බන්ධව සඳහන් වී ඇති අවස්ථාවක දී එම විෂය හා පාර්ශවය සැළකිල්ලට ගෙන එහි සැබෑ භාෂාමය අර්ථය හැර යථාර්ථයෙන් අර්ථවත් වන්නා වූ අරුත ගෙන ඒම වේ.” මෙම ආයතයෙහි “සමච්චල් කිරීම” යන පදයට අදාළ අරාබි පදය වන “ඉස්තිහ්zසා” යන පදය අරාබි වාගලංකාරයට අනුව අල්ලාහ් හා මැවුම යන දෙපාර්ශවයටම භාවිත වී තිබුණ ද දෙපාර්ශවයට දෙආකාරයක අරුත ගෙන දේ. එහෙයින් අල් කුර්ආන් විවරණ ග්රන්ථයන්හි අල්ලාහ් ඔවුන්ට සමච්චල් කරයි යන පරිවර්තනයට මුෂාකලා යන නීතිය අනුව ඔවුන්ගේ සමච්චලයට විනිශ්චය දිනදී අල්ලාහ් නිසි ප්රතිචාර සපයයි යැයි අරුත දැක් වේ.
16

أُولَـٰئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَىٰ فَمَا رَبِحَت تِّجَارَتُهُمْ وَمَا كَانُوا مُهْتَدِينَ

ඔවුහු යහමග වෙනුවට අයහමග මිල දී ගත්තෝ වෙති. එහෙයින් ඔවුන්ගේ ව්යාපාරය (ඔවුනට) ලාභදායී නොවීය. තවද ඔවුහු යහමග ලැබූවන් ද නොවෙති.
17

مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لَّا يُبْصِرُونَ

ඔවුන්ගේ උපමාව ගින්නක් මෙළවූවෙකුගේ උපමාව වැනිය. එය ඔහු වටා ඇති දෑ ආලෝකමත් කළ කල්හි අල්ලාහ් ඔවුන්ගේ (එම) ආලෝකය (නිවා) ඉවත් කර ඔවුන්ව අන්ධකාරයන්හි අත හැර දැමුවේය. (එබැවින් කිසිවක්) ඔවුහු නොදකිති. 13
13මෙහි ආත්ම වංචනිකයින්ට උපමාවක් ගෙන හැර පෙන්වා ඇත. ඔවුන් මෙලොවෙදී ආලෝකය නමින් අදහස් වන යහමග ලද්දන් මෙන් ජීවත් වුවද ඔවුන්ගේ වංචනිකභාවය හේතුවෙන් අල්ලාහ් එය නිවා දමන ලදී. එහෙයින් ඔවුන් එමගින් ලොව අවසන් දින විනිශ්චයහිදී කිසිදු යහපතක් නොලබති.
18

صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَرْجِعُونَ

(ඔවුහු සත්යය විෂයෙහි) බිහිරන්ය, ගොළුවන්ය, අන්ධයින්ය. ඔවුහු (යහමග දෙසට) ආපසු නොහැරෙති.
19

أَوْ كَصَيِّبٍ مِّنَ السَّمَاءِ فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصَابِعَهُمْ فِي آذَانِهِم مِّنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ ۚ وَاللَّهُ مُحِيطٌ بِالْكَافِرِينَ

නැතහොත් (ඔවුන්ගේ උපමාව) ගනාඳුරු, හෙණ සහ විදුලි කෙටීම් සහිත අහසින් (පහළ වන්නා) වූ වර්ෂාව(ට හසු වූවන්) වැනිය. 14 ඔවුහු හෙණ හඬ හේතුවෙන් මර බියෙන් තම ඇඟිලි තම කන් තුළ තෙරපා ගනිති. අල්ලාහ් ප්රතික්ෂේපකයින්ව සර්ව ප්රකාරයෙන් දැන සිටින්නෙකි.
14මෙම ආයතයෙහි සඳහන් ගනාඳුර යනු අල් කුර්ආනයෙහි සඳහන් විවිධ දඬුවම් හා අවවාදයන්ය. දෙවනුව හෙණ හා විදුලිය යනු අල් කුර්ආනයෙහි සඳහන් අල්ලාහ් පිළිබඳ පැහැදිළි සාධකයන්ය. තෙවනුව වර්ෂාව යනු අල් කුර්ආනයයි.
20

يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ ۖ كُلَّمَا أَضَاءَ لَهُم مَّشَوْا فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُوا ۚ وَلَوْ شَاءَ اللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

විදුලි කෙටීම ඔවුන්ගේ දෘෂ්ටීන් ඩැහැ ගැනීමට තරම්ය. 15 එය ඔවුනට ආලෝකය විහිදුවන සෑම විටම ඔවුහු එ(ම ආලෝකයෙ)හි ඇවිදිති. තවද එය ඔවුන් කෙරෙහි අඳුර ඇති කළ විට ඔවුහු (නිසලව) නැවතී සිටිති. තවද අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන්ගේ ශ්රවණ ද ඔවුන්ගේ දෘෂ්ටීන් ද ඉවත් කරන්නට තිබුණි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
1517 සිට 20 වැනි ආයතය දක්වා ආත්ම වංචනිකයින්ගේ අවාසනාවන්ත තත්ත්වය උපමාවන් දෙකකින් විස්තර කොට ඇත. මෙම උපමා දෙකෙන් ඔවුන්ව කණ්ඩායම් දෙකකට වෙන් කොට ඉන් පළමුවැනි කණ්ඩායම දෙවිඳුන් ප්රතික්ෂේප කිරීම ඉතා තදින් කිඳා බැස ගත් කොටසක් වන අතර ඉස්ලාමය කෙරෙහි කිසිදු නැඹුරුවක් නොමැත්තෝ වෙති. නමුත් ලෞකික අපේක්ෂාවන් හේතුවෙන් මුස්ලිම්වරුන් ලෙසින් හඟවමින් කටයුතු කරති. ආලෝකය සොයා ගත් නමුත් එය අහිමි කර ගෙන අන්ධකාරයට යොමු වූ අවාසනාවන්තයින් ලෙස පළමුවැනි උපමාවෙන් අල් කුර්ආනය ඔවුන්ව හඳුන්වයි. අනෙක් කණ්ඩායම ඉස්ලාමයේ සත්යතාව හඳුනා ගෙන සත්යය විශ්වාසිකයින් ලෙස කටයුතු කරන්නට අපේක්ෂා කරන නමුත් ලෞකික හේතූන් මත නිරන්තර සැකයෙන් හා අවිනිශ්චිතභාවයෙන් පසුවන්නෝ වෙති. තවද විදුලි කෙටීමෙන් විහිදෙන ආලෝකයෙන් පියවරක් දෙකක් ඉදිරියට යන නමුත් නැවත අන්ධකාරය වසා ගැනීම හේතුවෙන් නිසල වන පිරිසක් ලෙස දෙවැනි උපමාවෙන් අල් කුර්ආනය ඔවුන්ව හඳුන්වන්නේය.
21

يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

ජනයිනි, නුඹලාව හා නුඹලාට පෙර සිටියවුන්ව මැවූ නුඹලාගේ පරමාධිපතිව (පමණක්) නැමදුම් කරවු. (එමගින්) නුඹලා බිය භක්තිකයින් බවට පත් විය හැකිය.
22

الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ فِرَاشًا وَالسَّمَاءَ بِنَاءً وَأَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَّكُمْ ۖ فَلَا تَجْعَلُوا لِلَّهِ أَندَادًا وَأَنتُمْ تَعْلَمُونَ

(ඔහු) කවරෙකුදයත් නුඹලාට මිහිතලය ඇතිරිල්ලක් වශයෙන් හා අහස උඩු වියනක් වශයෙන් නිර්මාණය කොට අහසින් (වැසි) ජලය පහළ කර එමගින් ඵලදාවන් තුළින් නුඹලා සඳහා වූ පෝෂණය හට ගැන්වුයේය. එහෙයින් නුඹලා (මේ සියල්ල) දැනුවත්ව අල්ලාහ්ට සමගාමීන් පත් නොකරවු. 16
1621 වැනි ආයතයේ ඉස්ලාමීය මූලික පදනම වන අල්ලාහ්ව විශ්වාස කර ඔහුට පමණක් නැමදුම් කිරීම වෙත ආරාධනා කෙරෙයි. අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්නුම් කිරීම පිණිස අල්ලාහ් මෙම ආයතයේ ඇතැම් මැවුම් පිළිබඳව සඳහන් කර මේ සියල්ල අල්ලාහ් පාලනය කරන බව පවසා ඇත. අරාබි මිථ්යා දෘෂ්ටිකයින් මේ සියල්ල අල්ලාහ් පමණක් මැවූ බව විශ්වාස කළද ඒවා පාලනය සඳහා අනෙකුත් දෙවිවරුන්ව අල්ලාහ්ට ආදේශ කරන්නන්ව සිටියෝය.
23

