هود·5

හූද්

هود|පද්‍යය 5 / 123
මක්කී
5

أَلَا إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُوا مِنْهُ ۚ أَلَا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

දැන ගනිවු. සැබැවින්ම ඔවුන් ඔහුගෙන්(අල්ලාහ්ගෙන්) සැඟවෙනු පිණිස ඔවුහු (පහතට නැවී) තමන්ගේ ළය පෙදෙස් වසා ගන්නෝය. දැන ගනිවු. ඔවුන්ගේ වස්ත්රයන් වලින් ඔවුන් ආවරණය වන කල්හි ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළිදරව් කරන දෑ ද ඔහු දන්නේය. 2 සැබැවින්ම ඔහු සිත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥය.
2ඇතැම් මක්කා මිථ්යාදෘෂ්ටිකයන් නබි මුහම්මද් තුමාගේ වදන් තමන්ගේ සවනට නොවැටීම පිණිස එතුමාට මුහුණ නොදී වැළකී සිටියෝය. මේ සඳහා ඔවුන් නැවී වස්ත්රයන් වලින් තමන්ව වසා ගත්තෝය. තවත් සමහරුන් අල්ලාහ්ට තමන් සඟවමින් යැයි සිතා මුස්ලිම්වරුන්ට එරෙහිව කුමන්ත්රණ කරමින් සිටියෝය. මෙම ආයතය පෙන්නුම් කරන්නේ මෙම පිරිසගේ මෙවැනි අඥානකම් පිළිබඳවය.