هود·107

හූද්

هود|පද්‍යය 107 / 123
මක්කී
107

خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ إِلَّا مَا شَاءَ رَبُّكَ ۚ إِنَّ رَبَّكَ فَعَّالٌ لِّمَا يُرِيدُ

අහස් හා මිහිතලය පවතින තාක්කල් 30 නුඹගේ පරමාධිපති (එයින් මුදවා ගැනීමට) අභිමත කළහොත් මිස ඔවුහු එහි සදාතනිකයින් වෙති. 31 සැබැවින්ම නුඹගේ පරමාධිපති ඔහු අපේක්ෂා කරන දෑ එලෙසින්ම කරන්නෙකි.
30මෙම ආයතයෙහි “අහස් හා මිහිතලය පවතින තාක්කල්” යනුවෙන් අදහස් කරනුයේ මෙලොව අහස පොළොව නොවේ. මන්දයත් විනිශ්චය දින ඇති වීමට පෙර අහස පොළොව ඇතුළු සියල්ලක්ම විනාශ වේ යැයි අල් කුර්ආනයේ සඳහන් වී ඇති හෙයින් මෙය නිරන්තරභාවය පැහැදිලි කිරීමට අල්ලාහ් භාවිත කළ නිදසුනකි. මෙයට තවත් අර්ථයක් නම් මරණින් මතු ජීවිතයේ දී අල්ලාහ් නව අහස් හා මිහිතලයන් මවනු ලබයි යන්නය.
31‘නුඹගේ පරමාධිපති එයින් මුදවා ගැනීමට අභිමත කළහොත් මිස’ යනු අභාග්යවන්තයින්ගේ සදාතනික දඬුවම යම් පිරිසක් විසින් අල්ලාහ්ට බල කළ අනිවාර්යය දෙයක් නොව මෙය අල්ලාහ්ම අභිමත කර දෙන දඬුවමකි යන්නය. අල්ලාහ් අභිමත කරන දැයක් පිළිබඳව කිසිවෙකුට ප්රශ්න කිරීමට අයිතියක් නැත.