وَإِن كُنتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِّن مِّثْلِهِ وَادْعُوا شُهَدَاءَكُم مِّن دُونِ اللَّهِ إِن كُنتُمْ صَادِقِينَ

(ප්රතික්ෂේපකයිනි,) අපගේ ගැත්තා(මුහම්මද්) වෙත අප පහළ කළ දෑ(අල් කුර්ආනය) පිළිබඳව (‘ඔහු එය තමා විසින් ගෙතුවේ යැයි’) නුඹලා සැකයෙහි පසුවන්නෙහු නම් (එහි ඇති) මෙවැනිම සූරාවක්(පරිච්ඡේදයක්) නුඹලා (ගොතා) ගෙන එවු. තවද අල්ලාහ් හැර (නුඹලා නැමදුම් කරන) නුඹලාගේ සහයකයින්ව (මේ සඳහා) කැඳවා ගනිවු. (“මුහම්මද් එය තමා විසින් ගෙතුවේය” යන නුඹලාගේ ප්රකාශයෙහි) නුඹලා සත්යවාදීහුව සිටින්නෙහු නම් (මෙය ඉටු කර පෙන්වවු.) 17
17මෙම ආයතයන්ගෙන් ඉස්ලාමීය විශ්වාසයේ දෙවැනි අංගය වූ නබි මුහම්මද් තුමාණන්ගේ නබිත්වය පිළිබඳව විශ්වාසය හා එතුමාට පහළ කරනු ලැබූ අල් කුර්ආනයේ සත්යතාව සහතික කරයි. මෙම කරුණු සහතික කිරීම උදෙසා සරල තර්කයක් ලෙසින් වාග් චාතුර්යයේ අගතැන්හි සිටි අරාබිවරුන්ට අභියෝගයක් ඉදිරිපත් කරයි. එනම් අල් කුර්ආනය මිනිස් චින්තනයේ ප්රතිඵලයක් නම් එහි අසමසම ලේඛන කලාව, ප්රභාමත්භාවය, පද යෙදුමේ අලංකාරය හා අන් සැමට වඩා කිසිවෙකුට අභියෝග කළ නොහැකි අයුරින් ඉදිරිපත් කොට ඇති උත්තරීතර සත්යයන්ට සම වන ලෙසින් එක් පරිච්ඡේදයක් කොතරම් කුඩා වූවත් එවැන්නක් හෝ ඉදිරිපත් කරන ලෙස අල්ලාහ් අභියෝග කර ඇත. අරාබිවරුන්ගේ භාෂා ඥානය කොතෙක් තිබුණද මෙම අභියෝගය සපුරාලීමට සමත් වූ කිසිවෙකු නොමැත.
24

فَإِن لَّمْ تَفْعَلُوا وَلَن تَفْعَلُوا فَاتَّقُوا النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ ۖ أُعِدَّتْ لِلْكَافِرِينَ

එනමුත් නුඹලා (එසේ) නොකළේ නම් - සැබැවින්ම නුඹලාට කිසිසේත් (එසේ) කළ නොහැක්කේමය. - (නිරා) ගින්නෙන් (බිය වී නුඹලාව) ආරක්ෂා කර ගනිවු. එ(ම ගින්නෙ)හි ඉන්ධන මිනිසුන් හා ගල් වේ. එය ප්රතික්ෂේපකයින් සඳහා පිළියෙල කරනු ලැබී ඇත.
25

وَبَشِّرِ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ كُلَّمَا رُزِقُوا مِنْهَا مِن ثَمَرَةٍ رِّزْقًا ۙ قَالُوا هَـٰذَا الَّذِي رُزِقْنَا مِن قَبْلُ ۖ وَأُتُوا بِهِ مُتَشَابِهًا ۖ وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُّطَهَّرَةٌ ۖ وَهُمْ فِيهَا خَالِدُونَ

(නබිවරය,) විශ්වාස කොට දැහැමි ක්රියා කළවුනට “ඔවුන් සඳහා (ස්වර්ග) උයන් ඇත. ඊට යටින් ගංගාවෝ ගලා බසිති.” යැයි ශුභාරංචි පවසවු. ඒවායින්, (එනම් එහි) පලතුරෙන් ආහාරයක් ඔවුනට පිරිනමනු ලැබූ සෑම විටකම (එම පලතුරු පෙනුමට එක හා සමානව තිබීම දැක) “මෙයමය අපට (මීට) පෙර දෙනු ලැබුවේ යැ”යි ඔවුහු ප්රකාශ කරති. තවද එය (පෙනීමට) එකිනෙකට සමාන වූවක් ලෙස ඔවුනට දෙනු ලැබීය. 18 තවද එහි ඔවුනට පාරිශුද්ධ කරන ලද කලත්රයින් ද වෙති. තවද ඔවුහු එහි සදාතනිකයෝ වෙති. 19
18ස්වර්ගයේ පලතුරු පෙනීමට එක හා සමාන වුවද එහි රසයන් විවිධාකාර වේ. මෙම පලතුරු මෙලොව පලතුරු වලට වඩා රසින් වැඩිය.
1924 හා 25 වැනි ආයතයන්හි ඉස්ලාමීය විශ්වාසයේ මූලික අංගයක් වූ මරණින් මතු ජීවිතයේ විශ්වාසිකයින්ට පිරිනමනු ලබන ස්වර්ගයේ සුවයන් හා ප්රතික්ෂේපකයින්ට නිරයේ දෙනු ලබන වේදනාවන් ද විග්රහ කෙරෙයි. මෙම ආයතයෙහි සඳහන් අzස්වාජ් යන වචනය සහකරුවා හෝ සහකාරිය (කලත්රයා) හඳුන්වයි. අල් කුර්ආනයේ බොහෝ ආයතයන් පුරුෂ ලිංග අර්ථයෙන් ඇතත් ඉන් ස්ත්රී පුරුෂ දෙපක්ෂයම හඳුන්වයි. ස්ත්රීන් සම්බන්ධව පමණක් ඇති ආයතයන් ස්ත්රී ලිංග පදයන් යොදා ඉදිරිපත් කොට ඇත. ස්වර්ගයේ ස්ත්රීන්ට හා පුරුෂයින්ට මෙම ආයතයෙහි සඳහන් ලෙසින් පාරිශුද්ධ සහකාර අය ඇති බව මෙයින් පැහැදිලි වේ.
26

إِنَّ اللَّهَ لَا يَسْتَحْيِي أَن يَضْرِبَ مَثَلًا مَّا بَعُوضَةً فَمَا فَوْقَهَا ۚ فَأَمَّا الَّذِينَ آمَنُوا فَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ ۖ وَأَمَّا الَّذِينَ كَفَرُوا فَيَقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَـٰذَا مَثَلًا ۘ يُضِلُّ بِهِ كَثِيرًا وَيَهْدِي بِهِ كَثِيرًا ۚ وَمَا يُضِلُّ بِهِ إِلَّا الْفَاسِقِينَ

කෝඳුරුවෙකුගේ තරම් වූ ද (අල්පකමෙන්) එයට වඩා වැඩි වූ දෑ ද උපමාවක් ලෙස ගෙන හැර පෑමට සැබැවින්ම අල්ලාහ් ලැජ්ජා නොවන්නේය. 20 එබැවින් විශ්වාස කළවුන් නම් ‘මෙ(ම උදාහරණ)ය තම පරමාධිපතිගෙන් වූ සත්යයකි’ යැයි දනිති. (මේ අතර) ප්රතික්ෂේප කළවුන් නම් “උපමාවක් ලෙස මෙමගින් අල්ලාහ් අදහස් කරන්නේ කුමක් දැ?”යි පවසති. මෙ(ම උදාහරණය )මගින් ඔහු(අල්ලාහ්) බොහෝ දෙනා නොමග යන්නට ඉඩ හරින්නේය. තවද මෙමගින් ඔහු බොහෝ දෙනාව යහමගට යොමු කරන්නේය. (නමුත්) මෙමගින් පාපතරයින් හැර අන් කිසිවෙකුට නොමග යන්නට ඔහු(අල්ලාහ්) ඉඩ නොහරින්නේය.
20මෙම ආයතයන් දෙක එකල ප්රතික්ෂේපකයින් අල් කුර්ආනය පිළිබඳව මතු කළ අයුතු විරෝධත්වයන් පිළිබඳව පෙන්නුම් කරයි. ඔවුන් “මෙම අල් කුර්ආනය අල්ලාහ්ගේ වදන් නම් මැස්සන් හා මකුළුවන් වැනි අල්ප සතුන් උපමාවක් ලෙස නොදක්වනු ඇත. මන්දයත් එය අල්ලාහ්ගේ උත්කෘෂ්ට භාවයට නුසුදුසු වූවකි” යැයි පවසා තර්කයක් ඉදිරිපත් කළෝය. අල් කුර්ආනය පෙන්නුම් කරන්නේ කෙනෙකු නින්දිත පුද්ගලයෙකු හෝ නින්දිත ස්ථානයක් හෝ නින්දිත දැයක් උපමාවට දැක්වීමෙන් වාග් චාතූර්යයේ හෝ තර්ක ශාස්ත්රයේ මූල ධර්මය උල්ලංඝනය නොකරන අතර එය උත්කෘෂ්ටභාවයට හෝ ගෞරවයට කැළලක් ඇති කරන දැයක් නොවේ යන්නයි. එබැවින් මෙවැනි උපමාවක් ගෙන හැර පෑමට අල්ලාහ් ලැජ්ජා නොවන්නේය. මෙයින් අල් කුර්ආනය තවත් දෙයක් පෙන්නුම් කරයි. එනම් මෙවැනි පහත් වූ සැකයන් ඇති වන්නේ ප්රතික්ෂේපය හේතුවෙන් යහ බැල්මෙන් දෙයක් බැලීමේ ශක්තිය ඉවත් වූවන්ට පමණී යන්නය. තවද සත්ය විශ්වාසිකයින්ට මෙවැනි සැකයන් කිසි විටෙක ඇති නොවන්නේමය.
27

