මක්කී
32
الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنشَأَكُم مِّنَ الْأَرْضِ وَإِذْ أَنتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ ۖ فَلَا تُزَكُّوا أَنفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَىٰ
(ඔවුන්) කවුරුන්දයත් (පාපයන්ගෙන්) අල්ප දෑ හැර මහා පාපයන්ගෙන් හා අශික්ෂිත දෑ වලින් වැළකෙන්නන්ය. 10 සැබැවින්ම නුඹගේ පරමාධිපති සමාව දීමෙහි අති මහත්ය. මිහිතලයෙන් නුඹලාව ඔහු නිර්මාණය කළ අවස්ථාවේ සිටම හා නුඹලාගේ මව්වරුන්ගේ කුස තුළ කලලයන් ලෙස නුඹලා සිටින අවස්ථාවේ සිටම ඔහු නුඹලා පිළිබඳව මැනවින් දන්නාය. එබැවින් නුඹලා නුඹලාවම (ශුද්ධවන්තයින් යැයි) පිවිතුරු කර නොගනිවු. බිය භක්තිකයින් කවුරුන්දැ?’යි ඔහු මැනවින් දන්නාය.
10මෙම ආයතයෙහි සඳහන් වී ඇති වචනය නම් ‘ලමම්’ වේ. එනම් නොසැලකිල්ලෙන් කෙනෙකු විසින් කරනු ලබන පාපයක් හෝ පසුතැවිල්ලෙන් කරන පාපයක් හෝ වේ.