الفاتحة
අල්-ෆාතිහා · Al-Fatiha
හැඳින්වීම
මෙම සූරාව* අල් කුර්ආනයේ පළමුවන සූරාවයි (පරිච්ඡේදයයි). සම්පූර්ණ පරිච්ඡේදයක් ලෙසින් පහළ කරනු ලැබූ ප්‍රථම සූරාව මෙය වේ. සම්පූර්ණ අල් කුර්ආනයේම සාරාංශය මෙම පරිච්ඡේදයෙන් පිළිබිඹු වන හෙයින් එය අල් ෆාතිහා එනම් ‘ආරම්භය’ ලෙස නම් කොට ඇත. අල් ෆාතිහා පරිච්ඡේදයෙන් ඉදිරිපත් කොට ඇති කරුණු වල විග්‍රහයක් ලෙස අල් කුර්ආනයේ ඉතිරි පරිච්ඡේද සැලකේ. අල් කුර්ආනයෙන් නිසි ප්‍රයෝජන ලබන්නට නම් නිර්මාතෘ වන අල්ලාහ්ගේ මූලික ලක්ෂණ පිළිබඳව අවබෝධයක් අවශ්‍යය. එමෙන්ම එමගින් නිවැරදි මග පෙන්වීමක් අපේක්ෂා කිරීම හා අවංක සත්‍යය සොයන්නෙකු ලෙසින් විවෘත මනසකින් එය කියවා අවබෝධ කරගැනීමට ද ප්‍රයත්න දැරිය යුතු වන්නේය. මෙම පරිච්ඡේදයේ මූලික තේමාව නිවැරදි මග පෙන්වීම අපේක්ෂා කරන අයෙකු උත්තරීතර අල්ලාහ්ට කෙලෙස නැමදීම හා ඇයැදීම කළ යුතු ද යන්න පිළිබඳව සංක්ෂිප්ත උපදෙස් මාලාවකි. සම්පූර්ණ අල් කුර්ආනයම මෙම පරිච්ඡේදයට පසුව සකස් වී ඇත්තේ මෙම උත්තරීතර අපේක්ෂාවන් සාක්ෂාත් කරගත හැක්කේ කෙසේ ද යන්න පැහැදිළි කර දීමේ කාර්යයටය.
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
الرَّحْمَـٰنِ الرَّحِيمِ
مَالِكِ يَوْمِ الدِّينِ
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ
اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ
صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