الَّذِينَ يَنقُضُونَ عَهْدَ اللَّهِ مِن بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ ۚ أُولَـٰئِكَ هُمُ الْخَاسِرُونَ

(ඔවුහු) කවරහුද යත් අල්ලාහ්ගේ ගිවිසුම තහවුරු කළායින් පසුව එය කඩ කරන්නන්ය. තවද (ඥාතී) සම්බන්ධකම් ඇති කරනු ලැබිය යුතුයි යැයි අල්ලාහ් විධානය කළ දෑ කපා හැර දමන්නන් ද මිහිතලයෙහි කලහකාරකම් කරන්නන් ද වෙති. 21 ඔවුන්මය අලාභවන්තයින් වන්නෝ.
21‘ඥාතී සම්බන්ධකම් ඇති කරනු ලැබිය යුතුයි යනු තම ඥාතීන්ට කළ යුතු වගකීම් ඉටු කළ යුතු අතර ඔවුන් සමග යුක්තිගරුකව හැසිරිය යුතුයි යන්නය. ඥාතිත්වය කපා හැර යනු ඥාතීන් සමග අයහපත් ලෙස හැසිරීම යන්නය.
28

كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنتُمْ أَمْوَاتًا فَأَحْيَاكُمْ ۖ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

(ප්රතික්ෂේකපකයිනි,) නුඹලා අජීවීව සිටියෙහුය. පසුව අල්ලාහ් නුඹලාට ජීවය ලබා දී තිබිය දී නුඹලා කෙසේ නම් ඔහුව ප්රතික්ෂේප කරන්නෙහු ද? පසුව ඔහු නුඹලාව මරණයට පත් කර පසුව (මතු ලොවෙහි යළි) නුඹලාට ජීවය ලබා දෙන්නේය. අනතුරුව නුඹලා ඔහු වෙතම යළි පමුණුවනු ලබන්නෙහුය.
29

هُوَ الَّذِي خَلَقَ لَكُم مَّا فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ اسْتَوَىٰ إِلَى السَّمَاءِ فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ ۚ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

නුඹලා වෙනුවෙන් මිහිතලය මත ඇති සියලු දෑ මැව්වේ ඔහුමය. ඉන් පසුව අහස දෙසට යොමු වී ඒවා අහස් සතක් ලෙස නිර්මාණය කළේය. ඔහු සියලු දෑ පිළිබඳව සර්වඥය.
30

وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً ۖ قَالُوا أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ ۖ قَالَ إِنِّي أَعْلَمُ مَا لَا تَعْلَمُونَ

(නබිවරය, සිහිපත් කරවු) නුඹගේ පරමාධිපති මලක්වරුන් අමතා “සැබැවින්ම මම මිහිතලයෙහි නියෝජිතයෙකු(පවරන ලද බලතල ක්රියාකරවන මිනිසෙකු) 22 උත්පාදනය කරන්නෙමි” යැයි පැවසුවේය. (එවිට) “අප ඔබගේ ප්රශංසාව තුළින්ම (ඔබව) පිවිතුරු කරමින් ද ඔබ වෙනුවෙන් (ඔබගේ නාමය) උත්කෘෂ්ට කරමින් ද සිටින අතර එ(ම මිහිතලයෙ)හි කලහකම් කරන හා රුධිරය වගුරු වන අයෙකු එහි උත්පාදනය කරන්නට යන්නේ දැ?”යි ඔවුහු ප්රකාශ කළහ. (එවිට) “නුඹලා නොදන්නා දෑ සැබැවින්ම මම දනිමි” යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
22අල්ලාහ් සමස්ත විශ්වයම තම බලයට නතු කර ගෙන සිටිය දී මිනිසුන්ගෙන් නියෝජිතයෙකු පත් කිරීමට හේතුව අල්ලාහ්ගේ විධානය යටතේ ආධ්යාත්මික හා ලෞකික ජීවිතයට අයත් කටයුතු කි්රයා කරවීමට හා මෙවැනි දෑ කෙසේ කි්රයාවට නැංවිය යුතු දැයි අන් අයට ඉගැන්වීමට ය.
31

وَعَلَّمَ آدَمَ الْأَسْمَاءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلَائِكَةِ فَقَالَ أَنبِئُونِي بِأَسْمَاءِ هَـٰؤُلَاءِ إِن كُنتُمْ صَادِقِينَ

ඔහු (අල්ලාහ්) ආදම්ට 23 නාමයන් සියල්ලක්ම උගන්වා පසුව මලක්වරුන් ඉදිරියේ ඒවා ගෙන හැර දක්වා “(නුඹලාගේ මතයෙහි) නුඹලා සත්යයවාදීහු නම් ඒවාහි නාමයන් මා වෙත දන්වවු” යැයි ප්රකාශ කළේය. 24
23නබි ආදම් තුමාණන් යනු අල්ලාහ් විසින් පස් වලින් මවන ලද මුල්ම මිනිසාය. මෙතුමා මුල්ම නබිවරයා ද වේ.
24අල්ලාහ් විසින් මලක්වරුන්ට සත්යය පැහැදිලි ස්වරූපයකින් පෙන්වූවේය. නබි ආදම් තුමාට සුදුසු වූ එක්තරා දැනුමක් ඔහු දුන්නේය. එනම් අල්ලාහ් නබි ආදම් තුමාට සියලු වස්තූන්හි නම්, ඒවායෙහි ගුණාංග, ප්රාණය ඇති හා ප්රාණය නොමැති සියලු දෑ ඉගැන්වූයේය. මනුෂ්ය බුද්ධියට ගෝචර නොවන හාත්පසින්ම වෙනස් ස්වභාවයේ මැවීමක් වන මලක්වරුන්ට මෙවැනි දෑ දැන ගත නොහැක. ඔවුන්ට කුසගින්න, පිපාසය, වේදනාව, ආශාව වැනි මිනිස් හැඟීම් කිසිවක් ඇති නොවන්නේය. එබැවින් අල්ලාහ් විසින් නබි ආදම් තුමාට පමණක් මේ සියල්ල උගන්වන ලදී. තවද මේ සියල්ල දැන ගැනීමේ හැකියාව අල්ලාහ් ඇති කළේ නබි ආදම් තුමාණන්ට පමණය.
32

قَالُوا سُبْحَانَكَ لَا عِلْمَ لَنَا إِلَّا مَا عَلَّمْتَنَا ۖ إِنَّكَ أَنتَ الْعَلِيمُ الْحَكِيمُ

“ඔබ අති පිවිතුරුය. ඔබ අපට ඉගැන් වූ දෑට වඩා දැනුමක් අපහට නොමැත්තේය. සැබැවින්ම ඔබමය සර්වඥ හා සර්ව ප්රඥාවන්ත” යනුවෙන් ඔවුහු(මලක්වරුන්) පැවසූහ.
33

قَالَ يَا آدَمُ أَنبِئْهُم بِأَسْمَائِهِمْ ۖ فَلَمَّا أَنبَأَهُم بِأَسْمَائِهِمْ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنتُمْ تَكْتُمُونَ

“අහෝ ආදම්! මේවායෙහි නාමයන් ඔවුනට දන්වවු” යැයි ඔහු(අල්ලාහ්) ප්රකාශ කළේය. (එවිට) ඔහු(ආදම්) ඒවායෙහි නාමයන් ඔවුනට දැන් වූ කල්හි “‘සැබැවින්ම මම අහස්හි හා මිහිතලයෙහි ගුප්ත දෑ දනිමි. තවද නුඹලා හෙළිදරව් කරන්නා වූ හා නුඹලා සඟවන්නා වූ දෑ ද දනිමි’ යැයි මා නුඹලාට පැවසුවේ නැති දැ?”යි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
34

وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَىٰ وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ

“ආදම් ඉදිරියේ සුජූද් 25 කරවු” යැයි අප මලක්වරුන්ට පැවසූ කල්හි ඉබ්ලීස් 26 හැර ඔවුහු (සියල්ලෝම) සුජූද් කළහ. ඔහු(ඉබ්ලීස්) පිටුපෑවේය. තවද උඩඟු වූයේය. තවද ඔහු (එමගින්) ප්රතික්ෂේපකයින්ගෙන් කෙනෙකු විය.
25පොදුවේ ගත් කළ සුජූද් යන්නෙන් අදහස් වන්නේ සලාතයේ ඉරියව්වක් වන දණින් වැටී නළල බිම තබා කරන නැමදුමයි. එනමුත් මෙම ආයතයෙහි සුජූද් යන්නෙන් අදහස් වන්නේ ආචාර විධියක් විනා ඉහත සඳහන් නැමදුම් ක්රියාව නොවේ. මෙම ආචාර ක්රමය නබි මුහම්මද් තුමාණන්ගේ මග පෙන්වීමෙන් පසුව අහෝසි විය. ඉන් පසු ආචාර ක්රමයන් වශයෙන් අස් සලාමු අලෛකුම් යැයි ප්රකාශ කිරීම හා මුසාෆහා හෙවත් අතට අත දීම ආගමානුකූල විය.
26‘ඉබ්ලීස් යනු මලක්වරයකු නොවන අතර ඔහු ජින් වර්ගයට අයත් කෙනෙකි. ඔහු මලක්වරුන් සමග සිටි අයෙකි. එහෙයින් මෙම විධානයට ඔහු ද ලක් විය. මෙම විධානයට ඔහු අකීකරු වූ හෙයින් අල්ලාහ්ගේ ශාපයට ලක්ව මිහිතලයට හෙළනු ලැබීය.
35

وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَـٰذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ

“අහෝ ආදම්! නුඹ හා නුඹගේ බිරිය ස්වර්ගයෙහි වාසය කරවු. නුඹලා දෙදෙනා කැමැති පරිදි කැමති තැනක (කැමති දැය) එයින් අනුභව කරවු. තවද නුඹලා දෙදෙනා මෙම ගස අසලට නොයවු. එසේ වුවහොත් නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෝ යැ”යි අපි ප්රකාශ කළෙමු.
36

فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ ۖ وَقُلْنَا اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَىٰ حِينٍ

එකල්හි ෂෙයිතාන් ඔවුන් දෙදෙනාව එයින් ලිස්සා (නොමග) යෑමට සලස්වා ඔවුන් දෙදෙනා සිටි දැයින්(භාග්යයන් වෙතින්) පිටමං (කරන්නට කටයුතු) කළේය. ‘නුඹලා (ස්වර්ගයෙන් මිහිතලයට) බසිවු. නුඹලාගෙන් සමහරුන් අන් සමහරුන්ට සතුරුය. නුඹලාට මිහිතලයෙහි වාසස්ථානයක් හා වින්දනයක් (යම්) කලකට ඇතැ”යි අපි ප්රකාශ කළෙමු.
37

فَتَلَقَّىٰ آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ ۚ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ

ආදම් තම පරමාධිපතිගෙන් (එක්තරා) වචන කිහිපයක් 27 (ඇයැදීම සඳහා) උගත්තේය. පසුව (අල්ලාහ්) ඔහුගේ පශ්චාත්තාපය පිළිගත්තේය. සැබැවින්ම පශ්චාත්තාපය පිළිගන්නා පරම කරුණාභරිත ඔහුමය.
27නබි ආදම් තුමාණන් අල්ලාහ්ගෙන් උගත් වචන කිහිපය කුමක් ද යන්න දැන ගැනීම පිණිස අල් කුර්ආන් 7:23 වැනි ආයතය බලන්න.
38

قُلْنَا اهْبِطُوا مِنْهَا جَمِيعًا ۖ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّي هُدًى فَمَن تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

“නුඹලා සැවොම මෙතැනින් (මිහිතලයට) බසිවු. මගෙන් නුඹලාට මග පෙන්වීමක් ආ කල්හි කවුරුන් මගේ මග පෙන්වීම අනුගමනය කරන්නේ ද ඔවුනට බියක් නැත. තවද ඔවුහු දුක් නොවෙති යැ”යි අපි ප්රකාශ කළෙමු.
39

وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَـٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

තවද අපගේ සංඥාවන් ප්රතික්ෂේප කර අසත්යය කරන්නන් (නිරා) ගින්නෙහි සගයෝ වෙති. එහි ඔවුහු සදාතනිකයෝ වෙති.
40

يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُوا بِعَهْدِي أُوفِ بِعَهْدِكُمْ وَإِيَّايَ فَارْهَبُونِ

ඉස්රාඊල්ගේ දරුවනි, 28 මා නුඹලාට ප්රදානය කළ මාගේ ආශිර්වාදයන් නුඹලා සිහිපත් කරවු. තවද (මා නුඹලා සමග ඇති කර ගත්) මාගේ ගිවිසුම නුඹලා ඉටු කරවු. (නුඹලා සමග ඇති කර ගත්) නුඹලාගේ ගිවිසුම මම ඉටු කරන්නෙමි. 29 තවද නුඹලා මාහට පමණක් බිය වවු.
28ඉස්රාඊල්ගේ දරුවන් යනු යඃකූබ් නැමැති නබිවරයාගෙන් පැවතෙන පරපුරය.
29මෙහි මාගේ ගිවිසුම යනු ඔවුන් අල්ලාහ්ට අවනත විය යුතුයි යන්නයි. තවද නුඹලාගේ ගිවිසුම යනු ඔවුන් අල්ලාහ්ට අවනත වූයේ නම් ඔවුනට අල්ලාහ් ස්වර්ගය පිරිනමන බවයි.
41

وَآمِنُوا بِمَا أَنزَلْتُ مُصَدِّقًا لِّمَا مَعَكُمْ وَلَا تَكُونُوا أَوَّلَ كَافِرٍ بِهِ ۖ وَلَا تَشْتَرُوا بِآيَاتِي ثَمَنًا قَلِيلًا وَإِيَّايَ فَاتَّقُونِ

නුඹලා සමග ඇති දැය(තව්රාතය) 30 සත්යය කරන්නක් ලෙස මා පහළ කළා වූ දැය(අල් කුර්ආනය) නුඹලා විශ්වාස කරවු. තවද නුඹලා එය ප්රතික්ෂේප කරන අයගෙන් පළමුවැන්නා නොවවු. (තව්රාතයෙහි මුහම්මද් පිළිබඳව ඇති) මගේ වදන් වෙනුවට අල්ප වටිනාකමක් නොගනිවු. තවද මාහට පමණක් නුඹලා බිය භක්තිමත් වවු.
30‘තව්රාතය යනු නබි මූසා තුමාට අල්ලාහ් විසින් පහළ කරන ලද ධර්ම පුස්තකයයි.
42

وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ

නුඹලා දැනුවත්ව සිටියදී අසත්යය සමග සත්යය නොපටලවවු. තවද නුඹලා සත්යය නොසඟවවු.
43

وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَارْكَعُوا مَعَ الرَّاكِعِينَ

තවද නුඹලා සලාතය ස්ථීරවම ඉටු කරවු. zසකාතය 31 පිරිනමවු. රුකූඋ 32 කරන්නන් සමග රුකූඋ කරවු.
31‘zසකාතය යනු තමන් සතු නියමිත වස්තූන් අතුරින් නියමිත කොන්දේසීන් මත නියමිත පිරිස් අටකට අනිවාර්යයෙන් දිය යුතු පුන්යශීලී දන්දීමකි. මෙය ඉස්ලාමීය ප්රධාන අංගයන් පහෙන් එකකි.
32‘රුකූඋ යනු සලාතය නම් නැමදුමෙහි දෙඅත්ලයෙන් තම දණහිස් දෙක අල්ලා තුනටිය නමා කරන්නා වූ ඉරියව්වකි.
44

أَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنسَوْنَ أَنفُسَكُمْ وَأَنتُمْ تَتْلُونَ الْكِتَابَ ۚ أَفَلَا تَعْقِلُونَ

නුඹලා ධර්ම පුස්තකය(තව්රාතය) කියවමින් සිටියදී, තමන් ගැන අමතක කරමින් (එහි සඳහන්) යහ ක්රියාවන් පිළිබඳව මිනිසුනට අණ කරන්නෙහු ද? (මේ බව) නුඹලා අවබෝධ කර නොගන්නෙහු ද?
45

وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ

ඉවසීමෙන් ද සලාතයෙ(හි යෙදෙමි)න් ද නුඹලා (අල්ලාහ්ගෙන්) පිහිට පතවු. සැබැවින්ම එය සිත (අල්ලාහ්ගේ) බියෙන් නැඹුරු වූ අයට විනා අන් අයට බැරෑරුම් දෙයකි.
46

الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَاقُو رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ

ඔවුහු කවරහුද යත් සැබැවින්ම තම පරමාධිපති හමුවන්නන් යැයි ද ඔහු වෙතම ආපසු පැමිණෙන්නන් යැයි ද (ස්ථිරවම) දැන සිටින්නෝ වෙති.
47

يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ

ඉස්රාඊල්ගේ දරුවනි, මා නුඹලාට ප්රදානය කළ මාගේ ආශිර්වාදයන් ද ලෝකවාසීන්ට වඩා මා නුඹලාව ශ්රේෂ්ඨමත් කර තිබීම ද සිහිපත් කරවු.
48

وَاتَّقُوا يَوْمًا لَّا تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلَا يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلَا هُمْ يُنصَرُونَ

(කිසිදු) ආත්මාවක් (අන්) ආත්මාවකට කිසිවකින් හෝ වග නොකියන්නා වූ ද (කිසිදු) රෙකමදාරුවක් තමාගෙන් භාර ගනු නොලබන්නා වූ ද තමාගෙන් වන්දියක් ගනු නොලබන්නා වූ ද ඔවුනට පිහිටක් දෙනු නොලබන්නා වූ ද (විනිශ්චය) දිනයට නුඹලා බිය වවු.
49

وَإِذْ نَجَّيْنَاكُم مِّنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ يُذَبِّحُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ ۚ وَفِي ذَٰلِكُم بَلَاءٌ مِّن رَّبِّكُمْ عَظِيمٌ

නුඹලාට දරුණු වදහිංසා පමුණුවමින් නුඹලාගේ පුතුන් මරා දමමින් හා නුඹලාගේ ස්ත්රීන්ව (වහල් භාවයෙන්) ජීවත් වන්නට ඉඩ හරිමින් සිටියදී ෆිර්අවුන්ගේ ජනයාගෙන් අප නුඹලාව මුදවා ගත් අවස්ථාව (නුඹලා සිහිපත් කරවු). මේවායෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් මහත් වූ පිරික්සුමක් (නුඹලාට) විය.
50

وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَأَنجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنتُمْ تَنظُرُونَ

අපි නුඹලා වෙනුවෙන් මුහුද බෙදා වෙන් කළ (අවස්ථාව) හා නුඹලා දකිමින් සිටිය දී නුඹලාව මුදවාගෙන ෆිර්අවුන්ගේ පිරිස ගිල්වා දැමූ අවස්ථාව (සිහිපත් කරවු).
51

وَإِذْ وَاعَدْنَا مُوسَىٰ أَرْبَعِينَ لَيْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِن بَعْدِهِ وَأَنتُمْ ظَالِمُونَ

අප මූසාට රාත්රී හතළිහක් නියම කර 33 අනතුරුව ඔහු( පිටව ගියා)ට පසුව නුඹලා අපරාධකරුවන් ලෙස වසු පැටවෙකුව (ඇදහීමට) ගත් අවස්ථාව (සිහිපත් කරවු).
33වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:142 ආයතයට අදාළ පාද සටහන බලන්න.
52

ثُمَّ عَفَوْنَا عَنكُم مِّن بَعْدِ ذَٰلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ

ඉන් පසුව (ද) නුඹලා කෘතවේදී වීම පිණිස අපි නුඹලාට ක්ෂමාව දුනිමු.
53

وَإِذْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ

තවද නුඹලා යහමග ලබනු පිණිස අප සත්යය හා අසත්ය වෙන්කර පෙන්වන්නා වූ ධර්ම පුස්තකය(තව්රාතය) මූසාට ලබා දුන් අවස්ථාව (නුඹලා සිහිපත් කරවු).
54

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَكُم بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُوا إِلَىٰ بَارِئِكُمْ فَاقْتُلُوا أَنفُسَكُمْ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ عِندَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ ۚ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ

“මාගේ ජනයිනි, සැබැවින්ම නුඹලා වසු පැටියා (ඇදහීමට) ගැනීමෙන් නුඹලා නුඹලාටම අපරාධ කර ගත්තාහුය. එහෙයින් නුඹලාගේ මැවුම්කරු වෙත පශ්චාත්තාප වී යොමු වවු. (වසු පැටියා නොඇදහූ) නුඹලා නුඹලා(ගෙන් වසු පැටියා ඇදහූ අය)ව මරවු. 34 එය නුඹලාගේ මැවුම්කරු අබියස නුඹලාට යහපතක් යැ”යි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව (සිහිපත් කරවු). තවද ඔහු(අල්ලාහ්) නුඹලාගේ පශ්චාත්තාපය පිළිගත්තේය. සැබැවින්ම පශ්චාත්තාපය පිළිගන්නා පරම කරුණාභරිත ඔහුමය.
34එනම් එකල ඔවුනතුරින් කවුරුන් වසු පැටියාව ඇදහුවෝද ඔවුහු අල්ලාහ් විසින් මරණ දඬුවමට නියම වූහ. කවුරුන් එය ඇදහීමෙන් වැළකී සිටියේද ඔවුහු එම මරණ දඬුවම කි්රයාත්මක කරන මෙන් අණ කරනු ලැබූහ. මෙය වසු පැටියා ඇදහූවන්ට පාප ශෝධනයක් විය.
55

وَإِذْ قُلْتُمْ يَا مُوسَىٰ لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ نَرَى اللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنتُمْ تَنظُرُونَ

“අහෝ මූසා, අපි අල්ලාහ්ව විවෘතව දකින තුරු සැබැවින්ම අපි නුඹව විශ්වාස නොකරන්නෙමු යැ”යි නුඹලා පැවසූ අවස්ථාව (සිහිපත් කරවු). තවද නුඹලා බලා සිටියදීම අකුණු සැර නුඹලාව හසු කර ගත්තේය.
56

ثُمَّ بَعَثْنَاكُم مِّن بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

අනතුරුව නුඹලා කෘතවේදී වීම පිණිස නුඹලාගේ මරණින් පසුව යළිත් නුඹලාව නැගිටුවෙමු. 35
35නබි මූසා තුමාණන් විසින් තව්රාතය තම සමූහයාට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අල්ලාහ් විසින්ම එය සෘජුව තමන්ට ඉදිරිපත් කරන තෙක් තමන් එය විශ්වාස නොකරන බව යුදෙව් ජනයා විසින් පවසන ලදී. එවිට නබි මූසා තුමාණන් ඔවුනතුරින් සැත්තෑ දෙනෙකු තෝරා ගෙන තූර් කන්ද වෙතට කැඳවා ගෙන ගොස් අල්ලාහ්ගේ වදන් වලට සවන් දෙන්නට සලස්වන ලදී. එම අවස්ථාවේ දී ඔවුන් අල්ලාහ්ව සෘජුව දැකිය යුතු බවට තවත් ඉල්ලීමක් කළෝය. එයත් සමගම අකුණු සැරයක් වැදී ඔවුහු මරණයට පත් වූහ. නබි මූසා තුමාණන්ගේ ඇයැදීම හේතුවෙන් මෙම සැත්තෑ දෙනාට නැවත අල්ලාහ් ජීවය ලබා දුන්නේය. මෙම ආයතයෙහි සඳහන් වී ඇත්තේ මෙම සිදුවීම පිළිබඳවය.
57

وَظَلَّلْنَا عَلَيْكُمُ الْغَمَامَ وَأَنزَلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَىٰ ۖ كُلُوا مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ ۖ وَمَا ظَلَمُونَا وَلَـٰكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ

අපි නුඹලාට වලාකුළු මගින් සෙවණ දුනිමු. තවද නුඹලාට මන්නු හා සල්වා 36 පහළ කළෙමු. නුඹලාට අප දුන් දැයින් යහ දේ අනුභව කරවු. (ඔවුන්ගේ අකෘතඥතාවන් තුළින්) ඔවුහු අපට අපරාධ නොකළාහුය. නමුත් ඔවුහු තමන්ටම අපරාධ කර ගන්නන් වූහ.
36අමාලිකාවරුන්ට එරෙහිව නබි මූසා තුමාණන් සමග එක්වී යුද කිරීමට ඔවුන් ප්රතික්ෂේප කළ හෙයින් තීහ් නම් කාන්තාරයේ ඔවුන් රඳවා තබනු ලැබුවෝය. එහි ඔවුන් දැඩි සූර්ය රශ්මියෙන් ආරක්ෂා වනු පිණිස කිසිදු සෙවණක් ඔවුනට නොතිබුණු හෙයින් වලාකුළු මගින් සෙවණ ලබා දෙන ලෙස අල්ලාහ්ගෙන් ඇයැදින මෙන් නබි මූසා තුමාණන්ගෙන් ඉල්ලා සිටියෝය. නබි මූසා තුමාණන්ගේ ඇයැදීමෙන් පසු අල්ලාහ් ඔවුනට සෙවණ ලබා දෙනු පිණිස වලාකුළක් ඇති කළේය. තවද ඔවුනට එහි අනුභව කිරීමට ආහාර ද නොවීය. තමන්ට ආහාර සලස්වන මෙන් ද නබි මූසා තුමාණන්ගෙන් ඔවුන් ඉල්ලා සිටියෝය. නබි මූසා තුමාණන්ගේ ඇයැදීමෙන් පසු අල්ලාහ් ඔවුනට ආහාරයක් ලෙස මන්නු හා සල්වා නම් එක්තරා පාන හා ආහාර වර්ගයක් ඔවුන් සඳහා ස්වර්ගයෙන් පහළ කළේය. එය ඔවුන් ඊළඟ දවස සඳහා රැස් නොකර එදිනෙදා පහළ වන ආහාරයන් එදිනෙදාම අනුභව කරන මෙන් ඔවුනට විධානය කොට තිබූ අතර ඔවුන් එම විධානයට අකීකරු වී එය රැස් කොට තබන්නට වූහ. එහෙයින් ස්වර්ගයෙන් පහළ වෙමින් තිබූ එම බොජුන් අල්ලාහ් විසින් නතර කරන ලදි.
58

وَإِذْ قُلْنَا ادْخُلُوا هَـٰذِهِ الْقَرْيَةَ فَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَدًا وَادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُولُوا حِطَّةٌ نَّغْفِرْ لَكُمْ خَطَايَاكُمْ ۚ وَسَنَزِيدُ الْمُحْسِنِينَ

“මෙම ගමට නුඹලා ඇතුළු වවු. තවද නුඹලා එයින් කැමැති පරිදි කැමති තැනක (කැමති දැය) අනුභව කරවු. නුඹලා සුජූද් 37 කරන්නන් ලෙස (එහි) දොරටුවෙන් ඇතුළු වවු. තවද නුඹලා ‘හිත්තා(අපගේ පාපයන් වලට සමාව දෙනු මැනව!)’ යැයි පවසවු. (එවිට) අපි නුඹලාට නුඹලාගේ වැරදි ක්ෂමා කරන්නෙමු. සැදැහැමියන්ට (යහ විපාක) මතුවට වැඩි කරන්නෙමු යැ”යි අප පැවසූ අවස්ථාව (සිහිපත් කරවු).
37මෙහි සඳහන් වනුයේ ආචාර ක්රමයේ සුජූදයයි. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:34 හි අදාළ පාද සටහන බලන්න.
59

فَبَدَّلَ الَّذِينَ ظَلَمُوا قَوْلًا غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَنزَلْنَا عَلَى الَّذِينَ ظَلَمُوا رِجْزًا مِّنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ

අපරාධ කළවුන් (තමන්ට පවසනු ලැබූ වචනය) තමන්ට පවසනු ලැබූවක් නොවන වචනයක් ලෙස වෙනස් කළෝය. 38 එබැවින් අපරාධ කළවුන් කෙරෙහි ඔවුන් පාප ක්රියා කරමින් සිටි හෙයින් අහසින් ව්යසනයක් 39 පහළ කළෙමු.
38ඉස්රාඊල්වරුන් තීහ් නම් කාන්තාරයේ සිටින කාලයේ ස්වර්ගයෙන් පහළ වන්නා වූ මන්නු හා සල්වා ආහාර වර්ගය අනුභවයට ගෙන ආයාසයට පත් වූහ. ඔවුන් භූමියෙන් පිට වන්නා වූ එළවළු හා ධාන්ය වර්ග වැනි සාමාන්ය ආහාර ඉල්ලන්නට වූහ. 61 වන ආයතයෙහි පවසන ආකාරයට ඔවුන්ගේ නබිවරයා වන නබි මූසා තුමාණන් සමග නියමිත ගමකට ගොස් ඔවුන් ආශා කරන පරිදි ඒවා අනුභව කරන ලෙස අල්ලාහ් විධානය කළේය. ඒ අවස්ථාවේදී අල්ලාහ් ඔවුනට “හිත්තා(අපගේ පාපයන්ට සමාව දෙනු මැනව!)” යැයි පවසමින් හා තම සිරස් පහත් කරමින් එම ගමට පිවිසෙන මෙන් විධානය කොට තිබුණි. ඔවුන් එයට වෙනස්කම් කරමින් පිවිසියෝය. එනම් “හිත්තා(අපගේ පාපයන්ට සමාව දෙනු මැනව!)” යන වචනය පැවසීම වෙනුවට හින්තා(තිරිඟු) යන වචනය නැවත නැවත පවසමින් ද සිරස් පහත් කරමින් පිවිසීම වෙනුවට තමන්ගේ පසු පැත්ත බිම අදිමින් ද සමච්චලයට පිවිසුණෝය. 58 හා 59 වැනි ආයතයන්හි සඳහන් වී ඇත්තේ ඔවුන්ගේ මෙම කලහකාරී හැසිරීම් පිළිබඳවය.
39ඔවුන්ගේ ඉහත සඳහන් කලහකාරී හැසිරීම් හේතුවෙන් ඔවුනට දඬුවමක් ලෙස ඔවුන්ගෙන් බහුතරයක් වසංගතයකින් විනාශ කරනු ලැබුවෝ යැයි ඇතැම් වාර්ථා වල සඳහන් වී ඇත.
60

وَإِذِ اسْتَسْقَىٰ مُوسَىٰ لِقَوْمِهِ فَقُلْنَا اضْرِب بِّعَصَاكَ الْحَجَرَ ۖ فَانفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَّشْرَبَهُمْ ۖ كُلُوا وَاشْرَبُوا مِن رِّزْقِ اللَّهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ

(නබිවරය,) මූසා ඔහුගේ ජනයා සඳහා (අපගෙන්) පැන් ඇයැදූ අවස්ථාව, (සිහිපත් කරවු.) “ඔබගේ සැරයැටියෙන් ගලට ගසවු යැ”යි අපි පැවසුවෙමු. එවිට උල්පත් දොළොසක් එයින් පිපිරී මතු විය. සෑම ගෝත්රයක්ම තම තමන්ගේ පැන් බොන ස්ථානය නිශ්චිතව හඳුනා ගත්හ. 40 “අල්ලාහ්ගේ සම්පත් වලින් අනුභව කරවු. තවද පානය කරවු. මිහිතලයෙහි කලහකාරකම් පතුරුවමින් සීමාව ඉක්මවා නොයවු.” (යැයි ද පැවසුවෙමු.)
40මෙම සිදුවීම ද ඉස්රාඊල්වරුන් තීහ් නම් කාන්තාරයේ සිටින අවස්ථාවට අදාළ වූවකි. එනම් එහි ඔවුන් පානය කිරීමට ජලය නොමැතිව පිපාසයෙන් සිටියෝය. එවිට ඔවුහු අල්ලාහ්ගෙන් ජලය ලබා දෙන ලෙස ඇයැදින මෙන් නබි මූසා තුමාණන්ගෙන් ඉල්ලා සිටියෝය. අල්ලාහ් එතුමාට එක්තරා ගලකට එතුමාගේ සැරයැටියෙන් ගසන ලෙස අණ කළේය. එතුමා එලෙසම කළේය. එසැණින් උල්පත් දොළොසක් එයින් පිපිරී මතු විය. ඔහු සමග සිටි ගෝත්ර දොළොසෙන් සෑම ගෝත්රයක්ම තම තමන්ගේ පැන් බොන ස්ථානය හඳුනා ගෙන එයින් පානය කළෝය.
61

وَإِذْ قُلْتُمْ يَا مُوسَىٰ لَن نَّصْبِرَ عَلَىٰ طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنبِتُ الْأَرْضُ مِن بَقْلِهَا وَقِثَّائِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا ۖ قَالَ أَتَسْتَبْدِلُونَ الَّذِي هُوَ أَدْنَىٰ بِالَّذِي هُوَ خَيْرٌ ۚ اهْبِطُوا مِصْرًا فَإِنَّ لَكُم مَّا سَأَلْتُمْ ۗ وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَاءُوا بِغَضَبٍ مِّنَ اللَّهِ ۗ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ الْحَقِّ ۗ ذَٰلِكَ بِمَا عَصَوا وَّكَانُوا يَعْتَدُونَ

“අහෝ මූසා! එකම භොජුනකට (සීමා වී) ඉවසීමෙන් සිටීමට අපට නොහැක්කේමය. එහෙයින් මිහිතලය හටගන්වන එහි පලා (වර්ග) ද කැකිරි ද සුදු ලූනු ද පරිප්පු (වර්ග) ද ලූනු ද ඔහු(අල්ලාහ්) අපට බිහි කර දෙන්නැ’යි නුඹගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් ඇයැදින්නැ’යි ඔවුන් පැවසූ අවස්ථාව (සිහිපත් කරවු). “කුමන දෑ විශිෂ්ට වන්නේ ද ඒ වෙනුවට කුමන දෑ පහත් වන්නේ ද එය නුඹලා හුවමාරු කර දෙන ලෙස ඇයැදින්නෙහු ද? (එසේ නම්) නුඹලා (කුමන හෝ) නගරයකට (ගොඩ) බසිවු. නුඹලා ඉල්ලූ දෑ (එහි) නුඹලාට ඇත්තේ යැ”යි ඔහු(මූසා) කීවේය. 41 එවිට ඔවුන්ව නින්දාව හා අසරණභාවය වෙළා ගනු ලැබීය. තවද අල්ලාහ්ගෙන් වූ උදහස සමග ඔවුහු හැරී ගියෝය. එය ඔවුන් අල්ලාහ්ගේ සංඥාවන් ප්රතික්ෂේප කරමින් හා නබිවරුන්ව අයුක්ති සහගතව ඝාතනය කරමින් සිටි හෙයින්ය. එය ඔවුහු (අල්ලාහ්ගේ අණට) පිටුපා, (සියලු) සීමාවන් ඉක්මවමින් සිටි හෙයින් ද විය.
41වැඩි විස්තර සඳහා මෙම සූරාවෙහි 58 වන ආයතය බලන්න.
62

إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالنَّصَارَىٰ وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

සැබැවින්ම (සියලු නබිවරුන්ව) විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද කිතුනුවන් ද සාබිඊන්වරුන් 42 ද (ඔවුන් අතුරින් පසුව,) කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කර යහපත් ක්රියාවන් කළේ ද ඔවුනට තම පරමාධිපති අබියස ඔවුන්ගේ යහ වේතන ඇත්තේය. 43 තවද (මතු ලොවෙහි) ඔවුනට (කිසිදු) බියක් නොමැත. තවද ඔවුහු දුකට පත්වන්නේ ද නැත.
42‘සාබිඊන්වරුන් පිළිබඳව නිශ්චිත විස්තරයක් සඳහන් වී නොමැති අතර ඔවුන් එක්තරා ආගමික කණ්ඩායමක් බව පැහැදිලිය.
43මෙම ආයතයේ පෙන්නුම් කරන්නේ කෙනෙකු යුදෙව් වුවද කිතුනුවෙකු වුවද සාබිඊන්වරයෙකු වුවද ඔහු අල්ලාහ්ගේ කරුණාව දෙසින් අපේක්ෂාභංගයෙකු නොවිය යුතුයි යන්නය. තවද ඔහු මෙලොව ජීවිතයේ යම් අවස්ථාවක අල්ලාහ්ව විශ්වාස කොට ඉස්ලාමය පිළිගෙන පශ්චාත්තාපයේ නියැළුණේ නම්, නියත වශයෙන්ම අල්ලාහ් එය පිළිගෙන ඔහුගේ පෙර ඇදහීම් වලට සමාව පිරිනමන්නේය යන්නයි.
63

وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ

(තව්රාතයෙහි ඇති දෑ ක්රියා කරන මෙන්) අප නුඹලාගෙන් ප්රතිඥාව ගෙන නුඹලාට ඉහළින් තූර්(කන්ද) ඔසවා තබා “අප නුඹලාට පිරිනැමූ දෑ(තව්රාතය) නුඹලා තදින් හසු කර ගනිවු. එහි ඇති දෑ නුඹලා සිහිපත් කර ගනිවු. (එමගින්) නුඹලා බිය භක්තිකයින් විය හැක්කේය.” 44 යැයි කී අවස්ථාව (සිහිපත් කරවු). 45
44මෙම ආයතයෙන් දහම පිළිබඳව බලකිරීමක් ඇති කළ බව පෙණුන ද සැබැවින්ම අල් කුර්ආනයේ ඉගැන්වීම වන්නේ බලකිරීම් ඇති නොකළ යුතු බවයි. බලකිරීම් නොකළ යුතුය යන කොන්දේසිය බලපාන්නේ ඉස්ලාමයට අවතීරණය නොවූවන් පිළිබඳවය. ඉස්ලාමය පිළි ගත් අය එහි නියමයන්ට අනුකූලව ජීවත් විය යුතු බව ඉස්ලාමය උගන්වයි. මෙම පරිච්ඡේදයේ 256 වැනි ආයතය මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කරයි.
45ඉස්රාඊල්වරුන් හැත්තෑ දෙනෙකු (තූර්)කන්දට ගොස් නැවත පැමිණි පසු තව්රාතය අල්ලාහ්ගෙන් වූ ධර්ම පුස්තකයක් බවට අනෙක් ඉස්රාඊල්වරුන් අතර සාක්ෂි දැරූහ. නමුත් එම (තූර්)කන්දට ගිය පිරිස සිය මතයට අනුව එයට අමතර දෙයක් එකතු කර පැවසුවෝය. එනම් එහි ඇති නීති රීතීන් අතුරින් තමන්ට පහසු දෑ පමණක් අනුගමනය කළ හැකි අතර අනෙකුත් දෑ අල්ලාහ් ක්ෂමා කරන්නේය යන්නය. මෙයට අනුව ඔවුන් තමන්ට එහි ඇති නීති රීතීන් අපහසු යැයි පවසමින් ඒවාට අවනත වීම ප්රතික්ෂේප කළෝය. ඔවුන්ගේ මෙම අහංකාර කි්රයාව හේතුවෙන් අල්ලාහ් මලක්වරුන්ට ඔවුන්ගේ හිසට ඉහළින් (තූර්) කන්ද ඔසවන මෙන් අණ කළේය. තවද ඔවුන් අල්ලාහ්ගේ ප්රතිඥාව ඉටු නොකළේ නම් ඔවුන්ගේ හිසට ඉහළින් එය වැටීමට සලස්වා ඔවුන්ව විනාශ කර දමන බවද ඔවුන්ව බිය ගැන්වූයේය.
64

ثُمَّ تَوَلَّيْتُم مِّن بَعْدِ ذَٰلِكَ ۖ فَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنتُم مِّنَ الْخَاسِرِينَ

තවද නුඹලා එයට(ප්රතිඥාවට) පසුව පිටුපෑවෙහුය. නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ භාග්යය හා ඔහුගේ කරුණාව නොවූයේ නම් නුඹලා අලාභවන්තයින් අතුරින් වන්නෙහුය.
65

وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَوْا مِنكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِينَ

නුඹලා අතුරින් සබ්ත්(සෙනසුරාදා) දිනයෙහි සීමාව ඉක්මවා ගියවුන් පිළිබදව සැබැවින්ම නුඹලා දන්නෙහුය. තවද “අවමානයට පත් වූ රිළවුන් බකවට නුඹලා පත් වනු”යි අපි ඔවුනට ප්රකාශ කළෙමු. 46
46‘සබ්ත් යනු සෙනසුරාදා දිනයයි. එය ඉස්රාඊල් ජනයාට නැමදුම සඳහා වෙන් කර දී තිබූ සුවිශේෂී දිනයක් විය. එදින ආර්ථික කටයුතු වල යෙදීම ඔවුනට තහනම් කරනු ලැබ තිබුණි. ඔවුන්ගේ ප්රධානතම වෘත්තියක් ලෙස ධීවර කටයුතු තිබූ අතර ඔවුන්ගෙන් වූ පිරිසක් මෙම විධානයට පිටුපා එම දිනයෙහි ධීවර කටයුතු වල යෙදෙන්ට වූහ. ඒ හේතුවෙන් ඔවුන් අල්ලාහ්ගේ උදහසට ලක් වී මෙම තත්ත්වයට පත් වූහ. මෙම සිදුවීම පරිණාමවාදය සමග කිසිසේත්ම ගැළපුමකට ගෙන ආ හැකි දෙයක් නොවන අතර එයින් පරපුරක් බිහි නොවී දින කිහිපයකින් මෙසේ පත් වූ අය මියගිය බව ඉතිහාසයෙහි සඳහන් වේ. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:163-166 දක්වා බලන්න.
66

فَجَعَلْنَاهَا نَكَالًا لِّمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ

එය, ඔවුන් අතර සිටියවුන්ට හා ඔවුන්ට පසුව පැවතෙන්නන්ට (අවවාදාත්මක) පාඩමක් වශයෙන් ද බිය භක්තිකයිනට උපදේශයක් වශයෙන් ද අපි පත් කළෙමු.
67

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَن تَذْبَحُوا بَقَرَةً ۖ قَالُوا أَتَتَّخِذُنَا هُزُوًا ۖ قَالَ أَعُوذُ بِاللَّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ

“‘එළදෙනක් කපා හරින්නැ’යි සැබැවින්ම අල්ලාහ් නුඹලාට අණ කරන්නේය” යැයි මූසා තම ජනයාට ප්රකාශ කළ අවස්ථාව (සිහිපත් කරවු). (එකල්හි) “ඔබ අපව සරදමට ගන්නෙහි දැ?”යි ඔවුහු ප්රකාශ කළහ. “අඥානයින් අතුරින් කෙනෙකු වීමෙන් මා අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි”යි 47 ඔහු(මූසා) ප්රකාශ කළේය.
47නබි මූසා තුමාණන් මෙලෙස පිළිතුරු සැපයීමට හේතු වූයේ අන් අයට සරදම් කිරීම අඥානයින්ගේ සිරිතක් හෙයින් තමන් එවන් අඥානයෙකු නොවේ යැයි පෙන්වීම සඳහාය.
68

قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِيَ ۚ قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَّا فَارِضٌ وَلَا بِكْرٌ عَوَانٌ بَيْنَ ذَٰلِكَ ۖ فَافْعَلُوا مَا تُؤْمَرُونَ

(පසුව ඔවුන් මූසා පවසන දැය සත්යය යැයි එකඟ වී) “ඌ කවර ආකාරයේ එකෙකු ද? යන්න අපට පැහැදිලි කර දෙන ලෙස ඔබ ඔබේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් ඇයැද සිටිනු”යි ඔවුහු ප්රකාශ කළෝය. (එවිට) “ඌ(එළදෙන වයසින්) මුහුකුරා නොගිය ළපටි ද නොවූ ඒ (දෙක) අතර මැදි වයසේ පසුවන එකෙකි යැ’යි සැබැවින්ම ඔහු(අල්ලාහ්) ප්රකාශ කරන්නේය. එබැවින් නුඹලා අණ කරනු ලබන දෑ ඉටු කරවු” යැයි ඔහු(මූසා) ප්රකාශ කළේය.
69

قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوْنُهَا ۚ قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ صَفْرَاءُ فَاقِعٌ لَّوْنُهَا تَسُرُّ النَّاظِرِينَ

“එහි වර්ණය කුමක් ද? යන්න අපට පැහැදිලි කර දෙන ලෙස ඔබ ඔබේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් ඇයැද සිටිනු”යි ඔවුහු ප්රකාශ කළෝය. “ඌ දකින්නන් ප්රිය කරවන, කහ පැහැයෙන් යුක්ත, වර්ණය අනගි වූ එළදෙනකි‘ යැයි සැබැවින්ම ඔහු(අල්ලාහ්) ප්රකාශ කරන්නේ යැ”යි ඔහු(මූසා) ප්රකාශ කළේය.
70

قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِيَ إِنَّ الْبَقَرَ تَشَابَهَ عَلَيْنَا وَإِنَّا إِن شَاءَ اللَّهُ لَمُهْتَدُونَ

“ඌ කවර ආකාරයේ එකෙකු ද? යන්න අපට පැහැදිලි කර දෙන ලෙස ඔබ ඔබේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් ඇයැද සිටිනු. සැබැවින්ම (එම වර්ගයේ) එළදෙනුන් අපට ගැටලු සහගතය. (එය අපට කියා දෙතොත්) අල්ලාහ් අභිමත වී නම්, සැබැවින්ම අපි (එවන් එළදෙනකු සොයා ගැනීමට) මගක් ලබන්නන් වන්නෙමු”යි ඔවුහු ප්රකාශ කළෝය.
71

قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَّا ذَلُولٌ تُثِيرُ الْأَرْضَ وَلَا تَسْقِي الْحَرْثَ مُسَلَّمَةٌ لَّا شِيَةَ فِيهَا ۚ قَالُوا الْآنَ جِئْتَ بِالْحَقِّ ۚ فَذَبَحُوهَا وَمَا كَادُوا يَفْعَلُونَ

“සැබැවින්ම ඌ පොළොව සී සෑමට ද ගොවි බිමට ජලය සැපයීමට ද හීලෑ නොවූ එහි වර්ණ මිශ්රතාවකින් තොරවූ ද පිරිපුන් එළදෙනක් (විය යුතු)’ යැයි ඔහු(අල්ලාහ්) ප්රකාශ කරන්නේය’ යැයි ඔහු(මූසා) ප්රකාශ කළේය. (එවිට) “ඔබ නිවැරදි විස්තරය ගෙන ආවේ දැන් ය.” යැයි ඔවුහු ප්රකාශ කළෝය. පසුව ඔවුන් (එසේ) කිරිමට නොපෙලඹී සිටිය ද (එවන් එළදෙනෙකු සොයා මිලදී ගෙන,) ඔවුහු ඌ කපා දැමුවෝය.
72

وَإِذْ قَتَلْتُمْ نَفْسًا فَادَّارَأْتُمْ فِيهَا ۖ وَاللَّهُ مُخْرِجٌ مَّا كُنتُمْ تَكْتُمُونَ

නුඹලා කෙනෙකුව ඝාතනය කොට එහි (වරද) නුඹලා එකිනෙකා මත පටවන්නට තර්ක කරමින් සිටි අවස්ථාව, (සිහිපත් කරවු.) නුඹලා (ඝාතනය සම්බන්ධව) සඟවමින් සිටි දෑ අල්ලාහ් හෙළිදරවු කරන්නෙකි.
73

فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَا ۚ كَذَٰلِكَ يُحْيِي اللَّهُ الْمَوْتَىٰ وَيُرِيكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ

“එහි(කපා හරින ලද එළදෙනගේ) කොටසකින් එයට(මළ සිරුරට) ගසවු” යැයි අපි පැවසුවෙමු. එලෙසය අල්ලාහ් මරණයට පත් වූවන්ට ජීවය ලබා දෙන්නේ. 48 තවද නුඹලා අවබෝධ කර ගනු පිණිස නුඹලාට ඔහුගේ සංඥාවන් ගෙන හැර පාන්නේය.
48මෙම සිදුවීම නබි මූසා තුමාණන්ගේ යුගයේ සිදුවුණු ප්රාතිහාර්යයකි. එනම් එකල යුදෙව් ජනයා අතුරින් අයෙකු ඝාතනයට ලක් විය. ඝාතකයා කවරෙකු දැයි දැන ගත හැකි මගක් දන්වන මෙන් නබි මූසා තුමාණන්ගෙන් ඔවුහු ඉල්ලා සිටියෝය. ඔහු මෙයට මගක් දන්වන මෙන් අල්ලාහ්ගෙන් ඇයැද සිටි විට එළදෙනක් කපා එම එළදෙනගේ ශරීර කොටසකින් ඝාතනයට ලක් වූ මෘත දේහයට ගසන මෙන් අල්ලාහ් විසින් ඔවුනට අණ කරන ලදී. අල්ලාහ්ගේ එම විධානය ඔවුන් ඉටු කළ විට ඝාතනයට ලක් වූ පුද්ගලයා අල්ලාහ් විසින් නැගිටුවනු ලැබ තමාව ඝාතනය කළ පුද්ගලයාගේ නම ප්රකාශ කොට නැවතත් මරණයට පත් විය. මරණයට පත් වූවන්ට විනිශ්චය දිනයෙහි අල්ලාහ් කෙසේ ප්රාණය ලබා දී ඔවුන්ව නැවත නැගිටුවන්නේ දැයි මෙම සිදුවීම තුළින් ඔහු පැහැදිලි කර ඇත.
74

ثُمَّ قَسَتْ قُلُوبُكُم مِّن بَعْدِ ذَٰلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً ۚ وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الْأَنْهَارُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاءُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللَّهِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

තවද නුඹලාගේ හදවත් මෙයට(සිදුවීමට) පසුව ද දැඩි විය. ඒවා(ඇතැමුන්ගේ හදවත්) ගල් මෙන් ද එසේ නැතහොත් දැඩි භාවයෙන් (ඊටත් වඩා) උග්ර ද විය. (මන්දයත්) සැබැවින්ම සමහරක් ගල් අතුරින් ගංගාවන් පිට වී ගලා බසින්නා වූ ඒවා ද ඇත. ඉන් තවත් සමහරක් (ගල්) පිපිරී එයින් ජල ධාරාවන් පිටවන්නා වූ ඒවා ද ඇත. ඉන් තවත් සමහරක් (ගල්) අල්ලාහ්ට බියෙන් පහළට ඇද වැටෙන්නා වූ ඒවා ද ඇත. 49 නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අනවධානියෙකු නොවේ.
49මෙම ආයතය, අල්ලාහ්ට බිය වන තරමින් සංවේදීතාවක් ගල් වලට තිබෙන බව ඔප්පු කරන්නා වූ අල් කුර්ආනීය පැහැදිලි ප්රකාශනයකි. ගල් වල ඇති සංවේදීතාවය හා ජීවය පිළිබඳව අතීතයේ කිසිදු සලකුණක් මිනිස් අත්දැකීමට ආනාවරණය නොවූ හෙයින් කිසිදු කාල වකවානුවක මෙම කරුණ පිළිබඳව සොයා ගනු නොලැබුව ද වර්තමානයෙහි ඛණිජ වස්තූන් වලට ද සංවේදීතාවන් ඇති බවට විද්යාත්මිකව ඔප්පු වී ඇත.